3. අම්බට්ඨසුත්තවණ්ණනා අට්ඨකථා
3. අම්බට්ඨසුත්තවණ්ණනා
3. අම්බට්ඨ සූත්‍ර වර්ණනාව
අද්ධානගමනවණ්ණනා
එවං මෙ සුතං…පෙ… කොසලෙසූති අම්බට්ඨසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා. කොසලෙසූති කොසලා නාම ජානපදිනො රාජකුමාරා. තෙසං නිවාසො එකොපි ජනපදො රූළ්හීසද්දෙන කොසලාති වුච්චති, තස්මිං කොසලෙසු ජනපදෙ. පොරාණා පනාහු – යස්මා පුබ්බෙ මහාපනාදං රාජකුමාරං නානානාටකාදීනි දිස්වා සිතමත්තම්පි අකරොන්තං සුත්වා රාජා ආහ – “යො මම පුත්තං හසාපෙති, සබ්බාලඞ්කාරෙන නං අලඞ්කරොමී”ති. තතො නඞ්ගලානිපි ඡඩ්ඩෙත්වා මහාජනකායෙ සන්නිපතිතෙ මනුස්සා සාතිරෙකානි සත්තවස්සානි නානාකීළායො දස්සෙත්වාපි තං හසාපෙතුං නාසක්ඛිංසු, තතො සක්කො දෙවරාජා නාටකං පෙසෙසි, සො දිබ්බනාටකං දස්සෙත්වා හසාපෙසි. අථ තෙ මනුස්සා අත්තනො අත්තනො වසනොකාසාභිමුඛා පක්කමිංසු. තෙ පටිපථෙ මිත්තසුහජ්ජාදයො දිස්වා පටිසන්ථාරං කරොන්තා – “කච්චි භො කුසලං, කච්චි භො කුසල”න්ති ආහංසු. තස්මා තං “කුසල”න්ති වචනං උපාදාය සො පදෙසො කොසලාති වුච්චතීති.
මා විසින් මෙසේ අසන ලදී. කොසලෙසු යනු අම්බට්ඨ සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි. කොසලෙසු යනු කෝසල නම් ජනපදයෙහි උපන් කුමාරයෝය. ඔවුන්ගේ නිවාසය වූ එක් ජනපදයක් රූඪී ශබ්දයෙන් කෝසලයයි කියනු ලැබේ. ඒ කොසොල් ජනපදයෙහි, පොරාණයෝ මෙසේ කීහු. යම්හෙයකින් පෙර මහාපනාද රජකුමරා නානා නාටක ආදිය දැක සිනාමාත්රයක්වත් නොකරන බව අසා රජතුමා මෙසේ කීය. ‘යමෙක් මාගේ පුත්‍රයා සිනාගන්වයිද ඔහු සර්වාභරණයෙන් සරසමි.’ඉන්පසු නගුල් ආදිය අතහැර මහා ජනකාය රැස්ව කල්හි මනුෂ්‍යයෝ තවත් සත් වසක් නොයෙක් ක්‍රීඩා පෙන්වාද ඔහු සිනා ගස්වන්නට නොහැකි වූහ. ඉන්පසු ශක්‍රයා දිව්යනාටක එවීය. හේ දිව්යනාටක දැක සිනා ගැන්විය. ඉක්බිති මිනිස්සු තම තමන්ගේ වසන තැන් බලා ගියහ. ඔවුහු අතරමග මිත්‍ර සහෘදයන් ආදීන් දැක පිළිසඳර කරන්නාහු ‘පින්වත්නි, කුසල්ද (හොඳද) පින්වත්නි, කුසල්දැයි ඇසූහ. ඒ නිසා ඒ කුසල කුසල වචනය නිසා ඒ ප්‍රදේශය කෝසලයයි කියනු ලැබේ.
චාරිකං චරමානොති අද්ධානගමනං ගච්ඡන්තො. චාරිකා ච නාමෙසා භගවතො දුවිධා හොති – තුරිතචාරිකා ච, අතුරිතචාරිකා ච. තත්ථ දූරෙපි බොධනෙය්යපුග්ගලං දිස්වා තස්ස බොධනත්ථාය සහසා ගමනං තුරිතචාරිකා නාම, සා මහාකස්සපස්ස පච්චුග්ගමනාදීසු දට්ඨබ්බා. භගවා හි මහාකස්සපත්ථෙරං පච්චුග්ගච්ඡන්තො මුහුත්තෙන තිගාවුතං මග්ගං අගමාසි. ආළවකස්සත්ථාය තිංසයොජනං, තථා අඞ්ගුලිමාලස්ස. පක්කුසාතිස්ස පන පඤ්චචත්තාලීසයොජනං. මහාකප්පිනස්ස වීසයොජනසතං. ධනියස්සත්ථාය සත්තයොජනසතානි අගමාසි. ධම්මසෙනාපතිනො සද්ධිවිහාරිකස්ස වනවාසීතිස්සසාමණෙරස්ස තිගාවුතාධිකං වීසයොජනසතං.
චාරිකං චරමානො යනු දිගු ගමනක් යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි. තුරිත චාරිකා, අතුරිත චාරිකා යනුවෙන්. එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ. එය මහා කාශ්‍යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද එසේය. පුක්කුසාති සඳහා යොදුන් හතළිස්පහක්ද, මහා කප්පින සඳහා යොදුන් දෙදහසක්ද, ධනය සඳහා යොදුන් සත්සියයක්ද වැඩි සේක. ධර්ම සේනාපතිගේ සද්ධිවිහාරික වනවාසි තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනක් සහ යොදුන් දෙදහසක් වැඩි සේක.
එකදිවසං කිර ථෙරො – “තිස්සසාමණෙරස්ස සන්තිකං, භන්තෙ, ගච්ඡාමී”ති ආහ. භගවා – “අහම්පි ගමිස්සාමී”ති වත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි – “ආනන්ද, වීසතිසහස්සානං ඡළභිඤ්ඤානං ආරොචෙහි, භගවා කිර වනවාසිස්ස තිස්සසාමණෙරස්ස සන්තිකං ගමිස්සතී”ති. තතො දුතියදිවසෙ වීසතිසහස්සඛීණාසවපරිවාරො ආකාසෙ උප්පතිත්වා වීසතියොජනසතමත්ථකෙ තස්ස ගොචරගාමද්වාරෙ ඔතරිත්වා චීවරං පාරුපි. තං කම්මන්තං ගච්ඡමානා මනුස්සා දිස්වා – “සත්ථා නො ආගතො, මා කම්මන්තං අගමිත්ථා”ති වත්වා ආසනානි පඤ්ඤපෙත්වා යාගුං දත්වා පාතරාසභත්තං කරොන්තා – “කුහිං, භන්තෙ, භගවා ගච්ඡතී”ති දහරභික්ඛූ පුච්ඡිංසු. උපාසකා න භගවා අඤ්ඤත්ථ ගච්ඡති, ඉධෙව තිස්සසාමණෙරස්ස දස්සනත්ථායාගතොති. තෙ – “අම්හාකං කුලූපකස්ස කිර ථෙරස්ස දස්සනත්ථාය සත්ථා ආගතො, නො වත නො ථෙරො ඔරමත්තකො”ති සොමනස්සජාතා අහෙසුං.
එක් දවසක් සැරියුත් තෙරණුවෝ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යමියි කීහ. භාග්‍යවතුන් වහන්සේ මම ද එන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ඇමතූ සේක. ‘ආනන්ද විසිදහසක් ෂට් අභිඥාලාභීන්ට දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේකැ’යි ඉන්පසු දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඔහුගේ ගොදුරුගම්දොර බැස සිවුර පෙරවූ සේක. කර්මාන්ත සඳහා යන මිනිස්සු දැක ‘අපගේ ශාස්තෲන් වහන්සේ පැමිණි සේක. කර්මාන්ත සඳහා නොයන්නැයි කියා අසුන් පනවා කැඳ දී පාවත් කරන්නාහු ‘භාග්‍යවතුන් වහන්සේ කොහි වඩනා සේක්දැයි තරුණ භික්ෂූන්ගෙන් විමසූහ. ‘උපාසකවරුනි, භාග්‍යවතුන් වහන්සේ අන් තැනක නොවඩනා සේක. මෙහිම තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩි සේක. ඔවුහු අපගේ කුලුපග තෙරුන් දක්නට ශාස්තෲන් වහන්සේ වැඩිසේකැ, අපගේ තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවෙති යි සොම්නස් ඇත්තෝ වූහ.
අථ ඛො භගවතො භත්තකිච්චපරියොසානෙ සාමණෙරො ගාමෙ පිණ්ඩාය චරිත්වා – “උපාසකා, මහාභික්ඛුසඞ්ඝො”ති පුච්ඡි. අථස්ස තෙ “සත්ථා, භන්තෙ, ආගතො”ති ආරොචෙසුං. සො භගවන්තං උපසඞ්කමිත්වා පිණ්ඩපාතෙන ආපුච්ඡි. සත්ථා තස්ස පත්තං හත්ථෙන ගහෙත්වා – “අලං, තිස්ස, නිට්ඨිතං භත්තකිච්ච”න්ති ආහ. තතො උපජ්ඣායං ආපුච්ඡිත්වා අත්තනො පත්තාසනෙ නිසීදිත්වා භත්තකිච්චමකාසි. අථස්ස භත්තකිච්චපරියොසානෙ සත්ථා මඞ්ගලං වත්වා නික්ඛමිත්වා ගාමද්වාරෙ ඨත්වා – “කතරො තෙ, තිස්ස, වසනට්ඨානං ගතමග්ගො”ති ආහ. අයං භගවාති. මග්ගං දෙසයමානො පුරතො යාහි තිස්සාති. භගවා කිර සදෙවකස්ස ලොකස්ස මග්ගදෙසකොපි සමානො සකලෙ තිගාවුතෙ මග්ගෙ ‘සාමණෙරං දට්ඨුං ලච්ඡාමී’ති තං මග්ගදෙසකං අකාසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බත්කිස කෙළවර සාමණේරයන් වහන්සේ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරු ‘භික්ෂු සංඝයා මහත්දැයි ඇසූහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි දැන්වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පිණ්ඩපාතයෙන් පිළිවිසූහ. ශාස්තෲන් වහන්සේ තිස්සගේ පාත්‍රය අතින් ගෙන ‘අවශ්‍ය නැත තිස්ස, බත්කිස නිමියේ යැයි කියූ සේක. ඉන්පසු උපාධ්‍යයන් වහන්සේ විමසා තමාට පැමිණි අසුනෙහි හිඳ බත්කිස කළහ. ඉක්බිති ඔහුගේ බත්කිස අවසන ශාස්තෲන් වහන්සේ යහපත් දෙයක් කියා නික්ම ගම්දොර සිට ‘තිස්ස ඔබගේ වසන තැනට යන මග කුමක්දැයි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, මෙය යැයි මග කියනවිට ‘තිස්ස පෙරටුව යන්න’යැයි කී සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි සදේවක ලෝකයට මාර්ගය පෙන්වන්නකු වුවද සියලු තුන්ගවු මග සාමණේරෙයන් දක්නට ලබමියි ඔහු මාර්ග දේශකයා කළ සේක.
සො අත්තනො වසනට්ඨානං ගන්ත්වා භගවතො වත්තමකාසි. අථ නං භගවා – “කතරො තෙ, තිස්ස, චඞ්කමො”ති පුච්ඡිත්වා තත්ථ ගන්ත්වා සාමණෙරස්ස නිසීදනපාසාණෙ නිසීදිත්වා – “තිස්ස, ඉමස්මිං ඨානෙ සුඛං වසී”ති පුච්ඡි. සො ආහ – “ආම, භන්තෙ, ඉමස්මිං ඨානෙ වසන්තස්ස සීහබ්යග්ඝහත්ථිමිගමොරාදීනං සද්දං සුණතො අරඤ්ඤසඤ්ඤා උප්පජ්ජති, තාය සුඛං වසාමී”ති. අථ නං භගවා – “තිස්ස, භික්ඛුසඞ්ඝං සන්නිපාතෙහි, බුද්ධදායජ්ජං තෙ දස්සාමී”ති වත්වා සන්නිපතිතෙ භික්ඛුසඞ්ඝෙ උපසම්පාදෙත්වා අත්තනො වසනට්ඨානමෙව අගමාසීති. අයං තුරිතචාරිකා නාම. යං පන ගාමනිගමපටිපාටියා දෙවසිකං යොජනද්වියොජනවසෙන පිණ්ඩපාතචරියාදීහි ලොකං අනුග්ගණ්හන්තස්ස ගමනං, අයං අතුරිතචාරිකා නාම.
හේ තමාගේ වසන තැනට ගොස් උන්වහස්ට වත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස ඔබගේ සක්මන කුමක්දැයි අසා එහි ගොස් සාමණේරයන් හිඳින පහණෙහි හිඳ ‘තිස්ස මෙතැන සුවසේ විසීදැයි ඇසූ සේක. ‘එසේය ස්වවාමීනි, මෙතැන වසන මට සිංහයන්ගේ ව්‍යාඝ්‍රයන්ගේ හස්තීන්ගේ මෘගයන්ගේ සොරුන්ගේ හඬ අසනවිට අරණ්‍ය සංඥාව උපදී. එයින් සැපසේ වෙසෙමි.’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස මහා සංඝයා රැස්කරවන්න. බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමියි කියා භික්ෂු සංඝයා රැස් වූ කල්හි උන්වහන්සේ උපසම්පදා කොට තමා වසන තැනට වැඩි සේක. මෙය තුරිත චාරිකාවයි. ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන. මෙය අතුරිත චාරිකා නමි.
ඉමං පන චාරිකං චරන්තො භගවා මහාමණ්ඩලං, මජ්ඣිමමණ්ඩලං, අන්තොමණ්ඩලන්ති ඉමෙසං තිණ්ණං මණ්ඩලානං අඤ්ඤතරස්මිං චරති. තත්ථ මහාමණ්ඩලං නවයොජනසතිකං, මජ්ඣිමමණ්ඩලං ඡයොජනසතිකං, අන්තොමණ්ඩලං තියොජනසතිකං. යදා මහාමණ්ඩලෙ චාරිකං චරිතුකාමො හොති, මහාපවාරණාය පවාරෙත්වා පාටිපදදිවසෙ මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමති. සමන්තා යොජනසතං එකකොලාහලං හොති. පුරිමං පුරිමං ආගතා නිමන්තෙතුං ලභන්ති. ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො මහාමණ්ඩලෙ ඔසරති. තත්ථ භගවා තෙසු තෙසු ගාමනිගමෙසු එකාහං ද්වීහං වසන්තො මහාජනං ආමිසප්පටිග්ගහෙන අනුග්ගණ්හන්තො ධම්මදානෙන චස්ස විවට්ටසන්නිස්සිතං කුසලං වඩ්ඪෙන්තො නවහි මාසෙහි චාරිකං පරියොසාපෙති.
මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙන සේක. එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන්ය. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන්ය. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන්ය. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමුවන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් වෙයි. කලින් කලින් ආවාහු ආරාධනා කරන්ට ලබති. ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එයි. එහි භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගම්හි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්මදානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරන සේක.
සචෙ පන අන්තොවස්සෙ භික්ඛූනං සමථවිපස්සනා තරුණා හොන්ති, මහාපවාරණාය අපවාරෙත්වා පවාරණාසඞ්ගහං දත්වා කත්තිකපුණ්ණමායං පවාරෙත්වා මිගසිරස්ස පඨමපාටිපදදිවසෙ මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමිත්වා මජ්ඣිමමණ්ඩලෙ ඔසරති. අඤ්ඤෙනපි කාරණෙන මජ්ඣිමමණ්ඩලෙ චාරිකං චරිතුකාමො චතුමාසං වසිත්වාව නික්ඛමති. වුත්තනයෙනෙව ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො මජ්ඣිමමණ්ඩලෙ ඔසරති. භගවා පුරිමනයෙනෙව ලොකං අනුග්ගණ්හන්තො අට්ඨහි මාසෙහි චාරිකං පරියොසාපෙති.
ඉදින් ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා තරුණ වේනම් මහා පවාරණයෙන් නොපවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණිමස පළමුවන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට බසින සේක. තවත් කරුණකින්ද මධ්‍ය මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්. සිමසක් වැස ම නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අටමසකින් චාරිකාව නිමකරන සේක.
සචෙ පන චතුමාසං වුත්ථවස්සස්සාපි භගවතො වෙනෙය්යසත්තා අපරිපක්කින්ද්රියා හොන්ති, තෙසං ඉන්ද්රියපරිපාකං ආගමයමානො අපරම්පි එකමාසං වා ද්විතිචතුමාසං වා තත්ථෙව වසිත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමති. වුත්තනයෙනෙව ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො අන්තොමණ්ඩලෙ ඔසරති. භගවා පුරිමනයෙනෙව ලොකං අනුග්ගණ්හන්තො සත්තහි වා ඡහි වා පඤ්චහි වා චතූහි වා මාසෙහි චාරිකං පරියොසාපෙති.
ඉදින් සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැස මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සමසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරන සේක.
ඉති ඉමෙසු තීසු මණ්ඩලෙසු යත්ථ කත්ථචි චාරිකං චරන්තො න චීවරාදිහෙතු චරති. අථ ඛො යෙ දුග්ගතබාලජිණ්ණබ්යාධිතා, තෙ කදා තථාගතං ආගන්ත්වා පස්සිස්සන්ති. මයි පන චාරිකං චරන්තෙ මහාජනො තථාගතස්ස දස්සනං ලභිස්සති. තත්ථ කෙචි චිත්තානි පසාදෙස්සන්ති, කෙචි මාලාදීහි පූජෙස්සන්ති, කෙචි කටච්ඡුභික්ඛං දස්සන්ති, කෙචි මිච්ඡාදස්සනං පහාය සම්මාදිට්ඨිකා භවිස්සන්ති. තං නෙසං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති. එවං ලොකානුකම්පකාය චාරිකං චරති.
මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ චීවර ආදී හේතුවකින් නොවේ. ඉක්බිති දුප්පත්, බාල දිරූ රෝගී වූවෝ කවදා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බලන්නෝද, මා චාරිකාවෙහි හැසිරෙනවිට මහජනයා තථාගත දර්ශනය ලබන්ය. එහිදී කිසිවෙක් සිත් පහන් කරත්. කෙනෙක් මල්දම් ආදියෙන් පුදන්නෝය. සමහරු හැන්දෙන් භික්ෂාව දෙති. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෝය. එය ඔවුන්ට බොහෝකලක් හිතපිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරන සේක.
අපි ච චතූහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති, ජඞ්ඝවිහාරවසෙන සරීරඵාසුකත්ථාය, අත්ථුප්පත්තිකාලාභිකඞ්ඛනත්ථාය, භික්ඛූනං සික්ඛාපදපඤ්ඤාපනත්ථාය, තත්ථ තත්ථ පරිපාකගතින්ද්රියෙ බොධනෙය්යසත්තෙ බොධනත්ථායාති.
තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ජංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්රිය ඇති අවබෝධ කළයුතු සතුන්ට අවබෝධය ලබාදෙනු පිණිස යනුවෙනි.
අපරෙහිපි චතූහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති බුද්ධං සරණං ගච්ඡිස්සන්තීති වා, ධම්මං, සඞ්ඝං සරණං ගච්ඡිස්සන්තීති වා, මහතා ධම්මවස්සෙන චතස්සො පරිසා සන්තප්පෙස්සාමීති වා. අපරෙහිපි පඤ්චහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති පාණාතිපාතා විරමිස්සන්තීති වා, අදින්නාදානා, කාමෙසුමිච්ඡාචාරා, මුසාවාදා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමිස්සන්තීති වා.
තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි. තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ.
අපරෙහිපි අට්ඨහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – පඨමං ඣානං පටිලභිස්සන්තීති වා, දුතියං ඣානං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලභිස්සන්තීති වා.
තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘ප්‍රථමධ්‍යානය ලබන්නාහුය කියා හෝ ද්විතීය -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නාහුය කියා හෝ.
අපරෙහිපි අට්ඨහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – සොතාපත්තිමග්ගං අධිගමිස්සන්තීති වා, සොතාපත්තිඵලං…පෙ… අරහත්තඵලං සච්ඡිකරිස්සන්තීති වාති.
තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘සෝවාන් මාර්ගය අවබෝධ කරන්නාහුය. සෝවාන් ඵලය -පෙ- අරහත්ත ඵලය සාක්ෂාත් කරන්නාහුය කියා හෝ.
අයං අතුරිතචාරිකා, ඉධ චාරිකාති අධිප්පෙතා. සා පනෙසා දුවිධා හොති – අනිබද්ධචාරිකා ච නිබද්ධචාරිකා ච. තත්ථ යං ගාමනිගමනගරපටිපාටිවසෙන චරති, අයං අනිබද්ධචාරිකා නාම. යං පනෙකස්සෙව බොධනෙය්යසත්තස්සත්ථාය ගච්ඡති, අයං නිබද්ධචාරිකා නාම. එසා ඉධ අධිප්පෙතා.
මේ අතුරිත චාරිකාව මෙහි චාරිකායැයි අදහස්කරන ලදී. එය දෙවැදෑරුම් වෙයි. ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. එකම අවබෝධ කළයුතු සත්ත්වයකු පිණිස හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. මෙහි මෙය අදහස් කරන ලදී.
තදා කිර භගවතො පච්ඡිමයාමකිච්චපරියොසානෙ දසසහස්සිලොකධාතුයා ඤාණජාලං පත්ථරිත්වා බොධනෙය්යබන්ධවෙ ඔලොකෙන්තස්ස පොක්ඛරසාතිබ්රාහ්මණො සබ්බඤ්ඤුතඤ්ඤාණජාලස්ස අන්තො පවිට්ඨො. අථ භගවා අයං බ්රාහ්මණො මය්හං ඤාණජාලෙ පඤ්ඤායති, “අත්ථි නු ඛ්වස්ස උපනිස්සයො”ති වීමංසන්තො සොතාපත්තිමග්ගස්ස උපනිස්සයං දිස්වා – “එසො මයි එතං ජනපදං ගතෙ ලක්ඛණපරියෙසනත්ථං අම්බට්ඨං අන්තෙවාසිං පහිණිස්සති, සො මයා සද්ධිං වාදපටිවාදං කත්වා නානප්පකාරං අසබ්භිවාක්යං වක්ඛති, තමහං දමෙත්වා නිබ්බිසෙවනං කරිස්සාමි. සො ආචරියස්ස කථෙස්සති, අථස්සාචරියො තං කථං සුත්වා ආගම්ම මම ලක්ඛණානි පරියෙසිස්සති, තස්සාහං ධම්මං දෙසෙස්සාමි. සො දෙසනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහිස්සති. දෙසනා මහාජනස්ස සඵලා භවිස්සතී”ති පඤ්චභික්ඛුසතපරිවාරො තං ජනපදං පටිපන්නො. තෙන වුත්තං – “කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහී”ති.
එකල්හි පැසුළුයම්කිස අවසන්හි දසදහසක් ලෝකධාතුවෙහි ඤාණ මණ්ඩලය පතුරුවා අවබෝධ කළයුතු බන්ධුවරයකු බලන්නා වූ උන්වහන්සේ සර්වඥතා ඥාන ජාලයට පොක්ඛරසාතී බමුණා පිවිසියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බමුණා මාගේ ඥාන ජාලයෙහි පෙනේ. මොහුට උපනිශ්‍රයක් ඇත්දෝයි විමර්ශනය කරන සේක් සෝවාන් මගට උපනිශ්‍රය ඇති බව දැක ‘මොහු මා ඒ ජනපදයට ගිය කල්හි ලකුණු සොයා බලන්ට අම්බට්ඨ නමැති අතවැසියා එවන්නේය. ඔහු මා සමග වාද ප්රතිවාද කොට නානාප්‍රකාර අසභ්‍ය වාක්‍ය කියයි. මම ඔහු දමනය කොට හීලෑ කරන්නෙමි. හේ ගුරුවරයාට කියන්නේය. ඉක්බිති ඔහුගේ ගුරුවරයා ඒ කථාව අසා පැමිණ මාගේ ලකුණු සොයා බලන්නේය. මම ඔහුට ධර්මය දේශනා කරන්නෙමි. හේ දේශනාව කෙළවර සෝවාන්පෙලෙහි පිහිටන්නේය. දේශනාව මහජනයාට සඵල වන්නේ යයි පන්සියයක් භික්ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක. එහෙයින් කියන ලදී. කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛු සංඝෙන සද්ධිං පංචමත්තෙහි භික්ඛු සතෙහි යනුවෙන්.
යෙන ඉච්ඡානඞ්ගලන්ති යෙන දිසාභාගෙන ඉච්ඡානඞ්ගලං අවසරිතබ්බං. යස්මිං වා පදෙසෙ ඉච්ඡානඞ්ගලං. ඉජ්ඣානඞ්ගලන්තිපි පාඨො. තදවසරීති තෙන අවසරි, තං වා අවසරි. තෙන දිසාභාගෙන ගතො, තං වා පදෙසං ගතොති අත්ථො. ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙති ඉච්ඡානඞ්ගලං උපනිස්සාය ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ සීලඛන්ධාවාරං බන්ධිත්වා සමාධිකොන්තං උස්සාපෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණසරං පරිවත්තයමානො ධම්මරාජා යථාභිරුචිතෙන විහාරෙන විහරති.
යෙන ඉච්ඡානංගලං යනු යම් දිශාභාගයකින් ඉච්ඡානංගලයට යායුතුද, යම් පෙදෙසක ඉච්ඡානංගලය වේද, ඉච්ඡානංකල යනුවෙන්ද පාඨයක් වෙයි. තදවසරි යනු යම් දෙසකින් ගියේද, එයට හෝ ගියේද, යම් දිසාවකින් ගියේද, ඒ ප්‍රදේශයට හෝ ගියේද යන අර්ථයි. ඉච්ඡානංගල විහරති ඉච්ඡානංගල වන සණ්ඩ යනු ඉච්ඡානංගලය නිසා ඉච්ඡානංගල වන ලැහැබෙහි, සිල් කඳවුර බැඳ. සමාධි කුන්තය ඔසවා සර්වඥතාඥාන ස්වරය පරිවර්තනය කරමින් ධර්මරාජයන් වහන්සේ කැමති විහාරයකින් වැඩවසන සේක.
පොක්ඛරසාතිවත්ථුවණ්ණනා
තෙන ඛො පන සමයෙනාති යෙන සමයෙන භගවා තත්ථ විහරති, තෙන සමයෙන, තස්මිං සමයෙති අයමත්ථො. බ්රහ්මං අණතීති බ්රාහ්මණො, මන්තෙ සජ්ඣායතීති අත්ථො. ඉදමෙව හි ජාතිබ්රාහ්මණානං නිරුත්තිවචනං. අරියා පන බාහිතපාපත්තා බ්රාහ්මණාති වුච්චන්ති. පොක්ඛරසාතීති ඉදං තස්ස නාමං. කස්මා පොක්ඛරසාතීති වුච්චති. තස්ස කිර කායො සෙතපොක්ඛරසදිසො, දෙවනගරෙ උස්සාපිතරජතතොරණං විය සොභති. සීසං පනස්ස කාළවණ්ණං ඉන්දනීලමණිමයං විය. මස්සුපි චන්දමණ්ඩලෙ කාළමෙඝරාජි විය ඛායති. අක්ඛීනි නීලුප්පලසදිසානි. නාසා රජතපනාළිකා විය සුවට්ටිතා සුපරිසුද්ධා. හත්ථපාදතලානි චෙව මුඛද්වාරඤ්ච කතලාඛාරසපරිකම්මං විය සොභති, අතිවිය සොභග්ගප්පත්තො බ්රාහ්මණස්ස අත්තභාවො. අරාජකෙ ඨානෙ රාජානං කාතුං යුත්තමිමං බ්රාහ්මණං. එවමෙස සස්සිරිකො. ඉති නං පොක්ඛරසදිසත්තා පොක්ඛරසාතීති සඤ්ජානන්ති.
තෙන ඛොපන සමයෙන යනු යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ එහි වසන සේක්ද ඒ කාලයෙහි යන අර්ථයි. බ්‍රාහ්මය කියානුයි. බ්රාහ්මණො මන්ත්‍ර සජ්ඣායනය කරයි යන අර්ථයි ආර්යයෝ වනාහි පව් ඉවත්කළ බැවින් බ්‍රාහ්මණයෝ යයි කියනු ලබත්. පොක්ඛරසාදී යනු මේ ඔහුගේ නමයි. පොක්ඛරසාතී යයිද කියනු ලැබේ. ඔහුගේ සිරුර සුදු නෙලුමක් මෙන්ද දෙව්නුවර ඔසවන ලද රිදී තොරණක් මෙන්ද බබලයි. ඔහුගේ හිස ඉන්ද්රනීල මැණිකෙන් සැදුවාක් වැනි කාලවර්ණ ඇත්තේය. යටි රැවුල සඳමඬලෙහි වැසිවලාකුළක් මෙන් පෙනේ. ඇස් නිලුපුල් බඳුය. නාසය රිදී නළයක් මෙන් වටය සුපරිසුද්ධය. අතුල් පතුල්ද මුහුණද ලාරසයෙන් පිරියම් කළාක් මෙන් බබලයි. බ්‍රාහ්මණයාගේ ආත්මභාවය සෝභාවෙන් අගතැන්පත්ය. රජු නැති තැන රජ කළයුතු මේ බ්‍රාහ්මණයා මෙසේ සශ්‍රීකය. මෙසේ ඔහු නෙලුමක් බඳු බැවින් පොක්ඛරසාදී යයි හඳුනා ගනිති.
අයං පන කස්සපසම්මාසම්බුද්ධකාලෙ තිණ්ණං වෙදානං පාරගූ දසබලස්ස දානං දත්වා ධම්මදෙසනං සුත්වා දෙවලොකෙ නිබ්බත්ති. සො තතො මනුස්සලොකමාගච්ඡන්තො මාතුකුච්ඡිවාසං ජිගුච්ඡිත්වා හිමවන්තපදෙසෙ මහාසරෙ පදුමගබ්භෙ නිබ්බත්ති. තස්ස ච සරස්ස අවිදූරෙ තාපසො පණ්ණසාලාය වසති. සො තීරෙ ඨිතො තං පදුමං දිස්වා – “ඉදං පදුමං අවසෙසපදුමෙහි මහන්තතරං. පුප්ඵිතකාලෙ නං ගහෙස්සාමී”ති චින්තෙසි. තං සත්තාහෙනාපි න පුප්ඵති. තාපසො කස්මා නු ඛො ඉදං සත්තාහෙනාපි න පුප්ඵති. හන්ද නං ගහෙස්සාමීති ඔතරිත්වා ගණ්හි. තං තෙන නාළතො ඡින්නමත්තංයෙව පුප්ඵිතං. අථස්සබ්භන්තරෙ සුවණ්ණචුණ්ණපිඤ්ජරං විය රජතබිම්බකං පදුමරෙණුපිඤ්ජරං සෙතවණ්ණං දාරකං අද්දස. සො මහාපුඤ්ඤො එස භවිස්සති. හන්ද නං පටිජග්ගාමීති පණ්ණසාලං නෙත්වා පටිජග්ගිත්වා සත්තවස්සකාලතො පට්ඨාය තයො වෙදෙ උග්ගණ්හාපෙසි. දාරකො තිණ්ණං වෙදානං පාරං ගන්ත්වා පණ්ඩිතො බ්යත්තො ජම්බුදීපෙ අග්ගබ්රාහ්මණො අහොසි. සො අපරෙන සමයෙන රඤ්ඤො කොසලස්ස සිප්පං දස්සෙසි. අථස්ස සිප්පෙ පසන්නො රාජා උක්කට්ඨං නාම මහානගරං බ්රහ්මදෙය්යං අදාසි. ඉති නං පොක්ඛරෙ සයිතත්තා පොක්ඛරසාතීති සඤ්ජානන්ති.
