යෙදුමෙන් කියවන්න

5. කූටදන‍්තසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. කූටදන‍්තසුත‍්තවණ‍්ණනා

5. කූටදන්ත සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතං…පෙ… මගධෙසූති කූටදන‍්තසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා. මගධෙසූති මගධා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රූළ‍්හීසද‍්දෙන මගධාති වුච‍්චති, තස‍්මිං මගධෙසු ජනපදෙ. ඉතො පරං පුරිමසුත‍්තද‍්වයෙ වුත‍්තනයමෙව.

එවං මෙසුතං -පෙ- මගධෙසු යනු කූටදන්ත සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි. මගධෙසු යනු මගධ නම් ජනපදයෙහි රාජ කුමාරවරු ඔවුන්ගේ නිවාස වූ එක ජනපදයක් රූඪි ශබ්දයෙන් මගධා යයි කියනු ලැබේ. ඒ මගධ ජනපදයෙහි. මින් මතු පළමු සූත්‍ර දෙකෙහි කියන ලද ක්‍රමයමැයි.

අම‍්බලට‍්ඨිකා බ්‍රහ‍්මජාලෙ වුත‍්තසදිසාව. කූටදන‍්තොති තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං. උපක‍්ඛටොති සජ‍්ජිතො. වච‍්ඡතරසතානීති වච‍්ඡසතානි. උරබ‍්භාති තරුණමෙණ‍්ඩකා වුච‍්චන‍්ති. එතෙ තාව පාළියං ආගතායෙව. පාළියං පන අනාගතානම‍්පි අනෙකෙසං මිගපක‍්ඛීනං සත‍්තසත‍්තසතානි සම‍්පිණ‍්ඩිතානෙවාති වෙදිතබ‍්බානි. සබ‍්බසත‍්තසතිකයාගං කිරෙස යජිතුකාමො හොති. ථූණූපනීතානීති බන්‍ධිත්‍වා ඨපනත්‍ථාය යූපසඞ‍්ඛාතං ථූණං උපනීතානි.

අම්බලට්ඨිකා බ්‍රහ්මජාලයෙහි කියන ලද පරිදිමය. කූටදන්තො ඒ බමුණාගේ නම. උපක්ඛටො යනු සරසනු ලැබූ. වච්ඡතර සතානි යනු වසු පැටවුන් සියගණන්. උරබ්භා යනු තරුණ බැටළු පැටවු යයි කියනු ලබත්. ඔවුහු පාළියෙහි ආහ. පාළියෙහි අනාගත නොයෙක් මෘග පක්‍ෂීන් සත්සියය සත්සියය එක්තැන් කරන ලද්දාහු යයි දතයුතුය. සර්වසප්ත ශතික යාගය සදනු කැමැත්තේ වෙයි. ථූනු පතිතානි යනු බැඳ තබනු පිණිස යූප සංඛ්‍යාත වූ යාගස්තම්භය වෙත ගෙනඑනු ලැබුවාහුය.

තිවිධන‍්ති එත්‍ථ විධා වුච‍්චති ඨපනා, තිට‍්ඨපනන‍්ති අත්‍ථො. සොළසපරික‍්ඛාරන‍්ති සොළසපරිවාරං.

තිවිධං යනු මෙහි විධා යනු තැබීමයි. නිමකිරීම යන අර්ථයි. සොළස පරික්ඛාරං යනු සොළොසක් පිරිවර.

පටිවසන‍්තීති යඤ‍්ඤානුභවනත්‍ථාය පටිවසන‍්ති. භූතපුබ‍්බන‍්ති ඉදං භගවා පථවීගතං නිධිං උද‍්ධරිත්‍වා පුරතො රාසිං කරොන‍්තො විය භවපටිච‍්ඡන‍්නං පුබ‍්බචරිතං දස‍්සෙන‍්තො ආහ. මහාවිජිතොති සො කිර සාගරපරියන‍්තං මහන‍්තං පථවීමණ‍්ඩලං විජිනි, ඉති මහන‍්තං විජිතමස‍්සාති මහාවිජිතො ත්‍වෙව සඞ‍්ඛ්‍යං අගමාසි. අඩ‍්ඪොතිආදීසු යො කොචි අත‍්තනො සන‍්තකෙන විභවෙන අඩ‍්ඪො හොති, අයං පන න කෙවලං අඩ‍්ඪොයෙව, මහද‍්ධනො මහතා අපරිමාණසඞ‍්ඛ්‍යෙන ධනෙන සමන‍්නාගතො. පඤ‍්චකාමගුණවසෙන මහන‍්තා උළාරා භොගා අස‍්සාති මහාභොගො. පිණ‍්ඩපිණ‍්ඩවසෙන චෙව සුවණ‍්ණමාසකරජතමාසකාදිවසෙන ච ජාතරූපරජතස‍්ස පහූතතාය පහූතජාතරූපරජතො, අනෙකකොටිසඞ‍්ඛ්‍යෙන ජාතරූපරජතෙන සමන‍්නාගතොති අත්‍ථො.

පටිවසන්ති යනු යාගය අනුභව කරනු පිණිස වාසය කරත්. භූතපුබ්බං යනු මෙය භාග්‍යවතුන් වහන්සේ පෘථුවියේ තැබූ නිධානයක් උඩට ගෙන ඉදිරියෙහි රැස් කරන්නාක් මෙන් භවයෙන් වැසුණු පූර්ව චරිතය දක්වමින් කී සේක. මහාවිජිතො යනු එය සයුර කෙළවර කොට ඇති මහා පෘථුවි මණ්ඩලය දිනීය. මෙසේ මහත් වූ විජිතය ඔහුගේනුයි මහා විජිත යයි ප්‍රකට විය. අඩ්ඪො යන ආදී තන්හි යමෙක් තමා සතු වස්තුවෙන් ආඪ්‍ය වේද, මෙය හුදෙක් අඩ්ඪො පමණක් නොව මහද්ධනො ද වෙයි. මහත් වූ අප්‍රමාණ සංඛ්‍යාත වූ ධනයෙන් යුත්. පංචකාම ගුණ වශයෙන් මහත් වූ උදාර වූ භෝග මොහුට ඇත්තේ නුයි = මහා භොගො, පිඬු පිඬු වශයෙන්ද රන්මසු රිදීමසු ආදී වශයෙන් ද මිල මුදලින් මහත් වූ බැවින් පහුත ජාතරූප රජතො. නොයෙක් කෝටි සංඛ්‍යාත වූ මිලමුදලින් යුතු යන අර්ථයි.

විත‍්තීති තුට‍්ඨි, විත‍්තියා උපකරණං විත‍්තූපකරණං තුට‍්ඨිකාරණන‍්ති අත්‍ථො. පහූතං නානාවිධාලඞ‍්කාරසුවණ‍්ණරජතභාජනාදිභෙදං විත‍්තූපකරණමස‍්සාති පහූතවිත‍්තූපකරණො. සත‍්තරතනසඞ‍්ඛාතස‍්ස නිදහිත්‍වා ඨපිතධනස‍්ස සබ‍්බපුබ‍්බණ‍්ණාපරණ‍්ණසඞ‍්ගහිතස‍්ස ධඤ‍්ඤස‍්ස ච පහූතතාය පහූතධනධඤ‍්ඤො. අථවා ඉදමස‍්ස දෙවසිකං පරිබ‍්බයදානග‍්ගහණාදිවසෙන පරිවත‍්තනධනධඤ‍්ඤවසෙන වුත‍්තං.

විත්ති යනු සන්තෘෂ්ටියයි. විත්තියට උපකරණ විත්තූපකරණ. තුටුකිරීම යන අර්ථයි. බොහෝ වූ නානාවිධ අලංකාර රන් රිදී ආදී භේදයෙන් යුත් චිත්ත උපකරණ මොහුට ඇත්තේනුයි පහූත චිත්තූපකරණො නමි. නිදන්කොට තැබූ සත්රුවන් සංඛ්‍යාත සියලු පූර්වාහ්න අපරාහ්න සංගෘහිත වූ ධනයෙහි මහත් බැවින් පහූත ධන ධඤ්ඤො මෙය ඔහුගේ දෛනික පිරිවැය දීම් ගැනීම් වශයෙන් සංසරණය වන ධන ධාන්‍ය වශයෙන් කියන ලදි.

පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරොති කොසො වුච‍්චති භණ‍්ඩාගාරං, නිදහිත්‍වා ඨපිතෙන ධනෙන පරිපුණ‍්ණකොසො, ධඤ‍්ඤෙන පරිපුණ‍්ණකොට‍්ඨාගාරො චාති අත්‍ථො. අථවා චතුබ‍්බිධො කොසො – හත්‍ථී, අස‍්සා, රථා, පත‍්තීති. කොට‍්ඨාගාරං තිවිධං – ධනකොට‍්ඨාගාරං, වත්‍ථකොට‍්ඨාගාරං, ධඤ‍්ඤකොට‍්ඨාගාරන‍්ති, තං සබ‍්බම‍්පි පරිපුණ‍්ණමස‍්සාති පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො. උදපාදීති උප‍්පජ‍්ජි. අයං කිර රාජා එකදිවසං රතනාවලොකනචාරිකං නාම නික‍්ඛන‍්තො. සො භණ‍්ඩාගාරිකං පුච‍්ඡි – “තාත, ඉදං එවං බහුධනං කෙන සඞ‍්ඝරිත”න‍්ති? තුම‍්හාකං පිතුපිතාමහාදීහි යාව සත‍්තමා කුලපරිවට‍්ටාති. ඉදං පන ධනං සඞ‍්ඝරිත්‍වා තෙ කුහිං ගතාති? සබ‍්බෙව තෙ, දෙව, මරණවසං පත‍්තාති. අත‍්තනො ධනං අගහෙත්‍වාව ගතා, තාතාති? දෙව, කිං වදෙථ, ධනං නාමෙතං පහාය ගමනීයමෙව, නො ආදාය ගමනීයන‍්ති. අථ රාජා නිවත‍්තිත්‍වා සිරීගබ‍්භෙ නිසින‍්නො – ‘අධිගතා ඛො මෙ’තිආදීනි චින‍්තෙසි. තෙන වුත‍්තං – “එවං චෙතසො පරිවිතක‍්කො උදපාදී”ති.

පරිපුණ්ණ කොස කොට්ඨාගාරො යනු කොස යයි කියනු ලැබන්නේ භාණ්ඩාගාරයයි. නිදන්කොට තැබූ ධනයෙන් පිරිපුන් භාණ්ඩාගාරය. හස්ති අශ්ව රථ යනුවෙන් කෝෂ්ඨාගාරය ත්‍රිවිධය. නැතහොත් භාණ්ඩාගාරය සිව්වැදෑරුම්ය. ධන කෝෂ්ඨාගාරය, ධඤ්ඤ කෝෂ්ඨාගාරය වස්ත්‍ර කෝෂ්ඨාගාරයයි ත්‍රිවිධ වේ. ඒ සියල්ල පිරිපුන්ව ඔහුට ඇත්තේ නුයි - පරිපුණ්ණ කොසකොට්ඨාගාර වේ. උදපාදි යනු උපන්නේය. මේ රජ එක් දවසක් රත්නාවලෝකන නමැති චර්යාවක් සඳහා නික්මී ගියේය. හේ භාණ්ඩාගාරිකගෙන් මෙසේ ඇසීය. දරුව, මේ මහා ධනය කා විසින් එකතු කරනු ලැබීද? ඔබතුමාගේ මුත්තණුවන් ආදීන් විසිනි. සත්කුල පරම්පරාවක් දක්වා මේ ධන එකතුකොට ඒ අය කොහි ගියාහුද? දේවයන් වහන්ස, ඒ සියලුදෙන මරුවසඟයට ගියාහුය. තමාගේ ධනය නොගෙනම ද දරුව? දේවයන් වහන්ස, කුමක් කියන සේක්ද? මේ ධනය හැර යායුතුමය. රැගෙන යාමක්ද නැත. ඉක්බිති රජතෙමේ නැවතී ශ්‍රීයහන් ගබඩාවෙහි හුන්නේ අධිගතා ඛො මෙ ආදිය සිතීය. එහෙයින් කියන ලදි. එවං චෙතසො පරිවිතක්කො උදපාදි.

