4. මහාසුදස්සනසුත්තවණ්ණනා අට්ඨකථා
4. මහාසුදස්සනසුත්තවණ්ණනා
4. මහා සුදර්ශන සූත්‍ර වර්ණනාව
කුසාවතීරාජධානීවණ්ණනා
එවං මෙ සුතන්ති මහාසුදස්සනසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා – සබ්බරතනමයොති එත්ථ එකා ඉට්ඨකා සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵලිකමයා, එකා ලොහිතඞ්කමයා, එකා මසාරගල්ලමයා, එකා සබ්බරතනමයා, අයං පාකාරො සබ්බපාකාරානං අන්තො උබ්බෙධෙන සට්ඨිහත්ථො අහොසි. එකෙ පන ථෙරා – “නගරං නාම අන්තො ඨත්වා ඔලොකෙන්තානං දස්සනීයං වට්ටති, තස්මා සබ්බබාහිරො සට්ඨිහත්ථො, සෙසා අනුපුබ්බනීචා”ති වදන්ති. එකෙ – “බහි ඨත්වා ඔලොකෙන්තානං දස්සනීයං වට්ටති, තස්මා සබ්බඅබ්භන්තරිමො සට්ඨිහත්ථො, සෙසා අනුපුබ්බනීචා”ති. එකෙ – “අන්තො ච බහි ච ඨත්වා ඔලොකෙන්තානං දස්සනීයං වට්ටති, තස්මා මජ්ඣෙ පාකාරො සට්ඨිහත්ථො, අන්තො ච බහි ච තයො තයො අනුපුබ්බනීචා”ති.
එවම්මේසුතං යනු මහා සුදස්සන සූත්‍රයයි. මෙය එහි පෙර වර්ණනා නොකළ පද වර්ණනාවය. සබ්බරතනමයො යනු මෙහි එක් ගඩොලක් රුවන්මුවා වේ. එකක් රිදීමුවා වේ. එකක් වෛදුර්ය මැණික් වේ. එකක් පලිඟු මැණික් වේ. එකක් මැසිරිගල් වේ. එකක් සියළු රන්මුවා වේ. මේ පවුර සියළු පවුරුවල ඇතුළත උසින් සැට රියනක් විය. ඇතැම් තෙරුන් වහන්සේලා නගරය වනාහි ඇතුළෙහි සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එහෙයින් සියළු බාහිරව සැටරියනකි. සෙස්ස පිළිවෙළින් පහත් යයි කියති. ඇතමෙක් පිටත සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එනිසා සියළු අභ්‍යන්තරය සැට රියණකි. සෙස්ස පිළිවෙළින් පහත් වේ. ඇතමෙක් ඇතුළත ද පිටතද සිට බලන්නන්ට දර්ශනීයව වැටහේ. එහෙයින් මැදපවුර හැටරියනකි. ඇතුළ ද පිටත ද තුන පිළිවෙළින් පහත් වේ.
එසිකාති එසිකත්ථම්භො. තිපොරිසඞ්ගාති එකං පොරිසං මජ්ඣිමපුරිසස්ස අත්තනො හත්ථෙන පඤ්චහත්ථං, තෙන තිපොරිසපරික්ඛෙපා පන්නරසහත්ථපරිමාණාති අත්ථො. තෙ පන කථං ඨිතාති? නගරස්ස බාහිරපස්සෙ එකෙකං මහාද්වාරබාහං නිස්සාය එකෙකො, එකෙකං ඛුද්දකද්වාරබාහං නිස්සාය එකෙකො, මහාද්වාරඛුද්දකද්වාරානං අන්තරා තයො තයොති. තාලපන්තීසු සබ්බරතනමයානං තාලානං එකං සොවණ්ණමයන්ති පාකාරෙ වුත්තලක්ඛණමෙව වෙදිතබ්බං, පණ්ණඵලෙසුපි එසෙව නයො. තා පන තාලපන්තියො අසීතිහත්ථා උබ්බෙධෙන, විප්පකිණ්ණවාලුකෙ සමතලෙ භූමිභාගෙ පාකාරන්තරෙ එකෙකා හුත්වා ඨිතා.
එසිකා - යනු එසිකා ස්ථම්භයයි. ඉන්ද්රකීලයයි. තිපොරිසනිඛාතා - යනු එක් පුරුෂයකු තමාගේ අතින් පස් රියනකි. එහෙයින් පුරුෂයන් තිදෙනෙකුගේ ප්‍රාකාරය පාලොස් රියන් පමණ යන අර්ථයයි. ඒවා කෙසේ පිහිටියේද? නගරයේ එක එක මහා දොර උළුවහු නිසා එක එකක් එක එකක් කුඩා දොර උළුවහු නිසා එක එකක් මහදොර උළුවහු කුඩා දොර උළුවහු අතර තුන්වැන්න සදායයි ද තල් පන්ති අතර සියළු රන්මුවා වූ තල්වලින් එක් රන්මුවාමයයි පවුරේ කී ලක්ෂණ අනුව දතයුතුයි. කොලගෙඩි ආදියෙහි ද මෙම පිළිවෙළමයි. ඒ තල්ගස් පන්තිය වනාහි අසූ රියනක් උසට විසිරුණු වැලිතලා සමභූමියෙහි පවුරු අතර එක එකක් වෙන වෙනම පිහිටියේය.
වග්ගූති ඡෙකො සුන්දරො. රජනීයොති රඤ්ජෙතුං සමත්ථො. ඛමනීයොති දිවසම්පි සුය්යමානො ඛමතෙව, න බීභච්ඡෙති. මදනීයොති මානමදපුරිසමදජනනො. පඤ්චඞ්ගිකස්සාති ආතතං විතතං ආතතවිතතං සුසිරං ඝනන්ති ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස. තත්ථ ආතතං නාම චම්මපරියොනද්ධෙසු භෙරීආදීසු එකතලං තූරියං. විතතං නාම උභයතලං. ආතතවිතතං නාම සබ්බතො පරියොනද්ධං. සුසිරං නාම වංසාදි. ඝනං නාම සම්මාදි. සුවිනීතස්සාති ආකඩ්ඪනසිථිලකරණාදීහි සුමුච්ඡිතස්ස. සුප්පටිතාළිතස්සාති පමාණෙ ඨිතභාවජානනත්ථං සුට්ඨු පටිතාළිතස්ස. සුකුසලෙහි සමන්නාහතස්සාති යෙ වාදිතුං ඡෙකා කුසලා, තෙහි වාදිතස්ස. ධුත්තාති අක්ඛධුත්තා,. සොණ්ඩාති සුරාසොණ්ඩා. තෙයෙව පුනප්පුනං පාතුකාමතාවසෙන පිපාසා. පරිචාරෙසුන්ති (දී· නි· 2.132) හත්ථං වා පාදං වා චාලෙත්වා නච්චන්තා කීළිංසු.
වග්ගු යනු සුන්දර රජනියො - යනු ඇලීමට සමත් වූ කමනියො - යනු දවසක් ඇසුවත් කැමති වේ, එපා නොවේ. මදනියො - යනු මාන මදය පුරුෂමදය උපදවන. පඤ්චඞගිකස්ස - යනු ආතත, විතත, ආතතවිතත, බෙරවලින් සහ නලා, තාලම්පට යන මේවායින් යුක්ත වූ, එහි ආතත නම් සමින් යුත් බෙරවලින් එක් තලයක් පිටක් ඇති තූර්ය භාණ්ඩයකි. විතත නම් දෙපසම තල ඇති, ආතත විතත නම් සියළු ආකාරයෙන් වඩන ලද, සුසිර නම් තලා ආදියයි. ඝන නම් සම් ආදියයි. සූවිනීතස්ස - යනු ඇදීම් බුරුල් කිරීම් ආදියෙන් මඩනා ලද සුප්පටිකාලිකස්ස යනු උපොෂථ අංශයේ - ප්‍රමාණයෙහි සිටි බව දැනගැනීමට මනාව කුසලෙන සමන්නාගතස්ස - යන යමෙක් වාදකිරීමට දක්ෂ සමර්ථ ඔවුන් සමග වාදකරන්නන්ගේ ධුත්තා යනු සූදුවෙහි සුරාවෙහි ඇලීම. සොණ්ඩා යනු සුරාවෙහි ඇලීම. එයම නැවත නැවත පානය කිරීමට කැමැත්ත වශයෙන් ඇති පිපාසාව. පරිවාරෙසුං - යනු අත් පා විසිකරමින් නටමින් ක්‍රීඩා කළහ.
චක්කරතනවණ්ණනා
සීසං න්හාතස්සාති සීසෙන සද්ධිං ගන්ධොදකෙන නහාතස්ස. උපොසථිකස්සාති සමාදින්නඋපොසථඞ්ගස්ස. උපරිපාසාදවරගතස්සාති පාසාදවරස්ස උපරි ගතස්ස, සුභොජනං භුඤ්ජිත්වා පාසාදවරස්ස උපරිමහාතලෙ සිරිගබ්භං පවිසිත්වා සීලානි ආවජ්ජන්තස්ස. තදා කිර රාජා පාතොව සතසහස්සං විස්සජ්ජෙත්වා මහාදානං දත්වා සොළසහි ගන්ධොදකඝටෙහි සීසං නහායිත්වා කතපාතරාසො සුද්ධං උත්තරාසඞ්ගං එකංසං කරිත්වා උපරිපාසාදස්ස සිරිසයනෙ පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො අත්තනො දානාදිමයං පුඤ්ඤසමුදායං ආවජ්ජන්තො නිසීදි. අයං සබ්බචක්කවත්තීනං ධම්මතා.
සීසං නහාතස්ස - යනු හිස සමග සුවඳ ජලයෙන් නෑම. උපොසථිකස්සා - යනු සමාදන් වූ පෙහෙවස් ඇත්තේ. උපරිපාසාදස්සවරයාතස්ස ප්‍රාසාදයේ ඉහළමාලයට පැමිණ, ආහාර වළඳා ප්‍රාසාදයේ ඉහළ මහතලයෙහි සිරියහන් ගැබට පිවිස සිල් ආවර්ජනා කරන්නේ. එදා වනාහි රජතුමා උදේම ලක්ෂයක් වියදම්කර මහාදානයක් පිරිනමා සුවඳ පැන්කල සොළොසකින් හිසෙහි ස්නානය කොට උදේ ආහාර කිස නිමවා පිරිසිදු උතුරු සළුව එකස්කොට පෙරවා, ඉහළ ප්‍රාසාදයේ සිරියහනෙහි එරමිනිය ගොතා හුන්නේ තමාගේ දානමය පින් සමූහය ආවර්ජනා කරමින් සිටියේය. මෙය සියළු සක්විති රජුන්ගේ ධර්මතාවකි.
තෙසං තං ආවජ්ජන්තානංයෙව වුත්තප්පකාරපුඤ්ඤකම්මපච්චයඋතුසමුට්ඨානං නීලමණිසඞ්ඝාතසදිසං පාචීනසමුද්දජලතලං භින්දමානං විය, ආකාසං අලඞ්කුරුමානං විය දිබ්බං චක්කරතනං පාතුභවති. තං මහාසුදස්සනස්සාපි තථෙව පාතුරහොසි. තයිදං දිබ්බානුභාවයුත්තත්තා දිබ්බන්ති වුත්තං. සහස්සං අස්ස අරානන්ති සහස්සාරං. සහ නෙමියා, සහ නාභියා චාති සනෙමිකං සනාභිකං. සබ්බෙහි ආකාරෙහි පරිපුණ්ණන්ති සබ්බාකාරපරිපූරං.
එසේ ආවර්ජනා කරන්නාවූ ඔවුන්ට කියන ලද ආකාර පින්කම් හේතුවෙන් ඍතුවෙන් හටගත් නිල්මැණික් සමුහයක් මෙන් පෙරදිග මුහුදු ජලතලය දෙබෑ කරන්නාක් මෙන් අහස අලංකාර කරන්නාක් මෙන් දිව්‍ය චක්‍රරත්නය පහළ වේ. මහා සුදර්ශන රජතුමාට ද එය එසේම පහළ විය. එය දිව්යනුභාවයෙන් යුත් නිසා දිව්‍ය යයි කියන ලදී. මෙහි අර (ගරාදි) දහසක් නිසා සහස්සාර - නම් වේ. නිම් වලලු (පට්ටම්) සහ නාභියෙන් ..යුත් නිසා සනෙමිකං සනාභිකං - වේ. සියළු ආකාරයෙන් සම්පූර්ණ නිසා සබ්බාකාර පරිපුරං - වේ.
තත්ථ චක්කඤ්ච තං රතිජනනට්ඨෙන රතනඤ්චාති චක්කරතනං. යාය පන තං නාභියා “සනාභික”න්ති වුත්තං, සා ඉන්දනීලමයා හොති, මජ්ඣෙ පනස්සා සාරරජතමයා පනාළි, යාය සුද්ධසිනිද්ධදන්තපන්තියා හසමානා විය විරොචති, මජ්ඣෙ ඡිද්දෙන විය චන්දමණ්ඩලෙන, උභොසුපි බාහිරන්තෙසු රජතපට්ටෙන කතපරික්ඛෙපා හොති. තෙසු පනස්ස නාභිපනාළිපරික්ඛෙපපට්ටෙසු යුත්තයුත්තට්ඨානෙසු පරිච්ඡෙදලෙඛා සුවිභත්තාව හුත්වා පඤ්ඤායන්ති. අයං තාව අස්ස නාභියා සබ්බාකාරපරිපූරතා.
එහි රෝදයද ඇල්ම ඇතිකරන අර්ථයෙන් රත්නයද චක්කරතනං - වේ. යම් නාභියකින් යුක්ත වූ නිසා සනාභිකං යයි කියන ලදී. එය ඉඳුනිල්මිණිමුවා වේ. මැද වනාහි රිදීමුවා පනෙල් වේ. සුදු සිනිඳු දත් පෙළින් සිනා සෙන්නාක් මෙන් බබළයි. මැද සිදුරකින් මෙන් ඇතුළත පිටත දෙපසෙහි ම සඳමඬලේ රිදීපටකින් කරන ලද පරික්ෂේප ඇත්තේ වේ. නැබ පනෙල් වෙළන ලද පටවල සුදුසු තැන්වල වෙන්කොට දක්වන ලද රේඛා මනාව බෙදන ලද්දාක් මෙන් පෙනේ. මෙය නාභියෙන් සියළු ආකාර සම්පූර්ණ වීමකි.
යෙහි පන තං – “අරෙහි සහස්සාර”න්ති වුත්තං, තෙ සත්තරතනමයා සූරියරස්මියො විය පභාසම්පන්නා හොන්ති, තෙසම්පි ඝටකමණිකපරිච්ඡෙදලෙඛාදීනි සුවිභත්තානෙව හුත්වා පඤ්ඤායන්ති. අයමස්ස අරානං සබ්බාකාරපරිපූරතා.
අර සත්රන්මුවා වේ. හිරුරැස් මෙන් ප්‍රභා සම්පන්න වේ. ඒවායෙහිද ගැටි මැණික් වෙන්කිරීමේ රේඛාදිය මනාසේ බෙදුවාක් මෙන් පෙනේ. මෙය අරවල සබ්බාකාර පරිපූරිතා - වේ.
යාය පන තං නෙමියා – “සනෙමික”න්ති වුත්තං, සා බාලසූරියරස්මිකලාපසිරිං අවහසමානා විය සුරත්තසුද්ධසිනිද්ධපවාළමයා හොති. සන්ධීසු පනස්සා සඤ්ඣාරාගසස්සිරිකා රත්තජම්බුනදපට්ටා වට්ටපරිච්ඡෙදලෙඛා සුවිභත්තා හුත්වා පඤ්ඤායන්ති. අයමස්ස නෙමියා සබ්බාකාරපරිපූරතා.
යමකින් වනාහි ඒ නේමි සනේමිකං - යයි කියන ලදි. එය තරුණ සූර්ය රශ්මි කලාප සිරියෙන් අපහාස කරන්නාක් මෙන් ඉතා රතු පිරිසිදු පබලුමුවා වේ. මෙහි සන්ධිවල වනාහි සන්ධ්‍යා වර්ණයෙන් යුත් රතු ජම්බුනදියෙහි හටගත් රන්පටිමෙන් වට වූ වෙන්වූ රේඛාවලින් බෙදනලද්දා මෙන් පෙනේ. මෙය නෙමියා සබ්බාකාර පරිපූරිතා - නම් වේ.
නෙමිමණ්ඩලපිට්ඨියං පනස්ස දසන්නං දසන්නං අරානං අන්තරෙ ධමනවංසො විය අන්තො සුසිරො ඡිද්දමණ්ඩලඛචිතො වාතගාහී පවාළදණ්ඩො හොති, යස්ස වාතෙරිතස්ස සුකුසලසමන්නාහතස්ස පඤ්චඞ්ගිකතූරියස්ස විය සද්දො වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච හොති. තස්ස ඛො පන පවාළදණ්ඩස්ස උපරි සෙතච්ඡත්තං උභොසු පස්සෙසු සමොසරිතකුසුමදාමානං ද්වෙ පන්තියොති එවං සමොසරිතකුසුමදාමපන්තිසතද්වයපරිවාරසෙතච්ඡත්තසතධාරිනා පවාළදණ්ඩසතෙන සමුපසොභිතනෙමිපරික්ඛෙපස්ස ද්වින්නම්පි නාභිපනාළීනං අන්තො ද්වෙ සීහමුඛානි හොන්ති, යෙහි තාලක්ඛන්ධප්පමාණා පුණ්ණචන්දකිරණකලාපසස්සිරීකා තරුණරවිසමානරත්තකම්බලගෙණ්ඩුකපරියන්තා ආකාසගඞ්ගාගතිසොභං අවහසමානා විය ද්වෙ මුත්තකලාපා ඔලම්බන්ති. යෙහි චක්කරතනෙන සද්ධිං ආකාසෙ සම්පරිවත්තමානෙහි තීණි චක්කානි එකතො පරිවත්තන්තානි විය ඛායන්ති. අයමස්ස සබ්බසො සබ්බාකාරපරිපූරතා.
