6. මහාලිසුත්තවණ්ණනා අට්ඨකථා
6. මහාලිසුත්තවණ්ණනා
6. මහාලි සූත්‍ර වර්ණනාව
බ්රාහ්මණදූතවත්ථුවණ්ණනා
එවං මෙ සුතං – එකං සමයං භගවා වෙසාලියන්ති මහාලිසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා.
එවං මෙ සුතං -පෙ- වෙසාලියං යනු මහාලි සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
වෙසාලියන්ති පුනප්පුනං විසාලභාවූපගමනතො වෙසාලීති ලද්ධනාමකෙ නගරෙ. මහාවනෙති බහිනගරෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධං හුත්වා ඨිතං සයං ජාතවනං අත්ථි, යං මහන්තභාවෙනෙව මහාවනන්ති වුච්චති, තස්මිං මහාවනෙ. කූටාගාරසාලායන්ති තස්මිං වනසණ්ඩෙ සඞ්ඝාරාමං පතිට්ඨපෙසුං. තත්ථ කණ්ණිකං යොජෙත්වා ථම්භානං උපරි කූටාගාරසාලාසඞ්ඛෙපෙන දෙවවිමානසදිසං පාසාදං අකංසු, තං උපාදාය සකලොපි සඞ්ඝාරාමො “කූටාගාරසාලා”ති පඤ්ඤායිත්ථ. භගවා තං වෙසාලිං උපනිස්සාය තස්මිං සඞ්ඝාරාමෙ විහරති. තෙන වුත්තං – “වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය”න්ති. කොසලකාති කොසලරට්ඨවාසිනො. මාගධකාති මගධරට්ඨවාසිනො. කරණීයෙනාති අවස්සං කත්තබ්බකම්මෙන. යඤ්හි අකාතුම්පි වට්ටති, තං කිච්චන්ති වුච්චති, යං අවස්සං කාතබ්බමෙව, තං කරණීයං නාම.
වෙසාලියං නැවත නැවත විශාලභාවයට පැමිණෙන බැවින් වෙසාලී යයි ලදනම් ඇති නගරයෙහි. මහාවනෙ පිටනුවර හිමාලය සමග ඒකාබද්ධව සිටි ඉබේ හටගත් වනයක් ඇත. යමක් මහත් බව නිසාම මහා වනයයි කියනු ලැබේද ඒ මහා වනයෙහි. කූටාගාර සාලායං ඒ වනලැහැබෙහි සංඝාරාමයක් පිහිටවූහ. එහි කර්ණිකාවක් යොදා ටැම් මත කූටාගාර ශාලා එක්කොට දෙව් විමසක් බඳු ප්‍රාසාදයක් කළාහුය. ඒ සඳහා මුළු සංඝාරාමයම කූටාගාර ශාලායයි හැඳින්විණ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙසාලි නගරය ආශ්‍රය කොට ඒ සංඝාරාමයෙහි වැඩවසන සේක. එහෙයින් කියන ලදි. වෙසාලියං විහරති මහාවනෙ කූටාගාර සාලායං යනුවෙන්. කොසලකා කොසොල්රට වැසියෝ. මාගධකා මගධ රටවැසියෝ. කරණීයෙන අවශ්‍යයෙන් කළයුතු කාර්යයකින් යමක් නොකිරීමට ද වටීද එය කිච්ච යයි කියනු ලැබේ. යමක් අවශ්‍යයෙන්ම කළයුතුනම් එය කරණීය නමි.
පටිසල්ලීනො භගවාති නානාරම්මණචාරතො පටික්කම්ම සල්ලීනො නිලීනො, එකීභාවං උපගම්ම එකත්තාරම්මණෙ ඣානරතිං අනුභවතීති අත්ථො. තත්ථෙවාති තස්මිඤ්ඤෙව විහාරෙ. එකමන්තන්ති තස්මා ඨානා අපක්කම්ම තාසු තාසු රුක්ඛච්ඡායාසු නිසීදිංසු.
පතිසල්ලානො භගවා නොයෙක් අරමුණු හැසිරීමෙන් ඉවත්ව ක්‍රියාශීලීව සැඟවුණේ. හුදෙකලා බවට පැමිණ හුදෙකලා අරමුණෙහි ධ්‍යාන රතිය අනුභව කරයි යන අර්ථයි. තත්ථෙව ඒ විහාරයෙහිම. එකමන්තං උණුසුම් තැනින් ඉවත්ව ඒ ඒ රුක්සෙවනවල හුන්නාහුය.
ඔට්ඨද්ධලිච්ඡවීවත්ථුවණ්ණනා
ඔට්ඨද්ධොති අද්ධොට්ඨතාය එවංලද්ධනාමො. මහතියා ලිච්ඡවීපරිසායාති පුරෙභත්තං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා භගවතො සන්තිකෙ උපොසථඞ්ගානි අධිට්ඨහිත්වා ගන්ධමාලාදීනි ගාහාපෙත්වා උග්ඝොසනාය මහතිං ලිච්ඡවිරාජපරිසං සන්නිපාතාපෙත්වා තාය නීලපීතාදිවණ්ණවත්ථාභරණවිලෙපනපටිමණ්ඩිතාය තාවතිංසපරිසසප්පටිභාගාය මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං උපසඞ්කමි. අකාලො ඛො මහාලීති තස්ස ඔට්ඨද්ධස්ස මහාලීති මූලනාමං, තෙන මූලනාමමත්තෙන නං ථෙරො මහාලීති ආලපති. එකමන්තං නිසීදීති පතිරූපාසු රුක්ඛච්ඡායාසු තාය ලිච්ඡවිපරිසාය සද්ධිං රතනත්තයස්ස වණ්ණං කථයන්තො නිසීදි.
