යෙදුමෙන් කියවන්න

3. මහාපරිනිබ‍්බානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. මහාපරිනිබ‍්බානසුත‍්තවණ‍්ණනා

3. මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාපරිනිබ‍්බානසුත‍්තං. තත්‍රායමනුපුබ‍්බපදවණ‍්ණනා – ගිජ‍්ඣකූටෙති ගිජ‍්ඣා තස‍්ස කූටෙසු වසිංසු, ගිජ‍්ඣසදිසං වා තස‍්ස කූටං අත්‍ථීති ගිජ‍්ඣකූටො, තස‍්මිං ගිජ‍්ඣකූටෙ. අභියාතුකාමොති අභිභවනත්‍ථාය යාතුකාමො. වජ‍්ජීති වජ‍්ජිරාජානො. එවංමහිද‍්ධිකෙති එවං මහතියා රාජිද‍්ධියා සමන‍්නාගතෙ, එතෙන නෙසං සමග‍්ගභාවං කථෙසි. එවංමහානුභාවෙති එවං මහන‍්තෙන ආනුභාවෙන සමන‍්නාගතෙ, එතෙන නෙසං හත්‍ථිසිප‍්පාදීසු කතසික‍්ඛතං කථෙසි, යං සන්‍ධාය වුත‍්තං – “සික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවිකුමාරකා, සුසික‍්ඛිතා වතිමෙ ලිච‍්ඡවිකුමාරකා, යත්‍ර හි නාම සුඛුමෙන තාළච‍්ඡිග‍්ගලෙන අසනං අතිපාතයිස‍්සන‍්ති පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිත”න‍්ති (සං· නි· 5.1115). උච‍්ඡෙච‍්ඡාමීති උච‍්ඡින්‍දිස‍්සාමි. විනාසෙස‍්සාමීති නාසෙස‍්සාමි, අදස‍්සනං පාපෙස‍්සාමි. අනයබ්‍යසනන‍්ති එත්‍ථ න අයොති අනයො, අවඩ‍්ඪියා එතං නාමං. හිතඤ‍්ච සුඛඤ‍්ච වියස‍්සති වික‍්ඛිපතීති බ්‍යසනං, ඤාතිපාරිජුඤ‍්ඤාදීනං එතං නාමං. ආපාදෙස‍්සාමීති පාපයිස‍්සාමි.

එවං මෙ සුතං යනුවෙන් ආරම්භ වන මහා පරිනිබ්බාණ සූත්‍රයයි. මේ එහි අනුපිළිවෙල කරන පද වර්ණනාවයි. ගිජ්ඣකූටෙ යනු එහි මුදුන්වල ගිජුලිහිණියෝ වාසය කළහ. ගිජුළිහිණියන් බඳු ස්වරූප ඇති මුදුන් ඇත්තේනුයි ගිජ්ඣකූට නම් වේ. ඒ ගිජ්ඣකූටයෙහි අභියාතුකාමො යටත් කිරීම සඳහා යනු කැමැත්තේ වජ්ජි යනු වජ්ජි රජදරුවෝ එවං මහිද්ධිකො මෙසේ මහත් වූ රාජ සෘද්ධියෙන් සමන්විත වූ මෙයින් ඔවුන්ගේ සමගි බව කීවේය. එවං මහානුභාවෙ මෙසේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත වූ - මෙයින් හස්ති ශිල්ප ආදියේ ඔවුන් ලැබූ ශික්‍ෂණය පැවසීය. යමක් සඳහා කියන ලදද, යම්තැනක වනාහි සියුම් වූ තල් සිදුරකින් කී තලයේ අග නොවදින සේ ඉලක්කයට ඊතලය විදී ද එබඳු වූ ශිල්පයක මේ ලිච්ඡවී කුමාරවරු ශික්‍ෂණය ලදහ. මනාව ශික්‍ෂණය ලදහ. උච්ඡෙජ්ජාමි යනු සිඳ දමන්නෙමි. විනාසෙස්සාමි නසන්නෙමි. නොදකින්ට සලස්වමි. අනයව්‍යසනං මෙහි අයක් නැත්තේ අනය. වර්ධනයක් නැත යන්නට නමකි. හිතසුව නැතිකරයි. අවුල් කරයි යන අර්ථයෙන් ව්‍යසන නම් වේ. නෑදැයන් හා සම්පත් විනාශවීම යන්නට සමාන වචනයකි. ආපාදෙස්සාමි පමුණුවන්නෙමි.

ඉති කිර සො ඨානනිසජ‍්ජාදීසු ඉමං යුද‍්ධකථමෙව කථෙති, ගමනසජ‍්ජා හොථාති එවං බලකායං ආණාපෙති. කස‍්මා? ගඞ‍්ගායං කිර එකං පට‍්ටනගාමං නිස‍්සාය අඩ‍්ඪයොජනං අජාතසත‍්තුනො ආණා, අඩ‍්ඪයොජනං ලිච‍්ඡවීනං. එත්‍ථ පන ආණාපවත‍්තිට‍්ඨානං හොතීති අත්‍ථො. තත්‍රාපි ච පබ‍්බතපාදතො මහග‍්ඝභණ‍්ඩං ඔතරති. තං සුත්‍වා – “අජ‍්ජ යාමි, ස‍්වෙ යාමී”ති අජාතසත‍්තුනො සංවිදහන‍්තස‍්සෙව ලිච‍්ඡවිරාජානො සමග‍්ගා සම‍්මොදමානා පුරෙතරං ගන‍්ත්‍වා සබ‍්බං ගණ‍්හන‍්ති. අජාතසත‍්තු පච‍්ඡා ආගන‍්ත්‍වා තං පවත‍්තිං ඤත්‍වා කුජ‍්ඣිත්‍වා ගච‍්ඡති. තෙ පුනසංවච‍්ඡරෙපි තථෙව කරොන‍්ති. අථ සො බලවාඝාතජාතො තදා එවමකාසි.

මෙසේ වනාහි යානාවන්හි හිඳීම් ආදියෙහි මේ යුද්ධකථාවම කියයි. ගමනට සූදානම් වව්. මෙසේ බලකායට අණකළේය. කුමක් නිසාද? ගංගානම් ගඟ ආශ්‍රිත එක් පටුන් ගමකට අයත් අඩයොදුනක ප්‍රමාණයේ අජාසත් රජුගේ අණසකය. අඩයොදුනක් ලිච්ඡවී රජවරුන්ගේය. මෙහි වනාහි අණ පවතින තැනය යන අර්ථයි. එහිද පර්වත පාදයෙන් බොහෝ වටිනා සුවඳ බඩු මතුවෙයි. ඒ අසා අද යමි. හෙට යමියි අජාත සත්තගේ පිරිස සූදානම් වෙද්දී ලිච්ඡවී රජවරු සමගිව සතුටුව පළමුව ගොස් සියල්ල ගනිත්. අජාසත් පසුව අවුත් ඒ පුවත දැනගෙන කිපී යයි. ඔවුහු නැවතත් වර්ෂයක්ම එසේ කරත්. ඉක්බිති ඔහු බලවත් ලෙස කෝපයට පත්වූයේ එවිට මෙසේ කළේය.

තතො චින‍්තෙසි – “ගණෙන සද‍්ධිං යුද‍්ධං නාම භාරියං, එකොපි මොඝප‍්පහාරො නාම නත්‍ථි, එකෙන ඛො පන පණ‍්ඩිතෙන සද‍්ධිං මන‍්තෙත්‍වා කරොන‍්තො නිප‍්පරාධො හොති, පණ‍්ඩිතො ච සත්‍ථාරා සදිසො නත්‍ථි, සත්‍ථා ච අවිදූරෙ ධුරවිහාරෙ වසති, හන්‍දාහං පෙසෙත්‍වා පුච‍්ඡාමි. සචෙ මෙ ගතෙන කොචි අත්‍ථො භවිස‍්සති, සත්‍ථා තුණ‍්හී භවිස‍්සති, අනත්‍ථෙ පන සති කිං රඤ‍්ඤො තත්‍ථ ගමනෙනාති වක‍්ඛතී”ති. සො වස‍්සකාරබ්‍රාහ‍්මණං පෙසෙසි. බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසි. තෙන වුත‍්තං – “අථ ඛො රාජා…පෙ… ආපාදෙස‍්සාමී”ති.

ඉක්බිති මෙසේ සිතීය. කණ්ඩායමක් සමග යුද්ධකිරීම අපහසුය. එකද හිස් ප්‍රහාරයක් නො වන්නේ ය. පණ්ඩිතයකු සමග සාකච්ඡාකොට කරන්නේ නම් නිෂ්ඵල නො වන්නේ ය. ශාස්තෲන් වහන්සේට සමාන පණ්ඩිතයෙන් නම් නැත. ශාස්තෲන් වහන්සේ ද නුදුරු ධුර විහාරයෙහි වැඩවසයි. මම දැන් කෙනෙක් යවා විමසන්නෙමි. ඉදින් මගේ ගමනින් අර්ථයක් වන්නේ නම් ශාස්තෲන් වහන්සේ නිහඬ වන සේක. රජුගේ එහි යාමෙන් අනර්ථයක් වන්නේ නම් රජුගේ එහි යාමෙන් කවර ප්‍රයෝජනයක්දැයි අසයි. මෙසේ සිතා වස්සකාර බ්‍රාහ්මණයාව යැවීය. බ්‍රාහ්මණයා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ඒ බව සැළ කළේය. ඒ නිසා කියන ලදි. ඉක්බිති රජු -පෙ- වජ්ජීන් විනාශ කරන්නෙමි යි

රාජඅපරිහානියධම‍්මවණ‍්ණනා

භගවන‍්තං බීජයමානොති ථෙරො වත‍්තසීසෙ ඨත්‍වා භගවන‍්තං බීජති, භගවතො පන සීතං වා උණ‍්හං වා නත්‍ථි. භගවා බ්‍රාහ‍්මණස‍්ස වචනං සුත්‍වා තෙන සද‍්ධිං අමන‍්තෙත්‍වා ථෙරෙන සද‍්ධිං මන‍්තෙතුකාමො කින‍්ති තෙ, ආනන්‍ද, සුතන‍්තිආදිමාහ. අභිණ‍්හං සන‍්නිපාතාති දිවසස‍්ස තික‍්ඛත‍්තුං සන‍්නිපතන‍්තාපි අන‍්තරන‍්තරා සන‍්නිපතන‍්තාපි අභිණ‍්හං සන‍්නිපාතාව. සන‍්නිපාතබහුලාති හිය්‍යොපි සන‍්නිපතිම‍්හා, පුරිමදිවසම‍්පි සන‍්නිපතිම‍්හා, පුන අජ‍්ජ කිමත්‍ථං සන‍්නිපතිතා හොමාති වොසානං අනාපජ‍්ජන‍්තා සන‍්නිපාතබහුලා නාම හොන‍්ති. යාවකීවඤ‍්චාති යත‍්තකං කාලං. වුද‍්ධියෙව, ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානීති – අභිණ‍්හං අසන‍්නිපතන‍්තා හි දිසාවිදිසාසු ආගතං සාසනං න සුණන‍්ති, තතො – “අසුකගාමසීමා වා නිගමසීමා වා ආකුලා, අසුකට‍්ඨානෙ චොරා වා පරියුට‍්ඨිතා”ති න ජානන‍්ති, චොරාපි “පමත‍්තා රාජානො”ති ඤත්‍වා ගාමනිගමාදීනි පහරන‍්තා ජනපදං නාසෙන‍්ති. එවං රාජූනං පරිහානි හොති. අභිණ‍්හං සන‍්නිපතන‍්තා පන තං තං පවත‍්තිං සුණන‍්ති, තතො බලං පෙසෙත්‍වා අමිත‍්තමද‍්දනං කරොන‍්ති, චොරාපි – “අප‍්පමත‍්තා රාජානො, න සක‍්කා අම‍්හෙහි වග‍්ගබන්‍ධෙහි විචරිතු”න‍්ති භිජ‍්ජිත්‍වා පලායන‍්ති. එවං රාජූනං වුද‍්ධි හොති. තෙන වුත‍්තං – “වුද‍්ධියෙව, ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා නො පරිහානී”ති. තත්‍ථ පාටිකඞ‍්ඛාති ඉච‍්ඡිතබ‍්බා, අවස‍්සං භවිස‍්සතීති එවං දට‍්ඨබ‍්බාති අත්‍ථො.

භගවන්තං විජමානො ආනන්ද තෙරුන් වහන්සේ වතාවත් ලෙස භාග්‍යවතුන් වහන්සේට පවන්සලයි. භාග්‍යවතුන් වහන්සේට සීතක් හෝ උණුසුමක් නැත. භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ වචන අසා ඔහු අමතා තෙරුන් සමග කථා කරනු කැමැත්තේ කින්ති තෙ ආනන්‍දසුතං යනාදිය කීය. අභිණ්හං සන්නිපාතා දවසට තුන්වරක් රැස්වන්නාහු අතරින් පතර රැස්වන්නාහුද නිතර රැස්වීම නම් වේ. සන්නිපාත බහුලා ඊයේ ද රැස්වූයෙමු. කලින් දවසේද රැස්වූයෙමු. නැවත කුමකට අද රැස්වෙමුදැයි අවසානයකට නොපැමිණෙන්නාහු සන්නිපාත බහුල නම් වෙති. යාවකීව ඤව යම්පමණ කාලයක්. ‘වුද්ධියෙව ආනන්‍ද වජ්ජිනං පාටිකංඛා’ නො පරිහානි නිතර රැස්නොවන්නාහු දිශා අනුදිශාවලින් ආවා වූ පණිවිඩ නොඅසත්. එයින් අසවල් ග්‍රාමසීමාවේ හෝ නියම්ගම් සීමාවේ හෝ අවුල් සහගතය. අසවල් තැන සොරු නැගී සිටිත් යැයි නොදනිත්. සොරු ද රජවරුන් ප්‍රමාදයැයි දැනගෙන ගම්නියම්ගම් පහරමින් ජනපද විනාශ කරත්. මෙසේ රජවරුන්ගේ පිරිහීම ඇතිවෙයි. නිරන්තරයෙන් රැස්වන්නාහු ඒ ඒ පුවත අසත්. ඉක්බිති බලසේනා යවා සතුරු මර්දනය කරත්. රජවරු ප්‍රමාද නැත. අපට කණ්ඩායම් වශයෙන් හැසිරෙන්නට නොහැක කියා සොරු බිඳී පළායත්. මෙසේ රජවරුන්ගේ දියුණුවක් ඇතිවේ. ඒ නිසා කියන ලදි. වුද්ධියෙව ආනන්‍ද වජ්ජීනං පාටිකංඛා නො පරිහානී ති ‘ආනන්දය, වජ්ජීන්ගේ අභිවෘද්ධියට බලාපොරොත්තු විය යුතුයි. පරිහානිය නොවේ. එහි පාටිකංඛා යනු බලාපොරොත්තු විය යුතුය. අවශ්‍යයෙන්ම වන්නේ යැයි මෙසේ දතයුතුයි යන අර්ථයි.

සමග‍්ගාතිආදීසු සන‍්නිපාතභෙරියා නිග‍්ගතාය – “අජ‍්ජ මෙ කිච‍්චං අත්‍ථි, මඞ‍්ගලං අත්‍ථී”ති වික‍්ඛෙපං කරොන‍්තා න සමග‍්ගා සන‍්නිපතන‍්ති නාම. භෙරිසද‍්දං පන සුත්‍වාව භුඤ‍්ජන‍්තාපි අලඞ‍්කරියමානාපි වත්‍ථානි නිවාසෙන‍්තාපි අඩ‍්ඪභුත‍්තා වා අඩ‍්ඪාලඞ‍්කතා වා වත්‍ථං නිවාසයමානා වා සන‍්නිපතන‍්තා සමග‍්ගා සන‍්නිපතන‍්ති නාම. සන‍්නිපතිතා පන චින‍්තෙත්‍වා මන‍්තෙත්‍වා කත‍්තබ‍්බං කත්‍වා එකතොව අවුට‍්ඨහන‍්තා න සමග‍්ගා වුට‍්ඨහන‍්ති නාම. එවං වුට‍්ඨිතෙසු හි යෙ පඨමං ගච‍්ඡන‍්ති, තෙසං එවං හොති – “අම‍්හෙහි බාහිරකථාව සුතා, ඉදානි විනිච‍්ඡයකථා භවිස‍්සතී”ති. එකතො වුට‍්ඨහන‍්තා පන සමග‍්ගා වුට‍්ඨහන‍්ති නාම. අපිච – “අසුකට‍්ඨානෙසු ගාමසීමා වා නිගමසීමා වා ආකුලා, චොරා පරියුට‍්ඨිතා”ති සුත්‍වා – “කො ගන‍්ත්‍වා ඉමං අමිත‍්තමද‍්දනං කරිස‍්සතී”ති වුත‍්තෙ – “අහං පඨමං, අහං පඨම”න‍්ති වත්‍වා ගච‍්ඡන‍්තාපි සමග‍්ගා වුට‍්ඨහන‍්ති නාම. එකස‍්ස පන කම‍්මන‍්තෙ ඔසීදමානෙ සෙසා රාජානො පුත‍්තභාතරො පෙසෙත්‍වා තස‍්ස කම‍්මන‍්තං උපත්‍ථම‍්භයමානාපි, ආගන‍්තුකරාජානං – “අසුකස‍්ස ගෙහං ගච‍්ඡතු, අසුකස‍්ස ගෙහං ගච‍්ඡතූ”ති අවත්‍වා සබ‍්බෙ එකතො සඞ‍්ගණ‍්හන‍්තාපි, එකස‍්ස මඞ‍්ගලෙ වා රොගෙ වා අඤ‍්ඤස‍්මිං වා පන තාදිසෙ සුඛදුක‍්ඛෙ උප‍්පන‍්නෙ සබ‍්බෙ තත්‍ථ සහායභාවං ගච‍්ඡන‍්තාපි සමග‍්ගා වජ‍්ජිකරණීයානි කරොන‍්ති නාම.

සමග්ගා ආදියෙහි රැස්වීමේ අණබෙරය නිකුත් වූ කල්හි, අද මට කටයුත්තක් ඇත. අඳ මංගල්‍යයක් ඇත කියා ප්‍රතික්‍ෂේප කරමින් සමගිව රැස් නොවෙත්. බෙරහඬ අසාම අනුභව කරන්නාහුද, සැරසෙන්නාහුද වස්ත්‍ර අඳින්නාහු නමුත් අඩක් අනුභව කර, අඩක් සැරසී ඇඳුම් අඳමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙත් නම් වේ. රැස්වූවාහු ද සිතාමතා කළයුත්තක් කොට එකටම නො නැගිටින්නාහු සමගියෙන් නැගිට යන්නාහු නොවෙත්. මෙසේ නැගිට යනකල්හි යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ සිතේ. අප විසින් බාහිර කතාවන් අසන ලදි. දැන් විනිශ්චය කථාව නො වන්නේ ය. එකට නැගිටින්නාහු වනාහි සමගියෙන් නැගිටිත් නම් වේ. තවද අසවල් තැන්වල ග්‍රාමසීමාව හෝ නියම්ගම් සීමාව හෝ අවුල් සහගතය. සොරු හෝ බලවත්ව නැගී සිටිත්දැයි අසා කවරෙක් ගොස් මේ සතුරු මර්දනය කරන්නේදැයි කී කල්හි මම පළමුව යමි. මම පළමුව යමි කියා යන්නාහු සගියෙන් නැගී සිටිත් නම් වේ. එකෙකුගේ කටයුතු කර්මාන්ත පහත වැටෙන කල්හි ඉතිරි රජවරු දරුවන් සහෝදරයින් යවා ඔහුගේ කර්මාන්තයන්ට පිහිට වන්නාහු ආගන්තුක රජවරුන්ගෙන් අසවලාගේ ගෙට යන්න. අසවලාගේ ගෙට යන්න යැයි නොකියා සියල්ලෝම එකතුව උපකාර කරන්නාහු ද එකකුගේ මංගල්‍යයකදී හෝ අසනීපයකදී හේ අනික් එබඳු දුකක් සැපක් ඇතිවූ කල්හි සියල්ලෝම එහි සමගිව එකට යන්නාහු සමගිව වජ්ජීන් විසින් කළයුතු දේ කරත් නම් වේ.

අපඤ‍්ඤත‍්තන‍්තිආදීසු පුබ‍්බෙ අකතං සුඞ‍්කං වා බලිං වා දණ‍්ඩං වා ආහරාපෙන‍්තා අපඤ‍්ඤත‍්තං පඤ‍්ඤපෙන‍්ති නාම. පොරාණපවෙණියා ආගතමෙව පන අනාහරාපෙන‍්තා පඤ‍්ඤත‍්තං සමුච‍්ඡින්‍දන‍්ති නාම. චොරොති ගහෙත්‍වා දස‍්සිතෙ අවිචිනිත්‍වාව ඡෙජ‍්ජභෙජ‍්ජං අනුසාසෙන‍්තා පොරාණං වජ‍්ජිධම‍්මං සමාදාය න වත‍්තන‍්ති නාම. තෙසං අපඤ‍්ඤත‍්තං පඤ‍්ඤපෙන‍්තානං අභිනවසුඞ‍්කාදීහි පීළිතා මනුස‍්සා – “අතිඋපද‍්දුතම‍්හ, කො ඉමෙසං විජිතෙ වසිස‍්සතී”ති පච‍්චන‍්තං පවිසිත්‍වා චොරා වා චොරසහායා වා හුත්‍වා ජනපදං පහරන‍්ති. පඤ‍්ඤත‍්තං සමුච‍්ඡින්‍දන‍්තානං පවෙණීආගතානි සුඞ‍්කාදීනි අගණ‍්හන‍්තානං කොසො පරිහායති. තතො හත්‍ථිඅස‍්සබලකායඔරොධාදයො යථානිබද‍්ධං වට‍්ටං අලභමානා ථාමෙන බලෙන පරිහායන‍්ති. තෙ නෙව යුද‍්ධක‍්ඛමා හොන‍්ති, න පාරිචරියක‍්ඛමා. පොරාණං වජ‍්ජිධම‍්මං සමාදාය අවත‍්තන‍්තානං විජිතෙ මනුස‍්සා – “අම‍්හාකං පුත‍්තං පිතරං භාතරං අචොරංයෙව චොරොති කත්‍වා ඡින්‍දිංසු භින්‍දිංසූ”ති කුජ‍්ඣිත්‍වා පච‍්චන‍්තං පවිසිත්‍වා චොරා වා චොරසහායා වා හුත්‍වා ජනපදං පහරන‍්ති, එවං රාජූනං පරිහානි හොති, පඤ‍්ඤත‍්තං පඤ‍්ඤපෙන‍්තානං පන “පවෙණීආගතමෙව රාජානො කරොන‍්තී”ති මනුස‍්සා හට‍්ඨතුට‍්ඨා කසිවාණිජ‍්ජාදිකෙ කම‍්මන‍්තෙ සම‍්පාදෙන‍්ති. පඤ‍්ඤත‍්තං අසමුච‍්ඡින්‍දන‍්තානං පවෙණීආගතානි සුඞ‍්කාදීනි ගණ‍්හන‍්තානං කොසො වඩ‍්ඪති, තතො හත්‍ථිඅස‍්සබලකායඔරොධාදයො යථානිබද‍්ධං වට‍්ටං ලභමානා ථාමබලසම‍්පන‍්නා යුද‍්ධක‍්ඛමා චෙව පාරිචරියක‍්ඛමා ච හොන‍්ති.

අප්පඤ්ඤත්ත ආදියෙහි පෙර නොපැනවූ බදු හෝ බලිහෝ දඬුවම් හෝ ගෙන්වා ගත්තාහු නොපැනවූ දේ පනවත්. පෞරාණික පරපුරෙන් ආවා වූ ලබා නොගත්තාහු පනවන ලද්ද සිඳ දමත් නම් වේ. සොරෙක් යැයි අල්වාගෙන පෙන්වූ කල්හි විනිශ්චය නොකොට සිඳීම් බිඳීම් ආදිය නියම කරන්නාහු පැරණි වජ්ජි ධර්මය අනුව පැවැත්ම නො වන්නේ ය යනුයි. ඔවුන්ට කලින් නොපනවන ලද අලුතෙන් පනවන බදු නිසා පීඩාවට පත් ජනයා, මොවුන්ගේ විජිතයෙහි වාසය කරන්නාහු අතිශයින් පීඩාවට පත්වූවෙමුයි වෙන පළාත්වලට ගොස් සොරුන් හෝ සොරුන්ගෙන් උදව්කාරයින් වී ජනපද පැහැර ගනිත්. තම පරපුරෙන් නොසිඳී පැවත ආ පනවන ලද අයබදු ආදිය නොගැනීමෙන් භාණ්ඩාගාරය පිරිහෙයි. ඉක්බිති ඇත් අස් බලකායන්ද අනතඃපුරද යම්සේ නිරන්තරයෙන් වැටුප් නොලබන්නාහු වීර්යයෙන් බලයෙන් පිරිහෙත්. ඔව්හු යුද්ධයට කැමැති නොවෙත්. සේවය කිරීමට අකමැති වෙත්. පැරණි වජ්ජි ධර්මය සමාදන්ව නොපවත්නා වූ රටෙහි මිනිස්සු අපගේ පුතා, පියා, සොයුරා සොරෙක් නොවීත් සොරකු ලෙස හඳුන්වා සින්දාහ. බින්දාහයි කිපී වෙන පළාත්වලට ගොස් සොරුන් හෝ සොර සහායකයන් වී ජනපද පැහැරගනිත්. මෙසේ රජවරුන්ගේ පරිහානිය සිදුවේ. නොපනවන ලද බදු ආදිය නොපනවන්නාහු රජවරු ප්‍රවේණියෙන් ආ දේ පමණක් කරත්යැයි ජනයා තුටුපහටුව ගොවිතැන, වෙළඳාම ආදී කර්මාන්තයන්හි යෙදෙත්. පණවන ලද නොසිඳී පවත්වාගෙන ආ අයබදු ආදිය ගැනීමෙන් භාණ්ඩාගාරය වැඩෙයි. එයින් ඇත්, අස් බාලකායනුත් අන්තඃපුර ආදියත් නිරන්තරයෙන් වැටුප් ලබන්නාහු වීර්ය බලයෙන් යුක්ත වූවාහු යුද කටයුතුවලට යනු කැමැත්තාහ රාජකාරිය කරනු කැමැති වෙත්.

පොරාණං වජ‍්ජිධම‍්මන‍්ති එත්‍ථ පුබ‍්බෙ කිර වජ‍්ජිරාජානො “අයං චොරො”ති ආනෙත්‍වා දස‍්සිතෙ “ගණ‍්හථ නං චොර”න‍්ති අවත්‍වා විනිච‍්ඡයමහාමත‍්තානං දෙන‍්ති. තෙ විනිච‍්ඡිනිත්‍වා සචෙ අචොරො හොති, විස‍්සජ‍්ජෙන‍්ති. සචෙ චොරො, අත‍්තනා කිඤ‍්චි අවත්‍වා වොහාරිකානං දෙන‍්ති. තෙපි අචොරො චෙ, විස‍්සජ‍්ජෙන‍්ති. චොරො චෙ, සුත‍්තධරානං දෙන‍්ති. තෙපි විනිච‍්ඡිනිත්‍වා අචොරො චෙ, විස‍්සජ‍්ජෙන‍්ති. චොරො චෙ, අට‍්ඨකුලිකානං දෙන‍්ති. තෙපි තථෙව කත්‍වා සෙනාපතිස‍්ස, සෙනාපති උපරාජස‍්ස, උපරාජා රඤ‍්ඤො, රාජා විනිච‍්ඡිනිත්‍වා අචොරො චෙ, විස‍්සජ‍්ජෙති. සචෙ පන චොරො හොති, පවෙණීපොත්‍ථකං වාචාපෙති. තත්‍ථ – “යෙන ඉදං නාම කතං, තස‍්ස අයං නාම දණ‍්ඩො”ති ලිඛිතං. රාජා තස‍්ස කිරියං තෙන සමානෙත්‍වා තදනුච‍්ඡවිකං දණ‍්ඩං කරොති. ඉති එතං පොරාණං වජ‍්ජිධම‍්මං සමාදාය වත‍්තන‍්තානං මනුස‍්සා න උජ‍්ඣායන‍්ති, “රාජානො පොරාණපවෙණියා කම‍්මං කරොන‍්ති, එතෙසං දොසො නත්‍ථි, අම‍්හාකංයෙව දොසො”ති අප‍්පමත‍්තා කම‍්මන‍්තෙ කරොන‍්ති. එවං රාජූනං වුද‍්ධි හොති. තෙන වුත‍්තං – “වුද‍්ධියෙව, ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානී”ති.

පොරාණං වජ්ජිධම්මං යනු මෙහි පෙර වනාහි වජ්ජි රජවරු මේ සොරෙක් යැයි ගෙනවුත් පෙන්වූ කල්හි ඒ සොරුව අල්වාගන්නයැයි නොකියා විනිශ්චයකාර මහාමාත්‍යයන්ට භාර දෙත්. ඔව්හු විනිශ්චය කර ඉදින් සොරු නොවෙත් නම් මුදාහරිත්. ඉදින් සොරෙක් වේනම් තමා විසින් කිසිවක් නොකියා විනිශ්චයකාරයන්ට භාරදෙයි. ඔවුහු ද විනිශ්චයකොට ඉදින් සොරෙක් නොවේ නම් මුදාහරී. ඉදින් සොරෙක් නම් විනය භාරකරුවන්ට භාරදෙත්. ඔව්හු විභාගකොට ඉදින් සොරෙක් නොවේනම් මුදාහරිත්. ඉදින් සොරෙකු නම් කුල අටකට අයත් මණ්ඩලයට භාරදෙත්. ඔව්හුද එසේකොට සේනාපතියාටත්, සේනාපතියා යුවරජුටත්, යුවරජු රජතුමාටත් භාරදෙත්. රජු නැවත විනිශ්චය කොට ඉදින් සොරෙක් නොවේනම් මුදාහරී. ඉදින් වනාහි සොරෙක් නම් පරම්පරා පොත කියවවයි. එහි යමකු විසින් මෙනම් වූ වරදක් කළේද ඔහුට මේ නම් දඬුවම යැයි ලියා ඇත. රජු ඔහුගේ වරද ඒ හා ගලපා බලා ඊට සුදුසු දඬුවමක් කරයි. මෙසේ මෙබඳු පැරණි වජ්ජි ධර්මය සමාදන්ව පවතින්නවුන්ට මහාජනයා උද්ඝෝෂණ නොකරත්. රජවරු පෞරාණිකව ආ කටයුතු කරත්. මොවුන්ගේ දෝෂයක් නැත. අපගේම වරදය කියා අප්‍රමාදීව වැඩ කරත්. මෙසේ රජවරුන්ගේ අභිවෘද්ධිය ඇතිවේ. ඒ නිසා කියන ලදි. ආනන්දය! වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුය. පරිහානිය නොවේ.

සක‍්කරොන‍්තීති යංකිඤ‍්චි තෙසං සක‍්කාරං කරොන‍්තා සුන්‍දරමෙව කරොන‍්ති. ගරුං කරොන‍්තීති ගරුභාවං පච‍්චුපට‍්ඨපෙත්‍වාව කරොන‍්ති. මානෙන‍්තීති මනෙන පියායන‍්ති. පූජෙන‍්තීති නිපච‍්චකාරං දස‍්සෙන‍්ති. සොතබ‍්බං මඤ‍්ඤන‍්තීති දිවසස‍්ස ද‍්වෙ තයො වාරෙ උපට‍්ඨානං ගන‍්ත්‍වා තෙසං කථං සොතබ‍්බං සද‍්ධාතබ‍්බං මඤ‍්ඤන‍්ති. තත්‍ථ යෙ එවං මහල‍්ලකානං රාජූනං සක‍්කාරාදීනි න කරොන‍්ති, ඔවාදත්‍ථාය ච නෙසං උපට‍්ඨානං න ගච‍්ඡන‍්ති, තෙ තෙහි විස‍්සට‍්ඨා අනොවදියමානා කීළාපසුතා රජ‍්ජතො පරිහායන‍්ති. යෙ පන තථා පටිපජ‍්ජන‍්ති, තෙසං මහල‍්ලකරාජානො – “ඉදං කාතබ‍්බං, ඉදං න කාතබ‍්බ”න‍්ති පොරාණං පවෙණිං ආචික‍්ඛන‍්ති. සඞ‍්ගාමං පත්‍වාපි – “එවං පවිසිතබ‍්බං, එවං නික‍්ඛමිතබ‍්බ”න‍්ති උපායං දස‍්සෙන‍්ති. තෙ තෙහි ඔවදියමානා යථාඔවාදං පටිපජ‍්ජන‍්තා සක‍්කොන‍්ති රාජප‍්පවෙණිං සන්‍ධාරෙතුං. තෙන වුත‍්තං – “වුද‍්ධියෙව, ආනන්‍ද, වජ‍්ජීනං පාටිකඞ‍්ඛා, නො පරිහානී”ති.

සක්කරොන්ති ඔව්හු යම්කිසි සත්කාරයක් කරන්නාහු හොඳ දෙයක්ම කරත්. ගරුකරොන්ති ගරුබවක් පෙරටු කොටගෙනම කරත්. මානෙන්කි මැනීමෙන් ප්‍රිය කෙරෙත්. පූජෙන්ති යනු යටත් නොවූ බවක් දක්වති. සොතබ්බං මඤ්ඤන්ති දවසට දෙවරක්, තුන්වරක් උපස්ථානයට ගොස් ඔවුන්ට කෙසේ ඇසිය යුතුද, විශ්වාස කළයුතුද කියා දැනගනිත්. එහි මෙසේ යමෙක් මහලු රජවරුන්ට සත්කාරාදියයි නොකරත්. අවවාද සඳහාද ඔවුන්ට උඵස්ථානය සඳහා නොයත්. ඔව්හු ඔවුන් විසින් හැරදමන ලද්දාහු කෙළිලොල් වූවාහු රාජ්‍යයෙන් පිරිහෙත්. යමෙක් වනාහි එසේ පිළිපදිත්ද ඔවුන්ට මහලු රජවරු මෙය කළයුතුයි. මෙය නොකළ යුතුයි. පැරණි ක්‍රමය කියත්. යුද්ධය එළඹ සිටි කල්හිද මෙසේ පිවිසිය යුතුය. මෙසේ නතරවිය යුතුයැයි උපාය දක්වත්. ඔවුන් විසින් එසේ අවවාද කරනු ලබන ඔව්හු යම්සේ අවවාද පිළිපදින්නාහු රාජප්‍රවේණිය කඩනොකර පවත්වයි. ඒ නිසා කියන ලදි. ආනන්දය! වජ්ජීන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. පරිහානිය නොවේ.

කුලිත්‍ථියොති කුලඝරණියො. කුලකුමාරියොති අනිවිද‍්ධා තාසං ධීතරො. ඔක‍්කස‍්ස පසය‍්හාති එත්‍ථ “ඔක‍්කස‍්සා”ති වා “පසය‍්හා”ති වා පසය‍්හාකාරස‍්සෙවෙතං නාමං. “උක‍්කස‍්සා”තිපි පඨන‍්ති. තත්‍ථ ඔක‍්කස‍්සාති අවකස‍්සිත්‍වා ආකඩ‍්ඪිත්‍වා. පසය‍්හාති අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වාති අයං වචනත්‍ථො. එවඤ‍්හි කරොන‍්තානං විජිතෙ මනුස‍්සා – “අම‍්හාකං ගෙහෙ පුත‍්තමාතරොපි, ඛෙළසිඞ‍්ඝාණිකාදීනි මුඛෙන අපනෙත්‍වා සංවඩ‍්ඪිතධීතරොපි ඉමෙ රාජානො බලක‍්කාරෙන ගහෙත්‍වා අත‍්තනො ඝරෙ වාසෙන‍්තී”ති කුපිතා පච‍්චන‍්තං පවිසිත්‍වා චොරා වා චොරසහායා වා හුත්‍වා ජනපදං පහරන‍්ති. එවං අකරොන‍්තානං පන විජිතෙ මනුස‍්සා අප‍්පොස‍්සුක‍්කා සකානි කම‍්මානි කරොන‍්තා රාජකොසං වඩ‍්ඪෙන‍්ති. එවමෙත්‍ථ වුද‍්ධිහානියො වෙදිතබ‍්බා.

කුලිත්‍ථියො කුලකාන්තාවෝ කුලකුමාරියො කුල කාන්තාවන්ගේ දූවරු. ඔක්කස්සපසය්හා මෙහි ඔක්කස්ස හෝ පසය්හ යන දෙකෙන්ම බලහත්කාරයෙන් ගෙනයාමට නමකි. උක්කස්ස කියාද පාඨයකි. එහි ඔක්කස්ස යනු පසෙකට ඇද පසය්හ යනු අභිභවනය කොට, යටත්කොට යන මේ වචනාර්ථයි. මෙසේ වනාහි කරන්නවුන්ගේ රටෙහි මිනිස්සු අපගේ නිවසේ දරුවෝ ද මව්වරු ද කෙළ සොටු ආදිය මුවෙන් ඉවත්කර හදාවඩාගත් දූවරුන් ද මේ රජවරු බලහත්කාරයෙන් ගෙන තමන්ගේ ගෙවල්වල නතර කරවාගෙන සිටිත් යැයි කිපියාහු ප්‍රත්‍යන්තයට ගොස් සොරු හෝ සොර සහායකයන් වී ජනපද පහරිත්. මෙසේ නොකරන්නවුන්ගේ රටෙහි මිනිස්සු වැඩිමහන්සියක් නැතිව තමන්ගේ කර්මාන්ත කරන්නාහු රාජ භාණ්ඩාගාරය දියුණු කරත්. එපරිද්දෙන් මෙහි දියුණුවට වන හානි ද දතයුතුයි.

වජ‍්ජීනං වජ‍්ජිචෙතියානීති වජ‍්ජිරාජූනං වජ‍්ජිරට‍්ඨෙ චිත‍්තීකතට‍්ඨෙන චෙතියානීති ලද‍්ධනාමානි යක‍්ඛට‍්ඨානානි. අබ‍්භන‍්තරානීති අන‍්තොනගරෙ ඨිතානි. බාහිරානීති බහිනගරෙ ඨිතානි. දින‍්නපුබ‍්බන‍්ති පුබ‍්බෙ දින‍්නං. කතපුබ‍්බන‍්ති පුබ‍්බෙ කතං. නො පරිහාපෙස‍්සන‍්තීති අපරිහාපෙත්‍වා යථාපවත‍්තමෙව කරිස‍්සන‍්ති ධම‍්මිකං බලිං පරිහාපෙන‍්තානඤ‍්හි දෙවතා ආරක‍්ඛං සුසංවිහිතං න කරොන‍්ති, අනුප‍්පන‍්නං දුක‍්ඛං ජනෙතුං අසක‍්කොන‍්තාපි උප‍්පන‍්නං කාසසීසරොගාදිං වඩ‍්ඪෙන‍්ති, සඞ‍්ගාමෙ පත‍්තෙ සහායා න හොන‍්ති. අපරිහාපෙන‍්තානං පන ආරක‍්ඛං සුසංවිහිතං කරොන‍්ති, අනුප‍්පන‍්නං සුඛං උප‍්පාදෙතුං අසක‍්කොන‍්තාපි උප‍්පන‍්නං කාසසීසරොගාදිං හනන‍්ති, සඞ‍්ගාමසීසෙ සහායා හොන‍්තීති එවමෙත්‍ථ වුද‍්ධිහානියො වෙදිතබ‍්බා.

වජ්ජිනං වජ්ජිචෙතියානි වජ්ජි රජවරුන්ගේ වජ්ජි රටෙහි මනහර සිතියම් කරන ලද බැවින් ‘චෙතිය’ යන නම ලබන ලද යක්‍ෂයන්ට පුදන තැන්. අබ්භන්තරානි ඇතුල් නගරයෙහි පිහිටි. බාහිරානි නගරයෙන් පිටත සිටියා වූ දින්නපුබ්බං පෙර දෙන ලද. කතපුබ්බං පෙර කරන ලද නොපරිහාපෙස්සන්ති පිරිහීමට පත්නොවී පවත්නා පරිදිම කරත්. දැහැමි බලියක් කඩ කරන්නවුන්ට වනාහි දෙවියෝ ආරක්ෂාව මනාව නො යොදත්. නූපන් දුකක් ඇතිකරන්නට නොහැක්කාහු හටගත් කාස, ශීර්ෂ ආදී රෝගාදිය වර්ධනය වෙයි. යුද්ධයක් එළඹි කල්හි සහායකයෝ නැත්තාහ. නොපිරිහෙන්නන්ගේ ආරක්ෂාව මනාව සංවිධානය කරත්. නූපන් සැපයක් උපදවන්නට නොහැක්කාහු නමුත් හටගත් කාස සීස ආදී රෝගයන් බැහැර කරත්. යුද්ධයේදී සහායකයෝ සිටිත්. මෙසේ මෙහි වෘද්ධිහානිය දතයුතුයි.

ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්තීති එත්‍ථ රක‍්ඛා එව යථා අනිච‍්ඡිතං න ගච‍්ඡති, එවං ආවරණතො ආවරණං. යථා ඉච‍්ඡිතං න විනස‍්සති, එවං ගොපායනතො ගුත‍්ති. තත්‍ථ බලකායෙන පරිවාරෙත්‍වා රක‍්ඛණං පබ‍්බජිතානං ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්ති නාම න හොති. යථා පන විහාරස‍්ස උපවනෙ රුක‍්ඛෙ න ඡින්‍දන‍්ති, වාජිකා වජ‍්ඣං න කරොන‍්ති, පොක‍්ඛරණීසු මච‍්ඡෙ න ගණ‍්හන‍්ති, එවං කරණං ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්ති නාම. කින‍්ති අනාගතා චාති ඉමිනා පන නෙසං එවං පච‍්චුපට‍්ඨිතචිත‍්තසන‍්තානොති චිත‍්තප‍්පවත‍්තිං පුච‍්ඡති.

ධම්මිකං රක්ඛාවරණගුත්තිං මෙහි ආරක්ෂාව නොපැතූ දෙයක් නොපැමිණෙයි. මෙසේ ආවරණයෙන් ආවරණය, යම්සේ බලාපොරොත්තු දෙය නොනැසේද මෙසේ ආරක්ෂාවෙන් ආරක්ෂාව එහි බලසේනා පිරිවරා ආරක්ෂා කිරීම පැවිද්දන්ට ධාර්මික වූ ආරක්ෂාවරණය නොවේ. යම්සේ වනාහි විහාරය අසල වනයේ ගස් නොකපත් ද වැද්දෝ වරදක් නොකරත්. පොකුණුවල මත්ස්‍යයන් නොඅල්ලති. මෙසේ කිරීම ධර්මකාරක ආරක්ෂා ගුත්තියයි. කින්ති අනාගතා ච මෙයින් වනාහි ඔවුන්ගේ මෙසේ පිහිටුවන ලද චිත්ත සන්තාන යැයි සිතේ පැවැත්ම විචාරයි.

තත්‍ථ යෙ අනාගතානං අරහන‍්තානං ආගමනං න ඉච‍්ඡන‍්ති, තෙ අස‍්සද‍්ධා හොන‍්ති අප‍්පසන‍්නා. පබ‍්බජිතෙ ච සම‍්පත‍්තෙ පච‍්චුග‍්ගමනං න කරොන‍්ති, ගන‍්ත්‍වා න පස‍්සන‍්ති, පටිසන්‍ථාරං න කරොන‍්ති, පඤ‍්හං න පුච‍්ඡන‍්ති, ධම‍්මං න සුණන‍්ති, දානං න දෙන‍්ති, අනුමොදනං න සුණන‍්ති, නිවාසනට‍්ඨානං න සංවිදහන‍්ති. අථ නෙසං අවණ‍්ණො අබ‍්භුග‍්ගච‍්ඡති – “අසුකො නාම රාජා අස‍්සද‍්ධො අප‍්පසන‍්නො, පබ‍්බජිතෙ සම‍්පත‍්තෙ පච‍්චුග‍්ගමනං න කරොති…පෙ… නිවාසනට‍්ඨානං න සංවිදහතී”ති. තං සුත්‍වා පබ‍්බජිතා තස‍්ස නගරද‍්වාරෙන න ගච‍්ඡන‍්ති, ගච‍්ඡන‍්තාපි නගරං න පවිසන‍්ති. එවං අනාගතානං අරහන‍්තානං අනාගමනමෙව හොති. ආගතානම‍්පි ඵාසුවිහාරෙ අසති යෙපි අජානිත්‍වා ආගතා, තෙ – “වසිස‍්සාමාති තාව චින‍්තෙත්‍වා ආගතම‍්හා, ඉමෙසං පන රාජූනං ඉමිනා නීහාරෙන කො වසිස‍්සතී”ති නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්ති. එවං අනාගතෙසු අනාගච‍්ඡන‍්තෙසු, ආගතෙසු දුක‍්ඛං විහරන‍්තෙසු සො දෙසො පබ‍්බජිතානං අනාවාසො හොති. තතො දෙවතාරක‍්ඛා න හොති, දෙවතාරක‍්ඛාය අසති අමනුස‍්සා ඔකාසං ලභන‍්ති. අමනුස‍්සා උස‍්සන‍්නා අනුප‍්පන‍්නං බ්‍යාධිං උප‍්පාදෙන‍්ති, සීලවන‍්තානං දස‍්සනපඤ‍්හාපුච‍්ඡනාදිවත්‍ථුකස‍්ස පුඤ‍්ඤස‍්ස අනාගමො හොති. විපරියායෙන පන යථාවුත‍්තකණ‍්හපක‍්ඛවිපරීතස‍්ස සුක‍්කපක‍්ඛස‍්ස සම‍්භවො හොතීති එවමෙත්‍ථ වුද‍්ධිහානියො වෙදිතබ‍්බා.

එහි යමෙක් නොපැමිණි රහතන් වහන්සේලාගේ පැමිණීම අකමැති වෙත්ද ඔව්හු ශ්‍රද්ධාව නැත්තෝ වෙති. අප්‍රසන්න වූවෝය. පැවිද්දන් පැමිණිකල්හි පෙරගමන් නොකරත්ද ගොස් නොබලත් පිළිසඳර කථා නොකරත්. පැන නොවිචාරත්. ධර්මය නාසත්. දන් නොදෙත්. පුණ්‍යානුමෝදනාවන්ට සවන් නොදෙති. වාසයට සුදුසු තැන් සකස් නොකරත්. ඉක්බිති ඔවුන් පිළිබඳ නුගුණ ප්‍රකට වෙයි. අසවල් නම් රජු ශ්‍රද්ධා හීනයෙකි. අප්‍රසන්නයෙකි. පැවිද්දන් එනවිට පෙරගමන් නොකරයි -පෙ- වාසයට සුදුසු තැන් පිළියෙල කර නොදෙත්. ඒ බව අසා පැවිද්දෝ ඔහුගේ නගර දොරටුවෙන් නොයත්. ගමන් කළත් නගරයට නොපිවිසෙත්. මෙසේ නොපැමිණි රහතන්වහන්සේලාගේ නොපැමිණීමම සිදුවෙයි. පැමිණි අයටද කරදරයක් නැතිව ජීවත්වීමට නොහැකිව තිබියදී යමෙක් ඒ බව නොදැන ආවාහු ඔව්හු මෙහි වාසය කරන්නෙමුයි කියා මෙහි ආවේ නමුත් මේ රජවරුන්ගේ මේ වැඩපිළිවෙල නිසා කවරෙක් නම් වාසය කරන්නේදැයි නික්ම යන්නාහ. මෙසේ නොආ අය නොපැමිණෙන කල්හි පැමිණි අය දුකසේ වාසය කරන කල්හි ඒ දේශය පැවිද්දන්ට නුසුදුසු දේශයක් වෙයි. ඉක්බිති දෙවියන්ගෙන් ආරක්ෂාවක් ඇතිනොවේ. දේවතාවන්ගෙන් ආරක්ෂාවක් නැතිකල්හි අමනුෂ්‍යයෝ ඉඩ ලබා ගනිත්. අමනුෂ්‍යයන්ගේ බලය උත්සන්න වනවිට කලින් නුවූ විරූ රෝග හටගනී. ශීලවන්තයන්ගේ දැකීමක් ප්‍රශ්න විචාරීමක් ආදී වූ පිනට හේතුවන කිසිවක් ඇති නොවේ. මේ වෙනස්වීමෙන් කියන ලද පරිදි කාල පක්‍ෂයේ විපර්යාසයෙන් ශුක්ල පක්‍ෂයේ හටගැනීම වන්නේ යයි මෙසේ වෙයි. අභිවෘද්ධියේ හානිය සිදුවන සැටි දතයුතුය.

එකමිදාහන‍්ති ඉදං භගවා පුබ‍්බෙ වජ‍්ජීනං ඉමස‍්ස වජ‍්ජිසත‍්තකස‍්ස දෙසිතභාවප‍්පකාසනත්‍ථමාහ. තත්‍ථ සාරන්‍දදෙ චෙතියෙති එවංනාමකෙ විහාරෙ. අනුප‍්පන‍්නෙ කිර බුද‍්ධෙ තත්‍ථ සාරන්‍දදස‍්ස යක‍්ඛස‍්ස නිවාසනට‍්ඨානං චෙතියං අහොසි. අථෙත්‍ථ භගවතො විහාරං කාරාපෙසුං, සො සාරන්‍දදෙ චෙතියෙ කතත‍්තා සාරන්‍දදචෙතියන‍්ත්‍වෙව සඞ‍්ඛ්‍යං ගතො.

එකමිදාහං යනු භාග්‍යවතුන් වහන්සේ මෙය වජ්ජීන්ගේ මේ වජ්ජීන් සන්තක වූ දේශනා කරන ලද අර්ථය සඳහා කීය. එහි සාරන්‍ද දෙවෙ මෙනම් වූ විහාරයේ බුදුන් නූපන් කල්හි එහි සාරන්දද නම් වු යක්‍ෂයාගේ වාසය කළ තැන ලෙස චෛත්‍යයක් විය. ඉක්බිති එහි භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවූහ. එම විහාරය සාරන්‍දද චෙතියෙහි කරවන ල බැවින් සාරන්දද චෙතියැයි ප්‍රසිද්ධ විය.

අකරණීයාති අකාතබ‍්බා, අග‍්ගහෙතබ‍්බාති අත්‍ථො. යදිදන‍්ති නිපාතමත‍්තං. යුද‍්ධස‍්සාති කරණත්‍ථෙ සාමිවචනං, අභිමුඛයුද‍්ධෙන ගහෙතුං න සක‍්කාති අත්‍ථො. අඤ‍්ඤත්‍ර උපලාපනායාති ඨපෙත්‍වා උපලාපනං. උපලාපනා නාම – “අලං විවාදෙන, ඉදානි සමග‍්ගා හොමා”ති හත්‍ථිඅස‍්සරථහිරඤ‍්ඤසුවණ‍්ණාදීනි පෙසෙත්‍වා සඞ‍්ගහකරණං. එවඤ‍්හි සඞ‍්ගහං කත්‍වා කෙවලං විස‍්සාසෙන සක‍්කා ගණ‍්හිතුන‍්ති අත්‍ථො. අඤ‍්ඤත්‍ර මිථුභෙදායාති ඨපෙත්‍වා මිථුභෙදං. ඉමිනා අඤ‍්ඤමඤ‍්ඤභෙදං කත්‍වාපි සක‍්කා එතෙ ගහෙතුන‍්ති දස‍්සෙති. ඉදං බ්‍රාහ‍්මණො භගවතො කථාය නයං ලභිත්‍වා ආහ.

අරකණීයා නොකළ යුතු. නොගතයුතු යන අර්ථයි. යදිදං යනු නිපාත මාත්‍රයකි. යුද්ධස්ස කරණ අර්ථයේ ස්වාමී වචනයයි. මුහුණට මුහුණලා කරන සටනින් අල්ලාගත නොහැක යන අර්ථයි. අඤ්ඤත්‍ර උපලා පනාය යනු චාටු බස්කිරීම හැර, චාටුබස් කීම නම්, විවාදයෙන් ඵලයක් නැත. දැන් සමගි වෙමු. ඇත්, අස්, රථ, රන්රුවන් ආදිය යවා සංග්‍රහ කිරීම, මෙසේ වනාහි සංග්‍රහ කොට හුදෙක් විශ්වාසයෙන් අල්ලාගන්නට හැකිය යන අර්ථයි. අඤ්ඤත්‍ර මිථුභෙදාය මිත්‍රභේදය හැර මේ ඔවුනොවුන් භේද කිරීම කරද මොවුන් අල්ලා ගන්නට හැකියයි දක්වයි. මේ බ්‍රාහ්මණයා [missing trans]

කිං පන භගවා බ්‍රාහ‍්මණස‍්ස ඉමාය කථාය නයලාභං න ජානාතීති? ආම, ජානාති. ජානන‍්තො කස‍්මා කථෙසීති? අනුකම‍්පාය. එවං කිරස‍්ස අහොසි – “මයා අකථිතෙපි කතිපාහෙන ගන‍්ත්‍වා සබ‍්බෙ ගණ‍්හිස‍්සති, කථිතෙ පන සමග‍්ගෙ භින්‍දන‍්තො තීහි සංවච‍්ඡරෙහි ගණ‍්හිස‍්සති, එත‍්තකම‍්පි ජීවිතමෙව වරං, එත‍්තකඤ‍්හි ජීවන‍්තා අත‍්තනො පතිට‍්ඨානභූතං පුඤ‍්ඤං කරිස‍්සන‍්තී”ති.

භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයාගේ මේ කථාවෙන් ක්‍රම පිළිවලෙ දැනගනීයැයි. එසේය දනියි. දන්නා තැනැත්තා කුමක් නිසා කීවේද? අනුකම්පාවෙන්ය. ඔහුට වනාහි මෙසේ අදහස් විය. මා විසින් නොකියන ලද කල්හි දවස් කීපයකින් ගොස් සියල්ලන්වම අල්ලා ගන්නේය කියන ලද කල්හි සමගිය බිඳවන්නේ වර්ෂ තුනකින් අල්ලා ගන්නේය. මෙපමණක් වූ ජීවිතයම උතුම්ය. මෙතෙක් ජීවත් වන්නාහු තම තමන්ට පිහිටවන පිං කරන්නේ ය.

අභිනන්‍දිත්‍වාති චිත‍්තෙන අභිනන්‍දිත්‍වා. අනුමොදිත්‍වාති “යාව සුභාසිතඤ‍්චිදං භොතා ගොතමෙනා”ති වාචාය අනුමොදිත්‍වා. පක‍්කාමීති රඤ‍්ඤො සන‍්තිකං ගතො. තතො නං රාජා – “කිං ආචරිය, භගවා අවචා”ති පුච‍්ඡි. සො – “යථා භො සමණස‍්ස ගොතමස‍්ස වචනං න සක‍්කා වජ‍්ජී කෙනචි ගහෙතුං, අපි ච උපලාපනාය වා මිථුභෙදෙන වා සක‍්කා”ති ආහ. තතො නං රාජා – “උපලාපනාය අම‍්හාකං හත්‍ථිඅස‍්සාදයො නස‍්සිස‍්සන‍්ති, භෙදෙනෙව තෙ ගහෙස‍්සාමි, කිං කරොමා”ති පුච‍්ඡි. තෙන හි, මහාරාජ, තුම‍්හෙ වජ‍්ජිං ආරබ‍්භ පරිසති කථං සමුට‍්ඨාපෙථ. තතො අහං – “කිං තෙ මහාරාජ තෙහි, අත‍්තනො සන‍්තකෙහි කසිවාණිජ‍්ජාදීනි කත්‍වා ජීවන‍්තු එතෙ රාජානො”ති වත්‍වා පක‍්කමිස‍්සාමි. තතො තුම‍්හෙ – “කින‍්නු ඛො භො එස බ්‍රාහ‍්මණො වජ‍්ජිං ආරබ‍්භ පවත‍්තං කථං පටිබාහතී”ති වදෙය්‍යාථ, දිවසභාගෙ චාහං තෙසං පණ‍්ණාකාරං පෙසෙස‍්සාමි, තම‍්පි ගාහාපෙත්‍වා තුම‍්හෙපි මම දොසං ආරොපෙත්‍වා බන්‍ධනතාලනාදීනි අකත්‍වාව කෙවලං ඛුරමුණ‍්ඩං මං කත්‍වා නගරා නීහරාපෙථ. අථාහං – “මයා තෙ නගරෙ පාකාරො පරිඛා ච කාරිතා, අහං කිර දුබ‍්බලට‍්ඨානඤ‍්ච උත‍්තානගම‍්භීරට‍්ඨානඤ‍්ච ජානාමි, න චිරස‍්සෙව දානි උජුං කරිස‍්සාමී”ති වක‍්ඛාමි. තං සුත්‍වා තුම‍්හෙ – “ගච‍්ඡතූ”ති වදෙය්‍යාථාති. රාජා සබ‍්බං අකාසි.

අභිනන්‍දිත්‍වා සිතින් සතුටු වී අනුමොදිත්‍වා මේ සුභාෂිත වචනය භගවත් ගෞතමයන් වහන්සේ විසින් බව කියා අනුමෝදන් වී. පක්කාමි රජුගේ සමීපයට ගියේය. ඉක්බිති රජු කිම ආචාරීනි! භාග්‍යවතුන් වහන්සේ කුමක් ප්‍රකාශ කළේදැයි ඇසීය. පින්වතුනි, භගවත් ගෞතමයන් වහන්සේගේ වචනය අනුව කිසිවකුටත් වජ්ජීන්ව අල්ලාගත නොහැක. එසේ නමුත් චාටුබස් කීමෙන් හෝ මිත්‍ර භේදයෙන් හැකියැයි කීය. ඉක්බිති රජු මෙසේ කීය. චාටු බස්වලින් අපගේ හස්තීහු හා අශ්වයෝ නැසෙන්නාහ. භේද කිරීමෙන්ම ඔවුන් අල්ලා ගමු. කුමක් කරමුදැයි ඇසීය. එසේනම් මහරජතුමනි! ඔබ වජ්ජීන් පිළිබඳව කථා ඇතිකරන්න. ඉක්බිති මම මහරජතුමනි, තමන් සන්තක දෙයින් කවර ප්‍රයෝජනයක්ද? මේ රජවරු ගොවිතැන් වෙළඳාම් කිරීමෙන් ජීවත් වෙත්වා යි කියා බැහැර යන්නෙමි. ඉක්බිති නුඹලා, ‘කිම මේ බ්‍රාහ්මණයා වජ්ජීන් පිළිබඳව කළ කථා පරාජය කරයි කියා කියව්. දවල් කාලයේ ද මම ඔවුන්ට පණිවිඩයක් යවන්නෙමි. එයද ගෙන නුඹලා මට දොස් පවරා බැඳීම්, තැලීම් ආදියක් නොකරම හුදෙක් මාගේ හිස මුඩුකර නගරයෙන් බැහැර කරන්න. ඉක්බිති මම, මා විසින් ඒ නගරයන්ද ප්‍රාකාරයන්ද දියඅගල්ද කරවන ලදි. මම වනාහි දුබල තැන් ද පහත් ගැඹුරු තැන් ද දනිමි. නොබෝ කලකින්ම දැන් සෘජු කරන්නෙමියි කියමි. එය අසා නුඹලා යෙත්වායි කියව්. රජු සියල්ල කළේය.

ලිච‍්ඡවී තස‍්ස නික‍්ඛමනං සුත්‍වා – “සඨො බ්‍රාහ‍්මණො, මා තස‍්ස ගඞ‍්ගං උත‍්තරිතුං අදත්‍ථා”ති ආහංසු. තත්‍ර එකච‍්චෙහි – “අම‍්හෙ ආරබ‍්භ කථිතත‍්තා කිර සො එවං කතො”ති වුත‍්තෙ “තෙන හි, භණෙ, එතූ”ති භණිංසු. සො ගන‍්ත්‍වා ලිච‍්ඡවී දිස‍්වා “කිං ආගතත්‍ථා”ති පුච‍්ඡිතො තං පවත‍්තිං ආරොචෙසි, ලිච‍්ඡවිනො – “අප‍්පමත‍්තකෙන නාම එවං ගරුං දණ‍්ඩං කාතුං න යුත‍්ත”න‍්ති වත්‍වා – “කිං තෙ තත්‍ර ඨානන‍්තර”න‍්ති පුච‍්ඡිංසු. “විනිච‍්ඡයාමච‍්චොහමස‍්මී”ති. තදෙව තෙ ඨානන‍්තරං හොතූති. සො සුට‍්ඨුතරං විනිච‍්ඡයං කරොති, රාජකුමාරා තස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති.

ලිච්ඡවී රජවරු ඔහුගේ නික්ම යාම අසා කපටි බ්‍රාහ්මණයාට ගඟින් එගොඩවන්නට ඉඩ නොදනේන යැයි කීහ. ඉක්බිති ඇතැමකු විසින් අප අරභයා කියන ලද බැවින් වනාහි ඔහු මෙසේ කරයි යැයි කී කල්හි එසේනම් හිතවත එන්නයැයි කීවාහ. ඔහු ගොස් ලිච්ඡවීන් දැන් කුමක් නිසා ආවේදැයි විචාරන ලදුව ඒ පුවත සැලකළහ. ලිච්ඡවීහු වනාහි අප්‍රමාදී වූවකු විසින් බර දඬුවමක් කරන්නට සුදුසු නැතැයි කියා ඔබ එහි දරණ තනතුර කුමක්දැයි විචාළාහ. මම විනිශ්චය ඇමැතියා වෙමියි කීය. එසේනම් ඔබට ඒ තනතුරම දෙමියි කීහ. තෙහෙම මනාව විනිශ්චය කටයුතු කරයි. රාජකුමාරවරු ඔහු ළඟ ශිල්ප හදාරත්.

සො පතිට‍්ඨිතගුණො හුත්‍වා එකදිවසං එකං ලිච‍්ඡවිං ගහෙත්‍වා එකමන‍්තං ගන‍්ත්‍වා – දාරකා කසන‍්තීති පුච‍්ඡි. ආම, කසන‍්ති. ද‍්වෙ ගොණෙ යොජෙත්‍වාති? ආම, ද‍්වෙ ගොණෙ යොජෙත්‍වාති. එත‍්තකං වත්‍වා නිවත‍්තො. තතො තං අඤ‍්ඤො – “කිං ආචරියො ආහා”ති පුච‍්ඡිත්‍වා තෙන වුත‍්තං අසද‍්දහන‍්තො “න මෙ එස යථාභූතං කථෙතී”ති තෙන සද‍්ධිං භිජ‍්ජි. බ්‍රාහ‍්මණො අඤ‍්ඤස‍්මිං දිවසෙ එකං ලිච‍්ඡවිං එකමන‍්තං නෙත්‍වා – “කෙන බ්‍යඤ‍්ජනෙන භුත‍්තොසී”ති පුච‍්ඡිත්‍වා නිවත‍්තො. තම‍්පි අඤ‍්ඤො පුච‍්ඡිත්‍වා අසද‍්දහන‍්තො තථෙව භිජ‍්ජි. බ්‍රාහ‍්මණො අපරම‍්පි දිවසං එකං ලිච‍්ඡවිං එකමන‍්තං නෙත්‍වා – “අතිදුග‍්ගතොසි කිරා”ති පුච‍්ඡි. කො එවමාහාති පුච‍්ඡිතො අසුකො නාම ලිච‍්ඡවීති. අපරම‍්පි එකමන‍්තං නෙත්‍වා – “ත්‍වං කිර භීරුකජාතිකො”ති පුච‍්ඡි. කො එවමාහාති? අසුකො නාම ලිච‍්ඡවීති. එවං අඤ‍්ඤෙන අකථිතමෙව අඤ‍්ඤස‍්ස කථෙන‍්තො තීහි සංවච‍්ඡරෙහි තෙ රාජානො අඤ‍්ඤමඤ‍්ඤං භින්‍දිත්‍වා යථා ද‍්වෙ එකමග‍්ගෙන න ගච‍්ඡන‍්ති, තථා කත්‍වා සන‍්නිපාතභෙරිං චරාපෙසි. ලිච‍්ඡවිනො – “ඉස‍්සරා සන‍්නිපතන‍්තු, සූරා සන‍්නිපතන‍්තූ”ති වත්‍වා න සන‍්නිපතිංසු.

ඔහු පිහිටි ගුණ ඇත්තෙක් වී එක් දවසක් එක් ලිච්ඡවියකු ගෙන එක පැත්තකට ගොස් කුඹුරක් සී සාන්නේදැයි ඇසීය. එසේය. ගොනුන් දෙදෙනෙකු යොදා සීසාන්නෙමි. මෙපමණක් කියා නතරවිය. ඉක්බිති තවෙකෙක් ආචාර්යයි කුමක් කීවේදැයි ඔහුගෙන් අසන ලදුව ඔහු විසින් කියන ලදි. එය විශ්වාස නොකර, මොහු මට ඇති තතු නොකියයි කියා ඔහු සමග භේද විය. බ්‍රාහ්මණයා තවත් දිනක එක් ලිච්ඡවියකු පසෙකට ගෙන ගොස් ඔබ අතිශයින් දුප්පත් නොවේදැයි විචාළේය. කවරෙක් මෙසේ කීවේදැයි ඇසූ කල්හි අසවල් ලිච්ඡවියා යැයි කීය. තව අයකුවද පසෙකට ගෙන ගොස් ඔබ බියගුල්ලෙක් නොවේදැයි ඇසීය. කවරෙක් එසේ කීවේදැයි විචාළ කල්හි අසවල් ලිච්ඡවී විසින් යැයි කීය. මෙසේ අන් අයකු නොකී දෙයක් වෙන කෙනෙකුට කියන්නේ වර්ෂ තුනකදී ඒ රජවරුන්ව ඔවුනොවුන් භේද කර යම්සේ ඔවුන් දෙදෙනෙක් එකමග නොයන ලෙස කර රැස්වීම සඳහා බෙර හැසිරවීය. ලිච්ඡවීහු මහේශාක්‍යයෝ රැස්වෙත්වායි රැස් නොවූහ.

බ්‍රාහ‍්මණො – “අයං දානි කාලො, සීඝං ආගච‍්ඡතූ”ති රඤ‍්ඤො සාසනං පෙසෙසි. රාජා සුත්‍වාව බලභෙරිං චරාපෙත්‍වා නික‍්ඛමි. වෙසාලිකා සුත්‍වා – “රඤ‍්ඤො ගඞ‍්ගං උත‍්තරිතුං න දස‍්සාමා”ති භෙරිං චරාපෙසුං. තම‍්පි සුත්‍වා – “ගච‍්ඡන‍්තු සූරරාජානො”තිආදීනි වත්‍වා න සන‍්නිපතිංසු. “නගරප‍්පවෙසනං න දස‍්සාම, ද‍්වාරානි පිදහිත්‍වා ඨස‍්සාමා”ති භෙරිං චරාපෙසුං. එකොපි න සන‍්නිපති. යථාවිවටෙහෙව ද‍්වාරෙහි පවිසිත්‍වා සබ‍්බෙ අනයබ්‍යසනං පාපෙත්‍වා ගතො.

ඒ බ්‍රාහ්මණයා, දැන් සුදුසු වේලාවයි. පැමිණෙන්න කියා රජුට පණිවිඩ යැවීය. රජතුමා එය අසා බලය පතුරුවන බෙර යවා නික්මින. විශාලා නුවර වැසියෝ, රජුට ගඟට බසින්නට ඉඩ නොදෙමුයයි බෙරකරුවන් යැවූහ. එයද අසා දක්ෂ රජවරු යෙත්වා යනාදිය කියා රැස් නොවූහ. නගරයට පිවිසෙන්නට ඉඩ නොදෙමු. දොරවල් වසාගෙන සිටිමු යයි බෙර හැසිරවූහ. එක් අයෙක්වත් රැස්වූයේ නැත. විවෘතව පැවැති දොරවලින් පිවිස සියල්ලන්වම විපතට පත්කොට ගියේය.

භික‍්ඛුඅපරිහානියධම‍්මවණ‍්ණනා

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙතිආදිම‍්හි සන‍්නිපාතෙත්‍වාති දූරවිහාරෙසු ඉද‍්ධිමන‍්තෙ පෙසෙත්‍වා සන‍්තිකවිහාරෙසු සයං ගන‍්ත්‍වා – “සන‍්නිපතථ, ආයස‍්මන‍්තො; භගවා වො සන‍්නිපාතං ඉච‍්ඡතී”ති සන‍්නිපාතෙත්‍වා. අපරිහානියෙති අපරිහානිකරෙ, වුද‍්ධිහෙතුභූතෙති අත්‍ථො. ධම‍්මෙ දෙසෙස‍්සාමීති චන්‍දසහස‍්සං සූරියසහස‍්සං උට‍්ඨපෙන‍්තො විය චතුකුට‍්ටකෙ ගෙහෙ අන‍්තො තෙලදීපසහස‍්සං උජ‍්ජාලෙන‍්තො විය පාකටෙ කත්‍වා කථයිස‍්සාමීති.

අථඛො භගවා අචිරපක්කන්තෙ ආදියෙහි සන්නිපාතෙත්‍වා දුරබැහැර පිහිටි විහාරස්ථානවලට සෘද්ධිමතුන් යවා ළඟ පිහිටි විහාරවලට තමන්ම ගොස් ආයුෂ්මතුනි! රැස්වන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබලාගේ රැස්වීම කැමැති වන සේක කියා රැස්කරවා, අපරිහානියෙ පිරිහීමට හේතු නොවන, දියුණුවට හේතුකාරණා වූ යන අර්ථයි. ධම්මෙ දෙසෙස්සාමි චන්ද්‍රයන් දහසක් සූර්යයන් දහසක් නැගෙන්නාක් මෙන් බිත්ති සතරක් ඇති ගෙයක පහන් දහසක් දල්වන්නාක් මෙන් ප්‍රකට කර කියන්නෙමි. එහි

තත්‍ථ අභිණ‍්හං සන‍්නිපාතාති ඉදං වජ‍්ජිසත‍්තකෙ වුත‍්තසදිසමෙව. ඉධාපි ච අභිණ‍්හං අසන‍්නිපතිතා දිසාසු ආගතසාසනං න සුණන‍්ති. තතො – “අසුකවිහාරසීමා ආකුලා, උපොසථපවාරණා ඨිතා, අසුකස‍්මිං ඨානෙ භික‍්ඛූ වෙජ‍්ජකම‍්මදූතකම‍්මාදීනි කරොන‍්ති, විඤ‍්ඤත‍්තිබහුලා පුප‍්ඵදානාදීහි ජීවිකං කප‍්පෙන‍්තී”තිආදීනි න ජානන‍්ති, පාපභික‍්ඛූපි “පමත‍්තො භික‍්ඛුසඞ‍්ඝො”ති ඤත්‍වා රාසිභූතා සාසනං ඔසක‍්කාපෙන‍්ති. අභිණ‍්හං සන‍්නිපතිතා පන තං තං පවත‍්තිං සුණන‍්ති, තතො භික‍්ඛුසඞ‍්ඝං පෙසෙත්‍වා සීමං උජුං කරොන‍්ති, උපොසථපවාරණාදයො පවත‍්තාපෙන‍්ති, මිච‍්ඡාජීවානං උස‍්සන‍්නට‍්ඨානෙ අරියවංසකෙ පෙසෙත්‍වා අරියවංසං කථාපෙන‍්ති, පාපභික‍්ඛූනං විනයධරෙහි නිග‍්ගහං කාරාපෙන‍්ති, පාපභික‍්ඛූපි “අප‍්පමත‍්තො භික‍්ඛුසඞ‍්ඝො, න සක‍්කා අම‍්හෙහි වග‍්ගබන්‍ධෙන විචරිතු”න‍්ති භිජ‍්ජිත්‍වා පලායන‍්ති. එවමෙත්‍ථ හානිවුද‍්ධියො වෙදිතබ‍්බා.

අභිණ්හං සන්නිපාතා මෙය වජ්ජි සූත්‍රයෙහි කියන ලද පරිදිමය. මෙහිදී ද නිතර රැස් නොවීමෙන් දිශාවන්ගෙන් ලැබුණා වූ තොරතුරු නොඅසත්. එයින් අසවල් විහාරසීමාව වියවුල් සහිතය. පොහෝ පවාරණ ආදිය නොකරත්. අසවල් ස්ථානයේ භික්‍ෂූහු වෙදකම් හා දූත කටයුතු කරත්. නොයෙක් දේ ඉඟි කරන්නාහු මල්දීම ආදිය කරමින් ජීවිකාව ගෙනයත්. ආදිය නොදනිත්. පාප භික්‍ෂූහු ද භික්‍ෂු සංඝයා ප්‍රමාද බව දැනගෙන කණ්ඩායම් සෑදී සසුන පසුබස්සවති. නිතර රැස්වන්නාහු වනාහි ඒ ඒ පුවත අසත්. ඉක්බිති භික්‍ෂු සංඝයා පිටත්කර යවා සීමාව නිවැරදි කරත්. උපෝසථ පවාරණ ආදිය පවත්වවත්. වැරදි දිවිපෙවෙත් ඇත්තෙන් බලවත් වූ තැන ආර්යවංශිකයන් (සිල්වතුන්) යවා ආර්යවංශ ප්‍රතිපදාව කියවවත්. විනයධරයන් ලවා පාප භික්‍ෂූන්ට නිග්‍රහ කරවවත්. පාප භික්‍ෂූහුද, සංඝයා අප්‍රමාදීය. අපට කණ්ඩායම් වශයෙන් හැසිරිය නොහැක කියා භේදභින්න වී පලායත්. මෙසේද වනාහි හානිය වැඩිවීම දතයුතුය.

සමග‍්ගාතිආදීසු චෙතියපටිජග‍්ගනත්‍ථං වා බොධිගෙහඋපොසථාගාරච‍්ඡාදනත්‍ථං වා කතිකවත‍්තං වා ඨපෙතුකාමතාය ඔවාදං වා දාතුකාමතාය – “සඞ‍්ඝො සන‍්නිපතතූ”ති භෙරියා වා ඝණ‍්ටියා වා ආකොටිතාය – “මය‍්හං චීවරකම‍්මං අත්‍ථි, මය‍්හං පත‍්තො පචිතබ‍්බො, මය‍්හං නවකම‍්මං අත්‍ථී”ති වික‍්ඛෙපං කරොන‍්තා න සමග‍්ගා සන‍්නිපතන‍්ති නාම. සබ‍්බං පන තං කම‍්මං ඨපෙත්‍වා – “අහං පුරිමතරං, අහං පුරිමතර”න‍්ති එකප‍්පහාරෙනෙව සන‍්නිපතන‍්තා සමග‍්ගා සන‍්නිපතන‍්ති නාම. සන‍්නිපතිතා පන චින‍්තෙත්‍වා මන‍්තෙත්‍වා කත‍්තබ‍්බං කත්‍වා එකතො අවුට‍්ඨහන‍්තා සමග‍්ගා න වුට‍්ඨහන‍්ති නාම. එවං වුට‍්ඨිතෙසු හි යෙ පඨමං ගච‍්ඡන‍්ති, තෙසං එවං හොති – “අම‍්හෙහි බාහිරකථාව සුතා, ඉදානි විනිච‍්ඡයකථා භවිස‍්සතී”ති. එකප‍්පහාරෙනෙව වුට‍්ඨහන‍්තා පන සමග‍්ගා වුට‍්ඨහන‍්ති නාම. අපිච “අසුකට‍්ඨානෙ විහාරසීමා ආකුලා, උපොසථපවාරණා ඨිතා, අසුකට‍්ඨානෙ වෙජ‍්ජකම‍්මාදිකාරකා පාපභික‍්ඛූ උස‍්සන‍්නා”ති සුත්‍වා – “කො ගන‍්ත්‍වා තෙසං නිග‍්ගහං කරිස‍්සතී”ති වුත‍්තෙ – “අහං පඨමං, අහං පඨම”න‍්ති වත්‍වා ගච‍්ඡන‍්තාපි සමග‍්ගා වුට‍්ඨහන‍්ති නාම.

සමග්ගා ආදියෙහි චෛත්‍ය පිළිදැගුම් කිරීම් සඳහා හෝ බෝධිගෘහ, පොහෝ ගෙවල් සෙවිලි කිරීම පිණිස කතිකාවතක් ඇතිකිරීම පිණිස අවවාද දීම පිණිස හෝ සංඝයා රැස්වේවා’යි බෙරකරුවන් යවා හෝ ඝණ්ඨාවෙන් හෝ උනන්දු කරවනවිට, මට සිවුරු පිළියෙල කිරීමට ඇත. මට පාත්‍රය පිළිස්සීමට ඇත. මට අළුතින් කළයුතු වැඩකටයුතු ඇතැයි අවුල් ඇතිකරන්නාහු රැස් නොවෙත්. ඒ සියලුම වැඩ අතහැර මා පළමුවෙන්, මා පළමුවෙන් කියා එකවරම රැස්වන්නාහු සමගියෙන් රැස්වන්නාහු නම් වෙත්. රැස්වූවෝ වනාහි සිතා මතා කළයුත්ත කර තනිතනිව නොනැගිටින්නේ නම් එය සමගියෙන් නැගීසිටීම නොවේ. මෙසේ නැගිටි කල්හි යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ සිතෙයි. අප විසින් බාහිර කථාවට අසන ලදි. දැන් විනිශ්චය කථාව වන්නේය කියා මා පළමුව මා පළමුව එක්වරින්ම නැගී සිටින්නාහු සමගියෙන් නැගී සිටින්නාහු නම් වෙත්. තවද අසවල් තැන විහාර සීමාවේ අවුල් ඇත. පොහෝ පවුරුණු කිරීමට සිටියෝ අසවල් තැන වෙදකම් ආදිය කරත්. මෙසේ පාප භික්‍ෂූන් උත්සන්න වී ඇතැයි අසා කවරෙක් එහි ගොස් ඔවුන්ට නිග්‍රහ කරන්නේදැයි කියූ කල්හි ද මා පළමුවෙන් මා පළමුවෙන් කියා යන්නාහුද සමගියෙන් නැගී සිටින්නෝ නම් වෙත්.

ආගන‍්තුකං පන දිස‍්වා – “ඉමං පරිවෙණං යාහි, එතං පරිවෙණං යාහි, අයං කො”ති අවත්‍වා සබ‍්බෙ වත‍්තං කරොන‍්තාපි, ජිණ‍්ණපත‍්තචීවරකං දිස‍්වා තස‍්ස භික‍්ඛාචාරවත‍්තෙන පත‍්තචීවරං පරියෙසමානාපි, ගිලානස‍්ස ගිලානභෙසජ‍්ජං පරියෙසමානාපි, ගිලානමෙව අනාථං – “අසුකපරිවෙණං යාහි, අසුකපරිවෙණං යාහී”ති අවත්‍වා අත‍්තනො අත‍්තනො පරිවෙණෙ පටිජග‍්ගන‍්තාපි, එකො ඔලියමානකො ගන්‍ථො හොති, පඤ‍්ඤවන‍්තං භික‍්ඛුං සඞ‍්ගණ‍්හිත්‍වා තෙන තං ගන්‍ථං උක‍්ඛිපාපෙන‍්තාපි සමග‍්ගා සඞ‍්ඝං කරණීයානි කරොන‍්ති නාම.

ආගන්තුකයෙකු දැක මේ පිරිවෙණට යන්න. මේ පිරිවෙණට යන්න. අප කවුරුන්දැයි නොකියා සියළු වත් කරන්නාහු නමුත් දිරාගිය පාත්‍රාසිවුරු දැක ඔහුට භික්‍ෂාචාර වත අනුව පාසිවුරු සොයන්නාහු නමුදු ගිලනුන්ට බෙහෙත් සොයන්නාහු නමුත් අනාථ වූ ගිලනුන්ට අසවල් පිරිවෙණට යන්න අසවල් පිරිවෙණට යන්න’ මෙසේ නොකියා තමන්ගේම පන්සල්වලදීම පිළිදැගුම් කරන්නේ නමුත් එක් ගෙන නොගිය පොතක් වෙයි. ප්‍රඥාවන්ත භික්‍ෂුවකට සංග්‍රහ කර ඔහු ලවා එම ග්‍රන්ථය ලබාගෙන සමගිව සංඝයා විසින් කරනු ලබන විනය කර්මාදිය කරත් නම් වේ.

අපඤ‍්ඤත‍්තන‍්තිආදීසු නවං අධම‍්මිකං කතිකවත‍්තං වා සික‍්ඛාපදං වා බන්‍ධන‍්තා අපඤ‍්ඤත‍්තං පඤ‍්ඤපෙන‍්ති නාම, පුරාණසන්‍ථතවත්‍ථුස‍්මිං සාවත්‍ථියං භික‍්ඛූ විය. උද‍්ධම‍්මං උබ‍්බිනයං සාසනං දීපෙන‍්තා පඤ‍්ඤත‍්තං සමුච‍්ඡින්‍දන‍්ති නාම, වස‍්සසතපරිනිබ‍්බුතෙ භගවති වෙසාලිකා වජ‍්ජිපුත‍්තකා විය. ඛුද‍්දානුඛුද‍්දකා පන ආපත‍්තියො සඤ‍්චිච‍්ච වීතික‍්කමන‍්තා යථාපඤ‍්ඤත‍්තෙසු සික‍්ඛාපදෙසු සමාදාය න වත‍්තන‍්ති නාම, අස‍්සජිපුනබ‍්බසුකා විය. නවං පන කතිකවත‍්තං වා සික‍්ඛාපදං වා අබන්‍ධන‍්තා, ධම‍්මවිනයතො සාසනං දීපෙන‍්තා, ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි අසමූහනන‍්තා අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤපෙන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දන‍්ති, යථාපඤ‍්ඤත‍්තෙසු සික‍්ඛාපදෙසු සමාදාය වත‍්තන‍්ති නාම, ආයස‍්මා උපසෙනො විය, ආයස‍්මා යසො කාකණ‍්ඩකපුත‍්තො විය ච.

අප්පඤ්ඤත්ත යනාදියෙහි අලුත් ධර්මානුකූල නොවන කතිකාවතක් හෝ ශික්‍ෂාපදයක් හෝ අලුතින් නිර්මාණය කරමින් කලින් පනවා නැති දෙයක් පනවත්. පුරාණ සන්‍ථක වස්තුවේ සැවැත්නුවර භික්‍ෂුවක් මෙන්, ධර්මයට විරුද්ධ විනය විරෝධී සසුනක් පෙන්වමින් පවන ලද්ද සිඳ දමත්. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා වර්ෂ සියයක් ගතවූ තැන විශාලා නුවර වජ්ජිපුත්තක භික්‍ෂූන් මෙනි. ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කඩකරන්නාහු පනවන ලද ශික්‍ෂාපදයන්හි සමාදන්ව නොහැසිරෙත්. අස්සජි පුනබ්බසුකයන් මෙනි. අලුත් කතිකාවතක් හෝ ශික්‍ෂාපදයක් හෝ අළුතින් නිබන්ධනය නොකොට ධර්මානුකූල ලෙස විනයානුකූල ලෙස සුන් දක්වමින් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද උදුරා නොදමමින් නොපනවන ලද්දක් නොපනවත්. පනවන ලද්ද සිඳ නොදමයි. යම්සේ පනවන ශික්‍ෂාපදවල සමාදන් වී ජීවත්වෙත් යනුයි. ආයුෂ්මත් උපසේන තෙරුන් මෙනි. ආයුෂ්මත් කාකණ්ඩපුත්ත යස තෙරුන් මෙනි.

“සුණාතු, මෙ ආවුසො සඞ‍්ඝො, සන‍්තම‍්හාකං සික‍්ඛාපදානි ගිහිගතානි, ගිහිනොපි ජානන‍්ති, ‘ඉදං වො සමණානං සක්‍යපුත‍්තියානං කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති. සචෙ හි මයං ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි සමූහනිස‍්සාම, භවිස‍්සන‍්ති වත‍්තාරො – ‘ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, යාවිමෙසං සත්‍ථා අට‍්ඨාසි, තාවිමෙ සික‍්ඛාපදෙසු සික‍්ඛිංසු. යතො ඉමෙසං සත්‍ථා පරිනිබ‍්බුතො, න දානිමෙ සික‍්ඛාපදෙසු සික‍්ඛන‍්තී’ති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤපෙය්‍ය, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දෙය්‍ය, යථාපඤ‍්ඤත‍්තෙසු සික‍්ඛාපදෙසු සමාදාය වත‍්තෙය්‍යා”ති (චුළව· 442) –

සංඝයා අසනු ලැබේවා. අපට අයත් ශික්‍ෂාපද ඇත. ඒවා ගිහියන් වූ අපි මේවා ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණයන්ට සුදුසුද? මෙය ඔබලාට කැපද? කියා නොදන්නෙමු. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද ඉවත්කර දමන්නෙමු නම් මෙසේ කියන්නෝ ඇතිවෙත්. කුමක්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට සදාකල්හි පවත්නා පරිදි ශික්‍ෂාපද පනවන ලද අතර ශාස්තෲන් වහන්සේ ජීවමානව සිටියදී ඒවා ආරක්ෂා කළ බවත් දැන් උන්වහන්සේ පිරිනිවන් පෑකල්හි ශික්‍ෂාපදයන්හි නොනික්මෙත්. ඉදින් යෝග්‍ය කාලයෙහි මහාසංඝයා නොපැනවූ දෙයක් අළුතින් නො පනවන්නේ ය. පැනවූ දෙය කඩ නො කරන්නේ ය. පැනවූ ශික්‍ෂාපද සමාදන්ව ජීවත්වන්නේ ය යන

ඉමං තන‍්තිං ඨපයන‍්තො ආයස‍්මා මහාකස‍්සපො විය ච. වුද‍්ධියෙවාති සීලාදීහි ගුණෙහි වුඩ‍්ඪියෙව, නො පරිහානි.

මේ තීරණය තබන්නා වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මෙන්. වුද්ධියෙව ශීලාදි ගුණයන්ගෙන් දියුණුවයි. පරිහානිය නොවේ.

ථෙරාති ථිරභාවප‍්පත‍්තා ථෙරකාරකෙහි ගුණෙහි සමන‍්නාගතා. බහූ රත‍්තියො ජානන‍්තීති රත‍්තඤ‍්ඤූ. චිරං පබ‍්බජිතානං එතෙසන‍්ති චිරපබ‍්බජිතා. සඞ‍්ඝස‍්ස පිතුට‍්ඨානෙ ඨිතාති සඞ‍්ඝපිතරො. පිතුට‍්ඨානෙ ඨිතත‍්තා සඞ‍්ඝං පරිනෙන‍්ති පුබ‍්බඞ‍්ගමා හුත්‍වා තීසු සික‍්ඛාසු පවත‍්තෙන‍්තීති සඞ‍්ඝපරිණායකා.

ථෙරා යනු ස්ථිරභාවයට පත්වූ, තෙරනමක් විසින් පැවැත්විය යුතු ගුණයන්ගෙන් සමන්විත බොහෝ රාත්‍රීන් දනිත්නුයි රත්තඤ්ඤූ පැවිදි වී බොහෝ කල්ගත වූ මේ ඇත්තන් චිර පබ්බජිතා වේ. සංඝයාගේ පිය තනතුරේ සිටියාහු සංඝ පිතරො පිය තනතුරෙහි සිටි බැවින් සංඝයා පෙරටු කරත්. ඉදිරියෙන් සිට ශික්‍ෂාපද තුනක පවතිත්නුයි සංඝ පරිණායක වේ.

යෙ තෙසං සක‍්කාරාදීනි න කරොන‍්ති, ඔවාදත්‍ථාය ද‍්වෙ තයො වාරෙ උපට‍්ඨානං න ගච‍්ඡන‍්ති, තෙපි තෙසං ඔවාදං න දෙන‍්ති, පවෙණීකථං න කථෙන‍්ති, සාරභූතං ධම‍්මපරියායං න සික‍්ඛාපෙන‍්ති. තෙ තෙහි විස‍්සට‍්ඨා සීලාදීහි ධම‍්මක‍්ඛන්‍ධෙහි සත‍්තහි ච අරියධනෙහීති එවමාදීහි ගුණෙහි පරිහායන‍්ති. යෙ පන තෙසං සක‍්කාරාදීනි කරොන‍්ති, උපට‍්ඨානං ගච‍්ඡන‍්ති, තෙපි තෙසං ඔවාදං දෙන‍්ති. “එවං තෙ අභික‍්කමිතබ‍්බං, එවං තෙ පටික‍්කමිතබ‍්බං, එවං තෙ ආලොකිතබ‍්බං, එවං තෙ විලොකිතබ‍්බං, එවං තෙ සමිඤ‍්ජිතබ‍්බං, එවං තෙ පසාරිතබ‍්බං, එවං තෙ සඞ‍්ඝාටිපත‍්තචීවරං ධාරෙතබ‍්බ”න‍්ති පවෙණීකථං කථෙන‍්ති, සාරභූතං ධම‍්මපරියායං සික‍්ඛාපෙන‍්ති, තෙරසහි ධුතඞ‍්ගෙහි දසහි කථාවත්‍ථූහි අනුසාසන‍්ති. තෙ තෙසං ඔවාදෙ ඨත්‍වා සීලාදීහි ගුණෙහි වඩ‍්ඪමානා සාමඤ‍්ඤත්‍ථං අනුපාපුණන‍්ති. එවමෙත්‍ථ හානිවුද‍්ධියො වෙදිතබ‍්බා.

යමෙක් ඔවුන්ට සත්කාරාදිය නොකරත්ද අවවාද සඳහා දෙතුන් වරක් උපස්ථාන සඳහා නොයත්. ඔව්හුද ඔවුන්ට අවවාද නොදෙත්. පරපුරෙන් ආ කථා නොකියත්. සාරවත් වූ දහම් පිළිවෙත ශික්‍ෂණය නො කරවත්. ඔව්හු එයින් වෙන්වූවාහු ශීලාදී වූ ධර්ම ස්කන්ධයන්ගෙන් ද සප්ත ආර්ය ධනයෙන් ද යනාදී වූ ගුණයන්ගෙන් පිරිහෙත්. ඔවුන්ට අවවාද දෙත්. මෙසේ ඔවුන් ඉදිරියට යා යුතුයි. මෙසේ ඔවුන් ඉවත්විය යුතුයි. මෙසේ ඔවුන් දැකිය යුතුයි. මෙසේ ඔවුන් බැලිය යුතුයි. මෙසේ ඔවුන් හැකිලිය යුතුයි. මෙසේ ඔවුන් විහිදී යා යුතුයි. මෙසේ ඔවුන් සඟල සිවුර, පාත්‍රය දැරිය යුතුයි. තෙළෙස් ධුතාංගයන්ගෙන් හා දස කථාවස්තූන්ගෙන් අනුශාසනා කරත්. ඔව්හු ද ඔවුන්ගේ අවවාදයෙහි පිහිටා ශීලාදී ගුණයන්ගෙන් වැඩිදියුණු වන්නාහු ශ්‍රමණ බවට පත්වෙත්. මෙසේ මෙහි පරිහානියත් අභිවෘද්ධියත් දතයුතුයි.

පුනබ‍්භවදානං පුනබ‍්භවො, පුනබ‍්භවො සීලමස‍්සාති පොනොබ‍්භවිකා, පුනබ‍්භවදායිකාති අත්‍ථො, තස‍්මා පොනොබ‍්භවිකාය. න වසං ගච‍්ඡන‍්තීති එත්‍ථ යෙ චතුන‍්නං පච‍්චයානං කාරණා උපට‍්ඨාකානං පදානුපදිකා හුත්‍වා ගාමතො ගාමං විචරන‍්ති, තෙ තස‍්සා තණ‍්හාය වසං ගච‍්ඡන‍්ති නාම, ඉතරෙ න ගච‍්ඡන‍්ති නාම. තත්‍ථ හානිවුද‍්ධියො පාකටායෙව.

පුනර්භවයක් ලබාදෙන පුනර්භවය පුනර්භවය, මේ ස්වභාවය මොහුටනුයි පොනොභවික නම් වේ. (නැවත ඉපදීම ගෙනදෙන) යන අර්ථයි. එහි පොනොභවිකාය නම් වේ. න වසං ගච්ඡන්ති මෙහි යමෙක් සිව්පසය හේතුවෙන් උපස්ථායකයන්ගේ පසුපස යන්නන් වී ගමින් ගමට හැසිරෙත්. ඔව්හු ඒ තණ්හාවේ වශයට යත් නම් වේ. අන් අය නොයෙත්. එහි හානිය හා අභිවෘද්ධිය ප්‍රකටය.

ආරඤ‍්ඤකෙසූති පඤ‍්චධනුසතිකපච‍්ඡිමෙසු. සාපෙක‍්ඛාති සතණ‍්හා සාලයා. ගාමන‍්තසෙනාසනෙසු හි ඣානං අප‍්පෙත්‍වාපි තතො වුට‍්ඨිතමත‍්තොව ඉත්‍ථිපුරිසදාරිකාදිසද‍්දං සුණාති, යෙනස‍්ස අධිගතවිසෙසොපි හායතියෙව. අරඤ‍්ඤෙ පන නිද‍්දායිත්‍වා පටිබුද‍්ධමත‍්තො සීහබ්‍යග‍්ඝමොරාදීනං සද‍්දං සුණාති, යෙන ආරඤ‍්ඤකං පීතිං ලභිත්‍වා තමෙව සම‍්මසන‍්තො අග‍්ගඵලෙ පතිට‍්ඨාති. ඉති භගවා ගාමන‍්තසෙනාසනෙ ඣානං අප‍්පෙත්‍වා නිසින‍්නභික‍්ඛුනො අරඤ‍්ඤෙ නිද‍්දායන‍්තමෙව පසංසති. තස‍්මා තමෙව අත්‍ථවසං පටිච‍්ච – “ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු සාපෙක‍්ඛා භවිස‍්සන‍්තී”ති ආහ.

ආරඤ්ඤකෙසු දුනු පන්සියයකට පසු සාපෙඛා තෘෂ්ණාව සහිතව, ආලය සහිතව, ග්‍රාමන්ත සේනාසනවල ධ්‍යානවලට පැමිණ එයින් නැගීසිටිය පමණින් ස්ත්‍රී පුරුෂ දැරි ආදීන්ගේ ශබ්ද අසයි. ඒ නිසා මොහුට අවබෝධ කරගත් දේද පිරිහී යයි. අරණ්‍යයෙහි වනාහි නිදා සිට පිබිදිවිට සිංහ, ව්‍යාඝ්‍ර, මොණර ආදීන්ගේ ශබ්ද අසයි. යමෙකින් අරඤ්ඤවැසියා ප්‍රීතියක් ලබා එය සම්මර්ශනය කරන්නේ අග්‍රඵලයෙහි පිහිටයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ග්‍රාමාන්ත සේනාසනයෙහිදී ධ්‍යානයට පත්ව හුන්නා වූ භික්‍ෂුවට අරණ්‍යයෙහි නිදාගන්නහුම පසසයි. ඒ නිසා එම අර්ථය අරභයා ‘ආරණ්‍යවල, සේනාසනවල බලාපොරොත්තු ඇත්තෝ වන්නාහ’ යැයි කීය.

පච‍්චත‍්තඤ‍්ඤෙව සතිං උපට‍්ඨපෙස‍්සන‍්තීති අත‍්තනාව අත‍්තනො අබ‍්භන‍්තරෙ සතිං උපට‍්ඨපෙස‍්සන‍්ති. පෙසලාති පියසීලා. ඉධාපි සබ්‍රහ‍්මචාරීනං ආගමනං අනිච‍්ඡන‍්තා නෙවාසිකා අස‍්සද‍්ධා හොන‍්ති අප‍්පසන‍්නා. සම‍්පත‍්තභික‍්ඛූනං පච‍්චුග‍්ගමනපත‍්තචීවරප‍්පටිග‍්ගහණආසනපඤ‍්ඤාපනතාලවණ‍්ටග‍්ගහණාදීනි න කරොන‍්ති, අථ නෙසං අවණ‍්ණො උග‍්ගච‍්ඡති – “අසුකවිහාරවාසිනො භික‍්ඛූ අස‍්සද‍්ධා අප‍්පසන‍්නා විහාරං පවිට‍්ඨානං වත‍්තපටිවත‍්තං න කරොන‍්තී”ති. තං සුත්‍වා පබ‍්බජිතා විහාරද‍්වාරෙන ගච‍්ඡන‍්තාපි විහාරං න පවිසන‍්ති. එවං අනාගතානං අනාගමනමෙව හොති. ආගතානං පන ඵාසුවිහාරෙ අසති යෙපි අජානිත්‍වා ආගතා, තෙ – “වසිස‍්සාමාති තාව චින‍්තෙත්‍වා ආගතාම‍්හ, ඉමෙසං පන නෙවාසිකානං ඉමිනා නීහාරෙන කො වසිස‍්සතී”ති නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්ති. එවං සො විහාරො අඤ‍්ඤෙසං භික‍්ඛූනං අනාවාසොව හොති. තතො නෙවාසිකා සීලවන‍්තානං දස‍්සනං අලභන‍්තා කඞ‍්ඛාවිනොදනං වා ආචාරසික‍්ඛාපකං වා මධුරධම‍්මස‍්සවනං වා න ලභන‍්ති, තෙසං නෙව අග‍්ගහිතධම‍්මග‍්ගහණං, න ගහිතසජ‍්ඣායකරණං හොති. ඉති නෙසං හානියෙව හොති, න වුද‍්ධි.

පච්චත්තංයෙව සතිං උපට්ඨපෙස්සන්ති යනු තම තමන්ගේ අභ්‍යන්තරයෙහි සිහිය පිහිටුවත්. පෙසලා යනු ප්‍රිය ස්වභාව ඇති. මෙහිද සබ්‍රහ්මචාරීන්ගේ පැමිණීම බලාපොරොත්තු නොවන්නාහු නේවාසිකයෝ අශ්‍රද්ධාවන්තයෝ වෙත්. අප්‍රසන්න වූවාහු පැමිණෙන භික්‍ෂූන්ට පෙරගමන් කොට පාත්‍රාසිවුරු පිළිගෙන ආසන පැනවීම තල්වැට ගැනීම් ආදිය නොකරත්. ඉක්බිති ඔවුන්ගේ නුගුණ ඉස්මතු වෙයි. අසවල් විහාරවාසී භික්‍ෂූහු ශ්‍රද්ධාව නැති අප්‍රසන්න වන අතර විහාරයට පිවිසෙන භික්‍ෂූන්ට වත්පිළිවෙත් නොකරත්. ඒ අසා පැවිද්දෝ විහාර දොරටුවෙන් යන්නාහු නමුත් විහාරයට නොපිවිසෙත්. මෙසේ නොපැමිණි අයගේ නොඒමම වෙයි. පැමිණි අයට සුවපහසුකම් නැතිකල්හි නොදැන පැමිණි අය වාසය කරන්නෙමුයි සිතා ආවෝ වෙමු. මේ නේවාසිකයන්ට සළකන්නේ මේ ආකාරයෙන් නම් කවරෙක් වාසය කරන්නේදැයි නික්ම යත්. මෙසේ ඒ විහාරයේ වෙනත් භික්‍ෂූන්ට නතරවීම සිදු නොවන්නේය. ඉක්බිති නේවාසික භික්‍ෂූහු සිල්වතුන් දැකීමට අවස්ථාවක් නොලබන්නාහු සැක නැති කරගැනීමක් හෝ ආචාරධර්ම ඉගැන්වීමක් හෝ මිහිරි ධර්මශ්‍රවණයක් නොලබත්ද ඔවුන්ට ඉගෙන නොගත් ධර්මයන් ඉගෙනීමට නොලැබේ. උගත් දේ සජ්ඣායනා කරන්නට නොලැබේ. මෙසේ ඔවුන්ට හානියක් විය. අභිවෘද්ධියක් නොවේ.

යෙ පන සබ්‍රහ‍්මචාරීනං ආගමනං ඉච‍්ඡන‍්ති, තෙ සද‍්ධා හොන‍්ති පසන‍්නා, ආගතානං සබ්‍රහ‍්මචාරීනං පච‍්චුග‍්ගමනාදීනි කත්‍වා සෙනාසනං පඤ‍්ඤපෙත්‍වා දෙන‍්ති, තෙ ගහෙත්‍වා භික‍්ඛාචාරං පවිසන‍්ති, කඞ‍්ඛං විනොදෙන‍්ති, මධුරධම‍්මස‍්සවනං ලභන‍්ති. අථ නෙසං කිත‍්තිසද‍්දො උග‍්ගච‍්ඡති – “අසුකවිහාරභික‍්ඛූ එවං සද‍්ධා පසන‍්නා වත‍්තසම‍්පන‍්නා සඞ‍්ගාහකා”ති. තං සුත්‍වා භික‍්ඛූ දූරතොපි එන‍්ති, තෙසං නෙවාසිකා වත‍්තං කරොන‍්ති, සමීපං ආගන‍්ත්‍වා වුඩ‍්ඪතරං ආගන‍්තුකං වන්‍දිත්‍වා නිසීදන‍්ති, නවකතරස‍්ස සන‍්තිකෙ ආසනං ගහෙත්‍වා නිසීදන‍්ති. නිසීදිත්‍වා – “ඉමස‍්මිං විහාරෙ වසිස‍්සථ ගමිස‍්සථා”ති පුච‍්ඡන‍්ති. ‘ගමිස‍්සාමී’ති වුත‍්තෙ – “සප‍්පායං සෙනාසනං, සුලභා භික‍්ඛා”තිආදීනි වත්‍වා ගන‍්තුං න දෙන‍්ති. විනයධරො චෙ හොති, තස‍්ස සන‍්තිකෙ විනයං සජ‍්ඣායන‍්ති. සුත‍්තන‍්තාදිධරො චෙ, තස‍්ස සන‍්තිකෙ තං තං ධම‍්මං සජ‍්ඣායන‍්ති. ආගන‍්තුකානං ථෙරානං ඔවාදෙ ඨත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණන‍්ති. ආගන‍්තුකා “එකං ද‍්වෙ දිවසානි වසිස‍්සාමාති ආගතාම‍්හ, ඉමෙසං පන සුඛසංවාසතාය දසද‍්වාදසවස‍්සානි වසිස‍්සාමා”ති වත‍්තාරො හොන‍්ති. එවමෙත්‍ථ හානිවුද‍්ධියො වෙදිතබ‍්බා.