නිම්වලලුපටෙහි අර දහයක් දහයක් අතර ඇතුළ සිදුරැති පිඹින නළාවක් මෙන් සිදුරු මණ්ඩලයෙහි ඔබ්බන ලද සුළං යන්නා පබළු දඬුවෙක් වේ. එය වාතයෙන් සොලවනවිට ඉතා හොඳින් වාදනය කරන පංච තුරිය මෙන් සුන්දර, සිත් අලවන, එපා නොවන, මුසපත්වන ශබ්දයෙන් යුක්ත වේ. වගගුච රජනීයොච කමනීයො ච, මදනියොච හොති ඒ පබළු දඬුවෙහි මුදුනෙහි සේසත දෙපස එක්රැස් වූ මල්මාලා පේලි දෙකක් වේ. මෙසේ එක්රැස් වූ මල්මාලා පේලි සියයක් හා සේසත් සියයක් දරණ පබළු දඬු සියයකින් සැදුණු නිම්වලලු පරික්ෂේපයෙන් නාභි පනෙල් දෙක ඇතුළත සිංහ මුහුණු දෙකක් වේ. ඒවායෙන් තල්කඳක් සා පිරුණු සඳ කිරණ කලාප සිරියෙන් හා තරුණ හිරු හා සමාන රන් කම්බිලි පන්දුවක් කෙළවරකොට ඇති අහස් ගඟ සිරියට අපහාස කරන්නාක් මෙන් මුතුවැල් දෙකක් එල්බේ. චක්‍රරත්නය සමග ඒවා අහසෙහි මනාව පෙරලෙමින් යනවිට චක්‍ර රත්න තුනක් එකවිට පෙරලෙන්නාක් මෙන් හැඟේ. මෙය එහි සියළු ආකාරයෙන් සබ්බකාර පරිපූරිතා - නම් වේ.
තං පනෙතං එවං සබ්බාකාරපරිපූරං පකතියා සායමාසභත්තං භුඤ්ජිත්වා අත්තනො අත්තනො ඝරද්වාරෙ පඤ්ඤත්තාසනෙසු නිසීදිත්වා පවත්තකථාසල්ලාපෙසු මනුස්සෙසු වීථිචතුක්කාදීසු කීළමානෙ දාරකජනෙ නාතිඋච්චෙන නාතිනීචෙන වනසණ්ඩමත්ථකාසන්නෙන ආකාසප්පදෙසෙන උපසොභයමානං විය, රුක්ඛසාඛග්ගානි ද්වාදසයොජනතො පට්ඨාය සුය්යමානෙන මධුරස්සරෙන සත්තානං සොතානි ඔධාපයමානං යොජනතො පට්ඨාය නානප්පභාසමුදයසමුජ්ජලෙන වණ්ණෙන නයනානි සමාකඩ්ඪන්තං විය, රඤ්ඤො චක්කවත්තිස්ස පුඤ්ඤානුභාවං උග්ඝොසයන්තං විය, රාජධානියා අභිමුඛං ආගච්ඡති.
මෙය මෙසේ සියළු ආකාරයෙන් සපිරි ස්වභාවෙයන් සවස ආහාර ගෙන තම තමාගේ ගෙවල පැණවූ අසුන්හි හිඳ මිනිසුන් අල්ලාප සල්ලාපයෙහි යෙදෙන කල්හි, දරුවන් සිව් මංසල්වල ක්‍රීඩා කරන කල්හි උසිනුත් නොව පහතිනුත් නොව වනහිස මුදුනේ අහස් පෙදෙසෙන් ගස් මුදුන් ආලෝක කරන්නාක් මෙන් දොලොස් යොදුනක සිට අස්වනු ලබන මිහිරි සරෙන් සතුන් කන් පුරවමින් යොදුනක සිට හා ආලෝකයෙන් බබළන වර්ණයෙන් ඇස් අදින්නාක් මෙන් සක්විති රජුගේ පුණ්‍යානුභාවය ප්‍රකාශ කරන්නාක් මෙන් රාජධානිය ඉදිරියට එයි.
අථස්ස චක්කරතනස්ස සද්දසවනෙනෙව – “කුතො නු ඛො, කස්ස නු ඛො අයං සද්දො”ති ආවජ්ජිතහදයානං පුරත්ථිමදිසං ආලොකයමානානං තෙසං මනුස්සානං අඤ්ඤතරො අඤ්ඤතරං එවමාහ – “පස්සථ, භො, අච්ඡරියං, අයං පුණ්ණචන්දො පුබ්බෙ එකො උග්ගච්ඡති, අජ්ජෙව පන අත්තදුතියො උග්ගතො, එතඤ්හි රාජහංසමිථුනමිව පුණ්ණචන්දමිථුනං පුබ්බාපරියෙන ගගනතලං අභිලඞ්ඝතී”ති. තමඤ්ඤො ආහ – “කිං කථෙසි, සම්ම, කුහිං නාම තයා ද්වෙ පුණ්ණචන්දා එකතො උග්ගච්ඡන්තා දිට්ඨපුබ්බා, නනු එස තපනීයරංසිධාරො පිඤ්ඡරකිරණො දිවාකරො උග්ගතො”ති, තමඤ්ඤො හසිතං කත්වා එවමාහ – “කිං උම්මත්තොසි, නනු ඉදානෙව දිවාකරො අත්ථඞ්ගතො, සො කථං ඉමං පුණ්ණචන්දං අනුබන්ධමානො උග්ගච්ඡිස්සති? අද්ධා පනෙතං අනෙකරතනප්පභාසමුදයුජ්ජලං එකස්සාපි පුඤ්ඤවතො විමානං භවිස්සතී”ති. තෙ සබ්බෙපි අපසාරයන්තා අඤ්ඤෙ එවමාහංසු – “භො, කිං බහුං විලපථ, නෙවායං පුණ්ණචන්දො, න සූරියො න දෙවවිමානං. න හෙතෙසං එවරූපා සිරිසම්පත්ති අත්ථි, චක්කරතනෙන පන එතෙන භවිතබ්බ”න්ති.
ඉක්බිති මේ මේ සක්රුවනේ ශබ්දය ඇසීමෙන්ම කොහෙන් මේ කාගෙද මේ ශබ්දය යයි මෙනෙහි කළ සිතින් පෙරදිග බලන්නාවූ මිනිසුන්ගෙන් එකෙක් තව එකෙකුට මෙසේ කීය. පිනැත්ත, බලන්න... අසිරිමත් වේ. මේ පුන්සඳ පෙර එකක්ම නැඟුනේය. අද වනාහි තමාගේ දෙවැනියෙකු සමග නැගීය. මෙය රාජහංස යුවලක් මෙන් පූර්ණචන්ද්‍ර යුගලයකි. පෙර වෙනත් ආකාරයෙන් ගුවන් තලයේ උදාවේ. අනිකා ඔහුට කීය. යහළුව, මොනවා කියනවද? පුන්සඳ දෙකක් එකට නැගෙනවා ඔබ කොහෙහරි දැක තිබෙනවාද? මෙය තවන රස ධාරාවෙන් රතු රත්වන් වූ සූර්යය උදාවූයේ නොවේද? ඔහු සිනාසී අනිකාට මෙසේ කීය. පිස්සුද? දැන් නේද ඉර බැස්සේ. එය කොහොම මේ පුන්සඳ ලුහුබඳිමින් උදාවන්නේද? ඒකාන්තයෙන් මෙය නොයෙක් රත්නාලෝකයෙන් බබළන කිසියම් පින්වතෙකුගේ විමානයක් වන්නේය. ඔවුන්ට නින්දා කරමින් අනෙකෙක් මෙසේ කීය. පින්වත්නි, මොනවද දොඩන්නේ, මෙය පුන්සඳ නොවේ. හිරු නොවේ, දෙවි විමනක් නොවේ. ඒවාට මෙබඳු වූ නාද සම්පතක් නැත. මෙය සක්රුවනම විය යුතුය.
එවං පවත්තසල්ලාපස්සෙව තස්ස ජනස්ස චන්දමණ්ඩලං ඔහාය තං චක්කරතනං අභිමුඛං හොති. තතො තෙහි – “කස්ස නු ඛො ඉදං නිබ්බත්ත”න්ති වුත්තෙ භවන්ති වත්තාරො – “න කස්සචි අඤ්ඤස්ස, නනු අම්හාකං මහාරාජා පූරිතචක්කවත්තිවත්තො, තස්සෙතං නිබ්බත්ත”න්ති. අථ සො ච මහාජනො, යො ච අඤ්ඤො පස්සති, සබ්බො චක්කරතනමෙව අනුගච්ඡති. තං චාපි චක්කරතනං රඤ්ඤොයෙව අත්ථාය අත්තනො ආගතභාවං ඤාපෙතුකාමං විය සත්තක්ඛත්තුං පාකාරමත්ථකෙනෙව නගරං අනුසංයායිත්වා, අථ රඤ්ඤො අන්තෙපුරං පදක්ඛිණං කත්වා, අන්තෙපුරස්ස ච උත්තරසීහපඤ්ජරසදිසෙ ඨානෙ යථා ගන්ධපුප්ඵාදීහි සුඛෙන සක්කා හොති පූජෙතුං, එවං අක්ඛාහතං විය තිට්ඨති.
ඒ ජනයාගේ මේ කථා සල්ලාපය පවතිද්දීම සඳමඬල හැරදමා ඒ සක්රුවන අභිමුඛයට පැමිණියේය. එයින් පසු ඔවුන් විසින් කවුරුන් උදෙසා මෙය පහළවූයේදැයි කී කල්හි, වෙන කිසිවකු සඳහා නොවේ, අපගේ මහරජතුමා පිරූ සක්විති සම්පත් නිසා මෙය පහළ වී යයි සිතූහ. ඒ මහා ජනයාද මෙය දක්නා සෙසු ජනයාද යන සියල්ලෝම සක්රුවන අනුගමනය කරමින් යති. ඒ සක්රුවන ද රජ සඳහාම තමාගේ පැමිණීම දැක්වීමට මෙන් සත්වරක් ම පවුරමතින් නගරයට ගොස් ඉක්බිති රජුගේ ඇතුළුනගරය ප්රදක්ෂිණා කොට ඇතුළු පුරයේ ඉහළ සී මැදුරු කවුළුව සමාන සුවඳමල් ආදියෙන් පහසුවෙන් පූජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් සිටියි.
එවං ඨිතස්ස පනස්ස වාතපානඡිද්දාදීහි පවිසිත්වා නානාවිරාගරතනප්පභාසමුජ්ජලං අන්තොපාසාදං අලඞ්කුරුමානං පභාසමූහං දිස්වා දස්සනත්ථාය සඤ්ජාතාභිලාසො රාජා හොති. පරිජනොපිස්ස පියවචනපාභතෙන ආගන්ත්වා තමත්ථං නිවෙදෙති. අථ රාජා බලවපීතිපාමොජ්ජඵුටසරීරො පල්ලඞ්කං මොචෙත්වා උට්ඨායාසනා සීහපඤ්ජරසමීපං ගන්ත්වා තං චක්කරතනං දිස්වා “සුතං ඛො පන මෙත”න්තිආදිකං චින්තනං චින්තයති. මහාසුදස්සනස්සාපි සබ්බං තං තථෙව අහොසි. තෙන වුත්තං – “දිස්වා රඤ්ඤො මහාසුදස්සනස්ස…පෙ… අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී”ති. තත්ථ සො හොති රාජා චක්කවත්තීති කිත්තාවතා චක්කවත්තී හොතීති? එකඞ්ගුලද්වඞ්ගුලමත්තම්පි චක්කරතනෙ ආකාසං අබ්භුග්ගන්ත්වා පවත්තෙ ඉදානි තස්ස පවත්තාපනත්ථං යං කාතබ්බං, තං දස්සෙන්තො අථ ඛො ආනන්දාතිආදිමාහ.
මෙසේ සිටිවිට වා කවුළු සිදුරු ආදියෙන් පිවිස නා නා වර්ණවලින් බබළමින් ඇතුළු ප්‍රාසාදය අලංකාර කරමින් පැවති ආලෝක සමූහය දැක එය දැකීමට රජුට කැමැත්තක් ඇතිවිය. සේවකයෝ ද පිය තෙපුල් පඬුරුවලින් එය දක්වති. නිවේදනය කරති. ඉක්බිති රජතුමා බලවත් ප්‍රීතියෙන් පහස්නා ලද ශරීර ඇත්තේ ආසනය හැර නැගී සිට සීමැදුරු කවුළුව ලඟට ගොස් සක්රුවන දැක, මෙය මා පෙර අසන ලදැයි සිතයි. මහසුදසුන් රජතුමාට ද එය එසේම විය. එසේ හෙයින් කියන ලදි. “මහා සුදස්සන රජු දැක...හේ සක්විති රජවෙයි” මම සක්විති රජවීම්ද? කොපමණකින් සක්විති වේද? අඟලක් දෙකක් පමණ අහසට නැග සක්රුවන සිටි කල්හි, දැන් ඊට පැවතිය යුතු කළයුතු යමක් වේ නම් එය දැක්වීමට අථඛො ආනන්දො” යනාදිය කීහ.
තත්ථ උට්ඨායාසනාති නිසින්නාසනතො උට්ඨහිත්වා චක්කරතනසමීපං ආගන්ත්වා. සුවණ්ණභිඞ්කාරං ගහෙත්වාති හත්ථිසොණ්ඩසදිසපනාළිං සුවණ්ණභිඞ්කාරං උක්ඛිපිත්වා. අන්වදෙව රාජා මහාසුදස්සනො සද්ධිං චතුරඞ්ගිනියා සෙනායාති සබ්බචක්කවත්තීනඤ්හි උදකෙන අබ්භුක්කිරිත්වා – “අභිවිජිනාතු භවං චක්කරතන”න්ති වචනසමනන්තරමෙව වෙහාසං අබ්භුග්ගන්ත්වා චක්කරතනං පවත්තති. යස්ස පවත්ති සමකාලමෙව සො රාජා චක්කවත්තී නාම හොති. පවත්තෙ පන චක්කරතනෙ තං අනුබන්ධමානොව රාජා චක්කවත්තියානවරං ආරුය්හ වෙහාසං අබ්භුග්ගච්ඡති. අථස්ස ඡත්තචාමරාදිහත්ථො පරිජනො චෙව අන්තෙපුරජනො ච තතො නානාකාරකඤ්චුකකවචාදිසන්නාහවිභූසිතෙන විවිධාභරණප්පභාසමුජ්ජලෙන සමුස්සිතද්ධජපටාකපටිමණ්ඩිතෙන අත්තනො අත්තනො බලකායෙන සද්ධිං උපරාජසෙනාපතිපභුතයොපි වෙහාසං අබ්භුග්ගන්ත්වා රාජානමෙව පරිවාරෙන්ති.
එහි උට්ඨායාසනා - හිඳගත් අසුනෙන් නැගිට, සක්රුවන සමීපයට ගොස් සුවණ්ණභිඞකාරං - ඇත් සොඬ සමාන පනෙල් ඇති රන් කෙණ්ඩිය ඔසවා අන්වදෙව රාජා මහා සුදස්සනො සද්ධිං චතුරංගිනියා සෙනාය - සියළු සක්විතීන්ගේ වත් අනුව ජලයෙන් ඉස, “පින්වත් සක්රුවන ජයගනීවා” යන වචනවලට අනතුරුවම අහසට පැන නැගී සක්රුවන පවතී. එසේ පැවති කාලයෙහි පටන් ඒ රජතුමා සක්විති රජ නම් වන්නේය. සක්රුවන එසේ පවතින කල්හි එය අනුව යමින් සක්විති රජතුමා උතුම් යානයකට නැගී අහසට යයි. ඉක්බිති ඔහුගේ සත් සෙමෙර ගත් අත් ඇති පිරිවර ජනයාද ඇතුළුනුවර ජනයාද නොයෙක් ආකාර කඤ්චක කවචාදියෙන් සැරසී විවිධ ආභරණාලෝකයෙන් බබළන ඔසවන ලද ධජ පතාකවලින් අලංකාර වූ තම තමාගේ බලකාය සමග උපරජ සේනාපතීන්ගේ පටන් අහසට නැගී රජුව පිරිවරා සිටිති.
රාජයුත්තා පන ජනසඞ්ගහත්ථං නගරවීථීසු භෙරියො චරාපෙන්ති – “තාතා, අම්හාකං රඤ්ඤො චක්කරතනං නිබ්බත්තං, අත්තනො විභවානුරූපෙන මණ්ඩිතපසාධිකා සන්නිපතථා”ති. මහාජනො පන පකතියා චක්කරතනසද්දෙනෙව සබ්බකිච්චානි පහාය ගන්ධපුප්ඵාදීනි ආදාය සන්නිපතිතොව සොපි සබ්බො වෙහාසං අබ්භුග්ගන්ත්වා රාජානමෙව පරිවාරෙති. යස්ස යස්ස හි රඤ්ඤා සද්ධිං ගන්තුකාමතාචිත්තං උප්පජ්ජති, සො සො ආකාසගතොව හොති. එවං ද්වාදසයොජනායාමවිත්ථාරා පරිසා හොති. තත්ථ එකපුරිසොපි ඡින්නභින්නසරීරො වා කිලිට්ඨවත්ථො වා නත්ථි. සුචිපරිවාරො හි රාජා චක්කවත්තී. චක්කවත්තිපරිසා නාම විජ්ජාධරපුරිසා විය ආකාසෙ ගච්ඡමානා ඉන්දනීලමණිතලෙ විප්පකිණ්ණරතනසදිසා හොති. මහාසුදස්සනස්සාපි තථෙව අහොසි. තෙන වුත්තං – “අන්වදෙව රාජා මහාසුදස්සනො සද්ධිං චතුරඞ්ගිනියා සෙනායා”ති.
