යෙදුමෙන් කියවන්න

6. මහාගොවින්‍දසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

6. මහාගොවින්‍දසුත‍්තවණ‍්ණනා

6. මහා ගෝවින්ද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාගොවින්‍දසුත‍්තං. තත්‍රායමනුත‍්තානපදවණ‍්ණනා – පඤ‍්චසිඛොති පඤ‍්චචූළො පඤ‍්චකුණ‍්ඩලිකො. සො කිර මනුස‍්සපථෙ පුඤ‍්ඤකම‍්මකරණකාලෙ දහරො පඤ‍්චචූළකදාරකකාලෙ වච‍්ඡපාලකජෙට‍්ඨකො හුත්‍වා අඤ‍්ඤෙපි දාරකෙ ගහෙත්‍වා බහිගාමෙ චතුමග‍්ගට‍්ඨානෙසු සාලං කරොන‍්තො පොක‍්ඛරණිං ඛණන‍්තො සෙතුං බන්‍ධන‍්තො විසමං මග‍්ගං සමං කරොන‍්තො යානානං අක‍්ඛපටිඝාතනරුක‍්ඛෙ හරන‍්තොති එවරූපානි පුඤ‍්ඤානි කරොන‍්තො විචරිත්‍වා දහරොව කාලමකාසි. තස‍්ස සො අත‍්තභාවො ඉට‍්ඨො කන‍්තො මනාපො අහොසි. සො කාලං කත්‍වා චාතුමහාරාජිකදෙවලොකෙ නවුතිවස‍්සසතසහස‍්සප‍්පමාණං ආයුං ගහෙත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස තිගාවුතප‍්පමාණො සුවණ‍්ණක‍්ඛන්‍ධසදිසො අත‍්තභාවො අහොසි. සො සකටසහස‍්සමත‍්තං ආභරණං පසාධෙත්‍වා නවකුම‍්භමත‍්තෙ ගන්‍ධෙ විලිම‍්පිත්‍වා දිබ‍්බරත‍්තවත්‍ථධරො රත‍්තසුවණ‍්ණකණ‍්ණිකං පිළන්‍ධිත්‍වා පඤ‍්චහි කුණ‍්ඩලකෙහි පිට‍්ඨියං වත‍්තමානෙහි පඤ‍්චචූළකදාරකපරිහාරෙනෙව විචරති. තෙනෙතං “පඤ‍්චසිඛො” ත්‍වෙව සඤ‍්ජානන‍්ති.

එවම්මෙ සුතං මහා ගෝවින්ද සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. මේ එහි ගැඹුරු පද වර්ණනාවය. පංචසිඛො සිළු පසක් ඇත්තේ. කුණ්ඩල පහක් ඇත්තේ, හේ වනාහි මිනිස් පියසේ පින්කම් කරන කාලයෙහි පන්සිළු දහර කාලයෙහි වසු පැටවුන් බලාගන්නා නායකයෙක්ව සිව් මංසලවල සාලා කරන්නේ, පොකුණු කරන්නේ, ඒ දඬු බඳින්නේ, මාර්ගවල විසම තැන් සමකරන්නේ, යානාවල අකුර නසන ගස් ඉවත් කරන්නේ, මෙබඳු පින්කරමින් හැසිර තරුණ කාලයෙහිම කලුරිය කෙළේය. ඔහුගේ ඒ ආත්මභාවය ඉෂ්ඨ කාන්ත මනාප විය. හේ කලුරිය කොට චාතුම්මහාරාජික දේවලෝකයෙහි වර්ෂ අනූ ලක්ෂයක් පමණ ආයුෂ ගෙන ඉපදුනේය. ඔහුගේ තුන්ගවු පමණ රන්කඳක් හා සමාන ආත්මභාවය විය. හේ ගැල්දහසක පමණ ආභරණ පැළඳගෙන කළ නවයක් පමණ සුවඳ විලවුන් ගල්වා දිව්‍ය රතු වස්ත්‍ර ධරා රතු මැණික් කරාබු පැළඳ කොණ්ඩ පහක් පිට දිගට වැටෙන සේ පන්සිළු දාරක පරිහාරයෙන් ම හැසිරේ. එයින් හේ පංචසිඛ යයි හැඳින් වේ.

අභික‍්කන‍්තාය රත‍්තියාති අභික‍්කන‍්තාය ඛීණාය රත‍්තියා, එකකොට‍්ඨාසං අතීතායාති අත්‍ථො. අභික‍්කන‍්තවණ‍්ණොති අතිඉට‍්ඨකන‍්තමනාපවණ‍්ණො. පකතියාපි හෙස කන‍්තවණ‍්ණො, අලඞ‍්කරිත්‍වා ආගතත‍්තා පන අභික‍්කන‍්තවණ‍්ණො අහොසි. කෙවලකප‍්පන‍්ති අනවසෙසං සමන‍්තතො. අනවසෙසත්‍ථො එත්‍ථ කෙවලසද‍්දො. කෙවලපරිපුණ‍්ණන‍්ති එත්‍ථ විය. සමන‍්තතො අත්‍ථො කප‍්පසද‍්දො, කෙවලකප‍්පං ජෙතවනන‍්තිආදීසු විය. ඔභාසෙත්‍වාති ආභාය ඵරිත්‍වා, චන්‍දිමා විය සූරියො විය ච එකොභාසං එකපජ‍්ජොතං කරිත්‍වාති අත්‍ථො.

ඉක්මගිය, ක්ෂීණ වූ රාත්‍රියේ, එක් කොටසක් ඉකුත් වී ගිය යන අර්ථයයි. අභික්කන්ත වණ්ණා අති ඉෂ්ට කාන්ත මනාප වූ වර්ණය. ස්වභාවයෙන් ම හේ කාන්ත වර්ණ ඇත්තේය. අලංකාර කොට ආ බැවින් අභික්කන්ත විය. කෙවල කප්පං ඉතිරි නැතිව, හාත්පසින්, අනවසේ සාර්ථයයි. මෙහි කේවල ශබ්දය, කෙවලකප්පං ජෙතවනං ආදියෙහි මෙනි. ඔභාසෙත්වා ආලෝකය පතුරුවා, සඳ මෙන් හිරු මෙන් ඒකාලෝක කොට යන අර්ථයයි.

දෙවසභාවණ‍්ණනා

සුධම‍්මායං සභායන‍්ති සුධම‍්මාය නාම ඉත්‍ථියා රතනමත‍්තකණ‍්ණිකරුක‍්ඛනිස‍්සන්‍දෙන නිබ‍්බත‍්තසභායං. තස‍්සා කිර ඵලිකමයා භූමි, මණිමයා ආණියො, සුවණ‍්ණමයා ථම‍්භා, රජතමයා ථම‍්භඝටිකා ච සඞ‍්ඝාතා ච, පවාළමයානි වාළරූපානි, සත‍්තරතනමයා ගොපානසියො ච පක‍්ඛපාසකා ච මුඛවට‍්ටි ච, ඉන්‍දනීලඉට‍්ඨකාහි ඡදනං, සොවණ‍්ණමයං ඡදනපීඨං, රජතමයා ථූපිකා, ආයාමතො ච විත්‍ථාරතො ච තීණි යොජනසතානි, පරික‍්ඛෙපතො නවයොජනසතානි, උබ‍්බෙධතො පඤ‍්චයොජනසතානි, එවරූපායං සුධම‍්මායං සභායං.

සුධම්මාය සභායං සුධම්මා නම් කාන්තාවගේ වහළ මුදුනේ සවිකරන ලද රියනක් පමණ උස් වූ දණ්ඩක් ඇති රැස්වීම් ශාලාවේ. එහි වනාහි පලිඟුමය බිම ය. මිණිමුවා ඇණය. රුවන්මුවා මැටිය. රිදීමුවා ටැමිගැටි සහ එකාට බැඳීම්ය. පබලුමය ව්‍යාල රූපය. සත්රුවන් මුවා ගෝපාන සීස (කැණිමඬල මුදුන) පැතිපාසක මුවවිටිය. නිල්මැණික් ගඩොල් පියසිය. රුවන්මුවා පියසි පටය. රිදීමුවා කොත්ය. දිග පළලින් යොදුන් තුන්සියයක්. වටේට යොදුන් නවසියයකි. මෙබඳු වූ සුධම්මා සභාවෙහි.

ධතරට‍්ඨොතිආදීසු ධතරට‍්ඨො ගන්‍ධබ‍්බරාජා ගන්‍ධබ‍්බදෙවතානං කොටිසතසහස‍්සෙන පරිවුතො කොටිසතසහස‍්සසුවණ‍්ණමයානි ඵලකානි ච සුවණ‍්ණසත‍්තියො ච ගාහාපෙත්‍වා පුරත්‍ථිමාය දිසාය පච‍්ඡිමාභිමුඛො ද‍්වීසු දෙවලොකෙසු දෙවතා පුරතො කත්‍වා නිසින‍්නො.

ධතරට්ඨො ආදියෙහි ධතරට්ඨ නම් ගාන්ධර්ව රජ කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දේවතාවන් විසින් පිරිවරන ලදී. කෝටි ලක්ෂයක් රන්මුවා පලක ද රන් සැත් ද ගන්වාගෙන පෙරදිසායෙහි බටහිර බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.

විරූළ‍්හකො කුම‍්භණ‍්ඩරාජා කුම‍්භණ‍්ඩදෙවතානං කොටිසතසහස‍්සෙන පරිවුතො කොටිසතසහස‍්සරජතමයානි ඵලකානි ච සුවණ‍්ණසත‍්තියො ච ගාහාපෙත්‍වා දක‍්ඛිණාය දිසාය උත‍්තරාභිමුඛො ද‍්වීසු දෙවලොකෙසු දෙවතා පුරතො කත්‍වා නිසින‍්නො.

විරූළහක කුම්භණ්ඩ රජ, කෝටි ලක්ෂයක් කුම්භණ්ඩ දෙවියන් පිරිවරා කෝටි ලක්ෂයක් මිණිමුවා පලක සහ රන් සැත් ගන්වාගෙන දකුණු දිසාවෙහි උතුරු දෙස බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.

විරූපක‍්ඛො නාගරාජා නාගානං කොටිසතසහස‍්සෙන පරිවුතො කොටිසතසහස‍්සමණිමයානි මහාඵලකානි ච සුවණ‍්ණසත‍්තියො ච ගාහාපෙත්‍වා පච‍්ඡිමාය දිසාය පුරත්‍ථිමාභිමුඛො ද‍්වීසු දෙවලොකෙසු දෙවතා පුරතො කත්‍වා නිසින‍්නො.

විරූපක්ඛො නාගයින්ගේ නාරජ, කෝටි ලක්ෂයක් නාගයින් පිරිවරා කෝටි ලක්ෂයක් මිණිමුවා පලකද රන් සැත් ද ගන්වාගෙන පැසුළු දෙසෙහි පෙරදිග බලා දෙ දෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ ය.

වෙස‍්සවණො යක‍්ඛරාජා යක‍්ඛානං කොටිසතසහස‍්සෙන පරිවුතො කොටිසතසහස‍්සපවාළමයානි මහාඵලකානි ච සුවණ‍්ණසත‍්තියො ච ගාහාපෙත්‍වා උත‍්තරාය දිසාය දක‍්ඛිණාභිමුඛො ද‍්වීසු දෙවලොකෙසු දෙවතා පුරතො කත්‍වා නිසින‍්නොති වෙදිතබ‍්බො.

වෙස්සවණො යක් රජු කෝටි ලක්ෂයක් යකුන් පිරිවරා කෝටි ලක්ෂයක් පබළු පලක ද රන්සැත් ද ගෙන්වාගෙන උතුරු දිසායෙහි දකුණ බලා දෙදෙව්ලොව දෙවියන් පෙරටු කොට හුන්නේ යයි දත යුතුය.

අථ පච‍්ඡා අම‍්හාකං ආසනං හොතීති තෙසං පච‍්ඡතො අම‍්හාකං නිසීදිතුං ඔකාසො පාපුණාති. තතො පරං පවිසිතුං වා පස‍්සිතුං වා න ලභාම. සන‍්නිපාතකාරණං පනෙත්‍ථ පුබ‍්බෙ වුත‍්තං චතුබ‍්බිධමෙව. තෙසු වස‍්සූපනායිකසඞ‍්ගහො විත්‍ථාරිතො. යථා පන වස‍්සූපනායිකාය, එවං මහාපවාරණායපි පුණ‍්ණමදිවසෙ සන‍්නිපතිත්‍වා “අජ‍්ජ කත්‍ථ ගන‍්ත්‍වා කස‍්ස සන‍්තිකෙ පවාරෙස‍්සාමා”ති මන‍්තෙන‍්ති. තත්‍ථ සක‍්කො දෙවානමින්‍දො යෙභුය්‍යෙන පියඞ‍්ගුදීපමහාවිහාරස‍්මිංයෙව පවාරෙති. සෙසා දෙවතා පාරිච‍්ඡත‍්තකාදීනි දිබ‍්බපුප‍්ඵානි චෙව දිබ‍්බචන්‍දනචුණ‍්ණානි ච ගහෙත්‍වා අත‍්තනො අත‍්තනො මනාපට‍්ඨානමෙව ගන‍්ත්‍වා පවාරෙන‍්ති. එවං පවාරණසඞ‍්ගහත්‍ථාය සන‍්නිපතන‍්ති .

අථ පච්ඡා අම්හාකං ආසනං හොති ඔවුන්ට පිටුපසින් අපට හිඳගැනීමට ඉඩ ලැබුනේය. එයින් පසු පිවිසීමට හෝ බැලීමට නොහැකි විය. මෙහි රැස්වුණු කරුණ පෙර කියන ලදී. එය සතරාකාරය. වස් එළඹීම් සංග්‍රහයෙහි විස්තර වශයෙන් සඳහන් වේ. වස් එළඹෙන දිනයෙහි මෙන් මහා පවාරණ පොහොය දිනයෙහි ද රැස්ව අද කොහාට ගොස් කාගේ සමීපයෙහි පවරන්නෙමුදැයි සාකච්ඡා කරති. එහි දෙව් රජ වූ සක්‍රයා පුවඟු දිවයිනේ මහා විහාරයෙහි ම බොහෝ සෙයින් පවාරණය කරයි. සෙසු දෙවිවරු පරසතු ආදි දිවමල් ද දිව සඳුන් සුණු ද ගෙන තම තමා මනාප මනාප තැන්වලට ගොස් පවාරණය කරති. මෙසේ පවාරණ සංග්‍රහය පිණිස රැස්වෙති.

දෙවලොකෙ පන ආසාවතී නාම ලතා අත්‍ථි. සා පුප‍්ඵිස‍්සතීති දෙවා වස‍්සසහස‍්සං උපට‍්ඨානං ගච‍්ඡන‍්ති. පාරිච‍්ඡත‍්තකෙ පුප‍්ඵමානෙ එකවස‍්සං උපට‍්ඨානං ගච‍්ඡන‍්ති. තෙ තස‍්ස පණ‍්ඩුපලාසාදිභාවතො පට‍්ඨාය අත‍්තමනා හොන‍්ති. යථාහ –

දෙව්ලොව වනාහි ආසාවතී නම් වැලක් ඇත. එය පිපෙන්නේයයි දෙවිවරු වර්ෂ දහසක් උපස්ථානයට යති. පරසතු පිපෙන කල්හි එක් වසරක් උපස්ථානයට යති. ඔවුහු එහි පඬුපලස පැහැගත් තැන් සිට සතුටු වෙති. යම්සේ කීහ.

“යස‍්මිං, භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො පණ‍්ඩුපලාසො හොති, අත‍්තමනා, භික‍්ඛවෙ, දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති – ‘පණ‍්ඩුපලාසො ඛො දානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො, න චිරස‍්සෙව පන‍්නපලාසො භවිස‍්සතී’ති. යස‍්මිං, භික‍්ඛවෙ, සමයෙ දෙවානං තාවතිංසානං පාරිච‍්ඡත‍්තකො කොවිළාරො පන‍්නපලාසො හොති, ඛාරකජාතො හොති, ජාලකජාතො හොති, කුටුමලකජාතො හොති, කොරකජාතො හොති. අත‍්තමනා, භික‍්ඛවෙ, දෙවා තාවතිංසා තස‍්මිං සමයෙ හොන‍්ති – ‘කොරකජාතො දානි පාරිච‍්ඡත‍්තකො කොවිළාරො න චිරස‍්සෙව සබ‍්බපාලිඵුල‍්ලො භවිස‍්සතී’ති (අ· නි· 7.69).

මහණෙනි, යම් කාලයක තාවතිංස දෙවියන්ගේ පරසතු මල්ගස කොබෝලීල පඬුපැහැ වේද එවිට මහණෙනි, තව්තිසා දෙවියෝ සතුටු වෙති. පරසතු ගස දැන් පඬු පැහැ ගැන් වී ඇත. නොබෝ කලකින්ම හරිත පැහැ වන්නේය. යම් කලක තාවතිංස දෙවියන්ගේ පරසතු රුක කොබෝලීල හරිත පැහැගැනීමේදී අළුත් මොට්ටු හටගනී. මල් මොට්ටු හටගනී. මල් කැකුළු ඇතිවේ. එවිට තව්තිසා වැසි දෙවියෝ සතුටු වෙති. පරසතු රුක දැන් මල් කැකුළු හටගති. නොබෝ කලකින් පිපුණු මල් ඇතිවන්නේය.

සබ‍්බපාලිඵුල‍්ලස‍්ස ඛො පන, භික‍්ඛවෙ, පාරිච‍්ඡත‍්තකස‍්ස කොවිළාරස‍්ස සමන‍්තා පඤ‍්ඤාස යොජනානි ආභාය ඵුටං හොති, අනුවාතං යොජනසතං ගන්‍ධො ගච‍්ඡති. අයමානුභාවො පාරිච‍්ඡත‍්තකස‍්ස කොවිළාරස‍්සා”ති.

මහණෙනි පරසතු රුක මල්පිපුණු විට පනස් යොදුනක් පැහැය විහිදුවන්නේය. සියක් යොදුනක් සුවඳ විහිදෙන්නේය. මෙය පරසතු ගසේ ආනුභාවයයි.

පුප‍්ඵිතෙ පාරිච‍්ඡත‍්තකෙ ආරොහණකිච‍්චං වා අඞ‍්කුසකං ගහෙත්‍වා නමනකිච‍්චං වා පුප‍්ඵාහරණත්‍ථං චඞ‍්කොටකකිච‍්චං වා නත්‍ථි, කන‍්තනකවාතො උට‍්ඨහිත්‍වා පුප‍්ඵානි වණ‍්ටතො කන‍්තති, සම‍්පටිච‍්ඡනකවාතො සම‍්පටිච‍්ඡති, පවෙසනකවාතො සුධම‍්මං දෙවසභං පවෙසෙති, සම‍්මජ‍්ජනකවාතො පුරාණපුප‍්ඵානි නීහරති, සන්‍ථරණකවාතො පත‍්තකණ‍්ණිකකෙසරානි නච‍්චන‍්තො සන්‍ථරති, මජ‍්ඣට‍්ඨානෙ ධම‍්මාසනං හොති. යොජනප‍්පමාණො රතනපල‍්ලඞ‍්කො උපරි තියොජනෙන සෙතච‍්ඡත‍්තෙන ධාරයමානෙන, තදනන‍්තරං සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො ආසනං අත්‍ථරියති. තතො තෙත‍්තිංසාය දෙවපුත‍්තානං, තතො අඤ‍්ඤාසං මහෙසක‍්ඛදෙවතානං. අඤ‍්ඤතරදෙවතානං පන පුප‍්ඵකණ‍්ණිකාව ආසනං හොති.

පරසතු යනු මල්පිපුණු කල මෙහි ගසට නැගීමක් හෝ කෙක්කක් ගෙන අතු පාත් කිරීමක් හෝ මල් නෙලා ..... හෝ මල් එකතු කර පැසකට දැමීමක් හෝ නැත. මල් නෙලන වාතයක් නැගී මල් නැටියෙන් සිඳියි. පිළිගන්න වාතයෙන් පිළිගනී. ප්‍රවේශ කරන වාතයෙන් සුධර්මා දේවසභාවට ප්‍රවේශ කරයි. අමදින වාතයකින් පරමල් අස්කරයි. අතුරන වාතයකින් කර්ණිකා කේසර කොල ඉවත්කර අතුරයි. මැද ධර්මාසනය වෙයි. යොදුනක් පමණ රුවන් අසුනෙහි ඉහළ යොදුන් තුනක් පමණ සේසතක් දරයි. ඉන් අනතුරුව සක්දෙව් රජුට ආසනය අතුරනු ලැබේ. ඉන්පසු දේවපුත්‍රයින් තිස්තුන් දෙනා, අනතුරුව මහේසාක්‍ය දෙවියන් අනිත් දෙවියන්ට මල්කර්ණිකාම ආසන වේ.

දෙවා දෙවසභං පවිසිත්‍වා නිසීදන‍්ති. තතො පුප‍්ඵෙහි රෙණුවට‍්ටි උග‍්ගන‍්ත්‍වා උපරි කණ‍්ණිකං ආහච‍්ච නිපතමානා දෙවතානං තිගාවුතප‍්පමාණං අත‍්තභාවං ලාඛාරසපරිකම‍්මසජ‍්ජිතං විය කරොති. තෙසං සා කීළා චතූහි මාසෙහි පරියොසානං ගච‍්ඡති. එවං පාරිච‍්ඡත‍්තකකීළානුභවනත්‍ථාය සන‍්නිපතන‍්ති.

දෙවියෝ දේව සභාවට පිවිස හිඳගනිති. ඉක්බිති මල්රේණු වැටි උඩට නැගී ඉහළ මල්කෙමිවල වැදී වැටෙන්නේ දේවතාවන්ගේ තුන්ගවු පමණ ශරීර ලා රසෙන් පිරියම් කළා සේ කරයි. මෙසේ පරසතු ක්‍රීඩා රසානුභවය සඳහා රැස් වෙති.

