1. බ්රහ්මජාලසුත්තවණ්ණනා අට්ඨකථා
1. බ්රහ්මජාලසුත්තවණ්ණනා
1. බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනා
පරිබ්බාජකකථාවණ්ණනා
ඉමිස්සා පඨමමහාසඞ්ගීතියා වත්තමානාය විනයසඞ්ගහාවසානෙ සුත්තන්තපිටකෙ ආදිනිකායස්ස ආදිසුත්තං බ්රහ්මජාලං පුච්ඡන්තෙන ආයස්මතා මහාකස්සපෙන – “බ්රහ්මජාලං, ආවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති, එවමාදිවුත්තවචනපරියොසානෙ යත්ථ ච භාසිතං, යඤ්චාරබ්භ භාසිතං, තං සබ්බං පකාසෙන්තො ආයස්මා ආනන්දො එවං මෙ සුතන්තිආදිමාහ. තෙන වුත්තං “බ්රහ්මජාලස්සාපි එවං මෙ සුතන්තිආදිකං ආයස්මතා ආනන්දෙන පඨමමහාසඞ්ගීතිකාලෙ වුත්තං නිදානමාදී”ති.
මේ ප්‍රථම මහා සංගීතිය පවත්නා කල්හි විනය සංග්‍රහය අවසානයෙහි, සූත්‍ර පිටකයෙහි පළමුවැනි නිකායයෙහි පළමුවැනි සූත්‍රය වූ බ්රහ්මජාලය විමසන ආයුෂ්මත් මහා කස්සප තෙරුන් විසින් ‘ඇවැත් ආනන්ද බ්රහ්මජාලය, කොහිදී කියන ලදද?’ මේ ආදී වචන අවසානයෙහි යම්තැනකදී කියන ලදද එයද, යමකු අරබයා කියන ලදද, ඒ සියල්ල පවසන ආයුෂ්මත් ආනන්ද තෙරහු ‘එවං මෙ සුතං’ ආදිය කීහ. එහෙයින් කියන ලදි. ‘බ්රහ්මජාලයෙහිද ‘එවං මෙසුතං’ ආදිය ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා සංගීති අවස්ථාවෙහි කියන ලද ආදි නිදානයයි.
තත්ථ එවන්ති නිපාතපදං. මෙතිආදීනි නාමපදානි. පටිපන්නො හොතීති එත්ථ පටීති උපසග්ගපදං, හොතීති ආඛ්යාතපදන්ති. ඉමිනා තාව නයෙන පදවිභාගො වෙදිතබ්බො.
මෙහි ‘එවං’ යනු නිපාතපදයි. ‘මෙ’ යනාදිය නාමපදය. ‘පටිපන්නො හොති’ මෙහි ‘පටි’ යනු උපසර්ග පදයි. ‘හොති’ යනු ආඛ්‍යාත පදයයි. මේ ක්‍රමයෙන් පද බෙදීම දතයුතුය.
අත්ථතො පන එවං-සද්දො තාව උපමූපදෙසසම්පහංසනගරහණවචනසම්පටිග්ගහාකාරනිදස්සනාවධාරණාදිඅනෙකත්ථප්පභෙදො. තථාහෙස – “එවං ජාතෙන මච්චෙන, කත්තබ්බං කුසලං බහු”න්ති (ධ· ප· 53) එවමාදීසු උපමායං ආගතො. “එවං තෙ අභික්කමිතබ්බං, එවං තෙ පටික්කමිතබ්බ”න්තිආදීසු (අ· නි· 4.122) උපදෙසෙ. “එවමෙතං භගවා, එවමෙතං සුගතා”තිආදීසු (අ· නි· 3.66) සම්පහංසනෙ. “එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසතී”තිආදීසු (සං· නි· 1.187) ගරහණෙ. “එවං, භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසු”න්තිආදීසු (ම· නි· 1.1) වචනසම්පටිග්ගහෙ. “එවං බ්යා ඛො අහං, භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමී”තිආදීසු (ම· නි· 1.398) ආකාරෙ. “එහි ත්වං, මාණවක, යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ. “සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී”ති. “එවඤ්ච වදෙහි, සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”තිආදීසු (දී· නි· 1.445) නිදස්සනෙ. “තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා, භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා, භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා, භන්තෙ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා, කථං වො එත්ථ හොතීති? සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, එවං නො එත්ථ හොතී”තිආදීසු (අ· නි· 3.66) අවධාරණෙ. ස්වායමිධ ආකාරනිදස්සනාවධාරණෙසු දට්ඨබ්බො.
අර්ථ වශයෙන් ‘එවං’ ශබ්දය උපමා, උපදේශ, සම්ප්රහර්ෂණ, ගරහන වචන, ප්‍රතිග්‍රහණ, ආකාර, නිදර්ශන, අවධාරණ ආදී වූ නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේය. ඒ එසේමය. ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ ආදී තැන්වල උපමාවෙහි පැමිණියේය. ‘එවං තෙ අභික්කමිතබ්බං පටික්කමි තබ්බං’ ආදී තන්හි උපදේශයෙහිය. ‘එවමෙත’ භගවා එවමෙතං සුගතො’ ආදී තන්හි සම්ප්රහර්ෂණයෙහි ‘එවමෙව පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති’ ආදී තන්හි ගැරහීමෙහි. ‘එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං’ ආදී තන්හි වචන ප්‍රතිග්‍රහණයෙහි. ‘එවං ව්යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ ආදී තන්හි ආකාරයෙහි ‘එවං ත්වං මාණවක යෙන සමණො ආනන්දො තෙනුපසංකමි උපසංකමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුභො ඛො මාණවො තොදෙය්‍ය පුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං -පෙ- ඵාසු විහාරං පුච්ඡතීති. එවඤ්චපන වදෙහි සාධුකාර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ ආදී තන්හි නිදර්ශනයෙහි, ‘තංකිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලාවා අකුසලා වාති? අකුසලා භන්තෙ සාවජ්ජාවා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ, සමත්තා සමාදින්නා, අදිතාය දුක්ඛාය, සංවත්තන්ති, නොවා කථංවා එත්ථ හොති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොති’ ආදී තන්හි අවධාරණයෙහි. ඒ මෙය මෙහි ආකාර නිදර්ශන අවධාරණයන්හි යයි දතයුතුය.
තත්ථ ආකාරත්ථෙන එවං-සද්දෙන එතමත්ථං දීපෙති, නානානයනිපුණමනෙකජ්ඣාසයසමුට්ඨානං, අත්ථබ්යඤ්ජනසම්පන්නං, විවිධපාටිහාරියං, ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරං, සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච්ඡන්තං තස්ස භගවතො වචනං සබ්බප්පකාරෙන කො සමත්ථො විඤ්ඤාතුං, සබ්බථාමෙන පන සොතුකාමතං ජනෙත්වාපි ‘එවං මෙ සුතං’ මයාපි එකෙනාකාරෙන සුතන්ති.
එහි ආකාර අර්ථයෙන් ‘එවං’ ශබ්දයෙන් මේ අර්ථය පෙන්වයි. නානා නය නිපුණ නොයෙක් අධ්‍යාශයන්ගෙන් හටගත් අර්ථ ව්‍යංජන සහිත, නොයෙක් පෙළහර ඇති, ධර්ම අර්ථ දේශනා ප්රතිවේධයන්ගෙන් ගැඹුරු වූ සියලු සතුන්ට තම තම භාෂානුරූපව ශ්‍රවණ මාර්ගයට පැමිණෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සර්වප්රකාරයෙන් දැනගන්ට කවරෙක් සමර්ථද? සියලු ශක්තියෙන් ඇසීමේ කැමැත්ත උපදවාගෙන ද ‘එවං මෙසුතං’ යැයි එකෙනාකාරෙන සුතං’ යනු
නිදස්සනත්ථෙන – “නාහං සයම්භූ, න මයා ඉදං සච්ඡිකත”න්ති අත්තානං පරිමොචෙන්තො – ‘එවං මෙ සුතං’, ‘මයාපි එවං සුත’න්ති ඉදානි වත්තබ්බං සකලං සුත්තං නිදස්සෙති.
නිදර්ශන අර්ථයෙන්, ‘නාහං සයම්භු න මයා ඉදං සච්ඡිකතං’ යයි තමා මිදෙන්නේ, ‘එවං මෙසුතං, මයාපි එවං සුතං’ යනුවෙන් දැන් කිවයුතු සියලු සූත්‍රය නිදර්ශනය කර දක්වයි.
අවධාරණත්ථෙන – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දො, ගතිමන්තානං, සතිමන්තානං, ධිතිමන්තානං, උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.223). එවං භගවතා – “ආයස්මා ආනන්දො අත්ථකුසලො, ධම්මකුසලො, බ්යඤ්ජනකුසලො, නිරුත්තිකුසලො, පුබ්බාපරකුසලො”ති (අ· නි· 5.169). එවං ධම්මසෙනාපතිනා ච පසත්ථභාවානුරූපං අත්තනො ධාරණබලං දස්සෙන්තො සත්තානං සොතුකාමතං ජනෙති – ‘එවං මෙ සුතං’, තඤ්ච ඛො අත්ථතො වා බ්යඤ්ජනතො වා අනූනමනධිකං, එවමෙව න අඤ්ඤථා දට්ඨබ්බ”න්ති.
අවධාරණ අර්ථයෙන් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං, යදිදං ආනන්දො ගතිමන්තානං සතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානං යදිදං ආනන්දො’ මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආයුෂ්මත් ආනන්ද අර්ථ කුශලය, ධර්ම කුශලය, ව්‍යඤ්ජන කුශලය, නිරුක්ති කුශලය, පූර්වාපර කුශලය’යි මෙසේ ධර්ම සේනාපති විසින්ද ප්රශස්ත බවට අනුරූපව තමාගේ ධාරණ බලය දක්වන්නේ සත්ත්වයන්ගේ ඇසීමේ කැමැත්ත උපදවයි. මා විසින් මෙසේ අසන ලදි. එයද අර්ථ වශයෙන් හෝ ව්‍යඤ්ජන වශයෙන් හෝ අඩුවැඩි වීමක් නැතිව මෙසේමය. වෙනත් අයුරකින් නොවේයැයි දතයුතුය.
මෙ-සද්දො තීසු අත්ථෙසු දිස්සති. තථා හිස්ස – “ගාථාභිගීතං මෙ අභොජනෙය්ය”න්තිආදීසු (සු· නි· 81) මයාති අත්ථො. “සාධු මෙ, භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.88) මය්හන්ති අත්ථො. “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථා”තිආදීසු (ම· නි· 1.29) මමාති අත්ථො. ඉධ පන මයා සුතන්ති ච, මම සුතන්ති ච අත්ථද්වයෙ යුජ්ජති.
‘මෙ’ ශබ්දය අර්ථ තුනක දැක්වේ. එසේ ‘ගාථාභිගීතං මෙ අභොජනෙය්යං’ යනාදී තන්හි ‘මයා, මා විසින් යන අර්ථයි. ‘සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’ ආදී තන්හි ‘මය්හං’ මා හට යන අර්ථයි. ‘ධම්ම දායාදා මෙ භික්ඛවෙ භවථ’ ආදී තන්හි ‘මම’ මාගේ යන අර්ථයි. මෙහි වනාහි ‘මයා සුතං’ මා විසින් අසන ලද ද ‘මම සුතං’ මාගේ ඇසීම යන අර්ථද්වයෙහි යෙදේ.
සුතන්ති අයං සුත-සද්දො සඋපසග්ගො ච අනුපසග්ගො ච – ගමනවිස්සුතකිලින්න-උපචිතානුයොග-සොතවිඤ්ඤෙය්‍ය-සොතද්වාරානුසාර-විඤ්ඤාතාදිඅනෙකත්ථප්පභෙදො, තථා හිස්ස “සෙනාය පසුතො”තිආදීසු ගච්ඡන්තොති අත්ථො. “සුතධම්මස්ස පස්සතො”තිආදීසු (උදා· 11) විස්සුතධම්මස්සාති අත්ථො. “අවස්සුතා අවස්සුතස්සා”තිආදීසු (පාචි· 657) කිලින්නාකිලින්නස්සාති අත්ථො. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්තිආදීසු (ඛු· පා· 7.12) උපචිතන්ති අත්ථො. “යෙ ඣානපසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) ඣානානුයුත්තාති අත්ථො. ‘දිට්ඨං සුතං මුත’න්තිආදීසු (ම· නි· 1.241) සොතවිඤ්ඤෙය්යන්ති අත්ථො. “සුතධරො සුතසන්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද්වාරානුසාරවිඤ්ඤාතධරොති අත්ථො. ඉධ පනස්ස සොතද්වාරානුසාරෙන උපධාරිතන්ති වා උපධාරණන්ති වාති අත්ථො. ‘මෙ’ සද්දස්ස හි ‘මයා’ති අත්ථෙ සති ‘එවං මයා සුතං’ සොතද්වාරානුසාරෙන උපධාරිතන්ති යුජ්ජති. ‘මමා’ති අත්ථෙ සති එවං මම සුතං සොතද්වාරානුසාරෙන උපධාරණන්ති යුජ්ජති.
‘සුතං’ යන මේ ශබ්දය උපසර්ග සහිතවද උපසර්ග රහිතවද ගමන, විස්සුත, කිලින්න, උපචිත, අනුයොග, සොතවිඤ්ඤෙය්‍ය, සොතද්වාර අනුසාර විඤ්ඤතා ආදී නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේය. ඒ අයුරින් ‘සෙනාය පසුතො’ ආදී තන්හි යන්නේ යන අර්ථයි. ‘සුත ධම්මස්ස පස්සතො’ ආදී තන්හි විශ්‍රැත ධර්මයාගේ යන අර්ථයි. ‘අවස්සුතා වස්සුතස්ස’ ආදී තන්හි, තෙමුණු නොතෙමුණු (කිලින්නාකිලින්න) යන අර්ථයි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ ආදී තන්හි උපචිත (රැස්කළ) යන අර්ථයි. ‘යෙ ඣාන පසුතා ධීරා’ ආදී තන්හි ධ්‍යානයෙහි යෙදුණු යන අර්ථයි. ‘දිට්ඨං සුතං මුතං’ ආදී තන්හි සොත විඤ්ඤෙය්‍ය යන අර්ථයි. ‘සුතධරො සුත සන්නිවයො’ ආදී තන්හි සොතද්වාරානුසාර විඤ්ඤාතධර (සොතද්වාරය අනුසාරයෙන් දත් දෙය දරන) යන අර්ථයි. මෙහි වනාහි සොතච්වාරය අනුසාරයෙන් සලකන ලද හෝ සැලකීම හෝ යන අර්ථයි. ‘මෙ’ ශබ්දයෙහි ‘මයා’ මා විසින් යන අර්ථය ඇතිකල්හි ‘එවං මයා සුතං සොතද්වාරානුසාරෙන උපධාරිතං’ යෙදේ. මම-මාගේ යන අර්ථය ඇතිකල්හි ‘එවං මම සුතං, සොතද්වාරානුසාරෙන උපධාරණං’ මාගේ ඇසීම මෙසේය. කන අනුව දැරීම යනු යෙදේ.
එවමෙතෙසු තීසු පදෙසු එවන්ති සොතවිඤ්ඤාණාදිවිඤ්ඤාණකිච්චනිදස්සනං. මෙති වුත්තවිඤ්ඤාණසමඞ්ගිපුග්ගලනිදස්සනං. සුතන්ති අස්සවනභාවපටික්ඛෙපතො අනූනාධිකාවිපරීතග්ගහණනිදස්සනං. තථා එවන්ති තස්සා සොතද්වාරානුසාරෙන පවත්තාය විඤ්ඤාණවීථියා නානප්පකාරෙන ආරම්මණෙ පවත්තිභාවප්පකාසනං. මෙති අත්තප්පකාසනං. සුතන්ති ධම්මප්පකාසනං. අයඤ්හෙත්ථ සඞ්ඛෙපො – “නානප්පකාරෙන ආරම්මණෙ පවත්තාය විඤ්ඤාණවීථියා මයා න අඤ්ඤං කතං, ඉදං පන කතං, අයං ධම්මො සුතො”ති.
මෙසේ මේ පද තුනෙහි ‘එවං’ යනු සෝත විඤ්ඤාණ ආදි විඤ්ඤාණ කෘත්‍ය නිදර්ශනයයි. ‘මෙ’ යනු කියන ලද විඤ්ඤාණය යුතු පුද්ගල නිදර්ශනය ‘සුතං’ යනු නො අසන බව පිළිකෙව් කිරීමෙන් අඩුවැඩි නැතිව විපරීත ග්‍රහණ නිදර්ශනයයි. එසේ ‘එවං’ යනු සෝතද්වාර අනුසාරයෙන් පැවති එම විඤ්ඤාණ වීථියෙහි නානාප්‍රකාරයෙන් අරමුණු පවත්නා බව ප්රකාශනයයි. තමා යනු අර්ථ ප්රකාශනයයි. ‘සුතං’ යනු ධර්ම ප්රකාශනයයි. මේ මෙහි සංක්ෂේපයයි. ‘නානාප්‍රකාරයෙන් අරමුණු පවත්නා විඤ්ඤාණ වීථියෙහි මා විසින් අන්කිසිවක් නොකරන ලදි. මෙය කරන ලදි. මේ ධර්මය අසන ලදි.’
තථා එවන්ති නිද්දිසිතබ්බධම්මප්පකාසනං. මෙති පුග්ගලප්පකාසනං. සුතන්ති පුග්ගලකිච්චප්පකාසනං. ඉදං වුත්තං හොති. “යං සුත්තං නිද්දිසිස්සාමි, තං මයා එවං සුත”න්ති.
එසේ ‘එවං’ යනු නිර්දේශ කළයුතු ප්රකාශනයයි. ‘මෙ’ යනු පුද්ගල ප්රකාශනයයි. ‘සුතං’ යනු පුද්ගල කෘත්‍ය ප්රකාශනයයි. මෙය කියන ලද්දේ වෙයි. ‘යම් සූත්‍රයක් නිදර්ශනය කරන්නෙම්ද, එය මා විසින් මෙසේ අසන ලදී.’
තථා එවන්ති යස්ස චිත්තසන්තානස්ස නානාකාරප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසො. එවන්ති හි අයමාකාරපඤ්ඤත්ති. මෙති කත්තුනිද්දෙසො. සුතන්ති විසයනිද්දෙසො. එත්තාවතා නානාකාරප්පවත්තෙන චිත්තසන්තානෙන තං සමඞ්ගිනො කත්තු විසයග්ගහණසන්නිට්ඨානං කතං හොති.
එසේ ‘එවං’ යනු ඒ චිත්ත සන්තානයෙහි නානාප්‍රකාර පැවැතීමෙන් නානාර්ථ ව්‍යංජන ගැනීම වෙයි. එහි නානාප්‍රකාර නිර්දේශයයි. ‘සුතං’ යනු විෂය නිර්දේශයයි. මෙපමණකින් නානාප්‍රකාරයෙන් පවත්නා චිත්ත සන්තානයෙන් යුතු වූවහුගේ කර්තෘ විෂයෙහි ගැනීම සනිටුහන් කරන ලද්දේ වෙයි.
අථවා එවන්ති පුග්ගලකිච්චනිද්දෙසො. සුතන්ති විඤ්ඤාණකිච්චනිද්දෙසො. මෙති උභයකිච්චයුත්තපුග්ගලනිද්දෙසො. අයං පනෙත්ථ සඞ්ඛෙපො, “මයා සවනකිච්චවිඤ්ඤාණසමඞ්ගිනා පුග්ගලෙන විඤ්ඤාණවසෙන ලද්ධසවනකිච්චවොහාරෙන සුත”න්ති.
නැතහොත් ‘එවං’ යනු පුද්ගල කෘත්‍ය නිර්දේශයයි. ‘සුතං’ යනු විඤ්ඤාණ කෘත්‍ය නිර්දේශයයි. ‘මෙ’ යනු කෘත්‍ය දෙකකින් යුත් පුද්ගල නිර්දේශයයි. මේ මෙහි සංක්ෂේපයයි. ‘මයා සවණ කිච්ච විඤ්ඤාණ සමංගිනා පුග්ගලෙන විඤ්ඤාණ වසෙන ලද්ධ සවණකිච්ච වොහාරෙන සුතං’ (මා විසින් ශ්‍රවණ කෘත්‍ය විඤ්ඤාණයෙන් යුත් පුද්ගලයකු විසින් ලබන ලද ශ්‍රවණ කෘත්‍ය ව්‍යවහාරයෙන් අසන ලදි.)
තත්ථ එවන්ති ච මෙති ච සච්චිකට්ඨපරමත්ථවසෙන අවිජ්ජමානපඤ්ඤත්ති. කිඤ්හෙත්ථ තං පරමත්ථතො අත්ථි, යං එවන්ති වා මෙති වා නිද්දෙසං ලභෙථ? සුතන්ති විජ්ජමානපඤ්ඤත්ති. යඤ්හි තං එත්ථ සොතෙන උපලද්ධං, තං පරමත්ථතො විජ්ජමානන්ති. තථා ‘එව’න්ති ච, මෙති ච, තං තං උපාදාය වත්තබ්බතො උපාදාපඤ්ඤත්ති. ‘සුත’න්ති දිට්ඨාදීනි උපනිධාය වත්තබ්බතො උපනිධාපඤ්ඤත්ති. එත්ථ ච එවන්ති වචනෙන අසම්මොහං දීපෙති. න හි සම්මූළ්හො නානප්පකාරපටිවෙධසමත්ථො හොති. ‘සුත’න්ති වචනෙන සුතස්ස අසම්මොසං දීපෙති. යස්ස හි සුතං සම්මුට්ඨං හොති, න සො කාලන්තරෙන මයා සුතන්ති පටිජානාති. ඉච්චස්ස අසම්මොහෙන පඤ්ඤාසිද්ධි, අසම්මොසෙන පන සතිසිද්ධි. තත්ථ පඤ්ඤාපුබ්බඞ්ගමාය සතියා බ්යඤ්ජනාවධාරණසමත්ථතා, සතිපුබ්බඞ්ගමාය පඤ්ඤාය අත්ථපටිවෙධසමත්ථතා. තදුභයසමත්ථතායොගෙන අත්ථබ්යඤ්ජනසම්පන්නස්ස ධම්මකොසස්ස අනුපාලනසමත්ථතො ධම්මභණ්ඩාගාරිකත්තසිද්ධි.
එහි ‘එවං’ යනු ද ‘මෙ’ යනුද සාක්ෂාත් කරන ලද පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ප්‍රඥප්තියකි. ‘එවං’ හෝ ‘මෙ’ හෝ මෙහි නිර්දේශ ලබන්නේ නම්, කුමක් නිසා මෙහි එය පරමාර්ථ වශයෙන් ඇත්තේද? ‘සුතං’ යනු විද්‍යමාන ප්රඥප්තියයි. යමක් මෙහි කනින් ලබන ලද්දක්ද, එය පරමාර්ථ වශයෙන් විද්‍යමානය. එසේ ‘එවං’ යනු ද ‘මෙ’ යනුද ඒ ඒ දෙය සඳහා කිය යුතු බැවින් උපාදාය ප්රඥප්තියයි. ‘සුතං’ දුටු දේ ආදිය අනුව පිහිටා කියයුතු බැවින් උපනිධාය ප්රඥප්තියයි. මෙහිද ‘එවං’ යනු වචනයෙන් නුමුළාව දැක්වෙයි. මුළාව නානාප්‍රකාර ප්‍රතිවේධයට නොහැකි වේ. සුතං යන වචනයෙන් ඇසූ දෙය අමතක නොවීම දැක්වෙයි. යමකුට ඇසූ දෙය අමතක වේද, ඔහු කාලාන්තරයෙහි ‘මා විසින් අසන ලදී’ (මයා සුතංති) හඳනා නොගනී. මෙසේ ඔහුගේ අමතක නොවීමෙන් ප්‍රඥාවගේ සිද්ධිය වෙයි. අමතක නොවීමෙන් සති සිද්ධිය වේ. එය ප්‍රඥාව පෙරටුකොටගත් සතියෙන් ව්‍යංජන අවධාරණය කිරීමේ හැකියාව වෙයි. සතිය පෙරටු කොටගත් ප්‍රඥාවෙන් අර්ථ ප්‍රතිවේධ කිරීමේ හැකියාව වෙයි. ඒ දෙවැදෑරුම් හැකියාව එක්වීමෙන් අර්ථ ව්‍යංජන සහිත වූ ධර්ම කෝෂය පාලනය කිරීමේ හැකියාවෙන් ධර්ම භාණ්ඩාගාරික සිද්ධිය ඇතිවෙයි.
අපරො නයො, එවන්ති වචනෙන යොනිසො මනසිකාරං දීපෙති. අයොනිසො මනසිකරොතො හි නානප්පකාරපටිවෙධාභාවතො. සුතන්ති වචනෙන අවික්ඛෙපං දීපෙති, වික්ඛිත්තචිත්තස්ස සවනාභාවතො. තථා හි වික්ඛිත්තචිත්තො පුග්ගලො සබ්බසම්පත්තියා වුච්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති භණති. යොනිසො මනසිකාරෙන චෙත්ථ අත්තසම්මාපණිධිං පුබ්බෙ ච කතපුඤ්ඤතං සාධෙති, සම්මා අප්පණිහිතත්තස්ස පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා තදභාවතො. අවික්ඛෙපෙන සද්ධම්මස්සවනං සප්පුරිසූපනිස්සයඤ්ච සාධෙති. න හි වික්ඛිත්තචිත්තො සොතුං සක්කොති, න ච සප්පුරිසෙ අනුපස්සයමානස්ස සවනං අත්ථීති.
තවත් ක්‍රමයක් : ‘එවං’ යන වචනයෙන් යෝනිසෝ මනසිකාරය දැක්වේ. නුනුවණින් මෙනෙහි කරන්නහුගේ නානාප්‍රකාර ප්‍රතිවේධ නැති බැවින් ‘සුතං’ යන වචනයෙන් නොවිසිර පැවැත්ම දැක්වේ. වික්ෂිප්ත සිත් ඇත්තහුට ඇසීමක් නැති බැවිනි. එසේම වික්ෂිප්ත සිත් ඇති පුද්ගලයා සියලු සම්පතින් ඉහළට යන කල්හිද ‘මා විසින් නොඅසන ලදි. නැවත කියන්න’ යයි කියයි. මෙහි යෝනිසෝ මනසිකාරයෙන් තමා මැනවින් පිහිටුවා ගැනීමද, පෙරකළ පින් නැත්තහුට එය නැති බැවිනි. වික්ෂිප්ත නොවී ධර්මය ඇසීම සත්පුරුෂ ආශ්‍රය ඇතිකරයි. වික්ෂිප්ත පුද්ගලයාට ඇසීමට නොහැකි වෙයි. සත්පුරුෂයන් ආශ්‍රය නොකරන්නහුට ඇසීමක්ද නැත.
අපරො නයො, යස්මා එවන්ති යස්ස චිත්තසන්තානස්ස නානාකාරප්පවත්තියා නානත්ථබ්යඤ්ජනග්ගහණං හොති, තස්ස නානාකාරනිද්දෙසොති වුත්තං, සො ච එවං භද්දකො ආකාරො න සම්මාඅප්පණිහිතත්තනො පුබ්බෙ අකතපුඤ්ඤස්ස වා හොති, තස්මා එවන්ති ඉමිනා භද්දකෙනාකාරෙන පච්ඡිමචක්කද්වයසම්පත්තිමත්තනො දීපෙති. සුතන්ති සවනයොගෙන පුරිමචක්කද්වයසම්පත්තිං. න හි අප්පතිරූපදෙසෙ වසතො සප්පුරිසූපනිස්සයවිරහිතස්ස වා සවනං අත්ථි. ඉච්චස්ස පච්ඡිමචක්කද්වයසිද්ධියා ආසයසුද්ධිසිද්ධා හොති, පුරිමචක්කද්වයසිද්ධියා පයොගසුද්ධි, තාය ච ආසයසුද්ධියා අධිගමබ්යත්තිසිද්ධි, පයොගසුද්ධියා ආගමබ්යත්තිසිද්ධි. ඉති පයොගාසයසුද්ධස්ස ආගමාධිගමසම්පන්නස්ස වචනං අරුණුග්ගං විය සූරියස්ස උදයතො යොනිසො මනසිකාරො විය ච කුසලකම්මස්ස අරහති භගවතො වචනස්ස පුබ්බඞ්ගමං භවිතුන්ති ඨානෙ නිදානං ඨපෙන්තො – “එවං මෙ සුත”න්තිආදිමාහ.
තවත් ක්‍රමයක් : යම්හෙයකින් ‘එවං’ යනු යම් චිත්ත සන්තානයක නානාප්‍රකාරයෙන් පැවතීම නිසා නානාර්ථ ව්‍යංජන ග්‍රහණයක් වේද, එය නානාප්‍රකාර නිර්දේශය යැයි කියන ලදි. මෙසේ ඒ සොඳුරු ආකාරය මනාසේ තමා පිහිටුවා නොගත් පෙර කළ පින් නැත්තහුට පත්වෙයි. ඒ නිසා ‘එවං’ යන මේ සොඳුරු ආකාරයෙන් තමාට ලැබෙන පශ්චිම චක්රද්වය සම්පත්තිය දැක්වේ. ‘සුතං’ යනු ශ්‍රවණ යෝගයෙන් පූර්ව චක්රද්වය සම්පත්තිය දැක්වේ. නුසුදුසු පෙදෙසක වසන සත්පුරුෂ ආශ්‍රයක් නැත්තහුට ශ්‍රවණයක් නැත. මෙසේ ඔහුට පශ්චිම චක්රද්වය සිද්ධියෙන් ආශය ශුද්ධිය සම්පූර්ණ වූයේ වෙයි. පූර්ව චක්රද්වය සිද්ධියෙන් ප්‍රයෝග ශුද්ධිය වෙයි. ඒ ආශය සුද්ධියෙන් අධිගම ව්‍යක්ති සිද්ධිය වෙයි. ප්‍රයෝග ශුද්ධියෙන් ආගම ව්‍යක්ති සිද්ධිය වේ. මෙසේ, ප්‍රයෝග ආශය, ශුද්ධිය ඇත්තහුට ආගම අධිගම ඇත්තහුට වචනය සූර්ය උදාවට පෙර අරුණු නැගීම මෙන් ද, කුසල කර්මයට යෝනිසෝ මනසිකාරය මෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පූර්වාංගම වන්ට සුදුසුය යන තැන නිදානය තබන්නේ ‘එවංමෙ සුතං’ යයි ආදිය කීහ.
අපරො නයො, ‘එව’න්ති ඉමිනා නානප්පකාරපටිවෙධදීපකෙන වචනෙන අත්තනො අත්ථපටිභානපටිසම්භිදාසම්පත්තිසබ්භාවං දීපෙති. ‘සුත’න්ති ඉමිනා සොතබ්බප්පභෙදපටිවෙධදීපකෙන ධම්මනිරුත්තිපටිසම්භිදාසම්පත්තිසබ්භාවං. ‘එව’න්ති ච ඉදං යොනිසො මනසිකාරදීපකං වචනං භාසමානො – “එතෙ මයා ධම්මා මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා”ති දීපෙති. ‘සුත’න්ති ඉදං සවනයොගදීපකං වචනං භාසමානො – “බහූ මයා ධම්මා සුතා ධාතා වචසා පරිචිතා”ති දීපෙති. තදුභයෙනාපි අත්ථබ්යඤ්ජනපාරිපූරිං දීපෙන්තො සවනෙ ආදරං ජනෙති. අත්ථබ්යඤ්ජනපරිපුණ්ණඤ්හි ධම්මං ආදරෙන අස්සුණන්තො මහතා හිතා පරිබාහිරො හොතීති, තස්මා ආදරං ජනෙත්වා සක්කච්චං අයං ධම්මො සොතබ්බොති.
තවත් ක්‍රමයක් : ‘එවං’ යන මේ නානාප්‍රකාර ප්‍රතිවේධ දැක්වෙන වචනයෙන් තමාගේ අර්ථ ප්‍රතිභාන ප්‍රතිසම්භිදා සම්පත්තිය ඇති බව පැවසේ. ‘සුතං’ යනු ඇසිය යුතු ප්‍රභේද ප්‍රතිවේධය දැක්වෙන ධර්ම නිරුක්ති ප්‍රතිසම්භිදා සම්පත්තිය ඇති බව දැක්වේ. ‘එවං’ යනු මේ යෝනිසෝ මනසිකාර දැක්වෙන වචනය කියමින් ‘මා විසින් මේ ධර්මයෝ’ මනසින් විමසා බලන ලදහ. දෘෂ්ටියෙන් මැනවින් අවබෝධ කරන ලදහ යයි දැක්වෙයි. ‘සුතං’ යන මේ ශ්රවණයෝගය දක්වන වචනය කියමින් ‘මා විසින් බොහෝ ධර්මයෝ අසන ලදහ. ධරන ලදහ. පුරුදු කරන ලදහ’යි දැක්වෙයි. මේ දෙකින්ම අර්ථ ව්‍යංජන පරිපූර්ණත්වය දක්වන්නේ ඇසීමෙහි ආදරය දනවයි. ‘අර්ථ ව්‍යංජනයන්ගෙන් පිරිපුන් ධර්මය ආදරයෙන් නොඅසන්නේ මහත් වූ යහපතින් පරිබාහිර වූවෙක් වෙයි’ ආදරය උපදවා සකසා ධර්මය ඇසිය යුතුය’
“එවං මෙ සුත”න්ති ඉමිනා පන සකලෙන වචනෙන ආයස්මා ආනන්දො තථාගතප්පවෙදිතං ධම්මං අත්තනො අදහන්තො අසප්පුරිසභූමිං අතික්කමති. සාවකත්තං පටිජානන්තො සප්පුරිසභූමිං ඔක්කමති. තථා අසද්ධම්මා චිත්තං වුට්ඨාපෙති, සද්ධම්මෙ චිත්තං පතිට්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා, තස්සෙව භගවතො වචන”න්ති දීපෙන්තො අත්තානං පරිමොචෙති, සත්ථාරං අපදිසති, ජිනවචනං අප්පෙති, ධම්මනෙත්තිං පතිට්ඨාපෙති.
‘එවං මෙසුතං’ යන මේ සියලු වචනයෙන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය තමා නොදක්වන්නාහු, අසත්පුරුෂ භූමිය ඉක්මවා යති. ශ්‍රාවක බව පිළිගන්නාහු සත්පුරුෂ භූමියට බැසගනිති. එසේ අසද්ධර්මයෙන් සිත ඔසවා තබති. සද්ධර්මයෙහි සිත පිහිටුවති. ‘මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේම වචනයැයි හුදෙක් අසන ලද්දේම’ යැයි දක්වන්නාහු තමා මුදාගනිති. ශාස්තෲන් වහන්සේ ගැන සඳහන් කරති. බුද්ධ වචනයට ගරු කරති. ධර්ම න්‍යායය පිහිටුවති.
අපිච “එවං මෙ සුත”න්ති අත්තනා උප්පාදිතභාවං අප්පටිජානන්තො පුරිමවචනං විවරන්තො – “සම්මුඛා පටිග්ගහිතමිදං මයා තස්ස භගවතො චතුවෙසාරජ්ජවිසාරදස්ස දසබලධරස්ස ආසභට්ඨානට්ඨායිනො සීහනාදනාදිනො සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මාධිපතිනො ධම්මදීපස්ස ධම්මසරණස්ස සද්ධම්මවරචක්කවත්තිනො සම්මාසම්බුද්ධස්ස වචනං, න එත්ථ අත්ථෙ වා ධම්මෙ වා පදෙ වා බ්යඤ්ජනෙ වා කඞ්ඛා වා විමති වා කාතබ්බා”ති සබ්බෙසං දෙවමනුස්සානං ඉමස්මිං ධම්මෙ අස්සද්ධියං විනාසෙති, සද්ධාසම්පදං උප්පාදෙති. තෙනෙතං වුච්චති –
එතකුදු වුවත් ‘එවං මෙසුතං’ තමා විසින් උපදවන ලද බව නොපිළිගන්නාහු පෙර ඇසූ දෙය පැහැදිලි කරන්නාහු ‘ඒ භාග්‍යවතුන් වහන්සේගේම වචනය උන්වහන්සේ හමුවෙහිදීම මා විසින් පිළිගන්නා ලදි’ යැයි දක්වන්නාහු ‘චතුර් වෛශාරද්‍යයෙන් විශාරද වූ, දසබල දරන්නා වූ ගුරුතන්හි සිටින්නා වූ, සිංහනාද කරන්නා වූ, සියලු සතුන්ට උතුම් වූ, ධර්මස්වර ඇති, ධර්මරාජ වූ, ධර්මාධිපති වූ, ධර්මදීප වූ, ධර්ම සරණ වූ, සද්ධර්ම වර චක්‍රවර්තී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයයි. මෙහි අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ ව්‍යංජනයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නොකළ යුතුයයි සියලු දෙවි මිනිසුන්ගේ මේ ධර්මය කෙරෙහි අශ්රද්ධාව විනාශ කරති. ශ්රද්ධාසම්පදාව උපදවති. ඒ නිසා මෙය කියනු ලැබේ -
“විනාසයති අස්සද්ධං, සද්ධං වඩ්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච්චෙවං, වදං ගොතමසාවකො”ති.
එවං මෙසුතං යනුවෙන් කියන ගෞතම ශ්රාවකයා සසුනෙහි අශ්රද්ධාව නසයි. ශ්‍රද්ධාව වඩයි.
එකන්ති ගණනපරිච්ඡෙදනිද්දෙසො. සමයන්ති පරිච්ඡින්නනිද්දෙසො. එකං සමයන්ති අනියමිතපරිදීපනං. තත්ථ සමයසද්දො –
‘එකං’ යනු ගණන පිරිසිඳීමේ නිර්දේශයයි. ‘සමයං’ යනු පරිච්ඡින්න නිර්දේශයයි. ‘එකං සමයං’ යනු නියමිත නොකරන ලද්ද දැක්වීමයි. මෙහි සමය ශබ්දය :-
“සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස්සති”.
පෙර කියූ දෙයට එකඟවීම, අවස්ථාව, සෘතුව, සමූහය, හේතුව, දෘෂ්ටිය, ප්‍රතිලාභය, ප්රහාණය, ප්‍රතිවේධය යන අරුත්හි දැක්වේ.
තථා හිස්ස – “අප්පෙවනාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.447) සමවායො අත්ථො. “එකොව ඛො භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29) ඛණො. “උණ්හසමයො පරිළාහසමයො”තිආදීසු (පාචි· 358) කාලො. “මහාසමයො පවනස්මි”න්තිආදීසු (දී· නි· 2.332) සමූහො. “සමයොපි ඛො තෙ, භද්දාලි, අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති, භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො, තෙ භද්දාලි, සමයො අප්පටිවිද්ධො අහොසී”තිආදීසු (ම· නි· 2.135) හෙතු. “තෙන ඛො පන සමයෙන උග්ගහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසතී”තිආදීසු (ම· නි· 2.260) දිට්ඨි.
එසේම වෙයි. කාලය ද සමය ද සලකා හෙට ද පැමිණෙන්නෙමි නම් මැනවි.’ ආදී තන්හි සමවාය අර්ථයි. ‘මහණෙනි, බ්‍රහ්මචරිය වාසයට එකම ක්ෂණයකි. එකම සමයකි’ ආදී තන්හි ක්ෂණයයි. ‘උෂ්ණ සමය, ආපදා සමය’ ආදී තන්හි කාලයයි. ‘මහා සමයො පවනස්මිං’ ආදී තන්හි සමූහයයි. ‘භද්දාලි ඔබට, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසති. භද්දාලි නම් භික්ෂුවක් ශාස්තෲ ශාසනයෙහි ශික්ෂා නොපුරන්නෙකැයි භාග්‍යවතුන් වහන්සේ මා දනිතියි නොතේරුණු සමයක් විය. භද්දාලි මෙයද ඔබ අවබෝධ කර නොගත් සමයක් විය’ ආදී තන්හි හේතුය. ‘එසමයෙහි (තෙන ඛොපන සමයෙන) සමණ මණ්ඩිකාගේ පුත් උග්ගාහමාන පරිබ්‍රාජකයා දෘෂ්ටීන් ගැන සාකච්ඡා කෙරෙන, තින්ද්රකා නදී තීරයෙහි, මල්ලිකාවගේ ඒකසාලක නමැති අරමෙහි වසයි. ආදි තන්හි දෘෂ්ටියයි.
“දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො; අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී”ති. (සං· නි· 1.128) –
යම් අරුතක් මෙලොව වේද, යම් අරුතක් පරලොව වේද අර්ථය අවබෝධය නිසා ධීර වූ පුද්ගලයා පණ්ඩිත යයි කියනු ලබයි.
ආදීසු පටිලාභො. “සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා”තිආදීසු (අ· නි· 7.9) පහානං. “දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො”තිආදීසු (පටි· 108) පටිවෙධො. ඉධ පනස්ස කාලො අත්ථො. තෙන සංවච්ඡරඋතුමාසඩ්ඪමාසරත්තිදිවපුබ්බණ්හමජ්ඣන්හිකසායන්හපඨමමජ්ඣි-මපච්ඡිමයාමමුහුත්තාදීසු කාලප්පභෙදභූතෙසු සමයෙසු එකං සමයන්ති දීපෙති.
ආදි තන්හි ප්‍රතිලාභයයි. ‘මනාසේ මාන අභිසමයෙන් දුක කෙළවර කළේය’ ආදී තන්හි ප්‍රහාණයයි. ‘දුක පෙළන අර්ථයෙන්, සංඛත අර්ථයෙන්, සන්තාප අර්ථයෙන්, විපරිණාම අර්ථයෙන් අභිසමය අර්ථයෙන්’ ආදි තන්හි ප්‍රතිවේධයයි. මෙහි වනාහි කාලය අර්ථයයි. එහෙයින් සංවත්සර, සෘතු, මාස, අර්ධමාස, දිවාරෑ, පූර්වාහ්නය, මධ්‍යාහ්නය, සවස් යාමය, ප්‍රථම මධ්‍යම පශ්චිම යාම, මුහුර්ත ආදී තන්හි කාලයෙන් බෙදී ඇති කල්හි ‘එකං සමයං’ යනුවෙන් දැක්වේ.
තත්ථ කිඤ්චාපි එතෙසු සංවච්ඡරාදීසු සමයෙසු යං යං සුත්තං යස්මිං යස්මිං සංවච්ඡරෙ උතුම්හි මාසෙ පක්ඛෙ රත්තිභාගෙ වා දිවසභාගෙ වා වුත්තං, සබ්බං තං ථෙරස්ස සුවිදිතං සුවවත්ථාපිතං පඤ්ඤාය. යස්මා පන – “එවං මෙ සුතං” අසුකසංවච්ඡරෙ අසුකඋතුම්හි අසුකමාසෙ අසුකපක්ඛෙ අසුකරත්තිභාගෙ අසුකදිවසභාගෙ වාති එවං වුත්තෙ න සක්කා සුඛෙන ධාරෙතුං වා උද්දිසිතුං වා උද්දිසාපෙතුං වා, බහු ච වත්තබ්බං හොති, තස්මා එකෙනෙව පදෙන තමත්ථං සමොධානෙත්වා “එකං සමය”න්ති ආහ. යෙ වා ඉමෙ ගබ්භොක්කන්තිසමයො, ජාතිසමයො, සංවෙගසමයො, අභිනික්ඛමනසමයො, දුක්කරකාරිකසමයො, මාරවිජයසමයො, අභිසම්බොධිසමයො දිට්ඨධම්මසුඛවිහාරසමයො, දෙසනාසමයො, පරිනිබ්බානසමයොති, එවමාදයො භගවතො දෙවමනුස්සෙසු අතිවිය පකාසා අනෙකකාලප්පභෙදා එව සමයා. තෙසු සමයෙසු දෙසනාසමයසඞ්ඛාතං එකං සමයන්ති දීපෙති. යො චායං ඤාණකරුණාකිච්චසමයෙසු කරුණාකිච්චසමයො, අත්තහිතපරහිතපටිපත්තිසමයෙසු පරහිතපටිපත්තිසමයො, සන්නිපතිතානං කරණීයද්වයසමයෙසු ධම්මිකථාසමයො දෙසනාපටිපත්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු අඤ්ඤතරං සමයං සන්ධාය “එකං සමය”න්ති ආහ.
එහි මේ සංවත්සර ආදී සමයන්හි, යම් යම් සූත්‍රයක් යම් යම් සංවත්සරයෙක, සෘතුවක මාසයක, පක්ෂයක රාත්‍රී භාගයෙහි, දිවා භාගයෙහි කියන ලද්දේ ද, ඒ සියල්ල තෙරණුවන්ගේ ප්‍රඥාවෙන් මැනවින් දන්නා ලද්දේය. ව්‍යවස්ථාපනය කරන ලද්දේය. යම්හෙයකින් අසුවල් සංවත්සරයෙහි, අසුවල් සෘතුවෙහි, අසුවල් මාසයෙහි, අසුවල් පක්ෂයෙහි, අසුවල් රාත්‍රී භාගයෙහි, අසුවල් දිවා භාගයෙහි යනුවෙන් මෙසේ කියූ කල්හි පහසුවෙන් සිත තබාගැනීමට හෝ උදෙසීමට හෝ උදෙසවීමට නොහැකි බැවින් බොහෝකොට කිවයුතු වෙයි. ඒ නිසා එක් පදයකින්ම ඒ අර්ථය එක්තැන්කොට ‘එකං සමයං’ යයි කීහ. යම් මේ ගර්භාවක්රාන්ති සමයය, ජාතිසමයය, සංවේග සමයය, අභිනිෂ්ක්‍රමණ සමයය, දුෂ්කරක්‍රියා සමයය, මාර විජය සමයය, අභිසම්බෝධි සමයය, දිට්ඨධම්ම සුඛ විහාර සමයය, දේශනා සමයය, පරිනිබ්බාණ සමයය මේ ආදී භාග්‍යවතුන් වහන්සේගේ දෙවි මිනිසුන් අතර නොයෙක් කාල ප්‍රභේද ඇති සමයයෝ අති ප්‍රසිද්ධය. ඒ සමයයන් අතර දේශනා සමය සංඛ්‍යාත ‘එකං සමයං’ යයි දැක්වේ. එය ද ඤාණකරුණා කාර්ය සමයයන්හිදී කරුණා කෘත්‍ය සමයයි. අත්තහිත පරහිත ප්‍රතිපත්ති සමයයන්හිදී පරහිත ප්‍රතිපත්ති සමයයි. රැස් වූවන්ගේ කළයුතු දෑ දෙකක් ඇතිකල්හි ධම්මකථා සමයයි. දේශනා ප්‍රතිපත්ති සමයයන්හි දේශනා සමයයි. ඒ සමයයන්හිද අනිකක් සඳහා ‘එකංසමයං’ යයි කීහ.
කස්මා පනෙත්ථ යථා අභිධම්මෙ “යස්මිං සමයෙ කාමාවචර”න්ති (ධ· ස· 1) ච, ඉතො අඤ්ඤෙසු ච සුත්තපදෙසු – “යස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහී”ති ච භුම්මවචනනිද්දෙසො කතො, විනයෙ ච – “තෙන සමයෙන බුද්ධො භගවා”ති කරණවචනෙන, තථා අකත්වා “එකං සමය”න්ති උපයොගවචනනිද්දෙසො කතොති? තත්ථ තථා ඉධ ච අඤ්ඤථා අත්ථසම්භවතො. තත්ථ හි අභිධම්මෙ ඉතො අඤ්ඤෙසු සුත්තපදෙසු ච අධිකරණත්ථො භාවෙන භාවලක්ඛණත්ථො ච සම්භවති. අධිකරණඤ්හි කාලත්ථො, සමූහත්ථො ච සමයො, තත්ථ තත්ථ වුත්තානං ඵස්සාදිධම්මානං ඛණසමවායහෙතුසඞ්ඛාතස්ස ච සමයස්ස භාවෙන තෙසං භාවො ලක්ඛීයති, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ භුම්මවචනනිද්දෙසො කතො.
මෙහි අභිධර්මයෙහි මෙන් ‘යස්මිං සමයෙ කාමාවචරං’ යනුවෙන්ද ඉන් අන්‍ය වූ සූත්රපදයන්හි ‘යස්මිං සමයෙ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි’ යනුවෙන්ද ආධාර වචනයෙන්ද, නිර්දේශ කරන ලද්දේ කුමක් නිසාද? විනයෙහි ‘තෙන සමයෙන බුද්ධො භගවා’යි කරණ වචනයෙන්ද, නිර්දේශ කරන ලද්දේ කුමක් නිසාද? එසේ නොකොට ‘එකං සමයං’ යනුවෙන් ද්විතීයා වචනය නිර්දේශ කළේ කුමක් නිසාද? එහි දී ඒ අයුරින්ද, මෙහිද අර්ථ සම්භවයක් ඇති හෙයිනි. අභිධර්මයෙහි මින් අන්‍ය වූ සූත්රපදයන්හි ද අධිකරණ අර්ථයද භාවයෙන් භාව ලක්ෂණ අර්ථයද උපදී. අධිකරණය වනාහි කාලාර්ථය සමූහාර්ථය ද සමයද එහි කියූ ස්පර්ශ ආදී ධර්මයන්ගේ ක්ෂණ සමවාය හේතු සංඛ්‍යාත වූද සමයයාගේ ස්වභාවයෙන් ඔවුන්ගේ ස්වභාවය පෙන්නුම් කෙරේ. ඒ නිසා එහි අර්ථය පැහැදිලි කිරීම පිණිස එහි ආධාර වචනයෙන් නිර්දේශ කරන ලදි.
විනයෙ ච හෙතුඅත්ථො කරණත්ථො ච සම්භවති. යො හි සො සික්ඛාපදපඤ්ඤත්තිසමයො සාරිපුත්තාදීහිපි දුබ්බිඤ්ඤෙය්යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික්ඛාපදානි පඤ්ඤාපයන්තො සික්ඛාපදපඤ්ඤත්තිහෙතුඤ්ච අපෙක්ඛමානො භගවා තත්ථ තත්ථ විහාසි, තස්මා තදත්ථජොතනත්ථං තත්ථ කරණවචනෙන නිද්දෙසො කතො.
විනයෙහිද හේතු අර්ථයත් කාරණ අර්ථයත් උපදී. යම් ශික්ෂාපද පනවන සමයක් වේද එය ශාරිපුත්‍ර ආදීන් විසින්ද දැනගත නොහැකිය. එසමයෙහි හේතුභූත වූ දෙයින් හෝ කාරණභූත වූ දෙයින් හෝ ශික්ෂාපද පනවන්නේ ශික්ෂාපද පැනවීමට හේතුවද සොයාබලමින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තැන විසූ සේක. ඒ නිසා ඒ අර්ථය පැහැදිලි කිරීම පිණිස එහි කරණ වචනයෙන් නිර්දේශ කරන ලදි.
ඉධ පන අඤ්ඤස්මිඤ්ච එවං ජාතිකෙ අච්චන්තසංයොගත්ථො සම්භවති. යඤ්හි සමයං භගවා ඉමං අඤ්ඤං වා සුත්තන්තං දෙසෙසි, අච්චන්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි, තස්මා තදත්ථජොතනත්ථං ඉධ උපයොගවචනනිද්දෙසො කතොති.
මෙහි වනාහි අන් තනිහිද මෙසේ ඇතිකල අත්‍යන්ත සංයෝග හටගනී. භාග්‍යවතුන් වහන්සේ යම් සමයෙක අන් සූත්‍රයක් දෙසූ සේක්ද, ඒ කාලය අත්‍යන්තයෙන්ම කරුණා විහාරයෙන්ම විසූ සේක. ඒ නිසා ඒ අර්ථය පැහැදිලි කිරීම පිණිස මෙහි ද්විතියා විභක්තියෙන් නිර්දේශ කරන ලදි.
තෙනෙතං වුච්චති –
ඒ නිසා මෙසේ කියනු ලැබේ.
“තං තං අත්ථමපෙක්ඛිත්වා, භුම්මෙන කරණෙන ච; අඤ්ඤත්ර සමයො වුත්තො, උපයොගෙන සො ඉධා”ති.
ඒ ඒ අරුත බලා - ආධාරයෙන් ද කරණයෙන් ද අන්තැනක සමය කියැවිණ. එය මෙහි උපයෝග අරුතෙහි වේ.
පොරාණා පන වණ්ණයන්ති – “තස්මිං සමයෙ”ති වා, “තෙන සමයෙනා”ති වා, “එකං සමය”න්ති වා, අභිලාපමත්තභෙදො එස, සබ්බත්ථ භුම්මමෙවත්ථොති. තස්මා “එකං සමය”න්ති වුත්තෙපි “එකස්මිං සමයෙ”ති අත්ථො වෙදිතබ්බො.
පොරාණයෝ මෙසේ වර්ණනා කරති. ‘තස්මිං සමයෙ’ කීවද, තෙන සමයෙන කීවද, තං සමයං කීවද එය ප්‍රකාශන මාත්‍රයක භේදයක් පමණි. හැමතැනම ආධාර විභක්ති අර්ථයම දෙයි. ඒ නිසා එකං සමයං කියූ කල්හිද එකස්මිං සමයෙ යන අර්ථය යැයි දතයුතුය.
