මහාපදානසුත්තං
1.
1.
මහාපදානසුත්තං
මහාපදාන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ කරෙරිකුටිකායං. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බෙනිවාසො, ඉතිපි පුබ්බෙනිවාසො’ති.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි කරෙරිකුටිකායේහි (ලුණුවරණ රුක අසල කරන ලද කිළියෙහි) වැඩ වසන සේක. එ කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ (බත්කිස කොට නැඟී සිට) කරෙරිමණ්ඩලමාළයෙහි (යටකී කරෙරිමණ්ඩපය අසලැ නිෂීදන ශාලායෙහි) එක් වැ හුන් එක් රැස් වූ බෙහෝ භික්ෂූන් අතරැ ‘පෙරැ වුසූ කඳපිළිවෙළ මෙසේත් වේ. පෙරැ වුසූ කඳ පිළිවෙළ මෙසේත් වේ’ යැ යි පූර්වනිවාසප්රතිසංයුක්ත වූ දැහැමි කතාවෙක් පහළ විය.
2. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය තෙසං භික්ඛූනං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා උට්ඨායාසනා යෙන කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනු’ත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරාකථා විප්පකතා?”ති.
2. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම්ඉම ඉක්මැ අසනුවට සමත් වූ පිරිසිදු දිවකනින් ඒ මහණුන්ගේ මේ කථාසංලාපය අසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී කරෙරිමණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පනවා තුබුණු අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, දැන් තෙපි කවර නම් කතාවෙකින් මෙහි හුන්නහු ද? තොපගේ කවර නම් අතුරු කතාවෙක් අඩාළ වී දැ?’ යි අසා වදාළ සේක.
3. එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බෙනිවාසො, ඉතිපි පුබ්බෙනිවාසො’ති. අයං ඛො නො භන්තෙ අන්තරා කථා විප්පකතා. අථ භගවා අනුප්පත්තො”ති.
3. මෙසේ වදාළ කල්හි මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ, මෙහි කරෙරිමණ්ඩලමාළයෙහි එක්වැහුන් එක් රැස් වූ අප අතරැ ‘පූර්වනිවාසය මෙසේත් වේ, පූර්වනිවාසය මෙසේත් වේ’ යැ යි පූර්වනිවාසප්රතිසංයුක්ත දැහැමි කතාවෙක් උපන. වහන්ස, අපගේ මේ අතුරු කතාව අඩාළ විය. එකලැ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ” යි මෙ බස් පැවැසූහ.
4. “ඉච්ඡෙය්‍යාථ නො තුම්හෙ භික්ඛවෙ පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතු”න්ති?
4. “මහණෙනි, තෙපි පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දහම්කතාවක් අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. “එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දැහැමි කතාවක් කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය ය. සුගතයන් වහන්ස, එයට මේ කාලය ය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා මහණහු සිත්හි ලා දරන්නාහ” යි භික්ෂූහු කීහ. “මහණෙනි, එසේ වී නම්, අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) ධර්මකථාව වදාළ සේක.
5. ඉතො සො භික්ඛවෙ, එකනවුතොකප්පො යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉතො සො භික්ඛවෙ, එකතිංසොකප්පො යං සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. තස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ එකතිංසෙ කප්පෙ වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ කොණාගමනො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ භද්දකප්පෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ අහං එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො.
5. මහණෙනි, යම් කලෙක අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් පෙරැ එක් අනූවන කප ය. මහණෙනි, යම් කලෙක අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් යටැ එක්තිස්වන කප ය. මහණෙනි, ඒ එක් තිස්වන කපෙහි ම අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් මෙ සමයෙහි ලොවැ පහළ වීමි.
6. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. කොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසිං, ඛත්තියකුලෙ උප්පන්නො.
6. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ජාතියෙන් ක්ෂත්රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ජාතියෙන් ක්ෂත්රිය වූහ. කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ජාතියෙන් ක්ෂත්රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලයෙහි උපන්හ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුතුලෙහි උපන්හ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලෙහි උපන්හ. මහණෙනි, මෙ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ජාතියෙන් ක්ෂත්රිය වීමි, කැත්කුලෙහි උපන්මි.
7. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි.
7. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ.
කොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ගොතමො ගොත්තෙන.
මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, මෙ සමයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම් ගෝත්‍රයෙන් ගෞතම වෙමි.
8. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීති වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චත්තාලීසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. මය්හං භික්ඛවෙ, එතරහි අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්යො.
8. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු අසූදහසෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැත්තෑදහසෙක් විය. මහණෙනි, අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැටදහසෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු හතළිස්දහසෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු තිස්දහසෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු විසිදහසෙක් විය. මහණෙනි, මෙ කලැ මාගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ස්වල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම් හෙ තෙම හවුරුදු සීයක් හෝ ස්වල්පයක් වැඩියෙන් හෝ ජීවත් වන්නේ ය.
9. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පුණ්ඩරීකස්ස මූලෙ අභිසම්බුද්ධො. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සාලස්ස මූලෙ අභිසම්බුද්ධො. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සිරීසස්ස මූලෙ අභිසම්බුද්ධො. කොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො උදුම්බරස්ස මූලෙ අභිසම්බුද්ධො. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො නිග්රොධස්ස මූලෙ අභිසම්බුද්ධො. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො අස්සත්ථස්ස මූලෙ අභිසම්බුද්ධො.
9. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්හු පළොල් රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල්රුකක් මුලැ සත්‍යාවබෝධය කලහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවත්හු මහරිරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්හු දිඹුල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්හු නුගරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, මෙ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ඇසතු රුකක් මුලැ සත්‍යාවබෝධය කෙළෙමි.
10. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොණුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්යොසුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං හොති අග්ගං භද්දයුගං.
10. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්හට ඛණ්ඩය ය තිස්ස යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට අභිභූ ය සම්භව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට සෝණ ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවතුන්හට විධුර ය සඤ්ජීව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට භිය්යොස ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට තිස්ස ය භාරද්වාජ යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, මෙ කලැ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මාහට භද්‍රයුගල වූ සැරියුත් ය මුගලන් යැ යි අක්සවුයුවලෙක් වෙයි.
11. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තති භික්ඛුසහස්සානි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අසීති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සට්ඨි භික්ඛුසහස්සානි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි චත්තාළීස භික්ඛුසහස්සානි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි තිංසභික්ඛුසහස්සානි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි වීසති භික්ඛුසහස්සානි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. මය්හං භික්ඛවෙ, අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං.
11. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය: එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් එක් ලක්ෂ අටසැටදහසෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් ලක්ෂයෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් අසූදහසෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ සන්නිපාතයෝ තිදෙනෙක් වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ශ්‍රාවකසන්නිපාත තුනෙක් විය: එකෙක් මහණුන් ලක්ෂයක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැත්තෑදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ: එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් භික්ෂූන් සැත්තෑ දහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැටදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ සියල්ලන් ම රහතුන් වූ සව්වන් සම්බන්ධ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවතුන්ගේ මහණුන් සතළිස්දහසක් වූ එක් ශ්රාවකසන්නිපාතකේ විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්ධ මේ එක සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ මහණුන් තිස්දහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට මහණුන් විසිදහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, මෙ සමයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මා හට මහණුන් එක්දහස් දෙසිය පණසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, මා හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්ධ මෙ එක් සන්නිපාතයෙක් විය.
12. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛෙමඞ්කරො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපසන්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බුද්ධිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො.
12. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට ඛේමඞ්කර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට උපශාන්ත නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්ධ නම් භාග්‍යවත්නට බුද්ධිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය.
කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොත්ථිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සබ්බමිත්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස ආනන්දො භික්ඛු උපට්ඨාකො හොති අග්ගුපට්ඨාකො.
මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්නට සොත්ථිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප නම් භාග්‍යවත්නට සර්වමිත්‍ර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, මෙ සමයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මට ආනන්ද නම් මහණ උපස්ථායක, අග්‍රෝපස්ථායක වෙයි.
13. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අරුණො නාම රාජා පිතා අහොසි. පභාවතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. අරුණස්ස රඤ්ඤො අරුණවතී නාම නගරං රාජධානි අහොසි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සුප්පතීතො නාම රාජා පිතා අහොසි. යසවතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. සුප්පතීතස්ස රඤ්ඤො අනොමං නාම නගරං රාජධානි අහොසි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අග්ගිදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. විසාඛා නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන ඛෙමො නාම රාජා අහොසි. ඛෙමස්ස රඤ්ඤො ඛෙමවතී නාම නගරං රාජධානි අහොසි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස යඤ්ඤදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. උත්තරා නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන සොභො නාම රාජා අහොසි. සොභස්ස රඤ්ඤො සොභාවතී නාම නගරං රාජධානී අහොසි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බ්රහ්මදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. ධනවතී නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන කිකී නාම රාජා අහොසි. කිකිස්ස රඤ්ඤො බාරාණසී නාම නගරං රාජධානි අහොසි. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස සුද්ධොදනො රාජා පිතා අහොසි, මායාදෙවී මාතා ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානී”ති.
13. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජ පිය වී ය, බන්ධුමතී නම් දෙවි විජාත මාතෘ වූය. බන්ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට අරුණ නම් රජ පිය වී ය, ප්‍රභාවතී නම් දෙවි වැදූ මව වූ ය අරුණවතී නම් නුවර අරුණ රජුගේ රජදහන විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට සුප්රතීත නම් රජ පිය වී ය. යශෝවතී නම් දෙවි වැදූ මවු වූ ය. අනෝම නම් නුවර සුප්රතීත රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කකුසන්ධ නම් භාග්‍යවත්නට අග්ගිදත්ත නම් බමුණු පිය විය, විශාඛා නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එසමයෙහි ක්ෂේම නම් රජෙක් විය. ක්ෂේමවතී නුවර රජුහුගේ රජදහන විය. මහණෙනි, අර්හත් සමයක්සම්බුද්ධ වූ කෝණාගමන නම් භාග්‍යවත්නට යඤ්ඤදත්ත නම් බමුණු පිය වීය, උත්තරා නම් බැමිණි වැදූ මවු වූ ය. එසමයෙහි මහණෙනි, ශෝභ නම් රජෙක් විය. ශෝභාවතී නම් නුවර ශෝභ රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්නට බ්‍රහ්මදත්ත නම් බමුණු පිය විය. ධනවතී නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එ සමයෙහි කිකී නම් රජෙක් විය. බරණැස් නම් නුවර කිකී රජුහුගේ රජදහන වි ය. මහණෙනි, මෙ සමයෙහි රහත් වූ සම්මාසම්බුදු වූ මාහට සුදොවුන් රජ පිය වී ය. මායාදේවී වැදූ මවු වූ හ. “කිඹුල්වත් නම් නුවර රජදහන් වෙයි.”
ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඳී වෙහෙරට පිවිසි සේක.
14. අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො අයමන්තරා කථා උදපාදි: “අච්ඡරියං ආවුසො තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති,
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලායෙහි මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්නෝ වූහ යි ද, මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’යි පිරිනිවියා වූ, සිඳැලූ තෘෂ්ණාමානදෘෂ්ටිප්රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් සිහි කළ සේක ද, නම් විසින් සිහි කළ සේක් ද,
ගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති. කින්නු ඛො ආවුසො තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවං ජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති’, උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති” අයඤ්ච හිදං තෙසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හොති.
ගොත් විසින් සිහි කළ සේක් ද, ආයු පමණ විසින් සිහි කළ සේක් ද, ශ්රාවකයුග විසින් සිහි කළ සේක් ද, ශ්‍රාවක සන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ ඒසා මහත් ඍද්ධි ඇති නියාව, ඒසා මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත්නි, කිමෙක් ද? යම් ධර්මධාතුවක් (යම් සියල්ල දක්නා නුවණක්) මොනොවට පිළිවිදි බැවින් තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ යි ද, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි ද පිරිනියාවූ, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවටදුක් ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින්, නම් විසින්, ගොත් විසින්, ආයු පමණ විසින්, ශ්රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ‘ඒ භගවත්හු මෙබඳුජාති ඇත්තෝ මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක් ඉක්මි, ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුපමණ විසින් ශ්රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, මෙ කරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළෝ දැ?” යි ඒ මහණුන්ගේ මේ අතුරු කථාවෙක් අඩාළ වූයේ වෙයි.
15. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන, කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනු’ත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා?” ති. එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො අයමන්තරා කථා උදපාදි:
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවතින් නැගී සිට කරෙරිමණ්ඩලමාළයට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත ආසනයෙහි හුන් සේක. වැඩ හිඳ මහණුන් බණවා, “මහණෙනි, තෙපි දැන් එක් ව කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක මෙසේ වදාළ කලැ ඒ මහණහු “වහන්ස, භාග්යවතුන්වන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි අපගේ මෙසේ වූ අතුරු කථාවෙක් උපන:
‘අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති, ගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති. කින්නු ඛො ආවුසො තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති? උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති? අයං ඛො නො භන්තෙ අන්තරාකථා විප්පකතා හොති. අථ භගවා අනුප්පත්තො”ති.
ඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ “ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ, මෙබඳු ගොත් ඇතියෝ, මෙබඳු සිල් ඇතියෝ, මෙබඳු දහම් ඇතියෝ, මෙබඳු ප්‍රඥා ඇතියෝ, මෙබඳු විහරණ ඇතියෝ, මෙබඳු විමුක්ති ඇතියෝ වූහ’ යි පිරිනිවි, සිඳැලූ තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුප්‍රමාණ විසින් ශ්රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ එසේ වූ මහත් ඍද්ධි ඇති නියාව, මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූතය. ඇවැත්නි, කිම? යම් ධර්මධාතුවක් මොනොවට පිළිවිඳි බැවින් තථාගතයන් වහන්සේ, ඒ භාග්‍යවත්හු මෙබඳු දැයෙහි උපන්හයි, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොතැත්තෝ, මෙබඳු සිල් ඇත්තෝ, මෙබඳු දහමැත්තෝ, මෙබඳු පැණැත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි පිරිනිවී, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වටැති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වටැති, සියලු විපාකවට්ට දුක ඉක්මි, ඉකුත් බුදුවරුන් දෑ නම් ගොත් විසින්, ආයුප්‍රමාණ විසින්, ශ්රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ඒ භාග්‍යවත්හු ‘මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, ඇම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ් ප්‍රමාණ ශ්රාවකයුග ශ්‍රාවක සන්නිපාත විසින් සිහිකරන සේක් නම්, මෙකරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළාහු දැ?’ යි අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩවදාළ සේකැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
16. “තථාගතස්සෙවෙසා භික්ඛවෙ, ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති. දෙවතා පි තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති. ඉච්ඡෙය්‍යාථ නො තුම්හෙ භික්ඛවෙ, භිය්යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතුන්ති?”
16. “මහණෙනි, යම් ධර්මධාතුවක් පිළිවිදි බැවින් තථාගතයෝ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්ෂීණ කළ කම්වට ඇති සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ්ප්‍රමාණ ශ්රාවකයුග ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කරන්නාහු නම්, ඒ ධර්මධාතුව තථාගතයන් විසින් මොනොවට ම පිළිවිදුනා ලද්දේ ය. මෙ කරුණ දේවතාවෝ ද තථාගතයනට සැළ කළහ. මහණෙනි, තෙපි වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ වූ ධර්ම කථාව අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
17. “එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො. යං භගවා භිය්යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්ය භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තෙන හි භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. “එවංභන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
17. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ දහම් කතාව කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය වෙයි. සුගතයන් වහන්ස, එයට මේ කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු සිතැ ලා දරන්නාහ” යි ඒ මහණහු කීහ. “මහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
18. “ඉතො සො භික්ඛවෙ, එකනවුතො කප්පො. යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසතසහස්සානි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි.
18. මහණෙනි, යම් කලෙක රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් එක්අනු වන කපය. මහණෙනි, රහත් සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ජාතියෙන් ක්ෂත්රිය වූහ, ක්ෂත්රිය කුලයෙහි උපන්හ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩින්‍ය වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට හවුරුදු අසූදහසෙක් ආයුෂ්ප්‍රමාණය විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු පළොල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ඛණ්ඩය තිස්ස යැ යි නම් වූ භද්රයුග වූ සවුයුවලෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනෙක් විය: එයින් එක් ශ්‍රාවකසන්නිපාතයෙක් අටසැට ලක්ෂයක් භික්ෂූන්ගෙන් යුක්ත විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්ෂූන් ලක්ෂයෙන් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්ෂූන් අසූ දහසෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදුවූ විපස්සී භාග්‍යවත්නට හැම දෙනා ක්ෂීණාශ්රව වූ සව්වන්ගේ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් අග්‍රෝපස්ථායක වූ උවසු විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජෙක් පිතෘ විය, බන්ධුමතී නම් දේවියක් වැදූ මව වූ ය. බන්ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය.
19. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමි. අයමෙත්ථ ධම්මතා.
19. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව සිහි ඇත්තේ නුවණැත්තේ මවුකුසට බටුයේ ය. මේ මෙහි ධර්මතා යි (ස්වභාවය යි).
20. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යා පි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසුරියා එවංමහිද්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවා.-
20. මහණෙනි, මේ ධර්මතා යැ: යම් කලෙක බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව මව කුස පිළිසිඳ ගන්නාහු නම්, එ කලැ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත සත්වප්රජායෙහි, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. නිති විවැරුණු, නො හැවුරුණු (යටින් පිහිටක් නැති), ඇස් අඳුරු කරන ගනඳුරු ඇති යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, මේසා මහඉදුහු ඇති මේසා මහ තෙදැති සඳ හිරුහු ඒ යම් තැනෙක සිය එළියෙන් අඳුරු දුරැලන්නට නොහැකි වෙත් ද, එහි පවා දෙවියන්ගේ දෙව්එළිය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි:-
යෙපි තත්ථ සත්තා උප්පන්නා, තෙ පි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති ‘අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා’ති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අයමෙත්ථ ධම්මතා.
එහි යම් සත් කෙනෙක් උපන්නෝ ද, ඔහු ද ඒ එළියෙන් ‘භවත්නි, මෙහි උපන් අන් සත් කෙනෙක් ඇත්හ’ යි උනුන් හැඳින ගනිත්. මෙ දසදහස් ලෝදා ද හාත්පසින් සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම අප්‍රමාණ වූ විපුල ආලෝකයෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්මතා යි.
21. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං රක්ඛාය උපගච්ඡන්ති: ‘මා නං බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසී’ති. අයමෙත්ථ ධම්මතා.
21. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසට බටුවෝ වෙද්ද, එකලැ සිවුදෙනෙක් දෙව්පුත්තු (සිවු වරම්රජුහු) ‘ඒ බෝසතුන් හෝ බෝසත්මව හෝ කිසි මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ නො පෙළාව’ යි සතර දිගැ රකවළට වෙත පැමිණෙත්. මෙහි මේ ධර්මතා යි.
22. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, පකතියා සීලවතී බොධිසත්තමාතා හොති විරතා පාණාතිපාතා, විරතා අදින්නාදානා, විරතා කාමෙසු මිච්ඡාචාරා, විරතා මුසාවාදා, විරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා. අයමෙත්ථ ධම්මතා.
22. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එකල්හි පියෙවියෙන් ම සිල්වත් වූ බෝසත්මව පණිවායෙන් වැළැකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැකුණී වෙයි, මුසවායෙන් වැළැකුණී වෙයි, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැකුණී වෙයි. මේ මෙහි ධර්මතා යි.
23. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උප්පජ්ජති කාමගුණූපසංහිතං. අනතික්කමනීයා ච බොධිසත්තමාතා හොති කෙනචි පුරිසෙන රත්තචිත්තෙන. අයමෙත්ථ ධම්මතා.
23. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එ තැන් පටන් කොට බෝසත්මවට පිරිමින් කෙරෙහි කාමගුණනිංඃශ්රිත වූ සිතෙක් නො පහළ වේ. රාගයෙන් රත් වූ සිතැති කිසිදු පුරුෂයෙක් හු විසින් බෝසත් මව ඉක්මියැ හැකි නො වේ. මෙහි මේ ධර්මතා යි.
24. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, ලාභිනී බොධිසත්තමාතා හොති පඤ්චන්නං කාමගුණානං. සා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙති. අයමෙත්ථ ධම්මතා.
24. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මව පස්කම්සුව ලබන්නී වෙයි. ඕ පස්කම් ගුණයෙන් සමර්පිත ව සංයුක්ත ව ඉඳුරන් හසුරුවයි. මෙ මෙහි ධර්මතා යි.
25. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති. සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චං අහීනින්ද්රියං.
25. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත් තෙම මව් කුසැ පිළිසිඳ ගත්තේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මවට කිසි ම ආබාධයෙක් නො උපදී. බෝසත්මව සුවැත්තී ක්ලාන්ත නොවූ කයැත්තී වෙයි. බෝසත්මව සිය කුසතුළැ වූ බෝසත්හු සියලු අඟපසඟ ඇත්තහු, නොපිරිහුණු ඉඳුරන් ඇත්තහු දකී. මේ මෙහි ධර්මතා යි.
සෙය්යථාපි භික්ඛවෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො, තත්ර යං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා, තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාර සම්පන්නො, තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො භික්ඛවෙ යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති, සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. අයමෙත්ථ ධම්මතා:
මහණෙනි, යම්සේ ශෝභන වූ, ජාතිමත් වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, පිරිසිදු, වෙසෙසින් පහන්, හැම අයුරින් පිරිපුන් වෙරළුමිණෙක් වේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ ද, එය ඇස්ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරළුමිණ හොබනේ ය, ජාතිමත් ය, අටැස් ය, මොනොවට පිරියම් කරන ලද්දේ ය, පිරිසිදු ය, වෙසෙසින් පහන් ය, හැම සැටියෙන් පිරිපුන් ය. මෙහි මේ නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ යැ’ යි සලකා බලන්නේ ද, එසේ ම මහණෙනි, යම් කලෙක බෝසත්හු මවකුසැ පිළිසිඳ ගත්තෝ වෙත් ද, එකලැ බෝසත්මවට කිසිදු ආබාධයෙක් නො උපදී. බෝසත්මව අක්ලාන්ත කය ඇත්තී සුවපත් වෙයි. බෝසත් මව සිය කුසතුළැ වූ බෝසතුන් සියලු අඟපසඟ ඇතියවුන් නොපිරිහුණු ඉඳුරන් ඇතියවුන් දකී. මේ මෙහි ධර්මතා යි.
26. ධම්මතා එසා භික්ඛවෙ, සත්තාහජාතෙ බොධිසත්තෙ බොධිසත්තමාතා කාලං කරොති, තුසිතං, කායං උපපජ්ජති. අයමෙත්ථ ධම්මතා.
26. මහණෙනි, මේ ධර්මතා යි: බෝසත්හු උපන් සත්දවසැ බෝසත්මව කලුරිය කෙරෙයි. (කලුරිය කොට) තුසීදෙව්ලොවැ උපදී. මේ මෙහි ධර්මතා යි.
27. ධම්මතා එසා භික්ඛවෙ, යථා අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත්තං බොධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායති. අයමෙත්ථ ධම්මතා.
27. මහණෙනි, මේ ධර්මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු නව මසක් හෝ දසමසක් කුසින් ගබ රැක වදත් ද, බෝසත්මව එසේ බෝසතුන් නො ම ප්‍රසූත කෙරෙයි. බෝසත්මව පුරා දස මසක් ම බෝසතුන් කුසින් උසුලා ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්මතා යි.
28. ධම්මතා එසා භික්ඛවෙ, යථා අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. ඨිතා’ව බොධිසත්තං බොධිසත්තමාතා විජායති. අයමෙත්ථ ධම්මතා.
28. මහණෙනි, මේ ධර්මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු හිඳ හෝ වැදහෙට වදත් ද, බෝසත්මව බෝසතුන් එසේ ප්‍රසූත නො කරයි. බෝසත් මව සිටියා ම බෝසතුන් ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්මතා යි.
29. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා පඨමං පතිගණ්හන්ති, පච්ඡා මනුස්සා. අයමෙත්ථ ධම්මතා.
29. මහණෙනි මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් බිහි වෙත් ද, එවිට පළමුවෙන් දෙවියෝ ද පසුව මිනිස්සු ද ඔබ පිළිගනිත්. මේ මෙහි ධර්මතා යි.
30. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තො’ව බොධිසත්තො පඨවිං හොති. චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති. ‘අත්තමනා දෙවි හොහි මහෙසක්ඛො. තෙ පුත්තො උප්පන්නො’ති. අයමෙත්ථ ධම්මතා.
30. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් නික්මෙත් ද, එකල්හි බෝසත්හු පොළොවට නො පැමිණියෝ ම වෙති. (නොපැමිණියැදී ම) සතර දෙව්පුත් කෙනෙක් ඔබ පිළිගෙන, ‘දේවිනි, සතුටු වන්න, ඔබට මහායශස්ක පුතෙක් උපනැ’ යි කියා මව ඉදිරියෙහි තබත්. මේ මෙහි ධර්මතා යි.
31. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදො’ව නික්ඛමති අමක්ඛිතො උද්දෙන, අමක්ඛිතො සෙම්හෙන, අමක්ඛිතො රුහිරෙන, අමක්ඛිතො කෙනචි අසුචිනා, සුද්ධො විසදො.
31. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝ, සෙමින් නොවැකුණෝ, ලෙයින් නොවැකුණෝ, කිසිදු අශුචියෙකින් නොවැකුණෝ පිරිසිදු වැ නිර්මල වැ නික්මෙති.
සෙය්යථාපි භික්ඛවෙ, මණිරතනං කාසිකෙ වත්ථෙ නික්ඛිත්තං නෙව මණිරතනං කාසිකං වත්ථං මක්ඛෙති, නාපි කාසිකං වත්ථං මණිරතනං මක්ඛෙති - තං කිස්ස හෙතු: උභින්නං සුද්ධත්තා. එවමෙව ඛො භික්ඛවෙ යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදො’ව නික්ඛමති අමක්ඛිතො උද්දෙන, අමක්ඛිතො සෙම්හෙන, අමක්ඛිතො රුහිරෙන, අමක්ඛිතො කෙනචි අසුචිනා, සුද්ධො විසදො. අයමෙත්ථ ධම්මතා.
මහණෙනි, කසී සළුවෙක තබන ලද මිණිරුවනෙක් වේ නම් එය කසීසළුව නො වකා ද (කසීසළුවෙහි නො තැවරේ ද) කසීසළුවත් මිණිරුවන නො වකා ද (කසීසළුව මිණිරුවනෙහි නො තැවරේ ද) - ඒ කවර හෙයින? ඒ දෙක ම පිරිසිදු බැවිනි. මහණෙනි, එසේ ම යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝම, සෙමින් නොවැකුණෝම, ලෙයින් නොවැකුණෝම, කිසිදු අශූචියෙකින් නොවැකුණෝම, පිරිසිදුවැම නිර්මලවැම නික්මෙත්. මේ මෙහි ධර්මතා යි.
32. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, ද්වෙ උදකස්ස ධාරා අන්තළික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතුච්ච. අයමෙත්ථ ධම්මතා.
32. මහණෙනි මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි යමෙකින් බෝසතුන්ගේත් මවගේත් දියකිස කෙරෙත් ද, එසේ වූ එකක් උණුදිය වූත් එකක් සිහිල් දිය වූත් දියදහර දෙකෙක් අහසින් පහළ වෙයි. මේ මෙහි ධර්මතා යි.
33. ධම්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්ත පදවීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුහීරමානෙ, සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචම්භාසති: “අග්ගො’හමස්මි ලොකස්ස, ජෙට්ඨො’හමස්මි ලොකස්ස, සෙට්ඨො’හමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති. අයමෙත්ථ ධම්මතා.
33. මහණෙනි, මේ ධර්මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති. “මම් ලොවට අග්‍ර වෙමි. මම් ලොවට දෙටු වෙමි. මම් ලොවට සෙට වෙමි. මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්මතා යි.
34. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති, අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යා’පි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසුරියා එවම්මහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතු භවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙ’පි තත්ථ සත්තා උප්පන්නා, තෙ’පි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති: “අඤ්ඤෙ’පි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අයමෙත්ථ ධම්මතා.
34. මහණෙනි, මේ ධර්මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම පමණ කට නොහැකි මහත් එළියෙක් පහළ වෙයි. (රුක් ඈ කිසිවෙක) ගැටුම් නැති, කිසිවෙකින් නොවැසුණු, අඳුරු වූ, ගනඳුරු ඇති, මේ සා මහත් ඉදුහ ඇති මහත් තෙද ඇති මේ සඳහිරුන් සිය එළියෙන් බබුලුවනු නොහැකි යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, එහි දු දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. එහි යම් සත් කෙනෙක් උපන්නාහු නම් ඔහු ද ඒ එළියෙන් භවත්නි, මෙහි උපන් අන් සත්හු ද ඇතැ’ යි උනුන් හැඳින ගනිත්. මේ දසදහසක් ලෝදා ද සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ ම මහත් එළියෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්මතා යි.
35. ජාතෙ ඛො පන භික්ඛවෙ, විපස්සිම්හි කුමාරෙ බන්ධුමතො රඤ්ඤො පටිවෙදෙසුං: ‘පුත්තො තෙ දෙව ජාතො: තං දෙවො පස්සතූ’ති. අද්දසා ඛො භික්ඛවෙ බන්ධුමා රාජා විපස්සිං කුමාරං, දිස්වා නෙමිත්තෙ බ්රාහ්මණෙ ආමන්තාපෙත්වා එතදවොච: –
35. මහණෙනි, විපස්සී කුමරුන් උපන් කල්හි ‘දේවයිනි, ඔබට පුතෙක් උපන. දේවයන් වහන්සේ ඔහු දකින සේක්වා’ යි බන්‍ධුමත් රජුට දැන්වූහ. මහණෙනි, බන්‍ධුමත් රජ විපස්සී කුමරුන් දුටුයේ ම ය, දැක නිමිත්තපාඨක බමුණන් කැඳවා
‘පස්සන්තු භොන්තො නෙමිත්තා බ්රාහ්මණා කුමාරන්ති.’ අද්දසංසු ඛො භික්ඛවෙ නෙමිත්තා බ්රාහ්මණා විපස්සිං කුමාරං දිස්වා බන්ධුමං රාජානං එතදවොචුං: ‘අත්තමනො දෙව හොහි. මහෙසක්ඛො තෙ දෙව පුත්තො උප්පන්නො. ලාභා තෙ මහාරාජ, සුලද්ධං තෙ මහාරාජ, යස්ස තෙ කුලෙ එවරූපො පුත්තො උප්පන්නො.’
“භවත් නෛමිත්තිකබ්රාහ්මණයෝ කුමාරයා දකිත්ව” යි මෙ බස් පැවැසී ය: නෛමිත්තික බ්‍රාහ්මණයෝ විපස්සී කුමරහු දුටුවාහු ම ය. දැක බන්‍ධුමත් රජුට ‘දේවයිනි, සතුටු වන්න, ඔබට මහත් යශස් ඇති පුතෙක් උපන. මහරජුනි, යම්බඳු ඔබගේ කුලයෙහි මෙබඳු පුතෙක් උපන්නේ ද, ඒ ඔබට ලාභ ය. මහරජුනි, ඒ ඔබ විසින් ලබන ලද මනා ලාභයෙකි.’
36. “අයං හි දෙව, කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා - සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති: සෙය්යථිදං –
36. “දේවයිනි, යමෙකින් සමන්විත මහපුරිස්හට නිෂ්ඨා (නිෂ්පත්ති) දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද, මේ කුමර එසේ වූ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්විත ය. ඉදින් මේ තෙම ගිහිගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනව්හි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්විත, දැහැමි වූ ධර්මරාජ වූ සක්විත්තෙක් වෙයි.
චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත්රුවන් කෙනෙක් ඔහුට වෙත්. ඔහුට ශූර වූ වීර්‍ය්‍යප්‍රකෘතික (වීර්‍ය්‍යමය) වූ සතුරු සෙන් මැඩලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත්. හේ සයුර හිම් කොටැති මේ පොළෙව දංඩෙන් තොර වැ සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති ව වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කරන ලද කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි.
37. කතමෙහි චායං දෙව කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා-සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති: සෙය්යථිදං – චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
37. යමෙකින් සමන්විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද - ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනවුහි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමකුහට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත් රුවන් කෙනෙක් වෙත් ද, යමකුට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, යමෙකින් සමන්විතයෙක් සයුර හිම් කොටැති මේ පෙළොව දංඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහි ගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැරැ කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, ඒ කවර දෙතිස් මහපුරිස්ලකුණින් මෙ කුමර සමන්විත වේ ද යත්:
අයං හි දෙව, කුමාරො සුප්පතිට්ඨිතපාදො. යම්පායං දෙව කුමාරො සුප්පතිට්ඨිතපාදො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
දේවයිනි, මෙ කුමර සුපිහිටි පා (එක පැහැර බිම පහස්නා පතුල්) ඇත්තේ ය. දේවයිනි, මෙකුමර සුපිහිටි පා ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙ ද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
ඉමස්ස දෙව, කුමාරස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි. යම්පි දෙව ඉමස්ස කුමාරස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි, ඉදම්පි’ස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
දේවයිනි, මේ කුමරුහුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම සැටියෙන් පිරිපුන් චක්‍රයෝ හටගත්තාහු වෙත්. දේවයිනි, මෙ කුමරුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් චත්රයෝ හටගත්තාහු වෙත් ද, මේත් මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වේ.
අයං හි දෙව, කුමාරො ආයතපණ්හී. (යම්පායං දෙව කුමාරො ආයතපණ්හී ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.)
දේවයිනි, මෙ කුමර (පිරිපුන්) දික් විළුම් ඇත්තේ ය. දේවයිනි, මේ කුමර දික් විළුම් ඇතියේ වේද, මේද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
අයං හි දෙව, කුමාරො දීඝඞ්ගුලී. -පෙ-
දේවයිනි, මෙ කුමර (මුලින් දළ අගින් සිහින්) දික් ඇඟිලි ඇත්තේ ය.