මාසස‍්ස පන අට‍්ඨදිවසෙ දෙවලොකෙ මහාධම‍්මසවනං ඝුසති. තත්‍ථ සුධම‍්මායං දෙවසභායං සනඞ‍්කුමාරො වා මහාබ්‍රහ‍්මා, සක‍්කො වා දෙවානමින්‍දො, ධම‍්මකථිකභික‍්ඛු වා, අඤ‍්ඤතරො වා ධම‍්මකථිකො දෙවපුත‍්තො ධම‍්මකථං කථෙති. අට‍්ඨමියං පක‍්ඛස‍්ස චතුන‍්නං මහාරාජානං අමච‍්චා, චාතුද‍්දසියං පුත‍්තා, පන‍්නරසෙ සයං චත‍්තාරො මහාරාජානො නික‍්ඛමිත්‍වා සුවණ‍්ණපට‍්ටඤ‍්ච ජාතිහිඞ‍්ගුලකඤ‍්ච ගණ‍්හිත්‍වා ගාමනිගමරාජධානියො අනුවිචරන‍්ති. තෙ – “අසුකා නාම ඉත්‍ථී වා පුරිසො වා බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො. සඞ‍්ඝං සරණං ගතො. පඤ‍්චසීලානි රක‍්ඛති. මාසස‍්ස අට‍්ඨ උපොසථෙ කරොති. මාතුඋපට‍්ඨානං පූරෙති. පිතුඋපට‍්ඨානං පූරෙති. අසුකට‍්ඨානෙ උප‍්පලහත්‍ථකසතෙන පුප‍්ඵකුම‍්භෙන පූජා කතා. දීපසහස‍්සං ආරොපිතං. අකාලධම‍්මසවනං කාරිතං. ඡත‍්තවෙදිකා පුටවෙදිකා කුච‍්ඡිවෙදිකා සීහාසනං සීහසොපානං කාරිතං. තීණි සුචරිතානි පූරෙති. දසකුසලකම‍්මපථෙ සමාදාය වත‍්තතී”ති සුවණ‍්ණපට‍්ටෙ ජාතිහිඞ‍්ගුලකෙන ලිඛිත්‍වා ආහරිත්‍වා පඤ‍්චසිඛස‍්ස හත්‍ථෙ දෙන‍්ති. පඤ‍්චසිඛො මාතලිස‍්ස හත්‍ථෙ දෙති. මාතලි සඞ‍්ගාහකො සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො දෙති.

මාසයේ අටවන දිනවල දෙව්ලොව මහා ධර්ම දේශනාවක් වෙයි. එය පැවැත්වෙන්නේ සුධර්මා දේව සභාවේදීය. පවත්වන්නේ සනංකුමාර මහා බ්‍රහ්මයා හෝ සක්දෙවිඳුන් හෝ ධර්මකථික භික්ෂුවක් හෝ ධර්ම කථික අන්‍ය දිව්‍ය පුත්‍රයෙක් හෝ විසිනි. පක්ෂයේ අටවක් දිනවල සිව්වරම් රජුන්ගේ අමාත්‍යවරු ද තුදුස්වක් දිනවල වරම් දෙවිවරුන්ගේ පුත්‍රයෝ ද ....... පෞර්ණමී දිනවල සතරවරම් දෙවිවරුද නික්මී රන්පතක් හා දෑහිඟලක් ගෙන ගම් නියම්ගම් රාජධානිවල සැරිසරති. අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ පන්සිල් රකී. මාසයේ පෙහෙවෙස් රකී. මව්පිය උපස්ථාන කරයි, අසවල් තැන උපුල් අත් සියයක මල් කලයක් පූජා කළා. පහන් දහසක් දැල්වූවා. අකල් දහම් දෙසුම් පැවැත්වූවා. ඡත්‍ර වේදිකා, මුදුගරාදිවැට, ගර්භ වේදිකා, සීහාසන, සීහ සෝපාන කරවන ලදී. ත්‍රිවිධ සුචරිත ක්‍රියා පුරන ලදී. දසකුසල දහම්වල යෙදිණි. මේ ආදිය දෑ හිඟුලෙන් රන්පතෙහි ලියාගෙන ගොස් පංචසිඛට දෙති. පංචසිඛ මාතලීට දෙයි. මාතලී ඒවා එකතුකර සක්දෙව් රජුට දෙයි.

යදා පුඤ‍්ඤකම‍්මකාරකා බහූ න හොන‍්ති, පොත්‍ථකො ඛුද‍්දකො හොති, තං දිස‍්වාව දෙවා – “පමත‍්තො, වත භො මහාජනො විහරති, චත‍්තාරො අපායා පරිපූරිස‍්සන‍්ති, ඡ දෙවලොකා තුච‍්ඡා භවිස‍්සන‍්තී”ති අනත‍්තමනා හොන‍්ති. සචෙ පන පොත්‍ථකො මහා හොති, තං දිස‍්වාව දෙවා – “අප‍්පමත‍්තො, වත භො, මහාජනො විහරති, චත‍්තාරො අපායා සුඤ‍්ඤා භවිස‍්සන‍්ති, ඡ දෙවලොකා පරිපූරිස‍්සන‍්ති, බුද‍්ධසාසනෙ පුඤ‍්ඤානි කරිත්‍වා ආගතෙ මහාපුඤ‍්ඤෙ පුරක‍්ඛත්‍වා නක‍්ඛත‍්තං කීළිතුං ලභිස‍්සාමා”ති අත‍්තමනා හොන‍්ති. තං පොත්‍ථකං ගහෙත්‍වා සක‍්කො දෙවරාජා වාචෙති. තස‍්ස පකතිනියාමෙන කථෙන‍්තස‍්ස සද‍්දො ද‍්වාදස යොජනානි ගණ‍්හාති. උච‍්චෙන සරෙන කථෙන‍්තස‍්ස ච සකලං දසයොජනසහස‍්සං දෙවනගරං ඡාදෙත්‍වා තිට‍්ඨති. එවං ධම‍්මසවනත්‍ථාය සන‍්නිපතන‍්ති. ඉධ පන පවාරණසඞ‍්ගහත්‍ථාය සන‍්නිපතිතාති වෙදිතබ‍්බා.

පින් කරන්නෝ අඩු නම් පොත් කුඩා වෙයි. මහාජනයා පමාවෙන් වාසය කරයි. අපාය පිරෙයි. සදෙව් ලෝ හිස් වේ යයි නොසතුටු වෙති. පොත් ලොකු වන්නේ නම් එය දැක මහජනයා අප්‍රමාදයෙන් වාසය කරයි. සතර අපාය හිස් වේ. සදෙව්ලෝ පිරෙන්නේය. බුද සසුනෙහි පින් කොට පැමිණි කල්හි මහ පින්වතුන් පෙරටුකොට නැකැත් කෙළි ලබමු යයි සතුටු වෙති. ඒ පොත් රැගෙන සක්දෙව් රජ කියවයි. ඔහුගේ ස්වාභාවික ශබ්දයෙන් කියවන කල්හි දොළොස් යොදුනක් ඇසේ. උස් හඬින් කියවන කල්හි දස යොදුන් දහසක් සියළු දෙව් නගරය වසා පැතිරේ. මෙසේ ධර්ම ශ්‍රවණය සඳහා රැස්වෙති. මෙය වනාහි පවාරණය ගැනීම සඳහා රැස් වී යයි දත යුතුය.

තථාගතං නමස‍්සන‍්තාති නවහි කාරණෙහි තථාගතං නමස‍්සමානා. ධම‍්මස‍්ස ච සුධම‍්මතන‍්ති ස‍්වාක‍්ඛාතතාදිභෙදං ධම‍්මස‍්ස සුධම‍්මතං උජුප‍්පටිපන‍්නතාදිභෙදං සඞ‍්ඝස‍්ස ච සුප‍්පටිපත‍්තින‍්ති අත්‍ථො.

තථාගතං නමස්සන්තා කරුණු නවයකින් තථාගතයන් වහන්සේ නමස්කාර කරමින්. ධම්මස්ස ච සුධම්මතං ස්වාක්ඛාතාදි බෙදීමෙන් යුත් ධර්මයේ යහපත් ස්වභාවය. සෘජු ප්‍රතිපත්ති ආදි බෙදීමෙන්. සංඝස්ස සුප්පටිපන්නං අර්ථය වේ.

අට‍්ඨයථාභුච‍්චවණ‍්ණනා

යථාභුච‍්චෙති යථාභූතෙ යථාසභාවෙ. වණ‍්ණෙති ගුණෙ. පයිරුදාහාසීති කථෙසි. බහුජනහිතාය පටිපන‍්නොති කථං පටිපන‍්නො? දීපඞ‍්කරපාදමූලෙ අට‍්ඨ ධම‍්මෙ සමොධානෙත්‍වා බුද‍්ධත්‍ථාය අභිනීහරමානොපි බහුජනහිතාය පටිපන‍්නො නාම හොති.

යථාභූච්චෙ යථාර්ථය, යථා ස්වභාවය, වණ්ණො ගුණයෙහි. පයිරුදාහසි කීවේය. බහුජන හිතාය පටිපරන්නා කෙසේ පිළිපදින්නේද? දීපංකර පාද මූලයෙහි අෂ්ට ධර්ම සමෝධානයෙන් බුද්ධත්වය සඳහා ප්‍රාර්ථනා කරන්නේ ද බොහෝ දෙනාගේ හිත පිණිස පිළිපන්නේ වේ.

දානපාරමී, සීලපාරමී, නෙක‍්ඛම‍්මපාරමී, පඤ‍්ඤාපාරමී, වීරියපාරමී, ඛන‍්තිපාරමී, සච‍්චපාරමී, අධිට‍්ඨානපාරමී, මෙත‍්තාපාරමී, උපෙක‍්ඛාපාරමීති කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි ඉමා දස පාරමියො පූරෙන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො.

දාන පාරමී සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ක්ෂාන්ති, සච්ච, අදිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා, පාරමිතා සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන්නේද බහුජන හිත පිණිස පිළිපන්නේ වේ.

ඛන‍්තිවාදිතාපසකාලෙ, චූළධම‍්මපාලකුමාරකාලෙ, ඡද‍්දන‍්තනාගරාජකාලෙ, භූරිදත‍්තචම‍්පෙය්‍යසඞ‍්ඛපාලනාගරාජකාලෙ, මහාකපිකාලෙ ච තාදිසානි දුක‍්කරානි කරොන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො. වෙස‍්සන‍්තරත‍්තභාවෙ ඨත්‍වා සත‍්තසතකමහාදානං දත්‍වා සත‍්තසු ඨානෙසු පථවිං කම‍්පෙත්‍වා පාරමීකූටං ගණ‍්හන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො. තතො අනන‍්තරෙ අත‍්තභාවෙ තුසිතපුරෙ යාවතායුකං තිට‍්ඨන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො.

ක්ෂාන්තිවාදි තාපස කාලයෙහි චුල්ල ධම්මපාල කුමාර කාලයෙහි ඡද්දන්ත ඇත් රජ කාලයේ භූරිදත්ත චම්පෙය්‍ය සංඛපාල නාග රාජ කාලයේ මහා කපි කාලයේ ද එබඳු දුෂ්කර දේ කෙළේ ද බහුජන හිත පිණිසයි. වෙස්සන්තර ආත්මභාවයෙහි සිට සත්ත සතික මහා දානය දී සත්තැනක පොළොව කම්පා කරවා පාරමී කුළුගැන්වූයේ ද බොහෝ දෙනාගේ හිත පිණිසයි. ඊට අනතුරු ආත්මභාවයෙහි තුසී පුරයෙහි ආයු තෙක් සිටින්නේ ද බහුජන හිත පිණිසය.

තත්‍ථ පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා දසසහස‍්සචක‍්කවාළදෙවතාහි යාචිතො පඤ‍්ච මහාවිලොකනානි විලොකෙත්‍වා දෙවානං සඞ‍්ගහත්‍ථාය පටිඤ‍්ඤං දත්‍වා තුසිතපුරා චවිත්‍වා මාතුකුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො.

එහි පස් පෙරනිමිති දැක දස දහසක් සක්වල දෙවියන් විසින් අයදින ලද්දේ පස් මහබැලුම් බලා දෙවියන්ට සංග්‍රහ පිණිස පිළිණ දී තුස පුරයෙන් සැව මව්කුස පිළිසිඳීම් ගන්නේ ද බහුජන හිත පිණිසය.

දස මාසෙ මාතුකුච‍්ඡියං වසිත්‍වා ලුම‍්බිනීවනෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමන‍්තොපි, එකූනතිංසවස‍්සානි අගාරං අජ‍්ඣාවසිත්‍වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනොමනදීතීරෙ පබ‍්බජන‍්තොපි, ඡබ‍්බස‍්සානි පධානෙන අත‍්තානං කිලමෙත්‍වා බොධිපල‍්ලඞ‍්කං ආරුය‍්හ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣන‍්තොපි, සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ යාපෙන‍්තොපි, ඉසිපතනං ආගම‍්ම අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තොපි, යමකපාටිහාරියං කරොන‍්තොපි, දෙවොරොහණං ඔරොහන‍්තොපි, බුද‍්ධො හුත්‍වා පඤ‍්චචත‍්තාලීස වස‍්සානි තිට‍්ඨන‍්තොපි, ආයුසඞ‍්ඛාරං ඔස‍්සජන‍්තොපි, යමකසාලානමන‍්තරෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්තොපි බහුජනහිතාය පටිපන‍්නො. යාවස‍්ස සාසපමත‍්තාපි ධාතුයො ධරන‍්ති, තාව බහුජනහිතාය පටිපන‍්නොති වෙදිතබ‍්බො. සෙසපදානි එතස‍්සෙව වෙවචනානි. තත්‍ථ පච‍්ඡිමං පච‍්ඡිමං පුරිමස‍්ස පුරිමස‍්ස අත්‍ථො.

මව්කුස දසමසක් වැස ලුම්බිණි උයනේදී මව්කුසින් නික්මෙන්නේද බහුජන හිත පිණිසයි. එකුන් තිස්වසක් ගිහිගෙයි වැස මහබිනික්මන් කොට අනෝමා නදී තීරයෙහි පැවිදි වන්නේ ද සවසක් ආත්ම ක්ලමථයෙන් පධන් වීර්ය කොට බෝමැඩ අරා සර්වඥතාඥානය පිළිවිඳින්නේ ද සත් සතියක් බෝමැඩ යැපෙන්නේ ද ඉසිපතනයට පැමිණ අනුත්තර වූ දම්සක් පවත්වන්නේ ද යමාමහ පෙළහර කරමින් දේවාරෝහණය කරන්නේ ද බුදුව පන්සාලිස් වසක් සිටින්නේ ද ආයු සංස්කාරය හරින්නේ ද දෙ සල් ගස් අතර අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නේ ද බොහෝ දෙනාට හිත පිණිස පිළිපන් නිසාමය. උන්වහන්සේගේ අබ පියල්ල පමණ ධාතු දරන්නේ ද බහුජන හිත පිණිසම වේ යයි දත යුතුය. සෙසු එක පදයේම වේවචන වේ. එහි පසු පසු පදවල පෙර පෙර පදවල අර්ථ වේ.

නෙව අතීතංසෙ සමනුපස‍්සාම, න පනෙතරහීති අතීතෙපි බුද‍්ධතො අඤ‍්ඤං න සමනුපස‍්සාම, අනාගතෙපි න සමනුපස‍්සාම, එතරහි පන අඤ‍්ඤස‍්ස සත්‍ථුනො අභාවතොයෙව අඤ‍්ඤත්‍ර තෙන භගවතා න සමනුපස‍්සාමාති අයමෙත්‍ථ අත්‍ථො. අට‍්ඨකථායම‍්පි හි – “අතීතානාගතා බුද‍්ධා අම‍්හාකං සත්‍ථාරා සදිසායෙව, කිං සක‍්කො කථෙතී”ති විචාරෙත්‍වා – “එතරහි බහුජනහිතාය පටිපන‍්නො සත්‍ථා අම‍්හාකං සත්‍ථාරං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤො කොචි නත්‍ථි, තස‍්මා න පස‍්සාමාති කථෙතී”ති වුත‍්තං. යථා ච එත්‍ථ, එවං ඉතො පරෙසුපි පදෙසු අයමත්‍ථො වෙදිතබ‍්බො. ස‍්වාක‍්ඛාතාදීනි ච කුසලාදීනි ච වුත‍්තත්‍ථානෙව.

නෙව අතීතංසෙ සමනුපස්සාමි න පනෙතරහි අතීතයෙහි ද බුදුන්ගෙන් අනිකක් නො බලමි. අනාගතයෙහිද නොබලන්නෙමි. දැනුදු අන් ශාස්තෲවරයෙකුගේ අභාවයෙන් අන්තැනක ඒ භාග්‍යවතුන් වහන්සේ නොබලමි. අර්ථය වේ. අටුවාවෙහි ඒකාන්තයෙන් අතීතානාගත බුදුවරු අපගේ ශාස්තෲන් වහන්සේ හා සමානවේමය. එසේ පවතින විට කුමක් නිසා කීවේදැයි විචාරා දැන් බොහෝ දෙනාට හිත පිණිස පිළිපන් ශාස්තෲන් වහන්සේ අපේ ශාස්තෲන් වහන්සේ හැර අන් කිසිවෙක් නැත. එහෙයින් නොදකිමියි ප්‍රකාශ කෙළේ යයි කියන ලදී. යම්සේ මෙහි මෙසේද මෙයින් පසු පදවලද මේ අර්ථය දත යුතුය. ස්වාක්ඛාතාදිය ද කුසලාදිය ද කියන ලද අර්ථ ඇත්තේමය.

ගඞ‍්ගොදකං යමුනොදකෙනාති ගඞ‍්ගායමුනානං සමාගමට‍්ඨානෙ උදකං වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි සංසන්‍දති සමෙති, මජ‍්ඣෙ භින‍්නසුවණ‍්ණං විය එකසදිසමෙව හොති, න මහාසමුද‍්දඋදකෙන සංසට‍්ඨකාලෙ විය විසදිසං. පරිසුද‍්ධස‍්ස නිබ‍්බානස‍්ස පටිපදාපි පරිසුද‍්ධාව. න හි දහරකාලෙ වෙජ‍්ජකම‍්මාදීනි කත්‍වා අගොචරෙ චරිත්‍වා මහල‍්ලකකාලෙ නිබ‍්බානං දට‍්ඨුං සක‍්කා, නිබ‍්බානගාමිනී පන පටිපදා පරිසුද‍්ධාව වට‍්ටති ආකාසූපමා. යථා හි ආකාසම‍්පි අලග‍්ගං පරිසුද‍්ධං චන්‍දිමසූරියානං ආකාසෙ ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං ගච‍්ඡන‍්තානං විය නිබ‍්බානං ගච‍්ඡන‍්තස‍්ස භික‍්ඛුනො පටිපදාපි කුලෙ වා ගණෙ වා අලග‍්ගා අබද‍්ධා ආකාසූපමා වට‍්ටති. සා පනෙසා තාදිසාව භගවතා පඤ‍්ඤත‍්තා කථිතා දෙසිතා. තෙන වුත‍්තං – “සංසන්‍දති නිබ‍්බානඤ‍්ච පටිපදා චා”ති.

ගඞගොදකං යමුනොදකෙන ගංගා යමුනා එකතුවන තැන ජලය වර්ණයෙන් ද සුවඳින් ද රසයෙන් ද සසඳන විට සමාන වේ. මැද බුන්රන් මෙන් එක සමානම වේ. මහසමුදුර ජලයෙන් මිශ්‍රවන විට මෙන් විසම නොවේ. පිරිසිදු වූ නිවනේ ප්‍රතිපදාව ද පිරිසිදුමය, තරුණ කාලයෙහි වෙදකම් ආදිය කොට අගෝචරයෙහි හැසිර මහළු කාලයෙහි නිර්වාණගාමී ප්‍රතිපදාව පිරිසිදුවම වැටේ. උපමාව ආකාසයයි. ආකාසයද නො ඇලේ. පිරිසිදුය., සඳ හිරු අහසෙහි කැමති කැමති තැන්වලට යන්නාක් මෙන් නිවනට ගමන් කරන භික්ෂුවද ප්‍රතිපදාවද කුලයෙහි හෝ ගණයෙහි හෝ නො ඇලී නොබැඳී අහස මෙන් වීමට වටී. එය වනාහි එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදී. කියන ලදී. දේශනා කරන ලදී. එසේ හෙයින් කියන ලදී. “නිවන හා ප්‍රතිපදාව සැසැඳේ”.

පටිපන‍්නානන‍්ති පටිපදාය ඨිතානං. වුසිතවතන‍්ති වුත්‍ථවාසානං එතෙසං. ලද‍්ධසහායොති එතෙසං තත්‍ථ තත්‍ථ සහ අයනතො සහායො. “අදුතියො අසහායො අප‍්පටිසමො”ති ඉදං පන අසදිසට‍්ඨෙන වුත‍්තං. අපනුජ‍්ජාති තෙසං මජ‍්ඣෙපි ඵලසමාපත‍්තියා විහරන‍්තො චිත‍්තෙන අපනුජ‍්ජ, අපනුජ‍්ජෙව එකාරාමතං අනුයුත‍්තො විහරතීති අත්‍ථො.

පටිපදානං ප්‍රතිපදාවෙහි සිටින්නන්ගේ. වුසිතවතං විසුවන්ගේ. මොවුන්ගේ. ලද්ධ සහයො එකිනෙකාගේ එහි සමාන මාර්ගය නිසා සහාය වේ. අදුතියො, අසහායො, අප්පටිමො මෙය වනාහි අසමාන අරුතින් කියන ලදී. අපනුජ්ජා ඔවුන් අතර ද ඵල සමාපත්තියෙන් වාසය කරන්නා සිතෙන් ඔවුන් බැහැරකර, එකම සිතෙන් අනුයුක්තව වාසය කරයි යන අර්ථයකි.

අභිනිප‍්ඵන‍්නො ඛො පන තස‍්ස භගවතො ලාභොති තස‍්ස භගවතො මහාලාභො උප‍්පන‍්නො. කදා පට‍්ඨාය උප‍්පන‍්නො? අභිසම‍්බොධිං පත්‍වා සත‍්තසත‍්තාහං අතික‍්කමිත්‍වා ඉසිපතනෙ ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා අනුක‍්කමෙන දෙවමනුස‍්සානං දමනං කරොන‍්තස‍්ස තයො ජටිලෙ පබ‍්බාජෙත්‍වා රාජගහං ගතස‍්ස බිම‍්බිසාරදමනතො පට‍්ඨාය උප‍්පන‍්නො. යං සන්‍ධාය වුත‍්තං – “තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන”න‍්ති (සං· නි· 2.70). සතසහස‍්සකප‍්පාධිකෙසු චතූසු අසඞ‍්ඛ්‍යෙය්‍යෙසු උස‍්සන‍්නපුඤ‍්ඤනිස‍්සන්‍දසමුප‍්පන‍්නො ලාභසක‍්කාරො මහොඝො විය අජ‍්ඣොත්‍ථරමානො ආගච‍්ඡති.

