2. සාමඤ්ඤඵලසුත්තවණ්ණනා අට්ඨකථා
2. සාමඤ්ඤඵලසුත්තවණ්ණනා
2. සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව
රාජාමච්චකථාවණ්ණනා
එවං මෙ සුතං…පෙ… රාජගහෙති සාමඤ්ඤඵලසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා – රාජගහෙති එවංනාමකෙ නගරෙ. තඤ්හි මන්ධාතුමහාගොවින්දාදීහි පරිග්ගහිතත්තා රාජගහන්ති වුච්චති. අඤ්ඤෙපි එත්ථ පකාරෙ වණ්ණයන්ති, කිං තෙහි? නාමමත්තමෙතං තස්ස නගරස්ස. තං පනෙතං බුද්ධකාලෙ ච චක්කවත්තිකාලෙ ච නගරං හොති, සෙසකාලෙ සුඤ්ඤං හොති යක්ඛපරිග්ගහිතං, තෙසං වසනවනං හුත්වා තිට්ඨති. විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ්බබ්රහ්මඅරියවිහාරෙසු අඤ්ඤතරවිහාරසමඞ්ගිපරිදීපනමෙතං. ඉධ පන ඨානගමනනිසජ්ජසයනප්පභෙදෙසු ඉරියාපථෙසු අඤ්ඤතරඉරියාපථසමායොගපරිදීපනං. තෙන ඨිතොපි ගච්ඡන්තොපි නිසින්නොපි සයානොපි භගවා විහරති චෙව වෙදිතබ්බො. සො හි එකං ඉරියාපථබාධනං අඤ්ඤෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපරිපතන්තං අත්තභාවං හරති පවත්තෙති, තස්මා විහරතීති වුච්චති.
එවං මෙ සුතං -පෙ- රාජගහෙ යනු සාමඤ්ඤඵල සූත්‍රයයි. මේ මෙහි අපූර්ව පද වර්ණනාවයි. රාජගහෙ යනු එනම් නගරයෙහි. එය වනාහි මන්ධාතු ගෝවින්ද ආදීන් විසින් අධිගෘහිත බැවින් රාජගහ යයි කියනු ලැබේ. අන්‍යයෝද මෙහි ප්‍රකාරය වර්ණනා කරති. කුමකින්ද? මේ නගරයෙහි නම ගැන. එය බුද්ධ කාලයෙහි ද චක්‍රවර්ති කාලයෙහිද නගරයක් වෙයි. සෙසු කල්හි ශුන්‍ය වෙයි. යක්ෂයන් විසින් අරක්ගන්නා ලද්දේ වෙයි. ඔවුන් වාසය කරන වනයක් වී සිටියි. විහරති අවිශේෂයෙන් ඊරියාපථ දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහාරයන්හි එක්තරා විහාරයක් හා සබැඳි බව දැක්වීමයි. මෙහි වනාහි සිටීම, ගමන, හිඳීම,නිදාගැනීම යන ප්‍රභේද ඇති ඉරියව්වල එක්තරා ඉරියව්වක් සම්බන්ධයෙන් විස්තර කිරීමයි. එයින් සිටිමින් යමින් හිඳිමින් සැතපෙමින් භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සේකැයි දතයුතුයි. උන්වහන්සේ එක් ඉරියව්වකින් ඇතිවන බාධාව තවත් ඉරියව්වකින් පිරිසිඳ නොසිඳෙන ආත්මභාවය ගෙනයන සේක. පවත්වන සේක. ඒ නිසා විහරති යයි කියනු ලැබේ.
ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙති ඉදමස්ස යං ගොචරගාමං උපනිස්සාය විහරති, තස්ස සමීපනිවාසනට්ඨානපරිදීපනං. තස්මා – රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙති රාජගහසමීපෙ ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ විහරතීති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. සමීපත්ථෙ හෙතං භුම්මවචනං. තත්ථ ජීවතීති ජීවකො, කුමාරෙන භතොති කොමාරභච්චො. යථාහ – “කිං භණෙ, එතං කාකෙහි සම්පරිකිණ්ණන්ති? දාරකො දෙවාති. ජීවති භණෙති? ජීවති, දෙවාති. තෙන හි, භණෙ තං දාරකං අම්හාකං අන්තෙපුරං නෙත්වා ධාතීනං දෙථ පොසෙතුන්ති. තස්ස ජීවතීති ජීවකොති නාමං අකංසු. කුමාරෙන පොසාපිතොති කොමාරභච්චොති නාමං අකංසූ”ති (මහාව· 328) අයං පනෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරෙන පන ජීවකවත්ථුඛන්ධකෙ ආගතමෙව. විනිච්ඡයකථාපිස්ස සමන්තපාසාදිකාය විනයට්ඨකථායං වුත්තා.
ජීවකස්ස කොමර භච්චස්ස අම්බවනෙ ඔහුගේ යම් ගොදුරුගමක් ඇසුරුකොට වසන සේක්ද. ඒ සමීපයෙහි වෙසෙන තැන දැක්වීමයි. ඒ නිසා රාජගහෙ විහරති ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවනෙ යනු රජගහ සමීපයෙහි ජීවක කෝමාරභච්චගේ අඹවනයෙහි වසන සේකැයි මෙහි අර්ථය දතයුතුය. මෙය සමීපාර්ථයෙහි ආධාර වචනයකි. එහි ජීවත් වෙනුයි ජීවකො කුමාරයා විසින් පෝෂණය කරන ලද්දේනුයි කොමාර භච්චො කියන ලද පරිදි කොල්ලනි. කපුටන් විසින් වටකරනු ලැබූ මෙය කුමක්ද? දේවයන් වහන්ස, දරුවෙකි. ජීවත්වේද කොල්ලනි, ජීවත් වෙයි දේවයන් වහන්ස. එසේනම් කොල්ලනි, ඒ දරුවා අන්තඃපුරයට ගෙනගොස් පෝෂණය කරන්ට කිරිමවුන්ට දෙවු. ජීවත්වන බැවින් ඔහුට ජීවකයයි නමක් කළහ. කුමාරයා විසින් පෝෂණය කරවන ලද්දේනුයි කෝමාර භච්ච යයි නමක් තැබූහ. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් ජීවක වස්තුව බන්ධකයෙහි ආයේය. ඔහුගේ විනිශ්චය කථාව ද සමන්තපාසාදිකා විනයට්ඨ කථාවෙහි කියන ලදී.
අයං පන ජීවකො එකස්මිං සමයෙ භගවතො දොසාභිසන්නං කායං විරෙචෙත්වා සිවෙය්යකං දුස්සයුගං දත්වා වත්ථානුමොදනාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාය චින්තෙසි – “මයා දිවසස්ස ද්වත්තික්ඛත්තුං බුද්ධුපට්ඨානං ගන්තබ්බං, ඉදඤ්ච වෙළුවනං අතිදූරෙ, මය්හං පන අම්බවනං උය්යානං ආසන්නතරං, යංනූනාහං එත්ථ භගවතො විහාරං කාරෙය්ය”න්ති. සො තස්මිං අම්බවනෙ රත්තිට්ඨානදිවාඨානලෙණකුටිමණ්ඩපාදීනි සම්පාදෙත්වා භගවතො අනුච්ඡවිකං ගන්ධකුටිං කාරාපෙත්වා අම්බවනං අට්ඨාරසහත්ථුබ්බෙධෙන තම්බපට්ටවණ්ණෙන පාකාරෙන පරික්ඛිපාපෙත්වා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං සචීවරභත්තෙන සන්තප්පෙත්වා දක්ඛිණොදකං පාතෙත්වා විහාරං නිය්යාතෙසි. තං සන්ධාය වුත්තං – “ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ”ති.
මේ ජීවක තෙමේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොසින් පිරුණු සිරුර විරේක කර සීවෙය්‍යක රෙදි දෙකක් දී වස්ත්‍ර අනුමෝදනාවෙහි කෙළවර සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ සිතීය. ‘මා දවසට දෙතුන්වරක් බුදු උවටැනට යායුතුය. මේ වේළුවනය ඉතා ඈතය. මාගේ අඹඋයන නුදුරේය. එහි භාග්‍යවතුන් වහන්සේට වෙහෙරක් කරන්නෙම් නම් මැනවැයි හේ අඹවනයෙහි රාත්‍රීස්ථාන දිවාස්ථාන ලෙන්කුටි මණ්ඩප ආදිය සාදවා භාග්‍යවතුන් වහන්සේට සුදුසු ගඳකිළියක් කරවා අඹවනය අටළොස් රියන් ලෙසට තඹපටෙහි වර්ණයෙන් යුත් පවුරකින් වටකරවා බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා සිවුරින් බතින් සතප්වා පැන් වඩා විහාරය පවරා දුන්නේය. ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවනෙ යයි ඒ නිසා කියන ලදී.
අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහීති අඩ්ඪසතෙන ඌනෙහි තෙරසහි භික්ඛුසතෙහි. රාජාතිආදීසු රාජති අත්තනො ඉස්සරියසම්පත්තියා චතූහි සඞ්ගහවත්ථූහි මහාජනං රඤ්ජෙති වඩ්ඪෙතීති රාජා. මගධානං ඉස්සරොති මාගධො. අජාතොයෙව රඤ්ඤො සත්තු භවිස්සතීති නෙමිත්තකෙහි නිද්දිට්ඨොති අජාතසත්තු.
අඩ්ඪ තෙළසෙහි භික්ඛුසතෙහි හය දහස් පන්සියයක් පමණ භික්ෂූන් සමග. රාජා යන ආදී තන්හි රාජා යනු තමාගේ ඓශ්වර්ය සම්පත්තියෙන් සිව් සඟරාවතින් මහජනයා රංජනය කෙරෙතියි රකිතියි රාජා. මගධයන්ට ප්රධානනුයි = මාගධො. නූපන්නේම රජුට සතුරු වන්නේ යයි නිමිත්ත පාඨකයන් විසින් නිර්දේශ කරන ලද්දේනුයි අජාතසත්තු.
තස්මිං කිර කුච්ඡිගතෙ දෙවියා එවරූපො දොහළො උප්පජ්ජි – “අහො වතාහං රඤ්ඤො දක්ඛිණබාහුලොහිතං පිවෙය්ය”න්ති, සා “භාරියෙ ඨානෙ දොහළො උප්පන්නො, න සක්කා කස්සචි ආරොචෙතු”න්ති තං කථෙතුං අසක්කොන්තී කිසා දුබ්බණ්ණා අහොසි. තං රාජා පුච්ඡි – “භද්දෙ, තුය්හං අත්තභාවො න පකතිවණ්ණො, කිං කාරණ”න්ති? “මා පුච්ඡ, මහාරාජාති”. “භද්දෙ, ත්වං අත්තනො අජ්ඣාසයං මය්හං අකථෙන්තී කස්ස කථෙස්සසී”ති තථා තථා නිබන්ධිත්වා කථාපෙසි. සුත්වා ච – “බාලෙ, කිං එත්ථ තුය්හං භාරියසඤ්ඤා අහොසී”ති වෙජ්ජං පක්කොසාපෙත්වා සුවණ්ණසත්ථකෙන බාහුං ඵාලාපෙත්වා සුවණ්ණසරකෙන ලොහිතං ගහෙත්වා උදකෙන සම්භින්දිත්වා පායෙසි. නෙමිත්තකා තං සුත්වා – “එස ගබ්භො රඤ්ඤො සත්තු භවිස්සති, ඉමිනා රාජා හඤ්ඤිස්සතී”ති බ්යාකරිංසු. දෙවී සුත්වා – “මය්හං කිර කුච්ඡිතො නික්ඛන්තො රාජානං මාරෙස්සතී”ති ගබ්භං පාතෙතුකාමා උය්යානං ගන්ත්වා කුච්ඡිං මද්දාපෙසි, ගබ්භො න පතති. සා පුනප්පුනං ගන්ත්වා තථෙව කාරෙසි. රාජා කිමත්ථං අයං අභිණ්හං උය්යානං ගච්ඡතීති පරිවීමංසන්තො තං කාරණං සුත්වා – “භද්දෙ, තව කුච්ඡියං පුත්තොති වා ධීතාති වා න පඤ්ඤායති, අත්තනො නිබ්බත්තදාරකං එවමකාසීති මහා අගුණරාසිපි නො ජම්බුදීපතලෙ ආවිභවිස්සති, මා ත්වං එවං කරොහී”ති නිවාරෙත්වා ආරක්ඛං අදාසි. සා ගබ්භවුට්ඨානකාලෙ “මාරෙස්සාමී”ති චින්තෙසි. තදාපි ආරක්ඛමනුස්සා දාරකං අපනයිංසු. අථාපරෙන සමයෙන වුඩ්ඪිප්පත්තං කුමාරං දෙවියා දස්සෙසුං. සා තං දිස්වාව පුත්තසිනෙහං උප්පාදෙසි, තෙන නං මාරෙතුං නාසක්ඛි. රාජාපි අනුක්කමෙන පුත්තස්ස ඔපරජ්ජමදාසි.
ඔහු කුසට පැමිණි කල්හි දේවියට මෙබඳු දොළදුකක් ඇතිවිය. මම රජුගේ දක්ෂිණ බාහුවෙන් ලේ බොන්නේ නම් මැනවි’ඇයට බැරෑරුම් තැනක මෙම දොළදුක උපන. කිසිවකුට කියන්ට නොහැකි යයි එය කියන්ට නොහැකි වන්නී කෘශ වී දුර්වර්ණ වූවාය. රජ ඇයගෙන් මෙසේ ඇසීය. සොඳුර, ඔබගේ ආත්මභාවය ප්‍රකෘති වර්ණය නොවේ. කවර කරුණකින්ද? මහරජතුමනි, නොඅසනු මැනවි. සොඳුර, ඔබගේ අදහස මට නොකියන්නී කාහට කියන්නෙහිද? එසේ එසේ ඇවිටිලිකොට කියවා ගත්තේය. අසා නුවණ මඳ තැනැත්තිය තී මෙහිදී බැරෑරුම් හැඟීමක් ඇත්තී වන්නේ කුමක් නිසාද? වෙදකු කැඳවා රන් ආයුධයකින් අත පළවා රන් බඳුනකින් ලේ ගෙන ජලය සමග කලතා පෙව්වේය. නිමිත්ත පාඨකයෝ ඒ අසා ‘මේ ගැබ රජුට සතුරු වන්නේය. මොහු විසින් රජ මරනු ලබන්නේ’ යයි ප්‍රකාශ කළහ. දේවිය ඒ අසා ‘මාගේ කුසයෙන් නික්මෙන තැනැත්තා රජු මරන්නේ’යයි ගැබ හලනු කැමැත්තී උයනට ගොස් කුස මර්දනය කරවූවාය. ගැබ නොහැලෙයි. ඈ නැවත නැවත ගොස් එසේ කරවයි. රජතෙමේ ‘මෑ කුමක් නිසා නිතර උයනට යන්නීදැ’යි සොයා බලන්නේ ඒ කරුණ අසා ‘සොඳුර, තීගේ කුසෙහි පුත්‍රයෙක්ද දුවක්ද යන්න නොපැනේ. තමාට උපන් දරුවාට මෙසේ කළේයයි මහත් අගුණ රැසක් දඹදිව් තලයෙහි පහළ වන්නේය. එසේ නොකරන්නැ’යි වළක්වා ආරක්ෂාව ලබා දුන්නේය. ඈ ගැබින් නැගිටින කල්හි ඔහු මරන්නෙමියි සිතුවාය. එදා ද ආරක්ෂක මනුෂ්‍යයෝ දැක කුමරු ඉවතට ගෙන ගියහ. පසුකලෙක වැඩිවයසට පත් කුමරු දේවියට පෙන්වූහ. ඈ ඔහු දැකම පුත්‍ර ස්නේහය උපදවා ගත්තාය. එයින් ඔහු මැරීමට නොහැකි විය. රජතෙමේද අනුක්රමයෙන් පුත්‍රයාට යුවරජ තනතුර දුන්නේය.
අථෙකස්මිං සමයෙ දෙවදත්තො රහොගතො චින්තෙසි – “සාරිපුත්තස්ස පරිසා මහාමොග්ගල්ලානස්ස පරිසා මහාකස්සපස්ස පරිසාති, එවමිමෙ විසුං විසුං ධුරා, අහම්පි එකං ධුරං නීහරාමී”ති. සො “න සක්කා විනා ලාභෙන පරිසං උප්පාදෙතුං, හන්දාහං ලාභං නිබ්බත්තෙමී”ති චින්තෙත්වා ඛන්ධකෙ ආගතනයෙන අජාතසත්තුං කුමාරං ඉද්ධිපාටිහාරියෙන පසාදෙත්වා සායං පාතං පඤ්චහි රථසතෙහි උපට්ඨානං ආගච්ඡන්තං අතිවිස්සත්ථං ඤත්වා එකදිවසං උපසඞ්කමිත්වා එතදවොච – “පුබ්බෙ ඛො, කුමාර, මනුස්සා දීඝායුකා, එතරහි අප්පායුකා, තෙන හි ත්වං කුමාර, පිතරං හන්ත්වා රාජා හොහි, අහං භගවන්තං හන්ත්වා බුද්ධො භවිස්සාමී”ති කුමාරං පිතුවධෙ උය්යොජෙති.
ඉක්බිති එක් කලෙක දේවදත්ත රහසිගතව මෙසේ සිතීය. ශාරිපුත්රගේ පිරිස විශාලය මෞද්ගල්යානගේ පිරිස මහා කාශ්‍යපගේ පිරිස යැයි මොවුහු වෙන වෙනම තනතුරු දරන්නෝය. මම ද එක් තනතුරක් පැහැර ගනිමියි හේ ලාභයෙන් තොරව පිරිස් උපදවන්ට නොහැකිය. මම දැන් ලාභ උපදවා ගන්නෙමියි සිතා බන්ධකයෙහි ආ ක්‍රමයෙන් අජාත සත්ත කුමාරයා සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් පහදවා උදේ සවස රිය පන්සියයකින් උපස්ථානයට එන කුමරු අතිශයින් විශ්වාසී බව දැන එක් දවසක් ළඟට ගොස් මෙසේ කීය. කුමරුනි, පෙර මිනිස්සු දීර්ඝායුෂ්ක වූහ. දැන් අල්පායුෂ ඇත්තෝය. -පෙ- ඒ නිසා කුමරුනි, ඔබ පියා මරා රජ වන්න. මම බුදුන් මරා බුදුවන්නෙමි’යි කුමරු පියා මැරීමට පෙළඹවීය.
සො – “අය්යො දෙවදත්තො මහානුභාවො, එතස්ස අවිදිතං නාම නත්ථී”ති ඌරුයා පොත්ථනියං බන්ධිත්වා දිවා දිවස්ස භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රස්තො අන්තෙපුරං පවිසිත්වා වුත්තප්පකාරං විප්පකාරං අකාසි. අථ නං අමච්චා ගහෙත්වා අනුයුඤ්ජිත්වා – “කුමාරො ච හන්තබ්බො, දෙවදත්තො ච, සබ්බෙ ච භික්ඛූ හන්තබ්බා”ති සම්මන්තයිත්වා රඤ්ඤො ආණාවසෙන කරිස්සාමාති රඤ්ඤො ආරොචෙසුං.
හේ දේවදත්ත හිමියෝ මහානුභාව ඇත්තෝ ය. ඔහු නොදන්නා දෙයක් නම් නැතැයි කලවෙහි පිහියක් බැඳ උදෑසන බියට පත්ව, කලබලයට පත්ව, සැක ඇතිව, ත්‍රාසයට පත්ව ඇතුළු නුවරට පිවිස කියන ලද පරිදි විප්‍රකාර කළේය. ඉක්බිති ඇමතියෝ ඔහු අල්ලාගෙන ලුහුබැඳ කුමාරයා මැරිය යුතුය. දේවදත්ත ද මැරිය යුතුයයි සියලු භික්ෂූහු ද මැරිය යුතුයයි කැමති කරවාගෙන රජුගේ අණ අනුව කරන්නෙමුයි රජුට දැන්වූහ.
රාජා යෙ අමච්චා මාරෙතුකාමා අහෙසුං, තෙසං ඨානන්තරානි අච්ඡින්දිත්වා, යෙ න මාරෙතුකාමා, තෙ උච්චෙසු ඨානෙසු ඨපෙත්වා කුමාරං පුච්ඡි – “කිස්ස පන ත්වං, කුමාර, මං මාරෙතුකාමොසී”ති? “රජ්ජෙනම්හි, දෙව, අත්ථිකො”ති. රාජා තස්ස රජ්ජං අදාසි.
රජ තෙමේ යමෙක් මරනු කැමති වූවාහුද ඔවුන්ගේ තනතුරු සිඳ යමෙක් නොමරනු කැමති වූවාහුද ඔවුන් උසස් තනතුරුවල තබා කුමාරයාගෙන් මෙසේ ඇසීය. ‘කුමාරය, ඔබ මා මරනු කැමැත්තේ කුමක් නිසාද? දේවයන් වහන්ස, මට රාජ්‍යය අවශ්‍යය. රජ ඔහුට රාජ්‍යය දුන්නේය.
සො මය්හං මනොරථො නිප්ඵන්නොති දෙවදත්තස්ස ආරොචෙසි. තතො නං සො ආහ – “ත්වං සිඞ්ගාලං අන්තොකත්වා භෙරිපරියොනද්ධපුරිසො විය සුකිච්චකාරිම්හීති මඤ්ඤසි, කතිපාහෙනෙව තෙ පිතා තයා කතං අවමානං චින්තෙත්වා සයමෙව රාජා භවිස්සතී”ති. අථ, භන්තෙ, කිං කරොමීති? මූලඝච්චං ඝාතෙහීති. නනු, භන්තෙ, මය්හං පිතා න සත්ථවජ්ඣොති? ආහාරුපච්ඡෙදෙන නං මාරෙහීති. සො පිතරං තාපනගෙහෙ පක්ඛිපාපෙසි, තාපනගෙහං නාම කම්මකරණත්ථාය කතං ධූමඝරං. “මම මාතරං ඨපෙත්වා අඤ්ඤස්ස දට්ඨුං මා දෙථා”ති ආහ. දෙවී සුවණ්ණසරකෙ භත්තං පක්ඛිපිත්වා උච්ඡඞ්ගෙනාදාය පවිසති. රාජා තං භුඤ්ජිත්වා යාපෙති. සො – “මය්හං පිතා කථං යාපෙතී”ති පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා – “මය්හං මාතු උච්ඡඞ්ගං කත්වා පවිසිතුං මා දෙථා”ති ආහ. තතො පට්ඨාය දෙවී මොළියං පක්ඛිපිත්වා පවිසති. තම්පි සුත්වා “මොළිං බන්ධිත්වා පවිසිතුං මා දෙථා”ති. තතො සුවණ්ණපාදුකාසු භත්තං ඨපෙත්වා පිදහිත්වා පාදුකා ආරුය්හ පවිසති. රාජා තෙන යාපෙති. පුන “කථං යාපෙතී”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “පාදුකා ආරුය්හ පවිසිතුම්පි මා දෙථා”ති ආහ. තතො පට්ඨාය දෙවී ගන්ධොදකෙන න්හායිත්වා සරීරං චතුමධුරෙන මක්ඛෙත්වා පාරුපිත්වා පවිසති. රාජා තස්සා සරීරං ලෙහිත්වා යාපෙති. පුන පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා “ඉතො පට්ඨාය මය්හං මාතු පවෙසනං නිවාරෙථා”ති ආහ. දෙවී ද්වාරමූලෙ ඨත්වා “සාමි, බිම්බිසාර, එතං දහරකාලෙ මාරෙතුං න අදාසි, අත්තනො සත්තුං අත්තනාව පොසෙසි, ඉදං පන දානි තෙ පච්ඡිමදස්සනං, නාහං ඉතො පට්ඨාය තුම්හෙ පස්සිතුං ලභාමි, සචෙ මය්හං දොසො අත්ථි, ඛමථ දෙවා”ති රොදිත්වා කන්දිත්වා නිවත්ති.
හේ මාගේ මනෝරථය සපිරුණේ යයි දේවදත්තට දැන්වීය. ඉක්බිති හේ ඔහුට මෙසේ කීය. ඔබ මීයකු ඇතුළට දමා බෙරය වසා බඳනා මිනිසකු මෙන් කටයුතු කරමි’යි සිතමි. කිහිප දවසකින් ඔබගේ පියා ඔබ විසින් කරන ලද අවමානය ගැන සිතා තමාම රජ වන්නේය. එසේම් ස්වාමීනි කුමක් කරම්ද? සමූලඝාතනයට පමුණුවන්න. ස්වාමීනි මාගේ පියා ආයුධයකින් මැරිය යුතුද? ආහාර නොදී ඔහු මරන්න. හේ පියා දුම්ගෙයි දැම්මවීය. තාපන ගෙහ නම් වැඩ කිරීම පිණිස තැනූ දුම්ගෙයයි. මාගේ මවට හැර අන් කිසිවකුට දකින්ට නොදෙවු යයි කීය. දේවිය රන්බඳුනක බත් තබා උකුළෙන් ගෙන පිවිසෙයි. රජ එය අනුභව කොට යැපෙයි. හෙතෙමේ මාගේ පියා කෙසේ යැපේදැයි අසා එපුවත අසා මාගේ මවට උකුලෙහි තබා පිවිසෙන්ට නොදෙවු යයි කීය. එතැන්පටන් දේවිය හිස්වැස්මෙහි බහා පිවිසෙයි. එයද අසා හිස්වැස්ම බැඳ පිවිසෙන්ට නොදෙවු යයි කීය. ඉන්පසු රන් මිරිවැඩිවල බත් තබා වසා මිරිවැඩි දමාගෙන පිවිසෙයි. රජ එයින් යැපෙයි. නැවත කෙසේ යැපේදැයි අසා ඒ බව අසා ‘මිරිවැඩි නැග පිවිසෙන්ට නොදෙවු’ යයි කීය. එතැන් පටන් දේවිය සුවඳ දියෙන් හා සිරුර චතුමධුර ගල්වා පොරවාගෙන පිවිසෙයි. රජ ඇයගේ සිරුර ලෙවකා යැපෙයි. නැවත අසා එපුවත අසා මෙතැන් පටන් මාගේ මවගේ පිවිසීම වළක්වවු යයි කීය. දේවිය දොර ළඟ සිට ‘හිමියනි, මොහු ළදරු කල මරවන්ට නුදුන්නේය. තමාගේ සතුරා තමා විසින්ම පෝෂණය කළේය. දැන් මේ ඔබතුමාගේ අවසාන දැක්මයි. මම මින්පසු ඔබතුමා දක්නට නොලබමි. මාගේ දොසක් ඇත්නම් කමනු මැන දේවයන් වහන්ස යැයි හඬා වැළපී නැවතුණාය.
තතො පට්ඨාය රඤ්ඤො ආහාරො නත්ථි. රාජා මග්ගඵලසුඛෙන චඞ්කමෙන යාපෙති. අතිවිය අස්ස අත්තභාවො විරොචති. සො – “කථං, මෙ භණෙ, පිතා යාපෙතී”ති පුච්ඡිත්වා “චඞ්කමෙන, දෙව, යාපෙති; අතිවිය චස්ස අත්තභාවො විරොචතී”ති සුත්වා ‘චඞ්කමං දානිස්ස හාරෙස්සාමී’ති චින්තෙත්වා – “මය්හං පිතු පාදෙ ඛුරෙන ඵාලෙත්වා ලොණතෙලෙන මක්ඛෙත්වා ඛදිරඞ්ගාරෙහි වීතච්චිතෙහි පචථා”ති න්හාපිතෙ පෙසෙසි. රාජා තෙ දිස්වා – “නූන මය්හං පුත්තො කෙනචි සඤ්ඤත්තො භවිස්සති, ඉමෙ මම මස්සුකරණත්ථායාගතා”ති චින්තෙසි. තෙ ගන්ත්වා වන්දිත්වා අට්ඨංසු. ‘කස්මා ආගතත්ථා’ති ච පුට්ඨා තං සාසනං ආරොචෙසුං. “තුම්හාකං රඤ්ඤො මනං කරොථා”ති ච වුත්තා ‘නිසීද, දෙවා’ති වත්වා ච රාජානං වන්දිත්වා – “දෙව, මයං රඤ්ඤො ආණං කරොම, මා අම්හාකං කුජ්ඣිත්ථ, නයිදං තුම්හාදිසානං ධම්මරාජූනං අනුච්ඡවික”න්ති වත්වා වාමහත්ථෙන ගොප්ඵකෙ ගහෙත්වා දක්ඛිණහත්ථෙන ඛුරං ගහෙත්වා පාදතලානි ඵාලෙත්වා ලොණතෙලෙන මක්ඛෙත්වා ඛදිරඞ්ගාරෙහි වීතච්චිතෙහි පචිංසු. රාජා කිර පුබ්බෙ චෙතියඞ්ගණෙ සඋපාහනො අගමාසි, නිසජ්ජනත්ථාය පඤ්ඤත්තකටසාරකඤ්ච අධොතෙහි පාදෙහි අක්කමි, තස්සායං නිස්සන්දොති වදන්ති. රඤ්ඤො බලවවෙදනා උප්පන්නා. සො – “අහො බුද්ධො, අහො ධම්මො, අහො සඞ්ඝො”ති අනුස්සරන්තොයෙව චෙතියඞ්ගණෙ ඛිත්තමාලා විය මිලායිත්වා චාතුමහාරාජිකදෙවලොකෙ වෙස්සවණස්ස පරිචාරකො ජනවසභො නාම යක්ඛො හුත්වා නිබ්බත්ති.
එතැන් පටන් රජුට අහරක් නැත. රජතෙමේ මගපල සුවයෙන් සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලයි. කොල්ලන්, මාගේ පියා කෙසේ යැපේදැයි අසා දේවයන් වහන්ස, සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලතියි අසා දැන් ඔහුගේ සක්මන නවත්වන්නෙමියි සිතා මාගේ පියාගේ පාද දැලිපිහියෙන් පළා ලුණු තෙලින් අතුල්ලා කිහිරගුරුවලින් චිටි චිටි ගා පුළුස්සවු යයි කරණවෑමියන් යැවීය. රජ ඔවුන් දැක ‘ඒකාන්තයෙන් මාගේ පුත්‍රයා කවුරුන් හෝ විසින් දන්වන ලද්දේ වන්නේය. මොවුහු මාගේ රැවුල කැපීම පිණිස පැමිණියාහු යයි සිතීය. ඔවුහු ගොස් වැඳ සිටියහ. ‘කුමක් නිසා ආවහුදැ’යි විමසන ලද්දාහු ඒ හසුන දැන්වූහ. තොපගේ රජුගේ අණ කරවු යයි කියන ලද්දාහු ‘හිඳිනු මැනවි දේවයන් වහන්සැ’යි කියා රජු වැඳ ‘දේවයන් වහන්ස, අපි රජ අණ කරමු. අපට නොකිපෙනු මැනවි. මේ නම් ඔබවහන්සේ වැනි දහම් රජුනට නුසුදුසු යැයි කියා වම් අතින් ගොස් මස ගෙන දකුණතින් දැලිපිහිය ගෙන පතුල් පළා ලුණු තෙල් ගා කිහිරි අඟුරින් චිටි චිටි යයි පිළිස්සූහ. රජතෙමේ පෙර සෑමළුවෙහි පාවහන් සහිතව ගියේය. හිඳ ගැනීම පිණිස පනවන ලද පැදුර ද නොසේදු පයින් පෑගීය. මේ එහි විපාකයයි කියත්. රජුට මහත් වේදනා උපන. හේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි ධර්මය ආශ්චර්යයි යනුවෙන් සිහිකරන්නේ සෑමළුවෙහි දැමූ මල්දමක් මෙන් මැලවී චාතුර්මහාරාජික දෙව්ලොව වෙසවුණුගේ පරිවාරක ජනවසඟ නම් යක්ෂයකු වී උපන්නේය.
තං දිවසමෙව අජාතසත්තුස්ස පුත්තො ජාතො, පුත්තස්ස ජාතභාවඤ්ච පිතුමතභාවඤ්ච නිවෙදෙතුං ද්වෙ ලෙඛා එකක්ඛණෙයෙව ආගතා. අමච්චා – “පඨමං පුත්තස්ස ජාතභාවං ආරොචෙස්සාමා”ති තං ලෙඛං රඤ්ඤො හත්ථෙ ඨපෙසුං. රඤ්ඤො තඞ්ඛණෙයෙව පුත්තසිනෙහො උප්පජ්ජිත්වා සකලසරීරං ඛොභෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච අට්ඨාසි. තස්මිං ඛණෙ පිතුගුණමඤ්ඤාසි – “මයි ජාතෙපි මය්හං පිතු එවමෙව සිනෙහො උප්පන්නො”ති. සො – “ගච්ඡථ, භණෙ, මය්හං පිතරං විස්සජ්ජෙථා”ති ආහ. “කිං විස්සජ්ජාපෙථ, දෙවා”ති ඉතරං ලෙඛං හත්ථෙ ඨපයිංසු.
එදවසම අජාතසත්තුට පුතෙක් උපන්නේය. පුතා උපන් බවද රජු මළ බවද දන්වන්ට ලිපි දෙකක් එකම වේලාවට ආවේය. ඇමතියෝ පළමුව පුතු උපන් බව දන්වන්නෙමුයි ඒ ලිපිය රජු අත තැබූහ. රජුට එකෙණෙහිම පුත්‍රස්නේහය ඉපදී සියලු සිරුර කළඹා ඇටමිදුළුවල හැපී සිටියේය. එකෙණෙහි පියාගේ ගුණ දත්තේය. ‘මා උපන් කල්හිද මාගේ පියාටද මෙබඳුම සෙනෙහසක් උපන්නේ වනැ. හේ කොල්ලනි, යවු මාගේ පියා මුදාහරිවු මුදාහරිවු යයි කීය. දේවයන් වහන්ස, කුමක් මුදාහරින්නේ දැයි ඉතිරි ලිපිය අත තැබූහ.
සො තං පවත්තිං සුත්වා රොදමානො මාතුසමීපං ගන්ත්වා – “අහොසි නු, ඛො, අම්ම, මය්හං පිතු මයි ජාතෙ සිනෙහො”ති? සා ආහ – “බාලපුත්ත, කිං වදෙසි, තව දහරකාලෙ අඞ්ගුලියා පීළකා උට්ඨහි. අථ තං රොදමානං සඤ්ඤාපෙතුං අසක්කොන්තා තං ගහෙත්වා විනිච්ඡයට්ඨානෙ නිසින්නස්ස තව පිතු සන්තිකං අගමංසු. පිතා තෙ අඞ්ගුලිං මුඛෙ ඨපෙසි. පීළකා මුඛෙයෙව භිජ්ජි. අථ ඛො පිතා තව සිනෙහෙන තං ලොහිතමිස්සකං පුබ්බං අනිට්ඨුභිත්වාව අජ්ඣොහරි. එවරූපො තෙ පිතු සිනෙහො”ති. සො රොදිත්වා පරිදෙවිත්වා පිතු සරීරකිච්චං අකාසි.
හේ එපුවත අසා හඬමින් මව් වෙත ගොස් ‘මෑණියනි, මාගේ පියාට මා කෙරෙහි සෙනෙහසක් වීදැයි ඇසීය. ඈ මෙසේ කීවාය. මෝඩපුත්රය. කුමක් කියහිද? ඔබ ළමා කල්හි ඇඟිල්ලෙහි ගෙඩියක් නැගිණ. ඉක්බිති ඔහුට ඔබ හඬනු දරාගන්ට නොහැකිව අල්ලාගෙන අධිකරණ අසුනෙහි සිටි ඔබගේ පියා වෙත ගියාහුය. පියා ඔබගේ ඇඟිල්ල මුවෙහි තැබීය. ගෙඩිය මුව තුළදීම පුපුරා ගියේය. ඉක්බිති ඔබගේ පියා ඔබට ඇති සෙනෙහස නිසා ඒ ලේ මුසු සැරව එළියට නොදමා ගිල්ලේය. ඔබගේ පියාගේ සෙනෙහස එබඳුය. හේ හඬා වැළපී පියාගේ සිරුරු කිස කළේය.
දෙවදත්තොපි අජාතසත්තුං උපසඞ්කමිත්වා – “පුරිසෙ, මහාරාජ, ආණාපෙහි, යෙ සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සන්තී”ති වත්වා තෙන දින්නෙ පුරිසෙ පෙසෙත්වා සයං ගිජ්ඣකූටං ආරුය්හ යන්තෙන සිලං පවිජ්ඣිත්වා නාළාගිරිහත්ථිං මුඤ්චාපෙත්වාපි කෙනචි උපායෙන භගවන්තං මාරෙතුං අසක්කොන්තො පරිහීනලාභසක්කාරො පඤ්ච වත්ථූනි යාචිත්වා තානි අලභමානො තෙහි ජනං සඤ්ඤාපෙස්සාමීති සඞ්ඝභෙදං කත්වා සාරිපුත්තමොග්ගල්ලානෙසු පරිසං ආදාය පක්කන්තෙසු උණ්හලොහිතං මුඛෙන ඡඩ්ඩෙත්වා නවමාසෙ ගිලානමඤ්චෙ නිපජ්ජිත්වා විප්පටිසාරජාතො – “කුහිං එතරහි සත්ථා වසතී”ති පුච්ඡිත්වා “ජෙතවනෙ”ති වුත්තෙ මඤ්චකෙන මං ආහරිත්වා සත්ථාරං දස්සෙථාති වත්වා ආහරියමානො භගවතො දස්සනාරහස්ස කම්මස්ස අකතත්තා ජෙතවනෙ පොක්ඛරණීසමීපෙයෙව ද්වෙධා භින්නං පථවිං පවිසිත්වා මහානිරයෙ පතිට්ඨිතොති. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරකථානයො ඛන්ධකෙ ආගතො. ආගතත්තා පන සබ්බං න වුත්තන්ති. එවං අජාතොයෙව රඤ්ඤො සත්තු භවිස්සතීති නෙමිත්තකෙහි නිද්දිට්ඨොති අජාතසත්තු.
දේවදත්තද අජාත සත්තු වෙත එළඹ ‘මහරජතුමනි, ශ්‍රමණ ගෞතමයන් ජීවිතයෙන් වෙන්කළ හැකි මිනිසුන් අණකරන්නැයි කියා ඔහු විසින් දෙන ලද මිනිසුන් යවා තමාම ගිජුකුළු පව්වට නැග යන්ත්‍රයෙන් ගල්ගසා, නාලාගිරි ඇතු මුදාහරවාද කිසියම් උපායෙකින් භාග්‍යවතුන් වහන්සේ මරවන්ට නොහැක්කේ ලාභසත්කාරයෙන් පිරිහුණේ පංච වස්තූන් ඉල්ලා නොලබන්නේ ඒවා ජනයාට දන්වන්නෙමියි සංඝභේද කොට සැරියුත් මුගලන් තෙරවරුන් පිරිස් රැගෙන ගිය කල්හි උණු ලේ මුවෙන් දමා නවමසක් ගිලන් ඇඳෙහි වැදහෙව උපන් විපිළිසර ඇත්තේ ‘දැන් ශාස්තෲන් වහන්සේ වසනසේක්දැයි විමසා දෙව්රමෙහි යයි කීකල්හි ‘ඇඳ පිටින් මා ගෙනගොස් ශාස්තෲන් වහන්සේ පෙන්වවු යයි කියා ගෙනයනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකීමට සුදුසු කර්මයක් නොකරන ලද බැවින් දෙව්රම්හි පොකුණ සමීපයෙහිම දෙබෑ වූ පොළොවට පිවිස මහා නිරයෙහි පිහිටියේය. මේ මෙහි සංක්ලේෂයයි. විස්තර කථා ක්‍රමයෙන් ඛන්ධකයෙහි ආ බැවින් සියල්ල නොකියන ලදී. මෙසේ ‘නූපන්නේම රජුට සතුරු වන්නේ යයි’ නිමිත්ත පාඨකයන් විසින් නිර්දේශ කරන ලද්දේනුයි අජාත සත්තු.
වෙදෙහිපුත්තොති අයං කොසලරඤ්ඤො ධීතාය පුත්තො, න විදෙහරඤ්ඤො. වෙදෙහීති පන පණ්ඩිතාධිවචනමෙතං. යථාහ – “වෙදෙහිකා ගහපතානී (ම· නි· 1.226), අය්යො ආනන්දො වෙදෙහමුනී”ති (සං· නි· 2.154). තත්රායං වචනත්ථො – විදන්ති එතෙනාති වෙදො, ඤාණස්සෙතං අධිවචනං. වෙදෙන ඊහති ඝටති වායමතීති වෙදෙහී. වෙදෙහියා පුත්තො වෙදෙහිපුත්තො.
වෙදෙහි පුත්තො යනු මේ කොසොල් රජුගේ දුවගේ පුත්‍රයා. විදේහ රජුන්ගේ නොවේ. වෙදෙහි යනු පණ්ඩිත යන්නට සමාන වචනයකි. යම්සේ කීවේද වෙදෙහිකා ගහපතානී (නුවණැති ගෘහපතිනි) අය්යො ආනන්දො වෙදෙහමුනි’ ආනන්ද ආර්යයන් වහන්සේ වෙදඟ (නුවණැති) මුනිවරයෙකි. මේ මෙහි වචනාර්ථයයි. එයින් කියානුයි = වෙදො ඥානයට මෙය සමාන වචනයකි. වේදයෙන් යත්න දරානුයි, ගතානුයි, වෑයම් කරානුයි = වෙදෙහී. වෙදෙහියගේ පුත්‍රයා = වෙදෙහි පුත්තො.
තදහූති තස්මිං අහු, තස්මිං දිවසෙති අත්ථො. උපවසන්ති එත්ථාති උපොසථො, උපවසන්තීති සීලෙන වා අනසනෙන වා උපෙතා හුත්වා වසන්තීති අත්ථො. අයං පනෙත්ථ අත්ථුද්ධාරො – “ආයාමාවුසො, කප්පින, උපොසථං ගමිස්සාමා”තිආදීසු පාතිමොක්ඛුද්දෙසො උපොසථො. “එවං අට්ඨඞ්ගසමන්නාගතො ඛො, විසාඛෙ, උපොසථො උපවුත්ථො”තිආදීසු (අ· නි· 8.43) සීලං. “සුද්ධස්ස වෙ සදා ඵග්ගු, සුද්ධස්සුපොසථො සදා”තිආදීසු (ම· නි· 1.79) උපවාසො. “උපොසථො නාම නාගරාජා”තිආදීසු (දී· නි· 2.246) පඤ්ඤත්ති. “න, භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා”තිආදීසු (මහාව· 181) උපවසිතබ්බදිවසො. ඉධාපි සොයෙව අධිප්පෙතො. සො පනෙස අට්ඨමී චාතුද්දසී පන්නරසීභෙදෙන තිවිධො. තස්මා සෙසද්වයනිවාරණත්ථං පන්නරසෙති වුත්තං. තෙනෙව වුත්තං – “උපවසන්ති එත්ථාති උපොසථො”ති.
තදහු යන ඒ දවසෙහි, එදින යන අර්ථයි. මෙහි එළඹ වෙසේනුයි උපොසථො. උපාසන්ති යනු ශීලයෙන් හෝ උපවාසයෙන් යුතුව වසත් යන අර්ථයි. මේ මෙහි අරුත් උපුටනයයි. ‘ආයුෂ්මත් කප්පින උපොසථයට යන්නෙමු’ ආදි තන්හි පාමොක් උදෙසන උපොසථයයි. විසාඛාවෙනි, මෙසේ අෂ්ටාංගයකින් යුත් උපෝසථය වැසුයේ යන තන්හි ශීලයයි. ‘සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා - සුපිරිසිදු පුද්ගලයාට හැමදා උපවාසයයි. හැමදා උපෝසථයයි යන තන්හි උපවාසයයි. ‘උපෝසථ නම් නාරජ’ යන තන්හි ප්රඥප්තියයි. ‘නභික්ඛවෙ තදනුපොසථ සභික්ඛුකා ආවාසා’ - මහණෙනි, උපෝසථ දිනයෙහි ආවාස භික්ෂූන් සහිත නොවේ යන තන්හි උපවාස කළයුතු දවසයි. මෙහිද එය අදහස් කරන ලදී. එය වනාහි අටවක, තුදුස්වක පසළොස්වක භේදයෙන් තෙවැදෑරුම් වේ. ඒ නිසා ඉතිරි දෙක වළක්වනු පිණිස පණ්ණරසෙ යනුවෙන් කියන ලදී. එහෙයින් කියන ලදී. මෙහි එළඹ වෙසෙතියි උපොසථො.
කොමුදියාති කුමුදවතියා. තදා කිර කුමුදානි සුපුප්ඵිතානි හොන්ති, තානි එත්ථ සන්තීති කොමුදී. චාතුමාසිනියාති චාතුමාසියා, සා හි චතුන්නං මාසානං පරියොසානභූතාති චාතුමාසී. ඉධ පන චාතුමාසිනීති වුච්චති. මාසපුණ්ණතාය උතුපුණ්ණතාය සංවච්ඡරපුණ්ණතාය පුණ්ණා සම්පුණ්ණාති පුණ්ණා. මා ඉති චන්දො වුච්චති, සො එත්ථ පුණ්ණොති පුණ්ණමා. එවං පුණ්ණාය පුණ්ණමායාති ඉමස්මිං පදද්වයෙ ච අත්ථො වෙදිතබ්බො.
කොමුදියා කුමුදු මල් ඇති, එකල කුමුදුමල් මැනවින් පිපුණේ වෙයි. ඒවා මෙහි ඇත්තේනුයි = කොමුදී. චාතුමාසිනියා යනු සිව්මස් ඇති. එය සිව්මසක් අවසන් වූ = චාතුමාසී. මෙහි චාතුමාසිනී යයි කියනු ලැබේ. මා යනු චන්ද්‍රයා යයි කියනු ලැබේ. එය මෙහි පිරුණේනුයි පුණ්ණමා. මෙසේ පුණ්ණාය පුණ්ණාමය යැයි මේ පද දෙකෙහි අර්ථය දතයුතුය.
රාජාමච්චපරිවුතොති එවරූපාය රජතඝටවිනිග්ගතාහි ඛීරධාරාහි ධොවියමානදිසාභාගාය විය, රජතවිමානවිච්චුතෙහි මුත්තාවළිසුමනකුසුමදාමසෙතදුකූලකුමුදවිසරෙහි සම්පරිකිණ්ණාය විය ච, චතුරුපක්කිලෙසවිමුත්තපුණ්ණචන්දප්පභාසමුදයොභාසිතාය රත්තියා රාජාමච්චෙහි පරිවුතොති අත්ථො.
රාජාමච්ච පරිවුතො යනු මෙබඳු රිදී කළයෙන් නික්මුණු කිරි දහරාවන්ගෙන් දෝවනය කරනු ලබන දිශා භාගයක් මෙන් රිදී විමනින් විසිරීගිය මුතුවැල් සමන්මල්දම් සුදු දුහුල් කුමුදු සමූහයෙන් ගැවසී ගත්තාක් මෙන්ද සිව් උපක්ලේශයන්ගෙන් මිදුණු පුන්සඳ පැහැර ගැනීමෙන් බබලන රාත්‍රියෙහි රජ ඇමතියන්ගෙන් පිරිවරන ලද්දේ යන අර්ථයි.
උපරිපාසාදවරගතොති පාසාදවරස්ස උපරිගතො. මහාරහෙ සමුස්සිතසෙතච්ඡත්තෙ කඤ්චනාසනෙ නිසින්නො හොති. කස්මා නිසින්නො? නිද්දාවිනොදනත්ථං. අයඤ්හි රාජා පිතරි උපක්කන්තදිවසතො පට්ඨාය – “නිද්දං ඔක්කමිස්සාමී”ති නිමීලිතමත්තෙසුයෙව අක්ඛීසු සත්තිසතඅබ්භාහතො විය කන්දමානොයෙව පබුජ්ඣි. කිමෙතන්ති ච වුත්තෙ, න කිඤ්චීති වදති. තෙනස්ස අමනාපා නිද්දා, ඉති නිද්දාවිනොදනත්ථං නිසින්නො. අපි ච තස්මිං දිවසෙ නක්ඛත්තං සඞ්ඝුට්ඨං හොති. සබ්බං නගරං සිත්තසම්මට්ඨං විප්පකිණ්ණවාලුකං පඤ්චවණ්ණකුසුමලාජපුණ්ණඝටපටිමණ්ඩිතඝරද්වාරං සමුස්සිතධජපටාකවිචිත්රසමුජ්ජලිතදීපමාලාලඞ්කතසබ්බදිසාභාගං වීථිසභාගෙන රච්ඡාසභාගෙන නක්ඛත්තකීළං අනුභවමානෙන මහාජනෙන සමාකිණ්ණං හොති. ඉති නක්ඛත්තදිවසතායපි නිසින්නොති වදන්ති. එවං පන වත්වාපි – “රාජකුලස්ස නාම සදාපි නක්ඛත්තමෙව, නිද්දාවිනොදනත්ථංයෙව පනෙස නිසින්නො”ති සන්නිට්ඨානං කතං.
උපරිපාසාද වරගතො යනු උතුම් පහයෙහි මතට ගියේ. මාහැඟි එසවූ සේසත් ඇති රන් අසුනෙහි. නිසින්නොහොති වුන්නේ වෙයි. කුමක් නිසා හුන්නේද? නිදිවැරීම පිණිසයි. මේ රජ පියාට පහරදෙනු ලැබූ දිනයෙහි පටන් ‘නින්දට යන්නෙමියි ඇස් පියවුණු මතින් සැත් සියයකින් පහරදෙනු ලැබූ කලෙක මෙන් හඬමින් බියෙන්ම පුබුදී. ‘මේ කිමෙක්දැ’යි කියූ කල්හි ‘කිසිවක් නැතැ’යි කියයි. එහෙයින් ඔහුට නින්ද ප්‍රිය නැත. මෙසේ නිදිවැරීම පිණිස හුන්නේය. තවද එදවස නැකැත්කෙළි දන්වන ලද්දේ වෙයි. මුළු නගරයම සමතලා කරන ලද්දේය. විසිරවූ වැලි ඇත්තේය. පස්වනක් මල්, විළඳ පිරුණු කළයෙන් ගෙදොර අලංකාර කරන ලද්දේය. ඔසවන ලද ධජ පතාකාදියෙන් විසිතුරු කරන ලද්දේය. දැල්වෙන පහන්වැලි විසිතුරු සියලු දිශාභාග ඇත්තේය. වීදිබැස රියට නැග නැකැත්කෙළි විඳිනා මහජනයාගෙන් ගැවසුණේ වෙයි. මෙසේ නැකැත් දවස බැවින්ද හුන්නේ යයි කියත්. මෙසේ කියාද රජ කුලයට නම් හැමදා නැකැත්ය. මොහු නිදිවැරීම පිණිසම හුන්නේයයි සනිටුහන් කරන ලදී.
උදානං උදානෙසීති උදාහාරං උදාහරි, යථා හි යං තෙලං මානං ගහෙතුං න සක්කොති, විස්සන්දිත්වා ගච්ඡති, තං අවසෙකොති වුච්චති. යඤ්ච ජලං තළාකං ගහෙතුං න සක්කොති, අජ්ඣොත්ථරිත්වා ගච්ඡති, තං ඔඝොති වුච්චති; එවමෙව යං පීතිවචනං හදයං ගහෙතුං න සක්කොති, අධිකං හුත්වා අන්තො අසණ්ඨහිත්වා බහිනික්ඛමති, තං උදානන්ති වුච්චති. එවරූපං පීතිමයං වචනං නිච්ඡාරෙසීති අත්ථො.
උදානං උදානෙසි යනු උදාන වාක්‍යයක් කීය. යම්සේ තෙලක් මිම්මක් ගැනීමට නොහැක්කේ ද වැගිරී යන්නේ ද එය ගලා යාමක් යයි කියනු ලැබේ. යම් ජලයක් පොකුණකට ගැනීමට නොහැක්කේද උතුරා යන්නේද එය ඔඝ යයි කියනු ලැබේ. එසේම යම් ප්‍රීති වචනයක් හදවතට ගන්ට නොහැක්කේද වැඩිවී ඇතුළත නොරැඳී පිටතට නික්මේද එය උදානයයි කියනු ලැබේ. එබඳු ප්‍රීතිමය වූ වචනයක් නිකුත් කළේය යන අර්ථයි.
දොසිනාති දොසාපගතා, අබ්භා, මහිකා, ධූමො, රජො, රාහූති ඉමෙහි පඤ්චහි උපක්කිලෙසෙහි විරහිතාති වුත්තං හොති. තස්මා රමණීයාතිආදීනි පඤ්ච ථොමනවචනානි. සා හි මහාජනස්ස මනං රමයතීති රමණීයා. වුත්තදොසවිමුත්තාය චන්දප්පභාය ඔභාසිතත්තා අතිවිය සුරූපාති අභිරූපා. දස්සිතුං යුත්තාති දස්සනීයා. චිත්තං පසාදෙතීති පාසාදිකා. දිවසමාසාදීනං ලක්ඛණං භවිතුං යුත්තාති ලක්ඛඤ්ඤා.
දොසිනා යනු දොස් පහවූ වලාකුළ, මීදුම, දුම, රෑ ධූලි රාහු යන මේ උපක්ලේශයන්ගෙන් වියුක්ත යයි කියන ලද්දේ වෙයි. ඒ නිසා රමණීයානි ආදී ස්තුති වචන පස. ඒවා මහජනයාගේ සිත පිනවානුයි = රමණීයා කියන ලද දොසින් මිදුණු බැවින් සඳරැසින් බැබලුණු බැවින් අතිශයින් සුරූපීනුයි අභිරූපා. දැකිය යුත්තේනුයි - දස්සනීයා. සිත පහදානුයි පාසාදිකා. දවස් මාස් ආදීන්ගේ ලකුණ වන්නට යුත්තේනුයි ලක්ඛඤ්ඤා.
කං නු ඛ්වජ්ජාති කං නු ඛො අජ්ජ. සමණං වා බ්රාහ්මණං වාති සමිතපාපතාය සමණං. බාහිතපාපතාය බ්රාහ්මණං. යං නො පයිරුපාසතොති වචනබ්යත්තයො එස, යං අම්හාකං පඤ්හපුච්ඡනවසෙන පයිරුපාසන්තානං මධුරං ධම්මං සුත්වා චිත්තං පසීදෙය්යාති අත්ථො. ඉති රාජා ඉමිනා සබ්බෙනපි වචනෙන ඔභාසනිමිත්තකම්මං අකාසි. කස්ස අකාසීති? ජීවකස්ස. කිමත්ථං? භගවතො දස්සනත්ථං. කිං භගවන්තං සයං දස්සනාය උපගන්තුං න සක්කොතීති? ආම, න සක්කොති. කස්මා? මහාපරාධතාය.
කන්නුබවජ්ජා යනු අද කුමක්ද? සමණංවා බ්රාහ්මණංවා යනු පව් සමනය කළ බැවින් සමණො. පව් බැහැර කළ බැවින් බ්රාහ්මණා. යං නො පයිරුපාසතො යනු මෙය වචන ව්‍යක්ත බවයි. අපගේ ප්‍රශ්න විචාරීම් වශයෙන් ඇසුරු කරන්නන්ගේ මිහිරි දහම් අසා චිත්තං පසීදෙය්ය සිත පැහැදෙයෙන්නේය යනු අර්ථයි. මෙසේ රජ මේ සියලු වචනයෙන් ඕභාස නිමිත්ත කර්මයක් කළේය. කවරකුට කළේද? ජීවකට. කුමක් සඳහාද? භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස. භාග්‍යවතුන් වහන්සේ දැකීමට තමාම යාමට නොහැක්කේද? එසේය. නොහැකිය. කුමක් හෙයින්ද? මහා අපරාධ කළ බැවිනි.
තෙන හි භගවතො උපට්ඨාකො අරියසාවකො අත්තනො පිතා මාරිතො, දෙවදත්තො ච තමෙව නිස්සාය භගවතො බහුං අනත්ථමකාසි, ඉති මහාපරාධො එස, තාය මහාපරාධතාය සයං ගන්තුං න සක්කොති. ජීවකො පන භගවතො උපට්ඨාකො, තස්ස පිට්ඨිඡායාය භගවන්තං පස්සිස්සාමීති ඔභාසනිමිත්තකම්මං අකාසි. කිං ජීවකො පන – “මය්හං ඉදං ඔභාසනිමිත්තකම්ම”න්ති ජානාතීති? ආම ජානාති. අථ කස්මා තුණ්හී අහොසීති? වික්ඛෙපපච්ඡෙදනත්ථං.
භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ආර්ය ශ්‍රාවක වූ තමගේ පියා වූ බිම්බිසාර රජු තමන් විසින් ම මරවන ලද්දේය. එබැවිනි. දේවදත්තද ඔහුම නිසා භාග්‍යවතුන් වහන්සේට බොහෝ අනර්ථ කළේය. මෙසේ එය මහා අපරාධයකි. ඒ මහා අපරාධ ඇති බැවින් තමාම යාමට නොහැක්කේය. ජීවක වනාහි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයාය. ඔහුගේ පිට සෙවනැල්ලෙන් ඔහුගේ මුවාවෙන් භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමියි ඕභාස නිමිත්ත කර්මය කළේය. කිමෙක්ද ජීවක තෙමේ ‘මාගේ මේ ඕභාස නිමිත්ත කර්මය දනීද? එසේය දනී. ඉක්බිති කුමක් හෙයින් නිහඬ වීද? වික්ෂේපය බිඳදමන පිණිසය.
තස්සඤ්හි පරිසති ඡන්නං සත්ථාරානං උපට්ඨාකා බහූ සන්නිපතිතා, තෙ අසික්ඛිතානං පයිරුපාසනෙන සයම්පි අසික්ඛිතාව. තෙ මයි භගවතො ගුණකථං ආරද්ධෙ අන්තරන්තරා උට්ඨායුට්ඨාය අත්තනො සත්ථාරානං ගුණං කථෙස්සන්ති, එවං මෙ සත්ථු ගුණකථා පරියොසානං න ගමිස්සති. රාජා පන ඉමෙසං කුලූපකෙ උපසඞ්කමිත්වා ගහිතාසාරතාය තෙසං ගුණකථාය අනත්තමනො හුත්වා මං පටිපුච්ඡිස්සති, අථාහං නිබ්බික්ඛෙපං සත්ථු ගුණං කථෙත්වා රාජානං සත්ථු සන්තිකං ගහෙත්වා ගමිස්සාමීති ජානන්තොව වික්ඛෙපපච්ඡෙදනත්ථං තුණ්හී අහොසීති.
ඔවුන්ගේ එළඹ සිටි සිහිය වැඩී ඇත. ශාස්තෲන්ගේ බොහෝ උපස්ථායකයෝ රැස්ව සිටියාහ. ඔවුහු නොහික්මුණවුන් ඇසුරු කිරීමෙන් තුමුද නොහික්මුණෝය. ඔවුහු මා භාග්‍යවතුන් වහන්සේගේ ගුණකථාව ඇරඹූකල්හි වරින්වර නැගිට තමතමන්ගේ ශාස්තෲන්ගේ ගුණකථාව කියන්නාහුය. මෙසේ මාගේ ශාස්තෲ ගුණකථාව අවසානයට නොයන්නේය. රජතෙමේ මේ කුලුපගයන් වෙත එළඹ ගන්නා ලද ස්ථවිරභාව ඇති හෙයින් ඔවුන්ගේ ගුණකථාවෙන් නොසතුටු වී මා විචාරන්නේය. එවිට මම වික්ෂේප නොවී ශාස්තෲ ගුණ කියා රජු ශාස්තෲන් සමීපයට ගෙන යන්නෙමියි දන්නේම වික්ෂේපය සිඳදැමීම පිණිස නිහඬ විය.
තෙපි අමච්චා එවං චින්තෙසුං – “අජ්ජ රාජා පඤ්චහි පදෙහි රත්තිං ථොමෙති, අද්ධා කිඤ්චි සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිත්වා ධම්මං සොතුකාමො, යස්ස චෙස ධම්මං සුත්වා පසීදිස්සති, තස්ස ච මහන්තං සක්කාරං කරිස්සති, යස්ස පන කුලූපකො සමණො රාජකුලූපකො හොති, භද්දං තස්සා”ති.
ඒ ඇමතියෝද මෙසේ සිතූහ. අද රජතුමා පස් පදයකින් රාත්‍රිය වර්ණනා කරන්නේය. ඒකාන්තයෙන් කිසියම් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු කරා එළඹ ප්‍රශ්න අසා ධර්මය අසනු කැමැත්තෙක්ය. ඔහු ධර්මය අසා පැහැදෙන අයකුට මහත් සත්කාර කරන්නේය. කුලුපග ශ්‍රමණයෙක් වේනම් හේ රාජ කුලුපග වෙයි. එය ඔහුට යහපතකි.
තෙ එවං චින්තෙත්වා – “අහං අත්තනො කුලූපකසමණස්ස වණ්ණං වත්වා රාජානං ගහෙත්වා ගමිස්සාමි, අහං ගමිස්සාමී”ති අත්තනො අත්තනො කුලූපකානං වණ්ණං කථෙතුං ආරද්ධා. තෙනාහ – “එවං වුත්තෙ අඤ්ඤතරො රාජාමච්චො”තිආදි.
මෙසේ සිතා ‘මම මාගේ කුලුපග ශ්රමණයාගේ ගුණ කියා රජු ගෙන යන්නෙමි. මම යන්නෙමියි තම තමාගේ කුලුපගයන්ගේ ගුණ කියන්ට ඇරඹූහ. එහෙයින් කීහ. එවං වුත්තෙ අඤ්ඤතරො රාජාමච්චො මෙසේ කී කල්හි එක්තරා රජ ඇමතියෙක්.
තත්ථ පූරණොති තස්ස සත්ථුපටිඤ්ඤස්ස නාමං. කස්සපොති ගොත්තං. සො කිර අඤ්ඤතරස්ස කුලස්ස එකූනදාසසතං පූරයමානො ජාතො, තෙනස්ස පූරණොති නාමං අකංසු. මඞ්ගලදාසත්තා චස්ස “දුක්කට”න්ති වත්තා නත්ථි, අකතං වා න කතන්ති. සො “කිමහං එත්ථ වසාමී”ති පලායි. අථස්ස චොරා වත්ථානි අච්ඡින්දිංසු, සො පණ්ණෙන වා තිණෙන වා පටිච්ඡාදෙතුම්පි අජානන්තො ජාතරූපෙනෙව එකං ගාමං පාවිසි. මනුස්සා තං දිස්වා “අයං සමණො අරහා අප්පිච්ඡො, නත්ථි ඉමිනා සදිසො”ති පූවභත්තාදීනි ගහෙත්වා උපසඞ්කමන්ති. සො – “මය්හං සාටකං අනිවත්ථභාවෙන ඉදං උප්පන්න”න්ති තතො පට්ඨාය සාටකං ලභිත්වාපි න නිවාසෙසි, තදෙව පබ්බජ්ජං අග්ගහෙසි, තස්ස සන්තිකෙ අඤ්ඤෙපි අඤ්ඤෙපීති පඤ්චසතමනුස්සා පබ්බජිංසු. තං සන්ධායාහ – “පූරණො කස්සපො”ති.
එහි පූරණො යනු ශාස්තෲ ප්රතිඥාත වූ ඔහුගේ නමයි. කස්සපො යනු ගෝත්‍රයයි. ඔහු එක්තරා කුලයක අනූනවයක් වූ ද දාසයන් සම්පූර්ණ කරමින් උපන්නේය. එයින් ඔහුට පූරණ යයි නමක් තැබූහ. මගුල් දාසයා බැවින් ඔහු කළ දෙය දුෂ්කෘත යයි කියන්නෙක් නැත. නොකළ දෙය නොකළ දෙයකැයි කියන්නෙක්ද නැත. හේ මා මෙහි වසන්නේ කුමටදැයි පලාගියේය. ඉක්බිති සොරු ඔහුගේ වස්ත්‍ර උදුරාගත්හ. හේ කොළවලින් හෝ තණවලින් වසාගන්ට නොදන්නේ උපන් අයුරින්ම එක් ගමකට පිවිසියේය. මිනිස්සු ඔහු දැක ‘මේ ශ්‍රමණයා අල්පේච්ඡය. රහත්ය. මොහු හා සමානයෙක් නැතැයි කැවුම් බත් ආදිය ගෙන ඔහු වෙත එළඹුණහ. හේ මා වස්ත්‍ර නොහැඳි බැවින් මෙය උපන්නේ යැයි එතැන්පටන් රෙද්දක් ලැබද නොහැන්දේය. එයම පැවිද්ද සේ ගත්තේය. ඔහුගේ සමීපයෙහි තව තවත් පන්සියයක් මිනිස්සු පැවිදි වූහ. ඒ සඳහා කීය. පූරණ කස්සප යනුවෙන්
පබ්බජිතසමූහසඞ්ඛාතො සඞ්ඝො අස්ස අත්ථීති සඞ්ඝී. ස්වෙව ගණො අස්ස අත්ථීති ගණී. ආචාරසික්ඛාපනවසෙන තස්ස ගණස්ස ආචරියොති ගණාචරියො. ඤාතොති පඤ්ඤාතො පාකටො. “අප්පිච්ඡො සන්තුට්ඨො. අප්පිච්ඡතාය වත්ථම්පි න නිවාසෙතී”ති එවං සමුග්ගතො යසො අස්ස අත්ථීති යසස්සී. තිත්ථකරොති ලද්ධිකරො. සාධුසම්මතොති අයං සාධු, සුන්දරො, සප්පුරිසොති එවං සම්මතො. බහුජනස්සාති අස්සුතවතො අන්ධබාලපුථුජ්ජනස්ස. පබ්බජිතතො පට්ඨාය අතික්කන්තා බහූ රත්තියො ජානාතීති රත්තඤ්ඤූ. චිරං පබ්බජිතස්ස අස්සාති චිරපබ්බජිතො, අචිරපබ්බජිතස්ස හි කථා ඔකප්පනීයා න හොති, තෙනාහ “චිරපබ්බජිතො”ති. අද්ධගතොති අද්ධානං ගතො, ද්වෙ තයො රාජපරිවට්ටෙ අතීතොති අධිප්පායො. වයොඅනුප්පත්තොති පච්ඡිමවයං අනුප්පත්තො. ඉදං උභයම්පි – “දහරස්ස කථා ඔකප්පනීයා න හොතී”ති එතං සන්ධාය වුත්තං.
පැවිදි සමූහයයි කියන ලද සංඝයා ඔහුට ඇත්තේනුයි = සංඝී. එම ගණයම ඔහුට ඇත්තේනුයි = ගණී. ආචාර හික්මීම් වශයෙන් ඒ ගණයාට ආචාර්යයානුයි - ගණාචරියො. ඤාතො යනු ප්‍රසිද්ධ, ප්‍රකට. ‘අල්පේච්ඡය. ලද දෙයින් සතුටු වන්නේය. අල්පේච්ඡතාව නිසා වස්ත්‍රයක්වත් නො හඳිතියි මෙසේ නැගුණු යසසක් ඔහුට ඇත්තේනුයි = යස්සසී. තිත්ථකරො ලද්ධි ඇති කරන්නේ. සාධු සම්මතො ‘මොහු යහපත් සොඳුරු සත්පුරුෂයෙකැයි මෙසේ සම්මත වූයේ. බහුජනස්ස යනු නූගත් අඳබාල පෘථග්ජනයාට පැවිද්දෙහි පටන් ඉක්මීගිය බොහෝ රාත්‍රී දනිතියි, රත්තඤ්ඤූ දිගුකල් පැවිද්දක් ඔහුට ඇත්තේනුයි චිරපබ්බජිතො. පැවිදිවැ නොබෝකල් ඇත්තහුගේ කථාව විශ්වාස කළයුතු නොවේ. එහෙයින් කීහ. චිරපබ්බජිතො යනුවෙන්. අද්ධගතො දිගුකල් ගිය. රාජ පරම්පරා දෙකතුනක් ඉක්මගිය අදහසයි. වයො අනුප්පත්තො පශ්චිම වයසට පත්. මේ දෙකම ‘තරුණයාගේ කථාව විශ්වාස කළයුතු නොවේ’යන්න සඳහා කියන ලදී.
තුණ්හී අහොසීති සුවණ්ණවණ්ණං මධුරරසං අම්බපක්කං ඛාදිතුකාමො පුරිසො ආහරිත්වා හත්ථෙ ඨපිතං කාජරපක්කං දිස්වා විය ඣානාභිඤ්ඤාදිගුණයුත්තං තිලක්ඛණබ්භාහතං මධුරං ධම්මකථං සොතුකාමො පුබ්බෙ පූරණස්ස දස්සනෙනාපි අනත්තමනො ඉදානි ගුණකථාය සුට්ඨුතරං අනත්තමනො හුත්වා තුණ්හී අහොසි. අනත්තමනො සමානොපි පන “සචාහං එතං තජ්ජෙත්වා ගීවායං ගහෙත්වා නීහරාපෙස්සාමි, ‘යො යො කථෙසි, තං තං රාජා එවං කරොතී’ති භීතො අඤ්ඤොපි කොචි කිඤ්චි න කථෙස්සතී”ති අමනාපම්පි තං කථං අධිවාසෙත්වා තුණ්හී එව අහොසි. අථඤ්ඤො – “අහං අත්තනො කුලූපකස්ස වණ්ණං කථෙස්සාමී”ති චින්තෙත්වා වත්තුං ආරභි. තෙන වුත්තං – අඤ්ඤතරොපි ඛොතිආදි. තං සබ්බං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තුණ්හී අහොසි යනු රන්වන් මිහිරි රසයෙන් යුත් අඹ පලයක් කනු කැමැති පුරුෂයා ගෙනවුත් අත තබන ලද කදුරු ගෙඩියක් දැක මෙන් ධ්‍යාන අභිඥා ආදී ගුණයෙන් යුතු ත්රිලක්ෂණයෙන් මුසු මිහිරි දහම් කථාව අසනු කැමැත්තේ පෙර පූරණගේ දසුනෙන්ද නොසතුටට පත් තැනැත්තේ දැන් ගුණකථාවෙන් නොසතුටට පත්වූයේ වී නිහඬ විය. නොසතුටට පත්වූයේම ‘යම්හෙයකින් මොහුට තර්ජනය කොට බෙල්ලෙන් ගන්වා ඇද දමන්නෙමියි. යමෙක් යමෙක් කථා කරයිද, රජතෙමේ ඒ ඒ අයට මෙසේ කරතියි බිය වූයේ අන් කිසිවෙක් කිසිවක් නොකියන්නේ යයි අමනාප වූයේ කථාව ඉවසා නිහඬ වූයේම ය. ඉක්බිති තවකෙක් ‘මම තමාගේ කුලුපගයාගේ ගුණ කියන්නෙමියි සිතා කියන්ට පටන් ගත්තේය. එහෙයින් කියන ලදී. අඤ්ඤතරොපිඛො ආදිය. ඒ සියල්ල කියන ලද පරිදි දතයුතුය.
එත්ථ පන මක්ඛලීති තස්ස නාමං. ගොසාලාය ජාතත්තා ගොසාලොති දුතියං නාමං. තං කිර සකද්දමාය භූමියා තෙලඝටං ගහෙත්වා ගච්ඡන්තං – “තාත, මා ඛලී”ති සාමිකො ආහ. සො පමාදෙන ඛලිත්වා පතිත්වා සාමිකස්ස භයෙන පලායිතුං ආරද්ධො. සාමිකො උපධාවිත්වා දුස්සකණ්ණෙ අග්ගහෙසි. සො සාටකං ඡඩ්ඩෙත්වා අචෙලකො හුත්වා පලායි. සෙසං පූරණසදිසමෙව.
මෙහි මක්ඛලී යනු ඔහුගේ නමයි. ගවහලක උපන් බැවින් ගෝසාල යනු දෙවැනි නමයි. ඔහු මඩ සහිත බිමෙහි තෙල් කළයක් රැගෙන යනවිට ‘දරුවා මා බලි - වැටෙන්න එපා’යයි ස්වාමියා කීය. ඔහු පමාවෙන් පැකිලී වැටී ස්වමියාට බියෙන් පළායාමට පටන් ගත්තේය. ස්වමියා පසුපසින් දුවගොස් රෙදි කොනින් අල්ලා ගත්තේය. හේ සළුව අතහැර දමා නිර්වස්ත්‍රව පළාගියේය. සෙස්ස පූරණ හා සමානය.
අජිතොති තස්ස නාමං. කෙසකම්බලං ධාරෙතීති කෙසකම්බලො. ඉති නාමද්වයං සංසන්දිත්වා අජිතො කෙසකම්බලොති වුච්චති. තත්ථ කෙසකම්බලො නාම මනුස්සකෙසෙහි කතකම්බලො. තතො පටිකිට්ඨතරං වත්ථං නාම නත්ථි. යථාහ – “සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං, කෙසකම්බලො තෙසං පටිකිට්ඨො අක්ඛායති. කෙසකම්බලො, භික්ඛවෙ, සීතෙ සීතො, උණ්හෙ උණ්හො, දුබ්බණ්ණො දුග්ගන්ධො දුක්ඛසම්ඵස්සො”ති (අ· නි· 3.138).
අජිතො යනු ඔහුගේ නමයි. කෙස් කම්බිලියක් දරානුයි කෙස කම්බලී මෙසේ නම් දෙක සසඳා අජිත කේසකම්බල යයි කියනු ලැබේ. එහි කෙස් කම්බිලිය මිනිස් කෙසින් කරන ලද්දකි. ඊට වැඩි ගනකමක් ඇති වස්ත්‍රයක් නම් නැත. යම්සේ කීය. මහණෙනි, යම් නූලෙන් වියන ලද වස්ත්‍රයෝ වෙත්ද, කෙස් කම්බිලිය ඒ අතර ඝනයයි කියනු ලැබේ. මහණෙනි, කෙස් කම්බිලිය සීත කාලයට ශීතලය. උෂ්ණ කාලයට උෂ්ණය. අගය අඩුය. රළු පහස ඇත්තේය. දුර්වණය. දුර්ගන්ධය.
පකුධොති තස්ස නාමං. කච්චායනොති ගොත්තං. ඉති නාමගොත්තං සංසන්දිත්වා පකුධො කච්චායනොති වුච්චති. සීතුදකපටික්ඛිත්තකො එස, වච්චං කත්වාපි උදකකිච්චං න කරොති, උණ්හොදකං වා කඤ්ජියං වා ලභිත්වා කරොති, නදිං වා මග්ගොදකං වා අතික්කම්ම – “සීලං මෙ භින්න”න්ති වාලිකථූපං කත්වා සීලං අධිට්ඨාය ගච්ඡති. එවරූපො නිස්සිරීකලද්ධිකො එස.
පකුධො යනු ඔහුගේ නමයි. කච්චායනො යනු ගෝත්‍රයයි. මෙසේ නම්ගොත් සසඳා පකුධ කච්චායන යයි කියනු ලැබේ. මොහු සිසිල් ජලය ප්‍රතික්ෂේප කර ඇත්තේය. මලපහකොට ජලයෙන් සේදීමක් නොකරයි. උණුදිය හෝ කැඳ හෝ ලැබ කරයි. නදියක් හෝ මහමග ඇති ජලයක් හෝ පාගා ‘මාගේ ශීලය බිඳුණේය’යි වැල්ලෙන් ස්තූපයක් කොට සිල් අධිෂ්ඨාන කොට යයි. මොහු මෙබඳු අගයක් නැති ලබ්ධියක් ඇත්තෙකි.
සඤ්චයොති තස්ස නාමං. බෙලට්ඨස්ස පුත්තොති බෙලට්ඨපුත්තො.
සංජයො යනු ඔහුගේ නමයි. බෙලට්ඨගේ පුත්රයානුයි - බෙලට්ඨපුත්ත.
අම්හාකං ගණ්ඨනකිලෙසො පලිබන්ධනකිලෙසො නත්ථි, කිලෙසගණ්ඨරහිතා මයන්ති එවංවාදිතාය ලද්ධනාමවසෙන නිගණ්ඨො. නාටස්ස පුත්තො නාටපුත්තො.
‘අපට සුවඳ කෙලෙස් හෝ බාධා කරන කෙලෙස් හෝ නැත. අපි කෙලෙස් ගැට නැත්තෝ වෙමුයි මෙවන් වාදයක් ඇත්තකු බැවින් ලද නම් වශයෙන් නිගණ්ඨ විය. නාතගේ පුත්රයානුයි නාටපුත්තො.
කොමාරභච්චජීවකකථාවණ්ණනා
අථ ඛො රාජාති රාජා කිර තෙසං වචනං සුත්වා චින්තෙසි – “අහං යස්ස යස්ස වචනං න සොතුකාමො, සො සො එව කථෙසි. යස්ස පනම්හි වචනං සොතුකාමො, එස නාගවසං පිවිත්වා ඨිතො සුපණ්ණො විය තුණ්හීභූතො, අනත්ථො වත මෙ”ති. අථස්ස එතදහොසි – “ජීවකො උපසන්තස්ස බුද්ධස්ස භගවතො උපට්ඨාකො, සයම්පි උපසන්තො, තස්මා වත්තසම්පන්නො භික්ඛු විය තුණ්හීභූතොව නිසින්නො, න එස මයි අකථෙන්තෙ කථෙස්සති, හත්ථිම්හි ඛො පන මද්දන්තෙ හත්ථිස්සෙව පාදො ගහෙතබ්බො”ති තෙන සද්ධිං සයං මන්තෙතුමාරද්ධො. තෙන වුත්තං – “අථ ඛො රාජා”ති. තත්ථ කිං තුණ්හීති කෙන කාරණෙන තුණ්හී. ඉමෙසං අමච්චානං අත්තනො අත්තනො කුලූපකසමණස්ස වණ්ණං කථෙන්තානං මුඛං නප්පහොති. කිං යථා එතෙසං, එවං තව කුලූපකසමණො නත්ථි, කිං ත්වං දලිද්දො, න තෙ මම පිතරා ඉස්සරියං දින්නං, උදාහු අස්සද්ධොති පුච්ඡති.