ඔට්ඨද්ධො තොලින් අඩක් ඇති බැවින් මෙසේ ලද නම් ඇති. මහතියා ලිච්ඡවි පරිසාය පෙරබත බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපෝසථ අංග අධිෂ්ඨාන කොට ගඳමල් ආදිය ගෙන්වාගෙන උද්ඝෝෂණය පිණිස විශාල ලිච්ඡවීන් පිරිසක් රැස්කරවා ඒ නීල පීත ආදී වර්ණ ඇති වස්ත්රාභරණ විලේපනයන්ගෙන් අලංකාර වූ තව්තිසා පිරිසක් වැනි මහත් ලිච්ඡවී රජ පිරිසක් සමග එළඹියේය. අකාලො ඛො මහාලි ඒ අඩතොල්ලාගේ මහාලී නම් මුල් නමයි. එයින් තෙරුන්වහන්සේ ඔහුට කථා කරත්. එකමන්තං සුදුසු රුක් සෙවනැලිවල ඒ ලිච්ඡවී පිරිස සමග තෙරුන් ගුණ කියමින් හුන්නේය.
සීහො සමණුද්දෙසොති ආයස්මතො නාගිතස්ස භාගිනෙය්යො සත්තවස්සකාලෙ පබ්බජිත්වා සාසනෙ යුත්තපයුත්තො “සීහො”ති එවංනාමකො සාමණෙරො, සො කිර තං මහාපරිසං දිස්වා – “අයං පරිසා මහතී, සකලං විහාරං පූරෙත්වා නිසින්නා, අද්ධා භගවා අජ්ජ ඉමිස්සා පරිසාය මහන්තෙන උස්සාහෙන ධම්මං දෙසෙස්සති, යංනූනාහං උපජ්ඣායස්සාචික්ඛිත්වා භගවතො මහාපරිසාය සන්නිපතිතභාවං ආරොචාපෙය්ය”න්ති චින්තෙත්වා යෙනායස්මා නාගිතො තෙනුපසඞ්කමි. භන්තෙ කස්සපාති ථෙරං ගොත්තෙන ආලපති. එසා ජනතාති එසො ජනසමූහො.
සීහො සමනුද්දෙසො ආයුෂ්මත් නාගිත හිමියන්ගේ බැණනුවෝ සත්වස් කල්හි පැවිදිව සසුනෙහි යෝග්‍යව සීහ නම් ඇති සාමණේරයෝ. උන්වහන්සේ ඒ මහ පිරිස දැක මේ පිරිස විශාලය. මුළු වෙහෙර පුරා හුන්නේය. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අද මේ පිරිසට මහත් උත්සාහයකින් දහම් දෙසන සේක. මම ද උපාධ්‍යායයන්ට කියා භාග්‍යවතුන් වහන්සේට මහපිරිස රැස්වූ බව දන්වන්නෙමි නම් මැනවැයි සිතා නාගිත හිමියන් සිටි තැනට එළඹියෝය. භන්තෙ කස්සප තෙරුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. එසාජනතා මේ ජන සමූහය.
ත්වඤ්ඤෙව භගවතො ආරොචෙහීති සීහො කිර භගවතො විස්සාසිකො, අයඤ්හි ථෙරො ථූලසරීරො, තෙනස්ස සරීරගරුතාය උට්ඨානනිසජ්ජාදීසු ආලසියභාවො ඊසකං අප්පහීනො විය හොති. අථායං සාමණෙරො භගවතො කාලෙන කාලං වත්තං කරොති. තෙන නං ථෙරො “ත්වම්පි දසබලස්ස විස්සාසිකො”ති වත්වා ගච්ඡ ත්වඤ්ඤෙවාරොචෙහීති ආහ. විහාරපච්ඡායායන්ති විහාරඡායායං, කූටාගාරමහාගෙහච්ඡායාය ඵරිතොකාසෙති අත්ථො. සා කිර කූටාගාරසාලා දක්ඛිණුත්තරතො දීඝා පාචීනමුඛා, තෙනස්සා පුරතො මහතී ඡායා පත්ථටා හොති, සීහො තත්ථ භගවතො ආසනං පඤ්ඤපෙසි.
ත්වඤ්ඤෙව භගවතො ආරොවෙහි සීහ භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසවන්තයෙකි. මේ තෙරුන් වහන්සේ ස්ථුල ශරීර ඇත්තෝය. එහෙයින් උන්වහන්සේට ශරීරය බර බැවින් නැගිටීම් හිඳීම් ආදියෙහි අලස බව මඳක් හීන නොවූයේ මෙන් වෙයි. ඉක්බිති මේ සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කලින් කල වත් සපයති. ඒ නිසා තෙරුන්වහන්සේ එහුට ‘ඔබද දසබලධාරීන් වහන්සේට විශ්වාසවන්තයෙකි’යි කියා ‘යව ඔබම දන්වවයි’ කීහ. විහාර පච්ඡායාය විහාර සෙවනෙහි කූටාගාර මහා ගෘහයෙහි සෙවනින් පැතිරුණු අවකාශයෙහි යන අර්ථයි. ඒ කූටාගාර ශාලාව දකුණු උතුරුදෙසට දිගය. පෙරදිග බලා සිටී. ඒ නිසා එහි ඉදිරියෙහි මහා සෙවනක් පැතිරී තිබේ. සිංහ භාග්‍යවතුන් වහන්සේට එහි අසුනක් පැනවීය.
අථ ඛො භගවා ද්වාරන්තරෙහි චෙව වාතපානන්තරෙහි ච නික්ඛමිත්වා විධාවන්තාහි විප්ඵරන්තීහි ඡබ්බණ්ණාහි බුද්ධරස්මීහි සංසූචිතනික්ඛමනො වලාහකන්තරතො පුණ්ණචන්දො විය කූටාගාරසාලතො නික්ඛමිත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. තෙන වුත්තං – “අථ ඛො භගවා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායාය පඤ්ඤත්තෙ ආසනෙ නිසීදී”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දොර අතුරින්ද වාකවුළු අතරින්ද නික්ම ඔබමොබ දුවන්නා වූද පැතිරෙන්නා වූද සවණක් බුදුරැසින් වලාකුළු අතරින් නික්මෙන පූර්ණචන්ද්රයා මෙන් කූටාගාර ශාලවෙන් නික්ම පැනවූ බුදු අසුනෙහි වැඩහුන් සේක. එහෙයින් කියන ලදි. අථඛො භගවා විහාරා නික්ඛම්ම විහාර පච්ඡායායය පඤ්ඤත්තෙ ආසනෙ නිසිදි යනුවෙන්.
