7. මහාසමයසුත්තවණ්ණනා අට්ඨකථා
7. මහාසමයසුත්තවණ්ණනා
7. මහා සමය සූත්‍රය
නිදානවණ්ණනා
එවං මෙ සුතන්ති මහාසමයසුත්තං. තත්රායමපුබ්බපදවණ්ණනා – සක්කෙසූති අම්බට්ඨසුත්තෙ වුත්තෙන උප්පත්තිනයෙන “සක්යා වත, භො කුමාරා”ති උදානං පටිච්ච සක්කාති ලද්ධනාමානං රාජකුමාරානං නිවාසො එකොපි ජනපදො රුළ්හීසද්දෙන “සක්කා”ති වුච්චති, තස්මිං සක්කෙසු ජනපදෙ. මහාවනෙති සයංජාතෙ අරොපිතෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධෙ මහති වනෙ. සබ්බෙහෙව අරහන්තෙහීති ඉමං සුත්තං කථිතදිවසෙයෙව පත්තඅරහත්තෙහි.
එවං මෙසුතං යනු මහා සමය සුත්‍රයයි. මෙය පෙර විස්තර නොකළ පද වර්ණනාවයි. සක්කෙසු - අම්බට්ඨ සූත්‍රයෙහි කියන ලද උත්පත්ති පිළිවෙළින් “සක්ය මත භො කුමාරො” යන උදානය නිසා සක්ය යයි ලැබූ නම් ඇති කුමරුන්ගේ නිවස වූ එක් ජනපදයකට ද රූඪි වශයෙන් සක්කාය කියනු ලැබේ. එහෙයින් ශාක්‍ය ජනදයෙහි. මහාවනෙ - රෝපනය නොකළ ස්වයං ජාතම හටගෙන හිමවත සමග ඒකාබද්ධ වූ මහා වනයෙහි. සබ්බෙහෙව අරහන්තෙහි මේ සූත්‍ර දේශනා කළ දිනයෙහිම රහත් බවට පැමිණ
තත්රායං අනුපුබ්බිකථා – සාකියකොලියා කිර කපිලවත්ථුනගරස්ස ච කොලියනගරස්ස ච අන්තරෙ රොහිණිං නාම නදිං එකෙනෙව ආවරණෙන බන්ධාපෙත්වා සස්සානි කරොන්ති, අථ ජෙට්ඨමූලමාසෙ සස්සෙසු මිලායන්තෙසු උභයනගරවාසිකානම්පි කම්මකරා සන්නිපතිංසු. තත්ථ කොලියනගරවාසිනො ආහංසු – “ඉදං උදකං උභතො හරියමානං න තුම්හාකං න අම්හාකං පහොස්සති, අම්හාකං පන සස්සං එකෙන උදකෙනෙව නිප්ඵජ්ජිස්සති, ඉදං උදකං අම්හාකං දෙථා”ති. කපිලවත්ථුනගරවාසිනො ආහංසු – “තුම්හෙසු කොට්ඨෙ පූරෙත්වා ඨිතෙසු මයං රත්තසුවණ්ණනීලමණිකාළකහාපණෙ ච ගහෙත්වා පච්ඡිපසිබ්බකාදිහත්ථා න සක්ඛිස්සාම තුම්හාකං ඝරද්වාරෙ විචරිතුං, අම්හාකම්පි සස්සං එකෙනෙව උදකෙන නිප්ඵජ්ජිස්සති, ඉදං උදකං අම්හාකං දෙථා”ති. “න මයං දස්සාමා”ති. “මයම්පි න දස්සාමා”ති. එවං කලහං වඩ්ඪෙත්වා එකො උට්ඨාය එකස්ස පහාරං අදාසි, සොපි අඤ්ඤස්සාති එවං අඤ්ඤමඤ්ඤං පහරිත්වා රාජකුලානං ජාතිං ඝට්ටෙත්වා කලහං වඩ්ඪයිංසු.
එහි පිළිවෙළ කථාව මෙසේය:- ශාක්‍ය හා කෝලියෝ වනාහි ශාක්‍ය හා කෝලිය ජනපද අතර වූ රෝහිණි නදියේ එක අමුණක් බැඳ ජලය ගෙන ගොවිතැන් කරති. ඉක්බිති කාලයක පොසොන් මාසයෙහි සස්‍ය මැලවෙන කල්හි නගර දෙකේම ගොවියෝ රැස්වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ කීහ. මේ ජලය දෙගොල්ලම ගත්තොත් එක ගොල්ලකගේවත් කුඹුරුවලට ප්‍රමාණවත් නොවේ. අපේ කුඹුරු එක දියවරකින් පැසේ. ඒ නිසා මේ ජලය අපට දෙන්න. කපිලවත්ථු නගරවාසීහු මෙසේ කීහ. ඔබලාගේ අටුකොටු පුරවාගෙන සිටින විට රත්රන්, නිල්මැණික, කහවණු ගෙන පැසි, පසුම්බි ගත් අත් ඇතිව ඔබලාගේ ගෙවල් ගානේ යන්ට අපට බැහැ. අපගේ ගොයම් ද එක දියවරකින් පැසේ. මේ ජලය අපට දෙන්න. අපි නොදෙමු අපි නොදෙමු යයි මෙසේ කථා ඇතිවී එකෙක් නැගිට එකෙකුට පහරක් ගැසීය. හේද අනෙකෙකුට යයි ඔවුනොවුන් පහර දී රාජකුලවල ජාති ආදියෙන් ගම් කෝලාහල කළහ.
කොලියකම්මකරා වදන්ති – “තුම්හෙ කපිලවත්ථුවාසිකෙ ගහෙත්වා ගජ්ජථ, යෙ සොණසිඞ්ගාලාදයො විය අත්තනො භගිනීහි සද්ධිං සංවසිංසු. එතෙසං හත්ථිනො ච අස්සා ච ඵලකාවුධානි ච අම්හාකං කිං කරිස්සන්තී”ති? සාකියකම්මකරාපි වදන්ති – “තුම්හෙ දානි කුට්ඨිනො දාරකෙ ගහෙත්වා ගජ්ජථ, යෙ අනාථා නිග්ගතිකා තිරච්ඡානා විය කොලරුක්ඛෙ වසිංසු, එතෙසං හත්ථිනො ච අස්සා ච ඵලකාවුධානි ච අම්හාකං කිං කරිස්සන්තී”ති? තෙ ගන්ත්වා තස්මිං කම්මෙ නියුත්තඅමච්චානං කථෙසුං, අමච්චා රාජකුලානං කථෙසුං, තතො සාකියා – “භගිනීහි සද්ධිං සංවාසිකානං ථාමඤ්ච බලඤ්ච දස්සෙස්සාමා”ති යුද්ධසජ්ජා නික්ඛමිංසු. කොලියාපි – “කොලරුක්ඛවාසීනං ථාමඤ්ච බලඤ්ච දස්සෙස්සාමා”ති යුද්ධසජ්ජා නික්ඛමිංසු.
කෝලිය කම්කරුවෝ මෙසේ කියති. ඔබලාගේ කපිලවත්ථු වාසීන් අරගෙන ගර්ජනා කෙරේද? ඔව්හු බලු හිවල් ආදින් මෙන් තමන්ගේ සහෝදරයින් සමග සංවාස කළහ. ඔවුන්ගේ මේ ඇත් අස් ඵලක ආවුද වලින් අපට මොනව කරන්නද? ශාක්‍ය කම්කරුවෝ ද මෙසේ කියති. ඔබලා දැන් කුෂ්ඨ දරුවන් අරගෙන ගර්ජන කරවුද? අනාථව යන තැනක් නැතිව තිරිසනුන් මෙන් කොලොම් ගසක විසූහ. ඔවුන්ගේ ඇතුන් අසුන් ඵලකායුධවලින් අපට මොනව කරන්නද? ඔවුහු මෙසේ ඒ කටයුතුවල නිරත ඇමතිවරුන්ට කීහ. ඇමතිවරු රාජකුලයන්ට කීහ. එයින් සහෝදරියන් සමග සංවාසය කළ ශාක්‍යයන්ගේ ශක්තිය ද බලය ද පෙන්වන්නෙමු යයි යුද්ධය සඳහා නික්මුණාහ. කෝලියෝ ද කොලොම්ගස්වාසීන්ගේ ශක්තිය ද බලය ද පෙන්වමු යයි යුද්ධයට නික්මුණාහ.
භගවාපි රත්තියා පච්චූසසමයෙව මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො ඉමෙ එවං යුද්ධසජ්ජෙ නික්ඛමන්තෙ අද්දස. දිස්වා – “මයි ගතෙ අයං කලහො වූපසමිස්සති නු ඛො උදාහු නො”ති උපධාරෙන්තො – “අහමෙත්ථ ගන්ත්වා කලහවූපසමනත්ථං තීණි ජාතකානි කථෙස්සාමි, තතො කලහො වූපසමිස්සති. අථ සාමග්ගිදීපනත්ථාය ද්වෙ ජාතකානි කථෙත්වා අත්තදණ්ඩසුත්තං දෙසෙස්සාමි. දෙසනං සුත්වා උභයනගරවාසිනොපි අඩ්ඪතියානි අඩ්ඪතියානි කුමාරසතානි දස්සන්ති, අහං තෙ පබ්බජිස්සාමි, තදා මහාසමාගමො භවිස්සතී”ති සන්නිට්ඨානමකාසි. තස්මා ඉමෙසු යුද්ධසජ්ජෙසු නික්ඛමන්තෙසු කස්සචි අනාරොචෙත්වා සයමෙව පත්තචීවරමාදාය ගන්ත්වා ද්වින්නං සෙනානං අන්තරෙ ආකාසෙ පල්ලඞ්කං ආභුජිත්වා ඡබ්බණ්ණරස්මියො විස්සජ්ජෙත්වා නිසීදි.
භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අලුයම් වෙලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන්නේ මෙසේ මොවුන් යුද්ධයට නික්මෙනවා දුටහ. එසේ දැක මා ගිය කල්හි යුද්ධය සංසිඳෙන්නේ ද නැද්දැයි පරික්ෂා කරන්නේ. මම එහි ගොස් කලහය සංසිඳවීම සඳහා ජාතක තුනක් දේශනා කරන්නෙමි. එයින් කලහය සංසිඳෙන්නේය. ඉක්බිතිව සමගිය දැක්වීම සඳහා ජාතක දෙකක් දේශනා කොට අත්තදණ්ඩ සූත්‍රාන්තය දේශනා කරන්නෙමි. දේශනාව අසා උභය නගරවාසීහු දෙසිය පනහ බැගින් කුමාරවරුන් පන්සියයක් දෙන්නාහ. මම ඔවුන් පැවිදි කරවන්නෙමි. මහා සමාගමක් වන්නේයයි සනිටුහන් කළහ. එහෙයින් මේ යුදපෙරමුණට වඩින්නේ කිසිවෙකුට නොදන්වා තමන් වහන්සේම පාසිවුරු ගෙන වැඩමවා දෙසෙනග අතරෙහි අහසෙහි පලක්බැඳ සවණක් රස් විහිදුවා වැඩ උන්හ.
කපිලවත්ථුවාසිනො භගවන්තං දිස්වාව – “අම්හාකං ඤාතිසෙට්ඨො සත්ථා ආගතො, දිට්ඨො නු ඛො තෙන අම්හාකං කලහකාරණභාවො”ති චින්තෙත්වා – “න ඛො පන සක්කා භගවති ආගතෙ අම්හෙහි පරස්ස සරීරෙ සත්ථං පාතෙතුං, කොලියනගරවාසිනො අම්හෙ හනන්තු වා පචන්තු වා”ති ආවුධානි ඡඩ්ඩෙත්වා භගවන්තං වන්දිත්වා නිසීදිංසු. කොලියනගරවාසිනොපි තථෙව චින්තෙත්වා ආවුධානි ඡඩ්ඩෙත්වා භගවන්තං වන්දිත්වා නිසීදිංසු.
කපිලවත්ථුවාසීහු භාග්‍යවතුන් වහන්සේ දැක අපගේ ඤාති ශ්‍රේෂ්ඨයා වූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. අප කලහ කරන බව උන්වහන්සේ දකින ලදැයි සිතා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි අනුන් ශරිර ආයුධවලින් විනාශ කිරීමට නොහැකිය. කෝලිය නගරවාසින් අප විනාශ කළත් කමක් නැතැයි ආවුධ විසිකොට බුදුන් වැඳ සිටියහ.
භගවා ජානන්තොව – “කස්මා ආගතත්ථ මහාරාජා”ති පුච්ඡි. භගවා, න තිත්ථකීළාය න පබ්බතකීළාය න නදීකීළාය න ගිරිදස්සනත්ථං, ඉමස්මිං පන ඨානෙ සඞ්ගාමං පච්චුපට්ඨපෙත්වා ආගතම්හාති. කිං නිස්සාය වො කලහො මහාරාජාති? උදකං, භන්තෙති. උදකං කිං අග්ඝති මහාරාජාති? අප්පග්ඝං, භන්තෙති. පථවී නාම කිං අග්ඝති මහාරාජාති? අනග්ඝා, භන්තෙති. ඛත්තියා කිං අග්ඝන්ති මහාරාජාති? ඛත්තියා නාම අනග්ඝා භන්තෙති. අප්පමූලකං උදකං නිස්සාය කිමත්ථං අනග්ඝෙ ඛත්තියෙ නාසෙථ, මහාරාජාති? “කලහෙ අස්සාදො නාම නත්ථි, කලහවසෙන මහාරාජා අට්ඨානෙ වෙරං කත්වා එකාය රුක්ඛදෙවතාය කාළසීහෙන සද්ධිං බද්ධාඝාතො සකලම්පි ඉමං කප්පං අනුප්පත්තොයෙවා”ති වත්වා ඵන්දනජාතකං කථෙසි. තතො “පරපත්තියෙන නාම මහාරාජා න භවිතබ්බං. පරපත්තියා හුත්වා හි එකස්ස සසකස්ස කථාය තියොජනසහස්සවිත්ථතෙ හිමවන්තෙ චතුප්පදගණා මහාසමුද්දං පක්ඛන්දිනො අහෙසුං. තස්මා පරපත්තියෙන න භවිතබ්බ”න්ති වත්වා පථවීඋන්ද්රියජාතකං කථෙසි.
බුදුන් වහන්සේ දැනගෙනම මහරජ කුමක් නිසා පැමිණියේදැයි ඇසූහ. භාග්‍යවතුන් වහන්ස ජලක්‍රීඩා පිණිස නොවේ. පර්වත ක්‍රීඩා පිණිස නොවේ. ගංඟා කෙළි සඳහා නොවේ. ගිරිදසුන් සඳහා නොවේ. මහරජ කලහය කුමක් නිසාද? ස්වාමීනි, ජලය නිසා. මහරජ ජලය කොපමණ වටීද? ස්වාමීනි වටිනාකමක් නැත. පොළොව කොතෙක් වටීද? නොවටී ස්වාමීනි, ක්ෂත්රියා කොපමණ වටීද? ස්වාමීනි ක්ෂත්රියා මිල කළ නොහැකිය. නොවටිනා ජලය නිසා වටිනා ක්ෂත්රියන් විනාශ කරවුද? කලහයෙන් ආශ්වාදයක් නැත. කලහ වශයෙන් මහරජ, අස්ථානයෙහි වෛර කොට එක් රුක් දේවතාවෙක් කලු සිංහයකු සමග බඳින ලද වෛර ඇත්තේ, මේ මුළු කප පුරාම පැවතියේ යයි වදාරා ඵන්දන ජාතකය වදාළේය. මහරජ අනුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු නොවේ. අනුන් කෙරෙහි විශ්වාසයෙන් එක් සාවකුගේ කථාව අසා යොදුන් තුන්දහසක් පළල හිමවතෙහි සිව්පා ගණයා මහසමුදුර කරා දිව්වාහ. එනිසා අනුන්ගේ කියමන් නොඇසිය යුතුයි කියා පඨවිඋද්රියන ජාතකය වදාළේය.
තතො – “කදාචි, මහාරාජා, දුබ්බලොපි මහබ්බලස්ස රන්ධං විවරං පස්සති, කදාචි මහබ්බලො දුබ්බලස්ස. ලටුකිකාපි හි සකුණිකා හත්ථිනාගං ඝාතෙසී”ති වත්වා ලටුකිකජාතකං කථෙසි. එවං කලහවූපසමත්ථාය තීණි ජාතකානි කථෙත්වා සාමග්ගිපරිදීපනත්ථාය ද්වෙ ජාතකානි කථෙසි. කථං? සමග්ගානඤ්හි මහාරාජා කොචි ඔතාරං නාම පස්සිතුං න සක්කොතීති වත්වා රුක්ඛධම්මජාතකං කථෙසි. තතො “සමග්ගානං මහාරාජා කොචි විවරං පස්සිතුං නාසක්ඛි. යදා පන අඤ්ඤමඤ්ඤං විවාදමකංසු, අථ තෙ නෙසාදපුත්තො ජීවිතා වොරොපෙත්වා ආදාය ගතො. විවාදෙ අස්සාදො නාම නත්ථී”ති වත්වා වට්ටකජාතකං කථෙසි. එවං ඉමානි පඤ්ච ජාතකානි කථෙත්වා අවසානෙ අත්තදණ්ඩසුත්තං කථෙසි.
එයින් පසු මහරජු කිසිකලක දුර්වලයෙක් මහබලවතෙකුගේ වුවද සිදුරු විවර දකියි. කිසිවිට දුබල වූ වටු කුරුල්ලෝ ද මහත් බල ඇති ඇතා ඝාතනය කොළෝ යයි කියා ලටුකික ජාතකය වදාළහ. මෙසේ කලහය සංසිඳවීම පිණිස ජාතක තුනක් වදාරා සමගිය පැහැදිලි කර දීම සඳහා ජාතක දෙකක් වදාළේය. මහරජ සමගි වී නම් කිසිවෙකුට ඇඟිලි ගැසීමට නොහැකි යයි කියා රූක්ඛ ධම්ම ජාතකය වදාළේය. මහරජ සමගිවූවන්ගේ කිසි සිදුරක් බැලීමට නොහැකි විය. යම් කලෙක ඔවුනොවුන් කලහ කරණවිට වැදි පුත්‍රයා මරා ගෙනගියහ. විවාදයෙහි ආශ්වාදයක් නැතැයි කියා වට්ටක ජාතකය වදාළේය. මෙසේ මේ ජාතක පහ කියා අවසානයෙහි අත්තදණ්ඩ සුත්‍රය වදාළේය.
රාජානො පසන්නා – “සචෙ සත්ථා නාගමිස්ස, මයං සහත්ථා අඤ්ඤමඤ්ඤංයෙව වධිත්වා ලොහිතනදිං පවත්තයිස්සාම, අම්හාකං පුත්තභාතරො ගෙහද්වාරෙ න පස්සෙය්යාම, සාසනපටිසාසනම්පි නො ආහරණකො න භවිස්සති. සත්ථාරං නිස්සාය නො ජීවිතං ලද්ධං. සචෙ පන සත්ථා අගාරං අජ්ඣාවසිස්ස, ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු රජ්ජමස්ස හත්ථගතං අභවිස්ස, අතිරෙකසහස්සං ඛො පනස්ස පුත්තා අභවිස්සංසු, තතො ඛත්තියපරිවාරොව අවිචරිස්ස. තං ඛො පනෙස සම්පත්තිං පහාය නික්ඛමිත්වා සම්බොධිං පත්තො, ඉදානිපි ඛත්තියපරිවාරොයෙව විචරතූ”ති උභයනගරවාසිනො අඩ්ඪතියානි අඩ්ඪතියානි කුමාරසතානි අදංසු. භගවා තෙ පබ්බාජෙත්වා මහාවනං අගමාසි. තෙසං ගරුගාරවවසෙන න අත්තනො රුචියා පබ්බජිතානං අනභිරති උප්පජ්ජි. පුරාණදුතියිකායොපි නෙසං “අය්යපුත්තා උක්කණ්ඨන්තු, ඝරාවාසො න සණ්ඨාතී”තිආදීනි වත්වා සාසනං පෙසෙන්ති. තෙ අතිරෙකතරං උක්කණ්ඨිංසු.