යමෙක් වනාහි සබ්‍රහ්මචාරීන්ගේ පැමිණීම කැමැති වෙත්ද ඔව්හු ශ්‍රද්ධාවන්ත හා ප්‍රසන්න වූවාහු සබ්‍රහ්මචාරීන්ට පෙරගමන් කිරීම් ආදිය කොට සෙනසුන් පනවා දෙත්. ඒවා ගෙන භික්‍ෂාචාරයට පිවිසෙත්. සැක දුරුකරත්. මිහිරි දහම් අසන්නට ලැබේ. ඉක්බිති ඔවුන් පිළිබඳ ගුණකථාව පැතිර යයි. අසවල් විහාරයේ භික්‍ෂූහු මෙසේ ශ්‍රද්ධා සම්පන්න, වතාවත් දන්නා අමුත්තන්ට සංග්‍රහ කරන්නෝය. ඒ අසා භික්‍ෂූහු දුරසිටද පැමිණෙත්. ඔවුන්ට නේවාසිකයෝ වතාවත් දක්වත්. සමීපයට පැමිණ වැඩිමල් ආගන්තුකයන්ට වැඳ වඩා හිඳුවත්. වයසින් බාල ඇත්තා ළඟ අසුනක් ගෙන හිඳගනී. හිඳ මේ විහාරයේ වාසය කරන්නේ ද? නික්ම යන්නේදැයි අයත් යන්නෙමියි කීකල්හි පහසු සෙනසුන් ඇත. භික්‍ෂාව සුලභය ආදිය කියා යන්නට ඉඩ නොදෙත්. ඉතින් විනයධර කෙනෙක් වේ නම් ඔහු ළඟ විනය සජ්ඣායනා කරයි. සූත්‍රාන්ත ආදියක් දරන්නෙක් නම් ඔහු ළඟ ඒ ඒ ධර්මය සජ්ඣායනා කෙරේ. ආගන්තුක භික්‍ෂූන්ගේ අවවාදයේ පිහිටා පටිසම්භිදා සහිත රහත්බවට පත්වෙත්. එක් දවසක් දෙකක් නතරවීමට ආවෙමු. නමුත් මේ ඇත්තන්ගේ යහපත් ඇසුර නිසා දස, දොළොස් වර්ෂයක් වාසය කරන්නෙමුයි කියන්නෝ වෙත්. මෙසේ මෙහි හානිය හා අභිවෘද්ධිය දතයුතුයි.

දුතියසත‍්තකෙ කම‍්මං ආරාමො එතෙසන‍්ති කම‍්මාරාමාති. කම‍්මෙ රතාති කම‍්මරතා. කම‍්මාරාමතමනුයුත‍්තාති යුත‍්තා පයුත‍්තා අනුයුත‍්තා. තත්‍ථ කම‍්මන‍්ති ඉතිකාතබ‍්බකම‍්මං වුච‍්චති. සෙය්‍යථිදං – චීවරවිචාරණං, චීවරකරණං, උපත්‍ථම‍්භනං, සූචිඝරං, පත‍්තත්‍ථවිකං, අසංබද‍්ධකං, කායබන්‍ධනං, ධමකරණං, ආධාරකං, පාදකථලිකං, සම‍්මජ‍්ජනීආදීනං කරණන‍්ති. එකච‍්චො හි එතානි කරොන‍්තො සකලදිවසං එතානෙව කරොති. තං සන්‍ධායෙස පටික‍්ඛෙපො. යො පන එතෙසං කරණවෙලායමෙව එතානි කරොති, උද‍්දෙසවෙලායං උද‍්දෙසං ගණ‍්හාති, සජ‍්ඣායවෙලායං සජ‍්ඣායති, චෙතියඞ‍්ගණවත‍්තවෙලායං චෙතියඞ‍්ගණවත‍්තං කරොති, මනසිකාරවෙලායං මනසිකාරං කරොති, න සො කම‍්මාරාමො නාම.

දෙවන සත්තකයේ කටයුතුවල ඇල්ම මොවුන්ටය යනු කම්මා රාමා යි වැඩෙහි ඇලුනු කම්මරතා නම් වේ. කම්මාරාමතං අනුයුත්තා, යෙදුනු, අනුයුක්ත වූ - එහි කම්මං යනු කළයුත්ත කර්මයැයි කියනු ලැබේ. ඒ කෙසේද යත් චීවර විමසීම, චීවර සැදීම, උදව් වීම, ඉදිකටු පෙට්ටිය, පාත්‍ර පසුම්බිය, අංසකඩය, බඳපටිය, දැළිපිහිය, පාත්‍ර අඩිය, සෙරෙප්පුව, මුස්න ආදිය සෑදීම. කෙනෙක් වනාහි මේවා කරන්නාහු මුළු දවසම ඒවා කරත්. ඒවා මෙහි ප්‍රතික්‍ෂෙප කෙරේ. යමෙක් වනාහි මේවා කරන වේලාවෙහිම මේවා කරත්. උදෙසන වේලාවේදී ඉගෙන ගනී. සජ්ඣායනා වේලාවේ සජ්ඣායනා කරයි. සෑමිදුල් ආදිය අමදින වේලාවේ සෑමිදුල් ආදියේ කළයුතු වත් සපුරත්. මෙනෙහි කරන වේලාවේ මෙනෙහි කරත්. ඔහු කම්මා රාම නොවේ.

න භස‍්සාරාමාති එත්‍ථ යො ඉත්‍ථිවණ‍්ණපුරිසවණ‍්ණාදිවසෙන ආලාපසල‍්ලාපං කරොන‍්තොයෙව දිවසඤ‍්ච රත‍්තිඤ‍්ච වීතිනාමෙති, එවරූපෙ භස‍්සෙ පරියන‍්තකාරී න හොති, අයං භස‍්සාරාමො නාම. යො පන රත‍්තින්‍දිවං ධම‍්මං කථෙති, පඤ‍්හං විස‍්සජ‍්ජෙති, අයං අප‍්පභස‍්සොව භස‍්සෙ පරියන‍්තකාරීයෙව. කස‍්මා? “සන‍්නිපතිතානං වො, භික‍්ඛවෙ, ද‍්වයං කරණීයං – ධම‍්මී වා කථා, අරියො වා තුණ‍්හීභාවො”ති (ම· නි· 1.273) වුත‍්තත‍්තා.

න භස්සා රාමා යනු මෙහි යමෙක් ස්ත්‍රීන් පිළිබඳ වර්ණනා, පුරුෂයන් පිළිබඳ වර්ණනා කරමින් රෑදාවල් ගතකරත්. මෙබඳු තැනැත්තා දෙඩවීමෙහි අවසානයක් කරන්නෙක් නොවේ. මේ භස්සාරාම නම් වේ. දෙඩවීමෙහි නොයෙදුනේ නම් යමෙක් රෑ ද දවල් ද ධර්මය කියයි ද පැන විසඳයි ද මේ තැනැත්තා වනාහි අප්පභස්ස නම් වේ. දෙඩවීමෙහි අවසානයක් ඇත්තේ වෙයි. කුමක් නිසාද? මහණෙනි! රැස් වූවා වූ නුඹලා විසින් කළයුතු කාරණා දෙකක් ඇත. උතුම් වූ දැහැමි කථාවක් කළයුතුයි. නැත්නම් නිහඬව සිටිය යුතුයැයි කියන ලද බැවිනි.

න නිද‍්දාරාමාති එත්‍ථ යො ගච‍්ඡන‍්තොපි නිසින‍්නොපි නිපන‍්නොපි ථිනමිද‍්ධාභිභූතො නිද‍්දායතියෙව, අයං නිද‍්දාරාමො නාම. යස‍්ස පන කරජකායගෙලඤ‍්ඤෙන චිත‍්තං භවඞ‍්ගෙ ඔතරති, නායං නිද‍්දාරාමො. තෙනෙවාහ – “අභිජානාමහං අග‍්ගිවෙස‍්සන, ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතප‍්පටික‍්කන‍්තො චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සතො සම‍්පජානො නිද‍්දං ඔක‍්කමිතා”ති (ම· නි· 1.387).

න නිද්දාරාමා යන මෙහි යමෙක් යන්නේද හුන්නේද හොත්තේ ද ථීනමිද්ධයෙන් මඩනාලදුව නිදාගනීද මේ ‘නිද්දාරාම’ නම් වේ. යමකුගේ වනාහි කරජකායෙහි ගිලන්බව නිසා සිත භවාංගයෙහි තබයිද එය නිද්දාරාමතාවය නොවේ. ඒ නිසා කියන ලදි. ‘අග්ගි වෙස්සනය, ගිම්හානයේ පසු මාසයේදී දන්වළඳා අවසානයේ, පිණ්ඩපාතයෙන් වැලකුනේ සඟල සිවුර හතරට නමා දකුණු ඇලයෙන් සිහිනුවණින් යුතුව නින්දට බසින්න’

න සඞ‍්ගණිකාරාමාති එත්‍ථ යො එකස‍්ස දුතියො ද‍්වින‍්නං තතියො තිණ‍්ණං චතුත්‍ථොති එවං සංසට‍්ඨොව විහරති, එකකො අස‍්සාදං න ලභති, අයං සඞ‍්ගණිකාරාමො. යො පන චතූසු ඉරියාපථෙසු එකකො අස‍්සාදං ලභති, නායං සඞ‍්ගණිකාරාමොති වෙදිතබ‍්බො.

න සංගනිකාරාමා යනු මෙහි යමෙක් පළමුවැන්නාට දෙවැන්නා දෙවැන්නාට තුන්වැන්නා තුන්වැන්නාට සතරවැන්නා යන ලෙස එකට සම්බන්ධව වාසය කරයි. එක් අයෙක් සතුටක් නොලබයි. මේ සංගණිකාරාමයයි. යමෙක් වනාහි සිව්ඉරියව්වල තනිව ආශ්වාදයක් ලබයිද එය සංගණිකාරාම නොවේ යයි දතයුතුයි.

න පාපිච‍්ඡාති එත්‍ථ අසන‍්තසම‍්භාවනාය ඉච‍්ඡාය සමන‍්නාගතා දුස‍්සීලා පාපිච‍්ඡා නාම.

න පාපිච්ඡා මෙහි අසත්පුරුෂයාට සම්භාවනා චේතනාවෙන් යුක්ත දුස්සීලයෝ පාපිෂ්ඨයෝ නම් වෙති.

න පාපමිත‍්තාදීසු පාපා මිත‍්තා එතෙසන‍්ති පාපමිත‍්තා. චතූසු ඉරියාපථෙසු සහ අයනතො පාපා සහායා එතෙසන‍්ති පාපසහායා. තන‍්නින‍්නතප‍්පොණතප‍්පබ‍්භාරතාය පාපෙසු සම‍්පවඞ‍්කාති පාපසම‍්පවඞ‍්කා.

පාපමිත්‍රාදියෙහි පවිටු මිත්‍රයෝ මොහුටය. පාපමිත්තා. සිව් ඉරියව්හි එකමග යන්නා වූ පවිටු මිතුරන් මොවුන්ටය. පාප සහායා එයට නැඹුරු වූ, එයට යොමු වූ එයට නැමුණු බැවින් පාපයන්හි නැඹුරු වූ පාපසම්පවංකා යි.

ඔරමත‍්තකෙනාති අවරමත‍්තකෙන අප‍්පමත‍්තකෙන. අන‍්තරාති අරහත‍්තං අපත්‍වාව එත්‍ථන‍්තරෙ. වොසානන‍්ති පරිනිට‍්ඨිතභාවං – “අලමෙත‍්තාවතා”ති ඔසක‍්කනං ඨිතකිච‍්චතං. ඉදං වුත‍්තං හොති – “යාව සීලපාරිසුද‍්ධිමත‍්තෙන වා විපස‍්සනාමත‍්තෙන වා ඣානමත‍්තෙන වා සොතාපන‍්නභාවමත‍්තෙන වා සකදාගාමිභාවමත‍්තෙන වා අනාගාමිභාවමත‍්තෙන වා වොසානං න ආපජ‍්ජිස‍්සන‍්ති, තාව වුද‍්ධියෙව භික‍්ඛූනං පාටිකඞ‍්ඛා, නො පරිහානී”ති.

ඔරමත්තකෙන අල්ප ප්‍රමාණයෙන්, සුළු වශයෙන් අන්තරා රහත්බවට පත්නොවී මේ අතරතුර වොසානං නිමා වූ බව. මෙපමණක් ප්‍රමාණවත් යැයි පසුබැසීම, කෘත්‍ය අවසන් බව. මෙසේ කියා ඇත. යම්තාක් ශීල පාරිශුද්ධි බවෙන් හා විදර්ශනාවෙන් හෝ ධ්‍යානයන්ගෙන් හෝ සෝවාන් බැවින් හෝ සකෘදාගාමී බැවින් හෝ අනාගාමී බැවින් හෝ අවසානයකට පත් නොවෙත්. ඒ අභිවෘද්ධියම භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුතුයි. පරිහානිය නොවේ.

තතියසත‍්තකෙ සද‍්ධාති සද‍්ධාසම‍්පන‍්නා. තත්‍ථ ආගමනීයසද‍්ධා, අධිගමසද‍්ධා, පසාදසද‍්ධා, ඔකප‍්පනසද‍්ධාති චතුබ‍්බිධා සද‍්ධා. තත්‍ථ ආගමනීයසද‍්ධා සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං හොති. අධිගමසද‍්ධා අරියපුග‍්ගලානං. බුද‍්ධො ධම‍්මො සඞ‍්ඝොති වුත‍්තෙ පන පසාදො පසාදසද‍්ධා. ඔකප‍්පෙත්‍වා පකප‍්පෙත්‍වා පන සද‍්දහනං ඔකප‍්පනසද‍්ධා. සා දුවිධාපි ඉධාධිප‍්පෙතා. තාය හි සද‍්ධාය සමන‍්නාගතො සද‍්ධාවිමුත‍්තො, වක‍්කලිත්‍ථෙරසදිසො හොති. තස‍්ස හි චෙතියඞ‍්ගණවත‍්තං වා, බොධියඞ‍්ගණවත‍්තං වා කතමෙව හොති. උපජ‍්ඣායවත‍්තආචරියවත‍්තාදීනි සබ‍්බවත‍්තානි පූරෙති. හිරිමනාති පාපජිගුච‍්ඡනලක‍්ඛණාය හිරියා යුත‍්තචිත‍්තා. ඔත‍්තප‍්පීති පාපතො භායනලක‍්ඛණෙන ඔත‍්තප‍්පෙන සමන‍්නාගතා.

තතිය සත්තකයෙහි සද්ධා යනු ශ්‍රද්ධාවෙන් යුක්ත ආගමනීය ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව හා ප්‍රසාද ශ්‍රද්ධාව යැයි සතර වැදෑරුම්ය. එහි ආගමනීය ශ්‍රද්ධාව සර්වඥතාවයට පත් බෝධි සත්ත්වයන්ට තිබේ. බුද්ධ, ධර්ම, සංඝ යනුවෙන් කීකල්හි ඇතිවන පැහැදීම ප්‍රසාද ශ්‍රද්ධාවයි. විශ්වාසකොට, සිතා මතා විශ්වාසය ඇතිකර ගැනීම ඔකප්පන ශ්‍රද්ධාවය. එය දෙවැදෑරුම් ලෙස මෙහි අදහස් කෙරේ. එම ශ්‍රද්ධාවෙන් යුක්ත ශ්‍රද්ධාව ස්ථිර කරගත් වක්ඛලී තෙරුන් මෙනි. ඔහුට වනාහි චෛත්‍ය අංගන, බෝධි අංගනයන්හි කළයුතු වත් කළා වන්නේය. උපාධ්‍යායන්ට, ගුරුවරයාට, කළයුතු වතාවත් පුරයි. හිරිමනා යනු පාපය පිළිකුල් කිරීම ලක්‍ෂණකොට ඇති ලජ්ජාවෙන් යුක්ත සිත් ඇති. ඔත්තාපිනො පවට බියවීමේ ලක්‍ෂණයෙන් ඔත්තප්පයෙන් යුක්ත වූයේ.

බහුස‍්සුතාති එත්‍ථ පන පරියත‍්තිබහුස‍්සුතො, පටිවෙධබහුස‍්සුතොති ද‍්වෙ බහුස‍්සුතා. පරියත‍්තීති තීණි පිටකානි. පටිවෙධොති සච‍්චප‍්පටිවෙධො. ඉමස‍්මිං පන ඨානෙ පරියත‍්ති අධිප‍්පෙතා. සා යෙන බහු සුතා, සො බහුස‍්සුතො. සො පනෙස නිස‍්සයමුච‍්චනකො, පරිසුපට‍්ඨාකො, භික‍්ඛුනොවාදකො, සබ‍්බත්‍ථකබහුස‍්සුතොති චතුබ‍්බිධො හොති. තත්‍ථ තයො බහුස‍්සුතා සමන‍්තපාසාදිකාය විනයට‍්ඨකථාය ඔවාදවග‍්ගෙ වුත‍්තනයෙන ගහෙතබ‍්බා. සබ‍්බත්‍ථකබහුස‍්සුතා පන ආනන්‍දත්‍ථෙරසදිසා හොන‍්ති. තෙ ඉධ අධිප‍්පෙතා.

බහුස්සුතා මෙහි වනාහි පර්යාප්ති ධර්මයෙහි බහුශ්‍රැතය, ප්‍රතිවේධයේ බහුශ්‍රැත යයි දෙයාකාරයි. පර්යාප්ති යනු ත්‍රිපිටකයයි. පටිවෙධ යනු සත්‍යය අවබෝධ කරගැනීමයි. මෙහිදී වනාහි පර්යාප්තිය අදහස් කෙරේ. එය යම්යෙකින් බහුශ්‍රැතද ඔහු බහුශ්‍රැතයෙකි. මෙයද නිස්සය මුච්චනක, පරිසූපට්ඨාපක, භික්ඛුනොවාදක, සබ්බත්‍ථක බහුස්සුත යැයි සතරවැදෑරුම්ය. (ආශ්‍රයෙන් මිදුනු - පිරිසට උපකාර කරන - භික්‍ෂූන්ට අවවාද දෙන - සැමතැනම බහුශ්‍රැත) මේ අතුරින් බහුශ්‍රැතයන් තුන්දෙනෙක් සමන්ත පාසාදිකා විනය අටුවාවේ ඕවාද වර්ගයෙහි කියන ලද ආකාරයෙන් ගතයුතුයි. සබ්බත්‍ථක බහුස්සුතා සියළු තන්හි බහුශ්‍රැතයෝ වනාහි ආනන්ද තෙරුන් හා සමාන වෙත්. ඔවුන් මෙහිදී අදහස් කෙරේ.

ආරද‍්ධවීරියාති යෙසං කායිකඤ‍්ච චෙතසිකඤ‍්ච වීරියං ආරද‍්ධං හොති. තත්‍ථ යෙ කායසඞ‍්ගණිකං විනොදෙත්‍වා චතූසු ඉරියාපථෙසු අට‍්ඨආරබ‍්භවත්‍ථුවසෙන එකකා හොන‍්ති, තෙසං කායිකවීරියං ආරද‍්ධං නාම හොති. යෙ චිත‍්තසඞ‍්ගාණිකං විනොදෙත්‍වා අට‍්ඨසමාපත‍්තිවසෙන එකකා හොන‍්ති, ගමනෙ උප‍්පන‍්නකිලෙසස‍්ස ඨානං පාපුණිතුං න දෙන‍්ති, ඨානෙ උප‍්පන‍්නකිලෙසස‍්ස නිසජ‍්ජං, නිසජ‍්ජාය උප‍්පන‍්නකිලෙසස‍්ස සයනං පාපුණිතුං න දෙන‍්ති, උප‍්පන‍්නුප‍්පන‍්නට‍්ඨානෙයෙව කිලෙසෙ නිග‍්ගණ‍්හන‍්ති, තෙසං චෙතසිකවීරියං ආරද‍්ධං නාම හොති.

ආරද්ධවිරියා යනු යමකුට කායික, චෛතසික වීර්ය පටන්ගන්නා ලද්දේ වේද එහි යමෙක් කායික ලෙස එක්තැන් වීමෙන් තොරව සිව් ඉරියව්වල අටවැදෑරුම් වස්තූන් වශයෙන් එකෙක් වෙත්ද ඔුවන්ගේ කායික වීර්ය ආරම්භ කළා වන්නේය. යමෙක් සිතින් රංචු ගැසීම නතරකර අෂ්ට සමාපත්ති වශයෙන් එක්තැන් වෙයි. ගමනෙහි හටගත් ක්ලේශයාගේ තැනට පත්වන්නට ඉඩ නොදෙත්. ස්ථානයෙහි හටගත් ක්ලේශයාගේ හිඳගැනීම ද හිඳගැනීමේ ක්ලේශයාගේ සයනයට පත්වන්නට ඉඩ නොදෙයි. උපනුපන් තැන්වල කෙලෙස්වලට නිග්‍රහ කරත්. ඔවුන්ට චෛතසික වීර්ය පටන්ගත්තේ වෙයි.

උපට‍්ඨිතස‍්සතීති චිරකතාදීනං සරිතා අනුස‍්සරිතා මහාගතිම‍්බයඅභයත්‍ථෙරදීඝභාණඅභයත්‍ථෙරතිපිටකචූළාභයත්‍ථෙරා විය. මහාගතිම‍්බයඅභයත්‍ථෙරො කිර ජාතපඤ‍්චමදිවසෙ මඞ‍්ගලපායාසෙ තුණ‍්ඩං පසාරෙන‍්තං වායසං දිස‍්වා හුං හුන‍්ති සද‍්දමකාසි. අථ සො ථෙරකාලෙ – “කදා පට‍්ඨාය, භන‍්තෙ, සරථා”ති භික‍්ඛූහි පුච‍්ඡිතො “ජාතපඤ‍්චමදිවසෙ කතසද‍්දතො පට‍්ඨාය ආවුසො”ති ආහ.

උපට්ඨිතසති. බොහෝ කල් කරන ලද දේ සිහිකරන නැවත නැවත සිහිකරන හා ගතිබ්බ අභය තෙර, දීඝභාණක අභය තෙර ත්‍රිපිටක චූලාභය තෙර ආදීන් මෙනි. මහාගතිබ්බ අභය තෙර වනාහි ඉපදී පස්වන දිනයේදී මංගල කිරිබතෙහි හොට දමන්නා වූ කවුඩකු දැං හුං හුං කියා ශබ්ද කළේය. ඉක්බිති ඔහු ස්ථවිර කාලයෙහි, ස්වාමීනි! කවදා පටන් සිහිකරන්නෙහිදැයි භික්‍ෂූන් විසින් විචාරණ ලද්දේ, ඇවැත්නි ඉපදී පස්වන දිනයේ කරන ලද හැඬීමේ පටන්ය කියා කීවේය.

දීඝභාණකඅභයත්‍ථෙරස‍්ස ජාතනවමදිවසෙ මාතා චුම‍්බිස‍්සාමීති ඔනතා තස‍්සා මොළි මුච‍්චිත්‍ථ. තතො තුම‍්බමත‍්තානි සුමනපුප‍්ඵානි දාරකස‍්ස උරෙ පතිත්‍වා දුක‍්ඛං ජනයිංසු. සො ථෙරකාලෙ – “කදා පට‍්ඨාය, භන‍්තෙ, සරථා”ති පුච‍්ඡිතො – “ජාතනවමදිවසතො පට‍්ඨායා”ති ආහ.

දීඝභාණක අභය තෙරුන් වහන්සේ ඉපදී නවවන දිනයේදී මව සිපගන්නෙමියි නැමුණා වූ ඇගේ කෙස්කළඹ කැඩී වැටුනේය. තිඹක් පමණ සමන්මල් දරුවාගේ පපුවට වැටී වේදනාවට පත්විය. හෙතෙම ස්ථවිර කාලයෙහි, ස්වාමීනි! කවදා පටන් සිහිකරන්නෙහිදැයි විචාර කල්හි ඉපදී දවස් නවයෙහි සිට යයි කීය.

තිපිටකචූළාභයත්‍ථෙරො – “අනුරාධපුරෙ තීණි ද‍්වාරානි පිදහාපෙත්‍වා මනුස‍්සානං එකෙන ද‍්වාරෙන නික‍්ඛමනං කත්‍වා – ‘ත්‍වං කින‍්නාමො, ත්‍වං කින‍්නාමො’ති පුච‍්ඡිත්‍වා සායං පුන අපුච‍්ඡිත්‍වාව තෙසං නාමානි සම‍්පටිච‍්ඡාපෙතුං – “සක‍්කා ආවුසො”ති ආහ. එවරූපෙ භික‍්ඛූ සන්‍ධාය – “උපට‍්ඨිතස‍්සතී”ති වුත‍්තං.

ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ අනුරාධපුරයෙහි දොරවල් තුනක් වසවා මිනිසුන්ට එක් දොරකින් පමණක් පිටව යාම සිදුකර ඔබගේ නම කුමක්ද? ඔබගේ නම කුමක්ද? කියා අසා සවස නැවත නොඅසාම ඔවුන්ගේ නම් හඟවන්නට හැකිය ඇවැත්නියි කීය. මෙබඳු වූ භික්‍ෂූන් ගැන උපට්ඨිතසතී’ යැයි කියන ලදි.

පඤ‍්ඤවන‍්තොති පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයපරිග‍්ගාහිකාය පඤ‍්ඤාය සමන‍්නාගතා. අපි ච ද‍්වීහිපි එතෙහි පදෙහි විපස‍්සකානං භික‍්ඛූනං විපස‍්සනාසම‍්භාරභූතා සම‍්මාසති චෙව විපස‍්සනාපඤ‍්ඤා ච කථිතා.

පඤ්ඤාවන්තො පංචස්කන්ධය පිළිබඳ හටගැනීම, වැයවීම විමසා බලන ප්‍රඥාවෙන් යුක්ත තවද මේ පද දෙකින්ම විදර්ශනා වඩන භික්‍ෂූන්ගේ විදර්ශනාවට අවශ්‍ය සම්මා සතියත් විදර්ශනා ප්‍රඥාවත් මෙයින් කියන ලදි.

චතුත්‍ථසත‍්තකෙ සතියෙව සම‍්බොජ‍්ඣඞ‍්ගො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති. එස නයො සබ‍්බත්‍ථ. තත්‍ථ උපට‍්ඨානලක‍්ඛණො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පවිචයලක‍්ඛණො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො, පග‍්ගහලක‍්ඛණො වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, ඵරණලක‍්ඛණො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උපසමලක‍්ඛණො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවික‍්ඛෙපලක‍්ඛණො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පටිසඞ‍්ඛානලක‍්ඛණො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. භාවෙස‍්සන‍්තීති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙන‍්තා, ඡහි කාරණෙහි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා, නවහි කාරණෙහි වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා, දසහි කාරණෙහි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා, සත‍්තහි කාරණෙහි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා, දසහි කාරණෙහි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා, පඤ‍්චහි කාරණෙහි උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං සමුට‍්ඨාපෙන‍්තා වඩ‍්ඪෙස‍්සන‍්තීති අත්‍ථො. ඉමිනා විපස‍්සනාමග‍්ගඵලසම‍්පයුත‍්තෙ ලොකියලොකුත‍්තරමිස‍්සකෙ සම‍්බොජ‍්ඣඞ‍්ගෙ කථෙසි.

චතුර්ථ සත්තකයේ සිහියම සම්බොජ්ඣයක් වූයේ සති සම්බොජ්ඣංගො නම් වේ. සියලු තන්හි මේ ක්‍රමයමයි. එහි වැටහීම් ලක්‍ෂණකොට ඇති සති සම්බොජ්ඣංගය, සෙවීම් ලක්‍ෂණකොට ඇති ධම්මවිචය සම්බොජ්ඣංගය නැගීසිටීමේ ලක්‍ෂණකොට ඇති විරිය සම්බොජ්ඣංගය පැතිර සිටීම ලක්‍ෂණකොට ඇති ප්‍රීති සම්බොජ්ඣංගය සංසිඳීම ලක්‍ෂණකොට ඇති පස්සද්ධි සම්බොජ්ඣංගය විසිරී නොයාම ලක්‍ෂණකොට ඇති සමාධි සම්බොජ්ඣංගය, නුවණින් සලකා බැලීම ලක්‍ෂණකොට ඇති උපෙක්ඛා සම්බොජ්ඣංගය, භාවෙස්සන්ති යනු සති සම්බොජ්ඣංගය කරුණු සතරකින් පිහිටුවා ගන්නාහු කාරණා සයකින් ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවන්නාහු කාරණා නවයකින් වීර්ය සම්බොජ්ඣංගය වඩන්නාහු කාරණ දසයකින් ප්‍රීති සම්බොජ්ඣංගය උපදවන්නාහු කරුණු සතකින් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාහු කරුණු දසයකින් සමාධි සම්බොජ්ඣංගය උපදවන්නාහු කරුණු පසකින් උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදවන්නාහු වර්ධනය කරන්නාහු යන අර්ථයි. මෙයින් විදර්ශනා මාර්ගඵල හා එක්වූ ලෞකික හා ලෝකෝත්තර මිශ්‍ර වූ බොජ්ඣංගයන් පැවසීය.

පඤ‍්චමසත‍්තකෙ අනිච‍්චසඤ‍්ඤාති අනිච‍්චානුපස‍්සනාය සද‍්ධිං උප‍්පන‍්නසඤ‍්ඤා. අනත‍්තසඤ‍්ඤාදීසුපි එසෙව නයො. ඉමා සත‍්ත ලොකියවිපස‍්සනාපි හොන‍්ති. “එතං සන‍්තං, එතං පණීතං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො විරාගො නිරොධො”ති (අ· නි· 9.36) ආගතවසෙනෙත්‍ථ ද‍්වෙ ලොකුත‍්තරාපි හොන‍්තීති වෙදිතබ‍්බා.

[missing trans]

ඡක‍්කෙ මෙත‍්තං කායකම‍්මන‍්ති මෙත‍්තචිත‍්තෙන කත‍්තබ‍්බං කායකම‍්මං. වචීකම‍්මමනොකම‍්මෙසුපි එසෙව නයො. ඉමානි පන භික‍්ඛූනං වසෙන ආගතානි ගිහීසුපි ලබ‍්භන‍්ති. භික‍්ඛූනඤ‍්හි මෙත‍්තචිත‍්තෙන ආභිසමාචාරිකධම‍්මපූරණං මෙත‍්තං කායකම‍්මං නාම. ගිහීනං චෙතියවන්‍දනත්‍ථාය බොධිවන්‍දනත්‍ථාය සඞ‍්ඝනිමන‍්තනත්‍ථාය ගමනං, ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨං භික‍්ඛුං දිස‍්වා පච‍්චුග‍්ගමනං, පත‍්තප‍්පටිග‍්ගහණං, ආසනපඤ‍්ඤාපනං, අනුගමනන‍්ති එවමාදිකං මෙත‍්තං කායකම‍්මං නාම.

සයවැන්නෙහි මෙත්තං කායකම්මං මෛත්‍රී සිතින් කළයුතු කාය කර්මයන්ය. වචීකර්ම ආදී ක්‍රියාවන්හිද මේ ක්‍රමයමයි. මේවා වනාහි භික්‍ෂූන් සඳහා පැමිණි ඒවාය. මේවා ගිහියන් අතර දැකිය හැක. භික්‍ෂූන්ගේ මෛත්‍රී සිතින් උසස් හැසිරීම සම්බන්ධ ධර්මතාවයන් සම්පූර්ණ කිරීම මෛත්‍රී කායකර්ම නම් වේ. ගිහියන්ට චෛත්‍ය වන්දනාව සඳහා බෝධි වන්දනාව සඳහා සංඝයාට දන් වැළඳවීම සඳහා පැමිණීම, ගමට පිඬුසිඟා වැඩි භික්‍ෂූන් දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, ආසන පැනවීම, පසුගමන් කිරීම මේ ආදී මෛත්‍රී කායකර්ම නම් වේ.

භික‍්ඛූනං මෙත‍්තචිත‍්තෙන ආචාරපඤ‍්ඤත‍්තිසික‍්ඛාපදපඤ‍්ඤාපනං, කම‍්මට‍්ඨානකථනං, ධම‍්මදෙසනා, තෙපිටකම‍්පි බුද‍්ධවචනං මෙත‍්තං වචීකම‍්මං නාම. ගිහීනං චෙතියවන්‍දනත්‍ථාය ගච‍්ඡාම, බොධිවන්‍දනත්‍ථාය ගච‍්ඡාම, ධම‍්මස‍්සවනං කරිස‍්සාම, දීපමාලපුප‍්ඵපූජං කරිස‍්සාම, තීණි සුචරිතානි සමාදාය වත‍්තිස‍්සාම, සලාකභත‍්තාදීනි දස‍්සාම, වස‍්සවාසිකං දස‍්සාම, අජ‍්ජ සඞ‍්ඝස‍්ස චත‍්තාරො පච‍්චයෙ දස‍්සාම, සඞ‍්ඝං නිමන‍්තෙත්‍වා ඛාදනීයාදීනි සංවිදහථ, ආසනානි පඤ‍්ඤාපෙථ, පානීයං උපට‍්ඨපෙථ, සඞ‍්ඝං පච‍්චුග‍්ගන‍්ත්‍වා ආනෙථ, පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙථ, ඡන්‍දජාතා උස‍්සාහජාතා වෙය්‍යාවච‍්චං කරොථාතිආදිකථනකාලෙ මෙත‍්තං වචීකම‍්මං නාම.

භික්‍ෂූන්ට වනාහි මෛත්‍රී සිතින් ආචාර පැනවීම, ඉගැන්වීම, කමටහන් දීම, ධර්මදේශනාව ත්‍රිපිටක බුද්ධවචනය, මෛත්‍රී වචීකර්මය නම් වේ. ගිහියන්ගේ චෛත්‍ය වන්දනාවට යමු. බෝධි වන්දනාවට යමු. බණ අසන්නෙමු. මල් පහන් පූජා කරන්නෙමු. තුන් සුචරිතය සමාදන්ව පවතිමු. සලාක බත් ආදිය දෙමු. වස්සාවාසික පිරිකර දෙමු. අද සංඝයාට සිව්පසය දෙන්නෙමු. සංඝයාට ආරාධනා කර කෑමබීම ආදිය දීමට සංවිධානය කරන්න. ආසන පනවව්. පැන් පහසුකම් සලසව්. හටගත් කැමැත්ත ඇත්තාහු උත්සාහ ඇත්තාහු වතාවත් කරව් ආදිය කියන කල්හි ඇතිවන්නේ මෛත්‍රී වචී කර්මයයි.

භික‍්ඛූනං පාතොව උට‍්ඨාය සරීරප‍්පටිජග‍්ගනං, චෙතියඞ‍්ගණවත‍්තාදීනි ච කත්‍වා විවිත‍්තාසනෙ නිසීදිත්‍වා ඉමස‍්මිං විහාරෙ භික‍්ඛූ සුඛී හොන‍්තු අවෙරා අබ්‍යාපජ‍්ජාති චින‍්තනං මෙත‍්තං මනොකම‍්මං නාම. ගිහීනං ‘අය්‍යා සුඛී හොන‍්තු, අවෙරා අබ්‍යාපජ‍්ජා’ති චින‍්තනං මෙත‍්තං මනොකම‍්මං නාම.

භික්‍ෂූන්ට, උදෑසනම පිබිද සිරුර පිළිදැගුම් කර සෑමිදුලට ගොස් වතාවත් කොට විවේක සෙනසුනෙහි සිට මේ විහාරයෙහි භික්‍ෂූහු සැපවත් වෙත්වා. අවෛරී වෙත්වා. ව්‍යාපාදයෙන් තොරවෙත්වායි සිතීම මෛත්‍රී මනෝකර්මය නම් වේ. ගිහියන්ට, උතුමෝ සැපවත් වෙත්වා. අවෛරී, ව්‍යාපාදයෙන් තොරවූවෝ වෙත්වායි සිතීම මෛත්‍රී මනෝකර්මය නම් වේ.

ආවි චෙව රහො චාති සම‍්මුඛා ච පරම‍්මුඛා ච. තත්‍ථ නවකානං චීවරකම‍්මාදීසු සහායභාවගමනං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. ථෙරානං පන පාදධොවනවන්‍දනබීජනදානාදිභෙදං සබ‍්බං සාමීචිකම‍්මං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. උභයෙහිපි දුන‍්නික‍්ඛිත‍්තානං දාරුභණ‍්ඩාදීනං තෙසු අවමඤ‍්ඤං අකත්‍වා අත‍්තනා දුන‍්නික‍්ඛිත‍්තානං විය පටිසාමනං පරම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම.

ආවිචෙච රහොච අභිමුඛයේ හා අනභිමුඛයේ එහි අලුත් සිවුරු සකස් කිරීම ආදී කටයුතුවලදී සහායවීමට යාම අභිමුඛයේ කරන මෛත්‍රී කායකර්මය නම් වේ. තෙරවරුන්ට වනාහි පා සේදීම වන්දනාව පවන් සැලීම ආදී සියළු නිවැරදි ක්‍රියාවන් අභිමුඛයේ මෛත්‍රී කායකර්මය නම් වේ. තෙරවරුන්ට වනාහි පා සේදීම වන්දනාව පවන්සැලීම ආදී සියළු නිවැරදි ක්‍රියාවන් අභිමුඛයේ මෛත්‍රී කායකර්ම නම් වේ. දෙපක්‍ෂය විසින්ම වැරදි ලෙස තබන ලද දැව භාණ්ඩ ආදිය, අවමන් නොකර තමා විසින් වැරදි ලෙස තැබුවාක් මෙන් පිළියෙල කිරීම අනභිමුඛයේ මෛත්‍රී කායකර්මය නම් වේ.

දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරොති එවං පග‍්ගය‍්හ වචනං සම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම. විහාරෙ අසන‍්තං පන පටිපුච‍්ඡන‍්තස‍්ස කුහිං අම‍්හාකං දෙවත්‍ථෙරො, කුහිං අම‍්හාකං තිස‍්සත්‍ථෙරො, කදා නු ඛො ආගමිස‍්සතීති එවං මමායනවචනං පරම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම.

දේවතෙරය, තිස්ස තෙරය මෙසේ උස්කොට කථාකිරීම සම්මුඛගේ මෛත්‍රී වචීකර්මය නම් වේ. විහාරයේ නැති අවස්ථාවක අසා බලනවිට අපගේ දේව තෙරුන් වහන්සේ කොහිද? තිස්ස තෙරුන් වහන්සේ කොහිද? කවදා ආපසු වඩින්නේද? මෙසේ තමන්ගේ කටින් කථාකිරීම, අනභිමුඛයේ මෛත්‍රී වචීකර්මයයි.

මෙත‍්තාසිනෙහසිනිද‍්ධානි පන නයනානි උම‍්මීලෙත්‍වා පසන‍්නෙන මුඛෙන ඔලොකනං සම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම. දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරො අරොගො හොතු, අප‍්පාබාධොති සමන‍්නාහරණං පරම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම.

මෛත්‍රී නමැති තෙලින් සිනිඳු වූ ඇස් හකුලුවා ප්‍රසන්න මුහුණින් බැලීම සම්මුඛයේ මෛත්‍රී මනෝකර්මයයි. දේවතෙර තිස්ස තෙර නිරෝගී වෙත්වා. අල්ප වූ ආබාධ ඇත්තෝ වෙත්වා. සිත එක අරමුණක පිහිටුවීම අනභිමුඛයේ මෛත්‍රී මනෝකර්මය නම් වේ.

ලාභාති චීවරාදයො ලද‍්ධපච‍්චයා. ධම‍්මිකාති කුහනාදිභෙදං මිච‍්ඡාජීවං වජ‍්ජෙත්‍වා ධම‍්මෙන සමෙන භික‍්ඛාචාරවත‍්තෙන උප‍්පන‍්නා. අන‍්තමසො පත‍්තපරියාපන‍්නමත‍්තම‍්පීති පච‍්ඡිමකොටියා පත‍්තෙ පරියාපන‍්නං පත‍්තස‍්ස අන‍්තොගතං ද‍්විතිකටච‍්ඡුභික‍්ඛාමත‍්තම‍්පි. අප‍්පටිවිභත‍්තභොගීති එත්‍ථ ද‍්වෙ පටිවිභත‍්තා නාම – ආමිසප‍්පටිවිභත‍්තඤ‍්ච, පුග‍්ගලප‍්පටිවිභත‍්තඤ‍්ච. තත්‍ථ – “එත‍්තකං දස‍්සාමි, එත‍්තකං න දස‍්සාමී”ති එවං චිත‍්තෙන විභජනං ආමිසප‍්පටිවිභත‍්තං නාම. “අසුකස‍්ස දස‍්සාමි, අසුකස‍්ස න දස‍්සාමී”ති එවං චිත‍්තෙන විභජනං පන පුග‍්ගලප‍්පටිවිභත‍්තං නාම. තදුභයම‍්පි අකත්‍වා යො අප‍්පටිවිභත‍්තං භුඤ‍්ජති, අයං අප‍්පටිවිභත‍්තභොගී නාම.

ලාභා යනු සිවුරු ආදී ලබන ලද දේ. ධම්මිකා කුහක ආදී භේදයන් වැරදි ආජීවයන් අත්හැර දැහැමින් සෙමින් භික්‍ෂාවේ හැසිරීමෙන් ලැබුණු. අන්තමසො පත්තපරියාපන්න මත්තම්පි යටත්පිරිසෙයින් පාත්‍රයේ ඇති හැඳි දෙකක් තුනක් පමණ වූද ආහාරය. අප්පටිවිභත්තභොගී යන මෙහි බෙදීම් දෙකකි. ආමිසය බෙදීම හා පුද්ගලයන් බෙදීම යනුවෙනි. එහි මෙපමණ දෙමි. මෙපමණක් නොදෙමි. මෙසේ සිතින් බෙදීම ආමිස බෙදීම නම් වේ. අසවලාව දෙන්නෙමි. අසවලාට නොදෙන්නෙමි. මෙසේ සිතින් බෙදීම පුද්ගල බෙදීම නම් වේ. මේ දෙකම නොකොට යමෙක් නොබෙදා වළඳයිද මෙය අප්පටිවිභත්තභොගී (නොබෙදා වළඳන) නම් වේ.

සීලවන‍්තෙහි සබ්‍රහ‍්මචාරීහි සාධාරණභොගීති එත්‍ථ සාධාරණභොගිනො ඉදං ලක‍්ඛණං, යං යං පණීතං ලබ‍්භති, තං තං නෙව ලාභෙන ලාභං නිජිගීසනතාමුඛෙන ගිහීනං දෙති, න අත‍්තනා භුඤ‍්ජති, පටිග‍්ගණ‍්හන‍්තො ච – “සඞ‍්ඝෙන සාධාරණං හොතූ”ති ගහෙත්‍වා ඝණ‍්ටිං පහරිත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං සඞ‍්ඝසන‍්තකං විය පස‍්සති.

සීලවන්තෙහි සබ්‍රහ්මචාරීනි සාධාරණ භොගී මෙහි සාධාරණ භෝගී පුද්ගලයාගේ ලක්‍ෂණ මේවාය. යම් යම් ප්‍රණීත දෙයක් ලබයිද ඒ ඒ දේවල් ලාභාපේක්‍ෂාවෙන් තොරව බලාපොරොත්තු රහිතව ගිහියන්ට දෙයි. තමා වළඳයි. පිළිගන්නේ ද සංඝයාට පොදුවේ අයත් වේවායි ගෙන ගෙඩිය ගසා (සීනුව නාදකර) වැළඳිය යුතු දේ සංඝසන්තක ලෙස දකියි.

ඉමං පන සාරණීයධම‍්මං කො පූරෙති, කො න පූරෙතීති? දුස‍්සීලො තාව න පූරෙති. න හි තස‍්ස සන‍්තකං සීලවන‍්තා ගණ‍්හන‍්ති. පරිසුද‍්ධසීලො පන වත‍්තං අඛණ‍්ඩෙන‍්තො පූරෙති. තත්‍රිදං වත‍්තං – යො හි ඔදිස‍්සකං කත්‍වා මාතු වා පිතු වා ආචරියුපජ‍්ඣායාදීනං වා දෙති, සො දාතබ‍්බං දෙති, සාරණීයධම‍්මො පනස‍්ස න හොති, පලිබොධජග‍්ගනං නාම හොති. සාරණීයධම‍්මො හි මුත‍්තපලිබොධස‍්සෙව වට‍්ටති. තෙන පන ඔදිස‍්සකං දෙන‍්තෙන ගිලානගිලානුපට‍්ඨාකආගන‍්තුකගමිකානඤ‍්චෙව නවපබ‍්බජිතස‍්ස ච සඞ‍්ඝාටිපත‍්තග‍්ගහණං අජානන‍්තස‍්ස දාතබ‍්බං. එතෙසං දත්‍වා අවසෙසං ථෙරාසනතො පට‍්ඨාය ථොකං අදත්‍වා යො යත‍්තකං ගණ‍්හාති, තස‍්ස තත‍්තකං දාතබ‍්බං. අවසිට‍්ඨෙ අසති පුන පිණ‍්ඩාය චරිත්‍වා ථෙරාසනතො පට‍්ඨාය යං යං පණීතං, තං දත්‍වා සෙසං පරිභුඤ‍්ජිතබ‍්බං. “සීලවන‍්තෙහී”ති වචනතො දුස‍්සීලස‍්ස අදාතුම‍්පි වට‍්ටති.

මේ සිහිකටයුතු ධර්මය වනාහි කවරෙක් සම්පූර්ණ කරයිද කවරෙක් සම්පූර්ණ නොකරයිද කියා දුස්සීලයා නොපුරයි. සීලවන්තයෝ ඔහු සතු දෙයක් නොගනිත්. පිරිසිදු සිල් ඇත්තා වත් කඩනොකර පුරයි. ඒ වතාවත් මෙසේය. යමෙක් වනාහි වෙන්කොට දෙමව්පියන්ට හෝ ආචාර්ය උපාධ්‍යායන්ට හෝ දෙයිද හෙතෙම දිය යුතු දේ දෙයි. බලාපොරොත්තුවක් ඔහුට නැත. බාධාවන් බැලීම වෙයි. බලාපොරොත්තු නැතිකම බාධාවන්ගෙන් මිදුනහුටම සුදුසුය. ඔහු විසින් සපයාගත් දෙය දෙනවිට ගිලනුන්ට, ගිලන් උපස්ථායකයන්ට ආගන්තුකයන්ට අලුත පැවිදි වූවන්ටද සඟල සිවුර, පාත්‍රය ගන්නට නොදන්නාටද දියයුතුයි. මොවුන්ට දී අවශේෂ කොටස වැඩිමහල් තැන සිට ස්වල්පය බැගින් නොදී යමෙක් යම් පමණක් ගනීද ඔහුට එපමණ දිය යුතුයි. ඉතිරියක් නැතිකල්හි නැවත පිණ්ඩපාතයේ ගොස් වැඩිමහල් පිළිවෙලින් ඒ ඒ මිහිරි දේ ඇත්නම් ඒවා දී ඉතිරිය අනුභව කළ යුතුය. (සීලවන්තෙහි) සිල්වතුන් විසින් යන වචනය නිසා දුශ්ශීලයාට දීම නොවටී.

අයං පන සාරණීයධම‍්මො සුසික‍්ඛිතාය පරිසාය සුපූරො හොති, නො අසික‍්ඛිතාය පරිසාය. සුසික‍්ඛිතාය හි පරිසාය යො අඤ‍්ඤතො ලභති, සො න ගණ‍්හාති. අඤ‍්ඤතො අලභන‍්තොපි පමාණයුත‍්තමෙව ගණ‍්හාති, නාතිරෙකං. අයං පන සාරණීයධම‍්මො එවං පුනප‍්පුනං පිණ‍්ඩාය චරිත්‍වා ලද‍්ධං ලද‍්ධං දෙන‍්තස‍්සාපි ද‍්වාදසහි වස‍්සෙහි පූරති, න තතො ඔරං. සචෙ හි ද‍්වාදසමෙ වස‍්සෙ සාරණීයධම‍්මපූරකො පිණ‍්ඩපාතපූරං පත‍්තං ආසනසාලායං ඨපෙත්‍වා නහායිතුං ගච‍්ඡති සඞ‍්ඝත්‍ථෙරො ච කස‍්සෙසො පත‍්තොති, “සාරණීයධම‍්මපූරකස‍්සා”ති වුත‍්තෙ “ආහරථ න”න‍්ති සබ‍්බං පිණ‍්ඩපාතං විචාරෙත්‍වා භුඤ‍්ජිත්‍වා ච රිත‍්තං පත‍්තං ඨපෙති, අථ සො භික‍්ඛු රිත‍්තං පත‍්තං දිස‍්වා “මය‍්හං අනවසෙසෙත්‍වාව පරිභුඤ‍්ජිංසූ”ති දොමනස‍්සං උප‍්පාදෙති, සාරණීයධම‍්මො භිජ‍්ජති, පුන ද‍්වාදසවස‍්සානි පූරෙතබ‍්බො හොති. තිත්‍ථියපරිවාසසදිසො හෙස, සකිං ඛණ‍්ඩෙ ජාතෙ පුන පූරෙතබ‍්බොව. යො පන – “ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ පත‍්තගතං අනාපුච‍්ඡාව සබ්‍රහ‍්මචාරී පරිභුඤ‍්ජන‍්තී”ති සොමනස‍්සං ජනෙති, තස‍්ස පුණ‍්ණො නාම හොති.

මේ සාරාණීය ධර්මය මනාව හික්මුණු පුද්ගලයන් විසින්ම පිරිය යුතුය. නොහික්මුණු පිරිසක් විසින් නොවේ. යමෙක් අන් අයුරකින් ලබයිද හෙතෙම නොගනී. අන් අයගෙන් නොලබන්නාහු පවා සුදුසු ප්‍රමාණයක් පමණක් ගතයුතුයි. වැඩිපුර නොවේ. මේ සාරාණීය ධර්මය මෙසේ නැවත නැවත පිණ්ඩපාතයේ ගොස් ලබන ලබන දෙය දෙන්නාටද දොළොස් අවුරුද්දකින් සම්පූර්ණ වෙයි. එසේය. ඊට කලින් නැත. ඉදින් වනාහි දොළොස්වන වර්ෂයෙහි සාරාණීය ධර්ම පුරන්නා පිණ්ඩපාතයෙන් පිරුණු පාත්‍රය ආසන ශාලාවේ තබා නෑමට යයි. වැඩිමහල් තෙරුන් වහන්සේද මේ පිරුණු පාත්‍රය කාගේදැයි ඇසූකල්හි සාරාණීය ධර්ම පූරණ ඇත්තාගේ යයි කී කල්හි එය ගන්න යැයි සියලු පිණ්ඩපාතය බෙදා වළඳා හිස් පාත්‍රය තබයි. ඉක්බිති ඒ භික්‍ෂුව හිස් පාත්‍රය දැක මට ඉතිරි නොකොටම වැළඳූහයි සිතෙහි දොම්නස් උපදවා ගනී. එයින් සාරාණීය ධර්මය බිඳී යයි. නැවත දොළොස් වර්ෂයක් පිරිය යුතු වෙයි. මෙය වනාහි තීර්ථකයන්ගේ පරිවාසයට සමානය. වරක් කඩවූ විට නැවත පිරිය යුතුයි. යමෙක් වනාහි මට ලාභයක් සිදුවිය. මා විසින් මනාව ලබන ලදි. යම් මේ මාගේ පාත්‍රයේ අඩංගු දේ නොවිමසාම සබ්‍රහ්මචාරීන් විසින් වළඳන ලදී යැයි සිතේ සතුටක් ඇතිකර ගනී. ඔහුට එය පිරුණේ වෙයි.

එවං පූරිතසාරණීයධම‍්මස‍්ස පන නෙව ඉස‍්සා, න මච‍්ඡරියං හොති. සො මනුස‍්සානං පියො හොති, සුලභපච‍්චයො ච, පත‍්තගතමස‍්ස දිය්‍යමානම‍්පි න ඛීයති, භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං ලභති, භයෙ වා ඡාතකෙ වා සම‍්පත‍්තෙ දෙවතා උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්ති.

මෙසේ පුරණ ලද සාරාණීය ධර්ම ඇත්තාට වනාහි ඊර්ෂ්‍යාවක් මසුරුකමක් නැත. මිනිසුන්ට ප්‍රිය වෙයි. සිව්පසය සුලභව ලැබෙයි. මොහුගේ පාත්‍රයේ ඇති දේ දෙන කල්හි අඩු නොවේ. භාණ්ඩයන් බෙදන තැනදී වටිනා භාණ්ඩ ලබයි. භයක් හෝ තැතිගැන්මක් ඇතිවූ කල්හි දෙවියෝ වහා ළඟා වෙත්.

තත්‍රිමානි වත්‍ථූනි – සෙනගිරිවාසී තිස‍්සත්‍ථෙරො කිර මහාගිරිගාමං උපනිස‍්සාය විහරති. පඤ‍්ඤාස මහාථෙරා නාගදීපං චෙතියවන්‍දනත්‍ථාය ගච‍්ඡන‍්තා ගිරිගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා කිඤ‍්චි අලද‍්ධා නික‍්ඛමිංසු.

එහි මේ කථාවස්තූන් ඇත - ලෙනගිරිවාසී තිස්ස තෙරුන් වහන්සේ මහගිරිගම ඇසුරුකොට ජීවත්වෙයි. මහතෙරවරුන් වහන්සේලා පනස් නමක් නාගදීප චෛත්‍ය වන්දනාව පිණිස යන්නාහු ගිරිගම පිණ්ඩපාතයේ වැඩ කිසිවක් නොලැබ නික්ම ගියහ.

ථෙරො පන පවිසන‍්තො තෙ දිස‍්වා පුච‍්ඡි – “ලද‍්ධං, භන‍්තෙ”ති? විචරිම‍්හ ආවුසොති. සො තෙසං අලද‍්ධභාවං ඤත්‍වා ආහ – “භන‍්තෙ යාවාහං ආගච‍්ඡාමි, තාව ඉධෙව හොථා”ති. මයං, ආවුසො, පඤ‍්ඤාස ජනා පත‍්තතෙමනමත‍්තම‍්පි න ලභිම‍්හාති. භන‍්තෙ, නෙවාසිකා නාම පටිබලා හොන‍්ති, අලභන‍්තාපි භික‍්ඛාචාරමග‍්ගසභාගං ජානන‍්තීති. ථෙරා ආගමෙසුං. ථෙරො ගාමං පාවිසි. ධුරගෙහෙයෙව මහාඋපාසිකා ඛීරභත‍්තං සජ‍්ජෙත්‍වා ථෙරං ඔලොකයමානා ඨිතා. අථ ථෙරස‍්ස ද‍්වාරං සම‍්පත‍්තස‍්සෙව පත‍්තං පූරෙත්‍වා අදාසි, සො තං ආදාය ථෙරානං සන‍්තිකං ගන‍්ත්‍වා ගණ‍්හථ, භන‍්තෙති, සඞ‍්ඝත්‍ථෙරං ආහ. ථෙරො – “අම‍්හෙහි එත‍්තකෙහි කිඤ‍්චි න ලද‍්ධං, අයං සීඝමෙව ගහෙත්‍වා ආගතො, කිං නු ඛො”ති සෙසානං මුඛං ඔලොකෙසි. ථෙරො ඔලොකනාකාරෙනෙව ඤත්‍වා “භන‍්තෙ, ධම‍්මෙන සමෙන ලද‍්ධපිණ‍්ඩපාතො, නික‍්කුක‍්කුච‍්චා ගණ‍්හථා”තිආදිතො පට‍්ඨාය සබ‍්බෙසං යාවදත්‍ථං දත්‍වා අත‍්තනාපි යාවදත්‍ථං භුඤ‍්ජි.

තිස්ස තෙරුන් වහන්සේ පිවිසෙන්නේ ඔවුන් දැක විචාළේය. ස්වාමීනි, පිණ්ඩපාතය ලැබුණේද? ඇවැත්නි, පිණ්ඩපාතයේ ගියෙමු. ඔහු ඒ ඇත්තන් පිණ්ඩපාතය නොලද බව දැනගෙන, මා එනතෙක් මෙහි රැඳී සිටින්නයැයි කීය. ඇවැත්නි, අපි පනස්දෙනා පාත්‍රය තෙමෙන පමණවත් කිසිවක් නොලැබුවෙමු. ස්වාමීනි, නේවාසික භික්‍ෂූහු සමර්ථයෝය. නොලැබුණත් භික්‍ෂාවේ හැසිරෙන මාර්ගය දනිත්. භික්‍ෂූහු බලාපොරොත්තුව සිටියහ. තෙරුන්වහන්සේ ගමට පිවිසියේය ළඟ ගෙදරක මහා උපාසිකාව කිරිබතක් සූදානම් කර තෙරුන්වහන්සේ වඩිනතෙක් බලාසිට, තෙරුන්වහන්සේ දොර ළඟට වැඩිකල්හි පාත්‍රය පුරවා පිළිගැන්වීය. උන්වහන්සේ එය රැගෙන තෙරවරුන් සමීපයට ගොස් ස්වාමීනි, පිළිගන්න යැයි වැඩිමල් තෙරුන්ට පැවසීය. තෙරුන්වහන්සේ සිතීය. මෙපමණ වූ අප විසින් කිසිවක් නොලබන ලදී. මේ ඇත්තා වහා රැගෙන පැමිණියේය. කිම අන් අයගේ මුහුණ බැලීද? තෙරුන්වහන්සේ ඒ ඇත්තන් බලන ආකාරයෙන්ම දැනගෙන ස්වාමීනි! දැහැමින් සෙමින් ලබන ලද පිණ්ඩපාතය කුකුසක් නැතිව පිළිගන්නයැයි මුලපටන් සියලුදෙනාටම ඇතිතරම් දී තමා විසින් ප්‍රමාණවත් ලෙස වැළඳීය.

අථ නං භත‍්තකිච‍්චාවසානෙ ථෙරා පුච‍්ඡිංසු – “කදා, ආවුසො, ලොකුත‍්තරධම‍්මං පටිවිජ‍්ඣී”ති? නත්‍ථි මෙ, භන‍්තෙ, ලොකුත‍්තරධම‍්මොති. ඣානලාභීසි, ආවුසොති? එතම‍්පි මෙ, භන‍්තෙ, නත්‍ථීති. නනු, ආවුසො, පාටිහාරියන‍්ති? සාරණීයධම‍්මො මෙ, භන‍්තෙ, පූරිතො, තස‍්ස මෙ ධම‍්මස‍්ස පූරිතකාලතො පට‍්ඨාය සචෙපි භික‍්ඛුසතසහස‍්සං හොති, පත‍්තගතං න ඛීයතීති. තෙ සුත්‍වා – “සාධු සාධු සප‍්පුරිස, අනුච‍්ඡවිකමිදං තුය‍්හ”න‍්ති ආහංසු. ඉදං තාව – “පත‍්තගතං න ඛීයතී”ති එත්‍ථ වත්‍ථු.

ඉක්බිති දානය වළඳා අවසානයේදී ඔව්හු තෙරුන්වහන්සේගෙන් විචාළහ. ඇවැත්නි! කවදා ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්තේද? ස්වාමීනි! මා තුළ ලෝකෝත්තර ධර්මයක් නැත. ඇවැත්නි! ධ්‍යානලාභීද! ස්වාමීනි! මා විසින් සාරාණීය ධර්මය පුරන ලදි. එය පුරන ලද කාලයේ පටන් ඉදින් භික්‍ෂූන් සියදහසක් සිටියත් පාත්‍රයේ ඇති දේ අඩු නොවේ. ඔව්හු ඒ බව අසා සාධු. සාධු සත්පුරුෂය කියා, මෙය ඔබට සුදුසු වූවකි. තවමත් මේ පාත්‍රයේ ඇති දේ අවසන් නොවෙයි. මෙහි කථාවස්තුව.

අයමෙව පන ථෙරො චෙතියපබ‍්බතෙ ගිරිභණ‍්ඩමහාපූජාය දානට‍්ඨානං ගන‍්ත්‍වා ඉමස‍්මිං ඨානෙ කිං වරභණ‍්ඩන‍්ති පුච‍්ඡි. ද‍්වෙ සාටකා, භන‍්තෙති. එතෙ මය‍්හං පාපුණිස‍්සන‍්තීති. තං සුත්‍වා අමච‍්චො රඤ‍්ඤො ආරොචෙසි – “එකො දහරො එවං වදතී”ති. දහරස‍්ස එවං චිත‍්තං, මහාථෙරානං පන සුඛුමසාටකා වට‍්ටන‍්තීති වත්‍වා මහාථෙරානං දස‍්සාමීති ඨපෙති. තස‍්ස භික‍්ඛුසඞ‍්ඝෙ පටිපාටියා ඨිතෙ දෙන‍්තස‍්ස මත්‍ථකෙ ඨපිතාපි තෙ සාටකා හත්‍ථං නාරොහන‍්ති. අඤ‍්ඤෙ ආරොහන‍්ති. දහරස‍්ස දානකාලෙ පන හත්‍ථං ආරුළ‍්හා. සො තස‍්ස හත්‍ථෙ පාතෙත්‍වා අමච‍්චස‍්ස මුඛං ඔලොකෙත්‍වා දහරං නිසීදාපෙත්‍වා දානං දත්‍වා සඞ‍්ඝං විස‍්සජ‍්ජෙත්‍වා දහරස‍්ස සන‍්තිකෙ නිසීදිත්‍වා – “භන‍්තෙ, ඉමං ධම‍්මං කදා පටිවිජ‍්ඣිත්‍ථා”ති ආහ.

මේ තෙරුන්වහන්සේට චෙතිය පර්වතයේ ගිරි භාණ්ඩ මහා පූජාවේ දන්දෙන තැනට ගොස් මේ දානයෙහි වටිනාම භාණ්ඩය කුමක්දැයි ඇසීය. ස්වාමීනි! සළු දෙකකි. එසේනම් ඒවා මට දෙන්න යැයි පැවසීය. මෙය ඇසූ ඇමතියෙක් ඒ බව රජුට දැන්වීය. එක් තරුණ භික්‍ෂුවක් මෙසේ කියයි. ඒ දහර භික්‍ෂුවට මෙබඳු සිතක් ඇත කියා සියුම්සළු ගැලපෙන්නේ මහතෙරවරුන්මය කියා ඒවා මහතෙරවරුන්ට දෙමියි තැබීය. භික්‍ෂූන් පිළිවෙලට සිටිකල්හි පූජා කරන්නහුගේ හිසමත තබන ලද ඒ සළු අතට අත නොහැකි විය. වෙන ඒවාම අතට එයි. තරුණ භික්‍ෂුවට දෙන වාරය පැමිණිකල්හි වනාහි ඒ සළු ඔහුගේ අතට නැගී හෙතෙම ඔහුගේ අතේ තබා ඇමැතියාගේ මුහුණ බලා තරුණ භික්‍ෂුවව වඩා හිඳුවා දන් දී සංඝයා පිටත්කර යවා තරුණ භික්‍ෂුව සමීපයේ වාඩිවී ස්වාමීනි! මේ ධර්මය කවදා අවබෝධකර ගත්තේදැයි ඇසීය.

සො පරියායෙනාපි අසන‍්තං අවදන‍්තො – “නත්‍ථි මය‍්හං මහාරාජ ලොකුත‍්තරධම‍්මො”ති ආහ. නනු, භන‍්තෙ, පුබ‍්බෙ අවචුත්‍ථාති. ආම, මහාරාජ, සාරණීයධම‍්මපූරකො අහං, තස‍්ස මෙ ධම‍්මස‍්ස පූරිතකාලතො පට‍්ඨාය භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං පාපුණාතීති. “සාධු සාධු, භන‍්තෙ, අනුච‍්ඡවිකමිදං තුය‍්හ”න‍්ති වන්‍දිත්‍වා පක‍්කාමි. ඉදං – “භාජනීයභණ‍්ඩට‍්ඨානෙ අග‍්ගභණ‍්ඩං පාපුණාතී”ති එත්‍ථ වත්‍ථු.

හෙතෙම දහම් කොටසක් හෝ තමන්ට නැතිබව නොකියා මහරජ! මා තුළ ලෝකෝත්තර ධර්මයක් නැතැයි කීය. ස්වාමීනි! මුලදීම මේ බව ප්‍රකාශ කළා නේද? එසේම මහරජතුමනි, මම සාරාණීය ධර්ම පුරණ කෙනෙක් වෙමි. ඒ ධර්මය පිරූ කාලයේ පටන් බෙදන තැන්වලදී උසස් භාණ්ඩයක්ම ලැබේ. ස්වාමීනි! සාධු. සාධු. ඔබවහන්සේට මෙය සුදුසුය කියා වැඳ නික්ම ගියේය. මේ බෙදන තැන උතුම් භාණ්ඩයක් ලැබෙයි යනු මෙහි කථා වස්තුවයි.

බ්‍රාහ‍්මණතිස‍්සභයෙ පන භාතරගාමවාසිනො නාගත්‍ථෙරියා අනාරොචෙත්‍වාව පලායිංසු. ථෙරී පච‍්චූසසමයෙ – “අතිවිය අප‍්පනිග‍්ඝොසො ගාමො, උපධාරෙථ තාවා”ති දහරභික‍්ඛුනියො ආහ. තා ගන‍්ත්‍වා සබ‍්බෙසං ගතභාවං ඤත්‍වා ආගම‍්ම ථෙරියා ආරොචෙසුං. සා සුත්‍වා “මා තුම‍්හෙ තෙසං ගතභාවං චින‍්තයිත්‍ථ, අත‍්තනො උද‍්දෙසපරිපුච‍්ඡායොනිසොමනසිකාරෙසුයෙව යොගං කරොථා”ති වත්‍වා භික‍්ඛාචාරවෙලායං පාරුපිත්‍වා අත‍්තද‍්වාදසමා ගාමද‍්වාරෙ නිග්‍රොධමූලෙ අට‍්ඨාසි. රුක‍්ඛෙ අධිවත්‍ථාදෙවතා ද‍්වාදසන‍්නම‍්පි භික‍්ඛුනීනං පිණ‍්ඩපාතං දත්‍වා “අය්‍යෙ, මා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡථ, නිච‍්චං ඉධෙව එථා”ති ආහ. ථෙරියා පන කනිට‍්ඨභාතා නාගත්‍ථෙරො නාම අත්‍ථි, සො – “මහන‍්තං භයං, න සක‍්කා ඉධ යාපෙතුං, පරතීරං ගමිස‍්සාමී”ති අත‍්තද‍්වාදසමොව අත‍්තනො වසනට‍්ඨානා නික‍්ඛන‍්තො ථෙරිං දිස‍්වා ගමිස‍්සාමීති භාතරගාමං ආගතො. ථෙරී – “ථෙරා ආගතා”ති සුත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා කිං අය්‍යාති පුච‍්ඡි. සො තං පවත‍්තිං ආචික‍්ඛි. සා – “අජ‍්ජ එකදිවසං විහාරෙයෙව වසිත්‍වා ස‍්වෙ ගමිස‍්සථා”ති ආහ. ථෙරා විහාරං අගමංසු.

බ්‍රාහ්මණතිස්ස සාගතය කල්හි භාකර ගම්වැසියෝ නාග තෙරණියට නොදන්වාම පළා ගියහ. තෙරණිය අළුයම් වේලෙහි අතිශයින් ගම නිහඬය. කුමක්දැයි බලන්නට තරුණ භික්‍ෂූනීන්ට පැවසීය. ඔව්හු ගොස් ගමේ සියළුදෙනාම ගිය බව දැනගෙන අවුත් තෙරණියට දැන්වූහ. ඕ තොමෝ එය අසා නුඹලා ඔවුන් ගිය බව ගැන නොසිතන්න. තමන්ගේ උද්දේස විචාරීම සිහිනුවණින්ම යෙදෙන්න යැයි කියා පිඬුසිඟා වඩින වේලාවේ සිවුරු පොරවා දොළොස්දෙනෙක් ගම්දොරටුවේ නිග්‍රෝධ වෘක්‍ෂ මූලයක සිටියාහ. ගසෙහි අධිගෘහිත දේවතාවා භික්‍ෂුණීන් දොළොස්දෙනාට පිණ්ඩපාතය දී ස්වාමීනි! වෙන තැනකට නොයන්න. නිරන්තරයෙන් මෙහිම එන්න යැයි කීවේය. තෙරණියගේ නාගථෙර නම් කනිටු සොහොයුරෙක් සිටී. ඔහු මහත් බියකි. ජීවත්වන්නට නොහැක. වෙන දේශයකට යන්නෙමියි තමන් දොළොස්වෙනියාව තමන් වසන තැනින් නික්මයන්නේ තෙරණිය දැක යන්නෙමියි සොයුරුගමට ආවේය. තෙරණිය භික්‍ෂූන් වහන්සේලා වැඩියේදැයි අසා ඔවුන් සමීපයට ගොස් ස්වාමීනි, කෙසේදැයි විචාළාය. ඔහු ඒ පුවත දැන්වීය. ඕ තොමෝ අද එක දවසක් විහාරයේම නතරව සිට හෙට යන්නෙමියි කීවේය. තෙරුන්වහන්සේලා විහාරයට ගියහ.

ථෙරී පුනදිවසෙ රුක‍්ඛමූලෙ පිණ‍්ඩාය චරිත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා “ඉමං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජථා”ති ආහ. ථෙරො – “වට‍්ටිස‍්සති ථෙරී”ති වත්‍වා තුණ‍්හී අට‍්ඨාසි. ධම‍්මිකො තාත පිණ‍්ඩපාතො, කුක‍්කුච‍්චං අකත්‍වා පරිභුඤ‍්ජථාති. “වට‍්ටිස‍්සති ථෙරී”ති. සා පත‍්තං ගහෙත්‍වා ආකාසෙ ඛිපි. පත‍්තො ආකාසෙ අට‍්ඨාසි. ථෙරො – “සත‍්තතාලමත‍්තෙ ඨිතම‍්පි භික‍්ඛුනිභත‍්තමෙව ථෙරී”ති වත්‍වා – “භයං නාම සබ‍්බකාලං න හොති, භයෙ වූපසන‍්තෙ අරියවංසං කථයමානො, ‘භො පිණ‍්ඩපාතික, භික‍්ඛුනිභත‍්තං භුඤ‍්ජිත්‍වා වීතිනාමයිත්‍ථා’ති චිත‍්තෙන අනුවදියමානො සන්‍ථම‍්භෙතුං න සක‍්ඛිස‍්සාමි, අප‍්පමත‍්තා හොථ ථෙරියො”ති මග‍්ගං ආරුහි.

තෙරණිය පසුදා ගසමුල පිඬුසිඟා හැසිර තෙරුන් වෙත පැමිණ මේ පිණ්ඩපාතය වළඳන්න යැයි කීවාය. තෙරුන්වහන්සේ, තෙරණියනි, වටී යැයි කියා නිහඬවිය. පියාණෙනි! පිණ්ඩපාතය ධාර්මිකය. කුකුසක් නැතිව වළඳන්න. තෙරණියනි! සුදුසුද? ඇය පාත්‍රය ගෙන අහසට දැම්මාය. පාත්‍රය අහසේ රැඳින. තෙරුන්වහන්සේද තල්ගස් සතක් පමණ සිටි භික්‍ෂුණියගේ පාත්‍රය, තෙරණියයි කියා බියනම් සැමකල්හි නොපවතී. භය සංසිඳුනු විට අරියවංස දේශනාව කරමින් පින්වත් පිණ්ඩපාතිකය! ඔබ භික්‍ෂුණියගේ බත් වළඳා කල්ගත කළෙහි යයි සිතෙන්ම දොස් පවරා ගනිමින් පීඩාවට පත්වන්නට නොහැක්කෙමි. තෙරණිවරුනි, අප්‍රමාදී වන්න යැයි කියා මගට පිළිපන්නේ ය.

රුක‍්ඛදෙවතාපි – “සචෙ ථෙරො ථෙරියා හත්‍ථතො පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිස‍්සති, න නං නිවත‍්තෙස‍්සාමි. සචෙ න පරිභුඤ‍්ජිස‍්සති, නිවත‍්තෙස‍්සාමී”ති චින‍්තයමානා ඨත්‍වා ථෙරස‍්ස ගමනං දිස‍්වා රුක‍්ඛා ඔරුය‍්හ පත‍්තං, භන‍්තෙ, දෙථාති පත‍්තං ගහෙත්‍වා ථෙරං රුක‍්ඛමූලංයෙව ආනෙත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා පිණ‍්ඩපාතං දත්‍වා කතභත‍්තකිච‍්චං පටිඤ‍්ඤං කාරෙත්‍වා ද‍්වාදස භික‍්ඛුනියො ද‍්වාදස භික‍්ඛූ ච සත‍්තවස‍්සානි උපට‍්ඨහි. ඉදං – “දෙවතා උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්තී”ති එත්‍ථ වත්‍ථු. තත්‍ර හි ථෙරී සාරණීයධම‍්මපූරිකා අහොසි.

වෘක්‍ෂ දේවතාවා ද ඉදින් තෙරුන් වහන්සේ තෙරණියගේ අතින් පිණ්ඩපාතය වළඳින්නේ ද ඔහුව වළක්වන්නේ නැත. ඉදින් නොවළඳන්නේ නම් නතර කරන්නෙමියි සිතමින් සිටින්නී තෙරුන්ගේ ගමන දැක ගසින් බැස ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි පාත්‍රය ගෙන තෙරුන්වහන්සේව ගස මුලට කැඳවා ගෙනවිත් අසුනක් පනවා පිණ්ඩපාතය දී දන් වළඳා අවසානයේ පොරොන්දු කරවාගෙන භික්‍ෂුණීන් දොළොස් දෙනාටත් භික්‍ෂූන් දොළොස් දෙනාටත් වර්ෂ හතක් උපස්ථාන කළේය. මේ දේවතාවා උනන්දුවට පත්වන්නේය යනු මෙහි වස්තුවයි. එහි වනාහි තෙරණිය සාරාණීය ධර්ම පුරන්නියක් වූවාය.

අඛණ‍්ඩානීතිආදීසු යස‍්ස සත‍්තසු ආපත‍්තික‍්ඛන්‍ධෙසු ආදිම‍්හි වා අන‍්තෙ වා සික‍්ඛාපදං භින‍්නං හොති, තස‍්ස සීලං පරියන‍්තෙ ඡින‍්නසාටකො විය ඛණ‍්ඩං නාම. යස‍්ස පන වෙමජ‍්ඣෙ භින‍්නං, තස‍්ස මජ‍්ඣෙ ඡිද‍්දසාටකො විය ඡිද‍්දං නාම හොති. යස‍්ස පන පටිපාටියා ද‍්වෙ තීණි භින‍්නානි, තස‍්ස පිට‍්ඨියං වා කුච‍්ඡියං වා උට‍්ඨිතෙන විසභාගවණ‍්ණෙන කාළරත‍්තාදීනං අඤ‍්ඤතරවණ‍්ණා ගාවී විය සබලං නාම හොති. යස‍්ස පන අන‍්තරන‍්තරා විසභාගබින්‍දුචිත්‍රා ගාවී විය කම‍්මාසං නාම හොති. යස‍්ස පන සබ‍්බෙනසබ‍්බං අභින‍්නානි, තස‍්ස තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි නාම හොන‍්ති. තානි පනෙතානි තණ‍්හාදාසබ්‍යතො මොචෙත්‍වා භුජිස‍්සභාවකරණතො භුජිස‍්සානි. බුද‍්ධාදීහි විඤ‍්ඤූහි පසත්‍ථත‍්තා විඤ‍්ඤුපසත්‍ථානි, තණ‍්හාදිට‍්ඨීහි අපරාමට‍්ඨත‍්තා – “ඉදං නාම ත්‍වං ආපන‍්නපුබ‍්බො”ති කෙනචි පරාමට‍්ඨුං අසක‍්කුණෙය්‍යත‍්තා ච අපරාමට‍්ඨානි, උපචාරසමාධිං වා අප‍්පනාසමාධිං වා සංවත‍්තයන‍්තීති සමාධිසංවත‍්තනිකානීති වුච‍්චන‍්ති.

අඛණ්ඩානී යනාදියෙහි සප්ත ආපත්ති ස්කන්ධයන්හි ආදියේදී හෝ අවසානයෙහි යමකුගේ ශික්‍ෂාපදය බිඳුනේ වෙයිද ඔහුගේ ශීලය අවසානයේ කැඩුනු සළුවක් මෙනි. ඛන්‍ධං නාම යමකුගේ වනාහි මැද සීලය බිඳුනේද එය මැදින් සිඳුනු සළුවක් මෙනි. ඡිද්දං සිඳුනේ නම් විය. යමකුගේ වනාහි පිළිවෙලින් දෙකක්, තුනක් බිඳුනේද ඔහුගේ පිටෙහි හෝ කුසෙහි නැගුනා වූ වෙනස් වූ වර්ණයන්ගෙන් කළු රතු ආදී එක්තරා වර්ණයකින් යුත් දෙනක් මෙන්. සබලං නම් වේ. යමකුගේ වනාහි අතරින් පතර බිඳුනේද ඔහුගේ අතරින් පතර වෙනස් වෙනස් ලපවලින් විචිත්‍ර වූ දෙනක් මෙන්. කම්මාසං නම් වේ. යමකුගේ වනාහි සියළු ආකාරයෙන් නොබිඳුනේ ද ඔහුගේ ඒ ශීලයන් අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි නම් වෙත්. ඒ මේවා වනාහි තණ්හාවගේ දාස බවෙන් මුදවා නිදහස්කර ගැනීමෙන් භුජිස්සානි නම් වේ. බුද්ධාදී වූ ප්‍රාඥයන් විසින් පසසන ලද බැවින් විඤ්ඤූප්පසත්‍ථානි තණ්හා දෘෂ්ටි ආදියෙන් ස්පර්ශ නොවූ බැවින් මේ වනාහි නුඹ පැමිණියෙහිය. කිසිවකු විසින් දැඩි ලෙස ස්පර්ශ නොකළ බැවින් අපරාමට්ඨානි වේ. උපචාර සමාධිය අර්පණා සමාධිය පවත්වන්නේ නුයි සමාධි සංවත්තනිකානී යැයි කියනු ලැබේ.

සීලසාමඤ‍්ඤගතා විහරිස‍්සන‍්තීති තෙසු තෙසු දිසාභාගෙසු විහරන‍්තෙහි භික‍්ඛූහි සද‍්ධිං සමානභාවූපගතසීලා විහරිස‍්සන‍්ති. සොතාපන‍්නාදීනඤ‍්හි සීලං සමුද‍්දන‍්තරෙපි දෙවලොකෙපි වසන‍්තානං අඤ‍්ඤෙසං සොතාපන‍්නාදීනං සීලෙන සමානමෙව හොති, නත්‍ථි මග‍්ගසීලෙ නානත‍්තං. තං සන්‍ධායෙතං වුත‍්තං.

සීල සාමඤ්ඤගතා විහරිස්සන්ති ඒ ඒ දිශා භාගවල වාසය කරන භික්‍ෂූන් සමග සමානත්වයට පත් ස්වභාව ඇතිව වාසය කරත්. සෝතාපන්න පුද්ගලාදීන්ගේ ශීලය සමුද්‍රය තුළත් දෙව්ලොවත් වාසය කරන අන් සෝවාන් ආදී පුද්ගලයන්ට සීලයෙන් සමානමය වෙයි. මාර්ග ශීලයෙහි වෙනසක් නැත. ඒ පිළිබඳව මෙය කියන ලදි.

යායං දිට‍්ඨීති මග‍්ගසම‍්පයුත‍්තා සම‍්මාදිට‍්ඨි. අරියාති නිද‍්දොසා. නිය්‍යාතීති නිය්‍යානිකා. තක‍්කරස‍්සාති යො තථාකාරී හොති. සබ‍්බදුක‍්ඛක‍්ඛයායාති සබ‍්බදුක‍්ඛක‍්ඛයත්‍ථං. දිට‍්ඨිසාමඤ‍්ඤගතාති සමානදිට‍්ඨිභාවං උපගතා හුත්‍වා විහරිස‍්සන‍්ති. වුද‍්ධියෙවාති එවං විහරන‍්තානං වුද‍්ධියෙව භික‍්ඛූනං පාටිකඞ‍්ඛා, නො පරිහානීති.

යායං දිට්ඨි මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියයි. අරියා නිර්දෝෂීයි. නීය්‍යාති නෛර්යානිකයෝ තක්කරස්සා යමෙක් තථාකාරී වෙයි. සබ්බදුක්ඛක්ඛයාය සියළු දුක් ක්‍ෂය කිරීම සඳහා දිට්ඨිසාමඤ්ඤගතා සමාන දෘෂ්ටි තත්ත්වයට පත්ව වාසය කරත්. වුද්ධියෙව මෙසේ වාසය කරන්නවුන්ගේ දියුණුව මහණෙනි! බලාපොරොත්තු විය යුතුයි. පරිහානිය නොවේ.

එතදෙව බහුලන‍්ති ආසන‍්නපරිනිබ‍්බානත‍්තා භික‍්ඛු ඔවදන‍්තො පුනප‍්පුනං එතංයෙව ධම‍්මිං කථං කරොති. ඉති සීලන‍්ති එවං සීලං, එත‍්තකං සීලං. එත්‍ථ චතුපාරිසුද‍්ධිසීලං සීලං චිත‍්තෙකග‍්ගතා සමාධි, විපස‍්සනාපඤ‍්ඤා පඤ‍්ඤාති වෙදිතබ‍්බා. සීලපරිභාවිතොති ආදීසු යස‍්මිං සීලෙ ඨත්‍වාව මග‍්ගසමාධිං ඵලසමාධිං නිබ‍්බත‍්තෙන‍්ති. එසො තෙන සීලෙන පරිභාවිතො මහප‍්ඵලො හොති, මහානිසංසො. යම‍්හි සමාධිම‍්හි ඨත්‍වා මග‍්ගපඤ‍්ඤං ඵලපඤ‍්ඤං නිබ‍්බත‍්තෙන‍්ති, සා තෙන සමාධිනා පරිභාවිතා මහප‍්ඵලා හොති, මහානිසංසා. යාය පඤ‍්ඤාය ඨත්‍වා මග‍්ගචිත‍්තං ඵලචිත‍්තං නිබ‍්බත‍්තෙන‍්ති, තං තාය පරිභාවිතං සම‍්මදෙව ආසවෙහි විමුච‍්චති.

එතදෙව බහුල යනු පිරිනිවන්පෑමට ආසන්න බැවින් භික්‍ෂූන්ට අවවාද කරන්නේ නැවත නැවතත් මේ ධර්මකථාව කරයි. ඉතිසීලං ශීලය මෙබඳුය. මෙපමණ ශීලය, මෙහි ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. සිතෙහි එකඟ බව සමාධියයි. මෙහි විදර්ශනා ප්‍රඥාව ප්‍රඥාව යැයි දතයුතුයි. සීල පරිභාවිතො ආදියෙහි යම් ශීලයක සිට මාර්ග සමාධිය, ඵල සමාධිය, නිපදවත්. මොහු මේ ශීලය පුරුදු කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. යම් සමාධියක සිට මාර්ග ප්‍රඥාව, ඵල ප්‍රඥාව නිපදවත්. ඒ සමාධිය වඩන ලද මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස වෙයි. යම් ප්‍රඥාවක සිට මාර්ග චිත්තය, ඵල චිත්තය නිපදවත්. එය භාවිතයෙන් මනාව ආශ්‍රවයන්ගෙන් මිදෙයි.

යථාභිරන‍්තන‍්ති බුද‍්ධානං අනභිරතිපරිතස‍්සිතං නාම නත්‍ථි, යථාරුචි යථාඅජ‍්ඣාසයන‍්ති පන වුත‍්තං හොති. ආයාමාති එහි යාම. “අයාමා”තිපි පාඨො, ගච‍්ඡාමාති අත්‍ථො. ආනන්‍දාති භගවා සන‍්තිකාවචරත‍්තා ථෙරං ආලපති. ථෙරො පන – “ගණ‍්හථාවුසො පත‍්තචීවරානි, භගවා අසුකට‍්ඨානං ගන‍්තුකාමො”ති භික‍්ඛූනං ආරොචෙති.

යථාභිරන්ත බුදුවරයන්ට නොඇල්මක් හේ තැතිගැන්මක් නම් නැත. රුචි පරිදි බලාපොරොත්තු පරිදි යැයි කියන ලදි. ආයාම යනු එන්න. යමු. ආයාම කියාද පාඨයක් ඇත. යමු යන අර්ථයි. ආනන්ද භාග්‍යවතුන් වහන්සේ ළඟ හැසිරෙන තෙරුන්ට අමතයි. තෙරුන්වහන්සේ වනාහි, ඇවැත්නි! පාත්‍රාසිවුරු ගන්න. භාග්‍යවතුන් වහන්සේ අසවල් තැනට යනු කැමැත්තේ යයි භික්‍ෂූන්ට දන්වයි.

අම‍්බලට‍්ඨිකාගමනං උත‍්තානමෙව. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තොතිආදි (දී· නි· 3.141) සම‍්පසාදනීයෙ විත්‍ථාරිතං.

අම්බලට්ඨිකාවට පැමිණීම කියන ලදි. අථඛො ආයස්මා සාරිපුත්තො ආදී වූ පැහැදීමේ විස්තර කරන ලදි.

දුස‍්සීලආදීනවවණ‍්ණනා

පාටලිගමනෙ ආවසථාගාරන‍්ති ආගන‍්තුකානං ආවසථගෙහං. පාටලිගාමෙ කිර නිච‍්චකාලං ද‍්වින‍්නං රාජූනං සහායකා ආගන‍්ත්‍වා කුලානි ගෙහතො නීහරිත්‍වා මාසම‍්පි අඩ‍්ඪමාසම‍්පි වසන‍්ති. තෙ මනුස‍්සා නිච‍්චුපද‍්දුතා – “එතෙසං ආගතකාලෙ වසනට‍්ඨානං භවිස‍්සතී”ති නගරමජ‍්ඣෙ මහතිං සාලං කරිත්‍වා තස‍්සා එකස‍්මිං පදෙසෙ භණ‍්ඩපටිසාමනට‍්ඨානං, එකස‍්මිං පදෙසෙ නිවාසට‍්ඨානං අකංසු. තෙ – “භගවා ආගතො”ති සුත්‍වාව – “අම‍්හෙහි ගන‍්ත්‍වාපි භගවා ආනෙතබ‍්බො සියා, සො සයමෙව අම‍්හාකං වසනට‍්ඨානං සම‍්පත‍්තො, අජ‍්ජ භගවන‍්තං ආවසථෙ මඞ‍්ගලං වදාපෙස‍්සාමා”ති එතදත්‍ථමෙව උපසඞ‍්කමන‍්තා. තස‍්මා එවමාහංසු. යෙන ආවසථාගාරන‍්ති තෙ කිර – “බුද‍්ධා නාම අරඤ‍්ඤජ‍්ඣාසයා අරඤ‍්ඤාරාමා අන‍්තොගාමෙ වසිතුං ඉච‍්ඡෙය්‍යුං වා නො වා”ති භගවතො මනං අජානන‍්තා ආවසථාගාරං අප‍්පටිජග‍්ගිත්‍වාව ආගමංසු. ඉදානි භගවතො මනං ඤත්‍වා පුරෙතරං ගන‍්ත්‍වා පටිජග‍්ගිස‍්සාමාති යෙනාවසථාගාරං, තෙනුපසඞ‍්කමිංසු. සබ‍්බසන්‍ථරින‍්ති යථා සබ‍්බං සන්‍ථතං හොති, එවං සන්‍ථරිං.

පාටලී ගමට යාම. ආවස්ථා ගාර ආගන්තුකයන්ට වාසය කරන්නට ගෙයක් පාටලී ගමෙහි වනාහි නිරන්තරයෙන් රජවරුන් දෙදෙනාගේ සහායකයෝ අවුත් පවුල් ගෙදරින් බැහැරකොට මාසයක්, අඩමාසයක් වාසය කරත්. ඒ මිනිස්සු නිරන්තරයෙන් උවදුරට පත්වූවාහු මොවුන් පැමිණිකල්හි නතර වීමට තැනක් වන්නේ යැයි නගරය මැද විශාල ශාලාවක් කරවා එහි එක් පෙදෙසක භාණ්ඩ රැස්කිරීමට, එක් ප්‍රදේශයක නතරවීමට තැන් ද කළහ. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ වැඩියේ යැයි අසා අප විසින්ම ගොස් වඩමවාගෙන ආ යුතුව තිබින. උන්වහන්සේ තමන්ම අප වසන තැනට වැඩියේය. අදම භාග්‍යවතුන් වහන්සේව වඩමවා ගැනීමේ මංගල්‍යය ප්‍රකාශ කරවන්නෙමු යි මේ කාරණය සඳහාම පැමිණි බැවින්ය. මෙසේ ප්‍රකාශ කළහ. යෙන ආවසථාගාරං (ආවාස ගෙය යම්තැනකද) ආදියයි. බුදුවරයන් වහන්සේලා වනාහි අරණ්‍යයට කැමැති, අරණ්‍යයෙහි ඇලුනු සිත් ඇතියහ. ඇතුල්ගම වාසය කරන්නේද නැද්ද යන භාග්‍යවතුන් වහන්සේගේ අදහස නොදන්නා ජනයා ආවාස ගෙය පිළියෙල නොකරම ගියහ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන කල්ඇතිව ගොස් සකස් කරන්නෙමුයි ආවාස ගෙය තිබෙන තැනට ගියහ. සබ්බසන්‍ථරී යනු යම්සේ සියල්ල අතුරන ලද්දේ වෙයි. මෙසේ අතුරන ලදි. බිඳුනා වූ සංවර ඇත.

දුස‍්සීලොති අසීලො නිස‍්සීලො. සීලවිපන‍්නොති විපන‍්නසීලො භින‍්නසංවරො. පමාදාධිකරණන‍්ති පමාදකාරණා.

[missing trans] පමාදාධිකරණං ප්‍රමාදයට හේතු

ඉදඤ‍්ච සුත‍්තං ගහට‍්ඨානං වසෙන ආගතං පබ‍්බජිතානම‍්පි පන ලබ‍්භතෙව. ගහට‍්ඨො හි යෙන යෙන සිප‍්පට‍්ඨානෙන ජීවිතං කප‍්පෙති – යදි කසියා, යදි වණිජ‍්ජාය, පාණාතිපාතාදිවසෙන පමත‍්තො තං තං යථාකාලං සම‍්පාදෙතුං න සක‍්කොති, අථස‍්ස මූලම‍්පි විනස‍්සති. මාඝාතකාලෙ පාණාතිපාතං පන අදින‍්නාදානාදීනි ච කරොන‍්තො දණ‍්ඩවසෙන මහතිං භොගජානිං නිගච‍්ඡති. පබ‍්බජිතො දුස‍්සීලො ච පමාදකාරණා සීලතො බුද‍්ධවචනතො ඣානතො සත‍්තඅරියධනතො ච ජානිං නිගච‍්ඡති.

මේ සූත්‍රය වනාහි ගිහියන් සඳහා ආවේය. පැවිද්දන්ට වනාහි ලැබෙන්නේමය. ගිහියා වනාහි යම් යම් ශිල්පයකින් ජීවිකාව කරයිද, යම්සේ ගොවිතැනින්, වෙළඳාමෙන්, සතුන් මැරීම ආදී ක්‍රමයකින් ප්‍රමාදීව ඒ ඒ දෙය නියමිත වේලාවට සම්පාදනය කරගන්ට නොහැකි වෙත්. ඉක්බිති ඔහුගේ මුදල් විනාශ වෙයි. සතුන් නොමැරිය යුතු කාලයෙහි සතුන් මැරීමෙනුත් සොරකම් ආදිය කිරීමෙනුත් දඬුවම් වශයෙන් මහත් වූ ධන හානි සිදුවෙයි. දුස්සීල වූ පැවිද්දා ප්‍රමාද හේතුවෙන් සීලයෙනුත් බුද්ධ වචනයෙනුත් ධ්‍යානයෙනුත් සප්ත ආර්ය ධනයෙනුත් විනාශයට යයි.

ගහට‍්ඨස‍්ස – “අසුකො නාම අසුකකුලෙ ජාතො දුස‍්සීලො පාපධම‍්මො පරිච‍්චත‍්තඉධලොකපරලොකො සලාකභත‍්තමත‍්තම‍්පි න දෙතී”ති චතුපරිසමජ‍්ඣෙ පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති. පබ‍්බජිතස‍්ස වා – “අසුකො නාම නාසක‍්ඛි සීලං රක‍්ඛිතුං, න බුද‍්ධවචනං උග‍්ගහෙතුං, වෙජ‍්ජකම‍්මාදීහි ජීවති, ඡහි අගාරවෙහි සමන‍්නාගතො”ති එවං අබ‍්භුග‍්ගච‍්ඡති.

ගිහියාට වනාහි අසවල් තැනැත්තා වනාහි අසවල් කුලයෙහි උපන්නේය. දුස්සීලය, පාප ධර්මයන්ගෙන් යුක්තය. අත්හරින ලද මෙලොව පරලොව වැඩ ඇත්තේ සලාක බත් පමණක්වත් නොදෙයි දැයි සිව්පිරිස් මැද පවිටෙක්ය යන නරක නාමය ඇතිවෙයි. පැවිද්දාට වනාහි අසවලා නම් ශීලය ආරක්ෂා කරන්නට අසමත් විය. බුද්ධ වචනය ඉගෙනීමට අසමත් විය. වෙදකම් ආදියෙන් ජීවත් වෙයි. අගෞරව කාරණ සයකින් යුක්තය යනාදී ලෙස නරක නාමයක් ඇතිවෙයි.

අවිසාරදොති ගහට‍්ඨො තාව – “අවස‍්සං බහූනං සන‍්නිපාතට‍්ඨානෙ කෙචි මම කම‍්මං ජානිස‍්සන‍්ති, අථ මං නිග‍්ගණ‍්හිස‍්සන‍්තී”ති වා, “රාජකුලස‍්ස වා දස‍්සන‍්තී”ති සභයො උපසඞ‍්කමති, මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො අධොමුඛො අඞ‍්ගුලිකෙන භූමිං කසන‍්තො නිසීදති, විසාරදො හුත්‍වා කථෙතුං න සක‍්කොති. පබ‍්බජිතොපි – “බහූ භික‍්ඛූ සන‍්නිපතිතා, අවස‍්සං කොචි මම කම‍්මං ජානිස‍්සති, අථ මෙ උපොසථම‍්පි පවාරණම‍්පි ඨපෙත්‍වා සාමඤ‍්ඤතො චාවෙත්‍වා නික‍්කඩ‍්ඪිස‍්සන‍්තී”ති සභයො උපසඞ‍්කමති, විසාරදො හුත්‍වා කථෙතුං න සක‍්කොති. එකච‍්චො පන දුස‍්සීලොපි දප‍්පිතො විය විචරති, සොපි අජ‍්ඣාසයෙන මඞ‍්කු හොතියෙව.

අවිසාරදො ගිහියා වනාහි ඒකාන්තයෙන් බොහෝදෙනා රැස්වන තැන ඇතැමෙක් මාගේ කටයුතු දැනගන්නාහ. ඉක්බිති මට නින්දා කරන්නාහ. හේ රජගෙදරට පෙන්වත් කියා හෝ බියෙන් යුතුව එළඹෙයි. නිහඬව, බිම බලාගෙන කොන්ද නමාගෙන මාපටැඟිල්ලෙන් බිම සාරමින් හිඳියි. නිර්භයව කිසිවක් කියන්නට නොහැකි වෙයි. පැවිද්දා ද බොහෝ භික්‍ෂූන් රැස්ව ඇත. ඒකාන්තයෙන් යම් කෙනේක මාගේ කටයුතු දැනගන්නේය. ඉක්බිති මාගේ උපෝසථයද පවාරණයද තබා ශ්‍රමණ බවෙන් ඉවත්කර ඇද දමන්නේ යැයි බිය සහිතව එළඹෙයි. විසාරදව සිට කථා කරන්නට අපොහොසත් වෙයි. තව කෙනෙක් වනාහි දුශ්ශීල නමුත් ආඩම්බරයෙන් මෙන් හැසිරෙයි. ඔහු අභ්‍යන්තරයෙන් මකු කෙනෙක්මය.

සම‍්මූළ‍්හො කාලඞ‍්කරොතීති තස‍්ස හි මරණමඤ‍්චෙ නිපන‍්නස‍්ස දුස‍්සීලකම‍්මෙ සමාදාය පවත‍්තිතට‍්ඨානං ආපාථමාගච‍්ඡති, සො උම‍්මීලෙත්‍වා ඉධලොකං පස‍්සති, නිමීලෙත්‍වා පරලොකං පස‍්සති, තස‍්ස චත‍්තාරො අපායා උපට‍්ඨහන‍්ති, සත‍්තිසතෙන සීසෙ පහරියමානො විය හොති. සො – “වාරෙථ, වාරෙථා”ති විරවන‍්තො මරති. තෙන වුත‍්තං – “සම‍්මූළ‍්හො කාලං කරොතී”ති. පඤ‍්චමපදං උත‍්තානමෙව.

සම්මූළ්හො කාලං කරොති යනු මරණ මංචකයේ සිටියා වූ ඔහුට දුස්සීල කර්මයෙහි සමාදන්ව සිටි තැනක් ඉදිරිපත් වේ. ඔහු ඇස් හැර මේ ලෝකයත් ඇස් පියාගෙන පරලෝකයත් බලයි. ඔහුම සතර අපායවල් උපස්ථාන කරයි. තියුණු ආයුධවලින් හිසට ගසන්නාක් මෙන් වෙයි. ඔහු නවතන්න. නවතන්න කියා හඬගසා කෑගසද්දීත් පහරදෙයි. ඒ නිසා කියන ලදි. (සම්මූළ්හො කාලං කරොති) මුලාවී කළුරිය කරයි. පස්වන පදය කියන ලදමැයි.

ආනිසංසකථා වුත‍්තවිපරියායෙන වෙදිතබ‍්බා.

ආනිසංස කථාව කියූ අයුරින්ම දතයුතුයි.

බහුදෙව රත‍්තිං ධම‍්මියා කථායාති අඤ‍්ඤාය පාළිමුත‍්තකාය ධම‍්මිකථාය චෙව ආවසථානුමොදනාය ච ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය යොජනප‍්පමාණං මහාමධුං පීළෙත්‍වා මධුපානං පායෙන‍්තො විය බහුදෙව රත‍්තිං සන්‍දස‍්සෙත්‍වා සම‍්පහංසෙත්‍වා උය්‍යොජෙසි. අභික‍්කන‍්තාති අතික‍්කන‍්තා ඛීණා ඛයවයං උපෙතා. සුඤ‍්ඤාගාරන‍්ති පාටියෙක‍්කං සුඤ‍්ඤාගාරං නාම නත්‍ථි, තත්‍ථෙව පන එකපස‍්සෙ සාණිපාකාරෙන පරික‍්ඛිපිත්‍වා – “ඉධ සත්‍ථා විස‍්සමිස‍්සතී”ති මඤ‍්චකං පඤ‍්ඤපෙසුං. භගවා – “චතූහිපි ඉරියාපථෙහි පරිභුත‍්තං එතෙසං මහප‍්ඵලං භවිස‍්සතී”ති තත්‍ථ සීහසෙය්‍යං කප‍්පෙසි. තං සන්‍ධාය වුත‍්තං – “සුඤ‍්ඤාගාරං පාවිසී”ති.

බහුදෙව රත්තිං ධම්මියා කථාය අනික් පෙළ නැති දහම් කථාවකින්ම ආවාස අනුමෝදනාවෙන්ද අහස්ගඟ ගලන්නාක් මෙන් යොදුනක් පමණ මහා පැණි ප්‍රමාණයක් අඹරා මධුපානයක් පොවන්නාක් මෙන් බොහෝ කලක් දක්වා සතුටුකර උනන්දු කරවීය. අභික්කන්තා යනු ඉක්ම ගිය ක්‍ෂය වූ වැය වූ සුඤ්ඤාගාර යනු වෙන් වෙන් වූ ශූන්‍යාගාර නැත. එහිම වනාහි එක් පැත්තක් තාප්පයකින් වට කර මෙහි ශාස්තෲන් වහන්සේ විවේක ගනීයැයි ඇඳක් සූදානම් කළහ. භාග්‍යවතුන් වහන්සේ සිටි ඉරියව්වලින් පරිභෝග කළේනම් මොවුන්ට මහත්ඵල වන්නේ යැයි එහි සිංහ සෙය්‍යාවෙන් වැඩ සිටියේය. ඒ නිසා කියන ලදි. (සුඤ්ඤාගාරං පාවිසි) ශූන්‍යාගාරයට පිවිසියේය කියා.