අථඛොරාජා යනු රජතෙමේ ඔවුන්ගේ වචන අසා මෙසේ සිතීය. ‘මම යම් යම් අයකුගේ වචන නොඅසනු කැමැත්තෙම්ද, ඒ ඒ පුද්ගලයෝම අදහස් දක්වති. යමකුගේ වචන අසන්ට කැමැත්තෙම්ද හෙතෙමේ නාග භවනට පත්ව සිටි ගුරුළා මෙන් නිහඬය. මෙය මට ඒකාන්තයෙන් අනර්ථයෙකි. ඉක්බිති ඔහුට මෙසේ අදහසක් පහළවිය. ජීවක උපශාන්ත වූ බුදු වූ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙකි. මම උපශාන්ත වෙමි. ඒ නිසා වත්සම්පන්න භික්ෂුව මෙන් නිශ්ශබ්දවම සිටියේ මොහු මා නොකියන කල්හි කියන්නේය. ඇතා පාගන කල්හි ඇතාගේ කකුල අල්ලා ගතයුතුයයි ඔහු සමග මන්ත්‍රණය කිරීමට පටන් ගත්තේය. එහෙයින් කියන ලදී. අථඛොරාජා -පෙ- කිංතුණ්හී යනුවෙන්. එහි කිංතුණ්හී යනු කුමන කරුණක් නිසා නිහඬව සිටීද? තම තමන්ගේ කුලුපග ශ්රමණයාගේ ගුණ කියන මේ ඇමතියන්ගේ මුව ප්‍රමාණවත් නොවේ. යම්සේ මොවුන්ට මෙසේ නම් ඔබට කුලූපග ශ්‍රමණයකු නැත්තේ ඇයි? ඔබ දිළින්දෙක්ද? මාගේ පියා විසින් ඔබට ධනය නොදෙන ලද්දේ ද නැතහොත් ශ්‍රද්ධාව නැත්තේදැ’යි විචාරයි.
තතො ජීවකස්ස එතදහොසි – “අයං රාජා මං කුලූපකසමණස්ස ගුණං කථාපෙති, න දානි මෙ තුණ්හීභාවස්ස කාලො, යථා ඛො පනිමෙ රාජානං වන්දිත්වා නිසින්නාව අත්තනො කුලූපකසමණානං ගුණං කථයිංසු, න මය්හං එවං සත්ථුගුණෙ කථෙතුං යුත්ත”න්ති උට්ඨායාසනා භගවතො විහාරාභිමුඛො පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා දසනඛසමොධානසමුජ්ජලං අඤ්ජලිං සිරසි පග්ගහෙත්වා – “මහාරාජ, මා මං එවං චින්තයිත්ථ, ‘අයං යං වා තං වා සමණං උපසඞ්කමතී’ති, මම සත්ථුනො හි මාතුකුච්ඡිඔක්කමනෙ, මාතුකුච්ඡිතො නික්ඛමනෙ, මහාභිනික්ඛමනෙ, සම්බොධියං, ධම්මචක්කප්පවත්තනෙ ච, දසසහස්සිලොකධාතු කම්පිත්ථ, එවං යමකපාටිහාරියං අකාසි, එවං දෙවොරොහණං, අහං සත්ථුනො ගුණෙ කථයිස්සාමි, එකග්ගචිත්තො සුණ, මහාරාජා”ති වත්වා – “අයං දෙව, භගවා අරහං සම්මාසම්බුද්ධො”තිආදිමාහ.
ඉක්බිති ජීවකට මෙසේ සිතිණ. මේ රජ මාගේ කුලුපග ශ්රමණයාගේ ගුණ කියවයි කියයි. දැන් මා නිහඬව සිටිය යුතු වේලාව නොවේ. මොවුහු රජු වැඳ හුන්නේම තමාගේ කුලුපග ශ්රමණයාගේ ගුණ කියැවූ සේ මාගේ ශාස්තෲන් වහන්සේ ගේ ගුණ කීම යුතු නොවේයයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඩවසන වෙහෙර දෙස බලා පසඟ පිහිටුවා වැඳ නිය දහය එක් කිරීමෙන් බබලන දිලෙන ඇඳිලිය බැඳගෙන ‘මහරජතුමනි, මා ගැන මෙසේ නොසිතනු මැනවි. මොහු ඕනෑම ශ්‍රමණයකු කරා එළඹෙයි. මාගේ ශාස්තෲන් වහන්සේ මව්කුසට බස්නා කල, මව්කුසින් නිමෙන කල, මහබිනික්මන් කරන කල, සම්බෝධියට පත්වන කල, දම්සක් පවත්වන කල, දසදහසක් ලෝකධාතු කම්පා විය. යමක මහා ප්රාතිහාර්යය කළ සේක. දේවෝරෝහණයද එසේය. මාගේ ශාස්තෲන් වහන්සේගේ ගුණ කියන්නෙමි. එකඟ කර ගත් සිතින් අසව මහරජ යයි කියා අයං දෙව භගවා අරහං සම්මා සම්බුද්ධෝ යනාදිය කීය.
තත්ථ තං ඛො පන භගවන්තන්ති ඉත්ථම්භූතාඛ්යානත්ථෙ උපයොගවචනං, තස්ස ඛො පන භගවතොති අත්ථො. කල්යාණොති කල්යාණගුණසමන්නාගතො, සෙට්ඨොති වුත්තං හොති. කිත්තිසද්දොති කිත්තියෙව. ථුතිඝොසො වා. අබ්භුග්ගතොති සදෙවකං ලොකං අජ්ඣොත්ථරිත්වා උග්ගතො. කින්ති? “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො…පෙ… භගවා”ති.
එහි තං ඛොපන භගවන්තං යනු ඉත්ථම්භූතාර්ථයෙහි කර්මපදයයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ යන අර්ථයි. කල්යාණො යනු කලණ ගුණයෙන් යුත්. ශ්‍රේෂ්ඨ යයි කියන ලද්දේ වෙයි. කිත්තිසද්දො යනු කීර්තියමය. ස්තුති ඝෝෂාව හෝ වෙයි. අබ්භුග්ගතො යනු දෙවියන් සහිත ලෝකය වසාගෙන නැගේය. කුමක්ද? ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ -පෙ- බුද්ධෝ භගවා යනුවෙන්.
තත්රායං පදසම්බන්ධො – සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මාසම්බුද්ධො…පෙ… ඉතිපි භගවාති. ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත්තං හොති. තත්ථ ආරකත්තා අරීනං, අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති, ඉමෙහි තාව කාරණෙහි සො භගවා අරහන්ති වෙදිතබ්බොතිආදිනා නයෙන මාතිකං නික්ඛිපිත්වා සබ්බානෙව චෙතානි පදානි විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිනිද්දෙසෙ විත්ථාරිතානීති තතො නෙසං විත්ථාරො ගහෙතබ්බො.
මේ එහි පද සම්බන්ධයයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක. මෙසේද සම්මා සම්බුද්ධ වන සේක. -පෙ- මෙසේද භාග්‍යවත් වන සේකැයි මේ මේ කාරණයෙන් යැයි කියන ලද්දේ වෙයි. එහි ‘කෙලෙස් සතුරන්ගෙන් ඈත් වූ බැවින්, කෙලෙස් අර නැසූ බැවින්, ප්රත්යයන්ට සුදුසු බැවින්, රහසින්වත් පව් නොකරන බැවින් භාග්‍යවත් වෙතියි මේ කරුණුවලින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං යයි දතයුතුයයි ආදී ක්‍රමයෙන් මාතෘකාව බහා මේ සියලුපද විශුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි කියන ලදී. එහි විස්තර එතැනින් දතයුතුය.
ජීවකො පන එකමෙකස්ස පදස්ස අත්ථං නිට්ඨාපෙත්වා – “එවං, මහාරාජ, අරහං මය්හං සත්ථා, එවං සම්මාසම්බුද්ධො…පෙ… එවං භගවා”ති වත්වා – “තං, දෙවො, භගවන්තං පයිරුපාසතු, අප්පෙව නාම දෙවස්ස තං භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා”ති ආහ. එත්ථ ච තං දෙවො පයිරුපාසතූති වදන්තො “මහාරාජ, තුම්හාදිසානඤ්හි සතෙනපි සහස්සෙනපි සතසහස්සෙනපි පුට්ඨස්ස මය්හං සත්ථුනො සබ්බෙසං චිත්තං ගහෙත්වා කථෙතුං ථාමො ච බලඤ්ච අත්ථි, විස්සත්ථො උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාසි මහාරාජා”ති ආහ.
ජීවක එක් එක් පදයෙහි අරුත් නිමවා ‘මහරජ, මාගේ ශාස්තෲන් වහන්සේ මෙසේ අරහං වෙති. මෙසේ සම්මා සම්බුද්ධ වෙති. -පෙ- මෙසේ භගවා නම් වෙතියි කියා තං දෙවො භගවන්තං පයිරුපාසතු අප්පෙව නාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්ය දේවයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළ මැනවි. භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකරන දේවයන් වහන්සේගේ සිත පහදවා ගන්නේ නම් මැනවි’යි කීය. මෙහි ද තංදෙවො පයිරුපාසතු යි කියන්නේ, ‘මහරජතුමනි, ඔබ වැන්නවුන්ට ප්‍රශ්න සියයක් දහසක් දසදහසක් ඇසුවත් මාගේ ශාස්තෲන් වහන්සේට සියල්ල සිතට ගෙන කියන්ට ශක්තියද බලයද ඇත. විශ්වාස සහිතව එළඹ අසනු මැනව මහරජතුමනි’යි කීය.
රඤ්ඤොපි භගවතො ගුණකථං සුණන්තස්ස සකලසරීරං පඤ්චවණ්ණාය පීතියා නිරන්තරං ඵුටං අහොසි. සො තඞ්ඛණඤ්ඤෙව ගන්තුකාමො හුත්වා – “ඉමාය ඛො පන වෙලාය මය්හං දසබලස්ස සන්තිකං ගච්ඡතො න අඤ්ඤො කොචි ඛිප්පං යානානි යොජෙතුං සක්ඛිස්සති අඤ්ඤත්ර ජීවකා”ති චින්තෙත්වා – “තෙන හි, සම්ම ජීවක, හත්ථියානානි කප්පාපෙහී”ති ආහ.
භාග්‍යවතුන් වහන්සේගේ ගුණකථාව අසන රජුගේ සියලු සිරුර පස්වණක් ප්‍රීතියෙන් නිරතුරුව පිරී ගියේය. හේ එකෙණෙහිම යනු කැමැත්තේ වී ‘මේ වේලාවෙහි මා දසබලධාරීන් වහන්සේ හමුවට යනවිට ජීවක හැර අන්කිසිවෙක් රිය යෙදවීමට නොහැකිය’යි සිතා තෙනහි සම්ම ජීවක හත්ථියානානි කප්පාපෙහි මිත්‍ර ජීවක එසේනම් ඇත් යානා සදවයි කීය.
තත්ථ තෙන හීති උය්යොජනත්ථෙ නිපාතො. ගච්ඡ, සම්ම ජීවකාති වුත්තං හොති. හත්ථියානානීති අනෙකෙසු අස්සරථාදීසු යානෙසු විජ්ජමානෙසුපි හත්ථියානං උත්තමං; උත්තමස්ස සන්තිකං උත්තමයානෙනෙව ගන්තබ්බන්ති ච, අස්සයානරථයානානි සසද්දානි, දූරතොව තෙසං සද්දො සුය්යති, හත්ථියානස්ස පදානුපදං ගච්ඡන්තාපි සද්දං න සුණන්ති. නිබ්බුතස්ස පන ඛො භගවතො සන්තිකෙ නිබ්බුතෙහෙව යානෙහි ගන්තබ්බන්ති ච චින්තයිත්වා හත්ථියානානීති ආහ.
එහි තෙනහි යනු යෙදවීමේ අර්ථයෙහි නිපාතයකි. ‘මිත්‍ර ජීවක, යන්නැ’යි කියන ලද්දේ වෙයි. හත්ථියානානි යනු නොයෙක් අශ්වරථ ආදී යානාවන් තිබුණත් හත්ථියානය උතුම්ය. උත්තමයකු හමුවට උතුම් යානයෙන්ම යා යුතුමය. අශ්වයාන රථයාන ශබ්ද සහිතය. ඒවායෙහි ශබ්දය දුරට ඇසෙයි. හත්ථියානය පසුපසින් යන්නෝද ශබ්දය නොඅසත්. නිවුණා වූ භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයට නිහඬ යානයන්ගෙන් යා යුතුයයි සිතා හත්ථියානානි යයි කීය.
පඤ්චමත්තානි හත්ථිනිකාසතානීති පඤ්ච කරෙණුසතානි. කප්පාපෙත්වාති ආරොහණසජ්ජානි කාරෙත්වා. ආරොහණීයන්ති ආරොහණයොග්ගං, ඔපගුය්හන්ති අත්ථො. කිං පනෙස රඤ්ඤා වුත්තං අකාසි අවුත්තන්ති? අවුත්තං. කස්මා? පණ්ඩිතතාය. එවං කිරස්ස අහොසි – රාජා ඉමාය වෙලාය ගච්ඡාමීති වදති, රාජානො ච නාම බහුපච්චත්ථිකා. සචෙ අන්තරාමග්ගෙ කොචි අන්තරායො හොති, මම්පි ගරහිස්සන්ති – “ජීවකො රාජා මෙ කථං ගණ්හාතීති අකාලෙපි රාජානං ගහෙත්වා නික්ඛමතී”ති. භගවන්තම්පි ගරහිස්සන්ති “සමණො ගොතමො, ‘මය්හං කථා වත්තතී’ති කාලං අසල්ලක්ඛෙත්වාව ධම්මං කථෙතී”ති. තස්මා යථා නෙව මය්හං, න භගවතො, ගරහා උප්පජ්ජති; රඤ්ඤො ච රක්ඛා සුසංවිහිතා හොති, තථා කරිස්සාමී”ති.
පඤ්ච මත්තානි හත්ථිකාසතාහි යනු ඇතින්නන් පන්සියයක් කප්පාපෙත්වා නැගීමට සුදුසුකොට පිළියෙල කරවා. ආරොහණියං යනු නැගීමට සුදුසු රාජකීය හස්තියා යන අර්ථයි. මොහු රජු විසින් කියන ලද දේ කළේද. අවුත්තං යනු? නොකියූ දේ. කුමක් හෙයින්ද? පණ්ඩිත වූ බැවින්. ඔහුට මෙසේ සිතිණ. රජ මේ වේලාවේ යමි’යි කියයි. රජවරු නම් බොහෝ සතුරන් ඇත්තෝය. යම් හෙයකින් අතරමග කිසියම් අනතුරක් වේද, මම ද ගරහන්නෝය. ‘ජීවක තෙමේ රජු මට කී දේ ගනී යයි නොකල්හිද රජු ගෙන නික්මෙයි’. භාග්‍යවතුන් වහන්සේටද මෙසේ ගරහන්නෝය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ‘මට කථාවක් පවතී’යයි කල් නොසලකාම කථා කරති’යි ඒ නිසා ‘මට වත් භාග්‍යවතුන් වහන්සේටවත් ගර්හාවක් නූපදින සේ රජුගේ ආරක්ෂාව මනා සේ ඇතිවේද එසේ කරන්නෙමි’යි
තතො ඉත්ථියො නිස්සාය පුරිසානං භයං නාම නත්ථි, ‘සුඛං ඉත්ථිපරිවුතො ගමිස්සාමී’ති පඤ්ච හත්ථිනිකාසතානි කප්පාපෙත්වා පඤ්ච ඉත්ථිසතානි පුරිසවෙසං ගාහාපෙත්වා – “අසිතොමරහත්ථා රාජානං පරිවාරෙය්යාථා”ති වත්වා පුන චින්තෙසි – “ඉමස්ස රඤ්ඤො ඉමස්මිං අත්තභාවෙ මග්ගඵලානං උපනිස්සයො නත්ථි, බුද්ධා ච නාම උපනිස්සයං දිස්වාව ධම්මං කථෙන්ති. හන්දාහං, මහාජනං සන්නිපාතාපෙමි, එවඤ්හි සති සත්ථා කස්සචිදෙව උපනිස්සයෙන ධම්මං දෙසෙස්සති, සා මහාජනස්ස උපකාරාය භවිස්සතී”ති. සො තත්ථ තත්ථ සාසනං පෙසෙසි, භෙරිං චරාපෙසි – “අජ්ජ රාජා භගවතො සන්තිකං ගච්ඡති, සබ්බෙ අත්තනො විභවානුරූපෙන රඤ්ඤො ආරක්ඛං ගණ්හන්තූ”ති.
එයින් ‘ස්ත්‍රීන් නිසා පුරුෂයින්ට බියක් නම් නැත. ස්ත්‍රීන් පිරිවරා සැපසේ යන්නේ යයි ඇතින්නන් පන්සියයක් සරසවා පන්සියයක් ගැහැණුන් පිරිමි වෙස් ගන්වා ‘කඩු තෝමර ගත් අත් ඇතිව රජු පිරිවරා සිටිවු’යයි කියා නැවත මෙසේ සිතීය. ‘මේ රජුට මේ ආත්මභාවයෙහි මාර්ගඵල උපනිශ්‍රය සම්පත් නැත. බුදුවරුද උපනිශ්‍රය බලාම දහම් දෙසති. මම දැන් මහජනයා රැස් කරවමි. මෙසේ ඇතිකල්හි කාගේ හෝ උපනිශ්රයෙන් දහම් දේශනා කරන සේක. එය මහජනයාට උපකාර පිණිස වන්නේය. ඔහු ඒ ඒ තැනට හසුන් යැවීය. බෙර හැසිරවීය. ‘අද රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට යයි. සියලුදෙන තම තමාට හැකි අයුරින් රජුට ආරක්ෂාව සපයත්වා’යනුවෙන්.
තතො මහාජනො චින්තෙසි – “රාජා කිර සත්ථුදස්සනත්ථං ගච්ඡති, කීදිසී වත භො ධම්මදෙසනා භවිස්සති, කිං නො නක්ඛත්තකීළාය, තත්ථෙව ගමිස්සාමා”ති. සබ්බෙ ගන්ධමාලාදීනි ගහෙත්වා රඤ්ඤො ආගමනං ආකඞ්ඛමානා මග්ගෙ අට්ඨංසු. ජීවකොපි රඤ්ඤො පටිවෙදෙසි – “කප්පිතානි ඛො තෙ, දෙව, හත්ථියානානි, යස්ස දානි කාලං මඤ්ඤසී”ති. තත්ථ යස්ස දානි කාලං මඤ්ඤසීති උපචාරවචනමෙතං. ඉදං වුත්තං හොති – “යං තයා ආණත්තං, තං මයා කතං, ඉදානි ත්වං යස්ස ගමනස්ස වා අගමනස්ස වා කාලං මඤ්ඤසි, තදෙව අත්තනො රුචියා කරොහී”ති.
ඉක්බිති මහජනයා මෙසේ සිතූහ. ‘රජතුමා භාග්‍යවතුන් වහන්සේ දැකීමට යයි. ධර්ම දේශනාව කෙබන්දක් වන්නේද. අපට නැකැත්කෙළියෙන් කම්නැතැ’යි සියලුදෙන ගඳමල් ආදිය ගෙන්වාගෙන රජුගේ පැමිණීම අපේක්ෂාවෙන් මහමග සිටියාහුය. ජීවකද රජුට මෙසේ දැන්වීය. කප්පිතානි ඛො තෙ දෙව හත්ථියානානි. යස්සදානි කාලං මඤ්ඤසි එහි යස්සදානි කාලං මඤ්ඤසි යනු මෙය උපචාර වචනයකි. මෙය කියන ලද්දේ වෙයි. යමක් ඔබ විසින් අණ කරන ලද්දේ ද, එය මා විසින් කරන ලදී. දැන් යාමට හෝ ඒමට කාලයයි සිතා නම් එයම තමාගේ කැමැත්තට අනුව කරන්න.
පච්චෙකා ඉත්ථියොති පාටියෙක්කා ඉත්ථියො, එකෙකිස්සා හත්ථිනියා එකෙකං ඉත්ථින්ති වුත්තං හොති. උක්කාසු ධාරියමානාසූති දණ්ඩදීපිකාසු ධාරියමානාසු. මහච්ච රාජානුභාවෙනාති මහතා රාජානුභාවෙන. මහච්චාතිපි පාළි, මහතියාති අත්ථො, ලිඞ්ගවිපරියායො එස. රාජානුභාවො වුච්චති රාජිද්ධි. කා පනස්ස රාජිද්ධි? තියොජනසතානං ද්වින්නං මහාරට්ඨානං ඉස්සරියසිරී. තස්ස හි අසුකදිවසං රාජා තථාගතං උපසඞ්කමිස්සතීති පඨමතරං සංවිදහනෙ අසතිපි තඞ්ඛණඤ්ඤෙව පඤ්ච ඉත්ථිසතානි පුරිසවෙසං ගහෙත්වා පටිමුක්කවෙඨනානි අංසෙ ආසත්තඛග්ගානි මණිදණ්ඩතොමරෙ ගහෙත්වා නික්ඛමිංසු. යං සන්ධාය වුත්තං – “පච්චෙකා ඉත්ථියො ආරොපෙත්වා”ති.
පච්චෙකා ඉත්ථියො යනු ස්ත්‍රීහු වෙන් වෙන්ව. එක් එක් ඇතින්නට එක් එක් ස්ත්‍රියක් යයි කියන ලද්දේ වෙයි. උක්කාසු ධාරියමානාසු දඬුවැට පහන් දරනු ලබන කල්හි. මහච්චරාජානුභාවෙන මහත් රාජ ආනුභාවයෙන්. මහච්චා යනුද පෙළක් ඇත. මහත් වූ යන අර්ථයි. එය ලිංග විපර්යාසයයි. රාජානුභාවො යනුවෙන් කියැවෙන්නේ රාජ ඍද්ධියයි. මේ රාජඍද්ධිය කාගේද? තුන්සියයක් යොදුන් රාජ්‍ය දෙකක ඓශ්වර්ය ශ්‍රීයයි. ඔහුට අසුවල් දිශාවෙන් රජතුමා තථාගතයන් වහන්සේ වෙත එළඹෙන්නේ යයි පළමුව සංවිධානයක් නැතිකල්හිද එකෙණෙහිම පන්සියයක් ස්ත්‍රීන් පිරිමි වෙස් ගෙන හිස් වැසුමෙන් වෙන්ව, අංශයෙහි තබාගත් කඩු ඇතිව, මිණිදඬු පැහැගත් තෝමර ගෙන නික්මුණාහුය. ඒ සඳහා කියන ලදී. පච්චෙකා ඉත්ථියො. ආරාපෙත්වා යනුවෙන්.
අපරාපි සොළසසහස්සඛත්තියනාටකිත්ථියො රාජානං පරිවාරෙසුං. තාසං පරියන්තෙ ඛුජ්ජවාමනකකිරාතාදයො. තාසං පරියන්තෙ අන්තෙපුරපාලකා විස්සාසිකපුරිසා. තෙසං පරියන්තෙ විචිත්රවෙසවිලාසිනො සට්ඨිසහස්සමත්තා මහාමත්තා. තෙසං පරියන්තෙ විවිධාලඞ්කාරපටිමණ්ඩිතා නානප්පකාරආවුධහත්ථා විජ්ජාධරතරුණා විය නවුතිසහස්සමත්තා රට්ඨියපුත්තා. තෙසං පරියන්තෙ සතග්ඝනිකානි නිවාසෙත්වා පඤ්චසතග්ඝනිකානි එකංසං කත්වා සුන්හාතා සුවිලිත්තා කඤ්චනමාලාදිනානාභරණසොභිතා දසසහස්සමත්තා බ්රාහ්මණා දක්ඛිණහත්ථං උස්සාපෙත්වා ජයසද්දං ඝොසන්තා ගච්ඡන්ති. තෙසං පරියන්තෙ පඤ්චඞ්ගිකානි තූරියානි. තෙසං පරියන්තෙ ධනුපන්තිපරික්ඛෙපො. තස්ස පරියන්තෙ හත්ථිඝටා. හත්ථීනං පරියන්තෙ ගීවාය ගීවං පහරමානා අස්සපන්ති. අස්සපරියන්තෙ අඤ්ඤමඤ්ඤං සඞ්ඝට්ටනරථා. රථපරියන්තෙ බාහාය බාහං පහරයමානා යොධා. තෙසං පරියන්තෙ අත්තනො අත්තනො අනුරූපාය ආභරණසම්පත්තියා විරොචමානා අට්ඨාරස සෙනියො. ඉති යථා පරියන්තෙ ඨත්වා ඛිත්තො සරො රාජානං න පාපුණාති, එවං ජීවකො කොමාරභච්චො රඤ්ඤො පරිසං සංවිදහිත්වා අත්තනා රඤ්ඤො අවිදූරෙනෙව ගච්ඡති – “සචෙ කොචි උපද්දවො හොති, පඨමතර රඤ්ඤො ජීවිතදානං දස්සාමී”ති. උක්කානං පන එත්තකානි සතානි වා සහස්සානි වාති පරිච්ඡෙදො නත්ථීති එවරූපිං රාජිද්ධිං සන්ධාය වුත්තං – “මහච්චරාජානුභාවෙන යෙන ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනං, තෙන පායාසී”ති.
තවද සොළොස් දහසක් ක්ෂත්රිය නාටක ස්ත්‍රීහු රජු පිරිවරා සිටියහ. ඔවුන්ගේ කෙළවර කුදු මිටි වැදි ආදීහු සිටියහ. ඔවුන්ගේ කෙළවර අන්තඃපුර රක්නා විශ්වාසවත් පුරුෂයෝ සිටියහ. ඔවුන්ගේ කෙළවර විචිත්‍ර වෙස් ගත් සැටදහසක් පමණ මහ ඇමතිවරු ඔවුන්ගේ කෙළවර විවිධ අලංකාරයන්ගෙන් යුක්ත නානාප්‍රකාර ආයුධ ගත් ඇත් ඇති විද්‍යාධර තරුණයන් වැනි අනූදහසක් පමණ රාෂ්ටපුත්රයෝ ඔවුන්ගේ කෙළවර සියදහසක් අගනා ඇඳුම් හැඳ පන්සියයක් අගනා උතුරුසළු ඒකාංශකොට නහා සුවඳ ගැල් වූ රන්දම් ආදී නානා ආභරණයෙන් සෝභමාන වූ දසදහසක් පමණ බ්‍රාහ්මණයෝ දකුණු අත ඔසවා ජය ඝෝෂා කරමින් යති. ඔවුන්ගේ කෙළවර පංචාංග තූර්ය භාණ්ඩය. ඔවුන්ගේ කෙළවර දුනුපෙළින් වටකරන ලද්දේය. ඔවුන්ගේ කෙළවර ඇත් සමූහය. ඇතුන්ගේ කෙළවර ගෙලෙන් ගෙල ගැටෙන අශ්ව පන්තියයි. අශ්වයන්ගේ කෙළවර එකටෙක ඈඳුණු රථ. ඔවුන්ගේ කෙළවර තම තමන් අනුරූප වූ අබරණ සම්පතින් බබලන දහඅටක් සේනා නායකයෝ. මෙසේ යම්සේ පර්යන්තයෙහි සිට විදි ඊතලය රජු වෙත නො පැමිණේද මෙසේ ජීවක කෝමාර භච්ච රජුගේ පිරිස සංවිධානකොට තමා රජුට නුදුරින් යයි. කිසියම් උවදුරක් වේනම් සියල්ලට පළමුව රජුගේ ජීවිත දානය දෙන්නෙමියි. පන්දම් සියයක්ය දහසක්ය. සියදහසක්ය යනුවෙන් වෙන් කිරීමක් නැත. එබඳු රාජඍද්ධිය සඳහා කියන ලදී. මහච්ච රාජානුභාවෙන යෙන ජීවකස්ස කොමාර භච්චස්ස අම්බවනං තෙනපායාසි යනුවෙන්.
අහුදෙව භයන්ති එත්ථ චිත්තුත්රාසභයං, ඤාණභයං, ආරම්මණභයං, ඔත්තප්පභයන්ති චතුබ්බිධං භයං, තත්ථ “ජාතිං පටිච්ච භයං භයානක”න්තිආදිනා නයෙන වුත්තං චිත්තුත්රාසභයං නාම. “තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්තී”ති (සං· නි· 3.78) එවමාගතං ඤාණභයං නාම. “එතං නූන තං භයභෙරවං ආගච්ඡතී”ති (ම· නි· 1.49) එත්ථ වුත්තං ආරම්මණභයං නාම.
අහුදෙව භයං යනු මෙහි සිතෙහි භය ඤාණ භය, ආරම්මණ භය, ඔත්තප්ප භය යයි භය සිව් වැදෑරුම්ය. එහි ජාතිය නිසා ඇතිවන භය භයානකය’යි කී ක්‍රමයෙන් කියන ලද සිතෙහි භය නමි. ‘ඔවුහුද තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා බෙහෙවින් භයට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත් යනුවෙන් පැමිණි භය ඤාණ භය නමි. මෙසේ ඒකාන්තයෙන් ‘භයානකත්වය පැමිණේ’ යයි මෙහි කියන ලද ආරම්මණ භය නමි.
“භීරුං පසංසන්ති, න හි තත්ථ සූරං; භයා හි සන්තො, න කරොන්ති පාප”න්ති. (සං· නි· 1.33);
නිවටයා පසසති - සූරයා නොපසසති නිවුණු ඉඳුරන් ඇත්තෝ - බිය නිසා පව් නොකරති.
ඉදං ඔත්තප්පභයං නාම. තෙසු ඉධ චිත්තුත්රාසභයං, අහු අහොසීති අත්ථො. ඡම්භිතත්තන්ති ඡම්භිතස්ස භාවො. සකලසරීරචලනන්ති අත්ථො. ලොමහංසොති ලොමහංසනං, උද්ධං ඨිතලොමතාති අත්ථො. සො පනායං ලොමහංසො ධම්මස්සවනාදීසු පීතිඋප්පත්තිකාලෙ පීතියාපි හොති. භීරුකජාතිකානං සම්පහාරපිසාචාදිදස්සනෙසු භයෙනාපි. ඉධ භයලොමහංසොති වෙදිතබ්බො.
මෙය ඔත්තප්ප භය නමි. ඒ අතර මෙහි චිත්ත සන්ත්‍රාස භයයි. අහු වීය යන අර්ථයි. ජම්හිතත්තං යනු තැතිගත් බව. සියලු සිරුර සසලවීම යන අර්ථයි. මේ රෝමෝද්ගමය ධර්මශ්රවණ ආදී තන්හි ප්‍රීතිය උපන්විට ප්‍රීතියෙන්ද වෙයි. භයස්වරූප ඇත්තවුන්ට යුද්ධ පිශාච ආදීන් දැක්මෙහිදී ඇතිවන බියෙන්ද වෙයි. මෙහි බය නිසා ඇතිවන රෝමෝද්ගමය දතයුතුය.
කස්මා පනෙස භීතොති? අන්ධකාරෙනාති එකෙ වදන්ති. රාජගහෙ කිර ද්වත්තිංස මහාද්වාරානි, චතුසට්ඨි ඛුද්දකද්වාරානි. ජීවකස්ස අම්බවනං පාකාරස්ස ච ගිජ්ඣකූටස්ස ච අන්තරා හොති. සො පාචීනද්වාරෙන නික්ඛමිත්වා පබ්බතච්ඡායාය පාවිසි, තත්ථ පබ්බතකූටෙන චන්දො ඡාදිතො, පබ්බතච්ඡායාය ච රුක්ඛච්ඡායාය ච අන්ධකාරං අහොසීති, තම්පි අකාරණං. තදා හි උක්කානං සතසහස්සානම්පි පරිච්ඡෙදො නත්ථි.
මේ භීතො යනු කුමක් නිසාද? අන්ධකාරයෙන් යැයි සමහරු කියති. රජගහ නුවර මහදොර තිස්දෙකක් ඇත. කුඩා දොර හැටහතරක් ඇත. ජීවකගේ අඹ වනය ප්රාකාරයටද ගිජ්ක්ධකූටයද අතර වෙයි. හෙතෙමේ පෙරදිගු දොරින් නික්ම පර්වතයෙහි සෙවනට පැමිණියේය. එහි පර්වත මුදුනින් චන්ද්‍රයා වැසී තිබිණ. පර්වතයෙහි සෙවනින්ද රුක් සෙවනින්ද අන්ධකාරය විය. එය කරුණක් නොවේ. එදින සියදහසකැයි පන්දම් ගණනක් නැත.
අයං පන අප්පසද්දතං නිස්සාය ජීවකෙ ආසඞ්කාය භීතො. ජීවකො කිරස්ස උපරිපාසාදෙයෙව ආරොචෙසි – “මහාරාජ අප්පසද්දකාමො භගවා, අප්පසද්දෙනෙව උපසඞ්කමිතබ්බො”ති. තස්මා රාජා තූරියසද්දං නිවාරෙසි. තූරියානි කෙවලං ගහිතමත්තානෙව හොන්ති, වාචම්පි උච්චං අනිච්ඡාරයමානා අච්ඡරාසඤ්ඤාය ගච්ඡන්ති. අම්බවනෙපි කස්සචි ඛිපිතසද්දොපි න සුය්යති. රාජානො ච නාම සද්දාභිරතා හොන්ති. සො තං අප්පසද්දතං නිස්සාය උක්කණ්ඨිතො ජීවකෙපි ආසඞ්කං උප්පාදෙසි. “අයං ජීවකො මය්හං අම්බවනෙ අඩ්ඪතෙළසානි භික්ඛුසතානී”ති ආහ. එත්ථ ච ඛිපිතසද්දමත්තම්පි න සුය්යති, අභූතං මඤ්ඤෙ, එස වඤ්චෙත්වා මං නගරතො නීහරිත්වා පුරතො බලකායං උපට්ඨපෙත්වා මං ගණ්හිත්වා අත්තනා ඡත්තං උස්සාපෙතුකාමො. අයඤ්හි පඤ්චන්නං හත්ථීනං බලං ධාරෙති. මම ච අවිදූරෙනෙව ගච්ඡති, සන්තිකෙ ච මෙ ආවුධහත්ථො එකපුරිසොපි නත්ථි. අහො වත මෙ අනත්ථො”ති. එවං භායිත්‍වා ච පන අභීතො විය සන්ධාරෙතුම්පි නාසක්ඛි. අත්තනො භීතභාවං තස්ස ආවි අකාසි. තෙන වුත්තං. “අථ ඛො රාජා…පෙ… න නිග්ඝොසො”ති. තත්ථ සම්මාති වයස්සාභිලාපො එස, කච්චි මං වයස්සාති වුත්තං හොති. න පලම්භෙසීති යං නත්ථි තං අත්ථීති වත්වා කච්චි මං න විප්පලම්භයසි. නිග්ඝොසොති කථාසල්ලාපනිග්ඝොසො.
මෙය වනාහි අල්ප ශබ්ද ඇති බැවින් ජීවක කෙරෙහි සැක ඇති බැවින් බියට පත්විය. ජීවක ඔහුගේ පහයෙහි ඉහළ මහලෙහිදීම දැන්වීය. ‘මහරජතුමනි, භාග්‍යවතුන් වහන්සේ අල්ප ශබ්දයට කැමති සේක. අල්ප ශබ්ද ඇතිවම එළඹිය යුතුය.’ඒ නිසා රජ තූර්ය ශබ්දය වැළැක්වීය. තුර්යභාණ්ඩ හුදෙක් ගැනීම පමණක්ම විය. වචනද උස්හඬින් උච්චාරණය නොකරමින් අසුරු සංඥාවෙන් එත්. අඹ වනයෙහිද කිසිවකුගේ කහින ශබ්දයක්වත් නොඇසේ. රජවරු ද ශබ්දයෙහි ඇලුණෝම වෙති. හෙතෙමේ එම අල්ප ශබ්ද ඇති බව නිසා කලකිරුණේ ජීවක කෙරෙහිද සැක ඉපදවීය. ‘මේ ජීවක මාගේ අඹ වනයෙහි භික්ෂූහු හයදහස් පන්සියයක් ඇතැයි කීය. මෙහිද කහින ශබ්ද මාත්‍රයක්වත් නොඇසේ. මෙය නොවිය හැකි දෙයකැයි සිතමියි කියා මා නගරයෙන් පිටකරවා පෙරටුව බලකාය රඳවා මා අල්ලාගෙන තමාගේ සේසත ඔසවනු කැමැත්තේය. මොහුද ඇතුන් පස්දෙනෙකුගේ බලය දරයි. මාගේ ළඟින්ම යයි. මාගේ සමීපයෙහි ආයුධ ගත් ඇති එක් පුරුෂයෙක්වත් නැත. ‘අහෝ මා හට අනර්ථයෙකැයි මෙසේ බියට පත්ව නොබිය වූවකු ලෙස සිටීමටද නොහැකි විය. තමා බිය බව ඔහුට කීය. එහෙයින් කියන ලදී. අථඛො රාජා -පෙ- නි නිග්ඝොසො යැයි. එහි සම්ම යනු මිත්‍ර සල්ලාපයකි. මට මිත්‍රයාට කවරෙක්ද යනු කියන ලද්දේ වෙයි. න පලම්හෙසි යමක් නැද්ද එය ඇතැයි කියා මා නොරවටන්නේද? නිග්ඝොසො යනු කථා සල්ලාපයෙහි නිහඬ බවයි.
මා භායි, මහාරාජාති ජීවකො – “අයං රාජා මං න ජානාති ‘නායං පරං ජීවිතා වොරොපෙතී’ති; සචෙ ඛො පන නං න අස්සාසෙස්සාමි, විනස්සෙය්යා”ති චින්තයිත්වා දළ්හං කත්වා සමස්සාසෙන්තො “මා භායි මහාරාජා”ති වත්වා “න තං දෙවා”තිආදිමාහ. අභික්කමාති අභිමුඛො කම ගච්ඡ, පවිසාති අත්ථො. සකිං වුත්තෙ පන දළ්හං න හොතීති තරමානොව ද්වික්ඛත්තුං ආහ. එතෙ මණ්ඩලමාළෙ දීපා ඣායන්තීති මහාරාජ, චොරබලං නාම න දීපෙ ජාලෙත්වා තිට්ඨති, එතෙ ච මණ්ඩලමාළෙ දීපා ජලන්ති. එතාය දීපසඤ්ඤාය යාහි මහාරාජාති වදති.
මාභායි මහාරාජ යනු ජීවක තෙමේ ‘මේ රජ මා නොදනී. මොහු අනුන් ජීවිතයෙන් වෙන් නොකරයි’කියා යම් හෙයකින් අස්නොවැසුවොත් විනාශයට පත් වන්නේ යයි සිතා දැඩිකොට අස්වසන්නේ මාභායි මහාරාජ යයි කියා නතංදෙව ආදිය කීය. අභික්කම යනු ඉදිරියට යන්න. යන්න පිවිසෙන්න යන අර්ථයි. වරක් කියූවිට දැඩි නොවේ යයි තදින් දෙවරක් කීය. එතෙ මණ්ඩලමාලෙ දීපා ක්ධායන්ති යනු මහරජ, චෝර බලය පහන් දල්වා නොසිටියි. මේ මණ්ඩල මාලයෙහි පහන් දැල්වෙයි. මේ පහන් සංඥාවෙන් යන්න මහරජ’යි කියයි.
සාමඤ්ඤඵලපුච්ඡාවණ්ණනා
නාගස්ස භූමීති යත්ථ සක්කා හත්ථිං අභිරූළ්හෙන ගන්තුං, අයං නාගස්ස භූමි නාම. නාගා පච්චොරොහිත්වාති විහාරස්ස බහිද්වාරකොට්ඨකෙ හත්ථිතො ඔරොහිත්වා. භූමියං පතිට්ඨිතසමකාලමෙව පන භගවතො තෙජො රඤ්ඤො සරීරං ඵරි. අථස්ස තාවදෙව සකලසරීරතො සෙදා මුච්චිංසු, සාටකා පීළෙත්වා අපනෙතබ්බා විය අහෙසුං. අත්තනො අපරාධං සරිත්වා මහාභයං උප්පජ්ජි. සො උජුකං භගවතො සන්තිකං ගන්තුං අසක්කොන්තො ජීවකං හත්ථෙ ගහෙත්වා ආරාමචාරිකං චරමානො විය “ඉදං තෙ සම්ම ජීවක සුට්ඨු කාරිතං ඉදං සුට්ඨු කාරිත”න්ති විහාරස්ස වණ්ණං භණමානො අනුක්කමෙන යෙන මණ්ඩලමාළස්ස ද්වාරං තෙනුපසඞ්කමි, සම්පත්තොති අත්ථො.
නාගස්ස භූමි යනු යම්තැනක ඇතුපිට නැගී යාහැකිද එය නාගභූමි නමි. නාගා පච්චොරොහිත්වා යනු විහාරයෙහි පිටත දොර කොටුවෙහි ඇතුපිටින් බැස බිම පිහිටි සම කාලයෙහිම භාග්‍යවතුන් වහන්සේගේ තේජස රජුගේ සිරුර පුරා පැතිර ගියේය. ඉක්බිති එකෙණෙහිම මුළු සිරුරින් ඩහදිය වැගිරිණ. ඇඳුම් තෙමී ඉවත් කළ යුතු සේ විය. තමාගේ අපරාධය සිහි කළේය. මහ බියක් උපන. හේ ඍජුව භාග්‍යවතුන් වහන්සේ සමීපයට යන්ට නොහැක්කේ ජීවකයා අල්ලා ගෙන ආරාම චාරිකාවෙහි හැසිරෙන්නාක් මෙන් ‘මිත්‍ර ජීවක මෙය ඔබ කළ හොඳ දෙයකි. හොඳ දෙයකියි විහාරයෙහි ගුණ කියමින් අනුක්රමයෙන් යෙන මණ්ඩල මාලස්ස ද්වාරං තෙනුපසංකමි පැමිණියේය යන අර්ථයි.
කහං පන සම්මාති කස්මා පුච්ඡීති. එකෙ තාව “අජානන්තො”ති වදන්ති. ඉමිනා කිර දහරකාලෙ පිතරා සද්ධිං ආගම්ම භගවා දිට්ඨපුබ්බො, පච්ඡා පන පාපමිත්තසංසග්ගෙන පිතුඝාතං කත්වා අභිමාරෙ පෙසෙත්වා ධනපාලං මුඤ්චාපෙත්වා මහාපරාධො හුත්වා භගවතො සම්මුඛීභාවං න උපගතපුබ්බොති අසඤ්ජානන්තො පුච්ඡතීති. තං අකාරණං, භගවා හි ආකිණ්ණවරලක්ඛණො අනුබ්යඤ්ජනපටිමණ්ඩිතො ඡබ්බණ්ණාහි රස්මීහි සකලං ආරාමං ඔභාසෙත්වා තාරාගණපරිවුතො විය පුණ්ණචන්දො භික්ඛුගණපරිවුතො මණ්ඩලමාළමජ්ඣෙ නිසින්නො, තං කො න ජානෙය්ය. අයං පන අත්තනො ඉස්සරියලීලාය පුච්ඡති. පකති හෙසා රාජකුලානං, යං ජානන්තාපි අජානන්තා විය පුච්ඡන්ති. ජීවකො පන තං සුත්වා – ‘අයං රාජා පථවියං ඨත්වා කුහිං පථවීති, නභං උල්ලොකෙත්වා කුහිං චන්දිමසූරියාති, සිනෙරුමූලෙ ඨත්වා කුහිං සිනෙරූති වදමානො විය දසබලස්ස පුරතො ඨත්වා කුහිං භගවා’ති පුච්ඡති. “හන්දස්ස භගවන්තං දස්සෙස්සාමී”ති චින්තෙත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා “එසො මහාරාජා”තිආදිමාහ. පුරක්ඛතොති පරිවාරෙත්වා නිසින්නස්ස පුරතො නිසින්නො.
කහං පන සම්ම යනු කෙසේ ඇසීද? සමහරු ‘නොදැන’යයි කියති. ‘මොහු තරුණ කල්හි පියා සමග පැමිණ භාග්‍යවතුන් වහන්සේ දුටු විරූය. පසුව පාපමිත්‍ර ආශ්රයෙන් පියා මැරීම සිදුකොට සොරුන් යවා ධනපාල හස්තියා මුදාහරවා මහා අපරාධකාරයකු වී භාග්‍යවතුන් වහන්සේ හමුවීමට නොආ විරූයයි නොහැඳින විචාරයි. එය කරුණක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ උතුම් ලක්ෂණයන්ගෙන් ආකීර්ණව අනුබ්යඤ්ජනයෙන් සැරසී සවණක් රැසින් මුළු ආරාමය බබුළුවා තරු ගණයා පිරිවැරූ පූර්ණ චන්ද්‍රයා මෙන් භික්ෂු ගණයා පිරිවරා මණ්ඩල මාලය මැද වැඩහුන් සේක. එය කවරෙක්නම් නොදනීද? මොහු වනාහි තමාගේ ඓශ්වර්ය ලීලාවෙන් අසයි. මෙය රාජකුලයන්ගේ ස්වභාවයයි. යමක් දැනගෙනද නොදන්නවුන් මෙන් අසත්. ජීවක ඒ අසා ‘මේ රජ පොළොවේ සිටගෙන පොළොව කොහේදැයි අසයි. අහස දෙස බලා සඳහිරු කොහිදැයිද, මහමෙර පාමුල සිට කියන්නාක් මෙන් දසබලධාරින් වහන්සේ ඉදිරියේ සිට භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි අසයි. මොහුට දැන් භාග්‍යවතුන් වහන්සේ දක්වමියි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට ඇඳිලි ප්‍රණාමය කොට එසො මහාරාජ ආදිය කීය. පුරක්ඛතො යනු පිරිවරා හුන්නහුගේ ඉදිරියේ හුන්නේය.
යෙන භගවා තෙනුපසඞ්කමීති යත්ථ භගවා තත්ථ ගතො, භගවතො සන්තිකං උපගතොති අත්ථො. එකමන්තං අට්ඨාසීති භගවන්තං වා භික්ඛුසංඝං වා අසඞ්ඝට්ටයමානො අත්තනො ඨාතුං අනුච්ඡවිකෙ එකස්මිං පදෙසෙ භගවන්තං අභිවාදෙත්වා එකොව අට්ඨාසි.
යෙන භගවා තෙනුපසංකමි යන භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට ගියේය. භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළැඹියේය යන අර්ථයි. එකමන්තං අට්ඨාසි භාග්‍යවතුන් වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ නොගටමින් තමන්ට සිටීමට නුසුදුසු එක් පෙදෙසක භාග්‍යවතුන් වහන්සේ වැඳම සිටියේය.
තුණ්හීභූතං තුණ්හීභූතන්ති යතො යතො අනුවිලොකෙති, තතො තතො තුණ්හීභූතමෙවාති අත්ථො. තත්ථ හි එකභික්ඛුස්සපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා ඛිපිතසද්දො වා නත්ථි, සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං නාටකපරිවාරං භගවතො අභිමුඛෙ ඨිතං රාජානං වා රාජපරිසං වා එකභික්ඛුපි න ඔලොකෙසි. සබ්බෙ භගවන්තංයෙව ඔලොකයමානා නිසීදිංසු.
තුණ්හී භූතං තුණ්හීභූතං යනු යම් යම් තැනක් බලයිද ඒ ඒ තැන නිහඬ බව යන අර්ථයි. එහි එක් භික්ෂුවකගේවත් අත් සෙලවීමක් හෝ පා සෙලවීමක් හෝ නැත. සර්වාලංකාරයෙන් සැරසී නළුවන් පිරිවරා, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටි රජු හෝ රජ පිරිස හෝ දෙස එක් භික්ෂුවක්වත් නොබැලීය. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේ දෙසම බලමින් හුන්හ.
රාජා තෙසං උපසමෙ පසීදිත්වා විගතපඞ්කතාය විප්පසන්නරහදමිව උපසන්තින්ද්රියං භික්ඛුසඞ්ඝං පුනප්පුනං අනුවිලොකෙත්වා උදානං උදානෙසි. තත්ථ ඉමිනාති යෙන කායිකෙන ච වාචසිකෙන ච මානසිකෙන ච සීලූපසමෙන භික්ඛුසඞ්ඝො උපසන්තො, ඉමිනා උපසමෙනාති දීපෙති. තත්ථ “අහො වත මෙ පුත්තො පබ්බජිත්වා ඉමෙ භික්ඛූ විය උපසන්තො භවෙය්යා”ති නයිදං සන්ධාය එස එවමාහ. අයං පන භික්ඛුසඞ්ඝං දිස්වා පසන්නො පුත්තං අනුස්සරි. දුල්ලභඤ්හි ලද්ධා අච්ඡරියං වා දිස්වා පියානං ඤාතිමිත්තාදීනං අනුස්සරණං නාම ලොකස්ස පකතියෙව. ඉති භික්ඛුසඞ්ඝං දිස්වා පුත්තං අනුස්සරමානො එස එවමාහ.
රජතෙමේ ඔවුන්ගේ උපසමයෙහි පැහැදී මඩ පහවීම නිසා පැහැදුණු පොකුණ මෙන් ප්‍රසන්න ඉඳුරන් ඇති භික්ෂු සංඝයා දෙස යලි යලිත් බලා උදානං උදානෙසි එහි ඉමිනා යනු යම් කායික වූද වාචසික වූද මානසික වූද ශීල උපසමයෙන් භික්ෂු සංඝයා උපශාන්තය ඉමිනා උපසමෙන යයි දක්වයි. එහි ‘මාගේ පුත්‍රයා පැවිදිව මේ භික්ෂූන් මෙන් උපශාන්ත වන්නේ නම් මැනවැයි ඔහු මෙසේ කීවේ ඒ සඳහා නොවේ. මොහු භික්ෂු සංඝයා දැක පැහැදුණේ පුත්‍රයා සිහි කළේය. දුලබ දෙයක් ලැබ ආශ්චර්යවත් දෙයක් දැක ප්‍රිය වූ ඥාති මිත්‍රයන් සිහිවීම ලෝකයාගේ ස්වභාවයයි. මෙසේ භික්ෂු සංඝයා දැක පුත්‍රයා සිහිකරමින් ඔහු මෙසේ කීය.
අපි ච පුත්තෙ ආසඞ්කාය තස්ස උපසමං ඉච්ඡමානො පෙස එවමාහ. එවං කිරස්ස අහොසි, පුත්තො මෙ පුච්ඡිස්සති – “මය්හං පිතා දහරො. අය්යකො මෙ කුහි”න්ති. සො “පිතරා තෙ ඝාතිතො”ති සුත්වා “අහම්පි පිතරං ඝාතෙත්වා රජ්ජං කාරෙස්සාමී”ති මඤ්ඤිස්සති. ඉති පුත්තෙ ආසඞ්කාය තස්ස උපසමං ඉච්ඡමානො පෙස එවමාහ. කිඤ්චාපි හි එස එවමාහ. අථ ඛො නං පුත්තො ඝාතෙස්සතියෙව. තස්මිඤ්හි වංසෙ පිතුවධො පඤ්චපරිවට්ටෙ ගතො. අජාතසත්තු බිම්බිසාරං ඝාතෙසි, උදයො අජාතසත්තුං. තස්ස පුත්තො මහාමුණ්ඩිකො නාම උදයං. තස්ස පුත්තො අනුරුද්ධො නාම මහාමුණ්ඩිකං. තස්ස පුත්තො නාගදාසො නාම අනුරුද්ධං. නාගදාසං පන – “වංසච්ඡෙදකරාජානො ඉමෙ, කිං ඉමෙහී”ති රට්ඨවාසිනො කුපිතා ඝාතෙසුං.
කුමක් නිසා මෙසේ කීයේද? පුත්‍රයා කෙරෙහි සැකයෙන් ඔහුගේ උපසමය කැමැත්තෙන් ඔහු මෙසේ කීය. ඔහුට මෙසේ සිතිණ. ‘මාගේ පුතා මෙසේ අසන්නේය. ‘මගේ පියා තරුණය. මාගේ මුත්තා කොහිද? හේ ඔබගේ පියා විසින් ඔහු මරන ලද්දේ යයි අසා ‘මම ද පියා මරා රජය කරන්නෙමියි හඟින්නේය’මෙසේ පුත්‍රයා කෙරෙහි සැකයෙන් ඔහුගේ උපසමය කැමැත්තෙන් ඔහු මෙසේ කීය. මෙසේ කීවේ ඇයි? පසුව පුත්‍රයා ඔහු ඝාතනය කළේමය. ඒ වංශයෙහි පියා මැරීම පරම්පරා පහක්ම ගියේය. අජාත සත්තු බිම්බිසාර මැරිය. උදය අජාත සත්තු මැරිය. ඔහුගේ පුත්‍රයා වූ මහාමුණ්ඩ උදය මැරිය. අනුරුද්ධ මහාමුණ්ඩ මැරිය. ඔහුගේ පුත්‍රයා වූ නාගදාස අනුරුද්ධ මැරිය. මේ රජවරු වංශය විනාශ කරන්නෝය. මොවුන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි රටවැසියෝ කිපී නාගදාස ඝාතනය කළහ.
අගමා ඛො ත්වන්ති කස්මා එවමාහ? භගවා කිර රඤ්ඤො වචීභෙදෙ අකතෙයෙව චින්තෙසි – “අයං රාජා ආගන්ත්වා තුණ්හී නිරවො ඨිතො, කිං නු ඛො චින්තෙසී”ති. අථස්ස චිත්තං ඤත්වා – “අයං මයා සද්ධිං සල්ලපිතුං අසක්කොන්තො භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා පුත්තං අනුස්සරි, න ඛො පනායං මයි අනාලපන්තෙ කිඤ්චි කථෙතුං සක්ඛිස්සති, කරොමි තෙන සද්ධිං කථාසල්ලාප”න්ති. තස්මා රඤ්ඤො වචනානන්තරං “අගමා ඛො ත්වං, මහාරාජ, යථාපෙම”න්ති ආහ. තස්සත්ථො – මහාරාජ, යථා නාම උන්නමෙ වුට්ඨං උදකං යෙන නින්නං තෙන ගච්ඡති, එවමෙව ත්වං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා යෙන පෙමං තෙන ගතොති.
අගමා ඛො ත්වං යනු කුමක් නිසා මෙසේ කීවේද? භාග්‍යවතුන් වහන්සේ රජු කථා නොකර සිටියදී මෙසේ සිතූ සේක. මේ රජ මෙහි පැමිණ කථා නොකර නිහඩව කුමක් සිතමින් සිටීද? ඉක්බිති ඔහුගේ සිත දැන ‘මොහු මා සමග කථා කිරීමට නොහැකිව භික්ෂු සංඝයා දෙස බලා පුත්‍රයා සිහි කළේය. මොහු මා කථා නොකළහොත් කිසිවක් කියන්ට අසමත්ය. ඔහු සමග කථා කරමියි ඒ නිසා රජුගේ වචන අතර අගමා ඛො ත්වං මහරාජ, යථාපෙමං යයි කී සේක. එහි අර්ථය : මහරජ, යම්සේ උස් තැනකට වට වැසි ජලය යම්තැනක නිම්නයක් වේද එතැනට යයිද, එසේ ඔබ භික්ෂු සංඝයා දෙස බලා යම්තැනක ප්‍රේමය වේද එතැනට පැමිණියේය.
අථ රඤ්ඤො එතදහොසි – “අහො අච්ඡරියා බුද්ධගුණා, මයා සදිසො භගවතො අපරාධකාරකො නාම නත්ථි, මයා හිස්ස අග්ගුපට්ඨාකො ඝාතිතො, දෙවදත්තස්ස ච කථං ගහෙත්වා අභිමාරා පෙසිතා, නාළාගිරි මුත්තො, මං නිස්සාය දෙවදත්තෙන සිලා පවිද්ධා, එවං මහාපරාධං නාම මං ආලපතො දසබලස්ස මුඛං නප්පහොති; අහො භගවා පඤ්චහාකාරෙහි තාදිලක්ඛණෙ සුප්පතිට්ඨිතො. එවරූපං නාම සත්ථාරං පහාය බහිද්ධා න පරියෙසිස්සාමා”ති සො සොමනස්සජාතො භගවන්තං ආලපන්තො “පියො මෙ, භන්තෙ”තිආදිමාහ.
ඉක්බිති රජුට මෙබඳු අදහසක් ඇතිවිය. ‘බුදුගුණ ආශ්චර්යය. පුදුමයි. භාග්‍යවතුන් වහන්සේට මා වැනි අපරාධකාරයෙක් නම් නැත. මම උන්වහන්ගේ අග්‍ර උපස්ථායකගේ ඝාතකයා වෙමි. දේවදත්තගේ බස් ගෙන සොරු එවන ලදහ. නාළාගිරි මුදාහරින ලදී. මා නිසා දේවදත්ත විසින් ගල් විදින ලදී. මෙසේ මහා අපරාධකාරයකු වූ මා හට කථා කරන දසබලධාරීන් වහන්සේගේ මුව නොපොහොනේය. ‘භාග්‍යවතුන් වහන්සේ පස් අයුරකින් තාදී ලක්ෂණයෙහි පිහිටි සේක. මෙබඳු ශාස්තෲවරයකු හැර පිටතින් නොසොයන්නෙමියි සොම්නසට පත්ව භාග්‍යවතුන් වහන්සේට අමතන්නේ පියො මෙ භන්තෙ යනාදිය කීය.
භික්ඛුසඞ්ඝස්ස අඤ්ජලිං පණාමෙත්වාති එවං කිරස්ස අහොසි භගවන්තං වන්දිත්වා ඉතොචිතො ච ගන්ත්වා භික්ඛුසඞ්ඝං වන්දන්තෙන ච භගවා පිට්ඨිතො කාතබ්බො හොති, ගරුකාරොපි චෙස න හොති. රාජානං වන්දිත්වා උපරාජානං වන්දන්තෙනපි හි රඤ්ඤො අගාරවො කතො හොති. තස්මා භගවන්තං වන්දිත්වා ඨිතට්ඨානෙයෙව භික්ඛුසඞ්ඝස්ස අඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදි. කඤ්චිදෙව දෙසන්ති කඤ්චි ඔකාසං.
භික්ඛු සංඝස්ස අඤ්ජලිං පණමෙත්වා යනු ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ වැඳ ඔබමොබ ගොස් භික්ෂු සංඝයා වඳින්නහු විසින් භාග්‍යවතුන් වහන්සේ පිටුපසට කළයුතුය. මෙය ගරුකිරීමක් නොවේ. රජුන් වැඳ යුවරජුන් වඳින්නාහු විසින් රජුට අගෞරවයක් කරන ලද්දේ වෙයි. ඒ නිසා සිටි තැනම භික්ෂු සංඝයාට අංජලී ප්‍රණාමය කොට එකත්පසෙක හුන්නේය. කඤ්චිදෙව දෙසං යනු කිසියම් අවකාශයක්.
අථස්ස භගවා පඤ්හපුච්ඡනෙ උස්සාහං ජනෙන්තො ආහ – “පුච්ඡ, මහාරාජ, යදාකඞ්ඛසී”ති. තස්සත්ථො – “පුච්ඡ යදි ආකඞ්ඛසි, න මෙ පඤ්හවිස්සජ්ජනෙ භාරො අත්ථි”. අථ වා “පුච්ඡ, යං ආකඞ්ඛසි, සබ්බං තෙ විස්සජ්ජෙස්සාමී”ති සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි, අසාධාරණං පච්චෙකබුද්ධඅග්ගසාවකමහාසාවකෙහි. තෙ හි යදාකඞ්ඛසීති න වදන්ති, සුත්වා වෙදිස්සාමාති වදන්ති. බුද්ධා පන – “පුච්ඡ, ආවුසො, යදාකඞ්ඛසී”ති (සං· නි· 1.237), වා “පුච්ඡ, මහාරාජ, යදාකඞ්ඛසී”ති වා,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ප්‍රශ්න ඇසීමේ උත්සාහ ඇතිකරමින් මෙසේ කියූ සේක. පුච්ඡ මහාරාජ යදාකංඛසි එහි අර්ථය : කැමැත්තේ නම් අසන්න. ප්‍රශ්න විසඳීමේ දී මට බරක් නැත. නැතහොත් යමක් කැමතිනම් අසන්න. ඒ සියල්ල විසඳාලන්නෙමියි සර්වඥ පවාරණය කළ සේක. පසේබුදු අගසව් මහසව්වන්ට එය අසාධාරණය. ඔවුහු ‘කැමතිනම්’ යයි නොකියති. ‘අසා කියන්නෙමුයි කියති. බුදුවරු නම් ‘ඇවැත්නි, කැමතිනම් අසන්න’කියා හෝ මහරජ, කැමතිනම් අසන්න කියා හෝ.
“පුච්ඡ, වාසව, මං පඤ්හං, යං කිඤ්චි මනසිච්ඡසි; තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ”ති. (දී· නි· 2.356) වා;
අසව වාසව මගෙන් පැනයක් යමක් කැමැතිනම් සිතට ඒ ඒ පැනයෙහි අවසනක් කරන්නෙමි මම
තෙන හි ත්වං, භික්ඛු, සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ, යදාකඞ්ඛසීති වා,
‘එසේනම් භික්ෂුව තම අසුනෙහි හිඳ යමක් කැමතිනම් අසව’ කියා හෝ’
“බාවරිස්ස ච තුය්හං වා, සබ්බෙසං සබ්බසංසයං; කතාවකාසා පුච්ඡව්හො, යං කිඤ්චි මනසිච්ඡථා”ති. (සු· නි· 1036) වා;
බාවාරියගේ ඔබගේ - සැමගේ සියලු සැකයට අවසර ඇත අසවු - යමක් මනසට රිසිනම්
“පුච්ඡ මං, සභිය, පඤ්හං, යං කිඤ්චි මනසිච්ඡසි; තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ”ති. (සු· නි· 517) වා;
අසව සඟිය මගෙන් පැනයක් යමක් කැමතිනම් සිතට ඒ ඒ පැනයෙහි අවසනක් කරන්නෙමි මම
තෙසං තෙසං යක්ඛනරින්දදෙවසමණබ්රාහ්මණපරිබ්බාජකානං සබ්බඤ්ඤුපවාරණං පවාරෙන්ති. අනච්ඡරියඤ්චෙතං, යං භගවා බුද්ධභූමිං පත්වා එතං පවාරණං පවාරෙය්ය. යො බොධිසත්තභූමියං පදෙසඤාණෙ ඨිතො –
ඒ ඒ යක්ෂ රාජ දේව ශ්‍රමණ බ්‍රාහ්මණ පරිව්‍රාජකයන්ට සර්වඥ ප්රවාරණය කරත්. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ භූමියට පත්ව මෙම ප්රවාරණය කිරීම ආශ්චර්යයක් නොවේ. බෝධිසත්ත්ව භූමිහි ප්‍රදේශ ඥානයෙහිද සිටි සේක් :
“කොණ්ඩඤ්ඤ, පඤ්හානි වියාකරොහි; යාචන්ති තං ඉසයො සාධුරූපා.
කොණ්ඩඤ්ඤ පැන විසඳන්න සාධු ගුණ ඇති ඉසිවරු අයදිති මෙය මිනිසුන් අතර දහමකි යමක් යේනම් දියුණුවට එය ඔබටම බාරය
කොණ්ඩඤ්ඤ, එසො මනුජෙසු ධම්මො; යං වුද්ධමාගච්ඡති එස භාරො”ති. (ජා· 2.17.60);
එවං සක්කාදීනං අත්ථාය ඉසීහි යාචිතො –
මෙසේ ශක්‍ර ආදීන්ගේ ප්‍රයෝජනය පිණිස සෘෂීන් විසින් ඉල්ලා සිටින ලද්දේ.
“කතාවකාසා පුච්ඡන්තු භොන්තො, යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථිතං; අහඤ්හි තං තං වො වියාකරිස්සං, ඤත්වා සයං ලොකමිමං පරඤ්චා”ති. (ජා· 2.17.61);
පැතු යම් පැනයක් අසවු පින්වතුනි එයට ඉඩ ඇත හැම එකක් විසඳමි මෙලෝ පරලෝ තමා දැන
එවං සරභඞ්ගකාලෙ. සම්භවජාතකෙ ච සකලජම්බුදීපං තික්ඛත්තුං විචරිත්වා පඤ්හානං අන්තකරං අදිස්වා සුචිරතෙන බ්රාහ්මණෙන, පඤ්හං පුට්ඨුං ඔකාසෙ කාරිතෙ ජාතියා සත්තවස්සිකො රථිකාය පංසුං කීළන්තො පල්ලඞ්කමාභුජිත්වා අන්තරවීථියං නිසින්නොව –
මෙසේ සරභංග කාලයෙහි සම්භව ජාතකයෙහි ද සියලු දඹදිව තෙවරක් හැසිර ප්රශ්නයන්ගේ අවසන් කිරීමක් නොදැක සුචීරත බමුණා විසින් ප්‍රශ්නයක් අසන්ට අවකාශ ලබාදුන්විට උපතින් සත්වස් වූයේ වීදියෙහි වැලි කෙළින්නේ පළක් බැඳ ඇතුළු වීථියෙහි හුන්නේම
“තග්ඝ තෙ අහමක්ඛිස්සං, යථාපි කුසලො තථා; රාජා ච ඛො තං ජානාති, යදි කාහති වා න වා”ති. (ජා· 1.16.172);
සැබෑවම පවසමි - නිපුණයකු සේ ඔබට මම කළයුතුද නැද්දයි - රජද එය දන්නේය
සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි.
එවං භගවතා සබ්බඤ්ඤුපවාරණාය පවාරිතාය අත්තමනො රාජා පඤ්හං පුච්ඡන්තො – “යථා නු ඛො ඉමානි, භන්තෙ”තිආදිමාහ. තත්ථ සිප්පමෙව සිප්පායතනං. පුථුසිප්පායතනානීති බහූනි සිප්පානි. සෙය්යථිදන්ති කතමෙ පන තෙ. හත්ථාරොහාතිආදීහි යෙ තං තං සිප්පං නිස්සාය ජීවන්ති, තෙ දස්සෙති. අයඤ්හි අස්සාධිප්පායො – “යථා ඉමෙසං සිප්පූපජීවීනං තං තං සිප්පං නිස්සාය සන්දිට්ඨිකං සිප්පඵලං පඤ්ඤායති. සක්කා නු ඛො එවං සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤාපෙතු”න්ති. තස්මා සිප්පායතනානි ආහරිත්වා සිප්පූපජීවිනො දස්සෙති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥ ප්‍රවාරණයෙන් ප්රවාරණය කළ කල්හි සතුටට පත් රජ ප්‍රශ්නයක් අසන්නේ යථානු ඛො ඉමානි භන්තෙ ආදිය කීය. එහි ශිල්පයම = ශිල්පායතනයයි. පුථුසිප්පායතනං යනු බොහෝ ශිල්ප. සෙය්යථිදං හත්ථාරොහා ආදියෙන් යමෙක් ඒ ඒ ශිල්පය නිසා ජීවත්වෙත්ද ඔවුන් දක්වයි. මේ මෙහි අදහසයි. යම්සේ මේ ශිල්පයන් නිසා ජීවත් වන්නවුන්ගේ ඒ ඒ ශිල්පය ඇසුරුකොට සාන්දෘෂ්ටික ශිල්පවල පෙනේද මේ අයුරින් සාන්දෘෂ්ටික සාමඤ්ඤඵල පනවන්ට හැකිදැ’යි මෙසේ ශිල්පායතන ගෙනවිත් ශිල්පයන් නිසා ජීවත් වන්නවුන් දක්වයි.
තත්ථ හත්ථාරොහාති සබ්බෙපි හත්ථාචරියහත්ථිවෙජ්ජහත්ථිමෙණ්ඩාදයො දස්සෙති. අස්සාරොහාති සබ්බෙපි අස්සාචරියඅස්සවෙජ්ජඅස්සමෙණ්ඩාදයො. රථිකාති සබ්බෙපි රථාචරියරථයොධරථරක්ඛාදයො. ධනුග්ගහාති ධනුආචරියා ඉස්සාසා. චෙලකාති යෙ යුද්ධෙ ජයධජං ගහෙත්වා පුරතො ගච්ඡන්ති. චලකාති ඉධ රඤ්ඤො ඨානං හොතු, ඉධ අසුකමහාමත්තස්සාති එවං සෙනාබ්යූහකාරකා. පිණ්ඩදායකාති සාහසිකමහායොධා. තෙ කිර පරසෙනං පවිසිත්වා පරසීසං පිණ්ඩමිව ඡෙත්වා ඡෙත්වා දයන්ති, උප්පතිත්වා උප්පතිත්වා නිග්ගච්ඡන්තීති අත්ථො. යෙ වා සඞ්ගාමමජ්ඣෙ යොධානං භත්තපාතිං ගහෙත්වා පරිවිසන්ති, තෙසම්පෙතං නාමං. උග්ගා රාජපුත්තාති උග්ගතුග්ගතා සඞ්ගාමාවචරා රාජපුත්තා. පක්ඛන්දිනොති යෙ “කස්ස සීසං වා ආවුධං වා ආහරාමා”ති “වත්වා අසුකස්සා”ති වුත්තා සඞ්ගාමං පක්ඛන්‍දිත්‍වා තදෙව ආහරන්ති, ඉමෙ පක්ඛන්දන්තීති පක්ඛන්දිනො. මහානාගාති මහානාගා විය මහානාගා, හත්ථිආදීසුපි අභිමුඛං ආගච්ඡන්තෙසු අනිවත්තිතයොධානමෙතං අධිවචනං. සූරාති එකන්තසූරා, යෙ සජාලිකාපි සචම්මිකාපි සමුද්දං තරිතුං සක්කොන්ති.
එහි හත්ථාරොහා යනු සියලු ඇත් ඇදුරෝ, ඇස්වෙදුන් ඇත් බඩු ආදින් දක්වයි. අස්සාරොහා සියලු අස් ඇදුරන් අස්වෙදුන් අස්වඩු ආදිහු. රථිකා යනු සියලු රියැදුරෝ රථයෝධයෝ රිය රකින්නෝ ආදීහු. ධනුග්ගහා දුනු ඇදුරෝ දුනුවායෝ වලකා යමෙක් යුද්ධයෙහිදී ජයකොඩිය ගෙන පෙරටුව යත්ද ඔවුහු චලකා යනු මෙහි රජුගේ තැනය. මෙහි අසුවල් මහා මාත්රයාගේ තැනයයි මෙසේ සේනා සංවිධානය කරන්නෝ. පිණ්ඩදායිකා යනු සාංඝික මහා යෝධයෝ. ඔවුහු සතුරුසෙන් මැදට පිවිස පිඬුවක් මෙන් කපා කොටා ගිනිතබත්ද, පැන පැන පිටව යත්ද යන අර්ථයි. යමෙක් හෝ යුද මැද යෝධයන්ට බත් පැන් ගෙන පිවිසෙත්ද, ඔවුන්ටද මේ නම යෙදේ. උග්ගාරාජ පුත්තා කැපී පෙනුණු සංග්‍රාමයට බැසගත් රාජපුත්‍රයෝ. පක්ඛන්දිනො යමෙක් ‘කවරකුගේ හිසක් ගෙන එමුද ආයුධයක් හෝ ගෙන එමුදැයි කියා ‘අසවලාගේ’ යයි කියනු ලැබ යුදයට පැන එයම ගෙන එත්ද, මොවුහු පනිතියි = පක්ඛන්දිනො. මහ ඇතුන් මෙන් = මහානාගා ඇතුන් ආදීන් ඉදිරියට එනකල්හි නොනැවතුණු යෝධයන්ට මේ තවත් වචනයකි. සුරා ඒකාන්තයෙන් ශූරයෝ. යුද හැට්ට හැඳගත්තෝ ද.
චම්මයොධිනොති යෙ චම්මකඤ්චුකං වා පවිසිත්වා සරපරිත්තාණචම්මං වා ගහෙත්වා යුජ්ඣන්ති. දාසිකපුත්තාති බලවසිනෙහා ඝරදාසයොධා. ආළාරිකාති පූවිකා. කප්පකාති න්හාපිකා. න්හාපකාති යෙ න්හාපෙන්ති. සූදාති භත්තකාරකා. මාලාකාරාදයො පාකටායෙව. ගණකාති අච්ඡිද්දකපාඨකා. මුද්දිකාති හත්ථමුද්දාය ගණනං නිස්සාය ජීවිනො. යානි වා පනඤ්ඤානිපීති අයකාරදන්තකාරචිත්තකාරාදීනි. එවංගතානීති එවං පවත්තානි. තෙ දිට්ඨෙව ධම්මෙති තෙ හත්ථාරොහාදයො තානි පුථුසිප්පායතනානි දස්සෙත්වා රාජකුලතො මහාසම්පත්තිං ලභමානා සන්දිට්ඨිකමෙව සිප්පඵලං උපජීවන්ති. සුඛෙන්තීති සුඛිතං කරොන්ති. පීණෙන්තීති පීණිතං ථාමබලූපෙතං කරොන්ති. උද්ධග්ගිකාදීසු උපරි ඵලනිබ්බත්තනතො උද්ධං අග්ගමස්සා අත්ථීති උද්ධග්ගිකා. සග්ගං අරහතීති සොවග්ගිකා. සුඛො විපාකො අස්සාති සුඛවිපාකා. සුට්ඨු අග්ගෙ රූපසද්දගන්ධරසඵොට්ඨබ්බආයුවණ්ණසුඛයසආධිපතෙය්යසඞ්ඛාතෙ දස ධම්මෙ සංවත්තෙති නිබ්බත්තෙතීති සග්ගසංවත්තනිකා. තං එවරූපං දක්ඛිණං දානං පතිට්ඨපෙන්තීති අත්ථො. සාමඤ්ඤඵලන්ති එත්ථ පරමත්ථතො මග්ගො සාමඤ්ඤං. අරියඵලං සාමඤ්ඤඵලං. යථාහ – “කතමඤ්ච, භික්ඛවෙ, සාමඤ්ඤං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං, සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, සාමඤ්ඤං. කතමානි ච, භික්ඛවෙ, සාමඤ්ඤඵලානි? සොතාපත්තිඵලං…පෙ… අරහත්තඵල”න්ති (සං· නි· 5.35). තං එස රාජා න ජානාති. උපරි ආගතං පන දාසකස්සකොපමං සන්ධාය පුච්ඡති.
චම්ම යොධිනො සම් සැට්ටයක් හැඳ හෝ ඊවරන හමක් හෝ ගෙන යුදකරත්ද ඔවුහු. දාසක පුත්තා මහත් සෙනෙහෙ ඇති ගෘහ දාස යෝධයෝ. ආළාරිකා බත් පිසන්නෝ. කප්පකා කරණවෑමියෝ. නහාපකා නහවන්නෝ. සුදා අහර පිසන්නෝ. මාලාකාරාදයො ප්‍රකටමය. ගණකා (ගණකයෝ) මුද්දිකා හස්ත මුද්‍රාවෙන් ගණන් සෑදීම නිසා ජීවත් වන්නෝ. යානිවා පනඤ්ඤානිපි කම්මල්කරුවෝ දත් සාදන්නෝ චිත්‍රකාරයෝ ආදීහු. එවංගතා මෙසේ පැවති. තෙ දිට්ඨෙච ධම්මෙ ඒ ඇතරු ආදීහු ඒ බොහෝ ශිල්ප දක්වා රජ මැදුරෙන් මහ සම්පත් ලබමින් සාන්දෘෂ්ටික වූම ශිල්ප ඵලය නිසා ජීවත් වන්නෝ. සුඛෙන්ති සැපවත් කරත්. පීණෙන්ත සතුටුවූවහු ශක්ති සම්පන්න කරති. ආධ්‍යාත්මික සුභසාධන ආදියෙහි ඉහළ පල උපදින බැවින් උඩු අග් මොවුන්ට ඇත්තේනුයි - උද්ධග්ගිකා. ස්වර්ගයට සුදුසුනුයි = සොවග්ගිකා. සුඛවිපාක ඇත්තෝනුයි - සුඛවිපාකා. යහපත් අග්‍ර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආයුෂ වර්ණ සුඛ යසස් අධිපති බව ආදී දසධර්මයන් පවත්වයි නිපදවයිනුයි = සග්ග සංවත්තනිකා. මෙබඳු දක්ඛිණං දන් පිහිටුවත් යන අර්ථයි. සාමඤ්ඤඵලං යනු මෙහි පරමාර්ථ වශයෙන් මාර්ගය සාමඤ්ඤය. ආර්යඵලය සාමඤ්ඤඵලය. යම්සේ කීද? ‘මහණෙනි, සාමඤ්ඤය කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. කෙසේද යත්? සම්මා දිට්ඨි -පෙ- සම්මා සමාධි. මහණෙනි, මෙය සාමඤ්ඤ යයි කියනු ලැබේ. මහණෙනි, සාමඤ්ඤඵලය යනු කුමක්ද? සෝවාන්පලය -පෙ- අරහත්පලය’මේ රජ එය නොදනී. ඉහත පැමිණි දාස ගොවි උපමාව සඳහා අසයි.
අථ භගවා පඤ්හං අවිස්සජ්ජෙත්වාව චින්තෙසි – “ඉමෙ බහූ අඤ්ඤතිත්ථියසාවකා රාජාමච්චා ඉධාගතා, තෙ කණ්හපක්ඛඤ්ච සුක්කපක්ඛඤ්ච දීපෙත්වා කථීයමානෙ අම්හාකං රාජා මහන්තෙන උස්සාහෙන ඉධාගතො, තස්සාගතකාලතො පට්ඨාය සමණො ගොතමො සමණකොලාහලං සමණභණ්ඩනමෙව කථෙතීති උජ්ඣායිස්සන්ති, න සක්කච්චං ධම්මං සොස්සන්ති, රඤ්ඤා පන කථීයමානෙ උජ්ඣායිතුං න සක්ඛිස්සන්ති, රාජානමෙව අනුවත්තිස්සන්ති. ඉස්සරානුවත්තකො හි ලොකො. ‘හන්දාහං රඤ්ඤොව භාරං කරොමී’ති රඤ්ඤො භාරං කරොන්තො “අභිජානාසි නො ත්ව”න්තිආදිමාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්රශ්නය නොවිසඳාම මෙසේ සිතූ සේක. ‘මේ බොහෝ අන්‍ය තීර්ථක ශ්‍රාවක වූ රාජ අමාත්‍යයෝ මෙහි පැමිණ ඇත. ඔවුහු කෘෂ්ණ පක්ෂය ශුක්ල පක්ෂයද දක්වා කියනු ලබන්නාහු අපගේ රජතුමා මහත් උත්සාහයෙන් මෙහි පැමිණියේය. ඔහු පැමිණිතැන් පටන් ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රමණ කෝලාහළයම ශ්‍රමණ සොරකමම කියතියි උඝෝෂණය කරත්. සකසා දහම් නොඅසවත්. රජුට කියන කල්හි උද්ඝෝෂණ කිරීමට නොහැකි වෙත්. රජුටම අනුවර්තනය වන්නාහුය. ලෝකය ධනයට අනුවර්තනය වන්නකි. මම දැන් රජුටම බාරදෙමි’යි රජුට බාර දෙන සේක. අභිජානාසි නො ත්වං ආදිය කී සේක.
තත්ථ අභිජානාසි නො ත්වන්ති අභිජානාසි නු ත්වං. අයඤ්ච නො-සද්දො පරතො පුච්ඡිතාති පදෙන යොජෙතබ්බො. ඉදඤ්හි වුත්තං හොති – “මහාරාජ, ත්වං ඉමං පඤ්හං අඤ්ඤෙ සමණබ්රාහ්මණෙ පුච්ඡිතා නු, අභිජානාසි ච නං පුට්ඨභාවං, න තෙ සම්මුට්ඨ”න්ති.