භගවාති ගරු. ගරුඤ්හි ලොකෙ භගවාති වදන්ති. අයඤ්ච සබ්බගුණවිසිට්ඨතාය සබ්බසත්තානං ගරු, තස්මා භගවාති වෙදිතබ්බො. පොරාණෙහිපි වුත්තං –
‘භගවා’ යනු ගුරුවරයා, ගුරුවරයාට ලෝකයෙහි ‘භගවා’ යයි කියති. මෙයද සියලු ගුණයන්ගෙන් විශිෂ්ට බැවින් සියලු සතුන්ට ගුරුයැ. ඒ නිසා භගවා යැයි දතයුතුය. පොරාණයන් විසින් කියන ලදි :-
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරු ගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති.
භගවා යන වදන සෙටය - භගවා යන වදන උතුම්ය ගුරු ගෞරවයෙන් යුතු වූ හෙයින් - භගවා යයි කියනු ලැබේ.
අපි ච –
තවද,
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති.
භාග්‍යවත්, වාසනාවත් - වාසනාවෙන් බෙදන ලද ගරුබව ඇති, භවයන්හි ගමන අවසන් කළ බැවින් භගවා නම් වේ.
ඉමිස්සා ගාථාය වසෙනස්ස පදස්ස විත්ථාරඅත්ථො වෙදිතබ්බො. සො ච විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිනිද්දෙසෙ වුත්තොයෙව.
මේ ගාථාවෙහි විශේෂණ පදයාගේ විස්තරයෙන් අර්ථය දතයුතුය. එය විශුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි කියූ පරිදි වේ.
එත්තාවතා චෙත්ථ එවං මෙ සුතන්ති වචනෙන යථාසුතං ධම්මං දස්සෙන්තො භගවතො ධම්මකායං පච්චක්ඛං කරොති. තෙන “නයිදං අතික්කන්තසත්ථුකං පාවචනං, අයං වො සත්ථා”ති සත්ථු අදස්සනෙන උක්කණ්ඨිතං ජනං සමස්සාසෙති.
මෙපමණකින් මෙහි ‘එවං මෙසුතං’ යන වචනයෙන් අසන ලද පරිදි දහම් දෙසන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශරීරය ප්රත්යක්ෂ කරයි. ඒ නිසා මෙය ශාස්තෲන් වහන්සේ නැති ධර්මක් නොවේ. මෙය ඔබගේ ශාස්තෲය’යි ශාස්තෲන් වහන්සේගේ නොදැකීමෙන් කලකිරුණු ජනයා අස්වසා ලයි.
එකං සමයං භගවාති වචනෙන තස්මිං සමයෙ භගවතො අවිජ්ජමානභාවං දස්සෙන්තො රූපකායපරිනිබ්බානං සාධෙති. තෙන “එවංවිධස්ස නාම අරියධම්මස්ස දෙසකො දසබලධරො වජිරසඞ්ඝාත සමානකායො සොපි භගවා පරිනිබ්බුතො, කෙන අඤ්ඤෙන ජීවිතෙ ආසා ජනෙතබ්බා”ති ජීවිතමදමත්තං ජනං සංවෙජෙති, සද්ධම්මෙ චස්ස උස්සාහං ජනෙති.
‘එකං සමයං භගවා’ යන වචනයෙන් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යමාන බව පෙන්වන්නේ රූපකාය පරිනිර්වාණය සිහිකරවයි. ඒ නිසා ‘ආර්ය ධර්මය දේශක වූ දශබලධාරී ව වජ්රයෙන් තැනූ රූපයක් වැනි සිරුරක් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. අන් කවරකු විසින් ජීවිතයෙහි ආශාව ඉපදවිය යුතු වේදැ’යි ජීවිත මදයෙන් මත්වූ ජනයා සංවේගයට පත්කරයි. සද්ධර්මයෙහි ඔහුගේ උත්සාහය උපදවයි.
එවන්ති ච භණන්තො දෙසනාසම්පත්තිං නිද්දිසති. මෙ සුතන්ති සාවකසම්පත්තිං. එකං සමයන්ති කාලසම්පත්තිං. භගවාති දෙසකසම්පත්තිං.
‘එවං’ යනුවෙන් කියන්නේ දේශනා සම්පත්තිය නිර්දේශ කරයි. ‘මෙසුතං’ යනු ශ්‍රාවක සම්පත්තියයි. ‘එකං සමයං’ යනු කාල සම්පත්තියයි. ‘භගවා’ යනු දේශනා සම්පත්තියයි.
අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දන්ති අන්තරා-සද්දො කාරණඛණචිත්තවෙමජ්ඣවිවරාදීසු දිස්සති. “තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා”ති (අ· නි· 6.44) ච, “ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තර”න්ති (සං· නි· 1.228) ච ආදීසු හි කාරණෙ අන්තරා-සද්දො. “අද්දස මං, භන්තෙ, අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී”තිආදීසු (ම· නි· 2.149) ඛණෙ. “යස්සන්තරතො න සන්ති කොපා”තිආදීසු (උදා· 20) චිත්තෙ. “අන්තරා වොසානමාපාදී”තිආදීසු (චූළව· 350) වෙමජ්ඣෙ. “අපි චායං, භික්ඛවෙ, තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡතී”තිආදීසු (පාරා· 231) විවරෙ. ස්වායමිධ විවරෙ වත්තති, තස්මා රාජගහස්ස ච නාළන්දාය ච විවරෙති එවමෙත්ථත්ථො වෙදිතබ්බො. අන්තරා-සද්දෙන පන යුත්තත්තා උපයොගවචනං කතං. ඊදිසෙසු ච ඨානෙසු අක්ඛරචින්තකා “අන්තරා ගාමඤ්ච නදිඤ්ච යාතී”ති එවං එකමෙව අන්තරාසද්දං පයුජ්ජන්ති, සො දුතියපදෙනපි යොජෙතබ්බො හොති, අයොජියමානෙ උපයොගවචනං න පාපුණාති. ඉධ පන යොජෙත්වායෙව වුත්තොති.
‘අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං’ යනු ‘අන්තරා’ ශබ්දය කාරණ, ක්ෂණ, චිත්ත, මධ්‍ය, විවර ආදී තන්හි පවතී. තදන්තරං කොජානෙය්ය අඤ්ඤත්ර තථාගතා’ ‘ජනා සංගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං’ ආදී තන්හි අන්තරා ශබ්දය කාරණා අර්ථයෙහිය. ‘අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී’ ආදී තන්හි ක්ෂණයෙහිය. ‘යස්සන්තරතො න සන්ති කොපා’ ආදී තන්හි චිත්තයෙහිය. ‘අන්තරා වොසාන මාපාදී’ ආදී තන්හි මධ්‍යයෙහිය. ‘අපිචායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ ආදී තන්හි විවරයෙහිය. එය මෙහි විවරයෙහි පවතී. ඒ නිසා ‘රාජගහස්සව නාලන්දායව විවරෙ’ (රජගහටත් නාලන්දාවටත් අතර) යනුවෙන් මෙහි අර්ථය දතයුතුය. ‘අන්තරා’ ශබ්දයෙන් යුත් බැවින් ද්විතීයා විභක්ති අර්ථය කරන ලදි. එබඳු තැන්වල අක්ෂර විචිත්රතාව සඳහා ‘අන්තරා ගාමංච නදීච යාති’ යයි මෙසේ අන්තරා ශබ්දය යොදත්. එය දෙවැනි පදය සමගද යෙදිය යුතු වෙයි. නොයොදන්නේ නම් ද්විතියා විභක්ති වචනය නොපැමිණේ මෙහි යොදාම කියන ලදී.
අද්ධානමග්ගප්පටිපන්නො හොතීති අද්ධානසඞ්ඛාතං මග්ගං පටිපන්නො හොති, “දීඝමග්ග”න්ති අත්ථො. අද්ධානගමනසමයස්ස හි විභඞ්ගෙ “අඩ්ඪයොජනං ගච්ඡිස්සාමීති භුඤ්ජිතබ්බ”න්තිආදිවචනතො (පාචි· 218) අඩ්ඪයොජනම්පි අද්ධානමග්ගො හොති. රාජගහතො පන නාළන්දා යොජනමෙව.
‘අද්ධාන මග්ග පටිපන්නො හොති’ යනු අද්ධාන සංඛ්‍යාත වූ මාර්ගයට පිළිපන්නේ වෙයි. දිගුමග යන අර්ථයි. අද්ධාන ගමන සමයට විභංගයෙහි ‘අද්ධයොජනං ගච්ඡිස්සාමී’ති (අඩ යොදුනක් යන්නෙමියි අනුභව කළ යුතුය) යන වචනයෙන් අඩයොදුනක් වුවද අද්ධාන මග්ග නම් වේ. රජගහනුවර සිට නාලන්දාවට යොදුනක් ඇත.
මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධින්ති ‘මහතා’ති ගුණමහත්තෙනපි මහතා, සඞ්ඛ්යාමහත්තෙනපි මහතා. සො හි භික්ඛුසඞ්ඝො ගුණෙහිපි මහා අහොසි, අප්පිච්ඡතාදිගුණසමන්නාගතත්තා. සඞ්ඛ්යායපි මහා, පඤ්චසතසඞ්ඛ්යත්තා. භික්ඛූනං සඞ්ඝො ‘භික්ඛුසඞ්ඝො’, තෙන භික්ඛුසඞ්ඝෙන. දිට්ඨිසීලසාමඤ්ඤසඞ්ඝාතසඞ්ඛාතෙන සමණගණෙනාති අත්ථො. සද්ධින්ති එකතො.
‘මහතා භික්ඛු සංඝෙන සද්ධිං’ ‘මහතා’ යනු ගුණ මහත්වයෙනුත්, සංඛ්‍යා මහත්වයෙනුත් වෙයි. ඒ භික්ෂු සංඝයා වනාහි අල්පේච්ඡතා ආදී සියගණන් ගුණයන්ගෙන් යුත් බැවින් ගුණයෙන් මහත්ය. පන්සියයක් සංඛ්‍යාවෙන් යුත් බැවින්ද මහත්ය. භික්ෂූන්ගේ සමූහය = භික්ඛු සංඝ නම් වේ. ඒ භික්ෂු සංඝයා සමග දෘෂ්ටිශීල ශ්‍රමණභාවයෙන් යුත් ශ්‍රමණ ගණයා සමග යන අර්ථයි. ‘සද්ධිං’ යනු එක්ව.
පඤ්චමත්තෙහි භික්ඛුසතෙහීති පඤ්චමත්තා එතෙසන්ති පඤ්චමත්තානි. මත්තාති පමාණං වුච්චති, තස්මා යථා “භොජනෙ මත්තඤ්ඤූ”ති වුත්තෙ “භොජනෙ මත්තං ජානාති, පමාණං ජානාතී”ති අත්ථො හොති, එවමිධාපි – “තෙසං භික්ඛුසතානං පඤ්චමත්තා පඤ්චපමාණ”න්ති එවමත්ථො දට්ඨබ්බො. භික්ඛූනං සතානි භික්ඛුසතානි, තෙහි පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි.
‘පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි’ යනු මොවුන්ගේ පසක් පමණ = පඤ්චමත්තානි. මහතා යනු ප්‍රමාණය කියනු ලැබේ. ඒ නිසා ‘භොජනෙ මත්තඤ්ඤූ යනුවෙන් කීකල්හි බොජුනෙහි මාත්‍රය, පමණ දනී යන අර්ථයි. එසේ මෙහිදීද ඒ භික්ෂූන් සියගණනකගේ පංචමාත්රය පංචපමාණ යයි දතයුතුය. භික්ෂූන්ගේ සියය = භික්ඛුසතානි. ඒ පන්සියයක් භික්ෂූන් සමග.
සුප්පියොපි ඛො පරිබ්බාජකොති සුප්පියොති තස්ස නාමං. පි-කාරො මග්ගප්පටිපන්නසභාගතාය පුග්ගලසම්පිණ්ඩනත්ථො. ඛො-කාරො පදසන්ධිකරො, බ්යඤ්ජනසිලිට්ඨතාවසෙන වුත්තො. පරිබ්බාජකොති සඤ්ජයස්ස අන්තෙවාසී ඡන්නපරිබ්බාජකො. ඉදං වුත්තං හොති – “යදා භගවා තං අද්ධානමග්ගං පටිපන්නො, තදා සුප්පියොපි පරිබ්බාජකො පටිපන්නො අහොසී”ති. අතීතකාලත්ථො හෙත්ථ හොති-සද්දො.
‘සුප්පියොපි ඛො පරිබ්බාජකො’ යනු සුප්පිය යනු ඔහුගේ නමයි. ‘පි’ කාරය මාර්ග ප්‍රතිපත්ති සහිත බැවින් පුද්ගල සම්පිණ්ඩන අර්ථයි. ‘ඛො’ කාරය පද සන්ධි කිරීමේදී සිලිටු කිරීම් වශයෙන් කියන ලදි. ‘පරිබ්බාජකො’ යනු සංජයගේ අතවැසි ඡන්න පිරිවැජියාය. මෙය මෙසේ කින ලදි.’ ‘යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඒ අද්ධාන මාර්ගයට පිළිපන් සේක්ද, එකල්හි සුප්පිය පිරිවැජියාද පිළිපන්නේ විය. එහි ‘හොති’ ශබ්දය අතීතකාල අර්ථය දෙයි.
සද්ධිං අන්තෙවාසිනා බ්රහ්මදත්තෙන මාණවෙනාති – එත්ථ අන්තෙ වසතීති අන්තෙවාසී. සමීපචාරො සන්තිකාවචරො සිස්සොති අත්ථො. බ්රහ්මදත්තොති තස්ස නාමං. මාණවොති සත්තොපි චොරොපි තරුණොපි වුච්චති.
‘සද්ධිං අන්තෙවාසිකා බ්රහ්මදත්තෙන මාණවෙන’ යනු මෙහි අන්තයෙහි වාසය කරතියි = අන්තෙවාසී, අසල හැසිරෙන සමීපයෙහි සිටින ශිෂ්‍යයා යන අර්ථයි. ‘බ්රහ්මදත්තො’ යනු ඔහුගේ නමයි. ‘මාණවො’ සත්ත්වයෙක් ද සොරෙක් ද තරුණයෙක් ද කියනු ලැබේ.
“චොදිතා දෙවදූතෙහි, යෙ පමජ්ජන්ති මාණවා; තෙ දීඝරත්තං සොචන්ති, හීනකායූපගා නරා”ති. (ම· නි· 3.271) –
දේවදූතයන් විසින් චෝදනා කරන ලද යම් මාණවයෝ ප්රමාදවෙත්ද, හීන කුලවලට පැමිණි ඒ නරයෝ දිගුකලක් ශෝක කරත්.
ආදීසු හි සත්තො මාණවොති වුත්තො. “මාණවෙහිපි සමාගච්ඡන්ති කතකම්මෙහිපි අකතකම්මෙහිපී”තිආදීසු (ම· නි· 2.149) චොරො. “අම්බට්ඨො මාණවො, අඞ්ගකො මාණවො”තිආදීසු (දී· නි· 1.316) තරුණො ‘මාණවො’ති වුත්තො. ඉධාපි අයමෙවත්ථො. ඉදඤ්හි වුත්තං හොති – බ්රහ්මදත්තෙන නාම තරුණන්තෙවාසිනා සද්ධින්ති.
ආදී තන්හි සත්ත්වයා මානව යයි කියන ලදි. ‘මානවෙහි සමා ගච්ඡන්ති කතකම්මෙහි පි අකත කම්මෙහි පි’ ආදී තන්හි සොරාය. ‘අම්බට්ඨො මාණවො අංගාතිකො මාණවො’ ආදී තන්හි තරුණයා මාණව යයි කියන ලදි. මෙහිද මෙම අර්ථයමැයි. මෙය කියන ලද්දේ වෙයි. ‘බ්රහ්මදත්තෙන නාම තරුණන්තෙවාසිනා සද්ධිං’
තත්රාති තස්මිං අද්ධානමග්ගෙ, තෙසු වා ද්වීසු ජනෙසු. සුදන්ති නිපාතමත්තං. අනෙකපරියායෙනාති පරියාය-සද්දො තාව වාරදෙසනාකාරණෙසු වත්තති. “කස්ස නු ඛො, ආනන්ද, අජ්ජ පරියායො භික්ඛුනියො ඔවදිතු”න්තිආදීසු (ම· නි· 3.398) හි වාරෙ පරියායසද්දො වත්තති. “මධුපිණ්ඩිකපරියායොත්වෙව නං ධාරෙහී”තිආදීසු (ම· නි· 1.205) දෙසනායං. “ඉමිනාපි ඛො, තෙ රාජඤ්ඤ, පරියායෙන එවං හොතූ”තිආදීසු (දී· නි· 2.411) කාරණෙ. ස්වායමිධාපි කාරණෙ වත්තති, තස්මා අයමෙත්ථ අත්ථො – “අනෙකවිධෙන කාරණෙනා”ති, “බහූහි කාරණෙහී”ති වුත්තං හොති.
‘තත්ර’ යනු ඒ අද්ධාන මාර්ගයෙහි, ඒ ජනයන් දෙදෙනා කෙරෙහි හෝ ‘සුදං’ යනු නිපාත මාත්‍රයකි. අනෙක පරියායෙන යනු ‘පරියාය’ ශබ්දය වාරය, දේශනාව කාරණ අර්ථයන්හි පවතී. ‘කස්ස නුඛො ආනන්ද අජ්ජ පරියායො භික්ඛුණියො ඔවදිතුං’, පරියාය ශබ්දය වාර අර්ථයෙහි පවතී. ‘මධුපිණ්ඩික පරියායො ති නං ධාරෙහි’ ආදී තන්හි දේශනා අර්ථයෙහි පවතී. ‘ඉමිනා පි වෙ තෙ රාජඤ්ඤ පරියායෙන එවං හොතු’ ආදි තන්හි කාරණ අර්ථයෙහි පවතී. ඒ මෙය මෙහිද කාරණා අර්ථයෙහි පවතී. ඒ නිසා අනේකවිධ කරුණකින්, බොහෝ කරුණින් මෙහි අර්ථය කියන ලද්දේ වෙයි.
බුද්ධස්ස අවණ්ණං භාසතීති අවණ්ණවිරහිතස්ස අපරිමාණවණ්ණසමන්නාගතස්සාපි බුද්ධස්ස භගවතො – “යං ලොකෙ ජාතිවුඩ්ඪෙසු කත්තබ්බං අභිවාදනාදිසාමීචිකම්මං ‘සාමග්ගිරසො’ති වුච්චති, තං සමණස්ස ගොතමස්ස නත්ථි තස්මා අරසරූපො සමණො ගොතමො, නිබ්භොගො, අකිරියවාදො, උච්ඡෙදවාදො, ජෙගුච්ඡී, වෙනයිකො, තපස්සී, අපගබ්භො. නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මො අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති, වීමංසානුචරිතං, සයංපටිභානං. සමණො ගොතමො න සබ්බඤ්ඤූ, න ලොකවිදූ, න අනුත්තරො, න අග්ගපුග්ගලො”ති. එවං තං තං අකාරණමෙව කාරණන්ති වත්වා තථා තථා අවණ්ණං දොසං නින්දං භාසති.
බුද්ධස්ස අවණ්ණං භාසති යනු දුර්ගුණ නැති ප්‍රමාණ රහිත ගුණ යුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ‘ලෝකයෙහි ජාති වෘද්ධයන්ට කළයුතු අභිවාදන ආදී සාමීචි කර්මය සාමග්ගි රසය යයි කියනු ලැබේද, එය ශ්‍රමණ ගෞතමයන්ට නැත්ද ඒ නිසා ශ්‍රමණ ගෞතමයෝ රස ස්වභාවයක් නැත්තෙකි. ප්‍රයෝජනයක් නැත්තෙකි. අක්‍රියවාදියෙකි. උච්ඡේද වාදියෙකි. පිළිකුල් කටයුත්තෙකි. හික්මීමක් නැත්තෙකි. තවුසෙකි. මවුකුසින් නූපන්නෙකි. ශ්‍රමණ ගෞතමයන්ට උත්තරී මනුෂ්‍ය ධර්මයක් නැත. ආර්ය දර්ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතමයෝ තර්ක ක්‍රමයෙන් ධර්මය දේශනා කරති. ස්වකීය ප්‍රතිභානය විමර්ශනය අනුව හැසිරවූවකි. ශ්‍රමණ ගෞතමයෝ සර්වඥ නොවෙති. ලෝකය නොදන්නෙකි. අනුත්තර නොවූවෙකි. අග්‍ර පුද්ගලයා නොවෙති. මෙසේ ඒ ඒ නොකරුණට කරුණයයි කියා ඒ ඒ අයුරින් අගුණ, දොස්, නින්දා බස් කියයි.
යථා ච බුද්ධස්ස, එවං ධම්මස්සාපි තං තං අකාරණමෙව කාරණතො වත්වා – “සමණස්ස ගොතමස්ස ධම්මො දුරක්ඛාතො, දුප්පටිවෙදිතො, අනිය්යානිකො, අනුපසමසංවත්තනිකො”ති තථා තථා අවණ්ණං භාසති.
බුදුන්ට ධර්මයටද ඒ ඒ නොකරුණ කරුණයයි කියා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය මැනවින් දෙසන ලද්දක් නොවේ. මැනවින් අවබෝධ වූවක් නොවේ. නෛර්යානික වූවක් නොවේ. උපසමය සඳහා වූවක් නොවේ යයි එසේ එසේ අගුණ දොස් නින්දා කියයි.
යථා ච ධම්මස්ස, එවං සඞ්ඝස්සාපි යං වා තං වා අකාරණමෙව කාරණතො වත්වා – “මිච්ඡාපටිපන්නො සමණස්ස ගොතමස්ස සාවකසඞ්ඝො, කුටිලපටිපන්නො, පච්චනීකපටිපදං අනනුලොමපටිපදං අධම්මානුලොමපටිපදං පටිපන්නො”ති තථා තථා අවණ්ණං භාසති.
ධර්මයට පමණක් නොව සංඝයාටද නොකරුණ කරුණ ලෙස කියා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක සංඝයා මිථ්‍යා ප්‍රතිපත්තියට පිළිපන්නෝ වෙති. කුටිල ප්‍රතිපත්තියට පිළිපන්නෝ වෙති. සතුරු ප්‍රතිපත්තියට, නුසුදුසු අධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නෝ වෙති. ඒ ඒ පරිද්දෙන් අගුණ කියයි.
අන්තෙවාසී පනස්ස – “අම්හාකං ආචරියො අපරාමසිතබ්බං පරාමසති, අනක්කමිතබ්බං අක්කමති, ස්වායං අග්ගිං ගිලන්තො විය, හත්ථෙන අසිධාරං පරාමසන්තො විය, මුට්ඨිනා සිනෙරුං පදාලෙතුකාමො විය, කකචදන්තපන්තියං කීළමානො විය, පභින්නමදං චණ්ඩහත්ථිං හත්ථෙන ගණ්හන්තො විය ච වණ්ණාරහස්සෙව රතනත්තයස්ස අවණ්ණං භාසමානො අනයබ්යසනං පාපුණිස්සති. ආචරියෙ ඛො පන ගූථං වා අග්ගිං වා කණ්ටකං වා කණ්හසප්පං වා අක්කමන්තෙ, සූලං වා අභිරූහන්තෙ, හලාහලං වා විසං ඛාදන්තෙ, ඛාරොදකං වා පක්ඛලන්තෙ, නරකපපාතං වා පපතන්තෙ, න අන්තෙවාසිනා තං සබ්බමනුකාතබ්බං හොති. කම්මස්සකා හි සත්තා අත්තනො කම්මානුරූපමෙව ගතිං ගච්ඡන්ති. නෙව පිතා පුත්තස්ස කම්මෙන ගච්ඡති, න පුත්තො පිතු කම්මෙන, න මාතා පුත්තස්ස, න පුත්තො මාතුයා, න භාතා භගිනියා, න භගිනී භාතු, න ආචරියො අන්තෙවාසිනො, න අන්තෙවාසී ආචරියස්ස කම්මෙන ගච්ඡති. මය්හඤ්ච ආචරියො තිණ්ණං රතනානං අවණ්ණං භාසති, මහාසාවජ්ජො ඛො පනාරියූපවාදොති. එවං යොනිසො උම්මුජ්ජිත්වා ආචරියවාදං මද්දමානො සම්මාකාරණමෙව කාරණතො අපදිසන්තො අනෙකපරියායෙන තිණ්ණං රතනානං වණ්ණං භාසිතුමාරද්ධො, යථා තං පණ්ඩිතජාතිකො කුලපුත්තො”. තෙන වුත්තං – “සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසතී”ති.
ඔහුගේ අතවැසියා ද අපගේ ගුරුවරයා අත නොගෑ යුතු දෙයක් අතගායි. නොපෑගිය යුතු දෙයක් පාගා දමයි. ඔහු ගිනි ගිලින්නාක් මෙන් අතින් කඩු මුවහතට ගසන්නාක් මෙන් මිටින් මහාමේරු පර්වතය පළන්නට කැමැත්තේ මෙන් කියතෙහි දැති පෙළ සමග සෙල්ලම් කරන්නාක් මෙන් මද වැහෙන සැඩ ඇතකු අතින් ගන්නාක් මෙන්ද, ගුණයට සුදුසු රත්නත්‍රයෙහි අගුණ කියමින් ව්යවසනට පැමිණෙන්නේය. ගුරුවරයා අසූචි හෝ ගින්න හෝ කටු හෝ කළු සර්පයකු පාගන කල්හි දිවැස් උලට නගින කල්හි හලාහල විස කන කල්හි නිස බිඳගෙන පැතිරෙන කල්හි, නරක ප්‍රපාතයට වැටෙන කල්හි අතවැසියා විසින් ඒ සියල්ල අනුව කළයුතු වෙයි. සත්ත්වයෝ කර්මයෙන් තැනුවාහු? තමාගේ කර්මානුරූපවම ගමන යති. පියා පුත්‍රයාගේ කර්මය සමග නොයයි. පුත්‍රයා පියාගේ කර්මය සමග නොයයි. මව පුත්‍රයාගේ කර්මය සමග නොයයි. පුත්‍රයා මවගේ කර්මය සමග නොයයි. සහෝදරයා සහෝදරියගේ කර්මය සමග නොයයි. ගුරුවරයා අතවැසියාගේ කර්මය සමග නොයයි. අතවැසියා ගුරුවරයාගේ කර්මය සමග නොයයි. මාගේ ගුරුවරයාද තෙරුවන්හි අගුණ කියයි. ආචාර්ය උපවාදය මහා සාවද්‍යයයි මෙසේ නුවණින් නැගී ආචාර්ය වාදය මඩිමින් මනා කරුණට කාරණ වශයෙන් උපුටා දක්වන්නේ නොයෙක් ආකාරයෙන් තෙරුවන් ගුණ කියන්නට පටන් ගත්තේ නුවණැති කුලපුත්‍රයා මෙනි. එහෙයින් කියන ලදි. ‘සුප්‍රිය පිරිවැජියාගේ අතවැසි බ්‍රහ්මදත්ත මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුන්ගේ ගුණ කියයි. ධර්මයෙහි ගුණ කියයි. සංඝයාගේ ගුණ කියයි.
තත්ථ වණ්ණන්ති වණ්ණ-සද්දො සණ්ඨාන-ජාති-රූපායතන-කාරණ-පමාණ-ගුණ-පසංසාදීසු දිස්සති. තත්ථ “මහන්තං සප්පරාජවණ්ණං අභිනිම්මිනිත්වා”තිආදීසු (සං· නි· 1.142) සණ්ඨානං වුච්චති. “බ්රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො”තිආදීසු (ම· නි· 2.402) ජාති. “පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො”තිආදීසු (දී· නි· 1.303) රූපායතනං.
එහි ‘වණ්ණං’ යනු ‘වණ්ණ’ ශබ්දය සණ්ඨාන, ජාති රූප ආයතන කාරණ පමාන ගුණ පසංසා අර්ථයන්හි පෙනේ. ‘මහන්තං සප්පරාජ වණ්ණං අභිනිම්මිනිත්වා’ ආදී තන්හි සණ්ඨානය කියනු ලැබේ. ‘බ්රාහ්මණොච සෙට්ඨො වණ්ණො හීනො අඤ්ඤො වණ්ණො’ ආදී තැන්හි ජාතියයි. ‘පරමාය වණ්ණ පොක්ඛරතාය සමන්නාගතො’ ආදී තන්හි රූපායතනයයි.
“න හරාමි න භඤ්ජාමි, ආරා සිඞ්ඝාමි වාරිජං; අථ කෙන නු වණ්ණෙන, ගන්ධත්ථෙනොති වුච්චතී”ති. (සං· නි· 1.234) –
නෙලුම්මල නොගෙන යමි. භජනය නොකරමි, ඈතින් සිට සුවඳ බලමි. ඉතින් කිනම් කරුණකින් සුවඳ සොරායැයි කියනු ලැබේද?
ආදීසු කාරණං. “තයො පත්තස්ස වණ්ණා”තිආදීසු (පාරා· 602) පමාණං. “කදා සඤ්ඤූළ්හා පන, තෙ ගහපති, ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා”තිආදීසු (ම· නි· 2.77) ගුණො. “වණ්ණාරහස්ස වණ්ණං භාසතී”තිආදීසු (අ· නි· 2.135) පසංසා. ඉධ ගුණොපි පසංසාපි. අයං කිර තං තං භූතමෙව කාරණං අපදිසන්තො අනෙකපරියායෙන රතනත්තයස්ස ගුණූපසඤ්හිතං පසංසං අභාසි. තත්ථ – “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො”තිආදිනා (පාරා· 1) නයෙන, “යෙ භික්ඛවෙ, බුද්ධෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා”තිආදිනා “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති…පෙ… අසමො අසමසමො”තිආදිනා (අ· නි· 1.174) ච නයෙන බුද්ධස්ස වණ්ණො වෙදිතබ්බො. “ස්වාක්ඛාතො භගවතා ධම්මො”ති (දී· නි· 2.159) ච “ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො”ති (ඉති· 90, අ· නි· 4.34) ච, “යෙ භික්ඛවෙ, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා”ති ච එවමාදීහි නයෙහි ධම්මස්ස වණ්ණො වෙදිතබ්බො. “සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො”ති (දී· නි· 2.159) ච, “යෙ, භික්ඛවෙ, සඞ්ඝෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා”ති (අ· නි· 4.34) ච එවමාදීහි පන නයෙහි සඞ්ඝස්ස වණ්ණො වෙදිතබ්බො. පහොන්තෙන පන ධම්මකථිකෙන පඤ්චනිකායෙ නවඞ්ගං සත්ථුසාසනං චතුරාසීතිධම්මක්ඛන්ධසහස්සානි ඔගාහිත්වා බුද්ධාදීනං වණ්ණො පකාසෙතබ්බො. ඉමස්මිඤ්හි ඨානෙ බුද්ධාදීනං ගුණෙ පකාසෙන්තො අතිත්ථෙන පක්ඛන්දො ධම්මකථිකොති න සක්කා වත්තුං. ඊදිසෙසු හි ඨානෙසු ධම්මකථිකස්ස ථාමො වෙදිතබ්බො. බ්රහ්මදත්තො පන මාණවො අනුස්සවාදිමත්තසම්බන්ධිතෙන අත්තනො ථාමෙන රතනත්තයස්ස වණ්ණං භාසති.
ආදී තන්හි කාරණයයි. ‘තයො පත්තස්ස වණ්ණා’ ආදී තන්හි ප්‍රමාණයයි. ‘කදා සංවූළ්හා පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා’ ආදි තන්හි ගුණයයි. ‘වණ්ණාරහස්ස වණ්ණං භාසති’ ආදී තන්හි ප්‍රශංසාවයි. මෙහි ගුණයද ප්‍රශංසාවද වෙයි. මොහු වනාහි ඒ ඒ සිදුවූ කරුණ දක්වන්නේ නොයෙක් ආකාරයෙන් තෙරුවන්හි ගුණ ඇතුළත් ප්‍රශංසාවක් කීය. එහි ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො’ ආදි වශයෙන් ‘යෙ භික්ඛවෙ බුද්ධෙ පසන්නා, අග්ගෙ පසන්නා’ ආදි වශයෙන් ‘එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අසමො අසම සමො’ ආදි ක්‍රමයෙන් බුදුන්ගේ ගුණය දතයුතුය. ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යනු ද ‘ආලය සමුග්ඝාතො වට්ටුපච්ඡෙදො’ යනුද, ‘යෙ භික්ඛවෙ අරියෙ අට්ඨංගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා’ යනුද, ඒ ආදී ක්‍රමයෙන් ධර්මයෙහි ගුණ දතයුතුය. ‘සුපටිපන්නො භගවතො සාවක සංඝො’ යනුද ‘යෙ භික්ඛවෙ සංඝෙ පසන්නා අග්ගෙ තෙ පසන්නා’ යනුද මේ ආදී ක්‍රමයෙන් සංඝයාගේ ගුණ දතයුතුය. දක්ෂ ධර්ම කථිකයා විසින් නිකාය පසද, නවාංග ශාස්තෲ ශාසනයද අසූහාර දහසක් ධර්මස්කන්ධයද අළලා බුද්ධාදීන්ගේ ගුණ ප්‍රකාශ කළයුතුය. මෙතැන බුද්ධාදීන්ගේ ගුණ නො පවසන්නේ නොතොටින් නික්ම යන්නේ ධර්මකථිකයෙකැයි කීමට නොහැක්කේය. එබඳු තැන්වලදී ධර්ම කථිකයාගේ ශක්තිය දතයුතුය. බ්‍රහ්මදත්ත ඇසීම් මාත්‍රයෙන් වඩා ගත් තමාගේ ශක්තියෙන් තෙරුවන් ගුණ කීය.
ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසීති එවං තෙ ද්වෙ ආචරියන්තෙවාසිකා. අඤ්ඤමඤ්ඤස්සාති අඤ්ඤො අඤ්ඤස්ස. උජුවිපච්චනීකවාදාති ඊසකම්පි අපරිහරිත්වා උජුමෙව විවිධපච්චනීකවාදා, අනෙකවාරං විරුද්ධවාදා එව හුත්වාති අත්ථො. ආචරියෙන හි රතනත්තයස්ස අවණ්ණෙ භාසිතෙ අන්තෙවාසී වණ්ණං භාසති, පුන ඉතරො අවණ්ණං, ඉතරො වණ්ණන්ති එවං ආචරියො සාරඵලකෙ විසරුක්ඛආණිං ආකොටයමානො විය පුනප්පුනං රතනත්තයස්ස අවණ්ණං භාසති. අන්තෙවාසී පන සුවණ්ණරජතමණිමයාය ආණියා තං ආණිං පටිබාහයමානො විය පුනප්පුනං රතනත්තයස්ස වණ්ණං භාසති. තෙන වුත්තං – “උජුවිපච්චනීකවාදා”ති.
ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී යනු මෙසේ ඒ ගුරු අතවැසි දෙදෙන. අඤ්ඤමඤ්ඤස්ස ඔවුනොවුනට උජුවිපච්චනීක වාදා යනු මඳක්වත් අත් නොහැර සෘජුවම විවිධ විරුද්ධ වාද ඇත්තාහු. නොයෙක් වර විරුද්ධ වාද ඇත්තාහු වී යන අර්ථයි. ගුරුවරයා තෙරුවන්හි අගුණ කී කල්හි අතවැසියා ගුණ කියයි. නැවත අනිකා අගුණ, අනිකා ගුණ කියයි. මෙසේ ගුරුවරයා අරටුවෙන් කපාගත් ලෑල්ලක විසගසක ඇණයකින් ගසන්නාක් මෙන් නැවත නැවත තෙරුවන්හි අගුණ කියයි. අතවැසියා රන් රිදී මැණික් මුවා ඇණයකින් ඒ ඇණය ඉවත් කරන්නක් මෙන් නැවත නැවතත් තෙරුවන්හි ගුණ කියයි. එහෙයින් කියන ලදි - ‘උජුපච්චනීක වාදා’ යනුවෙන්
භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චාති භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච පච්ඡතො පච්ඡතො දස්සනං අවිජහන්තා ඉරියාපථානුබන්ධනෙන අනුබන්ධා හොන්ති, සීසානුලොකිනො හුත්වා අනුගතා හොන්තීති අත්ථො.
භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්තිනි භික්ඛු සංඝංච භාග්‍යවතුන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද පසුපසින් දර්ශනය අත් නොහරින්නාහු ඉරියවු අනුගමනයෙන් ලුහුබැන්දාහු වෙති. හිස් දෙස බලන්නන් වී අනුගත වූහ යන අර්ථයි.
කස්මා පන භගවා තං අද්ධානං පටිපන්නො? කස්මා ච සුප්පියො අනුබන්ධො? කස්මා ච සො රතනත්තයස්ස අවණ්ණං භාසතීති? භගවා තාව තස්මිං කාලෙ රාජගහපරිවත්තකෙසු අට්ඨාරසසු මහාවිහාරෙසු අඤ්ඤතරස්මිං වසිත්වා පාතොව සරීරප්පටිජග්ගනං කත්වා භික්ඛාචාරවෙලායං භික්ඛුසඞ්ඝපරිවුතො රාජගහෙ පිණ්ඩාය චරති. සො තං දිවසං භික්ඛුසඞ්ඝස්ස සුලභපිණ්ඩපාතං කත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛුසඞ්ඝං පත්තචීවරං ගාහාපෙත්වා – “නාළන්දං ගමිස්සාමී”ති, රාජගහතො නික්ඛමිත්වා තං අද්ධානං පටිපන්නො. සුප්පියොපි ඛො තස්මිං කාලෙ රාජගහපරිවත්තකෙ අඤ්ඤතරස්මිං පරිබ්බාජකාරාමෙ වසිත්වා පරිබ්බාජකපරිවුතො රාජගහෙ භික්ඛාය චරති. සොපි තං දිවසං පරිබ්බාජකපරිසාය සුලභභික්ඛං කත්වා භුත්තපාතරාසො පරිබ්බාජකෙ පරිබ්බාජකපරික්ඛාරං ගාහාපෙත්වා – නාළන්දං ගමිස්සාමිච්චෙව භගවතො තං මග්ගං පටිපන්නභාවං අජානන්තොව අනුබන්ධො. සචෙ පන ජානෙය්ය නානුබන්ධෙය්ය. සො අජානිත්වාව ගච්ඡන්තො ගීවං උක්ඛිපිත්වා ඔලොකයමානො භගවන්තං අද්දස බුද්ධසිරියා සොභමානං රත්තකම්බලපරික්ඛිත්තමිව ජඞ්ගමකනකගිරිසිඛරං.
භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා ඒ දිගුමගට පිළිපන් සේක්ද? සුප්‍රිය ඒ අනුව ගියේ කුමක් නිසාද? ඔහු තෙරුවන්හි අගුණ කියන්නේ කුමක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ එකල්හි රජගහනුවර වටා පිහිටි අටළොස් මහ වෙහෙරින් එක් වෙහෙරක වැඩවාසය කොට උදෑසනම සිරුර පිළිදැගුම් කොට පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි භික්ෂු සංඝයා පිරිවරා රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන සේක. උන්වහන්සේ එදවස භික්ෂු සංඝයාට පිණ්ඩපාතය සුලභකොට පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පසු ආපසු පැමිණ භික්ෂු සංඝයා ලවා පාසිවුරු ගෙන්වා ගෙන නාලන්දාවට යන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ ඒ මගට පිළිපන් බව නොදන්නේම පසුපසින් ගියේය. යම්හෙයකින් දන්නේ නම් පසුපස නොයනු ඇත. ඔහු නොදැනම යන්නේ ගෙල ඔසවා බලන්නේ බුදුසිරින් බබලන රත් පලසකින් වැසූ ගමන්කරන රන්ගිරි මුදුනක් බඳු භාග්‍යවතුන් වහන්සේ දුටුවේය.
තස්මිං කිර සමයෙ දසබලස්ස සරීරතො නික්ඛමිත්වා ඡබ්බණ්ණරස්මියො සමන්තා අසීතිහත්ථප්පමාණෙ පදෙසෙ ආධාවන්ති විධාවන්ති රතනාවෙළරතනදාමරතනචුණ්ණවිප්පකිණ්ණං විය, පසාරිතරතනචිත්තකඤ්චනපටමිව, රත්තසුවණ්ණරසනිසිඤ්චමානමිව, උක්කාසතනිපාතසමාකුලමිව, නිරන්තරවිප්පකිණ්ණකණිකාරපුප්ඵමිව වායුවෙගක්ඛිත්තචීනපිට්ඨචුණ්ණමිව, ඉන්දධනුවිජ්ජුලතාතාරාගණප්පභාවිසරවිප්ඵුරිතවිච්ඡරිතමිව ච තං වනන්තරං හොති.
එසමයෙහි බුදුරදුන්ගේ සිරුරින් නික්ම සවණක් රැස් හාත්පස රියන් අසූවක් පමණ තැන එහෙ මෙහෙ දුවයි. රුවන් වැල් රුවන්දම් රුවන්සුණු විසුරුණාක් මෙන් එලාලු රුවනින් විසිතුරු රන්පටක් මෙන් රත්රන් දිය ඉසින්නාක් වැනි රන්දම් සිය ගණනක් වැටී ආකූල වූවක් මෙන්ද නිරතුරුව විසිරුණු කිණිහිරිමල් මෙන්ද, වාතවේගයෙන් වැටුණු චීන පිටි සුන්නෙන් පිරුණාක් මෙන්ද, දෙව්දුනු විදුලිය තරු ගණයාගේ පැහැ රැස විසුරුවා සැදුණාක් මෙන් ද ඒ වනාන්තරය වෙයි.
අසීති අනුබ්යඤ්ජනානුරඤ්ජිතඤ්ච පන භගවතො සරීරං විකසිතකමලුප්පලමිව, සරං සබ්බපාලිඵුල්ලමිව පාරිච්ඡත්තකං, තාරාමරීචිවිකසිතමිව, ගගනතලං සිරියා අවහසන්තමිව, බ්යාමප්පභාපරික්ඛෙපවිලාසිනී චස්ස ද්වත්තිංසවරලක්ඛණමාලා ගන්ථෙත්වා ඨපිතද්වත්තිංසචන්දමාලාය ද්වත්තිංසසූරියමාලාය පටිපාටියා ඨපිතද්වත්තිංසචක්කවත්තිද්වත්තිංසසක්කදෙවරාජද්වත්තිංසමහාබ්රහ්මානං සිරිං සිරියා අභිභවන්තිමිව. තඤ්ච පන භගවන්තං පරිවාරෙත්වා ඨිතා භික්ඛූ සබ්බෙව අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා චොදකා පාපගරහිනො වත්තාරො වචනක්ඛමා සීලසම්පන්නා සමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤ්ඤාණදස්සනසම්පන්නා. තෙසං මජ්ඣෙ භගවා රත්තකම්බලපාකාරපරික්ඛිත්තො විය කඤ්චනථම්භො, රත්තපදුමසණ්ඩමජ්ඣගතා විය සුවණ්ණනාවා, පවාළවෙදිකාපරික්ඛිත්තො විය අග්ගික්ඛන්ධො, තාරාගණපරිවාරිතො විය පුණ්ණචන්දො මිගපක්ඛීනම්පි චක්ඛූනි පීණයති, පගෙව දෙවමනුස්සානං. තස්මිඤ්ච පන දිවසෙ යෙභුය්යෙන අසීතිමහාථෙරා මෙඝවණ්ණං පංසුකූලං එකංසං කරිත්වා කත්තරදණ්ඩං ආදාය සුවම්මවම්මිතා විය ගන්ධහත්ථිනො විගතදොසා වන්තදොසා භින්නකිලෙසා විජටිතජටා ඡින්නබන්ධනා භගවන්තං පරිවාරයිංසු. සො සයං වීතරාගො වීතරාගෙහි, සයං වීතදොසො වීතදොසෙහි, සයං වීතමොහො වීතමොහෙහි, සයං වීතතණ්හො වීතතණ්හෙහි, සයං නික්කිලෙසො නික්කිලෙසෙහි, සයං බුද්ධො අනුබුද්ධෙහි පරිවාරිතො; පත්තපරිවාරිතං විය කෙසරං, කෙසරපරිවාරිතා විය කණ්ණිකා, අට්ඨනාගසහස්සපරිවාරිතො විය ඡද්දන්තො නාගරාජා, නවුතිහංසසහස්සපරිවාරිතො විය ධතරට්ඨො හංසරාජා, සෙනඞ්ගපරිවාරිතො විය චක්කවත්තිරාජා, දෙවගණපරිවාරිතො විය සක්කො දෙවරාජා, බ්රහ්මගණපරිවාරිතො විය හාරිතො මහාබ්රහ්මා, අපරිමිතකාලසඤ්චිතපුඤ්ඤබලනිබ්බත්තාය අචින්තෙය්යාය අනොපමාය බුද්ධලීලාය චන්දො විය ගගනතලං තං මග්ගං පටිපන්නො හොති.
අසූ අනූව්යඤ්ජනයෙන් ප්‍රකාශිත වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පිපුණු පියුමුපුල් විලට, සියලු තැන මල් පිපුණු පරසතු රුකට, තරු රැසින් වටකරගත් ගුවන්තලයට සිරියාවෙන් උපහාස කරන්නාක් මෙන්, බ්යාමප්රභාවෙන් වටකරගත්තක් වැනි දෙතිස්මහ පුරිස් ලකුණු මාලාවෙන් ගොතා තිබූ දෙතිසක් චන්ද්‍ර මාලාවෙන් දෙතිස් හිරු මාලාවෙන් පිළිවෙලින් තැබූ දෙතිස් සක්විත්තන් දෙතිස් දෙව්රදුන් දෙතිස් මහ බඹුන්ගේ සිරියාවෙන් සිරිය අබිබවන්නාක් මෙන් ද විය. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටි සියලු භික්ෂූහු අල්පේච්ඡ වූවෝය. සන්තුෂ්ටියට පත්වූවෝය. කාමයන්ගෙන් මිදුණෝය. නොගැටුණෝය. පාපයට චෝදනා කරන්නෝ ද ගරහන්නෝ ද වූවෝය. කථා කරන්නෝය. වචනක්ෂම වූවෝය. සිල් ඇත්තෝ වූහ. සමාධි විමුත්ති විමුත්ති ඤාණ දස්සනයෙන් යුක්ත වූවෝය. ඔවුන් මැද භාග්‍යවතුන් වහන්සේ රත්පලසකින් වටකළ රන් ටැඹක් මෙන් රන් නැවක් නෙලුම් මල්රැසක් මැදට පැමිණියාක් මෙනි. ගිනිකඳක් පබළු වේදිකාවකින් වටකළාක් මෙනි. පුන්සඳ තරුගණයෙන් පිරිවැරුවාක් වැන්න. සිවුපාවුන්ගේ සහ පක්ෂීන්ගේ ඇස් පිනායයි. දෙව් මිනිසුන් ගැන කියනුම කවරේද? එදවස අසූමහ තෙරවරු බෙහෙවින් මෙවන් පාංශුකූල චීවර ඒකාංශකොට සැරයටිය ගෙන මැනවින් වැසූ ගඳතුන් මෙන්, දොස් පහකළාහු බුන් කෙලෙස් ඇත්තාහු, අවුල් නිරවුල් කළාහු සුන් කළ බැඳුම් ඇත්තාහු, භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ. උන්වහන්සේ තමන් වීතරාගීව වීතරාගීන් සමග, තමන් වීතදෝෂීව -පෙ- වීතමෝහීව තෘෂ්ණා නැතිව, නිවනට පැමිණ, නිකෙලෙස්ව නිකෙලෙසුන් සමග තමන් බුදුව අනුබුදුන් විසින් පිරිවරන ලදුව කෙසුරු කොළපතින් වැසුවාක් වැනි, කෙමිය කෙසුරින් පිරිවැරුවාක් මෙන්, ඡද්දන්ත ඇත්රජු අටදහසක් ඇතුන් පිරිවැරුවාක් මෙන්, ධෘතරාෂ්ට්‍ර හංසරාජයා අනූදහසක් හංසයන් විසින් පිරිවැරුවාක් මෙන් සක්දෙව්රජු දේවගණයා විසින් පිරිවැරුවාක් මෙන්ද, අප්‍රමාණ කාලයක් රැස්කළ පින් බලයෙන් උපන් බැවින්, අචින්ත්‍ය වූ අනූපම වූ බුදුසිරියෙන් ගුවන්තලයට පැමිණි සඳ මෙන් ඒ මාර්ගයට පිළිපන් සේක.
අථෙවං භගවන්තං අනොපමාය බුද්ධලීලාය ගච්ඡන්තං භික්ඛූ ච ඔක්ඛිත්තචක්ඛූ සන්තින්ද්රියෙ සන්තමානසෙ උපරිනභෙ ඨිතං පුණ්ණචන්දං විය භගවන්තංයෙව නමස්සමානෙ දිස්වාව පරිබ්බාජකො අත්තනො පරිසං අවලොකෙසි. සා හොති කාජදණ්ඩකෙ ඔලම්බෙත්වා ගහිතොලුග්ගවිලුග්ගපිට්ඨකතිදණ්ඩමොරපිඤ්ඡමත්තිකාපත්තපසිබ්බකකුණ්ඩිකාදිඅනෙකපරික්ඛාරභාරභරිතා. “අසුකස්ස හත්ථා සොභණා, අසුකස්ස පාදා”ති එවමාදිනිරත්ථකවචනා මුඛරා විකිණ්ණවාචා අදස්සනීයා අපාසාදිකා. තස්ස තං දිස්වා විප්පටිසාරො උදපාදි.
ඉක්බිති මෙසේ අනූපම වූ බුදුසිරියෙන් යන්නා වූ උන්වහන්සේට ශාන්ත ඉන්ද්රිය ඇති ශාන්ත මනස් ඇති භික්ෂූන් අහස්තලයෙහි සිටි පූර්ණ චන්ද්‍රයාට මෙන් නමස්කාර කරනු දැක පිරිවැජියා තමාගේ පිරිස දෙස බැලීය. කත් ලීයෙහි එල්ලා ගත් කැඩුණු බිඳුණු පුටුවෙහි තෙපාව මොනරපිල් මැටි පසුම්බිය ආදී නොයෙක් පිරිකර බරින් බර වූ ‘අසුවලාගේ අත් ලස්සනය, අසුවලාගේ පා ලස්සනය’ මේ ආදී අරුත්සුන් වදන් කීමෙහි මුඛරි වූ විසිරුණු වදන් ඇති, දර්ශනීය නොවූ ප්‍රසාදය ඇති නොකරන්නා වූ පිරිසක් වෙයි. ඔහුට එය දැක විපිළිසර බව උපන.
ඉදානි තෙන භගවතො වණ්ණො වත්තබ්බො භවෙය්ය. යස්මා පනෙස ලාභසක්කාරහානියා චෙව පක්ඛහානියා ච නිච්චම්පි භගවන්තං උසූයති. අඤ්ඤතිත්ථියානඤ්හි යාව බුද්ධො ලොකෙ නුප්පජ්ජති, තාවදෙව ලාභසක්කාරා නිබ්බත්තන්ති, බුද්ධුප්පාදතො පන පට්ඨාය පරිහීනලාභසක්කාරා හොන්ති, සූරියුග්ගමනෙ ඛජ්ජොපනකා විය නිස්සිරීකතං ආපජ්ජන්ති. උපතිස්සකොලිතානඤ්ච සඤ්ජයස්ස සන්තිකෙ පබ්බජිතකාලෙයෙව පරිබ්බාජකා මහාපරිසා අහෙසුං, තෙසු පන පක්කන්තෙසු සාපි තෙසං පරිසා භින්නා. ඉති ඉමෙහි ද්වීහි කාරණෙහි අයං පරිබ්බාජකො යස්මා නිච්චම්පි භගවන්තං උසූයති, තස්මා තං උසූයවිසුග්ගාරං උග්ගිරන්තො රතනත්තයස්ස අවණ්ණමෙව භාසතීති වෙදිතබ්බො.
දැන් එයිනුත් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයම කිවයුතු වෙයි. යම්හෙයකින් ලාභසත්කාර නැතිවීමෙන්ද පක්ෂය නැති බැවින්ද නිතරම භාග්‍යවතුන් වහන්සේට ඊර්ෂ්‍යා කරයි. අන්‍ය තීර්ථකයන්ට යම්තාක් බුදුවරු ලොව පහළ නොවෙත්ද, ඒතාක් ලාභසත්කාර උපදී. බුද්ධෝත්පාදයෙහි පටන් පිරිහුන් ලාභසත්කාර ඇත්තෝ වෙති. හිරු උදාවෙහි කණාමැදිරියන් මෙන් බැබලීමක් නැති බවට යති. උපතිස්ස කෝලිත දෙදෙනාද සංජයගේ සමීපයෙහි පැවිදි වූ කල්හිම මහා පරිව්‍රාජක පිරිසක් වූහ. ඔවුන් ඉවත්ව ගියකල්හි ඔවුන්ගේ ඒ පිරිසද බිඳී ගියහ. මේ දෙකරුණින් මේ පරිව්‍රාජකයා යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේට ඊර්ෂ්‍යා කරයිද ඒ නිසා ඊර්ෂ්‍යාවෙන් ඒ වචන ගිලගෙන තෙරුවන්හි අගුණම කියතියි දතයුතුය.
