යෙදුමෙන් කියවන්න

4. සොණදණ‍්ඩසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. සොණදණ‍්ඩසුත‍්තවණ‍්ණනා

4. සොණදණ්ඩ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතං…පෙ… අඞ‍්ගෙසූති සොණදණ‍්ඩසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා. අඞ‍්ගෙසූති අඞ‍්ගා නාම අඞ‍්ගපාසාදිකතාය එවං ලද‍්ධවොහාරා ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රූළ‍්හිසද‍්දෙන අඞ‍්ගාති වුච‍්චති, තස‍්මිං අඞ‍්ගෙසු ජනපදෙ.

එවංමෙසුතං -පෙ- අංගෙසු යනු සොණදණ්ඩ සූත්‍රයයි. මේ මෙහි අපූර්ව පද වර්ණනාවයි. අංගෙසු යන අංග නම් ගල් ඇති බැවින්. මෙසේ ලද ව්‍යවහාර ඇති ජනපදවාසී රජකුමරුවෝ. ඔවුන්ට නිවාස වූ එක් ජනපදයක් රූඪි ශබ්දයෙන් අංගයයි කියනු ලැබේ. ඒ අංග ජනපදයෙහි.

චාරිකන‍්ති ඉධාපි අතුරිතචාරිකා චෙව නිබද‍්ධචාරිකා ච අධිප‍්පෙතා. තදා කිර භගවතො දසසහස‍්සිලොකධාතුං ඔලොකෙන‍්තස‍්ස සොණදණ‍්ඩො බ්‍රාහ‍්මණො ඤාණජාලස‍්ස අන‍්තො පඤ‍්ඤායිත්‍ථ. අථ භගවා අයං බ්‍රාහ‍්මණො මය‍්හං ඤාණජාලෙ පඤ‍්ඤායති. ‘අත්‍ථි නු ඛ‍්වස‍්සුපනිස‍්සයො’ති වීමංසන‍්තො අද‍්දස. ‘මයි තත්‍ථ ගතෙ එතස‍්ස අන‍්තෙවාසිනො ද‍්වාදසහාකාරෙහි බ්‍රාහ‍්මණස‍්ස වණ‍්ණං භාසිත්‍වා මම සන‍්තිකෙ ආගන‍්තුං න දස‍්සන‍්ති. සො පන තෙසං වාදං භින්‍දිත්‍වා එකූනතිංස ආකාරෙහි මම වණ‍්ණං භාසිත්‍වා මං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡිස‍්සති. සො පඤ‍්හවිස‍්සජ‍්ජනපරියොසානෙ සරණං ගමිස‍්සතී’ති, දිස‍්වා පඤ‍්චසතභික‍්ඛුපරිවාරො තං ජනපදං පටිපන‍්නො. තෙන වුත‍්තං – අඞ‍්ගෙසු චාරිකං චරමානො…පෙ… යෙන චම‍්පා තදවසරීති.

චාරිකං යනු මෙහිද අතුරිත චාරිකාවයි. නිබද්ධ චාරිකාවද අදහස් කරන ලදී. එකල්හි දසදහසක් ලෝකධාතූන් දෙස බලන භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ජාලය තුළ සෝණදණ්ඩ බමුණා පෙනිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ සොණදණ්ඩ බමුණා මාගේ ඥාන ජාලයෙහි පැනෙයි. ඔහුට උපනිශ්‍රයක් ඇත්දෝ’යි විමසන සේක්’ මා එහි ගියවිට ඔහුගේ අතවැසියෝ දොළොස් අයුරකින් බමුණාගේ ගුණ කියා මාගේ සමීපයට එන්නට ඉඩ නොදෙන්නේය. හේ ඔවුන්ගේ වාද බිඳ විසිනව අයුරකින් මාගේ ගුණ කියා මා වෙත එළඹ ප්‍රශ්නයක් අසන්නේය. ප්‍රශ්නය විසඳුම අවසානයෙහි හේ සරණ යන්නේ යයි දුටු සේක. පන්සියයක් භික්‍ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක. එහෙයින් කියන ලදී. අංගෙසු චාරිකං චරමානො -පෙ- යෙන චම්පා තදවසරි යනුවෙන්.

ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙති තස‍්ස චම‍්පානගරස‍්ස අවිදූරෙ ගග‍්ගරාය නාම රාජග‍්ගමහෙසියා ඛණිතත‍්තා ගග‍්ගරාති ලද‍්ධවොහාරා පොක‍්ඛරණී අත්‍ථි. තස‍්සා තීරෙ සමන‍්තතො නීලාදිපඤ‍්චවණ‍්ණකුසුමපටිමණ‍්ඩිතං මහන‍්තං චම‍්පකවනං. තස‍්මිං භගවා කුසුමගන්‍ධසුගන්‍ධෙ චම‍්පකවනෙ විහරති. තං සන්‍ධාය ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙති වුත‍්තං.

ගග්ගරාය පොක්ඛරණීයා තීරෙ [missing trans]

මාගධෙන සෙනියෙන බිම‍්බිසාරෙනාති එත්‍ථ සො රාජා මගධානං ඉස‍්සරත‍්තා මාගධො. මහතියා සෙනාය සමන‍්නාගතත‍්තා සෙනියො. බිම‍්බීති සුවණ‍්ණං. තස‍්මා සාරසුවණ‍්ණසදිසවණ‍්ණතාය බිම‍්බිසාරොති වුච‍්චති.

මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනා යනු මෙහි ඒ රජ තෙමේ මගධයන්ට ප්‍රධාන හෙයින් මාගධ විය. මහා සේනාවකින් යුක්ත බැවින් සේනියො විය. බිම්බි යනු රත්රන්ය. ඒ නිසා සාර සුවර්ණ වර්ණ ඇති බැවින් බිම්බිසාර යයි කියනු ලබන්නේ යයි දතයුතුය.

බහූ බහූ හුත්‍වා සංහතාති සඞ‍්ඝා. එකෙකිස‍්සාය දිසාය සඞ‍්ඝො එතෙසං අත්‍ථීති සඞ‍්ඝී. පුබ‍්බෙ නගරස‍්ස අන‍්තො අගණා බහි නික‍්ඛමිත්‍වා ගණතං පත‍්තාති ගණීභූතා. ඛත‍්තං ආමන‍්තෙසීති. ඛත‍්තා වුච‍්චති පුච‍්ඡිතපඤ‍්හෙ බ්‍යාකරණසමත්‍ථො මහාමත‍්තො, තං ආමන‍්තෙසි ආගමෙන‍්තූති මුහුත‍්තං පටිමානෙන‍්තු, මා ගච‍්ඡන‍්තූති වුත‍්තං හොති.

බොහෝ බොහෝ වී රැස් වූ = සංඝ, එක් එක් දිසාවක සංඝයා එයට ඇත්තේනුයි = සංඝී. පෙර නගරය ඇතුළත ගණ නොවී පිටත නික්මී ගණ සහිත වූයේනුයි = ගණීභූතා. ඛත්තං ආමන්තෙසි යනු ඛත්ත කියනු ලබන්නේ ඇසූ ප්‍රශ්නය විසඳීමෙහි සමර්ථ වූ මහා මාත්‍රයාය. ඔහු ඇමතීය. ආගමෙන්තු යනු මොහොතක් ගරු කරත්වා, පැමිණෙත්වායි කියන ලද්දේ වෙයි.

සොණදණ‍්ඩගුණකථා

නානාවෙරජ‍්ජකානන‍්ති නානාවිධෙසු රජ‍්ජෙසු, අඤ‍්ඤෙසු අඤ‍්ඤෙසු කාසිකොසලාදීසු රජ‍්ජෙසු ජාතා, තානි වා තෙසං නිවාසා, තතො වා ආගතාති නානාවෙරජ‍්ජකා, තෙසං නානාවෙරජ‍්ජකානං. කෙනචිදෙව කරණීයෙනාති තස‍්මිං කිර නගරෙ ද‍්වීහි කරණීයෙහි බ්‍රාහ‍්මණා සන‍්නිපතන‍්ති – යඤ‍්ඤානුභවනත්‍ථං වා මන‍්තසජ‍්ඣායනත්‍ථං වා. තදා ච තස‍්මිං නගරෙ යමඤ‍්ඤා නත්‍ථි. සොණදණ‍්ඩස‍්ස පන සන‍්තිකෙ මන‍්තසජ‍්ඣායනත්‍ථං එතෙ සන‍්නිපතිතා. තං සන්‍ධාය වුත‍්තං – “කෙනචිදෙව කරණීයෙනා”ති. තෙ තස‍්ස ගමනං සුත්‍වා චින‍්තෙසුං – “අයං සොණදණ‍්ඩො උග‍්ගතබ්‍රාහ‍්මණො යෙභුය්‍යෙන ච අඤ‍්ඤෙ බ්‍රාහ‍්මණා සමණං ගොතමං සරණං ගතා, අයමෙව න ගතො. ස‍්වායං සචෙ තත්‍ථ ගමිස‍්සති, අද‍්ධා සමණස‍්ස ගොතමස‍්ස ආවට‍්ටනියා මායාය ආවට‍්ටිතො, තං සරණං ගමිස‍්සති. තතො එතස‍්සාපි ගෙහද‍්වාරෙ බ්‍රාහ‍්මණානං සන‍්නිපාතො න භවිස‍්සතී”ති. “හන්‍දස‍්ස ගමනන‍්තරායං කරොමා”ති සම‍්මන‍්තයිත්‍වා තත්‍ථ අගමංසු. තං සන්‍ධාය – අථ ඛො තෙ බ්‍රාහ‍්මණාතිආදි වුත‍්තං.

නානාවෙරජ්ජකානං යනු නානාවිධ රාජ්‍යයන්හි අනික් අනික් කාශි කෝශල ආදී රාජ්‍යයන්හි උපන්, ඒවා ඔවුන්ගේ නිවාසද වෙයි. එයින් ආවේනුයි නානා වෙරජ්ජකා. ඔවුන්ගේ නානාවෙරජ්ජකානං. කෙනචිදෙව කරණීයෙන යනු ඒ නගරයෙහි බමුණෝ කාර්ය දෙකක් හේතුවෙන් රැස්වෙති. යඥය අනුභව කිරීම සඳහා සහ මන්ත්‍ර සජ්ඣායනය සඳහා යනුවෙන්. එකල ඒ නගරයෙහි යාග නැත. සොණදණ්ඩගේ සමීපයෙහි මන්ත්‍ර සජ්ඣායනය සඳහා මොවුහු රැස්වූහ. ඒ සඳහා කියන ලදී. කෙනචිදෙව කරණීයෙන යනුවෙන්. ඔවුහු ඔහුගේ ගමන ගැන අසා මෙසේ සිතූහ. ‘මේ සෝණදණ්ඩ බමුණා උසස් බමුණෙකි. බොහෝවිට අනිත් බමුණෝ ශ්‍රමණ ගෞතමගේ සරණ ගියාහුය. මොහු පමණක් නොගියේය. මොහු එහි ගියහොත් එ්කාන්තයෙන් ශ්‍රමණ ගෞතමගේ ආවට්ටතී මායාවෙහි පැටලී ඔහු සරණ යන්නේය. ඉන්පසු ඔහුගේ ගෙදර බමුණන්ගේ හමුවීමක් නැත. දැන් ඔහුගේ ගමනට අන්තරාය කරමුයි මන්ත්‍රණය කොට එහි ගියහ. ඒ සඳහා අථඛො තෙ බ්‍රාහ්මණා යනාදිය කියන ලදි.

තත්‍ථ ඉමිනාපඞ‍්ගෙනාති ඉමිනාපි කාරණෙන. එවං එතං කාරණං වත්‍වා පුන – “අත‍්තනො වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අතුස‍්සනකසත‍්තො නාම නත්‍ථි. හන්‍දස‍්ස වණ‍්ණං භණනෙන ගමනං නිවාරෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා භවඤ‍්හි සොණදණ‍්ඩො උභතො සුජාතොතිආදීනි කාරණානි ආහංසු.

එහි ඉමිනා පංගෙන යනු මේ කාරණයෙන්ද. මෙසේ මේ කරුණ කියා නැවත තමාගේ ගුණ කියනු ලබන කල්හි තමා ඔසවා නොසිතන සත්ත්වයෙක් නම් නැත. මොහුගේ ගුණ කීමෙන් ගමන වළක්වමුයි සිතා භවංගි සොණ දණ්ඩො උභතො සුජාතො ආදී කරුණු කීහ.