එහි අභිජානාසි නො ත්වං යනු ඔබ දන්නවා නේද? මේ ‘නො’ශබ්දය අනුන්ගෙන් ඇසූහ යන පදය සමග යෙදිය යුතුය. මෙය කියන ලද්දේ වෙයි. මහාරාජ ත්වං ඉමං පඤ්හං අඤ්ඤෙ සමණ බ්රාහ්මණෙ පුච්ඡිත්ථනු = මහරජ, ඔබ මේ ප්රශ්නය වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් ඇසුවා නේද? එසේ ඇසූ බව හොඳින් දනිහි. ඔබට එය අමතක නැත.
සචෙ තෙ අගරූති සචෙ තුය්හං යථා තෙ බ්යාකරිංසු, තථා ඉධ භාසිතුං භාරියං න හොති, යදි න කොචි අඵාසුකභාවො අත්ථි, භාසස්සූති අත්ථො.
සචෙතෙ අගරු = ඔබට ඔවුහු යම් අයුරකින් කියූද, එසේ මෙහි කීමට බැරිකමක් නැත. ඉදින් අපහසු බවක් නැත්නම්, කියන්න. භාසස්ස යන අර්ථයි.
න ඛො මෙ භන්තෙති කිං සන්ධායාහ? පණ්ඩිතපතිරූපකානඤ්හි සන්තිකෙ කථෙතුං දුක්ඛං හොති, තෙ පදෙ පදෙ අක්ඛරෙ අක්ඛරෙ දොසමෙව වදන්ති. එකන්තපණ්ඩිතා පන කථං සුත්වා සුකථිතං පසංසන්ති, දුක්කථිතෙසු පාළිපදඅත්ථබ්යඤ්ජනෙසු යං යං විරුජ්ඣති, තං තං උජුකං කත්වා දෙන්ති. භගවතා ච සදිසො එකන්තපණ්ඩිතො නාම නත්ථි. තෙනාහ – “න ඛො මෙ, භන්තෙ, ගරු; යත්ථස්ස භගවා නිසින්නො භගවන්තරූපො වා”ති.
නඛො මෙ භන්තෙ යනු කුමක් සඳහා කීයේද? පණ්ඩිත ප්රතිරූපකයන් හමුවෙහි කියන්ට දුකක් වෙයි. ඔවුහු පදයෙන් පදය අකුරින් අකුර දොස්ම කියති. ඒකාන්ත පඬිවරු නම් කථාව අසා හොඳින් කියූ දෙය පසසත්. නරකට කියූ කල්හි පාලි අර්ථපද ව්‍යංජනයන්හි යම් යම් දෙයට විරුද්ධ වෙත්. ඒ ඒ දෙය නිවරද කොට කියත්. භාග්‍යවතුන් වහන්සේ හා සමාන ඒකාන්ත පඬිවරයෙක් නැත. එහෙයින් කීහ. නඛො මෙ භන්තෙ ගරු යත්ථස්ස භගවා වා නිසින්නො භගවන්තරූපාවා යනුවෙන්.
පූරණකස්සපවාදවණ්ණනා
එකමිදාහන්ති එකං ඉධ අහං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වාති සම්මොදජනකං සරිතබ්බයුත්තකං කථං පරියොසාපෙත්වා.
එකමිදාහං යනු මෙහි එක් දවසක්. මෙහි සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා යනු සතුට දනවන සිහිකටයුතු කථාවක් සම්පූර්ණ කොට.
“කරොතො ඛො, මහාරාජ, කාරයතො”තිආදීසු කරොතොති සහත්ථා කරොන්තස්ස. කාරයතොති ආණත්තියා කාරෙන්තස්ස. ඡින්දතොති පරෙසං හත්ථාදීනි ඡින්දන්තස්ස. පචතොති පරෙ දණ්ඩෙන පීළෙන්තස්ස. සොචයතොති පරස්ස භණ්ඩහරණාදීහි සොචයතො. සොචාපයතොති සොකං සයං කරොන්තස්සපි පරෙහි කාරාපෙන්තස්සපි. කිලමතොති ආහාරුපච්ඡෙදබන්ධනාගාරප්පවෙසනාදීහි සයං කිලමන්තස්සපි පරෙහි කිලමාපෙන්තස්සපි. ඵන්දතො ඵන්දාපයතොති පරං ඵන්දන්තං ඵන්දනකාලෙ සයම්පි ඵන්දතො පරම්පි ඵන්දාපයතො. පාණමතිපාතාපයතොති පාණං හනන්තස්සපි හනාපෙන්තස්සපි. එවං සබ්බත්ථ කරණකාරණවසෙනෙව අත්ථො වෙදිතබ්බො.
කරතො ඛො මහාරාජ කාරයතො ආදී තන්හි තරතො යනු තම අතින් කරන්නාට. කාරයතො අණ කිරීමෙන් කරවන්නහුට. ඡින්දතො අනුන්ගේ අත් ආදිය කපන්නාට. පචතො අනුන් දඬුවෙන් පෙළන්නාට. සොචයතො අනුන්ගේ භාණ්ඩ පැහැර ගැනීම් ආදියෙන් තමාම ශෝක උපදවන්නටද අනුන් ලවා කරවන්නාට. කිලමථො ආහාර නොදීමෙන් බන්ධනාගාර ගතකිරීම් ආදියෙන් තමාම වෙහෙසට පත්කරන, අනුන් ලවා වෙහෙස කරවන්නාට ඵන්දතො ඵන්දාපයතො අනුන් වෙව්ලුවා වෙව්ලන කල්හි තමාම වෙව්ලනන්හුට ඔහු අනුන් ලවා වෙව්ලවන්නාට, පාණමතිමා පාපතො ප්‍රාණය නසන්නහුටද අනුන් ලවා නසවන්නට මෙසේ සියලු තැන කිරීම් කරවීම් වශයෙන්ම යන අර්ථයයි දතයුතුය.
සන්ධින්ති ඝරසන්ධිං. නිල්ලොපන්ති මහාවිලොපං. එකාගාරිකන්ති එකමෙව ඝරං පරිවාරෙත්වා විලුප්පනං. පරිපන්ථෙති ආගතාගතානං අච්ඡින්දනත්ථං මග්ගෙ තිට්ඨතො. කරොතො න කරීයති පාපන්ති යං කිඤ්චි පාපං කරොමීති සඤ්ඤාය කරොතොපි පාපං න කරීයති, නත්ථි පාපං. සත්තා පන පාපං කරොමාති එවංසඤ්ඤිනො හොන්තීති දීපෙති. ඛුරපරියන්තෙනාති ඛුරනෙමිනා, ඛුරධාරසදිසපරියන්තෙන වා. එකං මංසඛලන්ති එකං මංසරාසිං. පුඤ්ජන්ති තස්සෙව වෙවචනං. තතොනිදානන්ති එකමංසඛලකරණනිදානං.
සන්ධිං ගෘහ සන්ධි. නිල්ලොපං මහා විනාශය. එකාගාරීකං යනු එකම ගෙය වටකොට කොල්ලකෑම. පරිපන්ථෙ යනු යන එන්නවුන් පැහැරීම පිණිස මග රැක සිටින්නහුට. ‘කරතො න කරීයති පාපං යනු යම් පාපයක් කරමියි හැඟීමක් ඇතිකර ගත්තාට පාපයක් නොකරනු ලැබේ. පවක් නැත. ‘සත්ත්වයෝ කරමුයි’මෙසේ හැඟීම් ඇත්තෝ වෙතියි දක්වයි. ඛුර පරියන්තෙන යනු දැලිපිහි මුවෙන්. දැලිපිහයක වැනි මුවෙන් හෝ වෙයි. එකමංසබලං එක් මස් රැසක්. පුඤ්ජං එයටම තවත් වචනයකි. තතො නිදානං යනු එක් මස් රැසක් කරන හේතුව.
දක්ඛිණන්ති දක්ඛිණතීරෙ මනුස්සා කක්ඛළා දාරුණා, තෙ සන්ධාය “හනන්තො”තිආදිමාහ. උත්තරතීරෙ සත්තා සද්ධා හොන්ති පසන්නා බුද්ධමාමකා ධම්මමාමකා සඞ්ඝමාමකා, තෙ සන්ධාය දදන්තොතිආදිමාහ. තත්ථ යජන්තොති මහායාගං කරොන්තො. දමෙනාති ඉන්ද්රියදමෙන උපොසථකම්මෙන වා. සංයමෙනාති සීලසංයමෙන. සච්චවජ්ජෙනාති සච්චවචනෙන. ආගමොති ආගමනං, පවත්තීති අත්ථො. සබ්බථාපි පාපපුඤ්ඤානං කිරියමෙව පටික්ඛිපති.
දක්ඛිණං යනු දකුණු තෙර මිනිස්සු කර්කශය. දරුණුය. ඔවුන් සඳහා හනන්තො ආදිය කීහ. උතුරු තෙර සත්ත්වයෝ ශ්‍රද්ධා ඇත්තෝ ද ප්‍රසන්න වූවෝ ද බුද්ධ මාමකයෝ ද ධර්ම මාමකයෝ ද සංඝ මාමකයෝද වෙති. ඔවුන් සඳහා දදන්තො ආදිය කීහ. එහි යජන්තො යනු මහා යාග කරන්නෝ. දමෙතා ඉන්ද්රිය දමනයෙන් උපෝසථ කර්මයෙන් හෝ. සංයමෙන ශීල සංයමයෙන්. සච්චවජ්ජෙන නිත්‍ය වචනයෙන්. ආගමො පැමිණීම, පැවැත්ම යන අර්ථයි. සැම අයුරින්ම පව්පින් කිරීමම ප්‍රතික්ෂේප කරයි.
අම්බං පුට්ඨො ලබුජං බ්යාකරොති නාම, යො කීදිසො අම්බො කීදිසානි වා අම්බස්ස ඛන්ධපණ්ණපුප්ඵඵලානීති වුත්තෙ එදිසො ලබුජො එදිසානි වා ලබුජස්ස ඛන්ධපණ්ණපුප්ඵඵලානීති බ්යාකරොති. විජිතෙති ආණාපවත්තිදෙසෙ. අපසාදෙතබ්බන්ති විහෙඨෙතබ්බං. අනභිනන්දිත්වාති “සාධු සාධූ”ති එවං පසංසං අකත්වා.
අම්බං පුට්ඨො ලබුජං ව්යාකරොති නම් යමෙක් අඹ කෙවැනිද අඹයෙහි කඳ කොළ මල් පල කෙවැනිදැයි කී කල්හි ‘ලබු මෙවැනිය. ලබ්බෙහි කඳ කොළ මල් පල මෙවැනි යයි’කියයි. විජිතෙ අණ පවත්නා දේශයෙහි. අපසාදෙතබ්බං යනු වෙහෙස කළ යුතු. අනභිනන්දිත්වා යනු මැනව මැනවැයි මෙසේ ප්‍රශංසා නොකොට.
අප්පටික්කොසිත්වාති බාලදුබ්භාසිතං තයා භාසිතන්ති එවං අප්පටිබාහිත්වා. අනුග්ගණ්හන්තොති සාරතො අග්ගණ්හන්තො. අනික්කුජ්ජන්තොති සාරවසෙනෙව ඉදං නිස්සරණං, අයං පරමත්ථොති හදයෙ අට්ඨපෙන්තො. බ්යඤ්ජනං පන තෙන උග්ගහිතඤ්චෙව නික්කුජ්ජිතඤ්ච.
අප්පටික්කොසිත්වා බොළඳ නොකිය යුත්තක් ඔබ විසින් කියන ලද්දේ යයි පිළිකෙව් නොකොට. අනුගණ්හන්තො හර වශයෙන් නොගන්නෝ. අනික්කුජ්ජන්තො යනු හර වශයෙන්ම ‘මෙය නිස්සරණය. මෙය පරමාර්ථයයි හදවතෙහි තබා නොගන්නේ. මෙයින් ගන්නා ලද්ද ප්‍රතික්ෂේප කරන ලද්ද ද හැඟවීමයි.
මක්ඛලිගොසාලවාදවණ්ණනා
මක්ඛලිවාදෙ පච්චයොති හෙතුවෙවචනමෙව, උභයෙනාපි විජ්ජමානමෙව කායදුච්චරිතාදීනං සංකිලෙසපච්චයං, කායසුචරිතාදීනඤ්ච විසුද්ධිපච්චයං පටික්ඛිපති. අත්තකාරෙති අත්තකාරො. යෙන අත්තනා කතකම්මෙන ඉමෙ සත්තා දෙවත්තම්පි මාරත්තම්පි බ්රහ්මත්තම්පි සාවකබොධිම්පි පච්චෙකබොධිම්පි සබ්බඤ්ඤුතම්පි පාපුණන්ති, තම්පි පටික්ඛිපති. දුතියපදෙන යං පරකාරං පරස්ස ඔවාදානුසාසනිං නිස්සාය ඨපෙත්වා මහාසත්තං අවසෙසො ජනො මනුස්සසොභග්යතං ආදිං කත්වා යාව අරහත්තං පාපුණාති, තං පරකාරං පටික්ඛිපති. එවමයං බාලො ජිනචක්කෙ පහාරං දෙති නාම. නත්ථි පුරිසකාරෙති යෙන පුරිසකාරෙන සත්තා වුත්තප්පකාරා සම්පත්තියො පාපුණන්ති, තම්පි පටික්ඛිපති. නත්ථි බලන්ති යම්හි අත්තනො බලෙ පතිට්ඨිතා සත්තා වීරියං කත්වා තා සම්පත්තියො පාපුණන්ති, තං බලං පටික්ඛිපති. නත්ථි වීරියන්තිආදීනි සබ්බානි පුරිසකාරවෙවචනානෙව. “ඉදං නො වීරියෙන ඉදං පුරිසථාමෙන, ඉදං පුරිසපරක්කමෙන පවත්ත”න්ති එවං පවත්තවචනපටික්ඛෙපකරණවසෙන පනෙතානි විසුං ආදියන්ති.
මක්ඛලී වාදයෙහි පච්චයො යනු හේතුවට වෙනත් වචනයකි. දෙකින්ම විද්‍යාමාන වුම කය දුශ්චරිත ආදි කිලිටි කරන හේතුය. කාය දුශ්චරිත ආදියද විශුද්ධි හේතුවද ප්‍රතික්ෂේප කරයි. අත්තකාරෙ තමාම කිරීම. තමා විසින් කරන ලද කිසියම් කර්මයකින් මේ සත්ත්වයෝ දෙවත්බවටද, මාරබවටද, බ්‍රහ්ම බවටද, ශ්‍රාවක බෝධියට ප්රත්යෙක බෝධියට සර්වඥ බවට පැමිණෙත්ද එය ප්‍රතික්ෂේප කරයි. දෙවැනි වාදයෙන් යම් පරකාරයක් අනුන්ට අවවාද අනුශාසනා කිරීම නිසා බෝසතුන් හැර අවශේෂ ජනයා මනුෂ්‍ය සෞභාග්‍යය ආදිකොට අර්හත්වය තෙක් පැමිණේද ඒ පරකාරය ප්‍රතික්ෂේප කරයි. මෙසේ මේ බාලයා ජින චක්‍රයට පහරදෙයි. නත්ථි පුරිසකාරෙ යනු යම් පුරුෂ කාර්යයකින් සත්ත්වයෝ කියන ලද ආකාරයේ සම්පත්තීන්ට පැමිණෙත්ද, එයද ප්‍රතික්ෂේප කරයි. නත්ථිබලං යනු තමාගේ බලයෙහි පිහිටා සත්ත්වයෝ වීර්යයකොට යම් ඒ සම්පත්තීන්ට පැමිණෙත්ද ඒ බලය ප්‍රතික්ෂේප කරයි. නත්ථි විරියං ආදි සියල්ල පුරුෂ කාර්යයට වෙනත් වචනමය. ‘මෙය අපගේ වීර්යයෙන්, මෙය පුරුෂ ශක්තියෙන්, මෙය පුරුෂ පරාක්‍රමයෙන් පැවතිණැයි මෙසේ පැවති වචන ප්රතිකේෂේප කිරීම් වශයෙන් මේවා වෙන්කොට ගනී.
සබ්බෙ සත්තාති ඔට්ඨගොණගද්රභාදයො අනවසෙසෙ පරිග්ගණ්හාති. සබ්බෙ පාණාති එකින්ද්රියො පාණො, ද්වින්ද්රියො පාණොතිආදිවසෙන වදති. සබ්බෙ භූතාති අණ්ඩකොසවත්ථිකොසෙසු භූතෙ සන්ධාය වදති. සබ්බෙ ජීවාති සාලියවගොධුමාදයො සන්ධාය වදති. තෙසු හි සො විරූහනභාවෙන ජීවසඤ්ඤී. අවසා අබලා අවීරියාති තෙසං අත්තනො වසො වා බලං වා වීරියං වා නත්ථි. නියතිසඞ්ගතිභාවපරිණතාති එත්ථ නියතීති නියතා. සඞ්ගතීති ඡන්නං අභිජාතීනං තත්ථ තත්ථ ගමනං. භාවොති සභාවොයෙව. එවං නියතියා ච සඞ්ගතියා ච භාවෙන ච පරිණතා නානප්පකාරතං පත්තා. යෙන හි යථා භවිතබ්බං, සො තථෙව භවති. යෙන න භවිතබ්බං, සො න භවතීති දස්සෙති. ඡස්වෙවාභිජාතීසූති ඡසු එව අභිජාතීසු ඨත්වා සුඛඤ්ච දුක්ඛඤ්ච පටිසංවෙදෙන්ති. අඤ්ඤා සුඛදුක්ඛභූමි නත්ථීති දස්සෙති.
සබ්බෙ සත්තා යනු ඔටුවන් ගොනුන් කොටළුවන් ආදීන් අනවශේෂයෙන් පිළිගනී. සබ්බෙ පාණා යනු එක් ඉන්ද්‍රියයක් ඇති ප්‍රාණියා ඉන්ද්රිය දෙකක් ඇති ප්‍රාණියා ආදි වශයෙන් කියයි. සබ්බෙ භූතා අණ්ඩකෝෂ වස්තිකෝෂයන්හි හටගත්තවුන් සඳහා කියයි. සබ්බෙජීවා හැල් යව තිරිඟු ආදිය සඳහා කියයි. ඒවාහි වැඩෙන බැවින් ජීවයක් ඇත යන සංඥා ඇත්තේ. අවසා අබලා අවිරියා ඒවාට තමාගේ වසඟ බවක් හෝ බලයක් හෝ වීර්යයක් නැත. නියති සංගති භාව පරිණතා මෙහි නියති යනු තම බව. සංගති යනු සැඟැවුණු නැවත උපදින්නන්ගේ ඒ ඒ තැන යාම. භාවො යනු ස්වභාවයමය. මෙසේ නියතියෙන්ද, සංගතියෙන්ද භාවයෙන්ද පරිණතා නානාප්‍රකාර බවට පත්. ‘යමක් නිසා යම්සේ විය යුතුද එය එසේම වෙයි. යමක් නිසා නොවිය යුතුනම් එය නොවෙයි යයි දක්වයි. ඡස්සෙවාහි ජාතිසු අභිජාතීන් සයකම සිට සුඛංච දුක්ඛංචපටිසං වෙදෙනති අන් සුඛ දුක්ඛ භූමියක් නැතැයි දක්වයි.
යොනිපමුඛසතසහස්සානීති පමුඛයොනීනං උත්තමයොනීනං චුද්දසසතසහස්සානි අඤ්ඤානි ච සට්ඨිසතානි අඤ්ඤානි ච ඡසතානි. පඤ්ච ච කම්මුනො සතානීති පඤ්චකම්මසතානි ච. කෙවලං තක්කමත්තකෙන නිරත්ථකං දිට්ඨිං දීපෙති. පඤ්ච ච කම්මානි තීණි ච කම්මානීතිආදීසුපි එසෙව නයො. කෙචි පනාහු – “පඤ්ච ච කම්මානීති පඤ්චින්ද්රියවසෙන භණති. තීණීති කායකම්මාදිවසෙනා”ති. කම්මෙ ච උපඩ්ඪකම්මෙ චාති එත්ථ පනස්ස කායකම්මඤ්ච වචීකම්මඤ්ච කම්මන්ති ලද්ධි, මනොකම්මං උපඩ්ඪකම්මන්ති. ද්වට්ඨිපටිපදාති ද්වාසට්ඨි පටිපදාති වදති. ද්වට්ඨන්තරකප්පාති එකස්මිං කප්පෙ චතුසට්ඨි අන්තරකප්පා නාම හොන්ති. අයං පන අඤ්ඤෙ ද්වෙ අජානන්තො එවමාහ.
යොනි පමුඛ සතසහස්සානි යනු ප්රමුඛ යෝනීන්ගේ උත්තම යෝනීන්ගේ චුද්දස සතසහස්සානි, අනෙක් සට්ඨිසතානි හයදහසක් තවත් ඡසතානි හයසියයක්. පඤ්ච ච කම්මුනො සතානි කර්ම පන්සියයක් යැයි හුදෙක් තර්ක මාත්‍රයෙන් නිරර්ථක වූ දෘෂ්ටියක් දක්වයි. පඤ්චච කම්මානි තීණිච කම්මානි ආදී තන්හිද මේ ක්‍රමයයි. සමහරු මෙසේ කීහ. පඤ්චකම්මානි යනු පංච ඉන්ද්රිය වශයෙන් කියයි. තීණි කාය කර්ම වශයෙන්. කම්මෙච අඩ්ඪකම්මෙච මෙහි ඔහුගේ කාය කර්මයද වචී කර්මයද. කම්මං යනු ලබ්ධියයි. මනෝ කර්මය කර්මයෙන් හතරෙන් එකක්. ද්වට්ඨි පටිපදා යනු දෙසට ප්‍රතිපදා යයි කියයි. ද්වට්ඨන්තර කප්පා එක් කල්පයක අන්තර කල්ප හැටහතරක් වෙයි. මෙය වනාහි අනිත් දෙක නොදැන මෙසේ කීය.
ඡළාභිජාතියොති කණ්හාභිජාති, නීලාභිජාති, ලොහිතාභිජාති, හලිද්දාභිජාති, සුක්කාභිජාති, පරමසුක්කාභිජාතීති ඉමා ඡ අභිජාතියො වදති. තත්ථ ඔරබ්භිකා, සාකුණිකා, මාගවිකා, සූකරිකා, ලුද්දා, මච්ඡඝාතකා චොරා, චොරඝාතකා, බන්ධනාගාරිකා, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා, අයං කණ්හාභිජාතීති (අ· නි· 6.57) වදති. භික්ඛූ නීලාභිජාතීති වදති, තෙ කිර චතූසු පච්චයෙසු කණ්ටකෙ පක්ඛිපිත්වා ඛාදන්ති. “භික්ඛූ කණ්ටකවුත්තිකා”ති (අ· නි· 6.57) අයඤ්හිස්ස පාළියෙව. අථ වා කණ්ටකවුත්තිකා එව නාම එකෙ පබ්බජිතාති වදති. ලොහිතාභිජාති නාම නිගණ්ඨා එකසාටකාති වදති. ඉමෙ කිර පුරිමෙහි ද්වීහි පණ්ඩරතරා. ගිහී ඔදාතවසනා අචෙලකසාවකා හලිද්දාභිජාතීති වදති. එවං අත්තනො පච්චයදායකෙ නිගණ්ඨෙහිපි ජෙට්ඨකතරෙ කරොති. ආජීවකා ආජීවකිනියො සුක්කාභිජාතීති වදති. තෙ කිර පුරිමෙහි චතූහි පණ්ඩරතරා. නන්දො, වච්ඡො, කිසො, සඞ්කිච්ඡො, මක්ඛලිගොසාලො, පරමසුක්කාභිජාතීති (අ· නි· 6.57) වදති. තෙ කිර සබ්බෙහි පණ්ඩරතරා.
ජලාභිජාතියො යනු කණ්හ අභිජාති, ‘නීල අභිජාති, ලොහිත අභිජාති, හළිද්ද අභිජාති, සුක්ක අභිජාති පරමසුමක්ක අභිජාති යයි මේ ජාති සය කියයි. එහි ඔරබ්භකා (බැටළුවන් මරන්නෝ) සුකරිතා (ඌරන් මරන්නෝ) සාකුන්තිකා (කුරුල්ලන් මරන්නෝ) මාගවිකා (මුවන් මරන්නෝ) ලුද්දා (වැද්දෝ) මච්ඡඝාතකා (මසුන් මරන්නෝ) චොරා (සොරු) චොරඝාතකා (සොරුන් මරන්නෝ) බන්ධනාගාරිකා (සිරයේ රකින්නෝ)ද තවත් කෲර කර්මාන්ත කරන්නෝ. මෙය කණ්හ අභිජාති යයි කියයි. භික්ෂුව නීලාභි ජාතියයි කියයි. ඔවුහු සිව් පසයෙහි කටු බහා කති. ‘භික්ෂූහුද කටුක පැවතුම් ඇත්තෝය’යන්න මෙහි පාලිය වෙයි. නැතහොත් කටුක වෘත්තිකයෝ නම් සමහර පැවිද්දෝ යයි කියයි. ලොහිතාභි ජාතී නම් නිගණ්ඨයෝය. එකසාටක යැයි කියයි. මොවුහු වනාහි පෙර කියූ දෙවර්ගයෙන් වඩා සුදු වූවෝය. සුදු වස්ත්‍ර හඳින ගිහියෝ. අචෙලක සාටකයෝ. හලිද්දාභිජාතී යයි කියයි. මොහු තමාගේ ප්රත්යදායකයන් නිගණ්ඨයින්ට වඩා ජ්යෙෂ්ඨතර කරයි. ආජීවිකා තමාම ආහාර සොයා ගන්නෝ. මෙය සුක්කාභිජාතී යයි කියයි. ඔවුහු වනාහි පෙර කියූ සතරදෙනට වඩා සුදුය. නන්ද, වච්ඡා කිස, සංකිච්ච මක්ඛලිගෝසාල පරමසුක්කාභිජාති යයි කියයි. ඔවුහු සියල්ලන්ට වඩා සුදුය.
අට්ඨ පුරිසභූමියොති මන්දභූමි, ඛිඩ්ඩාභූමි, පදවීමංසභූමි, උජුගතභූමි, සෙක්ඛභූමි, සමණභූමි, ජිනභූමි, පන්නභූමීති ඉමා අට්ඨ පුරිසභූමියොති වදති. තත්ථ ජාතදිවසතො පට්ඨාය සත්තදිවසෙ සම්බාධට්ඨානතො නික්ඛන්තත්තා සත්තා මන්දා හොන්ති මොමූහා, අයං මන්දභූමීති වදති. යෙ පන දුග්ගතිතො ආගතා හොන්ති, තෙ අභිණ්හං රොදන්ති චෙව විරවන්ති ච, සුගතිතො ආගතා තං අනුස්සරිත්වා හසන්ති, අයං ඛිඩ්ඩාභූමි නාම. මාතාපිතූනං හත්ථං වා පාදං වා මඤ්චං වා පීඨං වා ගහෙත්වා භූමියං පදනික්ඛිපනං පදවීමංසභූමි නාම. පදසා ගන්තුං සමත්ථකාලෙ උජුගතභූමි නාම. සිප්පානි සික්ඛිතකාලෙ සෙක්ඛභූමි නාම. ඝරා නික්ඛම්ම පබ්බජිතකාලෙ සමණභූමි නාම. ආචරියං සෙවිත්වා ජානනකාලෙ ජිනභූමි නාම. භික්ඛු ච පන්නකො ජිනො න කිඤ්චි ආහාති එවං අලාභිං සමණං පන්නභූමීති වදති.
අට්ඨපුරිසභූමියො යනු මන්දභූමි, ඛිඩ්ඪාභූමි, වීමංසනභූමි, උජුගතභූමි, සෙඛභූමි, සමණභූමි, ජීනභූමි, පණ්ණභූමි මේවා අට්ඨපුරිස භූමියයි කියයි. එහි උපන්දා පටන් සත්දවසක් බාධා ඇති තැනින් නික්මුණු හෙයින් සත්ත්වයෝ මන්දමෝච වෙති. මෙය මන්ද භූමියයි කියයි. යමෙක් දුගතියෙන් ආවෝ වෙත්ද ඔවුහු නිතර හඬති. කෑගසති. සුගතියෙන් ආවාහු එය සිහිකොට සිනාසෙත්. මෙය ඛිඩ්ඪාභූමි නමි. මව්පියන්ගේ අත හෝ පා හෝ ඇඳ හෝ පුටුව හෝ අල්ලාගෙන බිම පා එබීම වීමංසා භූමි නම් වේ. පයින් යන්ට හැකි කාලය උජුගතභූමි තමි. ශිල්ප උගන්නා කාලය සෙඛභූමි නමි. ගෙන් නික්ම පැවිදිවන කාලය සමණභූමි නමි. ගුරුවරයා සේවනය කොට දැනගන්නා කාලය ජිනභූමි නමි. භික්ෂුවද පණ්ණක වූයේ ජින වූයේ කිසිවක් නොකීවේ යයි මෙසේ ලැබීම් නැති ශ්‍රමණයා පණ්ණභූමියයි කියයි.
එකූනපඤ්ඤාස ආජීවකසතෙති එකූනපඤ්ඤාසආජීවකවුත්තිසතානි. පරිබ්බාජකසතෙති පරිබ්බාජකපබ්බජ්ජාසතානි. නාගාවාසසතෙති නාගමණ්ඩලසතානි. වීසෙ ඉන්ද්රියසතෙති වීසතින්ද්රියසතානි. තිංසෙ නිරයසතෙති තිංස නිරයසතානි. රජොධාතුයොති රජඔකිරණට්ඨානානි, හත්ථපිට්ඨිපාදපිට්ඨාදීනි සන්ධාය වදති. සත්ත සඤ්ඤීගබ්භාති ඔට්ඨගොණගද්රභඅජපසුමිගමහිංසෙ සන්ධාය වදති. සත්ත අසඤ්ඤීගබ්භාති සාලිවීහියවගොධූමකඞ්ගුවරකකුද්රූසකෙ සන්ධාය වදති. නිගණ්ඨිගබ්භාති ගණ්ඨිම්හි ජාතගබ්භා, උච්ඡුවෙළුනළාදයො සන්ධාය වදති. සත්ත දෙවාති බහූ දෙවා. සො පන සත්තාති වදති. මනුස්සාපි අනන්තා, සො සත්තාති වදති. සත්ත පිසාචාති පිසාචා මහන්තමහන්තා සත්තාති වදති. සරාති මහාසරා, කණ්ණමුණ්ඩරථකාරඅනොතත්තසීහප්පපාතඡද්දන්තමන්දාකිනීකුණාලදහෙ ගහෙත්වා වදති.
හාරදහස් නවසියයක් ආජීවක වෘත්ති. පරිබ්බාජක සතෙ සියයක් පරිව්‍රාජක පැවිදි. නාගවාස සතෙ යනු නාගමණ්ඩල සියයක්. වීසෙ ඉන්ද්රියසතෙ ඉන්ද්රිය දෙදහසක්. තිංසෙ නිරය සතෙ නිරය තුන්දහසක්. රජො ධාතුයො ධූලි වැකුණු තැන්. අත් පුටු පා පුටු ආදිය සඳහා කියයි. සත්ත සඤ්ඤීගබ්භා යනු ඔටුවන්, ගොනුන්, කොටළුවන්, එළුවන්, ගවයන්, මීහරකුන් ආදීන් සඳහා කියයි. අසඤ්ඤීගබ්භා යනු හැල් යව තිරිඟු මුං මෙන්රි මෑ කුරහන් සඳහා කියයි. නිග්ගණ්ඨි ගබ්භා යනු ගැටයෙහි හටගත් ගැබ් ඇති. උක් උණ බට ආදිය සඳහා කියයි. සත්ත දෙවා යනු බොහෝ දෙවියෝ. ඔහු සත්තා යයි කියයි. මානුසාපි අන්තයක් නැත්තෝ. හේ සත්තා යයි කියයි. සත්ත පෙසාචා යනු පිශාචයෝ මහත් මහත් සත්තා යයි කියයි. සරා මහවිල්. කණ්ණමුණ්ඩ, රථකාර, අනොතත්ත, සීහප්පපාත, තියග්ගල. මුචලින්ද, කුණාල විල්ගෙන කියයි.
පවුටාති ගණ්ඨිකා. පපාතාති මහාපපාතා. පපාතසතානීති ඛුද්දකපපාතසතානි. සුපිනාති මහාසුපිනා. සුපිනසතානීති ඛුද්දකසුපිනසතානි. මහාකප්පිනොති මහාකප්පානං. තත්ථ එකම්හා මහාසරා වස්සසතෙ වස්සසතෙ කුසග්ගෙන එකං උදකබින්දුං නීහරිත්වා සත්තක්ඛත්තුං තම්හි සරෙ නිරුදකෙ කතෙ එකො මහාකප්පොති වදති. එවරූපානං මහාකප්පානං චතුරාසීතිසතසහස්සානි ඛෙපෙත්වා බාලෙ ච පණ්ඩිතෙ ච දුක්ඛස්සන්තං කරොන්තීති අයමස්ස ලද්ධි. පණ්ඩිතොපි කිර අන්තරා විසුජ්ඣිතුං න සක්කොති. බාලොපි තතො උද්ධං න ගච්ඡති.
පටුටා ගැට ඇති. පපාතා මහා ප්‍රපාත. පපාතසතානි කුඩා ප්‍රපාත සියයක්. සුපිනා මහා ස්වප්න. සුපිනසතානි කුඩා ස්වප්න සියයක්. මහා කප්පුනො යනු මහා කල්පයන්ගේ. එහි එක් විලකින් වර්ෂ සියයකින් සියයකින් කුසතණ අගින් එක් දිය බිඳුවක් ගෙන සත්වරක් ඒ විල නිරුදක කළ කල්හි එක් මහා කල්පයෙකැයි කියයි. එබඳු මහා කල්ප අසූහතර ලක්ෂයක් ගෙවා බාලොච පණ්ඩිතොච දුක්ඛස්සන්තං කරොන්ති මේ මොහුගේ ලබ්ධියයි. පණ්ඩිතයාද අතරතුරු පිරිසිදු වන්නට නොහැක්කේය. බාලයාද එයින් උඩට නොයයි.
සීලෙනාති අචෙලකසීලෙන වා අඤ්ඤෙන වා යෙන කෙනචි. වතෙනාති තාදිසෙනෙව වතෙන. තපෙනාති තපොකම්මෙන. අපරිපක්කං පරිපාචෙති නාම, යො “අහං පණ්ඩිතො”ති අන්තරා විසුජ්ඣති. පරිපක්කං ඵුස්ස ඵුස්ස බ්යන්තිං කරොති නාම යො “අහං බාලො”ති වුත්තපරිමාණං කාලං අතික්කමිත්වා යාති. හෙවං නත්ථීති එවං නත්ථි. තඤ්හි උභයම්පි න සක්කා කාතුන්ති දීපෙති. දොණමිතෙති දොණෙන මිතං විය. සුඛදුක්ඛෙති සුඛදුක්ඛං. පරියන්තකතෙති වුත්තපරිමාණෙන කාලෙන කතපරියන්තෙ. නත්ථි හායනවඩ්ඪනෙති නත්ථි හායනවඩ්ඪනානි. න සංසාරො පණ්ඩිතස්ස හායති, න බාලස්ස වඩ්ඪතීති අත්ථො. උක්කංසාවකංසෙති උක්කංසාවකංසා. හායනවඩ්ඪනානමෙතං අධිවචනං.
සීලෙනවා යනු අචෙලක සීලයෙන් හෝ අන් කිසිවකින්. වතෙන එබන්දකින්ම. තපෙන තපස් කර්මයෙන්. අපරිපක්කං පරිපාවෙති නම් යමෙක් ‘මම පණ්ඩිතයෙමි’යි අතරතුර පිරිසිදු වෙයි. පරිපක්කං පුස්සං ඵුස්ස ව්‍යාප්ති කරොති නමි. යමෙක් ‘මම බාලයෙක්මියි කියන ලද පමණ කාලය ඉක්මවා යාද, හෙවං නත්ථි යනු එසේ නැත. ඒ දෙකම කරන්ට නොහැක්කෝ යයි දක්වයි. ද්‍රෝණ මිතෙ යනු ද්‍රෝණයෙන් මිනූ කල්හි, ද්‍රෝණයෙන් මිනූ මෙන්. සුඛ දුක්ඛ යනු සුවදුක්. පරියන්ත කටෙ යනු කියන ලද කාල පරිමාණයෙන් පැදුර කෙළවර. නත්ථි හායන වඩ්ඪනෙ යනු පිරිහීම හා වර්ධනය නුවණැත්තාගේ සංසාරය නොවේ. බාලයාගේ සංසාරය නොවැඩේ යන අර්ථයි. උක්කංසාවකංසෙ යනු උසස් වීම් පහළ යාම් හා යන වර්ධනයන්ට මෙය තවත් වචනයකි.
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො “සෙය්යථාපි නාමා”තිආදිමාහ. තත්ථ සුත්තගුළෙති වෙඨෙත්වා කතසුත්තගුළෙ. නිබ්බෙඨියමානමෙව පලෙතීති පබ්බතෙ වා රුක්‍ඛග්ගෙ වා ඨත්වා ඛිත්තං සුත්තප්පමාණෙන නිබ්බෙඨියමානමෙව ගච්ඡති, සුත්තෙ ඛීණෙ තත්ථෙව තිට්ඨති, න ගච්ඡති. එවමෙව වුත්තකාලතො උද්ධං න ගච්ඡතීති දස්සෙති.
දැන් ඒ අර්ථය උපමාවෙකින් සාධනය කරන්නේ. සෙය්යථාපි නාම ආදිය කීය. එහි සුත්ත ගුලෙ යනු වෙළා කළ නූල් බෝලය. නිබ්බෙඨියමාන මෙව ඵලෙති පර්වතයක හෝ රුක් මුදුනක සිට දැමූ නූලෙහි ප්‍රමාණයට ලිහෙමින්ම යයි. නූල අවසන් වූ විට එතැනම සිටී. නොයයි. එසේ කියන ලද කාලයෙන් උඩට නොයේ යැයි දක්වයි.
අජිතකෙසකම්බලවාදවණ්ණනා
අජිතවාදෙ නත්ථි දින්නන්ති දින්නඵලාභාවං සන්ධාය වදති. යිට්ඨං වුච්චති මහායාගො. හුතන්ති පහෙණකසක්කාරො අධිප්පෙතො. තම්පි උභයං ඵලාභාවමෙව සන්ධාය පටික්ඛිපති. සුකතදුක්කටානන්ති සුකතදුක්කටානං, කුසලාකුසලානන්ති අත්ථො. ඵලං විපාකොති යං ඵලන්ති වා විපාකොති වා වුච්චති, තං නත්ථීති වදති. නත්ථි අයං ලොකොති පරලොකෙ ඨිතස්ස අයං ලොකො නත්ථි, නත්ථි පරො ලොකොති ඉධ ලොකෙ ඨිතස්සාපි පරො ලොකො නත්ථි, සබ්බෙ තත්ථ තත්ථෙව උච්ඡිජ්ජන්තීති දස්සෙති. නත්ථි මාතා නත්ථි පිතාති තෙසු සම්මාපටිපත්තිමිච්ඡාපටිපත්තීනං ඵලාභාවවසෙන වදති. නත්ථි සත්තා ඔපපාතිකාති චවිත්වා උපපජ්ජනකා සත්තා නාම නත්ථීති වදති.
අජිත වාදයෙහි නත්ථි දින්නං යනු දුන් දෙයෙහි ඵලයක් නැති බව සඳහා කියයි. යිට්ඨං යනු මහා යාගයයි කියනු ලැබේ. හුතං යනු රසකැවිලි සත්කාරය අදහස් කරන ලදී. ඒ දෙකම ඵලයක් නැති බවම සඳහා ප්‍රතික්ෂේප කරයි. සුකට දුක්කටානං හොඳ නරක දෙකෙහි, කුසල අකුසල යන අර්ථයි. ඵලං විපාකො යමක් ඵලයක්ය කියා හෝ විපාකය කියා හෝ කියනු ලැබේද එය නැතැයි කියයි. නත්ථි අයං ලොකො පරලොව සිටියහුටද මේ පරලොව නැත. නත්ථි පරලොකො යනු මෙම ලොවෙහි සිටියහුටද පරලොව නැත. ‘සියලු දෙන ඒ ඒ තැනම සිඳලන්නෝය’යයි දක්වයි. නත්ථි මාතා නත්ථිපිතා ඔවුන් අතර සම්‍යක් ප්‍රතිපත්ති මිථ්‍යා ප්රතිපත්තිවල ඵල නැති බව වශයෙන් කියයි. නත්ථි සත්තා ඔපපාතිකා යනු චුතවී උපදින සත්ත්වයෝ නම් නැතැයි කියයි.
චාතුමහාභූතිකොති චතුමහාභූතමයො. පථවී පථවිකායන්ති අජ්ඣත්තිකපථවීධාතු බාහිරපථවීධාතුං. අනුපෙතීති අනුයායති. අනුපගච්ඡතීති තස්සෙව වෙවචනං. අනුගච්ඡතීතිපි අත්ථො. උභයෙනාපි උපෙති, උපගච්ඡතීති දස්සෙති. ආපාදීසුපි එසෙව නයො. ඉන්ද්රියානීති මනච්ඡට්ඨානි ඉන්ද්රියානි ආකාසං පක්ඛන්දන්ති. ආසන්දිපඤ්චමාති නිපන්නමඤ්චෙන පඤ්චමා, මඤ්චො චෙව චත්තාරො මඤ්චපාදෙ ගහෙත්වා ඨිතා චත්තාරො පුරිසා චාති අත්ථො. යාවාළාහනාති යාව සුසානා. පදානීති ‘අයං එවං සීලවා අහොසි, එවං දුස්සීලො’තිආදිනා නයෙන පවත්තානි ගුණාගුණපදානි, සරීරමෙව වා එත්ථ පදානීති අධිප්පෙතං. කාපොතකානීති කපොතවණ්ණානි, පාරාවතපක්ඛවණ්ණානීති අත්ථො. භස්සන්තාති භස්මන්තා, අයමෙව වා පාළි. ආහුතියොති යං පහෙණකසක්කාරාදිභෙදං දින්නදානං, සබ්බං තං ඡාරිකාවසානමෙව හොති, න තතො පරං ඵලදායකං හුත්වා ගච්ඡතීති අත්ථො. දත්තුපඤ්ඤත්තන්ති දත්තූහි බාලමනුස්සෙහි පඤ්ඤත්තං. ඉදං වුත්තං හොති – ‘බාලෙහි අබුද්ධීහි පඤ්ඤත්තමිදං දානං, න පණ්ඩිතෙහි. බාලා දෙන්ති, පණ්ඩිතා ගණ්හන්තී’ති දස්සෙති.
චාතුම්මහා භූතිකො යනු සතර මහා භූතයන්ගෙන් සැදුණු. පඨවි පඨවිකායං යනු ආධ්‍යාත්මික පෘථුවිය බාහිර පෘථුවි ධාතුව. අනූපෙති යනු අනුව යයි. අනුපගච්ඡති යනු එයටම සමාන වචනයකි. අනුව යයි යන අර්ථයි. දෙකෙන්ම ළංවෙයි. ළඟට යතියි දක්වයි. ජලය ආදියෙහිද මේ ක්‍රමයයි. ඉන්ද්රියානි යනු මනස සවැනිකොට ඇති ඉන්ද්රියයෝ. ආකාසං පනිත්. ආසන්දිපංචමා යනු වැදහොත් ඇඳන් පස්වැනි. ඇඳ ද ඇඳෙහි පා සතර ගෙන සිටි මිනිසුන් සතරදෙන යනු ද අර්ථයි. යාව ආලාභනා යනු සොහොන තෙක්. පදානි යනු මෙතෙමේ මෙසේ සිල් ඇත්තෙක් විය. මෙසේ දුසිල් ඇත්තෙක් විය. ආදී ක්‍රමයෙන් පැවති ගුණ අගුණ පද. ශරීරයම මෙහි පද යැයි අදහස් කරන ලදී. කාපොතකානි යනු පරෙවියන්ගේ වර්ණය. පරෙවි පියාපත්වල වර්ණ යන අර්ථයි. භස්සන්තා අළු කෙළවරකොට ඇත. මෙයම පෙළ හෝ වෙයි. ආහුතියො යනු යම් රසකැවිලි සත්කාර ආදී භේදයෙන් දුන් දානය සියල්ල අළුවලින් අවසන් වේද, ඉන් එපිටට පලදෙන්නක් වී නොයයි යන අර්ථයි. දත්තු පඤ්ඤත්තං මෝඩයන්, බාල මිනිසුන් විසින් පනවන ලද, මෙය කියන ලද්දේ වෙයි. බාලයන්, බුද්ධිය නැත්තවුන් විසින් පනවන ලද දානය පණ්ඩිතයන් විසින් නොවේ. බාලයෝ දෙති. පණ්ඩිතයෝ ගනිත් යයි දක්වයි.
තත්ථ පූරණො “කරොතො න කරීයති පාප”න්ති වදන්තො කම්මං පටිබාහති. අජිතො “කායස්ස භෙදා උච්ඡිජ්ජතී”ති වදන්තො විපාකං පටිබාහති. මක්ඛලි “නත්ථි හෙතූ”ති වදන්තො උභයං පටිබාහති. තත්ථ කම්මං පටිබාහන්තෙනාපි විපාකො පටිබාහිතො හොති, විපාකං පටිබාහන්තෙනාපි කම්මං පටිබාහිතං හොති. ඉති සබ්බෙපෙතෙ අත්ථතො උභයප්පටිබාහකා අහෙතුකවාදා චෙව අකිරියවාදා ච නත්ථිකවාදා ච හොන්ති.
එහි පූරණ පාපය කරන්නහුගෙන් නොකෙරේ. යයි කියමින් කර්මය ප්‍රතික්ෂේප කරයි. අජිත කය බිඳීමෙන් කැඩී යයි කියමින් විපාකය ප්‍රතික්ෂේප කරයි. මක්ඛලී හේතුත් නැතැ’යි දෙකම ප්‍රතික්ෂේප කරයි. එහි කර්මය ප්‍රතික්ෂේප කරන්නා විසින් විපාකය ප්‍රතික්ෂේප කරන ලද්දේ වෙයි. විපාකය ප්‍රතික්ෂේප කරන්නා විසින් කර්මය ප්‍රතික්ෂේප කරන ලද්දේ වෙයි. මෙසේ මේ සියල්ල අර්ථ වශයෙන් උභය පටිබාහක - අහේතු වාදයෝද අකිරිය වාදයෝද නත්ථික වාදයෝද වෙති.
යෙ වා පන තෙසං ලද්ධිං ගහෙත්වා රත්තිට්ඨානෙ දිවාඨානෙ නිසින්නා සජ්ඣායන්ති වීමංසන්ති, තෙසං “කරොතො න කරීයති පාපං, නත්ථි හෙතු, නත්ථි පච්චයො, මතො උච්ඡිජ්ජතී”ති තස්මිං ආරම්මණෙ මිච්ඡාසති සන්තිට්ඨති, චිත්තං එකග්ගං හොති, ජවනානි ජවන්ති, පඨමජවනෙ සතෙකිච්ඡා හොන්ති, තථා දුතියාදීසු, සත්තමෙ බුද්ධානම්පි අතෙකිච්ඡා අනිවත්තිනො අරිට්ඨකණ්ටකසදිසා. තත්ථ කොචි එකං දස්සනං ඔක්කමති, කොචි ද්වෙ, කොචි තීණිපි, එකස්මිං ඔක්කන්තෙපි, ද්වීසු තීසු ඔක්කන්තෙසුපි, නියතමිච්ඡාදිට්ඨිකොව හොති; පත්තො සග්ගමග්ගාවරණඤ්චෙව මොක්ඛමග්ගාවරණඤ්ච, අභබ්බො තස්සත්තභාවස්ස අනන්තරං සග්ගම්පි ගන්තුං, පගෙව මොක්ඛං. වට්ටඛාණු නාමෙස සත්තො පථවිගොපකො, යෙභුය්යෙන එවරූපස්ස භවතො වුට්ඨානං නත්ථි.
යමෙක් මොවුන්ගේ ලබ්ධි ගෙන රාත්‍රී ස්ථානයෙහි දිවාස්ථානයෙහි හිඳ සජ්ඣායනය කරත්ද, විමසා බලත්ද ඔවුන්ට ‘කරන්නාගෙන් පව් නොකෙරේ. හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. මළවිට බිඳී යයි යන ඒ අරමුණෙහි මිච්ඡා සතිය පිහිටයි. සිත එකඟ වෙයි. ජවන දුවයි. ප්‍රථම ජවනයෙහි පිළියම් කළ හැකි වෙයි. දෙවැනි ජවන ආදියෙහිද එසේය. සත්වැන්නෙහි දී බුදුවරුන්ටද පිළියම් කළ නොහැකිය. නොනවත්වා අරිටු කටුවක් හා සමානය. එහි කිසිවෙක් එක් දර්ශනයකට බසී. සමහරු දෙකකට බසිති. සමහරු තුනකටදැයි එකක් බැසගත් විට දෙදෙනකු තිදෙනකු බැසගත් විටද නියත මිථ්‍යාදෘෂ්ටියම වේ. පැමිණියේ සහමග අවුරා ගැනීමද, මොක්මග අවුරා ගැනීමද කරගනී. ඒ ආත්මභාවයට අනතුරුව ස්වර්ගයට පවා යාමට අහව්යය. මෝක්ෂය ගැන කියනුම කවරේද? වටකණුවා නමැති මේ සත්ත්වයා පොළෝ පල්ලෙකි. බෙහෙවින් මෙබන්දෙකුට භවයෙන් නැගිටීමක් නැත.
“තස්මා අකල්යාණජනං, ආසීවිසමිවොරගං; ආරකා පරිවජ්ජෙය්ය, භූතිකාමො විචක්ඛණො”ති.
එහෙයින් නොකලණ දන - විසකුරු සපෙකු මෙන් දුරින් දුරු කළ යුතුය - සැප කැමති වූ හපනා
පකුධකච්චායනවාදවණ්ණනා
පකුධවාදෙ අකටාති අකතා. අකටවිධාති අකතවිධානා. එවං කරොහීති කෙනචි කාරාපිතාපි න හොන්තීති අත්ථො. අනිම්මිතාති ඉද්ධියාපි න නිම්මිතා. අනිම්මාතාති අනිම්මාපිතා, කෙචි අනිම්මාපෙතබ්බාති පදං වදන්ති, තං නෙව පාළියං, න අට්ඨකථායං දිස්සති. වඤ්ඣාදිපදත්තයං වුත්තත්ථමෙව. න ඉඤ්ජන්තීති එසිකත්ථම්භො විය ඨිතත්තා න චලන්ති. න විපරිණමන්තීති පකතිං න ජහන්ති. න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්තීති න අඤ්ඤමඤ්ඤං උපහනන්ති. නාලන්ති න සමත්ථා. පථවිකායොතිආදීසු පථවීයෙව පථවිකායො, පථවිසමූහො වා. තත්ථාති තෙසු ජීවසත්තමෙසු කායෙසු. සත්තන්නං ත්වෙව කායානන්ති යථා මුග්ගරාසිආදීසු පහතං සත්ථං මුග්ගාදීනං අන්තරෙන පවිසති, එවං සත්තන්නං කායානං අන්තරෙන ඡිද්දෙන විවරෙන සත්ථං පවිසති. තත්ථ අහං ඉමං ජීවිතා වොරොපෙමීති කෙවලං සඤ්ඤාමත්තමෙව හොතීති දස්සෙති.
පකුධ වාදයෙහි : අකටා යනු නොකළ. අකටවිධා යනු නොකළ විධාන ඇති. ‘මෙසේ කරවයි’කිසිවකු විසින් කරවන ලද්දේ ද නොවෙත් යන අර්ථයි. අනිම්මිතා යනු ඍද්ධියෙන් ද නිර්මාණය නොකරන ලද. ඇතැමෙක් ‘නිර්මාණය නොකළ යුතු’යන පදය කියත්. එය පාලියෙහිවත් අටුවාවෙහි වත් නොපෙනේ. වඤ්ධා පද තුන කියන ලද්දේමය. න ඉඤ්ජන්ති උළුවහු කඳ මෙන් සිටි බැවින් නො සැලෙත්. න විපරිණමන්ති යනු ප්‍රකෘතිය අත් නොහරිත්. න අඤ්ඤමඤ්ඤං ඛ්යාබාධෙන්ති යනු ඔවුනොවුන් නොමරාගනිත්. නාලං යනු නොසමත්. පඨවි කායො යනාදී තන්හි පෘථුවියම පඨවි කායද, පෘථුවි සමූහයද, තත්ථ යනු ජීවය සත්වැනි කොට ඇති කායයන්හි. සත්තන්නංයෙව කායානං යනු යම්සේ මුගුරු කඩු ආදිය අතර පහරදුන් ආයුධය මුගුරු ආදිය අතරින් පිවිසේද, මෙසේ කාය සත අතරින් සිදුරු වූ විවරයෙන් ආයුධය පිවිසෙයි. එහිදී ‘මම මේ ජීවිතය නැතිකරමි’යි හුදෙක් සංඥා මාත්‍රයක්ම වේයැයි දක්වයි.
නිගණ්ඨනාටපුත්තවාදවණ්ණනා
නාටපුත්තවාදෙ චාතුයාමසංවරසංවුතොති චතුකොට්ඨාසෙන සංවරෙන සංවුතො. සබ්බවාරිවාරිතො චාති වාරිතසබ්බඋදකො පටික්ඛිත්තසබ්බසීතොදකොති අත්ථො. සො කිර සීතොදකෙ සත්තසඤ්ඤී හොති, තස්මා න තං වළඤ්ජෙති. සබ්බවාරියුත්තොති සබ්බෙන පාපවාරණෙන යුත්තො. සබ්බවාරිධුතොති සබ්බෙන පාපවාරණෙන ධුතපාපො. සබ්බවාරිඵුටොති සබ්බෙන පාපවාරණෙන ඵුට්ඨො. ගතත්තොති කොටිප්පත්තචිත්තො. යතත්තොති සංයතචිත්තො. ඨිතත්තොති සුප්පතිට්ඨිතචිත්තො. එතස්ස වාදෙ කිඤ්චි සාසනානුලොමම්පි අත්ථි, අසුද්ධලද්ධිතාය පන සබ්බා දිට්ඨියෙව ජාතා.
නාත පුත්රවාදයෙහි චතුයාම සංවරසංවුතො යනු සංවර කොටස් හතරින් සංවර වූ, සබ්බවාරි වාරිතොවා යනු වාරණය කරන ලද සියලු ජලය ප්‍රතික්ෂේප කරන ලද සියලු සීතල ජලය යන අර්ථයි. හෙතෙමේ වනාහි සීතල ජලයෙහි සත්ත්වයෝ ඇත යන හැඟීම ඇත්තේ වෙයි. ඒ නිසා එය පාවිච්චි නොකරයි. සබ්බචාරි ධුතො යනු සියලු පාප වාරණයෙන් සිඳ දැමූ පාප ඇත්තේය. සබ්බචාරි පුට්ඨො යනු සියලු පාප වාරණයෙන් ස්පර්ශ කරන ලද්දේ. ගතත්තො යනු කෙළවරට පත් සිත් ඇත්තේ. යතත්තො යනු සන්සුන් සිත් ඇත්තේ. ඨිතත්තො යනු සුපිහිටි සිත් ඇතේ. මොහුගේ වාදයෙහි කිසියම් ශාසනානුලෝම බවක් ඇත. අශුද්ධ ලබ්ධිය නිසා සියලු දෘෂ්ටීහු හටගත්හ.
සඤ්චයබෙලට්ඨපුත්තවාදවණ්ණනා
සඤ්චයවාදො අමරාවික්ඛෙපෙ වුත්තනයො එව.
සංජයවාදය අමරා වික්ඛෙපවාදයෙහි කියන ලද පරිදිමය.
පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලවණ්ණනා
සොහං, භන්තෙති සො අහං භන්තෙ, වාලුකං පීළෙත්වා තෙලං අලභමානො විය තිත්ථියවාදෙසු සාරං අලභන්තො භගවන්තං පුච්ඡාමීති අත්ථො.
සොහං හන්තෙ යනු ස්වාමීනි, ඒ මම ‘වැලි මිරිකා ජලය නොලබන්නාක් මෙන් තීර්ථකවාදයන්හි හරයක් නොලබන්නේ භාග්‍යවතුන් වහන්සේ විමසමි’ යන අර්ථයි.
යථා තෙ ඛමෙය්යාති යථා තෙ රුච්චෙය්ය. දාසොති අන්තොජාතධනක්කීතකරමරානීතසාමංදාසබ්යොපගතානං අඤ්ඤතරො. කම්මකාරොති අනලසො කම්මකරණසීලොයෙව. දූරතො දිස්වා පඨමමෙව උට්ඨහතීති පුබ්බුට්ඨායී. එවං උට්ඨිතො සාමිනො ආසනං පඤ්ඤපෙත්වා පාදධොවනාදිකත්තබ්බකිච්චං කත්වා පච්ඡා නිපතති නිසීදතීති පච්ඡානිපාතී. සාමිකම්හි වා සයනතො අවුට්ඨිතෙ පුබ්බෙයෙව වුට්ඨාතීති පුබ්බුට්ඨායී. පච්චූසකාලතො පට්ඨාය යාව සාමිනො රත්තිං නිද්දොක්කමනං, තාව සබ්බකිච්චානි කත්වා පච්ඡා නිපතති, සෙය්යං කප්පෙතීති පච්ඡානිපාතී. කිං කරොමි, කිං කරොමීති එවං කිංකාරමෙව පටිසුණන්තො විචරතීති කිං කාරපටිස්සාවී. මනාපමෙව කිරියං කරොතීති මනාපචාරී. පියමෙව වදතීති පියවාදී. සාමිනො තුට්ඨපහට්ඨං මුඛං උල්ලොකයමානො විචරතීති මුඛුල්ලොකකො.
යථාතෙ ඛමෙය්ය යනු ඔබ යම්සේ කැමතිද එසේ. දාසො යනු අන්තොජාත, ධනක්කීත, කරමරානීත දාස භාවයට පැමිණියවුන් අතර කෙනෙක්. කම්මකරො යනු නොලස් කටයුතුකරන සුලු. දුරදීම දැක පළමුවම නැගිටීනුයි පුබබුට්ඨායී. මෙසේ නැගිට ස්වාමියාට අසුනක් පනවා පාදෙවීම් ආදී කළයුතු දෙයක් කොට පසුව වැදහොවී. හිඳිනුයි පච්ඡානිපාතී ස්වාමියා සයනයෙන් නොනැගිටි කල්හිම පළමුව නැගිටීනුයිද පුබ්බට්ඨායී. උදෑසන කාලයෙහි සිට ස්වාමියා රාත්‍රියෙහි නින්දට යාම දක්වා සියලු කිස නිමවා පසුව වැදහොවී. නින්දට යන්නේනුයිද පච්ඡානිපාතී ‘කුමක් කරම්ද, කුමක් කරම්දැයි’මෙසේ කළ යුතු දේ විමසමින් හැසිරේනුයි. කිංකාර පටිස්සාවී - මනාප වූ ක්‍රියාවක්ම කරානුයි මනාපචාරී, ප්‍රිය වූ දෙයක්ම කියතියි පියවාදී ස්වාමියාගේ තුටුපහටු වූ, මුව දෙස බලමින් හැසිරේනුයි මුඛුල්ලොකකො,
දෙවො මඤ්ඤෙති දෙවො විය. සො වතස්සාහං පුඤ්ඤානි කරෙය්යන්ති සො වත අහං එවරූපො අස්සං, යදි පුඤ්ඤානි කරෙය්යන්ති අත්ථො. “සො වතස්ස’ස්ස”න්තිපි පාඨො, අයමෙවත්ථො. යංනූනාහන්ති සචෙ දානං දස්සාමි, යං රාජා එකදිවසං දෙති, තතො සතභාගම්පි යාවජීවං න සක්ඛිස්සාමි දාතුන්ති පබ්බජ්ජායං උස්සාහං කත්වා එවං චින්තනභාවං දස්සෙති.
දෙවො මඤ්ඤෙ යනු දෙවියෙකු මෙන්. සොවතස්සාහං පුඤ්ඤානි කරෙය්යං යනු ඒ මම මෙබන්දකු වන්නෙම් නම් පින් කරන්නෙමි යන අර්ථයි. සෙවතස්සායං යනුවෙන්ද පාඨයක් වෙයි. අර්ථය මෙයමය. යන්නූනාහං යනු ‘දන් දෙන්නෙමි නම්, රජතුමා එක් දවසක් දෙන දානයෙන් සියයෙන් පංගුවක්වත් දිවි ඇති තෙක් දුන්නත් නොහැකි වන්නෙමි’යි පැවිද්දෙහි උත්සාහ කොට මෙසේ සිතන බව දක්වයි.
කායෙන සංවුතොති කායෙන පිහිතො හුත්වා අකුසලස්ස පවෙසනද්වාරං ථකෙත්වාති අත්ථො. එසෙව නයො සෙසපදද්වයෙපි. ඝාසච්ඡාදනපරමතායාති ඝාසච්ඡාදනෙන පරමතාය උත්තමතාය, එතදත්ථම්පි අනෙසනං පහාය අග්ගසල්ලෙඛෙන සන්තුට්ඨොති අත්ථො. අභිරතො පවිවෙකෙති “කායවිවෙකො ච විවෙකට්ඨකායානං, චිත්තවිවෙකො ච නෙක්ඛම්මාභිරතානං, පරමවොදානප්පත්තානං උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතාන”න්ති එවං වුත්තෙ තිවිධෙපි විවෙකෙ රතො; ගණසඞ්ගණිකං පහාය කායෙන එකො විහරති, චිත්තකිලෙසසඞ්ගණිකං පහාය අට්ඨසමාපත්තිවසෙන එකො විහරති, ඵලසමාපත්තිං වා නිරොධසමාපත්තිං වා පවිසිත්වා නිබ්බානං පත්වා විහරතීති අත්ථො. යග්ඝෙති චොදනත්ථෙ නිපාතො.
කායෙන සංවුතො යනු කයින් වැසී අකුසල් පිවිසෙන දොර වසා යන අර්ථයි. සෙසු පද දෙකෙහිද මෙම ක්‍රමයයි. සාසච්ඡාදන පරමතාය යනු ආහාර ගැනීමේ හා ඇඳුම් ඇඳීමේ පරම බැවින් උතුම් බැවින් මේ සඳහාද උපවාසය අත්හැර අග්‍ර වූ ධුතාංගයෙන් සන්තුෂ්ටියට පත්වූයේ යන අර්ථයි. අභිරතො පවිවෙකෙ යනු කාය විවේකය කයින් ඉවත්වූවන්ටය. චිත්ත විවේකය නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු උතුම් පවිත්‍රත්වයට පත්වුන්ටය. උපධි විවේකය සංස්කාර නැති උපධි රහිත පුද්ගලයන්ට යැයි මෙසේ කී කල්හි ත්‍රිවිධ වූ විවේකයෙහි ඇලුණු සමූහ වාසය හැර කයින් හුදෙකලාව වාසය කරයි. සමූහ චිත්තය හැර අටසමවත් වශයෙන් හුදෙකලාව වාසය කරයි. ඵල සමාපත්තියට හෝ නිරෝධයට හෝ පිවිස නිවනට පැමිණ වාසය කරයි යන අර්ථයයි. යග්ඝෙ යනු චෝදනා කිරීම් අර්ථයෙහි නිපාතයකි.
ආසනෙනපි නිමන්තෙය්යාමාති නිසින්නාසනං පප්ඵොටෙත්වා ඉධ නිසීදථාති වදෙය්යාම. අභිනිමන්තෙය්යාමපි නන්ති අභිහරිත්වාපි නං නිමන්තෙය්යාම. තත්ථ දුවිධො අභිහාරො – වාචාය චෙව කායෙන ච. තුම්හාකං ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ අම්හාකං චීවරාදීහි වදෙය්යාථ යෙනත්ථොති වදන්තො හි වාචාය අභිහරිත්වා නිමන්තෙති නාම. චීවරාදිවෙකල්ලං සල්ලක්ඛෙත්වා ඉදං ගණ්හාථාති තානි දෙන්තො පන කායෙන අභිහරිත්වා නිමන්තෙති නාම. තදුභයම්පි සන්ධාය අභිනිමන්තෙය්යාමපි නන්ති ආහ. එත්ථ ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරොති යං කිඤ්චි ගිලානස්ස සප්පායං ඔසධං. වචනත්ථො පන විසුද්ධිමග්ගෙ වුත්තො. රක්ඛාවරණගුත්තින්ති රක්ඛාසඞ්ඛාතඤ්චෙව ආවරණසඞ්ඛාතඤ්ච ගුත්තිං. සා පනෙසා න ආවුධහත්ථෙ පුරිසෙ ඨපෙන්තෙන ධම්මිකා නාම සංවිදහිතා හොති. යථා පන අවෙලාය කට්ඨහාරිකපණ්ණහාරිකාදයො විහාරං න පවිසන්ති, මිගලුද්දකාදයො විහාරසීමාය මිගෙ වා මච්ඡෙ වා න ගණ්හන්ති, එවං සංවිදහන්තෙන ධම්මිකා නාම රක්ඛා සංවිහිතා හොති, තං සන්ධායාහ – “ධම්මික”න්ති.
ආසන්නෙපි නිමන්තෙය්යම යනු හුන් අසුන ගසා දමා ‘මෙහි හිඳිනු මැනවැ’යි කියන්නෙමු. අභි නිමන්තෙය්යාමපින යනු කැඳවා ගෙනවුත් ඔහුට ඇරයුම් කරන්නෙමු. එහි අභිහාරය (කැඳවා ගෙන ඒම) දෙයාකාරයි. වචනයෙන් ද කයින්ද යනුවෙන් ඔබට කැමති කැමතිවිට සිවුරු ආදිය ප්‍රයෝජනවත් වේනම් අපට කියනු මැනවියි කියන්නේ වචනයෙන් කැඳවාගෙන වුත් ආරාධනා කරයි නම් චීවර වෛකල්‍යය සලකා ‘මෙය ගනු මැනවැ’යි ඒවා දෙන්නේ කයින් කැඳවා ආරාධනා කරයි නම් ඒ දෙකම සඳහා ‘අභිනිමත්තෙය්යාමනං’යැයි ආදිය කීය. මෙහිද ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරො යනු ගිලන් වූවහුට සත්ප්‍රාය වූ ඖෂධ. වචනාර්ථය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. රක්ඛාවරණ ගුත්ති යනු රක්ෂ සංඛ්‍යාත වූද ආවරණ සංඛ්‍යාත වූද ආරක්ෂාව. එය ආයුධ ගත් අත් ඇති පුරුෂයන් තැබීමෙන් නොව ධාර්මිකව කරන සංවිධානය වෙයි. නොකල්හි දර ගෙන යන්නවුන් කොළ ගෙන යන්නවුන් විහාරයට නොපිවිසෙන අයුරින්. මුව වැදි ආදීන්. විහාර සීමාවෙහි මුවන් හෝ මසුන් නොමරන අයුරින් කෙරෙන සංවිධානය ධාර්මික සංවිධානය නම් වෙයි. ඒ සඳහා ධම්මිකං යන්න කීහ.
යදි එවං සන්තෙති යදි තව දාසො තුය්හං සන්තිකා අභිවාදනාදීනි ලභෙය්ය. එවං සන්තෙ. අද්ධාති එකංසවචනමෙතං. පඨමන්ති භණන්තො අඤ්ඤස්සාපි අත්ථිතං දීපෙති. තෙනෙව ච රාජා සක්කා පන, භන්තෙ, අඤ්ඤම්පීතිආදිමාහ.
යදි එවං සන්තෙ යනු ‘යම් හෙයකින් ඔබගේ දාසයා ඔබගේ සමීපයෙන් වැඳීම් ආදිය ලබන්නේද මෙසේ ඇති කල්හි. අද්ධා යනු එකංස වචනයකි (නිශ්චිතාර්ථයෙහි). පඨමං යනු කථා කරන්නේ අන්‍යයාටද ප්‍රයෝජනවත් බව දක්වයි. ඒ නිසාම රජතෙමේ සක්කා පන භන්තෙ අඤ්ඤාම්පි ආදිය කීය.
දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලවණ්ණනා
කසතීති කස්සකො. ගෙහස්ස පති, එකගෙහමත්තෙ ජෙට්ඨකොති ගහපතිකො. බලිසඞ්ඛාතං කරං කරොතීති කරකාරකො. ධඤ්ඤරාසිං ධනරාසිඤ්ච වඩ්ඪෙතීති රාසිවඩ්ඪකො.
ගොවිතැන් කරතියි කස්සකො. ගෘහයෙහි ප්‍රධානයා, එක් ගෙයක පමණක් ජ්‍යෙෂ්ඨයා. ගහපතිකො, බලි සංඛ්‍යාත ආගමික කාර්යය කරානුයි කාරකාරකො, ධාන්‍ය රාශියද ධන රාශියද වැඩිකරානුයි රාසි වඩ්ඪකො.
අප්පං වාති පරිත්තකං වා අන්තමසො තණ්ඩුලනාළිමත්තකම්පි. භොගක්ඛන්ධන්ති භොගරාසිං. මහන්තං වාති විපුලං වා. යථා හි මහන්තං පහාය පබ්බජිතුං දුක්කරං, එවං අප්පම්පීති දස්සනත්ථං උභයමාහ. දාසවාරෙ පන යස්මා දාසො අත්තනොපි අනිස්සරො, පගෙව භොගානං. යඤ්හි තස්ස ධනං, තං සාමිකානඤ්ඤෙව හොති, තස්මා භොගග්ගහණං න කතං. ඤාතියෙව ඤාතිපරිවට්ටො.
අප්පංවා සුළුදෙයක්. යටත් පිරිසෙයින් සහල්නැළියක් පමණවත්. භොගකක්ඛන්ධං යනු භෝගරාශිය. මහන්තංවා විශාල වූ. මහත් වූ දේ අත්හැර පැවිදිවන්ට දුෂ්කර වන්නාක් මෙන් අල්පමාත්‍ර වූ දෙයක් දීම පිණිස දෙකම කීය. දාසවාරයෙහි යම්හෙයකින් දාසයා තමාටද අධිපතියකු නොවන විට භෝගයන් ගැන කියනුම කවරේද? ඔහුට යම් ධනයක් වේනම් එය ස්වාමීන්ටම වෙයි. ඒ නිසා භෝග ගැනීම නොකරන ලදී. ඥාතියෝ ඤාති පරිවට්ටො
පණීතතරසාමඤ්ඤඵලවණ්ණනා
සක්කා පන, භන්තෙ, අඤ්ඤම්පි දිට්ඨෙව ධම්මෙති ඉධ එවමෙවාති න වුත්තං. තං කස්මාති චෙ, එවමෙවාති හි වුච්චමානෙ පහොති භගවා සකලම්පි රත්තින්දිවං තතො වා භිය්යොපි එවරූපාහි උපමාහි සාමඤ්ඤඵලං දීපෙතුං. තත්ථ කිඤ්චාපි එතස්ස භගවතො වචනසවනෙ පරියන්තං නාම නත්ථි, තථාපි අත්ථො තාදිසොයෙව භවිස්සතීති චින්තෙත්වා උපරි විසෙසං පුච්ඡන්තො එවමෙවාති අවත්වා – “අභික්කන්තතරඤ්ච පණීතතරඤ්චා”ති ආහ. තත්ථ අභික්කන්තතරන්ති අභිමනාපතරං අතිසෙට්ඨතරන්ති අත්ථො. පණීතතරන්ති උත්තමතරං. තෙන හීති උය්යොජනත්ථෙ නිපාතො. සවනෙ උය්යොජෙන්තො හි නං එවමාහ. සුණොහීති අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච සාමඤ්ඤඵලං සුණාති.
සක්කා පන භන්තෙ අඤ්ඤම්පි දිට්ඨෙවධම්මෙ යනු මෙහි එවමෙවං යනු නොකියන ලදී. ඒ කුමක් නිසාද? එවමෙවං යනුවෙන් කියනු ලබනවිට භාග්‍යවතුන් වහන්සේ දිවාරාත්‍රී දෙකටම සහ ඉන් වැඩිපුරත් මෙබඳු උපමාවගෙන් සාමඤ්ඤඵලය දක්වන්ට ප්‍රමාණවත් වන සේක. කෙසේවුවද භාග්‍යවතුන් වහන්සේගේ වචන ඇසීමෙහි පර්යාප්තියක් නම් නැත. එසේ වුවත් අර්ථය ඒ අයුරුම වන්නේ යයි සිතා මත්තෙහි විශේෂයක් අසන්නේ එමමෙව යයි නොකියා මත්තෙහි අභික්කන්තතරඤ්චපණීත තරඤ්ච යයි කීය. එහි අභික්කන්තතරං යනු ශ්‍රේෂ්ඨය. අතිශයින් මන වඩන සුලුය යන අර්ථයි. පණීත තරං උතුම්ය. තෙනහි යනු පෙළඹවීම් අර්ථයෙහි නිපාතයකි. ඇසීමෙහි පොළොඹවන්නේ ඔහුට මෙසේ කීය. සුණාහි ශ්‍රේෂ්ඨ වූද උත්තරී වූද සාමඤ්ඤඵලය අසව.
සාධුකං මනසිකරොහීති එත්ථ පන සාධුකං සාධූති එකත්ථමෙතං. අයඤ්හි සාධු-සද්දො ආයාචනසම්පටිච්ඡනසම්පහංසනසුන්දර දළ්හීකම්මාදීසු දිස්සති. “සාධු මෙ, භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.95) හි ආයාචනෙ දිස්සති. “සාධු, භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා”තිආදීසු (ම· නි· 3.86) සම්පටිච්ඡනෙ. “සාධු සාධු, සාරිපුත්තා”තිආදීසු (දී· නි· 3.349) සම්පහංසනෙ.
සාධුකං මනසිකරෝහි මෙහි සාධුකං සාධු පද දෙකම එකම අර්ථය ගනී. මේ සාධු ශබ්දය ආයාචන සම්පට්ච්ඡන, සම්පහංසන, සුන්දර, දළ්හී කර්ම ආදී තන්හි පෙනේ. ‘සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’යන තන්හි ආයාචනයෙහි (අයැදීමෙහි) පෙනේ. ‘සාධු භත්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි ත්වා අනුමොදිත්වා’ආදී තන්හි සම්පටිච්ඡනයෙහි (පිළිගැනීමෙහි) පෙනේ. ‘සාධු සාධු සාරිපුත්ත’ආදී තන්හි සම්ප්රහර්ෂණයෙහි (අනුමතියෙහි) යෙදේ.
“සාධු ධම්මරුචි රාජා, සාධු පඤ්ඤාණවා නරො; සාධු මිත්තානමද්දුබ්භො, පාපස්සාකරණං සුඛ”න්ති. (ජා· 2.17.101);
දහමට කැමති රජද - පැණවත් නරයාද මිතුරන් නොබිඳුවන්නාද - මැනවි පව් නොකිරීම සැපතකි.
ආදීසු සුන්දරෙ. “තෙන හි, බ්‍රාහ්මණ, සුණොහි සාධුකං මනසි කරොහී”තිආදීසු (අ· නි· 5.192) සාධුකසද්දොයෙව දළ්හීකම්මෙ, ආණත්තියන්තිපි වුච්චති. ඉධාපි අස්ස එත්ථෙව දළ්හීකම්මෙ ච ආණත්තියඤ්ච වෙදිතබ්බො. සුන්දරෙපි වට්ටති. දළ්හීකම්මත්ථෙන හි දළ්හමිමං ධම්මං සුණාහි, සුග්ගහිතං ගණ්හන්තො. ආණත්තිඅත්ථෙන මම ආණත්තියා සුණාහි, සුන්දරත්ථෙන සුන්දරමිමං භද්දකං ධම්මං සුණාහීති එවං දීපිතං හොති.
ආදී තන්හි සොඳුරු බවෙහි ‘තෙනහි බ්‍රාහ්මණ සාධුකං සුණාහි’ ආදී තන්හි සාධුක ශබ්දයට දළ්හී කර්මයෙහි (දැඩිව ගැනීමෙහි) හා ආණත්තියෙහි (අණ කිරීමෙහි) ද කියනු ලැබේ. මෙහිද මෙය දළ්හී කර්මයෙහිද ආණත්තියෙහි ද අර්ථය යැයි දතයුතුය. සොඳුරු බවෙහිද වටී. දළ්හිකර්ම කරණ අර්ථයෙන් ‘දළ්හමිමං ධම්මං සුණාහි. සුග්ගහිතං ගණ්හන්තො’ආණත්ති අර්ථයෙන් මාගේ අණින් අසව. සුන්දර අර්ථයෙන් ‘සුන්දරමිමං ධම්මං සුණාහි’ යනුවෙන් මෙය පැහැදිලි කරන ලද්දේ වෙයි.