මොහු වනාහි කාශ්‍යප සම්බුදුන් කල ද ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ දසබලධාරීන් වහන්සේට දන් දී ධර්මදේශනාව අසා දෙව්ලොව උපන්නේය. හේ එයින් මිනිස්ලොවට එන්නේ මව්කුස විසීම පිළිකුල්කොට හිමවත් පෙදෙසෙහි මහවිලෙක පියුම්ගැබක උපන්නේය. ඒ විල නුදුරෙහි තවුසෙක් පන්සලක වසයි. හේ ඉවුරෙහි සිටියේ ඒ පද්මය දැක ‘මේ පද්මය අනිකුත් පද්මයන්ට වඩා විශාලය. පිපුණු කල්හි එය ගන්නෙමියි සිතීය. එය සතියකින්වත් නොපිපෙන්නේ කුමක් නිසාද? දැන් එය ගන්නෙමියි බැස ගත්තේය. එය ඔහු විසින් නටුවෙන් ඇසූ පමණින්ම පිපුණේය. ඉක්බිති එහි අභ්‍යන්තරයෙහි රන්සුණු පිඩක් වැනි රිදී වන් සිරුරක් ඇති සියුම් රේණු පිඩක් වන් සුදුවන් දරුවකු දුටුවේය. ‘හේ මොහු මහතින් ඇත්තේ වන්නේ යයි දැන් මොහු පෝෂණය කරන්නෙමියි පන්සලට නොගොස් පිළිදැගුම් කොට සත්වස් කල්හි පටන් ත්රිවේදය ඉගැන්වීය. දරුවා ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් පණ්ඩිත වූයේ ව්‍යක්ත වූයේ දඹදිව අග්‍ර බ්‍රාහ්මණයා විය. හේ පසුකලෙක කොසොල් රජුට ශිල්ප දැක්වීය. ඉක්බිති ඔහුගේ ශිල්පයෙහි පහන් වූ රජතෙමේ උක්කට්ඨා නම් මහා නගරය බ්‍රහ්ම දායාදයක් කොට දුන්නේය. මෙසේ ඔහු පියුමෙහි සයනය කළ බැවින් පොක්ඛරසාතී යයි හඳුනති.
උක්කට්ඨං අජ්ඣාවසතීති උක්කට්ඨනාමකෙ නගරෙ වසති. අභිභවිත්වා වා ආවසති. තස්ස නගරස්ස සාමිකො හුත්වා යාය මරියාදාය තත්ථ වසිතබ්බං, තාය මරියාදාය වසි. තස්ස කිර නගරස්ස වත්ථුං උක්කා ඨපෙත්වා උක්කාසු ජලමානාසු අග්ගහෙසුං, තස්මා තං උක්කට්ඨන්ති වුච්චති. ඔක්කට්ඨන්තිපි පාඨො, සොයෙවත්ථො. උපසග්ගවසෙන පනෙත්ථ භුම්මත්ථෙ උපයොගවචනං වෙදිතබ්බං. තස්ස අනුපයොගත්තා ච සෙසපදෙසු. තත්ථ ලක්ඛණං සද්දසත්ථතො පරියෙසිතබ්බං.
උක්කට්ඨං අජ්ඣාවසති යනු උක්කට්ඨ නම් නගරයෙහි වසයි. අභිභවනය කොට හෝ වසයි. ඒ නගරයෙහි හිමියා වී යම් සීමාවක වැසිය යුතුනම් ඒ සීමාවෙහි වසයි. ඒ නගරයෙහි බිම පන්දම් තබා පන්දම් දැල්වෙන කල්හි අල්ලාගත්හ. ඒ නිසා උක්කට්ඨා යයි කියනු ලැබේ. ඔක්කට්ඨං යනුවෙන්ද පාඨයක් වෙයි. එම අර්ථයයි. උපසර්ග වශයෙන් මෙහි ආධාර අර්ථයෙහි ද්විතියා වචනයයි දතයුතුය. එය නොයෙදෙන බැවින් සෙසු පදයන්හි එහි ලක්ෂණය ශබ්දශාස්ත්‍ර අනුව සෙවිය යුතුය.
සත්තුස්සදන්ති සත්තෙහි උස්සදං, උස්සන්නං බහුජනං ආකිණ්ණමනුස්සං. පොසාවනියහත්ථිඅස්සමොරමිගාදිඅනෙකසත්තසමාකිණ්ණඤ්චාති අත්ථො. යස්මා පනෙතං නගරං බහි ආවිජ්ඣිත්වා ජාතෙන හත්ථිඅස්සාදීනං ඝාසතිණෙන චෙව ගෙහච්ඡාදනතිණෙන ච සම්පන්නං. තථා දාරුකට්ඨෙහි චෙව ගෙහසම්භාරකට්ඨෙහි ච. යස්මා චස්සබ්භන්තරෙ වට්ටචතුරස්සාදිසණ්ඨානා බහූ පොක්ඛරණියො ජලජකුසුමවිචිත්තානි ච බහූනි අනෙකානි තළාකානි උදකස්ස නිච්චභරිතානෙව හොන්ති, තස්මා සතිණකට්ඨොදකන්ති වුත්තං. සහ ධඤ්ඤෙනාති සධඤ්ඤං පුබ්බණ්ණාපරණ්ණාදිභෙදං බහුධඤ්ඤසන්නිචයන්ති අත්ථො. එත්තාවතා යස්මිං නගරෙ බ්රාහ්මණො සෙතච්ඡත්තං උස්සාපෙත්වා රාජලීලාය වසති, තස්ස සමිද්ධිසම්පත්ති දීපිතා හොති.
සත්තුස්සදං යනු සත්ත්වයන්ගෙන් උසස්. උත්සන්න බොහෝ ජනයා ඇත. මිනිසුන්ගෙන් ආකීර්ණය. පෝෂණය කළයුතු ඇත් අස් මොනර මුව ආදී නොයෙක් සතුන්ගෙන් ගහණ වූ යන අර්ථයි. යම්හෙයකින් මේ නගරය පිටතින් වටකොට හටගත් ඇත් අස් ආදීන් උලාකන තණපත් වලින්ද, ගෙවල් හොයන තණපත්වලින්ද යුක්ත වූ, එසේම දර හා ගෙවල් තැනීමට අවශ්‍ය ලීවලින්ද යුත්, යම්හෙයකින් එහි අභ්‍යන්තරයෙහි වට හතරැස් ආදී හැඩරුව ඇති බොහෝ පොකුණු ජලජ කුසුමයන්ගෙන් විචිත්‍ර වූද පිටත නොයෙක් තඩාගයෝ ජලයෙන් නිතර පිරී පවතිත්. ඒ නිසා සතිණ කට්ඨොදකං යයි කියන ලදී. ධාන්‍ය සහිත = සධඤ්ඤං යනු පූර්වාහන අපරාහ්න භේද ඇති බොහෝ ධාන්‍ය එකතුවක් යන අර්ථයි. මෙපමණකින් යම් නගරයක බ්‍රාහ්මණයෙක් සෙස්සත් නංවා රාජශ්‍රීයෙන් වාසය කරයිද එහි සමෘද්ධි සම්පත්තිය දක්වන ලද්දේ වෙයි.
රාජතො ලද්ධං භොග්ගං රාජභොග්ගං. කෙන දින්නන්ති චෙ? රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං. රාජදායන්ති රඤ්ඤො දායභූතං, දායජ්ජන්ති අත්ථො. බ්රහ්මදෙය්යන්ති සෙට්ඨදෙය්යං, ඡත්තං උස්සාපෙත්වා රාජසඞ්ඛෙපෙන භුඤ්ජිතබ්බන්ති අත්ථො. අථ වා රාජභොග්ගන්ති සබ්බං ඡෙජ්ජභෙජ්ජං අනුසාසන්තෙන නදීතිත්ථපබ්බතාදීසු සුඞ්කං ගණ්හන්තෙන සෙතච්ඡත්තං උස්සාපෙත්වා රඤ්ඤා හුත්වා භුඤ්ජිතබ්බං. රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායන්ති එත්ථ තං නගරං රඤ්ඤා දින්නත්තා රාජදායං දායකරාජදීපනත්ථං පනස්ස “රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්න”න්ති ඉදං වුත්තං. බ්රහ්මදෙය්යන්ති සෙට්ඨදෙය්යං. යථා දින්නං න පුන ගහෙතබ්බං හොති, නිස්සට්ඨං පරිච්චත්තං. එවං දින්නන්ති අත්ථො.
රජුන්ගෙන් ලද අයිතිය රාජභොග්ගං. මා විසින් දෙන ලද්දේ ද රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං ප්‍රසේනජිත් කොසොල් රජු විසින් දෙන ලද. රාජදායං යනු රජුගේ දායාදය වූ. දායාදය යන අර්ථයි. බ්රහ්මදෙය්යං යනු ශ්‍රේෂ්ඨ ත්‍යාගය. ඡත්රය ඔසවා රජකු මෙන් අනුභව කළයුතු යන අර්ථයි. නැතහොත් රාජ භොග්ග යනු සියලු ඡෙජ්ජ භෙජ්ජං වධ දඬුවම් අනුශාසනය කරමින් තොටුපොළ පර්වත ආදී තැන්වල සුංගම් ගනිමින් සේසත ඔසවා රජ වී අනුභව කළයුතු. රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං යනු මෙහි ඒ නගරය රජු විසින් දෙන ලද බැවින් රාජ දායාදය, දායක රජු දැක්වීම පිණිස ප්‍රසේනජිත් කොසොල් රජු විසින් දෙන ලද යන්න සඳහා මෙය කියන ලදී. බ්රහ්මදෙය්යං ශ්‍රේෂ්ඨ ත්‍යාගය. දුන් අයුරින් නැවත ගතයුතු නොවන්නේ වෙයි. ඉවත්කොට පරිත්‍යාග කරන ලද්දේ මෙසේ දෙන ලදී යන අර්ථයි.
අස්සොසීති සුණි උපලභි, සොතද්වාරසම්පත්තවචනනිග්ඝොසානුසාරෙන අඤ්ඤාසි. ඛොති අවධාරණත්ථෙ පදපූරණමත්තෙ වා නිපාතො. තත්ථ අවධාරණත්ථෙන අස්සොසි එව, නාස්ස කොචි සවනන්තරායො අහොසීති අයමත්ථො වෙදිතබ්බො. පදපූරණෙන පන පදබ්යඤ්ජනසිලිට්ඨතාමත්තමෙව.
අස්සොසි යනු ඇසීය. ලැබීය. සෝතද්වාරයට පැමිණි වචන ශබ්ද අනුසාරයෙන් දැන ගත්තේය. ඛො යනු අවධාරණ අර්ථයෙහි හෝ පදපූරණ මාත්‍රයෙහි හෝ නිපාතයකි. එහි අවධාරණ අර්ථයෙන් ඇස්වීය. එයට කිසිදු ශ්‍රවණ අන්තරායක් නොවීය යන්න මෙහි අර්ථය දතයුතුයි. පද පූරණයෙන් පදව්‍යඤ්ජන සිලිටිබව පමණක්ම වේ.
ඉදානි යමත්ථං බ්රාහ්මණො පොක්ඛරසාති අස්සොසි, තං පකාසෙන්තො – “සමණො ඛලු භො ගොතමො”තිආදිමාහ. තත්ථ සමිතපාපත්තා සමණොති වෙදිතබ්බො. වුත්තඤ්හෙතං – “සමිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා”තිආදි (ම· නි· 1.434). භගවා ච අනුත්තරෙන අරියමග්ගෙන සමිතපාපො. තෙනස්ස යථාභූතගුණාධිගතමෙතං නාමං, යදිදං සමණොති. ඛලූති අනුස්සවනත්ථෙ නිපාතො. භොති බ්රාහ්මණජාතිසමුදාගතං ආලපනමත්තං. වුත්තම්පි චෙතං – “භොවාදී නාම සො හොති, සචෙ හොති සකිඤ්චනො”ති (ධ· ප· 55). ගොතමොති භගවන්තං ගොත්තවසෙන පරිකිත්තෙති. තස්මා සමණො ඛලු භො ගොතමොති එත්ථ සමණො කිර භො ගොතමගොත්තොති එවමත්ථො දට්ඨබ්බො.
දැන් යම් අර්ථයක් පොක්ඛරසාතී බ්‍රාහ්මණයා ඇස්වීද එය ප්‍රකාශ කරන්නේ සමණො ඛොලු හො ගොතමො ආදිය කීය. එහි සංසිඳවූ පාප ඇති බැවින් සමණො යි දතයුතුය. මෙය කියන ලදී. ‘උන්වහන්සේගේ පාපක අකුශල ධර්මයෝ සමනය කරන ලදහ’ආදිය. භාග්‍යවතුන් වහන්සේද අනුත්තර වූ ආර්ය මාර්ගයෙන් සමනය කරන ලද පාප ඇති සේක. එහෙයින් උන්වහන්සේ යථාභූත ඥානයෙන් මෙය අවබෝධ කරන ලද බැවින් සමණ නම් වෙති. ඛලු අනුශ්රවණ අර්ථයෙහි නිපාතයකි. හො යනු බ්‍රාහ්මණයාගේ ජාතියෙන් පැමිණි ඇමතීම් මාත්‍රයකි. මෙය කියන ලදී. ඔහු හෝ වාදී වෙයි. ලෞකික බැඳීම් ඇත්නම්. ගොතමො යනු භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර වශයෙන් ප්‍රශංසා කරනු ලබත්. ඒ නිසා සමණො බලු භො ගොතමො යනු ගෞතම ගෝත්‍රයෙහි පින්වත් ශ්‍රමණයා යනුවෙන් මෙහි අර්ථය දතයුතුය.
සක්යපුත්තොති ඉදං පන භගවතො උච්චාකුලපරිදීපනං. සක්යකුලා පබ්බජිතොති සද්ධාපබ්බජිතභාවපරිදීපනං. කෙනචි පාරිජුඤ්ඤෙන අනභිභූතො අපරික්ඛීණංයෙව තං කුලං පහාය සද්ධාය පබ්බජිතොති වුත්තං හොති. තතො පරං වුත්තත්ථමෙව. තං ඛො පනාතිආදි සාමඤ්ඤඵලෙ වුත්තමෙව. සාධු ඛො පනාති සුන්දරං ඛො පන. අත්ථාවහං සුඛාවහන්ති වුත්තං හොති. තථාරූපානං අරහතන්ති යථාරූපො සො භවං ගොතමො, එවරූපානං යථාභූතගුණාධිගමෙන ලොකෙ අරහන්තොති ලද්ධසද්ධානං අරහතං. දස්සනං හොතීති පසාදසොම්මානි අක්ඛීනි උම්මීලෙත්වා දස්සනමත්තම්පි සාධු හොතීති, එවං අජ්ඣාසයං කත්වා.
සක්ය පුත්තො යනු මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ උසස් කුලය දැක්වීමයි. සත්යකුලා පබ්බජිතො යනු ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බව දැක්වීමයි. කිසියම් දුර්වලකමකින් යටපත් නොකරන ලද සේක් පිරිහීමට හසු නොවූ ඒ කුලය හැරදමා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ සේකැයි කියන ලද්දේ වෙයි. ඉන් එහා කියන ලද අර්ථ ඇත්තෙන්මය. තං ඛොපන යනු පළමුවෙන් සාමඤ්ඤඵලයෙහි කියන ලද්දේමය. සාධු ඛොපන යනු සුන්දරය. අර්ථ ගෙන දෙන්නේය. සැප එළවන්නේය යනුවෙන් කියන ලද්දේ වෙයි. තථාරූපානං අරහතං යනු ඒ භවත් ගෞතමයන් වහන්සේ යම්සේ වෙන්ද, එබඳු යථා පරිදි ගුණ අවබෝධයෙන් ලෝකයෙහි අරහත් යයි ලද නම් ඇති රහතන්ගේ. දස්සනං හොති යනු ප්‍රසාදයෙන් සෞම්‍ය වූ ඇස් දල්වා දැකීම් මාත්‍රයද යහපත් වෙතියි මෙසේ අදහස් කොට.
අම්බට්ඨමාණවකථා
අජ්ඣායකොති ඉදං – “න දානිමෙ ඣායන්ති, න දානිමෙ ඣායන්තීති ඛො, වාසෙට්ඨ, අජ්ඣායකා අජ්ඣායකා ත්වෙව තතියං අක්ඛරං උපනිබ්බත්ත”න්ති, එවං පඨමකප්පිකකාලෙ ඣානවිරහිතානං බ්රාහ්මණානං ගරහවචනං. ඉදානි පන තං අජ්ඣායතීති අජ්ඣායකො. මන්තෙ පරිවත්තෙතීති ඉමිනා අත්ථෙන පසංසාවචනං කත්වා වොහරන්ති. මන්තෙ ධාරෙතීති මන්තධරො.
අජ්ඣායකො යනු මෙය, මොවුහු දැන් පමණක් මන්ත්‍ර කියන්නාහු නොවෙති. දැන් පමණක් මන්ත්‍ර කියන්නෝ නොවෙතියි වාසෙට්ඨයෝ අජ්ඣායක අජ්ඣායකය යනුවෙන් දෙවැනි අකුර හටගත්තේය යනුවෙන් ප්‍රථම කල්පය ඇති කල්හි මන්ත්‍ර නොකියන බමුණන්ට ගර්ත කිරිමේ වචනය උපන්නේය. දැන් මන්ත්‍ර කියන්නේ නුයි අජ්ඣායක වෙයි. මන්ත්‍ර පිරිවහයි යන අර්ථයෙන් ප්‍රශංසා වචනයක් කොට ව්‍යවහාර කරති. මන්ත්‍ර දරානුයි මන්තධරො.
තිණ්ණං වෙදානන්ති ඉරුවෙදයජුවෙදසාමවෙදානං. ඔට්ඨපහතකරණවසෙන පාරං ගතොති පාරගූ. සහ නිඝණ්ඩුනා ච කෙටුභෙන ච සනිඝණ්ඩුකෙටුභානං. නිඝණ්ඩූති නිඝණ්ඩුරුක්ඛාදීනං වෙවචනපකාසකං සත්ථං. කෙටුභන්ති කිරියාකප්පවිකප්පො කවීනං උපකාරාවහං සත්ථං. සහ අක්ඛරප්පභෙදෙන සාක්ඛරප්පභෙදානං. අක්ඛරප්පභෙදොති සික්ඛා ච නිරුත්ති ච. ඉතිහාසපඤ්චමානන්ති ආථබ්බණවෙදං චතුත්ථං කත්වා ඉතිහ ආස, ඉතිහ ආසාති ඊදිසවචනපටිසංයුත්තො පුරාණකථාසඞ්ඛාතො ඉතිහාසො පඤ්චමො එතෙසන්ති ඉතිහාසපඤ්චමා, තෙසං ඉතිහාසපඤ්චමානං වෙදානං.
තිණ්ණං වෙදානං යනු සෘග්වේද යජුර්වේද සාමවේදයන් තොල ගෑවීම කිරිම් වශයෙන් පරතෙරට ගියේනුයි පාරගු නිගණ්ඩු කෙටුභ සහිත බැවින් සනිඝණ්ඩු කෙටුභානං නිඝණ්ඩු යනු නාම නිඝණ්ඩුවයි. රුක් ආදීන්ගේ විවිධ වචන ප්‍රකාශ කරන ශාස්ත්‍රය. කෙටුභ යනු කාය කිරිම හා නොකිරීම. කවීන්ට උපකාරි වන ශාස්ත්‍රය. අක්ෂර ප්‍රභේද සහිත භේදයෙන් සාක්ඛරප්පභෙදානං. අක්ඛරප්පභේද යනු ශික්ෂාව සහ නිරුක්තිය. ඉතිහාස පඤ්චමානං යනු අථර්ව වේදය සිව්වැනි කොට, මෙසේ විය මෙසේ වීයයි මේ සමාන වචන ප්‍රතිසංයුක්ත වූ පුරාණ කථා සංඛ්‍යාත වූ ඉතිහාසය පස්වනි වූයේ මොවුන්ට නුයි = ඉතිහාස පඤ්චමා. ඔවුන්ගේ ඉතිහාස පඤ්චමානං.
පදං තදවසෙසඤ්ච බ්‍යාකරණං අධීයති වෙදෙති චාති පදකො වෙය්යාකරණො. ලොකායතං වුච්චති විතණ්ඩවාදසත්ථං. මහාපුරිසලක්ඛණන්ති මහාපුරිසානං බුද්ධාදීනං ලක්ඛණදීපකං ද්වාදසසහස්සගන්ථපමාණං සත්ථං. යත්ථ සොළසසහස්සගාථාපරිමාණා බුද්ධමන්තා නාම අහෙසුං, යෙසං වසෙන ඉමිනා ලක්ඛණෙන සමන්නාගතා බුද්ධා නාම හොන්ති, ඉමිනා පච්චෙකබුද්ධා, ඉමිනා ද්වෙ අග්ගසාවකා, අසීති මහාසාවකා, බුද්ධමාතා, බුද්ධපිතා, අග්ගුපට්ඨාකො, අග්ගුපට්ඨායිකා, රාජා චක්කවත්තීති අයං විසෙසො පඤ්ඤායති.
පදය සහ ඉන් අවශේෂ වූ ව්‍යාකරණය හදාරයි දනීනුයි පදකො වෙය්යාකරණො. ලෝකායතං යනු විතණ්ඩවාද ශාස්ත්‍රයයි කියනු ලැබේ. මහාපුරිස ලක්ඛණං යනු බුද්ධ ආදී මහා පුරුෂයන්ගේ ලක්ෂණ දක්වන දොළොස් දහසක් ග්රන්ථ ප්‍රමාණයක ඇති ශාස්ත්‍රය. යම්තැනෙක සොළොස් දහසක් ගාථා පද පරිමාණ වූ බුද්ධමන්ත්‍ර වීද, යමකගේ වශයෙන් මේ ලකුණින් යුක්ත වූවෝ බුදුවරු නම් වූද, මෙයින් පසේබුදුවරු අගසව් දෙනම අසූමහ සව්වෝ බුදු මව බුදුපියා අග්‍ර උපස්ථායකයා, අග්‍ර උපස්ථායිකාව චක්‍රවර්ති රජ යන මේ විශේෂය පැනේ.
අනවයොති ඉමෙසු ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනූනො පරිපූරකාරී, අවයො න හොතීති වුත්තං හොති. අවයො නාම යො තානි අත්ථතො ච ගන්ථතො ච සන්ධාරෙතුං න සක්කොති. අනුඤ්ඤාතපටිඤ්ඤාතොති අනුඤ්ඤාතො චෙව පටිඤ්ඤාතො ච. ආචරියෙනස්ස “යං අහං ජානාමි, තං ත්වං ජානාසී”තිආදිනා අනුඤ්ඤාතො. “ආම ආචරියා”ති අත්තනා තස්ස පටිවචනදානපටිඤ්ඤාය පටිඤ්ඤාතොති අත්ථො. කතරස්මිං අධිකාරෙ? සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පාවචනෙ. එස කිර බ්රාහ්මණො චින්තෙසි “ඉමස්මිං ලොකෙ ‘අහං බුද්ධො, අහං බුද්ධො’ති උග්ගතස්ස නාමං ගහෙත්වා බහූ ජනා විචරන්ති. තස්මා න මෙ අනුස්සවමත්තෙනෙව උපසඞ්කමිතුං යුත්තං. එකච්චඤ්හි උපසඞ්කමන්තස්ස අපක්කමනම්පි ගරු හොති, අනත්ථොපි උප්පජ්ජති. යංනූනාහං මම අන්තෙවාසිකං පෙසෙත්වා – ‘බුද්ධො වා, නො වා’ති ජානිත්වාව උපසඞ්කමෙය්ය”න්ති, තස්මා මාණවං ආමන්තෙත්වා අයං තාතාතිආදිමාහ.
අනවයො යනු මේ ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි නොඅඩුව පුරවන්නා. අඩුවක් නොවේයැයි කියන ලදී. යමෙක් ඒවා අර්ථ වශයෙන්ද ග්රන්ථ වශයෙන්ද නොකඩ කොට පවත්වා ගැනීමට නොහැකි වේද ඒ අවයො නමි. අනුඤ්ඤාත පටිඤ්ඤාතො යනු අනුදන්නා ලද්දේද, ප්රතිඥාත වූයේද ගුරුවරයා විසින් ‘මම යමක් දනිම්ද, ඔබ එය දැන ගනුව’යි ආදී ක්‍රමයෙන් අනුදන්නා ලද්දේ. ‘එසේය ගුරුතුමනි’යි තමා විසින් එයට පිළිවදන් දෙන ප්‍රතිඥාවෙන් ප්රතිඥාත වූ යන අර්ථයි. කුමන අධිකාරයකද? සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පාවචනෙ තම ආචාර්ය පරම්පරාවේ ත්‍රිවිද්‍යා සංඛ්‍යාත ධර්මයෙහි. අයං තාතා යනු මේ බමුණා මෙසේ සිතීය. ‘මේ ලෝකයෙහි මම බුද්ධය. මම බුද්ධයැයි පැන නැගුණු නම ගෙන බොහෝ දෙනා හැසිරෙති. ඒ නිසා ආරංචි මාත්‍රයෙන්ම මා විසින් එළඹෙන්ට යුතු නොවේ. එක් අතකින් එළඹෙන්නාගේ ඉවත්වීමද ගෞරවයකි. අනර්ථයක්ද උපදී. මම මාගේ අතවැසියා යවා බුද්ධද නැත්දැයි දැනගෙනම එළඹෙන්නෙම් නම් මැනවැයි. මාණවයා අමතා යයි ආදිය කීය.
තං භවන්තන්ති තස්ස භොතො ගොතමස්ස. තථා සන්තං යෙවාති තථා සතොයෙව. ඉධාපි හි ඉත්ථම්භූතාඛ්යානත්ථවසෙනෙව උපයොගවචනං.
තං භවන්තං යනු ඒ පින්වතාගේ. තථා සන්තං යෙව යනු එසේ ඇත්තහුගේම. මෙහිද ඉත්ථමභූත ආඛ්‍යාත අර්ථ වශයෙන්ම ද්විතීයා වචනයි.
යථා කථං පනාහං, භො, තන්ති එත්ථ කථං පනාහං භො තං භවන්තං ගොතමං ජානිස්සාමි, යථා සක්කා සො ඤාතුං, තථා මෙ ආචික්ඛාහීති අත්ථො. යථාති වා නිපාතමත්තමෙවෙතං. කථන්ති අයං ආකාරපුච්ඡා. කෙනාකාරෙනාහං තං භවන්තං ගොතමං ජානිස්සාමීති අත්ථො. එවං වුත්තෙ කිර නං උපජ්ඣායො “කිං ත්වං, තාත, පථවියං ඨිතො, පථවිං න පස්සාමීති විය; චන්දිමසූරියානං ඔභාසෙ ඨිතො, චන්දිමසූරියෙ න පස්සාමීති විය වදසී”තිආදීනි වත්වා ජානනාකාරං දස්සෙන්තො ආගතානි ඛො, තාතාතිආදිමාහ.
යථාකථං පනාහං භොතං යනු මෙහි කතං පනාහං භො තං භවන්තං ගොතමං ජාතිස්සාමි. ඔහු යම්සේ දැනගැනීමට හැකි වේද එසේ කියව යන අර්ථයි. යථා යනු නිපාත මාත්‍රයක්මය. කථා යනු මෙය ආකාර විමසීමයි. ‘කිනම් අයුරකින් මම ඒ භවත් ගෞතමයන් දැන ගන්නෙම්ද’යන අර්ථයි. මෙසේ කී කල්හි උපාධ්‍යය තෙමේ ‘දරුව තෝ පෘථුවියෙහි සිටගෙන පොළොව නොදකිමි කියාද, චන්ද්‍ර සූර්යයන්ගේ ආලෝකයෙහි සිට චන්ද්‍ර සූර්යයන් නොදක්මියි කියාද කියහි යි ආදිය කියා දැනගන්නා ආකාරය දක්වන්නේ ආගතානි ඛො තාත ආදිය කීය.
තත්ථ මන්තෙසූති වෙදෙසු. තථාගතො කිර උප්පජ්ජිස්සතීති පටිකච්චෙව සුද්ධාවාසා දෙවා වෙදෙසු ලක්ඛණානි පක්ඛිපිත්වා බුද්ධමන්තා නාමෙතෙති බ්රාහ්මණවෙසෙනෙව වෙදෙ වාචෙන්ති. තදනුසාරෙන මහෙසක්ඛා සත්තා තථාගතං ජානිස්සන්තීති. තෙන පුබ්බෙ වෙදෙසු මහාපුරිසලක්ඛණානි ආගච්ඡන්ති. පරිනිබ්බුතෙ පන තථාගතෙ අනුක්කමෙන අන්තරධායන්ති. තෙනෙතරහි නත්ථීති. මහාපුරිසස්සාති පණිධිසමාදානඤාණකරුණාදිගුණමහතො පුරිසස්ස. ද්වෙයෙව ගතියොති ද්වෙයෙව නිට්ඨා. කාමඤ්චායං ගතිසද්දො “පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො”තිආදීසු (ම· නි· 1.153) භවභෙදෙ වත්තති. “ගති මිගානං පවන”න්තිආදීසු (පරි· 399) නිවාසට්ඨානෙ. “එවං අධිමත්තගතිමන්තො”තිආදීසු පඤ්ඤායං. “ගතිගත”න්තිආදීසු විසටභාවෙ. ඉධ පන නිට්ඨායං වත්තතීති වෙදිතබ්බො.
එහි මන්තෙසු යනු වේදයන්හි. ‘තථාගත කෙනෙක් උපදින්නෝ යයි කල්තබාම සුද්ධාවාසයෙහි දෙවියෝ වේදයන්හි ලක්ෂණ බහා ‘මේවා බුද්ධ මන්ත්රයැයි බ්‍රාහ්මණ වේශයෙන් වේද කියවති. ඒ අනුසාරයෙන් මහේශාක්‍ය සත්ත්වයෝ තථාගතයන් දැනගන්නෝ යැයි. ඉන්පෙර වේදයන්හි මහා පුරුෂ ලක්ෂණ එත්. තථාගතයන් පිරිනිවි කල්හි අනුක්රමයෙන් අතුරුදහන් වෙයි. එහෙයින් මෙය දැන් නැත. මහා පුරිසස්ස යනු ප්‍රණිධි සමාදාන ඥාන කරුණා ආදී ගුණමහත් වූ පුරුෂයාගේ. ද්වෙච ගතියො යනු නිෂ්ඨා දෙක. මේ ගති. ශබ්දය ‘ශාරිපුත්‍ර, මේ ගති පසෙක් වෙයි’ ආදී තන්හි භව භේදයෙහි පවතී. ‘මහ වනය මෘගයන්ගේ ගති’යැයි ආදී තන්හි නිවසන තැන. ‘මෙසේ අධිමාත්‍ර ගති ඇත්තේ’ ආදී තන්හි ප්‍රඥාවෙහි යෙදේ. ‘ගති ගත’ආදී තන්හි විෂම බවෙහි. මෙහි වනාහි නිෂ්ඨාවෙහි පවතීනුයි දතයුතුය.