අහිනිප්ඵන්නා ඛො පන තස්ස භගවතො ඒ භාග්‍යවතුන් වහන්සේට මහා ලාභයක් උපන්නේ ය. කවදා පටන් උපන්නේද? අභිසම්බෝධියට පැමිණ සත් සති ගෙවා ඉසිපතනයෙහි දම්සක් පවත්වා අනුක්‍රමයෙන් දෙවි මිනිසුන් දමනය කරන්නේ, තුන් ජටිලයන් පැවිදි කරවා රජගහ නගරයට වැඩ බිම්බිසාර රජු හික්මවීමේ සිට ඉපදුනේය. යමක් සඳහා කියන ලදද. “එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරනු ලබන්නේ ගරු කරනු ලබන්නේ පුදනු ලබන්නේ (මානිතො පූජිතො අපචිතො) සිවුරු ආහාර සෙනසුන් ගිලන් පස ලබන්නේ වෙති.” සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්, උත්සන්න වූ පින ගලායෑම හටගන්නේ ලාභ සත්කාර මහගඟක් මෙන් වසා පැතිරෙමින් එයි.

එකස‍්මිං කිර සමයෙ රාජගහෙ සාවත්‍ථියං සාකෙතෙ කොසම‍්බියං බාරාණසියං භගවතො පටිපාටිභත‍්තං නාම උප‍්පන‍්නං, තත්‍ථෙකො – “අහං සතං විස‍්සජ‍්ජෙත්‍වා දානං දස‍්සාමී”ති පණ‍්ණං ලිඛිත්‍වා විහාරද‍්වාරෙ බන්‍ධි. අඤ‍්ඤො – අහං ද‍්වෙ සතානි. අඤ‍්ඤො – අහං පඤ‍්ච සතානි. අඤ‍්ඤො – අහං සහස‍්සං. අඤ‍්ඤො – අහං ද‍්වෙ සහස‍්සානි. අඤ‍්ඤො – අහං පඤ‍්ච. දස. වීසති. පඤ‍්ඤාසං; අඤ‍්ඤො – අහං සතසහස‍්සං. අඤ‍්ඤො – අහං ද‍්වෙ සතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා දානං දස‍්සාමී”ති පණ‍්ණං ලිඛිත්‍වා විහාරද‍්වාරෙ බන්‍ධි. ජනපදචාරිකං චරන‍්තම‍්පි ඔකාසං ලභිත්‍වා – “දානං දස‍්සාමී”ති සකටානි පූරෙත්‍වා මහාජනො අනුබන්‍ධියෙව. යථාහ – “තෙන ඛො පන සමයෙන ජානපදා මනුස‍්සා බහුං ලොණම‍්පි තෙලම‍්පි තණ‍්ඩුලම‍්පි ඛාදනීයම‍්පි සකටෙසු ආරොපෙත්‍වා භගවතො පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධා හොන‍්ති – ‘යත්‍ථ පටිපාටිං ලභිස‍්සාම, තත්‍ථ භත‍්තං කරිස‍්සාමා’ති” (මහාව· 282). එවං අඤ‍්ඤානිපි ඛන්‍ධකෙ ච විනයෙ ච බහූනි වත්‍ථූනි වෙදිතබ‍්බානි.

එක් කලෙක රජගහනුවර, සැවැත් නුවර, සාක්තයෙහි, නොසඹෑ නුවර, බරණැස් නුවර භාග්‍යවතුන් වහන්සේට පිළිවෙළ බතක් ඇතිවිය. එහි එක් අයෙක් “මම සියයක් වියදම් කර දානයක් දෙන්නෙමියි කොලයක ලියා විහාර දොරේ බැන්දේය. අනෙකෙක් මම දෙසීයක්, අනෙකෙක් මම පන්සීයක්, අනෙකෙක් මම දාහක්, අනෙකෙක් මම දෙදාහක්, අනෙකෙක් මම පන් දහසක් - දස දහසක් - විසි දහසක්. අනෙකෙක් මම ලක්ෂයක්, අනෙකෙක් මම දෙලක්ෂයක් වියදම් කොට දානයක් දෙන්නෙමියි කොලයක ලියා විහාරයේ දොරෙහි බැන්දේය. බුදුරදුන් ජනපද චාරිකාවේ වඩින විට ද ඉඩක් ලැබුණු විට දන් දෙමියයි ජනයා ගැල්පුරා බඩු රැගෙන බුදුන් වහන්සේ පසුපස යති. යම්සේ කීහ. “එසමයෙහි ජානපදිකයෝ බොහෝ ලුණු ද තෙල්ද හාල්ද කෑ යුතු දේද වැළඳිය යුතු දේද ගැල්වල පුරවා භාග්‍යවතුන් වහන්සේ පසු පසු ගියාහු වෙති. යම් තැනක පිළිවෙළ අනුව ඉඩ ලැබේද එතැන දානය පිළිගන්වන්නෙමුයි කියා යති. මෙසේ ඛන්ධකවල ද විනයෙහි ද වෙනත් බොහෝ කථාවස්තුන් දත යුතුය.

අසදිසදානෙ පනෙස ලාභො මත්‍ථකං පත‍්තො. එකස‍්මිං කිර සමයෙ භගවති ජනපදචාරිකං චරිත්‍වා ජෙතවනං සම‍්පත‍්තෙ රාජා නිමන‍්තෙත්‍වා දානං අදාසි. දුතියදිවසෙ නාගරා අදංසු. පුන තෙසං දානතො අතිරෙකං රාජා, තස‍්ස දානතො අතිරෙකං නාගරාති එවං බහූසු දිවසෙසු ගතෙසු රාජා චින‍්තෙසි – “ඉමෙ නාගරා දිවසෙ දිවසෙ අතිරෙකතරං කරොන‍්ති, පථවිස‍්සරො පන රාජා නාගරෙහි දානෙ පරාජිතොති ගරහා භවිස‍්සතී”ති. අථස‍්ස මල‍්ලිකා උපායං ආචික‍්ඛි. සො රාජඞ‍්ගණෙ සාලකල්‍යාණිපදරෙහි මණ‍්ඩපං කාරෙත්‍වා තං නීලුප‍්පලෙහි ඡාදෙත්‍වා පඤ‍්ච ආසනසතානි පඤ‍්ඤාපෙත්‍වා පඤ‍්ච හත්‍ථිසතානි ආසනානං පච‍්ඡාභාගෙ ඨපෙත්‍වා එකෙකෙන හත්‍ථිනා එකෙකස‍්ස භික‍්ඛුනො සෙතච‍්ඡත‍්තං ධාරාපෙසි. ද‍්වින‍්නං ද‍්වින‍්නං ආසනානං අන‍්තරෙ සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා එකෙකා ඛත‍්තියධීතා චතුජ‍්ජාතියගන්‍ධං පිසති. නිට‍්ඨිතං නිට‍්ඨිතං මජ‍්ඣට‍්ඨානෙ ගන්‍ධම‍්බණෙ පක‍්ඛිපති, තං අපරා ඛත‍්තියධීතා නීලුප‍්පලහත්‍ථකෙන සම‍්පරිවත‍්තෙති. එවං එකෙකස‍්ස භික‍්ඛුනො තිස‍්සො තිස‍්සො ඛත‍්තියධීතරො පරිවාරා, අපරා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා ඉත්‍ථී තාලවණ‍්ටං ගහෙත්‍වා බීජති, අඤ‍්ඤා ධමකරණං ගහෙත්‍වා උදකං පරිස‍්සාවෙති, අඤ‍්ඤා පත‍්තතො උදකං හරති. භගවතො චත‍්තාරි අනග‍්ඝානි අහෙසුං. පාදකථලිකා ආධාරකො අපස‍්සෙනඵලකං ඡත‍්තපාදමණීති ඉමානි චත‍්තාරි අනග‍්ඝානි අහෙසුං. සඞ‍්ඝනවකස‍්ස දෙය්‍යධම‍්මො සතසහස‍්සං අග‍්ඝති. තස‍්මිඤ‍්ච දානෙ අඞ‍්ගුලිමාලත්‍ථෙරො සඞ‍්ඝනවකො අහොසි. තස‍්ස ආසනසමීපෙ ආනීතො හත්‍ථී තං උපගන‍්තුං නාසක‍්ඛි. තතො රඤ‍්ඤො ආරොචෙසුං. රාජා – “අඤ‍්ඤො හත්‍ථී නත්‍ථී”ති? දුට‍්ඨහත්‍ථී පන අත්‍ථි, ආනෙතුං න සක‍්කාති. සම‍්මාසම‍්බුද‍්ධො – සඞ‍්ඝනවකො කතරො මහාරාජාති? අඞ‍්ගුලිමාලත්‍ථෙරො භගවාති. තෙන හි තං දුට‍්ඨහත්‍ථිං ආනෙත්‍වා ඨපෙතු, මහාරාජාති. හත්‍ථිං මණ‍්ඩයිත්‍වා ආනයිංසු. සො ථෙරස‍්ස තෙජෙන නාසාවාතසඤ‍්චරණමත‍්තම‍්පි කාතුං නාසක‍්ඛි. එවං නිරන‍්තරං සත‍්ත දිවසානි දානං දීයිත්‍ථ. සත‍්තමෙ දිවසෙ රාජා දසබලං වන්‍දිත්‍වා – “භගවා මය‍්හං ධම‍්මං දෙසෙථා”ති ආහ.

අසදෘශ දානයෙන් මේ ලාභය මුදුන් පැමිණීය. එක් සමයක වනාහි බුදුරජ ජනපද චාරිකාවේ හැසිර දෙව්රම් වෙහෙරට පැමිණි කල්හි රජතුමා ආරාධනා කොට දානය දුන්නේය. දෙවන දිනයෙහි නගරවාසීහු දන් දුන්හ. නැවත ඔවුන්ගේ දානයට වැඩිය රජතුමා, ඔහුගේ දානයට වැඩියක් නගරවාසීහු, මෙසේ බොහෝ දවස් ගත වූ පසු රජ සිතීය. මේ නරගවාසීහු දින දින අතිරේක දාන පූජා කරති. පෘථිවීශ්වර වූ රජු නාගරිකයන්ගේ දානයෙන් පරාජය වී ගර්හාවට ලක්වෙන්නේ යයි. ඉන්පසු මල්ලිකා දේවියගෙන් උපායක් විමසීය. ඒ රජ සල්කලණ පෝරුවෙන් මඬුවක් කරවා එය නිල් උපුලින් සෙවෙනි කරවා ආසන පන්සීයක් පනවා ආසන පිටිපස ඇතුන් පන්සීයක් රඳවා එක එක ඇතා එක එක භික්ෂූන් වහන්සේට සුදු කුඩයක් ඇල්ලීය. ආසන දෙකක් පාසා අතරෙහි සියළු අලංකාරයෙන් සැරසුණු ක්ෂත්‍රියදූවරු සිවුදෑ ගඳ (කොකුම්, ලවඟ. තුවරලා, ඉඳුසල්ලාටු) අඹරති - කුඩු කරති, කුඩු වූ සුණු මැද සුවඳ ඔරුවෙහි බහාලති. වෙනත් ක්ෂත්‍රිය දූවරු නිලුපුල් අතකින් ඒවා පෙරළති. මෙසේ එක් එක් භික්ෂූන් වහන්සේට ක්ෂත්‍රිය දූවරුන් තිදෙනා බැගින් පිරිවර වූහ. සියළු අලංකාරයෙන් සැරසුණු වෙනත් ස්ත්‍රීහු තල්වැට ගෙන පවන් සලති. වෙනත් කාන්තාවෝ ඩබරාව ගෙන පැන් පෙරති, අන්‍ය කාන්තාවෝ භාජනවලින් දිය ගෙනෙති. භාග්‍යවතුන් වහන්සේට පා සෝදන පුවරුව, පා පුටුව, හේත්තුවෙන ලෑල්ල, ඡත්තපාදමණි යන අනර්ඝ සතර විය. සංඝ නවක භික්ෂූන් වහන්සේගේ දානවස්තුව ලක්ෂයක් අගනේය. ඒ දානයෙහි අංගුලිමාල තෙරුන් වහන්සේ සංඝ නවකයෙක් වූහ. උන්වහන්සේගේ ආසනය සමීපයට ගෙනෙන ලද ඇතා උන්වහන්සේට කුඩය ඇල්ලීමට බිය විය. ඒ බව රජුට දැන්වූහ. දුෂ්ඨ ඇතා හැර වෙන ඇතකු නැති බව ද කීහ. ඒ ඇතා ගෙන ඒමට නොහැකි බවද කීහ. රජ එය බුදුහිමට දැන්වීය. සංඝ නවක තෙර කව්දැයි බුදුහු විචාලහ. අඟුල්මල් තෙර බව දැන්වීය. එසේ නම් ඒ දුෂ්ඨ ඇතා ගෙනවුත් තබන්නැයි කීහ. මතැතා මර්දනය කොට ගෙනාහ. ඒ ඇතා තෙරුන්ගේ තේජසින් නාසයෙන් හුලං පොදක් පිටකිරීමටද නොහැකි විය. මෙසේ සත් දිනක් දානය දෙන ලදී. සත්වන දිනයෙහි රජ බුදුන් වැඳ ධර්මය දේශනා කරන්නැයි ආරාධනා කළේය.

තස‍්සඤ‍්ච පරිසති කාළො ච ජුණ‍්හො චාති ද‍්වෙ අමච‍්චා හොන‍්ති. කාළො චින‍්තෙසි – “නස‍්සති රාජකුලස‍්ස සන‍්තකං, කිං නාමෙතෙ එත‍්තකා ජනා කරිස‍්සන‍්ති, භුඤ‍්ජිත්‍වා විහාරං ගන‍්ත්‍වා නිද‍්දායිස‍්සන‍්තෙව, ඉදං පන එකො රාජපුරිසො ලභිත්‍වා කිං නාම න කරෙය්‍ය, අහො නස‍්සති රඤ‍්ඤො සන‍්තක”න‍්ති. ජුණ‍්හො චින‍්තෙසි – “මහන‍්තං ඉදං රාජත‍්තනං නාම, කො අඤ‍්ඤො ඉදං කාතුං සක‍්ඛිස‍්සති? කිං රාජා නාම සො, යො රාජත‍්තනෙ ඨිතොපි එවරූපං දානං දාතුං න සක‍්කොතී”ති. භගවා පරිසාය අජ‍්ඣාසයං ඔලොකෙන‍්තො තෙසං ද‍්වින‍්නං අජ‍්ඣාසයං විදිත්‍වා – “සචෙ අජ‍්ජ ජුණ‍්හස‍්ස අජ‍්ඣාසයෙන ධම‍්මකථං කථෙමි, කාළස‍්ස සත‍්තධා මුද‍්ධා ඵලිස‍්සති. මයා ඛො පන සත‍්තානුද‍්දයතාය පාරමියො පූරිතා. ජුණ‍්හො අඤ‍්ඤස‍්මිම‍්පි දිවසෙ මයි ධම‍්මං කථයන‍්තෙ මග‍්ගඵලං පටිවිජ‍්ඣිස‍්සති, ඉදානි පන කාළං ඔලොකෙස‍්සාමී”ති රඤ‍්ඤො චතුප‍්පදිකමෙව ගාථං අභාසි –

රජුන්ගේ පිරිස අතර කාල හා ජුණ්ණ යයි ඇමතිවරු දෙදෙනෙක් වෙති. රජමාලිගාවට අයත් ධනය විනාශ වේ යයි කාල ඇමති සිතීය. “මෙතෙක් දෙනා මොනවද කරන්නේ, කාල විහාරයට ගොස් නිදා ගනී. රාජ පුරුෂයෙකුට මේ ධනය ලැබුන නම් මොනවද නොකරන්නේ. රජු සන්තකය අහෝ විනාශ වේ.” ජුණ්ණ ඇමති මෙසේ සිතීය, “මේ රාජ ස්වභාවය ඉතා මහත්ය. වෙන කාටද මෙසේ කරන්න පුළුවන්. එබඳු රාජ ස්වභාවයේ සිට මෙබඳු දානයක් දීගත නොහැකි නම් මොන රජෙක්ද? භාග්‍යවතුන් වහන්සේ පිරිසෙහි අදහස් බලන්නේ ඔවුන් දෙදෙනා ගේ අදහස් දැන ඉදින් අද ජුණ්ණගේ අදහසින් ධර්ම කථාව කරන්නෙම් නම් කාලගේ හිස සත්කඩක්ව පුපුරන්නේය. මා විසින් වනාහි සත්වානු කම්පාවෙන් පාරමිතා පුරන ලදී. ජුණ්ණ වෙනත් දවසක මගේ ධර්ම කථාව අසා මාර්ගඵල අවබෝධ කරන්නේය. දැන් වනාහි කාල බලන්නෙමි යයි රජතුමාට සතර පද ගාථාවක් වදාළහ.

“න වෙ කදරියා දෙවලොකං වජන‍්ති, බාලා හවෙ නප‍්පසංසන‍්ති දානං. ධීරො ච දානං අනුමොදමානො, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති. (ධ· ප· 177).

සග නොයති මසුරෝ - දද දනෝ දන් නොවණති අනුමෙවෙමින් ඒ දන - නුවණැති පරලොව දිනා

රාජා අනත‍්තමනො හුත්‍වා – “මයා මහාදානං දින‍්නං, සත්‍ථා ච මෙ මන්‍දමෙව ධම‍්මං කථෙසි, නාසක‍්ඛිං මඤ‍්ඤෙ දසබලස‍්ස චිත‍්තං ගහෙතු”න‍්ති. සො භුත‍්තපාතරාසො විහාරං ගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා පුච‍්ඡි – “මයා, භන‍්තෙ, මහන‍්තං දානං දින‍්නං, අනුමොදනා ච මෙ න මහතී කතා, කො නු ඛො මෙ, භන‍්තෙ, දොසො”ති? නත්‍ථි, මහාරාජ, තව දොසො, පරිසා පන අපරිසුද‍්ධා, තස‍්මා ධම‍්මං න දෙසෙසින‍්ති. කස‍්මා පන භගවා පරිසා න සුද‍්ධාති? සත්‍ථා ද‍්වින‍්නං අමච‍්චානං පරිවිතක‍්කං ආරොචෙසි. රාජා කාළං පුච‍්ඡි – “එවං, තාත, කාළා”ති? “එවං, මහාරාජා”ති. “මයි මම සන‍්තකං දදමානෙ තව කතරං ඨානං රුජ‍්ජති, න තං සක‍්කොමි පස‍්සිතුං, පබ‍්බාජෙථ නං මම රට‍්ඨතො”ති ආහ. තතො ජුණ‍්හං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “එවං කිර, තාත, චින‍්තෙසී”ති? “ආම, මහාරාජා”ති. “තව චිත‍්තානුරූපමෙව හොතූ”ති තස‍්මිංයෙව මණ‍්ඩපෙ එවං පඤ‍්ඤත‍්තෙසුයෙව ආසනෙසු පඤ‍්ච භික‍්ඛුසතානි නිසීදාපෙත්‍වා තායෙව ඛත‍්තියධීතරො පරිවාරාපෙත්‍වා රාජගෙහතො ධනං ගහෙත්‍වා මයා දින‍්නසදිසමෙව සත‍්ත දිවසානි දානං දෙහීති. සො තථා අදාසි. දත්‍වා සත‍්තමෙ දිවසෙ – “ධම‍්මං භගවා දෙසෙථා”ති ආහ.

රජ අසතුටුව, මවිසින් මහ දනක් දෙන ලදී. සතරහු මට මඳ බණක් වදාළහ. දසබල බුදුරදුන්ගේ සිත ගැනීමට නොහැකිවෙමියි හැඟේ. හේ උදේ ආහාරය ගෙන විහාරයට ගොස් භාග්‍යවතුන් වැඳ විචාළේය. ස්වාමිනී මවිසින් මහ දනක් දෙන ලදී. අනුමෝදනාව කුඩා විය. ස්වාමිනී මාගේ වැරැද්ද කුමක්ද? මහරජ ඔබේ වැරැද්දක් නැත. පිරිස අපිරිසිදුය. එනිසා දහම් නොදෙසන ලදී. ස්වාමින් වහන්ස, කුමක් හෙයින් පිරිස අපිරිසිදුද? ශාස්තෲන් වහන්සේ ඇමතිවරු දෙදෙනාගේ පරිවිතක්කය දැන්වුහ. රජ කාල විචාළේය. දරුව කාල එසේද? මහරජ එසේය. මා සතු දේ මා දෙනකල්හි ඔබේ කොතනද රිදෙන්නේ? ඔහු දැකීමට නොහැකිවෙමි. මාගේ රාජ්‍යයෙන් ඔහු පිටුවහල් කරන්න. ඉන්පසු ජුණ්ණ කැඳවීය. දරුව මෙසේ සිතීදැයි විචාළේය. මහරජ එසේය. ඔබේ සිත අනුවම එසේවේවා. ඒ මණ්ඩපයෙහිම ඒ පනවන ලද අසුන්වලම පන්සීයක් භික්ෂූන් වඩා හිඳුවා ඒ තැන් දූවරුන්ම පිරිවරා රජ ගෙදරින් ධනය ගෙන මා දුන් ලෙසම සතියක් දානය දෙන්න. හේ එසේ දුන්නේය. දී සත්වන දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසන්න යයි අයදීය.

සත්‍ථා ද‍්වින‍්නම‍්පි දානානං අනුමොදනං එකතො කත්‍වා ද‍්වෙ මහානදියො එකොඝපුණ‍්ණා කුරුමානො විය මහාධම‍්මදෙසනං දෙසෙසි. දෙසනාපරියොසානෙ ජුණ‍්හො සොතාපන‍්නො අහොසි. රාජා පසීදිත්‍වා දසබලස‍්ස බාහිරවත්‍ථුං නාම අදාසි. එවං අභිනිප‍්ඵන‍්නො ඛො පන තස‍්ස භගවතො ලාභොති වෙදිතබ‍්බො.

ශාස්තෲන් වහන්සේ දාන දෙකේම අනුමෝදනාව එකක් කොට මහා ගංඟා දෙකක ජලය පිරුණු මහා ගංඟාවක් කරන්නා සේ මහා ධර්ම දේශනාවක් දෙසූහ. දේශනා අවසානයෙහි ජුණ්ණ සෝවාන් විය. රජ පැහැදී දසබලයන් වහන්සේට බාහිර වස්තු ප්‍රදානය කෙළේය. ඒ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ලාභ උපන්නේ යයි දත යුතුය.