අයං හි දෙව, කුමාරො මුදුතළුණහත්ථපාදො. -පෙ-
දේවයිනි, මෙ කුමර මොළොක් තුරුණු අත්පා ඇතියේ ය ...
අයං හි දෙව, කුමාරො ජාලහත්ථපාදො: -පෙ-
දේවයිනි, මෙ කුමර (අත සතර ඇඟිලි පය පස් ඇඟිලි ඒකප්රමාණ වැ ඇති බැවින් ජාල කවුළුවක්) බඳු අත් පා ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො උස්සඞ්ඛපාදො. -පෙ-
දේවයිනි, මෙ කුමර උස් (නැඟී පිහිටි) බොලට ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො එණිජඞ්ඝො -පෙ-
දේවයිනි, මේ කුමර ඒණිමුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො ඨිතකො’ව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති -පෙ-
දේවයිනි, මෙ කුමර තෙම සිටියේ ම නො නැමි දෙ අත්ලෙන් දෙදණ ස්පර්ශය කෙරෙයි, පිරිමදී ...
අයං හි දෙව, කුමාරො කොසොහිතවත්ථගුය්හො -පෙ-
දේවයිනි, මේ කුමර කෝශයෙහි අවහිත වස්ත්රගුහ්ය (අංගජාතය) ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො සුවණ්ණවණ්ණො කඤ්චනසන්නිභත්තචො -පෙ-
දේවයිනි, මේ කුමර රන්වන් ය. කසුන්කඳක් බඳු පහන් සිවි පැහැ ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො සුඛුමච්ඡවී. සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති. -පෙ-
දේවයිනි, මෙ කුමර සියුම් සිවිය ඇත්තේ ය. සිවිය සියුම් බැවින් දූලි හෝ දැලි අඟැ නො ඇලෙයි.
අයං හි දෙව, කුමාරො එකෙකලොමො. එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි. -පෙ-
දේවයිනි, මෙ කුමර එකෙකි ලොම් ඇත්තේ ය. ලෝමකූපයන්හි (එක් එක් ලෝමකූපයෙක) එකෙකි ලොම් හටගත්තේ ය.
අයං හි දෙව, කුමාරො උද්ධග්ගලොමො. උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි දක්ඛිණාවත්තකජාතානි. -පෙ-
දේවයිනි, මේ කුමර උඩුඅග් ලොම් ඇත්තේ ය. (මුඹගේ සිරුරැ) නිල් වූ අඳුන්වන් ලොම්හු කොඬොල් අයුරින් කරකැවී දක්ෂිණාවර්තක ව ඇත ...
අයං හි දෙව, කුමාරො බ්රහ්මුජ්ජුගත්තො. -පෙ-
දේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ සෙයින් ඍජු වූ ගාත්‍ර ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො සත්තුස්සදො. -පෙ-
දේවයිනි, මේ කුමර උස් ව පිරුණු මස් ඇති බැවින් (දෙඅත්පිට දෙපාපිට දෙඋර කඳ යන) සත් තන්හි උත්සන්න (පිරිපුන්) මාංශ ඇත්තේ ය.
අයං හි දෙව, කුමාරො සීහපුබ්බද්ධකායො. -පෙ-
දේවයිනි, මෙ කුමර සිංහයාගේ පෙරඩකය බඳු පිරිපුන් සිරුර ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො චිතන්තරංසො. -පෙ-
දේවයිනි, මෙ කුමර චිත වූ (පිරිපුන්) අන්තරාංස (පිටැ දෙ අංසයන් අතර මැදකොටස) ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො නිග්රොධපරිමණ්ඩලො යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො, යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො. -පෙ-
දේවයිනි, මේ කුමර සම වූ කඳ හා සම වූ අතු ඇති (අයම්විතරින් සම වූ) නුගරුකක් සෙයින් පරිමණ්ඩල වෙයි. මුඹගේ කය යම් පමණ ද, බඹයත් එපමණ ම වෙයි. බඹය යම් පමණ ද, කයත් එපමණ ම වෙ.
අයං හි දෙව, කුමාරො සමවත්තක්ඛන්ධො. -පෙ-
දේවයිනි, මේ කුමර සම වට කඳට ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො රසග්ගසග්ගී. -පෙ-
දේවයිනි, මෙ කුමර රසග්රාසාග්රය. (රසයන්ගෙන් ග්රාසයෙහි - රසවිඳීමෙහි ඌර්ධවාග්ර වූ රසනහර ඇත්තේ ය).
අයං හි දෙව, කුමාරො සීහහනු. -පෙ-
දේවයිනි, මෙ කුමර සිංහයාගේ අධස්තාත් හනුව සෙයින් පිරිපුන් හනු ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො චත්තාළීසදන්තො. -පෙ-
දේවයිනි, මෙ කුමර නොඅඩු සතළිස් දත් ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො සමදන්තො. -පෙ-
දේවයිනි, මෙ කුමර සම වූ දත් ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො අවිවරදන්තො. -පෙ-
දේවයිනි, මෙ කුමර විවරරහිත දත් ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො සුසුක්කදාඨො. -පෙ-
දේවයිනි, මෙ කුමර ඉතා සුදු (දිලියෙන පැහැ ඇති) දත් ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො පහූතජිව්හො. -පෙ-
දේවයිනි, මෙ කුමර මොළොක් දික්පුළුල් දිව ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො බ්රහ්මස්සරො කරවීකභාණී. -පෙ-
දේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ ස්වර බඳු විශුද්ධස්වර ඇත්තේ ය. කුරවිකෙවිල්ලන්ගේ බඳු මිහිරි හඬින් බණන සුලු ය ...
අයං හි දෙව, කුමාරො අභිනීලනෙත්තො. -පෙ-
දේවයිනි, මෙ කුමර නිල් වුවමනා තන්හි ඉතා පිරිසිදු නිල් පැහැ ඇස් ඇත්තේ ය ...
අයං හි දෙව, කුමාරො ගොපඛුමො. (යම්පායං දෙව කුමාරො ගොපඛුමො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.)
දේවයිනි, මේ කුමර එකෙණෙහි උපන් වස්සක්හුගේ බඳු මොළොක් සිනිඳු නිල් සියුම් ඇස් පියුම් ඇත්තේ ය ...
ඉමස්ස දෙව, කුමාරස්ස උණ්ණා භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා. යම්පිමස්ස දෙව කුමාරස්ස උණ්ණා භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
දේවයිනි. මෙ කුමරුගේ දෙබැම අතරැ වූ සුදු වූ මොළොක් පුලුන් රොදක් බඳු වූ ඌර්ණාරෝමය වෙයි. දේවයිනි, මෙ කුමරහු දෙබැම අතරැ සුදු මොළොක් පුලුන් පොදක් බඳු ඌර්ණරෝමයෙක් ඇද්ද, මේද මෙ මහපුරිස්හුගේ මහපුරිස්ලකුණෙක් වෙයි.
අයං හි දෙව, කුමාරො උණ්හීසසීසො. යම්පායං දෙව කුමාරො උණ්හීසසීසො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
දේවයිනි, මෙ කුමර නළල්පටින් වෙළන ලද හිසක් සෙයින් පිරිපුන්, නොහොත් නළල්පට සෙයින් හැමතන්හි පිරිමඬුලු වූ හිස ඇත්තේ ය. මේ ද මෙ මහපුරිසුහුගේ මහපුරිසලකුණෙක් වෙයි.
38. ඉමෙහි ඛො අයං දෙව, කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති: සෙය්යථිදං – චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො”ති.
38. දේවයිනි, යමෙකින් සමන්විත මහාපුරිසක්හට දෙගතියෙක් ම වේ ද, අන් ගතියෙක් නැද්ද - ඉදින් ගිහිගෙහි වෙසේ නම් සිවු සමුදුර හිම් කොටැති පොළොවට හිමි වූ, දිනූ යුදැති, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමක්හට චක්‍රරත්නය හස්තිරත්නය අශ්වරත්නය මණිරත්නය ස්ත්‍රීරත්නය ගෘහපති රත්නය සත්වනු පරිණායකරත්නය යන මේසත් රුවන් කෙනෙක් වෙත් ද යමක් හට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ, සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත්වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, හේ සයුර හිම් කොටැති මේ පොළොව දණ්ඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, එසේ වූ දෙතිස් මහපුරිසලකුණෙන් මෙ කුමර සමන්වාගත වේ” (යැ යි කීහ).
39. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා නෙමිත්තෙ බ්රාහ්මණෙ අහතෙහි වත්ථෙහි අච්ඡාදාපෙත්වා සබ්බකාමෙහි සන්තප්පෙසි. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස ධාතියො උපට්ඨාපෙසි. අඤ්ඤා සුදං පායෙන්ති. අඤ්ඤා නහාපෙන්ති. අඤ්ඤා ධාරෙන්ති. අඤ්ඤා අඞ්කෙන පරිහරන්ති. ජාතස්ස ඛො පන භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස සෙතච්ඡත්තං ධාරීයිත්ථ දිවා චෙව රත්තිඤ්ච ‘මා නං සීතං වා උණ්හං වා තිණං වා රජො වා උස්සාවො වා බාධයිත්ථා’ති. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො බහුනො ජනස්ස පියො අහොසි මනාපො. සෙය්යථාපි භික්ඛවෙ, උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා බහුනො ජනස්ස පියං මනාපං, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුනො ජනස්ස පියො අහොසි මනාපො. ස්වාස්සුදං අඞ්කෙනෙව අඞ්කං පරිහරීයති.
39. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජතෙම නෛමිත්තක බමුණන් කරළුයෙන් පුදා සියලු කැමැති දැයින් සන්තර්පිත කෙළේ ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම විපස්සී කුමරහට කිරිමවුන් එළැඹැවී ය. ඔවුන් අතුරෙහි ඇතැම් කිරිමවුහු කිරි පොවත්, ඇතැම්හු නාවත්, ඇතැම්හු උසුලාගෙන සිටිත්, ඇතැම්හු ඇකයෙන් පරිහරණය කරත්. මහණෙනි, උපන් කෙණෙහිම විපස්සී කුමරහට ‘ශීතයෙක් හෝ උණුසුමෙක් හෝ තෘණ හෝ දූලි හෝ මොහු නො පෙළාවා’ යි සේසතෙක් දරන ලද්දේ ය. මහණෙනි, උපන් කෙණෙහි ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය ද මනාප ද වී ය. මහණෙනි, යම්සේ උපුල්මලෙක් හෝ පියුම්මලෙක් හෝ සුදුනෙළුම් මලෙක් හෝ බොහෝ දෙනාට ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය විය, මනාප විය. හෙ තෙම වූ කලී එක් කිරිමවකගේ ඇකයෙන් අන් කිරිමවකගේ ඇකයට පමුණුවනු ලැබේ.
40. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො මඤ්ජුස්සරො ච අහොසි වග්ගුස්සරො ච මධුරස්සරො ච පෙමනියස්සරො ච. සෙය්යථාපි භික්ඛවෙ, හිමවන්තෙ පබ්බතෙ කරවීකා නාම සකුණජාති මඤ්ජුස්සරා ච වග්ගුස්සරා ච මධුරස්සරා ච පෙමනීයස්සරා ච, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො මඤ්ජුස්සරො ච අහොසි වග්ගුස්සරො ච මධුරස්සරො ච පෙමනීයස්සරො ච. ජාතස්ස ඛො පන භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස කම්මවිපාකජං දිබ්බං චක්ඛු පාතුරහොසි, යෙන සුදං සමන්තා යොජනං පස්සති දිවා චෙව රත්තිඤ්ච. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො අනිමිසන්තො පෙක්ඛති, සෙය්යථාපි දෙවා තාවතිංසා. ‘අනිමිසන්තො කුමාරො පෙක්ඛතී’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස ‘විපස්සී, විපස්සී’ ත්වෙව සමඤ්ඤා උදපාදි.
40. මහණෙනි, විපස්සී කුමාර තෙම උපන්නේ ම නොරළු කටහඬැතියේ ද වියත් කට හඬැතියේ ද මිහිරි කටහඬැතියේ ද ඇලුම් කටයුතු කටහඬැතියේ ද විය. මහණෙනි, යම්සේ හිමවුපව්වෙහි නොරළුහඬ ඇත්තාවූ ද වියත් හඬ ඇත්තා වූ ද මිහිරි හඬ ඇත්තා වූ ද ඇලුම් කටයුතු හඬ ඇත්තාවූ ද කුරවිකෙවිලි නම් ලිහිණිවගෙක් ඇත් ද, මහණෙනි, එසේ ම, විපස්සී කුමාර තෙම නොරළු කටහඬැතියේ ද, වියත් කටහඬ ඇතියේ ද, මිහිරි කටහඬඇතියේ ද, ඇලුම් කටයුතු කටහඬඇතියේ ද වී ය. මහණෙනි, උපන්නා වූ ම විපස්සී කුමරහට - යමෙකින් දහවලුත් රෑත් හාත්පසැ යොදුනක් මානය දැක්ක හැකි ද, එසේ වූ කර්මවිපාකජ දිවැස පහළ විය. මහණෙනි, උපන්නාවූ ම විපස්සී කුමර තව්තිසාවැසි දෙවියන් සේ ඇසිපිය නො හෙලනුයේ බලයි. මහණෙනි, ‘මෙ කුමර ඇසිපිය නො හෙලනුයේ බලා’යැ යි විපස්සී කුමරහට විපස්සී, විපස්සී යැයි සංඥාව (නම) උපන.
41. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා අත්ථකරණෙ නිසින්නො විපස්සිං කුමාරං අඞ්කෙ නිසීදාපෙත්වා අත්ථෙ අනුසාසති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පිතු අඞ්කෙ නිසින්නො විචෙය්ය විචෙය්ය අත්ථෙ පනයති ඤායෙන. ‘විචෙය්ය විචෙය්ය කුමාරො අත්ථෙ පනයති ඤායෙනා’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය ‘විපස්සී විපස්සී’ ත්වෙව සමඤ්ඤා උදපාදි.
41. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ විනිශ්චයසභායෙහි හුන්නේ, විපස්සී කුමරහු ඇකයෙහි හිඳුවා ගෙන අර්ත්ථානුශාසනය කෙරෙයි. මහණෙනි, විපස්සී කුමර එහි පියා ඇකයෙහි හුන්නේ විමස විමසා න්‍යායයෙන් යුක්ති ලෙස අරුත් (දනී, දකී) පවත්වයි. ‘කුමර තෙම න්‍යායයෙන් (යුක්ති ලෙස) විමස විමසා (දනී, දකී) අරුත් පවත්වා යැ යි කියා ම විපස්සී කුමරහට වඩාලාත් විපස්සී, විපස්සී යැ’ යි කියා ම සංඥාව උපන.
42. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස තයො පාසාදෙ කාරාපෙසි, එකං වස්සිකං එකං හෙමන්තිකං එකං ගිම්හිකං. පඤ්චකාමගුණානි උපට්ඨාපෙසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහති.
42. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමරහට වැසි සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, හිමත් සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, ගිමන් සෙමෙහි වසනුවට සුදුසු එකක් දැ යි ප්‍රසාද තුනක් කැරැවී ය. පස්කම් ගුණ එළැඹැවී ය. මහණෙනි, විපස්සී කුමර තෙම වැසිසමයට සුදුසු පහයෙහි වැසි සාර මසැ පිරිමින් නැති තුරුඋවාරණින් (පුරුෂරහිත තූර්ය්යයෝපකරණයෙන් හෙවත් තූර්‍ය්‍යභාණ්ඩ ගත් ස්ත්‍රීන් විසින් ම) උවටන් කරනු ලබනුයේ යට පහයට නො බසී.
(පඨමකභාණවාරං)
(පළමු බණවර ය)
43. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: ‘යොජෙහි සම්ම සාරථි භද්දානි භද්දානි යානානි. උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: යුත්තානි ඛො තෙ දෙව භද්දානි භද්දානි යානානි. යස්ස’දානි කාලං මඤ්ඤසී’ති.
43. එකල්හි මහණෙනි, විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බෙහෝ හවුරුදු සිය ගණනක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරා බණවා ‘යහළු සැරිය, මනාප මනාප යානයන් යොදව (පිළියෙල කරව), මනාප බිම් පෙදෙසක්වූ උයන් බිම දක්නට යමු’ කීය. මහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදා ‘දේවයිනි, ඔබට මනාප මනාප යානයෝ යොදන ලදහ. යම් ගමනකට කලැයි සිතන සේක් නම් (දැන් ඒ ගමන අරඹනු වටී යැ)’ යි සැළ කළේය.
44. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරූහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි. අද්දසා ඛො භික්ඛවෙ විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායණං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං දිස්වා සාරථිං ආමන්තෙසි: අයම්පන සම්ම සාරථි පුරිසො කිඞ්කතො? කෙසා’පි’ස්ස න යථා අඤ්ඤෙසං, කායො’පි’ස්ස න යථා අඤ්ඤෙසන්ති”. “එසො ඛො දෙව ජිණ්ණො නාමා”ති. “කිම්පනෙසො සම්ම සාරථි ජිණ්ණො නාමා?”ති. “එසො ඛො දෙව ජිණ්ණො නාම: න’දානි තෙන චිරං ජීවිතබ්බං භවිස්සතී”ති. “කිම්පන සම්ම සාරථි අහම්පි ජරාධම්මො ජරං අනතීතො?’ති. “ත්වඤ්ච දෙව මයඤ්චම්හා සබ්බෙ ජරාධම්මා ජරං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ච අන්තෙපුරං පච්චනිය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී”ති.
44. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර භද්‍ර වූ යානයක් නැඟ භද්‍ර වූ භද්‍ර වූ යානයන්ගෙන් උපලක්ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය. මහණෙනි, විපස්සී කුමර තෙම උයන් බලා යන්නේ, ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ඉක්මුණු යොවුන් ඇති, ජරපත් මිනිසක්හු දිටී. දැක රියැදුරා අමතා, “යහළු සැරිය, මෙතෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ බඳු නො වෙයි. මොහුගේ කය සෙස්සන්ගේ බඳු නො වේ යැ” යි කී ය. “දේවයිනි, මෙ තෙම ජීර්ණ (ජරපත්තේ) නමැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ ජීර්ණ නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔහු විසින් බොහෝ කල් ජීවත් විය නොහැක්කේ ය, මෙසේ වූ තැනැත්තේ ජීර්ණ නම් වේ” යැ යි රියැදුරු කී ය. “කිම, යහළු සැරිය, මමත් දිරන සුලුයෙම්, දිරුම නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔබ අපි ද හැම දෙන මෝ දිරන සුල්ලම්හ, දිරුම නො ඉක්මියම්හ” යි රියැදුරු කී ය. යහළු සැරිය, එසේ වී නම් දැන් අද උයන්බිමෙන් කම් නැත. මේ තැනින් ම ඇතොවුරට පෙරළා නික්ම යව” යි කුමර කී ය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි රියැදුරු තෙම විපස්සී කුමරහට පිළි වදන් දී එතැනින් ම ඇතොවුර කරා පෙරළා නික්මියේ ය. මහණෙනි, එහි විපස්සී කුමර ඇතොවුරට ගියේ (හුදෙකලා වැ හිඳ) දුක් ඇතියේ දොම්නස් ඇතියේ, ‘භවත්නි, යම් ඉපැත්මක් ඇති කලැ එසේ උපන්නහුට ජරාව පැනෙන්නේ ද, එසේ වූ ඒ ඉපැත්මට නින්දා වේ වා’ යි සිතිවිලි සිතයි.
45. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?”ති. “න ඛො දෙව කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ. න ඛො දෙව කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. “කිම්පන සම්ම සාරථි අද්දස කුමාරො උය්යානභූමිං නිය්යන්තො?”ති.
45. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “කිමෙක් ද යහළු සැරියැ, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද යහළු සැරිය, කුමර උයන් බිමෙහි සතුටු වූයේ දැ?” යි ඇසීය. “දේවයිනි, කුමර තෙම උයන්බිමැ නො මැ ඇලුණේය. දේවයිනි, කුමර තෙම උයන් බිමෙහි නො මැ සතුටු වූයේ යැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම් කරා නික්මැ යනුයේ කුමක් නම් දිටී දැ?” යි රජ පුළුවුත.
“අද්දසා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායණං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං. දිස්වා මං එතදවොච: අයම්පන සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? කෙසාපිස්ස න යථා අඤ්ඤෙසං, කායො’පි’ස්ස න යථා අඤ්ඤෙසන්ති.” ‘එසො ඛො දෙව, ජිණ්ණො නාමා ති. “කිම්පන සො සම්ම සාරථි, ජිණ්ණො නාමා?”ති. ‘එසො ඛො දෙව, ජිණ්ණො නාම. න’දානි තෙන චිරං ජීවිතබ්බං භවිස්සතී’ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ජරාධම්මො, ජරං අනතීතො?”ති. ‘ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ ජරාධම්මා ජරං අනතීතා ති. “තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. ‘එවං දෙවාති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො දෙව, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: ‘ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී’ති.
“දේවයිනි, කුමරතෙම උයන්බිම කරා නික්මැ යනුයේ ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ගිය යොවුන් ඇති, ජීර්ණ මිනිසක්හු දිටී ය. දැක මා අමතා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ මෙන් නො වෙයි. මොහුගේ කය ද සෙස්සන්ගේ මෙන් නො වේ’ යැ යි කී ය. ‘දේවයිනි, මෙ තෙම ජීර්ණ නම් වේ’ යැ යි කීමි. ‘යහළු සැරිය, ජීර්ණ නම් කිමැ’ යි හේ පුළුවුත. ‘දැන් ඔහු විසින් බොහෝ කලක් ජීවත් විය හැකි නො වන්නේ ය. මේ ජීර්ණ නමැ’ යි කීමි. ‘කිම යහළු සැරිය, මමත් දිරන සුල්ලෙම් ද? දිරුම නො ඉක්මියෙම් දැ?’ යි කුමර ඇසී. ‘දේවයිනි, මුබත් අපිත් සැම දෙන ම දිරන සුල්ලම්හ. ජරාව නො ඉක්මියම්හ’ යි මම් කීමි. ‘එසේ වී නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙයින් ම ඇතොවුර කරා යව’ යි ඔබ කීහ. ‘එසේ ය, දේවයිනි’ යි කියා මම් විපස්සී කුමාරයනට පිළිවදන් දී, එයින් ම පෙරළා ඇතොවුරට ගියෙමි. දේවයිනි, ඇතොවුරට ගිය එ කුමරාණෝ දුක් දොම්නස් ඇත්තෝ, යමෙකින් උපන්නහුට ජරාව පැණෙන්නේ ද, භවත්නි, ඒ ඉපැත්ම නින්දාවට භාජන වේ වා’ යි සිතිවිලි සිතන්නාහ” යි රියැදුරු කී යැ.
46. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: මාහෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මාහෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මාහෙව නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්චකාමගුණානි උපට්ඨාපෙසි යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
46. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා. විපස්සී කුමර තෙම ගිහි ගෙන් නික්මැ පැවිදි නො වේවා. බහුණන්ගේ බස් සබා නො වේවා” යි මෙ සිත විය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමර යම්සේ රජය කරවන්නේ ද, විපස්සී කුමර යම්සේ ගිහි ගෙන් නික්මැ පැවිදි නො වන්නේ ද, යම්සේ නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස් නො සබා වන්නේ ද, එසේ වඩාලාත් පස්කම් ගුණ එළැවී යැ. මහණෙනි, එකලැ විපස්සී කුමර පස් කම්ගුණයෙන් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් පිණවා ලයි.
47. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි. යස්සදානි කාලං මඤ්ඤසී’ති.
47. මහණෙනි, එකල්හි විපස්සී කුමර බොහෝ හවුරුදු ගණනෙක, බොහෝ අවුරුදු සිය ගණනෙක, බොහෝ වහුරුදු දහස්ගණනෙක ඇවෑමෙන් රියැදුරු බණවා යහළු ‘සැරිය, උතුම් උතුම් යානයන් යොදවා. ප්රියභූමිවූ උයන්බිම දක්නට යම්හයි කීය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරුනට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා ‘දේවයිනි, උතුම් යාන යොදන ලද, යම් ගමනකට කල් යැ යි සිතන්නහු නම්, දැන් එයට සුදුසු යැ’ කී ය.
48. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරූහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමානං. දිස්වා සාරථිං ආමන්තෙසි: අයම්පන, සම්ම සාරථි, පුරිසො කිඞ්කතෙ? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤෙසං, සරොපි’ස්ස න යථා අඤ්ඤෙසන්ති. එසො ඛො දෙව, බ්යාධිතො නාමා’ති. “කිම්පන සො සම්ම සාරථි, බ්යාධිතො නාමා?”ති. ‘එසො ඛො දෙව, බ්යාධිතො නාම, අප්පෙවනාම තම්හා ආබාධා වුට්ඨහෙය්යා’ති:-
48. මහණෙනි, එකල්හි විපස්සී කුමර උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්ෂිත ව උයන්බිම බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර තෙම උයන්බිම් යනුයේ ගිලන් වූ දුකට පත්, දැඩි සේ ගිලන් වූ, සිය මලමූයෙහි ගැලී හෝනා, අනුන් විසින් නගා සිටුවනු ලබන, අනුන් විසින් හොවනු ලබන පුරුෂයකු දිටී ය. දැක, රියැදුරු බණවා, ‘යහළු සැරිය, මේ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇස් ද සෙස්සන්ගේ මෙන් නො වේ. මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නො වේ යැ’ යි කී ය. ‘දේවයිනි, මේ වූකලී ලෙඩින් පෙළුණේ’ යි හේ පිළිවදන් දින. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ යනු කිමැ?’ යි කුමර පුළුවුත. ‘දේවයිනි, මේ ලෙඩින් පෙළුණේ නම් වේ. මෙ තෙම ඒ ලෙඩින් නැඟී සිටුනේ නම් මැනැවැ’ යි (පැතියැ යුත්තෙකු) රියැදුරු කී ය.
“කිම්පන සම්ම සාරථි, අහම්පි බ්යාධිධම්මො බ්යාධිං අනතීතො?”ති. “ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ බ්යාධිධම්මා බ්යාධිං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සතී”ති.
“යහළු සැරිය, කිමෙක් ද මමත් ලෙඩින් පෙළෙන සුළු වෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන මෝ ලෙඩින් පෙළෙන සුල්ලම්හ, ලෙඩ නො ඉක්මියම්හ” යි රියැදුරු කීය. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන් බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුරට පෙරළා නික්මෙව” යි කුමර කී ය. ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරා තෙම විපස්සී කුමරහට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මුණේ ය. මහණෙනි, එහි විපස්සී තෙම දුක් ඇති යේ, දොම්නස් ඇතියේ “භවත්නි, යම් ඉපැත්මෙකින් උපන්නහුට ජරාවෙක් පැණෙන්නේ නම්, ව්‍යාධියෙක් පැණෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතයි.
49. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?”ති. “න ඛො දෙව, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරො උය්යානභූමිං, නිය්යන්තො?”ති.
49. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “යහළු සැරිය, කිමෙක් ද කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද, යහළු සැරිය, කුමර උයන් බිම සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිමට යනුයේ කුමක් දිටී දැ” යි රජ පුළුවුත.
50. “අද්දසා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසීයමානං, දිස්වා මං එතදවොච: අයම්පන්න සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤෙසං, සරොපි’ස්ස න යථා අඤ්ඤෙසන්ති. “එසො ඛො දෙව, බ්යාධිතො නාමා”ති. “කිම්පනෙස සම්ම සාරථි බ්යාධිතො නාමා?”ති. “එසො ඛො දෙව, බ්යාධිතො නාම අප්පෙව නාම තම්හා ආබාධා වුට්ඨහෙය්යා”ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ව්යාධිධම්මො, ව්යාධිං අනතීතො?”ති. “ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ ව්යාධිධම්මා ව්යාධිං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි, අලං දානජ්ජ උය්යානභූමියා ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො දෙව, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, ව්‍යාධි පඤ්ඤායිස්සතී”ති.
50. “දේවයිනි, කුමරුවාණෝ උයන් බිම වඩිනුවෝ දුකට පත් දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා අනුන් විසින් නඟා සිටුවනු ලබන අනුන් විසින් හිඳුවනු ලබන ලෙඩින් පෙළුණු මිනිසක්හු දුටහ. දැක, මා බණවා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇසුදු සෙස්සන්ගේ සේ නො වෙයි, මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නොවේ යැ’ යි කිවුය. ‘දේවයිනි, මේ වූ කලි ලෙඩින් පෙළුණේ නමැ’ යි මම් කීමි. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ නම් කිමැ?’ යි කුමරාණෝ පුළුවුත්හ. ‘මෙ තෙම ඒ ලෙසින් නැගී සිටුනේ නම් ඉතා යෙහෙකැ’ යි පැතියැ යුතු වූ රෝගියෙක් නමැ’ යි කීමි. ‘කිමෙක් ද යහළු සැරිය, මමත් ලෙඩින් පෙළෙන සුල්ලෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් දැ?” යි කුමරාණෝ පුළුවුත්හ. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන ම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තම්හ, ව්‍යාධිය නො ඉක්මියම්හ’ යි මම් කීමි. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුර බලා නික්මැ යා” යි කුමරාණෝ කීහ. “දේවයිනි, මම් ද එසේ යැ, දේවයිනි, කියා විපස්සී කුමාරයනට පිළිවදන් දී එ තැනින් ම ඇතොවුර බලා නික්මියෙමි. දේවයිනි, ඇතොවුර වන් ඒ කුමරාණෝ දුක් ඇත්තෝ දොම්නස් ඇත්තෝ ‘යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම් ඒ ඉපැද්ම නින්දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතත්” යැයි රියැදුරු කී ය.
51. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: මා හෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මා හෙව ඛො විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මා හෙව නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.
51. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා, විපස්සී කුමර ගිහිගෙන් නික්මැ පැවිදි නො වේ වා, නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස සත්‍ය නො වේ වා” යි මේ සිත විය.
52. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපෙසි, යථා විපස්සී කුමාරො රජ්ජං කාරෙය්ය, යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
52. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ තෙම යම්සේ විපස්සී කුමරු රජය කරවන්නේ ද, විපස්සී කුමරු ගිහිගෙය හැර පැවිදි නො වන්නේ ද, යම් සේ නිමිති කී බමුණන්ගේ බස බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී යැ. මහණෙනි, එහි විපස්සී කුමර තෙම පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් හසුරුවයි.
53. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: “යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: “යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි.
53. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සියගණනක්, බොහෝ හවුරුදු දහස්ගණනක් ඇවෑමෙන් රියැදුරු බණවා, “යහළු සැරිය, උතුම් යානයන් යොදවා සුභූමි වූ උයන්බිම දක්නට යම්හ” යි කී ය. මහණෙනි, ‘එසේ යැ, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා, “දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් යැ යි සිතත් නම් දැන් එයට සුදුසු යැ” යි සැළ කෙළේ ය. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය.
54. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා සාරථිං ආමන්තෙසි; “කින්නු ඛො සො සම්ම සාරථි, මහාජනකායො සන්නිපතිතො, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?”ති. “එසො ඛො දෙව, කාලකතො නාමා’ති. “තෙන හි සම්ම සාරථි, යෙන සො කාලකතො තෙන රථං පෙසෙහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො කාලකතො තෙන රථං පෙසෙසි.
54. මහණෙනි, විපස්සී කුමර උයන්බිම බලා යන්නේ එක්රැස් වැ නන්වැදෑරුම් රතුවතින් සිවිගෙයක් කරන මහ ජනමුළුවක් දිටී. දැක රියැදුරා අමතා “යහළු සැරිය, මහ ජනමුළුවක් රැස් වැ නන්වැදෑරුම් රත්වතින් සිවිගෙයක් කුමට කෙරෙයි දැ?” යි විචාළේ ය. “දේවයිනි, මෙහි මේ (මිනිසෙක්) කලුරිය කෙළේ නම් වේ” යැ යි රියැදුරා කී ය. “යහළු සැරිය, එසේ නම් ඒ කලුරිය කළහු වෙතට රිය පදුව” යි කුමර කී ය. ‘එසේය දේවයිනි’ යි විපස්සී කුමරහට පිළිවදන් දී රියැදුරු තෙම ඒ කලුරිය කළහු වෙත රිය පැදවී ය.
55. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො පෙතං කාලකතං දිස්වා සාරථිං ආමන්තෙසි: “කිම්පනායං සම්ම සාරථි, කාලකතො නාමා?”ති. “එසො ඛො දෙව, කාලකතො නාම. න’දානි තං දක්ඛින්තී මාතා වා පිතා වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. සො’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ”ති. කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මො මරණං අනතීතො? මම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතො? අහම්පි න දක්ඛිස්සාමි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ?”ති.
55. මහණෙනි, විපස්සී කුමර තෙම ඉවත් වූ සිත් සතන් ඇති කලුරිය කළහු දිටී. දැක රියැදුරු බණවා “යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිමැ?” යි පුළුවුත. “දේවයිනි, දැන් මව හෝ පියා හෝ අන් සහලේ නෑ කෙනෙක් හෝ ඔහු නො දක්නාහ. හේ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේ ය. මෙසේ වූ තැනැත්තේ කලුරිය කෙළේ නම් වේ යැ” යි රියැදුරු කී ය. “කිමෙක් ද යහළු සැරිය, මමත් මැරෙන සුල්ලෙම් ද? මරණය නො ඉක්මියෙම් ද? පිය රජ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මා නො දක්නාහු ද? මමත් පියරජු හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නෙම් දැ?” යි කුමර පුළුවුත.
“ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ”ති. “තෙනහි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා, ඉතො’ව අන්තෙපුරං පච්චනීය්යාහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා, තතො’ව අන්තෙපුරං පච්චනීය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති “ධිරත්ථු කිර හො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.