තත්ථ කිඤ්චාපි යෙහි ලක්ඛණෙහි සමන්නාගතො රාජා චක්කවත්තී හොති, න තෙහෙව බුද්ධො හොති; ජාතිසාමඤ්ඤතො පන තානියෙව තානීති වුච්චන්ති. තෙන වුත්තං – “යෙහි සමන්නාගතස්සා”ති. සචෙ අගාරං අජ්ඣාවසතීති යදි අගාරෙ වසති. රාජා හොති චක්කවත්තීති චතූහි අච්ඡරියධම්මෙහි, සඞ්ගහවත්ථූහි ච ලොකං රඤ්ජනතො රාජා, චක්කරතනං වත්තෙති, චතූහි සම්පත්තිචක්කෙහි වත්තති, තෙහි ච පරං වත්තෙති, පරහිතාය ච ඉරියාපථචක්කානං වත්තො එතස්මිං අත්ථීති චක්කවත්තී. එත්ථ ච රාජාති සාමඤ්ඤං. චක්කවත්තීති විසෙසං. ධම්මෙන චරතීති ධම්මිකො. ඤායෙන සමෙන වත්තතීති අත්ථො. ධම්මෙන රජ්ජං ලභිත්වා රාජා ජාතොති ධම්මරාජා. පරහිතධම්මකරණෙන වා ධම්මිකො. අත්තහිතධම්මකරණෙන ධම්මරාජා. චතුරන්තාය ඉස්සරොති චාතුරන්තො, චතුසමුද්දඅන්තාය, චතුබ්බිධදීපවිභූසිතාය පථවියා ඉස්සරොති අත්ථො. අජ්ඣත්තං කොපාදිපච්චත්ථිකෙ බහිද්ධා ච සබ්බරාජානො විජෙතීති විජිතාවී. ජනපදත්ථාවරියප්පත්තොති ජනපදෙ ධුවභාවං ථාවරභාවං පත්තො, න සක්කා කෙනචි චාලෙතුං. ජනපදො වා තම්හි ථාවරියප්පත්තො අනුයුත්තො සකම්මනිරතො අචලො අසම්පවෙධීති ජනපදත්ථාවරියප්පත්තො.
එහි යමෙකින් යුත් අයෙක් රජ වේද එයින් බුද්ධ නොවේ. ජාති සමතාවෙන් ඒවා වෙතියි කියති. එහෙයින් යෙහි සමන්නාගතස්ස යනුවෙන් කියන ලදී. සචෙ අගාරං අජ්ඣාවසති යනු ඉදින් ගෙයි වෙසේ නමි. රාජා හොති චක්කවත්ති යනු සතර ආශ්චර්ය ධර්මයන්ගෙන්ද සතර සංග්‍රහ වස්තූන්ගෙන්ද ලෝකය රංජනය කරන බැවින් රාජා. චක්‍රරත්නය පවත්වයි. සතර සම්පත්ති චක්රයන් සහිතව පවතී. ඒවායින් පෙරලයි. පරහිත පිණිසද ඉරියව් චක්රයන්ගේ පැවැත්ම ඔහු කෙරෙහි ඇත්තේනුයි චක්කවත්ති. මෙහි රාජා යනු ශ්‍රමණ භාවයයි. චක්කවත්ති යනු විශේෂණයයි. දැහැමින් හැසිරේනුයි = ධම්මිකො. න්‍යායයෙන් සමසේ පවත්වයි යන අර්ථයි. දැහැමින් රාජ්‍යය ලැබ රජ වූයේ නුයි = ධම්මරාජා පරහිත දහම් කිරීමෙන් හෝ ධම්මිකො. ආත්ම හිත දහම් කිරිමෙන් ධම්මරාජා. අන්ත සතරෙහි ප්‍රධානයා නුයි = චාතුරන්තො සතර සාගර අන්තකොට ඇති සිව් වැදෑරුම් වීපයන්හි අන්තයන් බබුළුවන හෙයින්ද පොළොවෙහි අධිපතියා යන අර්ථයි. අභ්‍යන්තරයෙහි ක්‍රෝධ ආදී සතුරන්ද බැහැර සියලු රජුන්ද ජය ගත්තේත්තුයි = විජිතාවී. ජනපදත්ථාචරියප්පත්තො යනු ජනපදයෙහි ස්ථිර බවට තහවුරු බවට පැමිණියේ. කිසිවකු විසින් වත් සෙලවිය නොහැකිය. ජනපදය හෝ එහි ස්ථාවර බවට පත්. උත්සාහයක් නැතිව ස්වකීය කාර්යයන්හි නිරතව නොසැලී නොවෙවුලන හෙයින් ජනපදයෙහි ස්ථාවර බවට පත්.
සෙය්යථිදන්ති නිපාතො, තස්ස චෙතානි කතමානීති අත්ථො. චක්කරතනන්තිආදීසු චක්කඤ්ච, තං රතිජනනට්ඨෙන රතනඤ්චාති චක්කරතනං. එස නයො සබ්බත්ථ. ඉමෙසු පන රතනෙසු අයං චක්කවත්තිරාජා චක්කරතනෙන අජිතං ජිනාති, හත්ථිඅස්සරතනෙහි විජිතෙ යථාසුඛං අනුචරති, පරිණායකරතනෙන විජිතමනුරක්ඛති, අවසෙසෙහි උපභොගසුඛමනුභවති. පඨමෙන චස්ස උස්සාහසත්තියොගො, පච්ඡිමෙන මන්තසත්තියොගො, හත්ථිඅස්සගහපතිරතනෙහි පභුසත්තියොගො සුපරිපුණ්ණො හොති, ඉත්ථිමණිරතනෙහි තිවිධසත්තියොගඵලං. සො ඉත්ථිමණිරතනෙහි භොගසුඛමනුභවති, සෙසෙහි ඉස්සරියසුඛං. විසෙසතො චස්ස පුරිමානි තීණි අදොසකුසලමූලජනිතකම්මානුභාවෙන සම්පජ්ජන්ති, මජ්ඣිමානි අලොභකුසලමූලජනිතකම්මානුභාවෙන, පච්ඡිමමෙකං අමොහකුසලමූලජනිතකම්මානුභාවෙනාති වෙදිතබ්බං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන බොජ්ඣඞ්ගසංයුත්තෙ රතනසුත්තස්ස උපදෙසතො ගහෙතබ්බො.
සෙය්යථිදං යනු නිපාතයකි. මෙහි එය ඒ කුමක්ද යන අර්ථයි. චක්කරතනං ආදී තන්හි චක්‍රයද එම රතිය උපදවන අර්ථයෙන් රතන වූයේද චක්කරතනං. සියලු තැන මේ ක්‍රමයයි. මේ රත්නයන්හි මේ චක්‍රවර්තී රජ චක්‍රරත්නයෙන් නොදිනුවකු දිනයි. හස්ති අශ්ව රත්නයන්ගෙන් විජිතයෙහි සුවසේ හැසිරෙයි. පුත්‍ර රත්නය සමග විජිතය රැකගනී. සෙස්සන් උපභෝග සැප විඳී. පළමුව ඔහුගේ උත්සාහ ශක්ති යෙදීම වෙයි. පසුව මන්ත්‍ර ශක්තිය වෙයි. හස්ති අශ්ව ගෘහපති රත්නයන් විසින් ප්‍රභූ ශක්ති යෝගය පිරිපුන් වෙයි. ස්ත්‍රී මණි රත්න්යන්ගෙන් ත්‍රිවිධ ශක්ති යෙදීමේ ඵල වෙයි. හෙතෙමේ ස්ත්රීමණි රත්න්යන්ගෙන් භෝග සුඛය වළඳයි. සෙස්සෙන් ඓශ්වර්ය සුඛ වළඳයි. විශේෂ වශයෙන් ඔහුගේ පූර්වයෙහි වූ තුන් අදෝස කුසල මූලයන්ගෙන් ජනිත වූ කර්මානුභාවයෙන් සැපයේ. මධ්‍යම වූ අලෝභ කුසල මූලයන්ගෙන් ජනිත වූ කර්මානුභාවයෙන් සැපයේ. පශ්චිම වූ එකම අමෝහ කුසල මූලයෙන් ජනිත වූ කර්මානුභාවයෙන් සැපයේ යැයි දතයුතුය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර බොජ්ඣංග සංයුත්තයෙහි රතන සූත්‍රයෙහි උපදේශ වශයෙන් ගතයුතුය.
පරොසහස්සන්ති අතිරෙකසහස්සං. සූරාති අභීරුකජාතිකා. වීරඞ්ගරූපාති දෙවපුත්තසදිසකායා. එවං තාව එකෙ වණ්ණයන්ති. අයං පනෙත්ථ සබ්භාවො. වීරාති උත්තමසූරා වුච්චන්ති, වීරානං අඞ්ගං වීරඞ්ගං, වීරකාරණං වීරියන්ති වුත්තං හොති. වීරඞ්ගරූපං එතෙසන්ති වීරඞ්ගරූපා, වීරියමයසරීරා වියාති වුත්තං හොති. පරසෙනප්පමද්දනාති සචෙ පටිමුඛං තිට්ඨෙය්ය පරසෙනා තං පරිමද්දිතුං සමත්ථාති අධිප්පායො. ධම්මෙනාති “පාණො න හන්තබ්බො”තිආදිනා පඤ්චසීලධම්මෙන. අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදොති එත්ථ රාගදොසමොහමානදිට්ඨිඅවිජ්ජාදුච්චරිතඡදනෙහි සත්තහි පටිච්ඡන්නෙ කිලෙසන්ධකාරෙ ලොකෙ තං ඡදනං විවට්ටෙත්වා සමන්තතො සඤ්ජාතාලොකො හුත්වා ඨිතොති විවට්ටච්ඡදො. තත්ථ පඨමෙන පදෙන පූජාරහතා. දුතියෙන තස්සා හෙතු, යස්මා සම්මාසම්බුද්ධොති, තතියෙන බුද්ධත්තහෙතුභූතා විවට්ටච්ඡදතා වුත්තාති වෙදිතබ්බා. අථ වා විවට්ටො ච විච්ඡදො චාති විවට්ටච්ඡදො, වට්ටරහිතො ඡදනරහිතො චාති වුත්තං හොති. තෙන අරහං වට්ටාභාවෙන, සම්මාසම්බුද්ධො ඡදනාභාවෙනාති එවං පුරිමපදද්වයස්සෙව හෙතුද්වයං වුත්තං හොති, දුතියෙන වෙසාරජ්ජෙන චෙත්ථ පුරිමසිද්ධි, පඨමෙන දුතියසිද්ධි, තතියචතුත්ථෙහි තතියසිද්ධි හොති. පුරිමඤ්ච ධම්මචක්ඛුං, දුතියං බුද්ධචක්ඛුං, තතියං සමන්තචක්ඛුං සාධෙතීති වෙදිතබ්බං. ත්වං මන්තානං පටිග්ගහෙතාති ඉමිනා’ස්ස මන්තෙසු සූරභාවං ජනෙති.
පරො සහස්සං යනු අතිරේක දහසක්. සූරා යනු බිය නැති ජාතිකයෝ. වීරංගරූපා යනු දිව්‍ය පුත්‍රයන්ට හා සමාන ශරීර ඇති. මෙසේ සමහරු වර්ණනා කරති. මේ මෙහි ස්වභාවයයි. වීරා යනු උතුම් සූරයෝ යයි කියනු ලබත්. වීරයන්ගේ අංගය - වීරංගං. වීර කාරණය විරිය යයි කියන ලදී. වීරංග රූපය මොවුන්ට නුයි = වීරංග රූපා. වීර්යමය ශරීර මෙනැයි කියන ලද්දේ වෙයි. පරසෙනප්පමද්දනා යනු යම්හෙයකින් ප්‍රතිමුඛව සිටීනම් පර සේනාවෝ ඔහු මඩින්ට සමර්ථ වෙති යන අදහසයි. ධම්මෙන යනු ප්‍රාණය නොනැසිය යුතුය ආදී වූ පංචශීල ධර්මයෙන්. අරහං හොති සම්මා සම්බුද්ධො ලොකෙ විවත්තච්ඡද්දො යනු මෙහි රාග දෝස මෝහ මාන දිට්ඨි අවිජ්ජා දුශ්චරිත සිඳලන සතින් සැඟවුණු කෙලෙස් අඳුරින් යුතු ලෝකයෙහි ඒ වැස්ම ඉවත් කොට හාත්පසින් හටගත් ආලෝක ඇතිව සිටියේ නුයි = විවත්තච්ඡද්දො. එහි පළමු පදයෙන් පූජාවට සුදුසු බව. දෙවැන්නෙන් එයට හේතුව, යම් හෙයකින් සම්මා සම්බුදුන් වහන්සේ තෙවැන්නෙන් බුද්ධත්වයට හේතුභූත වූ ඉවත්කළවැස්ම කියන ලදැයි දතයුතුය. නැතහොත් ඉවත් කළ හෝ වැස්මක් නැති යනුයි = විවත්තච්ඡදො. සසරක් නැති වැස්මක් නැති හෝ යයි කියන ලද්දේ වෙයි. වට්ටය (සසර) නැති බැවින් ද, වැස්මක් නැති බැවින් සම්බුද්ධ වෙයි. මෙසේ පෙර පද දෙකෙහි හේතු දෙක කියන ලද්දේ වෙයි. දෙවැන්නෙහි වෙසරද බැවින් මෙහි පෙර සිද්ධිය වෙයි. පළමුවැන්නේ දෙවැනි සිද්ධිය වෙයි. තෙවැන්නෙන් හා සිව්වැන්නෙන් තෙවැනි සිද්ධිය වෙයි. පළමුවැන්න ධම්මචක්ඛුවද, දෙවැන්න බුද්ධචක්ඛුවද, තෙවැන්න සමන්ත චක්ඛුවද සදයිනුයි දතයුතුය. ත්වං මන්තානං පටිග්ගහෙතා යනු මෙයින් ඔහුගේ මන්ත්‍රයෙහි සූරභාවය ඇතිකරයි.
සොපි තාය ආචරියකථාය ලක්ඛණෙසු විගතසම්මොහො එකොභාසජාතෙ විය බුද්ධමන්තෙ සම්පස්සමානො එවං භොති ආහ. තස්සත්ථො – ‘යථා, භො, ත්වං වදසි, එවං කරිස්සාමී’ති. වළවාරථමාරුය්හාති වළවායුත්තං රථං අභිරූහිත්වා. බ්රාහ්මණො කිර යෙන රථෙන සයං විචරති, තමෙව රථං දත්වා මාණවං පෙසෙසි. මාණවාපි පොක්ඛරසාතිස්සෙව අන්තෙවාසිකා. සො කිර තෙසං – “අම්බට්ඨෙන සද්ධිං ගච්ඡථා”ති සඤ්ඤං අදාසි.
හෙතෙමේද ඒ ගුරුවරයාගේ කථාවෙන් ලක්ෂණයන්හි පහවූ මුළාව ඇත්තේ ඒකාලෝක වූවාක් මෙන් බුද්ධිමතුන් දක්නේ එවමෙභා යයි කීය. පින්වත ඔබ යම්සේ කියහිද එසේ කරන්නෙමි යනු එහි අර්ථයයි. වළවා රථ මාරුය්හ යනු වෙළඹක බැඳි රථයක නැග බ්‍රාහ්මණයා තමා යම් රථයකින් හැසිරේද එයම දී මාණවකයා යැවීය. මාණවයෝ පොක්ඛරසාදිගේ අතවැසියෝය. ඔහු ඔවුන් අම්බට්ඨ සමග යවු යයි සංඥාවක් දුන්නේය.
යාවතිකා යානස්ස භූමීති යත්තකං සක්කා හොති යානෙන ගන්තුං, අයං යානස්ස භූමි නාම. යානා පච්චොරොහිත්වාති අයානභූමිං, ද්වාරකොට්ඨකසමීපං ගන්ත්වා යානතො පටිඔරොහිත්වා.
යාවතිකා යානස්ස භූමි යනු යම් පමණ දුරක් යානයෙන් යා හැකිද යානා පච්චොරොහිත්වා යනු බිමට නොබැස දොරකොටුව සමීපයට ගොස් යානයෙන් බැස.
තෙන ඛො පන සමයෙනාති යස්මිං සමයෙ අම්බට්ඨො ආරාමං පාවිසි. තස්මිං පන සමයෙ, ඨිතමජ්ඣන්හිකසමයෙ. කස්මා පන තස්මිං සමයෙ චඞ්කමන්තීති? පණීතභොජනපච්චයස්ස ථිනමිද්ධස්ස විනොදනත්ථං, දිවාපධානිකා වා තෙ. තාදිසානඤ්හි පච්ඡාභත්තං චඞ්කමිත්වා න්හායිත්වා සරීරං උතුං ගාහාපෙත්වා නිසජ්ජ සමණධම්මං කරොන්තානං චිත්තං එකග්ගං හොති. යෙන තෙ භික්ඛූති සො කිර – “කුහිං සමණො ගොතමො”ති පරිවෙණතො පරිවෙණං අනාගන්ත්වා “පුච්ඡිත්වාව පවිසිස්සාමී”ති විලොකෙන්තො අරඤ්ඤහත්ථී විය මහාචඞ්කමෙ චඞ්කමමානෙ පංසුකූලිකෙ භික්ඛූ දිස්වා තෙසං සන්තිකං අගමාසි. තං සන්ධාය යෙන තෙ භික්ඛූතිආදි වුත්තං. දස්සනායාති දට්ඨුං, පස්සිතුකාමා හුත්වාති අත්ථො.
තෙන ඛො පන සමයෙන යනු යම් අවස්ථාවක අම්බට්ඨ ආරාමයට පිවිසියේද ඒ අවස්ථාවෙහි මධ්‍යාහ්න වේලාවෙහි කුමක් හෙයින් ඒ අවස්ථාවේ සක්මන් කරන්නේද? ප්‍රණීත භෝජන හේතුවෙන් හටගත් ථිනමිද්ධය නැතිකිරීම පිණිසය. දිවාකාලයෙහි ප්‍රධන් වීර්ය කරන්නෝ ද බතින් පසු සක්මන්කොට නහා ශරීරය ඍතු ගන්වා හිඳ මහණදම් පුරන්නා වූ එබන්දන්ගේ සිත එකඟ වෙයි. යෙන තෙ භික්ඛු යනු. ඔහු ‘ශ්‍රමණ ගෞතම කොහිදැයි පිරිවෙනින් පිරිවෙනට පැමිණ විචාරාම පිවිසෙන්නෙමියි වටපිට බලන්නේ ආරණ්‍යයෙහි ඇතකු මෙන් මහ සක්මනෙහි සක්මන් කරන පංශුකූලික භික්ෂූන් දැක සමීපයට ගියේය. ඒ සඳහා යෙන භික්ඛු ආදිය කියන ලදී. දස්සනාය යනු දැකීමට. දකිනු කැමැත්තෝවැ යන අර්ථයි.
අභිඤ්ඤාතකොලඤ්ඤොති පාකටකුලජො. තදා කිර ජම්බුදීපෙ අම්බට්ඨකුලං නාම පාකටකුලමහොසි. අභිඤ්ඤාතස්සාති රූපජාතිමන්තකුලාපදෙසෙහි පාකටස්ස. අගරූති අභාරිකො. යො හි අම්බට්ඨං ඤාපෙතුං න සක්කුණෙය්ය, තස්ස තෙන සද්ධිං කථාසල්ලාපො ගරු භවෙය්ය. භගවතො පන තාදිසානං මාණවානං සතෙනාපි සහස්සෙනාපි පඤ්හං පුට්ඨස්ස විස්සජ්ජනෙ දන්ධායිතත්තං නත්ථීති මඤ්ඤමානා – “අගරු ඛො පනා”ති චින්තයිංසු. විහාරොති ගන්ධකුටිං සන්ධාය ආහංසු.
අභිඤ්ඤාත කොලඤ්ඤො යනු ප්‍රකට කුලයන්හි උපන්. එකල දඹදිව අම්බට්ඨ කුලය යනුවෙන් පතළ කුලයක් විය. අභිඤ්ඤාතස්ස යනු රූපය ජාතිය මන්ත්‍රය කුලය ප්‍රදේශය යන කරුණුවලින් ප්‍රකට. අගරූ යනු ගෙනයා නොහැක්කේය. යමෙක් අම්බට්ඨට දන්වන්ට නොහැකි වන්නේද ඔහු ඔහු සමග කථා සල්ලාපය ගරුත්වය පිණිස වන්නේය. ‘භාග්‍යවතුන් වහන්සේට එබඳු මාණවකයන් දහසක් විසින් වුවද ප්‍රශ්න අසනු ලැබුවද විසඳීමෙහි දන්ධ බවක් (මෝඩකමක්) නැතැයි හඟින්නාහු අගරු ඛො පන අගෞරවයක් යයි සිතූහ. විහාරො යනු ගඳකිළිය සඳහා කීහ.
අතරමානොති අතුරිතො, සණිකං පදප්පමාණට්ඨානෙ පදං නික්ඛිපන්තො වත්තං කත්වා සුසම්මට්ඨං මුත්තාදලසින්දුවාරසන්ථරසදිසං වාලිකං අවිනාසෙන්තොති අත්ථො. ආළින්දන්ති පමුඛං. උක්කාසිත්වාති උක්කාසිතසද්දං කත්වා. අග්ගළන්ති ද්වාරකවාටං. ආකොටෙහීති අග්ගනඛෙහි සණිකං කුඤ්චිකච්ඡිද්දසමීපෙ ආකොටෙහීති වුත්තං හොති. ද්වාරං කිර අතිඋපරි අමනුස්සා, අතිහෙට්ඨා දීඝජාතිකා කොටෙන්ති. තථා අනාකොටෙත්වා මජ්ඣෙ ඡිද්දසමීපෙ කොටෙතබ්බන්ති ඉදං ද්වාරාකොටනවත්තන්ති දීපෙන්තා වදන්ති.
අතරමානො යනු ඉක්මන් නොකොට සෙමින් පියවරක් පමණ තැන පියවර තබමින් වත් දක්වා සුමට මුතුදැල් සිඳුවර ඇතිරුවාක් වැනි වැල්ල විනාශ නොකරන්නේ යන අර්ථයි. ආළින්දං යනු ඉදිරිපස. උක්කාසිත්වා යනු කසින ශබ්දයක් කොට. අග්ගලං යනු දොර. ආකොටෙහි යනු නියගින් සෙමින් යතුරු සිදුර සමීපයෙහි ගසවයි කියන ලද්දේ වෙයි. දොර ඉතා උඩින් පිහිටියේය. අමනුෂ්‍යයෝ ඉතා යටින් සිටිති. සර්පයෝ කොටති. එසේ නොකොටා මැද සිදුර සමීපයෙහි කෙටිය යුතුය. මෙය දොර කොටන වත යැයි දක්වන්නෝ කියති.
විවරි භගවා ද්වාරන්ති න භගවා උට්ඨාය ද්වාරං විවරි. විවරියතූති පන හත්ථං පසාරෙසි. තතො “භගවා තුම්හෙහි අනෙකාසු කප්පකොටීසු දානං දදමානෙහි න සහත්ථා ද්වාරවිවරණකම්මං කත”න්ති සයමෙව ද්වාරං විවටං. තං පන යස්මා භගවතො මනෙන විවටං, තස්මා විවරි භගවා ද්වාරන්ති වත්තුං වට්ටති.
විචරි භගවා ද්වාරං යනු භාග්‍යවතුන් වහන්සේ නැගිට දොර විවර නොකළ සේක. ඇරේවා’යි අත දිගුකළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කල්ප කෝටි ගණනක් දන් දෙන ඔබවහන්සේ විසින් දොර විවෘත කිරීමේ කාර්යයක් නොකරන ලද්දේ යයි තමාම දොර විවර විය. භාග්‍යවතුන් වහන්සේ ගේ සිතින් විවර විය. ඒ නිසා විවරි භගවා ද්වාරං යයි කියන්ට වටී.
භගවතා සද්ධිං සම්මොදිංසූති යථා ඛමනීයාදීනි පුච්ඡන්තො භගවා තෙහි, එවං තෙපි භගවතා සද්ධිං සමප්පවත්තමොදා අහෙසුං. සීතොදකං විය උණ්හොදකෙන සම්මොදිතං එකීභාවං අගමංසු. යාය ච “කච්චි, භො ගොතම, ඛමනීයං; කච්චි යාපනීයං, කච්චි භොතො ච ගොතමස්ස සාවකානඤ්ච අප්පාබාධං, අප්පාතඞ්කං, ලහුට්ඨානං, බලං, ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම්මොදිංසු, තං පීතිපාමොජ්ජසඞ්ඛාතසම්මොදජනනතො සම්මොදිතුං යුත්තභාවතො ච සම්මොදනීයං, අත්ථබ්යඤ්ජනමධුරතාය සුචිරම්පි කාලං සාරෙතුං නිරන්තරං පවත්තෙතුං අරහභාවතො සරිතබ්බභාවතො ච සාරණීයං. සුය්යමානසුඛතො සම්මොදනීයං, අනුස්සරියමානසුඛතො ච සාරණීයං. තථා බ්යඤ්ජනපරිසුද්ධතාය සම්මොදනීයං, අත්ථපරිසුද්ධතාය සාරණීයං. එවං අනෙකෙහි පරියායෙහි සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා පරියොසාපෙත්වා නිට්ඨපෙත්වා එකමන්තං නිසීදිංසු.
භගවතා සද්ධිං සම්මොදිංසු යනු යම්සේ නිහතමානී ලෙස විචාරන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සමගද ඔවුහු භාග්‍යවතුන් වහන්සේ සමගද සමව පැවති සතුට ඇත්තෝ වූහ. සීතල ජලය උණුසුම් ජලය සමග සංකලනය වී එකක් බවට යන්නාක් මෙන් ඒකීය භාවයට ගියාහුය. ‘භවත් ගෞතමයනි, සැකයෙන් සිටීද, යැපෙන දේ ලැබේද, භවත් ගෞතමයන්ටද ගෞතම ශ්රාවකයන්ටද අසනීපයක් නැද්ද රෝගයක් නැද්ද සැහැල්ලුවෙන් සිටීද, දුර්වල බවක් නැද්ද පහසුවෙන් වෙසේ. ආදීකොට ඇති කථාවෙන් සතුටු වූහ. ප්‍රීති ප්‍රමෝද සංඛ්‍යාත සතුට ඇතිවීමෙන් සතුටුවීමට යුතු බව නිසාද සම්මොදනීයං, අර්ථ ව්‍යඤ්ජන මිහිරි බැවින් බොහෝ දිගුකලක් කල්ගෙවීමට නිතර පැවැත්වීමට සුදුසු බැවින් සිහිකටයුතු බැවින්ද සාරාණීයං. අසනු ලබන සුඛයෙන් සම්මොදනීයං. සිහිකරනු ලබන සුඛයෙන් සාරාණීයං. එසේම ව්‍යඤ්ජන පරිශුද්ධතාවෙන් සම්මොදනීයං, අර්ථ පරිශුද්ධතාවෙන් සාරාණීයං. මෙසේ නොයෙක් ආකාරයෙන් සම්මොදනීය සාරණීය කථාවක් හුවමාරු අවසන්කොට නිමාකොට එකත්පසක හුන්හ.
අම්බට්ඨො පන මාණවොති සො කිර භගවතො රූපසම්පත්තියං චිත්තප්පසාදමත්තම්පි අකත්වා “දසබලං අපසාදෙස්සාමී”ති උදරෙ බද්ධසාටකං මුඤ්චිත්වා කණ්ඨෙ ඔලම්බෙත්වා එකෙන හත්ථෙන දුස්සකණ්ණං ගහෙත්වා චඞ්කමං අභිරූහිත්වා කාලෙන බාහුං, කාලෙන උදරං, කාලෙන පිට්ඨිං දස්සෙන්තො, කාලෙන හත්ථවිකාරං, කාලෙන භමුකවිකාරං කරොන්තො, “කච්චි තෙ භො, ගොතම, ධාතුසමතා, කච්චි භික්ඛාහාරෙන න කිලමථ, අකිලමථාකාරොයෙව පන තෙ පඤ්ඤායති; ථූලානි හි තෙ අඞ්ගපච්චඞ්ගානි, පාසාදිකත්ථ ගතගතට්ඨානෙ. ‘තෙ බහුජනා රාජපබ්බජිතොති ච බුද්ධො’ති ච උප්පන්නබහුමානා පණීතං ඔජවන්තමාහාරං දෙන්ති. පස්සථ, භො, ගෙහං, චිත්තසාලා විය, දිබ්බපාසාදො විය. ඉමං මඤ්චං පස්සථ, බිම්බොහනං පස්සථ, කිං එවරූපෙ ඨානෙ වසන්තස්ස සමණධම්මං කාතුං දුක්කර”න්ති එවරූපං උප්පණ්ඩනකථං අනාචාරභාවසාරණීයං කථෙති, තෙන වුත්තං – “අම්බට්ඨො පන මාණවො චඞ්කමන්තොපි නිසින්නෙන භගවතා කිඤ්චි කිඤ්චි කථං සාරණීයං වීතිසාරෙති, ඨිතොපි නිසින්නෙන භගවතා කිඤ්චි කිඤ්චි කථං සාරණීයං වීතිසාරෙතී”ති.
අම්බට්ඨොපන මාණවො යනු හේ භාග්‍යවතුන් වහන්සේගේ රූසපුවෙහි සිත් පැහැදවීම පමණවත් නොකොට දශබලධාරින් වහන්සේට අවමන් කරන්නෙමියි බඩ බැඳි සළුව මුදා බෙලෙහි එල්ලාගෙන එක් අතකින් රෙදි කොන අල්ලාගෙන සක්මනට නැගී වරෙක උරයද, වරෙක බාහුවද වරෙක පිටද පෙන්වමින්, වරෙක හස්තවිකාරද, වරෙක ඇස්බැම විකාරද කරන්නේ, භවත් ගෞතමයෙනි, ඔබගේ ධාතු සමතාව කෙසේද, භික්ෂාහාරයෙන් වෙහෙසක් නැද්ද, ඔබ බෙහෙවින් වෙහෙසට පත්වූ බවක් පෙනේ. ඔබගේ අඟපසඟ මහත්ය. පාසාදිකත්ථ ප්‍රසාදයෙන් සිටීද? ඔබ ගිය ගිය තැන්වල බොහෝ ජනයා රජකුලයෙන් පැවිදි වූවෙකැයිද, බුද්ධයයිද උපන් බුහුමන් ඇත්තාහු ප්‍රණීත වූ ඕජස් සහිත අහර දෙති. පින්වත්නි, ගෙය දෙස බලන්න. විසිතුරු ශාලාවක් වැන්න. දිව්‍ය ප්‍රාසාදයක් වැන්න. මේ ඇඳ දෙස බලන්න. මෙට්ටය දෙස බලන්න. මෙබඳු තැනක වසන්නකුට මහණදම් පුරන්ට දුෂ්කර නැද්දැයි මෙබඳු විහිළුවට ලක්කෙරෙන අනාචාර භාවයෙන් අපිරිසිදු දෙයක් කියයි. එහෙයින් කියන ලදී. අම්බට්ඨොපන මාණවා අම්බට්ඨ මාණවකයා. චංකමන්තොපි නිසින්නෙන භගවතා සක්මන් කරමින් වැඩහුන් භාග්‍යවතුන් සමග. කඤ්චි කඤ්චි කථං සාරාණීයං වීතිසාරෙති මොන මොනවාදෝ සාරණීය කථාවක් හුවමාරු කරගනී.
අථ ඛො භගවාති අථ භගවා – “අයං මාණවො හත්ථං පසාරෙත්වා භවග්ගං ගහෙතුකාමො විය, පාදං පසාරෙත්වා අවීචිං විචරිතුකාමො විය, මහාසමුද්දං තරිතුකාමො විය, සිනෙරුං ආරොහිතුකාමො විය ච අට්ඨානෙ වායමති, හන්ද, තෙන සද්ධිං මන්තෙමී”ති අම්බට්ඨං මාණවං එතදවොච. ආචරියපාචරියෙහීති ආචරියෙහි ච තෙසං ආචරියෙහි ච.