අථ ඛො භගවා අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති භගවා තාය බුද්ධලීලාය ගච්ඡමානො අනුපුබ්බෙන අම්බලට්ඨිකාද්වාරං පාපුණිත්වා සූරියං ඔලොකෙත්වා – “අකාලො දානි ගන්තුං, අත්ථසමීපං ගතො සූරියො”ති අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි.
‘අථඛො භගවා අම්බලට්ඨිකාය රාජාගාරකෙ එකරත්ති වාසං උපගඤ්ජි සද්ධිං භික්ඛු සංඝෙන’ යනු භාග්‍යවතුන් වහන්සේ ඒ බුදුසිරියාවෙන් වැඩමකරන සේක් පිළිවෙලින් අම්බලට්ඨිකා ද්වාරයට පැමිණ හිරු දෙස බලා ‘දැන් යාමට අකල්‍ය. සූර්යා අස්තය සමීපයට ගොස්ය’යි අම්බලට්ඨිකාවෙහි රාජාගාරකයෙහි එක් රැයක් වසනු පිණිස පැමිණි සේක.
තත්ථ අම්බලට්ඨිකාති රඤ්ඤො උය්යානං. තස්ස කිර ද්වාරසමීපෙ තරුණඅම්බරුක්ඛො අත්ථි, තං “අම්බලට්ඨිකා”ති වදන්ති. තස්ස අවිදූරෙ භවත්තා උය්යානම්පි අම්බලට්ඨිකා ත්වෙව සඞ්ඛ්‍යං ගතං. තං ඡායූදකසම්පන්නං පාකාරපරික්ඛිත්තං සුයොජිතද්වාරං මඤ්ජුසා විය සුගුත්තං. තත්ථ රඤ්ඤො කීළනත්ථං පටිභානචිත්තවිචිත්තං අගාරං අකංසු. තං “රාජාගාරක”න්ති වුච්චති.
එහි ‘අම්බලට්ඨිකා’ යනු රජුගේ උයනයි. එහි දොරටුව සමීපයෙහි තරුණ අඹගසක් ඇත. එයට අම්බලට්ඨිකායයි කියත්. ඒ නුදුරෙහි ඇති උයනද අම්බලට්ඨිකායයි ප්‍රසිද්ධ විය. සෙවනින්ද ජලයෙන්ද යුතු පවුරකින් වටවූ එය මැනවින් යොදූ දොරක් ඇති මංජුසාවක් මෙන් සැඟවී ඇත. එහි රජුට ක්‍රීඩා පිණිස දීප්තිමත් චිත්රයෙන් විචිත්‍ර වූ ගෙයක් කළාහුය. එය ‘රාජාගාරක’ යැයි කියනු ලැබේ.
සුප්පියොපි ඛොති සුප්පියොපි තස්මිං ඨානෙ සූරියං ඔලොකෙත්වා – “අකාලො දානි ගන්තුං, බහූ ඛුද්දකමහල්ලකා පරිබ්බාජකා, බහුපරිස්සයො ච අයං මග්ගො චොරෙහිපි වාළයක්ඛෙහිපි වාළමිගෙහිපි. අයං ඛො පන සමණො ගොතමො උය්යානං පවිට්ඨො, සමණස්ස ච ගොතමස්ස වසනට්ඨානෙ දෙවතා ආරක්ඛං ගණ්හන්ති, හන්දාහම්පි ඉධ එකරත්තිවාසං උපගන්ත්වා ස්වෙව ගමිස්සාමී”ති තදෙවුය්යානං පාවිසි. තතො භික්ඛුසඞ්ඝො භගවතො වත්තං දස්සෙත්වා අත්තනො අත්තනො වසනට්ඨානං සල්ලක්ඛෙසි. පරිබ්බාජකොපි උය්යානස්ස එකපස්සෙ පරිබ්බාජකපරික්ඛාරෙ ඔතාරෙත්වා වාසං උපගච්ඡි සද්ධිං අත්තනො පරිසාය. පාළියමාරූළ්හවසෙනෙව පන – “සද්ධිං අත්තනො අන්තෙවාසිනා බ්රහ්මදත්තෙන මාණවෙනා”ති වුත්තං.
සුප්පියො පිබො යනු සුප්රියද එතැනදී සූර්යයා දෙස බලා ‘දැන් යන්ට නොකල්ය. කුඩා මහලු පරිබ්‍රාජකයෝ ද බොහෝය. මේ මාර්ගය සොරුන්ගෙන්ද, දරුණු යකුන්ගෙන්ද දරුණු වන මෘගයන්ගෙන්ද බොහෝ උපද්‍රව ඇත්තේය. මේ ශ්‍රමණ ගෞතම තෙමේද උයනට පිවිසියේය. ශ්‍රමණ ගෞතමයන් වසන තැන දෙවියෝ රැකවල් ලති. මම ද මෙහිම එක් රැයක් ගතකොට හෙට යන්නේ නම් මැනවියි ඒ උයනටම පිවිසියේය. ඉන්පසු භික්ෂු සංඝයා භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා, තම තමා වසන තැන වෙන්කර ගත්හ. පරිව්රාජකයාද උයන පසෙක පරිව්‍රාජක පිරිකර බහා තබා තමාගේ පිරිස සමග වාසයට ගියේය. පාලියෙහි එන අයුරින් ‘සද්ධිං අන්තෙවාසිනා බ්රහ්මදත්තෙන මාණවෙන’ යයි කියන ලදි.
එවං වාසං උපගතො පන සො පරිබ්බාජකො රත්තිභාගෙ දසබලං ඔලොකෙසි. තස්මිඤ්ච සමයෙ සමන්තා විප්පකිණ්ණතාරකා විය පදීපා ජලන්ති, මජ්ඣෙ භගවා නිසින්නො හොති, භික්ඛුසඞ්ඝො ච භගවන්තං පරිවාරෙත්වා. තත්ථ එකභික්ඛුස්සපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා උක්කාසිතසද්දො වා ඛිපිතසද්දො වා නත්ථි. සා හි පරිසා අත්තනො ච සික්ඛිතසික්ඛතාය සත්ථරි ච ගාරවෙනාති ද්වීහි කාරණෙහි නිවාතෙ පදීපසිඛා විය නිච්චලා සන්නිසින්නාව අහොසි. පරිබ්බාජකො තං විභූතිං දිස්වා අත්තනො පරිසං ඔලොකෙසි. තත්ථ කෙචි හත්ථං ඛිපන්ති, කෙචි පාදං, කෙචි විප්පලපන්ති, කෙචි නිල්ලාලිතජිව්හා පග්ඝරිතඛෙළා, දන්තෙ ඛාදන්තා කාකච්ඡමානා ඝරුඝරුපස්සාසිනො සයන්ති. සො රතනත්තයස්ස ගුණවණ්ණෙ වත්තබ්බෙපි ඉස්සාවසෙන පුන අවණ්ණමෙව ආරභි. බ්රහ්මදත්තො පන වුත්තනයෙනෙව වණ්ණං. තෙන වුත්තං – “තත්රාපි සුදං සුප්පියො පරිබ්බාජකො”ති සබ්බං වත්තබ්බං. තත්ථ තත්රාපීති තස්මිම්පි, අම්බලට්ඨිකායං උය්යානෙති අත්ථො.
මෙසේ වාසයට ගිය පරිව්‍රාජකයා රාත්‍රී භාගයෙහි දසබලධාරීන් වහන්සේ දෙස බැලීය. එසමයෙහි හාත්පස විසිර ගිය තාරකා මෙන් පහන් දැල්වෙයි. මධ්‍යයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වැඩහිඳන සේක. එහි එක් භික්සුවකගේ වත් අත් සෙලවීමක් හෝ පා සෙලවීමක් හෝ කාරා කෙලගසන ශබ්දයක් හෝ නැත. ඒ පිරිස තමා හික්මවනු ලැබූ ශික්ෂා ඇති බැවින් ද, ශාස්තෲන් කෙරෙහි ගෞරවයෙන් ද යන කරුණු දෙකින් සුළං නොවදින තැන දැල්වූ පහන්සිළු මෙන් නිසලවම හුන්නාහු වූහ. පරිව්‍රාජකයා ඒ ශ්‍රී විභූතිය දැක තමාගේ පිරිස දෙස බැලීය. එහි සමහරු අත දික්කරති. සමහරු පා දික් කරති. සමහරු නින්දෙන් දොඩවති. සමහරු දිව සොලවති. කෙල වගුරුවති. දත්කූරු කමින් ගොරවති. ශබ්ද නගමින් හුස්ම හෙළමින් නිදාගනිති. හේ තෙරුවන් ගුණ කිවයුතු වුවද ඊර්ෂ්‍යා වශයෙන් නැවත අගුණ කීමට පටන් ගත්තේය. බ්‍රහ්මදත්ත කියන ලද පරිදිම ගුණ කීය. එහෙයින් කියන ලදි. තත්රපි සුදං සුප්පියො පරිබ්බාජකො යි සියල්ල කිවයුතුයි. එහි ‘තත්රපි’ යනු එහිදීද, අම්බලට්ඨිකා උයනේදී යන අර්ථයි.
සම්බහුලානන්ති බහුකානං. තත්ථ විනයපරියායෙන තයො ජනා “සම්බහුලා”ති වුච්චන්ති. තතො පරං සඞ්ඝො. සුත්තන්තපරියායෙන පන තයො තයොව තතො පට්ඨාය සම්බහුලා. ඉධ සුත්තන්තපරියායෙන “සම්බහුලා”ති වෙදිතබ්බා. මණ්ඩලමාළෙති කත්ථචි ද්වෙ කණ්ණිකා ගහෙත්වා හංසවට්ටකච්ඡන්නෙන කතා කූටාගාරසාලාපි “මණ්ඩලමාළො”ති වුච්චති, කත්ථචි එකං කණ්ණිකං ගහෙත්වා ථම්භපන්තිං පරික්ඛිපිත්වා කතා උපට්ඨානසාලාපි “මණ්ඩලමාළො”ති වුච්චති. ඉධ පන නිසීදනසාලා “මණ්ඩලමාළො”ති වෙදිතබ්බො. සන්නිසින්නානන්ති නිසජ්ජනවසෙන. සන්නිපතිතානන්ති සමොධානවසෙන. අයං සඞ්ඛියධම්මොති සඞ්ඛියා වුච්චති කථා, කථාධම්මොති අත්ථො. උදපාදීති උප්පන්නො. කතමො පන සොති? අච්ඡරියං ආවුසොති එවමාදි. තත්ථ අන්ධස්ස පබ්බතාරොහණං විය නිච්චං න හොතීති අච්ඡරියං. අයං තාව සද්දනයො. අයං පන අට්ඨකථානයො – අච්ඡරායොග්ගන්ති අච්ඡරියං. අච්ඡරං පහරිතුං යුත්තන්ති අත්ථො. අභූතපුබ්බං භූතන්ති අබ්භුතං. උභයං පෙතං විම්හයස්සෙවාධිවචනං. යාවඤ්චිදන්ති යාව ච ඉදං තෙන සුප්පටිවිදිතතාය අප්පමෙය්යත්තං දස්සෙති.
‘සම්බහුලානං’ යනු බොහෝ දෙනෙකුගේ එහි විනය ක්‍රමයට අනුව තුන්දෙනෙක් සම්බහුලා යයි කියනු ලබත්. ඊට වැඩි සංඝ නමි. සූත්‍රාන්ත ක්‍රමයෙන් තිදෙනෙක් එතැන් පටන් සම්බහුලා නමි. මෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් සම්බහුල යයි දතයුතුය. ‘මණ්ඩල මාලෙ’ යනු ඇතැම් තැනක කැණිමඬල දෙකක් ගෙන හස්වටු පියස්සෙන් කරන ලද කුළුගෙයද මණ්ඩලමාල නමි. ඇතැම් තැනෙක එක් කැණිමඬලක් ගෙන ටැම් පෙළකින් වටකොට කරන ලද උපස්ථාන ශාලාවද මණ්ඩල මාල යයි කියනු ලැබේ. මෙහි නම් හිඳින ශාලාව මණ්ඩලමාල යයි දතයුතුය. ‘සන්නිසින්නානං’ හිඳීම් වශයෙන්, ‘සන්නිපතිතානං’ එක්වීම් වශයෙන්, ‘අයං සංඛියා ධම්මො’ යනු සංඛියා යයි කියනු ලබන්නේ කථාය. කථා ධර්මය යන අර්ථයි. ‘උදපාදි’ උපන්නේය. එය කුමක්ද? ‘අච්ඡරියං ආවුසො’ මේ ආදියයි. එහි අන්ධයාගේ පර්වතයට නැගීම මෙන් නිතර නොවෙයි නුයි අච්ඡරිය නමි. මේ වනාහි ශබ්ද ක්‍රමයයි. මේ වනාහි අටුවා ක්‍රමයයි. අසුර ගැසීමට සුදුසු වන්නේ නුයි අච්ඡරියං. අසුර ගැසීමට සුදුසු යන අර්ථයි. පෙර නොවූ විරූ දෙයක් වී නුයි අබ්භුතං. මේ දෙකම විස්මය දනවන්නේය යන්නට සමාන වචනයකි. යාවඤ්චිදං යනු යාවං ච ඉදං. ඔහු විසින් මනා සේ දත් බැවින් අප්‍රමාණ බවක් දැක්වෙයි.
තෙන භගවතා ජානතා…පෙ… සුප්පටිවිදිතාති එත්ථායං සඞ්ඛෙපත්ථො. යො සො භගවා සමතිංස පාරමියො පූරෙත්වා සබ්බකිලෙසෙ භඤ්ජිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, තෙන භගවතා තෙසං තෙසං සත්තානං ආසයානුසයං ජානතා, හත්ථතලෙ ඨපිතං ආමලකං විය සබ්බඤෙය්යධම්මං පස්සතා.
තෙන භගවතා -පෙ- සුප්පටිවිදිතා මේ මෙහි සංක්ෂේප අර්ථයයි. යම් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් සමතිස් පෙරුම්දම් පුරා සියලු කෙලෙස් බිඳ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළසේක්ද, තෙන භගවතා ඒ ඒ සතුන්ගේ ආසය අනුසය ජානතා දන්නහු විසින්, අත්ලෙහි තැබූ නෙල්ලි ගෙඩියක් මෙන් සියලු ඥෙය ධර්මය පස්සතා දකින්නාහු විසින්,
අපි ච පුබ්බෙනිවාසාදීහි ජානතා, දිබ්බෙන චක්ඛුනා පස්සතා. තීහි විජ්ජාහි ඡහි වා පන අභිඤ්ඤාහි ජානතා, සබ්බත්ථ අප්පටිහතෙන සමන්තචක්ඛුනා පස්සතා. සබ්බධම්මජානනසමත්ථාය වා පඤ්ඤාය ජානතා, සබ්බසත්තානං චක්ඛුවිසයාතීතානි තිරොකුට්ටාදිගතානිපි රූපානි අතිවිසුද්ධෙන මංසචක්ඛුනා පස්සතා. අත්තහිතසාධිකාය වා සමාධිපදට්ඨානාය පටිවෙධපඤ්ඤාය ජානතා, පරහිතසාධිකාය කරුණාපදට්ඨානාය දෙසනාපඤ්ඤාය පස්සතා.
තව ද පෙර විසූ කඳ පිළිවෙළ දන්නහු විසින්. දිවැසින් දකින්නහු විසින්. ත්‍රිවිද්‍යා ෂට් අභිඥාවන් දන්නහු විසින්, සැමතැන අප්‍රතිහත සමන්ත චක්ෂුසින් දක්නහු විසින්, සියලු ධර්මයන් දැනීමෙහි සමර්ථ වූ ප්‍රඥාවෙන් දන්නහු විසින්, සියලු සතුන්ගේ චක්ෂුපථයට ගෙන එන ලද තිරොකුඩ්ඪ ආදියෙහි පැමිණි රූප අතිවිශුද්ධ වූ මසැසින් දක්නාහු, තමාට හිත සදන සමාධි පදට්ඨාන වූ ප්‍රතිවේධ ප්‍රඥාවෙන් දන්නහු විසින්, පරහිත සදන කරුණා පදට්ඨාන වූ දේශනා ප්‍රඥාවෙන් දක්නහු විසින්,
අරීනං හතත්තා පච්චයාදීනඤ්ච අරහත්තා අරහතා. සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධෙන අන්තරායිකධම්මෙ වා ජානතා, නිය්යානිකධම්මෙ පස්සතා, කිලෙසාරීනං හතත්තා අරහතා. සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධෙනාති. එවං චතූවෙසාරජ්ජවසෙන චතූහාකාරෙහි ථොමිතෙන සත්තානං නානාධිමුත්තිකතා නානජ්ඣාසයතා සුප්පටිවිදිතා යාව ච සුට්ඨු පටිවිදිතා.
සතුරන් නැසූ බැවින්ද ප්‍රත්‍යයාදීන්ට සුදුසු බැවින් අරහතා සුදුසු වූවහු විසින්, මනාසේද සමවද සත්‍යයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධෙන සම්මා සම්බුදුරදුන් විසින්, අන්තරායික ධර්මයන් දන්නහු විසින්, නෛර්යානික ධර්මයන් දක්නහු විසින්, කෙලෙස් සතුරන් නැසූ බැවින් අර්හත් වූවහු විසින්, මනාසේද සමවද සියලු ධර්මයන් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුදුරදුන් විසින්, මෙසේ චතුර් වෛශාරද්‍ය වශයෙන් සිවු අයුරකින් ස්තුති කරන ලද්දහු විසින්. සත්තානං නානාධිමුත්තිකතා නොයෙක් අධ්‍යාශය වශයෙන්, සුප්පටිවිදිතා යම්තාක් මනාසේ ප්රතිවේදිත වූවහු විසින්.
ඉදානිස්ස සුප්පටිවිදිතභාවං දස්සෙතුං අයඤ්හීතිආදිමාහ. ඉදං වුත්තං හොති යා ච අයං භගවතා “ධාතුසො, භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති, කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි ඛො, භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි…පෙ… කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු, අනාගතම්පි ඛො, භික්ඛවෙ, අද්ධානං…පෙ… සංසන්දිස්සන්ති සමෙස්සන්ති, එතරහිපි ඛො, භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි…පෙ… කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තී”ති එවං සත්තානං නානාධිමුත්තිකතා, නානජ්ඣාසයතා, නානාදිට්ඨිකතා, නානාඛන්තිතා, නානාරුචිතා, නාළියා මිනන්තෙන විය තුලාය තුලයන්තෙන විය ච නානාධිමුත්තිකතාඤාණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන විදිතා, සා යාව සුප්පටිවිදිතා. ද්වෙපි නාම සත්තා එකජ්ඣාසයා දුල්ලභා ලොකස්මිං. එකස්මිං ගන්තුකාමෙ එකො ඨාතුකාමො හොති, එකස්මිං පිවිතුකාමෙ එකො භුඤ්ජිතුකාමො. ඉමෙසු චාපි ද්වීසු ආචරියන්තෙවාසීසු අයඤ්හි “සුප්පියො පරිබ්බාජකො…පෙ… භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා”ති. තත්ථ ඉතිහමෙති ඉතිහ ඉමෙ, එවං ඉමෙති අත්ථො. සෙසං වුත්තනයමෙව.
දැන් උන්වහන්සේගේ සුප්පටිවිදිත බව දක්වන්ට, ‘අයං’ ආදිය කීහ. මෙය කියන ලද්දේ වෙයි. යම් මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, ධාතු වශයෙන් සත්ත්වයෝ සසඳත්. සමකරත්. හීන අධිමුක්තිකයෝ හීන අධිමුක්තිකයන් සමග සසඳත්. සමකරත්. කල්‍යාණ අධිමුක්තිකයෝ කල්‍යාණ අධිමුක්තිකයන් සමග සසඳත්. සමකරත්. මහණෙනි, අතීත කාලයෙහිද ධාතු වශයෙන්ම සත්ත්වයෝ සැසඳූහ. සමකළහ. හීන අධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් සමග -පෙ- කල්‍යාණ අධිමුක්තිකයෝ කල්‍යාණ අධිමුක්තිකයන් සමග සැසඳූහ. සමකළහ. මහණෙනි, අනාගත කාලයෙහිද -පෙ- සසඳන්නෝය. සමකරන්නෝය. මහණෙනි, දැන් ද වර්තමාන කාලයෙහිද ධාතු වශයෙන්ම සත්ත්වයෝ සසඳත්. සමකරත්. හීනාධිමුක්තිකයෝ -පෙ- කල්‍යාණ අධිමුක්තියන් සමග සසඳත්. සම කරත්. මෙසේ සියලු සතුන්ගේ නානාධිමුක්තික බැවින්ද, නානා අධ්‍යාශය බැවින්ද, නානා දෘෂ්ටි ඇති බැවින්ද නානා ක්ෂාන්ති ඇති බැවින්ද, නානා රුචි ඇති බැවින්ද, නැළියෙන් මණින්නාක් මෙන් තරාදියෙන් කිරන්නාක් මෙන්ද, නාධිමුක්තිකතා ඥානයෙන් සර්වඥතා ඥානයෙන් දන්නා ලද්දහු විසින්. මැනවින් දත්තහු විසින්, සත්ත්වයෝ දෙදෙනෙක් එක් අදහස් ඇත්තෝ දුර්ලභයහ. එකකු යනු කැමැති කල අනිකා සිටිනු කැමැති වෙයි. එකකු පැන් බීමට කැමති කල අනිකා ආහාර අනුභව කරනු කැමැති වෙයි. මේ ගුරු-අතැවැසි දෙදෙනා අතරද ‘මේ සුප්‍රිය පරිව්‍රාජකයා -පෙ- භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේ ද පිටුපසින් අනුව ගියාහු වෙති. එහි ‘ඉතිහිමෙ’ යනු ඉතිහ ඉමෙ’ මේවා මෙසේය යන අර්ථයි. සෙස්ස කියන ලද පරිදි වේ.
අථ ඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සඞ්ඛියධම්මං විදිත්වාති එත්ථ විදිත්වාති සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ජානිත්වා. භගවා හි කත්ථචි මංසචක්ඛුනා දිස්වා ජානාති – “අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමාන”න්තිආදීසු (සං· නි· 4.241) විය. කත්ථචි දිබ්බචක්ඛුනා දිස්වා ජානාති – “අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායො සහස්සස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො”තිආදීසු (දී· නි· 2.152) විය. කත්ථචි පකතිසොතෙන සුත්වා ජානාති – “අස්සොසි ඛො භගවා ආයස්මතො ආනන්දස්ස සුභද්දෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාප”න්තිආදීසු (දී· නි· 2.213) විය. කත්ථචි දිබ්බසොතෙන සුත්වා ජානාති – “අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය සන්ධානස්ස ගහපතිස්ස නිග්රොධෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාප”න්තිආදීසු (දී· නි· 3.54) විය. ඉධ පන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සුත්වා අඤ්ඤාසි. කිං කරොන්තො අඤ්ඤාසි? පච්ඡිමයාමකිච්චං, කිච්චඤ්ච නාමෙතං සාත්ථකං, නිරත්ථකන්ති දුවිධං හොති. තත්ථ නිරත්ථකකිච්චං භගවතා බොධිපල්ලඞ්කෙයෙව අරහත්තමග්ගෙන සමුග්ඝාතං කතං. සාත්ථකංයෙව පන භගවතො කිච්චං හොති. තං පඤ්චවිධං – පුරෙභත්තකිච්චං, පච්ඡාභත්තකිච්චං, පුරිමයාමකිච්චං, මජ්ඣිමයාමකිච්චං, පච්ඡිමයාමකිච්චන්ති.
අථඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සංඛියා ධම්මං විදිත්වා මෙහි විදිත්වා යනු සර්වඥතා ඥානයෙන් දැන. භාග්‍යවතුන් වහන්සේ වනාහි සමහර තැන මසැසින් දැක දැනගන්නා සේක. අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං ගංගාය නදියා වුය්හමානං ආදී තන්හි මෙන්. ඇතැම් තැන දිවැසින් දැක දැනගනිති. ‘අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්ත මානුසකෙන සා දෙවතායො සහස්සස්සෙව වත්ථු පරිගණ්හන්තියො - ආදි තන්හි මෙන් ඇතැම් තැන පියවි කනින් අසා දැනගන්නා සේක. ‘අස්සොසි ඛො භගවා ආයස්මතො ආනන්දස්ස සුභද්දෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථා සල්ලාපං’ ආදි තන්හි මෙන්, ඇතැම් තැන දිවකනින් අසා දැනගන්නා සේක. ‘අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසකාය’, සන්ධානස්ස ගහපතිස්ස නිග්රොධෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථා සල්ලාපං’ යන ආදී තන්හි මෙන්. මෙහි නම් සර්වඥතා ඥානයෙන් දැක දත් සේක. කුමක් කරන්නේ දත් සේක්ද? පැසුළුයම් කිස කරමින්, කිස නම් සාර්ථක නිරර්ථක යනුවෙන් දෙවැදෑරුම් වේ. එහි නිරර්ථක කිසය. භාග්‍යවතුන් වහන්සේගේ බෝධි පර්යංකයේදීම රහත් මගින් විනාශ කරන ලදි. භාග්‍යවතුන් වහන්සේ කිස සාර්ථක කිසක්ම වෙයි. එය පස්වැදෑරුම්ය. පෙරබත් කිස, පසුබත්කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුයම් කිස යනුවෙන්.
තත්රිදං පුරෙභත්තකිච්චං –
මෙහි මේ පෙරබත් කිසයි -
භගවා හි පාතොව උට්ඨාය උපට්ඨාකානුග්ගහත්ථං සරීරඵාසුකත්ථඤ්ච මුඛධොවනාදිසරීරපරිකම්මං කත්වා යාව භික්ඛාචාරවෙලා තාව විවිත්තාසනෙ වීතිනාමෙත්වා, භික්ඛාචාරවෙලායං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා චීවරං පාරුපිත්වා පත්තමාදාය කදාචි එකකො, කදාචි භික්ඛුසඞ්ඝපරිවුතො, ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති; කදාචි පකතියා, කදාචි අනෙකෙහි පාටිහාරියෙහි වත්තමානෙහි. සෙය්යථිදං, පිණ්ඩාය පවිසතො ලොකනාථස්ස පුරතො පුරතො ගන්ත්වා මුදුගතවාතා පථවිං සොධෙන්ති, වලාහකා උදකඵුසිතානි මුඤ්චන්තා මග්ගෙ රෙණුං වූපසමෙත්වා උපරි විතානං හුත්වා තිට්ඨන්ති, අපරෙ වාතා පුප්ඵානි උපසංහරිත්වා මග්ගෙ ඔකිරන්ති, උන්නතා භූමිප්පදෙසා ඔනමන්ති, ඔනතා උන්නමන්ති, පාදනික්ඛෙපසමයෙ සමාව භූමි හොති, සුඛසම්ඵස්සානි පදුමපුප්ඵානි වා පාදෙ සම්පටිච්ඡන්ති. ඉන්දඛීලස්ස අන්තො ඨපිතමත්තෙ දක්ඛිණපාදෙ සරීරතො ඡබ්බණ්ණරස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසපිඤ්ජරානි විය චිත්රපටපරික්ඛිත්තානි විය ච පාසාදකූටාගාරාදීනි අලඞ්කරොන්තියො ඉතො චිතො ච ධාවන්ති, හත්ථිඅස්සවිහඞ්ගාදයො සකසකට්ඨානෙසු ඨිතායෙව මධුරෙනාකාරෙන සද්දං කරොන්ති, තථා භෙරිවීණාදීනි තූරියානි මනුස්සානඤ්ච කායූපගානි ආභරණානි. තෙන සඤ්ඤාණෙන මනුස්සා ජානන්ති – “අජ්ජ භගවා ඉධ පිණ්ඩාය පවිට්ඨො”ති. තෙ සුනිවත්ථා සුපාරුතා ගන්ධපුප්ඵාදීනි ආදාය ඝරා නික්ඛමිත්වා අන්තරවීථිං පටිපජ්ජිත්වා භගවන්තං ගන්ධපුප්ඵාදීහි සක්කච්චං පූජෙත්වා වන්දිත්වා – “අම්හාකං, භන්තෙ, දස භික්ඛූ, අම්හාකං වීසති, පඤ්ඤාසං…පෙ… සතං දෙථා”ති යාචිත්වා භගවතොපි පත්තං ගහෙත්වා ආසනං පඤ්ඤපෙත්වා සක්කච්චං පිණ්ඩපාතෙන පටිමානෙන්ති. භගවා කතභත්තකිච්චො තෙසං සත්තානං චිත්තසන්තානානි ඔලොකෙත්වා තථා ධම්මං දෙසෙති, යථා කෙචි සරණගමනෙසු පතිට්ඨහන්ති, කෙචි පඤ්චසු සීලෙසු, කෙචි සොතාපත්තිසකදාගාමිඅනාගාමිඵලානං අඤ්ඤතරස්මිං; කෙචි පබ්බජිත්වා අග්ගඵලෙ අරහත්තෙති. එවං මහාජනං අනුග්ගහෙත්වා උට්ඨායාසනා විහාරං ගච්ඡති. තත්ථ ගන්ත්වා මණ්ඩලමාළෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදති, භික්ඛූනං භත්තකිච්චපරියොසානං ආගමයමානො. තතො භික්ඛූනං භත්තකිච්චපරියොසානෙ උපට්ඨාකො භගවතො නිවෙදෙති. අථ භගවා ගන්ධකුටිං පවිසති. ඉදං තාව පුරෙභත්තකිච්චං.
භාග්‍යවතුන් වහන්සේ උදෑසනම නැගිට උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස සිරුරු පහසුව පිණිසද මුවදෙවීම් ආදී සිරුරු පිරියම් කොට පිඬු පිණිස හැසිරෙන වේලාව තෙක් හුදෙකලා අසුනෙක කල්යවා පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි හැඳ පෙරෙව කාය බන්ධනය බැඳ සිවුර පොරවා පාත්‍රය ගෙන ඇතැම්විට තනිවමද ඇතැම්විට භික්ෂු සංඝයා පිරිවරා ගමට හෝ නියම්ගමට හෝ පිවිසෙන සේක. ඇතැම්විට ප්‍රකෘතියෙන්ද, ඇතැම්විට නොයෙක් පෙළහර පවතිද්දී පිවිසෙන සේක. කෙසේද යත්, පිඬු පිණිස පිවිසෙන ලෝකනාථයන් වහන්සේගේ පෙරටුව පෙරටුව ගොස් මෘදු වූ වාතයෝ පෘථුවිය පිරිසිදු කරත්. වලාකුළු ජලබිඳු විසුරුවමින් මහමග දූලි සමනය කොට, ඉහළින් වියනක් වී සිටී. අනිකුත් වාතයෝ මල් ගෙනවුත් මහමග විසුරුවති. ගොඩැලි බිම් පෙදෙස් නැමෙයි. නැමුණු බිම් පෙදෙස් ඉස්සෙයි. පා තබන කල භූමිය සුවපහස් ඇතිව සමවෙයි. නෙලුම් මල් හෝ පා පිළිගනී. දකුණු පස ඉන්ද්‍රඛීලය අන්තයෙහි තැබූ පමණින් සිරුරින් සවණක් රැස් නික්ම රන්රස පිල් මෙන්ද, විසිතුරු පටින් වටකළාක් මෙන්ද ප්‍රාසාද කූටාගාර ආදිය අලංකාර කරන්නාක් මෙන් ඔබමොබ දුවයි. ඇත් අස් සියොත් ආදීහු තම තම තැන්වල සිටියෝම මිහිරි සරින් නද කරත්. බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ ද එසේය. මිනිසුන්ගේ ද ආභරණ සිරුරට පැමිණියේ ම ය. ඒ සලකුණින් මිනිස්සු දැනගනිති. ‘අද භාග්‍යවතුන් වහන්සේ මෙහි පිඬු පිණිස පිවිසි සේකැ’යි දැනගනිති. ඔවුහු මැනවින් හැඳ පෙරව ගඳමල් ආදිය ගෙන ගෙන් නික්ම අතුරු වීදියට පිවිසි භාග්‍යවතුන් වහන්සේ ගඳමල් ආදියෙන් සකසා පුදා වැඳ ‘ස්වාමීනි, අපට භික්ෂූන් දහනමක්, අපට විසිනමක් අපට සියක් නමක් දෙනු මැනවැ’යි අයැද භාග්‍යවතුන් වහන්සේගේ ද පාත්‍රය ද ගෙන අසුන් පනවා සකසා පිණ්ඩපාතය පිරිනමත්. භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන් සිත්සතන් බලා සමහරු සරණාගමනයෙහි පිහිටත් ද, සමහරු පන්සිල්හි පිහිටත්ද, සමහරු සෝවාන් පෙළෙහි පිහිටත් ද, සමහරු සකෘදාගාමි අනාගාමි ඵලයන්ගෙන් එකක පිහිටත්ද, සමහරු පැවිදිව අග්‍රඵලය ද රහත්ඵලයෙහි පිහිටත්ද එසේ දහම් දෙසන සේක. මෙසේ මහජනයාට අනුග්‍රහ කොට, හුනස්නෙන් නැගී වෙහෙරට වඩනා සේක. එහි වැඩ මණ්ඩල මාලයෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි භික්ෂූන් බත්කිස අවසන්කොට නැවත පැමිණෙන තෙක් වැඩහිඳිනා සේක. ඉන්පසු භික්ෂූන් බත්කිස නිමවූ කල්හි උපස්ථායකයා ඒ බව නිවේදනය කරයි. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිසෙන සේක. මේ නම් පෙරබත් කිසය.
අථ භගවා එවං කතපුරෙභත්තකිච්චො ගන්ධකුටියා උපට්ඨානෙ නිසීදිත්වා පාදෙ පක්ඛාලෙත්වා පාදපීඨෙ ඨත්වා භික්ඛුසඞ්ඝං ඔවදති – “භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මස්සවන”න්ති. තත්ථ කෙචි භගවන්තං කම්මට්ඨානං පුච්ඡන්ති. භගවාපි තෙසං චරියානුරූපං කම්මට්ඨානං දෙති. තතො සබ්බෙපි භගවන්තං වන්දිත්වා අත්තනො අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි ගච්ඡන්ති. කෙචි අරඤ්ඤං, කෙචි රුක්ඛමූලං, කෙචි පබ්බතාදීනං අඤ්ඤතරං, කෙචි චාතුමහාරාජිකභවනං…පෙ… කෙචි වසවත්තිභවනන්ති. තතො භගවා ගන්ධකුටිං පවිසිත්වා සචෙ ආකඞ්ඛති, දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො මුහුත්තං සීහසෙය්යං කප්පෙති. අථ සමස්සාසිතකායො වුට්ඨහිත්වා දුතියභාගෙ ලොකං වොලොකෙති. තතියභාගෙ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති තත්ථ මහාජනො පුරෙභත්තං දානං දත්වා පච්ඡාභත්තං සුනිවත්ථො සුපාරුතො ගන්ධපුප්ඵාදීනි ආදාය විහාරෙ සන්නිපතති. තතො භගවා සම්පත්තපරිසාය අනුරූපෙන පාටිහාරියෙන ගන්ත්වා ධම්මසභායං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසජ්ජ ධම්මං දෙසෙති කාලයුත්තං සමයයුත්තං, අථ කාලං විදිත්වා පරිසං උය්යොජෙති, මනුස්සා භගවන්තං වන්දිත්වා පක්කමන්ති. ඉදං පච්ඡාභත්තකිච්චං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කරන ලද පෙරබත් කිස ඇති සේක් ගඳකිළියෙහි උපස්ථායක විසින් පනවන ලද අසුනෙහි වැඩහිඳ පා දොවා ගඳකිළියෙහි මිණි හිණ පුවරුවෙහි වැඩසිට භික්ෂූන්ට අවවාද දෙන සේක. ‘මහණෙනි, අප්රමාදී වවු. ලොව බුදුඋපත දුලබය. මිනිස්බව ලැබීම දුලබය. ක්ෂණ සම්පත්තිය දුර්ලභය. පැවිද්ද දුලබය. සදහම් ඇසීම දුලබයැයි. එහි කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් විමසති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට චරියානුරූප කමටහන් දෙන සේක. ඉන්පසු සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන්ගේ රෑ වසන තැන්වලට හා දවල් වසන තැන්වලට යෙති. කිසිවෙක් අරණට යෙත්. කිසිවෙක් රුක්මුලට යෙත්. කිසිවෙක් පර්වත ආදියෙන් එකකට යෙත්. කිසිවෙක් චාතුර්මහාරාජික භවනට යෙත් -පෙ- කිසිවෙක් වසවර්ති භවනට යෙත්. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිස කැමතිවන සේක් නම් දකුණැලයෙන් සිහිනුවණින් මොහොතක් සිංහ සෙය්යාව කරන සේක. ඉක්බිති අස්වැසූ සිරුර ඇතිසේක් නැගිට දෙවැනි කොටසෙහිදී ලොව බලන සේක. තෙවැනි කොටසෙහිදී, යම් ගමක හෝ නියම්ගමක හෝ වැඩවසන සේක්ද එහි මහජනයා පෙරබත් කල්හි දන් දී පසුබත් කල්හි මැනවින් හැඳ පොරවා ගඳමල් ආදිය ගෙන වෙහෙරෙහි රැස් වෙති. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පැමිණි පිරිසට, අනුරූප වූ පෙළහරින් වැඩමකොට දම්සභාවෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩහිඳ වේලාවට සුදුසු කාලයට සුදුසු දහ්ම දෙසන සේක. ඉක්බිති කල්දැන පිරිස විසුරුවා හරින සේක. මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වැඳ ආපසු යති. මේ පසුබත් කිසයි.
සො එවං නිට්ඨිතපච්ඡාභත්තකිච්චො සචෙ ගත්තානි ඔසිඤ්චිතුකාමො හොති, බුද්ධාසනා වුට්ඨාය න්හානකොට්ඨකං පවිසිත්වා උපට්ඨාකෙන පටියාදිතඋදකෙන ගත්තානි උතුං ගණ්හාපෙති. උපට්ඨාකොපි බුද්ධාසනං ආනෙත්වා ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤපෙති. භගවා සුරත්තදුපට්ටං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා උත්තරාසඞ්ගං එකංසං කරිත්වා තත්ථ ගන්ත්වා නිසීදති එකකොව මුහුත්තං පටිසල්ලීනො, අථ භික්ඛූ තතො තතො ආගම්ම භගවතො උපට්ඨානං ආගච්ඡන්ති. තත්ථ එකච්චෙ පඤ්හං පුච්ඡන්ති, එකච්චෙ කම්මට්ඨානං, එකච්චෙ ධම්මස්සවනං යාචන්ති. භගවා තෙසං අධිප්පායං සම්පාදෙන්තො පුරිමයාමං වීතිනාමෙති. ඉදං පුරිමයාමකිච්චං.
උන්වහන්සේ මෙසේ අවසන් කළ පසුබත්කිස ඇති සේක් ඉදින් සිරුර දිය ඉසගැනීමට කැමති සේක්නම්, බුදු අසුනින් නැගී නහන කොටුවට පිවිස උපස්ථායක විසින් පිළියෙල කරන ලද දියෙන් සිරුර සතපවා ගන්නා සේක. උපස්ථායක ද බුදුඅසුන ගෙනවුත් ගඳකිළියෙහි ආලින්දයෙහි පනවයි. භාග්‍යවතුන් වහන්සේ රත් දුපට හැඳ කායබන්ධනය බැඳ උත්තරාසංශය ඒකාංශකොට එහි පැමිණ හුදෙකලාව මොහොතක් සැඟවී හිඳිනා සේක. ඉන්පසු භික්ෂූහු ඒ ඒ තැනින් පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණෙත්. එහිදී ඇතමෙක් ප්‍රශ්න අසත්. ඇතමෙක් කමටහන් අසත්. ඇතමෙක් දහම් ඇසුමක් අයැද සිටිත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ සිතැඟි සපුරමින් පෙරයම ගතකරන සේක. මේ පෙරයම් කිසයි.
පුරිමයාමකිච්චපරියොසානෙ පන භික්ඛූසු භගවන්තං වන්දිත්වා පක්කන්තෙසු සකලදසසහස්සිලොකධාතුදෙවතායො ඔකාසං ලභමානා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථාභිසඞ්ඛතං අන්තමසො චතුරක්ඛරම්පි. භගවා තාසං දෙවතානං පඤ්හං විස්සජ්ජෙන්තො මජ්ඣිමයාමං වීතිනාමෙති. ඉදං මජ්ඣිමයාමකිච්චං.
පෙරයම් කිස අවසන්හි භික්ෂූන් වැඳ ගියකල්හි දසදහසක් ලෝකධාතූන්හි දෙවියෝ අවසරයක් ලබන්නාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පිළියෙල කරගත් අයුරින් ප්‍රශ්න අසත්. යටත් පිරිසෙයින් අකුරු හතරක ප්‍රශ්නයක්වත් භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියන්ගේ පැන විසඳමින් මැදියම ගතකරන සේක. මේ මැදියම් කිසයි.
පච්ඡිමයාමං පන තයො කොට්ඨාසෙ කත්වා පුරෙභත්තතො පට්ඨාය නිසජ්ජාය පීළිතස්ස සරීරස්ස කිලාසුභාවමොචනත්ථං එකං කොට්ඨාසං චඞ්කමෙන වීතිනාමෙති. දුතියකොට්ඨාසෙ ගන්ධකුටිං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො සීහසෙය්යං කප්පෙති. තතියකොට්ඨාසෙ පච්චුට්ඨාය නිසීදිත්වා පුරිමබුද්ධානං සන්තිකෙ දානසීලාදිවසෙන කතාධිකාරපුග්ගලදස්සනත්ථං බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙති. ඉදං පච්ඡිමයාමකිච්චං.
පැසුළුයම්හි තෙ කොටසක් කොට පෙරබතෙහි පටන් හිඳීමෙන් පීඩාවට පත් සිරුරෙහි විඩාපත් බව නැතිකරනු පිණිස එක් සක්මනින් කල්ගත කරන සේක. දෙවැනි කොටසෙහි ගඳකිළියට පිවිස දකුණැලයෙන් සිහිනුවණින් සිංහසෙය්‍යාව කරන සේක. තෙවැනි කොටසෙහි නැවත නැගිට හිඳ පෙර බුදුවරුන් හමුවෙහි දන් සිල් ආදී වශයෙන් කරන ලද උත්සාහ ඇති පුද්ගලයන් දකිනු පිණිස බුදුඇසින් ලොව බලා වදාරන සේක. මෙය පැසුළුයම් කිසය.
තස්මිං පන දිවසෙ භගවා පුරෙභත්තකිච්චං රාජගහෙ පරියොසාපෙත්වා පච්ඡාභත්තෙ මග්ගං ආගතො, පුරිමයාමෙ භික්ඛූනං කම්මට්ඨානං කථෙත්වා, මජ්ඣිමයාමෙ දෙවතානං පඤ්හං විස්සජ්ජෙත්වා, පච්ඡිමයාමෙ චඞ්කමං ආරුය්හ චඞ්කමමානො පඤ්චන්නං භික්ඛුසතානං ඉමං සබ්බඤ්ඤුතඤ්ඤාණං ආරබ්භ පවත්තං කථං සබ්බඤ්ඤුතඤ්ඤාණෙනෙව සුත්වා අඤ්ඤාසීති. තෙන වුත්තං – “පච්ඡිමයාමකිච්චං කරොන්තො අඤ්ඤාසී”ති.
එදින භාග්‍යවතුන් වහන්සේ සියලු පෙරබත්කිස රජගහනුවරදී අවසන්කොට පසුබත් කල්හි මගට පැමිණි සේක් පෙරයම භික්ෂූන්ට කමටහන් කියා දී මැදියම දෙවියන්ගේ පැන විසඳා පැසුළුයම සක්මනට බැස, සක්මන් කරන සේක් පන්සියයක් භික්ෂූන්ට මේ සර්වඥතා ඥානය අරබයා පැවති කථාව සර්වඥතා ඥානයෙන්ම අසා දත් සේක. එහෙයින් කියන ලදි. ‘පච්ඡියාම කිච්චං කරෙන්තො අඤ්ඤාසි’ යනුවෙන්.
ඤත්වා ච පනස්ස එතදහොසි – “ඉමෙ භික්ඛූ මය්හං සබ්බඤ්ඤුතඤ්ඤාණං ආරබ්භ ගුණං කථෙන්ති, එතෙසඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණකිච්චං න පාකටං, මය්හමෙව පාකටං. මයි පන ගතෙ එතෙ අත්තනො කථං නිරන්තරං ආරොචෙස්සන්ති, තතො නෙසං අහං තං අට්ඨුප්පත්තිං කත්වා තිවිධං සීලං විභජන්තො, ද්වාසට්ඨියා ඨානෙසු අප්පටිවත්තියං සීහනාදං නදන්තො, පච්චයාකාරං සමොධානෙත්වා බුද්ධගුණෙ පාකටෙ කත්වා, සිනෙරුං උක්ඛිපෙන්තො විය සුවණ්ණකූටෙන නභං පහරන්තො විය ච දසසහස්සිලොකධාතුකම්පනං බ්රහ්මජාලසුත්තන්තං අරහත්තනිකූටෙන නිට්ඨාපෙන්තො දෙසෙස්සාමි, සා මෙ දෙසනා පරිනිබ්බුතස්සාපි පඤ්චවස්සසහස්සානි සත්තානං අමතමහානිබ්බානං සම්පාපිකා භවිස්සතී”ති. එවං චින්තෙත්වා යෙන මණ්ඩලමාළො තෙනුපසඞ්කමීති. යෙනාති යෙන දිසාභාගෙන, සො උපසඞ්කමිතබ්බො. භුම්මත්ථෙ වා එතං කරණවචනං, යස්මිං පදෙසෙ සො මණ්ඩලමාළො, තත්ථ ගතොති අයමෙත්ථ අත්ථො.
එසේ දැන උන්වහන්සේට මෙසේ සිතිණ. ‘මේ භික්ෂූහු මාගේ සර්වඥතා ඥානය අරබයා ගුණ කියත්. මොවුන්ට සර්වඥතා ඥාන කෘත්‍යය ප්‍රකට නැත. මටම ප්රකටය. මා ගියකල්හි තමාගේ කථාව නිරතුරුව දන්වන්නාහුය. ඉන්පසු මම එය අර්ථෝත්පත්තිය කොට ශීලය තෙවැදෑරුම් කොට බෙදා දක්වමින් දෙසැටක් තන්හි නොපවත්නා සිංහනාදය කරමින් ප්‍රත්‍යාකාරය ගළපා බුදුගුණ ප්‍රකට කොට මහමෙර ඔසවා දක්වන්නාක් මෙන් රන් කුන්තායුධයෙන් අහස පහරන්නාක් මෙන්ද දසදහසක් ලෝකධාතූන් කම්පනය කෙරෙන බ්‍රහ්මජාල සූත්‍රය රහත් බවින් කුළුගන්නාක් ලෙස දේශනා කරන්නෙමි. ඒ මාගේ දේශනාව මා පිරිනිවියද අවුරුදු පන්දහසක් කල් සත්ත්වයන් අමෘත මහා නිර්වාණයට පමුණුවන්නක් වන්නේ යයි සිතා මණ්ඩල මාලය යම්තැනෙකද එතැනට වැඩම කළ සේක. ‘යෙන’ යනු යම් දිශා භාගයකින් එළැඹිය යුත්තේ ද එයින් එළඹ. මෙය ආධාර අර්ථයෙහි කරණ වචනයකි. ඒ නිසා යම් පෙදෙසක ඒ මණ්ඩල මාලය වේද එහි වැඩමකළ සේක යනු මෙහි අර්ථයයි.
පඤ්ඤත්තෙ ආසනෙ නිසීදීති බුද්ධකාලෙ කිර යත්ථ යත්ථ එකොපි භික්ඛු විහරති සබ්බත්ථ බුද්ධාසනං පඤ්ඤත්තමෙව හොති. කස්මා? භගවා කිර අත්තනො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඵාසුකට්ඨානෙ විහරන්තෙ මනසි කරොති – “අසුකො මය්හං සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ගතො, සක්ඛිස්සති නු ඛො විසෙසං නිබ්බත්තෙතුං නො වා”ති. අථ නං පස්සති කම්මට්ඨානං විස්සජ්ජෙත්වා අකුසලවිතක්කං විතක්කයමානං, තතො “කථඤ්හි නාම මාදිසස්ස සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා විහරන්තං ඉමං කුලපුත්තං අකුසලවිතක්කා අභිභවිත්වා අනමතග්ගෙ වට්ටදුක්ඛෙ සංසාරෙස්සන්තී”ති තස්ස අනුග්ගහත්ථං තත්ථෙව අත්තානං දස්සෙත්වා තං කුලපුත්තං ඔවදිත්වා ආකාසං උප්පතිත්වා පුන අත්තනො වසනට්ඨානමෙව ගච්ඡති. අථෙවං ඔවදියමානා තෙ භික්ඛූ චින්තයිංසු – “සත්ථා අම්හාකං මනං ජානිත්වා ආගන්ත්වා අම්හාකං සමීපෙ ඨිතංයෙව අත්තානං දස්සෙති”. තස්මිං ඛණෙ – “භන්තෙ, ඉධ නිසීදථ, ඉධ නිසීදථා”ති ආසනපරියෙසනං නාම භාරොති. තෙ ආසනං පඤ්ඤපෙත්වාව විහරන්ති. යස්ස පීඨං අත්ථි, සො තං පඤ්ඤපෙති. යස්ස නත්ථි, සො මඤ්චං වා ඵලකං වා කට්ඨං වා පාසාණං වා වාලුකපුඤ්ජං වා පඤ්ඤපෙති. තං අලභමානා පුරාණපණ්ණානිපි සඞ්කඩ්ඪිත්වා තත්ථ පංසුකූලං පත්ථරිත්වා ඨපෙන්ති. ඉධ පන රඤ්ඤො නිසීදනාසනමෙව අත්ථි, තං පප්ඵොටෙත්වා පඤ්ඤපෙත්වා පරිවාරෙත්වා තෙ භික්ඛූ භගවතො අධිමුත්තිකඤාණමාරබ්භ ගුණං ථොමයමානා නිසීදිංසු. තං සන්ධාය වුත්තං – “පඤ්ඤත්තෙ ආසනෙ නිසීදී”ති.
‘පඤ්ඤත්තෙ ආසනෙ’ යනු බුද්ධ කාලයෙහි යම් යම් තැනෙක එක් භික්ෂුවක් වාසය කරයිද ඒ සියලු තැන බුද්ධාසනයක් පනවන ලද්දේම වෙයි. කුමක් හෙයින්ද? භාග්‍යවතුන් වහන්සේ තමා හමුවෙහි කමටහන් ගෙන පහසු තැනෙක වසන්නවුන් ගැන සිතන සේක. ‘අසුවලා මා හමුවෙහි කමටහන් ගෙන ගියේය. විශේෂයක් නිපදවා ගැනීමට ඔහුට හැකිවීද නැද්දැයි ඉක්බිති කමටහන අත්හැර අකුශල විතර්කයෙන් විතර්ක කරන ඔහු දක්නා සේක. ඉන්පසු ‘මා වැනි ශාස්තෲවරයෙකු හමුවෙහි කමටහන් ගෙන වසන මේ කුලපුත්‍රයා අකුශල විතර්ක අභිබවා අනවරාග්ර සසර දුක කෙළවර කරන්නේ යයි ඔහුට අනුග්‍රහ පිණිස එහිදීම තමන්වහන්සේ දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද දී අහසට පැන නැගී නැවත තමන්වහන්සේ වසන තැනටම වඩනා සේක. ඉක්බිති මෙසේ අවවාද දෙනු ලබන ඒ භික්ෂූහු මෙසේ සිතත්. ‘ශාස්තෲන් වහන්සේ අපගේ සිත් දැන පැමිණ අපගේ සමීපයෙහි සිටින සේක්ම තමන්වහන්සේ දක්වන සේක. එකෙණෙහි ‘ස්වාමීනි, මෙහි වැඩහිඳිනු මැනවි. මෙහි වැඩහිඳිනු මැනවි’යි අසුන් සෙවීම නම් ඔවුන්ට භාරයැයි ඔවුහු අසුනක් පනවාම වසති. යමෙකුට පුටුවක් තිබේනම් ඔහු එය පනවා තබයි. යමෙකුට එසේ නැත්නම්, ඇඳක් හෝ පලකයක් හෝ පැදුරක් හෝ ගලක් හෝ වැලිගොඩක් හෝ පනවා තබයි. එබන්දක් නොලබන්නෝ පරඬැල් කඩා එහි පාංශුකූල රෙද්ද අතුරා තබති. මෙහි නම් රජුගේ හිඳින අසුනම ඇත. එය ගසා දමා පනවා එය පිරිවරා සිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ අධිමුක්ති ඥානය අරබයා ගුණ ස්තුති කරමින් හුන්හ. ඒ සඳහා කියන ලදී’ පඤ්ඤත්තෙ ආසනෙ නිසිදි’ යනුවෙන්.
එවං නිසින්නො පන ජානන්තොයෙව කථාසමුට්ඨාපනත්ථං භික්ඛූ පුච්ඡි. තෙ චස්ස සබ්බං කථයිංසු. තෙන වුත්තං – “නිසජ්ජ ඛො භගවා”තිආදි. තත්ථ කාය නුත්ථාති කතමාය නු කථාය සන්නිසින්නා භවථාති අත්ථො. කාය නෙත්ථාතිපි පාළි, තස්සා කතමාය නු එත්ථාති අත්ථො කාය නොත්ථාතිපි පාළි. තස්සාපි පුරිමොයෙව අත්ථො.