උභතොති ද‍්වීහි පක‍්ඛෙහි. මාතිතො ච පිතිතො චාති භොතො මාතා බ්‍රාහ‍්මණී, මාතුමාතා බ්‍රාහ‍්මණී, තස‍්සාපි මාතා බ්‍රාහ‍්මණී; පිතා බ්‍රාහ‍්මණො, පිතුපිතා බ්‍රාහ‍්මණො, තස‍්සාපි පිතා බ්‍රාහ‍්මණොති, එවං භවං උභතො සුජාතො මාතිතො ච පිතිතො ච. සංසුද‍්ධගහණිකොති සංසුද‍්ධා තෙ මාතුගහණී කුච‍්ඡීති අත්‍ථො. සමවෙපාකිනියා ගහණියාති එත්‍ථ පන කම‍්මජතෙජොධාතු “ගහණී”ති වුච‍්චති.

උභතො යනු දෙපසින්, මව්පසින්ද, පියපසින්ද, ඔබතුමාගේ මව් බැමිණිය මාතුමාතා බැමිණියයි. ඇයගේ මව් බැමිණිය. පියා බමුණෙකි. පියාගේ පියා බමුණෙකි. ඔහුගේ පියාත් බමුණෙකි. මෙසේ ඔබතුමා උභතො සුජාතො මාතිතොච පිතිතොච. සංසුද්ධ ගහණිකො යනු ඔබතුමාගේ මාතෘ ග්‍රහණිය සුපිරිසුදුය. කුස යන අර්ථයි. ‘ග්‍රහණය සමවිපාක දෙන්නේය’. මෙහි කර්මජ තේජෝ ධාතු ග්‍රහණයයි කියනු ලැබේ.

යාව සත‍්තමා පිතාමහයුගාති එත්‍ථ පිතුපිතා පිතාමහො, පිතාමහස‍්ස යුගං පිතාමහයුගං. යුගන‍්ති ආයුප‍්පමාණං වුච‍්චති. අභිලාපමත‍්තමෙව චෙතං. අත්‍ථතො පන පිතාමහොයෙව පිතාමහයුගං. තතො උද‍්ධං සබ‍්බෙපි පුබ‍්බපුරිසා පිතාමහග‍්ගහණෙනෙව ගහිතා. එවං යාව සත‍්තමො පුරිසො, තාව සංසුද‍්ධගහණිකො. අථ වා අක‍්ඛිත‍්තො අනුපකුට‍්ඨො ජාතිවාදෙනාති දස‍්සෙන‍්ති. අක‍්ඛිත‍්තොති – “අපනෙථ එතං, කිං ඉමිනා”ති එවං අක‍්ඛිත‍්තො අනවක‍්ඛිත‍්තො. අනුපකුට‍්ඨොති න උපකුට‍්ඨො, න අක‍්කොසං වා නින්‍දං වා ලද‍්ධපුබ‍්බො. කෙන කාරණෙනාති? ජාතිවාදෙන. ඉතිපි – “හීනජාතිකො එසො”ති එවරූපෙන වචනෙනාති අත්‍ථො.

යාච සත්තමා පිතාමහයුගා යනු පියාගේ පියා පිතාමහයැ. පිතාමහගේ යුගය පිතාමහ යුගයයි. යුගය යනු ආයුෂ ප්‍රමාණයයි කියනු ලැබේ. මෙය කතාවක් පමණි. අර්ථ වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි. ඉන් උඩ සියලු ආදි පුරුෂයෝ පිතාමහ ග්‍රහණයෙන්ම ගන්නා ලද්දාහු වෙති. මෙසේ සත්වැනි පුරුෂයා දක්වා සංසුද්ධ ග්‍රහණිකයෝය. ඉක්බිති අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන යයි දක්වයි. අක්ඛික්කො යනු ‘මෙය ඉවත්කරවු. මෙයින් කුමන ප්‍රයෝජනයක්දැයි විසි නොකරන ලද අවමන් නොකරන ලද. අනුපක්කුට්ඨො යනු අක්‍රෝශ නොකරන ලද්දේ. අක්‍රෝශයක් හෝ නින්දාවක් හෝ නොලද විරූ කවර කරුණකින්ද? ජාතිවාදයෙන්. ‘මෙයින්ද මොහු හීන ජාති ඇත්තෙකි’යි එබඳු වචනයෙන් යන අර්ථයි.

අඩ‍්ඪොති ඉස‍්සරො. මහද‍්ධනොති මහතා ධනෙන සමන‍්නාගතො. භවතො හි ගෙහෙ පථවියං පංසුවාලිකා විය බහුධනං, සමණො පන ගොතමො අධනො භික‍්ඛාය උදරං පූරෙත්‍වා යාපෙතීති දස‍්සෙන‍්ති. මහාභොගොති පඤ‍්චකාමගුණවසෙන මහාඋපභොගො. එවං යං යං ගුණං වදන‍්ති, තස‍්ස තස‍්ස පටිපක‍්ඛවසෙන භගවතො අගුණංයෙව දස‍්සෙමාති මඤ‍්ඤමානා වදන‍්ති.

අඩ්ඪො යනු ඉසුරුමත්. මහද්ධනො යනු මහත් වූ ධනයකින් යුත්. ඔබතුමාගේ ගෙයි පොළොවෙහි පස්වැලි මෙන් බොහෝ ධනය ඇත. ශ්‍රමණ ගෞතම නිර්ධනය. භික්‍ෂාවෙන් බඩ පුරවගෙන යැපෙයි යනුවෙන් දක්වත්. මහා භොගො යනු පංචකාම ගුණ වශයෙන් මහත් උපභෝග සම්පත් ඇත. මෙසේ යම් යම් ගුණයක් කියත්ද, ඒ ඒ දෙයට ප්‍රතිපක්‍ෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අගුණයම දක්වමු’යි හඟිමින් කියත්.

අභිරූපොති අඤ‍්ඤෙහි මනුස‍්සෙහි අභිරූපො අධිකරූපො. දස‍්සනීයොති දිවසම‍්පි පස‍්සන‍්තානං අතිත‍්තිකරණතො දස‍්සනයොග‍්ගො. දස‍්සනෙනෙව චිත‍්තපසාදජනනතො පාසාදිකො. පොක‍්ඛරතා වුච‍්චති සුන්‍දරභාවො, වණ‍්ණස‍්ස පොක‍්ඛරතා වණ‍්ණපොක‍්ඛරතා, තාය වණ‍්ණසම‍්පත‍්තියා යුත‍්තොති අත්‍ථො. පොරාණා පනාහු – “පොක‍්ඛරන‍්ති සරීරං වදන‍්ති, වණ‍්ණං වණ‍්ණමෙවා”ති. තෙසං මතෙන වණ‍්ණඤ‍්ච පොක‍්ඛරඤ‍්ච වණ‍්ණපොක‍්ඛරානි. තෙසං භාවො වණ‍්ණපොක‍්ඛරතා. ඉති පරමාය වණ‍්ණපොක‍්ඛරතායාති උත‍්තමෙන පරිසුද‍්ධෙන වණ‍්ණෙන චෙව සරීරසණ‍්ඨානසම‍්පත‍්තියා චාති අත්‍ථො. බ්‍රහ‍්මවණ‍්ණීති සෙට‍්ඨවණ‍්ණී. පරිසුද‍්ධවණ‍්ණෙසුපි සෙට‍්ඨෙන සුවණ‍්ණවණ‍්ණෙන සමන‍්නාගතොති අත්‍ථො.

අභිරූපො යනු අන් මිනිසුන්ට වඩා අධික රූපයෙන් යුත්. දස්සනීයො යනු දවසක් බලා සිටින්නවුන්ට වුවද අතෘප්තිමත් ඇති නොකරන බැවින් දැකීමට සුදුසු දැක්මෙන්ම චිත්ත ප්‍රසාදය දනවන හෙයින් පසාදිකො. පොක්ඛරතා යයි කියනු ලබන්නේ සොඳුරු බවයි. වර්ණයෙහි සොඳුරු බව = වණ්ණ පොක්ඛරතා. ඒ වණ්ණ පොක්ඛරතාවෙන් වර්ණ සම්පත්තියෙන් යන අර්ථයි. පොරාණයෝ පොක්ඛර යයි ශරීරයට කියති. වර්ණය වර්ණයමය. ඔවුන්ගේ මතයට අනුව වණ්ණයද පොක්ඛරයද = වණ්ණ පොක්ඛර වේ. ඔවුන්ගේ බව වණ්ණ පොක්ඛරතා. මෙසේ පරමාය වණ්ණ පොක්ඛරතාය යනු උතුම් පිරිසිදු වර්ණයෙන් ද ශරීර ලක්‍ෂණ සම්පත්තියෙන් ද යන අර්ථයි.

බ්‍රහ‍්මවච‍්ඡසීති මහාබ්‍රහ‍්මුනො සරීරසදිසෙනෙව සරීරෙන සමන‍්නාගතො. අඛුද‍්දාවකාසො දස‍්සනායාති “භොතො සරීරෙ දස‍්සනස‍්ස ඔකාසො න ඛුද‍්දකො මහා, සබ‍්බානෙව තෙ අඞ‍්ගපච‍්චඞ‍්ගානි දස‍්සනීයානෙව, තානි චාපි මහන‍්තානෙවා”ති දීපෙන‍්ති.

බ්‍රහ්ම වණ්ණී යනු ශ්‍රේෂ්ඨ වර්ණ ඇති පිරිසිදු වර්ණයන් අතරින් ශ්‍රේෂ්ඨ වර්ණය වූ සුවර්ණ වර්ණයෙන් යුත් යන අර්ථයි. බ්‍රහ්මවඩ්ඪි යනු මහා බ්‍රහ්මයාගේ ශරීරයට සමාන ශරීරයකින් යුත්. අක්ඛුද්ධාවකාසො දස්සනාය යනු ඔබතුමාගේ සිරුරෙහි දර්ශනයට අවකාශයක් නැති තරම් මහත්ය. සියලු අඟපසඟ දර්ශනීයය. ඒවාද විශාලයයි දක්වති.

සීලමස‍්ස අත්‍ථීති සීලවා. වුද‍්ධං වද‍්ධිතං සීලමස‍්සාති වුද‍්ධසීලී. වුද‍්ධසීලෙනාති වුද‍්ධෙන වද‍්ධිතෙන සීලෙන. සමන‍්නාගතොති යුත‍්තො. ඉදං වුද‍්ධසීලීපදස‍්සෙව වෙවචනං. සබ‍්බමෙතං පඤ‍්චසීලමත‍්තමෙව සන්‍ධාය වදන‍්ති.

ඔහුට සිල් ඇත්තේ නුයි = සීලවා. වැඩුණු වර්ධනය කළ සීලය ඔහුගේ නුයි = වුද්ධසීලී. වුද්ධසීලෙන යන වැඩුණු වර්ධනය කළ ශීලයෙන්. සමන්නාගතො යනු යුත්. මෙය වුද්ධසීල පදයටම සමාන වචනයකි. මේ සියලු පංචශීල මාත්‍රයම සඳහා කියත්.

කල්‍යාණවාචොතිආදීසු කල්‍යාණා සුන්‍දරා පරිමණ‍්ඩලපදබ්‍යඤ‍්ජනා වාචා අස‍්සාති කල්‍යාණවාචො. කල්‍යාණං මධුරං වාක‍්කරණං අස‍්සාති කල්‍යාණවාක‍්කරණො. වාක‍්කරණන‍්ති උදාහරණඝොසො. ගුණපරිපුණ‍්ණභාවෙන පුරෙ භවාති පොරී. පුරෙ වා භවත‍්තා පොරී. පොරියා නාගරිකිත්‍ථියා සුඛුමාලත‍්තනෙන සදිසාති පොරී, තාය පොරියා. විස‍්සට‍්ඨායාති අපලිබුද‍්ධාය සන්‍දිට‍්ඨවිලම‍්බිතාදිදොසරහිතාය. අනෙලගලායාති එලගළෙනවිරහිතාය. යස‍්ස කස‍්සචි හි කථෙන‍්තස‍්ස එලා ගළන‍්ති, ලාලා වා පග‍්ඝරන‍්ති, ඛෙළඵුසිතානි වා නික‍්ඛමන‍්ති, තස‍්ස වාචා එලගළං නාම හොති, තබ‍්බිපරිතායාති අත්‍ථො. අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියාති ආදිමජ‍්ඣපරියොසානං පාකටං කත්‍වා භාසිතත්‍ථස‍්ස විඤ‍්ඤාපනසමත්‍ථාය.