පුරිමානි, භන්තෙ, දිවසානි පුරිමතරානීති එත්ථ හිය්යො දිවසං පුරිමං නාම, තතො පරං පුරිමතරං. තතො පට්ඨාය පන සබ්බානි පුරිමානි චෙව පුරිමතරානි ච හොන්ති. යදග්ගෙති මූලදිවසතො පට්ඨාය යං දිවසං අග්ගං පරකොටිං කත්වා විහරාමීති අත්ථො, යාව විහාසින්ති වුත්තං හොති. ඉදානි තස්ස පරිමාණං දස්සෙන්තො “නචිරං තීණි වස්සානී”ති ආහ. අථ වා යදග්ගෙති යං දිවසං අග්ගං කත්වා නචිරං තීණි වස්සානි විහරාමීතිපි අත්ථො. යං දිවසං ආදිං කත්වා නචිරං විහාසිං තීණියෙව වස්සානීති වුත්තං හොති. අයං කිර භගවතො පත්තචීවරං ගණ්හන්තො තීණි සංවච්ඡරානි භගවන්තං උපට්ඨාසි, තං සන්ධාය එවං වදති.
පුරිමානි භන්තෙ දිවසානි පුරිමතරානි මෙහි ඊයේ දවස පුරිම නමි. ඉන්පසු පුරිමතරය. එතැන්පටන් සියල්ල පුරිමද පුරිමතරද වෙයි. යදග්ගෙ මුල් දවසෙහි පටන් යම් දවසක් අග්‍රකොට එහා කොන කොට වසමි යන අර්ථයි. යම්තාක් වාසය කළසේක්දැයි කියන ලදද දැන් එහි පරිමාණය දක්වන්නේ නචිරං තීණි වස්සානි යි කීය. නැතහොත් යදග්ගෙ යනු යම් දවසක් අගකොට නොබෝකලක් තුන්වසක් වසමි යන අර්ථයි. යම් දවසක් ආදිකොට නොබෝ කලක් තුන්වසක් වැසුවෙමි යි කියන ලද්දේ වෙයි. මොහු භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන තුන්වසක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කෙළේය. ඒ සඳහා මෙසේ කියයි.
පියරූපානීති පියජාතිකානි සාතජාතිකානි. කාමූපසංහිතානීති කාමස්සාදයුත්තානි. රජනීයානීති රාගජනකානි. නො ච ඛො දිබ්බානි සද්දානීති කස්මා සුනක්ඛත්තො තානි න සුණාති? සො කිර භගවන්තං උපසඞ්කමිත්වා දිබ්බචක්ඛුපරිකම්මං යාචි, තස්ස භගවා ආචික්ඛි, සො යථානුසිට්ඨං පටිපන්නො දිබ්බචක්ඛුං උප්පාදෙත්වා දෙවතානං රූපානි දිස්වා චින්තෙසි “ඉමස්මිං සරීරසණ්ඨානෙ සද්දෙන මධුරෙන භවිතබ්බං, කථං නු ඛො නං සුණෙය්ය”න්ති භගවන්තං උපසඞ්කමිත්වා දිබ්බසොතපරිකම්මං පුච්ඡි. අයඤ්ච අතීතෙ එකං සීලවන්තං භික්ඛුං කණ්ණසක්ඛලියං පහරිත්වා බධිරමකාසි. තස්මා පරිකම්මං කරොන්තොපි අභබ්බො දිබ්බසොතාධිගමාය. තෙනස්ස න භගවා පරිකම්මං කථෙසි. සො එත්තාවතා භගවති ආඝාතං බන්ධිත්වා චින්තෙසි – “අද්ධා සමණස්ස ගොතමස්ස එවං හොති – ‘අහම්පි ඛත්තියො අයම්පි ඛත්තියො, සචස්ස ඤාණං වඩ්ඪිස්සති, අයම්පි සබ්බඤ්ඤූ භවිස්සතී’ති උසූයාය මය්හං න කථෙසී”ති. සො අනුක්කමෙන ගිහිභාවං පත්වා තමත්ථං මහාලිලිච්ඡවිනො කථෙන්තො එවමාහ.
පියරූපානි ප්‍රිය වූ දේ ප්‍රසන්න වූ දේ. කාමූප සංහිතානි කාමාස්වාද ඇති. රජනීයානි රාගය ඇතිකරන, නොචඛො දිබ්බානි සද්දානි කුමක් නිසා සුනක්ඛත්ත ඒවා නොඅසයිද? හේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ දිබ්බචක්ඛු පරිකර්මය ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට එය කියා දුන් සේක. ඔහු අනුශාසනා කළ පරිදි පිළිපන්නේ දිවැස් උපදවා දෙවියන්ගේ රූප දැක මෙසේ සිතීය. මේ සිරුරු පැවැත්වීමෙහි ශබ්දය මිහිරි විය යුතුය. එය කෙසේ අසන්නෙම්ද? භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ දිබ්බසෝත පරිකර්මය ඇසීය. මොහු අතීතයේ දී එක් සිල්වත් භික්ෂුවකගේ කන්සිදුරට පහරදී බිහිරි කළේය. ඒ නිසා පරිකර්ම කරන්නේ වුවද දිබ්බසෝත අධිගමයට අභව්‍ය විය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට පරිකර්මය කියා නුදුන් සේක. හේ එපමණකින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ මෙසේ සිතීය. ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ සිතෙනු ඇත. මම ද ක්‍ෂත්‍රියයෙමි. මොහුද ක්ෂත්රියය. ඉදින් මම මොහුගේ ඥානය මැඩුණොත් මොහුද සර්වඥ වන්නේ යයි ඊර්ෂ්‍යාවෙන් මට නොකියයි. හේ ක්‍රමයෙන් ගිහි බවට පත්ව ඒ බව මහා ලිච්ඡවීට කියන්නේ මෙසේ කීවේය.