මනසි කරොහීති ආවජ්ජ, සමන්නාහරාති අත්ථො, අවික්ඛිත්තචිත්තො හුත්වා නිසාමෙහි, චිත්තෙ කරොහීති අධිප්පායො. අපි චෙත්ථ සුණොහීති සොතින්ද්රියවික්ඛෙපනිවාරණමෙතං. සාධුකං මනසි කරොහීති මනසිකාරෙ දළ්හීකම්මනියොජනෙන මනින්ද්රියවික්ඛෙපනිවාරණං. පුරිමඤ්චෙත්ථ බ්යඤ්ජනවිපල්ලාසග්ගාහවාරණං, පච්ඡිමං අත්ථවිපල්ලාසග්ගාහවාරණං. පුරිමෙන ච ධම්මස්සවනෙ නියොජෙති, පච්ඡිමෙන සුතානං ධම්මානං ධාරණූපපරික්ඛාදීසු. පුරිමෙන ච සබ්යඤ්ජනො අයං ධම්මො, තස්මා සවනීයොති දීපෙති. පච්ඡිමෙන සත්ථො, තස්මා සාධුකං මනසි කාතබ්බොති. සාධුකපදං වා උභයපදෙහි යොජෙත්වා යස්මා අයං ධම්මො ධම්මගම්භීරො චෙව දෙසනාගම්භීරො ච, තස්මා සුණාහි සාධුකං, යස්මා අත්ථගම්භීරො ච පටිවෙධගම්භීරො ච, තස්මා සාධුකං මනසි කරොහීති එවං යොජනා වෙදිතබ්බා. භාසිස්සාමීති සක්කා මහාරාජාති එවං පටිඤ්ඤාතං සාමඤ්ඤඵලදෙසනං විත්ථාරතො භාසිස්සාමි. “දෙසෙස්සාමී”ති හි සඞ්ඛිත්තදීපනං හොති. භාසිස්සාමීති විත්ථාරදීපනං. තෙනාහ වඞ්ගීසත්ථෙරො –
මනසි කරොහි යනු ආවර්ජන එක්තැන් කොටගන්න යන අර්ථයි. වික්ෂිප්ත නොවූ සිතින් අසව. සිතෙහි තබාගනුව යන අදහසයි. තවද මෙහි සුණාහි යනු ශ්‍රෝත ඉන්ද්රිය වික්ෂේප වාරණයයි. සාධුකං මනසි කරොහි යනු මනසිකාරයෙහි, දළ්හිකර්ම නියෝජනයෙන් මනින්‍ද්‍රිය වික්ෂේපය වාරණය කිරීමයි. පළමුවැන්නද මෙහි ව්‍යඤ්ජන විපර්යාස ග්‍රාහයෙන් වැළැක්වීමයි. පළමුවැන්නෙන් ධර්මශ්රවණයෙහි යෙදවීමයි. පසුව ආ දෙයින් ඇසූ ධර්මයන් ධාරණ උප පරික්ෂා ආදියෙහි යෙදිණ. පළමුවැන්නෙන් ‘වඤ්ජන සහිත මේ ධර්මය ඇසිය යුත්තකියි දක්වයි. පසුපදයෙන් ‘අර්ථ සහිතය. ඒ නිසා සිතෙහි තබා ගතයුතුයයි දක්වයි. සාධුකං පදං සාධුක පදය ද දෙපදයෙහි යොදා ‘යම්හෙයකින් මේ ධර්මය ධර්ම ගම්භීරය, දේශනා ගම්භීරය. ඒ නිසා සාධුකං (මැනවින්) අසව. යම්හෙයකින් අර්ථ ගම්භීරද ප්‍රතිවේධ ගම්භීරද ඒ නිසා මැනවින් සිතෙහි තබාගනුවයි මෙසේ යෙදීම දතයුතුය. භාසිස්සාමි යනු ‘මහරජ’යැයි හැකියයි මෙසේ ප්රතිඥාත වූ සාමඤ්ඤඵල දේශනාව විස්තර වශයෙන් කියන්නෙමි. දේශනා කරන්නෙමි යන්න සංක්ෂේපයෙන් දැක්වීම වෙයි. භාසිස්සාමි (කියන්නෙමි) විස්තර දේශනාවයි. එහෙයින් වංගීස තෙරහු මෙසේ කීහ.
“සඞ්ඛිත්තෙනපි දෙසෙති, විත්ථාරෙනපි භාසති; සාළිකායිව නිග්ඝොසො, පටිභානං උදීරයී”ති. (සං· නි· 1.214);
කෙටියෙන් දෙසයි - විසිතුරෙක් කියයි නිහඬ සැළලිහිණියකු මෙන් - මුඛරිව කියයි
එවං වුත්තෙ උස්සාහජාතො හුත්වා – “එවං, භන්තෙ”ති ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පච්චස්සොසි භගවතො වචනං සම්පටිච්ඡි, පටිග්ගහෙසීති වුත්තං හොති.
මෙසේ කී කල්හි උත්සාහවත්ව එවං භන්තෙති ඛො රාජා මාගධො අජාත සත්තු වෙදෙහි පුත්තො භගවතො පච්චසස්සෙ සි භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේය. බාරගත්තේ යයි කියන ලද්දේ වෙයි
අථස්ස භගවා එතදවොච, එතං අවොච, ඉදානි වත්තබ්බං “ඉධ මහාරාජා”තිආදිං සකලං සුත්තං අවොචාති අත්ථො. තත්ථ ඉධාති දෙසාපදෙසෙ නිපාතො, ස්වායං කත්ථචි ලොකං උපාදාය වුච්චති. යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජතී”ති. කත්ථචි සාසනං යථාහ – “ඉධෙව, භික්ඛවෙ, පඨමො සමණො, ඉධ දුතියො සමණො”ති (අ· නි· 4.241). කත්ථචි ඔකාසං. යථාහ –
ඉක්බිති ඔහුට භගවා එතදවොච මෙය කී සේක. දැන් කිවයුතු මෙහි මහරජ ආදී සියලු සූත්‍රාන්තය කියූ සේක යන අර්ථයි. එහි ඉධ යනු දේශය සඳහන් කිරිමේ නිපාතයකි. එයම සමහර තැනක ලෝකය සඳහා කියනු ලැබේ. යම්සේ කීයේද? ‘ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති’සමහර තැන ශාසනය සඳහා යම්සේ කීයේද, ඉධෙව භික්ඛවෙ සමණො. ඉධ දුතියො සමණො’සමහර තැනක අවකාශය ගැනේ. යම්සේ කීයේද?
“ඉධෙව තිට්ඨමානස්ස, දෙවභූතස්ස මෙ සතො; පුනරායු ච මෙ ලද්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369);
මෙතැනක සිටිනා -සත්පුරුෂ දෙවියකු වූ මට නැවත ආයුෂ ලැබිණ - දනුව නිදුකාණනි මෙසේ
කත්ථචි පදපූරණමත්තමෙව. යථාහ “ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො”ති (ම· නි· 1.30). ඉධ පන ලොකං උපාදාය වුත්තොති වෙදිතබ්බො. මහාරාජාති යථා පටිඤ්ඤාතං දෙසනං දෙසෙතුං පුන මහාරාජාති ආලපති. ඉදං වුත්තං හොති – “මහාරාජ ඉමස්මිං ලොකෙ තථාගතො උප්පජ්ජති අරහං…පෙ… බුද්ධො භගවා”ති. තත්ථ තථාගතසද්දො බ්රහ්මජාලෙ වුත්තො. අරහන්තිආදයො විසුද්ධිමග්ගෙ විත්ථාරිතා. ලොකෙ උප්පජ්ජතීති එත්ථ පන ලොකොති – ඔකාසලොකො සත්තලොකො සඞ්ඛාරලොකොති තිවිධො. ඉධ පන සත්තලොකො අධිප්පෙතො. සත්තලොකෙ උප්පජ්ජමානොපි ච තථාගතො න දෙවලොකෙ, න බ්රහ්මලොකෙ, මනුස්සලොකෙව උප්පජ්ජති. මනුස‍්සලොකෙපි න අඤ්ඤස්මිං චක්කවාළෙ, ඉමස්මිංයෙව චක්කවාළෙ. තත්රාපි න සබ්බට්ඨානෙසු, “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො තස්සාපරෙන මහාසාලො, තතො පරා පච්චන්තිමා ජනපදා ඔරතො මජ්ඣෙ, පුරත්ථිමදක්ඛිණාය දිසාය සලළවතී නාම නදී. තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ, දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ, පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ, උත්තරාය දිසාය උසිරද්ධජො නාම පබ්බතො, තතො පරා පච්චන්තිමා ජනපදා ඔරතො මජ්ඣෙ”ති එවං පරිච්ඡින්නෙ ආයාමතො තියොජනසතෙ, විත්ථාරතො අඩ්ඪතෙය්යයොජනසතෙ, පරික්ඛෙපතො නවයොජනසතෙ මජ්ඣිමපදෙසෙ උප්පජ්ජති. න කෙවලඤ්ච තථාගතො, පච්චෙකබුද්ධා, අග්ගසාවකා, අසීතිමහාථෙරා, බුද්ධමාතා, බුද්ධපිතා, චක්කවත්තී රාජා අඤ්ඤෙ ච සාරප්පත්තා බ්රාහ්මණගහපතිකා එත්ථෙවුප්පජ්ජන්ති.
සමහර තැනක පද පූරණ මාත්‍රයකි. යම්සේ කීයේද? ‘ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො’මෙහි ලෝකය සඳහා කියන ලද්දේ යයි දතයුතුය. මහාරාජ යනු ප්රතිඥාත වූ පරිදි දේශනාව පවත්වන්ට නැවත මහාරාජ යයි අමතති. මෙය කියන ලද්දේ වෙයි. මහාරාජ ඉමස්මිං ලොකෙ තථාගතො උප්පජ්ජති අරහං -පෙ- බුද්ධො භගවා යි. එහි තථාගත ශබ්ද බ්‍රහ්ම ජාලයෙහිද, අරහං ආදිය විශුද්ධි මාර්ගයෙහි ද විස්තර කරන ලදී. ලොකෙ උප්පජ්ජති මෙහි වනාහි ලොකො යනු අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකයයි ත්‍රිවිධ වෙයි. මෙහි සත්වලෝකය අදහස් කරන ලදී. සත්ත්ව ලෝකයෙහි උපදින්නා වූද තථාගතයන් වහන්සේ දෙව්ලොව බඹලොව නූපදින සේක. මිනිස්ලොවද උපදින සේක. මිනිස්ලොවත් අන් සක්වළක නොවේ. මෙම සක්වළෙහිම උපදින සේක. එහිද සැමතැනම නොවේ. ‘පෙරදිගින් කජංගලනම් නියම්ගමය. ඊට බටහිරින් මැද ශාලාය. ඉන් එහාට ප්‍රත්‍යන්ත ජනපදයෝය. මෙගොඩ මැද නිරිතදිගින් සල්ලවතී නම් මහා නදියයි. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය මෙගොඩ මැද දකුණුදිගින් සේත කණ්ණික නම් නියම්ගමය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩ මැද, බටහිරදිගින් ථූණ නම් බමුණුගමය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩ මැද උතුරුදිගින් උසීරද්ධජ නම් පර්වතය. ඉන් එපිට ප්‍රත්‍යන්ත ජනපදය. මෙගොඩට මැද යයි මෙසේ පිරිසිඳුණු දිගින් යොදුන් තුන්සියයක්ද පුළුලින් යොදුන් එකසිය පනසක්, වටින් යොදුන් නවසියයක් ද වූ මධ්‍යම ප්‍රදේශයෙහි උපදින සේක. තථාගතයන් වහන්සේ පමණක් නොව පසේබුදුවරු අගසව්වෝ අසූ මහ තෙරහු බුද්ධ මාතාව බුද්ධ සක්විති රජ සහ අනෙකුත් යසසට පත් බ්‍රාහ්මණ ගෘහපතියෝද මෙහිම උපදිත්.
තත්ථ තථාගතො සුජාතාය දින්නමධුපායාසභොජනතො යාව අරහත්තමග්ගො, තාව උප්පජ්ජති නාම, අරහත්තඵලෙ උප්පන්නො නාම. මහාභිනික්ඛමනතො වා යාව අරහත්තමග්ගො. තුසිතභවනතො වා යාව අරහත්තමග්ගො. දීපඞ්කරපාදමූලතො වා යාව අරහත්තමග්ගො, තාව උප්පජ්ජති නාම, අරහත්තඵලෙ උප්පන්නො නාම. ඉධ සබ්බපඨමං උප්පන්නභාවං සන්ධාය උප්පජ්ජතීති වුත්තං. තථාගතො ලොකෙ උප්පන්නො හොතීති අයඤ්හෙත්ථ අත්ථො.
එහි තථාගතයන් වහන්සේ සුජාතාව විසින් දෙන ලද මධුපායාස භෝජනයෙහි සිට අරිහත් මාර්ගය තෙක් උපදිති නම් වෙති. රහත්පෙලෙහි ඉපදුණු නම් මහබිනික්මනෙහි සිට රහත්මග තෙක්, තුසිත භවනයෙහි සිට රහත්මග තෙක්, දීපංකර පාදමූලයෙහි සිට රහත්මග තෙක් උප්පජ්ජති නමි. රහත් පලයෙහි උප්පන්න නමි. මෙහි සියල්ලට පළමුව උප්පන්නභාවය සඳහා උප්පජ්ජතී යයි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපන්නාහු වෙතියි මේ මෙහි අර්ථයයි.
සො ඉමං ලොකන්ති සො භගවා ඉමං ලොකං. ඉදානි වත්තබ්බං නිදස්සෙති. සදෙවකන්ති සහ දෙවෙහි සදෙවකං. එවං සහ මාරෙන සමාරකං, සහ බ්රහ්මුනා සබ්රහ්මකං, සහ සමණබ්රාහ්මණෙහි සස්සමණබ්රාහ්මණිං. පජාතත්තා පජා, තං පජං. සහ දෙවමනුස්සෙහි සදෙවමනුස්සං. තත්ථ සදෙවකවචනෙන පඤ්ච කාමාවචරදෙවග්ගහණං වෙදිතබ්බං. සමාරක – වචනෙන ඡට්ඨකාමාවචරදෙවග්ගහණං. සබ්රහ්මකවචනෙන බ්රහ්මකායිකාදිබ්රහ්මග්ගහණං. සස්සමණබ්රාහ්මණීවචනෙන සාසනස්ස පච්චත්ථිකපච්චාමිත්තසමණබ්රාහ්මණග්ගහණං, සමිතපාපබාහිතපාපසමණබ්රාහ්මණග්ගහණඤ්ච. පජාවචනෙන සත්තලොකග්ගහණං. සදෙවමනුස්සවචනෙන සම්මුතිදෙවඅවසෙසමනුස්සග්ගහණං. එවමෙත්ථ තීහි පදෙහි ඔකාසලොකෙන සද්ධිං සත්තලොකො. ද්වීහි පජාවසෙන සත්තලොකොව ගහිතොති වෙදිතබ්බො.
සොඉමං ලොකං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය. දැන් කිවයුතු දෙය දක්වති. සදෙවකං යනු දෙවියන් සහිත මෙසේ මාරයා සහිත සමාරකං. බ්‍රහ්මයා සහිත සබ්රහ්මකං ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සස්සමණ බ්රාහ්මණිං. ප්‍රජනනය වූ බැවින් පජා ඒ ප්‍රජාව. දෙවි මිනිසුන් සහිත සදෙවමනුස්සං එහි සදෙවක වචනයෙන් පංච කාමාවචර දේව ගහණය දතයුතුය. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව ගහණයයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්මකායික ආදී දේවගහණයයි. සස්සමණ බ්‍රාහ්මණ වචනයෙන් ශාසනයට සතුරු වූ අමිත්‍ර වූ ශ්‍රමණ බ්‍රාහ්මණ ගහණයයි. සමිතපාප, බාහිතතාප ශ්‍රමණ බ්‍රාහ්මණ ගහණයද වෙයි. පජා වචනයෙන් සත්ත්ව ලෝක ගහණයයි. සදෙව මනුස්ස වචනයෙන් සම්මුතිදේව අවශේෂ මනුෂ්‍ය ගහණයයි. මෙසේ මෙහි තුන්පදයෙන් අවකාශ ලෝකය සමග සත්ත්වලෝකය ගැනේ. ප්‍රජාවන් දෙක වශයෙන් සත්ව ලෝකයට ගන්නා ලද්දේ යයි දතයුතුය.
අපරො නයො, සදෙවකග්ගහණෙන අරූපාවචරදෙවලොකො ගහිතො. සමාරකග්ගහණෙන ඡ කාමාවචරදෙවලොකො. සබ්රහ්මකග්ගහණෙන රූපී බ්රහ්මලොකො. සස්සමණබ්රාහ්මණාදිග්ගහණෙන චතුපරිසවසෙන සම්මුතිදෙවෙහි වා සහ මනුස්සලොකො, අවසෙසසබ්බසත්තලොකො වා.
තවත් ක්‍රමයක්, සදේවක ගහණයෙන් අරූප ලෝකය ගන්නා ලදී. සමාරක ගහණයෙන් කාමාවචර දේවලෝකද සබ්‍රහ්මක ගහණයෙන් රූපී බ්‍රහ්ම ලෝකයද, සස්සමණ බ්‍රාහ්මණ ගහණයෙන් සිව්පිරිස් වශයෙන් සම්මුති දෙවියන් සමග මනුෂ්‍ය ලෝකයද අවශේෂ සත්ව ලෝකය හෝ ගන්නා ලද්දේය.
අපි චෙත්ථ සදෙවකවචනෙන උක්කට්ඨපරිච්ඡෙදතො සබ්බස්ස ලොකස්ස සච්ඡිකතභාවමාහ. තතො යෙසං අහොසි – “මාරො මහානුභාවො ඡ කාමාවචරිස්සරො වසවත්තී, කිං සොපි එතෙන සච්ඡිකතො”ති, තෙසං විමතිං විධමන්තො “සමාරක”න්ති ආහ. යෙසං පන අහොසි – “බ්රහ්මා මහානුභාවො එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති, ද්වීහි …පෙ… දසහි අඞ්ගුලීහි දසසු චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති. අනුත්තරඤ්ච ඣානසමාපත්තිසුඛං පටිසංවෙදෙති, කිං සොපි සච්ඡිකතො”ති, තෙසං විමතිං විධමන්තො සබ්රහ්මකන්ති ආහ. තතො යෙ චින්තෙසුං – “පුථූ සමණබ්රාහ්මණා සාසනස්ස පච්චත්ථිකා, කිං තෙපි සච්ඡිකතා”ති, තෙසං විමතිං විධමන්තො සස්සමණබ්රාහ්මණිං පජන්ති ආහ. එවං උක්කට්ඨුක්කට්ඨානං සච්ඡිකතභාවං පකාසෙත්වා අථ සම්මුතිදෙවෙ අවසෙසමනුස්සෙ ච උපාදාය උක්කට්ඨපරිච්ඡෙදවසෙන සෙසසත්තලොකස්ස සච්ඡිකතභාවං පකාසෙන්තො සදෙවමනුස්සන්ති ආහ. අයමෙත්ථ භාවානුක්කමො.
තවද මෙහි සදේවක වචනයෙන් උඩත් පිරිසෙයින් සියලු ලොව සාක්ෂාත් කළ බව කීහ. එයින් යමකුට මෙසේ සිතිණිද? මාරයා මහානුභාව ඇත්තේය. කාමාවචර සයට ප්‍රධානය. වශවර්තීය. එයද මොහු විසින් සාක්ෂත් කරන ලද්දේද? ඔවුන්ගේ විමතිය දුරලමින් සමාරක යයි කීහ. යමකුට මෙසේ සිතිණිද? ‘බ්‍රහ්මයා මහානුභාව ඇත්තේය. එක් ඇඟිල්ලකින් එක් සක්වළ දහසක් ආලෝකය පතුරුවයි. දෙකකින් -පෙ- දසයකින් සක්වළ දස දහසක් ආලෝකය පතුරුවයි. අනුත්තර වූ ධ්‍යාන සමාපත්ති සුඛය විඳියි. ඔහුද සාක්ෂාත් කරන ලද්දේද? ඔවුන්ගේ විමතිය දුරලමින් සබ්රහ්මකං ආදිය කීහ. ඉන්පසු යමෙක් මෙසේ සිතූද. බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාසනයට සතුරෝය. ඔවුහුද සාක්ෂාත් කරන ලද්දෝ ද? ඔවුන්ගේ විමතිය දුරලමින් සස්සමණ බ්රාහ්මණං පජං යනුවෙන් කීහ. මෙසේ උත්කෘෂ්ට උත්කෘෂ්ට වූවන් සාක්ෂාත් කළ බව ප්‍රකාශකොට ඉක්බිති සම්මුති දෙවියන්, අවශේෂ මනුෂ්‍යයන්ද සඳහා උඩත් පිරිසෙයින් සත්ව ලෝකය සාක්ෂාත් කළ බව ප්‍රකාශ කරන සේක් සදේව මනුස්සං යනුවෙන් කීහ. මේ මෙහි භාවානු ක්‍රමයයි. (සිදුවීම් පිළිවෙළයි.)
පොරාණා පනාහු සදෙවකන්ති දෙවෙහි සද්ධිං අවසෙසලොකං. සමාරකන්ති මාරෙන සද්ධිං අවසෙසලොකං. සබ්රහ්මකන්ති බ්රහ්මෙහි සද්ධිං අවසෙසලොකං. එවං සබ්බෙපි තිභවූපගෙ සත්තෙ තීහාකාරෙහි තීසු පදෙසු පක්ඛිපිත්වා පුන ද්වීහි පදෙහි පරියාදියන්තො සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සන්ති ආහ. එවං පඤ්චහිපි පදෙහි තෙන තෙනාකාරෙන තෙධාතුකමෙව පරියාදින්නන්ති.
පොරාණයෝ මෙසේ කීහු : සදෙවකං යනුවෙන් දෙවියන් සමග අවශේෂ ලෝකය. සමාරකං යනුවෙන් මාරයා සමග අවශේෂ ලෝකයද, සබ්රහ්මකං යනුවෙන් බ්‍රහ්මයන් සමග අවශේෂ ලෝකයද, මෙසේ තුනින් පැමිණි සත්ත්වයන් තුන් අයුරකින් පද තුනක බහා නැවත දෙපදයකින් අවසන් කරමින් සස්සමණ බ්රාහමණිං පජං සදෙව මනුස්සං යයි කීහ. මෙසේ පද පහකින්ද පද දෙකකින්ද ඒ ඒ ආකාරයෙන් ත්‍රෛධාතුක වූම ලෝකය අවසන් කරන ලද්දේ යයි කීහ.
සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙතීති එත්ථ පන සයන්ති සාමං අපරනෙය්යො හුත්වා. අභිඤ්ඤාති අභිඤ්ඤාය, අධිකෙන ඤාණෙන ඤත්වාති අත්ථො. සච්ඡිකත්වාති පච්චක්ඛං කත්වා, එතෙන අනුමානාදිපටික්ඛෙපො කතො හොති. පවෙදෙතීති බොධෙති විඤ්ඤාපෙති පකාසෙති.
සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති යනු, මෙහි සයං යනු තමාම, තවත් ගතයුත්තක් නැතිව (අපරනෙය්යා) මෙහි සයං යනු තමාම, තවත් ගතයුත්තක් නැතිව (අපරනෙය්යා) දනිති. දැන අධික ඥානයෙන් දැන යන අර්ථයි. සච්ඡිකත්වා යනු ප්රත්යක්ෂකොට, මෙයින් අනුමාන ආදිය ප්‍රතික්ෂේප කරන ලද්දේ වෙයි. පවෙදෙති යනු අවබෝධ කරවති. දැනුවත් කෙරෙති. ප්‍රකාශ කෙරෙති.
සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… පරියොසානකල්යාණන්ති සො භගවා සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච හිත්වාපි අනුත්තරං විවෙකසුඛං ධම්මං දෙසෙති. තඤ්ච ඛො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙති. ආදිම්හිපි, කල්‍යාණං භද්දකං අනවජ්ජමෙව කත්වා දෙසෙති, මජ්ඣෙපි, පරියොසානෙපි, කල්‍යාණං භද්දකං අනවජ්ජමෙව කත්වා දෙසෙතීති වුත්තං හොති. තත්ථ අත්ථි දෙසනාය ආදිමජ්ඣපරියොසානං, අත්ථි සාසනස්ස. දෙසනාය තාව චතුප්පදිකායපි ගාථාය පඨමපාදො ආදි නාම, තතො ද්වෙ මජ්ඣං නාම, අන්තෙ එකො පරියොසානං නාම. එකානුසන්ධිකස්ස සුත්තස්ස නිදානං ආදි, ඉදමවොචාති පරියොසානං, උභින්නමන්තරා මජ්ඣං. අනෙකානුසන්ධිකස්ස සුත්තස්ස පඨමානුසන්ධි ආදි, අන්තෙ අනුසන්ධි පරියොසානං, මජ්ඣෙ එකො වා ද්වෙ වා බහූ වා මජ්ඣමෙව.
සො ධම්මං දෙසෙති ආදි -පෙ- පරියොසාත කල්‍යාණං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි කාරුණ්‍යය නිසා අනුත්තර වු විවේක සුවය පවා අත්හැර දමා දහම් දෙසන සේක. එයද අල්පයක් හෝ බොහෝවක් හෝ දේශනා කරන සේක් ආදිකල්‍යාණ ආදී ප්‍රකාරයෙන්ම දේශනා කරන සේක. ආදියෙහිදීම කල්‍යාණ, භද්‍රක අනවද්යකොට දේශනා කරන සේක. මධ්‍යයෙහිද අවසානයෙහිද කල්‍යාණ භද්‍රක අනවද්යාකොට දේශනා කරන සේකැයි කියන ලද්දේ වෙයි. එහි දේශනාවෙහි ආදි මධ්‍ය අවසානයක් ඇත. ශාසනයටද ඇත. දේශනාවෙහි සිව්පදයක් ඇති ගාථාවක ප්‍රථම පාදය ආදි නමි. ඉන්පසු පාද දෙක මධ්‍ය නමි. අන්තයෙහි පදය පරියොසාන නමි. එක් අනුසන්ධියක් ඇති සූත්‍රයක නිදානය ආදි නමි. ඉදමවොච යනු පරියොසාතයයි. දෙක අතර ඇත්තේ මජ්ඣ නමි. නොයෙක් අනුසන්ධි ඇති සූත්‍රයක ප්‍රථම අනුසන්ධිය ආදි නමි. අන්තයෙහි අනුසන්ධිය පරියොසාන නමි. මධ්‍යයෙහි එකක් හෝ දෙකක් හෝ බොහෝ ගණනක් හෝ මජ්ඣිමය.
සාසනස්ස පන සීලසමාධිවිපස්සනා ආදි නාම. වුත්තම්පි චෙතං – “කො චාදි කුසලානං ධම්මානං? සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.369). “අත්ථි, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා”ති එවං වුත්තො පන අරියමග්ගො මජ්ඣං නාම. ඵලඤ්චෙව නිබ්බානඤ්ච පරියොසානං නාම. “එතදත්ථමිදං, බ්‍රාහ්මණ, බ්රහ්මචරියං, එතං සාරං, එතං පරියොසාන”න්ති (ම· නි· 1.324) හි එත්ථ ඵලං පරියොසානන්ති වුත්තං. “නිබ්බානොගධං හි, ආවුසො විසාඛ, බ්රහ්මචරියං වුස්සති, නිබ්බානපරායනං නිබ්බානපරියොසාන”න්ති (ම· නි· 1.466) එත්ථ නිබ්බානං පරියොසානන්ති වුත්තං. ඉධ දෙසනාය ආදිමජ්ඣපරියොසානං අධිප්පෙතං. භගවා හි ධම්මං දෙසෙන්තො ආදිම්හි සීලං දස්සෙත්වා මජ්ඣෙ මග්ගං පරියොසානෙ නිබ්බානං දස්සෙති. තෙන වුත්තං – “සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්‍යාණ”න්ති. තස්මා අඤ්ඤොපි ධම්මකථිකො ධම්මං කථෙන්තො –
ශාසනයාගේ ශීල සමාධි විදර්ශනා ආදි නමි. මෙය කියන ලද්දේය. කුසල්දහම් ගැන කවර වාදියෙක්ද? ශීලයද සුවිශුද්ධය දෘෂ්ටිය ඍජුය. අත්ථිභික්ඛවෙ මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බද්ධා’ යනුවෙන් කියන ලද්දේ ආර්ය මාර්ගය මජ්ඣ නමි. ඵලයද නිර්වාණයද පරියෝසාන නමි. ‘තස්මාතිහ ත්වං බ්‍රාහ්මණ බ්රහ්මචරියං එකංසාරං එතං පරියොසානං’යන මෙතැන ඵලය පරියෝසානයයි කියන ලදී. ‘නිබ්බාණොගධං හි ආවුසො විසාඛ බ්රහ්මචරියං වුස්සති නිබ්බාණ පරායනං නිබ්බාණ පරියොසානං’යන මෙහි නිර්වාණය පරියොසාත යයි කියන ලදී. මෙහි දේශනාවෙහි ආදි මජ්ඣ පරියොසානය අදහස් කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක් ආදියෙහි ශීලය දේශනා කොට මධ්‍යයෙහි මාර්ගයද, අවසන්හි නිර්වාණය දක්වන සේක. එහෙයින් කියන ලදී. සොධම්මං දෙසෙති ආදිකල්යාණං පරියොසාන කල්‍යාණං යනුවෙන්. ඒ නිසා වෙනත් ධර්ම කථිකයෙක් දහම් දෙසන්නේ :-
“ආදිම්හි සීලං දස්සෙය්‍ය, මජ්ඣෙ මග්ගං විභාවයෙ; පරියොසානම්හි නිබ්බානං, එසා කථිකසණ්ඨිතී”ති.
මුලින් සිල් දක්වා - මැදදී මගද පහදා අවසන්හි නිවනද - දෙසුම කථිකයෙකුගේ සිරිතයි
සාත්ථං සබ්යඤ්ජනන්ති යස්ස හි යාගුභත්තඉත්ථිපුරිසාදිවණ්ණනානිස්සිතා දෙසනා හොති, න සො සාත්ථං දෙසෙති. භගවා පන තථාරූපං දෙසනං පහාය චතුසතිපට්ඨානාදිනිස්සිතං දෙසනං දෙසෙති. තස්මා සාත්ථං දෙසෙතීති වුච්චති. යස්ස පන දෙසනා එකබ්යඤ්ජනාදියුත්තා වා සබ්බනිරොට්ඨබ්යඤ්ජනා වා සබ්බවිස්සට්ඨසබ්බනිග්ගහීතබ්යඤ්ජනා වා, තස්ස දමිළකිරාතසවරාදිමිලක්ඛූනං භාසා විය බ්යඤ්ජනපාරිපූරියා අභාවතො අබ්යඤ්ජනා නාම දෙසනා හොති. භගවා පන –
සාත්ථං සබ්යංඤ්ජනං යනු යමකුගේ කැඳ බත් ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ වර්ණනා ආශ්රිත දේශනාවක් වේද, හෙතෙමේ අර්ථ සහිතව නො දෙසයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි එබඳු දේශනාව හැර සතර සතිපට්ඨාන ආදිය නිශ්රිත වූ දේශනාවක් දේශනා කරන සේක. ඒ නිසා සාත්ථං දෙසෙති යි කියනු ලැබේ. යමකුගේ දේශනාව එකව්යඤ්ජන ආදියෙන් යුක්ත නම්, සියල්ල නැති කරන ව්‍යඤ්ජනයෙන් යුක්තනම්, සියල්ල විශ්රැතවන සියල්ල වළක්වන ව්‍යඤ්ජනයෙන් යුක්ත නම්, ඔහුගේ දමිළ කිරාත යවන ආදී විදේශිකයන්ගේ භාෂා මෙන් ව්‍යංඤ්ජන පරිපූර්ණත්වයක් නොමැති බැවින් අබ්යඤ්ජන නම් දේශනාවක් වෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි -
“සිථිලං ධනිතඤ්ච දීඝරස්සං, ගරුකං ලහුකඤ්ච නිග්ගහීතං; සම්බන්ධවවත්ථිතං විමුත්තං, දසධා බ්යඤ්ජනබුද්ධියා පභෙදො”ති.
සිථිල ධනිත දීඝ රස්ස ලහුක ගරුක නිග්ගහි සම්බන්ධ වවත්ථිත විමුත්ත යනුවෙන් දසවැදෑරුම් ව්‍යඤ්ජන බුද්ධියෙහි ප්රභේදයෝ ය.
එවං වුත්තං දසවිධං බ්යඤ්ජනං අමක්ඛෙත්වා පරිපුණ්ණබ්යඤ්ජනමෙව කත්වා ධම්මං දෙසෙති, තස්මා සබ්යඤ්ජනං ධම්මං දෙසෙතීති වුච්චති. කෙවලපරිපුණ්ණන්ති එත්ථ කෙවලන්ති සකලාධිවචනං. පරිපුණ්ණන්ති අනූනාධිකවචනං. ඉදං වුත්තං හොති සකලපරිපුණ්ණමෙව දෙසෙති, එකදෙසනාපි අපරිපුණ්ණා නත්ථීති. උපනෙතබ්බඅපනෙතබ්බස්ස අභාවතො කෙවලපරිපුණ්ණන්ති වෙදිතබ්බං. පරිසුද්ධන්ති නිරුපක්කිලෙසං. යො හි ඉමං ධම්මදෙසනං නිස්සාය ලාභං වා සක්කාරං වා ලභිස්සාමීති දෙසෙති, තස්ස අපරිසුද්ධා දෙසනා හොති. භගවා පන ලොකාමිසනිරපෙක්ඛො හිතඵරණෙන මෙත්තාභාවනාය මුදුහදයො උල්ලුම්පනසභාවසණ්ඨිතෙන චිත්තෙන දෙසෙති. තස්මා පරිසුද්ධං ධම්මං දෙසෙතීති වුච්චති.
මෙසේ කියන ලද දශවිධ ව්‍යඤ්ජන නොමකා පිරිපුන් ව්‍යඤ්ජන ඇත්තක් කොට ධර්මය දේශනා කරන සේක. ඒ නිසා සබ්යසඤ්ජනං දෙසෙති යයි කියනු ලැබේ. කෙවල පරිපුණ්ණං යනු මෙහි කෙවල යනු සියල්ලට අධිවචනයකි. පරිපුණණං අනූන අනධික වචනයි. මෙය කියන ලද්දේ වෙයි. සියල්ල පරිපූර්ණව දේශනා කරති. එක් කොටසකින්වත් අඩු නොවේ. (පිටතින් ගතයුතු ඉවත් කළයුතු කිසිවක් නැති බැවින් සියල්ල පරිපූර්ණ යයි දතයුතුයි) පරිසුද්ධං උපක්ලේශ නැති. යමෙක් මේ ධර්මදේශනාව නිසා ලාභයක් හෝ සත්කාරයක් හෝ ලබන්නෙමියි දේශනා කරයිද, ඔහුගේ දේශනාව අපරිශුද්ධ දේශනා වෙයි. භාග්‍යවතුන් වහන්සේ ලෝක ආමිෂය අපේක්ෂාවක් නැතිව යහපත පතුරුවාලන මෛත්‍රී භාවනාවෙන් මොළොක් වූ හදවත ඇතිව, උපකාරී ස්වභාවයෙන් සලකුණු කරන ලද සිතින් දේශනා කරන සේක. ඒ නිසා පරිසුද්ධං පරිශුද්ධව දේශනා කරන සේකැයි කියනු ලැබේ.
බ්රහ්මචරියං පකාසෙතීති එත්ථ පනායං බ්‍රහ්මචරිය-සද්දො දානෙ වෙය්යාවච්චෙ පඤ්චසික්ඛාපදසීලෙ අප්පමඤ්ඤාසු මෙථුනවිරතියං සදාරසන්තොසෙ වීරියෙ උපොසථඞ්ගෙසු අරියමග්ගෙ සාසනෙති ඉමෙස්වත්ථෙසු දිස්සති.
බ්රහ්මචරියං පකාසෙති මෙහි වනාහි මේ බ්‍රහ්මචරිය ශබ්දය දානයෙහි උපස්ථානයෙහි පංච ශික්ෂාපද ශීලයෙහි අප්පමඤ්ඤාවන්හි මෛථුන විරතියෙහි ස්වදාර සන්තෝෂයෙහි වීර්යයෙහි උපෝසථ අංගයන්හි ආර්ය මාර්ගයෙහි ශාසනයෙහි යන මේ අර්ථයන්හි දක්නා ලැබේ.
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාග, මහාවිමානං.
මේ මහ විමානය කවර වතක කවර බඹසරක කවරක් පුරුදු කොට ලැබුවක්ද ඉඳුපැහැ බලවිරිය උපන් හැටි නාගය මට කියව.
අහඤ්ච භරියා ච මනුස්සලොකෙ, සද්ධා උභො දානපතී අහුම්හා; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
බිරිය ද මම ද දෙදෙන මනුලොව සැදැහැති දානපතියෝ වීමු. එදා මාගේ ගෙය පොකුණකි මහණ බමුණන් සැනැහුණු
තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච මෙ ධීර මහාවිමාන”න්ති. (ජා· 2.17.1595);
මේ මාගේ වතය බඹසරය එය පුරුදුකොට ලැබූ විපාකය ඉඳුපැහැ බල විරිය උපදවන පැණැත්තව මේ මහ විමනය.
ඉමස්මිඤ්හි පුණ්ණකජාතකෙ දානං බ්රහ්මචරියන්ති වුත්තං.
මේ පුණ්ණක ජාතකයෙහි දානය බ්‍රහ්මචර්ය යයි කියන ලදී.
“කෙන පාණි කාමදදො, කෙන පාණි මධුස්සවො; කෙන තෙ බ්රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති.
අත කැමති දේ දෙන්නේ - අතින් මී වැහෙන්නේ කෙසේද? කවර බඹසරකින් - අතෙහි පින් සපිරෙන්නේ
තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස්සවො; තෙන මෙ බ්රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣතී”ති. (පෙ· ව· 275,277);
එයින් අත කැමති දේ දෙයි එයින් අත මී වැගිරෙයි ඒවා බඹසරින් අතැ පින් ඉටුවෙයි.
ඉමස්මිං අඞ්කුරපෙතවත්ථුම්හි වෙය්යාවච්චං බ්රහ්මචරියන්ති වුත්තං. “එවං, ඛො තං භික්ඛවෙ, තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසී”ති (චූළව· 311) ඉමස්මිං තිත්තිරජාතකෙ පඤ්චසික්ඛාපදසීලං බ්රහ්මචරියන්ති වුත්තං. “තං ඛො පන මෙ, පඤ්චසිඛ, බ්රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය න නිරොධාය…පෙ… යාවදෙව බ්රහ්මලොකූපපත්තියා”ති (දී· නි· 2.329) ඉමස්මිං මහාගොවින්දසුත්තෙ චතස්සො අප්පමඤ්ඤායො බ්රහ්මචරියන්ති වුත්තා. “පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති, මයමෙත්ථ බ්‍රහ්මචාරී භවිස්සාමා”ති (ම· නි· 1.83) ඉමස්මිං සල්ලෙඛසුත්තෙ මෙථුනවිරති බ්රහ්මචරියන්ති වුත්තා.
මේ අංකුර පෙතවත්ථුවෙහි වෙය්යාවචචය (වතාවත් කිරීම) බ්රහ්මචර්යයයි කියන ලදී. ‘ඉදං ඛො තං භික්ඛවෙ තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසි’යනුවෙන් මේ තිත්තිර ජාතකයෙහි පංච ශික්ෂා පද ශීලය බ්‍රහ්ම චරිය යයි කියන ලදී. ‘තං ඛො පන පංචසිඛ බ්‍රහ්ම චරියං නෙව නිබ්බිදාය, නවිරාගාය යාවදෙව බ්රහ්මලොකුප්පත්තියා’යනුවෙන් මේ මහා ගෝවින්ද සූත්‍රයෙහි අප්පමඤ්ඤා සතර බ්‍රහ්මචරිය යයි කියන ලදී. ‘පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති මය මෙත්ථ බ්රහ්මචාරිතො භවිස්සාම’ යනුවෙන් සල්ලේඛ සූත්‍රයෙහි මෛථුන විරතිය බ්‍රහ්මචර්ය යයි කියන ලදී.
“මයඤ්ච භරියා නාතික්කමාම, අම්හෙ ච භරියා නාතික්කමන්ති; අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ”ති. (ජා· 1.4.97);
අපිදු බිරියන් නොඉකුම්වමු බිරියෝ අප නොඉකුම්වති ඔවුන් නැති තැන බඹසර වසමු එහෙයින් අපේ දරුවෝ නොමැරෙති
මහාධම්මපාලජාතකෙ සදාරසන්තොසො බ්රහ්මචරියන්ති වුත්තො. “අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා, තපස්සී සුදං හොමී”ති (ම· නි· 1.155) ලොමහංසනසුත්තෙ වීරියං බ්රහ්මචරියන්ති වුත්තං.
මහා ධර්මපාල ජාතකයෙහි ස්වදාර සන්තෝෂය බ්රහ්මචර්යයයි කියන ලදී. ‘අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතං බ්රහ්මචරියං චරිතා තපස්සිස්සුදං හොමි’යනුවෙන් ලෝමහංසන සූත්‍රයෙහි වීර්යය බ්‍රහ්මචර්ය යයි කියන ලදී.
“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති; මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣතී”ති. (ජා· 1.8.75);
හීන වූ බඹසරින් - කැත්කුලෙහි උපදිත් මැද බඹසරින් දෙවත් බව ලබත් උතුම් බඹසරින් පිරිසිදු වේ
එවං නිමිජාතකෙ අත්තදමනවසෙන කතො අට්ඨඞ්ගිකො උපොසථො බ්රහ්මචරියන්ති වුත්තො. “ඉදං ඛො පන මෙ, පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය…පෙ… අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො”ති (දී· නි· 2.329) මහාගොවින්දසුත්තස්මිංයෙව අරියමග්ගො බ්රහ්මචරියන්ති වුත්තො. “තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිත”න්ති (දී· නි· 3.174) පාසාදිකසුත්තෙ සික්ඛත්තයසඞ්ගහිතං සකලසාසනං බ්රහ්මචරියන්ති වුත්තං. ඉමස්මිම්පි ඨානෙ ඉදමෙව බ්රහ්මචරියන්ති අධිප්පෙතං. තස්මා බ්රහ්මචරියං පකාසෙතීති සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… පරිසුද්ධං. එවං දෙසෙන්තො ච සික්ඛත්තයසඞ්ගහිතං සකලසාසනං බ්රහ්මචරියං පකාසෙතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. බ්රහ්මචරියන්ති සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතං චරියං. බ්රහ්මභූතානං වා බුද්ධාදීනං චරියන්ති වුත්තං හොති.
මෙසේ නිමි ජාතකයෙහි ආත්මදමන වශයෙන් කරන ලද අෂ්ටාංග උපෝසථය බ්‍රහ්මචර්යා යයි කියන ලදී. ‘ඉදංඛොපන පංචසිඛ බ්රහ්මචරියං එකන්ත නිබ්බිදාය විරාගාය -පෙ- අසමෙව අරියො අට්ඨංගිකො මග්ගො’ යනුවෙන් මහා ගෝවින්ද සූත්‍රයෙහිම ආර්යමාර්ගය බ්‍රහ්මචර්යා යයි කියන ලදී. ‘තයිදං බ්රහ්මචරියං ඉද්ධංචෙවඵිතංච විත්ථරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං’යනුවෙන් පාසාදික සූත්‍රයෙහි ශික්ෂාත්රයෙහි සංගෘහිත වූ සකල ශාසනය බ්රහ්මචරියා යයි කියන ලදී. මෙතැන්හිත් මෙයම බ්‍රහ්මචර්යා යැයි අදහස් කරන ලදී. ඒ නිසා බ්රහ්මචරියං පකාසෙති යනු උන්වහන්සේ ආදිකල්‍යාණ වූ -පෙ- පිරිසිදු ධර්මය දෙසන සේක. එසේ දෙසන සේක් ශික්ෂාත්රයයට සංගෘහිත වූ සකල ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන සේක. මේ මෙහි අර්ථයයි දතයුතුයි. බ්‍රහ්මචර්යා යනු ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්මභූත වූ චර්යාව බ්‍රහ්ම වූවන්ගේ සහ බුද්ධාදීන්ගේ චර්යාව යයි කියන ලද්දේ වෙයි.
තං ධම්මන්ති තං වුත්තප්පකාරසම්පදං ධම්මං. සුණාති ගහපති වාති කස්මා පඨමං ගහපතිං නිද්දිසති? නිහතමානත්තා, උස්සන්නත්තා ච. යෙභුය්යෙන හි ඛත්තියකුලතො පබ්බජිතා ජාතිං නිස්සාය මානං කරොන්ති. බ්රාහ්මණකුලා පබ්බජිතා මන්තෙ නිස්සාය මානං කරොන්ති. හීනජච්චකුලා පබ්බජිතා අත්තනො අත්තනො විජාතිතාය පතිට්ඨාතුං න සක්කොන්ති. ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්තෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්වා තාදිසස්ස මානස්ස අභාවතො නිහතමානදප්පා හොන්ති. තෙ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා යථාබලං සකලබුද්ධවචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තෙ පතිට්ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්ඛමිත්වා පබ්බජිතා නාම න බහුකා, ගහපතිකාව බහුකා. ඉති නිහතමානත්තා උස්සන්නත්තා ච පඨමං ගහපතිං නිද්දිසතීති.
තං ධම්මං යනු ඒ කියන ලද පරිදි වූ සම්පදා ඇති ධර්මය. සුණාති ගහපති වා යනු කුමක්හෙයින් පළමුකොට ගෘහපතියා නිර්දේශ කෙරේද? නිහතමාන බව නිසාද, උසස් නිසාද වෙයි. බෙහෙවින් ක්ෂත්රිය කුලයෙන් පැවිදි වූවෝ ජාතිය නිසා මානය ඇතිකර ගනිත්. බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූවෝ මන්ත්‍ර නිසා මානය ඇතිකර ගනිති. හීන ජාතික කුලයන්ගෙන් පැවදි වූවෝ තමන්ගේ විජාති ඇති බැවින් පිහිටා සිටින්ට නොහැක්කෝය. ගෘහපති දරුවෝ එබඳු මානයක් නැති බැවින් නැසූ මාන දර්ප ඇත්තෝ වෙති. ඔවුහු පැවිදිව මානයක් හෝ දර්පයක් නොකොට ශක්ති ප්‍රමාණයෙන් බුද්ධවචනය උගෙන විදර්ශනාව සඳහා කටයුතු කරන්නාහු රහත්බවෙහි පිහිටන්ට සමත් වෙති. ඉතිරි කුලයන්ගෙන් පැවිදි වූවෝ බොහෝ දෙනෙක් නොවෙති. ගෘහපති කුල ඇත්තෝ ම බහුලය. මෙසේ නිහතමාන බව නිසාද උසස් නිසාද පළමුකොට ගෘහපතියා නිර්දේශ කරති.
අඤ්ඤතරස්මිං වාති ඉතරෙසං වා කුලානං අඤ්ඤතරස්මිං. පච්චාජාතොති පතිජාතො. තථාගතෙ සද්ධං පටිලභතීති පරිසුද්ධං ධම්මං සුත්වා ධම්මස්සාමිම්හි තථාගතෙ – “සම්මාසම්බුද්ධො වත සො භගවා”ති සද්ධං පටිලභති. ඉති පටිසඤ්චික්ඛතීති එවං පච්චවෙක්ඛති. සම්බාධො ඝරාවාසොති සචෙපි සට්ඨිහත්ථෙ ඝරෙ යොජනසතන්තරෙපි වා ද්වෙ ජායම්පතිකා වසන්ති, තථාපි නෙසං සකිඤ්චනසපලිබොධට්ඨෙන ඝරාවාසො සම්බාධොයෙව. රජොපථොති රාගරජාදීනං උට්ඨානට්ඨානන්ති මහාඅට්ඨකථායං වුත්තං. ආගමනපථොතිපි වදන්ති. අලග්ගනට්ඨෙන අබ්භොකාසො වියාති අබ්භොකාසො. පබ්බජිතො හි කූටාගාරරතනපාසාදදෙවවිමානාදීසු පිහිතද්වාරවාතපානෙසු පටිච්ඡන්නෙසු වසන්තොපි නෙව ලග්ගති, න සජ්ජති, න බජ්ඣති. තෙන වුත්තං – “අබ්භොකාසො පබ්බජ්ජා”ති. අපි ච සම්බාධො ඝරාවාසො කුසලකිරියාය ඔකාසාභාවතො. රජොපථො අසංවුතසඞ්කාරට්ඨානං විය රජානං කිලෙසරජානං සන්නිපාතට්ඨානතො. අබ්භොකාසො පබ්බජ්ජා කුසලකිරියාය යථාසුඛං ඔකාසසබ්භාවතො.
අඤ්ඤතරස්මිංවා යනු ඉතිරි කුලයගෙන් එක්තරා කුලයක. පච්චාජාතො යනු අනුව උපන්. තථාගතෙ සද්ධං පටිලභති යනු පිරිසිදු දහම් අසා ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේ කෙරෙහි ‘භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයැයි ශ්‍රද්ධාව ලබයි. ඉතිපටිසංචික්ඛති යනු මෙසේ ප්රත්යවේක්ෂා කරයි. සම්බාධො ඝරාවාසො යනු හැටරියන් ගෙයි යොදුන් සියයක් තරම් ඈතින් අඹුසැමියෝ වසත්නම් ඒ අයුරින්ද ඔවුන්ගේ බැඳීම් සහිත බව සහ පළිබෝධ සහිත බව යන අරුතින් ගෘහවාසය සම්බාධකයක්මය. රජොපථො යනු රාග රජස් නැගෙන තැනයයි මහටුවායෙහි කියන ලදී. පැමිණෙන මාර්ගය යන්නද වටී. නොලැගෙන අර්ථයෙන් අභ්‍යවකාශයක් මෙනැයි = අබ්භොකාසො පැවිද්දා වනාහි වැසූ දොර කවුළු ඇති, සැඟැවුණු කුළුගේ. රුවන්පහ, දෙව් විමන්හි විසුවද නොනගී. නොඇලේ. නොබැඳේ. එහෙයින් කියන ලදී. අබ්භොකාසො පබ්බජ්ජා යනුවෙන්. තවද, සම්බාධො ඝරාවාසො කුසල් කිරීමට අවසරයක් නැති බැවිනි. රජොපථො නොවැඩූ කසල ගොඩක් මෙන් දූවිලිවල කෙලෙස් දූවිලිවල එක්රැස්වන තැනක් බැවින්. අබ්භොකාසො පැවිද්ද කුසල් කිරීමට සැපසේ අවකාශ ඇති බැවින්.
නයිදං සුකරං…පෙ… පබ්බජෙය්යන්ති එත්ථායං සඞ්ඛෙපකථා, යදෙතං සික්ඛත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං, චරිතබ්බං එකදිවසම්පි ච කිලෙසමලෙන අමලීනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං. සඞ්ඛලිඛිතන්ති ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං…පෙ… චරිතුං, යංනූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා පරිදහිත්වා අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්යන්ති. එත්ථ ච යස්මා අගාරස්ස හිතං කසිවාණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි, තස්මා පබ්බජ්ජා අනගාරියන්ති ඤාතබ්බා, තං අනගාරියං. පබ්බජෙය්යන්ති පටිපජ්ජෙය්යං.
න ඉදං සූකරං -පෙ- පබ්බජෙය්ය යනු මේ මෙහි කෙටි කථාවයි. යම්හෙයකින් මේ ශික්ෂාත්රය බ්‍රහ්මචර්යාව එක් දවසක්වත් නොකඩ කොට හැසිරෙන සිත පමුණුවා ගතයුතු හෙයින් එකන්තපරිපුණ්ණං. හැසිරිය යුතු එක් දවසක්වත් කෙලෙස්මලින් කිළිටිනොකොට හැසිරෙන සිත පමුණුවා ගතයුතු බැවින් එකන්ත පරිසුද්ධං. සංඛලිඛිතං ලියවූ සකක් සමානව සේදූ සකක් මෙන් හැසිරිය යුතුය. ඉදං න සූකරං අගාරං අජ්ඣාවසතා යනු ගෙයි වසන්නා විසින් ඒකාන්ත පරිපූර්ණ වූ -පෙ- හැසිරෙන්ට. යන්නූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කසට දියෙන් පෙවූ බැවින් කාසායානි (සිවුරු) බඹසර හැසිරෙන්නන්ට සුදුසු වත්ථාති අච්ඡාදෙත්වා අනගාරියං පබ්බජෙය්යං යනුවෙන්. මෙහිද යම්හෙයකින් ගෙදොරට හිතවූ කෘෂි වාණිජ්‍ය කටයුතු අගාරිය යයි කියනු ලැබේ. එය පැවිද්දෙහි නැත. ඒ නිසා පැවිද්ද අනගාරිය යයි දතයුතුය. ඒ අනගාරිය පබ්බජෙය්යං යනු, පිළිපදින්නෙමි.
අප්පං වාති සහස්සතො හෙට්ඨා භොගක්ඛන්ධො අප්පො නාම හොති, සහස්සතො පට්ඨාය මහා. ආබන්ධනට්ඨෙන ඤාතියෙව ඤාතිපරිවට්ටො. සොපි වීසතියා හෙට්ඨා අප්පො නාම හොති, වීසතියා පට්ඨාය මහා. පාතිමොක්ඛසංවරසංවුතොති පාතිමොක්ඛසංවරෙන සමන්නාගතො. ආචාරගොචරසම්පන්නොති ආචාරෙන චෙව ගොචරෙන ච සම්පන්නො. අණුමත්තෙසූති අප්පමත්තකෙසු. වජ්ජෙසූති අකුසලධම්මෙසු. භයදස්සාවීති භයදස්සී. සමාදායාති සම්මා ආදියිත්වා. සික්ඛති සික්ඛාපදෙසූති සික්ඛාපදෙසු තං තං සික්ඛාපදං සමාදියිත්වා සික්ඛති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන විසුද්ධිමග්ගෙ වුත්තො.
අප්පංවා යනු දහසකින් යට හෝගස්කන්ධය අප්ප නම් වේ. දහසේ සිට මහා වෙයි. බන්ධන අර්ථයෙන් ඥාතියාම = ඤාති පරිවට්ට නමි. එයද විස්සට යට අප්ප වෙයි. විස්සේ සිට මහා වෙයි. පාතිමොක්ඛ සංවර සංවුතො යනු ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූ. ආචාරගොචර සම්පන්නො යනු ආචාරයෙන්ද ගෝචරයෙන්ද යුක්ත වූ. අණුමත්තෙසු යනු අල්පමාත්‍ර වූ. වජ්ජෙසු යනු අකුශල ධර්මයන්හි. භයදස්සාවී යනු බය දකින. සමාදාය යනු මැනවින් ගෙන. සික්ඛති සික්ඛාපදෙසු ශික්ෂාපදයන්හි ඒ ඒ ශික්ෂාපදය සමාදන්ව හික්මෙයි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවොති එත්ථ ආචාරගොචරග්ගහණෙනෙව ච කුසලෙ කායකම්මවචීකම්මෙ ගහිතෙපි යස්මා ඉදං ආජීවපාරිසුද්ධිසීලං නාම න ආකාසෙ වා රුක්ඛග්ගාදීසු වා උප්පජ්ජති, කායවචීද්වාරෙසුයෙව පන උප්පජ්ජති; තස්මා තස්ස උප්පත්තිද්වාරදස්සනත්ථං කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙනාති වුත්තං. යස්මා පන තෙන සමන්නාගතො, තස්මා පරිසුද්ධාජීවො. සමණමුණ්ඩිකපුත්තසුත්තන්තවසෙන (ම· නි· 2.260) වා එවං වුත්තං. තත්ථ හි “කතමෙ ච, ථපති, කුසලා සීලා? කුසලං කායකම්මං, කුසලං වචීකම්මං, පරිසුද්ධං ආජීවම්පි ඛො අහං ථපති සීලස්මිං වදාමී”ති වුත්තං. යස්මා පන තෙන සමන්නාගතො, තස්මා පරිසුද්ධාජීවොති වෙදිතබ්බො.
‘කාය කම්ම වචී කම්ම සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවො යනු මෙහි ආචාර ගෝචර ග්රහණයෙන්ම කුශලයන් වචීකර්මයන් ගන්නා ලද්දේ ද, යම්හෙයකින් මේ ආජීව පාරිශුද්ධ ශීලය නම් අහසෙහිවත් රුක් මුදුන්වලවත් නූපදියිද, කාය වචී ද්වාරවලම උපදී ද, එහෙයින් එහි උත්පත්ති ද්වාර දක්වනු පිණිස ‘කාය කම්ම, වචීකම්මෙන සමන්නාගතො කුසලෙන’යයි කියන ලදී. යම්හෙයකින් එයින් යුක්ත වූයේද එයින් පිරිසිදු ආජීව ඇත්තේ වෙයි. මෙණ්ඩිය පුත්ත සූත්‍රය වශයෙන්ද මෙය කියන ලදී. එහි කුසලශීලය ගොඩනගන්නේ කුමක්ද? කුසල් කායකර්මය වචීකර්මයයි. පිරිසිදු ආජීවය මම ශීලය ගොඩනගන්නා යයි කියමි යි කියන ලදී. ඒ නිසා ඒ දේශනාවෙහි මෙම පරියාදාන අර්ථයම කියන ලදැයි දතයුතුය.
සීලසම්පන්නොති බ්රහ්මජාලෙ වුත්තෙන තිවිධෙන සීලෙන සමන්නාගතො හොති. ඉන්ද්රියෙසු ගුත්තද්වාරොති මනච්ඡට්ඨෙසු ඉන්ද්රියෙසු පිහිතද්වාරො හොති. සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොති අභික්කන්තෙ පටික්කන්තෙතිආදීසු සත්තසු ඨානෙසු සතියා චෙව සම්පජඤ්ඤෙන ච සමන්නාගතො හොති. සන්තුට්ඨොති චතූසු පච්චයෙසු තිවිධෙන සන්තොසෙන සන්තුට්ඨො හොති.
සීල සම්පන්නො යනු බ්‍රහ්මජාලයෙහි කියන ලද ත්‍රිවිධ ශීලයෙන් සීල සම්පන්න නම් වෙයි. ඉන්ද්රියෙසු ගුත්තද්වාරෝ යනු මනස සයවැනිකොට ඇති ඉන්ද්රියයන්හි වැසූ දොර ඇත්තේ වෙයි. සති සම්පජඤ්ඤන සමන්නාගතො පැමිණීම පිටවී යාම ආදී තැන් සතෙහි සිහියෙන් සම්ප්රජානයෙන්ද යුක්තවූයේ වෙයි. සන්තුට්ඨො යනු සිව්පසයෙහි ත්‍රිවිධ සන්තුෂ්ටියෙන් තුටු වූයේ වෙයි.
චූළසීලවණ්ණනා
එවං මාතිකං නික්ඛිපිත්වා අනුපුබ්බෙන භාජෙන්තො “කථඤ්ච, මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොතී”තිආදිමාහ. තත්ථ ඉදම්පිස්ස හොති සීලස්මින්ති ඉදම්පි අස්ස භික්ඛුනො පාණාතිපාතා වෙරමණි සීලස්මිං එකං සීලං හොතීති අත්ථො. පච්චත්තවචනත්ථෙ වා එතං භුම්මං. මහාඅට්ඨකථායඤ්හි ඉදම්පි තස්ස සමණස්ස සීලන්ති අයමෙව අත්ථො වුත්තො. සෙසං බ්රහ්මජාලෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඉදමස්ස හොති සීලස්මින්ති ඉදං අස්ස සීලං හොතීති අත්ථො.
මෙසේ මාතෘකාව නිමවා අනුපිළිවෙළින් බෙදන සේක් කථඤ්ච මහාරාජ භික්ඛු සීලසම්පන්නො යන ආදිය කී සේක. එහි ඉදම්පිස්ස හොති සීලස්මිං යනු මෙයද ඒ භික්ෂුවගේ ප්‍රාණඝාතයෙන් වැළැකීමේ එක් ශීලයක් වෙයි යන අර්ථයි. වර්තමාන වචනාර්ථයෙහිද එය ආධාර අර්ථයයි. මහටුවාවෙහි මෙයද ඒ භික්ෂුවගේ ශීලයැයි මෙම අර්ථයම කියන ලදී. සෙස්ස බ්‍රහ්මජාලයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය. ඉදමස්ස හොති සීලස්මිං යනු මෙය ඔහුගේ ශීලය වෙයි යන අර්ථයි.
න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතොති යානි අසංවරමූලකානි භයානි උප්පජ්ජන්ති, තෙසු යං ඉදං භයං සීලසංවරතො භවෙය්ය, තං කුතොචි එකසංවරතොපි න සමනුපස්සති. කස්මා? සංවරතො අසංවරමූලකස්ස භයස්ස අභාවා.
න කුතො චි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො යනු අසංවරය මුල්කොට යම් බියක් උපදීද, ඒ අතර යම් මේ බිය සීල සංවරයෙන් වන්නේද, එය කිසි තැනකින් ඒක සංවරයෙන් අසංවර මූලක බියක් නැති බැවිනි.
මුද්ධාභිසිත්තොති යථාවිධානවිහිතෙන ඛත්තියාභිසෙකෙන මුද්ධනි අවසිත්තො. යදිදං පච්චත්ථිකතොති යං කුතොචි එකපච්චත්ථිකතොපි භයං භවෙය්ය, තං න සමනුපස්සති. කස්මා? යස්මා නිහතපච්චාමිත්තො. අජ්ඣත්තන්ති නියකජ්ඣත්තං, අත්තනො සන්තානෙති අත්ථො. අනවජ්ජසුඛන්ති අනවජ්ජං අනින්දිතං කුසලං සීලපදට්ඨානෙහි අවිප්පටිසාරපාමොජ්ජපීතිපස්සද්ධිධම්මෙහි පරිග්ගහිතං කායිකචෙතසිකසුඛං පටිසංවෙදෙති. එවං ඛො, මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොතීති එවං නිරන්තරං විත්ථාරෙත්වා දස්සිතෙන තිවිධෙන සීලෙන සමන්නාගතො භික්ඛු සීලසම්පන්නො නාම හොතීති සීලකථං නිට්ඨාපෙසි.
මුද්ධාවසිත්තො යනු විධානයන්ගෙන් නියම කරන ලද ක්ෂත්රිය අභිෂේකයෙන් හිස අභිෂේක කරන ලද්දේ මෙන්. යදිදං පච්චත්ථිකතො යනු කිසියම් තැනකින් එක් සතුරකු ඇත්තකුගෙන් බියක් වේද, එය නොදක්නෙමි. කුමක් හෙයින්ද යත්? පසමිතුරන් නසාලූ බැවිනි. අජ්ඣත්තං යනු තමාගේම අධ්‍යාත්මය. තමාගේ සන්තානයෙහි යන අර්ථයි. අනවජ්ජ සුඛං යනු නිවරද වූ නින්දිත නොවූ කුශලශීල පදනම් කරගත්, විපිළිසර නොවූ ප්‍රමුදිත ප්‍රීති ශාන්ති ධර්මයන් විසින් අරක්ගන්නා ලද කායික චෛතසික සුවය විඳගනී. එවංඛො මහාරාජ භික්ඛු සීලසම්පන්නොහොති යනු. මෙසේ නිරන්තරයෙන් විස්තර කොට දක්වන ලද ත්‍රිවිධ ශීලයෙන් යුත් භික්ෂුව සීලසම්පන්න නම් වෙතියි සීලකථාව නිමවා වදාළ සේක.
ඉන්ද්රියසංවරකථා
ඉන්ද්රිය සංවර කථාව
ඉන්ද්රියෙසු ගුත්තද්වාරභාජනීයෙ චක්ඛුනා රූපන්ති අයං චක්ඛුසද්දො කත්ථචි බුද්ධචක්ඛුම්හි වත්තති, යථාහ – “බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසී”ති (මහාව· 9). කත්ථචි සබ්බඤ්ඤුතඤ්ඤාණසඞ්ඛාතෙ සමන්තචක්ඛුම්හි, යථාහ – “තථූපමං ධම්මමයං, සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛූ”ති (මහාව· 8). කත්ථචි ධම්මචක්ඛුම්හි “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී”ති (මහාව· 16) හි එත්ථ අරියමග්ගත්තයපඤ්ඤා. “චක්ඛුං උදපාදි ඤාණං උදපාදී”ති (මහාව· 15) එත්ථ පුබ්බෙනිවාසාදිඤාණං පඤ්ඤාචක්ඛූති වුච්චති. “දිබ්බෙන චක්ඛුනා”ති (ම· නි· 1.284) ආගතට්ඨානෙසු දිබ්බචක්ඛුම්හි වත්තති. “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චා”ති එත්ථ පසාදචක්ඛුම්හි වත්තති. ඉධ පනායං පසාදචක්ඛුවොහාරෙන චක්ඛුවිඤ්ඤාණෙ වත්තති, තස්මා චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වාති අයමෙත්ථත්ථො. සෙසපදෙසු යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තං. අබ්යාසෙකසුඛන්ති කිලෙසබ්යාසෙකවිරහිතත්තා අබ්යාසෙකං අසම්මිස්සං පරිසුද්ධං අධිචිත්තසුඛං පටිසංවෙදෙතීති.
ඉන්ද්රියයන්හි ගුප්තද්වාර බෙදුමෙහි චක්ඛුනා රූපං යනු මේ චක්ඛු ශබ්දය කිසියම් තැනෙක බුද්ධ චක්‍ෂුසෙහි පවතී. යම්සේ කීයේද? ‘බුදුඇසින් ලොව බැලූ සේකැ’යි කිසියම් තැනෙක සර්වඥතා ඥාන සංඛ්‍යාත වූ සමන්ත චක්ඛුවෙහි පවතී. යම්සේ කීයේද? සුමේධ, ධර්මයෙන් සෑදු ප්‍රසාදයට නැග සමන්තචක්ෂු මෙන් යැයි සමහරතැනක ප්‍රඥා චක්‍ෂුසෙහි යෙදේ. ‘කෙලෙස් නැති මල නැති ධම්මචක්ඛුව උපන්නේය යනුවෙන් මෙහි පූර්වේනිවාස ආදී ඥානය පඤ්ඤාචක්ඛු යයි කියන ලදී. ‘දිවැසින්’ යැයි ආ තැන්වල දිබ්බචක්ඛුවෙහි වෙයි. ‘ඇස හා රූපයන් නිසා’ (චක්ඛුං පටිච්ච රූපෙ) යන මෙහි ප්‍රසාද චක්‍ෂුසෙහි පවතී. මෙහි වනාහි මෙය ප්‍රසාද චක්ෂු ව්‍යවහාරයෙන් චක්ෂු විඥානයෙහි පවතී. ඒ නිසා චක්ෂු විඥානයෙන් රූපයක් දැක යනු මෙහි අර්ථයයි. සෙසු පදවල යමක් කිවයුතුනම් ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. අබ්යාසෙක සුඛං යනු ක්ලේශයන්ගෙන් මිශ්රවීමක් නැති බැවින් නිරවුල් අසම්මිශ්‍ර පරිශුද්ධ අධිචිත්ත සුඛය විඳගනී.
සතිසම්පජඤ්ඤකථා
සතිසම්පජඤ්ඤභාජනීයම්හි අභික්කන්තෙ පටික්කන්තෙති එත්ථ තාව අභික්කන්තං වුච්චති ගමනං, පටික්කන්තං නිවත්තනං, තදුභයම්පි චතූසු ඉරියාපථෙසු ලබ්භති. ගමනෙ තාව පුරතො කායං අභිහරන්තො අභික්කමති නාම. පටිනිවත්තන්තො පටික්කමති නාම. ඨානෙපි ඨිතකොව කායං පුරතො ඔනාමෙන්තො අභික්කමති නාම, පච්ඡතො අපනාමෙන්තො පටික්කමති නාම. නිසජ්ජාය නිසින්නකොව ආසනස්ස පුරිමඅඞ්ගාභිමුඛො සංසරන්තො අභික්කමති නාම, පච්ඡිමඅඞ්ගපදෙසං පච්චාසංසරන්තො පටික්කමති නාම. නිපජ්ජනෙපි එසෙව නයො.
සති සම්පජඤ්ඤ බෙදීමෙහි අභික්කන්තෙ පටික්කන්තෙ යනු මෙහි අභික්කන්ත යනුවෙන් කියැවෙන්නේ ගමනයි. පටික්කන්ත යනු නැවතීමයි. ඒ දෙකම සිව් ඉරියව්හි ලැබේ. ගමනෙහි ඉදිරියෙන් කය ගෙනෙමින් යන්නේ අභික්කමති නමි. නවතින්නේ පටික්කමති නමි. නැවතුණු තැන සිටියේම කය පෙරට නමමින් යාම අභික්කමති නමි. පසුපසට දිගහරින්නේ පටික්කමති නමි. හිඳීමෙහි හුන්ම ආසන්නයේ සිටි තැනැත්තාගේ ඉදිරි අංගයට අභිමුඛව ඇවිද යන්නේ අභික්කමති නමි. පසුපස පෙදෙස පසුපසින් ඇවිද යන්නේ පටික්කමති නමි. වැද හෙවීමෙහිද මෙම ක්‍රමයයි.
සම්පජානකාරී හොතීති සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරී. සම්පජඤ්ඤමෙව වා කාරී. සො හි අභික්කන්තාදීසු සම්පජඤ්ඤං කරොතෙව. න කත්ථචි සම්පජඤ්ඤවිරහිතො හොති. තත්ථ සාත්ථකසම්පජඤ්ඤං, සප්පායසම්පජඤ්ඤං, ගොචරසම්පජඤ්ඤං අසම්මොහසම්පජඤ්ඤන්ති චතුබ්බිධං සම්පජඤ්ඤං. තත්ථ අභික්කමනචිත්තෙ උප්පන්නෙ චිත්තවසෙනෙව අගන්ත්වා – “කින්නු මෙ එත්ථ ගතෙන අත්ථො අත්ථි නත්ථී”ති අත්ථානත්ථං පරිග්ගහෙත්වා අත්ථපරිග්ගණ්හනං සාත්ථකසම්පජඤ්ඤං. තත්ථ ච අත්ථොති චෙතියදස්සනබොධිසඞ්ඝථෙරඅසුභදස්සනාදිවසෙන ධම්මතො වුඩ්ඪි. චෙතියං වා බොධිං වා දිස්වාපි හි බුද්ධාරම්මණං, සඞ්ඝදස්සනෙන සඞ්ඝාරම්මණං, පීතිං උප්පාදෙත්වා තදෙව ඛයවයතො සම්මසන්තො අරහත්තං පාපුණාති. ථෙරෙ දිස්වා තෙසං ඔවාදෙ පතිට්ඨාය, අසුභං දිස්වා තත්ථ පඨමජ්ඣානං උප්පාදෙත්වා තදෙව ඛයවයතො සම්මසන්තො අරහත්තං පාපුණාති. තස්මා එතෙසං දස්සනං සාත්ථකන්ති වුත්තං. කෙචි පන ආමිසතොපි වුඩ්ඪි අත්ථොයෙව, තං නිස්සාය බ්රහ්මචරියානුග්ගහාය පටිපන්නත්තාති වදන්ති.
සම්පජාන කාරීහොති යනු සම්ප්රජානනයෙන් සියලු කටයුතු කරන සම්ප්‍රජානනය සඳහා හෝ කරන, හෙතෙමේ ගමන ආදියෙහි සම්ප්රජානනයෙන් කරන්නේම ය. කිසිදුතැනක සම්ප්රජානනයෙන් තොර නොවේ. එහි සාර්ථක සම්ප්‍රජානනය, සත්ප්‍රාය සම්ප්‍රජානනය, ගෝචර සම්ප්‍රජානනය, අසම්මෝහ සම්ප්‍රජානනය යනුවෙන් සම්ප්‍රජානනය චතුර්විධ වේ. එහි යාමේ සිතක් උපන්කල්හි චිත්ත වශයෙන්ම නොගොස් මෙහි මා යාමෙන් ඇති ප්‍රයෝජනයක් ඇත්තේද නැත්තේද යනුවෙන් අර්ථ අනර්ථ විමසා අර්ථය පරිග්‍රහණය සාර්ථක සම්ප්රජානනයයි. එහිද අත්ථො යනු චෛත්‍ය දර්ශන, බෝධි දර්ශන, සංඝ දර්ශන, ස්ථවිර දර්ශන, අසුභ දර්ශන ආදි වශයෙන් ස්වභාවයෙන් වර්ධනයයි. චෛත්‍යයක් දැක ද බුද්ධාරම්මණ වූද. සංසදර්ශනයෙහි සංසාරම්මණ වූද ප්‍රීතිය උපදවා එයට ක්ෂය වශයෙන් සම්මර්ශනය කරන්නේ අර්හත්වයට පැමිණේ. තෙරුන් දැක ඔවුන්ගේ අවවාදයෙහි පිහිටා අසුභ වූ දෙයක් දැක එහි ප්‍රථමධ්‍යානය උපදවා එයට ක්ෂය වශයෙන් සම්මර්ෂනය කරන්නේ අත්වයට පැමිණේ. ඒ නිසා ඒවා දැකීම සාර්ථකය. ඇතැම්හු ‘ආමිෂයෙන් ද වර්ධනය අර්ථයයි ද, ඒ නිසා බ්‍රහ්මචරියාවට. අනුග්‍රහ පිණිස පිළිපන් බැවින්’ යයි කියත්.
තස්මිං පන ගමනෙ සප්පායාසප්පායං පරිග්ගහෙත්වා සප්පායපරිග්ගණ්හනං සප්පායසම්පජඤ්ඤං. සෙය්යථිදං – චෙතියදස්සනං තාව සාත්ථකං, සචෙ පන චෙතියස්ස මහාපූජාය දසද්වාදසයොජනන්තරෙ පරිසා සන්නිපතන්ති, අත්තනො විභවානුරූපා ඉත්ථියොපි පුරිසාපි අලඞ්කතපටියත්තා චිත්තකම්මරූපකානි විය සඤ්චරන්ති. තත්ර චස්ස ඉට්ඨෙ ආරම්මණෙ ලොභො හොති, අනිට්ඨෙ පටිඝො, අසමපෙක්ඛනෙ මොහො උප්පජ්ජති, කායසංසග්ගාපත්තිං වා ආපජ්ජති. ජීවිතබ්රහ්මචරියානං වා අන්තරායො හොති, එවං තං ඨානං අසප්පායං හොති. වුත්තප්පකාරඅන්තරායාභාවෙ සප්පායං. බොධිදස්සනෙපි එසෙව නයො. සඞ්ඝදස්සනම්පි සාත්ථං. සචෙ පන අන්තොගාමෙ මහාමණ්ඩපං කාරෙත්වා සබ්බරත්තිං ධම්මස්සවනං කරොන්තෙසු මනුස්සෙසු වුත්තප්පකාරෙනෙව ජනසන්නිපාතො චෙව අන්තරායො ච හොති, එවං තං ඨානං අසප්පායං හොති. අන්තරායාභාවෙ සප්පායං. මහාපරිසපරිවාරානං ථෙරානං දස්සනෙපි එසෙව නයො.
ඒ ගමනෙහි සත්පාය අසත්ප්‍රාය ගැන බලා සත්ප්‍රාය පරිග්‍රහණය සත්ප්‍රාය සම්ප්‍රජානන යයි කියති. කෙසේද යත්, චෛත්‍ය දර්ශනය සාර්ථකය. යම්හෙයකින් චෛත්‍ය පූජාව සඳහා දසදොළොස් යොදුන්හි සිටි පිරිස රැස්වෙති. තමාට හැකි අයුරින් ස්ත්‍රීහුද පුරුෂයෝද අලංකාර ලෙස පිළියෙල කරන ලද සිත්තම් රූ මෙන් හැසිරෙත්. එහි ඔහුට ඉටු අරමුණෙහි ලෝභයද, අනිටු අරමුණෙහි පටිඝයද අපරීක්ෂාකාරීව බැලීමෙහි මෝහයද උපදී. කාය සංසර්ග ආපත්තියටද පැමිණේ. ජීවිත බ්රහ්මචරියාවන්ට ද අනතුරු වෙයි. මේ ඒ තැන අසත්ප්‍රාය වෙයි. කියන ලද ආකාරයේ අන්තරාය නැති තැන සත්ප්‍රාය වේ. සංඝ දර්ශනයද සාර්ථකය. යම්හෙයකින් ඇතුළුගම මහා මණ්ඩපයක් කරවා මුළු රෑම මිනිසුන් ධර්මශ්රවණය කරවන කල්හි කියන ලද අයුරින්ම ජනසන්නිපාතයක්ද අන්තරායද වෙයි. මෙසේ එතැන අසත්ප්රායය. අන්තරාය නො වූ කල සත්ප්‍රායය. මහ පිරිස් පිරිවරාගත් තෙරුන් දැකීමෙහිද මේ ක්‍රමයයි.
අසුභදස්සනම්පි සාත්ථං, තදත්ථදීපනත්ථඤ්ච ඉදං වත්ථු – එකො කිර දහරභික්ඛු සාමණෙරං ගහෙත්වා දන්තකට්ඨත්ථාය ගතො. සාමණෙරො මග්ගා ඔක්කමිත්වා පුරතො ගච්ඡන්තො අසුභං දිස්වා පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා තදෙව පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසන්තො තීණි ඵලානි සච්ඡිකත්වා උපරිමග්ගත්ථාය කම්මට්ඨානං පරිග්ගහෙත්වා අට්ඨාසි. දහරො තං අපස්සන්තො සාමණෙරාති පක්කොසි. සො ‘මයා පබ්බජිතදිවසතො පට්ඨාය භික්ඛුනා සද්ධිං ද්වෙ කථා නාම න කථිතපුබ්බා. අඤ්ඤස්මිම්පි දිවසෙ උපරි විසෙසං නිබ්බත්තෙස්සාමී’ති චින්තෙත්වා කිං, භන්තෙති පටිවචනමදාසි. ‘එහී’ති ච වුත්තෙ එකවචනෙනෙව ආගන්ත්වා, ‘භන්තෙ, ඉමිනා තාව මග්ගෙනෙව ගන්ත්වා මයා ඨිතොකාසෙ මුහුත්තං පුරත්ථාභිමුඛො ඨත්වා ඔලොකෙථා’ති ආහ. සො තථා කත්වා තෙන පත්තවිසෙසමෙව පාපුණි. එවං එකං අසුභං ද්වින්නං ජනානං අත්ථාය ජාතං. එවං සාත්ථම්පි පනෙතං පුරිසස්ස මාතුගාමාසුභං අසප්පායං, මාතුගාමස්ස ච පුරිසාසුභං අසප්පායං, සභාගමෙව සප්පායන්ති එවං සප්පායපරිග්ගණ්හනං සප්පායසම්පජඤ්ඤං නාම.
අසුභ දර්ශනයද සාර්ථකය. ඒ අරුත දැක්වීම පිණිස මේ කථාවස්තුව දැක්වේ :- එක් තරුණ භික්ෂුවක් සාමණේරයකු ගෙන දැහැටි පිණිස ගියේය. සාමණේර නම මගින් පිටතට ගොස් පෙරටුව යන්නේ අසුභ වූ දෙයක් දැක ප්‍රථමධ්‍යානය උපදවා එයට පාදකකොට සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ ඵලත්රය සාක්ෂාත් කොට ඉහළ මාර්ග සඳහා කමටහන් ගෙන සිටියේය. තරුණ භික්ෂුව ඔහු නොදක්නේ සාමණේර යැයි කැඳවීය. හෙතෙමේ ‘මා පැවිදි වූ දවස පටන් භික්ෂුව සමග කථා දෙකක් නම් නොකී විරූය. වෙනත් දවසක මත්තෙහි විශේෂයක් උපදවා ගන්නෙමියි සිතා ‘කිමෙක්ද ස්වාමීනි යි පිළිවදන් දුන්නේය. එන්නැයි කියන ලද්දේ එක් වචනයෙන්ම පැමිණ ස්වාමීනි, මේ මගින් ගොස් මා සිටි තැන මොහොතක් පෙරදිග බලා සිට බලන්නැයි කීය. හේ එසේ කොට ඔහු විසින් පැමිණෙන ලද විශේෂයටම පැමිණියේය. මෙසේ එකම අසුභය දෙදෙනෙකුගේ අර්ථය පිණිස විය. මෙසේ මෙයද සාර්ථකය. පුරුෂයාට ස්ත්‍රිය අසුභය. අසත්ප්රායය. ස්ත්‍රියට පුරුෂයා අසුභය. සභාගයම සත්ප්‍රායය. මෙසේ සත්ප්‍රාය පරිග්‍රහණය සත්ප්‍රාය සම්ප්‍රජානනය නම් වේ.