බ්‍රාහ‍්මණං ආමන‍්තෙත්‍වාති කස‍්මා ආමන‍්තෙසි? අයං කිරෙවං චින‍්තෙසි – “දානං දෙන‍්තෙන නාම එකෙන පණ‍්ඩිතෙන සද‍්ධිං මන‍්තෙත්‍වා දාතුං වට‍්ටති, අනාමන‍්තෙත්‍වා කතකම‍්මඤ‍්හි පච‍්ඡානුතාපං කරොතී”ති. තස‍්මා ආමන‍්තෙසි. අථ බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අයං රාජා මහාදානං දාතුකාමො, ජනපදෙ චස‍්ස බහූ චොරා, තෙ අවූපසමෙත්‍වා දානං දෙන‍්තස‍්ස ඛීරදධිතණ‍්ඩුලාදිකෙ දානසම‍්භාරෙ ආහරන‍්තානං නිප‍්පුරිසානි ගෙහානි චොරා විලුම‍්පිස‍්සන‍්ති ජනපදො චොරභයෙනෙව කොලාහලො භවිස‍්සති, තතො රඤ‍්ඤො දානං න චිරං පවත‍්තිස‍්සති, චිත‍්තම‍්පිස‍්ස එකග‍්ගං න භවිස‍්සති, හන්‍ද, නං එතමත්‍ථං සඤ‍්ඤාපෙමී”ති තතො තමත්‍ථං සඤ‍්ඤාපෙන‍්තො “භොතො, ඛො රඤ‍්ඤො”තිආදිමාහ.

බ්‍රාහ්මණිං ආමන්තෙත්‍වා යනු කුමක් නිසා ඇමතීද? මොහු මෙසේ සිතීය. ‘දානය දෙන එක් පණ්ඩිතයකු සමග සාකච්ඡාකොට දෙන්ට වටී. සාකච්ඡා කොට කරන ලද කර්මය පසුව තාපයක් ඇති නොකරයි. ඒ නිසා ඇමතීය. ඉක්බිති බමුණා මෙසේ සිතීය. මේ මහරජ දානයක් දෙනු කැමැත්තේය. ඔහුගේ ජනපදයෙහි බොහෝ හොරු සිටිති. ඔවුන් සමනය නොකොට දානය දෙනවිට කිරි ගිතෙල් සහල් ආදී දාන උපකරණ ගෙන එන්නවුන්ගේ පුරුෂයන් නැති ගෙවල් සොරු කොල්ල කති. ජනපද සොරබියෙන් ම ආකූල වන්නේය. ඉන්පසු රජුගේ දානය බොහෝකල් නොපවත්නේය. එය ඔහුට දන්වමියි ඉන්පසු ඒ බව දන්වන්නේ භොතො ඛො රඤ්ඤො ආදිය කීය.

තත්‍ථ සකණ‍්ටකොති චොරකණ‍්ටකෙහි සකණ‍්ටකො. පන්‍ථදුහනාති පන්‍ථදුහා, පන්‍ථඝාතකාති අත්‍ථො. අකිච‍්චකාරී අස‍්සාති අකත‍්තබ‍්බකාරී අධම‍්මකාරී භවෙය්‍ය. දස‍්සුඛීලන‍්ති චොරඛීලං. වධෙන වාති මාරණෙන වා කොට‍්ටනෙන වා. බන්‍ධනෙනාති අද‍්දුබන්‍ධනාදිනා. ජානියාති හානියා; “සතං ගණ‍්හථ, සහස‍්සං ගණ‍්හථා”ති එවං පවත‍්තිතදණ‍්ඩෙනාති අත්‍ථො. ගරහායාති පඤ‍්චසිඛමුණ‍්ඩකරණං, ගොමයසිඤ‍්චනං, ගීවාය කුදණ‍්ඩකබන්‍ධනන‍්ති එවමාදීනි කත්‍වා ගරහපාපනෙන. පබ‍්බාජනායාති රට‍්ඨතො නීහරණෙන. සමූහනිස‍්සාමීති සම‍්මා හෙතුනා නයෙන කාරණෙන ඌහනිස‍්සාමි. හතාවසෙසකාති මතාවසෙසකා. උස‍්සහන‍්තීති උස‍්සාහං කරොන‍්ති. අනුප‍්පදෙතූති දින‍්නෙ අප‍්පහොන‍්තෙ පුන අඤ‍්ඤම‍්පි බීජඤ‍්ච භත‍්තඤ‍්ච කසිඋපකරණභණ‍්ඩඤ‍්ච සබ‍්බං දෙතූති අත්‍ථො. පාභතං අනුප‍්පදෙතූති සක‍්ඛිං අකත්‍වා පණ‍්ණෙ අනාරොපෙත්‍වා මූලච‍්ඡෙජ‍්ජවසෙන භණ‍්ඩමූලං දෙතූති අත්‍ථො. භණ‍්ඩමූලස‍්ස හි පාභතන‍්ති නාමං. යථාහ –

එහි සකණ්ටකො යනු සොර කරදරයෙන් කරදර සහිත වූයේ. පන්‍ථදූහනා මංපැහැරීම, මහමග විනාශය යන අර්ථයි. අකිච්චකාරී අස්ස යනු නොකටයුත්තක් කරන්නෙක් අධර්මයක් කරන්නෙක් වන්නේය. දස්සුඛීලං යනු සොර උවදුර වධෙනවා මරණයෙන් හෝ කෙටීමෙන් හෝ බන්‍ධෙනවා දම්වැලෙන් බැඳීමෙන් හෝ ජාතියා රාජසන්තක කිරීමෙන්. ‘සියයක් ගනුව, දහසක් ගනුවයි මෙසේ පැවති දණ්ඩනයෙන් යන අර්ථයි. ගරහාය පන්සිළු මුඩු කිරීම, ගොමගෑම, ගෙල හිරකර බැඳීම ආදිය කොට ගර්හාවට පත් කිරීමෙන් පබ්බජනාය රටින් නෙරපීමෙන්, සමූහනිස්සාම යහපත් හේතු ඇති නීතිමය කරුණකින් ඉවතට ගෙන යන්නෙමු. හතාවසෙසකා යනු මෘතාවශේෂක. උස්සහන්ති උත්සාහ කරති. අනුප්පාදෙතුං දුන් දෙය ප්‍රමාණවත් නොවන කල්හි නැවත බීජ ද බත් ද කෘෂි භාණ්ඩ ද සියල්ල දේවා යන අර්ථයි. පාහතං අනුප්පාදෙතු යනු සාක්‍ෂි නැතිව කොළයක නොලියා මූලපෙජ්ජ වශයෙන් බඩුමිල දේවා යන අර්ථයි. බඩුමිලට පාභත යනුවෙන් නමක් වේ. යම්සේ කීද?

“අප‍්පකෙනපි මෙධාවී, පාභතෙන විචක‍්ඛණො; සමුට‍්ඨාපෙති අත‍්තානං, අණුං අග‍්ගිංව සන්‍ධම”න‍්ති. (ජා· 1.1.4);

නුවණැති දක්‍ෂයා - ඉතා සුළු මුදලකින් තමා ඔසවා තබයි - ගින්න පිඹ වැඩිකරන මෙන්

භත‍්තවෙතනන‍්ති දෙවසිකං භත‍්තඤ‍්චෙව මාසිකාදිපරිබ‍්බයඤ‍්ච තස‍්ස තස‍්ස කුසලකම‍්මසූරභාවානුරූපෙන ඨානන‍්තරගාමනිගමාදිදානෙන සද‍්ධිං දෙතූති අත්‍ථො. සකම‍්මපසුතාති කසිවාණිජ‍්ජාදීසු සකෙසු කම‍්මෙසු උය්‍යුත‍්තා බ්‍යාවටා. රාසිකොති ධනධඤ‍්ඤානං රාසිකො. ඛෙමට‍්ඨිතාති ඛෙමෙන ඨිතා අභයා. අකණ‍්ටකාති චොරකණ‍්ටකරහිතා. මුදා මොදමානාති මොදා මොදමානා. අයමෙව වා පාඨො, අඤ‍්ඤමඤ‍්ඤං පමුදිතචිත‍්තාති අධිප‍්පායො. අපාරුතඝරාති චොරානං අභාවෙන ද‍්වාරානි අසංවරිත්‍වා විවටද‍්වාරාති අත්‍ථො. එතදවොචාති ජනපදස‍්ස සබ‍්බාකාරෙන ඉද‍්ධඵීතභාවං ඤත්‍වා එතං අවොච.

භත්තවෙතනං යනු දිනපතා බත් ද මාසික ආදී පිරිවැයද ඒ ඒ කුලයට කාර්යශූරත්වයට අනුව තනතුරු ගම් නියම්ගම් ආදිය දානය සමග දේවා යන අර්ථයි. සකම්ම පසුතා යනු කෘෂි වාණිජ්‍ය ආදී තම කටයුතුවල යෙදුණු නියැලුණු, රාසිකො යනු ධනධාන්‍ය රාශිය, ඛෙමඨිතා සොර උවදුරු රහිත, මුදා මොදමානා තුටුපහටු වෙමින්, පාඨය මෙයම විය හැකිය. ඔවුනොවුන් ප්‍රමුදිත සිත් ඇත්තාහු අදහස් කරන ලදි. අපාරුත ඝරා සොරුන් නැති බැවින් දොර නොවසා, විවෘතද්වාර ඇති යන අර්ථයි. එතදවොච ජනපදය සර්වාකාරයෙන් සමෘද්ධිමත් බවදැන මෙය කීය.

චතුපරික‍්ඛාරවණ‍්ණනා

තෙන හි භවං රාජාති බ්‍රාහ‍්මණො කිර චින‍්තෙසි – “අයං රාජා මහාදානං දාතුං අතිවිය උස‍්සාහජාතො. සචෙ පන අත‍්තනො අනුයන‍්තා ඛත‍්තියාදයො අනාමන‍්තෙත්‍වා දස‍්සති. නාස‍්ස තෙ අත‍්තමනා භවිස‍්සන‍්ති; යථා දානං තෙ අත‍්තමනා හොන‍්ති, තථා කරිස‍්සාමී”ති. තස‍්මා “තෙන හි භව”න‍්තිආදිමාහ.

තෙනහි භවං රාජා බමුණා මෙසේ සිතීය. ‘මේ රජ මහ දනක් දෙන්ට අතිශයින් උත්සාහ ඇත්තේය. ඉදින් තමාගේ සේවයෙහි යෙදුණු ක්‍ෂත්‍රිය ආදීන් නොවිමසා දෙන්නේ නම් ඔවුහු සතුටට පත් නොවන්නාහුය. දැන් ඔවුහු යම්සේ සතුටුවෙත්ද, එසේ කරන්නෙමි. ඒ නිසා තෙනහි භවං යයි කීය.

තත්‍ථ නෙගමාති නිගමවාසිනො. ජානපදාති ජනපදවාසිනො. ආමන‍්තයතන‍්ති ආමන‍්තෙතු ජානාපෙතු. යං මම අස‍්සාති යං තුම‍්හාකං අනුජානනං මම භවෙය්‍ය. අමච‍්චාති පියසහායකා. පාරිසජ‍්ජාති සෙසා ආණත‍්තිකාරකා. යජතං භවං රාජාති යජතු භවං, තෙ කිර – අයං රාජා “අහං ඉස‍්සරො”ති පසය‍්හ දානං අදත්‍වා අම‍්හෙ ආමන‍්තෙසි, අහොනෙන සුට‍්ඨු කත”න‍්ති අත‍්තමනා එවමාහංසු. අනාමන‍්තිතෙ පනස‍්ස යඤ‍්ඤට‍්ඨානං දස‍්සනායපි න ගච‍්ඡෙය්‍යුං. යඤ‍්ඤකාලො මහාරාජාති දෙය්‍යධම‍්මස‍්මිඤ‍්හි අසති මහල‍්ලකකාලෙ ච එවරූපං දානං දාතුං න සක‍්කා, ත්‍වං පන මහාධනො චෙව තරුණො ච, එතෙන තෙ යඤ‍්ඤකාලොති දස‍්සෙන‍්තා වදන‍්ති. අනුමතිපක‍්ඛාති අනුමතියා පක‍්ඛා, අනුමතිදායකාති අත්‍ථො. පරික‍්ඛාරා භවන‍්තීති පරිවාරා භවන‍්ති. “රථො සීලපරික‍්ඛාරො, ඣානක‍්ඛො චක‍්කවීරියො”ති (සං· නි· 5.4) එත්‍ථ පන අලඞ‍්කාරො පරික‍්ඛාරොති වුත‍්තො.