කල්‍යාණ වාචො යන ආදී තන්හි කල්‍යාණ සුන්දර පරිමණ්ඩල පද ව්‍යඤ්ජන වචන මොහුට ඇත්තේනුයි = කල්‍යාණ වාචො, කල්‍යාණ, මධුර කථාව ඔහුට ඇත්තේනුයි = කල්‍යාණ වාක්කරණො වාකකරණං යනු ගුණයෙන් පිරිපුන් බැවින් ඒ කථා ඝෝෂාව නගරයෙහි පවතීනුයි පොරී. නුවරෙහි පැවති බැවින් හෝ පුරයෙහි නාගරික ස්ත්‍රීන්ගේ සුකුමාල භාවය හා සමාන නුයි පොරී, එයින් පොරියා. විස්සට්ඨා යනු පළිබෝධ නැති බැවින්, සන්දිට්ඨ විලම්බිත ආදී දෝෂයන් රහිත බැවින්. අනෙලගලාය යන කෙලගැලීම්වලින් විරහිත බැවින්. සමහරුන් කථා කරනවිට සෙම ගලයි. කෙල වැගිරෙයි. කෙලබිඳු හෝ නික්මෙයි. ඔහුගේ වචන එලගල නම් වෙයි. එයින් විපරීත වූ යන අර්ථයි. අත්‍ථස්ස විඤ්ඤාපනියා යනු ආදි මධ්‍ය අවසානය ප්‍රකට කොට කියූ අර්ථය දැක්වීමේ සමත්.

ජිණ‍්ණොති ජරාජිණ‍්ණතාය ජිණ‍්ණො. වුද‍්ධොති අඞ‍්ගපච‍්චඞ‍්ගානං වුද‍්ධිභාවමරියාදප‍්පත‍්තො. මහල‍්ලකොති ජාතිමහල‍්ලකතාය සමන‍්නාගතො. චිරකාලප‍්පසුතොති වුත‍්තං හොති. අද‍්ධගතොති අද‍්ධානං ගතො, ද‍්වෙ තයො රාජපරිවට‍්ටෙ අතීතොති අධිප‍්පායො. වයොඅනුප‍්පත‍්තොති පච‍්ඡිමවයං සම‍්පත‍්තො, පච‍්ඡිමවයො නාම වස‍්සසතස‍්ස පච‍්ඡිමො තතියභාගො.

ජිණ්ණො යනු ජරාජීර්ණ බැවින් දිරාපත් වූ වුද්ධො අඟපසඟ වැඩුණු බවට කෙළවරට පැමිණියේ. මහල්ලකො යනු උපතින් මහලු බැවින් යුතු, බොහෝ කල් ගෙවූයේ යයි කියන ලද්දේ වෙයි. අද්ධගතො යනු දිගුකල් ගියේ, රාජ පරම්පරා දෙක තුනක් ඉක්ම ගියේ යන අදහසයි. වයො අනුප්පත්තො යනු පශ්චිම වයසට පැමිණියේ, පශ්චිම වයස නම් වර්ෂ සියයකට පසුව එන තුන්වැනි භාගය.

අපි ච ජිණ‍්ණොති පොරාණො, චිරකාලප‍්පවත‍්තකුලන්‍වයොති වුත‍්තං හොති. වුද‍්ධොති සීලාචාරාදිගුණවුද‍්ධියා යුත‍්තො. මහල‍්ලකොති විභවමහන‍්තාය සමන‍්නාගතො. අද‍්ධගතොති මග‍්ගප‍්පටිපන‍්නො බ්‍රාහ‍්මණානං වතචරියාදිමරියාදං අවීතික‍්කම‍්ම චරණසීලො. වයොඅනුප‍්පත‍්තොති ජාතිවුද‍්ධභාවම‍්පි අන‍්තිමවයං අනුප‍්පත‍්තො.

තවද ජිණ්ණො යනු පැරණි, බොහෝකල් පැවති කුල පරපුර යයි කියන ලද්දේ වෙයි. වුද්ධො යනු ශීලාචාර ආදී ගුණයෙන් වෘද්ධියට පත්. මහල්ලකො යනු සම්පත් මහත් බැවින් යුතු. අද්ධගතො යනු මාර්ගයට පිවිසි බමුණන්ගේ ව්‍රත චර්යා ආදී සීමාව නො ඉක්මවා සිටි චරණ සීලය. වයො අනුප්පත්තො ජාතියෙන් වෘද්ධ බවද, අන්තිම වයසට පැමිණි.

බුද‍්ධගුණකථා

එවං වුත‍්තෙති එවං තෙහි බ්‍රාහ‍්මණෙහි වුත‍්තෙ. සොණදණ‍්ඩො – “ඉමෙ බ්‍රාහ‍්මණා ජාතිආදීහි මම වණ‍්ණං වදන‍්ති, න ඛො පන මෙතං යුත‍්තං අත‍්තනො වණ‍්ණෙ රජ‍්ජිතුං. හන්‍දාහං එතෙසං වාදං භින්‍දිත්‍වා සමණස‍්ස ගොතමස‍්ස මහන‍්තභාවං ඤාපෙත්‍වා එතෙසං තත්‍ථ ගමනං කරොමී”ති චින‍්තෙත්‍වා තෙන හි – භො මමපි සුණාථාතිආදිමාහ. තත්‍ථ යෙපි උභතො සුජාතොති ආදයො අත‍්තනො ගුණෙහි සදිසා ගුණා තෙපි ; “කො චාහං කෙ ච සමණස‍්ස ගොතමස‍්ස ජාතිසම‍්පත‍්තිආදයො ගුණා”ති අත‍්තනො ගුණෙහි උත‍්තරිතරෙයෙව මඤ‍්ඤමානො, ඉතරෙ පන එකන‍්තෙනෙව භගවතො මහන‍්තභාවදීපනත්‍ථං පකාසෙති.

එවං වුත්තෙ යනු මෙසේ ඒ බමුණන් විසින් කියන ලද කල්හි සොණදණ්ඩ ‘මේ බමුණෝ ජාති ආදියෙන් මාගේ ගුණ කියති. තමාගේ ගුණයෙහි ඇලීම මට සුදුසු නැත. මම මොවුන්ගෙන් වාද බිඳ ශ්‍රමණ ගෞතමයන්ගේ මහත් බව පෙන්වා මොවුන් එහි යාම කරමි’යි සිතා, තෙනහි භො මමපි සුණාථ ආදිය කීය. එහි දෙපසින් සුජාතය ආදි ගුණයක් වේද, ඒවා තමාගේ ගුණයන්ට සමාන ගුණය. ශ්‍රමණ ගෞතමයන්ගේ ජාති සම්පත්ති ආදි ගුණයට මම කවරෙක්දැයි ඒ ගුණ තමාගේ ගුණයන්ට වඩා උත්තරීතර යයි හඟිමින්, ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ මහත් බව දැක්වීම පිණිස ප්‍රකාශ කරයි.

මයමෙව අරහාමාති එවං නියාමෙන‍්තොවෙත්‍ථ ඉදං දීපෙති – “යදි ගුණමහන‍්තතාය උපසඞ‍්කමිතබ‍්බො නාම හොති. යථා හි සිනෙරුං උපනිධාය සාසපො, මහාසමුද‍්දං උපනිධාය ගොපදකං, සත‍්තසු මහාසරෙසු උදකං උපනිධාය උස‍්සාවබින්‍දු පරිත‍්තො ලාමකො. එවමෙව සමණස‍්ස ගොතමස‍්ස ජාතිසම‍්පත‍්තිආදයොපි ගුණෙ උපනිධාය අම‍්හාකං ගුණා පරිත‍්තා ලාමකා; තස‍්මා මයමෙව අරහාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතු”න‍්ති.

මයමෙව අරහාම යනු මෙසේ නියම කරන්නේ මෙහි මෙය දක්වයි. ඉදින් ගුණමහත් බව නිසා එළඹිය යුතු නම්, මහමෙර හා සසඳා අබඇටයද, මහා සමුද්‍රය හා සසඳා ගවකුර වළද, සප්ත මහා විල්හි ජලය හා සසඳා පිණිබිඳුවද, කුඩාය ලාමකය. මෙසේම ශ්‍රමණ ගෞතමයන්ගේ ජාති සම්පත්ති ආදී ගුණයන් සමග සසඳා අපගේ ගුණ අඩුය. ලාමකය. ඒ නිසා මයමෙව අරහාම තං භගවන්තං ගොතමං දස්සනාය උපසංකමිතුං යනුවෙන්.

මහන‍්තං ඤාතිසංඝං ඔහායාති මාතිපක‍්ඛෙ අසීතිකුලසහස‍්සානි, පිතිපක‍්ඛෙ අසීතිකුලසහස‍්සානීති එවං සට‍්ඨිකුලසතසහස‍්සං ඔහාය පබ‍්බජිතො.

මහන්තං ඤාති සංඝං ඔහාය යනු මව්පසින් කුල අසූ දහසක්ද, පියපසින් අසූවක්දැයි මෙසේ හැටදහසක් අධික වූ කුල සියදහසක් අත්හැර පැවිදි වූයේය.

භූමිගතඤ‍්ච වෙහාසට‍්ඨඤ‍්චාති එත්‍ථ රාජඞ‍්ගණෙ චෙව උය්‍යානෙ ච සුධාමට‍්ඨපොක‍්ඛරණියො සත‍්තරතනානං පූරෙත්‍වා භූමියං ඨපිතං ධනං භූමිගතං නාම. පාසාදනියූහාදයො පරිපූරෙත්‍වා ඨපිතං වෙහාසට‍්ඨං නාම. එතං තාව කුලපරියායෙන ආගතං. තථාගතස‍්ස පන ජාතදිවසෙයෙව සඞ‍්ඛො, එලො, උප‍්පලො, පුණ‍්ඩරීකොති චත‍්තාරො නිධයො උග‍්ගතා. තෙසු සඞ‍්ඛො ගාවුතිකො, එලො අඩ‍්ඪයොජනිකො, උප‍්පලො තිගාවුතිකො, පුණ‍්ඩරීකො යොජනිකො. තෙසුපි ගහිතං ගහිතං පූරතියෙව, ඉති භගවා පහූතං හිරඤ‍්ඤසුවණ‍්ණං ඔහාය පබ‍්බජිතොති වෙදිතබ‍්බො.

භූමිගතංච වෙහාසට්ඨංච යනු රාජාංගනයෙහිද උයනෙහිද සුණුවලින් මට කළ පොකුණු සත්රුවනින් පුරවා බිම තැබූ ධනය භූමිගත නමි. ප්‍රාසාද කුළුණු ආදිය පුරවා තැබූ ධනය වෙහාසගත නමි. මෙය නම් කුල පිළිවෙලින් පැමිණියේය. තථාගතයන් වහන්සේ දවසෙහිම සංඛ, ඵල, උත්පල, පුණ්ඩරීක යන සතර මහනිධාන එළඹියේය. ඔවුන්ගෙන් සංඛය ගවුවක් පමණය. ඵලය අඩයොදුනක් පමණ වේ. උත්පල ගව් තුනක් පමණය. පුණ්ඩරීකය යොදුනක් පමණ වේ. ඒවා ගත් ගත් තැන පිරේමය. මෙසේ භගවා පහූතං හිරඤ්ඤ සුවණ්ණං ඔහාය පබ්බජිතො යයි දතයුතුය.

දහරොව සමානොති තරුණොව සමානො. සුසුකාළකෙසොති සුට‍්ඨු කාළකෙසො, අඤ‍්ජනවණ‍්ණසදිසකෙසො හුත්‍වා වාති අත්‍ථො. භද්‍රෙනාති භද‍්දකෙන. පඨමෙන වයසාති තිණ‍්ණං වයානං පඨමවයෙන. අකාමකානන‍්ති අනිච‍්ඡමානානං. අනාදරත්‍ථෙ සාමිවචනං. අස‍්සූනි මුඛෙ එතෙසන‍්ති අස‍්සුමුඛා, තෙසං අස‍්සුමුඛානං, අස‍්සූහි කිලින‍්නමුඛානන‍්ති අත්‍ථො. රුදන‍්තානන‍්ති කන්‍දිත්‍වා රොදමානානං. අඛුද‍්දාවකාසොති එත්‍ථ භගවතො අපරිමාණොයෙව දස‍්සනාය ඔකාසොති වෙදිතබ‍්බො.

දහරොව සමානො යනු තරුණයෙක්වැ. සුසුකාල කෙසො යනු මනා කළු කෙස් ඇත්තේ, අඳුන්වන් කෙස් ඇත්තේවැ යන අර්ථයි. භද්දෙන යනු ලස්සන, පඨමෙන වයසා යනු වයස් තුනෙන් පළමු වයසෙහි අකාමකානං යනු අකමැති වන. අනාදර අර්ථයෙහි ෂෂ්ටි වචනයි. මුවෙහ් කඳුළු මොවුන්ගේ නුයි = අස්සුමුඛා. ඒ මුවෙහි කඳුළු ඇත්තා වූ, කඳුළින් කිලිටි මුහුණු ඇති යන අර්ථයි. රුදන්තානං යනු හඬා වැළපෙන අක්ඛුද්දාවකාසො යනු මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ වූ දර්ශන අවකාශයයි දතයුතුය.