රජවරු පැහැදී ශාස්තෲන් වහන්සේ නොවැඩියේ නම් අපි අපේ අත්වලින් ඔවුනොවුන් කපා කොටාගෙන රුධිර ගංඟාවක් පවත්වන්නෙමු. අපගේ දූ පුතුන් ගෙදර නොදකිමු. පණිවිඩ ප්‍රති පණිවිඩ ගෙන්වන කෙනෙක්ද නැත. ශාස්තෲන් නිසා ජීවිතය ලද්දෙමු. ඉඳින් ශාස්තෲන් ගිහිගේ විසුයේ නම් දෙදහසක් දිවයින් පිරිවරා සිව්මහ රජය උන්වහන්සේට අත්වේ. අතිරේක පුත්තු දහසක් වන්නාහ. එයින් ක්ෂත්රිය පිරිවර ඇතිවන්නාහ. දැන් සම්පත් හැරදමා සම්බෝධියට පැමිණියේය. දැනුදු ක්ෂත්රිය පිරිවර ඇතිව හැසිරේවයි උභය නගරවාසීහු කුමරුන් දෙසිය පනහ බැගින් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවා මහාවනයට එළඹියහ. ඔව්හු ගුරු ගෞරවය වශයෙන් මිස තමන්ගේ කැමැත්තෙන් පැවිදි නොවුහ. එනිසා ඔවුන් පැවිද්දෙහි අනභිරති ඇති විය. ඔවුන්ගේ පැරණි බිරියෝද ඔවුන්ගේ ස්වාමිවරුන්ට කලකිරවා ගිහිගෙයි නොපිහිටයි ආදිය කියා හසුන් යවති. ඔහු වැඩිතරම් කලකිරුණාහ.
භගවා ආවජ්ජන්තො තෙසං අනභිරතභාවං ඤත්වා “ඉමෙ භික්ඛූ මාදිසෙන බුද්ධෙන සද්ධිං එකතො වසන්තා උක්කණ්ඨන්ති, හන්ද නෙසං කුණාලදහස්ස වණ්ණං කථෙත්වා තත්ථ නෙත්වා අනභිරතිං විනොදෙස්සාමී”ති කුණාලදහස්ස වණ්ණං කථෙසි. තෙ තං දට්ඨුකාමා අහෙසුං. දට්ඨුකාමත්ථ, භික්ඛවෙ, කුණාලදහන්ති? ආම භගවාති. යදි එවං, එථ, ගච්ඡාමාති. ඉද්ධිමන්තානං භගවා ගමනට්ඨානං මයං කථං ගමිස්සාමාති? තුම්හෙ ගන්තුකාමා හොථ, අහං මමානුභාවෙන ගහෙත්වා ගමිස්සාමීති. සාධු, භන්තෙති. අථ භගවා පඤ්ච භික්ඛුසතානි ගහෙත්වා ආකාසෙ උප්පතිත්වා කුණාලදහෙ පතිට්ඨාය තෙ භික්ඛූ ආහ – “භික්ඛවෙ, ඉමස්මිං කුණාලදහෙ යෙසං මච්ඡානං නාමං න ජානාථ, තෙසං නාමං පුච්ඡථා”ති.
භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනා කරන්නේ ඔවුන්ගේ සාසනයෙහි නොඇලීම දැක, මේ භික්ෂූහු මා වැනි බුදු කෙනෙකුන් සමග එකට වසන්නේ කලකිරෙති. ඔවුන්ට කුණාල පොකුණේ කථාව කියා එහි පමුණුවා අනභිරතිය දුරුකෙරමියි. කුණාල පොකුණේ වර්ණනාව වදාළේය. ඔව්හු එය දකිනු කැමති වූහ. මහණෙනි කුණාල පොකුණ දකිනු කැමැත්තහුද? එසේය භාග්‍යවතුන් වහන්ස. එසේ නම් එන්න යමු. භාග්‍යවතුන් වහන්ස, සෘද්ධිවන්තයන්ගේ ගමන් මගට අපි කෙසේ එන්නෙමුද? ඔබලා යනු කැමැත්ත පමණක් ඇතිකරගන්න. මම මගේ ශක්තියෙන් ගෙන යන්නෙමි. ස්වාමින් වහන්ස, ඉතා හොඳයි. ඉක්බිති බුදුහු භික්ෂූන් පන්සියය රැගෙන අහසට නැගී කුණාල විලෙහි පිහිටුවා ඒ භික්ෂුන්ට කීහ. මහණෙනි මේ කුණාල විලෙහි මාලුන්ගේ නම් දන්නේ නැත්නම් මගෙන් අහන්න.
තෙ පුච්ඡිංසු, භගවා පුච්ඡිතපුච්ඡිතං කථෙසි. න කෙවලං මච්ඡානංයෙව, තස්මිං වනසණ්ඩෙ රුක්ඛානම්පි පබ්බතපාදෙ ද්විපදචතුප්පදසකුණානම්පි නාමානි පුච්ඡාපෙත්වා කථෙසි. අථ ද්වීහි සකුණෙහි මුඛතුණ්ඩකෙන ඩංසිත්වා ගහිතදණ්ඩකෙ නිසින්නො කුණාලසකුණරාජා පුරතො පච්ඡතො උභොසු පස්සෙසු සකුණසඞ්ඝපරිවුතො ආගච්ඡති. භික්ඛූ තං දිස්වා – “එස, භන්තෙ, ඉමෙසං සකුණානං රාජා භවිස්සති, පරිවාරා එතෙ එතස්සා”ති මඤ්ඤාමාති. එවමෙව, භික්ඛවෙ, අයම්පි මම වංසො මම පවෙණීති. ඉදානි තාව මයං, භන්තෙ, එතෙ සකුණෙ පස්සාම. යං පන භගවා “අයම්පි මම වංසො මම පවෙණී”ති ආහ, තං සොතුකාමම්හාති. සොතුකාමත්ථ භික්ඛවෙති? ආම, භගවාති. තෙන හි සුණාථාති තීහි ගාථාසතෙහි මණ්ඩෙත්වා කුණාලජාතකං කථෙන්තො අනභිරතිං විනොදෙසි. දෙසනාපරියොසානෙ සබ්බෙපි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, මග්ගෙනෙව ච නෙසං ඉද්ධිපි ආගතා. භගවා – “හොතු තාව එත්තකං එතෙසං භික්ඛූන”න්ති ආකාසෙ උප්පතිත්වා මහාවනමෙව අගමාසි. තෙපි භික්ඛූ ගමනකාලෙ දසබලස්ස ආනුභාවෙන ගන්ත්වා ආගමනකාලෙ අත්තනො ආනුභාවෙන භගවන්තං පරිවාරෙත්වා මහාවනෙ ඔතරිංසු.
ඔව්හු විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඇසූ ඇසූ දේ කීහ. මාලුන්ගේ පමණක් නොව ඒ වන ලැහැබෙහි ගස්වල ද පර්වත පාදයෙහි දෙපා සිව්පා පක්ෂීන්ගේ ද නම් අස්සවා කියා දුන්හ. ඉක්බිති පක්ෂීන් දෙදෙනෙකු හොටින් ගන්නා ලද දඬුවක සිටි කුණාල පක්ෂි රජු පෙරටුවද පසුවද දෙපාර්ශයෙහි ද පක්ෂීන් පිරිවරණ ලද්දේ එයි. භික්ෂූහු ඌ දැක, ස්වාමීනි, මොහු මොවුන්ගේ රජතුමා වන්නේයයි හඟිමි, මේ පිරිවර ඔහුගේ විය හැකිය. මහණෙනි, එය එසේය. මොහු ද මගේ වංශයේය. මගේ පරම්පරාවේය. ස්වාමීනි, අපි තව කුරුල්ලන් දකිමු. භාග්‍යවතුන් වහන්සේ, මොහු ද මගේ වංසයේය, මගේ පරම්පරාවේ යයි කියයි. එය ඇසීමට කැමතිවෙමු. කැමති ද මහණෙනි, එසේය. එසේ නම් අසන්න. ගාථා තුන්සියයකින් සරසා කුණාල ජාතකය වදාරන්නේ සාසනය කෙරෙහි නොඇල්ම දුරු කළේය. දේශනාවසානයෙහි සියල්ලෝම සෝවාන් පලයෙහි පිහිටියහ. මේ භික්ෂූන්ට මෙපමණක් ඇති. අහසට නැගී මහා වනයටම වැඩියහ. ඒ භික්ෂූහු යනවිට බුදුරදුන්ගේ ශක්තියෙන් ගොස් ආපසු එනවිට තමන්ගේ ශක්තියෙන් භාග්‍යවතුන් පරිවරා මහාවනයෙහි බැස්සහ.
භගවා පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා තෙ භික්ඛූ ආමන්තෙත්වා – “එථ, භික්ඛවෙ, නිසීදථ, උපරිමග්ගත්තයවජ්ඣානං වො කිලෙසානං පහානාය කම්මට්ඨානං කථෙස්සාමී”ති කම්මට්ඨානං කථෙසි. භික්ඛූ චින්තෙසුං – “භගවා අම්හාකං අනභිරතභාවං ඤත්වා කුණාලදහං නෙත්වා අනභිරතිං විනොදෙසි, තත්ථ සොතාපත්තිඵලප්පත්තානං නො ඉදානි ඉධ තිණ්ණං මග්ගානං කම්මට්ඨානං අදාසි, න ඛො පනම්හෙහි ‘සොතාපන්නා මය’න්ති වීතිනාමෙතුං වට්ටති, උත්තමපුරිසසදිසෙහි නො භවිතුං වට්ටතී”ති තෙ දසබලස්ස පාදෙ වන්දිත්වා උට්ඨාය නිසීදනං පප්ඵොටෙත්වා විසුං විසුං පබ්භාරරුක්ඛමූලෙසු නිසීදිංසු.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩවිඳ ඒ භික්ෂූන් අමතා, එන්න මහණෙනි, වාඩිවෙන්න. ඉහළ මාර්ග තුන සඳහා කෙලෙස් නැතිකිරීමට කමටහන් කියන්නෙමියි කමටහන් වදාළහ. භික්ෂූහු සිතූහ. “භාග්‍යවතුන් වහන්සේ අපගේ අනභිරතභාවය දැක කුණාල විලට පමුණුවා අනභිරතිය දුරු කළහ. එහි දී සෝවාන් ඵලයට පැමිණි අපි දැන් මාර්ග තුනට අදාල කමටහන් දුන්හ. අපි සෝවාන් පමණකින් ම ගත කිරීමට නුසුදුසුය. එවිට උතුම් පුරුෂයන් හා සමාන නොවන්නේය. ඔව්හු බුදුරදුන් වැඳ නැගිට නිසීදන ගසා දමා වෙන් වෙන්ව පර්වත පාද රුක්මුල්වල හිඳගත්හ.
භගවා චින්තෙසි – “ඉමෙ භික්ඛූ පකතියාපි අවිස්සට්ඨකම්මට්ඨානා, ලද්ධුපායස්ස පන භික්ඛුනො කිලමනකාරණං නාම නත්ථි. ගච්ඡන්තා ගච්ඡන්තා ච විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා – “අත්තනා අත්තනා පටිලද්ධගුණං ආරොචෙස්සාමා’ති මම සන්තිකං ආගමිස්සන්ති. එතෙසු ආගතෙසු දසසහස්සචක්කවාළෙ දෙවතා එකචක්කවාළෙ සන්නිපතිස්සන්ති, මහාසමයො භවිස්සති, විවිත්තෙ ඔකාසෙ මයා නිසීදිතුං වට්ටතී”ති. තතො විවිත්තෙ ඔකාසෙ බුද්ධාසනං පඤ්ඤපෙත්වා නිසීදි.
භාග්‍යවතුන් වහන්සේ සිතූහ. මේ භික්ෂූහු ප්‍රකෘතියෙන් ම නොහරින ලද කර්මාන්ත ඇත්තේ පසු බසින කාරණා නම් නැත. යන්නේ යන්නේම විදර්ශනා වඩා රහත් බවට පැමිණ තම කථා ලද ගුණ මට දන්වන්නෙමුයි මා සමීපයට එන්නාහ. මේ අය පැමිණි කල දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලක රැස්වෙති. මහා සමාගමක් වන්නේය. විවිකත අවකාශයක මා හිඳ ගැනීම වටනේ යයි එයින් විවේක අවකාශයක ආසනයක් පනවාගෙන වැඩ උන්හ.
සබ්බපඨමං කම්මට්ඨානං ගහෙත්වා ගතථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තතො අපරො තතො අපරොති පඤ්චසතාපි පදුමිනියං පදුමානි විය විකසිංසු. සබ්බපඨමං අරහත්තප්පත්තභික්ඛු – “භගවතො ආරොචෙස්සාමී”ති පල්ලඞ්කං විනිබ්භුජිත්වා නිසීදනං පප්ඵොටෙත්වා උට්ඨාය දසබලාභිමුඛො අහොසි. එවං අපරොපි අපරොපීති පඤ්චසතාපි භත්තසාලං පවිසන්තා විය පටිපාටියාව ආගමංසු. පඨමං ආගතො වන්දිත්වා නිසීදනං පඤ්ඤපෙත්වා එකමන්තං නිසීදිත්වා පටිලද්ධගුණං ආරොචෙතුකාමො – “අත්ථි නු ඛො අඤ්ඤො කොචි, නත්ථී”ති නිවත්තිත්වා ආගමනමග්ගං ඔලොකෙන්තො අපරම්පි අද්දස අපරම්පි අද්දස. ඉති සබ්බෙපි තෙ ආගන්ත්වා එකමන්තං නිසීදිත්වා අයං ඉමස්ස හරායමානො න කථෙසි, අයං ඉමස්ස හරායමානො න කථෙසීති. ඛීණාසවානං කිර ද්වෙ ආකාරා හොන්ති – “අහො වත මයා පටිලද්ධගුණං සදෙවකො ලොකො ඛිප්පමෙව පටිවිජ්ඣෙය්‍යා”ති චිත්තං උප්පජ්ජති. පටිලද්ධභාවං පන නිධිලද්ධපුරිසො විය න අඤ්ඤස්ස ආරොචෙතුකාමො හොති.
සියල්ලට පළමු කමටහන් ගෙන ගිය තෙරහු සිව්පිළිසිඹියා සහිතව රහත් වූහ. ඉන්පසු අනික් තෙර කෙනෙක්ද අනික් තෙර කෙනෙක්දැයි පන්සිය ම නෙළුම් කොලවල නෙළුම් මල් මෙන් පිපුණාහ. සියල්ලටම පළමු රහත් බවට පත් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමියි පලඟ දිගහැර නිසීදනය ගසාදමා නැගිට බුදුන් වහන්සේ දෙසට හැරුණේය. මෙසේ අන්‍යයන්ද වූ පන්සියම දාන ශාලාවට වඩින්නාක් මෙන් පිළිවෙළින් පැමිණියහ. පළමුවෙන් පැමිණි භික්ෂුව බුදුන් වැඳ නිසීදනය පනවා එකත් පසෙක හිඳ ලඝු ගුණය කියනු කැමතිව වෙන කිසිවක් ඇද්දැයි නැතැයි නැවතී පැමිණි මග බලන්නේ අනෙකකු දැක්ක, අනිකකු දැක්ක මෙසේ ඒ සියල්ලෝම පැමිණ එකත් පසෙක හිඳ මෙතෙම ඔහුගේ ගෙන එන්නේ නොකීවේය. මෙතෙමේද නොකීවේය. රහතන් වහන්සේ වනාහි ආකාර දෙකක් වේ. මා ලබාගත් ගුණය දෙවියන් සහිත ලෝකයා වහාම අවබෝධ කරගන්නේ නම් යයි සිතක් උපදී. ලැබූ ගුණය නිධානයක් ලත් පුරුෂයකු මෙන් අනිකෙකුට දැන්වීමට කැමති නොවේ.
එවං ඔසීදමත්තෙ පන තස්මිං අරියමණ්ඩලෙ පාචීනයුගන්ධරපරික්ඛෙපතො අබ්භා, මහිකා, ධූමො, රජො, රාහූති ඉමෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං බුද්ධුප්පාදපටිමණ්ඩිතස්ස ලොකස්ස රාමණෙය්යකදස්සනත්ථං පාචීනදිසාය උක්ඛිත්තරජතමයමහාආදාසමණ්ඩලං විය, නෙමිවට්ටියං ගහෙත්වා පරිවත්තියමානරජතචක්කසස්සිරිකං පුණ්ණචන්දමණ්ඩලං උල්ලඞ්ඝිත්වා අනිලපථං පටිපජ්ජිත්ථ. ඉති එවරූපෙ ඛණෙ ලයෙ මුහුත්තෙ භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි.
මෙසේ රැස් වූ කල්හි ඒ ආර්ය මණ්ඩලයෙහි ප්‍රාචීන යුගන්ධරය වටකරන ලද වලාකුල, මීදුම, දුම, රජස්, රාහු යන උපකෘත මණ්ඩලයක් මෙන් නිම්වලල්ල ගෙන කරකවන රිදී සකක් මෙන් පුන්සඳ මණ්ඩල පැන අහසට පිළිපන්හ. මෙසේ මෙබඳු ක්ෂණයෙහි ලයෙහි මොහොතෙහි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු මහ වනයෙහි රහතන් වහන්සේ පන්සිය නමක් සමග වාසය කරති.
තත්ථ භගවාපි මහාසම්මතස්ස වංසෙ උප්පන්නො, තෙපි පඤ්චසතා භික්ඛූ මහාසම්මතස්ස කුලෙ උප්පන්නා. භගවාපි ඛත්තියගබ්භෙ ජාතො, තෙපි ඛත්තියගබ්භෙ ජාතා. භගවාපි රාජපබ්බජිතො, තෙපි රාජපබ්බජිතා. භගවාපි සෙතච්ඡත්තං පහාය හත්ථගතං චක්කවත්තිරජ්ජං නිස්සජ්ජෙත්වා පබ්බජිතො, තෙපි සෙතච්ඡත්තං පහාය හත්ථගතානි රජ්ජානි නිස්සජ්ජෙත්වා පබ්බජිතා. ඉති භගවා පරිසුද්ධෙ ඔකාසෙ පරිසුද්ධෙ රත්තිභාගෙ සයං පරිසුද්ධො පරිසුද්ධපරිවාරො වීතරාගො වීතරාගපරිවාරො වීතදොසො වීතදොසපරිවාරො වීතමොහො වීතමොහපරිවාරො නිත්තණ්හො නිත්තණ්හපරිවාරො නික්කිලෙසො නික්කිලෙසපරිවාරො සන්තො සන්තපරිවාරො දන්තො දන්තපරිවාරො මුත්තො මුත්තපරිවාරො අතිවිය විරොචතීති. වණ්ණභූමි නාමෙසා, යත්තකං සක්කොති, තත්තකං වත්තබ්බං. ඉති ඉමෙ භික්ඛූ සන්ධාය වුත්තං – “පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහී”ති.