එසේ වැඩහුන් සේක් දැන දැනම කථාවක් ඇතිකරවීම පිණිස භික්ෂූන්ගෙන් විචාළ සේක. ඔවුහුද උන්වහන්සේට සියල්ල කීහ. එහෙයින් කියන ලදි. ‘නිසජ්ජ ඛො භගවා’ ආදිය. එහි, ‘කායනුත්ථ’ යනු කවර කථාවකින්. සන්නිසින්නා හුන්නහුද යන අර්ථයි. කායනෙත්ථ යනුද පෙළය. එහි අර්ථය මෙහි කුමක් කරමින් සිටියාහුද යනුයි. ‘කායනොත්ථා’ යනුවෙන්ද පාඨයක් වෙයි. එහි අර්ථයද පෙරසේමය.
අන්තරාකථාති, කම්මට්ඨානමනසිකාරඋද්දෙසපරිපුච්ඡාදීනං අන්තරා අඤ්ඤා එකා කථා. විප්පකතාති, මම ආගමනපච්චයා අපරිනිට්ඨිතා සිඛං අප්පත්තා. තෙන කිං දස්සෙති? “නාහං තුම්හාකං කථාභඞ්ගත්ථං ආගතො, අහං පන සබ්බඤ්ඤුතාය තුම්හාකං කථං නිට්ඨාපෙත්වා මත්ථකප්පත්තං කත්වා දස්සාමීති ආගතො”ති නිසජ්ජෙව සබ්බඤ්ඤුපවාරණං පවාරෙති. අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා, අථ භගවා අනුප්පත්තොති එත්ථාපි අයමධිප්පායො. අයං භන්තෙ අම්හාකං භගවතො සබ්බඤ්ඤුතඤ්ඤාණං ආරබ්භ ගුණකථා විප්පකතා, න රාජකථාදිකා තිරච්ඡානකථා, අථ භගවා අනුප්පත්තො; තං නො ඉදානි නිට්ඨාපෙත්වා දෙසෙථාති.
අන්තරා කථා යනු කම්මට්ඨාන, මනසිකාර, උද්දෙස, පරිපුච්ඡා ආදීන්ට අමතර අතුරු කථාවක් විප්පකථා යනු මාගේ පැමිණීම හේතුකොටගෙන අවසන් නොවූ මුදුන්පත් නොවූ. එයින් කුමක් දක්වාද? ‘මම ඔබගේ කථාව බිඳදැමීමට පැමිණියෙම් නොවෙමි. මම වනාහි සර්වඥ බැවින් ඔබගේ කථාව නිමකොට මුදුන්පත් කොට දක්වමියි පැමිණියෙමි’ හිඳගෙනම සර්වඥ පවාරණය කරමි. අයං ඛො නො භන්තෙ අන්තරා කථා විප්පකථා, අථ භගවා අනුප්පත්තො ස්වාමීනි, අපගේ අතුරුකථාව බිඳිණ. එවිට භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක. මෙහිද මේ අදහසයි. ‘ස්වාමීනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥතා ඥානය අරබයා ගුණකථාව බිණින. එය රාජකථා ආදී වූ තිරච්ඡාන කථාවක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ එවිට පැමිණි සේක. අපට දැන් එය නිමවා දෙනු මැනවි.’
එත්තාවතා ච යං ආයස්මතා ආනන්දෙන කමලකුවලයුජ්ජලවිමලසාධුරසසලිලාය පොක්ඛරණියා සුඛාවතරණත්ථං නිම්මලසිලාතලරචනවිලාසසොභිතරතනසොපානං, විප්පකිණ්ණමුත්තාතලසදිසවාලුකාකිණ්ණපණ්ඩරභූමිභාගං තිත්ථං විය සුවිභත්තභිත්තිවිචිත්රවෙදිකාපරික්ඛිත්තස්ස නක්ඛත්තපථං ඵුසිතුකාමතාය විය, විජම්භිතසමුස්සයස්ස පාසාදවරස්ස සුඛාරොහණත්ථං දන්තමයසණ්හමුදුඵලකකඤ්චනලතාවිනද්ධමණිගණප්පභාසමුදයුජ්ජලසොභං සොපානං විය, සුවණ්ණවලයනූපුරාදිසඞ්ඝට්ටනසද්දසම්මිස්සිතකථිතහසිතමධුරස්සරගෙහජනවිචරිතස්ස උළාරිස්සරිවිභවසොභිතස්ස මහාඝරස්ස සුඛප්පවෙසනත්ථං සුවණ්ණරජතමණිමුත්තපවාළාදිජුතිවිස්සරවිජ්ජොතිතසුප්පතිට්ඨිතවිසාලද්වාරබාහං මහාද්වාරං විය ච අත්ථබ්යඤ්ජනසම්පන්නස්ස බුද්ධගුණානුභාවසංසූචකස්ස ඉමස්ස සුත්තස්ස සුඛාවගහණත්ථං කාලදෙසදෙසකවත්ථුපරිසාපදෙසපටිමණ්ඩිතං නිදානං භාසිතං, තස්සත්ථවණ්ණනා සමත්තාති.
මෙපමණකින් ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් නෙළුම් ඕලු මලින් බබලන නිමල මිහිරි ජලයෙන් යුතු පොකුණට පහසුවෙන් බැසගැනීම පිණිස නිමල සෙල් පුවරුවෙහි කැටයම් කළ සෝපාන පන්තියක් ඇති විසිරුණු මුතුදැල් බඳු වැලි අතුළ බිම්කඩකින් යුත් තීර්ථයක් බඳු, මැනවින් බෙදූ බිත්ති විචිත්‍ර වේදිකාවෙන් වටකරන ලද අහස සිඹිනු කැමැත්තෙන් මෙන් සවිමත්ව ගොඩනැගූ උතුම් පහයට පහසුවෙන් නගිනු පිණිස ඇත්දළින් මුදු සුමට පුවරුව කසුන්වැලින් නැමුණු මාණික්‍ය ගණයාගේ පැහැ රසින් දිදුලන සෝභා ඇති සෝපානයක් මෙන්. රන්වළලු නූපුර ආදිය ගැටෙන හඬින් මුසු වූ කතා සිනා මිහිරිසර ඇති ගෙයි ජනයා හැසිරෙන උදාර ඓශ්වර්යය සම්පතින් සෝභමාන වූ මහා ගෘහයට සැපසේ පිවිසෙනු පිණිස රන් රිදී මැණික් මුතු පබළු ආදීන්ගේ කිරණින් බැබලුණු මනාසේ පිහිටි විශාල දොරබා ඇති මහා ද්වාරය මෙන්, අර්ථ ව්‍යංජන සහිත බුද්ධ ගුණානුභාවය මැනවින් කියැවෙන මේ සූත්‍රයට මැනවින් බැසගනු පිණිස කාල දේස දේසක, වත්ථු, පරිසා අපදේසයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ නිදානය යම් නිදානයක් කියන ලද්දේ ද, එහි අර්ථ වර්ණනාව සමාප්තය.
නිදාන කථා නිමියේ ය.
ඉදානි – “මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්යු”න්තිආදිනා නයෙන භගවතා නික්ඛිත්තස්ස සුත්තස්ස වණ්ණනාය ඔකාසො අනුප්පත්තො. සා පනෙසා සුත්තවණ්ණනා. යස්මා සුත්තනික්ඛෙපං විචාරෙත්වා වුච්චමානා පාකටා හොති, තස්මා සුත්තනික්ඛෙපං තාව විචාරයිස්සාම. චත්තාරො හි සුත්තනික්ඛෙපා – අත්තජ්ඣාසයො, පරජ්ඣාසයො, පුච්ඡාවසිකො, අට්ඨුප්පත්තිකොති.
දැන් ‘මහණෙනි, මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං ආදී නයින් භාග්‍යවතුන් වහන්සේ විසින් බහාතබන ලද සූත්‍රයෙහි වර්ණනාවට අවකාශය පැමිණියේය. ඒ සූත්‍ර වර්ණනාව සූත්‍ර නික්ෂේපය විචාරා කියනු ලබන්නේ පැහැදිලි වන්නේ ද ඒ නිසා සූත්‍ර නික්ෂේපය විචාරනෙමි. සූත්‍ර නික්ෂේපය සතරකි. ‘අත්තජ්ඣාසය, පරජ්ඣාසය, පුච්ඡාවසක, අට්ඨුප්පත්තික’ යනුවෙන්
තත්ථ යානි සුත්තානි භගවා පරෙහි අනජ්ඣිට්ඨො කෙවලං අත්තනො අජ්ඣාසයෙනෙව කථෙසි; සෙය්යථිදං, ආකඞ්ඛෙය්‍යසුත්තං, වත්ථසුත්තං, මහාසතිපට්ඨානං, මහාසළායතනවිභඞ්ගසුත්තං, අරියවංසසුත්තං, සම්මප්පධානසුත්තන්තහාරකො, ඉද්ධිපාදඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගසුත්තන්තහාරකොති එවමාදීනි; තෙසං අත්තජ්ඣාසයො නික්ඛෙපො.
එහි යම් සූත්‍රාන්ත භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන් විසින් අනාරාධිතව තම කැමැත්තෙන් කියන සේක. ඒ කෙසේද යත්, ආකංඛෙය්‍ය සූත්‍රය, වත්ථ සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, මහා සළායතන විභංග සූත්‍රය, අරියවංස සූත්‍රය, සම්මප්පධාන සූත්‍රාන්ත හාරක, ඉද්ධිපාද ඉන්ද්රියබල, බොජ්ඣංග මග්ගංග සූත්‍රාන්ත හාරක ආදිය. එහි තම කැමැත්ත බහා තැබීමයි.
යානි පන “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනියා ධම්මා; යංනූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්ය”න්ති; (සං· නි· 4.121) එවං පරෙසං අජ්ඣාසයං ඛන්තිං මනං අභිනීහාරං බුජ්ඣනභාවඤ්ච අවෙක්ඛිත්වා පරජ්ඣාසයවසෙන කථිතානි; සෙය්යථිදං, චූළරාහුලොවාදසුත්තං, මහාරාහුලොවාදසුත්තං, ධම්මචක්කප්පවත්තනං, ධාතුවිභඞ්ගසුත්තන්ති එවමාදීනි; තෙසං පරජ්ඣාසයො නික්ඛෙපො.
‘රාහුලගේ විමුක්තිය මුහුකුරා යන ධර්ම මුහුකුරා ගොස් ඇත. මත්තෙහි රාහුලආශ්රවක්ෂයයෙහි හික්මවන්නේ නම් මැනවි’යයි මෙසේ අනුන්ගේ අධ්‍යාශය, ඉවසීම, මනස අභිනීහාරය අවබෝධ කරන බව බලා අනුන්ගේ අධ්‍යාශය වශයෙන් කියන ලද්දේය. ඒ කෙසේද යත්, චූළරාහුලෝවාද සූත්‍රය, මහාරාහුලෝවාද සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, ධාතු විභංග සූත්‍රය ආදිය එහි පෙර අධ්‍යාශය බහාතැබීමයි.
භගවන්තං පන උපසඞ්කමිත්වා චතස්සො පරිසා, චත්තාරො වණ්ණා, නාගා, සුපණ්ණා, ගන්ධබ්බා, අසුරා, යක්ඛා, මහාරාජානො, තාවතිංසාදයො දෙවා, මහාබ්රහ්මාති එවමාදයො – “බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගා”ති, භන්තෙ, වුච්චන්ති. “නීවරණා නීවරණා”ති, භන්තෙ, වුච්චන්ති; “ඉමෙ නු ඛො, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා”. “කිං සූධ විත්තං පුරිසස්ස සෙට්ඨ”න්තිආදිනා නයෙන පඤ්හං පුච්ඡන්ති. එවං පුට්ඨෙන භගවතා යානි කථිතානි බොජ්ඣඞ්ගසංයුත්තාදීනි, යානි වා පනඤ්ඤානිපි දෙවතාසංයුත්ත-මාරසංයුත්ත-බ්‍රහ්මසංයුත්ත-සක්කපඤ්හ-චූළවෙදල්ල-මහාවෙදල්ල-සාමඤ්ඤඵල-ආළවක-සූචිලොම-ඛරලොමසුත්තාදීනි; තෙසං පුච්ඡාවසිකො නික්ඛෙපො.
සිව් පිරිස, චතුර් වර්ග, නාග, සුපර්ණ, ගාන්ධර්ව, අසුර, යක්ෂ, මහ රජවරු, තාවතිංස ආදී දෙවිවරු, මහා බ්‍රහ්ම ආදීහු භාග්‍යවතුන් කරා එළඹ, ‘ස්වාමීනි, බොජ්ඣංග බොජ්ඣංග’ යයි කියනු ලැබේ.‘නීවරණ නීවරණ’යයි කියනු ලැබේ. ‘ස්වාමීනි, මේවා පංච උපාදාන ස්කන්ධද, පුරුෂයාට කුමන ධනයක් ශ්‍රේෂ්ඨද ආදී නයින් ප්‍රශ්න අසත්. මෙසේ අසනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බොජ්ඣංග සංයුත්ත ආදිය කියන ලදද, අන් දෙවතා සංයුත්ත,මාර සංයුත්ත, බ්‍රහ්ම සංයුත්ත, සක්කපඤ්හ, චුල්ලවෙදල්ල, මහාවේදල්ල, සාමඤ්ඤඵල, ආලවක සුචිලොම ඛරලොම සූත්‍ර ආදිය කියන ලදද, ඔවුන්ගේ පුච්ඡාවසිකය බහාතැබීමයි.
යානි පන තානි උප්පන්නං කාරණං පටිච්ච කථිතානි, සෙය්යථිදං – ධම්මදායාදං, චූළසීහනාදං, චන්දූපමං, පුත්තමංසූපමං, දාරුක්ඛන්ධූපමං, අග්ගික්ඛන්ධූපමං, ඵෙණපිණ්ඩූපමං, පාරිච්ඡත්තකූපමන්ති එවමාදීනි; තෙසං අට්ඨුප්පත්තිකො නික්ඛෙපො.
උපන් කරුණ නිසා යම් සූත්‍ර කියන ලද ද, ඒ කෙසේද යත්, ධම්ම දායාද, චුල්ල සීහනාද, චන්දූපම, පුත්ත මංසුපම, දාරුක්ඛන්ධුපම, අග්ගික්ඛන්ධූපම, ඓණපිණ්ඩුපම, පාරිච්ඡත්තකුපම ආදිය. එහි අට්ඨුප්පත්ති බහාතැබීමයි.
එවමෙතෙසු චතූසු නික්ඛෙපෙසු ඉමස්ස සුත්තස්ස අට්ඨුප්පත්තිකො නික්ඛෙපො. අට්ඨුප්පත්තියා හි ඉදං භගවතා නික්ඛිත්තං. කතරාය අට්ඨුප්පත්තියා? වණ්ණාවණ්ණෙ. ආචරියො රතනත්තයස්ස අවණ්ණං අභාසි, අන්තෙවාසී වණ්ණං. ඉති ඉමං වණ්ණාවණ්ණං අට්ඨුප්පත්තිං කත්වා දෙසනාකුසලො භගවා – “මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්යු”න්ති දෙසනං ආරභි. තත්ථ මමන්ති, සාමිවචනං, මමාති අත්ථො. වාසද්දො විකප්පනත්ථො. පරෙති, පටිවිරුද්ධා සත්තා. තත්රාති යෙ අවණ්ණං වදන්ති තෙසු.
මෙසේ මේ නික්ෂේපසතර අතුරින් මේ සූත්‍රයෙහි අට්ඨුප්පත්ති නික්ඛේපයවෙයි. අට්ඨුප්පත්තියෙහි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් බහාතබන ලදී. කවර අට්ඨුප්පත්තියකද? වර්ණ අවර්ණයෙහි ගුරුවරයා තෙරුවන්හි අගුණ කීය. අතවැසියා ගුණ කීය. මෙසේ මේ වර්ණ අවර්ණ අට්ඨුප්පත්තිකොට දේශනාවෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ ‘මමං වා භික්ඛවෙ පරෙ අවණ්ණං භාසෙය්යුං’යනුවෙන් දේශනාව ආරම්භ කළ සේක. එහි මමං යනු ඡට්ඨි වචනයි. මම මගේ යන අර්ථයි. වා ශබ්දය විකල්පාර්ථයි. පරෙ යනු ප්‍රතිවිරුද්ධ සත්ත්වයෝය. තත්ර යනු යමෙක් අගුණ කියන්ද ඔවුන් කෙරෙහි.
න ආඝාතොතිආදීහි කිඤ්චාපි තෙසං භික්ඛූනං ආඝාතොයෙව නත්ථි, අථ ඛො ආයතිං කුලපුත්තානං ඊදිසෙසුපි ඨානෙසු අකුසලුප්පත්තිං පටිසෙධෙන්තො ධම්මනෙත්තිං ඨපෙති. තත්ථ ආහනති චිත්තන්ති ‘ආඝාතො’; කොපස්සෙතං අධිවචනං. අප්පතීතා හොන්ති තෙන අතුට්ඨා අසොමනස්සිකාති අප්පච්චයො; දොමනස්සස්සෙතං අධිවචනං. නෙව අත්තනො න පරෙසං හිතං අභිරාධයතීති අනභිරද්ධි; කොපස්සෙතං අධිවචනං. එවමෙත්ථ ද්වීහි පදෙහි සඞ්ඛාරක්ඛන්ධො, එකෙන වෙදනාක්ඛන්ධොති ද්වෙ ඛන්ධා වුත්තා. තෙසං වසෙන සෙසානම්පි සම්පයුත්තධම්මානං කාරණං පටික්ඛිත්තමෙව.
න ආඝාතො ආදී තන්හිද, ඒ භික්ෂූන්ට ආඝාතයක් නම් නැත. ඉක්බිති නැවත කුලපුත්‍රයන්ට මෙබඳු තැන්වලදී ද අකුශලයට පැමිණීම ප්‍රතිශේධනය කරන සේක් ධර්ම නියාමය තැබූ සේක. එහි සිත කෝප ගන්වතියි ආඝාතො කෝපයට සම වචනයකි. එයින් නොසතුටු වෙත්. අසන්තෝෂ වෙත්. දොම්නස් වෙත්නුයි අප්පච්චයො දොම්නසට සම වචනයකි. තමන්ගේ ද අනුන්ගේ ද යහපත කැමති වෙයි යනු අනභිරද්ධි කෝපයට සම වචනයකි. මෙසේ මෙහි පද දෙකින් සංස්කාර ස්කන්ධය ද එකකින් වේදනා ස්කන්ධය ද යනුවෙන් ස්කන්ධ දෙක කියන ලදී. ඔවුන්ගේ වශයෙන් සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ කරුණ ප්‍රතික්ෂේප කරන ලද්දේ ම ය.
එවං පඨමෙන නයෙන මනොපදොසං නිවාරෙත්වා, දුතියෙන නයෙන තත්ථ ආදීනවං දස්සෙන්තො ආහ – “තත්ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස්ස තෙන අන්තරායො”ති. තත්ථ ‘තත්ර චෙ තුම්හෙ අස්සථා’ති තෙසු අවණ්ණභාසකෙසු, තස්මිං වා අවණ්ණෙ තුම්හෙ භවෙය්‍යාථ චෙ; යදි භවෙය්යාථාති අත්ථො. ‘කුපිතා’ කොපෙන, අනත්තමනා දොමනස්සෙන. ‘තුම්හං යෙවස්ස තෙන අන්තරායො’ති තුම්හාකංයෙව තෙන කොපෙන, තාය ච අනත්තමනතාය පඨමජ්ඣානාදීනං අන්තරායො භවෙය්ය.
මෙසේ පළමුවැනි ක්‍රමයෙන් මනෝපදෝෂය වළක්වා දෙවැන්නෙන් එහි. ආදීනව දක්වන සේක් මෙසේ වදාළහ. තත්ර චෙ තුම්හෙ අස්සථ කුපිතාවා අනත්තමනාවා, තුම්හඤ්ඤෙවස්ස තෙන අන්තරායො ඉදින් එහිදී තොප කුපිත වූවෝ වන්නහුද, නොසතුටු වූවෝ හෝ වන්නහුද, එයින් තොපට ම අන්තරාය වෙයි. එහි තත්ර චෙ තුම්හෙ අස්සථ යනු ඒ අගුණ කියන්නන් අතර හෝ ඒ අගුණයෙහි හෝ, තොප වන්නහු නම්, යම්හෙයකින් වන්නහු නම් යන අර්ථයි. කුපිතා කෝපයෙන් අනත්තමනා දොම්නසින්. තුම්හඤ්ඤෙවස්ස තෙන අන්තරායො තොපට ම ඒ කෝපයෙන් ඒ අසතුටු බැවින් ප්‍රථමධ්‍යාන ආදීන්ට අන්තරාය වන්නේ ය.
එවං දුතියෙන නයෙන ආදීනවං දස්සෙත්වා, තතියෙන නයෙන වචනත්ථසල්ලක්ඛණමත්තෙපි අසමත්ථතං දස්සෙන්තො – “අපි නු තුම්හෙ පරෙස”න්තිආදිමාහ. තත්ථ පරෙසන්ති යෙසං කෙසං චි. කුපිතො හි නෙව බුද්ධපච්චෙකබුද්ධඅරියසාවකානං, න මාතාපිතූනං, න පච්චත්ථිකානං සුභාසිතදුබ්භාසිතස්ස අත්ථං ආජානාති. යථාහ –
මෙසේ දෙවැනි ක්‍රමයෙන් ආදීනව දක්වා තෙවැන්නෙන් වචනාර්ථ සැලකීම් මාත්රයෙක්හිද අසමර්ථ බව දක්වන සේක් අපිනු තුම්හෙ පරෙසං ආදිය කීහ. එහි පරෙසං යනු කිසියම් කෙනෙකුට කුපිත වූයේ බුදු පසේබුදු ආර්ය ශ්‍රාවකයන්ගේ, මව්පියන්ගේ, සතුරන්ගේ සුභාෂිත දුර්භාෂිතයන්හි අර්ථය නොදනී.
“කුද්ධො අත්ථං න ජානාති, කුද්ධො ධම්මං න පස්සති; අන්ධං තමං තදා හොති, යං කොධො සහතෙ නරං.
කිපුණේ අරුත නොදනී - කිපුණේ දහම් නොදකී ක්‍රෝධ මිනිසා ඉවසන්නේ නම් එකල අන්ධකාරය වෙයි.
අනත්ථජනනො කොධො, කොධො චිත්තප්පකොපනො; භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣතී”ති. (අ· නි· 7.64);
ක්‍රෝධය අනර්ථය උපදවයි - ක්‍රෝධය සිත් ප්‍රකෝප කරන්නකි. අනතුරුව බිය හටගත් ජනයා අවබෝධ නොකරයි.
එවං සබ්බථාපි අවණ්ණෙ මනොපදොසං නිසෙධෙත්‍වා ඉදානි පටිපජ්ජිතබ්බාකාරං දස්සෙන්තො – “තත්ර තුම්හෙහි අභූතං අභූතතො”තිආදිමාහ.
මෙසේ සැම අයුරින් ම අගුණයෙහි මනෝපදෝෂය නිෂේධනය කොට දැන් පිළිපැදිය යුතු ආකාරය දක්වන සේක් තත්රතුම්හෙහි අභූතං අභූතතො ආදිය කී සේක.
තත්ථ තත්ර තුම්හෙහීති, තස්මිං අවණ්ණෙ තුම්හෙහි. අභූතං අභූතතො නිබ්බෙඨෙතබ්බන්ති යං අභූතං, තං අභූතභාවෙනෙව අපනෙතබ්බං. කථං? ඉතිපෙතං අභූතන්තිආදිනා නයෙන. තත්රායං යොජනා – “තුම්හාකං සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො දුරක්ඛාතො, සඞ්ඝො දුප්පටිපන්නො”තිආදීනි සුත්වා න තුණ්හී භවිතබ්බං. එවං පන වත්තබ්බං – “ඉති පෙතං අභූතං, යං තුම්හෙහි වුත්තං, තං ඉමිනාපි කාරණෙන අභූතං, ඉමිනාපි කාරණෙන අතච්ඡං, ‘නත්ථි චෙතං අම්හෙසු’, ‘න ච පනෙතං අම්හෙසු සංවිජ්ජති’, සබ්බඤ්ඤූයෙව අම්හාකං සත්ථා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො, තත්ර ඉදඤ්චිදඤ්ච කාරණ”න්ති. එත්ථ ච දුතියං පදං පඨමස්ස, චතුත්ථඤ්ච තතියස්ස වෙවචනන්ති වෙදිතබ්බං. ඉදඤ්ච අවණ්ණෙයෙව නිබ්බෙඨනං කාතබ්බං, න සබ්බත්ථ. යදි හි “ත්වං දුස්සීලො, තවාචරියො දුස්සීලො, ඉදඤ්චිදඤ්ච තයා කතං, තවාචරියෙන කත”න්ති වුත්තෙ තුණ්හීභූතො අධිවාසෙති, ආසඞ්කනීයො හොති. තස්මා මනොපදොසං අකත්වා අවණ්ණො නිබ්බෙඨෙතබ්බො. “ඔට්ඨොසි, ගොණොසී”තිආදිනා පන නයෙන දසහි අක්කොසවත්ථූහි අක්කොසන්තං පුග්ගලං අජ්ඣුපෙක්ඛිත්වා අධිවාසනඛන්තියෙව තත්ථ කාතබ්බා.
එහි තත්රතුම්හෙහි යනු ඒ අගුණයෙහි තොප විසින්. අභූතං අභූතතො නිබ්බෙඨෙ තබ්බං යමක් නොවීද, එය නොවූ ස්වරූපයෙන්ම ඉවත්කළ යුතුය. කෙසේද? ඉතිපෙතං අභූතං ආදී ක්රමයෙන්මේ එහි යෙදුමයි. තොපගේ ශාස්තෲහු සර්වඥ නොවෙති. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා දුෂ්ප්රතිපන්නය. ආදිය අසා නිශ්ශබ්ද නොවිය යුතුයි. මෙසේද කිවයුතුයි. ඉතිපෙතං අභූතංයමක් තොප විසින් කියන ලද ද එය මේ කාරණයෙන් ද අභූතය. මේ කාරණයෙන් ද අභූතය. අතච්ඡං මෙය අප කෙරෙහි ද නැත. අප කෙරෙහි ද මෙය නොපෙනේ. අපගේ ශාස්තෲන් වහන්සේ සර්වඥමය. ධර්මය ස්වාක්ඛාතය. සංඝයා සුප්‍රතිපන්නය. මෙහි මේ කරුණද ඇත. මෙහිද දෙවැනි පදය පළමුවැන්නටද සිව්වැන්න තෙවැන්නටද වෙනත් වචනයක් බව දතයුතුය. මෙයද අගුණයෙහිම ලා විස්තර කළ යුතුය. සැමතන්හි නොවේ. ඔබ දුස්සීලයෙක් නොවේනම්, ගුරුවරයාද දුස්සීලයෙක් නොවේනම්, ඔබ විසින් මේ මේ දේවල් කරන ලදී. ගුරුවරයා විසින් මේ මේ දේවල් කරන ලද්දේ යයි කීවිට නිශ්ශබ්දව ඉවසයි. සැක කටයුතු වෙයි. ඒ නිසා මනෝපදෝෂය නොකොට අගුණ විස්තර කළ යුතුය. ‘ඔටුවාද ගොනෙක් විය’ආදී ක්‍රමයෙන් දශ අක්‍රෝශ වස්තූන්ගෙන් අක්‍රෝශ කරන පුද්ගලයා ගැන සැලකිලිමත්ව අධිවාසන ක්ෂාන්තියම එහිදී කළයුතුය.
එවං අවණ්ණභූමියං තාදිලක්ඛණං දස්සෙත්වා ඉදානි වණ්ණභූමියං දස්සෙතුං “මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්යු”න්තිආදිමාහ. තත්ථ පරෙති යෙ කෙචි පසන්නා දෙවමනුස්සා. ආනන්දන්ති එතෙනාති ආනන්දො, පීතියා එතං අධිවචනං. සුමනස්ස භාවො සොමනස්සං, චෙතසිකසුඛස්සෙතං අධිවචනං. උප්පිලාවිනො භාවො උප්පිලාවිතත්තං. කස්ස උප්පිලාවිතත්තන්ති? චෙතසොති. උද්ධච්චාවහාය උප්පිලාපනපීතියා එතං අධිවචනං. ඉධාපි ද්වීහි පදෙහි සඞ්ඛාරක්ඛන්ධො, එකෙන වෙදනාක්ඛන්ධො වුත්තො.
මෙසේ අගුණ තලයෙහි තාදි ලක්ෂණය දක්වා දැන් ගුණ තලයෙහි දක්වන්ට මමං වාභික්ඛවෙපරෙ වණ්ණං භාසෙය්යුං ආදිය කී සේක. එහිපරෙ යනු යම් පැහැදුණු දෙව් මිනිස්සු. මෙයින් ආනන්දයට පත්වේනුයි ආනන්දො, ප්‍රීතියට මෙය සමාන වචනයකි. සොම්නස් බව = සොමනස්සං, මේ චෛතසික සුවයට සමාන වචනයකි. සතුටට පත් වූවහුගේ ස්වභාවය උබ්බිල්ලා විතත්තං කාගේ සතුටට පත්වූ බවද? සිතෙහි උඩගු බව අත්හැර උල්පවන ප්‍රීතියට මෙය සමාන වචනයකි. මෙසේ මෙහිද පද දෙකින් සංස්කාර ස්කන්ධයද එකකින් වේදනා ස්කන්ධයද කියන ලදී.
එවං පඨමනයෙන උප්පිලාවිතත්තං නිවාරෙත්වා, දුතියෙන තත්ථ ආදීනවං දස්සෙන්තො – “තත්ර චෙ තුම්හෙ අස්සථා”තිආදිමාහ. ඉධාපි තුම්හං යෙවස්ස තෙන අන්තරායොති තෙන උප්පිලාවිතත්තෙන තුම්හාකංයෙව පඨමජ්ඣානාදීනං අන්තරායො භවෙය්‍යාති අත්ථො වෙදිතබ්බො. කස්මා පනෙතං වුත්තං? නනු භගවතා –
මෙසේ පළමු ක්‍රමයෙන් ඉල්පෙන ප්‍රීතිය වළක්වා දෙවැන්නෙන් එහි ආදීනව දක්වන සේක් තත්ර චෙ තුම්හෙ අස්සථ ආදිය කීහ. මෙහිද තුම්හඤ්ඤෙචස්සතෙන අන්තරායො ඒ ඉල්පෙන ප්‍රීතියෙන් ඔබගේම ප්‍රථමධ්‍යාන ආදීන්ට අන්තරාය වන්නේය යන අර්ථය දතයුතුය. මෙසේ කුමක් නිසා කියන ලද ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලද්දේ නොවේද?
“බුද්ධොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති; වරමෙව හි සා පීති, කසිණෙනාපි ජම්බුදීපස්ස.
බුද්ධයයි කියන යමකුගේ කයෙහි යම් ප්‍රීතියක් වේද ඒ ප්‍රීතිය දඹදිව් කසිණයට වඩා උතුම්ය.
ධම්මොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති; වරමෙව හි සා පීති, කසිණෙනාපි ජම්බුදීපස්ස.
ධර්මයයි කියන යමකුගේ කයෙහි යම් ප්‍රීතියක් වේද ඒ ප්‍රීතිය දඹදිව් කසිණයට වඩා උතුම්ය.
සඞ්ඝොති කිත්තයන්තස්ස, කායෙ භවති යා පීති; වරමෙව හි සා පීති, කසිණෙනාපි ජම්බුදීපස්සා”ති ච.
සංඝයයි කියන යමකුගේ කයෙහි යම් ප්‍රීතියක් වේද, ඒ ප්‍රීතිය දඹදිව් කසිණයට වඩා උතුම්ය.
“යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා”ති ච එවමාදීහි අනෙකසතෙහි සුත්තෙහි රතනත්තයෙ පීතිසොමනස්සමෙව වණ්ණිතන්ති. සච්චං වණ්ණිතං, තං පන නෙක්ඛම්මනිස්සිතං. ඉධ – “අම්හාකං බුද්ධො, අම්හාකං ධම්මො”තිආදිනා නයෙන ආයස්මතො ඡන්නස්ස උප්පන්නසදිසං ගෙහස්සිතං පීතිසොමනස්සං අධිප්පෙතං. ඉදඤ්හි ඣානාදිපටිලාභාය අන්තරායකරං හොති. තෙනෙවායස්මා ඡන්නොපි යාව බුද්ධො න පරිනිබ්බායි, තාව විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි, පරිනිබ්බානකාලෙ පඤ්ඤත්තෙන පන බ්රහ්මදණ්ඩෙන තජ්ජිතො තං පීතිසොමනස්සං පහාය විසෙසං නිබ්බත්තෙසි. තස්මා අන්තරායකරංයෙව සන්ධාය ඉදං වුත්තන්ති වෙදිතබ්බං. අයඤ්හි ලොභසහගතා පීති. ලොභො ච කොධසදිසොව. යථාහ –
‘මහණෙනි, යමෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර වූ තන්හි පැහැදුණෝය.’ආදී නොයෙක් සියගණන් සූත්‍රයන්ගෙන් තෙරුවන් කෙරෙහි ප්‍රීති සොම්නස ම වර්ණනා කරන ලද්දේ නොවේද? සත්‍යය, වර්ණනා කරන ලද්දේය. එය වනාහි නෛෂ්ක්‍රම්‍යයට නැඹුරු වූවකි. මෙහි ‘අපගේ බුදුහාමුදුරුවෝ, අපගේ ධර්මය’ආදී ක්‍රමයෙන් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට උපන්නාක් වැනි ගෘහාශ්‍රිත ප්රීතිසෝමනස්ස අදහස් කරන ලදී. මෙය වනාහි ධ්‍යානාදිය ලැබීම පිණිස අන්තරායකර වෙයි. ඒ නිසාම ආයුෂ්මත් ඡන්න තෙරණුවෝද බුදුන් පිරිනිවන් නොපානා තෙක් විශේෂයක් නිපදවා ගන්ට අසමත් වූහ. පිරිනිවන්පානා කල්හි පනවන ලද බ්‍රහ්මදණ්ඩයෙන් බියපත්ව ඒ ප්‍රීති සෝමනස්ස හැර ඒ විශේෂය නිපදවා ගත්හ. ඒ නිසා අන්තරායකර බව ම සඳහා මෙය කියන ලද්දේ යයි දතයුතුය. මේ නම් ලෝභ සහගත ප්‍රීතියයි. ලෝභයද ක්‍රෝධය හා සමානය.
“ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සති; අන්ධං තමං තදා හොති, යං ලොභො සහතෙ නරං.
ලෝභියා අරුත නොදනී - ලෝභියා දහම් නොදකී ලෝභය මිනිසා ඉවසන්නේ නම් එකල අන්ධකාරය වෙයි.
අනත්ථජනනො ලොභො, ලොභො චිත්තප්පකොපනො; භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣතී”ති. (ඉතිවු· 88);
ලෝභය අනර්ථය උපදවයි - ලෝභය සිත් ප්‍රකෝප කරන්නකි. අනතුරුව උපන් බිය - ජනයා අවබෝධ නොකරයි.
තතියවාරො පන ඉධ අනාගතොපි අත්ථතො ආගතො යෙවාති වෙදිතබ්බො. යථෙව හි කුද්ධො, එවං ලුද්ධොපි අත්ථං න ජානාතීති.
මෙහි තෙවැනි වාරය නොපැමිණියේ නමුත් අර්ථ වශයෙන් පැමිණියේ යයි දතයුතුය. ක්‍රෝධ වූ තැනැත්තා යම්සේද ලෝහියාද අර්ථය නොදනී.
පටිපජ්ජිතබ්බාකාරදස්සනවාරෙ පනායං යොජනා – “තුම්හාකං සත්ථා සබ්බඤ්ඤූ අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ස්වාක්ඛාතො, සඞ්ඝො සුප්පටිපන්නො”තිආදීනි සුත්වා න තුණ්හී භවිතබ්බං. එවං පන පටිජානිතබ්බං – “ඉතිපෙතං භූතං, යං තුම්හෙහි වුත්තං, තං ඉමිනාපි කාරණෙන භූතං, ඉමිනාපි කාරණෙන තච්ඡං. සො හි භගවා ඉතිපි අරහං, ඉතිපි සම්මාසම්බුද්ධො; ධම්මො ඉතිපි ස්වාක්ඛාතො, ඉතිපි සන්දිට්ඨිකො ; සඞ්ඝො ඉතිපි සුප්පටිපන්නො, ඉතිපි උජුප්පටිපන්නො”ති. “ත්වං සීලවා”ති පුච්ඡිතෙනාපි සචෙ සීලවා, “සීලවාහමස්මී”ති පටිජානිතබ්බමෙව. “ත්වං පඨමස්ස ඣානස්ස ලාභී…පෙ… අරහා”ති පුට්ඨෙනාපි සභාගානං භික්ඛූනංයෙව පටිජානිතබ්බං. එවඤ්හි පාපිච්ඡතා චෙව පරිවජ්ජිතා හොති, සාසනස්ස ච අමොඝතා දීපිතා හොතීති. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
පිළිපැදිය යුතු ආකාරය දක්වන වාරයෙහි මේ යෙදුමයි. ‘තොපගේ ශාස්තෲන් වහන්සේ සර්වඥ අර්හත් සම්මා සම්බුද්ධය. ධර්මය ස්වාක්ඛාතය. සංඝයා සුප්‍රතිපන්නය’යි ආදිය අසා නිශ්ශබ්ද නොවිය යුතුයි. මෙසේ පිළිගත යුතුයි. ඉතිපෙතං භූතං යමක් ඔබ විසින් කියන ලදද එය මේ කරුණින් ද භූතය. මේ කරුණින් ද තච්ඡං තථ්‍යය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවාය. මෙසේද අරහංය. මෙසේද සම්මා සම්බුද්ධය. ධර්මය මෙසේද ස්වාක්ඛාතය. මෙසේද සන්දිට්ඨිකය. සංඝයා මෙසේද සුපටිපන්නය. මෙසේද උජුපටිපන්නය. ‘ඔබ සිල්වත්දැ’යි අසනු ලැබුවහු විසින් ඉදින් සිල්වත් නම් ‘මම සිල්වත්මි’යි පිළිගත යුතුමය. ‘ඔබ ප්රථමධ්යානලාභීද -පෙ- රහත්දැයි අසන ලද්දහු විසින් ද සභාග භික්ෂූන්ටම දැන්විය යුතුය. මෙසේ පාපිච්ඡතාව අත්හරින ලද්දේ වෙයි. සසුනෙහි නොහිස් බවද පෙන්වන ලද්දේ වෙයි. සෙස්ස කියූ පරිදිම දතයුතුය.
චූළසීලවණ්ණනා
අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙති කො අනුසන්ධි? ඉදං සුත්තං ද්වීහි පදෙහි ආබද්ධං වණ්ණෙන ච අවණ්ණෙන ච. තත්ථ අවණ්ණො – “ඉති පෙතං අභූතං ඉති පෙතං අතච්ඡ”න්ති, එත්ථෙව උදකන්තං පත්වා අග්ගිවිය නිවත්තො. වණ්ණො පන භූතං භූතතො පටිජානිතබ්බං – “ඉති පෙතං භූත”න්ති එවං අනුවත්තතියෙව. සො පන දුවිධො බ්රහ්මදත්තෙන භාසිතවණ්ණො ච භික්ඛුසඞ්ඝෙන අච්ඡරියං ආවුසොතිආදිනා නයෙන ආරද්ධවණ්ණො ච. තෙසු භික්ඛුසඞ්ඝෙන වුත්තවණ්ණස්ස උපරි සුඤ්ඤතාපකාසනෙ අනුසන්ධිං දස්සෙස්සති. ඉධ පන බ්රහ්මදත්තෙන වුත්තවණ්ණස්ස අනුසන්ධිං දස්සෙතුං “අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙ”ති දෙසනා ආරද්ධා.
‘අප්පමත්තකො ඛො පනෙතං භික්ඛවෙ’යන්නෙහි අනුසන්ධිය කුමක්ද? මේ සූත්‍රය පද දෙකකින් ගුණයෙන් ද අගුණයෙන් ද එකට බැඳී ඇත. එහි අගුණය ‘ඉතිපෙතං අභූතං, ඉතිපෙතං අතච්ඡං’මෙය මෙසේ අභූතය. මෙසේ මෙය අතථ්‍යය යනුවෙන් මෙහිම ජලය අන්තයට පැමිණි ගිනි මෙන් නැවතිණ. ගුණය වනාහි වූ දෙය වූ අයුරින්ම පිළිගත යුතුය. ‘ඉතිපෙතං භූතං’යනුවෙන් මෙසේ අනුව පවතීමය. එය දෙවැදෑරුම්ය. බ්‍රහ්මදත්ත විසින් කියන ලද ගුණයද භික්ෂු සංඝයා විසින් ‘අච්ඡරියං ආවුසො’ආදී ක්‍රමයෙන් අරඹන ලද ගුණයද ඒ අතරින් භික්ෂු සංඝයා විසින් කියන ලද ගුණයට ඉහළින් ශුන්‍යතා ප්රකාශනයෙහි අනුසන්ධිය දක්වයි. මෙහිදී බ්‍රහ්මදත්ත විසින් කියන ලද ගුණයෙහි අනුසන්ධිය දක්වන්ට, ‘අප්පමත්තකං ඛො පනෙතං භික්ඛවෙ’යනුවෙන් දේශනාව අරඹන ලදී.
තත්ථ අප්පමත්තකන්ති පරිත්තස්ස නාමං. ඔරමත්තකන්ති තස්සෙව වෙවචනං. මත්තාති වුච්චති පමාණං. අප්පං මත්තා එතස්සාති අප්පමත්තකං. ඔරං මත්තා එතස්සාති ඔරමත්තකං. සීලමෙව සීලමත්තකං. ඉදං වුත්තං හොති – ‘අප්පමත්තකං ඛො, පනෙතං භික්ඛවෙ, ඔරමත්තකං සීලමත්තකං’ නාම යෙන “තථාගතස්ස වණ්ණං වදාමී”ති උස්සාහං කත්වාපි වණ්ණං වදමානො පුථුජ්ජනො වදෙය්යාති. තත්ථ සියා – නනු ඉදං සීලං නාම යොගිනො අග්ගවිභූසනං? යථාහු පොරාණා –
එහි ‘අප්ප’යනු අල්ප මඳ යන්නට නමයි. ඔරං යනු එයටම වෙනත් වචනයකි. ‘මත්තා’යනු ප්‍රමාණයයි. එහි මාත්‍රය අල්පය = අප්පමත්තකං, එහි මාත්‍රය පහළනුයි = ඔරමත්තකං සීලයම = සීලමත්තකං, මෙය කියන ලදී. මහණෙනි, මේ සීලය අල්පමාත්‍රය. ‘යමක් නිසා තථාගතයන් වහන්සේගේ ගුණ කියම්දැයි උත්සාහ කොටද ගුණ කියන පෘථග්ජනයා කියන්නේ යයි එහි වන්නේය. මේ ශීලය නම් යෝගියාගේ අග්රභූෂණය නොවේද? පොරාණයෝ කීහු :-
“සීලං යොගිස්ස’ලඞ්කාරො, සීලං යොගිස්ස මණ්ඩනං; සීලෙහි’ලඞ්කතො යොගී, මණ්ඩනෙ අග්ගතං ගතො”ති.
සීලය යෝගාවචරයාට අලංකරණයකි. සීලය යෝගාවචරයාට සැරසිල්ලකි. සීලයන්ගෙන් අලංකෘත වූ යෝගාවචරයා සැරසිල්ලෙහි අග බවට ගියේ වෙයි.
භගවතාපි ච අනෙකෙසු සුත්තසතෙසු සීලං මහන්තමෙව කත්වා කථිතං. යථාහ – “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ච ගරු ච භාවනීයො චා’ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී”ති (ම· නි· 1.65) ච.
භාග්‍යවතුන් වහන්සේ විසින්ද, නොයෙක් සියගණන් සූත්‍රයන්හි ශීලයම මහත්කොට කියන ලද්දේය. යම්සේ කී සේක්ද :- මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය ද මනාපද ගරුකරනු ලබන්නෙක් ද වන්නෙමියි සිතන්නේ නම් ඔහු ශීලයන් සපුරාලන්නෙක් වන්නේය’ තව ද.
“කිකීව අණ්ඩං, චමරීව වාලධිං; පියංව පුත්තං, නයනංව එකකං.
බිජුවට රක්නා කිරළිය මෙන් වලිගය රක්නා සෙමර මුවා මෙන් (මවක්) එකම ප්‍රිය පුත්‍රයා රක්නා මෙන් ද එක් ඇසක් ඇත්තා එය රක්නා මෙන් ද, සීලය රකින්නෝ සැමකල්හි ගරුසරු ඇතිව සුපේශල වවු.
තථෙව සීලං, අනුරක්ඛමානා; සුපෙසලා හොථ, සදා සගාරවා”ති ච.
“න පුප්ඵගන්ධො පටිවාතමෙති; න චන්දනං තග්ගරමල්ලිකා වා.
මල්සුවඳ. සඳුන්, තුවරලා, මලිගිය සුවඳ (දෑසමන්) උඩුසුළඟට නොයයි. සත්පුරුෂයන්ගේ ධර්මය උඩුසුළඟටද යයි. සත්පුරුෂයාගේ සුවඳ සියලු දෙස හමයි.
සතඤ්ච ගන්ධො පටිවාතමෙති; සබ්බා දිසා සප්පුරිසො පවායති.
චන්දනං තගරං වාපි, උප්පලං අථ වස්සිකී; එතෙසං ගන්ධජාතානං, සීලගන්ධො අනුත්තරො.
සඳුන්, තුවරලා, නිලුපුල්, සමන් යන මේ සුවඳ වර්ගයන්ට වඩා සිල්සුවඳ අනුත්තරය.
අප්පමත්තො අයං ගන්ධො, ය්වායං තගරචන්දනං; යො ච සීලවතං ගන්ධො, වාති දෙවෙසු උත්තමො.
තුවරලා සඳුන් යන මේ සුවඳ අල්පමාත්‍රය. සිල්වතුන්ගේ මේ සුවදුක් වේද ඒ උතුම් සුවඳ දෙවියන් අතර හමයි.
තෙසං සම්පන්නසීලානං, අප්පමාදවිහාරිනං; සම්මදඤ්ඤා විමුත්තානං, මාරො මග්ගං න වින්දතී”ති ච. (ධ· ප· 57);
සිල් ඇති අප්රමාදී විහාර ඇති මැනවින් දැන මිදුණවුන් වෙතට මාරයාට යාමට නො හැකිය.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං; ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජට”න්ති ච. (සං· නි· 1.23);
පැණැති මිනිසා සිල්හි පිහිටා සිතද ප්‍රඥාවද වඩමින් කෙලෙස් තවන නිහතමානී භික්ෂුව මේ අවුල ලිහයි.
“සෙය්යථාපි, භික්ඛවෙ, යෙ කෙචි බීජගාමභූතගාමා වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පථවිං නිස්සාය, පථවියං පතිට්ඨාය; එවමෙතෙ බීජගාමභූතගාමා වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්තබොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසූ”ති (සං· නි· 5.150) ච. එවං අඤ්ඤානිපි අනෙකානි සුත්තානි දට්ඨබ්බානි. එවමනෙකෙසු සුත්තසතෙසු සීලං මහන්තමෙව කත්වා කථිතං. තං “කස්මා ඉමස්මිං ඨානෙ අප්පමත්තක”න්ති ආහාති? උපරි ගුණෙ උපනිධාය. සීලඤ්හි සමාධිං න පාපුණාති, සමාධි පඤ්ඤං න පාපුණාති, තස්මා උපරිමං උපනිධාය හෙට්ඨිමං ඔරමත්තකං නාම හොති. කථං සීලං සමාධිං න පාපුණාති? භගවා හි අභිසම්බොධිතො සත්තමෙ සංවච්ඡරෙ සාවත්ථිනගර – ද්වාරෙ කණ්ඩම්බරුක්ඛමූලෙ ද්වාදසයොජනෙ රතනමණ්ඩපෙ යොජනප්පමාණෙ රතනපල්ලඞ්කෙ නිසීදිත්වා තියොජනිකෙ දිබ්බසෙතච්ඡත්තෙ ධාරියමානෙ ද්වාදසයොජනාය පරිසාය අත්තාදානපරිදීපනං තිත්ථියමද්දනං – “උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති…පෙ… එකෙකලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමකූපතො උදකධාරා පවත්තති, ඡන්නං වණ්ණාන”න්තිආදිනයප්පවත්තං යමකපාටිහාරියං දස්සෙති. තස්ස සුවණ්ණවණ්ණසරීරතො සුවණ්ණවණ්ණා රස්මියො උග්ගන්ත්වා යාව භවග්ගා ගච්ඡන්ති, සකලදසසහස්සචක්කවාළස්ස අලඞ්කරණකාලො විය හොති, දුතියා දුතියා රස්මියො පුරිමාය පුරිමාය යමකයමකා විය එකක්ඛණෙ විය පවත්තන්ති.
මහණෙනි, යම්කිසි සත්ත්ව ශාක කෙනෙක් වැඩීමට නැගීමට හා විශේෂත්වයට පැමිණෙත්ද, ඒ සියල්ල පෘථුවිය නිසා පෘථුවිය ප්‍රතිෂ්ඨා කොටගෙන සිටින්ද, එසේම මේ සත්ව ශාකයෝ වැඩීමට නැගීමට විශාලත්වයට පැමිණෙත්. මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංග ධර්මයන් වඩමින් සප්ත බොධ්යංගයෙහි බහුලව යෙදෙන්නේ ධර්මයන්හි මහත්බවට විශාලත්වයට පැමිණේ. මෙසේ නොයෙක් සියගණන් සූත්‍ර දතයුතුය. මෙසේ නොයෙක් සියගණන් සූත්‍රයන්හි ශීලය මහත්කොටම කියන ලදී. මෙතැන්හි ‘අප්පමත්තකං’යයි කීවේ කුමක් නිසාද? ඉහළ ගුණයන් සලකාය. සීලය වනාහි සමාධියට නොපැමිණේ. සමාධිය ප්‍රඥාවට නොපැමිණේ. ඒ නිසා උපරිමය සලකා අවමය ඔරමත්තක නම් වේ. ශීලය සමාධියට නොපැමිණෙන්නේ කුමක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියෙන් සත්වැනි අවුරුද්දෙහි සැවැත්නුවර දොර ගණ්ඩම්බ රුක්මුල්හි දොළොස් යොදුන් රුවන් මණ්ඩපයෙහි යොදුනක් පමණ වූ පර්යංකයෙහි වැඩහිඳ, තුන්යොදුන් දිවසේසත දරද්දී දොළොස් යොදුනක් තැන පිරී සිටි පිරිසට, ආත්මය ගැනීම පැහැදිලි කරන මිසදිටුවන් මඩින ‘උඩුකයින් ගිනිකඳ පවතී. යටිකයින් දියදහරා පවතී -පෙ- එක් එක් රෝමකූපයෙන් ගිනිකඳ පවතී. එක් එක් රෝමකූපයෙන් සවණක් දිහදහරා පවතී’යන ක්‍රමයෙන් පැවති යමක මහා ප්රාතිහාර්යය පෙන්වූ සේක. උන්වහන්සේගේ රන්වන් සිරුරින් රන්වන් රැස් නැගී භවාග්‍රය තෙක් යයි. සියල් දසදහස් සක්වල එලිය කරන කලක් මෙන් වෙයි. දෙවැනිව දෙවැනිව යන රශ්මිය පළමුව පළමුව ගිය රැසට යුගල යුගලව මෙන් එකෙණෙහි මෙන් වෙයි.
ද්වින්නඤ්ච චිත්තානං එකක්ඛණෙ පවත්ති නාම නත්ථි. බුද්ධානං පන භගවන්තානං භවඞ්ගපරිවාසස්ස ලහුකතාය පඤ්චහාකාරෙහි ආචිණ්ණවසිතාය ච, තා එකක්ඛණෙ විය පවත්තන්ති. තස්සා තස්සා පන රස්මියා ආවජ්ජනපරිකම්මාධිට්ඨානානි විසුං විසුංයෙව.
දෙකකට දෙකක් එක්වර පැවැත්මක් නැත. බුදුවරුන්ගේ භවාංග පරිවාසය ලුහු බැවින් පස් අයුරකින් පුරුදු කළ වශීබවද නිසා ඒවා එක් ක්ෂණයකදී මෙන් පවතී. ඒ ඒ රශ්මියෙහි ආවර්ණ පරිකර්ම අධිෂ්ඨාන වෙන් වෙන්ව පවතී.
නීලරස්මිඅත්ථාය හි භගවා නීලකසිණං සමාපජ්ජති, පීතරස්මිඅත්ථාය පීතකසිණං, ලොහිතඔදාතරස්මිඅත්ථාය ලොහිතඔදාතකසිණං, අග්ගික්ඛන්ධත්ථාය තෙජොකසිණං, උදකධාරත්ථාය ආපොකසිණං සමාපජ්ජති. සත්ථා චඞ්කමති, නිම්මිතො තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙතීති සබ්බං විත්ථාරෙතබ්බං. එත්ථ එකම්පි සීලස්ස කිච්චං නත්ථි, සබ්බං සමාධිකිච්චමෙව. එවං සීලං සමාධිං න පාපුණාති.