එකංසභාවිතොති එකංසාය එකකොට්ඨාසාය භාවිතො, දිබ්බානං වා රූපානං දස්සනත්ථාය දිබ්බානං වා සද්දානං සවනත්ථාය භාවිතොති අත්ථො. තිරියන්ති අනුදිසාය. උභයංසභාවිතොති උභයංසාය උභයකොට්ඨාසාය භාවිතොති අත්ථො. අයං ඛො මහාලි හෙතූති අයං දිබ්බානංයෙව රූපානං දස්සනාය එකංසභාවිතො සමාධි හෙතු. ඉමමත්ථං සුත්වා සො ලිච්ඡවී චින්තෙසි – “ඉදං දිබ්බසොතෙන සද්දසුණනං ඉමස්මිං සාසනෙ උත්තමත්ථභූතං මඤ්ඤෙ ඉමස්ස නූන අත්ථාය එතෙ භික්ඛූ පඤ්ඤාසම්පි සට්ඨිපි වස්සානි අපණ්ණකං බ්රහ්මචරියං චරන්ති, යංනූනාහං දසබලං එතමත්ථං පුච්ඡෙය්ය”න්ති.
එකංස භාවිතො එක් අංශයකින්, එක් කොටසකින් භාවිත කරන ලද්දේ දිව්‍යමය රූප දැකීම පිණිස දිව්‍යමය ශබ්ද ඇසීම පිණිස භාවිත කරන ලද්දේය යන අර්ථයි. තිරියං අනුදිශාව. උභයංස භාවිතො අංශ දෙකක් සඳහා කොටස් දෙකක් සඳහා භාවිත කරන ලද්දේය යන අර්ථයි. අයංඛො මහාලිහෙතු මොහු දිව්‍යමය රූප දැකීම පිණිස එක් අංශයක් භාවිතා කරන ලද්දේ සමාධියට හේතුවෙයි. මේ කරුණ අසා ඒ ලිච්ඡවියා මෙසේ සිතීය. මේ දිවකනින් ශබ්ද ඇසීම මේ සසුනෙහි උතුම් වූවක් යයි සිතමි. මේ අර්ථය සඳහා මේ භික්ෂූහු වර්ෂ පනහක් හැටක් අපණ්ණක බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නෙමි නම් මැනවි.’
තතො තමත්ථං පුච්ඡන්තො “එතාසං නූන, භන්තෙ”තිආදිමාහ. සමාධිභාවනානන්ති එත්ථ සමාධියෙව සමාධිභාවනා, උභයංසභාවිතානං සමාධීනන්ති අත්ථො. අථ යස්මා සාසනතො බාහිරා එතා සමාධිභාවනා, න අජ්ඣත්තිකා. තස්මා තා පටික්ඛිපිත්වා යදත්ථං භික්ඛූ බ්රහ්මචරියං චරන්ති, තං දස්සෙන්තො භගවා “න ඛො මහාලී”තිආදිමාහ.
ඉන්පසු ඒ කරුණ විමසන්නේ එතාසංනුන භන්තෙ ආදිය කීය. සමාධි භාවනාහං මෙහි සමාධියම සමාධි භාවනාවය. අංශ දෙකින් භාවිත කළ සමාධීන්ගේ යන අර්ථයි. එසේනම් යම්හෙයකින් ශාසනයෙන් බැහැර මේ සමාධි භාවනාව ආධ්‍යාත්මික නොවේනම්, ඒ නිසා එය පිළිකෙව් කොට යම් අර්ථයක් සඳහා භික්ෂූහු බ්රහ්මචර්යය හැසිරෙත්ද එය දක්වන්ට භාග්‍යවතුන් වහන්සේ නඛො මහාලි ආදිය කී සේක.
චතුඅරියඵලවණ්ණනා
තිණ්ණං සංයොජනානන්ති සක්කායදිට්ඨිආදීනං තිණ්ණං බන්ධනානං. තානි හි වට්ටදුක්ඛමයෙ රථෙ සත්තෙ සංයොජෙන්ති, තස්මා සංයොජනානීති වුච්චන්ති. සොතාපන්නො හොතීති මග්ගසොතං ආපන්නො හොති. අවිනිපාතධම්මොති චතූසු අපායෙසු අපතනධම්මො. නියතොති ධම්මනියාමෙන නියතො. සම්බොධිපරායණොති උපරිමග්ගත්තයසඞ්ඛාතා සම්බොධි පරං අයනං අස්ස, අනෙන වා පත්තබ්බාති සම්බොධිපරායණො.
තීණි සංයොජනානි සක්කාය දිට්ඨි ආදී බන්ධන තුනෙහි, ඒවා සංසාර දුඃඛයෙන් සැදූ රථයෙහි සත්ත්වයන් යොදයි. ඒ නිසා සංයෝජනයයි කියනු ලැබේ. සොතාපන්නො හොති මාර්ග ශ්රෝතසයට පැමිණියේ වෙයි. අවිනිපාත ධම්මො සතර අපායෙහි නොවැටෙන ධර්ම. නියතො ධර්මනියාමයෙන් නියත වූ සම්බොධිපරායනො මත්තෙහි මාර්ගත්රය සංඛ්‍යාත සම්බෝධියට එකම මාර්ගය මොහු විසින් පැමිණිය යුතු වන්නේයයි සම්බොධිපරායනො.
තනුත්තාති පරියුට්ඨානමන්දතාය ච කදාචි කරහචි උප්පත්තියා ච තනුභාවා. ඔරම්භාගියානන්ති හෙට්ඨාභාගියානං, යෙ හි බද්ධො උපරි සුද්ධාවාසභූමියං නිබ්බත්තිතුං න සක්කොති. ඔපපාතිකොති සෙසයොනිපටික්ඛෙපවචනමෙතං. තත්ථ පරිනිබ්බායීති තස්මිං උපරිභවෙයෙව පරිනිබ්බානධම්මො. අනාවත්තිධම්මොති තතො බ්රහ්මලොකා පුන පටිසන්ධිවසෙන අනාවත්තනධම්මො. චෙතොවිමුත්තින්ති චිත්තවිසුද්ධිං, සබ්බකිලෙසබන්ධනවිමුත්තස්ස අරහත්තඵලචිත්තස්සෙතං අධිවචනං. පඤ්ඤාවිමුත්තින්ති එත්ථාපි සබ්බකිලෙසබන්ධනවිමුත්තා අරහත්තඵලපඤ්ඤාව පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. සයන්ති සාමං. අභිඤ්ඤාති අභිජානිත්වා. සච්ඡිකත්වාති පච්චක්ඛං කත්වා. අථ වා අභිඤ්ඤා සච්ඡිකත්වාති අභිඤ්ඤාය අභිවිසිට්ඨෙන ඤාණෙන සච්ඡිකරිත්වාතිපි අත්ථො. උපසම්පජ්ජාති පත්වා පටිලභිත්වා. ඉදං සුත්වා ලිච්ඡවිරාජා චින්තෙසි – “අයං පන ධම්මො න සකුණෙන විය උප්පතිත්වා, නාපි ගොධාය විය උරෙන ගන්ත්වා සක්කා පටිවිජ්ඣිතුං, අද්ධා පන ඉමං පටිවිජ්ඣන්තස්ස පුබ්බභාගප්පටිපදාය භවිතබ්බං, පුච්ඡාමි තාව න”න්ති.