රජුගේ කැමැත්තෙන් ජන සංග්‍රහය සඳහා නගරයෙහි බෙර වාදනය කර දරුවනි, අපගේ රජතුමාට සක්රුවන පහළ විය. තම තමා ගේ සම්පත් අනුව සැරසී රැස්වන්න” යයි දන්වනු ලැබේ. මහජනයා වනාහි සක්රුවනේ පියවි නාදයෙන් සියළු වැඩ අතහැර සුවඳ මල් ආදිය ගෙන රැස්වූවෝ ඒ සියල්ලෝ ද අහසට නැගී රජතුමාව පිරිවරාගෙන සිටිති. යම් යම් අයෙකුට රජු සමග යෑමට කැමැත්තේ වී නම් ඒ ඒ සියල්ලෝ ද අහසට ගියෝ වෙති. මෙසේ දොලොස් යොදුනක් දිග පළලින් පිරිස වෙති. එහි එකදු පුරුෂයෙකුවත් සිඳීබිඳී ගිය ශරිරයෙක් කිලිටි ඇඳුමක් නොවීය. සක්විති රජතුමා පිරිසිදු පිරිවර ඇත්තේ විය. සක්විති පිරිස නම් විධ්යාධර පිරිසක් මෙන අහසින් යන්නේ ඉඳුනිල් මිණි බිමක විසුරුවන රුවන් මෙන් වෙති. මහ සුදසුන් රජතුමාද එසේම විය. එසේ හෙයින් කියන ලදී. “සිවුරඟ සෙනග සමග සුදසුන් රජතුමා ද එසේ විය”.
තං පන චක්කරතනං රුක්ඛග්ගානං උපරූපරි නාතිඋච්චෙන නාතිනීචෙන ගගනප්පදෙසෙන පවත්තති. යථා රුක්ඛානං පුප්ඵඵලපල්ලවෙහි අත්ථිකා, තානි සුඛෙන ගහෙතුං සක්කොන්ති. යථා ච භූමියං ඨිතා “එස රාජා, එස උපරාජා, එස සෙනාපතී”ති සල්ලක්ඛෙතුං සක්කොන්ති. ඨානාදීසු ච ඉරියාපථෙසු යො යෙන ඉච්ඡති, සො තෙනෙව ගච්ඡති. චිත්තකම්මාදිසිප්පපසුතා චෙත්ථ අත්තනො අත්තනො කිච්චං කරොන්තායෙව ගච්ඡන්ති. යථෙව හි භූමියං, තථා තෙසං සබ්බකිච්චානි ආකාසෙව ඉජ්ඣන්ති. එවං චක්කවත්තිපරිසං ගහෙත්වා තං චක්කරතනං වාමපස්සෙන සිනෙරුං පහාය මහාසමුද්දස්ස උපරිභාගෙන සත්තසහස්සයොජනප්පමාණං පුබ්බවිදෙහං ගච්ඡති.
ඒ සක්රුවන රුක් අගින් ඉහළ ඉතා උස් නොවූ ඉතා පහත් නොවූ අහස් පෙදෙසක පවතී. ගස්වල මල් ගෙඩි කොල කැමති කෙනෙකුට බිම සිටියා මෙන් පහසුවෙන් ඒවා ගතහැකි වේ. මේ රජතුමාය. මේ උපරජතුමාය. මේ සේනාපතී යයි සැලකීමට හැකි වේ. ස්ථානාදියෙහි ද ඉරියව්වලද යමෙක් යමක් කැමති වේද හේ එය සිදුකර යති. චිත්‍ර කර්මාදි සිල්පවල යෙදීමට කැමති අය තම තමාගේ සිල්පාදිය කරමින් යති. බිම මෙන් ඔවුන්ගේ සියලු කටයුතු අහසෙහි සිදු වේ. මෙසේ සක්විති පිරිස ගෙන ඒ සක්රුවන වම්පසින් මහාමේරුව හැර සමුදුරට ඉහළින් යොදුන් හත්දහසක් පමණ වූ පූර්ව විදේහයට යයි.
තත්ථ යො විනිබ්බෙධෙන ද්වාදසයොජනාය, පරික්ඛෙපතො ඡත්තිංසයොජනාය පරිසාය සන්නිවෙසක්ඛමො සුලභාහාරූපකරණො ඡායුදකසම්පන්නො සුචිසමතලො රමණීයො භූමිභාගො, තස්ස උපරිභාගෙ තං චක්කරතනං අක්ඛාහතං විය තිට්ඨති. අථ තෙන සඤ්ඤාණෙන සො මහාජනො ඔතරිත්වා යථාරුචි නහානභොජනාදීනි සබ්බකිච්චානි කරොන්තො වාසං කප්පෙති. මහාසුදස්සනස්සාපි සබ්බං තථෙව අහොසි. තෙන වුත්තං – “යස්මිං ඛො පනානන්ද, පදෙසෙ චක්කරතනං පතිට්ඨාති, තත්ථ සො රාජා මහාසුදස්සනො වාසං උපගච්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනායා”ති.
එහි වෙන් වූ දොලොස් යොදුනෙක් වටකරන ලද යොදුන් තිස් හයක් වූ පිරිසට විසියහැකි සුලභ ආහාර උපකරණ ඡායා ජලය ඇති රමණීය වූ තැනිතලා භූමිභාගයක ඉහළ අහසේ සක්රුවන අකුර ගැසුවාක් මෙන් සිටී. ඉක්බිති ඒ සංඥාවෙන් ඒ මහාජනයා බැස කැමති පරිදි ස්නාන භෝජනාදි සියළු කිස කරමින් වාසය කරති. මහ සුදසුන් රජතුමාට ද ඒ එසේම ඒ සියල්ල සිදුවිය. එසේ හෙයින් කියන ලදී. “ආනන්දය, යම් ප්‍රදේශයක සක්රුවන පිහිටියේද එහි මහා සුදසුන් රජතුමා සිව්රඟ සෙනග සමග විසීමට එළඹේ.”
එවං වාසං උපගතෙ චක්කවත්තිම්හි යෙ තත්ථ රාජානො, තෙ “පරචක්කං ආගත”න්ති සුත්වාපි න බලකායං සන්නිපාතෙත්වා යුද්ධසජ්ජා හොන්ති. චක්කරතනස්ස හි උප්පත්තිසමනන්තරමෙව නත්ථි සො සත්තො නාම, යො පච්චත්ථිකසඤ්ඤාය තං රාජානං ආරබ්භ ආවුධං උක්ඛිපිතුං විසහෙය්ය. අයමානුභාවො චක්කරතනස්ස.
මෙසේ සක්විති රජතුමා වාසයට පැමිණි කල්හි එහි රජවරු ඒ අනුන්ගේ චක්‍රයක් ආවේ යයි අසාද බලසෙනඟ රැස් කොට යුදයට සැරසීමක් නැත. සක්රුවන පහළ වූ තැන්පටන් ඒ රජතුමාට එරෙහිව ආයුධ ඔසවන විරුද්ධ අදහස් ඇති රජෙක් නැත. මෙය සක්රුවනේ අනුභාවයයි.
චක්කානුභාවෙන හි තස්ස රඤ්ඤො, අරී අසෙසා දමථං උපෙන්ති. අරින්දමං නාම නරාධිපස්ස, තෙනෙව තං වුච්චති තස්ස චක්කන්ති.
සක්අනුහසින් සිය දැමති සතුරෝ සියළුම රජ අරින්දම නම් කියයි ඔහු සක එහෙයින්
තස්මා සබ්බෙපි තෙ රාජානො අත්තනො අත්තනො රජ්ජසිරිවිභවානුරූපං පාභතං ගහෙත්වා තං රාජානං උපගම්ම ඔනතසිරා අත්තනො මොළිමණිප්පභාභිසෙකෙන තස්ස පාදපූජං කරොන්තා – “එහි ඛො, මහාරාජා”තිආදීහි වචනෙහි තස්ස කිංකාරපටිසාවිතං ආපජ්ජන්ති. මහාසුදස්සනස්සාපි තථෙව අකංසු. තෙන වුත්තං – “යෙ ඛො, පනානන්ද, පුරත්ථිමාය දිසාය…පෙ… අනුසාස, මහාරාජා”ති.
එහෙයින් ඒ සියළුම රජවරු ම තමාගේ රාජ්‍ය ශ්‍රී සම්පත් අනුරූප පඬුරු ගෙන ඒ රජු වෙත එළඹ නැමුණු හිසින් තමාගේ ඔටුණු මිණි එළියෙන් පාද පූජා කරන්නේ “මහරජතුමණි, වඩිනු මැනවි” ආදි වචනයෙන් ඔහුගේ කීකරුවූවන් බවට පැමිණෙති. මහසුදසුන් රජතුමා ද එසේම කෙළේය. එහෙයින් කියන ලදී. යම් සේ ආනන්ද පෙර දිසාවෙන් මහරජ අනුසාසනා කරව”,
තත්ථ ස්වාගතන්ති සු ආගතං. එකස්මිඤ්හි ආගතෙ සොචන්ති, ගතෙ නන්දන්ති. එකස්මිං ආගතෙ නන්දන්ති, ගතෙ සොචන්ති, තාදිසො ත්වං ආගමනනන්දනො, ගමනසොචනො. තස්මා තව ආගමනං සුආගමනන්ති වුත්තං හොති. එවං වුත්තෙ පන රාජා චක්කවත්තී නාපි – “එත්තකං නාම මෙ අනුවස්සං බලිං උපකප්පෙථා”ති වදති, නාපි අඤ්ඤස්ස භොගං අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දෙති. අත්තනො පන ධම්මරාජභාවස්ස අනුරූපාය පඤ්ඤාය පාණාතිපාතාදීනි උපපරික්ඛිත්වා පෙමනීයෙන මඤ්ජුනා සරෙන – “පස්සථ තාතා, පාණාතිපාතො නාමෙස ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොතී”තිආදිනා නයෙන ධම්මං දෙසෙත්වා “පාණො න හන්තබ්බො”තිආදිකං ඔවාදං දෙති. මහාසුදස්සනොපි තථෙව අකාසි, තෙන වුත්තං – “රාජා මහාසුදස්සනො එවමාහ – ‘පාණො න හන්තබ්බො…පෙ… යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති”. කිං පන සබ්බෙපි රඤ්ඤො ඉමං ඔවාදං ගණ්හන්තීති? බුද්ධස්සාපි තාව සබ්බෙ න ගණ්හන්ති, රඤ්ඤො කිං ගණ්හිස්සන්තීති. තස්මා යෙ පණ්ඩිතා විභාවිනො, තෙ ගණ්හන්ති. සබ්බෙ පන අනුයන්තා භවන්ති. තස්මා යෙ ඛො පනානන්දාතිආදිමාහ.
එහි ස්වාගතං - යහපත්ව පැමිණීම. කෙනෙක් පැමිණි කල්හි සෝක කරති. ගිය කල්හි සතුටු වෙති. කෙනෙක් පැමිණි කල්හි සතුටු වෙති. ගිය කල්හි සෝක කරති. එබඳු වූ ඔබගේ පැමිණීම සතුටකි. යෑම දුකකි. එනිසා ඔබගේ පැමිණීම ස්වාගමනයකියි කියන ලදී. මෙසේ කීකල්හි සක්විති රජ වාර්ෂිකව මට බදු පමණක් දෙන්න යයි නොකියයි. එකෙකුගේ සම්පත් උදුරා තවකෙකුට නොදේ. තමාගේ ධර්මරාජභාවයට අනුරූපව ප්‍රාණඝාතාදිය ප්‍රඥාවෙන් පරීක්ෂා කොට ප්‍රේමවන්ත මිහිරි ස්වරයෙන්, බලන්න දරුවනි, ප්‍රාණඝාතය යන මෙය සෙව්නා ලද්දේ භාවිත කරන ලද්දේ බොහෝ කොට කරන ලද්දේ නිරයට වැටෙන්නේ ය... යනාදි නයින් අවවාද දෙයි. මහා සුදස්සන ද එසේ කළේය. එසෙයින් කියන ලදි. “මහා සුදර්ශන රජතුමා මෙසේ කීවේය. “ප්‍රාණය නොනැසිය යුතුය... සුදුසු සේ අනුභව කරන්න. කිම සියළුම රජවරු අවවාද ගන්නෝද ? බුදුන් වහන්සේ අවවාද කළත් සියල්ලෝම නොගනිති. කිම රජුගේ අවවාද සියල්ලන් ම ගනිතිද? එහෙයින් යමෙක් නුවණැත්තේ පණ්ඩිතවේද හේ ගනී. අනුව යතියි ආනන්දයෙනියි කීහ.
අථ තං චක්කරතනං එවං පුබ්බවිදෙහවාසීනං ඔවාදෙ දින්නෙ කතපාතරාසෙ චක්කවත්තිබලෙන වෙහාසං අබ්භුග්ගන්ත්වා පුරත්ථිමසමුද්දං අජ්ඣොගාහති. යථා යථා ච තං අජ්ඣොගාහති, තථා තථා අගදගන්ධං ඝායිත්වා සඞ්ඛිත්තඵණො නාගරාජා විය, සඞ්ඛිත්තඌමිවිප්ඵාරං හුත්වා ඔගච්ඡමානං මහාසමුද්දසලිලං යොජනමත්තං ඔගන්ත්වා අන්තොසමුද්දෙ වෙළුරියභිත්ති විය තිට්ඨති. තඞ්ඛණඤ්ඤෙව ච තස්ස රඤ්ඤො පුඤ්ඤසිරිං දට්ඨුකාමානි විය මහාසමුද්දතලෙ විප්පකිණ්ණානි නානාරතනානි තතො තතො ආගන්ත්වා තං පදෙසං පූරයන්ති. අථ සා රාජපරිසා තං නානාරතනපරිපූරං මහාසමුද්දතලං දිස්වා යථාරුචි උච්ඡඞ්ගාදීහි ආදියති, යථාරුචි ආදින්නරතනාය පන පරිසාය තං චක්කරතනං පටිනිවත්තති. පටිනිවත්තමානෙ ච තස්මිං පරිසා අග්ගතො හොති, මජ්ඣෙ රාජා, අන්තෙ චක්කරතනං. තම්පි ජලනිධිජලං පලොභියමානමිව චක්කරතනසිරියා, අසහමානමිව ච තෙන වියොගං නෙමිමණ්ඩලපරියන්තං අභිහනන්තං නිරන්තරමෙව උපගච්ඡති. එවං රාජා චක්කවත්තී පුරත්ථිමමහාසමුද්දපරියන්තං පුබ්බවිදෙහං අභිවිජිනිත්වා දක්ඛිණසමුද්දපරියන්තං ජම්බුදීපං විජෙතුකාමො චක්කරතනදෙසිතෙන මග්ගෙන දක්ඛිණසමුද්දාභිමුඛො ගච්ඡති. මහාසුදස්සනොපි තථෙව අගමාසි. තෙන වුත්තං – “අථ ඛො, ආනන්ද, චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්තී”ති.
මෙසේ පූර්ව විදේහියන්ට අවවාද දුන් කල්හි කරන ලද උදේ ආහාරය ඇතේ ඒ සක්රුවන සක්විති බලයෙන් අහසට නැගී නැගෙනහිර මුහුදට බැසයයි. එසේ බැසගත් එය බෙහෙත් සුවඳ ස්පර්ශ කළ පෙණය හකුලාගත් නා රජෙකු මෙන් හකුලන ලද ජලරල ඇතිව මතුවන්නේ මහසමුදුර ජලය යොදුනක් පමණ උඩට නැගී වෛදූර්ය භික්තියක් මෙන් සිටී. එකෙණෙහි ම ඒ රජුගේ පින්සිරි දැකීමට මෙන් මහසමුදුරු තලයෙහි විසිරුණු නොයෙක් රුවන් රැස් සැනින් පැමිණ ඒ ප්‍රදේශයේ පිරෙයි. ඉක්බිති ඒ රජපිරිස නොයෙක් රතනයෙන් පිරි ඒ මුහුදු තලය බලා කැමති පරිදි ඔඩොක්කු ආදිය පුරවා ගනිති. කැමති සේ ඒ රතන ඇරගන්නා තුරු ඒ සක්රුවන නවතී. නැවතී සිටින්නේද එහි ඉදිරියෙන් පිරිස සිටිති. මැද රජතුමාය. කෙළවර සක්රුවනය. එයද මුහුදු ජලය පොළඹවන්නා සේ සක්රුවන් සිරියෙන්, එහි වියෝගය නොඉවසන්නාක් මෙන් නිම්වලලු කෙළවර වැදෙමින් මැදෙමින් ඉවුරටම යයි. මෙසේ සක්විති රජතුමා නැගෙනහිර සමුද්‍රය අවසන් කොට ඇති පූර්ව විදේහය ජයගෙන දකුණු සමුද්‍රය අවසන්කොට ඇති දඹදිව ජය ගැනීම කැමැත්තේ සක්රුවන කියූ මගින් දකුණු මුහුද අභිමුඛව යයි. මහසුදසුන් රජතුමා ද එසේ පැමිණියේය. එසේ හෙයින් කියන ලදී. “ආනන්දයෙනි, ඉක්බිතිව ඒ සක්රුවන පෙරදිග මුහුද ගිලී මතු වී දකුණු දිසාවේ පවතී.”
එවං පවත්තමානස්ස පන තස්ස පවත්තනවිධානං, සෙනාසන්නිවෙසො, පටිරාජාගමනං, තෙසං අනුසාසනිප්පදානං දක්ඛිණසමුද්දඅජ්ඣොගාහනං සමුද්දසලිලස්ස ඔගච්ඡමානං රතනානං ආදානන්ති සබ්බං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
මෙසේ පවතින ආකාරය පවතින විවරය සේනාව ඇතුළුවීම් පෙරළා රජුන්ගේ ගමන ඔවුන්ගේ අනුසාසනා දකුණු මුහුදට බැසීම මුහුදු ජලය උඩට නැගීම් රුවන් ගැනීම් ආදි සියල්ල පෙර කී ආකාරයෙන් දත යුතුය.