අථඛො භගවා [missing trans] යනු ගුරුවරුන් විසින්, ඔවුන්ගේ ගුරුවරුන් විසින්,
පඨමඉබ්භවාදවණ්ණනා
ගච්ඡන්තො වාති එත්ථ කාමං තීසු ඉරියාපථෙසු බ්රාහ්මණො ආචරියබ්රාහ්මණෙන සද්ධිං සල්ලපිතුමරහති. අයං පන මාණවො මානථද්ධතාය කථාසල්ලාපං කරොන්තො චත්තාරොපි ඉරියාපථෙ යොජෙස්සාමීති “සයානො වා හි, භො ගොතම, සයානෙනා”ති ආහ.
ගච්ඡන්තොවා යනු මෙහි කැමති පරිදි තුන් ඉරියව්වෙහි බ්‍රාහ්මණයා ආචාර්ය බ්‍රාහ්මණයා සමග කථා කිරීමට සුදුසුය. මේ තරුණයා මානයෙන් තද වූ බැවින් කථා කරන්නේ සිව් ඉරියව්වෙහි යොදවන්නෙමියි සයානොවා හො ගොතම සයානෙන යනු කීය.
තතො කිර තං භගවා – “අම්බට්ඨ, ගච්ඡන්තස්ස වා ගච්ඡන්තෙන, ඨිතස්ස වා ඨිතෙන, නිසින්නස්ස වා නිසින්නෙනාචරියෙන සද්ධිං කථා නාම සබ්බාචරියෙසු ලබ්භති. ත්වං පන සයානො සයානෙනාචරියෙන සද්ධිං කථෙසි, කිං තෙ ආචරියො ගොරූපං, උදාහු ත්ව”න්ති ආහ. සො කුජ්ඣිත්වා – “යෙ ච ඛො තෙ, භො ගොතම, මුණ්ඩකා”තිආදිමාහ. තත්ථ මුණ්ඩෙ මුණ්ඩාති සමණෙ ච සමණාති වත්තුං වට්ටෙය්ය. අයං පන හීළෙන්තො මුණ්ඩකා සමණකාති ආහ.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘අම්බට්ඨ යන්නාට යන්නා විසින්ද, සිටියහුට සිටියකු විසින්ද. හුන්නහුට හුන්නා වූ ගුරුවරයා සමග කථාකිරීම සියලු ආචාර්යවරුන් අතර ලැබෙන්නේය. ඔබ නිදාගනිමින් සැතපෙන ගුරුවරයා සමග කථා කරහි. කිම ඔබගේ ගුරුවරයා ගොනෙක්ද නැතහොත් ඔබ ගොනෙක්දැ’යි ඇසූ සේක. හේ කිපී යෙච ඛො හො ගොතම මුණ්ඩකා යන ආදිය කීය. එහි මුඩු කළහු කෙරෙහි මුණ්ඩ කියාද, ශ්‍රමණයකු කෙරෙහි සමණ කියාද කියන්ට වටී. මෙතෙමේ නින්දා කරන්නේ ‘මුණ්ඩකා සමණකා’යයි කීය.
ඉබ්භාති ගහපතිකා. කණ්හාති කණ්හා, කාළකාති අත්ථො. බන්ධුපාදාපච්චාති එත්ථ බන්ධූති බ්රහ්මා අධිප්පෙතො. තඤ්හි බ්රාහ්මණා පිතාමහොති වොහරන්ති. පාදානං අපච්චා පාදාපච්චා, බ්රහ්මුනො පිට්ඨිපාදතො ජාතාති අධිප්පායො. තස්ස කිර අයං ලද්ධි – බ්රාහ්මණා බ්රහ්මුනො මුඛතො නික්ඛන්තා, ඛත්තියා උරතො, වෙස්සා නාභිතො, සුද්දා ජාණුතො, සමණා පිට්ඨිපාදතොති. එවං කථෙන්තො ච පනෙස කිඤ්චාපි අනියමෙත්වා කථෙති. අථ ඛො භගවන්තමෙව වදාමීති කථෙති.
ඉබ්භා යනු ගෘහපතියෝ. කිණ්හා කළු. කළුවන් යන අර්ථයි. බන්ධුපාදාපච්චා යනු මෙහි බන්ධු යනුවෙන් බ්‍රහ්මයා අදහස් කරන ලදී. ඔහුට බ්‍රාහ්මණයෝ පිතාමහ යයි ව්‍යවහාර කරත්. පාදයන්ගේ දරුවෝ පාදපච්චා. බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපන්නේ යන අදහසයි. ඔහුගේ මේ ලබ්ධියයි. බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නෝය. ක්ෂත්රියයෝ උරයෙන්ද, වෛශ්‍යයෝ නාභියෙන්ද, ශුද්‍රයෝ දණින්ද, ශ්‍රමණයෝ පිටිපසින්ද යනුවෙන් කියන්නා වූ මොහු කිසිවක් නියම නොකොට කියයි. ඉක්බිති ‘භාග්යවතුන්ටම කියමි’යි කියයි.
අථ ඛො භගවා – “අයං අම්බට්ඨො ආගතකාලතො පට්ඨාය මයා සද්ධිං කථයමානො මානමෙව නිස්සාය කථෙසි, ආසීවිසං ගීවායං ගණ්හන්තො විය, අග්ගික්ඛන්ධං ආලිඞ්ගන්තො විය, මත්තවාරණං සොණ්ඩාය පරාමසන්තො විය, අත්තනො පමාණං න ජානාති. හන්ද නං ජානාපෙස්සාමී”ති චින්තෙත්වා “අත්ථිකවතො ඛො පන තෙ, අම්බට්ඨා”තිආදිමාහ. තත්ථ ආගන්ත්වා කත්තබ්බකිච්චසඞ්ඛාතො අත්ථො, එතස්ස අත්ථීති අත්ථිකං, තස්ස මාණවස්ස චිත්තං. අත්ථිකමස්ස අත්ථීති අත්ථිකවා, තස්ස අත්ථිකවතො තව ඉධාගමනං අහොසීති අත්ථො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ අම්බට්ඨයා පැමිණි කල්පටන් මා සමග කථා කරන්නේ මානයම නිසා කථාකරයි. සර්පයකු ගෙලෙන් ගන්නාක් මෙන්ද, ගිනිකඳක් වැළඳගන්නාක් මෙන්ද මතැතකු සොඬෙහි පිරිමදින්නාක් මෙන්ද තමාගේ පමණ නොදනී. දැන් ඔහුට දන්වාලන්නෙමියි සිතා ‘අත්ථිකවතො ඛො පන තෙ අම්බට්ඨ’යනාදිය කී සේක. එහි පැමිණ කළයුතු කෘත්‍ය සංඛ්‍යාත අර්ථය මොහුට ඇත්තේනුයි අත්ථිකං. ඒ මානවයාගේ සිත, අත්ථික ඔහුට ඇත්තේනුයි අත්ථිකවා. අත්ථික ඇති ඔබගේ මෙහි පැමිණීම විය යන අර්ථයි.
ඛො පනාති නිපාතමත්තං. යායෙව ඛො පනත්ථායාති යෙනෙව ඛො පනත්ථෙන. ආගච්ඡෙය්යාථාති මම වා අඤ්ඤෙසං වා සන්තිකං යදා කදාචි ආගච්ඡෙය්යාථ. තමෙව අත්‍ථන්ති ඉදං පුරිසලිඞ්ගවසෙනෙව වුත්තං. මනසි කරෙය්යාථාති චිත්තෙ කරෙය්යාථ. ඉදං වුත්තං හොති – ත්වං ආචරියෙන අත්තනො කරණීයෙන පෙසිතො, න අම්හාකං පරිභවනත්ථාය, තස්මා තමෙව කිච්චං මනසි කරොහීති. එවමස්ස අඤ්ඤෙසං සන්තිකං ආගතානං වත්තං දස්සෙත්වා මානනිග්ගණ්හනත්ථං “අවුසිතවායෙව ඛො පනා”තිආදිමාහ. තස්සත්ථො පස්සථ භො අයං අම්බට්ඨො මාණවො ආචරියකුලෙ අවුසිතවා අසික්ඛිතො අප්පස්සුතොව සමානො. වුසිතමානීති “අහං වුසිතවා සික්ඛිතො බහුස්සුතො”ති අත්තානං මඤ්ඤති. එතස්ස හි එවං ඵරුසවචනසමුදාචාරෙ කාරණං කිමඤ්ඤත්‍ර අවුසිතත්තාති ආචරියකුලෙ අසංවුද්ධා අසික්ඛිතා අප්පස්සුතායෙව හි එවං වදන්තීති.
ඛොපන යනු නිපාත මාත්‍රයකි. යා යෙව ඛො පන අත්ථාය යනු යම්කිසි අර්ථයකින් එන්නේය. මාගේ හෝ අන්‍යයකුගේ සමීපයට කවදා හෝ එන්නහුය තමෙවඅත්ථං යනු මෙය පුරුෂලිංග වශයෙන්ම කියන ලදී. මනසි කරෙය්යාථ යනු මෙනෙහි කරන්නාහුය. මෙය කියන ලදී. ‘ඔබ ගුරුවරයා විසින් තමාගේ කාර්යයකට එවන ලද්දේය. අපට පරිභව කිරීමට නොවේ. ඒ නිසා ඒ කාර්යයම මෙනෙහි කරව.’මෙසේ ඔහුට අන්‍යයන්ගේ සමීපයට ආවුන්ගේ වත් පෙන්වා මානයට නිග්‍රහ පිණිස අවුසිතවා යෙව ඛො පන ආදිය කී සේක. එහි අර්ථය. පින්වත්නි, බලන්න මේ අම්බට්ඨයා ගුරුකුලයෙහි නොවැස අශික්ෂිතව අල්පශ්රිතව විසුවෙකැයි මන් ඇත්තේය. මම ඇසුවෙක්මි. ශික්ෂිතයෙක්මි. බහුශ්රැතයෙක්මියි තමා ගැන සිතයි. මොහුගේ මෙසේ පරුෂවචන කථා කිරීමෙහි හේතුව නොවැසූ බව මිස අන් කිමෙක්ද? ගුරුකුලයෙහි නොවැඩී අශික්ෂිත අල්පශ්රැතයෝම මෙසේ කියත්.
කුපිතොති කුද්ධො. අනත්තමනොති අසකමනො, කිං පන භගවා තස්ස කුජ්ඣනභාවං ඤත්වා එවමාහ උදාහු අඤත්වාති? ඤත්වා ආහාති. කස්මා ඤත්වා ආහාති? තස්ස මානනිම්මදනත්ථං. භගවා හි අඤ්ඤාසි – “අයං මයා එවං වුත්තෙ කුජ්ඣිත්වා මම ඤාතකෙ අක්කොසිස්සති. අථස්සාහං යථා නාම කුසලො භිසක්කො දොසං උග්ගිලෙත්වා නීහරති, එවමෙව ගොත්තෙන ගොත්තං, කුලාපදෙසෙන කුලාපදෙසං, උට්ඨාපෙත්වා භවග්ගප්පමාණෙන විය උට්ඨිතං මානද්ධජං මූලෙ ඡෙත්වා නිපාතෙස්සාමී”ති. ඛුංසෙන්තොති ඝට්ටෙන්තො. වම්භෙන්තොති හීළෙන්තො. පාපිතො භවිස්සතීති චණ්ඩභාවාදිදොසං පාපිතො භවිස්සති.
කුපිතො යනු කිපියේ. අනත්තමනො යනු තමාගේ නොවන සිත් ඇත්තේ. භාග්‍යවතුන් වහන්සේ ඔහු කිපෙන බව දැන මෙසේ කීසේක්ද නැතහොත් නොදැනද? දැනය. දැනගෙන කුමක් හෙයින් ඇසූසේක්ද? මානය මර්දනය කරනු පිණිසය. භාග්‍යවතුන් වහන්සේ ‘මොහු කිපී මාගේ නෑයන්ට අක්‍රෝශ කරන්නේය. ඉක්බිති යම්සේ දක්ෂ වෛද්‍යවරයෙක් දොස් ඉවතට ගෙන ඇද දමයිද, එසේම ගෝත්‍රයෙන් ගෝත්‍රයද කුල ප්‍රදේශයෙන් කුල ප්‍රදේශයද නංවා භවාග්‍රය පමණට මෙන් නැගුණු මාන නමැති ඕජය මුලින් සිඳ හෙලන්නෙමි. බුංසෙන්තො යනු ගටන්නේ. වම්හෙන්තො යනු පිළිකුල් කරන්නේ පාපිකො භවිස්සති යනු සැඬ බව ආදී දෙසින් පාපියෙක් වන්නේය.
චණ්ඩාති මානනිස්සිතකොධයුත්තා. ඵරුසාති ඛරා. ලහුසාති ලහුකා. අප්පකෙනෙව තුස්සන්ති වා දුස්සන්ති වා උදකපිට්ඨෙ අලාබුකටාහං විය අප්පකෙනෙව උප්ලවන්ති. භස්සාති බහුභාණිනො. සක්යානං මුඛෙ විවටෙ අඤ්ඤස්ස වචනොකාසො නත්ථීති අධිප්පායෙනෙව වදති. සමානාති ඉදං සන්තාති පුරිමපදස්ස වෙවචනං. න සක්කරොන්තීති න බ්රාහ්මණානං සුන්දරෙනාකාරෙන කරොන්ති. න ගරුං කරොන්තීති බ්රාහ්මණෙසු ගාරවං න කරොන්ති. න මානෙන්තීති න මනෙන පියායන්ති. න පූජෙන්තීති මාලාදීහි නෙසං පූජං න කරොන්ති. න අපචායන්තීති අභිවාදනාදීහි නෙසං අපචිතිකම්මං නීචවුත්තිං න දස්සෙන්ති තයිදන්ති තං ඉදං. යදිමෙ සක්යාති යං ඉමෙ සක්යා න බ්රාහ්මණෙ සක්කරොන්ති…පෙ… න අපචායන්ති, තං තෙසං අසක්කාරකරණාදි සබ්බං න යුත්තං, නානුලොමන්ති අත්ථො.
චණ්ඩා යනු මාන නිශ්රිත කෝපයෙන් යුතු. ඵරුසා යනු කෲර, ලහුසා යනු ලඝු. සුළුදෙයින් තුටුවෙත් හෝ කෝප වෙත හෝ ජලය මතුපිට ලබු කබලක් මෙන් සුළු දෙයින් පා වෙති. රභසා බොහෝ කථා කරන්නහුට. ශාක්‍යයන්ගේ මුව විවර වූවිට අනිකාට කථා කිරීමේ අවකාශයක්වත් නැත යන අදහසින්ම කියයි. සමානා ඇති. පළමු පදයටම වෙනත් වචනයකි. න සක්කරොන්ති යනු බමුණන්ට සොඳුරු දේ නොකරත්. නගරුකරොන්ති යනු බමුණන් කෙරෙහි ගෞරව නොකරත්. න මානෙන්ති සිතින් ප්‍රිය නොකරත්. නහූජෙන්ති යනු මල්දම් ආදියෙන් පූජා නොකරත්. න අපචායන්ති යනු වැඳීම් ආදියෙන් අපචායන කර්ම නමැති පහත් පැවැත්ම නොදක්වත්. තයිදං යනු ඒ මෙය. යදිමෙ සක්යා යනු මේ ශාක්‍යයෝ බ්‍රාහ්මණයන්ට සත්කාර නොකරත්. -පෙ වැඳීම් ආදිය නොකරත්. එය ඔවුන්ට අසත්කාර කිරීම් ආදී සියල්ල යුතු නොවේ. අනුලොම් නොවේ යන අර්ථයි.
දුතියඉබ්භවාදවණ්ණනා
අපරද්ධුන්ති අපරජ්ඣිංසු. එකමිදාහන්ති එත්ථ ඉදන්ති නිපාතමත්තං. එකං අහන්ති අත්ථො. සන්ධාගාරන්ති රජ්ජඅනුසාසනසාලා. සක්යාති අභිසිත්තරාජානො. සක්යකුමාරාති අනභිසිත්තා. උච්චෙසූති යථානුරූපෙසු පල්ලඞ්කපීඨකවෙත්තාසනඵලකචිත්තත්ථරණාදිභෙදෙසු. සඤ්ජග්ඝන්තාති උප්පණ්ඩනවසෙන මහාහසිතං හසන්තා. සංකීළන්තාති හසිතමත්ත කරණඅඞ්ගුලිසඞ්ඝට්ටනපාණිප්පහාරදානාදීනි කරොන්තා. මමඤ්ඤෙව මඤ්ඤෙති එවමහං මඤ්ඤාමි, මමඤ්ඤෙව අනුහසන්ති, න අඤ්ඤන්ති.
අපරද්ධුං යනු අපරාධ කළහ. එකමිදාහං යනු මෙහි ඉදං යන්න නිපාත මාත්‍රයකි. එක් දිනක් යන අර්ථයි. සන්ථාගාරං යනු රාජ්‍ය අනුශාසනා කරන ශාලාව. සක්යා යනු අභිෂේක කරනු ලැබූ රජවරු. සක්ය කුමාරා අභිෂේකෙ නොකරන ලද. උච්චෙසු යනු සුදුසු පරියංක පුටු වේවැල් අසුන් චලක විසිතුරු ඇතිරිලි ආදි ප්‍රභේද ඇති. සංජග්ඝන්තා යනු පිළිකුල් කිරීම් වශයෙන් මහ සිනා පාන්නාහු. සංකිලන්තා යනු සිනා මාත්‍රයක් ඇතිකරන අසුර ගැසීම් අත්පුඩි ගැසීම් ආදිය කරන්නාහු. මමඤ්ඤෙව මඤ්ඤෙ යනු මම මෙසේ හඟිමි. අනිකකට සිනාවෙතියි හඟිමි.
කස්මා පන තෙ එවමකංසූති? තෙ කිර අම්බට්ඨස්ස කුලවංසං ජානන්ති. අයඤ්ච තස්මිං සමයෙ යාව පාදන්තා ඔලම්බෙත්වා නිවත්ථසාටකස්ස එකෙන හත්ථෙන දුස්සකණ්ණං ගහෙත්වා ඛන්ධට්ඨිකං නාමෙත්වා මානමදෙන මත්තො විය ආගච්ඡති. තතො – “පස්සථ භො අම්හාකං දාසස්ස කණ්හායනගොත්තස්ස අම්බට්ඨස්ස ආගමනකාරණ”න්ති වදන්තා එවමකංසු. සොපි අත්තනො කුලවංසං ජානාති. තස්මා “මමඤ්ඤෙව මඤ්ඤෙ”ති තක්කයිත්ථ.
ඔවුහු කුමක්හෙයින් මෙසේ කළාහුද? ඔවුහු අම්බට්ඨගේ කුලවංශය දනිති. මොහුද එසමයෙහි පාදාන්තය තෙක් එල්ලා හැඳි සාටකයෙහි කොනක් එක් අතකින් අල්ලාගෙන කොඳුඇටය නමා මාන මදයෙන් මත්වූයේ මෙන් එයි. ඉන්පසු ‘පින්වත්නි, අපගේ දාසයා වූ කණ්හායන ගෝත්‍රයෙහි අම්බට්ඨ පැමිණෙන ආකාරය බලන්න යැයි කියන්නාහු මෙසේ කළහ. හෙතෙමේද තමාගේ කුලවංශය දනී. ඒ නිසා මමඤ්ඤෙව මඤ්ඤෙයි තර්ක කළේය. ආසනෙන යයි.
ආසනෙනාති “ඉදමාසනං, එත්ථ නිසීදාහී”ති එවං ආසනෙන නිමන්තනං නාම හොති, තථා න කොචි අකාසි.
ආසනෙන යනු ‘මේ අසුන මෙහි හිඳින්න’යි මෙසේ ආසනයෙන් නිමන්ත්‍රණය නම් වෙයි. එසේ කිසිවෙක් නොකළේය.
තතියඉබ්භවාදවණ්ණනා
ලටුකිකාති ඛෙත්තලෙඩ්ඩූනං අන්තරෙනිවාසිනී ඛුද්දකසකුණිකා. කුලාවකෙති නිවාසනට්ඨානෙ. කාමලාපිනීති යදිච්ඡකභාණිනී, යං යං ඉච්ඡති තං තං ලපති, න තං කොචි හංසො වා කොඤ්චො වා මොරො වා ආගන්ත්වා “කිං ත්වං ලපසී’ති නිසෙධෙති. අභිසජ්ජිතුන්ති කොධවසෙන ලග්ගිතුං.
ලටුකිකා යනු කෙතෙහි ගල්කැට අතර වසන කුඩා කිරිල්ලිය. කුලාවකෙ යනු වසන තැන. කාමලාපිනී යනු තමා කැමති අයුරින් කථා කරන්නීය. යමක් කැමති නම් එය දොඩයි. කිසි හංසයෙක් හෝ කොස්වාලිහිණියෙක් හෝ මොනරෙක් හෝ ඇය කරා පැමිණ ‘තී කුමක් දොඩයිදැයි නොවළක්වයි. අභිසජ්ජිතුං යනු ක්‍රෝධ වශයෙන් ඇලී සිටීමට
එවං වුත්තෙ මාණවො – “අයං සමණො ගොතමො අත්තනො ඤාතකෙ ලටුකිකසදිසෙ කත්වා අම්හෙ හංසකොඤ්චමොරසදිසෙ කරොති, නිම්මානො දානි ජාතො”ති මඤ්ඤමානො උත්තරි චත්තාරො වණ්ණෙ දස්සෙති.
මෙසේ කියන ලද කල්හි ‘මේ ශ්‍රමණයෝ තමන්ගේ ඥාතීන් කැටකිරිල්ල හා සමකොට අප හංසයන් කොස්වාලිහිණියන් මොනරුන්ට සම කරති. දැන් මාන රහිත බවට පැමිණියෝයැයි හඟිමින් තවත් චතුර්වර්ණ දක්වති.
දාසිපුත්තවාදවණ්ණනා
නිම්මාදෙතීති නිම්මදෙති නිම්මානෙ කරොති. යංනූනාහන්ති යදි පනාහං. “කණ්හායනොහමස්මි, භො ගොතමා”ති ඉදං කිර වචනං අම්බට්ඨො තික්ඛත්තුං මහාසද්දෙන අවොච. කස්මා අවොච? කිං අසුද්ධභාවං න ජානාතීති? ආම ජානාති. ජානන්තොපි භවපටිච්ඡන්නමෙතං කාරණං, තං අනෙන න දිට්ඨං. අපස්සන්තො මහාසමණො කිං වක්ඛතීති මඤ්ඤමානො මානථද්ධතාය අවොච. මාතාපෙත්තිකන්ති මාතාපිතූනං සන්තකං. නාමගොත්තන්ති පණ්ණත්තිවසෙන නාමං, පවෙණීවසෙන ගොත්තං. අනුස්සරතොති අනුස්සරන්තස්ස කුලකොටිං සොධෙන්තස්ස. අය්යපුත්තාති සාමිනො පුත්තා. දාසිපුත්තොති ඝරදාසියාව පුත්තො. තස්මා යථා දාසෙන සාමිනො උපසඞ්කමිතබ්බා, එවං අනුපසඞ්කමන්තං තං දිස්වා සක්යා අනුජග්ඝිංසූති දස්සෙති.
නිම්මාදෙති මද නැති කරයි. මානය නැත්තන් කරති. යන්නූනාහං යනු ඉදින් මට කණ්හායනො හමස්මි භො ගොතම යනු මේ වචනය අම්බට්ඨ තෙවරක් මහ හඬින් කීය. කුමක් නිසා කීවේද? කිම අශුද්ධභාවය නොදනීද? දනී. දැන දැනත් ‘මේ කරුණ භවයෙන් වැසී ගියේය. එය මොහු විසින් නොදක්නා ලද්දේය. නොදක්නේ මහා ශ්‍රමණයා කුමක් කියයිදැ’යි හඟිමින් මානයෙන් තද වූ බැවින් කීය. මාතාපෙත්තිකං යනු මව්පියන් සතු. නාමගොත්තං යනු ප්රඥප්ති වශයෙන් නාමය. ප්රවේණි වශයෙන් ගෝත්‍රය. අනුස්සරතො යනු සිහි කරන්නහුට, කුල කෙළවර සෝදා හරින්නහුට. අය්යපුත්තා යනු ස්වාමියාගේ පුත්‍රයෝ දාසිපුත්තො යනු ගෘහදාසියගේ පුත්‍රයා. ඒ නිසා දාසයා විසින් ස්වාමීන් කරා එළඹිය යුත්තේ යම්සේද, මෙසේ නොඑළඹෙන ඔහු දැක ශාක්‍යයෝ හාස්‍යයට ලක් කළාහු යයි දක්වයි.
ඉතො පරං තස්ස දාසභාවං සක්යානඤ්ච සාමිභාවං පකාසෙත්වා අත්තනො ච අම්බට්ඨස්ස ච කුලවංසං ආහරන්තො සක්යා ඛො පනාතිආදිමාහ. තත්ථ දහන්තීති ඨපෙන්ති, ඔක්කාකො නො පුබ්බපුරිසොති, එවං කරොන්තීති අත්ථො. තස්ස කිර රඤ්ඤො කථනකාලෙ උක්කා විය මුඛතො පභා නිච්ඡරති, තස්මා තං “ඔක්කාකො”ති සඤ්ජානිංසූති. පබ්බාජෙසීති නීහරි.
ඉන්පසු ඔහුගේ දාසභාවයද, ශාක්‍යයන්ගේ ස්වාමිභාවයද ප්‍රකාශ කොට තමාගේද අම්බට්ඨගේ ද කුලවංශය ගෙනහැර දක්වන සේක් සක්යා ඛො පන ආදිය කීහ. එහි දහන්ති යනු තබත්. ඔක්කාක අපගේ පූර්ව පුරුෂයාය. මෙසේ කියත් යන අර්ථයි. ඒ රජු කථාකරන කල්හි උල්කාවක් මෙන් මුඛයෙන් ප්රභාවක් නික්මෙයි. ඒ නිසා ඔහු ඔක්කාක යයි හැඳින්වූහ. පබ්බාජෙසි යනු ඉවතට ඇද දැමීය.
ඉදානි තෙ නාමවසෙන දස්සෙන්තො – “ඔක්කාමුඛ”න්තිආදිමාහ. තත්රායං අනුපුබ්බී කථා – පඨමකප්පිකානං කිර රඤ්ඤො මහාසම්මතස්ස රොජො නාම පුත්තො අහොසි. රොජස්ස වරරොජො, වරරොජස්ස කල්යාණො, කල්‍යාණස්ස වරකල්යාණො, වරකල්යාණස්ස මන්ධාතා, මන්ධාතුස්ස වරමන්ධාතා, වරමන්ධාතුස්ස උපොසථො, උපොසථස්ස වරො, වරස්ස උපවරො, උපවරස්ස මඝදෙවො, මඝදෙවස්ස පරම්පරාය චතුරාසීතිඛත්තියසහස්සානි අහෙසුං. තෙසං පච්ඡතො තයො ඔක්කාකවංසා අහෙසුං. තෙසු තතියඔක්කාකස්ස පඤ්ච මහෙසියො අහෙසුං – හත්ථා, චිත්තා, ජන්තු, ජාලිනී, විසාඛාති. එකෙකිස්සා පඤ්චපඤ්චඉත්ථිසතපරිවාරා. සබ්බජෙට්ඨාය චත්තාරො පුත්තා – ඔක්කාමුඛො, කරකණ්ඩු, හත්ථිනිකො, සිනිසූරොති. පඤ්ච ධීතරො – පියා, සුප්පියා, ආනන්දා, විජිතා, විජිතසෙනාති. ඉති සා නව පුත්තෙ විජායිත්වා කාලමකාසි.
දැන් ඔවුන් නම් වශයෙන් දක්වන්නේ ඔක්කාකමුඛං ආදිය කීය. මේ එහි අනුපූර්ව කථාවයි. ප්‍රථම කල්පිකයන්ගේ මහාසම්මත රජුගේ රෝජ නම් පුත්‍රයෙක් විය. රෝජගේ වරරෝජද, වරරෝජගේ කල්‍යාණද, කල්යාණගේ වරකල්‍යාණ ද, වරකල්‍යාණගේ මන්ධාතුද, මන්ධාතුගේ වරමන්ධාතුද, වරමන්ධාතුගේ උපෝසථද, උපෝසථගේ වරද, වරදගේ උපවරද, උපවරදගේ මඛාදේවද, මඛාදේවගේ පරම්පරාවෙහි අසූහාර දහසක් ක්ෂත්රියයෝ වූහ. ඔවුන්ට පසුව ඔක්කාක වංශ තුනක් විය. ඔවුන්ගේ තුන්වැනි ඔක්කාකට මෙහෙසියෝ පස්දෙනෙක් වූහ. හත්ථා, චිත්තා, ජන්තු, ජාලිනී, විසාඛා යනුවෙන්. එක් එක් මෙහෙසියට ස්ත්‍රීහු සියයක් පිරිවර වූහ. සියල්ලන්ගෙන් දෙටු මෙහෙසියට ඔක්කාමුඛ, කරකණ්ඩු, හත්ථිනි, කාසිනීපුර නම් පුත්‍රයෝ සිව්දෙනෙකි. පියා, සුප්පියා, ආනන්ද, විජිතා, විජිතසේනා නමැති දූවරු පස්දෙනෙකි. මෙසේ ඈදු පුතුන් නවදෙනෙකු වදා කලුරිය කළාය.
අථ රාජා අඤ්ඤං දහරිං අභිරූපං රාජධීතරං ආනෙත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. සා ජන්තුං නාම පුත්තං විජායි. අථ නං පඤ්චමදිවසෙ අලඞ්කරිත්වා රඤ්ඤො දස්සෙසි. රාජා තුට්ඨො තස්සා වරං අදාසි. සා ඤාතකෙහි සද්ධිං මන්තෙත්වා පුත්තස්ස රජ්ජං යාචි. රාජා – “නස්ස, වසලි, මම පුත්තානං අන්තරායං ඉච්ඡසී”ති තජ්ජෙසි. සා පුනප්පුනං රහො රාජානං පරිතොසෙත්වා – “මහාරාජ, මුසාවාදො නාම න වට්ටතී”තිආදීනි වත්වා යාචතියෙව. අථ රාජා පුත්තෙ ආමන්තෙසි – “අහං තාතා, තුම්හාකං කනිට්ඨං ජන්තුකුමාරං දිස්වා තස්ස මාතුයා සහසා වරං අදාසිං, සා පුත්තස්ස රජ්ජං පරිණාමෙතුං ඉච්ඡති. තුම්හෙ ඨපෙත්වා මඞ්ගලහත්ථිං මඞ්ගලඅස්සං මඞ්ගලරථඤ්ච යත්තකෙ ඉච්ඡථ, තත්තකෙ හත්ථිඅස්සරථෙ ගහෙත්වා ගච්ඡථ. මමච්චයෙන ආගන්ත්වා රජ්ජං කරෙය්යාථා”ති, අට්ඨහි අමච්චෙහි සද්ධිං උය්යොජෙසි.
