5. ජනවසභසුත්තවණ්ණනා අට්ඨකථා
5. ජනවසභසුත්තවණ්ණනා
5. ජනවසභ සූත්‍ර වර්ණනාව
නාතිකියාදිබ්යාකරණවණ්ණනා
එවං මෙ සුතන්ති ජනවසභසුත්තං. තත්රායං අනුත්තානපදවණ්ණනා – පරිතො පරිතො ජනපදෙසූති සමන්තා සමන්තා ජනපදෙසු. පරිචාරකෙති බුද්ධධම්මසඞ්ඝානං පරිචාරකෙ. උපපත්තීසූති ඤාණගතිපුඤ්ඤානං උපපත්තීසු. කාසිකොසලෙසූති කාසීසු ච කොසලෙසු ච, කාසිරට්ඨෙ ච කොසලරට්ඨෙ චාති අත්ථො. එස නයො සබ්බත්ථ. අඞ්ගමගධයොනකකම්බොජඅස්සකඅවන්තිරට්ඨෙසු පන ඡසු න බ්යාකරොති. ඉමෙසං පන සොළසන්නං මහාජනපදානං පුරිමෙසු දසසුයෙව බ්යාකරොති. නාතිකියාති නාතිකගාමවාසිනො.
එවං මෙ සුතං ජනවසභ සූත්‍රය, එහි මේ ගැඹුරු පද වර්ණනාවයි. පරිතො පරිතො ජනපදෙසු - ජනපදවල හාත්පසම, පරිචාරකෙ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පුදන නමදින උවසුවන්. උප්පත්තීසු ඤාණ, ගති පින් උප්පත්තිවල කාසිකොසෙලෙසු කාසි රටෙහි ද කෝසලයෙහි ද, කසී කොසොල් රටවල යන අර්ථයයි. සියළුතන්හි මෙම පිළිවෙළයි. අංග, මගධ, යෝනක, කම්බෝජ, අස්සක, අවන්ති යන රටවල් සයෙහි මියගිය පුද්ගලයන් ඉපදුණු ස්ථාන ප්‍රකාශ නොකරන ලදී. මේ සොලොස් ජනපදවලින් කාසි කොසලාදී දහයේ පමණක් ප්‍රකාශ කරන ලදී. නාදිකියා නාදික ගම්වාසීහු,
තෙනාති තෙන අනාගාමිආදිභාවෙන. සුත්වාති සබ්බඤ්ඤුතඤ්ඤාණෙන පරිච්ඡින්දිත්වා බ්යාකරොන්තස්ස භගවතො පඤ්හාබ්යාකරණං සුත්වා තෙසං අනාගාමිආදීසු නිට්ඨඞ්ගතා හුත්වා. තෙන අනාගාමිආදිභාවෙන අත්තමනා අහෙසුං. අට්ඨකථායං පන තෙනාති තෙ නාතිකියාති වුත්තං. එතස්මිං අත්ථෙ න-කාරො නිපාතමත්තං හොති.
තෙන - ඒ අනාගාමි ආදී භාවයෙන්, සුත්වා - සර්වඥතා ඥානයෙන් පිරිසිඳ විස්තර කරන භාග්‍යවතුන් වහන්සේගේ පැණ විසඳුම් අසා අනාගාමි ආදියෙහි අවසානයට ගිය. ඒ අනාගාමි ආදි ස්වභාවයෙන් සතුටු වූහ. අටුවාවෙහි වනාහි තෙ නාති ඔවුහු නාදිකියා යයි කියන ලදී. මේ අර්ථයෙහි න කාරය නිපාත මාත්‍රයක් වේ.
ආනන්දපරිකථාවණ්ණනා
භගවන්තං කිත්තයමානරූපොති අහො බුද්ධො, අහො ධම්මො, අහො සඞ්ඝො; අහො ධම්මො ස්වාක්ඛාතොති එවං කිත්තයන්තොව කාලමකාසි. බහුජනො පසීදෙය්යාති අම්හාකං පිතා මාතා භාතා භගිනී පුත්තො ධීතා සහායකො, තෙන අම්හෙහි සද්ධිං එකතො භුත්තා, එකතො සයිතා, තස්ස ඉදඤ්චිදඤ්ච මනාපං අකරිම්හ, සො කිර අනාගාමී සකදාගාමී සොතාපන්නො; අහො සාධු, අහො සුට්ඨූති එවං බහුජනො පසාදං ආපජ්ජෙය්ය.
භගවන්තං කිත්තයමාන රූපො - බුදුරදුන්ට ප්‍රශංසා වේවා. ධර්මයට සංඝයාට ප්‍රශංසා වේවා. ධර්මය පැහැදිලිව දේශනා කිරීමට ප්‍රශංසා වේවා. මෙසේ ගුණ වර්ණනා කරමින් ම කලුරිය කෙළේය. බහුජනො පසීදෙය්ය- අපගේ පියා -මව සහෝදරයා-සහෝදරී-පුතා-දුව-යහළුවා ඔවුහු අප සමග එකට නිදාගත්හ. ඒ ඒ ප්‍රියමනාප දේ කළහ. දැන් වනාහි අනාගාමි සකෘදාගාමි සෝවාන් අනේ සාධු. ඉතා හොඳයි. මෙසේ බොහෝ ජනයා ප්‍රසාදයට පැමිණෙන්නේය.
ගතින්ති ඤාණගතිං. අභිසම්පරායන්ති ඤාණාභිසම්පරායමෙව. අද්දසා ඛොති කිත්තකෙ ජනෙ අද්දස? චතුවීසතිසතසහස්සානි.
ගති ඤාණ ගතියෙහි අභිසම්පරාය - ඤාණය ලැබීම. අද්දසා ඛො - ගුණ කියන ජනයින් දැක්කේද? සූවිසි ලක්ෂයක්.
උපසන්තපදිස්සොති උපසන්තදස්සනො. භාතිරිවාති අතිවිය භාති, අතිවිය විරොචති. ඉන්ද්රියානන්ති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං. අද්දසං ඛො අහං ආනන්දාති නෙව දස, න වීසති, න සතං, න සහස්සං, අනූනාධිකානි චතුවීසතිසතසහස්සානි අද්දසන්ති ආහ.
උපසන්තපදිස්සො - උපශාන්ත දර්ශනය. භාතිරිවා වඩාත් බබළයි. වඩාත් දිලෙයි. ඉන්ද්රියානං - මනස හවෙනි කොට ඇති ඉන්ද්රියයන්. අද්දසං ඛො අහං ආනන්ද දහසක් නොව විස්සක් නොව සියයක් නොව දාහක් නොව අඩුවැඩි නැති සූවිසි ලක්ෂයක් දැක්කෙමි යි කීහ.
ජනවසභයක්ඛවණ්ණනා
දිස්වා පන මෙ එත්තකො ජනො මං නිස්සාය දුක්ඛා පමුත්තොති බලවසොමනස්සං උප්පජ්ජි, චිත්තං පසීදි, චිත්තස්ස පසන්නත්තා චිත්තසමුට්ඨානං ලොහිතං පසීදි, ලොහිතස්ස පසන්නත්තා මනච්ඡට්ඨානි ඉන්ද්රියානි පසීදිංසූති සබ්බමිදං වත්වා අථ ඛො ආනන්දාතිආදිමාහ. තත්ථ යස්මා සො භගවතො ධම්මකථං සුත්වා දසසහස්සාධිකස්ස ජනසතසහස්සස්ස ජෙට්ඨකො හුත්වා සොතාපන්නො ජාතො, තස්මා ජනවසභොතිස්ස නාමං අහොසි.
දැක, මෙපමණ ජනයා මා නිසා දුකින් මිදුනේ යයි බලවත් සතුටක් ඇතිවිය. සිත පහන් විය. සිතේ පහන් බව නිසා සිත ආශ්රිත රුධිරය පහන් විය. රුධිරය ප්රසන්නවීමෙන් මනස සවැනි කොට ඇති ඉන්ද්රියයන් ප්‍රසන්න විය. මේ සියල්ල වදාරා නැවත ආනන්ද යනාදිය කීහ. එහි හේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව අසා දස දහසක් ලක්ෂයකට ජේෂ්ඨ වී සෝවාන් විය. එහෙයින් ඔහුට ජනවසභ නම ඇතිවිය.