“දේවයිනි, මුබ ද අපි ද යන හැම දෙන ම මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පියරජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේනෑයෝ හෝ මුබත් නො දක්නාහ. මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දකිති’ යි රියැදුරු කී ය. “යහළු සැරිය, එසේ නම් අද උයන්බිමෙන් කම් නැත, මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව” යි කුමර කී ය. මහණෙනි, රියැදුරු තෙම ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමර හට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර එහි ඇතොවුරට ගියේ, දුක් ඇතියේ, දොම්නස් ඇතියේ, “භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ ද, ව්‍යාධිය පැණෙන්නේ ද, මරණය පැණෙන්නේ ද, එසේ වූ ඒ ඉපැද්ම නින්දාවට භාජන වේ වා” යි කී ය.
56. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්මසාරථි, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?ති” “න ඛො දෙව කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ, න ඛො දෙව කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. “කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරො උය්යානභූමිං නිය්යන්තො?”ති.
56. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ රියැදුරු කැඳවා “යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිම කෙරෙහි සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමාරයාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමාරයාණෝ උයන්බිම කෙරෙහි නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම යනුයේ කුමක් දුටු දැ?” යි රජ පුළුවුත.
57. “අද්දස්සා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා මං එතදවොච: ‘කින්නු ඛො සො සම්ම සාරථි, මහාජනකායො සන්තනිපතිතො, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?ති. ‘එසො ඛො දෙව, කාලකතො නාමා’ති. ‘තෙන හි සම්ම සාරථී, යෙන සො කාලකතො තෙන රථං පෙසෙහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො කාලකතො තෙන රථං පෙසෙසිං. අද්දසා ඛො දෙව, කුමාරො පෙතං කාලකතං. දිස්වා මං එතදවොච: ‘කිම්පනායං සම්ම සාරථි, කාලකතො නාමා?’ති. ‘එසො ඛො දෙව, කාලකතො නාම. න’දානි තං දක්ඛින්ති මාතා වා පිතා වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. සො’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ’ති. ‘කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මො මරණං අනතීතො? මම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා? අහම්පි න දක්ඛිස්සාමි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ?’ති. ‘ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ’ති.’
57. “දේවයිනි, කුමරාණෝ උයන්බිම උයන්බිම් යනුවෝ රැස් වැ රත්පෑ වතින් සිවිකාවක් කරන මහජන මුළුවක් දුටු. දැක මා අමතා ‘යහළු සැරිය, කවර හෙයින් එ මහජනමුළුවෙක් රැස් වූයේ වේ ද, නන් රත්පෑ වතින් සිවිගෙයකුත් කෙරේ දැ?’ යි විචාළේ ය. ‘දේවයිනි, මෙ තෙමේ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘එසේ වී නම්, යහළු සැරිය, ඒ කලුරිය කළහු හොත් තැනට රිය පදව’ යි කුමරාණෝ කීහ. ‘එසේ යැ දේවයිනි’ යි මම් විපස්සී කුමරාණන්ට පිළිවදන් දී ඒ කලුරිය කළාහු වෙත රථය ගෙන ගියෙමි. දේවයිනි, කුමරාණෝ සිත්සතන් ඉවත් ව ගිය කලුරිය කළහු දුටුහ. දැක ‘යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිම් දැ?’ යි මා විචාළේය. ‘දේවයිනි, දැන් ඔහු මාපියෝ හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහ. හෙ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේය. මෙ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘යහළු සැරිය, කිම, මමත් මැරෙන සුල්ලෙම් ද, මරණය නො ඉක්මියෙම් ද? මාත් පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහු ද? මමත් පිය රජාණන් හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දැක්ක හෙම් දැ?’ යි කුමරාණෝ මා පුළුවුත් හ. ‘දේවයිනි, මුබත් අපිත් යන හැම දෙනමෝ මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මුබත් නො දක්නාහ, මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ දැක්ක නො හෙති’ යි මම් කීමි.
‘තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො දෙව, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: ‘ධිරත්ථු කිර භො ජාති නාම යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.
‘යහළු සැරිය, එසේ වී නම් අද උයන් බිමෙන් කම් නැත . මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව’ යි කුමරාණෝ කීහ. දේවයිනි, මම් ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමරාණනට පිළිවදන් දී, එ තැනින් ම ඇතොවුර බලා නික්මිණිමි. දේවයිනි, ඒ කුමරාණෝ ඇතොවුර වන්නෝ දුක් ඇත්තෝ, දොම්නස් ඇත්තෝ, ‘භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම්, මරණය පැනෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්දාර්හ වේ වා’ යි සිතිවිලි සිතත්” යැ යි රියැදුරු සැළ කළේ ය.
58. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: “මාහෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මාහෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මාහෙව ඛො නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.” අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපෙසි, යථා විපස්සී කුමාරො රජ්ජං කාරෙය්ය, යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
58. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා, විපස්සී කුමර ගිහි ගෙන් නික්මැ පැවිද්දට නො ම වදී වා, නිමිත්තපාඨක බමුණන් බස් සබා නො වේ වා” යි මේ සිත වී ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම, යම්සේ විපස්සී කුමර රජය කරවනු කැමැති වන්නේ ද, යම්සේ විපස්සී කුමර ගිහිගෙන් නික්මැ නො ම පැවිදි වන්නේ ද, යම්සේ නිමිත්තපාඨක බමුණන් බස් බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී ය. මහණෙනි, විපස්සී කුමාර තෙම එහි පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්විත වැ ඉඳුරන් හසුරුවයි.
59. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: “යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: “යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි.
59. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක් බොහෝ හවුරුදු සිය ගණනක් බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු අමතා, “යහළු සැරිය, උතුම් උතුම් යාන යොදව, සුභූමියවූ උයන් බිම දක්නා පිණිස යම්හ” යි කී ය. මහණෙනි, ‘දේවයිනි, එසේ යැ’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යාන යොදා ‘දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් සිතත් නම් දැන් ඒ කාලය පැමිණියේ යැ’ යි දැන්වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම උතුම් යානයක් අරා උතුම් උතුම් යානයන්ගෙන් උපලක්ෂිත වැ උයන්බිම බලා නික්මිණ.
60. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං භණ්ඩුං පබ්බජිතං කාසාවවසනං දිස්වා සාරථිං ආමන්තෙසි: “අයම්පන සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? සීසම්පි’ස්ස න යථා අඤ්ඤෙසං, වත්ථානි පි’ස්ස න යථා අඤ්ඤෙස”න්ති. “එසො ඛො දෙව, පබ්බජිතො නාමා”ති. කිම්පනෙසො සම්ම සාරථි, පබ්බජිතො නාමා?”ති. “එසො ඛො දෙව, පබ්බජිතො නාම: ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා”ති. “සාධු ඛො සො සම්ම සාරථි, පබ්බජිතො නාම. සාධු සම්ම සාරථි, ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා. තෙන හි සම්ම සාරථි, යෙන සො පබ්බජිතො තෙන රථං පෙසෙහී”ති.
60. මහණෙනි, විපස්සී කුමාර තෙම උයන්බිම බලා නික්ම යනුයේ, හිසමුඬු, පැවිදි වූ, කසාවත් සන් පුරිසක්හු දුටුයේ ය. දැක, රියැදුරා අමතා, යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහු හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ, වස්ත්‍ර ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, පැවිද්දා නම් මෙ තෙමේ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ පැවිද්දා නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මෙ තෙම ‘දහම් පුරනු මැනැව’ යි, කෙලෙසුන් සංහිඳුවනු මැනැවැ යි, කුසල් දරනු මැනැවැ යි, පින් කරනු මැනැවැයි, අවිහිංසාව මැනැවැ යි, සත්ත්වානුකම්පාව මැනැවැ යි සිතා එය පුරනු පිණිස පැවිදි වූයේ නම් වේ” යැ යි රියැදුරු කී ය. “යහළු සැරිය, ඒ පැවිද්දා නම් මැනැව, යහළු සැරිය, ධර්මචර්ය්යාව මැනැව. ශමචර්‍ය්‍යාව මැනැව. කුශල ක්රියාවමැනැව. පුණ්‍යක්‍රියාව මැනැව. අවිහිංසාව මැනැව. සත්ත්වානුකම්පාව මැනැව. යහළු සැරිය, එසේ නම් ඒ පැවිද්දා වෙතට රිය පදුව” යි කුමර කීය.
‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො පබ්බජිතො තෙන රථං පෙසෙසි. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො තං පබ්බජිතං එතදවොච: “ත්වම්පන සම්ම, කිඞ්කතො? සීසම්පි තෙ න යථා අඤ්ඤෙසං, වත්ථානි’පි තෙ න යථා අඤ්ඤෙසන්ති?” “අහං ඛො දෙව, පබ්බජිතො නාමා”ති, “කිං පන ත්වං සම්ම, පබ්බජිතො නාමා?”ති. “අහං ඛො දෙව, පබ්බජිතො නාම, ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා ති. “සාධු ඛො ත්වං සම්ම, පබ්බජිතො නාම, සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පාති.”
මහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි, එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, ඒ පැවිද්දා වෙතට රිය පැදවී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම ඒ පැවිද්දා බණවා, “යහළු, මුබ කුමක් කරනු ලැබුවෝ ද? මුබ හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ. මුබ හන් පෙරෙවි වත් ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, මම් පැවිදි නම් වෙමි” යි හේ කී ය. “යහළු, භවත් කවර හෙයින් පැවිදි නම් වෙයි හො?” යි කුමර පුළුවුත. “දේවයිනි, මම ‘ධර්මචර්ය්යාව මැනැව, ශමචර්‍ය්‍යාව මැනැව, කුශලක්‍රියාව මැනැව, පුණ්‍යක්‍රියාව මැනැව, අවිහිංසාව මැනැව, සත්වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූයෙමි’ යි හේ කී ය. “යහළු, මුබ ‘ධර්මචර්ය්යාව මැනැවැ යි, ශමචර්‍ය්‍යාව මැනැවැ යි, කුශලක්‍රියාව මැනැවැ යි, පුණ්‍යක්‍රියාව මැනැවැ යි, අවිහිංසාව මැනැවැ යි, සත්වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූ සේ යහපතැ” යි විපස්සී කුමර කී ය.
61. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො සාරථිං ආමන්තෙසි: “තෙන හි සම්ම සාරථි, රථං ආදාය ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහි. අහං පන ඉධෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ සාරථි, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා රථං ආදාය තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසි.
61. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම රියැදුරා බණවා “එසේ නම් යහළු සැරිය, රිය ගෙන මෙ තැනින් ම ඇතොවුර බලා යා. මම් මෙහි ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිදි වදනෙමි” යි කී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී රිය ගෙන එ තැනින් ම ඇතොවුර බලා නික්මියේ ය.
62. විපස්සී පන භික්ඛවෙ, කුමාරො තත්ථෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අස්සොසි ඛො භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි “විපස්සී කිර කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. සුත්වාන තෙසං එතදහොසි “න හි නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා පබ්බජ්ජා, යත්ථ විපස්සී කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො. විපස්සී’පි නාම කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති කිමඞ්ගපන මයන්ති?” අථ ඛො සො භික්ඛවෙ, මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා විපස්සිං බොධිසත්තං අගාරස්මා අනගාරියං පබ්බජිතං අනුපබ්බජිංසු. තාය සුදං භික්ඛවෙ, පරිසාය පරිවුතො විපස්සී බොධිසත්තො ගාමනිගමජනපදරාජධානීසු චාරිකං චරති.
62. විපස්සී කුමර එහිදී ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිද්දට වන. මහණෙනි, බන්ධුමතී රජදහන්හි සුවාසූදහසක් පමණ වූ මහජනමුළුව ‘විපස්සී කුමරාණෝ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන්හ’ යි ඇසී. ඇසීමෙන් ඔවුනට “යමෙක විපස්සී කුමරාණෝ කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්හු නම්, ඒ දහම්විනය ඇති සස්න සුලු එකෙක් නො වේ ම ය. ඒ පැවිද්ද සුලු නො වේ ම ය. විපස්සී කුමරාණෝත් කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වූහු නම්, අප ගැන කියනු ම කිමැ?” යි මේ සිත් වි ය. මහණෙනි, ඉක්බිති සුවාසූදහසක් පමණ වූ ඒ මහජනමුළුව කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන් විපස්සී බෝසතු අනුව පැවිදි වූහ. මහණෙනි, විපස්සී බෝසත් තෙම ඒ පිරිස විසින් පිරිවරන ලදු ව ගම්නියම්ගම්දනවුරජදහන්හි සැරි සරයි.
63. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: න ඛො මෙතං පතිරූපං යො’හං ආකිණ්ණො විහරාමි, යන්නූනාහං එකො ගණම්හා වූපකට්ඨො විහරෙය්යන්ති’. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන එකො ගණම්හා වූපකට්ඨො විහාසි. අඤ්ඤෙනෙව තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි අගමංසු, අඤ්ඤෙන විපස්සී බොධිසත්තො.
63. මහණෙනි, එ කල්හි හුදෙකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ විපස්සී බෝසත්හට “යම්බඳුවූ මම් ගණයා විසින් පිරිවරන ලදු ව වෙසෙම් ද, එය මට නො සුදුසු ය. මම් එකලා වැ, ගණයා කෙරෙන් වෙන් නැ, වෙසෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත් තෙම පසු කලෙක එකලා වැ ගණයාගෙන් වෙන් වැ විසී ය. ඒ සුවාසූදහසක් පැවිද්දෝ අන් දෙසට ම ගියහ, විපස්සී බෝසත් අන් දෙසෙක ගියේ ය.
64. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස වාසූපගතස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කිච්ඡං වතායං ලොකො ආපන්නො, ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා?ති.
64. මහණෙනි, එ කල්හි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වැ (බෝමැඩැ) එක් රැයක් විසීමට පැමිණි විපස්සී බෝසත්හට “ඛේදයෙක, මෙ ලෝවැසි තෙම දුකට පැමිණියේ ය. හේ උපදනේ ද දිරනුයේ ද මියෙනුයේ ද වෙයි. එසේ චුත වනුයේ ද යලි උපදනේ ද වේ. එතෙකුදු වුවත් මේ දුඃඛයාගේ, මේ ජරාමරණ දෙක්හි නිඃසරණය නො දනියි. කවර දාක නම් මේ දුකේ නිඃසරණය පැණෙන්නේ දැ” යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
65. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති, කිම්පච්චයා ජරාමරණ’න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො “ජාතියා ඛො සති ජරාමරණං හොති, ජාතිපච්චයා ජරාමරණ”න්ති.
65. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් ඇති කලැ ජරාමරණ වේ ද, කිමෙක පසයෙන් ජරාමරණ වේ දැ” යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “ජාතිය ඇති කලැ ජරාමරණ වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ” යැ යි උපායමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය, අවබෝධ වීයයි සේ යි.
66. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජාති හොති, කිම්පච්චයා ජාතී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො සති ජාති හොති, භවපච්චයා ජාතී”ති.
66. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කිමෙක පසයෙන් ජාතිය වේ දැ” මේ සිත විය. එකල්හි විපස්සී බෝසත්හට භවය ඇති කල්හි ජාතිය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
67. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති භවො හොති, කිම්පච්චයා භවො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො සති භවො හොති, උපාදානපච්චයා භවො”ති.
67. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි භවය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “උපාදානය ඇති කල්හි භවය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
68. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති උපාදානං හොති, කිම්පච්චයා උපාදානන්ති.” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො සති උපාදානං හොති, තණ්හාපච්චයා උපාදානන්ති.”
68. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි උපාදානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “තෘෂ්ණාව ඇති කල්හි උපාදානය වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
69. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති තණ්හා හොති, කිම්පච්චයා තණ්හා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො සති තණ්හා හොති, වෙදනාපච්චයා තණ්හා”ති.
69. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
70. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති වෙදනා හොති, කිම්පච්චයා වෙදනා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො සති වෙදනා හොති, ඵස්සපච්චයා වෙදනා”ති.
70. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ස්පර්ශය ඇති කල්හි වේදනාව වේ. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
71. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ඵස්සො හොති, කිම්පච්චයා ඵස්සො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො සති ඵස්සො හොති, සළායතනපච්චයා ඵස්සො”ති.
71. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ස්පර්ශය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ෂඩායතනය ඇති කල්හි ස්පර්ශය වේ. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
72. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති සළායතනං හොති, කිම්පච්චයා සළායතනන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති සළායතනං හොති, නාමරූපපච්චයා සළායතනන්ති.”
72. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි ෂඩායතනය වේ. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
73. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති නාමරූපං හොති, කිම්පච්චයා නාමරූපන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො සති නාමරූපං හොති, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති.”
73. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි නාමරූපය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “විඥානය ඇති කල්හි නාමරූපය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
74. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති විඤ්ඤාණං හොති, කිම්පච්චයා විඤ්ඤාණන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං හොති, නාමරූපපච්චයා විඤ්ඤාණන්ති.”
74. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි විඥානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි විඥානය වේ. නාමරූපප්‍රත්‍යයෙන් විඥානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
75. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “පච්චුදාවත්තති ඛො ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා නාපරං ගච්ඡති. එත්තාවතා ජායෙථ වා ජීයෙථ වා මිය්යෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා, යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
75. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “මේ විඥානය පෙරළා නවතී ම ය. නාමරූපදෙකින් බැහැරට නො යෙ යි. මෙතෙකින් උපදනේ හෝ දිරනුයේ හෝ මියෙනුයේ හෝ චුත වන්නේ හෝ නැවැත උපදිනුයේ හෝ වේ. එනම්: නාමරූපපත්යයයෙන් විඥානය වේ, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ, ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ද ශෝකපරිදේව දුක් දොම්නස් උපායාසයෝ ද පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ ඉපැද්ම වේ” යි මේ සිත විය.