ඉක්බිතිව රජතෙමේ වෙනත් තරුණ අභිරූපී වූ රජදුවක් ගෙනවුත් අගමෙහෙසි තනතුරෙහි තැබීය. ඈ ජන්තු නම් පුතකු වැදුවාය. ඉක්බිති පස්වනි දවසෙහි සරසා රජුට දැක්වූවාය. රජ සතුටුව ඇයට වරයක් දුන්නේය. ඈ නෑයන් සමග මන්ත්‍රණය කොට පුත්‍රයාට රාජ්‍යය ඉල්ලා සිටියාය. රජ තෙමේ, වසලිය නැසී යව. මාගේ පුත්‍රයන්ට අනතුරක් කැමති වෙහිදැයි තර්ජනය කළේය. ඈ රහසින් යලි යලිත් රජු සතුටු කරවා ‘මහරජතුමනි, මුසාවාදය නම් නොවටී’යයි ආදිය කියා ඉල්ලා සිටියාමය. ඉක්බිති රජතුමා පුතුන් අමතා ‘දරුවෙනි, මම ඔබලාගේ කණිටු ජත්තු කුමරා දැක ඔහුගේ මවට වහා වරයක් දුනිමි. ඈ පුත්‍රයාට රාජ්‍යය පිරිනමන්ට කැමැතීය. උඹලා මගුලැතා මගුලසු මගුල් රිය හැර යම් පමණක් කැමැත්තහු නම් එපමණක් ඇතුන් අස්රිය ගෙන යන්න. මාගේ ඇවෑමෙන් පැමිණ රජ කරන්නැයි ඇමතියන් අටදෙනෙකු සමග පිටත්කර හැරියේය.
තෙ නානප්පකාරං රොදිත්වා කන්දිත්වා – “තාත, අම්හාකං දොසං ඛමථා”ති රාජානඤ්චෙව රාජොරොධෙ ච ඛමාපෙත්වා, “මයම්පි භාතූහි සද්ධිං ගච්ඡාමා”ති රාජානං ආපුච්ඡිත්වා නගරා නික්ඛන්තා භගිනියො ආදාය චතුරඞ්ගිනියා සෙනාය පරිවුතා නගරා නික්ඛමිංසු. “කුමාරා පිතුඅච්චයෙන ආගන්ත්වා රජ්ජං කාරෙස්සන්ති, ගච්ඡාම නෙ උපට්ඨහාමා”ති චින්තෙත්වා බහූ මනුස්සා අනුබන්ධිංසු. පඨමදිවසෙ යොජනමත්තා සෙනා අහොසි, දුතියෙ ද්වියොජනමත්තා, තතියෙ තියොජනමත්තා. කුමාරා මන්තයිංසු – “මහා බලකායො, සචෙ මයං කඤ්චි සාමන්තරාජානං මද්දිත්වා ජනපදං ගණ්හෙය්යාම, සොපි නො නප්පසහෙය්‍ය. කිං පරෙසං පීළාය කතාය, මහා අයං ජම්බුදීපො, අරඤ්ඤෙ නගරං මාපෙස්සාමා”ති හිමවන්තාභිමුඛා ගන්ත්වා නගරවත්ථුං පරියෙසිංසු.
ඔවුහු නොයෙක් ලෙස හඬා වැළප ‘පියාණනි, අපගේ වරදට කමා කරනු මැනවැ’යි රජුද රජුගේ අන්තඃපුරයද කමා කරවා ‘අපිද සහෝදරයන් සමග යමු’යි රජුගෙන් විමසා නැගණිවරුන්ද ගෙන සිව්රඟ සෙනග සමගින් නුවරින් නික්මුණාහුය. ‘කුමාරවරු පියාගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍යය කරන්නාහුය. යමු ඔවුන්ට උපස්ථාන කරමු යයි සිතා බොහෝ මිනිස්සු පසුපස ගියහ. පළමු දවසෙහි යොදුනක් පමණ සෙනගක් විය. දෙවැනි දවසෙහි යොදුන් දෙකක්ද, තෙවැනි දවසෙහි තුන් යොදුනක්ද විය. කුමාරවරු මන්ත්‍රණය කළහ. ‘මේ මහා බලකායකි. ඉදින් අපි කිසියම් සාමන්ත රජකු මර්දනය කොට ජනපද ගන්නෙමු නම් එයටද අපගේ බලය යෙදිය යුතු නොවන්නේය. අනුන්ට පීඩා කිරීමෙන් ඇති ඵලය කිම? දඹදිව විශාලය. වනාන්තරයෙහි නගරයක් නිර්මාණය කරන්නෙමුයි හිමවත දෙසට ගොස් නගර සඳහා සුදුසු බිමක් සෙවූහ
තස්මිඤ්ච සමයෙ අම්හාකං බොධිසත්තො බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තිත්වා කපිලබ්රාහ්මණො නාම හුත්වා නික්ඛම්ම ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තපස්සෙ පොක්ඛරණියා තීරෙ සාකවනසණ්ඩෙ පණ්ණසාලං මාපෙත්වා වසති. සො කිර භුම්මජාලං නාම විජ්ජං ජානාති, යාය උද්ධං අසීතිහත්ථෙ ආකාසෙ, හෙට්ඨා ච භූමියම්පි ගුණදොසං පස්සති. එතස්මිං පදෙසෙ තිණගුම්බලතා දක්ඛිණාවට්ටා පාචීනාභිමුඛා ජායන්ති. සීහබ්යග්ඝාදයො මිගසූකරෙ සප්පබිළාරා ච මණ්ඩූකමූසිකෙ අනුබන්ධමානා තං පදෙසං පත්වා න සක්කොන්ති තෙ අනුබන්ධිතුං. තෙහි තෙ අඤ්ඤදත්ථු සන්තජ්ජිතා නිවත්තන්තියෙව. සො – “අයං පථවියා අග්ගපදෙසො”ති ඤත්වා තත්ථ අත්තනො පණ්ණසාලං මාපෙසි.
එසමයෙහි අපගේ බෝධිසත්ත්වයෝ බමුණු මහසල් කුලයෙක ඉපිද කපිල බ්‍රාහ්මණ නම් වී නික්ම ඍෂි පැවිද්දෙන් පැවිදිව හිමවත පසෙක පොකුනු තෙරක අතුපතර පන්සලක් සදාගෙන වසයි. හෙතෙමේ භූමිචාල නම් විද්‍යාවක් දනී. එයින් උඩට අසූරියනක් අහසෙහිද යට බිමද ගුණ දොස් දකී. මේ පෙදෙසෙහි තණපඳුරු වැල් දක්ෂිණාවර්තව පෙරදිග බලා හටගනී. සිංහ, ව්යාඝ්ර ආදීහු මුවන් ඌරන්ද, බලල්ලු, ගෙම්බන්, මීයන්ද, ලුහුබැඳ යන්නාහු ඒ පෙදෙසට පැමිණ ලුහුබැඳ යන්ට නොහැකි වෙති. නැතහොත් ඔවුන් විසින් බියට පත්කරනු ලැබ නවතිත්. ‘හේ’ මෙය පෘථුවියෙහි අග්‍ර ප්‍රදේශ යැයි දැන එහි තමාගේ පන්සල තැනවීය.
අථ තෙ කුමාරෙ නගරවත්ථුං පරියෙසමානෙ අත්තනො වසනොකාසං ආගතෙ දිස්වා පුච්ඡිත්වා තං පවත්තිං ඤත්වා තෙසු අනුකම්පං ජනෙත්වා අවොච – “ඉමස්මිං පණ්ණසාලට්ඨානෙ මාපිතං නගරං ජම්බුදීපෙ අග්ගනගරං භවිස්සති. එත්ථ ජාතපුරිසෙසු එකෙකො පුරිසසතම්පි පුරිසසහස්සම්පි අභිභවිතුං සක්ඛිස්සති. එත්ථ නගරං මාපෙථ, පණ්ණසාලට්ඨානෙ රඤ්ඤො ඝරං කරොථ. ඉමස්මිඤ්හි ඔකාසෙ ඨත්වා චණ්ඩාලපුත්තොපි චක්කවත්තිබලෙන අතිසෙය්යො”ති. නනු, භන්තෙ, අය්යස්ස වසනොකාසොති? “මම වසනොකාසො”ති මා චින්තයිත්ථ. මය්හං එකපස්සෙ පණ්ණසාලං කත්වා නගරං මාපෙත්වා කපිලවත්ථුන්ති නාමං කරොථා”ති. තෙ තථා කත්වා තත්ථ නිවාසං කප්පෙසුං.
ඉක්බිති නගරයට සුදුසු බිමක් සොයමින් කුමාරවරුන් තමා වසන තැනට පැමිණියවුන් දැක විචාරා එපුවත දැන ඔවුන් කෙරෙහි අනුකම්පාව උපදවා මෙසේ කීය. මේ පන්සල තිබෙන තැන මැවූ නගරය දඹදිව අගනුවර වන්නේය. මෙහි උපන් පුරුෂයන් අතරින් එක් එක් පුරුෂයා පුරුෂයන් සියයක් හෝ දහසක් හෝ වුවද අභිභවනය කරන්ට සමත් වන්නේය. මෙහි නගරය නිර්මාණය කරන්න. පන්සල පිහිටි තැන රජුගේ මැදුර කරන්න. මේ ස්ථානයෙහි සිට චණ්ඩාල පුත්‍රයෙක් වුවද සක්විති රජකු බලයෙන් මැඩගන්නේය. ‘ස්වාමීනි, මෙය ඔබගේ වසන තැන නොවේද? ‘මාගේ වසන තැන යයි නොසිතන්න.’මාගේ එක්පසෙක පන්සලක් කරවා නුවරක් මවා කපිලවත්ථු යයි නමක් තබන්න. ඔවුහු එසේකොට එහි නැවතුණාහුය.
අථාමච්චා – “ඉමෙ දාරකා වයප්පත්තා, සචෙ නෙසං පිතා සන්තිකෙ භවෙය්ය, සො ආවාහවිවාහං කරෙය්ය. ඉදානි පන අම්හාකං භාරො”ති චින්තෙත්වා කුමාරෙහි සද්ධිං මන්තයිංසු. කුමාරා අම්හාකං සදිසා ඛත්තියධීතරො නාම න පස්සාම, නාපි භගිනීනං සදිසෙ ඛත්තියකුමාරකෙ, අසදිසසංයොගෙ ච නො උප්පන්නා පුත්තා මාතිතො වා පිතිතො වා අපරිසුද්ධා ජාතිසම්භෙදං පාපුණිස්සන්ති. තස්මා මයං භගිනීහියෙව සද්ධිං සංවාසං රොචෙමාති. තෙ ජාතිසම්භෙදභයෙන ජෙට්ඨකභගිනිං මාතුට්ඨානෙ ඨපෙත්වා අවසෙසාහි සංවාසං කප්පෙසුං.
ඉක්බිති ඇමැතියෝ ‘මේ දරුවෝ වයසට පැමිණියෝය. ඉදින් ඔහුගේ පියා ළඟක සිටීනම් ඔහු ආවාහ විවාහ සිදුකරනු ඇත. දැන් එය අපට බාරයයි සිතා කුමාරවරුන් සමග කතිකා කළහ. කුමාරවරු ‘අප හා සමාන ක්ෂත්රිය කුල දූවරුන් නොදකිමු. සොහොයුරියන්ට සුදුසු ක්ෂත්රිය කුමාරවරුන්ද නොදකිමු. නුසුදුසු එකතුවෙන් අපට උපන් පුත්‍රයෝ මව්පසින්ද පියපසින්ද අපිරිසිදු වූවාහු දෑ බිඳීමට පැමිණෙන්නාහුය. ඒ නිසා අපි සොහොයුරියන් සමගම සංවාසය කැමැත්තෙමු. ඔවුහු ජාතිය බිඳෙතැයි බියෙන් දෙටු සොහොයුරිය මව් තන්හි තබා සෙසු සොහොයුරියන් සමග සංවාස කළහ.
තෙසං පුත්තෙහි ච ධීතාහි ච වඩ්ඪමානානං අපරෙන සමයෙන ජෙට්ඨකභගිනියා කුට්ඨරොගො උදපාදි, කොවිළාරපුප්ඵසදිසානි ගත්තානි අහෙසුං. රාජකුමාරා ඉමාය සද්ධිං එකතො නිසජ්ජට්ඨානභොජනාදීනි කරොන්තානම්පි උපරි අයං රොගො සඞ්කමතීති චින්තෙත්වා එකදිවසං උය්යානකීළං ගච්ඡන්තා විය තං යානෙ ආරොපෙත්වා අරඤ්ඤං පවිසිත්වා භූමියං පොක්ඛරණිං ඛණාපෙත්වා තත්ථ ඛාදනීයභොජනීයෙන සද්ධිං තං පක්ඛිපිත්වා ඝරසඞ්ඛෙපෙන උපරි පදරං පටිච්ඡාදෙත්වා පංසුං දත්වා පක්කමිංසු.
ඔවුන් දූ පුතුන් සමග වැඩෙන කල පසුකලෙක දෙටු සොහොයුරියට කුෂ්ට රෝගයක් වැළඳිණ. සිරුර කොබෝලීල මලක් මෙන් විය. රාජ කුමාරවරු ‘මැය සමග එක්ව නිදාගැනීම සිටීම ආහාර ගැනීම කිරීම කරන්නවුන් වෙතද මේ රෝගය සංක්‍රමණය වෙතියි සිතා එක් දවසක් උයන්කෙළියට යන්නාක් මෙන් ඇය යානයට නංවා කැලයට පිවිස බිම්ගෙයක් අයුරින් පොකුණක් කණවා එහි කෑයුතු පිය යුතු දැය සමග ඇය එහි නවත්වා උඩ වසා පස් දමා ආපසු ගියහ.
තෙන ච සමයෙන රාමො නාම බාරාණසිරාජා කුට්ඨරොගො නාටකිත්ථීහි ච ඔරොධෙහි ච ජිගුච්ඡියමානො තෙන සංවෙගෙන ජෙට්ඨපුත්තස්ස රජ්ජං දත්වා අරඤ්ඤං පවිසිත්වා තත්ථ පණ්ණසාලං මාපෙත්වා මූලඵලානි පරිභුඤ්ජන්තො නචිරස්සෙව අරොගො සුවණ්ණවණ්ණො හුත්වා ඉතො චිතො ච විචරන්තො මහන්තං සුසිරරුක්ඛං දිස්වා තස්සබ්භන්තරෙ සොළසහත්ථප්පමාණං ඔකාසං සොධෙත්වා ද්වාරඤ්ච වාතපානඤ්ච යොජෙත්වා නිස්සෙණිං බන්ධිත්වා තත්ථ වාසං කප්පෙසි. සො අඞ්ගාරකටාහෙ අග්ගිං කත්වා රත්තිං මිගසූකරාදීනං සද්දෙ සුණන්තො සයති. සො – “අසුකස්මිං පදෙසෙ සීහො සද්දමකාසි, අසුකස්මිං බ්‍යග්ඝො”ති සල්ලක්ඛෙත්වා පභාතෙ තත්ථ ගන්ත්වා විඝාසමංසං ආදාය පචිත්වා ඛාදති.
එකල්හිම රාම නම් බරණැස් රජ කුෂ්ට රෝගී වී අන්තඃපුරවාසීන් විසින්ද නළුවන් විසින්ද පිළිකුල් කරනු ලබන්නේ ඒ සංවේගයෙන් දෙටු පුතුට රජය දී කැලයට පිවිස එහි කැලෑ කොළ ගඩාගෙඩි අනුභව කරන්නේ නොබෝ කලකින් සුවපත්ව රන්වන්ව ඔබමොබ හැසිරෙන්නේ විශාල ගස් බෙනයක් දැක එහි ඇතුළත සොළොස් රියන් පමණ ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කොට දොරක්ද වාකවුළුවක්ද යොදා ඉණිමගක් බැඳ එහි වාසය කළේය. හෙතෙමේ අඟුරු වළෙහි ගිනි දල්වා රාත්‍රියෙහි මෘග පක්ෂි ආදීන්ගේ හඬ අසමින් නිදයි. හෙතෙමේ අසුවල් පෙදෙසෙහි සිංහයෙක් ශබ්ද කළේය. අසුවල් තැන ව්‍යාඝ්‍රයෙක් ශබ්ද කළේයයි සලකා උදෑසන එහි ගොස් ඉඳුල් මස් ගෙනවුත් පිස කයි.
අථෙකදිවසං තස්මිං පච්චූසසමයෙ අග්ගිං ජාලෙත්වා නිසින්නෙ රාජධීතාය සරීරගන්ධෙන ආගන්ත්වා බ්‍යග්ඝො තස්මිං පදෙසෙ පංසුං වියූහන්තො පදරෙ විවරමකාසි, තෙන ච විවරෙන සා බ්යග්ඝං දිස්වා භීතා විස්සරමකාසි. සො තං සද්දං සුත්වා – “ඉත්ථිසද්දො එසො”ති ච සල්ලක්ඛෙත්වා පාතොව තත්ථ ගන්ත්වා – “කො එත්ථා”ති ආහ. මාතුගාමො සාමීති. කිං ජාතිකාසීති? ඔක්කාකමහාරාජස්ස ධීතා සාමීති. නික්ඛමාති? න සක්කා සාමීති. කිං කාරණාති? ඡවිරොගො මෙ අත්ථීති. සො සබ්බං පවත්තිං පුච්ඡිත්වා ඛත්තියමානෙන අනික්ඛමන්තිං – “අහම්පි ඛත්තියො”ති අත්තනො ඛත්තියභාවං ජානාපෙත්වා නිස්සෙණිං දත්වා උද්ධරිත්වා අත්තනො වසනොකාසං නෙත්වා සයං පරිභුත්තභෙසජ්ජානියෙව දත්වා නචිරස්සෙව අරොගං සුවණ්ණවණ්ණං කත්වා තාය සද්ධිං සංවාසං කප්පෙසි. සා පඨමසංවාසෙනෙව ගබ්භං ගණ්හිත්වා ද්වෙ පුත්තෙ විජායි, පුනපි ද්වෙති, එවං සොළසක්ඛත්තුම්පි විජායි. එවං ද්වත්තිංස භාතරො අහෙසුං. තෙ අනුපුබ්බෙන වුඩ්ඪිප්පත්තෙ පිතා සබ්බසිප්පානි සික්ඛාපෙසි.
ඉක්බිති එක් දවසක් ඉතා උදෑසන වේලාවෙහි ගිනිදල්වා හුන්නේ රජදියණියගේ සිරුරු ,ගඳින් අවුත් ව්‍යාඝ්‍රයෙක් ඒ පෙදෙසෙහි පස් අවුස්සමින් ලෑලි ඉවත් කළේය. ඒ විවරයෙන් ඒ ව්‍යාඝ්‍රයා දැක බිය වූ ඈ කෑගැසුවාය. හෙතෙමේ ඒ ශබ්දය අසා ‘මේනම් ස්ත්‍රී ශබ්දයකැයි සලකා උදෑසනම එහි ගොස් ‘මෙහි කවුදැ’යි ඇසීය. ස්වාමීනි, ගැහැණියක්මි. ‘කවර ජාතියකට අයත්ද? ඔක්කාක මහරජුන්ගේ දුව වෙමි. පිටතට එන්න. නොහැකිය ඒස්වාමීනි. කවර කරුණකින්ද? මට සමේ රෝගයක් ඇත. හේ සියලු පුවත් අසා ක්ෂත්රිය මානයෙන් නොනික්මෙන ඇයට ‘මම ද ක්ෂත්රියයෙක් වෙමියි තමාගේ ප්‍රිය බව දන්වා ඉණිමග තබා උඩට ගෙන තමාගේ වසන තැනට පමුණුවා තමා පරිභෝග කළ බෙහෙත්ම දී නොබෝ කලකින්ම නිරෝගීද රන්වන්ද කොට ඇය සමග සංවාස කළේය. ඈ ප්‍රථම සංවාසයෙන්ම ගැබ්ගෙන පුතුන් දෙදෙනකු වැදුවාය. මෙසේ ඔවුහු දෙතිසක් සහෝදරයෝ වූහ. අනුපිළිවෙළින් වැඩිවිය පත් ඔවුන්ට පියා සියලු ශිල්ප ඉගැන්වීය.
අථෙකදිවසං එකො රාමරඤ්ඤො නගරවාසී වනචරකො පබ්බතෙ රතනානි ගවෙසන්තො රාජානං දිස්වා සඤ්ජානිත්වා ආහ – “ජානාමහං, දෙව, තුම්හෙ”ති. තතො නං රාජා සබ්බං පවත්තිං පුච්ඡි. තස්මිංයෙව ච ඛණෙ තෙ දාරකා ආගමිංසු. සො තෙ දිස්වා – “කෙ ඉමෙ”ති ආහ. “පුත්තා මෙ”ති ච වුත්තෙ තෙසං මාතිකවංසං පුච්ඡිත්වා – “ලද්ධං දානි මෙ පාභත”න්ති නගරං ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි. සො ‘පිතරං ආනයිස්සාමී’ති චතුරඞ්ගිනියා සෙනාය තත්ථ ගන්ත්වා පිතරං වන්දිත්වා – “රජ්ජං, දෙව, සම්පටිච්ඡා”ති යාචි. සො – “අලං, තාත, න තත්ථ ගච්ඡාමි, ඉධෙව මෙ ඉමං රුක්ඛං අපනෙත්වා නගරං මාපෙහී”ති ආහ. සො තථා කත්වා තස්ස නගරස්ස කොලරුක්ඛං අපනෙත්වා කතත්තා කොලනගරන්ති ච බ්යග්ඝපථෙ කතත්තා බ්යග්ඝපථන්ති චාති ද්වෙ නාමානි ආරොපෙත්වා පිතරං වන්දිත්වා අත්තනො නගරං අගමාසි.
ඉක්බිති එක් දවසක් රාම රජුගේ නගරවැසි එක් වනචරයෙක් පර්වතයෙහි මැණික් සොයන්නේ රජු දැක හඳුනා ගත්තොත්ය. ‘දේවයන් වහන්ස, මම ඔබතුමා දනිමි’යි කීහ. ඉක්බිති රජතෙමේ සියලු පුවත් ඇසීය. එකෙණෙහිම ඒ දරුවෝ එහි ආහ. හෙතෙමේ ඔවුන් දැක ‘මේ කවුදැ’යි ඇසීය. ‘මගේ පුත්‍රයෝ යයි කී කල්හි ඔවුන්ගේ මව්පස වංශය අසා ‘මට දැන් පඬුරක් ලැබිණැයි නගරයට ගොස් රජුට දැන්වීය. හෙතෙමේ ‘පියා ගෙන එන්නෙමියි සිව්රඟ සෙනග සමග එහි ගොස් පියා වැඳ ‘දේවයන් වහන්ස, රාජ්‍යය බාරගනු මැනවැයි ඉල්ලා සිටියේය. හේ ‘එපා දරුව, එහි නොයමි. මෙහි මේ ගස ඉවත්කොට නුවරක් තනවයි කීය. හේ එසේ කොට ඒ නගරයට කොලගස ඉවත් කොට කළ බැවින් කෝල නගරයැයි ද ව්‍යාඝ්‍රයන්ගේ මාර්ගයෙහි කළ බැවින්ද, ව්යග්ඝපජ්ජ කියාද නම් දෙකක් තබා පියා වැඳ තම නගරයට ගියේය.
තතො වයප්පත්තෙ කුමාරෙ මාතා ආහ – “තාතා, තුම්හාකං කපිලවත්ථුවාසිනො සක්යා මාතුලා සන්ති. මාතුලධීතානං පන වො එවරූපං නාම කෙසග්ගහණං හොති, එවරූපං දුස්සගහණං. යදා තා න්හානතිත්ථං ආගච්ඡන්ති, තදා ගන්ත්වා යස්ස යා රුච්චති, සො තං ගණ්හතූ”ති. තෙ තථෙව ගන්ත්වා තාසු න්හත්වා සීසං සුක්ඛාපයමානාසු යං යං ඉච්ඡිංසු, තං තං ගහෙත්වා නාමං සාවෙත්වා අගමිංසු. සක්යරාජානො සුත්වා “හොතු, භණෙ, අම්හාකං ඤාතකා එව තෙ”ති තුණ්හී අහෙසුං. අයං සක්යකොලියානං උප්පත්ති. එවං තෙසං සක්යකොලියානං අඤ්ඤමඤ්ඤං ආවාහවිවාහං කරොන්තානං යාව බුද්ධකාලා අනුපච්ඡින්නොව වංසො ආගතො. තත්ථ භගවා සක්යවංසං දස්සෙතුං – “තෙ රට්ඨස්මා පබ්බාජිතා හිමවන්තපස්සෙ පොක්ඛරණියා තීරෙ”තිආදිමාහ. තත්ථ සම්මන්තීති වසන්ති. සක්යා වත භොති රට්ඨස්මා පබ්බාජිතා අරඤ්ඤෙ වසන්තාපි ජාතිසම්භෙදමකත්වා කුලවංසං අනුරක්ඛිතුං සක්යා, සමත්ථා, පටිබලාති අත්ථො. තදග්ගෙති තං අග්ගං කත්වා, තතො පට්ඨායාති අත්ථො. සො ච නෙසං පුබ්බපුරිසොති සො ඔක්කාකො රාජා එතෙසං පුබ්බපුරිසො. නත්ථි එතෙසං ගහපතිවංසෙන සම්භෙදමත්තම්පීති.
ඉන්පසු වැඩිවිය පත් කුමාරවරුන්ට මව මෙසේ කීවාය. ‘දරුවනි, කිඹුල්වත් පුරවැසි ශාක්‍යකුල ඔබලාගේ මාමලා සිටිති. ඔබලාගේ මාමලාගේ දූවරුන්ගේ හිසකෙස් බැඳීම මෙසේය. ඇඳුම් ඇඳීම මෙසේය. යම්කලෙක, ඔවුහු නාන තොටට එද්ද එදාට එහි ගොස් යමකුට යමකු කැමතිද ඇය ගන්න යැයි ඔවුහු එසේම ගොස් ඔවුන් නහා හිස වියලවන කල කැමති කැමති කෙනා අල්ලාගෙන නම් අස්වා ගියාහුය. ශාක්‍ය රජවරු ඒ අසා ‘එසේ වේවා. ඔවුහු අපේ නෑයෝ’යයි නිහඬ වූහ. මේ කෝලියයන්ගේ උත්පත්තියයි. මෙසේ ශාක්‍ය කෝලියයන් ඔවුනොවුන් ආවාහ විවාහ කිරීම නිසා බුද්ධකාලය තෙක් නොකඩවා වංශය පැමිණියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය වංශය දක්වන්ට තෙ රට්ඨාසමා පබ්බජිතා හිමවන්ත පස්සෙ පොක්ඛරණියා තීරෙ ආදිය කී සේක. එහි සම්මන්ති යනු වසත්. සක්යාවත භො යනු රටින් පිටකරනු ලැබුවාහු කැලෑවෙහි වැසුවද ජාතිය බිඳීමක් නොකොට කුල වංශය රැකගන්ට හැක්කෝය. සමර්ථයෝය. ප්‍රතිඵල ඇත්තෝය යන අර්ථයි. තදග්ගෙ යනු එය මුල්කොට. එතැන්පටන් යන අර්ථයි. සොච තෙසං පුබ්බ පුරිසො යනු ඒ ඔක්කාක රජ මොවුන්ගේ ආදි පුරුෂයාය. ඔවුන්ට ගෘහපති වංශය සමග සබැඳියාවක්වත් නැතැයි
එවං සක්යවංසං පකාසෙත්වා ඉදානි අම්බට්ඨවංසං පකාසෙන්තො – “රඤ්ඤො ඛො පනා”තිආදිමාහ. කණ්හං නාම ජනෙසීති කාළවණ්ණං අන්තොකුච්ඡියංයෙව සඤ්ජාතදන්තං පරූළ්හමස්සුදාඨිකං පුත්තං විජායි. පබ්යාහාසීති යක්ඛො ජාතොති භයෙන පලායිත්වා ද්වාරං පිධාය ඨිතෙසු ඝරමානුසකෙසු ඉතො චිතො ච විචරන්තො ධොවථ මන්තිආදීනි වදන්තො උච්චාසද්දමකාසි.
මෙසේ ශාක්‍යවංශය පවසා දැන් අම්බට්ඨ වංසය ප්‍රකාශ කරන සේක් රඤ්ඤොඛොපන ආදිය කීහ. කණ්හං ජනෙසි යනු කළුපැහැති කුස තුළදීම හටගත් දත් ඇති කෙස් දැලි රැවුල් දිගට වැඩුණු පුත්‍රයකු වැදුවාය. පච්චාභාසි යනු යකෙක් උපන්නේ’ යයි බියෙන් පළාගොස් දොර වසා ගෙදර මිනිසුන් සිටි කල්හි එහා මෙහා යමින් මා සෝදවු යන ආදිය කියමින් උස්හඬ නැගීය.
තෙ මාණවකා භගවන්තං එතදවොචුන්ති අත්තනො උපාරම්භමොචනත්ථාය – “එතං මා භව”න්තිආදිවචනං අවොචුං. තෙසං කිර එතදහොසි – “අම්බට්ඨො අම්හාකං ආචරියස්ස ජෙට්ඨන්තෙවාසී, සචෙ මයං එවරූපෙ ඨානෙ එකද්වෙවචනමත්තම්පි න වක්ඛාම, අයං නො ආචරියස්ස සන්තිකෙ අම්හෙ පරිභින්දිස්සතී”ති උපාරම්භමොචනත්ථං එවං අවොචුං. චිත්තෙන පනස්ස නිම්මදභාවං ආකඞ්ඛන්ති. අයං කිර මානනිස්සිතත්තා තෙසම්පි අප්පියොව. කල්යාණවාක්කරණොති මධුරවචනො. අස්මිං වචනෙති අත්තනා උග්ගහිතෙ වෙදත්තයවචනෙ. පටිමන්තෙතුන්ති පුච්ඡිතං පඤ්හං පටිකථෙතුං, විස්සජ්ජෙතුන්ති අත්ථො. එතස්මිං වා දාසිපුත්තවචනෙ. පටිමන්තෙතුන්ති උත්තරං කථෙතුං.
තෙ මාණවකා භගවන්තං එතදවොචුං යනු තමාගේ චෝදනා මුදනු පිණිස ‘මෙය නොවේවායි ආදී වචන කීහ. ඔවුන්ට මෙසේ සිතිණ. ‘අම්බට්ඨ අපගේ ගුරුවරයාගේ දෙටු අතවැසියාය. ඉදින් අප මෙබඳු තැනක එක වචනයක් නොකියමු නම්, මෙතෙමේ ගුරුවරයා හමුවෙහි බිඳෙන්නේ යයි චෝදනාවන් මුදනු පිණිස මෙය කීහ. සිතින් මොහුගේ මානය නැති බව අපේක්ෂා කරයි. මොහු මාන නිශ්රිත බැවින් ඔවුන්ටද අප්‍රියය. කල්‍යාණ වාක්කරනො යනු මිහිරි වදන් ඇත්තේ. අසමිං වචනෙ යනු තමා උගත් වේදත්‍රයෙහි වචන. පතිමන්තෙතු යනු අසන ලද ප්රශ්නය නැවත කියන්ට, විසඳන්ට යන අර්ථයි. මේ දාසි පුත්‍රයාගේ වචන පටිමත්තෙතුං යනු පිළිතුරු කියන්ට.
අථ ඛො භගවාති අථ ඛො භගවා – “සචෙ ඉමෙ මාණවකා එත්ථ නිසින්නා එවං උච්චාසද්දං කරිස්සන්ති, අයං කථා පරියොසානං න ගමිස්සති. හන්ද, නෙ නිස්සද්දෙ කත්වා අම්බට්ඨෙනෙව සද්ධිං කථෙමී”ති තෙ මාණවකෙ එතදවොච. තත්ථ මන්තව්හොති මන්තයථ. මයා සද්ධිං පටිමන්තෙතූති මයා සහ කථෙතු. එවං වුත්තෙ මාණවකා චින්තයිංසු – “අම්බට්ඨො තාව දාසිපුත්තොසීති වුත්තෙ පුන සීසං උක්ඛිපිතුං නාසක්ඛි. අයං ඛො ජාති නාම දුජ්ජානා, සචෙ අඤ්ඤම්පි කිඤ්චි සමණො ගොතමො ‘ත්වං දාසො’ති වක්ඛති, කො තෙන සද්ධිං අඩ්ඩං කරිස්සති. අම්බට්ඨො අත්තනා බද්ධං පුටකං අත්තනාව මොචෙතූ”ති අත්තානං පරිමොචෙත්වා තස්සෙව උපරි ඛිපන්තා – “සුජාතො ච භො ගොතමා”තිආදිමාහංසු.