එහි භාග්‍යවතුන් වහන්සේද මහා සම්මත වංශයෙහි උපන්හ. ඒ භික්ෂු පන්සිය නම ද මහාසම්මත කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්රිය ගර්භයෙන් උපන්හ. ඔව්හුද රජකුලයෙන් පැවිදි වූහ. භාග්‍යවතුන් වහන්සේ සිහසුන හැර අතටපත් සක්විති රජය හැර පැවිදි වූහ. ඔව්හුද සිහසුන හැර අතටපත් රාජ්‍යයන් හැර පැවිදි වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු පිරිවර ඇත්තේ වීතරාගීව වීතරාගී පිරිවර ඇත්තේ වීත දෝසව වීත දෝස පිරිවර ඇත්තේ වීත මෝහව වීතමෝහ පිරිවර ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ තෘෂ්ණා රහිත පිරිවර ඇත්තේ නික්ලේශව නික්ලේශ පිරිවර ඇත්තේ ශාන්ත වූයේ ශාන්ත පිරිවර ඇත්තේ දාන්ත වූයේ දාන්ත පිරිවර ඇත්තේ මුක්තව මුක්ත පිරිවර ඇත්තේ අතිශයින් බබළයි. මෙය වර්ණභූමි නම් වේ. යම්පමණ ශාක්‍යයෝද එපමණ එපමණ කිවයුතු යයි කියන ලද්දේ මේ භික්ෂූන් සඳහාය. “සියල්ලෝම රහත් වූ පන්සියයක් පමණ භික්ෂූන් සමඟ” “පඤ්චමත්තෙහි භික්ඛු සතෙහි සබ්බෙහෙව අරහන්තෙහි”
යෙභුය්යෙනාති බහුතරා සන්නිපතිතා, මන්දා න සන්නිපතිතා අසඤ්ඤා අරූපාවචරදෙවතා සමාපන්නදෙවතා ච. තත්රායං සන්නිපාතක්කමො මහාවනස්ස කිර සාමන්තා දෙවතා චලිංසු – “ආයාම, භො බුද්ධදස්සනං නාම බහූපකාරං, ධම්මස්සවනං බහූපකාරං, භික්ඛුසඞ්ඝදස්සනං බහූපකාරං, ආයාම ආයාමා”ති මහාසද්දං කුරුමානා ආගන්ත්වා භගවන්තඤ්ච තංමුහුත්තං අරහත්තප්පත්තඛීණාසවෙ ච වන්දිත්වා එකමන්තං අට්ඨංසු.
යෙභුය්යෙන - බොහෝ දෙනෙක් රැස්වූහ. ටික දෙනෙක් නො පැමිණියහ. අසඤ්ඤී, අරූපාවචර දෙවියෝ ද පැමිණි දෙවියෝ ද එහි මේ රැස්වීමට හැකිය. මහා වනයේ වනාහී හාත්පස දෙවියෝ සෙලවුනහ. පින්වත ඉඩදෙන්න. බුදුන් දකින්ට බණ ඇසීමට බික් සඟන දැකීමට බොහෝ උපකාර වේ. ආයෙම ආයෙම මහා ශබ්ද කරමින් පැමිණ භාග්‍යවතුන් වහන්සේද ඒ මොහොතේ රහත් බවට පැමිණ භික්ෂු සංඝයාද එකත්පසෙක සිටියහ.
එතෙනෙව උපායෙන තාසං තාසං සද්දං සුත්වා සද්දන්තරඅඩ්ඪගාවුතගාවුතඅඩ්ඪයොජනයොජනාදිවසෙන තියොජනසහස්සවිත්ථතෙ හිමවන්තෙ, තික්ඛත්තුං තෙසට්ඨියා නගරසහස්සෙසු, නවනවුතියා දොණමුඛසතසහස්සෙසු, ඡන්නවුතියා පට්ටනකොටිසතසහස්සෙසු, ඡපණ්ණාසාය රතනාකරෙසූති සකලජම්බුදීපෙ, පුබ්බවිදෙහෙ, අපරගොයානෙ, උත්තරකුරුම්හි, ද්වීසු පරිත්තදීපසහස්සෙසූති සකලචක්කවාළෙ, තතො දුතියතතියචක්කවාළෙති එවං දසසහස්සචක්කවාළෙසු දෙවතා සන්නිපතිතාති වෙදිතබ්බා. දසසහස්සචක්කවාළඤ්හි ඉධ දසලොකධාතුයොති අධිප්පෙතා. තෙන වුත්තං – “දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්තී”ති.
මේ උපායෙන්ම ඒ ඒ ශබ්ද අසා ශබ්දය අස් ගව්වක්, ගව්වක්, අඩ යොදුනක්, යොදුනක් ආදී වශයෙන් යොදුන් තුන්දහසක් පළල හිමවතෙහි තෙවරක් ද හැටතුන් දහසක් නගරවල, අනුනව ලක්ෂයක් දොණ මුඛවල. කෝටි අනුහය ලක්ෂයක් පටුනු ගම්වල, පනස් හයක් රුවන් ආකාරවල සියළු දඹදිව, පූර්ව විදේහය, අපරගෝයාන, උතුරුකුරු දිවයින, දෙදහසක් කුඩා දිවයින්වල, සක්වල මුළුල්ල, එයින් දෙවන, තෙවන යනාදි දස දහසක් සක්වල දෙවියෝ රැස්වූහයි දත යුතුය. දස දහසක් සක්වල යනු මෙහි ලෝකධාතු දහය අභිප්‍රේතය. එයින් කියන ලදී. “දස්හි ච ලොක ධාතූහි දේවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති”.
එවං සන්නිපතිතාහි දෙවතාහි සකලචක්කවාළගබ්භං යාව බ්රහ්මලොකා සූචිඝරෙ නිරන්තරං පක්ඛිත්තසූචීහි විය පරිපුණ්ණං හොති. තත්ර බ්රහ්මලොකස්ස එවං උච්චත්තනං වෙදිතබ්බං. ලොහපාසාදෙ කිර සත්තකූටාගාරසමො පාසාණො බ්රහ්මලොකෙ ඨත්වා අධො ඛිත්තො චතූහි මාසෙහි පථවිං පාපුණාති. එවං මහන්තෙ ඔකාසෙ යථා හෙට්ඨා ඨත්වා ඛිත්තානි පුප්ඵානි වා ධූමො වා උපරි ගන්තුං, උපරි වා ඨත්වා ඛිත්තසාසපා හෙට්ඨා ඔතරිතුං අන්තරං න ලභන්ති, එවං නිරන්තරං දෙවතා අහෙසුං. යථා ඛො පන චක්කවත්තිරඤ්ඤො නිසින්නට්ඨානං අසම්බාධං හොති, ආගතාගතා මහෙසක්ඛා ඛත්තියා ඔකාසං ලභන්තියෙව, පරතො පරතො පන අතිසම්බාධං හොති, එවමෙව භගවතො නිසින්නට්ඨානං අසම්බාධං, ආගතාගතා මහෙසක්ඛා දෙවතා ච මහාබ්රහ්මානො ච ඔකාසං ලභන්තියෙව. අපිසුදං භගවතො ආසන්නාසන්නට්ඨානෙ මහාපරිනිබ්බානෙ වුත්තනයෙනෙව වාලග්ගකොටිනිතුදනමත්තෙ පදෙසෙ දසපි වීසම්පි සබ්බපරතො තිංසම්පි දෙවතා සුඛුමෙ සුඛුමෙ අත්තභාවෙ මාපෙත්වා අට්ඨංසු. සට්ඨි සට්ඨි දෙවතා අට්ඨංසු.
මෙසේ රැස් වූ දෙවියන්ගෙන් බ්‍රහ්මලෝකය දක්වා සියළු සක්වලගැබ ඉඳිකටු කුලාවෙහි දමන ලද ඉඳිකටු මෙන් සම්පූර්ණ වූයේ වේ. එහි බ්‍රහ්ම ලෝකයේ මෙසේ ලේසයකින් මිදුණු බුද්ධූප්පාදයෙන් අලංකාර වූ ලෝකයේ රමණීය බව දැකීම සඳහා පූර්ව දිසාවෙහි ඔසවන ලද රිදීමුවා මහා ආදාසයක් (කන්නාඩියක්) තබන ලදැයි දතයුතුය. ලෝහ ප්‍රාසාදයෙහි සත්වන මහලෙහි තබන ලද පලිඟු පාෂාණයට සමාන පහණක්, කැටක් බඹලොව සිට යටට හෙළන ලද්දේ සිව්මසකින් පොළවට පැමිණේ. මෙබඳු මහත් අවකාසයෙහි යම්සේ යට සිට දමන ලද මල් හෝ දුම් උඩට යෑමට හෝ ඉහළසිට දමනලද අබ ඇටයක් පහළට වැටීමට අතරක් නොලබයි. මෙසේ අතරක් නැතිව දෙවියෝ වූහ. සක්විති රජතුමා සිටින තැන සම්බන්ධ නොවේ. පැමිණි මහේසාක්ය ක්ෂත්රියෝ ද ඉඩ ලබති. පසුව පසුව අති සම්බන්ධ වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැන සම්බාධ රහිතය. පැමිණි මහේසාක්ය දෙවියෝ ද බ්‍රහ්මයෝ ද අවකාශ ලබති. තවද භාග්‍යවතුන් වහන්සේ ආසන්න ස්ථානයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන ලද අයුරින්ම කොස්ගසක අග පෙදෙසෙහි (වාලග්ග නිත්තුද්දන මත්තෙ) දහයක්, විස්සක්, තිහක් දෙවිවරු සියුම් ආත්ම මවාගෙන සිටියහ. මුලින් මුලින් හැට හැට දෙවියෝ සිටියහ.
සුද්ධාවාසකායිකානන්ති සුද්ධාවාසවාසීනං. සුද්ධාවාසා නාම සුද්ධානං අනාගාමිඛීණාසවානං ආවාසා පඤ්ච බ්රහ්මලොකා. එතදහොසීති කස්මා අහොසි? තෙ කිර බ්රහ්මානො සමාපත්තිං සමාපජ්ජිත්වා යථාපරිච්ඡෙදෙන වුට්ඨිතා බ්රහ්මභවනං ඔලොකෙන්තා පච්ඡාභත්තෙ භත්තගෙහං විය සුඤ්ඤතං අද්දසංසු. තතො “කුහිං බ්රහ්මානො ගතා”ති ආවජ්ජන්තා මහාසමාගමං ඤත්වා – “අයං සමාගමො මහා, මයං ඔහීනා, ඔහීනකානං ඔකාසො දුල්ලභො හොති, තස්මා ගච්ඡන්තා අතුච්ඡහත්ථා හුත්වා එකෙකං ගාථං අභිසඞ්ඛරිත්වා ගච්ඡාම. තාය මහාසමාගමෙ ච අත්තනො ආගතභාවං ජානාපෙස්සාම, දසබලස්ස ච වණ්ණං භාසිස්සාමා”ති. ඉති තෙසං සමාපත්තිතො වුට්ඨාය ආවජ්ජිතත්තා එතදහොසි.
සුද්ධාවාසකායිකානං - සුද්ධාවාසවල වාසීන්, සුද්ධාවාස නම් පිරිසිදු වූ අනාගාමීන්ගේ වාසය වූ බඹලොව පහය. එතදහොසි - කෙසේ වූයේද? ඒ බ්‍රහ්මයෝ වනාහි සමවතට සමවැද යම් කාලසීමාවකින් නැගී සිටියේ බඹවිමන බලනුයේ පසුබතේ බත් අග මෙන් ශුන්‍යබව දැක්කාහ. බඹුන් එයින් කොහේ ගියාදැයි ආවර්ජනා කරන්නේ මහා සමාගමට යයි දැන මේ මහා සමාගමෙන් අපි වෙන්විය. වෙන්වූවන්ට අවකාස දුර්ලභය. එහෙයින් යන්නේ හිස් අතින් නැතිව එක එක ගාථා සකස්කොට යමු යයි ඒ මහා සමාගමට තමන්ගේ පැමිණි බව දන්වන්නෙමු බුදුරදුන්ගේ ද ගුණ කියමු යයි මෙසේ ඔවුන්ගේ සමාපත්තියෙන් නැගිට ආවර්ජනය මෙසේ විය.
භගවතො පුරතො පාතුරහෙසුන්ති පාළියං භගවතො සන්තිකෙ අභිමුඛට්ඨානෙයෙව ඔතිණ්ණා විය කත්වා වුත්තා, න ඛො පනෙත්ථ එවං අත්ථො වෙදිතබ්බො. තෙ පන බ්රහ්මලොකෙ ඨිතායෙව ගාථා අභිසඞ්ඛරිත්වා එකො පුරත්ථිමචක්කවාළමුඛවට්ටියං ඔතරි, එකො දක්ඛිණචක්කවාළමුඛවට්ටියං, එකො පච්ඡිමචක්කවාළමුඛවට්ටියං, එකො උත්තරචක්කවාළමුඛවට්ටියං ඔතරි. තතො පුරත්ථිමචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මා නීලකසිණං සමාපජ්ජිත්වා නීලරස්මියො විස්සජ්ජිත්වා දසසහස්සචක්කවාළදෙවතානං මණිචම්මං පටිමුඤ්චන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා බුද්ධවීථි නාම කෙනචි ඔත්ථරිතුං න සක්කා, තස්මා පහටබුද්ධවීථියාව ආගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො අත්තනා අභිසඞ්ඛතං ගාථං අභාසි.
භගවතො පුරතො පාතුරහංසු - පෙළෙහි භගවතො සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අබිමුවෙහිම බැස්සා මෙන් යයි කියන ලදී. මෙහි එම අර්ථය නැතැයි දත යුතුය. ඔව්හු වනාහි බඹලොව සිටියේම ගාථා සංස්කරණය කොට එක්කෙනෙක් පෙරදිග පිහිටි සක්වලක මුව විටෙහි බැස්සෝය. එක්කෙනෙක් දකුණෙහි පිහිටි සක්වලක මුවවිටක බැස්සේය. එක් කෙනෙක් පැසුළු දෙස පිහිටි සක්වලක මුවවිටට බැස්සෝය. එක්කෙනෙක් උතුරු දෙස පිහිටි සක්වලක මුවවිටට බැස්සේය. පෙරදිග සක්වල මුව විටට බැස්ස දෙවියා නීලකසිණ සමාපත්තියට සමවැදී නිල් රශ්මි විහිදුවා දස දහසක් දෙවියන් වෙත මිණි සමක් මුදාහරින්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියේ තමා විසින් සකසන ලද ගාථාව කීවේය.
දක්ඛිණචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මාපි පීතකසිණං සමාපජ්ජිත්වා පීතරස්මියො සුවණ්ණපභං මුඤ්චිත්වා දසසහස්සචක්කවාළදෙවතානං සුවණ්ණපටං පාරුපෙන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අට්ඨාසි. පච්ඡිමචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මාපි ලොහිතකසිණං සමාපජ්ජිත්වා ලොහිතරස්මියො මුඤ්චිත්වා දසසහස්සචක්කවාළදෙවතානං රත්තවරකම්බලෙන පරික්ඛිපන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අට්ඨාසි. උත්තරචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මාපි ඔදාතකසිණං සමාපජ්ජිත්වා ඔදාතරස්මියො මුඤ්චිත්වා දසසහස්සචක්කවාළදෙවතානං සුමනපටං පාරුපන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අට්ඨාසි.
දකුණු සක්වල මුව විටයෙහි බැස්ස දෙවියා ද පීත කසින සමවතට සමවැද රන් ආලෝක විහිදුවා දස දහසක් සක්වල දෙවියන් රන්වන් වස්ත්‍රයකින් පොරවන්නාක් මෙන් තමා පැමිණි බව දන්වා එසේම කළේය. පැසුළු සක්වල මුවවිටට බැස්ස බ්‍රහ්මයා ද ලෝහිත කසිණයට සමවැදී ලෝහිත රස් මුදා දසදහසක් සක්වල දෙවියන් රතු කම්බිලියකින් වසන්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා එසේම කෙළේය. උතුරු සක්වල මුවවිටට බැස්ස බ්‍රහ්මයා ද ඔදාත කසිණයට සමවැදී සුදු රස් මුදාහර දස දහසක් සක්වල දෙවියන් දෑ සමන් මල්මිටක් පොරවන්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා එසේම සිටියේය.
පාළියං පන “භගවතො පුරතො පාතුරහෙසුං. අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසූ”ති එවං එකක්ඛණං විය පුරතො පාතුභාවො ච අභිවාදෙත්වා එකමන්තං ඨිතභාවො ච වුත්තො, සො ඉමිනා අනුක්කමෙන අහොසි, එකතො කත්වා පන දස්සිතො. ගාථාභාසනං පන පාළියං විසුං විසුංයෙව වුත්තං.
පෙළෙහි වනාහි භගවතො “පුරතො පාරතුහංසු” වේ. ඉක්බිති ඒ දෙවියෝ භගවතුන් වැඳ එකත්පසක සිටියහ. මෙසේ එක්විටම අබිමුවෙහි පහළ වූ බව ද වැඳ එකත්පසක සිටි බවද කියන ලදි. මේ පිළිවෙළින් වූයේ යයි එකට දක්වන ලදී. ගාථා කීම පෙළෙහි වෙන් වෙන්වම කියන ලදී.
තත්ථ මහාසමයොති මහාසමූහො. පවනං වුච්චති වනසණ්ඩො. උභයෙනපි භගවා ඉමස්මිං වනසණ්ඩෙ අජ්ජ මහාසමූහො මහාසන්නිපාතොති ආහ. තතො යෙසං සො සන්නිපාතො, තෙ දස්සෙතුං දෙවකායා සමාගතාති ආහ. තත්ථ දෙවකායාති දෙවඝටා. ආගතම්හ ඉමං ධම්මසමයන්ති එවං සමාගතෙ දෙවකායෙ දිස්වා මයම්පි ඉමං ධම්මසමූහං ආගතා. කිං කාරණා? දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝං, කෙනචි අපරාජිතං අජ්ජෙව තයො මාරෙ මද්දිත්වා විජිතසඞ්ගාමං ඉමං අපරාජිතසඞ්ඝං දස්සනත්ථාය ආගතම්හාති අත්ථො. සො පන බ්රහ්මා ඉමං ගාථං භාසිත්වා භගවන්තං අභිවාදෙත්වා පුරත්ථිමචක්කවාළමුඛවට්ටියංයෙව අට්ඨාසි.
තත්ථ මහා සමයො - විසාල පිරිසක්. පවනං - වන ලැහැබ. මේ වන ලැහැබෙහි අද දෙපිරිසේම විසාල පිරිසක් රැස්වනේ යයි භාග්‍යවතුන් වහන්සේ කීහ. එහෙයින් ඔවුන්ගේ ඒ රැස්වීම දැකීම සඳහා “දෙවියෝ පැමිණියහ” යයි කීහ. එය දෙවකාය - දේව සමුහයා. ආගතම්හ ඉමං ධම්මං සමයං - මෙසේ පැමිණි දේව සමූහයා දැක මම ද මේ ධර්ම සමූහයට පැමිණියෙමි. කුමකටද? දක්ඛිතායෙ අපරාජිත සඞඝං - කුමන දිනීමක්ද? තුන් මරුන් අදම මැඩ දිනනලද සංග්රාම ඇති මේ අපරාජිත සංඝයා දැකීමට පැමිණියහ යන අර්ථයයි. ඒ බ්‍රහ්මයා මේ ගාථාව කියා භාග්‍යවතුන් වහන්සේට වැඳ පෙරදිග සක්වල මුවවිටියෙහි ම සිටියේය.
අථ දුතියො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ තත්ර භික්ඛවොති තස්මිං සන්නිපාතට්ඨානෙ භික්ඛූ. සමාදහංසූති සමාධිනා යොජෙසුං. චිත්තමත්තනො උජුකං අකංසූති අත්තනො චිත්තං සබ්බෙ වඞ්කකුටිලජිම්හභාවෙ හරිත්වා උජුකං අකරිංසු. සාරථීව නෙත්තානි ගහෙත්වාති යථා සමප්පවත්තෙසු සින්ධවෙසු ඔධස්තපතොදො සාරථි සබ්බයොත්තානි ගහෙත්වා අචොදෙන්තො අවාරෙන්තො තිට්ඨති, එවං ඡළඞ්ගුපෙක්ඛාසමන්නාගතා ගුත්තද්වාරා සබ්බෙපෙතෙ පඤ්චසතා භික්ඛූ ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතා, එතෙ දට්ඨුං ඉධාගතම්හ භගවාති. සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසි.
ඉන්පසු දෙවැන්නා කී අයුරින්ම පැමිණ කීවේය. තත්ර භික්ඛවෝ - ඒ රැස් වූ තැන භික්ෂුව සමාදහංසු - එකඟවීමෙන් යෙදූහ. චිත්තමත්තනො උජුකමකංසු - තමාගේ සිත සියළු වංක, කපටි, ඇදබව හැරදමා සෘජු කළහ. සාරථිව නෙත්තානි ගහෙත්වා - අසුන් මනාව පවතින කල්හි රියැදුරා කෙවිට තබා සියළු රැහැන් ගෙන නො හසුරුවා නොවලක්වා සිටී. මෙසේ ඡ අභිඤ්ඤා සමන්නාගත සංවර වූ ඉඳුරන් ඇති මේ භික්ෂු පන්සිය දෙනා, ඉන්ද්රියෙහි රක්ඛන්ති පණ්ඩිතා - භාග්‍යවතුන් වහන්ස.... උන්වහන්සේලා දැකීමට මෙහි පැමිණියෙමු. හේ ද ගොස් නියම තැන සිටියේය.