අභිනිප‍්ඵන‍්නො සිලොකොති වණ‍්ණගුණකිත‍්තනං. සොපි භගවතො ධම‍්මචක‍්කප‍්පවත‍්තනතො පට‍්ඨාය අභිනිප‍්ඵන‍්නො. තතො පට‍්ඨාය හි භගවතො ඛත‍්තියාපි වණ‍්ණං කථෙන‍්ති. බ්‍රාහ‍්මණාපි ගහපතයොපි නාගා සුපණ‍්ණා ගන්‍ධබ‍්බා දෙවතා බ්‍රහ‍්මානොපි කිත‍්තිං වත්‍වා – “ඉතිපි සො භගවා”තිආදිනා. අඤ‍්ඤතිත්‍ථියාපි වරරොජස‍්ස සහස‍්සං දත්‍වා සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං කථෙහීති උය්‍යොජෙසුං. සො සහස‍්සං ගහෙත්‍වා දසබලං පාදතලතො පට‍්ඨාය යාව කෙසන‍්තා අපලොකයමානො ලික‍්ඛාමත‍්තම‍්පි වජ‍්ජං අදිස‍්වා – “විප‍්පකිණ‍්ණද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණෙ අසීතිඅනුබ්‍යඤ‍්ජනවිභූසිතෙ බ්‍යාමප‍්පභාපරික‍්ඛිත‍්තෙ සුඵුල‍්ලිතපාරිච‍්ඡත‍්තකතාරාගණසමුජ‍්ජලිතඅන‍්තලික‍්ඛවිචිත‍්තකුසුමසස‍්සිරිකනන්‍දනවනසදිසෙ අනවජ‍්ජඅත‍්තභාවෙ අවණ‍්ණං වදන‍්තස‍්ස මුඛම‍්පි විපරිවත‍්තෙය්‍ය, මුද‍්ධාපි සත‍්තධා ඵලෙය්‍ය, අවණ‍්ණං වත‍්තුං උපායො නත්‍ථි, වණ‍්ණමෙව වදිස‍්සාමී”ති පාදතලතො පට‍්ඨාය යාව කෙසන‍්තා අතිරෙකපදසහස‍්සෙන වණ‍්ණමෙව කථෙසි. යමකපාටිහාරියෙ පනෙස වණ‍්ණො නාම මත්‍ථකං පත‍්තො. එවං අභිනිප‍්ඵන‍්නො සිලොකොති.

අභිනිප්ඵන්නො සිලොකො ගුණකථා වර්ණනාවයි. එයද භාග්‍යවතුන් වහන්සේගේ දම්සක් පැවතුමේ සිට නිපන්නේය. එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ, ක්‍ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝද ගැහැවියෝද නාග සුපර්ණ ගාන්ධර්ව දෙවියෝ බ්‍රහ්මයෝද වන්දනා කරති. කුමක් කියා? මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ආදියෙනි. අන්‍ය තීර්ථකයෝ වර රෝජට දහසක් දී ශ්‍රමණ ගෞතමයන්ගේ නුගුණ කියවයි පිටත් කළහ. හේ දහස ගෙන දසබල ගෞතමයන් පාදතලයේ සිට කේසාන්තය දක්වා බලන්නේ ලික්ඛා මාත්‍රයකුදු දොසක් නොදැක පැතිරුණු දෙතිස් මහ පුරිස් ලකුණින් හා අසූ අනුව්‍යඤ්ජනයෙන් ලකර වූ ඛ්‍යාම ප්‍රභාවෙන් නබෝ ගැබ සේ, විසිතුරු කුසුමෙන් සුන්දර වූ නඳුන් උයන හා සම වූ අනවද්‍ය වූ ආත්මභාවයෙහි (ශරීරයෙහි) නුගුණ කියන්නාගේ කට ද ඇදවන්නේය. හිස ද සත්කඩක්ව පැලෙන්නේ ය. නුගුණ කීමට උපායක් නැත. වර්ණනාවම කරන්නෙමියි පාදතලයේ සිට කේසාන්තය දක්වා අතිරේක පද දහසකින් වර්ණනාවම කෙළේය. යමක ප්‍රාතිහාර්යයේදී මේ වර්ණනා තොමෝ මුදුන් පැමිණියාය. මෙසේ ගුණ .........උපන්නේය.

යාව මඤ‍්ඤෙ ඛත‍්තියාති ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා නාගා සුපණ‍්ණා යක‍්ඛා අසුරා දෙවා බ්‍රහ‍්මානොති සබ‍්බෙව තෙ සම‍්පියායමානරූපා හට‍්ඨතුට‍්ඨා විහරන‍්ති. විගතමදො ඛො පනාති එත‍්තකා මං ජනා සම‍්පියායමානරූපා විහරන‍්තීති න මදපමත‍්තො හුත්‍වා දවාදිවසෙන ආහාරං ආහාරෙති, අඤ‍්ඤදත්‍ථු විගතමදො ඛො පන සො භගවා ආහාරං ආහාරෙති.

යාව මඤ්ඤෙ ඛත්තියා ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, නාග, සුපණ්ණ, යක්ෂ, අසුර, දේව, බ්‍රහ්මයෝ සියල්ලෝම ප්‍රියමනාපව තුටු පහටුව වාසය කරති. විගතමදො ඛො පනා මෙපමණක් ජනයෝ ප්‍රියමනාප රූපව වසති. මතින් පමා වී ජව වශයෙන් ආහාර නොගනිති. අනික් අතට ඒ භාග්‍යවතුන් වහන්සේ විගත මදයෙන් ආහාර ගනිති.

යථාවාදීති යං වාචාය වදති, තදන්‍වයමෙවස‍්ස කායකම‍්මං හොති. යඤ‍්ච කායෙන කරොති, තදන්‍වයමෙවස‍්ස වචීකම‍්මං හොති. කායො වා වාචං, වාචා වා කායං නාතික‍්කමති, වාචා කායෙන, කායො ච වාචාය සමෙති. යථා ච –

යථාවාදී වචනයෙන් යම්සේ කියා ද ඒ අනුවම කයින් ක්‍රියා කරති. කයින් වචනය හෝ වචනයෙන් කය හෝ නො ඉක්මවති. වචනය කයින් ද කය වචනයෙන් ද සම වේ යම් සේ කීහ.

“වාමෙන සූකරො හොති, දක‍්ඛිණෙන අජාමිගො; සරෙන නෙලකො හොති, විසාණෙන ජරග‍්ගවො”ති. –

වමින් වේ හුරු - දකුණින් වේය අජමුව නේළක වේ සරෙන් - මහළු ගවයෙකි අඟකින්

අයං සූකරයක‍්ඛො සූකරෙ දිස‍්වා සූකරසදිසං වාමපස‍්සං දස‍්සෙත්‍වා තෙ ගහෙත්‍වා ඛාදති, අජාමිගෙ දිස‍්වා තංසදිසං දක‍්ඛිණපස‍්සං දස‍්සෙත්‍වා තෙ ගහෙත්‍වා ඛාදති, නෙලකවච‍්ඡකෙ දිස‍්වා වච‍්ඡකරවං රවන‍්තො තෙ ගහෙත්‍වා ඛාදති, ගොණෙ දිස‍්වා තෙසං විසාණසදිසානි විසාණානි මාපෙත්‍වා තෙ දූරතොව – “ගොණො විය දිස‍්සතී”ති එවං උපගතෙ ගහෙත්‍වා ඛාදති. යථා ච ධම‍්මිකවායසජාතකෙ සකුණෙහි පුට‍්ඨො වායසො – “අහං වාතභක‍්ඛො, වාතභක‍්ඛතාය මුඛං විවරිත්‍වා පාණකානඤ‍්ච මරණභයෙන එකෙනෙව පාදෙන ඨිතො, තස‍්මා තුම‍්හෙපි –

මේ සුකර යක්ෂයා හුරන් දැක ඌරන් හා සමාන වම් පැත්ත පෙන්වා ඔවුන් අල්ලා කයි. අජාමිගයන් දැක ඔවුන් හා සමාන දකුණු පැත්ත පෙන්වා ඔවුන් ගෙන කයි. වසු පැටවුන් දැක වසු හඬින් ශබ්ද කරන්නේ ඔවුන් ගෙන කයි. ගොනුන් දැක ඔවුන්ගේ අංවලට සමාන අං මවා ඔවුන් දුරින්ම ගොනකු මෙන් පෙනේ යයි ලංවූ විට ගෙන කයි. ධම්මික වායස ජාතකයෙහි වාතභක්ඛයා මෙන් කුරුල්ලන් විසින් අසන ලද කවුඩා මම වායුව අනුභව කරන බැවින් මුව විවරකොට ප්‍රාණීන් මැරේය යන භයින් එක් පාදයකින් සිටියෙමි. එහෙයින් ඔබලාද ,

“ධම‍්මං චරථ භද‍්දං වො, ධම‍්මං චරථ ඤාතයො; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

දහම හැසිරෙනු ඔබ - නෑයිනි, හැසිරෙන්න දහමෙහි දහම් සැරි සුව දේ - මෙලෝ පරලෝ දෙක්හී

සකුණෙසු විස‍්සාසං උප‍්පාදෙසි, තතො –

කුරුල්ලන් විශ්වාසයට - පැමිණවීය එයින්,

“භද‍්දකො වතායං පක‍්ඛී, දිජො පරමධම‍්මිකො; එකපාදෙන තිට‍්ඨන‍්තො, ධම‍්මො ධම‍්මොති භාසතී”ති.

සොඳුරුය මේ සකුණ - දැහැමිය උතුම් ගුණ දද එක් පයින් සිටිමින් - දහම් දහම් යයි යෙමින්

එවං විස‍්සාසමාගතෙ සකුණෙ ඛාදිත්‍ථ. තෙන තෙසං වාචා කායෙන, කායො ච වාචාය න සමෙති, න එවං භගවතො. භගවතො පන වාචා කායෙන, කායො ච වාචාය සමෙතියෙවාති දස‍්සෙති.

මෙසේ විශ්වාසයට පැමිණි කුරුල්ලන් කෑවේය. එහෙයින් එනිසා ඔවුන්ගේ වචන කයින් නොවේ. කය වචනයෙන් සම නොවේ යයි දක්වයි.

තිණ‍්ණා තරිතා විචිකිච‍්ඡා අස‍්සාති තිණ‍්ණවිචිකිච‍්ඡො. “කථමිදං කථමිද”න‍්ති එවරූපා විගතා කථංකථා අස‍්සාති විගතකථංකථො. යථා හි මහාජනො – “අයං රුක‍්ඛො, කිං රුක‍්ඛො නාම, අයං ගාමො, අයං ජනපදො, ඉදං රට‍්ඨං, කිං රට‍්ඨං නාම, කස‍්මා නු ඛො අයං රුක‍්ඛො උජුක‍්ඛන්‍ධො, අයං වඞ‍්කක‍්ඛන්‍ධො, කස‍්මා කණ‍්ටකො කොචි උජුකො හොති, කොචි වඞ‍්කො, පුප‍්ඵං කිඤ‍්චි සුගන්‍ධං, කිඤ‍්චි දුග‍්ගන්‍ධං, ඵලං කිඤ‍්චි මධුරං, කිඤ‍්චි අමධුර”න‍්ති සකඞ‍්ඛොව හොති, න එවං සත්‍ථා. සත්‍ථා හි – “ඉමෙසං නාම ධාතූනං උස‍්සන‍්නුස‍්සන‍්නත‍්තා ඉදං එවං හොතී”ති විගතකථංකථොව. යථා ච පඨමජ‍්ඣානාදිලාභීනං දුතියජ‍්ඣානාදීසු කඞ‍්ඛා හොති. පච‍්චෙකබුද‍්ධානම‍්පි හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙ යාථාවසන‍්නිට‍්ඨානාභාවතො වොහාරවසෙන කඞ‍්ඛා නාම හොතියෙව, න එවං බුද‍්ධස‍්ස. සො හි භගවා සබ‍්බත්‍ථ විගතකථංකථොති දස‍්සෙති.

එතෙර වූ තරණය කළ සැකය මොහුටනුයි (සැකය නැතැයි සේයි) තිණ්ණ විචිකිච්ඡා වේ. එය කෙසේද එය කෙසේදැයි එබඳු වූ කථා දුරු වූයේ මොහුටය. විගත කථා වේ. එසේම යම්සේ මහජනයා මේ ගස කුමන ගසක්ද? මේ ගම, මේ ජනපදය, මේ රට කුමන රටක්ද ? කුමක් හෙයින් මේ ගස සෘජුවේද? මේ ගස ඇදවේද? සමහර මල් සුවඳයි සමහර මල් දුඟදයි. සමහර ගෙඩි මිහිරියි. සමහර ගෙඩි අමිහිරියි. සැක ඇතිවේ. ශාස්තෲන් වහන්සේ එසේ නැත. ශාස්තෲන් වහන්සේ වනාහි මේ නාමධාතූන්ගේ උත්සන්න අනුත්සන්න බැවින් මෙය මෙසේ වේ යයි සැක නැතිවේමය. යම්සේ ප්‍රථම ධ්‍යානලාභීන්ගේ ද්විතීය ධ්‍යානාදියෙහි සැක ඇතිවේ. පසේ බුදුන්ගේ ද සර්වඥතා ඥානයෙහි යාවත්ව ස්ථිර වශයෙන් නැති නිසා ව්‍යවහාර වශයෙන් සැක ඇතිවේ. බුදුන් වහන්සේට මෙසේ නොවේ. උන්වහන්සේ සියළු තැන සැක නැතිවම දක්වයි.

පරියොසිතසඞ‍්කප‍්පොති යථා කෙචි සීලමත‍්තෙන, කෙචි විපස‍්සනාමත‍්තෙන, කෙචි පඨමජ‍්ඣානෙන…පෙ… කෙචි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා, කෙචි සොතාපන‍්නභාවමත‍්තෙන…පෙ… කෙචි අරහත‍්තෙන, කෙචි සාවකපාරමීඤාණෙන, කෙචි පච‍්චෙකබොධිඤාණෙන පරියොසිතසඞ‍්කප‍්පා පරිපුණ‍්ණමනොරථා හොන‍්ති, න එවං මම සත්‍ථා. මම පන සත්‍ථා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන පරියොසිතසඞ‍්කප‍්පොති දස‍්සෙති.

පරියොසිත සංකප්පො කිසිවෙක් සීලය පමණකින්ද, කිසිවෙක් විදර්ශනාව පමණකින්ද කිසිවෙක් ප්‍රථම ධ්‍යානයෙන්ද... නෙවසඤ්ඤා නා සඤ්ඤා සමාපත්තියෙන් ද කිසිවෙක් සාවක පාරමී ඤාණයෙන් ද කිසිවෙක් පසේබුදු නුවණින් ද පරියෝසිත සංකප්පා සම්පූර්ණ වූ මනෝරථ වන්නාහ. මාගේ ශාස්තෲන් වහන්සේ එසේ නොවේ. මාගේ ශාස්තෲන් වහන්සේ වනාහි සර්වඥතා ඤාණයෙන් මනෝ රථය මුදුන් පමුණුවා ගන්නාහයි දක්වයි.

අජ‍්ඣාසයං ආදිබ්‍රහ‍්මචරියන‍්ති කරණත්‍ථෙ පච‍්චත‍්තවචනං, අධිකාසයෙන උත‍්තමනිස‍්සයභූතෙන ආදිබ්‍රහ‍්මචරියෙන පොරාණබ්‍රහ‍්මචරියභූතෙන ච අරියමග‍්ගෙන තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථංකථො පරියොසිතසඞ‍්කප‍්පොති අත්‍ථො. “පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣි, තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, බලෙසු ච වසීභාව”න‍්ති හි වචනතො පරියොසිතසඞ‍්කප‍්පතාපි භගවතො අරියමග‍්ගෙනෙව නිප‍්ඵන‍්නාති.

අජ්ඣාසයං ආදි බ්‍රහ්මචරියං කරණාර්ථයෙහි ද්විතීය, වචනයි. අධික වූ අදහසින් උතුම් නිශ්‍රය වීමෙන් ආදි බ්‍රහ්ම චරියාවෙන් පුරාණ බ්‍රහ්ම චරියාවෙන්ද ආර්ය මාර්ගයෙන් සැකයෙන් එතෙරව සැකය පහකොට පරියෝසිත සංකප්ප යන අර්ථයයි. පෙර නොඇසූ විරූ ධර්ම කෙරෙහි තමාම සත්‍ය අවබෝධ කෙළේය. එහි ද සර්වඥතාවට පැමිණ බල කෙරෙහි ද වසීභාවයයි වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පරියෝසිත සංකප්පතාව ද ආර්ය මාර්ගයෙන් ම නිපන්නේය.

යථරිව භගවාති යථා භගවා, එවං එකස‍්මිං ජම‍්බුදීපතලෙ චතූසු දිසාසු චාරිකං චරමානා අහො වත චත‍්තාරො ජිනා ධම‍්මං දෙසෙය්‍යුන‍්ති පච‍්චාසිසමානා වදන‍්ති. අථාපරෙ තීසු මණ‍්ඩලෙසු එකතො විචරණභාවං ආකඞ‍්ඛමානා තයො සම‍්මාසම‍්බුද‍්ධාති ආහංසු. අපරෙ – “දස පාරමියො නාම පූරෙත්‍වා චතුන‍්නං තිණ‍්ණං වා උප‍්පත‍්ති දුල‍්ලභා, සචෙ පන එකො නිබද‍්ධවාසං වසන‍්තො ධම‍්මං දෙසෙය්‍ය, එකො චාරිකං චරන‍්තො, එවම‍්පි ජම‍්බුදීපො සොභෙය්‍ය චෙව, බහුඤ‍්ච හිතසුඛමධිගච‍්ඡෙය්‍යා”ති චින‍්තෙත්‍වා අහො වත, මාරිසාති ආහංසු.

යථරිව භගවා භාග්‍යවතුන් වහන්සේ යම්සේද, මෙසේ එකම දඹදිව් තලයෙහි සිව් දිසාවෙහි චාරිකාවේ හැසිරෙන්නේ ඒකාන්තයෙන් සතර බුදුවරයෝ ධර්මය දේශනා කරන්නාහයි බලාපොරොත්තු වන්නේ තුන් බුදුවරයෝ යයි කීහ. පසුව දස පාරමී පුරා හතරක් තුනක් හෝ උපත් දුලබය. ඉදින් නිබඳවම එක්තැනැක වසන්නේ ධර්ම දේශනා කරන්නේ නම් ඒක චාරිකාවක යෙදෙන්නේ මෙසේද දඹදිව සෝභා කරන්නේද බොහෝ දෙනාගේ හිත සුව පැමිණෙන්නේ ය. යි සිතා අහො වත මාරිසා යයි කීහ.

අට‍්ඨානමෙතං අනවකාසො යන‍්ති එත්‍ථ ඨානං අවකාසොති උභයමෙතං කාරණාධිවචනමෙව. කාරණඤ‍්හි තිට‍්ඨති එත්‍ථ තදායත‍්තවුත‍්තිතාය ඵලන‍්ති ඨානං. ඔකාසො විය චස‍්ස තං තෙන විනා අඤ‍්ඤත්‍ථ අභාවතොති අවකාසො. යන‍්ති කරණත්‍ථෙ පච‍්චත‍්තං. ඉදං වුත‍්තං හොති – “යෙන කාරණෙන එකිස‍්සා ලොකධාතුයා ද‍්වෙ බුද‍්ධා එකතො උප‍්පජ‍්ජෙය්‍යුං, තං කාරණං නත්‍ථී”ති.

මෙහි අට්ඨානමෙතං අනවකාසො ඨානං යනු අවකාශයයි. මේ දෙකම කාරණා යන්නට අධිවචනම වේ. කාරණය සිටියි, මෙහි ඊට අයත් පැවැත්මෙන් ඵලය ඨාන වේ. අවකාශය මෙන් ද එය නැතිව වෙන තැනක නොපවතී යයි අවකාස වේ. යං යනු කරණාර්ථයෙහි ද්විතීයාය. මෙය කියන ලද්දේ වේ. යම් හේතුවකින් එක ලෝක ධාතුවක බුදුවරු දෙදෙනෙක් එකට පහළවන්නාහු නම් එය සිදු නොවන්නේය.

එත්‍ථ ච –

“යාවතා චන්‍දිමසූරියා, පරිහරන‍්ති දිසා භන‍්ති විරොචනා; තාව සහස‍්සධා ලොකො, එත්‍ථ තෙ වත‍්තතෙ වසො”ති. (ම· නි· 1.503) –

යම් පමණ සඳහිරු - එළිකර හැසිරෙන දිසා සහස්යුරු ලොව එම - වසයෙහි නවතයි ඔවුන්

ගාථාය එකචක‍්කවාළමෙව එකා ලොකධාතු. “සහස‍්සී ලොකධාතු අකම‍්පිත්‍ථා”ති (අ· නි· 3.126) ආගතට‍්ඨානෙ චක‍්කවාළසහස‍්සං එකා ලොකධාතු. “ආකඞ‍්ඛමානො, ආනන්‍ද, තථාගතො තිසහස‍්සිමහාසහස‍්සිලොකධාතුං සරෙන විඤ‍්ඤාපෙය්‍ය, ඔභාසෙන ච ඵරෙය්‍යා”ති (අ· නි· 3.81) ආගතට‍්ඨානෙ තිසහස‍්සිමහාසහස‍්සී එකා ලොකධාතු. “අයඤ‍්ච දසසහස‍්සී ලොකධාතූ”ති (ම· නි· 3.201) ආගතට‍්ඨානෙ දසචක‍්කවාළසහස‍්සානි එකා ලොකධාතු. තං සන්‍ධාය එකිස‍්සා ලොකධාතුයාති ආහ. එත‍්තකඤ‍්හි ජාතිඛෙත‍්තං නාම. තත්‍රාපි ඨපෙත්‍වා ඉමස‍්මිං චක‍්කවාළෙ ජම‍්බුදීපස‍්ස මජ‍්ඣිමදෙසං න අඤ‍්ඤත්‍ර බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති ජාතිඛෙත‍්තතො පන පරං බුද‍්ධානං උප‍්පත‍්තිට‍්ඨානමෙව න පඤ‍්ඤායති. යෙනත්‍ථෙනාති යෙන පවාරණසඞ‍්ගහත්‍ථෙන.