විජිනිත්වා පන තං දසසහස්සයොජනප්පමාණං ජම්බුදීපං දක්ඛිණසමුද්දතොපි පච්චුත්තරිත්වා සත්තයොජනසහස්සප්පමාණං අපරගොයානං විජෙතුං පුබ්බෙ වුත්තනයෙනෙව ගන්ත්වා තම්පි සමුද්දපරියන්තං තථෙව අභිවිජිනිත්වා පච්ඡිමසමුද්දතොපි උත්තරිත්වා අට්ඨයොජනසහස්සප්පමාණං උත්තරකුරුං විජෙතුං තථෙව ගන්ත්වා තම්පි සමුද්දපරියන්තං තථෙව අභිවිජිය උත්තරසමුද්දතො පච්චුත්තරති.
දස දහසක් යොදුන් දඹදිව ජයගෙන දකුණු මුහුදෙන් ද නැගී සත් දහසක් පමණ යොදුන් අපරගෝයාන ජය ගැනීමට පෙර කී නයින් ගොස් එය ද මුහුද කෙළවර කොට ජයගෙන පැසුළු මුහුදෙන් නැගී අටදහසක් පමණ යොදුන් උතුරුකුරු දිවයින ජයගැනීමට එසේ ම ගොස් එය ද ජයගෙන උතුරු මුහුදෙන් නැගී සිටියි. මෙපමණකින් සක්විති රජතුමා විසින් සතර අන්තකොට ඇති පොළොවේ ආධිපත්‍යයට පැමිණෙන ලදි.
එත්තාවතා රඤ්ඤා චක්කවත්තිනා චාතුරන්තාය පථවියා ආධිපච්චං අධිගතං හොති. සො එවං විජිතවිජයො අත්තනො රජ්ජසිරිසම්පත්තිදස්සනත්ථං සපරිසො උද්ධං ගගනතලං අභිලඞ්ඝිත්වා සුවිකසිතපදුමකුමුදපුණ්ඩරීකවනවිචිත්තෙ චත්තාරො ජාතස්සරෙ විය පඤ්චසතපඤ්චසතපරිත්තදීපපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා චක්කරතනදෙසිතෙනෙව මග්ගෙන යථානුක්කමං අත්තනො රාජධානිං පච්චාගච්ඡති. අථ තං චක්කරතනං අන්තෙපුරද්වාරං සොභයමානං විය හුත්වා තිට්ඨති.
හේ මෙසේ දිනන ලද ජය, ඇත්තේ තමාගේ රාජ ශ්‍රී සම්පත්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා පිරිස සහිතව ඉහල ගගන තලයේ හැපී මනාව පිපුණා වූ නෙළුම්, උපුල්, මානෙල්, වශයෙන් විසිතුරු වූ විල් සතරක් මෙන් මහාද්වීපය බලා සක්රුවන කියු මගින්ම පිළිවෙළින් තමාගේ රාජධානියට පෙරළා පැමිණෙයි. ඉක්බිති සක්රුවන ඇතුළුනුවර දොර බබළවමින් මෙන් සිටී.
එවං පතිට්ඨිතෙ පන තස්මිං චක්කරතනෙ රාජන්තෙපුරෙ උක්කාහි වා දීපිකාහි වා කිඤ්චි කරණීයං න හොති, චක්කරතනොභාසොයෙව රත්තිං අන්ධකාරං විධමතියෙව. යෙ පන අන්ධකාරත්ථිකා හොන්ති, තෙසං අන්ධකාරමෙව හොති. මහාසුදස්සනස්සාපි සබ්බමෙතං තථෙව අහොසි. තෙන වුත්තං – “දක්ඛිණං සමුද්දං අජ්ඣොගාහෙත්වා…පෙ… එවරූපං චක්කරතනං පාතුරහොසී”ති.
මෙසේ සක්රුවන පිහිටි කල්හි රජුගේ ඇතුළුනුවර හුළු එළිවලින් හෝ පහන්වලින් කිසිකාරියක් නැත. සක්රුවනේ ආලෝකයෙන්ම රෑ අඳුර නැසෙයි. අඳුර කැමති අයට අඳුරම වේ. මහ සුදසුන් රජතුමාට ද මේවා මෙසේම විය. එහෙයින් කියනලදී. දකුණු මුහුදට බැස... මෙබඳු වූ සක්රුවන පහළ විය.
හත්ථිරතනවණ්ණනා
එවං පාතුභූතචක්කරතනස්සෙව චක්කවත්තිනො අමච්චා පකතිමඞ්ගලහත්ථිට්ඨානං සමං සුචිභූමිභාගං කාරෙත්වා හරිචන්දනාදීහි සුරභිගන්ධෙහි උපලිම්පාපෙත්වා හෙට්ඨා විචිත්තවණ්ණසුරභිකුසුමසමොකිණ්ණං උපරි සුවණ්ණතාරකානං අන්තරන්තරා සමොසරිතමනුඤ්ඤකුසුමදාමපටිමණ්ඩිතවිතානං දෙවවිමානං විය අභිසඞ්ඛරිත්වා – “එවරූපස්ස නාම දෙව හත්ථිරතනස්ස ආගමනං චින්තෙථා”ති වදන්ති. සො පුබ්බෙ වුත්තනයෙනෙව මහාදානං දත්වා සීලානි ච සමාදාය තං පුඤ්ඤසම්පත්තිං ආවජ්ජන්තො නිසීදි.
මෙසේ පහළ වූ සක්රුවනේම සක්විතිගේ ඇමත්තෝ ස්වාභාවික මංගල ඇතුගේ ස්ථානයෙහි සමතලා පිරිසිදු බිම්කඩක් කරව. රත්සඳුන් ආදී සුවඳින් ආලේප කරවා විසිතුරු වර්ණ ඇති සුවඳ මල් ඉහළ රන්තරු අතරින් ගවසා කුසුම් දාමයෙන් යුත් වියනින් දෙව්විමනක් මෙන් සරසා මෙබඳු වූ දිව්‍ය හස්ති රත්නයේ පැමිණීම සිතනු මැනවැයි කියති. හේ පෙර කී සේ මහ දනක් දී සිල්ද සමාදන්ව ඒ පින්සම්පත් ආවර්ජනා කරමින් හුන්නේ ය.
අථස්ස පුඤ්ඤානුභාවචොදිතො ඡද්දන්තකුලා වා උපොසථකුලා වා තං සක්කාරවිසෙසං අනුභවිතුකාමො තරුණරවිමණ්ඩලාභිරත්තචරණගීවාමුඛපටිමණ්ඩිතවිසුද්ධසෙතසරීරො සත්තපතිට්ඨො සුසණ්ඨිතඅඞ්ගපච්චඞ්ගසන්නිවෙසො විකසිතරත්තපදුමචාරුපොක්ඛරො ඉද්ධිමා යොගී විය වෙහාසගමනසමත්ථො මනොසිලාචුණ්ණරඤ්ජිතපරියන්තො විය රජතපබ්බතො හත්ථිසෙට්ඨො ආගන්ත්වා තස්මිං පදෙසෙ තිට්ඨති. සො ඡද්දන්තකුලා ආගච්ඡන්තො සබ්බකනිට්ඨො ආගච්ඡති. උපොසථකුලා ආගච්ඡන්තො සබ්බජෙට්ඨො. පාළියං පන උපොසථො නාගරාජා ඉච්චෙව ආගතං. නාගරාජා නාම කස්සචි අපරිභොගො, සබ්බකනිට්ඨො ආගච්ඡතීති අට්ඨකථාසු වුත්තං. ස්වායං පූරිතචක්කවත්තිවත්තානං චක්කවත්තීනං වුත්තනයෙනෙව චින්තයන්තානං ආගච්ඡති. මහාසුදස්සනස්ස පන සයමෙව පකතිමඞ්ගලහත්ථිට්ඨානං ආගන්ත්වා තං හත්ථිං අපනෙත්වා තත්ථ අට්ඨාසි. තෙන වුත්තං – “පුන චපරං ආනන්ද…පෙ… නාගරාජා”ති.
ඉක්බිති එතුමාගේ පින් අනුහසින් මෙහෙයවන ලද සදත් කුලයෙන් හෝ පෙහෙවස් කුලයෙන් හෝ ඒ විශේෂ සත්කාරය විඳිනු කැමත්තේ තරුණ රිවිමඬල සේ සුරත් පා ග්රීව මුව අලංකාරව සුපිරිසිදු සුදු සිරුර ඇත්තේ සතඟින් යුත් මනාව පිහිටි අග පසඟින් යුක්තවූයේ පිපුණු රන් පියුමක්මෙන් මනොඥ වූ සොඬ අග ඇත්තේ සෘධිමත් යෝගියකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පව්වෙන් ශ්‍රේෂ්ඨ ඇතෙක් ඒ ප්‍රදේශයේ සිටී. ඌ සදත් කුලයෙන් එන්නේ සියල්ලටම පසුව එයි. උපොෂථ කුලයෙන් එන්නේ සියල්ලටම මුලින් එයි. පෙලෙහි වනාහි “උපොෂථො නාගරාජා ඉච්චේව” උපෝෂථ ඇත්රජා මෙසේ පැමිණ තමාම පුරන ලද සක්විති වතාවත් ඇත්තේ සක්විතින්ගේ කියන ලද සිතුවිල්ල අනුව එයි. මහ සුදසුන් රජතුමාට වනාහි තමාම ස්වාභාවික මංගල ඇත් ස්ථානයට පැමිණ මඟුල් ඇතා අයින්කර එහි සිටියේය. එයින් කියන ලදී. “නැවත ආනන්ද,... ඇත් රජ” යයි මෙසේ පහළ විය.
එවං පාතුභූතං පන තං හත්ථිරතනං දිස්වා හත්ථිගොපකාදයො හට්ඨතුට්ඨා වෙගෙන ගන්ත්වා රඤ්ඤො ආරොචෙන්ති. රාජා තුරිතතුරිතො ආගන්ත්වා තං දිස්වා පසන්නචිත්තො – “භද්දකං වත භො හත්ථියානං, සචෙ දමථං උපෙය්යා”ති චින්තයන්තො හත්ථං පසාරෙති. අථ සො ඝරධෙනුවච්ඡකො විය කණ්ණෙ ඔලම්බිත්වා සූරතභාවං දස්සෙන්තො රාජානං උපසඞ්කමති. රාජා තං ආරොහිතුකාමො හොති. අථස්ස පරිජනා අධිප්පායං ඤත්වා තං හත්ථිරතනං සුවණ්ණද්ධජං සුවණ්ණාලඞ්කාරං හෙමජාලපටිච්ඡන්නං කත්වා උපනෙන්ති. රාජා තං අනිසීදාපෙත්වාව සත්තරතනමයාය නිස්සෙණියා ආරුය්හ ආකාසගමනනින්නචිත්තො හොති. තස්ස සහ චිත්තුප්පාදෙනෙව සො නාගරාජා රාජහංසො විය ඉන්දනීලමණිප්පභාජාලං නීලගගනතලං අභිලඞ්ඝති. තතො චක්කචාරිකාය වුත්තනයෙනෙව සකලරාජපරිසා. ඉති සපරිසො රාජා අන්තොපාතරාසෙයෙව සකලපථවිං අනුසංයායිත්වා රාජධානිං පච්චාගච්ඡති. එවං මහිද්ධිකං චක්කවත්තිනො හත්ථිරතනං හොති. මහාසුදස්සනස්සාපි තාදිසමෙව අහොසි. තෙන වුත්තං – “දිස්වා රඤ්ඤො…පෙ… පාතුරහොසී”ති.
ඇත්ගොව්වෝ ඒ ඇත්රුවන දැක සතුටුව වහා ගොස් රජුට දන්වති. රජතුමා වහ වහා පැමිණ ඇත්රුවන දැක පහන් සිත්ව සොඳුරුව පින්වත් ඇත්වාහනය, ඉදින් දමනයව පැමිණෙන්නේ නම් යයි සිතමින් අත් දික් කෙළේය. ඉක්බිති හේ ගෘහ දෙනගේ වසුපැටවා මෙන් කන් ඔසවා කැමති බව දක්වමින් රජු වෙත එළඹෙයි. රජ නැගෙනු කැමත්තේ වේ. ඉක්බිති පිරිවර ජනයා අදහස දැන ඒ ඇත්රුවන රන්දද රනින් ලකරවූ රන් දැලකින් වසා පැමිණ වී. රජ ඒ ඇත්රුවන නොහිඳවා සත්රුවන්මය ඉනිමගකින් නැග අහස් ගමනට නැඹුරු සිතැත්තේ වෙයි. ඔහුගේ ඒ සිතිවිල්ල සමග ඒ ඇත්රජ රාජ හංසයකු මෙන් ඉඳුනිල් මිණි ආලෝක ජාල නිල් ගුවන්තලයට නැගේ. එයින් සක් චාරිකාවේ කියන ලද අයුරින්ම සියළු රාජපිරිස පිරිස් සහිත රජ පොළොවේ සියළු රජුන්ට අනුසාසනා කොට උදේ ආහාරයට (පාතරාසයව) සිය රාජධානියට පෙරළා එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුගේ ඇත්රුවන මේ මහ සුදසුන්ට ද එබඳුම විය. එයින් කියන ලදී “රජු දැක.. පහළවීය.”
අස්සරතනවණ්ණනා
එවං පාතුභූතහත්ථිරතනස්ස පන චක්කවත්තිනො අමච්චා පකතිමඞ්ගලඅස්සට්ඨානං සුචිසමතලං කාරෙත්වා අලඞ්කරිත්වා ච පුරිමනයෙනෙව රඤ්ඤො තස්ස ආගමනචින්තනත්ථං උස්සාහං ජනෙන්ති. සො පුරිමනයෙනෙව කතදානමානනසක්කාරො සමාදින්නසීලබ්බතො පාසාදතලෙ සුඛනිසින්නො පුඤ්ඤසම්පත්තිං සමනුස්සරති. අථස්ස පුඤ්ඤානුභාවචොදිතො සින්ධවකුලතො විජ්ජුලතාවිනද්ධසරදකාලසෙතවලාහකරාසිසස්සිරීකො රත්තපාදො රත්තතුණ්ඩො චන්දප්පභාපුඤ්ජසදිසසුද්ධසිනිද්ධඝනසංහතසරීරො කාකගීවා විය ඉන්දනීලමණි විය ච කාළවණ්ණෙන සීසෙන සමන්නාගතත්තා කාළසීසොති සුට්ඨු කප්පෙත්වා ඨපිතෙහි විය මුඤ්ජසදිසෙහි සණ්හවට්ටඋජුගතෙහි කෙසෙහි සමන්නාගතත්තා මුඤ්ජකෙසො වෙහාසඞ්ගමො වලාහකො නාම අස්සරාජා ආගන්ත්වා තස්මිං ඨානෙ පතිට්ඨාති. මහාසුදස්සනස්ස පනෙස හත්ථිරතනං විය ආගතො. සෙසං සබ්බං හත්ථිරතනෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවරූපං අස්සරතනං සන්ධාය භගවා – “පුන චපර”න්තිආදිමාහ.
මෙසේ පහළ වූ ඇත්රුවනින් පසු රජුගේ පිරිස ස්වාභාවික මඟුල් අස්හල පිහිටි තැන පිරිසිදු කර සමතලා කරවා පෙර කී නයින්ම අලංකාර කෙළේය. රජතුමා ඔහුගේ පැමිණීම සිතීමට උත්සාහ කළේය. හෙතෙම පෙර පරිද්දෙන්ම දානමාන සත්කාරාදිය කොට සිල් සමාදන්ව ප්‍රාසාදයෙහි සුවසේ හිඳින්නේ පින් සම්පත් සිහිකරයි. ඉක්බිති ඔහුගේ පින් තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් විදුලියෙන් එතූ සරත් කාලයේ සුදුවලා රැසක සිරිය පෑ රතු පා රතු හොම්බ සඳරැස් රැසක් සමාන පිරිසිදු සිනිඳු ඝනයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිණි මෙන් ද කලුවන් හිසින් යුත් කලුහිස මනාව තබන ලද්දාක් මෙන් මුදුතණ සමාන සියුම්වට සෘජු ගති ශරීරයෙන් මුඤජ තණමෙන් කෙසින් යුතු අහසින් යන වලාහක නම් අස්රජ අවුත් ඒ ස්ථානයෙහි පිහිටියේය. මහාසුදස්සන රජුට වනාහි ඇත්රුවන මෙන් ආවේය. සෙසු සියල්ල ඇත්රුවනෙහි කී නයින් දතයුතුය. මෙබඳු වූ අස්රුවන උදෙසා භාග්‍යවතුන් වහන්සේ “පුන චපර” නති යනාදි කීහ.
මණිරතනවණ්ණනා
එවං පාතුභූතඅස්සරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිනො චතුහත්ථායාමං සකටනාභිසමපරිණාහං උභොසු අන්තෙසු කණ්ණිකපරියන්තතො විනිග්ගතෙහි සුපරිසුද්ධමුත්තාකලාපෙහි ද්වීහි කඤ්චනපදුමෙහි අලඞ්කතං චතුරාසීතිමණිසහස්සපරිවාරං තාරාගණපරිවුතස්ස පුණ්ණචන්දසස්සිරිං ඵරමානං විය වෙපුල්ලපබ්බතතො මණිරතනං ආගච්ඡති. තස්සෙවං ආගතස්ස මුත්තාජාලකෙ ඨපෙත්වා වෙළුපරම්පරාය සට්ඨිහත්ථප්පමාණං ආකාසං ආරොපිතස්ස රත්තිභාගෙ සමන්තා යොජනප්පමාණං ඔකාසං ආභා ඵරති, යාය සබ්බො සො ඔකාසො අරුණුග්ගමනවෙලා විය සඤ්ජාතාලොකො හොති. තතො කස්සකා කසිකම්මං වාණිජා ආපණුග්ඝාටනං තෙ තෙ සිප්පිනො තං තං කම්මන්තං පයොජෙන්ති “දිවා”ති මඤ්ඤමානා. මහාසුදස්සනස්සාපි සබ්බං තං තථෙව අහොසි. තෙන වුත්තං – “පුන චපරං ආනන්ද,…පෙ… මණිරතනං පාතුරහොසී”ති.