ඉතො සත්තාති ඉතො දෙවලොකා චවිත්වා සත්ත. තතො සත්තාති තතො මනුස්සලොකා චවිත්වා සත්ත. සංසාරානි චතුද්දසාති සබ්බාපි චතුද්දසඛන්ධපටිපාටියො. නිවාසමභිජානාමීති ජාතිවසෙන නිවාසං ජානාමි. යත්ථ මෙ වුසිතං පුරෙති යත්ථ දෙවෙසු ච වෙස්සවණස්ස සහබ්යතං උපගතෙන මනුස්සෙසු ච රාජභූතෙන ඉතො අත්තභාවතො පුරෙයෙව මයා වුසිතං. පුරෙ එවං වුසිතත්තා එව ච ඉදානි සොතාපන්නො හුත්වා තීසු වත්ථූසු බහුං පුඤ්ඤං කත්වා තස්සානුභාවෙන උපරි නිබ්බත්තිතුං සමත්ථොපි දීඝරත්තං වුසිතට්ඨානෙ නිකන්තියා බලවතාය එත්ථෙව නිබ්බත්තො.
ඉතො සත්තා - මේ දෙව්ලොවින් චුතව හතක්. තතො සත්තා - මිනිස් ලොවින් චුතව සතක්. සංසාරානි චතුද්දසා - සියළු දාහතර කඳ පිළිවෙළ. නිවාසමභිජානාමි - ජාති වශයෙන් නිවාස දනිමි. යත්ථ මෙ වුසිතං පුරෙ - වෙසමුණිගේ සමාගමට පැමිණීමෙන් දෙවියන් කෙරෙහි ද රජබවට පැමිණීමෙන් මිනිසුන් කෙරෙහි ද මේ ආත්මභාවයෙන් පෙර මවිසින් වාසය කරන ලදි. පෙර මෙසේ වසන ලද බැවින් ද දැන් සෝවාන් වී ත්‍රිවිධ රත්නයෙහි බොහෝ පින්කම් කොට එහි අනුභාවයෙන් ඉහළ ඉපදීමට හැකි වූවත් බොහෝ කලක් විසූ තැන ආශාව බලවත් බැවින් මෙහිම ඉපදුනේය.
ආසා ච පන මෙ සන්තිට්ඨතීති ඉමිනාහං සොතාපන්නොති න සුත්තප්පමත්තොව හුත්වා කාලං වීතිනාමෙසිං. සකදාගාමිමග්ගත්ථාය පන මෙ විපස්සනා ආරද්ධා. අජ්ජෙව අජ්ජෙව පටිවිජ්ඣිස්සාමීති එවං සඋස්සාහො විහරාමීති දස්සෙති. යදග්ගෙති ලට්ඨිවනුය්යානෙ පඨමදස්සනෙ සොතාපන්නදිවසං සන්ධාය වදති. තදග්ගෙ අහං, භන්තෙ, දීඝරත්තං අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමීති තංදිවසං ආදිං කත්වා, අහං, භන්තෙ, පුරිමං චතුද්දසඅත්තභාවසඞ්ඛාතං දීඝරත්තං අවිනිපාතො ලට්ඨිවනුය්යානෙ සොතාපත්තිමග්ගවසෙන අධිගතං අවිනිපාතධම්මතං සඤ්ජානාමීති අත්ථො. අනච්ඡරියන්ති අනුඅච්ඡරියං. චින්තයමානං පුනප්පුනං අච්ඡරියමෙවිදං යං කෙනචිදෙව කරණීයෙන ගච්ඡන්තො භගවන්තං අන්තරාමග්ගෙ අද්දසං. ඉදම්පි අච්ඡරියං යඤ්ච වෙස්සවණස්ස මහාරාජස්ස සයංපරිසාය භාසතො භගවතො දිට්ඨසදිසමෙව සම්මුඛා සුතං. ද්වෙ පච්චයාති අන්තරාමග්ගෙ දිට්ඨභාවො ච වෙස්සවණස්ස සම්මුඛා සුතං ආරොචෙතුකාමතා ච.
ආසා ච පනමෙ සන්තිට්ඨති - මම මෙයින් සෝවාන් වීමියි නිදාගැනීමටවත් ප්‍රමාද නොවී කාලය ගත කෙළෙමි. සකෘදාගාමි මාර්ගය සඳහා මගේ විදර්ශනාව අරඹන ලදී. අද අදම අවබෝධ කරන්නෙමියි මෙසේ උත්සාහයෙන් වාසය කරමියි දක්වයි. යදග්ගෙ වැල්මී වනයෙහි පළමු දර්ශනයෙහි සෝවාන් වූ දවස සඳහා කියයි. තදග්ගෙ අහං භනෙත දීඝ රත්තං අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමි ඒ දවස ආදිකොට ස්වාමීනි මම පෙර තුදුස් ආත්මභාව සංඛ්‍යාත දීර්ඝ කාලයක් අපායට නොවැටුණේ වැල්මි වනයෙහි සෝවාන් මාර්ග වශයෙන් අවබෝධ කළ අපායට නොවැටෙන ස්වභාවය දනිමියි යන අර්ථයයි. අනච්ඡරියං - අනු අසිරිය සිතමින් නැවත නැවත මෙය අසිරිය වේ. කිසියම් කාර්යකට යන්නේ භාග්‍යවතුන් වහන්සේ අතරමග දුටුවෙමි. මෙය ද අසිරියකි. වෙසමුණි මහරජහුගේ පිරිසෙන් අනුසාසනා ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා හා සමානව අබිමුවෙහි දී අසන ලදී. අතරමග දෙව පච්චයා - දුටුබවද වෙසමුණි රජුගේ හමුවෙහි අසනලද බව දන්වනු කැමති බවද,
දෙවසභාවණ්ණනා
සන්නිපතිතාති කස්මා සන්නිපතිතා? තෙ කිර චතූහි කාරණෙහි සන්නිපතන්ති. වස්සූපනායිකසඞ්ගහත්ථං, පවාරණාසඞ්ගහත්ථං, ධම්මසවනත්ථං, පාරිච්ඡත්තකකීළානුභවනත්ථන්ති. තත්ථ ස්වෙ වස්සූපනායිකාති ආසාළ්හීපුණ්ණමාය ද්වීසු දෙවලොකෙසු දෙවා සුධම්මාය දෙවසභාය සන්නිපතිත්වා මන්තෙන්ති අසුකවිහාරෙ එකො භික්ඛු වස්සූපගතො, අසුකවිහාරෙ ද්වෙ තයො චත්තාරො පඤ්ච දස වීසති තිංසං චත්තාලීසං පඤ්ඤාසං සතං සහස්සං භික්ඛූ වස්සූපගතා, එත්ථෙත්ථ ඨානෙ අය්යානං ආරක්ඛං සුසංවිහිතං කරොථාති එවං වස්සූපනායිකසඞ්ගහො කතො හොති.
සන්නිපතිතා කුමක් සඳහා රැස්වූවෝද? ඔවුහු වනාහි කරුණු සතරකින් රැස්වන්නාහුය. වස් විසීම් සංග්‍රහය සඳහා, වස්පවාරණ සංග්‍රහය සඳහා, ධර්මශ්රවණය සඳහා සහ පරසතු ක්‍රීඩාව සඳහා, එහි හෙට වස් එළඹීම යයි ඇසළ පුණු පොහෝදින දෙව්ලොව දෙකෙහිම දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවේ රැස්වී සාකච්ඡා කරති. අසවල් විහාරයෙහි එක් භික්ෂුවක් වස් එළඹියේය. අසවල් විහාරයෙහි දෙදෙනෙකි. තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක්, තිහක්, හතලිහක් පනසක්, සීයක්, දාහක් භික්ෂූහු වස් එළඹියහ. මේ මේ තැන්වල ආර්යන් වහන්සේගේ, ආරක්ෂාව සංවිධානය කරන්න. මෙසේ වස් එළඹීමේ සංග්‍රහය කියන ලද්දේ වේ.
තදාපි එතෙනෙව කාරණෙන සන්නිපතිතා. ඉදං තෙසං හොති ආසනස්මින්ති ඉදං තෙසං චතුන්නං මහාරාජානං ආසනං හොති. එවං තෙසු නිසින්නෙසු අථ පච්ඡා අම්හාකං ආසනං හොති.
එදා ද මේ කාරණයෙන් ම රැස් වූහ. ඉදං තෙසං හොති ආසනස්මිං - මේ ඒ මහ රජුන්ට ආසනය වේ. මෙසේ ඔව්හු හිඳගත් පසු අපට පසුපස ආසනය වේ.