තත්‍ථ නෙගමා නියම්ගම් වැසියෝ. ජානපදා ජනපද වැසියෝ. ආමන්තයතං විමසාවා. දන්වාවා. යං මමඅස්ස මට ඔබගේ අනුදැනුම වන්නේය. අමච්චා ප්‍රිය සහායකයෝ. පරිසජ්ජා සෙසු අණ කරන්නෝ. යජතං භවං රාජා. ඔබ යාග කරන්න. ඔවුහු මේ රජ මම ප්‍රධානියා යයි බලය යොදා දන් නොදී අපට දැන්වී යයි, කළ දේ මැනවැයි සතුටට පත්වූවාහු මෙසේ කීහ. ‘නොදන්වනු ලැබූ’ අය ඔහුගේ යාගස්ථානයක් බැලීමටවත් නොපැමිණියහ. යඤ්ඤකාලො මහාරාජ දිය යුතු දෙයක් නැතිකල්හි මහලුකලද මෙබඳු දානයක් දෙන්ට නොහැකිය. ඔබතුමා මහා ධන ඇත්තේය. තරුණය. එයින් එබගේ යඥ කාලයයි දක්වමින් කියත්. අනුමති පක්ඛා අනුමතියෙන් පක්‍ෂ වූවෝ. අනුමති දායකයෝ යන අර්ථයි. පරික්ඛාරා භවන්ති පිරිවර වෙත්. රථය ශීල පරිෂ්කාරයයි. ධ්‍යානාක්‍ෂිය චක්‍රවීර්ය යි මෙහි අලංකාර පරිෂ්කාර යයි කියන ලදි.

අට‍්ඨපරික‍්ඛාරවණ‍්ණනා

අට‍්ඨහඞ‍්ගෙහීති උභතො සුජාතාදීහි අට‍්ඨහි අඞ‍්ගෙහි. යසසාති ආණාඨපනසමත්‍ථතාය. සද‍්ධොති දානස‍්ස ඵලං අත්‍ථීති සද‍්දහති. දායකොති දානසූරො. න සද‍්ධාමත‍්තකෙනෙව තිට‍්ඨති, පරිච‍්චජිතුම‍්පි සක‍්කොතීති අත්‍ථො. දානපතීති යං දානං දෙති, තස‍්ස පති හුත්‍වා දෙති, න දාසො, න සහායො. යො හි අත‍්තනා මධුරං භුඤ‍්ජති, පරෙසං අමධුරං දෙති, සො දානසඞ‍්ඛාතස‍්ස දෙය්‍යධම‍්මස‍්ස දාසො හුත්‍වා දෙති. යො යං අත‍්තනා භුඤ‍්ජති, තදෙව දෙති, සො සහායො හුත්‍වා දෙති. යො පන අත‍්තනා යෙන කෙනචි යාපෙති, පරෙසං මධුරං දෙති, සො පති ජෙට‍්ඨකො සාමී හුත්‍වා දෙති, අයං තාදිසොති අත්‍ථො.

අට්ඨහි අංගෙහි දෙපසින් සුජාතයන් විසින්. යස්ස අණ තබන දක්‍ෂතාවෙන්, සද්ධො දානයෙහි ඵල ඇතැයි අදහයි. දායකො දීමෙහි ශූරයා. ශ්‍රද්ධා මාත්‍රය සමග නොසිට පරිත්‍යාග කිරීමටද හැක්කේ යන අර්ථයි. දානපති යම් දානයක් දේද එහි ප්‍රධානියා වී දෙයි. දාසයකු නොවී සහායකයකු නොවී යමෙක් තමා මිහිරි දේ අනුභව කොට අනුන්ට අති මිහිරි දේ දෙයිද හේ දාන සංඛ්‍යාත දිය යුතු දෙයෙහි දාසයෙක්වැ දෙයි. යමෙක් යමක් තමා අනුභව කරයිද, එයම දෙයි. හේ සහායකයකු වී දෙයි. යමෙක් තමා කුමකින් හෝ යැපී අනුන්ට මිහිරි දේ දෙයි. හේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියා වී, ස්වාමියා වී දෙයි. මොහු එවැන්නෙකි යන අර්ථයි.

සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකවණිබ‍්බකයාචකානන‍්ති එත්‍ථ සමිතපාපා සමණා, බාහිතපාපා බ්‍රාහ‍්මණා. කපණාති දුග‍්ගතා දලිද‍්දමනුස‍්සා. අද‍්ධිකාති පථාවිනො. වණිබ‍්බකාති යෙ – “ඉට‍්ඨං දින‍්නං, කන‍්තං, මනාපං, කාලෙන අනවජ‍්ජං දින‍්නං, දදං චිත‍්තං පසාදෙය්‍ය, ගච‍්ඡතු භවං බ්‍රහ‍්මලොක”න‍්තිආදිනා නයෙන දානස‍්ස වණ‍්ණං ථොමයමානා විචරන‍්ති. යාචකාති යෙ – “පසතමත‍්තං දෙථ, සරාවමත‍්තං දෙථා”තිආදීනි වත්‍වා යාචමානා විචරන‍්ති. ඔපානභූතොති උදපානභූතො. සබ‍්බෙසං සාධාරණපරිභොගො, චතුමහාපථෙ ඛතපොක‍්ඛරණී විය හුත්‍වාති අත්‍ථො.

සමණ බ්‍රාහ්මණ කපණද්ධික වණිබ්බක යාචකානං මෙහි පව් සමනය කළ ශ්‍රමණයෝ, බැහැර කළ පව් ඇති බ්‍රාහ්මණයෝ, කපණා දුගියෝ. දිළිඳු මිනිස්සු. අද්ධිකා මහමග යන්නෝ. වණිබ්බකා කැමති කාන්ත වූ මනාප වූ දෙය දුන්, සුදුසු කල්හි නිවැරදි දේ දුන්, දෙමින් සිත් පහදවයිද ඔබ බඹලොව යේවායි ආදී ක්‍රමයෙන් දානයෙහි ගුණ ස්තුති කරමින් හැසිරෙත්ද ඔවුහු. යාචකා මිටක් පමණ දෙන්න, හැන්දක් පමණ දෙන්න යනාදිය කියා හිඟමින් හැසිරෙත්ද ඔවුහු, ඔපානභූතො දිය පොකුණක් වූ, සියලු දෙනාගේ සාධාරණ පරිභෝගය පිණිස සිව්මංසලෙහි කැණූ පොකුණක් මෙන් වී යන අර්ථයි.

සුතජාතස‍්සාති එත්‍ථ සුතමෙව සුතජාතං. අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙ අත්‍ථෙ චින‍්තෙතුන‍්ති එත්‍ථ – “අතීතෙ පුඤ‍්ඤස‍්ස කතත‍්තායෙව මෙ අයං සම‍්පත‍්තී”ති, එවං චින‍්තෙන‍්තො අතීතමත්‍ථං චින‍්තෙතුං පටිබලො නාම හොති. “ඉදානි පුඤ‍්ඤං කත්‍වාව අනාගතෙ සක‍්කා සම‍්පත‍්තිං පාපුණිතු”න‍්ති චින‍්තෙන‍්තො අනාගතමත්‍ථං චින‍්තෙතුං පටිබලො නාම හොති. “ඉදං පුඤ‍්ඤකම‍්මං නාම සප‍්පුරිසානං ආචිණ‍්ණං, මය‍්හඤ‍්ච භොගාපි සංවිජ‍්ජන‍්ති, දායකචිත‍්තම‍්පි අත්‍ථි; හන්‍දාහං පුඤ‍්ඤානි කරොමී”ති චින‍්තෙන‍්තො පච‍්චුප‍්පන‍්නමත්‍ථං චින‍්තෙතුං පටිබලො නාම හොතීති වෙදිතබ‍්බො. ඉති ඉමානීති එවං යථා වුත‍්තානි එතානි. එතෙහි කිර අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස දානං සබ‍්බදිසාහි මහාජනො උපසඞ‍්කමති. “අයං දුජ‍්ජාතො කිත‍්තකං කාලං දස‍්සති, ඉදානි විප‍්පටිසාරී හුත්‍වා උපච‍්ඡින්‍දිස‍්සතී”ති එවමාදීනි චින‍්තෙත්‍වා න කොචි උපසඞ‍්කමිතබ‍්බං මඤ‍්ඤති. තස‍්මා එතානි අට‍්ඨඞ‍්ගානි පරික‍්ඛාරා භවන‍්තීති වුත‍්තානි.

සුතජාතස්ස ඇසූ දෙයම සුතජාතය. අතීතානාගත පච්චුප්පන්නෙ අත්‍ථෙ ජනෙතුං මෙහි අතීතයෙහි පින් කළ බැවින්ම මාගේ මේ සම්පත්තිය යැයි මෙසේ සිතමින් අතීතාර්ථ සිතන්ට ප්‍රතිබල ඇත්තේ නම්වෙයි. දැන් පින් කරම සම්පත්තියට පැමිණීමට හැකියයි සිතමින් අනාගත අර්ථය සිතන්ට ප්‍රතිබල ඇත්තේ වෙයි. මේ පින්කම නම් සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද්දකි. මාගේද භෝගයෝ ඇත. දෙනු කැමති සිතද ඇත. දැන් මම පින් කිරීම මැනවැයි සිතමින් වර්තමාන අර්ථය සිතන්ට ප්‍රතිබල ඇත්තේ වෙතියි දතයුතුය. ඉති ඉමානි මෙසේ මේවා කියූ පරිදිම වේ. මේ අටඟින් යුතු වූවහුගේ දානයට සියලු දෙසින් මහජනයා එළඹෙති. මොහු අපිරිසිදු ජාතිකයෙකි. කොපමණ කලක් දන් දේද? දැන්ම විපිළිසරව කඩාබිඳ දමන්නේය. මේ ආදිය සිතා කිසිවකු නොඑළඹිය යුතුයයි හඟියි. ඒ නිසා මේ අටඟ පිරිකර වෙතියි කියන ලදි.

චතුපරික‍්ඛාරාදිවණ‍්ණනා

සුජං පග‍්ගණ‍්හන‍්තානන‍්ති මහායාගපටිග‍්ගණ‍්හනට‍්ඨානෙ දානකටච‍්ඡුං පග‍්ගණ‍්හන‍්තානං. ඉමෙහි චතූහීති එතෙහි සුජාතාදීහි. එතෙසු හි අසති – “එවං දුජ‍්ජාතස‍්ස සංවිධානෙන පවත‍්තදානං කිත‍්තකං කාලං පවත‍්තිස‍්සතී”තිආදීනි වත්‍වා උපසඞ‍්කමිතාරො න හොන‍්ති. ගරහිතබ‍්බාභාවතො පන උපසඞ‍්කමන‍්තියෙව. තස‍්මා ඉමානිපි පරික‍්ඛාරා භවන‍්තීති වුත‍්තානි.

සුජං පග්ගණ්හන්තානං මහා යාගය පිළිගන්වන තැන දන් හැන්ද අල්ලා ගන්නවුන්ට ඉමෙහි චතුහි මේ සුජාත බව ආදියෙන් මේවා ඇතිකල්හි මෙසේ අපිරිසිදු ජාති ඇත්තකුගේ සංවිධානයෙන් පැවති දානය කොපමණ කලක් පවතින්නේදැයි ආදිය කියා එළඹෙන්නෝ නැත. ගර්හා කටයුතු බැවින් එළඹෙත්මය. ඒ නිසා ඉමානිපි පරික්ඛාරානි භවන්ති යයි කියන ලදි.

තිස‍්සො විධා දෙසෙසීති තීණි ඨපනානි දෙසෙසි. සො කිර චින‍්තෙසි – “දානං දදමානා නාම තිණ‍්ණං ඨානානං අඤ‍්ඤතරස‍්මිං චලන‍්ති හන්‍දාහං ඉමං රාජානං තෙසු ඨානෙසු පඨමතරඤ‍්ඤෙව නිච‍්චලං කරොමී”ති. තෙනස‍්ස තිස‍්සො විධා දෙසෙසීති. සො භොතො රඤ‍්ඤොති ඉදං කරණත්‍ථෙ සාමිවචනං. භොතා රඤ‍්ඤාති වා පාඨො. විප‍්පටිසාරො න කරණීයොති “භොගානං විගමහෙතුකො පච‍්ඡානුතාපො න කත‍්තබ‍්බො, පුබ‍්බචෙතනා පන අචලා පතිට‍්ඨපෙතබ‍්බා, එවඤ‍්හි දානං මහප‍්ඵලං හොතී”ති දස‍්සෙති. ඉතරෙසුපි ද‍්වීසු ඨානෙසු එසෙව නයො. මුඤ‍්චචෙතනාපි හි පච‍්ඡාසමනුස‍්සරණචෙතනා ච නිච‍්චලාව කාතබ‍්බා. තථා අකරොන‍්තස‍්ස දානං න මහප‍්ඵලං හොති, නාපි උළාරෙසු භොගෙසු චිත‍්තං නමති, මහාරොරුවං උපපන‍්නස‍්ස සෙට‍්ඨිගහපතිනො විය.