අථ තතියො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ ඡෙත්වා ඛීලන්ති රාගදොසමොහඛීලං ඡින්දිත්වා. පලිඝන්ති රාගදොසමොහපලිඝමෙව. ඉන්දඛීලන්තිපි රාගදොසමොහඉන්දඛීලමෙව. ඌහච්ච මනෙජාති එතෙ තණ්හාඑජාය අභාවෙන අනෙජා භික්ඛූ ඉන්දඛීලං ඌහච්ච සමූහනිත්වා. තෙ චරන්තීති චතූසු දිසාසු අප්පටිහතචාරිකං චරන්ති. සුද්ධාති නිරුපක්කිලෙසා. විමලාති නිම්මලා. ඉදං තස්සෙව වෙවචනං. චක්ඛුමතාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමන්තෙන. සුදන්තාති චක්ඛුතොපි දන්තා, සොතතොපි ඝානතොපි ජිව්හාතොපි කායතොපි මනතොපි දන්තා. සුසුනාගාති තරුණනාගා. තෙ එවරූපෙන අනුත්තරෙන යොගාචරියෙන දමිතෙ තරුණනාගෙ දස්සනාය ආගතම්හ භගවාති. සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසි.
ඉක්බිති තුන්වැන්නා කියන ලද පිළිවෙළින් ම පැමිණ කීවේය. එහි ජෙත්වා ඛිලං - රාග, දෝස, මෝහ මුල් සිඳදමා. ජෙත්වා පලිඝං - රාගදොස මෝහ කණායුම (සිඳ) ඉන්දඛීලං - රාගදෝසමොහ ම ඉන්දඛීල වේ. ඌහච්චමනෙජා - මේ තෘෂ්ණා සංඛ්‍යාත ඒජයන් හේතුවීමෙන් ආශාරහිත වූ භික්ෂුව ඉන්ද්රඛීල හැනුණු සියල්ල නැතිකර. තෙ චරනති - සිවි දිසාවෙහි නොවලක්වන ලද හැසිරිම් ඇත්තේ සංචාරය කරති. සුද්ධා - උපක් කෙලශ නැති. විමලො - නිර්මල වූ මෙය එහිම පර්යාය වචනයකි. චක්ඛුමතා - පස් ඇසින් යුක්ත වූ. සුදන්තා - ඇස කන නාසය දිව කය මනස මේවායින් සංවර වූ. සුසුනාගා - තරුණ ඇතා. ඔව්හු මෙබඳු වූ අනුත්තර වූ යෝග්‍ය හැසිරීමෙන් දමනය වූ තරුණ භික්ෂුන් දැකීම සඳහා ආවෙමු. හේ ද ගොස් සුදුසු තැනම සිටියේය.
අථ චතුත්ථො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ ගතාසෙති නිබ්බෙමතිකසරණගමනෙන ගතා. සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසි.
ඉක්බිති සතරවැන්නා කී ආකාරයෙන්ම පැමිණ කීවේය. එහි ගතාසෙ - ඒකමතික සරණාගමනයෙන් සරණ ගිය. හේ ද ගොස් සුදුසු ස්ථානයෙහිම සිටියේය.
දෙවතාසන්නිපාතවණ්ණනා
අථ භගවා ඔලොකෙන්තො පථවීතලතො යාව චක්කවාළමුඛවට්ටිපරිච්ඡෙදා යාව අකනිට්ඨබ්රහ්මලොකා දෙවතාසන්නිපාතං දිස්වා චින්තෙසි – “මහා අයං දෙවතාසමාගමො, භික්ඛූ පන එවං මහා දෙවතාය සමාගමොති න ජානන්ති, හන්ද, නෙසං ආචික්ඛාමී”ති, එවං චින්තෙත්වා “අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසී”ති සබ්බං විත්ථාරෙතබ්බං. තත්ථ එතපරමාති එතං පරමං පමාණං එතෙසන්ති එතපරමා. ඉදානි බුද්ධානං පන අභාවා “යෙපි තෙ, භික්ඛවෙ, එතරහී”ති තතියො වාරො න වුත්තො. ආචික්ඛිස්සාමි, භික්ඛවෙති කස්මා ආහ? දෙවතානං චිත්තකල්ලතාජනනත්ථං. දෙවතා කිර චින්තෙසුං – “භගවා එවං මහන්තෙ සමාගමෙ මහෙසක්ඛානංයෙව දෙවතානං නාමගොත්තානි කථෙස්සති, අප්පෙසක්ඛානං කිං කථෙස්සතී”ති? අථ භගවා “ඉමා දෙවතා කිං චින්තෙන්තී”ති ආවජ්ජන්තො මුඛෙන හත්ථං පවෙසෙත්වා හදයමංසං මද්දන්තො විය සභණ්ඩං චොරං ගණ්හන්තො විය ච තං තාසං චිත්තාචාරං ඤත්වා – “දසසහස්සචක්කවාළතො ආගතාගතානං අප්පෙසක්ඛමහෙසක්ඛානං සබ්බාසම්පි දෙවතානං නාමගොත්තං කථෙස්සාමී”ති චින්තෙසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බලන්නේ පෘථිවිතලයේ සිට සක්වල මුවවිටින් අකිනිටා බඹලොව දක්වා රැස්ව හුන් දෙවියන් දැක මෙසේ සිතූහ. “මේ දේව සමාගම ඉතා විසාලය. මෙපමණ විසාල දේව සමාගමක් යැයි භික්ෂූහු නොදනිති.” එය ඔවුන්ට කියන්නේ නම් යෙහෙකි’යි මෙසේ සිතා, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. සියල්ල විස්තර කළ යුතුය. එහි එතපරමා - මෙය ප්‍රමාණවත් ය. මෙය ඔවුන්ට ප්‍රමාණ වූයේ ඒත පරමාවේ. දැන් බුදුන් අභාව නිසා “යම් ඒ භික්ෂූහු දැන්” තෙවන වර නොකියන ලදී. ආචික්ඛිස්සාමි භික්ඛවෙ - කුමක් හෙයින් කීවේද? දෙවියන්ගේ, සිතේ යහපත් බව ඇති කිරීම සඳහාය. දෙවියෝ වනාහි මෙසේ සිතූහ. “භාග්‍යවතුන් වහන්සේ මේ මහා සමාගමේ මහේසාක්ය දෙවියන්ගේ නම් පමණක් කියන්නේය. අල්පේ සාක්‍යයන්ගේ නම් කියන්නේද?” ඉක්බිති බුදුහු මේ දෙවියන් කුමක් සිතන්නේ දැයි ආවර්ජනා කරන්නේ, මුඛයෙන් අත ඇතුල්කොට හෘදය මාංශය මඩින්නා සේ බඩු සහිත සොරු ගන්නාක් මෙන් ද ඔවුන්ගේ ඒ සිත් හැසුරුණු ආකාරය දැන, දස දහසක් සක්වලින් පැමිණි අල්පේශාක්‍ය මහේශාක්‍ය සියළු දෙවියන්ගේ නම් කියන්නෙමි යයි සිතූහ.
බුද්ධා නාම මහන්තා එතෙ සත්තවිසෙසා, යං සදෙවකස්ස ලොකස්ස දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, න කිඤ්චි කත්ථචි නීලාදිවසෙන විභත්තරූපාරම්මණෙසු රූපාරම්මණං වා භෙරීසද්දාදිවසෙන විභත්තසද්දාරම්මණාදීසු විසුං විසුං සද්දාදිආරම්මණං වා අත්ථි, යං එතෙසං ඤාණමුඛෙ ආපාථං නාගච්ඡති. යථාහ –
බුදුවරයෝ නම් ඉතා මහත් වූ සත්ත්ව විශේෂ කෙනෙක්හ. දෙවියන් සහිත ලෝකයාගේ දුටු, ඇසු, ස්පර්ශ, කළ, සිතූ, පැමිණි, සෙවු, අනුව හැසුරුණු සිත්, කිසිතැන කිසිවක් නිල් ආදි වශයෙන් බෙදන ලද රූප අරමුණුවල රූප අරමුණක් හෝ බෙර ශබ්ද වශයෙන් බෙදනලද ශබ්ද අරමුණුවල වෙන්වෙන් ශබ්ද අරමුණු හෝ යමක් ඇත්ද ඒ සියල්ලම ඤාණයට නො එන්නේ නොවේ. යම්සේ කීය.
“යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං පස්සාමි, තමහං අබ්භඤ්ඤාසි”න්ති (අ· නි· 4.24).
“මහණෙනි, සදේවක ලෝකයෝ යම් දෙවියන් සහිත මිනිසුන් දුටු සිතු සපර්ශ කළ දැනගත් පැමිණි, සෙවූ අනුව හැසුරුණු සිත් වේද ඒවා මම දනිමි. ඒවා මම දකිමි. ඒවා මම දැනගතිමි”.
එවං සබ්බත්ථ අප්පටිහතඤාණො භගවා සබ්බාපි තා දෙවතා භබ්බාභබ්බවසෙන ද්වෙ කොට්ඨාසෙ අකාසි. “කම්මාවරණෙන වා සමන්නාගතා”තිආදිනා නයෙන වුත්තා සත්තා අභබ්බා නාම. තෙ එකවිහාරෙ වසන්තෙපි බුද්ධා න ඔලොකෙන්ති. විපරීතා පන භබ්බා නාම, තෙ දූරෙ වසන්තෙපි ගන්ත්වා සඞ්ගණ්හන්ති. තස්මා තස්මිම්පි දෙවතාසන්නිපාතෙ යෙ අභබ්බා, තෙ පහාය භබ්බෙ පරිග්ගහෙසි. පරිග්ගහෙත්වා – “එත්තකා එත්ථ රාගචරිතා, එත්තකා දොසචරිතා, එත්තකා මොහචරිතා”ති චරිතවසෙන ඡ කොට්ඨාසෙ අකාසි. අථ නෙසං සප්පායං ධම්මදෙසනං උපධාරයන්තො – “රාගචරිතානං දෙවතානං සම්මාපරිබ්බාජනියසුත්තං කථෙස්සාමි, දොසචරිතානං කලහවිවාදසුත්තං, මොහචරිතානං මහාබ්‍යූහසුත්තං, විතක්කචරිතානං චූළබ්‍යූහසුත්තං, සද්ධාචරිතානං තුවට්ටකපටිපදං, බුද්ධිචරිතානං පුරාභෙදසුත්තං කථෙස්සාමී”ති දෙසනං වවත්ථපෙත්වා පුන තං පරිසං මනසාකාසි – “අත්තජ්ඣාසයෙන නු ඛො ජානෙය්ය, පරජ්ඣාසයෙන අත්ථුප්පත්තිකෙන පුච්ඡාවසෙනා”ති. තතො “පුච්ඡාවසෙන ජානෙය්යා”ති ඤත්වා “අත්ථි නු ඛො කොචි දෙවතානං අජ්ඣාසයං ගහෙත්වා චරිතවසෙන පඤ්හං පුච්ඡිතුං සමත්ථො”ති “තෙසු පඤ්චසතෙසු භික්ඛූසු එකොපි න සක්කොතී”ති අද්දස. තතො අසීතිමහාසාවකෙ ද්වෙ අග්ගසාවකෙ ච සමන්නාහරිත්වා “තෙපි න සක්කොන්තී”ති දිස්වා චින්තෙසි “සචෙ පච්චෙකබුද්ධො භවෙය්ය, සක්කුණෙය්ය නු ඛො”ති “සොපි න සක්කුණෙය්යා”ති ඤත්වා “සක්කසුයාමාදීසු කොචි සක්කුණෙය්යා”ති සමන්නාහරි. සචෙ හි තෙසු කොචි සක්කුණෙය්ය, තං පුච්ඡාපෙත්වා අත්තනා විස්සජ්ජෙය්ය, න පන තෙසුපි කොචි සක්කොති.
මෙසේ සියළු තැන නොනැසෙන ඤාණය භාග්‍යවතුන් වහන්සේ ඒ සියළු දේවතාවෝ සුදුසු නුසුදුසු වශයෙන් කොටස් දෙකක් කළහ. යම් කෙනෙක් කර්මාවරණෙයෙනි යුක්ත දැයි ආදි නයින් කියන ලද සත්වයන් අභබ්බ නම් වේ. ඔවුහු බුදුන් සමග එක් විහාරයක වාසය කළත් බුදුන් නොදකිති. ඊට වෙනස් වූයේ භබ්බ නම් වේ. ඔහු දුර වාසය කළද ගොස් සංග්‍රහ ලබති. එහෙයින් ඒ දේවතා රැස්වීමේ අභබ්බයන් හැර භබ්බයන් පිළිගත්හ. පිළිගෙන මෙපමණක් රාග චරිතයෝය. මෙපමණක් ද්වේශ චරිතයෝ යයි, චරිත වශයෙන් කොටස් හයක් කළහ. අනතුරුව ඔවුන්ට ගැලපෙන ධර්ම දේශනා පරීක්ෂාකර බලන්නේ රාග චරිත දෙවියන්ට සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කරන්නෙමි. දෝස චරිතයන්ට කලහ විවාද සූත්‍රය, මෝහ චරිතයන්ට මහා ව්‍යුහ සූත්‍රය, විතක්ක චරිතයන්ට චුල්ල ව්‍යුහ සුත්‍රය, ශ්‍රද්ධා චරිතයන්ට තුවටක ප්‍රතිපදාව, බුද්ධි චරිතයන්ට පුරාභේද සූත්‍රය කියන්නෙමියි දේශනාව නියමකොට නැවත ඒ පිරිස මෙනෙහි කෙළේ, ධර්මය දැන ගන්නේ අත්තජඣාසයෙන ද පරජඣාසයෙන් ද අට්ඨුපත්තියෙන් ද පුච්ඡා වශයෙන් දැයි බැලීමටය. එයින් පුච්ඡා වශයෙන් දැනගන්නේ යයි දැන, දෙවියන්ගේ අදහස් වෙත චරිත වශයෙන් ප්‍රශ්න ඇසීමට ඒ භික්ෂූන් පන්සිය දෙනා අතරෙන් කිසිවෙක් ඇද්දැයි බලන්නේ එක්කෙනෙකුටවත් හැකි නොවන බව දැක්කහ. ඉන්පසු අසූමහ ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවක දෙනම ගැන බලා ඔව්හු ද නොහැකිවෙත් යයි දැක සිතූහ. ඉදින් පසේ බුදුන්හු හැකිවන්නාහු දැයි බලා උන්වහන්සේ ද නොහැකි වන්නාහැයි දැක සක්‍ර සුයාමාදි කිසිවෙක් හැකිවන්නාහු දැයි බැලූහ. ඔවුන් අතර ද කිසිවෙකුට හැකිවයි නොදුටුවහ.
අථස්ස එතදහොසි – “මාදිසො බුද්ධොයෙව සක්කුණෙය්ය, අත්ථි පන කත්ථචි අඤ්ඤො බුද්ධො”ති අනන්තාසු ලොකධාතූසු අනන්තඤාණං පත්ථරිත්වා ඔලොකෙන්තො අඤ්ඤං බුද්ධං න අද්දස. අනච්ඡරියඤ්චෙතං, යං ඉදානි අත්තනා සමං න පස්සෙය්ය, සො ජාතදිවසෙපි බ්රහ්මජාලවණ්ණනායං වුත්තනයෙන අත්තනා සමං අපස්සන්තො – “අග්ගොහමස්මි ලොකස්සා”ති අප්පටිවත්තියං සීහනාදං නදි. එවං අඤ්ඤං අත්තනා සමං අපස්සිත්වා චින්තෙසි – “සචෙ අහං පුච්ඡිත්වා අහමෙව විස්සජ්ජෙය්‍යං, එවම්පෙතා දෙවතා න සක්ඛිස්සන්ති පටිවිජ්ඣිතුං. අඤ්ඤස්මිං පන බුද්ධෙයෙව පුච්ඡන්තෙ මයි ච විස්සජ්ජන්තෙ අච්ඡෙරකං භවිස්සති, සක්ඛිස්සන්ති ච දෙවතා පටිවිජ්ඣිතුං, තස්මා නිම්මිතබුද්ධං මාපෙස්සාමී”ති අභිඤ්ඤාපාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය – “පත්තචීවරගහණං ආලොකිතවිලොකිතං සමිඤ්ජිතපසාරිතඤ්ච මම සදිසංයෙව හොතූ”ති කාමාවචරචිත්තෙහි පරිකම්මං කත්වා පාචීනයුගන්ධරපරික්ඛෙපතො උල්ලඞ්ඝමානං චන්දමණ්ඩලං භින්දිත්වා නික්ඛමන්තං විය රූපාවචරචිත්තෙන අධිට්ඨාසි.
ඉක්බිති “මා වැනි බුදු කෙනෙකුන්ට අනාගත ඤාණය පතුරුවා බලන්නේ වෙනත් බුදු කෙනෙකු නොදුටහ. මෙය අසිරිමත් නොවේ. දැන් තමා සමාන කෙනෙකු නොදකින්නේ. උපන් දිනයෙහි ද බ්‍රහ්මජාල සූත්‍ර වර්ණානාවේ කියන ලද නයින් තමා හා සමාන කෙනෙකු නොදක්නේ අග්ගොහමස්මි ලොකස්ස පැවැත්විය නොහැකි සිංහනාදය කෙළේය. මෙසේ තමා හා සමාන කිසිවකු නොදැක සිතූහ. ඉඳින් මම විචාරා මමම විසඳන්නේ නම් මේ දෙවිවරුන්ට අවබෝධකර ගැනීමට නොහැකි වේ. අනික් බුදු කෙනෙකුන් විචාරන කල්හි මා විසඳන විට ආශ්චර්ය වන්නේය, දෙවියන්ට අවබෝධ කර ගැනීමට ද හැකි වේ. එහෙයින් නිර්මිත බුදු කෙනෙකුන් මවන්නෙමි යයි අභිඥා පාදක ධ්‍යානයට සමවැදී නැගිට පාසිවුරු ගැනීම, ඉදිරිය බැලීම වටපිට බැලීම, දිග හැරීම හැකිලීම මා හා සමාන වේවායි කාමාවචර සිත්වලින් පරිකර්ම කොට ප්‍රාචීන යුගඳුරු වටකළ ඉහලට නැගෙන සඳමඬල බිඳ නික්මෙන්නාක් මෙන් රූපාවචර සිතින් අධිෂ්ඨාන කළහ.
දෙවසඞ්ඝො තං දිස්වා – “අඤ්ඤොපි නු ඛො, භො, චන්දො උග්ගතො”ති ආහ. අථ චන්දං ඔහාය ආසන්නතරෙ ජාතෙ “න චන්දො, සූරියො උග්ගතො”ති, පුන ආසන්නතරෙ ජාතෙ “න සූරියො, දෙවවිමානං එක”න්ති, පුන ආසන්නතරෙ ජාතෙ “න දෙවවිමානං, දෙවපුත්තො එකො”ති, පුන ආසන්නතරෙ ජාතෙ “න දෙවපුත්තො, මහාබ්රහ්මා එකො”ති, පුන ආසන්නතරෙ ජාතෙ “න මහාබ්රහ්මා, අපරොපි භො බුද්ධො ආගතො”ති ආහ. තත්ථ පුථුජ්ජනදෙවතා චින්තයිංසු – “එකබුද්ධස්ස තාව අයං දෙවතාසන්නිපාතො, ද්වින්නං කීව මහන්තො භවිස්සතී”ති. අරියදෙවතා චින්තයිංසු – “එකිස්සා ලොකධාතුයා ද්වෙ බුද්ධා නාම නත්ථි, අද්ධා භගවතා අත්තනා සදිසො අඤ්ඤො එකො බුද්ධො නිම්මිතො”ති.