යෙනත්ථෙනාති යෙන වස්සූපනායිකත්ථෙන. තං අත්ථං චින්තයිත්වා තං අත්ථං මන්තයිත්වාති තං අරඤ්ඤවාසිනො භික්ඛුසඞ්ඝස්ස ආරක්ඛත්ථං චින්තයිත්වා. එත්ථෙත්ථ වුට්ඨභික්ඛුසඞ්ඝස්ස ආරක්ඛං සංවිදහථාති චතූහි මහාරාජෙහි සද්ධිං මන්තෙත්වා. වුත්තවචනාපි තන්ති තෙත්තිංස දෙවපුත්තා වදන්ති, මහාරාජානො වුත්තවචනා නාම. තථා තෙත්තිංස දෙවපුත්තා පච්චානුසාසන්ති, ඉතරෙ පච්චානුසිට්ඨවචනා නාම. පදද්වයෙපි පන තන්ති නිපාතමත්තමෙව. අවිපක්කන්තාති අගතා.
යෙනත්ථෙන - යම් වස් එළඹීම් අර්ථයෙන්. තං අත්ථං චින්තයිත්වා තං අත්ථං මන්තයිත්වා - ආරණ්‍යයන්හි භික්ෂු සංඝයාගේ ආරක්ෂාව සිතා මේ මේ තැන්වල භික්ෂු සංඝයාගේ ආරක්ෂාව මනාව සංවිධානය කරන්න යයි සිව්මහ රජුන් සමග සාකච්ඡා කර, වුත්ත වචනාපි තං - දෙවිපුත්වරු තිස්තුන් දෙනා කියති. මහරජවරුන්ගේ කියන ලද වචනය නම්, දෙවිපුත් තිස්තුන් දෙනා එසේ පසුව අනුසාසනා කරති. සෙස්ස පසුව අනුසාසනා කළ වචන නම්. පද දෙකෙහිම “න” යන්න නිපාතයකි. අවිපක්කන්තා - ආවාවූ,
උළාරොති විපුලො මහා. දෙවානුභාවන්ති යා සා සබ්බදෙවතානං වත්ථාලඞ්කාරවිමානසරීරානං පභා ද්වාදස යොජනානි ඵරති. මහාපුඤ්ඤානං පන සරීරප්පභා යොජනසතං ඵරති. තං දෙවානුභාවං අතික්කමිත්වා.
උළාරො-මහා, විපුල. දෙවානු භවං - යම් ඒ සියළු දෙවිවරුන්ගේ වස්ත්‍ර අලංකාර විමාන, ශරීරවල ආලෝකය දොළොස් යොදුනක් පැතිරේ. මහපිනැතියන් පෙර ශරීරාලෝකය යොදුන් සියයක් පැතිරේ. ඒ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවමිනි.
බ්රහ්මුනො හෙතං පුබ්බනිමිත්තන්ති යථා සූරියස්ස උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණුග්ගං, එවමෙව බ්රහ්මුනොපි එතං – “පුබ්බනිමිත්ත”න්ති දීපෙති.
බ්රහමුනොහෙතං පුබ්බනිමිත්තං - අරුණළු හිරුගේ උදාවීමේ පෙරටුව එයි. මෙය පූර්ව නිමිත්තකි. එසේම මෙය ද පූර්ව නිමිත්තැයි දක්වයි.
සනඞ්කුමාරකථාවණ්ණනා
අනභිසම්භවනීයොති අපත්තබ්බො, න තං දෙවා තාවතිංසා පස්සන්තීති අත්ථො. චක්ඛුපථස්මින්ති චක්ඛුපසාදෙ ආපාථෙ වා. සො දෙවානං චක්ඛුස්ස ආපාථෙ සම්භවනීයො පත්තබ්බො න හොති, න අභිභවතීති වුත්තං හොති. හෙට්ඨා හෙට්ඨා හි දෙවතා උපරූපරි දෙවානං ඔළාරිකං කත්වා මාපිතමෙව අත්තභාවං පස්සිතුං සක්කොන්ති, වෙදපටිලාභන්ති තුට්ඨිපටිලාභං. අධුනාභිසිත්තො රජ්ජෙනාති සම්පති අභිසිත්තො රජ්ජෙන. අයං පනත්ථො දුට්ඨගාමණිඅභයවත්ථුනා දීපෙතබ්බො –
අනභිසම්භවනීයො නොපැමිණිය යුතු. එය තව්තිසා දෙවියෝ නොදත් යන අර්ථයයි. චක්ඛුපථසමිං - චක්ෂුප්රසාදයට ආපාථගත වූ හෝ, හේ දෙවියන්ගේ ඇස් හමුවට පැමිණිය නොහැකිය. පහළ නොවේය යනු අර්ථයයි. යං යං දෙවිවරු ඉහළ ඉහළ දෙවියන්ගේ ඕලාරික කොට මවන ලද බැවින් දැකීමට හැකිවෙති. වෙදපටිලාභං - සන්තෝෂ ප්‍රතිලාභය. අධුනාභිසිත්තො රජ්ජෙන - දැන් අභිෂේක කරන ලද රාජ්‍යයෙන්. මේ අර්ථය සඳහා දුටුගැමුණු ආවේය. වස්තුව දැක්විය යුතුය.
සො කිර ද්වත්තිංස දමිළරාජානො විජිත්වා අනුරාධපුරෙ පත්තාභිසෙකො තුට්ඨසොමනස්සෙන මාසං නිද්දං න ලභි, තතො – “නිද්දං න ලභාමි, භන්තෙ”ති භික්ඛුසඞ්ඝස්ස ආචික්ඛි. තෙන හි, මහාරාජ, අජ්ජ උපොසථං අධිට්ඨාහීති. සො ච උපොසථං අධිට්ඨාසි. සඞ්ඝො ගන්ත්වා – “චිත්තයමකං සජ්ඣායථා”ති අට්ඨ ආභිධම්මිකභික්ඛූ පෙසෙසි. තෙ ගන්ත්වා – “නිපජ්ජ ත්වං, මහාරාජා,”ති වත්වා සජ්ඣායං ආරභිංසු. රාජා සජ්ඣායං සුණන්තොව නිද්දං ඔක්කමි. ථෙරා – රාජානං මා පබොධයිත්ථාති පක්කමිංසු. රාජා දුතියදිවසෙ සූරියුග්ගමනෙ පබුජ්ඣිත්වා ථෙරෙ අපස්සන්තො – “කුහිං අය්යා”ති පුච්ඡි. තුම්හාකං නිද්දොක්කමනභාවං ඤත්වා ගතාති. නත්ථි, භො, මය්හං අය්යකස්ස දාරකානං අජානනකභෙසජ්ජං නාම, යාව නිද්දාභෙසජ්ජම්පි ජානන්ති යෙවාති ආහ.
හේ වනාහි දෙතිස් දෙමළ රජුන් දිනා අනුරපුරයෙහි ලබන ලද අභිෂේකයෙන් ලැබූ සොම්නසින් මාසයක් නින්ද නොලැබීය. ඉන්පසු නින්ද නොලබමියි භික්ෂු සංඝයා වහන්සේට දැන්වීය. එසේ නම් මහරජතුමණි, අද උදේ පෙහෙවස් අධිෂ්ඨාන කරන්න. හේ පෙහෙවස් සමාදන් විය. සංඝයා ගොස් චිත්ත යමකය සජ්ඣායනා කරන්න යයි ආභිධර්මික භික්ෂූන් අටනමක් යැවීය. උන්වහන්සේලා වැඩමවා මහරජතුමණි. ඔබ නිදාගන්න යයි කියා සජ්ඣායනය ආරම්භ කළහ. රජතුමා සජ්ඣායනය අසමින්ම නින්දට වැටුනේය. උන්වහන්සේලා රජ්ජුරුවන් අවදිකරන්න එපා කියමින් වැඩියහ. රජතුමා දෙවන දිනයෙහි ඉර උදාවනවිට පිබිදී තෙරුන් නොදැක ආර්යන් වහන්සේලා කොහේදැයි ඇසීය. ඔබවහන්සේ නින්දට වැටුණුබව දැන වැඩියහයි කීවේය. පින්වත්නි, මගේ ආර්යන් වහන්සේලා නොදන්නා බෙහෙතක් නම් නැත. නින්ද යෑමටත් බෙහෙත් දන්නේම යයි කීය.
පඤ්චසිඛොති පඤ්චසිඛගන්ධබ්බසදිසො හුත්වා. පඤ්චසිඛගන්ධබ්බදෙවපුත්තස්ස කිර සබ්බදෙවතා අත්තභාවං මමායන්ති. තස්මා බ්රහ්මාපි තාදිසංයෙව අත්තභාවං නිම්මිනිත්වා පාතුරහොසි. පල්ලඞ්කෙන නිසීදීති පල්ලඞ්කං ආභුජිත්වා නිසීදි.