පාටලිපුත‍්තනගරමාපනවණ‍්ණනා

සුනිධවස‍්සකාරාති සුනිධො ච වස‍්සකාරො ච ද‍්වෙ බ්‍රාහ‍්මණා. මගධමහාමත‍්තාති මගධරඤ‍්ඤො මහාමත‍්තා මහාඅමච‍්චා, මගධරට‍්ඨෙ වා මහාමත‍්තා මහතියා ඉස‍්සරියමත‍්තාය සමන‍්නාගතාති මගධමහාමත‍්තා. පාටලිගාමෙ නගරන‍්ති පාටලිගාමං නගරං කත්‍වා මාපෙන‍්ති. වජ‍්ජීනං පටිබාහායාති වජ‍්ජිරාජකුලානං ආයමුඛපච‍්ඡින්‍දනත්‍ථං. සහස‍්සෙවාති එකෙකවග‍්ගවසෙන සහස‍්සං සහස‍්සං හුත්‍වා. වත්‍ථූනීති ඝරවත්‍ථූනි. චිත‍්තානි නමන‍්ති නිවෙසනානි මාපෙතුන‍්ති රඤ‍්ඤඤ‍්ච රාජමහාමත‍්තානඤ‍්ච නිවෙසනානි මාපෙතුං වත්‍ථුවිජ‍්ජාපාඨකානං චිත‍්තානි නමන‍්ති. තෙ කිර අත‍්තනො සිප‍්පානුභාවෙන හෙට‍්ඨා පථවියං තිංසහත්‍ථමත‍්තෙ ඨානෙ – “ඉධ නාගග‍්ගාහො, ඉධ යක‍්ඛග‍්ගාහො, ඉධ භූතග‍්ගාහො, පාසාණො වා ඛාණුකො වා අත්‍ථී”ති පස‍්සන‍්ති. තෙ තදා සිප‍්පං ජප‍්පිත්‍වා දෙවතාහි සද‍්ධිං මන‍්තයමානා විය මාපෙන‍්ති. අථවා නෙසං සරීරෙ දෙවතා අධිමුච‍්චිත්‍වා තත්‍ථ තත්‍ථ නිවෙසනානි මාපෙතුං චිත‍්තං නාමෙන‍්ති. තා චතූසු කොණෙසු ඛාණුකෙ කොට‍්ටෙත්‍වා වත්‍ථුම‍්හි ගහිතමත‍්තෙ පටිවිගච‍්ඡන‍්ති. සද‍්ධානං කුලානං සද‍්ධා දෙවතා තථා කරොන‍්ති, අස‍්සද‍්ධානං කුලානං අස‍්සද‍්ධා දෙවතාව. කිං කාරණා? සද‍්ධානඤ‍්හි එවං හොති – “ඉධ මනුස‍්සා නිවෙසනං මාපෙත්‍වා පඨමං භික‍්ඛුසඞ‍්ඝං නිසීදාපෙත්‍වා මඞ‍්ගලං වඩ‍්ඪාපෙස‍්සන‍්ති. අථ මයං සීලවන‍්තානං දස‍්සනං, ධම‍්මකථං, පඤ‍්හාවිස‍්සජ‍්ජනං, අනුමොදනඤ‍්ච සොතුං ලභිස‍්සාම, මනුස‍්සා දානං දත්‍වා අම‍්හාකං පත‍්තිං දස‍්සන‍්තී”ති.

සුනිධ වස්සකාරා සුනීධය වස්සකාරය යන බමුණන් දෙදෙන. මගධ මහාමත්තා මගධ රජුගේ මහාමාත්‍යවරු මගධ රටෙහි හෝ මහාමාත්‍යවරු මහත් වූ සැප සම්පත් සමූහයකින් යුක්ත වූවාහු මගධ මහා මත්තා නම් වෙත්. පාටලී ගාමෙ නගරං පැලලුම් ගම නගරයක් කොට මවත්. වජ්ජීනං පටිබාහාය වජ්ජි රජ දරුවන්ගේ ආර්යමාර්ග සිඳ දැමීම පිණිස. සහස්ස සහස්සෙවා එක් කාණ්ඩය ලෙස දහසක් දහසක් වී. වත්‍ථූනි යනු චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතු රජුටද රාජමහා මාත්‍යාදීණ්ටද නිවාස මවන්නට වාස්තුවිද්‍යා දන්නවුන්ගේ සිත් නැමෙත්. ඔව්හු වනාහි තමන්ගේ ශිල්ප බලයෙන් පොළව යට තිස්රියනක් පමණ තැන මෙහි නාගයන් අධිගෘහිතය. මෙහි යක්‍ෂයන් අධිගෘහිතය. මෙහි භූතයන් අධිගෘහිත පර්වතයක් හෝ කණුවක් හෝ ඇතැයි බලත්. ඔවුහු එවිට මන්ත්‍ර මතුරා දෙවියන් සමග කථා කරමින් සිටින්නාක් මෙන් පෙන්වත්. නැතහොත් ඔවුන්ට ඇඟට දෙවියන් ආරූඪ වී ඒ ඒ තැන්වල වාසස්ථාන සාදන්නට සිත් යොමුකරත්. ඔව්හු සිව්කොණෙහි කණු සිටුවා ගෙවල් සෑදූවිට ඉවත්ව යත්. ශ්‍රද්ධාවෙන් යුක්ත වූවන්ගේ ශ්‍රද්ධාවන්ත දෙවිවරු එසේ කරත්. ශ්‍රද්ධාවක් නැති අයගේ ශ්‍රද්ධාවන්ත නොවූ දෙවිවරු ද එසේ කරත්. කුමක් නිසාද? ශ්‍රද්ධාවන්ත දෙවිවරුන්ට මෙසේ සිත්වෙයි. මෙහි මිනිස්සු නිවෙස් සාදා පළමුව භික්‍ෂු සංඝයා වඩාහිඳුවා යහපත වැඩිදියුණු කරත්. ඉක්බිති අපි සිල්වතුන් දකින්නටත්, ධර්මකථා අසන්නටත්, දහම්පැණ විසඳා ගන්නටත්, පින් අනුමෝදනාව අසන්නටත් ලබන්නෙමු. මිනිස්සු දන් දී අපට පින් දෙත්.

තාවතිංසෙහීති යථා හි එකස‍්මිං කුලෙ එකං පණ‍්ඩිතමනුස‍්සං, එකස‍්මිං වා විහාරෙ එකං බහුස‍්සුතභික‍්ඛුං උපාදාය – “අසුකකුලෙ මනුස‍්සා පණ‍්ඩිතා, අසුකවිහාරෙ භික‍්ඛූ බහුස‍්සුතා”ති සද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡති, එවමෙව සක‍්කං දෙවරාජානං විස‍්සකම‍්මඤ‍්ච දෙවපුත‍්තං උපාදාය – “තාවතිංසා පණ‍්ඩිතා”ති සද‍්දො අබ‍්භුග‍්ගතො. තෙනාහ – “තාවතිංසෙහී”ති. තාවතිංසෙහි සද‍්ධිං මන‍්තෙත්‍වාපි විය මාපෙන‍්තීති අත්‍ථො.

තාවතිංසෙහි යනු යම්සේ එක් කුලයක එක් පණ්ඩිත මනුෂ්‍යයෙක් එක් විහාරය එක් බහුශ්‍රැත භික්‍ෂුවක් අරභයා අසවල් ගෙදර මිනිස්සු පණ්ඩිතයෝය. අසවල් විහාරයේ භික්‍ෂූහු බහුශ්‍රැතයෝය යන හොඳ නාමය පැතිර යයි. එපරිද්දෙන් ශක්‍ර දේවේන්ද්‍රයාත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාත් අරභයා තව්තිසා වැසියෝ පණ්ඩිතයෝ යැයි හඬක් ඇතිවිය. ඒ නිසා කීය තාවතිංසහී කියා. තව්තිසා වැසියන් සමග කථාකොට සාදත් යන අර්ථයි.

යාවතා අරියං ආයතනන‍්ති යත‍්තකං අරියකමනුස‍්සානං ඔසරණට‍්ඨානං නාම අත්‍ථි. යාවතා වණිප‍්පථොති යත‍්තකං වාණිජානං ආභතභණ‍්ඩස‍්ස රාසිවසෙනෙව කයවික‍්කයට‍්ඨානං නාම, වාණිජානං වසනට‍්ඨානං වා අත්‍ථි. ඉදං අග‍්ගනගරන‍්ති තෙසං අරියායතනවණිප‍්පථානං ඉදං අග‍්ගනගරං ජෙට‍්ඨකං පාමොක‍්ඛං භවිස‍්සතීති. පුටභෙදනන‍්ති භණ‍්ඩපුටභෙදනට‍්ඨානං, භණ‍්ඩභණ‍්ඩිකානං මොචනට‍්ඨානන‍්ති වුත‍්තං හොති. සකලජම‍්බුදීපෙ අලද‍්ධභණ‍්ඩම‍්පි හි ඉධෙව ලභිස‍්සන‍්ති, අඤ‍්ඤත්‍ථ වික‍්කයෙන අගච‍්ඡන‍්තම‍්පි ච ඉධෙව ගමිස‍්සති. තස‍්මා ඉධෙව පුටං භින්‍දිස‍්සන‍්තීති අත්‍ථො. චතූසු හි ද‍්වාරෙසු චත‍්තාරි සභායං එකන‍්ති එවං දිවසෙ දිවසෙ පඤ‍්චසතසහස‍්සානි උට‍්ඨහිස‍්සන‍්තීති දස‍්සෙති.

යාවතා අරියං ආයතනං යම්පමණ ආර්ය මිනිසුන්ට රැස්වීමට තැනක් නැත. යාවතා වණිප්පථො යම් පමණ වෙළඳුන්ට ගෙනෙන ලද බඩු එක්රැස් කර තැබීම පිණිස හෝ විකිණීමට හා මිළට ගැනීමට යනාදී ලෙස වෙළඳුන්ට වාසය කරන්නට තැනක් නැත. ඉදං අග්ගනගරං ඒ ආර්ය ආයතන, වාණිජ ව්‍යාපාර ආදියට මේ අගනුවර ප්‍රධාන ප්‍රමුඛ වන්නේය. පුටභෙදනං බඩු පොදි ලිහන තැන, බඩු මිටි බඳින තැන, බඩු මුදාහරින තැන ආදිය කියන ලදි. සියළු දඹදිව සොයාගත නොහැකි භාණ්ඩයක් වුවත් මෙහිදීම ලබාගත හැක. වෙන තැනක විකිණීමෙන් නොයන්නාහුද මෙහිම යන්නේය. කුමක් නිසා මෙහිම ගොටුව සිඳින්නේද යන අර්ථයි. දොරටු සතරෙහි සතර බැගින් මෙසේ දවස ගානේ පන් ලක්‍ෂයක් නැගිටිත් යැයි දක්වයි.

අග‍්ගිතො වාතිආදීසු චකාරත්‍ථො වා-සද‍්දො. අග‍්ගිනා ච උදකෙන ච මිථුභෙදෙන ච නස‍්සිස‍්සතීති අත්‍ථො. එකකොට‍්ඨාසො අග‍්ගිනා නස‍්සිස‍්සති, නිබ‍්බාපෙතුං න සක‍්ඛිස‍්සන‍්ති. එකං ගඞ‍්ගා ගහෙත්‍වා ගමිස‍්සති. එකො – “ඉමිනා අකථිතං අමුස‍්ස, අමුනා අකථිතං ඉමස‍්සා”ති වදන‍්තානං පිසුණවාචානං වසෙන භින‍්නානං මනුස‍්සානං අඤ‍්ඤමඤ‍්ඤභෙදෙනෙව නස‍්සිස‍්සතීති අත්‍ථො. ඉති වත්‍වා භගවා පච‍්චූසකාලෙ ගඞ‍්ගාය තීරං ගන‍්ත්‍වා කතමුඛධොවනො භික‍්ඛාචාරවෙලං ආගමයමානො නිසීදි.

අග්ගිතොවා ආදියෙහි ‘වා’ ශබ්දය ච කාරයේ අර්ථය සඳහාය. ගින්නෙන් හෝ ජලයෙන් මිත්‍ර භේදයෙන් ද නසින්නේය යන අර්ථයි. එක් කොටසක් ගින්නෙන් ද නසින්නේය. නිවා දමන්නටත් නොහැකි වෙත්. එකක් ගංගාවට ගසාගෙන යයි. එකෙක් මොහු විසින් මොහුට නොකියන ලද මොහු විසින් නොකියන ලද්ද මොහුට යැයි කියන්නා වූ කේලාම් කීම් වශයෙන් බිඳුනා වූ මිනිසුන් ඔවුනොවුන් භේදවීමෙන් නසින්නේය යන අර්ථයි. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ අළුයම්කාලයේ ගංතෙරට වැඩ මුහුණ සෝදා පිණ්ඩපාතයේ වඩින වේලාව එනතෙක් බලාසිටි සේක.

සුනිධවස‍්සකාරාපි – “අම‍්හාකං රාජා සමණස‍්ස ගොතමස‍්ස උපට‍්ඨාකො, සො අම‍්හෙ පුච‍්ඡිස‍්සති, ‘සත්‍ථා කිර පාටලිගාමං අගමාසි, තස‍්ස සන‍්තිකං උපසඞ‍්කමිත්‍ථ, න උපසඞ‍්කමිත්‍ථා’ති. උපසඞ‍්කමිම‍්හාති ච වුත‍්තෙ – ‘නිමන‍්තයිත්‍ථ, න නිමන‍්තයිත්‍ථා’ති ච පුච‍්ඡිස‍්සති. න නිමන‍්තයිම‍්හාති ච වුත‍්තෙ අම‍්හාකං දොසං ආරොපෙත්‍වා නිග‍්ගණ‍්හිස‍්සති. ඉදං චාපි මයං ආගතට‍්ඨානෙ නගරං මාපෙම, සමණස‍්ස ඛො පන ගොතමස‍්ස ගතගතට‍්ඨානෙ කාළකණ‍්ණිසත‍්තා පටික‍්කමන‍්ති, තං මයං නගරමඞ‍්ගලං වදාපෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා නිමන‍්තයිංසු. තස‍්මා – “අථ ඛො සුනිධවස‍්සකාරා”තිආදි වුත‍්තං.

සුනීධ වස්සකාරද අපගේ රජතෙමේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ උපස්ථායකයෙකි. ඔහු අපගෙන් විමසයි. ශාස්තෲන් වහන්සේ වනාහි පාටලීගමට වැඩියේය. උන්වහන්සේ සමීපයට පැමිණියෙමුයි කීකල්හි ආරාධනා කළහුද නැද්ද කියා අසන්නේය. ආරාධනා කළේ නැතැයි කීකල්හි අපට දෝෂාරෝපණය කොට නින්දා කරන්නේ ය. මෙයද වනාහි අපි පැමිණි තැන නගරයක් මවමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ගිය ගිය තැන්වල අවාසනාවන්ත සත්ත්වයෝ නික්ම යත්. අපි නගරයට ගෙවදීමේ මංගල්‍යය නියම කරගන්නෙමුයි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආරාධනා කළහ. ඒ නිසා ‘සුනීධ වස්සකාරාදිය’ කියන ලදි.

පුබ‍්බණ‍්හසමයන‍්ති පුබ‍්බණ‍්හකාලෙ. නිවාසෙත්‍වාති ගාමප‍්පවෙසනනීහාරෙන නිවාසනං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා. පත‍්තචීවරමාදායාති පත‍්තඤ‍්ච චීවරඤ‍්ච ආදියිත්‍වා කායප‍්පටිබද‍්ධං කත්‍වා.

පුබ්බණ්හසමයං පෙරවරුවේ නිවාසෙත්‍වා ගමට පිවිසෙන ආකාරයෙන් වස්ත්‍රයක් හැඳගෙන පටිය බැඳ පත්තචීවරං ආදාය පාත්‍රයද සිවුරද ගෙන, කයට සම්බන්ධ කර.

සීලවන‍්තෙත්‍ථාති සීලවන‍්තෙ එත්‍ථ. සඤ‍්ඤතෙති කායවාචාමනෙහි සඤ‍්ඤතෙ.

සීලවන්තෙත්‍ථා මෙහි ශීලවන්තයෙක්. සඤ්ඤතෙ කය, වචනය හා මනසින් හික්මුනු.

තාසං දක‍්ඛිණමාදියෙති සඞ‍්ඝස‍්ස දින‍්නෙ චත‍්තාරො පච‍්චයෙ තාසං ඝරදෙවතානං ආදිසෙය්‍ය, පත‍්තිං දදෙය්‍ය. පූජිතා පූජයන‍්තීති – “ඉමෙ මනුස‍්සා අම‍්හාකං ඤාතකාපි න හොන‍්ති, එවම‍්පි නො පත‍්තිං දෙන‍්තී”ති ආරක‍්ඛං සුසංවිහිතං කරොථාති සුට‍්ඨු ආරක‍්ඛං කරොන‍්ති. මානිතා මානයන‍්තීති කාලානුකාලං බලිකම‍්මකරණෙන මානිතා “එතෙ මනුස‍්සා අම‍්හාකං ඤාතකාපි න හොන‍්ති, චතුමාසඡමාසන‍්තරෙ නො බලිකම‍්මං කරොන‍්තී”ති මානෙන‍්ති, මානෙන‍්තියො උප‍්පන‍්නං පරිස‍්සයං හරන‍්ති.

තාසං දක්ඛිණමාදිසෙ සංඝයාට සිව්පසය දුන් කල්හි ඒ ගෘහ දේවතාවන්ට අනුමෝදන් කරන්නේය. පින් දෙන්නේය. පූජිතා පූජයන්ති යනු මේ මනුෂ්‍යයෝ අපගේ නෑයෝ නොවෙත්. සාරමසක් සයමාසයක් අපට බලිකම් කරත්යැයි පුදත්. ඇතිවූ කරදරය ගෙනයත්. [missing trans]

තතො නන‍්ති තතො නං පණ‍්ඩිතජාතිකං මනුස‍්සං. ඔරසන‍්ති උරෙ ඨපෙත්‍වා සංවඩ‍්ඪිතං, යථා මාතා ඔරසං පුත‍්තං අනුකම‍්පති, උප‍්පන‍්නපරිස‍්සයහරණත්‍ථමෙව තස‍්ස වායමති, එවං අනුකම‍්පන‍්තීති අත්‍ථො. භද්‍රානි පස‍්සතීති සුන්‍දරානි පස‍්සති.

තතොනං ඉක්බිති ඒ පණ්ඩිත වූ මිනිසකු ඔරසං ළයේ තබා වඩන ලද. යම්සේ මව ඖරස පුත්‍රයකුට අනුකම්පා කරයි. හටගත් කරදරය නැතිකිරීම පිණිස උත්සාහ කරයි. මෙසේ අනුකම්පා කරත්ය යන අර්ථයි. භද්‍රානි පස්සති යහපත් දේ දකියි.

උළුම‍්පන‍්ති පාරගමනත්‍ථාය ආණියො කොට‍්ටෙත්‍වා කතං. කුල‍්ලන‍්ති වල‍්ලිආදීහි බන්‍ධිත්‍වා කතං.

උළම්පං පරතෙරට යාම පිණිස ලීකඳන් හාරා කරන ලද කුල්ලං වැල් ආදියෙන් බැඳ කරන ලද

“යෙ තරන‍්ති අණ‍්ණව”න‍්ති ගාථාය අණ‍්ණවන‍්ති සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන යොජනමත‍්තං ගම‍්භීරස‍්ස ච පුථුලස‍්ස ච උදකට‍්ඨානස‍්සෙතං අධිවචනං. සරන‍්ති ඉධ නදී අධිප‍්පෙතා. ඉදං වුත‍්තං හොති, යෙ ගම‍්භීරවිත්‍ථතං තණ‍්හාසරං තරන‍්ති, තෙ අරියමග‍්ගසඞ‍්ඛාතං සෙතුං කත්‍වාන. විසජ‍්ජ පල‍්ලලානි අනාමසිත්‍වා උදකභරිතානි නින‍්නට‍්ඨානානි. අයං පන ඉදං අප‍්පමත‍්තකං තරිතුකාමොපි

යෙ තරන්ති අණ්ණවං ගාථාවගේ අණ්ණවං මේ මුළු පරිච්ඡේදයෙන්ම යොදුනක් පමණ ගැඹුරු වූ ද පළල් වූ ද ජලය ඇති තැනට මේ ස්ථානාර්ථ වචනයකි. සරං මෙහිදී ගංගාව අදහස් කරන ලදි. මෙය කියා ඇත. යමෙක් ගැඹුරු පළල් තණ්හා නමැති විල තරණය කරත් ද ඔව්හු ආර්ය මාර්ග සංඛ්‍යාත වූ පාලම සාදා විසජ්ජ පල්ලලානි ස්පර්ශ නොකොට, ජලය පිරුණු පහත් තැන්. මේ වනාහි මේ අප්‍රමාණ වූ ජලකඳ තරණය කරන්නට කැමැති වන්නේද,

කුල‍්ලඤ‍්හි ජනො පබන්‍ධති. බුද‍්ධා ච බුද‍්ධසාවකා ච විනායෙව කුල‍්ලෙන තිණ‍්ණා මෙධාවිනො ජනාති.

ජනයා, පහුරක් සාදයි. බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද ඤාණවන්තයෝද පහුරක් නැතිව එතර වූහ.

පඨමභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු බණවර වර්ණනාව නිමියේ ය.

අරියසච‍්චකථාවණ‍්ණනා

කොටිගාමොති මහාපනාදස‍්ස පාසාදකොටියං කතගාමො. අරියසච‍්චානන‍්ති අරියභාවකරානං සච‍්චානං. අනනුබොධාති අබුජ‍්ඣනෙන අජානනෙන. අප‍්පටිවෙධාති අප‍්පටිවිජ‍්ඣනෙන. සන්‍ධාවිතන‍්ති භවතො භවං ගමනවසෙන සන්‍ධාවිතං. සංසරිතන‍්ති පුනප‍්පුනං ගමනාගමනවසෙන සංසරිතං. මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්චාති මයා ච තුම‍්හෙහි ච. අථ වා සන්‍ධාවිතං සංසරිතන‍්ති සන්‍ධාවනං සංසරණං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච අහොසීති එමමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. භවනෙත‍්ති සමූහතාති භවතො භවං නයනසමත්‍ථා තණ‍්හාරජ‍්ජු සුට‍්ඨු හතා ඡින‍්නා අප‍්පවත‍්තිකතා.

කොටිගාමො මහාපනාද රජුගේ ප්‍රාසාදය කෙළවර කරන ලද ගම, අරිය සච්චාන ආර්යභාවය ඇතිකරන සත්‍යයන්ගේ අනනුබොධා නොවැටහීමෙන්. අප්පටිවෙධා අවබෝධ කර නොගැනීමෙන්. සන්‍ධාවිතං භවයෙන් භවයට යාම් වශයෙන් හැසිරෙන ලද මමං චෙව තුම්හාකංච මා විසින් ද නුඹලා විසින් ද නැත්නම් සන්‍ධාවිතං සංසරිතං හැසිරීම, සංචාරය මට ද නුඹලාට ද වූයේයැයි මෙසේ මෙහි අර්ථ දතයුත්තේය. භවෙනත්ති සමූහතා භවයෙන් භවයට ගෙනයාමට හැකි තෘෂ්ණාව නමැති ලනුව මනාව නසන ලද, සිඳින ලද නොපවත්නා ලෙස කළ.

අනාවත‍්තිධම‍්මසම‍්බොධිපරායණවණ‍්ණනා

නාතිකාති එකං තළාකං නිස‍්සාය ද‍්වින‍්නං චූළපිතුමහාපිතුපුත‍්තානං ද‍්වෙ ගාමා. නාතිකෙති එකස‍්මිං ඤාතිගාමකෙ. ගිඤ‍්ජකාවසථෙති ඉට‍්ඨකාමයෙ ආවසථෙ.

නාදිකා එක් විලක් උදෙසා - සුළු පියා හා මහ පියා යන දෙදෙනාගේ දරුවන්ගේ ගම් දෙකක්. තාදිකෙ යි එක් ඤාති ගමක. ගිජ්ඣකා වසථෙ ගඩොලින් කළ නිවාසයේ,

ඔරම‍්භාගියානන‍්ති හෙට‍්ඨාභාගියානං, කාමභවෙයෙව පටිසන්‍ධිග‍්ගාහාපකානන‍්ති අත්‍ථො. ඔරන‍්ති ලද‍්ධනාමෙහි වා තීහි මග‍්ගෙහි පහාතබ‍්බානීතිපි ඔරම‍්භාගියානි. තත්‍ථ කාමච‍්ඡන්‍දො, බ්‍යාපාදොති ඉමානි ද‍්වෙ සමාපත‍්තියා වා අවික‍්ඛම‍්භිතානි, මග‍්ගෙන වා අසමුච‍්ඡින‍්නානි නිබ‍්බත‍්තවසෙන උද‍්ධං භාගං රූපභවඤ‍්ච අරූපභවඤ‍්ච ගන‍්තුං න දෙන‍්ති. සක‍්කායදිට‍්ඨිආදීනි තීණි තත්‍ථ නිබ‍්බත‍්තම‍්පි ආනෙත්‍වා පුන ඉධෙව නිබ‍්බත‍්තාපෙන‍්තීති සබ‍්බානිපි ඔරම‍්භාගියානෙව. අනාවත‍්තිධම‍්මාති පටිසන්‍ධිවසෙන අනාගමනසභාවා.

ඔරම්භාගියානං යට කොටස අයත් වූවන්ගේ කාම භවයෙහිම පිළිසිඳ ගන්නවුන්ගේ යන අර්ථයි. ඔරං යනු ලබන ලද නමින් හෝ තුන් මගින් ප්‍රහාණය කළ යුතු නිසාත් ඔරම්භාගිය නම් වේ. එහි කාමච්ඡන්‍දය, ව්‍යාපාදය යන මේ දෙක සමාපත්තියෙන් හෝ යටපත් කරන ලද්දේ ද මාර්ගයෙන් හෝ මුළිනුපුටා නොදැමූ බැවින් උත්පත්ති වශයෙන් උඩ කොටසේ හෝ රූප භවයට හෝ අරූප භවයට යන්නට ඉඩ නොදෙත්. සක්කායදිට්ඨි ආදී තුන එහි උපන්නහුද ගෙනවුත් නැවත මෙහිම උපදවත් යන ලෙස සියල්ලම ඔරම්භාගිය නම් වේ. අනාවත්ති ධම්මා ප්‍රතිසන්ධි වශයෙන් නැවත නොඑන ස්වභාව ඇති.

රාගදොසමොහානං තනුත‍්තාති එත්‍ථ කදාචි කරහචි උප‍්පත‍්තියා ච, පරියුට‍්ඨානමන්‍දතාය චාති ද‍්වෙධාපි තනුභාවො වෙදිතබ‍්බො. සකදාගාමිස‍්ස හි පුථුජ‍්ජනානං විය අභිණ‍්හං රාගාදයො නුප‍්පජ‍්ජන‍්ති, කදාචි කරහචි උප‍්පජ‍්ජන‍්ති. උප‍්පජ‍්ජමානා ච පුථුජ‍්ජනානං විය බහලබහලා නුප‍්පජ‍්ජන‍්ති, මක‍්ඛිකාපත‍්තං විය තනුකතනුකා උප‍්පජ‍්ජන‍්ති. දීඝභාණකතිපිටකමහාසීවත්‍ථෙරො පනාහ – “යස‍්මා සකදාගාමිස‍්ස පුත‍්තධීතරො හොන‍්ති, ඔරොධා ච හොන‍්ති, තස‍්මා බහලා කිලෙසා. ඉදං පන භවතනුකවසෙන කථිත”න‍්ති. තං අට‍්ඨකථායං – “සොතාපන‍්නස‍්ස සත‍්තභවෙ ඨපෙත්‍වා අට‍්ඨමෙ භවෙ භවතනුකං නත්‍ථි. සකදාගාමිස‍්ස ද‍්වෙ භවෙ ඨපෙත්‍වා පඤ‍්චසු භවෙසු භවතනුකං නත්‍ථි. අනාගාමිස‍්ස රූපාරූපභවෙ ඨපෙත්‍වා කාමභවෙ භවතනුකං නත්‍ථි. ඛීණාසවස‍්ස කිස‍්මිඤ‍්චි භවෙ භවතනුකං නත්‍ථී”ති වුත‍්තත‍්තා පටික‍්ඛිත‍්තං හොති.

රාග දෝස මොහානං තනුත්තා මෙහි කවදා හෝ උත්පත්තියෙන් ද නැගීසිටීමේ මන්දභාවය නිසාද යන දෙයාකාරයෙන් කෘශ බව දතයුතුයි. සකෘදාගාමියාට වනාහි පෘථග්ජනයාට මෙන් නිතර රාගාදිය හටනොගනී. කොහේ හෝ කවදා හෝ උපදනේද, උපදින්නාහු පෘථග්ජනයන්ගේ මෙන් ඝන ඝනව නූපදිත්. මාලුදැල මෙන් තුනීව උපදිත්. දීඝභාණක ත්‍රිපිටක මහාසීව තෙරුන්වහන්සේ වනාහි මෙසේ කීය. යම්හෙයකින් සකෘදාගාමී පුද්ගලයාට දූදරුවෝ සිටිත්. අන්තඃපුරද වේ. ඒ නිසා කෙලෙස් සහිතය. මේ වනාහි භවතනුක (භවයෙහි තුනී) වහයෙන් කියන ලදි. එය අටුවාකථාවේ සෝවාන් පුද්ගලයාට භව සතක් හැර අටවන භවයෙහි භවතනුක (භවය තුනීවීම) බවක් නැත. සකෘදාගාමියා හට භව දෙකක් හැර භවයන් පසක භවතනුක බව නැත. අනාගාමියාට රූප අරූප භව හැර කාමභවයෙහි භවතනුක බවක් නැත. රහතන් වහන්සේට කිසිම භවයක භව තනුක බවක් නැතැයි කියන ලද බැවින් ප්‍රතික්‍ෂේප වෙයි.

ඉමං ලොකන‍්ති ඉමං කාමාවචරලොකං සන්‍ධාය වුත‍්තං. අයඤ‍්චෙත්‍ථ අධිප‍්පායො, සචෙ හි මනුස‍්සෙසු සකදාගාමිඵලං පත‍්තො දෙවෙසු නිබ‍්බත‍්තිත්‍වා අරහත‍්තං සච‍්ඡිකරොති, ඉච‍්චෙතං කුසලං. අසක‍්කොන‍්තො පන අවස‍්සං මනුස‍්සලොකං ආගන‍්ත්‍වා සච‍්ඡිකරොති. දෙවෙසු සකදාගාමිඵලං පත‍්තොපි සචෙ මනුස‍්සෙසු නිබ‍්බත‍්තිත්‍වා අරහත‍්තං සච‍්ඡිකරොති, ඉච‍්චෙතං කුසලං. අසක‍්කොන‍්තො පන අවස‍්සං දෙවලොකං ගන‍්ත්‍වා සච‍්ඡිකරොතීති.

ඉමං ලොකං මේ කාමාවචර ලෝකය ගැන කියන ලදි. මේ මෙහි බලාපොරොත්තුවයි. ඉදින් වනාහි මනුෂ්‍යයන් අතර සකෘදාගාමි ඵලයට පත් තැනැත්තා දෙවියන් අතර ඉපිද රහත්බව සාක්‍ෂාත් කරගනී. මෙයද කුසලයකි. නොහැක්කා වනාහි අනිවාර්යයෙන් මනුෂ්‍ය ලෝකයට අවුත් අවබෝධ කරගනී. දෙවියන් අතර සකෘදාගාමී ඵලයට පත්වූයේද ඉදින් මිනිසුන් අතර ඉපිද රහත්බව සඵල කරගනී. මෙයද කුසලයකි. නොහැකි වන්නා වනාහි අනිවාර්යයෙන් දෙව්ලොව ගොස් අවබෝධ කරගනී.

අවිනිපාතධම‍්මොති එත්‍ථ විනිපතනං විනිපාතො, නාස‍්ස විනිපාතො ධම‍්මොති අවිනිපාතධම‍්මො. චතූසු අපායෙසු අවිනිපාතධම‍්මො චතූසු අපායෙසු අවිනිපාතසභාවොති අත්‍ථො. නියතොති ධම‍්මනියාමෙන නියතො. සම‍්බොධිපරායණොති උපරිමග‍්ගත‍්තයසඞ‍්ඛාතා සම‍්බොධි පරං අයනං අස‍්ස ගති පටිසරණං අවස‍්සං පත‍්තබ‍්බාති සම‍්බොධිපරායණො.

අවිනිපාත ධම්මො මෙහි විනිපතනං නපුරු ලෙස වැටීම, මෙහාටු වැටීමේ ස්වභාවයක් නැත්තේනුයි අවිනිපාත ධම්ම නම් වේ. සතර අපායෙහි නොවැටෙන ස්වභාව ඇති යන අර්ථයි. නියතො යනු ධර්ම නියමයෙන් ස්ථිර වූ සම්බොධිපරායණො, මත්තේ මාර්ගත්‍රය සංඛ්‍යාත වූ සම්බෝධි නම් වූ උතුම් මාර්ගය මොහුගේ ගමනට අවශ්‍ය පිළිසරණ බවට පත්විය යනුයි. සම්බොධිපරායණ නම් වේ.

ධම‍්මාදාසධම‍්මපරියායවණ‍්ණනා

විහෙසාති තෙසං තෙසං ඤාණගතිං ඤාණූපපත‍්තිං ඤාණාභිසම‍්පරායං ඔලොකෙන‍්තස‍්ස කායකිලමථොව එස, ආනන්‍ද, තථාගතස‍්සාති දීපෙති, චිත‍්තවිහෙසා පන බුද‍්ධානං නත්‍ථි. ධම‍්මාදාසන‍්ති ධම‍්මමයං ආදාසං. යෙනාති යෙන ධම‍්මාදාසෙන සමන‍්නාගතො. ඛීණාපායදුග‍්ගතිවිනිපාතොති ඉදං නිරයාදීනංයෙව වෙවචනවසෙන වුත‍්තං. නිරයාදයො හි වඩ‍්ඪිසඞ‍්ඛාතතො අයතො අපෙතත‍්තා අපායා. දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති දුග‍්ගති. යෙ දුක‍්කටකාරිනො, තෙ එත්‍ථ විවසා නිපතන‍්තීති විනිපාතා.

විහෙසා වෙසා ඔවුනොවුන්ගේ ගති, උත්පත්ති හා පරලෝකය පිළිබඳව දක්නා නුවණ බලන්නා වූ ආනන්දය, මේ තථාගතයන් වහන්සේගේ කයෙහි වෙහෙසකි. බුදුවරයන් වහන්සේලාට සිතෙහි වෙහෙසක් නැත. ධම්මාදාසං ධර්මමය වූ කැඩපත. යෙන යනු යම් ධර්ම නමැති කැඩපතින් යුක්ත වූ. ඛීණාපාය දුග්ගති විනිපාකො මෙයද නිරය ආදියට ම සමානාර්ථ වශයෙන් කියන ලදි. නිරය ආදිය වනාහි අභිවෘද්ධි සංඛ්‍යාත අය වශයෙන් තොර වූ බැවින් අපාය නම් වේ. දුකට පත්වීම පිළිසරණ වන්නේනුයි දුග්ගති නම් වේ. පව්කළ අය මෙහි වැටෙත්නුයි විනිපාත නම් වේ.

අවෙච‍්චප‍්පසාදෙනාති බුද‍්ධගුණානං යථාභූතතො ඤාතත‍්තා අචලෙන අච‍්චුතෙන පසාදෙන. උපරි පදද‍්වයෙපි එසෙව නයො. ඉතිපි සො භගවාතිආදීනං පන විත්‍ථාරො විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තො.

අවෙච්චප්පසාදෙන බුදුගුණ ඇති පරිදි දත් බැවින් නොසෙල්වෙන නිර්වාණ ප්‍රසාදයෙන්. මතු පද දෙකෙහි ද මේ ක්‍රමයමය. ඉතිපි සො භගවා ආදීන්ගේ විස්තර විශුද්ධි මාර්ගයෙහි කියන ලදි.

අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි පියෙහි මනාපෙහි. පඤ‍්ච සීලානි හි අරියසාවකානං කන‍්තානි හොන‍්ති, භවන‍්තරෙපි අවිජහිතබ‍්බතො. තානි සන්‍ධායෙතං වුත‍්තං. සබ‍්බොපි පනෙත්‍ථ සංවරො ලබ‍්භතියෙව.

අරියකන්තෙහි ආර්යයන්ට ප්‍රිය වූ, මනාප වූ, පංචසීලයෝ වනාහි ආර්ය ශ්‍රාවකයන්ට ප්‍රියමනාප වෙත්. භවාන්තරයේද අත්නොහළ යුතු බැවිනි. ඒ සඳහා මෙය කියන ලදි. මෙහි වනාහි සියල්ල සංවරය වෙයි.

සොතාපන‍්නොහමස‍්මීති ඉදං දෙසනාසීසමෙව. සකදාගාමිආදයොපි පන සකදාගාමීහමස‍්මීතිආදිනා නයෙන බ්‍යාකරොන‍්ති යෙවාති. සබ‍්බෙසම‍්පි හි සික‍්ඛාපදාවිරොධෙන යුත‍්තට‍්ඨානෙ බ්‍යාකරණං අනුඤ‍්ඤාතමෙව හොති.

සොතාපන්නො හමස්මි. මේ දේශනාවගේ ශීර්ෂයයි. සකෘදාගාමී ආදීහු වනාහි මම සකෘදාගාමි වන්නෙමියි ආදී ක්‍රමයෙන් විස්තර කරත්. සියල්ලන්ටම ශික්‍ෂා පද විරෝධයෙන් සුදුසු තැන විවරණය අනුදැන ඇත.

අම‍්බපාලීගණිකාවත්‍ථුවණ‍්ණනා

වෙසාලියං විහරතීති එත්‍ථ තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද‍්ධා චෙව හොති ඵීතාචාතිආදිනා ඛන්‍ධකෙ වුත‍්තනයෙන වෙසාලියා සම‍්පන‍්නභාවො වෙදිතබ‍්බො. අම‍්බපාලිවනෙති අම‍්බපාලියා ගණිකාය උය්‍යානභූතෙ අම‍්බවනෙ. සතො භික‍්ඛවෙති භගවා අම‍්බපාලිදස‍්සනෙ සතිපච‍්චුපට‍්ඨානත්‍ථං විසෙසතො ඉධ සතිපට‍්ඨානදෙසනං ආරභි. තත්‍ථ සරතීති සතො. සම‍්පජානාතීති සම‍්පජානො. සතියා ච සම‍්පජඤ‍්ඤෙන ච සමන‍්නාගතො හුත්‍වා විහරෙය්‍යාති අත්‍ථො. කායෙ කායානුපස‍්සීතිආදීසු යං වත‍්තබ‍්බං, තං මහාසතිපට‍්ඨානෙ වක‍්ඛාම.

වෙසාලියං විහරති මෙහි එසමයෙහි වේසාලිය සමෘද්ධිමත්ය. සම්පත් සහිතය’ යනාදියෙන් ඛන්‍ධකයෙහි කියූ ආකාරයෙන් වේසාලිය සම්පත්වලින් පිරිපුන් බව දතයුතුයි. අම්බපාලිවනෙ අම්බපාලි ගණිකාවගේ උද්‍යානය වූ අඹවනයෙහි - සතො භික්ඛවෙ භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිය දැක්මෙහි සිහිය පිහිටුවීම පිණිස විශේෂයෙන් මෙහිදී සතිපට්ඨාන දේශනාව පටන් ගත්තේය. එය සිහිකෙරේනුයි සතො නම් වේ දන්නේනුයි සම්පජානො සිහියෙන් ද විමසා බැලීමේ නුවණින් ද යුක්ත වූයේ වී වාසය කරන්නේ යන අර්ථයි. කායෙ කායානුපස්සී ආදියෙහි යමක් කිවයුතු ද එය මහා සතිපට්ඨානයෙහි කියමු.

නීලාති ඉදං සබ‍්බසඞ‍්ගාහකං. නීලවණ‍්ණාතිආදි තස‍්සෙව විභාගදස‍්සනං. තත්‍ථ න තෙසං පකතිවණ‍්ණො නීලො, නීලවිලෙපනවිලිත‍්තත‍්තා පනෙතං වුත‍්තං. නීලවත්‍ථාති පටදුකූලකොසෙය්‍යාදීනිපි තෙසං නීලානෙව හොන‍්ති. නීලාලඞ‍්කාරාති නීලමණීහි නීලපුප‍්ඵෙහි අලඞ‍්කතා, රථාපි තෙසං නීලමණිඛචිතා නීලවත්‍ථපරික‍්ඛිත‍්තා නීලද‍්ධජා නීලවම‍්මිකෙහි නීලාභරණෙහි නීලඅස‍්සෙහි යුත‍්තා, පතොදලට‍්ඨියොපි නීලා යෙවාති. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. පරිවට‍්ටෙසීති පහරි. කිං ජෙ අම‍්බපාලීති ජෙති ආලපනවචනං, භොති අම‍්බපාලි, කිං කාරණාති වුත‍්තං හොති. “කිඤ‍්චා”තිපි පාඨො, අයමෙවෙත්‍ථ අත්‍ථො. සාහාරන‍්ති සජනපදං. අඞ‍්ගුලිං ඵොටෙසුන‍්ති අඞ‍්ගුලිං චාලෙසුං. අම‍්බකායාති ඉත්‍ථිකාය.

නීලා යන මෙයට සියල්ල අඩංගුය. නීල වණ්ණා යනු එහිම විස්තර දැක්වීමෙන්, එහි ඔවුන්ගේ ප්‍රකෘති වර්ණය නිල්ය. නිල්පාට ආලේපන තැවරීම නිසා මෙය කියන ලදි. නීලවත්‍ථා ඔවුන්ගේ පාට, දුහුල්, කසී සලු ආදිය නිල්පාටම වේ. නීලා ලංකාර නිල්මිණිවලින්, නිල් පුෂ්පවලින් අලංකාර කරන ලද ඔවුන්ගේ රථයෝ ද නිල්මිණි ඔබ්බන ලද නිල් වස්ත්‍රවලින් ආවරණය කරන ලද නිල්පාට ධජයන්ගෙන් යුක්ත නිල්පාට යුද ඇඳුමෙන් සැරසුනා වූ නිල් ආභරණවලින් නිල් අශ්වයන්ගෙන් යුක්ත කෙවිටි ද නිල්පාටමය. මේ ආකාරයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතුයි. පතිවට්ටෙසි පහර දුන්නේය. කිං ජෙ අම්බපාලි මෙහි ‘ජෙ’ යනු ආලපනයි. එම්බා අම්බපාලිය, කුමන කරුණක් නිසාදැයි කියන ලදි. කිංචෙතපි කියාද පාඨයක් ඇත. මේ අර්ථයමය. සාහාරං ජනපදය සමග අංගුලිං පොඨෙසුං ඇඟිල්ල සෙලවූහ. අම්බකායා යනු ස්ත්‍රී ශරීරයෙන්

යෙසන‍්ති කරණත්‍ථෙ සාමිවචනං, යෙහි අදිට‍්ඨාති වුත‍්තං හොති. ඔලොකෙථාති පස‍්සථ. අවලොකෙථාති පුනප‍්පුනං පස‍්සථ. උපසංහරථාති උපනෙථ. ඉමං ලිච‍්ඡවිපරිසං තුම‍්හාකං චිත‍්තෙන තාවතිංසසදිසං උපසංහරථ උපනෙථ අල‍්ලීයාපෙථ. යථෙව තාවතිංසා අභිරූපා පාසාදිකා නීලාදිනානාවණ‍්ණා, එවමිමෙ ලිච‍්ඡවිරාජානොපීති තාවතිංසෙහි සමකෙ කත්‍වා පස‍්සථාති අත්‍ථො.

යෙසං යනු කරණාර්ථයේ සාමි වචනයි. යම් අධිෂ්ඨානයකින් කියන ලදි. ඔලොකෙථ බලව්. අවලොකෙථ නැවත නැවතත් බලව්. උපසංහරථ මේ ලිච්ඡවී පිරිස ඉදිරිපත් කරව්. නුඹගේ සිතින් තව්තිසා පිරිස ඉදිරිපත් කරන්න අලවවව්. යමසේ වනාහි තව්තිසා දෙවිවරු සිත්කළුය. ප්‍රසන්නය. නිල් ආදී විවිධ වර්ණයන්ගෙන් යුක්තය. එපරිද්දෙන් මේ ලිච්ඡවී රජදරුවෝ ද තව්තිසා දෙවියන් හා සමකොට බලව් යන අර්ථයි.

කස‍්මා පන භගවා අනෙකසතෙහි සුත‍්තෙහි චක‍්ඛාදීනං රූපාදීසු නිමිත‍්තග‍්ගාහං පටිසෙධෙත්‍වා ඉධ මහන‍්තෙන උස‍්සාහෙන නිමිත‍්තග‍්ගාහෙ උය්‍යොජෙතීති? හිතකාමතාය. තත්‍ර කිර එකච‍්චෙ භික‍්ඛූ ඔසන‍්නවීරියා, තෙසං සම‍්පත‍්තියා පලොභෙන‍්තො – “අප‍්පමාදෙන සමණධම‍්මං කරොන‍්තානං එවරූපා ඉස‍්සරියසම‍්පත‍්ති සුලභා”ති සමණධම‍්මෙ උස‍්සාහජනනත්‍ථං ආහ. අනිච‍්චලක‍්ඛණවිභාවනත්‍ථඤ‍්චාපි එවමාහ. නචිරස‍්සෙව හි සබ‍්බෙපිමෙ අජාතසත‍්තුස‍්ස වසෙන විනාසං පාපුණිස‍්සන‍්ති. අථ නෙසං රජ‍්ජසිරිසම‍්පත‍්තිං දිස‍්වා ඨිතභික‍්ඛූ – “තථාරූපායපි නාම සිරිසම‍්පත‍්තියා විනාසො පඤ‍්ඤායිස‍්සතී”ති අනිච‍්චලක‍්ඛණං භාවෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිස‍්සන‍්තීති අනිච‍්චලක‍්ඛණවිභාවනත්‍ථං ආහ.

කුමක් නිසා වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සියගණන් සූත්‍රවලින් චක්‍ෂු ආදී රූපයන්හි නිමිති ගැනීම වළක්වා මෙහි මහත් උත්සාහයෙන් නිමිති ගැනීමෙහි යොදන්නේද? හිතවත්කම නිසාය. එහිදී වනාහි ඇතැම් භික්‍ෂූහු රැස්වූ වීර්යයෙන් ඔවුන්ගේ සම්පතෙන් පොළඹවනු ලබන්නාහු අප්‍රමාදීව ශ්‍රමණ ධර්මය කරන්නවුන්ගේ මෙබඳු වූ ඓශ්වර්ය සම්පත්තියක් සුලභය යනුවෙන් ශ්‍රමණ ධර්මයෙහි උත්සාහය වර්ධනය කිරීම සඳහා කීය. අනිත්‍ය ලක්‍ෂණය පැහැදිලි කිරීම සඳහා ද මෙසේ කීය. නොබෝ කලකින්ම වනාහි මේ සියලු දෙනාම නූපන් සතුරාට යටත් වීමෙන් විනාශයට පත්වෙත්. ඉක්බිති ඔවුන්ගේ රාජ්‍යශ්‍රී සම්පත්තිය දැක සිටියා වූ භික්‍ෂුව එබඳු ආකාර වූ ශ්‍රී සම්පත්තියේද විනාශය පෙනෙන්නේ යැයි අනිත්‍ය ලක්‍ෂණය වඩා සිව්පිළිසිඹියා සමග රහත්බවට පැමිණෙන්නාහ යි අනිත්‍යතා ලක්‍ෂණයද පැහැදිලි කිරීම සඳහා කියන ලදි.

අධිවාසෙතූති අම‍්බපාලියා නිමන‍්තිතභාවං ඤත්‍වාපි කස‍්මා නිමන‍්තෙන‍්තීති? අසද‍්දහනතාය චෙව වත‍්තසීසෙන ච. සා හි ධුත‍්තා ඉත්‍ථී අනිමන‍්තෙත්‍වාපි නිමන‍්තෙමීති වදෙය්‍යාති තෙසං චිත‍්තං අහොසි, ධම‍්මං සුත්‍වා ගමනකාලෙ ච නිමන‍්තෙත්‍වා ගමනං නාම මනුස‍්සානං වත‍්තමෙව.

අධිවාසෙතු යනු අම්බපාලිය ආරාධනා කළබව දැනගෙන ද කුමක් නිසා ආරාධනා කරත්ද? විශ්වාස නොකරන නිසාත් චාරිත්‍රයක් නිසාත්ය. ඇය ධූර්ත ස්ත්‍රියකි. ආරාධනා නොකරත්. ඇය ආරාධනා කළේයැයි කියන්නේය යන අදහස ඔවුන්ට විය. බණ අසා යන කල්හිද ආරාධනාකොට යාම වනාහි මිනිසුන්ගේ සිරිතයි.

වෙළුවගාමවස‍්සූපගමනවණ‍්ණනා

වෙළුවගාමකොති වෙසාලියා සමීපෙ වෙළුවගාමො. යථාමිත‍්තන‍්තිආදීසු මිත‍්තා මිත‍්තාව. සන්‍දිට‍්ඨාති තත්‍ථ තත්‍ථ සඞ‍්ගම‍්ම දිට‍්ඨමත‍්තා නාතිදළ‍්හමිත‍්තා. සම‍්භත‍්තාති සුට‍්ඨු භත‍්තා සිනෙහවන‍්තො දළ‍්හමිත‍්තා. යෙසං යෙසං යත්‍ථ යත්‍ථ එවරූපා භික‍්ඛූ අත්‍ථි, තෙ තෙ තත්‍ථ තත්‍ථ වස‍්සං උපෙථාති අත්‍ථො. කස‍්මා එවමාහ? තෙසං ඵාසුවිහාරත්‍ථාය. තෙසඤ‍්හි වෙළුවගාමකෙ සෙනාසනං නප‍්පහොති, භික‍්ඛාපි මන්‍දා. සමන‍්තා වෙසාලියා පන බහූනි සෙනාසනානි, භික‍්ඛාපි සුලභා, තස‍්මා එවමාහ. අථ කස‍්මා – “යථාසුඛං ගච‍්ඡථා”ති න විස‍්සජ‍්ජෙසි? තෙසං අනුකම‍්පාය. එවං කිරස‍්ස අහොසි – “අහං දසමාසමත‍්තං ඨත්‍වා පරිනිබ‍්බායිස‍්සාමි, සචෙ ඉමෙ දූරං ගච‍්ඡිස‍්සන‍්ති, මම පරිනිබ‍්බානකාලෙ දට‍්ඨුං න සක‍්ඛිස‍්සන‍්ති. අථ නෙසං – “සත්‍ථා පරිනිබ‍්බායන‍්තො අම‍්හාකං සතිමත‍්තම‍්පි න අදාසි, සචෙ ජානෙය්‍යාම, එවං න දූරෙ වසෙය්‍යාමා”ති විප‍්පටිසාරො භවෙය්‍ය. වෙසාලියා සමන‍්තා පන වසන‍්තා මාසස‍්ස අට‍්ඨ වාරෙ ආගන‍්ත්‍වා ධම‍්මං සුණිස‍්සන‍්ති, සුගතොවාදං ලභිස‍්සන‍්තී”ති න විස‍්සජ‍්ජෙසි.

බෙළුව ගාමකො විශාලා නුවරට සමීප ගමකි. යථාමිත්තං ආදියෙහි මිතුරු. පසමිතුරු. සන්‍දිට්ඨා ඒ ඒ තැන්වල හමුවීම් දැකීම් මාත්‍රයක් ඇත්තාහු අතිශයින් දැඩි මිතුරෝ නොවෙත්. යම් යම් තැන්වල මෙබඳු වූ භික්‍ෂුවක් සිටීද ඔවුනොවුන් ඒ ඒ තැන්වල වස් එළඹිය යුතුය යන අර්ථයි. කුමක් නිසා මෙසේ කීවේද, ඔවුන්ගේ සුවපහසුව සඳහාය. ඔවුන්ට වනාහි බෙළුව ගමෙහි සෙනසුන ප්‍රමාණවත් නොවෙයි. භික්‍ෂාවද හිඟය. විශාලා නුවර හාත්පස බොහෝ සෙනසුන් ඇත. භික්‍ෂාවද සුලභය. ඒ නිසා මෙසේ කීය. ඉක්බිති කුමක් නිසා සුවසේ යන්නය කියා පිටත්කර නොහැරියේ ද ඔවුන්ට අනුකම්පා පිණිසය. ඔහුට මෙසේ සිතින. මම මාස දහයක් පමණ සිට පිරිනිවන් පාන්නෙමි. ඉදින් මොවුන් දුරබැහැරකට යන්නේද පිරිනිවන්පානා කාලයෙහි මා දැකීමට නොහැකි වේ. ඉදින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්නේ අපට යන්තමින් සිහිපත් කිරීමක්වත් කළේ නැත. ඉදින් දන්නෙමු නම් මෙසේ දුරබැහැර වාසය නොකරන්නෙමුයි කළකිරීමක් ඇතිවන්නේය. විශාලා නුවර හාත්පස සිටින්නෝ වනාහි මාසයකට අටවරක් පැමිණ බණ අසන්නාහ. බුදුරජාණන් වහන්සේගේ අවවාද ලබන්නාහු යයි පිටත්කර හැරියේ නැත.

ඛරොති ඵරුසො. ආබාධොති විසභාගරොගො. බාළ‍්හාති බලවතියො. මාරණන‍්තිකාති මරණන‍්තං මරණසන‍්තිකං පාපනසමත්‍ථා. සතො සම‍්පජානො අධිවාසෙසීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා අධිවාසෙසි. අවිහඤ‍්ඤමානොති වෙදනානුවත‍්තනවසෙන අපරාපරං පරිවත‍්තනං අකරොන‍්තො අපීළියමානො අදුක‍්ඛියමානොව අධිවාසෙසි. අනාමන‍්තෙත්‍වාති අජානාපෙත්‍වා. අනපලොකෙත්‍වාති න අපලොකෙත්‍වා ඔවාදානුසාසනිං අදත්‍වාති වුත‍්තං හොති. වීරියෙනාති පුබ‍්බභාගවීරියෙන චෙව ඵලසමාපත‍්තිවීරියෙන ච. පටිපණාමෙත්‍වාති වික‍්ඛම‍්භෙත්‍වා. ජීවිතසඞ‍්ඛාරන‍්ති එත්‍ථ ජීවිතම‍්පි ජීවිතසඞ‍්ඛාරො. යෙන ජීවිතං සඞ‍්ඛරියති ඡිජ‍්ජමානං ඝටෙත්‍වා ඨපියති, සො ඵලසමාපත‍්තිධම‍්මොපි ජීවිතසඞ‍්ඛාරො. සො ඉධ අධිප‍්පෙතො. අධිට‍්ඨායාති අධිට‍්ඨහිත්‍වා පවත‍්තෙත්‍වා, ජීවිතට‍්ඨපනසමත්‍ථං ඵලසමාපත‍්තිං සමාපජ‍්ජෙය්‍යන‍්ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො.

ඛරො යනු ඵරුස, ආබාධො විෂම වූ රෝග. බාළ්හා බලවත්, මාරණන්තිකා මරණය සමීපයට පැමිණවීමට සමර්ථ. සතො සම්පජානො අධිවාසෙසි සිහිය මනාව පිහිටුවා ඤාණයෙන් පිරිසිඳ ඉවසීය. අවිහඤ්ඤමානො වේදනාවට අවනතවීම් වශයෙන් එකිනෙක පරිවර්තනය නොකොට පීඩාවට පත් නොකර, දුක් නොවී ඉවසීය. අතාමන්තෙත්‍වා යනු නොකැඳවා, අනපලොකෙත්‍වා නොදන්වා අවවාද අනුශාසනා නොදී යයි කියන ලදි. විරියෙන පූර්වභාග වීර්යයෙන්ද ඵලසමාපත්ති වීර්යයෙන් ද පටිප්පණාමෙත්‍වා දුරුකොට. ජීවිත සංඛාරං මෙහි ජීවිතයද ජීවිත සංඛාරයයි. යමකින් ජීවිතය සකස් කෙරේද, සිඳෙන දෙය ගලපා තබයිද ඒ ඵලසමාපත්ති ධර්මයත් ජීවිත සංඛාර නම් වේ. මෙහිදී එය අදහස් කෙරේ. අධිට්ඨාය යනු ඉහළින් සිට පවත්වා, ජීවිතය පවත්වා ගැනිමට සමර්ථ ඵලසමාපත්තියකට සමවදින්නේය යනු මෙහි කෙටි අර්ථයි.

කිං පන භගවා ඉතො පුබ‍්බෙ ඵලසමාපත‍්තිං න සමාපජ‍්ජතීති? සමාපජ‍්ජති. සා පන ඛණිකසමාපත‍්ති. ඛණිකසමාපත‍්ති ච අන‍්තොසමාපත‍්තියංයෙව වෙදනං වික‍්ඛම‍්භෙති, සමාපත‍්තිතො වුට‍්ඨිතමත‍්තස‍්ස කට‍්ඨපාතෙන වා කඨලපාතෙන වා ඡින‍්නසෙවාලො විය උදකං පුන සරීරං වෙදනා අජ‍්ඣොත්‍ථරති. යා පන රූපසත‍්තකං අරූපසත‍්තකඤ‍්ච නිග‍්ගුම‍්බං නිජ‍්ජටං කත්‍වා මහාවිපස‍්සනාවසෙන සමාපන‍්නා සමාපත‍්ති, සා සුට‍්ඨු වික‍්ඛම‍්භෙති. යථා නාම පුරිසෙන පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා හත්‍ථෙහි ච පාදෙහි ච සුට‍්ඨු අපබ්‍යූළ‍්හො සෙවාලො චිරෙන උදකං ඔත්‍ථරති; එවමෙව තතො වුට‍්ඨිතස‍්ස චිරෙන වෙදනා උප‍්පජ‍්ජති. ඉති භගවා තං දිවසං මහාබොධිපල‍්ලඞ‍්කෙ අභිනවවිපස‍්සනං පට‍්ඨපෙන‍්තො විය රූපසත‍්තකං අරූපසත‍්තකං නිග‍්ගුම‍්බං නිජ‍්ජටං කත්‍වා චුද‍්දසහාකාරෙහි සන‍්නෙත්‍වා මහාවිපස‍්සනාය වෙදනං වික‍්ඛම‍්භෙත්‍වා – “දසමාසෙ මා උප‍්පජ‍්ජිත්‍ථා”ති සමාපත‍්තිං සමාපජ‍්ජි. සමාපත‍්තිවික‍්ඛම‍්භිතා වෙදනා දසමාසෙ න උප‍්පජ‍්ජි යෙව.

කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මෙයින් පෙර ඵලසමාපත්තියට සමවදින්නේ නැද්ද? සමවදියි. එය වනාහි ක්‍ෂණිය සමාපත්තියයි. ක්‍ෂණිය සමාපත්තියද අභ්‍යන්තර සමාපත්තියක්මය. වේදනාව පහකරයි. සමාපත්තියෙන් නැගී සිටියහුගේ වනාහි ලීදඬු වැටීමෙන් හෝ කැබිලිති වැටීමෙන් හෝ සිඳීගිය දියසෙවෙල් ඇති ජලය මෙන් නැවත ශරීර වේදනාව වසාගෙන පැතිරේ. යම් ඒ වනාහි රූප සත්තකද අරූප සත්තකද අවුල් නැති ගැටලු නැතිකොට මහා විදර්ශනා වශයෙන් සමවන් සමාපත්තිය වනාහි, එය මනාව ඉවත්කර දමයි. යම්සේ වනාහි පුරුෂයකු විසින් පොකුණට බැස අත්වලින් ද පාවලින් ද මනාව ඉවත්කරන ලද දියසෙවෙල් නොබෝ වේලාවකින් ජලය වසාගෙන පැතිරේ. එපරිද්දෙන් එයින් නැගිටියහුට බොහෝ කලකින් වේදනාව හටගනී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ දවස මහා බෝ මැඩ අලුත් විදර්ශනාවක් පිහිටුවන්නාක් මෙන් රූප සත්තකයත් අරූප සත්තකයත් අවුල් නැති ගැටළු නැතිකොට සතළොස් ආකාරයකින් එකට හනා මහා විදර්ශනාවෙන් වේදනාව ඉවත්කර දසමාසයක් නූපදීවායි සමාපත්තියට සමවැදුනේය. සමාපත්තියෙන් පහ වූ වේදනාව මාස දහයක් උපන්නේ නැත.

ගිලානා වුට‍්ඨිතොති ගිලානො හුත්‍වා පුන වුට‍්ඨිතො. මධුරකජාතො වියාති සඤ‍්ජාතගරුභාවො සඤ‍්ජාතථද‍්ධභාවො සූලෙ උත‍්තාසිතපුරිසො විය. න පක‍්ඛායන‍්තීති නප‍්පකාසන‍්ති, නානාකාරතො න උපට‍්ඨහන‍්ති. ධම‍්මාපි මං න පටිභන‍්තීති සතිපට‍්ඨානාදිධම‍්මා මය‍්හං පාකටා න හොන‍්තීති දීපෙති. තන‍්තිධම‍්මා පන ථෙරස‍්ස සුපගුණා. න උදාහරතීති පච‍්ඡිමං ඔවාදං න දෙති. තං සන්‍ධාය වදති.

ගිලානා වුට්ඨිතො ගිලන්ව නැවත එයින් නැගී සිටියේ මධුරකජාතො විය හටගත් බර බව, හටගත් තද බව, උලෙහි හිඳුවන ලද්දකු මෙනි. න පක්ඛායන්ති ප්‍රකාශ නොකරත්. නොයෙක් හේතූන් නිසා නොඑළඹෙත්. ධම්මාපි මං නප්පටිභන්ති සතිපට්ඨාන ධර්මයෝ වනාහි මට පැහැදිලි නොවෙත්යැයි දක්වයි. බුද්ධ වචනය වනාහි තෙරුන්ට මනාව ප්‍රගුණය. උදාහරති යනු අවසාන අවවාදය නොදෙයි යන්න ගැන කියයි.

අනන‍්තරං අබාහිරන‍්ති ධම‍්මවසෙන වා පුග‍්ගලවසෙන වා උභයං අකත්‍වා. “එත‍්තකං ධම‍්මං පරස‍්ස න දෙසෙස‍්සාමී”ති හි චින‍්තෙන‍්තො ධම‍්මං අබ‍්භන‍්තරං කරොති නාම. “එත‍්තකං පරස‍්ස දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො ධම‍්මං බාහිරං කරොති නාම. “ඉමස‍්ස පුග‍්ගලස‍්ස දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො පන පුග‍්ගලං අබ‍්භන‍්තරං කරොති නාම. “ඉමස‍්ස න දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො පුග‍්ගලං බාහිරං කරොති නාම. එවං අකත්‍වා දෙසිතොති අත්‍ථො. ආචරියමුට‍්ඨීති යථා බාහිරකානං ආචරියමුට‍්ඨි නාම හොති. දහරකාලෙ කස‍්සචි අකථෙත්‍වා පච‍්ඡිමකාලෙ මරණමඤ‍්චෙ නිපන‍්නා පියමනාපස‍්ස අන‍්තෙවාසිකස‍්ස කථෙන‍්ති, එවං තථාගතස‍්ස – “ඉදං මහල‍්ලකකාලෙ පච‍්ඡිමට‍්ඨානෙ කථෙස‍්සාමී”ති මුට‍්ඨිං කත්‍වා “පරිහරිස‍්සාමී”ති ඨපිතං කිඤ‍්චි නත්‍ථීති දස‍්සෙති.

අනන්තරං අබාහිරං ධර්ම වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් යන දෙකම නොකොට මෙතෙක් ධර්මය අනුන්ට දේශනා නොකරන්නෙමියි සිතන්නේ ධර්මය අන්තර, අභ්‍යන්තර කිරීම නම් වේ. මේ පුද්ගලයාට දේශනා කරන්නෙමියි සිතන්නේ වනාහි පුද්ගලයා අභ්‍යන්තර කිරීම නම් වේ. මොහුට දේශනා නොකරන්නෙමියි සිතන්නේ පුද්ගලයා බාහිර කිරීම නම් වේ. මෙසේ නොකොට දේශනා කරන ලද්දේය යන අර්ථයි. ආචරියමුට්ඨි යනු යම්සේ පිටස්තර අයට ආචරියමුට්ඨි නම් වේ. තරුණ කාලයේ කිසිවකුටත් නොකියා පසුකාලයේ මරණාසන්නව සිටින්නෝ ප්‍රියමනාප වූ අතවැසියකුට කියත්. මෙසේ තථාගතයන් වහන්සේ, මෙය මහලු කාලයේ, පසු කාලයේ කියන්නෙමියි සඟවා තබාගත් කිසිවක් නැතැයි දක්වයි.

අහං භික‍්ඛුසඞ‍්ඝන‍්ති අහමෙව භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමීති වා මමුද‍්දෙසිකොති අහං උද‍්දිසිතබ‍්බට‍්ඨෙන උද‍්දෙසො අස‍්සාති මමුද‍්දෙසිකො. මංයෙව උද‍්දිසිත්‍වා මම පච‍්චාසීසමානො භික‍්ඛුසඞ‍්ඝො හොතු, මම අච‍්චයෙන වා මා අහෙසුං, යං වා තං වා හොතූති ඉති වා යස‍්ස අස‍්සාති අත්‍ථො. න එවං හොතීති බොධිපල‍්ලඞ‍්කෙයෙව ඉස‍්සාමච‍්ඡරියානං විහතත‍්තා එවං න හොති. ස කින‍්ති සො කිං. ආසීතිකොති අසීතිසංවච‍්ඡරිකො. ඉදං පච‍්ඡිමවයඅනුප‍්පත‍්තභාවදීපනත්‍ථං වුත‍්තං. වෙඨමිස‍්සකෙනාති බාහබන්‍ධචක‍්කබන්‍ධාදිනා පටිසඞ‍්ඛරණෙන වෙඨමිස‍්සකෙන. මඤ‍්ඤෙති ජිණ‍්ණසකටං විය වෙඨමිස‍්සකෙන මඤ‍්ඤෙ යාපෙති. අරහත‍්තඵලවෙඨනෙන චතුඉරියාපථකප‍්පනං තථාගතස‍්ස හොතීති දස‍්සෙති.

අහං භික්ඛුසංඝං මම ම භික්‍ෂු සංඝයාව පරිහරණය කරන්නෙමි කියා හෝ, මමුද්දෙසිකො යනු මම උදෙසිය යුතු තැන, කියාදෙන්නා වන්නේය. නියම කරන්නා වන්නේය. භික්‍ෂු සංඝයා මා පමණක්ම උදෙසා මා පමණක්ම බලාපොරොත්තු වෙමින් පවතිත්වා. මගෙන් පසුව හේ නොවේවා. යමක් හෝ එය හෝ වේවායි මෙසේ හෝ මොහුට වේවා යන අර්ථයි. න එවං හොති (මෙසේ නොවෙයි.) බෝමැඩදීම ඊර්ෂ්‍යාව හා මාත්සර්ය නැතිකළ බැවින් මෙසේ නොවෙයි. සකිං යනු හෙතෙම කුමක් නිසා ආසීතිකො අසූවයස් ඇත්තේ මේ අවසන වයස් සීමාවට පැමිණි බව දැන්වීමට කියන ලදි. වෙඛමිස්සකෙන රෝද බැඳීම ආදී නොයෙක් ප්‍රතිසංස්කරණවලින් යුක්තව. මඤ්ඤෙ යනු නොයෙක් ප්‍රතිසංස්කරණවලින් යුත් දිරාගිය කරත්තයක් මෙන් යයි සිතමි. රහත්ඵල නමැති ප්‍රතිසංස්කරණවලින් යුත් සිව් ඉරියව් පැවැත්ම භාග්‍යවතුන් වහන්සේම වන්නේ යැයි දක්වයි.

ඉදානි තමත්‍ථං පකාසෙන‍්තො යස‍්මිං, ආනන්‍ද, සමයෙතිආදිමාහ. තත්‍ථ සබ‍්බනිමිත‍්තානන‍්ති රූපනිමිත‍්තාදීනං. එකච‍්චානං වෙදනානන‍්ති ලොකියානං වෙදනානං. තස‍්මාතිහානන්‍දාති යස‍්මා ඉමිනා ඵලසමාපත‍්තිවිහාරෙන ඵාසු හොති, තස‍්මා තුම‍්හෙපි තදත්‍ථාය එවං විහරථාති දස‍්සෙති. අත‍්තදීපාති මහාසමුද‍්දගතදීපං විය අත‍්තානං දීපං පතිට‍්ඨං කත්‍වා විහරථ. අත‍්තසරණාති අත‍්තගතිකාව හොථ, මා අඤ‍්ඤගතිකා. ධම‍්මදීපධම‍්මසරණපදෙසුපි එසෙව නයො. තමතග‍්ගෙති තමඅග‍්ගෙ. මජ‍්ඣෙ තකාරො පදසන්‍ධිවසෙන වුත‍්තො. ඉදං වුත‍්තං හොති – “ඉමෙ අග‍්ගතමාති තමතග‍්ගා”ති. එවං සබ‍්බං තමයොගං ඡින්‍දිත්‍වා අතිවිය අග‍්ගෙ උත‍්තමභාවෙ එතෙ, ආනන්‍ද, මම භික‍්ඛූ භවිස‍්සන‍්ති. තෙසං අතිඅග‍්ගෙ භවිස‍්සන‍්ති, යෙ කෙචි සික‍්ඛාකාමා, සබ‍්බෙපි තෙ චතුසතිපට‍්ඨානගොචරාව භික‍්ඛූ අග‍්ගෙ භවිස‍්සන‍්තීති අරහත‍්තනිකූටෙන දෙසනං සඞ‍්ගණ‍්හාති.

දැන් ඒ කාරණය ප්‍රකාශ කරමින් ‘යස්මිං ආනන්‍ද සමයෙ (ආනන්දය! යම්කලෙකදී) ආදිය කීය. එහි සබ්බ නිමිත්තානං රූප නිමිති ආදිය. එකච්චානං වේදනානං ලෞකික වේදනාවන්ගේ. තස්මාතිහ ආනන්‍ද යම් හෙයකින් මේ ඵලසමාපත්ති වාසයෙන් අපහසුතාවයක් නොවෙයි. ඒ නිසා නුඹලාට ඒ සඳහා මෙසේ වාසය කරව්යැයි දක්වයි. අත්තදීපා මහා සමුද්‍රය මැද දිවයිනක් මෙන් තමාව දීපයක්, පිහිටක් කොට වාසය කරව්. අත්තසරණා තමාම පිහිට කරගන්න. අනුන් පිහිට කර නොගන්න. ධම්මදීප - ධම්මසරණ යන පදවලදී ද මේ ක්‍රමයමයි. තමතග්ගෙ ඔහුව උසස් තැන්හි - මැද ‘ත’ කාරය පද සන්ධි කිරීම සඳහා කියන ලදි. මෙය සඳහා ඇත. මොව්හු අග්‍රතමයෝය. අග්ගතම යන තන්හි ‘තම’ යෙදීම සිඳ දමා ආනන්දය! ඔව්හු අතිශයින් අග්‍ර ස්ථානයෙහි උත්තම වූ ස්ථානයෙහි සිටිත්. ඔවුන්ගේ අතිශයින්ම අග්‍ර ස්ථානයෙහි වන්නාහ. යම් ඒ ශික්‍ෂාකාමීහු වෙත්ද ඒ සියල්ලන් අතර අතර සතර සතිපට්ඨානයට නැඹුරු වූ භික්‍ෂුව අග්‍ර වන්නේය. රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව සංග්‍රහ කෙරේ.

දුතියභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන බණවර වර්ණනාව නිමියේ ය.

නිමිත‍්තොභාසකථාවණ‍්ණනා

වෙසාලිං පිණ‍්ඩාය පාවිසීති කදා පාවිසි? උක‍්කචෙලතො නික‍්ඛමිත්‍වා වෙසාලිං ගතකාලෙ. භගවා කිර වුට‍්ඨවස‍්සො වෙළුවගාමකා නික‍්ඛමිත්‍වා සාවත්‍ථිං ගමිස‍්සාමීති ආගතමග‍්ගෙනෙව පටිනිවත‍්තන‍්තො අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනං පාවිසි. ධම‍්මසෙනාපති භගවතො වත‍්තං දස‍්සෙත්‍වා දිවාට‍්ඨානං ගතො. සො තත්‍ථ අන‍්තෙවාසිකෙසු වත‍්තං දස‍්සෙත්‍වා පටික‍්කන‍්තෙසු දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා චම‍්මක‍්ඛණ‍්ඩං පඤ‍්ඤපෙත්‍වා පාදෙ පක‍්ඛාලෙත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ඵලසමාපත‍්තිං පාවිසි. අථස‍්ස යථාපරිච‍්ඡෙදෙන තතො වුට‍්ඨිතස‍්ස අයං පරිවිතක‍්කො උදපාදි – “බුද‍්ධා නු ඛො පඨමං පරිනිබ‍්බායන‍්ති, අගසාවකා නු ඛො”ති? තතො – “අග‍්ගසාවකා පඨම”න‍්ති ඤත්‍වා අත‍්තනො ආයුසඞ‍්ඛාරං ඔලොකෙසි. සො – “සත‍්තාහමෙව මෙ ආයුසඞ‍්ඛාරො පවත‍්තතී”ති ඤත්‍වා – “කත්‍ථ පරිනිබ‍්බායිස‍්සාමී”ති චින‍්තෙසි. තතො – “රාහුලො තාවතිංසෙසු පරිනිබ‍්බුතො, අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො ඡද‍්දන‍්තදහෙ, අහං කත්‍ථ පරිනිබ‍්බායිස‍්සාමී”ති පුන චින‍්තෙන‍්තො මාතරං ආරබ‍්භ සතිං උප‍්පාදෙසි – “මය‍්හං මාතා සත‍්තන‍්නං අරහන‍්තානං මාතා හුත්‍වාපි බුද‍්ධධම‍්මසඞ‍්ඝෙසු අප‍්පසන‍්නා, අත්‍ථි නු ඛො තස‍්සා උපනිස‍්සයො, නත්‍ථි නු ඛො”ති ආවජ‍්ජෙත්‍වා සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයං දිස‍්වා – “කස‍්ස දෙසනාය අභිසමයො භවිස‍්සතී”ති ඔලොකෙන‍්තො – “මමෙව ධම‍්මදෙසනාය භවිස‍්සති, න අඤ‍්ඤස‍්ස. සචෙ ඛො පනාහං අප‍්පොස‍්සුක‍්කො භවෙය්‍යං, භවිස‍්සන‍්ති මෙ වත‍්තාරො – ‘සාරිපුත‍්තත්‍ථෙරො අවසෙසජනානම‍්පි අවස‍්සයො හොති. තථා හිස‍්ස සමචිත‍්තසුත‍්තදෙසනාදිවසෙ (අ· නි· 1.37) කොටිසතසහස‍්සදෙවතා අරහත‍්තං පත‍්තා. තයො මග‍්ගෙ පටිවිද‍්ධදෙවතානං ගණනා නත්‍ථි. අඤ‍්ඤෙසු ච ඨානෙසු අනෙකා අභිසමයා දිස‍්සන‍්ති. ථෙරෙව චිත‍්තං පසාදෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තානෙව අසීතිකුලසහස‍්සානි. සො දානි සකමාතුමිච‍්ඡාදස‍්සනමත‍්තම‍්පි හරිතුං නාසක‍්ඛී’ති. තස‍්මා මාතරං මිච‍්ඡාදස‍්සනා මොචෙත්‍වා ජාතොවරකෙයෙව පරිනිබ‍්බායිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා – “අජ‍්ජෙව භගවන‍්තං අනුජානාපෙත්‍වා නික‍්ඛමිස‍්සාමී”ති චුන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි. “ආවුසො, චුන්‍ද, අම‍්හාකං පඤ‍්චසතාය භික‍්ඛුපරිසාය සඤ‍්ඤං දෙහි – ‘ගණ‍්හථාවුසො පත‍්තචීවරානි, ධම‍්මසෙනාපති නාළකගාමං ගන‍්තුකාමො’ති”. ථෙරො තථා අකාසි. භික‍්ඛූ සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය ථෙරස‍්ස සන‍්තිකං ආගමංසු. ථෙරො සෙනාසනං සංසාමෙත්‍වා දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා දිවාට‍්ඨානද‍්වාරෙ ඨත්‍වා දිවාට‍්ඨානං ඔලොකෙන‍්තො – “ඉදං දානි පච‍්ඡිමදස‍්සනං, පුන ආගමනං නත්‍ථී”ති පඤ‍්චසතභික‍්ඛුපරිවුතො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එතදවොච –

වෙසාලියං පිණ්ඩාය පාවිසි යනු කවදා පිවිසියේ ද? උතු වේලාවෙන් නික්ම විශාලාවට ගිය කල්හි, භාග්‍යවතුන් වහන්සේ වනාහි වසන ලද වස් ඇත්තේ බේළුව ගමින් නික්ම සැවැත්නුවරට යන්නෙමියි පැමිණි මගින්ම ආපසු හැරී පිළිවෙලින් සැවැත්නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට වැඩි සේක. ධර්මසේනාපතීන් වහන්සේ වනාහි භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා දිවා විහාරස්ථානයට ගියේ එහි අතවැසි භික්‍ෂූන් වත් දක්වා නික්මගිය කල්හි දිවා විහාරය ඇමද සම්කඩ අතුරා පා සෝදා පළඟක් බැඳ ඵලසමාපත්තියට පිවිසියේය. ඉක්බිති අනුපිළිවෙලින් එයින් නැගීසිටියහුට මෙසේ සිතිණ. පළමුවෙන් පිරිනිවන්පාන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද? බුදුරජාණන් වහන්සේද ඉක්බිති අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පළමුවයැයි දැන තමාගේ ආයු සංස්කාරය බැලීය. හෙතෙම දින සතකින් තමාගේ ආයු සංස්කාරය වන්නේ යැයි දැන කවර ස්ථානයක පිරිනිවන් පාන්නෙම්දැයි බැලීය. ඉක්බිති රාහුල තෙරුන් වහන්සේ තව්තිසාවේ පිරිනිවන්පෑවේය. අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ ඡද්දන්ත විලේ පිරිනිවන් පෑවේය. මම කොහේ පිරිනිවන් පාන්නෙම්දැයි නැවත සිතන්නේ මව අරමුණුකොට සිහිය පිහිටුවාලීය. මගේ මව රහතන් වහන්සේලා හත්නමකගේ මවය. නමුත් තෙරුවන් කෙරෙහි අප්‍රසන්නය. ඇයට හේතුවාසනාවක් ඇත්තේද නැද්ද කියා ආවර්ජනා කර බලා සෝවාන් මාර්ගයට වාසනාව ඇති බව දැන කවරකුගේ දේශනාවක් එයට හේතුවන්නේදැයි බලන්නේ අන් කෙනෙකුගේ නොව මගේම දේශනාවක් හේතු වන්නේ යැයි දැනගත්තේය. ඉදින් මම පසුබට වන්නෙම් නම් ජනයා මෙසේ කියන්නාහ. සැරියුත් තෙරුන් වහන්සේ අන් මහජනයාට උපකාරී වෙයි. යම්සේ වනාහි උන්වහන්සේගේ සමචිත්ත සූත්‍රාන්ත දේශනා දවසේ දී කෝටි ශත සහශ්‍රයක් දෙවිවරු රහත්බව ලැබූහ. තෙමගෙහි පිහිටි දෙවිවරුන්ගේ සංඛ්‍යාවක් නැත. වෙනත් තැන්වලදීද අනේකවූ අවබෝධ වූවන් දක්නට ලැබේ. තෙරුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා පවුල් අසූදහසක් දෙව්ලොව උපන්හ. දැන් උන්වහන්සේ තම මවගේ මිථ්‍යාදෘෂ්ටිය අත්හරවන්නාට නොහැකි විය. ඒ නිසා මවව මිථ්‍යාදෘෂ්ටියෙන් මුදවා උපන් කාමරයේම පිරිනිවන් පාන්නෙමියි තීරණය කරගෙන අදම භාග්‍යවතුන් වහන්සේගේ අනුමතිය ලබාගෙන නික්ම යන්නෙමියි චුන්ද තෙරුන් ඇමතීය. ඇවැත්නි, චුන්ද! ධර්මසේනාපතීන් වහන්සේ නාලක ගමට වඩිනු කැමැත්තේය. ඇවැත්නි! පාත්‍රා සිවුරු ගන්න යැයි අපගේ පන්සියයක් භික්‍ෂූන්ට දන්වන්න යැයි පැවසීය. තෙරුන් වහන්සේ එසේ කළේය. ඒ භික්‍ෂූහු සෙනසුන සකස්කොට දිවා විහරණය කරන ස්ථානය ඇමද එහි දොරටුවේ සිට දිවා විහාර ස්ථානය දෙස බලා මේ මාගේ අවසන් දැක්මයි. නැවත ඒමක් නැත කියා පන්සියයක් භික්‍ෂූන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ වැඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළ සේක.

“ඡින‍්නො දානි භවිස‍්සාමි, ලොකනාථ මහාමුනි; ගමනාගමනං නත්‍ථි, පච‍්ඡිමා වන්‍දනා අයං.

ලෝකයට පිහිට වූ මහා මුනීන්ද්‍රයන් වහන්ස! මම දැන් ජරාවට පත්වූයේ වෙමි. නැවත යාමක් ඊමක් නැත. මේ මාගේ අවසාන වන්දනාවයි.

ජීවිතං අප‍්පකං මය‍්හං, ඉතො සත‍්තාහමච‍්චයෙ; නික‍්ඛිපෙය්‍යාමහං දෙහං, භාරවොරොපනං යථා.

මාගේ ජීවිතය ඉතා කෙටිය. මෙයින් දින සතක් ගතවූ තැන මම දේහය අත්හරිමි. යම්සේ බරක් බිම තබන්නාක් මෙනි.

අනුජානාතු මෙ භන‍්තෙ, භගවා, අනුජානාතු සුගතො; පරිනිබ‍්බානකාලො මෙ, ඔස‍්සට‍්ඨො ආයුසඞ‍්ඛාරො”ති.

භාග්‍යවතුන් වහන්ස! සුගතයන් වහන්ස, මට අවසර දෙන සේක්වා. මේ මාගේ පිරිනිවන්පානා කාලයයි. ආයු සංස්කාරය හරින ලදි.

බුද‍්ධා පන යස‍්මා “පරිනිබ‍්බාහී”ති වුත‍්තෙ මරණසංවණ‍්ණනං සංවණ‍්ණෙන‍්ති නාම, “මා පරිනිබ‍්බාහී”ති වුත‍්තෙ වට‍්ටස‍්ස ගුණං කථෙන‍්තීති මිච‍්ඡාදිට‍්ඨිකා දොසං ආරොපෙස‍්සන‍්ති, තස‍්මා තදුභයම‍්පි න වදන‍්ති. තෙන නං භගවා ආහ – “කත්‍ථ පරිනිබ‍්බායිස‍්සසි සාරිපුත‍්තා”ති? “අත්‍ථි, භන‍්තෙ, මගධෙසු නාළකගාමෙ ජාතොවරකො, තත්‍ථාහං පරිනිබ‍්බායිස‍්සාමී”ති වුත‍්තෙ “යස‍්ස දානි ත්‍වං, සාරිපුත‍්ත, කාලං මඤ‍්ඤසි, ඉදානි පන තෙ ජෙට‍්ඨකනිට‍්ඨභාතිකානං තාදිසස‍්ස භික‍්ඛුනො දස‍්සනං දුල‍්ලභං භවිස‍්සතීති දෙසෙහි තෙසං ධම‍්ම”න‍්ති ආහ.

බුදුවරයන් වහන්සේලා වනාහි කුමක් නිසා පිරිනිවන් පාන්නෙහිදැයි ඇසූකල්හි මරණය පිළිබඳව වර්ණනාවක් කළා වන්නේය. පිරිනිවන් පාන්නට එපායැයි කීකල්හි සසරෙහි ගුණ කීමක් වන්නේය. මිථ්‍යාදෘෂ්ටිකයෝ දොස් නොනගත්වායි මේ ප්‍රශ්න දෙකම නොවදාළ සේක. ඒ නිසා සාරිපුත්තය, කොතැන්හි පිරිනිවන් පාන්නෙහි දැයි ඇසූ සේක. ස්වාමීනි! මගධයේ නාලක ගමෙහි උපන්ගෙය ඇත. මම එහි පිරිනිවන් පාන්නෙමියි කීකල්හි, සාරිපුත්‍රය! එසේය. එයට කාලය සුදුසුයැයි වදාළ සේක. දැන් වනාහි දෙටු, කනිටු අන්‍ය භික්‍ෂූන්ට මෙබඳු භික්‍ෂූන් වහන්සේ නමක් නැවත දක්නට නොලැබේ. එබැවින් ඔවුන්ට ධර්මයක් දේශනා කරන්නයැයි වදාළහ.

ථෙරො – “සත්‍ථා මය‍්හං ඉද‍්ධිවිකුබ‍්බනපුබ‍්බඞ‍්ගමං ධම‍්මදෙසනං පච‍්චාසීසතී”ති ඤත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා තාලප‍්පමාණං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පුන ඔරුය‍්හ භගවන‍්තං වන්‍දිත්‍වා සත‍්තතාලප‍්පමාණෙ අන‍්තලික‍්ඛෙ ඨිතො ඉද‍්ධිවිකුබ‍්බනං දස‍්සෙත්‍වා ධම‍්මං දෙසෙසි. සකලනගරං සන‍්නිපති. ථෙරො ඔරුය‍්හ භගවන‍්තං වන්‍දිත්‍වා “ගමනකාලො මෙ, භන‍්තෙ”ති ආහ. භගවා “ධම‍්මසෙනාපතිං පටිපාදෙස‍්සාමී”ති ධම‍්මාසනා උට‍්ඨාය ගන්‍ධකුටිඅභිමුඛො ගන‍්ත්‍වා මණිඵලකෙ අට‍්ඨාසි. ථෙරො තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා – “භගවා ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස උපරි අනොමදස‍්සිසම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාදමූලෙ නිපතිත්‍වා තුම‍්හාකං දස‍්සනං පත්‍ථෙසිං. සා මෙ පත්‍ථනා සමිද‍්ධා, දිට‍්ඨා තුම‍්හෙ, තං පඨමදස‍්සනං, ඉදං පච‍්ඡිමදස‍්සනං. පුන තුම‍්හාකං දස‍්සනං නත්‍ථී”ති – වත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ යාව දස‍්සනවිසයො, තාව අභිමුඛොව පටික‍්කමිත්‍වා “ඉතො පට‍්ඨාය චුතිපටිසන්‍ධිවසෙන කිස‍්මිඤ‍්චි ඨානෙ ගමනාගමනං නාම නත්‍ථී”ති වන්‍දිත්‍වා පක‍්කාමි. උදකපරියන‍්තං කත්‍වා මහාභූමිචාලො අහොසි. භගවා පරිවාරෙත්‍වා ඨිතෙ භික‍්ඛූ ආහ – “අනුගච‍්ඡථ, භික‍්ඛවෙ, තුම‍්හාකං ජෙට‍්ඨභාතික”න‍්ති. භික‍්ඛූ යාව ද‍්වාරකොට‍්ඨකා අගමංසු. ථෙරො – “තිට‍්ඨථ, තුම‍්හෙ ආවුසො, අප‍්පමත‍්තා හොථා”ති නිවත‍්තාපෙත්‍වා අත‍්තනො පරිසායෙව සද‍්ධිං පක‍්කාමි. මනුස‍්සා – “පුබ‍්බෙ අය්‍යො පච‍්චාගමනචාරිකං චරති, ඉදං දානි ගමනං න පුන පච‍්චාගමනායා”ති පරිදෙවන‍්තා අනුබන්‍ධිංසු. තෙපි “අප‍්පමත‍්තා හොථ ආවුසො, එවංභාවිනො නාම සඞ‍්ඛාරා”ති නිවත‍්තාපෙසි.

ශාස්තෲන් වහන්සේ මගෙන් සෘද්ධි විකුබ්බනය පෙරටු වූ ධර්මදේශනාවක් බලාපොරොත්තු වන්නේ යැයි දැනගෙන භාග්‍යවතුන් වහන්සේට වැඳ තල්ගසක් පමණ උසට අහසට නැගී නැවත බැස භාග්‍යවතුන් වහන්සේට වැඳ තල්ගස් සතක් පමණ උසින් අහසේ සිට සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා ධර්මදේශනා කළේය. මුළු නගරයේම ජනයා ඒකරාශී වූහ. තෙරුන්වහන්සේ බැස බුදුන් වැඳ ස්වාමීනි! මට යාමට කාලයයි අවසර ඉල්වූහ. භාග්‍යවතුන් වහන්සේ, ධර්මසේනාපතීන් වහන්සේව සූදානම් කරන්නෙමියි ධර්මාසනයෙන් නැගිට ගඳකිළිය දෙසට වැඩමවා මිණිපළඟෙහි වැඩසිටියේය. තෙරුන්වහන්සේ තුන්වරක් ප්‍රදක්‍ෂිණාකොට සිව්තැනක සිට වැඳ භාග්‍යවතුන් වහන්ස, මෙයින් කල්ප ශතසහස්‍ර අසංඛෙය්‍යකට මත්තේ අනෝමදස්සී බුදුන්ගේ පාදමූලයේ වැටී ඔබවහන්සේගේ දැකීම (හමුවීම) ප්‍රාර්ථනා කළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ විය. ඔබවහන්සේව දක්නා ලදි. ඒ පළමු දැකීමයි. මේ අවසාන දර්ශනයයි. නැවත ඔබවහන්සේව දකින්නට නොලැබේයයි කියා ඇඟිලි දසය එක්තැන් කර ඇඳිලි බැඳ පෙනෙන තෙක් ඉදිරිපිටට ගොස් මෙතැනි පටන් ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් කිසිම තැනක ගමනාගමනයක් නැතැයි වැඳ පිටත්ව ගියේය. සාගරය අවසන්කොට ඇති මහපොළොව කම්පා විය. භාග්‍යවතුන් වහන්සේ පිරිවරාගෙන සිටි භික්‍ෂූන්ට මෙසේ වදාළ සේක. මහණෙනි, ඔබලාගේ දෙටු සොහොයුරා පසුපස යන්න. භික්‍ෂූහු දොරටුව තෙක් පසුගමන් කළහ. තෙරුන්වහන්සේ ඔවුන් අමතා ඇවැත්නි! ඔබවහන්සේලා නතරවන්න. අප්‍රමාදී වන්නයැයි නතර කරවා තමන්ගේ පිරිස සමග පිටත්ව ගියේය. මනුෂ්‍යයෝ ආර්යයන් වහන්සේ පසුගමන් වඩිති. නැවත ආපසු නොවඩින්නේයැයි හඬා වැළපෙමින් පසුපස ගමන් කළහ. ඇවැත්නි, ඔබවහන්සේලා අප්‍රමාදී වන්න. සංස්කාරයෝ නම් මෙසේ වන්නාහ යැයි නතර කළහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො අන‍්තරාමග‍්ගෙ සත‍්තාහං මනුස‍්සානං අනුග‍්ගහං කරොන‍්තො සායං නාළකගාමං පත්‍වා ගාමද‍්වාරෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ අට‍්ඨාසි. අථ උපරෙවතො නාම ථෙරස‍්ස භාගිනෙය්‍යො බහිගාමං ගච‍්ඡන‍්තො ථෙරං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. ථෙරො තං ආහ – “අත්‍ථි ගෙහෙ තෙ අය්‍යිකා”ති? ආම, භන‍්තෙති. ගච‍්ඡ අම‍්හාකං ඉධාගතභාවං ආරොචෙහි. “කස‍්මා ආගතො”ති ච වුත‍්තෙ “අජ‍්ජ කිර එකදිවසං අන‍්තොගාමෙ භවිස‍්සති, ජාතොවරකං පටිජග‍්ගථ, පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං නිවාසනට‍්ඨානං ජානාථා”ති. සො ගන‍්ත්‍වා “අය්‍යිකෙ, මය‍්හං මාතුලො ආගතො”ති ආහ. ඉදානි කුහින‍්ති? ගාමද‍්වාරෙති. එකකොව, අඤ‍්ඤොපි කොචි අත්‍ථීති ? අත්‍ථි පඤ‍්චසතා භික‍්ඛූති. කිං කාරණා ආගතොති? සො තං පවත‍්තිං ආරොචෙසි. බ්‍රාහ‍්මණී – “කිං නු ඛො එත‍්තකානං වසනට‍්ඨානං පටිජග‍්ගාපෙති, දහරකාලෙ පබ‍්බජිත්‍වා මහල‍්ලකකාලෙ ගිහී හොතුකාමො”ති චින‍්තෙන‍්තී ජාතොවරකං පටිජග‍්ගාපෙත්‍වා පඤ‍්චසතානං භික‍්ඛූනං වසනට‍්ඨානං කාරෙත්‍වා දණ‍්ඩදීපිකායො ජාලෙත්‍වා ථෙරස‍්ස පාහෙසි.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ අතරමග සත්දිනක් මනුෂ්‍යයන්ට අනුග්‍රහ දක්වමින් සවස නාලක ගමට වැඩ ගම්දොර නිග්‍රෝධ වෘක්‍ෂ මූලයෙහි වැඩසිටියේය. ඉක්බිති උපරේවත නම් වූ තෙරුන්ගේ බෑනනු කෙනෙක් ගමින් පිටතට යන්නේ තෙරුන් දැක එළඹ වැඳ සිටියේය. තෙරුන්වහන්සේ ඔහුට මෙසේ පැවසූහ. ඔබගේ මව ගෙදර සිටීද? එසේය ස්වාමීනියි කී කල්හි යන්න. මා මෙහි පැමිණ සිටින බව දන්වන්න. කුමක් නිසා ආවේදැයි ඇසුවහොත් අද වනාහි එක් දවසක් ඇතුල්ගම සිටින්නේය. උපන් කාමරය පිළියෙල කරන්න. පන්සියයක් භික්‍ෂූන්ට වැඩසිටින්නට තැන් පිළියෙල කරන්න යැයි වදාළේය. හෙතෙම ගොස් මෑණියනි! මගේ මාමා පැමිණියේයැයි කීය. දැන් කොහිදැයි ඇසූවිට ගමට පිවිසෙන තැනයයි පැවසීය. තනිවද? තවත් කවුරු හෝ සිටිත්ද? පන්සියයක් භික්‍ෂූහු සිටිති. කුමක කරුණකට වැඩියේද? ඔහු ඒ පුවත සැළ කළේය. මෙපමණ භික්‍ෂූන්ට වාසය කරන්නට තැන් කෙසේ සූදානම් කරමුද? කුඩා කල පැවිදිව වයස්ගත වී ගිහි වන්නට සිතනවා විය හැකියයි බැමිණිය සිතන්නී උපන් කාමරය සූදානම් කරවා පන්සියයක් භික්‍ෂූන්ට නතරවන්නට තැන් පිළියෙල කරවා දඬුවැටපහන් ආදිය දල්වා තෙරුන්ට පණිවිඩ යැවුවාය.

ථෙරො භික‍්ඛූහි සද‍්ධිං පාසාදං අභිරුහි. අභිරුහිත්‍වා ච ජාතොවරකං පවිසිත්‍වා නිසීදි. නිසජ‍්ජෙව – “තුම‍්හාකං වසනට‍්ඨානං ගච‍්ඡථා”ති භික‍්ඛූ උය්‍යොජෙසි. තෙසු ගතමත‍්තෙසුයෙව ථෙරස‍්ස ඛරො ආබාධො උප‍්පජ‍්ජි, ලොහිතපක‍්ඛන්‍දිකා මාරණන‍්තිකා වෙදනා වත‍්තන‍්ති, එකං භාජනං පවිසති, එකං නික‍්ඛමති. බ්‍රාහ‍්මණී – “මම පුත‍්තස‍්ස පවත‍්ති මය‍්හං න රුච‍්චතී”ති අත‍්තනො වසනගබ‍්භද‍්වාරං නිස‍්සාය අට‍්ඨාසි. චත‍්තාරො මහාරාජානො “ධම‍්මසෙනාපති කුහිං විහරතී”ති ඔලොකෙන‍්තා “නාළකගාමෙ ජාතොවරකෙ පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො, පච‍්ඡිමදස‍්සනං ගමිස‍්සාමා”ති ආගම‍්ම වන්‍දිත්‍වා අට‍්ඨංසු. ථෙරො – කෙ තුම‍්හෙති? මහාරාජානො, භන‍්තෙති. කස‍්මා ආගතත්‍ථාති? ගිලානුපට‍්ඨාකා භවිස‍්සාමාති. හොතු, අත්‍ථි ගිලානුපට‍්ඨාකො, ගච‍්ඡථ තුම‍්හෙති උය්‍යොජෙසි. තෙසං ගතාවසානෙ තෙනෙව නයෙන සක‍්කො දෙවානමින්‍දො, තස‍්මිං ගතෙ සුයාමාදයො මහාබ්‍රහ‍්මා ච ආගමිංසු. තෙපි තථෙව ථෙරො උය්‍යොජෙසි.

තෙරුන්වහන්සේ භික්‍ෂූන් සමග ප්‍රාසාදයට නැගී උපන් කාමරයට ගොස් වැඩසිටියේය. එසේ වැඩසිට ඔබවහන්සේලාගේ වාසස්ථානවලට වඩින්නයැයි භික්‍ෂූන් පිටත්කර හැරියේය. ඔවුන් ඉවත්ව ගිය මොහොතේම තෙරුන්වහන්සේට ඉතා දරුණු ආබාධයක් හටගත්තේය. ලෝහිත පක්ඛන්‍දි නම් වූ ලේ වැගිරෙන මාරාන්තික වේදනාවක් හටගත්තේය. එක් භාජනයක් ඇතුළට ගන්නා විට එකක් පිටතට ගනී. මාගේ පුත්‍රයාගේ තත්ත්වය මට දරාගත නොහැකැයි කියා තමන්ගේ කාමරයට වී සිටියාය. සතරවරම් දෙවිවරු ධර්මසේනාපතීන් වහන්සේ කොහි වසන්නේදැයි බලන්නේ නාලක ගමෙහි උපන්ගෙයි පිරිනිවන් මංචකයෙහි වැඩසිටින බව දැන අවසන් දැක්ම සඳහා යන්නෙමුයි අවුත් වැඳ සිටියාහ. තෙරුන් වහන්සේ නුඹලා කවරහුදැයි ඇසූවිට ස්වාමීනි! මහරජවරුය. කුමක් නිසා ආවාහුද? ගිලානෝපස්ථානයට පැමිණියෙමුයි කීවිට, එසේය. ගිලානෝපස්ථානය සඳහා කෙනෙක් සිටී. තොප යන්නයැයි පිටත් කළේය. ඔවුන් ගියවිට ඒ ක්‍රමයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයාත්, ඔවුන් ගිය කල්හි සුයාම ආදී මහා බ්‍රහ්මයෝත් පැමිණියාහ. තෙරුන්වහන්සේ ඔවුන්වද එසේම පිටත්කර හැරියේය.

බ්‍රාහ‍්මණී දෙවතානං ආගමනඤ‍්ච ගමනඤ‍්ච දිස‍්වා – “කෙ නු ඛො එතෙ මම පුත‍්තං වන්‍දිත්‍වා ගච‍්ඡන‍්තී”ති ථෙරස‍්ස ගබ‍්භද‍්වාරං ගන‍්ත්‍වා – “තාත, චුන්‍ද, කා පවත‍්තී”ති පුච‍්ඡි. සො තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා – “මහාඋපාසිකා, භන‍්තෙ ආගතා”ති ආහ. ථෙරො කස‍්මා අවෙලාය ආගතත්‍ථාති පුච‍්ඡි. සා තුය‍්හං තාත දස‍්සනත්‍ථායාති වත්‍වා “තාත කෙ පඨමං ආගතා”ති පුච‍්ඡි. චත‍්තාරො මහාරාජානො, උපාසිකෙති. තාත, ත්‍වං චතූහි මහාරාජෙහි මහන‍්තතරොති? ආරාමිකසදිසා එතෙ උපාසිකෙ, අම‍්හාකං සත්‍ථු පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය ඛග‍්ගහත්‍ථා හුත්‍වා ආරක‍්ඛං අකංසූති. තෙසං තාත, ගතාවසානෙ කො ආගතොති? සක‍්කො දෙවානමින්‍දොති. දෙවරාජතොපි ත්‍වං තාත, මහන‍්තතරොති? භණ‍්ඩගාහකසාමණෙරසදිසො එස උපාසිකෙ, අම‍්හාකං සත්‍ථු තාවතිංසතො ඔතරණකාලෙ පත‍්තචීවරං ගහෙත්‍වා ඔතිණ‍්ණොති. තස‍්ස තාත ගතාවසානෙ ජොතමානො විය කො ආගතොති? උපාසිකෙ තුය‍්හං භගවා ච සත්‍ථා ච මහාබ්‍රහ‍්මා නාම එසොති. මය‍්හං භගවතො මහාබ්‍රහ‍්මතොපි ත්‍වං තාත මහන‍්තතරොති? ආම උපාසිකෙ, එතෙ නාම කිර අම‍්හාකං සත්‍ථු ජාතදිවසෙ චත‍්තාරො මහාබ්‍රහ‍්මානො මහාපුරිසං සුවණ‍්ණජාලෙන පටිග‍්ගණ‍්හිංසූති.