දේව සමූහයා ඒ දැක පින්වත් අනිත් හඳක් උදා වී යයි කීහ. පසුව එම සඳ හැර ආසන්නයට පැමිණි විට, සඳ නොවේ, හිරු උදාවෙයි. ආසන්නයට පැමිණි විට හිරු නොවේ, දෙව්විමණක් ආසන්න වූ පසු දෙව් විමනක් නොවේ, දිව්‍ය පුත්‍රයෙක්. ආසන්නවූ පසු දෙවිපුතකු නොව මහා බ්‍රහ්මයාය, මහ බඹු නොවේ, පින්වත, තවත් බුදු කෙනෙක් වැඩියහයි කීහ. එහි ආර්ය දෙවියෝ සිතූහ. එක් ලෝක ධාතුවක බුදුවරයෝ දෙදෙනෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ තමන් හා සමාන වෙනත් බුදු කෙනෙකුන් ඒකාන්තයෙන්ම මවන ලදී. පෘථග්ජන දෙවියෝ මෙසේ සිතූහ. එක් බුදු කෙනෙකුට මෙපමණ දේව සන්නිපාතයක් නම් දෙදෙනෙකුට කෙතරම් මහත්වේද,
අථ තස්ස දෙවසඞ්ඝස්ස පස්සන්තස්සෙව නිම්මිතබුද්ධො ආගන්ත්වා දසබලං අවන්දිත්වාව සම්මුඛට්ඨානෙ සමසමං කත්වා මාපිතෙ ආසනෙ නිසීදි. භගවතොපි ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, නිම්මිතස්සාපි ද්වත්තිංසාව, භගවතොපි සරීරා ඡබ්බණ්ණරස්මියො නික්ඛමන්ති, නිම්මිතස්සාපි, භගවතො සරීරරස්මියො නිම්මිතස්ස සරීරෙ පටිහඤ්ඤන්ති, නිම්මිතස්ස සරීරරස්මියො භගවතො කායෙ පටිහඤ්ඤන්ති. තා ද්වින්නම්පි බුද්ධානං සරීරතො උග්ගම්ම අකනිට්ඨභවනං ආහච්ච තතො පටිනිවත්තිත්වා දෙවතානං මත්ථකපරියන්තෙ ඔතරිත්වා චක්කවාළමුඛවට්ටියං පතිට්ඨහිංසු. සකලචක්කවාළගබ්භං සුවණ්ණමයවඞ්කගොපානසීවිනද්ධමිව චෙතියඝරං විරොචිත්ථ. දසසහස්සචක්කවාළදෙවතා එකචක්කවාළෙ රාසිභූතා ද්වින්නං බුද්ධානං රස්මිගබ්භන්තරං පවිසිත්වා අට්ඨංසු. නිම්මිතබුද්ධො නිසීදන්තොයෙව දසබලස්ස බොධිපල්ලඞ්කෙ කිලෙසප්පහානං අභිත්ථවන්තො –
ඉක්බිති ඒ දේව සමුහයා දකිද්දීම නිර්මිත බුදුහු වැඩ දශබලයන් නොවැඳම හමුවූ තැන සම සම කොට මවන ලද අසුනෙහි උන්නහ. භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ නිර්මිත බුදුන්ට ද එසේ විය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් සවණක් රස් නික්මෙති. නිර්මිත බුදුන්ගේ ශරීරයෙන් ද එසේය. බුදුරදුන්ගේ ශරිර රශ්මි නිර්මිත බුදුන්ගේ ශරීරයේ වැදෙයි. නිර්මිත බුදුන්ගේ ශරීර රශ්මි බුදුන්ගේ කයේ වැදෙයි. ඒ බුදුවරුන් දෙදෙනාගේ ම ශරීරවලින් උඩට නැගී අකනිටා භවාග්‍රයෙහි වැදී එයින් නැවතී දෙවිවරුන්ගේ හිස් මුදුන්වල බැස සක්වල මුවවිට පිහිටියේය. සියළු සක්වල ගබ රුවන්මුවා වක් ගොණැස් වෙළුවක් මෙන් සෑ ගෙය බැබැලිණි. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලක රැස් වී බුදුවරු දෙනමගේ රස් ගැබට පිවිස සිටියහ. නිර්මිත බුදුහු හිඳගෙනම දසබල බුදුන්ගේ බෝපලඟෙහි ක්ලේශ ප්‍රහානයට ස්තුති කරන්නේ
“පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං, තිණ්ණං පාරඞ්ගතං පරිනිබ්බුතං ඨිතත්තං. නික්ඛම්ම ඝරා පනුජ්ජ කාමෙ, කථං භික්ඛු සම්මා සො ලොකෙ පරිබ්බජෙය්යා”ති. (සු· නි· 361) –
අසමි මුනි නුවණැති - සිටි තෙරග පිරිනිවි තුණ ගෙන් නික්ම හැර කම් - හෙ බික් කිසෙ ලොවැ ඇවිදී
ගාථං අභාසි. සත්ථා දෙවතානං තාව චිත්තකල්ලතාජනනත්ථං ආගතාගතානං නාමගොත්තානි කථෙස්සාමීති චින්තෙත්වා ආචික්ඛිස්සාමි, භික්ඛවෙතිආදිමාහ.
ගීය ගැයූ, ශාස්තෲන් වහන්සේ දෙවිවරුන්ගේ සිත් කලණතා දැන ගැනීම සඳහා ආ පිළිවෙළින් නම්හොත් කියන්නෙමියි සිතා “මහණෙනි, කියන්නෙමි”යි ආදිය කීහ.
තත්ථ සිලොකමනුකස්සාමීති අක්ඛරපදනියමිතං වචනසඞ්ඝාතං පවත්තයිස්සාමි. යත්ථ භුම්මා තදස්සිතාති යෙසු යෙසු ඨානෙසු භුම්මා දෙවතා තං තං නිස්සිතා. යෙ සිතා ගිරිගබ්භරන්තිආදීහි තෙසං භික්ඛූනං වණ්ණං කථෙසි, යෙ භික්ඛූ ගිරිකුච්ඡිං නිස්සිතාති අත්ථො. පහිතත්තාති පෙසිතචිත්තා. සමාහිතාති අවික්ඛිත්තා.
එහි සිලොනමනුකස්සාමි - නියමිත අකුරු පදවචන සමූහය පවත්වන්නෙමි. යත්ථ භුම්මා තදස්සිතා - යම් යම් තැන්වල බිම් දෙවියන් ඒ ඒ ඇසුරු කොට, යෙ සිතා ගිරිගබ්හාරං - ආදියෙන් ඒ භික්ෂූන්ගේ වර්ණනාව කළහ. යම් භික්ෂූහු පර්වත ගුහා ඇසුරු කළහ. යන අර්ථයයි. පහිතත්තා - යවන ලද. සමාහිතා - වික්ෂිප්ත නොවූ.
පුථූති බහුජනා. සීහාව සල්ලීනාති සීහා විය නිලීනා එකත්තං උපගතා. ලොමහංසාභිසම්භුනොති ලොමහංසං අභිභවිත්වා ඨිතා, නිබ්භයාති වුත්තං හොති. ඔදාතමනසා සුද්ධාති ඔදාතචිත්තා හුත්වා සුද්ධා. විප්පසන්නාමනාවිලාති විප්පසන්නඅනාවිලා.
පුථු - බොහෝ දෙනා. සීහාව සල්ලීනා - සිංහයන් මෙන් සැඟවී. හුදකලා බවට පැමිණියහ. ලොමහංසාභිසමභූනො - ලොමු දැහැ ගැනීම අබිබවා සිටියහ. නිර්භය යයි කියන ලද්දේ වේ. ඔදාත මනසා සුද්ධා - සුදු සිත් ව, පිරිසිදුව, විප්පසන්නමනාවිලා - ප්‍රසන්න වූ, නොකැළඹුනා වූ.
භිය්යොපඤ්චසතෙ ඤත්වාති සම්මාසම්බුද්ධෙන සද්ධිං අතිරෙකපඤ්චසතෙ භික්ඛූ ජානිත්වා. වනෙ කාපිලවත්ථවෙති කපිලවත්ථුසමීපම්හි ජාතෙ වනසණ්ඩෙ. තතො ආමන්තයී සත්ථාති තදා ආමන්තයි. සාවකෙ සාසනෙ රතෙති අත්තනො ධම්මදෙසනාය සවනන්තෙ ජාතත්තා සාවකෙ සික්ඛත්තයසාසනෙ රතත්තා සාසනෙ රතෙ. ඉදං සබ්බං – “සිලොකමනුකස්සාමී”ති වචනතො අඤ්ඤෙන වුත්තං විය කත්වා වදති.
භීය්‍යො පඤ්චසතෙ ඤත්වා - සම්මා සම්බුදුන් සමග අතිරේක පන්සියයක් භික්ෂූහු දැන. වනෙ කාපිලවත්ථවෙ - කපිලවස්තුව සමීපයෙහි හටගත් වනරොදෙහි. තතො ආමන්තයී සත්ථා - එකල ඇමතූහ. සාවකෙ සාසනෙ රතෙ - තමන් වහන්සේගේ ධර්ම දේශනාව අවසානයේ ඇතිවන ශික්ෂාත්රයෙහි ඇලුණු ශ්‍රාවකයන්. සාසනයෙහි ඇලුණු හෙයින් “සාසනේ රතෙ”, “සිලොක මනු කස්සාමි” මේ සියළු වචනයෙන් අන් කෙනෙක් කියන ලද්දාක් මෙන් කොට කියති.
දෙවකායා අභික්කන්තා, තෙ විජානාථ භික්ඛවොති තෙ දිබ්බචක්ඛුනා විජානාථාති නෙසං භික්ඛූනං දිබ්බචක්ඛුඤාණාභිනීහාරත්ථාය කථෙසි. තෙ ච ආතප්පමකරුං, සුත්වා බුද්ධස්ස සාසනන්ති තෙ ච භික්ඛූ තං බුද්ධසාසනං සුත්වා තාවදෙව තදත්ථාය වීරියං කරිංසු.
දෙවකායා, අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො - ඔවුන් දිව ඇසින් දැනගන්න යයි ඒ භික්ෂූන්ට දිව ඇස් නුවණ ඇතිකර ගැනීම සඳහා වදාරති. තෙ ච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස සාසනං - ඒ භික්ෂුහු බුද්ධානුශාසනය අසා එකෙනෙහිම ඒ සඳහා වීර්ය කළහ.
එවං කතමත්තාතප්පානංයෙව තෙසං පාතුරහු ඤාණං. කීදිසං? අමනුස්සානං දස්සනං දිබ්බචක්ඛුඤාණං උප්පජ්ජි. න තං තෙහි තස්මිං ඛණෙ පරිකම්මං කත්වා උප්පාදිතං. අරියමග්ගෙනෙව හි තං නිප්ඵන්නං. අමනුස්සදස්සනත්ථං පනස්ස අභිනීහාරමත්තමෙව කතං. සත්ථාපි – “අත්ථි තුම්හාකං ඤාණං, තං නීහරිත්වා තෙන හි තෙ විජානාථා”ති ඉදමෙව සන්ධාය “තෙ විජානාථ, භික්ඛවො”ති ආහ.
මෙසේ වීර්ය කරද්දීම. තෙසං පාතුරහු ඤාණං - කෙබඳුද? අමනුස්සාන දස්සනං දිව ඇස් නුවණ පහළ විය. උන්වහන්සේලා විසින් ඒ අවස්ථාවේ පරිකර්ම කොට උපදවන ලද්දේ නොවේ. ආර්ය මාර්ගයෙන්ම එය උපදවන ලදී. අමනුෂ්‍යයන් දැකීම පිණිස උත්සාහය පමණක් කරන ලදී. ශාස්තෲන් වහන්සේ ද ඔබලාට ඤාණය ඇත. එය ඉදිරියට ගෙන ඔවුන් දැන ගන්න යයි මේ සඳහාම තෙ විජානාථ භික්ඛවො - යයි කීහ.
අප්පෙකෙ සතමද්දක්ඛුන්ති තෙසු භික්ඛූසු එකච්චෙ භික්ඛූ අමනුස්සානං සතං අද්දසංසු. සහස්සං අථ සත්තරින්ති එකෙ සහස්සං. එකෙ සත්තති සහස්සානි.
අප්පෙකෙ සතමද්දක්ඛුං - ඒ භික්ෂුන් අතරින් සමහරක් අමුනුෂයන් සියයක් දැක්කහ. සහස්සං අථ සත්තතිං කෙනෙක් දහසක් කෙනෙක් හැත්තෑ දහසකි.
සතං එකෙ සහස්සානන්ති එකෙ සතසහස්සං අද්දසංසු. අප්පෙකෙනන්තමද්දක්ඛුන්ති විපුලං අද්දසංසු, සතවසෙන සහස්සවසෙන ච අපරිච්ඡින්නෙපි අද්දසංසූති අත්ථො. කස්මා? යස්මා දිසා සබ්බා ඵුටා අහුං, භරිතා සම්පුණ්ණාව අහෙසුං.
අප්පෙකනත්ත මද්දක්ඛුං බොහෝ දැක්කහ. සිය ගණන් වශයෙන් දහස් ගණන් වශයෙන් වෙන්කළ නොහැකි තරම් දැක්කහයි යන අර්ථයයි. කුමක් හෙයින්ද? යම්සේ දිසා සබ්බා ඵුටා අහූ - බර වූ සම්පූර්ණව ද වූහ.
තඤ්ච සබ්බං අභිඤ්ඤායාති යං තෙසු එකෙනෙකෙන දිට්ඨං, තඤ්ච සබ්බං ජානිත්වා. වවත්ථිත්වාන චක්ඛුමාති හත්ථතලෙ ලෙඛං විය පච්චක්ඛතො වවත්ථපෙත්වා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා සත්ථා. තතො ආමන්තයීති පුබ්බෙ වුත්තගාථමෙව නාමගොත්තකිත්තනත්ථාය ආහ. තුම්හෙ එතෙ විජානාථ, පස්සථ, ඔලොකෙථ, යෙ වොහං කිත්තයිස්සාමීති අයමෙත්ථ සම්බන්ධො. ගිරාහීති වචනෙහි. අනුපුබ්බසොති අනුපටිපාටියා.
තඤ්ච සබ්බං අභිඤ්ඤාය - ඔවුන් අතුරෙන් එක් එක්කෙනා යමක් දකින ලදද ඒ සියල්ල දැන, වවක්ඛිත්වා චක්ඛුමා - අල්ලෙහි රේඛාවක් මෙන් ප්රත්යක්ෂ වශයෙන් නියම කොට, පස් ඇසකින් වූයේ චක්ඛුමා - ශාස්තෲන් වහන්සේය. තතො ආමන්තයී - පෙර කියන ලද ගාථාවම නම්හොත් දැක්වීම සඳහා කීහ. ඔබලා මොවුන්. විජානාථ - බලන්න, දකින්න. යෙ වො අහං කිත්තයිස්සාමි - මෙය එහි සම්බන්ධයයි. ගිරාහි - වචනවලින්. අනුපුබ්බසො - අනුපිළිවෙළින්.
සත්තසහස්සා තෙ යක්ඛා, භුම්මා කාපිලවත්ථවාති සත්තසහස්සා තාවෙත්ථ කපිලවත්ථුං නිස්සාය නිබ්බත්තා භුම්මා යක්ඛායෙවාති වදති. ඉද්ධිමන්තොති දිබ්බඉද්ධියුත්තා. ජුතිමන්තොති ආනුභාවසම්පන්නා. වණ්ණවන්තොති සරීරවණ්ණසම්පන්නා. යසස්සිනොති පරිවාරසම්පන්නා. මොදමානා අභික්කාමුන්ති තුට්ඨචිත්තා ආගතා. භික්ඛූනං සමිතිං වනන්ති ඉමං මහාවනං භික්ඛූනං සන්තිකං භික්ඛූනං දස්සනත්ථාය ආගතා. අථ වා සමිතින්ති සමූහං, භික්ඛුසමූහං දස්සනාය ආගතාතිපි අත්ථො.
සත්ත සහස්සා යක්ඛා භූම්මා කාපිලවත්ථවා - මෙහි සත්දහසක් ඔව්හුද කපිලවස්තු නිසා උපන් බූමාටු යක්ෂයෝ යයි කියයි. ඉද්ධිමන්තො - දිව්‍ය සෘද්ධියෙන් යුක්ත. ජුතීමත්තො - ආනුභව සම්පන්න. වණ්ණාවන්තො - ශරීර වර්ණයෙන් යුත්. යස්සසිනො - පිරිවරින් යුත්. මොදමානා අභික්කාමුං - සතුටු සිතින් ආවාවූ. භික්ඛුනං සමිතිං වනං - මේ මහාවනයේ භික්ෂූන් සමීපයට, භික්ෂූන් දැකීම සඳහා පැමිණියා වූ, හෙවත් සමිතිං - සමුහය. භික්ෂු සමූහය දැකීම සඳහා පැමිණියාහු යනු අර්ථයයි.
ඡසහස්සා හෙමවතා, යක්ඛා නානත්තවණ්ණිනොති ඡසහස්සා හෙමවතපබ්බතෙ නිබ්බත්තයක්ඛා, තෙ ච සබ්බෙපි නීලාදිවණ්ණවසෙන නානත්තවණ්ණා.
ඡ සහස්සා හෙමවතා යක්ඛා නානත්ත වණ්ණිනො සදහසක් හිමවි පව්වෙහි උපන් යක්කු. ඒ සියල්ලෝ නීලාදි වශයෙන් නොයෙක් වර්ණ ඇත්තෝය.
සාතාගිරා තිසහස්සාති සාතාගිරිපබ්බතෙ නිබ්බත්තයක්ඛා තිසහස්සා.
සාතාගිරාති සහස්සා - සාතාගිරි පවෙහි තුන්දහසක් යක්කු.
ඉච්චෙතෙ සොළසසහස්සාති එතෙ සබ්බෙපි සොළසසහස්සා හොන්ති.
ඉච්චෙ තෙ සොළස සහස්සා - මේ සියල්ලෝම දොලොස් දහසක් වෙති.
වෙස්සාමිත්තා පඤ්චසතාති වෙස්සාමිත්තපබ්බතෙ නිබ්බත්තා පඤ්චසතා.
වෙස්සාමිත්තා පඤ්චසතා - වෙස්සාමිත්ත පව්වෙහි උපන් පන්සීයක්.
කුම්භීරො රාජගහිකොති රාජගහනගරෙ නිබ්බත්තො කුම්භීරො නාම යක්ඛො. වෙපුල්ලස්ස නිවෙසනන්ති තස්ස වෙපුල්ලපබ්බතො නිවෙසනං නිවාසනට්ඨානන්ති අත්ථො. භිය්යො නං සතසහස්සං, යක්ඛානං පයිරුපාසතීති තං අතිරෙකං යක්ඛානං සතසහස්සං පයිරුපාසති. කුම්භීරො රාජගහිකො, සොපාගා සමිතිං වනන්ති සොපි කුම්භීරො සපරිවාරො ඉමං වනං භික්ඛුසමිතිං දස්සනත්ථාය ආගතො.
කුමභිරො රාජගහිතො. රජගහනුවර උපන් කුම්භීර යකා. වෙපුල්ලස්ස නිවෙසතං - වේපුල්ල පව්ව ඔහුගේ නිවේසනයයි. නිවාස ස්ථානය යන අර්ථයි. භීය්‍යො නං සත සහස්සං යක්ඛානං පයිරුපාසති - අතිරේක යකුන් ලක්ෂයක් හෝ ඇසුරු කරයි. කුම්භීරො රාජගහිතො සොපාග සමිතිං වනං - පිරිවර සමග ඒ කුම්භීර යක්ෂයා ද භික්ෂු සමූහයා දැකීම සඳහා මේ වනයට පැමිණියේය.
පුරිමඤ්ච දිසං රාජා, ධතරට්ඨො පසාසතීති පාචීනදිසං අනුසාසති. ගන්ධබ්බානං අධිපතීති චතූසුපි දිසාසු ගන්ධබ්බානං ජෙට්ඨකො. සබ්බෙ තෙ තස්ස වසෙ වත්තන්ති. මහාරාජා යසස්සිසොති මහාපරිවාරො එසො මහාරාජා.