තනුත්තා අධික උත්සාහය මඳ බැවින් ඉඳහිට උපනින්ද සිහින් බව. ඔරම්භාගියානං යට කොටස, මෙයින් බැඳුණෝ මත්තෙහි සුද්ධාවාස භූමියෙහි උපදින්ට නොහැකි වෙති. ඔපපාතිකො සෙසු යෝනි පිළිකෙව් කරන වචනයකි මෙය. තත්ථ පරිනිබ්බායි ඒ මතු භවයෙහිම පිරිනිවන්පාන ස්වභාවය ඇති. අනාවත්ති ධම්මො එතැනින් එහා නැවත ප්රතිසන්ධි වශයෙන් බ්‍රහ්මලෝක නොපවත්නා ස්වභාවය. චෙතො විමුත්ති චිත්ත විමුක්තිය. සියලු කෙලෙස් බැඳුම්වලින් මිදුණු අර්හත්ඵල චිත්තයට මෙය සමාන වචනයකි. පඤ්ඤාවිමුත්ති මෙහිද සියලු කෙලෙස් බැඳුම්වලින් මිදුණු අර්හත්ඵල ප්‍රඥාව පඤ්ඤා විමුත්ති යයි දතයුතුය. දිට්ඨෙව ධම්මෙ මේ ආත්මභාවයෙහිම සයං තමාම. අභිඤ්ඤා මැනවින් දැන. සච්ඡිකත්වා ප්රත්යක්ෂ කොට, නැතහොත් අභිඤ්ඤා සච්ඡිකත්වා මැනවින් දැන අති විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට යන අර්ථයි. උපසම්පජ්ජ පැමිණ, ලැබ. මේ අසා ලිච්ඡවී මෙසේ සිතීය. මේ උතුම් ධර්මයෙකි. පක්ෂියකු මෙන් උඩට නැග ගොයකු මෙන් බඩගා අවබෝධ කිරීමට නොහැකිය. ඒකාන්තයෙන් මෙය අවබෝධ කරන්නාට පූර්වභාග ප්‍රතිපදාව තිබිය යුතුය. එහෙත් එය විමසමියි
අරියඅට්ඨඞ්ගිකමග්ගවණ්ණනා
තතො භගවන්තං පුච්ඡන්තො “අත්ථි පන භන්තෙ”තිආදිමාහ. අට්ඨඞ්ගිකොති පඤ්චඞ්ගිකං තුරියං විය අට්ඨඞ්ගිකො ගාමො විය ච අට්ඨඞ්ගමත්තොයෙව හුත්වා අට්ඨඞ්ගිකො, න අඞ්ගතො අඤ්ඤො මග්ගො නාම අත්ථි. තෙනෙවාහ – “සෙය්යථිදං, සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධී”ති.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ අත්‍ථිපන භන්තෙ ආදිය කීය. අට්ඨංගිකො පංචාංග තූර්යය මෙන් කුටි අටක් ඇති ගමක් මෙන් හෝ අෂ්ටාංග මාත්‍රයක්ම වී අට්ඨංගිකො අංගයන්ගෙන් අන්‍ය වූ මාර්ගයක් නම් නැත. එහෙයින් සෙය්යථීදං -පෙ- සම්මා දිට්ඨි -පෙ- සම්මා සමාධි යනුවෙන්.
තත්ථ සම්මාදස්සනලක්ඛණා සම්මාදිට්ඨි. සම්මා අභිනිරොපනලක්ඛණො සම්මාසඞ්කප්පො. සම්මා පරිග්ගහණලක්ඛණා සම්මාවාචා. සම්මා සමුට්ඨාපනලක්ඛණො සම්මාකම්මන්තො. සම්මා වොදාපනලක්ඛණො සම්මාආජීවො. සම්මා පග්ගහලක්ඛණො සම්මාවායාමො. සම්මා උපට්ඨානලක්ඛණා සම්මාසති. සම්මා සමාධානලක්ඛණො සම්මාසමාධි. එතෙසු එකෙකස්ස තීණි තීණි කිච්චානි හොන්ති. සෙය්යථිදං, සම්මාදිට්ඨි තාව අඤ්ඤෙහිපි අත්තනො පච්චනීකකිලෙසෙහි සද්ධිං මිච්ඡාදිට්ඨිං පජහති, නිරොධං ආරම්මණං කරොති, සම්පයුත්තධම්මෙ ච පස්සති තප්පටිච්ඡාදකමොහවිධමනවසෙන අසම්මොහතො. සම්මාසඞ්කප්පාදයොපි තථෙව මිච්ඡාසඞ්කප්පාදීනි පජහන්ති, නිරොධඤ්ච ආරම්මණං කරොන්ති, විසෙසතො පනෙත්ථ සම්මාසඞ්කප්පො සහජාතධම්මෙ අභිනිරොපෙති. සම්මාවාචා සම්මා පරිග්ගණ්හති. සම්මාකම්මන්තො සම්මා සමුට්ඨාපෙති. සම්මාආජීවො සම්මා වොදාපෙති. සම්මාවායාමො සම්මා පග්ගණ්හති. සම්මාසති සම්මා උපට්ඨාපෙති. සම්මාසමාධි සම්මා පදහති.