පංචසිඛෝ - පංචසිඛ ගාන්ධර්වයන් සමානව. පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට සියළු දෙවියෝම ප්‍රිය කරති. ඒ නිසා බ්‍රහ්මයා ද එබඳු ආත්මභාවයක් මවාගෙන පහළ විය. පල්ලංකෙ නිසීදි - ආසනයෙහි නැමී හිදගත්තේය.
විස්සට්ඨොති සුමුත්තො අපලිබුද්ධො. විඤ්ඤෙය්යොති අත්ථවිඤ්ඤාපනො. මඤ්ජූති මධුරො මුදු. සවනීයොති සොතබ්බයුත්තකො කණ්ණසුඛො. බින්දූති එකග්ඝනො. අවිසාරීති සුවිසදො අවිප්පකිණ්ණො. ගම්භීරොති නාභිමූලතො පට්ඨාය ගම්භීරසමුට්ඨිතො, න ජිව්හාදන්තඔට්ඨතාලුමත්තප්පහාරසමුට්ඨිතො. එවං සමුට්ඨිතො හි අමධුරො ච හොති, න ච දූරං සාවෙති. නින්නාදීති මහාමෙඝමුදිඞ්ගසද්දො විය නින්නාදයුත්තො. අපිචෙත්ථ පච්ඡිමං පච්ඡිමං පදං පුරිමස්ස පුරිමස්ස අත්ථොයෙවාති වෙදිතබ්බො. යථාපරිසන්ති යත්තකා පරිසා, තත්තකමෙව විඤ්ඤාපෙති. අන්තො පරිසායං යෙවස්ස සද්දො සම්පරිවත්තති, න බහිද්ධා විධාවති. යෙ හි කෙචීති ආදි බහුජනහිතාය පටිපන්නභාවදස්සනත්ථං වදති. සරණං ගතාති න යථා වා තථා වා සරණං ගතෙ සන්ධාය වදති. නිබ්බෙමතිකගහිතසරණෙ පන සන්ධාය වදති. ගන්ධබ්බකායං පරිපූරෙන්තීති ගන්ධබ්බදෙවගණං පරිපූරෙන්ති. ඉති අම්හාකං සත්ථු ලොකෙ උප්පන්නකාලතො පට්ඨාය ඡ දෙවලොකාදීසු පිට්ඨං කොට්ටෙත්වා පූරිතනාළි විය සරවනනළවනං විය ච නිරන්තරං ජාතපරිසාති ආහ.
විස්සට්ඨො - මුදාහරින ලද්දේ, පීඩා රහිත. විඤ්ඤෙය්යෙ - අර්ථය දන්වන්නා. මංජු - මිහිරි, මෘදු. සවණියො - ඇසිය යුතු. කනට සැප ඇති. බින්දු - ඒකඝන වූ. අවිසාරි - නොවිසිරුණු, නො පැතුරුණු. ගම්භීරෝ - නාභියේ මුල සිට ගැඹුරෙන් හටගත්. දිව දත් තොල් තල්ල පමණ හටගත්. මෙසේ හටගත්විට මිහිරි නොවේ. දුරට නොඇසේ. නින්නාදී - මහාමේඝ, (ගෙරවිලි හඬ) බෙර ශබ්ද මෙන් නින්නාදයෙන් යුක්ත. මෙහි පසු පස පද පෙර පදවල අර්ථයම බව දත යුතුය. යථා පරිසං - සිටිනතාක් පිරිසට දන්වයි. ශබ්දය ඇතුළත පිරිසට ඇසෙයි. පිටතට නො ඇසෙයි. යෙහි කෙහි ච ආදිය බොහෝ දෙනාට හිතවත් බවට පිළිපන් බව දැක්වීමට කියයි. සරණංගතා යම් ඒ මේ සරණ යෑමක් ගැන නො කියයි. සැකරහිත අය ගත් සරණ ගැන කියයි. ගන්ධබ්බකා යං පරිපුරෙන්ති ගාන්ධර්ව දේවාංගනය පරිපූර්ණය වේ. මෙසේ අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ තැන් පටන් සදෙව්ලොව පිටිකොටා පුරවන නැලි මෙන් බටවන විල්වන මෙන්ද නිතරම ඉපදෙන පිරිස විය.
භාවිතඉද්ධිපාදවණ්ණනා
යාවසුපඤ්ඤත්තා චිමෙ තෙන භගවතාති තෙන මය්හං සත්ථාරා භගවතා යාව සුපඤ්ඤත්තා යාව සුකථිතා. ඉද්ධිපාදාති එත්ථ ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, පතිට්ඨානට්ඨෙන පාදාති වෙදිතබ්බා.
යාව සුපඤ්ඤත්තා මෙ තෙන භගවතා එහෙයින් මාගේ ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් හොඳින් පිණවන ලදද හොඳින් කියන ලදී. ඉද්ධිපාද මෙහි වැඩි දියුණු වීම් අර්ථයෙන් ඉද්ධි නම් වේ. පිහිටීම් අර්ථයෙන් පාද යයි දතයුතුය.
ඉද්ධිපහුතායාති ඉද්ධිපහොනකතාය. ඉද්ධිවිසවිතායාති ඉද්ධිවිපජ්ජනභාවාය, පුනප්පුනං ආසෙවනවසෙන චිණ්ණවසිතායාති වුත්තං හොති. ඉද්ධිවිකුබ්බනතායාති ඉද්ධිවිකුබ්බනභාවාය, නානප්පකාරතො කත්වා දස්සනත්ථාය. ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතන්තිආදීසු ඡන්දහෙතුකො ඡන්දාධිකො වා සමාධි ඡන්දසමාධි, කත්තුකම්යතාඡන්දං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධිස්සෙතං අධිවචනං. පධානභූතා සඞ්ඛාරා පධානසඞ්ඛාරා. චතුකිච්චසාධකස්ස සම්මප්පධානවීරියස්සෙතං අධිවචනං. සමන්නාගතන්ති ඡන්දසමාධිනා ච පධානසඞ්ඛාරෙන ච උපෙතං. ඉද්ධිපාදන්ති නිප්ඵත්තිපරියායෙන ඉජ්ඣනට්ඨෙන වා, ඉජ්ඣන්ති එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉමිනා වා පරියායෙන ඉද්ධීති සඞ්ඛ්‍යං ගතානං අභිඤ්ඤාචිත්තසම්පයුත්තානං ඡන්දසමාධිපධානසඞ්ඛාරානං අධිට්ඨානට්ඨෙන පාදභූතො සෙසචිත්තචෙතසිකරාසීති අත්ථො. වුත්තඤ්හෙතං – “ඉද්ධිපාදොති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො”ති (විභ· 434). ඉමිනා නයෙන සෙසෙසුපි අත්ථො වෙදිතබ්බො. යථෙව හි ඡන්දං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධි ඡන්දසමාධීති වුත්තො, එවං වීරියං, චිත්තං, වීමංසං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධි වීමංසාසමාධීති වුච්චති. අපිච උපචාරජ්ඣානං පාදො, පඨමජ්ඣානං ඉද්ධි. සඋපචාරං පඨමජ්ඣානං පාදො, දුතියජ්ඣානං ඉද්ධීති එවං පුබ්බභාගෙ පාදො, අපරභාගෙ ඉද්ධීති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. විත්ථාරෙන ඉද්ධිපාදකථා විසුද්ධිමග්ගෙ ච විභඞ්ගට්ඨකථාය ච වුත්තා.