තිස්සො විධා දෙසෙසි අවධාන තුනක් දේශනා කළ සේක. හේ මෙසේ සිතීය. දන් දෙන්නෝ තුන් තැනකින් එක්තැනක සැලෙත්. මම රජු ඒ තැන්වලින් පළමුවැන්නේ දීම නිශ්චල කරමි. එහෙයින් ඔහුට තුන් ක්‍රමයක් දේශනා කළ සේක. සො භොතො රඤ්ඤො මෙය කරණාර්ථයෙහි ෂෂ්ටි වචනයි. භොතා රඤ්ඤො යනුවෙන් ද පාඨයක් වෙයි. විප්පටිසාරො න කරණීයො භෝග විගමනය හේතුකොට ගත් පසුතැවිල්ල නොකළ යුතුය. පූර්ව චේතනාව නො සොල්වා පිහිටුවාගත යුතුය. මෙසේ දාන මහපල දෙන්නක් වේ යයි දක්වයි. ඉතිරි දෙතැනද මේ ක්‍රමයමැයි. මුඤ්චන චේතනාව ද පසුව අනුස්මරණය කරන චේතනාවද නිශ්චලවම කළ යුතුය. එසේ නොකරන්නහුගේ දානය මහපල ගෙන දෙන්නේ නොවේ. උදාර භෝගයන්හි සිත නොනැමේ. මහා රෝරුව නිරයෙහි උපන් සෙට්ඨි ගහපතියා ගේ මෙන්.

දසහාකාරෙහීති දසහි කාරණෙහි. තස‍්ස කිර එවං අහොසි – සචායං රාජා දුස‍්සීලෙ දිස‍්වා – “නස‍්සති වත මෙ දානං, යස‍්ස මෙ එවරූපා දුස‍්සීලා භුඤ‍්ජන‍්තී”ති සීලවන‍්තෙසුපි විප‍්පටිසාරං උප‍්පාදෙස‍්සති, දානං න මහප‍්ඵලං භවිස‍්සති. විප‍්පටිසාරො ච නාම දායකානං පටිග‍්ගාහකතොව උප‍්පජ‍්ජති, හන්‍දස‍්ස පඨමමෙව තං විප‍්පටිසාරං විනොදෙමීති. තස‍්මා දසහාකාරෙහි උපච‍්ඡිජ‍්ජිතුං යුත‍්තං පටිග‍්ගාහකෙසුපි විප‍්පටිසාරං විනොදෙසීති. තෙසඤ‍්ඤෙව තෙනාති තෙසඤ‍්ඤෙව තෙන පාපෙන අනිට‍්ඨො විපාකො භවිස‍්සති, න අඤ‍්ඤෙසන‍්ති දස‍්සෙති. යජතං භවන‍්ති දෙතු භවං. සජ‍්ජතන‍්ති විස‍්සජ‍්ජතු. අන‍්තරන‍්ති අබ‍්භන‍්තරං.

දසහාකාරෙහි කරුණු දහයකින් ඔහුට මෙසේ සිත්විය. ඉදින් මේ රජ දුසිලුන් දැක ‘මෙවැනි දුසිලුන් අනුභව කරන මාගේ දානය නැසෙන්නේ යයි සිල්වතුන් කෙරෙහිද විපිළිසර උපදවා ගත්තේ ය. දාන මගපල දෙන්නේ නොවේ. විපිළිසර නම් ප්‍රතිග්‍රාහකයාගෙන් දායකයන්ට උපදින්නේය. මොහුගේ විපිළිසර පළමුවම නැතිකරමි. ඒ නිසා එය දස අයුරකින් උපදින්ට යුතුයයි ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි විපිළිසර නැති කළ සේක. තෙසං යෙව තෙන ඔවුන්ට ඒ පවින්ම අනිටු විපාක වන්නේය. අන්‍යයන්ට නොවේ යයි දක්වයි. යජතංභව පින්වත දෙව. යජතු යනු බෙදා දෙනු මැනව. අන්තරං අභ්‍යන්තරය.

සොළසහි ආකාරෙහි චිත‍්තං සන්‍දස‍්සෙසීති ඉධ බ්‍රාහ‍්මණො රඤ‍්ඤො මහාදානානුමොදනං නාම ආරද‍්ධො. තත්‍ථ සන්‍දස‍්සෙසීති – ‘ඉදං දානං දාතා එවරූපං සම‍්පත‍්තිං ලභතී’ති දස‍්සෙත්‍වා දස‍්සෙත්‍වා කථෙසි. සමාදපෙසීති තදත්‍ථං සමාදපෙත්‍වා කථෙසි. සමුත‍්තෙජෙසීති විප‍්පටිසාරවිනොදනෙනස‍්ස චිත‍්තං වොදාපෙසි. සම‍්පහංසෙසීති ‘සුන්‍දරං තෙ කතං, මහාරාජ, දානං දදමානෙනා’ති ථුතිං කත්‍වා කථෙසි. වත‍්තා ධම‍්මතො නත්‍ථීති ධම‍්මෙන සමෙන කාරණෙන වත‍්තා නත්‍ථි.

සොළසහි ආකාරෙහි විත්තං සන්‍ස්සෙසි මෙහි බමුණා රජුගේ මහා දානයෙහි අනුමෝදනාව ඇරඹීය. එහි සන්‍දස්සෙසි ‘මේ දානය දෙන්නා මෙබඳු සම්පත් ලබති’යි දක්වා දක්වා කීය. සමාදපෙසි ඒ අර්ථය ගෙන්වා ගන්වා ගන්වා කීය. සමුත්තෙජෙසි විපිළිසර නැතිකිරීමෙන් ඔහුගේ සිත සෝදා හළ සේක. සම්පහංසෙසි මහරජ දන් දෙන ඔබ විසින් සොඳුරු දෙයක් කරන ලද්දේ යයි ස්තුති කරමින් කීය. වත්තා ධම්මතො නත්‍ථි දැහැමෙන් සෙමෙන් කරුණු දක්වා කියන්නෙක් නැත.

න රුක‍්ඛා ඡිජ‍්ජිංසු යූපත්‍ථාය න දබ‍්භා ලූයිංසු බරිහිසත්‍ථායාති යෙ යූපනාමකෙ මහාථම‍්භෙ උස‍්සාපෙත්‍වා – “අසුකරාජා අසුකාමච‍්චො අසුකබ්‍රාහ‍්මණො එවරූපං නාම මහායාගං යජතී”ති නාමං ලිඛිත්‍වා ඨපෙන‍්ති. යානි ච දබ‍්භතිණානි ලායිත්‍වා වනමාලාසඞ‍්ඛෙපෙන යඤ‍්ඤසාලං පරික‍්ඛිපන‍්ති, භූමියං වා පත්‍ථරන‍්ති, තෙපි න රුක‍්ඛා ඡිජ‍්ජිංසු, න දබ‍්භා ලූයිංසු. කිං පන ගාවො වා අජාදයො වා හඤ‍්ඤිස‍්සන‍්තීති දස‍්සෙති.

නරුක්ඛා ඡින්‍දිංසු යූපත්‍ථාය නදබ්භා ලූයිංසු බරිහිසත්‍ථාය යූප නමැති මහටැම් ඔසවා අසුවල් රජ, අසුවල් ඇමතියා, අසුවල් බ්‍රාහ්මණයා, මෙබඳු මහා යාගයක් කළේ යයි නම ලියා තබත්. කුසතණ කපා වනමල්ය යන හැඟීමෙන් යාග ශාලාව වට කරත්. බිම ද අතුරත්. ඔවුහු ගස් නොකැපූහ. කුසතණ නොකැපූහ. කෙසේ වුවත් හරකුන් හෝ එළුවන් ආදීන් හෝ මරන්නාහු යයි දක්වයි.

දාසාති අන‍්තොගෙහදාසාදයො. පෙස‍්සාති යෙ පුබ‍්බමෙව ධනං ගහෙත්‍වා කම‍්මං කරොන‍්ති. කම‍්මකරාති යෙ භත‍්තවෙතනං ගහෙත්‍වා කරොන‍්ති. දණ‍්ඩතජ‍්ජිතා නාම දණ‍්ඩයට‍්ඨිමුග‍්ගරාදීනි ගහෙත්‍වා – “කම‍්මං කරොථ කරොථා”ති එවං තජ‍්ජිතා. භයතජ‍්ජිතා නාම – සචෙ කම‍්මං කරොසි, කුසලං. නො චෙ කරොසි, ඡින්‍දිස‍්සාම වා බන්‍ධිස‍්සාම වා මාරෙස‍්සාම වාති එවං භයෙන තජ‍්ජිතා. එතෙ පන න දණ‍්ඩතජ‍්ජිතා, න භයතජ‍්ජිතා, න අස‍්සුමුඛා රොදමානා පරිකම‍්මානි අකංසු. අථ ඛො පියසමුදාචාරෙනෙව සමුදාචරියමානා අකංසු. න හි තත්‍ථ දාසං වා දාසාති, පෙස‍්සං වා පෙස‍්සාති, කම‍්මකරං වා කම‍්මකරාති ආලපන‍්ති. යථානාමවසෙනෙව පන පියසමුදාචාරෙන ආලපිත්‍වා ඉත්‍ථිපුරිසබලවන‍්තදුබ‍්බලානං අනුරූපමෙව කම‍්මං දස‍්සෙත්‍වා – “ඉදඤ‍්චිදඤ‍්ච කරොථා”ති වදන‍්ති. තෙපි අත‍්තනො රුචිවසෙනෙව කරොන‍්ති. තෙන වුත‍්තං – “යෙ ඉච‍්ඡිංසු, තෙ අකංසු; යෙ න ඉච‍්ඡිංසු, න තෙ අකංසු. යං ඉච‍්ඡිංසු, තං අකංසු; යං න ඉච‍්ඡිංසු, න තං අකංසූ”ති.

දාසා අන්තොජාත ආදීහු පෙස්සා පළමුව මුදල් ගෙන වැඩ කරන්නෝ. කම්මකරා බත් වැටුප් ගෙන වැඩ කරන්නෝ. දණ්ඩතජ්ජිතා දඬු මුගුරු ආදිය ගෙන ‘වැඩ කරවු කරවු’ යයි මේ අයුරින් තර්ජනය කරනු ලැබුවෝ. භයතජ්ජිතා ‘වැඩ කරනවා නම් කරව, නොකරනවා නම් කපන්නෙමි. බැඳ දමන්නෙමි. මරන්නෙමි ආදි වශයෙන් භයෙන් තර්ජනය කරනු ලැබුවෝ. මොවුහු දඬුවෙන් තර්ජනය කරනු ලැබුවෝ නොවෙති. භයෙන් තර්ජනය කරනු ලැබුවෝය. නඅස්සුමුඛා රුදමානා පරිකම්මානි අකංසු, ඉක්බිති ප්‍රිය වචනයෙන්ම කථා කරමින් කළාහුය. එහි දාසයා දාසයෙකැයි ද පෙස්සයා පෙස්සා කියාද, කම්කරුවා කම්කරුවා කියාද කථා නොකරත් නම් වශයෙන්ම ප්‍රිය වචනයෙන්ද කථාකොට ස්ත්‍රීපුරුෂ ශක්තිමත් දුර්වල වූවන්ට සුදුසු වූම වැඩක් පෙන්වා මේ මේ දේ කරන්න යයි කියත්. ඔවුහුද තමන්ට රිසි පරිදි කරත්. එහෙයින් කියන ලදි. යෙ ඉච්ඡිංසු තෙ අකංසු යෙ නඉච්ඡිංසු නතෙ අකංසු. යං ඉච්ඡිංසු තං අකංසු. යං නඉච්ඡිංසු නතං අකංසු යැයි.

සප‍්පිතෙලනවනීතදධිමධුඵාණිතෙන චෙව සො යඤ‍්ඤො නිට‍්ඨානමගමාසීති රාජා කිර බහිනගරස‍්ස චතූසු ද‍්වාරෙසු අන‍්තොනගරස‍්ස ච මජ‍්ඣෙති පඤ‍්චසු ඨානෙසු මහාදානසාලායො කාරාපෙත්‍වා එකෙකිස‍්සාය සාලාය සතසහස‍්සං සතසහස‍්සං කත්‍වා දිවසෙ දිවසෙ පඤ‍්චසතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා සූරියුග‍්ගමනතො පට‍්ඨාය තස‍්ස තස‍්ස කාලස‍්ස අනුරූපෙහි සහත්‍ථෙන සුවණ‍්ණකටච‍්ඡුං ගහෙත්‍වා පණීතෙහි සප‍්පිතෙලාදිසම‍්මිස‍්සෙහෙව යාගුඛජ‍්ජකභත‍්තබ්‍යඤ‍්ජනපානකාදීහි මහාජනං සන‍්තප‍්පෙසි. භාජනානි පූරෙත්‍වා ගණ‍්හිතුකාමානං තථෙව දාපෙසි. සායණ‍්හසමයෙ පන වත්‍ථගන්‍ධමාලාදීහි සම‍්පූජෙසි. සප‍්පිආදීනං පන මහාචාටියො පූරාපෙත්‍වා – “යො යං පරිභුඤ‍්ජිතුකාමො, සො තං පරිභුඤ‍්ජතූ”ති අනෙකසතෙසු ඨානෙසු ඨපාපෙසි. තං සන්‍ධාය වුත‍්තං – “සප‍්පිතෙලනවනීතදධිමධුඵාණිතෙන චෙව සො යඤ‍්ඤො නිට‍්ඨානමගමාසී”ති.