එහි මනා දර්ශන ලක්ෂණ සම්මාදිට්ඨි යයි මනා සිත පිහිටුවීමේ ලක්ෂණය සම්මා සංකප්පො. මනා පරිග්‍රහ ලක්ෂණය සම්මා වාචා මනාසේ කිරීමේ ලක්ෂණය සම්මා කම්මන්තො. මනාසේ පිරිසිදු කරන ලක්ෂණය සම්මා ආජීවො මැනවින් අල්ලාගන්නා ලක්ෂණය සම්මා වායාමො. මැනවින් නැගිටීමේ ලක්ෂණය සම්මා සමාධි. මේ එක එකකට කෘත්‍ය තුන බැගින් තිබේ. ඒ කෙසේද යත්, සම්මා දිට්ඨිය තමාගේ අන් කෙලෙස් සමග මිච්ඡා දිට්ඨිය අත්හරී. නිරෝධයද අරමුණු කරයි. එය වසාදමන මෝහය නැතිකිරීම් වශයෙන් ඉවත්කරන ලද මෝහයෙන්. සම්ප්‍රයුක්ත ධර්මයන්ද දකී. සම්මා සංකප්ප ආදියද එසේම මිච්ඡාදිට්ඨි සංකප්ප ආදීන්ද අත්හැර දමයි. නිරෝධයද අරමුණු කර ගනී. විශේෂ වශයෙන් මෙහි සම්මා සංකප්පය සහජාත ධර්මයන්ද පිහිටුවාගනී. සම්මා වාචා මනාසේ ලබාගනී. සම්මා කම්මන්තය මනාසේ ඔසවා තබයි. සම්මා ආජීවය, මනාසේ සෝදා හරියි. සම්මා වායාමය මනාසේ අල්ලා ගනී. සම්මා සතිය මනාසේ එළඹ සිටී. සම්මා සමාධිය මනාසේ වැළඳ ගනී.
අපි චෙසා සම්මාදිට්ඨි නාම පුබ්බභාගෙ නානාක්ඛණා නානාරම්මණා හොති, මග්ගක්ඛණෙ එකක්ඛණා එකාරම්මණා. කිච්චතො පන “දුක්ඛෙ ඤාණ”න්තිආදීනි චත්තාරි නාමානි ලභති. සම්මාසඞ්කප්පාදයොපි පුබ්බභාගෙ නානාක්ඛණා නානාරම්මණා හොන්ති. මග්ගක්ඛණෙ එකක්ඛණා එකාරම්මණා. තෙසු සම්මාසඞ්කප්පො කිච්චතො “නෙක්ඛම්මසඞ්කප්පො”තිආදීනි තීණි නාමානි ලභති. සම්මා වාචාදයො තිස්සො විරතියොපි හොන්ති, චෙතනාදයොපි හොන්ති, මග්ගක්ඛණෙ පන විරතියෙව. සම්මාවායාමො සම්මාසතීති ඉදම්පි ද්වයං කිච්චතො සම්මප්පධානසතිපට්ඨානවසෙන චත්තාරි නාමානි ලභති. සම්මාසමාධි පන පුබ්බභාගෙපි මග්ගක්ඛණෙපි සම්මාසමාධියෙව.
තවද මේ සම්මා දිට්ඨිය නම් පූර්ව භාගයෙහි නානාක්ෂණ නානා ආරම්මණ ඇත්තේ වෙයි. මාර්ග කාලයෙහි එක් ක්ෂණයක් ඇත. එක් අරමුණක් ඇත. කෘත්‍ය වශයෙන් දුක්ඛෙ ඤාණං ආදී නම් සතරක් ලබයි. සම්මා සංකප්ප ආදියද පූර්වභාගයෙහි නානාක්ෂණ ඇත්තේය. නානා ආරම්මණ ඇත්තේය. මාර්ග කාලයෙහි එක් ක්ෂණයක් ඇත. එක් අරමුණක් ඇත. ඒවා අතර සම්මා සංකප්පය කෘත්‍ය වශයෙන් නෙක්ඛම්ම සංකප්ප ආදී නම් තුනක් ලබයි. සම්මා වාචා ආදියද විරති තුනද වෙයි. චේතනාද මාර්ගක්ෂණයෙහි විරතියමය. සම්මා වායාම සම්මා සති යන මේ දෙක කෘත්‍ය වශයෙන් සම්මප්පධාන, සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය වනාහි මාර්ගක්ෂණයෙහි ද සම්මා සමාධියමය.
ඉති ඉමෙසු අට්ඨසු ධම්මෙසු භගවතා නිබ්බානාධිගමාය පටිපන්නස්ස යොගිනො බහුකාරත්තා පඨමං සම්මාදිට්ඨි දෙසිතා. අයඤ්හි “පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාසත්ථ”න්ති (ධ· ස· 20) ච වුත්තා. තස්මා එතාය පුබ්බභාගෙ විපස්සනාඤාණසඞ්ඛාතාය සම්මාදිට්ඨියා අවිජ්ජන්ධකාරං විධමිත්වා කිලෙසචොරෙ ඝාතෙන්තො ඛෙමෙන යොගාවචරො නිබ්බානං පාපුණාති. තෙන වුත්තං – “නිබ්බානාධිගමාය පටිපන්නස්ස යොගිනො බහුකාරත්තා පඨමං සම්මාදිට්ඨි දෙසිතා”ති.