එවං පරිග්ගහිතසාත්ථකසප්පායස්ස පන අට්ඨතිංසාය කම්මට්ඨානෙසු අත්තනො චිත්තරුචියං කම්මට්ඨානසඞ්ඛාතං ගොචරං උග්ගහෙත්වා භික්ඛාචාරගොචරෙ තං ගහෙත්වාව ගමනං ගොචරසම්පජඤ්ඤං නාම. තස්සාවිභාවනත්ථං ඉදං චතුක්කං වෙදිතබ්බං –
මෙසේ ගන්නා ලද සාර්ථක සත්ප්රායට අටතිස් කමටහන් අතුරින් තම සිතට රුචි වූ කර්මස්ථාන සංඛ්‍යාත ගෝචරයක් උගෙන පිඬුසිඟා වඩනා ගොදුරු ගමෙහි එය රැගෙන යාම ගෝචර සම්ප්‍රජානනය නම් වේ. එය පැහැදිලි කිරීම පිණිස මේ චතුෂ්කය දතයුතුයි -
ඉධෙකච්චො භික්ඛු හරති, න පච්චාහරති; එකච්චො පච්චාහරති, න හරති; එකච්චො පන නෙව හරති, න පච්චාහරති; එකච්චො හරති ච, පච්චාහරති චාති.
මෙහි ඇතැම් භික්ෂුවක් ගෙනයයි ගෙන නොඑයි. එක් භික්ෂුවක් ගෙනඑයි. ගෙන නොයයි. එක් භික්ෂුවක්, ගෙන නොයයි. නොගෙන එයි. එක් භික්ෂුවක් ගෙන යයි. ගෙන එයි.
තත්ථ යො භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ච ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙත්වා තථා රත්තියා පඨමයාමෙ, මජ්ඣිමයාමෙ සෙය්යං කප්පෙත්වා පච්ඡිමයාමෙපි නිසජ්ජචඞ්කමෙහි වීතිනාමෙත්වා පගෙව චෙතියඞ්ගණබොධියඞ්ගණවත්තං කත්වා බොධිරුක්ඛෙ උදකං ආසිඤ්චිත්වා, පානීයං පරිභොජනීයං පච්චුපට්ඨපෙත්වා ආචරියුපජ්ඣායවත්තාදීනි සබ්බානි ඛන්ධකවත්තානි සමාදාය වත්තති. සො සරීරපරිකම්මං කත්වා සෙනාසනං පවිසිත්වා ද්වෙ තයො පල්ලඞ්කෙ උසුමං ගාහාපෙන්තො කම්මට්ඨානං අනුයුඤ්ජිත්වා භික්ඛාචාරවෙලායං උට්ඨහිත්වා කම්මට්ඨානසීසෙනෙව පත්තචීවරමාදාය සෙනාසනතො නික්ඛමිත්වා කම්මට්ඨානං මනසිකරොන්තොව චෙතියඞ්ගණං ගන්ත්වා, සචෙ බුද්ධානුස්සතිකම්මට්ඨානං හොති, තං අවිස්සජ්ජෙත්වාව චෙතියඞ්ගණං පවිසති. අඤ්ඤං චෙ කම්මට්ඨානං හොති, සොපානමූලෙ ඨත්වා හත්ථෙන ගහිතභණ්ඩං විය තං ඨපෙත්වා බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියඞ්ගණං ආරුය්හ, මහන්තං චෙතියං චෙ, තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතූසු ඨානෙසු වන්දිතබ්බං. ඛුද්දකං චෙතියං චෙ, තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං. චෙතියං වන්දිත්වා බොධියඞ්ගණං පත්තෙනාපි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධි වන්දිතබ්බා. සො එවං චෙතියඤ්ච බොධිඤ්ච වන්දිත්වා පටිසාමිතට්ඨානං ගන්ත්වා පටිසාමිතභණ්ඩකං හත්ථෙන ගණ්හන්තො විය නික්ඛිත්තකම්මට්ඨානං ගහෙත්වා ගාමසමීපෙ කම්මට්ඨානසීසෙනෙව චීවරං පාරුපිත්වා ගාමං පිණ්ඩාය පවිසති.
එහි යම් භික්ෂුවක් දවසක් සක්මනින් හිඳීමෙන් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට, එසේම රාත්‍රියෙහි ප්‍රථම යාමයද, මධ්‍යම යාමයෙහි සයනයකොට පශ්චිම යාමයෙහි හිඳීම් සක්මනින් කල්ගෙවා උදෑසනම සෑමළු බෝමළු වත් කොට බෝරුකෙහි ජලය ඉස පැන් බොජුන් එළවා ආචාර්ය උපාධ්‍යය වත් ආදී සියලු කඳුවත් සමාදන්ව සිටී. හේ සිරුරු පිරියම්කොට සෙනසුනට පිවිස (දෙව තයො පල්ලංකො) උණුසුම් කරමින් කමටහන්හි යෙදී පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි නැගිට කමටහන් හිසින්ම පාසිවුරු ගෙන සෙනසුනින් නික්ම කමටහන් සිහි කරන්නේම සෑමළුවට ගොස් යම්හෙයකින් බුද්ධානුස්සති කමටහනක් වේද එය අත්නොහැරම සෑමළුවට පිවිසෙයි. අන් කමටහනක් වේනම්, හිණි පාමුල අතින් ගත් භාණ්ඩයක් මෙන් එය තබා බුදුන් අරමුණු කොටගත් ප්‍රීතියෙන් සෑමළුවට නැග චෛත්‍ය මහත් නම් තෙවරක් පැදකුණු කොට සිව්තැනෙක වැඳිය යුතුය. චෛත්‍යය කුඩානම් එසේම පැදකුණු කොට අටතැනෙක වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝමළුවට පැමිණියහු විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවෙහි මෙන් වැදහෙව බෝධිය වැඳිය යුතුය. හේ මෙසේ චෛත්‍යයද බෝධියද වැඳ පිළියෙල කළ තැනට ගොස් පිළියෙල කළ භාණ්ඩය අතින් ගන්නාක් මෙන් තැබූ කමටහන ගෙන ගම සමීපයෙහි කමටහන් හිසින්ම සිවුර පොරවා ගමට පිඬු පිණිස පිවිසෙයි.
අථ නං මනුස්සා දිස්වා අය්යො නො ආගතොති පච්චුග්ගන්ත්වා පත්තං ගහෙත්වා ආසනසාලාය වා ගෙහෙ වා නිසීදාපෙත්වා යාගුං දත්වා යාව භත්තං න නිට්ඨාති, තාව පාදෙ ධොවිත්වා තෙලෙන මක්ඛෙත්වා පුරතො තෙ නිසීදිත්වා පඤ්හං වා පුච්ඡන්ති, ධම්මං වා සොතුකාමා හොන්ති. සචෙපි න කථාපෙන්ති, ජනසඞ්ගහත්ථං ධම්මකථා නාම කාතබ්බා යෙවාති අට්ඨකථාචරියා වදන්ති. ධම්මකථා හි කම්මට්ඨානවිනිමුත්තා නාම නත්ථි, තස්මා කම්මට්ඨානසීසෙනෙව ධම්මකථං කථෙත්වා කම්මට්ඨානසීසෙනෙව ආහාරං පරිභුඤ්ජිත්වා අනුමොදනං කත්වා නිවත්තියමානෙහිපි මනුස්සෙහි අනුගතොව ගාමතො නික්ඛමිත්වා තත්ථ තෙ නිවත්තෙත්වා මග්ගං පටිපජ්ජති.
ඉක්බිති මිනිස්සු දැක ‘අපගේ ආර්යයා පැමිණියේ යැයි පෙරගමකොට පාත්‍රය ගෙන අසුන් හලෙහි හෝ ගෙයි හෝ වඩා හිඳවා කැඳ දී බත් සෑදෙන තෙක් පා දොවා පිසදා ඉදිරියෙන් හිඳ ප්‍රශ්නයක් හෝ අසති. ධර්මය අසනු කැමැත්තෝ හෝ වෙති. යම්හෙයකින් නොකියවත්නම්, ජනයාට සංග්‍රහ පිණිස දහම් කථාවක් හෝ කළයුතුම යයි අටුවා ඇදුරෝ කියති. කමටහනින් මිදුණු ධර්ම කථාවක් නම් නැත. ඒ නිසා කමටහන් හිසින්ම දහම් කථාවක් කොට කමටහන් හිසින්ම අහර වළඳා අනුමෙවෙනි කියා මිනිසුන් නවත්වනු ලබන කල්හිද, අනුගතවම ගමින් නික්ම එහි ඔවුන් වළක්වා මගට එයි.
අථ නං පුරෙතරං නික්ඛමිත්වා බහිගාමෙ කතභත්තකිච්චා සාමණෙරදහරභික්ඛූ දිස්වා පච්චුග්ගන්ත්වා පත්තචීවරමස්ස ගණ්හන්ති. පොරාණකභික්ඛූ කිර අම්හාකං උපජ්ඣායො ආචරියොති න මුඛං ඔලොකෙත්වා වත්තං කරොන්ති, සම්පත්තපරිච්ඡෙදෙනෙව කරොන්ති. තෙ තං පුච්ඡන්ති – “භන්තෙ, එතෙ මනුස්සා තුම්හාකං කිං හොන්ති, මාතිපක්ඛතො සම්බන්ධා පිතිපක්ඛතො”ති? කිං දිස්වා පුච්ඡථාති? තුම්හෙසු එතෙසං පෙමං බහුමානන්ති. ආවුසො, යං මාතාපිතූහිපි දුක්කරං, තං එතෙ අම්හාකං කරොන්ති, පත්තචීවරම්පි නො එතෙසං සන්තකමෙව, එතෙසං ආනුභාවෙන නෙව භයෙ භයං, න ඡාතකෙ ඡාතකං ජානාම. ඊදිසා නාම අම්හාකං උපකාරිනො නත්ථීති තෙසං ගුණෙ කථෙන්තො ගච්ඡති. අයං වුච්චති හරති න පච්චාහරතීති.
ඉක්බිති ඔහුට පෙරාතුව නික්මී ගමින් පිටතදී බත්කිස කොට සාමණේර තරුණ භික්ෂුව දැක පෙරගමන්කොට ඔහුගේ පාසිවුරු ගනිති. පොරාණක භික්ෂූහු අපගේ උපාධ්‍යායයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ නොවෙත් යයි මුහුණ බලා වත් කරත්. පැමිණි ප්‍රමාණයෙන්ම කරත්. ඔවුහු ඔහුගෙන් අසති. ස්වාමීනි, මේ මිනිස්සු ඔබවහන්සේගේ කිනම්හුද? මව්පස නෑයෝද? පියපස නෑයෝද? කුමක් දැක අසවුද? ඔබවහන්සේලා කෙරෙහි මොවුන්ගේ ප්‍රේමය බහුමානය නිසයි. ඇවැත්නි, යමක් මව්පියන් විසින්වත් කළ නොහැකිද? මොවුහු ඒ දේ අපට කරති. අපගේ පාසිවුරුද මොවුන් සතුය. මොවුන්ගේ ආනුභාවයෙන් බියෙන් බියක් ද කුසගින්නෙහි කුසගින්නක් ද නොදනිමු. අපට උපකාරී වූ මෙබඳු අන් කවුරුවත් නැතැයි ඔවුන්ගේ ගුණ කියමින් යයි. මෙය ගෙනයයි ආපසු ගෙන නොඑයි යනුවෙන් කියනු ලැබේ.
යස්ස පන පගෙව වුත්තප්පකාරං වත්තපටිපත්තිං කරොන්තස්ස කම්මජතෙජොධාතු පජ්ජලති, අනුපාදින්නකං මුඤ්චිත්වා උපාදින්නකං ගණ්හාති, සරීරතො සෙදා මුඤ්චන්ති, කම්මට්ඨානං වීථිං නාරොහති, සො පගෙව පත්තචීවරමාදාය වෙගසා චෙතියං වන්දිත්වා ගොරූපානං නික්ඛමනවෙලායමෙව ගාමං යාගුභික්ඛාය පවිසිත්වා යාගුං ලභිත්වා ආසනසාලං ගන්ත්වා පිවති, අථස්ස ද්වත්තික්ඛත්තුං අජ්ඣොහරණමත්තෙනෙව කම්මජතෙජොධාතු උපාදින්නකං මුඤ්චිත්වා අනුපාදින්නකං ගණ්හාති, ඝටසතෙන න්හාතො විය තෙජොධාතු පරිළාහනිබ්බානං පත්වා කම්මට්ඨානසීසෙන යාගුං පරිභුඤ්ජිත්වා පත්තඤ්ච මුඛඤ්ච ධොවිත්වා අන්තරාභත්තෙ කම්මට්ඨානං මනසිකත්වා අවසෙසට්ඨානෙ පිණ්ඩාය චරිත්වා කම්මට්ඨානසීසෙන ආහාරඤ්ච පරිභුඤ්ජිත්වා තතො පට්ඨාය පොඞ්ඛානුපොඞ්ඛං උපට්ඨහමානං කම්මට්ඨානං ගහෙත්වා ආගච්ඡති, අයං වුච්චති පච්චාහරති න හරතීති. එදිසා ච භික්ඛූ යාගුං පිවිත්වා විපස්සනං ආරභිත්වා බුද්ධසාසනෙ අරහත්තප්පත්තා නාම ගණනපථං වීතිවත්තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං වා න තං ආසනමත්ථි, යත්ථ යාගුං පිවිත්වා අරහත්තප්පත්තා භික්ඛූ නත්ථීති.
උදෑසනම කියූ ආකාරයෙන් වත්පිළිවෙත් කරන්නහුගේ කර්මජ තේජෝ ධාතුව දිලිසෙයි. අල්ලා නොගත් දෙය මුදා අල්ලාගත් දෙය ගනී. සිරුරින් දහදිය ගලයි. කමටහන වීථියට නොනැගේ. හේ උදෑසනම පාසිවුරු ගෙන ඉක්මනින් චෛත්‍යය වැඳ හරකුන් නික්මෙන වේලාවෙහිම කැඳ අහර පිණිස ගමට පිවිස කැඳ ලැබ අසුන්හලට ගොස් පානය කරයි. ඉක්බිති ඔහු දෙතුන්වරක් අනුභව කළ පමණින්ම කර්මජ තේජෝ ධාතුව අල්ලාගත් දෙය මුදා අල්ලා නොගත් දෙය ගනී. කළ සියයකින් ස්නානය කළාක් මෙන් තේජෝ ධාතු දාහය නිවීමට පැමිණ කමටහන් හිසින් කැඳ වළඳා පාත්‍රයද මුවද සෝදා බත අතරතුර කමටහන මෙනෙහිකොට අවශේෂ ස්ථානයෙහි පිඬු පිණිස හැසිර කමටහන් හිසින් අහර වළඳා එතැන් පටන් නොකඩවා එළඹෙන කමටහන ගෙනම ආපසු එයි. මෙය ගෙන එයි. ගෙන නොයයි නමි. මෙබඳු භික්ෂූහු කැඳ බී විදර්ශනා අරඹා බුදු සසුනෙහි රහත්බවට පත්වූවෝ ගණන පථය ඉක්මවා ගියෝය. සිංහල ද්වීපයෙහිද ඒ ඒ ගම්වල අසුන්හලෙහි ඒ ආසනය නැත. කැඳ බී රහත්බවට පත් භික්ෂූහුද නැත.
යො පන පමාදවිහාරී හොති, නික්ඛිත්තධුරො සබ්බවත්තානි භින්දිත්වා පඤ්චවිධචෙතොඛීලවිනිබන්ධචිත්තො විහරන්තො – “කම්මට්ඨානං නාම අත්ථී”ති සඤ්ඤම්පි අකත්වා ගාමං පිණ්ඩාය පවිසිත්වා අනනුලොමිකෙන ගිහිසංසග්ගෙන සංසට්ඨො චරිත්වා ච භුඤ්ජිත්වා ච තුච්ඡො නික්ඛමති, අයං වුච්චති නෙව හරති න පච්චාහරතීති.
යමෙක් වගකීම් තබා ප්‍රමාද විහාරී වේද, සියලුවත් බිඳ පස්වදෑරුම් චේතෝ විනිබන්ධයන්ගෙන් බැඳුණු සිත් ඇත්තේ වසන්නේ ‘කමටහනක් ඇතැයි’යන හැඟීමක්වත් නොකොට ගමට පිඬු පිණිස පිවිස අනුලොම් නොවූ ගිහි සංසර්ගයෙන් බැඳී හැසිර වළඳා හිස් අතින් නික්මෙයි. මෙය ගෙන නොයයි. නොගෙන එයි නම් වේ.
යො පනායං – “හරති ච පච්චාහරති චා”ති වුත්තො, සො ගතපච්චාගතවත්තවසෙනෙව වෙදිතබ්බො. අත්තකාමා හි කුලපුත්තා සාසනෙ පබ්බජිත්වා දසපි වීසම්පි තිංසම්පි චත්තාලීසම්පි පඤ්ඤාසම්පි සතම්පි එකතො වසන්තා කතිකවත්තං කත්වා විහරන්ති, “ආවුසො, තුම්හෙ න ඉණට්ටා, න භයට්ටා, න ජීවිකාපකතා පබ්බජිතා, දුක්ඛා මුච්චිතුකාමා පනෙත්ථ පබ්බජිතා, තස්මා ගමනෙ උප්පන්නකිලෙසං ගමනෙයෙව නිග්ගණ්හථ, තථා ඨානෙ, නිසජ්ජාය, සයනෙ උප්පන්නකිලෙසං සයනෙව නිග්ගණ්හථා”ති.
යමෙක් ගෙනයයි ගෙනඑයි යයි කියන ලද ඔහු ගතපච්චාගතවත්ත වශයෙන් දතයුතුය. ආත්මාර්ථකාමී කුලපුත්‍රයෝ සසුනෙහි පැවිදිව දහයක් විස්සක් පනහක් සියයක් සමග එක්ව වසන්නාහු කතිකාවත් කොට වාසය කරති. ඇවැත්නි, තෙපි ණයට වැටුණෝ නොවෙති. අසුට බැඳුනෝ නොවෙති. ජීවිකාව සපයා ගැනීමට පැවිදි වූවෝ නොවෙත්. දුකින් මිදෙනු කැමැත්තාහු මෙහි පැවිදි වූවෝය. ඒ නිසා ගමනෙහිදී උපන් කෙලෙස් ගමනෙහිදීම අත්හරිමු. එසේම සිටීමෙහි, හිඳීමෙහි සයනයෙහි උපන් කෙලෙස් අත්හරිවු.
තෙ එවං කතිකවත්තං කත්වා භික්ඛාචාරං ගච්ඡන්තා අඩ්ඪඋසභඋසභඅඩ්ඪගාවුතගාවුතන්තරෙසු පාසාණා හොන්ති, තාය සඤ්ඤාය කම්මට්ඨානං මනසිකරොන්තාව ගච්ඡන්ති. සචෙ කස්සචි ගමනෙ කිලෙසො උප්පජ්ජති, තත්ථෙව නං නිග්ගණ්හාති. තථා අසක්කොන්තො තිට්ඨති, අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි තිට්ඨති. සො “අයං භික්ඛු තුය්හං උප්පන්නවිතක්කං ජානාති, අනනුච්ඡවිකං තෙ එත”න්ති අත්තානං පටිචොදෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා තත්ථෙව අරියභූමිං ඔක්කමති; තථා අසක්කොන්තො නිසීදති. අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි නිසීදතීති සොයෙව නයො. අරියභූමිං ඔක්කමිතුං අසක්කොන්තොපි තං කිලෙසං වික්ඛම්භෙත්වා කම්මට්ඨානං මනසිකරොන්තොව ගච්ඡති, න කම්මට්ඨානවිප්පයුත්තෙන චිත්තෙන පාදං උද්ධරති, උද්ධරති චෙ, පටිනිවත්තිත්වා පුරිමපදෙසංයෙව එති. ආලින්දකවාසී මහාඵුස්සදෙවත්ථෙරො විය.
ඔවුහු මෙසේ කතිකාවත් කොට පිඬු පිණිස යන්නාහු. අඩ බඹයක්, බඹයක්, අඩ ගව්වක් ගව්වක් අතරතුර පාෂාණයෝ වෙති. ඒ සංඥාවෙන් කමටහන් මෙනෙහි කරමින්ම යති. යම්හෙයකින් යමකුට ගමනේදී ක්ලේශය උපදීද එහිදීම එය අත්හරී. එසේ නොහැකිවන්නේ සිටී. ඉක්බිති ඔහුට පසුපසින් එන්නාද සිටී. හෙතෙමේ ‘මේ භික්ෂුව ඔබට උපන් විතර්කය දනී. ඔබට එය නුසුදුසුය’යි තමාට ප්රතිචෝදනාකොට එහිදීම විදසුන් වඩා ආර්යභූමියට බැසගනී. එසේ නොහැකි වන්නේ හිඳී. ඉක්බිති ඔහුට පසුපසින් එන්නාද හිඳී. මේ ක්‍රමයමැයි. ආර්යභූමියට බැසගැනීමට නොහැකි වන්නේ වුවද ක්ලේශය ඉවතට දමා කමටහන මෙනෙහි කරන්නේම යයි. කමටහනක් නැති සිතින් පියවරක් නොඔසවයි. ඔසවන්නේ නම් හැරී පෙරසිටි තැනටම එයි. ආලින්දකවාසී මහා ඵුස්ස තෙරුන් මෙන්.
සො කිර එකූනවීසතිවස්සානි ගතපච්චාගතවත්තං පූරෙන්තො එව විහාසි, මනුස්සාපි අද්දසංසු අන්තරාමග්ගෙ කසන්තා ච වපන්තා ච මද්දන්තා ච කම්මානි ච කරොන්තා ථෙරං තථාගච්ඡන්තං දිස්වා – “අයං ථෙරො පුනප්පුනං නිවත්තිත්වා ගච්ඡති, කින්නු ඛො මග්ගමූළ්හො, උදාහු කිඤ්චි පමුට්ඨො”ති සමුල්ලපන්ති. සො තං අනාදියිත්වා කම්මට්ඨානයුත්තචිත්තෙනෙව සමණධම්මං කරොන්තො වීසතිවස්සබ්භන්තරෙ අරහත්තං පාපුණි, අරහත්තප්පත්තදිවසෙ චස්ස චඞ්කමනකොටියං අධිවත්ථා දෙවතා අඞ්ගුලීහි දීපං උජ්ජාලෙත්වා අට්ඨාසි. චත්තාරොපි මහාරාජානො සක්කො ච දෙවානමින්දො බ්රහ්මා ච සහම්පති උපට්ඨානං අගමංසු. තඤ්ච ඔභාසං දිස්වා වනවාසී මහාතිස්සත්ථෙරො තං දුතියදිවසෙ පුච්ඡි – “රත්තිභාගෙ ආයස්මතො සන්තිකෙ ඔභාසො අහොසි, කිං සො ඔභාසො”ති? ථෙරො වික්ඛෙපං කරොන්තො ඔභාසො නාම දීපොභාසොපි හොති, මණිඔභාසොපීති එවමාදිමාහ. තතො ‘පටිච්ඡාදෙථ තුම්හෙ’ති නිබද්ධො ‘ආමා’ති පටිජානිත්වා ආරොචෙසි. කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය ච.
උන්වහන්සේ වසර දහනවයක් ගතපච්චාගත වත පුරන්නේම වාසය කළහ. මිනිස්සුද අතරමග කුඹුරු කොටන්නාහු, වපුරන්නාහු කොළ මඩින්නාහු කර්මාන්ත කරන්නාහු තෙරුන් එසේ යනු දැක ‘මේ තෙරුන් වහන්සේ නැවත නැවත නැවතී යති. කිමෙක්ද, මංමුළා වූද, කිසිවක් අමතක වෙලාදැයි කථාබහ කරත්. උන්වහන්සේ එය ගණනකට නොගෙන කමටහන් යුත් සිතින්ම මහණදම් කරන්නාහු විසිවසරක් තුළ රහත්බවට පැමිණියහ. රහත්බවට පත් දවසෙහි උන්වහන්සේගේ සක්මන කෙළවර අරක්ගත් දේවතාවා ඇගිලිවලින් පහනක් දල්වාගෙන සිටියේය. සිව්වරම් දෙවියෝ ද දෙවියන්ට නායක ශක්‍රයාද සහම්පතී බ්‍රහ්මයාද උපස්ථානයට පැමිණියහ. ඒ දීප්තිය දැක වනවාසී මහාතිස්ස තෙරුන්වහන්සේ දෙවැනි දවසෙහි ඒ බව විමසූහ. ‘රාත්‍රී කාලයෙහි ආයුෂ්මතුන් ළඟ දීප්තියක් විය. කුමක්ද ඒ දීප්තිය? තෙරුන්වහන්සේ අවුලට පත් කරන්නාහු ‘දීප්තියක් නම් පහන් එළියක් විය හැකියි. මැණිකක එළියක් විය හැකියි. මේ ආදිය කීහ. ඉන්පසු ‘ඔබවහන්සේ එය වසන්නාහු යයි පෙරැත්ත කළහ. එසේයයි පිළිගෙන දැන්වූහ. කාලි වල්ලි මණ්ඩප (කලුවැල් මඩුව) වාසී මහානාග තෙරුන් මෙන්.
සොපි කිර ගතපච්චාගතවත්තං පූරෙන්තො – පඨමං තාව භගවතො මහාපධානං පූජෙස්සාමීති සත්තවස්සානි ඨානචඞ්කමමෙව අධිට්ඨාසි. පුන සොළසවස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා අරහත්තං පාපුණි. සො කම්මට්ඨානයුත්තෙනෙව චිත්තෙන පාදං උද්ධරන්තො, වියුත්තෙන උද්ධටෙ පටිනිවත්තෙන්තො ගාමසමීපං ගන්ත්වා “ගාවී නු පබ්බජිතො නූ”ති ආසඞ්කනීයපදෙසෙ ඨත්වා චීවරං පාරුපිත්වා කච්ඡකන්තරතො උදකෙන පත්තං ධොවිත්වා උදකගණ්ඩූසං කරොති. කිං කාරණා? මා මෙ භික්ඛං දාතුං වා වන්දිතුං වා ආගතෙ මනුස්සෙ ‘දීඝායුකා හොථා’ති වචනමත්තෙනාපි කම්මට්ඨානවික්ඛෙපො අහොසීති. “අජ්ජ, භන්තෙ, කතිමී”ති දිවසං වා භික්ඛුගණනං වා පඤ්හං වා පුච්ඡිතො පන උදකං ගිලිත්වා ආරොචෙති. සචෙ දිවසාදීනි පුච්ඡකා න හොන්ති, නික්ඛමනවෙලාය ගාමද්වාරෙ නිට්ඨුභිත්වාව යාති.
උන්වහන්සේ වනාහි ගතපච්චාගත වත පුරන්නාහු පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රධානය පුදන්නෙමියි සත්වසක් සිටම සක්මන අධිෂ්ඨාන කළහ. නැවත සොළොස් වසක් ගතපච්චාගත වත පුරා රහත්බවට පත්වූහ. උන්වහන්සේ කමටහන් යුතු සිතින්ම පා ඔසවන්නාහු කමටහන නැතිව එසවූ කල්හි ආපසු හැරී ගම අසලට ගොස් එළදෙනක්ද පැවිද්දෙක්දැයි සැක කළ නොහැකි පෙදෙසක සිට සිවුර පොරවා කිසිල්ලෙහි ගසාගත් බඳුනෙන් ගත් ජලයෙන් පාත්‍රය සෝදා කට පුරවා ගනී. කුමක් නිසාද? මා හට භික්ෂාව දීමට හෝ වඳින්ට වත් පැමිණි මිනිසුන්ට දීර්ඝායුෂ ඇත්තෝ වෙත්වායි වචන මාත්‍රයෙන් වුවද කමටහන් අවුල් වීයයි. ස්වාමීනි, අද කවදාදැයි දවස හෝ භික්ෂූන් ගණන හෝ ගැන ප්‍රශ්න කළවිට හෝ ජලය ගිල දන්වති. යම් හෙයකින් දවස ගැන අසන්නෝ නොවෙත්නම් නික්මෙන වේලාවෙහි ගම්දොර කෙළගසා යති.
කලම්බතිත්ථවිහාරෙ වස්සූපගතා පඤ්ඤාසභික්ඛූ විය ච. තෙ කිර ආසළ්හිපුණ්ණමායං කතිකවත්තං අකංසු – “අරහත්තං අප්පත්වා අඤ්ඤමඤ්ඤං නාලපිස්සාමා”ති, ගාමඤ්ච පිණ්ඩාය පවිසන්තා උදකගණ්ඩූසං කත්වා පවිසිංසු. දිවසාදීසු පුච්ඡිතෙසු වුත්තනයෙනෙව පටිපජ්ජිංසු. තත්ථ මනුස්සා නිට්ඨුභනං දිස්වා ජානිංසු – “අජ්ජෙකො ආගතො, අජ්ජ ද්වෙ”ති. එවඤ්ච චින්තෙසුං – “කින්නු ඛො එතෙ අම්හෙහියෙව සද්ධිං න සල්ලපන්ති, උදාහු අඤ්ඤමඤ්ඤම්පි. සචෙ අඤ්ඤමඤ්ඤම්පි න සල්ලපන්ති, අද්ධා විවාදජාතා භවිස්සන්ති. එථ නෙ අඤ්ඤමඤ්ඤං ඛමාපෙස්සාමා”ති, සබ්බෙ විහාරං ගන්ත්වා පඤ්ඤාසාය භික්ඛූසු ද්වෙපි භික්ඛූ එකොකාසෙ නාද්දසංසු. තතො යො තෙසු චක්ඛුමා පුරිසො, සො ආහ – “න භො කලහකාරකානං වසනොකාසො ඊදිසො හොති, සුසම්මට්ඨං චෙතියඞ්ගණබොධියඞ්ගණං, සුනික්ඛිත්තා සම්මජ්ජනියො, සූපට්ඨපිතං පානීයං පරිභොජනීය”න්ති, තෙ තතොව නිවත්තා. තෙපි භික්ඛූ අන්තො තෙමාසෙයෙව අරහත්තං පත්වා මහාපවාරණාය විසුද්ධිපවාරණං පවාරෙසුං.
කොළොම්තොට විහාරයෙහි වස් එළඹගත් පනසක් භික්ෂූන් මෙන්. උන්වහන්සේලා ඇසළ පුණු පොහෝදා කතිකාවතක් කළාහුය. රහත්බවට නොපැමිණ ඔවුනොවුන් කතා නොකරන්නෙමු’යි ගමට පිඬු පිණිස පිවිසෙන්නාහු කටෙහි දිය පුරවා පිවිසියාහුය. දවස් ආදිය ඇසූ කල්හි කියූ පරිදිම පිළිපැද්දාහ. එහි මිනිස්සු කටින් දිය ඉවත දමනු දැක දැනගන්න. ‘අද එක්නමක් ආවේය. අද පස්නමක් ආහ’යි මෙසේද සිතූහ. මුන්වහන්සේලා අප සමග පමණක් කථා නොකරන්නාහුද නැතහොත් ඔවුනොවුන් කථා නොකරන්නාහුද? ඔවුනොවුන් කථා නොකරත්නම් ඒකාන්තයෙන් විවාද ඇත්තෝ වන්නාහුය. එනු, අපි ඔවුනොවුන් කමා කරවන්නෙමුයි සියල්ලෝ විහාරයට ගොස් පනසක් භික්ෂූන් අතර භික්ෂූන් දෙනමක් එක්තැනක නොදුටහ. ඉන්පසු ඔවුන් අතර විමසිලිමත් පුරුෂයෙක් මෙසේ කීය. පින්වත්නි, කලහකාරීන් වසන තැන මෙසේ නොවේ. සෑමළුව බෝමළුව මැනවින් හැමද ඇත. මුසුන් කොට ඇත. බොන ජලය, පරිභෝජනය කරන ජලය මැනවින් තබා ඇතැයි ඔවුහු එතැනින් නැවතුණහ. ඒ භික්ෂූහුද තෙමස ඇතුළතදීම රහත්බවට පත්ව මහා පවාරණයෙන් විසුද්ධි පවාරණය කළහ.
එවං කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය, කලම්බතිත්ථවිහාරෙ වස්සූපගතභික්ඛූ විය ච කම්මට්ඨානයුත්තෙනෙව චිත්තෙන පාදං උද්ධරන්තො ගාමසමීපං ගන්ත්වා උදකගණ්ඩූසං කත්වා වීථියො සල්ලක්ඛෙත්වා, යත්ථ සුරාසොණ්ඩධුත්තාදයො කලහකාරකා චණ්ඩහත්ථිඅස්සාදයො වා නත්ථි, තං වීථිං පටිපජ්ජති. තත්ථ ච පිණ්ඩාය චරමානො න තුරිතතුරිතො විය ජවෙන ගච්ඡති. න හි ජවෙන පිණ්ඩපාතියධුතඞ්ගං නාම කිඤ්චි අත්ථි. විසමභූමිභාගප්පත්තං පන උදකසකටං විය නිච්චලො හුත්වා ගච්ඡති. අනුඝරං පවිට්ඨො ච දාතුකාමං වා අදාතුකාමං වා සල්ලක්ඛෙත්වා තදනුරූපං කාලං ආගමෙන්තො භික්ඛං පටිලභිත්වා ආදාය අන්තොගාමෙ වා බහිගාමෙ වා විහාරමෙව වා ආගන්ත්වා යථා ඵාසුකෙ පතිරූපෙ ඔකාසෙ නිසීදිත්වා කම්මට්ඨානං මනසිකරොන්තො ආහාරෙ පටිකූලසඤ්ඤං උපට්ඨපෙත්වා අක්ඛබ්භඤ්ජන – වණලෙපනපුත්තමංසූපමවසෙන පච්චවෙක්ඛන්තො අට්ඨඞ්ගසමන්නාගතං ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය…පෙ… භුත්තාවී ච උදකකිච්චං කත්වා මුහුත්තං භත්තකිලමථං පටිප්පස්සම්භෙත්වා යථා පුරෙභත්තං, එවං පච්ඡාභත්තං පුරිමයාමං පච්ඡිමයාමඤ්ච කම්මට්ඨානමෙව මනසි කරොති, අයං වුච්චති හරති ච පච්චාහරති චාති.
මෙසේ කාළවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙන්, කොළොම්තොට විහාරයෙහි වස් වැසූ භික්ෂූන් මෙන්ද, කමටහන් යුතු වූ සිතින්ම පා ඔසවන්නාහු ගම අසලට ගොස් මුවෙහි ජලය පුරවා වීථි සලකා යම්තැනක සුරාසොඬ ආදීහු, කලහකරුවෝ, සැඩ ඇත් අස් ආදීහු නැත්ද ඒ වීථියට පිවිසෙත්. එහිද පිඬු පිණිස හැසිරෙමින් ඉක්මනින් ඉක්මනින් වේගයෙන් නොයති. ජවනපිණ්ඩපාතික ධුතාංගයයි දෙයක් නම් නැත. විෂම භූමිභාගයක තැබූ දිය කළයක් මෙන් නිශ්චලව යති. ගෙපිළිවෙලින් පිවිසියාහුද දෙනු කැමති බව හෝ නොදෙනු කැමැති බව සලකන්ට සුදුසුකල් අපේක්ෂාවෙන් භික්ෂුව ගෙන ඇතුළුගම හෝ පිටගම හෝ විහාරයට හෝ පැමිණ පහසු සුදුසු අවකාශයක හිඳ කමටහන් මෙනෙහි කරන්නාහු ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව එළඹවාගෙන ඇස් අඳුන් වණ ආලේපන කුණුමස් උපමා වශයෙන් ප්රත්යවේක්ෂා කරමින් අට අඟකින් යුතු ආහර අනුභව කරති. විනෝදය පිණිස නොව, මදය පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාරය පිණිස නොව, අහර අනුභවකොට ජලකිස කොට මොහොතක් බතින් ඇතිවන ක්ලාන්තය, මැඩපවත්වා පෙරබත් කල්හි මෙන් පසුඛත් කල්හිද, පෙරයමද පසුයමද කමටහනම මෙනෙහි කරත්. මෙය හරති පච්වාහරති නමැයි කියනු ලැබේ.
ඉදං පන හරණපච්චාහරණසඞ්ඛාතං ගතපච්චාගතවත්තං පූරෙන්තො යදි උපනිස්සයසම්පන්නො හොති, පඨමවයෙ එව අරහත්තං පාපුණාති. නො චෙ පඨමවයෙ පාපුණාති, අථ මජ්ඣිමවයෙ; නො චෙ මජ්ඣිමවයෙ පාපුණාති, අථ මරණසමයෙ; නො චෙ මරණසමයෙ පාපුණාති, අථ දෙවපුත්තො හුත්වා; නො චෙ දෙවපුත්තො හුත්වා පාපුණාති, අනුප්පන්නෙ බුද්ධෙ නිබ්බත්තො පච්චෙකබොධිං සච්ඡිකරොති. නො චෙ පච්චෙකබොධිං සච්ඡිකරොති, අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති; සෙය්යථාපි ථෙරො බාහියො දාරුචීරියො මහාපඤ්ඤො වා, සෙය්යථාපි ථෙරො සාරිපුත්තො මහිද්ධිකො වා, සෙය්යථාපි ථෙරො මහාමොග්ගල්ලානො ධුතවාදො වා, සෙය්යථාපි ථෙරො මහාකස්සපො දිබ්බචක්ඛුකො වා, සෙය්යථාපි ථෙරො අනුරුද්ධො විනයධරො වා, සෙය්යථාපි ථෙරො උපාලි ධම්මකථිකො වා, සෙය්යථාපි ථෙරො පුණ්ණො මන්තාණිපුත්තො ආරඤ්ඤිකො වා, සෙය්යථාපි ථෙරො රෙවතො බහුස්සුතො වා, සෙය්යථාපි ථෙරො ආනන්දො භික්ඛාකාමො වා, සෙය්යථාපි ථෙරො රාහුලො බුද්ධපුත්තොති. ඉති ඉමස්මිං චතුක්කෙ ය්වායං හරති ච පච්චාහරති ච, තස්ස ගොචරසම්පජඤ්ඤං සිඛාපත්තං හොති.
මේ හරණ ප්රත්යහරණ සංඛ්‍යාත වූ ගතපච්චාගත වත පුරමින් උපනිශ්‍රය සම්පන්න වේනම් ප්‍රථම වයසෙහිදීම රහත්බවට පැමිණෙයි. ප්‍රථම වයසෙහි නොපැමිණේ නම් මධ්‍යම වයසේදී පැමිණෙයි. මධ්‍යම වයසෙහිදී නොපැමිණේනම් මරණ සමයෙහි පැමිණෙයි. මරණ සමයෙහි නොපැමිණේ නම් දේවපුත්‍රයකු වී පැමිණෙයි. දේවපුත්රයෙක්වැ බුදුන් නූපන් කල්හි ඉපද පච්චෙක බෝධිය සාක්ෂාත් කරයි. පච්චෙක බෝධිය සාක්ෂාත් නොකෙරේ නම් බුදුවරුන් හමුවෙහි වහා අභිඥාලාභී හෝ වෙයි. බාහිය දාරුචීරිය තෙරුන් මෙන්, සාරිපුත්‍ර තෙරුන් මෙන් මහා ප්රඥව වෙයි. මහා මොග්ගල්ලාන තෙරුන් මෙන් මහා ඍද්ධි ඇත්තේව වෙයි. මහා කස්සප තෙරුන් මෙන් ධූතවාදීව වෙයි. අනුරුද්ධ තෙරුන් මෙන් දිවැස් ඇත්තේව වෙයි. උපාලි තෙරුන් මෙන් විනයධරව වෙයි. පුණ්ණ මන්තානි පුත්ත තෙරුන් මෙන් ධර්මකථිකව වෙයි. රේවත තෙරුන් මෙන් ආරණ්‍යකව වෙයි. ආනන්ද තෙරුන් මෙන් බහුශ්‍රැතව වෙයි. රාහුල බුද්ධ පුත්‍රයා මෙන් ශික්ෂාකාමීව වෙයි. මෙසේ මේ චතුෂ්කයෙහි යමෙක් ගෙනයාද ආපසු ගෙනඒද ඔහුට ගෝචර සම්ප්‍රජානනය මුදුන්පත් වෙයි.
අභික්කමාදීසු පන අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං, තං එවං වෙදිතබ්බං – ඉධ භික්ඛු අභික්කමන්තො වා පටික්කමන්තො වා යථා අන්ධබාලපුථුජ්ජනා අභික්කමාදීසු – “අත්තා අභික්කමති, අත්තනා අභික්කමො නිබ්බත්තිතො”ති වා, “අහං අභික්කමාමි, මයා අභික්කමො නිබ්බත්තිතො”ති වා සම්මුය්හන්ති, තථා අසම්මුය්හන්තො “අභික්කමාමී”ති චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානා වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති. ඉති චිත්තකිරියවායොධාතුවිප්ඵාරවසෙන අයං කායසම්මතො අට්ඨිසඞ්ඝාතො අභික්කමති. තස්සෙවං අභික්කමතො එකෙකපාදුද්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො; තථා අතිහරණවීතිහරණෙසු. වොස්සජ්ජනෙ තෙජොධාතු වායොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා බලවතියො, තථා සන්නික්ඛෙපනසන්නිරුජ්ඣනෙසු. තත්ථ උද්ධරණෙ පවත්තා රූපාරූපධම්මා අතිහරණං න පාපුණන්ති, තථා අතිහරණෙ පවත්තා වීතිහරණං, වීතිහරණෙ පවත්තා වොස්සජ්ජනං, වොස්සජ්ජනෙ පවත්තා සන්නික්ඛෙපනං, සන්නික්ඛෙපනෙ පවත්තා සන්නිරුජ්ඣනං න පාපුණන්ති. තත්ථ තත්ථෙව පබ්බං පබ්බං සන්ධි සන්ධි ඔධි ඔධි හුත්වා තත්තකපාලෙ පක්ඛිත්තතිලානි විය පටපටායන්තා භිජ්ජන්ති. තත්ථ කො එකො අභික්කමති, කස්ස වා එකස්ස අභික්කමනං? පරමත්ථතො හි ධාතූනංයෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිසජ්ජනං, ධාතූනං සයනං. තස්මිං තස්මිං කොට්ඨාසෙ සද්ධිං රූපෙන.
අභික්කන්තං ආදී තන්හි මුළානොවීම අසම්මූළ්හ සම්ප්‍රජානනය. එය මෙසේ දතයුතුය. මෙහි භික්ෂුව යන්නේ හෝ නවතින්නේ හෝ යම්සේ අන්ධ පෘථග්ජනයා යාම් ආදියෙහිදී ආත්මයයි. ආත්මය විසින් ගමනක් උපදවන ලදී කියා හෝ ‘මම යමි. මා විසින් ගමනක් උපදවන ලදී කියා හෝ මුළාවට පත්වෙයි. එසේම මුළාවට පත්නොවන්නේ ‘යමි’යි සිතක් උපදිනවිට එම සිත සමගම සිතින් හටගන්නා වායෝ ධාතුව විඤ්ඤත්තිය ඇතිකරමින් උපදී. මෙසේ චිත්ත කිරිය වායෝ ධාතුව පැතිර යාම් වශයෙන් මේ කාර්යය සම්මත ඇටසැකිල්ල ඉක්මවා යයි. මෙසේ ගමන් කරන ඔහුගේ එක් එක් පාදයක් එසවීමේදී පඨවි ධාතුව ආපෝ ධාතුව යන ධාතු දෙක පහත් වෙයි. මද වෙයි. ඉතිරි දෙක වැඩි වෙයි. බලවත් වෙයි. ගෙනඒමෙහි පා එසවීම් වලදී මෙන්. දීමේදී තේජෝ ධාතුව වායෝ ධාතුව යන දෙක අඩුවෙයි. මඳ වෙයි. ඉතිරි දෙක ඉවත් කිරීම් බාධා කිරීම් ආදියෙහිදී මෙන් වැඩි වෙයි. බලවත් වෙයි. එහි ගෙනඒමෙහි පැවති රූපාරූප ධර්ම ගෙනඒමට නොපැමිණේ. එසේ ගෙනඒමෙහි පැවති රූපාරූප ධර්ම පා එසවීමට නොපැමිණේ. පා එසවීමෙහි පැවති රූපාරූප ධර්ම දීමට නොපැමිණේ. දීමෙහි පැවති රූපාරූප ධර්ම ඉවත්කිරීමට නොපැමිණේ. ඉවත්කිරීමෙහි පැවති රූපාරූප ධර්ම බාධා කිරීමට නොපැමිණේ. ඒ ඒ තැන පුරුක් පුරුක්ව, හන්දි හන්දිවට ඉරි ඉරිව රත්වූ කබලෙහි දැමූ අමු තල ඇට මෙන් තට තට අනුකරණයෙන් බිඳෙයි. එහි කවර එකෙක් යාද? කවර එකකුගේ ඒමක්ද? පරමාර්ථ වශයෙන් නම් ධාතූන්ගේම ගමනය. ධාතුන්ගේ සිටීමය. ධාතූන්ගේ හිඳීමය. ධාතුන්ගේ සයනයය. රූපය සමග ඒ ඒ කොටසෙහි
අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං, අඤ්ඤං චිත්තං නිරුජ්ඣති; අවීචිමනුසම්බන්ධො, නදීසොතොව වත්තතීති.
අන් සිතක් උපදී - අන් සිතක් වැනසී යයි අවීචියට සබැඳිව - ගං දහර මෙන් පවතී
එවං අභික්කමාදීසු අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං නාමාති.
මෙසේ අභික්කම ආදී තන්හි මුළානොවීම අසම්මූළ්හ සම්ප්‍රජානනය නම් වේ.
නිට්ඨිතො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොතීති පදස්ස අත්ථො.
අභික්කන්ත පටික්කන්තෙ සම්පජානකාරී හොති යන පදයෙහි අර්ථය නිමියේ ය.
ආලොකිතෙ විලොකිතෙති එත්ථ පන ආලොකිතං නාම පුරතො පෙක්ඛණං. විලොකිතං නාම අනුදිසාපෙක්ඛණං. අඤ්ඤානිපි හෙට්ඨා උපරි පච්ඡතො පෙක්ඛණවසෙන ඔලොකිතඋල්ලොකිතාපලොකිතානි නාම හොන්ති, තානි ඉධ න ගහිතානි. සාරුප්පවසෙන පන ඉමානෙව ද්වෙ ගහිතානි, ඉමිනා වා මුඛෙන සබ්බානිපි තානි ගහිතානෙවාති.
ආලෝකිතෙ විලෝකිතෙ යනු මෙහි ආලොකිතං යනු ඉදිරිපස බැලීමයි. විලොකිතං යනු අනුදිශාවන් බැලීමයි. අනිත් යට උඩ පසුපස බැලීම් වශයෙන් ඔලොකිත බැලීම. උලලොකිත (උඩ බැලීම) පලොකිත (පසුපස බැලීම) නම් වෙයි. ඒවා මෙහිදී නොගන්නා ලදී. සාරුප්‍ය වශයෙන් මේ දෙකම ගන්නා ලදී. මේ අයුරින් ඒ සියල්ල ගන්නා ලද්දේමය.
තත්ථ “ආලොකෙස්සාමී”ති චිත්තෙ උප්පන්නෙ චිත්තවසෙනෙව අනොලොකෙත්වා අත්ථපරිග්ගණ්හනං සාත්ථකසම්පජඤ්ඤං, තං ආයස්මන්තං නන්දං කායසක්ඛිං කත්වා වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා – “සචෙ, භික්ඛවෙ, නන්දස්ස පුරත්ථිමා දිසා ආලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො පුරත්ථිමං දිසං ආලොකෙති – ‘එවං මෙ පුරත්ථිමං දිසං ආලොකයතො න අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොති (අ· නි· 8.9). සචෙ, භික්ඛවෙ, නන්දස්ස පච්ඡිමා දිසා…පෙ… උත්තරා දිසා…පෙ… දක්ඛිණා දිසා…පෙ… උද්ධං…පෙ… අධො…පෙ… අනුදිසා අනුවිලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො අනුදිසං අනුවිලොකෙති – ‘එවං මෙ අනුදිසං අනුවිලොකයතො න අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොතී”ති.
එහි ‘බලන්නෙමි’යි සිතක් උපන්කල්හි සිත් වශයෙන්ම බලා අර්ථ පරිග්‍රහණය වේ. සාර්ථක සම්ප්‍රජානනය ආයුෂ්මත් නන්ද තෙරුන් කාය. සාක්ෂිකොට දතයුතුය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දේය. ‘මහණෙනි, නන්දට පෙරදිග බැලිය යුතුයයි සිතක් වේනම්, සියලු චෛතසික වශයෙන් එක්තැන්කොට නන්ද පෙරදිග බලයි. ‘මෙසේ පෙරදිග බලන්නා වූ මාගේ ක්‍රෝධය දොම්නස යන පාපී අකුශල ධර්මයෝ ගලා නොඑත් යනුවෙන්. මෙසේ සාර්ථක සම්ප්‍රජානනය වෙයි. මහණෙනි, නන්දට පශ්චිම දිශාව -පෙ- උතුරු දිශාව, දකුණු දිශාව, උඩ, යට, අනුදිශාවන් බැලිය යුතුයයි සිතක් වේනම් සියලු චෛතසික වශයෙන් එක්තැන් කොට නන්ද අනුදිශාව බලයි. මෙසේ අනුදිශාව බලන්නා වූ මාගේ -පෙ- සම්ප්‍රජානනය වෙයි.
අපි ච ඉධාපි පුබ්බෙ වුත්තචෙතියදස්සනාදිවසෙනෙව සාත්ථකතා ච සප්පායතා ච වෙදිතබ්බා, කම්මට්ඨානස්ස පන අවිජහනමෙව ගොචරසම්පජඤ්ඤං. තස්මා එත්ථ ඛන්ධධාතුආයතනකම්මට්ඨානිකෙහි අත්තනො කම්මට්ඨානවසෙනෙව, කසිණාදිකම්මට්ඨානිකෙහි වා පන කම්මට්ඨානසීසෙනෙව ආලොකනං විලොකනං කාතබ්බං. අබ්භන්තරෙ අත්තා නාම ආලොකෙතා වා විලොකෙතා වා නත්ථි, ‘ආලොකෙස්සාමී’ති පන චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානා වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති. ඉති චිත්තකිරියවායොධාතුවිප්ඵාරවසෙන හෙට්ඨිමං අක්ඛිදලං අධො සීදති, උපරිමං උද්ධං ලඞ්ඝෙති. කොචි යන්තකෙන විවරන්තො නාම නත්ථි. තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං සාධෙන්තං උප්පජ්ජතීති එවං පජානනං පනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං නාම. අපි ච මූලපරිඤ්ඤා ආගන්තුකතාව කාලිකභාවවසෙන පෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං. මූලපරිඤ්ඤාවසෙන තාව –
තවද, මෙහිද පෙර කියූ චෛත්‍ය දර්ශන ආදී වශයෙන් සාර්ථක බවද, ස්රාත්ප්රාය බවද දතයුතුය. කමටහන අත්නොහැරීමට ගෝචර සම්ප්‍රජානනය නම් වේ. ඒ නිසා ස්කන්ධ ධාතු ආයතන කර්මස්ථානිකයන් සමග තමාගේ කර්මස්ථාන වශයෙන්ම කසිණ ආදී කර්මස්ථානිකයන් සමග හෝ කර්මස්ථාන ශීර්ෂයෙන්ම බැලීම විමසීම කළයුතුය. අභ්‍යන්තරයෙහි ආත්මය නම් බලන්නෙක් හෝ විමසන්නෙක් නැත. ‘බලන්නෙමි’ යන සිත උපදිනවිට ඒ සිත සමගම සිතෙහි හටගන්නා වායෝ ධාතුව විඤ්ඤත්තිය දනවමින් උපදී. මෙසේ චිත්ත, කිරිය වායෝ ධාතුව පැතිරිම් වශයෙන් යට ඇස් පිහාටුව යටට ගිලෙයි. උඩ ඇස් පිහාටුව උඩ එල්ලෙයි. යන්ත්‍රයෙන් හැසිරෙන්නෙක් නම් නැත. එයින් දර්ශන කෘත්‍යය සිදුකරන චක්ඛු විඤ්ඤාණය උපදීනුයි මෙසේ ප්රජානනය මෙහි අසම්මූඪ සම්ප්‍රජානනය නම් වේ. තවද මූල පරිඥාව, ආගන්තුක බව තාවකාලික බව වශයෙන් මෙහි අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුය. මූලපරිඥා වශයෙන් :-
භවඞ්ගාවජ්ජනඤ්චෙව, දස්සනං සම්පටිච්ඡනං; සන්තීරණං වොට්ඨබ්බනං, ජවනං භවති සත්තමං.
භවංගා වජ්ජනං චෙව දස්සනං සම්පටිච්ඡනං සන්තීරණං වොත්ථපනං - ජවනං භවති සත්තමං
තත්ථ භවඞ්ගං උපපත්තිභවස්ස අඞ්ගකිච්චං සාධයමානං පවත්තති, තං ආවට්ටෙත්වා කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා, තංනිරොධා චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං සාධයමානං, තංනිරොධා විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං සාධයමානා, තංනිරොධා විපාකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං සාධයමානා, තංනිරොධා කිරියමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධයමානා, තංනිරොධා සත්තක්ඛත්තුං ජවනං ජවති. තත්ථ පඨමජවනෙපි – “අයං ඉත්ථී, අයං පුරිසො”ති රජ්ජනදුස්සනමුය්හනවසෙන ආලොකිතවිලොකිතං නාම න හොති. දුතියජවනෙපි…පෙ… සත්තමජවනෙපි. එතෙසු පන යුද්ධමණ්ඩලෙ යොධෙසු විය හෙට්ඨුපරියවසෙන භිජ්ජිත්වා පතිතෙසු – “අයං ඉත්ථී, අයං පුරිසො”ති රජ්ජනාදිවසෙන ආලොකිතවිලොකිතං හොති. එවං තාවෙත්ථ මූලපරිඤ්ඤාවසෙන අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
එහි භවාංගය උත්පත්ති භවයාගේ අංග කෘත්‍යය සිදුකරමින් පවතීනුයි එය වටකොට කිරිය මනෝධාතු ආවර්ජන කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධ වීමෙන් චක්ඛු විඤ්ඤාණය දර්ශනය කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධ වීමෙන් විපාක මනෝ ධාතුව සම්පටිච්ඡන කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධවීමෙන් කිරිය මනෝවිඤ්ඤාණ ධාතුව සන්තීරණ කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධවීමෙන් කිරිය මනෝවිඤ්ඤාණ ධාතුව වොත්ථපන කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධ වීමෙන් සත්වරක් ජවනය දුවයි. එහි ප්‍රථම ජවනයෙහිද ‘මේ ස්ත්‍රියකි. මේ පුරුෂයෙකියි ඇලෙන, දූෂණය වන, මුළාවන වශයෙන් ආලෝකිත විලෝකිතයක් නොවේ. දෙවැනි ජවනයෙහිද -පෙ- සත්වැනි ජවනයෙහිද නොවේ. මේ යුදබිමෙහි යෝධයන් යට උඩ වශයෙන් කැපී වැටුණු කල්හි මෙන් ‘මේ ස්ත්‍රියකි. මේ පුරුෂයෙකි’යි ඇලීම ආදී වශයෙන් ආලෝකිත විලෝකිතයක් ඇත. මෙසේ මෙහි මූල පරිඥා වශයෙන් අසම්මූඨ සම්ප්‍රජානනය දතයුතුය.
චක්ඛුද්වාරෙ පන රූපෙ ආපාථමාගතෙ භවඞ්ගචලනතො උද්ධං සකකිච්චනිප්ඵාදනවසෙන ආවජ්ජනාදීසු උප්පජ්ජිත්වා නිරුද්ධෙසු අවසානෙ ජවනං උප්පජ්ජති, තං පුබ්බෙ උප්පන්නානං ආවජ්ජනාදීනං ගෙහභූතෙ චක්ඛුද්වාරෙ ආගන්තුකපුරිසො විය හොති. තස්ස යථා පරගෙහෙ කිඤ්චි යාචිතුං පවිට්ඨස්ස ආගන්තුකපුරිසස්ස ගෙහස්සාමිකෙසු තුණ්හීමාසිනෙසු ආණාකරණං න යුත්තං, එවං ආවජ්ජනාදීනං ගෙහභූතෙ චක්ඛුද්වාරෙ ආවජ්ජනාදීසුපි අරජ්ජන්තෙසු අදුස්සන්තෙසු අමුය්හන්තෙසු ච රජ්ජනදුස්සනමුය්හනං අයුත්තන්ති එවං ආගන්තුකභාවවසෙන අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
චක්ෂු ද්වාරයෙහි රූපයක් පහළ වූ කල්හි භවාංග චලනයෙන් උඩ තම තමාගේ කෘත්‍ය නිෂ්පාදන වශයෙන් ආවර්ජන ආදිය ඉපිද නිරුද්ධ වූ කල්හි අවසන ජවනය උපදී. එය පළමුව උපන් ආවර්ජන ආදීන්ට ගෙය වූ චක්ෂු ද්වාරයෙහි ආගන්තුක පුරුෂයකු වැනි වෙයි. අනුන්ගේ ගෙයි කිසිවක් ඉල්ලන්ට ආ ආගන්තුක පුරුෂයාට ගෙහිමියන් නිහඬව සිටි කල්හි අණකිරීම යුතු නැත්තේ යම්සේද, එසේ ආවර්ජන ආදීන්ට ගෙය වූ චක්ෂු ද්වාරයෙහි ආවර්ජන ආදීන් නොඇලෙන කල්හි. දූෂණය නොකරන කල්හි, මුළා නොකරන කල්හි ඇලීම දූෂණය මුළාවීම යුතු නැත. මෙසේ ආගන්තුක භාව වශයෙන් අසම්මූඨ සම්ප්‍රජානනය දතයුතුයි.
යානි පනෙතානි චක්ඛුද්වාරෙ වොට්ඨබ්බනපරියොසානානි චිත්තානි උප්පජ්ජන්ති, තානි සද්ධිං සම්පයුත්තධම්මෙහි තත්ථ තත්ථෙව භිජ්ජන්ති, අඤ්ඤමඤ්ඤං න පස්සන්තීති, ඉත්තරානි තාවකාලිකානි හොන්ති. තත්ථ යථා එකස්මිං ඝරෙ සබ්බෙසු මානුසකෙසු මතෙසු අවසෙසස්ස එකස්ස තඞ්ඛණඤ්ඤෙව මරණධම්මස්ස න යුත්තා නච්චගීතාදීසු අභිරති නාම. එවමෙව එකද්වාරෙ සසම්පයුත්තෙසු ආවජ්ජනාදීසු තත්ථ තත්ථෙව මතෙසු අවසෙසස්ස තඞ්ඛණෙයෙව මරණධම්මස්ස ජවනස්සාපි රජ්ජනදුස්සනමුය්හනවසෙන අභිරති නාම න යුත්තාති. එවං තාවකාලිකභාවවසෙන අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
[missing trans]
අපි ච ඛන්ධායතනධාතුපච්චයපච්චවෙක්ඛණවසෙන පෙතං වෙදිතබ්බං. එත්ථ හි චක්ඛු චෙව රූපා ච රූපක්ඛන්ධො, දස්සනං විඤ්ඤාණක්ඛන්ධො, තංසම්පයුත්තා වෙදනා වෙදනාක්ඛන්ධො, සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, ඵස්සාදිකා සඞ්ඛාරක්ඛන්ධො. එවමෙතෙසං පඤ්චන්නං ඛන්ධානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?
තවද, ස්කන්ධ ධාතු ආයතන ප්‍රත්‍යය, ප්රත්යවේක්ෂණ වශයෙන්ද මෙය දතයුතුය. මෙහි චක්ෂුවද රූපයද රූපස්කන්ධයයි. දර්ශනය විඥාන ස්කන්ධයයි. ඒ හා බැඳුණු වේදනාව වේදනා ස්කන්ධයයි. සංඥාව සංඥා ස්කන්ධයයි. ස්පර්ශය ආදිකොට ඇත්තේ සංස්කාර ස්කන්ධයයි. මෙසේ මේ පංචස්කන්ධයන්ගේ එකතුව ඇති කල්හි බැලීම විමසීම දක්නට ලැබේ. එහි බැලීමෙහි කවර එකද? විමසීමෙහි කවර එකද?
තථා චක්ඛු චක්ඛායතනං, රූපං රූපායතනං, දස්සනං මනායතනං, වෙදනාදයො සම්පයුත්තධම්මා ධම්මායතනං. එවමෙතෙසං චතුන්නං ආයතනානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?
එසේ ඇස චක්ඛු ආයතනයි. රූප රූපායතනයයි. දර්ශනය මනායතනයයි. වේදනා ආදී සම්ප්‍රයුක්ත ධර්මයෝ ධර්මායතනයි. මෙසේ මේ ආයතන සතරෙහි එකතුවෙහි බැලීම විමසීම දක්නට ලැබේ. එහි බැලීමෙහි කවර එකද? විමසීමෙහි කවර එකද?
තථා චක්ඛු චක්ඛුධාතු, රූපං රූපධාතු, දස්සනං චක්ඛුවිඤ්ඤාණධාතු, තංසම්පයුත්තා වෙදනාදයො ධම්මා ධම්මධාතු. එවමෙතාසං චතුන්නං ධාතූනං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?
එසේ ඇස චක්ඛු ධාතුවයි. රූපය රූප ධාතුවයි. දර්ශනය චක්ඛු විඤ්ඤාණ ධාතුවයි. ඒහා බැඳුණු වේදනා ආදී ධර්මයෝ ධම්මධාතුය. මෙසේ මේ ධාතුන් සතරෙහි එකතුවෙහි ආලෝකනයෙහි එකද? විලෝකනයෙහි කවර එකද?
තථා චක්ඛු නිස්සයපච්චයො, රූපා ආරම්මණපච්චයො, ආවජ්ජනං අනන්තරසමනන්තරූපනිස්සයනත්ථිවිගතපච්චයො, ආලොකො උපනිස්සයපච්චයො, වෙදනාදයො සහජාතපච්චයො. එවමෙතෙසං පච්චයානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති, කො විලොකෙතීති? එවමෙත්ථ ඛන්ධායතනධාතුපච්චයපච්චවෙක්ඛණවසෙනපි අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
එසේ ඇස නිශ්‍රය ප්‍රත්‍යයයි. රූපය ආරම්මණ ප්‍රත්‍යයයි. ආවර්ජනය අනන්තර සමනන්තර උපනිශ්‍රය නත්‍ථිවිගත ප්‍රත්‍යයයි. ආලෝකය නිශ්‍රය ප්‍රත්‍යයයි. වේදනා ආදිය සහජාත ප්‍රත්‍යයයි. මෙසේ මේ ප්‍රත්‍යයන්ගේ එකතුවෙහි ආලෝකන විලෝකන දක්නට ලැබේ. එහි ආලෝකනයෙහි කවර එකද? විලෝකනයෙහි කවර එකද? මෙසේ මෙහි ස්කන්ධ ධාතු ප්‍රත්‍යය ප්රත්යවේක්ෂණ වශයෙන්ද අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුය.
සමිඤ්ජිතෙ පසාරිතෙති පබ්බානං සමිඤ්ජනපසාරණෙ. තත්ථ චිත්තවසෙනෙව සමිඤ්ජනපසාරණං අකත්වා හත්ථපාදානං සමිඤ්ජනපසාරණපච්චයා අත්ථානත්ථං පරිග්ගණ්හිත්වා අත්ථපරිග්ගණ්හනං සාත්ථකසම්පජඤ්ඤං. තත්ථ හත්ථපාදෙ අතිචිරං සමිඤ්ජෙත්වා වා පසාරෙත්වා වා ඨිතස්ස ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජති, චිත්තං එකග්ගතං න ලභති, කම්මට්ඨානං පරිපතති, විසෙසං නාධිගච්ඡති. කාලෙ සමිඤ්ජෙන්තස්ස කාලෙ පසාරෙන්තස්ස පන තා වෙදනා නුප්පජ්ජන්ති, චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං ඵාතිං ගච්ඡති, විසෙසමධිගච්ඡතීති, එවං අත්ථානත්ථපරිග්ගණ්හනං වෙදිතබ්බං.
සම්මිඤ්ජිතෙ පසාරිතෙ යනු පුරුක්වල හැකිළීමෙහි දිගහැරීමෙහි එහි චිත්ත වශයෙන්ම හැකිළීම දිගහැරීම නොකොට අත්පා හැකිළීම දිගහැරීම ප්‍රත්‍යයෙන් අර්ථානර්ථ ගැන බලා අර්ථ පරිග්‍රහණය සාර්ථක සම්ප්රජානනයයි. එහි අත්පා බොහෝ වේලාවක් හකුළුවා හෝ දිගහැරම සිටියහුට ක්ෂණයෙන් ක්ෂණය වේදනා උපදී. සිත ඒකාග්‍රතාව නොලබයි. කමටහන පැටලෙයි. විශේෂයක් අවබෝධ නොකරයි. සුදුසු කල්හි හැකිලෙන අවස්ථාවෙහි දිගහරින්නාට ඒ වේදනා නූපදී. සිත එකග බව ලබයි. කමටහන වර්ධනයට යයි. විශේෂය අවබෝධ කරයි. මෙසේ අර්ථානර්ථ පරිග්‍රහණය දතයුතුය.
අත්ථෙ පන සතිපි සප්පායාසප්පායං පරිග්ගණ්හිත්වා සප්පායපරිග්ගණ්හනං සප්පායසම්පජඤ්ඤං. තත්රායං නයො –
අර්ථය ඇති කල්හිද සත්ප්‍රාය අසත්ප්‍රාය ගැන බලා සත්ප්‍රාය පරිග්‍රහණය සත්ප්‍රාය සම්ප්රජානනයයි. මේ එහි ක්‍රමයයි :-
මහාචෙතියඞ්ගණෙ කිර දහරභික්ඛූ සජ්ඣායං ගණ්හන්ති, තෙසං පිට්ඨිපස්සෙසු දහරභික්ඛුනියො ධම්මං සුණන්ති. තත්රෙකො දහරො හත්ථං පසාරෙන්තො කායසංසග්ගං පත්වා තෙනෙව කාරණෙන ගිහී ජාතො. අපරො භික්ඛු පාදං පසාරෙන්තො අග්ගිම්හි පසාරෙසි, අට්ඨිමාහච්ච පාදො ඣායි. අපරො වම්මිකෙ පසාරෙසි, සො ආසීවිසෙන ඩට්ඨො. අපරො චීවරකුටිදණ්ඩකෙ පසාරෙසි, තං මණිසප්පො ඩංසි. තස්මා එවරූපෙ අසප්පායෙ අපසාරෙත්වා සප්පායෙ පසාරෙතබ්බං. ඉදමෙත්ථ සප්පායසම්පජඤ්ඤං.
මහා චෛත්‍යයෙහි මළුවෙහි තරුණ භික්ෂූහු සජ්ඣායනා කරති. ඔවුන්ගේ පිටුපස තරුණ භික්ෂුණීහු ධර්මශ්රවණය කරති. එහි එක් තරුණයෙක් අත දිගහරින්නේ කාය සංසර්ගයට පැමිණ ඒ කරුණින්ම ගිහි වූයේය. තවත් භික්ෂුවක් පා දිග හරින්නේ ගින්නෙහි දිගහැරීය. ඇටය හැපී පාදය දැවුණේය. තවෙකෙක් තුඹසක දිගහැරියේය. හේ සර්පයකු විසින් දෂ්ට කරන ලදී. තවෙකෙක් සිවුරුකුටි දඬුවෙහි දිගහැරියේය. එය මාපිලකු විසින් දෂ්ට කරන ලදී. ඒ නිසා මෙබඳු අසත්ප්‍රාය තන්හි දිගනොහැර සත්ප්‍රාය තන්හි දිගහැරිය යුතුය. මේ මෙහි සත්ප්‍රාය සම්ප්රජානනයයි.
ගොචරසම්පජඤ්ඤං පන මහාථෙරවත්ථුනා දීපෙතබ්බං – මහාථෙරො කිර දිවාඨානෙ නිසින්නො අන්තෙවාසිකෙහි සද්ධිං කථයමානො සහසා හත්ථං සමිඤ්ජෙත්වා පුන යථාඨානෙ ඨපෙත්වා සණිකං සමිඤ්ජෙසි. තං අන්තෙවාසිකා පුච්ඡිංසු – “කස්මා, භන්තෙ, සහසා හත්ථං සමිඤ්ජිත්වා පුන යථාඨානෙ ඨපෙත්වා සණිකං සමිඤ්ජියිත්ථා”ති? යතො පට්ඨායාහං, ආවුසො, කම්මට්ඨානං මනසිකාතුං ආරද්ධො, න මෙ කම්මට්ඨානං මුඤ්චිත්වා හත්ථො සමිඤ්ජිතපුබ්බො, ඉදානි පන මෙ තුම්හෙහි සද්ධිං කථයමානෙන කම්මට්ඨානං මුඤ්චිත්වා සමිඤ්ජිතො. තස්මා පුන යථාඨානෙ ඨපෙත්වා සමිඤ්ජෙසින්ති. සාධු, භන්තෙ, භික්ඛුනා නාම එවරූපෙන භවිතබ්බන්ති. එවමෙත්ථාපි කම්මට්ඨානාවිජහනමෙව ගොචරසම්පජඤ්ඤන්ති වෙදිතබ්බං.
ගෝචර සම්ප්‍රජානනය මහාථෙර වත්ථුවෙන් දැක්විය යුතුය :- මහ තෙරණුවෝ දිවාස්ථානයෙහි හුන්නාහු අතවැසියන් සමග දහම් කියමින් වහා අත දමා නැවත තිබුණු තැන තබා හෙමින් නැමූහ. අතවැසි භික්ෂූහු උන්වහන්සේගෙන් ඇසූහ. ‘ස්වාමීනි, අත වහා තමා නැවත තිබුණු තැන තබා හෙමින් කුමක් නිසා නැමූ සේක්ද?’‘ඇවැත්නි, මම යම්තැනක පටන් කමටහන් මෙනෙහි කිරීම ඇරඹූයෙම්ද, කමටහන මුදා අත් නමා නැත. දැන් ඔබ සමග කථා කරමින් සිටින මා විසින් කමටහන මුදා නමන ලද්දේය. ඒ නිසා නැවත තිබුණු තැන තබා නැමුවෙමියි කීහ. ‘මැනවි ස්වාමීනි. භික්ෂුවක් විසින් මෙසේ විය යුතුය’යි මෙසේ මෙහිද කමටහන අතහැරීමම ගෝචර සම්ප්‍රජානන යැයි දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි සමිඤ්ජෙන්තො වා පසාරෙන්තො වා නත්ථි, වුත්තප්පකාරචිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන පන සුත්තාකඩ්ඪනවසෙන දාරුයන්තස්ස හත්ථපාදලචලනං විය සමිඤ්ජනපසාරණං හොතීති එවං පරිජානනං පනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤන්ති වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය නමැති නැමෙන දිගහැරෙන කිසිවක් හෝ නැත. කියන ලද අයුරු චිත්ත කිරිය වායෝ ධාතු පැතිරීමෙන් නුල් ඇදීමෙන් දාරු යන්ත්‍රයෙහි අත්පා නැටවීම මෙන් නැමීම දිගහැරීම වෙයි. මෙසේ ප්රජානනය මෙහි අසම්මූඪ සම්ප්රජානනයයි දතයුතුය.
සඞ්ඝාටිපත්තචීවරධාරණෙති එත්ථ සඞ්ඝාටිචීවරානං නිවාසනපාරුපනවසෙන පත්තස්ස භික්ඛාපටිග්ගහණාදිවසෙන පරිභොගො ධාරණං නාම. තත්ථ සඞ්ඝාටිචීවරධාරණෙ තාව නිවාසෙත්වා වා පාරුපිත්වා වා පිණ්ඩාය චරතො ආමිසලාභො සීතස්ස පටිඝාතායාතිආදිනා නයෙන භගවතා වුත්තප්පකාරොයෙව ච අත්ථො අත්ථො නාම. තස්ස වසෙන සාත්ථකසම්පජඤ්ඤං වෙදිතබ්බං.
සංඝාටි පත්තචීවර ධාරණෙ යනු මෙහි සඟල සිවුරු හැදීම් පෙරවීම් වශයෙන් පාත්‍රයට භික්ෂා ප්‍රතිග්‍රහණ ආදී වශයෙන් කරන පරිභෝගය ධාරණ නමි. එහි සඟල සිවුරු දැරීමෙහි වනාහි හැඳ පෙරව පිඬු පිණිස හැසිරෙන්නහුගේ ආමිෂ ලාභය ‘සීතල නැතිකිරීම පිණිස’ආදී ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද ආකාර අර්ථය අර්ථ නමි. ඒ වශයෙන් සාර්ථක සම්ප්‍රජානන යයි දතයුතුය.
උණ්හපකතිකස්ස පන දුබ්බලස්ස ච චීවරං සුඛුමං සප්පායං, සීතාලුකස්ස ඝනං දුපට්ටං. විපරීතං අසප්පායං. යස්ස කස්සචි ජිණ්ණං අසප්පායමෙව, අග්ගළාදිදානෙන හිස්ස තං පලිබොධකරං හොති. තථා පට්ටුණ්ණදුකූලාදිභෙදං ලොභනීයචීවරං. තාදිසඤ්හි අරඤ්ඤෙ එකකස්ස නිවාසන්තරායකරං ජීවිතන්තරායකරඤ්චාපි හොති. නිප්පරියායෙන පන යං නිමිත්තකම්මාදිමිච්ඡාජීවවසෙන උප්පන්නං, යඤ්චස්ස සෙවමානස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, තං අසප්පායං. විපරීතං සප්පායං. තස්ස වසෙනෙත්ථ සප්පායසම්පජඤ්ඤං. කම්මට්ඨානාවිජහනවසෙනෙව ගොචරසම්පජඤ්ඤං වෙදිතබ්බං.
උෂ්ණ ප්‍රකෘති ඇත්තහුට හා දුර්වල වූවහුට සියුම් සිවුර සත්ප්‍රාය වේ. ශීත ප්‍රකෘති ඇත්තහුට ඝන වූ දෙපට සිවුර සත්ප්‍රාය වේ. වෙනස් වූ සිවුර අසත්ප්රායය. අණ්ඩ දැමීම ඔහුට කරදරකාරී වෙයි. එසේම පට දුහුල් ආදී භේද ඇති සිවුරු ආශා ඇතිකරයි. එබඳු සිවුර අරණ්‍යයෙහි තනිව නිවැසීමට අන්තරාය ගෙනදෙන සුලුය. ජීවිතය අනතුරට පැමිණීම හෝ වෙයි. අපිළිවෙළින් යමක් නිමිති කීම් වැනි මිච්ඡා ආජීව වශයෙන් උපන්නේ වේද, යමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද කුශල ධර්මයෝ පිරිහෙත්ද, එය අසත්ප්රායය. එයින් වෙනස් වූ දෙය සත්ප්‍රායය. ඒ වශයෙන් මෙහි සත්ප්‍රාය සම්ප්‍රජානනය කමටහන් අත්හැරීම් වශයෙන්ම ද ගෝචර සම්ප්‍රජානනය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි චීවරං පාරුපෙන්තො නත්ථි, වුත්තප්පකාරෙන චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව පන චීවරපාරුපනං හොති. තත්ථ චීවරම්පි අචෙතනං, කායොපි අචෙතනො. චීවරං න ජානාති – “මයා කායො පාරුපිතො”ති. කායොපි න ජානාති – “අහං චීවරෙන පාරුපිතො”ති. ධාතුයොව ධාතුසමූහං පටිච්ඡාදෙන්ති පටපිලොතිකායපොත්ථකරූපපටිච්ඡාදනෙ විය. තස්මා නෙව සුන්දරං චීවරං ලභිත්වා සොමනස්සං කාතබ්බං, න අසුන්දරං ලභිත්වා දොමනස්සං.
[missing trans]
නාගවම්මිකචෙතියරුක්ඛාදීසු හි කෙචි මාලාගන්ධධූමවත්ථාදීහි සක්කාරං කරොන්ති, කෙචි ගූථමුත්තකද්දමදණ්ඩසත්ථප්පහාරාදීහි අසක්කාරං. න තෙහි නාගවම්මිකරුක්ඛාදයො සොමනස්සං වා දොමනස්සං වා කරොන්ති. එවමෙව නෙව සුන්දරං චීවරං ලභිත්වා සොමනස්සං කාතබ්බං, න අසුන්දරං ලභිත්වා දොමනස්සන්ති, එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
[missing trans]
පත්තධාරණෙපි පත්තං සහසාව අග්ගහෙත්වා ඉමං ගහෙත්වා පිණ්ඩාය චරමානො භික්ඛං ලභිස්සාමීති, එවං පත්තග්ගහණපච්චයා පටිලභිතබ්බං අත්ථවසෙන සාත්ථකසම්පජඤ්ඤං වෙදිතබ්බං.
[missing trans]
කිසදුබ්බලසරීරස්ස පන ගරුපත්තො අසප්පායො, යස්ස කස්සචි චතුපඤ්චගණ්ඨිකාහතො දුබ්බිසොධනීයො අසප්පායොව. දුද්ධොතපත්තොපි න වට්ටති, තං ධොවන්තස්සෙව චස්ස පලිබොධො හොති. මණිවණ්ණපත්තො පන ලොභනීයො, චීවරෙ වුත්තනයෙනෙව අසප්පායො, නිමිත්තකම්මාදිවසෙන ලද්ධො පන යඤ්චස්ස සෙවමානස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, අයං එකන්තඅසප්පායොව. විපරීතො සප්පායො. තස්ස වසෙනෙත්ථ සප්පායසම්පජඤ්ඤං. කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම්පජඤ්ඤං වෙදිතබ්බං.