මෙසේ පහළ වූ රුවන් අතර රියන් හතරක් පමණ ගැල් නැබක් පමණ විසාල දෙකෙළවර පියුම් කෙමියක කෙළවර වෙළන ලද පිරිසිදු මුතු කලාපවලින් රන් පියුමෙන් අලංකාර කළ අසුහාර දහසක් මැණික් පිරිවරද තරු පිරිවරද සඳ මෙන් බබළන වේපුල්ල පර්වතයෙන් මිණිරුවනක් එයි. එසේ එය පැමිණි විට මුතුදැල් හැර උණ ලීවලින් රියන් හැටක් පමණ අහසට එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එලිය පැතිරේ. ඒ සියළු ආලෝකය හිරු නැගි කලක් පරිද්දෙන් හැඳින ගැනීමේ ආලෝකය වේ. එයින් ගොවියෝ කෘෂිකර්මය, වෙළෙන්දෝ ආපන වැඩ දවල් යයි සිතමින් ඒ ඒ සිල්පීහු ඒ ඒ කර්මාන්තවල යෙදෙති. මහා සුදස්සනයන්ට ද ඒ සියල්ල එසේ විය. එයින් කියන ලදී. “නැවත ආනන්ද, මිනිරුවන පහළ විය”
ඉත්ථිරතනවණ්ණනා
එවං පාතුභූතමණිරතනස්ස පන චක්කවත්තිනො විසයසුඛවිසෙසස්ස විසෙසකාරණං ඉත්ථිරතනං පාතුභවති. මද්දරාජකුලතො වා හිස්ස අග්ගමහෙසිං ආනෙන්ති, උත්තරකුරුතො වා පුඤ්ඤානුභාවෙන සයං ආගච්ඡති. අවසෙසා පනස්සා සම්පත්ති – “පුන චපරං, ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස ඉත්ථිරතනං පාතුරහොසි, අභිරූපා දස්සනීයා”තිආදිනා නයෙන පාළියංයෙව ආගතා.
මෙසේ මිණිරුවන පහළවීමෙන් පසු සක්විතිහුගේ විසය රස අනුභවය සඳහා විශේෂ කාරණ වූ ස්ත්‍රී රත්නය පහළ වේ. මදුරජ කුලයෙන් හෝ අගමෙහෙසිය කැඳවයි. උතුරුකුරු දිවයිනේ හෝ පින් අනුහසින් තමාම එයි” ආනන්දය, නැවත ද මහසුදසුන් රජතුමාට අභිරූප වූ දර්ශනීය වූ වනිතා රුවන පහළවේ. ආදි නයින් පෙළෙහි ආවේය.
තත්ථ සණ්ඨානපාරිපූරියා අධිකං රූපං අස්සාති අභිරූපා. දිස්සමානාව චක්ඛූනි පිණයති, තස්මා අඤ්ඤං කිච්චවික්ඛෙපං හිත්වාපි දට්ඨබ්බාති දස්සනීයා. දිස්සමානාව සොමනස්සවසෙන චිත්තං පසාදෙතීති පාසාදිකා. පරමායාති එවං පසාදාවහත්තා උත්තමාය. වණ්ණපොක්ඛරතායාති වණ්ණසුන්දරතාය. සමන්නාගතාති උපෙතා. අභිරූපා වා යස්මා නාතිදීඝා නාතිරස්සා. දස්සනීයා යස්මා නාතිකිසා නාතිථූලා. පාසාදිකා යස්මා නාතිකාළිකා නාච්චොදාතා. පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා යස්මා අභික්කන්තා මානුසිවණ්ණං අප්පත්තා දිබ්බවණ්ණං. මනුස්සානඤ්හි වණ්ණාභා බහි න නිච්ඡරති. දෙවානං පන අතිදූරම්පි නිච්ඡරති.
එහි සටහනින් පිරුණු අධික රූප ඇතැයි අභිරූපා - වේ. දකින්නේ ම ඇස් පිනවයි. එහෙයින් අනිත් කිස අත්හැර දැකිය යුතු නිසා දස්සනීය - වේ. දැකීමෙන්ම සිත පැහැදෙන නිසා පාසාදිකා වේ. පරමාය - මෙසේ පහළවන සුළු උතුම් බැවින්, වණ්ණපොක්ඛරතාය - යනු වර්ණයෙන් සුන්දර බැවින්, සමන්නාගතා - යනු යුක්තවීමය. අභිරූප හෝ ඉතා උස් නැති ඉතා මිටි නැති දර්ශනීය ඉතා කෙට්ටු නැති ඉතා මහත නැති පහදවන සුළු, ඉතා කලු නැති ඉතා එලලු නැති උතුම්වූ සුන්දරත්වයෙන් යුක්ත වූ එහෙයින් අතික්කන්ත මානුසං වණ්ණං අප්පතතා දිබ්බං වණ්ණං - මිනිසුන්ගේ වර්ණාලෝකය පිටතට නො නික්මේ. දෙවියන්ගේ දුරට නික්මේ.
තස්සා පන ද්වාදසහත්ථප්පමාණං පදෙසං සරීරාභා ඔභාසෙති. නාතිදීඝාදීසු චස්සා පඨමයුගළෙන ආරොහසම්පත්ති, දුතියයුගළෙන පරිණාහසම්පත්ති, තතියයුගළෙන වණ්ණසම්පත්ති වුත්තා. ඡහි වාපි එතෙහි කායවිපත්තියා අභාවො, අතික්කන්තා මානුසිවණ්ණන්ති ඉමිනා කායසම්පත්ති වුත්තා. තූලපිචුනො වා කප්පාසපිචුනො වාති සප්පිමණ්ඩෙ පක්ඛිපිත්වා ඨපිතස්ස සතවාරවිහතස්ස තූලපිචුනො වා කප්පාසපිචුනො වා. සීතෙති රඤ්ඤො සීතකාලෙ. උණ්හෙති රඤ්ඤො උණ්හකාලෙ. චන්දනගන්ධොති නිච්චකාලමෙව සුපිසිතස්ස අභිනවස්ස චතුජ්ජාතිසමායොජිතස්ස හරිචන්දනස්ස ගන්ධො කායතො වායති. උප්පලගන්ධො වායතීති හසිතකථිතකාලෙසු මුඛතො තඞ්ඛණං විකසිතස්සෙව නීලුප්පලස්ස අතිසුරභිගන්ධො වායති.
එය වනාහි දොලොස් රියනක් පමණ ප්‍රදේශයෙහි ශරීරාලෝකය බබළයි. වැඩි දිග නැති අයගේ පළමු යුගලයෙන් ආරෝහ සම්පත්තිය ද දෙවන යුගලයෙන් පරිනාහ සම්පත්තිය ද තුන්වන යුගලයෙන් වර්ණ සමාපත්තිය ද කියන ලදී. තුල පිචුනොවා කප්පාස පිචුනො වා - යනු ගිතලෙහි බහා සියක්වර ගසා දැමූ පුලුන් හෝ කපු පුලුන් හෝ සීතෙ - යනු රජුට සීත කාලයෙහි උණෙහ රජුට උණුසුම් කාලයෙහි. චන්දන ගන්ධො - සිවු දෑ සුවඳට එක්කළ රත්හඳුන් සුවඳ සිරුරෙන් හැමවිටම වහනය වෙයි. උප්පලගන්ධො වායති - යනු සීතය කියන කාලයෙහි මුව අරිනවිට නිල් උපුල්වල ඉතා මිහිරි සුවඳ හමයි.
එවං රූපසම්ඵස්සගන්ධසම්පත්තියුත්තාය පනස්සා සරීරසම්පත්තියා අනුරූපං ආචාරං දස්සෙතුං තං ඛො පනාතිආදි වුත්තං. තත්ථ රාජානං දිස්වා නිසින්නාසනතො අග්ගිදඩ්ඪා විය පඨමමෙව උට්ඨාතීති පුබ්බුට්ඨායිනී. තස්මිං නිසින්නෙ තස්ස තාලවණ්ටෙන බීජනාදිකිච්චං කත්වා පච්ඡා නිපතති නිසීදතීති පච්ඡානිපාතිනී. කිං කරොමි, තෙ දෙවාති වාචාය කිං-කාරං පටිසාවෙතීති කිං කාරපටිස්සාවිනී. රඤ්ඤො මනාපමෙව චරති කරොතීති මනාපචාරිනී. යං රඤ්ඤො පියං තදෙව වදතීති පියවාදිනී.
මෙබඳු වූ ස්පර්ශ සුවඳ සමවතින් යුත් ඇගේ ශරීර සම්පත්තියට අනුරූප හැසිරීම දැක්වීමට “තං ඛො පනාති” යනාදිය කියන ලදී. එහි රජු දැක හුන් අසුනෙන් ගින්නෙන් දැවුනාක් මෙන් පළමුව නැගී සිටී යනු පුබ්බුට්ඨායි - වේ. රජු හිඳගත් කල්හි තල්වැටින් පවන් සැලීම් ආදිය කොට පසුව නිදයි. හිඳියි. පච්ඡා නිපාතීනි නම් වේ. දේවයෙන් කුමක් කරම්දැයි වචනයෙන් කීකරු බව දැක්වීම කිංකාරපටිස්සාවිනී - නම් වේ. රජුගේ කැමැත්තෙන්ම හැසිරෙයි කරයි යනු මනාපචාරිණි - වේ. රජු යමක් ප්‍රිය නම් එය කියයි යනු පියවාදිනී - වේ.
ඉදානි – “ස්වාස්සා ආචාරො භාවවිසුද්ධියාව, න සාඨෙය්යනා”ති දස්සෙතුං තං ඛො පනාතිආදිමාහ. තත්ථ නො අතිචරීති න අතික්කමිත්වා චරි, ඨපෙත්වා රාජානං අඤ්ඤං පුරිසං චිත්තෙනපි න පත්ථෙසීති වුත්තං හොති. තත්ථ යෙ තස්සා ආදිම්හි “අභිරූපා”තිආදයො, අන්තෙ “පුබ්බුට්ඨායිනී”තිආදයො ගුණා වුත්තා, තෙ පකතිගුණා එව. “අතික්කන්තා මානුසිවණ්ණ”න්තිආදයො පන චක්කවත්තිනො පුඤ්ඤං උපනිස්සාය චක්කරතනපාතුභාවතො පට්ඨාය පුරිමකම්මානුභාවෙන නිබ්බත්තාති වෙදිතබ්බා. අභිරූපතාදිකාපි වා චක්කරතනපාතුභාවතො පට්ඨාය සබ්බාකාරපරිපූරා ජාතා. තෙනාහ – “එවරූපං ඉත්ථිරතනං පාතුරහොසී”ති.
දැන් මෙම ආචාර පිරිසිදුවම මිස කපටිකමට නොවේ යයි දැක්වීමට “තං ඛො පනාති” යනාදිය කීය. එහි නො අතිචාරී - යනු ඉක්මවා නොහැසිරෙයි. රජුහැර වෙනපුරුෂයකු සිතින්වත් නොපතයි යයි කියන ලද්දේ වේ. එහි ඇගේ නම් ආදියෙහි අභිරූපා යනාදිය ඇතුළත ද පුබ්බුට්ඨායිනී ආදිය ප්‍රකෘති ගුණ යයි කියන ලදී. “අතික්‍රාන්ත මනුෂ්‍ය වර්ණාව” ආදිය වනාහි සක්විතිහුගේ පින් නිසා සක්රුවනේ පහළවීමේ පටන් පෙරකර්මවල ආනිශංසයෙන් පහළ වේ යයි දත යුතුය. අභිරූප දර්ශනාදිය ද සක්රුවනේ පහළවීමේ පටන් සියළු ආකාරයෙන් සම්පූර්ණවී හටගත්තේය. එයින් කීහ. “මෙබඳු ඇත් රුවනක් පහළවීය”
ගහපතිරතනවණ්ණනා
එවං පාතුභූතඉත්ථිරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිනො ධනකරණීයානං කිච්චානං යථාසුඛං පවත්තනත්ථං ගහපතිරතනං පාතුභවති. සො පකතියාව මහාභොගො, මහාභොගකුලෙ ජාතො. රඤ්ඤො ධනරාසිවඩ්ඪකො සෙට්ඨිගහපති හොති. චක්කරතනානුභාවසහිතං පනස්ස කම්මවිපාකජං දිබ්බචක්ඛු පාතුභවති, යෙන අන්තොපථවියම්පි යොජනබ්භන්තරෙ නිධිං පස්සති, සො තං සම්පත්තිං දිස්වා තුට්ඨමානසො ගන්ත්වා රාජානං ධනෙන පවාරෙත්වා සබ්බානි ධනකරණීයානි සම්පාදෙති. මහාසුදස්සනස්සාපි තථෙව සම්පාදෙසි. තෙන වුත්තං – “පුන චපරං ආනන්ද…පෙ… එවරූපං ගහපතිරතනං පාතුරහොසී”ති.
මෙබඳු වූ ස්ත්‍රී රත්නයක් පහළවීමෙන් පසු සක්විතිහුගේ ධනය පිළිබඳව කටයුතු පහසුවෙන් පැවැත්වීම සඳහා ගෘහපති රත්නය පහළ වේ. හේ ප්‍රකෘතියෙන්ම මහත් සම්පත් ඇති මහත් භොග කුලයෙහි උපදී. රජතුමාගේ ධනය රැස්කර දෙන ගහපති සිටුවරයා වේ. සක්රුවනේ අනුහස් සහිතව ඔහුට කර්ම විපාකයෙන් උපන් දිව ඇස් පහළ වේ. එයින් පොළොව තුළ යොදුනක් දක්වා තිබෙන නිධාන පෙනෙයි. හේ ඒ සම්පත් දැක සතුටු සිතැත්තේ ගොස් රජතුමාට ධනය පවරා ධනය පිළිබඳ සියළු කටයුතු සම්පාදනය කරයි. මහ සුදසුන් රජතුමාට ද එසේම සම්පාදනය කළේය. එයින් කියන ලදී.
පරිණායකරතනවණ්ණනා
එවං පාතුභූතගහපතිරතනස්ස පන රඤ්ඤො චක්කවත්තිස්ස සබ්බකිච්චසංවිධානසමත්ථං පරිණායකරතනං පාතුභවති. සො රඤ්ඤො ජෙට්ඨපුත්තොව හොති. පකතියා එව සො පණ්ඩිතො බ්යත්තො මෙධාවී විභාවී. රඤ්ඤො පුඤ්ඤානුභාවං නිස්සාය පනස්ස අත්තනො කම්මානුභාවෙන පරචිත්තඤාණං උප්පජ්ජති. යෙන ද්වාදසයොජනාය රාජපරිසාය චිත්තාචාරං ඤත්වා රඤ්ඤො හිතෙ ච අහිතෙ ච වවත්ථපෙතුං සමත්ථො හොති, සොපි තං අත්තනො ආනුභාවං දිස්වා තුට්ඨහදයො රාජානං සබ්බකිච්චානුසාසනෙන පවාරෙති. මහාසුදස්සනම්පි තථෙව පවාරෙසි. තෙන වුත්තං – “පුන චපරං…පෙ… පරිණායකරතනං පාතුරහොසී”ති. තත්ථ ඨපෙතබ්බං ඨපෙතුන්ති තස්මිං තස්මිං ඨානන්තරෙ ඨපෙතබ්බං ඨපෙතුං.
“නැවත ද ආනන්දයෙනි... මෙබඳු වූ ගහපති රුවනක් පහළ වීය.” මෙසේ ගහපති රුවන පහළවීමෙන් පසු සක්විති රජතුමාට සියළු කෘත්‍ය සංවිධානයෙහි සමර්ථ පරිනායක රත්නයක් පහළ වේ. හේ රජතුමාගේ දෙටුපුතා වේ. ස්වභාවයෙන් ම හේ පඬිවරයෙකි. ව්යක්තයෙකි, නුවණැත්තෙකි. රජතුමාගේ පින්වත්කම් නිසාත් තමාගේ කර්මානුභාවයෙන් අනුන් සිත් දැන ගන්නා ඤාණය ඇතිව උපදී. එයින් යොදුන් දොලහක රජ පිරිසේ සිත් හැසිරෙන ආකාරය දැන රජුට හිත අහිතයන් වෙන්කර නියමකර දැක්වීමට සමත් වේ. හේද තමාගේ ආනුභාවය දැක සතුටු සිතැත්තේ සියළු කෘත්‍ය අනුසාසනයෙන් පවරයි. මහසුදසුන්ට ද එසේම පැවරීය. එසේ හෙයින් කියන ලදී. “නැවත ද.. පරිනායක රුවන පහළවීය.” එහි ඨපෙතබ්බං ඨපෙතුං යනු ඒ ඒ තනතුරෙහි තැබිය යුතුය.
චතුඉද්ධිසමන්නාගතවණ්ණනා
සමවෙපාකිනියාති සමවිපාචනියා. ගහණියාති කම්මජතෙජොධාතුයා. තත්ථ යස්ස භුත්තමත්තොව ආහාරො ජීරති, යස්ස වා පන පුටභත්තං විය තත්ථෙව තිට්ඨති, උභොපෙතෙ න සමවෙපාකිනියා සමන්නාගතා. යස්ස පන පුන භත්තකාලෙ භත්තඡන්දො උප්පජ්ජතෙව, අයං සමවෙපාකිනියා සමන්නාගතොති.
සමවෙපාකිනියා යනු සමානව වූ පැසීම් ඇති ගහණියා යනු කර්ම තෙජෝ ධාතුවෙන්. එහි යමෙකුට ආහාර ගත් වහාම දිරවයි. යමෙකුට වනාහි වළදෙහි බත් මෙන් එහිම පවතියි. මේ දෙදෙනා සමවෙපාකිනියා නොවේ. යමෙකුට වනාහි ආහාර වේලාවෙහි ආහාර රුචිය ඇතිවේද හේ සමවේපාකිනියෙන් යුක්ත වේ.