ගාථාවේ එක් සක්වලක්ම එක් ලෝක ධාතුවකි. “දහසක් ලෝකධාතු කම්පාවූයේය” යයි ආ තැන සක්වල දහසක් ලෝකධාතුවක්. “ආනන්ද තථාගතයන් වහන්සේ කැමති වන්නේනම් තුන් දහසක් මහා ලෝකධාතුව ශබ්දයෙන් දන්වන්නේ නම් ආලෝකයෙන් පතුරවන්නේ නම්” ආ තැන තුන්දහසක් මහා ලෝකධාතුව එක් ලෝකධාතුවකි. “මේ දස දහසක් ලෝක ධාතුව” යයි ආ තැන සක්වල දස දහසක් එක් ලෝක ධාතුවකි. එකිස්සා ලොකධාතුයා ඒ සඳහා යයි කීහ. මෙපමණක් ජාති ක්ෂේත්‍රය නම් වේ. මේ සක්වළෙහි දඹදිව මධ්‍ය දේශය හැර වෙන් තැනක බුදුවරු නූපදිති. ජාතික්ෂේත්‍රයෙන් පිටත බුදුවරුන්ගේ උත්පත්තිස්ථාන නොපෙනේ. යෙනත්ථෙන යම් පවාරණ සංග්‍රහයකින්.

සනඞ‍්කුමාරකථාවණ‍්ණනා

වණ‍්ණෙන චෙව යසසා චාති අලඞ‍්කාරපරිවාරෙන ච පුඤ‍්ඤසිරියා චාති අත්‍ථො. සාධු මහාබ්‍රහ‍්මෙති එත්‍ථ සම‍්පසාදනෙ සාධුසද‍්දො. සඞ‍්ඛාය මොදාමාති ජානිත්‍වා මොදාම.

වණ්ණෙන චෙව යසසාවා අලංකාර පිරිවරින්ද පින් සිරියෙන්ද යන අර්ථයයි. සාධු මහා බ්‍රහ්මෙ මෙහි සාධු ශබ්දය සම්ප්‍රසාදනයෙහිය. සංඛාය මොදමා දැන සතුටුවෙමු.

ගොවින්‍දබ්‍රාහ‍්මණවත්‍ථුවණ‍්ණනා

යාව දීඝරත‍්තං මහාපඤ‍්ඤොව සො භගවාති එත‍්තකන‍්ති පරිච‍්ඡින්‍දිත්‍වා න සක‍්කා වත‍්තුං, අථ ඛො යාව දීඝරත‍්තං අතිචිරරත‍්තං මහාපඤ‍්ඤොව සො භගවා. නොති කථං තුම‍්හෙ මඤ‍්ඤථාති. අථ සයමෙවෙතං පඤ‍්හං බ්‍යාකාතුකාමො – “අනච‍්ඡරියමෙතං, මාරිසා, යං ඉදානි පාරමියො පූරෙත්‍වා බොධිපල‍්ලඞ‍්කෙ තිණ‍්ණං මාරානං මත්‍ථකං භින්‍දිත්‍වා පටිවිද‍්ධඅසාධාරණඤාණො සො භගවා මහාපඤ‍්ඤො භවෙය්‍ය, කිමෙත්‍ථ අච‍්ඡරියං, අපරිපක‍්කාය පන බොධියා පදෙසඤාණෙ ඨිතස‍්ස සරාගාදිකාලෙපි මහාපඤ‍්ඤභාවමෙව වො, මාරිසා, කථෙස‍්සාමී”ති භවපටිච‍්ඡන‍්නකාරණං ආහරිත්‍වා දස‍්සෙන‍්තො භූතපුබ‍්බං භොතිආදිමාහ.

යාව දීඝ රත්තං මහා පඤ්ඤොව සො භගවා මෙපමණ යයි පිරිසිඳ කීමට නොහැකිය. බොහෝ කාලයක් අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවන්තව යයි කීම ඔබලා සිතන්න. ඉක්බිති තමාම මේ ප්‍රශ්නය විසඳන කැමැත්තේ, “යහළුව පාරමී පුරා බෝ පළඟෙහි තුන්මරුන්ගේ මුදුන බිඳ ප්‍රතිවේධ තුළ අසාධාරණ ඤාණය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රාඥ වන්නේ දැන් මෙය අසිරිමත් නොවේ. පරිපාකයට නොගිය අවබෝධයෙන් ප්‍රදේශ ඤාණයක සිටියේ රාගසහිත කාලයෙහි ද මහා ප්‍රඥා බවම ඔබට කියන්නෙමි”යි භවයෙන් වැසුණු කරුණ ගෙනහැර දක්වන්නේ භූත පුබ්බං ඛො ආදිය කීහ. පුරොහිතො සියළු කටයුතුවල අනුසාසනා කරන්නේ පුරෝහිතය. ගොවින්දො ගෝවින්ද අභිෂේකයෙන් අභිෂේක කළා වූ ස්වභාවයෙන්ම වනාහි අභිෂේකයේ සිට වෙනත් නමක් ගොවින්දා යයි ව්‍යවහාර විය.

පුරොහිතොති සබ‍්බකිච‍්චානි අනුසාසනපුරොහිතො. ගොවින්‍දොති ගොවින්‍දියාභිසෙකෙන අභිසිත‍්තො, පකතියා පනස‍්ස අඤ‍්ඤදෙව නාමං, අභිසිත‍්තකාලතො පට‍්ඨාය “ගොවින්‍දො”ති සඞ‍්ඛ්‍යං ගතො. ජොතිපාලොති ජොතනතො ච පාලනතො ච ජොතිපාලො. තස‍්ස කිර ජාතදිවසෙ සබ‍්බාවුධානි උජ‍්ජොතිංසු. රාජාපි පච‍්චූසසමයෙ අත‍්තනො මඞ‍්ගලාවුධං පජ‍්ජලිතං දිස‍්වා භීතො අට‍්ඨාසි. ගොවින්‍දො පාතොව රාජූපට‍්ඨානං ගන‍්ත්‍වා සුඛසෙය්‍යං පුච‍්ඡි රාජා – “කුතො මෙ ආචරිය, සුඛසෙය්‍යා”ති වත්‍වා තං කාරණං ආරොචෙසි. මා භායි, මහාරාජ, මය‍්හං පුත‍්තො ජාතො, තස‍්සානුභාවෙන සකලනගරෙ ආවුධානි පජ‍්ජලිංසූති. රාජා – “කිං නු ඛො මෙ කුමාරො පච‍්චත්‍ථිකො භවෙය්‍යා”ති චින‍්තෙත්‍වා සුට‍්ඨුතරං භායි. “කිං විතක‍්කෙසි මහාරාජා”ති ච පුට‍්ඨො තමත්‍ථං ආරොචෙසි. අථ නං ගොවින්‍දො “මා භායි මහාරාජ, නෙසො කුමාරො තුම‍්හාකං දුබ‍්භිස‍්සති, සකලජම‍්බුදීපෙ පන තෙන සමො පඤ‍්ඤාය න භවිස‍්සති, මම පුත‍්තස‍්ස වචනෙන මහාජනස‍්ස කඞ‍්ඛා ඡිජ‍්ජිස‍්සති, තුම‍්හාකඤ‍්ච සබ‍්බකිච‍්චානි අනුසාසිස‍්සතී”ති සමස‍්සාසෙති. රාජා තුට‍්ඨො – “කුමාරස‍්ස ඛීරමූලං හොතූ”ති සහස‍්සං දත්‍වා “කුමාරං මහල‍්ලකකාලෙ මම දස‍්සෙථා”ති ආහ. කුමාරො අනුපුබ‍්බෙන වුඩ‍්ඪිමනුප‍්පත‍්තො. ජොතිතත‍්තා පනස‍්ස පාලනසමත්‍ථතාය ච ජොතිපාලොත්‍වෙව නාමං අකංසු. තෙන වුත‍්තං – “ජොතනතො ච පාලනතො ච ජොතිපාලො”ති.

ජොතිපාලො බැබළීමෙන් ද පාලනයෙන් ද ජෝතිපාල. ඔහු උපන් දිනයෙහි සියළු ආයුධ දිලිසුනේය. රජතුමාද පාන්දරම තමාගේ මඟුල්කඩුව දිලිසෙනු දැක බියවී සිටියේය. මහාගෝවින්ද පාන්දරම රාජ සේවයට ගොස් “සුවසේ පහන් කෙළේදැ”යි ඇසීය. රජ ඇදුරුතුමණි, “මට මොන සැප නින්දක්දැ”යි කියා ඒ කරුණ දැන්වීය. මහරජතුමණි. බිය නොවන්න. මට පුතෙක් උපන්නා. ඔහුගේ අනුභාවයෙන් සියළු නුවර ආවුධ දිළිසුණේ” යයි කීය. කිම මෙම කුමාර සතුරුවන්නේ දැයි සිතා රජ වැඩියක් බිය විය. මහරජ කුමක් සිතත්දැයි විචාරණ ලද්දේ එය දැන්වීය, ඉක්බිති මහරජ බිය නොවන්න. මේ කුමරා ඔබට ද්‍රෝහි නො වෙන්නේ ය. සියළු දඹදිව ප්‍රඥාවෙන් ඔහු හා සම කෙනෙක් නො වන්නේ ය. මගේ පුතාගේ වචනයෙන් මහජනයාගේ සැක බිඳී යන්නේ ය. ඔබ වහන්සේගේ සෑම කටයුතුවල අනුසාසනා කරන්නේ යයි අස්වැසීය. සතුටු වූ රජ කුමරාගේ කිරිමිලට වේවයි දහසක් දී කුමරා වැඩුණු කළ මට පෙන්වන්නැයි කීය. කුමරා පිළිවෙළින් වැඩිවියට පැමිණියේ ඇලුණු බැවින් හා පාලක සමර්ථනාවෙන් ද ජෝතිපාලයයි නම් කළහ. එයින් කියන ලදී “ජොතනතො ච පාලනතො ච ජොතිපාලො” බැබළීමෙන් ද පාලනයෙන් ද ජෝතිපාල වේ.

සම‍්මා වොස‍්සජ‍්ජිත්‍වාති සම‍්මා වොස‍්සජ‍්ජිත්‍වා. අයමෙව වා පාඨො. අලමත්‍ථදසතරොති සමත්‍ථො පටිබලො අත්‍ථදසො අලමත්‍ථදසො, තං අලමත්‍ථදසං තිරෙතීති අලමත්‍ථදසතරො. ජොතිපාලස‍්සෙව මාණවස‍්ස අනුසාසනියාති සොපි ජොතිපාලංයෙව පුච‍්ඡිත්‍වා අනුසාසතීති දස‍්සෙති.

සම්ම වොස්සජ්ජිත්වා මනාව අත්හැර, පාඨය මෙයම වේ. අලමත්ථදසතරො සමර්ථ, ප්‍රතිබල, අර්ථය දක්නා, අර්ථය දැකීමට හැකි අලමත්ථදසං වේ. අතිශායාර්ථයෙහි අලමත්ථදසතරො වේ. අර්ථය ඉතා හොඳින්ම දක්නා සුළු. ජොතිපාලස්වෙව මාණවස්ස අනුසාසනියා හේ ද ජෝතිපාලම අසා අනුසාසනා කෙරේ යයි දක්වයි.

භවමත්‍ථු භවන‍්තං ජොතිපාලන‍්ති භොතො ජොතිපාලස‍්ස භවො වුද‍්ධි විසෙසාධිගමො සබ‍්බකල්‍යාණඤ‍්චෙව මඞ‍්ගලඤ‍්ච හොතූති අත්‍ථො. සම‍්මොදනීයං කථන‍්ති? “අලං, මහාරාජ, මා චින‍්තයි, ධුවධම‍්මො එස සබ‍්බසත‍්තාන”න‍්තිආදිනා නයෙන මරණප‍්පටිසංයුත‍්තං සොකවිනොදනපටිසන්‍ථාරකථං පරියොසාපෙත්‍වා. මා නො භවං ජොතිපාලො අනුසාසනියා පච‍්චබ්‍යාහාසීති මා පටිබ්‍යාකාසි, “අනුසාසා”ති වුත‍්තො – “නාහං අනුසාසාමී”ති නො මා අනුසාසනියා පච‍්චක‍්ඛාසීති අත්‍ථො. අභිසම‍්භොසීති සංවිදහිත්‍වා පට‍්ඨපෙසි. මනුස‍්සා එවමාහංසූති තං පිතරා මහාපඤ‍්ඤතරං සබ‍්බකිච‍්චානි අනුසාසන‍්තං සබ‍්බකම‍්මෙ අභිසම‍්භවන‍්තං දිස‍්වා තුට‍්ඨචිත‍්තා ගොවින්‍දො වත, භො, බ්‍රාහ‍්මණො, මහාගොවින්‍දො වත, භො, බ්‍රාහ‍්මණොති එවමාහංසු. ඉදං වුත‍්තං හොති, “ගොවින්‍දො වත, භො, බ්‍රාහ‍්මණො අහොසි එතස‍්ස පිතා; අයං පන මහාගොවින්‍දො වත, භො, බ්‍රාහ‍්මණො”ති.

භවමත්ථු භවත්තං ජොතිපාලං භවත් ජෝතිපාලයන්ට වැඩක්ම වේවා. සියළු යහපත ද මංගලද වේවා යන අර්ථයයි. සම්මොදනීයං කථං මහරජතුමණි මෙසේ නො සිතන්න. සියළු සතුන්ට මෙය ඒකාන්ත ධර්මයකි. ආදි නයින් මරණ ප්‍රතිසංයුක්ත සෝකය නැති කිරීමෙන් පිළිසඳර කථා අවසන් කොට, මා භවං ජොතිපාලො අනුසාසනියා පච්චව්‍යාහාසි නොවැලකෙන්න අනුසාසනයෙන්. මම අනුසාසනා නොකරමියි අනුසාසනයෙන් නොවැලකෙන්න යන අර්ථයයි. අභිසම්භොසී සංවිධානය කොට තැබීය. මනුස්සා එවමාහංසු ඔහු පියාට වඩා මහා ප්‍රාඥය, සියළු කටයුතුවල අනුසාසනා කරයි. සියළු කර්මාන්ත සංවිධානය කරනු දැක සතුටු සිත්ව පින්වත් බමුණා ගෝවින්දය, මේ පින්වතා ඒකාන්තයෙන් මහා ගෝවින්ද බ්‍රහ්මණයාය,යි මෙසේ කීහ. මෙය කියන ලදී. ගෝවින්ද නම් පින්වත් බමුණෙක් විය. ඒ මොහුගේ පියායි. මොහු වනාහි ඒකාන්තයෙන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාය.

රජ‍්ජසංවිභජනවණ‍්ණනා

යෙන තෙ ඡ ඛත‍්තියාති යෙ තෙ “සහායා”ති වුත‍්තා ඡ ඛත‍්තියා, තෙ කිර රෙණුස‍්ස එකපිතිකා කනිට‍්ඨභාතරො, තස‍්මා මහාගොවින්‍දො “අයං අභිසිත‍්තො එතෙසං රජ‍්ජසංවිභාගං කරෙය්‍ය වා න වා, යංනූනාහං තෙ පටිකච‍්චෙව රෙණුස‍්ස සන‍්තිකං පෙසෙත්‍වා පටිඤ‍්ඤං ගණ‍්හාපෙය්‍ය”න‍්ති චින‍්තෙන‍්තො යෙන තෙ ඡ ඛත‍්තියා තෙනුපසඞ‍්කමි. රාජකත‍්තාරොති රාජකාරකා අමච‍්චා.

යෙන තෙ ඡ ඛත්තියා ක්‍ෂත්‍රිය සදෙනා වන ඔහු සහායකයෝ යයි කියන ලදී. ඔවුන් වනාහි රේණුගේ පියාගේ කණිටු සොයුරෝය. එහෙයින් මහා ගෝවින්ද මොහු අභික්ෂිත කළ පසු මොවුන් රාජ සංවිධානයෙහි කරන්නේ හෝ නොකරන්නේ කල් ඇතිව ඔවුන් රේණු වෙත යවා පිළිණ ගත්තේ යයි සිතා ක්ෂත්‍රිය කුමාරයින් සදෙනා වෙත එළඹියේය. රාජකත්තාරො රාජකාරක ඇමතිවරු,

මදනීයා කාමාති මදකරා පමාදකරා කාමා. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ එස අනුස‍්සරිතුම‍්පි න සක‍්කුණෙය්‍ය, තස‍්මා ආයන‍්තු භොන‍්තො ආගච‍්ඡන‍්තූති අත්‍ථො.

මදනියා කාමා මත්කරන පමාකරන කාම. කල්ගිය කල මෙය සිහිකිරීමටද නොහැකි වන්නේය. එහෙයින් පින්වතුන් එන්න යන අර්ථයයි.

සරාමහං භොති තදා කිර මනුස‍්සානං සච‍්චවාදිකාලො හොති, තස‍්මා “කදා මයා වුත‍්තං, කෙන දිට‍්ඨං, කෙන සුත”න‍්ති අභූතං අවත්‍වා “සරාමහං භො”ති ආහ. සම‍්මොදනීයං කථන‍්ති කිං මහාරාජ දෙවත‍්තං ගතෙ රඤ‍්ඤෙ මා චින‍්තයිත්‍ථ, ධුවධම‍්මො එස සබ‍්බසත‍්තානං, එවංභාවිනො සඞ‍්ඛාරාති එවරූපං පටිසන්‍ථාරකථං. සබ‍්බානි සකටමුඛානි පට‍්ඨපෙසීති සබ‍්බානි ඡ රජ‍්ජානි සකටමුඛානි පට‍්ඨපෙසි. එකෙකස‍්ස රඤ‍්ඤො රජ‍්ජං තියොජනසතං හොති, රෙණුස‍්ස රඤ‍්ඤො රජ‍්ජොසරණපදෙසො දසගාවුතං, මජ‍්ඣෙ පන රෙණුස‍්ස රජ‍්ජං විතානසදිසං අහොසි. කස‍්මා එවං පට‍්ඨපෙසීති? කාලෙන කාලං රාජානං පස‍්සිතුං ආගච‍්ඡන‍්තා අඤ‍්ඤස‍්ස රජ‍්ජං අපීළෙත්‍වා අත‍්තනො අත‍්තනො රජ‍්ජපදෙසෙනෙව ආගමිස‍්සන‍්ති චෙව ගමිස‍්සන‍්ති ච. පරරජ‍්ජං ඔතිණ‍්ණස‍්ස හි – “භත‍්තං දෙථ, ගොණං දෙථා”ති වදතො මනුස‍්සා උජ‍්ඣායන‍්ති – “ඉමෙ රාජානො අත‍්තනො අත‍්තනො විජිතෙන න ගච‍්ඡන‍්ති, අම‍්හාකං පීළං කරොන‍්තී”ති. අත‍්තනො විජිතෙන ගච‍්ඡන‍්තස‍්ස “අම‍්හාකං සන‍්තිකා ඉමිනා ඉදඤ‍්චිදඤ‍්ච ලද‍්ධබ‍්බමෙවා”ති මනුස‍්සා පීළං න මඤ‍්ඤන‍්ති. ඉමමත්‍ථං චින‍්තයිත්‍වා මහාගොවින්‍දො “සම‍්මොදමානා රාජානො චිරං රජ‍්ජමනුසාසන‍්තූ”ති එවං පට‍්ඨපෙසි.

සරාමහං භො එකල්හි වනාහි මිනිසුන්ගේ සත්‍යවාදී කාලයක් විය. එහෙයින් මා කියන ලද්දේ කවදාද කවුද දැක්කේ කවුද ඇසුවෙ අභූත නොකියා පින්වත මම සිහිකරමියි කීය. සම්මොදනීයං කථං කිම මහරජ, දෙව්දත් ගිය කල්හි නොසිතන්න. මෙය සියළු සතුන්ට ඒකාන්ත ධර්මතාවකි. සංසාරවල මේ ස්වභාවයයි. මෙබඳු වූ පිළිසඳර කතා සබ්බානි සකටමුබානි පට්ඨපෙසි සියළු රාජ්‍ය සයම ගැල්මුවව තැබීය. එක් එක් රජුගේ රාජ්‍යය යොදුන් තුන්සියයක් වේ. රේණු රජුන්ගේ පියාණන් මෙන් විය. කුමක් හෙයින් මෙසේ පිහිටුවීද? කලින් කල රජවරුන් දැකීමට පැමිණෙන අනික් රජුන් නොපෙළා තම තමාගේ ජනපදයෙහි සේනාවම එන්නේය. යන්නේයයි අනිත් රාජ්‍යකට ගිය කෙනෙකුගේ බත් දෙව, හරක් දෙව, යි කියන්නාහුට මින්පසු උද්ඝෝෂණය කරති. මේ රජවරු තම තමාගේ විජිතවලින් නොයති. අප ලඟ තිබෙන මේ මේ දේවල් ලබමින්, ඉල්ලමින් මිනිස්සු අප පෙළමියි නොසිතති. මෙය සිතා මහා ගොවින්ද රජවරු බොහෝ කලක් සතුටෙන් රාජ්‍යනුශාසනා කෙරෙතැයි මෙසේ පිහිටුවීය.

“දන‍්තපුරං කලිඞ‍්ගානං, අස‍්සකානඤ‍්ච පොතනං; මාහිස‍්සති අවන‍්තීනං, සොවීරානඤ‍්ච රොදුකං.

කළිඟුවේ දන්තපුර - පෝතනය අස්මකයේ අවත්තියේ මාහිස් - රෝරුකය සෝවීරයේ

මිථිලා ච විදෙහානං, චම‍්පා අඞ‍්ගෙසු මාපිතා; බාරාණසී ච කාසීනං, එතෙ ගොවින්‍දමාපිතා”ති. –

විදේහයෙ මිථිලා - අංගයෙහි චම්පා මැවී බරණැස කාසියේ - ගොවිඳුගෙ මැවුම් මේවා

එතානි සත‍්ත නගරානි මහාගොවින්‍දෙනෙව තෙසං රාජූනං අත්‍ථාය මාපිතානි.

මේ නගර හත ඒ රජුන්ගේ ප්‍රයෝජනය සඳහා මහා ගෝවින්ද විසින්ම නිර්මාණය කරන ලදි.

“සත‍්තභූ බ්‍රහ‍්මදත‍්තො ච, වෙස‍්සභූ භරතො සහ; රෙණු ද‍්වෙ ච ධතරට‍්ඨා, තදාසුං සත‍්ත භාරධා”ති. –

සත්තභූ බ්‍රහ්මදත්තො ච වෙස්සභූ භරතො සහ රෙණු චෙව ධතරට්ඨා තදාසුං සතත භාරතා

ඉමානි තෙසං සත‍්තන‍්නම‍්පි නාමානි. තෙසු හි එකො සත‍්තභූ නාම අහොසි, එකො බ්‍රහ‍්මදත‍්තො නාම, එකො වෙස‍්සභූ නාම, එකො තෙනෙව සහ භරතො නාම, එකො රෙණු නාම, ද‍්වෙ පන ධතරට‍්ඨාති ඉමෙ සත‍්ත ජම‍්බුදීපතලෙ භාරධා මහාරාජානො අහෙසුන‍්ති.