තත්‍රිදං වත්‍ථු – රාජගහෙ කිර අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො සමණස‍්ස ගොතමස‍්ස පමාණං ගහෙතුං න සක‍්කොතීති සුත්‍වා භගවතො පිණ‍්ඩාය පවිසනකාලෙ සට‍්ඨිහත්‍ථං වෙළුං ගහෙත්‍වා නගරද‍්වාරස‍්ස බහි ඨත්‍වා සම‍්පත‍්තෙ භගවති වෙළුං ගහෙත්‍වා සමීපෙ අට‍්ඨාසි. වෙළු භගවතො ජාණුකමත‍්තං පාපුණි. පුන දිවසෙ ද‍්වෙ වෙළූ ඝටෙත්‍වා සමීපෙ අට‍්ඨාසි. භගවාපි ද‍්වින‍්නං වෙළූනං උපරි කටිමත‍්තමෙව පඤ‍්ඤායමානො – “බ්‍රාහ‍්මණ, කිං කරොසී”ති ආහ. තුම‍්හාකං පමාණං ගණ‍්හාමීති. “බ්‍රාහ‍්මණ, සචෙපි ත්‍වං සකලචක‍්කවාළගබ‍්භං පූරෙත්‍වා ඨිතෙ වෙළූ ඝටෙත්‍වා ආගමිස‍්සසි, නෙව මෙ පමාණං ගහෙතුං සක‍්ඛිස‍්සසි. න හි මයා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙයානි කප‍්පසතසහස‍්සඤ‍්ච තථා පාරමියො පූරිතා, යථා මෙ පරො පමාණං ගණ‍්හෙය්‍ය, අතුලො, බ්‍රාහ‍්මණ, තථාගතො අප‍්පමෙය්‍යො”ති වත්‍වා ධම‍්මපදෙ ගාථමාහ –

එහි මේ කථාවයි. රජගහනුවර එක්තරා බමුණෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය ගන්නට නොහැකි යයි අසා භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස පිවිසෙන කල්හි හැටරියන් උණගසක් ගෙන නුවර දොර පිටත සිට භාග්‍යවතුන් වහන්සේ පැමිණි විට උණගස ගෙන සමීපයෙහි සිටියේය. උණගස භාග්‍යවතුන් වහන්සේගේ දණ පමණට පැමිණියේය. දෙවැනි දවසෙහි උණගස් දෙකක් එකට බැඳ සමීපයෙහි සිටියේය. භාග්‍යවතුන් වනහන්සේද උණගස් දෙකම උඩින් උණගස් දෙක පමණටම පෙනෙමින් ‘බමුණ, ඔබ කුමක් කෙරෙහිදැයි ඇසූ සේක. ඔබගේ ප්‍රමාණය ගනිමි. ‘බමුණ, ඔබ මුළු සක්වළ ගැබ පුරවා සිටි උණගස් එකට බැඳ පැමිණෙන්නේ වුවත්, මාගේ ප්‍රමාණය ගැනීමට නොහැක්කෙහිය. මම අසංඛෙය්‍ය සතරක් හා කල්ප සියදහසක් යම්සේ පෙරුම් පිරුවේ නොවේද, යම්සේ අනෙකෙක් මාගේ ප්‍රමාණය ගන්නේද, බමුණ තථාගතයන් වහන්සේ අතුල්‍යයය. අප්‍රමාණයයි කියා ධම්මපදයෙහි ගාථාවක් කී සේක.

“තෙ තාදිසෙ පූජයතො, නිබ‍්බුතෙ අකුතොභයෙ; න සක‍්කා පුඤ‍්ඤං සඞ‍්ඛාතුං, ඉමෙත‍්තමපි කෙනචී”ති. (ධ· ප· 36);

“තෙ තාදිසෙ පූජයතො, නිබ්බුතෙ අකුතොභයෙ; න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං, ඉමෙත්තමපි කෙනචී”

ගාථාපරියොසානෙ චතුරාසීතිපාණසහස‍්සානි අමතං පිවිංසු.

ගාථාවගේ කෙළවර අසූහාර දහසක් ප්‍රාණීහු අමාව පානය කළහ.

අපරම‍්පි වත්‍ථු – රාහු කිර අසුරින්‍දො චත‍්තාරි යොජනසහස‍්සානි අට‍්ඨ ච යොජනසතානි උච‍්චො. බාහන‍්තරමස‍්ස ද‍්වාදසයොජනසතානි. බහලන‍්තරෙන ඡ යොජනසතානි. හත්‍ථතලපාදතලානං පුථුලතො තීණි යොජනසතානි. අඞ‍්ගුලිපබ‍්බානි පණ‍්ණාසයොජනානි. භමුකන‍්තරං පණ‍්ණාසයොජනං. මුඛං ද‍්වියොජනසතං තියොජනසතගම‍්භීරං තියොජනසතපරිමණ‍්ඩලං. ගීවා තියොජනසතං. නලාටං තියොජනසතං. සීසං නවයොජනසතං. “සො අහං උච‍්චොස‍්මි, සත්‍ථාරං ඔනමිත්‍වා ඔලොකෙතුං න සක‍්ඛිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නාගච‍්ඡි. සො එකදිවසං භගවතො වණ‍්ණං සුත්‍වා – “යථාකථඤ‍්ච ඔලොකෙස‍්සාමී”ති ආගතො.

තවත් කථාවක් වෙයි. රාහු අසුරේන්ද්‍රයා යොදුන් හාරදහස් අටසියයක් උසය. ඔහුගේ බාහු අන්තරය යොදුන් එක්දහස් දෙසියයකි. අතුල් පතුල් වල පුළුල් බවින් යොදුන් තුන්සියයකි. ඇඟිලි පුරුක් යොදුන් පනසකි. ඇස් බැමි අතර යොදුන් පනසකි. (මුඛය යොදුන් දෙසියයකි. ගැඹුර යොදුන් තුන්සියයකි. පරිධිය යොදුන් තුන්සියයකි. ගෙල යොදුන් තුන්සියයකි) නළල යොදුන් තුන්සියයකි. ඇස යොදුන් නවසියයකි. ඒ මම උස් වෙමි. නැමී ශාස්තෲන් වහන්සේ බැලීමට නොහැක්කෙමියි නොයයි. හෙතෙමේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අසා කෙසේ හෝ බලන්නෙමියි පැමිණියේය.

අථ භගවා තස‍්සජ‍්ඣාසයං විදිත්‍වා – “චතූසු ඉරියාපථෙසු කතරෙන දස‍්සෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “ඨිතකො නාම නීචොපි උච‍්චො විය පඤ‍්ඤායති. නිපන‍්නොවස‍්ස අත‍්තානං දස‍්සෙස‍්සාමී”ති “ආනන්‍ද, ගන්‍ධකුටිපරිවෙණෙ මඤ‍්චකං පඤ‍්ඤාපෙහී”ති වත්‍වා තත්‍ථ සීහසෙය්‍යං කප‍්පෙසි. රාහු ආගන‍්ත්‍වා නිපන‍්නං භගවන‍්තං ගීවං උන‍්නාමෙත්‍වා නභමජ‍්ඣෙ පුණ‍්ණචන්‍දං විය උල‍්ලොකෙසි. කිමිදං අසුරින්‍දාති ච වුත‍්තෙ – “භගවා ඔනමිත්‍වා ඔලොකෙතුං න සක‍්ඛිස‍්සාමී”ති නාගච‍්ඡින‍්ති. න මයා, අසුරින්‍ද, අධොමුඛෙන පාරමියො පූරිතා. උද‍්ධග‍්ගමෙව කත්‍වා දානං දින‍්නන‍්ති. තං දිවසං රාහු සරණං අගමාසි. එවං භගවා අඛුද‍්දාවකාසො දස‍්සනාය.

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන සිටියේ නම් මිටි තැනැත්තාද උස මෙන් පැනෙයි. වැදහෙව ඔහුට තමා දක්වන්නෙමි. ‘ආනන්ද ගඳකිළි මිදුලෙහි කුඩා ඇඳක් පනවන්නැයි කියා එහි සිංහසෙය්‍යාව කළ සේක. රාහු පැමිණ වැදහොත් භාග්‍යවතුන් වහන්සේ ගෙල නමා ගුවන්තලය මැද පුන්සඳ මෙන් බලයි. ‘කිමෙක්ද අසුරේන්ද්‍රය යයි කී කල්හි ‘නැමී භාග්‍යවතුන් වහන්සේ බැලීමට නොහැක්කෙමියි නොපැමිණියෙමි. අසුරේන්ද්‍රය, මා විසින් බිම බලාගෙන පාරමිතා නොපුරන ලදි. උඩුකුරු කොටම දානය දෙන ලදි. එදවස රාහු සරණ ගියේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ දර්ශනය පිණිස අප්‍රමාණ අවකාශ ඇති සේක.

චතුපාරිසුද‍්ධිසීලෙන සීලවා, තං පන සීලං අරියං උත‍්තමං පරිසුද‍්ධං. තෙනාහ – “අරියසීලී”ති. තදෙතං අනවජ‍්ජට‍්ඨෙන කුසලං. තෙනාහ – “කුසලසීලී”ති. කුසලසීලෙනාති ඉදමස‍්ස වෙවචනං.

චතු පාරිශුද්ධි ශීලයෙන් සීලවා ඒ ශීලය වනාහි ආර්යය. උත්තමය. පරිශුද්ධය. එහෙයින් අරියසීලි යයි කීය. එය නිවරද අර්ථයෙන් කුසලය. එහෙයින් කුසලසීලි යයි කීය. කුසලෙන සීලෙන යනු මෙයට සමාන වචනයකි.

බහූනං ආචරියපාචරියොති භගවතො එකෙකාය ධම‍්මදෙසනාය චතුරාසීතිපාණසහස‍්සානි අපරිමාණාපි දෙවමනුස‍්සා මග‍්ගඵලාමතං පිවන‍්ති, තස‍්මා බහූනං ආචරියො. සාවකවෙනෙය්‍යානං පන පාචරියොති.

බහුන්නං ආචරිය පාවරියො යනු, භාග්‍යවතුන් වහන්සේගේ එක් එක් දේශනාවෙන් සුවාසු දහසක් ප්‍රාණීහුද අප්‍රමාණ දෙවි මිනිස්සු ද මාර්ගඵල නමැති අමාව පානය කළහ. ඒ නිසා බහුන්නං ආචරියො. ශ්‍රාවකයන් විනයනය කරන්නවුන්ගේ පාචරියො.

ඛීණකාමරාගොති එත්‍ථ කාමං භගවතො සබ‍්බෙපි කිලෙසා ඛීණා. බ්‍රාහ‍්මණො පන තෙ න ජානාති. අත‍්තනො ජානනට‍්ඨානෙයෙව ගුණං කථෙති. විගතචාපල‍්ලොති – “පත‍්තමණ‍්ඩනා චීවරමණ‍්ඩනා සෙනාසනමණ‍්ඩනා ඉමස‍්ස වා පූතිකායස‍්ස…පෙ… කෙලනා පටිකෙලනා”ති (විභ· 854) එවං වුත‍්තචාපල‍්ලා විරහිතො.

ඛීණ කාමරාගො යනු මෙහි භාග්‍යවතුන් වහන්සේගේ සියලු කෙලෙස් නැසුණේය. බ්‍රාහ්මණයා ඒවා නොදනී. තමා දන්නා තැනම ගුණ කියයි. විගතචාපල්ලො යනු පාත්‍රය හැඩගැන්වීම්, සිවුරු හැඩගැන්වීම්, සෙනසුන් හැඩගැන්වීම්, මේ කුණු කය කෙරෙහි ආශා කිරීම් නැවත ආශා කිරීම්, යනුවෙන් කියූ චපලත්වයෙන් වෙන්වුණු.

අපාපපුරෙක‍්ඛාරොති අපාපෙ නව ලොකුත‍්තරධම‍්මෙ පුරතො කත්‍වා විචරති. බ්‍රහ‍්මඤ‍්ඤාය පජායාති සාරිපුත‍්තමොග‍්ගල‍්ලානමහාකස‍්සපාදිභෙදාය බ්‍රාහ‍්මණපජාය, එතිස‍්සාය ච පජාය පුරෙක‍්ඛාරො. අයඤ‍්හි පජා සමණං ගොතමං පුරක‍්ඛත්‍වා චරතීති අත්‍ථො. අපි ච අපාපපුරෙක‍්ඛාරොති න පාපං පුරෙක‍්ඛාරො න පාපං පුරතො කත්‍වා චරති, න පාපං ඉච‍්ඡතීති අත්‍ථො. කස‍්ස? බ්‍රහ‍්මඤ‍්ඤාය පජාය. අත‍්තනා සද‍්ධිං පටිවිරුද‍්ධායපි බ්‍රාහ‍්මණපජාය අවිරුද‍්ධො හිතසුඛත්‍ථිකො යෙවාති වුත‍්තං හොති.