පුරිමඤ්ච දිසං රාජා ධතරට්ඨො තං පසාසති - පෙරදිග අනුසාසනා කරයි. ගන්ධබ්බානං ආධිපති - සතර දිසාවෙහි ගන්ධබ්බයන්ගේ දෙටුවා. ඒ සියල්ලෝ ඔහු යටතෙහි වසති. මහාරාජා යස්සසි සෝ - මහත් පිරිවර ඇති මේ මහරජ.
පුත්තාපි තස්ස බහවො, ඉන්දනාමා මහබ්බලාති තස්ස ධතරට්ඨස්ස බහවො මහබ්බලා පුත්තා, තෙ සබ්බෙ සක්කස්ස දෙවරඤ්ඤො නාමධාරකා.
පුත්තාපි තස්ස බහවො ඉන්දනාමා මහබ්බලා - ඒ ධතරට හෝ මහත් බල ඇති බොහෝ පුත්තු. ඒ සියල්ලෝම සක්දෙව් රජුගේ නම දරති.
විරූළ්හො තං පසාසතීති තං දිසං විරූළ්හො අනුසාසති.
විරූළ්හො තං පසාසති - ඒ දිසාව විරුල්හ අනුසාසනා කරයි.
පුත්තාපි තස්සාති තස්සාපි තාදිසායෙව පුත්තා. පාළියං පන “මහබ්බලා”ති ලිඛන්ති. අට්ඨකථායං සබ්බවාරෙසු “මහාබලා”ති පාඨො.
පුත්තාපි තස්ස - ඔහුට ද එබඳු වූ පුත්තු වෙති. පෙළෙහි වනාහි මහබ්බලා යයි ලියති. අටුවාවල මහාබලා යයි පාඨය වේ.
“පුරිමං දිසං ධතරට්ඨො, දක්ඛිණෙන විරූළ්හකො. පච්ඡිමෙන විරූපක්ඛො, කුවෙරො උත්තරං දිසං. චත්තාරො තෙ මහාරාජා, සමන්තා චතුරො දිසා. දද්දල්ලමානා අට්ඨංසු, වනෙ කාපිලවත්ථවෙ”ති.
පෙරදිගෙහි ධතරට - දකුණෙහි විරූල්හක වේ විරූපක් බටහිර - උතුරෙහි කුවෙර වන්නේ සිව් මහරජහු ඒ - සිව් දිසා හාත්පසෙහි ම දිලිසෙමින් සිටියහ - වනයෙහි කිඹුල්වත් නම්
ඉමා පන ගාථා සබ්බසඞ්ගාහිකවසෙන වුත්තා.
මේ ගී වනාහි සර්ව සංග්‍රාහික වශයෙන් කියන ලදී.
අයඤ්චෙත්ථ අත්ථො – දසසහස්සචක්කවාළෙ ධතරට්ඨා නාම මහාරාජානො අත්ථි. තෙ සබ්බෙපි කොටිසතසහස්සකොටිසතසහස්සගන්ධබ්බපරිවාරා ආගන්ත්වා පුරත්ථිමාය දිසාය කපිලවත්ථුමහාවනතො පට්ඨාය චක්කවාළගබ්භං පූරෙත්වා ඨිතා. එවං දක්ඛිණදිසාදීසු විරූළ්හකාදයො. තෙනෙවාහ – “සමන්තා චතුරො දිසා, දද්දල්ලමානා අට්ඨංසූ”ති. ඉදඤ්හි වුත්තං හොති – “සමන්තා චක්කවාළෙහි ආගන්ත්වා චතුරො දිසා පබ්බතමත්ථකෙසු අග්ගික්ඛන්ධා විය සුට්ඨු ජලමානා ඨිතා”ති. තෙ පන යස්මා කපිලවත්ථුවනමෙව සන්ධාය ආගතා, තස්මා චක්කවාළං පූරෙත්වා චක්කවාළෙන සමසමා ඨිතාපි – “වනෙ කාපිලවත්ථවෙ”ති වුත්තා.
එහි අර්ථය මෙසේය. දස දහසක් සක්වළෙහි ධතරට්ඨො නම් මහරජ ඇත. කෝටි ලක්ෂයක් කෝටි ලක්ෂයක් ඒ සියළු ගන්ධබ්බ පිරිවර පැමිණ නැගෙනහිර දිසාවෙහි කපිලවස්තු වනයෙහි සිට සක්වල ගැබ පුරා සිටියහ. මෙසේ දකුණු ආදි දිසාවල විරූළ්හකාදීහු සිටිහ. එසේ හෙයින් කීය. සමන්තා චතුරො දිසා දද්දල්ලමානා අටඨංස - මෙය කියන ලද්දේ වේ. සියළු සක්වලවලින් පැමිණ සතර දිසාවෙහි පර්වත මුදුනෙහි ගිනිකඳක් මෙන් මනාසේ දිලිසෙමින් සිටියහ. ඔහු වනාහි කපිලවස්තු වනය සඳහා පැමිණියහ. එහෙයින් සක්වල පුරවා සක්වළ හා සමානව සිටියෝ ද. වනෙ කාපිලවත්ථවේ - යයි කියන ලදී.
තෙසං මායාවිනො දාසා, ආගුං වඤ්චනිකා සඨාති තෙසං මහාරාජානං කතපාපපටිච්ඡාදනලක්ඛණාය මායාය යුත්තා කුටිලාචාරා දාසා අත්ථි, යෙ සම්මුඛපරම්මුඛවඤ්චනාහි ලොකං වඤ්චනතො “වඤ්චනිකා”ති ච, කෙරාටියසාඨෙය්යෙන සමන්නාගතත්තා “සඨා”ති ච වුච්චන්ති, තෙපි ආගතාති අත්ථො. මායා කුටෙණ්ඩු විටෙණ්ඩු, විටුච්ච විටුටො සහාති තෙ දාසා සබ්බෙපි මායාකාරකාව. නාමෙන පනෙත්ථ එකො කුටෙණ්ඩු නාම, එකො විටෙණ්ඩු නාම. පාළියං පන “වෙටෙණ්ඩූ”ති ලිඛන්ති. එකො විටුච්ච නාම, එකො විටුටො නාම. සහාති සොපි විටුටො තෙහි සහෙව ආගතො.
තෙසං මායාවිනො දාසා ආගු චඤ්චනිකා සඨා - ඒ මහරජවරුන්ගේ කරන ලද පව් වසන ලක්ෂණ වූ මායාවෙන් යුක්ත වූ කපටි හැසිරීම් ඇති දාසයෝ වෙති. ඔව්හු හමුවෙහි නො හමුවෙහි වංචාවලින් ලෝකයා වංචා කරන හෙයින් වංචනිකා යයි ද කෛරාටික රැවටීම්වලින් යුක්ත හෙයින් සඨා යයිද කියති. ඔව්හු ද ආවෝ යන අර්ථයයි. මායා කුටෙණ්ඩු වෙටෙණ්ඩු විටුච්ච විටුඩො සහා - ඒ සියළු දාසයෝ රැවටිලිකාරයෝය. නම් වනාහි මෙහි එකෙක් කුටෙණ්ඩුය, එකෙක් වෙටෙණ්ඩුය, එකෙක් විටුචිචය, එකෙක් විටුඩෝය. සහා - ඒ විටුඩ ද ඔවුන් සමග ආවේය.
චන්දනො කාමසෙට්ඨො ච, කින්නිඝණ්ඩු නිඝණ්ඩු චාති අපරො කින්නිඝණ්ඩු නාම. පාළියං පන “කින්නුඝණ්ඩූ”ති ලිඛන්ති. නිඝණ්ඩු චාති අඤ්ඤො නිඝණ්ඩු නාම, එත්තකා දාසා. ඉතො පරෙ පන –
චන්දනො කාම සෙට්ඨො ච කින්නිඝණ්ඩු - තවද කින්නුඝණ්ඩු නම්. පෙළෙහි කින්නිඝණ්ඩු යයි ලියති. නිඝණ්ඩුච - නිඝණ්ඩු නම් අනිකෙක්. මෙපමණක් දාසයෝ. ඉතිරි අය වනාහි
“පනාදො ඔපමඤ්ඤො ච, දෙවසුතො ච මාතලි; චිත්තසෙනො ච ගන්ධබ්බො, නළො රාජා ජනෙසභො; ආගුං පඤ්චසිඛො චෙව, තිම්බරූ සූරියවච්ඡසා”ති. –
පනාද ඕපමඤ්ඤ - දේවසුත මාතලී සිත්සෙන් ගඳඹ සහ - නලරජ ජනවසබ යන පැමිණියහ පන්සිළු - තිම්බරු සුරිය වච සා
ඉමෙ දෙවරාජානො. තත්ථ දෙවසුතොති දෙවසාරථි. චිත්තසෙනොති චිත්තො ච සෙනො ච චිත්තසෙනො ච. ගන්ධබ්බොති අයං චිත්තසෙනො ගන්ධබ්බකායිකො දෙවපුත්තො, න කෙවලං චෙස, සබ්බෙ පෙතෙ පනාදාදයො ගන්ධබ්බා එව. නළොරාජාති නළකාරදෙවපුත්තො නාමෙකො. ජනෙසභොති ජනවසභො දෙවපුත්තො. ආගුං පඤ්චසිඛො චෙවාති පඤ්චසිඛො චෙව දෙවපුත්තො ආගතො. තිම්බරූති තිම්බරූ නාම ගන්ධබ්බදෙවරාජා. සූරියවච්ඡසාති තස්සෙව ධීතා.
මේ දෙවි රජවරු එහි දෙවසූත - දෙවි රියැදුරු. චිත්ත සෙනො - චිත්ත සහ සේන. ගන්ධබ්බ - චිත්ත සේන ගඳඹ කය ඇත්තෝය. ඔවුන් පමණක් නොව පනාදාදීහු ද ගඳඹයෝය, නළොරාජා - නළකාර දෙවිපුත්. ජනවසභො - ජනවසභ දෙව්පුත්. ආග පඤ්චසිඛො චෙව - පංචසිඛ දෙව්පුත් ද ආවේය. තිම්බරූ - තිම්බරු නම් ගඳඹ දෙව්පුත්. සුරිය වච්චසා - ඔහුගේ දියණිය.
එතෙ චඤ්ඤෙ ච රාජානො, ගන්ධබ්බා සහ රාජුභීති එතෙ ච නාමවසෙන වුත්තගන්ධබ්බරාජානො අඤ්ඤෙ ච එතෙහි රාජූහි සද්ධිං බහූ ගන්ධබ්බා. මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනන්ති හට්ඨතුට්ඨචිත්තා භික්ඛුසඞ්ඝසමිතිං ඉමං වනං ආගතාති අත්ථො.
එතෙචඤ්ඤෙච රාජානො ගන්ධබ්බා සහ රාජුභී - මේ නම් වශයෙන් කියන ලද ගඳඹ රජවරු. මේ රජවරුන් සමග අන්‍ය වූ බොහෝ ගඳඹයෝ. මොදමානා අභික්කාමුං භික්ඛුනං සමිතිං වනං - තුටුපහසු සිතින් මේ වනයේ භික්ෂූන්ගේ සභාවට පැමිණියේ යන අර්ථය වේ.
අථාගුං නාගසා නාගා, වෙසාලා සහතච්ඡකාති නාගසදහවාසිකා ච වෙසාලීවාසිකා ච නාගා සහ තච්ඡකනාගපරිසාය ආගතාති අත්ථො. කම්බලස්සතරාති කම්බලො ච අස්සතරො ච. එතෙ කිර සිනෙරුපාදෙ වසන්ති, සුපණ්ණෙහිපි අනුද්ධරණීයා මහෙසක්ඛනාගා පායාගා සහ ඤාතිභීති පයාගතිත්ථවාසිනො ච සහ ඤාතිසඞ්ඝෙන ආගතා.
අථාගු නාභසා නාගා වෙසාලා සහ තච්ඡකා - නාභස විල්වාසී ද වේසාලිය වාසී නාගයෝ සහ නාග පිරිස පැමිණියහ. කම්මබලස්සතරා - කම්බල ද අස්සතර ද. මොව්හු සිනේරු පාදයෙහි වසති. සුපර්ණයන්ට ගත නොහැකි මහේසාඛ්‍ය නාගයෝය. පායා ගා සහ ඤාතිභි - ප්‍රධාන තීර්ථවාසීහුද ඥාති සමූහයා සමග පැමිණියහ.
යාමුනා ධතරට්ඨා චාති යමුනවාසිනො ච ධතරට්ඨකුලෙ උප්පන්නා නාගා ච. එරාවණො මහානාගොති එරාවණො ච දෙවපුත්තො, ජාතියා නාගො න හොති. නාගවොහාරෙන පනෙස වොහරියති. සොපාගාති සොපි ආගතො.
යමුනා ධතරට්ඨො ච - යමුනා වාසීහු ද ධතරට්ඨ කුලයෙහි උපන් නාගයෝ ද එරාවණො මහානාගො - ඒරාවණ දෙව් පුත්. ජාතියෙන් නාග වේ. මොහු නාග ව්යාහාරයෙන් ව්‍යවහාර කරයි. සොපාගා - හේ ද ආවේය.
යෙ නාගරාජෙ සහසා හරන්තීති යෙ ඉමෙ වුත්තප්පකාරෙ නාගෙ ලොභාභිභූතා සාහසං කත්වා හරන්ති ගණ්හන්ති. දිබ්බා දිජා පක්ඛී විසුද්ධචක්ඛූති දිබ්බානුභාවතො දිබ්බා මාතුකුච්ඡිතො ච අණ්ඩකොසතො චාති ද්වෙ වාරෙ ජාතාති දිජා පක්ඛයුත්තතාය පක්ඛී යොජනසතන්තරෙපි යොජනසහස්සන්තරෙපි නාගෙ දස්සනසමත්ථචක්ඛුතාය විසුද්ධචක්ඛූ. වෙහායසා තෙ වනමජ්ඣප්පත්තාති තෙ ආකාසෙනෙව ඉමං මහාවනං සම්පත්තා. චිත්‍රා සුපණ්ණා ඉති තෙස නාමන්ති තෙසං “චිත්රසුපණ්ණා”ති නාමං.
යෙ නාගරාජෙ සහසා හරන්ති - මේ කියන ලද ආකාර නාගයන් ලෝභයෙන් යුක්තව සාහසිකව ගෙනයත්. ගනිති. දිබ්බා දිජා පක්ඛි විසුද්ධ චක්ඛු - දිව්‍යානුභාවයෙන් දිව්‍ය, මව්කුසෙන් ද බිජුවටින්දැයි දෙවරක් උපන්නාහයි ද්විජ වෙත්. පියාපත් ඇති නිසා පක්ඛි වේ. යොදුන් සියයක් අතරෙහි ද යොදුන් දහසක් අතරෙහි ද නාගයන් දැකීමට සමත් ඇස් ඇති බැවින් විසුද්ධ චක්ඛු වෙති. වෙහාසයා තෙ වනමජඣපත්තා - ඔහු ආකාශයෙන් මේ මහා වනයට පැමිණියහ. චිත්‍රා සුපණ්ණා ඉති තෙසං නාමං - ඔවුන්ගේ චිත්‍රා, සුපර්ණා නම් වේ.
අභයං තදා නාගරාජානමාසි, සුපණ්ණතො ඛෙමමකාසි බුද්ධොති තස්මා සබ්බෙපි තෙ අඤ්ඤමඤ්ඤං සණ්හාහි වාචාහි උපව්හයන්තා මිත්තා විය බන්ධවා විය ච සමුල්ලපන්තා සම්මොදමානා ආලිඞ්ගන්තා හත්ථෙ ගණ්හන්තා අංසකූටෙ හත්ථං ඨපෙන්තා හට්ඨතුට්ඨචිත්තා. නාගා සුපණ්ණා සරණමකංසු බුද්ධන්ති බුද්ධංයෙව සරණං ගතා.
අභයං තදා නාගරාජානමාසි සුපණ්ණතො බෙම්මකාසි බුද්ධො - ඒ නිසා ඔවුන් සියල්ලෝම සණ්නාහි වාචාහි උපව්හයන්තා - ඔවුනොවුන් මිතුරන් මෙන් ද නෑයින් මෙන් ද කතාබස් කරන්නේ සතුටුවන්නේ, වැළඳගන්නේ අත් ගන්නේ අංශකූටයෙහි අත තබන්නේ තුටු පහටු සිතින් නාගා සුපණ්ණා සරණ මගංසු බුද්ධං - ඔව්හු බුදුන්ම සරණ ගියහ.
ජිතා වජිරහත්ථෙනාති ඉන්දෙන දෙවරඤ්ඤා ජිතා. සමුද්දං අසුරාසිතාති මහාසමුද්දවාසිනො සුජාතාය අසුරකඤ්ඤාය කාරණා සබ්බෙපි භාතරො වාසවස්සෙතෙ, ඉද්ධිමන්තො යසස්සිනො.
පෙර ජිතා වජිර හත්ථෙන - ඉන්ද්‍ර නම් දෙරජතුමා විසින් දිනන ලදී. සමුද්දං අසුරාසිතා - මහ සමුදුරවාසි අසුරයන් දිනන ලදී. සුජාතා නම් අසුර කන්‍යාව සම්බන්ධව, සියළු භාතරො වාසවස්සෙතෙ ඉද්ධිමන්තො යස්සසිනො -
තෙසු කාලකඤ්චා මහාභිස්මාති කාලකඤ්චා ච මහන්තෙ භිංසනෙ අත්තභාවෙ මාපෙත්වා ආගමිංසු. අසුරා දානවෙඝසාති දානවෙඝසා නාම අඤ්ඤෙ ධනුග්ගහඅසුරා. වෙපචිත්ති සුචිත්ති ච, පහාරාදො නමුචී සහාති වෙපචිත්තිඅසුරො, සුචිත්තිඅසුරො චාති එතෙ ච අසුරා නමුචි ච මාරො දෙවපුත්තො එතෙහි සහෙව ආගතො. ඉමෙ අසුරා මහාසමුද්දවාසිනො, අයං පරනිම්මිතදෙවලොකවාසී, කස්මා එතෙහි සහාගතොති? අච්ඡන්දිකත්තා. තෙපි හි අච්ඡන්දිකා අභබ්බා, අයම්පි තාදිසොයෙව. තස්මා ධාතුසො සංසන්දමානො ආගතො.
ඔවුන් අතරෙහි කාලකඤ්ඡා මහාභිංසා - කාලකඤජයෝ ද බිහිසුණු ආත්මභවයක් මවා පැමිණියහ. අසුරා දානවෙඝසා - දාන වෙඝස නම් අන්‍යයන්ට දුනු ශිල්පය දෙන අසුරයා, වෙපචිත්ති සුචිත්තී ච පහාරාදො නමු චී සහා - වේපචිත්ති අසුරයා, සුචිත්ති අසුරයා, මේ අසුරයෝද නමුචි ද දිව්‍යපුත්‍ර මාරයා මොවුන් සමග පැමිණියහ. මේ අසුරයෝ මහා සමුද්‍රය වාසීහුය. මේ පරනිර්මිත දේව ලෝක වාසී කුමක් හෙයින් මොවුන් සමග ආවෝද? අකමැතිබව, ඔහු අකමැති. අභබ්බයෝය. මේ අයද ඔවුන් හා සමානය. එහෙයින් ධාතු වශයෙන් සසඳන්නේ පැමිණියහ.
සතඤ්ච බලිපුත්තානන්ති බලිනො මහාඅසුරස්ස පුත්තානං සතං. සබ්බෙ වෙරොචනාමකාති සබ්බෙ අත්තනො මාතුලස්ස රාහුස්සෙව නාමධරා. සන්නය්හිත්වා බලිසෙනන්ති අත්තනො බලිසෙනං සන්නය්හිත්වා සබ්බෙ කතසන්නාහාව හුත්වා. රාහුභද්දමුපාගමුන්ති රාහුඅසුරින්දං උපසඞ්කමිංසු. සමයො දානි භද්දන්තෙති භද්දං තව හොතු, සමයො තෙ භික්ඛූනං සමිතිං වනං උපසඞ්කමිත්වා භික්ඛුසඞ්ඝං දස්සනායාති අත්ථො.