අථඛො භගවා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘ඉදින් මේ මාණවකයෝ මෙහි හිඳ මෙසේ උස්හඬ නගන්නෝ නම් මොහු කථාවේ කෙළවරකට නොයන්නෝය. දැන් මොවුන් නිශ්ශබ්ද කොට අම්බට්ඨ සමගම කථාකරමියි ඒ මාණවකයන්ට මෙසේ කී සේක. එහි මන්තව්හො යනු මන්ත්‍රණය කරවූ. මයා සද්ධිං මන්තෙතු යනු මා සමග කථා කරනු. මෙසේ කීකල්හි මාණවකයෝ මෙසේ සිතූහ. ‘අමබට්ඨ දාසී පුත්රයෙකැයි කී කල්හි නැවත හිස ඔසවන්ට නොහැකි විය. මේ ජාතිය දැනගැනීම අපහසුය. ඉදින් ශ්‍රමණ ගෞතමයන් ඔබ දාසයෙකැයි තවත් වරක් කිවහොත් කවරෙක් නම් ඔහු සමග තර්ක කරන්නේද? අම්බට්ඨ තමා විසින්ම බැඳගන්නා ලද පොදිය තමා විසින්ම ලිහා ගත්තා වේයි තමන් මිදී ඔහු මතට දමන්නාහු සුජාතො වත භො ගොතමා ආදිය කීහ.
සහධම්මිකොති සහෙතුකො සකාරණො. අකාමා බ්යාකාතබ්බොති අත්තනා අනිච්ඡන්තෙනපි බ්යාකරිතබ්බො, අවස්සං විස්සජ්ජෙතබ්බොති අත්ථො. අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සසීති අඤ්ඤෙන වචනෙන අඤ්ඤං වචනං පටිචරිස්සසි අජ්ඣොත්ථරිස්සසි, පටිච්ඡාදෙස්සසීති අත්ථො. යො හි “කිං ගොත්තො ත්ව”න්ති එවං පුට්ඨො – “අහං තයො වෙදෙ ජානාමී”තිආදීනි වදති, අයං අඤ්ඤෙන අඤ්ඤං පටිචරති නාම. පක්කමිස්සසි වාති පුච්ඡිතං පඤ්හං ජානන්තොව අකථෙතුකාමතාය උට්ඨායාසනා පක්කමිස්සසි වා.
සහධම්මිකා යනු සහේතුක සකාරණ. අකාමා ව්යාකාතබ්බො යනු තමා අකමැති වුවත් ප්‍රකාශ කළ යුතුය. අවශ්‍යයෙන්ම විසඳාලිය යුතුය යන අර්ථයි. අඤ්ඤෙනවා අඤ්ඤං පටිචරිස්සසි යනු වෙනත් වචනයකින් හෝ වෙනත් වචනයක් වළක්වන්නේය. ආවරණය කරන්නේය. වසා දමන්නේය යන අර්ථයි. යමෙක් ‘ඔබ කවර ගෝත්‍ර ඇත්තෙහිදැයි අසන ලද්දේ ‘මම ත්රිවේදය දනිමි’ආදි කියන්නේ නම් මෙය වෙනකකින් වෙනෙකක් වසයි නම් වේ. පක්කමිස්සසි වා යනු අසන ලද ප්රශ්නය දන්නේම නොකියනු කැමති බැවින් හුනස්නෙන් නැගිට හෝ යන්නේය.
තුණ්හී අහොසීති සමණො ගොතමො මං සාමංයෙව දාසිපුත්තභාවං කථාපෙතුකාමො, සාමං කථිතෙ ච දාසො නාම ජාතොයෙව හොති. අයං පන ද්වතික්ඛත්තුං චොදෙත්වා තුණ්හී භවිස්සති, තතො අහං පරිවත්තිත්වා පක්කමිස්සාමීති චින්තෙත්වා තුණ්හී අහොසි.
තුණ්හී අහොසි යනු ශ්‍රමණ ගෞතම තෙමේ මා ලවා හොඳින්ම දාසිපුත්‍ර භාවය කියවනු කැමැත්තේ හොඳින්ම කියන ලද්දේ දාසයෙක්ම වූයේ වෙයි. මෙය දෙතුන්වරක් චෝදනා කොට නිහඬ වන්නේය. මම එයින් හැරී ආපසු යන්නෙමියි සිතා නිහඬව සිටියේය.
වජිරං පාණිම්හි අස්සාති වජිරපාණි. යක්ඛොති න යො වා සො වා යක්ඛො, සක්කො දෙවරාජාති වෙදිතබ්බො. ආදිත්තන්ති අග්ගිවණ්ණං. සම්පජ්ජලිතන්ති සුට්ඨු පජ්ජලිතං. සජොතිභූතන්ති සමන්තතො ජොතිභූතං, එකග්ගිජාලභූතන්ති අත්ථො. ඨිතො හොතීති මහන්තං සීසං, කන්දලමකුළසදිසා දාඨා භයානකානි අක්ඛිනාසාදීනි එවං විරූපරූපං මාපෙත්වා ඨිතො.
අතෙහි වජ්‍රය ඔහුගේ නුයි = වජිරපාණී. යක්ඛො යනු යක්ෂයා ඕනෑ කෙනෙක් වේවා, ශක්රදේවරාජයා යයි දතයුතුය. ආදිත්තං යනු අග්නිවර්ණ. සම්පජ්ජලිතං යනු මැනැවින් දැල්වුණු. සජොති භූතං යනු හාත්පසින් ජෝතිමත් වූ. එකම ගිනි ජාලාවක් වූ යන අර්ථයි. ඨිතො හොති යනු නෙළුම් පොහොට්ටු වැනි දළ ඇති, භයානක ඇස් නාසා ආදිය ඇති මෙසේ විරූපී රූපයක් මවා සිටියේ.
කස්මා පනෙස ආගතොති? දිට්ඨිවිස්සජ්ජාපනත්ථං. අපි ච – “අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යු”න්ති එවං ධම්මදෙසනාය අප්පොස්සුක්කභාවං ආපන්නෙ භගවති සක්කො මහාබ්රහ්මුනා සද්ධිං ආගන්ත්වා – “භගවා ධම්මං දෙසෙථ, තුම්හාකං ආණාය අවත්තමානෙ මයං වත්තාපෙස්සාම, තුම්හාකං ධම්මචක්කං හොතු, අම්හාකං ආණාචක්ක”න්ති පටිඤ්ඤං අකාසි. තස්මා – “අජ්ජ අම්බට්ඨං තාසෙත්වා පඤ්හං විස්සජ්ජාපෙස්සාමී”ති ආගතො.
මොහු කුමක් නිසා පැමිණියේද? දෘෂ්ටිය අත්හැරවීම පිණිස. තව ද, ‘මම ධර්මය දේශනා කරන්නෙමි. අන්‍යයෝ මා නොහඳුනා ගනිත්වා’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ අල්ප උත්සුක භාවයක් උපන් කල්හි, ශක්‍රයා මහා බ්‍රහ්මයා සමග අවුත් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක්වා, ඔබවහන්සේගේ අණ නොපවත්නා කල්හි අපි අණ පවත්වන්නෙමුයි ප්‍රතිඥා කළේය. ඒ නිසා ‘අද අම්බට්ඨයා බයකොට ප්‍රශ්න විසඳාලන්නෙමියි ආයේය.
භගවා චෙව පස්සති අම්බට්ඨො චාති යදි හි තං අඤ්ඤෙපි පස්සෙය්යුං, තං කාරණං අගරු අස්ස, “අයං සමණො ගොතමො අම්බට්ඨං අත්තනො වාදෙ අනොතරන්තං ඤත්වා යක්ඛං ආවාහෙත්වා දස්සෙසි, තතො අම්බට්ඨො භයෙන කථෙසී”ති වදෙය්යුං. තස්මා භගවා චෙව පස්සති අම්බට්ඨො ච. තස්ස තං දිස්වාව සකලසරීරතො සෙදා මුච්චිංසු. අන්තොකුච්ඡි විපරිවත්තමානා මහාරවං විරවි. සො “අඤ්ඤෙපි නු ඛො පස්සන්තී”ති ඔලොකෙන්තො කස්සචි ලොමහංසමත්තම්පි නාද්දස. තතො – “ඉදං භයං මමෙව උප්පන්නං, සචාහං යක්ඛොති වක්ඛාමි, ‘කිං තවමෙව අක්ඛීනි අත්ථි, ත්වමෙව යක්ඛං පස්සසි, පඨමං යක්ඛං අදිස්වා සමණෙන ගොතමෙන වාදසඞ්ඝට්ටෙ පක්ඛිත්තොව යක්ඛං පස්සසී’ති වදෙය්යු”න්ති චින්තෙත්වා “න දානි මෙ ඉධ අඤ්ඤං පටිසරණං අත්ථි, අඤ්ඤත්ර සමණා ගොතමා”ති මඤ්ඤමානො අථ ඛො අම්බට්ඨො මාණවො…පෙ… භගවන්තං එතදවොච.
භගවා චෙව පස්සති අම්බට්ඨොවා යනු ඉදින් ඔහු අන්‍යයෝද දකිත් නම් ඒ කරුණ අගෞරවයක් වනු ඇත. ශ්‍රමණ ගෞතමයෝ අම්බට්ඨ තමාගේ තම වාදයෙහි බැස නොගන්නා බව දැන යක්ෂයකු කැඳවා දැක්වූහ. ඉන්පසු අම්බට්ඨ බියෙන් කීවේ යයි කියන්නාහුය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේද අම්බට්ඨද ඔහු දකිතියි බලන්නේ කිසිවකුගේ රෝමෝද්ගමනයක් වත් නොදැක්කේය. ‘මේ බිය මටම උපන්නේය. ඉදින් මම යක්ෂයෙක්මයි කියම් නම්, ඇස් ඇත්තේ ඔබට පමණක්ද? ඔබම යක්ෂයා දක්නෙහි, පළමුව යක්ෂයා නොදැක ශ්‍රමණ ගෞතමයන් විසින් වාද ගැටය දැමූ කල්හිම යක්ෂයා දක්නෙහි යයි කියන්නාහු යයි සිතා ‘දැන් මට මෙහි ශ්‍රමණ ගෞතමයන් හැර අන් සරණක් නැතැයි හඟින්නේ අථඛො අම්බට්ඨො මාණවො -පෙ- භගවන්තං එතදවොච ඉක්බිති අම්බට්ඨ මාණවයා -පෙ- භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
තාණං ගවෙසීති තාණං ගවෙසමානො. ලෙණං ගවෙසීති ලෙණං ගවෙසමානො. සරණං ගවෙසීති සරණං ගවෙසමානො. එත්ථ ච තායති රක්ඛතීති තාණං. නිලීයන්ති එත්ථාති ලෙණං. සරතීති සරණං, භයං හිංසති, විද්ධංසෙතීති අත්ථො. උපනිසීදිත්වාති උපගම්ම හෙට්ඨාසනෙ නිසීදිත්වා. බ්රවිතූති වදතු.
තාණගවෙසී යනු ආරක්ෂක ස්ථානයයි සොයන්නේ, ලෙන ගවෙසී යනු සෙවනක් සොයන්නේ, සරණගවෙසී යනු පිහිටයයි සොයන්නේ. මෙහි බේරාගනියි. රකීනුයි = තාණං මෙහි සැඟවෙනුයි = ලෙණං. සිහිකරානුයි = සරණං. බිය ඉවත්කරයි. විනාශ කරයි යන අර්ථයි. උපනිසීදිත්වා යනු ළඟට පැමිණ පහත් අසුනක හිඳ, බ්රෑවෙතු = කියනු මැනවි.
අම්බට්ඨවංසකථා
දක්ඛිණජනපදන්ති දක්ඛිණාපථොති පාකටං. ගඞ්ගාය දක්ඛිණතො පාකටජනපදං. තදා කිර දක්ඛිණාපථෙ බහූ බ්රාහ්මණතාපසා හොන්ති, සො තත්ථ ගන්ත්වා එකං තාපසං වත්තපටිපත්තියා ආරාධෙසි. සො තස්ස උපකාරං දිස්වා ආහ – “අම්භො, පුරිස, මන්තං තෙ දෙමි, යං ඉච්ඡසි, තං මන්තං ගණ්හාහී”ති. සො ආහ – “න මෙ ආචරිය, අඤ්ඤෙන මන්තෙන, කිච්චං අත්ථි, යස්සානුභාවෙන ආවුධං න පරිවත්තති, තං මෙ මන්තං දෙහී”ති. සො – “භද්‍රං, භො”ති තස්ස ධනුඅගමනීයං අම්බට්ඨං නාම විජ්ජං අදාසි, සො තං විජ්ජං ගහෙත්වා තත්ථෙව වීමංසිත්වා – “ඉදානි මෙ මනොරථං පූරෙස්සාමී”ති ඉසිවෙසං ගහෙත්වා ඔක්කාකස්ස සන්තිකං ගතො. තෙන වුත්තං – “දක්ඛිණජනපදං ගන්ත්වා බ්රහ්මමන්තෙ අධීයිත්වා රාජානං ඔක්කාකං උපසඞ්කමිත්වා”ති.
දක්ඛිණ ජනපදං යනු දක්ෂිණාපථයයි ප්‍රකට වූ ගංගාවෙන් දකුණෙහි ප්‍රකට ජනපදය. එකල්හි දක්ෂිණාපථයෙහි බොහෝ තවුසෝ වෙති. හෙතෙමේ එහි ගොස් එක් තවුසකු වත්පිළිවෙතින් සතුටු කරවීය. හේ ඔහුගේ උපකාරය දැක මෙසේ ඇසීය. ‘පින්වත් පුරුෂය, මන්ත්‍රය දෙමි. කැමතිනම් ඒ මන්ත්‍රය ගනුව’හේ මෙසේ කීය. ‘ගුරුතුමනි, මට අන් මන්ත්‍රයකින් වැඩක් නැත. යම් මන්ත්‍රයකින් ආයුධයක් නොවැදේද ඒ මන්ත්‍රය දෙන්න. හෙතෙමේ ‘මැනවි පින්වතැයි ඔහු දුනු නොවදින අම්බට්ඨ නම් විද්‍යාව දුන්නේය. හේ ඒ විද්‍යාව උගෙන එහිදීම පරීක්ෂා කොට ‘දැන් මාගේ මනදොළ පුරවන්නෙමියි සෘෂි වෙස් ගෙන ඔක්කාක සමීපයට පැමිණියේය. එහෙයින් කියන ලදී. දක්ඛිණ ජනපදං ගන්ත්වා බ්රහ්මෙ මන්තෙ අධියිත්වා රාජානං ඔක්කාකං උපසංකමිත්වා යනුවෙන්.
එත්ථ බ්රහ්මමන්තෙති ආනුභාවසම්පන්නතාය සෙට්ඨමන්තෙ. කො නෙවං’රෙ අයං මය්හං දාසිපුත්තොති කො නු එවං අරෙ අයං මම දාසිපුත්තො. සො තං ඛුරප්පන්ති සො රාජා තං මාරෙතුකාමතාය සන්නහිතං සරං තස්ස මන්තානුභාවෙන නෙව ඛිපිතුං න අපනෙතුං සක්ඛි, තාවදෙව සකලසරීරෙ සඤ්ජාතසෙදො භයෙන වෙධමානො අට්ඨාසි.
එහි බ්රහ්මමන්තෙ ආනුභාව ඇති බැවින් ශ්‍රේෂ්ඨ මන්ත්‍රය. කොනෙවරෙ මයං දාසි පුත්තො යනු කොල්ලනි, මාගේ දාසි පුත්‍රයා කවරෙක්ද? හෙතෙමේ ඒ රජු මරනු කැමති බැවින් මෑනූ හීය ඔහුගේ මන්ත්රානුභාවයෙන්ම විදීමටද ඉවත් කිරීමටද නොහැකි විය. එකෙණෙහි සිරුර පුරා හටගත් දහදිය ඇත්තේ බියෙන් වෙව්ලමින් සිටියේය.
අමච්චාති මහාමච්චා. පාරිසජ්ජාති ඉතරෙ පරිසාවචරා. එතදවොචුන්ති – “දණ්ඩකීරඤ්ඤො කිසවච්ඡතාපසෙ අපරද්ධස්ස ආවුධවුට්ඨියා සකලරට්ඨං විනට්ඨං. නාළිකෙරො පඤ්චසු තාපසසතෙසු අජ්ජුනො ච අඞ්ගීරසෙ අපරද්ධො පථවිං භින්දිත්වා නිරයං පවිට්ඨො”ති චින්තයන්තා භයෙන එතං සොත්ථි, භද්දන්තෙතිආදිවචනං අවොචුං.
අමච්චා යනු මහ ඇමතියෝ. පාරිසජ්ජා යනු ඉතිරි පිරිස සමග ගැවසෙන්නෝ. එතදවොචුං යනු කිසවච්ඡ තවුසාට අපරාධ කළ දණ්ඩකී රජුගේ ආයුධ වැස්සෙන් මුළුරට නැසුනේය. අංගීරස ඍෂිවරයාටද අපරාධ කොට පොළොව බිඳී නිරයට පිවිසියේ යයි සිතන්නාහු බියෙන් ‘එතං සොත්ථි භදන්තෙ යනාදි වචන කීහ.
සොත්ථි භවිස්සති රඤ්ඤොති ඉදං වචනං කණ්හො චිරං තුණ්හී හුත්වා තතො අනෙකප්පකාරං යාචීයමානො – “තුම්හාකං රඤ්ඤා මාදිසස්ස ඉසිනො ඛුරප්පං සන්නය්හන්තෙන භාරියං කම්මං කත”න්තිආදීනි ච වත්වා පච්ඡා අභාසි. උන්ද්රියිස්සතීති භිජ්ජිස්සති, ථුසමුට්ඨි විය විප්පකිරියිස්සතීති. ඉදං සො “ජනං තාසෙස්සාමී”ති මුසා භණති. සරසන්ථම්භනමත්තෙයෙව හිස්ස විජ්ජාය ආනුභාවො, න අඤ්ඤත්ර. ඉතො පරෙසුපි වචනෙසු එසෙව නයො.
සොත්ථි භවිස්සති රඤ්ඤො යනු කණ්හ බොහෝ වේලාවක් නිහඬව සිට ඉන්පසු නොයෙක් ආකාරයෙන් අයැදිනු ලබන්නේ ‘අප වැනි ඍෂිවරයකුට ඊතලය මානන ඔබගේ රජු විසින් බැරෑරුම් කාර්යයක් කරන ලද්දේ යැයි ආදිය කිය පසුව කීය. උද්රියිස්සති යනු බිඳෙන්නේය. දහයියා මිටක් මෙන් විසිරී යන්නේය. මෙය ඔහු ජනයා බය කරන්නෙමියි. මුසා කියයි. ඔහුගේ විද්‍යාවෙහි ආනුභාවය ඊතල නවතන මන්ත්‍රයෙහි මිස අන්තැනක නොවේ. මින් පසුව එන වචනවල මේ ක්‍රමයමැයි.
පල්ලොමොති පන්නලොමො. ලොමහංසනමත්තම්පිස්ස න භවිස්සති. ඉදං කිර සො “සචෙ මෙ රාජා තං දාරිකං දස්සතී”ති පටිඤ්ඤං කාරෙත්වා අවච. කුමාරෙ ඛුරප්පං පතිට්ඨපෙසීති තෙන “සරො ඔතරතූ”ති මන්තෙ පරිවත්ති, තෙ කුමාරස්ස නාභියං පතිට්ඨපෙසි. ධීතරං අදාසීති සීසං ධොවිත්වා අදාසං භුජිස්සං කත්වා ධීතරං අදාසි, උළාරෙ ච තං ඨානෙ ඨපෙසි. මා ඛො තුම්හෙ මාණවකාති ඉදං පන භගවා – “එකෙන පක්ඛෙන අම්බට්ඨො සක්යානං ඤාති හොතී”ති පකාසෙන්තො තස්ස සමස්සාසනත්ථං ආහ. තතො අම්බට්ඨො ඝටසතෙන අභිසිත්තො විය පස්සද්ධදරථො හුත්වා සමස්සාසෙත්‍වා සමණො ගොතමො මං “තොසෙස්සාමී”ති එකෙන පක්ඛෙන ඤාතිං කරොති, ඛත්තියො කිරාහමස්මී”ති චින්තෙසි.
පල්ලොමො යනු පියාපතෙහි ලොම් රෝමෝද්ගමන මාත්‍රයක් වන්නේය. මෙය ඔහු ‘ඉදින් රජතුමා ඒ දැරිය දෙන්නේ යයි ප්‍රතිඥාවක් කොට කීය. කුමාර ඛුරප්පං පතිට්ඨාපෙසි යනු එහි ඊතලය බසීවායි මන්ත්‍ර පිරිවැහු කල්හි කුමාරයාගේ නාභියෙහි පිහිටුවීය. ධීතරං අදාසි යනු හිස් සෝදා මුහුණ බලන කණ්ණාඩිය මෙන් පිරිසිදු කොට දුව දුන්නේය. ඔහු උසස් තැනකද තැබීය. මා ඛො තුම්හෙ මාණවකා යනු මෙය භාග්‍යවතුන් වහන්සේ එක් පසෙකින් අම්බට්ඨ ශාක්‍යයන්ගේ ඥාතියෙක් වෙමියි ප්‍රකාශ කරන සේක් ඔහු අස්වසනු පිණිස කී සේක. ඉන්පසු අම්බට්ඨ දිය කළ සියයකින් අභිෂේක කළාක් මෙන් සංසුන් වූ දාහ ඇත්තේව අස්වසා ‘ශ්‍රමණ ගෞතම තෙමේ මා නොනසන්නෙමියි එක් පසකින් ඥාතියකු කරයි. මම ක්ෂත්රියයෙක්මි’යි සිතීය.
ඛත්තියසෙට්ඨභාවවණ්ණනා
අථ ඛො භගවා – “අයං අම්බට්ඨො ඛත්තියොස්මී”ති සඤ්ඤං කරොති, අත්තනො අඛත්තියභාවං න ජානාති, හන්ද නං ජානාපෙස්සාමීති ඛත්තියවංසං දස්සෙතුං උත්තරිදෙසනං වඩ්ඪෙන්තො – “තං කිං මඤ්ඤසි අම්බට්ඨා”තිආදිමාහ. තත්ථ ඉධාති ඉමස්මිං ලොකෙ. බ්රාහ්මණෙසූති බ්රාහ්මණානං අන්තරෙ. ආසනං වා උදකං වාති අග්ගාසනං වා අග්ගොදකං වා. සද්ධෙති මතකෙ උද්දිස්ස කතභත්තෙ. ථාලිපාකෙති මඞ්ගලාදිභත්තෙ. යඤ්ඤෙති යඤ්ඤභත්තෙ. පාහුනෙති පාහුනකානං කතභත්තෙ පණ්ණාකාරභත්තෙ වා. අපි නුස්සාති අපි නු අස්ස ඛත්තියපුත්තස්ස. ආවටං වා අස්ස අනාවටං වාති, බ්රාහ්මණකඤ්ඤාසු නිවාරණං භවෙය්ය වා නො වා, බ්රාහ්මණදාරිකං ලභෙය්ය වා න වා ලභෙය්යාති අත්ථො. අනුපපන්නොති ඛත්තියභාවං අපත්තො, අපරිසුද්ධොති අත්ථො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මේ අම්බට්ඨ ක්ෂත්රිය වෙමියි සංඥාවක් කරයි. තමාගේ ක්ෂත්රිය බව නොදනී. දැන් ඔහු දන්වාලමියි ක්ෂත්රිය වංශය දක්වන්ට තවදුරටත් දේශනාව වර්ධනය කරමින් තං කිං මඤ්ඤසි අම්බට්ඨ ආදිය කී සේක. එහි ඉධ යනු මේ ලෝකයෙහි. බ්රාහ්මණෙසු යනු බමුණන් අතර ආසනංවා උදකංවා යනු අග්‍ර ආසනය හෝ අග්‍රෝදකය හෝ. සද්ධෙ මළවුන් උදෙසා කළ බතෙහි. ථාලිපාකෙ මගුල් ආදියෙහිදී දෙන බතෙහි යඤ්ඤෙ යනු යාග බතෙහි. පාහුනෙ යනු ආගන්තුකයන් සඳහා කළ බතෙහි. පඬුරු බතෙහි හෝ. අපිනුස්ස යනු මේ ක්ෂත්රිය පුත්‍රයාට නොවේද. ආවාටංවා අස්ස අනාවටංවා යනු බ්‍රාහ්මණ කන්‍යාවන් කෙරෙහි වැළැක්වීමක් වේවා හෝ නොවේවා. බ්‍රාහ්මණ දැරිය ලැබේවා හෝ නොලැබේවා හෝ යන අර්ථයි. අනුප්පත්තො යනු ක්ෂත්රිය භාවයට නොපැමිණේ. අපිරිසිදු යන අර්ථයි.
ඉත්ථියා වා ඉත්ථිං කරිත්වාති ඉත්ථියා වා ඉත්ථිං පරියෙසිත්වා. කිස්මිඤ්චිදෙව පකරණෙති කිස්මිඤ්චිදෙව දොසෙ බ්රාහ්මණානං අයුත්තෙ අකත්තබ්බකරණෙ. භස්සපුටෙනාති භස්මපුටෙන, සීසෙ ඡාරිකං ඔකිරිත්වාති අත්ථො.
ඉත්ථියාවා ඉත්ථිං කරිත්වා යනු ස්ත්‍රියක විසින් ස්ත්‍රිය පරීක්ෂා කොට කිස්මිංවි දෙව පකරණෙ යනු [missing trans]
ජනෙතස්මින්ති ජනිතස්මිං, පජායාති අත්ථො. යෙ ගොත්තපටිසාරිනොති යෙ ජනෙතස්මිං ගොත්තං පටිසරන්ති – “අහං ගොතමො, අහං කස්සපො”ති, තෙසු ලොකෙ ගොත්තපටිසාරීසු ඛත්තියො සෙට්ඨො. අනුමතා මයාති මම සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දිත්වා දෙසිතා මයා අනුඤ්ඤාතා.
[missing trans] යම් කෙනෙක් ඔහු කෙරෙහි ගෝත්‍රය විමසත්ද ‘මම ගෞතමය, මම කාශ්‍යපය යනුවෙන්. ලෝකයෙහි ගෝත්‍ර විමසන්නවුන් අතර ක්ෂත්රියයා ශ්‍රේෂ්ඨය. අනුමතා මයා යනු මාගේ සර්වඥතා ඥානය සමග සන්සන්දනය කොට දේශනා කරන ලද්දේ යයි මා විසින් අනුදන්නා ලද්දේය.
පඨමභාණවාරවණ්ණනා නිට්ඨිතා.
විජ්ජාචරණකථාවණ්ණනා
ඉමාය පන ගාථාය විජ්ජාචරණසම්පන්නොති ඉදං පදං සුත්වා අම්බට්ඨො චින්තෙසි – “විජ්ජා නාම තයො වෙදා, චරණං පඤ්ච සීලානි, තයිදං අම්හාකංයෙව අත්ථි, විජ්ජාචරණසම්පන්නො චෙ සෙට්ඨො, මයමෙව සෙට්ඨා”ති නිට්ඨං ගන්ත්වා විජ්ජාචරණං පුච්ඡන්තො – “කතමං පන තං, භො ගොතම, චරණං, කතමා ච පන සා විජ්ජා”ති ආහ. අථස්ස භගවා තං බ්රාහ්මණසමයෙ සිද්ධං ජාතිවාදාදිපටිසංයුත්තං විජ්ජාචරණං පටික්ඛිපිත්වා අනුත්තරං විජ්ජාචරණං දස්සෙතුකාමො – “න ඛො අම්බට්ඨා”තිආදිමාහ. තත්ථ ජාතිවාදොති ජාතිං ආරබ්භ වාදො, බ්රාහ්මණස්සෙවිදං වට්ටති, න සුද්දස්සාතිආදි වචනන්ති අත්ථො. එස නයො සබ්බත්ථ. ජාතිවාදවිනිබද්ධාති ජාතිවාදෙ විනිබද්ධා. එස නයො සබ්බත්ථ.
මේ ගාථාවෙහි විජ්ජාචරණ සම්පන්නො යනු මේ පදය අසා අම්බට්ඨ මෙසේ සිතීය. විද්‍යාව නම් ත්රිවිද්යාවයි. චරණය පංචශීලයයි. එය අපටද ඇත. ඉදින් විජ්ජාචරණ නම් ශ්‍රේෂ්ඨය. අපිම ශ්‍රේෂ්ඨයෝය. යයි නිෂ්ඨාවට ගොස් විජ්ජාචරණං අසන්නේ ‘කතමං හො ගොතම චරණං කතමාසා විජ්ජා යයි ඇසීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු බමුණ එය සාමය සිද්ධ. ජාතිවාද ආදියෙන් යුක්ත විජ්ජාචරණය ප්‍රතික්ෂේප කොට විජ්ජාචරණය දෙසනු කැමති සේක් නඛො අම්බට්ඨ ආදිය කී සේක. එහි ජාතිවාදො යනු ජාතිය අරභයා වූ වාදය. බ්‍රාහ්මණයාටම මෙය වටී ශුද්‍රයාට නොවේ යන ආදි වචනය යන අර්ථයි. සියලු තැන මේ ක්‍රමයයි. ජාතිවාද විනිබද්ධා යනු ජාතිවාදයෙහි බැඳුණු සියලු තැන මේ ක්‍රමයයි.
තතො අම්බට්ඨො – “යත්ථ දානි මයං ලග්ගිස්සාමාති චින්තයිම්හ, තතො නො සමණො ගොතමො මහාවාතෙ ථුසං ධුනන්තො විය දූරමෙව අවක්ඛිපි. යත්ථ පන මයං න ලග්ගාම, තත්ථ නො නියොජෙසි. අයං නො විජ්ජාචරණසම්පදා ඤාතුං වට්ටතී”ති චින්තෙත්වා පුන විජ්ජාචරණසම්පදං පුච්ඡි. අථස්ස භගවා සමුදාගමතො පභුති විජ්ජාචරණං දස්සෙතුං – “ඉධ අම්බට්ඨ තථාගතො”තිආදිමාහ.
ඉන්පසු අම්බට්ඨ ‘අපි දැන් කොතැනක ඇලෙන්නෙමුදැ’යි සිතුවෙමු ඉන්පසු ශ්‍රමණ ගෞතම තෙමේ අප මහා වාතයෙහි දහයියා පොළන්නාක් මෙන් දුරට විසිකළේය. යම්තැනක අපි (එහි අප නියෝජනය කළේය) නොඇලුනෝ වෙමුද, අප විජ්ජාචරණ සම්පදාව දැනගන්ට වටී යයි සිතා නැවත විජ්ජාචරණය ඇසීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පිළිගත් තැන පටන් විජ්ජා චරණය දක්වන්ට ඉධ අම්බට්ඨ තථාගතො ආදිය කී සේක.
එත්ථ ච භගවා චරණපරියාපන්නම්පි තිවිධං සීලං විභජන්තො “ඉදමස්ස හොති චරණස්මි”න්ති අනිය්යාතෙත්වා “ඉදම්පිස්ස හොති සීලස්මි”න්ති සීලවසෙනෙව නිය්යාතෙසි. කස්මා? තස්සපි හි කිඤ්චි කිඤ්චි සීලං අත්ථි, තස්මා චරණවසෙන නිය්යාතියමානෙ “මයම්පි චරණසම්පන්නා”ති තත්ථ තත්ථෙව ලග්ගෙය්‍ය. යං පන තෙන සුපිනෙපි න දිට්ඨපුබ්බං, තස්සෙව වසෙන නිය්යාතෙන්තො පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පිස්ස හොති චරණස්මිං…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, ඉදම්පිස්ස හොති චරණස්මින්තිආදිමාහ. එත්තාවතා අට්ඨපි සමාපත්තියො චරණන්ති නිය්යාතිතා හොන්ති, විපස්සනා ඤාණතො පන පට්ඨාය අට්ඨවිධාපි පඤ්ඤා විජ්ජාති නිය්යාතිතා.