නිල්වන් රැස් සඳහා භාග්‍යවතුන් වහන්සේ නීල කසිණයට සමවදින සේක. කහ වන් රැස් සඳහා ඕදාත කසිණයටද, ගිනිකඳ සඳහා තෙජෝ කසිණයටද, දියදහරා සඳහා ආපෝ කසිණයටද සමවදින සේක. ශාස්තෲන් වහන්සේ සක්මන් කරන සේක. නිර්මිතිය සිටී හෝ හිඳී හෝ නින්දට යයි යනුවෙන් සියල්ල විස්තර කළ යුතුය. මෙහි සීලයට කළ හැකි කිසිදු කාර්යයක් නැත. සියල්ල සමාධි කෘත්‍යමය. ශීලය සමාධියට නොපැමිණෙන්නේ මෙසේය.
යං පන භගවා කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙත්වා, එකූනතිංසවස්සකාලෙ චක්කවත්තිසිරීනිවාසභූතා භවනා නික්ඛම්ම අනොමානදීතීරෙ පබ්බජිත්වා, ඡබ්බස්සානි පධානයොගං කත්වා, විසාඛපුණ්ණමායං උරුවෙලගාමෙ සුජාතාය දින්නං පක්ඛිත්තදිබ්බොජං මධුපායාසං පරිභුඤ්ජිත්වා, සායන්හසමයෙ දක්ඛිණුත්තරෙන බොධිමණ්ඩං පවිසිත්වා අස්සත්ථදුමරාජානං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා, පුබ්බුත්තරභාගෙ ඨිතො තිණසන්ථාරං සන්ථරිත්වා, තිසන්ධිපල්ලඞ්කං ආභුජිත්වා, චතුරඞ්ගසමන්නාගතං මෙත්තාකම්මට්ඨානං පුබ්බඞ්ගමං කත්වා, වීරියාධිට්ඨානං අධිට්ඨාය, චුද්දසහත්ථපල්ලඞ්කවරගතො සුවණ්ණපීඨෙ ඨපිතං රජතක්ඛන්ධං විය පඤ්ඤාසහත්ථං බොධික්ඛන්ධං පිට්ඨිතො කත්වා, උපරි මණිඡත්තෙන විය බොධිසාඛාය ධාරියමානො, සුවණ්ණවණ්ණෙ චීවරෙ පවාළසදිසෙසු බොධිඅඞ්කුරෙසු පතමානෙසු, සූරියෙ අත්ථං උපගච්ඡන්තෙ මාරබලං විධමිත්වා, පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා, පච්චූසකාලෙ සබ්බබුද්ධානමාචිණ්ණෙ පච්චයාකාරෙ ඤාණං ඔතාරෙත්වා, ආනාපානචතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා, තදෙව පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා, මග්ගපටිපාටියා අධිගතෙන චතුත්ථමග්ගෙන සබ්බකිලෙසෙ ඛෙපෙත්වා සබ්බබුද්ධගුණෙ පටිවිජ්ඣි, ඉදමස්ස පඤ්ඤාකිච්චං. එවං සමාධි පඤ්ඤං න පාපුණාති.
භාග්‍යවතුන් වහන්සේ සියදහසක් කල්ප අධිකකොට ඇති සතර අසංඛ්‍යෙයක් කල් පෙරුම් පුරා විසි නවවැනි වයස් කල්හි චක්‍රවර්ති ශ්‍රී නිවාස වූ භවනින් නික්ම අනෝම ගංතෙරදී පැවිදිව සවසක් ප්‍රධාන යෝග කොට වෙසක් පුන් පොහෝදා උරුවෙල්ගම සුජාතාව විසින් දෙන ලද දිවරස බැහූ මධු පායාසය වළඳා සවස් කල්හි දකුණු දොරින් බෝමැඩට පිවිස, ඇසතු රුක් රජු තෙවරක් පැදකුණු කොට ඊශාණ භාගයෙහි වැඩසිටි සේක් තණ ඇතිරිය අතුරා ත්රිසන්ධි පර්යංකය බැඳ සිව්අඟින් යුත් මෙත් කමටහන පෙරටුකොට වීර්යාධිෂ්ඨානය ඉටාගෙන දාහතර රියන් උතුම් පර්යංකයට පැමිණ රන් පුටුවෙහි තැබූ රිදී කඳක් මෙන් සොළොස් රියන් බෝකඳ පිටුපසින් තබාගෙන ඉහළ මිණි සතින් මෙන් බෝධි ශාඛාවෙන් දරන කල්හි රන්වන් සිවුරෙහි පබළුවන් බෝධි අංකුර වැටෙන කල්හි, සූර්යයා අවරට ළංවන කල්හි, මාර බලය විධ්වංසනය කොට පළමු යම පෙර විසූ කඳ පිළිවෙළ සිහිකොට මැදියම දිවැස සෝදා, අලුයම් කල්හි සියලු බුදුවරුන් පුරුදු කළ, ප්‍රත්‍යයාකාරයෙහි ඥානය බස්වා ආනාපාන චතුර්ථධ්යානය උපදවා එයම පාදකකොට විදර්ශනා වඩන සේක් මාර්ග පිළිවෙළින් පැමිණි සිව්වැනි මගින් සියලු කෙලෙසුන් ගෙවා සියලු බුදුගුණ ප්‍රතිවේධ කළ සේක. මේ උන්වහන්සේගේ ප්‍රඥා කෘත්‍යයයි. සමාධිය ප්‍රඥාවට නොපැමිණෙන්නේ මෙසේය.
තත්ථ යථා හත්ථෙ උදකං පාතියං උදකං න පාපුණාති, පාතියං උදකං ඝටෙ උදකං න පාපුණාති, ඝටෙ උදකං කොලම්බෙ උදකං න පාපුණාති, කොලම්බෙ උදකං චාටියං උදකං න පාපුණාති, චාටියං උදකං මහාකුම්භියං උදකං න පාපුණාති, මහාකුම්භියං උදකං කුසොබ්භෙ උදකං න පාපුණාති, කුසොබ්භෙ උදකං කන්දරෙ උදකං න පාපුණාති, කන්දරෙ උදකං කුන්නදියං උදකං න පාපුණාති, කුන්නදියං උදකං පඤ්චමහානදියං උදකං න පාපුණාති, පඤ්චමහානදියං උදකං චක්කවාළමහාසමුද්දෙ උදකං න පාපුණාති, චක්කවාළමහාසමුද්දෙ උදකං සිනෙරුපාදකෙ මහාසමුද්දෙ උදකං න පාපුණාති. පාතියං උදකං උපනිධාය හත්ථෙ උදකං පරිත්තං…පෙ… සිනෙරුපාදකමහාසමුද්දෙ උදකං උපනිධාය චක්කවාළමහාසමුද්දෙ උදකං පරිත්තං. ඉති උපරූපරි උදකං බහුකං උපාදාය හෙට්ඨා හෙට්ඨා උදකං පරිත්තං හොති.
එහි යම්සේ අතඇති ජලය බඳුනෙහි ජලයට නොපැමිණේද, බඳුනෙහි ජලය කළයෙහි ජලයට නොපැමිණේද, කළයෙහි ජලය කොළොඹුවෙහි ජලයට නොපැමිණේද, කොළොඹුවෙහි ජලය සැළියෙහි ජලයට නොපැමිණේද සැළියෙහි ජලය මහකළයෙහි ජලයට නොපැමිණේද මහකළයෙහි ජලය කුඩා පොකුණෙහි ජලයට නොපැමිණේද, කඳුරෙහි ජලය කුඩා නදියෙහි ජලයට නොපැමිණේද, කුඩා නදියෙහි ජලය මහා නදියෙහි ජලයට නොපැමිණේද, මහා නදියෙහි ජලය පස්මහ නදියෙහි ජලයට නොපැමිණේද, පස්මහ නදියෙහි ජලය සක්වල මහ සමුදුරු ජලයට නොපැමිණේද, සක්වල මහ සමුදුරු ජලය මහමෙර පාමුල මහ සමුදුරට නොපැමිණේද, බඳුනෙහි ජලය සලකනවිට අත ඇති ජලය සුළුය. -පෙ- මහමෙර පාමුල මහ සමුදුරු ජලය සලකා බලනවිට සක්වල මහසමුදුරු ජලය සුළුය. මෙසේ ඉහළ ඉහළ ජලය සලකා බලනවිට යට යට ජලය සුළුය.
එවමෙව උපරි උපරි ගුණෙ උපාදාය හෙට්ඨා හෙට්ඨා සීලං අප්පමත්තකං ඔරමත්තකන්ති වෙදිතබ්බං. තෙනාහ – “අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙ, ඔරමත්තකං සීලමත්තක”න්ති.
මෙසේ ඉහළ ඉහළ ගුණ සලකා බලනවිට ශීලය අල්පමාත්‍රය. අඩු ප්රමාණයෙකැයි දතයුතුය. එහෙයින් කීහ. ‘මහණෙනි, මේ අඩු ප්‍රමාණයේ ශීල මාත්‍රය අල්පමාත්‍ර යැයි.
යෙන පුථුජ්ජනොති, එත්ථ –
යෙන පුථුජ්ජනො යනු මෙහි,
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති.
සූර්යබන්ධු බුදුන් විසින් පුහුදුන්හු දෙදෙනෙක් කියන ලදහ. අන්ධ පුහුදුන් ජනයා එකෙකි. කළණ පුහුදුන් ජනයා එකෙකි.
තත්ථ යස්ස ඛන්ධධාතුආයතනාදීසු උග්ගහපරිපුච්ඡාසවනධාරණපච්චවෙක්ඛණානි නත්ථි, අයං අන්ධපුථුජ්ජනො. යස්ස තානි අත්ථි, සො කල්යාණපුථුජ්ජනො. දුවිධොපි පනෙස –
එහි යමකුට ඛන්ධ ධාතු ආයතන ආදීන්හි උග්ගහ, පරිපුච්ඡා සවණ, ධාරණ පච්චවෙක්ඛණ නැත්ද, මේ අන්ධ පෘථග්ජනයාය. යමකුට ඒවා ඇත්ද, හේ කල්‍යාණ පෘථග්ජනයාය. ඒ දෙවදෑරුම් බව -
“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො; පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති”.
ජනන ආදී මහා කරුණින් පුථුජ්ජන වෙයි. පුථුජ්ජනයන් අතරට ගිය හෙයින් පුථු සහ ජන වෙයි.
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො. යථාහ –
ඔහු වනාහි මහත් වූ නානාප්‍රකාර ක්ලේශයන් ඇතිකරන කරුණුවලින් පෘථග්ජන වේ. යම්සේ කීයේද? -
“පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා, පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්ති, පුථු සන්තාපෙහි සන්තප්පන්ති, පුථු පරිළාහෙහි පරිඩය්හන්ති, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා”ති. පුථූනං ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනො, පුථුවායං විසුංයෙව සඞ්ඛ්‍යං ගතො විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනෙහීති පුථුජ්ජනොති.
මහාකෙලෙස් උපදවතියි = පුථුජ්ජනො. නොනසන ලද සක්කාය දෘෂ්ටි ඇත්තෝ = පුථුජ්ජනා, ශාස්තෲවරුන්ගේ මුව දෙස බලා සිටින්නෝ = පුථුජ්ජනා, සියලු ගතීන් විසින් නොනැගිටින ලද්දෝ = පුථුජ්ජනා, නානා අභිසංඛාරයන් රැස් කරන්නෝ = පුථුජ්ජනා, නොයෙක්, සැඩදිය පහරින් ගසාගෙන යත්නුයි = පුථුජ්ජනා, නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි = පුථුජ්ජනා, නොයෙක් දාහයන්ගෙන් දහනය කරනු ලබත්නුයි = පුථුජ්ජනා, පස්කම් ගුණයන්හි ගිජු ගැලුණු මුළා වූ බැසගත් ලැගි ඇලුණු පටලැවුණු බැවින් = පුථුජ්ජනා, පංච නීවරණයන්ගෙන් වටවුණු, දැවටුණු, බාධාකරන ලද වැසුණු යටිකුරු වුණු බැවින් = පුථුජ්ජනා, මහත් වූ බොහෝ වූ ගණන පථය ඉක්මවා ගිය ආර්ය ධර්මයන්ට පිටුපෑ නීච වූ ස්වභාව හා සමවාර ඇති ජනයා අතරට ගිය බැවින් = පුථුජ්ජනා. මහත් වූ හෝ මෙය වෙන්වම, සීලසුත ආදී ගුණ ඇති ආර්ය ජනයන්ගෙන් වෙන් වූ යයි ප්රකටව ගිය බැවින් = පුථුජ්ජනො.
තථාගතස්සාති අට්ඨහි කාරණෙහි භගවා තථාගතො. තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
‘තථාගතස්ස’යනු කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. එසේ පැමිණියේ නුයි තථාගතො. එසේ ගියේනුයි තථාගතො. තථ ලක්ෂණයට ගියේ, තථ දක්නා බැවින් තථාගතො, තථාවාදී බැවින් තථාගතො, එසේ කළ බැවින් තථාගතො. අභිභවන අර්ථයෙන් තථාගතො.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතා, යථා විපස්සී භගවා ආගතො, යථා සිඛී භගවා, යථා වෙස්සභූ භගවා, යථා කකුසන්ධො භගවා, යථා කොණාගමනො භගවා, යථා කස්සපො භගවා ආගතො. කිං වුත්තං හොති? යෙන අභිනීහාරෙන එතෙ භගවන්තො ආගතා, තෙනෙව අම්හාකම්පි භගවා ආගතො. අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා දානපාරමිං පූරෙත්වා, සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමිං පූරෙත්වා, ඉමා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංසපාරමියො පූරෙත්වා අඞ්ගපරිච්චාගං, නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා බුද්ධිචරියාය කොටිං පත්වා ආගතො; තථා අම්හාකම්පි භගවා ආගතො. අථ වා යථා විපස්සී භගවා…පෙ… කස්සපො භගවා චත්තාරො සතිපට්ඨානෙ, චත්තාරො සම්මප්පධානෙ, චත්තාරො ඉද්ධිපාදෙ, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගෙ, අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා බ්රූහෙත්වා ආගතො, තථා අම්හාකම්පි භගවා ආගතො. එවං තථා ආගතොති තථාගතො.
භාග්‍යවතුන් වහන්සේ එසේ පැමිණිසේකැයි තථාගත වන්නේ කෙසේද? යම්සේ සියලු ලොවට හිතපිණිස උත්සුක බවට පත් පෙර බුදුවරු පැමිණියෝද, යම්සේ විපස්සී භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක්ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ පැමිණිසේක්ද, -පෙ- යම්සේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක්ද, කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක්ද, යම්සේ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක්ද, යම්සේ කස්සප භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක්ද, කුමක් කියන ලද්දේ වේද? යම් අභිනීහාරයකින් මේ භාග්‍යවතුන් වහන්සේලා පැමිණි සේක්ද, ඒ අයුරින්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ද පැමිණි සේක. නැතහොත් යම්සේ විපස්සී භාග්‍යවතුන් වහන්සේ -පෙ- යම්සේ කස්සප භාග්‍යවතුන් වහන්සේ දාන පාරමිතාව පුරා සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා පාරමී පුරා මේ දසපාරමීහු දස උප පාරමීහු දස පරමත්ථ පාරමීහු යනුවෙන් සමතිස් පෙරුම් පුරා අංග පරිත්‍යාග, ඇස්, ධන, රාජ්‍ය, අඹුදරුවන් පරිත්‍යාග ආදී මේ මහා පරිත්‍යාග පසක් සිදුකොට පුබ්බයෝග, පුබ්බාචරිය, ධම්මක්ඛාත, ඤාතත්ථචරිය ආදිය පුරා බුද්ධචරියාවෙන් කෙළවර පත්ව පැමිණි සේක. එපරිද්දෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේද පැමිණි සේක. යම්සේ විපස්සි භාග්‍යවතුන් වහන්සේ -පෙ- කස්සප භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන ඉද්ධිපාද පංචඉන්ද්‍රිය පංචබල සත්තබොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා දියුණු කොට පැමිණි සේක. එපරිද්දෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේද පැමිණි සේක. මෙසේ එපරිද්දෙන් පැමිණි සේකැයි තථාගතො.
“යථෙව ලොකම්හි විපස්සිආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති.
ලෝකයෙහි විපස්සී ආදී මුනිවරු සර්වඥ භාවයෙන් මෙහි යම්සේ පැමිණියාහුද එසේ මේ ශාක්‍ය මුනිහු ද පැමිණියහ. ඒ නිසා බුදුන්වහන්සේද තථාගතයයි කියනු ලබති.
එවං තථා ආගතොති තථාගතො.
මෙසේ, එහි පැමිණියේනුයි තථාගතො
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතො විපස්සී භගවා ගතො…පෙ… කස්සපො භගවා ගතො.
එසේ ගියේනුයි තථාගත වන්නේ කෙසේද? යම්සේ එකෙණෙහි උපන් විපස්සි භාග්‍යවතුන් වහන්සේ ගියම්සේක්ද, -පෙ- කස්සප භාග්‍යවතුන් වහන්සේ ගියම්සේක්ද,
කථඤ්ච සො භගවා ගතො ? සො හි සම්පති ජාතොව සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගතො. යථාහ – “සම්පතිජාතො ඛො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිං වාචං භාසති – ‘අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො’ති” (දී· නි· 2.31).
උන්වහන්සේ කෙසේ ගියම්සේක්ද? උන්වහන්සේ වනාහි උපන් කෙණෙ.හි සමපාදයගෙන් පොළොවෙහි පිහිටා උතුරුදෙසට මුහුණලා පියවර සතක් ගියම්සේක. යම්සේ කීවේද, ‘ආනන්ද බෝධිසත්ත්වයෝ සමපාදයන්ගෙන් පොළොවෙහි පිහිටා උතුරුදෙසට මුහුණලා පියවර සතක් යති. උඩින් සේසත දරනු ලබන කල්හි සියලු දෙස බලති. උදන් බස් කියති. ‘ලොවට අග්‍ර වෙමි. ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ජාතියයි. දැන් පුනරභවයක් නැත’ යනුවෙන්
තඤ්චස්ස ගමනං තථං අහොසි? අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. යඤ්හි සො සම්පතිජාතොව සමෙහි පාදෙහි පතිට්ඨහි. ඉදමස්ස චතුරිද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං.
උන්වහන්සේගේ ගමනද සත්‍ය විය. අවිතථං ‘නොයෙක් විශේෂ අධිගමයන්ට පූර්වනිමිත්ත බැවින් උන්වහන්සේ එකෙණෙහි උපන්සේක් සම පාදයන්ගෙන් පිහිටි සේක. මෙය උන්වහන්සේගේ චතුර් ඍද්ධිපාද ප්‍රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
උත්තරාභිමුඛභාවො පන සබ්බලොකුත්තරභාවස්ස පුබ්බනිමිත්තං.
උතුරුදිගට අභිමුඛ බව සියලු ලෝකෝත්තර බවට පූර්ව නිමිත්තයි.
සත්තපදවීතිහාරො, සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස.
සත්තපදවීතිහාරය වනාහි සත්ත බොජ්ඣංග නමැති රුවන් ප්‍රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
“සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා”ති, එත්ථ වුත්තචාමරුක්ඛෙපො පන සබ්බතිත්ථියනිම්මද්දනස්ස.
‘රන්මිට ඇති සෙමර පවන් සලයි.’ මෙහි කියන ලද සෙමර එසවීම සියලු තීර්ථකයන් මථනය කිරිම් පූර්ව නිමිත්තය.
සෙතච්ඡත්තධාරණං, අරහත්තවිමුත්තිවරවිමලසෙතච්ඡත්තපටිලාභස්ස.
සේසත් දැරීම රහත්බවින් මිදීම නමැති නිර්මල සේසත් ප්‍රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
සත්තමපදූපරි ඨත්වා සබ්බදිසානුවිලොකනං, සබ්බඤ්ඤුතානාවරණඤාණපටිලාභස්ස.
සියලු දිග බැලීම සර්වඥතා අනාවරණ ඥාන ප්‍රතිලාභයෙහි පූර්ව නිමිත්තය.
ආසභිවාචාභාසනං අප්පටිවත්තියවරධම්මචක්කප්පවත්තනස්ස පුබ්බනිමිත්තං.
උදාන වාක්‍ය කීම කිසිවෙකුට පැවැත්විය නොහැකි ධම්මචක්ක පවත්තනයෙහි පූර්ව නිමිත්තය.
තථා අයං භගවාපි ගතො, තඤ්චස්ස ගමනං තථං අහොසි, අවිතථං, තෙසංයෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන.
මෙසේමේ භාග්‍යවතුන් වහන්සේද ගිය සේක. උන්වහන්සේගේ ගමනද සත්‍ය විය. ඒ විශේෂ අධිගමයන්ගේ පූර්වනිමිත්ත බැවින්,
තෙනාහු පොරාණා –
පොරාණයෝ එයින් කීහ.
“මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
එමොහොත උපන් ගොනු මෙන් සම පයින් පොළොව සිපගති ඒ ගෞතමයන් වහන්සේ පියවර සතක් වැඩි සේක. දෙවියෝ සේසත් දැරූහ.
ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති.
ඒ ගෞතමයන් වහන්සේ සත්පියවරක් වැඩ සමසේ හාත්පස දිසාවන් බැලූ සේක. අටඟින් යුතු වදන් කියූ සේක පව් මුදුන්හි සිටි සිංහයකු මෙන්.
එවං තථා ගතොති තථාගතො.
මෙසේ එසේ ගියේනුයි තථාගතො
අථ වා යථා විපස්සී භගවා…පෙ… යථා කස්සපො භගවා, අයම්පි භගවා තථෙව නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පහාය ගතො, අබ්යාපාදෙන බ්යාපාදං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං, අවික්ඛෙපෙන උද්ධච්චකුක්කුච්චං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පහාය ඤාණෙන අවිජ්ජං පදාලෙත්වා, පාමොජ්ජෙන අරතිං විනොදෙත්වා, පඨමජ්ඣානෙන නීවරණකවාටං උග්ඝාටෙත්වා, දුතියජ්ඣානෙන විතක්කවිචාරං වූපසමෙත්වා, තතියජ්ඣානෙන පීතිං විරාජෙත්වා, චතුත්ථජ්ඣානෙන සුඛදුක්ඛං පහාය, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාපටිඝසඤ්ඤානානත්තසඤ්ඤායො සමතික්කමිත්වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං සමතික්කමිත්වා ගතො.
නැතහොත් යම්සේ විපස්සී භාග්‍යවතුන් වහන්සේ -පෙ- යම්සේ කස්සප භාග්‍යවතුන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේද ඒ අයුරින්ම නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය හැර ගිය සේක. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයද ආලෝක සංඥාවෙන් ථීනමිද්ධයද, අවික්ෂේපයෙන් උද්ධච්ච කුක්කුච්චයද, ධර්ම ව්‍යවස්ථාපනයෙන් විචිකිච්ඡාවද අත්හැර ගිය සේක. ඥානයෙන් අවිද්‍යාව බිඳ දමා ගිය සේක. ප්‍රමුදිත භාවයෙන් ඇල්ම නසා, ප්‍රථමධ්‍යානයෙන් නීවරණ කවුළුව විවරකර, ද්විතීය ධ්‍යානයෙන් විතක්ක විචාර ධූමය සංසිඳුවා, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීති ය බබුළුවා, චතුර්ථධ්‍යානයෙන් සුඛදුක්ඛය හැර, ආකාසානඤචායතන සමාපත්තියෙන් රූපසඤ්ඤා, පටිඝසඤ්ඤා, නානත්ත සඤ්ඤා ඉක්මවා, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවද.නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව ඉක්මවා ගිය සේක.
අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං පහාය, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤං, අනත්තානුපස්සනාය අත්තසඤ්ඤං, නිබ්බිදානුපස්සනාය නන්දිං, විරාගානුපස්සනාය රාගං, නිරොධානුපස්සනාය සමුදයං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානං, ඛයානුපස්සනාය ඝනසඤ්ඤං, වයානුපස්සනාය ආයූහනං, විපරිණාමානුපස්සනාය ධුවසඤ්ඤං, අනිමිත්තානුපස්සනාය නිමිත්තං, අප්පණිහිතානුපස්සනාය පණිධිං, සුඤ්ඤතානුපස්සනාය අභිනිවෙසං, අධිපඤ්ඤාධම්මවිපස්සනාය සාරාදානාභිනිවෙසං, යථාභූතඤාණදස්සනෙන සම්මොහාභිනිවෙසං, ආදීනවානුපස්සනාය ආලයාභිනිවෙසං, පටිසඞ්ඛානුපස්සනාය අප්පටිසඞ්ඛං, විවට්ටානුපස්සනාය සංයොගාභිනිවෙසං, සොතාපත්තිමග්ගෙන දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ භඤ්ජිත්වා, සකදාගාමිමග්ගෙන ඔළාරිකෙ කිලෙසෙ පහාය, අනාගාමිමග්ගෙන අණුසහගතෙ කිලෙසෙ සමුග්ඝාටෙත්වා, අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සමුච්ඡින්දිත්වා ගතො. එවම්පි තථා ගතොති තථාගතො.
අනිච්චානුපස්සනාවෙන් නිච්චසඤ්ඤාව අත්හැර, දුක්ඛානුපස්සනාවෙන් සුඛසඤ්ඤාව අත්හැර, අනත්තානු පස්සනාවෙන් අත්තසඤ්ඤාව අත්හැර, නිබ්බිදානුපස්සනාවෙන් නන්දි රාගය අත්හැර, විරාගානුපස්සනාවෙන් රාගය අත්හැර, නිරොධානු පස්සනාවෙන් සමුදය අත්හැර, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ගැනීම අත්හැර, බයානුපස්සනාවෙන් ඝන සඤ්ඤාව අත්හැර, වයානුපස්සනාවෙන් ආයුහනය අත්හැර, විපරිනාමානුපස්සනාවෙන් ධුව සඤ්ඤාව අත්හැර අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්ත සඤ්ඤාව අත්හැර, අප්පනිහිතානුපස්සනාවෙන් පණිධිය අත්හැර, සුඤ්ඤතානුපස්සනාවෙන්අභිනිවෙසය අත්හැර, අධිපඤ්ඤාධම්මානුපස්සනාවෙන් සාරාදාන නිවෙසය අත්හැර, යථාභූත ඤාණදස්සනයෙන් සම්මාහාභිනිවෙසය අත්හැර, ආදීනවානුපස්සනාවෙන් ආලයාභිනිවෙසය අත්හැර, පටිසංඛානු පස්සනාවෙන් අප්පටිසංඛාව අත්හැර, විවට්ටානුපස්සනාවෙන් සංයොශාභි නිවෙසය අත්හැර, සොතාපත්ති මග්ගයෙන් දිට්ඨොකට්ඨ කිලෙස බිඳ ගිය සේක. සකදාගාමි මග්ගයෙන් ඔළාරික කිලෙස අත්හැර, අනාගාමි මග්ගයෙන් අනුසහගත කිලෙස සහමුලින් නසා, අරහත්ත මග්ගයෙන් සියලු කෙලෙස් නසා ගිය සේක. මෙසේද ගිය බැවින් = තථාගතො.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො?පථවීධාතුයා කක්ඛළත්තලක්ඛණං තථං අවිතථං. ආපොධාතුයා පග්ඝරණලක්ඛණං. තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං. වායොධාතුයා විත්ථම්භනලක්ඛණං. ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං. විඤ්ඤාණධාතුයා විජානනලක්ඛණං.
තථ ලක්ෂණයට ආයේනුයි = තථාගත වන්නේ කෙසේද? පඨවි ධාතුවෙහි කර්කශ ලක්ෂණය සත්‍යය, ආපෝ ධාතුවෙහි වැගිරෙන ලක්ෂණය -පෙ- තේජෝ ධාතුවෙහි උෂ්ණත්ව ලක්ෂණය, වායෝ ධාතුවෙහි විස්තම්භන ලක්ෂණය, ආකාශ ධාතුවෙහි නො පැහැසි ලක්ෂණය, විඤ්ඤාණ ධාතුවෙහි දැනගන්නා ලක්ෂණය,
රූපස්ස රුප්පනලක්ඛණං. වෙදනාය වෙදයිතලක්ඛණං. සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං. සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං. විඤ්ඤාණස්ස විජානනලක්ඛණං.
රූපයෙහි නැසෙන ලක්ෂණය, වේදනාවෙහි වේදයිත ලක්ෂණය, සඤ්ඤාවෙහි සංජානන ලක්ෂණය, සංස්කාරයන්ගේ අභිසංස්කරණ ලක්ෂණය, විඤ්ඤාණයෙහි විජානන ලක්ෂණය,
විතක්කස්ස අභිනිරොපනලක්ඛණං. විචාරස්ස අනුමජ්ජනලක්ඛණං පීතියා ඵරණලක්ඛණං. සුඛස්ස සාතලක්ඛණං. චිත්තෙකග්ගතාය අවික්ඛෙපලක්ඛණං. ඵස්සස්ස ඵුසනලක්ඛණං.
විතර්කයෙහි අභිනිරෝපණ ලක්ෂණය, විචාරයෙහි අනුමජ්ජන ලක්ෂණය, ප්‍රීතියෙහි පැතිරෙන ලක්ෂණය, සුඛයෙහි සාත ලක්ෂණය (ප්‍රිය ලක්ෂණය) චිත්ත ඒකාග්‍රතාවෙහි නොවිසිරෙන ලක්ෂණය, ඵස්සයෙහි ස්පර්ශ ලක්ෂණය,
සද්ධින්ද්රියස්ස අධිමොක්ඛලක්ඛණං. වීරියින්ද්රියස්ස පග්ගහලක්ඛණං. සතින්ද්රියස්ස උපට්ඨානලක්ඛණං. සමාධින්ද්රියස්ස අවික්ඛෙපලක්ඛණං. පඤ්ඤින්ද්රියස්ස පජානනලක්ඛණං.
ශ්‍රද්ධා ඉන්ද්රියයෙහි අධිමෝක්ෂ ලක්ෂණය, විරිය ඉන්ද්රියයෙහි අල්ලාගන්නා ලක්ෂණය, සති ඉන්ද්රියයෙහි උපස්ථාන ලක්ෂණය, සමාධි ඉන්ද්රියයෙහි නොවිසිරෙන ලක්ෂණය. පඤ්ඤා ඉන්ද්රියයෙහි ප්රජානන ලක්ෂණය,
සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියලක්ඛණං. වීරියබලස්ස කොසජ්ජෙ, සතිබලස්ස මුට්ඨස්සච්චෙ. සමාධිබලස්ස උද්ධච්චෙ, පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියලක්ඛණං.
ශ්‍රද්ධා බලයෙහි ශ්‍රද්ධා නැත්තවුන් කෙරෙහි කම්පානොවන ලක්ෂණය, වීර්ය බලයෙහි කුසීතබව කෙරෙහි, සතිබලයෙහි අමතක වූ සත්‍යය කෙරෙහි, සමාධි බලයෙහි උද්ධච්චය කෙරෙහි, ප්‍රඥා බලයෙහි අවිද්‍යාවෙහි නොසැලෙන ලක්ෂණය,
සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානලක්ඛණං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයලක්ඛණං. වීරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහලක්ඛණං. පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණලක්ඛණං. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස වූපසමලක්ඛණං. සමාධිසම්බොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපලක්ඛණං. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානලක්ඛණං.
සතිසම්බොජ්ඣංගයෙහි උපස්ථාන ලක්ෂණය, ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි රැස්කරන ලක්ෂණය, විරිය සම්බොජ්ඣංගයෙහි අල්ලාගන්නා ලක්ෂණය, ප්‍රීති සම්බොජ්ඣංගයෙහි පැතිරෙන ලක්ෂණය, පස්සද්ධි සම්බොජ්ඣංගයෙහි උපසම ලක්ෂණය, සමාධි සම්බොජ්ඣංගයෙහි නොවිසිරෙන ලක්ෂණය, උපේක්ෂා සම්බොජ්ඣංගයෙහි සලකා බැලීමේ ලක්ෂණය,
සම්මාදිට්ඨියා දස්සනලක්ඛණං. සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනලක්ඛණං. සම්මාවාචාය පරිග්ගහලක්ඛණං. සම්මාකම්මන්තස්ස සමුට්ඨානලක්ඛණං. සම්මාආජීවස්ස වොදානලක්ඛණං. සම්මාවායාමස්ස පග්ගහලක්ඛණං. සම්මාසතියා උපට්ඨානලක්ඛණං. සම්මාසමාධිස්ස අවික්ඛෙපලක්ඛණං.
සම්මා දිට්ඨියෙහි දැකීමේ ලක්ෂණය. සම්මා සංකප්පයෙහි අභිනිරෝෂණ ලක්ෂණය, සම්මා වාචාවෙහි පරිග්‍රහණ ලක්ෂණය, සම්මා කම්මන්තයෙහි සමුට්ඨාන ලක්ෂණය, සම්මා ආජීවයෙහිවොදාන ලක්ෂණය (පවිත්‍රතා ලක්ෂණය) සම්මා වායාමයෙහි අල්ලාගැනීමේ ලක්ෂණය, සම්මා සතියෙහි උපස්ථාන ලක්ෂණය, සම්මා සමාධියෙහි අවික්‍ෂේප ලක්ෂණය,
අවිජ්ජාය අඤ්ඤාණලක්ඛණං. සඞ්ඛාරානං චෙතනාලක්ඛණං. විඤ්ඤාණස්ස විජානනලක්ඛණං. නාමස්ස නමනලක්ඛණං. රූපස්ස රුප්පනලක්ඛණං. සළායතනස්ස ආයතනලක්ඛණං. ඵස්සස්ස ඵුසනලක්ඛණං. වෙදනාය වෙදයිතලක්ඛණං. තණ්හාය හෙතුලක්ඛණං. උපාදානස්ස ගහණලක්ඛණං. භවස්ස ආයූහනලක්ඛණං. ජාතියා නිබ්බත්තිලක්ඛණං. ජරාය ජීරණලක්ඛණං. මරණස්ස චුතිලක්ඛණං.
අවිද්‍යාවෙහි අවිඥාන ලක්ෂණය, සංස්කාරයන්ගේ චේතනා ලක්ෂණය, විඤ්ඤාණයෙහි විජානන (දැනගැනීමේ) ලක්ෂණය. නාමයෙහි නමන ලක්ෂණය, රූපයෙහි වෙනස්වන ලක්ෂණය, සළායතනයන්හි ආයතන ලක්ෂණය (පැතිරෙන) ඵස්සයෙහි ස්පර්ශ ලක්ෂණය, වේදනාවෙහි වේදයිත ලක්ෂණය, තණ්හාවෙහි හේතු ලක්ෂණය, උපාදානයෙහි ගහණ (අල්ලාගන්නා) ලක්ෂණය, භවයෙහි රැස්කරන ලක්ෂණය, ජාතියෙහි නිබ්බත්ති (උපත්) ලක්ෂණය, ජරාවෙහි දිරන ලක්ෂණය, මරණයෙහි චුති ලක්ෂණය,
ධාතූනං සුඤ්ඤතාලක්ඛණං. ආයතනානං ආයතනලක්ඛණං. සතිපට්ඨානානං උපට්ඨානලක්ඛණං. සම්මප්පධානානං පදහනලක්ඛණං. ඉද්ධිපාදානං ඉජ්ඣනලක්ඛණං. ඉන්ද්රියානං අධිපතිලක්ඛණං. බලානං අකම්පියලක්ඛණං. බොජ්ඣඞ්ගානං නිය්යානලක්ඛණං. මග්ගස්ස හෙතුලක්ඛණං.
ධාතුන්ගේ ශුන්‍යතා ලක්ෂණය, ආයතනයන්හි ආයතන (පැතිරෙන) ලක්ෂණය, සතිපට්ඨානයන්හි උපස්ථාන ලක්ෂණය, සම්මප්පධානයන්ගේ වඩන ලක්ෂණය, (උත්සාහ කිරීමේ ලක්ෂණය) ඉද්ධිපාදයන්ගේ සාර්ථක වන ලක්ෂණය. ඉන්ද්රියයන්ගේ අධිපති ලක්ෂණය, බලයන්ගේ කම්පානොවන ලක්ෂණය, බොජ්ඣංගයන්ගේ නිර්යාන (පිටවීමේ) ලක්ෂණය, මග්ගයෙහි හේතුලක්ෂණය,
සච්චානං තථලක්ඛණං. සමථස්ස අවික්ඛෙපලක්ඛණං. විපස්සනාය අනුපස්සනාලක්ඛණං. සමථවිපස්සනානං එකරසලක්ඛණං. යුගනද්ධානං අනතිවත්තනලක්ඛණං.
සච්චයන්ගේ තථ ලක්ෂණය, සමථයෙහි අවික්‍ෂේප (නොවිසිරෙන) ලක්ෂණය, විපස්සනාවෙහි අනුපස්සනා ලක්ෂණය. සමථ විදස්සනාවගේ ඒකරස ලක්ෂණය, යුගනද්ධයන්ගේ නොනවත්වා ලක්ෂණය,
සීලවිසුද්ධියා සංවරලක්ඛණං. චිත්තවිසුද්ධියා අවික්ඛෙපලක්ඛණං. දිට්ඨිවිසුද්ධියා දස්සනලක්ඛණං.
සීල විසුද්ධියෙහි සංවර ලක්ෂණය, චිත්ත විසුද්ධියෙහි අවික්‍ෂේප ලක්ෂණය, දිට්ඨි විසුද්ධියෙහි දකින ලක්ෂණය,
ඛයෙ ඤාණස්ස සමුච්ඡෙදනලක්ඛණං. අනුප්පාදෙ ඤාණස්ස පස්සද්ධිලක්ඛණං.
ඛයෙ ඤාණයෙහි සමුච්ඡේදන (කැපෙන) ලක්ෂණය, අනුප්පාදෙ ඤාණයෙහි සන්සුන් වන ලක්ෂණය (පස්සද්ධි)
ඡන්දස්ස මූලලක්ඛණං. මනසිකාරස්ස සමුට්ඨාපනලක්ඛණං. ඵස්සස්ස සමොධානලක්ඛණං. වෙදනාය සමොසරණලක්ඛණං. සමාධිස්ස පමුඛලක්ඛණං. සතියා ආධිපතෙය්යලක්ඛණං. පඤ්ඤාය තතුත්තරියලක්ඛණං. විමුත්තියා සාරලක්ඛණං… අමතොගධස්ස නිබ්බානස්ස පරියොසානලක්ඛණං තථං අවිතථං. එවං තථලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුප්පත්තොති තථාගතො. එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
ඡන්දයාගේ මූල ලක්ෂණය, මනසිකාරයෙහි සමුට්ඨාන (නැගිටින) ලක්ෂණය, ඵස්සයෙහි සමොධාන (එක් කරන) ලක්ෂණය,වේදනාවෙහි සමොසරණ (එක්වීමේ) ලක්ෂණය, සමාධියෙහි ප්රමුඛ ලක්ෂණය, සතියෙහි අධිපතිභාව ලක්ෂණය, පඤ්ඤාවෙහි ඉන් එතරවීමේ ලක්ෂණය, විමුක්තියෙහි සාර ලක්ෂණය, අමෘතයට බැසගන්නා නිර්වාණයෙහි අවසන් ලක්ෂණය සත්‍යයි. මෙසේ තථ ලක්ෂණය ඤාණ ගතියෙන් පැමිණි සේක. නොවරදවා පැමිණි සේක. අනුප්‍රාප්ත වූ සේකැයි තථාගතො. මෙසේ තථ ලක්ෂණයට පැමිණි සේකැයි = තථාගතො.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ – “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මා තථානං ධම්මානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. අභිසම්බුද්ධත්ථො හෙත්ථ ගතසද්දො.
තථ ධර්මයන් යථා පරිදි අවබෝධ කරන ලද්දේනුයි - තථාගත වන්නේ කෙසේද? තථ ධර්ම නම් චතුරාර්ය සත්‍යයයි. යම්සේ කීවේද? මහණනි, වෙනත් අයුරකින් නොවන සත්‍ය සතරක් වෙයි. කිමෙක්ද ඒ සතර? මහණෙනි, මෙය දුකය යන්න සත්‍යය. අන් අයුරකින් නොපවත්නේ වෙයි.’යනු විතරයයි. භාග්‍යවතුන් වහන්සේ ඒවාද අවබෝධ කළ සේක. ඒ නිසා තථාගතයන් අවබෝධ කළ බැවින්, තථාගත යයි කියනු ලබත්. අභිසම්බෝධි අර්ථය මෙහි ‘ගත’ ශබ්දයයි.
අපි ච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ…, සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ…, තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො, සඞ්ඛාරානං විඤ්ඤාණස්ස පච්චයට්ඨො…පෙ…, ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තං සබ්බං භගවා අභිසම්බුද්ධො, තස්මාපි තථානං ධම්මානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
එසේ වුවද. ජරා මරණයාගේ ජාති ප්‍රත්‍යයෙන් හටගත් පැනනැගුණු අර්ථය සත්‍යය. අන් අයුරකින් නොවන්නකි. -පෙ- සංස්කාරයන්ගේ අවිද්‍යා ප්‍රත්‍යයෝ හටගත් පැන නැගුණු අර්ථයෙන් සත්‍යය, අන් අයුරකින් නොවන්නකි. එසේ අවිද්‍යාවෙහි සංස්කාරයන්ගේ ප්‍රත්‍යයාර්ථය, සංස්කාරයන්ගේ විඤ්ඤාණ ප්‍රත්‍යයාර්ථය -පෙ- ජාතියෙහි ජරාමරණ ප්‍රත්‍යයාර්ථය සත්‍යය. අන් අයුරකින් නොවන්නකි. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා සේක. ඒ නිසාද, තථාගතයන් අවබෝධ කළ බැවින් = තථාගතයැයි කියනු ලබත්. මෙසේ තථ ධර්මයන් යථා පරිදි අවබෝධ කළසේකැයි තථාගතො.
කථං තථදස්සිතාය තථාගතො? භගවා යං සදෙවකෙ ලොකෙ…පෙ…, සදෙවමනුස්සාය පජාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථමාගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං සබ්බාකාරතො ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච, තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා. “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්වෙපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසුපි ආපාථං ආගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තඤ්චෙතං භගවතා – “යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය පජාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි. තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24). එවං තථදස්සිතාය තථාගතො. තත්ථ තථදස්සී අත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
තථදර්ශී බැවින් තථාගත වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ. දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත අප්‍රමාණ වූ ලෝකධාතූන්හි අප්‍රමාණ සත්ත්වයන්ගේ චක්ෂු ද්වාරයෙහි පහළවන්නා වූ යම් රූපාරම්මණයක් ඇත්ද, එය සර්වාකාරයෙන්, දනිති. දකිති. මෙසේ දන්නා වූ දකින්නා වූද, එය ඉටු අනිටු ආදි වශයෙන් හෝ දිට්ඨ සුත මුත විඤ්ඤාත යන්හි ලැබෙන පදයක් වශයෙන් හෝ ‘රූපායතනවු ඒ රූපය කවරක්ද? යම් රූපයක් සතර මහා භූතයන් නිසා වර්ණාලෝකය පෙනෙන පටිඝ සහගත නීලපීත යයි ආදී ක්‍රමයෙන් නොයෙක් නම්වලින් දහතුන් වරක් ක්‍රම පනස් දෙකකින් බෙදනු ලබන්නේ තථම වේද, අසත්‍ය බවක් නැත්ද, සෝතද්වාර ආදීන්හිද පහළවන්නා වූ ශබ්ද ආදීන්හිද, මේ ක්‍රමයමැයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී. ‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත ලෝකධාතුන්හි දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, පත්ත, පරියෙසිත, අනුවිචරිත යම් දෙයක් ඇත්ද එය මම මනසින් දතිමි. එය මම හොඳින් දත්තෙමි. එය භාග්‍යවතුන් විසින් දන්නා ලද්දකි. එය තථාගතයන් වහන්සේ නඋපට්ඨාසි මෙසේ තථදශී බැවින් = තථාගතො. එහි තථදර්ශී අර්ථයෙහි තථාගත පදය හටගනිතියි දතයුතුය.
කථං තථවාදිතාය තථාගතො? යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානමන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියාපි මජ්ඣිමබොධියාපි පච්ඡිමබොධියාපි යං භගවතා භාසිතං – සුත්තං, ගෙය්යං…පෙ… වෙදල්ලං, තං සබ්බං අත්ථතො ච බ්යඤ්ජනතො ච අනුපවජ්ජං, අනූනමනධිකං, සබ්බාකාරපරිපුණ්ණං, රාගමදනිම්මදනං, දොසමොහමදනිම්මදනං. නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි අවක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය, එකනාළියා මිතං විය, එකතුලාය තුලිතං විය ච, තථමෙව හොති අවිතථං අනඤ්ඤථං. තෙනාහ – “යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23). ගදත්ථො හෙත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො.
තථාවාදී බැවින් තථාගත වන්නේ කෙසේද? යම් රැයක භාග්‍යවතුන් වහන්සේ බෝමැඩ අපරාජිත පර්යංකයෙහි හුන් සේක් තෙමරුන් හිස් මැඩ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත් සේක්ද? යම් රැ යක සල්රුක් දෙක අතරදී අනුපාදිසේස නිබ්බාණ ධාතුවෙන් පිරිනිවන්පා සේක්ද, මෙදෑතුර පන්සාළිස් වසක් පමණ කල් ප්‍රථම බෝධියෙහිද මධ්‍යම බෝධියෙහිද පශ්චිම බෝධියෙහිද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර, ගෙය්ය -පෙ- වේදල්ල ධර්මයක් වේද, ඒ සියල්ල අර්ථ වශයෙන් ව්‍යඤ්ජන වශයෙන් උපවාද නොකළ යුතු අඩුවැඩි නැතිව සර්වාකාරයෙන් පරිපූර්ණව රාග මදය නැතිකරගන්නේද දෝස, මෝහ, නැති කරන්නේද එහි වළග මාත්‍රයක්වත් අඩුවක් නැත්ද, ඒ සියල්ල එක් මුද්‍රාවකින් ලස් තැබුවාක් මෙන්. එක් නැළියකින් මැන්නාක් මෙන්, එක් තුලාවකින් තුලනය කළාක් මෙන්ද තථ වෙයි. එහෙයින් කීහ. ‘චුන්ද, යම් රැයක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන සේක්ද, යම් රැයක අනුපාදිසේස්ස නිබ්බාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක්ද, මෙදෑතුර යමක් කියන සේක්ද, කථාකරන සේක්ද, නිර්දේශ කරන සේක්ද, ඒ සියල්ල එසේම (තථා) වෙයි. අන් ලෙසකින් නොවෙයි. එහෙයින් තථාගත යයි කියනු ලැබේ. මෙහි ගද ශබ්දයම ගත වෙයි. මෙසේ තථාවාදී බැවින් තථාගත වේ.
අපි ච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තයො අවිපරීතො ආගදො අස්සාති, ද-කාරස්ස ත-කාරං කත්වා තථාගතොති එවමෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
තවද ආගදනය = ආගදො. වචනය යන අර්ථයි. තථ, අවිපරීත, ආගද ඔහුට ඇත්නුයි දකාරයට තකාරය කොට තථාගත වේ. මෙසේද මෙහි අර්ථයෙහි පදසිද්ධිය දතයුතුය.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සපි වාචා, තස්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථාවාචා, කායොපි තථා ගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතො. තෙනෙවාහ – “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23). එවං තථාකාරිතාය තථාගතො.
තථාකාරි බැවින් තථාගත වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් කය අනුකූල කෙරේද, කයද වචනයට අනුකූල කෙරේද, එහෙයින් යථාවාදී තථාකාරි, යථාකාරි තථාවාදි වන සේක. මෙසේ වූ උන්වහන්සේගේ ‘වචනය යම්සේද, කයද එසේය. එසේ පැවතියේය යන අර්ථයි. කය යම්සේද වචනයද එසේ ගියේනුයි තථාගත වේ. එහෙයින් කීහ. ‘මහණෙනි, තථාගත තෙමේ යථාවාදීද තථාකාරීය. තථාකාරී යථාවාදීය. මෙසේ යථාවාදී, තථාකාරීය. යථාකාරී තථාවාදීය. එහෙයින් තථාගත යයි කියනු ලැබේ. මෙසේ තථාකාරි බැවින් තථාගත නම් වේ.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි, විමුත්තිඤාණදස්සනෙනපි න තස්ස තුලා වා පමාණං වා අත්ථි; අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජාතිරාජා දෙවදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා. තෙනාහ – “සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස්සාය පජාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති.
අභිභවන අර්ථයෙන් තථාගත වන්නේ කෙසේද? උඩින් භවාග්‍රයද යටින් අවීචිය කෙළවරකොට සරසට අප්‍රමාණ ලෝකධාතුවල සියලු සතුන් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද අභිභවනය කරන සේක්ද, උන්වහන්සේට තුලාවක් හෝ ප්‍රමාණයක් හෝ නැත. අතුල්‍ය, අප්‍රමෙය්‍ය, අනුත්තර රාජ රාජ දේවදේව ශක්රාති ශක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම වන සේක. එහෙයින් කීහ. ‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි තථාගත තෙමේ අභිභවනය කරන්නේය. අභිභවන නොකරන ලද්දේය. සියල්ල දකින්නේය. වසයෙහි පවත්නේය. ඒ නිසා තථාගතයයි කියනු ලැබේ.
තත්රෙවං පදසිද්ධි වෙදිතබ්බා. අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බාලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤුස්සයො ච අගදො අස්සාති. ද-කාරස්ස ත-කාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
මෙසේ මෙහි පදසිද්ධිය දතයුතුය. අගද වැනි = අගදො. මේ කවරෙක්ද? දේශනා විලාශයද, පිනට වාසස්ථානයද වෙති. එයින් උන්වහන්සේ මහානුභාව ඇත්තෝය. වෛද්‍යවරයා දිව්‍ය ඖෂධයෙන් සර්පයන් මෙන් සියලු පරප්රවාදී දෙවියන් සහිත ලෝකය අභිභවනය කරන සේක. මෙසේ සියලු ලෝකය අභිභවනයෙහි තථ ලක්ෂණ ඇත්තෝය. අවිපරීත දේශනා විලාශ ඇත්තාහුද, පුණ්‍යමය ඖෂධ ඔහුටනුයි ද කාරයට ත කාර කොට තථාගත යයි දතයුත්තේය. මෙසේ අභිභවන අර්ථයෙන් තථාගත වෙති.
අපි ච තථාය ගතොතිපි තථාගතො, තථං ගතොතිපි තථාගතො. ගතොති අවගතො, අතීතො පත්තො පටිපන්නොති අත්ථො.
තවද, එසේ ගියේනුයි තථාගතො. තථ බවට ගියේනුයි ද තථාගතො. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවට ගියේනුයි ඉවත්වූ ඉක්මගිය පැමිණි පිළිගත් යන අර්ථයි.
තත්ථ සකලලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො. ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො. ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො පත්තොති තථාගතො. ලොකනිරොධගාමිනිං පටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. තෙන වුත්තං භගවතා –
එහි සියලු ලොව තීරණ පරිඥාවෙන් එසේ ගියේ ඉවත් වූයේනුයි තථාගතො. ලෝක සමුදය ප්‍රහාණ පරිඥාවෙන් එසේ ගියේ, ඉක්ම ගියේනුයි තථාගතො. ලෝක නිරෝධය සාක්ෂාත් කිරීමෙන් එසේ ගියේ පැමිණියේනුයි තථාගතො. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවට එසේ ගියේ පිළිපන්නේනුයි තථාගතො.
“ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා, තථාගතොති වුච්චතී”ති (අ· නි· 4.23).
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී. ‘මහණෙනි, තථාගතයන් විසින් ලෝකය අවබෝධ කරන ලදී. ලෝකයෙන් එසේ ගියේ වෙන්වූ සේක. මහණෙනි, ලෝක සමුදය තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. ලෝක සමුදය තථාගතයන්ට ප්‍රහීණය. මහණෙනි, ලෝක නිරෝධය තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් විසින් සාක්ෂාත් කරන ලදී. මහණෙනි, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් විසින් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව භාවිතා කරන ලදී. මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ -පෙ- ඒ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. ඒ නිසා තථාගත යයි කියනු ලැබේ.
තස්සපි එවං අත්ථො වෙදිතබ්බො. ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තමෙව. සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය.
එහි අර්ථය මෙසේද දතයුතුයි. මෙයද තථාගත බව දැක්වීමෙහි ආරම්භය පමණකි. තථාගතයන් වහන්සේම තථාගතයන්ගේ තථාගත බව සියලු අයුරින් වර්ණනා කරන සේක.
කතමඤ්ච තං භික්ඛවෙති යෙන අප්පමත්තකෙන ඔරමත්තකෙන සීලමත්තකෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්ය, තං කතමන්ති පුච්ඡති? තත්ථ පුච්ඡා නාම අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්‍යතා පුච්ඡාති පඤ්චවිධා හොති.