ඉද්ධිපහුතාය සෘද්ධි ප්‍රමාණවත්වීම සඳහා, ඉද්ධිවිසවිතාය සෘද්ධි වසීවන බැවින්, නැවත නැවත සේවනය කිරීම් වශයෙන් පුරුදු කරන ලද වසීභාවය කියන ලදී. ඉද්ධිවිකුබ්බනතාය සෘද්ධි විකුර්වනයට නොයෙක් ආකාරයෙන් දැක්වීම සඳහා, ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ආදියෙහි ඡන්ද හේතුවෙන් ඡන්ද ප්‍රධාන වීමෙන් හෝ සමාධිය ඡන්ද සමාධි නම් වේ. කරනු කැමති ඡන්දය අධිපති කොට ලැබූ සමාධියට වෙනත් වචනයකි. ප්‍රධාන වූ සංස්කාර පධාන සංඛාර වේ. සිව්කිස සාදාදෙන සම්යක ප්‍රධාන වීර්යයට මෙය අධිවචනයකි. සමන්නාගතං ඡන්ද සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරවලින් ද යුක්ත වූ, ඉද්ධිපාදං නිෂ්පත්ති පර්යායෙන් හෝ සමෘද්ධි අර්ථයෙන් හෝ සත්වයෝ මෙයින් දියුණු කරත් යයි වැඩි වූ බොහෝ වූ උසස් බවට ගියා වේ යයි මේ ක්‍රමයෙන් හෝ සෘද්ධි යන සංඛ්‍යාවට ගිය අභිඥා සිතින් යුක්ත ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාරවල අධිෂ්ඨාන අර්ථයෙන් පදනම් වූ සෙසු චිත්ත චෛතසික රාශිය යන අර්ථයයි. මෙය කියන ලද්දේමය “ඉද්ධිපාද යයි එබඳු වූ වේදනාස්කන්ධය... විඤ්ඤාණ ස්කන්ධ” යයි. මෙම නයින් සෙස්සෙහි ද අර්ථය දතයුතුයි. යම්සේ ඡන්දය අධිපති කොට ලැබූ සමාධිය ඡන්ද සමාධියයි කියන ලදී. මෙසේ විරිය, චිත්ත, විමංස අධිපති කොට ලැබූ සමාධි විරිය විමංස සමාධියයි කියනු ලැබේ. තවද උපචාර ධ්‍යානවලට පාදක වූ ප්‍රථම ධ්‍යානවල සෘද්ධිය උපචාර සහිත ප්‍රථම ධ්‍යාන පාදක වූ ද්විතීය ධ්‍යාන සෘද්ධිය යයි මෙහි අර්ථය මෙසේය යි දත යුතුය. ඉද්ධිපාද කථා විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි ද විභංගට්ඨ කථාවෙහි ද කියන ලදී.
කෙචි පන “නිප්ඵන්නා ඉද්ධි. අනිප්ඵන්නො ඉද්ධිපාදො”ති වදන්ති, තෙසං වාදමද්දනත්ථාය අභිධම්මෙ උත්තරචූළිකවාරො නාම ආභතො – “චත්තාරො ඉද්ධිපාදා ඡන්දිද්ධිපාදො, වීරියිද්ධිපාදො, චිත්තිද්ධිපාදො, වීමංසිද්ධිපාදො. තත්ථ කතමො ඡන්දිද්ධිපාදො? ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ ඡන්දො ඡන්දිකතා කත්තුකම්‍යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දිද්ධිපාදො, අවසෙසා ධම්මා ඡන්දිද්ධිපාදසම්පයුත්තා”ති (විභ· 458). ඉමෙ පන ලොකුත්තරවසෙනෙව ආගතා. තත්ථ රට්ඨපාලත්ථෙරො ඡන්දං ධුරං කත්වා ලොකුත්තරං ධම්මං නිබ්බත්තෙසි. සොණත්ථෙරො වීරියං ධුරං කත්වා, සම්භූතත්ථෙරො චිත්තං ධුරං කත්වා, ආයස්මා මොඝරාජා වීමංසං ධුරං කත්වාති.
නිෂ්පන්න ඍද්ධි අනිෂ්පන්න සෘද්ධියයි කිසිවෙක් කියති. ඔවුන්ගේ වාදමථනය සඳහා අභිධර්මයෙහි උත්තර මුලක වාරයෙහි “සතර සෘද්ධි පාද ඡන්ද ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විමංස ඉද්ධිපාද යයි ආවේය. එහි ඡන්ද ඉද්ධිපාදය කෙසේද? මෙහි භික්ෂුව යම් අවස්ථාවක ලෝකොත්තර ධර්මවිනය වඩා ද නෛර්යානික වූ අපචයගාමී වූ දෘෂ්ඨින් පහකිරීම සඳහා පළමුවන භූමියට පැමිණීම සඳහා කාමයන්ගෙන් වෙන්ව... ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. දුකසේ ප්‍රතිපදාවෙන් දුෂ්කර වූ අභිඥාවෙන්. එසමයෙහි ඡන්දය ඡන්දයට අයත් කුසල් කරනු කැමති ධර්ම ඡන්දය ඡන්දඉද්ධි පාදය යයි කියනු ලැබේ. සෙසු ධර්ම ඡන්ද ඉද්ධිපාදය සමග සම්බන්ධ වේ. මෙය වනාහි ලෝකෝත්තර වශයෙන් ආවේය. එහි රට්ඨපාල තෙර ඡන්දය ධුරකොට ලෝකෝත්තර ධර්ම ඉපදවීය. සෝණ තෙර විරිය ධුරකොට සම්භූත තෙර සිත ධුර කොට මෝඝරාජ තෙර වීමංසාව ධුර කොට ද ලෝකෝත්තර දහම් නිපදවූහ.
තත්ථ යථා චතූසු අමච්චපුත්තෙසු ඨානන්තරං පත්ථෙත්වා රාජානං උපනිස්සාය විහරන්තෙසු එකො උපට්ඨානෙ ඡන්දජාතො රඤ්ඤො අජ්ඣාසයඤ්ච රුචිඤ්ච ඤත්වා දිවා ච රත්තො ච උපට්ඨහන්තො රාජානං ආරාධෙත්වා ඨානන්තරං පාපුණි. යථා සො, එවං ඡන්දධුරෙන ලොකුත්තරධම්මනිබ්බත්තකො වෙදිතබ්බො.
එහි යම්සේ තනතුරු බලාපොරොත්තුවෙන් රජෙකු ඇසුරුකොට වෙසෙන ඇමති පුතුන් සතරදෙනාගෙන් එක් කෙනෙක් උපස්ථානයෙහි කැමැත්ත ඇති වී රජතුමාගේ අදහස ද රුචිය ද දැනගෙන දිවා රෑ උපස්ථාන කරන්නේ රජු සතුටුකොට තනතුරට පැමිණියේය. මෙසේ හේ ඡන්ද ධුරයෙන් ලොව්තුරු දහම් නිපදවී යයි දත යුතුය.
එකො පන – “දිවසෙ දිවසෙ උපට්ඨාතුං කො සක්කොති, උප්පන්නෙ කිච්චෙ පරක්කමෙන ආරාධෙස්සාමී”ති කුපිතෙ පච්චන්තෙ රඤ්ඤා පහිතො පරක්කමෙන සත්තුමද්දනං කත්වා ඨානන්තරං පාපුණි. යථා සො, එවං වීරියධුරෙන ලොකුත්තරධම්මනිබ්බත්තකො වෙදිතබ්බො.
තව කෙනෙක් දිනපතා උපස්ථාන කරන්ට කාට පුළුවන්ද කියා කාර්යයන් පැමිණිවිට පරාක්‍රමයෙන් සතුටු කරමියි සිතී. ප්රත්යන්තය කුපිත වූ විට රජු විසින් යවනු ලැබුයේ පරාක්‍රමයෙන් සතුරන් මර්ධනය කොට තනතුරට පැමිණියේය. යම්සේ හෝ වීර්ය ධුරයෙන් ලොවුතුරා දහම් නිපදවී යයි දත යුතුය.
එකො – “දිවසෙ දිවසෙ උපට්ඨානම්පි උරෙන සත්තිසරපටිච්ඡන්නම්පි භාරොයෙව, මන්තබලෙන ආරාධෙස්සාමී”ති ඛත්තවිජ්ජාය කතපරිචයත්තා මන්තසංවිධානෙන රාජානං ආරාධෙත්වා ඨානන්තරං පාපුණාති. යථා සො, එවං චිත්තධුරෙන ලොකුත්තරධම්මනිබ්බත්තකො වෙදිතබ්බො.
තව කෙනෙක් දිනපතා උපස්ථානය ද බාහු බලයෙන් සැත් ඊ වැලකීම ද දුෂ්කර යයි සිතා මන්ත්‍ර බලයෙන් සතුටු කරමියි රාජ්‍ය පාලනයෙහි කරන ලද පුහුණුව ඇත්තේ මන්ත්‍ර සංවිධානයෙන් තනතුර ලැබීය. මෙසේ හේ චිත්ත ධුරයෙන් ලොවුතුරා දහම් නිපදවී යයි දත යුතුය.
අපරො – “කිං ඉමෙහි උපට්ඨානාදීහි, රාජානො නාම ජාතිසම්පන්නස්ස ඨානන්තරං දෙන්ති, තාදිසස්ස දෙන්තො මය්හං දස්සතී”ති ජාතිසම්පත්තිමෙව නිස්සාය ඨානන්තරං පාපුණි, යථා සො, එවං සුපරිසුද්ධං වීමංසං නිස්සාය වීමංසධුරෙන ලොකුත්තරධම්මනිබ්බත්තකො වෙදිතබ්බො.