බැමිණිය දෙවියන්ගේ පැමිණීම හා පිටත්ව යාම දැක, මාගේ පුත්‍රයාට වැඳ වැඳ යන්නා වූ මොවුන් කවුරුන්දැයි සිතන්නී තෙරුන් වැඩසිටින කාමරය ළඟට ගොස් දරුව! චුන්ද, දැන් තත්ත්වය කෙසේදැයි ඇසුවාය. හෙතෙම ඒ පුවත දන්වා ස්වාමීනි! මහෝපාසිකාව පැමිණියේ යැයි දැන්වීය. කුමක් නිසා අවේලාවේ පැමිණියේදැයි තෙරුන්වහන්සේ විචාළේය. ඕ තොමෝ මා ඔබගේ මව ඔබව දකින්නට ආවෙමියි කියා දරුව, පැමිණියේ කවුරුන්දැයි පළමුව විචාළාය. උපාසිකාවෙනි, සිව්වරම් රජදරුවෝය. දරුවෝ නුඹ සතරවරම් රජදරුවන්ට වඩා උසස්ය. උපාසිකාවෙනි, මොව්හු ආරාමිකයන් හා සමානය. අපගේ ශාස්තෲන් වහන්සේ පිළිසිඳගත් තැන් පටන් කඩුගත් අත් ඇතිව ආරක්ෂා කළහ. දරුව, ඔවුන් ගියාට පසුව පැමිණියේ කවුද? ශක්‍ර දේවේන්ද්‍රයාය. දරුව, නුඹ දෙවියන්ගේ රජුට වඩා උසස්ය. උපාසිකාවෙනි, මොහු බඩුබාහිරාදිය ගන්නා සාමණේර නමක් බඳුය. අපගේ ශාස්තෲන් වහන්සේ තව්තිසාවෙන් බස්නා කල්හි පාත්‍රා සිවුරු ගෙන බැස්සේය. දරුව, ඔහු පැමිණ ගියාට පසුව දිළියෙමින් පැමිණියේ කවරෙක්ද? උපාසිකාවනි, මොහු ඔබගේ භාග්‍යවතුන් වහන්සේ ද ශාස්තෲන් වහන්සේ ද වන මහා බ්‍රහ්මයාය. දරුව, නුඹ මාගේ භාග්‍යවතුන් වහන්සේ වන මහා බ්‍රහ්මයාට වඩා ඔබ උතුම්ය. එසේ උපාසිකාවනි, මොහු වනාහි කවරෙක් ද? අපගේ ශාස්තෲන් වහන්සේ උපන් දිනයේ මහා බ්‍රහ්මයෝ සතරදෙනෙක් මහා පුරුෂයාණන්ව රන්දැළකින් පිළිගත්හ.

අථ බ්‍රාහ‍්මණියා – “පුත‍්තස‍්ස තාව මෙ අයං ආනුභාවො, කීදිසො වත මය‍්හං පුත‍්තස‍්ස භගවතො සත්‍ථු ආනුභාවො භවිස‍්සතී”ති චින‍්තයන‍්තියා සහසා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජිත්‍වා සකලසරීරෙ ඵරි. ථෙරො – “උප‍්පන‍්නං මෙ මාතු පීතිසොමනස‍්සං, අයං දානි කාලො ධම‍්මදෙසනායා”ති චින‍්තෙත්‍වා – “කිං චින‍්තෙසි මහාඋපාසිකෙ”ති ආහ. සා – “පුත‍්තස‍්ස තාව මෙ අයං ගුණො, සත්‍ථු පනස‍්ස කීදිසො ගුණො භවිස‍්සතීති ඉදං, තාත, චින‍්තෙමී”ති ආහ. මහාඋපාසිකෙ, මය‍්හං සත්‍ථු ජාතක‍්ඛණෙ, මහාභිනික‍්ඛමනෙ, සම‍්බොධියං, ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ ච දසසහස‍්සිලොකධාතු කම‍්පිත්‍ථ, සීලෙන සමාධිනා පඤ‍්ඤාය විමුත‍්තියා විමුත‍්තිඤාණදස‍්සනෙන සමො නාම නත්‍ථි, ඉතිපි සො භගවාති විත්‍ථාරෙත්‍වා බුද‍්ධගුණප‍්පටිසංයුත‍්තං ධම‍්මදෙසනං කථෙසි.

ඉක්බිති බැමිණියගේ පුත්‍රයාගේ මේ අනුභාවය මෙසේ නම් මාගේ පුත්‍රයාගේ භාග්‍යවත් ශාස්තෲන් වහන්සේගේ ආනුභාවය කෙබඳු වන්නේදැයි සිතනවාත් සමගම පස්වනක් ප්‍රීතිය ඉපිද මුළු ශරීරය පුරා පැතිරී ගියේය. මාගේ මවට ප්‍රීතිසෝමනස්සයක් ඇතිවී යයි තෙරුන් වහන්සේ, දැන් ධර්මදේශනාවට සුදුසු කාල යැයි සිතා, මහෝපාසිකාවෙනි! කුමක් සිතුවේදැයි ඇසීය. මේ මාගේ පුත්‍රයාගේ ගුණය. මොහුගේ ශාස්තෲන් වහන්සේගේ කෙබඳු ගුණයක් තිබිය හැකිද? කියා දරුව මම සිතුවෙමි. මාගේ ශාස්තෲන් වහන්සේ උපන් මොහොතේත් මහාභිනිෂ්ක්‍රමණයේදීත් සම්බෝධියට පත් අවස්ථාවේදීත් දම්සක් පැවතුම් වේලාවේත් දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. සීල, සාමධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥාන දර්ශනය යන මේවායෙන් සමානයෙක් නම් නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙසේය යනාදී ලෙස විස්තරකොට බුදුගුණ හා මිශ්‍ර වූ ධර්මදේශනාවක් දේශනා කළේය.

බ්‍රාහ‍්මණී පියපුත‍්තස‍්ස ධම‍්මදෙසනාපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය පුත‍්තං ආහ – “තාත, උපතිස‍්ස, කස‍්මා එවමකාසි, එවරූපං නාම අමතං මය‍්හං එත‍්තකං කාලං න අදාසී”ති. ථෙරො – “දින‍්නං දානි මෙ මාතු රූපසාරියා බ්‍රාහ‍්මණියා පොසාවනිකමූලං, එත‍්තකෙන වට‍්ටිස‍්සතී”ති චින‍්තෙත්‍වා “ගච‍්ඡ මහාඋපාසිකෙ”ති බ්‍රාහ‍්මණිං උය්‍යොජෙත්‍වා “චුන්‍ද කා වෙලා”ති ආහ. බලවපච‍්චූසකාලො, භන‍්තෙති. තෙන හි භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙහීති. සන‍්නිපතිතො, භන‍්තෙ, සඞ‍්ඝොති. මං උක‍්ඛිපිත්‍වා නිසීදාපෙහි චුන්‍දාති උක‍්ඛිපිත්‍වා නිසීදාපෙසි. ථෙරො භික‍්ඛූ ආමන‍්තෙසි – “ආවුසො චතුචත‍්තාලීසං වො වස‍්සානි මයා සද‍්ධිං විචරන‍්තානං යං මෙ කායිකං වා වාචසිකං වා න රොචෙථ, ඛමථ තං ආවුසොති. එත‍්තකං, භන‍්තෙ, අම‍්හාකං ඡායා විය තුම‍්හෙ අමුඤ‍්චිත්‍වා විචරන‍්තානං අරුච‍්චනකං නාම නත්‍ථි, තුම‍්හෙ පන අම‍්හාකං ඛමථාති. අථ ථෙරො අරුණසිඛාය පඤ‍්ඤායමානාය මහාපථවිං උන‍්නාදයන‍්තො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. බහූ දෙවමනුස‍්සා ථෙරස‍්ස පරිනිබ‍්බානෙ සක‍්කාරං කරිංසු.

බැමිණිය ප්‍රිය පුත්‍රයාගේ ධර්මදේශනාව අවසානයේ සෝතාපත්තිඵලයේ පිහිටා පුත්‍රයාට මෙසේ කීවාය. දරුව! උපතිස්ස! කුමක් නිසා මෙසේ කළේද? මෙබඳු වූ අමාවක් මා හට මෙතෙක් කල් නුදුන්නේ ඇයිද? තෙරුන් වහන්සේ දැන් මාගේ මව වූ රූපසාරී බ්‍රාහ්මණියට ජීවත්වීමේ මිළ දෙන ලදි. මෙපමණක් වටීයැයි සිතා මහා උපාසිකාවනි, යන්න කියා බ්‍රාහ්මණියව පිටත්කර යවා චුන්දය, වේලාව කෙසේදැයි කීය. ස්වාමීනි! බොහෝ අලුයම් කාලයයි. එසේනම් භික්‍ෂු සංඝයා රැස්කරන්න යැයි කියා, ස්වාමීනි! රැස්ව සිටිතියි කී විට චුන්දය! මා ඔසවා හිඳුවන්නැයි කීය. තෙරුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූයේය. ඇවැත්නි! වර්ෂ හතලිස් හතරක් මා නුඹලා සමග හැසිරීමේදී යම් කායික වාචසික හා මානසික අරුචි දෙයක් සිදුවූයේ නම් එයට සමාවන්න. ස්වාමීනි! මෙතෙක් කල් අපගේ සෙවනැල්ලක් මෙන් ඔබවහන්සේව අත්නොහැර හැසිරෙන අපට අරුචි වූවක් නම් නැත. ඔබවහන්සේ අපට සමාවන්න යැයි කීහ. ඉක්බිති තෙරුන් වහන්සේ අරුණලු වැටීගෙන එනවිට මහපොළොව කම්පා කරමින් අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිවන් පෑයේය. බොහෝ දෙවි මිනිස්සු තෙරුන් වහන්සේ පිරිනිවන්පෑමේ සත්කාරයන් කළහ.

ආයස‍්මා චුන්‍දො ථෙරස‍්ස පත‍්තචීවරඤ‍්ච ධාතුපරිස‍්සාවනඤ‍්ච ගහෙත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා ආනන්‍දත්‍ථෙරං ගහෙත්‍වා භගවන‍්තං උපසඞ‍්කමි. භගවා ධාතුපරිස‍්සාවනං ගහෙත්‍වා පඤ‍්චහි ගාථාසතෙහි ථෙරස‍්ස ගුණං කථෙත්‍වා ධාතුචෙතියං කාරාපෙත්‍වා රාජගහගමනත්‍ථාය ආනන්‍දත්‍ථෙරස‍්ස සඤ‍්ඤං අදාසි. ථෙරො භික‍්ඛූනං ආරොචෙසි. භගවා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවුතො රාජගහං අගමාසි. තත්‍ථ ගතකාලෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො පරිනිබ‍්බායි. භගවා තස‍්ස ධාතුයො ගහෙත්‍වා චෙතියං කාරාපෙත්‍වා රාජගහතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ගඞ‍්ගාභිමුඛො ගන‍්ත්‍වා උක‍්කචෙලං අගමාසි. තත්‍ථ ගඞ‍්ගාතීරෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසීදිත්‍වා තත්‍ථ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානානං පරිනිබ‍්බානප‍්පටිසංයුත‍්තං සුත‍්තං දෙසෙත්‍වා උක‍්කචෙලතො නික‍්ඛමිත්‍වා වෙසාලිං අගමාසි. එවං ගතෙ අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසීති අයමෙත්‍ථ අනුපුබ‍්බී කථා.

ආයුෂ්මත් චුන්ද තෙරුන් වහන්සේගේ පාත්‍රා සිවුරුද ධාතුන් වහන්සේලා අඩංගු පෙරහන්කඩයද ගෙන දෙව්රම් වෙහෙරට ගොස් ආනන්ද තෙරුන් ද රැගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අඩංගු පැසගෙන ගාථා පන්සියයකින් තෙරුන්ගේ ගුණ කියා ධාතු චෛත්‍යයක් කරවා රජගහ නුවරට යාම පිණිස ආනන්ද තෙරුන්ට දැන්වූ සේක. තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මහා භික්‍ෂු සංඝයා පිරිවරා රජගහ නුවරට වැඩිසේක. එහි වැඩිය කල්හි මහ මුගලන් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ද ධාතූන් රැගෙන චෛත්‍යයක් කරවවා රජගහ නුවරින් නික්ම පිළිවෙලින් ගංගානම් ගඟ පෙදෙසට අභිමුඛව ගොස් උරුවෙලාවට පිවිසියේය. එහි ගංඉවුරේ භික්‍ෂු සංඝයා පිරිවරා වැඩහිඳ එහිදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පිරිනිවන්පෑම හා සම්බන්ධ කර සූත්‍රයක් දේශනාකර උරුවෙලාවෙන් නික්ම විශාලා නුවරට වැඩියේය. මෙසේ වැඩියේ ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලය ගතකොට පාත්‍රා සිවුරු ගෙන විශාලා නුවර පිඬු පිණිස වැඩියේය’ යන්න මෙහි අනුපිළිවෙල කථාවයි.

නිසීදනන‍්ති එත්‍ථ චම‍්මක‍්ඛණ‍්ඩං අධිප‍්පෙතං. උදෙනචෙතියන‍්ති උදෙනයක‍්ඛස‍්ස චෙතියට‍්ඨානෙ කතවිහාරො වුච‍්චති. ගොතමකාදීසුපි එසෙව නයො. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානං විය කතා. වත්‍ථුකතාති පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථු විය කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා සුවඩ‍්ඪිතා. සුසමාරද‍්ධාති සුට‍්ඨු සමාරද‍්ධා.

නිසීදනං මෙහි සම්කඩක් අදහස් කෙරේ. උදෙන චෙතියං උදේශී යක්‍ෂයාගේ චෛත්‍යය කළ තැන සෑදූ විහාරය ගොතමක ආදියේ නම්ද එසේමය. භාවිතා වඩන ලදි. බහුලීකතා පුනපුනා කරන ලද. යානිකථා සුදුසු යානාවක් මෙන් කරන ලද වත්‍ථුකථා පිහිටි යන අර්ථයෙන් මන්දිරයක් මෙන් කරන ලද අනුට්ඨිතා පිහිටි. පරිචිතා හාත්පසින් ආරක්ෂිත. මනාව වර්ධනය වූ. සූසමාරද්ධා මනාව ආරම්භ කරන ලද,

ඉති අනියමෙන කථෙත්‍වා පුන නියමෙත්‍වා දස‍්සෙන‍්තො තථාගතස‍්ස ඛොතිආදිමාහ. එත්‍ථ ච කප‍්පන‍්ති ආයුකප‍්පං. තස‍්මිං තස‍්මිං කාලෙ යං මනුස‍්සානං ආයුප‍්පමාණං හොති, තං පරිපුණ‍්ණං කරොන‍්තො තිට‍්ඨෙය්‍ය. කප‍්පාවසෙසං වාති – “අප‍්පං වා භිය්‍යො”ති (දී· නි· 2.7; අ· නි· 6.74) වුත‍්තවස‍්සසතතො අතිරෙකං වා. මහාසීවත්‍ථෙරො පනාහ – “බුද‍්ධානං අට‍්ඨානෙ ගජ‍්ජිතං නාම නත්‍ථි. යථෙව හි වෙළුවගාමකෙ උප‍්පන‍්නං මාරණන‍්තිකං වෙදනං දස මාසෙ වික‍්ඛම‍්භෙති, එවං පුනප‍්පුනං තං සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා දස දස මාසෙ වික‍්ඛම‍්භෙන‍්තො ඉමං භද‍්දකප‍්පමෙව තිට‍්ඨෙය්‍ය, කස‍්මා පන න ඨිතොති? උපාදින‍්නකසරීරං නාම ඛණ‍්ඩිච‍්චාදීහි අභිභුය්‍යති, බුද‍්ධා ච ඛණ‍්ඩිච‍්චාදිභාවං අපත්‍වා පඤ‍්චමෙ ආයුකොට‍්ඨාසෙ බහුජනස‍්ස පියමනාපකාලෙයෙව පරිනිබ‍්බායන‍්ති. බුද‍්ධානුබුද‍්ධෙසු ච මහාසාවකෙසු පරිනිබ‍්බුතෙසු එකකෙනෙව ඛාණුකෙන විය ඨාතබ‍්බං හොති, දහරසාමණෙරපරිවාරිතෙන වා. තතො – ‘අහො බුද‍්ධානං පරිසා’ති හීළෙතබ‍්බතං ආපජ‍්ජෙය්‍ය. තස‍්මා න ඨිතො”ති. එවං වුත‍්තෙපි සො න රුච‍්චති, “ආයුකප‍්පො”ති ඉදමෙව අට‍්ඨකථායං නියමිතං.

මෙසේ අනියම් ලෙස කියා නැවත නියම ලෙස දක්වමින් ‘තථාගතයන් වහන්සේගේ වනාහි’ ආදිය කීය. මෙහිද කප්පං යනු ආයු කල්පයයි. ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය සම්පූර්ණ කරමින් සිටින්නේය. කප්පාවසෙසං වා යනු අඩුවෙන් හෝ බොහෝ හෝ ගතකළ වර්ෂ සියයකට අතිරේක හෝ මහාසීව තෙරුන් වහන්සේ මෙසේ පැවසූහ. බුදුවරයන් වහන්සේලාගේ අස්ථානයේ ගර්ජනා නැත. යම්සේ වනාහි බෙලුව ගමේදී හටගත් මාරාන්තික වේදනාවත් දස මාසයකින් ප්‍රහීණ කළේය. මෙසේ නැත නැවතත් ඒ සමාපත්තියට සමවැදී දසමාසයක් ගෙවන්නේ මේ භද්‍ර කල්පයට සිටින්නේය. කුමක් නිසා නොසිටියේද? තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ශරීරය වනාහි දත් වැටීම් ආදිය මගින් අභිභවනය කෙරේ. බුදුවරු ද දත්වැටීම් ආදියට පත් නොවී පස්වන ආයු කොටසෙහි බොහෝ ජනයාට ප්‍රියමනාප කාලයෙහිම පිරිනිවන් පාති. බුද්ධ, අනුබුද්ධ, මහා ශ්‍රාවකයන් පිරිනිවන් පෑකල්හි එකම කණුවක් මෙන් සිටිය යුතුය. බාල සාමණේර පිරිසෙන් හෝ හටගත්තේ අහෝ! බුදුවරයන් වහන්සේලාගේ පිරිස කියා පහත් කොට සැළකීමක් බවට පත්වන්නේය. ඒ නිසා පිහිටියේ නැතැයි කීය. මෙසේ කී කල්හිද යමෙක් වනාහි රුචි කරයිද, එය ආයුකප්ප යැයි යන මෙය අටුවා කථාවේ දක්වන ලදි.

යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තොති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං. යථා මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො අජ‍්ඣොත්‍ථටචිත‍්තො අඤ‍්ඤොපි කොචි පුථුජ‍්ජනො පටිවිජ‍්ඣිතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුන‍්ති අත්‍ථො. කිං කාරණා? මාරො හි යස‍්ස සබ‍්බෙන සබ‍්බං ද‍්වාදස විපල‍්ලාසා අප‍්පහීනා, තස‍්ස චිත‍්තං පරියුට‍්ඨාති. ථෙරස‍්ස චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනා, තෙනස‍්ස මාරො චිත‍්තං පරියුට‍්ඨාති. සො පන චිත‍්තපරියුට‍්ඨානං කරොන‍්තො කිං කරොතීති? භෙරවං රූපාරම‍්මණං වා දස‍්සෙති, සද‍්දාරම‍්මණං වා සාවෙති, තතො සත‍්තා තං දිස‍්වා වා සුත්‍වා වා සතිං විස‍්සජ‍්ජෙත්‍වා විවටමුඛා හොන‍්ති. තෙසං මුඛෙන හත්‍ථං පවෙසෙත්‍වා හදයං මද‍්දති. තතො විසඤ‍්ඤාව හුත්‍වා තිට‍්ඨන‍්ති. ථෙරස‍්ස පනෙස මුඛෙන හත්‍ථං පවෙසෙතුං කිං සක‍්ඛිස‍්සති ? භෙරවාරම‍්මණං පන දස‍්සෙති. තං දිස‍්වා ථෙරො නිමිත‍්තොභාසං න පටිවිජ‍්ඣි. භගවා ජානන‍්තොයෙව – “කිමත්‍ථං යාවතතියං ආමන‍්තෙසී”ති? පරතො “තිට‍්ඨතු, භන‍්තෙ, භගවා”ති යාචිතෙ “තුය‍්හෙවෙතං දුක‍්කටං, තුය‍්හෙවෙතං අපරද‍්ධ”න‍්ති දොසාරොපනෙන සොකතනුකරණත්‍ථං.

යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යම්සේ මාරයා විසින් මැඩගෙන සිටි සිත් ඇත්තේ, යටත් කරගත් සිත් ඇත්තේ අන්කිසි පෘථග්ජනයෙක් අවබෝධ කරගන්නට නොහැකි වන්නේය. එපරිද්දෙන් තේරුම් ගන්නට නොහැකිවිය යන අර්ථයි. යමකුගේ වනාහි සර්වප්‍රකාරයෙන්ම දොළොස් ආකාර විපල්ලාසයන් (වෙනස්වීම්) ප්‍රහීණ නැද්ද මාරයා ඔහුගේ සිත මැඩගෙන සිටී. තෙරුන්ගේ විපල්ලාස හතරක් ප්‍රහීණ නැත. ඒ නිසා ඔහුගේ සිත මාරයා මැඩ ගත්තේය. ඔහු වනාහි සිත මැඩගැනීම කරන්නේ කුමක් කරයිද? බියජනක රූපාරම්මණ පෙන්වයි. ශබ්දාරම්මණ හෝ අස්වයි. ඉක්බිති සත්ත්වයෝ එය අසා හෝ බලා හෝ සිහිය බැහැර වී විවෘත වූ මුඛ ඇතිව සිටිත්. ඔවුන්ගේ මුඛයට අත දමා හදවත පිරිමදියි. එයින් සිහි නැතිව සිටිත්. මේ මාරයා තෙරුන්ගේ මුඛයෙන් අත දමන්නට කිම හැකි වන්නේද? බියජගනක අරමුණක් දැක්වීද? එය දැක තෙරුන්වහන්සේ නිමිති ආලෝකයක් තේරුම් ගත්තේ නැත. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නමුත් තුන්වරක් දක්වා ආමන්ත්‍රණය කළේ ඇයි? පසුව, ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින්න යැයි ඉල්වා සිටි කල්හි මේ වරද ඔබගේමය. මේ අපරාධය ඔබගේමය යන දෝෂාරෝපණයෙන් ශෝකය තුනීකිරීම සඳහාය.

මාරයාචනකථාවණ‍්ණනා

මාරො පාපිමාති එත්‍ථ මාරොති සත‍්තෙ අනත්‍ථෙ නියොජෙන‍්තො මාරෙතීති මාරො. පාපිමාති තස‍්සෙව වෙවචනං. සො හි පාපධම‍්මසමන‍්නාගතත‍්තා “පාපිමා”ති වුච‍්චති. කණ‍්හො, අන‍්තකො, නමුචි, පමත‍්තබන්‍ධූතිපි තස‍්සෙව නාමානි. භාසිතා ඛො පනෙසාති අයඤ‍්හි භගවතො සම‍්බොධිපත‍්තියා අට‍්ඨමෙ සත‍්තාහෙ බොධිමණ‍්ඩෙයෙව ආගන‍්ත්‍වා – “භගවා යදත්‍ථං තුම‍්හෙහි පාරමියො පූරිතා, සො වො අත්‍ථො අනුප‍්පත‍්තො, පටිවිද‍්ධං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, කිං තෙ ලොකවිචාරණෙනා”ති වත්‍වා, යථා අජ‍්ජ, එවමෙව “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ, භගවා”ති යාචි. භගවා චස‍්ස – “න තාවාහ”න‍්තිආදීනි වත්‍වා පටික‍්ඛිපි. තං සන්‍ධාය “භාසිතා ඛො පනෙසා භන‍්තෙ”තිආදිමාහ.

මාරො පාපිමා මෙහි සත්ත්වයන් අනර්ථයෙහි යොදවමින් මරණයට පත්කරන්නේනුයි මාරො නම් වේ. පාපිමා යනු එයටම සමානාර්ථ පදයකි. ඔහු වනාහි පාප ධර්මයන්ගෙන් යුක්ත බැවින් පාපිමා යැයි කියනු ලැබේ. කණ්හ, අන්තක, නමුචි, පමත්ත බන්‍ධූ යන මේවා ද ඔහුටම කියන නම්ය. භාසිතා ඛො පනෙසා යනු මේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ බුදුවීමෙන් අටවන සතියේ බෝමැඩටම අවුත්, භාග්‍යවතුන් වහන්ස, යමක් සඳහා නුඹ විසින් පාරමී ධර්මයන් පුරන ලද ද ඒ ඔබගේ අර්ථය සම්පූර්ණ විය. අවබෝධ කළ සර්වඥතා ඥානය ගැන ලෝකයෙන් විමසීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක්ද? ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන්පාන්න යැයි ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුට ‘න තවාහං’ ආදිය කියා ප්‍රතික්‍ෂේප කළේය. ඒ වෙනුවෙන් ‘භාසිතා ඛො පනෙසා භන්තෙ’ (ස්වාමීනි! මේ භාසිතය වනාහි) ආදිය කීය.

තත්‍ථ වියත‍්තාති මග‍්ගවසෙන වියත‍්තා. තථෙව විනීතා තථා විසාරදා. බහුස‍්සුතාති තෙපිටකවසෙන බහු සුතමෙතෙසන‍්ති බහුස‍්සුතා. තමෙව ධම‍්මං ධාරෙන‍්තීති ධම‍්මධරා. අථවා පරියත‍්තිබහුස‍්සුතා චෙව පටිවෙධබහුස‍්සුතා ච. පරියත‍්තිපටිවෙධධම‍්මානංයෙව ධාරණතො ධම‍්මධරාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ධම‍්මානුධම‍්මපටිපන‍්නාති අරියධම‍්මස‍්ස අනුධම‍්මභූතං විපස‍්සනාධම‍්මං පටිපන‍්නා. සාමීචිප‍්පටිපන‍්නාති අනුච‍්ඡවිකපටිපදං පටිපන‍්නා. අනුධම‍්මචාරිනොති අනුධම‍්මචරණසීලා. සකං ආචරියකන‍්ති අත‍්තනො ආචරියවාදං. ආචික‍්ඛිස‍්සන‍්තීතිආදීනි සබ‍්බානි අඤ‍්ඤමඤ‍්ඤස‍්ස වෙවචනානි. සහධම‍්මෙනාති සහෙතුකෙන සකාරණෙන වචනෙන. සප‍්පාටිහාරියන‍්ති යාව න නිය්‍යානිකං කත්‍වා ධම‍්මං දෙසෙස‍්සන‍්ති.

එහි වියත්තා මාර්ග වශයෙන් ව්‍යක්ත වූ, එසේම විනීත වූ, එසේම විසාරද වූ බහුස්සුතා ත්‍රිපිටක වශයෙන් මොවුන්ට බහුශ්‍රැත බවක් ඇත්තේනුයි ‘බහුස්සුතා’ නම් වේ. එම ධර්මයම දරන්නේ නුයි ධම්මධර නම් වේ. එසේ නැතහොත් පර්යාප්තියෙන් බහුශ්‍රැත වූ ප්‍රතිවේධයෙන් බහුශ්‍රැත වූ ද පර්යාප්ති, ප්‍රතිවේධ ධර්මයන් දැරීම් වශයෙන් ධම්මධර නම් වේ. මෙසේ මෙහි අර්ථ දතයුතුය. ධම්මානුධම්ම පටිපන්නා ආර්ය ධර්මයාගේ අනුධර්ම වූ විදර්ශනා තත්ත්වයට පත්වූ සාමීචි පටිපන්නා ගැලපෙන ප්‍රතිපදාවකම පිළිපන්. අනුධම්මචාරිනො ධර්මයට අනුව හැසිරෙන ස්වභාව ඇති සකං ආචරියකං තමන්ගේ ආචාර්යවාදය. ආචික්ඛිස්සන්ති ආදී වූ සියල්ල එකිනෙකට සමානාර්ථ ඇති පදයෝය. සහධම්මෙන හේතු සහිත කරුණු සහිත වචනයෙන් සප්පාටිහාරියං යම්තාක් නෛර්යාණික කොට ධර්මය දේශනා කරන්නාහ.

බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සකලං සාසනබ්‍රහ‍්මචරියං. ඉද‍්ධන‍්ති සමිද‍්ධං ඣානස‍්සාදවසෙන. ඵීතන‍්ති වුද‍්ධිප‍්පත‍්තං සබ‍්බඵාලිඵුල‍්ලං විය අභිඤ‍්ඤාය සම‍්පත‍්තිවසෙන. විත්‍ථාරිකන‍්ති විත්‍ථතං තස‍්මිං තස‍්මිං දිසාභාගෙ පතිට‍්ඨිතවසෙන. බාහුජඤ‍්ඤන‍්ති බහුජනෙහි ඤාතං පටිවිද‍්ධං මහාජනාභිසමයවසෙන. පුථුභූතන‍්ති සබ‍්බාකාරවසෙන පුථුලභාවප‍්පත‍්තං. කථං? යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතන‍්ති යත‍්තකා විඤ‍්ඤුජාතිකා දෙවා චෙව මනුස‍්සා ච අත්‍ථි සබ‍්බෙහි සුට‍්ඨු පකාසිතන‍්ති අත්‍ථො.

බ්‍රහ්මචරියං යනු ශික්‍ෂාත්‍රය ඇතුළත් සියලු ශාස්ත්‍ර බ්‍රහ්මචරියාව ඉද්ධ සඵල වූ ධ්‍යානයෙන් ලබන ආශ්වාද වශයෙන් ඵිතං වැඩිදියුණු වූ සම්පූර්ණ මලින් පිරුණු එකක් මෙන් අභිඤ්ඤා සම්පත්ති වශයෙන්, විත්‍ථාරිකං පැතුරුණු ඒ ඒ දිශාවන්හි පිහිටීම් වශයෙන් බාහුජඤ්ඤං බහුජනයා විසින් දන්නා ලද, අවබෝධ කරන ලද, මහජනයාට අවබෝධ වශයෙන් පුථුභූතං සර්වප්‍රකාරයෙන් පළල්බවට පත්. කෙසේ ද? යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං යම්පමණ ඤාණවන්ත දෙවියන් ද මනුෂ්‍යයන් ද යන සියල්ලන් විසින් මනාව ප්‍රකාශ කරන ලද යන අර්ථයි.

අප‍්පොස‍්සුක‍්කොති නිරාලයො. ත්‍වඤ‍්හි පාපිම, අට‍්ඨමසත‍්තාහතො පට‍්ඨාය – “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ, භගවා පරිනිබ‍්බාතු, සුගතො”ති විරවන‍්තො ආහිණ‍්ඩිත්‍ථ. අජ‍්ජ දානි පට‍්ඨාය විගතුස‍්සාහො හොහි; මා මය‍්හං පරිනිබ‍්බානත්‍ථං වායාමං කරොහීති වදති.

අප්පොස්සුක්කො ආශාවක් නැති. පාපිෂ්ඨය! නුඹ වනාහි අටවන සතියේ පටන් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, සුගතයන් වහන්ස, දැන් පිරිනිවන් පාන්න’ යැයි හඬ නගමින් ඇවිද්දේය. අද මෙතැන් පටන් පහවූ උත්සාහ ඇති කෙනෙක් වන්න. මට පිරිනිවන්පෑම සඳහා උත්සාහ නොකරන්න යැයි කියයි.

ආයුසඞ‍්ඛාරඔස‍්සජ‍්ජනවණ‍්ණනා

සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ආයුසඞ‍්ඛාරං විස‍්සජ‍්ජි, පජහි. තත්‍ථ න භගවා හත්‍ථෙන ලෙඩ‍්ඩුං විය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, තෙමාසමත‍්තමෙව පන සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො පරං න සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං උප‍්පාදෙසි. තං සන්‍ධාය වුත‍්තං – “ඔස‍්සජී”ති. “උස‍්සජ‍්ජී”ති පි පාඨො. මහාභූමිචාලොති මහන‍්තො පථවීකම‍්පො. තදා කිර දසසහස‍්සී ලොකධාතු කම‍්පිත්‍ථ. භිංසනකොති භයජනකො. දෙවදුන්‍දුභියො ච ඵලිංසූති දෙවභෙරියො ඵලිංසු, දෙවො සුක‍්ඛගජ‍්ජිතං ගජ‍්ජි, අකාලවිජ‍්ජුලතා නිච‍්ඡරිංසු, ඛණිකවස‍්සං වස‍්සීති වුත‍්තං හොති.

සතො සම්පජානො ආයු සංඛාරං ඔස්සජි සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ ආයු සංස්කාරය අත්හළේය. තුන් මාසයක් පමණ සමාපත්තියට සමවැද එයින් පසුව සමවදින්නේ නැතැයි සිත් ඇතිකර ගත්තේය. ඒ ගැන කියන ලදි. ඔස්සජි (අත් හළේය.) උස්සජ්ජි යැයිද පාඨයකි. මහාභූමිචාලො විශාල වූ භූමිකම්පාවක්. එකල්හි වනාහි දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. හිංසනකො බියජනක. දෙවදුන්‍දුභියො ච එලිංසු දිවබෙර ද ගුගුළේය. මේඝයද වියලි ගර්ජනා නැගීය. අකල් විදුලිය නිකුත් කළේය. හදිසි වර්ෂාවක් වැස්සේයැයි කියන ලදි.

උදානං උදානෙසීති කස‍්මා උදානෙසි? කොචි නාම වදෙය්‍ය – “භගවා පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධිත්‍වා – ‘පරිනිබ‍්බායථ, භන‍්තෙ, පරිනිබ‍්බායථ, භන‍්තෙ’ති උපද‍්දුතො භයෙන ආයුසඞ‍්ඛාරං විස‍්සජ‍්ජෙසී”ති. “තස‍්සොකාසො මා හොතු, භීතස‍්ස උදානං නාම නත්‍ථී”ති එතස‍්ස දීපනත්‍ථං පීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙසි.

උදානං උදානෙසි කුමක් කියා උදන් ඇනීද? කෙනෙක් මෙසේ කියන්නේය. පසුපසින් ලුහුබඳිමින් ස්වාමීනි! පිරිනිවන්පාන්න. ස්වාමීනි පිරිනිවන්පාන්න යැයි කීමෙන් පීඩාවට පත්ව බිය නිසා භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර කළේය. එබඳු කීමකට ඉඩක් ඇති නොවේවා. බියට පත්වූවහුට උදානයක් නැත යන කාරණය දැක්වීම පිණිස ප්‍රීතිවේගයෙන් විසිරී ගිය උදානයක් ප්‍රකාශ කළේය.

තත්‍ථ සබ‍්බෙසං සොණසිඞ‍්ගාලාදීනම‍්පි පච‍්චක‍්ඛභාවතො තුලිතං පරිච‍්ඡින‍්නන‍්ති තුලං. කිං තං? කාමාවචරකම‍්මං. න තුලං, න වා තුලං සදිසමස‍්ස අඤ‍්ඤං ලොකියං කම‍්මං අත්‍ථීති අතුලං. කිං තං? මහග‍්ගතකම‍්මං. අථවා කාමාවචරරූපාවචරං තුලං, අරූපාවචරං අතුලං. අප‍්පවිපාකං වා තුලං, බහුවිපාකං අතුලං. සම‍්භවන‍්ති සම‍්භවස‍්ස හෙතුභූතං, පිණ‍්ඩකාරකං රාසිකාරකන‍්ති අත්‍ථො. භවසඞ‍්ඛාරන‍්ති පුනබ‍්භවසඞ‍්ඛාරණකං. අවස‍්සජීති විස‍්සජ‍්ජෙසි. මුනීති බුද‍්ධමුනි. අජ‍්ඣත‍්තරතොති නියකජ‍්ඣත‍්තරතො. සමාහිතොති උපචාරප‍්පනාසමාධිවසෙන සමාහිතො. අභින්‍දි කවචමිවාති කවචං විය අභින්‍දි. අත‍්තසම‍්භවන‍්ති අත‍්තනි සඤ‍්ජාතං කිලෙසං. ඉදං වුත‍්තං හොති – “සවිපාකට‍්ඨෙන සම‍්භවං, භවාභිසඞ‍්ඛාරණට‍්ඨෙන භවසඞ‍්ඛාරන‍්ති ච ලද‍්ධනාමං තුලාතුලසඞ‍්ඛාතං ලොකියකම‍්මඤ‍්ච ඔස‍්සජි. සඞ‍්ගාමසීසෙ මහායොධො කවචං විය අත‍්තසම‍්භවං කිලෙසඤ‍්ච අජ‍්ඣත‍්තරතො සමාහිතො හුත්‍වා අභින්‍දී”ති.

එහිදී සියලු සුනඛ සිවල් ආදීන්ට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් සමාන කළ, වෙන්කළ යන අර්ථයෙන් තුලං නම් වේ. එය කුමක්ද? කාමාවචර කර්මය සමාන නැත. සමාන නොවන්නේය. මෙයට සමාන වූ අන්‍ය ලෞකික කර්මයක් නැත්තේනුයි අතුලං. එය කුමක්ද? මහග්ගත කර්මයක්ද? නැත්නම් කාමාවචර ද රූපාවචර ද සමාන, අරූපාවචර අතුල වේ. අල්ප වූ විපාක ඇත්තේනුයි තුලං. බොහෝ විපාක ඇත්තේ අතුල. සම්භවං හටගැන්මට හේතු වූ පිඬු කරන්නා වූ එක්රැස් කරන්නා වූ යන අර්ථයි. භව සංඛාරං නැවත භවයක් සකස් කරන්නා වූ අවස්සජි. විසුරුවා හැරියේය. මුනි යනු බුද්ධමුනි. අජ්ඣත්තරතො ස්වකීය අධ්‍යාත්මයේ ඇලුනු. සමාහිතො උපචාර, අර්පනා සමාධි වශයෙන් සංසුන්, අභින්‍දි කවචමීවා යනු යුද ඇඳුමක් මෙන් බිඳී ගියේය. අත්ත සම්භවං යනු තමා තුළ හටගත් කෙලෙස් මෙය කියන ලදි. විපාක සහිත යන අර්ථයෙන් හටගත් භවය සකස් කිරීමේ අර්ථයෙන් භව සංඛාර යැයි ලබන ලද නම් ඇති තුල අතුල සංඛ්‍යාත වූ ලෞකික කර්මද අත්හළේය. යුදබිමෙහිදී මහා යෝධයෙක් යුද ඇඳුමක් මෙන් තමා තුළ හටගත් කෙලෙස්ද අභ්‍යන්තරයේ ඇලුනු සමාධියෙන් යුක්ත වී බිඳ දැම්මේය.

අථ වා තුලන‍්ති තුලෙන‍්තො තීරෙන‍්තො. අතුලඤ‍්ච සම‍්භවන‍්ති නිබ‍්බානඤ‍්චෙව සම‍්භවඤ‍්ච. භවසඞ‍්ඛාරන‍්ති භවගාමිකම‍්මං. අවස‍්සජි මුනීති “පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිබ‍්බානං නිච‍්ච”න‍්තිආදිනා (පටි· ම· 3.38) නයෙන තුලයන‍්තො බුද‍්ධමුනි භවෙ ආදීනවං, නිබ‍්බානෙ ච ආනිසංසං දිස‍්වා තං ඛන්‍ධානං මූලභූතං භවසඞ‍්ඛාරකම‍්මං – “කම‍්මක‍්ඛයාය සංවත‍්තතී”ති (ම· නි· 2.81) එවං වුත‍්තෙන කම‍්මක‍්ඛයකරෙන අරියමග‍්ගෙන අවස‍්සජි. කථං? අජ‍්ඣත‍්තරතො සමාහිතො අභින්‍දි කවචමිව අත‍්තනි සම‍්භවං. සො හි විපස‍්සනාවසෙන අජ‍්ඣත‍්තරතො සමථවසෙන සමාහිතොති එවං පුබ‍්බභාගතො පට‍්ඨාය සමථවිපස‍්සනාබලෙන කවචමිව අත‍්තභාවං පරියොනන්‍ධිත්‍වා ඨිතං, අත‍්තනි සම‍්භවත‍්තා “අත‍්තසම‍්භව”න‍්ති ලද‍්ධනාමං සබ‍්බකිලෙසජාලං අභින්‍දි. කිලෙසාභාවෙන ච කතකම‍්මං අප‍්පටිසන්‍ධිකත‍්තා අවස‍්සට‍්ඨං නාම හොතීති එවං කිලෙසප‍්පහානෙන කම‍්මං පජහි, පහීනකිලෙසස‍්ස ච භයං නාම නත්‍ථි, තස‍්මා අභීතොව ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, අභීතභාවඤාපනත්‍ථඤ‍්ච උදානං උදානෙසීති වෙදිතබ‍්බො.

එසේ නැත්නම්, තුලං යනු සමාන කරන්නේ, තීරණය කරන්නේ. අතුලංව සම්භවං නිර්වාණයත්, භවයත් භවසංඛාරං යනු භවගාමී වූ කර්මය. අවස්සජි මුනී යනු පංච ස්කන්ධයන් අනිත්‍යය. පස්කඳ නිරෝධ කිරීම නිර්වාණයයි. නිත්‍යයි ආදී ලෙසින් සමකර බලන්නේ බුද්ධමුනි භවයෙහි ආදීනවත් නිර්වාණයේ ආනිසංසත් දැක ඒ ස්කන්ධයන්ට මුල් වූ භවසංඛාර නම් වූ කර්මයත් කර්මක්‍ෂය කිරීම සඳහා හේතු වන්නේය යන ලෙස කියන ලද කර්මක්‍ෂය කරන්නා වූ ආර්ය මාර්ගයෙන් අත්හැර දැමීය. කෙසේද යත්, අධ්‍යාත්මයේ ඇලුනේ සමාධිගත වූයේ තමා කෙරෙහි හටගත්, යුද ඇඳුම මෙන් බිඳ දැම්මේය. එයද විදර්ශනා වශයෙන් අධ්‍යාත්මයේ රැඳුනා වූ ද සමථ වශයෙන් සමාධිගත වූ ද යන ලෙස පූර්ව කොටසේ පටන් සමථ විදර්ශනා බලයෙන් යුදඇඳුමක් බඳු ආත්මභාවය හාත්පසින් වටකරගෙන සිටියා වූ තමා තුළ හටගත් බැවින් ‘අත්ත සම්භව’ කියා ලබන ලද නම් ඇති සියළු කෙලෙස් ජාලාව සිඳ දැම්මේය. කෙලෙස් නොමැති බැවින් කර්මය ප්‍රතිසන්ධියක් ඇති නොකරන බැවින් අවශ්‍යතාවක් නැතිවෙයි යනාදී ලෙස කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් කර්මය අත්හළේය. ප්‍රහීණ වූ කෙලෙස් ඇත්තාට බියක් නැත. ඒ නිසා බිය නැතිවම ආයු සංස්කාර අත්හළේය. බිය නොවූ බව දැන්වීම පිණිස උදානයක් ප්‍රකාශ කළේය යැයි දතයුතුයි.

මහාභූමිචාලවණ‍්ණනා

යං මහාවාතාති යෙන සමයෙන යස‍්මිං වා සමයෙ මහාවාතා වායන‍්ති, මහාවාතා වායන‍්තාපි උක‍්ඛෙපකවාතා නාම උට‍්ඨහන‍්ති, තෙ වායන‍්තා සට‍්ඨිසහස‍්සාධිකනවයොජනසතසහස‍්සබහලං උදකසන්‍ධාරකං වාතං උපච‍්ඡින්‍දන‍්ති, තතො ආකාසෙ උදකං භස‍්සති, තස‍්මිං භස‍්සන‍්තෙ පථවී භස‍්සති. පුන වාතො අත‍්තනො බලෙන අන‍්තොධමකරණෙ විය උදකං ආබන්‍ධිත්‍වා ගණ‍්හාති, තතො උදකං උග‍්ගච‍්ඡති, තස‍්මිං උග‍්ගච‍්ඡන‍්තෙ පථවී උග‍්ගච‍්ඡති. එවං උදකං කම‍්පිතං පථවිං කම‍්පෙති. එතඤ‍්ච කම‍්පනං යාව අජ‍්ජකාලාපි හොතියෙව, බහලභාවෙන පන න ඔගච‍්ඡනුග‍්ගච‍්ඡනං පඤ‍්ඤායති.

යං මහා වාතා යම්කලකින් හෝ යම්කලක මහා වායු හමයිද, මහා වායු හමමින් උපක්ඛෙපක නම් වූ වාතයෝ හමා යත්. ඒ වායු හමමින් හැටදහසකට අධික යොදුන් නව ලක්‍ෂයක් ජලය දරණ වාතය සිඳ දමත්. එයින් අහසේ ජලය පහත බසී. එය පහළ බසිනවිට පෘථිවිය පහතට බසී. නැවත වායුව තම බලයෙන් පෙරහන්කඩයක මෙන් ජලය පිරෙයි. එයින් ජලය පිටත ගලයි. එය උඩට මතුවන විට පෘථිවිය උඩට පනී. මෙසේ ජලය කම්පා වී පෘථිවිය කම්පා වෙයි. මේ කම්පනය අද කාලයේ ද වෙයි. ඝන බව නිසා උඩ යට යන බවක් පෙනෙයි.

මහිද‍්ධිකො මහානුභාවොති ඉජ‍්ඣනස‍්ස මහන‍්තතාය මහිද‍්ධිකො, අනුභවිතබ‍්බස‍්ස මහන‍්තතාය මහානුභාවො. පරිත‍්තාති දුබ‍්බලා. අප‍්පමාණාති බලවා. සො ඉමං පථවිං කම‍්පෙතීති සො ඉද‍්ධිං නිබ‍්බත‍්තෙත්‍වා සංවෙජෙන‍්තො මහාමොග‍්ගල‍්ලානො විය, වීමංසන‍්තො වා මහානාගත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො සඞ‍්ඝරක‍්ඛිතසාමණෙරො විය පථවිං කම‍්පෙති. සො කිරායස‍්මා ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පත්‍වා චින‍්තෙසි – “අත්‍ථි නු ඛො කොචි භික‍්ඛු, යෙන පබ‍්බජිතදිවසෙයෙව අරහත‍්තං පත්‍වා වෙජයන‍්තො පාසාදො කම‍්පිතපුබ‍්බො”ති? තතො – “නත්‍ථි කොචී”ති ඤත්‍වා – “අහං කම‍්පෙස‍්සාමී”ති අභිඤ‍්ඤාබලෙන වෙජයන‍්තමත්‍ථකෙ ඨත්‍වා පාදෙන පහරිත්‍වා කම‍්පෙතුං නාසක‍්ඛි. අථ නං සක‍්කස‍්ස නාටකිත්‍ථියො ආහංසු – “පුත‍්ත සඞ‍්ඝරක‍්ඛිත, ත්‍වං පූතිගන්‍ධෙනෙව සීසෙන වෙජයන‍්තං කම‍්පෙතුං ඉච‍්ඡසි, සුප‍්පතිට‍්ඨිතො තාත පාසාදො, කථං කම‍්පෙතුං සක‍්ඛිස‍්සසී”ති?

මහිද්ධිකො මහානුභාවො සමෘද්ධියේ මහන්තත්වය නිසා මහද්ධිකය. අනුභව කළයුත්තහුගේ මහත් බව නිසා මහානුභාව නම් වේ. පරිත්තා යනු දුර්වල අප්පමාණ බලවත්. සො ඉමං පඨවිං කම්පෙති හෙතෙම සෘද්ධිය උපදවා උත්සාහවත් වන්නේ මහ මුගලන් තෙරුන් මෙන්, විමසා බලන්නේ හෝ මහානාග තෙරුන්ගේ බෑනා වූ සංඝ රක්ඛිත සාමණේර මෙන් පෘථිවිය කම්පා වෙයි. ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි හිසකෙස් බාන තැනදීම රහත්බවට පත්ව මෙසේ සිතීය. යම් භික්‍ෂුවක් පැවිදි වූ දවසේම රහත්බවට පත්ව වෛජයන්ත ප්‍රාසාදය කම්පා කළේ නම් එබඳු භික්‍ෂුවක් සිටීද? එහිදී එබඳු කිසිවෙක් නැතැයි දැන මම කම්පා කරන්නෙමියි අභිඥා බලයෙන් වෛජයන්ත ප්‍රාසාදය මස්තකයේ සිට පාදයෙන් පහරදී කම්පා කරන්නට නොහැකිවිය. ඉක්බිති ඔහුට ශක්‍රයාගේ නාටක ස්ත්‍රීහු මෙසේ කීහ. පුත, සංඝරක්ඛිතය, ඔබ ගඳ ගසන හිසකින් යුක්තව වෛජයන්තය සොළවන්නට සිතන්නෙහිය. දරුව, මේ ප්‍රාසාදය මනාව පිහිටා ඇත්තකි. කෙසේනම් සොළවන්නට හැකිවන්නෙහිද?

සාමණෙරො – “ඉමා දෙවතා මයා සද‍්ධිං කෙළිං කරොන‍්ති, අහං ඛො පන ආචරියං නාලත්‍ථං, කහං නු ඛො මෙ ආචරියො සාමුද‍්දිකමහානාගත්‍ථෙරො”ති ආවජ‍්ජෙන‍්තො මහාසමුද‍්දෙ උදකලෙණං මාපෙත්‍වා දිවාවිහාරං නිසින‍්නොති ඤත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා අට‍්ඨාසි. තතො නං ථෙරො – “කිං, තාත සඞ‍්ඝරක‍්ඛිත, අසික‍්ඛිත්‍වාව යුද‍්ධං පවිට‍්ඨොසී”ති වත්‍වා “නාසක‍්ඛි, තාත, වෙජයන‍්තං කම‍්පෙතු”න‍්ති පුච‍්ඡි. ආචරියං, භන‍්තෙ, නාලත්‍ථන‍්ති. අථ නං ථෙරො – “තාත තුම‍්හාදිසෙ අකම‍්පෙන‍්තෙ කො අඤ‍්ඤො කම‍්පෙස‍්සති. දිට‍්ඨපුබ‍්බං තෙ, තාත, උදකපිට‍්ඨෙ ගොමයඛණ‍්ඩං පිලවන‍්තං, තාත, කපල‍්ලකපූවං පචන‍්තා අන‍්තන‍්තෙන පරිච‍්ඡින්‍දන‍්ති, ඉමිනා ඔපම‍්මෙන ජානාහී”ති ආහ. සො – “වට‍්ටිස‍්සති, භන‍්තෙ, එත‍්තකෙනා”ති වත්‍වා පාසාදෙන පතිට‍්ඨිතොකාසං උදකං හොතූති අධිට‍්ඨාය වෙජයන‍්තාභිමුඛො අගමාසි.

සාමණේරයෝ මෙසේ සිතූහ. මේ දේවතාවෝ මා සමග සෙල්ලම් කරති. මම වනාහි ගුරුවරයකු නොලද්දෙමි. මාගේ ගුරුවරයා වූ සාමුද්දිකා මහානාග තෙරුන් කොහිදැයි ආවර්ජනය කරමින් මහා සමුද්‍රයෙහි ජල ලෙනක් මවා දවල් දවස එහි වැඩසිටින්නේ යැයි දැනගෙන එහි ගොස් තෙරුන් වැඳ සිටියේය. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ මෙසේ කීහ. කිම දරුව සංඝරක්ඛිත, ඉගෙන නොගෙන යුද්ධයට පිවිසියේද කියා, දරුව, වෛජයන්තය, සොලවන්නට නොහැකි වූයේදැයි ඇසීය. ස්වාමීනි, නොහැකි විය. ඉක්බිති ඔහුට තෙරුන් දරුව, ඔබ වැනි කෙනෙක් නොසොල්වන්නේ නම් අන් කවරෙක් සොලවන්නේද? දරුව, ඔබ ජලය මතුපිට පාවෙන ගොම වැරටියක් දැක තිබේද? කියා දරුව, කබලෙහි සාදන කැවිලි වර්ගයක් සාදන අය අගින් අග කඩත්. මේ උපමාවෙන් දැනගන්න යයි කීය. හෙතෙම ස්වාමීනි, මෙපමණක්ම ඇතැයි කියා ප්‍රාසාදය පිහිටි ප්‍රදේශය ජලය වේවායි අධිෂ්ඨාන කොට වෛජයන්තය දෙසට ගමන් කළේය.

දෙවධීතරො තං දිස‍්වා – “එකවාරං ලජ‍්ජිත්‍වා ගතො, පුනපි සාමණෙරො එති, පුනපි එතී”ති වදිංසු. සක‍්කො දෙවරාජා – “මා මය‍්හං පුත‍්තෙන සද‍්ධිං කථයිත්‍ථ, ඉදානි තෙන ආචරියො ලද‍්ධො, ඛණෙන පාසාදං කම‍්පෙස‍්සතී”ති ආහ. සාමණෙරොපි පාදඞ‍්ගුට‍්ඨෙන පාසාදථූපිකං පහරි. පාසාදො චතූහි දිසාහි ඔණමති. දෙවතා – “පතිට‍්ඨාතුං දෙහි, තාත, පාසාදස‍්ස පතිට‍්ඨාතුං දෙහි, තාත, පාසාදස‍්සා”ති විරවිංසු. සාමණෙරො පාසාදං යථාඨානෙ ඨපෙත්‍වා පාසාදමත්‍ථකෙ ඨත්‍වා උදානං උදානෙසි –

දෙව්දුව ඔහුව දැක, එක්වරක් ලජ්ජා වී ගොස් සාමණේර නම නැවතත් එයි. නැවත එයි කියා කියූහ. ශක්‍ර දේවෙන්ද්‍රයා, මාගේ පුත්‍රයා සමග නොකියන්න. දැන් ඔහු විසින් ගුරුවරයකු ලබන ලදි. ක්‍ෂණයෙන් ප්‍රාසාදය කම්පාවන්නේ යයි කීය. සාමණේරයන් වහන්සේ පා ඇඟිල්ලෙන් ප්‍රාසාදයේ කොතට පහර දුන්නේය. ප්‍රාසාදය සතර පැත්තට නැමෙන්නට විය. දෙවියෝ දරුව! ප්‍රාසාදය තිබෙන්නට ඉඩදෙන්න. ප්‍රසාදය තිබෙන්නට ඉඩහරින්නයැයි හඬ නැගූහ. සාමණේරයෝ ප්‍රාසාදය නියම තැන තබා ප්‍රාසාදය මුදුනේ සිට උදන් ඇනූහ.

“අජ‍්ජෙවාහං පබ‍්බජිතො, අජ‍්ජ පත‍්තාසවක‍්ඛයං; අජ‍්ජ කම‍්පෙමි පාසාදං, අහො බුද‍්ධස‍්සුළාරතා.

මම අදම පැවිදි වූයෙමි. අදම ආශ්‍රවයන් ක්‍ෂයකොට අදම ප්‍රාසාදය කම්පා කරමි. අහෝ! බුදුරජාණන් වහන්සේගේ උදාරත්වය

අජ‍්ජෙවාහං පබ‍්බජිතො…පෙ… අහො ධම‍්මස‍්සුළාරතා.

මම අදම පැවිදි වූයෙමි. අදම ආශ්‍රවයන් ක්‍ෂයකොට අදම ප්‍රාසාදය කම්පා කරමි. අහෝ ධර්මයේ උදාරත්වය!

අජ‍්ජෙවාහං පබ‍්බජිතො…පෙ… අහො සඞ‍්ඝස‍්සුළාරතාති.

මම අදම පැවිදි වූයෙමි. අදම ආශ්‍රවයන් ක්‍ෂයකොට අදම ප්‍රාසාදය කම්පා කරමි. අහෝ සංඝයාගේ උදාරත්වය.

ඉතො පරෙසු ඡසු පථවීකම‍්පෙසු යං වත‍්තබ‍්බං, තං මහාපදානෙ වුත‍්තමෙව.

මීට පසු පෘථිවි කම්පා සයේදී යමක් කිවයුතු ද එය මහාපදානයෙහි කියන ලදමැයි.

ඉති ඉමෙසු අට‍්ඨසු පථවීකම‍්පෙසු පඨමො ධාතුකොපෙන, දුතියො ඉද‍්ධානුභාවෙන, තතියචතුත්‍ථා පුඤ‍්ඤතෙජෙන, පඤ‍්චමො ඤාණතෙජෙන, ඡට‍්ඨො සාධුකාරදානවසෙන, සත‍්තමො කාරුඤ‍්ඤභාවෙන, අට‍්ඨමො ආරොදනෙන. මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තෙ ච තතො නික‍්ඛමන‍්තෙ ච මහාසත‍්තෙ තස‍්ස පුඤ‍්ඤතෙජෙන පථවී අකම‍්පිත්‍ථ. අභිසම‍්බොධියං ඤාණතෙජෙන අභිහතා හුත්‍වා අකම‍්පිත්‍ථ. ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ සාධුකාරභාවසණ‍්ඨිතා සාධුකාරං දදමානා අකම‍්පිත්‍ථ. ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනෙ කාරුඤ‍්ඤසභාවසණ‍්ඨිතා චිත‍්තසඞ‍්ඛොභං අසහමානා අකම‍්පිත්‍ථ. පරිනිබ‍්බානෙ ආරොදනවෙගතුන‍්නා හුත්‍වා අකම‍්පිත්‍ථ. අයං පනත්‍ථො පථවීදෙවතාය වසෙන වෙදිතබ‍්බො, මහාභූතපථවියා පනෙතං නත්‍ථි අචෙතනත‍්තාති.

මෙසේ මේ පඨවි කම්පා අටේදී පළමුවැන්න ධාතු කැළඹීමෙන්, දෙවැන්න සෘද්ධි බලයෙන්, තුන්වන සතරවන ඒවා පිනෙහි බලයෙන් ද පස්වැන්න ඤාණ තේජසින් ද සයවැන්න සාධුකාර දීම් වශයෙන් ද විය. මහාසත්ත්වයන් මව්කුසට එළඹෙනවිටත්, ඉන් නිකුත්වන විටත් ඔහුගේ පුණ්‍ය තේජසින් මහපොළොව කම්පා විය. අභිසම්බෝධියේදී ඤාණ තේජසින් මඩනා ලද්දේ කම්පා විය. දම්සක් පැවතුමේදී සාධුකාර දීමේ සළකුණක් ලෙස සාධුකාර දෙමින් කම්පා විය. ආයු සංස්කාර හැරීමේදී කරුණාවට සලකුණු තබමින් සිතේ ඇතිවන කැළඹීම ඉවසාගත නොහැකිව කම්පා විය. පරිනිර්වාණයේදී හඬාවැලපීමේ වේගය අඩුවීම සඳහා කම්පා විය. මේ අර්ථය වනාහි පඨවි දේවතා වශයෙන් දතයුතුයි. මහාභූතයක් වූ පෘථිවියෙහි වනාහි, අචේතනික බැවින් මෙවැන්නක් නැත.

ඉමෙ ඛො, ආනන්‍ද, අට‍්ඨ හෙතූති එත්‍ථ ඉමෙති නිද‍්දිට‍්ඨනිදස‍්සනං. එත‍්තාවතා ච පනායස‍්මා ආනන්‍දො – “අද‍්ධා අජ‍්ජ භගවතා ආයුසඞ‍්ඛාරො ඔස‍්සට‍්ඨො”ති සල‍්ලක‍්ඛෙසි. භගවා පන සල‍්ලක‍්ඛිතභාවං ජානන‍්තොපි ඔකාසං අදත්‍වාව අඤ‍්ඤානිපි අට‍්ඨකානි සම‍්පිණ‍්ඩෙන‍්තො – “අට‍්ඨ ඛො ඉමා”තිආදිමාහ.

ඉමෙ ඛො ආනන්‍ද අට්ඨහෙතු. මෙහි ‘ඉමෙ’ (මේවා) යනු දක්වන ලද නිදර්ශනයි. මෙපමණකින්ම වනාහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඒකාන්තයෙන් අද භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාර හැරීම සැළකීය. භාග්‍යවතුන් වහන්සේද, එසේ සිතාගත් බව දන්නේ නමුදු එයට ඉඩක් නොදීම අනික් අට ද සම්පිණ්ඩනය කරමින් - අට්ඨ ඛො ඉමා (ඉක්බිති මේවා)

අට‍්ඨපරිසවණ‍්ණනා

තත්‍ථ අනෙකසතං ඛත‍්තියපරිසන‍්ති බිම‍්බිසාරසමාගමඤාතිසමාගලිච‍්ඡවීසමාගමාදිසදිසං, සා පන අඤ‍්ඤෙසු චක‍්කවාළෙසුපි ලබ‍්භතෙයෙව. සල‍්ලපිතපුබ‍්බන‍්ති ආලාපසල‍්ලාපො කතපුබ‍්බො. සාකච‍්ඡාති ධම‍්මසාකච‍්ඡාපි සමාපජ‍්ජිතපුබ‍්බා. යාදිසකො තෙසං වණ‍්ණොති තෙ ඔදාතාපි හොන‍්ති කාළාපි මඞ‍්ගුරච‍්ඡවීපි, සත්‍ථා සුවණ‍්ණවණ‍්ණොව. ඉදං පන සණ‍්ඨානං පටිච‍්ච කථිතං. සණ‍්ඨානම‍්පි ච කෙවලං තෙසං පඤ‍්ඤායතියෙව, න පන භගවා මිලක‍්ඛුසදිසො හොති, නාපි ආමුත‍්තමණිකුණ‍්ඩලො, බුද‍්ධවෙසෙනෙව නිසීදති. තෙ පන අත‍්තනො සමානසණ‍්ඨානමෙව පස‍්සන‍්ති. යාදිසකො තෙසං සරොති තෙ ඡින‍්නස‍්සරාපි හොන‍්ති ගග‍්ගරස‍්සරාපි කාකස‍්සරාපි, සත්‍ථා බ්‍රහ‍්මස‍්සරොව. ඉදං පන භාසන‍්තරං සන්‍ධාය කථිතං. සචෙපි හි සත්‍ථා රාජාසනෙ නිසින‍්නො කථෙති, “අජ‍්ජ රාජා මධුරෙන සරෙන කථෙතී”ති තෙසං හොති. කථෙත්‍වා පක‍්කන‍්තෙ පන භගවති පුන රාජානං ආගතං දිස‍්වා – “කො නු ඛො අය”න‍්ති වීමංසා උප‍්පජ‍්ජති. තත්‍ථ කො නු ඛො අයන‍්ති ඉමස‍්මිං ඨානෙ ඉදානෙව මාගධභාසාය සීහළභාසාය මධුරෙනාකාරෙන කථෙන‍්තො කො නු ඛො අයං අන‍්තරහිතො, කිං දෙවො, උදාහු මනුස‍්සොති එවං වීමංසන‍්තාපි න ජානන‍්තීති අත්‍ථො. කිමත්‍ථං පනෙවං අජානන‍්තානං ධම‍්මං දෙසෙතීති? වාසනත්‍ථාය. එවං සුතොපි හි ධම‍්මො අනාගතෙ පච‍්චයො හොති යෙවාති අනාගතං පටිච‍්ච දෙසෙති. අනෙකසතං බ්‍රාහ‍්මණපරිසන‍්තිආදීනම‍්පි සොණදණ‍්ඩකූටදණ‍්ඩසමාගමාදිවසෙන චෙව අඤ‍්ඤචක‍්කවාළවසෙන ච සම‍්භවො වෙදිතබ‍්බො.

එහි අනෙකසතං ඛත්තිය පරිසං යනු බිම්බිසාර සමාගම, ඤාති සමාගම, ලිච්ඡවී මාගම ආදිය හා සමාන අන් සක්වලවලදීද ලැබෙයිමය. සල්ලපිත පුබ්බං අල්ලාප සල්ලාප කරන ලද සාකච්ඡා යනු ධර්මසාකච්ඡාවද ඇතුළත් වේ. යාදිසකො තෙසං වණ්ණො ඔව්හු සුදුපාට වෙත්. කාලවර්ණ වෙති. කලු රන්වන් පාටය. මේ සටහන අරභයා කියන ලදි. සටහනද හුදෙක් ඔවුන්ට පෙනේමය. භාග්‍යවතුන් වහන්සේ වනාහි නොදියුණු ගේත්‍රිකයකු සමාන නොවේ. පැළඳගත් මිණිකොඬොල් ඇතිව බුද්ධවේශයෙන් හිඳියි. ඔව්හු වනාහි තමන්ගේ සමාන සලකුණුව දකිත්. යාදිසකො එතෙසං සරො යනු ඔව්හු සිඳුනු ස්වර ඇත්තෝද වෙත්. බිඳුනු ස්වර ඇත්තේය. කාකස්වර ඇත්තේය. කටුක ස්වර ඇත්තේය. කැඩුනු ස්වර ඇත්තේය. ශාස්තෲන් වහන්සේ වනාහි බ්‍රහ්මස්වර ඇත්තේමය. මෙය වනාහි වෙනත් වෙනත් භාෂාවන් සඳහා කියන ලදි. ඉදින් වනාහි ශාස්තෲන් වහන්සේ රාජාසනයේ සිටියේ කියයි. අද රජතුමා මධුර ස්වරයෙන් කථා කරයි. කථාකොට භාග්‍යවතුන් වහන්සේ නික්මගිය කල්හි නැවත රජු පැමිණි බව දැක මේ කවරෙක්දැයි විමතියක් ඇතිවෙයි. එහි කොනු ඛො අයං මේ ස්ථානයෙහි දැන්ම මගධ භාෂාවෙන්, සිංහල භාෂාවෙන්, මිහිරි ආකාරයෙන් කියන්නේ, කියන්නේ මේ කවරෙක්ද? අතරක් නැතිව කියන මොහු දෙවියෙක්ද? නැත්නම් මනුෂ්‍යයෙක් ද? මෙසේ විමසන්නාහුද නොදනිත් යන අර්ථයි. මෙසේ නොදන්නා අයට කුමක් සඳහා ධර්මය දේශනා කරයිද? පෙර පුරුද්ද සඳහාය. මෙසේ අසන ලද ධර්මය අනාගතයට හේතුවෙයි කියා අනාගතය උදෙසා දේශනා කරයි. අනෙකසතං බ්‍රාහ්මණපරිසං ආදී සොණදණ්ඩ, කූටදන්ත, කූටදන්ත සමාගම ආදී වශයෙන් ද අන්‍ය සක්වලවල් වශයෙන් ද සම්භවය දතයුතුයි.

ඉමා පන අට‍්ඨ පරිසා භගවා කිමත්‍ථං ආහරි? අභීතභාවදස‍්සනත්‍ථමෙව. ඉමා කිර ආහරිත්‍වා එවමාහ – “ආනන්‍ද, ඉමාපි අට‍්ඨ පරිසා උපසඞ‍්කමිත්‍වා ධම‍්මං දෙසෙන‍්තස‍්ස තථාගතස‍්ස භයං වා සාරජ‍්ජං වා නත්‍ථි, මාරං පන එකකං දිස‍්වා තථාගතො භායෙය්‍යාති කො එවං සඤ‍්ඤං උප‍්පාදෙතුමරහති. අභීතො, ආනන්‍ද, තථාගතො අච‍්ඡම‍්භී, සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජී”ති.

භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා මේ අටපිරිස ගෙනහැර දැක්වීද? බිය නොවන බව දැක්වීම සඳහාය. මේවා ගෙනහැර දක්වා මෙසේ වදාළහ. ආනන්දය, මේ අට පිරිස වෙත පැමිණ ධර්මදේශනා කරන තථාගතයන් වහන්සේට භයක් හෝ ඇල්මක් හෝ නැත. මාරයා වනාහි තනිව දැක තථාගතයන් වහන්සේ බිය වන්නේය කියා කවරෙක් මෙසේ සඤ්ඤාවක් උපදවන්නට සුදුසුද? ආනන්දය! තථාගතයන් වහන්සේ භය නැත. තැතිගැන්මක් නැත. සිහියෙන් හා වැටහීමෙන් යුක්ත වූයේ ආයු සංස්කාරය අත්හළේය.

අට‍්ඨඅභිභායතනවණ‍්ණනා

අභිභායතනානීති අභිභවනකාරණානි. කිං අභිභවන‍්ති? පච‍්චනීකධම‍්මෙපි ආරම‍්මණානිපි. තානි හි පටිපක‍්ඛභාවෙන පච‍්චනීකධම‍්මෙ අභිභවන‍්ති, පුග‍්ගලස‍්ස ඤාණුත‍්තරියතාය ආරම‍්මණානි.

අභිභායතනානි යටපත්කරන කරුණු කුමක් යටපත් කරත්ද? විරුද්ධ ධර්මයන්ට අරමුණු, ඒවා වනාහි ප්‍රතිපක්‍ෂ භාවයෙන් විරුද්ධ ධර්මයන් අභිභවනය කරත්. පුද්ගලයාගේ ඤාණයාගේ උත්තරීතර බව සඳහා අරමුණු.

අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤීතිආදීසු පන අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මවසෙන අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී නාම හොති. අජ‍්ඣත‍්තඤ‍්හි නීලපරිකම‍්මං කරොන‍්තො කෙසෙ වා පිත‍්තෙ වා අක‍්ඛිතාරකාය වා කරොති. පීතපරිකම‍්මං කරොන‍්තො මෙදෙ වා ඡවියා වා හත්‍ථපාදපිට‍්ඨෙසු වා අක‍්ඛීනං පීතකට‍්ඨානෙ වා කරොති. ලොහිතපරිකම‍්මං කරොන‍්තො මංසෙ වා ලොහිතෙ වා ජිව‍්හාය වා අක‍්ඛීනං රත‍්තට‍්ඨානෙ වා කරොති. ඔදාතපරිකම‍්මං කරොන‍්තො අට‍්ඨිම‍්හි වා දන‍්තෙ වා නඛෙ වා අක‍්ඛීනං සෙතට‍්ඨානෙ වා කරොති. තං පන සුනීලං සුපීතං සුලොහිතකං සුඔදාතකං න හොති, අවිසුද‍්ධමෙව හොති.

අජ්ඣත්තං රූපසඤ්ඤී ආදියෙහි වනාහි අධ්‍යාත්මික රූපයෙහි පරිකර්ම වශයෙන් අජ්ඣත්ත රූපසඤ්ඤී නම් වේ. අධ්‍යාත්මය වනාහි නීල පරිකර්මය කරන්නේ කෙස්වල හෝ පිතෙහි හෝ ඇසේ තාරකාවගේ හෝ කරයි. පීත පරිකර්මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ අත්පා තලවල හෝ ඇස්වල කහපැහැ ඇති තැන්වල කරයි. ලොහිත පරිකර්මය කරන්නේ මස්වල හෝ ලේවල හෝ දිවෙහි හෝ ඇස්වල හෝ රතු තැන්වල කරයි. ඕදාත පරිකර්මය කරන්නේ ඇටවල හෝ දත්වල හෝ නියවල හෝ ඇස්වල සුදු තන්හි හෝ කරයි. එය වනාහි අතිශයින් නිල්, අතිශයින් කහපාට, අතිශයින් රතුපාට, ඉතා සුදුපාට හෝ නොවෙයි. ශුද්ධ නැත්තේම වෙයි.

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්සෙවං පරිකම‍්මං අජ‍්ඣත‍්තං උප‍්පන‍්නං හොති, නිමිත‍්තං පන බහිද‍්ධා, සො එවං අජ‍්ඣත‍්තං පරිකම‍්මස‍්ස බහිද‍්ධා ච අප‍්පනාය වසෙන – “අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. පරිත‍්තානීති අවඩ‍්ඪිතානි. සුවණ‍්ණදුබ‍්බණ‍්ණානීති සුවණ‍්ණානි වා හොන‍්ති, දුබ‍්බණ‍්ණානි වා. පරිත‍්තවසෙනෙව ඉදං අභිභායතනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තානි අභිභුය්‍යාති යථා නාම සම‍්පන‍්නගහණිකො කටච‍්ඡුමත‍්තං භත‍්තං ලභිත්‍වා – “කිං එත්‍ථ භුඤ‍්ජිතබ‍්බං අත්‍ථී”ති සඞ‍්කඩ‍්ඪිත්‍වා එකකබළමෙව කරොති, එවමෙව ඤාණුත‍්තරිකො පුග‍්ගලො විසදඤාණො – “කිං එත්‍ථ පරිත‍්තකෙ ආරම‍්මණෙ සමාපජ‍්ජිතබ‍්බං අත්‍ථි, නායං මම භාරො”ති තානි රූපානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො. ජානාමි පස‍්සාමීති ඉමිනා පනස‍්ස ආභොගො කථිතො. සො ච ඛො සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස, න අන‍්තොසමාපත‍්තියං. එවංසඤ‍්ඤී හොතීති ආභොගසඤ‍්ඤායපි ඣානසඤ‍්ඤායපි එවංසඤ‍්ඤී හොති. අභිභවනසඤ‍්ඤා හිස‍්ස අන‍්තොසමාපත‍්තියම‍්පි අත්‍ථි, ආභොගසඤ‍්ඤා පන සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්සෙව.

එකො බහිද්ධාරූපානි පස්සති යනු යමකුට මෙසේ අධ්‍යාත්මික වූ පරිකර්මය හටගත්තේ වෙයිද, නිමිති බාහිර ද හෙතෙම මෙසේ අධ්‍යාත්මය පරිකර්මයට බාහිරවද අර්පණා වශයෙන් අධ්‍යාත්මක අරූපසඤ්ඤී වූයේ හුදෙකලාව බාහිර රූප දකියි කියා කියයි. [missing trans]

අප‍්පමාණානීති වඩ‍්ඪිතප‍්පමාණානි, මහන‍්තානීති අත්‍ථො. අභිභුය්‍යාති එත්‍ථ පන යථා මහග‍්ඝසො පුරිසො එකං භත‍්තවඩ‍්ඪිතකං ලභිත්‍වා – “අඤ‍්ඤම‍්පි හොතු, කිං එතං මය‍්හං කරිස‍්සතී”ති තං න මහන‍්තතො පස‍්සති, එවමෙව ඤාණුත‍්තරො පුග‍්ගලො විසදඤාණො “කිං එත්‍ථ සමාපජ‍්ජිතබ‍්බං, නයිදං අප‍්පමාණං, න මය‍්හං චිත‍්තෙකග‍්ගතාකරණෙ භාරො අත්‍ථී”ති තානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො.

[missing trans]

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අලාභිතාය වා අනත්‍ථිකතාය වා අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මසඤ‍්ඤාවිරහිතො.

[missing trans]

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්ස පරිකම‍්මම‍්පි නිමිත‍්තම‍්පි බහිද‍්ධාව උප‍්පන‍්නං, සො එවං බහිද‍්ධා පරිකම‍්මස‍්ස චෙව අප‍්පනාය ච වසෙන – “අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. සෙසමෙත්‍ථ චතුත්‍ථාභිභායතනෙ වුත‍්තනයමෙව. ඉමෙසු පන චතූසු පරිත‍්තං විතක‍්කචරිතවසෙන ආගතං, අප‍්පමාණං මොහචරිතවසෙන, සුවණ‍්ණං දොසචරිතවසෙන, දුබ‍්බණ‍්ණං රාගචරිතවසෙන. එතෙසඤ‍්හි එතානි සප‍්පායානි. සා ච නෙසං සප‍්පායතා විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ චරිතනිද‍්දෙසෙ වුත‍්තා.

[missing trans] මෙහි ඉතිරි සියල්ල සතරවැනි අභිභායතනයේ කියන ලද ක්‍රමයමය. මේ සතරෙහි වනාහි ටිකක් විතර්ක චරිත වශයෙන් ආයේය. බොහෝ ප්‍රමාණයක් මෝහ චරිත වශයෙන් සුවර්ණය දෝස චරිත වශයෙන් ද දුර්වර්ණය රාග චරිත වශයෙන් ද මොවුන්ට මේවා එයට සප්පාය වන ආකාරය විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයේ චරිත නිර්දේශයේ කියන ලදි.

පඤ‍්චමඅභිභායතනාදීසු නීලානීති සබ‍්බසඞ‍්ගාහකවසෙන වුත‍්තං. නීලවණ‍්ණානීති වණ‍්ණවසෙන. නීලනිදස‍්සනානීති නිදස‍්සනවසෙන, අපඤ‍්ඤාය මානවිවරානි අසම‍්භින‍්නවණ‍්ණානි එකනීලානෙව හුත්‍වා දිස‍්සන‍්තීති වුත‍්තං හොති. නීලනිභාසානීති ඉදං පන ඔභාසවසෙන වුත‍්තං, නීලොභාසානි නීලප‍්පභායුත‍්තානීති අත්‍ථො. එතෙන නෙසං විසුද‍්ධතං දස‍්සෙති. විසුද‍්ධවණ‍්ණවසෙනෙව හි ඉමානි චත‍්තාරි අභිභායතනානි වුත‍්තානි. උමාපුප‍්ඵන‍්ති එතඤ‍්හි පුප‍්ඵං සිනිද‍්ධං මුදු, දිස‍්සමානම‍්පි නීලමෙව හොති. ගිරිකණ‍්ණිකපුප‍්ඵාදීනි පන දිස‍්සමානානි සෙතධාතුකානෙව හොන‍්ති. තස‍්මා ඉදමෙව ගහිතං, න තානි. බාරාණසෙය්‍යකන‍්ති බාරාණසිසම‍්භවං. තත්‍ථ කිර කප‍්පාසොපි මුදු, සුත‍්තකන‍්තිකායොපි තන‍්තවායාපි ඡෙකා, උදකම‍්පි සුචි සිනිද‍්ධං. තස‍්මා තං වත්‍ථං උභතොභාගවිමට‍්ඨං හොති; ද‍්වීසුපි පස‍්සෙසු මට‍්ඨං මුදු සිනිද‍්ධං ඛායති.

පස්වන අභිභායතනාදියෙහි නීලානි යනු සියල්ල එකට එක්තැන් කිරීම් වශයෙන් කියන ලදි. නීලවණ්ණානි වර්ණ වශයෙන් නීලනිදස්සනානි දැකීම් වශයෙන් නොපෙනෙන විවර, නොබිඳුනු වර්ණ, එකම නිලක්ව වී පෙනෙන්නේ යැයි කියන ලදි. නිල් ආලෝකයක්, නිල් ප්‍රභාවකින් යුක්තය යන අර්ථයි. මෙයින් ඔවුන්ගේ ශුවිශුද්ධ බව දක්වයි. පිරිසිදු වර්ණ වශයෙන් වනාහි මේ ප්‍රබල ආයතන සතර කියන ලදි. උම්මාපුප්ඵ මේ මල ඉතා සිනිඳුය. මෘදු ලෙස පෙනෙන්නේ නීල වර්ණම වෙයි. ගිරිකණ්ණික ආදී මල් සුදුපාටින් පෙනෙන්නේය. ඒ නිසා මෙයම ගන්නා ලදි. ඒවා නොවේ. බාරාණසෙය්‍යකං බරණැස් නුවර පහළ වූ. එහි වනාහි කපු ද මෘදුය. නූල් කටින්නෝ ද රෙදි වියන්නෝ ද දක්‍ෂයෝය. ජලයද පිරිසිදුය. මොළොක්ය. ඒ නිසා ඒ වස්ත්‍රය දෙපාර්ශ්වයෙන්ම සුමටය. දෙපැත්තම මටසිලිටුව පෙනෙයි.

පීතානීතිආදීසුපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. “නීලකසිණං උග‍්ගණ‍්හන‍්තො නීලස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වා”තිආදිකං පනෙත්‍ථ කසිණකරණඤ‍්ච පරිකම‍්මඤ‍්ච අප‍්පනාවිධානඤ‍්ච සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරතො වුත‍්තමෙව. ඉමානිපි අට‍්ඨ අභිභායතනානි අභීතභාවදස‍්සනත්‍ථමෙව ආනීතානි. ඉමානි කිර වත්‍වා එවමාහ – “ආනන්‍ද, එවරූපාපි සමාපත‍්තියො සමාපජ‍්ජන‍්තස‍්ස ච වුට‍්ඨහන‍්තස‍්ස ච තථාගතස‍්ස භයං වා සාරජ‍්ජං වා නත්‍ථි, මාරං පන එකකං දිස‍්වා තථාගතො භායෙය්‍යාති කො එවං සඤ‍්ඤං උප‍්පාදෙතුමරහති. අභීතො, ආනන්‍ද, තථාගතො අච‍්ඡම‍්භී, සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජී”ති.

පීතානි ආදියෙහිද මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුයි. නීල කසිණය ඉගෙන ගන්නහු විසින් නිලෙහි නිමිති ගනී. මලෙහිද වස්ත්‍රයෙහි ද වර්ණධාතු වශයෙනි. මේ ආදී කසිණයක් සාදා ගැනීමද එහි පරිකර්මද අර්පණා විධානයද යන සියල්ල විශුද්ධි මාර්ගයෙහි විස්තර සහිතව කියන ලදි. මේ අටවැදෑරුම් ප්‍රබල කාරණා බිය නැති බව දැක්වීම සඳහාම ගෙනහැර දක්වන ලදි. මේවාද කියා මෙසේ කීය. ආනන්දය! මෙබඳු රූප වූ සමාපත්තීන්ට සමවදින්නා වූත් ඉන් නැගිටින්නා වූත් තථාගතයන් වහන්සේට භයක් හෝ එහි ඇල්මක් හෝ නැත. මාරයා වනාහි එකක් දැක තථාගතයන් වහන්සේ බියවන්නේ යැයි කවරෙක් නම් මෙබඳු හැඟීමක් උපදවන්නට යෝග්‍යද? ආනන්දය! තථාගතයන් වහන්සේ අභීතය. තැතිගන්නේ නැත. සිහියෙන් යුක්තව ආයුසංස්කාර හළේය.

අට‍්ඨවිමොක‍්ඛවණ‍්ණනා

විමොක‍්ඛකථා උත‍්තානත්‍ථායෙව. ඉමෙපි අට‍්ඨ විමොක‍්ඛා අභීතභාවදස‍්සනත්‍ථමෙව ආනීතා. ඉමෙපි කිර වත්‍වා එවමාහ – “ආනන්‍ද, එතාපි සමාපත‍්තියො සමාපජ‍්ජන‍්තස‍්ස ච වුට‍්ඨහන‍්තස‍්ස ච තථාගතස‍්ස භයං වා සාරජ‍්ජං වා නත්‍ථි…පෙ… ඔස‍්සජී”ති.

විමොක්‍ෂ කථාව කියන ලද අර්ථ ඇත්තේය. මේ අෂ්ට විමොක්‍ෂයන්ද අභීත බව දැක්වීම සඳහාම ගෙනහැර දක්වන ලදි. මේවාද කියා මෙසේ පැවසීය. ආනන්ද! මේ සමාපත්තිවලට සමවදින්නා වූත් ඉන් නැගී සිටින්නා වූත් තථාගතයන් වහන්සේට බියක් හෝ ඇල්මක් නැත. -පෙ- ආයු සංස්කාර හළේය.

ඉදානිපි භගවා ආනන්‍දස‍්ස ඔකාසං අදත්‍වාව එකමිදාහන‍්තිආදිනා නයෙන අපරම‍්පි දෙසනං ආරභි. තත්‍ථ පඨමාභිසම‍්බුද‍්ධොති අභිසම‍්බුද‍්ධො හුත්‍වා පඨමමෙව අට‍්ඨමෙ සත‍්තාහෙ.

දැන්ද භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට ඉඩක් නොදීම එකමිදාහං යනාදී ලෙස අන් දේශනාවක්ද පටන් ගත්තේය. එහි පඨමාභි සම්බුද්ධො යනු බුදුවී පළමුවෙන් ම අටවන සතියෙහි

ඔස‍්සට‍්ඨොති විස‍්සජ‍්ජිතො පරිච‍්ඡින‍්නො, එවං කිර වත්‍වා – “තෙනායං දසසහස‍්සී ලොකධාතු කම‍්පිත්‍ථා”ති ආහ.

ඔස්සට්ඨො යනු අත්හරින ලදි. මෙසේ කියා මේ නිසා මේ දස සහශ්‍රී ලෝකධාතුව කම්පා වීයැයි පැවසීය.

ආනන්‍දයාචනකථා

අලන‍්ති පටික‍්ඛෙපවචනමෙතං. බොධින‍්ති චතුමග‍්ගඤාණපටිවෙඝං. සද‍්දහසි ත්‍වන‍්ති එවං වුත‍්තභාවං තථාගතස‍්ස සද‍්දහසීති වදති. තස‍්මාතිහානන්‍දාති යස‍්මා ඉදං වචනං සද‍්දහසි, තස‍්මා තුය‍්හෙවෙතං දුක‍්කටන‍්ති දස‍්සෙති.

අලං යනු ප්‍රතික්‍ෂේප කිරීමේ වචනයකි. බොධිං යනු සිව්මග නුවණ අවබෝධ කිරීම. සද්දහසි ත්‍වං තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළබව විශ්වාස කරන්නෙහිදැයි කියයි. තස්මාතිහානන්‍ද යනු යම්හෙයකින් මේ වචනය විශ්වාස කරන්නේ නම් ඒ නිසා මයෙ ඔබට දුක්කටයක් (දුකුළා ඇවතක්) යක් වන්නේ යැයි දක්වයි.

එකමිදාහන‍්ති ඉදං භගවා – “න කෙවලං අහං ඉධෙව තං ආමන‍්තෙසිං, අඤ‍්ඤදාපි ආමන‍්තෙත්‍වා ඔළාරිකං නිමිත‍්තං අකාසිං, තම‍්පි තයා න පටිවිද‍්ධං, තවෙවායං අපරාධො”ති එවං සොකවිනොදනත්‍ථාය නානප‍්පකාරතො ථෙරස‍්සෙව දොසාරොපනත්‍ථං ආරභි.

එකමිදාහං යනු භාග්‍යවතුන් වහන්සේ හුදෙක් මම මෙහිදී ඔහුට ඇමතූයේ නොවේ. වෙන දාකද අමතා ඕලාරික වූ නිමිත්තක් දැක්වූයෙමි. එයද ඔබ විසින් තේරුම් ගත්තේ නැත. මෙය ඔබගේ වරදකි. මෙසේ ශෝඛය නැතිකිරීම සඳහා නොයෙක් ආකාරයෙන් තෙරුන් වහන්සේට දෝෂාරෝපණ කරන්නට පටන් ගත්තේය.

පියෙහි මනාපෙහීති මාතාපිතාභාතාභගිනිආදිකෙහි ජාතියා නානාභාවො, මරණෙන විනාභාවො, භවෙන අඤ‍්ඤථාභාවො. තං කුතෙත්‍ථ ලබ‍්භාති තන‍්ති තස‍්මා, යස‍්මා සබ‍්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො, තස‍්මා දස පාරමියො පූරෙත්‍වාපි, සම‍්බොධිං පත්‍වාපි, ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වාපි, යමකපාටිහාරියං දස‍්සෙත්‍වාපි, දෙවොරොහණං කත්‍වාපි, යං තං ජාතං භූතං සඞ‍්ඛතං පලොකධම‍්මං, තං වත තථාගතස‍්සාපි සරීරං මා පලුජ‍්ජීති නෙතං ඨානං විජ‍්ජති, රොදන‍්තෙනාපි කන්‍දන‍්තෙනාපි න සක‍්කා තං කාරණං ලද‍්ධුන‍්ති. පුන පච‍්චාවමිස‍්සතීති යං චත‍්තං වන‍්තං, තං වත පුන පටිඛාදිස‍්සතීති අත්‍ථො.

පියෙහි මනාපෙහි මව, පියා, සහෝදරයා, සහෝදරිය ආදීන්ගෙන් ජන්මයෙන් වෙන්වීම, මරණයෙන් වෙන්වීම, භවයෙන් වෙනස් තත්ත්වයකට පත්වීම තං කුතෙත්‍ථ ලබ්භා යනු තං යනු ඒ නිසා, යම්හෙයකින් සියළුම ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන්වීම, ඒ නිසා දස පාරමිතා පුරාද සම්බෝධියට පත්ව ද දම්සක් පවත්වා ද යමක ප්‍රාතිහාර්ය දක්වාද දෙවාරෝහණය කරද යම් ඒ දෙයක් හටගත්තේද, උපන්නේද, පහළ වූයේද ඒ සියල්ල පලුදුවන නැතිවන ස්වභාව ඇත්තේය. තථාගතයන් වහන්සේගේ ශරීරයද එබඳුය. හඬාවැළපීමෙන් එසේ නොවේවායි වළක්වා ගැනීමක් සිදුවිය නොහැක්කකි. පුනපච්ඡාවමිස්සති යමක් අත්හළේ ද වැමෑරුයේ ද එය වනාහි නැවත කන්නේය යන අර්ථයි.

යථයිදං බ්‍රහ‍්මචරියන‍්ති යථා ඉදං සික‍්ඛාත‍්තයසඞ‍්ගහං සාසනබ්‍රහ‍්මචරියං. අද‍්ධනියන‍්ති අද‍්ධානක‍්ඛමං. චිරට‍්ඨිතිකන‍්ති චිරප‍්පවත‍්තිවසෙන චිරට‍්ඨිතිකං. චත‍්තාරො සතිපට‍්ඨානාතිආදි සබ‍්බං ලොකියලොකුත‍්තරවසෙනෙව කථිතං. එතෙසං පන බොධිපක‍්ඛියානං ධම‍්මානං විනිච‍්ඡයො සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධිනිද‍්දෙසෙ වුත‍්තො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

යථයිදං බ්‍රහ්මචරියං යම්සේ මේ ශික්‍ෂාත්‍රය සංග්‍රහ කිරීම ශාසන බ්‍රහ්මචරියාවයි. අංගනියං ගමනට සුදුසු. චිරට්ඨිතිකං බොහෝ කල්පැවැත්ම වශයෙන් චිරස්ථායී. චත්තාරො සතිපට්ඨානා ආදී සියල්ල ලෞකික ලෝකෝත්තර වශයෙන් කියන ලදි. මේ බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ විනිශ්චය විභාගය සියලු ආකාරයෙන්ම විශුද්ධිමාර්ගයේ ඤාණදස්සන විශුද්ධි නිර්දේශයෙහි කියන ලදි. මෙහි ඉතිරිය කියන ලද අයුරුමය.

තතියභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

තුන්වන බණවර වර්ණනාව නිමියේ ය.

නාගාපලොකිතවණ‍්ණනා

නාගාපලොකිතන‍්ති යථා හි මහාජනස‍්ස අට‍්ඨීනි කොටියා කොටිං ආහච‍්ච ඨිතානි පච‍්චෙකබුද‍්ධානං, අඞ‍්කුසකලග‍්ගානි විය, න එවං බුද‍්ධානං. බුද‍්ධානං පන සඞ‍්ඛලිකානි විය එකාබද‍්ධානි හුත්‍වා ඨිතානි, තස‍්මා පච‍්ඡතො අපලොකනකාලෙ න සක‍්කා හොති ගීවං පරිවත‍්තෙතුං. යථා පන හත්‍ථිනාගො පච‍්ඡාභාගං අපලොකෙතුකාමො සකලසරීරෙනෙව පරිවත‍්තති, එවං පරිවත‍්තිතබ‍්බං හොති. භගවතො පන නගරද‍්වාරෙ ඨත්‍වා – “වෙසාලිං අපලොකෙස‍්සාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නමත‍්තෙ – “භගවා අනෙකානි කප‍්පකොටිසහස‍්සානි පාරමියො පූරෙන‍්තෙහි තුම‍්හෙහි න ගීවං පරිවත‍්තෙත්‍වා අපලොකනකම‍්මං කත”න‍්ති අයං පථවී කුලාලචක‍්කං විය පරිවත‍්තෙත්‍වා භගවන‍්තං වෙසාලිනගරාභිමුඛං අකාසි. තං සන්‍ධායෙතං වුත‍්තං.

නාගාපලොකිතං යනු යම්සේ වනාහි මහජනයාගේ ඇට අගින් අග එකට බැඳී සිටී. පසේබුදුවරයන් වහන්සේලාගේ වනාහි අංකුසයෙහි එල්ලන ලද්දාක් මෙනි. බුදුවරයන් වහන්සේලාගේ එසේ නොවේ. බුදුවරයන් වහන්සේලාගේ වනාහි හැකිල්ලක් මෙන් එකට බැඳී සිටියේය. ඒ නිසා පසුපස බලන කල්හි ග්‍රීවය හරවන්නට නොහැකිය. යම්සේ වනාහි ඇත්රජෙක් පසුපස බලනු කැමැත්තේ මුළු ශරීරයම හරවා බලයි ද මෙසේ හැරවිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ වනාහි නගරදොරටුවේ සිට විශාලා නුවර දෙස බලන්නෙමියි සිතුනු විටම භාග්‍යවතුන් වහන්සේ අනේක කල්ප කෝටි සහශ්‍රයක් පාරමිතා පුරන ඔබවහන්සේ විසින් ග්‍රීවය හරවා ආපසු බැලීමක් නොකරන ලදැයි මේ පොළොව කුඹල් සකක් මෙන් කැරකී භාග්‍යවතුන් වහන්සේව විශාලා නුවර දෙසට යොමුකළේය. ඒ ගැන මෙය කියන ලදි.

නනු ච න කෙවලං වෙසාලියාව, සාවත්‍ථිරාජගහනාළන්‍දපාටලිගාමකොටිගාමනාතිකගාමකෙසුපි තතො තතො නික‍්ඛන‍්තකාලෙ තං තං සබ‍්බං පච‍්ඡිමදස‍්සනමෙව, තත්‍ථ තත්‍ථ කස‍්මා නාගාපලොකිතං නාපලොකෙසීති? අනච‍්ඡරියත‍්තා. තත්‍ථ තත්‍ථ හි නිවත‍්තෙත්‍වා අපලොකෙන‍්තස‍්සෙතං න අච‍්ඡරියං හොති, තස‍්මා නාපලොකෙසි. අපි ච වෙසාලිරාජානො ආසන‍්නවිනාසා, තිණ‍්ණං වස‍්සානං උපරි විනස‍්සිස‍්සන‍්ති. තෙ තං නගරද‍්වාරෙ නාගාපලොකිතං නාම චෙතියං කත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙස‍්සන‍්ති, තං නෙසං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සතීති තෙසං අනුකම‍්පාය අපලොකෙසි.

හුදෙක් විශාලාව පමණක් නොවේ. රජගහ, නාලන්ද-පාටලීගම, කෝටිග්‍රාමය, තාදික ග්‍රාමය ආදී ඒ ඒ තැන්වලින් නික්මෙන කල්හි ඒ ඒ පසුදැක්ම වන්නේය. කුමක් නිසා ඒ ඒ තැන්වලදී හස්තියකු මෙන් නොබැලීද? පුදුමයක් නොවන බැවිනි. ඒ ඒ තැන නතර වී බලන්නහුට මෙය පුදුමයක් නොවේ. ඒ නිසා නොබැලීය. තවද විශාලානුවර රජවරු ළංවූ විපත්ති ඇත්තාහු වර්ෂ තුනක් ගියතැන විනාශ වන්නාහු, ඔව්හු ඒ නගරදොරටුවේ ‘නාගාපලොකිත’ (හස්තියකු සේ බැලූ) නම් වූ චෛත්‍යයක් සාදවා ගඳමල් ආදියෙන් පුදත්. එය ඔවුන්ට බොහෝ කලක් හිතසුව පිණිස වන්නේ යැයි අනුකම්පාවෙන් එසේ බැලීය.

දුක‍්ඛස‍්සන‍්තකරොති වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකරො. චක‍්ඛුමාති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො.

දුක්කස්සන්තකරො සසර දුක අවසන් කරන චක්ඛුමා පස් ඇසකින් යුත්. පරිනිබ්බුතො ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑවේය.

චතුමහාපදෙසවණ‍්ණනා

මහාපදෙසෙති මහාඔකාසෙ, මහාඅපදෙසෙ වා, බුද‍්ධාදයො මහන‍්තෙ මහන‍්තෙ අපදිසිත්‍වා වුත‍්තානි මහාකාරණානීති අත්‍ථො.

මහාපදෙසෙ විශාල අවකාශයක මහත් වූ කාරණය - බුද්ධාදී උත්තමයෝ මහත් වූ මහත් වූ කාරණා සාක්‍ෂ්‍ය ලෙස දක්වා කියන ලද මහා කාරණා යන අර්ථයි.

නෙව අභිනන්‍දිතබ‍්බන‍්ති හට‍්ඨතුට‍්ඨෙහි සාධුකාරං දත්‍වා පුබ‍්බෙව න සොතබ‍්බං, එවං කතෙ හි පච‍්ඡා “ඉදං න සමෙතී”ති වුච‍්චමානො – “කිං පුබ‍්බෙව අයං ධම‍්මො, ඉදානි න ධම‍්මො”ති වත්‍වා ලද‍්ධිං න විස‍්සජ‍්ජෙති. නප‍්පටික‍්කොසිතබ‍්බන‍්ති – “කිං එස බාලො වදතී”ති එවං පුබ‍්බෙව න වත‍්තබ‍්බං, එවං වුත‍්තෙ හි වත‍්තුං යුත‍්තම‍්පි න වක‍්ඛති. තෙනාහ – “අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා”ති. පදබ්‍යඤ‍්ජනානීති පදසඞ‍්ඛාතානි බ්‍යඤ‍්ජනානි. සාධුකං උග‍්ගහෙත්‍වාති ඉමස‍්මිං ඨානෙ පාළි වුත‍්තා, ඉමස‍්මිං ඨානෙ අත්‍ථො වුත‍්තො, ඉමස‍්මිං ඨානෙ අනුසන්‍ධි කථිතො, ඉමස‍්මිං ඨානෙ පුබ‍්බාපරං කථිතන‍්ති සුට‍්ඨු ගහෙත්‍වා. සුත‍්තෙ ඔසාරෙතබ‍්බානීති සුත‍්තෙ ඔතාරෙතබ‍්බානි. විනයෙ සන්‍දස‍්සෙතබ‍්බානීති විනයෙ සංසන්‍දෙතබ‍්බානි.

නෙව අභිනන්‍දිතබ්බං තුටුපහටු වූවන් විසින් සාධුකාර දී කලින්ම නොඇසිය යුතුයි. මෙසේ කළ කල්හි පසුව මෙය නොගැලපේයැයි කියන්නේ නමුත් කිම කලින් මෙය ධර්මයකි. දැන් ධර්මයක් නොවේය කියා විශ්වාසය අත් නොහරියි. න පටික්කොසිතබ්බං යනු මේ බාලයා කුමක් කියයිද මෙසේ කලින් කිවයුතුව තිබින. මෙසේ කීකල්හි කිවයුතු දෙයද නොකියන්නේය. ඒ නිසා කියන ලදි. ‘සතුටු නොවී, නොකැඳවා’ යනාදී ලෙස පද ව්‍යඤ්ජනානි පද සංඛ්‍යාත වූ සලකුණු. සාධුකං උග්ගහෙත්‍වා මෙතැන පෙළ කියන ලදි. මෙතැන අර්ථය කියන ලදි. මෙතැන අනුසන්ධි ගැලපීම කියන ලදි. මෙතැන පූර්ව අපර ගැලපීම යනාදී ලෙස මනාව අවබෝධ කරගෙන සුත්තෙ ඔතාරෙතබ්බා සූත්‍රයන් බැස්සවිය යුතුයි. විනයෙ සන්‍දස්සෙතබ්බානි විනයෙහිදී සැසඳිය යුතුය.

එත්‍ථ ච සුත‍්තන‍්ති විනයො. යථාහ – “කත්‍ථ පටික‍්ඛිත‍්තං? සාවත්‍ථියං සුත‍්තවිභඞ‍්ගෙ”ති (චුළව· 457). විනයොති ඛන්‍ධකො. යථාහ – “විනයාතිසාරෙ”ති. එවං විනයපිටකම‍්පි න පරියාදියති. උභතොවිභඞ‍්ගා පන සුත‍්තං, ඛන්‍ධකපරිවාරා විනයොති එවං විනයපිටකං පරියාදියති. අථවා සුත‍්තන‍්තපිටකං සුත‍්තං, විනයපිටකං විනයොති එවං ද‍්වෙයෙව පිටකානි පරියාදියන‍්ති. සුත‍්තන‍්තාභිධම‍්මපිටකානි වා සුත‍්තං, විනයපිටකං විනයොති එවම‍්පි තීණි පිටකානි න තාව පරියාදියන‍්ති. අසුත‍්තනාමකඤ‍්හි බුද‍්ධවචනං නාම අත්‍ථි. සෙය්‍යථිදං – ජාතකං, පටිසම‍්භිදා, නිද‍්දෙසො, සුත‍්තනිපාතො, ධම‍්මපදං, උදානං, ඉතිවුත‍්තකං, විමානවත්‍ථු, පෙතවත්‍ථු, ථෙරගාථා, ථෙරීගාථා, අපදානන‍්ති.