මෙහි භාග්‍යවතුන් වහන්සේ චරණයට ඇතුළත් ත්‍රිවිධ ශීලය බෙදන සේක් ‘චරණයෙහි මෙය වෙයි’යයි නොපවරා ඉදම්පිස්ස හොති චරණස්මිං යනුවෙන් ශීල වශයෙන්ම පවරා දුන් සේක. කුමක් නිසාද? කස්මා ඔහුටද කිසියම් ශීලයක් ඇත. එහෙයින් චරණ වශයෙන්ම පවරාදෙනු ලබන කල්හි ‘අපිද චරණ සම්පන්න යයි’ඒ ඒ තැනට ලබන්නේය. යමක් ඔහු සිහිනෙන් පවා නුදුටුවිරූද, එහි වශයෙන්ම පවරා දෙන සේක් පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, ඉදං පිස්ස හොති චරණස්මිං -පෙ-චතුජ්ත්ථඣානං උපසම්පජ්ජ විහරති ඉදම්පිස්ස හොති චරණස්මිං යි කී සේක. එපමණකින් අටසමවත් චරණ යයි පවරා දෙන ලද්දේ වෙයි. විදර්ශනා ඥානයෙහි පටන් අටවැදෑරුම් ප්‍රඥාව විද්‍යාව යයි පවරා දෙන ලදී.
චතුඅපායමුඛකථාවණ්ණනා
අපායමුඛානීති විනාසමුඛානි. අනභිසම්භුණමානොති අසම්පාපුණන්තො, අවිසහමානො වා. ඛාරිවිධමාදායාති එත්ථ ඛාරීති අරණී කමණ්ඩලු සුජාදයො තාපසපරික්ඛාරා. විධොති කාජො. තස්මා ඛාරිභරිතං කාජමාදායාති අත්ථො. යෙ පන ඛාරිවිවිධන්ති පඨන්ති, තෙ “ඛාරීති කාජස්ස නාමං, විවිධන්ති බහුකමණ්ඩලුආදිපරික්ඛාර”න්ති වණ්ණයන්ති. පවත්තඵලභොජනොති පතිතඵලභොජනො. පරිචාරකොති කප්පියකරණපත්තපටිග්ගහණපාදධොවනාදිවත්තකරණවසෙන පරිචාරකො. කාමඤ්ච ගුණාධිකොපි ඛීණාසවසාමණෙරො පුථුජ්ජනභික්ඛුනො වුත්තනයෙන පරිචාරකො හොති, අයං පන න තාදිසො ගුණවසෙනපි වෙය්යාවච්චකරණවසෙනපි ලාමකොයෙව.
අපායමුඛානි යනු විනාශ මුඛ. අනභිසම්භුණමානො යනු නොපැමිණෙන්නේ. නොඉවසන්නේ හෝ. බාරිවිධ මාදාය යනු ගිනිගල කෙණ්ඩිය ඊතල ආදී තවුස් පිරිකර, විධ යනු කඳයි. ඒ නිසා තවුස් පිරිකර ආදියෙන් බර වූ කද ගෙන යන අර්ථයි. යමෙක් බාරි විවිධං යයි හදාරත්ද. ඔවුහු බාරී යනු කදට නමැයිද, විවිධං යනු බොහෝ කෙණ්ඩි ආදී පිරිකර යයි වර්ණනා කරත්. පවත්තඵල භොජනො යනු වැටුණු ගෙඩි ආහාරයට ගන්නේ, පරිචාරිකො යනු කැප දේ කරන, පාත්‍රය පිළිගන්නා, පා දෙවීම ආදී වත් කිරීම් වශයෙන් සේවාකව් කරන්නේ, ස්වභාවයෙන් ම ගුණාධික වූ ක්ෂීණාශ්රව සාමණේරයන් වහන්සේ පෘථග්ජන භික්ෂුවට කියූ ක්‍රමයෙන්ම පරිවාරකයෙක් වෙයි. මොහු එවැන්නෙක් නොවේ. ගුණ වශයෙන් වතාවත් කිරිම් වශයෙන්ද ලාමකයෙක්මය.
කස්මා පන තාපසපබ්බජ්ජා සාසනස්ස විනාසමුඛන්ති වුත්තාති? යස්මා ගච්ඡන්තං ගච්ඡන්තං සාසනං තාපසපබ්බජ්ජාවසෙන ඔසක්කිස්සති. ඉමස්මිඤ්හි සාසනෙ පබ්බජිත්වා තිස්සො සික්ඛා පූරෙතුං අසක්කොන්තං ලජ්ජිනො සික්ඛාකාමා – “නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති ජිගුච්ඡිත්වා පරිවජ්ජෙන්ති. සො “දුක්කරං ඛුරධාරූපමං සාසනෙ පටිපත්තිපූරණං දුක්ඛං, තාපසපබ්බජ්ජා පන සුකරා චෙව බහුජනසම්මතා චා”ති විබ්භමිත්වා තාපසො හොති. අඤ්ඤෙ තං දිස්වා – “කිං තයා කත”න්ති පුච්ඡන්ති. සො – “භාරියං තුම්හාකං සාසනෙ කම්මං, ඉධ පන සඡන්දචාරිනො මය”න්ති වදති. සොපි, යදි එවං අහම්පි එත්ථෙව පබ්බජාමීති තස්ස අනුසික්ඛන්තො තාපසො හොති. එවමඤ්ඤෙපි අඤ්ඤෙපීති කමෙන තාපසාව බහුකා හොන්ති. තෙසං උප්පන්නකාලෙ සාසනං ඔසක්කිතං නාම භවිස්සති. ලොකෙ එවරූපො බුද්ධො නාම උප්පජ්ජි, තස්ස ඊදිසං නාම සාසනං අහොසීති සුතමත්තමෙව භවිස්සති. ඉදං සන්ධාය භගවා තාපසපබ්බජ්ජං සාසනස්ස විනාසමුඛන්ති ආහ.
කුමක් හෙයින් තවුස් පැවිද්ද ශාසනයාගේ විනාශමුඛ යයි කියන ලද්දේද, සසුන කල්යත් යත්ම තවුස් පැවිද්ද වශයෙන් පිරිහෙන්නේය. මේ සසුනෙහි පැවිදිව ශික්ෂාත්රය පුරන්ට නොහැකි වන්නහු ලජ්ජා ශික්ෂාකාමී භික්ෂූහු ‘ඔබ සමග උපෝසථයක්වත් පවාරණයක්වත් සංඝ කර්මයක්වත් නැතැයි පිළිකුල් කොට අත්හැර දමති. හෙතෙමේ සසුනෙහි ප්‍රතිපත්ති පිරිම දැලිපිහි මුවතක් වැනි දුෂ්කර වූවකි. තවුස් පැවිද්ද වනාහි සුකර වන්නාක් සේම බහුජන සම්මතයැයි සිවුරු හැර තාපසයෙක් වෙයි. අනිකා ඒ දැක ‘තා විසින් කරන ලද්දේ කුමක්දැයි අසයි. හේ සසුනෙහි ඔබගේ කාර්යය බරපතලය. මෙහි අපි කැමති සේ හැසිරෙන්නෝ වෙමුයි හෙතෙමේද ‘එසේනම් මම ද මෙහිම පැවිදි වෙමියි ඔහුට අනුව හික්මෙන්නේ තවුසෙක් වෙයි. මෙසේ අනිකෙක් අනිකෙක්දැයි ක්‍රමයෙන් තාපසයෝ බොහෝ වෙති. ඔවුන් උපන්කල ශාසනය පිරිහුණේ නම් වන්නේය. ලෝකයෙහි එබඳු බුදුවරයෙක් උපන්නේය. උන්වහන්සේගේ මෙබඳු සසුනක් වී යයි ඇසීම් මාත්‍රයක්ම වන්නේය. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ තවුස් පැවිද්ද ශාසනයාගේ විනාශ මුඛයයි කී සේක.
කුදාලපිටකන්ති කන්දමූලඵලග්ගහණත්ථං කුදාලඤ්චෙව පිටකඤ්ච. ගාමසාමන්තං වාති විජ්ජාචරණසම්පදාදීනි අනභිසම්භුණන්තො, කසිකම්මාදීහි ච ජීවිතං නිප්ඵාදෙතුං දුක්ඛන්ති මඤ්ඤමානො බහුජනකුහාපනත්ථං ගාමසාමන්තෙ වා නිගමසාමන්තෙ වා අග්ගිසාලං කත්වා සප්පිතෙලදධිමධුඵාණිතතිලතණ්ඩුලාදීහි චෙව නානාදාරූහි ච හොමකරණවසෙන අග්ගිං පරිචරන්තො අච්ඡති.
කුද්දාල පිටකං යනු කඳමුල් පල ගැනීම පිණිස උදැල්ලද පැසද ගම අසල්වැසි බව යන විජ්ජාචරණ සම්පදා ආදිය නොහැකි වන්නේ කෘෂිකර්ම ආදියෙන් ජීවිතය සාදාගැනීම දුකයයි හඟින්නේ, බොහෝදෙන රැවටීම පිණිස ගම අසල හෝ නියම්ගම අසල හෝ ගිනිහල් ගෙයක් කොට ගිතෙල් තෙල් දීකිරි මීපැණි තල සහල් ආදියෙන්ද නොයෙක් දරවලින්ද හෝම කිරීම් වශයෙන් ගිනි පුදන්නේ දවසරියි.
චතුද්වාරං අගාරං කරිත්වාති චතුමුඛං පානාගාරං කත්වා තස්ස ද්වාරෙ මණ්ඩපං කත්වා තත්ථ පානීයං උපට්ඨපෙත්වා ආගතාගතෙ පානීයෙන ආපුච්ඡති. යම්පිස්ස අද්ධිකා කිලන්තා පානීයං පිවිත්වා පරිතුට්ඨා භත්තපුටං වා තණ්ඩුලාදීනි වා දෙන්ති, තං සබ්බං ගහෙත්වා අම්බිලයාගුආදීනි කත්වා බහුතරං ආමිසගහණත්ථං කෙසඤ්චි අන්නං දෙති, කෙසඤ්චි භත්තපචනභාජනාදීනි. තෙහිපි දින්නං ආමිසං වා පුබ්බණ්ණාදීනි වා ගණ්හති, තානි වඩ්ඪියා පයොජෙති. එවං වඩ්ඪමානවිභවො ගොමහිංසදාසීදාසපරිග්ගහං කරොති, මහන්තං කුටුම්බං සණ්ඨපෙති. ඉමං සන්ධායෙතං වුත්තං – “චතුද්වාරං අගාරං කරිත්වා අච්ඡතී”ති. “තමහං යථාසත්ති යථාබලං පටිපූජෙස්සාමී”ති ඉදං පනස්ස පටිපත්තිමුඛං. ඉමිනා හි මුඛෙන සො එවං පටිපජ්ජතීති. එත්තාවතා ච භගවතා සබ්බාපි තාපසපබ්බජ්ජා නිද්දිට්ඨා හොන්ති.
චතුද්වාරං අගාරං කරිත්වා යනු දොර සතරක් ඇති දන්ගෙයක් කොට එහි දොරටුවෙහි මඩුවක් තනා එහි පැන් එළවා ආ ආවුන්ගෙන් පැන් අවශ්‍යදැයි අසයි. මගියෝ ක්ලාන්ත වූවාහු පැන් බී තුටු වූවාහු බත් ගොටුවක් හෝ සහල් ආදිය හෝ දෙති. ඒ සියල්ල ගෙන ඇඹුල්කැඳ ආදිය සාදා බොහෝ කොට ආමිස ගැනීම පිණිස සමරුන්ට ඒවා දෙයි. සමහරුන්ට බත් පිසින භාජන ආදිය දෙයි. ඔවුන් විසින් දෙන ලද ආමිසය හෝ පූර්වාහ්නයෙහි හෝ අපරාහ්හයේදී ගනියි. ඒවා පොලියට යොදවයි. මෙසේ වර්ධනය වන සම්පත් ඇත්තේ ගවමහිස දාසි දාස පරිග්‍රහණය කරයි. විශාල පවුලක් පිහිටුවයි. මේ සඳහා ‘චතුද්වාරං අගාරං කරිත්වා දවසරියි’ යයි කියන ලදී. තමහං යථාසත්ති යථාබලං පටිපූජෙස්සාමි යනු මෙය ඔහුගේ ප්‍රතිපත්ති මාර්ගයයි. මේ මාර්ගයෙන් ඔහු මෙසේ පිළිපදියි. මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු තවුස් පැවිද්ද නිර්දේශ කරන ලද්දේ වෙයි.
කථං? අට්ඨවිධා හි තාපසා – සපුත්තභරියා, උඤ්ඡාචරියා, අනග්ගිපක්කිකා, අසාමපාකා, අස්මමුට්ඨිකා, දන්තවක්කලිකා, පවත්තඵලභොජනා, පණ්ඩුපලාසිකාති. තත්ථ යෙ කෙණියජටිලො විය කුටුම්බං සණ්ඨපෙත්වා වසන්ති, තෙ සපුත්තභරියා නාම.
කෙසේද? තාපසයෝ අටවැදෑරුම්ය. සපුත්තභරියා, උඤ්ඡාචරිය, අනග්ගිපක්කික, අසාමපාකික, අසමමුට්ඨක, දන්තවක්කලික, පවත්තඵලභොජී, පණඩුපලාසික. එහි යමෙක් කෙනිය ජටිලයා මෙන් පවුලක් තබා ගෙන වසත්ද ඔවුහු සපුත්තභරිය නමි.
යෙ පන “සපුත්තදාරභාවො නාම පබ්බජිතස්ස අයුත්තො”ති ලායනමද්දනට්ඨානෙසු වීහිමුග්ගමාසතිලාදීනි සඞ්කඩ්ඪිත්වා පචිත්වා පරිභුඤ්ජන්ති, තෙ උඤ්ඡාචරියා නාම.
යමෙක් ‘සකල ආත්මභාවය පැවිද්දාට අයුතුයැයි ගොයම් කපන, මඩින තැන්වල වී, මුං, මෑ, තල ආදිය ඇදගෙන පිස අනුභව කරත්ද, ඔවුහු උඤ්ජාචරිය නමි.
යෙ “ඛලෙන ඛලං විචරිත්වා වීහිං ආහරිත්වා කොට්ටෙත්වා පරිභුඤ්ජනං නාම අයුත්ත”න්ති ගාමනිගමෙසු තණ්ඩුලභික්ඛං ගහෙත්වා පචිත්වා පරිභුඤ්ජන්ති, තෙ අනග්ගිපක්කිකා නාම.
යමෙක් කමතින් කමත හැසිර වී ගෙනවුත් කොටා අනුභව කිරීම නුසුදුසු යයි ගම් නියම්ගම්හි සහල් භික්ෂාව ගෙන පිස අනුභව කරන්නේද ඔවුහු අනග්ගිපක්කික නමි.
යෙ පන “කිං පබ්බජිතස්ස සාමපාකෙනා”ති ගාමං පවිසිත්වා පක්කභික්ඛමෙව ගණ්හන්ති, තෙ අසාමපාකා නාම.
යමෙක් ‘පැවිද්දාට තමාම පිසූ අහරින් කවර ප්‍රයෝජනයක්දැයි ගමට පිවිස පිසූ භික්ෂාව ගනින්ද ඔවුහු අසාම පාකීක නමි.
යෙ “දිවසෙ දිවසෙ භික්ඛාපරියෙට්ඨි නාම දුක්ඛා පබ්බජිතස්සා”ති මුට්ඨිපාසාණෙන අම්බාටකාදීනං රුක්ඛානං තචං කොට්ටෙත්වා ඛාදන්ති, තෙ අස්මමුට්ඨිකා නාම.
යමෙක් දින දින භික්ෂාව සොයා යාම පැවිද්දාට දුක් යයි ගල්ගෙඩියකින් අඹ ආදී ගස්වල පොතු කොටා කත්ද ඔවුහු අසමමුටඨික නමි.
යෙ පන “පාසාණෙන තචං කොට්ටෙත්වා විචරණං නාම දුක්ඛ”න්ති දන්තෙහෙව උබ්බාටෙත්වා ඛාදන්ති, තෙ දන්තවක්කලිකා නාම.
යමෙක් ‘ගලින් පොතු කොටා හැසිරීම දුක් යැයි [missing trans]
යෙ “දන්තෙහි උබ්බාටෙත්වා ඛාදනං නාම දුක්ඛං පබ්බජිතස්සා”ති ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා පතිතානි ඵලානි පරිභුඤ්ජන්ති, තෙ පවත්තඵලභොජනා නාම.
දත්වලින්ම පොතු ගලවා කෑම පැවිද්දාට දුක් යයි ගල්කැට දඬු කැබලි ආදියෙන් ගසා වැටුණු ගෙඩි අනුභව කරත්ද ඔවුහු පවත්තඵල භෝජී. නමි.
යෙ පන “ලෙඩ්ඩුදණ්ඩාදීහි පාතෙත්වා පරිභොගො නාම අසාරුප්පො පබ්බජිතස්සා”ති සයං පතිතානෙව පුප්ඵඵලපණ්ඩුපලාසාදීනි ඛාදන්තා යාපෙන්ති, තෙ පණ්ඩුපලාසිකා නාම.
යමෙක් ගල්කැට දඬුකැබලි ආදියෙන් හෙළා පරිභෝගය පැවිද්දාට අසාරුප්‍යයයි ඉබේ වැටුණු මල්පල වියලි කොළ කමින් යැපෙත්ද ඔවුහු පණ්ඩු පලාසික නමි.
තෙ තිවිධා – උක්කට්ඨමජ්ඣිමමුදුකවසෙන. තත්ථ යෙ නිසින්නට්ඨානතො අනුට්ඨාය හත්ථෙන පාපුණනට්ඨානෙව පතිතං ගහෙත්වා ඛාදන්ති, තෙ උක්කට්ඨා. යෙ එකරුක්ඛතො අඤ්ඤං රුක්ඛං න ගච්ඡන්ති, තෙ මජ්ඣිමා. යෙ තං තං රුක්ඛමූලං ගන්ත්වා පරියෙසිත්වා ඛාදන්ති, තෙ මුදුකා.
ඔවුහු තෙවැදෑරුම් වෙති. උසස් (උක්කට්ඨ) මැද (මජ්ඣිම) මෘදු (මුදුක) යනුවෙනි. එහි යමෙක් හුන් තැනින් නොනැගිට අතපොවන තැනම වැටුණු දේ ගෙන කත්ද ඔවුහු උක්කට්ඨ නමි. යමෙක් එක් ගසකින් තවත් ගසකට යත්ද ඔවුහු මැද නමි. යමෙක් ඒ ඒ රුක්මුලට ගොස් සොයාගෙන කත්ද ඔවුහු මෘදුක නමි.
ඉමා පන අට්ඨපි තාපසපබ්බජ්ජා ඉමාහි චතූහියෙව සඞ්ගහං ගච්ඡන්ති. කථං? එතාසු හි සපුත්තභරියා ච උඤ්ඡාචරියා ච අගාරං භජන්ති. අනග්ගිපක්කිකා ච අසාමපාකා ච අග්යාගාරං භජන්ති. අස්මමුට්ඨිකා ච දන්තවක්කලිකා ච කන්දමූලඵලභොජනං භජන්ති. පවත්තඵලභොජනා ච පණ්ඩුපලාසිකා ච පවත්තඵලභොජනං භජන්ති. තෙන වුත්තං – “එත්තාවතා ච භගවතා සබ්බාපි තාපසපබ්බජ්ජා නිද්දිට්ඨා හොන්තී”ති.
මේ තවුස් පැවිදි මෙම සතරින්ම සංග්‍රහයට යයි. කෙසේද? මේවා අතරින් සපුත්තභරියා, උඤ්ඡාචරිය, කොටස් දෙක දන්ගෙන ආශ්‍රය කරති. අනග්ගිපක්කික අසාමපාකිකයෝ ගිනිහල්ගෙය භජනය කරති. අනග්ගි අසමමුට්ඨක දන්ත වක්කලිකයෝ කඳමුල්පල බොජුන් බුදිති. පණ්ඩුපලාසිකයො පවත්තඵල භෝජනය ඇසුරු කරයි. එහෙයින් කියන ලදී. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්ද නිර්දේශ කරන ලද්දේ වෙයි’ යනුවෙන්.
ඉදානි භගවා සාචරියකස්ස අම්බට්ඨස්ස විජ්ජාචරණසම්පදාය අපායමුඛම්පි අප්පත්තභාවං දස්සෙතුං තං කිං මඤ්ඤසි අම්බට්ඨාතිආදිමාහ. තං උත්තානත්ථමෙව. අත්තනා ආපායිකොපි අපරිපූරමානොති අත්තනා විජ්ජාචරණසම්පදාය ආපායිකෙනාපි අපරිපූරමානෙන.
දැන් භාග්‍යවතුන් වහන්සේ ගුරුවරයා සහිත අම්බට්ඨයාට විජ්ජාචරණ සම්පදාවෙහි අපාය මුඛයටවත් නොපැමිණි බව දක්වන්ට තං කිං මඤ්ඤසි අම්බට්ඨ ආදිය කී සේක. එය නොගැඹුරු අරුත් ඇත්තෙන්මය. අත්තනා අපායිකොපි අපරිපූරයමානො යනු තමා විසින් විජ්ජාචරණ සම්පදාවෙහි දුක් සහිත පක්ෂයවත් නොපුරමින්.
පුබ්බකඉසිභාවානුයොගවණ්ණනා
දත්තිකන්ති දින්නකං. සම්මුඛීභාවම්පි න දදාතීති කස්මා න දදාති? සො කිර සම්මුඛා ආවට්ටනිං නාම විජ්ජං ජානාති. යදා රාජා මහාරහෙන අලඞ්කාරෙන අලඞ්කතො හොති, තදා රඤ්ඤො සමීපෙ ඨත්වා තස්ස අලඞ්කාරස්ස නාමං ගණ්හති. තස්ස රාජා නාමෙ ගහිතෙ න දෙමීති වත්තුං න සක්කොති. දත්වා පුන ඡණදිවසෙ අලඞ්කාරං ආහරථාති වත්වා, නත්ථි, දෙව, තුම්හෙහි බ්රාහ්මණස්ස දින්නොති වුත්තො, “කස්මා මෙ දින්නො”ති පුච්ඡි. තෙ අමච්චා ‘සො බ්රාහ්මණො සම්මුඛා ආවට්ටනිමායං ජානාති. තාය තුම්හෙ ආවට්ටෙත්වා ගහෙත්වා ගච්ඡතී’ති ආහංසු. අපරෙ රඤ්ඤා සහ තස්ස අතිසහායභාවං අසහන්තා ආහංසු – “දෙව, එතස්ස බ්රාහ්මණස්ස සරීරෙ සඞ්ඛඵලිතකුට්ඨං නාම අත්ථි. තුම්හෙ එතං දිස්වාව ආලිඞ්ගථ පරාමසථ, ඉදඤ්ච කුට්ඨං නාම කායසංසග්ගවසෙන අනුගච්ඡති, මා එවං කරොථා”ති. තතො පට්ඨාය තස්ස රාජා සම්මුඛීභාවං න දෙති.
දත්තිකං යනු දුන් දෙය. සම්මුඛීභාවං නදපිදාති යනු. කුමක් හෙයින් නොදෙයිද? හේ සම්මුඛා ආවජ්ජතී නම් විද්‍යාවක් දනී. යම්කලෙක රජ මාහැඟි අබරණින් අලංකාර වූයේ වේද, එකල්හි රජුගේ සමීපයෙහි සිට ඒ අබරණවල නම් සොයාගනී. නම් සොයාගත්විට ‘නොදෙමියි’කියන්ට නොහැකිය. දී නැවත උත්සව දිනයෙහි ආභරණ ගෙනෙවයි කියා ‘නැත දේවයන් වහන්ස, ඔබතුමා විසින් දෙන ලද්දේ යයි කී කල්හි ‘කුමක් නිසා මා විසින් දෙන ලද්දේදැයි ඇසීය. ඒ ඇමතියෝ ‘ඒ බමුණා සම්මුඛා ආවජ්ජනී නම් මායාවක් දනී. එයින් ඔබතුමා රවටාගෙන යතියි කීහ. රජු සමග අතිමිත්‍ර බව නොඉවසන අන්‍යයෝ මෙසේ ඇසූහ. ‘දේවයන් වහන්ස, මේ බමුණාගේ සිරුරෙහි සංඛපලිත නමැති කුෂ්ට රෝගයක් ඇත. ඔබවහන්සේ ඔහු දැකම බදාගනු ඇත. ස්පර්ශ කරනු ඇත. මේ කුෂ්ටය කාය සංසර්ග වශයෙන්ම බෝ වෙයි. එසේ නොකරනු මැනවි’එතැන්පටන් රජ ඔහුට හමුවීමක් නොදෙයි.
යස්මා පන සො බ්රාහ්මණො පණ්ඩිතො ඛත්තවිජ්ජාය කුසලො, තෙන සහ මන්තෙත්වා කතකම්මං නාම න විරුජ්ඣති, තස්මා සාණිපාකාරස්ස අන්තො ඨත්වා බහි ඨිතෙන තෙන සද්ධිං මන්තෙති. තං සන්ධාය වුත්තං “තිරො දුස්සන්තෙන මන්තෙතී”ති. තත්ථ තිරොදුස්සන්තෙනාති තිරොදුස්සෙන. අයමෙව වා පාඨො. ධම්මිකන්ති අනවජ්ජං. පයාතන්ති අභිහරිත්වා දින්නං. කථං තස්ස රාජාති යස්ස රඤ්ඤො බ්රාහ්මණො ඊදිසං භික්ඛං පටිග්ගණ්හෙය්ය, කථං තස්ස බ්රාහ්මණස්ස සො රාජා සම්මුඛීභාවම්පි න දදෙය්ය. අයං පන අදින්නකං මායාය ගණ්හති, තෙනස්ස සම්මුඛීභාවං රාජා න දෙතීති නිට්ඨමෙත්ථ ගන්තබ්බන්ති අයමෙත්ථ අධිප්පායො. “ඉදං පන කාරණං ඨපෙත්වා රාජානඤ්චෙව බ්රාහ්මණඤ්ච න අඤ්ඤො කොචි ජානාති. තදෙතං එවං රහස්සම්පි පටිච්ඡන්නම්පි අද්ධා සබ්බඤ්ඤූ සමණො ගොතමොති නිට්ඨං ගමිස්සතී”ති භගවා පකාසෙසි.
යම්හෙයකින් ඒ බමුණා නුවණැත්තේ, දේශපාලන විද්‍යාවෙහි දක්ෂයෙකි. ඔහු සමග මන්ත්‍රණය කොට කරන ලද කාර්යය නොවරදී. ඒ නිසා තිර කොටුව ඇතුළත සිට පිටත සිටි ඔහු සමග මන්ත්‍රණය කරයි. ඒ සඳහා කියන ලදී. තිරොදුස්සෙන මන්තෙති යනුවෙන්, එහි තිරොදුස්සෙන යනු තිර රෙද්දෙන්. මෙයම හෝ පාඨය විය හැකියි. ධම්මිකං යනු අනවජ්ජං (නිවැරදි) පයතං යනු ගෙනවුත් දුන් කථන්තස්ස රාජා යනු බමුණා යම් රජකුගේ මෙබඳු භික්ෂාවක් පිළිගන්නේ නම් ඒ රජ බමුණාට හමුවීමක්වත් නො දෙන්නේ කෙසේද? මොහු නොදුන් දෙය මායාවෙන් ගනී. ඒ නිසා රජ ඔහුට හමුවීමක් නොවෙයි යන නිෂ්ඨාවම මෙහිදී ගතයුතුය යන්න මෙහි අදහසය. මේ කරුණ රජවරුන් ද බමුණන්ද හැර අන් කිසිවෙක් නොදනී. එය මෙසේ ඒකාන්තයෙන් සර්වඥ වූ ශ්‍රමණ ගෞතම තෙමේ රහසේ සැඟවුණු දෙයද දනී යැයි නිෂ්ඨාවට ගන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
ඉදානි අයඤ්ච අම්බට්ඨො, ආචරියො චස්ස මන්තෙ නිස්සාය අතිමානිනො. තෙන තෙසං මන්තනිස්සිතමානනිම්මදනත්ථං උත්තරි දෙසනං වඩ්ඪෙන්තො තං කිං මඤ්ඤසි, අම්බට්ඨ, ඉධ රාජාතිආදිමාහ. තත්ථ රථූපත්ථරෙති රථම්හි රඤ්ඤො ඨානත්ථං අත්ථරිත්වා සජ්ජිතපදෙසෙ. උග්ගෙහි වාති උග්ගතුග්ගතෙහි වා අමච්චෙහි. රාජඤ්ඤෙහීති අනභිසිත්තකුමාරෙහි. කිඤ්චිදෙව මන්තනන්ති අසුකස්මිං දෙසෙ තළාකං වා මාතිකං වා කාතුං වට්ටති, අසුකස්මිං ගාමං වා නිගමං වා නගරං වා නිවෙසෙතුන්ති එවරූපං පාකටමන්තනං. තදෙව මන්තනන්ති යං රඤ්ඤා මන්තිතං තදෙව. තාදිසෙහියෙව සීසුක්ඛෙපභමුක්ඛෙපාදීහි ආකාරෙහි මන්තෙය්ය. රාජභණිතන්ති යථා රඤ්ඤා භණිතං, තස්සත්ථස්ස සාධනසමත්ථං. සොපි තස්සත්ථස්ස සාධනසමත්ථමෙව භණිතං භණතීති අත්ථො.
දැන් මේ අම්බට්ඨයාද ඔහුගේ ගුරුවරයාද මන්ත්‍ර නිසා අතිශයින් මාන ඇත්තෝය. එහෙයින් ඔවුන්ගේ මන්ත්‍ර නිසා හටගත් මානය බිඳදැමීම පිණිස ඉහළට දේශනාව වර්ධනය කරන සේක් තං කිම්මඤ්ඤසි අම්බට්ඨ ඉධ රාජා යනාදිය කී සේක. එහි රථුපත්ථරෙ යනු රථයෙහි රජුන්ගේ අසුන පිණිස අතුරා සැදූ පෙදෙසෙහි. උග්ගෙහිවා යනු ඉහළ ඉහළ ඇමතිවරුන් විසින් කඤ්චි දෙවමන්තණං යනු අසුවල් ප්‍රදේශයෙහි තඩාග හා ඇලක් කරන්ට වටී. අසුවල් පෙදෙසෙහි ගමක් නියම්ගමක් හෝ නගරයක් පිහිටුවීමට වටී’යන මෙබඳු ප්‍රකට මන්ත්‍රණයක් වේද එයම මන්ත්‍රණය කරති. රජු විසින් මෙබඳු මන්ත්‍රණය කළ දෙයක් එය එබඳු ම වූ හිස එසවීම බැම එසවීම ආදී ආකාරයකින් මන්ත්‍රණය කරන්නේය. රාජ හණිතං යනු යම්සේ රජු ගණනය කළ දෙය ඒ ඒ කරුණ සාධනය කිරීමෙහි සමත්ය. ඔහුද ඒ ඒ කරුණ සාධනය කිරීමෙහි සමත් වූ දෙයම ගණනය කොට කියයි යන අර්ථයි.