ධම්මපාසාදපොක්ඛරණිවණ්ණනා
මාපෙසි ඛොති නගරෙ භෙරිං චරාපෙත්වා ජනරාසිං කාරෙත්වා න මාපෙසි, රඤ්ඤො පන සහ චිත්තුප්පාදෙනෙව භූමිං භින්දිත්වා චතුරාසීති පොක්ඛරණීසහස්සානි නිබ්බත්තිංසු. තානි සන්ධායෙතං වුත්තං. ද්වීහි වෙදිකාහීති එකාය ඉට්ඨකානං පරියන්තෙයෙව පරික්ඛිත්තා එකාය පරිවෙණපරිච්ඡෙදපරියන්තෙ. එතදහොසීති කස්මා අහොසි? එකදිවසං කිර නහත්වා ච පිවිත්වා ච ගච්ඡන්තං මහාජනං මහාපුරිසො ඔලොකෙත්වා ඉමෙ උම්මත්තකවෙසෙනෙව ගච්ඡන්ති. සචෙ එතෙසං එත්ථ පිළන්ධනපුප්ඵානි භවෙය්යුං, භද්දකං සියාති. අථස්ස එතදහොසි. තත්ථ සබ්බොතුකන්ති පුප්ඵං නාම එකස්මිංයෙව උතුම්හි පුප්ඵති. අහං පන තථා කරිස්සාමි – “යථා සබ්බෙසු උතූසු පුප්ඵිස්සතී”ති චින්තෙසිං. රොපාපෙසීති නානාවණ්ණඋප්පලබීජාදීනි තතො තතො ආහරාපෙත්වා න රොපාපෙසි, සහ චිත්තුප්පාදෙනෙව පනස්ස සබ්බං ඉජ්ඣති. තං ලොකො රඤ්ඤා රොපිතන්ති මඤ්ඤි. තෙන වුත්තං – “රොපාපෙසී”ති. තතො පට්ඨාය මහාජනො නානප්පකාරං ජලජථලජමාලං පිළන්ධිත්වා නක්ඛත්තං කීළමානො විය ගච්ඡති. අථ රාජා තතො උත්තරිපි ජනං සුඛසමප්පිතං කාතුකාමො – “යංනූනාහං ඉමාසං පොක්ඛරණීනං තීරෙ”තිආදිනා ජනස්ස සුඛවිධානං චින්තෙත්වා සබ්බං අකාසි.
මාපෙසි ඛො යනු නගරයෙහි අණබෙර පතුරා ජනයා රැස්කරවා මැවීමක් නොවේ. රජතුමාගේ සිතිවිල්ල සමග පොළොව බිඳගෙන පොකුණු අසූහාර දහසක් පහළ විය. මෙය එය සඳහා කියන ලදී. ද්වීහි වෙදිකාහි යනු එකක් ගඩොල් අවසානයෙහි වටකරන ලදී. එකක් කාමරය වෙන්කරන ස්ථානයෙහි. එතදහොසි යනු කුමක් නිසා වූයේද? එක් දවසක් වනාහි ස්නානය කොට පැන් බී ගමන් කරන මහජනයා මහා පුරුෂයා බලා මොවුහු උමතුවෙසින් යති. ඉදින් මෙහි පළඳින්නාවූ මල් වේ නම් යහපත් වන්නේය. ඉක්බිති ඔහුට මෙය විය. එහි සබ්බොතුකං යනු මලකි. එක් සෘතුවකටම පිපේ. සැම ඍතුවකම පිපෙන සේ සලස්සමි යනුයි. රොපාපෙසි නා නා වර්ණ උපුල් බීජාදිය ඒ ඒ තැනින් ගෙන්වාගෙන රෝපනය කෙළේ නොවේ. ඒ සිතත් සමඟම ඒ සියල්ල ඉටුවිය. ලෝකයා එය රජු රෝපනය කරන ලදැයි සිතති. එයින් කියන ලදී. “රෝපනය කරවීය” යයි එතැන් පටන් මහජනයා නොයෙක් ආකාර දිය ගොඩ මල් පැළද නැකැත් කෙළි කෙළින්නාක් මෙන් යති. ඉක්බිති රජතුමා ජන සුවය ඊටත් වඩා ඵලවීමට කැමැත්තේ “මම මේ පොකුණු ඉවුරෙහි” යයි ආදි ජනයාට සැප සැලසීමට සිතා සියල්ල කළේය.
තත්ථ න්හාපෙසුන්ති අඤ්ඤො සරීරං උබ්බට්ටෙසි, අඤ්ඤො චුණ්ණානි යොජෙසි, අඤ්ඤො තීරෙ නහායන්තස්ස උදකං ආහරි, අඤ්ඤො වත්ථානි පටිග්ගහෙසි චෙව අදාසි ච.
එහි නහාපෙසු අනෙකෙකුගේ ඇඟ උළයි. අනෙකෙකුගේ ඇග සබන්ගායි. ඉවුරේ නාන කෙනෙකුට අනෙකෙක් දිය ගෙන දෙයි. අනිකෙක් වස්ත්‍ර පිළිගනී. දෙයි.
පට්ඨපෙසි ඛොති කථං පට්ඨපෙසි? ඉත්ථීනඤ්ච පුරිසානඤ්ච අනුච්ඡවිකෙ අලඞ්කාරෙ කාරෙත්වා ඉත්ථිමත්තමෙව තත්ථ පරිචාරවසෙන සෙසං සබ්බං පරිච්චාගවසෙන ඨපෙත්වා රාජා මහාසුදස්සනො දානං දෙති, තං පරිභුඤ්ජථාති භෙරිං චරාපෙසි. මහාජනො පොක්ඛරණීතීරං ආගන්ත්වා නහත්වා වත්ථානි පරිවත්තෙත්වා නානාගන්ධෙහි විලිත්තො පිළන්ධනවිචිත්තමාලො දානග්ගං ගන්ත්වා අනෙකප්පකාරෙසු යාගුභත්තඛජ්ජකෙසු අට්ඨවිධපානෙසු ච යො යං ඉච්ඡති, සො තං ඛාදිත්වා ච පිවිත්වා ච නානාවණ්ණානි ඛොමසුඛුමානි වත්ථානි නිවාසෙත්වා සම්පත්තිං අනුභවිත්වා යෙසං තාදිසානි අත්ථි, තෙ ඔහාය ගච්ඡන්ති. යෙසං පන නත්ථි, තෙ ගහෙත්වා ගච්ඡන්ති. හත්ථිඅස්සයානාදීසුපි නිසීදිත්වා ථොකං විචරිත්වා අනත්ථිකා ඔහාය, අත්ථිකා ගහෙත්වා ගච්ඡන්ති. වරසයනෙසු නිපජ්ජිත්වා සම්පත්තිං අනුභවිත්වා අනත්ථිකා ඔහාය, අත්ථිකා ගහෙත්වා ගච්ඡන්ති. ඉත්ථීහිපි සද්ධිං සම්පත්තිං අනුභවිත්වා අනත්ථිකා ඔහාය, අත්ථිකා ගහෙත්වා ගච්ඡන්ති. සත්තවිධරතනපසාධනානි ච පසාධෙත්වාපි සම්පත්තිං අනුභවිත්වා අනත්ථිකා ඔහාය, අත්ථිකා ගහෙත්වා ගච්ඡන්ති. තම්පි දානං උට්ඨාය සමුට්ඨාය දීයතෙව. ජම්බුදීපවාසිකානං අඤ්ඤං කම්මං නත්ථි, රඤ්ඤො දානං පරිභුඤ්ජන්තාව විචරන්ති.
පට්ඨපෙසි ඛො කෙසේ තැබීද? ස්ත්රීන්ට ද පුරුෂයන්ටද සුදුසු අලංකාර කරවා එහි ස්ත්රීන්ට පමණක් සේවය වශයෙන් ද සෙසු සියල්ල පරිත්‍යාග වශයෙන් තබා මහ පුදසුන් රජතුමා දන් දෙයි. එය වළඳන්නැයි බෙර පියවි කරවීය. මහජනයා පොකුණු තීරයට පැමිණ ස්නානය කොට ඇඳුම් මාරුකරගෙන නොයෙක් සුවඳ ගල්වා විසිතුරු මල් පැළද දාන සාලාවට ගොස් නොයෙක් ආකාර කැඳබත් කැවිලි ආදියෙහි ද අෂ්ටවිධ පාන වර්ගවලද යමෙක් යමක් කැමතිවේද හේ එය කා බී නොයෙක් වර්ණ සිනිඳු කොළ ආදි වස්ත්‍ර ඇඳ සම්පත් විඳ යමෙකුට ඒවා ඇත්නම් හැර යයි. යමෙකුට නැත්නම් ගෙන යයි. ඇත් අස් යානාවලින් යන්නෝද මදක් නැවතී අනවශ්‍ය දේ හැර අවශ්‍ය දේ රැගෙන යති. සත්රුවන් පළඳනා පැළඳ සම්පත් අනුභව කොට අනවශ්‍ය ඒවා හැර අවශ්‍ය ඒවා රැගෙන යති. ඒ දානය දෙන කල්හි දඹදිව වැස්සන්ගේ වෙනත් වැඩක් නැත. රජුගේ දානය ගනිමින් හැසිරෙති.
අථ බ්රාහ්මණගහපතිකා චින්තෙසුං – “අයං රාජා එවරූපං දානං දදන්තොපි ‘මය්හං තණ්ඩුලාදීනි වා ඛීරාදීනි වා දෙථා’ති න කිඤ්චි ආහරාපෙති, න ඛො පන අම්හාකං – ‘රාජා ආහරාපෙතී’ති තුණ්හීමාසිතුං පතිරූප”න්ති තෙ බහුං සාපතෙය්යං සංහරිත්වා රඤ්ඤො උපනාමෙසුං. තස්මා – “අථ ඛො, ආනන්ද, බ්රාහ්මණගහපතිකා”තිආදිමාහ. එවං සමචින්තෙසුන්ති කස්මා එවං චින්තෙසුං? කස්සචි ඝරතො අප්පං ආභතං, කස්සචි බහු. තස්මිං පටිසංහරියමානෙ – “කිං තවෙව ඝරතො සුන්දරං ආභතං, න මය්හං ඝරතො, කිං තවෙව ඝරතො බහු, න මය්හ”න්ති එවං කලහසද්දොපි උප්පජ්ජෙය්ය, සො මා උප්පජ්ජිත්ථාති එවං සමචින්තෙසුං.
ඉක්බිති බ්‍රාහ්මණ ගෘහපතියෝ සිතූහ. මේ රජතුමා මෙබඳු වූ දානයක් දෙන්නේ ද අපගෙන් සහල් ආදිය හෝ කිරි ආදිය හෝ දෙවයි කිසිවක් ගෙන්වා නොගනී. රජතුමා ගෙන්වා නොගනී යයි අප නිශ්ශබ්ද වී සිටීම සුදුසු නොවේ. ඔව්හු බොහෝ සම්පත් එකතු කොට රජුට පිරිනැමූහ. එහෙයින් “ඉක්බිති ආනන්ද, බ්‍රහ්මණ ගෘහපතියෝ” යයි කීහ. එවං සමචින්තෙසු කුමක් හෙයින් මෙසේ සිතුහුද? කිසිවෙකුගෙන් ටිකක් ගන්නා ලදී. කිසිවෙකුගෙන් ගොඩක් ගන්නා ලදි. ඒවායෙහි වෙනස්කම් දකින්නේ ඇස ඔබේ ගෙදරින් සුන්දර දෙයක් ගන්නා ලද්දේ ? මගේ ගෙදරින් එසේ නැත. ඔබේ ගෙයින් බොහෝ මගේ ගෙයින් එසේ නැත. මෙසේ කලහ ශබ්ද උපදින්නේය. ඒවා නූපදීවායි හේ මෙසේ සමව සිතීය.
එහි ත්වං සම්මාති එහි ත්වං වයස්ස. ධම්මං නාම පාසාදන්ති පාසාදස්ස නාමං ආරොපෙත්වාව ආණාපෙසි. විස්සකම්මො පන කීව මහන්තො දෙව පාසාදො හොතූති පටිපුච්ඡිත්වා දීඝතො යොජනං විත්ථාරතො අඩ්ඪයොජනං සබ්බරතනමයොව හොතූති වුත්තෙපි ‘එවං හොතු, භද්දං තව වචන’න්ති තස්ස පටිස්සුණිත්වා ධම්මරාජානං සම්පටිච්ඡාපෙත්වා මාපෙසි. තත්ථ එවං භද්දං තවාති ඛො ආනන්දාති එවං භද්දං තව ඉති ඛො ආනන්ද. පටිස්සුත්වාති සම්පටිච්ඡිත්වා, වත්වාති අත්ථො.
එහි ත්වං සම්ම එන්න යාළුවෙ. ධම්මං නාම පාසාදං පහයට නමක් තියා අණ කළේය. විස්කම් වනාහි දේවයන් වහන්ස... පහය කොපමණ ලොකුවට විය යුතුදැයි විචාරා, දිගින් යොදුනයි පළලින් අඩ යොදුනයි. සියල්ල රුවනින්ම විය යුතුයයි කී කල්හි එසේ වේවායි සොඳුරු වචනයට පිළිවදන් දී එසේය මහරජ යයි රජු ලවා පිළිගෙන මැවීය. එහි එවං භද්දනෙතචාති ඛො ආනන්දය මෙසේ යහපත් යයි ආනන්ද කියා යන අර්ථයි.
තුණ්හීභාවෙනාති සමණධම්මපටිපත්තිකරණොකාසො මෙ භවිස්සතීති ඉච්ඡන්තො තුණ්හීභාවෙන අධිවාසෙසි. සාරමයොති චන්දනසාරමයො. ද්වීහි වෙදිකාහීති එත්ථ එකා වෙදිකා පනස්ස උණ්හීසමත්ථකෙ අහොසි, එකා හෙට්ඨා පරිච්ඡෙදමත්ථකෙ. දුද්දික්ඛො අහොසීති දුඋද්දික්ඛො, පභාසම්පත්තියා දුද්දසොති අත්ථො. මුසතීති හරති ඵන්දාපෙති නිච්චලභාවෙන පතිට්ඨාතුං න දෙති. විද්ධෙති උබ්බිද්ධෙ, මෙඝවිගමෙන දූරීභූතෙති අත්ථො. දෙවෙති ආකාසෙ.
කුණ්හීභාවෙන සමණ දහම් පිළිවෙත් කිරීමට අවකාස සලසමින් යයි සිතමින් නිශ්ශබ්දව ඉවසීය. සාරමයො සඳුන් අරටුමය. ද්වීහි වෙදිකාහි මෙහි එක් වේදිකාවක් හිනිහිස විය. එකක්යට වෙන්කිරීම් මත්තෙහි ද දුදික්ඛො අහොසි බැලීමට අපහසු. ප්‍රභා සම්පත්තියෙන් බැලීමට අපහසු යන අර්ථයයි. දෙවෙ-අහසෙහි- මුසති ගෙන යයි. ඵන්දාපෙති නිසලව සිටීමට ඉඩ නොදේ විද්ධො - උබ්බිද්ධො මේඝය පහවීම දුරුවූ කල්හි
මාපෙසි ඛොති අහං ඉමස්මිං ඨානෙ පොක්ඛරණිං මාපෙමි, තුම්හාකං ඝරානි භින්දථාති න එවං කාරෙත්වා මාපෙසි. චිත්තුප්පාදවසෙනෙව පනස්ස භූමිං භින්දිත්වා තථාරූපා පොක්ඛරණී අහොසි. තෙ සබ්බකාමෙහීති සබ්බෙහි ඉච්ඡිතිච්ඡිතවත්ථූහි, සමණෙ සමණපරික්ඛාරෙහි, බ්රාහ්මණෙ බ්රාහ්මණපරික්ඛාරෙහි සන්තප්පෙසීති.
මාපෙසි ඛො මම මෙතන පොකුණක් හදමි. ඔබලාගේ ගෙවල් කඩා දාන්න යයි නොකියා හොඳින් සිතීමත් සමගම එය සිදුවිය. තෙ සබ්බ කාමෙහි - සියල්ලන් විසින් ම බලාපොරොත්තුවන වස්තුවලින්, ශ්‍රමණයෝ ශ්‍රමණ පිරිකරවලින් බමුණන් බමුණු පිරිකරින් සතුටු කරන ලදී.
පඨමභාණවාරවණ්ණනා නිට්ඨිතා.
පළමු බණවර නිමි.
ඣානසම්පත්තිවණ්ණනා
මහිද්ධිකොති චිත්තුප්පාදවසෙනෙව චතුරාසීතිපොක්ඛරණීසහස්සානං නිබ්බත්තිසඞ්ඛාතාය මහතියා ඉද්ධියා සමන්නාගතො. මහානුභාවොති තෙසංයෙව අනුභවිතබ්බානං මහන්තතාය මහානුභාවෙන සමන්නාගතො. සෙය්යථිදන්ති නිපාතො, තස්ස – “කතමෙසං තිණ්ණ”න්ති අත්ථො. දානස්සාති සම්පත්තිපරිච්චාගස්ස. දමස්සාති ආළවකසුත්තෙ පඤ්ඤා දමොති ආගතො. ඉධ අත්තානං දමෙන්තෙන කතං උපොසථකම්මං. සංයමස්සාති සීලස්ස.