අපාප පුරෙක්ඛාරො යනු පාපී නොවූ නව ලෝකෝත්තර ධර්මයන් පෙරටුකොට හැසිරේ. බ්‍රහ්මඤ්ඤායපජාය සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආදී ප්‍රභේද ඇති බ්‍රාහ්මණ ප්‍රජාවට (මේ ප්‍රජාවටද) පෙරටුව යන්නේය. මේ ප්‍රජාව ශ්‍රමණ ගෞතමයන් පෙරටුකොට හැසිරේ යන අර්ථයි. තවද පාප නොවන දේ පෙරටු කොට යයි. පාපය පෙරටුකොට හැසිරේ. පාපය නොකැමති වේ යන අර්ථයි. කවර බ්‍රාහ්මණ ප්‍රජාවකටද? තමා සමග ප්‍රතිවිරුද්ධ වූ බ්‍රාහ්මණ ප්‍රජාවට විරුද්ධ නොවූ හිතසුව කැමති වූයේ ම යැයි කියන ලද්දේ වෙයි.

තිරොරට‍්ඨාති පරරට‍්ඨතො. තිරොජනපදාති පරජනපදතො. පඤ‍්හං පුච‍්ඡිතුං ආගච‍්ඡන‍්තීති ඛත‍්තියපණ‍්ඩිතාදයො චෙව දෙවබ්‍රහ‍්මනාගගන්‍ධබ‍්බාදයො ච – “පඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා පුච‍්ඡිස‍්සාමා”ති ආගච‍්ඡන‍්ති. තත්‍ථ කෙචි පුච‍්ඡාය වා දොසං විස‍්සජ‍්ජනසම‍්පටිච‍්ඡනෙ වා අසමත්‍ථතං සල‍්ලක‍්ඛෙත්‍වා අපුච‍්ඡිත්‍වාව තුණ‍්හී නිසීදන‍්ති. කෙචි පුච‍්ඡන‍්ති. කෙසඤ‍්චි භගවා පුච‍්ඡාය උස‍්සාහං ජනෙත්‍වා විස‍්සජ‍්ජෙති. එවං සබ‍්බෙසම‍්පි තෙසං විමතියො තීරං පත්‍වා මහාසමුද‍්දස‍්ස ඌමියො විය භගවන‍්තං පත්‍වා භිජ‍්ජන‍්ති.

තිරොරට්ඨා පිටරටින්. තිරොජනපදා යනු පිට ජනපදයෙන්, සම්පුච්ඡිතුං ආගච්ඡන්ති යනු ක්‍ෂත්‍රිය පණ්ඩිතයෝද, දේව බ්‍රහ්ම නාග ගාන්ධර්ව ආදීහුද ප්‍රශ්න එක්රැස් කොටගෙන අසන්නෙමුයි පැමිණෙති. එහි ඇතමෙක් විචාරීමෙහි දෝෂයක් හෝ විසඳීමෙහි පිළිගැනීමෙහි අසමත් බව හෝ සලකා නො විචාරාම නිහඬව හිඳිත්. ඇතමෙක් විචාරත්. ඇතමුන්ගේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේම විචාරීමට උත්සාහ ඇතිකොට විසඳන සේක. මෙසේ සියල්ලන්ගේ ඒ විමතීහු වෙරළට පැමිණ මහා සමුද්‍රයෙහි රළ මෙන් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ බිඳී යති.

එහි ස‍්වාගතවාදීති දෙවමනුස‍්සපබ‍්බජිතගහට‍්ඨෙසු තං තං අත‍්තනො සන‍්තිකං ආගතං – “එහි ස‍්වාගත”න‍්ති එවං වදතීති අත්‍ථො. සඛිලොති තත්‍ථ කතමං සාඛල්‍යං? “යා සා වාචා නෙලා කණ‍්ණසුඛා”තිආදිනා නයෙන වුත‍්තසාඛල්‍යෙන සමන‍්නාගතො, මුදුවචනොති අත්‍ථො. සම‍්මොදකොති පටිසන්‍ථාරකුසලො, ආගතාගතානං චතුන‍්නං පරිසානං – “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීයං, කච‍්චි යාපනීය”න‍්තිආදිනා නයෙන සබ‍්බං අද‍්ධානදරථං වූපසමෙන‍්තො විය පඨමතරං සම‍්මොදනීයං කථං කත‍්තාති අත්‍ථො. අබ‍්භාකුටිකොති යථා එකච‍්චෙ පරිසං පත්‍වා ථද‍්ධමුඛා සඞ‍්කුටිතමුඛා හොන‍්ති, න එදිසො, පරිසදස‍්සනෙන පනස‍්ස බාලාතපසම‍්ඵස‍්සෙන විය පදුමං මුඛපදුමං විකසති පුණ‍්ණචන්‍දසස‍්සිරිකං හොති. උත‍්තානමුඛොති යථා එකච‍්චෙ නිකුජ‍්ජිතමුඛා විය සම‍්පත‍්තාය පරිසාය න කිඤ‍්චි කථෙන‍්ති, අතිදුල‍්ලභකථා හොන‍්ති, න එවරූපො. සමණො පන ගොතමො සුලභකථො. න තස‍්ස සන‍්තිකං ආගතාගතානං – “කස‍්මා මයං ඉධාගතා”ති විප‍්පටිසාරො උප‍්පජ‍්ජති ධම‍්මං පන සුත්‍වා අත‍්තමනාව හොන‍්තීති දස‍්සෙති. පුබ‍්බභාසීති භාසන‍්තො ච පඨමතරං භාසති, තඤ‍්ච ඛො කාලයුත‍්තං පමාණයුත‍්තං අත්‍ථනිස‍්සිතමෙව භාසති, න නිරත්‍ථකකථං.

එහි සාගතවාදී යනු දෙව් මිනිස් පැවිදි ගිහියන් අතර තමා සමීපයට පැමිණි දේ ‘සාගත එන්නැයි මෙසේ වාද ඇත්තේ යන අර්ථයි. සඛිලො යනු එහි සාබල්‍යය (මෘදු බව) කුමක්ද? යම් වචනයක් නොකිලිටි කර්ණ සුඛ ආදී ක්‍රමයෙන් කියන ලද මෘදු බවින් යුත් මෘදු වචනය යන අර්ථයි. සම්මොදකො යනු පිළිසඳරෙහි දක්ෂ, ආ ආවුන්ට ‘භික්‍ෂුව සැප දුක් කෙසේද? ආදී ක්‍රමයෙන් සියලු ගමන් විඩාව නිවාලන්නාක් මෙන් පළමුකොට සතුටුසාමීචි කථා කරන්නේ යන අර්ථයි. අබ්භාකුටිකො යනු යම්සේ ඇතැම්හු පිරිස මැදට පැමිණ තද වූ මුව ඇත්තේ හැකිළුණු මුව ඇත්තෝ වෙත්ද, එසේ නොවූයේ, පිරිස දැකීමෙන් බාල සූර්යයා දැකීමෙන් පද්මය පිපේද මුවපියුම පිපෙයි. පුන්සඳෙහි සිරියාව ඇත්තක් වෙයි. උත්තාන මුඛො යනු යම්සේ ඇතැම්හු මුනින් නැමූ මුව ඇත්තාහු මෙන් පිරිස පැමිණි කල කිසිවක් නොකියත්ද, අතිශයින් දුලබ කතා ඇත්තෝ වෙත්ද, එසේ නොවේ. ශ්‍රමණ ගෞතමයෝ සුලභ කථා ඇත්තෝය. එතුමාගේ සමීපයට පැමිණියවුන්ට අප මෙතැනට ආවේ කුමකටදැයි විපිළිසරක් නූපදී. දහම් අසා සතුටට පත්වූවාහුම වෙත් යයි දක්වයි. පුබ්බභාසී යනු කථා කරන්නේ පළමුවම කථා කරයි. එයද කලට ඔබී. ප්‍රමාණයෙන් යුතුය. අර්ථනිශ්‍රිත දෙයක්ම කියයි. නිරර්ථක දෙයක් නොකියයි.

න තස‍්මිං ගාමෙ වාති යත්‍ථ කිර භගවා පටිවසති, තත්‍ථ මහෙසක‍්ඛා දෙවතා ආරක‍්ඛං ගණ‍්හන‍්ති, තං නිස‍්සාය මනුස‍්සානං උපද‍්දවො න හොති, පංසුපිසාචකාදයොයෙව හි මනුස‍්සෙ විහෙඨෙන‍්ති, තෙ තාසං ආනුභාවෙන දූරං අපක‍්කමන‍්ති. අපි ච භගවතො මෙත‍්තාබලෙනපි න අමනුස‍්සා මනුස‍්සෙ විහෙඨෙන‍්ති.

නතස්මිං ගාමෙවා යනු යම්තැනෙක භාග්‍යවතුන් වහන්සේ වසන සේක්ද එහි මහේශාඛ්‍ය දෙවියෝ අරක් ගනිති. ඒ නිසා මිනිසුන්ට උපද්‍රවයක් නැත. පාංශුපිශාච ආදීහුම මිනිසුන් වෙහෙසට පත් කරති. ඔවුහු දෙවියන්ගේ ආනුභාවයෙන් දුරට පසුබැස යති. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් න අමනුස්සා මනුස්සෙ විහෙඨෙන්ති - අමනුෂ්‍යයෝ මනුෂ්‍යයෝ වෙහෙසට පත් නොකරති.

සඞ‍්ඝීතිආදීසු අනුසාසිතබ‍්බො සයං වා උප‍්පාදිතො සඞ‍්ඝො අස‍්ස අත්‍ථීති සඞ‍්ඝී. තාදිසො චස‍්ස ගණො අත්‍ථීති ගණී. පුරිමපදස‍්සෙව වා වෙවචනමෙතං. ආචාරසික‍්ඛාපනවසෙන ගණස‍්ස ආචරියොති ගණාචරියො. පුථුතිත්‍ථකරානන‍්ති බහූනං තිත්‍ථකරානං. යථා වා තථා වාති යෙන වා තෙන වා අචෙලකාදිමත‍්තකෙනාපි කාරණෙන. සමුදාගච‍්ඡතීති සමන‍්තතො උපගච‍්ඡති අභිවඩ‍්ඪති.

සංඝී ආදී තන්හි අනුශාසනා කළයුතු තමාම උපදවා ගන්නා ලද සංඝයා ඔහුට ඇත්තේ නුයි = සංඝී. එබඳු ගණයක් ඔහුට ඇත්තේනුයි ගනී. පෙර පදයට සමාන වචනයක්ද වේ. ආචාර ශික්‍ෂා වශයෙන් ගණයට ආචාර්ය වූයේ = ගණාචරියො. පුථුතිත්‍ථකරානං යනු බොහෝ තීර්ථකයන්ට. යථාවා තථාවා යනු කිසියම් අචේලක ආදී පමණ වූ කරුණකින් සමුදාගච්ඡති යනු සැදී උඩට එයි. අභිවර්ධනය වෙයි.

අතිථි නො තෙ හොන‍්තීති තෙ අම‍්හාකං ආගන‍්තුකා, නවකා පාහුනකා හොන‍්තීති අත්‍ථො. පරියාපුණාමීති ජානාමි. අපරිමාණවණ‍්ණොති තථාරූපෙනෙව සබ‍්බඤ‍්ඤුනාපි අප‍්පමෙය්‍යවණ‍්ණො – “පගෙව මාදිසෙනා”ති දස‍්සෙති. වුත‍්තම‍්පි චෙත‍්තං –

අතිථිනො තෙ හොන්ති යනු ඔවුහු අපගේ ආගන්තුකයෝය. නවකයෝය. සැලකුම් ලැබිය යුත්තෝය යන අර්ථයි. එබඳුම වූ සර්වඥයන් විසින් ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇත්තේය. ‘මා ගැන කියනුම කවරේද? යයි දක්වයි. එහෙයින් කීය.

“බුද‍්ධොපි බුද‍්ධස‍්ස භණෙය්‍ය වණ‍්ණං, කප‍්පම‍්පි චෙ අඤ‍්ඤමභාසමානො; ඛීයෙථ කප‍්පො චිරදීඝමන‍්තරෙ, වණ‍්ණො න ඛීයෙථ තථාගතස‍්සා”ති.