කතමෙව තං භික්ඛවෙ යනු අල්පමාත්රයෙන් අඩු ප්‍රමාණයෙන්, සීල මාත්‍රයෙන් පෘථග්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේය. ඒ කුමක්දැයි අසයි. එහි පුච්ඡා නම් අදිට්ඨජොතනා (නොදත් දෙය පැහැදිලි කරන) පුච්ඡාය. දිට්ඨ සන්‍දස්සනා (දුටු දෙය පෙන්වීම) පුච්ඡාය. විමතිච්ඡෙදනා (වැරදි අදහස් බිඳින) පුච්ඡාය. අනුමති (අවසර ලබා කරන) පුච්ඡාය. කථෙතු කම්‍යතා (කීමේ ආශාවෙන් කරන) පුච්ඡාය යනුවෙන් පුච්ඡාව පස්වැදෑරුම් වෙයි.
තත්ථ කතමා අදිට්ඨජොතනා පුච්ඡා? පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති, අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභාවනාය පඤ්හං පුච්ඡති, අයං අදිට්ඨජොතනා පුච්ඡා.
එහි අදිට්ඨජොතනා පුච්ඡා නම් ප්‍රකෘතියෙන් නොදුටු, සමනොකළ, තීරණය නොකළ නොවූ භාවිතා නොකළ ලක්ෂණ ඇත්තේය. එය ඤාණයෙන් දැකීමට, සමකිරීමට තීරණය කිරීමට පැහැදිලි කිරීමට ප්‍රශ්න අසති. මෙය අදිට්ඨජොතනා නමි.
කතමා දිට්ඨසංසන්දනා පුච්ඡා? පකතියා ලක්ඛණං ඤාතං හොති, දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, තස්ස අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති, අයං දිට්ඨසංසන්දනා පුච්ඡා.
දිට්ඨ සන්‍දස්සනා පුච්ඡා නම් කිම? ප්‍රකෘතියෙන් දත්, දුටු. සමකළ, තීරණය කළ වූ පැහැදිලි කළ ලක්ෂණ ඇත්තේය. එය අනිකුත් පඬිවරුන් සමග සැසැඳීම පිණිස ප්‍රශ්න අසයි. මෙය දිට්ඨ සන්‍දස්සනා පුච්ඡා නමි.
කතමා විමතිච්ඡෙදනා පුච්ඡා? පකතියා සංසයපක්ඛන්දො හොති, විමතිපක්ඛන්දො, ද්වෙළ්හකජාතො, “එවං නු ඛො, න නු ඛො, කින්නු ඛො, කථං නු ඛො”ති. සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති. අයං විමතිච්ඡෙදනා පුච්ඡා.
විමතිච්ඡෙදනා පුච්ඡා නම් කිම? ප්‍රකෘතියෙන් සැකයට, විමතියට බැස ගත්තේ, සැක හටගත්තේ මෙසේද? නොවේද? කුමක්ද? කෙසේද? යනුවෙන් හෝ විමතිය නැති කරගනු පිණිස ප්‍රශ්න අසයි. මේවිමතිච්ඡෙදන පුච්ඡා නමි.
කතමා අනුමතිපුච්ඡා? භගවා භික්ඛූනං අනුමතියා පඤ්හං පුච්ඡති – “තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං, භන්තෙ. යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙති (මහාව· 21) සබ්බං වත්තබ්බං, අයං අනුමතිපුච්ඡා.
අනුමති පුච්ඡා නම් කිම? භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ කැමැත්තෙන් ප්‍රශ්න අසන සේක. මහණෙනි, ඔබ සිතන්නේ රූප නිත්‍යය කියාද? අනිත්‍යය කියාද? අනිත්‍යය ස්වාමීනි. යමක් අනිත්‍ය නම් එය දුකද සුඛද? දුක්ය ස්වාමීනි යනුවෙන් ඒ සියල්ල කිවයුතුය. මේ අනුමති පුච්ඡා නමි.
කතමා කථෙතුකම්‍යතා පුච්ඡා? භගවා භික්ඛූනං කථෙතුකම්යතාය පඤ්හං පුච්ඡති. චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො?…පෙ… අට්ඨිමෙ භික්ඛවෙ මග්ගඞ්ගා. කතමෙ අට්ඨාති, අයං කථෙතුකම්‍යතා පුච්ඡා.
කථෙතු කම්‍යතා පුච්ඡාව නම් කිම? භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කියනු කැමැත්තෙන් ප්‍රශ්න අසන සේක. ‘මහණෙනි, සතිපට්ඨාන සතරක් ඇත. කවර සතරක්ද යත්? -පෙ- මහණෙනි, මාර්ගාංග අටක් ඇත. කවර අටක්ද යත්? මේ කථෙතු කම්‍යතා පුච්ඡා නමි.
ඉති ඉමාසු පඤ්චසු පුච්ඡාසු අදිට්ඨස්ස තාව කස්සචි ධම්මස්ස අභාවතො තථාගතස්ස අදිට්ඨජොතනා පුච්ඡා නත්ථි. “ඉදං නාම අඤ්ඤෙහි පණ්ඩිතෙහි සමණබ්රාහ්මණෙහි සද්ධිං සංසන්දිත්වා දෙසෙස්සාමී”ති සමන්නාහාරස්සෙව අනුප්පජ්ජනතො දිට්ඨසංසන්දනා පුච්ඡාපි නත්ථි. යස්මා පන බුද්ධානං එකධම්මෙපි ආසප්පනා පරිසප්පනා නත්ථි, බොධිමණ්ඩෙයෙව සබ්බා කඞ්ඛා ඡින්නා; තස්මා විමතිච්ඡෙදනා පුච්ඡාපි නත්ථියෙව. අවසෙසා පන ද්වෙ පුච්ඡා බුද්ධානං අත්ථි, තාසු අයං කථෙතුකම්‍යතා පුච්ඡා නාම.
මේ පංච පුච්ඡාවන්හි කිසියම් නොදුටු ධර්මයක් නොමැති බැවින් තථාගතයන් වහන්සේට අදිට්ඨජොතනා පුච්ඡාවක් නම් නැත. මේ නම් අනිකුත් පණ්ඩිත මහණ බමුණන් සමග සසඳා දේශනා කරන්නෙමියි සලකා බැලීමක් නූපදනා බැවින් දිට්ඨ සන්‍දස්සනා පුච්ඡාවක්ද නැත. යම්හෙයකින් බුදුවරුන්ගේ එක් ධර්මයකදීවත් පැකිලීමක් නැත්ද. බෝමැඩදීම සියලු සැක බිඳ දමන ලදී. ඒ නිසා විමතිච්ඡ්දන පුච්ඡාවක්ද නැත්මය. බුදුවරුන්ට ඉතිරි පුච්ඡා දෙක ඇත. එයින් මෙය කථෙතු කම්‍යතා පුච්ඡා නමි.
ඉදානි තං කථෙතුකම්යතාය පුච්ඡාය පුච්ඡිතමත්ථං කථෙතුං “පාණාතිපාතං පහායා”තිආදිමාහ.
දැන් ඒ කථෙතු කම්‍යතා පුච්ඡාවෙහි ඇසූ අර්ථය කියන්ට ‘පාණාති පාතං පහාය’ආදිය කීහ.
තත්ථ පාණස්ස අතිපාතො පාණාතිපාතො, පාණවධො, පාණඝාතොති වුත්තං හොති. පාණොති චෙත්ථ වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්රියං, තස්මිං පන පාණෙ පාණසඤ්ඤිනො ජීවිතින්ද්රියුපච්ඡෙදකඋපක්කමසමුට්ඨාපිකා කායවචීද්වාරානං අඤ්ඤතරද්වාරප්පවත්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච්ඡානගතාදීසු පාණෙසු ඛුද්දකෙ පාණෙ අප්පසාවජ්ජො, මහාසරීරෙ මහාසාවජ්ජො, කස්මා? පයොගමහන්තතාය. පයොගසමත්තෙපි වත්ථුමහන්තතාය. ගුණවන්තෙසු මනුස්සාදීසු අප්පගුණෙ පාණෙ අප්පසාවජ්ජො, මහාගුණෙ මහාසාවජ්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක්කමානඤ්ච මුදුතාය අප්පසාවජ්ජො, තිබ්බතාය මහාසාවජ්ජොති වෙදිතබ්බො.
එහි පාණස්ස අතිපාතො = පාණාතිපාතො, ප්‍රාණවධය, ප්‍රාණඝාතයයි කියන ලද්දේ වෙයි. මෙහි පාණො යනු ව්‍යවහාරයෙන් සත්ත්වයාය. පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රියයි. ඒ ප්‍රාණයෙහි ප්‍රාණය ඇත්තේය යන හැඟීම් ඇත්තහුගේ ජීවිතේන්ද්රිය, උපච්ඡේදක උපක්රමයන්ගෙන් ඔසවාලනු ලැබූ කාය වචීද්වාර දෙකින් එකක පැවති වධක චේතනාව පාණාතිපාත නමි. ඒ ප්‍රාණාතිපාතය ගුණයක් නැති තිරිසන්ගත සතුන් ආදී ප්‍රාණයන්හි ක්ෂුද්‍ර ප්‍රාණීන් කෙරෙහි අල්ප සාවද්‍යය. මහා ශරීර ඇත්තවුන් කෙරෙහි මහා සාවද්‍යය. කුමක් හෙයින්ද? ප්‍රයෝගය මහත් බැවිනි. ප්‍රයෝගය සම බවෙහිද වස්තු මහත්බව නිසා ගුණවත් මනුෂ්‍ය ආදීන් අතර අගුණ ඇති ප්‍රාණීන් කෙරෙහි අල්පසාවද්‍යය. මහා ගුණ ඇත්තවුන් කෙරෙහි මහා සාවද්‍යය. ශරීර ගුණයන් ස්වභාවයෙහි ඇති කල්හි ලේශයන්ගේ ද උපක්‍රමයන්ගේ ද මෘදු බැවින් අල්ප සාවද්‍යය. තීව්ර බැවින් මහා සාවද්‍යයයි දතයුතුය.
තස්ස පඤ්ච සම්භාරා හොන්ති – පාණො, පාණසඤ්ඤිතා, වධකචිත්තං, උපක්කමො, තෙන මරණන්ති. ඡ පයොගා – සාහත්ථිකො, ආණත්තිකො, නිස්සග්ගියො, ථාවරො, විජ්ජාමයො, ඉද්ධිමයොති. ඉමස්මිං පනත්ථෙ විත්ථාරියමානෙ අතිවිය පපඤ්චො හොති, තස්මා තං න විත්ථාරයාම, අඤ්ඤඤ්ච එවරූපං. අත්ථිකෙහි පන සමන්තපාසාදිකං විනයට්ඨකථං ඔලොකෙත්වා ගහෙතබ්බං.
එයට සම්භාර පසක් වෙයි. ප්‍රාණියකු වීම, ප්‍රාණය ඇත්තෙකැයි යන හැඟීම, මැරීමේ සිත, උපක්‍රම යෙදීම, එයින් මරණය සිදුකිරීම, ප්‍රයෝග සයෙකි. සාහත්ථික (තම අතින් කරන) ආණත්තික (අණ කිරීමෙන් කරන) තිස්සග්ගික, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය යනුවෙන් මෙහිදී මෙය විස්තර කරනු ලබනවිට විශාල ප්‍රමාදයක් වෙයි. ඒ නිසා එය විස්තර නොකරමු. තවත් මෙබන්දක් අවශ්‍යයයි සිතන්නවුන් විසින් සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාව බලා ගතයුතුය.
පහායාති ඉමං පාණාතිපාතචෙතනාසඞ්ඛාතං දුස්සීල්යං පජහිත්වා. පටිවිරතොති පහීනකාලතො පට්ඨාය තතො දුස්සීල්යතො ඔරතො විරතොව. නත්ථි තස්ස වීතික්කමිස්සාමීති චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා පගෙව කායිකාති ඉමිනාව නයෙන අඤ්ඤෙසුපි එවරූපෙසු පදෙසු අත්ථො වෙදිතබ්බො.
පහාය යනු මේ පාණාතිපාත චේතනා සංඛ්‍යාත දුසිල් බව අත්හැර, පටිවිරතො යනු ප්‍රහීණ කාලයෙහි පටන් ඒ දුසිල් බැවින් දුරින් වෙන් වූයේ. එයට එකට මිශ්‍ර වූ, ඇසින් කනින් දතයුතු ධර්මයෝද නැත. කාය විඤ්ඤ්‍යෙ ගැන කියනුම කවරේද? මේ ක්‍රමයෙන්ද, අන් මෙබඳු පදයන්හි අර්ථ්ය දතයුතුය.
සමණොති භගවා සමිතපාපතාය ලද්ධවොහාරො. ගොතමොති ගොත්තවසෙන. න කෙවලඤ්ච භගවායෙව පාණාතිපාතා පටිවිරතො, භික්ඛුසඞ්ඝොපි පටිවිරතො, දෙසනා පන ආදිතො පට්ඨාය එවං ආගතා, අත්ථං පන දීපෙන්තෙන භික්ඛුසඞ්ඝවසෙනාපි දීපෙතුං වට්ටති.
සමණො යනු භාග්‍යවතුන් වහන්සේගේ පව් සමනය කළ බැවින් ලද ව්‍යවහාරයයි. ගොතමො යනු ගෝත්‍ර වශයෙන්. භාග්‍යවතුන් වහන්සේ පමණක් පාණාතිපාතයෙන් වෙන්වූ සේක් නොවෙත්. භික්ෂු සංඝයා ද වෙන්වූවාහුය. ආදියෙහි පටන්ම දේශනාවද මෙසේම ආයේය. අර්ථය පැහැදිලි කරන්නකු විසින් භික්ෂු සංඝයා වශයෙන් ද පැහැදිලි කරන්ට වටී.
නිහිතදණ්ඩො නිහිතසත්ථොති පරූපඝාතත්ථාය දණ්ඩං වා සත්ථං වා ආදාය අවත්තනතො නික්ඛිත්තදණ්ඩො චෙව නික්ඛිත්තසත්ථො චාති අත්ථො. එත්ථ ච ඨපෙත්වා දණ්ඩං සබ්බම්පි අවසෙසං උපකරණං සත්තානං විහෙඨනභාවතො සත්ථන්ති වෙදිතබ්බං. යං පන භික්ඛූ කත්තරදණ්ඩං වා දන්තකට්ඨං වා වාසිං පිප්ඵලිකං වා ගහෙත්වා විචරන්ති, න තං පරූපඝාතත්ථාය. තස්මා නිහිතදණ්ඩො නිහිතසත්ථො ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති.
නිහිතදණ්ඩො නිහිත සත්ථො යනු. අනුන් නසනු පිණිස දඬුවක් හෝ ආයුධයක් හෝ ගෙන නොපවතින බැවින් බහා තැබූ දඬු ඇති, තැබූසත් ඇති යන අර්ථයි. මෙහිද දඬුව හැර අන් සියලු උපකරණ සතුන්ට හිංසා කරන බැවින් සත්ථ යයි දතයුතුය. භික්ෂුවක් සැරයටියක් හෝ දැහැට්ටක් හෝ දැලිපිහියක් හෝ මහන නූලක් හෝ ගෙන හැසිරේද, එය අනුන් නැසීම පිණිස නොවේ. ඒ නිසා තැබූ දඬු ඇත්තේ තැබූ සත් ඇත්තේ යනුවෙන් හැඳින්වේ.
ලජ්ජීති පාපජිගුච්ඡනලක්ඛණාය ලජ්ජාය සමන්නාගතො. දයාපන්නොති දයං මෙත්තචිත්තතං ආපන්නො. සබ්බපාණභූතහිතානුකම්පීති; සබ්බෙ පාණභූතෙ හිතෙන අනුකම්පකො. තාය දයාපන්නතාය සබ්බෙසං පාණභූතානං හිතචිත්තකොති අත්ථො. විහරතීති ඉරියති යපෙති යාපෙති පාලෙති. ඉති වා හි, භික්ඛවෙති එවං වා භික්ඛවෙ. වා සද්දො උපරි “අදින්නාදානං පහායා”තිආදීනි අපෙක්ඛිත්වා විකප්පත්ථො වුත්තො, එවං සබ්බත්ථ පුරිමං වා පච්ඡිමං වා අපෙක්ඛිත්වා විකප්පභාවො වෙදිතබ්බො.
ලජ්ජී යනු පාපය පිළිකුල් කරන ලක්ෂණය වූ ලජ්ජාවෙන් යුත්. දයාපන්නො යනු දයාවට මෙත්‍රී සිතට පැමිණි. සබ්බපාණ භූතෙසු හිතානුකම්පී සියලු ප්‍රාණීන් කෙරෙහි හිත කැමති අනුකම්පා ඇත්තේ, ඒ දයාව ඇති බැවින් සියලු ප්‍රාණීන්ට ඉතසිත් ඇත්තේ යන අර්ථයි. විහරති යනු හැසිරෙයි. පාලනය කරයි. ඉතිවාහි භික්ඛවෙ යනු මහණෙනි මෙසේ හෝ වා ශබ්දය ඉදිරියෙහි ‘අදින්නාදානං පහාය’යන ආදිය අපේක්ෂාකොට විකල්ප අර්ථයෙහි කියන ලදී. මෙසේ සියලු තැන පෙරවූ දෙය හෝ පසුව එන දෙය අපේක්ෂාකොට විකල්පභාවය දතයුතුය.
අයං පනෙත්ථ සඞ්ඛෙපො – භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො එවං වදෙය්ය – “සමණො ගොතමො පාණං න හනති, න ඝාතෙති, න තත්ථ සමනුඤ්ඤො හොති, විරතො ඉමස්මා දුස්සීල්යා; අහො, වත රෙ බුද්ධගුණා මහන්තා”ති, ඉති මහන්තං උස්සාහං කත්වා වණ්ණං වත්තුකාමොපි අප්පමත්තකං ඔරමත්තකං ආචාරසීලමත්තකමෙව වක්ඛති. උපරි අසාධාරණභාවං නිස්සාය වණ්ණං වත්තුං න සක්ඛිස්සති. න කෙවලඤ්ච පුථුජ්ජනොව සොතාපන්නසකදාගාමිඅනාගාමිඅරහන්තොපි පච්චෙකබුද්ධාපි න සක්කොන්තියෙව; තථාගතොයෙව පන සක්කොති, තං වො උපරි වක්ඛාමීති, අයමෙත්ථ සාධිප්පායා අත්ථවණ්ණනා. ඉතො පරං පන අපුබ්බපදමෙව වණ්ණයිස්සාම.
මේ මෙහි සංක්ෂේපයයි. ‘මහණෙනි, පෘථග්ජනයා තථාගතයන්ගේ ගුණ කියමින් මෙසේ හෝ කියන්නේය. ශ්‍රමණ ගෞතම තෙමේ ප්‍රාණය නොනසයි. ඝාතනය නොකරයි. එය අනුමත නොකරයි. මෙම දුසිල් බැවින් මිදුණේය. සගයිනි, බුදුගුණ ඒකාන්තයෙන් පුදුමයි යනුවෙන් මහත් උත්සාහයක් කොට ගුණ කියනු කැමැත්තේ ද අල්පමාත්‍ර වූ ආචාර සීලමාත්රයම කියයි. මත්තෙහි අසාධාරණ බව නිසා ගුණ කියන්ට නොහැක්කේ වෙයි. හුදෙක් පෘථග්ජනයා අරහත් වූ ඇත්තෝ ද පසේ බුදුවරුද නොහැකි වෙත්මය. තථාගතයන් වහන්සේට හැකි වෙයි. එය ඔබට මතුවට කියමි. මේ මෙහි අභිප්‍රාය අර්ථ වර්ණනාවයි. මින්පසුවට අනුපිළිවෙළින්ම වර්ණනා කරන්නෙමි.
අදින්නාදානං පහායාති එත්ථ අදින්නස්ස ආදානං අදින්නාදානං, පරසංහරණං, ථෙය්යං, චොරිකාති වුත්තං හොති. තත්ථ අදින්නන්ති පරපරිග්ගහිතං, යත්ථ පරො යථාකාමකාරිතං ආපජ්ජන්තො අදණ්ඩාරහො අනුපවජ්ජො ච හොති. තස්මිං පරපරිග්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො, තදාදායකඋපක්කමසමුට්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින්නාදානං. තං හීනෙ පරසන්තකෙ අප්පසාවජ්ජං, පණීතෙ මහාසාවජ්ජං, කස්මා? වත්ථුපණීතතාය. වත්ථුසමත්තෙ සති ගුණාධිකානං සන්තකෙ වත්ථුස්මිං මහාසාවජ්ජං. තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස්ස සන්තකෙ වත්ථුස්මිං අප්පසාවජ්ජං.
අදින්නාදානං පහාය යනු මෙහි අදින්නස්ස (නුදුන් දෙය) = ආදානං (ගැනීම) = අදින්නාදානයයි. අන්සතු දෙය ගෙනයාම. සොරකම. සොර සිතින් ගැනීම යයි කියන ලදී. එහි අදින්නං යනු අනුන් අරක්ගත්. යම් තැනක අන් තැනැත්තා තමා කැමති දෙයක් කරන ලද බවට පැමිණෙන්නේ දඬුවමට නුසුදුසු වන්නෙක්ද උපවාද කිරීම නුසුදුස්සෙක්ද වෙයිද, ඒ අනුන් අරක් ගත් දෙයෙහි අනුන් අරක්ගත් බව දනිමින් එය ගැනීමේ උපක්‍රමයෙන් ඔසවන ලද සොරකම් කිරීමේ චේතනාව අදින්නාදානයයි. එය අඩුතැන අනුන් සතු වූවෙහි අල්ප සාවද්‍යය. වැඩිතැන මහා සාවද්‍යය. කුමක් හෙයින්ද යත්, වස්තුවෙහි වටිනාකම වැඩි බැවිනි. වස්තු සමත්වය ඇති කල්හි ගුණ අධික වූවන් සතු වස්තුවෙහි මහා සාවද්‍යය. ඒ ඒ ගුණ අධික බව නිසා ඊට වඩා හීන ගුණ ඇත්තා සතු වස්තුවෙහි අල්ප සාවද්‍යය.
තස්ස පඤ්ච සම්භාරා හොන්ති – පරපරිග්ගහිතං, පරපරිග්ගහිතසඤ්ඤිතා, ථෙය්යචිත්තං, උපක්කමො, තෙන හරණන්ති. ඡ පයොගා – සාහත්ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්යාවහාරො, පසය්හාවහාරො, පටිච්ඡන්නාවහාරො, පරිකප්පාවහාරො, කුසාවහාරොති ඉමෙසං අවහාරානං වසෙන පවත්තා, අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන සමන්තපාසාදිකායං වුත්තො.
එහි සම්භාර පසක් වෙයි. අනුන් අරක් ගත්බව. අනුන් අරක්ගත් බව දැනුම, සොරසිත, උපක්‍රම කිරීම, එයින් ගෙනයාම, සාහත්ථික ආදී ප්‍රයෝග සයකි. ඒවාද අනුරූප පරිදි සොරෙන් ගෙනයාම, බලාත්කාරයෙන් ගෙනයාම, සඟවාගෙන යාම, සැලසුම්කොටගෙනයාම, කුසපත් හොරෙන් ගෙනයාම, යනුවෙන් මෙසේ ගෙනයාම් වශයෙන් පැවති මේ මෙහි සංක්ෂේපයයි. විස්තර සමන්තපාසාදිකාවේ කියන ලදී.
දින්නමෙව ආදියතීති දින්නාදායී. චිත්තෙනපි දින්නමෙව පටිකඞ්ඛතීති දින්නපාටිකඞ්ඛී. ථෙනෙතීති ථෙනො. න ථෙනෙන අථෙනෙන. අථෙනත්තායෙව සුචිභූතෙන. අත්තනාති අත්තභාවෙන. අථෙනං සුචිභූතං අත්තානං කත්වා විහරතීති වුත්තං හොති. සෙසං පඨමසික්ඛාපදෙ වුත්තනයෙනෙව යොජෙතබ්බං. යථා ච ඉධ, එවං සබ්බත්ථ.
දින්නමෙව (දුන් දෙයම) ආදියති (ගනී) = දින්නදායී, සිතින් දෙනලදැයි සිතානුයි = දින්නපාටිකංඛී. ථෙනෙති (සොරකම් කරයි) = ථෙනො. සොරකමින් නොවන්නේ අථෙන. සොරකම් නොකළ බැවින්ම සුචිභූතෙන (පිරිසිදු). අත්තනා ආත්මභාවයෙන් (තමා විසින්ම) මේ මෙහි සංක්ෂේපයයි. ‘සොර සිත් නැති පිරිසිදු ආත්මභාවය කොට වාසය කරයි.’නුයි කියන ලද්දේ වෙයි. සෙස්ස පළමුවැනි සිකපදයෙහි කියන ලද ක්‍රමයෙන්ම යොදාගත යුතුය. මෙහි යම්සේද සියලුතැන එසේය.
අබ්රහ්මචරියන්ති අසෙට්ඨචරියං. බ්රහ්මං සෙට්ඨං ආචාරං චරතීති බ්‍රහ්මචාරී. ආරාචාරීති අබ්රහ්මචරියතො දූරචාරී. මෙථුනාති රාගපරියුට්ඨානවසෙන සදිසත්තා මෙථුනකාති ලද්ධවොහාරෙහි පටිසෙවිතබ්බතො මෙථුනාති සඞ්ඛ්‍යං ගතා අසද්ධම්මා. ගාමධම්මාති ගාමවාසීනං ධම්මා.
අබ්රහ්මචරියං යනු ශ්‍රේෂ්ඨ නොවූ චර්යාව. උසස් ශ්‍රේෂ්ඨ ආචාරයෙහි හැසිරේනුයි බ්‍රහ්මචාරී, ආරාචාරී යනු උසස් නොවූ චර්යාවෙන් දුරාචාරී වූ. මෙථුනා යනු රාගය වැඩිවීම් වශයෙන් සමාන බැවින් මෛථුනක යයි ලබන ලද ව්‍යවහාරයෙන් සේවනය කළයුතු බැවින් මෙථුන යයි දන්නා ලද අසද්ධර්මය. ගාමධම්මා ග්රාමවාසීගේ ධර්මය.
මුසාවාදං පහායාති එත්ථ මුසාති විසංවාදනපුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජනකො වචීපයොගො කායපයොගො, වා විසංවාදනාධිප්පායෙන පනස්ස පරවිසංවාදකකායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො.
මුසාවාදං පහාය යනු මෙහි මුසා යයි වංචාව පෙරටු කොටගත් යහපත බිඳලන වාක්ප්රයෝගය හෝ කායප්රයෝගය. වංචාකිරීමේ අදහසින් අනුන් වංචාකරන කාය වාක් ප්‍රයෝගයෙන් ඔසවන ලද චේතනාව මුසාවාදයයි.
අපරො නයො, ‘මුසා’ති අභූතං අතච්ඡං වත්ථු. ‘වාදො’ති තස්ස භූතතො තච්ඡතො විඤ්ඤාපනං. ලක්ඛණතො පන අතථං වත්ථුං තථතො පරං විඤ්ඤාපෙතුකාමස්ස තථාවිඤ්ඤත්තිසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්ථං භඤ්ජති, තස්ස අප්පතාය අප්පසාවජ්ජො, මහන්තතාය මහාසාවජ්ජො.
වෙනත් ක්‍රමයක්, මුසා යනු නොවූ සත්‍ය නොවූ කරුණයි. වාදො යනු එය වූයේ සත්‍ය සේ දැන්වීමයි. ලක්ෂණ වශයෙන් නොවූ කරුණ වූයේ අනුන්ට දන්වනු කැමැත්තහුගේ එසේ හැඟවීමෙන් උපදවන ලද චේතනාව මුසාවාදයයි. එය යම් අර්ථයක් බිඳදමයිද, එය අල්ප බැවින් අල්ප සාවද්‍යයි. මහත් බැවින් මහා සාවද්‍යයි.
අපි ච ගහට්ඨානං අත්තනො සන්තකං අදාතුකාමතාය නත්ථීතිආදිනයප්පවත්තො අප්පසාවජ්ජො, සක්ඛිනා හුත්වා අත්ථභඤ්ජනත්ථං වුත්තො මහාසාවජ්ජො, පබ්බජිතානං අප්පකම්පි තෙලං වා සප්පිං වා ලභිත්වා හසාධිප්පායෙන – “අජ්ජ ගාමෙ තෙලං නදී මඤ්ඤෙ සන්දතී”ති පූරණකථානයෙන පවත්තො අප්පසාවජ්ජො, අදිට්ඨංයෙව පන දිට්ඨන්තිආදිනා නයෙන වදන්තානං මහාසාවජ්ජො.
තවද, ගිහියන්ට තමා සතු දෙය නොදෙනු කැමැත්ත නිසා ‘නැත’යනාදි ක්‍රමයෙන් පැවතියේ අල්පසාවද්‍යයි. මිත්‍රයකු වී අර්ථය බිඳ දැමීම පිණිස කියන ලද දෙය මහා සාවද්‍යය. පැවිද්දන්ට අල්පමාත්‍ර වූ තෙලක් හෝ ගිතෙලක් ලැබ, සිනාසීමේ අදහසින් ‘අද ගමේ තෙල් ගඟක් ගලාබසී’ යයි පූරාණකථා ක්‍රමයෙන් පැවැත්තේ අල්පසාවද්‍යය. නොදුටු දෙය දක්නා ලද්දේයයි ආදී ක්‍රමයෙන් කියනවුන්ට මහාසාවද්‍යය.
තස්ස චත්තාරො සම්භාරා හොන්ති – අතථං වත්ථු, විසංවාදනචිත්තං, තජ්ජො වායාමො, පරස්ස තදත්ථවිජානනන්ති. එකො පයොගො සාහත්ථිකොව. සො කායෙන වා කායපටිබද්ධෙන වා වාචාය වා පරවිසංවාදනකිරියාකරණෙන දට්ඨබ්බො. තාය චෙ කිරියාය පරො තමත්ථං ජානාති, අයං කිරියසමුට්ඨාපිකචෙතනාක්ඛණෙයෙව මුසාවාදකම්මුනා බජ්ඣති.
එයට කොටස් සතරක් ඇත. සත්‍ය නොවූ කරුණ, වංචා කිරීමේ සිත, ඉන් හටගත් ව්‍යායාමය, අනුන්ට ඒ බව දැන්වීම, එක් ප්‍රයෝගයක් සාහත්ථිකය. එය කයින් හෝ කය හා බැඳුණු දෙයකින් හෝ වචනයෙන් හෝ වංචා කිරීමේ ක්‍රියාවෙහි දතයුතුය. එය යම්හෙයකින් ඒ ක්‍රියාවෙන් අන්‍යයා ඒ බව දනීද, මෙය කාර්යය උපදවන චේතනාව ඇති වූ කෙණෙහිම මුසාවාද කර්මය හා බැඳෙයි.
යස්මා පන යථා කායකායපටිබද්ධවාචාහි පරං විසංවාදෙති, තථා “ඉදමස්ස භණාහී”ති ආණාපෙන්තොපි පණ්ණං ලිඛිත්වා පුරතො නිස්සජ්ජන්තොපි, “අයමත්ථො එවං දට්ඨබ්බො”ති කුඩ්ඩාදීසු ලිඛිත්වා ඨපෙන්තොපි. තස්මා එත්ථ ආණත්තිකනිස්සග්ගියථාවරාපි පයොගා යුජ්ජන්ති, අට්ඨකථාසු පන අනාගතත්තා වීමංසිත්වා ගහෙතබ්බා.
යම්හෙයකින් කය හා බැඳුණු වචනයෙන් අනුන් වංචා කෙරේද එසේ මොහුට කියවයි අණ කරන්නේද ලිපියක් ලියා ඉදිරියෙහි හලන්නේද ‘මේ බව මෙසේ දතයුතුයයි බිත්ති ආදියෙහි ලියා තබන්නේද, ඒ නිසා මෙහි ආණත්තික, නිස්සග්ගිය, ථාවර යන ප්‍රයෝග යෙදේ. අටුවාවන්හි නොආ බැවින් විමසාගත යුතුය.
සච්චං වදතීති සච්චවාදී. සච්චෙන සච්චං සන්දහති ඝටෙතීති සච්චසන්ධො. න අන්තරන්තරා මුසා වදතීති අත්ථො. යො හි පුරිසො කදාචි මුසා වදති, කදාචි සච්චං, තස්ස මුසාවාදෙන අන්තරිතත්තා සච්චං සච්චෙන න ඝටීයති; තස්මා සො න සච්චසන්ධො. අයං පන න තාදිසො, ජීවිතහෙතුපි මුසා අවත්වා සච්චෙන සච්චං සන්දහති යෙවාති සච්චසන්ධො.
සත්‍යය කියානුයි – සච්චවාදී, සත්‍යයෙන් සත්‍යය ගළපයි ගටයිනුයි = සච්චසන්ධො. අතරතුර මුසා නොකියයි යන අර්ථයි. යම් පුරුෂයෙක් වරක් මුසා කියයි. වරක් සත්‍යය කියයි. ඔහු මුසාවාදය අන්තර්ගතව ඇති බැවින් සත්‍යයෙන් සත්‍යය නොගටයි. ඒ නිසා ඔහු සච්චසන්ධ නොවේ. මොහු වනාහි එබන්දෙක් නොවේ. ජීවිතය නිසාවත් මුසාවක් නොකියා සත්‍යයෙන් සත්‍යය ගළපාමැයි යනුයි සච්චසන්ධවේ.
ථෙතොති ථිරො ථිරකථොති අත්ථො. එකො හි පුග්ගලො හලිද්දිරාගො විය, ථුසරාසිම්හි නිඛාතඛාණු විය, අස්සපිට්ඨෙ ඨපිතකුම්භණ්ඩමිව ච න ථිරකථො හොති, එකො පාසාණලෙඛා විය, ඉන්දඛීලො විය ච ථිරකථො හොති, අසිනා සීසං ඡින්දන්තෙපි ද්වෙ කථා න කථෙති, අයං වුච්චති ථෙතො.
ථෙතො ස්ථිර වූයේ ස්ථිර කථා ඇත්තේය යන අර්ථයි. එක් පුද්ගලයෙක් කහ වර්ණය මෙන්, දහයියා ගොඩෙහි තැබූ කණුවක් මෙන් අසුපිට තැබූ කොමඩු ගෙඩියක් මෙන් ද ස්ථිරකථා ඇත්තේ නොවේ. අසිපතින් හිස සිඳින කල්හිද කථා දෙකක් නොකියයි. මෙයථෙතො යයි කියනු ලැබේ.
පච්චයිකොති පත්තියායිතබ්බකො, සද්ධායිතබ්බකොති අත්ථො. එකච්චො හි පුග්ගලො න පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ “මා තස්ස වචනං සද්දහථා”ති වත්තබ්බතං ආපජ්ජති. එකො පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ “යදි තෙන වුත්තං, ඉදමෙව පමාණං, ඉදානි උපපරික්ඛිතබ්බං නත්ථි, එවමෙව ඉද”න්ති වත්තබ්බතං ආපජ්ජති, අයං වුච්චති පච්චයිකො. අවිසංවාදකො ලොකස්සාති තාය සච්චවාදිතාය ලොකං න විසංවාදෙතීති අත්ථො.
පච්චයිකො යනු විශ්වාසය තැබිය හැක්කෙක්, ඇදහිය හැක්කෙක් නොවේ. ‘මෙය කා විසින් කියන ලදද? අසුවලා විසිනැයි කී කල්හි, ‘ඔහුගේ වචන අදහන්න එපා යයි කියයුතු බවට පැමිණෙයි. එකෙක් විශ්වාසය තැබිය හැක්කෙක් වෙයි. මෙය කා විසින් කියන ලද්දේ ද? අසුවලා විසිනැයි කී කල්හි ‘ඔහු විසින් කියන ලද්දේ නම් මෙයම පමණය. දැන් පිළිකෙව් කළයුත්තක් නැත. මෙයද එසේමයයි කිවයුතු බවට පැමිණේ. මෙය පච්චයික යයි කියනු ලැබේ. අවිසංවාදකො ලොකස්සා ඒ සත්‍යවාදී බැවින් ලෝකය වංචා නොකරවයි යන අර්ථයි.
පිසුණං වාචං පහායාතිආදීසු යාය වාචාය යස්ස තං වාචං භාසති, තස්ස හදයෙ අත්තනො පියභාවං, පරස්ස ච සුඤ්ඤභාවං කරොති, සා පිසුණා වාචා.
පිසුණං වාචං පහාය යනාදි තන්හි යම් වචනයකින් යමකුගේ ඒ වචනය කියයිද, ඔහුගේ හදවතෙහි තමාගේ ප්‍රිය බවද අනුන්ගේ ශුන්‍ය බවද කරයි. ඒ පිසුණාවාචය.
යාය පන අත්තානම්පි පරම්පි ඵරුසං කරොති, යා වාචා සයම්පි ඵරුසා, නෙව කණ්ණසුඛා න හදයඞ්ගමා, අයං ඵරුසා වාචා.
යම් වචනයක් එයම සැරපරුෂ ද කණට සුව නොඑළවයිද, හෘදයංගම නොවේද මෙය ඵරුසාවාචා නම්,
යෙන සම්ඵං පලපති නිරත්ථකං, සො සම්ඵප්පලාපො.
යමකු විසින් අරුත්සුන් නිරර්ථක දේ කථාකරයිද ඔහු සම්ඵප්පලාපො නමි.
තෙසං මූලභූතා චෙතනාපි පිසුණවාචාදිනාමෙව ලභති, සා එව ච ඉධාධිප්පෙතාති.
ඒවාට මූලභූත වූ චේතනාව පිසුණාවාචා ආදී නම ම ලබයි. එය මෙසේද මෙහි අදහස් කරන ලදී.
තත්ථ සංකිලිට්ඨචිත්තස්ස පරෙසං වා භෙදාය අත්තනො පියකම්යතාය වා කායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා පිසුණවාචා. සා යස්ස භෙදං කරොති, තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා.
එහි කිලිටි සිත අනුන් බිඳුවීම පිණිස හෝ තමාට ප්‍රිය කම්යතාව පිණිස හෝ කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනාව පිසුණාවාචාය. එය යමකු බිඳීම කරයිද, ඔහුගේ අල්පගුණ ඇති බැවින් අල්ප සාවද්‍යය. මහා ගුණ ඇති බැවින් මහා සාවද්‍යය.
තස්සා චත්තාරො සම්භාරා – භින්දිතබ්බො පරො, “ඉති ඉමෙ නානා භවිස්සන්ති, විනා භවිස්සන්තී”ති භෙදපුරෙක්ඛාරතා වා, “ඉති අහං පියො භවිස්සාමි විස්සාසිකො”ති පියකම්යතා වා, තජ්ජො වායාමො, තස්ස තදත්ථවිජානනන්ති. ඉමෙසං භෙදායාති, යෙසං ඉතොති වුත්තානං සන්තිකෙ සුතං තෙසං භෙදාය.
එහි කොටස් හතරක් බිඳිය යුතු අන්‍යයා, මෙසේ මේවා නානාවිධ වෙයි වෙන්වෙයි යනුවෙන් හේද පෙරදැරි වීම හෝ මෙසේ මම ප්‍රිය වන්නෙමි. විශ්වාසවන්තයෙකැයි ප්‍රිය කම්යතාව හෝ, ඉන් හටගත් ව්‍යායාමය ඒ බව දැනීම. ඉමෙසං හෙදාය යමකු මෙතැනින් කියූවන් හමුවෙහි ඔවුන් බිඳීම පිණිස අසන ලදී.
භින්නානං වා සන්ධාතාති ද්වින්නං මිත්තානං වා සමානුපජ්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින්නානං එකමෙකං උපසඞ්කමිත්වා “තුම්හාකං ඊදිසෙ කුලෙ ජාතානං එවං බහුස්සුතානං ඉදං න යුත්ත”න්තිආදීනි වත්වා සන්ධානං කත්තා අනුකත්තා. අනුප්පදාතාති සන්ධානානුප්පදාතා. ද්වෙ ජනෙ සමග්ගෙ දිස්වා – “තුම්හාකං එවරූපෙ කුලෙ ජාතානං එවරූපෙහි ගුණෙහි සමන්නාගතානං අනුච්ඡවිකමෙත”න්තිආදීනි වත්වා දළ්හීකම්මං කත්තාති අත්ථො. සමග්ගො ආරාමො අස්සාති සමග්ගාරාමො. යත්ථ සමග්ගා නත්ථි, තත්ථ වසිතුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගරාමොතිපි පාළි, අයමෙවෙත්ථ අත්ථො. සමග්ගරතොති සමග්ගෙසු රතො, තෙ පහාය අඤ්ඤත්ථ ගන්තුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගෙ දිස්වාපි සුත්වාපි නන්දතීති සමග්ගනන්දී, සමග්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත්තෙ සමග්ගෙයෙව කරොති, තං සාමග්ගිගුණපරිදීපිකමෙව වාචං භාසති, න ඉතරන්ති.
භින්නානං වා සන්ධාතා මිතුරන් දෙදෙනාගේ හෝ සමාන උපාධ්‍යාය ආදීන්ගේ හෝ කිසියම් කරුණක් නිසා බිඳුණවුන් එක එකා කරා එළඹ ‘මෙබඳු කුලයක උපන් මෙසේ බහුශ්‍රැත වූ ඔබලාට මෙය සුදුසු නැතැයි ආදිය කියා එක්තැන් කරන්නා. අනුප්පදාතා එක්තැන් කිරීම සිදුකරන්නා. සමගිව සිටින මිනිසුන් දෙදෙනකු දැක ‘මෙබඳු කුලයක උපන් මෙබඳු ගුණයෙන් යුතු ඔබලාට මෙය සුදුසුයයි ආදිය කියා ශක්තිමත් කරන්නා යන අර්ථයි. සමග්ගාරාමො යනු සමගියෙහි ඇල්ම මොහුට ඇත්තේනුයි සමග්ගාරාම නමි. සමග්ගාරාමො යනුවෙන් ද පාඨයක් ඇත. එම අර්ථයමය. සමග්ගරතො සමගි වූවන් කෙරෙහි ඇලුණේ. ඔවුන් අත්හැරඅන්තැනකට යාමටද නොකැමති වේ යන අර්ථයි. සමගිවූවන් දැකද, අසාද සතුටු වේනුයි සමග්ගනන්දී නමි. සමග්ගකරණිං වාචං භාසිතා යනු යම් වචනයක් සත්ත්වයන් සමගි කරයිද, ඒ සමගියෙහි ගුණ පෙන්වන වචනයම කියයි. අනිකක් නොකියයි.
පරස්ස මම්මච්ඡෙදකකායවචීපයොගසමුට්ඨාපිකා එකන්තඵරුසචෙතනා ඵරුසාවාචා. තස්සා ආවිභාවත්ථමිදං වත්ථු – එකො කිර දාරකො මාතුවචනං අනාදියිත්වා අරඤ්ඤං ගච්ඡති, තං මාතා නිවත්තෙතුමසක්කොන්තී – “චණ්ඩා තං මහිංසී අනුබන්ධතූ”ති අක්කොසි. අථස්ස තථෙව අරඤ්ඤෙ මහිංසී උට්ඨාසි. දාරකො “යං මම මාතා මුඛෙන කථෙසි, තං මා හොතු, යං චිත්තෙන චින්තෙසි තං හොතූ”ති, සච්චකිරියමකාසි. මහිංසී තත්ථෙව බද්ධා විය අට්ඨාසි. එවං මම්මච්ඡෙදකොපි පයොගො චිත්තසණ්හතාය න ඵරුසා වාචා හොති. මාතාපිතරො හි කදාචි පුත්තකෙ එවං වදන්ති – “චොරා වො ඛණ්ඩාඛණ්ඩං කරොන්තූ”ති, උප්පලපත්තම්පි ච නෙසං උපරි පතන්තං න ඉච්ඡන්ති. ආචරියුපජ්ඣායා ච කදාචි නිස්සිතකෙ එවං වදන්ති – “කිං ඉමෙ අහිරීකා අනොත්තප්පිනො චරන්ති, නිද්ධමථ නෙ”ති, අථ ච නෙසං ආගමාධිගමසම්පත්තිං ඉච්ඡන්ති. යථා ච චිත්තසණ්හතාය ඵරුසා වාචා න හොති, එවං වචනසණ්හතාය අඵරුසා වාචා න හොති. න හි මාරාපෙතුකාමස්ස – “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසා වාචා හොති, චිත්තඵරුසතාය පනෙසා ඵරුසා වාචාව. සා යං සන්ධාය පවත්තිතා, තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා. තස්සා තයො සම්භාරා – අක්කොසිතබ්බො පරො, කුපිතචිත්තං, අක්කොසනාති.
අනුන්ගේ මර්මච්ඡේදක කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ලද ඒකාන්ත ඵරුස චේතනාව ඵරුසාවාචා නමි. එය පැහැදිලි කරන කථාවක් - එක් දරුවෙක් මවගේ වචන නොඅදහා කැලයට යයි. මව ඔහු නැවැත්වීමට නොහැකි වන්නී කුළු එළදෙනක් තා ලුහුබඳීවායි බැණ වැදුණාය. ඒ අයුරින්ම කැලෑවේදී කුළු එළදෙනක් නැගී සිටියාය. ‘මාගේ මව කටින් යමක් කීවාද, එය නොවේවායිද. යමක් සිතින් සිතුවාද එය වේවායිද සත්‍යක්‍රියා කළේය. කුළු එළදෙන එහිම බැඳ සිටියාක් මෙන් වූවාය. මෙසේ මර්මච්ඡේදක වුවද ප්‍රයෝගය සිත මෘදු බැවින් ඵරුසාවාචා නොවේ. මව්පියෝ යම් වේලාවක දරුවන්ට මෙසේ කියති. ‘හොරු තා කඩ කඩ කොට දමත්වා’යි නිලුපුල් පෙත්තක් වත් ඔවුන් මත වැටීම නොකැමති වෙත්. ආචාර්ය උපාධ්යයවරුද ඉඳහිට ඇසුරෙහි සිටින්නවුන්ට මෙසේ කියති. ‘මොනවාද මේ ලැජ්ජාබය නැතිවුන් කරන්නේ? එලවා දමනු’එහෙත් ඔවුන්ගේ ආගම අධිගම සම්පත්තිය කැමති වෙත්. යම්සේ සිතෙහි මෘදුබව නිසා ඵරුසවචනයක් නොවේද, එපරිද්දෙන් වචන මෘදු බැවින් ද ඵරුස වචනයක් නොවේ. මරවනු කැමැත්තහුගේ ‘මොහු සැපසේ නිදි කරවවු’යන වචන අඵරුස වචන නොවේ. සිතෙහි එරුස බව නිසාම එය ඵරුස වචනමය. ඒ වචන යමක් සඳහා පැවතියේද එහි අල්පගුණ බැවින් අල්ප සාවද්‍යය. මහාගුණ ඇති බැවින් මහා සාවද්‍යය. එහි කොටස් තුනක් ඇත. ආක්‍රෝශ කළයුතු අන්‍යයා, කිපුණු සිත, ආක්‍රෝශ කිරීම යනුවෙන්.
නෙලාති එලං වුච්චති දොසො, නාස්සා එලන්ති නෙලා, නිද්දොසාති අත්ථො. “නෙලඞ්ගො සෙතපච්ඡාදො”ති, (උදා· 65) එත්ථ වුත්තනෙලං විය. කණ්ණසුඛාති බ්යඤ්ජනමධුරතාය කණ්ණානං සුඛා, සූචිවිජ්ඣනං විය කණ්ණසූලං න ජනෙති. අත්ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච්ඡති, අප්පටිහඤ්ඤමානා සුඛෙන චිත්තං පවිසතීති හදයඞ්ගමා. ගුණපරිපුණ්ණතාය පුරෙ භවාති පොරී පුරෙ සංවඩ්ඪනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස්ස එසාතිපි පොරී. නගරවාසීනං කථාති අත්ථො. නගරවාසිනො හි යුත්තකථා හොන්ති. පිතිමත්තං පිතාති වදන්ති, භාතිමත්තං භාතාති වදන්ති, මාතිමත්තං මාතාති වදන්ති. එවරූපී කථා බහුනො ජනස්ස කන්තා හොතීති බහුජනකන්තා. කන්තභාවෙනෙව බහුනො ජනස්ස මනාපා චිත්තවුඩ්ඪිකරාති බහුජනමනාපා.
නෙලායනු ඵලං යනු දෝෂයයි. ඵලය මොහුටනැත්නුයි = නෙලා. දොස් රහිත යන අර්ථයි. ‘නෙලංගො සෙත පච්ඡදො’ - සුදෙන් වැදූ රථය දොස් නැත’මෙහි කියන ලද ශීලය මෙන්. කණ්ණසුඛා යනු ඛ්‍යංජන මධුරතාවෙන් කන්වලට සුවගෙන දෙන, ඉඳිකටුවෙන් විදින්නාක් මෙන් කනෙහි ඇනීමක් සුවගෙන දෙන, ඉඳිකටුවෙන් විදින්නාක් මෙන් කනෙහි ඇනීමක් නූපදවයි. අර්ථ මධුරතාවෙන් මුළු සිරුරෙහි කෝපය නූපදවා ප්‍රිය උපදවානුයි පෙමනීයා නොහැප්පෙමින් හදවතට යතියි, පහසුවෙන් සිතට පිවිසෙතියි හදයංගමා ගුණයෙන් පිරිපුන් බැවින් පෙර වීනුයි පොරී පෙර සංවර්ධන කරන්නකු මෙන් සුකුමාර යනුයි පොරී. පුරයෙහි මෙය වෙතියි පොරී. මෙය පුරයෙහි ඇතැයි නගරවාසීන්ගේ කථාය යන අර්ථයි. නගරවාසීහු සුදුසු කථා ඇත්තෝ වෙති. පියා වැන්නකුට පියා කියාද, සහෝදරයා වැන්නකුට සහෝදරයා කියාද කියති. මෙබඳු කථා බොහෝ දෙනකුට කන්තා (ආකර්ෂණීය) වේනුයි = බහුජනකන්තා ආකර්ෂණීය භාවයෙන්ම බොහෝදෙනාට මනාප වූ සිත වැඩිකරන හෙයින් බහුජනමනාපා.
අනත්ථවිඤ්ඤාපිකා කායවචීපයොගසමුට්ඨාපිකා අකුසලචෙතනා සම්ඵප්පලාපො. සො ආසෙවනමන්දතාය අප්පසාවජ්ජො, ආසෙවනමහන්තතාය මහාසාවජ්ජො, තස්ස ද්වෙ සම්භාරා – භාරතයුද්ධසීතාහරණාදිනිරත්ථකකථාපුරෙක්ඛාරතා, තථාරූපී කථා කථනඤ්ච.
අනර්ථය හඟවන කාය වාක් ප්‍රයෝගයන්ගෙන් ඇතිකරන ලද අකුශල චේතනාව සම්ඵප්පලාප නමි. එය පලපුරුද්ද මඳ බැවින් අල්පසාවද්‍යය. පලපුරුද්ද මහත් බැවින් මහා සාවද්‍යය. එහි කොටස් දෙකකි. භාරත යුද්ධ සීතාහරණ ආදී නිරර්ථක කථා පෙරටු කරගත් බව. එබඳු කථා කීම.
කාලෙන වදතීති කාලවාදී වත්තබ්බයුත්තකාලං සල්ලක්ඛෙත්වා වදතීති අත්ථො. භූතං තථං තච්ඡං සභාවමෙව වදතීති භූතවාදී. දිට්ඨධම්මිකසම්පරායිකත්ථසන්නිස්සිතමෙව කත්වා වදතීති අත්ථවාදී. නවලොකුත්තරධම්මසන්නිස්සිතං කත්වා වදතීති ධම්මවාදී සංවරවිනයපහානවිනයසන්නිස්සිතං කත්වා වදතීති විනයවාදී.
සුදුසු කල්හි කියානුයි කාලවාදී, කිවයුත්ත කාලය සලකා බලා කියයි යන අර්ථයි. වූ දෙය සත්‍ය ස්වභාවයෙන්ම කියනුයි භූතවාදී. මෙලොව පරලොව යහපතින් යුතු කොට කියනුයි අත්ථවාදී නව ලොවුතුරා දහම් මුසුකොට කියානුයි ධම්මවාදී, සංවර විනය ප්‍රහාණ විනය මුසුකොට කියානුයි විනයවාදී,
නිධානං වුච්චති ඨපනොකාසො, නිධානමස්සා අත්ථීති නිධානවතී. හදයෙ නිධාතබ්බයුත්තකං වාචං භාසිතාති අත්ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච – “අහං නිධානවතිං වාචං භාසිස්සාමී”ති න අකාලෙන භාසති, යුත්තකාලං පන අපෙක්ඛිත්වාව භාසතීති අත්ථො. සාපදෙසන්ති සඋපමං, සකාරණන්ති අත්ථො. පරියන්තවතින්ති පරිච්ඡෙදං දස්සෙත්වා යථාස්සා පරිච්ඡෙදො පඤ්ඤායති, එවං භාසතීති අත්ථො. අත්ථසංහිතන්ති අනෙකෙහිපි නයෙහි විභජන්තෙන පරියාදාතුං අසක්කුණෙය්යතාය අත්ථසම්පන්නං භාසති. යං වා සො අත්ථවාදී අත්ථං වදති, තෙන අත්ථෙන සහිතත්තා අත්ථසංහිතං වාචං භාසති, න අඤ්ඤං නික්ඛිපිත්වා අඤ්ඤං භාසතීති වුත්තං හොති.