[missing trans]
අබ්භන්තරෙ අත්තා නාම කොචි පත්තං ගණ්හන්තො නත්ථි, වුත්තප්පකාරෙන චිත්තකිරියවායොධාතුවිප්ඵාරවසෙනෙව පත්තග්ගහණං නාම හොති. තත්ථ පත්තොපි අචෙතනො, හත්ථාපි අචෙතනා. පත්තො න ජානාති – “අහං හත්ථෙහි ගහිතො”ති. හත්ථාපි න ජානන්ති – “අම්හෙහි පත්තො ගහිතො”ති. ධාතුයොව ධාතුසමූහං ගණ්හන්ති, සණ්ඩාසෙන අග්ගිවණ්ණපත්තග්ගහණෙ වියාති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය නම් පාත්‍රය ගන්නා කිසිවෙක් නැත. කියන ලද පරිදි චිත්ත කිරිය වායෝධාතු පැතිරීම් වශයෙන් ම පාත්‍රය ගැනීමක් නම් නැත. එහි පාත්‍රය ද අචේතනිකය. අත් ද අචේතනිකය. මම අතින් ගන්නා ලද්දෙමි’යි පාත්‍රය නොදනී. අප විසින් පාත්‍රය ගන්නා ලද්දේ යයි අත්ද නොදනී. ධාතුහුම ධාතූන් ගනිති. අඬුවෙන් ගිනිවන් පාත්‍ර ග්‍රහණයක් මෙනැයි මෙසේ පැවති විනිශ්චය වශයෙන් අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුය.
අපි ච යථා ඡින්නහත්ථපාදෙ වණමුඛෙහි පග්ඝරිතපුබ්බලොහිතකිමිකුලෙ නීලමක්ඛිකසම්පරිකිණ්ණෙ අනාථසාලායං නිපන්නෙ අනාථමනුස්සෙ දිස්වා, යෙ දයාලුකා පුරිසා, තෙ තෙසං වණමත්තචොළකානි චෙව කපාලාදීහි ච භෙසජ්ජානි උපනාමෙන්ති. තත්ථ චොළකානිපි කෙසඤ්චි සණ්හානි, කෙසඤ්චි ථූලානි පාපුණන්ති. භෙසජ්ජකපාලකානිපි කෙසඤ්චි සුසණ්ඨානානි, කෙසඤ්චි දුස්සණ්ඨානානි පාපුණන්ති, න තෙ තත්ථ සුමනා වා දුම්මනා වා හොන්ති. වණපටිච්ඡාදනමත්තෙනෙව හි චොළකෙන, භෙසජ්ජපටිග්ගහණමත්තෙනෙව ච කපාලකෙන තෙසං අත්ථො. එවමෙව යො භික්ඛු වණචොළකං විය චීවරං, භෙසජ්ජකපාලකං විය ච පත්තං, කපාලෙ භෙසජ්ජමිව ච පත්තෙ ලද්ධං භික්ඛං සල්ලක්ඛෙති, අයං සඞ්ඝාටිපත්තචීවරධාරණෙ අසම්මොහසම්පජඤ්ඤෙන උත්තමසම්පජානකාරීති වෙදිතබ්බො.
තවද, සිඳුණු අත්පා ඇති, වණමුඛයෙන් වැගිරෙන ලේ සැරවයෙහි පණු කුලයන් ඇති තිලමැස්සන් විසින් ගැවසුණු. අනාථ ශාලාවෙහි අනාථ මිනිසුන් දැක දයාබහුල පුරුෂයෝ ඔවුන්ට වණ පට රෙදිද වලං. කබල් ආදියෙහි තබා බෙහෙත් පිරිනමති. එහි රෙදි ආදිය සමහරක් තුනීය. සමහරක් ඝනය. බෙහෙත් ගෙනඑන කබල් ආදිය සමහරක් විසිතුරුය. සමහරක් අවලස්සනය. ඔවුහු එහිදී සොම්නස් හෝ දොම්නස් නොවෙති. වණ ඔතා බැඳීම් මාත්‍රයෙන් රෙද්දෙන් ද කබලෙන් බෙහෙත් පිළිගැනීම් මාත්‍රයෙන්ද ඔවුන්ට ප්‍රයෝජන වේ. මෙසේ ඒ භික්ෂුව සිවුර වණය ඔතන රෙද්ද සේද, පාත්‍රය බෙහෙත් කබල මෙන්ද, කබලෙහි බෙහෙත් මෙන් පාත්‍රයෙහි ලද භික්‍ෂාවද සලකයි. මෙය සඟල පාසිවුරු දැරීමෙහි අසම්මූඪ සම්ප්රජානනයෙන් උතුම් වූ සම්පජාන කාරීයයි දතයුතුය.
අසිතාදීසු අසිතෙති පිණ්ඩපාතභොජනෙ. පීතෙති යාගුආදිපානෙ. ඛායිතෙති පිට්ඨඛජ්ජාදිඛාදනෙ. සායිතෙති මධුඵාණිතාදිසායනෙ. තත්ථ නෙව දවායාතිආදිනා නයෙන වුත්තො අට්ඨවිධොපි අත්ථො අත්ථො නාම. තස්සෙව වසෙන සාත්ථකසම්පජඤ්ඤං වෙදිතබ්බං.
අසිත ආදී තන්හි අසිතෙ යනු පිණ්ඩපාත භෝජනයෙහි. පීත යනු කැඳ ආදී පානයෙහි, බායිතෙ යනු පිටිකැවුම් ආදිය වැළඳීමෙහි, සායතෙ යනු මීපැණි හකුරු ආදිය රසබැලීමෙහි. එහි නෙවදවාය යන ආදී ක්‍රමයෙන් කියන ලද අටවැදෑරුම් අර්ථය අත්ථො නමි. ඒ වශයෙන් සාර්ථක සම්ප්‍රජානනය දතයුතුය.
ලූඛපණීතතිත්තමධුරරසාදීසු පන යෙන භොජනෙන යස්ස ඵාසු න හොති, තං තස්ස අසප්පායං. යං පන නිමිත්තකම්මාදිවසෙන පටිලද්ධං, යඤ්චස්ස භුඤ්ජතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, තං එකන්තඅසප්පායමෙව, විපරීතං සප්පායං. තස්ස වසෙනෙත්ථ සප්පායසම්පජඤ්ඤං. කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම්පජඤ්ඤං වෙදිතබ්බං.
කටුක ප්‍රණීත තිත්ත මිහිරි ආදීන්හි යම් බොජුනකින් යමකුට අපහසුවක් වේද, එය ඔහුට අසත්ප්රායය. යමක් නිමිති කර්ම වශයෙන් ලැබුවක් නම්, යමක් බුදින්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද එය ඒකාන්තයෙන් අසත්ප්රායමය. වෙනස් වූ දෙය සත්ප්‍රායය. ඒ වශයෙන්ද මෙහි සත්ප්‍රාය සම්ප්රජානනයද, කමටහන් අත්හැර දැමීම් වශයෙන් ද ගෝචර සම්ප්රජානනයද දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි භුඤ්ජකො නත්ථි, වුත්තප්පකාරචිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව පත්තප්පටිග්ගහණං නාම හොති. චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව හත්ථස්ස පත්තෙ ඔතාරණං නාම හොති. චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව ආලොපකරණං ආලොපඋද්ධාරණං මුඛවිවරණඤ්ච හොති, න කොචි කුඤ්චිකාය යන්තකෙන වා හනුකට්ඨීනි විවරති. චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව ආලොපස්ස මුඛෙ ඨපනං, උපරිදන්තානං මුසලකිච්චසාධනං, හෙට්ඨිමදන්තානං උදුක්ඛලකිච්චසාධනං, ජිව්හාය හත්ථකිච්චසාධනඤ්ච හොති. ඉති තත්ථ අග්ගජිව්හාය තනුකඛෙළො මූලජිව්හාය බහලඛෙළො මක්ඛෙති. තං හෙට්ඨාදන්තඋදුක්ඛලෙ ජිව්හාහත්ථපරිවත්තකං ඛෙළොදකෙන තෙමිතං උපරිදන්තමුසලසඤ්චුණ්ණිතං කොචි කටච්ඡුනා වා දබ්බියා වා අන්තොපවෙසෙන්තො නාම නත්ථි, වායොධාතුයාව පවිසති. පවිට්ඨං පවිට්ඨං කොචි පලාලසන්ථාරං කත්වා ධාරෙන්තො නාම නත්ථි, වායොධාතුවසෙනෙව තිට්ඨති. ඨිතං ඨිතං කොචි උද්ධනං කත්වා අග්ගිං ජාලෙත්වා පචන්තො නාම නත්ථි, තෙජොධාතුයාව පච්චති. පක්කං පක්කං කොචි දණ්ඩකෙන වා යට්ඨියා වා බහි නීහාරකො නාම නත්ථි, වායොධාතුයෙව නීහරති. ඉති වායොධාතු පටිහරති ච, වීතිහරති ච, ධාරෙති ච, පරිවත්තෙති ච, සඤ්චුණ්ණෙති ච, විසොසෙති ච, නීහරති ච. පථවීධාතු ධාරෙති ච, පරිවත්තෙති ච, සඤ්චුණ්ණෙති ච, විසොසෙති ච. ආපොධාතු සිනෙහෙති ච, අල්ලත්තඤ්ච අනුපාලෙති. තෙජොධාතු අන්තොපවිට්ඨං පරිපාචෙති. ආකාසධාතු අඤ්ජසො හොති. විඤ්ඤාණධාතු තත්ථ තත්ථ සම්මාපයොගමන්වාය ආභුජතීති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්ම නම් කිසිදු අනුභව කරන්නෙක් නැත. කියන ලද ආකාර චිත්ත කිරිය වායෝ ධාතු පැතිරවීමෙන්ම පාත්‍ර ප්‍රතිග්‍රහණය නම් වෙයි. චිත්ත කිරිය වායෝ ධාතු පැතිරවීමෙන්ම අතට පාත්‍රයෙහි බැසීම සිදුවෙයි. චිත්ත කිරිය වායෝ ධාතු පැතිරවීමෙන්ම පිඬු කිරිම, පිඬු උඩට ගැනීම, මුව විවර කිරීම වෙයි. කිසිවෙක් යතුරෙන් යන්ත්‍රයකින් හකුපාඩා විවර නොකරයි. චිත්ත කිරිය වායෝධාතු පැතිරවීමෙන්ම පිඬුව මුවෙහි තැබීමද, උඩ දත් වල මොහොල කටයුත්ත සිදුකිරීම, යට දත්වල වංගෙඩියක කටයුත්ත සිදුකිරීමද, දිවෙන් අතින් කෙරෙන කටයුත්ත කිරීමද සිදුවෙයි. මෙසේ එහි දිවගින් සිහින් කෙල දිවමුලින් මහ කෙල මැකෙයි. එය යටදත් වංගෙඩියෙහි දිව අතින් පෙරලේ. කෙල ජලයෙන් තෙමේ. උඩ දත් මොහොලින් සුණු වූයේ වෙයි. කිසිවෙක් හැන්දෙන් හෝ අළුවෙන් ඇතුළත පෙරලෙන්නෙක් නැත. වායෝ ධාතුවෙන්ම පිවිසෙයි. පිවිස පිවිසි දෙය කිසිවෙක් පරඬල් පඳුරක් කොට දරන්නේ නැත. වායෝ ධාතු වශයෙන්ම සිටී. සිටි සිටි දෙය කිසිවෙක් උදුන තනා ගිනිදල්වා පිසන්නේ නැත. තේජෝ ධාතුවෙන්ම පිසේ. පැසුණු පැසුණු දෙය කිසිවෙක් දඬුවකින් හෝ යටිකයින් පිටතට ගෙනයන්නේ නැත. වායෝ ධාතුවෙන්ම ගෙනදේ. මෙසේ වායෝ ධාතුවම ගෙන එයි. හසුරුවයි. දරයි. පෙරලයි. සුණු කරයි. වියලවයි. පිටතට ගෙන යයි. පඨවී ධාතුව දරයි. පෙරලයි. සුණු කරයි. වියලවයි. ආපෝ ධාතුව තෙත් කරයි. තෙත්බව පාලනය කරයි. තේජෝ ධාතුව ඇතුළට පිවිසි දේ පැසවයි. ආකාස ධාතුව මාර්ගය වෙයි. විඤ්ඤාණ ධාතුව ඒ ඒ තැන මනා යෙදුම නිසා තුටුකරයි. මෙසේ පැවති විනිශ්චය වශයෙන් මෙහි අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුය.
අපි ච ගමනතො පරියෙසනතො පරිභොගතො ආසයතො නිධානතො අපරිපක්කතො පරිපක්කතො ඵලතො නිස්සන්දතො සම්මක්ඛනතොති, එවං දසවිධපටිකූලභාවපච්චවෙක්ඛණතො පෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං. විත්ථාරකථා පනෙත්ථ විසුද්ධිමග්ගෙ ආහාරපටිකූලසඤ්ඤානිද්දෙසතො ගහෙතබ්බා.
තවද ‘ගමනින්, සෙවීමෙන්, පරිභෝගයෙන්, ආශයෙන්, නිධානයෙන්, නොපැසුණු බැවින්, පැසුණු බවින්, ඵලයෙන් වැගිරෙන බැවින්, මකන බැවින්’යයි මෙසේ දශවැදෑරුම් පිළිකුල් බව ප්රත්යවේක්ෂාවෙන් මෙහි අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුයි. විස්තර කථාව විශුද්ධි මාර්ගයෙහි ආහාරෙ පටික්කූල සඤ්ඤා නිද්දේසයෙන් ගතයුතුයි.
උච්චාරපස්සාවකම්මෙති උච්චාරස්ස ච පස්සාවස්ස ච කරණෙ. තත්ථ පත්තකාලෙ උච්චාරපස්සාවං අකරොන්තස්ස සකලසරීරතො සෙදා මුච්චන්ති, අක්ඛීනි භමන්ති, චිත්තං න එකග්ගං හොති, අඤ්ඤෙ ච රොගා උප්පජ්ජන්ති. කරොන්තස්ස පන සබ්බං තං න හොතීති අයමෙත්ථ අත්ථො. තස්ස වසෙන සාත්ථකසම්පජඤ්ඤං වෙදිතබ්බං.
උච්වාර පස්සාව කම්මෙ යනු මුත්‍ර කිරීමද මලපහ කිරීමද සිදුකිරීමෙහි එහි පැමිණිකල මුත්රමල පහ නොකරන්නාගේ සකල ශරීරයෙන් ඩහදිය මිදෙයි. ඇස් කැරකේ. සිත එකඟ නොවේ. වෙනත් රෝගද උපදී. කරන්නාට මේ සියල්ලම නොවේ. මේ මෙහි අර්ථයයි. ඒ වශයෙන් සාර්ථක සම්ප්‍රජානනය දතයුතුය.
අට්ඨානෙ උච්චාරපස්සාවං කරොන්තස්ස පන ආපත්ති හොති, අයසො වඩ්ඪති, ජීවිතන්තරායො හොති, පතිරූපෙ ඨානෙ කරොන්තස්ස සබ්බං තං න හොතීති ඉදමෙත්ථ සප්පායං තස්ස වසෙන සප්පායසම්පජඤ්ඤං. කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම්පජඤ්ඤං වෙදිතබ්බං.
නොතැන මුත්රමල පහ කරන්නාට ඇවතක් වේ. අයස වැඩේ. ජීවිත අන්තරාය වෙයි. සුදුසු තැන කරන්නාට ඒ සියල්ල නොවේ. මේ මෙහි සත්ප්රාසයයි. ඒ වශයෙන් සත්ප්‍රාය සම්ප්‍රජානනය වේ. කමටහන අත්හැරීම් වශයෙන්ද ගෝචර සම්ප්‍රජානනය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම උච්චාරපස්සාවකම්මං කරොන්තො නත්ථි, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙනෙව පන උච්චාරපස්සාවකම්මං හොති. යථා වා පන පක්කෙ ගණ්ඩෙ ගණ්ඩභෙදෙන පුබ්බලොහිතං අකාමතාය නික්ඛමති. යථා ච අතිභරිතා උදකභාජනා උදකං අකාමතාය නික්ඛමති. එවං පක්කාසයමුත්තවත්ථීසු සන්නිචිතා උච්චාරපස්සාවා වායුවෙගසමුප්පීළිතා අකාමතායපි නික්ඛමන්ති. සො පනායං එවං නික්ඛමන්තො උච්චාරපස්සාවො නෙව තස්ස භික්ඛුනො අත්තනො හොති, න පරස්ස, කෙවලං සරීරනිස්සන්දොව හොති. යථා කිං? යථා උදකතුම්බතො පුරාණුදකං ඡඩ්ඩෙන්තස්ස නෙව තං අත්තනො හොති, න පරෙසං; කෙවලං පටිජග්ගනමත්තමෙව හොති; එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මයැයි මුත්රමල කාර්යය සිදුකරන්නෙක් නැත. චිත්ත කිරිය වායෝ ධාතු පැතිරීමෙන්ම මුත්‍ර මල පහකිරීමේ කාර්යය වේ. යම්සේ පැසුණු ගඩුවෙහි ගඩුව කැඩීමෙන් සැරව ලේ කැමැත්තක් නැතිව නික්මේද, එසේ බර වැඩි ජල බඳුනින් ජලය කැමැත්තක් නැතිව නික්මෙයි. මෙසේ පක්වාශයෙන් මිදුණු වස්තිවල රැස්වූ මුත්රමල වාතවේගයෙන් පෙළනු ලැබුවේ කැමැත්තක් නැතිවම නික්මෙයි. මෙසේ නික්මෙන මුත්රමල ඒ භික්ෂුවට නොවේ. අන්‍යයාටද නොවේ. හුදෙක් සිරුර ගලා යාමට වෙයි. කෙසේද? යම්සේ දිය කළයෙන් පැරණි ජලය ඉවත ලන්නහුට එය තමාගේ නොවේ. අන්‍යයන්ගේ ද නොවේ. හුදෙක් පිළිදැගුම් මාත්‍රයම වේ. මෙසේ පැවති විනිශ්චය වශයෙන් අසම්මූඪ සම්ප්‍රජානනය දතයුතුය.
ගතාදීසු ගතෙති ගමනෙ. ඨිතෙති ඨානෙ. නිසින්නෙති නිසජ්ජාය. සුත්තෙති සයනෙ. ජාගරිතෙති ජාගරණෙ. භාසිතෙති කථනෙ. තුණ්හීභාවෙති අකථනෙ. “ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති, ඨිතො වා ඨිතොම්හීති පජානාති, නිසින්නො වා නිසින්නොම්හීති පජානාති, සයානො වා සයානොම්හීති පජානාතී”ති ඉමස්මිඤ්හි සුත්තෙ අද්ධානඉරියාපථා කථිතා. “අභික්කන්තෙ පටික්කන්තෙ ආලොකිතෙ විලොකිතෙ සමිඤ්ජිතෙ පසාරිතෙ”ති ඉමස්මිං මජ්ඣිමා. “ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ”ති ඉධ පන ඛුද්දකචුණ්ණියඉරියාපථා කථිතා. තස්මා තෙසුපි වුත්තනයෙනෙව සම්පජානකාරිතා වෙදිතබ්බා.
ගත ආදී තන්හි ගතෙ යනු ගමනෙහි. ඨිතෙ සිටීමෙහි. නිසින්නෙ හිඳීමෙහි. සුත්තෙ සයනයෙහි. ජාගරිතෙ නිදිවැරීමෙහි. භාසිතෙ කීමෙහි. තුණ්හීභාවෙ නොකීමෙහි යන්නේ හෝ යමියි දනී. සිටියේම සිටියෙමියි දනී. හුන්නේ හුන්නෙමියි දනී. නිදන්නේ නිදාගතිමියි දනී. මේ සූත්‍රයෙහි මාර්ග ඊර්යාපථ කියන ලදී. අභික්කන්තෙ, පටික්කන්තෙ, ආලොකිතෙ, විලොකිතෙ, සම්මිඤ්ජිතෙ. පසාරිතෙ යනුවෙන්. මෙහි ඇත්තේ මධ්‍යම ඒවාය. ගතෙ ඨිතෙ තිසින්නෙ සුත්තෙ යනු මෙහි කුඩා කැඩුණු ඉරියව් කියන ලදී. ඒ නිසා මේවායෙහිද කියන ලද පරිදිම සම්ප්රජාන කාරිතාව දතයුතුය.
තිපිටකමහාසිවත්ථෙරො පනාහ – යො චිරං ගන්ත්වා වා චඞ්කමිත්වා වා අපරභාගෙ ඨිතො ඉති පටිසඤ්චික්ඛති – “චඞ්කමනකාලෙ පවත්තා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. අයං ගතෙ සම්පජානකාරී නාම.
තිපිටක මහාසිව තෙරණුවෝ මෙසේ කීහ. යමෙක් දිගුකලක් ඇවිද හෝ සක්මන්කොට හෝ අපරභාගයෙහි සිටියේ මෙසේ සිතාබලයි. සක්මන් කරන කල්හි පැවති රූප රූපධර්ම මෙහිදීම නිරුද්ධය. මෙය ගතෙ සම්පජානකාරී නම් වෙයි.
යො සජ්ඣායං වා කරොන්තො, පඤ්හං වා විස්සජ්ජෙන්තො, කම්මට්ඨානං වා මනසිකරොන්තො චිරං ඨත්වා අපරභාගෙ නිසින්නො ඉති පටිසඤ්චික්ඛති – “ඨිතකාලෙ පවත්තා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. අයං ඨිතෙ සම්පජානකාරී නාම.
යමෙක් සජ්ඣායනය හෝ කරන්නේ ප්‍රශ්න හෝ විසඳන්නේ කමටහන් හෝ මෙනෙහි කරන්නේ බොහෝකල් සිට අපරභාගයෙහි හුන්නේ මෙසේ සිතා බලයි. සිටිකල්හි පැවති රූපාරූප ධර්ම මෙහිදීම නිරුද්ධ විය. මෙය ඨිතො සම්පජානකාරී නමි.
යො සජ්ඣායාදිකරණවසෙනෙව චිරං නිසීදිත්වා අපරභාගෙ උට්ඨාය ඉති පටිසඤ්චික්ඛති – “නිසින්නකාලෙ පවත්තා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. අයං නිසින්නෙ සම්පජානකාරී නාම.
යමෙක් සජ්ඣාය ආදී ග්‍රහණ වශයෙන්ම බොහෝකල් හිඳ පසුකලෙක වැදහොතේ මෙසේ සිතා බලයි. හුන්කල්හි පැවති රූපාරූප ධර්ම මෙහිම නිරුද්ධය. මෙය නිසින්නෙ සම්පජානකාරි නමි.
යො පන නිපන්නකො සජ්ඣායං වා කරොන්තො කම්මට්ඨානං වා මනසිකරොන්තො නිද්දං ඔක්කමිත්වා අපරභාගෙ උට්ඨාය ඉති පටිසඤ්චික්ඛති – “සයනකාලෙ පවත්තා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. අයං සුත්තෙ ජාගරිතෙ ච සම්පජානකාරී නාම. කිරියමයචිත්තානඤ්හි අප්පවත්තනං සොප්පං නාම, පවත්තනං ජාගරිතං නාම.
යමෙක් වැදහෙව සජ්ඣාය හෝ කරන්නේ කමටහන් හෝ මෙනෙහි කරන්නේ නින්දට බැස පසුකලෙක නැගිට මෙසේ සිතා බලයි. ‘නිදනකල්හි පැවති රූපාරූප ධර්ම මෙහිම නිරුද්ධය. මෙය සුත්තෙ සහ ජාගරිතෙ සම්පජානකාරී නමි. කිරියමය සිත්වල නො පවත්නේ සොප්ප නමි. පැවැත්ම ජාගරිත නමි.
යො පන භාසමානො – “අයං සද්දො නාම ඔට්ඨෙ ච පටිච්ච, දන්තෙ ච ජිව්හඤ්ච තාලුඤ්ච පටිච්ච, චිත්තස්ස ච තදනුරූපං පයොගං පටිච්ච ජායතී”ති සතො සම්පජානොව භාසති. චිරං වා පන කාලං සජ්ඣායං වා කත්වා, ධම්මං වා කථෙත්වා, කම්මට්ඨානං වා පවත්තෙත්වා, පඤ්හං වා විස්සජ්ජෙත්වා, අපරභාගෙ තුණ්හීභූතො ඉති පටිසඤ්චික්ඛති – “භාසිතකාලෙ උප්පන්නා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. අයං භාසිතෙ සම්පජානකාරී නාම.
යමෙක් කථා කරමින් ‘මේ ශබ්දය නම් තොල් නිසා, දත් නිසා, දිව නිසා, තල්ල නිසා සිතෙහි තදනුරූප වූ ප්‍රයෝගය නිසා උපදී’ යයි සිහි ඇත්තේ සම්ප්‍රජානන ඇත්තේ කියයි බොහෝකලක් සජ්ඣාය හෝ කොට ධර්මය හෝ කියා කමටහන් හෝ පෙරලා පැන හෝ විසඳා පසුකලෙක නිහඩව සිට මෙසේ සිතා බලයි. ‘කියූකල්හි උපන් රූපාරූප ධර්ම මෙහිම නිරුද්ධය. මෙය භාසිතෙ සම්පජාන කාරී නමි.
යො තුණ්හීභූතො චිරං ධම්මං වා කම්මට්ඨානං වා මනසිකත්වා අපරභාගෙ ඉති පටිසඤ්චික්ඛති – “තුණ්හීභූතකාලෙ පවත්තා රූපාරූපධම්මා එත්ථෙව නිරුද්ධා”ති. උපාදාරූපප්පවත්තියඤ්හි සති භාසති නාම, අසති තුණ්හී භවති නාමාති. අයං තුණ්හීභාවෙ සම්පජානකාරී නාමාති.
නිහඬව සිට බොහෝකලක් ධර්මය හෝ කමටහන හෝ මෙනෙහිකොට පසුකලෙක මෙසේ සිතා බලයි. ‘නිහඬව සිටිකල්හි පැවති රූපාරූප ධර්ම මෙහිම නිරුද්ධය. උපාදා රූප පැවැත්ම ඇතිවිට භාසති නම් වේ. නැතිවිට නිහඬව සිටී නමි. මෙය තුණ්හී භාවෙ සම්පජානකාරී නම් වේ.
තයිදං මහාසිවත්ථෙරෙන වුත්තං අසම්මොහධුරං මහාසතිපට්ඨානසුත්තෙ අධිප්පෙතං. ඉමස්මිං පන සාමඤ්ඤඵලෙ සබ්බම්පි චතුබ්බිධං සම්පජඤ්ඤං ලබ්භති. තස්මා වුත්තනයෙනෙව චෙත්ථ චතුන්නං සම්පජඤ්ඤානං වසෙන සම්පජානකාරිතා වෙදිතබ්බා. සම්පජානකාරීති ච සබ්බපදෙසු සතිසම්පයුත්තස්සෙව සම්පජඤ්ඤස්ස වසෙන අත්ථො වෙදිතබ්බො. සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොති එතස්ස හි පදස්ස අයං විත්ථාරො. විභඞ්ගප්පකරණෙ පන – “සතො සම්පජානො අභික්කමති, සතො සම්පජානො පටික්කමතී”ති එවං එතානි පදානි විභත්තානෙව. එවං, ඛො මහාරාජාති එවං සතිසම්පයුත්තස්ස සම්පජඤ්ඤස්ස වසෙන අභික්කමාදීනි පවත්තෙන්තො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො නාම හොතීති අත්ථො.
මේ මහාසිව තෙරුන් කියූ දෙයයි. අසම්මොහ ධුරය මහා සතිපට්ඨාන සූත්‍රයෙහි අදහස් කරන ලදී. මේ සාමඤ්ඤඵලයෙහි සියලු සිව්වැදෑරුම් සම්ප්‍රජානනය ලැබේ. ඒ නිසා කියන ලද පරිද්දෙන් මෙහි සම්ප්‍රජානන සතරෙහි වශයෙන් සම්පජානකාරීතාව දතයුතුය. සම්පජානකාරී යනුද සියලු පදයන්හි සතියෙන් යුක්ත වූ සම්ප්‍රජානනය වශයෙන් අර්ථය දතයුතුය. සති සම්පජඤ්ඤෙන සමන්නාගතො යනු මේ පදයාගේ මේ විස්තරයයි. විභංගප්පකරණයෙහි, සිහි ඇතිව සම්ප්රජානනයෙන් යුතුව යයි සම්ප්රජානනයෙන් යුතුව නවතියි’ මෙසේ මේ පද බෙදා ඇත්තේය. එවං ඛො මහාරාජ යනු සතියෙන් යුක්ත වූවහුට ම සම්ප්‍රජානන වශයෙන් යම් ආදිය පවත්වන්නේ සති සම්ප්රජානනයෙන් යුක්ත වූයේ නම් වෙතියි අර්ථයි.
සන්තොසකථා
ඉධ, මහාරාජ, භික්ඛු සන්තුට්ඨො හොතීති එත්ථ සන්තුට්ඨොති ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතො. සො පනෙස සන්තොසො ද්වාදසවිධො හොති, සෙය්යථිදං – චීවරෙ යථාලාභසන්තොසො, යථාබලසන්තොසො, යථාසාරුප්පසන්තොසොති තිවිධො. එවං පිණ්ඩපාතාදීසු. තස්සායං පභෙදවණ්ණනා –
ඉධමහාරාජ භික්ඛු සත්තුට්ඨොහොති යනු මෙහි සන්තුට්ඨො යනු එකක් හෝ තවත් ප්‍රත්‍යය සන්තෝෂයෙන් යුත්. ඒ සන්තෝෂය දොළොස් වැදෑරුම් වේ. ඒ කෙසේද යත්. චීවරෙ යථාලාභ සන්තෝෂය, යථාබල සන්තෝෂය, යථා සාරුප්ප සන්තෝෂය යැයි තෙවැදෑරුම් වේ. මෙසේ පිණ්ඩපාත ආදියෙහි මේ ප්‍රභේද වර්ණනාවයි -
ඉධ භික්ඛු චීවරං ලභති, සුන්දරං වා අසුන්දරං වා. සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හති. අයමස්ස චීවරෙ යථාලාභසන්තොසො. අථ පන පකතිදුබ්බලො වා හොති, ආබාධජරාභිභූතො වා, ගරුචීවරං පාරුපන්තො කිලමති. සො සභාගෙන භික්ඛුනා සද්ධිං තං පරිවත්තෙත්වා ලහුකෙන යාපෙන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස චීවරෙ යථාබලසන්තොසො. අපරො පණීතපච්චයලාභී හොති. සො පත්තචීවරාදීනං අඤ්ඤතරං මහග්ඝපත්තචීවරං බහූනි වා පන පත්තචීවරානි ලභිත්වා ඉදං ථෙරානං චිරපබ්බජිතානං, ඉදං බහුස්සුතානං අනුරූපං, ඉදං ගිලානානං, ඉදං අප්පලාභීනං හොතූති දත්වා තෙසං පුරාණචීවරං වා ගහෙත්වා සඞ්කාරකූටාදිතො වා නන්තකානි උච්චිනිත්වා තෙහි සඞ්ඝාටිං කත්වා ධාරෙන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස චීවරෙ යථාසාරුප්පසන්තොසො.
මෙහි භික්ෂුව සුන්දර වූ හෝ අසුන්දර වූ සිවුරක් ලබයි. හේ එයින්ම යැපෙයි. අනිකක් නොපතයි. ලැබුණත් නොගනී. මේ ඔහුගේ චීවර යථාලාභ සන්තෝෂයයි. එහෙත් ප්‍රකෘතියෙන් දුර්වල වූයේ හෝ ආබාධයන්ගෙන් ජරාවෙන් මිරිකුණේ බර සිවුරක් පොරවන්නේ වෙහෙසට පත්වෙයි. හේ සභාග භික්ෂුවක සමග පරිවර්තනය කොට සැහැල්ලු සිවුරකින් යැපෙන්නේ වුවත් සතුටට පත්වූයේ වෙයි. මේ ඔහුගේ චීවර යථාබල සන්තෝෂයයි. අනික් තැනැත්තා ප්‍රණීත ප්‍රත්‍යය ලාභියෙකි. හේ පාසිවුරුවලට අමතරව මාහැඟි සිවුරක් හෝ බොහෝ සිවුරු ලැබ ‘මෙය පැවිදි වී බොහෝ කල් ගිය තෙරුන්ටය. මෙය බහුශ්‍රැතයන්ට සුදුසුය. මෙය ගිලනුන්ට සුදුසුය. මෙය අල්ප ලාභීන්ට වේවායි දී ඔවුන් පැරණි සිවුරක් හෝ කසලගොඩ ආදි තැනකින් වැරහැලි එකතුකොට සඟල සිවුරක් කොට දරන්නේද සතුටුවූයේම වෙයි. මෙය ඔහුගේ චීවර යථාසාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු පිණ්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හති. අයමස්ස පිණ්ඩපාතෙ යථාලාභසන්තොසො. යො පන අත්තනො පකතිවිරුද්ධං වා බ්යාධිවිරුද්ධං වා පිණ්ඩපාතං ලභති, යෙනස්ස පරිභුත්තෙන අඵාසු හොති. සො සභාගස්ස භික්ඛුනො තං දත්වා තස්ස හත්ථතො සප්පායභොජනං භුඤ්ජිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස පිණ්ඩපාතෙ යථාබලසන්තොසො. අපරො බහුං පණීතං පිණ්ඩපාතං ලභති. සො තං චීවරං විය ථෙරචිරපබ්බජිතබහුස්සුතඅප්පලාභීගිලානානං දත්වා තෙසං වා සෙසකං පිණ්ඩාය වා චරිත්වා මිස්සකාහාරං භුඤ්ජන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස පිණ්ඩපාතෙ යථාසාරුප්පසන්තොසො.
මෙහි භික්ෂුව කටුක වූ හෝ ප්‍රණීත වූ හෝ පිණ්ඩපාතය ලබයි. හේ එයින්ම යැපෙයි. අනිකක් නොපතයි. ලැබුණත් නොගනී. මෙය ඔහුගේ පිණ්ඩපාතෙ යථාලාභ සන්තෝෂයයි. යමෙක් තමාගේ ප්‍රකෘතියට විරුද්ධ වූ හෝ රෝගයට විරුද්ධ හෝ පිණ්ඩපාතය ලබයි. වැළඳූවිට ඔහුට අපහසු වෙයි. හේ සභාග භික්ෂුවකට එය දී ඔහුගේ අතින් සත්ප්‍රාය භෝජනයක් වළඳා මහණදම් කරන්නේ වුවද සතුටට පත්වූවෙක්ම වෙයි. මේ ඔහුගේ පිණ්ඩපාතෙ යථාබල සන්තෝෂය වෙයි. තවත් භික්ෂුවක් බොහෝ ප්‍රණීත පිණ්ඩපාතය ලබයි. හේ ඒ සිවුර මෙන් පැවිදි වී බොහෝකල් ගිය බහුශ්‍රැත, අල්පලාභී, ගිලන් යන භික්ෂූන්ට දී ඔවුන්ගෙන් ඉතිරිවන අහර හෝ පිඩු පිණිස හැසිර හෝ මිශ්‍ර ආහාරයක් වළඳන්නේ වුවද සතුටට පත්වූයේම වෙයි. මේ ඔහුගේ පිණ්ඩපාතෙ යථාසාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු සෙනාසනං ලභති, මනාපං වා අමනාපං වා, සො තෙන නෙව සොමනස්සං, න දොමනස්සං උප්පාදෙති; අන්තමසො තිණසන්ථාරකෙනපි යථාලද්ධෙනෙව තුස්සති. අයමස්ස සෙනාසනෙ යථාලාභසන්තොසො. යො පන අත්තනො පකතිවිරුද්ධං වා බ්යාධිවිරුද්ධං වා සෙනාසනං ලභති, යත්ථස්ස වසතො අඵාසු හොති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස සන්තකෙ සප්පායසෙනාසනෙ වසන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස සෙනාසනෙ යථාබලසන්තොසො.
මෙහි භික්ෂුව මනාප වූ හෝ අමනාප වූ හෝ සෙනසුනක් ලබයි. හේ එයින්ම සොම්නස උපදවයි. ක්‍රෝධය නූපදවයි. අඩු තරමින් තණ ඇතිරියකින් වුවද ලද පරිදි තුටු වෙයි. මේ ඔහුගේ සේනාසෙනෙ යථාලාභ සන්තෝෂයයි. යමෙක් තමාගේ ප්‍රකෘතියට විරුද්ධ වූ හෝ රෝගයට විරුද්ධ වූ හෝ සෙනසුනක් ලබයි. එහි වසන්නහුට අපහසුවක් වේනම් හේ එය සභාග භික්ෂුවකට දී උන්වහන්සේ සමීපයෙහි සත්ප්‍රාය සෙනසුනෙහි සතුටුවූයේම වෙයි. මේ ඔහුගේ සෙනාසනෙ යථාබල සන්තෝෂයයි.
අපරො මහාපුඤ්ඤො ලෙණමණ්ඩපකූටාගාරාදීනි බහූනි පණීතසෙනාසනානි ලභති. සො තානි චීවරං විය ථෙරචිරපබ්බජිතබහුස්සුතඅප්පලාභීගිලානානං දත්වා යත්ථ කත්ථචි වසන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො. යොපි – “උත්තමසෙනාසනං නාම පමාදට්ඨානං, තත්ථ නිසින්නස්ස ථිනමිද්ධං ඔක්කමති, නිද්දාභිභූතස්ස පුන පටිබුජ්ඣතො කාමවිතක්කා පාතුභවන්තී”ති පටිසඤ්චික්ඛිත්වා තාදිසං සෙනාසනං පත්තම්පි න සම්පටිච්ඡති. සො තං පටික්ඛිපිත්වා අබ්භොකාසරුක්ඛමූලාදීසු වසන්තොපි සන්තුට්ඨොව හොති. අයම්පිස්ස සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො.
තවත් භික්ෂුවක් මහා පින් ඇත්තේ ලෙන්, මණ්ඩප, කුටාගාර ආදී බොහෝ ප්‍රණීත සේනාසන ලබයි. හේ ඒවා සිවුර මෙන් පැවිදි වූ බොහෝකල් ඇති, බහුශ්‍රැත අල්පලාභී ගිලන් භික්ෂූන්ට දී යම්තැනක වසන්නේ ද සතුටට පත්වූයේම වෙයි. මේ ඔහුගේ සේනාසනෙ යථා සාරුප්ප සන්තෝෂයයි. හෙතෙමේද ‘උතුම් සෙනසුන නම් ප්රමාදස්ථානයකි. එහි හුන්නහුටත් ථිනමිද්ධය බැසගනී. නින්දෙන් මැඩගනු ලැබ නැවත පිබිදුණහුට පාප විතර්කයෝ පහළවෙත් යයි සිතා බලා එබඳු සෙනසුනක් ලැබුණද නොපිළිගනී. හේ එය පිළිකෙව් කොට එළිමහනෙහි රුක්මුල්හි ආදී තන්හි වසන්නේ වුවද සතුටට පත්වූයේ වෙයි. මෙයද සෙනාසනෙ යථාසාරුප්ප සන්තෝෂයයි.
ඉධ පන භික්ඛු භෙසජ්ජං ලභති, ලූඛං වා පණීතං වා, සො යං ලභති, තෙනෙව තුස්සති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හති. අයමස්ස ගිලානපච්චයෙ යථාලාභසන්තොසො. යො පන තෙලෙන අත්ථිකො ඵාණිතං ලභති. සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස හත්ථතො තෙලං ගහෙත්වා අඤ්ඤදෙව වා පරියෙසිත්වා භෙසජ්ජං කරොන්තොපි සන්තුට්ඨොව හොති. අයමස්ස ගිලානපච්චයෙ යථාබලසන්තොසො.
මෙහි භික්ෂුව කටුක වූ ප්‍රණීත වූ හෝ බෙහෙතක් ලබයි හේ යමක් ලබයිද එයින්ම සතුටු වෙයි. අනිකක් නොපතයි. ලැබුණත් නොගනී. මෙය ඔහුගේ ගිලානපච්චය යථාලාභ සන්තෝෂයයි. යමෙක් තෙලෙන් ප්‍රයෝජනයක් ඇත්තේ හකුරු ලබයි. හේ එය සභාග භික්ෂුවකට දී ඔහුගේ අතින් තෙල්ගෙන හෝ අනිකක් හෝ සොයා බෙහෙත් කරන්නේද සතුටට පත් වූයේ වෙයි. මේ ඔහුගේ ගිලානපච්චය යථාබල සන්තෝෂයයි.
අපරො මහාපුඤ්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ්ජං ලභති. සො තං චීවරං විය ථෙරචිරපබ්බජිතබහුස්සුතඅප්පලාභීගිලානානං දත්වා තෙසං ආභතෙන යෙන කෙනචි යාපෙන්තොපි සන්තුට්ඨොව හොති. යො පන එකස්මිං භාජනෙ මුත්තහරීටකං ඨපෙත්වා එකස්මිං චතුමධුරං – “ගණ්හාහි, භන්තෙ, යදිච්ඡසී”ති වුච්චමානො සචස්ස තෙසු අඤ්ඤතරෙනපි රොගො වූපසම්මති, අථ මුත්තහරීටකං නාම බුද්ධාදීහි වණ්ණිතන්ති චතුමධුරං පටික්ඛිපිත්වා මුත්තහරීටකෙනෙව භෙසජ්ජං කරොන්තො පරමසන්තුට්ඨොව හොති. අයමස්ස ගිලානපච්චයෙ යථාසාරුප්පසන්තොසො.
තවත් භික්ෂුවක් මහ පින් ඇත්තේ බොහෝ තෙල් මීපැණි හකුරු ආදී ප්‍රණීත බෙහෙත් ලබයි. හේ ඒ සිවුර මෙන් පැවිදි වී බොහෝ කල් ගිය, බහුශ්‍රැත, අල්පලාභී, ගිලන් භික්ෂූන්ට දී ඔවුන්ට ගෙන එන ලද කිසියම් දෙයකින් යැපෙන්නේ වුවද සතුටට පත්වූයේ වෙයි. යමෙක් එක් බඳුනක මුත්‍ර අරළු තබා එක් බඳුනක චතුමධුර තබා කැමතිනම් ගන්න ස්වාමීනි’යි කියනු ලබන්නේ වෙනත් බෙහෙතකින් රෝගය සමනය වුවත් මුත්‍ර අරළුව බුද්ධාදීන් විසින් වර්ණිතයැයි චතුමධුර පිළිකෙව් කොට මුත්‍ර අරළුවෙන් බෙහෙත් කරන්නේ පරම සන්තෝෂයට පත්වූවෙක්ම වෙයි. මෙය ඔහුගේ ගිලානපච්චයේ යථාසාරුප්ප සන්තෝෂයයි.
ඉමිනා පන ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතස්ස භික්ඛුනො අට්ඨ පරික්ඛාරා වට්ටන්ති. තීණි චීවරානි, පත්තො, දන්තකට්ඨච්ඡෙදනවාසි, එකා සූචි, කායබන්ධනං පරිස්සාවනන්ති. වුත්තම්පි චෙතං –
මේ දොළොස්වැදෑරුම් එකක් හෝ අනිකක් වූ ප්‍රත්‍ය සන්තෝෂයෙන් යුතු භික්ෂුවට අටපිරිකර වටනේය. තුන්සිවුර, පාත්‍රය දැහැටි කපන දැලිපිහිය, එක් ඉඳිකටුවක්, කායබන්ධනය පෙරහන්කඩ යන අට. මෙයද කියන ලදී :-
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති.
තුන් සිවුර පාත්‍රය - දැලි පිහිය ඉඳිකටුව කා බහන පෙරහන යන මේ අට - යෝගී භික්ෂුවට සුදුසුය.
තෙ සබ්බෙ කායපරිහාරිකාපි හොන්ති කුච්ඡිපරිහාරිකාපි. කථං? තිචීවරං තාව නිවාසෙත්වා ච පාරුපිත්වා ච විචරණකාලෙ කායං පරිහරති, පොසෙතීති කායපරිහාරිකං හොති. චීවරකණ්ණෙන උදකං පරිස්සාවෙත්වා පිවනකාලෙ ඛාදිතබ්බඵලාඵලගහණකාලෙ ච කුච්ඡිං පරිහරති; පොසෙතීති කුච්ඡිපරිහාරිකං හොති.
ඒ සියල්ල සිරුර ආරක්ෂා කරන්නේද උදරය ආරක්ෂා කරන්නේද වෙයි. කෙසේද? තුන්සිවුර හැඳ පෙරවා හැසිරෙන කල්හි ශරීරය ආරක්ෂා වෙයි. පෝෂණය කරයි නුයි කාය පරිහාරියං වෙයි. සිවුරු කොනින් දියපෙරා බොන කල්හි කෑයුතු ගඩා ගෙඩි ගන්නා කල්හිද කුස ආරක්ෂා කරයි. පෝෂණය කරයිනුයි = කුච්ඡි පරිහාරියං වෙයි.
පත්තොපි තෙන උදකං උද්ධරිත්වා න්හානකාලෙ කුටිපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකො හොති. ආහාරං ගහෙත්වා භුඤ්ජනකාලෙ කුච්ඡිපරිහාරිකො.
පාත්‍රයද එයින් ජලය ගෙන ස්නානය කරන කල්හි කුටියෙහි භාණ්ඩ කරන කල්හිද කාය පරිහාරික වෙයි. අහර ගෙන වළඳ කල්හි වළඳන කල්හි කුච්ජි පරිහාරිය වේ.
වාසිපි තාය දන්තකට්ඨච්ඡෙදනකාලෙ මඤ්චපීඨානං අඞ්ගපාදචීවරකුටිදණ්ඩකසජ්ජනකාලෙ ච කායපරිහාරිකා හොති. උච්ඡුඡෙදනනාළිකෙරාදිතච්ඡනකාලෙ කුච්ඡිපරිහාරිකා.
දැලිපිහියද දැහැටි කපන කල්හි ඇඳ පුටුවල කොටස් පාද සිවුරු එල්ලා දඬු සදන කල්හිද කාය පරිහාරිකා වෙයි. උක්ගස් කපන පොල් ආදිය බිඳින කල්හි කුච්ජි පරිහාරික වෙයි.
සූචිපි චීවරසිබ්බනකාලෙ කායපරිහාරිකා හොති. පූවං වා ඵලං වා විජ්ඣිත්වා ඛාදනකාලෙ කුච්ඡිපරිහාරිකා.
ඉඳිකටුව සිවුර මසන කල්හි කාය පරිහාරික වෙයි. කැවුම් හෝ ගෙඩි හෝ විද අනුභව කරන කල්හි කුච්ඡි පරිහාරිකා වෙයි.
කායබන්ධනං බන්ධිත්වා විචරණකාලෙ කායපරිහාරිකං. උච්ඡුආදීනි බන්ධිත්වා ගහණකාලෙ කුච්ඡිපරිහාරිකං.
කාය බන්ධනය බැඳ හැසිරෙන කල්හි කාය පරිහාරිකා වෙයි. උක් ආදිය බැඳ ගන්නා කල්හි කුච්ඡිපරිහාරිය වෙයි.
පරිස්සාවනං තෙන උදකං පරිස්සාවෙත්වා න්හානකාලෙ, සෙනාසනපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකං. පානීයං පරිස්සාවනකාලෙ, තෙනෙව තිලතණ්ඩුලපුථුකාදීනි ගහෙත්වා ඛාදනකාලෙ ච කුච්ඡිපරිහාරියං. අයං තාව අට්ඨපරික්ඛාරිකස්ස පරික්ඛාරමත්තා. නවපරික්ඛාරිකස්ස පන සෙය්යං පවිසන්තස්ස තත්රට්ඨකං පච්චත්ථරණං වා කුඤ්චිකා වා වට්ටති. දසපරික්ඛාරිකස්ස නිසීදනං වා චම්මඛණ්ඩං වා වට්ටති. එකාදසපරික්ඛාරිකස්ස පන කත්තරයට්ඨි වා තෙලනාළිකා වා වට්ටති. ද්වාදසපරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහනං වා වට්ටති. එතෙසු ච අට්ඨපරික්ඛාරිකොව සන්තුට්ඨො, ඉතරෙ අසන්තුට්ඨා මහිච්ඡා මහාභාරාති න වත්තබ්බා. එතෙපි හි අප්පිච්ඡාව සන්තුට්ඨාව සුභරාව සල්ලහුකවුත්තිනොව. භගවා පන න යිමං සුත්තං තෙසං වසෙන කථෙසි, අට්ඨපරික්ඛාරිකස්ස වසෙන කථෙසි. සො හි ඛුද්දකවාසිඤ්ච සූචිඤ්ච පරිස්සාවනෙ පක්ඛිපිත්වා පත්තස්ස අන්තො ඨපෙත්වා පත්තං අංසකූටෙ ලග්ගෙත්වා තිචීවරං කායපටිබද්ධං කත්වා යෙනිච්ඡකං සුඛං පක්කමති. පටිනිවත්තෙත්වා ගහෙතබ්බං නාමස්ස න හොති. ඉති ඉමස්ස භික්ඛුනො සල්ලහුකවුත්තිතං දස්සෙන්තො භගවා – “සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙනා”තිආදිමාහ. තත්ථ කායපරිහාරිකෙනාති කායපරිහරණමත්තකෙන. කුච්ඡිපරිහාරිකෙනාති කුච්ඡිපරිහරණමත්තකෙන. සමාදායෙව පක්කමතීති අට්ඨපරික්ඛාරමත්තකං සබ්බං ගහෙත්වාව කායපටිබද්ධං කත්වාව ගච්ඡති. “මම විහාරො පරිවෙණං උපට්ඨාකො”ති ආසඞ්ගො වා බන්ධො වා න හොති. සො ජියා මුත්තො සරො විය, යූථා අපක්කන්තො මදහත්ථී විය ච ඉච්ඡිතිච්ඡිතං සෙනාසනං වනසණ්ඩං රුක්ඛමූලං වනපබ්භාරං පරිභුඤ්ජන්තො එකොව තිට්ඨති, එකොව නිසීදති. සබ්බිරියාපථෙසු එකොව අදුතියො.
පෙරහන්කඩ එයින් ජලය පෙරා නහනකල්හි සෙනසුන් භාණ්ඩ කරන කල්හි කාය පරිහාරික වෙයි. හැන්දෙන් ප්‍රාණීන් පෙරන කල්හි එයින්ම තල සහල් වී කරල් ආදිය ගෙන අනුභව කරන කල්හිද කුච්ඡි පරිහාරිය වෙයි. මෙය වනාහි අටපිරිකර දරන්නහුට පිරිකරක් පමණි. නව පිරිකර දරන්නහු නිදන්ට පිවිසෙන කල්හි එහි තිබෙන ඇතිරිල්ල හෝ කෙණ්ඩිය හෝ වටී. දස පිරිකර දරන්නහුට හිඳින සම්කඩ වටී. එකොළොස් පිරිකර දරන්නහුට සැරයටිය හෝ තෙල් කුලාව හෝ වටී. දොළොස් පිරිකර දරන්නාට කුඩය හෝ පාවහන හෝ වටී. මොවුන් අතරද අටපිරිකර දරන්නාම සතුටට පත්වූයේ වෙයි. ඉතිරි අය අසතුටු සිත් ඇත්තේ මහා ආශා ඇත්තෝද මහබර ඇත්තෝ යයිද නොකිය යුත්තෝය. මොවුහුද අල්පේච්ඡ වූවෝද සතුට ඇත්තෝද පහසුවෙන් පෝෂණ කළ හැක්කෝද සැහැල්ලු පැවතුම් ඇත්තෝ ද වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය ඔවුන් වශයෙන් නොකී සේක. අටපිරිකර දරන්නාගේ වශයෙන් කී සේක. හේ කුඩා දැලිපිහිය ද ඉඳිකටුවද පෙරහන්කඩෙහි බහා පාත්‍රය ඇතුළෙහි තබා පාත්‍රය උරෙහි එල්ලා තුන්සිවුර සිරුරට සම්බන්ධ කොට යමෙකින් කැමතිවන්නා වූ සැපයකට යයි. නැවත හැරී ගතයුත්තක් ඔහුට නැත. මෙසේ මේ භික්ෂුවගේ සැහැල්ලු පැවැත්ම දක්වන සේක් භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨොහොති කාය පරිහාරිකෙන චීවරෙන යනාදිය කී සේක. එහි කාය පරිහාරිකෙන යනු කය ආරක්ෂා කිරීම් මාත්‍රයෙන්. කුචඡි පරිහාරිකෙන යනු කුස ආරක්ෂා කිරීම් මාත්‍රයෙන්. සමාදායෙව පක්කමති යනු ඒ අටපිරිකර පමණක්ම වූ සියල්ල ගෙන සිරුර ප්‍රතිබද්ධ කොටම යයි. ‘මාගේ විහාරය, පිරිවෙන, උපස්ථායකයෝ යන ඇලීමක් හෝ බැඳීමක් හෝ නැත. හේ දුනුදියෙන් මිදුණු ඊයක් මෙන්ද, රැලෙන් ඉවත්ව ගිය මතැතකු මෙන් ද කැමති කැමති සෙනසුනක් වනලැහැබක් රුක්මුලක්, අලුත් අලුත් පර්වත බෑවුමක් පරිභෝග කරමින් තනිව සිටී. තනිව හිඳී. සියලු ඉරියවුවල තනිය. දෙවැන්නෙක් නැත.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 42);
සිව්දිග නොගැටෙමින් ලද දෙයින් තුටුවෙමින් නොසැලී අනතුරින් නොසැලී අනතුරින් තනිව හැසිරෙනු කඟවෙහෙණු මෙන්
එවං වණ්ණිතං ඛග්ගවිසාණකප්පතං ආපජ්ජති.
මෙසේ වර්ණනා කරන ලද කඟවේණකු සමාන තත්වයට පැමිණේ.
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො – “සෙය්යථාපී”තිආදිමාහ. තත්ථ පක්ඛී සකුණොති පක්ඛයුත්තො සකුණො. ඩෙතීති උප්පතති. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – සකුණා නාම “අසුකස්මිං පදෙසෙ රුක්ඛො පරිපක්කඵලො”ති ඤත්වා නානාදිසාහි ආගන්ත්වා නඛපත්තතුණ්ඩාදීහි තස්ස ඵලානි විජ්ඣන්තා විධුනන්තා ඛාදන්ති. ‘ඉදං අජ්ජතනාය, ඉදං ස්වාතනාය භවිස්සතී’ති තෙසං න හොති. ඵලෙ පන ඛීණෙ නෙව රුක්ඛස්ස ආරක්ඛං ඨපෙන්ති, න තත්ථ පත්තං වා නඛං වා තුණ්ඩං වා ඨපෙන්ති. අථ ඛො තස්මිං රුක්ඛෙ අනපෙක්ඛො හුත්වා, යො යං දිසාභාගං ඉච්ඡති, සො තෙන සපත්තභාරොව උප්පතිත්වා ගච්ඡති. එවමෙව අයං භික්ඛු නිස්සඞ්ගො නිරපෙක්ඛො යෙන කාමං පක්කමති. තෙන වුත්තං “සමාදායෙව පක්කමතී”ති.
දැන් ඒ අරුත උපමාවකින් සාධනය කරන සේක් සෙය්යථාපි ආදිය කීහ. එහි පක්ඛිසකුණො යනු පියාපත් ඇති කුරුල්ලා. ඩෙති උඩපනී. මේ මෙහි කෙටි අරුතයි. කුරුල්ලෝ නම් අසුවල් පෙදෙසෙහි ගසක් පැසුණු ගෙඩි ඇත්තේ යයි දැන නන් දෙසින් අවුත් නිය තුඩු ආදියෙන් ඒ ගසෙහි ගෙඩි විදිමින් සොලවන්නාහු කා දමති. ‘මෙය අදටය මෙය හෙටටය’යැයි ඔවුන්ට සිතක් නැත. ගෙඩි අවසන්ව ගියකල ගසට ආරක්ෂාවක් නොතබත්. එහි පියාපතක් හෝ කොළයක් හෝ නියපොත්තක් හෝ තුඩක් හෝ නොතබත්. ඉක්බිති ඒ රුක පිළිබඳව අපේක්ෂා නැතිව යම් දිශභාගයක් කැමතිද හේ එතැනින් පියාපත් බරින් යුතුව උඩට නැගී යයි. මෙසේම මේ භික්ෂුව ඇල්මක් නැත්තේ අපේක්ෂා නැත්තේම යයි. එහෙයින් කියන ලදී. සමාදායෙව පක්කමති යනුවෙනි.
නීවරණප්පහානකථා
සො ඉමිනා චාතිආදිනා කිං දස්සෙති? අරඤ්ඤවාසස්ස පච්චයසම්පත්තිං දස්සෙති. යස්ස හි ඉමෙ චත්තාරො පච්චයා නත්ථි, තස්ස අරඤ්ඤවාසො න ඉජ්ඣති. තිරච්ඡානගතෙහි වා වනචරකෙහි වා සද්ධිං වත්තබ්බතං ආපජ්ජති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා – “කිං එවරූපස්ස පාපභික්ඛුනො අරඤ්ඤවාසෙනා”ති භෙරවසද්දං සාවෙන්ති, හත්ථෙහි සීසං පහරිත්වා පලායනාකාරං කරොන්ති. “අසුකො භික්ඛු අරඤ්ඤං පවිසිත්වා ඉදඤ්චිදඤ්ච පාපකම්මං අකාසී”ති අයසො පත්ථරති. යස්ස පනෙතෙ චත්තාරො පච්චයා අත්ථි, තස්ස අරඤ්ඤවාසො ඉජ්ඣති. සො හි අත්තනො සීලං පච්චවෙක්ඛන්තො කිඤ්චි කාළකං වා තිලකං වා අපස්සන්තො පීතිං උප්පාදෙත්වා තං ඛයවයතො සම්මසන්තො අරියභූමිං ඔක්කමති. අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා අත්තමනා වණ්ණං භණන්ති. ඉතිස්ස උදකෙ පක්ඛිත්තතෙලබින්දු විය යසො විත්ථාරිකො හොති.
සො ඉමිනාවා යන ආදියෙන් කුමක් දක්වාද? අරණ්යවාසයෙහි ප්‍රත්‍ය සම්පත්තිය දක්වයි. යමකුට මේ සිව්පසය නැත්ද ඔහුට අරණ්‍යවාසය ඉටු නොවේ. තිරිසන්ගතිකයන් හෝ වනචාරීන් සමග වැසිය යුතු බවට පත්වේ. අරණ්‍යයෙහි අරක්ගත් දෙවියෝ ‘මෙබඳු පාපී භික්ෂුවකට අරණ්යවාසයෙන් යම් කිමැයි බැරෑරුම් හඩ අස්වත්. අත්වලින් හිසට ගසා පැනයන ආකාරයක් දක්වති. අසුවල් භික්ෂුව අරණ්‍යයට පිවිස මේ මේ පාපකර්මය කළේයයි. අපකීර්තිය පැතිරේ. යමකුට ඒ සිව්පසය ඇත්ද, ඔහුට අරණ්‍යවාසය ඉටුවෙයි. හේ තමාගේ ශීලය ප්රත්යවේක්ෂා කරන්නේ කිසි කැළලක් හෝ පැල්ලමක් නොදක්නේ ප්‍රීතිය උපදවා එය ක්ෂය ව්‍යය වශයෙන් සිහිකරන්නේ ආර්ය භූමියට බැසගනී. අරණ්‍යයෙහි අරක්ගත් දෙවියෝ සතුටට පත්ව ගුණ කියත්. මෙසේ දියෙහි දැමු තෙල්බිඳුවක් මෙන් ඔහුගේ කීර්තිය පැතිරි ගියේ වෙයි.
තත්ථ විවිත්තන්ති සුඤ්ඤං, අප්පසද්දං, අප්පනිග්ඝොසන්ති අත්ථො. එතදෙව හි සන්ධාය විභඞ්ගෙ – “විවිත්තන්ති සන්තිකෙ චෙපි සෙනාසනං හොති, තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි. තෙන තං විවිත්ත”න්ති වුත්තං. සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනං මඤ්චපීඨාදීනමෙතං අධිවචනං. තෙනාහ – “සෙනාසනන්ති මඤ්චොපි සෙනාසනං, පීඨම්පි, භිසිපි, බිම්බොහනම්පි, විහාරොපි, අඩ්ඪයොගොපි, පාසාදොපි, හම්මියම්පි, ගුහාපි, අට්ටොපි, මාළොපි ලෙණම්පි, වෙළුගුම්බොපි, රුක්ඛමූලම්පි, මණ්ඩපොපි, සෙනාසනං, යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති, සබ්බමෙතං සෙනාසන”න්ති (විභ· 527).
එහි විචිත්ත යනු ශුන්‍ය. අල්ප ශබ්ද ඇති, නිහඬ යන අර්ථයි. මෙයම සඳහා විභංගයෙහි විචිත්තං යනු එහි අසල සෙනසුනක් වෙයි. එයද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් නොගැවසුණේ වෙයි. ඒ නිසා එය ‘විවිත්ත’යයි කියන ලදී. මෙහි නිදානුයි හිඳීනුයි = සෙනාසනං. ඇඳපුටුවලට මෙය සමාන වචනයෙකි. එහෙයින් කීය. සේනාසනය යනු ඇඳ ද සෙනසුනකි. පුටුවද, කොට්ටයද, මෙට්ටයද, විහාරයද, අඩ්ඪ යෝගයද ප්රාසාදයද, ගබඩා ගෙයද, ගුහාවද, අට්ටාලයද, මහල්ගෙයද, ලෙනද, උණපඳුරද, රුක්මුලද, මඩුවද සේනාසනයයි. යම්තැනක භික්ෂූහු පැමිණෙත්ද මේ සියල්ල සේනාසනයයි.
අපි ච – “විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා”ති ඉදං විහාරසෙනාසනං නාම. “මඤ්චො පීඨං භිසි බිම්බොහන”න්ති ඉදං මඤ්චපීඨසෙනාසනං නාම. “චිමිලිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො”ති ඉදං සන්ථතසෙනාසනං නාම. “යත්ථ වා පන භික්ඛූ පටික්කමන්තී”ති ඉදං ඔකාසසෙනාසනං නාමාති. එවං චතුබ්බිධං සෙනාසනං හොති, තං සබ්බං සෙනාසනග්ගහණෙන සඞ්ගහිතමෙව.
එහෙත් ‘විහාරය, අඩ්ඪයෝගය ප්‍රාසාදය ගබඩාගෙය ගුහාව යන මෙය විහාර සේනාසන නමි. ‘ඇඳ පුටුව කොට්ටය මෙට්ටය’මෙය මඤ්චපීඨ සේනාසන නමි’ ‘විලිමිකාව’ ‘සම්කඩ, තණ ඇතිරිය, කොළ ඇතිරිය’යන මෙය සන්ථත සේනාසන නමි. යම්තැනක භික්ෂූහු යත්ද එය ඕකාස සේනාසනය නමැති මෙසේ සිව්වැදෑරුම් සේනාසනය වෙයි. ඒ සියල්ලද සේනාසන ග්රහණයෙන් ගන්නා ලද්දේමය.
ඉධ පනස්ස සකුණසදිසස්ස චාතුද්දිසස්ස භික්ඛුනො අනුච්ඡවිකසෙනාසනං දස්සෙන්තො අරඤ්ඤං රුක්ඛමූලන්තිආදිමාහ. තත්ථ අරඤ්ඤන්ති නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤන්ති. ඉදං භික්ඛුනීනං වසෙන ආගතං. “ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) ඉදං පන ඉමස්ස භික්ඛුනො අනුරූපං. තස්ස ලක්ඛණං විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසෙ වුත්තං.
මේ කුරුල්ලකු බඳු සිව්දිග භික්ෂුවට සුදුසු දෙය දක්වන සේක. අරඤ්ඤං රුක්ඛමූලං යන ආදිය කීහ. එහි අරඤ්ඤං යනු ඉන්ද්රඛීලයෙන් පිටත නික්ම මේ සියල්ල අරණ්‍යය’යි යන මෙය භික්ෂුණීන්ගේ වශයෙන් පැමිණි අරණ්යයයි. ආරණ්‍යයක සේනාසනය නම දුනුසියයකට එහාය යන මෙය මේ භික්ෂුවට අනුරූපය. එහි ස්වභාවය විශුද්ධිමාර්ගයෙහි ධුතංග නිද්දේසයෙහි කියන ලදී.
රුක්ඛමූලන්ති යං කිඤ්චි සන්දච්ඡායං විවිත්තරුක්ඛමූලං. පබ්බතන්ති සෙලං. තත්ථ හි උදකසොණ්ඩීසු උදකකිච්චං කත්වා සීතාය රුක්ඛච්ඡායාය නිසින්නස්ස නානාදිසාසු ඛායමානාසු සීතෙන වාතෙන බීජියමානස්ස චිත්තං එකග්ගං හොති. කන්දරන්ති කං වුච්චති උදකං, තෙන දාරිතං, උදකෙන භින්නං පබ්බතපදෙසං. යං නදීතුම්බන්තිපි, නදීකුඤ්ජන්තිපි වදන්ති. තත්ථ හි රජතපට්ටසදිසා වාලිකා හොති, මත්ථකෙ මණිවිතානං විය වනගහණං, මණිඛන්ධසදිසං උදකං සන්දති. එවරූපං කන්දරං ඔරුය්හ පානීයං පිවිත්වා ගත්තානි සීතානි කත්වා වාලිකං උස්සාපෙත්වා පංසුකූලචීවරං පඤ්ඤපෙත්වා නිසින්නස්ස සමණධම්මං කරොතො චිත්තං එකග්ගං හොති. ගිරිගුහන්ති ද්වින්නං පබ්බතානං අන්තරෙ, එකස්මිංයෙව වා උමග්ගසදිසං මහාවිවරං සුසානලක්ඛණං විසුද්ධිමග්ගෙ වුත්තං. වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසන්ති න වපන්ති, තෙනෙවාහ – “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචන”න්තිආදි. අබ්භොකාසන්ති අච්ඡන්නං. ආකඞ්ඛමානො පනෙත්ථ චීවරකුටිං කත්වා වසති. පලාලපුඤ්ජන්ති පලාලරාසි. මහාපලාලපුඤ්ජතො හි පලාලං නික්කඩ්ඪිත්වා පබ්භාරලෙණසදිසෙ ආලයෙ කරොන්ති, ගච්ඡගුම්භාදීනම්පි උපරි පලාලං පක්ඛිපිත්වා හෙට්ඨා නිසින්නා සමණධම්මං කරොන්ති. තං සන්ධායෙතං වුත්තං.
රුක්ඛමූලං යනු යම්කිසි ඝන සෙවන ඇති ශුන්‍ය වූ රුක්මුල. පබ්බතං යනු ගල. එහි දියහෙබවල දියකිස කොට සිසිල් රුක් සෙවනෙහි හුන් නන්දෙස හමන සිසිල් වාතයෙන් පවන් සලනු ලබන්නහුගේ සිත එකඟ වෙයි. කන්දරං යනු කං යනු ජලයයි. එයින් පලන ලද, ජලයෙන් බිඳුණු පර්වත ප්‍රදේශය එයට නිතඹ යයිද ගංදෙණියයිද කියති. එහි රිදී පටක්වන් වැලි ඇත. මත්තෙහි මැණික් වියනක් වැනි වන ගහණයයි. මැණික් කඳක් වැනි දිය ගලාබසී. මෙබඳු කඳුරකට බැස පැන් බී ගත සිසිල්කොට වැලි නංවා පංසුකූල චීවරය පනවා හිඳ මහණදම් කරන්නහුගේ සිත එකඟ වෙයි. ගිරිගුහං යනු පර්වත දෙකක් අතර, එකක උමගක් වැනි මහා විවරයක් ඇත. සුසාණා ලක්ෂණය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. වනපන්ථං යනු ග්‍රාමාන්තය ඉක්මවා මිනිසුන් නොහැසිරෙන තැන යම්තැනෙක නොසාත්ද නොවපුරත්ද එතැන. එහෙයින් කීහ. වනපන්ථං යනු දුර පිහිටි සේනාසන යන්නට තවත් වචනයකි ආදි වශයෙන්. අබ්හොකාසං යනු නොවැසුණු, කැමති වූවෙක් මෙහි සිවුරින් කුටියක් කොට වසයි. පලාලපුඤ්ජං යනු වියලි කොළ ගොඩ. විශාල කොළ ගොඩින් වියලි කොළ ඇදගෙන බෑවුමෙහි ලෙන් බඳු ගෙවල් තනත්. පඳුරු ආදීන්ගේ මත වියලි කොළ තබා යට හිඳ මහණදම් කරත්. ඒ සඳහා කියන ලදී.
පච්ඡාභත්තන්ති භත්තස්ස පච්ඡතො. පිණ්ඩපාතපටික්කන්තොති පිණ්ඩපාතපරියෙසනතො පටික්කන්තො. පල්ලඞ්කන්ති සමන්තතො ඌරුබද්ධාසනං. ආභුජිත්වාති බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකට්ඨිකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසන්හාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා නුප්පජ්ජන්ති. තාසු අනුප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුඩ්ඪිං ඵාතිං වෙපුල්ලං උපගච්ඡති. පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා. මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව විභඞ්ගෙ වුත්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537). අථවා පරීති පරිග්ගහට්ඨො. මුඛන්ති නිය්යානට්ඨො. සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති – “පරිමුඛං සති”න්ති. එවං පටිසම්භිදායං වුත්තනයෙනපෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්රායං සඞ්ඛෙපො – “පරිග්ගහිතනිය්යානසතිං කත්වා”ති.
පච්ඡාභත්තං යනු බතට පසු. පිණ්ඩපාත පටික්කන්තො යනු පිඬු සෙවීමෙන් පැමිණියේ. පල්ලංකං යනු හාත්පසින් කලවා බැඳුණු අසුන ආභුජිත්වා බැඳ. උජුංකායං පණිධාය යනු උඩුකය කෙළින් තබා. දහඅටක් පිටකටු අගින් අග පිළියෙලකොට. මෙසේ හුන්නහුගේ සම් මස් නහර නොනැමේ. ඉක්බිති ඔහුට ඒවා නැමීම හේතුවෙන් ක්ෂණයෙන් ක්ෂණය වේදනා උපදීද ඒ වේදනා නූපදී. ඒවා නොඉපදෙනවිට සිත එකඟ වෙයි. කමටහන අවුල් නොවේ. වැඩිවීමට පිම්බීමට පැමිණේ. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යනු කමටහන් අභිමුව සිහිය පිහිටුවා මුව සමීපයෙහි හෝ තබා යන අර්ථයි. එහෙයින්ම විභංගයෙහි කියන ලදී. ‘මේ සතිය නැහැ අග හෝ මුඛ නිමිත්තෙහි හෝ එළඹියේ වෙයි. මැනවින් එළඹියේ වෙයි. එහෙයින් පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යයි කියනු ලැබේ යනුවෙන්. නැතහොත් පරි යනු පරිග්‍රහ අර්ථ ඇත්තේය. මුඛං යනු ගෙනයන අර්ථ ඇත්තේය. සති යනු උපස්ථාන (ළඟින් සිටීම) අර්ථ ඇත්තේය. එහෙයින් කියන ලදී. පරිමුඛං සතිං යනු මෙසේ පටිසම්භිදාවෙහි කියන ලද ආකාරයෙන් මෙහිද අර්ථය දතයුතුය. මේ මෙහි සංක්ෂේපයයි. ‘ගත් දෙය ගෙනයන සිහිය ඇතිකොට’යනුයි.
අභිජ්ඣං ලොකෙති එත්ථ ලුජ්ජනපලුජ්ජනට්ඨෙන පඤ්චුපාදානක්ඛන්ධා ලොකො, තස්මා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු රාගං පහාය කාමච්ඡන්දං වික්ඛම්භෙත්වාති අයමෙත්ථත්ථො. විගතාභිජ්ඣෙනාති වික්ඛම්භනවසෙන පහීනත්තා විගතාභිජ්ඣෙන, න චක්ඛුවිඤ්ඤාණසදිසෙනාති අත්ථො. අභිජ්ඣාය චිත්තං පරිසොධෙතීති අභිජ්ඣාතො චිත්තං පරිමොචෙති. යථා තං සා මුඤ්චති චෙව, මුඤ්චිත්වා ච න පුන ගණ්හති, එවං කරොතීති අත්ථො. බ්යාපාදපදොසං පහායාතිආදීසුපි එසෙව නයො. බ්යාපජ්ජති ඉමිනා චිත්තං පූතිකුම්මාසාදයො විය පුරිමපකතිං විජහතීති බ්යාපාදො. විකාරාපත්තියා පදුස්සති, පරං වා පදූසෙති විනාසෙතීති පදොසො. උභයමෙතං කොධස්සෙවාධිවචනං. ථිනං චිත්තගෙලඤ්ඤං. මිද්ධං චෙතසිකගෙලඤ්ඤං, ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. ආලොකසඤ්ඤීති රත්තිම්පි දිවාදිට්ඨාලොකසඤ්ජානනසමත්ථාය විගතනීවරණාය පරිසුද්ධාය සඤ්ඤාය සමන්නාගතො. සතො සම්පජානොති සතියා ච ඤාණෙන ච සමන්නාගතො. ඉදං උභයං ආලොකසඤ්ඤාය උපකාරත්තා වුත්තං. උද්ධච්චඤ්ච කුක්කුච්චඤ්ච උද්ධච්චකුක්කුච්චං. තිණ්ණවිචිකිච්ඡොති විචිකිච්ඡං තරිත්වා අතික්කමිත්වා ඨිතො. “කථමිදං කථමිද”න්ති එවං නප්පවත්තතීති අකථංකථී. කුසලෙසු ධම්මෙසූති අනවජ්ජෙසු ධම්මෙසු. “ඉමෙ නු ඛො කුසලා කථමිමෙ කුසලා”ති එවං න විචිකිච්ඡති. න කඞ්ඛතීති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො. ඉමෙසු පන නීවරණෙසු වචනත්ථලක්ඛණාදිභෙදතො යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තං.
අභිජ්ඣං ලොකෙ යනු මෙහි කැඩී යන අර්ථයෙන් පංච උපාදාන ස්කන්ධ ලෝකයයි. ඒ නිසා පංච උපාදාන ස්කන්ධයන්හි රාගය අත්හැර කාමච්ඡන්දය විනාශකොට යනු මෙහි අර්ථයයි. විගතාභිජ්ඣෙන යනු විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ බැවින් පහව ගිය අභිධ්‍යාවෙන්. චක්ෂු විඥානය හා සමාන යන අර්ථයි. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති යනු අභිධ්‍යාවෙන් සිත මුදවයි. යම්සේ එය සහමුලින් මුදා නැවත නොගනීද, එසේ කරයි යන අර්ථයි. ඛ්යාපාද පදොසං පහාය යන ආදී තන්හිද මේ ක්‍රමයමැයි. මෙයින් සිත අවුල් කෙරේනුයි පිළුණු පිට්ටු ආදිය මෙන් මුල් ස්වරූපය හරිතියි = ව්යාපාදො නමි. විකාරයට පැමිණීමෙන් දූෂණය වෙයි. අනුන් හෝ දූෂණය කරවයි. විනාශ කරානුයි පදොසො. මේ දෙකම ක්‍රෝධයට සමාන වචනය.ථිනං සිතෙහි ගිලන් බව. මිද්ධං චෛතසික ගිලන් බව. ථිනයද, මිද්ධයද = ථීනමිද්ධං. ආලොකසඤ්ඤී රාත්‍රියෙහිද දවල් කාලයෙහිද දුටු ආලෝකය හඳුනා ගැනීමට සමත් නීවරණයන්ගෙන් පහවූ පිරිසිදු ප්‍රඥාවෙන් යුත්. සතො සම්පජානො යනු සිහියෙන්ද ඥානයෙන්ද යුත්. මේ දෙක ආලෝක සංඥාවට උපකාරී බැවින් කියන ලදී. උද්ධච්චයද කුක්කුච්චයද = උද්ධච්ච කුක්කුච්චං තිණ්ණා විචිකිච්ඡො යනු විචිකිච්ඡාව තරණයකොට ඉක්මවා ගොස් සිටියේ. මෙය කෙසේද මෙය කෙසේදැයි මෙසේ නොපවතීනුයි = අකථංකථි කුසලෙසු ධම්මේසු යනු නිවරද ධර්මයන්හි. මෙය කුශලයද, මෙය කුසල වන්නේ කෙසේදැයි මෙසේ නො පැකිලේ. සැක නො කෙරේ යන අර්ථයි. මේ මෙහි සංක්ෂේපයයි. මේ නීවරණයන්හි වචනාර්ථ ලක්ෂණ ආදී භේද වශයෙන් යමක් කිවයුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
යා පනායං සෙය්යථාපි මහාරාජාති උපමා වුත්තා. තත්ථ ඉණං ආදායාති වඩ්ඪියා ධනං ගහෙත්වා. බ්යන්තිං කරෙය්යාති විගතන්තං කරෙය්ය, යථා තෙසං කාකණිකමත්තොපි පරියන්තො නාම නාවසිස්සති, එවං කරෙය්ය; සබ්බසො පටිනිය්යාතෙය්යාති අත්ථො. තතො නිදානන්ති ආණණ්යනිදානං. සො හි “අණණොම්හී”ති ආවජ්ජන්තො බලවපාමොජ්ජං ලභති, සොමනස්සං අධිගච්ඡති, තෙන වුත්තං – “ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්ස”න්ති.
සෙය්යථාපි මහාරාජ යනුවෙන් යම් උපමාවක් කියන ලද්දේද. ඉනංආදාය යනු පොලියට ධනය ගෙන. ව්යාන්ති කරෙය්ය = කෙළවර කරන්නේය. යම්සේ එහි අඩ මස්සක පමණකින්වත් ඉතිරි නොවේද එසේ කරන්නේය. හැම අතින්ම ආපසු දෙන්නේය යන අර්ථයි. තතො නිදානං යනු ණය නැති හේතුව. හෙතෙමේ ණයගැති නොවෙමියි ආවර්ජනය කරන්නේ මහත් ප්රමෝදයක් ලබයි. සොම්නසට පැමිණෙයි. එහෙයින් කියන ලදී. ලහෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං යනුවෙන්.
විසභාගවෙදනුප්පත්තියා කකචෙනෙව චතුඉරියාපථං ඡින්දන්තො ආබාධතීති ආබාධො, ස්වාස්ස අත්ථීති ආබාධිකො. තං සමුට්ඨානෙන දුක්ඛෙන දුක්ඛිතො. අධිමත්තගිලානොති බාළ්හගිලානො. නච්ඡාදෙය්යාති අධිමත්තබ්යාධිපරෙතතාය න රුච්චෙය්ය. බලමත්තාති බලමෙව, බලඤ්චස්ස කායෙ න භවෙය්‍යාති අත්ථො. තතොනිදානන්ති ආරොග්යනිදානං. තස්ස හි – “අරොගොම්හී”ති ආවජ්ජයතො තදුභයං හොති. තෙන වුත්තං – “ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්ස”න්ති.