මේ ඒ සත් රජුන්ගේ නම්ය. ඔවුන්ගෙන් එක්කෙනෙකුට සත්තභූ නම විය. එක්කෙනෙක් බ්‍රහ්මදත්ත නම් විය. එක්කෙනෙක් වෙස්සභු විය. එක්කෙනෙක් භරත විය. ඒ සමග තවත් වෙස්සභූ නමක් විය. එක්කෙණෙක් රේණු නම් විය. කෙනෙක් ධෘතරට්ඨ විය. මේ සත් භාරතයෝ දඹදිව්තලයෙහි භාරත මහරජවරු වූහ.

පඨමභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු බණවර නිමි.

කිත‍්තිසද‍්දඅබ‍්භුග‍්ගමනවණ‍්ණනා

උපසඞ‍්කමිංසූති “අම‍්හාකං අයං ඉස‍්සරියසම‍්පත‍්ති න අඤ‍්ඤස‍්සානුභාවෙන, මහාගොවින්‍දස‍්සානුභාවෙන නිප‍්ඵන‍්නා. මහාගොවින්‍දො අම‍්හෙ සත‍්ත රාජානො සමග‍්ගෙ කත්‍වා ජම‍්බුදීපතලෙ පතිට‍්ඨාපෙසි, පුබ‍්බූපකාරිස‍්ස පන න සුකරා පටිකිරියා කාතුං. අම‍්හෙ සත‍්තපි ජනෙ එසොයෙව අනුසාසතු, එතංයෙව සෙනාපතිඤ‍්ච පුරොහිතඤ‍්ච කරොම, එවං නො වුද‍්ධි භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමිංසු. මහාගොවින්‍දොපි – “මයා එතෙ සමග‍්ගා කතා, සචෙ එතෙසං අඤ‍්ඤො සෙනාපති පුරොහිතො ච භවිස‍්සති, තතො අත‍්තනො අත‍්තනො සෙනාපතිපුරොහිතානං වචනං ගහෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං භින්‍දිස‍්සන‍්ති, අධිවාසෙමි නෙසං සෙනාපතිට‍්ඨානඤ‍්ච පුරොහිතට‍්ඨානඤ‍්චා”ති චින‍්තෙත්‍වා “එවං භො”ති පච‍්චස‍්සොසි.

උපසංකමිංසු - අපගේ මේ ඓශ්වර්ය සම්පත්තිය අනිකෙකුගේ ආනුභාවයෙන් නොව මහා ගෝවින්දයන්ගේ ආනුභාවයෙන් නිපන්නේය. මහා ගෝවින්ද තෙමේ අපගේ සත්රජුන් සමගි කොට දඹදිව්තලයෙහි පිහිටුවීය. පෙර උපකාරයට ප්‍රත්‍යුපකාර කිරීම පහසු නොවේ. අප සත්දෙනාගේම අනුසාසනා කෙරේවා හේ ම සේනාපති ද පුරෝහිත ද කරමු. කිසේ අපගේ සමෘද්ධිය වන්නේ යයි සිතා ඔහු වෙත එළඹුනාහ. මහා ගෝවින්ද තෙමේ ද මා විසින් ඔහු සමග කරනු ලැබූහ. ඉදින් ඔවුන්ගේ වෙනත් සේනාපති සහ පුරෝහිත වන්නාහු නම් එයින් තම තමාගේ සේනාපති පුරෝහිතයන්ගේ උපදෙස් ගෙන භේදවන නිසා ඔවුන්ගේ සේනාපති තනතුර ද පුරෝහිත තනතුර ද ඉවසිමියි සිතා භවත්නි එසේ වේවායි පිළිවදන් දුන්නේය.

සත‍්ත ච බ්‍රාහ‍්මණමහාසාලෙති “අහං සබ‍්බට‍්ඨානෙසු සම‍්මුඛො භවෙය්‍යං වා න වා, යත්‍ථාහං සම‍්මුඛො න භවිස‍්සාමි, තත්‍ථෙව තෙ කත‍්තබ‍්බං කරිස‍්සන‍්තී”ති සත‍්ත අනුපුරොහිතෙ ඨපෙසි. තෙ සන්‍ධාය ඉදං වුත‍්තං – “සත‍්ත ච බ්‍රාහ‍්මණමහාසාලෙ”ති. දිවසස‍්ස ද‍්වික‍්ඛත‍්තුං වා සායං පාතො වා නහායන‍්තීති නහාතකා. වතචරියපරියොසානෙ වා නහාතා, තතො පට‍්ඨාය බ්‍රාහ‍්මණෙහි සද‍්ධිං න ඛාදන‍්ති න පිවන‍්තීති නහාතකා.

සත්ත ච බ්‍රාහ්මණ මහාසාලෙ මම සියළු තැන්වල පෙනී සිටියත් නැතත් යම්තැනක මම පෙනී නොසිටියේ නම් එහි කළයුතු දේ මොව්හු කරන්නෝ යයි අනු පුරෝහිතයන් සත් දෙනෙකු තැබීය. ඔවුන් සඳහා මෙය කියන ලදී. සත්ත ච බ්‍රාහ්මණ මහා සාලේ. දවසට තුන්වරක් හෝ උදේ හෝ සවස හෝ නාන්නේ යයි නහාතකා වේ. වතාවත් අවසානයෙහි හෝ නෑම වේ. එතැන් පටන් බමුණන් සමග ආහාර නොගනිත්. නොබොත් යනු ද නහාතක වේ.

අබ‍්භුග‍්ගච‍්ඡීති අභිඋග‍්ගච‍්ඡි. තදා කිර මනුස‍්සානං “න බ්‍රහ‍්මුනා සද‍්ධිං අමන‍්තෙත්‍වා සක‍්කා එවං සකලජම‍්බුදීපං අනුසාසිතු”න‍්ති නිසින‍්නනිසින‍්නට‍්ඨානෙ අයමෙව කථා පවත‍්තිත්‍ථ. න ඛො පනාහන‍්ති මහාපුරිසො කිර – “අයං මය‍්හං අභූතො වණ‍්ණො උප‍්පන‍්නො, වණ‍්ණුප‍්පත‍්ති ඛො පන න භාරියා, උප‍්පන‍්නස‍්ස වණ‍්ණස‍්ස රක‍්ඛනමෙව භාරියං, අයඤ‍්ච මෙ අචින‍්තෙත්‍වා අමන‍්තෙත්‍වා කරොන‍්තස‍්සෙව වණ‍්ණො උප‍්පන‍්නොව, චින‍්තෙත්‍වා මන‍්තෙත්‍වා කරොන‍්තස‍්ස පන විත්‍ථාරිකතරො භවිස‍්සතී”ති බ්‍රහ‍්මදස‍්සනෙ උපායං පරියෙසන‍්තො තං දිස‍්වා සුතං ඛො පන මෙතන‍්තිආදිඅත්‍ථං පරිවිතක‍්කෙසි.

අබ්භූග්ගඤ්ජි ඉහළ නැගුණේය. එකල වනාහි බ්‍රහ්මයා සමග සාකච්ඡාකර සියළු දඹදිව මෙසේ අනුශාසනා කිරීමට නොහැකියයි නිදාගත් හුන්තැන්වල මිනිසුන්ගේ කතා පැවතියේය. (ධුර) න ඛො පනාහං මහා පුරුෂයා වනාහි මේ මට පෙර නොවූ විරෝධයක් ඇතිවිය. වර්ණ ඇතිවීම බරෙක් නොවේ. උපන් තනතුරු රැකීම බරෙකි. මෙය ද මට නොසිතා කථා නොකොට තනතුරු ඇතිවිය සිතා කතාකොට මේ මීට වඩා පළල්වම වන්නේය. බ්‍රහ්මයා දැකීමේ උපායක් සොයන්නෝ එය දැක “මවිසින් මෙසේ අසන ලද්දැයි ආදිය ද මෙහි කල්පනා කෙළේය.

යෙන රෙණු රාජා තෙනුපසඞ‍්කමීති එවං මෙ අන‍්තරා දට‍්ඨුකාමො වා සල‍්ලපිතුකාමො වා න භවිස‍්සති, යතො ඡින‍්නපලිබොධො සුඛං විහරිස‍්සාමීති පලිබොධුපච‍්ඡෙදනත්‍ථං උපසඞ‍්කමි, එස නයො සබ‍්බත්‍ථ. සාදිසියොති සමවණ‍්ණා සමජාතිකා.

යෙන රෙණු රාජා තෙනුපසංකමි මෙසේ මාගේ අතරතුර දකිනු කැමැත්තේ හෝ දොඩනු කැමැත්තේ නොවන්නේය. එයින් සිදුණු පළිබෝධ ඇත්තේ සුවසේ වාසය කරන්නෙමියි පළිබෝධ නැතිකිරීම සඳහා එළඹියේය. සියළු තැන මෙම පිළිවෙළමය. සාදිසියො සමවර්ණ, සමජාතික.

නවං සන්‍ධාගාරං කාරෙත්‍වාති රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානචඞ‍්කමනසම‍්පන‍්නං වස‍්සිකෙ චත‍්තාරො මාසෙ වසනක‍්ඛමං බහි නළපරික‍්ඛිත‍්තං විචිත‍්තං ආවසථං කාරෙත්‍වා. කරුණං ඣානං ඣායීති කරුණාය තිකචතුක‍්කජ‍්ඣානං ඣායි, කරුණාමුඛෙන පනෙත්‍ථ අවසෙසාපි තයො බ්‍රහ‍්මවිහාරා ගහිතාව. උක‍්කණ‍්ඨනා පරිතස‍්සනාති ඣානභූමියං ඨිතස‍්ස අනභිරතිඋක‍්කණ‍්ඨනා වා භයපරිතස‍්සනා වා නත්‍ථි, බ්‍රහ‍්මුනො පන ආගමනපත්‍ථනා ආගමනතණ‍්හා අහූති අත්‍ථො.

නවං සන්ථාගාරං කාරෙත්වා දිවා රාත්‍රි ස්ථාන සහ සක්මන් මළු සහිතව වැසි සාරමසෙහි විසීමට යෝග්‍ය වූ බිහි නලින් වටවූ විචිත්‍ර වූ තානායමක් කරවා කරුණඣානං ඣායි කරුණාවෙන් තුන හතර ධ්‍යාන වැඩීය. කරුණා මුවින් වනාහි මෙහි ඉතිරි බ්‍රහ්ම විහාර තුනද යන්නා ලද්දේ වේ. පරිතස්සතා ධ්‍යාන භූමියෙහි සිටියහුට (ධ්‍යාන ගත වූ විට) අකමැති හෝ කලකිරීම් හෝ බිය තැවීම් හෝ නැත බ්‍රහ්මයා වනාහි පැමිණීම බලාපොරොත්තුවන, පැමිණීමේ තෘෂ්ණා ඇති යන අර්ථ වේ.

බ්‍රහ‍්මුනාසාකච‍්ඡාවණ‍්ණනා

භයන‍්ති චිත‍්තුත්‍රාසභයමෙව. අජානන‍්තාති අජානමානා. කථං ජානෙමු තං මයන‍්ති (දී· නි· 2.179) මයං කින‍්ති තං ජානාම, අයං කත්‍ථවාසිකො, කින‍්නාමො, කිං ගොත‍්තොතිආදීනං ආකාරානං කෙන ආකාරෙන තං ධාරයාමාති අත්‍ථො.

භයං සිත උත්‍රාසයට පමුණුවන බිය. අජානතා නොදන්නේ. කථං ජානෙම තං මයං අපි කෙසේ නම් ඒ කථාව දනිමුද? මේ එය වසන්නාගේ නම කුමක්ද කුලය කුමක්ද ආදිය කුමන අයුරින් ඔහු දරන්නේද යන අර්ථයයි.

මං වෙ කුමාරං ජානන‍්තීති මං “කුමාරො”ති “දහරො”ති ජානන‍්ති. බ්‍රහ‍්මලොකෙති සෙට‍්ඨලොකෙ. සනන‍්තනන‍්ති චිරතනං පොරාණකං. අහං සො පොරාණකුමාරො සනඞ‍්කුමාරො නාම බ්‍රහ‍්මාති දස‍්සෙති. එවං ගොවින්‍ද ජානාහීති ගොවින්‍ද පණ‍්ඩිත, ත්‍වං එවං ජානාහි, එවං මං ධාරෙහි.

මං වෙ කුමාරං ජානනන්ති මා කුමරුයයි ළමයෙකැයි දනිති. බ්‍රහ්මලොකෙ ශ්‍රේෂ්ඨ ලෝකයෙහි, සනත්තන බොහෝ කාලයක, පුරාණ වූ, මම ඒ පුරාණ කුමරා වූ සනං කුමාර නම් බ්‍රහ්මයා යයි දක්වයි. එවං ගොවින්ද ජානාහි ගෝවින්ද පණ්ඩිතයෙනි, මෙසේ මා දැනගන්න. මෙසේ දරාගන්න.

“ආසනං උදකං පජ‍්ජං, මධුසාකඤ‍්ච බ්‍රහ‍්මුනො; අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම, අග‍්ඝං කුරුතු නො භව”න‍්ති. –

අසුන දිය පා කෙත - මදුපාසය ද බඹහුද අගය විමසමු අපි - කරනුය අගය අපහට

එත්‍ථ අග‍්ඝන‍්ති අතිථිනො උපනාමෙතබ‍්බං වුච‍්චති. තෙනෙව ඉදමාසනං පඤ‍්ඤත‍්තං, එත්‍ථ නිසීදථ, ඉදං උදකං පරිසුද‍්ධං, ඉතො පානීයං පිවථ, පාදෙ ධොවථ, ඉදං පජ‍්ජං පාදානං හිතත්‍ථාය අභිසඞ‍්ඛතං තෙලං, ඉතො පාදෙ මක‍්ඛෙථ, ඉදං මධුසාකන‍්ති. බොධිසත‍්තස‍්ස බ්‍රහ‍්මචරියං න අඤ‍්ඤෙසං බ්‍රහ‍්මචරියසදිසං හොති, න සො “ඉදං ස‍්වෙ, ඉදං තතියදිවසෙ භවිස‍්සතී”ති සන‍්නිධිං නාම කරොති. මධුසාකං පන අලොණං අධූපනං අතක‍්කං උදකෙන සෙදිතසාකං, තං සන්‍ධායෙස – “ඉදං පරිභුඤ‍්ජථා”ති වදන‍්තො “අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාමා”තිආදිමාහ. ඉමෙ සබ‍්බෙපි අග‍්ඝා බ්‍රහ‍්මුනො අත්‍ථි. තෙ අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම. එවං පුච‍්ඡන‍්තානඤ‍්ච අග‍්ඝං කුරුතු නො භවං, පටිග‍්ගණ‍්හාතු නො භවං ඉදමග‍්ඝන‍්ති වුත‍්තං හොති. කිං පනෙස – “ඉතො එකම‍්පි බ්‍රහ‍්මා න භුඤ‍්ජතී”ති ඉදං න ජානාතීති. නො න ජානාති, ජානන‍්තොපි අත‍්තනො සන‍්තිකෙ ආගතො අතිථි පුච‍්ඡිතබ‍්බොති වත‍්තසීසෙන පුච‍්ඡති.

මෙහි අග්ඝං යනු ආගන්තුකව පිළිගැන්විය යුතුයයි කියනු ලැබේ. එහෙයින්ම මෙම අසුන පණවන ලදී. මෙහි වාඩිවෙන්න. මේ ජලය පිරිසිදුය. මෙයින් පැන් බොන්න. පා සෝදන්න. මෙය පා තෙලය, මෙයින් පාදයේ ගල්වන්න. මෙය මධුපාසය. බෝසත්තුමාගේ බ්‍රහ්මචර්යාව අනෙකකුගේ බ්‍රහ්මචර්යාවට සමාන නොවේ. මෙය හෙට හෝ මෙය තුන්වන දිනයෙහි නොවෙන්නේය. සන්නිධිය නම් කරන්නේය. මධුපාසය නම් ලුණු නැති තෙලින් නොබැද මෝරු නම් හුමාල ජලයෙන් තැම්බු සාක එය සඳහා මෙය ගෙන අනුභව කරවයි කියන්නේ අග්ඝෙ භවන්තං පුච්ඡාම ආදිය කීහ. මේ සියල්ලද අග්ඝා බ්‍රහමුනෝ අත්ථි පින්වත ඔබ. විචාරමු. මෙසේ විචාරන්නවුන්ද අග්ඝං කුරුතු පින්වත පිළිගැනීමු. මෙය අග්ඝ යයි කියන ලද්දේ වේ. කිම? මෙයින් එකක්වත් බ්‍රහ්මයා නොවළඳාද? මෙය නොදනීද? අප නොදනී. දන්නේ ද තමා සමීපයට පැමිණි ආගන්තුකයා විචාල යුතුයයි වතාවත් හිසින් විචාරයි.

අථ ඛො බ්‍රහ‍්මා – “කිං නු ඛො පණ‍්ඩිතො මම පරිභොගකරණාභාවං ඤත්‍වා පුච‍්ඡති, උදාහු කොහඤ‍්ඤෙ ඨත්‍වා පුච‍්ඡතී”ති සමන‍්නාහරන‍්තො “වත‍්තසීසෙ ඨිතො පුච‍්ඡතී”ති ඤත්‍වා පටිග‍්ගණ‍්හිතුං දානි මෙ වට‍්ටතීති පටිග‍්ගණ‍්හාම තෙ අග‍්ඝං, යං ත්‍වං ගොවින්‍ද භාසසීති ආහ. යං ත්‍වං ගොවින්‍ද භාසසි – “ඉදමාසනං පඤ‍්ඤත‍්තං, එත්‍ථ නිසීදථා”තිආදි, තත්‍ර තෙ මයං ආසනෙ නිසින‍්නා නාම හොම, පානීයං පීතා නාම හොම, පාදාපි මෙ ධොතා නාම හොන‍්තු, තෙලෙනපි මක‍්ඛිතා නාම හොන‍්තු, උදකසාකම‍්පි පරිභුත‍්තං නාම හොතු, තයා දින‍්නං අධිවාසිතකාලතො පට‍්ඨාය යං යං ත්‍වං භාසසි, තං තං මයා පටිග‍්ගහිතමෙව හොති. තෙන වුත‍්තං – “පටිග‍්ගණ‍්හාම තෙ අග‍්ඝං, යං ත්‍වං ගොවින්‍ද භාසසී”ති. එවං පන අග‍්ඝං පටිග‍්ගණ‍්හිත්‍වා පඤ‍්හස‍්ස ඔකාසං කරොන‍්තො දිට‍්ඨධම‍්මහිතත්‍ථායාතිආදිමාහ.

ඉක්බිති බ්‍රහ්මයා කිම පණ්ඩිතයෙක්ද මා පරිභෝග කරන බව දැන විචාරයිද? නැතහොත් කුහකකමේ සිට විචාරයි. පරික්ෂා කර බලන්නේවත් හිසින් සිට විචාරන්නේ යයි දැන දැන් එය පිළිගැනිමි වටී යයි, පතිගණහාම තෙ අග්ඝං යං ත්වං ගෝවින්ද භාසසි - යයි කීය. ගෝවින්ද ඔබ යමක් කීවේද? මේ ආසනය පනවන ලදී. මෙහි හිඳගන්න. එහි ඒ අප ආසනයේ හිඳගන්නේ නම් වෙමු. පැන් බොන ලද්දෝ වෙමු. මගේ පාද සේවනය කරනු ලබත්වා තෙල් ආලේප කරනු ලැබේවා. දිය සාක ද පරිභෝග කරනු ලැබේවා. ඉවසූ කාලයේ සිට ඔබ දෙන ලද දේ මම පිළිගතිමි. එහෙයින් කියන ලදී. පතිගණහාම තෙ අග්ඝං යං ත්වං ගොවින්ද භාසසි මෙසේ වනාහි අග්ඝය පිළිගෙන ප්‍රශ්නයට ඉඩ හරින්නේ දිට්ඨධම්ම හිතතත්ථාය යනාදිය කීය.

කඞ‍්ඛී අකඞ‍්ඛිං පරවෙදියෙසූති අහං සවිචිකිච‍්ඡො භවන‍්තං පරෙන සයං අභිසඞ‍්ඛතත‍්තා පරස‍්ස පාකටෙසු පරවෙදියෙසු පඤ‍්හෙසු නිබ‍්බිචිකිච‍්ඡං.

කංඛී අකංඛී පරවෙදියෙසු මම සැක සහිත වූයේ භවතා නිසා සංස්කරණය වූයේ අනුන් ප්‍රකට පරවාදි ප්‍රශ්නවල නිසැක වූයේ වෙමි.

හිත්‍වා මමත‍්තන‍්ති ඉදං මම, ඉදං මමාති උපකරණතණ‍්හං චජිත්‍වා. මනුජෙසූති සත‍්තෙසු, මනුජෙසු යො කොචි මනුජො මමත‍්තං හිත්‍වාති අත්‍ථො. එකොදිභූතොති එකීභූතො, එකො තිට‍්ඨන‍්තො එකො නිසීදන‍්තොති. වචනත්‍ථො පනෙත්‍ථ එකො උදෙති පවත‍්තතීති එකොදි, තාදිසො භූතොති එකොදිභූතො. කරුණෙධිමුත‍්තොති කරුණාඣානෙ අධිමුත‍්තො, තං ඣානං නිබ‍්බත‍්තෙත්‍වාති අත්‍ථො. නිරාමගන්‍ධොති විස‍්සගන්‍ධවිරහිතො. එත්‍ථ ඨිතොති එතෙසු ධම‍්මෙසු ඨිතො. එත්‍ථ ච සික‍්ඛමානොති එතෙසු ධම‍්මෙසු සික‍්ඛමානො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන උපරි මහාගොවින්‍දෙන ච බ්‍රහ‍්මුනා ච වුත‍්තොයෙව.

හිත්වා මමත්තං මෙය මගේ මෙය මගේ උපකරණ තෘෂ්ණාව හැර, මනුජෙසු සත්ත්වයන් කෙරෙහි, මිනිසුන්ගේ යමෙක් මමත්වය හැර යයි අර්ථය වේ. එකෙක් නැගිට සිටින්නේ, එකොදිභූතො - එකෙක් හිඳගෙන ඉන්නේ, මෙහි වචනාර්ථය වනාහි එකෙක් පිබිදෙයි පවත්වයි යනු එකෝදිවේ. එබඳු වූයේ යයි එකොදිභූතො වේ. එත්ව ඨිතො - මේ ධර්මවල සිටියේ. එත්ථ ච සික්ඛමානො - මේ ධර්මවල හික්මෙන්නේ යන්න මෙහි සංක්ෂෙපයහි. විස්තර වනාහි ඉහළ මහා ගෝවින්ද විසින් ද බ්‍රහ්ම විසින් ද කියන ලදී.