නිධාන යනු තබන අවකාශයයි කියනු ලැබේ. නිධානය ඇයට ඇත්තේනුයි නිධානවතී. හෘදයෙහි නිදන් කළයුතු වචන කියන ලද්දේ යන අර්ථයි. කාලෙන යනු මෙබඳු දේ කියමින් ‘මම නිධානවතී වචන කියමි’යි නොකල්හි නොකියයි. සුදුසුකල් බලාම කියයි යන අර්ථයි.සාපදෙසං යනු උපමා සහිත. කරුණු සහිත යන අර්ථයි. පරියන්තවතී යනු පිරිසිඳ දක්ව දක්වා එහි පිරිසිඳීමක් පෙනෙන පරිදි මෙසේ කියයි යන අර්ථයි. අත්ථසංහිතං යනු නොයෙක් නයින් බෙදා දක්වන්නේද අර්ථ සම්පන්න දෙය ලබාගැනීමට නොහැකි වන්නේය. ඒ අර්ථවාදී පුද්ගලයා අර්ථය කියයිද, ඒ අර්ථයෙන් සහිත බැවින් අර්ථ සහිත වචන කියයි. අනිකක් බහා අනිකක් කියතියි කියන ලද්දේ වෙයි.
බීජගාමභූතගාමසමාරම්භාති මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජන්ති පඤ්චවිධස්ස බීජගාමස්ස චෙව, යස්ස කස්සචි නීලතිණරුක්ඛාදිකස්ස භූතගාමස්ස ච සමාරම්භා, ඡෙදනභෙදනපචනාදිභාවෙන විකොපනා පටිවිරතොති අත්ථො.
බීජගාමභූතගාම සමාරම්හා යනු මූලබීජය, ඛන්ධ බීජය, අග්රබීජය, ඵලබීජය, බීජ බීජ යැයි පස්වැදෑරුම් වූ බීජ වර්ගයාගේ යම් කිසිවක තණරුක් ආදී භූත වර්ගයාගේ විනාශය, කැපීම්, පිසීම් ආදී ක්‍රමයෙන් වැළකුණේය යන අර්ථයි.
එකභත්තිකොති පාතරාසභත්තං සායමාසභත්තන්ති ද්වෙ භත්තානි, තෙසු පාතරාසභත්තං අන්තොමජ්ඣන්හිකෙන පරිච්ඡින්නං, ඉතරං මජ්ඣන්හිකතො උද්ධං අන්තො අරුණෙන. තස්මා අන්තොමජ්ඣන්හිකෙ දසක්ඛත්තුං භුඤ්ජමානොපි එකභත්තිකොව හොති. තං සන්ධාය වුත්තං “එකභත්තිකො”ති.
එකභත්තිකොයනු උදෑසන ආහාරය. සවස ආහාරයැයි ආහාර දෙකකි. එයින් උදෑසන ආහාරය මධ්‍යාහ්නයෙන් පිරිසිදුණේ වෙයි. අනික මධ්‍යාහ්නයෙන් සිට අරුණු නැගෙන තෙක්, ඒ නිසා මධ්යාහ්නයඅවසන්කොට ඇති කාලය තුළ දසවරක් අනුභව කරන්නේද ඒකභත්තිකම වෙයි. ඒකභත්තිකයයි ඒ සඳහා කියන ලදී.
රත්තියා භොජනං රත්ති, තතො උපරතොති රත්තූපරතො. අතික්කන්තෙ මජ්ඣන්හිකෙ යාව සූරියත්ථඞ්ගමනා භොජනං විකාලභොජනං නාම. තතො විරතත්තා විරතො විකාලභොජනා. කදා විරතො? අනොමානදීතීරෙ පබ්බජිතදිවසතො පට්ඨාය.
රාත්‍රී භෝජනය රත්ති නමි. එයින් වැළකුණේ රත්තුපරතො නමි. මධ්යාහ්නයඉක්මගිය පසු සූර්යයා අස්තයට යන තෙක් අනුභවය විකාල භෝජන නමි. එයින් වැළකුණු බැවින් = විරතො විකාලභොජනා කවදා වැළකුණෝද, අනෝමා නදී තීරයෙහි පැවිදි වූ දිනයෙහි පටන්
සාසනස්ස අනනුලොමත්තා විසූකං පටාණීභූතං දස්සනන්ති විසූකදස්සනං. අත්තනා නච්චනනච්චාපනාදිවසෙන නච්චා ච ගීතා ච වාදිතා ච අන්තමසො මයූරනච්චාදිවසෙනපි පවත්තානං නච්චාදීනං විසූකභූතා දස්සනා චාති නච්චගීතවාදිතවිසූකදස්සනා. නච්චාදීනි හි අත්තනා පයොජෙතුං වා පරෙහි පයොජාපෙතුං වා පයුත්තානි පස්සිතුං වා නෙව භික්ඛූනං න භික්ඛුනීනඤ්ච වට්ටන්ති.
සාසනයට අනුලොම් නො වන බැවින් විසුළු, පටහැනි වූ දේ බැලීම = විසූකදස්සන නමි. තමා නැටීම නැටවීම ආදී වශයෙන් නැටුම් ද ගීතද වාදිතයද යටත් පිරිසෙයින් මොනර නැටුම් ආදි වශයෙන් ද පැවති නෘත්‍ය ආදියෙහි දැකීම නච්චගීත වාදිත විසූක දස්සනා, නෘත්‍ය ආදිය තමා විසින් යෙදීමට හෝ අනුන් ලවා යොදවාලීමට හෝ යෙදී බැලීමට භික්ෂූන්ට හා භික්ෂුණීන්ට නොවටී.
මාලාදීසු මාලාති යං කිඤ්චි පුප්ඵං. ගන්ධන්ති යං කිඤ්චි ගන්ධජාතං. විලෙපනන්ති ඡවිරාගකරණං. තත්ථ පිළන්ධන්තො ධාරෙති නාම, ඌනට්ඨානං පූරෙන්තො මණ්ඩෙති නාම, ගන්ධවසෙන ඡවිරාගවසෙන ච සාදියන්තො විභූසෙති නාම. ඨානං වුච්චති කාරණං. තස්මා යාය දුස්සීල්යචෙතනාය තානි මාලාධාරණාදීනි මහාජනො කරොති, තතො පටිවිරතොති අත්ථො.
මාලා ආදියෙහි මාලා යනු කිසියම් මලකි. ගන්ධං යනු යම්කිසි සුවඳ වර්ගයකි. විලෙපන යනු සම පැහැ ගැන්වීම. එහි පළඳින්නේ ධාරෙති (දරයි) නම් වේ. අඩු තැන් පුරවන්නේ මණ්ඩෙති නමි. ඨානං යනු කාරණයයි. ඒ නිසා කිසියම් දුසිල්වත් සිතින් ඒ මල් දැරීම ආදිය මහජනයා කරයි. එයින් වැළකුණේ යන අර්ථයි.
උච්චාසයනං වුච්චති පමාණාතික්කන්තං. මහාසයනන්ති අකප්පියපච්චත්ථරණං. තතො විරතොති අත්ථො.
උච්චාසයන යනු ප්‍රමාණය ඉක්මවූ. මහාසයනං අකැප අරුත් ඇති. එයින් වැළකුණේ යන අර්ථයි.
ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති කහාපණො, ලොහමාසකො, ජතුමාසකො, දාරුමාසකොති යෙ වොහාරං ගච්ඡන්ති. තස්ස උභයස්සාපි පටිග්ගහණා පටිවිරතො, නෙව නං උග්ගණ්හාති, න උග්ගණ්හාපෙති, න උපනික්ඛිත්තං සාදියතීති අත්ථො.
ජාතරූප යනු රත්රන්. රජතං යනු කහවණු, ලෝහ කහවණු, මස්ස, ලතු මස්ස, ලී මස්ස යයි යමක් ව්‍යවහාරයට යයිද, ඒ දෙකම පිළිගැනීමෙන් එය නූගනී. නූගන්වයි. තැබූවක් නොඉවසයි යන අර්ථයි.
ආමකධඤ්ඤපටිග්ගහණාති, සාලිවීහියවගොධූමකඞ්ගුවරකකුද්රූසකසඞ්ඛාතස්ස සත්තවිධස්සාපි ආමකධඤ්ඤස්ස පටිග්ගහණා. න කෙවලඤ්ච එතෙසං පටිග්ගහණමෙව, ආමසනම්පි භික්ඛූනං න වට්ටතියෙව. ආමකමංසපටිග්ගහණාති එත්ථ අඤ්ඤත්ර ඔදිස්ස අනුඤ්ඤාතා ආමකමංසමච්ඡානං පටිග්ගහණමෙව භික්ඛූනං න වට්ටති, නො ආමසනං.
ආමකධඤ්ඤ පටිග්ගහණා යනු ඇල් වී යව අමු මෙනේරි කුරහන් සංඛ්‍යාත වූ සත්වැදෑරුම් වූ අමු ධාන්‍ය පිළිගැනීම හුදෙක් මේවා පිළිගැනීම පමණක් නොව අතගෑම පවා භික්ෂූන්ට නොවටින්නේමය. ආමකමංස පටිග්ගහණා යනු මෙහි අරමුණක් නොමැතිව අනුදත් අමු මස් මාළු පිළිගැනීම පමණක් භික්ෂූන්ට නොවටී. අතගෑම නොවේ.
ඉත්ථිකුමාරිකපටිග්ගහණාති එත්ථ ඉත්ථීති පුරිසන්තරගතා, ඉතරා කුමාරිකා නාම, තාසං පටිග්ගහණම්පි ආමසනම්පි අකප්පියමෙව.
ඉත්ථිකුමාරි පටිග්ගහණා යනු මෙහි ඉත්ථි යනු පුරුෂයන් අතරට ගියාහු. අන් අය කුමාරිකා නමු. ඔවුන් පිළිගැනීමද අතගෑමද අකැපමය.
දාසිදාසපටිග්ගහණාති එත්ථ දාසිදාසවසෙනෙව තෙසං පටිග්ගහණං න වට්ටති. “කප්පියකාරකං දම්මි, ආරාමිකං දම්මී”ති එවං වුත්තෙ පන වට්ටති.
දාසිදාස පටිග්ගහණා යනු මෙහි දාසි දාස වශයෙන් ම ඔවුන් පිළිගැනීම නොවටී. ‘කැපකරුවෙකු දෙමි. ආරාමිකයෙකු දෙමියි මෙසේ කී කල්හි වටී.
අජෙළකාදීසු ඛෙත්තවත්ථුපරියොසානෙසු කප්පියාකප්පියනයො විනයවසෙන උපපරික්ඛිතබ්බො. තත්ථ ඛෙත්තං නාම යස්මිං පුබ්බණ්ණං රුහති. වත්ථු නාම යස්මිං අපරණ්ණං රුහති. යත්ථ වා උභයම්පි රුහති, තං ඛෙත්තං. තදත්ථාය අකතභූමිභාගො වත්ථු. ඛෙත්තවත්ථුසීසෙන චෙත්ථ වාපිතළාකාදීනිපි සඞ්ගහිතානෙව.
අජෙළකා ආදී තන්හිද කෙත් වතු කෙළවර කැප අකැප ක්‍රමය විනය වශයෙන් ම සලකා බැලිය යුතුය. එහි ඛෙත්තං යනු යම්තැනෙක පළමු ධාන්‍ය වැඩේද එතැන. වත්ථු නම් යම් තැනෙක වෙනත් වර්ගවල ධාන්‍ය වැඩේ එතැන. යම්තැනෙක මේ දෙවගම වැඩේද එය ඛෙත්ත නමි. ඒ සඳහා පිළියෙල නොකළ භූමිභාගය වත්ථු නමි. ඛෙත්ත වත්ථු ශීර්ෂයට වැව් තටාක ආදියද ඇතුළත් වේ.
දූතෙය්යං වුච්චති දූතකම්මං, ගිහීනං පහිතං පණ්ණං වා සාසනං වා ගහෙත්වා තත්ථ තත්ථ ගමනං. පහිණගමනං වුච්චති ඝරා ඝරං පෙසිතස්ස ඛුද්දකගමනං. අනුයොගො නාම තදුභයකරණං. තස්මා දූතෙය්යපහිණගමනානං අනුයොගාති. එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
දූතෙය්යං දූත කර්මය කියනු ලැබේ. ගිහියගේ හසුන්පත් රැගෙන ඒ ඒ තැන යාම. පහිත ගමනං ගෙන් ගෙට යවන්නහුගේ කෙටි ගමන. අනුයොගො නම් ඒ කරුණු දෙකම. ඒ නිසා දූත කර්මය, ගෙන්ගෙට යාම දෙකෙහි යෙදීම මෙහි අර්ථය බව දතයුතුය.
කයවික්කයාති කයා ච වික්කයා ච. තුලාකූටාදීසු කූටන්ති වඤ්චනං. තත්ථ තුලාකූටං නාම රූපකූටං අඞ්ගකූටං, ගහණකූටං, පටිච්ඡන්නකූටන්ති චතුබ්බිධං හොති. තත්ථ රූපකූටං නාම ද්වෙ තුලා සමරූපා කත්වා ගණ්හන්තො මහතියා ගණ්හාති, දදන්තො ඛුද්දිකාය දෙති. අඞ්ගකූටං නාම ගණ්හන්තො පච්ඡාභාගෙ හත්ථෙන තුලං අක්කමති, දදන්තො පුබ්බභාගෙ. ගහණකූටං නාම ගණ්හන්තො මූලෙ රජ්ජුං ගණ්හාති, දදන්තො අග්ගෙ. පටිච්ඡන්නකූටං නාම තුලං සුසිරං කත්වා අන්තො අයචුණ්ණං පක්ඛිපිත්වා ගණ්හන්තො තං පච්ඡාභාගෙ කරොති, දදන්තො අග්ගභාගෙ.
කය වික්කයා යනු මිලට ගැනීම සහ විකිණීම. තුලා කුට ආදී තන්හි කුට යනුවෙන් ද වචනයක් ඇත. තුලාකුට නම් රූපකුට, අංගකුට, ගහණ කුට, පටිච්ඡන්න කුට යනුවෙන් සිව් වැදෑරුම් වේ. එහි රූපකුට නම් තරාදි දෙකක් සමානව තබා ගැනීමේදී ලොකු තරාදියෙන් ගනී. දීමේදී කුඩා තරාදියෙන් දෙයි. අංගකුට නම් ගැනීමේදී පසුපස අතින් තද කරයි. දෙනවිට පෙර පස තදකරයි. ගහණකූට යනු ගන්නාවිට මුල ලණුවෙන් අල්ලයි. දෙනවිට අග අල්ලයි. පටිච්ඡන්නකුට නම් තරාදිය මැදින් සිදුරක් කොට කෙළවර යසුණු බහා ගන්නා විට එය පසුපසට කරයි. දෙනවිට අගට කරයි.
කංසො වුච්චති සුවණ්ණපාති, තාය වඤ්චනං කංසකූටං. කථං? එකං සුවණ්ණපාතිං කත්වා අඤ්ඤා ද්වෙ තිස්සො ලොහපාතියො සුවණ්ණවණ්ණෙ කරොති, තතො ජනපදං ගන්ත්වා කිඤ්චිදෙව අඩ්ඪං කුලං පවිසිත්වා – “සුවණ්ණභාජනානි කිණථා”ති වත්වා අග්ඝෙ පුච්ඡිතෙ සමග්ඝතරං දාතුකාමා හොන්ති. තතො තෙහි – “කථං ඉමෙසං සුවණ්ණභාවො ජානිතබ්බො”ති වුත්තෙ, “වීමංසිත්වා ගණ්හථා”ති සුවණ්ණපාතිං පාසාණෙ ඝංසිත්වා සබ්බා පාතියො දත්වා ගච්ඡති.
කංස යනු රන් තලියයි. එයින් වංචා කිරීම කංසකූටයි. කෙසේද? එකක් රන් තලියක් කොට අනික් දෙක තුනක් ලෝහ තලි රන්වන් කරත්. ඉන් ජනපදයට ගොස් කිසියම් ආඪ්‍ය වූ කුලයකට පිවිස ‘රන් බඳුන් මිලට ගන්නැයි කියා මිල ඇසූවිට වඩා අගනා තලි දෙනු කැමැත්තෝ වෙති. ඉන්පසු ඔවුන් විසින් ‘මේවායේ රන් බව කෙසේ දතයුතුදැයි කී කල්හි විමසා බලා ගන්නැ’යි රන්තලිය ගලක ගටා සියලු තල දී යති.
මානකූටං නාම හදයභෙදසිඛාභෙදරජ්ජුභෙදවසෙන තිවිධං හොති. තත්ථ හදයභෙදො සප්පිතෙලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො හෙට්ඨාඡිද්දෙන මානෙන – “සණිකං ආසිඤ්චා”ති වත්වා අන්තොභාජනෙ බහුං පග්ඝරාපෙත්වා ගණ්හාති, දදන්තො ඡිද්දං පිධාය සීඝං පූරෙත්වා දෙති.
මානකුට යනු හදය භේද, සිඛා භේද, රජ්ජු භේද වශයෙන් තෙවැදෑරුම් වෙයි. එහි හදය භේද නම් ගිතෙල් තෙල් ආදිය මනින කල්හි ඉහිරුවයි. ඒවායින් ගන්නාවිට යව සිදුරෙන් ඉක්මනින් වක්කරව’යි කියා ඇතුල් බඳුනෙහි බොහෝ ගලායවා ගනී. දෙනවිට සිදුර වසා වහා පුරවා දෙයි.
සිඛාභෙදො තිලතණ්ඩුලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො සණිකං සිඛං උස්සාපෙත්වා ගණ්හාති, දදන්තො වෙගෙන පූරෙත්වා සිඛං ඡින්දන්තො දෙති.
සිඛා භේදයද තල සහල් ආදිය මනින කල්හි ඉහිරුවයි. ඒවා ගන්නාවිට වහා මුදු ඔසවා ගනියි. දෙනකල්හි වේගයෙන් පුරවා මුදුන බිඳිමින් දෙයි.
රජ්ජුභෙදො ඛෙත්තවත්ථුමිනනකාලෙ ලබ්භති. ලඤ්ජං අලභන්තා හි ඛෙත්තං අමහන්තම්පි මහන්තං කත්වා මිනන්ති.
රජ්ජුභේදය කෙත්වතු මනින කල්හි ඉක්මවා යයි. අල්ලස් නොලබන්නාහු කෙත කුඩා වුවද මහකොට මනිති.
උක්කොටනාදීසු උක්කොටනන්ති අස්සාමිකෙ සාමිකෙ කාතුං ලඤ්ජග්ගහණං. වඤ්චනන්ති තෙහි තෙහි උපායෙහි පරෙසං වඤ්චනං. තත්රිදමෙකං වත්ථු – එකො කිර ලුද්දකො මිගඤ්ච මිගපොතකඤ්ච ගහෙත්වා ආගච්ඡති, තමෙකො ධුත්තො – “කිං භො, මිගො අග්ඝති, කිං මිගපොතකො”ති ආහ. “මිගො ද්වෙ කහාපණෙ, මිගපොතකො එක”න්ති ච වුත්තෙ එකං කහාපණං දත්වා මිගපොතකං ගහෙත්වා ථොකං ගන්ත්වා නිවත්තො – “න මෙ භො, මිගපොතකෙන අත්ථො, මිගං මෙ දෙහී”ති ආහ. තෙන හි – ද්වෙ කහාපණෙ දෙහීති. සො ආහ – “නනු තෙ භො, මයා පඨමං එකො කහාපණො දින්නො”ති? “ආම, දින්නො”ති. “ඉදං මිගපොතකං ගණ්හ, එවං සො ච කහාපණො, අයඤ්ච කහාපණග්ඝනකො මිගපොතකොති ද්වෙ කහාපණා භවිස්සන්තී”ති. සො “කාරණං වදතී”ති සල්ලක්ඛෙත්වා මිගපොතකං ගහෙත්වා මිගං අදාසීති.
අල්ලස් ගැනීම් ආදියෙහි උක්කොටන යනු හිමිකමක් නැත්තවුන් හිමිකම් ඇත්තවුන් කොට අල්ලස් ගැනීමයි. වඤ්චනං ඒ ඒ උපායෙන් අනුන් වංචා කිරීම එහි මේ කථාව වෙයි. එක් වැද්දෙක් මුවකුද මුව පොව්වකුද ගෙන එයි. එක් ධූර්තයෙක් ‘පින්වත මුවා කීයක් අගීදැයි මුවපොව්වා කීයක් අගීදැ’යි ඇසීය. ‘මුවා කහවණු දෙකයි. මුව පොවා කහවණු එකයි කී කල්හි කහවණුවක් දී මුවපොව්වා ගෙන මඳක් ගොස් නැවතී ‘පින්වත මට මුවපොව්වාගෙන් ප්‍රයෝජනයක් නැත. මට මුවා දෙන්නැයි කීය. ‘එසේනම් කහවණු දෙකක් දෙවයි කීය. ඔහු මෙසේ කීය. ‘පින්වත, මා විසින් පළමුව එක් කහවණුවක් දුන්නා නේද? ‘එසේය දෙන ලදී’ ‘මේ මුවපොව්වා ගන්න. මෙසේ ඒ කහවණුවත් මේ කහවණුවක් අගනා මුවපොව්වාත් සමග කහවණු දෙකක් වෙයි. ඔහු කරුණක් කියතියි සලකා මුවපොව්වා ගෙන මුවා දුන්නේය.
නිකතීති යොගවසෙන වා මායාවසෙන වා අපාමඞ්ගං පාමඞ්ගන්ති, අමණිං මණින්ති, අසුවණ්ණං සුවණ්ණන්ති කත්වා පතිරූපකෙන වඤ්චනං. සාචියොගොති කුටිලයොගො, එතෙසංයෙව උක්කොටනාදීනමෙතං නාමං. තස්මා – උක්කොටනසාචියොගො, වඤ්චනසාචියොගො, නිකතිසාචියොගොති, එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙචි අඤ්ඤං දස්සෙත්වා අඤ්ඤස්ස පරිවත්තනං සාචියොගොති වදන්ති. තං පන වඤ්චනෙනෙව සඞ්ගහිතං.
නිකති යනු යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ වළල්ලක් නොවූ දෙය වළල්ලක් යයි ද, මැණිකක් නොවූ දෙය මැණිකක් යයිද, රන් නොවූ දෙය රන් යයිද, කොට සමාන දෙයින් වංචා කිරීමයි. සාචියොගො යනු කපටි යෙදුමයි. මේ වංචාකිරීම් ආදීන්ට මේ නමයි. ඒ නිසා උක්කොටන සාචියොග වංචන, සාචියෝග, නිකති සාවි යෝග යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය. කෙනෙක් අනිකක් පෙන්වා අනිකකට හැරවීම සාවි යෝගයයි කියති. එය වංචනයෙහිම සංගෘහීතය.
ඡෙදනාදීසු ඡෙදනන්ති හත්ථච්ඡෙදනාදි. වධොති මාරණං. බන්ධොති රජ්ජුබන්ධනාදීහි බන්ධනං. විපරාමොසොති හිමවිපරාමොසො, ගුම්බවිපරාමොසොති දුවිධො. යං හිමපාතසමයෙ හිමෙන පටිච්ඡන්නා හුත්වා මග්ගප්පටිපන්නං ජනං මුසන්ති, අයං හිමවිපරාමොසො. යං ගුම්බාදීහි පටිච්ඡන්නා මුසන්ති, අයං ගුම්බවිපරාමොසො. ආලොපො වුච්චති ගාමනිගමාදීනං විලොපකරණං. සහසාකාරොති සාහසිකකිරියා. ගෙහං පවිසිත්වා මනුස්සානං උරෙ සත්ථං ඨපෙත්වා ඉච්ඡිතභණ්ඩානං ගහණං. එවමෙතස්මා ඡෙදන…පෙ… සහසාකාරා පටිවිරතො සමණො ගොතමොති. ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්යාති.
සිඳීම් ආදියෙහි ඡෙදන යනු අත් සිඳීම් ආදිය. වධ යනු මැරවීමයි. ඛන්ධො යනු ලනු ආදියෙන් බැඳීමයි. විපරාමොසො යනු හිමවිපරාමොස, දම්බ විපරාමොස යයි දෙවැදෑරුම් වේ. හිම වැටෙන කල්හි හිමෙන් වැසී මගට පිළිපන් ජනයා මුළාකරත්. මෙය හිම විපරාමොසයයි. පඳුරු ආදියෙන් සැඟවී ජනයා මුළාකරත්. මෙය ගුම්බ විපරාමොස යයි. ආලොපො යනු ගම් නියම්ගම් කොල්ලකෑමයි. සහසාකාරො යනු සැහැසි ක්‍රියා කිරීමයි. ගෙට පිවිස මිනිසුන්ගේ පපුවෙහි පිහියක් තබා කැමති බඩු පැහැරගෙන යාමයි. මෙසේ මේ සිඳීමෙන් -පෙ- සැහැසිකමින් ශ්‍රමණ ගෞතම තෙමේ මිදුණේ වෙයි. මහණෙනි, මෙසේ හෝ පෘථග්ජනයා තථාගතයන්ගේ ගුණ කියන්නේය.
එත්තාවතා චූළසීලං නිට්ඨිතං හොති.
මෙපමණකින් චුල්ලසීලය නිමියේ ය.
මජ්ඣිමසීලවණ්ණනා
ඉදානි මජ්ඣිමසීලං විත්ථාරෙන්තො “යථා වා පනෙකෙ භොන්තො”තිආදිමාහ. තත්රායං අනුත්තානපදවණ්ණනා. සද්ධාදෙය්යානීති කම්මඤ්ච ඵලඤ්ච ඉධලොකඤ්ච පරලොකඤ්ච සද්දහිත්වා දින්නානි. ‘අයං මෙ ඤාතී’ති වා, ‘මිත්තො’ති වා, ඉදං පටිකරිස්සති, ඉදං වා තෙන කතපුබ්බන්ති වා, එවං න දින්නානීති අත්ථො. එවං දින්නානි හි න සද්ධාදෙය්යානි නාම හොන්ති. භොජනානීති දෙසනාසීසමත්තමෙතං, අත්ථතො පන සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා චීවරානි පාරුපිත්වා සෙනාසනානි සෙවමානා ගිලානභෙසජ්ජං පරිභුඤ්ජමානාති සබ්බමෙතං වුත්තමෙව හොති.
දැන් මජ්ඣිම සීල විස්තර කරන්නේ යථාවා පනෙ තෙ භොන්තො යනාදිය කීහ. එහි මේ ගැඹුරු පද වර්ණනාවයි. සද්ධා දෙය්යාති කර්මයද ඵලයද මෙලොවද පරලොවද අදහා දුන් දේ මේ මාගේ ඥාතියා හෝ මිත්‍රයා හෝ මෙය කළ අයුරින් කරන්නෙමි. මෙය ඔහු විසින් කළ විරූය. මෙසේ නොදුන් යන අර්ථයි. මෙසේ දුන් දේ සද්ධාදෙය්ය නම් නොවේ. භොජනාති යනු දේශනා ශීර්ෂයක් පමණි. අර්ථ වශයෙන්, ශ්‍රද්ධාවෙන් දිය යුතු දේ වළඳා සිවුරු පොරවා සෙනසුන් පරිහරණය කරමින් ගිලන් බෙහෙත් වළඳමින් යන මේ සියල්ල කියන ලද්දේම වෙයි.
සෙය්යථිදන්ති නිපාතො. තස්සත්ථො කතමො සො බීජගාමභූතගාමො, යස්ස සමාරම්භං අනුයුත්තා විහරන්තීති. තතො තං දස්සෙන්තො මූලබීජන්තිආදිමාහ. තත්ථ මූලබීජං නාම හලිද්දි, සිඞ්ගිවෙරං, වචා, වචත්තං, අතිවිසා, කටුකරොහිණී, උසීරං, භද්දමුත්තකන්ති එවමාදි. ඛන්ධබීජං නාම අස්සත්ථො, නිග්රොධො, පිලක්ඛො, උදුම්බරො, කච්ඡකො, කපිත්ථනොති එවමාදි. ඵළුබීජං නාම උච්ඡු, නළො, වෙළූති එවමාදි. අග්ගබීජං නාම අජ්ජකං, ඵණිජ්ජකං, හිරිවෙරන්ති එවමාදි. බීජබීජං නාම පුබ්බණ්ණං අපරණ්ණන්ති එවමාදි. සබ්බඤ්හෙතං රුක්ඛතො වියොජිතං විරුහනසමත්ථමෙව “බීජගාමො”ති වුච්චති. රුක්ඛතො පන අවියොජිතං අසුක්ඛං “භූතගාමො”ති වුච්චති. තත්ථ භූතගාමසමාරම්භො පාචිත්තියවත්ථු, බීජගාමසමාරම්භො දුක්කටවත්ථූති වෙදිතබ්බො.
සෙය්යථිදං යනු නිපාතයකි. යමක විනාශයෙහි නියුක්තව වසත් නම් ඒ බීජගාමභූක ගාමය කුමන අර්ථයක් ඇත්තේද? ඉන්පසු එය දක්වමින් මූලබීජං ආදිය කීහ. එහි මූලබීජ නම් කහ, හිඟුරු, චච, වචත්ථ, අතිවිස, කටුකරෝහිණී උසීරක භද්දමුත්තක ආදිය. ඛන්ධබීජ නම් ඇසතු, නුග, පිලක්ඛ, උදුම්බර, කච්ඡක, කපීතන ආදිය. ඵලුබීජ නම් උක්, උණ බට ආදිය. අග්ගබීජ නම් අජ්ජක, එනිජ්ජක, ඉරිවේරිය ආදිය. බීජබීජං යනු වී ඉරිඟු ආදිය. මේ සියල්ල ගසින් වෙන්ව වැඩෙන්ට සමර්ථය. ඒ නිසා බීජගාම යයි කියනු ලැබේ. ගසින් වෙන් නොවූ නොවියලි වූ දේ භූතගාමයයි කියනු ලැබේ. එහි භූතගාම විනාශ කිරීම පාචිත්තිය ආපත්තියට කරුණකි. බීජගාම විනාශය දුකකට ආපත්තියට කරුණකියි දතයුතුය.
සන්නිධිකාරපරිභොගන්ති සන්නිධිකතස්ස පරිභොගං. තත්ථ දුවිධා කථා, විනයවසෙන ච සල්ලෙඛවසෙන ච. විනයවසෙන තාව යං කිඤ්චි අන්නං අජ්ජ පටිග්ගහිතං අපරජ්ජු සන්නිධිකාරකං හොති, තස්ස පරිභොගෙ පාචිත්තියං. අත්තනා ලද්ධං පන සාමණෙරානං දත්වා, තෙහි ලද්ධං ඨපාපෙත්වා දුතියදිවසෙ භුඤ්ජිතුං වට්ටති, සල්ලෙඛො පන න හොති.
සන්නිධිකාර පරිභොග යනු රැස්කරගත් දේ පරිභෝග කිරිම. එහි කථාව විනය වශයෙන් ද සල්ලේඛ වශයෙන් ද දෙවැදෑරුම්ය. විනය වශයෙන් ගත්විට යම් අහරක් අද පිළිගන්නා ලද්දේ ද ඊළඟ දිනයේදී සන්නිධිකාරයක් වෙයි. එය පරිභෝග කිරීමෙහි පචිති වේ. තමා ලත් දෙය සාමණේරයන්ට දී ඔවුන් ලැබූ දේ තබ්බවා දෙවැනි දවසෙහි වළඳින්ට වටී. විපාක දීමක් නොවේ.
පානසන්නිධිම්හිපි එසෙව නයො. තත්ථ පානං නාම අම්බපානාදීනි අට්ඨ පානානි, යානි ච තෙසං අනුලොමානි. තෙසං විනිච්ඡයො සමන්තපාසාදිකායං වුත්තො.
පාන සන්නිධියෙහිද මේ ක්‍රමයයි. එහි පානං යනු අඹපැන් ආදී අෂ්ට පානයෝය. ඒවාද ඔවුන්ට සුදුසුය. එහි විනිශ්චය සමන්තපාසාදිකාවෙහි කියන ලදී.
වත්ථසන්නිධිම්හි අනධිට්ඨිතං අවිකප්පිතං සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති, අයං පරියායකථා. නිප්පරියායතො පන තිචීවරසන්තුට්ඨෙන භවිතබ්බං, චතුත්ථං ලභිත්වා අඤ්ඤස්ස දාතබ්බං. සචෙ යස්ස කස්සචි දාතුං න සක්කොති, යස්ස පන දාතුකාමො හොති, සො උද්දෙසත්ථාය වා පරිපුච්ඡත්ථාය වා ගතො, ආගතමත්තෙ දාතබ්බං, අදාතුං න වට්ටති. චීවරෙ පන අප්පහොන්තෙ සතියා පච්චාසාය අනුඤ්ඤාතකාලං ඨපෙතුං වට්ටති. සූචිසුත්තචීවරකාරකානං අලාභෙන තතො පරම්පි විනයකම්මං කත්වා ඨපෙතුං වට්ටති. “ඉමස්මිං ජිණ්ණෙ පුන ඊදිසං කුතො ලභිස්සාමී”ති පන ඨපෙතුං න වට්ටති, සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
වස්ත්‍ර සන්නිධියෙහි අධිෂ්ඨාන නොකළාහු විකල්ප සන්නිධිද වෙයි. සල්ලේඛයද (පිවිතුරු දිවිය.) බිඳෙයි. මෙය පර්යාය තුනකින් යුතු කථාවෙකි. පර්යාය වශයෙන් තුන්සිවුරින් සතුටුවිය යුතුය. සිව්වැන්නක් ලැබ අන්‍යයකුට දිය යුතුය. යම් හෙයකින් යම් කිසිවකුට දීමට නොහැක්කේද, යමකුට දෙනු කැමැත්තේ වේද, හේ උද්දේස පිණිස හෝ ප්‍රශ්න විමසීම පිණිස ගොස්ය. ආ සැණින් දිය යුතුය. නොදී සිටීම නොවටී. සිවුරු නොපොහොනා කල්හි සිහියෙන් අපේක්ෂාවෙන් අනුදත් කාලයක් තබාගැනීම වටී. ඉඳිකටු නූල් සිවුරු කරන්නන් නොලැබුණු කල්හි එයින් පසුවද විනයකර්මය කොට තබන්ට වටී ‘මෙය දිරාගිය කල්හි එයින් පසුවද විනයකර්මය කොට තබන්ට වටී. ‘මෙය දිරාගිය කල නැවත මෙබන්දක් කොයින් ලබන්නදැ’යි සිතා තැබීම නොවටී. සන්නිධියද වේ. පිවිතුරු දිවියද බිඳෙයි.
යානසන්නිධිම්හි යානං නාම වය්හං, රථො, සකටං, සන්දමානිකා, සිවිකා, පාටඞ්කීති; නෙතං පබ්බජිතස්ස යානං. උපාහනා පන පබ්බජිතස්ස යානංයෙව. එකභික්ඛුස්ස හි එකො අරඤ්ඤත්ථාය, එකො ධොතපාදකත්ථායාති, උක්කංසතො ද්වෙ උපාහනසඞ්ඝාටා වට්ටන්ති. තතියං ලභිත්වා අඤ්ඤස්ස දාතබ්බො. “ඉමස්මිං ජිණ්ණෙ අඤ්ඤං කුතො ලභිස්සාමී”ති හි ඨපෙතුං න වට්ටති, සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
යාන සන්නිධිම්හි යානයක් නම් වාහනයක්, රියක්, කරත්තයක්, දෝලාවක්, පල්ලැක්කියක් යනාදිය පැවිද්දාට යාන නොවේ. පාවහන පැවිද්දාට යානයමය. එක් භික්ෂුවකට එකක් කැලයට යාමට, එකක් සේදු පා රැක්මට යැයි උඩත් පිරික්සයින් පාවහන් සඟල දෙකක් වටී. තෙවැන්නක් ලැබුනහොත් අනුන්ට දිය යුතුය. මෙය දිරාගිය විට අනිකක් කොයින් ලබන්නෙමිදැයි තබන්ට නොවටී. සන්නිධියද වේ. පිවිතුරු දිවියද බිඳේ.
සයනසන්නිධිම්හි සයනන්ති මඤ්චො. එකස්ස භික්ඛුනො එකො ගබ්භෙ, එකො දිවාඨානෙති උක්කංසතො ද්වෙ මඤ්චා වට්ටන්ති. තතො උත්තරි ලභිත්වා අඤ්ඤස්ස භික්ඛුනො වා ගණස්ස වා දාතබ්බො; අදාතුං න වට්ටති. සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
සයන සන්නිධි යෙහි සයන යනු ඇඳයි. එක් භික්ෂුවකට එකක් නිදන කුටියෙහිද එකක් දවල් කල් ගෙවන තැනද යනුවෙන් උඩත් පිරික්සයින් ඇඳන් දෙකක් වටී. ඉන් වැඩියක් ලදහොත් අන් භික්ෂුවකට හෝ භික්ෂු සමූහයකට දිය යුතුය. නොදී සිටීම නොවටී. සන්නිධියද වෙයි. පිවිතුරු දිවියද බිඳෙයි.
ගන්ධසන්නිධිම්හි භික්ඛුනො කණ්ඩුකච්ඡුඡවිදොසාදිආබාධෙ සති ගන්ධා වට්ටන්ති. තෙ ගන්ධෙ ආහරාපෙත්වා තස්මිං රොගෙ වූපසන්තෙ අඤ්ඤෙසං වා ආබාධිකානං දාතබ්බා, ද්වාරෙ පඤ්චඞ්ගුලිඝරධූපනාදීසු වා උපනෙතබ්බා. “පුන රොගෙ සති භවිස්සන්තී”ති පන ඨපෙතුං න වට්ටති, සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
ගන්ධසන්නිධියෙහි කැසීම් සීරීම් වැනි සමේ දෝෂ ආදී ආබාධ ඇති කල්හි ආලේප වටී. ඔහු විසින් ආලේප ගෙන්වාගෙන ඒ රෝගය සුව වූ කල්හි වෙනත් රෝග ඇත්තවුන්ට දිය යුතුය. දොරෙහි පසඟුල් දීම, ගෙය සුවඳ ගැන්වීම ආදියෙහිද ගෙන ආ යුතුය. ‘නැවත ලෙඩ ඇති වූ කල්හි වන්නේ යයි තමන්ට නොවටී. සන්නිධියද වෙයි. පිවිතුරු දිවියද බිඳෙයි.
ආමිසන්ති වුත්තාවසෙසං දට්ඨබ්බං. සෙය්යථිදං, ඉධෙකච්චො භික්ඛු – “තථාරූපෙ කාලෙ උපකාරාය භවිස්සතී”ති තිලතණ්ඩුලමුග්ගමාසනාළිකෙරලොණමච්ඡමංසවල්ලූරසප්පිතෙලගුළභාජනාදීනි ආහරාපෙත්වා ඨපෙති. සො වස්සකාලෙ කාලස්සෙව සාමණෙරෙහි යාගුං පචාපෙත්වා පරිභුඤ්ජිත්වා “සාමණෙර, උදකකද්දමෙ දුක්ඛං ගාමං පවිසිතුං, ගච්ඡ අසුකං කුලං ගන්ත්වා මය්හං විහාරෙ නිසින්නභාවං ආරොචෙහි; අසුකකුලතො දධිආදීනි ආහරා”ති පෙසෙති. භික්ඛූහි – “කිං, භන්තෙ, ගාමං පවිසිස්සථා”ති වුත්තෙපි, “දුප්පවෙසො, ආවුසො, ඉදානි ගාමො”ති වදති. තෙ – “හොතු, භන්තෙ, අච්ඡථ තුම්හෙ, මයං භික්ඛං පරියෙසිත්වා ආහරිස්සාමා”ති ගච්ඡන්ති. අථ සාමණෙරොපි දධිආදීනි ආහරිත්වා භත්තඤ්ච බ්යඤ්ජනඤ්ච සම්පාදෙත්වා උපනෙති, තං භුඤ්ජන්තස්සෙව උපට්ඨාකා භත්තං පහිණන්ති, තතොපි මනාපං මනාපං භුඤ්ජති. අථ භික්ඛූ පිණ්ඩපාතං ගහෙත්වා ආගච්ඡන්ති, තතොපි මනාපං මනාපං ගීවායාමකං භුඤ්ජතියෙව. එවං චතුමාසම්පි වීතිනාමෙති. අයං වුච්චති – “භික්ඛු මුණ්ඩකුටුම්බිකජීවිකං ජීවති, න සමණජීවික”න්ති. එවරූපො ආමිසසන්නිධි නාම හොති.
ආමිස සන්නිධි යනු කියා ඉතිරිය දතයුතුය. කෙසේද යත්, ‘මෙහි එක්තරා භික්ෂුවක්’ එබඳු කලට උපකාර පිණිස වන්නේ යයි තල සහල් මුංඇට පරිප්පු පොල් ලුණුමාළු ගිතෙල් කුලල් බඳුන් ගෙන්වා තබයි. හේ වර්ෂා කාලයෙහි උදෑසනම සාමණේරයන් ලවා කැඳ පිසවා වළඳා ‘සාමණේරය, මඩවතුරෙහි ගමට පිවිසෙන්ට අපහසුය. යව, අසුවල් ගෙදරට ගොස් මා විහාරයෙහි හුන් බව දන්නව. අසවල් ගෙදරින් කිරි ආදිය ගෙනෙවයි යවයි. භික්ෂූන් විසින් ස්වාමීනි ගමට යමුදැයි කියන ලද කල්හිද ඇවැත්නි, දැන් ගමට පිවිසීම අපහසු යයි කියයි. ‘හොඳයි ස්වාමීනි, ඔබවහන්සේ නවතින්න. අපි භික්ෂුව සොයා ගෙනඑන්නෙමුයි යති. ඉක්බිතිව සාමණේරවරු දීකිරි ආදිය ගෙනවුත් බත්ද ව්‍යඤ්ජනද පිළියෙලකොට එළවත්. එය වළඳත්දීම උපස්ථායකයෝ බත් එවත්. එයින්ද කැමති කැමති දෙයක් වළඳයි. ඉක්බිතිව භික්ෂූහුද පිණ්ඩපාතය රැගෙන එත්. එයින්ද කැමති කැමති දෙයක් උගුර තෙක් වළඳයි. මෙසේ සිව්මසම ගෙවා දමයි. මෙම භික්ෂුව මුඩු ගිහි ජීවිතයක් ගෙවයි. මහණ දිවියක් නොගෙවයි කියනු ලැබේ. මෙවැන්න ආමිස සන්නිධි නම් වේ.
භික්ඛුනො පන වසනට්ඨානෙ එකා තණ්ඩුලනාළි, එකො ගුළපිණ්ඩො, චතුභාගමත්තං සප්පීති එත්තකං නිධෙතුං වට්ටති, අකාලෙ සම්පත්තචොරානං අත්ථාය. තෙ හි එත්තකම්පි ආමිසපටිසන්ථාරං අලභන්තා ජීවිතාපි වොරොපෙය්යුං, තස්මා සචෙ එත්තකං නත්ථි, ආහරාපෙත්වාපි ඨපෙතුං වට්ටති. අඵාසුකකාලෙ ච යදෙත්ථ කප්පියං, තං අත්තනාපි පරිභුඤ්ජිතුං වට්ටති. කප්පියකුටියං පන බහුං ඨපෙන්තස්සාපි සන්නිධි නාම නත්ථි. තථාගතස්ස පන තණ්ඩුලනාළිආදීසු වා යං කිඤ්චි චතුරතනමත්තං වා පිලොතිකඛණ්ඩං “ඉදං මෙ අජ්ජ වා ස්වෙ වා භවිස්සතී”ති ඨපිතං නාම නත්ථි.
භික්ෂුව වසන තැන එක් සහල් නැළියක්ද, එක් සකුරු පිඩක්ද ගිතෙල් හතරෙන් එකක්ද යන මෙපමණකින් තබාගැනීම වටී. නොකල්හි පැමිණි සොරුන් සඳහාය. ඔවුහු මෙපමණක්වත් ආමිස පිළිසඳරක් නොලබන්නාහු ජීවිතයද නැති කරන්නාහුය. ඒ නිසා මෙපමණක්වත් නැත්නම් ගෙන්වා හෝ තබාගැනීම වටී. අපහසු කලට එහි යම් කැප දෙයක් ඇත්නම් තමාම වළඳන්ට වටී. කැප කුටියෙහි බොහෝ තැබුවද සන්නිධි නම් නැත. තථාගතයන් වහන්සේට සහල් නැළි ආදියෙහි හෝ සිව්රියන් රෙදිකඩක්වත් මෙය මට අද හෝ හෙට වන්නේ යයි තැබූ දෙයක් නැතැයි පෘථග්ජනයා ගුණ කියයි.
විසූකදස්සනෙසු නච්චං නාම යං කිඤ්චි නච්චං, තං මග්ගං ගච්ඡන්තෙනාපි ගීවං පසාරෙත්වා දට්ඨුං න වට්ටති. විත්ථාරවිනිච්ඡයො පනෙත්ථ සමන්තපාසාදිකායං වුත්තනයෙනෙව වෙදිතබ්බො. යථා චෙත්ථ, එවං සබ්බෙසු සික්ඛාපදපටිසංයුත්තෙසු සුත්තපදෙසු. ඉතො පරඤ්හි එත්තකම්පි අවත්වා තත්ථ තත්ථ පයොජනමත්තමෙව වණ්ණයිස්සාමාති.
විසුළු දැකීමෙහි නච්චං යනු යම්කිසි නැටුමක්. මග යන්නහු විසින්ද ගෙල දික්කොට බලන්ට නොවටී. විස්තර විනිශ්චය සමන්ත පාසාදිකාවෙහි කියූ ක්‍රමයෙන්ම දත යුතුය. මෙහි මෙසේ සියලු ශික්ෂාපද ඇතුළත් සූත්‍ර පදවල කියූයේද, මින්පසු එපමණවත් නොකියා ඒ ඒ තැන ප්‍රයෝජනවත් වූ දෙයම වර්ණනා කරන්නෙමු.
පෙක්ඛන්ති නටසමජ්ජං. අක්ඛානන්ති භාරතයුජ්ඣනාදිකං. යස්මිං ඨානෙ කථීයති, තත්ථ ගන්තුම්පි න වට්ටති. පාණිස්සරන්ති කංසතාළං, පාණිතාළන්තිපි වදන්ති. වෙතාළන්ති ඝනතාළං, මන්තෙන මතසරීරුට්ඨාපනන්තිපි එකෙ. කුම්භථූණන්ති චතුරස්සඅම්බණකතාළං, කුම්භසද්දන්තිපි එකෙ. සොභනකන්ති නටානං අබ්භොක්කිරණං, සොභනකරං වා, පටිභානචිත්තන්ති වුත්තං හොති. චණ්ඩාලන්ති අයොගුළකීළා, චණ්ඩාලානං සාණධොවනකීළාතිපි වදන්ති. වංසන්ති වෙළුං උස්සාපෙත්වා කීළනං.
පෙක්ඛ යනු නැටූ දර්ශනයයි. අක්ඛාණ යනු භාරත රාමායණ ආදිය යම්තැනෙක කියවත්ද, එහි යාම නොවටී. පාණිස්සරං අතින් තාල ඇල්ලීමයි. පාණිතාලයයිද කියති. වෙතාලං යනු ඝන තාලයයි. මන්ත්‍රයෙන් මෘත ශරීරයට ආරූඪ වීමයයි ඇතැම්හු කියති. කුම්භථූන යනු ස්වර සතරක් එක්වූ තාලය තුම්භ ශබ්දයයි. ඇතැම්හු කියති. සොහනගරක යනු නළුවන්ගේ අඩව් ඇල්ලීම. සොහනසරකං යනුවෙන්ද යෙදේ. වැටහෙන සිතැයි කියන ලද්දේ වෙයි. චණ්ඩාල යනු ගිනිබෝල කෙළියයි. සැඩොලුන්ගේ සණදොවුන් කෙළියැයිද කියත්. වංසං යනු උණගස් ඔසවා කෙළීම.
ධොවනන්ති අට්ඨිධොවනං, එකච්චෙසු කිර ජනපදෙසු කාලඞ්කතෙ ඤාතකෙ න ඣාපෙන්ති, නිඛණිත්වා ඨපෙන්ති. අථ නෙසං පූතිභූතං කායං ඤත්වා නීහරිත්වා අට්ඨීනි ධොවිත්වා ගන්ධෙහි මක්ඛෙත්වා ඨපෙන්ති. තෙ නක්ඛත්තකාලෙ එකස්මිං ඨානෙ අට්ඨීනි ඨපෙත්වා එකස්මිං ඨානෙ සුරාදීනි ඨපෙත්වා රොදන්තා පරිදෙවන්තා සුරං පිවන්ති. වුත්තම්පි චෙතං – “අත්ථි, භික්ඛවෙ, දක්ඛිණෙසු ජනපදෙසු අට්ඨිධොවනං නාම, තත්ථ හොති අන්නම්පි පානම්පි ඛජ්ජම්පි භොජ්ජම්පි ලෙය්යම්පි පෙය්යම්පි නච්චම්පි ගීතම්පි වාදිතම්පි. අත්ථෙතං, භික්ඛවෙ, ධොවනං, නෙතං නත්ථීති වදාමී”ති (අ· නි· 10.107). එකච්චෙ පන ඉන්දජාලෙන අට්ඨිධොවනං ධොවනන්තිපි වදන්ති.
ධොපන යනු ඇට දෙවීම ඇතැම් ජනපදවල ඥාතීන් කලුරිය කළ කල්හි නොදවත්. වළදමා තබත්. ඉක්බිති ඒවා කුණු වූ කල් දැන ඉවතට ගෙන ඇට දොවා සුවඳ ගල්වා තබත්. ඔවුහු නැකැත්කෙළි කෙළනා කල්හි එක්තැනක ඇට තබා එක්තැනක සුරා ආදිය තබ්බා අඬ අඬා සුරා බොති. මෙයද කියන ලදී. මහණෙනි, දකුණු දනව්වෙහි ධොපන නම් දෙයක් ඇත. එහි බොහෝ ආහාරපාන බජ්ජ (කෑයුතු දේ) ලෙය්‍ය (ලෙවකෑ යුතු දේ) පෙය්‍ය (බිවයුතු දේ) ඇත. මහණෙනි, මේ ධොපනය ඇත. එය නැතැයි නොකියමි. ඇතැම්හු ඉන්ද්‍රජාලයෙන් ඇට දෙවීම යයි කියති.
හත්ථියුද්ධාදීසු භික්ඛුනො නෙව හත්ථිආදීහි සද්ධිං යුජ්ඣිතුං, න තෙ යුජ්ඣාපෙතුං, න යුජ්ඣන්තෙ දට්ඨුං වට්ටති. නිබ්බුද්ධන්ති මල්ලයුද්ධං. උය්යොධිකන්ති යත්ථ සම්පහාරො දිස්සති. බලග්ගන්ති බලගණනට්ඨානං. සෙනාබ්යූහන්ති සෙනානිවෙසො, සකටබ්යූහාදිවසෙන සෙනාය නිවෙසනං. අනීකදස්සනන්ති – “තයො හත්ථී පච්ඡිමං හත්ථානීක”න්තිආදිනා (පාචි· 324) නයෙන වුත්තස්ස අනීකස්ස දස්සනං.
හත්ථි යුද්ධාදිසු භික්ෂුවට ඇත් ආදීන් සමග යුදකිරීමට, යුද කරවීමට යුද වදින්නවුන් දක්නට නොවටී. නිබ්බුධං මල්ලවපොර. උය්‍යොධික යනු යම්තැනෙක පහරදීම් සිදුවේද, බලග්ග යනු බලගණ සිටින තැන්, සෙනාචුහං සේනා සංවිධානය. ගැල් විනාස කිරීම් ආදී වශයෙන්. සේනා සන්නිවේශනය. අණීක දස්සනං ඇතුන් තිදෙන පසුපසින් ඇත් සේනාවයැයි ආදි ක්‍රමයෙන් කියන ලද සේනාව දැකීම.
පමාදො එත්ථ තිට්ඨතීති පමාදට්ඨානං. ජූතඤ්ච තං පමාදට්ඨානඤ්චාති ජූතප්පමාදට්ඨානං. එකෙකාය පන්තියා අට්ඨ අට්ඨ පදානි අස්සාති අට්ඨපදං දසපදෙපි එසෙව නයො. ආකාසන්ති අට්ඨපදදසපදෙසු විය ආකාසෙයෙව කීළනං. පරිහාරපථන්ති භූමියං නානාපථමණ්ඩලං කත්වා තත්ථ තත්ථ පරිහරිතබ්බං, පථං පරිහරන්තානං කීළනං. සන්තිකන්ති සන්තිකකීළනං. එකජ්ඣං ඨපිතා සාරියො වා සක්ඛරායො වා අචාලෙන්තා නඛෙනෙව අපනෙන්ති ච උපනෙන්ති ච, සචෙ තත්ථ කාචි චලති, පරාජයො හොති, එවරූපාය කීළායෙතං අධිවචනං. ඛලිකන්ති ජූතඵලකෙ පාසකකීළනං. ඝටිකා වුච්චති දීඝදණ්ඩකෙන රස්සදණ්ඩකං පහරණකීළනං. සලාකහත්ථන්ති ලාඛාය වා මඤ්ජිට්ඨිකාය වා පිට්ඨොදකෙන වා සලාකහත්ථං තෙමෙත්වා – “කිං හොතූ”ති භූමියං වා භිත්තියං වා තං පහරිත්වා හත්ථිඅස්සාදිරූපදස්සනකීළනං. අක්ඛන්ති ගුළකීළා. පඞ්ගචීරං වුච්චති පණ්ණනාළිකං, තං ධමන්තා කීළන්ති. වඞ්කකන්ති ගාමදාරකානං කීළනකං ඛුද්දකනඞ්ගලං. මොක්ඛචිකා වුච්චති සම්පරිවත්තනකීළා, ආකාසෙ වා දණ්ඩකං ගහෙත්වා භූමියං වා සීසං ඨපෙත්වා හෙට්ඨුපරියභාවෙන පරිවත්තනකීළාති වුත්තං හොති. චිඞ්ගුලිකං වුච්චති තාලපණ්ණාදීහි කතං වාතප්පහාරෙන පරිබ්භමනචක්කං. පත්තාළ්හකං වුච්චති පණ්ණනාළිකා. තාය වාලුකාදීනි මිනන්තා කීළන්ති. රථකන්ති ඛුද්දකරථං. ධනුකන්ති ඛුද්දකධනුමෙව. අක්ඛරිකා වුච්චති ආකාසෙ වා පිට්ඨියං වා අක්ඛරජානනකීළා. මනෙසිකා නාම මනසා චින්තිතජානනකීළා. යථාවජ්ජං නාම කාණකුණිඛුජ්ජාදීනං යං යං වජ්ජං, තං තං පයොජෙත්වා දස්සනකීළා.