බුදු කෙනෙක් බුදුකෙනෙකුගේ ගුණ අන්කිසිවක් නොකියාම කල්පයක් කියත්මුත් කල්පය ගෙවී ගියද තථාගත ගුණ නොගෙවේ.

ඉමං පන සත්‍ථු ගුණකථං සුත්‍වා තෙ බ්‍රාහ‍්මණා චින‍්තයිංසු – යථා සොණදණ‍්ඩො බ්‍රාහ‍්මණො සමණස‍්ස ගොතමස‍්ස වණ‍්ණෙ භණති, අනොමගුණො සො භවං ගොතමො; එවං තස‍්ස ගුණෙ ජානමානෙන ඛො පන ආචරියෙන අතිචිරං අධිවාසිතං, හන්‍ද නං අනුවත‍්තාමාති අනුවත‍්තිංසු. තස‍්මා එවං වුත‍්තෙ “තෙ බ්‍රාහ‍්මණා”තිආදි වුත‍්තං. තත්‍ථ අලමෙවාති යුත‍්තමෙව. අපි පුටොසෙනාති පුටොසං වුච‍්චති පාථෙය්‍යං, තං ගහෙත්‍වාපි උපසඞ‍්කමිතුං යුත‍්තමෙවාති අත්‍ථො. පුටංසෙනාතිපි පාඨො, තස‍්සත්‍ථො, පුටො අංසෙ අස‍්සාති පුටංසො, තෙන පුටංසෙන. අංසෙන හි පාථෙය්‍යපුටං වහන‍්තෙනාපීති වුත‍්තං හොති.

මේ ගුණ කතාව අසා ඒ බමුණෝ මෙසේ සිතූහ. යථා සොණදණ්ඩො බ්‍රාහ්මණො සමණස්ස ගොතමස්ස වණ්ණෙ භාසති. භවත් ගෞතමයෝ උසස් ගුණ ඇත්තෝය. මෙසේ උන්වහන්සේගේ ගුණ දන්නා ගුරුවරයා විසින් බොහෝ කලක් ඉවසන ලදි. දැන් ඔහුට අනුවර්තනය වෙමුයි අනුව පැවතුණාහ. ඒ නිසා එවං වුත්තෙ තෙ බ්‍රාහ්මණා යනාදිය කියන ලදි. තත්‍ථ අලමෙව යනු යුතුමය. අපි පුටංසෙන යනු පුටංසං යනු මාර්ගෝපකරණයි. මාර්ගෝපකරණ ගෙන වුවත් එළඹෙන්ට යුතුය යන අර්ථයි. පුටංසන යනුවෙන්ද පාඨයක් ඇත. එහි අර්ථය : පොදියක් උරෙහි ඇත්තේ මොහුගේනුයි පුටංසො. එයින්, අංශයෙන් මාර්ග උපකරණ පොදිය උසුලන්නහු විසින් යන්නද කියන ලද්දේ වෙයි.

සොණදණ‍්ඩපරිවිතක‍්කවණ‍්ණනා

තිරොවනසණ‍්ඩගතස‍්සාති අන‍්තොවනසණ‍්ඩෙ ගතස‍්ස, විහාරබ‍්භන‍්තරං පවිට‍්ඨස‍්සාති අත්‍ථො. අඤ‍්ජලිං පණාමෙත්‍වාති එතෙ උභතොපක‍්ඛිකා, තෙ එවං චින‍්තයිංසු – “සචෙ නො මිච‍්ඡාදිට‍්ඨිකා චොදෙස‍්සන‍්ති – ‘කස‍්මා තුම‍්හෙ සමණං ගොතමං වන්‍දිත්‍ථා’ති? තෙසං – ‘කිං අඤ‍්ජලිමත‍්තකරණෙනාපි වන්‍දනං නාම හොතී’ති වක‍්ඛාම. සචෙ නො සම‍්මාදිට‍්ඨිකා චොදෙස‍්සන‍්ති – ‘කස‍්මා තුම‍්හෙ භගවන‍්තං න වන්‍දිත්‍ථා’ති. ‘කිං සීසෙන භූමියං පහරන‍්තෙනෙව වන්‍දනං නාම හොති, නනු අඤ‍්ජලිකම‍්මම‍්පි වන්‍දනං එවා’ති වක‍්ඛාමා”ති. නාමගොත‍්තන‍්ති “භො, ගොතම, අහං අසුකස‍්ස පුත‍්තො දත‍්තො නාම, මිත‍්තො නාම, ඉධාගතො”ති වදන‍්තා නාමං සාවෙන‍්ති නාම. “භො, ගොතම, අහං වාසෙට‍්ඨො නාම, කච‍්චානො නාම, ඉධාගතො”ති වදන‍්තා ගොත‍්තං සාවෙන‍්ති නාම. එතෙ කිර දලිද‍්දා ජිණ‍්ණා කුලපුත‍්තා “පරිසමජ‍්ඣෙ නාමගොත‍්තවසෙන පාකටා භවිස‍්සාමා”ති එවමකංසු. යෙ පන තුණ‍්හීභූතා නිසීදිංසු, තෙ කෙරාටිකා චෙව අන්‍ධබාලා ච. තත්‍ථ කෙරාටිකා – “එකං ද‍්වෙ කථාසල‍්ලාපෙපි කරොන‍්තො විස‍්සාසිකො හොති, අථ විස‍්සාසෙ සති එකං ද‍්වෙ භික‍්ඛා අදාතුං න යුත‍්ත”න‍්ති තතො අත‍්තානං මොචෙත්‍වා තුණ‍්හී නිසීදන‍්ති. අන්‍ධබාලා අඤ‍්ඤාණතායෙව අවක‍්ඛිත‍්තමත‍්තිකාපිණ‍්ඩො විය යත්‍ථ කත්‍ථචි තුණ‍්හීභූතා නිසීදන‍්ති.

තිරො වන සණ්ඩගතස්ස යනු වනලැහැබ ඇතුළට ගියහුට, විහාරය ඇතුළට පිවිසියහුට යන අර්ථයි. අඤ්ජලිං පනාමෙත්‍වා යනු ඒ උභය පාක්‍ෂිකයෝම මෙසේ සිතූහ. ‘ඉදින් අපට මිසදිටුවෝ චෝදනා කරත්ද, ඒ නිසා ඔබලා ශ්‍රමණ ගෞතමයන් වැන්දාහුද? ඔවුන් ඇඳිලි බැඳීම් මාත්‍රයෙන්ම වඳින ලද්දේ වේදැයි කියමුද? ඉදින් අපට සම්‍යක් දෘෂ්ටිකයෝ චෝදනා කරන්නාහුද, කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේට නොවැන්දාහුද? ඔවුන් විසින් හිසින් පැහැරීමෙන් වඳින ලද්දේ වේද, ඇඳිලි බැඳීම වැඳීමක් නොවේදැයි කියමුද? නාමගොත්තං යනු ‘භවත් ගෞතමයෙනි, මම අසුවලාගේ පුතා වූ දත්ත නම් වෙමි. මිත්‍රනම් වෙමි. මෙහි පැමිණියේ වෙමි යි කියන්නෝ වෙති. අස්වන්නෝ වෙති. ‘භවත් ගෞතමයෙනි, මම වාසෙට්ඨ වෙමි, මම කච්චායන වෙමි. මෙහි පැමිණියේ වෙමි’ යි කියන්නාහු ගෝත්‍රය අස්වත් නම් වෙති. මොවුහු දිළින්දෝය. දිරාගිය කුලපුත්‍රයෝය. පිරිස් මැද නම්ගොත් වශයෙන් ප්‍රකට වන්නෙමුයි මෙසේ කළහ. යෙ පන තුණ්හී භූතනිසීදිංසු ඔවුහු කෛරාටිකයෝය. අඳබාලයෝය. එහි කෛරාටිකයෝ කථා සල්ලාප එකක් හෝ දෙකක් කරන්නෝද විශ්වාස ඇත්තෝ වෙති. ඉක්බිති විශ්වාසය ඇතිකල්හි භික්‍ෂා එකක් දෙකක් නොදීම යුතු නොවේ යයි එයින් තමා මිදී නිහඬව හිඳිත්. අඳබාලයෝ නොදන්නා කමින්ම ඉවත දැමූ මැටි පිඬක් මෙන් කොතැනක හෝ නිහඬව හිඳිත්.

බ්‍රාහ‍්මණපඤ‍්ඤත‍්තිවණ‍්ණනා

චෙතසා චෙතොපරිවිතක‍්කන‍්ති භගවා – “අයං බ්‍රාහ‍්මණො ආගතකාලතො පට‍්ඨාය අධොමුඛො ථද‍්ධගත‍්තො කිං චින‍්තයමානො නිසින‍්නො, කිං නු ඛො චින‍්තෙතී”ති ආවජ‍්ජන‍්තො අත‍්තනො චෙතසා තස‍්ස චිත‍්තං අඤ‍්ඤාසි. තෙන වුත‍්තං – “චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤායා”ති.

චෙතසා චෙතොපරි විතක්කං යනු භාග්‍යවතුන් වහන්සේ ‘මේ බමුණා ආ තැන් පටන් මුව බිමට හරවා තද ගතින් යුතුව කිසිවක් සිතමින් හුන්නේය. කුමක් සිතයිදැයි ආවර්ජනය කරන්නේ තමාගේ සිතින් ඔහුගේ සිත දැනගත්තේය. එහෙයින් කියන ලදි. ‘චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය’ යනුවෙන්.

විහඤ‍්ඤතීති විඝාතං ආපජ‍්ජති. අනුවිලොකෙත්‍වා පරිසන‍්ති භගවතො සකසමයෙ පඤ‍්හපුච‍්ඡනෙන උදකෙ මියමානො උක‍්ඛිපිත්‍වා ථලෙ ඨපිතො විය සමපස‍්සද‍්ධකායචිත‍්තො හුත්‍වා පරිසං සඞ‍්ගණ‍්හනත්‍ථං දිට‍්ඨිසඤ‍්ජානෙනෙව “උපධාරෙන‍්තු මෙ භොන‍්තො වචන”න‍්ති වදන‍්තො විය අනුවිලොකෙත්‍වා පරිසං භගවන‍්තං එතදවොච.

විහඤ්ඤති යනු විනාශයට පැමිණේ. අනුවිලොකෙත්‍වා පරිසං යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වකීය සමයයෙහි ප්‍රශ්න ඇසීමෙන් මිය යන්නකු ඔසවා ගොඩතැබුවාක් මෙන් අස්වැසුණු කාය චිත්ත ඇත්තේවැ පිරිසට සංග්‍රහ පිණිස දෘෂ්ටි සංවරයෙන්ම ‘භවත්හු මාගේ වචනය සලකා බලත්වායි කියන්නාක් මෙන් පිරිස දෙස බලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

සුජං පග‍්ගණ‍්හන‍්තානන‍්ති යඤ‍්ඤයජනත්‍ථාය සුජං ගණ‍්හන‍්තෙසු බ්‍රාහ‍්මණෙසු පඨමො වා දුතියො වාති අත්‍ථො. සුජාය දිය්‍යමානං මහායාගං පටිග‍්ගණ‍්හන‍්තානන‍්ති පොරාණා. ඉති බ්‍රාහ‍්මණො සකසමයවසෙන සම‍්මදෙව පඤ‍්හං විස‍්සජ‍්ජෙසි. භගවා පන විසෙසතො උත‍්තමබ්‍රාහ‍්මණස‍්ස දස‍්සනත්‍ථං – “ඉමෙසං පනා”තිආදිමාහ. එතදවොචුන‍්ති සචෙ ජාතිවණ‍්ණමන‍්තසම‍්පන‍්නො බ්‍රාහ‍්මණො න හොති, අථ කො චරහි ලොකෙ බ්‍රාහ‍්මණො භවිස‍්සති? නාසෙති නො අයං සොණදණ‍්ඩො, හන්‍දස‍්ස වාදං පටික‍්ඛිපිස‍්සාමාති චින‍්තෙත්‍වා එතදවොචුං. අපවදතීති පටික‍්ඛිපති. අනුපක‍්ඛන්‍දතීති අනුපවිසති. ඉදං – “සචෙ ත්‍වං පසාදවසෙන සමණං ගොතමං සරණං ගන‍්තුකාමො, ගච‍්ඡ; මා බ්‍රාහ‍්මණස‍්ස සමයං භින්‍දී”ති අධිප‍්පායෙන ආහංසු.