තත්‍ථ එතෙ අවිද‍්වාති එතෙ ආමගන්‍ධෙ අහං අවිද‍්වා, න ජානාමීති අත්‍ථො. ඉධ බ්‍රූහි ධීරාති තෙ මෙ ත්‍වං ඉධ ධීර පණ‍්ඩිත, බ්‍රූහි, වද. කෙනාවටා වාති පජා කුරුතූති කතමෙන කිලෙසාවරණෙන ආවරිතා පජා පූතිකා වායති. ආපායිකාති අපායූපගා. නිවුතබ්‍රහ‍්මලොකාති නිවුතො පිහිතො බ්‍රහ‍්මලොකො අස‍්සාති නිවුතබ්‍රහ‍්මලොකො. කතමෙන කිලෙසෙන පජාය බ්‍රහ‍්මලොකූපගො මග‍්ගො නිවුතො පිහිතො පටිච‍්ඡන‍්නොති පුච‍්ඡති.

එහි එතෙ අවිද්ධා - මේ පිලිගඳෙහි මම අවිද්ධය, නොදනිමිය යන අර්ථයයි. ඉධ භූහි ධීරා - එහෙයින් මම ඔබ කියන්න. ධීර, පණ්ඩිත කියන්න. කෙනාවටා වාති පජා කුරූරු - කවර නම් කෙලෙස් ආවරණයෙන් ආවරණය කන ලද ප්‍රජාව කුණුගඳ හමයි. ආපායිකා - අපායට එළඹි. නිවුත බහ්ම ලොකා - වසන ලද පිහිත වසන ලද බ්‍රහ්මලෝකය මොහුටනුසි නිවුත බ්‍රහ්ම ලෝක වේ. ප්‍රජාවගේ කවර නම් ක්ලේශයකින් බ්‍රහ්මලෝක මාර්ගය වසන ලද්දේ පිළිසන් වූයේදැයි විචාරයි.

කොධො මොසවජ‍්ජං නිකති ච දුබ‍්භොති කුජ‍්ඣනලක‍්ඛණො කොධො ච, පරවිසංවාදනලක‍්ඛණො මුසාවාදො ච, සදිසං දස‍්සෙත්‍වා වඤ‍්චනලක‍්ඛණා නිකති ච, මිත‍්තදුබ‍්භනලක‍්ඛණො දුබ‍්භො ච. කදරියතා අතිමානො උසූයාති ථද‍්ධමච‍්ඡරියලක‍්ඛණා කදරියතා ච, අතික‍්කමිත්‍වා මඤ‍්ඤනලක‍්ඛණො අතිමානො ච, පරසම‍්පත‍්තිඛීයනලක‍්ඛණා උසූයා ච. ඉච‍්ඡා විවිච‍්ඡා පරහෙඨනා චාති තණ‍්හාලක‍්ඛණා ඉච‍්ඡා ච, මච‍්ඡරියලක‍්ඛණා විවිච‍්ඡා ච, විහිංසාලක‍්ඛණා පරහෙඨනා ච. ලොභො ච දොසො ච මදො ච මොහොති යත්‍ථ කත්‍ථචි ලුබ‍්භනලක‍්ඛණො ලොභො ච, දුස‍්සනලක‍්ඛණො දොසො ච, මජ‍්ජනලක‍්ඛණො මදො ච, මුය‍්හනලක‍්ඛණො මොහො ච. එතෙසු යුත‍්තා අනිරාමගන්‍ධාති එතෙසු චුද‍්දසසු කිලෙසෙසු යුත‍්තා පජා නිරාමගන්‍ධා න හොති, ආමගන්‍ධා සකුණපගන්‍ධා පූතිගන්‍ධායෙවාති වදති. ආපායිකා නිවුතබ්‍රහ‍්මලොකාති එසා පන ආපායිකා චෙව හොති, පටිච‍්ඡන‍්නබ්‍රහ‍්මලොකමග‍්ගා චාති. ඉදං පන සුත‍්තං කථෙන‍්තෙන ආමගන්‍ධසුත‍්තෙන දීපෙත්‍වා කථෙතබ‍්බං, ආමගන්‍ධසුත‍්තම‍්පි ඉමිනා දීපෙත්‍වා කථෙතබ‍්බං.

කොධො මොඝ වජ්ජං නිකතී ච දොබ්හො - කිපෙන ලක්ෂණය ක්‍රෝධයයි. අනුන් මුළාකරන ලක්ෂණය මුසාවාදය සමානයයි දක්වා වංචා ලක්‍ෂණ වූ කපටි බවද මිත්‍රද්‍රෝහි ලක්‍ෂණය වූ (දෙබ්හය.) ද්වේශයද. කදරියතා අතිමානො උසුයසා - තද මසුරු ලක්ෂණය මසුරුකම ද ඉක්මවා මනින ලක්‍ෂණය වූ මානය ද අනුන්ගේ සම්පත් නැති කරණ ලක්ෂණයම වූ උසුය්‍යා ද. ඉච්ඡා විචිකිච්ඡා - තෘෂ්ණා ලක්ෂණය වූ ඉච්ඡාව ද මසුරු ලක්‍ෂණය වූ විචිකිච්ඡාව ද විහිංසා ලක්‍ෂණය වූ අනුන් වෙහෙසීමද, ලොහො ච දොසො ච මදො ච මොහො - යම්කිසි තැනක ඇලෙන ලක්ෂණය වූ ලෝභයද දුෂ්‍ය ලක්‍ෂණය වූ ද්වේශයද මත්වන ලක්ෂණය වූ මදයද මුළාවන ලක්‍ෂණය මෝහය ද, එතෙසු-යුක්තා අතිරාමගන්ධා - මේ කෙළෙස් තුදුසෙහි යුක්ත වූ ප්‍රජාව නිරාමයන්ට නොවෙති. සාම ගන්ධය, පක්ෂි ගඳ හා කුණු ගඳ යයි කියයි. ආපායිකා නිවුත බ්‍රහ්මලොකො - මෙය වනාහි අපායික ද වේ. වැසුණු බ්‍රහ්මලෝක මාර්ගයද දක්වයි. මේ සූත්‍රය කියන්නා විසින් ආමගන්ධ සූත්‍රයෙන්ද දක්වා කිවයුතුයි. ආමගන්ධ සූත්‍රයද මෙය දක්වා කිව යුතුය.

තෙ න සුනිම‍්මදයාති තෙ ආමගන්‍ධා සුනිම‍්මදයා සුඛෙන නිම‍්මදෙතබ‍්බා පහාතබ‍්බා න හොන‍්ති, දුප‍්පජහා දුජ‍්ජයාති අත්‍ථො. යස‍්ස දානි භවං ගොවින්‍දො කාලං මඤ‍්ඤතීති “යස‍්සා පබ‍්බජ‍්ජාය භවං ගොවින්‍දො කාලං මඤ‍්ඤති, අයමෙව හොතු, එවං සති මය‍්හම‍්පි තව සන‍්තිකෙ ආගමනං ස‍්වාගමනං භවිස‍්සති, කථිතධම‍්මකථා සුකථිතා භවිස‍්සති, ත්‍වං තාත සකලජම‍්බුදීපෙ අග‍්ගපුරිසො දහරො පඨමවයෙ ඨිතො, එවං මහන‍්තං නාම සම‍්පත‍්තිසිරිවිලාසං පහාය තව පබ‍්බජනං නාම ගන්‍ධහත්‍ථිනො අයබන්‍ධනං ඡින්‍දිත්‍වා ගමනං විය අතිඋළාරං, බුද‍්ධතන‍්ති නාමෙසා”ති මහාපුරිසස‍්ස දළ‍්හීකම‍්මං කත්‍වා බ්‍රහ‍්මා සනඞ‍්කුමාරො බ්‍රහ‍්මලොකමෙව ගතො.

තෙ න සුනිම්මදයා - ඒ ආමගන්ධය මනාව නිමි මද වූ සුවයෙන් මද නැතිකළයුතු පහකළ යුතු නොවේ. අත්හැරීමට දුෂ්කරය යන අර්ථය වේ. යස්සදානි භවං ගොවින්දො කාලං මඤ්ඤති - පිංවත් ගෝවින්දය පැවිදිවීමට කාලය දැනගන්න. මෙයම වේවා. මෙසේ ඇති කල්හි ඔබ සමීපයට මාගේ පැමිණිම ද යහපත් ගමනක් වන්නේය. කිවයුතු ධර්මකථා හොඳින් කීවා නම් වන්නේය. දරුව ඔබ තරුණ වියේ සිටියේ සියළු දඹදිවට අග්‍ර පුරුෂයාය. මෙසේ මහත් වූ ශ්‍රී සම්පත් හැරදමා ඔබගේ පැවිදිවීම නම් ගඳැතෙක් යකඩ දම්වැල් බිඳදමා යන ගමනක් මෙන් අත්‍යුදාරය. බුද්ධතනති නම් වන මෙය මහා පුරුෂයා. දැඩි ලෙස උත්සාහවත් කර සනංකුමාර බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයට ගියේය.

රෙණුරාජආමන‍්තනාවණ‍්ණනා

මහාපුරිසොපි “මම ඉතොව නික‍්ඛමිත්‍වා පබ‍්බජනං නාම න යුත‍්තං, අහං රාජකුලස‍්ස අත්‍ථං අනුසාසාමි, තස‍්මා රඤ‍්ඤො ආරොචෙස‍්සාමි. සචෙ සොපි පබ‍්බජිස‍්සති, සුන්‍දරමෙව. නො චෙ පබ‍්බජිස‍්සති, පුරොහිතට‍්ඨානං නිය්‍යාතෙත්‍වා අහං පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා රාජානං උපසඞ‍්කමි, තෙන වුත‍්තං – “අථ ඛො භො මහාගොවින්‍දො,…පෙ… නාහං පොරොහච‍්චෙ රමෙ”ති.

මහා පුරුෂයාද මම මෙයින් නික්මී පැවිදිවීම සුදුසු නොවේ. මම රාජකුලයේ ප්‍රයෝජනය සඳහා අනුසාසනය කරමි. එහෙයින් රජුට දන්වන්නෙමි. ඉඳින් රජුට දන්වන්නෙමි, ඉදින් ඔහුත් පැවිදිවන්නේ නම් යහපති, පැවිදි නො වන්නේ නම් පුරෝහිත තනතුර බාරදී මම පැවිදි වන්නෙමියි සිතා “ඉක්බිති මහාගෝවින්ද... මම පුරෝහිත නිලයෙහි නො ඇලෙමියි යනාදිය කීය,

තත්‍ථ ත්‍වං පජානස‍්සු රජ‍්ජෙනාති තව රජ‍්ජෙන ත්‍වමෙව ජානාහි. නාහං පොරොහිච‍්චෙ රමෙති අහං පුරොහිතභාවෙ න රමාමි, උක‍්කණ‍්ඨිතොස‍්මි, අඤ‍්ඤං අනුසාසකං ජානාහි, නාහං පොරොහිච‍්චෙ රමෙති.

[missing here]නාහං පුරෝහිච්චෙ රමෙ - මම පුරෝහිත බවෙහි නොඇලෙමි. කලකිරුණෙමි. වෙනත් පුරෝහිතයකු සොයාගන්න.

අථ රාජා – “ධුවං චත‍්තාරො මාසෙ පටිසල‍්ලීනස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ භොගා මන්‍දා ජාතා”ති චින‍්තෙත්‍වා ධනෙන නිමන‍්තෙන‍්තො – “සචෙ තෙ ඌනං කාමෙහි. අහං පරිපූරයාමි තෙ”ති වත්‍වා පුන – “කින‍්නු ඛො එස එකකො විහරන‍්තො කෙනචි විහිංසිතො භවෙය්‍යා”ති චින‍්තෙත්‍වා,

ඉක්බිති රජතුමා සිව්මසක් විවේකීව සිටි බමුණාගේ ගෘහයෙහි ඒකාන්තයෙන් සම්පත් මඳ යයි සිතා ධනයෙන් ආරාධනා කරන්නේ, ඉඳින් ඔබට අඩුවක් වේ නම් ඒවා මම සරණ කරමි යයි කියා නැවත මොහු හුදකලාව සිටින්නේ කුමක් නිසාද? කිසියම් හිරිහැරයක් වන්නේ යයි සිතා,

“යො තං හිංසති වාරෙමි, භූමිසෙනාපති අහං; තුවං පිතා අහං පුත‍්තො, මා නො ගොවින්‍ද පාජහී”ති. –

වෙ’ නම් යම් හිංසන - වලහම් පොළොවෙ සෙන්පති ඔබ පියා මා පුත් - ගොවිඳ අත්නොහරිනු මා

ආහ. තස‍්සත්‍ථො – යො තං හිංසති, තං වාරෙමි, කෙවලං තුම‍්හෙ “අසුකො”ති ආචික‍්ඛථ, අහමෙත්‍ථ කත‍්තබ‍්බං ජානිස‍්සාමීති. භූමිසෙනාපති අහන‍්ති අථ වා අහං පථවියා සාමී, ස‍්වාහං ඉමං රජ‍්ජං තුම‍්හෙයෙව පටිච‍්ඡාපෙස‍්සාමි. තුවං පිතා අහං පුත‍්තොති ත්‍වං පිතිට‍්ඨානෙ ඨස‍්සසි, අහං පුත‍්තට‍්ඨානෙ. සො ත්‍වං මම මනං හරිත්‍වා අත‍්තනොයෙව මනං ගොවින්‍ද, පාජෙහි; යථා ඉච‍්ඡසි තථා පවත‍්තස‍්සු. අහං පන තව මනංයෙව අනුවත‍්තන‍්තො තයා දින‍්නපිණ‍්ඩං පරිභුඤ‍්ජන‍්තො තං අසිචම‍්මහත්‍ථො වා උපට‍්ඨහිස‍්සාමි, රථං වා තෙ පාජෙස‍්සාමි. “මා නො ගොවින්‍ද, පජහී”ති වා පාඨො. තස‍්සත්‍ථො – ත්‍වං පිතිට‍්ඨානෙ තිට‍්ඨ, අහං පුත‍්තට‍්ඨානෙ ඨස‍්සාමි. මා නො ත්‍වං භො ගොවින්‍ද, පජහි, මා පරිච‍්චජීති. අථ මහාපුරිසො යං රාජා චින‍්තෙසි, තස‍්ස අත‍්තනි අභාවං දස‍්සෙන‍්තො –

එහි අර්ථය - යො තංහිංසති තං වාරෙමි - හුදෙක් මෙහි මවිසින් කළයුතු වන්නේ අසවල් දෙයයයි කියන්න. එය මම දනිමි. භූමි සෙනාපති අහං - එසේ නැතහොත් මම පොළොවෙහි ස්වාමියා වෙමි. ඒ මම මේ රාජ්‍යය ඔබටම පවරා දෙමි. ත්වං පිතා අහං පුත්තො - ඔබ පිය තනතුරෙහි සිටින්නෙහිය. ඒ ඔබ මාගේ සිත ඔබම ගෙන ගෝවින්ද නොයන්න. ඔබ කැමති සේ පවතින්න. මම සිත අනුවම සිටින්නේ ඔබදෙන ආහාර අනුභව කරමින් ඔබට අසි සම් අතින් සේවය කරමි. ඔබේ රථය හෝ පදවන්නෙමි. ගෝවින්ද අප අත්නොහරින්න යනු ද පාඨයකි. එහි අර්ථය ඔබ පිය ස්ථානයෙහි සිටින්න. මම පුත් ස්ථානයෙහි සිටිමි. ගෝවින්ද අප අත් නොහරින්න. ඉක්බිති මහා පුරුෂයා රජු යමක් සිතුවේ නම් එය තමාට නැතිබව දක්වන්නේ,

“න මත්‍ථි ඌනං කාමෙහි, හිංසිතා මෙ න විජ‍්ජති; අමනුස‍්සවචො සුත්‍වා, තස‍්මාහං න ගහෙ රමෙ”ති.

අඩු නැත කාමයෙහි - හිංසන ද මට නැත්මය නැත ඇල්ම ගිහිගෙය - අසමින් අමනුස් වදන්

ආහ. තත්‍ථ න මත්‍ථීති න මෙ අත්‍ථි. ගහෙති ගෙහෙ. අථ නං රාජා පුච‍්ඡි –

එහි නමත්ථි - මට නැත. ගහෙ - ගෙයි. ඉක්බිති රජු ඔහු විචාරයි.

“අමනුස‍්සො කථං වණ‍්ණො, කිං තෙ අත්‍ථං අභාසථ; යඤ‍්ච සුත්‍වා ජහාසි නො, ගෙහෙ අම‍්හෙ ච කෙවලී”ති.

අමනුස් කිනම් වණ - කිමෙක් වේද කී බස ඔහු අසා යම් වදනක් - අත් හරින අප සැම දෙන

තත්‍ථ ජහාසි නො, ගෙහෙ අම‍්හෙ ච කෙවලීති බ්‍රාහ‍්මණස‍්ස සම‍්පත‍්තිභරිතෙ ගෙහෙ සඞ‍්ගහවසෙන අත‍්තනො ගෙහෙ කරොන‍්තො යං සුත්‍වා අම‍්හාකං ගෙහෙ ච අම‍්හෙ ච කෙවලී සබ‍්බෙ අපරිසෙසෙ ජම‍්බුදීපවාසිනො ජහාසීති වදති.

එහි ජනසි නො ගෙහෙ අම්හෙ ච කෙවලෙ - සම්පත් පිරුණු බමුණාගේ ගෙයද ඇලීම් වශයෙන් තමාගේ ගෙයද අපගේ ගෙයද හුදෙක් සියළු දඹදිව වාසීන් යම් වදනක් අසා අත්හරී යයි කියයි.

අථස‍්ස ආචික‍්ඛන‍්තො මහාපුරිසො උපවුත්‍ථස‍්ස මෙ පුබ‍්බෙතිආදිමාහ. තත්‍ථ උපවුත්‍ථස‍්සාති චත‍්තාරො මාසෙ එකීභාවං උපගන‍්ත්‍වා වුත්‍ථස‍්ස. යිට‍්ඨකාමස‍්ස මෙ සතොති යජිතුකාමස‍්ස මෙ සමානස‍්ස. අග‍්ගි පජ‍්ජලිතො ආසි, කුසපත‍්තපරිත්‍ථතොති කුසපත‍්තෙහි පරිත්‍ථතො සප‍්පිදධිමධුආදීනි පක‍්ඛිපිත්‍වා අග‍්ගි ජලයිතුමාරද‍්ධො ආසි, එවං අග‍්ගිං ජාලෙත්‍වා “මහාජනස‍්ස දානං දස‍්සාමී”ති එවං චින‍්තෙත්‍වා ඨිතස‍්ස මමාති අයමෙත්‍ථ අත්‍ථො.

ඉක්බිති මහාපුරුෂයා රජට කියන්නේ “උප වුත්ථස්ස මෙ පුබ්බෙ” යනාදිය කීය, උපවුත්ථසස - එහි සිව්මසක් හුදකලාව වාසය කළේ. යට්ඨුකාමස්ස ම සතො අග්ග පජ්ජජිලිතො ආසි කුසපත්ත පරිත්ථතො - කුසපත් වලින් ආරක්ෂා කරමින් ගිතෙල් හකුරු පැණි ආදිය බහා ගිනි දැල්වීමට ආරම්භ කෙළේය. මෙසේ ගිනි දල්වා මහජනයාට මහා දානයක් දෙන්නෙමි’යි මෙසේ සිතා සිටියහ.

සනන‍්තනොති සනඞ‍්කුමාරො බ්‍රහ‍්මා. තතො රාජා සයම‍්පි පබ‍්බජිතුකාමො හුත්‍වා සද‍්දහාමීතිආදිමාහ. තත්‍ථ කථං වත‍්තෙථ අඤ‍්ඤථාති කථං තුම‍්හෙ අඤ‍්ඤථා වත‍්තිස‍්සථ. තෙ තං අනුවත‍්තිස‍්සාමාති තෙ මයම‍්පි තුම‍්හෙයෙව අනුවත‍්තිස‍්සාම, අනුපබ‍්බජිස‍්සාමාති අත්‍ථො. “අනුවජිස‍්සාමා”තිපි පාඨො, තස‍්ස අනුගච‍්ඡිස‍්සාමාති අත්‍ථො. අකාචොති නික‍්කාචො අකක‍්කසො. ගොවින්‍දස‍්සානුසාසනෙති තව ගොවින්‍දස‍්ස සාසනෙ. භවන‍්තං ගොවින්‍දමෙව සත්‍ථාරං කරිත්‍වා චරිස‍්සාමාති වදති.

සනන්තනො - සනංකුමාර බ්‍රහ්මයා, එයින් රජතුමා ද පැවිදිවෙනු කැමැත්තේ සද්දහාමි ආදිය කීය. එහි කතං වත්තෙථ අඤ්ඤථා ඔබ කෙසේ හෝ අන්‍යාකාරයකින් පවතින්නේද? තෙ තං අනුවත්තිස්සාමි - කෙසේ හෝ මම ද ඔබ අනුව සිටිමි අනුව පැවිදිවෙමි යනු පාඨයි. අනුව යන්නෙමි යන අර්ථයි. අකාච - පටලය නැති. කසට නැති. ගොවින්දස්සනුසාසනෙ - ගෝවින්දගේ අනුසාසනයෙහි. පිංවත් ගෝවින්දම ශාස්තෲ කොට හැසිරෙමියි කියයි.

ඡ ඛත‍්තියආමන‍්තනාවණ‍්ණනා

යෙන තෙ ඡ ඛත‍්තියා තෙනුපසඞ‍්කමීති රෙණුං රාජානං “සාධු මහාරාජ රජ‍්ජං නාම මාතරං පිතරං භාතිභගිනීආදයොපි මාරෙත්‍වා ගණ‍්හන‍්තෙසු සත‍්තෙසු එවං මහන‍්තං රජ‍්ජසිරිං පහාය පබ‍්බජිතුකාමෙන උළාරං මහාරාජෙන කත”න‍්ති උපත්‍ථම‍්භෙත්‍වා දළ‍්හතරමස‍්ස උස‍්සාහං කත්‍වා උපසඞ‍්කමි. එවං සමචින‍්තෙසුන‍්ති රඤ‍්ඤො චින‍්තිතනයෙනෙව කදාචි බ්‍රාහ‍්මණස‍්ස භොගා පරිහීනා භවෙය්‍යුන‍්ති මඤ‍්ඤමානා සමචින‍්තෙසුං. ධනෙන සික‍්ඛෙය්‍යාමාති උපලාපෙය්‍යාම සඞ‍්ගණ‍්හෙය්‍යාම. තාවතකං ආහරීයතන‍්ති තාවතකං ආහරාපියතු ගණ‍්හියතු, යත‍්තකං ඉච‍්ඡථ, තත‍්තකං ගණ‍්හථාති වුත‍්තං හොති. භවන‍්තානංයෙව වාහසාති භවන‍්තෙ පච‍්චයං කත්‍වා, තුම‍්හෙහි දින‍්නත‍්තායෙව පහූතං සාපතෙය්‍යං ජාතං.