අසාමාන්‍ය වේදනා ඉපදීමෙන් අතුරෙන් සිව් ඉරියව් සිඳලන්නාක් මෙන් බාධා කරතියි = ආබාධො. එය ඔහුට ඇත්තේනුයි = ආබාධිකො. ඉන් ඇතිවන දුකින් දුක්ඛිතො (දුකට පත්වූයේ) අතිශයින් ගිලන් වූයේ = බාල්හගිලානො. නච්ඡාදෙය්ය යනු අතිශයින් රෝගයෙන් පෙළෙන බැවින් රුචි නොකරන්නේය. බලමත්තා යනු බලයමය. ඔහුගේ සිරුරෙහි බලය නොවන්නේය යන අර්ථයි. තතො නිදානං යනු ආරෝග්‍යයට හේතුව රෝග නැත්තෙමියි ආවර්ජනය කරන ඔහුට මේ දෙකම වෙයි. එහෙයින් කියන ලදී. ලහෙථ පාමුජ්ජං අධිගච්ඡෙ සොමනස්සං
න චස්ස කිඤ්චි භොගානං වයොති කාකණිකමත්තම්පි භොගානං වයො න භවෙය්ය. තතොනිදානන්ති බන්ධනාමොක්ඛනිදානං. සෙසං වුත්තනයෙනෙව සබ්බපදෙසු යොජෙතබ්බං.
නචස්ස කිඤ්චි භොගානං වයො යනු අඩමස්සක් තරම්වත් භෝගයන්ගේ වැයවීමක් නොවන්නේය. තතොනිදානං යනු බැඳුමෙන් මිදීමේ හේතුව. සෙස්ස කියන ලද පරිදි සියලු පදයන්හි යෙදිය යුතුය.
අනත්තාධීනොති න අත්තනි අධීනො, අත්තනො රුචියා කිඤ්චි කාතුං න ලභති. පරාධීනොති පරෙසු අධීනො පරස්සෙව රුචියා වත්තති. න යෙන කාමං ගමොති යෙන දිසාභාගෙනස්ස ගන්තුකාමතා හොති, ඉච්ඡා උප්පජ්ජති ගමනාය, තෙන ගන්තුං න ලභති. දාසබ්යාති දාසභාවා. භුජිස්සොති අත්තනො සන්තකො. තතොනිදානන්ති භුජිස්සනිදානං. කන්තාරද්ධානමග්ගන්ති කන්තාරං අද්ධානමග්ගං, නිරුදකං දීඝමග්ගන්ති අත්ථො. තතොනිදානන්ති ඛෙමන්තභූමිනිදානං.
අනත්තාධීනො යනු තමා කෙරෙහි අධීන නොවූ. තමාගේ කැමැත්තෙන් කිසිවක් කරන්ට නොලබයි. පරාධීනො අනුන් කෙරෙහි අධීන. අනුන්ගේම කැමැත්තෙන් පවතියි. නයෙන කාමංගමො යනු යම් දිසාවකින් යනු කැමැත්තේ වේද, ගමනට කැමැත්තද උපදියි. එයින් යාමට නොලබයි. දාසව්යා යනු දාසභාවය. භුජිස්සො තමා සතු. තතොනිදානං තමා සතු දෙයෙහි හේතුව. කන්තාරද්ධාන මග්ගං යනු කාන්තාරයෙහි දිගු මග දිය නැති දිගු මග යන අර්ථයි. තතොනිදානං යනු ක්ෂේමභූමියක් අන්තකොට ඇති හේතුව.
ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙති එත්ථ භගවා අප්පහීනකාමච්ඡන්දනීවරණං ඉණසදිසං, සෙසානි රොගාදිසදිසානි කත්වා දස්සෙති. තත්රායං සදිසතා. යො හි පරෙසං ඉණං ගහෙත්වා විනාසෙති, සො තෙහි ඉණං දෙහීති වුච්චමානොපි ඵරුසං වුච්චමානොපි බජ්ඣමානොපි වධීයමානොපි කිඤ්චි පටිබාහිතුං න සක්කොති, සබ්බං තිතික්ඛති. තිතික්ඛාකාරණං හිස්ස තං ඉණං හොති. එවමෙව යො යම්හි කාමච්ඡන්දෙන රජ්ජති, තණ්හාසහගතෙන තං වත්ථුං ගණ්හති, සො තෙන ඵරුසං වුච්චමානොපි බජ්ඣමානොපි වධීයමානොපි සබ්බං තිතික්ඛති, තිතික්ඛාකාරණං හිස්ස සො කාමච්ඡන්දො හොති, ඝරසාමිකෙහි වධීයමානානං ඉත්ථීනං වියාති, එවං ඉණං විය කාමච්ඡන්දො දට්ඨබ්බො.
ඉමෙ පඤ්චනීවරණෙ අප්පහීණෙ යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ කාමච්ඡන්ද නීවරණය ණයක් සේද, සෙසු දේ රෝග ආදියට සමානකොට දක්වන සේක. එහි මේ සදෘශතාව යමෙක් අනුන්ගේ ණය ගෙන වැනසේද, හේ ඔවුන් විසින් ණය දෙවැයි චෝදනා කරනු ලබන්නේද පරුෂ වචන කියනු ලබන්නේද තර්ජන කරනු ලබන්නේද මරනු ලබන්නේද විරුද්ධව නැගී සිටීමට නොහැකි වෙයි. සියල්ල ඉවසයි. ඔහුගේ ඉවසා සිටීමේ කාරණය ඒ ණය වෙයි. මෙසේ යමෙක් යමක් කෙරෙහි කාමච්ඡන්දයෙන් ඇලේ. ඒ වස්තුව තෘෂ්ණ ග්රහණයෙන් ගනී. හේ ඔහු විසින් පරුෂ වචන කියනු ලබන්නේ, තර්ජනය කරනු ලබන්නේද, මරනු ලබන්නේද සියල්ල ඉවසයි. ඔහුගේ ඉවසීමේ කාරණය ඒ කාමච්ඡන්දය වෙයි. ගෙහිමියන් විසින් කරනු ලබන ස්ත්රීන්ට මෙන් වේ. මෙසේ කාමච්ඡන්දය ණය මෙනැයි දතයුතුය.
යථා පන පිත්තරොගාතුරො මධුසක්කරාදීසුපි දින්නෙසු පිත්තරොගාතුරතාය තෙසං රසං න වින්දති, “තිත්තකං තිත්තක”න්ති උග්ගිරතියෙව. එවමෙව බ්යාපන්නචිත්තො හිතකාමෙහි ආචරියුපජ්ඣායෙහි අප්පමත්තකම්පි ඔවදියමානො ඔවාදං න ගණ්හති. “අති විය මෙ තුම්හෙ උපද්දවෙථා”තිආදීනි වත්වා විබ්භමති. පිත්තරොගාතුරතාය සො පුරිසො මධුසක්කරාදීනං විය කොධාතුරතාය ඣානසුඛාදිභෙදං සාසනරසං න වින්දතීති. එවං රොගො විය බ්යාපාදො දට්ඨබ්බො.
යම්සේ පිත්ත රෝගයෙන් ආතුර වූවෙක් මීපැණි හකුරු ආදිය දුන් කල්හිද පිත්ත රෝගයෙන් පෙළෙන බැවින් රස නොවිඳීද, තිත්තයි තිත්තයි කියමින් වමනය කරන්නේමය. මෙසේ ව්‍යාපාදයට පත් සිත් ඇත්තේ හිතකාමී ආචාර්ය උපාධ්‍යායයන් විසින් අල්පමාත්‍ර වූද අවවාදයක් දෙනු ලබන්නේ අවවාද නොගනීද, ඔබලා මට අතිශයින් උපද්‍රව කරන්නාහු යයි ආදිය කියා සිවුරු හැර යයි. පිත්ත රෝගයෙන් පෙළෙන බැවින් ඒ පුරුෂයා මීපැණි හකුරු ආදී රස මෙන් ක්‍රෝධයෙන් පෙළෙන බැවින් ධ්‍යානසුඛ ආදී භේද ඇති ශාසන රසය නොවිඳී. මෙසේ ව්‍යාපාදය රෝගයක් මෙනැයි දතයුතුය.
යථා පන නක්ඛත්තදිවසෙ බන්ධනාගාරෙ බද්ධො පුරිසො නක්ඛත්තස්ස නෙව ආදිං න මජ්ඣං න පරියොසානං පස්සති. සො දුතියදිවසෙ මුත්තො අහො හිය්යො නක්ඛත්තං මනාපං, අහො නච්චං, අහො ගීතන්තිආදීනි සුත්වාපි පටිවචනං න දෙති. කිං කාරණා? නක්ඛත්තස්ස අනනුභූතත්තා. එවමෙව ථිනමිද්ධාභිභූතො භික්ඛු විචිත්තනයෙපි ධම්මස්සවනෙ පවත්තමානෙ නෙව තස්ස ආදිං න මජ්ඣං න පරියොසානං ජානාති. සොපි උට්ඨිතෙ ධම්මස්සවනෙ අහො ධම්මස්සවනං, අහො කාරණං, අහො උපමාති ධම්මස්සවනස්ස වණ්ණං භණමානානං සුත්වාපි පටිවචනං න දෙති. කිං කාරණා? ථිනමිද්ධවසෙන ධම්මකථාය අනනුභූතත්තා. එවං බන්ධනාගාරං විය ථිනමිද්ධං දට්ඨබ්බං.
යම්සේ නැකැත්කෙළි දවසෙහි බන්ධනාගාරයෙහි බැඳුණු පුරුෂයා නැකැත් කෙළියෙහි මුල මැද අග නොදකීද, හේ දෙවැනි දවසෙහි මුදාහරිනු ලැබුයේ අනේ ඊයේ නැකැත් කෙළිය මනාප විය. අනේ නැටුම අනේ ගීතය’යි ආදිය අසාද පිළිවදන් නොදෙයි. කවර කරුණකින්ද යත්? නැකැත්කෙළිය ගැන දැනුමක් නැති බැවිනි. මෙසේ ථීනමිද්ධයෙන් මඩිනු ලැබූ භික්ෂුව විසිතුරු නයින් ධර්මශ්රවණය පවතිද්දී එහි මුල මැද අග නොදනී. හේ ධර්මශ්රවණය අවසන් වූ කල ‘අනේ ධර්මශ්රවණය අනේ කරුණ අනේ උපමා යැයි ධර්මශ්රවණයෙහි ගුණ කියන්නවුන් අසාද පිළිවදන් නොදෙයි. කවර කරුණකින්ද යත්? ථිනමිද්ධ වශයෙන් ධර්මකථාවෙහි දැනුමක් නැති බැවිනි. මෙසේ ථිනමිද්ධය බන්ධනාගාරය මෙනැයි දතයුතුය.
යථා පන නක්ඛත්තං කීළන්තොපි දාසො – “ඉදං නාම අච්චායිකං කරණීයං අත්ථි, සීඝං තත්ථ ගච්ඡාහි. නො චෙ ගච්ඡසි, හත්ථපාදං වා තෙ ඡින්දාමි කණ්ණනාසං වා”ති වුත්තො සීඝං ගච්ඡතියෙව. නක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවිතුං න ලභති, කස්මා? පරාධීනතාය, එවමෙව විනයෙ අපකතඤ්ඤුනා විවෙකත්ථාය අරඤ්ඤං පවිට්ඨෙනාපි කිස්මිඤ්චිදෙව අන්තමසො කප්පියමංසෙපි අකප්පියමංසසඤ්ඤාය උප්පන්නාය විවෙකං පහාය සීලවිසොධනත්ථං විනයධරස්ස සන්තිකං ගන්තබ්බං හොති, විවෙකසුඛං අනුභවිතුං න ලභති, කස්මා? උද්ධච්චකුක්කුච්චාභිභූතතායාති. එවං දාසබ්යං විය උද්ධච්චකුක්කුච්චං දට්ඨබ්බං.
යම්සේ නැකැත් කෙළි කෙළනා දාසයා මෙනම් නොවරදවා කළයුත්තක් ඇත. වහා එහි යව. නොයන්නෙහි නම් අත්පා හෝ කන් නාසා හෝ කපා දමමුයි කීකල්හි වහා යන්නේමය. නැකැත් කෙළියෙහි මුල මැද අග විඳගන්ට නොලබයි. කුමක් හෙයින්ද? පරාධීන බැවිනි. මෙසේ විනයෙහි අකෘතඥව විවේකය පිණිස අරණ්‍යයට පිවිසියහු විසින් කිසියම් යටත්පිරිසෙයින් කැප මසෙහිද අකැප සංඥාවක් උපන් කල්හි උපන් විවේකය අත්හැර සිල් පිරිසිදු කිරීම පිණිස විනයධරයකුගේ සමීපයට යායුතු වෙයි. විවේකසුව විඳීමට නොලබයි. කුමක් හෙයින්ද? උද්ධච්ච කුක්කුච්චයෙන් මැඩගනු ලැබූ බැවිනි. මෙසේ උද්ධච්ච කුක්කුච්චය දාසබව මෙනැයි දතයුතුය.
යථා පන කන්තාරද්ධානමග්ගප්පටිපන්නො පුරිසො චොරෙහි මනුස්සානං විලුත්තොකාසං පහතොකාසඤ්ච දිස්වා දණ්ඩකසද්දෙනපි සකුණසද්දෙනපි “චොරා ආගතා”ති උස්සඞ්කිතපරිසඞ්කිතොව හොති, ගච්ඡතිපි තිට්ඨතිපි නිවත්තතිපි, ගතට්ඨානතො අගතට්ඨානමෙව බහුතරං හොති. සො කිච්ඡෙන කසිරෙන ඛෙමන්තභූමිං පාපුණාති වා න වා පාපුණාති. එවමෙව යස්ස අට්ඨසු ඨානෙසු විචිකිච්ඡා උප්පන්නා හොති, සො – “බුද්ධො නු ඛො, නො නු ඛො බුද්ධො”තිආදිනා නයෙන විචිකිච්ඡන්තො අධිමුච්චිත්වා සද්ධාය ගණ්හිතුං න සක්කොති. අසක්කොන්තො මග්ගං වා ඵලං වා න පාපුණාතීති. යථා කන්තාරද්ධානමග්ගෙ – “චොරා අත්ථි නත්ථී”ති පුනප්පුනං ආසප්පනපරිසප්පනං අපරියොගාහනං ඡම්භිතත්තං චිත්තස්ස උප්පාදෙන්තො ඛෙමන්තපත්තියා අන්තරායං කරොති, එවං විචිකිච්ඡාපි – “බුද්ධො නු ඛො, න බුද්ධො”තිආදිනා නයෙන පුනප්පුනං ආසප්පනපරිසප්පනං අපරියොගාහනං ඡම්භිතත්තං චිත්තස්ස උප්පාදයමානා අරියභූමිප්පත්තියා අන්තරායං කරොතීති කන්තාරද්ධානමග්ගො විය විචිකිච්ඡා දට්ඨබ්බා.
යම්සේ කාන්තාරයෙහි දිගුමගට පිළිපන් පුරුෂයා සොරුන් විසින් මිනිසුන් පහරන ලද තැනද, ගියතැනද දැක දඬු කැබැල්ලක ශබ්දයෙන්ද කුරුලු ශබ්දයෙන්ද ‘හොරු ආවෝ’ යැයි බිය හා සැක ඇත්තේ වෙයි. ගියත් සිටියත් නැවතුණත් ගියතැනට වඩා නොගිය තැන් බහුතර වෙයි. හේ කරදරයෙන් අසීරුවෙන් කෙම්බිමට පැමිණෙයි හෝ නොපැමිණෙයි. මෙසේ යමකුට අටතැනක විචිකිච්ඡාව උපන්නේ වෙයි. හේ බුදුවීද, බුදු නොවීද? ආදි ක්‍රමයෙන් සැක කරන්නේ මුළාවට පැමිණ ශ්‍රද්ධාවෙන් ගැනීමට නොහැකි වෙයි නොහැකි වන්නේ මාර්ගයකට හෝ ඵලයකට හෝ නොපැමිණේ. මෙසේ යම්සේ කාන්තාර මාර්ගයෙහි හොරු ඇත නැතැයි නැවත නැවත සැකය, බැසනොගැනීම තැතිගත් බව සිතෙහි උපදවන්නේ කෙම්බිමට පැමිණීමට අනතුරක් කරගනී. මෙසේ විචිකිච්ඡාව බුදුවීද නොවීද ආදී ක්‍රමයෙන් නැවත නැවත සැකය, බැස නොගැනීම තැති ගැනීම සිතෙහි උපදවමින් ආර්යභූමියට පැමිණීමට අන්තරායක් කරගනීයයි කාන්තාර දිගුමගක් මෙන් දතයුතුය.
ඉදානි – “සෙය්යථාපි, මහාරාජ, ආණණ්ය”න්ති එත්ථ භගවා පහීනකාමච්ඡන්දනීවරණං ආණණ්යසදිසං, සෙසානි ආරොග්යාදිසදිසානි කත්වා දස්සෙති. තත්රායං සදිසතා, යථා හි පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙත්වා සමිද්ධතං පත්තො – “ඉදං ඉණං නාම පලිබොධමූල”න්ති චින්තෙත්වා සවඩ්ඪිකං ඉණං නිය්යාතෙත්වා පණ්ණං ඵාලාපෙය්ය. අථස්ස තතො පට්ඨාය නෙව කොචි දූතං පෙසෙති, න පණ්ණං. සො ඉණසාමිකෙ දිස්වාපි සචෙ ඉච්ඡති, ආසනා උට්ඨහති, නො චෙ න උට්ඨහති, කස්මා? තෙහි සද්ධිං නිල්ලෙපතාය අලග්ගතාය. එවමෙව භික්ඛු – “අයං කාමච්ඡන්දො නාම පලිබොධමූල”න්ති චින්තෙත්වා ඡ ධම්මෙ භාවෙත්වා කාමච්ඡන්දනීවරණං පජහති. තෙ පන ඡ ධම්මෙ මහාසතිපට්ඨානෙ වණ්ණයිස්සාම. තස්සෙවං පහීනකාමච්ඡන්දස්ස යථා ඉණමුත්තස්ස පුරිසස්ස ඉණස්සාමිකෙ දිස්වා නෙව භයං න ඡම්භිතත්තං හොති. එවමෙව පරවත්ථුම්හි නෙව සඞ්ගො න බද්ධො හොති. දිබ්බානිපි රූපානි පස්සතො කිලෙසො න සමුදාචරති. තස්මා භගවා ආණණ්යමිව කාමච්ඡන්දප්පහානං ආහ.
දැන් සෙය්යථාපි මහාරාජ ආනණ්යං යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රහීණ කරන ලද කාමච්ඡන්ද නීවරණය ණය නැති බව හා සමානය. සෙස්ස ආරෝග්‍යය හා සමානයයි දක්වන සේක. මේ එහි සදෘශතාවයි. යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයෙහි යොදා සමෘද්ධිමත් වූ කර්මාන්ත ඇත්තේ ‘මේ ණයනම් කරදරවලට මුලැ’යි සිතා පොලී සහිත ණය බේරා ලියුම ඉරවා දමන්නේය. ඉක්බිති ඔහුට එතැන්පටන් කිසිවෙක් දූතයකු නොඑවයි. හසුනක් නොඑවයි. හේ ණය හිමියා දැකද කැමතිනම් අසුනින් නැගිටියි. නැතිනම් නොනැගිටියි. කුමක් නිසාද? ඔවුන් සමග පැහැදීමක් බැඳීමක් නැති බැවිනි. එසේම භික්ෂුව මේ කාමච්ඡන්දය නම් කරදරවලට මුල’යයි සිතා ධර්ම සය වඩා කාමච්ඡන්ද නීවරණය අත්හැර දමයි. ඒ ධර්ම සය මහා සතිපට්ඨානයෙහි වර්ණනා කරන්නෙමු. මෙසේ ප්‍රහීණ කාමච්ඡන්ද ඇති ඔහුට ණයෙන් මිදුණහුට ණය හිමියන් දැක බියක් හෝ තැති ගැනීමක් නොවන්නා සේ අන්සතු වස්තුවෙහි ඇලීමක් හෝ බැඳීමක් නොවේ. දිව්‍යමය රූප බලන්නහුට කෙලෙස් ඉදිරිපත් නොවේ. ඒ නිසා භාග්‍යවතුන් වහසේ කාමච්ඡන්දය ප්රහාණය ණය නැති බව මෙනැයි කී සේක.
යථා පන සො පිත්තරොගාතුරො පුරිසො භෙසජ්ජකිරියාය තං රොගං වූපසමෙත්වා තතො පට්ඨාය මධුසක්කරාදීනං රසං වින්දති. එවමෙව භික්ඛු “අයං බ්යාපාදො නාම මහා අනත්ථකරො”ති ඡ ධම්මෙ භාවෙත්වා බ්යාපාදනීවරණං පජහති. සබ්බනීවරණෙසු ඡ ධම්මෙ මහාසතිපට්ඨානෙයෙව වණ්ණයිස්සාම. න කෙවලඤ්ච තෙයෙව, යෙපි ථිනමිද්ධාදීනං පහානාය භාවෙතබ්බා, තෙපි සබ්බෙ තත්ථෙව වණ්ණයිස්සාම. සො එවං පහීනබ්යාපාදො යථා පිත්තරොගවිමුත්තො පුරිසො මධුසක්කරාදීනං රසං සම්පියායමානො පටිසෙවති, එවමෙව ආචාරපණ්ණත්තිආදීනි සික්ඛාපදානි සිරසා සම්පටිච්ඡිත්වා සම්පියායමානො සික්ඛති. තස්මා භගවා ආරොග්යමිව බ්යාපාදප්පහානං ආහ.
යම්සේ පිත්ත රෝගයෙන් ආතුර වූ පුරුෂයා බෙහෙත් කිරිමෙන් ඒ රෝගය සංසිඳුවා එතැන්පටන් මීපැණි හකුරු ආදියෙහි රස විඳී ද මෙසේ ඒ භික්ෂුව ‘මේ ව්‍යාපාදය අනර්ථයක් කරන්නෙකැ’යි ධර්ම සය වඩා ව්‍යාපාද නීවරණය අත්හැර දමයි. ඒ ධර්ම සය මහා සතිපට්ඨානයෙහි වර්ණනා කරන්නෙමු. ඒවා පමණක් නොව, යමක් ථිනමිද්ධ ආදීන් ප්රහාණය පිණිස වැඩිය යුතුද ඒවාද එහිම වර්ණනා කරන්නෙමු. හේ මෙසේ ප්‍රහීණ කරන ලද ව්‍යාපාද ඇත්තේ පිත්ත රෝගයෙන් මිදුණු පුරුෂයා මෙන් මීපැණි හකුරු ආදිය ආශාවෙන් අනුභව කරයි. මෙසේ ආචාර ප්රඥප්ති ආදිය හික්මවනු ලබන්නේ හිසින් පිළිගෙන ආසාවෙන් නික්මෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපාද ප්රහාණය ආරෝග්‍යය මෙනැයි වදාළ සේක.
යථා සො නක්ඛත්තදිවසෙ බන්ධනාගාරං පවෙසිතො පුරිසො අපරස්මිං නක්ඛත්තදිවසෙ – “පුබ්බෙපි අහං පමාදදොසෙන බද්ධො, තෙන නක්ඛත්තං නානුභවිං. ඉදානි අප්පමත්තො භවිස්සාමී”ති යථාස්ස පච්චත්ථිකා ඔකාසං න ලභන්ති, එවං අප්පමත්තො හුත්වා නක්ඛත්තං අනුභවිත්වා – ‘අහො නක්ඛත්තං, අහො නක්ඛත්ත’න්ති උදානං උදානෙසි, එවමෙව භික්ඛු – “ඉදං ථිනමිද්ධං නාම මහාඅනත්ථකර”න්ති ඡ ධම්මෙ භාවෙත්වා ථිනමිද්ධනීවරණං පජහති, සො එවං පහීනථිනමිද්ධො යථා බන්ධනා මුත්තො පුරිසො සත්තාහම්පි නක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවති, එවමෙව ධම්මනක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණාති. තස්මා භගවා බන්ධනා මොක්ඛමිව ථිනමිද්ධප්පහානං ආහ.
නැකැත්කෙළි දවසෙහි බන්ධනාගාරයට යවන ලද පුරුෂයා වෙනත් නැකැත් දවසක ‘පෙර මම ප්‍රමාද දෝෂයෙන් බැඳුණේ වෙමි. එයින් නැකැත් කෙළි නොවින්දෙමි. දැන් අප්රමාදී වන්නෙමියි ඔහුගේ සතුරෝ අවකාශ නොලබත්ද, මෙසේ අප්රමාදී වී නැකැත් කෙළි විඳ ‘අනේ නැකැත් කෙළියැ’යි උදන් අනයි. එසේ භික්ෂුව මේ ථිනමිද්ධය නම් මහා අනර්ථ කරන්නෙකියි ධර්ම සය වඩා ථිනමිද්ධ නීවරණය අත්හැර දමයි. හේ මෙසේ ප්‍රහීණ ථිනමිද්ධ ඇත්තේ බැඳුමෙන් මිදුණු පුරුෂයා සත්දිනක් නැකැත් කෙළියෙහි මුල මැද අග විඳගන්නාක් මෙන්, ධර්ම නක්ෂත්ර ක්‍රීඩාවෙහි මුල මැද අග විඳින්නේ පටිසම්භිදා සසහිත රහත් බවට පැමිණෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ථිනමිද්ධ ප්රහාණය බන්ධනයෙන් මිදීම සේ වදාළ සේක.
යථා පන දාසො කිඤ්චිදෙව මිත්තං උපනිස්සාය සාමිකානං ධනං දත්වා අත්තානං භුජිස්සං කත්වා තතො පට්ඨාය යං ඉච්ඡති, තං කරොති. එවමෙව භික්ඛු – “ඉදං උද්ධච්චකුක්කුච්චං නාම මහා අනත්ථකර”න්ති ඡ ධම්මෙ භාවෙත්වා උද්ධච්චකුක්කුච්චං පජහති. සො එවං පහීනඋද්ධච්චකුක්කුච්චො යථා භුජිස්සො පුරිසො යං ඉච්ඡති, තං කරොති, න තං කොචි බලක්කාරෙන තතො නිවත්තෙති, එවමෙව යථා සුඛං නෙක්ඛම්මපටිපදං පටිපජ්ජති, න තං උද්ධච්චකුක්කුච්චං බලක්කාරෙන තතො නිවත්තෙති. තස්මා භගවා භුජිස්සං විය උද්ධච්චකුක්කුච්චප්පහානං ආහ.
දාසයා කිසියම් මිතුරකු නිසා ස්වාමීන්ගේ ධනය දී තමා නිදහස් වී එතැන්පටන් යමක් කැමතිනම් එය කරන්නේය. යම්සේද එසේ භික්ෂුව ‘මේ උද්ධච්ච කුක්කුච්චය නම් මහා අනර්ථකරයයි ධර්මසය වඩා උද්ධච්ච කුක්කුච්චං අත්හැර දමයි. හේ මෙසේ ප්‍රහීණ වූ උද්ධච්ච කුක්කුච්ච ඇත්තේ නිදහස් පුරුෂයා යමක් කැමති වේද, එය කරයි. කිසිවෙක් ඔහු බලාත්කාරයෙන් එයින් නොවළක්වයිද මෙසේ සුවසේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව පිළිපදී. එය උද්ධච්ච කුක්කුච්චය බලාත්කාරයෙන් නවතන්නේ නොවේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උද්ධච්ච කුක්කුච්ච ප්රහාණය නිදහස් පුරුෂයා මෙනැයි වදාළ සේක.
යථා බලවා පුරිසො හත්ථසාරං ගහෙත්වා සජ්ජාවුධො සපරිවාරො කන්තාරං පටිපජ්ජෙය්ය, තං චොරා දූරතොව දිස්වා පලායෙය්යුං. සො සොත්ථිනා තං කන්තාරං නිත්ථරිත්වා ඛෙමන්තං පත්තො හට්ඨතුට්ඨො අස්ස. එවමෙව භික්ඛු “අයං විචිකිච්ඡා නාම මහා අනත්ථකාරිකා”ති ඡ ධම්මෙ භාවෙත්වා විචිකිච්ඡං පජහති. සො එවං පහීනවිචිකිච්ඡො යථා බලවා පුරිසො සජ්ජාවුධො සපරිවාරො නිබ්භයො චොරෙ තිණං විය අගණෙත්වා සොත්ථිනා නික්ඛමිත්වා ඛෙමන්තභූමිං පාපුණාති, එවමෙව භික්ඛු දුච්චරිතකන්තාරං නිත්ථරිත්වා පරමං ඛෙමන්තභූමිං අමතං මහානිබ්බානං පාපුණාති. තස්මා භගවා ඛෙමන්තභූමිං විය විචිකිච්ඡාපහානං ආහ.
යම්සේ බලවත් පුරුෂයෙක් හස්තසාර වස්තුව ගෙන ආයුධ සන්නද්ධව සහපිරිවරින් කාන්තාරයට යන්නේය. හොරු දුරදීම ඔහු දැක පළා යති. හේ නිරුපද්‍රිතව ඒ කතර තරණයකොට කෙම්බිමට පැමිණියේ සතුටු වන්නේද, එසේ භික්ෂුව මේ විචිකිච්ඡාව නම් අනර්ථකාරී යැයි ධර්ම සය වඩා විචිකිච්ඡාව අත්හැර දමයි. හේ මෙසේ ප්‍රහීණ විචිකිච්ඡා ඇත්තේ බලවත් පුරුෂයා ආයුධ සන්නද්ධව සහපිරිවරින් නිර්භයව සොරුන් තණ සුලකටවත් ගණන් නොගෙන යහතින් නික්ම කෙම්බිමට පැමිණේද එසේ භික්ෂුව දුශ්චරිත නමැති කාන්තාරයෙන් එතෙරව පරම ක්ෂේමභූමිය නම් වූ අමෘතමහා නිර්වාණයට පැමිණේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විචිකිච්ඡා ප්රහාණය කේෂ්මභූමිය සේ වදාළ සේක.
පාමොජ්ජං ජායතීති තුට්ඨාකාරො ජායති. පමුදිතස්ස පීති ජායතීති තුට්ඨස්ස සකලසරීරං ඛොභයමානා පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භතීති පීතිසම්පයුත්තචිත්තස්ස පුග්ගලස්ස නාමකායො පස්සම්භති, විගතදරථො හොති. සුඛං වෙදෙතීති කායිකම්පි චෙතසිකම්පි සුඛං වෙදයති. චිත්තං සමාධියතීති ඉමිනා නෙක්ඛම්මසුඛෙන සුඛිතස්ස උපචාරවසෙනපි අප්පනාවසෙනපි චිත්තං සමාධියති.
පාමුජ්ජං ජායති තුටු වූ අයුරක් හටගනී. පමුදිතස්ස පීති යනු සතුටු වූවහුගේ සියලු සිරුර කළඹවමින් ප්‍රීතිය උපදී. පීති මනස්ස කායො පස්සම්හති ප්‍රීති සම්ප්‍රයුක්ත සිත් ඇති පුද්ගලයාගේ ශරීරය සංසුන් වෙයි. පහවූ කාංසාව ඇත්තේ වෙයි. සුඛං වෙදෙති කායික වූද චෛතසික වූද සැප විඳී. චිත්තං සමාධියති යනු මේ නෛෂ්ක්‍රම්‍ය සුඛයෙන් සුවපත් වූවහුගේ උපචාර වශයෙන්ද අර්පණා වශයෙන්ද සිත සමාධිගත වේ.
පඨමජ්ඣානකථා
සො විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරතීතිආදි පන උපචාරසමාධිනා සමාහිතෙ චිත්තෙ උපරිවිසෙසදස්සනත්ථං අප්පනාසමාධිනා සමාහිතෙ චිත්තෙ තස්ස සමාධිනො පභෙදදස්සනත්ථං වුත්තන්ති වෙදිතබ්බං. ඉමමෙව කායන්ති ඉමං කරජකායං. අභිසන්දෙතීති තෙමෙති ස්නෙහෙති, සබ්බත්ථ පවත්තපීතිසුඛං කරොති. පරිසන්දෙතීති සමන්තතො සන්දෙති. පරිපූරෙතීති වායුනා භස්තං විය පූරෙති. පරිප්ඵරතීති සමන්තතො ඵුසති. සබ්බාවතො කායස්සාති අස්ස භික්ඛුනො සබ්බකොට්ඨාසවතො කායස්ස කිඤ්චි උපාදින්නකසන්තතිපවත්තිට්ඨානෙ ඡවිමංසලොහිතානුගතං අණුමත්තම්පි ඨානං පඨමජ්ඣානසුඛෙන අඵුටං නාම න හොති.
යො විචිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති ආදියෙන් උපචාර සමාධියෙන් සිත සමාහිත වූ කල්හි ඔහුට සමාධියෙහි ප්‍රභේද දර්ශනය පිණිස කියන ලදැයි දතයුතුය. ඉමමෙව කායං යනු මේ කරජ කය. අභිසන්දෙති යනු තෙමෙයි. තෙත්වෙයි. සියලු තැන පැවති ප්‍රීතිසුඛය ඇතිකරයි. පරිසන්දෙති යනු හාත්පසින් ගලා බසී. පරිපූරෙති යනු වායුවෙන් හස්ත්‍රාව මෙන් පිරෙයි. පරිඵරති යනු හාත්පසින් ස්පර්ශ කරයි. සබ්බාවතො කායස්ස යනු සියලු කොටස් සහිත කයක් ඇති ඒ භික්ෂුවගේ කිසියම් උපාදින්නක සන්තතියක් පැවති තැන සම් මස් ලේ අනුව ගිය අණුමාත්‍ර වූ ස්ථානයක්වත් ප්‍රථමධ්‍යාන සුඛයෙන් නොගෑවුණේ නම් වෙයි.
දක්ඛොති ඡෙකො පටිබලො න්හානීයචුණ්ණානි කාතුඤ්චෙව පයොජෙතුඤ්ච සන්නෙතුඤ්ච. කංසථාලෙති යෙන කෙනචි ලොහෙන කතභාජනෙ. මත්තිකභාජනං පන ථිරං න හොති. සන්නෙන්තස්ස භිජ්ජති. තස්මා තං න දස්සෙති.
දක්ඛො යනු නහන සුණු තනන්නටද යොදන්නටද සම්මිශ්‍රණය කරන්නටද දක්ෂ ප්‍රතිබල ඇති. කංසථාලෙ යනු කිසියම් ලෝහයකින් කරන ලද බඳුන්. මැටි බඳුන ස්ථිර නැත. මිශ්රකිරීමේදී බිඳෙයි. ඒ නිසා එය නොදැක්විය.
පරිප්ඵොසකං පරිප්ඵොසකන්ති සිඤ්චිත්වා සිඤ්චිත්වා. සන්නෙය්යාති වාමහත්ථෙන කංසථාලං ගහෙත්වා දක්ඛිණහත්ථෙන පමාණයුත්තං උදකං සිඤ්චිත්වා සිඤ්චිත්වා පරිමද්දන්තො පිණ්ඩං කරෙය්ය. ස්නෙහානුගතාති උදකසිනෙහෙන අනුගතා. ස්නෙහපරෙතාති උදකසිනෙහෙන පරිග්ගහිතා. සන්තරබාහිරාති සද්ධිං අන්තොපදෙසෙන චෙව බහිපදෙසෙන ච සබ්බත්ථකමෙව උදකසිනෙහෙන ඵුටාති අත්ථො. න ච පග්ඝරණීති න ච බින්දු බින්දු උදකං පග්ඝරති, සක්කා හොති හත්ථෙනපි ද්වීහිපි තීහිපි අඞ්ගුලීහි ගහෙතුං ඔවට්ටිකායපි කාතුන්ති අත්ථො.
පරිප්ඵොසකං පරිප්ඵොසකං යනු ඉස ඉස. සන්නෙය්ය යනු වම් අතින් ලෝහ භාජනය ගෙන දකුණු අතින් ප්‍රමාණවත් ජලය ඉස ඉස මඩින්නේ පිඬුවක් කරන්නේය. ස්නෙහානුගතා දිය තෙතමනය සමග අනුගතව. ස්නෙහපරෙතා දිය තෙතමනයෙන් අල්ලාගෙන. සන්තරබාහිරං ඇතුළත පෙදෙස සහ පිටත පෙදෙස සමග සැමතැනම දිය තෙතමනයෙන් ස්පර්ශ කරන ලද්දේය යන අර්ථයි. නච පග්ඝරණී යනු බිඳුව බිඳුව ජලය නොවැගිරේ. අතින් හෝ ඇඟිලි දෙකකින් ගන්ට හැකිවෙයි. බඳපටියක් කරන්නටද හැකිය යන අර්ථයි.
දුතියජ්ඣානකථා
දුතියජ්ඣානසුඛූපමායං උබ්භිදොදකොති උබ්භින්නඋදකො, න හෙට්ඨා උබ්භිජ්ජිත්වා උග්ගච්ඡනකඋදකො. අන්තොයෙව පන උබ්භිජ්ජනකඋදකොති අත්ථො. ආයමුඛන්ති ආගමනමග්ගො. දෙවොති මෙඝො. කාලෙන කාලන්ති කාලෙ කාලෙ, අන්වද්ධමාසං වා අනුදසාහං වාති අත්ථො. ධාරන්ති වුට්ඨිං. න අනුප්පවෙච්ඡෙය්යාති න ච පවෙසෙය්ය, න වස්සෙය්යාති අත්ථො.
ද්විතීය ධ්‍යාන සුඛ උපමාවෙහි උබ්භිදොදකො යනු උඩින් බිඳී ආ ජලය. යටින් බිඳී උඩට එන ජලය නොවේ. ඇතුළතම උපදින ජලය යන අර්ථයි. ආයමුඛං යන එන මග. දෙවො යනු වැසි වලාකුළ. කාලෙන කාලං යනු කලින්කල. අඩමසක් හෝ දින දසයකට වරක් යන අර්ථයි. ධාරං යනු වෘද්ධිය. තානුපවෙච්ඡෙය්ය යනු ප්‍රවේශ නොවන්නේය. නොවසවනු ලබන්නේය යන අර්ථයි.
සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වාති සීතං ධාරං උග්ගන්ත්වා රහදං පූරයමානං උබ්භිජ්ජිත්වා. හෙට්ඨා උග්ගච්ඡනඋදකඤ්හි උග්ගන්ත්වා උග්ගන්ත්වා භිජ්ජන්තං උදකං ඛොභෙති, චතූහි දිසාහි පවිසනඋදකං පුරාණපණ්ණතිණකට්ඨදණ්ඩකාදීහි උදකං ඛොභෙති, වුට්ඨිඋදකං ධාරානිපාතපුබ්බුළකෙහි උදකං ඛොභෙති. සන්නිසින්නමෙව පන හුත්වා ඉද්ධිනිම්මිතමිව උප්පජ්ජමානං උදකං ඉමං පදෙසං ඵරති, ඉමං පදෙසං න ඵරතීති නත්ථි, තෙන අඵුටොකාසො නාම න හොතීති. තත්ථ රහදො විය කරජකායො. උදකං විය දුතියජ්ඣානසුඛං. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
සීතවාරිධාරා උබ්භජ්ජිත්වා යනු සිහිල් ජලය ඒ පොකුණ පුරවමින් ඉපිද, යටින් උඩට එන ජලය උඩට නැග නැග බිඳෙන ජලය කළඹයි. සිව්දෙසින් ඇතුළුවන ජලය පැරණි කොළ තණ දරදඬු ආදියෙන් ජලය කළඹයි. හුන්නාක් මෙන් වී ඍද්ධියෙන් නිර්මිත වූවක් මෙන් උපදින ජලය මේ ප්‍රදේශය පුරා පැතිරෙයි. මෙය නොපැතිරෙයි කියා දෙයක් නැත. එයින් නොපැහැසුණු අවකාශයක් නම් නැත. එහි කරජකාය පොකුණ මෙනි. ද්විතීය ධ්‍යාන සුඛය ජලය මෙනි. සෙස්ස පෙර ක්‍රමයෙන්ම දතයුතුය.
තතියජ්ඣානකථා
තතියජ්ඣානසුඛූපමායං උප්පලානි එත්ථ සන්තීති උප්පලිනී. සෙසපදද්වයෙපි එසෙව නයො. එත්ථ ච සෙතරත්තනීලෙසු යං කිඤ්චි උප්පලං උප්පලමෙව. ඌනකසතපත්තං පුණ්ඩරීකං, සතපත්තං පදුමං. පත්තනියමං වා විනාපි සෙතං පදුමං, රත්තං පුණ්ඩරීකන්ති අයමෙත්ථ විනිච්ඡයො. උදකානුග්ගතානීති උදකතො න උග්ගතානි. අන්තො නිමුග්ගපොසීනීති උදකතලස්ස අන්තො නිමුග්ගානියෙව හුත්වා පොසීනි, වඩ්ඪීනීති අත්ථො. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
තෘතීයධ්‍යාන සුඛ උපමාවෙහි, උපුල් මෙහි ඇත්නුයි = උප්පලිනී. සෙසු පද දෙකෙහි ද මේ ක්‍රමයමැයි. මෙහිද සුදු රතු නිල් අතුරින් කිසියම් උපුලක් උප්පලමෙව. පෙති සියයට අඩු පුණ්ඩරීකං පෙති සියයක් ඇත්තේ පදුමං. පෙති නියමයක් ඇතිව හෝ නැතිව සුදු පදුමං. රතු පුණ්ඩරීක යන්න මෙහි විනිශ්චයයි. උදකානුග්ගතානි යනු ජලයෙන් නොනැගුණු. අන්තො නිමුග්ග පොසිතී යනු ජලතලය අතර ගිලුණේ ම වී පෝෂණය වෙත වැඩෙත් යන අර්ථයි. සෙස්ස පෙර ක්‍රමයෙන් දතයුතුය.
චතුත්ථජ්ඣානකථා
චතුත්ථජ්ඣානසුඛූපමායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙනාති එත්ථ නිරුපක්කිලෙසට්ඨෙන පරිසුද්ධං, පභස්සරට්ඨෙන පරියොදාතන්ති වෙදිතබ්බං. ඔදාතෙන වත්ථෙනාති ඉදං උතුඵරණත්ථං වුත්තං. කිලිට්ඨවත්ථෙන හි උතුඵරණං න හොති, තඞ්ඛණධොතපරිසුද්ධෙන උතුඵරණං බලවං හොති. ඉමිස්සාය හි උපමාය වත්ථං විය කරජකායො, උතුඵරණං විය චතුත්ථජ්ඣානසුඛං. තස්මා යථා සුන්හාතස්ස පුරිසස්ස පරිසුද්ධං වත්ථං සසීසං පාරුපිත්වා නිසින්නස්ස සරීරතො උතු සබ්බමෙව වත්ථං ඵරති. න කොචි වත්ථස්ස අඵුටොකාසො හොති. එවං චතුත්ථජ්ඣානසුඛෙන භික්ඛුනො කරජකායස්ස න කොචි ඔකාසො අඵුටො හොතීති. එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. ඉමෙසං පන චතුන්නං ඣානානං අනුපදවණ්ණනා ච භාවනානයො ච විසුද්ධිමග්ගෙ වුත්තොති ඉධ න විත්ථාරිතො.
චතුර්ථ ධ්‍යානසුඛ උපමාවෙහි පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන යනු මෙහි උපක්ලේශ නොවන අර්ථයෙන් පිරිසිදු. ප්‍රභාස්වර කරන අර්ථයෙන් පරියොදාත යයි දතයුතුය. ඔදාතෙනවත්ථෙන මෙය ඍතු පැතිරෙන අර්ථයයි කියන ලදී. කිලිටි වස්ත්‍රයෙන් ඍතු පැතිරීමක් සිදු නොවේ. එකෙණෙහි සේදූ පිරිසිදු වස්ත්‍රයෙන් ඍතු පැතිරීම බලවත් වෙයි. මේ උපමාවෙන් කරජකාය වස්ත්‍රය මෙනි. චතුර්ථධ්යාන සුඛය. ඍතු ව්‍යාප්තිය මෙනි. ඒ නිසා මැනවින් ස්නානය කරන ලද පිරිසිදු වස්ත්‍රය හිසෙහි සිට පොරවා සිටි පුරුෂයාගේ සිරුරින් ඍතුව මුළු වස්ත්‍රය පුරා පැතිරෙයි. වස්ත්‍රයෙහි නොගෑවුණු කිසි තැනක් නැත. මෙසේ චතුර්ථධ්යාන සුඛයෙන් භික්ෂුවගේ කරජකායෙහි නොගෑවුණු කිසි තැනක් නැත. මෙසේ මෙහි අර්ථය දතයුතුය. මේ ධ්‍යාන සතරෙහි පදානුගත වර්ණනාද භාවනා ක්රමයද විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. මෙහි විස්තර වශයෙන් නොවේ.
එත්තාවතා චෙස රූපජ්ඣානලාභීයෙව, න අරූපජ්ඣානලාභීති න වෙදිතබ්බො. න හි අට්ඨසු සමාපත්තීසු චුද්දසහාකාරෙහි චිණ්ණවසීභාවං විනා උපරි අභිඤ්ඤාධිගමො හොති. පාළියං පන රූපජ්ඣානානියෙව ආගතානි. අරූපජ්ඣානානි ආහරිත්වා කථෙතබ්බානි.
මෙපමණකින් ඔහු රූපධ්‍යාන ලාභියෙක්මය. අරූපධ්‍යාන ලාභියෙක් නොවේ යයි දතයුතුය. අෂ්ට සමාපත්තීන්හි දහහතර ආකාරයෙන් වශීභාවයක් හැර මත්තෙහි අභිඥා අධිගමයක් නොවේ. පාලියෙහි රූපධ්‍යාන ම ආයේය. අරූපධ්‍යාන ගෙනවුත් කිය යුතුය.
විපස්සනාඤාණකථා
සො එවං සමාහිතෙ චිත්තෙ…පෙ… ආනෙඤ්ජප්පත්තෙති සො චුද්දසහාකාරෙහි අට්ඨසු සමාපත්තීසු චිණ්ණවසීභාවො භික්ඛූති දස්සෙති. සෙසමෙත්ථ විසුද්ධිමග්ගෙ වුත්තනයෙන වෙදිතබ්බං.
සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ආනෙඤ්ජප්පත්තෙ යනු දහහතර ආකාරයකින් අෂ්ට සමාපත්තීන්හි පුරන ලද වශීභාව ඇති භික්ෂුව යයි දක්වයි. මෙහි සෙස විශුද්ධි මාර්ගයෙහි කියූ ක්‍රමයෙන් දතයුතුය.
ඤාණදස්සනාය චිත්තං අභිනීහරතීති එත්ථ ඤාණදස්සනන්ති මග්ගඤාණම්පි, වුච්චති ඵලඤාණම්පි, සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි, පච්චවෙක්ඛණඤාණම්පි, විපස්සනාඤාණම්පි. “කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී”ති (මහානි· 1.257) එත්ථ හි මග්ගඤාණං ඤාණදස්සනන්ති වුත්තං. “අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මො අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති (ම· නි· 1.328) එත්ථ ඵලඤාණං. “භගවතොපි ඛො ඤාණදස්සනං උදපාදි සත්තාහකාලඞ්කතො ආළාරො කාලාමො”ති (මහාව· 10) එත්ථ සබ්බඤ්ඤුතඤ්ඤාණං. “ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාතී”ති (මහාව· 16) එත්ථ පච්චවෙක්ඛණඤාණං ඉධ පන ඤාණදස්සනාය චිත්තන්ති ඉදං විපස්සනාඤාණං ඤාණදස්සනන්ති වුත්තන්ති.
ඤාණදස්සනාය චිත්තං අභිනීහරති යනු මෙහි ඤාණදස්සනං යනු මාර්ග ඥානයයි කියනු ලැබේ. ඵල ඥානයද සර්වඥතා ඥානයද ප්රත්යවේක්ෂණ ඥානයද විදර්ශනා ඥානයද කියනු ලැබේ. ඇවැත්නි, ඥාන දර්ශන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙහිද යනු මෙහි මාර්ගඥානය ඥාන දර්ශන යැයි කියනු ලැබේ. අයමඤ්ඤො උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඤාණ දස්සන විසෙසො අධිගතො ඵාසුවිහාරො යනුවෙන් මෙහි ඵලඥානයයි. ‘භගවතොපි ඛො ඤාණං උදපාදි, සත්තාහ කාලකතො ආළාරො කාලාමො’යනු මෙහි සර්වඥතා ඥානයයි. ‘ඤාණංච මෙ දස්සනං උදපාදි. අකුප්පාමෙ චෙතො විමුත්ති, අයමන්තිකා ජාති’යනු මෙහි ප්රත්යවේක්ෂණ ඥානයයි. මෙහි ඤාණ දස්සනාය චිත්තං යනු මේ විදර්ශනා ඥානය ඥාන දර්ශනයයි කියනු ලැබේ.
අභිනීහරතීති විපස්සනාඤාණස්ස නිබ්බත්තනත්ථාය තන්නින්නං තප්පොණං තප්පබ්භාරං කරොති. රූපීති ආදීනමත්ථො වුත්තොයෙව. ඔදනකුම්මාසූපචයොති ඔදනෙන චෙව කුම්මාසෙන ච උපචිතො වඩ්ඪිතො. අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මොති හුත්වා අභාවට්ඨෙන අනිච්චධම්මො. දුග්ගන්ධවිඝාතත්ථාය තනුවිලෙපනෙන උච්ඡාදනධම්මො. අඞ්ගපච්චඞ්ගාබාධවිනොදනත්ථාය ඛුද්දකසම්බාහනෙන පරිමද්දනධම්මො. දහරකාලෙ වා ඌරූසු සයාපෙත්වා ගබ්භාවාසෙන දුස්සණ්ඨිතානං තෙසං තෙසං අඞ්ගානං සණ්ඨානසම්පාදනත්ථං අඤ්ඡනපීළනාදිවසෙන පරිමද්දනධම්මො. එවං පරිහරිතොපි භෙදනවිද්ධංසනධම්මො භිජ්ජති චෙව විකිරති ච, එවං සභාවොති අත්ථො. තත්ථ රූපී චාතුමහාභූතිකොතිආදීසු ඡහි පදෙහි සමුදයො කථිතො. අනිච්චපදෙන සද්ධිං පච්ඡිමෙහි ද්වීහි අත්ථඞ්ගමො. එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති එත්ථ චාතුමහාභූතිකෙ කායෙ නිස්සිතඤ්ච පටිබද්ධඤ්ච.
අභිනීහරති යනු විදර්ශනා ඥානය ඉපදවීම පිණිස එයම නිමනයද, එයම බෑවුමද එයම බෙයද කරයි. රූපී ආදීන්ගේ අර්ථය කියන ලද්දේය. ඔදන කුම්මාසුපචයො යනු බතින්ද පිට්ටුවෙන්ද රැස්කළ වර්ධනය කළ. අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මො යනු වී අභාවයට යන අර්ථයෙන් අනිත්‍ය දුගඳ නැසීම පිණිස සිරුරු ආලේපයෙන් ඉලීමේ ස්වභාවය. අඟපසඟවල ආබාධ නැතිකිරීම පිණිස සෙමින් මිරිකීමෙන් පිරිමදින ස්වභාවය. කුඩාකල කලවයන්හි නිදිකරවා ගැබෙහි වැසීමෙන් මනාව නොපිහිටි අංගයන්ගේ පිහිටීම සැදීම පිණිස තැවරීම් තදකිරීම් ආදි වශයෙන් මර්දනය කිරීමේ ස්වභාවය. මෙසේ පරිහරණය කරන්නගේ ද බිඳීම් විනාශවීම් ස්වභාවය බිඳෙයි. විසිරෙයි. මෙබඳු ස්වභාවය යන අර්ථයි. එහි රූපී චාතුම්මහා භූතිකො යන ආදී තන්හි පද හයෙන් සමුදය කියන ලදී. අනිත්‍ය පදය සමග පසු පද දෙකෙන් අස්තයට යාම. එත්ථ සිතං එත්ථ පටිබද්ධං යනු මෙහි චාතුර්මහා භූතයන්ගෙන් සැදුණු සිරුරෙහි පිහිටි හෝ බැඳුණු.
සුභොති සුන්දරො. ජාතිමාති පරිසුද්ධාකරසමුට්ඨිතො. සුපරිකම්මකතොති සුට්ඨු කතපරිකම්මො අපනීතපාසාණසක්ඛරො. අච්ඡොති තනුච්ඡවි. විප්පසන්නොති සුට්ඨු පසන්නො. සබ්බාකාරසම්පන්නොති ධොවනවෙධනාදීහි සබ්බෙහි ආකාරෙහි සම්පන්නො. නීලන්තිආදීහි වණ්ණසම්පත්තිං දස්සෙති. තාදිසඤ්හි ආවුතං පාකටං හොති. එවමෙව ඛොති එත්ථ එවං උපමාසංසන්දනං වෙදිතබ්බං. මණි විය හි කරජකායො. ආවුතසුත්තං විය විපස්සනාඤාණං. චක්ඛුමා පුරිසො විය විපස්සනාලාභී භික්ඛු, හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛතො අයං ඛො මණීති මණිනො ආවිභූතකාලො විය විපස්සනාඤාණං, අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො චාතුමහාභූතිකකායස්ස ආවිභූතකාලො, තත්රිදං සුත්තං ආවුතන්ති සුත්තස්සාවිභූතකාලො විය විපස්සනාඤාණං, අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො තදාරම්මණානං ඵස්සපඤ්චමකානං වා සබ්බචිත්තචෙතසිකානං වා විපස්සනාඤාණස්සෙව වා ආවිභූතකාලොති.
සුභො යනු සොඳුරු. ජාතිමා පිරිසිදු ලෙස පැනනැගුණු. සුපරිකම්මකතො යනු මැනවින් කළ පිරියම් ඇති. ගල් බොරළු ඉවකළ. අච්ඡො සිනිඳු හම. විප්පසන්නො යනු මැනවින් පහන් වූ. සබ්බාකාර සම්පන්නො යනු සේදීම් සෙලවීම් ආදී වූ සියලු ආකාරයෙන් යුතු. නීලං ආදී තන්හි වණ සම්පත්තිය දක්වයි. එබඳු දෙය ඇමිණී ප්‍රකට වෙයි. එවමෙව ඛො යනු මෙහි උපමා සංසන්දනය දතයුතුයි. කරජ කාර්යය මණි විය. මැණිකක් මෙනි. ආවුතසුත්තං ඇමුණු හුය. මෙහි විදර්ශනා ඥානය විදර්ශනාලාභී භික්ෂුව චක්ඛුමා පුරිසො ඇස් ඇති පුරුෂයා මෙනි. හත්ථෙකරිත්වා ප්රත්යවේක්ෂණයෙන් අයංඛො මණි යනුවෙන් මැණික පහළ වූ කාලය මෙනි. විදර්ශනා ඥානය පමුණුවාගෙන හුන් භික්ෂුවගේ චාතුර්මහා භූතික කය පහළ වූ කාලය. තත්රිදං සුත්තං ආවුතං යනු විදර්ශනා ඥානය පමුණුවා හුන් භික්ෂුවගේ තදාරම්මණ වූ ඵස්සය පස්වැනි කොට ඇති සියලු චිත්ත චෛතසිකයන්ගේ හෝ විදර්ශනා ඥානයෙහි හෝ පහළවූ කාලය නූල පහළ වූ කාලය මෙනි.
ඉදඤ්ච විපස්සනාඤාණං මග්ගඤාණානන්තරං. එවං සන්තෙපි යස්මා අභිඤ්ඤාවාරෙ ආරද්ධෙ එතස්ස අන්තරාවාරො නත්ථි තස්මා ඉධෙව දස්සිතං. යස්මා ච අනිච්චාදිවසෙන අකතසම්මසනස්ස දිබ්බාය සොතධාතුයා භෙරවං සද්දං සුණතො, පුබ්බෙනිවාසානුස්සතියා භෙරවෙ ඛන්ධෙ අනුස්සරතො, දිබ්බෙන චක්ඛුනා භෙරවම්පි රූපං පස්සතො භයසන්තාසො උප්පජ්ජති, න අනිච්චාදිවසෙන කතසම්මසනස්ස තස්මා අභිඤ්ඤං පත්තස්ස භයවිනොදනහෙතුසම්පාදනත්ථම්පි ඉදං ඉධෙව දස්සිතං. අපි ච යස්මා විපස්සනාසුඛං නාමෙතං මග්ගඵලසුඛසම්පාදකං පාටියෙක්කං සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං තස්මාපි ආදිතොව ඉදං ඉධ දස්සිතන්ති වෙදිතබ්බං.
මේ විදර්ශනා ඥානය මාර්ගයට අනතුරුව වේ. මෙසේ ඇතිකල්හිද යම්හෙයකින් අභිඥාවාරය ඇරඹුණු කල එයට අන්තර් වාරයක් නැත්ද, ඒ නිසා මෙහිම දක්වන ලදී. යම්හෙයකින් අනිත්‍යාදි වශයෙන් සම්මර්ශනය නොකළ දිව්‍ය ශ්‍රෝත ධාතුවෙන් බිරම් හඬ අසන්නහුට පූර්වේනිවාස අනුස්මෘතියෙන් බිරම් කඳ (ස්කන්ධ) සිහි කරන්නහුට දිවැසින් බිරම් රූ බලන්නහුට භය සන්ත්රාසය උපදීද, අනිත්‍යාදි වශයෙන් සම්මර්ශනය නොකළහුට නැද්ද, ඒ නිසා අභිඥා ප්රාප්තයාගේ බිය නැතිකරන හේතු සම්පාදනය සඳහාද මෙය මෙහිම දක්වන ලදී. තවද, යම් හෙයකින් විදර්ශනා සුඛය නමැති මෙය මාර්ගඵල සුඛ සමාන වෙන් වූ සාන්දෘෂ්ටික සාමඤ්ඤඵලයක් වේද, ඒ නිසා ආදියෙහිදීම මෙය මෙහිදී දක්වන ලද්දේ යයි දතයුතුය.
මනොමයිද්ධිඤාණකථා
මනොමයන්ති මනෙන නිබ්බත්තිතං. සබ්බඞ්ගපච්චඞ්ගින්ති සබ්බෙහි අඞ්ගෙහි ච පච්චඞ්ගෙහි ච සමන්නාගතං. අහීනින්ද්රියන්ති සණ්ඨානවසෙන අවිකලින්ද්රියං. ඉද්ධිමතා නිම්මිතරූපඤ්හි සචෙ ඉද්ධිමා ඔදාතො තම්පි ඔදාතං. සචෙ අවිද්ධකණ්ණො තම්පි අවිද්ධකණ්ණන්ති එවං සබ්බාකාරෙහි තෙන සදිසමෙව හොති.
මනොමයං යනු සිතින් උපදවාගත්. සබ්බංග පච්චංගී යනු සියල් අඟපසඟින් යුතු අභින්නින්ද්රියං යනු පිහිටීම් වශයෙන් විකල් නොවූ ඉන්ද්රිය ඇති. සෘද්ධි ඇත්තකු විසින් නිර්මාණය කරන ලද රූපය සෘද්ධිමතා සුදුනම් එයද සුදුය. කන් විද නැත්නම් එය ද නොවිඳි කන් ඇත්තේය. මෙසේ සියලු ආකාරයන්ගෙන් එය හා සමානම වෙයි.
මුඤ්ජම්හා ඊසිකන්තිආදි උපමාත්තයම්පි හි සදිසභාවදස්සනත්ථමෙව වුත්තං. මුඤ්ජසදිසා එව හි තස්ස අන්තො ඊසිකා හොති. කොසිසදිසොයෙව අසි, වට්ටාය කොසියා වට්ටං අසිමෙව පක්ඛිපන්ති, පත්ථටාය පත්ථටං.
මුඤ්ජමහා ඉසිකං යන ආදී උපමා තුනද සමාන බව දැක්වීම පිණිසම කියන ලදී. කණ කොළයක් වැනි එහි ඇතුළත සිදුරක් වෙයි. කඩුව කොසිය කොපුව වැනිමය. වට වූ කොපුවෙහි වටවූ කඩුවක්ම බහත්. පැතලි වූවක පැතලි වූවක්ම බවත්.
කරණ්ඩාති ඉදම්පි අහිකඤ්චුකස්ස නාමං, න විලීවකරණ්ඩකස්ස. අහිකඤ්චුකො හි අහිනා සදිසොව හොති. තත්ථ කිඤ්චාපි “පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්යා”ති හත්ථෙන උද්ධරමානො විය දස්සිතො, අථ ඛො චිත්තෙනෙවස්ස උද්ධරණං වෙදිතබ්බං. අයඤ්හි අහි නාම සජාතියං ඨිතො, කට්ඨන්තරං වා රුක්ඛන්තරං වා නිස්සාය, තචතො සරීරං නික්කඩ්ඪනප්පයොගසඞ්ඛාතෙන ථාමෙන, සරීරං ඛාදයමානං විය පුරාණතචං ජිගුච්ඡන්තොති ඉමෙහි චතූහි කාරණෙහි සයමෙව කඤ්චුකං පජහති, න සක්කා තතො අඤ්ඤෙන උද්ධරිතුං, තස්මා චිත්තෙන උද්ධරණං සන්ධාය ඉදං වුත්තන්ති වෙදිතබ්බං. ඉති මුඤ්ජාදිසදිසං ඉමස්ස භික්ඛුනො සරීරං, ඊසිකාදිසදිසං නිම්මිතරූපන්ති. ඉදමෙත්ථ ඔපම්මසංසන්දනං. නිම්මානවිධානං පනෙත්ථ පරතො ච ඉද්ධිවිධාදිපඤ්චඅභිඤ්ඤාකථා සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ විත්ථාරිතාති තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බා. උපමාමත්තමෙව හි ඉධ අධිකං.
කරණ්ඩො යනු මෙයද සර්ප හැවට නමකි. උණ පතුරින් තැනූ කරඬුවට නමකි. සර්ප හැව සර්පයා හා සමානම වේ. එහි පුරුෂයෙක් කිසියම් අහිං කරණ්ඩා උද්ධරෙය්ය යනු අතින් ගලවන්නක් මෙන් දක්වන ලදී. ඉක්බිතිව සිතින්ම එය ගැලවීම දතයුතුය. මේ සර්පයා ස්වජාතියෙහි සිට දරකැබලි අතර හෝ රුක් අතර ආශ්‍රයකොට හැවයෙන් ශරීරය ඉවත්කරන ප්‍රයෝග සංඛ්‍යාත වූ ශක්තියෙන් ශරීරය කාදමන්නාක් මෙන් පැරණි වැව පිළිකුල් කරන්නේ යයි මේ සිව් කරුණින් තමාම හැව අත්හැර දමයි. අනිකකු විසින් එයින් ගලවත් නොහැකිය. ඒ නිසා සිතින් ඉදිරීම සඳහා මෙය කියන ලදැයි දතයුතුය. මෙසේ මේ භික්ෂුවගේ සිරුර තණපත් ආදිය හා සමානය. නිමිත්තරූපය ඇතුළත සිදුර මෙනි. මේ මෙහි උපමා සංසන්දනයයි. මෙහි නිර්මාණ විධානය අනුන්ගෙන්ද ඉද්ධිවිධාදි පංච අභිඥා කථා සියලු අයුරින් විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. එහි කියූ පරිද්දෙන්ම දතයුතුය. මෙහි උපමා මාත්‍රයම අධිකය.
ඉද්ධිවිධඤාණාදිකථා
තත්ථ ඡෙකකුම්භකාරාදයො විය ඉද්ධිවිධඤාණලාභී භික්ඛු දට්ඨබ්බො. සුපරිකම්මකතමත්තිකාදයො විය ඉද්ධිවිධඤාණං දට්ඨබ්බං. ඉච්ඡිතිච්ඡිතභාජනවිකතිආදිකරණං විය තස්ස භික්ඛුනො විකුබ්බනං දට්ඨබ්බං.
එහි ජෙක කුම්භකාර ආදයො මෙන් ඉද්ධිවිධ ඤාණලාභී භික්ෂුව දතයුතුය. මැනවින් පිරියම් කළ මැටි ආදිය මෙන් ඉද්ධිවිධ ඤාණය දතයුතුය. කැමති කැමති භාජන විකෘති කරණය මෙන් ඒ භික්ෂුවගේ විකුර්වණය චිත්ත බලය දතයුතුය.
දිබ්බසොතධාතුඋපමායං යස්මා කන්තාරද්ධානමග්ගො සාසඞ්කො හොති සප්පටිභයො. තත්ථ උස්සඞ්කිතපරිසඞ්කිතෙන ‘අයං භෙරිසද්දො’, ‘අයං මුදිඞ්ගසද්දො’ති න සක්කා වවත්ථපෙතුං, තස්මා කන්තාරග්ගහණං අකත්වා ඛෙමමග්ගං දස්සෙන්තො අද්ධානමග්ගප්පටිපන්නොති ආහ. අප්පටිභයඤ්හි ඛෙමමග්ගං සීසෙ සාටකං කත්වා සණිකං පටිපන්නො වුත්තප්පකාරෙ සද්දෙ සුඛං වවත්ථපෙති. තස්ස සවනෙන තෙසං තෙසං සද්දානං ආවිභූතකාලො විය යොගිනො දූරසන්තිකභෙදානං දිබ්බානඤ්චෙව මානුස්සකානඤ්ච සද්දානං ආවිභූතකාලො වෙදිතබ්බො.
දිබ්බසොත ධාතු උපමාවෙහි යම්හෙයකින් කාන්තාර දිගු මග සැක සහිතද භය සහිතද වේද, එහි සැක සංකාවෙන් මේ බෙර හඬය, මේ මිහිඟු බෙර හඬය යයි වෙසෙසා හඳුනා ගැනීමට නොහැක්කේද, ඒ නිසා කාන්තාර ග්‍රහණය නොකොට ක්ෂේම මාර්ගය දක්වන්නේ, අද්ධාන මග්ග පටිපන්නො යයි කීය. බියක් නැති ක්ෂේම මාර්ගය ශීර්ෂ සාටකය කොට සෙමින් පිළිපන්නේ කියන ලද ආකාර ඇති ශබ්ද පහසුවෙන් ව්‍යවස්ථාපනය කරයි. ඔහුට ඒ ශබ්ද පහළ වූ කාලය මෙන් යෝගියාට දුර ළග භේද ඇති දිව්‍යමය වූද මානුෂික වූද ශබ්ද පහළවූ කාලය දතයුතුය.
චෙතොපරියඤාණූපමායං දහරොති තරුණො. යුවාති යොබ්බන්නෙන සමන්නාගතො. මණ්ඩනකජාතිකොති යුවාපි සමානො න ආලසියො න කිලිට්ඨවත්ථසරීරො, අථ ඛො මණ්ඩනපකතිකො, දිවසස්ස ද්වෙ තයො වාරෙ න්හායිත්වා සුද්ධවත්ථපරිදහනඅලඞ්කාරකරණසීලොති අත්ථො. සකණිකන්ති කාළතිලකවඞ්ගමුඛදූසිපීළකාදීනං අඤ්ඤතරෙන සදොසං. තත්ථ යථා තස්ස මුඛනිමිත්තං පච්චවෙක්ඛතො මුඛෙ දොසො පාකටො හොති, එවං චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො පරෙසං සොළසවිධං චිත්තං පාකටං හොතීති වෙදිතබ්බං.
චෙතොපරිය ඤාණ උපමාවෙහි දහරො යනු තරුණයා. යුවා යනු යෞවනයෙන් යුත්. මණ්ඩන ජාතිකො යනු යෞවනයෙක්ව අලස නොවූයේ නොකිලිටි ශරීර ඇත්තේ. තවද සැරසෙන ස්වභාව ඇත්තේ දවසකට දෙතුන් වරක් නහා පිරිසිදු වස්ත්‍ර හඳින අලංකාර කරන ස්වභාව ඇත්තේ යන අර්ථයි. සකණිකං යනු කළු කැලැල් ඇද වූ මුව කුරුලෑ ආදීන්ගෙන් එකකින් දොස් සහිත. එහි යම්සේ ඔහුගේ මුඛ නිමිත්ත ප්රත්යවේක්ෂණයෙන් මුහුණෙහි දොස් ප්‍රකට වේද, මෙසේ චේතෝපරිය ඤාණයෙන් සිත පමුණුවා සිටි භික්ෂුවට අනුන්ගේ සොළොස් වැදෑරුම් සිත ප්‍රකට වේයයි දතයුතුය.
පුබ්බෙනිවාසඤාණූපමායං තං දිවසං කතකිරියා පාකටා හොතීති තං දිවසං ගතගාමත්තයමෙව ගහිතං. තත්ථ ගාමත්තයගතපුරිසො විය පුබ්බෙනිවාසඤාණලාභී දට්ඨබ්බො, තයො ගාමා විය තයො භවා දට්ඨබ්බා, තස්ස පුරිසස්ස තීසු ගාමෙසු තං දිවසං කතකිරියාය ආවිභාවො විය පුබ්බෙනිවාසාය චිත්තං අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො තීසු භවෙසු කතකිරියාය පාකටභාවො දට්ඨබ්බො.
පුබ්බෙනිවාස ඤාණ උපමාවෙහි තං දිවසං කත කිරියා පාකටා හොති යනු එදවස ගිය ගම් තුනම ගන්නා ලද්දේය. එය ගම් තුනකට ගිය පුරුෂයා මෙන් පුබ්බෙනිවාස ඤාණලාභියා දතයුතුය. ගම් තුන මෙන් භවත්‍රය දතයුතුය. ඒ පුරුෂයාට ගම් තුනෙහිදී එදවස කළ කාර්යය පහළවීම මෙන් පුබ්බෙනිවාසයෙන් සිත පමුණුවා හුන් භික්ෂුවගේ භවත්‍රයයෙහි කරන ලද කාර්යය පහළවීම දතයුතුය.
දිබ්බචක්ඛූපමායං වීථිං සඤ්චරන්තෙති අපරාපරං සඤ්චරන්තෙ. වීථිං චරන්තෙතිපි පාඨො. අයමෙවත්ථො. තත්ථ නගරමජ්ඣෙ සිඞ්ඝාටකම්හි පාසාදො විය ඉමස්ස භික්ඛුනො කරජකායො දට්ඨබ්බො, පාසාදෙ ඨිතො චක්ඛුමා පුරිසො විය අයමෙව දිබ්බචක්ඛුං පත්වා ඨිතො භික්ඛු, ගෙහං පවිසන්තා විය පටිසන්ධිවසෙන මාතුකුච්ඡියං පවිසන්තා, ගෙහා නික්ඛමන්තා විය මාතුකුච්ඡිතො නික්ඛමන්තා, රථිකාය වීථිං සඤ්චරන්තා විය අපරාපරං සඤ්චරණකසත්තා, පුරතො අබ්භොකාසට්ඨානෙ මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නා විය තීසු භවෙසු තත්ථ තත්ථ නිබ්බත්තසත්තා, පාසාදතලෙ ඨිතපුරිසස්ස තෙසං මනුස්සානං ආවිභූතකාලො විය දිබ්බචක්ඛුඤාණාය චිත්තං අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො තීසු භවෙසු නිබ්බත්තසත්තානං ආවිභූතකාලො දට්ඨබ්බො. ඉදඤ්ච දෙසනාසුඛත්ථමෙව වුත්තං. ආරුප්පෙ පන දිබ්බචක්ඛුස්ස ගොචරො නත්ථීති.
දිබ්බචක්ඛු උපමාවෙහි වීතිසංචරන්තෙ යනු ඔබමොබ හැසිරෙන වීදි සඤ්චරන්තෙ යනුවෙන්ද පාඨයක් වෙයි. අර්ථය මෙයමය. එහි නගරය මැද මංසන්ධියෙහි ප්‍රාසාදය මෙන් මේ භික්ෂුවගේ කරජ කායය දතයුතුය. ප්‍රාසාදයෙහි සිටි ඇස් ඇති පුරුෂයා මෙන් දිවැස් ඇති බවට පත්ව සිටි භික්ෂුව දතයුතුය. ප්රතිසන්ධි වශයෙන් මව්කුසට පිවිසෙන්නවුන් මෙන් ගෙන් නික්මෙන්නෝ ගතයුත්තෝය. වීදියෙහි ඔබමොබ හැසිරෙන්නෝ ඔබමොබ හැසිරෙන සත්ත්වයෝ දතයුත්තෝය. ඉදිරියෙහි එළිමහන් තැන මැද මංසන්ධියෙහි සිටින්නෝ භවත්‍රයයෙහි ඒ ඒ තැන උපන් සත්ත්වයෝ දතයුත්තෝය. ප්‍රාසාද තලයෙහි සිටි පුරුෂයාගේ ඒ මිනිසුන් පහළ වූ කාලය මෙන් දිබ්බචක්ඛු ඤාණයෙන් සිත ඉවත්කොට හුන් භික්ෂුවගේ භවත්‍රයයෙහි උපන් සත්ත්වයන් පහළවූ කාලය දතයුතුය. මෙය දේශනා පහසුව පිණිසම කියන ලදී. අරූප ලෝකයෙහි දිවැසට ගොදුරුවන දෙයක් නැත.
ආසවක්ඛයඤාණකථා
සො එවං සමාහිතෙ චිත්තෙති ඉධ විපස්සනාපාදකං චතුත්ථජ්ඣානචිත්තං වෙදිතබ්බං. ආසවානං ඛයඤාණායාති ආසවානං ඛයඤාණනිබ්බත්තනත්ථාය. එත්ථ ච ආසවානං ඛයො නාම මග්ගොපි ඵලම්පි නිබ්බානම්පි භඞ්ගොපි වුච්චති. “ඛයෙ ඤාණං, අනුප්පාදෙ ඤාණ”න්ති එත්ථ හි මග්ගො ආසවානං ඛයොති වුත්තො. “ආසවානං ඛයා සමණො හොතී”ති (ම· නි· 1.438) එත්ථ ඵලං.
යො එවං සමාහිතෙ චිත්තෙ යනු මෙහි විදර්ශනා පාදක චතුර්ථධ්යාන චිත්තය දතයුතුය. ආසවානං ඛය ඤාණාය යනු ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ඥානය ඉපදවීම පිණිස. මෙහි ආශ්‍රවයන් ක්ෂය කිරිම, ඵලයද නිර්වාණයද භංගයද කියනු ලැබේ. ‘ඛයෙ ඤාණං අනුප්පාදෙ ඤාණං’යනු මෙහි මාර්ගය ආශ්රවක්ෂය යයි කියන ලදී. ‘ආසවානං ඛයා සමණො හොති’ යනු මෙහි ඵලයයි.
“පරවජ්ජානුපස්සිස්ස, නිච්චං උජ්ඣානසඤ්ඤිනො; ආසවා තස්ස වඩ්ඪන්ති, ආරා සො ආසවක්ඛයා”ති. (ධ· ප· 253);
අනුන් දොස් දක්වා - නිති කිපෙන සුල්ලහුගේ කෙලෙස් ඔහුගේ වැඩේ - නිවනින් හේ ඈත්වේ
එත්ථ නිබ්බානං. “ආසවානං ඛයො වයො භෙදො අනිච්චතා අන්තරධාන”න්ති එත්ථ භඞ්ගො. ඉධ පන නිබ්බානං අධිප්පෙතං. අරහත්තමග්ගොපි වට්ටතියෙව.
මෙහි නිර්වාණයයි. ‘ආසවානං ඛයො වයො භෙදො අනිච්චතා අන්තරධානං’යන මෙහි භංගයයි. මෙහි නිර්වාණය අදහස් කරන ලදී. අර්හත් මාර්ගයද වටී.
චිත්තං අභිනීහරතීති විපස්සනා චිත්තං තන්නින්නං තප්පොණං තප්පබ්භාරං කරොති. සො ඉදං දුක්ඛන්තිආදීසු “එත්තකං දුක්ඛං, න ඉතො භිය්යො”ති සබ්බම්පි දුක්ඛසච්චං සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං පජානාතීති අත්ථො. තස්ස ච දුක්ඛස්ස නිබ්බත්තිකං තණ්හං “අයං දුක්ඛසමුදයො”ති. තදුභයම්පි යං ඨානං පත්වා නිරුජ්ඣති, තං තෙසං අප්පවත්තිං නිබ්බානං “අයං දුක්ඛනිරොධො”ති; තස්ස ච සම්පාපකං අරියමග්ගං “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං පජානාතීති අත්ථො.
චිත්තං අභිනීහරති යනු විදර්ශන චිත්තය එයට නිම්නයද, එය බෑවුම ද එයම බෙයද ද කරයි. සො ඉදං දුක්ඛං යන ආදී තන්හි එත්තකං දුක්ඛං න ඉතො භීය්‍යො - එපමණ දුකක් මින් වැඩි නොවේ’යනුවෙන් සියලු දුක්ඛ සත්‍යය ස්වරස ලක්ෂණ ප්‍රතිවේධයෙන් යථා පරිදි දනී. ඒ දුක්ඛයාගේ උත්පත්ති තෘෂ්ණාව අයං දුක්ඛසමුදයො යනු ඒ දෙතැනට පැමිණ නිරුද්ධ වෙයි. එය ඔවුන්ගේ පැවැත්මක් නැති නිර්වාණයයි. අයං දුක්ඛසමුදයො යනු ඒ දෙතැනට පැමිණ නිරුද්ධ වෙයි. එය ඔවුන්ගේ පැවැත්මක් නැති නිර්වාණයයි. අයං දුක්ඛනිරොධො යනු එහි පමුණුවන්නා වන ආර්ය මාර්ගයයි. අයං දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා යනු ස්වරස ලක්ෂණ ප්‍රතිවේධයෙන් යථා පරිදි දනී යන අර්ථයි.
එවං සරූපතො සච්චානි දස්සෙත්වා පුන කිලෙසවසෙන පරියායතො දස්සෙන්තො “ඉමෙ ආසවා”තිආදිමාහ. තස්ස එවං ජානතො එවං පස්සතොති තස්ස භික්ඛුනො එවං ජානන්තස්ස එවං පස්සන්තස්ස, සහ විපස්සනාය කොටිප්පත්තං මග්ගං කථෙසි. කාමාසවාති කාමාසවතො. විමුච්චතීති ඉමිනා මග්ගක්ඛණං දස්සෙති. විමුත්තස්මින්ති ඉමිනා ඵලක්ඛණං. විමුත්තමිති ඤාණං හොතීති ඉමිනා පච්චවෙක්ඛණඤාණං. ඛීණා ජාතීතිආදීහි තස්ස භූමිං. තෙන හි ඤාණෙන ඛීණාසවො පච්චවෙක්ඛන්තො ඛීණා ජාතීතිආදීනි පජානාති.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා නැවත ක්ලේශ වශයෙන් පිළිවෙළින් දක්වන්නේ ඉමෙ ආසවා ආදිය කීය. තස්සමං ජානතො එවං පස්සතා යනු මෙසේ දන්නා වූ, මෙසේ බලන්නා වූ ඒ භික්ෂුවගේ විදර්ශනාව සමග කෙළවරට පත් මාර්ගය කියයි. කාමාසවා යනු කාම ආශ්රවයන්ගෙන්. විමුච්චති යනු මෙයින් මාර්ගක්ෂණය දක්වයි. විමුත්තස්මිං යනු මෙයින් ඵල ලක්ෂණය දක්වයි. විමුත්තමිති ඤාණංහොති යනු මෙයින් ප්රත්යවේක්ෂණ ඥානය කියයි. ඛීණාජාති ආදිය එහි භූමියයි. ඒ ඥානයෙන් ප්රත්යවේක්ෂා කරන ආශ්‍රවයන් නැසූ තැනැත්තේ ඛීණාජාති ආදිය දනී.