සෙය්යථිදං - නිපාතයකි. “තස්ස කතමෙසං” එය කීයද තුනයයි අර්ථයයි. මහිද්ධිකො සිත් ඉපදවීම වශයෙන් පොකුණු අසූහාර දහසක් නිපදවිය හැකි මහත් වූ සෘද්ධියෙන් යුක්ත වූ, මහානුභාවො - ඒවායේම අත්දැකීම් ලබාගත යුතු මහත් බැවින් මහත් වූ ආනුභාවයෙන් යුක්ත වූ දානස්ස - සම්පත් පරිත්‍යාගයට. දමස්ස ආලවක සූත්‍රයෙහි පඤ්ඤාදම යයි ආවේය. මෙහි තමා දමනය කරන්නහු විසින් කරන ලද පොහොය කර්මයයි. සංයමස්ස සීලයාගේ
බොධිසත්තපුබ්බයොගවණ්ණනා
ඉධ ඨත්වා පනස්ස පුබ්බයොගො වෙදිතබ්බො – රාජා කිර පුබ්බෙ ගහපතිකුලෙ නිබ්බත්ති. තෙන ච සමයෙන ධරමානකස්සෙව කස්සපබුද්ධස්ස සාසනෙ එකො ථෙරො අරඤ්ඤෙ වාසං වසති, බොධිසත්තො අත්තනො කම්මෙන අරඤ්ඤං පවිට්ඨො ථෙරං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා ථෙරස්ස නිසජ්ජනට්ඨානචඞ්කමනට්ඨානානි ඔලොකෙත්වා පුච්ඡි – “ඉධෙව, භන්තෙ, අය්යො වසතී”ති? ආම, උපාසකාති සුත්වා – “ඉධෙව අය්යස්ස පණ්ණසාලං කාතුං වට්ටතී”ති චින්තෙත්වා අත්තනො කම්මං පහාය දබ්බසම්භාරං කොට්ටෙත්වා පණ්ණසාලං කත්වා ඡාදෙත්වා භිත්තියො මත්තිකාය ලිම්පිත්වා ද්වාරං යොජෙත්වා කට්ඨත්ථරණං කත්වා – “කරිස්සති නු ඛො පරිභොගං, න කරිස්සතී”ති එකමන්තං නිසීදි. ථෙරො අන්තොගාමතො ආගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා කට්ඨත්ථරණෙ නිසීදි. උපාසකොපි ආගන්ත්වා වන්දිත්වා සමීපෙ නිසින්නො “ඵාසුකා, භන්තෙ, පණ්ණසාලා”ති පුච්ඡි. ඵාසුකා, භද්දමුඛ, පබ්බජිතසාරුප්පාති. වසිස්සථ, භන්තෙ, ඉධාති? ආම, උපාසකාති, සො අධිවාසනාකාරෙන වසිස්සතීති ඤත්වා නිබද්ධං මය්හං ඝරද්වාරං ආගන්තබ්බන්ති පටිජානාපෙත්වා – “එකං මෙ, භන්තෙ, වරං දෙථා”ති ආහ. අතික්කන්තවරා, උපාසක, පබ්බජිතාති. භන්තෙ, යඤ්ච කප්පති, යඤ්ච අනවජ්ජන්ති. වදෙහි උපාසකාති. භන්තෙ, නිබද්ධවසනට්ඨානෙ නාම මනුස්සා මඞ්ගලෙ වා අමඞ්ගලෙ වා ආගමනං ඉච්ඡන්ති, අනාගච්ඡන්තස්ස කුජ්ඣන්ති. තස්මා අඤ්ඤං නිමන්තිතට්ඨානං ගන්ත්වාපි මය්හං ඝරං පවිසිත්වාව භත්තකිච්චං නිට්ඨාපෙතබ්බන්ති. ථෙරො අධිවාසෙසි.
මෙහි සිට පූර්ව යෝගය දත යුතුය. රජතුමා වනාහි පෙර ගෘහපති කුලයෙහි උපන්නේ ය. එසමයෙහි කාශ්‍යප බුදුරදුන්ගේ සාසනය ධරමාන විය. එක් තෙර නමක් අරණෙහි වසයි. බෝසත් තමාගේ කර්මයෙන් අරණට පිවිස තෙරුන් දැක එළඹ වැඳ තෙරුන්ගේ හිඳින තැන් සක්මන් කරන තැන් බලා ස්වාමීනි ආර්යයන් වහන්සේ මෙහි වසන්නේදැයි විචාළේය. ඔව් උපාසක යයි අසා මෙහි ආර්යයන් වහන්සේට පන්සලක් කිරීම වටී යයි සිතා තමාගේ කටයුතු අතහැර ද්‍රව්‍ය සම්භාරය කැබලි කර පන්සලක් කර සෙවිලි කර භිත්ති මැටියෙන් ආලේපකර දොර යොදා කාෂඨ ඇතිරියක් කර පරිභෝග කරන්නේද නොකරන්නේදැයි එකත්පසෙක හුන්නේය. තෙරුන් වහන්සේ ඇතුළු ගමින් වැඩ පන්සලට පිවිස කටු ඇතිරියෙහි වැඩ සිටියේය. උපාසක ද පැමිණ වැඳ ස්වාමින් වහන්ස පන්සල පහසුදැයි ඇසීය. හොඳයි පැවිද්දන්ට සරුප්වේ. ස්වාමීනී මෙහි වසන්නේද? උපාසක ඔව්. හේ ඉවසු ආකාරයෙන් වසන්නේ යයි දැන නිතිපතා මාගේ ගෙට වඩිනු මැනවැයි දන්වා ස්වාමීනී මට එකවරයක් දෙනු මැනවයි ඉල්ලීය. උපාසක පැවිද්දෝ වර ඉක්ම වූහ. ස්වාමීනි යමක් කැපද යමක් නිවැරදිද එය උපාසකට කියන්න. ස්වාමීනි මිනිස්සු වසන තැන මඟුලෙහි හා අවමඟුලෙහි පැමිණීම බලාපොරොත්තු වෙති. නොපැමිණිවුන්ට කිපෙති. එහෙයින් අනිත් ආරාධිත තැනකට වැඩියත් මගේ ගෙදරට පැමිණ බත්කිස නිමවනු මැනවි. තෙරුන් වහන්සේ ඉවසුහ.
සො පණ්ණසාලාය කටසාටකං පත්ථරිත්වා මඤ්චපීඨං පඤ්ඤපෙසි, අපස්සෙනං නික්ඛිපි, පාදකථලිකං ඨපෙසි, පොක්ඛරණිං ඛණි, චඞ්කමං කත්වා වාලිකං ඔකිරි, මිගෙ ආගන්ත්වා භිත්තිං ඝංසිත්වා මත්තිකං පාතෙන්තෙ දිස්වා කණ්ටකවතිං පරික්ඛිපි. පොක්ඛරණිං ඔතරිත්වා උදකං ආළුලිකං කරොන්තෙ දිස්වා අන්තො පාසාණෙහි චිනිත්වා බහි කණ්ටකවතිං පරික්ඛිපිත්වා අන්තොවතිපරියන්තෙ තාලපන්තියො රොපෙති, මහාචඞ්කමෙ සම්මට්ඨට්ඨානං ආළුලෙන්තෙ දිස්වා චඞ්කමම්පි වතියා පරික්ඛිපිත්වා අන්තොවතිපරියන්තෙ තාලපන්තිං රොපෙසි. එවං ආවාසං නිට්ඨපෙත්වා ථෙරස්ස තිචීවරං, පිණ්ඩපාතං, ඔසධං, පරිභොගභාජනං, ආරකණ්ටකං, පිප්ඵලිකං, නඛච්ඡෙදනං, සූචිං, කත්තරයට්ඨිං, උපාහනං, උදකතුම්බං, ඡත්තං, දීපකපල්ලකං, මලහරණිං. පරිස්සාවනං, ධමකරණං, පත්තං, ථාලකං, යං වා පනඤ්ඤම්පි පබ්බජිතානං පරිභොගජාතං, සබ්බං අදාසි. ථෙරස්ස බොධිසත්තෙන අදින්නපරික්ඛාරො නාම නාහොසි. සො සීලානි රක්ඛන්තො උපොසථං කරොන්තො යාවජීවං ථෙරං උපට්ඨහි. ථෙරො තත්ථෙව වසන්තො අරහත්තං පත්වා පරිනිබ්බායි.
හේ පන්සලෙහි කලාලයක් අතුරා ඇඳ පුටු තැබීය. පිට ඇන්ද ඉවත් කර පා පුවරුවක් තැබීය. පොකුණක් තැනී. සක්මනක් කොට වැලි ඉස්සේය. මුවන් පැමිණ බිත්තියේ ඇඟ අතුල්ලා මැටි හෙළනවා දැක කටු වැටකින් පරික්ෂේප කෙළේය. පොකුණට බැස දිය කළඹනවා දැක වටේට තල්ගස් රෝපනය කෙළේය. මෙසේ ආවාසය නිමකොට තෙරුන්වහන්සේට තුන් සිවුරු, පිණ්ඩපාතය, ඖෂධ පරිභෝග භාජන, ආරකණටකය (කටු ඉවත් කරන ආයුධය) නිය ඡේදකය, ඉඳිකටු, සැරයටිය, පාවහන්. දිය කලය, ඡත්රය, දුම්කබල, පාත්‍රය, තලිය, පෙරහන් කඩය, දිය ඩබරාව යනාදි පැවිද්දන් පරිභෝග කරන සියල්ල දුන්නේය. තෙරුන් වහන්සේට බෝසත්තුමා නුදුන් පිරිකර නම් නොවීය. හේ සිල් රකින්නේ පෙහෙවස් සමාදන් වන්නේ දිවිතෙක් තෙරුන්ට උපස්ථාන කෙළේය. තෙර එහිම වසන්නේ රහත් බවට පැමිණ පිරිනිවන් පෑවේය.
බොධිසත්තොපි යාවතායුකං පුඤ්ඤං කත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා තතො චුතො මනුස්සලොකං ආගච්ඡන්තො කුසාවතියා රාජධානියා නිබ්බත්තිත්වා මහාසුදස්සනො රාජා අහොසි.
බෝසත්තුමාද දිවිතෙක් පින්කොට දෙව්ලොව ඉපිද එයින් චුතව මිනිස් ලොවට එන්නේ කුසාවතී රාජධානියෙහි ඉපිද මහා සුදස්න රජ වීය.
“එවං නාතිමහන්තම්පි, පුඤ්ඤං ආයතනෙ කතං; මහාවිපාකං හොතීති, කත්තබ්බං තං විභාවිනා”.
මෙසේ වැඩි ලොකු නැති - කළ පින යම් තැනෙක් හී මහපල දෙන නිසා - කළයුතු පඬුවන් විසින්
මහාවියූහන්ති රජතමයං මහාකූටාගාරං. තත්ථ වසිතුකාමො හුත්වා අගමාසි, එත්තාවතා කාමවිතක්කාති කාමවිතක්ක තයා එත්තාවතා නිවත්තිතබ්බං, ඉතො පරං තුය්හං අභූමි, ඉදං ඣානාගාරං නාම, නයිදං තයා සද්ධිං වසනට්ඨානන්ති එවං තයො විතක්කෙ කූටාගාරද්වාරෙයෙව නිවත්තෙසි.
මහාවියූහං රිදීමුවා මහ කුළුගෙයක්. එය පිවිසෙනු කැමතිව පැමිණියේය. එත්තවතා කාමවිතක්කා කාම සංකල්පනා ඔබ විසින් මෙයින් නැවැත්විය යුතුය. මෙයින් පසු අභූමි වේ. මෙය ධ්‍යානාගාර නම් වේ. ඔබ සමග වාසය කරන ස්ථානයට ගොස් මෙසේ විතර්ක තුනම කුළුගෙවල් දෙකේදීම නැවැත්වීය.
පඨමජ්ඣානන්තිආදීසු විසුං කසිණපරිකම්මකිච්චං නාම නත්ථි. නීලකසිණෙන අත්ථෙ සති නීලමණිං, පීතකසිණෙන අත්ථෙ සති සුවණ්ණං, ලොහිතකසිණෙන අත්ථෙ සති රත්තමණිං, ඔදාතකසිණෙන අත්ථෙ සති රජතන්ති ඔලොකිතඔලොකිතට්ඨානෙ කසිණමෙව පඤ්ඤායති.
පඨමඡඣානං ආදියෙහි වෙනම කසිණ පරිකර්ම කෘත්‍ය නම් නැත. නීල කසිණයෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි නිල්මැණික් පීත කසිණයෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි රත්රන් ලෝහිත කසිණයෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි රතුමැණික් ඕදාත කසිණයෙන් ප්‍රයෝජනයක් ඇති කල්හි රිදී බැලූ බැලූ තැන කසිණම පෙනේ.
මෙත්තාසහගතෙනාතිආදීසු යං වත්තබ්බං, තං සබ්බම්පි විසුද්ධිමග්ගෙ වුත්තමෙව. ඉති පාළියං චත්තාරි ඣානානි, චත්තාරි අප්පමඤ්ඤානෙව වුත්තානි. මහාපුරිසො පන සබ්බාපි අට්ඨ සමාපත්තියො, පඤ්ච අභිඤ්ඤායො ච නිබ්බත්තෙත්වා අනුලොමපටිලොමාදිවසෙන චුද්දසහාකාරෙහි සමාපත්තියො පවිසන්තො මධුපටලං පවිට්ඨභමරො මධුරසෙන විය සමාපත්තිසුඛෙනෙව යාපෙති.
මෙත්තා සහගතෙන ආදියෙහි යමක් කිවයුතු නම් ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි කියන ලදමය. මෙසේ පෙළෙහි සතර දැහැන් සතර අප්රමාන්ය නොකඩන ලදී. මහාපුරුෂයා වනාහි අෂ්ඨ සමාපත්ති පංච අභිඥා උපදවා අනුලෝම පටිලෝම ආදි තුදුස් ආකාරයෙන් සමාපත්තිවලට පිවිසෙන්නේ මී පිඬුවකට පැමිණි මී මැස්සකු මී රසයෙහි මෙන් සමාපත් සුවයෙන්ම යැපේ.
චතුරාසීතිනගරසහස්සාදිවණ්ණනා
කුසාවතීරාජධානිප්පමුඛානීති කුසාවතී රාජධානී තෙසං නගරානං පමුඛා සබ්බසෙට්ඨාති අත්ථො. භත්තාභිහාරොති අභිහරිතබ්බභත්තං.
කුසාවතී රාජධානි පමුඛාති - කුසාවතී රාජධානිය එහි නගර ප්රමුඛ සියල්ල ශ්‍රේෂ්ඨය යන අර්ථයයි. භත්තාභිහාරො ගෙනදිය යුතු බත් වේ.
වස්සසතස්ස වස්සසතස්සාති කස්මා එවං චින්තෙසි? තෙසං සද්දෙන උක්කණ්ඨිත්වා, “සමාපන්නස්ස සද්දො කණ්ටකො”ති (අ· නි· 10.72) හි වුත්තං. තස්මා සද්දෙන උක්කණ්ඨිතො මහාපුරිසො. අථ කස්මා මා ආගච්ඡන්තූති න වදති? ඉදානි රාජා න පස්සතීති නිබද්ධවත්තං න ලභිස්සන්ති, තං තෙසං මා උප්පජ්ජිත්ථාති න වදති.
වර්ෂ ලක්ෂයක් යයි කුමක් හෙයින් මෙසේ සිතුවේද? ඔවුන්ගේ ශබ්දයෙන් කලකිරී සමාපත්ති ශබ්දය කටුකයයි කියන ලදී. එහෙයින් ශබ්දයෙන් කලකිරුණු මහා පුරුෂයා ඉක්බිති කුමක් හෙයින් මෙහි පැමිණෙන්නැයි නො කියයිද? දැන් රජතුමා නොබලා යයි නිබඳ වැටුම නොලබන්නේය. ඔවුන්ගේ එය නොසිඳුවයි නොකියයි.
සුභද්දාදෙවිඋපසඞ්කමනවණ්ණනා
එතදහොසීති කදා එතං අහොසි. රඤ්ඤො කාලඞ්කිරියදිවසෙ. තදා කිර දෙවතා චින්තෙසුං – “රාජා අනාථකාලඞ්කිරියං මා කරොතු, ඔරොධෙහි බහූහි ධීතූහි පුත්තෙහි පරිවාරිතොව කරොතූ”ති. අථ දෙවිං ආවට්ටෙත්වා තස්සා එවං චිත්තං උප්පාදෙසුං. පීතානි වත්ථානීති තානි කිර පකතියා රඤ්ඤො මනාපානි, තස්මා තානි පාරුපථාති ආහ. එත්ථෙව දෙවි තිට්ඨාති දෙවි ඉමං ඣානාගාරං නාම තුම්හෙහි සද්ධිං වසනට්ඨානං න හොති, ඣානරතිවින්දනට්ඨානං මම, මා ඉධ පාවිසීති.
එතදහොසි කවදා මෙය වූයේද? රජුගේ කාලක්‍රියා දිනයෙහි. එකල වනාහි බොහෝ දෙවිවරු මෙසේ සිතූහ. රජතුමා අනාථව කලුරිය නොකෙරේවා. අන්තඃපුරයෙහි දු පුතුන් පිරිවරා කළුරිය කෙරේවායි. ඉක්බිති දේවියට ආවේශව ඔවුන්ට මේ සිත ඉපදවුහ. තානි වත්ථානි කහ වනාහි ස්වභාවයෙන් රජුට මනාප වේ. එහෙයින් ඒවා පොරවන්නැයි කීය. එහිම දෙවි තිට්ඨො දේවිය, මේ ධ්යානාගාරයයි. ඔබ සමග වසන තැනක් නොවේ. මගේ ධ්‍යාන ඇල්ම විඳින තැනය. මෙහි ඇතුළුවෙන්න එපා.
එතදහොසීති ලොකෙ සත්තා නාම මරණාසන්නකාලෙ අතිවිය විරොචන්ති, තෙනස්ස රඤ්ඤො විප්පසන්නඉන්ද්රියභාවං දිස්වා එවං අහොසි, තතො මා රඤ්ඤො කාලඞ්කිරියා අහොසීති තස්ස කාලඞ්කිරියං අනිච්ඡමානා සම්පති ගුණමස්ස කථයිත්වා තිට්ඨමානාකාරං කරිස්සාමීති චින්තෙත්වා ඉමානි තෙ දෙවාතිආදිමාහ. තත්ථ ඡන්දං ජනෙහීති පෙමං උප්පාදෙහි, රතිං කරොහි. ජීවිතෙ අපෙක්ඛන්ති ජීවිතෙ සාපෙක්ඛං, ආලයං, තණ්හං කරොහීති අත්ථො.