සප්පි තෙල නවතීත දධි මධු ඵාණිතෙන චෙව සො යඤ්ඤො තිට්ඨානං අහමාසි රජතෙමේ බිහි නුවර සිව්දොරද ඇතුළු නුවරද නගර මධ්‍යයේද යන පස්තැන මහදන් හල් කරවා එක් එක් ශාලාවට සියදහසක් සියදහසක් කොට දිනපතා පන්සිය දහසක් වියදම්කොට හිරු උදාවෙහි සිට ඒ ඒ කලට අනුරූප වූ දෙයින් සියතින් රන් හැන්දක් ගෙන ප්‍රණීත වූ ගිතෙලින් තෙලින් ආදියෙන් සම්මිශ්‍රණය වූ කැඳ කැවුම් බත් ව්‍යඤ්ජන පාන ආදියෙන් මහජනයා සන්තර්පණය කළේය. භාජන ආදිය පුරවාගෙන යාමට කැමැත්තවුන්ට එසේ දෙවීය. සවස් කාලයෙහි වස්ත්‍ර ගන්ධමාලා ආදියෙන් පූජා කළේය. ගිතෙල් ආදියෙන් මහසැළි පුරවා යමෙක් අනුභව කරනු කැමැත්තේ නම් හේ අනුභව කෙරේවායි නොයෙක් සියගණන් තැන්වල තැබ්බවීය. ඒ සඳහා කියන ලදි. සප්පිතෙලනවනීත දධිමධු ඵාණිතෙන චෙව සො යඤ්ඤො නිට්ඨානමගමාසි යනුවෙන්.

පහූතං සාපතෙය්‍යං ආදායාති බහුං ධනං ගහෙත්‍වා. තෙ කිර චින‍්තෙසුං – “අයං රාජා සප‍්පිතෙලාදීනි ජනපදතො අනාහරාපෙත්‍වා අත‍්තනො සන‍්තකමෙව නීහරිත්‍වා මහාදානං දෙති. අම‍්හෙහි පන ‘රාජා න කිඤ‍්චි ආහරාපෙතී’ති න යුත‍්තං තුණ‍්හී භවිතුං. න හි රඤ‍්ඤො ඝරෙ ධනං අක‍්ඛයධම‍්මමෙව, අම‍්හෙසු ච අදෙන‍්තෙසු කො අඤ‍්ඤො රඤ‍්ඤො දස‍්සති, හන්‍දස‍්ස ධනං උපසංහරාමා”ති තෙ ගාමභාගෙන ච නිගමභාගෙන ච නගරභාගෙන ච සාපතෙය්‍යං සංහරිත්‍වා සකටානි පූරෙත්‍වා රඤ‍්ඤො උපහරිංසු. තං සන්‍ධාය – “පහූතං සාපතෙය්‍ය”න‍්තිආදිමාහ.

පහූතං සාපතෙය්‍යං ආදාය බොහෝ ධනය ගෙන, ඔවුහු මෙසේ සිතූහ. මේ රජ ගිතෙල් තෙල් ජනපදයෙන් නොගෙන්වා තමා සතු වූ දෙයට ඉවතට ගෙන මහදන් දෙයි. රජ අප ලවා කිසිවක් නොගෙන්වයි. නිහඬව සිටීම යුතු නැතැයි රජුගේ මැදුරෙහි ධනය ක්‍ෂය නොවන ස්වභාව ඇත්තේ නොවේ. අප දන් නොදෙන කල්හි කවරෙක් රජුට දෙන්නේද අපි ඔහුට ධනය ගෙනයමුයි ඔවුහු ගමින් නියම්ගමින් නගරයෙන් ධනය එකතුකොට ගැල් පුරවා රජුට ගෙනවුත් දුන්හ. ඒ සඳහා පහුතං සාපතෙය්‍යං ආදිය කීය.

පුරත්‍ථිමෙන යඤ‍්ඤවාටස‍්සාති පුරත්‍ථිමතො නගරද‍්වාරෙ දානසාලාය පුරත්‍ථිමභාගෙ. යථා පුරත්‍ථිමදිසතො ආගච‍්ඡන‍්තා ඛත‍්තියානං දානසාලාය යාගුං පිවිත්‍වා රඤ‍්ඤො දානසාලාය භුඤ‍්ජිත්‍වා නගරං පවිසන‍්ති. එවරූපෙ ඨානෙ පට‍්ඨපෙසුං. දක‍්ඛිණෙන යඤ‍්ඤවාටස‍්සාති දක‍්ඛිණතො නගරද‍්වාරෙ දානසාලාය වුත‍්තනයෙනෙව දක‍්ඛිණභාගෙ පට‍්ඨපෙසුං. පච‍්ඡිමුත‍්තරෙසුපි එසෙව නයො.

පුරත්‍ථීමෙන යඤ්ඤාවාටස්ස පෙරදිග නුවර දොර දන්හලෙහි පෙරදිග කොටසෙහි, යම්සේ පෙරදිගින් එන ක්‍ෂත්‍රියයෝ දන්හලෙහි කැඳ බී රජුගේ දන්හලෙහි අහර අනුභවකොට නුවරට පිවිසෙත්ද, එබඳු තැනක තැබූහ. දක්ඛිණෙන යඤ්ඤාවාටස්ස දකුණු නුවර දොර දන්හලෙහි කියන ලද ක්‍රමයෙන්ම දකුණුදිග කොටසෙහි තැබූහ. බටහිර උතුරු දිසාවන්හිද මේ ක්‍රමයමැයි.

අහො යඤ‍්ඤො, අහො යඤ‍්ඤසම‍්පදාති බ්‍රාහ‍්මණා සප‍්පිආදීහි නිට‍්ඨානගමනං සුත්‍වා – “යං ලොකෙ මධුරං, තදෙව සමණො ගොතමො කථෙති, හන්‍දස‍්ස යඤ‍්ඤං පසංසාමා”ති තුට‍්ඨචිත‍්තා පසංසමානා එවමාහංසු. තුණ‍්හීභූතොව නිසින‍්නො හොතීති උපරි වත‍්තබ‍්බමත්‍ථං චින‍්තයමානො නිස‍්සද‍්දොව නිසින‍්නො හොති. අභිජානාති පන භවං ගොතමොති ඉදං බ්‍රාහ‍්මණො පරිහාරෙන පුච‍්ඡන‍්තො ආහ. ඉතරථා හි – “කිං පන ත්‍වං, භො ගොතම, තදා රාජා අහොසි, උදාහු පුරොහිතො බ්‍රාහ‍්මණො”ති එවං උජුකමෙව පුච‍්ඡයමානො අගාරවො විය හොති.

අහො යඤ්ඤො බමුණෝ ගිතෙල් ආදියෙහි අවසානයට යන බව අසා ලෝකයෙහි යමක් මිහිරිද එයම ශ්‍රමණ ගෞතමයෝ කියති. ඔහුගේ යාගය පසසමුයි තුටු සිතැත්තෝ පසසමින් මෙසේ කීහ. තුණ්හී නිසින්නො හොති මත්තෙහි කිවයුතු අර්ථය සිතමින් නිහඬවම හුන්නේ වෙයි. අභිජානාති පන භවං ගොතමො මෙය බමුණා ගෞරවයෙන් අසන්නේ කීය. අන් අයුරකින් ‘පින්වත් ගෞතමයෙනි, ඔබ එකල්හි රජ වීද, නැතහොත් පුරෝහිත බමුණෙක් වීදැයි මෙසේ කෙළින්ම අසනවිට අගෞරවයක් මෙන් වෙයි.

නිච‍්චදානඅනුකුලයඤ‍්ඤවණ‍්ණනා

අත්‍ථි පන, භො ගොතමාති – ඉදං බ්‍රාහ‍්මණො “සකලජම‍්බුදීපවාසීනං උට‍්ඨාය සමුට‍්ඨාය දානං නාම දාතුං ගරුකං සකලජනපදො ච අත‍්තනො කම‍්මානි අකරොන‍්තො නස‍්සිස‍්සති, අත්‍ථි නු ඛො අම‍්හාකම‍්පි ඉමම‍්හා යඤ‍්ඤා අඤ‍්ඤො යඤ‍්ඤො අප‍්පසමාරම‍්භතරො චෙව මහප‍්ඵලතරො චා”ති එතමත්‍ථං පුච‍්ඡන‍්තො ආහ. නිච‍්චදානානීති ධුවදානානි නිච‍්චභත‍්තානි. අනුකුලයඤ‍්ඤානීති – “අම‍්හාකං පිතුපිතාමහාදීහි පවත‍්තිතානී”ති කත්‍වා පච‍්ඡා දුග‍්ගතපුරිසෙහිපි වංසපරම‍්පරාය පවත‍්තෙතබ‍්බානි යාගානි, එවරූපානි කිර සීලවන‍්තෙ උද‍්දිස‍්ස නිබද‍්ධදානානි තස‍්මිං කුලෙ දලිද‍්දාපි න උපච‍්ඡින්‍දන‍්ති.

අත්‍ථිපන භො ගොතම මෙය බමුණා සියලු දඹදිව් වැසියන් උනන්දුවෙන් දන්දීම ගෞරවයකි. මුළු ජනපදයම තම කටයුතු නොකරන්නේ නැසෙන්නේය. අපටත් මේ යාගය හැර අල්ප උත්සාහයක් ඇති වඩා මහත්ඵල දෙන අන් යාගයක් ඇත්දැයි මේ කරුණ අසන්නේ කීය. නිච්චදානාති නිතර දෙන දානය, නිතිබත්, අනුකූලයඤ්ඤානි අපගේ පියමුතු ආදීන් විසින් පවත්වන ලද්දක් කොට පසුව දුගී පුරුෂයන් විසින්ද වංශ පරම්පරාවෙන් පැවැත්විය යුතු යාග මෙවැනි දන් සිල්වතුන් උදෙසා දෙන නිබඳ දන්ය. පවුල්වල දිළින්දෝ ද කඩ නොකරති.

තත්‍රිදං වත්‍ථු – අනාථපිණ‍්ඩිකස‍්ස කිර ඝරෙ පඤ‍්ච නිච‍්චභත‍්තසතානි දීයිංසු. දන‍්තමයසලාකානි පඤ‍්චසතානි අහෙසුං. අථ තං කුලං අනුක‍්කමෙන දාලිද‍්දියෙන අභිභූතං, එකා තස‍්මිං කුලෙ දාරිකා එකසලාකතො උද‍්ධං දාතුං නාසක‍්ඛි. සාපි පච‍්ඡා සෙතවාහනරජ‍්ජං ගන‍්ත්‍වා ඛලං සොධෙත්‍වා ලද‍්ධධඤ‍්ඤෙන තං සලාකං අදාසි. එකො ථෙරො රඤ‍්ඤො ආරොචෙසි. රාජා තං ආනෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. සා තතො පට‍්ඨාය පුන පඤ‍්චපි සලාකභත‍්තසතානි පවත‍්තෙසි.

මේ මෙහි කථාවකි :- අනේපිඬුගේ ගෙයි පන්සියයක් නිති බත් දෙනු ලැබීය. ඇත් දතින් කළ සලාක පන්සියයක් විය. ඉක්බිති ඒ පවුල ක්‍රමයෙන් දිළිඳු බැවින් මිරිකිණ. ඒ පවුලෙහි එක් දැරියක් එක් සලාකයකට වඩා දීමට නොහැකි වූවාය. ඇයද පසුව කමත පිරිසිදුකොට ලබාගත් ධාන්‍යයෙන් ඒ සලාකය දුන්නාය. එක් තෙර කෙනෙක් රජුට දැන්වීය. රජ ඇය ගෙන්වා අගමෙහෙසුන් තනතුරෙහි තැබීය. එතැන් පටන් නැවතත් සලාක පන්සියයක් පැවැත්වූවාය.