අනික් තැනැත්තා මේ උපස්ථාන ආදියෙන් කිම? රජවරු ජාති සම්පන්නයාට තනතුරු දෙති. එබඳු කෙනෙකුට දෙනවිට මට දෙන්නේ යයි ජාතිසම්පන්න බව නිසාම තනතුරට පැමිණියේය. යම්සේ හේ මෙසේ සුපිරිසුදු වූ වීමංසය නිසා වීමංස ධුරයෙන් ලොවුතුරු දහම් නිපදවී යයි දත යුතුය.
අනෙකවිහිතන්ති අනෙකවිධං. ඉද්ධිවිධන්ති ඉද්ධිකොට්ඨාසං.
අනෙක විහිතං - අනේක විධ වූ. ඉද්ධිවිධං - ඍද්ධි කොට්ඨාශ
තිවිධඔකාසාධිගමවණ්ණනා
සුඛස්සාධිගමායාති ඣානසුඛස්ස මග්ගසුඛස්ස ඵලසුඛස්ස ච අධිගමාය. සංසට්ඨොති සම්පයුත්තචිත්තො. අරියධම්මන්ති අරියෙන භගවතා බුද්ධෙන දෙසිතං ධම්මං. සුණාතීති සත්ථු සම්මුඛා භික්ඛුභික්ඛුනීආදීහි වා දෙසියමානං සුණාති. යොනිසො මනසිකරොතීති උපායතො පථතො කාරණතො ‘අනිච්ච’න්තිආදිවසෙන මනසි කරොති. “යොනිසො මනසිකාරො නාම උපායමනසිකාරො පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති දුක්ඛෙ දුක්ඛන්ති අනත්තනි අනත්තාති අසුභෙ අසුභන්ති සච්චානුලොමිකෙන වා චිත්තස්ස ආවට්ටනා අන්වාවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො, අයං වුච්චති යොනිසොමනසිකාරො”ති. එවං වුත්තෙ යොනිසොමනසිකාරෙ කම්මං ආරභතීති අත්ථො. අසංසට්ඨොති වත්ථුකාමෙහිපි කිලෙසකාමෙහිපි අසංසට්ඨො විහරති. උප්පජ්ජති සුඛන්ති උප්පජ්ජති පඨමජ්ඣානසුඛං. සුඛා භිය්යො සොමනස්සන්ති සමාපත්තිතො වුට්ඨිතස්ස ඣානසුඛපච්චයා අපරාපරං සොමනස්සං උප්පජ්ජති. පමුදාති තුට්ඨාකාරතො දුබ්බලපීති. පාමොජ්ජන්ති බලවතරං පීතිසොමනස්සං. පඨමො ඔකාසාධිගමොති පඨමජ්ඣානං පඤ්චනීවරණානි වික්ඛම්භෙත්වා අත්තනො ඔකාසං ගහෙත්වා තිට්ඨති, තස්මා “පඨමො ඔකාසාධිගමො”ති වුත්තං.
සුඛස්සාධිගමාය - ධ්‍යාන, මාර්ග හා ඵල සුවය සඳහා අවබෝධ කිරීමට, සංසට්ඨො - සම්ප්‍රයුක්ත සිත. අරිය ධම්මං - ආර්ය වූ භාග්‍යවත් වූ බුදුරදුන් විසින් දේශනා කරන ලද ධර්මය. සුණාති - ශාස්තෲන් වහන්සේ නමින් භික්ෂු භික්ෂුණීන් ආදීන් හෝ දේශනා කරනු ලබන්නේ අසයි. යොනිසො මනසිකාරො - උපායෙන් මාර්ගයෙන් හේතුවෙන් අනිත්‍යයයි ආදි වශයෙන් මෙනෙහි කරයි. යොනිසො මනසිකාර නම් උපායෙන් මෙනෙහි කිරීම, මාර්ගයෙන් මෙනෙහි කිරීම අනිත්‍යයෙහි අනිත්‍යයයි ද දුකෙහි දුක්යයි ද අනාත්මයෙහි අනාත්මයයි ද අසුභයෙහි අසුභයයි ද සත්යනුලෝම වශයෙන් හෝ සිත වසඟකර ගැනීම, සිතා බැලීම. එකඟකර ගැනීම මෙනෙහි කිරීම යන මෙය. යොනිසො මනසිකාරය යයි කියනු ලැබේ. මෙසේ කීකල්හි යොනිසො මනසිකාරයෙහි ක්‍රියා ආරම්භ කෙරේ යන අර්ථයයි. අසංසට්ඨො වස්තුකාමයෙන් හා ක්ලේශකාමයෙන් යුක්ත නොවී වාසය කරයි. උප්පජ්ජති සුඛං ප්‍රථම ධ්‍යාන සුවය උපදී. සුඛාභිය්යො සොමනස්සං සමාපත්තියෙන් නැගිටි තැනැත්තාට ධ්‍යාන සුව හේතුවෙන් පසුව සොම්නස ඇතිවේ. මුදා - සන්තෝෂයේ ආකාරයෙන් ලැබෙන දුර්ලභ ප්‍රීතියකි. පාමොජ්ජං ඉතාමත් බලවත් ප්‍රීති සොම්නස. පඨමො ඔකාසාධිගමො පළමුවන ධ්‍යානය පංච නීවරණ යටපත්කොට තමාට ඉඩ ලබා ගැනීම.
ඔළාරිකාති එත්ථ කායවචීසඞ්ඛාරා තාව ඔළාරිකා හොන්තු, චිත්තසඞ්ඛාරා කථං ඔළාරිකාති? අප්පහීනත්තා. කායසඞ්ඛාරා හි චතුත්ථජ්ඣානෙන පහීයන්ති, වචීසඞ්ඛාරා දුතියජ්ඣානෙන, චිත්තසඞ්ඛාරා නිරොධසමාපත්තියා. ඉති කායවචීසඞ්ඛාරෙසු පහීනෙසුපි තෙ තිට්ඨන්තියෙවාති පහීනෙ උපාදාය අප්පහීනත්තා ඔළාරිකා නාම ජාතා. සුඛන්ති නිරොධා වුට්ඨහන්තස්ස උප්පන්නං චතුත්ථජ්ඣානිකඵලසමාපත්තිසුඛං. සුඛා භිය්යො සොමනස්සති ඵලසමාපත්තිතො වුට්ඨිතස්ස අපරාපරං සොමනස්සං. දුතියො ඔකාසාධිගමොති චතුත්ථජ්ඣානං සුඛං දුක්ඛං වික්ඛම්භෙත්වා අත්තනො ඔකාසං ගහෙත්වා තිට්ඨති, තස්මා “දුතියො ඔකාසාධිගමො”ති වුත්තං. දුතියතතියජ්ඣානානි පනෙත්ථ චතුත්ථෙ ගහිතෙ ගහිතානෙව හොන්තීති විසුං න වුත්තානීති.
ඔලාරිකා මෙහි කාය වචී සංස්කාර පළමුව ඕළාරික වේ. චිත්ත සංඛාර කෙසේ ඕළාරික වේද? ප්‍රහීන නොකළ බැවිනි. කාය සංඛාර හතරවන ධ්‍යානයෙන් ප්‍රහීන වේ. වචී සංඛාර දෙවන ධ්‍යානයෙන්. චිත්ත සංඛාර නිරෝධ සමාපත්තියෙන්. මෙසේ කාය වචී චිත්ත සංඛාර ප්‍රහීන වූ කල්හි ද ඒවා සිටී. ප්‍රහීන වූවද දැඩි සේ ගැනීම අප්‍රහීන බැවින් ඕළාරික බව ඇතිවිය. සුඛං නිරෝධ සමාපත්තියෙන් නැගිටින තැනැත්තාට උපදින සතරවන ධ්‍යාන ඵල සමාපත්ති සුවය. සුඛා භීය්‍යො සොමනස්සං ඵල සමාපත්තියෙන් නැගිටි යෝගාවචරයාට පසුව ඇතිවන සොම්නස දුතියො ඔකාසාධිගමො සතරවන ධ්‍යානය සැප දුක් යටපත් කොට තමනට අවකාශ ගෙන සිටියි. මෙහි දෙවන තුන්වන ධ්‍යාන සතරවන ධ්‍යානය ගත් කල්හි එහි ඇතුළත්වන බැවින් වෙන්කොට නොකියන ලදී.