සුජං පග්ගණ්හන්තානං යනු යාග පැවැත්වීම පිණිස කෙණෙස්ස අල්ලාගෙන සිටින බමුණන් අතර පළමුවැන්නා හෝ දෙවැන්නා හෝ යන අර්ථයි. කෙණෙස්සෙන් දෙනු ලබන මහායාගය පිළිගන්නවුන්ගේ යනුවෙන් පොරාණයෝ කීහ. මෙසේ බ්‍රාහ්මණයා ස්වකීය සමය වශයෙන් මනාසේ ප්‍රශ්න විසඳීය. භාග්‍යවතුන් වහන්සේ විශේෂ වශයෙන් උතුම් බමුණා දකිනු පිණිස ඉමෙසං යන ආදිය කී සේක. එතදවොචුං යනු ජාතියෙන් වර්ණයෙන් මන්ත්‍රයෙන් යුත් බමුණෙක් නොවේද? ඉක්බිති කවරෙක් ලෝකයෙහි බමුණෙක් වන්නේද? මේ සෝණදණ්ඩ අප නසන්නේය. ඔහුගේ වාදය ප්‍රතික්‍ෂේප කරමුයි සිතා මෙසේ කීහ. අපවදති යනු ප්‍රතික්‍ෂේප කරයි. අනුපක්ඛන්‍දති යනු අනුව පිවිසෙයි. මෙය ඉදින් ප්‍රසාද වශයෙන් ශ්‍රමණ ගෞතමයන් සරණ යනු කැමැත්තේ නම් යව. බ්‍රාහ්මණ සමය බිඳින්ට එපා යයි අදහසින් කීහ.

එතදවොචාති ඉමෙසු බ්‍රාහ‍්මණෙසු එවං එකප‍්පහාරෙනෙව විරවන‍්තෙසු “අයං කථා පරියොසානං න ගමිස‍්සති, හන්‍ද නෙ නිස‍්සද‍්දෙ කත්‍වා සොණදණ‍්ඩෙනෙව සද‍්ධිං කථෙමී”ති චින‍්තෙත්‍වා – “එතං සචෙ ඛො තුම‍්හාක”න‍්තිආදිකං වචනං අවොච.

එතදවොච යනු මේ බමුණන් මෙසේ එකපැහැර කෑගසන කල්හි මේ කථාව කෙළවරට නොයයි. ඔවුන් නිශ්ශබ්ද කොට සොණදණ්ඩ සමගම කථාකරමියි සිතා මේ සචෙඛො තුම්හාකං ආදී වචන කී සේක.

සහධම‍්මෙනාති සකාරණෙන. සමසමොති ඨපෙත්‍වා එකදෙසසමත‍්තං සමභාවෙන සමො, සබ‍්බාකාරෙන සමොති අත්‍ථො. අහමස‍්ස මාතාපිතරො ජානාමීති භගිනියා පුත‍්තස‍්ස මාතාපිතරො කිං න ජානිස‍්සති, කුලකොටිපරිදීපනං සන්‍ධායෙව වදති. මුසාවාදම‍්පි භණෙය්‍යාති අත්‍ථභඤ‍්ජනකං මුසාවාදං කථෙය්‍ය. කිං වණ‍්ණො කරිස‍්සතීති අබ‍්භන‍්තරෙ ගුණෙ අසති කිං කරිස‍්සති? කිමස‍්ස බ්‍රාහ‍්මණභාවං රක‍්ඛිතුං සක‍්ඛිස‍්සතීති අත්‍ථො. අථාපි සියා පුන – “පකතිසීලෙ ඨිතස‍්ස බ්‍රාහ‍්මණභාවං සාධෙන‍්තී”ති එවම‍්පි සීලමෙව සාධෙස‍්සති, තස‍්මිං හිස‍්ස අසති බ්‍රාහ‍්මණභාවො නාහොසීති සම‍්මොහමත‍්තං වණ‍්ණාදයො. ඉදං පන සුත්‍වා තෙ බ්‍රාහ‍්මණා – “සභාවං ආචරියො ආහ, අකාරණාව මයං උජ‍්ඣායිම‍්හා”ති තුණ‍්හී අහෙසුං.

සහධම්මෙන යනු කරුණු සහිතව. සමසමො යනු ඒකදේශ සමතාව හැර යථා පරිදි සම. සර්වාකාරයෙන් සම යන අර්ථයි. අහමස්ස මාතා පිතරො ජානාමි යනු සොහොයුරියගේ පුත්‍රයාගේ මව්පියන් කුමක් නිසා නොදන්නේද? කුල කෙළවර දැක්වීම සඳහා මෙසේ කියයි. මුසාපි භාසෙය්‍ය යනු යහපත බිඳින මුසාවාද කරන්නේය. කිං වණ්ණො කරිස්සති යනු අභ්‍යන්තර ගුණ නැතිකල කුමක් කරන්නේද? මොහුට බ්‍රාහ්මණ ස්වභාවය රකින්ට හැකිය යන අර්ථයි. එසේ වුවත් ‘ප්‍රකෘති ශීලයෙහි සිටියහුට බ්‍රාහ්මණ භාවය සෑදේද? මෙසේ ශීලයම සැදෙන්නේය. එයද ඔහුට නැතිකල බ්‍රාහ්මණභාවය නොවීයයි වර්ණ ආදිය මුළාවක් පමණි. මෙය අසා ඒ බමුණෝ ‘ගුරුතුමා ඇත්තක් කීවේය. අපි නිකරුණේ කෑගැසුවෙමු’යි නිහඬ වූහ.

සීලපඤ‍්ඤාකථාවණ‍්ණනා

තතො භගවා ‘කථිතො බ්‍රාහ‍්මණෙන පඤ‍්හො, කිං පනෙත්‍ථ පතිට‍්ඨාතුං සක‍්ඛිස‍්සති, න සක‍්ඛිස‍්සතී’ති? තස‍්ස වීමංසනත්‍ථං – “ඉමෙසං පන බ්‍රාහ‍්මණා”තිආදිමාහ.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ බමුණා විසින් ප්‍රශ්නය කියන ලදි. මෙහි පිහිටා සිටීමට හැකිවන්නේද, නොහැකි වන්නේදැයි එය විමසනු පිණිස ඉමෙසං පන බ්‍රාහ්මණා යනාදිය කී සේක.

සීලපරිධොතාති සීලපරිසුද‍්ධා. යත්‍ථ සීලං තත්‍ථ පඤ‍්ඤාති යස‍්මිං පුග‍්ගලෙ සීලං, තත්‍ථෙව පඤ‍්ඤා, කුතො දුස‍්සීලෙ පඤ‍්ඤා? පඤ‍්ඤාරහිතෙ වා ජළෙ එළමූගෙ කුතො සීලන‍්ති? සීලපඤ‍්ඤාණන‍්ති සීලඤ‍්ච පඤ‍්ඤාණඤ‍්ච සීලපඤ‍්ඤාණං. පඤ‍්ඤාණන‍්ති පඤ‍්ඤායෙව.

සීලපරිධොතා යනු සිල් පිරිසිදු. යත්‍ථසීලං තත්‍ථපඤ්ඤා යනු යම් පුද්ගලයකු තුළ සිල් ඇත්ද එහිම ප්‍රඥාවද ඇත. දුස්සීලයා තුළ ප්‍රඥාවක් කොයින්ද, ප්‍රඥාවක් නැති හෝ මෝඩයා තුළ, ගොළුවා සහ බිහිරා තුළ සීලයක් කොයින්ද? සීලපඤ්ඤාණං යනු සීලයද ප්‍රඥාවද සීලපඤ්ඤාණං පඤ්ඤාණ යනු ප්‍රඥාවමය.

එවමෙතං බ්‍රාහ‍්මණාති භගවා බ්‍රාහ‍්මණස‍්ස වචනං අනුජානන‍්තො ආහ. තත්‍ථ සීලපරිධොතා පඤ‍්ඤාති චතුපාරිසුද‍්ධිසීලෙන ධොතා. කථං පන සීලෙන පඤ‍්ඤං ධොවතීති? යස‍්ස පුථුජ‍්ජනස‍්ස සීලං සට‍්ඨිඅසීතිවස‍්සානි අඛණ‍්ඩං හොති, සො මරණකාලෙපි සබ‍්බකිලෙසෙ ඝාතෙත්‍වා සීලෙන පඤ‍්ඤං ධොවිත්‍වා අරහත‍්තං ගණ‍්හාති. කන්‍දරසාලපරිවෙණෙ මහාසට‍්ඨිවස‍්සත්‍ථෙරො විය. ථෙරෙ කිර මරණමඤ‍්චෙ නිපජ‍්ජිත්‍වා බලවවෙදනාය නිත්‍ථුනන‍්තෙ, තිස‍්සමහාරාජා “ථෙරං පස‍්සිස‍්සාමී”ති ගන‍්ත්‍වා පරිවෙණද‍්වාරෙ ඨිතො තං සද‍්දං සුත්‍වා පුච‍්ඡි – “කස‍්ස සද‍්දො අය”න‍්ති? ථෙරස‍්ස නිත්‍ථුනනසද‍්දොති. “පබ‍්බජ‍්ජාය සට‍්ඨිවස‍්සෙන වෙදනාපරිග‍්ගහමත‍්තම‍්පි න කතං, න දානි නං වන්‍දිස‍්සාමී”ති නිවත‍්තිත්‍වා මහාබොධිං වන්‍දිතුං ගතො. තතො උපට‍්ඨාකදහරො ථෙරං ආහ – “කිං නො, භන‍්තෙ, ලජ‍්ජාපෙථ, සද‍්ධොපි රාජා විප‍්පටිසාරී හුත්‍වා න වන්‍දිස‍්සාමී”ති ගතොති. කස‍්මා ආවුසොති? තුම‍්හාකං නිත්‍ථුනනසද‍්දං සුත්‍වාති. “තෙන හි මෙ ඔකාසං කරොථා”ති වත්‍වා වෙදනං වික‍්ඛම‍්භිත්‍වා අරහත‍්තං පත්‍වා දහරස‍්ස සඤ‍්ඤං අදාසි – “ගච‍්ඡාවුසො, ඉදානි රාජානං අම‍්හෙ වන්‍දාපෙහී”ති. දහරො ගන‍්ත්‍වා – “ඉදානි කිර ථෙරං, වන්‍දථා”ති ආහ. රාජා සංසුමාරපතිතෙන ථෙරං වන්‍දන‍්තො – “නාහං අය්‍යස‍්ස අරහත‍්තං වන්‍දාමි, පුථුජ‍්ජනභූමියං පන ඨත්‍වා රක‍්ඛිතසීලමෙව වන්‍දාමී”ති ආහ, එවං සීලෙන පඤ‍්ඤං ධොවති නාම. යස‍්ස පන අබ‍්භන‍්තරෙ සීලසංවරො නත්‍ථි, උග‍්ඝාටිතඤ‍්ඤුතාය පන චතුප‍්පදිකගාථාපරියොසානෙ පඤ‍්ඤාය සීලං ධොවිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණාති. අයං පඤ‍්ඤාය සීලං ධොවති නාම. සෙය්‍යථාපි සන‍්තතිමහාමත‍්තො.