කතමා පනස්ස ජාති ඛීණා? කථඤ්ච නං පජානාතීති? න තාවස්ස අතීතා ජාති ඛීණා, පුබ්බෙව ඛීණත්තා. න අනාගතා, අනාගතෙ වායාමාභාවතො. න පච්චුප්පන්නා, විජ්ජමානත්තා. යා පන මග්ගස්ස අභාවිතත්තා උප්පජ්ජෙය්ය එකචතුපඤ්චවොකාරභවෙසු එකචතුපඤ්චක්ඛන්ධප්පභෙදා ජාති, සා මග්ගස්ස භාවිතත්තා ආයතිං අනුප්පාදධම්මතං ආපජ්ජනෙන ඛීණා. තං සො මග්ගභාවනාය පහීනකිලෙසෙ පච්චවෙක්ඛිත්වා “කිලෙසාභාවෙ විජ්ජමානම්පි කම්මං ආයතිං අප්පටිසන්ධිකංව හොතී”ති ජානන්තො පජානාති.
ඔහුගේ ක්ෂීණ වූ ජාතිය කවරක්ද? එය කෙසේ දනීද? පූර්වයෙහිම ක්ෂීණ වූ බැවින් ඔහුගේ අතීත ජාතිය ක්ෂීණ වූයේ නොවේ. අනාගතයෙහි වයායාමයක් නැති බැවින් අනාගත ජාතිය ක්ෂීණ වීමෙක්ද නැත. වර්තමාන ජාතිය විද්‍යමාන බැවින් ක්ෂීණවීමක් නැත. මාර්ගය අභාවිත බැවින් එක හතර පස් වෝකාර භවයන්හි ඉපදුණද එක් හතර පංචස්කන්ධ ප්‍රභේද ඇති යම් ජාතියක් වේද එය මාර්ගය භාවිත කළ බැවින් නැවත නූපදින ස්වභාවයට පැමිණීමෙන් ක්ෂීණය. එය ඔහු මාර්ග භාවනාවෙන් ප්‍රහීණ වූ ක්ලේශයන් ප්රත්යවේක්ෂණය කොට ‘කෙලෙස් අභාවය ඇති කල්හි විද්‍යමාන වූ ද කර්මය නැවත ප්රතිසන්ධි ගන්නේ නොවේ යයි දන්නේ දනියි.
වුසිතන්ති වුත්ථං පරිවුත්ථං. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. පුථුජ්ජනකල්යාණකෙන හි සද්ධිං සත්ත සෙක්ඛා බ්රහ්මචරියවාසං වසන්ති නාම, ඛීණාසවො වුත්ථවාසො, තස්මා සො අත්තනො බ්රහ්මචරියවාසං පච්චවෙක්ඛන්තො වුසිතං බ්රහ්මචරියන්ති පජානාති.
වුසිතං යනු වසන ලදී. කලක් නැවතී සිටින ලදී. බ්රහ්මචරියං යනු මාර්ග බ්‍රහ්මචර්යාව. පෘථග්ජන කල්යාණයකු සමග සප්ත සේඛයෝ බ්‍රහ්මචර්ය වාසය වසත් නමි. ක්ෂීණාශ්රවයා වසන ලද වාස ඇත්තේය. ඒ නිසා හේ තමාගේ බ්‍රහ්මචර්ය වාසය ප්රත්යවේක්ෂණය කරන්නේ වුසිතං බ්රහ්මචරියං බ්‍රහ්මචර්ය වසන ලදී යයි දනී.
කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාවසෙන සොළසවිධං කිච්චං නිට්ඨාපිතං. තෙන තෙන මග්ගෙන පහාතබ්බකිලෙසා පහීනා, දුක්ඛමූලං සමුච්ඡින්නන්ති අත්ථො. පුථුජ්ජනකල්යාණකාදයො හි තං කිච්චං කරොන්ති, ඛීණාසවො කතකරණීයො. තස්මා සො අත්තනො කරණීයං පච්චවෙක්ඛන්තො කතං කරණීයන්ති පජානාති.
කතං කරණීයං යනු සත්‍ය සතරෙහි සතර මාර්ගයෙන් පරිඤ්ඤා පහාණ සච්ඡිකිරිය භාවනා වශයෙන් සොළොස් වැදෑරුම් කාර්යය නිමකරන ලදී. ඒ මගින් ප්රහාණය කළයුතු ක්ලේශයෝ ප්‍රහීණ කරන ලද්දේය. දුක්ඛමූලය සම්පූර්ණයෙන් සිඳ දමන ලද්දේය යන අර්ථයි. පෘථග්ජන කල්‍යාණ ආදීහු ඒ කෘත්‍යය කරති. ක්ෂීණාශ්රවයා කළයුත්ත කළ තැනැත්තේය. ඒ නිසා හේ තමාගේ කළයුතු දෙය ප්රත්යවේක්ෂා කරන්නේ කතං කරණීයං යයි දනී.
නාපරං ඉත්ථත්තායාති ඉදානි පුන ඉත්ථභාවාය එවං සොළසකිච්චභාවාය කිලෙසක්ඛයභාවාය වා කත්තබ්බං මග්ගභාවනාකිච්චං මෙ නත්ථීති පජානාති. අථ වා ඉත්ථත්තායාති ඉත්ථභාවතො ඉමස්මා එවං පකාරා. ඉදානි වත්තමානඛන්ධසන්තානා අපරං ඛන්ධසන්තානං මය්හං නත්ථි. ඉමෙ පන පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා රුක්ඛා විය, තෙ චරිමකචිත්තනිරොධෙන අනුපාදානො විය ජාතවෙදො නිබ්බායිස්සන්ති අපණ්ණත්තිකභාවඤ්ච ගමිස්සන්තීති පජානාති.
නාපරං ඉත්ථත්තායා යනු දැන් නැවත මෙසේ වූ බැවින් මෙසේ සොළොස් කෘත්‍ය ඇති බැවින් කෙලෙස් ක්ෂය කිරීමෙන් හෝ මාර්ග භාවනා කෘත්‍යයක් මට නැතැයි දනී. නැතහොත් ඉත්ථත්තාය යනු මෙසේ වූ බැවින්. ඉමස්මා - මේ අයුරින් ‘දැන් වර්තමාන ස්කන්ධ සන්තානයෙන් අන්‍ය වූ ස්කන්ධ සන්තානයක් මට නැත. මේ පංචස්කන්ධයෝ මුල් සිඳලූ රුකක් මෙන් හොඳින් දැන සිටිති. ඒවා අවසන් චිත්ත නිරෝධයෙන් ඉන්ධන නැති ගින්නක් මෙන් නිවීමට යන්නේය. නමක් නැති බවට යන්නේය යයි දනී.
පබ්බතසඞ්ඛෙපෙති පබ්බතමත්ථකෙ. අනාවිලොති නික්කද්දමො. සිප්පියො ච සම්බුකා ච සිප්පිසම්බුකං. සක්ඛරා ච කථලානි ච සක්ඛරකථලං. මච්ඡානං ගුම්බා ඝටාති මච්ඡගුම්බං. තිට්ඨන්තම්පි චරන්තම්පීති එත්ථ සක්ඛරකථලං තිට්ඨතියෙව, ඉතරානි චරන්තිපි තිට්ඨන්තිපි. යථා පන අන්තරන්තරා ඨිතාසුපි නිසින්නාසුපි විජ්ජමානාසුපි “එතා ගාවො චරන්තී”ති චරන්තියො උපාදාය ඉතරාපි චරන්තීති වුච්චන්ති. එවං තිට්ඨන්තමෙව සක්ඛරකථලං උපාදාය ඉතරම්පි ද්වයං තිට්ඨන්තන්ති වුත්තං. ඉතරඤ්ච ද්වයං චරන්තං උපාදාය සක්ඛරකථලම්පි චරන්තන්ති වුත්තං. තත්ථ චක්ඛුමතො පුරිසස්ස තීරෙ ඨත්වා පස්සතො සිප්පිකසම්බුකාදීනං විභූතකාලො විය ආසවානං ඛයාය චිත්තං අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො චතුන්නං සච්චානං විභූතකාලො දට්ඨබ්බොති.
පබ්බත සංඛෙපෙ යනු පර්වත මස්තකයෙහි. අනාවිලො යනු මඩ නැති. සිප්පිද හක්ගෙඩිද = සිප්පි සම්බුකා. ගල්කැටද බොරළුද = සක්ඛර කබලං, මසුන්ගේ අහින සමූහය = මච්ඡගුබ්බං, තිට්ඨන්තම්පි චරන්තම්පි යනු මෙහි ගල්කට බොරළු නැවතී සිටීමය. ඉතිරි ඒවා හැසිරෙයි. සිටියි. යම්සේ අතරින් පතර සිටින්නා වූද හුන්නා වූද ගමන් කරන්නා වූද එවුන් අතර ‘මේ ගවයෝ හැසිරෙති’ යි හැසිරෙන්නවුන් සඳහා ඉතිරි අයද හැසිරෙත් යයි කියත්ද, මෙසේ සිටින්නා වූම ගල්කැට බොරලු සඳහා ඉතිරි දෙකද සිටීයයි කියන ලදී. හැසිරෙන ඉතිරි දෙක සඳහා ගල්කැට බොරලු හැසිරේ යයි කියන ලදී. එහි ඇස් ඇති ඉවුරෙහි සිට බලන පුරුෂයාගේ සිප්පි හක්ගෙඩි ආදීන් හටගත් කාලය මෙන්, ආශ්රවක්ෂය පිණිස සිත ඉවත්කොට හුන් භික්ෂුවගේ සත්‍ය සතරෙහි හටගත් කාලය දතයුතුය.
එත්තාවතා විපස්සනාඤාණං, මනොමයඤාණං, ඉද්ධිවිධඤාණං, දිබ්බසොතඤාණං, චෙතොපරියඤාණං, පුබ්බෙනිවාසඤාණං, දිබ්බචක්ඛුවසෙන නිප්ඵන්නං අනාගතංසඤාණයථාකම්මූපගඤාණද්වයං, දිබ්බචක්ඛුඤාණං, ආසවක්ඛයඤාණන්ති දස ඤාණානි නිද්දිට්ඨානි හොන්ති. තෙසං ආරම්මණවිභාගො ජානිතබ්බො – තත්ථ විපස්සනාඤාණං පරිත්තමහග්ගතඅතීතානාගතපච්චුප්පන්නඅජ්ඣත්තබහිද්ධාවසෙන සත්තවිධාරම්මණං. මනොමයඤාණං නිම්මිතබ්බරූපායතනමත්තමෙව ආරම්මණං කරොතීති පරිත්තපච්චුප්පන්නබහිද්ධාරම්මණං. ආසවක්ඛයඤාණං අප්පමාණබහිද්ධානවත්තබ්බාරම්මණං. අවසෙසානං ආරම්මණභෙදො විසුද්ධිමග්ගෙ වුත්තො. උත්තරිතරං වා පණීතතරං වාති යෙන කෙනචි පරියායෙන ඉතො සෙට්ඨතරං සාමඤ්ඤඵලං නාම නත්ථීති භගවා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
මෙපමණකින් විපස්සනා ඤාණය, මනෝමය ඤාණය, ඉද්ධිවිධ ඤාණය, දිබ්බසෝත ඤාණය, චේතෝපරිය ඥාණය, පුබ්බෙනිවාස ඤාණය, දිබ්බචක්ඛු වශයෙන් නිපන්. අනාගත යථාකම්මූපග ඤාණ දෙක දිබ්බචක්ඛු ඤාණය, ආසවක්ඛය ඤාණය යන ඤාණ දසය නිර්දේශ කරන ලද්දේ වෙයි. ඔවුන්ගේ ආරම්මණ විභාගය දැනගත යුතුය. එහි විපස්සනා ඤාණය, පරිත්ත, මහග්ගත, අතීත අනාගත, පච්චප්පන්න අජ්ඣත්ත බහිද්ධා වශයෙන් සත්වැදෑරුම් අරමුණු ඇත්තේය. මනෝමය ඤාණය නිර්මාණය කළයුතු රූපායතන මාත්‍රයට අරමුණු කරතියි පරත්ත පච්චුප්පන්න බහිද්ධා රම්මණ ඇත්තේය. ආසවක්ඛය ඤාණය අප්පමාන බහිද්ධා නොකිවයුතු ආරම්මණ ඇත්තේය. අවශේෂ වූ ඤාණයන්හි ආරම්මණ භේදයද විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. උත්තරීතරංච පණීතතරංවා යනු කිසියම් පිළිවෙළකින් මීට වඩා ශ්‍රේෂ්ඨතර වූ සාමඤ්ඤඵලයක් නැතැයි භාග්‍යවතුන් වහන්සේ අර්හත්වය කුළුගැන්වීමෙන් දේශනාව නිමැවූ සේක.
අජාතසත්තුඋපාසකත්තපටිවෙදනාකථා
රාජා තත්ථ තත්ථ සාධුකාරං පවත්තෙන්තො ආදිමජ්ඣපරියොසානං සක්කච්චං සුත්වා “චිරං වතම්හි ඉමෙ පඤ්හෙ පුථූ සමණබ්රාහ්මණෙ පුච්ඡන්තො, ථුසෙ කොට්ටෙන්තො විය කිඤ්චි සාරං නාලත්ථං, අහො වත භගවතො ගුණසම්පදා, යො මෙ දීපසහස්සං ජාලෙන්තො විය මහන්තං ආලොකං කත්වා ඉමෙ පඤ්හෙ විස්සජ්ජෙසි. සුචිරං වතම්හි දසබලස්ස ගුණානුභාවං අජානන්තො වඤ්චිතො”ති චින්තෙත්වා බුද්ධගුණානුස්සරණසම්භූතාය පඤ්චවිධාය පීතියා ඵුටසරීරො අත්තනො පසාදං ආවිකරොන්තො උපාසකත්තං පටිවෙදෙසි. තං දස්සෙතුං “එවං වුත්තෙ රාජා”තිආදි ආරද්ධං.
රජ තෙමේ ඒ ඒ තැනදී සාධුකාර පවත්වන්නේ මුල මැද අග සකසා අසා ‘මම මේ ප්‍රශ්න බොහෝ මහණ බමුණන්ගෙන් බොහෝ කලක් ඇසුවත් දහයියා කොටන්නාක් මෙන් කිසි හරයක් නොලැබුවෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සම්පදාව පුදුමයි. උන්වහන්සේ පහන් දහසක් දල්වන්නාක් මෙන් මහත් ආලෝකයක් කොට මේ ප්‍රශ්න විසඳූ සේක. දශබලධාරින් වහන්සේගේ ගුණානුභාවය නොදැන බොහෝකලක් වංචා කරනු ලැබීමි’යි සිතා බුද්ධගුණ අනුස්මරණයෙන් හටගත් පස්වනක් ප්‍රීතියෙන් පැහැසුණු සිරුරු ඇත්තේ තමාගේ ප්‍රසාදය හෙළි කරන්නේ උපාසක බව දැන්වීය. එය දක්වන්නට එවංවුත්තෙ රාජා ආදිය අරඹන ලදී.
තත්ථ අභික්කන්තං, භන්තෙති අයං අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනෙසු දිස්සති. “අභික්කන්තා භන්තෙ, රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො”තිආදීසු (අ· නි· 8.20) හි ඛයෙ දිස්සති. “අයං මෙ පුග්ගලො ඛමති, ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”තිආදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
එහි අභික්කන්තංභන්තෙ යනු මේ අභික්කන්ත ශබ්දය ක්ෂය සුන්දර ඇති රූප, අනුමෝදන අර්ථයන්හි දක්නට ලැබේ. ‘ස්වාමීනි, රාත්‍රිය ඉක්මගියේය. ප්‍රථමයාමය නික්ම ගියේය. භික්ෂු සංඝයා බොහෝ වේලා හුන්නේය. ‘ආදී තන්හි ක්ෂයවීමෙහි දක්නට ලැබේ. මෙතෙමේ මේ සව් පුඟුලන් අතර සුන්දරතරය ප්‍රණීතතරය ආදී තන්හි සොඳුරු බවෙහි දක්නට ලැබේ.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. (වි· ව· 857);
කවරෙක් මා පා වඳීද - ඉදුවෙන්යසසින් දිලෙමින් සොඳුරු පැහැයෙන් - සියලුදෙස් එලිකරවා
ආදීසු අභිරූපෙ. “අභික්කන්තං භො, ගොතමා”තිආදීසු (පාරා· 15) අබ්භනුමොදනෙ. ඉධාපි අබ්භනුමොදනෙයෙව. යස්මා ච අබ්භනුමොදනෙ, තස්මා ‘සාධු සාධු භන්තෙ’ති වුත්තං හොතීති වෙදිතබ්බො.
ආදී තන්හි අභිරූපයෙහි. අභික්කන්තං ගො ගොතම ආදී තන්හි අනුමෝදනයෙහි අනුමෝදනයෙහි යෙදෙන බැවින් ‘සාධු සාධු භන්තෙ’යි කියන ලද්දේ වෙතියි දතයුතුයි.
භයෙ කොධෙ පසංසායං, තුරිතෙ කොතූහලච්ඡරෙ; හාසෙ සොකෙ පසාදෙ ච, කරෙ ආමෙඩිතං බුධොති.
බියෙහි කොධෙහි පැසසුමෙහි - ඉක්මනෙහි කුහුලෙහි පුදුමයෙහි සිනාවෙහි සෝකයෙහි පහන්බැව්හි-නුවණැත්තේ ආමෙණ්ඩිතය කරයි.
ඉමිනා ච ලක්ඛණෙන ඉධ පසාදවසෙන, පසංසාවසෙන චායං ද්වික්ඛත්තුං වුත්තොති වෙදිතබ්බො. අථවා අභික්කන්තන්ති අභිකන්තං අතිඉට්ඨං අතිමනාපං අතිසුන්දරන්ති වුත්තං හොති.
මේ ලක්ෂණයෙන්ද මෙහි ප්‍රසාද වශයෙන් ප්‍රශංසා වශයෙන් ද මෙය දෙවරක් කියන ලදැයි දතයුතුය. නැතහොත් අභික්කන්තං යන්න සුන්දරය. අතිශයින් ප්‍රසන්නය. අතිශයින් මනාපය. අතිශයින් සුන්දර යයි කියන ලද්දේ වෙයි.
එත්ථ එකෙන අභික්කන්තසද්දෙන දෙසනං ථොමෙති, එකෙන අත්තනො පසාදං. අයඤ්හෙත්ථ අධිප්පායො, අභික්කන්තං භන්තෙ, යදිදං භගවතො ධම්මදෙසනා, ‘අභික්කන්තං’ යදිදං භගවතො ධම්මදෙසනං ආගම්ම මම පසාදොති. භගවතොයෙව වා වචනං ද්වෙ ද්වෙ අත්ථෙ සන්ධාය ථොමෙති. භගවතො වචනං අභික්කන්තං දොසනාසනතො, අභික්කන්තං ගුණාධිගමනතො. තථා සද්ධාජනනතො, පඤ්ඤාජනනතො, සාත්ථතො, සබ්යඤ්ජනතො, උත්තානපදතො, ගම්භීරත්ථතො, කණ්ණසුඛතො, හදයඞ්ගමතො, අනත්තුක්කංසනතො, අපරවම්භනතො, කරුණාසීතලතො, පඤ්ඤාවදාතතො, ආපාථරමණීයතො, විමද්දක්ඛමතො, සුය්යමානසුඛතො, වීමංසියමානහිතතොති එවමාදීහි යොජෙතබ්බං.
මෙහි එක් අභික්කන්ත ශබ්දයකින් දේශනාවට ස්තුති කරයි. එකකින් තමාගේ ප්‍රසාදය පළකරයි. මේ මෙහි අදහසයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සුන්දරය. භාග්‍යවතුන් වහන්ගේ ධර්ම දේශනාවට පැමිණ මාගේ ප්‍රසාදය සුන්දරය. භාග්‍යවතුන් වහන්සේ ම වචනය අර්ථ දෙකක් සඳහා ස්තුති කෙරේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ගේ වචනය දොස් නසන හෙයින් අභික්කන්තය. ගුණ අවබෝධ කරන හෙයින් අභික්කන්තය. එසේම ශ්‍රද්ධාව ඇතිකරන හෙයින්, ප්‍රඥාව ඇතිකරන හෙයින්. අර්ථ ඇති බැවින්, ව්‍යාඤ්ජන සහිත බැවින්, පැහැදිලි පද ඇති බැවින්, ගැඹුරු අර්ථ ඇති බැවින්, කර්ණ සුඛ ඇති බැවින්, හෘදයංගම බැවින් තමා උසස් නොකරන බැවින්, අනුන්ට අවමන් නොකරන බැවින්, කරුණාවෙන් සිසිල් වූ බැවින්, ප්‍රඥාවෙන් පිරිසිදු බැවින්, පෙනුම රමණීය බැවින්, මර්දනයෙහි දක්ෂ වූ බැවින්, ඇසෙන සුව ඇති බැවින් විමර්ශනය කරනු ලැබීමට යහපත් බැවින් ආදිය සමග යෙදිය යුතුය.
තතො පරම්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්ථ නික්කුජ්ජිතන්ති අධොමුඛඨපිතං හෙට්ඨාමුඛජාතං වා. උක්කුජ්ජෙය්යාති උපරි මුඛං කරෙය්ය. පටිච්ඡන්නන්ති තිණපණ්ණාදිඡාදිතං. විවරෙය්යාති උග්ඝාටෙය්ය. මූළ්හස්ස වාති දිසාමූළ්හස්ස. මග්ගං ආචික්ඛෙය්යාති හත්ථෙ ගහෙත්වා “එස මග්ගො”ති වදෙය්ය, අන්ධකාරෙති කාළපක්ඛචාතුද්දසී අඩ්ඪරත්තඝනවනසණ්ඩමෙඝපටලෙහි චතුරඞ්ගෙ තමෙ. අයං තාව අනුත්තානපදත්ථො. අයං පන සාධිප්පායයොජනා. යථා කොචි නික්කුජ්ජිතං උක්කුජ්ජෙය්ය, එවං සද්ධම්මවිමුඛං අසද්ධම්මෙ පතිතං මං අසද්ධම්මා වුට්ඨාපෙන්තන. යථා පටිච්ඡන්නං විවරෙය්ය, එවං කස්සපස්ස භගවතො සාසනන්තරධානා පභුති මිච්ඡාදිට්ඨිගහනපටිච්ඡන්නං සාසනං විවරන්තෙන, යථා මූළ්හස්ස මග්ගං ආචික්ඛෙය්ය, එවං කුම්මග්ගමිච්ඡාමග්ගප්පටිපන්නස්ස මෙ සග්ගමොක්ඛමග්ගං ආවිකරොන්තෙන, යථා අන්ධකාරෙ තෙලපජ්ජොතං ධාරෙය්ය, එවං මොහන්ධකාරනිමුග්ගස්ස මෙ බුද්ධාදිරතනරූපානි අපස්සතො තප්පටිච්ඡාදකමොහන්ධකාරවිද්ධංසකදෙසනාපජ්ජොතධාරකෙන මය්හං භගවතා එතෙහි පරියායෙහි පකාසිතත්තා අනෙකපරියායෙන ධම්මො පකාසිතොති.
ඉන් ඔබ්බටද උපමා සතරකින් දේශනාවටම ස්තුති කරයි. එහි නික්කුජ්ජිතං යනු මුනින් නමා තැබූ හෝ යටින් මුව ඇති හෝ උක්කුජ්ජෙය්ය යනු උඩුකුරු කරන්නේය. පටිච්ඡන්නං යනු තණකොළ ආදියෙන් වැසූ. විවරෙය්ය විවර කරන්නේය. මූළහස්ස යනු දිශාව මුළා වුවහුට මග්ගං ආචික්ඛෙය්ය යනු අතින් ගෙන ‘මේ මගයැ’යි කියන්නේය. අන්ධකාරෙ යනු අමාවක තුදුස්වක මැදියම ගන වනලැහැබ වැහි වලාකුළු පටලයෙන් අංග සතරකින් යුතු අන්ධකාරයෙහි. මෙය නොපැහැදිලි පදාර්ථයි. මේ අදහස් යෙදුමයි. යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේද මෙසේ සද්ධර්මයට විරුද්ධ අසද්ධර්මයෙහි පිහිටි මා වැසුණු දෙයක් විවර කරන්නාක් මෙන් අසද්ධර්මයෙන් නැගිටුවන්නාහු විසින් මෙසේ කෘශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වීමේ සිට මිථ්‍යාදෘෂ්ටි ග්රහණයෙන් වැසුණු සසුන විවර කරන්නාහු විසින්, යම්සේ මුළා වූවකුට මග කියා දෙන්නේද මෙසේ වැරදි මගට මිථ්‍යා මාර්ගයට පිළිපන්නා වූ මා හට සගමොක් මග හෙළි කරන්නහු විසින්, යම්සේ අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද මෙසේ මොහඳුරෙහි ගිලුණු බුද්ධාදී රත්නරූප නොදක්නා මා හට එය වසාලන, මෝහාන්ධකාරය දුරලන දේශනා නමැති පහන දරන මා හට භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ක්‍රමවලින් ප්‍රකාශ කරන ලද බැවින් අනෙක පරියායෙන ධම්මො පකාසිතො යනු
එවං දෙසනං ථොමෙත්වා ඉමාය දෙසනාය රතනත්තයෙ පසන්නචිත්තො පසන්නාකාරං කරොන්තො එසාහන්තිආදිමාහ. තත්ථ එසාහන්ති එසො අහං. භගවන්තං සරණං ගච්ඡාමීති භගවා මෙ සරණං, පරායනං, අඝස්ස තාතා, හිතස්ස ච විධාතාති. ඉමිනා අධිප්පායෙන භගවන්තං ගච්ඡාමි භජාමි සෙවාමි පයිරුපාසාමි, එවං වා ජානාමි බුජ්ඣාමීති. යෙසඤ්හි ධාතූනං ගතිඅත්ථො, බුද්ධිපි තෙසං අත්ථො. තස්මා ගච්ඡාමීති ඉමස්ස ජානාමි බුජ්ඣාමීති අයම්පි අත්ථො වුත්තො.
මෙසේ දේශනාවට ස්තුතිකොට මේ දේශනාවෙන් රත්නත්‍රයෙහි පහන් සිතැත්තේ ප්රසන්නාකාරයක් කරන්නේ එසාහං ආදිය කීය. එහි එසාහං යනු ඒ මම. භගවන්තං සරණං ගච්ඡාමි යනු භාග්‍යවතුන් වහන්සේ මාගේ සරණයයි. පිහිටය. දුක නැති කරන්නා යහපත ඇති කරන්නා ය යන මේ අදහසින් භාග්‍යවතුන් වහන්සේ වෙත යමි. උන්වහන්සේ භජනය කරමි. සේවනය කරමි. පයිරුපාසනය කරමි. මෙසේ දනිමි. අවබෝධ කරමි. යම් ධාතූන්ගේ ගති අර්ථයක් වේද. බුද්ධියද ඔවුන්ගේ අර්ථයයි. ඒ නිසා ගච්ඡාමි යනු දනිමි. අවබෝධ කරමි යන මේ අර්ථය කියන ලදී.
ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති එත්ථ පන අධිගතමග්ගෙ සච්ඡිකතනිරොධෙ යථානුසිට්ඨං පටිපජ්ජමානෙ චතූසු අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම්මො, සො අත්ථතො අරියමග්ගො චෙව නිබ්බානඤ්ච. වුත්තඤ්චෙතං – “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”ති (අ· නි· 4.34) විත්ථාරො. න කෙවලඤ්ච අරියමග්ගො චෙව නිබ්බානඤ්ච. අපි ච ඛො අරියඵලෙහි සද්ධිං පරියත්තිධම්මොපි. වුත්තඤ්හෙතං ඡත්තමාණවකවිමානෙ –
ධම්මඤ්ඤච භික්ඛු සංසඤ්ච යනු මෙහි අවබෝධ කරගත් මාර්ග ඇති සාක්ෂාත් කරන ලද නිරෝධය ඇති, අනුශාසනා කරන ලද පරිදි පිළිපදින සතර අපායන්හි නොවැටෙන්නවුන් දරතියි = ධම්මො එය අර්ථ වශයෙන් ආර්ය මාර්ගය ද නිර්වාණය ද වෙයි. මෙය කියන ලදී. මහණෙනි, ධර්මයෝ යම්තාක් සංඛත වෙත්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔවුන් අතර අග්‍රයයි කියනු ලැබේ. විස්තරය හුදෙක් ආර්ය මාර්ගය ද නිර්වාණය ද නොවේ. තවද ආර්යඵලයන් සමග පර්යාප්ති ධර්මයද වෙයි. මෙය ඡත්තමානවක විමානයෙහි කියන ලදී.
“රාගවිරාගමනෙජමසොකං, ධම්මමසඞ්ඛතමප්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත්තං, ධම්මමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 887);
ආර්ය මාර්ගය වූ, ආර්ය ඵලය වූ පරමාර්ථ ධර්මය වූ, හේතුවක් නිසා හට නොගන්නා වූ, අප්‍රිය නොවන්නා වූ මිසදිටු සර්වඥතා ඥානය ඇසුරුකොට පවතින්නා වූ, ධර්මය සරණ යන්න.
එත්ථ හි රාගවිරාගොති මග්ගො කථිතො. අනෙජමසොකන්ති ඵලං. ධම්මමසඞ්ඛතන්ති නිබ්බානං. අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තන්ති පිටකත්තයෙන විභත්තා ධම්මක්ඛන්ධාති. දිට්ඨිසීලසංඝාතෙන සංහතොති සඞ්ඝො, සො අත්ථතො අට්ඨ අරියපුග්ගලසමූහො. වුත්තඤ්හෙතං තස්මිඤ්ඤෙව විමානෙ –
මෙහි රාග විරාගො යනු මාර්ගය කියන ලදී. අනෙජ මසොකං යනු ඵලයයි. ධම්ම මසංඛතං යනු නිර්වාණයයි. අප්පටිකූලං මධුරමිමං සුවිභත්තං යනු පිටකත්‍රයෙන් බෙදන ලද සියලු ධර්මස්කන්ධයෝ. දෘෂ්ටිශීල සංඝාතයෙන් (නැසීමෙන්) නසන ලද්දේනුයි = සංඝො. එය අර්ථ වශයෙන් අෂ්ට ආර්ය පුද්ගල සමූහයයි. එම විමානයෙහිම මෙය කියන ලදී.
“යත්ථ ච දින්නමහප්ඵලමාහු, චතූසු සුචීසු පුරීසයුගෙසු; අට්ඨ ච පුග්ගලධම්මදසා තෙ, සඞ්ඝමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 888);
යම්බඳු ආර්ය සංඝරත්නයක් වෙත දෙනලද දෙය මහත්ඵල මහානිසංස වේද, නිකෙලෙස් බවින් පිරිසිදු වූ යුගල වශයෙන් සතරක් වූ පුද්ගලයන් වශයෙන් අටක් වූ සංඝරත්නය සරණ යන්න.
භික්ඛූනං සඞ්ඝො භික්ඛුසඞ්ඝො. එත්තාවතා රාජා තීණි සරණගමනානි පටිවෙදෙසි.
භික්ෂූන්ගේ සංඝයා = භික්ඛු සංඝො. මෙපමණකින් රජ තෙමේ තිසරණගමනය දැන්වීය.
සරණගමනකථා
ඉදානි තෙසු සරණගමනෙසු කොසල්ලත්ථං සරණං, සරණගමනං, යො ච සරණං ගච්ඡති, සරණගමනප්පභෙදො, සරණගමනඵලං, සඞ්කිලෙසො, භෙදොති, අයං විධි වෙදිතබ්බො. සෙය්යථිදං – සරණත්ථතො තාව හිංසතීති සරණං. සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන්තාසං දුක්ඛං දුග්ගතිපරිකිලෙසං හනති විනාසෙතීති අත්ථො, රතනත්තයස්සෙවෙතං අධිවචනං.
දැන් ඒ සරණාගමනයන්හි කුශලතාව සඳහා, සරණය, සරණාගමනය, සරණ යන්නා, සරණාගමන ප්‍රභේද, සරණාගමන ඵල, සංකිලෙස, භේද යනුවෙන් මේ විධිභේදය දතයුතුය. ඒ කෙසේද යත්? පදාර්ථ වශයෙන් හිංසා කෙරේනුයි = සරණං සරණ ගියවුන්ගේ ඒ සරණාගමනයෙන් බිය, සන්ත්රාසය, දුක, දුගතියට යාමේ දණ්ඩනය නසයි. විනාශ කරයි යන අර්ථයි. රත්නත්රයයට මෙය සමාන වචනයකි.
අථ වා හිතෙ පවත්තනෙන අහිතා ච නිවත්තනෙන සත්තානං භයං හිංසති බුද්ධො. භවකන්තාරා උත්තාරණෙන අස්සාසදානෙන ච ධම්මො; අප්පකානම්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ්ඝො. තස්මා ඉමිනාපි පරියායෙන රතනත්තයං සරණං. තප්පසාදතග්ගරුතාහි විහතකිලෙසො තප්පරායණතාකාරප්පවත්තො චිත්තුප්පාදො සරණගමනං. තං සමඞ්ගීසත්තො සරණං ගච්ඡති. වුත්තප්පකාරෙන චිත්තුප්පාදෙන එතානි මෙ තීණි රතනානි සරණං, එතානි පරායණන්ති එවං උපෙතීති අත්ථො. එවං තාව සරණං, සරණගමනං, යො ච සරණං ගච්ඡති, ඉදං තයං වෙදිතබ්බං.
නැතහොත් යහපත පිණිස පැවතීමෙන්, අයහපත නැවැත්වීමෙන් සත්ත්වයන්ගේ බය නැතිකරානුයි = බුද්ධෝ. භවය නමැති කාන්තාරයෙන් තරණය කරවීමෙන් ආස්වාස දානයෙන් ද ධම්මො. සුළු දෙයක් කරන්නවුන්ට පවා විපුලඵල ප්‍රතිලාභය ලබාදීමෙන් සංඝො. ඒ නිසා මේ ක්‍රමයෙන්ද රත්නත්‍රය සරණය. එහි පැහැදුණු එයට ගරු කළාහු, පහ වූ කෙලෙස් ඇත්තේ එය පිහිටකොට ගැනීමේ ආකාරයෙන් පැවති සිත් ඉපදීම සරණාගමනයයි. එයින් යුක්ත වූ සත්ත්වයා සරණ යයි. කියන ලද ආකාර ඇති සිත් ඉපදවීමෙන් ‘මේ තෙරුවන මට සරණය. මේවා මට පිහිටය’යැයි මෙසේ පැමිණි යන අර්ථයි. මෙසේ සරණය, සරණාගමනය, සරණ යන්නා යන මේ තුන දතයුතුය.
සරණගමනප්පභෙදෙ පන දුවිධං සරණගමනං – ලොකුත්තරං ලොකියඤ්ච. තත්ථ ලොකුත්තරං දිට්ඨසච්චානං මග්ගක්ඛණෙ සරණගමනුපක්කිලෙසසමුච්ඡෙදෙන ආරම්මණතො නිබ්බානාරම්මණං හුත්වා කිච්චතො සකලෙපි රතනත්තයෙ ඉජ්ඣති. ලොකියං පුථුජ්ජනානං සරණගමනුපක්කිලෙසවික්ඛම්භනෙන ආරම්මණතො බුද්ධාදිගුණාරම්මණං හුත්වා ඉජ්ඣති. තං අත්ථතො බුද්ධාදීසු වත්ථූසු සද්ධාපටිලාභො සද්ධාමූලිකා ච සම්මාදිට්ඨි දසසු පුඤ්ඤකිරියවත්ථූසු දිට්ඨිජුකම්මන්ති වුච්චති. තයිදං චතුධා වත්තති – අත්තසන්නිය්යාතනෙන, තප්පරායණතාය, සිස්සභාවූපගමනෙන, පණිපාතෙනාති.
සරණාගමන ප්‍රභේදය වනාහි ලෞකික සරණාගමනය, ලෝකෝත්තර සරණාගමනය යනුවෙන් දෙවැදෑරුම් වේ. එහි ලෝකෝත්තර සරණාගමනය. දක්නා ලද සත්‍යයන්ගේ මාර්ගක්ෂණයෙහි සරණාගමන උපක්ලේශයන් සිඳදැමීමෙන් අරමුණු වශයෙන් නිර්වාණ ආරම්මණය වී කෘත්‍ය වශයෙන් මුළු තෙරුවනෙහි ප්‍රතිඵල ලැබේ. ලෞකික සරණාගමනය වනාහි පෘථග්ජනයන්ගේ සරණාගමන උපක්ලේශ විනාශ කිරීමෙන්, අරමුණු වශයෙන් බුද්ධාදී ගුණ අරමුණු කොට ඵල වේ. එය අර්ථ වශයෙන් බුද්ධාදී වස්තූන්හි ශ්‍රද්ධා ප්‍රතිලාභයද, ශ්‍රද්ධාව මුල්කොටගත් සම්‍යක් දෘෂ්ටිය, දස පින්කිරියවත්හි දෘෂ්ටිය සෘජු කිරිම යයි කියනු ලැබේ. එය සිව් අයුරකින් පවතී. තමා මනාසේ පැමිණීමෙන්, එය පිහිටකොට ගැනීමෙන්, ශිෂ්‍යභාවයට පැමිණීමෙන් වන්දනා කිරිමෙන් යනුවෙන්.
තත්ථ අත්තසන්නිය්යාතනං නාම – “අජ්ජාදිං කත්වා අහං අත්තානං බුද්ධස්ස නිය්යාතෙමි, ධම්මස්ස, සඞ්ඝස්සා”ති එවං බුද්ධාදීනං අත්තපරිච්චජනං. තප්පරායණතා නාම “අජ්ජාදිං කත්වා ‘අහං බුද්ධපරායණො, ධම්මපරායණො, සඞ්ඝපරායණො’ති. මං ධාරෙථා”ති එවං තප්පරායණභාවො. සිස්සභාවූපගමනං නාම – “අජ්ජාදිං කත්වා – ‘අහං බුද්ධස්ස අන්තෙවාසිකො, ධම්මස්ස, සඞ්ඝස්ස අන්තෙවාසිකො’ති මං ධාරෙථා”ති එවං සිස්සභාවූපගමො. පණිපාතො නාම – “අජ්ජාදිං කත්වා අහං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මං බුද්ධාදීනංයෙව තිණ්ණං වත්ථූනං කරොමී’ති මං ධාරෙථා”ති එවං බුද්ධාදීසු පරමනිපච්චාකාරො. ඉමෙසඤ්හි චතුන්නං ආකාරානං අඤ්ඤතරම්පි කරොන්තෙන ගහිතංයෙව හොති සරණං.
එහි අත්තනිය්යාතනය නම් ‘අද සිට මම තමා බුදුන්ට ධර්මයට සංඝයාට වෙන්වෙමියි මෙසේ බුද්ධාදීන්ට ආත්ම පරිත්‍යාග කිරීමයි. තප්පරායණතා නම් අද සිට මම බුදුන් පිහිට කොටගනිමි. ධර්මය පිහිටකොට ගනිමි. සංඝයා පිහිට කොටගනිමියි මෙසේ මා පිළිගනු මැනවි’යනුවෙන් තප්පරායණ භාවයයි. ශිෂ්‍යභාවයට පැමිණීම නම් ‘අද සිට මම බුදුන්ගේ අතවැසියෙක්මි. ධර්මයෙහි, සංඝයාගේ අතවැසියෙක්මි. එසේ මා පිළිගනු මැනවැයි මෙසේ සිස්සභාව උපගමො පණිපාත නම්, ‘අද සිට මම වැඳීම, නැගිටීම, ඇඳිලි බැඳීම, ගරුකිරීම බුද්ධාදී වස්තු තුනට කරමි. මෙසේ මා පිළිගනු මැනවැයි. මෙසේ බුද්ධාදීන් කෙරෙහි පරම ගෞරවය දැක්වීම. මේ සිව් ආකාරයට වෙනත් ආකාරයක් කරන්නහු විසින්ද සරණ ගන්නා ලද්දේ ම වෙයි.
අපි ච භගවතො අත්තානං පරිච්චජාමි, ධම්මස්ස, සඞ්ඝස්ස, අත්තානං පරිච්චජාමි, ජීවිතං පරිච්චජාමි, පරිච්චත්තොයෙව මෙ අත්තා, පරිච්චත්තංයෙව ජීවිතං, ජීවිතපරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධො මෙ සරණං ලෙණං තාණන්ති ; එවම්පි අත්තසන්නිය්යාතනං වෙදිතබ්බං. “සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං, සුගතඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං, සම්මාසම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්ය”න්ති (සං· නි· 2.154). එවම්පි මහාකස්සපස්ස සරණගමනං විය සිස්සභාවූපගමනං වෙදිතබ්බං.
තවද, භාග්‍යවතුන් වහන්සේට ආත්මභාවය පරිත්‍යාග කරමි. ධර්මයට, සංඝයාට ආත්මභාවය පරිත්‍යාග කරමි. මාගේ ආත්මභාවය පරිත්‍යාග කරන ලද්දේමය. මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලද්දේමය. දිවි කෙළවර තෙක් බුදුන් සරණ යමි. බුදුන්වහන්සේ මාගේ සරණයයි. ආරක්ෂාවයි. ආරක්ෂක ස්ථානයයි. පිහිටයි යනුවෙන් මෙසේද ආත්මභාවය වෙන් කිරීම දතයුතුය. ‘මම ශාස්තෲන් වහන්සේම දකිමි. භාග්‍යවතුන් වහන්සේ දකිමි. සුගතයන් වහන්සේ දකිමි. භාග්‍යවතුන් වහන්සේම දකිමි. සම්මා සම්බුදුන් වහන්සේ දකිමි. භාග්‍යවතුන් වහන්සේම දකිමියි මෙසේද මහා කාශ්‍යප තෙරුන්ගේ සරණාගමනයේදී මෙන් ශිෂ්‍ය භාවයට පැමිණීම දතයුතුය.
“සො අහං විචරිස්සාමි, ගාමා ගාමං පුරා පුරං; නමස්සමානො සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මත”න්ති. (සු· නි· 194);
සම්බුදු රදුන් සහ - දහමෙහි සුදම් බව නමදිමින් හැසිරෙමි - ගමින් ගම නුවරින් නුවර
එවම්පි ආළවකාදීනං සරණගමනං විය තප්පරායණතා වෙදිතබ්බා. අථ ඛො බ්‍රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති – “බ්‍රහ්මායු අහං, භො ගොතම බ්රාහ්මණො, බ්‍රහ්මායු අහං, භො ගොතම බ්රාහ්මණො”ති (ම· නි· 2.394) එවම්පි පණිපාතො දට්ඨබ්බො.
මෙසේද ආලවක ආදීන්ගේ සරණාගමනය මෙන්. තප්පරායණතාව දතයුතුයි. ‘ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගී උතුරුසළුව එකස්කොට භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවින් සිපගතී. අතින් පිරිමදියි. නමද අස්වයි. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයාය. භවත් ගෞතමයන් වහන්ස, මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි’යි මෙසේද ප්රණිපාතය දතයුතුයි.
සො පනෙස ඤාතිභයාචරියදක්ඛිණෙය්යවසෙන චතුබ්බිධො හොති. තත්ථ දක්ඛිණෙය්යපණිපාතෙන සරණගමනං හොති, න ඉතරෙහි. සෙට්ඨවසෙනෙව හි සරණං ගණ්හාති, සෙට්ඨවසෙන ච භිජ්ජති. තස්මා යො සාකියො වා කොලියො වා – “බුද්ධො අම්හාකං ඤාතකො”ති වන්දති, අග්ගහිතමෙව හොති සරණං. යො වා – “සමණො ගොතමො රාජපූජිතො මහානුභාවො අවන්දීයමානො අනත්ථම්පි කරෙය්යා”ති භයෙන වන්දති, අග්ගහිතමෙව හොති සරණං. යො වා බොධිසත්තකාලෙ භගවතො සන්තිකෙ කිඤ්චි උග්ගහිතං සරමානො බුද්ධකාලෙ වා –
එය වනාහි ඥාති, භය, ආචාර්ය, දක්ෂිණෙය්ය වශයෙන් සිව් වැදෑරුම් වේ. එහි දක්ෂිණෙය්ය ප්රණිපාතයෙන් සරණාගමනය වේ. අන් අයුරින් නොවේ. ශ්‍රේෂ්ඨ වශයෙන්ම සරණ ගනු ලැබේ. ශ්‍රේෂ්ඨ වශයෙන් බිඳේ. ඒ නිසා යම් ශාක්‍යයෙක් හෝ කෝලියයෙක් හෝ ‘බුදුන් වහන්සේ අපගේ ඥාතියෙක් යයි වඳී. සරණය නොගන්නා ලද්දේම වේ. යමෙක් ‘ශ්‍රමණ ගෞතම රාජ පූජිතය, මහානුභාව ඇත්තේය. මෙම නො වැන්දොත් අනර්ථයක් වුවත් කරන්නේ යැයි බියෙන් වඳිති. සරණය නොගන්නා ලද්දේම වෙයි. යමෙක් බෝධිසත්ත්ව කාලයෙහි හෝ බුද්ධකාලයෙහි හෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උගත් දෙයක් සිහිකරමින් වඳියි.
“චතුධා විභජෙ භොගෙ, පණ්ඩිතො ඝරමාවසං; එකෙන භොගං භුඤ්ජෙය්ය, ද්වීහි කම්මං පයොජයෙ; චතුත්ථඤ්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස්සතී”ති. (දී· නි· 3.265);
ගිහිගෙයි වසන නුවණැත්තේ දනය සිව් කොටසක් කොට එකක් යැපුම පිණිසද දෙකක් යෙදවුම පිණිස ද යොදා එකක් ආපදා සඳහා තැන්පතුවක් සේ තබයි.
එවරූපං අනුසාසනිං උග්ගහෙත්වා – “ආචරියො මෙ”ති වන්දති, අග්ගහිතමෙව හොති සරණං. යො පන – “අයං ලොකෙ අග්ගදක්ඛිණෙය්යො”ති වන්දති, තෙනෙව ගහිතං හොති සරණං.
මෙබඳු අනුශාසනයක් උගෙන ‘මාගේ ගුරුවරයා යයි වඳියි. සරණය නොගන්නා ලද්දේ ම වෙයි. යමෙක් ‘මුන් වහන්සේ ලෝකයෙහි දක්ෂිණාවට සුදුසු අග්‍ර පුද්ගලයා යයි වඳියි. එයින්ම සරණ ගියේ වෙයි.
එවං ගහිතසරණස්ස ච උපාසකස්ස වා උපාසිකාය වා අඤ්ඤතිත්ථියෙසු පබ්බජිතම්පි ඤාතිං – “ඤාතකො මෙ අය”න්ති වන්දතො සරණගමනං න භිජ්ජති, පගෙව අපබ්බජිතං. තථා රාජානං භයවසෙන වන්දතො. සො හි රට්ඨපූජිතත්තා අවන්දීයමානො අනත්ථම්පි කරෙය්යාති. තථා යං කිඤ්චි සිප්පං සික්ඛාපකං තිත්ථියම්පි – “ආචරියො මෙ අය”න්ති වන්දතොපි න භිජ්ජති, එවං සරණගමනප්පභෙදො වෙදිතබ්බො.
මෙසේ ගත් සරණ ඇති උපාසකයකුගේ හෝ උපාසිකාවකගේ අන්‍ය තීර්ථකයන් වෙත පැවිදි වුවද ‘මොහු මාගේ ඥාතියෙකැයි වැන්දත් සරණාගමනය නොබිඳේ. පැවිදි නොවූවන් ගැන කියනුම කවරේද? එසේ භය වශයෙන් රජු වඳින්නහුගේ ‘මෙතෙමේ රටින් පූජා ලබන්නකු බැවින් නොවැන්දොත් අනර්ථයක් කරන්නේ යයි. ‘මොහු මාගේ ගුරුවරයෙකැයි ශිල්ප හදාරවන තීර්ථකයකු වඳින්නකුගේ සරණාගමනය නොබිඳේ. මෙසේ සරණාගමන ප්‍රභේදය දතයුතුය.
එත්ථ ච ලොකුත්තරස්ස සරණගමනස්ස චත්තාරි සාමඤ්ඤඵලානි විපාකඵලං, සබ්බදුක්ඛක්ඛයො ආනිසංසඵලං. වුත්තඤ්හෙතං –
මෙහි ලෝකෝත්තර සරණාගමනයෙහි සතර සාමඤ්ඤඵල විපාක ඵලයයි. සියලු දුක් නැතිකිරීම ආනිසංස ඵලයයි කියන ලද්දේ වෙයි.
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො; චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
බුදුන් දහම් සඟුන් සරණගියේ සිව් අරිසස්, දුක, දුක හටගැන්ම නිරෝධ දුක් නසන අරි අටඟි මග නුවණින් දක්නේය.
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං; අරියං අට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
දුක දුක හටගැන්ම - දුක ඉක්මවීම දුක් නැතිකරන අරි අටඟි මග
එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං; එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති. (ධ· ප· 192);
මේ සරණය කෙම්බිමය - මේ උතුම් සරණය මේ සරණයට පැමිණ - සියලු දුකින් මිදෙයි
අපි ච නිච්චාදිතො අනුපගමනාදිවසෙන පෙතස්ස ආනිසංසඵලං වෙදිතබ්බං. වුත්තඤ්හෙතං – “අට්ඨානමෙතං අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය…පෙ… කඤ්චි සඞ්ඛාරං සුඛතො…පෙ… කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය…පෙ… මාතරං ජීවිතා වොරොපෙය්ය…පෙ… පිතරං…පෙ… අරහන්තං…පෙ… පදුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය…පෙ…. සඞ්ඝං භින්දෙය්ය…පෙ… අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය, නෙතං ඨානං විජ්ජතී”ති (අ· නි· 1.290). ලොකියස්ස පන සරණගමනස්ස භවසම්පදාපි භොගසම්පදාපි ඵලමෙව. වුත්තඤ්හෙතං –
තවද, නිත්‍ය වශයෙන් නොයාම් ආදි වශයෙන් ද එහි ආනිසංස ඵලය දතයුතුය. එය කියන ලදී. මහණෙනි, දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් කිසියම් සංස්කාරයකට නිත්‍ය වශයෙන් පැමිණෙන්නේය. සුඛ වශයෙන් පැමිණෙන්නේය. කිසියම් ධර්මයකට ආත්ම වශයෙන් පැමිණෙන්නේය. මව, පියා, රහත් කෙනෙකු මරණයට පත් කරන්නේය. දූෂිත වූ සිතින් තථාගතයන් වහන්සේගේ ලේ සොලවන්නේය. සංඝයා බිඳුවන්නේය. අන් ශාස්තෲවරයකු උදෙසන්නේය යන දේ සිදුවිය නොහැක්කකි. එයට ඉඩක් නැත. මේ කරුණ නොපැනේ’ යනුවෙන්. ලෞකික සරණාගමනයෙහි භව සම්පදාවද, භෝග සම්පදාවද ඵලයම යැයි කියන ලදී.
“යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී”ති. (සං· නි· 1.37);
බුදු සරණ ගියාහු - අපායට නොයන්නෝය. මිනිස් කය අත්හැර - දෙව් කය පුරවන්නෝ ය.
අපරම්පි වුත්තං – “අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි…පෙ… එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච – “සාධු ඛො, දෙවානමින්ද, බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති…පෙ… තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති – දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි සද්දෙහි ගන්ධෙහි රසෙහි ඵොට්ඨබ්බෙහී”ති (සං· නි· 4.341). එස නයො ධම්මෙ ච සඞ්ඝෙ ච. අපි ච වෙලාමසුත්තාදීනං වසෙනාපි සරණගමනස්ස ඵලවිසෙසො වෙදිතබ්බො. එවං සරණගමනස්ස ඵලං වෙදිතබ්බං.
තවත් කරුණක් කියන ලදී. ඉක්බිති ශක්රදේවේන්ද්ර තෙමේ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන තෙරුන්වහන්සේ යම්තැනකද එතැනට එළැඹියේය. -පෙ- එකත්පසක සිටි ශක්‍රදේවේන්‍ද්‍රයාට ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන තෙරණුවෝ මෙසේ කීහ. දේවේන්ද්රය, බුදුන් සරණ යාම මැනවි. බුදුන් සරණ යාම හේතුවෙන් දේවේන්ද්රය, එක්තරා සත්ව කෙනෙක් කය බිඳීමෙන් මරණයට පත්වීමෙන් පසු සුගතියක් වූ ස්වර්ග ලෝකයට යති. ඔවුහු අන් දෙවිවරුන් කරුණු දසයකින් අබිබවා සිටිති. ආයුෂයෙන්, දේව වර්ණයෙන්, සැපයෙන්, යසසින්, අධිපතිභාවයෙන්, දිව්‍යමය රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් ධර්මයෙහිද සංඝයා කෙරෙහිද මේ ක්‍රමයමැයි. තවද, වෙලාම සූත්‍ර ආදි වශයෙන් සරණාගමනයෙහි ඵලවිශේෂය දතයුතුය. මෙසේ සරණාගමන ඵලය දතයුතුය.
තත්ථ ච ලොකියසරණගමනං තීසු වත්ථූසු අඤ්ඤාණසංසයමිච්ඡාඤාණාදීහි සංකිලිස්සති, න මහාජුතිකං හොති, න මහාවිප්ඵාරං. ලොකුත්තරස්ස නත්ථි සංකිලෙසො. ලොකියස්ස ච සරණගමනස්ස දුවිධො භෙදො – සාවජ්ජො ච අනවජ්ජො ච. තත්ථ සාවජ්ජො අඤ්ඤසත්ථාරාදීසු අත්තසන්නිය්යාතනාදීහි හොති, සො ච අනිට්ඨඵලො හොති. අනවජ්ජො කාලකිරියාය හොති, සො අවිපාකත්තා අඵලො. ලොකුත්තරස්ස පන නෙවත්ථි භෙදො. භවන්තරෙපි හි අරියසාවකො අඤ්ඤං සත්ථාරං න උද්දිසතීති. එවං සරණගමනස්ස සංකිලෙසො ච භෙදො ච වෙදිතබ්බොති.
එහි සරණාගමනය කරුණු සතරකදී අඥාන, ශංසය, මිථ්‍යාඥාන ආදීගෙන් කිළිටි වේ. මහා ශෝභාවක් ඇති දෙයක් නොවේ. මහා පැතිරීමක් නොවේ. ලෝකෝත්තර සරණාගමනයෙහි කිළිටි වීමක් නැත. ලෞකික සරණාගමනයෙහි දෙවැදෑරුම් භේදයක් ඇත. සාවද්‍ය අනවද්‍ය යනුවෙන්. එහි සාවද්‍ය සරණාගමනය අන්‍ය ශාස්තෲන් කෙරෙහි ආත්මභාවය පැමිණවීම් ආදියෙහිදී වෙයි. එය අනිටු පලයකි. ලෝකෝත්තර සරණාගමනයට භේද නැත. භවාන්තරයෙහිද ආර්ය ශ්රාවකයා අන්‍ය ශාස්තෲවරයකු නොඋදෙසයි. මෙසේ සරණාගමනයෙහි සංකිලෙසයද භේදයද දතයුතුය.
උපාසකං මං භන්තෙ භගවා ධාරෙතූති මං භගවා “උපාසකො අය”න්ති එවං ධාරෙතු, ජානාතූති අත්ථො. උපාසකවිධිකොසල්ලත්ථං පනෙත්ථ – කො උපාසකො? කස්මා උපාසකොති වුච්චති ? කිමස්ස සීලං? කො ආජීවො? කා විපත්ති? කා සම්පත්තීති? ඉදං පකිණ්ණකං වෙදිතබ්බං.
උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු යනු භාග්‍යවතුන් වහන්සේ මේ උපාසකයෙකැයි මා මෙසේ පිළිගනු මැනවි. දැනගන්නා සේක්වා යන අර්ථයි. උපාසක විධි පිළිබඳ කුශලතාව පිණිස මෙහි උපාසකයා කවරෙක්ද? කුමක් නිසා උපාසකයෙකැයි කියනු ලැබේ? ඔහුගේ ශීලය කුමක්ද? ආජීවය කවරේද? විපත්තිය කුමක්ද? සම්පත්තිය කුමක්ද? මේ ප්රකීර්ණකය දතයුතුය.
තත්ථ කො උපාසකොති යො කොචි සරණගතො ගහට්ඨො. වුත්තඤ්හෙතං – “යතො ඛො, මහානාම, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති. එත්තාවතා ඛො, මහානාම, උපාසකො හොතී”ති (සං· නි· 5.1033).
එහි උපාසක යනු කවරෙක්ද? කිසියම් සරණ ගිය ගිහියෙක් එය කියන ලදී. මහානාම යම් කරුණකින් බුදුසරණ ගියේ වේද දහම් -පෙ සඟ සරණ ගියේ වේද, මහානාම එපමණකින් උපාසකයෙක් වෙයි.
කස්මා උපාසකොති රතනත්තයං උපාසනතො. සො හි බුද්ධං උපාසතීති උපාසකො, තථා ධම්මං සංඝං.
කවරහෙයින් උපාසක වේද? තෙරුවන් වෙත එළඹෙන බැවින් හෙතෙමේ බුදුන් කරා එළඹෙතියි = උපාසකො. ධර්මය කරා සංඝයා කරා එළඹෙතියි උපාසක නමි.
කිමස්ස සීලන්ති පඤ්ච වෙරමණියො. යථාහ – “යතො ඛො, මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා… කාමෙසුමිච්ඡාචාරා… මුසාවාදා… සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, එත්තාවතා ඛො, මහානාම, උපාසකො සීලවා හොතී”ති (සං· නි· 5.1033).
ඔහුගේ ශීලය කුමක්ද? වෙන්වීම් පස. යම්සේ කීද? මහානාම උපාසක තෙමේ පාණාතිපාතයෙන් වෙන්වූයේ වේද, අදින්නාදානයෙන් -පෙ- කාමේසුමිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමේරය මජ්ජපමා දට්ඨායානයෙන් වෙන්වූයේ වේද, මහානාම එපමණකින් උපාසක තෙමේ සිල්වත් වෙයි.
කො ආජීවොති පඤ්ච මිච්ඡාවණිජ්ජා පහාය ධම්මෙන සමෙන ජීවිතකප්පනං. වුත්තඤ්හෙතං – “පඤ්චිමා, භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා. ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා”ති (අ· නි· 5.177).
ආජීවය කවරේද? මිථ්‍යා වෙළඳාම් පස හැර දැහැමෙන් සෙමෙන් ජීවිකාව කිරීම කියන ලදී. මහණෙනි, උපාසකයකු විසින් නොකළයුතු වෙළදාම් පසෙකි. කවර පසක්ද යත්, සත්ථවණිජ්ජා (ආයුධ වෙළඳාම) සත්ත වණිජ්ජා (සතුන් වෙළඳාම) මංසවණිජ්ජා (මාංශ වෙළඳාම) මජ්ජ වණිජ්ජා (මත්පැන් වෙළඳාම) විසවණිජ්ජා (විෂ වෙළඳාම) මහණෙනි උපාසකයකු විසින් නොකළ යුතු මේ වෙළඳාම් පසයි.
කා විපත්තීති යා තස්සෙව සීලස්ස ච ආජීවස්ස ච විපත්ති, අයමස්ස විපත්ති. අපි ච යාය එස චණ්ඩාලො චෙව හොති, මලඤ්ච පතිකුට්ඨො ච, සාපිස්ස විපත්තීති වෙදිතබ්බා. තෙ ච අත්ථතො අස්සද්ධියාදයො පඤ්ච ධම්මා හොන්ති. යථාහ – “පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති, උපාසකමලඤ්ච, උපාසකපතිකුට්ඨො ච. කතමෙහි පඤ්චහි? අස්සද්ධො හොති, දුස්සීලො හොති, කොතූහලමඞ්ගලිකො හොති, මඞ්ගලං පච්චෙති, නො කම්මං, ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං පරියෙසති, තත්ථ ච පුබ්බකාරං කරොතී”ති (අ· නි· 5.175).
කවර විපත්තියක්ද? එම ශීලයටද ආජීවයටද යම් විපත්තියක් වේද, එයම මෙයටද විපත්තියයි. තවද යමකින් මොහු සැඩොලෙක් වේද (මලංච පතිකිට්ඨොච) එය ඔහුට විපත්තියයි දතයුත්තේය. අර්ථ වශයෙන් ඒවා අශ්රද්ධාව ආදී ධර්ම පහක් වෙයි. යම් සේ කීද? ‘මහණෙනි, කරුණු පහකින් යුක්ත වූ උපාසක තෙමේ චණ්ඩාලයෙක් වෙයි. උපාසක කැළලක්ද, උපාසක බවින් ඇද දමන ලද්දේ ද වෙයි. කවර පසෙකින්ද යත්, ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුස්සීල වෙයි. උත්සව පවත්වන්නේ වෙයි. කර්මයට නොව මංගලයට නැවත එයි. මින් බැහැර දක්ෂිණාවට සුදුස්සන් සොයයි. එහිද විශ්වාස කරයි.
කා සම්පත්තීති යා චස්ස සීලසම්පදා චෙව ආජීවසම්පදා ච, සා සම්පත්ති; යෙ චස්ස රතනභාවාදිකරා සද්ධාදයො පඤ්ච ධම්මා. යථාහ – “පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසකපදුමඤ්ච, උපාසකපුණ්ඩරීකඤ්ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, න කොතූහලමඞ්ගලිකො හොති, කම්මං පච්චෙති, නො මඞ්ගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති, ඉධ ච පුබ්බකාරං කරොතී”ති (අ· නි· 5.175).
කවර සම්පත්තියක්ද? ඔහුට යම් ශීල සම්පදාවක් වේද, ආජීව සම්පදාවක් වේද එය ඔහුගේ සම්පත්තියයි. ඔහුට යම් රත්නභාව ආදී කරන ශ්‍රද්ධා ආදී පංච ධර්මයෝ වෙත්ද ඒවා. යම්සේ කීද? මහණෙනි, කරුණු පසකින් යුත් උපාසක තෙමේ උපාසක රත්නයක්ද, උපාසක රත්පියුමද, උපාසක සුදු පියුමක්ද වෙයි. කවර පසෙකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තේ වෙයි. සිල් ඇත්තේ වෙයි. උත්සව පවත්වන්නේ නොවෙයි. මංගලයට නොව කර්මයට ආපසු එයි. මින් බැහැර දක්ෂිණාවට සුදුස්සන් නොසොයයි. මෙහිද විශ්වාස කරයි.
අජ්ජතග්ගෙති එත්ථායං අග්ගසද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨෙසු දිස්සති. “අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීන”න්තිආදීසු (ම· නි· 2.70) හි ආදිම්හි දිස්සති. “තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය. උච්ඡග්ගං වෙළග්ග”න්තිආදීසු (කථා· 281) කොටියං. “අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්තිආදීසු (චූළව· 317) කොට්ඨාසෙ. “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදීසු (අ· නි· 4.34) සෙට්ඨෙ. ඉධ පනායං ආදිම්හි දට්ඨබ්බො. තස්මා අජ්ජතග්ගෙති අජ්ජතං ආදිං කත්වාති එවමෙත්ථත්ථො වෙදිතබ්බො. අජ්ජතන්ති අජ්ජභාවං. අජ්ජදග්ගෙති වා පාඨො, දකාරො පදසන්ධිකරො. අජ්ජ අග්ගන්ති අත්ථො.
අජ්ජතග්ගෙ යනු මෙහි අග්ග ශබ්දය මුල, කෙළවර, කොටස, ශ්‍රේෂ්ඨ යන තන්හි දක්නට ලැබේ. ‘යහළු දොරටුපාල, මම අද පටන් නිගණ්ඨයන්ටත් නිගණ්ඨ ස්ත්‍රීන්ටත් දොර වසමි’ආදී තන්හි මුල දක්නට ලැබේ. ‘ඒ ඇඟිලි අගින්ම ඒ ඇගිලි අග අත ගාමි. උක්ගසෙහි අගද, උණගසෙහි අගද අතගාමි. ආදී තන්හි කෙළවරය. ඇඹුල් රස, මිහිරි රස, තිත්ත රස හෝ මහණෙනි, විහාර අනුව හෝ පිරිවෙන අනුව බෙදීම අනුදනිමි’ආදී තන්හි කොටසෙහි ‘මහණෙනි, යම්පමණ පානැති හෝ -පෙ- සත්ත්වයෝ වෙත්ද, තථාගත තෙමේ ඔවුන් අතර අග්‍රයයි කියනු ලැබේ’ආදී තන්හි ශ්‍රේෂ්ඨ බවෙහි. මෙය වනාහි මෙය ආදියෙහි දතයුතුය. ඒ නිසා අජ්ජතග්ගෙ යනු අද ආදිකොට යනුයි. මෙසේ මෙහි අර්ථය. දතයුතුය. අජ්ජතං යනු අද බව. අජ්ජදග්ගෙ යනුවෙන්ද පාඨයක් වෙයි. ද කාරය පද සන්ධි කරන්නකි. අද ප්‍රධානකොට යන අර්ථයි.
පාණුපෙතන්ති පාණෙහි උපෙතං. යාව මෙ ජීවිතං පවත්තති, තාව උපෙතං අනඤ්ඤසත්ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං උපාසකං කප්පියකාරකං මං භගවා ධාරෙතු ජානාතු. අහඤ්හි සචෙපි මෙ තිඛිණෙන අසිනා සීසං ඡින්දෙය්ය, නෙව බුද්ධං “න බුද්ධො”ති වා, ධම්මං “න ධම්මො”ති වා, සඞ්ඝං “න සඞ්ඝො”ති වා වදෙය්යන්ති.
පාණුපෙතං යනු ප්‍රාණයෙන් යුතු. ‘යම්තාක් මාගේ ජීවිතය පවතීද, ඒ තාක් එළඹ සිටි, වෙනත් ශාස්තෲ කෙනෙකු නැති, සරණාගමනයෙන් සරණ ගිය. කැපකරු උපාසකයකු ලෙස භාග්‍යවතුන් වහන්සේ මා පිළිගනු මැනවි. දැනගන්නා සේක්වා. මම වනාහි තියුණු අසිපතකින් හිස සිඳ දැමුවත් බුදු නොවූවකු බුද්ධ කියාද, ධර්මය නොවූවක් ධර්මය කියාද, සංස නොවූවක් සංඝයා කියාද නොකියන්නෙමි.
එවං අත්තසන්නිය්යාතනෙන සරණං ගන්ත්වා අත්තනා කතං අපරාධං පකාසෙන්තො අච්චයො මං, භන්තෙතිආදිමාහ. තත්ථ අච්චයොති අපරාධො. මං අච්චගමාති මං අතික්කම්ම අභිභවිත්වා පවත්තො. ධම්මිකං ධම්මරාජානන්ති එත්ථ ධම්මං චරතීති ධම්මිකො. ධම්මෙනෙව රාජා ජාතො, න පිතුඝාතනාදිනා අධම්මෙනාති ධම්මරාජා. ජීවිතා වොරොපෙසින්ති ජීවිතා වියොජෙසිං. පටිග්ගණ්හාතූති ඛමතු. ආයතිං සංවරායාති අනාගතෙ සංවරත්ථාය. පුන එවරූපස්ස අපරාධස්ස දොසස්ස ඛලිතස්ස අකරණත්ථාය.
මෙසේ ආත්මභාවය පමුණුවාලීමෙන් සරණ ගොස් තමා විසින් කරන ලද අපරාධය ප්‍රකාශ කරන්නේ අච්චයො මං භන්තෙ ආදිය කීය. එහි අච්චයො යනු අපරාධයයි. මං අච්චගමා යනු මා ඉක්මවා අභිබවා පැවති. ධම්මිකං ධම්ම රාජානං යනු, මෙහි ධර්මයෙහි හැසිරේනුයි = ධම්මිකො. ධර්මයෙන්ම රජ වූයේ, පියා මැරීම ආදි අධර්මයෙන් නොවේනුයි = ධම්මරාජා. ජීවිතා වොරොපෙසිං යනු ජීවිතයෙන් වෙන් කෙළෙමි. පතිගණ්හාතු කමා කරන සේක්වා. ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරවීම පිණිස. නැවත මෙබඳු අපරාධයක් දෝෂයක් ප්‍රමාදයක් නොකරනු පිණිස.
තග්ඝාති එකංසෙ නිපාතො. යථා ධම්මං පටිකරොසීති යථා ධම්මො ඨිතො තථෙව කරොසි, ඛමාපෙසීති වුත්තං හොති. තං තෙ මයං පටිග්ගණ්හාමාති තං තව අපරාධං මයං ඛමාම. වුඩ්ඪිහෙසා, මහාරාජ අරියස්ස විනයෙති එසා, මහාරාජ, අරියස්ස විනයෙ බුද්ධස්ස භගවතො සාසනෙ වුඩ්ඪි නාම. කතමා? යායං අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරිත්වා ආයතිං සංවරාපජ්ජනා, දෙසනං පන පුග්ගලාධිට්ඨානං කරොන්තො – “යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී”ති ආහ.
තග්ඝ යනු නිශ්චිතව. යථාධම්මං පටිකරොසි යනු ධර්මයෙහි පිහිටියාක් මෙන් එසේම කරව. කමා කරවීය යයි කියන ලද්දේ වෙයි. තං තෙ මයං පතිගණ්හාම ඔබගේ ඒ අපරාධය අපි කමා කරමු. වුද්ධි හෙසා මහාරාජ අරියස්ස විනයෙ යනු මහරජ, මෙය ආර්ය විනයෙහි භාග්‍යවත් බුදුරදුන්ගේ ශාසනයෙහි වැඩීම නම් වේ. කවරක්ද? අපරාධය අපරාධය සේ දැක ධර්මයට අනුව ප්‍රතිකර්ම කොට අනාගතයෙහි සංවරයට පැමිණීම. දේශනාව පුද්ගලාධිෂ්ඨාන කරනසේක් ‘යො අච්චයං අච්චයතො දිස්වා යථා ධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජති’ යි වදාළ සේක.
එවං වුත්තෙති එවං භගවතා වුත්තෙ. හන්ද ච දානි මයං භන්තෙති එත්ථ හන්දාති වචසායත්ථෙ නිපාතො. සො හි ගමනවචසායං කත්වා එවමාහ. බහුකිච්චාති බලවකිච්චා. බහුකරණීයාති තස්සෙව වෙවචනං. යස්සදානි ත්වන්ති යස්ස ඉදානි ත්වං මහාරාජ ගමනස්ස කාලං මඤ්ඤසි ජානාසි, තස්ස කාලං ත්වමෙව ජානාසීති වුත්තං හොති.
එවං වුත්තෙ යනු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලද කල්හි. හන්දච දානි මයං භන්තෙ යනු. මෙහි හන්ද යනු ඉවත්කිරීම් අර්ථයෙහි නිපාතයකි. හෙතෙමේ උත්සාහකොට මෙසේ කීය. බහුකිච්චා යනු බලවත් කෘත්‍ය. බහුකරණීයා යනු එයටම වෙනත් වචනයකි. යස්සදානිත්වං යනු යම් ගමනකට දැන් ඔබ මහාරාජ මහරජ, කාලංමඤ්ඤසි කාලය යයි දනීනම්, එයට කාලය ඔබම දැනගන්න යයි කියන ලද්දේ වෙයි.
පදක්ඛිණං කත්වා පක්කාමීති තික්ඛත්තුං පදක්ඛිණං කත්වා දසනඛසමොධානසමුජ්ජලං අඤ්ජලිං සිරසි පතිට්ඨපෙත්වා යාව දස්සනවිසයං භගවතො අභිමුඛොව පටික්කමිත්වා දස්සනවිජහනට්ඨානභූමියං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පක්කාමි.
පදක්ඛිණං කත්වා පක්කාමි යනු තෙවරක් පැදකුණු කොට නියදසය එක් කිරීමෙන් බබලන ඇඳිලිය සිරසෙහි පිහිටුවා පෙනෙන තෙක් මානයේ භාග්‍යවතුන් වහන්සේට මුහුණ හරවා ගොස් දර්ශනය අත්හැරෙන තැන බිම පසඟ පිහිටුවා වැඳ නික්ම ගියේය.
ඛතායං, භික්ඛවෙ, රාජාති ඛතො අයං, භික්ඛවෙ, රාජා. උපහතායන්ති උපහතො අයං. ඉදං වුත්තං හොති – අයං, භික්ඛවෙ, රාජා ඛතො උපහතො භින්නපතිට්ඨො ජාතො, තථානෙන අත්තනාව අත්තා ඛතො, යථා අත්තනො පතිට්ඨා න ජාතාති.
බතායං භික්ඛවෙ මහාරාජා යනු මහණෙනි, මේ රජ මුල සිඳගත්තේය. උපහතාය යනු මොහු විනාශ විය. මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, මේ රජ මුල සිඳගත්තෙකි. නැසුණෙකි. ප්‍රතිෂ්ඨාව බිඳගත්තෙකි. එසේම මොහු විසින් තමා විසින්ම ආත්මභාවය මුලින් සිඳගත්තේද එහෙයින් තමාටද ප්‍රතිෂ්ඨාවක් නූපදවා ගත්තේය.
විරජන්ති රාගරජාදිවිරහිතං. රාගමලාදීනංයෙව විගතත්තා වීතමලං. ධම්මචක්ඛුන්ති ධම්මෙසු වා චක්ඛුං, ධම්මමයං වා චක්ඛුං, අඤ්ඤෙසු ඨානෙසු තිණ්ණං මග්ගානමෙතං අධිවචනං. ඉධ පන සොතාපත්තිමග්ගස්සෙව. ඉදං වුත්තං හොති – සචෙ ඉමිනා පිතා ඝාතිතො නාභවිස්ස, ඉදානි ඉධෙවාසනෙ නිසින්නො සොතාපත්තිමග්ගං පත්තො අභවිස්ස, පාපමිත්තසංසග්ගෙන පනස්ස අන්තරායො ජාතො. එවං සන්තෙපි යස්මා අයං තථාගතං උපසඞ්කමිත්වා රතනත්තයං සරණං ගතො, තස්මා මම සාසනමහන්තතාය යථා නාම කොචි පුරිසස්ස වධං කත්වා පුප්ඵමුට්ඨිමත්තෙන දණ්ඩෙන මුච්චෙය්ය, එවමෙව ලොහකුම්භියං නිබ්බත්තිත්වා තිංසවස්සසහස්සානි අධො පතන්තො හෙට්ඨිමතලං පත්වා තිංසවස්සසහස්සානි උද්ධං ගච්ඡන්තො පුනපි උපරිමතලං පාපුණිත්වා මුච්චිස්සතීති ඉදම්පි කිර භගවතා වුත්තමෙව, පාළියං පන න ආරූළ්හං.
විරජං යනු රාග රජස් ආදියෙන් විරහිත. රාගමල ආදීන් බැහැර වූ බැවින් වීතමලං ධම්මං චක්ඛුං යනු ධර්මයන්හි ඇස් ඇති හෝ ධර්මමය ඇස් ඇති. අන් තන්හි මාර්ගත්රය මේ තවත් වචනයකි. මෙහි වනාහි සෝවාන් මගටම කියන ලද්දේ වෙයි. යම්හෙයකින් මොහු විසින් පියා ඝාතනය නොකරන ලද්දෙක් වීනම්, දැන් මෙහිම හුන්නේ සෝවාන් මගට පැමිණියෙක් වන්නේය. පාපමිත්‍ර ආශ්රයෙන් මොහුට අපරාධයක් ඇතිවිය. මෙසේ ඇති කල්හිත්, යම්හෙයකින් මොහු තථාගතයන් වෙත එළඹ තෙරුවන් සරණ ගියේද ඒ නිසා මාගේ ශාසනයාගේ මහත්බව නිසා, යම්සේ කිසිවෙක් පුරුෂයකු මරා මල්මිටක් පමණ දඬුවමින් මිදෙන්නේද, එසේම මොහු ලෝකුඹු නිරයෙහි ඉපදී වසර තිස්දහසක් යටටම වැටෙන්නේ පතුලටම පැමිණ වසර තිස්දහසක් උඩට එන්නේ නැවත මුදුනට පැමිණ මිදෙන්නේය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලද්දකි. පෙළට නගා නැත.
ඉදං පන සුත්තං සුත්වා රඤ්ඤා කොචි ආනිසංසො ලද්ධොති? මහාආනිසංසො ලද්ධො. අයඤ්හි පිතු මාරිතකාලතො පට්ඨාය නෙව රත්තිං න දිවා නිද්දං ලභති, සත්ථාරං පන උපසඞ්කමිත්වා ඉමාය මධුරාය ඔජවන්තියා ධම්මදෙසනාය සුතකාලතො පට්ඨාය නිද්දං ලභි. තිණ්ණං රතනානං මහාසක්කාරං අකාසි. පොථුජ්ජනිකාය සද්ධාය සමන්නාගතො නාම ඉමිනා රඤ්ඤා සදිසො නාහොසි. අනාගතෙ පන විජිතාවී නාම පච්චෙකබුද්ධො හුත්වා පරිනිබ්බායිස්සතීති.
මේ සූත්‍රය අසා රජු විසින් කුමන ආනිසංසයක් ලබන ලද්දේ ද? මහා ආනිසංසයක් ලබන ලද්දේය. මොහු පියා මැරූ තැන් පටන් හෝ දවල් හෝ නින්ද නොලබයි. ශාස්තෲන් කරා එළඹ මේ මධුර වූ ඕජස් සහිත ධර්මදේශනාව ඇසූකල් පටන් නින්ද ලැබීය. තෙරුවනට මහා සත්කාර කළේය. පෘථග්ජන ශ්‍රද්ධාවෙන් යුක්ත වූවෙක් මේ රජු හා සමාන වූවෙක් නොවීය. අනාගතයෙහි ‘විදිත විසෙස’ නම් පසේ බුදුවරයකු වී පිරිනිවන් පාන්නේය.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටට පත් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමත කළහ.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං සාමඤ්ඤඵලසුත්තවණ්ණනා නිට්ඨිතා.
සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව නිමියේ ය.