ඉදං කුසලන්තිආදීසු කුසලං නාම දසකුසලකම්මපථා. අකුසලන්ති දසඅකුසලකම්මපථා. සාවජ්ජදුකාදයොපි එතෙසං වසෙනෙව වෙදිතබ්බා. සබ්බඤ්චෙව පනෙතං කණ්හඤ්ච සුක්කඤ්ච සප්පටිභාගඤ්චාති කණ්හසුක්කසප්පටිභාගං. නිබ්බානමෙව හෙතං අප්පටිභාගං. අවිජ්ජා පහීයතීති වට්ටපටිච්ඡාදිකා අවිජ්ජා පහීයති. විජ්ජා උප්පජ්ජතීති අරහත්තමග්ගවිජ්ජා උප්පජ්ජති. සුඛන්ති අරහත්තමග්ගසුඛඤ්චෙව ඵලසුඛඤ්ච. සුඛා භිය්යො සොමනස්සන්ති ඵලසමාපත්තිතො වුට්ඨිතස්ස අපරාපරං සොමනස්සං. තතියො ඔකාසාධිගමොති අරහත්තමග්ගො සබ්බකිලෙසෙ වික්ඛම්භෙත්වා අත්තනො ඔකාසං ගහෙත්වා තිට්ඨති, තස්මා “තතියො ඔකාසාධිගමො”ති වුත්තො. සෙසමග්ගා පන තස්මිං ගහිතෙ අන්තොගධා එවාති විසුං න වුත්තා.
ඉදං කුසලං ආදියෙහි කුසල නම් දසකුසල කර්ම පථයයි. අකුසලං දස අකුසල කර්ම පථයයි. සාවද්‍ය දුකාදිය ද මේවායේ වශයෙන්ම දැනගත යුතුය. මේ සියල්ලම කලු ද සුදු ද සමාන නිසා කණහ සුක්ඛ පටිභාග වේ. එසේම මීට අසමාන වන්නේ නිවන පමණකි. අවිජ්ජා පහීයති විද්‍යාව මුවා කරන අවිද්‍යාව ප්‍රහීන වේ. විජ්ජා රහත් මාර්ගයෙන් විද්‍යාව උපදී. සුඛං අරහත් මාර්ග සැපය මෙන්ම ඵල සැපයද, සුඛා භීය්‍යො සොමනස්සං ඵල සමාපත්තියෙන් නැගී සිටින්නාට පසුව ඇතිවන සොම්නස. කතියො ඔකාසාධිගමො රහත් මගින් සියළු කෙලෙස් විෂ්කම්භනය කොට තමාට අවකාශ ලබාගෙන සිටියි. එහෙයින් තතිය ඔකාසාධිගම යයි කියන ලදී. සෙසු මාර්ග වනාහි රහත් මග ගත් කල්හි එහි ඇතුළත් නිසා වෙනම නොකියන ලදී. මේ ඔකාසාධිගම තුන වනාහි අටතිස් අරමුණු වශයෙන් විස්තර කොට කිව යුතුය. කෙසේද? සියළුම අරමුණු විසුද්ධි මාර්ගයෙහි කියන ලද නයින්ම උපචාර වශයෙන් ද අර්පනා වශයෙන් ද වෙන් වශයෙන් ගත යුතුය. ප්‍රථම ධ්‍යානය සූවිසි ස්ථානයෙහි පළමු ඕකාසාධිගමයයි කිව යුතුය.
ඉමෙ පන තයො ඔකාසාධිගමා අට්ඨතිංසාරම්මණවසෙන විත්ථාරෙත්වා කථෙතබ්බා. කථං? සබ්බානි ආරම්මණානි විසුද්ධිමග්ගෙ වුත්තනයෙනෙව උපචාරවසෙන ච අප්පනාවසෙන ච වවත්ථපෙත්වා චතුවීසතියා ඨානෙසු පඨමජ්ඣානං “පඨමො ඔකාසාධිගමො”ති කථෙතබ්බං. තෙරසසු ඨානෙසු දුතියතතියජ්ඣානානි, පන්නරසසු ඨානෙසු චතුත්ථජ්ඣානඤ්ච නිරොධසමාපත්තිං පාපෙත්වා “දුතියො ඔකාසාධිගමො”ති කථෙතබ්බං. දස උපචාරජ්ඣානානි පන මග්ගස්ස පදට්ඨානභූතානි තතියං ඔකාසාධිගමං භජන්ති. අපිච තීසු සික්ඛාසු අධිසීලසික්ඛා පඨමං ඔකාසාධිගමං භජති, අධිචිත්තසික්ඛා දුතියං, අධිපඤ්ඤාසික්ඛා තතියන්ති එවං සික්ඛාවසෙනපි කථෙතබ්බං. සාමඤ්ඤඵලෙපි චූළසීලතො යාව පඨමජ්ඣානා පඨමො ඔකාසාධිගමො, දුතියජ්ඣානතො යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනා දුතියො, විපස්සනාතො යාව අරහත්තා තතියො ඔකාසාධිගමොති එවං සාමඤ්ඤඵලසුත්තන්තවසෙනපි කථෙතබ්බං. තීසු පන පිටකෙසු විනයපිටකං පඨමං ඔකාසාධිගමං භජති, සුත්තන්තපිටකං දුතියං, අභිධම්මපිටකං තතියන්ති එවං පිටකවසෙනපි කථෙතබ්බං.
දෙවන ධ්‍යාන ස්ථාන දහතුනක හතරවන ධ්‍යානය ද නිරෝධ සමාපත්තිය ද ස්ථාන පහළොවක පමුණුවා දෙවන ඕකාසාධිගමය කිව යුතුය. උපචාර ධ්‍යාන දහය වනාහි මාර්ගයට පදස්ථානය වූ තුන්වන ඔකාසාධිගමය ඇසුරු කරයි. එසේ වූවද ශික්ෂා තුන අතුරෙන් අධිශීල ශික්ෂාව පළමුවන ඕකාසාධිගමය භජනය කරයි. අධිචිත්ත ශික්ෂාව දෙවැන්නද අධිපඤ්ඤා තුන්වැන්න ද භජනය කරයි. මෙසේ ශික්ෂා වශයෙන් ද කිව යුතුය. සාමඤ්ඤ ඵලයෙහි මූල සීලයේ සිට රහත් බව දක්වා තුන්වන ඕකාසාධිගමය වේ. මෙසේ සාමඤ්ඤඵල සූත්‍ර වශයෙන් ද කිව යුතුය. තුන්පිටකය අතුරෙන් විනය පිටකය පළමු ඕකාසාධිගමය භජනය කරයි. සූත්‍ර පිටකය දෙවැන්නද අභිධර්ම පිටකය තෙවැන්න ද භජනය කරයි. මෙසේ පිටක වශයෙන් ද කිව යුතුය.
පුබ්බෙ කිර මහාථෙරා වස්සූපනායිකාය ඉමමෙව සුත්තං පට්ඨපෙන්ති. කිං කාරණා? තීණි පිටකානි විභජිත්වා කථෙතුං ලභිස්සාමාති. තෙපිටකෙන හි සමොධානෙත්වා කථෙන්තස්ස දුක්කථිතන්ති න සක්කා වත්තුං. තෙපිටකං භජාපෙත්වා කථිතමෙව ඉදං සුත්තං සුකථිතං හොතීති.
පෙර මහතෙරවරු වස් එළඹීමෙහි මේ සූත්‍රය එළවති. කුමන කරුණකින්ද? තුන්පිටකය බෙදා කීමට ලැබෙන්නෙමු යයි ත්‍රිපිටකය සමොධානය කොට කියන්නහුට කිව නොහැකිය. ත්‍රිපිටකය බෙදා කියනලද මේ සූත්‍රය මනාව කියන ලද්දේ වේ.
චතුසතිපට්ඨානවණ්ණනා
කුසලස්සාධිගමායාති මග්ගකුසලස්ස චෙව ඵලකුසලස්ස ච අධිගමත්ථාය. උභයම්පි හෙතං අනවජ්ජට්ඨෙන ඛෙමට්ඨෙන වා කුසලමෙව. තත්ථ සම්මාසමාධියතීති තස්මිං අජ්ඣත්තකායෙ සමාහිතො එකග්ගචිත්තො හොති. බහිද්ධා පරකායෙ ඤාණදස්සනං අභිනිබ්බත්තෙතීති අත්තනො කායතො පරස්ස කායාභිමුඛං ඤාණං පෙසෙති. එස නයො සබ්බත්ථ. සබ්බත්ථෙව ච සතිමාති පදෙන කායාදිපරිග්ගාහිකා සති, ලොකොති පදෙන පරිග්ගහිතකායාදයොව ලොකො. චත්තාරො චෙතෙ සතිපට්ඨානා ලොකියලොකුත්තරමිස්සකා කථිතාති වෙදිතබ්බා.