දණ‍්ඩප‍්පහාරාති – “පටිපාටියා තිට‍්ඨථ තිට‍්ඨථා”ති උජුං ගන‍්ත්‍වා ගණ‍්හථ ගණ‍්හථාති ච ආදීනි වත්‍වා දීයමානා දණ‍්ඩප‍්පහාරාපි ගලග‍්ගාහාපි දිස‍්සන‍්ති. අයං ඛො, බ්‍රාහ‍්මණ, හෙතු…පෙ… මහානිසංසතරඤ‍්චාති. එත්‍ථ යස‍්මා මහායඤ‍්ඤෙ විය ඉමස‍්මිං සලාකභත‍්තෙ න බහූහි වෙය්‍යාවච‍්චකරෙහි වා උපකරණෙහි වා අත්‍ථො අත්‍ථි, තස‍්මා එතං අප‍්පට‍්ඨතරං. යස‍්මා චෙත්‍ථ න බහූනං කම‍්මච‍්ඡෙදවසෙන පීළාසඞ‍්ඛාතො සමාරම‍්භො අත්‍ථි, තස‍්මා අප‍්පසමාරම‍්භතරං. යස‍්මා චෙතං සඞ‍්ඝස‍්ස යිට‍්ඨං පරිච‍්චත‍්තං, තස‍්මා යඤ‍්ඤන‍්ති වුත‍්තං, යස‍්මා පන ඡළඞ‍්ගසමන‍්නාගතාය දක‍්ඛිණාය මහාසමුද‍්දෙ උදකස‍්සෙව න සුකරං පුඤ‍්ඤාභිසන්‍දස‍්ස පමාණං කාතුං, ඉදඤ‍්ච තථාවිධං. තස‍්මා තං මහප‍්ඵලතරඤ‍්ච මහානිසංසතරඤ‍්චාති වෙදිතබ‍්බං.

දණ්ඩප්පහාරා පිළිවෙලට සිටිවු. සිටුවා. කෙළින් ගොස් ගනිවු ගනිවු ආදිය කියා දෙනු ලබන දන. දණ්ඩප්පහාරාපි ගලග්ගාහාපි දිසන්ති. අයං ඛො බ්‍රාහ්මණ හෙතු -පෙ- මහානිසංස තරා මෙහි යම්හෙයකින් මහා යාගය මෙන් මේ සලාක බතින් බොහෝ වතාවත් කරන්නවුන්ගෙන් හෝ උපකරණවලින් ප්‍රයෝජනයක් ඇත්ද ඒ නිසා එය අඩු කරදර ඇත්තකි. යම්හෙයකින් මෙහි බොහේදෙනකුට කාර්ය නැවැත්ම වශයෙන් පීඩා සංඛ්‍යාත හානියක් ඇත්ද, ඒ නිසා එය අල්ප හානි ඇත්තකි. යම්හෙයකින් මෙය සංඝයාට පූජා කරන ලද්දකි. පරිත්‍යාග කරන ලද්දකි. ඒ නිසා යාගයයි කියන ලදි. යම්හෙයකින් අංග සයකින් යුත් දක්‍ෂිණාවෙන් මහ සමුදුර ජලය මෙන් පුණ්‍ය විපාකය ප්‍රමාණ කිරීමට නොහැකිද, මෙයද එබඳුය. ඒ නිසා මහප්ඵලතරංව මහානිසංස තරංච යනුවෙන් දතයුතුය.

ඉදං සුත්‍වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – ඉදම‍්පි නිච‍්චභත‍්තං උට‍්ඨාය සමුට‍්ඨාය දදතො දිවසෙ දිවසෙ එකස‍්ස කම‍්මං නස‍්සති. නවනවො උස‍්සාහො ච ජනෙතබ‍්බො හොති, අත්‍ථි නු ඛො ඉතොපි අඤ‍්ඤො යඤ‍්ඤො අප‍්පට‍්ඨතරො ච අප‍්පසමාරම‍්භතරො චාති. තස‍්මා “අත්‍ථි පන, භො ගොතමා”තිආදිමාහ. තත්‍ථ යස‍්මා සලාකභත‍්තෙ කිච‍්චපරියොසානං නත්‍ථි, එකෙන උට‍්ඨාය සමුට‍්ඨාය අඤ‍්ඤං කම‍්මං අකත්‍වා සංවිධාතබ‍්බමෙව. විහාරදානෙ පන කිච‍්චපරියොසානං අත්‍ථි. පණ‍්ණසාලං වා හි කාරෙතුං කොටිධනං විස‍්සජ‍්ජෙත්‍වා මහාවිහාරං වා, එකවාරං ධනපරිච‍්චාගං කත්‍වා කාරිතං සත‍්තට‍්ඨවස‍්සානිපි වස‍්සසතම‍්පි වස‍්සසහස‍්සම‍්පි ගච‍්ඡතියෙව. කෙවලං ජිණ‍්ණපතිතට‍්ඨානෙ පටිසඞ‍්ඛරණමත‍්තමෙව කාතබ‍්බං හොති. තස‍්මා ඉදං විහාරදානං සලාකභත‍්තතො අප‍්පට‍්ඨතරං අප‍්පසමාරම‍්භතරඤ‍්ච හොති. යස‍්මා පනෙත්‍ථ සුත‍්තන‍්තපරියායෙන යාවදෙව සීතස‍්ස පටිඝාතායාති ආදයො නවානිසංසා වුත‍්තා, ඛන්‍ධකපරියායෙන.

මෙය අසා බමුණා මෙසේ සිතීය. මේ නිති බත උනන්දුවෙන් කරන්නහුගේ දිනෙන් දින කර්මාන්ත නැසේ. අලුතින් අලුතින් උත්සාහ කළයුත්තේ වෙයි. මීට වඩා අඩු කරදර ඇති අල්පහානි ඇති වෙනත් යාගයක් ඇත්ද, ඒ නිසා අත්‍ථිපන භො ගොතම ආදිය කීය. එහි සලාක බතෙහි කටයුතුවල කෙළවරක් නැති බැවින් එකකු විසින් උනන්දුවෙන් වෙනත් කටයුත්තක් නොකොට සංවිධානය කළයුතුමය. විහාර දානයෙහි කාර්යවල කෙළවරක් ඇත. පන්සලක් කරවන්ට කෝටිගණන් ධනය වියදම්කොට මහා විහාරයක් හෝ එක්වරක් ධන පරිත්‍යාග කර කරන කරවන්ට හත්අට වසක්, වස් සියයක්, වස් දහසක් යේමය. හුදෙක් දිරාගිය තැන් ප්‍රතිසංස්කරණය කිරීම් මාත්‍රයක්ම කළයුතු වෙයි. ඒ නිසා මේ විහාර දානය සලාක දානයට වඩා අඩු කරදර ඇත්තතකි. අල්ප හානි ඇත්තකි. යම් හෙයකින් මෙහි සූත්‍ර අවසානයෙහි ‘සීතස්ස පටිඝාතාය’ ආදි ආනිසංස නවයක් කියන ලදි. ඛන්‍ධක පිළිවෙලින්.

“සීතං උණ‍්හං පටිහන‍්ති, තතො වාළමිගානි ච; සිරිංසපෙ ච මකසෙ ච, සිසිරෙ චාපි වුට‍්ඨියො.

සිසිලද උණුසුමද - නපුරුවන සතුන්ද උරගයන් මකුණන් - සිසිරයෙහි වැසිද වළක්වයි.

තතො වාතාතපො ඝොරො, සඤ‍්ජාතො පටිහඤ‍්ඤති; ලෙණත්‍ථඤ‍්ච සුඛත්‍ථඤ‍්ච, ඣායිතුඤ‍්ච විපස‍්සිතුං.

හටගත් දරුණු කුණාටු හිරුකිරණ නසයි රැකුම හා සුව පිණිස - සිතන්නට දකින්නට

විහාරදානං සඞ‍්ඝස‍්ස, අග‍්ගං බුද‍්ධෙන වණ‍්ණිතං; තස‍්මා හි පණ‍්ඩිතො පොසො, සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො; විහාරෙ කාරයෙ රම‍්මෙ, වාසයෙත්‍ථ බහුස‍්සුතෙ.

සඟුනට වෙහෙර දානය - බුදුන් විසින් පැසැසිණ එහෙයින් තම දියුණුව දකින - නුවණැති පුරුෂයා මනරම් වෙහෙර කරවා - උගතුන් එහි වසවන්න

තස‍්මා අන‍්නඤ‍්ච පානඤ‍්ච, වත්‍ථසෙනාසනානි ච; දදෙය උජුභූතෙසු, විප‍්පසන‍්නෙන චෙතසා.

ඔවුනට අහර පැන් - වත් සෙනසුන් පැහැදුණු සිතින් - ඉඳු ගති ඇති භික්‍ෂූන්ට දෙන්න

තෙ තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති, සබ‍්බදුක‍්ඛාපනූදනං; යං සො ධම‍්මං ඉධඤ‍්ඤාය, පරිනිබ‍්බාති අනාසවො”ති. (චූළව· 295);

ඔව්හු එහි වැස - සියලු දුක් නසන දහම් දෙසත් ඒ දහම් දැන කෙලෙසුන් නසා පිරිනිවනට යයි

සත‍්තරසානිසංසා වුත‍්තා. තස‍්මා එතං සලාකභත‍්තතො මහප‍්ඵලතරඤ‍්ච මහානිසංසතරඤ‍්චාති වෙදිතබ‍්බං. සඞ‍්ඝස‍්ස පන පරිච‍්චත‍්තත‍්තාව යඤ‍්ඤොති වුච‍්චති. ඉදම‍්පි සුත්‍වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “ධනපරිච‍්චාගං කත්‍වා විහාරදානං නාම දුක‍්කරං, අත‍්තනො සන‍්තකා හි කාකණිකාපි පරස‍්ස දුප‍්පරිච‍්චජා, හන්‍දාහං ඉතොපි අප‍්පට‍්ඨතරඤ‍්ච අප‍්පසමාරම‍්භතරඤ‍්ච යඤ‍්ඤං පුච‍්ඡාමී”ති. තතො තං පුච‍්ඡන‍්තො – “අත්‍ථි පන භො”තිආදිමාහ.

ආනිසංස දහ හතක් කියන ලදි. ඒ නිසා මෙසේ සලාක බතට වඩා මහප්ඵලතරංච - මහපල ඇති බවද, මහානිසංතරංච - මහ අනුසස් ඇති බවද දතයුතුය. සංඝයාට පරිත්‍යාග කරන ලද බැවින් යාගයැයි කියනු ලැබේ. මෙයද අසා බමුණා මෙසේ සිතීය. ධනය පරිත්‍යාගකොට විහාර දානය දුෂ්කරය. තමා සතු අඩ මස්සක් පවා අනුන්ට පරිත්‍යාග කිරීම අමාරුය. මම දැන් ඊටත් වඩා අඩු කරදර ඇති යාගයක් ගැන අසන්නෙමියි ඉන්පසු එය විමසන්නේ අත්‍ථිතෙ භො ආදිය කීය.

තත්‍ථ යස‍්මා සකිං පරිච‍්චත‍්තෙපි විහාරෙ පුනප‍්පුනං ඡාදනඛණ‍්ඩඵුල‍්ලප‍්පටිසඞ‍්ඛරණාදිවසෙන කිච‍්චං අත්‍ථියෙව, සරණං පන එකභික‍්ඛුස‍්ස වා සන‍්තිකෙ සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා සකිං ගහිතං ගහිතමෙව හොති, නත්‍ථි තස‍්ස පුනප‍්පුනං කත‍්තබ‍්බතා, තස‍්මා තං විහාරදානතො අප‍්පට‍්ඨතරඤ‍්ච අප‍්පසමාරම‍්භතරඤ‍්ච හොති. යස‍්මා ච සරණගමනං නාම තිණ‍්ණං රතනානං ජීවිතපරිච‍්චාගමයං පුඤ‍්ඤකම‍්මං සග‍්ගසම‍්පත‍්තිං දෙති, තස‍්මා මහප‍්ඵලතරඤ‍්ච මහානිසංසතරඤ‍්චාති වෙදිතබ‍්බං. තිණ‍්ණං පන රතනානං ජීවිතපරිච‍්චාගවසෙන යඤ‍්ඤොති වුච‍්චති.

එහි යම්හෙයකින් එක්වරක් විහාරය පරිත්‍යාග කළවිට නැවත නැවත කැඩුණු කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය ආදි වශයෙන් කළයුතු දෙයක් ඇත. සරණය වනාහි එක් භික්‍ෂුවක හමුවෙහි සංඝයාගේ හෝ ගණයා හමුවෙහි එක්වරක් ගත් දෙය ගන්නා ලද්දේම වෙයි. එහි නැවත නැවත කළයුත්තක් නැත. ඒ නිසා එය විහාර දානයට වඩා අඩු කරදර ඇත්තේය. අල්ප හානි ඇත්තේය. යම්හෙයකින් සරණාගමනය නම් තෙරුවනට ජීවිත පරිත්‍යාගයෙන් හටගත් පින ශක්‍ර සම්පත් දෙයිද ඒ නිසා මහප්ඵලතරංච මහානිසංස තරංච යැයි දතයුතුය. තෙරුවනට ජීවිත පරිත්‍යාග වශයෙන් යාග යයි කියනු ලැබේ.