76. ‘සමුදයො, සමුදයො’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
76. මහණෙනි, විපස්සී බෝසත්හට ‘ඉපැත්ම, ඉපැත්ම’ යැ යි පෙරැ නො ඇසූ ධර්මවිෂයෙහි ඇස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
77. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති, කිස්ස නිරොධා ජරාමරණනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති, ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
77. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ දැ?” යි සිත විය. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “ජාතිය නැති කලැ ජරාමරණය නො වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යැ” යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
78. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජාති න හොති, කිස්ස නිරොධා ජාතිනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො අසති ජාති න හොති, භවනිරොධා ජාතිනිරොධො”ති.
78. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ජාතිය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජාතිනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “භවය නැති කලැ ජාතිය නො වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
79. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති භවො න හොති, කිස්ස නිරොධා භවනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො අසති භවො න හොති, උපාදානනිරොධා භවනිරොධො’ති.
79. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ භවය නො වේ ද? කිමෙක නිරෝධයෙන් භවනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “උපාදානය නැති කලැ භවය නො වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
80. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති උපාදානං න හොති, කිස්ස නිරොධා උපාදානනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො අසති උපාදානං න හොති, තණ්හානිරොධා උපාදානනිරොධො”ති.
80. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ උපාදානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් උපාදානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “තෘෂ්ණාව නැති කල්හි උපාදානය නො වේ, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
81. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති තණ්හා න හොති, කිස්ස නිරොධා තණ්හානිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො අසති තණ්හා න හොති, වෙදනානිරොධා තණ්හානිරොධො”ති.
81. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ තෘෂ්ණාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “වේදනාව නැති කලැ තෘෂ්ණාව නො වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
82. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති වෙදනා න හොති, කිස්ස නිරොධා වෙදනානිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො අසති වෙදනා න හොති, ඵස්සනිරොධා වෙදනානිරොධො”ති.
82. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ වේදනාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් වේදනානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ස්පර්ශය නැති කලැ වේදනාව නො වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
83. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ඵස්සො න හොති, කිස්ස නිරොධා ඵස්සනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො අසති ඵස්සො න හොති, සළායතනනිරොධා ඵස්සනිරොධො”ති.
83. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ස්පර්ශය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ෂඩායතනය නැති කලැ ස්පර්ශය නො වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
84. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති සළායතනං න හොති, කිස්ස නිරොධා සළායතනනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති සළායතනං න හොති, නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.
84. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ෂඩායතන නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “නාමරූප නැති කලැ ෂඩායතන නො වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
85. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති නාමරූපං න හොති, කිස්ස නිරොධා නාමරූපනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො”ති.
85. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ නාමරූප නො වේ ද? කිමෙක නිරෝධයෙන් නාමරූපනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “විඥානය නැති කලැ නාමරූපය නො වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
86. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති විඤ්ඤාණං න හොති, කිස්ස නිරොධා විඤ්ඤාණනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති විඤ්ඤාණං න හොති. නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො”ති.
86. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ විඥානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් විඥානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “නාමරූපය නැති කලැ විඥානය නො වේ. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
87. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “අධිගතො ඛො ම්යායං මග්ගො සම්බොධාය: යදිදං නාමරූපනිරොධාය විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණංසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති”ති. “නිරොධො, නිරොධො”ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි:
87. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “නාමරූප නිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ නිරෝධය වේ” යැ යි මේ සිත විය. මහණෙනි, විපස්සී බෝසත්හට ‘නිරෝධය, නිරෝධයැ’ යි ම පෙර නො ඇසූ දහම්හි ඇස උපන, නුවණ උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.
88. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන පඤ්චසූපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහාසි: “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො”ති. තස්ස පඤ්චසු උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චී”ති.
88. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත් තෙම පසු කලෙක “රූපය මෙසේ ය, රූපසමුදයය මෙසේ ය, රූපනිරෝධය මෙසේ ය. වේදනාව මෙසේ ය, වේදනාසමුදයය මෙසේ ය, වේදනානිරෝධය මෙසේ ය. සංඥාව මෙසේ ය, සංඥසමුදයය මෙසේ ය, සංඥානිරෝධය මෙසේ ය. සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරසමුදයය මෙසේ ය, සංස්කාරනිරෝධය මෙසේ ය. විඥානය මෙසේ ය, විඥානසමුදයය මෙසේ ය, විඥානනිරෝධය මෙසේ යැ” යි උපාදානස්කන්ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලන සුලු ව විසී ය. උපාදානස්කන්ධ පසෙහි උදය ව්‍යයය අනුව බලන සුලු ව වසන ඒ බෝසත්හුගේ සිත නොබෝ කලෙකින් ම උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය.
දුතියං භාණවාරං නිට්ඨිතං.
දෙවෙනි බණවර නිමියේ ය.
89. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “යන්නූනාහං ධම්මං දෙසෙය්ය”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයාරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයාරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙ ව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යුං. සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති. අපිස්සුදං භික්ඛවෙ, විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
89. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදු රජුට මම් දහම් දෙසන්නෙම් නම් මනා ම නු” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදු රජහට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්මය ගැඹුරු ය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතු ය, ශාන්තය, ප්‍රණීත ය, තර්කයෙන් බැස ගත නො හැක්කේ ය, සියුම් නුවණැත්තවුන් විසින් දැන ගත යුතු ය. මේ සත්මුළුව ආලය සංඛ්‍යාත කාමතුණ තෘෂ්ණාවන්ගෙන් සතුටු වන්නේ ය, ආලයයන්හි ඇලුණේ ය, ආලයයන්හි ප්‍රමුදිත ය. ආලයයන්ගෙන් සතුටුවන, ආලයයන්හි ඇලුණ, ආලයයන්හි දැඩි සේ මුදිත වූ සත්මුළුව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පාද නම් වූ යමෙක් ඇද්ද, ඒ මේ කාරණය දක්නට දුෂ්කර ය. සර්‍වසංස්කාරශමථය, සර්වොපධිප්රතිනිඃසර්ගය, තෘෂ්ණාක්ෂයය, විරාගය, නිරෝධය, නිර්වාණයැ යි කියන ලද යම් මේ දහමෙක් වේ ද, මේ කාරණය ද දැක්ම දුෂ්කර ය. ඉදින් මම් දහම් දෙසීම් නම්, අන්හුත් මගේ ඒ දහම් දැන නො ගන්නාහු නම්, එය මා කයට ක්ලමථයෙක් වන්නේ ය. මා කයට වෙහෙසෙක් වන්නේ යැ’ යි මේ සිත විය. මහණෙනි, එපමණක් නො ව වැලිදු භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුරජුට පෙරැ නො ඇසූවිරූ, සිතත් සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ ද වැටහුණහ:
“කිච්ඡෙන මෙ අධිගතං හලං’දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො. පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං, රාගරත්තා න දක්ඛන්ති තමොක්ඛන්ධෙන ආවුතා”ති.
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. (දැන් එය පැවැසීමෙන් වන වැඩෙක් නැත) මෙය රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට යන (නිත්යසංඥාදියට විරුද්ධ අනිත්‍ය සංඥාදි වශයෙන් පැවැති) නිපුණ වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ අණු (සූක්ෂම) වූ මේ ධර්මය රාගයෙන් රත් වූ අවිද්යාරාශියෙන් ඇවුරුණු සත්වයෝ නො දක්නාහ.”
ඉතිහ භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිසංචික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනාය.
මහණෙනි, මෙසේ නුවණින් සලකන භගවත් අර්හත් විපස්සී සම්මා සම්බුදුන්ගේ සිත මන්දෝත්සාහී බවට නැමුණේ ය, දහම් දෙසුමට නො නැමුණේ ය.
90. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරස්ස මහාබ්රහ්මුනො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්ර හි නාම විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනායා”ති. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුරතො පාතුරහොසි.
90. මහණෙනි, එ කල්හි භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැනගැන්මෙන් එක්තරා මහබඹකුහට “භවත්නි, යම් ලොවෙක භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සිත මන්දෝත්සාහ බවට නැමේ ද, දහම් දෙසුමට නො නැමේ ද, ඒ ලෝකය නැසේ ම ය. භවත්නි, ඒ ලෝකය ඒකාන්තයෙන් වැනැසේම ය” යි මේ සිත විය. මහණෙනි, එකෙණෙහි ඒ මහබඹ තෙම ශක්තිමත් පුරුෂයෙක් යම් සේ හැකුලු අත දිගු කරන්නේ ද, දිගු කළ අත හෝ හකුලන්නේ ද, එ සෙයින් ම බඹලොවැ අතුරුදහන් වූයේ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය.
91. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පුථුවියං නිහන්ත්වා, යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනඤ්ජලිං පණාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති.
91. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහබඹ තෙම උතුරුසඟ එකස් කොට දකුණු දණමඬල බිමැ හැන භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් දෙසට ඇඳිලි නමා වැඳ “වහන්ස, භගවත්හු දහම් දෙසත් වා. සුගත්හු දහම් දෙසත් වා. අල්පරජස්කස්වභාව (පැණැස්හි අල්ප වූ රාගාදි රජස්) ඇති සත්හු ඇත්හ. ඔහු දහම් නො අසන බැවින් පිරිහෙති. දහම් දත හෙන්නෝ වන්නාහ” යි ඔබට මේ බස් කී ය.
92. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්රහ්මානං එතදවොච: “මය්හම්පි ඛො බ්රහ්මෙ, එතදහොසි: “යන්නූනාහං ධම්මං දෙසෙය්ය’න්ති. තස්ස මය්හං බ්රහ්මෙ, එතදහොසි: ‘අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයාරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයාරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා”ති. අපිස්සුදං මං බ්රහ්මෙ, ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
92. මහණෙනි, එ කල්හි භගවත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහබඹහු බණවා, “බ්‍රහ්මය, මට ඉදින් මම දහම් දෙසන්නෙම් මනා මැ නු” යි මේ සිත විය. “බ්‍රහ්මය, ඒ මට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්මය වූ කලි ගැඹුරු ය, දුකසේ දැක්ක යුතු ය, දුකසේ අනුබෝධ කටයුතු ය, ශාන්ත ය, ප්‍රණීත ය, තර්කයෙන් බැස ගත නො හැකි ය, සියුම් ය, පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ සත්වප්රජාව ආලයාරාමය (පස්කම්ගුණයෙහි බැඳුණේ ය) ආලයරත ය (පස්කම්ගුණයෙහි ඇලුණේ ය) ආලයසම්මුදිත ය (පස්කම්ගුණයෙහි සතුටු වූයේ ය). ආලයාරාමය වූ ආලයරත වූ ආලයසම්මුදිත වූ සත්ත්වප්රජාව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුප්පාද සංඛ්‍යාත මේ කාරණය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන්ගේ දුරැ ලීම, තෘෂ්ණාක්ෂයය, විරාගය, නිරෝධය, නිර්වාණය යන මේ කරුණ ද දුකසේ දැක්ක යුතු ය. මමත් දහම් දෙසන්නෙම් නම්, අන්හු මා දෙසන දහම් දැන නො ගන්නාහු නම්, එය මට ක්ලාන්තයෙකි. එය මට වෙහෙසෙකි” යි මේ සිත විය. තව ද, බ්‍රහ්මය, පෙර නොඇසූවිරූ, සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ මට වැටහුණාහ.
“කිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො. පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්තී තමොක්ඛන්ධෙන ආවුතා“ති.
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් මේ ධර්මය සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට (නිවන් කරා) යන සුලු, නිපුණ වූ, ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ, සියුම් වූ මේ ධර්මය රාගයෙන් රත් වූ මොහඳුරුරැසින් ඇවුරුණාහු නො දක්නාහ.”
ඉතිහ මෙ බ්රහ්මෙ පටිසංචික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනායා’ති.
“බ්‍රහ්මය, මෙසේ සලකන මගේ සිත අල්පොත්සුක බවට නැමුණේ ය, දහම් දෙසීමට නො නැමුණේ යැ” යි (විපස්සී බුදුහු වදාළහ).
දුතියම්පි ඛො භික්ඛවෙ, සො මහාබ්රහ්මා -පෙ- තතියම්පි ඛො භික්ඛවෙ, සො මහාබ්රහ්මා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති.
මහණෙනි, දෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්මණ තෙම ... මහණෙනි, තෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්ම තෙම භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදු රජුනට “වහන්ස, භගවත් තෙමේ දහම් දෙසා වා. සුගත තෙමේ දහම් දෙසා වා. (පැණැස්හි) මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසන බැවින් ඔහු පිරිහෙත්. දහම් දත හෙන්නෝ ඇතිවන්නාහ” යි මෙ බස් කිවු ය.
93. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
93. මහණෙනි, එකලැ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බඹහුගේ අයදනා ද ලැබ, සතුන් කෙරෙහි කරුණාව ද නිසා බුදු ඇසින් ලොව බැලූහ. මහණෙනි, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බුදුඇසින් ලොව බලනුවෝ අල්ප කෙලෙස් රජස් ඇතියන් ද, බොහෝ කෙලෙස් රජස් ඇතියන් ද, තියුණු (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, මෘදු වූ (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, (සැදැහැ ඈ) මනා අයුරු ඇතියන් ද, නොමනා අයුරු ඇතියන් ද, සුවසේ අඟවනු හැකියන් ද, දුකසේ අඟවනු හැකියන් ද, පරලොවත් වරදත් භය වශයෙන් දක්නාසුලු වැ වසන ඇතැම් පුගුලන් ද, පරලොවත් වරදත් භය වශයෙන් නො දක්නාසුලු ව වසන ඇතැම් පුගුලන් දැ යි මෙසේ නානාවිධ වූ සත්ත්වයන් දුටුහ.
සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙන ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
යම්සේ උපුල්විලෙක හෝ රත්පියුම්විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැගුණාහු දිය තුළැ ම ගිලී වැඩෙන්නාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම් හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු (දිය මතුපිටැ) දිය හා සම වැ සිටියාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගුණාහු දියෙන් නො තැවරී සිටිත් ද, මහණෙනි, එසේ ම භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බුදු ඇසින් ලොව බලනුවෝ අල්පරජස්ක සත්වයන් ද, මහාරජස්ක සත්වයන් ද, තියුණු ඉඳුරන් ඇති සත්වයන් ද, මොළොක් ඉඳුරන් ඇති සත්වයන් ද, මනා අයුරු ඇති සත්වයන් ද, නොමනා අයුරු ඇති සත්වයන් ද, සුව සේ ඇඟැවිය හැකි සත්වයන් ද, දුක සේ ඇඟැවිය හැකි සත්වයන් ද, පරලොවත් වරදත් භය විසින් දක්නා සුලු ව වසන ඇතැම් සත්වයන් ද, පරලොවත් වරදත් භය විසින් නොදක්නා සුලු ව වසන ඇතැම් සත්වයන් ද දුටුහ.
94. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ගාථාහි අජ්ඣභාසි:
94. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම තම සිතින් භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව දැන ඔබට ගාථායෙන් කී ය:
“සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං. උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අණන විචර ලොකෙ දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති.
“සෙල්මුවා පව්වක් මතැ සිටියෙක් හාත්පස සිටින දනමුළුව යම්සේ දක්නේ ද, සොඳුරු නුවණ ඇති සමතැසියාණන් වහන්ස, පහ වූ ශෝක ඇති ඔබ ඒ සෙල්පව්ව බඳු වූ (ලොවුතුරා) දහම්මුවා පහය අරා, ශෝකයට බටුවාවූ ජාතිජරායෙන් මැඩුණු දනමුළුව බලාවදාළ මැනැව. දිනූ මරයුද ඇති ණය නැති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, නැගී සිටිනු මැනැව. ලොවැ සැරිසරනු මැනැව. භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන්නැ. දහම් දැනැ ගන්නෝ ඇති වන්නාහ.”
95. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
95. මහණෙනි, එකලැ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහාබ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළහ:
“අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං විහිංසසඤ්ඤී පගුණං න භාසිං ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ”ති.
“බ්‍රහ්මය, කන් ඇති යම් තෙනෙක් වෙත් නම්, ඔහු සැදැහැ මුදත් වා (ශ්‍රද්ධාව යොමු කොට තබත්වා) ඔවුනට අමාදොර හරන ලදි. නො දත හෙන්නවුනට දහම් දෙසීම වෙහෙස පමණෙකැ යි හැඟීම ඇතියෙම් ප්‍රගුණ වූ උතුම් දහම් සත්නට නො කීමි.”
අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා “කතාවකාසො ඛො’ම්හි විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මදෙසනායා”ති විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම ‘භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දම් දෙසනුවට කරන ලද පිළින ඇතියෙමි’ යි භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් ආදරයෙන් වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදහන් විය.
96. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “අයං ඛො ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො බන්ධුමතියා රාජධානියා පටිවසන්ති පණ්ඩිතා වියත්තා මෙධාවිනො දීඝරත්තං අප්පරජක්ඛජාතිකා. යන්නූනාහං ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස, තිස්සස්ස ච පුරොහිතපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං. තෙ ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සන්තී”ති.
96. මහණෙනි, එකල්හි “මම් කාට නම් පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම වහා අවබෝධ කරන්නේ දැ” යි භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට මේ සිත විය. ඉක්බිති භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට “මේ ඛණ්ඩ නම් රාජපුත්‍ර ද තිස්ස නම් පෙරෙව් පුත් ද යන පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති දික් කලක් අල්පරජස්කස්වභාවය ඇති මොහු බන්ධුමතී රාජධානියෙහි වෙසෙත්. ඛණ්ඩ රාජපුත්රයාටත් තිස්ස පෙරෙවිපුතුටත් මම් පළමු කොට දහම් දෙසීම් නම් මැනැවි. ඔහු මේ දහම වහා ම දැනැගන්නාහ” යි මේ සිත විය.
97. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බොධිරුක්ඛමූලෙ අන්තරහිතො බන්ධුමතියා රාජධානියා ඛෙමෙ මිගදායෙ පාතුරහොසි. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො දායපාලං ආමන්තෙසි: “එහි ත්වං සම්ම දායපාල, බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තං එවං වදෙහි: “විපස්සී භන්තෙ භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති. සො තුම්හාකං දස්සනකාමො”ති. එවං භන්තෙ’ති ඛො භික්ඛවෙ, දායපාලො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තං එතදවොච: “විපස්සී භන්තෙ භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති, සො තුම්හාකං දස්සනකාමො”ති.
97. මහණෙනි, ඉක්බිති භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු කාබලැති මිනිසෙක් යම්සේ වක්කළ අත දික් කරන්නේ ද දික් කළ අත වක්කරන්නේ ද එසේ ම බෝරුක්මුලැ අතුරුදහන් ව බන්ධුමතී රජදහන්හි ක්ෂේම නම් මුවවෙනෙහි පහළ වූහ. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු උයන්පලු බණවා “යහලු දායපාලයෙනි, තෙපි මෙහි එවු. බන්ධුමතී රජදහනට පිවිසැ ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද ‘ස්වාමීනි, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බන්ධුමතී රාජධානියට වැඩියාහු ක්ෂේම නම් මෘගදාවයෙහි වෙසෙති. ඔබ මුබ (දෙදෙනා) දක්නා කැමැත්තාහ’ යි මෙසේ කියව” යි වදාළහ. මහණෙනි ‘එසේ ය, වහන්සැ’ යි කියා උයන්පල් තෙම භගවත් අර්හත් විපස්සී සම්මා සම්බුදුනට පිළිවදන් දී බන්ධුමතී රජදහන් වැද, ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද “ස්වාමිනී, භගවත් අර්හත් විපස්සී සම්මා සම්බුදුරජහු බන්ධුමතී රජදහනට වැඩ ඛේම නම් මුවලැව්හි වැඩවෙසෙති. ඔබ මුබ දෙදෙනා දක්නා කැමැත්තාහ” යි සැළ කෙළේ ය.
98. අථ ඛො භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො චා පුරොහිතපුත්තො භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි බන්ධුමතියා රාජධානියා නිය්යංසු, යෙන ඛෙමො මිගදායො තෙන පායිංසු. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකා’ව යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ආනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථීදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස ච තිස්සස්ස ච පුරොහිතපුත්තස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බන්තං නිරොධධම්මන්ති”.
98. මහණෙනි, එ කල්හි ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද සොඳුරු යාන යොදවා, සොඳුරු යානයකට නැඟ සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්ෂිත වැ බන්ධුමතී රජදහනින් නික්මුණාහ. ක්ෂේම මෘගදාවය කරා ගියහ. යානයට සුදුසු බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් (එයින් පසු) යානයෙන් බැස පාගමන් ඇත්තාහු ම භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුරජුන් කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. පසෙක හුන් ඔවුනට භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු - දානකථා ද ශීලකථා ද ස්වර්ග කථා ද, කාමයන්ගේ දෝෂ ද ලාමක බව ද කිලිටි බව ද කාමයෙන් නික්මීමේ අනුහස් ද යන පිළිවෙළ කථාව දක්වා වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිත් ඇති වූ මොළොක් සිත් ඇති වූ නීවරණරහිත සිත් ඇති වූ ඔදවැඩි සිත් ඇති වූ පහන් සිත් ඇති වූ ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන බුදුවරුන්ගේ අනුන්ගෙන් නොඇසූ තමන් ම දැනගත් ස්වයම්භූතඥානයෙන් දත් යම් ධර්ම දේශනාවෙක් වේ ද, එය දක්වා වදාළහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රයෙක් මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද එ අස්නෙහි ම “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ” යි කෙලෙස්රජස් රහිත, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස් පහළ විය.
99. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එතෙ මයං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති”.
99. ඔහු දුටු සිවුසස් දහම් ඇතියාහු, පැමිණි සිවුසස්දහම් ඇතියාහු, දන්නා ලද සිවුසස් දහම් ඇතියාහු, නුවණින් බැස ගත් සිවුසස් දහම් ඇතියාහු, තිණූ සැක ඇතියාහු, පහවූ සංසය ඇතියාහු, විසාරද බවට පැමිණියාහු, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැතියාහු භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් වැස්ම හැර දක්වන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් ධර්මය පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසම්පදාව ලබමෝ වා” යි මේ බස් පැවැසූහ.
100. අලත්ථුං ඛො භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. සංඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසියමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
100. මහණෙනි, ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරවිපුත් ද භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ, උපසපුව ලදහ. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ඔවුනට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, එය මොනොවට ගැන්වූ හ, එහි ඔවුන් සිත් තියුණු කළහ, එහි සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද ලාමක බවද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවැසූහ. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුරජුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එදැහැමි කතායෙහි තියුණු කරනු ලබන, එහි සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදිණ.
101. අස්සොසි ඛො භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි “විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති. ඛණ්ඩො ච කිර රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා”ති. සුත්වාන නෙසං එතදහොසි: “න හි නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා පබ්බජ්ජා, යත්ථ ඛො ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ඛණ්ඩො ච නාම රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, කිමඞ්ගපන මයන්ති.”
101. මහණෙනි, බන්ධුමතී රජදහන්හි ප්‍රාණීන් සුවාසූදහසක් වූ මහ ජනමුළුව “භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බන්ධුමතී රජදහනට වැඩියාහු ක්ෂේම නම් මෘගදාවයෙහි වැඩ වෙසෙති. ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුරජුන් වෙතැ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්හ” යි ඇසී ය. ඇසීමෙන් ඔවුනට “ඛණ්ඩ රජපුතුන් තිස්ස පෙරෙවිපුතුන් කෙහෙරවුළු බහවා ගිහිගෙන් නික්ම යම් සස්නෙක පැවිදි වූහු නම්, ඒ දහම්විනය (සස්න) එසේ මෙසේ එකෙක් නො වේ. ඒ පැවිද්ද ද එසේ මෙසේ එකෙක් නො වේ. ඛණ්ඩ රජපුතුත් තිස්ස පෙරෙවිපුතුත් ගිහි ගෙන් නික්මැ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිදි වූහු නම්, අප පැවිදි වනු අරුම දැ!” යි මේ සිත විය.
102. අථ ඛො සො භික්ඛවෙ, මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි බන්ධුමතියා රාජධානියා නික්ඛමිත්වා යෙන ඛෙමො මිගදායො, යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය. එවමෙව තෙසං චතුරාසීතිපාණසහස්සානං තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.”
102. මහණෙනි, ඉක්බිත්තෙන් ප්‍රාණීන් සුවාසූදහසක් වූ ඒ මහදනමුළුව භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් කරා ගියහ. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. ඔවුනට භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්ගකථා ද, කාමයන්ගේ ආදීනව ද ලාමකබව ද කෙලෙසීම ද, කාමයෙන් නික්මීමෙහි අනුසස් ද යන පිළිවෙළ කතාව වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිතැති මොළොක් සිතැති නීවරණ රහිත සිතැති ඔදවැඩි සිතැති පහන් සිතැති ඔවුන් දත්තාහු ද, එකල්හි, දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන බුදුවරුන්ගේ තමන් විසින් ම අවබෝධ කළ යම් ධර්ම දේශනාවෙක් ඇද්ද එය පැවැසූහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඒ සුවාසූදහසක් ප්‍රාණීනට එ අස්නෙහි ම “උපදනා සුලු යමෙක් ඇත් ද, ඒ සියල්ල නැසෙන සුලු යැ” යි කෙලෙස්රජස් පහ වූ කෙලෙස්මල පහ වූ දහම් ඇස පහළ විය.
103. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති. අලත්ථුං ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපාණං සහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.
103. දුටු සියුසස් දහම් ඇති, පැමිණි සියුසස්දහම් ඇති, දැනගත් සියුසස්දහම් ඇති, නුවණින් බැස ගත් සියුසස් දහම් ඇති, තරණය කළ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත ඔහු භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද වැසුණ දැයක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවක්හට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරේ තෙල්පහනක් හෝ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් වදාරන ලද්දේ ය. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝ වා” යි මෙ බස් කී හ. මහණෙනි, ඒ සුවාසූ දහසක් මිනිස්සු භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සමීපයෙහි පැවිද්ද ලැබූහ, උපසපුව ලැබූහ.
104. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි: තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසියමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
104. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු දැහැමිකතායෙන් ඔවුනට කරුණු දැක්වූහ. කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද, ලාමක බව ද, කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවසූහ. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන් සිත් නොබෝ කලෙකින් ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
105. අස්සොසුං ඛො භික්ඛවෙ, තානි පුරිමානි චතුරාසීතිපබ්බජිතසහස්සානි: ‘විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති, ධම්මඤ්ච කිර දෙසෙතී’ති. අථ ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි යෙන බන්ධුමතී රාජධානි යෙන ඛෙමො මිගදායො යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
105. මහණෙනි, ඒ සුවාසූදහසක් පළමු පැවිද්දෝ ‘භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු බන්ධුමතී රාජධානියට වැඩියාහු ක්ෂේම නම් මෘගදාවයෙහි වෙසෙත් ල, දහම් ද දෙසත් ලැ’ යි ඇසූහ. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සුවාසූදහසක් පැවිද්දෝ බන්ධුමතී රාජධානිය යම් තැනෙක ද, ක්ෂේම මෘගදාවය යම් තැනෙක ද, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු යම් තැනෙක ද, එ තැනට එළැඹියහ. එළැඹ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ.
106. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය, එවමෙව තෙසං චතුරාසීතිපබ්බජිතසහස්සානං තස්මිඤ්චෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.”
106. ඔවුනට භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්ගකථා ද, කාමයන්ගේ ආදීනව හා ලාමක බව හා කෙලෙසීම ද, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් ද දක්වා වදාළහ. යම් විටෙක භගවත්හු නීරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ පහ වූ සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන බුදුවරුන්ගේ අනන්‍ය සාධාරණ වූ යම් ධර්ම දේශනාවෙක් වේ ද එය ප්‍රකාශ කළහ. පහ වූ කළු පැහැ ඇති ශුද්ධ වස්ත්‍රය යම් සේ මොනොවට රඳන් පිළිගන්නේ ද, ඒ සුවාසූදහසක් පැවිද්දනට එ අස්නෙහි ම ‘උපදනා සුලු සියල්ල නැසෙන සුලු යැ’ යි පහ වූ කෙලෙස්රජස් ඇති, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
107. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි නාම භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති”. අලත්ථුං ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.
107. දුටු දහම් ඇති, පැමිණි දහම් ඇති, දැනගත් දහම් ඇති, බැසගත් දහම් ඇති, තිණූ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විසාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්රත්යයරහිත වූ ඔහු භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැවැ, වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යැටිකුරු කොට තබනලද්දක් හෝ යම්සේ උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් (අපට) නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝවා” යි කීහ. මහණෙනි, ඒ සුවාසූදහසක් පැවිද්දෝ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ. උපසපුව ලදහ.
108. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසීයමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
108. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු උනට දැහැමි කතායෙන් කරුණු දැක්වූහ, කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ දෝෂ ද ලාමක බව ද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් පැවැසූහ. භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
109. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන බන්ධුමතියා රාජධානියා මහාභික්ඛුසඞ්ඝො පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්යං ‘චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්තී ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා’ති.”
109. මහණෙනි, එ සමයෙහි වනාහි බන්ධුමතී රාජධානියෙහි භික්ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්ෂු සමූහයෙක් වෙසෙයි. මහණෙනි, එ කල්හි හුදෙකලා චිත්තවිවේකයෙන් හුන් භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට “දැන් බන්ධුමතී රාජධානියෙහි භික්ෂූන් එක්සියඅටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. ‘මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන්, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුල කලණ මැද කලණ අග කලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු (මඟ) බඹසර පවසවු. මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ. වැලි සයක් සයක් හවුරුදු ඉක්මිතැන පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ’ යි මහණුනට අනුදත්තෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනායෙක් පහළ විය.
110. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො මහාබ්රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුරතො පාතුරහොසි. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනඤ්ජලිම්පනාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “එවමෙතං භගවා, එවමෙතං සුගත, මහා ඛො භන්තෙ එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තෙ භගවා භික්ඛූ: ‘චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති. අපි ච භන්තෙ, මයං තථා කරිස්සාම යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිස්සන්ති පාතිමොක්ඛුද්දෙසායා”ති. ඉදමවොච භික්ඛවෙ, සො මහාබ්රහ්මා, ඉදං වත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
110. මහණෙනි, එ කල්හි එක්තරා මහාබ්‍රහ්මයෙක් භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැන, බල ඇති පුරුෂයක්හු වක් කළ හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා බඹලොවදී අතුරුදහන් වැ භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරුසඟ එකස් කොට, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් දිසාවට දොහොත් මුදුනැ තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්ධුමතී රාජධානියෙහි භික්ෂූන් එක්සිය අට සැටදහසක් වූ මහත් බික්සඟ වෙසෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන් දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු, දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. මඳ කෙලෙස්රජස් ඇති සත්හු ඇත. දහම් නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ’ යි භික්ෂූනට අනුදන්නා සේක් වා. වැලි දු වහන්ස, අපි මහණුන් අවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් දෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹෙන සෙයක් කරන්නමු” යි මෙ බස් කී ය. මහණෙනි, මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
111. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි: ඉධ මය්හං භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්යං “චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති.
111. මහණෙනි, ඉක්බිති භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු සවස්වේලෙහි සමවතින් නැගී සිටියාහු, මහණුන් බණවා මෙය වදාළහ: ‘මහණෙනි, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට ‘දැන් බන්ධුමතී රාජධානියෙහි භික්ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්ෂූ සමූහයෙක් වෙසෙයි. මම් භික්ෂූනට ‘මහණෙනි, බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්වයෝ ඇත. ධර්මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. වැලි දු හවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානිය එළැඹිය යුතු ය යි භික්ෂූනට අනුදත්තෙම් නම් මැනැවැ’ යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
112. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො මහාබ්රහ්මා මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිම්පනාමෙත්වා මං එතදවොච “එවමෙතං භගවා, එවමෙතං සුගත. මහ ඛො භන්තෙ, එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තෙ, භගවා භික්ඛූ “චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච භන්තෙ, මයං තථා කරිස්සාම, යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිස්සන්ති පාතිමොක්ඛුද්දෙසායා”ති. ඉදමවොච සො භික්ඛවෙ, මහාබ්රහ්මා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
112. මහණෙනි, එකල්හි මහාබ්‍රහ්මයෙක් සිය සිතින් මගේ චිත්ත සංකල්පය දැන බල ඇති මිනිසක්හු වක් කල හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා ම බඹලොවින් අතුරුදහන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරු සඟ එකස් කොට මා දෙසට දොහොත් මුදුන් තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්ධුමතී රාජධානියෙහි භික්ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්හු ඇත. දහම් නොඅසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ’ යි භික්ෂූනට අනුදනිත් වා. වැලිදු වහන්ස, යම්සේ භික්ෂූහු හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹෙන්නාහු ද, එසේ කරන්නමු” යි කීය. මහණෙනි, ඒ මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එ තන්හි ම අතුරුදහන් විය.
113. “අනුජානාමි භික්ඛවෙ, චරථ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච භික්ඛවෙ, ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති.
113. මහණෙනි, තොපට අනුදනිමි: “බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ත්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්කජාතික සත්වයෝ ඇත. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. එතෙකුදු වුවත්, මහණෙනි, හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹියයුතු යැ” යි (වදාළහ.)