කුසලස්සාධිගමාය මාර්ග කුසලයේ මෙන්ම ඵල කුසලයේ ද අධිගමය සඳහා මේ දෙකම අනවද්‍ය අර්ථයෙන් ක්ෂේම අර්ථයෙන් හෝ කුසලවේ. එහි සම්මා සමාධියති එහි ආධ්‍යාත්ම කයෙහි මනාව එකඟවූයේ ඒකාග්ර සිත වේ. බහිද්ධා පරකායෙ ඤාණ දස්සනං අභිනිබ්බත්තති තමාගේ ශරීරයෙන් අන්යාගේ ශරීරය කෙළින් ඤාණය යවයි. සියළු තැන මෙම නයයි. සබ්බා යන පදයෙන් කායාදියෙහි පිරික්සන්නා සතියයි. ලොකො යන පදයෙන් පරිගෘහිත කායාදියද ලෝකය. මේ සතර සතිපට්ඨාන ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදැයි දත යුතුය.
සත්තසමාධිපරික්ඛාරවණ්ණනා
සමාධිපරික්ඛාරාති එත්ථ තයො පරික්ඛාරා. “රථො සීලපරික්ඛාරො ඣානක්ඛො චක්කවීරියො”ති (සං· නි· 5.4) හි එත්ථ අලඞ්කාරො පරික්ඛාරො නාම. “සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං හොතී”ති (අ· නි· 7.67) එත්ථ පරිවාරො පරික්ඛාරො නාම. “ගිලානපච්චයජීවිතපරික්ඛාරො”ති (දී· නි· 3.182) එත්ථ සම්භාරො පරික්ඛාරො නාම. ඉධ පන පරිවාරපරික්ඛාරවසෙන “සත්ත සමාධිපරික්ඛාරා”ති වුත්තං. පරික්ඛතාති පරිවාරිතා. අයං වුච්චති සො අරියො සම්මාසමාධීති අයං සත්තහි රතනෙහි පරිවුතො චක්කවත්තී විය සත්තහි අඞ්ගෙහි පරිවුතො “අරියො සම්මාසමාධී”ති වුච්චති. සඋපනිසො ඉතිපීති සඋපනිස්සයො ඉතිපි වුච්චති, සපරිවාරො යෙවාති වුත්තං හොති. සම්මාදිට්ඨිස්සාති සම්මාදිට්ඨියං ඨිතස්ස. සම්මාසඞ්කප්පො පහොතීති සම්මාසඞ්කප්පො පවත්තති. එස නයො සබ්බපදෙසු. අයං පනත්ථො මග්ගවසෙනාපි ඵලවසෙනාපි වෙදිතබ්බො. කථං? මග්ගසම්මාදිට්ඨියං ඨිතස්ස මග්ගසම්මාසඞ්කප්පො පහොති…පෙ… මග්ගඤාණෙ ඨිතස්ස මග්ගවිමුත්ති පහොති. තථා ඵලසම්මාදිට්ඨියං ඨිතස්ස ඵලසම්මාසඞ්කප්පො පහොති…පෙ… ඵලසම්මාඤාණෙ ඨිතස්ස ඵලවිමුත්ති පහොතීති.
මෙහි පිරිකර තුනකි. රථය සීල පිරිකරය. ධ්‍යාන අක්ෂයයි. චක්‍ර වීර්යයි. මෙහි අලංකාරය පිරිවය පවුරු හතකින් නගරය වටකරන ලද්දේ සුපරික්ෂාවේයයි මෙහි පිරිවර පිරිකර වේ. ගිලන්පස... ජීවන පිරිකර වේ. මෙහි සම්භාරය පිරිකර වේ. මෙහි පිරිවර පිරිකර වශයෙන් සමාධි පිරිකර හතක් කියන ලදී. පරික්ඛාර යනු පිරිකරය, අයං වුච්චති භො සම්මා සමාධි මේ සප්ත රත්නයෙන් පිරිවරන ලද චක්‍රවර්ති මෙන් අංග සතකින් යුත් ආර්ය සමාධියයි කියනු ලැබේ. ස උපනිසො ඉති උපනිශ්‍රය වේ යයි කියනු ලැබේ. පිරිවර සහිත වේ යයි කියන ලද්දේ වේ. සම්මා සංකප්පො පහොති සම්මාදිට්ඨියේ සිටියහුගේ, සම්මා සංකප්පය පවත්වයි. සියළු පදවල මේ පිළිවෙළම වේ. මෙහි මෙය මාර්ග වශයෙන් ද ඵල වශයෙන් ද දත යුතුය. කෙසේද? මාර්ග සම්මා දිට්ඨියෙහි සිටියහු මාර්ග සම්මා සංකප්පය පවත්වයි... මාර්ග ඤාණයෙහි සිටියහු මාර්ග විමුක්තිය පවත්වයි. එසේම ඵල සම්මා දිට්ඨියෙහි සිටියහු ඵල සම්මා සංකප්පය පවත්වයි. ඵල සම්මා ඤාණයෙහි සිටියහු ඵල විමුක්තිය පවත්වයි.
ස්වාක්ඛාතොතිආදීනි විසුද්ධිමග්ගෙ වණ්ණිතානි. අපාරුතාති විවටා. අමතස්සාති නිබ්බානස්ස. ද්වාරාති පවෙසනමග්ගා. අවෙච්චප්පසාදෙනාති අචලප්පසාදෙන. ධම්මවිනීතාති සම්මානිය්යානෙන නිය්යාතා.
ස්වාක්ඛාතො ආදිය විසුද්ධි මාර්ගයෙහි වර්ණනා කරන ලදී. අපාරුතා විවෘත. අමතස්ස නිවනේ. දවාරා ප්රවේශවන මාර්ග. අවෙච්චප්පසාදෙන නොසෙල්වෙන පැහැදීමෙන් ධම්මවිනීතා ධර්මයෙන් පමුණුවන ලද.
අත්ථායං ඉතරා පජාති අනාගාමිනො සන්ධායාහ, අනාගාමිනො ච අත්ථීති වුත්තං හොති. පුඤ්ඤභාගාති පුඤ්ඤකොට්ඨාසෙන නිබ්බත්තා. ඔත්තප්පන්ති ඔත්තප්පමානො. තෙන කදාචි නාම මුසා අස්සාති මුසාවාදභයෙන සඞ්ඛාතුං න සක්කොමි, න පන මම සඞ්ඛාතුං බලං නත්ථීති දීපෙති.
අථායං ඉතරා පජා අනාගාමීන් සඳහා කියන ලදී. අනාගාමීහුද ඇතැයි කියන ලද්දේ වේ. පුඤ්ඤභාග පින් කොටසකින් උපන්. ඔත්තප්පං බියවන්නේ, මුසාවාද බියෙන් දැනගන්නට නොහැකි වෙමි. දැන ගැනීමේ මාගේ බලයක් නැතැයි දක්වයි.
තං කිං මඤ්ඤති භවන්ති ඉමිනා කෙවලං වෙස්සවණං පුච්ඡති, න පනස්ස එවරූපො සත්ථා නාහොසීති වා න භවිස්සතීති වා ලද්ධි අත්ථි. සබ්බබුද්ධානඤ්හි අභිසමයෙ විසෙසො නත්ථි.
තං කිං මඤ්ඤති භවං මෙයින් තනිකර වෙසවුණු නොවිචාරයි. මෙබඳු රූප වූ ශාස්තෲන් වහන්සේ නොවුහ නො වන්නේය හෝ ලබ්ධි ඇත. සියළු බුදුවරයන්ගේ අවබෝධයෙහි විශේෂයක් තමා.
සයංපරිසායන්ති අත්තනො පරිසායං. තයිදං බ්රහ්මචරියන්ති තං ඉදං සකලං සික්ඛත්තයබ්රහ්මචරියං. සෙසං උත්තානමෙව. ඉමානි පන පදානි ධම්මසඞ්ගාහකත්ථෙරෙහි ඨපිතානීති.
සයං පරිසායං තමාගේ පිරිසෙහි නයිදං බ්රහ්මචරියං මේ ඒ සියළු ශික්ෂාත්රය සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව. සෙස්ස පැහැදිලිය. මේ පද ධර්ම සංග්‍රාහක තෙරවරුන් විසින් තබන ලදි.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං ජනවසභසුත්තවණ්ණනා නිට්ඨිතා.
ජනවසභ සූත්රවර්ණනාව නිමි.