යෙන තෙ ඡ ඛත්තියා තෙනුපසංකමි රෙණු රජුට මහරජ සාධු. රාජ්‍යය නම් මව පියා, සහෝදරයා සහෝදරිය ආදීහුද මරවා ගන්නා සතුන් අතුරෙහි මහත් රාජසිරි හැර පැවිදිවනු කැමැත්තෙන් මහරජු විසින් උදාර දෙයක් කරන ලදැයි ස්ථිර කොට උත්සාහය දැඩි කොට එළඹියේය. එවං සමචිත්තෙසු - රජු සිතන නියාමයෙන් ම දිනක බමුණාගේ සම්පත් පිරිහෙන්නේයයි සිතන්නේ සමසිත් විය. ධනෙන සික්ඛෙය්‍යමා - පොළඹවන්නෙමු. සංග්‍රහ කරන්නෙමු. තාවත්‍යං ආහරීයතං - එපමණ ගෙන එනු ලැබේවා. යනු ලැබේවා කැමති තරම් ගන්නැයි කියන ලදී. භවන්තානංයෙව වාහස. - පින්වතුන් ප්‍රත්‍ය කොට ඔබලා විසින් දෙන ලද දෙයින් ම බොහෝ ඇතිවන ලදී.

සචෙ ජහථ කාමානීති සචෙ වත්‍ථුකාමෙ ච කිලෙසකාමෙ ච පරිච‍්චජථ. යත්‍ථ සත‍්තො පුථුජ‍්ජනොති යෙසු කාමෙසු පුථුජ‍්ජනො සත‍්තො ලග‍්ගො ලග‍්ගිතො. ආරම‍්භව‍්හො දළ‍්හා හොථාති එවං සන‍්තෙ වීරියං ආරභථ, අසිථිලපරක‍්කමතං අධිට‍්ඨාය දළ‍්හා භවථ. ඛන‍්තීබලසමාහිතාති ඛන‍්තිබලෙන සමන‍්නාගතා භවථාති රාජූනං උස‍්සාහං ජනෙති.

සචෙ ජහථ කාමානි - ඉඳින් වස්තු කාමයන්ද ක්ලේශ කාමයන් ද අත්හරින්නේ නම්. යත්ථ පත්තො පුථුජ්ජනො - පෘථග්ජන සත්වයෝ කාමයන් කෙරෙහි ඇලෙති. ආරභතො දළහාහොථ - මෙසේ ඇති කල්හි වීර්ය ආරම්භ කරන්න. පරාක්‍රමය අඩු නොකොට අධිෂ්ඨානයෙන් දැඩි කරන්න. ඛන්තීබල සමාහිතා - ක්ෂාන්ති බලයෙන් යුක්ත වන්නැයි රජු උත්සාහ කරවයි.

එස මග‍්ගො උජුමග‍්ගොති එස කරුණාඣානමග‍්ගො උජුමග‍්ගො නාම. එස මග‍්ගො අනුත‍්තරොති එසෙව බ්‍රහ‍්මලොකූපපත‍්තියා අසදිසමග‍්ගො උත‍්තමමග‍්ගො නාම. සද‍්ධම‍්මො සබ‍්භි රක‍්ඛිතොති එසො එව ච බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකෙහි සබ‍්භිරක‍්ඛිතධම‍්මො නාම. ඉති කරුණාඣානස‍්ස වණ‍්ණභණනෙනාපි තෙසං අනිවත‍්තනත්‍ථාය දළ‍්හීකම‍්මමෙව කරොති.

එසමග්ගො උජුමග්ගො - මේ කරුණාධ්‍යාන මාර්ගය සෘජු මාර්ගයයි. එසමග්ගො අනුත්තරො - බඹලොව ඉපදීමට මෙයම අසදෘශ වූ උතුම් මාර්ගයයි. සද්ධම්මො සබභිරක්ඛිතො එය ද බුදු පසේබුදු ශ්‍රාවකයන් විසින් ද ....විසින් රකින ලද ධර්මය නම් යයි කරුණා ධ්‍යානයේ වර්ණානාවෙන් ද ඒවායේ නොනැවතීම පිණිස දැඩි ක්‍රියාවම කරයි.

කො නු ඛො පන භො ජානාති ජීවිතානන‍්ති භො ජීවිතං නාම උදකපුප‍්ඵුළූපමං තිණග‍්ගෙ උස‍්සාවබින්‍දූපමං තඞ‍්ඛණවිද‍්ධංසනධම‍්මං, තස‍්ස කො ගතිං ජානාති, කිස‍්මිං ඛණෙ භිජ‍්ජිස‍්සති? ගමනීයො සම‍්පරායොති පරලොකො පන අවස‍්සං ගන‍්තබ‍්බොව, තත්‍ථ පණ‍්ඩිතෙන කුලපුත‍්තෙන මන‍්තායං බොද‍්ධබ‍්බං. මන‍්තා වුච‍්චති පඤ‍්ඤා, තාය මන‍්තෙතබ‍්බං බුජ‍්ඣිතබ‍්බං, උපපරික‍්ඛිතබ‍්බඤ‍්ච ජානිතබ‍්බඤ‍්චාති අත්‍ථො. කරණත්‍ථෙ වා භුම‍්මං. මන‍්තායං බොද‍්ධබ‍්බන‍්ති මන‍්තාය බුජ‍්ඣිතබ‍්බං, ඤාණෙන ජානිතබ‍්බන‍්ති අත්‍ථො. කිං බුජ‍්ඣිතබ‍්බං? ජීවිතස‍්ස දුජ‍්ජානතා, සම‍්පරායස‍්ස ච අවස‍්සං ගමනීයතා, බුජ‍්ඣිත්‍වා ච පන සබ‍්බපලිබොධෙ ඡින්‍දිත්‍වා කත‍්තබ‍්බං කුසලං චරිතබ‍්බං බ්‍රහ‍්මචරියං. කස‍්මා? යස‍්මා නත්‍ථි ජාතස‍්ස අමරණං.

කො පන භො ජානාති ජීවිතානං - පින්වත ජීවිතය නම් දිය බුබුල වෙති, තණ අග පිනිබිඳු මෙනි. එකෙණෙහි විනාශ වන ස්වභාවය වේ. එහි ගතිය නොදනී, කොයි මොහොතේ බිඳේද කියා, ගමනියො ඛොපන සම්පරායො - පරලෝකය වනාහි අවශ්‍යයෙන්ම යා යුතුමය. එහි පණ්ඩිත කුලපුත්‍රයා විසින් ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුය. මන්තා යනු ප්‍රඥාවය - එයින් දැනගත යුතුය. අවබෝධ කළ යුතුය. පරීක්ෂා කළ යුතුය. දත යුතුය යන අර්ථය වේ. කරණාර්ථයෙහි ආධාර වේ. මන්තාය බොද්ධබ්බං - ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුය. නුවණින් දත යුතුය යන අර්ථයයි. කුමක් අවබෝධ කළයුතුද? ජීවිතය දැන ගැනීමට අපහසු බව අවශ්‍යයෙන් පරලොව යා යුතු බව. දැන ගෙන ද වනාහි සියළු පළිබෝධයන් සිඳ කුසල් කළ යුතුය. බ්‍රහ්මචර්යෙහි හැසිරිය යුතුය. කුමක් හෙයින් ද? යම්හෙයකින් ඉපදුණු අය අමරණීය නොවන හෙයිනි.

බ්‍රාහ‍්මණමහාසාලාදීනං ආමන‍්තනාවණ‍්ණනා

අප‍්පෙසක‍්ඛා ච අප‍්පලාභා චාති භො පබ‍්බජ‍්ජා නාම අප‍්පයසා චෙව, පබ‍්බජිතකාලතො පට‍්ඨාය හි රජ‍්ජං පහාය පබ‍්බජිතං විහෙඨෙත්‍වා විහෙඨෙත්‍වා ලාමකං අනාථං කත්‍වාව කථෙන‍්ති. අප‍්පලාභා ච, සකලගාමං චරිත්‍වාපි අජ‍්ඣොහරණීයං දුල‍්ලභමෙව. ඉදං පන බ්‍රහ‍්මඤ‍්ඤං මහෙසක‍්ඛඤ‍්ච මහායසත‍්තා, මහාලාභඤ‍්ච ලාභසක‍්කාරසම‍්පන‍්නත‍්තා. භවඤ‍්හි එතරහි සකලජම‍්බුදීපෙ අග‍්ගපුරොහිතො සබ‍්බත්‍ථ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගභත‍්තං අග‍්ගගන්‍ධං අග‍්ගමාලං ලභතීති.

අප්පෙසක්ඛා ච අප්පලාභාච - පින්වත පැවිද්ද නම් අල්ප කීර්තිය ද පැවිදි වූ කාලයේ පටන් රජය හැර පැවිදි වූයේ ද වෙහෙස කොට තදින් වෙහෙසකොට ලාමක අනාථ කොට කියත්. අල්ප ලාභ ඇත්තේ ද වේ. ගම හැමතැනම ඇවිද්ද ද ආහාරය දුර්ලභ වේ මය. මෙය වනාහි බ්‍රහ්මය උසස් ජිවිතයකි. මහේසාඛ්‍ය, මහා යසස් ඇති. මහාලාභ ඇති ලාභ සත්කාරවලින් යුක්තවද වේ. පින්වතා දැන් සියළු දඹදිව අග්‍ර පුරෝහිත වේ. සියළු තැනම මුලසුන ලැබේ, මුලසුන් ලැබේ. අග්‍ර ආහාර ලැබේ. අග ගඳම ලබයි.

රාජාව රඤ‍්ඤන‍්ති අහඤ‍්හි භො එතරහි පකතිරඤ‍්ඤං මජ‍්ඣෙ චක‍්කවත‍්තිරාජා විය. බ්‍රහ‍්මාව බ්‍රහ‍්මානන‍්ති පකතිබ්‍රහ‍්මානං මජ‍්ඣෙ මහාබ්‍රහ‍්මසදිසො. දෙවතාව ගහපතිකානන‍්ති අවසෙසගහපතිකානං පනම‍්හි සක‍්කදෙවරාජසදිසො.

රාජා ච රඤ්ඤං - මම දැන් ප්‍රකෘති රජ වෙමි, චක්‍රවර්ති රජු මෙනි. අවසේසස ගෘහ පතියන් මැද සක්දෙවිඳ මෙනි

භරියානං ආමන‍්තනාවණ‍්ණනා

චත‍්තාරීසා භරියා සාදිසියොති සාදිසියොව චත‍්තාරීසා භරියා, අඤ‍්ඤා පනස‍්ස තීසු වයෙසු නාටකිත්‍ථියො බහුකායෙව.

චත්තචාරිසා භරියා සාදිසියෝ - සිව් බිරියන් හා සමානය. අන්‍යයෝ වනාහි තුන්වයසෙහි බොහෝ නිළියෝ මෙනි.

මහාගොවින්‍දපබ‍්බජ‍්ජාවණ‍්ණනා

චාරිකං චරතීති ගාමනිගමපටිපාටියා චාරිකං චරති, ගතගතට‍්ඨානෙ බුද‍්ධකොලාහලං විය හොති. මනුස‍්සා “මහාගොවින්‍දපණ‍්ඩිතො කිර ආගච‍්ඡතී”ති සුත්‍වා පුරෙතරමෙව මණ‍්ඩපං කාරෙත්‍වා මග‍්ගං අලඞ‍්කරිත්‍වා පච‍්චුග‍්ගන‍්ත්‍වා ගණ‍්හිත්‍වා එන‍්ති, මහාලාභසක‍්කාරො මහොඝො විය අජ‍්ඣොත්‍ථරන‍්තො උප‍්පජ‍්ජි. සත‍්තපුරොහිතස‍්සාති සත‍්තන‍්නං රාජූනං පුරොහිතස‍්ස. ඉති යථා එතරහි එවරූපෙසු වා ඨානෙසු කිස‍්මිඤ‍්චිදෙව දුක‍්ඛෙ උප‍්පන‍්නෙ “නමො බුද‍්ධස‍්සා”ති වදන‍්ති, එවං තදා “නමත්‍ථු මහාගොවින්‍දස‍්ස බ්‍රාහ‍්මණස‍්ස, නමත්‍ථු සත‍්තපුරොහිතස‍්සා”ති වදන‍්ති.

චාරිකං චරති - ගම් නියම් පිළිවෙළින් චාරිකාවේ හැසිරෙයි. ගිය ගිය තැන බුදු කොලහලය මෙන් වේ. මිනිස්සු මහා ගෝවින්ද පණ්ඩිතයන් එතියි අසා කලින්ම මණ්ඩපයක් කරවා මාර්ගය අලංකාර කරවා පෙරගමන් කොට කැඳවාගෙන එති. මහත් ලාභ සත්කාර මහෝඝයක් මෙන් උතුරා යමින් උපදී. සත්ත පුරෝහිතස්ස - සත් රජුන්ගේ පුරෝහිතයන්ට. මෙසේ දැන් මෙබඳු තැන්වල කිසියම් දුකක් උපන් කල්හි “නමෝ බුදධස්ස” යයි කියති. මෙසේ එකල “නමත්ථු මහා ගොවින්දස්ස බ්‍රාහ්මණස්ස, නමත්ථු සත්ත පුරෝහිතස්ස” යයි කියති.

මෙත‍්තාසහගතෙනාතිආදිනා නයෙන පාළියං බ්‍රහ‍්මවිහාරාව ආගතා, මහාපුරිසො පන සබ‍්බාපි අට‍්ඨ සමාපත‍්තියො ච පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙසි. සාවකානඤ‍්ච බ්‍රහ‍්මලොකසහබ්‍යතාය මග‍්ගං දෙසෙසීති බ්‍රහ‍්මලොකෙ බ්‍රහ‍්මුනා සහභාවාය මග‍්ගං කථෙසි.

“මෙත්තා සහගතෙන” ආදි නයින් පෙළෙහි බ්‍රහ්ම විහාරම ආවේය. මහා පුරුෂයා වනාහි සියළු අෂ්ඨ සමාපත්තිද පඤ්ච අභිඥා ද ඉපදවීය. සාවකානඤ්ච බ්‍රහ්ම ලොක සහව්‍යතාය මග්ගං දෙසෙසි - බඹලොව බඹුන් හා සමග විසීමට මාර්ගය කීවේය.

සබ‍්බෙනසබ‍්බන‍්ති යෙ අට‍්ඨ ච සමාපත‍්තියො පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙසුං. යෙ න සබ‍්බෙන සබ‍්බං සාසනං ආජානිංසූති යෙ අට‍්ඨසු සමාපත‍්තීසු එකසමාපත‍්තිම‍්පි න ජානිංසු, න සක‍්ඛිංසු නිබ‍්බත‍්තෙතුං. අමොඝාති සවිපාකා. අවඤ‍්ඣාති න වඤ‍්ඣා. සබ‍්බනිහීනං පසවන‍්ති ගන්‍ධබ‍්බකායං පසවි. සඵලාති අවසෙසදෙවලොකූපපත‍්තීහි සාත්‍ථා. සඋද්‍රයාති බ්‍රහ‍්මලොකූපපත‍්තියා සවුඩ‍්ඪි.

සබ්බෙන සබ්බං - යමෙක් අෂ්ට සමාපත්තිද පඤ්ච අභිඥා ද ඉපදවූහ. යෙ න සබ්බෙන සබ්බං සාසනං ආජානිංසු - ඇතමෙක් අෂ්ට සමාපත්තිවලින් එක සමාපත්තියක්වත් නොදත්හ, ඉපදවීමට නොහැකි වූහ. අමොඝා - විපාක සහිත. අවඤ්ඣා - වඳනැති. සබ්බනිහීත පසුවන්ති - හීන වූ ගඳඹකය රැස් කළහ. සඵලා - සෙසු දෙව්ලෝ උපත් සාර්ථක විය. සඋද්‍රයා - බඹලොව උපතින් සංවර්ධනය විය.

සරාමහන‍්ති සරාමි අහං පඤ‍්චසිඛ, ඉමිනා කිර පදෙන අයං සුත‍්තන‍්තො බුද‍්ධභාසිතො නාම ජාතො. න නිබ‍්බිදායාති න වට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය. න විරාගායාති න වට‍්ටෙ විරාගත්‍ථාය. න නිරොධායාති න වට‍්ටස‍්ස නිරොධත්‍ථාය. න උපසමායාති න වට‍්ටස‍්ස උපසමනත්‍ථාය. න අභිඤ‍්ඤායාති න වට‍්ටං අභිජානනත්‍ථාය. න සම‍්බොධායාති න කිලෙසනිද‍්දාවිගමෙන වට‍්ටතො පබුජ‍්ඣනත්‍ථාය. න නිබ‍්බානායාති න අමතනිබ‍්බානත්‍ථාය.

සරාමහං - සිහිකරමි මම පංචසිඛ, මෙම පදයෙන් වනාහි මේ සූත්‍රාන්තය බුද්ධභාෂිත නම් විය. නිබ්බිදාය - සසරෙහි කලකිරීම සඳහා නොවන, න විරාගාය - සසරෙහි විරාගය සඳහා නොවන. න නිරොධාය - සසරේ නිරෝධය පිණිස නොවන. න උපසමාය - සසරේ උපසමනය සඳහා නොවන. න අභිඤ්ඤාය - සසර දැන ගැනීමට නොවන. න සම්බොධාය - කෙලෙස් නින්දෙන් ඉවත් වී සසරින් එගොඩවීම සඳහා නොවේ. න නිබ්බානාය- අමෘත මහා නිර්වාණාර්ථය සඳහා නොවේ.

එකන‍්තනිබ‍්බිදායාති එකන‍්තමෙව වට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය. එත්‍ථ පන නිබ‍්බිදායාති විපස‍්සනා. විරාගායාති මග‍්ගො. නිරොධාය උපසමායාති නිබ‍්බානං. අභිඤ‍්ඤාය සම‍්බොධායාති මග‍්ගො. නිබ‍්බානායාති නිබ‍්බානමෙව. එවං එකස‍්මිං ඨානෙ විපස‍්සනා, තීසු මග‍්ගො, තීසු නිබ‍්බානං වුත‍්තන‍්ති එවං වවත්‍ථානකථා වෙදිතබ‍්බා. පරියායෙන පන සබ‍්බානිපෙතානි මග‍්ගවෙවචනානිපි නිබ‍්බානවෙවචනානිපි හොන‍්තියෙව. සම‍්මාදිට‍්ඨිආදීසු යං වත‍්තබ‍්බං, තං විසුද‍්ධිමග‍්ගෙ සච‍්චවණ‍්ණනායං වුත‍්තමෙව.

එකන්ත නිබ්බිදාය - ඒකාන්තයෙන් ම සසරෙහි කලකිරීම සඳහා. මෙහි වනාහි නිබ්බිදාය යනු විදර්ශනාවය. විරාගාය - මාර්ගය. නිරෝධාය උපසමාය - නිවන. අභිඤ්ඤාය සම්බොධාය - මාර්ගය. නිබ්බාණාය - නිවනම වේ. එක් තැනක විදර්ශනාව මාර්ග තුනෙහි නිවන් තුනක කියති. මැඩගත් කථා දත යුතුය. පරියායයෙන් වනාහි මේ සියල්ලම මාර්ග සමාන වචනද නිර්වාණ සමාන වචන ද වේ. සම්මාදිට්ඨි - ආදියෙහි යමක් කිවයුතු නම් ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි සත්‍ය වර්ණනාවෙහි කියන ලද්දේය.

යෙ න සබ‍්බෙනසබ‍්බන‍්ති යෙ චත‍්තාරොපි අරියමග‍්ගෙ පරිපූරෙතුං න ජානන‍්ති, තීණි වා ද‍්වෙ වා එකං වා නිබ‍්බත‍්තෙන‍්ති. සබ‍්බෙසංයෙව ඉමෙසං කුලපුත‍්තානන‍්ති බ්‍රහ‍්මචරියචිණ‍්ණකුලපුත‍්තානං. අමොඝා…පෙ… සඵලා සඋද්‍රයාති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි.

යෙන සබ්බෙන සබ්බං - යමෙක් සතර මාර්ග සම්පූර්ණ කිරීමට නො දනිත් ද තුනක් හෝ දෙකක් හෝ එකක් හෝ උපදවති. සබ්බෙසංඝෙව ඉමෙසං කුලපුත්තානං - බ්‍රහ්ම චර්යාව පුරුදු පුහුණු කළ කුලපුත්‍රයන්ට හිස් නොවූ... බඹලොව උපත් සහිත, රහත් බවින් කුළුගන්වා දේශනාව අවසන් කෙළේය.

භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වාති (දී· නි· 2.188) භගවතො ධම‍්මදෙසනං චිත‍්තෙන සම‍්පටිච‍්ඡන‍්තො අභිනන්‍දිත්‍වා වාචාය පසංසමානො අනුමොදිත්‍වා මහන‍්තං අඤ‍්ජලිං සිරස‍්මිං පතිට‍්ඨපෙත්‍වා පසන‍්නලාඛාරසෙ නිමුජ‍්ජමානො විය දසබලස‍්ස ඡබ‍්බණ‍්ණරස‍්මිජාලන‍්තරං පවිසිත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා භගවන‍්තං අභිත්‍ථවන‍්තො අභිත්‍ථවන‍්තො සත්‍ථු පුරතො අන‍්තරධායිත්‍වා අත‍්තනො දෙවලොකමෙව අගමාසීති.

භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා - භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සිතෙන් පිළිගනිමින් සතුටු වී වචනයෙන් ප්‍රශංසා කරන්නේ අනුමෝදන් ව මහ ඇඳිලි සිරසෙහි පිහිටුවා ප්‍රසන්න ලා රසයෙහි ගිලෙන්නාක් මෙන් දසබලයන්ගේ සවණක් රැස් දැලතුලට පිවිස සතර තැනෙක වැඳ තුන්වරක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ ස්තුති කරන්නේ ශාස්තෲන් ද ඉදිරියෙහි අතුරුදහන්ව තමාගේ දෙලොවටම පැමිණියේය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං මහාගොවින්‍දසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා ගෝවින්ද සුත්‍ර වර්ණනාව නිමි.