මෙහි දී සුත්තං යන්නෙන් විනය ගැනේ. මෙසේ කියා ඇත. කොහි දමන ලදද? සැවැත්නුවර සූත්‍ර විභංගයෙහි විනය නම් ඛන්‍ධකයි. මෙසේ කියා ඇත. කොසඹෑ නුවර විනයේ මෙසේ විනය පිටකයද හාත්පසින් ගනු නොලැබේ. උභතො විභංගයට වනාහි සූත්‍ර, ඛන්‍ධක, පරිවාර, විනය යන ලෙස විනය පිටකය හාත්පසින් ගනු ලබයි. එසේ නැත්නම් සූත්‍ර පිටකය - සූත්‍ර විනය පිටකය, විනය මේ පිටක දෙක ගනු ලබති. සූත්‍රාන්ත අභිධර්ම පිටකයන් හෝ සූත්‍ර-විනය පිටකය, විනය මෙසේ පිටක තුන ඇතුළත් නොවේ. සූත්‍ර නොවන බුද්ධ වචනයන්ද ඇත. කෙසේද යත් ජාතක පටිසම්භිදා නිද්දෙස, සුත්ත නිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්‍ථු, පේතවත්‍ථු, ථෙරගාථා - ථෙරිගාථා අපදාන යැයි

සුදින‍්නත්‍ථෙරො පන – “අසුත‍්තනාමකං බුද‍්ධවචනං න අත්‍ථී”ති තං සබ‍්බං පටිපක‍්ඛිපිත්‍වා – “තීණි පිටකානි සුත‍්තං, විනයො පන කාරණ”න‍්ති ආහ. තතො තං කාරණං දස‍්සෙන‍්තො ඉදං සුත‍්තමාහරි –

සුදින්න තෙරුන්වහන්සේ වනාහි සූත්‍ර නොවන බුද්ධවචනයක් නම් නැත්තේ යැයි ඒ සියල්ල එකට දමා ත්‍රිපිටකයැයි සූත්‍ර විනය දැක්වීය. ඉක්බිති ඒ කාරණය දක්වන්නේ මේ සූත්‍රය ගෙනහැර දැක්වීය.

“යෙ ඛො ත්‍වං, ගොතමි, ධම‍්මෙ ජානෙය්‍යාසි, ඉමෙ ධම‍්මා සරාගාය සංවත‍්තන‍්ති නො විරාගාය, සඤ‍්ඤොගාය සංවත‍්තන‍්ති නො විසඤ‍්ඤොගාය, ආචයාය සංවත‍්තන‍්ති නො අපචයාය, මහිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො අප‍්පිච‍්ඡතාය, අසන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො සන‍්තුට‍්ඨියා, සඞ‍්ගණිකාය සංවත‍්තන‍්ති නො පවිවෙකාය, කොසජ‍්ජාය සංවත‍්තන‍්ති නො වීරියාරම‍්භාය, දුබ‍්භරතාය සංවත‍්තන‍්ති නො සුභරතාය. එකංසෙන, ගොතමි, ධාරෙය්‍යාසි – ‘නෙසො ධම‍්මො, නෙසො විනයො, නෙතං සත්‍ථුසාසන’න‍්ති. යෙ ච ඛො ත්‍වං, ගොතමි, ධම‍්මෙ ජානෙය්‍යාසි, ඉමෙ ධම‍්මා විරාගාය සංවත‍්තන‍්ති නො සරාගාය, විසඤ‍්ඤොගාය සංවත‍්තන‍්ති නො සඤ‍්ඤොගාය, අපචයාය සංවත‍්තන‍්ති නො ආචයාය, අප‍්පිච‍්ඡතාය සංවත‍්තන‍්ති නො මහිච‍්ඡතාය, සන‍්තුට‍්ඨියා සංවත‍්තන‍්ති නො අසන‍්තුට‍්ඨියා, පවිවෙකාය සංවත‍්තන‍්ති නො සඞ‍්ගණිකාය, වීරියාරම‍්භාය සංවත‍්තන‍්ති නො කොසජ‍්ජාය, සුභරතාය සංවත‍්තන‍්ති නො දුබ‍්භරතාය. එකංසෙන, ගොතමි, ධාරෙය්‍යාසි – ‘එසො ධම‍්මො, එසො විනයො, එතං සත්‍ථුසාසන’න‍්ති” (අ· නි· 8.53).

ගෞතමිය! ඔබ යම් ධර්මයක් දන්නෙහිද, මේ ධර්මයෝ සරාගී බව පිණිස හේතු වන්නේය. විරාගය පිණිස නොවේ. එක්වීම පිණිස හේතුවන්නේය. වෙන්වීම පිණිස නොවේ. දැඩිව ගැනීම පිණිස හේතුවෙයි. දැඩිව නොගැනීම පිණිස නොවේ. බොහෝ දේ පැතීම සඳහා හේතු වේ. අල්පේච්ඡතාවය සඳහා නොවේ. අසතුට පිණිසය. සතුට පිණිස නොවේ. කුසීතබව සඳහාය. වීර්ය ආරම්භය සඳහා නොපවතී. එක්රැස්වීම පිණිස හේතු වේ. උතුම් විවේකය සඳහා හේතු නොවේ. එක්රැස් කිරීම පිණිස වන්නේය. විසුරුවා හැරීම පිණිස නොවේ. ගෞතමිය, ස්ථිර වශයෙන්ම දැනගන්න. මේ ධර්මය නොවේ. මේ විනය නොවේ. මෙය ශාස්තෲ ශාසනය නොවේ. ගෞතමිය, යම් ඒ ධර්මයක් දන්නේද මේ ධර්මයෝ විරාගය පිණිස හේතුවෙත්ද රාගය පිණිස නොවේද, වෙන්වීම පිණිස හේතුවේ. එක්වීම පිණිස නොවේ. දැඩිව නොගැනීම පිණිස හේතුවේ. මෙය අල්පේච්ඡතාවය පිණිස වේ. බොහෝ දේ පැතීම සඳහා නොවේ. සතුට පිණිස හේතු වේ. අසතුට පිණිස නොවේ. වීර්යාරම්භය පිණිස හේතුවේ. කුසීත බව සඳහා නොවේ. උතුම් විවේකය පිණිසය. එක්රැස්වීම පිණිස නොවේ. අත්හැරීම පිණිස හේතුවන අතර එක්රැස් කිරීම පිණිස නොවේ. ගෞතමිය ඒකාන්ත වශයෙන් දැනගන්න. මේ ධර්මයයි. මේ විනයයි. මේ ශාස්තෲ ශාසනයයි.

තස‍්මා සුත‍්තෙති තෙපිටකෙ බුද‍්ධවචනෙ ඔතාරෙතබ‍්බානි. විනයෙති එතස‍්මිං රාගාදිවිනයකාරණෙ සංසන්‍දෙතබ‍්බානීති අයමෙත්‍ථ අත්‍ථො. න චෙව සුත‍්තෙ ඔසරන‍්තීති සුත‍්තපටිපාටියා කත්‍ථචි අනාගන‍්ත්‍වා ඡල‍්ලිං උට‍්ඨපෙත්‍වා ගුළ‍්හවෙස‍්සන‍්තර-ගුළ‍්හඋම‍්මග‍්ග-ගුළ‍්හවිනය-වෙදල‍්ලපිටකානං අඤ‍්ඤතරතො ආගතානි පඤ‍්ඤායන‍්තීති අත්‍ථො. එවං ආගතානි හි රාගාදිවිනයෙ ච න පඤ‍්ඤායමානානි ඡඩ‍්ඩෙතබ‍්බානි හොන‍්ති. තෙන වුත‍්තං – “ඉති හෙතං, භික‍්ඛවෙ, ඡඩ‍්ඩෙය්‍යාථා”ති. එතෙනුපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

ඒ නිසා සුත්තෙ යන්නෙහි සියළු ත්‍රිපිටක බුද්ධවචනය අඩංගු වේ. විනයෙ යනු මේ රාගාදී විනය කාරණා හා සැසඳිය යුතුය යන අර්ථයි. න චෙව සුත්තෙ ඔතරන්ති සූත්‍ර පිළිවෙලින් කිසිතැනක නොගොස් වැස්ම ඉවත්කර සැඟවුනු වෙස්සන්තර, සැඟවුනු උම්මග්ග, සැඟවුනු විනය වේදල්ල පිටක යන කවර හෝ තැනකින් ආවේයැයි දක්වන්නේය යන අර්ථයි. මෙසේ ආවා වූ ඒවා රාගාදී විනයෙහි නොපෙනෙත්ද අත්හළ යුතු වේ. ඒ නිසා කියන ලදි. මහණෙනි! මෙසේ වනාහි අත්හළ යුතුයි. මේ උපක්‍රමයෙන් සියළු තන්හි අර්ථ දතයුතුයි.

ඉදං, භික‍්ඛවෙ, චතුත්‍ථං මහාපදෙසං ධාරෙය්‍යාථාති ඉදං චතුත්‍ථං ධම‍්මස‍්ස පතිට‍්ඨානොකාසං ධාරෙය්‍යාථ.

ඉදං භික්ඛවෙ චතුත්‍ථං මහාපදෙසං ධාරෙය්‍යාථ යනු මේ සතරවැන්න ධර්මයට පිහිටවීමට ඉඩක් ඇති සේ දරන්න.

ඉමස‍්මිං පන ඨානෙ ඉමං පකිණ‍්ණකං වෙදිතබ‍්බං. සුත‍්තෙ චත‍්තාරො මහාපදෙසා, ඛන්‍ධකෙ චත‍්තාරො මහාපදෙසා, චත‍්තාරි පඤ‍්හබ්‍යාකරණානි, සුත‍්තං, සුත‍්තානුලොමං, ආචරියවාදො, අත‍්තනොමති, තිස‍්සො සඞ‍්ගීතියොති.

මෙතැන වනාහි මේ ප්‍රකීර්ණකය දතයුතුයි. සූත්‍රයෙහි මහාප්‍රදේශ සතරක් ඛන්‍ධකයෙහි මහා ප්‍රදේශ හතරක් ප්‍රශ්න විසඳන ක්‍රම සතරක්, සූත්‍ර, සූත්‍රානුලෝම, ආචරියවාද, තමන්ගේ මතය කියා. සංගීති තුනකි.

තත්‍ථ – “අයං ධම‍්මො, අයං විනයො”ති ධම‍්මවිනිච‍්ඡයෙ පත‍්තෙ ඉමෙ චත‍්තාරො මහාපදෙසා පමාණං. යං එත්‍ථ සමෙති තදෙව ගහෙතබ‍්බං, ඉතරං විරවන‍්තස‍්සපි න ගහෙතබ‍්බං.

එහි මේ ධර්මයයි. මේ විනයයි. ධර්ම විනිශ්චයෙහිදී මේ සතර මහා ප්‍රදේශයන් ප්‍රමාණවත්ය. යමක් මෙහි සැසඳේනම් එයම ගතයුතුයි. කෑගැසුවත් ඉතිරිවා නොගත යුතුයි.

“ඉදං කප‍්පති, ඉදං න කප‍්පතී”ති කප‍්පියාකප‍්පියවිනිච‍්ඡයෙ පත‍්තෙ – “යං, භික‍්ඛවෙ, මයා ඉදං න කප‍්පතීති අප‍්පටික‍්ඛිත‍්තං, තං චෙ අකප‍්පියං අනුලොමෙති, කප‍්පියං පටිබාහති, තං වො න කප‍්පතී”තිආදිනා (මහාව· 305) නයෙන ඛන්‍ධකෙ වුත‍්තා චත‍්තාරො මහාපදෙසා පමාණං. තෙසං විනිච‍්ඡයකථා සමන‍්තපාසාදිකායං වුත‍්තා. තත්‍ථ වුත‍්තනයෙන යං කප‍්පියං අනුලොමෙති, තදෙව කප‍්පියං, ඉතරං අකප‍්පියන‍්ති එවං සන‍්නිට‍්ඨානං කාතබ‍්බං.

මෙය කැපය. මෙය අකැපය යනුවෙන් කැප අකැප විනිශ්චයක් ඇතිවූ කල්හි මහණෙනි! මා විසින් යමක් මෙය නොගැලපේ යැයි ප්‍රතික්‍ෂේප කරන ලදද එය අකැපය. විරුද්ධ වෙයි. කැප දෙය වළක්වයි. එය ඔබලාට කැප නැත ආදී ලෙස ඛන්‍ධකයෙහි කියන ලද මහා ප්‍රදේශ සතර ප්‍රමාණවත්ය. ඒ පිළිබඳ විනිශ්චය කථාවන් සමන්තපාසාදිකාවෙහි කියන ලදි. එහි කියන ලද ආකාරයට යමක් කැපයයි ගැලපේද එයම කැපය. අනික අකැපය. මෙසේ සනිටුහන් කළයුතුයි.

එකංසබ්‍යාකරණීයො පඤ‍්හො, විභජ‍්ජබ්‍යාකරණීයො පඤ‍්හො, පටිපුච‍්ඡාබ්‍යාකරණීයො පඤ‍්හො, ඨපනීයො පඤ‍්හොති ඉමානි චත‍්තාරි පඤ‍්හබ්‍යාකරණානි නාම. තත්‍ථ “චක‍්ඛුං අනිච‍්ච”න‍්ති පුට‍්ඨෙන – “ආම අනිච‍්ච”න‍්ති එකංසෙනෙව බ්‍යාකාතබ‍්බං. එස නයො සොතාදීසු. අයං එකංසබ්‍යාකරණීයො පඤ‍්හො. “අනිච‍්චං නාම චක‍්ඛු”න‍්ති පුට‍්ඨෙන – “න චක‍්ඛුමෙව, සොතම‍්පි අනිච‍්චං ඝානම‍්පි අනිච‍්ච”න‍්ති එවං විභජිත්‍වා බ්‍යාකාතබ‍්බං. අයං විභජ‍්ජබ්‍යාකරණීයො පඤ‍්හො. “යථා චක‍්ඛු තථා සොතං, යථා සොතං තථා චක‍්ඛු”න‍්ති පුට‍්ඨෙන “කෙනට‍්ඨෙන පුච‍්ඡසී”ති පටිපුච‍්ඡිත්‍වා “දස‍්සනට‍්ඨෙන පුච‍්ඡාමී”ති වුත‍්තෙ “න හී”ති බ්‍යාකාතබ‍්බං, “අනිච‍්චට‍්ඨෙන පුච‍්ඡාමී”ති වුත‍්තෙ ආමාති බ්‍යාකාතබ‍්බං. අයං පටිපුච‍්ඡාබ්‍යාකරණීයො පඤ‍්හො. “තං ජීවං තං සරීර”න‍්තිආදීනි පුට‍්ඨෙන පන “අබ්‍යාකතමෙතං භගවතා”ති ඨපෙතබ‍්බො, එස පඤ‍්හො න බ්‍යාකාතබ‍්බො. අයං ඨපනීයො පඤ‍්හො. ඉති තෙනාකාරෙන පඤ‍්හෙ සම‍්පත‍්තෙ ඉමානි චත‍්තාරි පඤ‍්හබ්‍යාකරණානි පමාණං. ඉමෙසං වසෙන සො පඤ‍්හො බ්‍යාකාතබ‍්බො.

එකක් ව්‍යාකරණ සහිත (විස්තර කළ යුතු ප්‍රශ්නයකි. බෙදා විස්තර කළයුතු ප්‍රශ්නයකි. පිළිතුරු විචාරීමෙන් විසඳිය යුතු ප්‍රශ්නයකි. තැබිය යුතු ප්‍රශ්නයකි. මේ සතර ආකාර ප්‍රශ්න විසඳීම් නම් වේ. එහි ඇස අනිත්‍යයි විචාරන ලද්දහු විසින් එසේය. අනිත්‍යයයි. ඒකාන්තයෙන් විසඳිය යුතුයි. සෝත ආදියෙහිද මේ ක්‍රමයමය. මේ එක් විස්තර කිරීම් සහිත පැනයකි. ඇසනම් අනිත්‍යයි කියා අසනු ලැබුවහු විසින් ඇස පමණක් නොවේ. සෝත (කණ) ද අනිත්‍යයි. කණ ද අනිත්‍යයි. මෙසේ බෙදා විසඳිය යුතුයි. මේ බෙදා වෙන්කර විසඳිය යුතු ප්‍රශ්නයයි. ඇස යම්සේද කණ එසේය. කණ යම්සේද ඇස ද එසේය කියා අසන ලද්දහු විසින් කවර අර්ථයකින් විචාරන්නේදැයි පිළිතුරු දී දැකීම් අර්ථයෙන් යැයි පිළිතුරු දුන් කල්හි නැතැයි කියා උත්තර දිය යුතුය. අනිත්‍ය අර්ථයෙන් අසමියි කීකල්හි එසේයැයි පිළිතුරු දිය යුතුයි. මේ ප්‍රශ්න කිරීම විවරණය කළයුතු ප්‍රශ්නයකි. ජීවය එයයි. ශරීරය එයයි ආදිය විචාළහු විසින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර නැතැයි තැබිය යුතුය. මේ ප්‍රශ්නය විසඳිය යුතු නැත. මෙය නොවිසඳා තැබිය යුතු ප්‍රශ්නයයි. මෙසේ ඒ ඒ ආකාරයෙන් ප්‍රශ්නයන් ඉදිරිපත් වූ කල්හි මේ සතර ආකාර ප්‍රශ්න විසඳීම් ප්‍රමාණවත්ය. මොවුන්ගේ වශයෙන් ඒ ප්‍රශ්නය විසඳිය යුතුය.

සුත‍්තාදීසු පන සුත‍්තං නාම තිස‍්සො සඞ‍්ගීතියො ආරූළ‍්හානි තීණි පිටකානි. සුත‍්තානුලොමං නාම අනුලොමකප‍්පියං. ආචරියවාදො නාම අට‍්ඨකථා. අත‍්තනොමති නාම නයග‍්ගාහෙන අනුබුද‍්ධියා අත‍්තනො පටිභානං. තත්‍ථ සුත‍්තං අප‍්පටිබාහියං, තං පටිබාහන‍්තෙන බුද‍්ධොව පටිබාහිතො හොති. අනුලොමකප‍්පියං පන සුත‍්තෙන සමෙන‍්තමෙව ගහෙතබ‍්බං, න ඉතරං. ආචරියවාදොපි සුත‍්තෙන සමෙන‍්තොයෙව ගහෙතබ‍්බො, න ඉතරො. අත‍්තනොමති පන සබ‍්බදුබ‍්බලා, සාපි සුත‍්තෙන සමෙන‍්තායෙව ගහෙතබ‍්බා, න ඉතරා. පඤ‍්චසතිකා, සත‍්තසතිකා, සහස‍්සිකාති ඉමා පන තිස‍්සො සඞ‍්ගීතියො. සුත‍්තම‍්පි තාසු ආගතමෙව පමාණං, ඉතරං ගාරය‍්හසුත‍්තං න ගහෙතබ‍්බං. තත්‍ථ ඔතරන‍්තානිපි හි පදබ්‍යඤ‍්ජනානි න චෙව සුත‍්තෙ ඔතරන‍්ති, න ච විනයෙ සන්‍දිස‍්සන‍්තීති වෙදිතබ‍්බානි.

සූත්‍රාදියෙහි වනාහි සූත්‍ර නම් සංගායනා තුනේදී සංගායනාවට නැගූ පිටකත්‍රයයි. සූත්‍රයන්ට ගැලපෙන යනු අනුලොම කප්පිය නම් වේ. ආචරියවාද නම් අටුවායි. අත්තනොමති නම් න්‍යායක් ගැනීමෙන් අවබෝධකර ගැනීමෙන් තමන් ලබන ප්‍රතිභානයයි. එහි සූත්‍ර වැළැක්විය යුතු නැත. එය ප්‍රතික්‍ෂේප කරන්නහු විසින් බුදුන් වහන්සේවද වැළැක්වූයේ වෙයි. අනුලොම කප්පිය නම් සූත්‍රයට ගැලපෙන්නක්ම ගතයුතුයි. අනිකක් නොගත යුතුයි. පන්සියයක්, සත්සියයක්, දහසක් දෙනා සහභාගී වූ මේ සංගීති තුනකි. සූත්‍ර ද එහිදී ප්‍රමාණවත් ලෙස ගැනින. වෙනත් ගරුකළ යුතුයැයි සූත්‍ර නොගත යුතුයි. එහි අඩංගු වන්නා වූ පදව්‍යඤ්ජන ආදිය සූත්‍රයෙහි අඩංගු නොවේ. විනයෙහි දක්නට නොලැබේ යැයි දතයුතුයි.

කම‍්මාරපුත‍්තචුන්‍දවත්‍ථුවණ‍්ණනා

කම‍්මාරපුත‍්තස‍්සාති සුවණ‍්ණකාරපුත‍්තස‍්ස. සො කිර අඩ‍්ඪො මහාකුටුම‍්බිකො භගවතො පඨමදස‍්සනෙනෙව සොතාපන‍්නො හුත්‍වා අත‍්තනො අම‍්බවනෙ විහාරං කාරාපෙත්‍වා නිය්‍යාතෙසි. තං සන්‍ධාය වුත‍්තං – “අම‍්බවනෙ”ති.

කම්මාරපුත්තස්ස යනු රන්කරු පුත්‍රයකුගේ, ඔහු වනාහි පොහොසත් මහා කෙළෙඹියෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මුල් හමුවීමේදීම සෝවාන් වී තමන්ගේ අඹවනයෙහි විහාරයක් කරවා පිළිගැන්වීය. ඒ නිසා කියන ලදි. ‘අම්බවනෙ’ කියා.

සූකරමද‍්දවන‍්ති නාතිතරුණස‍්ස නාතිජිණ‍්ණස‍්ස එකජෙට‍්ඨකසූකරස‍්ස පවත‍්තමංසං. තං කිර මුදු චෙව සිනිද‍්ධඤ‍්ච හොති, තං පටියාදාපෙත්‍වා සාධුකං පචාපෙත්‍වාති අත්‍ථො. එකෙ භණන‍්ති – “සූකරමද‍්දවන‍්ති පන මුදුඔදනස‍්ස පඤ‍්චගොරසයූසපාචනවිධානස‍්ස නාමෙතං, යථා ගවපානං නාම පාකනාම”න‍්ති. කෙචි භණන‍්ති – “සූකරමද‍්දවං නාම රසායනවිධි, තං පන රසායනසත්‍ථෙ ආගච‍්ඡති, තං චුන්‍දෙන – ‘භගවතො පරිනිබ‍්බානං න භවෙය්‍යා’ති රසායනං පටියත‍්ත”න‍්ති. තත්‍ථ පන ද‍්විසහස‍්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු දෙවතා ඔජං පක‍්ඛිපිංසු.

සූකර මද්දවං - බොහෝ තරුණ නොවූ බොහෝ වයස්ගත නොවූ එක් දෙටු ඌරකුගේ මස්, ඒ මස වනාහි මෘදුය. සිනිඳුය. එය පිළියෙල කර මනාව පිසවා යන අර්ථයි. කෙනෙක් මෙසේ කියත් - සූකර මද්දවය යනු මොලොක් බතකට පස්ගෝරස යුෂ දමා සකස්කළ ආහාරයට නමකි. යම්සේ ගවපාන යන නාමය මෙනි. තව කෙනෙක් මෙසේ අදහස් කරති - සූකරමද්දව යනු රසායන විධියකි. එය වනාහි රසායන ශාස්ත්‍රයෙහි දක්නට ලැබේ. එය චුන්ද විසින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන්පෑම නොවේවායි පිළියෙල කර දුන්දෙයකි. දෙදහසක් දිවයින් පිරිවර කරගත් සිව් දිවයින්වල දෙවියෝ එහි දිව්‍යඕජස් යෙදූහ.

නාහං තන‍්ති ඉමං සීහනාදං කිමත්‍ථං නදති? පරූපවාදමොචනත්‍ථං. අත‍්තනා පරිභුත‍්තාවසෙසං නෙව භික‍්ඛූනං, න මනුස‍්සානං දාතුං අදාසි, ආවාටෙ නිඛණාපෙත්‍වා විනාසෙසීති හි වත‍්තුකාමානං ඉදං සුත්‍වා වචනොකාසො න භවිස‍්සතීති පරෙසං උපවාදමොචනත්‍ථං සීහනාදං නදතීති.

නාහං තං යනු මේ සිංහනාදය කුමක් නිසා නාද කරයිද, අනුන්ගේ දෝෂාරෝපණයෙන් මිදීමට තමා විසින් වළඳා ඉතිරි කොටස භික්‍ෂූන්ට හෝ මිනිසුන්ට හෝ දෙන්නට නුදුන්නේය. වලක් සාරවා එහි දම්මවා විනාශ කළේයැයි කියනු කැමැත්තවුන් මෙය අසා වචනයක් කියන්නට ඉඩක් නොතිබේවායි අනුන්ගේ අපවාදයෙන් නිදහස්වීම පිණිස සිංහනාද පවත්වයි.

භුත‍්තස‍්ස ච සූකරමද‍්දවෙනාති භුත‍්තස‍්ස උදපාදි, න පන භුත‍්තපච‍්චයා. යදි හි අභුත‍්තස‍්ස උප‍්පජ‍්ජිස‍්සථ, අතිඛරො භවිස‍්සති. සිනිද‍්ධභොජනං භුත‍්තත‍්තා පනස‍්ස තනුවෙදනා අහොසි. තෙනෙව පදසා ගන‍්තුං අසක‍්ඛි. විරෙචමානොති අභිණ‍්හං පවත‍්තලොහිතවිරෙචනොව සමානො. අවොචාති අත‍්තනා පත්‍ථිතට‍්ඨානෙ පරිනිබ‍්බානත්‍ථාය එවමාහ. ඉමා පන ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි ඨපිතගාථායොති වෙදිතබ‍්බා.

භුත්තස්සච සූකර මද්දවෙන අනුභව කළහුට ඇතිවිය. අනුභව කිරීම නිසා නොවේ. යම්හෙයකින් නොවැළඳූයේ නම් අතිශයින් කටුක වේදනාවක් හටගත්තේය. සිනිඳු බොජුනක් වැළඳූ බැවින් වනාහි තුනී වූ වේදනාවක් ඇතිවිය. ඒ නිසාම පයින් ගමන් කිරීමට හැකිවිය. විරිච්චමානො නිතර පැවැති රුධිර විරේචනයට සමානය. අවොච යනු තමා විසින් පතන ලද තැන පිරිනිවන්පෑම සඳහා මෙසේ කීය. මේවා වනාහි ධර්මසංග්‍රහක තෙරවරුන් විසින් යොදන ලද ගාථායැයි දතයුතුයි.

පානීයාහරණවණ‍්ණනා

ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. අච‍්ඡොදකාති පසන‍්නොදකා. සාතොදකාති මධුරොදකා. සීතොදකාති තනුසීතලසලිලා. සෙතකාති නික‍්කද‍්දමා. සුප‍්පතිත්‍ථාති සුන්‍දරතිත්‍ථා.

ඉංඝා යනු චෝදනාර්ථයේ නිපාතයකි. අච්ඡොදිකා පැහැදිලි ජලය. සාතොදිකා මිහිරි ජලය. සීතොදිකා තරමක් සීතල ජලය. සෙතකා මඩ නැති. සුපතිත්‍ථා සුන්දර වූ තොටුපලවල්.

පුක‍්කුසමල‍්ලපුත‍්තවත්‍ථුවණ‍්ණනා

පුක‍්කුසොති තස‍්ස නාමං. මල‍්ලපුත‍්තොති මල‍්ලරාජපුත‍්තො. මල‍්ලා කිර වාරෙන රජ‍්ජං කාරෙන‍්ති. යාව නෙසං වාරො න පාපුණාති, තාව වණිජ‍්ජං කරොන‍්ති. අයම‍්පි වණිජ‍්ජමෙව කරොන‍්තො පඤ‍්ච සකටසතානි යොජාපෙත්‍වා ධුරවාතෙ වායන‍්තෙ පුරතො ගච‍්ඡති, පච‍්ඡා වාතෙ වායන‍්තෙ සත්‍ථවාහං පුරතො පෙසෙත්‍වා සයං පච‍්ඡා ගච‍්ඡති. තදා පන පච‍්ඡා වාතො වායි, තස‍්මා එස පුරතො සත්‍ථවාහං පෙසෙත්‍වා සබ‍්බරතනයානෙ නිසීදිත්‍වා කුසිනාරතො නික‍්ඛමිත්‍වා “පාවං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි. තෙන වුත‍්තං – “කුසිනාරාය පාවං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො හොතී”ති.

පුක්කුසො යනු ඔහුගේ නාමයයි. මල්ලපුත්තො මල්ල රාජපුත්‍රයා. මල්ල රජවරු තමන්ට ලැබෙන වාරය අනුව රජකම කරත්. යම්තාක් ඔවුන්ට වාරය නොපැමිණෙත්ද එතෙක් වෙළඳාම් කරත්. මොහුද වෙළඳාමම කරන්නේ ගැල් පන්සියයක් සූදානම් කර ධුරවායුව හමා එන කල්හි ඉදිරියෙන් යයි. පසුපසින් වායුව හමන කල්හි ගැල් පදවන්නාව ඉදිරියෙන් යවා තෙමේ පසුපසින් යයි. එකල්හි වනාහි පසුපසින් සුළඟ හැමීය. ඒ නිසා මොහු ගැල් පදවන්නාව ඉදිරියෙන් යවා සම්පූර්ණ රුවන් යානාවක හිඳ කුසිනාරාවෙන් නික්ම පාවා නුවරට යන්නෙමියි මගට පිළිපන්නේය. එබැවින් කියන ලදි. ‘කුසිනාරාවේ සිට පාවා නුවරට යන මගට පිළිපන්නේ වෙයි.

ආළාරොති තස‍්ස නාමං. දීඝපිඞ‍්ගලො කිරෙසො, තෙනස‍්ස ආළාරොති නාමං අහොසි. කාලාමොති ගොත‍්තං. යත්‍ර හි නාමාති යො නාම. නෙව දක‍්ඛතීති න අද‍්දස. යත්‍රසද‍්දයුත‍්තත‍්තා පනෙතං අනාගතවසෙන වුත‍්තං. එවරූපඤ‍්හි ඊදිසෙසු ඨානෙසු සද‍්දලක‍්ඛණං.

ආළාරො යනු ඔුහගේ නමයි. මොහු වනාහි දීඝපිංගලය. ඔහුට ආළාර කියාද නමක් විය. කාළාමො යනු ගෝත්‍ර නාමයයි. යත්‍රහිනාමා යනු යම් නමක් නෙව දක්ඛිස්සති නොදැක්කේය. යම්තැනක ශබ්දය යෙදූ බැවින් වනාහි අනාගත වශයෙන් කියන ලදි. මෙවැන්නක් වනාහි මෙබඳු තැන්වල ශබ්ද ලක්‍ෂණයයි.

නිච‍්ඡරන‍්තීසූති විචරන‍්තීසු. අසනියා ඵලන‍්තියාති නවවිධාය අසනියා භිජ‍්ජමානාය විය මහාරවං රවන‍්තියා. නවවිධා හි අසනියො – අසඤ‍්ඤා, විචක‍්කා, සතෙරා, ගග‍්ගරා, කපිසීසා, මච‍්ඡවිලොලිකා, කුක‍්කුටකා, දණ‍්ඩමණිකා, සුක‍්ඛාසනීති. තත්‍ථ අසඤ‍්ඤා අසඤ‍්ඤං කරොති. විචක‍්කා එකං චක‍්කං කරොති. සතෙරා සතෙරසදිසා හුත්‍වා පතති. ගග‍්ගරා ගග‍්ගරායමානා පතති. කපිසීසා භමුකං උක‍්ඛිපෙන‍්තො මක‍්කටො විය හොති. මච‍්ඡවිලොලිකා විලොලිතමච‍්ඡො විය හොති. කුක‍්කුටකා කුක‍්කුටසදිසා හුත්‍වා පතති. දණ‍්ඩමණිකා නඞ‍්ගලසදිසා හුත්‍වා පතති. සුක‍්ඛාසනී පතිතට‍්ඨානං සමුග‍්ඝාටෙති.

නච්ඡරන්තිසු හැසිරෙන කල්හි අසනියා ඵලන්තියා නව ආකාර අසනි බිඳෙන්නාක් මෙන් මහ හඬක් නංවමින් නව ආකාර අසනි (හෙන) නම් අසඤ්ඤ - විචක්ක, සතෙර, ගග්ගර, කපිසීස, මච්ඡවිලොලික, කුක්කුටක, දණ්ඩමණික, සුක්ඛාසනී යන නවයයි. එහි අසඤ්ඤ හඬ නොනගයි. විචක්ක එක් චක්‍රයක් ඇතිකරයි. සතෙරා යනු විදුලියක් මෙන් වී වැටෙයි. ගග්ගරා නම් ගුගුරමින් වැටෙයි. කපිසීස නම් බැම ඔසවන වඳුරකු මෙන් වෙයි. මච්ඡවිලොලිකා යනු දඟලන මත්ස්‍යයකු වැනි. කුක්කුටකා කුකුළන් මෙන් වී වැටෙයි. දණ්ඩමණික නම් නඟුලක් මෙන් වී වැටේ. සුක්ඛාසනී නම් වැටුනු තැන උදුරාදමයි.

දෙවෙ වස‍්සන‍්තෙති සුක‍්ඛගජ‍්ජිතං ගජ‍්ජිත්‍වා අන‍්තරන‍්තරා වස‍්සන‍්තෙ. ආතුමායන‍්ති ආතුමං නිස‍්සාය විහරාමි. භුසාගාරෙති ඛලසාලායං. එත්‍ථෙසොති එතස‍්මිං කාරණෙ එසො මහාජනකායො සන‍්නිපතිතො. ක්‍ව අහොසීති කුහිං අහොසි. සො තං භන‍්තෙති සො ත්‍වං භන‍්තෙ.

දෙවෙ වස්සන්තෙ වියළි ගර්ජනාවක් කොට අතරින් පතර වසින්නේ ආතුමායං තමා නිසාම වාසයකරමි. භුසාගාරෙ ධාන්‍ය ශාලාවේ එත්‍ථෙසො මේ කාරණයෙහිලා මේ මහා ජනකාය රැස් විය. ක්‍ව අහොසි කොහි සිටියෙහිද? සො තං භන්තෙ යනු ස්වාමීනි! ඒ නුඹ.

සිඞ‍්ගීවණ‍්ණන‍්ති සිඞ‍්ගීසුවණ‍්ණවණ‍්ණං. යුගමට‍්ඨන‍්ති මට‍්ඨයුගං, සණ‍්හසාටකයුගළන‍්ති අත්‍ථො. ධාරණීයන‍්ති අන‍්තරන‍්තරා මයා ධාරෙතබ‍්බං, පරිදහිතබ‍්බන‍්ති අත්‍ථො. තං කිර සො තථාරූපෙ ඡණදිවසෙයෙව ධාරෙත්‍වා සෙසකාලෙ නික‍්ඛිපති. එවං උත‍්තමං මඞ‍්ගලවත්‍ථයුගං සන්‍ධායාහ. අනුකම‍්පං උපාදායාති මයි අනුකම‍්පං පටිච‍්ච. අච‍්ඡාදෙහීති උපචාරවචනමෙතං – එකං මය‍්හං දෙහි, එකං ආනන්‍දස‍්සාති අත්‍ථො. කිං පන ථෙරො තං ගණ‍්හීති? ආම ගණ‍්හි. කස‍්මා? මත්‍ථකප‍්පත‍්තකිච‍්චත‍්තා. කිඤ‍්චාපි හෙස එවරූපං ලාභං පටික‍්ඛිපිත්‍වා උපට‍්ඨාකට‍්ඨානං පටිපන‍්නො. තං පනස‍්ස උපට‍්ඨාකකිච‍්චං මත්‍ථකං පත‍්තං. තස‍්මා අග‍්ගහෙසි. යෙ චාපි එවං වදෙය්‍යුං – “අනාරාධකො මඤ‍්ඤෙ ආනන්‍දො පඤ‍්චවීසති වස‍්සානි උපට‍්ඨහන‍්තෙන න කිඤ‍්චි භගවතො සන‍්තිකා තෙන ලද‍්ධපුබ‍්බ”න‍්ති. තෙසං වචනොකාසච‍්ඡෙදනත්‍ථම‍්පි අග‍්ගහෙසි. අපි ච ජානාති භගවා – “ආනන්‍දො ගහෙත්‍වාපි අත‍්තනා න ධාරෙස‍්සති, මය‍්හංයෙව පූජං කරිස‍්සති. මල‍්ලපුත‍්තෙන පන ආනන්‍දං පූජෙන‍්තෙන සඞ‍්ඝොපි පූජිතො භවිස‍්සති, එවමස‍්ස මහාපුඤ‍්ඤරාසි භවිස‍්සතී”ති ථෙරස‍්ස එකං දාපෙසි. ථෙරොපි තෙනෙව කාරණෙන අග‍්ගහෙසීති. ධම‍්මියා කථායාති වත්‍ථානුමොදනකථාය.

සිංගීවණ්ණං රත්‍රන් පාට. යුගං මට්ඨං සිනිඳු ඇඳුම් යුගලයක්. සිනිඳු සාටක දෙකක් යන අර්ථයි. ධාරණියං අතරතුරේ මා විසින් දරාගත යුතුයි. ඇඳගත යුතු යන අර්ථයි. හෙතෙම එය වනාහි එබඳු වූ උත්සව දවසෙහිම පැළඳ වෙන වෙලාවන්හිදී බහා තබයි. මෙසේ උතුම් වූ මංගල වස්ත්‍ර යුගලයක් උදෙසා කීය. අනුකම්පං උපාදාය මා කෙරෙහි අනුකම්පා කර අච්ඡාදෙහි මේ උපචාර වචනයකි. එකක් මට දෙන්න. එකක් ආනන්ද තෙරුන්ටය යන අර්ථයි. කුමක් නිසා එය තෙරුන්වහන්සේ ගත්තේද? එසේය ගත්තේය. කුමක් නිසාද? මස්තකප්‍රාප්ත වූ කටයුතු ඇති බැවින්. කෙසේ හේ මොහු මෙබඳු ලාභයක් අත්හැර දමා උපස්ථායක තනතුරට පත්වූයේද ඔහුට ඒ උපස්ථායක තනතුර ලැබින. මස්තකප්‍රාප්ත විය. ඒ නිසා ගත්තේය. කෙනෙක් මෙසේද කියන්නාහුය. ආනන්ද තෙරුන්ට සැලකිල්ලක් ලැබුනේ නැත. වර්ෂ විසිපහක් උපස්ථාන කරන ඔහු විසින් භාග්‍යවතුන් වහන්සේ ළඟින් කිසිවක් ලබන ලද්දේ නොවෙයි. ඔවුන්ගේ එබඳු වචනයකට ඉඩ නොතබා එය පිළිගත්තේය. තවද භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද තෙරුන් එය පිළිගෙන තමා පරිභෝග නොකරයි. මටම පූජා කරන්නේය. මල්ලපුත්‍රයා විසින් ආනන්ද තෙරුන්ට පූජා කරනු ලබන්නේ අන් සංඝයාද පූජා කළා වන්නේය. මෙසේ මොහුට මහත් වූ පුණ්‍යරාශියක් වන්නේ යයි තෙරුන්වහන්සේට එකක් දෙවා වදාළේය. තෙරුන්වහන්සේද ඒ කාරණය නිසාම පිළිගත්තේය. ධම්මියා කථාය චීවර දාන අනුමෝදනා කථාවෙන්

භගවතො කායං උපනාමිතන‍්ති නිවාසනපාරුපනවසෙන අල‍්ලීයාපිතං. භගවාපි තතො එකං නිවාසෙසි, එකං පාරුපි. හතච‍්චිකං වියාති යථා හතච‍්චිකො අඞ‍්ගාරො අන‍්තන‍්තෙනෙව ජොතති, බහි පනස‍්ස පභා නත්‍ථි, එවං බහි පටිච‍්ඡන‍්නප‍්පභං හුත්‍වා ඛායතීති අත්‍ථො.

භගවතො කායං උපනාමිතං හැඳීම් පෙරවීම් වශයෙන් එකට ඇලුනු භාග්‍යවතුන් වහන්සේද එයින් එකක් හැඳගත් සේක. එකක් පොරවාගත් සේක. වීතච්චිකං විය යම්සේ පහවූ ගිනිදැල් ඇති අඟුරු අතිශයින් බබලයි. එහි පිටත ප්‍රභාවක් නැත. මෙසේ පිටත ප්‍රභාවක් නැතිව දිලිදෙයි යන අර්ථයි.

ඉමෙසු ඛො, ආනන්‍ද, ද‍්වීසුපි කාලෙසූති කස‍්මා ඉමෙසු ද‍්වීසු කාලෙසු එවං හොති? ආහාරවිසෙසෙන චෙව බලවසොමනස‍්සෙන ච. එතෙසු හි ද‍්වීසු කාලෙසු සකලචක‍්කවාළෙ දෙවතා ආහාරෙ ඔජං පක‍්ඛිපන‍්ති, තං පණීතභොජනං කුච‍්ඡිං පවිසිත්‍වා පසන‍්නරූපං සමුට‍්ඨාපෙති. ආහාරසමුට‍්ඨානරූපස‍්ස පසන‍්නත‍්තා මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි අතිවිය විරොචන‍්ති. සම‍්බොධිදිවසෙ චස‍්ස – “අනෙකකප‍්පකොටිසතසහස‍්සසඤ‍්චිතො වත මෙ කිලෙසරාසි අජ‍්ජ පහීනො”ති ආවජ‍්ජන‍්තස‍්ස බලවසොමනස‍්සං උප‍්පජ‍්ජති, චිත‍්තං පසීදති, චිත‍්තෙ පසන‍්නෙ ලොහිතං පසීදති, ලොහිතෙ පසන‍්නෙ මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි අතිවිය විරොචන‍්ති. පරිනිබ‍්බානදිවසෙපි – “අජ‍්ජ, දානාහං, අනෙකෙහි බුද‍්ධසතසහස‍්සෙහි පවිට‍්ඨං අමතමහානිබ‍්බානං නාම නගරං පවිසිස‍්සාමී”ති ආවජ‍්ජන‍්තස‍්ස බලවසොමනස‍්සං උප‍්පජ‍්ජති, චිත‍්තං පසීදති, චිත‍්තෙ පසන‍්නෙ ලොහිතං පසීදති, ලොහිතෙ පසන‍්නෙ මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි අතිවිය විරොචන‍්ති. ඉති ආහාරවිසෙසෙන චෙව බලවසොමනස‍්සෙන ච ඉමෙසු ද‍්වීසු කාලෙසු එවං හොතීති වෙදිතබ‍්බං. උපවත‍්තනෙති පාචීනතො නිවත‍්තනසාලවනෙ. අන‍්තරෙන යමකසාලානන‍්ති යමකසාලරුක‍්ඛානං මජ‍්ඣෙ.

ඉමෙසු ඛො ආනන්‍ද ද්වීපෙසු කාලෙසු කුමක් නිසා මේ දෙකාලයන්හි මෙසේ වන්නේද? ආහාර විශේෂය නිසාත් බලවත් වූ සතුට නිසාත් මේ දෙකල්හිම සියලු සක්වල දෙවියෝ ආහාරයේ ඕජස් බහාලති. ඒ ප්‍රණීත ආහාරය කුසට ඇතුල්ව ප්‍රසන්න රූපයක් ඇතිකරයි. ආහාර නිසා හටගත් රූපයේ ප්‍රසන්න බව නිසා මනස සයවැනිකොට ඇති ඉන්‍ද්‍රියයෝ අතිශයින් බබලත්. බුදුවන දවසෙහි ද උන්වහන්සේට අනේක කල්ප කෝටිසත සහශ්‍රයක් රැස්කරන ලද මාගේ කෙලෙස් සමූහය අද ප්‍රහීණ වීයැයි ආවර්ජනා කරන්නහුට බලවත් සතුටක් උපදී. සිත පහදී. සිත ප්‍රසන්න වූ කල්හි ලේ ප්‍රසන්න වෙයි. ලේ ප්‍රසන්න වූ කල මනස හයවැනි කොට ඇති ඉන්‍ද්‍රියයෝ අතිශයින් බබලත්. පිරිනිවන්පානා දවසේද මම අද දැන් නොයෙක් ලක්‍ෂගණන් බුදුවරයන් විසින් පිවිසි අමෘතමහා නිර්වාණය නම් වූ නගරයට පිවිසෙන්නෙමියි ආවර්ජනා කරන්නහුට බලවත් සතුටක් උපදී. සිත පහදී. සිත පහන් කල්හි ලේ පැහැදෙයි. ලේ ප්‍රසන්න වූ කල්හි මනස හයවන කොට ඇති ඉන්‍ද්‍රියයෝ අතිශයින් බබලත්. මෙසේ ආහාර විශේෂයෙන් හා බලවත් සන්තෝෂයෙන් මේ දෙකල්හිම මෙසේ වන්නේයයි දතයුතුයි. උපවත්තනෙ පෙරදිග පැත්තේ නිවත්තන සල්වනයේ අන්තරෙන යමකසාලානං සල්ගස් දෙකක් අතර

සිඞ‍්ගීවණ‍්ණන‍්ති ගාථා සඞ‍්ගීතිකාලෙ ඨපිතා.

සංගීවණ්ණං යනාදී ගාථා සංගායනා කාලවලදී ඇතුළත් කරන ලදි.

න‍්හත්‍වා ච පිවිත්‍වා චාති එත්‍ථ තදා කිර භගවති නහායන‍්තෙ අන‍්තොනදියං මච‍්ඡකච‍්ඡපා ච උභතොතීරෙසු වනසණ‍්ඩො ච සබ‍්බං සුවණ‍්ණවණ‍්ණමෙව හොති. අම‍්බවනන‍්ති තස‍්සායෙව නදියා තීරෙ අම‍්බවනං. ආයස‍්මන‍්තං චුන්‍දකන‍්ති තස‍්මිං කිර ඛණෙ ආනන්‍දත්‍ථෙරො උදකසාටකං පීළෙන‍්තො ඔහීයි, චුන්‍දත්‍ථෙරො සමීපෙ අහොසි. තං භගවා ආමන‍්තෙසි.

නහාත්‍ථා ච පිවිත්‍වා ච මෙහිදී එදා භාග්‍යවතුන් වහන්සේ ජලස්නානය කරන කල්හි ගඟෙහි මත්ස්‍ය, කැස්බාදීහුද දෙතෙර වනරොදවල්ද යන සියල්ල ස්වර්ණවර්ණ විය. අම්බවනං ඒ ගංඉවුරේම අඹවනයක් ආයස්මන්තං චුන්‍දකං ඒ මොහොතෙහි ආනන්ද තෙරුන් වහන්සේ දියසළුව මිරිකමින් නතරවිය. චුන්‍ද තෙරුන් වහන්සේ ළඟ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඇමතූ සේක.

ගන‍්ත්‍වාන බුද‍්ධො නදිකං කකුධන‍්ති ඉමාපි ගාථා සඞ‍්ගීතිකාලෙයෙව ඨපිතා. තත්‍ථ පවත‍්තා භගවා ඉධ ධම‍්මෙති භගවා ඉධ සාසනෙ ධම‍්මෙ පවත‍්තා, චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි පවත‍්තානීති අත්‍ථො. පමුඛෙ නිසීදීති සත්‍ථු පුරතොව නිසීදි. එත‍්තාවතා ච ථෙරො අනුප‍්පත‍්තො. එවං අනුප‍්පත‍්තං අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි.

‘ගනත්‍වාන බුද්ධො නදියං කකුත්‍ථං’ (භාග්‍යවතුන් වහන්සේ කකුත්‍ථ නදියට වැඩ) යනාදී ගාථාවන් සංගීති කාලයන්හිදී ඇතුළත් කරන ලදි. එහි පවත්තා භගවා ඉධ ධම්මො යනු භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ පැවැත්වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් පවත්නේය යන අර්ථයි. පමුඛෙ නිසීදි ශාස්තෲන් වහන්සේට පෙරටුව සිටියේය. මෙපමණක්ද තෙරුන් වහන්සේ නොපැමිණියේය. මෙසේ නොපැමිණි ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතීය.

අලාභාති යෙ අඤ‍්ඤෙසං දානානිසංසසඞ‍්ඛාතා ලාභා හොන‍්ති, තෙ අලාභා. දුල‍්ලද‍්ධන‍්ති පුඤ‍්ඤවිසෙසෙන ලද‍්ධම‍්පි මනුස‍්සත‍්තං දුල‍්ලද‍්ධං. යස‍්ස තෙති යස‍්ස තව. උත‍්තණ‍්ඩුලං වා අතිකිලින‍්නං වා කො ජානාති, කීදිසම‍්පි පච‍්ඡිමං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා තථාගතො පරිනිබ‍්බුතො, අද‍්ධා තෙ යං වා තං වා දින‍්නං භවිස‍්සතීති. ලාභාති දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකදානානිසංසසඞ‍්ඛාතා ලාභා. සුලද‍්ධන‍්ති තුය‍්හං මනුස‍්සත‍්තං සුලද‍්ධං. සමසමඵලාති සබ‍්බාකාරෙන සමානඵලා.

තෙ අලාභා අන්‍යයන්ට යම් ඒ දානානිසංස සංඛ්‍යාත ලාභයෝ වෙත්ද ඔව්හු අලාභයෝය. දුල්ලද්ධං පින් විශේෂයෙන් ලබන ලද නමුත් මනුෂ්‍යාත්මය දුර්ලභය. යස්සතෙ යමක මනාව නොපැසුණු සහල් ඇති බව හෝ බොහෝ තෙත් වන බවක් කවුරු දනිත්ද? කවරාකාර හෝ අවසන් පිණ්ඩපාතය වළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑ සේක. ඒකාන්තයෙන් ඔහු විසින් යම් දෙයක් දුන්නා විය යුතුයි. ලාභා යනු දිට්ඨධම්මික සම්පරායික දානානිසංස සංඛ්‍යාත ලාභයෝ. සුලද්ධං ඔබගේ මනුෂ්‍යාත්ම භාවය යහපත් ලෙස ලබන ලදි. සම සමඵලා සියළු ආකාරයෙන්ම සමසම වූ ඵල ඇති.

නනු ච යං සුජාතාය දින‍්නං පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා තථාගතො අභිසම‍්බුද‍්ධො, සො සරාගසදොසසමොහකාලෙ පරිභුත‍්තො, අයං පන චුන්‍දෙන දින‍්නො වීතරාගවීතදොසවීතමොහකාලෙ පරිභුත‍්තො, කස‍්මා එතෙ සමඵලාති? පරිනිබ‍්බානසමතාය ච සමාපත‍්තිසමතාය ච අනුස‍්සරණසමතාය ච. භගවා හි සුජාතාය දින‍්නං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා සඋපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො, චුන්‍දෙන දින‍්නං පරිභුඤ‍්ජිත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතොති එවං පරිනිබ‍්බානසමතායපි සමඵලා. අභිසම‍්බුජ‍්ඣනදිවසෙ ච චතුවීසතිකොටිසතසහස‍්සසඞ‍්ඛ්‍යා සමාපත‍්තියො සමාපජ‍්ජි, පරිනිබ‍්බානදිවසෙපි සබ‍්බා තා සමාපජ‍්ජීති එවං සමාපත‍්තිසමතායපි සමඵලා. සුජාතා ච අපරභාගෙ අස‍්සොසි – “න කිරෙසා රුක‍්ඛදෙවතා, බොධිසත‍්තො කිරෙස, තං කිර පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, සත‍්තසත‍්තාහං කිරස‍්ස තෙන යාපනං අහොසී”ති. තස‍්සා ඉදං සුත්‍වා – “ලාභා වත මෙ”ති අනුස‍්සරන‍්තියා බලවපීතිසොමනස‍්සං උදපාදි. චුන්‍දස‍්සාපි අපරභාගෙ – “අවසානපිණ‍්ඩපාතො කිර මයා දින‍්නො, ධම‍්මසීසං කිර මෙ ගහිතං, මය‍්හං කිර පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා සත්‍ථා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො”ති සුත්‍වා “ලාභා වත මෙ”ති අනුස‍්සරතො බලවසොමනස‍්සං උදපාදීති එවං අනුස‍්සරණසමතායපි සමඵලාති වෙදිතබ‍්බා.

සුජාතාව විසින් පිළිගන්වන ලද යම් ඒ පිණ්ඩපාතයක් වළඳා තථාගතයන් වහන්සේ බුදුබවට පත්විය. හෙතෙම රාග, දෝස, මෝහ සහිත කාලයෙහි අනුභව කරන ලදි. චුන්‍ද විසින් දෙන ලද මේ දානය ප්‍රහීණ වූ රාග, දෝස, මෝහ ඇතිකල්හි වළඳන ලදි. කෙසේනම් මේවා සමාන ඵලානිසංස ඇත්තේ වන්නේද? පරිනිර්වාණ සමතාවය සමාපත්ති සමතාවය හා අනුස්සරණ සමතාවය නිසාය. භාග්‍යවතුන් වහන්සේ වනාහි සුජාතාව විසින් දෙනලද පිණ්ඩපාතය වළඳා සවුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ සේක. චුන්‍ද විසින් දෙන ලද දානය වළඳා අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවන්පෑ සේක. මෙසේ පිරිනිවන්පෑමේ සමතාවය නිසාද සමානඵල ඇත්තේය. බුදුවන දවසේද කෝටිවිසිහතර ලක්‍ෂයක් සංඛ්‍යාත සමාපත්තීන්ට සමවැදුනේය. පිරිනිවන්පානා දිනයේද ඒ සියල්ලට සමවදී. මෙසේ සමාපත්ති සමතාවය නිසාද සමානඵල ඇත්තේය. පසුව සුජාතාවටද මෙසේ අසන්නට ලැබිණ. ඒ වෘක්‍ෂ දේවතාවෙක් නොවේ. බෝධිසත්ත්වයන් වහන්සේය. උන්වහන්සේ එම දවස ඒ පිණ්ඩපාතය වළඳා උතුම් වූ සම්මා සම්බෝධියට පත්විය. උන්වහන්සේට සත් සතියක් යැපෙන්නට එය ප්‍රමාණවත් විය. මෙය අසා සිහිපත් කරන්නා වූ ඇයට බලවත් ප්‍රීතියක්, සොම්නසක් ඇතිවිය. මට මහත් ලාභයක් සිදුවිය. චුන්ද ද මෙසේ සිහිකරයි. මා විසින් අවසන් පිණ්ඩපාතය දෙන ලදි. මාගේ ධර්ම ශීර්ෂය ගන්නා ලදි. මාගේ පිණ්ඩපාතය වළඳා ශෘස්තෲන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑවේයයි අසා මට මහත් ලාභයක් විය. සිහිකරන්නාන වූ මට බලවත් සොම්නසක් ඇතිවිය. මෙසේ අනුස්මරණ සමතාවය නිසාද සමානඵල වේයැයි දතයුතුයි.

යසසංවත‍්තනිකන‍්ති පරිවාරසංවත‍්තනිකං. ආධිපතෙය්‍යසංවත‍්තනිකන‍්ති ජෙට‍්ඨකභාවසංවත‍්තනිකං.

යසසං වත්තනිකං පිරිවර පවත්නා ආධිපතෙය්‍ය සංවත්තනිකං දෙටු බවට පමුණුවන

සංයමතොති සීලසංයමෙන සංයමන‍්තස‍්ස, සංවරෙ ඨිතස‍්සාති අත්‍ථො. වෙරං න චීයතීති පඤ‍්චවිධං වෙරං න වඩ‍්ඪති. කුසලො ච ජහාති පාපකන‍්ති කුසලො පන ඤාණසම‍්පන‍්නො අරියමග‍්ගෙන අනවසෙසං පාපකං ලාමකං අකුසලං ජහාති. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති සො ඉමං පාපකං ජහිත්‍වා රාගාදීනං ඛයා කිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතොති. ඉති චුන්‍දස‍්ස ච දක‍්ඛිණං, අත‍්තනො ච දක‍්ඛිණෙය්‍යසම‍්පත‍්තිං සම‍්පස‍්සමානො උදානං උදානෙසීති.

සංයමතො සීල සංයමයෙන් සංවර වන්නහුගේ යන අර්ථයි. වෙර නං චීයති පස්ආකාර වෛරය නොවැඩෙයි. කුසලො ජහාති පාපක කුසලය වනාහි ඤාණසම්ප්‍රයුක්ත වූයේ ආර්ය මාර්ගයෙන් සම්පූර්ණයෙන් පවිටු වූ ලාමක වූ අකුසල් අත්හරියි. රාගදොස මොහක්ඛයා සනිබ්බුතො හෙතෙම මෙසේ පව් අත්හැර රාගාදිය ක්‍ෂය කිරීමෙන් කෙලෙස් නිර්වාණයෙන් පිරිනිවන්පෑවේය. මෙසේ චුන්දගේ දක්‍ෂිණාවද තමාගේද දක්‍ෂිණෙය්‍ය සම්පත්තිය ප්‍රශංසා කරමින් උදන් ඇනීය.

චතුත්‍ථභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

සතරවන බණවර වර්ණනාව නිමියේ ය.

යමකසාලාවණ‍්ණනා

මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධින‍්ති ඉධ භික‍්ඛූනං ගණනපරිච‍්ඡෙදො නත්‍ථි. වෙළුවගාමෙ වෙදනාවික‍්ඛම‍්භනතො පට‍්ඨාය හි – “න චිරෙන භගවා පරිනිබ‍්බායිස‍්සතී”ති සුත්‍වා තතො තතො ආගතෙසු භික‍්ඛූසු එකභික‍්ඛුපි පක‍්කන‍්තො නාම නත්‍ථි. තස‍්මා ගණනවීතිවත‍්තො සඞ‍්ඝො අහොසි. උපවත‍්තනං මල‍්ලානං සාලවනන‍්ති යථෙව හි කලම‍්බනදීතීරතො රාජමාතුවිහාරද‍්වාරෙන ථූපාරාමං ගන‍්තබ‍්බං හොති, එවං හිරඤ‍්ඤවතියා පාරිමතීරතො සාලවනුය්‍යානං, යථා අනුරාධපුරස‍්ස ථූපාරාමො, එවං තං කුසිනාරායං හොති. යථා ථූපාරාමතො දක‍්ඛිණද‍්වාරෙන නගරං පවිසනමග‍්ගො පාචීනමුඛො ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තො, එවං උය්‍යානතො සාලවනං පාචීනමුඛං ගන‍්ත්‍වා උත‍්තරෙන නිවත‍්තං. තස‍්මා තං – “උපවත‍්තන”න‍්ති වුච‍්චති. අන‍්තරෙන යමකසාලානං උත‍්තරසීසකන‍්ති තස‍්ස කිර මඤ‍්චකස‍්ස එකා සාලපන‍්ති සීසභාගෙ හොති, එකා පාදභාගෙ. තත්‍රාපි එකො තරුණසාලො සීසභාගස‍්ස ආසන‍්නො හොති, එකො පාදභාගස‍්ස. අපි ච යමකසාලා නාම මූලඛන්‍ධවිටපපත‍්තෙහි අඤ‍්ඤමඤ‍්ඤං සංසිබ‍්බිත්‍වා ඨිතසාලාති වුත‍්තං. මඤ‍්චකං පඤ‍්ඤපෙහීති තස‍්මිං කිර උය්‍යානෙ රාජකුලස‍්ස සයනමඤ‍්චො අත්‍ථි, තං සන්‍ධාය පඤ‍්ඤපෙහීති ආහ. ථෙරොපි තංයෙව පඤ‍්ඤපෙත්‍වා අදාසි.

මහතා භික්ඛු සංඝෙන සද්ධිං මහත් වූ භික්‍ෂු පිරිසක් සමග මෙහි භික්‍ෂූන්ගේ සංඛ්‍යාවේ සීමාවක් නැත. බෙළුව ගමෙහිදී වේදනාව නැතිකිරීමේ පටන් නොබෝකලකින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේයැයි අසා ඒ ඒ තැන්වලින් පැමිණි භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක්වත් ආපසු ගියේ නැත. ඒ නිසා ගණන ඉක්මවාගිය භික්‍ෂු පිරිසක් වූහ. උපවත්තනං මල්ලානං සාලවනං යම්සේ වනාහි කලම්බනදී තීරයෙන් රජමව්විහාර දොරටුවෙන් ථූපාරාමයට යායුතුයි. මෙපරිද්දෙන් හිරඤ්ඤවතියේ ඉහලම තීරයෙන් සල්වන උයනයි. යම්සේ අනුරාධපුරයේ ථූපාරාමය මෙනි. මෙසේ එය කුසිනාරාවෙහි වෙයි. යම්සේ ථූපාරාමයේ දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන මග ප්‍රාචීන දිසාව දෙසට ගොස් උතුරු පැත්තෙන් නතරවෙයිද එපරිද්දෙන් උයනෙන් සල්වන පෙතට ප්‍රාචීනාභිමුඛව ගොස් උතුරෙන් නතරවන්නේය. ඒ නිසා එය උපවත්තන යැයි කියනු ලැබේ. අන්තරෙන යමකසාලානං උත්තරසීසකං ඒ මංචකයෙහි එක් පැත්තක සල්ගස්පෙළ ශීර්ෂය දෙසින් වෙයි. එකක් පා පැත්තේය. එහිද එක් තරුණ සල්ගසක් හිසට ඉතා ළංවද එකක් පාදයට ඉතා ළංවද වෙයි. තවද යමක සාලා යන්නෙන් මුල, කඳ, අතු පත්‍ර යන මේවායින් එකිනෙක ගැටී සිටියා වූ සල්ගස්ද කියන ලදි. මඤ්චකං පඤ්ඤාපෙහි ඒ උයනෙහි රාජ කුලයට නිදන මංචකයක් ඇත. ඒ ගැන සලකා මංචකයක් සූදානම් කරන්නයැයි කීය. තෙරුන් වහන්සේද එයම සූදානම් කර දුන්නේය.

කිලන‍්තොස‍්මි, ආනන්‍ද, නිපජ‍්ජිස‍්සාමීති තථාගතස‍්ස හි –

කිලන්තොස්මි ආනන්‍ද නිපජ්ජිස්සාමි ආනන්ද, ක්ලාන්ත වූයේ වෙමි. හොවින්නෙමි. තථාගතයන් වහන්සේට වනාහි :-

“ගොචරි කළාපො ගඞ‍්ගෙය්‍යො, පිඞ‍්ගලො පබ‍්බතෙය්‍යකො; හෙමවතො ච තම‍්බො ච, මන්‍දාකිනි උපොසථො; ඡද‍්දන‍්තොයෙව දසමො, එතෙ නාගානමුත‍්තමා”ති. –

ගොචරි කළම්බොච ගංගෙය්‍යො පිංගලො පබ්බතෙය්‍යකො හෙමවතො ච තම්බොච මන්‍දාකිනී උපොසථො ඡද්දන්තොයෙව දසමො එතෙ නාගානමුත්තමා ති

(ගොචරී - කලම්බ - ගංගෙය්‍ය - පිංගල පබ්බතෙය්‍යක - හෙමවත - තම්බ - මන්‍දාකිනී - උපොසථ හා දසවැනි ඡද්දන්ත යන මොව්හු හස්තීන් අතර උත්තමය.)

එත්‍ථ යං දසන‍්නං ගොචරිසඞ‍්ඛාතානං පකතිහත්‍ථීනං බලං, තං එකස‍්ස කළාපස‍්සාති. එවං දසගුණවඩ‍්ඪිතාය ගණනාය පකතිහත්‍ථීනං කොටිසහස‍්සබලප‍්පමාණං බලං, තං සබ‍්බම‍්පි චුන්‍දස‍්ස පිණ‍්ඩපාතං පරිභුත‍්තකාලතො පට‍්ඨාය චඞ‍්ගවාරෙ පක‍්ඛිත‍්තඋදකං විය පරික‍්ඛයං ගතං. පාවානගරතො තීණි ගාවුතානි කුසිනාරානගරං, එතස‍්මිං අන‍්තරෙ පඤ‍්චවීසතියා ඨානෙසු නිසීදිත්‍වා මහතා උස‍්සාහෙන ආගච‍්ඡන‍්තොපි සූරියස‍්ස අත්‍ථඞ‍්ගමිතවෙලායං සඤ‍්ඣාසමයෙ භගවා සාලවනං පවිට‍්ඨො. එවං රොගො සබ‍්බං ආරොග්‍යං මද‍්දන‍්තො ආගච‍්ඡති. එතමත්‍ථං දස‍්සෙන‍්තො විය සබ‍්බලොකස‍්ස සංවෙගකරං වාචං භාසන‍්තො – “කිලන‍්තොස‍්මි, ආනන්‍ද, නිපජ‍්ජිස‍්සාමී”ති ආහ.

මෙහිද යම් ඒ ගොචරී සංඛ්‍යාත වූ ප්‍රකෘති හස්තීන් දසදෙනෙකුගේ බලය ඒ එක කලම්බක ඇතෙකුට ඇත. මෙසේ දස ගුණයකින් වැඩුනු ගණනින් ප්‍රකෘති ඇතුන් කෝටි සහශ්‍රයක බලප්‍රමාණයද වූ ඒ සියලුම බල චුන්‍දගේ පිණ්ඩපාතය වැළඳූ තැන් පටන් පෙරහන්කඩයට දමන ලද ජලය මෙන් පිරිහීමට පත්විය. පාවා නගරයෙන් ගව් තුනක් ඈත කුසිනාරාව පිහිටියේය. මේ අතරතුර විසිපස් තැනක හිඳ මහත් උත්සාහයෙන් යන්නේ නමුදු හිරු බැසයන වේලෙහි, සන්ධ්‍යා වේලාවේ භාග්‍යවතුන් වහන්සේ සල්වනයට වැඩියේය. මෙසේ රෝගය සියළු නිරෝගී බව මර්ධනය කරමින් එයි. මේ කාරණය දක්වන්නට මෙන් සියලු ලෝකයාට සංවේගය ඇතිකරන වචනයක් වදාරමින් ‘ආනන්දය, ක්ලාන්ත වූයේ වෙමි. වැද හොවින්නෙමි’යි වදාළේය.

කස‍්මා පන භගවා එවං මහන‍්තෙන උස‍්සාහෙන ඉධාගතො, කිං අඤ‍්ඤත්‍ථ න සක‍්කා පරිනිබ‍්බායිතුන‍්ති? පරිනිබ‍්බායිතුං නාම න කත්‍ථචි න සක‍්කා, තීහි පන කාරණෙහි ඉධාගතො, ඉදඤ‍්හි භගවා එවං පස‍්සති – “මයි අඤ‍්ඤත්‍ථ පරිනිබ‍්බායන‍්තෙ මහාසුදස‍්සනසුත‍්තස‍්ස අත්‍ථුප‍්පත‍්ති න භවිස‍්සති, කුසිනාරායං පන පරිනිබ‍්බායන‍්තෙ යමහං දෙවලොකෙ අනුභවිතබ‍්බං සම‍්පත‍්තිං මනුස‍්සලොකෙයෙව අනුභවිං, තං ද‍්වීහි භාණවාරෙහි මණ‍්ඩෙත්‍වා දෙසෙස‍්සාමි, තං මෙ සුත්‍වා බහූ ජනා කුසලං කාතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තී”ති.

කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ මහත් උත්සාහයෙන් මෙහි වැඩියේද? වෙන තැනක පිරිනිවන් පාන්නට නොහැකිද? පිරිනිවන් පාන්නට වෙන කිසිතැනක නොහැක. කරුණු තුනක් හේතුවෙන් මෙහි වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ බලයි. මා වෙන තැනක පිරිනිවන් පෑකල්හි මහා සුදස්සන සූත්‍රයට අර්ථෝත්පත්තියක් සිදු නොවේ. කුසිනාරාවෙහි පිරිනිවන් යම්හෙයකින් මම දෙව්ලොව විඳිය යුතු සැපසම්පත් මනුෂ්‍ය ලෝකයේදීම අනුභව කරනලදි. එය බණවර දෙකකින් සරසා දේශනා කරන්නෙමි. මාගේ ඒ දේශනාව අසා බොහෝ කුසල් කරන්නට සිතත්.

අපරම‍්පි පස‍්සති – “මං අඤ‍්ඤත්‍ථ පරිනිබ‍්බායන‍්තං සුභද‍්දො න පස‍්සිස‍්සති, සො ච බුද‍්ධවෙනෙය්‍යො, න සාවකවෙනෙය්‍යො; න තං සාවකා විනෙතුං සක‍්කොන‍්ති. කුසිනාරායං පරිනිබ‍්බායන‍්තං පන මං සො උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡිස‍්සති, පඤ‍්හාවිස‍්සජ‍්ජනපරියොසානෙ ච සරණෙසු පතිට‍්ඨාය මම සන‍්තිකෙ පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා මයි ධරමානෙයෙව අරහත‍්තං පත්‍වා පච‍්ඡිමසාවකො භවිස‍්සතී”ති.

තව දෙයක්ද දකී. මා වෙන තැනක පිරිනිවන්පාන්නේ සුභද්‍ර නොදකී. ඔහුද බුදුවරයකු විසින් හික්මවිය යුත්තෙකි. ශ්‍රාවකයන් විසින් හික්මවිය යුතු කෙනෙක් නොවේ. ශ්‍රාවකයෝ ඔහුව හික්මවන්නට අපොහොසත් වෙති. කුසිනාරාවේ පිරිනිවන්පාන්නට සිටින මා වෙත පැමිණ ඔහු ප්‍රශ්න විචාරන්නේය. ප්‍රශ්න විසඳා අවසානයේ සරණයන්හි පිහිටා මා සමීපයේ පැවිද්ද උපසම්පදාව ලබා කමටහන් ගෙන මා ජීවත්ව සිටියදීම රහත්බවට පැමිණ අවසාන ශ්‍රාවකයා නම් වන්නේය.

අපරම‍්පි පස‍්සති – “මයි අඤ‍්ඤත්‍ථ පරිනිබ‍්බායන‍්තෙ ධාතුභාජනීයෙ මහාකලහො භවිස‍්සති, ලොහිතං නදී විය සන්‍දිස‍්සති. කුසිනාරායං පරිනිබ‍්බුතෙ දොණබ්‍රාහ‍්මණො තං විවාදං වූපසමෙත්‍වා ධාතුයො විභජිස‍්සතී”ති. ඉමෙහි තීහි කාරණෙහි භගවා එවං මහන‍්තෙන උස‍්සාහෙන ඉධාගතොති වෙදිතබ‍්බො.

තවත් කරුණක් දකී. මා වෙන තැනක පිරිනිවන්පානා කල්හි ධාතු බෙදා ගැනීමේ මහා කලබලයක් ඇතිවෙයි. ගඟක් මෙන් ලේ ගලන්නේය. කුසිණාරාවෙහි පිරිනිවන් පෑ කල්හි දෝණ නම් බ්‍රාහ්මණයා ඒ විවාදය සංසිඳුවා ධාතූන් බෙදා දෙන්නේය. මේ කාරණ තුන නිසා භාග්‍යවතුන් වහන්සේ මහත් උත්සාහයකින් මෙහි වැඩියේ යැයි දතයුතුයි.

සීහසෙය්‍යන‍්ති එත්‍ථ කාමභොගීසෙය්‍යා, පෙතසෙය්‍යා, සීහසෙය්‍යා, තථාගතසෙය්‍යාති චතස‍්සො සෙය්‍යා.

සීහසෙය්‍යං යනු මෙහි කාමභෝගී සෙය්‍යාව, ප්‍රේත සෙය්‍යාව, සීහසෙය්‍යාව, තථාගත සෙය්‍යාව කිසා සෙය්‍යාවන් සතරක් ඇත.

තත්‍ථ – “යෙභුය්‍යෙන, භික‍්ඛවෙ, කාමභොගී සත‍්තා වාමෙන පස‍්සෙන සෙන‍්තී”ති අයං කාමභොගීසෙය්‍යා. තෙසු හි යෙභුය්‍යෙන දක‍්ඛිණෙන පස‍්සෙන සයන‍්තා නාම නත්‍ථි.

මහණෙනි, එහි බොහෝසෙයින් කාමභෝගී සත්ත්වයෝ වම්ඇලයෙන් නිදාගනිත්. මේ කාමභෝගී සෙය්‍යාව නම් වේ. ඔවුන් අතරද බොහෝ සෙයින් දකුණු ඇලයෙන් නිදන්නෝ නැත.

“යෙභුය්‍යෙන, භික‍්ඛවෙ, පෙතා උත‍්තානා සෙන‍්තී”ති අයං පෙතසෙය්‍යා. අප‍්පමංසලොහිතත‍්තා හි පෙතා අට‍්ඨිසඞ‍්ඝාටජටිතා එකෙන පස‍්සෙන සයිතුං න සක‍්කොන‍්ති, උත‍්තානාව සෙන‍්ති.

මහණෙනි, බොහෝසෙයින් ප්‍රේතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්‍රේත සෙය්‍යාවයි. අල්ප වූ මස් ලේ ඇති බැවින් ප්‍රේතයෝ ඇට සමූහයේ ගැටීම නිසා එක් ඇලයකින් නිදන්නට නොහැකි වෙත්. උඩුකුරුවම සයනය කරත්.

“සීහො, භික‍්ඛවෙ, මිගරාජා දක‍්ඛිණෙන පස‍්සෙන සෙය්‍යං කප‍්පෙති…පෙ… අත‍්තමනො හොතී”ති (අ· නි· 4.246) අයං සීහසෙය්‍යා. තෙජුස‍්සදත‍්තා හි සීහො මිගරාජා ද‍්වෙ පුරිමපාදෙ එකස‍්මිං ඨානෙ, පච‍්ඡිමපාදෙ එකස‍්මිං ඨානෙ ඨපෙත්‍වා නඞ‍්ගුට‍්ඨං අන‍්තරසත්‍ථිම‍්හි පක‍්ඛිපිත්‍වා පුරිමපාදපච‍්ඡිමපාදනඞ‍්ගුට‍්ඨානං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා ද‍්වින‍්නං පුරිමපාදානං මත්‍ථකෙ සීසං ඨපෙත්‍වා සයති. දිවසං සයිත්‍වාපි පබුජ‍්ඣමානො න උත්‍රසන‍්තො පබුජ‍්ඣති, සීසං පන උක‍්ඛිපිත්‍වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙති. සචෙ කිඤ‍්චි ඨානං විජහිත්‍වා ඨිතං හොති – “න යිදං තුය‍්හං ජාතියා සූරභාවස‍්ස ච අනුරූප”න‍්ති අනත‍්තමනො හුත්‍වා තත්‍ථෙව සයති, න ගොචරාය පක‍්කමති. අවිජහිත්‍වා ඨිතෙ පන – “තුය‍්හං ජාතියා ච සූරභාවස‍්ස ච අනුරූපමිද”න‍්ති හට‍්ඨතුට‍්ඨො උට‍්ඨාය සීහවිජම‍්භිතං විජම‍්භිත්‍වා කෙසරභාරං විධුනිත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති.

මහණෙනි! මෘගරාජ වූ සිංහයා දකුණු ඇලයෙන් නිදාගනී. -පෙ- සතුටු සිතැත්තේ වෙයි. මේ සීහ සෙය්‍යාවය. තේජසින් උසස් බැවින් මෘගරාජ වූ සිංහයා ඉදිරි ගාත් දෙක එක තැනකත් පසු ගාත් දෙක එක තැනකත් තබා නගුට කලවා දෙක අතර තබා පෙරපාද පසුපාද හා නගුට තිබෙන ඉඩ සලකා ඉදිරි පා දෙක මත හිස තබා දහස් හතක්ද සයනයකොට පිබිදෙන්නේ තැති නොගෙන පිබිදෙයි. හිස පමණක් ඔසවා ඉදිරිපාද ආදිය තිබෙන ඉඩකඩ සලකා බලයි. ඉදින් කිසි ඉඩක් නොමැතිව තබාගෙන ඇත්නම් මෙය ඔබගේ ජාතියේ ශූරභාවයට නොගැලපේයැයි නොසතුටුව එහිම නිදයි. ගොදුරු පිණිස නොයයි. අත්නොහැර එතනට සිටිකල්හි තොපගේ ජාතියටත් ශූරභාවයටත් මෙය ගැලපේදැයි තුටුපහටු වූයේ නැගිට සිංහාවලෝකයෙන් බලා කෙසරු ගසා තුන්වරක් සිංහනාදකොට ගොදුරු පිණිස පිටත්වෙයි.

“චතුත්‍ථජ‍්ඣානසෙය්‍යා පන තථාගතස‍්ස සෙය්‍යාති වුච‍්චති” (අ· නි· 4.246). තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ‍්හි තෙජුස‍්සදඉරියාපථත‍්තා උත‍්තමසෙය්‍යා නාම.

චතුර්ථ ධ්‍යාන සෙය්‍යාව වනාහි තථාගත සෙය්‍යාව යැයි කියනු ලැබේ. ඒ අතර මේ සීහසෙය්‍යාව ආවේය. මෙය වනාහි තේජසින් ඔදවැඩුනු ඉරියාපථ ඇති බැවින් උතුම් සෙය්‍යාව නම් වේ.

පාදෙ පාදන‍්ති දක‍්ඛිණපාදෙ වාමපාදං. අච‍්චාධායාති අතිආධාය, ඊසකං අතික‍්කම‍්ම ඨපෙත්‍වා. ගොප‍්ඵකෙන හි ගොප‍්ඵකෙ, ජාණුනා වා ජාණුම‍්හි සඞ‍්ඝට‍්ටියමානෙ අභිණ‍්හං වෙදනා උප‍්පජ‍්ජති, චිත‍්තං එකග‍්ගං න හොති, සෙය්‍යා අඵාසුකා හොති. යථා පන න සඞ‍්ඝට‍්ටෙති, එවං අතික‍්කම‍්ම ඨපිතෙ වෙදනා නුප‍්පජ‍්ජති, චිත‍්තං එකග‍්ගං හොති, සෙය්‍යා ඵාසු හොති. තස‍්මා එවං නිපජ‍්ජි. අනුට‍්ඨානසෙය්‍යං උපගතත‍්තා පනෙත්‍ථ – “උට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා”ති න වුත‍්තං. කායවසෙන චෙත්‍ථ අනුට‍්ඨානං වෙදිතබ‍්බං, නිද‍්දාවසෙන පන තං රත‍්තිං භගවතො භවඞ‍්ගස‍්ස ඔකාසොයෙව නාහොසි. පඨමයාමස‍්මිඤ‍්හි මල‍්ලානං ධම‍්මදෙසනා අහොසි, මජ‍්ඣිමයාමෙ සුභද‍්දස‍්ස පච‍්ඡිමයාමෙ භික‍්ඛුසඞ‍්ඝං ඔවදි, බලවපච‍්චූසෙ පරිනිබ‍්බායි.

පාදෙ පාදං යනු දකුණුපාදයේ වම්පාදය. අච්චාධාය ටිකක් ඉක්මවා තබා ගොප් ඇටයෙන් ගොප්අැටය, දණින් හෝ දණෙහි, ගැටෙන්නේ නිතර වේදනා උපදී. සිත එකඟ නොවේ. නිදීම අපහසුය. යම්සේ වනාහි නොගැටෙයිද මෙසේ ඉක්මවා තබන ලද වේදනා නූපදී. සිත එකඟ වෙයි. සයනය පහසු වෙයි. ඒ නිසා මෙසේ හොත්තේය. නොනැගිටින සෙය්‍යාවකින් සිටිය බැවින් මෙහි නැගිටීමේ සංඥාව මෙනෙහිකොටයැයි නොකියන ලදි. කායික වශයෙන් මෙහි නොනැගිටීම දතයුතුයි. නිද්‍රා වශයෙන් ඒ රාත්‍රිය භාග්‍යවතුන් වහන්සේගේ භවාංග සිතට අවකාසයක් නොවීය. පළමු යාමයෙහි මල්ල රජදරුවන්ට ධර්මදේශනා කිරීම විය. මධ්‍යම යාමයෙහි සුභද්දට ද පශ්චිම යාමයේ භික්‍ෂූන්ට ද අවවාද කළේය. ඉතා අලුයම පිරිනිවන්පෑ සේක.

සබ‍්බඵාලිඵුල‍්ලාති සබ‍්බෙ සමන‍්තතො පුප‍්ඵිතා මූලතො පට‍්ඨාය යාව අග‍්ගා එකච‍්ඡන‍්නා අහෙසුං, න කෙවලඤ‍්ච යමකසාලායෙව, සබ‍්බෙපි රුක‍්ඛා සබ‍්බපාලිඵුල‍්ලාව අහෙසුං. න කෙවලඤ‍්හි තස‍්මිංයෙව උය්‍යානෙ, සකලඤ‍්හිපි දසසහස‍්සචක‍්කවාළෙ පුප‍්ඵූපගා පුප‍්ඵං ගණ‍්හිංසු, ඵලූපගා ඵලං ගණ‍්හිංසු, සබ‍්බරුක‍්ඛානං ඛන්‍ධෙසු ඛන්‍ධපදුමානි, සාඛාසු සාඛාපදුමානි, වල‍්ලීසු වල‍්ලිපදුමානි, ආකාසෙසු ආකාසපදුමානි පථවීතලං භින්‍දිත්‍වා දණ‍්ඩපදුමානි පුප‍්ඵිංසු. සබ‍්බො මහාසමුද‍්දො පඤ‍්චවණ‍්ණපදුමසඤ‍්ඡන‍්නො අහොසි. තියොජනසහස‍්සවිත්‍ථතො හිමවා ඝනබද‍්ධමොරපිඤ‍්ඡකලාපො විය, නිරන‍්තරං මාලාදාමගවච‍්ඡිකො විය, සුට‍්ඨු පීළෙත්‍වා ආබද‍්ධපුප‍්ඵවටංසකො විය, සුපූරිතං පුප‍්ඵචඞ‍්කොටකං විය ච අතිරමණීයො අහොසි.

සබ්බඵාලි ඵුල්ලා යනු හාත්පස සියළු වෘක්ෂ මල්ඵලවලින් ගැවසී ගත්තේය. හුදෙක් එම උද්‍යානයෙහි පමණක් නොවේ. සියලුම දස සහශ්‍රී ලෝකධාතුවල මල් හටගැනීමට සුදුසු ගස් මල්වලින් ගැවසී ගත්තේය. ඵල හටගන්නා ගස් ගෙඩිවලින් බරවිය. සියලු ගස්වල කඳෙහි කඳමල් අතුවල අතුමල් වැල්වල මල් ආකාසවල තාරකා මල් පොළෝතලය බිඳගෙන දඬුමල්ද පිපින. මුළු සමුද්‍රයට පස්වනක් පදුමයන්ගෙන් ගැවසී ගත්තේය. යොදුන් තුන්දහසක් පළල හිමවත ඝනට සැදුනු මොණරපිල් කළඹක් මෙන් නිරන්තරයෙන් මාලාදාමයන්හි කෙසරුවලින් ගැවසීගත්තාක් මෙන් මනාව පොළා බඳින ලද මුදුන් මල්කඩක් මෙන් සම්පූර්ණයෙන් පිරුණු මල් සුමුඟන් ලෙසද අතිශයින් සිත්කළු විය.

තෙ තථාගතස‍්ස සරීරං ඔකිරන‍්තීති තෙ යමකසාලා භුම‍්මදෙවතාහි සඤ‍්චලිතඛන්‍ධසාඛවිටපා තථාගතස‍්ස සරීරං අවකිරන‍්ති, සරීරස‍්ස උපරි පුප‍්ඵානි විකිරන‍්තීති අත්‍ථො. අජ‍්ඣොකිරන‍්තීති අජ‍්ඣොත්‍ථරන‍්තා විය කිරන‍්ති. අභිප‍්පකිරන‍්තීති අභිණ‍්හං පුනප‍්පුනං පකිරන‍්තියෙව. දිබ‍්බානීති දෙවලොකෙ නන්‍දපොක‍්ඛරණීසම‍්භවානි, තානි හොන‍්ති සුවණ‍්ණවණ‍්ණානි පණ‍්ණච‍්ඡත‍්තප‍්පමාණපත‍්තානි, මහාතුම‍්බමත‍්තං රෙණුං ගණ‍්හන‍්ති. න කෙවලඤ‍්ච මන්‍දාරවපුප‍්ඵානෙව, අඤ‍්ඤානිපි පන දිබ‍්බානි පාරිච‍්ඡත‍්තකකොවිළාරපුප‍්ඵාදීනි සුවණ‍්ණචඞ‍්කොටකානි පූරෙත්‍වා චක‍්කවාළමුඛවට‍්ටියම‍්පි තිදසපුරෙපි බ්‍රහ‍්මලොකෙපි ඨිතාහි දෙවතාහි පවිට‍්ඨානි, අන‍්තලික‍්ඛා පතන‍්ති. තථාගතස‍්ස සරීරන‍්ති අන‍්තරා අවිකිණ‍්ණානෙව ආගන‍්ත්‍වා පත‍්තකිඤ‍්ජක‍්ඛරෙණුචුණ‍්ණෙහි තථාගතස‍්ස සරීරමෙව ඔකිරන‍්ති.

තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති ඒ යමක සල්උයනේ භූමි දේවතාවන් විසින් සොලවන ලද කඳ අතු විටපවලින් මල් තථාගතයන් වහන්සේගේ දේහයේ විසුරුවත්. ශරීරය මත්තේ මල් විසුරුවත් යන අර්ථයි. අභිප්පකිරන්ති නිතර, පුනපුනා විසුරුවත්. දිබ්බානි දෙව්ලොව නන්‍දා පොකුණේ හටගත් ඒවා සුවර්ණ වර්ණය. කොලකුඩයක් බඳු පත්‍රය. මහාතිඹක් ප්‍රමාණ රේණු ඇත. හුදෙක් මදාරා මල් පමණක් නොවේ. අන්‍ය වූද දිව්‍යමය පරසතු කෝවිළාර පුෂ්පයන්ද ස්වර්ණ කරඬුද රජතමය කරඬුද පුරව පුරවා සක්වල මුවවිට ද දෙව්ලොව ද බ්‍රහ්මලෝකවලද සිටියා වූ දෙවියන් විසින් දමන ලද මල් අහසින් වැටේ. තථාගතස්ස සරීරං අතරතුර නොවිසිරීව අවුත් අවුත් මල්රේණු තථාගතයන් වහන්සේගේ සිරුර වසා සිටී.

දිබ‍්බානිපි චන්‍දනචුණ‍්ණානීති දෙවතානං උපකප‍්පනචන්‍දනචුණ‍්ණානි. න කෙවලඤ‍්ච දෙවතානංයෙව, නාගසුපණ‍්ණමනුස‍්සානම‍්පි උපකප‍්පනචන්‍දනචුණ‍්ණානි. න කෙවලඤ‍්ච චන්‍දනචුණ‍්ණානෙව, කාළානුසාරිකලොහිතචන්‍දනාදිසබ‍්බදිබ‍්බගන්‍ධජාලචුණ‍්ණානි, හරිතාලඅඤ‍්ජනසුවණ‍්ණරජතචුණ‍්ණානි සබ‍්බදිබ‍්බගන්‍ධවාසවිකතියො සුවණ‍්ණරජතාදිසමුග‍්ගෙ පූරෙත්‍වා චක‍්කවාළමුඛවට‍්ටිආදීසු ඨිතාහි දෙවතාහි පවිට‍්ඨානි අන‍්තරා අවිප‍්පකිරිත්‍වා තථාගතස‍්සෙව සරීරං ඔකිරන‍්ති.

දිබ්බානිපි චන්‍දන චුණ්ණානි [missing trans]

දිබ‍්බානිපි තූරියානීති දෙවතානං උපකප‍්පනතූරියානි. න කෙවලඤ‍්ච තානියෙව, සබ‍්බානිපි තන‍්තිබද‍්ධචම‍්මපරියොනද‍්ධඝනසුසිරභෙදානි දසසහස‍්සචක‍්කවාළෙසු දෙවනාගසුපණ‍්ණමනුස‍්සානං තූරියානි එකචක‍්කවාළෙ සන‍්නිපතිත්‍වා අන‍්තලික‍්ඛෙ වජ‍්ජන‍්තීති වෙදිතබ‍්බානි.

[missing trans]

දිබ‍්බානිපි සඞ‍්ගීතානීති වරුණවාරණදෙවතා කිර නාමෙතා දීඝායුකා දෙවතා – “මහාපුරිසො මනුස‍්සපථෙ නිබ‍්බත‍්තිත්‍වා බුද‍්ධො භවිස‍්සතී”ති සුත්‍වා “පටිසන්‍ධිග‍්ගහණදිවසෙ නං ගහෙත්‍වා ගමිස‍්සාමා”ති මාලං ගන්‍ථෙතුමාරභිංසු. තා ගන්‍ථමානාව – “මහාපුරිසො මාතුකුච‍්ඡියං නිබ‍්බත‍්තො”ති සුත්‍වා “තුම‍්හෙ කස‍්ස ගන්‍ථථා”ති වුත‍්තා “න තාව නිට‍්ඨාති, කුච‍්ඡිතො නික‍්ඛමනදිවසෙ ගණ‍්හිත්‍වා ගමිස‍්සාමා”ති ආහංසු. පුනපි “නික‍්ඛන‍්තො”ති සුත්‍වා “මහාභිනික‍්ඛමනදිවසෙ ගමිස‍්සාමා”ති. එකූනතිංසවස‍්සානි ඝරෙ වසිත්‍වා “අජ‍්ජ මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො”තිපි සුත්‍වා “අභිසම‍්බොධිදිවසෙ ගමිස‍්සාමා”ති. ඡබ‍්බස‍්සානි පධානං කත්‍වා “අජ‍්ජ අභිසම‍්බුද‍්ධො”තිපි සුත්‍වා “ධම‍්මචක‍්කප‍්පවත‍්තනදිවසෙ ගමිස‍්සාමා”ති. “සත‍්තසත‍්තාහානි බොධිමණ‍්ඩෙ වීතිනාමෙත්‍වා ඉසිපතනං ගන‍්ත්‍වා ධම‍්මචක‍්කං පවත‍්තිත”න‍්තිපි සුත්‍වා “යමකපාටිහාරියදිවසෙ ගමිස‍්සාමා”ති. “අජ‍්ජ යමකපාටිහාරියං කරී”තිපි සුත්‍වා “දෙවොරොහණදිවසෙ ගමිස‍්සාමා”ති. “අජ‍්ජ දෙවොරොහණං කරී”තිපි සුත්‍වා “ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනෙ ගමිස‍්සාමා”ති. “අජ‍්ජ ආයුසඞ‍්ඛාරං ඔස‍්සජී”තිපි සුත්‍වා “න තාව නිට‍්ඨාති, පරිනිබ‍්බානදිවසෙ ගමිස‍්සාමා”ති. “අජ‍්ජ භගවා යමකසාලානමන‍්තරෙ දක‍්ඛිණෙන පස‍්සෙන සතො සම‍්පජානො සීහසෙය්‍යං උපගතො බලවපච‍්චූසසමයෙ පරිනිබ‍්බායිස‍්සති. තුම‍්හෙ කස‍්ස ගන්‍ථථා”ති සුත්‍වා පන – “කින‍්නාමෙතං, ‘අජ‍්ජෙව මාතුකුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි, අජ‍්ජෙව මාතුකුච‍්ඡිතො නික‍්ඛමි, අජ‍්ජෙව මහාභිනික‍්ඛමනං නික‍්ඛමි, අජ‍්ජෙව බුද‍්ධො අහොසි, අජ‍්ජෙව ධම‍්මචක‍්කං පවත‍්තයි, අජ‍්ජෙව යමකපාටිහාරියං අකාසි, අජ‍්ජෙව දෙවලොකා ඔතිණ‍්ණො, අජ‍්ජෙව ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, අජ‍්ජෙව කිර පරිනිබ‍්බායිස‍්සතී’ති. නනු නාම දුතියදිවසෙ යාගුපානකාලමත‍්තම‍්පි ඨාතබ‍්බං අස‍්ස. දස පාරමියො පූරෙත්‍වා බුද‍්ධත‍්තං පත‍්තස‍්ස නාම අනනුච‍්ඡවිකමෙත”න‍්ති අපරිනිට‍්ඨිතාව මාලායො ගහෙත්‍වා ආගම‍්ම අන‍්තො චක‍්කවාළෙ ඔකාසං අලභමානා චක‍්කවාළමුඛවට‍්ටියං ලම‍්බිත්‍වා චක‍්කවාළමුඛවට‍්ටියාව ආධාවන‍්තියො හත්‍ථෙන හත්‍ථං ගීවාය ගීවං ගහෙත්‍වා තීණි රතනානි ආරබ‍්භ ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණානි ඡබ‍්බණ‍්ණරස‍්මියො දස පාරමියො අඩ‍්ඪඡට‍්ඨානි ජාතකසතානි චුද‍්දස බුද‍්ධඤාණානි ආරබ‍්භ ගායිත්‍වා තස‍්ස තස‍්ස අවසානෙ “මහායසො, මහායසො”ති වදන‍්ති. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං – “දිබ‍්බානිපි සඞ‍්ගීතානි අන‍්තලික‍්ඛෙ වත‍්තන‍්ති තථාගතස‍්ස පූජායා”ති.

දිබ්බානිපි සඞ්ගීතානී වරවාරණ දේවතා නම් වූ එක් දීර්ඝායුෂ්ක දෙවියෙක් මහා පුරුෂයා මිනිස් ලොව ඉපිද බුදුවන්නේ යැයි අසා පිළිසිඳ ගන්නා දවසේ එය රැගෙන යන්නෙමියි මල්මාලාවක් ගොතන්නට පටන්ගත්හ. එය ගොතමින් සිටින අතර මහාපුරුෂයාණෝ මව්කුස පිළිසිඳ ගත්තෝය. තොප කවුරුන් සඳහා ගොතන්නේදැයි ඇසූවිට, තවම ගොතා අවසන් නැතැයිද කුසෙන් බිහිවන දිනයේ රැගෙන යමියි කීහ. නැවත මව්කුසින් නික්මියේ යැයි අසා මහාභිනිෂ්ක්‍රමණ දිනයේ යන්නෙමියි එකුන් තිස්වසක් ගිහිගෙයි සිට අද මහාභිනිෂ්ක්‍රමණය කළේයැයි අසා බුදුවන දවසේ යන්නෙමුයි, සයවසක් මහාප්‍රධන් වීර්යය කොට අද බුදුවූයේ යැයි අසා දම්සක් පවත්වන දිනයේ යන්නෙමියි සත්සතියක් බෝමැඩ ගතකර ඉසිපතනයට ගොස් දම්සක් පැවැත්වීම කළේයැයි අසා යමක ප්‍රාතිහාර්යය දවසේ යන්නෙමියි අද යමක ප්‍රාතිහාර්ය පැවැත්වී යැයි අසා දේවාරෝහණ දවසේ යන්නෙමුයිද අද දේවාරෝහණය කළේයැයි අසා ආයු සංස්කාර හරනා දිනයේ යන්නෙමුයි ද අද ආයු සංස්කාර හළේයයිද අසා තවමත් අවසන් නැතැයි පිරිනිවන්පානා දිනයේ යන්නෙමුයි අද භාග්‍යවතුන් වහන්සේ සල්ගස් දෙක අතර දකුණු ඇලයෙන් සිහිනුවණින් සිංහසෙය්‍යාවෙන් යුක්තව ඉතා අලුයම් වේලෙහි පිරිනිවන් පාන්නේය. නුඹලා කාහට මාලා ගොතන්නහුදැයි අසා නැවත මේ කුමක්ද? අදම මව්කුස පිළිසිඳ ගත්තේය. අදම මව්කුසින් බිහිවිය. අදම මහාභිනිෂ්ක්‍රමණය කළේය. අදම බුදුවිය. අදම දම්සක් පැවැත්වීය. අදම යමක ප්‍රාතිහාර්ය දැක්වීය. අදම දෙව්ලොවින් බැස්සේය. අදම ආයු සංස්කාර හළේය. අදම පිරිනිවන් පාන්නේය. පසුදා කැඳ පානය කරන වෙලාවක්වත් තිබිය යුතුය. දස පාරමිතා පුරා බුදුබවට පත්වූවහුට මෙය යෝග්‍ය නොවන්නේ යැයි ගොතා අවසන් නොකළ මාලාවන් රැගෙන අවුත් සක්වළ ඇතුළේ අවකාසයක් නොලබන්නාහු සක්වල මුවවිටෙහි තැනක් ලැබ සක්වල මුවවිටෙන් ද දුවන්නවුන් අතින් අත, ගෙලින් ගෙල ගෙන රත්නත්‍රය අරබයා දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයන්, ෂඩ්වර්ණ රැස්, දසපාරමී, අඩසක් ජාතක සියයක් සොළොස් බුද්ධඥානයන් අරභයා ගායනා කර ඒ ඒ අවසන්හි මහා යසස්, මහා යසස් යැයි කියත්. මේ ගැන මෙය කියන ලදි. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය සංගීතය අහස්තලයේ වාදනය වේ.

භගවා පන යමකසාලානං අන‍්තරා දක‍්ඛිණෙන පස‍්සෙන නිපන‍්නොයෙව පථවීතලතො යාව චක‍්කවාළමුඛවට‍්ටියා, චක‍්කවාළමුඛවට‍්ටිතො ච යාව බ්‍රහ‍්මලොකා සන‍්නිපතිතාය පරිසාය මහන‍්තං උස‍්සාහං දිස‍්වා ආයස‍්මතො ආනන්‍දස‍්ස ආරොචෙසි. තෙන වුත‍්තං – “අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං…පෙ… තථාගතස‍්ස පූජායා”ති. එවං මහාසක‍්කාරං දස‍්සෙත්‍වා තෙනාපි අත‍්තනො අසක‍්කතභාවමෙව දස‍්සන‍්තො න ඛො, ආනන්‍ද, එත‍්තාවතාතිආදිමාහ.

භාග්‍යවතුන් වහන්සේ වනාහි සල්ගස් දෙක අතර දකුණු ඇලයෙන් වැඩ සිටියේම පොළවේ සිට සක්වල මුවවිටත් සක්වළ මුවවිටෙන් බඹලොව දක්වාත් රැස්වූ පිරිස නිසා මහත් වූ උත්සවයක් දැක ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට දැන්වීය. එබැවින් කියන ලදි. ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට -පෙ- තථාගතයන් වහන්සේ පූජා පිණිස. මෙසේ මහා සත්කාර දක්වා එයින් ද තමන්ගේ නොහැකියාවම පෙන්වමින් නඛො ආනන්‍ද එත්තාවතා ආදිය කීය.

ඉදං වුත‍්තං හොති – “ආනන්‍ද, මයා දීපඞ‍්කරපාදමූලෙ නිපන‍්නෙන අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා අභිනීහාරං කරොන‍්තෙන න මාලාගන්‍ධතූරියසඞ‍්ගීතානං අත්‍ථාය අභිනීහාරො කතො, න එතදත්‍ථාය පාරමියො පූරිතා. තස‍්මා න ඛො අහං එතාය පූජාය පූජිතො නාම හොමී”ති.

මෙය කියන ලදි - ආනන්දය, දීපංකර පාදමූලයේ හොත් මා විසින් අෂ්ට ධර්මයන් ගලපා අභිනීහාර කරන්නේ මාලාදාම තූර්ය සංගීත සඳහා ප්‍රාර්ථනාව කළේ නැත. මේ සඳහා පාරමිතා පුරන ලද්දේ නොවේ. ඒ නිසා මම මේ පූජාවෙන් පුදන ලද්දේ නොවෙමි.

කස‍්මා පන භගවා අඤ‍්ඤත්‍ථ එකං උමාපුප‍්ඵමත‍්තම‍්පි ගහෙත්‍වා බුද‍්ධගුණෙ ආවජ‍්ජෙත්‍වා කතාය පූජාය බුද‍්ධඤාණෙනාපි අපරිච‍්ඡින‍්නං විපාකං වණ‍්ණෙත්‍වා ඉධ එවං මහන‍්තං පූජං පටික‍්ඛිපතීති? පරිසානුග‍්ගහෙන චෙව සාසනස‍්ස ච චිරට‍්ඨිතිකාමතාය. සචෙ හි භගවා එවං න පටික‍්ඛිපෙය්‍ය, අනාගතෙ සීලස‍්ස ආගතට‍්ඨානෙ සීලං න පරිපූරෙස‍්සන‍්ති, සමාධිස‍්ස ආගතට‍්ඨානෙ සමාධිං න පරිපූරෙස‍්සන‍්ති, විපස‍්සනාය ආගතට‍්ඨානෙ විපස‍්සනාගබ‍්භං න ගාහාපෙස‍්සන‍්ති. උපට‍්ඨාකෙ සමාදපෙත්‍වා පූජංයෙව කාරෙන‍්තා විහරිස‍්සන‍්ති. ආමිසපූජා ච නාමෙසා සාසනං එකදිවසම‍්පි එකයාගුපානකාලමත‍්තම‍්පි සන්‍ධාරෙතුං න සක‍්කොති. මහාවිහාරසදිසඤ‍්හි විහාරසහස‍්සං මහාචෙතියසදිසඤ‍්ච චෙතියසහස‍්සම‍්පි සාසනං ධාරෙතුං න සක‍්කොන‍්ති. යෙන කම‍්මං කතං, තස‍්සෙව හොති. සම‍්මාපටිපත‍්ති පන තථාගතස‍්ස අනුච‍්ඡවිකා පූජා. සා හි තෙන පත්‍ථිතා චෙව, සක‍්කොති සාසනඤ‍්ච සන්‍ධාරෙතුං, තස‍්මා තං දස‍්සෙන‍්තො යො ඛො ආනන්‍දාතිආදිමාහ.

කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ වෙන තැන්වලදී ‘උම්මා’ (එනම් නිල්පාට මල්වර්ගය) මලක් පමණක්වත් ගෙන බුදුගුණ සිහිකර කරන ලද පූජාවෙන් බුද්ධඥානයෙන් ද පිරිසිඳ දැක්විය නොහැකි විපාකයක් වර්ණනා කර මෙහිදී මෙබඳු මහා පූජාවක් ප්‍රතික්‍ෂේප කරන්නේද? පිරිසට අනුග්‍රහ පිණිසත්, සසුනේ බොහෝකල් පැවැත්ම සඳහාත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රතික්‍ෂේප නොකරන්නේද අනාගතයෙහි සීලය පැමිණි තැන සීලය පුරන්නේ නැත. සමාධියට පැමිණි තැන සමාධිය පුරන්නේ නැත. විදර්ශනාව එළඹි තැන විදර්ශනාවට පත් නොවෙත්. උපස්ථායකයන් සමාදන් කරවා පූජාවන් කරමින් හැසිරෙන්නාහ. ආමිස පූජාව නම් වූ මෙය ශාසනය එක දවසකුදු, එක් කැඳ බොන මොහොතකුදු පවත්වා ගන්නට නොහැකි වෙයි. මහා විහාරය හා සමාන වූ විහාර දහසක් මහාචේතිය සමාන චෛත්‍ය දහසක් ශාසනය දරා සිටින්ට අසමත් වෙයි. යමකු විසින් කරන ලදද ඔහුටම වෙයි. සම්‍යග් ප්‍රතිපත්තිය වනාහි තථාගතයන් වහන්සේට යෝග්‍ය පූජාවයි. එයම ඔහු විසින් පතන ලදි. එයින් ශාසනයද දරාසිටීමට හැකිවෙයි. ඒ නිසා එය දක්වන්නේ යො ඛො ආනන්‍ද ආදිය පැවසීය.

තත්‍ථ ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති නවවිධස‍්ස ලොකුත‍්තරධම‍්මස‍්ස අනුධම‍්මං පුබ‍්බභාගපටිපදං පටිපන‍්නො. සායෙව පන පටිපදා අනුච‍්ඡවිකත‍්තා “සාමීචී”ති වුච‍්චති. තං සාමීචිං පටිපන‍්නොති සාමීචිප‍්පටිපන‍්නො. තමෙව පුබ‍්බභාගපටිපදාසඞ‍්ඛාතං අනුධම‍්මං චරති පූරෙතීති අනුධම‍්මචාරී.

එහි ධම්මානුධම්ම පටිපන්නො යනු නවආකාර ලෝකෝත්තර ධර්මයන් අනුධර්මයනුත් පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ එම ප්‍රතිපදාවම සුදුසු බැවින් සාමීචි (නිවැරදි පිළිවෙල) යයි කියනු ලැබේ. ඒ නියම ප්‍රතිපදාවට පත්වූයේනුයි = සාමීචිපටිපන්නො - එම පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත අනුධර්මයේ හැසිරෙයි. පුරයි. අනුධම්මචාරී නම් වේ.

පුබ‍්බභාගපටිපදාති ච සීලං ආචාරපඤ‍්ඤත‍්ති ධුතඞ‍්ගසමාදානං යාව ගොත්‍රභුතො සම‍්මාපටිපදා වෙදිතබ‍්බා. තස‍්මා යො භික‍්ඛු ඡසු අගාරවෙසු පතිට‍්ඨාය පඤ‍්ඤත‍්තිං අතික‍්කමති, අනෙසනාය ජීවිකං කප‍්පෙති, අයං න ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො. යො පන සබ‍්බං අත‍්තනො පඤ‍්ඤත‍්තං සික‍්ඛාපදං ජිනවෙලං ජිනමරියාදං ජිනකාළසුත‍්තං අණුමත‍්තම‍්පි න වීතික‍්කමති, අයං ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො නාම. භික‍්ඛුනියාපි එසෙව නයො. යො උපාසකො පඤ‍්ච වෙරානි දස අකුසලකම‍්මපථෙ සමාදාය වත‍්තති අප‍්පෙති, අයං න ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො. යො පන තීසු සරණෙසු, පඤ‍්චසුපි සීලෙසු, දසසු සීලෙසු පරිපූරකාරී හොති, මාසස‍්ස අට‍්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්‍ධපූජං මාලාපූජං කරොති, මාතරං පිතරං උපට‍්ඨාති, ධම‍්මිකෙ සමණබ්‍රාහ‍්මණෙ උපට‍්ඨාති, අයං ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො නාම. උපාසිකායපි එසෙව නයො.

පුබ්බභාග ප්‍රතිපදාව නම් සීලය නම් වූ ආචාර ප්‍රඥප්තියත් ධුතංග සමාදානයෙන් ගෝත්‍රභූ සිත දක්වා සම්මා පටිපදා යැයි දතයුතුයි. ඒ නිසා යම් භික්‍ෂුවක් අගුරු වූ කාරණා සයක පිහිටා පැනවීම ඉක්මවා යයිද නුසුදුසු ලෙස ජීවිකාව කෙරේද මේ ධම්මානුධම්ම පටිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තමාට පනවන ලද ශික්‍ෂාපද, ශාස්තෲන් වහන්සේ නමැති වෙරළ, තථාගයන් නමැති සීමාව තථාගතයන් නමැති සීමා නූල (කලු නූල) අණුමාත්‍රයක්වත් නොඉක්මවයි. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් වන්නේය. භික්‍ෂුණියටද එසේමය. යම් උපාසකයෙක් පංච වෛරයන්, දශ අකුසල කර්මපථයන් සමාදන්ව ජීවත්වෙයිද මෙය ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්නේ නොවෙයි. යමෙක් වනාහි තුන්සරණයෙහි පිහිටා පන්සිල් දසසිල් සම්පූර්ණ කරන්නේ වෙයිද මසකට උපොසථ අටක් කරයිද දන් දෙයිද සුවඳ පූජා මල් පූජා කරයිද මවට උපස්ථාන කරයිද පියාට උපස්ථාන කරයිද ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරයිද මොහු ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වන්නේය. උපාසිකාවටද එසේමය.

පරමාය පූජායාති උත‍්තමාය පූජාය. අයඤ‍්හි නිරාමිසපූජා නාම සක‍්කොති මම සාසනං සන්‍ධාරෙතුං. යාව හි ඉමා චතස‍්සො පරිසා මං ඉමාය පූජෙස‍්සන‍්ති, තාව මම සාසනං මජ‍්ඣෙ නභස‍්ස පුණ‍්ණචන්‍දො විය විරොචිස‍්සතීති දස‍්සෙති.

පරමාය පූජාය යනු උතුම් පූජාවෙන්. මෙය නිරාමිස පූජාවට මගේ ශාසනය රඳා සිටින්නට හැකිවෙයි. යම්තාක් මේ සිව්පිරිස මා මේ පූජාවෙන් පුදන්නාහුද එතෙක් කල් මාගේ ශාසනය නබෝමැද පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන්නේ යයි දක්වයි.

උපවාණත්‍ථෙරවණ‍්ණනා

අපසාරෙසීති අපනෙසි. අපෙහීති අපගච‍්ඡ. ථෙරො එකවචනෙනෙව තාලවණ‍්ටං නික‍්ඛිපිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. උපට‍්ඨාකොතිආදි පඨමබොධියං අනිබද‍්ධුපට‍්ඨාකභාවං සන්‍ධායාහ. අයං, භන‍්තෙ, ආයස‍්මා උපවාණොති එවං ථෙරෙන වුත‍්තෙ ආනන්‍දො උපවාණස‍්ස සදොසභාවං සල‍්ලක‍්ඛෙති, ‘හන්‍දස‍්ස නිද‍්දොසභාවං කථෙස‍්සාමී’ති භගවා යෙභුය්‍යෙන ආනන්‍දාතිආදිමාහ. තත්‍ථ යෙභුය්‍යෙනාති ඉදං අසඤ‍්ඤසත‍්තානඤ‍්චෙව අරූපදෙවතානඤ‍්ච ඔහීනභාවං සන්‍ධාය වුත‍්තං. අප‍්ඵුටොති අසම‍්ඵුට‍්ඨො අභරිතො වා. භගවතො කිර ආසන‍්නපදෙසෙ වාලග‍්ගමත‍්තෙ ඔකාසෙ සුඛුමත‍්තභාවං මාපෙත්‍වා දස දස මහෙසක‍්ඛා දෙවතා අට‍්ඨංසු. තාසං පරතො වීසති වීසති. තාසං පරතො තිංසති තිංසති. තාසං පරතො චත‍්තාලීසං චත‍්තාලීසං. තාසං පරතො පඤ‍්ඤාසං පඤ‍්ඤාසං. තාසං පරතො සට‍්ඨි සට‍්ඨි දෙවතා අට‍්ඨංසු. තා අඤ‍්ඤමඤ‍්ඤං හත්‍ථෙන වා පාදෙන වා වත්‍ථෙන වා න බ්‍යාබාධෙන‍්ති. “අපෙහි මං, මා ඝට‍්ටෙහී”ති වත‍්තබ‍්බාකාරං නාම නත්‍ථි. “තා ඛො පන දෙවතායො දසපි හුත්‍වා වීසතිපි හුත්‍වා තිංසම‍්පි හුත්‍වා චත‍්තාලීසම‍්පි හුත්‍වා පඤ‍්ඤාසම‍්පි හුත්‍වා ආරග‍්ගකොටිනිතුදනමත‍්තෙපි තිට‍්ඨන‍්ති, න ච අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්තී”ති (අ· නි· 1.37) වුත‍්තසදිසාව අහෙසුං. ඔවාරෙන‍්තොති ආවාරෙන‍්තො. ථෙරො කිර පකතියාපි මහාසරීරො හත්‍ථිපොතකසදිසො. සො පංසුකූලචීවරං පාරුපිත්‍වා අතිමහා විය අහොසි.

අපසාදෙසි බැහැර කළේය. අපෙහි ඉවත්ව යන්න. තෙරුන් වහන්සේ එක වචනයෙන්ම තල්වැට දමා එකත්පසෙක සිටියේය. උපට්ඨාකො ආදී ප්‍රථම බෝධියෙහි තාවකාලික උපස්ථායක බව ගැන කීය. ස්වාමීනි! මේ ආයුෂ්මත් උපවාණ තෙරුන්ය. මෙසේ තෙරුන් විසින් කියන ලද කල්හි ආනන්ද තෙර උපවාණ තෙරුන් - දොස් සහිත බව සැළකීය. දැන් ඔහුගේ නිදොස් බව කියන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ ‘යෙභුය්‍යෙන ආනන්‍ද’ (ආනන්දය, බොහෝ සෙයින්) ආදිය පැවසූහ. එහි යෙභුය්‍යෙන මෙය අසඤ්ඤසත්තයේත් අරූප දේවතාවන්ගේත් නොගොස් නතරවීම ගැන කීය. අප්ඵුඨො ස්පර්ශ නොවූ බර නොවූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ කෙසඟක් ප්‍රමාණ අවකාසයේ සියුම් වූ ආත්මභාව මවාගෙන දහය දහය බැගින් මහේශාක්‍ය දෙවිවරු සිටියහ. ඔවුන්ට ඈතින් විස්ස විස්ස ඔවුන්ට ඈතින් තිහ තිහ, හතළිහ හතළිහ. පනහ පනහ. හැට හැට ආදී වශයෙන් දෙවියෝ සිටියහ. ඔව්හු ඔවුනොවුන් අතින් හෝ පාදයෙන් හෝ වස්ත්‍රයෙන් හෝ බාධා නොකරත්. ඉවත්වන්න. නොගැටෙන්න යනුවෙන් කීමක්වත් නැත. සාරිපුත්‍රය, ඒ දේවතාවෝ වනාහි දසයක් වී, විස්සක් වී, තිහක් වී, හතළිහක් වී, පනහක් වී, හැටක් වී, ඉඳිකටු තුඩක් මත්තේ ද සිටිත්. ඔවුනොවුන්ට බාධා නොකරත් යැයි කියන ලද අයුරින්ම වූහ. ඔවාරෙන්තො ආවරණය කරමින් තෙරුන්වහන්සේ වනාහි ප්‍රකෘතියෙන්ම ඇත්පැටියෙක් මෙන් විශාල සිරුරක් ඇත්තේය. පංශුකූල චීවරය පොරවා ගත්විට තවත් විශාල විය.

තථාගතං දස‍්සනායාති භගවතො මුඛං දට‍්ඨුං අලභමානා එවං උජ‍්ඣායිංසු. කිං පන තා ථෙරං විනිවිජ‍්ඣ පස‍්සිතුං න සක‍්කොන‍්තීති? ආම, න සක‍්කොන‍්ති. දෙවතා හි පුථුජ‍්ජනෙ විනිවිජ‍්ඣ පස‍්සිතුං සක‍්කොන‍්ති, න ඛීණාසවෙ. ථෙරස‍්ස ච මහෙසක‍්ඛතාය තෙජුස‍්සදතාය උපගන‍්තුම‍්පි න සක‍්කොන‍්ති. කස‍්මා පන ථෙරොව තෙජුස‍්සදො, න අඤ‍්ඤෙ අරහන‍්තොති? යස‍්මා කස‍්සපබුද‍්ධස‍්ස චෙතියෙ ආරක‍්ඛදෙවතා අහොසි.

තථාගතං දස්සනාය භාග්‍යවතුන් වහන්සේගේ මුහුණ බලන්නට නො ලබන්නාහු මෙසේ ඝෝෂා කළහ. කිම, තෙරුන් විනිවිද බලන්නට නොහැක්කෙමු. දෙවියෝ වනාහි පෘථග්ජනයන් විනිවිද දකින්නට සමත් වෙති. රහතන් වහන්සේලාවට එසේ බැලිය නොහැක. තෙරුන්ගේ මහේශාක්‍ය බව නිසාත් තේජස නිසාත් ළඟාවන්නට ද නොහැකි වෙත්. කුමක් නිසා තෙරුන් වහන්සේ තේජසින් පිරුණේ වන්නේද? අන්‍ය රහතන් වහන්සේලා එසේ නොවේ. යම්හෙයකින්ද කාශ්‍යප බුදුන්ගේ චෛත්‍යයෙහි ආරක්ෂක දේවතාවෙක් සිටියේය.

විපස‍්සිම‍්හි කිර සම‍්මාසම‍්බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ එකග‍්ඝනසුවණ‍්ණක‍්ඛන්‍ධසදිසස‍්ස ධාතුසරීරස‍්ස එකමෙව චෙතියං අකංසු, දීඝායුකබුද‍්ධානඤ‍්හි එකමෙව චෙතියං හොති. තං මනුස‍්සා රතනායාමාහි විදත්‍ථිවිත්‍ථතාහි ද‍්වඞ‍්ගුලබහලාහි සුවණ‍්ණිට‍්ඨකාහි හරිතාලෙන ච මනොසිලාය ච මත‍්තිකාකිච‍්චං තිලතෙලෙනෙව උදකකිච‍්චං සාධෙත්‍වා යොජනප‍්පමාණං උට‍්ඨපෙසුං. තතො භුම‍්මා දෙවතා යොජනප‍්පමාණං, තතො ආකාසට‍්ඨකදෙවතා, තතො උණ‍්හවලාහකදෙවතා, තතො අබ‍්භවලාහකදෙවතා, තතො චාතුමහාරාජිකා දෙවතා, තතො තාවතිංසා දෙවතා යොජනප‍්පමාණං උට‍්ඨපෙසුන‍්ති එවං සත‍්තයොජනිකං චෙතියං අහොසි. මනුස‍්සෙසු මාලාගන්‍ධවත්‍ථාදීනි ගහෙත්‍වා ආගතෙසු ආරක‍්ඛදෙවතා ගහෙත්‍වා තෙසං පස‍්සන‍්තානංයෙව චෙතියං පූජෙසි.

විපස්සී බුදුන් පිරිනිවි කල්හි ඒකඝන වූ රන්ගොඩක් බඳු ධාතු ශරීරය තබා එකම චෛත්‍යයක් කළහ. දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලාට වනාහි එකම චෛත්‍යයක් වෙයි. මිනිස්සු එය රියනක් දිගින් ද වියනක් පළලින් ද අඟල් සතරක් ඝනකමින් ද ස්වර්ණමය ගඩොල්වලින් ද රත්හිරියල් මනෝසිලා මැටි ද එක් කර තලතෙලින් අනා යොදුනක් පමණ උස් කළහ. අනතුරුව භූමි දේවතාවන් යොදුනක් පමණද අනතුරුව ආකාස දේවතාවන්ද අනතුරුව උණුසුම් වළාහක දෙවිවරු ද අනතුරුව ජල වලාකුළුවල දෙවියෝ ද පසුව අහසේ දෙවිවරු ද අනතුරුව චාතුර්මහා රාජිජක දෙවිවරුද, පසුව තව්තිසා දෙවිවරුද යොදුනක් පමණ උස්කළහ. මෙසේ සත්යොදුන් චෛත්‍යයක් විය. මිනිසුන් මල් ගඳ, වස්ත්‍ර ආදිය රැගෙන පැමිණි කල්හි ඒවා ආරක්ෂක දේවතාවෝ ගෙන ඔවුන්ට පෙනෙන්නට තිබෙන චෛත්‍යවලට පුදත්.

තදා අයං ථෙරො බ්‍රාහ‍්මණමහාසාලො හුත්‍වා එකං පීතකං වත්‍ථං ආදාය ගතො. දෙවතා තස‍්ස හත්‍ථතො වත්‍ථං ගහෙත්‍වා චෙතියං පූජෙසි. බ්‍රාහ‍්මණො තං දිස‍්වා පසන‍්නචිත‍්තො “අහම‍්පි අනාගතෙ එවරූපස‍්ස බුද‍්ධස‍්ස චෙතියෙ ආරක‍්ඛදෙවතා හොමී”ති පත්‍ථනං කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්ති. තස‍්ස දෙවලොකෙ ච මනුස‍්සලොකෙ ච සංසරන‍්තස‍්සෙව කස‍්සපො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායි. තස‍්සාපි එකමෙව ධාතුසරීරං අහොසි. තං ගහෙත්‍වා යොජනිකං චෙතියං කාරෙසුං. සො තත්‍ථ ආරක‍්ඛදෙවතා හුත්‍වා සාසනෙ අන‍්තරහිතෙ සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ තතො චුතො මහාකුලෙ පටිසන්‍ධිං ගහෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිත්‍වා අරහත‍්තං පත‍්තො. ඉති චෙතියෙ ආරක‍්ඛදෙවතා හුත්‍වා ආගතත‍්තා ථෙරො තෙජුස‍්සදොති වෙදිතබ‍්බො.

එකල්හි මේ තෙරුන්වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක ඉපිද එක් කසාවතක් රැගෙන ගියේය. දෙවියෝ ඔහුගේ අතින් ඒ වස්ත්‍රය ගෙන චෛත්‍යයට පිදූහ. බ්‍රාහ්මණයා එය දැක ප්‍රසන්න සිත් ඇත්තේ මම ද අනාගතයෙහි මෙබඳු බුදුවරයකුගේ චෛත්‍යයෙහි ආරක්ෂක දේවතාවා වෙමියි ප්‍රාර්ථනාකොට එයින් ච්‍යුතව දෙව්ලොව උපන්නේය. දෙව්ලොවත් මිනිස්ලොවත් සැරිසරද්දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළවී පිරිනිවන්පෑවේය. උන්වහන්සේට ද එකම ධාතු ශරීරයක් විය. එය රැගෙන යොදුනක් පමණක් චෛත්‍යයක් කරවූහ. හෙතෙම එහි ආරක්ෂක දේවතාවා වී සසුනෙහි අතරක් නැතිව දෙව්ලොව ඉපිද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එයින් ච්‍යුතව මහාසාර කුලයක පිළිසිඳ ගෙන, ඉන් නික්ම පැවිදිව රහත්බවට පත්වූයේය. මෙසේ චෛත්‍යයේ ආරක්ෂක දේවතාවා වී ආ බැවින් තෙරුන්වහන්සේ බොහෝ තේජස් ඇත්තේ වී යයි දතයුතුයි.

දෙවතා, ආනන්‍ද, උජ‍්ඣායන‍්තීති ඉති ආනන්‍ද, දෙවතා උජ‍්ඣායන‍්ති, න මය‍්හං පුත‍්තස‍්ස අඤ‍්ඤො කොචි දොසො අත්‍ථීති දස‍්සෙති.

දෙවතා ආනන්‍ද උජ්ඣායන්ති මෙසේ ආනන්දය, දෙවියෝ හඬනගත්. මාගේ පුත්‍රයාගේ අන් කිසිදු දෝෂයක් නැත්තේ යයි දක්වයි.

කථංභූතා පන, භන‍්තෙති කස‍්මා ආහ? භගවා තුම‍්හෙ – “දෙවතා උජ‍්ඣායන‍්තී”ති වදථ, කථං භූතා පන තා තුම‍්හෙ මනසි කරොථ, කිං තුම‍්හාකං පරිනිබ‍්බානං අධිවාසෙන‍්තීති පුච‍්ඡති. අථ භගවා – “නාහං අධිවාසනකාරණං වදාමී”ති තාසං අනධිවාසනභාවං දස‍්සෙන‍්තො සන‍්තානන්‍දාතිආදිමාහ.

කථං භූතාපන භන්තෙ (ස්වාමීනි, කෙසේ වූයේද) යැයි කුමක් නිසා කීවේද භාග්‍යවතුන් වහන්සේ නුඹලා දෙවියෝ උද්ඝෝෂණය කරත්යැයි කියන්නහුය. කෙසේ වූවාහු වනාහි නුඹලා මෙනෙහි කරන්නහුද කිම ඔබගේ පරිනිර්වාණය ඉවසත්දැයි නොපවසමි. ඔවුන් එය නොඉවසන බවක් දක්වමින් සන්තානන්‍දා ආදිය පැවසූහ.

තත්‍ථ ආකාසෙ පථවීසඤ‍්ඤිනියොති ආකාසෙ පථවිං මාපෙත්‍වා තත්‍ථ පථවීසඤ‍්ඤිනියො. කන්‍දන‍්තීති රොදන‍්ති. ඡින‍්නපාතං පපතන‍්තීති මජ‍්ඣෙ ඡින‍්නා විය හුත්‍වා යතො වා තතො වා පපතන‍්ති. ආවට‍්ටන‍්තීති ආවට‍්ටන‍්තියො පතිතට‍්ඨානමෙව ආගච‍්ඡන‍්ති. විවට‍්ටන‍්තීති පතිතට‍්ඨානතො පරභාගං වට‍්ටමානා ගච‍්ඡන‍්ති. අපිච ද‍්වෙ පාදෙ පසාරෙත්‍වා සකිං පුරතො සකිං පච‍්ඡතො සකිං වාමතො සකිං දක‍්ඛිණතො සංපරිවත‍්තමානාපි – “ආවට‍්ටන‍්ති විවට‍්ටන‍්තී”ති වුච‍්චන‍්ති. සන‍්තානන්‍ද, දෙවතා පථවියං පථවීසඤ‍්ඤිනියොති පකතිපථවී කිර දෙවතා ධාරෙතුං න සක‍්කොති. තත්‍ථ හත්‍ථකො බ්‍රහ‍්මා විය දෙවතා ඔසීදන‍්ති. තෙනාහ භගවා – “ඔළාරිකං හත්‍ථක, අත‍්තභාවං අභිනිම‍්මිනාහී”ති (අ· නි· 3.128). තස‍්මා යා දෙවතා පථවියං පථවිං මාපෙසුං, තා සන්‍ධායෙතං වුත‍්තං – “පථවියං පථවීසඤ‍්ඤිනියො”ති.

එහි පඨවිසඤ්ඤිනියො යනු අහසෙහි පොළවක් මවා එහි පඨවී යන හැඟීම ඇතිව. කන්‍දන්ත හඬත්. ඡින්නප්පාතං පපතන්ති මැද සිදුනාක් මෙන් වී එහෙන් මෙහෙන් වැටෙත්. ආවට්ටන්ති වැටෙන්නාහු වැටුනු තැනටම එත්. විවට්ටන්ති වැටුනු තැනින් වෙන තැනකට වැටෙමින් යති. තව ද දෙපා විහිදුවා වරක් ඉදිරියටත් වරක් පසුපසටත් වරක් දකුණටත්, වරක් වමටත්, පෙරළෙමින් වැටෙත්. වෙන තැන්වලට වැටෙත් යයි කියයි. සන්තානන්‍ද දෙවතා පඨවියං පඨවිසඤ්ඤිනියො ප්‍රකෘති පෘථිවිය වනාහි දෙවියෝ දරන්නට නොහැකි වෙත්. එහි ‘හත්‍ථක’ බ්‍රහ්මයා මෙන් දෙවිවරු කිඳා බසිත්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘හත්‍ථක, ඕලාරික වූ ආත්මභාවයක් නිර්මාණය කරන්න. ඒ නිසා යම් දේවතාවෙක් පොළවෙහි පොළවක් මැවීද ඒ ගැන කීය - පෘථිවියෙහි පඨවි සඤ්ඤා ඇති

වීතරාගාති පහීනදොමනස‍්සා සිලාථම‍්භසදිසා අනාගාමිඛීණාසවදෙවතා.

වීතරාගා ප්‍රහීණ වූ දොම්නස් ඇති ගල්ටැඹක් බඳු අනාගාමී ක්‍ෂීණාශ්‍රව දේවතාවෝ.

චතුසංවෙජනීයඨානවණ‍්ණනා

වස‍්සංවුට‍්ඨාති බුද‍්ධකාලෙ කිර ද‍්වීසු කාලෙසු භික‍්ඛූ සන‍්නිපතන‍්ති උපකට‍්ඨාය වස‍්සූපනායිකාය කම‍්මට‍්ඨානග‍්ගහණත්‍ථං, වුට‍්ඨවස‍්සා ච ගහිතකම‍්මට‍්ඨානානුයොගෙන නිබ‍්බත‍්තිතවිසෙසාරොචනත්‍ථං. යථා ච බුද‍්ධකාලෙ, එවං තම‍්බපණ‍්ණිදීපෙපි අපාරගඞ‍්ගාය භික‍්ඛූ ලොහපාසාදෙ සන‍්නිපතිංසු, පාරගඞ‍්ගාය භික‍්ඛූ තිස‍්සමහාවිහාරෙ. තෙසු අපාරගඞ‍්ගාය භික‍්ඛූ සඞ‍්කාරඡඩ‍්ඩකසම‍්මජ‍්ජනියො ගහෙත්‍වා ආගන‍්ත්‍වා මහාවිහාරෙ සන‍්නිපතිත්‍වා චෙතියෙ සුධාකම‍්මං කත්‍වා – “වුට‍්ඨවස‍්සා ආගන‍්ත්‍වා ලොහපාසාදෙ සන‍්නිපතථා”ති වත‍්තං කත්‍වා ඵාසුකට‍්ඨානෙසු වසිත්‍වා වුට‍්ඨවස‍්සා ආගන‍්ත්‍වා ලොහපාසාදෙ පඤ‍්චනිකායමණ‍්ඩලෙ, යෙසං පාළි පගුණා, තෙ පාළිං සජ‍්ඣායන‍්ති. යෙසං අට‍්ඨකථා පගුණා, තෙ අට‍්ඨකථං සජ‍්ඣායන‍්ති. යො පාළිං වා අට‍්ඨකථං වා විරාධෙති, තං – “කස‍්ස සන‍්තිකෙ තයා ගහිත”න‍්ති විචාරෙත්‍වා උජුං කත්‍වා ගාහාපෙන‍්ති. පාරගඞ‍්ගාවාසිනොපි තිස‍්සමහාවිහාරෙ එවමෙව කරොන‍්ති. එවං ද‍්වීසු කාලෙසු සන‍්නිපතිතෙසු භික‍්ඛූසු යෙ පුරෙ වස‍්සූපනායිකාය කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ගතා විසෙසාරොචනත්‍ථං ආගච‍්ඡන‍්ති, එවරූපෙ සන්‍ධාය “පුබ‍්බෙ භන‍්තෙ වස‍්සංවුට‍්ඨා”තිආදිමාහ.

වස්සං වුත්‍ථා බුද්ධකාලයෙහි වනාහි අවස්ථා දෙකකදී භික්‍ෂූහු රැස්වෙත්. වස් එළඹීම ළංවූ කල්හි කමටහන් ගැනීම පිණිස වස්වසන ලදුව ගන්නා ලද කමටහන් උදව් කරගෙන උපදවාගත් විශේෂත්වයන් දන්වා සිටීම සඳහා බුද්ධකාලයේදී මෙන්ම ලංකාවේදී ද ගඟෙන් එගොඩ භික්‍ෂූහු ලෝහ ප්‍රාසාදයේ රැස්වූහ. මෙගොඩ භික්‍ෂූහු තිස්සමහා විහාරයේ රැස්වූහ. ඔවුනතුරෙන් ගඟෙන් එගොඩ භික්‍ෂූහු කුණු ඉවත් කිරීම, ඇමදීම ආදියට අවශ්‍ය දේ රැගෙන මහා විහාරයේ රැස්ව චෛත්‍යයේ සුණු පිරියම්කොට වසන ලදවස් ඇතිව අවුත් ලෝහප්‍රාසාදයේ රැස්වන්නයැයි වත් දක්වා පහසු තැන්වල වාසය කොට වසන ලද වස් ඇතිව අවුත් ලෝහප්‍රාසාදයේ පංචනිකාය මණ්ඩලයෙහි යම් කෙනෙකුට පෙළ නුගුණද ඔවුහු පෙළ සජ්ඣායනා කරත්. යම්කෙනෙකුට අටුවාව ප්‍රගුණ ද ඔව්හු අටුවා සජ්ඣායනා කරත්. යමෙක් පාලිය හෝ අටුවාව හෝ නොසලඛා හැර සිටිත්ද එය කවරකු ළඟින් ඉගෙන ගත්තේදැයි අසා එය නිවැරදි කර උගන්වත්. ගඟෙන් මෙගොඩ භික්‍ෂූහු ද තිස්සමහා විහාරයෙහි මෙසේම කරත්. මෙසේ දෙකාලයෙහිම භික්‍ෂූන් රැස් වූ කල්හි යමෙක් කලින් වස් එළඹීම සඳහා කමටහන් ගෙන ගියාහුද විශේෂ දැන්වීම සඳහා එත්. මෙබඳු අය වෙනුවෙන් පුබ්බෙ භන්තෙ වස්සං වුත්‍ථා (ස්වාමීනි, පෙර වස් වැසුවෙමු.) ආදිය පැවසීය.

මනොභාවනීයෙති මනසා භාවිතෙ සම‍්භාවිතෙ. යෙ වා මනො මනං භාවෙන‍්ති වඩ‍්ඪෙන‍්ති රාගරජාදීනි පවාහෙන‍්ති, එවරූපෙති අත්‍ථො. ථෙරො කිර වත‍්තසම‍්පන‍්නො මහල‍්ලකං භික‍්ඛුං දිස‍්වා ථද‍්ධො හුත්‍වා න නිසීදති, පච‍්චුග‍්ගමනං කත්‍වා හත්‍ථතො ඡත‍්තඤ‍්ච පත‍්තචීවරඤ‍්ච ගහෙත්‍වා පීඨං පප‍්ඵොටෙත්‍වා දෙති, තත්‍ථ නිසින‍්නස‍්ස වත‍්තං කත්‍වා සෙනාසනං පටිජග‍්ගිත්‍වා දෙති. නවකං භික‍්ඛුං දිස‍්වා තුණ‍්හීභූතො න නිසීදති, සමීපෙ ඨත්‍වා වත‍්තං කරොති. සො තාය වත‍්තපටිපත‍්තියා අපරිහානිං පත්‍ථයමානො එවමාහ.

මනොභාවනීයෙ සිතින් වඩන ලද, පුරුදු කරන ලදද, යම්කෙනෙක් වනාහි මනස වඩත්ද රාගාදී කෙලෙස් පාකර හැරියේද මෙබඳු අයය යන අර්ථයි. තෙරුන් වහන්සේ වනාහි වත්සම්පන්න වූයේ මහලු භික්‍ෂුවක් දැක දැඩිවී හිඳගත්තේ නැත. පෙරගමන්කොට අතින් කුඩයද පාත්‍රා සිවුරුද ගෙන ආසනයක් සූදානම් කර දෙයි. එහි හිඳගත්තහුට වතාවත් කර සෙනසුන පිළියෙල කර දෙයි. නවක භික්‍ෂුවක් දැක තුෂ්ණිම්භූතව නොහිඳියි. ළඟ සිට වත්කරවයි. ඔහු ඒ වතාවත්වල පිරිහීමක් ප්‍රාර්ථනා නොකරන්නේ මෙසේ කීය.

අථ භගවා – “ආනන්‍දො මනොභාවනීයානං දස‍්සනං න ලභිස‍්සාමී”ති චින‍්තෙති, හන්‍දස‍්ස, මනොභාවනීයානං දස‍්සනට‍්ඨානං ආචික‍්ඛිස‍්සාමි, යත්‍ථ වසන‍්තො ඉතො චිතො ච අනාහිණ‍්ඩිත්‍වාව ලච‍්ඡති මනොභාවනීයෙ භික‍්ඛූ දස‍්සනායාති චින‍්තෙත්‍වා චත‍්තාරිමානීතිආදිමාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද තෙරුන් මනසට සුවදෙන දර්ශනයක් නොලබමියි සිතයි. දැන් ඔහුට මනස සතුටු කරන දර්ශන ඇති තැනක් කියන්නෙමියි. යම්තැනක වාසය කරන්නේ එහෙ මෙහෙ ඇවිදින්නේ නැතිව ලබන්නේය. සිත සතුටුකරන භික්‍ෂූන් දැකීම සඳහා යැයි සිතා. චත්තාරිමානි (මේ සතර) ආදිය කීය.

තත්‍ථ සද‍්ධස‍්සාති බුද‍්ධාදීසු පසන‍්නචිත‍්තස‍්ස වත‍්තසම‍්පන‍්නස‍්ස, යස‍්ස පාතො පට‍්ඨාය චෙතියඞ‍්ගණවත‍්තාදීනි සබ‍්බවත‍්තානි කතානෙව පඤ‍්ඤායන‍්ති. දස‍්සනීයානීති දස‍්සනාරහානි දස‍්සනත්‍ථාය ගන‍්තබ‍්බානි. සංවෙජනීයානීති සංවෙගජනකානි. ඨානානීති කාරණානි, පදෙසඨානානෙව වා.

එහි සද්ධස්සා යනු බුද්ධාදියෙහි පහන් සිත් ඇති, වත් සම්පන්න වූ යමකුට උදේ පටන් චෛත්‍ය මිදුල් ඇමදීම ආදී සියළු වත් කරන ලදැයි පෙනෙයි. දස්සනීයානි දැකීමට සුදුසු. දැකීම සඳහා යායුතු. සංවෙජනීයානි සංවේගය ඇතිකරන්නා වූ ඨානානි යනු කරුණු හෝ ප්‍රදේශවල සමානයන් හෝ.

යෙ හි කෙචීති ඉදං චෙතියචාරිකාය සත්‍ථකභාවදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ චෙතියචාරිකං ආහිණ‍්ඩන‍්තාති යෙ ච තාව තත්‍ථ තත්‍ථ චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජන‍්තා, ආසනානි ධොවන‍්තා බොධිම‍්හි උදකං සිඤ‍්චන‍්තා ආහිණ‍්ඩන‍්ති, තෙසු වත‍්තබ‍්බමෙව නත්‍ථි අසුකවිහාරෙ “චෙතියං වන්‍දිස‍්සාමා”ති නික‍්ඛමිත්‍වා පසන‍්නචිත‍්තා අන‍්තරා කාලඞ‍්කරොන‍්තාපි අනන‍්තරායෙන සග‍්ගෙ පතිට‍්ඨහිස‍්සන‍්ති යෙවාති දස‍්සෙති.

යෙහි කෙචි මේ චෛත්‍ය චාරිකාවේ සාර්ථකභාවය දැක්වීම සඳහා කියන ලදි. එහි සාර්ථකභාවය දැක්වීම සඳහා කියන ලදි. එහි චෙතිය චාරිකං ආහිණ්ඩන්තා යමෙක් වනාහි ඒ ඒ තැන්වල චෛත්‍ය අංගණ අමදින්නේ ආසන සෝදන්නේ බෝධියට පැන් වත්කරන්නේ ඇවිදිත්. ඔවුන්ට කිවයුතු දෙයක් නැත. අසවල් විහාරයෙහි චෛත්‍යය වඳින්නෙමුයි නික්මගොස් පසන් සිත් ඇතිව පසුව කලුරිය කරන්නේ ද අනතුරුව ස්වර්ගයෙහි පිහිටන්නේය යන්න දක්වයි.

ආනන්‍දපුච‍්ඡාකථාවණ‍්ණනා

අදස‍්සනං, ආනන්‍දාති යදෙතං මාතුගාමස‍්ස අදස‍්සනං, අයමෙත්‍ථ උත‍්තමා පටිපත‍්තීති දස‍්සෙති. ද‍්වාරං පිදහිත්‍වා සෙනාසනෙ නිසින‍්නො හි භික‍්ඛු ආගන‍්ත්‍වා ද‍්වාරෙ ඨිතම‍්පි මාතුගාමං යාව න පස‍්සති, තාවස‍්ස එකංසෙනෙව න ලොභො උප‍්පජ‍්ජති, න චිත‍්තං චලති. දස‍්සනෙ පන සතියෙව තදුභයම‍්පි අස‍්ස. තෙනාහ – “අදස‍්සනං ආනන්‍දා”ති. දස‍්සනෙ භගවා සති කථන‍්ති භික‍්ඛං ගහෙත්‍වා උපගතට‍්ඨානාදීසු දස‍්සනෙ සති කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති පුච‍්ඡති. අථ භගවා යස‍්මා ඛග‍්ගං ගහෙත්‍වා – “සචෙ මයා සද‍්ධිං ආලපසි, එත්‍ථෙව තෙ සීසං පාතෙස‍්සාමී”ති ඨිතපුරිසෙන වා, “සචෙ මයා සද‍්ධිං ආලපසි, එත්‍ථෙව තෙ මංසං මුරුමුරාපෙත්‍වා ඛාදිස‍්සාමී”ති ඨිතයක‍්ඛිනියා වා ආලපිතුං වරං. එකස‍්සෙව හි අත‍්තභාවස‍්ස තප‍්පච‍්චයා විනාසො හොති, න අපායෙසු අපරිච‍්ඡින‍්නදුක‍්ඛානුභවනං. මාතුගාමෙන පන ආලාපසල‍්ලාපෙ සති විස‍්සාසො හොති, විස‍්සාසෙ සති ඔතාරො හොති, ඔතිණ‍්ණචිත‍්තො සීලබ්‍යසනං පත්‍වා අපායපූරකො හොති; තස‍්මා අනාලාපොති ආහ. වුත‍්තම‍්පි චෙතං –

අදස්සනං ආනන්‍ද යම් මේ කාන්තාවක් නොදැකීම. මෙයම උතුම් ප්‍රතිපත්තියයි දක්වයි. දොර වසා සෙනසුනෙහි සිටියා වූ භික්‍ෂුව අවුත් දොර ළඟ සිටිය ස්ත්‍රියක යම්තාක් නොදකීද ඒතාක් ඒකාන්ත වශයෙන් ආශාවක් ඇති නොවේ. සිත නොසැළෙයි. දැකීම ඇතිකල්හි ඒ දෙකම වන්නේය. ඒ නිසා කියන ලදි. ‘අදස්සනං ආනන්‍ද’ (ආනන්‍දය - නොදැකීම) දස්සනෙ භගවා සති කථං යනු භික්‍ෂාව ගෙන පැමිණි තැන් ආදියෙහි දැක්ම ඇතිකල්හි කෙසේ පිළිපැදිය යුතුදැයි විචාරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, යම්හෙයකින් කඩුවක් ගෙන මා සමග කථා කරන්නෙහි ද මෙහිම තාගෙ මස් පට පට ගා කන්නෙමියි සිටියා වූ යක්‍ෂණියක් සමග කථාකිරීම මෙන් වටනේය. එක් ආත්මභාවයක ඒ නිසා විනාශය වෙයි. අපායන්හි සීමාවක් නැති දුක් අනුභව කිරීමක් නැත. කාන්තාවක සමග කථාබහ කරද්දී විශ්වාසයක් ඇතිවෙයි. විශ්වාසයක් ඇතිකල්හි සිදුරක්, දෝෂයක් ඇතිවෙයි. එයට වැටුන සිත සීල හානියට පත්ව අපාය පුරවන්නෙක් වෙයි. ඒ නිසා ‘අනා ලාපො’ (කථා නොකිරීම) යැයි කීය. මෙසේද කියා ඇත.

“සල‍්ලපෙ අසිහත්‍ථෙන, පිසාචෙනාපි සල‍්ලපෙ; ආසීවිසම‍්පි ආසීදෙ, යෙන දට‍්ඨො න ජීවති; න ත්‍වෙව එකො එකාය, මාතුගාමෙන සල‍්ලපෙ”ති. (අ· නි· 5.55);

සල්ලපෙ අසිහත්‍ථෙන පිසාචෙනාපි සල්ලපෙ ආසීවිසම්පි ආසීදෙ යෙන දට්ඨො න ජීවති නත්‍ථෙව එකො එකාය මාතු ගාමෙන සල්ලපෙ

(කඩුවක් අතැති අය සමග කථා කරන්නේය. ප්‍රේතයකු සමග කථා කරන්නේය. ආශීර් විසද ළඟින් සිටින්න. යම් සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ ජීවත් නොවෙයි. නමුත් එක්කෙනෙක් එක් ස්ත්‍රියක් සමග කථාබහ නොකරන්නේය.)

ආලපන‍්තෙන පනාති සචෙ මාතුගාමො දිවසං වා පුච‍්ඡති, සීලං වා යාචති, ධම‍්මං වා සොතුකාමො හොති, පඤ‍්හං වා පුච‍්ඡති, තථාරූපං වා පනස‍්ස පබ‍්බජිතෙහි කත‍්තබ‍්බකම‍්මං හොති, එවරූපෙ කාලෙ අනාලපන‍්තං “මූගො අයං, බධිරො අයං, භුත්‍වාව බද‍්ධමුඛො නිසීදතී”ති වදති, තස‍්මා අවස‍්සං ආලපිතබ‍්බං හොති. එවං ආලපන‍්තෙන පන කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති පුච‍්ඡති. අථ භගවා – “එථ තුම‍්හෙ, භික‍්ඛවෙ, මාතුමත‍්තීසු මාතුචිත‍්තං උපට‍්ඨපෙථ, භගිනිමත‍්තීසු භගිනිචිත‍්තං උපට‍්ඨපෙථ, ධීතුමත‍්තීසු ධීතුචිත‍්තං උපට‍්ඨපෙථා”ති (සං· නි· 4.127) ඉමං ඔවාදං සන්‍ධාය සති, ආනන්‍ද, උපට‍්ඨපෙතබ‍්බාති ආහ.

ආලපන්තෙත පන ඉදින් ස්ත්‍රියක් දවසක් හෝ විචාරයිද සීල් හෝ ඉල්වයි. ධර්මය හෝ අසනු කැමැති වෙයි. ප්‍රශ්න හෝ විචාරයි. මෙබඳු වූවන්ට පැවිද්දන්ගෙන් වැඩක් ඇත. මෙබඳු වූ කල්හි කථානොකරන ගොලුවා, මේ බිහිරා, මොහු කා, මුව තදකරගෙන හිඳීයයි කියත්. ඒ නිසා අවශ්‍ය දෙයක් කථා කළයුතු වෙයි. මෙසේ කථා කරන්නහු විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි විචාරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි! මෙහි එන්න, ස්ත්‍රීන් කෙරෙහි මාතෘ චිත්තයක් ඇතිකරගන්න. සහෝදරියන් කෙරෙහි සහෝදරිය යන සිත ඇතිකරගන්න. දූවරුන් කෙරෙහි දුහිතෲ චිත්තයක් ඇතිකර ගන්න. මේ අවවාදය වෙනුවෙන් සති ආනන්‍ද උපට්ඨපෙතබ්බා ආනන්ද සිහිය පිහිටුවා ගතයුතුයි කියා වදාළේය.

අබ්‍යාවටාති අතන‍්තිබද‍්ධා නිරුස‍්සුක‍්කා හොථ. සාරත්‍ථෙ ඝටථාති උත‍්තමත්‍ථෙ අරහත‍්තෙ ඝටෙථ. අනුයුඤ‍්ජථාති තදධිගමාය අනුයොගං කරොථ. අප‍්පමත‍්තාති තත්‍ථ අවිප‍්පමුට‍්ඨසතී. වීරියාතාපයොගෙන ආතාපිනො. කායෙ ච ජීවිතෙ ච නිරපෙක‍්ඛතාය පහිතත‍්තා පෙසිතචිත‍්තා විහරථ.

අව්‍යාවටා නූලින් නොබඳින ලද උත්සාහවන්ත නොවන්න. යදෙත්‍ථ ඝටථා උතුම් අර්ථයෙහි රහත්බවෙහි ගැටෙන්න. අනුයුජ්ඣථ එහි වෙන්නොවූ සිහිය වීර්යයෙන් තැවීම හේතුකොටගෙන ආතාපිනො නම් වේ. කයෙහිද ජීවිතයෙහිද නිරපේක්‍ෂතාවය පහිතත්තා යොදන ලද සිත් ඇතිව වාසය කරව්.

කථං පන, භන‍්තෙති තෙහි ඛත‍්තියපණ‍්ඩිතාදීහි කථං පටිපජ‍්ජිතබ‍්බං. අද‍්ධා මං තෙ පටිපුච‍්ඡිස‍්සන‍්ති – “කථං, භන‍්තෙ, ආනන්‍ද තථාගතස‍්ස සරීරෙ පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති; “තෙසාහං කථං පටිවචනං දෙමී”ති පුච‍්ඡති. අහතෙන වත්‍ථෙනාති නවෙන කාසිකවත්‍ථෙන. විහතෙන කප‍්පාසෙනාති සුපොථිතෙන කප‍්පාසෙන. කාසිකවත්‍ථඤ‍්හි සුඛුමත‍්තා තෙලං න ගණ‍්හාති, කප‍්පාසො පන ගණ‍්හාති. තස‍්මා “විහතෙන කප‍්පාසෙනා”ති ආහ. ආයසායාති සොවණ‍්ණාය. සොවණ‍්ණඤ‍්හි ඉධ “අයස”න‍්ති අධිප‍්පෙතං.

කථං පන භන්තෙ ඒ ක්‍ෂත්‍රිය පණ්ඩිතාදීන් සමග කෙසේ පිළිපැදිය යුතුද? ඒකාන්තයෙන් ඔව්හු මගෙන් විචාරන්නාහ. ආනන්ද ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ ශ්‍රීදේහය පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද? මම ඔවුන්ට කෙසේනම් පිළිතුරක් දෙන්නෙම්ද කියා අසයි. අහතෙන වත්‍ථෙන අළුත් කසී වස්ත්‍රවලින් විහතෙන කප්පාසෙන යනු මනාව පොළන ලද කපුවලින්, කසීසලු වනාහි සියුම් බැවින් තෙල් උරා නොගනී. කපුවලට එසේ තෙල් උරාගනී. ඒ නිසා මොනවට පොළන ලද කපුවලින් යැයි කීය. ආයසාය යනු ස්වර්ණමය, මෙහි රත්‍රං ‘ආයස’ යන්නෙන් අදහස් කළේය.

ථූපාරහපුග‍්ගලවණ‍්ණනා

රාජා චක‍්කවත‍්තීති එත්‍ථ කස‍්මා භගවා අගාරමජ‍්ඣෙ වසිත්‍වා කාලඞ‍්කතස‍්ස රඤ‍්ඤො ථූපාරහතං අනුජානාති, න සීලවතො පුථුජ‍්ජනස‍්ස භික‍්ඛුස‍්සාති? අනච‍්ඡරියත‍්තා. පුථුජ‍්ජනභික‍්ඛූනඤ‍්හි ථූපෙ අනුඤ‍්ඤායමානෙ තම‍්බපණ‍්ණිදීපෙ තාව ථූපානං ඔකාසො න භවෙය්‍ය, තථා අඤ‍්ඤෙසු ඨානෙසු. තස‍්මා “අනච‍්ඡරියා තෙ භවිස‍්සන‍්තී”ති නානුජානාති. රාජා චක‍්කවත‍්තී එකොව නිබ‍්බත‍්තති, තෙනස‍්ස ථූපො අච‍්ඡරියො හොති. පුථුජ‍්ජනසීලවතො පන පරිනිබ‍්බුතභික‍්ඛුනො විය මහන‍්තම‍්පි සක‍්කාරං කාතුං වට‍්ටතියෙව.

රාජා චක්කවත්තී මෙහිදී කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ ගිහියන් මැද සිට මියගිය රජුට ථූපයක් සෑදීම සුදුසු බව අනුමත කළේද? සිල්වත් පෘථග්ජන භික්‍ෂුවකට නැත. ආශ්චර්යයක් නොවන බැවිනි. පෘථග්ජන භික්‍ෂූන්ට ථූප සැදීම අනුමත කළේ නම් තම්බපණ්ණි දිවයිනේ ස්ථූපවලට ඉඩක් ලැබෙන්නේ නැත. අන් තැන්වලද එසේය. ඒ නිසා ඔබට අමුත්තක් නොවන්නේ යයි අනුමත නොකරයි. සක්විති රජු ලෙස උපදින්නේ එක්කෙනෙක්මය. ඒ නිසා ඔහුට ථූපයක් කිරීම පුදුම දෙයක් වෙයි. පෘථග්ජන සීලවන්තයාට වනාහි පිරිනිවන්පෑ භික්‍ෂුවකට මෙන් මහත් වූ සත්කාරයක් කරන්නට වටී.

ආනන්‍දඅච‍්ඡරියධම‍්මවණ‍්ණනා

විහාරන‍්ති ඉධ මණ‍්ඩලමාලො විහාරොති අධිප‍්පෙතො, තං පවිසිත්‍වා. කපිසීසන‍්ති ද‍්වාරබාහකොටියං ඨිතං අග‍්ගළරුක‍්ඛං. රොදමානො අට‍්ඨාසීති සො කිරායස‍්මා චින‍්තෙසි – “සත්‍ථාරා මම සංවෙගජනකං වසනට‍්ඨානං කථිතං, චෙතියචාරිකාය සාත්‍ථකභාවො කථිතො, මාතුගාමෙ පටිපජ‍්ජිතබ‍්බපඤ‍්හො විස‍්සජ‍්ජිතො, අත‍්තනො සරීරෙ පටිපත‍්ති අක‍්ඛාතා, චත‍්තාරො ථූපාරහා කථිතා, ධුවං අජ‍්ජ භගවා පරිනිබ‍්බායිස‍්සතී”ති, තස‍්සෙවං චින‍්තයතො බලවදොමනස‍්සං උප‍්පජ‍්ජි. අථස‍්ස එතදහොසි – “භගවතො සන‍්තිකෙ රොදනං නාම අඵාසුකං, එකමන‍්තං ගන‍්ත්‍වා සොකං තනුකං කරිස‍්සාමී”ති, සො තථා අකාසි. තෙන වුත‍්තං – “රොදමානො අට‍්ඨාසී”ති.

විහාරං යනු මෙහි මණ්ඩලමාලයේ විහාරය අදහස් කෙරේ. එයට පිවිස. කපිසීසං උළුවහු කෙළවර පිහිටි අගුල් රුක. රොදමානො අට්ඨාසි ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි මෙසේ සිතීය. ශාස්තෲන් වහන්සේ විසින් මා හට සංවේගජනක වූ වාසස්ථානයක් ගැන කියන ලදි. චෛත්‍ය චාරිකාවේ සාර්ථකභාවය කියන ලදි. ස්ත්‍රීන් කෙරෙහි පිළිපැදිය යුතු ප්‍රශ්නය විසඳන ලදි. තම සිරුරෙහි ප්‍රතිපත්ති කියන ලදි. ථූප සෑදීමට යෝග්‍ය සතරදෙනා කියන ලදි. ඒකාන්තයෙන් අද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන්නේ යයි මෙසේ සිතන්නා වූ ඔහුට බලවත් වූ දොම්නසක් ඇතිවිය. ඉක්බිති ඔහුට මෙසේ සිතින. භාග්‍යවතුන් වහන්සේ ළඟ හැඬීම අපහසු දෙයකි. එකත්පසෙකට ගොස් ශෝකය තුනී කරගන්නෙමි. හෙතෙම එසේ කළේය. ඒ නිසා කියන ලදි. ‘රොද මානො අට්ඨාසි’ (හඬමින් සිටියේය.)

අහඤ‍්ච වතම‍්හීති අහඤ‍්ච වත අම‍්හි, අහං වතම‍්හීතිපි පාඨො. යො මම අනුකම‍්පකොති යො මං අනුකම‍්පති අනුසාසති, ස‍්වෙ දානි පට‍්ඨාය කස‍්ස මුඛධොවනං දස‍්සාමි, කස‍්ස පාදෙ ධොවිස‍්සාමි, කස‍්ස සෙනාසනං පටිජග‍්ගිස‍්සාමි, කස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා විචරිස‍්සාමීති බහුං විලපි. ආමන‍්තෙසීති භික‍්ඛුසඞ‍්ඝස‍්ස අන‍්තරෙ ථෙරං අදිස‍්වා ආමන‍්තෙසි.

අහංච වතම්හි මම ද වෙමි. ‘අහංවතම්හී’ කියාද පාඨයක් ඇත. යො මම අනුකම්පකො යමෙක් මට අනුකම්පා කරයිද අනුශාසනා කරයිද හෙට පටන් කා හට මුහුණ සෝදන ජලය දෙමිද? කාගෙ පා සෝදන්නෙම්ද? කාගේ සෙනසුනක් පිරිසිදු කරන්නෙම්ද? කාගේ පාසිවුරු ගෙන හැසිරෙන්නෙම්ද කියා බොහෝසෙයින් වැළපුනේය.

මෙත‍්තෙන කායකම‍්මෙනාති මෙත‍්තචිත‍්තවසෙන පවත‍්තිතෙන මුඛධොවනදානාදිකායකම‍්මෙන. හිතෙනාති හිතවුද‍්ධියා කතෙන. සුඛෙනාති සුඛසොමනස‍්සෙනෙව කතෙන, න දුක‍්ඛිනා දුම‍්මනෙන හුත්‍වාති අත්‍ථො. අද‍්වයෙනාති ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා අකතෙන. යථා හි එකො සම‍්මුඛාව කරොති න පරම‍්මුඛා, එකො පරම‍්මුඛාව කරොති න සම‍්මුඛා එවං විභාගං අකත්‍වා කතෙනාති වුත‍්තං හොති. අප‍්පමාණෙනාති පමාණවිරහිතෙන. චක‍්කවාළම‍්පි හි අතිසම‍්බාධං, භවග‍්ගම‍්පි අතිනීචං, තයා කතං කායකම‍්මමෙව බහුන‍්ති දස‍්සෙති.

ආමන්තෙසි යනු භික්‍ෂු සංඝයා අතර තෙරුන් නොදැක ආමන්ත්‍රණය කළේය. මෙත්තෙන කායකම්මෙන මෙත්සිත් වශයෙන් පැවැත්වූ මුහුණ සෝදන ජලය පැන්දීම ආදී කාය කර්මයෙන්. හිතෙන අභිවෘද්ධි සිතින් කරන ලද දෙයින්. සුඛෙන සුවසොම්නස් වශයෙන් කරන ලද දුක් දොම්නස් සිතින් නොසිට යන අර්ථයි. අද්වයෙන කොටස් දෙකකට කර නොකිරීමෙන් යම්සේ එකෙක්, ඉදිරිපිටට කරයි. අනභිමුඛයේ නොවේ. කෙනෙක් අනභිමුඛයේ කරයි. සම්මුඛයේ නොකරයි. මෙසේ විභාග නොකොට කරන ලදැයි සිතා කියන ලදි. අප්පමාණෙන ප්‍රමාණයක් නැතිව, සක්වළ ද අතිශයින් සම්බාධක සහිතය. භවාග්‍රය ද ඉතා පහත්ය. ඔබ විසින් කරන ලද කාය කර්මයම විශාල යයි දක්වයි.

මෙත‍්තෙන වචීකම‍්මෙනාති මෙත‍්තචිත‍්තවසෙන පවත‍්තිතෙන මුඛධොවනකාලාරොචනාදිනා වචීකම‍්මෙන. අපි ච ඔවාදං සුත්‍වා – “සාධු, භන‍්තෙ”ති වචනම‍්පි මෙත‍්තං වචීකම‍්මමෙව. මෙත‍්තෙන මනොකම‍්මෙනාති කාලස‍්සෙව සරීරපටිජග‍්ගනං කත්‍වා විවිත‍්තාසනෙ නිසීදිත්‍වා – “සත්‍ථා අරොගො හොතු, අබ්‍යාපජ‍්ජො සුඛී”ති එවං පවත‍්තිතෙන මනොකම‍්මෙන. කතපුඤ‍්ඤොසීති කප‍්පසතසහස‍්සං අභිනීහාරසම‍්පන‍්නොසීති දස‍්සෙති. කතපුඤ‍්ඤොසීති ච එත‍්තාවතා විස‍්සත්‍ථො මා පමාදමාපජ‍්ජි, අථ ඛො පධානමනුයුඤ‍්ජ. එවඤ‍්හි අනුයුත‍්තො ඛිප‍්පං හොහිසි අනාසවො, ධම‍්මසඞ‍්ගීතිකාලෙ අරහත‍්තං පාපුණිස‍්සසි. න හි මාදිසස‍්ස කතපාරිචරියා නිප‍්ඵලා නාම හොතීති දස‍්සෙති.

මෙත්තෙන වචීකම්මෙන මෛත්‍රී සිත් වශයෙන් පවත්නා මුහුණ සේදීමට කාලය දන්වා සිටීම ආදී වචීකර්මයෙන් තවද අවවාද අසා, එසේය ස්වාමීනි යි කියන වචන මාත්‍රයම මෛත්‍රී වචීකර්මයයි. මෙත්තෙන මනොකම්මෙන කල් ඇතිව සිරුරු පිළිදැගුම් කර විවේක ආසනයක හිඳ ශාස්තෲන් වහන්සේ නීරෝගී වෙත්වා. හිංසාවක් නොවේවා. සැපවේවා. මෙසේ පැවැතියා වූ මනෝකර්මයෙන් කතපුඤ්ඤොසි. කල්ප ශතසහස්‍රයක් ප්‍රාර්ථනා සහිතව සිටි බව දක්වයි. කරන ලද පින් ඇත්තේ වෙමියි මෙපමණකින් විශ්වාසය නොතබන්න. ප්‍රමාදයට පත් නොවන්න අනතුරුව ප්‍රධන් වීර්යයෙහි යෙදෙන්න. එසේ යෙදුනේ වහා රහත්බවට පත්වන්නෙහිය. ධර්මසංගීති කාලයෙහි රහත් බවට පත්වන්නෙහිය. මා බඳු කෙනෙකුට කරන ලද ඇප උපකාර නිෂ්ඵල නොවන්නේ යැයි දක්වයි.

එවඤ‍්ච පන වත්‍වා මහාපථවිං පත්‍ථරන‍්තො විය ආකාසං විත්‍ථාරෙන‍්තො විය චක‍්කවාළගිරිං ඔසාරෙන‍්තො විය සිනෙරුං උක‍්ඛිපෙන‍්තො විය මහාජම‍්බුං ඛන්‍ධෙ ගහෙත්‍වා චාලෙන‍්තො විය ආයස‍්මතො ආනන්‍දස‍්ස ගුණකථං ආරභන‍්තො අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි. තත්‍ථ “යෙපි තෙ, භික‍්ඛවෙ, එතරහී”ති කස‍්මා න වුත‍්තං? අඤ‍්ඤස‍්ස බුද‍්ධස‍්ස නත්‍ථිතාය. එතෙනෙව චෙතං වෙදිතබ‍්බං – “යථා චක‍්කවාළන‍්තරෙපි අඤ‍්ඤො බුද‍්ධො නත්‍ථී”ති. පණ‍්ඩිතොති බ්‍යත‍්තො. මෙධාවීති ඛන්‍ධධාතුආයතනාදීසු කුසලො.

මෙසේ ද කියා මහපොළව පතුරුවන්නාක් මෙන් අහස පතුරුවන්නාක් මෙන් සක්වලගිර උදුරන්නාක් මෙන් මහමෙර ඔසවන්නාක් මෙන් මහා දඹගස කඳෙන් ගෙන සොලවන්නාක් මෙන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ ගුණකථාව අරඹමින් ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. එහි දී මහණෙනි! යම් ඒ කෙනේක මෙබඳු යැයි කුමක් නිසා නොවදාළේද? අන් බුදුවරයකුට නැති නිසාය. මෙයින්ම මෙය දතයුතුයි. යම්සේ සක්වළ අතරෙහිද අන් බුදුවරයන් වහන්සේ නමක් නැතය. පණ්ඩිතො ව්‍යක්ත. මෙධාවී ස්කන්ධ - ධාතු - ආයතන පිළිබඳ විශාරද වූ

භික‍්ඛුපරිසා ආනන්‍දං දස‍්සනායාති යෙ භගවන‍්තං පස‍්සිතුකාමා ථෙරං උපසඞ‍්කමන‍්ති, යෙ ච “ආයස‍්මා කිරානන්‍දො සමන‍්තපාසාදිකො අභිරූපො දස‍්සනීයො බහුස‍්සුතො සඞ‍්ඝසොභනො”ති ථෙරස‍්ස ගුණෙ සුත්‍වා ආගච‍්ඡන‍්ති, තෙ සන්‍ධාය “භික‍්ඛුපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමන‍්තී”ති වුත‍්තං. එස නයො සබ‍්බත්‍ථ. අත‍්තමනාති සවනෙන නො දස‍්සනං සමෙතීති සකමනා තුට‍්ඨචිත‍්තා. ධම‍්මන‍්ති “කච‍්චි, ආවුසො, ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි යොනිසො මනසිකාරෙන කම‍්මං කරොථ, ආචරියුපජ‍්ඣායෙ වත‍්තං පූරෙථා”ති එවරූපං පටිසන්‍ථාරධම‍්මං. තත්‍ථ භික‍්ඛුනීසු – “කච‍්චි, භගිනියො, අට‍්ඨ ගරුධම‍්මෙ සමාදාය වත‍්තථා”ති ඉදම‍්පි නානාකරණං හොති. උපාසකෙසු ආගතෙසු “උපාසක, න තෙ කච‍්චි සීසං වා අඞ‍්ගං වා රුජ‍්ජති, අරොගා තෙ පුත‍්තභාතරො”ති න එවං පටිසන්‍ථාරං කරොති. එවං පන කරොති – “කථං උපාසකා තීණි සරණානි පඤ‍්ච සීලානි රක‍්ඛථ, මාසස‍්ස අට‍්ඨ උපොසථෙ කරොථ, මාතාපිතූනං උපට‍්ඨානවත‍්තං පූරෙථ, ධම‍්මිකසමණබ්‍රාහ‍්මණෙ පටිජග‍්ගථා”ති. උපාසිකාසුපි එසෙව නයො.

භික්ඛු පරිසා ආනන්‍දං දස්සනාය යම්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තාහුද තෙරුන් වෙත පැමිණෙත්. ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ හාත්පසින්ම ප්‍රසන්නය. ලස්සනය. බහුශ්‍රැතය. සංඝ සොභනය කියා තෙරුන්ගේ ගුණ අසා පැමිණෙත්. ඔවුන් ගැන, භික්‍ෂු පිරිස ආනන්ද තෙරුන් දැකීම සඳහා පැමිණියාහ යැයි කීය. සැමතන්හි මේ ක්‍රමයයි. අත්තමනා දැකීමෙන් නොව ඇසීමෙන් සමෙති සිය සිතින් සතුටට පත්ව. ධම්මං යනු කෙසේද ඇවැත්නි! ඉවසාගත හැකිද? යැපෙන්නට හැකිද? කිම යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරන්නහුද? ආචාර්ය උපාධ්‍යායන් කෙරෙහි වත් පුරන්නේ ද මෙබඳු වූ පිළිසඳර කථාවක්. එහි භික්‍ෂුණීන් කෙරෙහි කිම? සහෝදරියනි, අෂ්ටගරු ධර්ම සමාදන්ව පවතින්න. මෙයද වෙන් කිරීමකි. උපාසකයන් කෙරෙහි, උපාසකවරුනි, යහපත් පැමිණීමකි. (ඔබගේ පැමිණීම හොඳයි.) ඔබගේ කිසියම් අවයවයක් හෝ හිස හෝ රිදෙන්නේ ද, ඔබගේ දූදුරුවෝ සුවසේද? මෙසේ පිළිසඳර කථා නොකරයි. මෙසේ කළයුතුයි. කෙසේද? උපාසකවරුනි, තුන් සරණ පන්සිල් රකින්න. මාසයකට අටවරක් පෙහෙවස් රකින්න. මව්පියන්ට උපස්ථාන වතාවත් කරන්න. ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පෝෂණය කරන්න. උපාසිකාවන් කෙරෙහිද මෙසේය.

ඉදානි ආනන්‍දත්‍ථෙරස‍්ස චක‍්කවත‍්තිනා සද‍්ධිං උපමං කරොන‍්තො චත‍්තාරොමෙ භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ ඛත‍්තියාති අභිසිත‍්තා ච අනභිසිත‍්තා ච ඛත‍්තියජාතිකා. තෙ කිර – “රාජා චක‍්කවත‍්තී නාම අභිරූපො දස‍්සනීයො පාසාදිකො ආකාසෙන විචරන‍්තො රජ‍්ජං අනුසාසති ධම‍්මිකො ධම‍්මරාජා”ති තස‍්ස ගුණකථං සුත්‍වා “සවනෙන දස‍්සනම‍්පි සම”න‍්ති අත‍්තමනා හොන‍්ති. භාසතීති කථෙන‍්තො – “කථං, තාතා, රාජධම‍්මං පූරෙථ, පවෙණිං රක‍්ඛථා”ති පටිසන්‍ථාරං කරොති. බ්‍රාහ‍්මණෙසු පන – “කථං ආචරියා මන‍්තෙ වාචෙථ, කථං අන‍්තෙවාසිකා මන‍්තෙ ගණ‍්හන‍්ති, දක‍්ඛිණං වා වත්‍ථානි වා කපිලං වා අලත්‍ථා”ති පටිසන්‍ථාරං කරොති. ගහපතීසු – “කථං තාතා, න වො රාජකුලතො දණ‍්ඩෙන වා බලිනා වා පීළා අත්‍ථි, සම‍්මා දෙවො ධාරං අනුපවෙච‍්ඡති, සස‍්සානි සම‍්පජ‍්ජන‍්තී”ති එවං පටිසන්‍ථාරං කරොති. සමණෙසු – “කථං, භන‍්තෙ, පබ‍්බජිතපරික‍්ඛාරා සුලභා, සමණධම‍්මෙ න පමජ‍්ජථා”ති එවං පටිසන්‍ථාරං කරොති.

දැන් ආනන්ද තෙරුන්ව සක්විති රජකු හා සමාන කරමින් ‘මහණෙනි, මේ සතර දෙනෙක්’ ආදිය පැවසූහ. එහි ඛත්තියා නම් අභිෂේක කරන ලද හෝ නැති ක්‍ෂත්‍රියයෝය. ඔව්හු සක්විති රජවරු නම් වෙති. රූමත්ය. දැකුම්කලුය. ප්‍රසාදජනකය. අහසින් යන්නාහු රාජ්‍යය අනුශාසනා කරත්. ධාර්මිකය. දැහැමි රජෙකි යනුවෙන් ඔහුගේ ගුණකථාව අසා ඇසීමෙන්ද, දැකීමෙන්ද යුක්තවූවාහු සතුටුසිත් ඇත්තෝ වෙත්. සාසති යනු කෙසේනම් පියවරු රාජධර්මය පුරත්ද? පරපුර රකිත්ද කියා පිළිසඳර කථාකරයි. බ්‍රාහ්මණයන් කෙරෙහි වනාහි කෙසේද ඇදුරුතුමනි, මන්ත්‍ර කියන්නහුද? කිම ශිෂ්‍යයෝ මන්ත්‍ර උගනිත්ද? දක්‍ෂිණාව හෝ වස්ත්‍ර හෝ වර්ණවත් වස්ත්‍ර හෝ ලබන්නහුද? මෙසේ පිළිසඳර කථා කරයි. ගෘහපතීන් කෙරෙහි කිම පියවරුනි, නුඹලාට රජගෙදරින් හෝ දඬුවමින් හෝ බලයෙන් හෝ යම්කිසි පීඩාවක් ඇත්ද? මනාව වර්ෂාව ලැබේද? මෙසේ පිළිසඳර කථාකරයි. ස්වාමීනි! ශ්‍රමණයන් කෙරෙහි කෙසේද? කිම පැවිදි පිරිකර සුලභව ලැබේද? ශ්‍රමණ ධර්මයන්හි ප්‍රමාද නොවන්න. මෙසේ පිළිසඳර කථා කරයි.

මහාසුදස‍්සනසුත‍්තදෙසනාවණ‍්ණනා

ඛුද‍්දකනගරකෙති නගරපතිරූපකෙ සම‍්බාධෙ ඛුද‍්දකනගරකෙ. උජ‍්ජඞ‍්ගලනගරකෙති විසමනගරකෙ. සාඛානගරකෙති යථා රුක‍්ඛානං සාඛා නාම ඛුද‍්දකා හොන‍්ති, එවමෙව අඤ‍්ඤෙසං මහානගරානං සාඛාසදිසෙ ඛුද‍්දකනගරකෙ. ඛත‍්තියමහාසාලාති ඛත‍්තියමහාසාරප‍්පත‍්තා මහාඛත‍්තියා. එස නයො සබ‍්බත්‍ථ.

කුඩ්ඩනගරකෙ නගර ප්‍රතිරූපක වූ බාධා සහිත කුඩා නගරවල. උජ්ජංගල නගරකෙ විෂම නගරයෙහි. සාඛා නගරකෙ යම්සේ ගස්වල අතු කුඩා වේද එපරිද්දෙන් අනික් විශාල නගරවල ශාඛා බඳු කුඩා නගර. ඛත්තිය මහාසාළා ක්‍ෂත්‍රිය මහාසාර බවට පත්වූ මහා ක්‍ෂත්‍රියයෝ. හැමතන්හි මේ ක්‍රමයයි.

තෙසු ඛත‍්තියමහාසාලා නාම යෙසං කොටිසතම‍්පි කොටිසහස‍්සම‍්පි ධනං නිඛණිත්‍වා ඨපිතං, දිවසපරිබ‍්බයො එකං කහාපණසකටං නිගච‍්ඡති, සායං ද‍්වෙ පවිසන‍්ති. බ්‍රාහ‍්මණමහාසාලා නාම යෙසං අසීතිකොටිධනං නිහිතං හොති, දිවසපරිබ‍්බයො එකො කහාපණකුම‍්භො නිගච‍්ඡති, සායං එකසකටං පවිසති. ගහපතිමහාසාලා නාම යෙසං චත‍්තාලීසකොටිධනං නිහිතං හොති, දිවසපරිබ‍්බයො පඤ‍්ච කහාපණම‍්බණානි නිගච‍්ඡන‍්ති, සායං කුම‍්භො පවිසති.

ඔවුනතර ක්‍ෂත්‍රිය මහාසාළයෝ නම්, යමෙකුට කෝටි සියයක් කෝටි දහසක් ධනය වළලා තබන ලද දවසේ වියදම සඳහා එක් කහවනු කරත්තයක්වත් ලබයි. සවසට කරත්ත දෙකක් ඇතුළට එයි. බ්‍රාහ්මණ මහාසාළයෝ නම් යමකුගේ අසූකෝටියක් ධනය තැන්පත් කර තිබේද? දවසේ වියදමට එක් කහවනු කළයක් වියදම් වෙයි. සවසට එක් ගැලක් ඇතුලට එයි. ගෘහපති මහාසාළයෝ නම්, යමකුගේ හතළිස් කෝටියක් ධනය නිදන් කර තිබේද, දවසේ වියදමට කහවනු ද්‍රෝණ එකොළසක් වියදම් වෙයි. සවසට කුම්භයක ප්‍රමාණය ඇතුලට ලැබෙයි.

මා හෙවං, ආනන්‍ද, අවචාති ආනන්‍ද, මා එවං අවච, න ඉමං “ඛුද‍්දකනගර”න‍්ති වත‍්තබ‍්බං. අහඤ‍්හි ඉමස‍්සෙව නගරස‍්ස සම‍්පත‍්තිං කථෙතුං – “අනෙකවාරං තිට‍්ඨං නිසීදං මහන‍්තෙන උස‍්සාහෙන, මහන‍්තෙන පරක‍්කමෙන ඉධාගතො”ති වත්‍වා භූතපුබ‍්බන‍්තිආදිමාහ. සුභික‍්ඛාති ඛජ‍්ජභොජ‍්ජසම‍්පන‍්නා. හත්‍ථිසද‍්දෙනාති එකස‍්මිං හත්‍ථිම‍්හි සද‍්දං කරොන‍්තෙ චතුරාසීතිහත්‍ථිසහස‍්සානි සද‍්දං කරොන‍්ති, ඉති හත්‍ථිසද‍්දෙන අවිවිත‍්තා, හොති, තථා අස‍්සසද‍්දෙන. පුඤ‍්ඤවන‍්තො පනෙත්‍ථ සත‍්තා චතුසින්‍ධවයුත‍්තෙහි රථෙහි අඤ‍්ඤමඤ‍්ඤං අනුබන්‍ධමානා අන‍්තරවීථීසු විචරන‍්ති, ඉති රථසද‍්දෙන අවිවිත‍්තා හොති. නිච‍්චං පයොජිතානෙව පනෙත්‍ථ භෙරිආදීනි තූරියානි, ඉති භෙරිසද‍්දාදීහිපි අවිවිත‍්තා හොති. තත්‍ථ සම‍්මසද‍්දොති කංසතාළසද‍්දො. පාණිතාළසද‍්දොති පාණිනා චතුරස‍්සඅම‍්බණතාළසද‍්දො. කුටභෙරිසද‍්දොතිපි වදන‍්ති.

මාහෙවං ආනන්‍ද අවච ආනන්ද, මෙසේ නොකියන්න. මෙය නොදියුණු නගරයක්යැයි නොකිවයුතුයි. මම මේ නගරයේ සම්පත් ගැන කියන්නට නොයෙක්වර සිටියෙමි. හුන්නෙමි. මහත් උත්සාහයෙන්, මහත් පරාක්‍රමයෙන් මෙහි පැමිණියේ යැයි කියා භූතපුබ්බං ආදිය කීය. සුභික්ඛා කෑම්බීම් ආදියෙන් සම්පූර්ණ. හත්‍ථිසද්දෙන එක් ඇතෙක් ශබ්ද කරන කල්හි අසූදහසක් හස්තීහු නාද කරත්. මෙසේ හස්ති ශබ්දයෙන් තොර නොවූයේ වෙයි. අශ්ව ශබ්දයෙන් ද මෙසේය. මෙහි වනාහි පින්වත් සත්ත්වයෝ සෛන්ධවයන් සතරදෙනා බැගින් යොදන ලද රථවලින් ඔවුනොවුන් ලුහුබඳිමින් හැසිරෙත්. මෙසේ රථ හඬින් ගැවසුනේ වෙයි. නිරන්තරයෙන් යොදන ලද බෙර ආදි තූර්යයන්ගෙන් නිරතුරු යුක්ත වූයේ වෙයි. එහි සම්මසද්දො කයිතාලම් ශබ්දය - තාලසද්දො අත් තාල, චතුරශ්‍ර, අම්මණ ආදියේ තාල ශබ්ද කුළුබෙර ශබ්දයද කියත්.

අස‍්නාථ පිවථ ඛාදථාති අස‍්නාථ පිවථ ඛාදථ. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො, භුඤ‍්ජථ භොති ඉමිනා දසමෙන සද‍්දෙන අවිවිත‍්තා හොති අනුපච‍්ඡින‍්නසද‍්දා. යථා පන අඤ‍්ඤෙසු නගරෙසු “කචවරං ඡඩ‍්ඩෙථ, කුදාලං ගණ‍්හථ, පච‍්ඡිං ගණ‍්හථ, පවාසං ගමිස‍්සාම, තණ‍්ඩුලපුටං ගණ‍්හථ, භත‍්තපුටං ගණ‍්හථ, ඵලකාවුධාදීනි සජ‍්ජානි කරොථා”ති එවරූපා සද‍්දා හොන‍්ති, න යිධ එවං අහොසීති දස‍්සෙති.

අසනාථ පිවථ ඛාදථ රසවිඳින්න. පානය කරන්න. අනුභව කරන්න. මේ වනාහි මෙහි කෙටි අර්ථයි. පින්වතුනි, අනුභව කරන්න යන මේ දසවැනි ශබ්දයෙන් නිරන්තර යුක්තවූයේ වෙයි. නොසිඳි ශබ්ද ඇත්තේය. යම්සේ වනාහි වෙනත් නගරවල කසල ඉවත්කරව්. උදැල්ල ගන්න. පැස ගන්න. වෙන පළාතකට යන්නෙමු. හාල්මිටක් ගන්න. බත්මුලක් ගන්න. පළිහ, ආයුධ සූදානම් කරන්න යන මෙබඳු ශබ්ද ඇසේ. මෙහි එබන්දක් නැතැයි දක්වයි.

“දසමෙන සද‍්දෙනා”ති ච වත්‍වා “කුසාවතී, ආනන්‍ද, රාජධානී සත‍්තහි පාකාරෙහි පරික‍්ඛිත‍්තා අහොසී”ති සබ‍්බං මහාසුදස‍්සනසුත‍්තං නිට‍්ඨාපෙත්‍වා ගච‍්ඡ ත්‍වං ආනන්‍දාතිආදිමාහ. තත්‍ථ අභික‍්කමථාති අභිමුඛා කමථ, ආගච‍්ඡථාති අත්‍ථො. කිං පන තෙ භගවතො ආගතභාවං න ජානන‍්තීති? ජානන‍්ති. බුද‍්ධානං ගතගතට‍්ඨානං නාම මහන‍්තං කොලාහලං හොති, කෙනචිදෙව කරණීයෙන නිසින‍්නත‍්තා න ආගතා. “තෙ ආගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඨානනිසජ‍්ජොකාසං සංවිදහිත්‍වා දස‍්සන‍්තී”ති තෙසං සන‍්තිකෙ අවෙලායම‍්පි භගවා පෙසෙසි.

‘දසවෙනි ශබ්දයෙන්’ යැයි කියා කුසාවතිය, ආනන්ද රාජධානිය ප්‍රාකාර සතකින් වටකරන ලද්දේ වෙයි කියා සියළු මහා සුදර්ශන සූත්‍රය නිමවා ‘ආනන්ද, ඔබ යන්න’ ආදිය වදාළහ. එහි අභික්කමථ ඉදිරිපිටදී සමාවන්න. එන්න යන අර්ථයි. කිම! ඒ අය භාග්‍යවතුන් වහන්සේ වැඩිබව නොදන්නහුද දනිත්මය. බුදුවරයන් වහන්සේලා වැඩිතැන වනාහි මහත් කලබලයක් ඇතිවෙයි. කිසියම් කටයුත්තක් නිසා සිටිය බැවින් නොපැමිණියේය. ඔව්හු පැමිණ භික්‍ෂු සංඝයාට සිටින්නට, හොවින්නට සුදුසු තැන් සූදානම් කර දෙන්නේ යැයි ඔවුන් සමීපයෙහි අවේලාවේ නමුත් භාග්‍යවතුන් වහන්සේ පිටත්කර හැරියේය.

මල‍්ලානං වන්‍දනාවණ‍්ණනා

අම‍්හාකඤ‍්ච නොති එත්‍ථ නො කාරො නිපාතමත‍්තං. අඝාවිනොති උප‍්පන‍්නදුක‍්ඛා. දුම‍්මනාති අනත‍්තමනා. චෙතොදුක‍්ඛසමප‍්පිතාති දොමනස‍්සසමප‍්පිතා. කුලපරිවත‍්තසො කුලපරිවත‍්තසො ඨපෙත්‍වාති එකෙකං කුලපරිවත‍්තං කුලසඞ‍්ඛෙපං වීථිසභාගෙන චෙව රච‍්ඡාසභාගෙන ච විසුං විසුං ඨපෙත්‍වා.

අම්හාකං චනො මෙහි ‘නො’ කාරය නිපාත මාත්‍රයකි. අසාවිනො හටගත් දුක්. දුම්මනා නොසතුටු සිත් ඇති චෙතොදුක්ඛ සමප්පිතා දොම්නසින් යුක්ත වූවාහු. කුලපරිවත්තසො කුලපරිවත්තසො ඨපෙත්‍වා එකිනෙක කුල පෙරළිය. කුල හැකිලීම, වීථි වශයෙන් ද වෙන වෙනම තබා.

සුභද‍්දපරිබ‍්බාජකවත්‍ථුවණ‍්ණනා

සුභද‍්දො නාම පරිබ‍්බාජකොති උදිච‍්චබ්‍රාහ‍්මණමහාසාලකුලා පබ‍්බජිතො ඡන‍්නපරිබ‍්බාජකො. කඞ‍්ඛාධම‍්මොති විමතිධම‍්මො. කස‍්මා පනස‍්ස අජ‍්ජ එවං අහොසීති? තථාවිධඋපනිස‍්සයත‍්තා. පුබ‍්බෙ කිර පුඤ‍්ඤකරණකාලෙ ද‍්වෙ භාතරො අහෙසුං. තෙ එකතොව සස‍්සං අකංසු. තත්‍ථ ජෙට‍්ඨකස‍්ස – “එකස‍්මිං සස‍්සෙ නවවාරෙ අග‍්ගසස‍්සදානං මයා දාතබ‍්බ”න‍්ති අහොසි. සො වප‍්පකාලෙ බීජග‍්ගං නාම දත්‍වා ගබ‍්භකාලෙ කනිට‍්ඨෙන සද‍්ධිං මන‍්තෙසි – “ගබ‍්භකාලෙ ගබ‍්භං ඵාලෙත්‍වා දස‍්සාමා”ති කනිට‍්ඨො – “තරුණසස‍්සං නාසෙතුකාමොසී”ති ආහ. ජෙට‍්ඨො කනිට‍්ඨස‍්ස අනනුවත‍්තනභාවං ඤත්‍වා ඛෙත‍්තං විභජිත්‍වා අත‍්තනො කොට‍්ඨාසතො ගබ‍්භං ඵාලෙත්‍වා ඛීරං නීහරිත්‍වා සප‍්පිනවනීතෙන සංයොජෙත්‍වා අදාසි, පුථුකකාලෙ පුථුකං කාරෙත්‍වා අදාසි, ලායනකාලෙ ලායනග‍්ගං, වෙණිකරණෙ වෙණග‍්ගං, කලාපාදීසු කලාපග‍්ගං, ඛලග‍්ගං, ඛලභණ‍්ඩග‍්ගං, කොට‍්ඨග‍්ගන‍්ති එවං එකසස‍්සෙ නවවාරෙ අග‍්ගදානං අදාසි. කනිට‍්ඨො පන උද‍්ධරිත්‍වා අදාසි.

සුභද්දො නාම පරිබ්බාජකො උසස් බ්‍රාහ්මණ මහාසාල කුලයෙන් පැවිදි වූ ඡන්න පරිබ්‍රාජකයා. කංඛාධම්මො විමතිය, සැකය, කුමක් නිසා මොහුට අද මෙසේ සිතීද? එබඳු වූ වාසනාවක් නිසාය. පෙර වනාහි පින් කරන කල්හි සහෝදරයෝ දෙදෙනෙක් වූහ. ඔව්හු එකතුව ගොවිතැන් කළහ. එහි වැඩිමල් සොයුරාට, එක් ශස්‍ය වාරයකදී නව වාරයක් අගහස් දානයක් දිය යුතුයයි සිතින. හෙතෙම වපුරන කාලයේ බීජ දී ගොයම් පීදෙන කාලයේ බාල සොයුරා සමග කථා කළේය. ගොයම් බන්ඩි කාලයේ බඩ කපා දෙන්නෙමි යි තරුණ අස්වැන්න නසන්නෙහිදැයි ඇසීය. දෙටු සොහොයුරා බාලයාගේ අකමැති බව දැනගෙන කුඹුර දෙකට බෙදා තමන්ගේ කොටසින් ගොයම් ගොබ පලා කිරිගෙන ගිතෙල් හා පැණි යොදා දන් දුන්නේය. වී පැසෙන කල්හි හබලපෙති සාදා දුන්නේය. ගොයම් කපන කාලයේ එයින් අග්‍ර කොටස ද වෙණු කරන කල්හි එහි අග්‍ර භාගය ද මිටි බඳින කල්හි එහි අග්‍ර භාගයද ගොයම් පාගනවිට එහි අග්‍රභාගය ද ගබඩා කරනවිට ද යන එක් ශස්‍ය වාරයක නව වාරයක් අග්‍ර දානය දුන්නේය. බාල සොයුරා වනාහි උදුරා දුන්නේය.

තෙසු ජෙට‍්ඨකො අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො ජාතො. භගවා – “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති ඔලොකෙන‍්තො “අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤො එකස‍්මිං සස‍්සෙ නව අග‍්ගදානානි අදාසි, ඉමං අග‍්ගධම‍්මං තස‍්ස දෙසෙස‍්සාමී”ති සබ‍්බපඨමං ධම‍්මං දෙසෙසි. සො අට‍්ඨාරසහි බ්‍රහ‍්මකොටීහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. කනිට‍්ඨො පන ඔහීයිත්‍වා පච‍්ඡා දානස‍්ස දින‍්නත‍්තා සත්‍ථු පරිනිබ‍්බානකාලෙ එවං චින‍්තෙත්‍වා සත්‍ථාරං දට‍්ඨුකාමො අහොසි.

ඔවුනතුරෙන් දෙටු සොහොයුරා අඤ්ඤාකොණ්ඩඤ්ඤ විය. භාග්‍යවතුන් වහන්සේ, මම කාටනම් පළමුවෙන් ධර්ම දේශනා කරන්නෙම්දැයි බලන්නේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ එක් ශස්‍ය වාරයකදී නව වාරයක් අග්‍ර දානය දුන්නේය. මේ අග්‍ර ධර්මය ඔහුට දේශනා කරන්නෙමියි සියල්ලන්ට පළමු ධර්මදේශනා කළේය. හෙතෙම අටලොස් කෙලක් බ්‍රහ්මයන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. බාල සොහොයුරා වනාහි නතරවී පසුව දන් දුන් නිසා ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි මෙසේ සිතා ශාස්තෲන් වහන්සේව දකිනු කැමැත්තේ විය.

මා තථාගතං විහෙඨෙසීති ථෙරො කිර – “එතෙ අඤ‍්ඤතිත්‍ථියා නාම අත‍්තනො ගහණමෙව ගණ‍්හන‍්ති, තස‍්ස විස‍්සජ‍්ජාපනත්‍ථාය භගවතො බහුං භාසමානස‍්ස කායවාචාවිහෙසා භවිස‍්සති, පකතියාපි ච කිලන‍්තොයෙව භගවා”ති මඤ‍්ඤමානො එවමාහ. පරිබ‍්බාජකො – “න මෙ අයං භික‍්ඛු ඔකාසං කරොති, අත්‍ථිකෙන පන අනුවත‍්තිත්‍වා කාරෙතබ‍්බො”ති ථෙරං අනුවත‍්තන‍්තො දුතියම‍්පි තතියම‍්පි ආහ.

මා භගවන්තං විහෙඨෙසි තෙරුන්වහන්සේ වනාහි මේ අන්‍ය තීර්ථකයෝ වනාහි තමන් පිළිගන්නා දේම පිළිගනිත්. එය විසඳීම පිණිස භාග්‍යවතුන් වහන්සේ බොහෝවේලා කථා කළයුතු බැවින් කය හා වචනයෙන් වෙහෙසක් ඇතිවෙයි. ස්වභාවයෙන්ම භාග්‍යවතුන් වහන්සේ වෙහෙසට පත්වන්නේ යයි සිතමින් මෙසේ කීය. පරිබ්‍රාජකයා මේ භික්‍ෂුව මට අවස්ථාවක් නොදෙයි. ඕනෑකම ඇත්තහු විසින් එකඟ කරගෙන කරගත යුතුයැයි තෙරුන්වහන්සේව එකඟ කරගන්නට දෙවන වරටත් තුන්වන වරටත් මෙසේ කීය.

අස‍්සොසි ඛොති සාණිද‍්වාරෙ ඨිතස‍්ස භාසතො පකතිසොතෙනෙව අස‍්සොසි, සුත්‍වා ච පන සුභද‍්දස‍්සෙව අත්‍ථාය මහතා උස‍්සාහෙන ආගතත‍්තා අලං ආනන්‍දාතිආදිමාහ. තත්‍ථ අලන‍්ති පටික‍්ඛෙපත්‍ථෙ නිපාතො. අඤ‍්ඤාපෙක‍්ඛොවාති අඤ‍්ඤාතුකාමොව හුත්‍වා. අබ‍්භඤ‍්ඤිංසූති යථා තෙසං පටිඤ‍්ඤා, තථෙව ජානිංසු. ඉදං වුත‍්තං හොති – සචෙ නෙසං සා පටිඤ‍්ඤා නිය්‍යානිකා, සබ‍්බෙ අබ‍්භඤ‍්ඤංසු, නො චෙ, න අබ‍්භඤ‍්ඤංසු. තස‍්මා කිං තෙසං පටිඤ‍්ඤා නිය්‍යානිකා, අනිය්‍යානිකාති අයමෙව තස‍්ස පඤ‍්හස‍්ස අත්‍ථො. අථ භගවා තෙසං අනිය්‍යානිකභාවකථනෙන අත්‍ථාභාවතො චෙව ඔකාසාභාවතො ච “අල”න‍්ති පටික‍්ඛිපිත්‍වා ධම‍්මමෙව දෙසෙසි. පඨමයාමස‍්මිඤ‍්හි මල‍්ලානං ධම‍්මං දෙසෙත්‍වා මජ‍්ඣිමයාමෙ සුභද‍්දස‍්ස, පච‍්ඡිමයාමෙ භික‍්ඛුසඞ‍්ඝං ඔවදිත්‍වා බලවපච‍්චූසසමයෙ පරිනිබ‍්බායිස‍්සාමිච‍්චෙව භගවා ආගතො.

අස්සොසිඛො තිරය ළඟ සිට කියන්නහුට ප්‍රකෘති කණින්ම ඇහුම්කන් දුන්නේය. අසා සුභද්ද සඳහාම මහත් උත්සාහයෙන් පැමිණි බැවින් ‘අලං ආනන්‍ද’ ආනන්‍ද අවශ්‍ය නැත. ආදිය පැවසීය. එහි අලං යනු ප්‍රතික්‍ෂේප කිරීම් අර්ථයේ නිපාතයකි. අඤ්ඤාපෙඛො වා දැනගනු කැමැත්තේ වී. අබ්භඤ්ඤංසු යම්සේ ඔවුන්ගේ ප්‍රතිඥාව වේද එසේම දැනගත්හ. මෙය කියන ලදි. ඉදින් ඔවුන්ගේ ඒ ප්‍රතිඥාව නෛර්යාණික නොවේනම් සියල්ලෝම ප්‍රතික්‍ෂේප කරත්. එසේ නොවේනම් ප්‍රතික්‍ෂේප නොකරත්. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිඥාව නෛර්යාණිකද නැද්ද යනුවෙන් තීරණය කිරීම මේ ප්‍රශ්නයේ අර්ථයයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ නෛර්යාණික නොවන බව කීමෙන් අර්ථයෙන් හා අවකාසයෙන් තොර බව නිසා ‘අලං’ අනවශ්‍යයි කියා ප්‍රතික්‍ෂේප කොට ධර්මයම දේශනා කළේය. ප්‍රථම යාමයේදී මල්ල රජදරුවන්ට ධර්මදේශනා කර මධ්‍යම යාමයෙහි සුභද්දට අවසාන යාමයේ භික්‍ෂු සංඝයාට අවවාද දී ඉතා අලුයම පිරිනිවන් පාන්නෙමියි කියා භාග්‍යවතුන් වහන්සේ වැඩියේය.

සමණොපි තත්‍ථ න උපලබ‍්භතීති පඨමො සොතාපන‍්නසමණොපි තත්‍ථ නත්‍ථි, දුතියො සකදාගාමිසමණොපි, තතියො අනාගාමිසමණොපි, චතුත්‍ථො අරහත‍්තසමණොපි තත්‍ථ නත්‍ථීති අත්‍ථො. “ඉමස‍්මිං ඛො”ති පුරිමදෙසනාය අනියමතො වත්‍වා ඉදානි අත‍්තනො සාසනං නියමෙන‍්තො ආහ. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභීති චතුන‍්නං මග‍්ගානං අත්‍ථාය ආරද‍්ධවිපස‍්සකෙහි චතූහි, මග‍්ගට‍්ඨෙහි චතූහි, ඵලට‍්ඨෙහි චතූහීති ද‍්වාදසහි සමණෙහි සුඤ‍්ඤා පරප‍්පවාදා තුච‍්ඡා රිත‍්තකා.

සමණොපි තත්‍ථ න උපලබ්භති පළමුව සෝවාන් වූ ශ්‍රමණයෙක්ද එහි නැත. දෙවෙනි සකෘදාගාමී ශ්‍රමණයෙක්ද තුන්වන අනාගාමී ශ්‍රමණයෙක්ද සතරවනුව රහත් ශ්‍රමණයකුද එහි නැත යන අර්ථයි. ඉමස්මිං ඛො පළමු දේශනාවෙන් අනියම් ලෙස කියා දැන් තමන්ගේ ශාසනය නියම කරන්නේ මෙසේ කීය. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි යනු සිව්මග සඳහා අරඹන ලද විදර්ශකයන් සතරදෙනා විසින් මාර්ගස්ථ සතරදෙනාගෙන්, ඵලස්ථ සතරදෙනාගෙන් යන ශ්‍රමණයන් දොළොස්දෙනාගෙන් ශූන්‍ය වූ අන්‍යවාදයන්ගෙන් හිස් වූ.

ඉමෙ ච සුභද‍්දාති ඉමෙ ද‍්වාදස භික‍්ඛූ. සම‍්මා විහරෙය්‍යුන‍්ති එත්‍ථ සොතාපන‍්නො අත‍්තනො අධිගතට‍්ඨානං අඤ‍්ඤස‍්ස කථෙත්‍වා තං සොතාපන‍්නං කරොන‍්තො සම‍්මා විහරති නාම. එස නයො සකදාගාමිආදීසු. සොතාපත‍්තිමග‍්ගට‍්ඨො අඤ‍්ඤම‍්පි සොතාපත‍්තිමග‍්ගට‍්ඨං කරොන‍්තො සම‍්මා විහරති නාම. එස නයො සෙසමග‍්ගට‍්ඨෙසු. සොතාපත‍්තිමග‍්ගත්‍ථාය ආරද‍්ධවිපස‍්සකො අත‍්තනො පගුණං කම‍්මට‍්ඨානං කථෙත්‍වා අඤ‍්ඤම‍්පි සොතාපත‍්තිමග‍්ගත්‍ථාය ආරද‍්ධවිපස‍්සකං කරොන‍්තො සම‍්මා විහරති නාම. එස නයො සෙසමග‍්ගත්‍ථාය ආරද‍්ධවිපස‍්සකෙසු. ඉදං සන්‍ධායාහ – “සම‍්මා විහරෙය්‍යු”න‍්ති. අසුඤ‍්ඤො ලොකො අරහන‍්තෙහි අස‍්සාති නළවනං සරවනං විය නිරන‍්තරො අස‍්ස.

ඉමෙ ච සුභද්දා මේ භික්‍ෂූන් දොළොස් දෙන. සම්මා විහරෙය්‍යුං මෙහිදී සෝතාපන්න පුද්ගලයා තමා විසින් අවබෝධ කරගත් තැන අන් කෙනෙකුට කියා ඔහුව සෝවාන් කරන්නේ මනාව වාසය කරයි නම් වේ. සකෘදාගාමී ආදීන් කෙරෙහිද මේ ක්‍රමයයි. සෝවාන් මාර්ගයේ පිහිටි තැනැත්තා අන් අයවද සෝවාන්මගෙහි පිහිටියවුන් කරන්නේ මනාව වාසය කරයි නම් වේ. සෙසු මාර්ගස්ථයන් කෙරෙහිද මේ ක්‍රමයමයි. සෝවාන් මාර්ගය සඳහා ඇරඹූ විදර්ශකයා තමාගේ ප්‍රගුණ කළ කර්මස්ථානය කියා අන් අයද සෝවාන් මාර්ගය සඳහා ආරම්භක විදර්ශකයකු කරන්නේ මනාව වාසය කරයි නම් වේ. සෙසු මාර්ග සඳහා ආරම්භ කළ විදර්ශකයන් කෙරෙහිද මේ ක්‍රමයමය. සම්මා විහරෙය්‍යුං (මනාව වාසය කරන්නේය) යන්න මේ සඳහා කියන ලදි. අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා යනු ලෝකය රහතන්ගෙන් හිස් නොවූයේ වන්නේය.

එකූනතිංසො වයසාති වයෙන එකූනතිංසවස‍්සො හුත්‍වා. යං පබ‍්බජින‍්ති එත්‍ථ යන‍්ති නිපාතමත‍්තං. කිං කුසලානුඑසීති “කිං කුසල”න‍්ති අනුඑසන‍්තො පරියෙසන‍්තො. තත්‍ථ – “කිං කුසල”න‍්ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අධිප‍්පෙතං, තං ගවෙසන‍්තොති අත්‍ථො. යතො අහන‍්ති යතො පට‍්ඨාය අහං පබ‍්බජිතො, එත්‍ථන‍්තරෙ සමධිකානි පඤ‍්ඤාස වස‍්සානි හොන‍්තීති දස‍්සෙති. ඤායස‍්ස ධම‍්මස‍්සාති අරියමග‍්ගධම‍්මස‍්ස. පදෙසවත‍්තීති පදෙසෙ විපස‍්සනාමග‍්ගෙ පවත‍්තන‍්තො. ඉතො බහිද‍්ධාති මම සාසනතො බහිද‍්ධා. සමණොපි නත්‍ථීති පදෙසවත‍්තිවිපස‍්සකොපි නත්‍ථි, පඨමසමණො සොතාපන‍්නොපි නත්‍ථීති වුත‍්තං හොති.

එකූනතිංසො වයසා වයසින් එකුන්තිස්ව. යං පබ්බජිතං මෙහි යං යනු නිපාත මාත්‍රයකි. කිං කුසලානුඑසී කුසලය කුමක්දැයි සොයන්නේ, එහි කිං කුසලං යනුවෙන් සර්වඥතා ඥානය අදහස් කෙරේ. එය සොයන්නේ යන අර්ථයි. යතොහං යම්තැනක පටන් මම පැවිදි වූයෙම්ද මේ අතරතුර පිරුණු පනස්වස් යැයි දක්වයි. ඤායස්ස ධම්මා ආර්යමාර්ග ධර්මයාගේ පදෙසවත්තී කොටසක විදර්ශනා මාත්‍රාවක්වත් පවත්වන්නේ ඉතො බහිද්ධා මාගේ ශාසනයෙන් පිටත. සමණොපි නත්‍ථි කොටසක පිහිටි විදර්ශනා ඇත්තෙක්ද නැත. ප්‍රථම ශ්‍රමණයා වූ සෝවාන් පුද්ගලයාද නැතැයි කියන ලදි.

යෙ එත්‍ථාති යෙ තුම‍්හෙ එත්‍ථ සාසනෙ සත්‍ථාරා සම‍්මුඛා අන‍්තෙවාසිකාභිසෙකෙන අභිසිත‍්තා, තෙසං වො ලාභා තෙසං වො සුලද‍්ධන‍්ති. බාහිරසමයෙ කිර යං අන‍්තෙවාසිකං ආචරියො – “ඉමං පබ‍්බාජෙහි, ඉමං ඔවද, ඉමං අනුසාසා”ති වදති, සො තෙන අත‍්තනො ඨානෙ ඨපිතො හොති, තස‍්මා තස‍්ස – “ඉමං පබ‍්බජෙහි, ඉමං ඔවද, ඉමං අනුසාසා”ති ඉමෙ ලාභා හොන‍්ති. ථෙරම‍්පි සුභද‍්දො තමෙව බාහිරසමයං ගහෙත්‍වා එවමාහ.