පවත්තාරොති පවත්තයිතාරො. යෙසන්ති යෙසං සන්තකං. මන්තපදන්ති වෙදසඞ්ඛාතං මන්තමෙව. ගීතන්ති අට්ඨකාදීහි දසහි පොරාණකබ්රාහ්මණෙහි සරසම්පත්තිවසෙන සජ්ඣායිතං. පවුත්තන්ති අඤ්ඤෙසං වුත්තං, වාචිතන්ති අත්ථො. සමිහිතන්ති සමුපබ්යූළ්හං රාසිකතං, පිණ්ඩං කත්වා ඨපිතන්ති අත්ථො. තදනුගායන්තීති එතරහි බ්රාහ්මණා තං තෙහි පුබ්බෙ ගීතං අනුගායන්ති අනුසජ්ඣායන්ති. තදනුභාසන්තීති තං අනුභාසන්ති, ඉදං පුරිමස්සෙව වෙවචනං. භාසිතමනුභාසන්තීති තෙහි භාසිතං සජ්ඣායිතං අනුසජ්ඣායන්ති. වාචිතමනුවාචෙන්තීති තෙහි අඤ්ඤෙසං වාචිතං අනුවාචෙන්ති.
පවත්තාරෝ යනු පවත්වන්නෝ. යෙසං යනු යමකු සතු. මන්තපදං යනු වේද සංඛ්‍යාත මන්ත්‍රයම. ගීතං යනු අෂ්ටක ආදී පුරාණ බමුණන් දසදෙන විසින් ස්වර සම්පත්ති වශයෙන් සජ්ඣායනා කරන ලද. පවුත්තං යනු අන්‍යයන්ට කියන ලද. කියවන ලද යන අර්ථයි. සමීහිතං යනු එකතු වූ, එකතු කළ කළ දෙය පිඬු කොට තබන ලද යන අර්ථයි. තදනුගායන්ති යනු දැන් බමුණෝ තතින් පෙර ගැයූ දෙය අනුව ගායනා කරති. ඒ අනුව සජ්ඣායනා කරති. තදනු භාසන්ති යනු මෙය කලින් කියූ දෙයටම සමාන වචනයකි. භාසිත මනුභාසන්ති යනු ඔවුන් විසින් කියන ලද දෙය සජ්ඣායනය කළ දෙය ඒ අනුව සජ්ඣායනා කරති. වාචිත මනුවාචෙන්ති යනු ඔවුන් විසින් අන්‍යයන්ට කියවන ලද දෙය ඒ අනුව කියවති.
සෙය්යථිදන්ති තෙ කතමෙහි අත්ථො. අට්ඨකොතිආදීනි තෙසං නාමානි. තෙ කිර දිබ්බෙන චක්ඛුනා ඔලොකෙත්වා පරූපඝාතං අකත්වා කස්සපසම්මාසම්බුද්ධස්ස භගවතො පාවචනෙන සහ සංසන්දිත්වා මන්තෙ ගන්ථිංසු. අපරාපරෙ පන බ්රාහ්මණා පාණාතිපාතාදීනි පක්ඛිපිත්වා තයො වෙදෙ භින්දිත්වා බුද්ධවචනෙන සද්ධිං විරුද්ධෙ අකංසු. නෙතං ඨානං විජ්ජතීති යෙන ත්වං ඉසි භවෙය්‍යාසි, එතං කාරණං න විජ්ජති. ඉධ භගවා යස්මා – “එස පුච්ඡියමානොපි, අත්තනො අවත්ථරණභාවං ඤත්වා පටිවචනං න දස්සතී”ති ජානාති, තස්මා පටිඤ්ඤං අගහෙත්වාව තං ඉසිභාවං පටික්ඛිපි.
සෙය්යථිදං යනු ඒවා මොනවාද යන අර්ථයි. අට්ඨකො යන ආදිය ඔවුන්ගේ නම්ය. ඔවුහු දිවැසින් බලා අනුන් නැසීමක් නොකොට, කාශ්‍යප සම්බුදුන් වහන්සේගේ ධර්මය හා සසඳා මන්ත්‍ර රචනා කළහ. කලින් කල බමුණෝ සත්ත්ව ඝාතන ආදිය බහා ත්රිවේදයයි බෙදා බුද්ධවචනයට විරුද්ධ කළහ. නෙතං ඨානං විජ්ජති යනු යමකින් ඔබ සෘෂි වන්නෙහිද යන මේ කාරණය නොපැනේ. මෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මොහු අසනු ලබන්නේද තමාගේ පිළිවෙළක් නැති බව දැන පිළිවදන් නොදෙයි යයි දනී. ඒ නිසා ප්‍රතිඥාවක් නොගෙනම ඍෂිභාවය ප්‍රතික්ෂේප කළේය.
ඉදානි යස්මා තෙ පොරාණා දස බ්රාහ්මණා නිරාමගන්ධා අනිත්ථිගන්ධා රජොජල්ලධරා බ්රහ්මචාරිනො අරඤ්ඤායතනෙ පබ්බතපාදෙසු වනමූලඵලාහාරා වසිංසු. යදා කත්ථචි ගන්තුකාමා හොන්ති, ඉද්ධියා ආකාසෙනෙව ගච්ඡන්ති, නත්ථි තෙසං යානෙන කිච්චං. සබ්බදිසාසු ච නෙසං මෙත්තාදිබ්රහ්මවිහාරභාවනාව ආරක්ඛා හොති, නත්ථි තෙසං පාකාරපුරිසගුත්තීහි අත්ථො. ඉමිනා ච අම්බට්ඨෙන සුතපුබ්බා තෙසං පටිපත්ති; තස්මා ඉමස්ස සාචරියකස්ස තෙසං පටිපත්තිතො ආරකභාවං දස්සෙතුං – “තං කිං මඤ්ඤසි, අම්බට්ඨා”තිආදිමාහ.
දැන් යම්හෙයකින් ඒ පැරණි බමුණෝ දසදෙන මස්මාංශයෙන් වැළකී, ස්ත්‍රී ගන්ධ රහිතව, මඩ තවරාගෙන, අරණ්යායතනයෙහි, පර්වත පාමුල, වනමුල්පල අහරකොට විසූද, යම්කලෙක කිසියම් තැනකට යනු කැමැත්තෝ වෙත්ද, ඍද්ධියෙන් අහසින්ම යෙත්ද, ඔවුන්ට යානාවකින් කාරියක් නැත. සියලු දිසාවන්හි ඔවුන්ට මෛත්‍රී භාවනාවම ආරක්ෂාව වෙයි. ඔවුන්ට ප්‍රාකාරයන්ගෙන් පුරුෂයන්ගේ ආරක්ෂාවෙන් ප්‍රයෝජනයක් නැත. මෙයින්ද අම්බට්ඨ විසින් ඔවුන්ගේ ප්‍රතිපත්තිය ගැන ඇසූවිරූය. එහෙයින් ගුරුවරයා සහිත මොවුන් ඔවුන්ගේ ප්‍රතිපත්තියෙන් ඈත් වූ බව දක්වන්ට තං කිං මදඤ්ඤසි අම්බට්ඨ ආදිය කී සේක.
තත්ථ විචිතකාළකන්ති විචිනිත්වා අපනීතකාළකං. වෙඨකනතපස්සාහීති දුස්සපට්ටදුස්සවෙණි ආදීහි වෙඨකෙහි නමිතඵාසුකාහි. කුත්තවාලෙහීති සොභාකරණත්ථං කප්පෙතුං, යුත්තට්ඨානෙසු කප්පිතවාලෙහි. එත්ථ ච වළවානංයෙව වාලා කප්පිතා, න රථානං, වළවපයුත්තත්තා පන රථාපි “කුත්තවාලා”ති වුත්තා. උක්කිණ්ණපරිඛාසූති ඛතපරිඛාසු. ඔක්ඛිත්තපලිඝාසූති ඨපිතපලිඝාසු. නගරූපකාරිකාසූති එත්ථ උපකාරිකාති පරෙසං ආරොහනිවාරණත්ථං සමන්තා නගරං පාකාරස්ස අධොභාගෙ කතසුධාකම්මං වුච්චති. ඉධ පන තාහි උපකාරිකාහි යුත්තානි නගරානෙව “නගරූපකාරිකායො”ති අධිප්පෙතානි. රක්ඛාපෙන්තීති තාදිසෙසු නගරෙසු වසන්තාපි අත්තානං රක්ඛාපෙන්ති. කඞ්ඛාති “සබ්බඤ්ඤූ, න සබ්බඤ්ඤූ”ති එවං සංසයො. විමතීති තස්සෙව වෙවචනං, විරූපා මති, විනිච්ඡිනිතුං අසමත්ථාති අත්ථො. ඉදං භගවා “අම්බට්ඨස්ස ඉමිනා අත්තභාවෙන මග්ගපාතුභාවො නත්ථි, කෙවලං දිවසො වීතිවත්තති, අයං ඛො පන ලක්ඛණපරියෙසනත්ථං ආගතො, තම්පි කිච්චං නස්සරති. හන්දස්ස සතිජනනත්ථං නයං දෙමී”ති ආහ.
එහි විවිතකාලකං යනු විමසා ඉවත්කළ කළු ලප ඇති. වෙඨකත්තපස්සාහි යනු රෙදිපට රෙදි වෙළු ආදියෙන් වෙලුම්වලින් නැමුණු ඉලඇටවලින්. කුත්තවාලෙහි යනු හැඩගන්වනු පිණිස සැරසිය යුතු තැන්වල සැරසූ වගාවලින්. මෙහි වෙළඹුන් හේම වලිගවලින් සැදුණෝය. රථවල නොවේ. වෙළඹුන්ගෙන් යුතු බැවින් රථ කුත්තවාලා යයි කියන උත්තිණ්ණ පරිඛාසු යනු කැණ සැදු දියඅගල්. ඔක්ඛිත්ත පලියාසු මෙහි උපකාරිකා යනු අන්‍යයන්ගේ නැගීම වැළැක්වීම පිණිස හාත්පස නගර ප්රාකාරයෙහි යට කොටසෙහි කළ සුණුකම් යයි කියනු ලැබේ. මෙහි ඒ උපකාරිකයන්ගෙන් යුත් නගරම නගරූපකාරිකයයි අදහස් කරන ලදී. රක්ඛාපෙන්ති එබඳු නගරවල වසන්නෝද තමන් ආරක්ෂා කරවා ගනිති. කංඛා යනු සර්වඥද, නැද්ද යන මේ සැකය. විමති යනු එයටම සමාන වචනයකි. විකෘති මතය. විනිශ්චය කිරීමට අසමර්ථ බව යන අර්ථයි. මෙය භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨයාට මේ ආත්මභාවයෙන් මාර්ග පහළවීමක් නැත. හුදෙක් දවස ගෙවාදමයි. මොහු ලක්ෂණ සෙවීම පිණිස පැමිණියේය. ඒ කාර්යය සිහි නොකරයි. දැන් මොහුගේ සිහිඑළවීම පිණිස න්‍යායයක් දෙමියි කී සේක.
ද්වෙලක්ඛණදස්සනවණ්ණනා
එවං වත්වා පන යස්මා බුද්ධානං නිසින්නානං වා නිපන්නානං වා කොචි ලක්ඛණං පරියෙසිතුං න සක්කොති, ඨිතානං පන චඞ්කමන්තානං වා සක්කොති. ආචිණ්ණඤ්චෙතං බුද්ධානං ලක්ඛණපරියෙසනත්ථං ආගතභාවං ඤත්වා උට්ඨායාසනා චඞ්කමාධිට්ඨානං නාම, තෙන භගවා උට්ඨායාසනා බහි නික්ඛන්තො. තස්මා අථ ඛො භගවාතිආදි වුත්තං.
මෙසේ කියා යම්හෙයකින් හුන්නා වූද වැදහොත්තා වූද බුදුවරුන්ගේ ලක්ෂණ සොයන්ට කිසිවෙක් සමත් නොවේ. සිටි හෝ සක්මන් කරන බුදුවරුන්ගේ හැකිය. පලපුරුද්දෙන් බුදුවරුන්ගේ ලක්ෂණ සෙවීම පිණිස ආ බව දැන හුනස්නෙන් නැගී සක්මන් අධිෂ්ඨානය නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී පිටතට නික්ම ගිය සේක. ඒ නිසා අථඛො භගවා ආදිය කියන ලදී.
සමන්නෙසීති ගවෙසි, එකං ද්වෙති වා ගණයන්තො සමානයි. යෙභුය්යෙනාති පායෙන, බහුකානි අද්දස, අප්පානි න අද්දසාති අත්ථො. තතො යානි න අද්දස තෙසං දීපනත්ථං වුත්තං – “ඨපෙත්වා ද්වෙ”ති. කඞ්ඛතීති “අහො වත පස්සෙය්ය”න්ති පත්ථනං උප්පාදෙති. විචිකිච්ඡතීති තතො තතො තානි විචිනන්තො කිච්ඡති න සක්කොති දට්ඨුං. නාධිමුච්චතීති තාය විචිකිච්ඡාය සන්නිට්ඨානං න ගච්ඡති. න සම්පසීදතීති තතො – “පරිපුණ්ණලක්ඛණො අය”න්ති භගවති පසාදං නාපජ්ජති. කඞ්ඛාය වා දුබ්බලා විමති වුත්තා, විචිකිච්ඡාය මජ්ඣිමා, අනධිමුච්චනතාය බලවතී, අසම්පසාදෙන තෙහි තීහි ධම්මෙහි චිත්තස්ස කාලුසියභාවො.
සමන්නෙසි යනු සෙවීය. එක දෙක කියා හෝ ගණන් කරන්නේ එකතු කළේය. යෙභුය්යෙන යන පාඨයෙන් බොහෝවක් දුටුවේය. අල්ප වූවක් නොදැක්කේය යන අර්ථයි. එයින් නුදුටු දේ දැක්වීම පිණිස ඨපෙත්වා දෙව යයි කියන ලදී. කංඛති යනු ‘බලන්නෙම් නම් මැනවි’යි ප්‍රාර්ථනයක් උපදවයි. විචිකිච්ඡති යනු අතනින් මෙතනින් සොයන්නේ සැක කරයි. දකින්ට නොහැකි වෙයි. නාධිමුච්චති යනු ඒ විචිකිච්ඡාවෙන් නිගමනයකට නොයයි. න සම්පසීදති යනු එයින් ‘මොහු පරිපූර්ණ ලක්ෂණ ඇත්තෙකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට නොපැමිණේ. සැකයෙන් දුර්වල වූ විමතිය යයි කියන ලදී. විචිකිච්ඡාවෙන් මැදහත්. අවබෝධ නොවූ බැවින් බලවත්. නොපැහැදීමෙන් ඒ ධර්ම තුනෙන් සිතෙහි කිලිටි බව.
කොසොහිතෙති වත්ථිකොසෙන පටිච්ඡන්නෙ. වත්ථගුය්හෙති අඞ්ගජාතෙ භගවතො හි වරවාරණස්සෙව කොසොහිතං වත්ථගුය්හං සුවණ්ණවණ්ණං පදුමගබ්භසමානං. තං සො වත්ථපටිච්ඡන්නත්තා අපස්සන්තො, අන්තොමුඛගතාය ච ජිව්හාය පහූතභාවං අසල්ලක්ඛෙන්තො තෙසු ද්වීසු ලක්ඛණෙසු කඞ්ඛී අහොසි විචිකිච්ඡී.
කොසොහිතෙ වස්ති කෝෂයෙන් වැසුණු. වත්ථගුය්හෙ යනු අංගජාතයෙහි. භාග්‍යවතුන් වහන්සේගේ ඇතකුගේ මෙන් කෝෂයෙන් වැසුණු අංගජාතය රන්වය. පියුම්ගැබක් හා සමානය. වස්ත්‍රයෙන් වැසුණු බැවින් එය නොදන්නේ, දිව මුව තුළට ගිය බැවින් පුළුල් බව නොසලකන්නේ ඒ ලක්ෂණ දෙකෙහි සැක ඇත්තේ විය. නිගමනයට නොපැමිණියේය.
තථාරූපන්ති තං රූපං. කිමෙත්ථ අඤ්ඤෙන වත්තබ්බං? වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන – “දුක්කරං, භන්තෙ, නාගසෙන, භගවතා කතන්ති. කිං මහාරාජාති? මහාජනෙන හිරිකරණොකාසං බ්‍රහ්මායු බ්රාහ්මණස්ස ච අන්තෙවාසි උත්තරස්ස ච, බාවරිස්ස අන්තෙවාසීනං සොළසබ්රාහ්මණානඤ්ච, සෙලස්ස බ්රාහ්මණස්ස ච අන්තෙවාසීනං තිසතමාණවානඤ්ච දස්සෙසි, භන්තෙති. න, මහාරාජ, භගවා ගුය්හං දස්සෙසි. ඡායං භගවා දස්සෙසි. ඉද්ධියා අභිසඞ්ඛරිත්වා නිවාසනනිවත්ථං කායබන්ධනබද්ධං චීවරපාරුතං ඡායාරූපකමත්තං දස්සෙසි මහාරාජාති. ඡායං දිට්ඨෙ සති දිට්ඨංයෙව නනු, භන්තෙති? තිට්ඨතෙතං, මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්ය, හදයමංසං නීහරිත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධොති. කල්ලොසි, භන්තෙ, නාගසෙනා”ති.
තථාරූපං යනු රූපය කෙසේද, මෙහි අනෙකකු විසින් කුමක් කිවයුතුද? මිලින්ද රජු විසින් විචාරන ලද නාගසේන තෙරුන් විසින් මෙය කියන ලදී. ‘ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතිශයින් දුෂ්කර දෙයක් කරන ලදී. ‘කුමක්ද මහරජ, ස්වාමීනි, මහජනයා විසින් ලජ්ජා ඇතිකරන අවස්ථාවක් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ අතවැසි උත්තරටද, බාවාරියගේ අතවැසි සොළොස් බමුණන්ට, සේල බ්‍රාහ්මණයාගේ අතවැසි තුන්සියයක් මාණවකයන්ට දැක්වූ සේක. මහරජ, භාග්‍යවතුන් වහන්සේ අංගජාතය නොදැක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඡායාවක්ම දැක්වූ සේක. ඍද්ධියෙන් නැගී අඳනය හැඳි බඳපටිය බැඳි සිවුර පෙර වූ ඡායාරූප මාත්‍රය දැක්වූ සේක. ඡායාව දුටු කල්හි දක්නා ලද්දේම නොවේද ස්වමීනී? නවතින්න මහරජතුමනි, ඔබගේ හෘදය රූපය දැක අවබෝධ කරගන්නා සත්ත්වයෙක් වන්නේය. සම්‍යක් සම්බුදුන් වහන්සේ හෘදය මාංශය ඉදිරිපත්කොට දක්වන සේක. නාගසේන හිමියනි, දක්ෂයෙක් වෙහි.
නින්නාමෙත්වාති නීහරිත්වා. අනුමසීති කථිනසූචිං විය කත්වා අනුමජ්ජි, තථාකරණෙන චෙත්ථ මුදුභාවො, කණ්ණසොතානුමසනෙන දීඝභාවො, නාසිකසොතානුමසනෙන තනුභාවො, නලාටච්ඡාදනෙන පුථුලභාවො පකාසිතොති වෙදිතබ්බො.
නින්නමෙත්වා යනු ඉදිරිපත් කරමින්, අනුමසි යනු ඉදිකටුවක් මෙන් කොට පිරිමැදි සේක. එසේ කිරීමෙන් ද එහි මෘදුබව, කර්ණශ්රෝතය පිරිමැදීමෙන් දිගු බව, නාසිකා ශ්‍රෝතය පිරිමැදීමෙන් සිහින් බව, නළල වැසීමෙන් පුළුල් බවද ප්‍රකාශකරන ලද්දේ යයි දතයුතුය.
පටිමානෙන්තොති ආගමෙන්තො, ආගමනමස්ස පත්ථෙන්තො උදික්ඛන්තොති අත්ථො.
පතිමානෙන්නො යනු බලා සිටින්නේ, පැමිණීම ප්‍රාර්ථනා කරන්නේ, අපේක්ෂා කරන්නේ යන අර්ථයි.
කථාසල්ලාපොති කථා ච සල්ලාපො ච, කථනං පටිකථනන්ති අත්ථො.
තථා සල්ලාපො යනු කතාවද සල්ලාපයද, කථනය ප්රතිකථනය යන අර්ථයි.
අහො වතාති ගරහවචනමෙතං. රෙති ඉදං හීළනවසෙන ආමන්තනං. පණ්ඩිතකාති තමෙව ජිගුච්ඡන්තො ආහ. සෙසපදද්වයෙපි එසෙව නයො. එවරූපෙන කිර භො පුරිසො අත්ථචරකෙනාති ඉදං යාදිසො ත්වං, එදිසෙ අත්ථචරකෙ හිතකාරකෙ සති පුරිසො නිරයංයෙව ගච්ඡෙය්ය, න අඤ්ඤත්රාති ඉමමත්ථං සන්ධාය වදති. ආසජ්ජ ආසජ්ජාති ඝට්ටෙත්වා ඝට්ටෙත්වා. අම්හෙපි එවං උපනෙය්‍ය උපනෙය්යාති බ්රාහ්මණො ඛො පන අම්බට්ඨ පොක්ඛරසාතීතිආදීනි වත්වා එවං උපනෙත්වා උපනෙත්වා පටිච්ඡන්නං කාරණං ආවිකරිත්වා සුට්ඨු දාසාදිභාවං ආරොපෙත්වා අවච, තයා අම්හෙ අක්කොසාපිතාති අධිප්පායො. පදසායෙව පවත්තෙසීති පාදෙන පහරිත්වා භූමියං පාතෙසි. යඤ්ච සො පුබ්බෙ ආචරියෙන සද්ධිං රථං ආරුහිත්වා සාරථි හුත්වා අගමාසි, තම්පිස්ස ඨානං අච්ඡින්දිත්වා රථස්ස පුරතො පදසා යෙවස්ස ගමනං අකාසි.
අහොවත යනු මෙය ගර්හා වචනයකි. රෙ යනු අවම වශයෙන් ආමන්ත්‍රණය. පණ්ඩිතකා යනු එයම පිළිකුල් කරමින් කීය. ඉතිරි දෙකෙහිද මේ ක්‍රමයයි. එවරූපෙන කිරභො පුරිසො අත්ථවරකෙන යනු යම්බඳු වූ ඔබ එබඳු අර්ථයෙහි හැසිරෙන යහපත කරන්නකු ඇති කල්හි පුරුෂයා නිරයටම යනේය. අන් තැනකට නොවේ.” මේ අර්ථය සඳහා කියයි. ආසජ්ජ ආසජ්ජ යනු ගටා ගටා. අම්හෙපි එවං උපනිය්ය උපනිය්ය යනු අම්බට්ඨ බ්‍රාහ්මණයා පොක්ඛරසාතී යැයි ආදිය කියා මෙසේ දක්ව දක්වා පිළිසන් කරුණ හෙළිකොට ශුද්‍ර දාස ආදී බව ආරෝපණය කොට කීය. ‘ඔබ විසින් අපි ආක්‍රෝශ කරනු ලැබුවෙමු’ යයි අදහස් කරන ලදී. පදෙසායෙව පවත්තෙසි යනු පයින් පහරදී බිමහෙළීය. ඔහු පෙර ගුරුවරයා සමග රියට නැගී ගියේද, ඔහුගේ ඒ තැන නොසිඳ රියට ඉදිරියෙන් පයින්ම ගමන් කළේය.
පොක්ඛරසාතිබුද්ධූපසඞ්කමනවණ්ණනා
අතිවිකාලොති සුට්ඨු විකාලො, සම්මොදනීයකථායපි කාලො නත්ථි. ආගමා නු ඛ්විධ භොති ආගමා නු ඛො ඉධ භො. අධිවාසෙතූති සම්පටිච්ඡතු. අජ්ජතනායාති යං මෙ තුම්හෙසු කාරං කරොතො අජ්ජ භවිස්සති පුඤ්ඤඤ්ච පීතිපාමොජ්ජඤ්ච තදත්ථාය. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙනාති භගවා කායඞ්ගං වා වාචඞ්ගං වා අචොපෙත්වා අබ්භන්තරෙයෙව ඛන්තිං ධාරෙන්තො තුණ්හීභාවෙන අධිවාසෙසි. බ්රාහ්මණස්ස අනුග්ගහණත්ථං මනසාව සම්පටිච්ඡීති වුත්තං හොති.
අතිවිකාලො යනු සාමාන්‍ය නොකාලයයි. සතුටු සල්ලාපයටද කාලයක් නැත. ආගමානු බොධතො යනු පින්වත, ඔබ මෙහි ආවේ නොවේද? අධිවාසේතු යනු පිළිගනු ලැබේවා. අජ්ජත්තාය යනු ඔබවහන්සේ කෙරෙහි සත්කාර කරන මාගේ පිනද ප්‍රීති ප්‍රමෝදයද අද ඒ පිණිස වන්නේය. අධිවාසෙතු භගවා තුණ්හී භාවෙන යනු භාග්‍යවතුන් වහන්සේ කායාංගය හෝ වාක් අංගය නොසොලවා අභ්‍යන්තරයෙහිම ක්ෂාන්තිය කැමතිසේක් නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක. බමුණාට අනුග්‍රහ පිණිස මනසින්ද පිළිගත් සේකැයි කියන ලද්දේ වෙයි.
පණීතෙනාති උත්තමෙන. සහත්ථාති සහත්ථෙන. සන්තප්පෙසීති සුට්ඨු තප්පෙසි පරිපුණ්ණං සුහිතං යාවදත්ථං අකාසි. සම්පවාරෙසීති සුට්ඨු පවාරෙසි, අලං අලන්ති හත්ථසඤ්ඤාය පටික්ඛිපාපෙසි. භුත්තාවින්ති භුත්තවන්තං. ඔනීතපත්තපාණින්ති පත්තතො ඔනීතපාණිං, අපනීතහත්ථන්ති වුත්තං හොති. ඔනිත්තපත්තපාණින්තිපි පාඨො. තස්සත්ථො – ඔනිත්තං නානාභූතං විනාභූතං පත්තං පාණිතො අස්සාති ඔනිත්තපත්තපාණි, තං ඔනිත්තපත්තපාණිං. හත්ථෙ ච පත්තඤ්ච ධොවිත්වා එකමන්තෙ පත්තං නික්ඛිපිත්වා නිසින්නන්ති අත්ථො. එකමන්තං නිසීදීති භගවන්තං එවං භූතං ඤත්වා එකස්මිං ඔකාසෙ නිසීදීති අත්ථො.
පණීතෙන යනු උත්තම වූ, සහත්ථා යනු තමාගේ අතින්. සන්තප්පෙත්වා යනු මැනවින් තර්පණය කොට, පිරිපුන් මැනවින් යහපත් ඇතිතාක් කොට. සම්පවාරෙත්වා යනු මැනවින් පවරා. ‘ඇති ඇති’යි හස්ත සංඥාවෙන් ප්‍රතික්ෂේප කරවා, භූත්තාවී යනු අනුභව කළ, ඔණීත පත්තපාණී යනු පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇතිව ඉවත්කළ අත යයි කියන ලද්දේ වෙයි. ඔනිත්ත පත්තපාණිං කියාද පාඨයක් ඇත. එහි අර්ථය අතින් වෙන් කරගත් පාත්‍රය ඔහුට ඇතිනුයි = ඔනිත්ත පත්තපාණී. එය ඔනිත්ත පත්තපාණිං. අත්ද පාත්‍රයද සෝදා එකත්පසෙක පාත්‍රය තබා හුන් යන අර්ථයි.
අනුපුබ්බිං කථන්ති අනුපටිපාටිකථං. ආනුපුබ්බිකථා නාම දානානන්තරං සීලං, සීලානන්තරං සග්ගො, සග්ගානන්තරං මග්ගොති එතෙසං අත්ථානං දීපනකථා. තෙනෙව – “සෙය්යථිදං දානකථ”න්තිආදිමාහ. ඔකාරන්ති අවකාරං ලාමකභාවං. සාමුක්කංසිකාති සාමං උක්කංසිකා, අත්තනායෙව උද්ධරිත්වා ගහිතා, සයම්භූඤාණෙන දිට්ඨා, අසාධාරණා අඤ්ඤෙසන්ති අත්ථො. කා පන සාති? අරියසච්චදෙසනා. තෙනෙවාහ – “දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ග”න්ති. ධම්මචක්ඛුන්ති එත්ථ සොතාපත්තිමග්ගො අධිප්පෙතො. තස්ස උප්පත්තිආකාරදස්සනත්ථං – “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති ආහ. තඤ්හි නිරොධං ආරම්මණං කත්වා කිච්චවසෙන එවං සබ්බසඞ්ඛතං පටිවිජ්ඣන්තං උප්පජ්ජති.
එකමත්තං නිසීදි යනු භාග්‍යවතුන් වහන්සේ මෙසේ වූ බව දැන එක් තැනක හුන්නේය යන අර්ථයි. ආනුපුබ්බීකථං යනු අනුපිළිවෙළ කථාව. ආනුපුබ්බී කථා නම් දානයන්ට පසුව සීලය. සීලයන්ට පසුව සග්ග. සග්ගයන්ට පසුව මග්ග යනුවෙන්. එයින්ම සෙය්යථිදං දානකථං යනාදිය කීය. ඔකාරං පහත්බව ලාමක බව. සාමුක්කංසිකා යනු තමාම උසස් වූ තමා විසින්ම උපුටා ගත් ස්වයංභූ ඥානයෙන් දක්නාලද අන්‍යයන්ට සාධාරණ නො වූ යන අර්ථයි. කුමක්ද මේ ආර්යසත්ය දේශනාව? එහෙයින් කීය. දුක්ඛ සමුදයං නිරෝධං මග්ගං යනුවෙන්. ධම්මචක්ඛුං යනු මෙහි සෝවාන් මග අදහස් කරන ලදී. එහි උත්පත්ති ආකාරය දැක්වීම පිණිස යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යයි කීහ. නිරෝධය අරමුණු කොට කෘත්‍ය වශයෙන් මෙසේ සියලු සංඛත ධර්මවල ප්‍රතිවේධ බව උපදී.
පොක්ඛරසාතිඋපාසකත්තපටිවෙදනාවණ්ණනා
දිට්ඨො අරියසච්චධම්මො එතෙනාති දිට්ඨධම්මො. එස නයො සෙසපදෙසුපි. තිණ්ණා විචිකිච්ඡා අනෙනාති තිණ්ණවිචිකිච්ඡො. විගතා කථංකථා අස්සාති විගතකථංකථො. වෙසාරජ්ජප්පත්තොති විසාරදභාවං පත්තො. කත්ථ? සත්ථුසාසනෙ. නාස්ස පරො පච්චයො, න පරස්ස සද්ධාය එත්ථ වත්තතීති අපරප්පච්චයො. සෙසං සබ්බත්ථ වුත්තනයත්තා උත්තානත්ථත්තා ච පාකටමෙවාති.
ආර්ය සත්‍ය ධර්මය දක්නා ලද්දේ මොහු විසිනියි = දිට්ඨධම්මො. සෙසු පදවලද මේ ක්‍රමයමැයි. තරණය කළ විචිකිච්ඡාව මොහු විසිනැයි = තිණ්ණ විචිකිච්ඡො විශාරද බවට පැමිණියේ කොහිද? ශාස්තෲ ශාසනයෙහි. ඔහුට පරප්රත්යයක් නැත. අනුන්ගේ ශ්‍රද්ධාවෙන් මෙහි නොපවතීනුයි = අපරප්පච්චයො. සෙස්ස සියලුතැන පෙර කියූ ක්‍රමය බැවින්ද, නොගැඹුරු බැවින්ද ප්‍රකටමය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං අම්බට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
අම්බට්ඨ සූත්‍ර වර්ණනාව නිමියේ ය.