ඉදං සුත්‍වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අත‍්තනො ජීවිතං නාම පරස‍්ස පරිච‍්චජිතුං දුක‍්කරං, අත්‍ථි නු ඛො ඉතොපි අප‍්පට‍්ඨතරො යඤ‍්ඤො”ති තතො තං පුච‍්ඡන‍්තො පුන “අත්‍ථි පන, භො ගොතමා”තිආදිමාහ. තත්‍ථ පාණාතිපාතා වෙරමණීතිආදීසු වෙරමණී නාම විරති. සා තිවිධා හොති – සම‍්පත‍්තවිරති, සමාදානවිරති සෙතුඝාතවිරතීති. තත්‍ථ යො සික‍්ඛාපදානි අගහෙත්‍වාපි කෙවලං අත‍්තනො ජාතිගොත‍්තකුලාපදෙසාදීනි අනුස‍්සරිත්‍වා – “න මෙ ඉදං පතිරූප”න‍්ති පාණාතිපාතාදීනි න කරොති, සම‍්පත‍්තවත්‍ථුං පරිහරති. තතො ආරකා විරමති. තස‍්ස සා විරති සම‍්පත‍්තවිරතීති වෙදිතබ‍්බා.

මෙය අසා බමුණා මෙසේ කීය. තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීම දුෂ්කරය. මීටත් වඩා අඩු කරදර ඇති යාගයක් ඇත්ද? ඉන්පසු එය විචාරන්නේ නැවත අත්‍ථිපන භො ආදිය කීය. එහි පාණාතිපාතා වෙරමණී ආදී තන්හි වෙරමණී යනු වෙන්වීමයි. එය තෙවැදෑරුම් වෙයි. සම්පත්ති විරති සමාදාන විරති, සෙතුඝාත විරති යනුවෙන්. එහි යමෙක් සිල් පද නොගෙන වුවත් හුදෙක් තමාගේ ජාති ගෝත්‍ර කුල ප්‍රදේශ ආදිය සිහිකොට ‘මෙය මට සුදුසු නොවේ’ යැයි ප්‍රාණඝාත ආදිය නොකරයි. පැමිණි දෙයක් ප්‍රයෝජනයට ගනී. එයින් දුරින් දුරුවෙයි. ඔහුගේ ඒ විරතිය සම්පත්ත පටිවිරතියයි දතයුතුය.

“අජ‍්ජතග‍්ගෙ ජීවිතහෙතුපි පාණං න හනාමී”ති වා “පාණාතිපාතා විරමාමී”ති වා “වෙරමණිං සමාදියාමී”ති වා එවං සික‍්ඛාපදානි ගණ‍්හන‍්තස‍්ස පන විරති සමාදානවිරතීති වෙදිතබ‍්බා.

‘අද පටන් ජීවිතය ගියත් පණ නොනසමියි හෝ ප්‍රාණඝාතයෙන් වෙන් වෙමි කියා හෝ ‘විරමණය සමාදන් වෙමි කියා හෝ මෙසේ සිකපද ගන්නහුගේ විරතිය සමාදාන විරති යි දතයුතුය.

අරියසාවකානං පන මග‍්ගසම‍්පයුත‍්තා විරති සෙතුඝාතවිරති නාම. තත්‍ථ පුරිමා ද‍්වෙ විරතියො යං වොරොපනාදිවසෙන වීතික‍්කමිතබ‍්බං ජීවිතින්‍ද්‍රියාදිවත්‍ථු, තං ආරම‍්මණං කත්‍වා පවත‍්තන‍්ති. පච‍්ඡිමා නිබ‍්බානාරම‍්මණාව. එත්‍ථ ච යො පඤ‍්ච සික‍්ඛාපදානි එකතො ගණ‍්හති, තස‍්ස එකස‍්මිං භින‍්නෙ සබ‍්බානි භින‍්නානි හොන‍්ති. යො එකෙකං ගණ‍්හති, සො යං වීතික‍්කමති, තදෙව භිජ‍්ජති. සෙතුඝාතවිරතියා පන භෙදො නාම නත්‍ථි, භවන‍්තරෙපි හි අරියසාවකො ජීවිතහෙතුපි නෙව පාණං හනති න සුරං පිවති. සචෙපිස‍්ස සුරඤ‍්ච ඛීරඤ‍්ච මිස‍්සෙත්‍වා මුඛෙ පක‍්ඛිපන‍්ති, ඛීරමෙව පවිසති, න සුරා. යථා කිං? කොඤ‍්චසකුණානං ඛීරමිස‍්සකෙ උදකෙ ඛීරමෙව පවිසති? න උදකං. ඉදං යොනිසිද‍්ධන‍්ති චෙ, ඉදං ධම‍්මතාසිද‍්ධන‍්ති ච වෙදිතබ‍්බං.

ආර්ය ශ්‍රාවකයන්ගේ මාර්ග සම්ප්‍රයුක්ත විරතිය සෙතු සාත විරති නම් වේ. එහි මුලින් කී විරති දෙක ජීවිතයෙන් වෙන්කිරීම් ආදී වශයෙන් ඉක්මවා යා යුතු ජීවිතේන්‍ද්‍රිය වස්තුව අරමුණුකොට පවතී. පසුව කියූ විරතිය නිර්වාණය අරමුණු කොට ඇත්තේය. මෙහිද යමෙක් සිකපද පස එකට ගනීද, ඔහුට එකක් බිඳුණු කල්හි සියල්ල බිඳුණේ වෙයි. යමෙක් එක එක වෙනම ගනීද, ඔහු යමක් ඉක්මවා යාද එයම බිඳෙයි. සෙතුසාත විරතියෙහි බිඳීමක් නැත. භවාන්තරයෙහිද ආර්ය ශ්‍රාවකයා ජීවිතය ගියත් ප්‍රාණයක් නොනසයි. සුරාපානය නොකරයි. ඉදින් සුරාවද කිරිද මිශ්‍රකොට මුවෙහි බහාලුවත් කිරීම පිවිසෙයි. සුරාව නොවේ. එසේ වන්නේ ඇයි? යම්සේ කොස්වාලිහිණියන්ට කිරිමිශ්‍ර ජලයෙහි ජලය නොව කිරීම පිවිසේද මෙය උපතේදීම සිදුවන්නක් නම් මෙයද ස්වභාව ධර්මයෙන්ම සිදු වූවකැයි දතයුතුයි.

යස‍්මා පන සරණගමනෙ දිට‍්ඨිඋජුකකරණං නාම භාරියං. සික‍්ඛාපදසමාදානෙ පන විරතිමත‍්තකමෙව. තස‍්මා එතං යථා වා තථා වා ගණ‍්හන‍්තස‍්සාපි සාධුකං ගණ‍්හන‍්තස‍්සාපි අප‍්පට‍්ඨතරඤ‍්ච අප‍්පසමාරම‍්භතරඤ‍්ච. පඤ‍්චසීලසදිසස‍්ස පන දානස‍්ස අභාවතො එත්‍ථ මහප‍්ඵලතා මහානිසංසතා ච වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

යම් හෙයකින් සරණාගමනයෙහි දෘෂ්ටිය සෘජු කිරීම බැරෑරුම් වන්නේද, ශික්‍ෂාපද සමාදානයෙහි විරති මාත්‍රයක්ම වේද, ඒ නිසා ඒ වූ පරිදි ගන්නහුට යහපත් සේ ගන්නහුටද අඩු කරදර ඇත්තක්ද, අල්ප හානි ඇත්තක්ද වේ. පන්සිල් සමාන දානයක් නැති බැවින් මෙහි මහත්ඵල ඇති බවද, මහානිසංස ඇතිබවද දතයුතුය. මෙය කියන ලදී.

“පඤ‍්චිමානි, භික‍්ඛවෙ, දානානි මහාදානානි අග‍්ගඤ‍්ඤානි රත‍්තඤ‍්ඤානි වංසඤ‍්ඤානි පොරාණානි අසංකිණ‍්ණානි අසංකිණ‍්ණපුබ‍්බානි න සඞ‍්කියන‍්ති න සඞ‍්කියිස‍්සන‍්ති අප‍්පටිකුට‍්ඨානි සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි. කතමානි පඤ‍්ච? ඉධ, භික‍්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො, භික‍්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත‍්තානං අභයං දෙති, අවෙරං දෙති අබ්‍යාපජ‍්ඣං දෙති. අපරිමාණානං සත‍්තානං අභයං දත්‍වා අවෙරං දත්‍වා අබ්‍යාපජ‍්ඣං දත්‍වා අපරිමාණස‍්ස අභයස‍්ස අවෙරස‍්ස අබ්‍යාපජ‍්ඣස‍්ස භාගී හොති. ඉදං, භික‍්ඛවෙ, පඨමං දානං මහාදානං…පෙ… විඤ‍්ඤූහීති.

මහණෙනි, දාන පසක් වෙයි. අග්‍ර වූද දිගුකල් පැවතියා වූද වංශ පරම්පරාවෙන් ආවා වූද පැරණි වූද අසංකීර්ණ වූද අසංකීර්ණ නොවූ විරූද, සැක නොකෙරේ ද සැක නොකරවාද, ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, ඥානවන්තයන් විසින්ද, පිළිකුල් නොකරන ලද්දා වූද මහාදාන පසකි. ඒ පස මොනවාද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වෙන් වූයේද, ප්‍රාණඝාතයෙන් වෙන් වූ ආර්ය ශ්‍රාවකයා අප්‍රමාණ වූ සත්ත්වයන්ට අභයදානය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණ වූ සත්ත්වයන් අභය දී අවෛරය දී අව්‍යාපාදය දී අප්‍රමාණ වූ අභයට, අවෛරයද, අව්‍යාපාදයට කොටස් කරුවෙක් වෙයි. මහණෙනි, මෙයද ප්‍රථමදානයයි. මහාදානයයි. -පෙ- ඥානවන්තයන් විසින්

පුන චපරං, භික‍්ඛවෙ, අරියසාවකො අදින‍්නාදානං පහාය…පෙ… කාමෙසුමිච‍්ඡාචාරං පහාය…පෙ… මුසාවාදං පහාය…පෙ… සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං පහාය…පෙ… ඉමානි ඛො, භික‍්ඛවෙ, පඤ‍්ච දානානි මහාදානානි අග‍්ගඤ‍්ඤානි…පෙ… විඤ‍්ඤූහී”ති (අ· නි· 8.39).

නැවතද මහණෙනි, ආර්ය ශ්‍රාවකයා අදින්නාදානය අත්හැර -පෙ- කාම මිථ්‍යාචාරය අත්හැර -පෙ- මුසාවාදය අත්හැර -පෙ- සුරාමේරය මජ්ජපමාදට්ඨානය අත්හැර -පෙ- මහණෙනි, මේ පංචදානයෝ මහා දානයෝ -පෙ- ඥානවන්තයන් විසින්.

ඉදඤ‍්ච පන සීලපඤ‍්චකං – “අත‍්තසිනෙහඤ‍්ච ජීවිතසිනෙහඤ‍්ච පරිච‍්චජිත්‍වා රක‍්ඛිස‍්සාමී”ති සමාදින‍්නතාය යඤ‍්ඤොති වුච‍්චති. තත්‍ථ කිඤ‍්චාපි පඤ‍්චසීලතො සරණගමනමෙව ජෙට‍්ඨකං, ඉදං පන සරණගමනෙයෙව පතිට‍්ඨාය රක‍්ඛිතසීලවසෙන මහප‍්ඵලන‍්ති වුත‍්තං.

මේ ශීල පඤ්චකය ‘ආත්ම ස්නේහයද, ජීවිතයද පරිත්‍යාග කොට රකින්නෙමියි සමාදන් වූ බැවින් යාගයයි කියනු ලැබේ. එහි පංචශීලයට වඩා සරණාගමනය ජ්‍යෙෂ්ඨ වේද, මෙය සරණයයි පිහිටා රක්නා ශීල වශයෙන් මහත්ඵල ඇත්තේ යයි කියන ලදි.

ඉදම‍්පි සුත්‍වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “පඤ‍්චසීලං නාම රක‍්ඛිතුං ගරුකං, අත්‍ථි නු ඛො අඤ‍්ඤං කිඤ‍්චි ඊදිසමෙව හුත්‍වා ඉතො අප‍්පට‍්ඨතරඤ‍්ච මහප‍්ඵලතරඤ‍්චා”ති. තතො තං පුච‍්ඡන‍්තො පුනපි – “අත්‍ථි පන, භො ගොතමා”තිආදිමාහ. අථස‍්ස භගවා තිවිධසීලපාරිපූරියං ඨිතස‍්ස පඨමජ‍්ඣානාදීනං යඤ‍්ඤානං අප‍්පට‍්ඨතරඤ‍්ච මහප‍්ඵලතරඤ‍්ච දස‍්සෙතුකාමො බුද‍්ධුප‍්පාදතො පට‍්ඨාය දෙසනං ආරභන‍්තො “ඉධ බ්‍රාහ‍්මණා”තිආදිමාහ.