යෙ එත්‍ථ යනු යමෙහි මෙහි ඔබගේ ශාසනයේ ශාස්තෲන් වහන්සේ ඉදිරියේ අතවැසියකු ලෙස අභිෂේක කරන ලද්දේ නම් ඔවුන්ට මහා ලාභයකි. ඔවුන් විසින් මනාව ලබන ලදි. වෙනත් ආගම්හි වනාහි යම් අතවැසියකුට, ආචාර්යයෙනි, මොහුව පැවිදි කරන්න. මොහුට අවවාද කරන්න. මොහුට අනුශාසනා කරන්න යැයි කියයි ද හෙතෙම තමාගේ සමතන්හි තැබුවා වන්නේය. ඒ නිසා ඔහුට මොහුව පැවිදි කරන්න. මොහුට අවවාද කරන්න. මොහුට අනුශාසනා කරන්න යැයි කියයි. මේ ලාභයෝ වෙත්. තෙරුන් ද සුභද්ද එම බාහිර සමයට ගෙන මෙසේ කියන ලදි.

අලත්‍ථ ඛොති කථං අලත්‍ථ? ථෙරො කිර නං එකමන‍්තං නෙත්‍වා උදකතුම‍්බතො පානීයෙන සීසං තෙමෙත්‍වා තචපඤ‍්චකකම‍්මට‍්ඨානං කථෙත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදාපෙත්‍වා සරණානි දත්‍වා භගවතො සන‍්තිකං ආනෙසි. භගවා උපසම‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සො තං ගහෙත්‍වා උය්‍යානස‍්ස එකමන‍්තෙ චඞ‍්කමං අධිට‍්ඨාය ඝටෙන‍්තො වායමන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා ආගම‍්ම භගවන‍්තං වන්‍දිත්‍වා නිසීදි. තං සන්‍ධාය – “අචිරූපසම‍්පන‍්නො ඛො පනා”තිආදි වුත‍්තං.

අලත්‍ථ ඛො කෙසේ ලැබුවේද? තෙරුන් වහන්සේ වනාහි ඔහුව එකත්පසෙකට ගෙන පැන් කළයකින් හිස තෙමා තචපඤ්චක කර්මස්ථානය (කෙසා - ලොමා - නඛා - දන්තා - තචො) කියා කෙස්රවුල් කපා කසාවත් පොරවා සරණ පිහිටුවා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට රැගෙන ගියේය. භාග්‍යවතුන් වහන්සේ උපසම්පදා කර කමටහන් දුන් සේක. හෙතෙම එය ගෙන උයනෙහි එකත්පසෙක එක් සක්මනකට වී උත්සාහ කරන්නේ, වෑයම් කරන්නේ පටිසම්භිදා සහිත රහත්බවට පැමිණ බුදුන් වැඳ හුන්නේය. ඒ ගැන අචිරූපසම්පන්නො ඛො පන (උපසම්පදා වී නොබෝකල් ඇත්තේ) යැයි කියන ලදි.

සො ච භගවතො පච‍්ඡිමො සක‍්ඛිසාවකො අහොසීති සඞ‍්ගීතිකාරකානං වචනං. තත්‍ථ යො භගවති ධරමානෙ පබ‍්බජිත්‍වා අපරභාගෙ උපසම‍්පදං ලභිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරහත‍්තං පාපුණාති, උපසම‍්පදම‍්පි වා ධරමානෙයෙව ලභිත්‍වා අපරභාගෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරහත‍්තං පාපුණාති, කම‍්මට‍්ඨානම‍්පි වා ධරමානෙයෙව ගහෙත්‍වා අපරභාගෙ අරහත‍්තමෙව පාපුණාති, සබ‍්බොපි සො පච‍්ඡිමො සක‍්ඛිසාවකො. අයං පන ධරමානෙයෙව භගවති පබ‍්බජිතො ච උපසම‍්පන‍්නො ච කම‍්මට‍්ඨානඤ‍්ච ගහෙත්‍වා අරහත‍්තං පත‍්තොති.

‘ඔහු ද භාග්‍යවතුන් වහන්සේගේ සාක්‍ෂ්‍ය වශයෙන් අවසන් ශ්‍රාවකයා විය’ යනුවෙන් සංගීතිකාරකයන් විසින් කියන ලදි. එහිදී හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදී පැවිදිව පසුව උපසම්පදා ලැබ කමටහන් ගෙන රහත්බවට පත්වෙයි. ජීවමාන කාලයෙහි කමටහන් ගෙන පසුව රහත්බවටම පත්වෙයි. ඔහු වනාහි අවසාන ශ්‍රාවකයාය. මොහු වනාහි භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදීම පැවිදිවිය. උපසම්පදා විය. කමටහන්ද ගෙන රහත්බවට පත්විය.

පඤ‍්චමභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන බණවර වර්ණනාව නිමියේ ය.

තථාගතපච‍්ඡිමවාචාවණ‍්ණනා

ඉදානි භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඔවාදං ආරභි, තං දස‍්සෙතුං අථ ඛො භගවාතිආදි වුත‍්තං. තත්‍ථ දෙසිතො පඤ‍්ඤත‍්තොති ධම‍්මොපි දෙසිතො චෙව පඤ‍්ඤත‍්තො ච, විනයොපි දෙසිතො චෙව පඤ‍්ඤත‍්තො ච. පඤ‍්ඤත‍්තො ච නාම ඨපිතො පට‍්ඨපිතොති අත්‍ථො. සො වො මමච‍්චයෙනාති සො ධම‍්මවිනයො තුම‍්හාකං මමච‍්චයෙන සත්‍ථා. මයා හි වො ඨිතෙනෙව – “ඉදං ලහුකං, ඉදං ගරුකං, ඉදං සතෙකිච‍්ඡං, ඉදං අතෙකිච‍්ඡං, ඉදං ලොකවජ‍්ජං, ඉදං පණ‍්ණත‍්තිවජ‍්ජං, අයං ආපත‍්ති පුග‍්ගලස‍්ස සන‍්තිකෙ වුට‍්ඨාති, අයං ආපත‍්ති ගණස‍්ස සන‍්තිකෙ වුට‍්ඨාති, අයං සඞ‍්ඝස‍්ස සන‍්තිකෙ වුට‍්ඨාතී”ති සත‍්තාපත‍්තික‍්ඛන්‍ධවසෙන ඔතිණ‍්ණෙ වත්‍ථුස‍්මිං සඛන්‍ධකපරිවාරො උභතොවිභඞ‍්ගො විනයො නාම දෙසිතො, තං සකලම‍්පි විනයපිටකං මයි පරිනිබ‍්බුතෙ තුම‍්හාකං සත්‍ථුකිච‍්චං සාධෙස‍්සති.

දැන් භික්‍ෂු සංඝයාට අවවාද දීම ආරම්භ කළේය. එය දක්වන්නට ‘අථඛො භගවා’ ආදිය කියන ලදි. දෙසිතො පඤ්ඤත්තො ධර්මයද දේශනා කරන ලදි. පනවන ලදි. විනයද දේශනා කරන ලදි. පනවන ලදි. ‘පනවන ලදි’ යනු ස්ථාපිත කරන ලදි. පිහිටුවන ලදි යන අර්ථයි. සො වො මමච්චයෙන. ඒ ධර්මවිනය නුඹලාට මගෙන් පසුව ශාස්තෲන් වහන්සේය. පිහිටුවන්නා වූ මා විසින් නුඹලාට මෙය සැහැල්ලුය. මෙය ගරුකය. මෙය පිළියම් කළ හැකිය. මෙය පිළියම් කළ නොහැකිය. මෙය ලෝකයටම පොදු වරදකි. මෙය පනවන ලද වරදකි. මේ ආපත්තිය පුද්ගලයකුගේ සමීපයේ හටගනී. මේ ආපත්තිය කණ්ඩායමක් හමුවේ පැන නගී. මෙය සංඝයා සමීපයේ නැග එයි. සත්ආකාර ආපත්ති කාණ්ඩ වශයෙන් බැසගන්නා ලද වස්තුවෙහි ඛන්‍ධක, පරිවාර සහිත උභය විභංගයත් මා විසින් විනයැයි දේශනා කරන ලදි. ඒ සියලුම විනය පිටකය මා පිරිනිවන්පෑ කල්හි නුඹලාට ශාස්තෲන් වහන්සේ නමකගේ කාර්යය ඉටුකරන්නේය.

ඨිතෙනෙව ච මයා – “ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්ච ඉන්‍ද්‍රියානි, පඤ‍්ච බලානි, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති තෙන තෙනාකාරෙන ඉමෙ ධම‍්මෙ විභජිත්‍වා විභජිත්‍වා සුත‍්තන‍්තපිටකං දෙසිතං, තං සකලම‍්පි සුත‍්තන‍්තපිටකං මයි පරිනිබ‍්බුතෙ තුම‍්හාකං සත්‍ථුකිච‍්චං සාධෙස‍්සති. ඨිතෙනෙව ච මයා – “ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයො, චත‍්තාරි සච‍්චානි, බාවීසතින්‍ද්‍රියානි, නව හෙතූ, චත‍්තාරො ආහාරා, සත‍්ත ඵස‍්සා, සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත සඤ‍්චෙතනා, සත‍්ත චිත‍්තානි. තත්‍රාපි ‘එත‍්තකා ධම‍්මා කාමාවචරා, එත‍්තකා රූපාවචරා, එත‍්තකා අරූපාවචරා, එත‍්තකා පරියාපන‍්නා, එත‍්තකා අපරියාපන‍්නා, එත‍්තකා ලොකියා, එත‍්තකා ලොකුත‍්තරා’ති” ඉමෙ ධම‍්මෙ විභජිත්‍වා විභජිත්‍වා චතුවීසතිසමන‍්තපට‍්ඨානඅනන‍්තනයමහාපට‍්ඨානපටිමණ‍්ඩිතං අභිධම‍්මපිටකං දෙසිතං, තං සකලම‍්පි අභිධම‍්මපිටකං මයි පරිනිබ‍්බුතෙ තුම‍්හාකං සත්‍ථුකිච‍්චං සාධෙස‍්සති.

ජීවමානව සිටියදීම මා විසින් මේ සතර සතිපට්ඨාන සතර සම්‍යග්ප්‍රධාන සතර සෘද්ධිපාද පංච ඉන්‍ද්‍රිය පංචබල සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ඒ ඒ ආකාරයෙන් බෙදා වෙන්කර සූත්‍රාන්ත පිටකය දේශනා කරන ලදි. ඒ මුළු සූත්‍රාන්ත පිටකයම මා පිරිනිවන්පෑ කල්හි නුඹලාට ශාස්තෲන් වහන්සේගේ කාර්යය ඉටු කරන්නේය. ජීවමානව සිටියදීම මා විසින් පංචස්කන්ධය දොළොස් ආයතන අටළොස් ධාතු චතුරාර්ය සත්‍යයන් ඉන්‍ද්‍රියන් විසිදෙක හේතු නවය සතර ආකාර ආහාර ස්පර්ශ සත වේදනා සත සඤ්ඤා සත චේතනා සත සිත් සත එහිද මෙපමණ ධර්මයෝ කාමාවචරය. මෙතෙක් රූපාවචරය. මෙතෙක් අරූපාවචරය. මෙතෙක් අඩංගුය. මෙතෙක් අඩංගු නැත. මෙතෙක් ඒවා ලෞකිකය. මෙතෙක් ඒවා ලෝකෝත්තරය. මේ ධර්මයන් බෙදා සිව්විසි සමන්තපධානයත්, අනන්ත වූ ක්‍රමයන්ගෙන් යුත් මහා සතිපට්ඨානයත් අඩංගු අභිධර්ම පිටකය දේශනා කරන ලදි. ඒ මුළු අභිධර්ම පිටකයට මා පිරිනිවන් පෑ කල්හි නුඹලාට ශාස්තෲන් වහන්සේ නමකගේ කාර්යය ඉටුකරන්නේය.

ඉති සබ‍්බම‍්පෙතං අභිසම‍්බොධිතො යාව පරිනිබ‍්බානා පඤ‍්චචත‍්තාලීසවස‍්සානි භාසිතං ලපිතං – “තීණි පිටකානි, පඤ‍්ච නිකායා, නවඞ‍්ගානි, චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානී”ති එවං මහාපභෙදං හොති. ඉති ඉමානි චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි තිට‍්ඨන‍්ති, අහං එකොව පරිනිබ‍්බායාමි. අහඤ‍්ච ඛො පන දානි එකකොව ඔවදාමි අනුසාසාමි, මයි පරිනිබ‍්බුතෙ ඉමානි චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානි තුම‍්හෙ ඔවදිස‍්සන‍්ති අනුසාසිස‍්සන‍්තීති එවං භගවා බහූනි කාරණානි දස‍්සෙන‍්තො – “සො වො මමච‍්චයෙන සත්‍ථා”ති ඔවදිත්‍වා පුන අනාගතෙ චාරිත‍්තං දස‍්සෙන‍්තො යථා ඛො පනාතිආදිමාහ.

මෙසේ බුදුවීමේ පටන් පිරිනිවන්පෑම දක්වා හතළිස් පස්වසක් මේ සියල්ල මා විසින් කියන ලදි. ප්‍රකාශ කරන ලදි. තුන්පිටකයත් නිකාය පසත් අංග නවයත් අසූසාර දහසක් ධර්මස්කන්ධය මෙසේ විශාල වූ ප්‍රභේද ඇත්තේය. මෙසේ මේ අසූසාර දහසක් ධර්මස්කන්ධයෝ පවතිත්. මම හුදෙකලාව පිරිනිවන් පාන්නෙමි. මම ද වනාහි දැන් තනිව අවවාද කරමි. අනුශාසනා කරමි. මා පිරිනිවන්පෑ කල්හි මේ අසූසාර දහසක් ධර්මයෝ නුඹලාට අවවාද කරන්නෝය. අනුශාසනා කරන්නාහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාරණා දක්වමින් ‘මගෙන් පසුව එය ඔබලාට ශාස්තෲ වන්නේය යනුවෙන් අවවාද දී නැවත අනාගතයේදී වැළැක්විය යුතු දේ දක්වමින් යථා ඛො පන (යම්සේ වනාහි) ආදියවදාළහ.

තත්‍ථ සමුදාචරන‍්තීති කථෙන‍්ති වොහරන‍්ති. නාමෙන වා ගොත‍්තෙන වාති නවකාති අවත්‍වා “තිස‍්ස, නාගා”ති එවං නාමෙන වා, “කස‍්සප, ගොතමා”ති එවං ගොත‍්තෙන වා, “ආවුසො තිස‍්ස, ආවුසො කස‍්සපා”ති එවං ආවුසොවාදෙන වා සමුදාචරිතබ‍්බො. භන‍්තෙති වා ආයස‍්මාති වාති භන‍්තෙ තිස‍්ස, ආයස‍්මා තිස‍්සාති එවං සමුදාචරිතබ‍්බො. සමූහනතූති ආකඞ‍්ඛමානො සමූහනතු, යදි ඉච‍්ඡති සමූහනෙය්‍යාති අත්‍ථො. කස‍්මා පන සමූහනථාති එකංසෙනෙව අවත්‍වා විකප‍්පවචනෙනෙව ඨපෙසීති? මහාකස‍්සපස‍්ස බලං දිට‍්ඨත‍්තා. පස‍්සති හි භගවා – “සමූහනථාති වුත‍්තෙපි සඞ‍්ගීතිකාලෙ කස‍්සපො න සමූහනිස‍්සතී”ති. තස‍්මා විකප‍්පෙනෙව ඨපෙසි.

එහි සමුදාචරන්ති යනු කියත්. ව්‍යවහාර කරත්. නාමෙන වා ගොත්තෙන වා නවකයෙක් යැයි නොකියා තිස්සය, නාගය යනාදී ලෙස නමින් හෝ කාශ්‍යප, ගෞතම ආදී ගෝත්‍ර නාමයෙන් හෝ ඇවැත්නි තිස්ස, ඇවැත්නි කස්සප යන ලෙස ආවුසොවාදයෙන් (ඇවැත්නි, කියා ආමන්ත්‍රණය කිරීමෙන්) හෝ කිවයුතුය. භන්තෙ ති වා ආයස්මා වා ස්වාමීනි! තිස්ස, ආයුෂ්මත් තිස්ස යන ලෙස කථාකළ යුතුයි. සමූහන්තු බලාපොරොත්තු වන්නේ උදුරා දමන්න. ඉදින් කැමැතිනම් උදුරා දමන්න යන අර්ථයි. කුමක් නිසා උදුරා දමන්න යැයි ඒකාන්ත වශයෙන් නොකියා විකල්ප වචනයෙන් තැබීද, මහාකාශ්‍යපයන් වහන්සේගේ හෝ බලය දුටු බැවිනි. උදුරා දමන්න යැයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකළත් සංගීති කාලයේදී කාශ්‍යප රහතන් වහන්සේ උදුරා නොදමන්නේය. ඒ නිසා විකල්පයෙන් තැබීය.

තත්‍ථ – “එකච‍්චෙ ථෙරා එවමාහංසු – චත‍්තාරි පාරාජිකානි ඨපෙත්‍වා අවසෙසානි ඛුද‍්දානුඛුද‍්දකානී”තිආදිනා නයෙන පඤ‍්චසතිකසඞ‍්ගීතියං ඛුද‍්දානුඛුද‍්දකකථා ආගතාව විනිච‍්ඡයො පෙත්‍ථ සමන‍්තපාසාදිකායං වුත‍්තො. කෙචි පනාහු – “භන‍්තෙ, නාගසෙන, කතමං ඛුද‍්දකං, කතමං අනුඛුද‍්දක”න‍්ති මිලින්‍දෙන රඤ‍්ඤා පුච‍්ඡිතො. “දුක‍්කටං, මහාරාජ, ඛුද‍්දකං, දුබ‍්භාසිතං අනුඛුද‍්දක”න‍්ති වුත‍්තත‍්තා නාගසෙනත්‍ථෙරො ඛුද‍්දානුඛුද‍්දකං ජානාති. මහාකස‍්සපො පන තං අජානන‍්තො –

එහිදී ඇතැම් තෙරවරු මෙසේ කීහ. පාරාජිකා සතර හැර ඉතිරි ඛුද්දානු ඛුද්දක ආදී වශයෙන් පංචසතික සංගීතියේදී (පළමු සංගායනාව) ඛුද්දානුඛුද්දක කථාව ආවේය. මෙහි විනිශ්චය වනාහි සමන්තපාසාදිකා විනය අටුවාවේදී කියන ලදි. තව කෙනෙක් වනාහි මෙසේ කීහ. ස්වාමීනි! නාගසේන! කොපමණක් ඛුද්දකද කවරක් අනුඛුද්දක දැයි මිළිඳු රජු විසින් ඇසූකල්හි මහරජ! දුකකට ආපත්ති ඛුද්දකය, දුබ්භාසිත අනුඛුද්දකය යැයි කියන ලද බැවින් නාගසේන තෙරහු ඛුද්දානුඛුද්දක හඳුන්වා දෙයි. මහාකාශ්‍යප තෙරුන්වහන්සේ එය නොදන්නේ -

“සුණාතු මෙ, ආවුසො, සඞ‍්ඝො සන‍්තම‍්හාකං සික‍්ඛාපදානි ගිහිගතානි, ගිහිනොපි ජානන‍්ති – “ඉදං වො සමණානං සක්‍යපුත‍්තියානං කප‍්පති, ඉදං වො න කප‍්පතී”ති. සචෙ මයං ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි සමූහනිස‍්සාම, භවිස‍්සන‍්ති වත‍්තාරො – “ධූමකාලිකං සමණෙන ගොතමෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, යාව නෙසං සත්‍ථා අට‍්ඨාසි, තාවිමෙ සික‍්ඛාපදෙසු සික‍්ඛිංසු, යතො ඉමෙසං සත්‍ථා පරිනිබ‍්බුතො, න දානිමෙ සික‍්ඛාපදෙසු සික‍්ඛන‍්තී”ති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො අපඤ‍්ඤත‍්තං න පඤ‍්ඤපෙය්‍ය, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දෙය්‍ය, යථාපඤ‍්ඤත‍්තෙසු සික‍්ඛාපදෙසු සමාදාය වත‍්තෙය්‍ය. එසා ඤත‍්තීති –

ඇවැත්නි! අසනු ලැබේවා. අපට ශික්‍ෂාපද තිබේ. ගිහියන්ට අයත් ඒවා ගිහියෝ දනිත්. මෙය ශ්‍රමණ වූ, ශාක්‍යපුත්‍ර වූ අපට කැපය. මෙය අපට අකැපය. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද අතහැර දමන්නෙමු නම් මෙසේ කියන්නෝ ඇතිවන්නාහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දිගුකල් පැවැත්ම සඳහා තම ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවන ලදි. ශාස්තෲන් වහන්සේ ජීවත්ව සිටියදී ඔව්හු ඒ ශික්‍ෂාපද රැක්කාහ. මොවුන්ගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි නොරකිත් කියාය. සංඝයාට සුදුසු කාලයයි. සංඝයා ශාස්තෲන් වහන්සේ විසින් නොපනවන ලද දෙයක් නොපනවන්නේය. පනවන ලද දෙයක් සිඳ නොදමන්නේය. පනවන ලද ශික්‍ෂාපදයන්හි සමාදන්ව පැවතිය යුතුය. මෙය නියමයයි -

කම‍්මවාචං සාවෙසීති. න තං එවං ගහෙතබ‍්බං. නාගසෙනත්‍ථෙරො හි – “පරවාදිනො ඔකාසො මා අහොසී”ති එවමාහ. මහාකස‍්සපත්‍ථෙරො “ඛුද‍්දානුඛුද‍්දකාපත‍්තිං න සමූහනිස‍්සාමී”ති කම‍්මවාචං සාවෙසි.

කර්මවාක්‍යය අස්වයි. එය මෙසේ නොගත යුතුයි. නාගසේන තෙරුන් වහන්සේ වනාහි විරුද්ධවාදීන්ට මෙබඳු ඉඩක් නොවන්නට මෙසේ පැවසීය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ ඛුද්දානුඛුද්දක ආපත්තීන් උදුරා නොදැමිය යුතුයයි කර්මවාක්‍යය ප්‍රකාශ කළේය.

බ්‍රහ‍්මදණ‍්ඩකථාපි සඞ‍්ගීතියං ආගතත‍්තාසමන‍්තපාසාදිකායං විනිච‍්ඡිතා.

බ්‍රහ්මදණ්ඩ කථාවද සංගායනාවේදී ආ බැවින් සමන්ත පාසාදිකාවේදී එය විභාග කරන ලදි.

කඞ‍්ඛාති ද‍්වෙළ‍්හකං. විමතීති විනිච‍්ඡිතුං අසමත්‍ථතා, බුද‍්ධො නු ඛො, න බුද‍්ධො නු ඛො, ධම‍්මො නු ඛො, න ධම‍්මො නු ඛො, සඞ‍්ඝො නු ඛො, න සඞ‍්ඝො නු ඛො, මග‍්ගො නු ඛො, න මග‍්ගො නු ඛො, පටිපදා නු ඛො, න පටිපදා නු ඛොති යස‍්ස සංසයො උප‍්පජ‍්ජෙය්‍ය, තං වො වදාමි “පුච‍්ඡථ භික‍්ඛවෙ”ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො. සත්‍ථුගාරවෙනාපි න පුච‍්ඡෙය්‍යාථාති මයං සත්‍ථුසන‍්තිකෙ පබ‍්බජිම‍්හ, චත‍්තාරො පච‍්චයාපි නො සත්‍ථු සන‍්තකාව, තෙ මයං එත‍්තකං කාලං කඞ‍්ඛං අකත්‍වා න අරහාම අජ‍්ජ පච‍්ඡිමකාලෙ කඞ‍්ඛං කාතුන‍්ති සචෙ එවං සත්‍ථරි ගාරවෙන න පුච‍්ඡථ. සහායකොපි භික‍්ඛවෙ සහායකස‍්ස ආරොචෙතූති තුම‍්හාකං යො යස‍්ස භික‍්ඛුනො සන්‍දිට‍්ඨො සම‍්භත‍්තො, සො තස‍්ස ආරොචෙතු, අහං එතස‍්ස භික‍්ඛුස‍්ස කථෙස‍්සාමි, තස‍්ස කථං සුත්‍වා සබ‍්බෙ නික‍්කඞ‍්ඛා භවිස‍්සථාති දස‍්සෙති.

කංඛා යනු සැකය. විමති යනු විභාග කරන්නට අසමත් බව. බුදුවූයේද? බුදු නොවේද? ධර්මයද ධර්මය නොවේද, සංඝයාද සංඝයා නොවේද? මාර්ගයද මාර්ගය නොවේද, ප්‍රතිපදාවද, ප්‍රතිපදාව නොවේද? මෙසේ යමෙක් හට සැකයක් උපදීද එය තොපට කියමි. මහණෙනි! විචාරන්න යනු මෙහි කෙටි අර්ථයයි. සත්‍ථුගාරවෙනාපි න පුච්ඡෙය්‍යාථ යනු අපි ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වූයෙමු. අපගේ සිව්පසයද ශාස්තෲන් වහන්සේ සන්තකය. ඒ අපි මෙතෙක් කල් සැක නොකොට අද අවසන් වේලාවේ සැක කරන්නට සුදුසු නැත. ඉදින් ශාස්තෲන් වහන්සේට ඇති ගෞරවය නිසා නොවිචාරන්න. සහායකොපි භික්ඛවෙ සහායකස්ස ආරොචෙතු නුඹලාගේ යමෙක් යම් භික්‍ෂුවකට හිතවත්ද මිත්‍රද හෙතෙම ඔහුට සැල කෙරේවා. මම එක් භික්‍ෂුවකට කියන්නෙමි. ඔහුගේ කථාව අසා සියල්ලෝම සැක නැත්තෝ වෙත්වායි දක්වයි.

එවං පසන‍්නොති එවං සද‍්දහාමි අහන‍්ති අත්‍ථො. ඤාණමෙවාති නික‍්කඞ‍්ඛභාවපච‍්චක‍්ඛකරණඤාණංයෙව, එත්‍ථ තථාගතස‍්ස න සද‍්ධාමත‍්තන‍්ති අත්‍ථො. ඉමෙසඤ‍්හි, ආනන්‍දාති ඉමෙසං අන‍්තොසාණියං නිසින‍්නානං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං. යො පච‍්ඡිමකොති යො ගුණවසෙන පච‍්ඡිමකො. ආනන්‍දත්‍ථෙරංයෙව සන්‍ධායාහ.

එවං පසන්නො මම මෙසේ විශ්වාස කරමි යන අර්ථයි. ඤාණමෙවා නිසැක බව ප්‍රත්‍යක්‍ෂ කරන ඤාණයම මෙහි තථාගතයන් වහන්සේට ශ්‍රද්ධා මාත්‍රයක් නොවේ යන අර්ථයි. ඉමෙසං හි ආනන්‍ද මේ තිරය ඇතුළත සිටින්නා වූ පන්සියයක් භික්‍ෂූන්ට යො පච්ඡිමකො යමෙක් ගුණ වශයෙන් පසුපසට අයත් ආනන්ද තෙරුන් ගැන කියන ලදි.

අප‍්පමාදෙන සම‍්පාදෙථාති සතිඅවිප‍්පවාසෙන සබ‍්බකිච‍්චානි සම‍්පාදෙය්‍යාථ. ඉති භගවා පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො පඤ‍්චචත‍්තාලීස වස‍්සානි දින‍්නං ඔවාදං සබ‍්බං එකස‍්මිං අප‍්පමාදපදෙයෙව පක‍්ඛිපිත්‍වා අදාසි. අයං තථාගතස‍්ස පච‍්ඡිමා වාචාති ඉදං පන සඞ‍්ගීතිකාරකානං වචනං.

අප්පමාදෙන සම්පාදෙථ සිහිය තොර නොකිරීමෙන් සියළු කටයුතුවල යෙදෙන්න යැයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටියේ හතළිස්පස් වර්ෂයක් දෙන ලද සියළු අවවාද එකම අප්‍රමාද පදයක බහා ප්‍රදානය කළසේක. ‘අයං තථාගතස්ස පච්ඡිමා වාචා’ (මේ තථාගතයන් වහන්සේගේ අවසන් වචනයයි.) මේ වනාහි සංගීති කාරකයන්ගේ වචනයකි.

පරිනිබ‍්බුතකථාවණ‍්ණනා

ඉතො පරං යං පරිනිබ‍්බානපරිකම‍්මං කත්‍වා භගවා පරිනිබ‍්බුතො, තං දස‍්සෙතුං අථ ඛො භගවා පඨමං ඣානන‍්තිආදි වුත‍්තං. තත්‍ථ පරිනිබ‍්බුතො භන‍්තෙති නිරොධං සමාපන‍්නස‍්ස භගවතො අස‍්සාසපස‍්සාසානං අභාවං දිස‍්වා පුච‍්ඡති. න ආවුසොති ථෙරො කථං ජානාති? ථෙරො කිර සත්‍ථාරා සද‍්ධිංයෙව තං තං සමාපත‍්තිං සමාපජ‍්ජන‍්තො යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනා වුට‍්ඨානං, තාව ගන‍්ත්‍වා ඉදානි භගවා නිරොධං සමාපන‍්නො, අන‍්තොනිරොධෙ ච කාලඞ‍්කිරියා නාම නත්‍ථීති ජානාති.

ඊට පසුව පරිනිර්වාණයට අවශ්‍ය කටයුතු කොට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒ බව දැක්වීමට ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට ආදිය කියන ලදි. එහි පරිනිබ්බුතො භන්තෙ යනු නිරෝධ සමාපත්තියට සමවැදුනු භාග්‍යවතුන් වහන්සේගේ ආශ්වාස, ප්‍රශ්වාස නතරවීම ගැන මෙසේ විචාළේය. න ආවුසො යි කීය. (නැත ඇවැත්නි) තෙරුන්වහන්සේ කෙසේ දන්නේද? තෙරුන්වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ සමගම ඒ ඒ සමාපත්තීන්ට සමවදිමින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගිටීම දක්වා ගොස් දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනේ, එම නිරෝධය තුළ අපවත්වීමක් සිදු නොවන්නේ යයි දනියි.

අථ ඛො භගවා සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහිත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජි…පෙ… තතියජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජීති එත්‍ථ භගවා චතුවීසතියා ඨානෙසු පඨමජ‍්ඣානං සමාපජ‍්ජි, තෙරසසු ඨානෙසු දුතියජ‍්ඣානං, තථා තතියජ‍්ඣානං, පන‍්නරසසු ඨානෙසු චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජි. කථං? දසසු අසුභෙසු, ද‍්වත‍්තිංසාකාරෙ අට‍්ඨසු කසිණෙසු, මෙත‍්තාකරුණාමුදිතාසු, ආනාපානෙ, පරිච‍්ඡෙදාකාසෙති ඉමෙසු තාව චතුවීසතියා ඨානෙසු පඨමජ‍්ඣානං සමාපජ‍්ජි. ඨපෙත්‍වා පන ද‍්වත‍්තිංසාකාරඤ‍්ච දස අසුභානි ච සෙසෙසු තෙරසසු දුතියජ‍්ඣානං, තෙසුයෙව ච තතියජ‍්ඣානං සමාපජ‍්ජි. අට‍්ඨසු පන කසිණෙසු, උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරෙ, ආනාපානෙ, පරිච‍්ඡෙදාකාසෙ, චතූසු අරූපෙසූති ඉමෙසු පන‍්නරසසු ඨානෙසු චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජි. අයම‍්පි ච සඞ‍්ඛෙපකථාව. නිබ‍්බානපුරං පවිසන‍්තො පන භගවා ධම‍්මස‍්සාමී සබ‍්බාපි චතුවීසතිකොටිසතසහස‍්සසඞ‍්ඛ්‍යා සමාපත‍්තියො පවිසිත්‍වා විදෙසං ගච‍්ඡන‍්තො ඤාතිජනං ආලිඞ‍්ගෙත්‍වා විය සබ‍්බසමාපත‍්තිසුඛං අනුභවිත්‍වා පවිට‍්ඨො.

අථ ඛො භගවා සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියා වුට්ඨහිත්‍වා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමාපජ්ජි -පෙ- තතියජ්ඣානා වුට්ඨහිත්‍වා චතුත්‍ථජ්ඣානං සමාපජ්ජි (ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවැදුනේය. -පෙ- තතියජ්ඣානයෙන් නැගිට චතුර්ථ ධ්‍යානයට සමවැදුනේය.) මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසිහතර තැනක ප්‍රථමධ්‍යානයට සමවැදුනේය. දහතුන් තැනක දුතිය ධ්‍යානයටත්, එසේම තතිය ධ්‍යානයටත් එසේම පසළොස් තැනක චතුර්ථධ්‍යානයටත් සමවැදුනේය. කෙසේද? දස අසුභයන්හි, ද්වත්තිංසාකාරයේ, අෂ්ට කසිණවල මෙත්තා, කරුණා, මුදිතාවල ආනාපානයෙහි, පිරිසිඳ අවකාසයෙහි යන මේ විසිහතර තැන්හි ප්‍රථමධ්‍යානයට සමවැදුනේය. දෙතිස් ආකාරයත් දස අසුභත් හැර තෙළෙස් තැනක දුතියධ්‍යානයටත් ඒවාගේම තතියධ්‍යානයටද සමවැදුනි. අෂ්ට කසිණයන්හි උපෙක්‍ෂා බ්‍රහ්ම විහාරයෙහි, ආනාපානයෙහි පිරිසිඳ අවකාසයේ සිටි ආරුප්පවල යන මේ පසළොස් තැනක චතුර්ථ ධ්‍යානයට සමවැදුනි. මෙයද කෙටිකථා පුවතයි. නිවන්පුරට පිවිසෙන භාග්‍යවතුන් වහන්සේ වනාහි ධර්මස්වාමී වූයේ විසිහතර කෝටියක් පමණ වූ සමාපත්තිවලට පිවිස විදේශයකට යන්නේ නෑ ජනයාව වැළඳගෙන මෙන් සියළු සමාපත්ති සැප අනුභවකොට පිවිසියේය.

චතුත්‍ථජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා සමනන‍්තරා භගවා පරිනිබ‍්බායීති එත්‍ථ ඣානසමනන‍්තරං, පච‍්චවෙක‍්ඛණාසමනන‍්තරන‍්ති ද‍්වෙ සමනන‍්තරානි. තත්‍ථ ඣානා වුට‍්ඨාය භවඞ‍්ගං ඔතිණ‍්ණස‍්ස තත්‍ථෙව පරිනිබ‍්බානං ඣානසමනන‍්තරං නාම. ඣානා වුට‍්ඨහිත්‍වා පුන ඣානඞ‍්ගානි පච‍්චවෙක‍්ඛිත්‍වා භවඞ‍්ගං ඔතිණ‍්ණස‍්ස තත්‍ථෙව පරිනිබ‍්බානං පච‍්චවෙක‍්ඛණාසමනන‍්තරං නාම. ඉමානිපි ද‍්වෙ සමනන‍්තරානෙව. භගවා පන ඣානං සමාපජ‍්ජිත්‍වා ඣානා වුට‍්ඨාය ඣානඞ‍්ගානි පච‍්චවෙක‍්ඛිත්‍වා භවඞ‍්ගචිත‍්තෙන අබ්‍යාකතෙන දුක‍්ඛසච‍්චෙන පරිනිබ‍්බායි. යෙ හි කෙචි බුද‍්ධා වා පච‍්චෙකබුද‍්ධා වා අරියසාවකා වා අන‍්තමසො කුන්‍ථකිපිල‍්ලිකං උපාදාය සබ‍්බෙ භවඞ‍්ගචිත‍්තෙනෙව අබ්‍යාකතෙන දුක‍්ඛසච‍්චෙන කාලඞ‍්කරොන‍්තීති. මහාභූමිචාලාදීනි වුත‍්තනයානෙවාති.

චතුත්‍ථජ්ඣානා වුට්ඨහිත්‍වා සමනන්තරං භගවා පරිනිබ්බායි යනු මෙහි ධ්‍යානයන්ට සමීපයෙහි වූ ප්‍රත්‍යවේක්‍ෂාවට සමීප වූ යැයි ළංවීම් දෙකකි. එහි ධ්‍යානයෙන් නැගිට භවාග්‍රයට බැස්සහුට එහිම පිරිනිවන්පෑම ධ්‍යාන සමනන්තර (ධ්‍යානයට ළංව පිහිටි) නම් වේ. ධ්‍යානයෙන් නැගිට නැවත ධ්‍යාන අංගයන් ප්‍රත්‍යවේක්‍ෂාකොට භවාංගයට බැස්සහුට එහිම පරිනිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා සමනන්තරය නම් වේ. මේ සමනන්තර දෙකම (සමීපව පිහිටීම) භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සමවැදී ධ්‍යානයෙන් නැගිට ධ්‍යාන අංග ප්‍රත්‍යවේක්‍ෂා කොට භවාංග සිතකට පිවිසියහුට එහිම පිරිනිවන්පෑම ප්‍රත්‍යවේක්‍ෂා සමනන්තරය නම් වේ. මේ සමනන්තර දෙකම වේ. භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සමවැද ධ්‍යානයෙන් නැගිට ධ්‍යානඅංග ප්‍රත්‍යවේක්‍ෂා කර භවාංග සිතෙන් විස්තර කළ දුක්ඛ සත්‍යයෙන් පිරිනිවන්පෑවේය. යම් ඒ බුදුවරුද පසේ බුදුවරුද ආර්ය ශ්‍රාවකයෝද යටත්පිරිසෙයින් කොහේ හෝ කුහුඹුවකු අරභයා සියල්ල භවාංග සිතෙන්ම ප්‍රකාශ නොකළ දුක්ඛ සත්‍යයෙන් කලුරිය කරත්. මහපොළව කම්පා වීමාදිය කියන ලද ආකාරයෙන්මය.

භූතාති සත‍්තා. අප‍්පටිපුග‍්ගලොති පටිභාගපුග‍්ගලවිරහිතො. බලප‍්පත‍්තොති දසවිධඤාණබලං පත‍්තො.

භූතා සත්ත්වයෝ. අප්පටිපුග්ගලො විරුද්ධ පුද්ගලයකු නැති. බලප්පත්තො දසවිධ ඤාණබලයන්ට පත් වූ.

උප‍්පාදවයධම‍්මිනොති උප‍්පාදවයසභාවා. තෙසං වූපසමොති තෙසං සඞ‍්ඛාරානං වූපසමො, අසඞ‍්ඛතං නිබ‍්බානමෙව සුඛන‍්ති අත්‍ථො.

උප්පාද වයධම්මිනො හටගැනීම හා අභාවය ස්වභාවකොට ඇති. තෙසං වූපසමො ඒ සංස්කාරයන් උපසමනය කිරීම නම් වූ අසංඛත නම් වූ නිර්වාණයම සුවය යන අර්ථයි.

නාහු අස‍්සාසපස‍්සාසොති න ජාතො අස‍්සාසපස‍්සාසො. අනෙජොති තණ‍්හාසඞ‍්ඛාතාය එජාය අභාවෙන අනෙජො. සන‍්තිමාරබ‍්භාති අනුපාදිසෙසං නිබ‍්බානං ආරබ‍්භ පටිච‍්ච සන්‍ධාය. යං කාලමකරීති යො කාලං අකරි. ඉදං වුත‍්තං හොති – “ආවුසො, යො මම සත්‍ථා බුද‍්ධමුනි සන‍්තිං ගමිස‍්සාමීති, සන‍්තිං ආරබ‍්භ කාලමකරි, තස‍්ස ඨිතචිත‍්තස‍්ස තාදිනො ඉදානි අස‍්සාසපස‍්සාසො න ජාතො, නත්‍ථි, නප‍්පවත‍්තතී”ති.

නාහු අස්සාස පස්සාසො ආශ්වාස ප්‍රශ්වාස නැති. අනෙජො තණ්හා සංඛ්‍යාත වූ ආශාවෙන් තොර බැවින් අනෙජ නම් වූ. සන්තිමාරබ්භා අනුපාදිසෙස නිර්වාණය අරභයා, ඒ සඳහා. යං කාලමකරි යමෙක් කලුරිය කළේද මෙය කියන ලදි. ඇවැත්නි, යමෙක් මාගේ ශාස්තෲ වූ බුද්ධ මුනීන්ද්‍රයන්ගේ ශාන්තියට යන්නෙමියි සංසිඳීම අරභයා කලුරිය කළේය. එසේ සිතැතිව සිටියහුගේ ආශ්වාස ප්‍රශ්වාස නැත. සිදු නොවේ.

අසල‍්ලීනෙනාති අලීනෙන අසඞ‍්කුටිතෙන සුවිකසිතෙනෙව චිත‍්තෙන. වෙදනං අජ‍්ඣවාසයීති වෙදනං අධිවාසෙසි, න වෙදනානුවත‍්තී හුත්‍වා ඉතො චිතො ච සම‍්පරිවත‍්ති. විමොක‍්ඛොති කෙනචි ධම‍්මෙන අනාවරණවිමොක‍්ඛො සබ‍්බසො අපඤ‍්ඤත‍්තිභාවූපගමො පජ‍්ජොතනිබ‍්බානසදිසො ජාතො.

අසල්ලීනෙන පසුබට නොවන. නොහැකිලුනු මනාව ප්‍රබෝධමත් වූ සිතින්. වෙදනං අජ්ඣවාසයි. වේදනාව ඉවසීය. වේදනාව අනුව නොපැවත එහෙ මෙහෙ පෙරලුනේය. විමොක්ඛො කිසියම් ධර්මයකින් අනාවරණ විමොක්‍ෂයයි. සියළු ආකාරයෙන්ම නොපැනවූ බවට පත්ව බබලන නිර්වාණයට සමාන විය.

තදාසීති “සහ පරිනිබ‍්බානා මහාභූමිචාලො”ති එවං හෙට‍්ඨා වුත‍්තං භූමිචාලමෙව සන්‍ධායාහ. තඤ‍්හි ලොමහංසනඤ‍්ච භිංසනකඤ‍්ච ආසි. සබ‍්බාකාරවරූපෙතෙති සබ‍්බවරකාරණූපෙතෙ.

තදාසි යනු පරිනිර්වාණය සමග මහපොළව සෙලවීම. මෙසේ පහත කියන ලද භූමිකම්පාව ගැන කියන ලදි. එය වනාහි ලොමුඩැහැ ගන්වන, බියජනක ද විය. සබ්බාකාරවරූපෙතෙ සියළු උතුම් කාරණයන්ගෙන් යුක්ත.

අවීතරාගාති පුථුජ‍්ජනා චෙව සොතාපන‍්නසකදාගාමිනො ච. තෙසඤ‍්හි දොමනස‍්සං අප‍්පහීනං. තස‍්මා තෙපි බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති. උභොපි හත්‍ථෙ සීසෙ ඨපෙත්‍වා රොදන‍්තීති සබ‍්බං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

අවීතරාගා පෘථග්ජනයෝද සෝවාන් හා සකෘදාගාමීන් ඔවුන්ගේ වනාහි දෝමනස්ස ප්‍රහීණ නැත. ඒ නිසා ඔව්හුද අත් බැඳගෙන හඬත් යැයි සියල්ල පෙර පරිදිම දතයුතුය.

උජ‍්ඣායන‍්තීති “අය්‍යා අත‍්තනාපි අධිවාසෙතුං න සක‍්කොන‍්ති, සෙසජනං කථං සමස‍්සාසෙස‍්සන‍්තී”ති වදන‍්තියො උජ‍්ඣායන‍්ති. කථංභූතා පන භන‍්තෙ ආයස‍්මා අනුරුද‍්ධො දෙවතා මනසිකරොතීති දෙවතා, භන‍්තෙ, කථංභූතා ආයස‍්මා අනුරුද‍්ධො සල‍්ලක‍්ඛෙති, කිං තා සත්‍ථු පරිනිබ‍්බානං අධිවාසෙන‍්තීති?

උජ්ඣායන්ති ආර්යයෝ තමන්ටද ඉවසාගත නොහැකි වන්නාහ. සෙසු ජනයාව කෙසේ අසවසත්ද, කියමින් කෑගසත්. කථං භූතං පන භන්තෙ ආයස්මා අනුරුද්ධො සල්ලක්ඛෙති ස්වාමීනි, දෙවියෝ කෙසේ වීද? ආයුෂ්මත් අනුරුද්ධ තෙරහු සිතා බැලීය. කිම ඔුවන්ට ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන්පෑම ඉවසිය හැකිද?

අථ තාසං පවත‍්තිදස‍්සනත්‍ථං ථෙරො සන‍්තාවුසොතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. රත‍්තාවසෙසන‍්ති බලවපච‍්චූසෙ පරිනිබ‍්බුතත‍්තා රත‍්තියා අවසෙසං චුල‍්ලකද‍්ධානං. ධම‍්මියා කථායාති අඤ‍්ඤා පාටියෙක‍්කා ධම‍්මකථා නාම නත්‍ථි, “ආවුසො සදෙවකෙ නාම ලොකෙ අප‍්පටිපුග‍්ගලස‍්ස සත්‍ථුනො අයං මච‍්චුරාජා න ලජ‍්ජති, කිමඞ‍්ගං පන ලොකියමහාජනස‍්ස ලජ‍්ජිස‍්සතී”ති එවරූපාය පන මරණපටිසංයුත‍්තාය කථාය වීතිනාමෙසුං. තෙසඤ‍්හි තං කථං කථෙන‍්තානං මුහුත‍්තෙනෙව අරුණං උග‍්ගච‍්ඡි.

ඉක්බිති ඔවුන්ගේ තත්ත්වය දැක්වීම පිණිස තෙරුන්වහන්සේ සන්තාවුසො (ඇවැත්නි, වෙත්) ආදිය පැවසීය. ඒ කියන ලද අර්ථයමැයි. රත්තාවසෙසං බොහෝ අලුයම පිරිනිවන්පෑ බැවින් රාත්‍රියේ ඉතිරි කොටස සුළු වූවකි. ධම්මියා කථාය අන්‍ය වෙන් වෙන් වූ ධර්මකථාවක් නම් නැත. ඇවැත්නි, දෙවියන් සහිත ලෝකයේ අසහාය පුද්ගලයකු වූ ශාස්තෲන් වහන්සේට මේ මාරයා ලජ්ජා නොවීය. ලෞකික මහාජනයාට කෙසේනම් ලජ්ජා වන්නේද? මෙබඳු වූ මරණය හා සම්බන්ධ වූ කථාවන්ගෙන් කල්ගත කළහ. ඒ කථා කරන්නවුන්ට මොහොතින් අරුණ නැග්ගේය.

අථ ඛොති අරුණුග‍්ගං දිස‍්වාව ථෙරො ථෙරං එතදවොච. තෙනෙව කරණීයෙනාති කීදිසෙන නු ඛො පරිනිබ‍්බානට‍්ඨානෙ මාලාගන්‍ධාදිසක‍්කාරෙන භවිතබ‍්බං, කීදිසෙන භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසජ‍්ජට‍්ඨානෙන භවිතබ‍්බං, කීදිසෙන ඛාදනීයභොජනීයෙන භවිතබ‍්බන‍්ති, එවං යං භගවතො පරිනිබ‍්බුතභාවං සුත්‍වා කත‍්තබ‍්බං තෙනෙව කරණීයෙන.

අථඛො යනු අරුණ නැගීම දැක ම තෙරුන් වහන්සේ තෙරුන්ට මෙසේ පැවසීය. තෙනෙව කරණීයෙන පිරිනිවන්පෑ තැන කෙබඳු ලෙස මාලා ගන්ධ ආදියෙන් කරන සත්කාර කෙසේ විය යුතුද, භික්‍ෂු සංඝයාට හිඳිනා තැන් කෙසේ විය යුතුද ඛාද්‍ය, භෝජ්‍ය ආදිය කෙසේ විය යුතුද. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව අසා කළයුතු යම් කටයුතු වේද ඒවා

බුද‍්ධසරීරපූජාවණ‍්ණනා

සබ‍්බඤ‍්ච තාළාවචරන‍්ති සබ‍්බං තූරියභණ‍්ඩං. සන‍්නිපාතෙථාති භෙරිං චරාපෙත්‍වා සමාහරථ. තෙ තථෙව අකංසු. මණ‍්ඩලමාළෙති දුස‍්සමණ‍්ඩලමාළෙ. පටියාදෙන‍්තාති සජ‍්ජෙන‍්තා.

සබ්බං ච තාලාවචරං යනු සියළු තූර්යභාණ්ඩ. සන්නිපාතෙථ බෙර හසුරුවා රැස්කරව්. ඔව්හු එසේම කළහ. මණ්ඩලමාලෙ වස්ත්‍රමය රවුම් ශාලාවේ පටියාදෙන්තො සරසන්නේ

දක‍්ඛිණෙන දක‍්ඛිණන‍්ති නගරස‍්ස දක‍්ඛිණදිසාභාගෙනෙව දක‍්ඛිණදිසාභාගං. බාහිරෙන බාහිරන‍්ති අන‍්තොනගරං අප‍්පවෙසෙත්‍වා බාහිරෙනෙව නගරස‍්ස බාහිරපස‍්සං හරිත්‍වා. දක‍්ඛිණතො නගරස‍්සාති අනුරාධපුරස‍්ස දක‍්ඛිණද‍්වාරසදිසෙ ඨානෙ ඨපෙත්‍වා සක‍්කාරසම‍්මානං කත්‍වා ජෙතවනසදිසෙ ඨානෙ ඣාපෙස‍්සාමාති අත්‍ථො.

දක්ඛිණෙන දක්ඛිණං නගරයට දකුණු දිග් භාගයෙන්ම දකුණු දිසා කොටස බාහිරෙන බාහිරං ඇතුල් නගරයට නොපිවිස පිටතින්ම නගරයේ බාහිර කොටස ගෙන, දක්ඛිණතො නගරස්ස අනුරාධපුරයට දකුණු දොරටුව සමාන තැනක තබා සත්කාර සම්මාන කර ජේතවනය සමාන තැනක දවන්නෙමුයි යන අර්ථයි.

අට‍්ඨ මල‍්ලපාමොක‍්ඛාති මජ‍්ඣිමවයා ථාමසම‍්පන‍්නා අට‍්ඨමල‍්ලරාජානො. සීසං න‍්හාතාති සීසං ධොවිත්‍වා නහාතා. ආයස‍්මන‍්තං අනුරුද‍්ධන‍්ති ථෙරොව දිබ‍්බචක‍්ඛුකොති පාකටො, තස‍්මා තෙ සන‍්තෙසුපි අඤ‍්ඤෙසු මහාථෙරෙසු – “අයං නො පාකටං කත්‍වා කථෙස‍්සතී”ති ථෙරං පුච‍්ඡිංසු. කථං පන, භන‍්තෙ, දෙවතානං අධිප‍්පායොති භන‍්තෙ, අම‍්හාකං තාව අධිප‍්පායං ජානාම. දෙවතානං කථං අධිප‍්පායොති පුච‍්ඡන‍්ති. ථෙරො පඨමං තෙසං අධිප‍්පායං දස‍්සෙන‍්තො තුම‍්හාකං ඛොතිආදිමාහ. මකුටබන්‍ධනං නාම මල‍්ලානං චෙතියන‍්ති මල‍්ලරාජූනං පසාධනමඞ‍්ගලසාලාය එතං නාමං. චිත‍්තීකතට‍්ඨෙන පනෙසා “චෙතිය”න‍්ති වුච‍්චති.

අට්ඨමල්ල පාමොක්ඛා මධ්‍යම වයසේ බලසම්පන්න මල්ල රජදරුවන් අටදෙනා. සීසං නහාතා හිස් සෝදා නාවා ආයස්මන්තං අනුරුද්ධං තෙරුන්වහන්සේ දිවැස් ඇත්තේයැයි ප්‍රකටය. ඒ නිසා ඔවුන් සිටියදීත් අන් මහ තෙරවරුන් අතරේ මෙය ප්‍රකට නොකර කියන්නේ යැයි තෙරුන්ගෙන් විචාළාහ. කථංපන භන්තෙ දෙවතානං අධිප්පායො යනු ස්වාමීනි! අපගේ අභිප්‍රාය දනිමු. දෙවියන්ගේ අදහස කෙබඳුදැයි ඇසූහ. තෙරුන්වහන්සේ පළමුව ඔවුන්ගේ අදහස දක්වමින් ‘තුම්හාකං ඛො’ (නුඹලාගේ වනාහි) ආදිය කීය. මකුටබන්‍ධනං නාම මල්ලානං චෙතියං මල්ල රජවරුන්ගේ සැරසෙන මංගල ශාලාවට මේ නමය. ගරුකරන ලද්දේය යන අර්ථයෙන් මෙය චෙතියං කියා කියන ලදි.

යාව සන්‍ධිසමලසඞ‍්කටීරාති එත්‍ථ සන්‍ධි නාම ඝරසන්‍ධි. සමලං නාම ගූථරාසිනිද‍්ධමනපනාළි. සඞ‍්කටීරං නාම සඞ‍්කාරට‍්ඨානං. දිබ‍්බෙහි ච මානුසකෙහි ච නච‍්චෙහීති උපරි දෙවතානං නච‍්චානි හොන‍්ති, හෙට‍්ඨා මනුස‍්සානං. එස නයො ගීතාදීසු. අපිච දෙවතානං අන‍්තරෙ මනුස‍්සා, මනුස‍්සානං අන‍්තරෙ දෙවතාති එවම‍්පි සක‍්කරොන‍්තා පූජෙන‍්තා අගමංසු. මජ‍්ඣෙන මජ‍්ඣං නගරස‍්ස හරිත්‍වාති එවං හරියමානෙ භගවතො සරීරෙ බන්‍ධුලමල‍්ලසෙනාපතිභරියා මල‍්ලිකා නාම – “භගවතො සරීරං ආහරන‍්තී”ති සුත්‍වා අත‍්තනො සාමිකස‍්ස කාලං කිරියතො පට‍්ඨාය අපරිභුඤ‍්ජිත්‍වා ඨපිතං විසාඛාය පසාධනසදිසං මහාලතාපසාධනං නීහරාපෙත්‍වා – “ඉමිනා සත්‍ථාරං පූජෙස‍්සාමී”ති තං මජ‍්ජාපෙත්‍වා ගන්‍ධොදකෙන ධොවිත්‍වා ද‍්වාරෙ ඨිතා.

යාව සන්‍ධිස මල සංකටීරා යනු මෙහි සන්ධි නම් ගෘහ සන්ධි - සමල නම් මළ නික්ම යන නාළ - සංකටීරං යනු කුණු දමන තැන. දිබ්බෙහි ච මනුස්සකෙහි ච නච්චෙහි උඩ දෙවිවරුන්ගේ නෘත්‍යයෝ වෙත්. පහත මිනිසුන්ගේ ගීත ආදියෙහි මේ ක්‍රමයයි. තවද දෙවියන් අතර මිනිස්සු, මිනිසුන් අතරේ දෙවියන් යැයි මෙසේ ද සත්කාර ගරුකාර දක්වමින් ගියහ. මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්‍වා මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ දේහය ගෙනයනු ලබන කල්හි බන්‍ධුලමල්ල සේනාපතියාගේ බිරිඳ වූ මල්ලිකාව, භාග්‍යවතුන් වහන්සේගේ දේහය රැගෙන එන්නේ යැයි අසා තම ස්වාමියාගේ මිය යාමේ පටන් පාවිච්චි නොකරන තබන ලද විශාඛාවගේ මහා ප්‍රසාදනයට සමාන වූ මහාලතා පසාදනය ගෙන්වාගෙන මෙයින් ශාස්තෲන් වහන්සේට පූජා කරන්නෙමියි එය ඔපදමා සුවඳපැනින් සෝදා දොරටුව ළඟ සිටියාය.

තං කිර පසාධනං තාසඤ‍්ච ද‍්වින‍්නං ඉත්‍ථීනං, දෙවදානියචොරස‍්ස ගෙහෙති තීසුයෙව ඨානෙසු අහොසි. සා ච සත්‍ථු සරීරෙ ද‍්වාරං සම‍්පත‍්තෙ – “ඔතාරෙථ, තාතා, සත්‍ථුසරීර”න‍්ති වත්‍වා තං පසාධනං සත්‍ථුසරීරෙ පටිමුඤ‍්චි. තං සීසතො පට‍්ඨාය පටිමුක‍්කං යාවපාදතලාගතං. සුවණ‍්ණවණ‍්ණං භගවතො සරීරං සත‍්තරතනමයෙන මහාපසාධනෙන පසාධිතං අතිවිය විරොචිත්‍ථ. තං සා දිස‍්වා පසන‍්නචිත‍්තා පත්‍ථනං අකාසි – “භගවා යාව වට‍්ටෙ සංසරිස‍්සාමි, තාව මෙ පාටියෙක‍්කං පසාධනකිච‍්චං මා හොතු, නිච‍්චං පටිමුක‍්කපසාධනසදිසමෙව සරීරං හොතූ”ති.

ඒ පළඳනාව වනාහි ඒ ස්ත්‍රීන් දෙදෙනාගේද දෙව දානිය චෞරයාගේ ගෙදරද යන තුන්තැනක විය. ඕතොමෝ ද ශාස්තෲන් වහන්සේගේ දේහය දොරටුව අසලට ළඟා වූ කල්හි දරුවෙනි, ශාස්තෲ ශරීරය බස්වන්න යැයි කියා ඒ පළඳනාව ශාස්තෲ දේහය මත තැබීය. එය ශීර්ෂයේ පටන් දිග හළ විට සිරිපතුල දක්වා විහිද ගියේය. ස්වර්ණවර්ණ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සප්ත රතනමය මහා පළඳනාවෙන් සැරසුනේ අතිශයින් බැබලුනේය. ඇය එය දැක පසන් සිත් ඇත්තී ප්‍රාර්ථනාවක් කළාය. භාග්‍යවතුන් වහන්ස, යම්තාක් සසර ඇවිදින්නෙම්ද ඒ තාක් මට වෙන් වෙන්වූ සැරසීම් කටයුත්තක් නොවේවා. නිරන්තරයෙන් ආභරණ පැළඳ ගත්තාක් බඳු ශරීර ඇත්තේ වේවා.

අථ භගවන‍්තං සත‍්තරතනමයෙන මහාපසාධනෙන උක‍්ඛිපිත්‍වා පුරත්‍ථිමෙන ද‍්වාරෙන නීහරිත්‍වා පුරත්‍ථිමෙන නගරස‍්ස මකුටබන්‍ධනං මල‍්ලානං චෙතියං, එත්‍ථ භගවතො සරීරං නික‍්ඛිපිංසු.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේව සප්ත රතනමය පළඳනාවෙන් ඔසවා පෙරදිග දොරටුවෙන් බැහැරට ගෙන නගරයේ පෙරදිගින් ඇති මකුටබන්‍ධන නම් මල්ල රජදරුවන්ගේ චෛත්‍යයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තැන්පත් කළහ.

මහාකස‍්සපත්‍ථෙරවත්‍ථුවණ‍්ණනා

පාවාය කුසිනාරන‍්ති පාවානගරෙ පිණ‍්ඩාය චරිත්‍වා “කුසිනාරං ගමිස‍්සාමී”ති අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො හොති. රුක‍්ඛමූලෙ නිසීදීති එත්‍ථ කස‍්මා දිවාවිහාරන‍්ති න වුත‍්තං? දිවාවිහාරත්‍ථාය අනිසින‍්නත‍්තා. ථෙරස‍්ස හි පරිවාරා භික‍්ඛූ සබ‍්බෙ සුඛසංවද‍්ධිතා මහාපුඤ‍්ඤා. තෙ මජ‍්ඣන‍්හිකසමයෙ තත‍්තපාසාණසදිසාය භූමියා පදසා ගච‍්ඡන‍්තා කිලමිංසු. ථෙරො තෙ දිස‍්වා – “භික‍්ඛූ කිලමන‍්ති, ගන‍්තබ‍්බට‍්ඨානඤ‍්ච න දූරං, ථොකං විස‍්සමිත්‍වා දරථං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා සායන‍්හසමයෙ කුසිනාරං ගන‍්ත්‍වා දසබලං පස‍්සිස‍්සාමී”ති මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා උදකතුම‍්බතො උදකෙන හත්‍ථපාදෙ සීතලෙ කත්‍වා නිසීදි. පරිවාරභික‍්ඛූපිස‍්ස රුක‍්ඛමූලෙ නිසීදිත්‍වා යොනිසො මනසිකාරෙ කම‍්මං කුරුමානා තිණ‍්ණං රතනානං වණ‍්ණං භණමානා නිසීදිංසු. ඉති දරථවිනොදනත්‍ථාය නිසින‍්නත‍්තා “දිවාවිහාර”න‍්ති න වුත‍්තං.

පාවාය කුසිනාරායං යනු පාවා නගරයෙහි පිඬු පිණිස වැඩමවා කුසිනාරාවට යන්නෙමියි මගට පිළිපන්නේ වෙයි. රුක්ඛමූලෙ නිසීදි මෙහිදී කුමක් නිසා දිවා විහාරය කියා නොකියන ලදද? දිවා විහරණය පිණිස නොසිටි බැවිනි. තෙරුන්වහන්සේගේ වනාහි පිරිවර භික්‍ෂූහු සියල්ලෝම සැපසේ වර්ධනය වූ මහා පුණ්‍යවන්තයෝය. ඔව්හු මධ්‍යාහ්න වේලාවේ රත් වූ පාෂාණයක් බඳු පොළොවෙහි පයින් ගමන් කරන්නාහු පීඩාවට පත්වූහ. තෙරුන් වහන්සේ ඔවුන් දැක භික්‍ෂූහු පීඩාවෙත්. යායුතු තැන ද දුරය. ටික වේලාවක් විවේක ගෙන වෙහෙස නිවාගෙන සවස්කාලයේ කුසිනාරාවට ගොස් දසබලයන් වහන්සේව බලන්නෙමියි මාර්ගයෙන් ඉවත්ව එක් ගසක් මුල සඟල සිවුර එළා පැන් කලයේ පැනින් අත්පා සිහිල් කරගෙන හුන්නේය. පිරිවර භික්‍ෂූහු ද වෘක්‍ෂමූලයේ සිට යෝනිසෝ මනසිකාරයෙන් වැඩකරන්නාහු රත්නත්‍රයේ ගුණ වර්ණනා කරමින් හුන්නාහ. මෙසේ අව් රස්නය දුරුකිරීම සඳහා හුන් බැවින් දිවා විහාරය කියා නොකියන ලදි.

මන්‍දාරවපුප‍්ඵං ගහෙත්‍වාති මහාපාතිප‍්පමාණං පුප‍්ඵං ආගන‍්තුකදණ‍්ඩකෙ ඨපෙත්‍වා ඡත‍්තං විය ගහෙත්‍වා. අද‍්දස ඛොති ආගච‍්ඡන‍්තං දූරතො අද‍්දස. දිස‍්වා ච පන චින‍්තෙසි –

මන්‍දාරවපුප්ඵං ගහෙත්‍වා මහා පාත්‍රයක් පමණ පුෂ්පයක් අමතර දණ්ඩක සවිකර කුඩයක් මෙන් ගෙන අද්දසා ඛො එන්නහු දුරදීම දුටුවේය. දැකම මෙසේ සිතීය.

“එතං ආජීවකස‍්ස හත්‍ථෙ මන්‍දාරවපුප‍්ඵං පඤ‍්ඤායති, එතඤ‍්ච න සබ‍්බදා මනුස‍්සපථෙ පඤ‍්ඤායති, යදා පන කොචි ඉද‍්ධිමා ඉද‍්ධිං විකුබ‍්බති, තදා සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තස‍්ස ච මාතුකුච‍්ඡිඔක‍්කමනාදීසු හොති. න ඛො පන අජ‍්ජ කෙනචි ඉද‍්ධිවිකුබ‍්බනං කතං, න මෙ සත්‍ථා මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො, න කුච‍්ඡිතො නික‍්ඛමන‍්තො, නාපිස‍්ස අජ‍්ජ අභිසම‍්බොධි, න ධම‍්මචක‍්කප‍්පවත‍්තනං, න යමකපාටිහාරියං, න දෙවොරොහණං, න ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනං. මහල‍්ලකො පන මෙ සත්‍ථා ධුවං පරිනිබ‍්බුතො භවිස‍්සතී”ති.

ආජීවකයාගේ අතෙහි මේ පුෂ්පය තිබෙනු පෙනේ. මෙයද සැමකල්හි මනුෂ්‍ය පථයක දක්නට නොලැබේ. යම්කලෙක වනාහි යම් සෘද්ධිවන්තයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය කරයිද එකල සර්වඥ වූ බෝධිසත්ත්වයන් මව්කුසට පිවිසීම ආදියෙහි වෙයි. අද වනාහි කිසිවකු විසින් සෘද්ධි ප්‍රාතිහාර්යයක් නොකරන ලදි. මාගේ ශාස්තෲන් වහන්සේ මව්කුසට පිළිවිසියේ නොවේ. මව්කුසින් නික්මුනේ නොවේ. උන්වහන්සේගේ බුද්ධත්වය ද අද නොවේ. දම්සක් පැවැත්මද නැත. යමක ප්‍රාතිහාර්යයද නැත. දේවාරෝහණයද නැත. ආයු සංස්කාර හරණයද නොවේ. මාගේ ශාස්තෲන් වහන්සේ වනාහි මහලුය. ස්ථිරවම පිරිනිවන් පාන්නේය.

තතො – “පුච‍්ඡාමි න”න‍්ති චිත‍්තං උප‍්පාදෙත්‍වා – “සචෙ ඛො පන නිසින‍්නකොව පුච‍්ඡාමි, සත්‍ථරි අගාරවො කතො භවිස‍්සතී”ති උට‍්ඨහිත්‍වා ඨිතට‍්ඨානතො අපක‍්කම‍්ම ඡද‍්දන‍්තො නාගරාජා මණිචම‍්මං විය දසබලදත‍්තියං මෙඝවණ‍්ණං පංසුකූලචීවරං පාරුපිත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරස‍්මිං පතිට‍්ඨපෙත්‍වා සත්‍ථරි කතෙන ගාරවෙන ආජීවකස‍්ස අභිමුඛො හුත්‍වා – “ආවුසො, අම‍්හාකං සත්‍ථාරං ජානාසී”ති ආහ. කිං පන සත්‍ථු පරිනිබ‍්බානං ජානන‍්තො පුච‍්ඡි අජානන‍්තොති? ආවජ‍්ජනපටිබද‍්ධං ඛීණාසවානං ජානනං, අනාවජ‍්ජිතත‍්තා පනෙස අජානන‍්තො පුච‍්ඡීති එකෙ. ථෙරො සමාපත‍්තිබහුලො, රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානලෙණමණ‍්ඩපාදීසු නිච‍්චං සමාපත‍්තිබලෙනෙව යාපෙති, කුලසන‍්තකම‍්පි ගාමං පවිසිත්‍වා ද‍්වාරෙ සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා සමාපත‍්තිතො වුට‍්ඨිතොව භික‍්ඛං ගණ‍්හාති. ථෙරො කිර ඉමිනා පච‍්ඡිමෙන අත‍්තභාවෙන මහාජනානුග‍්ගහං කරිස‍්සාමි – “යෙ මය‍්හං භික‍්ඛං වා දෙන‍්ති ගන්‍ධමාලාදීහි වා සක‍්කාරං කරොන‍්ති, තෙසං තං මහප‍්ඵලං හොතූ”ති එවං කරොති. තස‍්මා සමාපත‍්තිබහුලතාය න ජානාති. ඉති අජානන‍්තොව පුච‍්ඡතීති වදන‍්ති, තං න ගහෙතබ‍්බං.

ඉක්බිති ඔහුගෙන් අසා බලන්නෙමියි සිතක් උපදවාගෙන, ඉදින් හිඳගෙනම විචාරන්නේ නම් ශාස්තෲන් වහන්සේට අගෞරවයක් කළා වන්නේයැයි නැගිට සිටි තැනින් ඉවත්ව ඡද්දන්ත ඇත්රජෙක් මාණික්‍යමය සම්කඩක් මෙන් දසබලයන් වහන්සේගේ දේහයෙහි මේඝවර්ණ වූ පංශුකූල චීවරය පොරවා නියදසය එක් කිරීමෙන් බබලන ඇඳිලි සිරසෙහි තබාගෙන ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ආජීවකයාට පෙරටුව ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේව දන්නේදැයි ඇසීය. ඇයි ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ බව නොදන්නෙහිදැයි ඇසීය. නොදන්නේ යයි කීය. ක්‍ෂීණාශ්‍රවයන් ගේ දැනුම ආවර්ජනාව හා බැඳී පවතී. ආවර්ජනා නොකළ බැවින් ඔහු නොදැන ඇසීයයි කෙනෙක් කියති. තෙරුන්වහන්සේ සමාපත්ති බහුලය. රාත්‍රී ස්ථාන, දිවාස්ථාන, ලෙන්, මණ්ඩප ආදියෙහි නිරන්තර සමාපත්ති බලයෙන් කල්ගත කරයි. කුලයට සමීප බවට පිවිස දොරකඩ සමාපත්තියට සමවැද සමාපත්තියෙන් නැගිට භික්‍ෂාව ගනී. තෙරුන්වහන්සේ වනාහි මේ අවසන් ආත්මභාවයෙන් මහාජනයාට උපකාර කරන්නෙමියි යමෙක් මා හට භික්‍ෂාව හෝ දෙත් ද ගඳමල් ආදියෙන් හෝ සැළකිලි දක්වත්ද ඔවුන්ට එය මහත්ඵල වන්නේ යයි මෙසේ කරයි. ඒ නිසා සමාපත්ති බහුල බැවින් නොදනී. මෙසේ නොදන්නා බැවින්ම අසයි කියා කියත්. එය නොගත යුතුයි.

න හෙත්‍ථ අජානනකාරණං අත්‍ථි. අභිලක‍්ඛිතං සත්‍ථු පරිනිබ‍්බානං අහොසි, දසසහස‍්සිලොකධාතුකම‍්පනාදීහි නිමිත‍්තෙහි. ථෙරස‍්ස පන පරිසාය කෙහිචි භික‍්ඛූහි භගවා දිට‍්ඨපුබ‍්බො, කෙහිචි න දිට‍්ඨපුබ‍්බො, තත්‍ථ යෙහිපි දිට‍්ඨපුබ‍්බො, තෙපි පස‍්සිතුකාමාව, යෙහිපි අදිට‍්ඨපුබ‍්බො, තෙපි පස‍්සිතුකාමාව. තත්‍ථ යෙහි න දිට‍්ඨපුබ‍්බො, තෙ අතිදස‍්සනකාමතාය ගන‍්ත්‍වා “කුහිං භගවා”ති පුච‍්ඡන‍්තා “පරිනිබ‍්බුතො”ති සුත්‍වා සන්‍ධාරෙතුං නාසක‍්ඛිස‍්සන‍්ති. චීවරඤ‍්ච පත‍්තඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා එකවත්‍ථා වා දුන‍්නිවත්‍ථා වා දුප‍්පාරුතා වා උරානි පටිපිසන‍්තා පරොදිස‍්සන‍්ති. තත්‍ථ මනුස‍්සා – “මහාකස‍්සපත්‍ථෙරෙන සද‍්ධිං ආගතා පංසුකූලිකා සයම‍්පි ඉත්‍ථියො විය පරොදන‍්ති, තෙ කිං අම‍්හෙ සමස‍්සාසෙස‍්සන‍්තී”ති මය‍්හං දොසං දස‍්සන‍්ති. ඉදං පන සුඤ‍්ඤං මහාඅරඤ‍්ඤං, ඉධ යථා තථා රොදන‍්තෙසු දොසො නත්‍ථි. පුරිමතරං සුත්‍වා නාම සොකොපි තනුකො හොතීති භික‍්ඛූනං සතුප‍්පාදනත්‍ථාය ජානන‍්තොව පුච‍්ඡි.

මෙහි නොදැනීම පිළිබඳ කාරණයක් නැත. ශාස්තෲ පරිනිර්වාණය වනාහි දස සහශ්‍රී ලෝකධාතුව කම්පාවීම් ආදි නිමිතිවලින් සලකුණු කරන ලදි. තෙරුන්ගේ පිරිසෙන් ඇතැම් භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේව දක්නා ලදි. කෙනෙකු විසින් නොදක්නා ලදි. එහි යමකු විසින් දැක තිබේද ඔව්හුද දකිනු කැමැත්තාහ. නොදුටුවිරූ අයද දකිනු කැමැත්තාහ. එහි යමකු විසින් නොදක්නා ලද ද ඔව්හු දැකීමට ඇති බලවත් ඕනෑකම නිසා ගොස් භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි විචාරන්නාහු පිරිනිවන් පෑවේයයි අසා දරාගත නොහැකි වූහ. සිවුරු ද පාත්‍රයද දමා එක් සිවුරක් පෙරවා හෝ යම්තමින් පොරවාගෙන පපුවට ගසාගනිමින් හඬන්නාහ. එහි මිනිස්සු මහා කස්සප තෙරුන් සමග පැමිණියා වූ පාංශුකූලික භික්‍ෂූහු තමන් ස්ත්‍රීන් මෙන් හඬත්. ඔව්හු කිම අපව සනසන්නේ නැද්දැයි මට දොස් පවරත්. මේ මහා වනාන්තරය හිස් වූවකි. මෙහි යම් යම් ආකාරයකින් හැඬීමෙහි දෝෂයක් නැත. කල්ඇතිව අසා ශෝකය අඩුවන්නේ යැයි භික්‍ෂූන්ට සිහිය උපදවා ගැනීම පිණිස දන්නාක් මෙන් විචාළේය.

අජ‍්ජ සත‍්තාහපරිනිබ‍්බුතො සමණො ගොතමොති අජ‍්ජ සමණො ගොතමො සත‍්තාහපරිනිබ‍්බුතො. තතො මෙ ඉදන‍්ති තතො සමණස‍්ස ගොතමස‍්ස පරිනිබ‍්බුතට‍්ඨානතො.

අජ්ජසත්තාහපරිනිබ්බුතො සමණො ගොතමො යනු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවන්පා සත් දිනකි. තතො මෙ ඉදං යනු ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවන් පෑ තැන් සිට.

සුභද‍්දො නාම වුඩ‍්ඪපබ‍්බජිතොති “සුභද‍්දො”ති තස‍්ස නාමං. වුඩ‍්ඪකාලෙ පන පබ‍්බජිතත‍්තා “වුඩ‍්ඪපබ‍්බජිතො”ති වුච‍්චති. කස‍්මා පන සො එවමාහ? භගවති ආඝාතෙන. අයං කිරෙසො ඛන්‍ධකෙ ආගතෙ ආතුමාවත්‍ථුස‍්මිං නහාපිතපුබ‍්බකො වුඩ‍්ඪපබ‍්බජිතො භගවති කුසිනාරතො නික‍්ඛමිත්‍වා අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි සද‍්ධිං ආතුමං ආගච‍්ඡන‍්තෙ භගවා ආගච‍්ඡතීති සුත්‍වා – “ආගතකාලෙ යාගුපානං කරිස‍්සාමී”ති සාමණෙරභූමියං ඨිතෙ ද‍්වෙ පුත‍්තෙ එතදවොච – “භගවා කිර, තාතා, ආතුමං ආගච‍්ඡති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි; ගච‍්ඡථ තුම‍්හෙ, තාතා, ඛුරභණ‍්ඩං ආදාය නාළියාවාපකෙන අනුඝරකං අනුඝරකං ආහිණ‍්ඩථ ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සංහරථ භගවතො ආගතස‍්ස යාගුපානං කරිස‍්සාමා”ති (මහාව· 303). තෙ තථා අකංසු.

සුභද්දො නාම වුඩ්ඪ පබ්බජිතො සුභද්ද යනු ඔහුගේ නාමයයි. මහලු කල්හි පැවිදි වූ බැවින් වුඩ්ඪපබ්බජිත යැයි කියනු ලැබේ. කුමක් නිසා ඔහු මෙසේ ප්‍රකාශ කළේද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛරයෙනි. මෙය වනාහි ඛන්‍ධකයෙහි ආතුමා වස්තුවේ ආවකි. කලින් කරණවෑමියකු වූ මහළු පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙන් නික්ම එක්දහස් දෙසියපනහක් භික්‍ෂූන් සමග ආතුම නගරයට යනකල්හි, භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ යැයි අසා වැඩියකල්හි කැඳ දානයක් දෙන්නෙමියි සාමණේරව සිටි පුතුන් දෙදෙනෙකුට මෙසේ කීය. දරුවෙනි! භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්දහස් දෙසියයක් මහා භික්‍ෂු සංඝයා සමග ආතුම නගරයට වඩින්නේය. දරුවෙනි, නුඹලා ගොස් හිසකෙස් කැපීමට උවමනා උපකරණ රැගෙන ගෙයක් පාසා ඇවිදින්න. ලුණු, තෙල්, හාල් හා අනුභව කළයුතු දේ රැස්කරව්. පැමිණියා වූ භාග්‍යවතුන් වහන්සේට කැඳ දානයක් දෙන්නෙමු කියා ඔව්හු එසේ කළහ.

මනුස‍්සා තෙ දාරකෙ මඤ‍්ජුකෙ පටිභානෙය්‍යකෙ දිස‍්වා කාරෙතුකාමාපි අකාරෙතුකාමාපි කාරෙන‍්තියෙව. කතකාලෙ – “කිං ගණ‍්හිස‍්සථ තාතා”ති පුච‍්ඡන‍්ති. තෙ වදන‍්ති – “න අම‍්හාකං අඤ‍්ඤෙන කෙනචි අත්‍ථො, පිතා පන නො භගවතො, ආගතකාලෙ යාගුදානං දාතුකාමො”ති. තං සුත්‍වා මනුස‍්සා අපරිගණෙත්‍වාව යං තෙ සක‍්කොන‍්ති ආහරිතුං, සබ‍්බං දෙන‍්ති. යම‍්පි න සක‍්කොන‍්ති, මනුස‍්සෙහි පෙසෙන‍්ති. අථ භගවති ආතුමං ආගන‍්ත්‍වා භුසාගාරං පවිට‍්ඨෙ සුභද‍්දො සායන‍්හසමයං ගාමද‍්වාරං ගන‍්ත්‍වා මනුස‍්සෙ ආමන‍්තෙසි – “උපාසකා, නාහං තුම‍්හාකං සන‍්තිකා අඤ‍්ඤං කිඤ‍්චි පච‍්චාසීසාමි, මය‍්හං දාරකෙහි ආභතානි තණ‍්ඩුලාදීනියෙව සඞ‍්ඝස‍්ස පහොන‍්ති. යං හත්‍ථකම‍්මං, තං මෙ දෙථා”ති. “ඉදඤ‍්චිදඤ‍්ච ගණ‍්හථා”ති සබ‍්බූපකරණානි ගාහෙත්‍වා විහාරෙ උද‍්ධනානි කාරෙත්‍වා එකං කාළකං කාසාවං නිවාසෙත්‍වා තාදිසමෙව පාරුපිත්‍වා – “ඉදං කරොථ, ඉදං කරොථා”ති සබ‍්බරත‍්තිං විචාරෙන‍්තො සතසහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා භොජ‍්ජයාගුඤ‍්ච මධුගොළකඤ‍්ච පටියාදාපෙසි. භොජ‍්ජයාගු නාම භුඤ‍්ජිත්‍වා පාතබ‍්බයාගු, තත්‍ථ සප‍්පිමධුඵාණිතමච‍්ඡමංසපුප‍්ඵඵලරසාදි යං කිඤ‍්චි ඛාදනීයං නාම සබ‍්බං පක‍්ඛිපති කීළිතුකාමානං සීසමක‍්ඛනයොග‍්ගා හොති සුගන්‍ධගන්‍ධා.

මිනිස්සු, ඒ දරුවන් මනහර, වැටහීම් ඇතියවුන් දැක කළයුතු දේත් නොකළ යුතු දේත් කරත්මය. කරන ලද කල්හිද දරුවෙනි, කුමක් ගන්නහුද කියා අසත්. අපට වෙනත් දෙයකින් ප්‍රයෝජනයක් නැතැයි ඔව්හු කියත්. අපගේ පියා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි කැඳ දානයක් දෙනු කැමැත්තේ යයි කියති. ඒ අසා මිනිස්සු පරීක්‍ෂා නොකොට ඔවුන්ට ගෙනෙන්ට හැකි සියල්ල දෙත්. යමක් නොහැකි වේද මිනිසුන් විසින් යවනු ලැබේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආතුමා නගරයට වැඩමවා ධාන්‍යාගාරයට පිවිසි කල්හි සුභද්ද තෙමේ සවස් කාලයේ ගම්දොරට ගොස් මිනිසුන් ඇමතීය. උපාසකවරුනි! මම නුඹලාගෙන් බලාපොරොත්තු නොවෙමි. මාගේ දරුවන් විසින් ගෙනෙන ලද තෙල් ආදියම සංඝයාට ප්‍රමාණවත්ය. මට අත් උදව් පමණක් දෙන්න. මේ මේ දේ ගන්න යැයි සියලු උපකරණ ගෙන්වාගෙන විහාරයෙහි උදුන් සූදානම් කර එක් කලු සිවුරක් හැඳ එබන්දක්ම පොරවා මෙය කරව්. මෙය කරව් යැයි මුළු රාත්‍රියම සංවිධානය කරමින් ලක්‍ෂයක් වියදම්කොට භොජ්ජයාගු නම් ආහාරය ද මධුගොළක නම් කැවිලි ද පිළියෙල කරවීය. භොජ්ජයාකු නම් අනුභව කොට පානය කළයුතු කැඳ, එහි ගිතෙල්, මීපැණි, මත්ස්‍ය, මාංශ, මල්ඵල රසාදිය යම් කෑයුතු දේ ඇද්ද ඒ සියල්ල එහි දැම්මවීය. ක්‍රීඩා කරන්නවුන්ට හිසේ ගෑමට සුදුසුය. සුවඳවත්ය.

අථ භගවා කාලස‍්සෙව සරීරපටිජග‍්ගනං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො පිණ‍්ඩාය චරිතුං ආතුමනගරාභිමුඛො පායාසි. මනුස‍්සා තස‍්ස ආරොචෙසුං – “භගවා පිණ‍්ඩාය ගාමං පවිසති, තයා කස‍්ස යාගු පටියාදිතා”ති. සො යථානිවත්‍ථපාරුතෙහෙව තෙහි කාළකකාසාවෙහි එකෙන හත්‍ථෙන දබ‍්බිඤ‍්ච කටච‍්ඡුඤ‍්ච ගහෙත්‍වා බ්‍රහ‍්මා විය දක‍්ඛිණජාණුමණ‍්ඩලං භූමියං පතිට‍්ඨපෙත්‍වා වන්‍දිත්‍වා – “පටිග‍්ගණ‍්හාතු මෙ, භන‍්තෙ, භගවා යාගු”න‍්ති ආහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කල්ඇතිවම සිරුර පිළිදැගුම් කොට භික්‍ෂු සංඝයා පිරිවරා පිඬු පිණිස හැසිරීමට ආතුමා නගරය දෙසට පිටත්ව ගියේය. භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට වඩියි. ඔබ විසින් කාහට කැඳ පිළිගන්වන්නේද කියා මිනිස්සු ඔහුට පැවසූහ. හෙතෙම හැඳ පෙරවා සිටි කලුපාට සිවුරුවලින්ම යුක්තව එක් අතකින් හැන්දක් ද ගෙන බ්‍රහ්මයා මෙන් දකුණු දණ බිම තබා වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කැඳ පිළිගනු සේක්වායි කීය.

තතො “ජානන‍්තාපි තථාගතා පුච‍්ඡන‍්තී”ති ඛන්‍ධකෙ ආගතනයෙන භගවා පුච‍්ඡිත්‍වා ච සුත්‍වා ච තං වුඩ‍්ඪපබ‍්බජිතං විගරහිත්‍වා තස‍්මිං වත්‍ථුස‍්මිං අකප‍්පියසමාදානසික‍්ඛාපදඤ‍්ච, ඛුරභණ‍්ඩපරිහරණසික‍්ඛාපදඤ‍්චාති ද‍්වෙ සික‍්ඛාපදානි පඤ‍්ඤපෙත්‍වා – “භික‍්ඛවෙ, අනෙකකප‍්පකොටියො භොජනං පරියෙසන‍්තෙහෙව වීතිනාමිතා, ඉදං පන තුම‍්හාකං අකප‍්පියං අධම‍්මෙන උප‍්පන‍්නං භොජනං, ඉමං පරිභුත‍්තානං අනෙකානි අත‍්තභාවසහස‍්සානි අපායෙස‍්වෙව නිබ‍්බත‍්තිස‍්සන‍්ති, අපෙථ මා ගණ‍්හථා”ති භික‍්ඛාචාරාභිමුඛො අගමාසි. එකභික‍්ඛුනාපි න කිඤ‍්චි ගහිතං.

ඉක්බිති දන්නා නමුත් තථාගතයන් වහන්සේලා විචාරත්යැයි ඛන්‍ධකවල ආ ආකාරයටම භාග්‍යවතුන් වහන්සේ විචාරා ද අසා ද ඒ මහලු පැවිද්දාට ගරහා ඒ අවස්ථාවෙහි අකප්පිය සමාදාන ශික්‍ෂාපදයද හිස්රැවුල් කපන උපකරණ භාවිතය පිළිබඳ ශික්‍ෂාපදයද යන ශික්‍ෂාපද දෙක පණවා මහණෙනි! අනේක කල්පකෝටි ගණනක් භෝජනය සොයන්නවුන් සමගම කල්ගත කරන ලදි. මෙය වනාහි නුඹලාට අකැපය. මේ අධර්මයෙන් උපයාගත් භෝජනය පරිභෝග කළාවූ අනේකවූ ආත්මභාව සියගණනක් අපායන්හිම උපදින්නේය. ඉවත්වන්න. නොගන්න. භික්‍ෂාව සඳහා පිටත්ව ගියේය. එක භික්‍ෂුවක්වත් කිසිවක් පිළිගත්තේ නැත.

සුභද‍්දො අනත‍්තමනො හුත්‍වා අයං “සබ‍්බං ජානාමී”ති ආහිණ‍්ඩති. සචෙ න ගහිතුකාමො, පෙසෙත්‍වා ආරොචෙතබ‍්බං. අයං පක‍්කාහාරො නාම සබ‍්බචිරං තිට‍්ඨන‍්තො සත‍්තාහමත‍්තං තිට‍්ඨෙය්‍ය. ඉදඤ‍්හි මම යාවජීවං පරියත‍්තං අස‍්ස. සබ‍්බං තෙන නාසිතං, අහිතකාමො අයං මය‍්හන‍්ති භගවති ආඝාතං බන්‍ධිත්‍වා දසබලෙ ධරන‍්තෙ කිඤ‍්චි වත‍්තුං නාසක‍්ඛි. එවං කිරස‍්ස අහොසි – “අයං උච‍්චා කුලා පබ‍්බජිතො මහාපුරිසො, සචෙ කිඤ‍්චි වක‍්ඛාමි, මංයෙව සන‍්තජ‍්ජෙස‍්සතී”ති. ස‍්වායං අජ‍්ජ “පරිනිබ‍්බුතො භගවා”ති සුත්‍වා ලද‍්ධස‍්සාසො විය හට‍්ඨතුට‍්ඨො එවමාහ.

සුභද්ද තෙමේ නොසතුටුව, මොහු සියල්ල දනිමියි ඇවිදියි. ඉදින් නොගනු කැමැත්තේ නම්, යවා දැන්විය යුතුයි. මේ පිසින ලද ආහාරය බෙහෝ දවස් තිබෙන්නේ දවස් හතක් තබාගත හැක. මෙය වනාහි මාගේ දිවි ඇතිතෙක් පවත්නේය. ඔහු විසින් සියල්ල නසන ලදි. මොහු මා කෙරෙහි හිතවත් බවක් නැත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ දසබලයන් වහන්සේ ජීවමානව සිටියදී කිසිවක් කියන්නට නොහැකි විය. ඔහුට මෙසේ සිතිණ. මේ උසස් කුලයෙන් පැවිදි වූ මහාපුරුෂයෙකි. ඉදින් කිසිවක් කියමිද මට ම තර්ජනය කරන්නේය. ඒ මේ භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පෑවේයයි අසා ලබන ලද අස්වැසුම් ඇත්තෙක් මෙන් තුටුපහටු වූයේ මෙසේ කීය.

ථෙරො තං සුත්‍වා හදයෙ පහාරදානං විය මත්‍ථකෙ පතිතසුක‍්ඛාසනි විය මඤ‍්ඤි, ධම‍්මසංවෙගො චස‍්ස උප‍්පජ‍්ජි – “සත‍්තාහමත‍්තපරිනිබ‍්බුතො භගවා, අජ‍්ජාපිස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං ධරතියෙව, දුක‍්ඛෙන භගවතා ආරාධිතසාසනෙ නාම එවං ලහු මහන‍්තං පාපකසටං කණ‍්ටකො උප‍්පන‍්නො, අලං ඛො පනෙස පාපො වඩ‍්ඪමානො අඤ‍්ඤෙපි එවරූපෙ සහායෙ ලභිත්‍වා සක‍්කා සාසනං ඔසක‍්කාපෙතු”න‍්ති. තතො ථෙරො චින‍්තෙසි –

තෙරුන්වහන්සේ එය අසා හදවතට වැදුනු පහරක් මෙන් හිතට පාත්වූ වියලි හෙණයක් මෙන් හැඟී ගියේය. උන්වහන්සේට ධර්ම සංවේගය පහළවිය. දවස් හතකට පළමු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවත් අද ද උන්වහන්සේගේ දේහය රන්පැහැයෙන් යුක්තමය. භාග්‍යවතුන් වහන්සේ විසින් දුකසේ ගොඩනැගූ සසුනෙහි මේ සුළු පාපී කසටක්, කටුවක් ඇතිවිය. මේ පවිටා වනාහි වැඩෙන්නේ මෙබඳු වූ වෙනත් සහායකයන් ලැබ ශාසනය පසුබස්වන්නට හැකිවන්නේය. ඉක්බිති තෙරුන්වහන්සේ සිතීය -

“සචෙ ඛො පනාහං ඉමං මහල‍්ලකං ඉධෙව පිලොතිකං නිවාසාපෙත්‍වා ඡාරිකාය ඔකිරාපෙත්‍වා නීහරාපෙස‍්සාමි, මනුස‍්සා ‘සමණස‍්ස ගොතමස‍්ස සරීරෙ ධරමානෙයෙව සාවකා විවදන‍්තී’ති අම‍්හාකං දොසං දස‍්සෙස‍්සන‍්ති අධිවාසෙමි තාව.

ඉදින් වනාහි මම මේ මහල්ලාව මෙහිම රෙදිකඩක් අන්දවා අළු විසුරුවා බැහැර කරවන්නෙමි ද මිනිස්සු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දේහය තිබියදීම ශ්‍රාවකයෝ විවාද ඇතිකර ගනිත් යැයි අපට දොස් පවරත් යැයි සිතා ඉවසන්නෙමි.

භගවතා හි දෙසිතො ධම‍්මො අසඞ‍්ගහිතපුප‍්ඵරාසිසදිසො. තත්‍ථ යථා වාතෙන පහටපුප‍්ඵානි යතො වා තතො වා ගච‍්ඡන‍්ති, එවමෙව එවරූපානං පාපපුග‍්ගලානං වසෙන ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ විනයෙ එකං ද‍්වෙ සික‍්ඛාපදානි නස‍්සිස‍්සන‍්ති, සුත‍්තෙ එකො ද‍්වෙ පඤ‍්හාවාරා නස‍්සිස‍්සන‍්ති, අභිධම‍්මෙ එකං ද‍්වෙ භූමන‍්තරානි නස‍්සිස‍්සන‍්ති, එවං අනුක‍්කමෙන මූලෙ නට‍්ඨෙ පිසාචසදිසා භවිස‍්සාම; තස‍්මා ධම‍්මවිනයසඞ‍්ගහං කරිස‍්සාම. එවඤ‍්හි සති දළ‍්හං සුත‍්තෙන සඞ‍්ගහිතානි පුප‍්ඵානි විය අයං ධම‍්මවිනයො නිච‍්චලො භවිස‍්සති.

භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි එකට එකතු නොකළ මල් රාශියක් මෙන් ධර්මය දේශනා කරන ලදි. එහි යම්සේ වාතය වැදීමෙන් සමහර මල් එහෙ මෙහෙ විසිරී යයි. එපරිද්දෙන් මේ මෙබඳු පවිටු පුද්ගලයන් නිසා කල්ගත වනවිට විනයෙහි ශික්‍ෂාපද එක දෙක බැගින් විනාශ වන්නේය. සූත්‍රයන්හි එකක් දෙකක් ප්‍රශ්න වාරයන් නැසී යත්. අභිධර්මයෙහි එක දෙක වෙනස් වෙනස් භූමිකාවන් නැසී යත්. මෙසේ පිළිවෙලින් මුල නැසුනු කල්හි පිසාචයන් හා සමවූවෝ වෙමු. ඒ නිසා ධර්මවිනය සංගායනාවක් කරන්නෙමු. මෙසේ ඇතිකල්හි ශක්තිමත් නූලකින් ගැට ගසන ලද මල් මෙන් මේ ධර්මවිනය ස්ථිරව පිහිටන්නේය.

එතදත්‍ථඤ‍්හි භගවා මය‍්හං තීණි ගාවුතානි පච‍්චුග‍්ගමනං අකාසි, තීහි ඔවාදෙහි උපසම‍්පදං අදාසි, කායතො අපනෙත්‍වා කායෙ චීවරපරිවත‍්තනං අකාසි, ආකාසෙ පාණිං චාලෙත්‍වා චන්‍දූපමං පටිපදං කථෙන‍්තො මං කායසක‍්ඛිං කත්‍වා කථෙසි, තික‍්ඛත‍්තුං සකලසාසනදායජ‍්ජං පටිච‍්ඡාපෙසි. මාදිසෙ භික‍්ඛුම‍්හි තිට‍්ඨමානෙ අයං පාපො සාසනෙ වුඩ‍්ඪිං මා අලත්‍ථ. යාව අධම‍්මො න දිප‍්පති, ධම‍්මො න පටිබාහියති. අවිනයො න දිප‍්පති විනයො න පටිබාහියති. අධම‍්මවාදිනො න බලවන‍්තො හොන‍්ති, ධම‍්මවාදිනො න දුබ‍්බලා හොන‍්ති; අවිනයවාදිනො න බලවන‍්තො හොන‍්ති, විනයවාදිනො න දුබ‍්බලා හොන‍්ති. තාව ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිස‍්සාමි. තතො භික‍්ඛූ අත‍්තනො අත‍්තනො පහොනකං ගහෙත්‍වා කප‍්පියාකප‍්පියං කථෙස‍්සන‍්ති. අථායං පාපො සයමෙව නිග‍්ගහං පාපුණිස‍්සති, පුන සීසං උක‍්ඛිපිතුං න සක‍්ඛිස‍්සති, සාසනං ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච භවිස‍්සතී”ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා මට ගව්තුනක් පෙරගමන් කළේය. අවවාද තුනකින් උපසම්පදාව දුන්නේය. කයින් සිවුරු පෙරළිය කළේය. අහසට අත දිගුකර චන්ද්‍රයාට සමාන උපමා ප්‍රතිපදාවක් කියා සාක්‍ෂ්‍ය සහිතව කීවේය. තුන්වරක් මුළුශාසන නමැති රත්නය සඟවාලීය. මා වැනි භික්‍ෂූන් සිටියදී මේ පාපියෙක් සසුනෙහි දියුණුවන්නට ඉඩක් නොලැබිය යුතුයි. යම්තාක් අධර්මය නොබැබලෙයිද ඒතාක් ධර්මය පසුබසින්නේ නැත. යම්තාක් අවිනය නොබැබලේද ඒ තාක් විනය පරාජය නොවෙයි. අධර්මවාදීහු බලවත් නොවෙත්. ධර්මවාදීහු දුර්වල නොවෙත්. විනය විරෝධීහු බලවන්තයෝ නොවෙත්. විනයවාදීහු දුර්වල නොවෙත්. ඒ තාක් අපි ධර්මවිනය දෙක සංගායනා කරන්නෙමු. ඉක්බිති භික්‍ෂූහු තම තමන්ට ගැලපෙන දේ ගෙන කැප-අකැප දේ කියන්නාහ. ඉක්බිති මේ පවිටා තමාම නින්දාවට පැමිණෙන්නේය. නැවත හිස ඔසවන්නට අසමත් වෙයි. ශාසනය සමෘද්ධිමත්, සම්පත් ඇතිවන්නේය.

සො එවං නාම මය‍්හං චිත‍්තං උප‍්පන‍්නන‍්ති කස‍්සචි අනාරොචෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සමස‍්සාසෙසි. තෙන වුත‍්තං – “අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො…පෙ… නෙතං ඨානං විජ‍්ජතී”ති.

හෙතෙම මෙසේ මා හට සිතිවිල්ලක් උපන්නේ යැයි කිසිවකුට නොදන්වා භික්‍ෂු සංඝයාව සැනසීය. එබැවින් කියන ලදි. ‘අථඛො ආයස්මා මහාකස්සපො -පෙ- හෙතං ඨානං විජ්ජති’ (ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්වහන්සේ -පෙ- මෙය සිදුවිය නොහැක්කකි.)

චිතකන‍්ති වීසරතනසතිකං චන්‍දනචිතකං. ආළිම‍්පෙස‍්සාමාති අග‍්ගිං ගාහාපෙස‍්සාම. න සක‍්කොන‍්ති ආළිම‍්පෙතුන‍්ති අට‍්ඨපි සොළසපි ද‍්වත‍්තිංසපි ජනා ජාලනත්‍ථාය යමකයමකඋක‍්කායො ගහෙත්‍වා තාලවණ‍්ටෙහි බීජන‍්තා භස‍්තාහි ධමන‍්තා තානි තානි කාරණානි කරොන‍්තාපි න සක‍්කොන‍්තියෙව අග‍්ගිං ගාහාපෙතුං. දෙවතානං අධිප‍්පායොති එත්‍ථ තා කිර දෙවතා ථෙරස‍්ස උපට‍්ඨාකදෙවතාව. අසීතිමහාසාවකෙසු හි චිත‍්තානි පසාදෙත්‍වා තෙසං උපට‍්ඨාකානි අසීතිකුලසහස‍්සානි සග‍්ගෙ නිබ‍්බත‍්තානි. තත්‍ථ ථෙරෙ චිත‍්තං පසාදෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තා දෙවතා තස‍්මිං සමාගමෙ ථෙරං අදිස‍්වා – “කුහිං නු ඛො අම‍්හාකං කුලූපකත්‍ථෙරො”ති අන‍්තරාමග‍්ගෙ පටිපන‍්නං දිස‍්වා “අම‍්හාකං කුලූපකත්‍ථෙරෙන අවන්‍දිතෙ චිතකො මා පජ‍්ජලිත්‍ථා”ති අධිට‍්ඨහිංසු.

චිතකං විසිරියනක් උස සඳුන් චිතකය. ආළිම්පෙස්සාම යනු ගිනි ගන්වමු. න සක්කොන්ති ආළිම්පෙතුං යනු අටදෙනෙක්, දහසය දෙනෙක්, තිස්දෙකක් වශයෙන් ජනයා එකතුවී පන්දම් දෙක බැගින් ගෙන තල්වැටින් පවන් ගසමින් සම් පසුබිම්වලින් පිඹිමින් ඒ ඒ දේ කරමින් ගිනි ගන්වන්නට නොහැකි විය. දෙවකානං අධිප්පායො මෙහිදී ඒ දේවතාවෝ ද තෙරුන්ගේ උපස්ථායක දෙවියෝ ද අසූමහා ශ්‍රාවකයන් කෙරෙහි සිත් පහදවා උන්වහන්සේලාට උපස්ථාන කරන අසුව අසුව බැගින් කුල දහසක් ස්වර්ගයෙහි උපන්නාහ. එපරිද්දෙන් තෙරුන් කෙරෙහි සිත පහදවා ස්වර්ගයෙහි උපන් දෙවිවරු ඒ හමුවේදී තෙරුන් නොදක, අපගේ හිතමිත්‍ර තෙරුන් වහන්සේ කොහිදැයි සොයන්නාහු අතරමග වඩින දැක අපගේ මිත්‍ර තෙරුන් වහන්සේ වඳිනතුරු චිතකය ගිනි නොගනීවායි අධිෂ්ඨාන කළහ.

මනුස‍්සා තං සුත්‍වා – “මහාකස‍්සපො කිර නාම භො භික‍්ඛු පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං ‘දසබලස‍්ස පාදෙ වන්‍දිස‍්සාමී’ති ආගච‍්ඡති. තස‍්මිං කිර අනාගතෙ චිතකො න පජ‍්ජලිස‍්සති. කීදිසො භො සො භික‍්ඛු කාළො ඔදාතො දීඝො රස‍්සො, එවරූපෙ නාම භො භික‍්ඛුම‍්හි ඨිතෙ කිං දසබලස‍්ස පරිනිබ‍්බානං නාමා”ති කෙචි ගන්‍ධමාලාදිහත්‍ථා පටිපථං ගච‍්ඡිංසු. කෙචි වීථියො විචිත‍්තා කත්‍වා ආගමනමග‍්ගං ඔලොකයමානා අට‍්ඨංසු.