මෙසේ ධර්ම අට අතර භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්වාණ අධිගමය පිණිස පිළිපන් යෝගියාට උපකාරී බැවින් පළමුව සම්මා දිට්ඨිය දේශනා කරන ලදි. මෙය ප්‍රඥා ප්රදීපයයි ද, ප්‍රඥා ආයුධය යයිද කියන ලදි. ඒ නිසා මේ පූර්වභාගයෙහි විදර්ශනා ඥාන සංඛ්‍යාත සම්මා දිට්ඨියෙන් අවිද්යාන්ධකාරය දුරුකොට කෙලෙස් සතුරන් ඝාතනය කරමින්, යහතින් යෝගාවචරයා නිවනට පැමිණේ. එහෙයින් කියන ලදි. නිර්වාණ අධිගමය පිණිස පිළිපන් යෝගියාට උපකාරී බැවින් පළමුව සම්මා දිට්ඨිය දේශනා කරන ලදි යනුවෙන්,
සම්මාසඞ්කප්පො පන තස්සා බහුකාරො, තස්මා තදනන්තරං වුත්තො. යථා හි හෙරඤ්ඤිකො හත්ථෙන පරිවට්ටෙත්වා පරිවට්ටෙත්වා චක්ඛුනා කහාපණං ඔලොකෙන්තො – “අයං ඡෙකො, අයං කූටො”ති ජානාති. එවං යොගාවචරොපි පුබ්බභාගෙ විතක්කෙන විතක්කෙත්වා විපස්සනාපඤ්ඤාය ඔලොකයමානො – “ඉමෙ ධම්මා කාමාවචරා, ඉමෙ ධම්මා රූපාවචරාදයො”ති පජානාති. යථා වා පන පුරිසෙන කොටියං ගහෙත්වා පරිවට්ටෙත්වා පරිවට්ටෙත්වා දින්නං මහාරුක්ඛං තච්ඡකො වාසියා තච්ඡෙත්වා කම්මෙ උපනෙති, එවං විතක්කෙන විතක්කෙත්වා විතක්කෙත්වා දින්නෙ ධම්මෙ යොගාවචරො පඤ්ඤාය – “ඉමෙ කාමාවචරා, ඉමෙ රූපාවචරා”තිආදිනා නයෙන පරිච්ඡින්දිත්වා කම්මෙ උපනෙති. තෙන වුත්තං – “සම්මාසඞ්කප්පො පන තස්සා බහුකාරො, තස්මා තදනන්තරං වුත්තො”ති. ස්වායං යථා සම්මාදිට්ඨියා එවං සම්මාවාචායපි උපකාරකො. යථාහ – “පුබ්බෙ ඛො, විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දතී”ති, (ම· නි· 1.463) තස්මා තදනන්තරං සම්මාවාචා වුත්තා.
සම්මා සංකප්පය එයට බොහෝ උපකාරීය. ඒ නිසා ඉන් අනතුරුව කියන ලදි. යම්සේ රන්කරුවා අතින් පෙරළ පෙරළා ඇසින් කහවණුව බලමින් ‘මෙය කූටය. මෙය නියම යයි දනීද මෙසේ යෝගාවචරයාද පූර්වභාගයෙහි විතර්කයෙන් විතර්කකොට විතර්කකොට විදර්ශනා ප්‍රඥාව දෙස බලමින් මේ ධර්මයෝ කාමාවචරය. මේවා රූපාවචර ආදී යයි දනියි. යම්සේ පුරුෂයකු විසින් කොනින් අල්ලාගෙන පෙරළ පෙරළා දුන් මහා වෘක්ෂය වඩුවෙක් වෑයෙන් කප කපා කාර්යයට ගෙනඑයිද එසේ විතර්කයෙන් විතර්ක කොට විතර්ක කොට දුන් ධර්මයන් යෝගාවචරයා ප්‍රඥාවෙන් ‘මේ කාමාවචරය. මේ රූපාවචරය ආදී ක්‍රමයෙන් පිරිසිඳ කාර්යයට ගෙන එයි. එහෙයින් කියන ලදි. සම්මා සංකප්පය එයට බොහෝ උපකාරීය. ඒ නිසා ඉන් අනතුරුව කියන ලදි. මෙය සම්මා දිට්ඨියට යම්සේද සම්මා වාචාවටද උපකාරකය. යම්සේ කීයේද? ගෘහපතිය, පළමුව විතර්කකොට විචාරා පසුව වචන කියයි. එහෙයින් ඉන් අනතුරුව සම්මා වාචා කියන ලදි.
යස්මා පන – “ඉදඤ්චිදඤ්ච කරිස්සාමා”ති පඨමං වාචාය සංවිදහිත්වා ලොකෙ කම්මන්තෙ පයොජෙන්ති; තස්මා වාචා කායකම්මස්ස උපකාරිකාති සම්මාවාචාය අනන්තරං සම්මාකම්මන්තො වුත්තො. චතුබ්බිධං පන වචීදුච්චරිතං, තිවිධඤ්ච කායදුච්චරිතං පහාය උභයං සුචරිතං පූරෙන්තස්සෙව යස්මා ආජීවට්ඨමකං සීලං පූරෙති, න ඉතරස්ස, තස්මා තදුභයානන්තරං සම්මාආජීවො වුත්තො. එවං විසුද්ධාජීවෙන පන “පරිසුද්ධො මෙ ආජීවො”ති එත්තාවතා ච පරිතොසං කත්වා සුත්තපමත්තෙන විහරිතුං න යුත්තං, අථ ඛො “සබ්බිරියාපථෙසු ඉදං වීරියං සමාරභිතබ්බ”න්ති දස්සෙතුං තදනන්තරං සම්මාවායාමො වුත්තො. තතො “ආරද්ධවීරියෙනපි කායාදීසු චතූසු වත්ථූසු සති සූපට්ඨිතා කාතබ්බා”ති දස්සනත්ථං තදනන්තරං සම්මාසති දෙසිතා. යස්මා පනෙවං සූපට්ඨිතා සති සමාධිස්සුපකාරානුපකාරානං ධම්මානං ගතියො සමන්නෙසිත්වා පහොති එකත්තාරම්මණෙ චිත්තං සමාධාතුං, තස්මා සම්මාසතියා අනන්තරං සම්මාසමාධි දෙසිතොති වෙදිතබ්බො. එතෙසං ධම්මානං සච්ඡිකිරියායාති එතෙසං සොතාපත්තිඵලාදීනං පච්චක්ඛකිරියත්ථාය.