114. අථ ඛො භික්ඛවෙ, භික්ඛූ යෙභුය්යෙන එකාහෙනෙව ජනපදචාරිකං පක්කමිසුං. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන ජම්බුදීපෙ චතුරාසීති ආවාසසහස්සානි හොන්ති. එකම්හි වස්සෙ නික්ඛන්තෙ දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තං ඛො මාරිසා එකං වස්සං පඤ්ච’දානි වස්සානි සෙසානි. පඤ්චන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. ද්වීසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා ද්වෙ වස්සානි, චත්තාරිදානි වස්සානි සෙසානි. චතුන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. තීසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා තීණි වස්සානි. තීණි’දානි වස්සානි සෙසානි. තිණ්ණං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. චතුසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා චත්තාරි වස්සානි. ද්වෙ’දානි වස්සානි සෙසානි. ද්වින්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. පඤ්චසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා පඤ්ච වස්සානි. එකං’දානි වස්සං සෙසං. එකස්ස වස්සස්ස අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. ඡසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා ඡබ්බස්සානි. සමයො’දානි බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිතුං පාතිමොක්ඛුද්දෙසායා”ති.
114. මහණෙනි, ඉක්බිත්තෙන් භික්ෂූහු බොහෝ සෙයින් එක් දවසින් ම ජනපදචාරිකායේහි නික්මුණහ. එ සමයෙහි දඹදිවැ සුවාසූදහසක් ආවාසයෝ වෙති. එක් හවුරුද්දක් ගිය කලැ ‘නිදුකාණෙනි’ එක් හවුරුද්දෙක් ගත විය. දැන් හවුරුදු පසෙක් ඉතිරි ව ඇත. පස් හවුරුද්දෙක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතුයැ” යි දෙවියෝ ශබ්දානුශ්‍රාවණය කළහ (හඬ නැගූහ). හවුරුදු දෙකක් ගත වූ කල්හි “නිදුකාණෙනි, දෙහවුරුද්දෙක් ගත විය. දැන් තව සතර හවුරුද්දෙක් ඉතිරි ව ඇත. සතර හවුරුද්දක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. තුන් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, තුන් හවුරුද්දෙක් ගත විය. දැන් තව තුන් හවුරුද්දෙක් ඉතිරි ව ඇත. තුන් හවුරුද්දෙක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. සතර හවුරුද්දක් ගිය කල්හි “නිදුකාණෙනි, සතර හවුරුද්දෙක් ගත විය. දැන් තව හවුරුදු දෙකෙක් ඉතිරි ව ඇත. හවුරුදු දෙක ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. පස් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, පස් හවුරුද්දෙක් ගත විය. දැන් එක් හවුරුද්දෙක් ඉතිරි ය. එක් හවුරුද්දක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. හවුරුදු සයක් ඉක්මි කල්හි “නිදුකාණෙනි, හවුරුදු සයෙක් ගත විය. දැන් පැමොක් උදෙසනුවට බන්ධුමතී රාජධානියට එළැඹෙන්නට කල් වේ” යැ යි දෙවියෝ හඬ නැගූහ.
115. අථ ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ අප්පෙකච්චෙ සකෙන ඉද්ධානුභාවෙන, අප්පෙකච්චෙ දෙවතානං ඉද්ධානුභාවෙන, එකාහෙනෙව බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිංසු පාතිමොක්ඛුද්දෙසාය. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛුසඞ්ඝෙ එවං පාතිමොක්ඛං උද්දිසති:
115. මහණෙනි, එකල්හි ඒ මහණහු, ඇතැම් කෙනෙක් තමන්ගේ ඉදුහ බෙලෙන් ද, තව කෙනෙක් දෙවියන්ගේ ඉදුහ බෙලෙන් ද, බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස එක් දවසින් ම එළැඹියහ. මහණෙනි, එහි භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු භික්ෂුසමාගමයෙහි මෙසේ පාමොක් උදෙසති:
“ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං පරමං වදන්ති බුද්ධා. න හි පබ්බජිතො පරූපඝාතී සමණො හොති පරං විහෙඨයන්තො.
“පරාපකාරත් පරාපවාදත් ඉවැසීම වූ අධිවාසනක්ෂාන්තිය උතුම් තපස යැ යි ද, නිවන සියල්ලෙන් උතුම් ම දහමැ යි ද බුදුවරු වදාරත්. මෙරමා පෙළන්නේ පැවිද්දෙක් නො වේ ම ය. මෙරමා වෙහෙසනුයේ මහණෙක් නො වේ ම ය.
සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං.
සියලු පව් නොකරනු ද, කුසල් උපදවනු හා වඩනු ද, සිය සිත පිරිසිදු කරනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන ය.
අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො, මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං, අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං”ති.
මෙරමාහට උපවාද නොකරනු ද, මෙරමා නොපෙළනු ද, පාමොක් හි සංවරය ද, බතෙහි පමණ දැන්ම ද, ගමින් ඈත සෙනස්නෙහි ඇල්ම ද, අධිචිත්තයෙහි (රූපාරූප අටසමවත්හි) යෙදෙනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන යි.”
116. එකමිදාහං භික්ඛවෙ, සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ. තස්ස මය්හං භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘න ඛො සො සත්තාවාසො සුලභරූපො යො මයා අනජ්ඣාවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. යන්නූනාහං යෙන සුද්ධාවාසා දෙවා තෙනුපසඞ්කමෙය්යන්ති”. අථ ඛො අහං භික්ඛවෙ, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව උක්කට්ඨායං සුභගවනෙ සාලරාජමූලෙ අන්තරහිතො අවිහෙසු දෙවෙසු පාතුරහොසිං.
116. මහණෙනි, මම් එක් සමයෙක්හි උක්කට්ඨාපුරය සමීපයෙහි වූ ශුභගවනයෙහි මහරුක් මුලැ වෙසෙමි. මහණෙනි, එකලා වැ චිත්ත විවේකයෙන් යුක්ත වූ ඒ මට “මේ දීර්ඝකාලය තුළ ශුද්ධාවාසයන් හැර මා නො වුසූ විරූ අන් සත්වාවාසයෙක් වේ ද, එය සුලභරූප නො වේ (දුර්ලභ ය). ශුද්ධාවාසි දෙවියෝ යම් තැනෙක ඇද්ද එතැනට එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති මම් බල ඇති පුරුෂයෙක් යම්සේ හැකුළූ හෝ අත දිගු කරන්නේ ද, දිගු කළ හෝ අත හකුලන්නේ ද, එසේ ම උක්කට්ඨායෙහි ශුභගවනයෙහි වෘක්‍ෂරාජ මූලයෙහි අතුරුදහන් වැ අවිහ දෙවියන් අත්රෙහි පහළ වීමි.
117. තස්මිං භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉතො සො මාරිස, එකනවුතො කප්පෙ යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි ඛත්තියකුලෙ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤා ගොත්තෙන අහොසි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එවං අභිනික්ඛමනං අහොසි, එවං පබ්බජ්ජා, එවං පධානං එවං අභිසම්බොධි, එවං ධම්මචක්කප්පවත්තනං. තෙ මයං මාරිස, විපස්සිම්හි භගවතී බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති -පෙ-
117. මහණෙනි, ඒ දෙව්නකාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා කරා එළැඹුණහ. එළැඹ මා වැඳ එක් පසෙක සිටියහ. මහණෙනි, එක් පසෙක සිටියා වූ ම ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් කලෙක භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් එක්අනූ වන කප ය. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ජාතියෙන් ක්ෂත්රිය වූහ, ක්‍ෂත්‍රියකුලයෙහි උපන්හ. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට ආයුෂප්‍රමාණය වස් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු පළොල් රුක්මුලැ බුදු වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්හට ඛණ්ඩ තිස්ස නම් භද්‍රයුගල වූ අගසවු යුවලෙක් විය. නිදුකාණන් වන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සව්වන් පිළිබඳ තුන් සන්නිපාත කෙනෙක් වූහ: සව්වන් පිළිබඳ එක් සන්නිපාතයෙක් භික්ෂූන් එක්සිය අටසැට දහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්ෂූන් සියදහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්ෂූන් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ හැම දෙන ම රහතුන් වූ ශ්‍රාවකයන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුනට අශෝක නම් භික්ෂූ අග්‍ර උපස්ථායක් වූ උවටු විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ පිය තෙම බන්‍ධුමත් නම් රජ වී ය. වැදූ මෑණියෝ බන්ධුමතී නම් දේවි වූහ. බන්‍ධුමත් රජහුගේ රාජධානිය බන්ධුමතී නම් නගරය විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය මෙසේ විය. පැවිද්ද මෙසේ විය. ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම මෙසේ විය. අභිසම්බෝධිය මෙසේ විය. දම්සක් පැවැත්වීම මෙසේ විය. නිදුකාණන් වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්දය දුරු කොට මෙහි උපන්නමෝ යැ” යි (සැළ කළහ) ...
118. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ තා දෙවතා මං එතදවොචුං:
118. මහණෙනි, ඒ දෙව් නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත ආහ. අවුත් මා වැඳ එක් පසෙක සිටියාහ. මහණෙනි, එක් පසෙක සිටියාවූ ම ඒ දෙවියෝ මට මෙය කීහ:-
“ඉමස්මිං යෙව ඛො මාරිස, භද්දකප්පෙ භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. භගවා මාරිස, ඛත්තියො ජාතියා, ඛත්තියකුලෙ උප්පන්නො. භගවා මාරිස, ගොතමො ගොත්තෙන. භගවතො මාරිස, අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං, යො චිරං ජීවති සො වස්සසතං, අප්පං වා භිය්යො. භගවා මාරිස, අස්සත්ථස්ස මූලෙ අභිසම්බුද්ධො. භගවතො මාරිස, සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භගවතො මාරිස, එකො සාවකානං සන්නිපාතො අහොසි අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. භගවතො මාරිස, අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං. භගවතො මාරිස, ආනන්දො භික්ඛු උපට්ඨාකො අග්ගුපට්ඨාකො. භගවතො මාරිස, සුද්ධොදනො නාම රාජා පිතා, මායා නාම දෙවී මාතා ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානි. භගවතො මාරිස, එවං අභිනික්ඛමනං අහොසි, එවං පබ්බජ්ජා, එවං පධානං, එවං අභිසම්බොධි, එවං ධම්මචක්කප්පවත්තනං. තෙ මයං මාරිස, භගවතී බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.
“නිදුකාණන් වහන්ස, දැන් මේ බදුරු කපෙහි ම භගවත් අර්හත් සම්මාසම්බුදුහු ලොවැ පහළ වූවාහු වෙති. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්රිය සේක, ක්‍ෂත්‍රියකුලයෙහි උපන් සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම වන සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම්, හේ සිය හවුරුද්දක් ජීවත් වෙයි. එයට වැඩි නම් ස්වල්පයකි. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඇසතු රුක් මුලැ බුදු වූ සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සැරියුත් මුගලන් නම් භද්‍රයුගල වූ අක්සවු යුවලෙක් වේ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට භික්ෂූන් එක්දහස්දෙසිය පණසක් වූ සව්වන්ගේ එක් සන්නිපාතයෙක් විය: නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට හැම දෙන ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් ම සන්නිපාතය විය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ආනන්ද නම් භික්ෂූ තෙම අග්‍රෝපස්ථායක වූ උවටු වේ. නිදුකාණන් වහන්ස, ශුද්ධෝදන නම් රජ භාග්‍යවතුන් වහන්සේගේ පියා ය. මායා නම් දේවී වැදූ මවු ය. කිඹුල්වත් නම් පුර රජදහන ය. නිදුකාණන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය විය, මෙසේ පැවිද්ද විය, මෙසේ ප්‍රධන් වැඩීම විය, මෙසේ අභිසම්බෝධිය විය, මෙසේ දම්සක්පැවැත්වීම විය. නිදුකාණන් වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්දය දුරු කොට මෙහි උපනුම්හ” යි (කීහ.)
119. අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි දෙවෙහි සද්ධිං යෙන අතප්පා දෙවා තෙනුපසඞ්කමිං -පෙ- අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සා දෙවා තෙනුපසඞ්කමිං. -පෙ- අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සුදස්සෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සී දෙවා තෙනුපසඞ්කමිං. -පෙ- අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සුදස්සෙහි ච දෙවෙහි සුදස්සීහි ච දෙවෙහි සද්ධිං යෙන අකනිට්ඨා දෙවා තෙනුපසඞ්කමිං. තස්මිං භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතා සතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉතො සො මාරිස, එකනවුතො කප්පො යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. -පෙ-*
119. මහණෙනි, ඉක්බිති මම් අවිහ දෙවියන් හා අතප්ප දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් හා සුසුස්ස දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද කැටුව සුදස්සී දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද සුදස්සී දෙවියන් ද කැටුව අකනිට්ඨක දෙවියන් වෙත ගියෙමි. මහණෙනි, ඒ දෙව් නකාහි නොයෙක් දහස්ගණන් දෙවියෝ නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා කරා ආහ. අවුත් මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස් වැ සිටියා වූ ඒ දෙවියෝ “නිදුකාණන් වහන්ස, භගවත් අර්හත් විපස්සී සම්මාසම්බුදුහු යම් සමයෙක ලොව පහළ වූහු ද, ඒ මෙයින් යට ඒකානූ වන කප යැ ... යි කීහ.
120. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: ඉතො ඛො මාරිස, එකතිංසෙ කප්පෙ යං සිඛී භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, සිඛිම්හි භගවති බ්රහ්මචරියං -පෙ- ඉධූපපන්නා. සො යෙව ඛො මාරිස, එකතිංසො කප්පො යං වෙස්සභූ භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, වෙස්සභුම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව ඛො මාරිස, භද්දෙකප්පෙ කකුසන්ධො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කකුසන්ධම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව මාරිස, භද්දෙකප්පෙ කොණාගමනො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කොණාගමනම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව මාරිස, භද්දකප්පෙ කස්සපො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කස්සපම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නො”ති.
120. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් ව සිටියහ. මහණෙනි, එකත්පස් ව සිටියා වූ ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් සමයෙක්හි භගවත් අර්හත් සිඛී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් යට එක්තිස් වන කප ය ... නිදුකාණන් වහන්ස, මේ අපි භගවත් අර්හත් සිඛී සම්මා සම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, යම් සමයෙක භගවත් අර්හත් වෙස්සභූ සම්මාසම්බුදුහු ලොවැ වූහු ද, ඒ මෙයින් යට ඒ එක්තිස්වන කප මය ... නිදුකාණන් වහන්ස, ඒ අපි භගවත් වෙස්සභූ සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ” යි කීහ. නිදුකාණන් වහන්ස, මේ බදුරු කපෙහි ම භගවත් අර්හත් කකුසන්ධ සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මෙ බදුරු කපෙහි ම භගවත් අර්හත් කෝණාගමන සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම භගවත් අර්හත් කාශ්‍යප සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... ඒ අපි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස කාමච්ඡන්දය දුරැ ලා මෙහි උපනුම්හ” යි කීහ.
121. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉමස්මිං යෙව ඛො මාරිස, භද්දකප්පෙ භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. -පෙ- තෙ මයං මාරිස, භගවති බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.
121. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස්ව සිටියා වූ ඒ දෙවියෝ මට “නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම අර්හත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වූ සේක ... නිදුකාණන් වහන්ස, මුබ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමරාගය දුරු කොට මෙහි උපනුම්හ” යි මෙය කීහ.
122. ඉති ඛො භික්ඛවෙ, තථාගතස්සෙවෙසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්ම ධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ, සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති “එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී”ති. දෙවතා’පි තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතො -පෙ- අනුස්සරති -පෙ- එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී”ති.
122. මහණෙනි, මෙසේ යම් ධර්මධාතුවක් මොනොවට පිළිවිදි බැවින් තථාගත තෙමේ “ඒ භගවත්හු මෙ නම් ජාතියෙහි උපන්හ යි ද, මෙ නම් ඇත්තෝ, මෙ නම් ගෝත්‍ර ඇත්තෝ, මෙබඳු ධර්ම ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ” යි පිරිනිවියාවූ, සිඳිනලද ප්‍රපඤ්ච ඇති, සිඳින ලද වර්ත්ම ඇති, ක්ෂීණ කරන ලද තුන් වට ඇති, සියලු දුක් ඉක්මවූ අතීත බුදුවරුන් ජාති විසිනුත් සිහි කෙරේ ද, නාම විසිනුත් සිහි කෙරේ ද, ගෝත්‍ර විසිනුත් සිහි කෙරේ ද, ආයුෂ්ප්‍රමාණ විසිනුත් සිහි කෙරේ ද, ශ්රාවකයුග විසිනුත් සිහි කෙරේ ද, ශ්‍රාවකසන්නිපාත විසිනුත් සිහි කෙරේ ද, මහණෙනි, තථාගත බුදුන් විසින් ම ඒ ධර්මධාතුව මොනොවට පිළිවිදුනා ලද්දේ ය ... ‘ඒ භගවත්හු මෙබඳු විමුක්ති ඇත්තෝ වූ හ’ යි ද තථාගත බුදුහු පිරිනිවියා වූ අතීත බුදුවරුන් යමෙකින් සිහි කෙරෙද්ද ... දෙවියෝත් මෙ කරුණ තථාගත බුදුනට දැන්වූහ.
ඉදමවොච භගවා අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
මහාපදානසුත්තං නිට්ඨිතං පඨමං.
පළමු වන මහාපදාන සූත්‍රය නිමියේ යි.