සතඤච බලිපුත්තානං - බලි නම් මහා අසුරයාගේ පුත්තු සියය. සබ්බෙ වෙරො ච නාමකා - සියල්ලෝ තමන්ගේ මාමා වූ රාහුගේ නම දරති. සන්නයහිත්වා බලිංසෙනං - තමාගේ බල සේනාව සන්නාහ සන්නද්ධව. රාහු භද්දමුපාගමුං - රාහු අසුරේන්ද්රයා පැමිණියේය. සමයො දානි භද්දනෙත - භද්‍රය, කාලය ඔබට වේ. ඔබට භික්ෂූන් දැකීමට යන අර්ථය වේ.
ආපො ච දෙවා පථවී, තෙජො වායො තදාගමුන්ති ආපොකසිණාදීසු පරිකම්මං කත්වා නිබ්බත්තා ආපොතිආදිනාමකා දෙවා ආගමුං. වරුණා වාරණා දෙවා, සොමො ච යසසා සහාති වරුණදෙවතා, වාරණදෙවතා, සොමදෙවතාති එවං නාමකා ච දෙවා යසසා නාම දෙවෙන සහාගතාති අත්ථො. මෙත්තාකරුණාකායිකාති මෙත්තාඣානෙ ච කරුණාඣානෙ ච පරිකම්මං කත්වා නිබ්බත්තදෙවා. ආගුං දෙවා යසස්සිනොති එතෙපි මහායසා දෙවා ආගතා.
ආපො ච දෙවා පඨවී ච තෙජො වායෝ තදාගමුං - ආපෝ කසිණා ආදියෙහි අරමුණු ගෙන භාවනා කොට ඉපදුණු ආපෝ යනාදි නම් ඇති දෙවියෝ එදා පැමිණියහ. වරුණා වාරුණා දේවා සොමො ච යසසා සහ - වරුණා, වාරුණ, සොම යයි නම් ඇති දෙවියෝ යසසා නම් දෙවියා සමග ආවෝය යන අර්ථය වේ. මෙත්තා කරුණා කායිකා - මෛත්‍රී ධ්‍යානයෙහිද කරුණා ධ්‍යානයේ ද පරිකර්ම කොට උපන් දෙවිවරු. ආගු දෙවා යස්සසිනො - මේ මහා යසස් ඇති දෙවියෝ පැමිණියහ.
දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනොති තෙ දසධා ඨිතා දස දෙවකායා සබ්බෙ නීලාදිවසෙන නානත්තවණ්ණා ආගතාති අත්ථො.
දසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො - ඔව්හු දස ආකාරයකින් සිටියහ. දෙවියෝ දහ දෙනා නීලාදි වශයෙන් විවිධ වර්ණ ඇත්තෝ වූහ.
වෙණ්ඩූ ච දෙවාති වෙණ්ඩුදෙවතා ච. සහලි චාති සහලිදෙවතා ච. අසමා ච දුවෙ යමාති අසමදෙවතා ච ද්වෙ ච යමකා දෙවා. චන්දස්සුපනිසා දෙවා, චන්දමාගුං පුරක්ඛත්වාති චන්දනිස්සිතකා දෙවා චන්දං පුරතො කත්වා ආගතා. තථා සූරියනිස්සිතකා දෙවා සූරියං පුරක්ඛත්වා. නක්ඛත්තානි පුරක්ඛත්වාති නක්ඛත්තනිස්සිතාපි දෙවා නක්ඛත්තානි පුරතො කත්වා ආගතා. ආගුං මන්දවලාහකාති වාතවලාහකා, අබ්භවලාහකා, උණ්හවලාහකා එතෙ සබ්බෙපි වලාහකායිකා “මන්දවලාහකා” නාම වුච්චන්ති. තෙපි ආගතාති අත්ථො. වසූනං වාසවො සෙට්ඨො, සක්කොපාගා පුරින්දදොති වසූනං දෙවතානං සෙට්ඨො වාසවො යො සක්කොති ච, පුරින්දදොති ච වුච්චති, සොපි ආගතො.
වෙණහු ච දෙවා - වෙණහු දෙවියාද, සහලී - සහලී දෙවියාද, අසමා ච දුවෙ යමා. අසම දෙවියා යමක දෙවිවරු දෙදෙනාද. චන්දසසුපනිසා දෙවා චන්දමාග පුරක්ඛත්වා - චන්ද්‍ර නිශ්රිතක දෙවියෝ චන්ද පෙරටුකොට පැමිණියහ. එසේම සුරිය නිසසිතක දෙවියෝ ද සුරියමාගු පුරක්ඛත්වා නක්ඛත්තානි පුරක්ඛත්වා - නක්ඛත්ත නිසසිතක දෙවියෝද නක්ඛත්තයන් පෙරටුකොට පැමිණියහ. ආගු මන්දවලාහකා - වාත අබභ උණහ යන වලාහකයෝ සියල්ලෝම මන්දවළාහක යයි කියනු ලැබේ. ඔව්හුද ආවෝය යන අර්ථය. වසුතං වාසවො සෙට්ඨො සක්කොපාග පුරින්දදො - වසු දෙවියන්ගේ ශ්‍රේෂ්ඨයා වූ වාසවයා සක්‍ර යයි ද පුරින්දද යයි ද කියනු ලැබේ. හේ ද ආවේය.
දසෙතෙ දසධා කායාති එතෙපි දස දෙවකායා දසධාව ආගතා. සබ්බෙ නානත්තවණ්ණිනොති නීලාදිවසෙන නානත්තවණ්ණා.
දසෙතෙ දසධා කායා - මේ දෙවියන් දහදෙනා දස ආකාරයකින් ආහ. සබ්බෙ නානත්තවණ්ණිනො - නීලාදි වශයෙන් විවිධ වර්ණය.
අථාගුං සහභූ දෙවාති අථ සහභූ නාම දෙවා ආගතා. ජලමග්ගිසිඛාරිවාති අග්ගිසිඛා විය ජලන්තා. ජලමග්ගි ච සිඛාරිවාති ඉමානි තෙසං නාමානීතිපි වුත්තං. අරිට්ඨකා ච රොජා චාති අරිට්ඨකදෙවා ච රොජදෙවා ච. උමාපුප්ඵනිභාසිනොති උමාපුප්ඵදෙවා නාම එතෙ දෙවා. උමාපුප්ඵසදිසා හි තෙසං සරීරාභා, තස්මා “උමාපුප්ඵනිභාසිනො”ති වුච්චන්ති.
අථාගු සහභූ දෙවා - ඉක්බිති සහභූ නම් දෙවියා ආවේය. ජලමග්ගී සිබාරිව - ගිනිදැල්ලක් මෙන් දිලිසෙන ඔවුන්ගේ මේ නම් ද කියන ලදී. අරිට්ඨකා ච රොජා ච - අරිට්ඨ, රෝජ දෙවිවරු ද. උම්මා පුප්ඵනිභාසිනො - උම්මා පුප්ඵ දෙවියෝ නම් එක් දේව කොටසකි. ඔවුන්ගේ ශරීර ආලෝකය දිය බෙරලිය මල් වැනි නිසා උම්මා පුප්ඵනිභාසිනො යයි කියනු ලැබේ.
වරුණා සහධම්මා චාති එතෙ ච ද්වෙ ජනා. අච්චුතා ච අනෙජකාති අච්චුතදෙවතා ච අනෙජකදෙවතා ච. සුලෙය්යරුචිරා ආගුන්ති සුලෙය්යා ච රුචිරා ච ආගතා. ආගුං වාසවනෙසිනොති වාසවනෙසීදෙවා නාම ආගතා. දසෙතෙ දසධා කායාති එතෙපි දසදෙවකායා දසධාව ආගතා.
වරුණා සහධම්මා. මේ දෙවිවරු දෙදෙනෙකි. අච්චුතා ච අනෙජකා - අච්චුතා අනෙජක දෙවිවරු. සුලෙය්ය රුචිරා ආගු- සුලෙයති සහ රුචිර දෙවිවරු පැමිණියහ. දසෙතෙ දසධා - මේ දේවකාය දහයද දස අයුරින් පැමිණියහ. ආගු වාසවනෙසිනො - වාස වන වාසි දෙවියෝ ද පැමිණියහ.
සමානා මහාසමානාති සමානා ච මහාසමානා ච. මානුසා මානුසුත්තමාති මානුසා ච මානුසුත්තමා ච. ඛිඩ්ඩාපදොසිකා ආගුං, ආගුං මනොපදොසිකාති ඛිඩ්ඩාපදොසිකා මනොපදොසිකා ච දෙවා ආගතා.
සමානා මහා සමානා - සමාන මහා සමාන දෙවියෝ. මානුසා මානසුත්තමා - මානුස ද මානුසුත්තම ද දෙවියෝ. ඛිඩ්ඩා පදුසිකා ආගු ආගු මනොපදුසිකා - ඛිඩ්ඩාපදුසික මනෝපදුසික දෙවිවරු පැමිණියහ.
අථාගුං හරයො දෙවාති හරිදෙවා නාම ආගතා. යෙ ච ලොහිතවාසිනොති ලොහිතවාසිනො ච ආගතා. පාරගා මහාපාරගාති එතෙ ච දුවිධා ආගතා. දසෙතෙ දසධා කායාති එතෙපි දසදෙවකායා දසධාව ආගතා.
අථාගු හරයො දෙවා - හරි නම් දෙවියා පැමිණියේය. යෙ ච ලොහිත වාසිනො - ලෝහිතවාසීහු ද පැමිණියහ. පාරගා මහා පාරගා - මේ දෙදෙනාද පැමිණියහ.
සුක්කා කරම්භා අරුණා, ආගුං වෙඝනසා සහාති එතෙ සුක්කාදයො තයො, තෙහි සහ වෙඝනසා ච ආගතා. ඔදාතගය්හා පාමොක්ඛාති ඔදාතගය්හා නාම පාමොක්ඛදෙවා ආගතා. ආගුං දෙවා විචක්ඛණාති විචක්ඛණා නාම දෙවා ආගතා.
සුක්කා කරුම්හා අරුණා ආගු චෙඝනසා සහ - මේ සුක්කාදි තිදෙනා වෙඝනස සමග පැමිණියහ. ඔදාත ගය්හා පාමොක්ඛා - ඕදාත ගය්හ නම් පාමොක් දෙවියෝ පැමිණියේය. ආගුදෙවා විචක්ඛණා විචක්ඛණ නම් දෙවියා පැමිණියේය.
සදාමත්තා හාරගජාති සදාමත්තා ච හාරගජා ච. මිස්සකා ච යසස්සිනොති යසසම්පන්නා මිස්සකදෙවා ච. ථනයං ආග පජ්ජුන්නොති පජ්ජුන්නො ච දෙවරාජා ථනයන්තො ආගතො. යො දිසා අභිවස්සතීති යො යං යං දිසං යාති, තත්ථ තත්ථ දෙවො වස්සති. දසෙතෙ දසධා කායාති එතෙපි දසදෙවකායා දසධා ආගතා.
සදාමත්තාහාරගජා සදාමත්ත හාරගජ දෙවිවරුද මිස්සකා ච යස්සසිනො - කීර්ති ඇති මිස්සක දෙවියා ද ථනයං ආගු පජ්ජුනෙතා - පජ්ජුන්න දෙවිරජද ගුගුරමින් ආවේය. යො දිසා අභිවස්සති - හේ යන යන තැන වැසි වසී.
ඛෙමියා තුසිතා යාමාති ඛෙමියා දෙවා තුසිතපුරවාසිනො ච යාමාදෙවලොකවාසිනො ච. කථකා ච යසස්සිනොති යසසම්පන්නා කථකදෙවා ච. පාළියං පන “කට්ඨකා චා”ති ලිඛන්ති. ලම්බීතකා ලාමසෙට්ඨාති ලම්බිතකදෙවා ච ලාමසෙට්ඨදෙවා ච. ජොතිනාමා ච ආසවාති පබ්බතමත්ථකෙ කතනළග්ගික්ඛන්ධො විය ජොතමානා ජොතිදෙවා නාම අත්ථි, තෙ ච ආසා ච දෙවා ආගතාති අත්ථො. පාළියං පන “ජාතිනාමා”ති ලිඛන්ති. ආසා දෙවතා ඡන්දවසෙන ආසවාති වුත්තා. නිම්මානරතිනො ආගුං, අථාගුං පරනිම්මිතා. දසෙතෙ දසධා කායාති එතෙපි දස දෙවකායා දසධාව ආගතා.
ඛේමියා තුසිතා යාමා - ඛෙමිය දෙවියෝ ද තුසිත පුර වාසීහු ද යාම දෙව්ලෝ වාසීහු ද කට්ඨකා ච යස්සසිනො - යසස් ඇති කඨක දෙවියෝ ද, ලමබීතකා ලාමසෙට්ඨා - ලම්බීතක ලාම සෙට්ඨ දෙවිවරු ද, ජෝති නාමා ච ආසවා - පර්වත මුදුනේ කරන ලද ගිනි කඳක් බබළන ජෝති නම් දෙවියෙක් ඇත. ඔහු ද ආසව දෙවියාද පැමිණියෙහි යනු අර්ථයයි. නිම්මාන රතිනො ආගු අථාගු පරනිම්මිතා දසෙතෙ දසධා කායා - මේ දේව දසදෙනා දස අයුරින් පැමිණියහ.
සට්ඨෙතෙ දෙවනිකායාති එතෙ ච ආපො ච දෙවාතිආදිකා ඡ දසකා සට්ඨි දෙවනිකායා සබ්බෙ නීලාදිවසෙන නානත්තවණ්ණිනො. නාමන්වයෙන ආගච්ඡුන්ති නාමභාගෙන නාමකොට්ඨාසෙන ආගතා. යෙ චඤ්ඤෙ සදිසා සහාති යෙ ච අඤ්ඤෙපි තෙහි සදිසා වණ්ණතොපි නාමතොපි එතාදිසායෙව සෙසචක්කවාළෙසු දෙවා, තෙපි ආගතායෙවාති එකපදෙනෙව කලාපං විය පුටකං විය ච කත්වා සබ්බා දෙවතා නිද්දිසති.
සට්ඨෙතෙ දෙවනිකායා මේ අපෝ දේව ආදි ඡ දස සට්ඨි හය දහය හැට සියළු දේව නිකාය නිල් ආදි වශයෙන් විවිධ වර්ණ ඇත්තාහ. නාමන්වයෙන ආගඤජුං - නාම කොටසින් පැමිණියහ. යෙ චඤ්ඤෙ සදිසා සහ - ඔවුන් හා සමාන තවත් අන්‍ය වූ වර්ණයෙන් ද නාමයෙන් ද ඔවුන් හා සමාන වූ, සෙසු සක්වල දෙවියෝ ද පැමිණියහ යයි එක් පදයකින් කලාප මෙන් එකතු කොට සියලු දෙවියෝ දක්වයි.
එවං දසසු ලොකධාතුසහස්සෙසු දෙවකායෙ නිද්දිසිත්වා ඉදානි යදත්ථං තෙ ආගතා, තං දස්සෙන්තො පවුට්ඨජාතින්ති ගාථමාහ. තස්සත්ථො – පවුට්ඨා විගතා ජාති අස්සාති අරියසඞ්ඝො පවුට්ඨජාති නාම, තං පවුට්ඨජාතිං රාගදොසමොහඛීලානං අභාවා අඛීලං චත්තාරො ඔඝෙ තරිත්වා ඨිතත්තා ඔඝතිණ්ණං චතුන්නං ආසවානං අභාවෙන අනාසවං අරියසඞ්ඝං දක්ඛෙම පස්සිස්සාම. තෙසඤ්ඤෙව ඔඝානං තිණ්ණත්තා ඔඝතරං ආගුං අකරණතො නාගං. අසිතාතිගන්ති කාළකභාවාතීතං චන්දංව සිරියා විරොචමානං දසබලඤ්ච දක්ඛෙම පස්සිස්සාමාති එතදත්ථං සබ්බෙපි තෙ නාමන්වයෙන ආගච්ඡුං, යෙ චඤ්ඤෙ සදිසා සහාති.
මෙසේ දස දහසක් ලෝක ධාතුවල දෙවියන් දක්වා දැන් යම් කරුණක් සඳහා ඔවුන් පැමිණියේද එය දක්වන්නේ පවුත්ථ ජාතිං - ගාථාව කීහ. එහි අර්ථය පවුත්ථා වෙන් වූ ජාති ඔවුන්ටනුයි ආර්ය සංඝයා පවුත්ථ ජාති නම් වේ. ඒ පවුත්ථ ජාතිය රාග දෝස මෝහ හුල් නැති හෙයින් අබිල වූ සිව් ඕඝයන් තරණය කොට සිටි බැවින් ඔඝතිණ්ණවූ - සිව් ආශ්‍රවයන් නැති හෙයින් අනාසව වූ ආර්ය සංඝයා දක්ඛෙම දකිමු. ඒ ඕඝයගෙන් එතෙර වූ බැවින් ඔගතරං අසිතාතිගං - තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රය නොකළ බැවින් අතීත වූ සියළු ආකාරයෙන් අතීත වූ චන්දංච සඳ සේ බබළන දසබල තථාගතයන් ද දකිමු. ඒ සියල්ලෝම නාමයෙන් හා පරම්පරාවෙන් පැමිණියහ. යෙ චඤ්ඤෙ සදිසා සහා -
ඉදානි බ්රහ්මානො දස්සෙන්තො සුබ්රහ්මා පරමත්තො චාතිආදිමාහ. තත්ථ සුබ්රහ්මාති එකො බ්රහ්මා. පරමත්තොපි බ්‍රහ්මාව. පුත්තා ඉද්ධිමතො සහාති එතෙ ඉද්ධිමතො බුද්ධස්ස භගවතො පුත්තා අරියබ්රහ්මානො සහෙව ආගතා. සනඞ්කුමාරො තිස්සො චාති සනඞ්කුමාරො ච තිස්සමහාබ්රහ්මා ච. සොපාගාති සොපි ආගතො.
දැන් බ්‍රහ්මයා දක්වන්නේ සුබ්රහ්මා පරමත්තොච - ආදිය කීය. එහි සුබ්රහමා යනු එක් බ්‍රහ්මයෙකි. පරමත්තො යනු ද එක් බ්‍රහ්මයෙකි. පුත්තා ඉද්ධිමතො - භාග්‍යවත් බුදුන්ගේ මේ සෘද්ධිමත් පුත්තුවන ආර්ය බ්‍රහ්මයන් සමග පැමිණියහ. සනං කුමාරො තිස්සො ච - සනංකුමාර ද තිස්ස මහා බ්‍රහ්මයා ද සොපාගා - හේ ද පැමිණියේය.
“සහස්සං බ්රහ්මලොකානං, මහාබ්රහ්මාභිතිට්ඨති; උපපන්නො ජුතිමන්තො, භිස්මාකායො යසස්සි සො”ති.
මහ බඹහු සිටිතී - සුවහස් බඹලෝ තෙලේ ඉපිද බබළන්නේ - මහකය කිත් සහිත වී
එත්ථ සහස්සං බ්රහ්මලොකානන්ති එකඞ්ගුලියා එකසහස්සචක්කවාළෙ දසහි අඞ්ගුලීහි දසසහස්සිචක්කවාළෙ ආලොකඵරණසමත්ථානං මහාබ්රහ්මානං සහස්සං ආගතං. මහාබ්රහ්මාභිතිට්ඨතීති යත්ථ එකෙකො මහාබ්රහ්මා අඤ්ඤෙ බ්රහ්මෙ අභිභවිත්වා තිට්ඨති. උපපන්නොති බ්රහ්මලොකෙ නිබ්බත්තො. ජුතිමන්තොති ආනුභාවසම්පන්නො. භිස්මාකායොති මහාකායො, ද්වීහි තීහි මාගධිකෙහි ගාමක්ඛෙත්තෙහි සමප්පමාණඅත්තභාවො. යසස්සිසොති අත්තභාවසිරීසඞ්ඛාතෙන යසෙන සමන්නාගතො.