යම්හෙයකින් මේ මේ දේ කරන්නෙමියි පළමුව සංවිධානකොට ලෝකයෙහි කර්මාන්ත යොදවති. ඒ නිසා සම්මා වාචාව කාය කර්මයට උපකාරී යයි සම්මා වාචාවට අනතුරු සම්මා කම්මන්තය කියන ලදි. සිව්වැදෑරුම් වූ වචී දුශ්චරිතයද තෙවැදෑරුම් වූ කාය දුශ්චරිතයද, අත්හැර සුචරිත දෙක පුරන්නහුටම යම්හෙයකින් ආජීව අෂ්ටමක ශීලය පිරේද අනිකට නොවේද ඒ නිසා ඒ දෙකට අනතුරුව සම්මා ආජීවය කියන ලදි. මෙසේ විශුද්ධ ආජීවයෙන් ‘මාගේ ආජීවය පිරිසිදු යයි එතෙකින් සන්තෝෂයට නොපැමිණ නිද්‍රා ප්‍රමාදයෙන් වාසය කිරීම යුතු නැත. නැවත සියලු ඉරියව්වල මේ වීර්යය ආරම්භ කළයුතුයයි දක්වන්ට ඉන් අනතුරුව සම්මා වායාමය කියන ලදි. ඉන්පසු ආරම්භ කරන ලද වීර්යයෙන්ද කාය ආදී වස්තූන් සතර කෙරෙහි සිහිය මැනවින් පිහිටියක් කළ යුතුයයි දැක්වීම පිණිස ඉන් අනතුරුව සම්මා සතිය දේශනා කරන ලදි. යම් හෙයකින් මෙසේ සුපිහිටි සතිය සමාධියට උපකාර අපකාර ධර්මයන්ගේ ගති පරීක්ෂාකොට හුදෙකලා අරමුණෙහි සිත පිහිටුවා ගැනීමට ප්‍රමාණවත් වේද, ඒ නිසා සම්මා සතියට අනතුරුව සම්මා සමාධිය දේශනා කරන ලද්දේ යයි දතුයුතුය. එතෙසං ධම්මානං සච්ඡිකිරියාය මේ සෝවාන්ඵල ආදිය ප්රත්යක්ෂ කිරීම පිණිස.
ද්වෙ පබ්බජිතවත්ථුවණ්ණනා
එකමිදාහන්ති ඉදං කස්මා ආරද්ධං? අයං කිර රාජා – “රූපං අත්තා”ති එවංලද්ධිකො, තෙනස්ස දෙසනාය චිත්තං නාධිමුච්චති. අථ භගවතා තස්ස ලද්ධියා ආවිකරණත්ථං එකං කාරණං ආහරිතුං ඉදමාරද්ධං. තත්රායං සඞ්ඛෙපත්ථො – “අහං එකං සමයං ඝොසිතාරාමෙ විහරාමි, තත්ර වසන්තං මං තෙ ද්වෙ පබ්බජිතා එවං පුච්ඡිංසු. අථාහං තෙසං බුද්ධුප්පාදං දස්සෙත්වා තන්තිධම්මං නාම කථෙන්තො ඉදමවොචං – “ආවුසො, සද්ධාසම්පන්නො නාම කුලපුත්තො එවරූපස්ස සත්ථු සාසනෙ පබ්බජිතො, එවං තිවිධං සීලං පූරෙත්වා පඨමජ්ඣානාදීනි පත්වා ඨිතො ‘තං ජීව’න්තිආදීනි වදෙය්ය, යුත්තං නු ඛො එතමස්සා”ති? තතො තෙහි “යුත්ත”න්ති වුත්තෙ “අහං ඛො පනෙතං, ආවුසො, එවං ජානාමි, එවං පස්සාමි, අථ ච පනාහං න වදාමී”ති තං වාදං පටික්ඛිපිත්වා උත්තරි ඛීණාසවං දස්සෙත්වා “ඉමස්ස එවං වත්තුං න යුත්ත”න්ති අවොචං. තෙ මම වචනං සුත්වා අත්තමනා අහෙසුන්ති.
එකමිදාහං මෙය කුමක් නිසා අරඹන ලද්දේ ද? මේ රජ ‘රූපය ආත්මය’යි යන ලබ්ධි ඇත්තෙකි. එහෙයින් ඔහුගේ සිත දේශනාවට නොනැමෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහුගේ ලබ්ධිය හෙළිදරව් කිරීම පිණිස එක් කරුණකට ගෙන ඒමට මෙය අරඹන ලදි. මේ මෙහි සංක්ෂේප අර්ථයයි. ‘මම එක් කලෙක ඝෝෂිතාරාමයෙහි වසමි. එහිදී ඒ පැවිද්දෝ දෙදෙන මාගෙන් මෙසේ ඇසූහ. ඉක්බිති මම ඔවුන්ට බුද්ධෝත්පාදය දක්වා තන්ති ධම්ම නම් ධර්මයක් කියමින් මෙසේ කීවෙමි. ඇවැත්නි, ශ්රද්ධාවත් කුලපුත්‍රයා මෙබඳු ශාස්තෲ ශාසනයෙහි පැවිදි වූයේ මෙසේ ත්‍රිවිධ ශීලය පුරා ප්‍රථමධ්‍යාන ආදියට පැමිණ සිටියේ, එය ජීවයයි කියන්නේය. ඔහුට මෙය සුදුසුද? ඉන්පසු ඔවුන් සුදුසු යයි කියන ලද කල්හි ‘ඇවැත්නි, මම මෙසේ දනිමි. මෙසේ දකිමි. එහෙත් මම නොකියමියි ඒ වාදය ප්‍රතික්ෂේප කොට තවදුරටත් ක්ෂීණාශ්රවයා දක්වා මොහුට මෙසේ කීම නුසුදුසු යයි කීවෙමි. ඔවුහු මාගේ වචනය අසා සතුටු සිත් ඇත්තෝ වූහ.
එවං වුත්තෙ සොපි අත්තමනො අහොසි. තෙනාහ – “ඉදමවොච භගවා. අත්තමනො ඔට්ඨද්ධො ලිච්ඡවී භගවතො භාසිතං අභිනන්දී”ති.
මෙසේ කී කල්හි ඔහුට සතුටු සිත් ඇත්තේ විය. එහෙයින් කීය. ඉදමවොච භගවා අත්තමනො ඔට්ඨද්ධො භගවතො භාසිතං අතිනන්දි
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං මහාලිසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාලි සූත්‍ර වර්ණනාව නිමියේ ය.