බමුණා මෙයද අසා මෙසේ සිතීය. පංචශීලය රැකීම ගරුය. අන් කිසිවක් මෙබඳුම වී ඊට වඩා අඩු කරදර ඇති මහත්ඵල ඇත්තේද? ඉන්පසු එය විචාරන්නේ නැවතද අත්‍ථිපන හොති ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධශීල පාරිශුද්ධියෙහි සිටියහුගේ ප්‍රථමධ්‍යාන ආදී යාගයන්ගෙන් අඩු කරදර බවද මහත්ඵල බවද දක්වනු කැමති සේක් බුද්ධෝත්පාදයෙහි පටන් දේශනාව අරඹමින් ඉධ බ්‍රාහ්මණ ආදිය කී සේක.

තත්‍ථ යස‍්මා හෙට‍්ඨා වුත‍්තෙහි ගුණෙහි සමන‍්නාගතො පඨමං ඣානං, පඨමජ‍්ඣානාදීසු ඨිතො දුතියජ‍්ඣානාදීනි නිබ‍්බත‍්තෙන‍්තො න කිලමති, තස‍්මා තානි අප‍්පට‍්ඨානි අප‍්පසමාරම‍්භානි. යස‍්මා පනෙත්‍ථ පඨමජ‍්ඣානං එකං කප‍්පං බ්‍රහ‍්මලොකෙ ආයුං දෙති. දුතියං අට‍්ඨකප‍්පෙ. තතියං චතුසට‍්ඨිකප‍්පෙ. චතුත්‍ථං පඤ‍්චකප‍්පසතානි. තදෙව ආකාසානඤ‍්චායතනාදිසමාපත‍්තිවසෙන භාවිතං වීසති, චත‍්තාලීසං, සට‍්ඨි, චතුරාසීති ච කප‍්පසහස‍්සානි ආයුං දෙති; තස‍්මා මහප‍්ඵලතරඤ‍්ච මහානිසංසතරඤ‍්ච. නීවරණාදීනං පන පච‍්චනීකානං ධම‍්මානං පරිච‍්චත‍්තත‍්තා තං යඤ‍්ඤන‍්ති වෙදිතබ‍්බං.

එහි යම්හෙයකින් යට කියන ලද ගුණයන්ගෙන් යුක්ත වූයේ ප්‍රථමධ්‍යානය ප්‍රථමධ්‍යානාදියෙහි සිටියේ, දෙවැනි ධ්‍යානාදිය උපදවන්නේ වෙහෙසට පත් නොවේද, ඒ නිසා ඒවා අඩු කරදර ඇත්තේද අල්පහානි ඇත්තේද වේ. යම්හෙයකින් ප්‍රථමධ්‍යානය එක් කල්පයක් බ්‍රහ්මලෝකයෙහි ආයුෂ දේද, දෙවැන්න කල්ප අටකද, තෙවැන්න කල්ප හැටහතරකද, සිව්වැන්න කල්ප පන්සියයකද දෙයි. ආකාසානඤ්චායතන ආදි සමාපත්ති වශයෙන් භාවිතා කරන ලද්දේ කල්ප විසිදහසකද, හතළිස් දහසකද, සැටදහසකද අසූහතර දහසකද ආයුෂ දෙයිද ඒ නිසා මහත්ඵලද මහානිසංසද වේ. නීවරණ ආදීන්ගේ සතුරුධර්ම පරිත්‍යාග කරන ලද බැවින් එය ත්‍යාගයැයි දතයුතුය.

විපස‍්සනාඤාණම‍්පි යස‍්මා චතුත්‍ථජ‍්ඣානපරියොසානෙසු ගුණෙසු පතිට‍්ඨාය නිබ‍්බත‍්තෙන‍්තො න කිලමති, තස‍්මා අප‍්පට‍්ඨං අප‍්පසමාරම‍්භං; විපස‍්සනාසුඛසදිසස‍්ස පන සුඛස‍්ස අභාවා මහප‍්ඵලං. පච‍්චනීකකිලෙසපරිච‍්චාගතො යඤ‍්ඤොති. මනොමයිද‍්ධිපි යස‍්මා විපස‍්සනාඤාණෙ පතිට‍්ඨාය නිබ‍්බත‍්තෙන‍්තො න කිලමති, තස‍්මා අප‍්පට‍්ඨා අප‍්පසමාරම‍්භා; අත‍්තනො සදිසරූපනිම‍්මානසමත්‍ථතාය මහප‍්ඵලා. අත‍්තනො පච‍්චනීකකිලෙසපරිච‍්චාගතො යඤ‍්ඤො. ඉද‍්ධිවිධඤාණාදීනිපි යස‍්මා මනොමයඤාණාදීසු පතිට‍්ඨාය නිබ‍්බත‍්තෙන‍්තො න කිලමති, තස‍්මා අප‍්පට‍්ඨානි අප‍්පසමාරම‍්භානි, අත‍්තනො අත‍්තනො පච‍්චනීකකිලෙසප‍්පහානතො යඤ‍්ඤො. ඉද‍්ධිවිධං පනෙත්‍ථ නානාවිධවිකුබ‍්බනදස‍්සනසමත්‍ථතාය. දිබ‍්බසොතං දෙවමනුස‍්සානං සද‍්දසවනසමත්‍ථතාය; චෙතොපරියඤාණං පරෙසං සොළසවිධචිත‍්තජානනසමත්‍ථතාය; පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානසමනුස‍්සරණසමත්‍ථතාය; දිබ‍්බචක‍්ඛු ඉච‍්ඡිතිච‍්ඡිතරූපදස‍්සනසමත්‍ථතාය; ආසවක‍්ඛයඤාණං අතිපණීතලොකුත‍්තරමග‍්ගසුඛනිප‍්ඵාදනසමත්‍ථතාය මහප‍්ඵලන‍්ති වෙදිතබ‍්බං. යස‍්මා පන අරහත‍්තතො විසිට‍්ඨතරො අඤ‍්ඤො යඤ‍්ඤො නාම නත්‍ථි, තස‍්මා අරහත‍්තනිකූටෙනෙව දෙසනං සමාපෙන‍්තො – “අයම‍්පි ඛො, බ්‍රාහ‍්මණා”තිආදිමාහ.

විදර්ශනා ඥානයද යම්හෙයකින් චතුර්ථධ්‍යාන අවසාන ගුණයන්හි පිහිටා උපදවන්නේ වෙහෙසට පත් නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්ප හානි ඇත්තේය. විදර්ශනා සුඛය හා සමාන සුඛය නැතිවීමෙන් මහත්ඵලය. සතුරු කෙලෙස් අත්හැරීමෙන් යඥ වේ. යම්හෙයකින් මනෝමය සෘද්ධියද විදර්ශනා ඥානයෙහි පිහිටා උපදවන්නේ වෙහෙසට පත්නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්පහානි ඇත්තේය. තමා හා සමාන රූප නිර්වාණය කිරීමට සමර්ථ බැවින් මහත්ඵලය. එයම සතුරු කෙලෙස් අත්හැර දැමීමෙන් යඥ වෙයි. යම්හෙයකින් සෘද්ධිවිධ ඥාන ආදියද මනෝමය ඥාන ආදියෙහි පිහිටා උපදවන්නේ වෙහෙසට පත් නොවේද ඒ නිසා අඩු කරදර ඇත්තේය. අල්ප හානි ඇත්තේය. තම තමාගේ සතුරු කෙලෙස් ප්‍රහාණයෙන් යඥ වේ. මෙහි සෘද්ධිවිධ ඥානය නානාවිධ විකුර්වණ දැකීමෙහි සමත් බැවින්ද, දිබ්බසෝතය දෙවි මිනිසුන්ගේ ශබ්ද ශ්‍රවණය කිරීමෙහි සමත් බැවින්ද, චෙතොපරිය ඤාණය අනුන්ගේ දහසය වැදෑරුම් සිත් දැනීමෙහි සමත් බැවින්ද, පුබ්බෙ නිවාස අනුස්සති ඤාණය කැමති කැමති තැන් සිහි කිරීමෙහි සමත් බැවින්ද, දිබ්බචක්ඛු ඤාණය කැමති කැමති රූප දැක්මෙහි සමත් බැවින්ද, ආසවක්ඛය ඤාණය අතිප්‍රණීත ලෝකෝත්තර මාර්ග සුඛ ඉපදවීමෙහි සමත් බැවින්ද මහත්ඵලයයි දතයුතුය. යම්හෙයකින් රහත්බවට වඩා විශිෂ්ටතර වූ අනෙක් යාගයක් නම් නැත්ද එබැවින් රහත්බව කුළුගැන්වීමෙන්ම දේශනාව සමාප්ත කරන සේක් අයං ඛො බ්‍රාහ්මණ ආදිය කී සේක.

කූටදන‍්තඋපාසකත‍්තපටිවෙදනාවණ‍්ණනා

එවං වුත‍්තෙති එවං භගවතා වුත‍්තෙ දෙසනාය පසීදිත්‍වා සරණං ගන‍්තුකාමො කූටදන‍්තො බ්‍රාහ‍්මණො – ‘එතං අභික‍්කන‍්තං භො, ගොතමා’තිආදිකං වචනං අවොච.

එවං වුත්තෙ මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කල්හි දේශනාවෙහි පැහැදී සරණ යාමට කැමති කූටදන්ත බමුණා මෙය අභික්කන්තං භොගොතම ආදී වචන කීය.

උපවායතූති උපගන‍්ත්‍වා සරීරදරථං නිබ‍්බාපෙන‍්තො තනුසීතලො වාතො වායතූති. ඉදඤ‍්ච පන වත්‍වා බ්‍රාහ‍්මණො පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, තාත, යඤ‍්ඤවාටං පවිසිත්‍වා සබ‍්බෙ තෙ පාණයො බන්‍ධනා මොචෙහී”ති. සො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තථා කත්‍වා ආගන‍්ත්‍වා “මුත‍්තා භො, තෙ පාණයො”ති ආරොචෙසි.

උපචායනං එළඹ සිරුරු වෙහෙස නිවාගන්නේ සිහින් සිසිල් වාතය හමාවා. මෙය කියා බමුණා පුරුෂයකු යැවීය. ‘යව දරුව, යාග වළට බැස ඒ සියලු ප්‍රාණීන් බන්ධනයෙන් මුදව’ හේ මැනැවැයි පිළිවදන් දී එසේ කොට පැමිණ පින්වත ඒ ප්‍රාණීහු මුදාහරින ලද්දාහු යයි දැන්වීය.

යාව බ්‍රාහ‍්මණො තං පවත‍්තිං න සුණි, න තාව භගවා ධම‍්මං දෙසෙසි. කස‍්මා? “බ්‍රාහ‍්මණස‍්ස චිත‍්තෙ ආකුලභාවො අත්‍ථී”ති. සුත්‍වා පනස‍්ස “බහූ වත මෙ පාණා මොචිතා”ති චිත‍්තචාරො විප‍්පසීදති. භගවා තස‍්ස විප‍්පසන‍්නමනතං ඤත්‍වා ධම‍්මදෙසනං ආරභි. තං සන්‍ධාය – “අථ ඛො භගවා”තිආදි වුත‍්තං. පුන ‘කල‍්ලචිත‍්ත’න‍්තිආදි ආනුපුබ‍්බිකථානුභාවෙන වික‍්ඛම‍්භිතනීවරණතං සන්‍ධාය වුත‍්තං. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

බමුණා එපුවත නොඇසූ තාක් කල් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කළ සේක. කුමක් නිසාද යත්, බමුණාගේ සිතෙහි අවුල් බවක් ඇත්තේ යයි අසා ඔහුගේ ‘මා විසින් බොහෝ ප්‍රාණීහු මුදාහරින ලද්දෝ යයි චිත්තවාරය ප්‍රසාදයට පත්විය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ මනස ප්‍රසන්න වූ බව දැන ධර්මදේශනාව ආරම්භ කළ සේක. ඒ සඳහා අථඛො භගවා ආදිය කියන ලදි. නැවත කල්ල චිත්තං ආදී අනුපූර්ව කථා ආනුභාවයෙන් විෂ්කම්භනය වූ නීවරණ ඇති බව සඳහා කියන ලදි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේම ය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං කූටදන‍්තසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කූටදන්ත සූත්‍ර වර්ණනාව මෙසේ නිමියේ ය.