එවමෙතං බ්‍රාහ්මණා යනු භාග්‍යවතුන් වහන්සේ බමුණාගේ වචනය අනුමත කරමින් කී සේක. සීල පරිධොතා පඤ්ඤා යනු චතුපාරිශුද්ධි ශීලයෙන් සෝදා හරින ලද. සීලයෙන් ප්‍රඥාව සෝදා හරින්නේ කෙසේද? යමකුගේ පෘථග්ජන ශීලය සැටවසක් අසූවසක් අඛණ්ඩව පවතීද හේ මියයන කල්හිද සියලු කෙලෙස් නසා ශීලයෙන් ප්‍රඥාව සෝදා හැර රහත්බව ලබාගනී. කන්ථක සාල පිරිවෙන්හි මහා සට්ඨිවස්ස තෙරුන් මෙන්. තෙරුන් වහන්සේ මරණ මංචකයෙහි හෙව බලවත් වේදනාවෙන් පෙළෙන කල්හි වසභ මහරජතුමා ‘තෙරුන් බලන්නෙමියි ගොස් පිරිවෙන් දොර සිටියේ ඒ ශබ්දය අසා මෙසේ ඇසීය. මේ ශබ්දය කුමක්ද? තෙරුන් වහන්සේ වේදනාවෙන් කෑගසන ශබ්දයයි. ‘පැවිද්දෙන් සැටවසකින් වේදනා පරිග්‍රහ මාත්‍රයක්වත් නොකරන ලදි. දැන් නොවඳින්නෙමියි නැවතී මහාබෝධිය වඳින්ට ගියේය. ඉන්පසු උපස්ථායක තරුණයා තෙරුන්ට මෙසේ කීය. ස්වාමීනි, අපට ලජ්ජා කරවන්නේ ඇයි? ශ්‍රද්ධාවන්ත රජතුමා විපිළිසරව නොවඳින්නෙමියි ගියේය. ‘කුමක් නිසාද ඇවැත්නි? ඔබවහන්සේ කෑගසන හඬ අසා. එසේනම් මට අවකාශයක් කරවයි කියා වේදනාව මැඩපවත්වා රහත්බවට පත්ව තරුණයාට සංඥාවක් කළහ. ඇවැත්නි යන්න. දැන් රජු ලවා මා වන්දවනු මැනව. තරුණයා ගොස් ‘දැන් තෙරුන් වඳිනු මැනවැ’යි කීය. රජතෙමේ සුංසුමාර පතිතයෙන් (බිම දිගාවී) තෙරුන් වඳින්නේ ‘මම ආර්යයන්ගේ රහත්බවට නොවඳිමි. පෘථග්ජන භූමියෙහි සිට රක්නාලද ශීලයම වඳිමි’යි කීය. මෙසේ සීලයෙන් ප්‍රඥාව සෝදාහරී නමි. යමකුගේ අභ්‍යන්තරයෙහි ශීල සංවරය නැත්ද, උද්ඝටිතඥතාව නිසා (වහා අවබෝධ වීම) සිව්පද ගාථාවක කෙළවර ප්‍රඥාවෙන් ශීලය සෝදාහැර සිව්පිළිසිඹියා සහිත රහත්බවට පැමිණේ. මෙය ප්‍රඥාවෙන් ශීලය සෝදාහරී නමි. සන්තති මහාමත්‍යයා මෙන්.

කතමං පන තං බ්‍රාහ‍්මණාති කස‍්මා ආහ? භගවා කිර චින‍්තෙසි – “බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණසමයෙ පඤ‍්චසීලානි ‘සීල’න‍්ති පඤ‍්ඤාපෙන‍්ති, වෙදත‍්තයඋග‍්ගහණපඤ‍්ඤා පඤ‍්ඤාති. උපරිවිසෙසං න ජානන‍්ති. යංනූනාහං බ්‍රාහ‍්මණස‍්ස උත‍්තරිවිසෙසභූතං මග‍්ගසීලං, ඵලසීලං, මග‍්ගපඤ‍්ඤං, ඵලපඤ‍්ඤඤ‍්ච දස‍්සෙත්‍වා අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨපෙය්‍ය”න‍්ති. අථ නං කථෙතුකම්‍යතාය පුච‍්ඡන‍්තො – “කතමං පන තං, බ්‍රාහ‍්මණ, සීලං කතමා සා පඤ‍්ඤා”ති ආහ. අථ බ්‍රාහ‍්මණො – “මයා සකසමයවසෙන පඤ‍්හො විස‍්සජ‍්ජිතො. සමණො පන මං ගොතමො පුන නිවත‍්තිත්‍වා පුච‍්ඡති, ඉදානිස‍්සාහං චිත‍්තං පරිතොසෙත්‍වා විස‍්සජ‍්ජිතුං සක‍්කුණෙය්‍යං වා න වා? සචෙ න සක‍්ඛිස‍්සං පඨමං උප‍්පන‍්නාපි මෙ ලජ‍්ජා භිජ‍්ජිස‍්සති. අසක‍්කොන‍්තස‍්ස පන න සක‍්කොමීති වචනෙ දොසො නත්‍ථී”ති පුන නිවත‍්තිත්‍වා භගවතොයෙව භාරං කරොන‍්තො “එත‍්තකපරමාව මය”න‍්තිආදිමාහ. තත්‍ථ එත‍්තකපරමාති එත‍්තකං සීලපඤ‍්ඤාණන‍්ති වචනමෙව පරමං අම‍්හාකං, තෙ මයං එත‍්තකපරමා, ඉතො පරං එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං න ජානාමාති අත්‍ථො.

කතමං පන තං බ්‍රාහ්මණ යනු කුමක් නිසා කී සේක්ද? භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘බමුණන්ගේ දහමෙහි පන්සිල් ශීලයයි පනවත්. වේදත්‍රය ඉගෙනීමෙහි ප්‍රඥාව පැනේ. මත්තෙහි විශේෂයක් නොදනිත්. මම බමුණාට මත්තෙහි විශේෂභූත වූ මාර්ගශීලය, ඵල ශීලය, මාර්ග ප්‍රඥාව ඵල ප්‍රඥාවද දක්වා අර්හත්වය කුළුගන්වමින් දේශනාව නිම කරන්නෙම් නම් මැනවැයි ඉක්බිති එය කියනු කැමැත්තෙන් විචාරණ සේක් කතමං පන තං බ්‍රාහ්මණ සීලං කතමා පඤ්ඤා යයි කී සේක. ඉක්බිති බමුණා ‘මා විසින් ස්වකීය දහම අනුව ප්‍රශ්නය විසඳන ලදි. ශ්‍රමණ ගෞතමයෝ මා නැවත නවත්වා විචාරති. දැන් උන්වහන්සේ සිත සතුටුකොට විසඳීමට හැකිවේවා හෝ නොවේවා. හැකිනම් පළමුවෙන් උපන් මාගේ ලජ්ජාව බිඳී යන්නේය. නොහැකි වුවත් නොහැක්කෙමි යයි කීමෙහි දොසක් නැතැයි නැවතී භාග්‍යවතුන් වහන්සේටම බර තබමින් එත්තකපරමාව මයං ආදිය කීය. එහි එතක්කපරමා යනු මෙපමණ ශීලප්‍රඥා යයි කීමම අපට උතුම්ය. ඒ අපි එත්තක පරමු වෙමු. ඉන්පසුවට කියූ මෙම අර්ථය නොදනිමු යන අර්ථයි.

අථස‍්ස භගවා සීලපඤ‍්ඤාය මූලභූතස‍්ස තථාගතස‍්ස උප‍්පාදතො පභුති සීලපඤ‍්ඤාණං දස‍්සෙතුං – “ඉධ බ්‍රාහ‍්මණ, තථාගතො”තිආදිමාහ. තස‍්සත්‍ථො සාමඤ‍්ඤඵලෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො, අයං පන විසෙසො, ඉධ තිවිධම‍්පි සීලං – “ඉදම‍්පිස‍්ස හොති සීලස‍්මි”න‍්ති එවං සීලමිච‍්චෙව නිය්‍යාතිතං පඨමජ‍්ඣානාදීනි චත‍්තාරි ඣානානි අත්‍ථතො පඤ‍්ඤාසම‍්පදා. එවං පඤ‍්ඤාවසෙන පන අනිය්‍යාතෙත්‍වා විපස‍්සනාපඤ‍්ඤාය පදට‍්ඨානභාවමත‍්තෙන දස‍්සෙත්‍වා විපස‍්සනාපඤ‍්ඤාතො පට‍්ඨාය පඤ‍්ඤා නිය්‍යාතිතාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ශීල ප්‍රඥාවට මුල් වූ තථාගතයන්ගේ උත්පත්තියෙහි සිට ශීලප්‍රඥාව දක්වන්ට ඉධබ්‍රාහ්මණ තථාගතො ආදිය කී සේක. එහි අර්ථය සාමඤ්ඤඵල සූත්‍රයෙහි කියන ලද පරිද්දෙන් දතයුතුය. මේ විශේෂයයි. මෙහි ත්‍රිවිධ ශීලය ‘මෙය ශීලයෙහි වෙයි’ මෙසේ ශීලයම යයි පමුණුවන ලදි. ප්‍රථමධ්‍යාන ආදී චතුර්ථධ්‍යාන අර්ථ වශයෙන් ප්‍රඥා සම්ප්‍රදාවයි. මෙසේ ප්‍රඥා වශයෙන් නොපමුණුවා විදර්ශනා ආදී ප්‍රඥාවෙන් පදස්ථාන භාව මාත්‍රයෙන් දක්වා විදර්ශනා ප්‍රඥාවෙහි පටන් ප්‍රඥාව පමුණුවන ලදි.

සොණදණ‍්ඩඋපාසකත‍්තපටිවෙදනාකථා

ස‍්වාතනායාති පදස‍්ස අත්‍ථො අජ‍්ජතනායාති එත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තෙන මං සා පරිසා පරිභවෙය්‍යාති තෙන තුම‍්හෙ දූරතොව දිස‍්වා ආසනා වුට‍්ඨිතකාරණෙන මං සා පරිසා – “අයං සොණදණ‍්ඩො පච‍්ඡිමවයෙ ඨිතො මහල‍්ලකො, ගොතමො පන දහරො යුවා නත‍්තාපිස‍්ස නප‍්පහොති, සො නාම අත‍්තනො නත‍්තුමත‍්තභාවම‍්පි අප‍්පත‍්තස‍්ස ආසනා වුට‍්ඨාතී”ති පරිභවෙය්‍ය. ආසනා මෙ තං භවං ගොතමො පච‍්චුට‍්ඨානන‍්ති මම අගාරවෙන අවුට‍්ඨානං නාම නත්‍ථි, භොගනාසනභයෙන පන න වුට‍්ඨහිස‍්සාමි, තං තුම‍්හෙ හි චෙව මයා ච ඤාතුං වට‍්ටති. තස‍්මා ආසනා මෙ එතං භවං ගොතමො පච‍්චුට‍්ඨානං ධාරෙතූති, ඉමිනා කිර සදිසො කුහකො දුල‍්ලභො, භගවති පනස‍්ස අගාරවං නාම නත්‍ථි, තස‍්මා භොගනාසනභයා කුහනවසෙන එවං වදති. පරපදෙසුපි එසෙව නයො. ධම‍්මියා කථායාතිආදීසු තඞ‍්ඛණානුරූපාය ධම‍්මියා කථාය දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකං අත්‍ථං සන්‍දස‍්සෙත්‍වා කුසලෙ ධම‍්මෙ සමාදපෙත්‍වා ගණ‍්හාපෙත්‍වා. තත්‍ථ නං සමුත‍්තෙජෙත්‍වා සඋස‍්සාහං කත්‍වා තාය ච සඋස‍්සාහතාය අඤ‍්ඤෙහි ච විජ‍්ජමානගුණෙහි සම‍්පහංසෙත්‍වා ධම‍්මරතනවස‍්සං වස‍්සිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. බ්‍රාහ‍්මණො පන අත‍්තනො කුහකතාය එවම‍්පි භගවති ධම‍්මවස‍්සං වස‍්සිතෙ විසෙසං නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. කෙවලමස‍්ස ආයතිං නිබ‍්බානත්‍ථාය වාසනාභාගියාය ච සබ‍්බා පුරිමපච‍්ඡිමකථා අහොසීති.

ස්වාතනාය යනු පදයෙහි අර්ථය අද සඳහා යයි මෙහි කියූ ක්‍රමයෙන්ම දතයුතුය. තෙන මං සා පරිසා පරිභවෙය්‍ය යනු ඒ නිසා ඔබ දුරදීම දැක අසුනින් නැගී සිටි කරුණින් පිරිස ‘මේ සොණදණ්ඩ වයස්ගතව සිටියේ මහල්ලෙකි. ගෞතම වනාහි තරුණය. යෞවනයෙකි. මුනුබුරා තරමටවත් පමණ නොවේ. මුනුබුරු බවටවත් නොපැමිණි තමාට අසුනින් නැගී සිටියි යයි පරිභව කරන්නේය. ආඝාතමෙතං වුට්ඨානං යන ආදී තන්හි අවස්ථානුකූල ධර්මකථාවෙන් මෙලෝ පරලෝ අර්ථය සන්‍දස්සෙත්‍වා සසඳා කුසල්දහම්හි සමාදපෙත්‍වා සමාදන් කරවා ගන්වා එහි ඔහු සමුත්තෙජෙත්‍වා උත්සාහ සහිත කොට ඒ උත්සාහ අනිකුත් විද්‍යමාන ගුණයන්ගෙන් සම්පහංසෙත්‍වා සතුටුකොට දහම්රුවන් වැසි වස්වා උට්ඨායාසනා පක්කාමි හුනස්නෙන් නැගී ගිය සේක. බමුණා තමා කුහක බැවින් මෙසේද භාග්‍යවතුන් වහන්සේ දම්රුවන් වැසි වස්වන කල්හි විශේෂයක් නිපදවාගන්ට නොහැකි විය. හුදෙක් ඔහුට මත්තෙහි නිර්වාණය පිණිස වාසනාභාගී වීම සඳහා සියලු පෙර පසුකථා විය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං සොණදණ‍්ඩසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සොණදණ්ඩ සූත්‍ර වර්ණනාව නිමියේ ය.