මෙහි සහස්සං බ්රහ්මලොකානං - එක ඇඟිල්ලෙන් එක සහසක් සක්වලද දසැඟිල්ලෙන් දස දහසක් සක්වල ආලෝක කිරීමට සමත් මහ බඹුන් දහසක් පැමිණියහ. මහා බ්රහ්මාභි තිට්ඨති - එක් එක් මහබඹා අනිත් බඹුන් අභිබවා සිටියි. උප්පන්නො - බඹලොව ඉපිද ජුතීමන්තො - ආනුභාව සම්පන්න. භිස්මාකායො - මහකය. මගධයෙහි ග්‍රාම ක්ෂේත්‍ර දෙක තුණක් පමණ වූ ශරීරයෙන්. යසස්සි සො - ආත්මභාව ශ්‍රී සම්පත් සංඛ්‍යාත යසසින් යුක්ත වූ,
දසෙත්ථ ඉස්සරා ආගුං, පච්චෙකවසවත්තිනොති එතස්මිඤ්ච බ්රහ්මසහස්සෙ යෙ පාටියෙක්කං පාටියෙක්කං වසං වත්තෙන්ති, එවරූපා දස ඉස්සරා මහාබ්රහ්මානො ආගතා. තෙසඤ්ච මජ්ඣතො ආග, හාරිතො පරිවාරිතොති තෙසං බ්රහ්මානං මජ්ඣෙ හාරිතො නාම මහාබ්රහ්මා සතසහස්සබ්රහ්මපරිවාරො ආගතො.
දසෙත්ථ ඉස්සරා ආගු පච්චෙක වසවත්තිනො - එක් බ්‍රහ්ම සහස්‍රයක වෙන වෙනම වසයෙහි පවත්වති. එබඳු වූ දස ඊශ්වර වූ මහා බ්‍රහ්මයෝ පැමිණියහ. තෙසඤ්ච මජඣතො ආග හාරිතො පරිවාරිතො - ඒ බ්‍රහ්මයින් මැද හාරිත නම් මහා බ්‍රහ්මයා දහසක් බ්‍රහ්ම පිරිවර සමග පැමිණියේය.
තෙ ච සබ්බෙ අභික්කන්තෙ, සඉන්දෙ දෙවෙ සබ්රහ්මකෙති තෙ සබ්බෙපි සක්කං දෙවරාජානං ජෙට්ඨකං කත්වා ආගතෙ දෙවකායෙ, හාරිතමහාබ්රහ්මානං ජෙට්ඨකං කත්වා ආගතෙ බ්රහ්මකායෙ ච. මාරසෙනා අභික්කාමීති මාරසෙනා අභිගතා. පස්ස කණ්හස්ස මන්දියන්ති කාළකස්ස මාරස බාලභාවං පස්සථ.
තෙ ච සබ්බෙ අභික්කන්තෙ සඉන්දෙ දෙවෙ සබ්රහ්මකෙ - ඒ සියල්ලෝම සක්‍ර දේව රාජයා ජ්‍යෙෂ්ඨ කොට පැමිණි කල්හි හරිත බ්‍රහ්මයා ජේෂ්ඨකොට පැමිණි කල්හි. මාරසෙනා අභික්කමි - මාර සේනාව පැමිණියහ. පස්ස කණහස්සමන්දියං - කලුධර්ම (පව්) වූ මාරයාගේ බලවත් බව බලව්.
එථ ගණ්හථ බන්ධථාති එවං අත්තනො පරිසං ආණාපෙසි. රාගෙන බද්ධමත්ථු වොති සබ්බං වො ඉදං දෙවමණ්ඩලං රාගෙන බද්ධං හොතු. සමන්තා පරිවාරෙථ, මා වො මුඤ්චිත්ථ කොචි නන්ති තුම්හාකං එකොපි එතෙසු එකම්පි මා මුඤ්චි. “මා වො මුඤ්චෙථා”තිපි පාඨො, එසෙවත්ථො.
ඵථ ගණහථ බන්ධථ - මෙසේ තමාගේ පිරිසට අණ කරයි. රාගෙන බද්ධ මත්ථුවෙ - මේ සියළු දේව මණ්ඩලය රාගයෙන් බඳිනු ලැබේවා. සමන්තා පරිවාරෙථ මා වො මුඤ්චිත්ථ කොචිනං - ඔබලා මොවුන්ගෙන් එක් කෙනෙකුවත් නොමුදව.
ඉති තත්ථ මහාසෙනො, කණ්හො සෙනං අපෙසයීති එවං තත්ථ මහාසමයෙ මහාසෙනො මාරො මාරසෙනං අපෙසයි. පාණිනා තලමාහච්චාති හත්ථෙන පථවීතලං පහරිත්වා. සරං කත්වාන භෙරවන්ති මාරවිභිංසකදස්සනත්ථං භයානකං සරඤ්ච කත්වා.
ඉති තත්ථ මහා සෙනො කණ්හසෙනං අපෙසයී - මෙසේ එහි මහා සමයේ මහසෙන් මාරයා මාර සේනාව යැවීය. පාණිතා ථලමාහච්ච - අතින් පෘථිවිතලය පැහැර. සරං කත්වා භෙරවං - මාර හිංසනය දැක්වීමට භයානක ශබ්දයක් කොට.
යථා පාවුස්සකො මෙඝො, ථනයන්තො සවිජ්ජුකොති සවිජ්ජුකො පාවුස්සකමෙඝො විය මහාගජ්ජිතං ගජ්ජන්තො. තදා සො පච්චුදාවත්තීති තස්මිං සමයෙ සො මාරො තං විභිංසනකං දස්සෙත්වා පටිනිවත්තො. සඞ්කුද්ධො අසයං වසෙති සුට්ඨු කුද්ධො කුපිතො කඤ්චි වසෙ වත්තෙතුං අසක්කොන්තො අසයංවසෙ අසයංවසී අත්තනො වසෙන අකාමකො හුත්වා නිවත්තො. භගවා කිර “අයං මාරො ඉමං මහාසමාගමං දිස්වා ‘අභිසමයන්තරායං කරිස්සාමී’ති අන්තරන්තරෙ මාරසෙනං පෙසෙත්වා මාරං විභිංසකං දස්සෙතී”ති අඤ්ඤාසි. පකති චෙසා භගවතො, යත්ථ අභිසමයො න භවිස්සති, තත්ථ මාරං විභිංසකං දස්සෙන්තං න නිවාරෙති. යත්ථ පන අභිසමයො හොති, තත්ථ යථා පරිසා නෙව මාරස්ස රූපං පස්සති, න සද්දං සුණාති, එවං අධිට්ඨාතීති. ඉමස්මිඤ්ච සමාගමෙ මහාභිසමයො භවිස්සති, තස්මා යථා දෙවතා නෙව තස්ස රූපං පස්සන්ති, න සද්දං සුණන්ති, එවං අධිට්ඨාසි. තෙන වුත්තං –“තදා සො පච්චුදාවත්ති, සඞ්කුද්ධො අසයංවසෙ”ති.
යථා පාවුස්සකො මෙඝො ථනයන්තො සවිජ්ජුකො - විදුලිය සහිත පාවුස්සක මේඝය මෙන් මහා ගර්ජනයක් කරන්නේ, තදා සො පච්චුදාවත්ති - ඒ වෙලාවේ ඒ මාරයා, විහිංසන දක්වා නැවතුනේය. සංකුද්ධො අසයං වසී - තදින් කිපී කිසිවකු තමා වසඟයෙහි තැබීමට නොහැකිව අත්හැර නැවතුනේය. භාග්‍යවතුන් වහන්සේ මේ මාරයා මේ මහා සමාගම දැක අවබෝධයට අන්තරායක් කරන්නෙමියි වරින් වර මාර සේනාව යවා මාර විහිංසනය දක්වන්නේ යයි දැන ගත්හ. භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය මෙසේය. යම් තැනක අවබෝධය නොවන්නේ නම් එහි මාර සේනාවගේ විහිංසනය දැක්වීම නොවලක්වති. යම් තැනක අවබෝධය වේ නම් එහි මාර විහිංසනය දැක්වීම වලක්වති. එහි පිරිස මාරයාගේ රූපය නොදකියි. ශබ්දය නො අසයි. මෙසේ අධිෂ්ඨාන කරති. මේ සමාගමයෙහි මහා අභිසමය වන්නේ ය. එහෙයින් දෙවියෝ ඔහුගේ රූපය නොබලති ශබ්දය නො අසති යයි මෙසේ අධිෂ්ඨාන කළහ. එහෙයින් කියන ලදී. වසයට ගනු බැරිව - ගියෙ හේ ආපසු කිපී
තඤ්ච සබ්බං අභිඤ්ඤාය, වවත්ථිත්වාන චක්ඛුමාති තං සබ්බං භගවා ජානිත්වා වවත්ථපෙත්වා ච.
දැන සියල් බුදුහිමි - තිරකොට පසැස් ලෝ හිමි භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලම දැන තීරණය කොට,
මාරසෙනා අභික්කන්තා, තෙ විජානාථ භික්ඛවොති භික්ඛවෙ මාරසෙනා අභික්කන්තා, තෙ තුම්හෙ අත්තනො අනුරූපං විජානාථ, ඵලසමාපත්තිං සමාපජ්ජථාති වදති. ආතප්පමකරුන්ති ඵලසමාපත්තිං පවිසනත්ථාය වීරියං ආරභිංසු. වීතරාගෙහි පක්කාමුන්ති මාරො ච මාරසෙනා ච වීතරාගෙහි අරියෙහි දූරතොව අපක්කමුං. නෙසං ලොමාපි ඉඤ්ජයුන්ති තෙසං වීතරාගානං ලොමානිපි න චාලයිංසු. අථ මාරො භික්ඛුසඞ්ඝං ආරබ්භ ඉමං ගාථං අභාසි –
මාරසෙනා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො - මහණෙනි, මාරසේනාව පැමිණියා. ඔබලා තම තමාට අනුරූප පරිද්දෙන් දැනගන්න. ඵල සමාපත්තියට සමවදින්න යයි කියති. ආතප්පමකරුං - පලසමවතට පිවිසීම සඳහා වීර්ය ආරම්භ කළහ. වීතරාගෙහපක්කාමුං - මාරයාද මාර අනුචරයෝද වීතරාග වූ ආර්යයන් කෙරෙන් ඈතට ගියහ. නෙසං ලොමම්පි ඉඤජයුං - ඒ වීතරාගීන්ගේ ලෝමයකුදු නො සෙලවූහ. ඉක්බිති මාරයා භික්ෂු සංඝයා අරබයා මේ ගීය කීවේය.
“සබ්බෙ විජිතසඞ්ගාමා, භයාතීතා යසස්සිනො; මොදන්ති සහ භූතෙහි, සාවකා තෙ ජනෙසුතා”ති.
දිනු සමර හැමදෙන - බිය නැති පිරුණු යසසැති තුටුවෙති සමග අරි - පුඟුලන් පසිඳු බුදු සව්
තත්ථ මොදන්ති සහ භූතෙහීති දසබලස්ස සාසනෙ භූතෙහි සඤ්ජාතෙහි අරියෙහි සද්ධිං මොදන්ති පමොදන්ති. ජනෙසුතාති ජනෙ විස්සුතා පාකටා අභිඤ්ඤාතා.
එහි මොදන්ති සහ භූතෙහි - දසබල සසුනෙහි භූතයගෙන් තොරව ඉපදුණු ආර්යන් සමග සතුටු වෙති. ජනෙසුතා - ජනයන් ඇසූ, විශ්‍රැත, ප්‍රකට, දැනගත්.
ඉදං පන මහාසමයසුත්තං නාම දෙවතානං පියං මනාපං, තස්මා මඞ්ගලං වදන්තෙන අභිනවට්ඨානෙසු ඉදමෙව සුත්තං වත්තබ්බං. දෙවතා කිර –“ඉමං සුත්තං සුණිස්සාමා”ති ඔහිතසොතා විචරන්ති. දෙසනාපරියොසානෙ පනස්ස කොටිසතසහස්සදෙවතා අරහත්තං පත්තා, සොතාපන්නාදීනං ගණනා නත්ථි.
මේ මහා සමය සූත්‍රය වනාහි දෙවියන්ට ප්‍රියය මනාපය. එනිසා යහපත කියන්නා විසින් අළුත් තැන්වල මේ සූත්‍රය කිව යුතුය. දෙවියෝ වනාහි මේ සූත්‍රය අසන්නෙමු යයි යොමු කළ කන් ඇතිව හැසිරෙති. මේ දේශනාව අවසානයෙහි කෝටිලක්ෂයක් දෙවියෝ රහත් වූහ. සෝවාන් ආදීන්ගේ ගණන් නියමයක් නැත.
දෙවතානඤ්චස්ස පියමනාපභාවෙ ඉදං වත්ථු – කොටිපබ්බතවිහාරෙ කිර නාගලෙණද්වාරෙ නාගරුක්ඛෙ එකා දෙවධීතා වසති. එකො දහරො අන්තොලෙණෙ ඉමං සුත්තං සජ්ඣායති. දෙවධීතා සුත්වා සුත්තපරියොසානෙ මහාසද්දෙන සාධුකාරමදාසි. කො එසොති. අහං, භන්තෙ, දෙවධීතාති. කස්මා සාධුකාරමදාසීති? භන්තෙ, දසබලෙන මහාවනෙ නිසීදිත්වා කථිතදිවසෙ ඉමං සුත්තං සුත්වා අජ්ජ අස්සොසිං, භගවතා කථිතතො එකක්ඛරම්පි අහාපෙත්වා සුග්ගහිතො අයං ධම්මො තුම්හෙහීති. දසබලස්ස කථයතො සුතං තයාති? ආම, භන්තෙති. මහා කිර දෙවතාසන්නිපාතො අහොසි, ත්වං කත්ථ ඨිතා සුණීති?
දේවතාවන්ට මේ සූත්‍රය ප්‍රිය මනාප බවට කථා වස්තුවක් මෙසේය. කොටපව් වෙහෙරෙහි වනාහි නාග ලෙන් දොරකඩ නා ගසෙහි එක් දේවතා දුවක් වසයි. එක් දහර භික්ෂුවක් ලෙන ඇතුළෙහි මේ සූත්‍රය සජ්ඣායනය කරයි. දෙව්දුව එය අසා සූත්‍රය අවසානයෙහි මහත් ශබ්දයෙන් සාධුකාර දුන්නාය. කවුද ඒ? ස්වාමීනි මම දෙව්දුවක්මි. සාධුකාර දුන්නේ ඇයි ? ස්වාමීනි දසබල තථාගතයන් විසින් මහාවනයෙහි වැඩහිඳ වදාරන ලද දිනයෙහි මේ සූත්‍රය ඇසූ මම අද ඇසුවෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක් අකුරකුදු නොනසා ඔබ වහන්සේ විසින් මේ ධර්මය මනාව ගන්නා ලදී. දසබලයන් වහන්සේගේ දේශනාව ඔබ ඇසුවාද?
අහං, භන්තෙ, මහාවනවාසියා දෙවතා, මහෙසක්ඛාසු පන දෙවතාසු ආගච්ඡන්තීසු ජම්බුදීපෙ ඔකාසං නාලත්ථං, අථ ඉමං තම්බපණ්ණිදීපං ආගන්ත්වා ජම්බුකොලපට්ටනෙ ඨත්වා සොතුං ආරද්ධම්හි, තත්රාපි මහෙසක්ඛාසු දෙවතාසු ආගච්ඡන්තීසු අනුක්කමෙන පටික්කමමානා රොහණජනපදෙ මහාගාමස්ස පිට්ඨිභාගතො සමුද්දෙ ගලප්පමාණං උදකං පවිසිත්වා තත්ථ ඨිතා අස්සොසින්ති. තුය්හං ඨිතට්ඨානතො දූරෙ සත්ථාරං පස්සසි දෙවතෙති? කිං කථෙථ, භන්තෙ, සත්ථා මහාවනෙ ධම්මං දෙසෙන්තො නිරන්තරං මමඤ්ඤෙව ඔලොකෙතීති මඤ්ඤමානා ඔතප්පමානා ඌමීසු නිලයාමීති.
එසේය ස්වාමීනි, මහා දේව රැස්වීමක් විය. ඔබ ඇසුවේ කොහේ සිටද? ස්වාමීනි, මම මහා වනයෙහි දෙවියන් සමග හුන්නෙමි. මහේසාක්ය දෙවිවරුන් එන කල්හි දඹදිව ඉඩ නොලදිමි. ඉන්පසු මේ තම්බපණ්ණි දීපයට පැමිණ දඹකොල පටුනෙහි සිට ඇසීමට ඇරඹීමි. එහි ද මහේසාක්ය දෙවිවරුන් එන කල්හි පිළිවෙළින් පසු පසට යන්නේ රුහුණු ජනපදයෙහි මාගම පිටුපස ගොළු මුහුදෙහි කරවටක් දියට බැස එහි සිට ඇසුවෙමි. දේවතා දියණියෙනි, ඔබ සිටි තැන ඉතා දුරය බුදුරදුන් පෙනුනාද? ස්වාමීනි මොනවා කියනවද? ශාස්තෲන් වහන්සේ මහා වනයෙහි ධර්මය දේශනා කරන්නේ නිතරම මා දිහාම බලති යි සිතමින් බියවෙමින් ලජ්ජාවෙමින් දිය සුළිවල සැඟවී සිටියෙමි.
තං දිවසං කිර කොටිසතසහස්සදෙවතා අරහත්තං පත්තා, තුම්හෙපි තදා අරහත්තං පත්තාති? නත්ථි, භන්තෙ. අනාගාමිඵලං පත්තත්ථ මඤ්ඤෙති? නත්ථි, භන්තෙ. සකදාගාමිඵලං පත්තත්ථ මඤ්ඤෙති? නත්ථි, භන්තෙ. තයො මග්ගෙ පත්තා දෙවතා කිර ගණනපථං අතීතා, සොතාපන්නා ජාතත්ථ මඤ්ඤෙති? දෙවතා තං දිවසං සොතාපත්තිඵලං පත්තත්තා හරායමානා –“අපුච්ඡිතබ්බං පුච්ඡති අය්යො”ති ආහ. තතො නං සො භික්ඛු ආහ – “සක්කා පන දෙවතෙ, තව අත්තභාවං අම්හාකං දස්සෙතු”න්ති? න සක්කා භන්තෙ සකලකායං දස්සෙතුං, අඞ්ගුලිපබ්බමත්තං දස්සෙස්සාමි අය්යස්සාති කුඤ්චිකඡිද්දෙන අඞ්ගුලිං අන්තොලෙණාභිමුඛං අකාසි, චන්දසහස්සසූරියසහස්සඋග්ගමනකාලො විය අහොසි. දෙවධීතා “අප්පමත්තා, භන්තෙ, හොථා”ති දහරභික්ඛුං වන්දිත්වා අගමාසි. එවං ඉමං සුත්තං දෙවතානං පියං මනාපං, මමායන්ති නං දෙවතාති.
ඒ දවසෙහි කෝටි ලක්ෂයක් දෙවියෝ රහත් වුහ. ඔබ එදා රහත් වුනාද? නැත ස්වාමීනි, අනාගාමි ඵලයට පත් වී ඇතැයි සිතමි. නැත ස්වාමීනි, තුන් මාර්ගයට පැමිණි දෙවියන්ගේ ගණන පථය ඉක්මවිය. සෝවාන් වී ඇතැයි සිතමි. එ දවස දෙවියෝ සෝවන් ඵලයට පැමිණි බව නොවිචාල යුතුය. ඉන් පසු ඒ භික්ෂුව ඇයට මෙසේ කීය. දේවතාවෙනි ඔබේ ආත්මභාවය මට පෙන්විය හැකිද ? ස්වාමීනි සියළු ශරීරය පෙන්විය නොහැකිය. ඇඟිලි පුරුකක් පමණක් දක්වන්නෙමි. යතුරු සිදුරෙන් ඇඟිල්ල ඇතුළු ලෙනට යොමු කළාය. සඳු දහසක් හිරු දහසක් නැගි කලක් පරිද්දෙන් මෙන් විය. දෙව්දියණිය “ස්වාමීනි, අප්‍රමාද වන්න” යයි දහර භික්ෂුව වැඳ ගියාය. මෙසේ මේ සූත්‍රය දෙවියන්ට ප්‍රියමනාප වේ. දෙවියෝ ඊට ඇලුම් කරති.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං මහාසමයසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා සමය සූත්‍ර වර්ණනාව නිමි.