එතදහොසි ලෝකයේ සත්වයෝ නම් මරණාසන්නකාලයේ අතිශයින් බබළයි. එහෙත් ඒ රජතුමාගේ ප්‍රසන්න ඉන්ද්රිය ස්වභාව දැක මෙය විය. එහෙයින් රජතුමා කලුරිය නොකළේය. ඔහුගේ කලුරිය කිරීම නොසිතන්නේ ගුණ සම්පත් කියා සිටින ආකාරය කරන්නෙමියි සිතා ඉමානි තෙ දෙවා ආදිය කීය. තත්ථ ඡන්දං ජනෙහි ප්‍රේමය උපදවන්න. ඇල්ම ඇතිකරන්න. ජීවිතෙ අපෙක්ඛ ජීවිතයෙහි ආශාව ආලය කරන්න යන අර්ථයයි.
එවං ඛො මං ත්වං දෙවීති “මයං ඛො, දෙව, ඉත්ථියො නාම පබ්බජිතානං උපචාරකථං න ජානාම, කථං වදාම මහාරාජා”ති රාජානං “පබ්බජිතො අය”න්ති මඤ්ඤමානාය දෙවියා වුත්තෙ – “එවං ඛො මං, ත්වං දෙවි, සමුදාචරාහී”තිආදිමාහ. ගරහිතාති බුද්ධෙහි පච්චෙකබුද්ධෙහි සාවකෙහි අඤ්ඤෙහි ච පණ්ඩිතෙහි බහුස්සුතෙහි ගරහිතා. කිං කාරණා? සාපෙක්ඛකාලකිරියා හි අත්තනොයෙව ගෙහෙ යක්ඛකුක්කුරඅජගොණමහිංසමූසිකකුක්කුටඌකාමඞ්ගුලාදිභාවෙන නිබ්බත්තනකාරණං හොති.
එවං ඛො මං දෙවි - දේවයන් වහන්ස, අපි ස්ත්‍රියෝ වෙමු. පැවිද්දන්ගේ ආසන්න කථා නොදනිමු. මහරජතුමණි, කෙසේ කියමිද ? රජ පැවිද්දෙකැයි සිතමින් දේවිය කී කල්හි දේවිය, මා එසේ නොසලකන්න යනාදිය කීය. ගරහිතා බුදු පසේබුදු රහත් අනිත් පණ්ඩිත බහුශ්රැතයින් විසින් ගරහන ලද. කුමන කරුණුද? අපේක්ෂා සහිතව කලුරිය කිරීමෙන් තමාගේ ගෙදරම යක්, බලු, එලු, ගොන්, මී හරක්, මී, මකුණු ආදි ආත්මභාවයන් ඇතිව උපදින කරුණු වේ.
අථ ඛො, ආනන්ද, සුභද්දා දෙවී අස්සූනි පුඤ්ඡිත්වාති දෙවී එකමන්තං ගන්ත්වා රොදිත්වා කන්දිත්වා අස්සූනි පුඤ්ඡිත්වා එතදවොච.
අථ ඛො ආනන්ද සුභද්දා දෙවි අස්සූනි පමජ්ජීත්වා දේවිය පැත්තකට ගොස් අඩා වැලපී කඳුලු පිසදමා මෙය කීවාය.
බ්රහ්මලොකූපගමවණ්ණනා
ගහපතිස්ස වාති කස්මා ආහ? තෙසං කිර සොණසෙට්ඨිපුත්තාදීනං විය මහතී සම්පත්ති හොති, සොණස්ස කිර සෙට්ඨිපුත්තස්ස එකා භත්තපාති ද්වෙ සතසහස්සානි අග්ඝති. ඉති තෙසං තාදිසං භත්තං භුත්තානං මුහුත්තං භත්තසම්මදො භත්තමුච්ඡා භත්තකිලමථො හොති.
ගහපතිස්සාවා කුමහෙයින් කීද? ඔවුන්ගේ සෝණ සිටුපුතා ආදීන් මෙන් මහත් සවිමත් වේ. සෝණ සිටුපුතාගේ වනාහි එක් බත් පිඟානක් දෙලක්ෂයක් අගී. මෙසේ ඔවුන්ගේ එබඳු බත් බුදීමෙන් මොහොතක් බත් මතය, බත් මූර්ඡාව, බත් ක්ලාන්තය වේ.
යං තෙන සමයෙන අජ්ඣාවසාමීති යත්ථ වසාමි, තං එකංයෙව නගරං හොති, අවසෙසෙසු පුත්තධීතාදයො චෙව දාසමනුස්සා ච වසිංසු. පාසාදකූටාගාරෙසුපි එසෙව නයො. පල්ලඞ්කාදීසුපි එකංයෙව පල්ලඞ්කං පරිභුඤ්ජති, සෙසා පුත්තාදීනං පරිභොගා හොන්ති. ඉත්ථීසුපි එකාව පච්චුපට්ඨාති, සෙසා පරිවාරමත්තා හොන්ති, පරිදහාමීති එකමෙව දුස්සයුගං නිවාසෙමි, සෙසානි පරිවාරෙත්වා විචරන්තානං අසීතිසහස්සාධිකානං සොළසන්නං පුරිසසතසහස්සානං හොන්ති. භුඤ්ජාමීති පරමප්පමාණෙන නාළිකොදනමත්තං භුඤ්ජාමි, සෙසං පරිවාරෙත්වා විචරන්තානං චත්තාලීසසහස්සාධිකානං අට්ඨන්නං පුරිසසතසහස්සානං හොතීති දස්සෙති. එකථාලිපාකො හි දසන්නං ජනානං පහොති.
යං තෙත සමයෙත අජඣාවසාමි යම් තැනක වසම්ද එය එක නගරයක් වේ. අවසේස නගරවල දූ පුත්තු මෙන්ම දාසයෝ ද විසූහ. ප්‍රාසාද කූටාගාරවලද මෙම පිළිවෙළමය. පල්ලංකවලද (ආසන) එකම ආසනයක් තමා පරිභෝගය කරයි. සෙසු ඒවා දු පුත්තු පරිභෝග කරති. ස්ත්‍රීන් අතරෙහි ද එක්කෙනෙක් උවටැන් කරයි. සෙස්සෝ පිරිවර පමණක් වෙති. පරිදහාමි එකම පිළිසඟලක් පරිහරණය කරමි. සෙසු ඒවා පිරිවරා හැසිරෙන සොළොස් ලක්ෂ අසූදහසක් පුරුෂයන්ට වේ. භූඤ්ඡාමි උඩත් පරිසෙයින් නැලියක් පමණ වළඳමි. සෙස්ස පිරිවරා හැසිරෙන අටලක්ෂ හතලිස් දහසක පුරුෂයන්ට වේ යයි දක්වයි. එක් තලියක පිසීම ජනයින් දස දෙනෙකුට ප්‍රමාණවත් වේ.
එතානි පන චතුරාසීති නගරසහස්සානි චෙව පාසාදසහස්සානි ච කූටාගාරසහස්සානි ච එකිස්සායෙව පණ්ණසාලාය නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති පල්ලඞ්කසහස්සානි නිපජ්ජනත්ථාය දින්නමඤ්චකස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති හත්ථිසහස්සානි අස්සසහස්සානි රථසහස්සානි නිසීදනත්ථාය දින්නපීඨස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති මණිසහස්සානි එකදීපස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති පොක්ඛරණීසහස්සානි එකපොක්ඛරණියා නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති ඉත්ථිසහස්සානි පුත්තසහස්සානි ගහපතිසහස්සානි පරිභොගභාජනපත්තථාලක ධමකරණ පරිස්සාවන ආරකණ්ටක පිප්ඵලක නඛච්ඡෙදන කුඤ්චිකකණ්ණමලහරණී පාදකථලික උපාහන ඡත්ත කත්තරයට්ඨිදානස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති ධෙනුසහස්සානි ගොරසදානස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති වත්ථකොටිසහස්සානි නිවාසනපාරුපනදානස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. චතුරාසීති ථාලිපාකසහස්සානි භොජනදානස්ස නිස්සන්දෙන නිබ්බත්තානීති වෙදිතබ්බානි.
නගර හාරදහසක් ද ප්‍රාසාද දහසක් ද කුළුගෙවල් දහසක් ද එකම පන්සලක් කළ පිනෙන් පහළවිය. අසූහාර දහසක් ආසන (පල්ලංක) නිදාගැනීමට දුන් ඇඳේ පිනින් පහළවිය. අසූහාර දහසක් ඇතුන්, අසුන්, රථ හිඳ ගැනීමට දුන් ආසනයේ පිනින් පහළවිය. අසූහාර දහසක් පොකුණු එක් පොකුණක පිනින් පහළවිය. අසූහාර දහසක් ස්ත්‍රීන්, පුතුන්, ගෘහපතියන්. පරිභෝග භාජන, පාත්‍රය, තලිය, දිය ඩබරාව, පෙරහන්කඩය, ආරකණටකය, කතුර, නියහරනය, යතුර, කන්මල හරනය, පා පුටුව, වහන් සඟල, කුඩය, හැරමිටිය යන මේවා දීමේ පිනෙන් පහළවිය. අසූහාර දහසක් වස්ත්‍ර හඳින පොරෝනා දීමේ පිනෙන් පහළ විය. අසූහාර දහසක් බත්තලි භෝජන දානයේ පිනින් පහළවියයි දතයුතුය.
එවං භගවා මහාසුදස්සනස්ස සම්පත්තිං ආදිතො පට්ඨාය විත්ථාරෙන කථෙත්වා සබ්බං තං දාරකානං පංස්වාගාරකීළනං විය දස්සෙන්තො පරිනිබ්බානමඤ්චකෙ නිපන්නොව පස්සානන්දාතිආදිමාහ. තත්ථ විපරිණතාති පකතිවිජහනෙන නිබ්බුතපදීපො විය අපඤ්ඤත්තිකභාවං ගතා. එවං අනිච්චා ඛො, ආනන්ද, සඞ්ඛාරාති එවං හුත්වා අභාවට්ඨෙන අනිච්චා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහා සුදස්සන රජතුමාගේ සම්පත් මුලසිට විස්තර වශයෙන් කියා ඒ සියල්ල ලමයිනගේ වැලිකෙළියක මෙන් දක්වමින් පිරිනිවන් මඤ්චකයේ සැතපුනේම “ආනන්ද බලන්න” යයි ආදිය කීහ. තත්ථ විපරිනතා - ප්‍රකෘතිය අත්හැරීමෙන් නිවුණු පහනක් මෙන් නොපැණවූ බවට ගියේය. එවං අනිච්චා ඛො ආනන්ද සංඛාරා මෙසේ ඇතිවී අභාවාර්ථයෙන් අනිත්‍ය වේ.
එත්තාවතා භගවා යථා නාම පුරිසො සතහත්ථුබ්බෙධෙ චම්පකරුක්ඛෙ නිස්සෙණිං බන්ධිත්වා අභිරුහිත්වා චම්පකපුප්ඵං ආදාය නිස්සෙණිං මුඤ්චන්තො ඔතරෙය්ය, එවමෙව නිස්සෙණිං බන්ධන්තො විය අනෙකවස්සකොටිසතසහස්සුබ්බෙධං මහාසුදස්සනසම්පත්තිං ආරුය්හ සම්පත්තිමත්ථකෙ ඨිතං අනිච්චලක්ඛණං ආදාය නිස්සෙණිං මුඤ්චන්තො විය ඔතිණ්ණො. තෙනෙව පුබ්බෙ වසභරාජා දීඝභාණකත්ථෙරානං ලොහපාසාදස්ස පාචීනපස්සෙ අම්බලට්ඨිකායං ඉමං සුත්තං සජ්ඣායන්තානං සුත්වා – “කිං, භො, මය්හං අය්යකෙන එත්ථ වුත්තං, අත්තනො ඛාදිතපීතට්ඨානෙ සම්පත්තිමෙව කථෙතී”ති චින්තෙන්තො – “එවං අනිච්චා ඛො, ආනන්ද, සඞ්ඛාරා”ති වුත්තකාලෙ “ඉමං, භො, දිස්වා පඤ්චහි චක්ඛූහි චක්ඛුමතා එවං වුත්ත”න්ති වාමහත්ථං සමිඤ්ජිත්වා දක්ඛිණහත්ථෙන අප්ඵොටෙත්වා – “සාධු සාධූ”ති තුට්ඨහදයො සාධුකාරං අදාසි.
මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ, යම්සේ යම් පුරුෂයෙක් සත් රියනක උස සපුගසකට ඉනිමගක් බැඳ නැගී සපුමල් ගෙන ඉනිමග මුදමින් බසින්නේය. මෙසේ ඉනිමග බඳින්නක් මෙන් නොයෙක් වර්ෂ කෝටි ලක්ෂයක් උස මහා සුදර්ශන සම්පත්තියට නැග සම්පත් මතුවෙහි සිට අනිත්‍ය ලක්ෂණය ගෙන ඉණිමග මුදන්නාක් මෙන් බැස්සේය. එයින්ම පෙර වසභ රජතුමා ලෝහ ප්‍රාසාදයේ නැගෙනහිර පැත්තේ අඹතුරු සෙවනෙහි දීඝභාණක තෙරවරුන් මේ සූත්‍රය සජ්ඣායනය කරනු අසා පින්වත්නි කිම? මාගේ ආර්යන් වහන්සේ විසින් මෙහි කියන ලද තමාගේ කෑබී තැන සම්පත්ම කියා යයි සිතන්නේ, ආනන්ද, සංසාර අනිත්‍ය” යයි කී කල්හි පසැසින් බුදුහිමි මෙය දැක මෙසේ අසන ලදැයි වමත හකුළුවා දකුණතින් අත්පොළසන් දී සාධු සාධු යයි සතුටු සිතින් සාධුකාර දුන්නේය.
එවං අද්ධුවාති එවං උදකපුප්ඵුළාදයො විය ධුවභාවවිරහිතා. එවං අනස්සාසිකාති එවං සුපිනකෙ පීතපානීයං විය අනුලිත්තචන්දනං විය ච අස්සාසවිරහිතා.
එවං අද්ධුවා මෙසේ දිය බුබුළු ආදිය මෙන් ස්ථිර බවක් නැත. අනස්සාසිකා මෙසේ හීනෙන් බීපු පානයක් මෙන් ආලේපිත සඳුන් මෙන්ද ආශ්වාද රහිතය.
සරීරං නික්ඛිපෙය්යාති සරීරං ඡඩ්ඩෙය්ය. ඉදානි අඤ්ඤස්ස සරීරස්ස නික්ඛෙපො වා පටිජග්ගනං වා නත්ථි කිලෙසපහීනත්තා, ආනන්ද, තථාගතස්සාති වදති. ඉදං පන වත්වා පුන ථෙරං ආමන්තෙසි, චක්කවත්තිනො ආනුභාවො නාම රඤ්ඤො පබ්බජිතස්ස සත්තමෙ දිවසෙ අන්තරධායති. මහාසුදස්සනස්ස පන කාලඞ්කිරියතො සත්තමෙව දිවසෙ සත්තරතනපාකාරා සත්තරතනතාලා චතුරාසීති පොක්ඛරණීසහස්සානි ධම්මපාසාදො ධම්මපොක්ඛරණී චක්කරතනන්ති සබ්බමෙතං අන්තරධායීති. හත්ථිආදීසු පන අයං ධම්මතා ඛීණායුකා සහෙව කාලඞ්කරොන්ති. ආයුසෙසෙ සති හත්ථිරතනං උපොසථකුලං ගච්ඡති, අස්සරතනං වලාහකකුලං, මණිරතනං වෙපුල්ලපබ්බතමෙව ගච්ඡති. ඉත්ථිරතනස්ස ආනුභාවො අන්තරධායති. ගහපතිරතනස්ස චක්ඛු පාකතිකමෙව හොති. පරිණායකරතනස්ස වෙය්යත්තියං නස්සති.
සරීරං නික්ඛිපෙය්ය ශරීරය අත්හරින්නේය. දැන් අනිකෙකුගේ ශරීරයේ අත්හැරීමක් හෝ පිළිදැඟුම් කිරීමක් හෝ නැත. ආනන්දය තථාගතයන්ගේ කෙලෙස් ප්‍රහීන හෙයින් යයි කියති. මෙය වදාරා නැවත තෙරුන් ඇමතූහ. සක්විතිහුගේ ආනුභාවය රජු පැවිදිවීමෙන් සත්වන දවසෙහි අතුරුදහන් වේ. මහා සුදර්ශනගේ වනාහි කලුරිය කිරීමෙන් සත්වන දවසෙහි සත්රුවන් පවුරු සත්රුවන් තල්පන්ති අසූහාර දහසක් පොකුණු, ධර්මප්‍රාසාදය, දහම් පොකුණ සක්රුවන යන මේ සියල්ල අතුරුදහන් වේ. ඇතුන් ආදියෙහිද මේ ධර්මතාව ආයුෂ ක්ෂීණ වූවෝ ඒ සමගම කලුරිය කරති. ආයුෂ ඉතිරි ඇත්රුවන උපොෂථ කුලයට යයි. අස්රුවන වලාහක කුලයට යයි. මිණිරුවන වේපුල්ල පර්වතයටම යයි. ස්ත්‍රී රත්නය ඔහුගේ අනුභාවයෙන් අතුරුදහන් වෙයි. ගෘහපති රත්නයේ ඇස් ස්වාභාවිකවම වේ. පරිණායක රත්නයේ ව්‍යක්තභාවය නැසෙන්නේය.
ඉදමවොච භගවාති ඉදං පාළියං ආරුළ්හඤ්ච අනාරුළ්හඤ්ච සබ්බං භගවා අවොච. සෙසං උත්තානත්ථමෙවාති.
ඉදමවොච භගවා මෙය පෙළෙහි ඇතුළත්වද නැතුවද සියල්ල භාග්‍යවතුන් වහන්සේ දෙසූහ. සෙස්ස පැහැදිලි වේමය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං මහාසුදස්සනසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා සුදස්සන සූත්‍ර වර්ණනාව නිමි.