මිනිස්සු එය අසා මහා කාශ්‍යප නම් වූ ඒ භික්‍ෂූන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් සමග දසබලයන් වහන්සේගේ පා වඳින්නෙමියි එයි. උන්වහන්සේ පැමිණෙන තෙක් චිතකය නොදැල්වෙයි. ඒ භික්‍ෂුව කෙබඳු කෙනෙක්ද? කළුද සුදු ද? උස ද මිටිද? මෙබඳු වූ භික්‍ෂූන් සිටි කල්හි දසබලයන් වහන්සේගේ පිරිනිවන්පෑම කුමක්දැයි කෙනෙක් සුවඳමල් ආදිය ගෙන ඉදිරිමගට පිළිපන්හ. කෙනෙක් වීදි රසසා එන මග බලමින් සිටියහ.

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො යෙන කුසිනාරා…පෙ… සිරසා වන්‍දීති ථෙරො කිර චිතකං පදක‍්ඛිණං කත්‍වා ආවජ‍්ජන‍්තොව සල‍්ලක‍්ඛෙසි – “ඉමස‍්මිං ඨානෙ සීසං, ඉමස‍්මිං ඨානෙ පාදා”ති. තතො පාදානං සමීපෙ ඨත්‍වා අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය – “අරාසහස‍්සපටිමණ‍්ඩිතචක‍්කලක‍්ඛණපතිට‍්ඨිතා දසබලස‍්ස පාදා සද‍්ධිං කප‍්පාසපටලෙහි පඤ‍්ච දුස‍්සයුගසතානි සුවණ‍්ණදොණිං චන්‍දනචිතකඤ‍්ච ද‍්වෙධා කත්‍වා මය‍්හං උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං පතිට‍්ඨහන‍්තූ”ති අධිට‍්ඨාසි. සහ අධිට‍්ඨානචිත‍්තෙන තානි පඤ‍්ච දුස‍්සයුගසතානි ද‍්වෙධා කත්‍වා වලාහකන‍්තරා පුණ‍්ණචන්‍දො විය පාදා නික‍්ඛමිංසු. ථෙරො විකසිතරත‍්තපදුමසදිසෙ හත්‍ථෙ පසාරෙත්‍වා සුවණ‍්ණවණ‍්ණෙ සත්‍ථුපාදෙ යාව ගොප‍්ඵකා දළ‍්හං ගහෙත්‍වා අත‍්තනො සිරවරෙ පතිට‍්ඨපෙසි. තෙන වුත‍්තං – “භගවතො පාදෙ සිරසා වන්‍දී”ති.

ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්වහන්සේ කුසිනාරාව දෙසට හිසනමා වැන්දේය. තෙරුන් වහන්සේ චිතකය ප්‍රදක්‍ෂිණා කොට ආවර්ජනා කරමින් මේ ස්ථානයේ පාදයෝ වන්නාහ. ඉක්බිති පා සමීපයේ සිට අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගිට චක්‍රලක්‍ෂණ දහසකින් සමලංකෘත දසබලයන් වහන්සේගේ පාදයෝ කපු වැදැල්ලක් සමග වස්ත්‍ර යුගල පන්සියයක් ද ස්වර්ණමය දෙන ද සඳුන් චිතකය ද දෙකට බෙදී අවුත් මාගේ හිස මුදුනේ පිහිටාවායි අධිෂ්ඨාන කළේය. අධිෂ්ඨාන සිතත් සමගම ඒ වස්තු යුගලයන් දෙබෑ වී වලාකුළු අතරින් පූර්ණ චන්ද්‍රයා මෙන් ශ්‍රීපාදයෝ නික්මුණාහ. තෙරුන් වහන්සේ විකසිත වූ රත්පියුම් හා සමාන වූ අත් දිගුකර ස්වර්ණවර්ණ වූ ශාස්තෲන් වහන්සේගේ ශ්‍රීපාදයන් වළලුකර තෙක් දැඩිව අල්ලාගෙන තමන්ගේ සිරසෙහි තබාගත්තේය. එබැවින් මෙසේ ඇත. භගවතො පාදෙ සිරසා වන්‍දී (භාග්‍යවතුන් වහන්සේගේ පාදයෝ හිසින් වඳිනු ලැබූහ.) යැයි කියා ඇත.

මහාජනො තං අච‍්ඡරියං දිස‍්වා එකප‍්පහාරෙනෙව මහානාදං නදි, ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා යථාරුචි වන්‍දි. එවං පන ථෙරෙන ච මහාජනෙන ච තෙහි ච පඤ‍්චහි භික‍්ඛුසතෙහි වන්‍දිතමත‍්තෙ පුන අධිට‍්ඨානකිච‍්චං නත්‍ථි. පකතිඅධිට‍්ඨානවසෙනෙව ථෙරස‍්ස හත්‍ථතො මුච‍්චිත්‍වා අලත‍්තකවණ‍්ණානි භගවතො පාදතලානි චන්‍දනදාරුආදීසු කිඤ‍්චි අචාලෙත්‍වාව යථාඨානෙ පතිට‍්ඨහිංසු, යථාඨානෙ ඨිතානෙව අහෙසුං. භගවතො හි පාදෙසු නික‍්ඛමන‍්තෙසු වා පවිසන‍්තෙසු වා කප‍්පාසඅංසු වා දසිකතන‍්තං වා තෙලබින්‍දු වා දාරුක‍්ඛන්‍ධං වා ඨානා චලිතං නාම නාහොසි. සබ‍්බං යථාඨානෙ ඨිතමෙව අහොසි. උට‍්ඨහිත්‍වා පන අත්‍ථඞ‍්ගතෙ චන්‍දෙ විය සූරියෙ විය ච තථාගතස‍්ස පාදෙසු අන‍්තරහිතෙසු මහාජනො මහාකන්‍දිතං කන්‍දි. පරිනිබ‍්බානකාලතො අධිකතරං කාරුඤ‍්ඤං අහොසි.

මහාජනයා මේ පුදුමය දැක එකහඬින් මහානාද පැවැත්වූහ. ගඳමල් ආදියෙන් පුදා ඇතිතෙක් වැන්දේය. මෙසේ වනාහි තෙරුන් වහන්සේ විසිනුත් මහාජනයා විසිනුත් ඒ භික්‍ෂූන් පන්සියය විසිනුත් වඳිනවාත් සමගම නැවත අධිෂ්ඨාන කිරීමේ කාර්යයක් නැත. ප්‍රකෘති අධිෂ්ඨාන වශයෙන් ම තෙරුන් වහන්සේගේ අතින් මිදී ලාරස බඳු පැහැ ඇති භාග්‍යවතුන් වහන්සේගේ අතින් මිදී ලාරස බඳු පැහැ ඇති භාග්‍යවතුන් වහන්සේගේ පාදතලයෝ සඳුන් දර ආදී කිසිවක නොගැටී පිහිටි තැනම පිහිටියාහ. නියම තැන පිහිටියේ විය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් පිටවන විටදී හෝ ඇතුල්වන විටදී පුළුන් අංශුවක්වත් රෙදි දාවළු නූල් පොටක්වත් තෙල් බිඳුවක්වත් ලී කැබැල්ලක්වත් තිබුණු තැනින් සෙලවූයේවත් නැත. සියල්ල නියම තැන්වල තිබූ ලෙසින්ම විය. නැගිට වනාහි අස්තයට ගිය සූර්යයා මෙන් ද චන්ද්‍රයා මෙන් ද තථාගතයන් වහන්සේගේ පා ළඟ අතුරුසිදුරු නැතිව මහාජනයා මහා හඬින් විලාප නැගූහ. පිරිනිවන් පෑ අවස්ථාවටත් වඩා කරුණාවෙන් යුක්ත විය.

සයමෙව භගවතො චිතකො පජ‍්ජලීති ඉදං පන කස‍්සචි පජ‍්ජලාපෙතුං වායමන‍්තස‍්ස අදස‍්සනවසෙන වුත‍්තං. දෙවතානුභාවෙන පනෙස සමන‍්තතො එකප‍්පහාරෙනෙව පජ‍්ජලි.

සයමෙව භගවතො චිතකො පජ්ජලි යනු මෙය වනාහි දල්වන්නට උත්සාහ කරන කිසිවකුටත් නොපෙනීම් වශයෙන් කියන ලදි. දේවතානු භාවයෙන් වනාහි මෙය හාත්පසින් එක්වරම දිලිසෙන්නට විය.

සරීරානෙව අවසිස‍්සිංසූති පුබ‍්බෙ එකග‍්ඝනෙන ඨිතත‍්තා සරීරං නාම අහොසි. ඉදානි විප‍්පකිණ‍්ණත‍්තා සරීරානීති වුත‍්තං සුමනමකුළසදිසා ච ධොතමුත‍්තසදිසා ච සුවණ‍්ණසදිසා ච ධාතුයො අවසිස‍්සිංසූති අත්‍ථො. දීඝායුකබුද‍්ධානඤ‍්හි සරීරං සුවණ‍්ණක‍්ඛන්‍ධසදිසං එකමෙව හොති. භගවා පන – “අහං න චිරං ඨත්‍වා පරිනිබ‍්බායාමි, මය‍්හං සාසනං තාව සබ‍්බත්‍ථ න විත්‍ථාරිතං, තස‍්මා පරිනිබ‍්බුතස‍්සාපි මෙ සාසපමත‍්තම‍්පි ධාතුං ගහෙත්‍වා අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානෙ චෙතියං කත්‍වා පරිචරන‍්තො මහාජනො සග‍්ගපරායණො හොතූ”ති ධාතූනං විකිරණං අධිට‍්ඨාසි. කති, පනස‍්ස ධාතුයො විප‍්පකිණ‍්ණා, කති න විප‍්පකිණ‍්ණාති. චතස‍්සො දාඨා, ද‍්වෙ අක‍්ඛකා, උණ‍්හීසන‍්ති ඉමා සත‍්ත ධාතුයො න විප‍්පකිරිංසු, සෙසා විප‍්පකිරිංසූති. තත්‍ථ සබ‍්බඛුද‍්දකා ධාතු සාසපබීජමත‍්තා අහොසි, මහාධාතු මජ‍්ඣෙ භින‍්නතණ‍්ඩුලමත‍්තා, අතිමහතී මජ‍්ඣෙ භින‍්නමුග‍්ගමත‍්තාති.

සරීරානෙව අවසිස්සිංසු කලින් එක ගොඩක සමූහයක් වශයෙන් පැවැති බැවින් ශරීරය (සරීරං) නම් විය. දැන් විසිරීගිය බැවින් ‘සරීරානි’ කියන ලදි. සමන්මල් පොහොට්ටුවක් බඳු වූ ද සෝදන ලද මුතු ඇටයක් සමාන වූ ද රන් හා සමාන වූ ද ධාතූන් වහන්සේලා ඉතිරි වූහ යන අර්ථයි. දීර්ඝායුෂ විඳි බුදුවරයන් වහන්සේලාගේ ශරීර රන්කඳක් මෙන් ඒකඝන වෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මම බොහෝකල් නොසිට පිරිනිවන් පාන්නෙමි. මාගේ ශාසනය තවමහත් සැමතන්හි පැතිරුනේ නැත. ඒ නිසා පිරිනිවන් පෑවා වූ මාගේ අබඇටයක් පමණ වූ ද ධාතූන් රැගෙන තම තමන් වසන තැන්වල චෛත්‍යයක් කොට ගරු දක්වන්නා වූ මහාජනයා ස්වර්ග පරායණ වන්නාහු යයි ධාතූන් වහන්සේලා පැතිරයාම අධිෂ්ඨාන කළ සේක. උන්වහන්සේගේ ඇතැම් ධාතූන් වහන්සේලා විසිරී ගියහ. කීපයක් විසිර ගියේ නැත. දළදා වහන්සේලා සතර නමත් අකුධාතු දෙකත් නළල ය යන ධාතූන් සත්නම නො විසිරුණාහ. ඉතිරිවා විසිරී ගියේය. එහිදී කුඩාම ධාතූන් වහන්සේලා අබ ඇට පමණ වූහ. මහා ධාතූන් වහන්සේලා මැදින් කැඩුනු හාල්ඇටයක් ප්‍රමාණ වූහ. ඉතාම විශාල ඒවා මැදින් බිඳුනු මුංඇටයක ප්‍රමාණ විය.

උදකධාරාති අග‍්ගබාහුමත‍්තාපි ජඞ‍්ඝමත‍්තාපි තාලක‍්ඛන්‍ධමත‍්තාපි උදකධාරා ආකාසතො පතිත්‍වා නිබ‍්බාපෙසි. උදකසාලතොති පරිවාරෙත්‍වා ඨිතසාලරුක‍්ඛෙ සන්‍ධායෙතං වුත‍්තං, තෙසම‍්පි හි ඛන්‍ධන‍්තරවිටපන‍්තරෙහි උදකධාරා නික‍්ඛමිත්‍වා නිබ‍්බාපෙසුං. භගවතො චිතකො මහන‍්තො. සමන‍්තා පථවිං භින්‍දිත්‍වාපි නඞ‍්ගලසීසමත‍්තා උදකවට‍්ටි ඵලිකවටංසකසදිසා උග‍්ගන‍්ත්‍වා චිතකමෙව ගණ‍්හන‍්ති. ගන්‍ධොදකෙනාති සුවණ‍්ණඝටෙ රජතඝටෙ ච පූරෙත්‍වා ආභතනානාගන්‍ධොදකෙන. නිබ‍්බාපෙසුන‍්ති සුවණ‍්ණමයරජතමයෙහි අට‍්ඨදණ‍්ඩකෙහි විකිරිත්‍වා චන්‍දනචිතකං නිබ‍්බාපෙසුං.

උදක ධාරා යනු බාහුවේ අග, කෙණ්ඩාව පමණ තල්කඳක් පමණ වූ දියධාරාවන් අහසින් වැටී නිවා දැම්මේය. උදකසාලකෙ පිරිවරා සිටි සල්ගස් ගැන මෙය කියන ලදි. ඒවායේදී අතු රිකිළි අතරද ජලධාරා නිකුත්වී නිවා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ගේ චිතකය විශාල වූවකි. හාත්පසින් පොළොව බිඳී නගුලිස පමණ දියදහරක්, මුදුන්මල්කඩක් බඳු දිය දහරා උඩට නැගී චිතකයට වදී. ගන්‍ධොදකෙන රන් කළයකද රිදී කළයකද පුරවා ගෙනෙන ලද නොයෙක් සුවඳ ජලයෙන් නිබ්බාපෙසුං ස්වර්ණමය, රිදීමය, දඬු අටකින් විසුරුවා සඳුන් සෑය නිවා දැමූහ.

එත්‍ථ ච චිතකෙ ඣායමානෙ පරිවාරෙත්‍වා ඨිතසාලරුක‍්ඛානං සාඛන‍්තරෙහි විටපන‍්තරෙහි පත‍්තන‍්තරෙහි ජාලා උග‍්ගච‍්ඡන‍්ති, පත‍්තං වා සාඛා වා පුප‍්ඵං වා දඩ‍්ඪා නාම නත්‍ථි, කිපිල‍්ලිකාපි මක‍්කටකාපි ජාලානං අන‍්තරෙනෙව විචරන‍්ති. ආකාසතො පතිතඋදකධාරාසුපි සාලරුක‍්ඛෙහි නික‍්ඛන‍්තඋදකධාරාසුපි පථවිං භින්‍දිත්‍වා නික‍්ඛන‍්තඋදකධාරාසුපි ධම‍්මකථාව පමාණං. එවං චිතකං නිබ‍්බාපෙත්‍වා පන මල‍්ලරාජානො සන්‍ථාගාරෙ චතුජ‍්ජාතියගන්‍ධපරිභණ‍්ඩං කාරෙත්‍වා ලාජපඤ‍්චමානි පුප‍්ඵානි විකිරිත්‍වා උපරි චෙලවිතානං බන්‍ධිත්‍වා සුවණ‍්ණතාරකාදීහි ඛචිත්‍වා තත්‍ථ ගන්‍ධදාමමාලාදාමරතනදාමානි ඔලම‍්බෙත්‍වා සන්‍ථාගාරතො යාව මකුටබන්‍ධනසඞ‍්ඛාතා සීසපසාධනමඞ‍්ගලසාලා, තාව උභොහි පස‍්සෙහි සාණිකිලඤ‍්ජපරික‍්ඛෙපං කාරෙත්‍වා උපරි චෙලවිතානං බන්‍ධාපෙත්‍වා සුවණ‍්ණතාරකාදීහි ඛචිත්‍වා තත්‍ථපි ගන්‍ධදාමමාලාදාමරතනදාමානි ඔලම‍්බෙත්‍වා මණිදණ‍්ඩවණ‍්ණෙහි වෙණූහි ච පඤ‍්චවණ‍්ණද‍්ධජෙ උස‍්සාපෙත්‍වා සමන‍්තා වාතපටාකා පරික‍්ඛිපිත්‍වා සුසම‍්මට‍්ඨාසු වීථීසු කදලියො ච පුණ‍්ණඝටෙ ච ඨපෙත්‍වා දණ‍්ඩකදීපිකා ජාලෙත්‍වා අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධෙ සහ ධාතූහි සුවණ‍්ණදොණිං ඨපෙත්‍වා මාලාගන්‍ධාදීහි පූජෙන‍්තා සාධුකීළිතං කීළන‍්තා අන‍්තොනගරං පවෙසෙත්‍වා සන්‍ථාගාරෙ සරභමයපල‍්ලඞ‍්කෙ ඨපෙත්‍වා උපරි සෙතච‍්ඡත‍්තං ධාරෙසුං. එවං කත්‍වා – “අථ ඛො කොසිනාරකා මල‍්ලා භගවතො සරීරානි සත‍්තාහං සන්‍ථාගාරෙ සත‍්තිපඤ‍්ජරං කරිත්‍වා”ති සබ‍්බං වෙදිතබ‍්බං.

මේ චිතකය දැවෙන කල්හි පිරිවරා සිටි සල් ගස්වල අතුපතරින් රිකිලි අතුරින් පත්‍ර අතුරින් ගිනිදැල් පැන නගී. පත්‍රයක් හෝ අත්තක් හෝ මලක් හෝ දැවුනේ නම් නැත. කුහුඹියෝ ද වාණරයෝ ද, ගිනිදැල් අතර නොහැසිරෙත්. අහසින් වැටුනු දියධාරාවල ද සල්ගස්වලින් නිකුත් වූ දියධාරාවලද පොළව පලාගෙන මතු වූ දියධාරාවලද ස්වභාවය ප්‍රමාණවත්ය. මෙසේ චිතකය නිවාදමා මල්ල රජවරු සන්‍ථාගාරයේ සිව් වර්ගයක සුවඳ පිරිබඩවා ලදපස්මල් විසුරුවා මත්තෙහි රෙදිවියන් බඳවා ස්වර්ණමය තාරකාවලින් සරසා එහි සුවඳ මාලාවන්, මල්මාලාවන්, එල්වා සන්‍ථාගාරයේ සිට ශිර්ෂාභරණ බැඳීම් සංඛ්‍යාත හිස සරසන මංගල්‍ය ශාලාව දක්වා දෙපස තිර හා කළාලවලින් ආවරණය කර මත්තෙහි රෙදි උඩුවියන් බඳවා ස්වර්ණමය තාරකාවලින් සරසවා එහිද සුවඳවැල්, මල්මාලා, මාණික්‍ය වැල් ආදිය එල්වා මිණිදඬුවලින් ද උණගස්වලින්ද පංචවර්ණ කොඩි ඔසවා හාත්පස ධජපතාක ඔසවා සමතලා මාර්ගවල කෙසෙල්ගස්ද පුන්කලස් ද තබවා දඬුවැටපහන් දල්වා අලංකාර කරන ලද හස්තිරාජයාගේ පිටෙහි ධාතුන් වහන්සේලා සහිත රුවන් දෙණ තබා මල්ගඳ ආදියෙන් පුදා උත්සවශ්‍රීය පවත්වමින් ඇතුල් නගරයට පිවිස සන්‍ථාගාරයේ (නගර ශාලාවේ) ශක්තිමත් ආසනයක තබා ඒ මත්තෙහි ශ්වේතඡත්‍රයක් දැරීය. ‘ඉක්බිති කුසිනාරා නුවර මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නගර ශාලාවෙහි දවස් හතක් ආරක්ෂිත මැදිරියක තබා’ යනාදී ලෙස සියල්ල දතයුතුයි.

තත්‍ථ සත‍්තිපඤ‍්ජරං කරිත්‍වාති සත‍්තිහත්‍ථෙහි පුරිසෙහි පරික‍්ඛිපාපෙත්‍වා. ධනුපාකාරන‍්ති පඨමං තාව හත්‍ථිකුම‍්භෙන කුම‍්භං පහරන‍්තෙ පරික‍්ඛිපාපෙසුං, තතො අස‍්සෙ ගීවාය ගීවං පහරන‍්තෙ, තතො රථෙ ආණිකොටියා ආණිකොටිං පහරන‍්තෙ, තතො යොධෙ බාහුනා බාහුං පහරන‍්තෙ. තෙසං පරියන‍්තෙ කොටියා කොටිං පහරමානානි ධනූනි පරික‍්ඛිපාපෙසුං. ඉති සමන‍්තා යොජනප‍්පමාණං ඨානං සත‍්තාහං සන‍්නාහගවච‍්ඡිකං විය කත්‍වා ආරක‍්ඛං සංවිදහිංසු. තං සන්‍ධාය වුත‍්තං – “ධනුපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා”ති.

එහි සත්තිපංජරං කරිත්‍වා යනු ආයුධ ගත් අත් ඇති පුරුෂයන් විසින් වටකරවා, ධනුපාකාරා පළමුව ඇතුන් හිසින් හිස ගැටෙන සේ වටකළහ. අනතුරුව අශ්වයන් ගෙළින් ගෙළ පහරමින් තැබූහ. ඉක්බිති රථ ඇණයෙන් ඇණය ගැටෙන සේ තැබීය. අනතුරුව යෝධයන් බාහුවෙන් බාහුව ගැටෙන සේත් ඔවුන් අග අගින් අග ගැටෙන දුනුවලින් වටකළහ. මෙසේ හාත්පස යොදුනක් පමණ තැන් දවස් හතක් යුද ඇඳුම්වලින් ගැවසී ගත්තාක් මෙන් කොට ආරක්ෂක විධිවිධාන යෙදූහ. ඒ ගැන කියන ලදි - ධනුපාකාරං පරික්ඛිපාපෙත්‍වා

කස‍්මා පනෙතෙ එවමකංසූති? ඉතො පුරිමෙසු හි ද‍්වීසු සත‍්තාහෙසු තෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඨානනිසජ‍්ජොකාසං කරොන‍්තා ඛාදනීයං භොජනීයං සංවිදහන‍්තා සාධුකීළිකාය ඔකාසං න ලභිංසු. තතො නෙසං අහොසි – “ඉමං සත‍්තාහං සාධුකීළිතං කීළිස‍්සාම, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං අම‍්හාකං පමත‍්තභාවං ඤත්‍වා කොචිදෙව ආගන‍්ත්‍වා ධාතුයො ගණ‍්හෙය්‍ය, තස‍්මා ආරක‍්ඛං ඨපෙත්‍වා කීළිස‍්සාමා”ති. තෙ තථා එවමකංසු.

කුමක් නිසා මොව්හු මෙසේ කළාහුද? මීට කලින් සති දෙකකදී ඔව්හු භික්‍ෂු සංඝයාට හිඳීම්, සැතපීම් ආදියට ඉඩපහසුකම් සකස් කරන්නාහු ආහාරපාන සංවිධානය කරන්නාහු උත්සවයක් පවත්වන්නට නොහැකි වූහ. ඒ නිසා ඔවුන්ට මෙසේ සිතිණ. මේ සතිය උත්සව පවත්වන්නෙමු. මෙසේද සිදුවීමට ඉඩ ඇත. අපගේ යම්කිසි ප්‍රමාද දෝෂයක් දැක කිසිවෙක් අවුත් ධාතූන් වහන්සේලා ගන්නේය. ඒ නිසා ආරක්ෂා යොදා සැණකෙළි පවත්වමු යයි ඔව්හු එසේ කළහ.

සරීරධාතුවිභජනවණ‍්ණනා

අස‍්සොසි ඛො රාජාති කථං අස‍්සොසි? පඨමමෙව කිරස‍්ස අමච‍්චා සුත්‍වා චින‍්තයිංසු – “සත්‍ථා නාම පරිනිබ‍්බුතො, න සො සක‍්කා පුන ආහරිතුං. පොථුජ‍්ජනිකසද‍්ධාය පන අම‍්හාකං රඤ‍්ඤා සදිසො නත්‍ථි, සචෙ එස ඉමිනාව නියාමෙන සුණිස‍්සති, හදයමස‍්ස ඵලිස‍්සති. රාජා ඛො පන අම‍්හෙහි අනුරක‍්ඛිතබ‍්බො”ති තෙ තිස‍්සො සුවණ‍්ණදොණියො ආහරිත්‍වා චතුමධුරස‍්ස පූරෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා එතදවොචුං – “දෙව, අම‍්හෙහි සුපිනකො දිට‍්ඨො, තස‍්ස පටිඝාතත්‍ථං තුම‍්හෙහි දුකූලදුපට‍්ටං නිවාසෙත්‍වා යථා නාසාපුටමත‍්තං පඤ‍්ඤායති, එවං චතුමධුරදොණියා නිපජ‍්ජිතුං වට‍්ටතී”ති. රාජා අත්‍ථචරානං අමච‍්චානං වචනං සුත්‍වා “එවං හොතු තාතා”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකාසි.

අස්සොසි ඛො රාජා කෙසේ ඇසුවේද, පළමුව වනාහි ඇමැතිවරු අසා මෙසේ සිතූහ. ශාස්තෲන් වහන්සේ වනාහි පිරිනිවන් පෑවේය. ආපසු ගෙනෙන්නට නොහැක. පෘථග්ජන ශ්‍රද්ධාවෙන් වනාහි අපගේ රජුට සමාන කෙනෙක් නැත. ඉදින් මොහු මේ ක්‍රමයෙන්ම අසන්නේද ඔහුගේ හදවත පැළෙන්නේය. අප විසින් රජතුමාව ආරක්ෂා කළයුතුයි. ඔව්හු ස්වර්ණමය දෙනවල් තුනක් ගෙනවුත් චතුමධුරවලින් පුරවා රජු සමීපයට ගොස් මෙසේ කීවාහ. දේවයන් වහන්ස, අපි සිහිනෙන් මෙසේ දුටුවෙමු. එහි දොස් නැතිකිරීම සඳහා ඔබ වහන්සේ දුහුල් වස්ත්‍රයක් හැඳ නාසා සිදුර පෙනෙන තෙක් මෙසේ චතුමධුර දෙනෙහි බැසිය යුතුයැයි කීහ. රජු හිතවත් ඇමැතිවරුන්ගේ වචන අසා, දරුවෙනි! එසේ වේවායි පිළිගෙන එසේ කළේය.

අථෙකො අමච‍්චො අලඞ‍්කාරං ඔමුඤ‍්චිත්‍වා කෙසෙ පකිරිය යාය දිසාය සත්‍ථා පරිනිබ‍්බුතො, තදභිමුඛො හුත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ රාජානං ආහ – “දෙව, මරණතො මුච‍්චනකසත‍්තො නාම නත්‍ථි, අම‍්හාකං ආයුවඩ‍්ඪනො චෙතියට‍්ඨානං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අභිසෙකසිඤ‍්චකො සො භගවා සත්‍ථා කුසිනාරාය පරිනිබ‍්බුතො”ති. රාජා සුත්‍වාව විසඤ‍්ඤීජාතො චතුමධුරදොණියං උසුමං මුඤ‍්චි. අථ නං උක‍්ඛිපිත්‍වා දුතියාය දොණියා නිපජ‍්ජාපෙසුං. සො පුන සඤ‍්ඤං ලභිත්‍වා – “තාතා, කිං වදෙථා”ති පුච‍්ඡි. “සත්‍ථා, මහාරාජ, පරිනිබ‍්බුතො”ති. රාජා පුනපි විසඤ‍්ඤීජාතො චතුමධුරදොණියා උසුමං මුඤ‍්චි. අථ නං තතොපි උක‍්ඛිපිත්‍වා තතියාය දොණියා නිපජ‍්ජාපෙසුං. සො පුන සඤ‍්ඤං ලභිත්‍වා “තාතා, කිං වදෙථා”ති පුච‍්ඡි. “සත්‍ථා, මහාරාජ, පරිනිබ‍්බුතො”ති. රාජා පුනපි විසඤ‍්ඤීජාතො, අථ නං උක‍්ඛිපිත්‍වා නහාපෙත්‍වා මත්‍ථකෙ ඝටෙහි උදකං ආසිඤ‍්චිංසු.

ඉක්බිති එක් ඇමැතිවරයෙක් ආභරණ ගලවා කෙස් විසුරුවා යම් දිසාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේද ඒ දෙසට හැරී වැඳගෙන රජුට මෙසේ කීය. දේවයන් වහන්ස, මරණයෙන් මිදෙන සත්ත්වයෙක් නැත. අපගේ ආයුෂ වඩවන චෛත්‍යයක් වූ පින්කෙතක් වූ අභිෂේක පීඨයක් බඳු වූ ඒ භාග්‍යවත් ශාස්තෲන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනිවන්පෑ සේක. ඇසූ විගසම රජුට සිහි නැතිවිය. චතුර මධුර පිරවූ දෙණ රත්විය. ඉක්බිති ඔහුව එයින් ඔසවා දෙවෙනි දෙක තැබීය. ඔහු සිහි ලැබ, දරුවෙනි! කුමක් කියන්නහුදැයි ඇසීය. මහරජතුමනි! ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑවේය. රජුට නැවතද සිහි නැතිවිය. චතුමධුර දෙණ රත්විය. ඉක්බිති ඔහුව එතනින් ද ඔසවා තුන්වන දෙනක තැබූහ. ඔහු නැවත සිහිය ලබා දරුවෙනි, කුමක් කියන්නහුදැයි ඇසීය. මහරජතුමනි, ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑයේය. රජුට නැවතද සිහි නැතිවිය. ඉක්බිති ඔහුව ඔසවා නාවා හිස මතට කළවලින් පැන් වත්කළහ.

රාජා සඤ‍්ඤං ලභිත්‍වා ආසනා වුට‍්ඨාය ගන්‍ධපරිභාවිතෙ මණිවණ‍්ණෙ කෙසෙ විකිරිත්‍වා සුවණ‍්ණඵලකවණ‍්ණාය පිට‍්ඨියං පකිරිත්‍වා පාණිනා උරං පහරිත්‍වා පවාළඞ‍්කුරවණ‍්ණාහි සුවට‍්ටිතඞ‍්ගුලීහි සුවණ‍්ණබිම‍්බිසකවණ‍්ණං උරං සිබ‍්බන‍්තො විය ගහෙත්‍වා පරිදෙවමානො උම‍්මත‍්තකවෙසෙන අන‍්තරවීථිං ඔතිණ‍්ණො, සො අලඞ‍්කතනාටකපරිවුතො නගරතො නික‍්ඛම‍්ම ජීවකම‍්බවනං ගන‍්ත්‍වා යස‍්මිං ඨානෙ නිසින‍්නෙන භගවතා ධම‍්මො දෙසිතො තං ඔලොකෙත්‍වා – “භගවා සබ‍්බඤ‍්ඤු, නනු ඉමස‍්මිං ඨානෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසයිත්‍ථ, සොකසල‍්ලං මෙ විනොදයිත්‍ථ, තුම‍්හෙ මය‍්හං සොකසල‍්ලං නීහරිත්‍ථ, අහං තුම‍්හාකං සරණං ගතො, ඉදානි පන මෙ පටිවචනම‍්පි න දෙථ, භගවා”ති පුනප‍්පුනං පරිදෙවිත්‍වා “නනු භගවා අහං අඤ‍්ඤදා එවරූපෙ කාලෙ ‘තුම‍්හෙ මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරා ජම‍්බුදීපතලෙ චාරිකං චරථා’ති සුණොමි, ඉදානි පනාහං තුම‍්හාකං අනනුරූපං අයුත‍්තං පවත‍්තිං සුණොමී”ති එවමාදීනි ච වත්‍වා සට‍්ඨිමත‍්තාහි ගාථාහි භගවතො ගුණං අනුස‍්සරිත්‍වා චින‍්තෙසි – “මම පරිදෙවිතෙනෙව න සිජ‍්ඣති, දසබලස‍්ස ධාතුයො ආහරාපෙස‍්සාමී”ති එවං අස‍්සොසි. සුත්‍වා ච ඉමිස‍්සා විසඤ‍්ඤිභාවාදිපවත‍්තියා අවසානෙ දූතං පාහෙසි. තං සන්‍ධාය අථ ඛො රාජාතිආදි වුත‍්තං.

රජු සිහිය ලැබ අසුනින් නැගිට සුවඳ කැවූ මාණික්‍ය වර්ණ කෙස් රන් ඵලකයට සමාන වර්ණයෙන් යුත් පිටමත විසුරුවාගෙන අතින් පපුවට ගසමින් පබලු වැල්වලට සමාන මනාව වට වූ ඇඟිලිවලින් ස්වර්ණ වර්ණ වූ බිඹුපල වැනි වර්ණයෙන් යුත් පපුව තෙමන්නාක් මෙන් ගෙන හඬන්නේ උමතු විලාශයෙන් වීදිය මැදට පිවිසියේ, සැරසුණු නාටක ජනයා පිරිවරාගෙන නගරයෙන් නික්ම ජීවක අඹවනයට ගොස් යම්තැනක වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදේශනා කරන ලද්දේ ද එතැන බලා සර්වඥ වූ භාග්‍යවතුන් වහන්ස, මේ ස්ථානයේ සිට ධර්මදේශනා කළා නොවේද? ඔබ අපගේ ශෝක නමැති උල් ගලවා දැමූ සේක. මම ඔබවහන්සේ සරණ ගියෙමි. භාග්‍යවතුන් වහන්ස, මට වචනයක්වත් කථා නොකරන්නේ ඇයිදැයි නැවත නැවතත් හඬා වැළප, භාග්‍යවතුන් වහන්ස, මම වෙනත් දිනක මෙබඳු කාලයක ඔබවහන්සේ මහා සංඝයා පිරිවරා දඹදිව් තලයෙහි චාරිකාවේ හැසිරෙන්නේ යැයි අසමි. දැන් වනාහි මම ඔබවහන්සේ පිළිබඳව නොගැලපෙන, නුසුදුසු පුවතක් අසමි යනාදිය කියා, හැටක් පමණ වූ ගාථාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකර මෙසේ සිතීය. මගේ හැඬීමෙන් යමක් සිදුනොවෙයි. දශබලයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ගෙන්වා ගනිමියි මෙසේ අස්වැසුනේය. මේ සිහි නැතිවීමේ පුවත ආදිය අවසානයේ දූතයකු යැවීය. ඒ ගැන ‘අථඛො රාජා’ (ඉක්බිති රජු) ආදිය පැවසීය.

තත්‍ථ දූතං පාහෙසීති දූතඤ‍්ච පණ‍්ණඤ‍්ච පෙසෙසි. පෙසෙත්‍වා ච පන – “සචෙ දස‍්සන‍්ති, සුන්‍දරං. නො චෙ දස‍්සන‍්ති, ආහරණුපායෙන ආහරිස‍්සාමී”ති චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා සයම‍්පි නික‍්ඛන‍්තොයෙව. යථා ච අජාතසත‍්තු, එවං ලිච‍්ඡවීආදයොපි දූතං පෙසෙත්‍වා සයම‍්පි චතුරඞ‍්ගිනියා සෙනාය නික‍්ඛමිංසුයෙව. තත්‍ථ පාවෙය්‍යකා සබ‍්බෙහි ආසන‍්නතරා කුසිනාරතො තිගාවුතන‍්තරෙ නගරෙ වසන‍්ති, භගවාපි පාවං පවිසිත්‍වාව කුසිනාරං ගතො. අථ කස‍්මා පඨමතරං න ආගතාති චෙ? මහාපරිවාරා පනෙතෙ රාජානො මහාපරිවාරං කරොන‍්තාව පච‍්ඡතො ජාතා.

එහි දූතං පාහෙසි යනු දූතයකු ද ලිපියක් ද යැවීය. යවාද ඉදින් යහපතක් දකීනම් එසේය. යහපතක් නොපෙනේ නම් උපායකින් ගෙ එමියි සිව්රඟ සෙනඟ සූදානම් කර තමාද පිටත්ව ගියේය. එපරිද්දෙන් අජාතසත්තු රජතුමා ද මෙසේ ලිච්ඡවී රජවරු ද දූතයකු යවා තමන්ම සිව්රඟ සෙනඟ සමග පිටත්ව ගියහ. එහි අන් සියළු දෙනාටම වඩා සමීප වූ පාවෙය්‍ය නගරවැසියෝ තුන් ගව්වක ප්‍රමාණයේ නගරයෙහි වාසය කරත්. භාග්‍යවතුන් වහන්සේ ද පාවා නුවරට පිවිසම කුසිනාරාවට වැඩියේය. ඉක්බිති කුමක් නිසා පළමුවෙන් එහි නොපැමිණියාහුද? විශාලා පිරිවර සහිත මේ රජවරු මහා පිරිස් සූදානම් කළ බැවින් ප්‍රමාද විය.

තෙ සඞ‍්ඝෙ ගණෙ එතදවොචුන‍්ති සබ‍්බෙපි තෙ සත‍්තනගරවාසිනො ආගන‍්ත්‍වා – “අම‍්හාකං ධාතුයො වා දෙන‍්තු, යුද‍්ධං වා”ති කුසිනාරානගරං පරිවාරෙත්‍වා ඨිතෙ – “එතං භගවා අම‍්හාකං ගාමක‍්ඛෙත‍්තෙ”ති පටිවචනං අවොචුං. තෙ කිර එවමාහංසු – “න මයං සත්‍ථු සාසනං පහිණිම‍්හ, නාපි ගන‍්ත්‍වා ආනයිම‍්හ. සත්‍ථා පන සයමෙව ආගන‍්ත්‍වා සාසනං පෙසෙත්‍වා අම‍්හෙ පක‍්කොසාපෙසි. තුම‍්හෙපි ඛො පන යං තුම‍්හාකං ගාමක‍්ඛෙත‍්තෙ රතනං උප‍්පජ‍්ජති, න තං අම‍්හාකං දෙථ. සදෙවකෙ ච ලොකෙ බුද‍්ධරතනසමං රතනං නාම නත්‍ථි, එවරූපං උත‍්තමරතනං ලභිත්‍වා මයං න දස‍්සාම. න ඛො පන තුම‍්හෙහියෙව මාතුථනතො ඛීරං පීතං, අම‍්හෙහිපි මාතුථනතො ඛීරං පීතං. න තුම‍්හෙයෙව පුරිසා, අම‍්හෙපි පුරිසා හොතූ”ති අඤ‍්ඤමඤ‍්ඤං අහංකාරං කත්‍වා සාසනපටිසාසනං පෙසෙන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං මානගජ‍්ජිතං ගජ‍්ජන‍්ති. යුද‍්ධෙ පන සති කොසිනාරකානංයෙව ජයො අභවිස‍්ස. කස‍්මා? යස‍්මා ධාතුපාසනත්‍ථං ආගතා දෙවතා නෙසං පක‍්ඛා අහෙසුං. පාළියං පන – “භගවා අම‍්හාකං ගාමක‍්ඛෙත‍්තෙ පරිනිබ‍්බුතො, න මයං දස‍්සාම භගවතො සරීරානං භාග”න‍්ති එත‍්තකමෙව ආගතං.

තෙ සංඝෙ ගතෙ එතදවොචුං ඒ සත් නගරයන්හි වැසි සියල්ලෝම අවුත් අපට ධාතූන් වහන්සේලා දෙන්න. නැත්නම් යුද්ධ කරමු. කුසිනාරා නගරය වටකරගෙන මෙසේ සිටියකල්හි මෙසේ භාග්‍යවතුන් වහන්සේ අපගේ ගම්පළාතේ යයි පිළිතුරු දුන්හ. ඔව්හු වනාහි මෙසේ කීහ. අපි ශාස්තෲන් වහන්සේට පණිවිඩ නොයැව්වෙමු. ගොස් ගෙනාවේද නැත. ශාස්තෲන් වහන්සේ වනාහි තමන්වහන්සේම වැඩමවා පණිවිඩයක් යවා අප කැඳවූ සේක. නුඹලා වනාහි නුඹලාගේ ගම් ප්‍රදේශයේ යම් රත්නයක් පහළවේද එය අපට දෙන්නහුද? දෙවියන් සහිත ලෝකයේ බුද්ධරත්නය සමාන රත්නයක් නැත. මෙබඳු වූ උතුම් රත්නයක් ලැබූ අපි එය නොදෙන්නෙමු. නුඹලා පමණක් මවගේ තනයෙන් කිරි බීවාහු නොවන්නාහ. අපි ද මවගෙන් කිරි බීවෝ වෙමු. නුඹලා පමණක් නොව අපිද පුරුෂයෝ වෙමු. මෙසේ ඔවුනොවුන් අතර අහංකාර බස් පවසා ලියුම්වලට පිළිතුරු යවත්. ඔවුනොවුන් මානයෙන් යුක්තව ගර්ජනා කරත්. යුද්ධයකදී කුසිනාරා වැසියන්ටම ජය අත්වන්නේය. කුමක් නිසාද? යම්හෙයකින් ධාතු වන්‍දනාව පිණිස පැමිණි දෙවිවරු ඔවුන්ගේ පක්‍ෂයේ වූහ. පෙළෙහි වනාහි ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ගම්පළාතේ පිරිනිවන් පෑයේය. භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නොදෙන්නෙමු’ යන මෙපමණක් දක්නට ලැබේ.

එවං වුත‍්තෙ දොණො බ්‍රාහ‍්මණොති දොණබ්‍රාහ‍්මණො ඉමං තෙසං විවාදං සුත්‍වා – “එතෙ රාජානො භගවතො පරිනිබ‍්බුතට‍්ඨානෙ විවාදං කරොන‍්ති, න ඛො පනෙතං පතිරූපං, අලං ඉමිනා කලහෙන, වූපසමෙස‍්සාමි න”න‍්ති සො ගන‍්ත්‍වා තෙ සඞ‍්ඝෙ ගණෙ එතදවොච. කිමවොච? උන‍්නතප‍්පදෙසෙ ඨත්‍වා ද‍්විභාණවාරපරිමාණං දොණගජ‍්ජිතං නාම අවොච. තත්‍ථ පඨමභාණවාරෙ තාව එකපදම‍්පි තෙ න ජානිංසු. දුතියභාණවාරපරියොසානෙ – “ආචරියස‍්ස විය භො සද‍්දො, ආචරියස‍්ස විය භො සද‍්දො”ති සබ‍්බෙ නිරවා අහෙසුං. ජම‍්බුදීපතලෙ කිර කුලඝරෙ ජාතා යෙභුය්‍යෙන තස‍්ස න අන‍්තෙවාසිකො නාම නත්‍ථි. අථ සො තෙ අත‍්තනො වචනං සුත්‍වා නිරවෙ තුණ‍්හීභූතෙ විදිත්‍වා පුන එතදවොච – “සුණන‍්තු භොන‍්තො”ති එතං ගාථාද‍්වයං අවොච.

එවං වුත්තෙ දොණො බ්‍රාහ්මණො ද්‍රෝණ බ්‍රාහ්මණයා ඔවුන්ගේ මේ විවාදය අසා මේ රජවරු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ තැන වාද කරත්. මෙය සුදුසු දෙයක් නොවේ. මේ වාද කිරීමෙන් වැඩක් නැත. ඔවුන් සංසිඳුවන්නෙමියි ඔහු ගොස් ඒ රැස්ව සිටි පිරිසට මෙසේ කීය. උස්තැනක සිට බණවර දෙකක ප්‍රමාණය කීය. එය දොණ ගර්ජනාව නම් විය. එහි පළමු බණවරෙහි එක පදයක්වත් ඔව්හු නොදත්හ. දෙවන බණවර අවසානයේ මේ අපගේ ගුරුතුමාගේ හඬයැයි කියා සියල්ලෝම නිහඬ වූහ. දඹදිව් තලයේ වනාහි කුලගෙයක උපන්නහු බහුල වශයෙන් ඔහුට අතවැසියෙක් නම් නැත. ඉක්බිති ඔව්හු තමන්ගේ වචනය අසා නිහඬව තුෂ්ණිම්භූත වූ බව දැනගෙන නැවත මෙසේ කීය. ‘සුණන්තු භොන්තො’ (පින්වතුනි, අසත්වා.) මෙසේ ගාථා දෙකක් කීය.

තත්‍ථ අම‍්හාකං බුද‍්ධොති අම‍්හාකං බුද‍්ධො. අහු ඛන‍්තිවාදොති බුද‍්ධභූමිං අප‍්පත්‍වාපි පාරමියො පූරෙන‍්තො ඛන‍්තිවාදිතාපසකාලෙ ධම‍්මපාලකුමාරකාලෙ ඡද‍්දන‍්තහත්‍ථිකාලෙ භූරිදත‍්තනාගරාජකාලෙ චම‍්පෙය්‍යනාගරාජකාලෙ සඞ‍්ඛපාලනාගරාජකාලෙ මහාකපිකාලෙ අඤ‍්ඤෙසු ච බහූසු ජාතකෙසු පරෙසු කොපං අකත්‍වා ඛන‍්තිමෙව අකාසි. ඛන‍්තිමෙව වණ‍්ණයි. කිමඞ‍්ගං පන එතරහි ඉට‍්ඨානිට‍්ඨෙසු තාදිලක‍්ඛණං පත‍්තො, සබ‍්බථාපි අම‍්හාකං බුද‍්ධො ඛන‍්තිවාදො අහොසි, තස‍්ස එවංවිධස‍්ස. න හි සාධු යං උත‍්තමපුග‍්ගලස‍්ස, සරීරභාගෙ සියා සම‍්පහාරොති න හි සාධුයන‍්ති න හි සාධු අයං. සරීරභාගෙති සරීරවිභාගනිමිත‍්තං, ධාතුකොට‍්ඨාසහෙතූති අත්‍ථො. සියා සම‍්පහාරොති ආවුධසම‍්පහාරො සාධු න සියාති වුත‍්තං හොති.

එහි අම්හාකං බුද්ධො අපගේ බුදුරජාණන් වහන්සේ අහුඛන්තිවාදො බුද්ධ භූමියට නොපැමිණ පාරමිතාවන් පුරන්නේ ක්‍ෂාන්තිවාදී තාපස කාලයේ, ධර්මපාල කුමාර කාලයේ ඡද්දන්ත ඇත් කාලයේ භූරිදත්ත නාගරාජ කාලයේ චම්පෙය්‍ය නාගරාජ කාලයේ සංඛපාල නාගරාජ කාලයේ මහාකපි කාලයෙහි ද තවත් වෙන බොහෝ ජාතකයන්හි අනුන් කෙරෙහි නොකිපී ඉවසීමම කළේය. ක්‍ෂාන්තියම වර්ණනා කළේය. කිම දැන් දැන් ඉටු අනිටු තාදී ලක්‍ෂණයන්ට පත්වූයේ, සර්වප්‍රකාරයෙන් අපගේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂාන්තිවාදී වූ සේක. මෙබඳු වූ ඔහුට, උත්තම පුද්ගලයකුගේ ශරීරය බිඳීගිය කල්හි මෙබඳු ඔවුනොවුන් කළහ කිරීම නොහොබී. සුදුසු දෙයක් නොවේ. නනි සාධු යං මෙය යහපත් නොවේ. සරීර භංගෙ ශරීරය විනාශ වීම නිමිති කරගෙන - ධාතු කොට්ඨාශයන් හේතුකරගෙන යන අර්ථයි. සියා සම්පහාරො ආයුධවලින් ඔවුනොවුන් පහරදීම යහපත් නොවන්නේයැයි කියන ලදි.

සබ‍්බෙව භොන‍්තො සහිතාති සබ‍්බෙව භොන‍්තො සහිතා හොථ, මා භිජ‍්ජථ. සමග‍්ගාති කායෙන ච වාචාය ච එකසන‍්නිපාතා එකවචනා සමග‍්ගා හොථ. සම‍්මොදමානාති චිත‍්තෙනාපි අඤ‍්ඤමඤ‍්ඤං සම‍්මොදමානා හොථ. කරොමට‍්ඨභාගෙති භගවතො සරීරානි අට‍්ඨ භාගෙ කරොම. චක‍්ඛුමතොති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතො බුද‍්ධස‍්ස. න කෙවලං තුම‍්හෙයෙව, බහුජනොපි පසන‍්නො, තෙසු එකොපි ලද‍්ධුං අයුත‍්තො නාම නත්‍ථීති බහුං කාරණං වත්‍වා සඤ‍්ඤාපෙසි.

සබ්බෙව භොන්තො සහිතා නුඹලා සියළු දෙනාම එක්වන්න. සමගිවන්න. භේද නොවන්න. සම්මොදමානා සිතින්ද ඔවුනොවුන් සන්තෝෂ වව්. කරොමට්ඨභාගෙ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර කොටස් කොටස් අටකට බෙදමු. චක්ඛුමතො ඇස් පසක් ඇති චක්ඛුමන්ත වූ බුදුරජාණන් වහන්සේට හුදෙක් නුඹලා පමණක් නොව බොහෝ ජනයා පැහැදුනේ විය. ඔවුනතුරෙන් එක් අයෙක්වත් ලබන්නට අයුක්තියක් නම් නැත්තේ යයි බොහෝ කරුණු කියා දන්වා සිටියේය.

තෙසං සඞ‍්ඝානං ගණානං පටිස‍්සුත්‍වාති තෙසං තෙසං තතො තතො සමාගතසඞ‍්ඝානං සමාගතගණානං පටිස‍්සුණිත්‍වා. භගවතො සරීරානි අට‍්ඨධා සමං සුවිභත‍්තං විභජිත්‍වාති එත්‍ථ අයමනුක‍්කමො – දොණො කිර තෙසං පටිස‍්සුණිත්‍වා සුවණ‍්ණදොණිං විවරාපෙසි. රාජානො ආගන‍්ත්‍වා දොණියංයෙව ඨිතා සුවණ‍්ණවණ‍්ණා ධාතුයො දිස‍්වා – “භගවා සබ‍්බඤ‍්ඤු පුබ‍්බෙ මයං තුම‍්හාකං ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මිඛචිතං අසීතිඅනුබ්‍යඤ‍්ජනසමුජ‍්ජලිතසොභං සුවණ‍්ණවණ‍්ණං සරීරං අද‍්දසාම, ඉදානි පන සුවණ‍්ණවණ‍්ණාව ධාතුයො අවසිට‍්ඨා ජාතා, න යුත‍්තමිදං භගවා තුම‍්හාක”න‍්ති පරිදෙවිංසු.

තෙසං සංඝානං ගණානං පටිස්සුණිත්‍වා එහි රැස්වූ භික්‍ෂූන්ට පොරොන්දු වී භගවතො සරීරානි අට්ඨමා සමං සුවිභත්තං විභජිත්‍වා (භාග්‍යවතුන් වහන්සේගේ ශරීර කොටස් සමාන කොටස් අටකට බෙදා) මේ එහි පිළිවෙල කථාවයි. ද්‍රොණ තෙමේ ඔවුන්ට පොරොන්දු වී රන්දෙණ විවෘත කරවීය. රජවරු පැමිණ දෙණෙහි ස්වර්ණවර්ණ වූ ධාතූන් දැක, භාග්‍යවතුන් වහන්ස, සර්වඥයන් වහන්ස, පෙර අපි ඔබවහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූ සවණක් බුදුරැසින් අලංකාර වූ අසූවක් අනූව්‍යඤ්ජනයන්ගෙන් බබලන්නා වූ ශරීරය දුටුවෙමු. දැන් වනාහි ස්වර්ණවර්ණ ධාතූන් ඉතිරිවිය. භාග්‍යවතුන් වහන්ස, මෙය ඔබවහන්සේට සුදුසු නොවන්නේ යයි හැඬූහ.

බ්‍රාහ‍්මණොපි තස‍්මිං සමයෙ තෙසං පමත‍්තභාවං ඤත්‍වා දක‍්ඛිණදාඨං ගහෙත්‍වා වෙඨන‍්තරෙ ඨපෙසි, අථ පච‍්ඡා අට‍්ඨධා සමං සුවිභත‍්තං විභජි, සබ‍්බාපි ධාතුයො පාකතිකනාළියා සොළස නාළියො අහෙසුං, එකෙකනගරවාසිනො ද‍්වෙ ද‍්වෙ නාළියො ලභිංසු. බ්‍රාහ‍්මණස‍්ස පන ධාතුයො විභජන‍්තස‍්සෙව සක‍්කො දෙවානමින්‍දො – “කෙන නු ඛො සදෙවකස‍්ස ලොකස‍්ස කඞ‍්ඛච‍්ඡෙදනත්‍ථාය චතුසච‍්චකථාය පච‍්චයභූතා භගවතො දක‍්ඛිණදාඨා ගහිතා”ති ඔලොකෙන‍්තො “බ්‍රාහ‍්මණෙන ගහිතා”ති දිස‍්වා – “බ්‍රාහ‍්මණොපි දාඨාය අනුච‍්ඡවිකං සක‍්කාරං කාතුං න සක‍්ඛිස‍්සති, ගණ‍්හාමි න”න‍්ති වෙඨන‍්තරතො ගහෙත්‍වා සුවණ‍්ණචඞ‍්කොටකෙ ඨපෙත්‍වා දෙවලොකං නෙත්‍වා චූළාමණිචෙතියෙ පතිට‍්ඨපෙසි.

බ්‍රාහ්මණයා ඒ වේලාවේ ඔවුන්ගේ ප්‍රමාදය දැනගෙන දකුණු දළදාව ගෙන තලප්පාවේ සඟවා ගත්තේය. ඉක්බිති ඉතිරිය සමාන කොටස් අටකට බෙදීය. සියළුම ධාතු ස්වාභාවික නැළියෙන් නැළි සොළසක් විය. එක එක නගරවැසියා නැළි දෙක බැගින් ලැබූහ. බෙදන්නා වූ බ්‍රාහ්මණයා තබාගත් ධාතු ඔහුටය. ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් සහිත ලෝකයාගේ සැක දුරුකිරීම පිණිස චතුරාර්ය සත්‍ය කථාවට උදව් වූ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ කවරකු විසින් ගන්නා ලදදැයි බලන්නේ බ්‍රාහ්මණයා විසින් ගන්නා ලදැයි දැක, බ්‍රාහ්මණයා ද දළදා වහන්සේට සුදුසු සත්කාර දක්වන්නට සමත් නොවන්නේය. එය ගන්නෙමියි තලප්පාවෙන් ගෙන රන් කරඬුවක තබා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැන්පත් කළේය.

බ්‍රාහ‍්මණොපි ධාතුයො විභජිත්‍වා දාඨං අපස‍්සන‍්තො චොරිකාය ගහිතත‍්තා – “කෙන මෙ දාඨා ගහිතා”ති පුච‍්ඡිතුම‍්පි නාසක‍්ඛි. “නනු තයාව ධාතුයො භාජිතා, කිං ත්‍වං පඨමංයෙව අත‍්තනො ධාතුයා අත්‍ථිභාවං න අඤ‍්ඤාසී”ති අත‍්තනි දොසාරොපනං සම‍්පස‍්සන‍්තො – “මය‍්හම‍්පි කොට‍්ඨාසං දෙථා”ති වත‍්තුම‍්පි නාසක‍්ඛි. තතො – “අයම‍්පි සුවණ‍්ණතුම‍්බො ධාතුගතිකොව, යෙන තථාගතස‍්ස ධාතුයො මිතා, ඉමස‍්සාහං ථූපං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉමං මෙ භොන‍්තො තුම‍්බං දදන‍්තූති ආහ.

බ්‍රාහ්මණයාද ධාතු බෙදා දළදාව නොදක්නේ සොරකු විසින් ගන්නා ලද බැවින් කවරකු විසින් මාගේ ධාතූන් වහන්සේ ගන්නා ලදදැයි අසන්නටවත් අසමත් විය. නුඹ විසින් ධාතූන් බෙදන ලද්දේ නොවේද? පළමුවෙන්ම තමන්ට ද ධාතූන්වහන්සේලා අවශ්‍ය බව නොදත්තේද? මෙසේ තමා කෙරෙහිම දෝෂාරෝපණය කරන්නේ මටද කොටසක් දෙන්න යැයි කියන්නට ද නොහැකි විය. ඉක්බිති මේ ස්වර්ණමය කුරුණියෙන් තථාගතයන් වහන්සේගේ ධාතු බෙදන ලදි. මෙය තබා මම ථූපයක් කරන්නෙමියි සිතා පින්වතුනි! මට මේ ධාතු මැන්න කුරුණිය දෙන්න යැයි කීය.

පිප‍්පලිවනියා මොරියාපි අජාතසත‍්තුආදයො විය දූතං පෙසෙත්‍වා යුද‍්ධසජ‍්ජාව නික‍්ඛමිංසු.

පිප්ඵලී වනවාසී මෞර්යයෝ අජාසත් ආදීන් මෙන් දූතයකු යවා යුද්ධයට සූදානම්ව නික්මුනාහ.

ධාතුථූපපූජාවණ‍්ණනා

රාජගහෙ භගවතො සරීරානං ථූපඤ‍්ච මහඤ‍්ච අකාසීති කථං අකාසි? කුසිනාරතො යාව රාජගහං පඤ‍්චවීසති යොජනානි, එත්‍ථන‍්තරෙ අට‍්ඨඋසභවිත්‍ථතං සමතලං මග‍්ගං කාරෙත්‍වා යාදිසං මල‍්ලරාජානො මකුටබන්‍ධනස‍්ස ච සන්‍ථාගාරස‍්ස ච අන‍්තරෙ පූජං කාරෙසුං. තාදිසං පඤ‍්චවීසතියොජනෙපි මග‍්ගෙ පූජං කාරෙත්‍වා ලොකස‍්ස අනුක‍්කණ‍්ඨනත්‍ථං සබ‍්බත්‍ථ අන‍්තරාපණෙ පසාරෙත්‍වා සුවණ‍්ණදොණියං පක‍්ඛිත‍්තධාතුයො සත‍්තිපඤ‍්ජරෙන පරික‍්ඛිපාපෙත්‍වා අත‍්තනො විජිතෙ පඤ‍්චයොජනසතපරිමණ‍්ඩලෙ මනුස‍්සෙ සන‍්නිපාතාපෙසි. තෙ ධාතුයො ගහෙත්‍වා කුසිනාරතො සාධුකීළිතං කීළන‍්තා නික‍්ඛමිත්‍වා යත්‍ථ යත්‍ථ සුවණ‍්ණවණ‍්ණානි පුප‍්ඵානි පස‍්සන‍්ති, තත්‍ථ තත්‍ථ ධාතුයො සත‍්තිඅන‍්තරෙ ඨපෙත්‍වා පූජං අකංසු. තෙසං පුප‍්ඵානං ඛීණකාලෙ ගච‍්ඡන‍්ති, රථස‍්ස ධුරට‍්ඨානං පච‍්ඡිමට‍්ඨානෙ සම‍්පත‍්තෙ සත‍්ත දිවසෙ සාධුකීළිතං කීළන‍්ති. එවං ධාතුයො ගහෙත්‍වා ආගච‍්ඡන‍්තානං සත‍්ත වස‍්සානි සත‍්ත මාසානි සත‍්ත දිවසානි වීතිවත‍්තානි.

රජගහ නුවර භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් ද උත්සවද පැවැත්වූහ. කෙසේ කළේද? කුසිනාරාවේ සිට රජගහනුවර තෙක් යොදුන් විසිපහකි. මේ අතරතුර අට ඉස්බක් පළල් සමතලා මාර්ගයක් කරවා යම්සේ මල්ල රජවරු ඔටුනු බඳින තැන හා නගර ශාලාව අතර පූජා කළහුද එබඳු යොදුන් විසිපහක් මග පූජා කරවවා ලෝකයාට කළකිරීමක් ඇතිනොවන පරිදි සියළු තන්හි අතරතුර ආපණ විවෘත කරවා ස්වර්ණ දෝණියෙහි තබන ලද ධාතූන් ආරක්ෂිත මැදිරියකින් වටකර තමන්ගේ රාජ්‍යයේ පන්සියයක් යොදුන් ප්‍රදේශයේ මිනිසුන් රැස් කරවූයේය. ඔව්හු ධාතූන් ගෙන කුසිනාරාවෙන් ධාතු සැණකෙළි පවත්වමින් නික්ම යම් යම් තැනක වර්ණවත් මල් දක්නට ලැබේද ඒ ඒ තැන්වලදී ධාතූන් වහන්සේලාව ආරක්ෂා මධ්‍යයේ තබා පූජා කළහ. ඒ ඒ මල් හිඟ වූ කල්හි යත්. රථයේ වියගහ පසුපසට පැමිණෙනවිට දවස් සතක් ධාතු සැණකෙළි පවත්වත්. මෙසේ ධාතු රැගෙන එන්නවුන්ට සත්වර්ෂ සත්මාස සත් දවසක් ගතවිය.

මිච‍්ඡාදිට‍්ඨිකා – “සමණස‍්ස ගොතමස‍්ස පරිනිබ‍්බුතකාලතො පට‍්ඨාය බලක‍්කාරෙන සාධුකීළිතාය උපද‍්දුතම‍්හ සබ‍්බෙ නො කම‍්මන‍්තා නට‍්ඨා”ති උජ‍්ඣායන‍්තා මනං පදොසෙත්‍වා ඡළාසීතිසහස‍්සමත‍්තා අපායෙ නිබ‍්බත‍්තා. ඛීණාසවා ආවජ‍්ජිත්‍වා “මහාජනො මනං පදොසෙත්‍වා අපායෙ නිබ‍්බත‍්තී”ති දිස‍්වා – “සක‍්කං දෙවරාජානං ධාතුආහරණූපායං කාරෙස‍්සාමා”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙත්‍වා – “ධාතුආහරණූපායං කරොහි මහාරාජා”ති ආහංසු. සක‍්කො ආහ – “භන‍්තෙ, පුථුජ‍්ජනො නාම අජාතසත‍්තුනා සමො සද‍්ධො නත්‍ථි, න සො මම වචනං කරිස‍්සති, අපිච ඛො මාරවිභිංසකසදිසං විභිංසකං දස‍්සෙස‍්සාමි, මහාසද‍්දං සාවෙස‍්සාමි, යක‍්ඛගාහකඛිපිතකඅරොචකෙ කරිස‍්සාමි, තුම‍්හෙ ‘අමනුස‍්සා මහාරාජ කුපිතා ධාතුයො ආහරාපෙථා’ති වදෙය්‍යාථ, එවං සො ආහරාපෙස‍්සතී”ති. අථ ඛො සක‍්කො තං සබ‍්බං අකාසි.

මිථ්‍යාදෘෂ්ටිකයෝ මෙසේ කීහ. ශ්‍රමණ ගෞතමයන් පිරිනිවන්පෑ කාලයේ පටන් බලහත්කාරයෙන් සැණකෙළි පැවැත්වීමෙන් උපද්‍රවයට පත්වූයෙමු. අපගේ සියළු තථාගතයෝ නැසුනාහයි උද්ඝෝෂණය කරන්නා වූ අසූහය දහසක් පමණ අපායෙහි උපන්හ. රහතන් වහන්සේලා ආවර්ජනා කොට බලන්නේ මහාජනයා හිත කිළිටි කරගෙන අපායෙහි උපදිත්. ශක්‍ර දේවේන්ද්‍රයා දැක ධාතූන් වහන්සේලා ගෙන ඒමට උපායක් යොදන්නෙමියි ඔහුගේ සමීපයට ගොස් ඒ බව දන්වා මහරජ, ධාතූන් රැගෙන ඒමට උපායක් යොදන්න යැයි කීහ. ශක්‍රයා මෙසේ කීය. පෘථග්ජනයෝ නම් අජාසත්ට සමානය. ශ්‍රද්ධාවක් නැත. හෙතෙම මගේ වචනය නොකරන්නේය. තවද මාරයාගේ විහිලුවක් මෙන් විකාරයක් දක්වන්නෙමුයි මහා ශබ්දයක් අස්වන්නෙමු. යකුන් විසින් අල්ලාගත් ඉවත දැමූ ආරෝචකයන් කරන්නෙමි. මහරජතුමනි, අමනුෂ්‍යයෝ කිපුණාහ. ධාතූන් වහන්සේලා ගෙන්වා ගන්න යැයි කියව්. මෙසේ ඔහු ගෙන්වා ගත්තේය. ඉක්බිති ශක්‍රයා ඒ සියල්ල කළේය.

ථෙරාපි රාජානං උපසඞ‍්කමිත්‍වා – “මහාරාජ, අමනුස‍්සා කුපිතා, ධාතුයො ආහරාපෙහී”ති භණිංසු. රාජා – “න තාව, භන‍්තෙ, මය‍්හං චිත‍්තං තුස‍්සති, එවං සන‍්තෙපි ආහරන‍්තූ”ති ආහ. සත‍්තමදිවසෙ ධාතුයො ආහරිංසු. එවං ආහතා ධාතුයො ගහෙත්‍වා රාජගහෙ ථූපඤ‍්ච මහඤ‍්ච අකාසි. ඉතරෙපි අත‍්තනො අත‍්තනො බලානුරූපෙන ආහරිත්‍වා සකසකට‍්ඨානෙසු ථූපඤ‍්ච මහඤ‍්ච අකංසු.

තෙරවරු ද රජු වෙතට පැමිණ මහරජතුමනි, අමනුෂ්‍යයෝ කිපියාහ. ධාතූන් වහන්සේලාව ගෙන්වාගන්න යැයි කීහ. රජු ස්වාමීනි, තවමත් මාගේ සිත සතුටුවී නැත. මෙසේ ඇතිකල්හිද ගෙනෙත්වායි කීය. සත්වන දිනයෙහි ධාතූන් වහන්සේලා ගෙනෙන ලදි. මෙසේ ගෙනෙන ලද ධාතූන් රැගෙන රජගහනුවර ස්ථූපයක්ද පූජාවක් ද කළේය. අනික් අයද තම තමන්ගේ බල පරිදි ගෙනවුත් තම තමන්ගේ තැන්වල ස්ථූප කරවා පූජා කළහ.

එවමෙතං භූතපුබ‍්බන‍්ති එවං එතං ධාතුභාජනඤ‍්චෙව දසථූපකරණඤ‍්ච ජම‍්බුදීපෙ භූතපුබ‍්බන‍්ති පච‍්ඡා සඞ‍්ගීතිකාරකා ආහංසු. එවං පතිට‍්ඨිතෙසු පන ථූපෙසු මහාකස‍්සපත්‍ථෙරො ධාතූනං අන‍්තරායං දිස‍්වා රාජානං අජාතසත‍්තුං උපසඞ‍්කමිත්‍වා “මහාරාජ, එකං ධාතුනිධානං කාතුං වට‍්ටතී”ති ආහ. සාධු, භන‍්තෙ, නිධානකම‍්මං තාව මම හොතු, සෙසධාතුයො පන කථං ආහරාමීති? න, මහාරාජ, ධාතුආහරණං තුය‍්හං භාරො, අම‍්හාකං භාරොති. සාධු, භන‍්තෙ, තුම‍්හෙ ධාතුයො ආහරථ, අහං ධාතුනිධානං කරිස‍්සාමීති. ථෙරො තෙසං තෙසං රාජකුලානං පරිචරණමත‍්තමෙව ඨපෙත්‍වා සෙසධාතුයො ආහරි. රාමගාමෙ පන ධාතුයො නාගා පරිග‍්ගණ‍්හිංසු, තාසං අන‍්තරායො නත්‍ථි. “අනාගතෙ ලඞ‍්කාදීපෙ මහාවිහාරෙ මහාචෙතියම‍්හි නිදහිස‍්සන‍්තී”ති තා න ආහරිත්‍වා සෙසෙහි සත‍්තහි නගරෙහි ආහරිත්‍වා රාජගහස‍්ස පාචීනදක‍්ඛිණදිසාභාගෙ ඨත්‍වා – “ඉමස‍්මිං ඨානෙ යො පාසාණො අත්‍ථි, සො අන‍්තරධායතු, පංසු සුවිසුද‍්ධා හොතු, උදකං මා උට‍්ඨහතූ”ති අධිට‍්ඨාසි.

එවමෙතං භූතපුබ්බං යනු මෙසේ මේ ධාතු බෙදීමද දසථූපයන් නිර්මාණය කිරීමද දඹදිව සිදුවිය යැයි පසුව සිටි සංගීති කාරකයෝ පැවසූහ. මෙසේ ථූපයන් පිහිටි කල්හි මහා කාශ්‍යප රහතන් වහන්සේ ධාතූන් වහන්සේලාට සිදුවිය හැකි අනතුරක් දැක අජාසත් රජු වෙත පැමිණ මහරජ, එක් ධාතු නිධානයක් කළයුතුයයි පැවසීය. එසේය ස්වාමීනි, නිදන් කිරීමේ කාර්ය මට පැවරේවා. ස්වාමීනි! කෙසේනම් ධාතූන් වහන්සේලා ලබා ගනිමුද? මහරජතුමනි, ධාතූන් වහන්සේලා වැඩමවීම ඔබතුමාගේ කාර්යයක් නොවේ. එය අපට භාරය. එසේය ස්වාමීනි, ඔබවහන්සේ ධාතූන් වැඩමවා දෙන්න. මම ධාතු නිධානය කරන්නෙමි යි කීය. තෙරුන් වහන්සේ ඒ ඒ රජ කුලවලට පූජා පැවැත්වීමට පමණක් ප්‍රමාණවත් ධාතූන් තබා ඉතිරි ධාතූන් රැගෙන ආවේය. රාම ග්‍රාමයෙහි ධාතූන් වහන්සේලාව නාගයන් විසින් ගන්නා ලදි. එයට අනතුරක් නැත. අනාගතයෙහි ලංකාද්වීපයේ මහා විහාරයෙහි මහා සෑයෙහි නිධන් කරවන්නේ යැයි ඒවා ගෙන ආවේ නැත. ඉතිරි නගර හතෙන් ගෙනවුත් රජගහ නුවරට ගිනිකොන දිශාවේ තබා මේ ස්ථානයේ යම් පාෂාණයක් තිබේද එය අතුරුදන් වේවා. පස් පිරිසිදු වේවා. ජලය නොනගීවායි අධිෂ්ඨාන කළේය.

රාජා තං ඨානං ඛණාපෙත්‍වා තතො උද‍්ධතපංසුනා ඉට‍්ඨකා කාරෙත්‍වා අසීතිමහාසාවකානං චෙතියානි කාරෙති. “ඉධ රාජා කිං කාරෙතී”ති පුච‍්ඡන‍්තානම‍්පි “මහාසාවකානං චෙතියානී”ති වදන‍්ති, න කොචි ධාතුනිධානභාවං ජානාති. අසීතිහත්‍ථගම‍්භීරෙ පන තස‍්මිං පදෙසෙ ජාතෙ හෙට‍්ඨා ලොහසන්‍ථාරං සන්‍ථරාපෙත්‍වා තත්‍ථ ථූපාරාමෙ චෙතියඝරප‍්පමාණං තම‍්බලොහමයං ගෙහං කාරාපෙත්‍වා අට‍්ඨ අට‍්ඨ හරිචන්‍දනාදිමයෙ කරණ‍්ඩෙ ච ථූපෙ ච කාරාපෙසි. අථ භගවතො ධාතුයො හරිචන්‍දනකරණ‍්ඩෙ පක‍්ඛිපිත්‍වා තං හරිචන්‍දනකරණ‍්ඩකම‍්පි අඤ‍්ඤස‍්මිං හරිචන්‍දනකරණ‍්ඩකෙ, තම‍්පි අඤ‍්ඤස‍්මින‍්ති එවං අට‍්ඨ හරිචන්‍දනකරණ‍්ඩෙ එකතො කත්‍වා එතෙනෙව උපායෙන තෙ අට‍්ඨ කරණ‍්ඩෙ අට‍්ඨසු හරිචන්‍දනථූපෙසු, අට‍්ඨ හරිචන්‍දනථූපෙ අට‍්ඨසු ලොහිතචන්‍දනකරණ‍්ඩෙසු, අට‍්ඨ ලොහිතචන්‍දනකරණ‍්ඩෙ අට‍්ඨසු ලොහිතචන්‍දනථූපෙසු, අට‍්ඨ ලොහිතචන්‍දනථූපෙ අට‍්ඨසු දන‍්තකරණ‍්ඩෙසු, අට‍්ඨ දන‍්තකරණ‍්ඩෙ අට‍්ඨසු දන‍්තථූපෙසු, අට‍්ඨ දන‍්තථූපෙ අට‍්ඨසු සබ‍්බරතනකරණ‍්ඩෙසු, අට‍්ඨ සබ‍්බරතනකරණ‍්ඩෙ අට‍්ඨසු සබ‍්බරතනථූපෙසු, අට‍්ඨ සබ‍්බරතනථූපෙ අට‍්ඨසු සුවණ‍්ණකරණ‍්ඩෙසු, අට‍්ඨ සුවණ‍්ණකරණ‍්ඩෙ, අට‍්ඨසු සුවණ‍්ණථූපෙසු, අට‍්ඨ සුවණ‍්ණථූපෙ අට‍්ඨසු රජතකරණ‍්ඩෙසු, අට‍්ඨ රජතකරණ‍්ඩෙ අට‍්ඨසු රජතථූපෙසු, අට‍්ඨ රජතථූපෙ, අට‍්ඨසු මණිකරණ‍්ඩෙසු, අට‍්ඨ මණිකරණ‍්ඩෙ අට‍්ඨසු මණිථූපෙසු, අට‍්ඨ මණිථූපෙ අට‍්ඨසු ලොහිතඞ‍්කකරණ‍්ඩෙසු, අට‍්ඨ ලොහිතඞ‍්කකරණ‍්ඩෙ අට‍්ඨසු ලොහිතඞ‍්කථූපෙසු, අට‍්ඨ ලොහිතඞ‍්කථූපෙ අට‍්ඨසු මසාරගල‍්ලකරණ‍්ඩෙසු, අට‍්ඨ මසාරගල‍්ලකරණ‍්ඩෙ අට‍්ඨසු මසාරගල‍්ලථූපෙසු, අට‍්ඨ මසාරගල‍්ලථූපෙ අට‍්ඨසු ඵලිකකරණ‍්ඩෙසු, අට‍්ඨ ඵලිකකරණ‍්ඩෙ අට‍්ඨසු ඵලිකමයථූපෙසු පක‍්ඛිපි.

රජු ඒ ස්ථානය සාරවා එයින් ගොඩගත් පස්වලින් ගඩොල් සාදවා අසූමහා සව්වන්ගේ චෛත්‍යයන් කරවයි. රජු මෙහි කුමක් කරන්නේදැයි අසන්නවුන්ට ද මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චෛත්‍යයන් සාදවන්නේය කියාත් ධාතු නිධාන කිරීමක් ගැන නොකියත්. අසූරියනක් පමණ ඒ පෙදෙස ගැඹුරු වූ කල්හි යට ලෝහ තහඩුවක් අතුරා එහි ථූපාරාම චේතිය ඝරයේ ප්‍රමාණයට තඹ ලෝහයෙන් ගෙයක් කරවා අට බැගින් රන්වන් සඳුන්මය කරඬුද ථූපයන් ද කරවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් රන්වන් සඳුන්මය කරඬුවක තබා ඒ කරඬුව වෙනත් එබඳු කරඬුවක තබා එයට වෙනත් සඳුන් කරඬුවක ඒ ලෙසටම තබා මේ ආකාරයෙන් කරඬු අටක තැන්පත් කර ඒ කරඬු අට එක්තැන් කර මේ ආකාරයෙන්ම ඒ කරඬු අට රන් සඳුන් ථූප අටකද ඒ කරඬු රතුපාට සඳුන් කරඬුවල ද ඒ කරඬු රත්සඳුන් ථූප අටකද ඒ කරඬු අට ඇත්දත් කරඬු අටකද ඒ කරඬු ඇත්දත් ථූප අටකද ඒවා රත්නමය කරඬු අටකද ඒ රත්නමය කරඬු අට රත්නමය ථූප අටකද ඒවා ස්වර්ණමය කරඬුවලද ඒවා ස්වර්ණ ථූප අටකද ඒවා රිදී කරඬු අටකද ඒවා රිදී ථූප අටකද ඒ රිදී ථූප අට මැණික් කරඬු අටකද ඒවා මාණික්‍ය ථූප අටකද ඒවා පද්මරාග කරඬු අටකද ඒවා පද්මරාග ථූප අටකද ඒවා වෛරෝඩි කරඬු අටකද ඒවා වෛරෝඩි ථූප අටකද ඒවා පලිඟු කරඬු අටකද ඒවා පළිඟු [missing trans]

සබ‍්බෙසං උපරිමං ඵලිකචෙතියං ථූපාරාමචෙතියප‍්පමාණං අහොසි, තස‍්ස උපරි සබ‍්බරතනමයං ගෙහං කාරෙසි, තස‍්ස උපරි සුවණ‍්ණමයං, තස‍්ස උපරි රජතමයං, තස‍්ස උපරි තම‍්බලොහමයං ගෙහං. තත්‍ථ සබ‍්බරතනමයං වාලිකං ඔකිරිත්‍වා ජලජථලජපුප‍්ඵානං සහස‍්සානි විප‍්පකිරිත්‍වා අඩ‍්ඪඡට‍්ඨානි ජාතකසතානි අසීතිමහාථෙරෙ සුද‍්ධොදනමහාරාජානං මහාමායාදෙවිං සත‍්ත සහජාතෙති සබ‍්බානෙතානි සුවණ‍්ණමයානෙව කාරෙසි. පඤ‍්චපඤ‍්චසතෙ සුවණ‍්ණරජතමයෙ පුණ‍්ණඝටෙ ඨපාපෙසි, පඤ‍්ච සුවණ‍්ණද‍්ධජසතෙ උස‍්සාපෙසි. පඤ‍්චසතෙ සුවණ‍්ණදීපෙ, පඤ‍්චසතෙ රජතදීපෙ කාරාපෙත්‍වා සුගන්‍ධතෙලස‍්ස පූරෙත්‍වා තෙසු දුකූලවට‍්ටියො ඨපෙසි.

පළිඟු චෛත්‍ය ථූපාරාම චෛත්‍යය පමණ විය. ඒ මත්තේ මාණික්‍යමය ගෘහයක් විය. ඒ මත්තේ ස්වර්ණමය ගෘහයක්ද ඒ මත්තේ රිදීමය ගෘහයක්ද ඒ මත්තේ තඹලෝහමය ගෙයක්ද කරවීය. එහි රත්නමය වැලි අතුරවා, ජලයෙහි හා ගොඩබිම සෑදනෙ මල් දහස් ගණනක් විසුරුවා පන්සියයක් ජාතක කථාවන්ද අසූමහා ශ්‍රාවකයන් ශුද්ධෝදන මහරජු, මහාමායා දේවිය, සහජාත සප්ත වස්තුනුත් යන සියල්ල රනින් කරවීය. පන්සියය බැගින් රන් රිදී පුන්කලස් තැබ්බවීය. පන්සියයක් රන් දද එසවීය. පන්සියයක් ස්වර්ණ ප්‍රදීපයන් ද පන්සියයක් රජතමය ප්‍රදීපයක් ද කරවා ඒවා සුවඳ තෙලින් පුරවා ඒවායෙහි දුහුල් පහන්වැටි තැබ්බවීය.

අථායස‍්මා මහාකස‍්සපො – “මාලා මා මිලායන‍්තු, ගන්‍ධා මා විනස‍්සන‍්තු, දීපා මා විජ‍්ඣායන‍්තූ”ති අධිට‍්ඨහිත්‍වා සුවණ‍්ණපට‍්ටෙ අක‍්ඛරානි ඡින්‍දාපෙසි –

ඉක්බිති මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මල්මාලාවන් නොමැලවේවා. සුවඳ නොනැසේවා. පහන් නොනිමේවායි අධිෂ්ඨාන කොට රන්පටවල ලියවා තැබීය.

“අනාගතෙ පියදාසො නාම කුමාරො ඡත‍්තං උස‍්සාපෙත්‍වා අසොකො ධම‍්මරාජා භවිස‍්සති. සො ඉමා ධාතුයො විත්‍ථාරිකා කරිස‍්සතී”ති.

අනාගතයෙහි පියදාස නම් කුමාරයෙක් සේසත් නංවා අසෝක ධර්මරාජයා වන්නේය. ඔහු මේ ධාතූන් වහන්සේලාව විසුරුවා හරින්නේ යයි

රාජා සබ‍්බපසාධනෙහි පූජෙත්‍වා ආදිතො පට‍්ඨාය ද‍්වාරං පිදහන‍්තො නික‍්ඛමි, සො තම‍්බලොහද‍්වාරං පිදහිත්‍වා ආවිඤ‍්ඡනරජ‍්ජුයං කුඤ‍්චිකමුද‍්දිකං බන්‍ධිත්‍වා තත්‍ථෙව මහන‍්තං මණික‍්ඛන්‍ධං ඨපෙත්‍වා – “අනාගතෙ දලිද‍්දරාජා ඉමං මණිං ගහෙත්‍වා ධාතූනං සක‍්කාරං කරොතූ”ති අක‍්ඛරං ඡින්‍දාපෙසි.

රජු සියලු ආභරණවලින් පුදා මුලපටන් දොරවල් වසමින් නිකුත් විය. ඔහු තඹ ලෝහමය දොර වසා දොර වසන, හරින ලනුව යතුරු මුදුවෙහි බැඳ එහිම විශාල මැණික් සමූහයක් තැබ්බවීය. අනාගතයේ පහළ වන්නා වූ දිළිඳු රජවරු මේ මැණික් ගෙන ධාතූන් වහන්සේලාට සත්කාර කරත්වායි ලියා තැබීය.

සක‍්කො දෙවරාජා විස‍්සකම‍්මං ආමන‍්තෙත්‍වා – “තාත, අජාතසත‍්තුනා ධාතුනිධානං කතං, එත්‍ථ ආරක‍්ඛං පට‍්ඨපෙහී”ති පහිණි. සො ආගන‍්ත්‍වා වාළසඞ‍්ඝාටයන‍්තං යොජෙසි, කට‍්ඨරූපකානි තස‍්මිං ධාතුගබ‍්භෙ ඵලිකවණ‍්ණඛග‍්ගෙ ගාහෙත්‍වා වාතසදිසෙන වෙගෙන අනුපරියායන‍්තං යන‍්තං යොජෙත්‍වා එකාය එව ආණියා බන්‍ධිත්‍වා සමන‍්තතො ගිඤ‍්ජකාවසථාකාරෙන සිලාපරික‍්ඛෙපං කත්‍වා උපරි එකාය පිදහිත්‍වා පංසුං පක‍්ඛිපිත්‍වා භූමිං සමං කත්‍වා තස‍්ස උපරි පාසාණථූපං පතිට‍්ඨපෙසි. එවං නිට‍්ඨිතෙ ධාතුනිධානෙ යාවතායුකං ඨත්‍වා ථෙරොපි පරිනිබ‍්බුතො, රාජාපි යථාකම‍්මං ගතො, තෙපි මනුස‍්සා කාලඞ‍්කතා.

සක්දේව රජ විශ්වකර්මයා අමතා දරුව, අජාසත් රජු විසින් ධාතු නිධානයක් කරන ලදි. එහි ආරක්ෂා විධිවිධාන යොදන්න යැයි පිටත්කර හැරීය. ඔහු අවුත් වාල සංඝාට යන්ත්‍රයක් යෙදවීය. ලී රූප ඒ ධාතු ගර්භයෙහි පළිඟු වර්ණ කඩුගෙන වාතයට බඳු වේගයෙන් හාත්පස හැසිරෙමින් යන යන්ත්‍රයක් යොදා එක යතුරකට සම්බන්ධකර හාත්පසින් ගඩොල් ගෙයක ආකාරයෙන් ගල්වලින් වටකර මත්තේ එකකින් වසා පස් දමා බිම සමතලා කර ඒ මත්තේ පාෂාණමය ථූපයක් සෑදවීය. මෙසේ ධාතු නිධානය නිමවූ කල්හි දිවි ඇතිතෙක් සිට තෙරුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. රජතුමා ද මිය ගියේය. ඒ මිනිස්සුද මිය ගියාහ.

අපරභාගෙ පියදාසො නාම කුමාරො ඡත‍්තං උස‍්සාපෙත්‍වා අසොකො නාම ධම‍්මරාජා හුත්‍වා තා ධාතුයො ගහෙත්‍වා ජම‍්බුදීපෙ විත්‍ථාරිකා අකාසි. කථං? සො නිග්‍රොධසාමණෙරං නිස‍්සාය සාසනෙ ලද‍්ධප‍්පසාදො චතුරාසීති විහාරසහස‍්සානි කාරෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං පුච‍්ඡි – “භන‍්තෙ, මයා චතුරාසීති විහාරසහස‍්සානි කාරිතානි, ධාතුයො කුතො ලභිස‍්සාමී”ති? මහාරාජ, – “ධාතුනිධානං නාම අත්‍ථී”ති සුණොම, න පන පඤ‍්ඤායති – “අසුකස‍්මිං ඨානෙ”ති. රාජා රාජගහෙ චෙතියං භින්‍දාපෙත්‍වා ධාතුං අපස‍්සන‍්තො පටිපාකතිකං කාරෙත්‍වා භික‍්ඛුභික‍්ඛුනියො උපාසකඋපාසිකායොති චතස‍්සො පරිසා ගහෙත්‍වා වෙසාලිං ගතො. තත්‍රාපි අලභිත්‍වා කපිලවත්‍ථුං. තත්‍රාපි අලභිත්‍වා රාමගාමං ගතො. රාමගාමෙ නාගා චෙතියං භින්‍දිතුං න අදංසු, චෙතියෙ නිපතිතකුදාලො ඛණ‍්ඩාඛණ‍්ඩං හොති. එවං තත්‍රාපි අලභිත්‍වා අල‍්ලකප‍්පං වෙඨදීපං පාවං කුසිනාරන‍්ති සබ‍්බත්‍ථ චෙතියානි භින්‍දිත්‍වා ධාතුං අලභිත්‍වාව පටිපාකතිකානි කත්‍වා පුන රාජගහං ගන‍්ත්‍වා චතස‍්සො පරිසා සන‍්නිපාතාපෙත්‍වා – “අත්‍ථි කෙනචි සුතපුබ‍්බං ‘අසුකට‍්ඨානෙ නාම ධාතුනිධාන’න‍්ති” පුච‍්ඡි.

අපර භාගයෙහි පියදාස නම් රජෙක් ඡත්‍ර නංවා අසෝක නම් ධර්මරාජව ඒ ධාතූන් ගෙන දඹදිව පුරා බෙදා හැරියේය. කෙසේද? ඔහු නිග්‍රොධ සාමණේරයන් වහන්සේ නිසා සසුනෙහි පැහැදී අසූසාර දහසක් විහාර කරවා ධාතූන් වහන්සේලා කොහෙන් ලබාගන්නෙමුදැයි ඇසීය. මහරජ, ධාතු නිධානයක් ඇතැයි අසා ඇත. අසවල් තැන යයි නොපෙනේ. රජු රජගහ නුවර චෛත්‍යයක් බිඳවා ධාතු නොදැක නැවත ප්‍රතිසංස්කරණය කරවා භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්පිරිස රැගෙන විශාලා නුවරට ගියේය. එයින්ද නොලැබ කපිලවස්තු පුරයටද එයින් නොලැබ රාම ග්‍රාමයට ගියේය. රාමග්‍රාමයේ නාගයෝ චෛත්‍යය බිඳින්නට ඉඩ නුදුන්හ. චෛත්‍යයට ගැසූ උදැල්ල කෑලිවලට කැඩී යයි. මෙසේ එහිද නොලැබ අල්ලකප්ප නගරයටද, වෙඨදීපය, පාවක, කුසිනාරා යන සියළු තන්හි චෛත්‍යයන් බිඳවා ධාතු නොලැබ ඒවා නැවත පිළිසකර කරවා නැවත රජගහ නුවරට ගොස් සිව් පිරිස රැස්කරවා, අසවල් තැන ධාතු නිධන්කර ඇතැයි කවරකු විසින් හෝ අසා තිබේදැයි විමසීය.

තත්‍රෙකො වීසවස‍්සසතිකො ථෙරො – “අසුකට‍්ඨානෙ ධාතුනිධාන”න‍්ති න ජානාමි, මය‍්හං පන පිතා මහාථෙරො මං සත‍්තවස‍්සකාලෙ මාලාචඞ‍්කොටකං ගාහාපෙත්‍වා – “එහි සාමණෙර, අසුකගච‍්ඡන‍්තරෙ පාසාණථූපො අත්‍ථි, තත්‍ථ ගච‍්ඡාමා”ති ගන‍්ත්‍වා පූජෙත්‍වා – “ඉමං ඨානං උපධාරෙතුං වට‍්ටති සාමණෙරා”ති ආහ. අහං එත‍්තකං ජානාමි මහාරාජාති ආහ. රාජා “එතදෙව ඨාන”න‍්ති වත්‍වා ගච‍්ඡෙ හාරෙත්‍වා පාසාණථූපඤ‍්ච පංසුඤ‍්ච අපනෙත්‍වා හෙට‍්ඨා සුධාභූමිං අද‍්දස. තතො සුධඤ‍්ච ඉට‍්ඨකායො ච හාරෙත්‍වා අනුපුබ‍්බෙන පරිවෙණං ඔරුය‍්හ සත‍්තරතනවාලුකං අසිහත්‍ථානි ච කට‍්ඨරූපකානි සම‍්පරිවත‍්තකානි අද‍්දස. සො යක‍්ඛදාසකෙ පක‍්කොසාපෙත්‍වා බලිකම‍්මං කාරෙත්‍වාපි නෙව අන‍්තං න කොටිං පස‍්සන‍්තො දෙවතානං නමස‍්සමානො – “අහං ඉමා ධාතුයො ගහෙත්‍වා චතුරාසීතියා විහාරසහස‍්සෙසු නිදහිත්‍වා සක‍්කාරං කරොමි, මා මෙ දෙවතා අන‍්තරායං කරොන‍්තූ”ති ආහ.

එහිදී එක්, එකසිය විසිවයස් තෙරනමක් අසවල් තැන ධාතු නිධන්කර ඇතැයි නොදනිමි. නමුත් මගේ පියා මහතෙර නමකි. මා සත්වයස් කල්හි මල්කරඬුවක් මා ලවා ගෙන්වාගෙන, සාමණේරය එන්න. අසවල් ගස් අතරේ පාෂාණ චෛත්‍යයක් ඇත. එහි යමු යැයි ගොස් පුදා සාමණේරය මේ ස්ථානය මතක තබාගන්න වටීයයි පැවසීය. මම මෙපමණක් දනිමියි මහරජ යැයි පැවසීය. රජු ඒ ස්ථානයම විය යුතුයයි කියා ගොස් එහි පාෂාණ ථූපයත්, පස් ද ඉවත්කර යමින් හුණු පොළවක් දුටුවේය. එයින් හුණු ද ගඩොල් ද ඉවත්කර පිළිවෙලින් පිරිවෙනට බැස සප්ත රත්නමය වැලි ද ආයුධ ගත් අත් ඇති ලී රූප ද කරකැවෙනු දුටුවේය. හෙතෙම යකැදුරන් ගෙන්වා බලිකර්මයක් කරවවා ද අවසානයක්, කෙළවරක් නොදක්නේ දෙවියන්ට වඳිමින් ධාතූන් වහන්සේලාව ගෙන අසූසාර දහසක් විහාරවල නිධන්කොට ගරුසත්කාර කරන්නෙමි. දෙවියෝ මට අනතුරක් නොකරත්වායි කීය.

සක‍්කො දෙවරාජා චාරිකං චරන‍්තො තං දිස‍්වා විස‍්සකම‍්මං ආමන‍්තෙසි – “තාත, අසොකො ධම‍්මරාජා ‘ධාතුයො නීහරිස‍්සාමී’ති පරිවෙණං ඔතිණ‍්ණො, ගන‍්ත්‍වා කට‍්ඨරූපකානි හාරෙහී”ති. සො පඤ‍්චචූළගාමදාරකවෙසෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො ධනුහත්‍ථො ඨත්‍වා – “හරාමි මහාරාජා”ති ආහ. “හර, තාතා”ති සරං ගහෙත්‍වා සන්‍ධිම‍්හියෙව විජ‍්ඣි, සබ‍්බං විප‍්පකිරියිත්‍ථ. අථ රාජා ආවිඤ‍්ඡනෙ බන්‍ධං කුඤ‍්චිකමුද‍්දිකං ගණ‍්හි, මණික‍්ඛන්‍ධං පස‍්සි. “අනාගතෙ දලිද‍්දරාජා ඉමං මණිං ගහෙත්‍වා ධාතූනං සක‍්කාරං කරොතූ”ති පුන අක‍්ඛරානි දිස‍්වා කුජ‍්ඣිත්‍වා – “මාදිසං නාම රාජානං දලිද‍්දරාජාති වත‍්තුං අයුත‍්ත”න‍්ති පුනප‍්පුනං ඝටෙත්‍වා ද‍්වාරං විවරාපෙත්‍වා අන‍්තොගෙහං පවිට‍්ඨො.

සක්දෙව් රජ චාරිකාවේ හැසිරෙන්නේ ඒ දැක විශ්වකර්මයා අමතා දරුව! ධර්මරාජ වූ අසෝක රජු ධාතූන් වහන්සේලාව බැහැර ගෙනයන්නෙමියි පිරිවෙනට බැස සිටී. එහි ගොස් ලී රූප ඉවත් කරන්න. හෙතෙම පස්වයස් ගම්දරුවකු මෙන් ගොස් රජු ඉදිරියේ දුන්නක් ගත් අත් ඇතිව සිට මහරජතුමනි, ඉවත් කරමියි කීය. දරුව, ඉවත් කරන්නයැයි කීය. ඊය ගෙන බැඳ තිබුණු තැනට විද්දේය. සියල්ල විසිරී ගියේය. ඉක්බිති රජතුමා ලතුවෙහි එල්ලා තිබුණු යතුරු කැරැල්ල ගත්තේය. මැණික් සමූහය දුටුවේය. අනාගතයේ දිළිඳු රජවරු මේ මැණික් ගෙන ධාතූන් වහන්සේලාට සත්කාර කරත්වායි ලියා තිබූ අකුරු කියවා කෝපයට පත්ව මා වැනි රජකු දිළිඳුයයි කියන්නට යෝග්‍ය නොවේයැයි නැවත නැවතත් තල්ලු කරමින් දොර විවෘත කරගෙන ඇතුල්ගෙට පිවිසියේය

අට‍්ඨාරසවස‍්සාධිකානං ද‍්වින‍්නං වස‍්සසතානං උපරි ආරොපිතදීපා තථෙව පජ‍්ජලන‍්ති. නීලුප‍්පලපුප‍්ඵානි තඞ‍්ඛණං ආහරිත්‍වා ආරොපිතානි විය, පුප‍්ඵසන්‍ථාරො තඞ‍්ඛණං සන්‍ථතො විය, ගන්‍ධා තං මුහුත‍්තං පිසිත්‍වා ඨපිතා විය රාජා සුවණ‍්ණපට‍්ටං ගහෙත්‍වා – “අනාගතෙ පියදාසො නාම කුමාරො ඡත‍්තං උස‍්සාපෙත්‍වා අසොකො නාම ධම‍්මරාජා භවිස‍්සති සො ඉමා ධාතුයො විත්‍ථාරිකා කරිස‍්සතී”ති වාචෙත්‍වා – “දිට‍්ඨො භො, අහං අය්‍යෙන මහාකස‍්සපත්‍ථෙරෙනා”ති වත්‍වා වාමහත්‍ථං ආභුජිත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන අප‍්ඵොටෙසි. සො තස‍්මිං ඨානෙ පරිචරණධාතුමත‍්තමෙව ඨපෙත්‍වා සෙසා ධාතුයො ගහෙත්‍වා ධාතුගෙහං පුබ‍්බෙ පිහිතනයෙනෙව පිදහිත්‍වා සබ‍්බං යථාපකතියාව කත්‍වා උපරි පාසාණචෙතියං පතිට‍්ඨාපෙත්‍වා චතුරාසීතියා විහාරසහස‍්සෙසු ධාතුයො පතිට‍්ඨාපෙත්‍වා මහාථෙරෙ වන්‍දිත්‍වා පුච‍්ඡි – “දායාදොම‍්හි, භන‍්තෙ, බුද‍්ධසාසනෙ”ති. කිස‍්ස දායාදො ත්‍වං, මහාරාජ, බාහිරකො ත්‍වං සාසනස‍්සාති. භන‍්තෙ, ඡන‍්නවුතිකොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා චතුරාසීති විහාරසහස‍්සානි කාරෙත්‍වා අහං න දායාදො, අඤ‍්ඤො කො දායාදොති? පච‍්චයදායකො නාම ත්‍වං මහාරාජ, යො පන අත‍්තනො පුත‍්තඤ‍්ච ධීතරඤ‍්ච පබ‍්බාජෙති, අයං සාසනෙ දායාදො නාමාති. සො පුත‍්තඤ‍්ච ධීතරඤ‍්ච පබ‍්බාජෙසි. අථ නං ථෙරා ආහංසු – “ඉදානි, මහාරාජ, සාසනෙ දායාදොසී”ති.

අවුරුදු දෙසිය දහඅටකට පෙර දල්වන ලද පහන් එසේම බබලයි. නිලුපුල් මල් ඒ මොහොතේ අතුරන ලද්දක් මෙන් සුවඳන් යුක්ත විය. රජු රන්පට ගෙන, අනාගතයේ පියදාස නම් කුමාරයෙක් රජවී අශෝක නම් වූ ධර්මරාජයෙක් වන්නේය. හෙතෙම මේ ධාතු බෙදා හරින්නේ යැයි කියවා, මම වනාහි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් දක්නා ලදැයි කියා වම් අත හකුළාගෙන දකුණු අතින් අත්පුඩි ගැසීය. හෙතෙම එම ස්ථානයෙහි වඳින්නට ධාතු ස්වල්පයක් පමණක් තබා ඉතිරි ධාතු සියල්ල ගෙන ධාතු මන්දිරය පෙර පරිදිම වසා තබා සියල්ල පැවැති තත්ත්වයට පත්කර මත්තෙහි පාෂාණ චෛත්‍යයක් සාදවා අසූහාර දහසක් විහාරවල ධාතු තැන්පත් කර මහ තෙරවරුන්ට වැඳ මෙසේ විචාළේය. ස්වාමීනි! මම සසුනෙහි දායාද ඇත්තේ වෙමි. මහරජ, ඔබ කුමකට දායාදකොට ඇත්තෙහිද? මහරජ, ඔබ සසුනෙන් බාහිර කෙනෙකි. ස්වාමීනි! අනූහය කෝටියක් ධනය වියදම් කර අසූහාර දහක් කරවූ මට දායාද නැත්තේ නම් දායාදකොට ඇත්තේ කවරෙක්ද? මහරජ, ඔබ සිව්පසය දෙන දායකයෙකි. යමෙක් වනාහි තමන්ගේ පුතකු හෝ දුවණියක පැවිදි කරවයිද මෙය සසුනේ දායාද ඇත්තේ නම් වන්නේය. හෙතෙම පුත්‍රයාවද දුවණියද පැවිදි කරවීය. ඉක්බිති තෙරවරු ඔහුට මෙසේ කීහ. මහරජ, දැන් ඔබ සසුනෙහි දායාද ඇත්තේ වන්නෙහිය.

එවමෙතං භූතපුබ‍්බන‍්ති එවං එතං අතීතෙ ධාතුනිධානම‍්පි ජම‍්බුදීපතලෙ භූතපුබ‍්බන‍්ති. තතියසඞ‍්ගීතිකාරාපි ඉමං පදං ඨපයිංසු.

‘එවමෙතං භූතපුබ්බං’ යන්නෙන් මෙසේ මෙය අතීතයෙහි ධාතු නිධානයක් දඹදිව් තලයෙහි සිදුවූවකි යි තුන්වන සංගායනා කාරකයෝ මේ පදය ලියා තැබූහ.

අට‍්ඨදොණං චක‍්ඛුමතො සරීරන‍්තිආදිගාථායො පන තම‍්බපණ‍්ණිදීපෙ ථෙරෙහි වුත‍්තාති.

‘අත්‍ථද්‍රොණ චක්ඛුමතො සරීරං’ (තථාගතයන් වහන්සේගේ ශරීරය ද්‍රෝණ අටකි) මේ ආදී ගාථාවන් වනාහි ලංකාද්වීපවාසී තෙරවරුන් විසින් කියන ලදි.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං මහාපරිනිබ‍්බානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාපරිනිබ්බාණ සූත්‍ර වර්ණනාව නිමියේ ය.