ප්‍රමාදය මෙහි සිටීනුයි - පමාදට්ඨානං. ජූතංච (සූදුවද) ඒ ප්‍රමාද ස්ථානයද = ජුතපමාදට්ඨානං. අට්ඨපදං යනු එක් එක් පන්තියක පද අට බැගින් ඇත්තේනුයි = අට්ඨපදං. දස පදයෙහිද මේ ක්‍රමයමැයි. ආකාසං යනු අට පදයෙහිද දස පදයෙහිද මෙන් අහසෙහිද ක්‍රීඩා කිරීම. පරිහාරපථං යනු බිම නොයෙක් මාර්ග රවුමට තනා එහි පරිහරණය කළයුතු දේ පරිහරණය කරන්නවුන්ගේ ක්‍රීඩාව. සන්තිකං යනු සන්තික ක්‍රීඩා කිරීම. එකට තැබූ ඉත්තන් සහ ගල්කැට නොසොල්වා නියෙන්ම ඉවතට ගනිත්. නැවත ගෙන එත්. එහි කිසිවක් සෙලවුණහොත් පරාජය වෙයි. මෙබඳු ක්‍රීඩාවට මේ සමාන වචනයකි. ඛලිතං යනු සූදු ලෑල්ලෙහි පාසක ක්‍රීඩාව? ඝටිකා දික් දඬුවකින් කෙටි දඬුවකට ගැසීමෙන් කරන ක්‍රීඩාව යයි කියනු ලැබේ. සලාකහත්ථ යනු ලාරසෙහි හෝ කහ දියරෙහි හෝ පිටි දැමූ ජලයෙහි හෝ බුරුසුවක් තෙමා ‘ඕනෑ දෙයක් වේවා’යි බිම හෝ බිත්තියෙහි හෝ එය ගසා ඇත්රූ අස්රූ පෙන්වන ක්‍රීඩාව. අක්ඛං යනු පන්දු ක්‍රීඩාවයි. පංගවීරං කොළවලින් තැනූ නළාව. එය පිඹිමින් ක්‍රීඩා කරති. වංක යනු ගම්දරුවන් ක්‍රීඩා කරන කුඩා නගුලයි. මොක්ඛවිත යනු පෙරළෙමින් කරන ක්‍රීඩාව. අහසෙහි දඬුවක් ගෙන හිස බිම තබා උඩයට පෙරළෙමින් කරන ක්‍රීඩාවක් යයි කියනු ලැබේ. පිංගුලකං තල්පත් ආදියෙන් ඇතිකරන සුළං පහරින් පරිභ්‍රමණය වන කුඩා රෝදය, රූ පෙත්ත පන්නාළහකං කොළවලින් තැනූ නැළියෙන් වැලි ආදිය මනිමින් ක්‍රීඩා කරත් යයි කියනු ලැබේ. රථකං යනු කුඩාරිය. ධනුකං කුඩා දුන්න. අක්ඛරිකා අහසෙහි හෝ පිටෙහි අකුරු හඳුනා ගැනීමේ ක්‍රීඩාව යයි කියනු ලැබේ. මනෙසිකා යනු සිතින් සිතු දෙය දැනගන්නා ක්‍රීඩාව යථාවජ්ජං යනු අඳ බිහිරි කොර ආදීන්ගේ යම් යම් අඩුවක් වේද ඒ ඒ අඩුව යොදාගෙන පෙන්වන ක්‍රීඩාව.
ආසන්දින්ති පමාණාතික්කන්තාසනං. අනුයුත්තා විහරන්තීති ඉදං අපෙක්ඛිත්වා පන සබ්බපදෙසු උපයොගවචනං කතං. පල්ලඞ්කොති පාදෙසු වාළරූපානි ඨපෙත්වා කතො. ගොනකොති දීඝලොමකො මහාකොජවො, චතුරඞ්ගුලාධිකානි කිර තස්ස ලොමානි. චිත්තකන්ති වානවිචිත්තං උණ්ණාමයත්ථරණං. පටිකාති උණ්ණාමයො සෙතත්ථරණො. පටලිකාති ඝනපුප්ඵකො උණ්ණාමයත්ථරණො. යො ආමලකපත්තොතිපි වුච්චති. තූලිකාති තිණ්ණං තූලානං අඤ්ඤතරපුණ්ණා තූලිකා. විකතිකාති සීහබ්යග්ඝාදිරූපවිචිත්රො උණ්ණාමයත්ථරණො. උද්දලොමීති උභයතොදසං උණ්ණාමයත්ථරණං, කෙචි “එකතොඋග්ගතපුප්ඵ”න්ති වදන්ති. එකන්තලොමීති එකතොදසං උණ්ණාමයත්ථරණං. කෙචි “උභතොඋග්ගතපුප්ඵ”න්ති වදන්ති. කට්ටිස්සන්ති රතනපරිසිබ්බිතං කොසෙය්යකට්ටිස්සමයපච්චත්ථරණං. කොසෙය්යන්ති රතනපරිසිබ්බිතමෙව කොසියසුත්තමයපච්චත්ථරණං. සුද්ධකොසෙය්යං පන වට්ටතීති විනයෙ වුත්තං. දීඝනිකායට්ඨකථායං පන “ඨපෙත්වා තූලිකං සබ්බානෙව ගොනකාදීනි රතනපරිසිබ්බිතානි න වට්ටන්තී”ති වුත්තං.
ආසන්දි යනු ප්‍රමාණය ඉක්මවා ගිය ආසනය. ‘අනුයුත්තා විහරන්ති’ යන මෙය අපේක්ෂාකොට සියලු පදයන්හි ද්විතීයා වචනය කරන ලදී. පල්ලංක යනු පාවල මෘග රූප තබා කළ. ගොණකො යනු දිගුලොම් ඇති මහ පලස. එහි ලොම් අඟල් සතරකටත් වැඩිය. විත්තකා නූලින් වියමන් කළ ලොම් ඇතිරිය. පටිකා යනු ලොමින් තැනූ සුදු ඇතිරිය. පටලිකා මලින් ගහණ ලොම් ඇතිරිය. එය නොමැළවුණු රෙද්දකැයි කියනු ලැබේ. තුලිකා තුලා තුනකින් එකකින් පිරුණු තුලාව. විකතිකා සිංහ, ව්යාඝ්ර ආදී රූපයෙන් විචිත්‍ර වූ ලොම් ඇතිරිය. උද්දලොමී දෙපස වාටිය ලොමින් කළ ඇතිරිය. ඇතමෙක් දෙපස උඩට නැගුණු මල් ඇති ඇතිරියකැයි කියති. එකන්තලොමී යනු එක්පසෙක වාටිය ලොමින් කරන ලද ඇතිරිය. ඇතැමෙක් එක් පසෙක මල් උඩට නැගුණු ඇතිරියකැයි කියති. කඨිස්සං යනු රනින් මැසූ රුවනින් වැඩදැමූ උඩ ඇතිරිල්ල. කොසෙය්ය යනු රනින් මැසූ කොසිය නුලින් වියූ උඩ ඇතිරිල්ල. ‘හුදු කොසෙය්ය පට වටී’ යයි විනයෙහි කියන ලදී. දික්සඟි අටුවාහි ‘තුලිකාව හැර සියලු ලොම් ඇවුරුම් ආදී රනින් වැඩදැමූ ඇතිරිලි නොවටී යයි කියන ලදී.
කුත්තකන්ති සොළසන්නං නාටකිත්ථීනං ඨත්වා නච්චනයොග්ගං උණ්ණාමයත්ථරණං. හත්ථත්ථරං අස්සත්ථරන්ති හත්ථිඅස්සපිට්ඨීසු අත්ථරණඅත්ථරකායෙව. රථත්ථරෙපි එසෙව නයො. අජිනප්පවෙණීති අජිනචම්මෙහි මඤ්චප්පමාණෙන සිබ්බිත්වා කතා පවෙණී. කදලීමිගපවරපච්චත්ථරණන්ති කදලීමිගචම්මං නාම අත්ථි, තෙන කතං පවරපච්චත්ථරණං; උත්තමපච්චත්ථරණන්ති අත්ථො. තං කිර සෙතවත්ථස්ස උපරි කදලීමිගචම්මං පත්ථරිත්වා සිබ්බෙත්වා කරොන්ති. සඋත්තරච්ඡදන්ති සහ උත්තරච්ඡදෙන, උපරිබද්ධෙන රත්තවිතානෙන සද්ධින්ති අත්ථො. සෙතවිතානම්පි හෙට්ඨා අකප්පියපච්චත්ථරණෙ සති න වට්ටති, අසති පන වට්ටති. උභතොලොහිතකූපධානන්ති සීසූපධානඤ්ච පාදූපධානඤ්චාති මඤ්චස්ස උභතොලොහිතකං උපධානං, එතං න කප්පති. යං පන එකමෙව උපධානං උභොසු පස්සෙසු රත්තං වා හොති පදුමවණ්ණං වා විචිත්රං වා, සචෙ පමාණයුත්තං, වට්ටති. මහාඋපධානං පන පටික්ඛිත්තං. අලොහිතකානි ද්වෙපි වට්ටන්තියෙව. තතො උත්තරි ලභිත්වා අඤ්ඤෙසං දාතබ්බානි. දාතුං අසක්කොන්තො මඤ්චෙ තිරියං අත්ථරිත්වා උපරි පච්චත්ථරණං දත්වා නිපජ්ජිතුම්පි ලභති. ආසන්දීආදීසු පන වුත්තනයෙනෙව පටිපජ්ජිතබ්බං. වුත්තඤ්හෙතං – “අනුජානාමි, භික්ඛවෙ, ආසන්දියා පාදෙ ඡින්දිත්වා පරිභුඤ්ජිතුං, පල්ලඞ්කස්ස වාළෙ භින්දිත්වා පරිභුඤ්ජිතුං, තූලිකං විජටෙත්වා බිම්බොහනං කාතුං, අවසෙසං භුම්මත්ථරණං කාතු”න්ති (චූළව· 297).
කුත්තක යනු නාටක ස්ත්‍රීන් සොළොසකට සිට නැටීමට සුදුසු ලොමින් කළ මහපලස. හත්ථත්ථර අස්සත්ථරානි ඇතුන් හා අසුන් පිට. එළන කුඩා පලස්. රථත්ථරෙ මේ ක්‍රමයමැයි. අජිතස්සවෙණී අඳුන් දිවිසමින් ඇඳක් පමණට මසා කරන ලද කෙස් රැලි. කාදලිමිග පවර පච්චත්ථරණී කෙහෙල්මුව සම් නමැති සමක් ඇත. එයින් කරන ලද උතුම් උඩ ඇතිරිල්ල. උතුම් උඩ ඇතිරිල්ල යන අර්ථයි. එය වනාහි සුදු රෙද්දක් මත කෙහෙල්මුව සම අතුරා මසා කරත්. සඋත්තරච්ඡද යනු වියන සහිත. උඩින් බඳනා ලද රන් වියන සමග යන අර්ථයි. යට අකැප උඩ ඇතිරිල්ලක් ඇති කල්හි සුදු වියනද නොවටී. නැතිකල්හි වටී. උභතො ලොහිත කූපධානං යනු හිසට තබන කොට්ටයද පයට තබන කොට්ටයද යනුවෙන් ඇඳෙහි දෙපැත්තෙහි තබන රතුපාට කොට්ට. එය අකැපය එකම කොට්ටය දෙපස රතු හෝ වෙයි. පද්ම වර්ණ හෝ සැරසිලි කරන ලද කොට්ටය ප්‍රමාණයට වේනම් වටී. මහා කොට්ටය ප්‍රතික්ෂේප කරන ලදී. රතුපාට නොවේනම් දෙකම වටී. ඊට වඩා ලැබුණහොත් අන්‍යයන්ට දිය යුතුය. දීමට නොහැක්කේ නම් ඇඳෙහි හරහට තබා උඩ ඇතිරිල්ලක් දමා නිදන්ටද ලබයි. ආසන්දි (දික්සඟලා පුටුව) ආදියෙහි කියන ලද පරිද්දෙන් පිළිපැදිය යුතුය. මෙය කියන ලදී. ‘ආසන්දියෙන් පා කපා පරිභෝග කරන්ටද, පර්යංකයෙහි (සෝපාවෙහි) ලොම් කපා පරිභෝග කරන්නටද, තුලිකාව වෙන්කොට මේටයක් කරන්නටද, ඉතිරිය බිම් පලසක් කරන්නටද වටී.
උච්ඡාදනාදීසු මාතුකුච්ඡිතො නික්ඛන්තදාරකානං සරීරගන්ධො ද්වාදසවස්සපත්තකාලෙ නස්සති, තෙසං සරීරදුග්ගන්ධහරණත්ථාය ගන්ධචුණ්ණාදීහි උච්ඡාදෙන්ති, එවරූපං උච්ඡාදනං න වට්ටති. පුඤ්ඤවන්තෙ පන දාරකෙ ඌරූසු නිපජ්ජාපෙත්වා තෙලෙන මක්ඛෙත්වා හත්ථපාදඌරුනාභිආදීනං සණ්ඨානසම්පාදනත්ථං පරිමද්දන්ති, එවරූපං පරිමද්දනං න වට්ටති.
උච්ඡාදන ආදියෙහි මව්කුසින් නික්මුණු දරුවන්ගේ සිරුරු ගඳ දොළොස් හැවිරිදි වයසේ ද නොනැසී පවතී. ඔවුන්ගේ සිරුරු ගඳ නැතිකිරීම පිණිස සුවඳ සුණුවලින් උලත්. මෙබඳු ඉලීම නොවටී. පින්වත් දරුවන් කලවා මත හොවා තෙල් ගල්වා අත් පා කලවා නැබ ආදීන්ගේ සටහන් සෑදීම පිණිස පිරිමදිත්. මෙබඳු පරිමද්දනං පිරිමැදීමක් නොවටී.
න්හාපනන්ති තෙසංයෙව දාරකානං ගන්ධාදීහි න්හාපනං. සම්බාහනන්ති මහාමල්ලානං විය හත්ථපාදෙ මුග්ගරාදීහි පහරිත්වා බාහුවඩ්ඪනං. ආදාසන්ති යං කිඤ්චි ආදාසං පරිහරිතුං න වට්ටති. අඤ්ජනන්ති අලඞ්කාරඤ්ජනමෙව. මාලාති බද්ධමාලා වා අබද්ධමාලා වා. විලෙපනන්ති යං කිඤ්චි ඡවිරාගකරණං. මුඛචුණ්ණං මුඛලෙපනන්ති මුඛෙ කාළපීළකාදීනං හරණත්ථාය මත්තිකකක්කං දෙන්ති, තෙන ලොහිතෙ චලිතෙ සාසපකක්කං දෙන්ති, තෙන දොසෙ ඛාදිතෙ තිලකක්කං දෙන්ති, තෙන ලොහිතෙ සන්නිසින්නෙ හලිද්දිකක්කං දෙන්ති, තෙන ඡවිවණ්ණෙ ආරූළ්හෙ මුඛචුණ්ණකෙන මුඛං චුණ්ණෙන්ති, තං සබ්බං න වට්ටති.
නහාපනං යනු ඒ දරුවන්ම සුවඳ ආදියෙන් නැහැවීම. සම්බාහනං යනු මහා මල්ලවයන්ගේ මෙන් අත්පා මුගුරු ආදියෙන් පහරා බාහු වර්ධනය කිරීම. ආදාසං යනු යම්කිසි මුව බලන කණ්ණාඩියක් පරිහරණය කිරීම නොවටී. අඤ්ජනං යනු අලංකාර කරන අඳුන්මය. මාලා යනු ගෙතු මල්දමක් හෝ නොගෙතු මල් හෝ, විලෙපනං යනු යම්කිසි සම පැහැගැන්වීමක්. මුඛ චුණ්ණාකං මුඛාලෙපනං යනු මුහුණෙහි කලු කැළැල් කුරුලෑ ආදිය නැතිකිරීමට මැටි කල්ක දෙති. එයින් ලේ සෙලවුණුවිට අබ කල්කය දෙති. එයින් දොස් ඉවත්වූ විට කහ කල්කය දෙති. එයින් සමේ වර්ණය නැගුණු විට වත්සුණු වලින් මුහුණ හැඩගන්වති. ඒ සියල්ල නොවටී.
හත්ථබන්ධාදීසු හත්ථෙ විචිත්රසඞ්ඛකපාලාදීනි බන්ධිත්වා විචරන්ති, තං වා අඤ්ඤං වා සබ්බම්පි හත්ථාභරණං න වට්ටති, අපරෙ සිඛං බන්ධිත්වා විචරන්ති. සුවණ්ණචීරකමුත්තලතාදීහි ච තං පරික්ඛිපන්ති; තං සබ්බං න වට්ටති. අපරෙ චතුහත්ථදණ්ඩං වා අඤ්ඤං වා පන අලඞ්කතදණ්ඩකං ගහෙත්වා විචරන්ති, තථා ඉත්ථිපුරිසරූපාදිවිචිත්තං භෙසජ්ජනාළිකං සුපරික්ඛිත්තං වාමපස්සෙ ඔලග්ගිතං; අපරෙ කණ්ණිකරතනපරික්ඛිත්තකොසං අතිතිඛිණං අසිං, පඤ්චවණ්ණසුත්තසිබ්බිතං මකරදන්තකාදිවිචිත්තං ඡත්තං, සුවණ්ණරජතාදිවිචිත්රා මොරපිඤ්ඡාදිපරික්ඛිත්තා උපාහනා, කෙචි රතනමත්තායාමං චතුරඞ්ගුලවිත්ථතං කෙසන්තපරිච්ඡෙදං දස්සෙත්වා මෙඝමුඛෙ විජ්ජුලතං විය නලාටෙ උණ්හීසපට්ටං බන්ධන්ති, චූළාමණිං ධාරෙන්ති, චාමරවාලබීජනිං ධාරෙන්ති, තං සබ්බං න වට්ටති.
හත්ථබන්ධාදිසු අතෙහි හක්ගෙඩි, හිස්කබල් ආදිය බැඳ ඇවිදිති. එය හෝ අන් දෙයක් හෝ සියලු අත් අබරණ නොවටී. ඇතැම්හු හිසෙහි බැඳ ඇවිදිති. රන්පටි මුතුවැල් ආදියෙන්ද එය වට කරති. ඒ සියල්ල නොවටී. සමහරු අත්දඬු හතරක්ද, තවත් විසිතුරු දඬුවක්ද ගෙන හැසිරෙත්. එසේම ස්ත්‍රීපුරුෂ ආදීන්ගේ රූපයන්ගෙන් විචිත්‍ර වූ, මැනවින් වැඩූ බෙහෙත් ගුලාවක් වම්පස එල්ලාගෙනද, සමහරු නොයෙක් රනින් වැසූ අතිශයින් තියුණු කඩු කොපුවක් වර්ණ පසක නූලින් මැසූ මෝර දත් ආදියෙන් විසිතුරු වූ කුඩයක්ද, රන් රිදී ආදියෙන් විසිතුරු වූ මොනර පිල් ආදියෙන් වැසූ පාවහන් සමහරු රියනක් පමණ දිග අඟල් හතරක් පළල කෙස් අග පිරිසිඳ දක්වා වලාකුළෙක විදුලිය මෙන් නළලෙහි නළල්පට බඳිති. චූඩාමාණික්‍යයක් දරති. වල්විදුනාවක් දරති. ඒ සියල්ල නොවටී. ස්වර්ග මෝක්ෂ මාර්ගයන්ට නොපමුණුවන බැවින් නොවටී.
අනිය්යානිකත්තා සග්ගමොක්ඛමග්ගානං තිරච්ඡානභූතා කථාති තිරච්ඡානකථා. තත්ථ රාජානං ආරබ්භ මහාසම්මතො මන්ධාතා ධම්මාසොකො එවං මහානුභාවොතිආදිනා නයෙන පවත්තා කථා රාජකථා. එස නයො චොරකථාදීසු. තෙසු අසුකො රාජා අභිරූපො දස්සනීයොතිආදිනා නයෙන ගෙහස්සිතකථාව තිරච්ඡානකථා හොති. සොපි නාම එවං මහානුභාවො ඛයං ගතොති එවං පවත්තා පන කම්මට්ඨානභාවෙ තිට්ඨති. චොරෙසු මූලදෙවො එවං මහානුභාවො, මෙඝමාලො එවං මහානුභාවොති තෙසං කම්මං පටිච්ච අහො සූරාති ගෙහස්සිතකථාව තිරච්ඡානකථා. යුද්ධෙපි භාරතයුද්ධාදීසු අසුකෙන අසුකො එවං මාරිතො, එවං විද්ධොති කාමස්සාදවසෙනෙව කථා තිරච්ඡානකථා. තෙපි නාම ඛයං ගතාති එවං පවත්තා පන සබ්බත්ථ කම්මට්ඨානමෙව හොති. අපි ච අන්නාදීසු එවං වණ්ණවන්තං ගන්ධවන්තං රසවන්තං ඵස්සසම්පන්නං ඛාදිම්හ භුඤ්ජිම්හාති කාමස්සාදවසෙන කථෙතුං න වට්ටති. සාත්ථකං පන කත්වා පුබ්බෙ එවං වණ්ණාදිසම්පන්නං අන්නං පානං වත්ථං සයනං මාලං ගන්ධං සීලවන්තානං අදම්හ, චෙතියෙ පූජං කරිම්හාති කථෙතුං වට්ටති. ඤාතිකථාදීසු පන “අම්හාකං ඤාතකා සූරා සමත්ථා”ති වා “පුබ්බෙ මයං එවං විචිත්රෙහි යානෙහි විචරිම්හා”ති වා අස්සාදවසෙන වත්තුං න වට්ටති. සාත්ථකං පන කත්වා “තෙපි නො ඤාතකා ඛයං ගතා”ති වා “පුබ්බෙ මයං එවරූපා උපාහනා සඞ්ඝස්ස අදම්හා”ති වා කථෙතුං වට්ටති. ගාමකථාපි සුනිවිට්ඨදුන්නිවිට්ඨසුභික්ඛදුබ්භික්ඛාදිවසෙන වා “අසුකගාමවාසිනො සූරා සමත්ථා”ති වා එවං අස්සාදවසෙන න වට්ටති. සාත්ථකං පන කත්වා “සද්ධා පසන්නා”ති වා “ඛයවයං ගතා”ති වා වත්තුං වට්ටති. නිගමනගරජනපදකථාදීසුපි එසෙව නයො.
තිරිසන් සතුන් පිළිබඳ කථා : තිරච්ඡාන කථා එහි රජුන් අරබයා මහා සම්මත, මන්ධාතු, ධර්මාශෝක රජවරු මහානුභාව ඇත්තෝ යයි මේ ආදි වශයෙන් පැවති කථා. රාජකථා, චොරකථා ආදියෙහිද මේ ක්‍රමයයි. ඔවුන් අතර අසුවල් රජ ලස්සනය. දර්ශනීයය ආදී ක්‍රමයෙන් ගෘහාශ්‍රිත කථා ද තිරිසන් කථා වෙයි. ඒ මහානුභාව ඇති රජද නැතිවී ගියේයැයි මෙසේ පැවති කථා කමටහන් බවෙහි සිටී. සොරුන් අතරද මුළුදෙටුවා මෙසේ මහානුභාව ඇත්තෙකි. මේඝමාල මෙසේ මහානුභාව ඇතෙකි. යනුවෙන් ඔවුන්ගේ කර්මය උදෙසා අනේ දක්ෂයෝ යයි ගෘහාශ්‍රිත කථාද තිරිසන් කථාය. යුද්ධෙපි භාරත යුද්ධ ආදියෙහිදී අසුවලා විසින් අසුවලා මරන ලදී. මෙසේ විදිනු ලැබීයයි කාමාස්වාද වශයෙන් කරන කථා තිරිසන් කථාය. ඔවුහුත් විනාශයට ගියා නේදැයි මෙසේ පැවති කථා සියලු තැන කමටහන්ම වෙයි. තවද අන්නාදිසු මෙසේ වර්ණවත්, සුගන්ධවත් රසවත් මුදුමොළොක් දෙයක් කෑවෙමු. අනුභව කෙළෙමු. පරිභෝජනය කළෙමුයි කාමාස්වාද වශයෙන් කියන්ට නොවටී. තම යහපත කොට පෙර මෙසේ වර්ණ ආදියෙන් යුත් ආහාරපාන වස්ත්‍ර සයන මල්දම් සුවඳ සිල්වතුන්ට දුනිමු. චෛත්යස්ථානවලට පූජා කළෙමුයි කියන්ට වටී. ඤාතිකථා ආදියෙහිද අපගේ ඥාතීහු ශූරයෝය. සමර්ථයෝ යයි හෝ පෙර අපි විසිතුරු රියවලින් හැසිරුණෙමුයි ආස්වවාද වශයෙන් කියන්ට නොවටී. තම යහපත කොට ඒ අපේ ඥාතීහුද නැතිවී ගියාහු නොවෙත්දැයි කියා හෝ පෙර අපි මෙබඳු පාවහන් සංඝයාට දුන්නෙමුයි හෝ කිවයුතුයි. ගාමකථා මැනවින් පිහිටි මැනවින් නොපිහිටි සුභික්ෂ දුර්භික්ෂ ආදි වශයෙන් හෝ අසුවල් ගමැ වැසියෝ ශුරයෝය. සමර්ථයෝය කියා හෝ මෙසේ ආස්වාද වශයෙන් නොවටී. තමාට යහපත කොට ශ්රද්ධාවන්තයෝය. පහත්වූවෝය කියා හෝ කැලයට ගියෝය. වැයව ගියෝය යනුවෙන් කියන්ට වටී. නිගම නගර ජනපද කථාදිසු ආදියෙහිද මෙම ක්‍රමයයි.
ඉත්ථිකථාපි වණ්ණසණ්ඨානාදීනි පටිච්ච අස්සාදවසෙන න වට්ටති, සද්ධා පසන්නා ඛයවයං ගතාති එවමෙව වට්ටති. සූරකථාපි ‘නන්දිමිත්තො නාම යොධො සූරො අහොසී’ති අස්සාදවසෙන න වට්ටති. සද්ධො අහොසි ඛයං ගතොති එවමෙව වට්ටති. විසිඛාකථාපි “අසුකා විසිඛා සුනිවිට්ඨා දුන්නිවිට්ඨා සූරා සමත්ථා”ති අස්සාදවසෙන න වට්ටති. සද්ධා පසන්නා ඛයවයං ගතාති එවමෙව වට්ටති.
ඉත්ථිකථා ද වර්ණ සංස්ථාන ආදිය සඳහා ආස්වාද වශයෙන් නොවටී. ශ්‍රද්ධා ඇත්තෝය. පහන් වූවෝය, ක්ෂයට ව්යයට ගියෝයයි මෙසේ කියන්ට වටී. සූරකථා නන්දිමිත්රනම් යෝධයා ශුරයෙක් වීයයි ආස්වාද වශයෙන් නොවටී. ශ්‍රද්ධා ඇත්තෙක් විය. ක්ෂයට ගියේය. මෙසේ කීම වටී. විසිඛා කථා ද අසුවල් වීදිය හොඳින් පිහිටියේය. මැනවින් නොපිහිටියේය. ශූරය. සමර්ථය යයි ආස්වාද වශයෙන් නොවටී. ශ්‍රද්ධා ඇත්තෝය. පහන් වූවෝය. ක්ෂයට ගියෝය. මෙපමණක්ම වටී.
කුම්භට්ඨානකථාති උදකට්ඨානකථා, උදකතිත්ථකථාතිපි වුච්චති, කුම්භදාසිකථා වා, සාපි “පාසාදිකා නච්චිතුං ගායිතුං ඡෙකා”ති අස්සාදවසෙන න වට්ටති; සද්ධා පසන්නාතිආදිනා නයෙනෙව වට්ටති. පුබ්බපෙතකථාති අතීතඤාතිකථා. තත්ථ වත්තමානඤාතිකථාසදිසො විනිච්ඡයො.
කුම්භට්ඨාන කථා ළිඳ ළඟ කථා, දිය කළය ළඟ කථා, නාන තොටේ කථා යයිද කියනු ලැබේ. කුම්භදාසී කථා යයිද කියනු ලැබේ. එයද ප්‍රසාදය ඇති වන පරිදි නටන්ට කතා කරන්ට දක්ෂයයි ආස්වද වශයෙන් නොවටී. ශ්‍රද්ධා ඇත්තේය ආදි ක්‍රමයෙන්ම වටී. පුබ්බපෙතකථා යනු අතීත ඥාති කථා එහි වර්තමාන ඥාති කථා සමානම විනිශ්චය වේ.
නානත්තකථාති පුරිමපච්ඡිමකථාහි විමුත්තා අවසෙසා නානාසභාවා නිරත්ථකකථා. ලොකක්ඛායිකාති අයං ලොකො කෙන නිම්මිතො, අසුකෙන නාම නිම්මිතො. කාකො සෙතො, අට්ඨීනං සෙතත්තා; බලාකා රත්තා. ලොහිතස්ස රත්තත්තාති එවමාදිකා ලොකායතවිතණ්ඩසල්ලාපකථා.
නානත්ථකථා යනු පෙර පසු කමටහන් මිදුණු අවශේෂ වූ නානාස්වරූපයේ නිරර්ථක කථාය. ලොකක්ඛායිකා යනු මේ ලෝකය කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දේද, අසුවලා විසින් නිර්මාණය කරන ලදී. කපුටා සුදුය. ඇට සුදු බැවිනි. කොක්කු රතුය. මල් රතු බැවිනි. මේ ආදී විතණ්ඩ සල්ලාප කථා.
සමුද්දක්ඛායිකා නාම කස්මා සමුද්දො සාගරො? සාගරදෙවෙන ඛතො, තස්මා සාගරො. ඛතො මෙති හත්ථමුද්දාය සයං නිවෙදිතත්තා “සමුද්දො”ති එවමාදිකා නිරත්ථකා සමුද්දක්ඛායනකථා. භවොති වුඩ්ඪි. අභවොති හානි. ඉති භවො, ඉති අභවොති යං වා තං වා නිරත්ථකකාරණං වත්වා පවත්තිතකථා ඉතිභවාභවකථා.
සමුද්දක්ඛායිකා යනු මුහුද සාගරයේ වූයේ ඇයි? සාගර දෙවියා විසින් හාරන ලද බැවින් = සාගරය. මා විසින් මෙය හාරන ලද්දේ යයි හස්ත මුද්‍රාවෙන් තමා දැන්වූ බැවින් සමුද්ද නම් විය. මේ ආදී නිරර්ථක වූ සමුද්දක්ඛාන කථා නම් වේ. භවො යනු වෘද්ධියයි. අහවො යනු හානි යයි. මෙසේ භවය වෙයි. මෙසේ අභවය වෙයි යයි යම් යම් නිරර්ථක කාරණා කියා පැවැති කථා ඉති භවාභව කථාය.
විග්ගාහිකකථාති විග්ගහකථා, සාරම්භකථා. තත්ථ සහිතං මෙති මය්හං වචනං සහිතං සිලිට්ඨං අත්ථයුත්තං කාරණයුත්තන්ති අත්ථො. අසහිතං තෙති තුය්හං වචනං අසහිතං අසිලිට්ඨං. අධිචිණ්ණං තෙ විපරාවත්තන්ති යං තුය්හං දීඝරත්තාචිණ්ණවසෙන සුප්පගුණං, තං මය්හං එකවචනෙනෙව විපරාවත්තං පරිවත්තිත්වා ඨිතං, න කිඤ්චි ජානාසීති අත්ථො.
විග්ගාහික කථා යනු ආරවුල්, මරණ ගැන කථා. එහි සහිතම්මෙ යනු මාගේ වචනය හිතවත්ය. සිලිටිය. ප්රයෝජනවත්ය. කරුණු සහිතය යන අර්ථයි. අසහිතන්තෙ යනු ඔබගේ වචනය යහපත් නොවේ. ආචිණ්ණං තෙ විපරාවත්තං යනු යමක් ඔබට දිගුකලක් පුරුදු වශයෙන් මනාසේ ප්රගුණද, එය මාගේ එක වචනයකින්ම නොපිටට හැරී සිටියේය. කිසිවක් නොදත්තේය යන අර්ථයි.
ආරොපිතො තෙ වාදොති මයා තව දොසො ආරොපිතො. චර වාදප්පමොක්ඛායාති දොසමොචනත්ථං චර, විචර; තත්ථ තත්ථ ගන්ත්වා සික්ඛාති අත්ථො. නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති අථ සයං පහොසි, ඉදානිමෙව නිබ්බෙඨෙහීති.
ආරොපිතො තෙ වාදො යනු මා විසින් ඔබට දොස් පවරන ලදී. චර වාදප්පමොක්ඛාය යනු දොසින් මිදීම පිණිස තැන තැන ඇවිදීම තැන තැන ගොස් හික්මීම යන අර්ථයි. නිබ්බෙඨෙහිවා සචෙ පහොසි යනු යහපත සඳහා ප්‍රමාණවත් නම් දැන් ලිහන්න යනුයි.
දූතෙය්යකථායං ඉධ ගච්ඡාති ඉතො අසුකං නාම ඨානං ගච්ඡ. අමුත්රාගච්ඡාති තතො අසුකං නාම ඨානං ආගච්ඡ. ඉදං හරාති ඉතො ඉදං නාම හර. අමුත්ර ඉදං ආහරාති අසුකට්ඨානතො ඉදං නාම ඉධ ආහර. සඞ්ඛෙපතො පන ඉදං දූතෙය්යං නාම ඨපෙත්වා පඤ්ච සහධම්මිකෙ රතනත්තයස්ස උපකාරපටිසංයුත්තඤ්ච ගිහීසාසනං අඤ්ඤෙසං න වට්ටති.
දූතෙය්‍ය කථාවෙහි ඉධගච්ඡ යනු මෙහි සිට අසුවල් තැනට යව. අමුත්රාගච්ඡ යනු එතැනින් අසුවල් තැනට එව. ඉදංහර යනු මෙය මෙතැනින් ගෙන යව. අමුත්රඉදමාහර අසුවල් තැනින් මෙය මෙහි ගෙන එව. කෙටියෙන් මෙය දූතෙය්‍ය නම් වේ. පංච සහධම්මිකයන්ද තෙරුවනට උපකාර යුතු වුවද හැර අනුන්ට ගෙන යන ගිහිහසුන. නොවටී.
කුහකාතිආදීසු තිවිධෙන කුහනවත්ථුනා ලොකං කුහයන්ති, විම්හාපයන්තීති කුහකා. ලාභසක්කාරත්ථිකා හුත්වා ලපන්තීති ලපකා. නිමිත්තං සීලමෙතෙසන්ති නෙමිත්තිකා. නිප්පෙසො සීලමෙතෙසන්ති නිප්පෙසිකා. ලාභෙන ලාභං නිජිගීසන්ති මග්ගන්ති පරියෙසන්ත්තීති ලාභෙන ලාභං නිජිගීසිතාරො. කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගීසනතාති එතාහි සමන්නාගතානං පුග්ගලානං එතං අධිවචනං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරෙන පනෙතා කුහනාදිකා විසුද්ධිමග්ගෙ සීලනිද්දෙසෙයෙව පාළිඤ්ච අට්ඨකථඤ්ච ආහරිත්වා පකාසිතාති.
කුහක යන ආදියෙහි තෙවැදෑරුම් වූ කුහක කරුණින් ලොව රවටානුයි විම පත් කරානුයි කුහකා. ලාභසත්කාර ලැබීමේ අටියෙන් කියතියි ලපකා. නිමිති කීමේ ස්වභාවය ඔවුන්ගේනුයි නෙමිත්තිකා. කපටි ස්වභාවය මොවුන්ගේනුයි නිප්පෙසිකා. ලාභයෙන් ලාභය, අපේක්ෂා කරන්නෝය. බලන්නෝය. සොයන්නෝයැයි ලාභෙනලාභං නිජිගිංසිතාරො කුහණා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනා යන මේවායින් යුක්ත පුද්ගලයන්ට සමාන වචනයකි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් මේ කුහණ ආදිය විසුද්ධි මග්ගයෙහි සීල නිද්දේසයෙහිම පාලියද අටුවාවද දක්වා ප්‍රකාශ කරන ලද්දේය.
එත්තාවතා මජ්ඣිමසීලං නිට්ඨිතං හොති.
මෙපමණකින් මධ්‍යම ශීලය නිමියේ ය.
මහාසීලවණ්ණනා
ඉතො පරං මහාසීලං හොති. අඞ්ගන්ති හත්ථපාදාදීසු යෙන කෙනචි එවරූපෙන අඞ්ගෙන සමන්නාගතො දීඝායු යසවා හොතීතිආදිනයප්පවත්තං අඞ්ගසත්ථං. නිමිත්තන්ති නිමිත්තසත්ථං. පණ්ඩුරාජා කිර තිස්සො මුත්තායො මුට්ඨියං කත්වා නෙමිත්තිකං පුච්ඡි – “කිං මෙ හත්ථෙ”ති? සො ඉතො චිතො ච විලොකෙසි, තස්මිඤ්ච සමයෙ ඝරගොලිකාය මක්ඛිකා ගය්හන්තී මුත්තා, සො “මුත්තා”ති ආහ. පුන “කතී”ති පුට්ඨො කුක්කුටස්ස තික්ඛත්තුං රවන්තස්ස සද්දං සුත්වා “තිස්සො”ති ආහ. එවං තං තං ආදිසිත්වා නිමිත්තමනුයුත්තා විහරන්ති.
මින්පසු මහා ශීලය වෙයි. අංගං යනු අත්පා ආදියෙහි යම්කිසි මෙබඳු ලක්ෂණයෙන් යුත් තැනැත්තේ දීර්ඝායුෂ ඇත්තේ වෙයි. කීර්තිමත් වන්නේ වෙයි යනාදී වශයෙන් පැවති අංග ශාස්ත්‍රය. නිමිත්තං යනු නිමිත්ත ශාස්ත්‍රය. පඬුරජ මුතුඇට තුනක් මිටෙහි තබාගෙන නිමිත්ත පාඨකයන්ගෙන් මෙසේ ඇසීය. මාගේ අතෙහි කුමක් තිබේද? ඔහු ඔබිනොබ බැලීය. ඒ සමයෙහි හූනා විසින් මැස්සෝ අල්ලාගනු ලබතියි මුත්තා. හේ මුතුයයි කීය. කීයක්දැයි විමසන ලද්දේ කුකුළකු තෙවරක් අඬලන ශබ්දය අසා තුනක් යයි කීය. මෙසේ ඒ ඒ දෙය ආදේශ කිරීමට නිමිති කීමෙහි නියුතුව හැසිරෙති.
උප්පාතන්ති අසනිපාතාදීනං මහන්තානං උප්පතිතං, තඤ්හි දිස්වා “ඉදං භවිස්සති, එවං භවිස්සතී”ති ආදිසන්ති. සුපිනන්ති යො පුබ්බණ්හසමයෙ සුපිනං පස්සති, එවං විපාකො හොති; යො ඉදං නාම පස්සති, තස්ස ඉදං නාම හොතීතිආදිනා නයෙන සුපිනකං අනුයුත්තා විහරන්ති. ලක්ඛණන්ති ඉමිනා ලක්ඛණෙන සමන්නාගතො රාජා හොති, ඉමිනා උපරාජාතිආදිකං. මූසිකච්ඡින්නන්ති උන්දූරඛායිතං. තෙනාපි හි අහතෙ වා වත්ථෙ අනහතෙ වා වත්ථෙ ඉතො පට්ඨාය එවං ඡින්නෙ ඉදං නාම හොතීති ආදිසන්ති. අග්ගිහොමන්ති එවරූපෙන දාරුනා එවං හුතෙ ඉදං නාම හොතීති අග්ගිජුහනං. දබ්බිහොමාදීනිපි අග්ගිහොමානෙව, එවරූපාය දබ්බියා ඊදිසෙහි කණාදීහි හුතෙ ඉදං නාම හොතීති එවං පවත්තිවසෙන පන විසුං වුත්තානි.
උප්පාදං යනු මහත් වූ හෙණ ගැසීම් ආදිය ඇතිවීම. එය දැක මෙය වන්නේය, මෙය වන්නේයයි ආදේශ කරත්. සුපිණකං යනු යමෙක් පෙරයම සිහිනයක් දකී ද මේ විපාකය වෙයි. යමෙක් මෙය දකීද ඔහුට මෙය වෙතියි ආදි ක්‍රමයෙන් සිහින කීමෙහි යෙදී ජීවත් වෙති. ලක්ඛණං යනු මේ ලකුණින් යුතු වූයේ රජ වෙයි. මේ ලකුණින් යුතු වූයේ යුවරජ වෙයි ආදිය. මූසිකච්ඡින්නං යනු මීයන් විසින් කන ලද්ද. මෙයින්ද වස්ත්‍රය අළුත් වුවද පැරණි වුවද මෙතැන් පටන් මෙසේ කෑකල්හි මෙය වෙති’යි ආදේශ කරත්. අග්ගිහොමං මෙබඳු දැර දැමූ ගින්නෙන් මෙසේ පුදකළ කල්හි මෙය වෙතියි මෙසේ ගිනි පිදීමයි. දබ්බිහොම ආදියද ගිනි පිදීම්ය. මෙබඳු හැන්දකින් මෙබඳු දහයියා ආදිය පුදකළවිට මෙය වෙතියි මෙසේ ප්රවෘත්ති වශයෙන් වෙනම කියන ලදී.
තත්ථ කණොති කුණ්ඩකො. තණ්ඩුලාති සාලිආදීනඤ්චෙව තිණජාතීනඤ්ච තණ්ඩුලා. සප්පීති ගොසප්පිආදිකං. තෙලන්ති තිලතෙලාදිකං. සාසපාදීනි පන මුඛෙන ගහෙත්වා අග්ගිම්හි පක්ඛිපනං, විජ්ජං පරිජප්පිත්වා ජුහනං වා මුඛහොමං. දක්ඛිණක්ඛකජණ්ණුලොහිතාදීහි ජුහනං ලොහිතහොමං. අඞ්ගවිජ්ජාති පුබ්බෙ අඞ්ගමෙව දිස්වා බ්යාකරණවසෙන අඞ්ගං වුත්තං, ඉධ අඞ්ගුලට්ඨිං දිස්වා විජ්ජං පරිජප්පිත්වා අයං කුලපුත්තො වා නො වා, සිරීසම්පන්නො වා නො වාතිආදිබ්යාකරණවසෙන අඞ්ගවිජ්ජා වුත්තා. වත්ථුවිජ්ජාති ඝරවත්ථුආරාමවත්ථාදීනං ගුණදොසසල්ලක්ඛණවිජ්ජා. මත්තිකාදිවිසෙසං දිස්වාපි හි විජ්ජං පරිජප්පිත්වා හෙට්ඨා පථවියං තිංසරතනමත්තෙ, ආකාසෙ ච අසීතිරතනමත්තෙ පදෙසෙ ගුණදොසං පස්සන්ති. ඛත්තවිජ්ජාති අබ්භෙය්යමාසුරක්ඛරාජසත්ථාදිසත්ථං. සිවවිජ්ජාති සුසානෙ පවිසිත්වා සන්තිකරණවිජ්ජා, සිඞ්ගාලරුතවිජ්ජාතිපි වදන්ති. භූතවිජ්ජාති භූතවෙජ්ජමන්තො. භූරිවිජ්ජාති භූරිඝරෙ වසන්තෙන උග්ගහෙතබ්බමන්තො. අහිවිජ්ජාති සප්පදට්ඨතිකිච්ඡනවිජ්ජා චෙව සප්පාව්හායනවිජ්ජා ච. විසවිජ්ජාති යාය, පුරාණවිසං වා රක්ඛන්ති, නවවිසං වා කරොන්ති විසවන්තමෙව වා. විච්ඡිකවිජ්ජාති විච්ඡිකදට්ඨතිකිච්ඡනවිජ්ජා. මූසිකවිජ්ජායපි එසෙව නයො. සකුණවිජ්ජාති සපක්ඛකඅපක්ඛකද්විපදචතුප්පදානං රුතගතාදිවසෙන සකුණඤාණං. වායසවිජ්ජාති කාකරුතඤාණං, තං විසුඤ්ඤෙව සත්ථං, තස්මා විසුං වුත්තං.
එහි කණො යනු වී කුඩ්ඩ. තණ්ඩුලා සහල් ආදීන්ටද තෘණ ආදීන්ට තණ්ඩුලයයි කියති. සප්පී ගව ගිතෙල් ආදිය. තෙලං තලතෙල් ආදිය. අබ ඇට ආදිය කටින් ගෙන ගින්නෙහි දැමීම, මන්ත්‍ර ජපකොට පිදීම හෝ මුඛහොම නමි දකුණු අකු ඇටයෙහි ලෙයින් පිදීම ලොහිතහොම නමි. අංගවිජ්ජා නම් පෙර අංගයම දැක ප්‍රකාශකිරීම් වශයෙන් කියන ලදී. මෙහි ඇඟිලි ඇට දැක මන්ත්‍ර ජපකොට මේ කුලපුත්‍රයා වන්නේ හෝ නොවන්නේය. ධනවත් වන්නේය හෝ නොවන්නේය ආදිය ප්‍රකාශ කිරීම් වශයෙන් අංග විද්‍යාව කියන ලදී. වත්ථුවිජ්ජා ගෙවතු අරම්වතු ආදියෙහි ගුණදොස් සලකන විද්‍යාව. මැටි ආදී දේ දැක ද මන්ත්‍ර ජපකොට පොළොව යට රියන් තිහක් පමණ යටද, අහසෙහි අසූරියනක් පමණ ප්රදේශයෙහිද ගුණදොස් දකිති. ඛත්තවිජ්ජා සිරුරට අයත් සීවවිජ්ජා සොහොනෙහි වැස ශාන්තිය කරන විද්‍යාව. සිගාල රුත විජ්ජා - නරිහඬ විද්‍යාව යයි ද කියනු ලැබේ. භූතවිජ්ජා භූත වෛද්‍ය මන්ත්‍රය. භූරිවිජ්ජා විශාල ගෙයක වසන්නකු විසින් උගතයුතු මන්ත්‍රය. අහිවිජ්ජා සර්ප දෂ්ටයට ප්‍රතිකාර කරන විද්‍යාවද, සර්පයන් ගෙන්වන විද්‍යාවද. විසවිජ්ජා යමකින් පැරණි විස රකීද, අලුතින් විස ඇති කෙරේද, විෂ තන්ත්රයට හෝ වෙයි. විච්ඡික විජ්ජා ගෝනුස්සන් දෂ්ට කළවිට ප්‍රතිකාර කරන විද්‍යාව. මූසික විජ්ජා වෙහිද මෙම ක්‍රමයයි. සකුණ විජ්ජා යනු පියාපත් ඇති, පියාපත් නැති දෙපා සිව්පා ආදීන්ගේ හැඬීම් යම් වශයෙන් වූ පක්ෂීන් පිළිබඳ දැනුම. වායස විජ්ජා යනු කපුටන්ගේ හැඬීම් පිළිබඳ දැනුම. එය වෙනම ශාස්ත්රයකි. ඒ නිසා වෙනම කියන ලදී.
පක්කජ්ඣානන්ති පරිපාකගතචින්තා. ඉදානි “අයං එත්තකං ජීවිස්සති, අයං එත්තක”න්ති එවං පවත්තං ආදිට්ඨඤාණන්ති අත්ථො. සරපරිත්තාණන්ති සරරක්ඛණං, යථා අත්තනො උපරි න ආගච්ඡති, එවං කරණවිජ්ජා. මිගචක්කන්ති ඉදං සබ්බසඞ්ගාහිකං සබ්බසකුණචතුප්පදානං රුතඤාණවසෙන වුත්තං.
පක්ඛජක්ධානං යනු මුහුකුරා ගිය සිතිවිල්ල. දැන් මොහු මෙපමණ කලක් ජීවත් වන්නේය. මොහු මෙතෙක් කලක් යැයි මෙසේ පැවති අරිට්ඨක ඥානය යන අර්ථයි. සරපරිත්තානං යනු ඊතලයෙන් බේරීමයි. යම්සේ තමා මතට ගොස් ද එසේ කරන විද්‍යාවයි. මිගපක්ඛං මෙය සර්ව සංග්‍රාහකය. සියලු පක්ෂීන්ගේ සිව්පාවන්ගේ හැඬීම් දැනීම වශයෙන් කියන ලදී.
මණිලක්ඛණාදීසු එවරූපො මණි පසත්ථො, එවරූපො අපසත්ථො, සාමිනො ආරොග්යඉස්සරියාදීනං හෙතු හොති, න හොතීති, එවං වණ්ණසණ්ඨානාදිවසෙන මණිආදීනං ලක්ඛණං අනුයුත්තා විහරන්තීති අත්ථො. තත්ථ ආවුධන්ති ඨපෙත්වා අසිආදීනි අවසෙසං ආවුධං. ඉත්ථිලක්ඛණාදීනිපි යම්හි කුලෙ තෙ ඉත්ථිපුරිසාදයො වසන්ති, තස්ස වුඩ්ඪිහානිවසෙනෙව වෙදිතබ්බානි. අජලක්ඛණාදීසු පන එවරූපානං අජාදීනං මංසං ඛාදිතබ්බං, එවරූපානං න ඛාදිතබ්බන්ති අයං විසෙසො වෙදිතබ්බො.
මණි ලක්ඛණ ආදීන්හි මෙබඳු මැණික ප්‍රශස්තය. මෙබඳු මැණික අප්රශස්තය. හිමියාට ආරෝග්‍යය. ඓශ්වර්යය ලැබීමට හේතුවෙයි. නොවෙයි මෙසේ වර්ණ සංස්ථාන ගුණ ආදි වශයෙන් මැණික් ආදියෙහි ලක්ෂණ අනුයුක්තව හැසිරෙත් යන අර්ථයි. එහි ආවුධ යනු අසිපත් ආදිය හැර ස්ත්‍රී පුරුෂයෝ වසන්ද, එහි වෘද්ධිය හානිය වශයෙන්ම දතයුතුය. අජලක්ඛණ ආදී තන්හි මෙබඳු එළුවන්ගේ මස් කෑ යුතුය. මෙබඳු එළුවන්ගේ මස් නොකෑ යුතුය. මෙයද විශේෂ ලෙස දතයුතුය.
අපි චෙත්ථ ගොධාය ලක්ඛණෙ චිත්තකම්මපිළන්ධනාදීසුපි එවරූපාය ගොධාය සති ඉදං නාම හොතීති අයං විසෙසො වෙදිතබ්බො. ඉදඤ්චෙත්ථ වත්ථු – එකස්මිං කිර විහාරෙ චිත්තකම්මෙ ගොධං අග්ගිං ධමමානං අකංසු. තතො පට්ඨාය භික්ඛූනං මහාවිවාදො ජාතො. එකො ආගන්තුකභික්ඛු තං දිස්වා මක්ඛෙසි. තතො පට්ඨාය විවාදො මන්දීභූතො හොති. කණ්ණිකලක්ඛණං පිළන්ධනකණ්ණිකායපි ගෙහකණ්ණිකායපි වසෙන වෙදිතබ්බං. කච්ඡපලක්ඛණං ගොධාලක්ඛණසදිසමෙව. මිගලක්ඛණං සබ්බසඞ්ගාහිකං සබ්බචතුප්පදානං ලක්ඛණවසෙන වුත්තං.
තවද මෙහි ගොධා ලක්ඛණයෙහි චිත්‍රකර්ම පැළඳුම් ආදියෙහි මෙබඳු ගොයකු ඇතිකල්හි මෙසේ වෙයි යනුවෙන් මෙයද විශේෂ වශයෙන් දතයුතුයි. මෙය මෙහිදී එක් කථාවකි. එක් විහාරයක සිතුවම්හි ගිනි පිඹින ගොයකු කළාහුය. එතැන් පටන් භික්ෂූන් අතර මහා විවාදයක් ඇතිවිය. එක් ආගන්තුක භික්ෂුවක් එය දැක මකා දැමීය. එතැන් පටන් විවාදය අඩුවිය. කණ්ණිකා ලක්ඛණං කන් පළඳනාවෙහි ද ගෘහ කර්ණිකාවෙහි ද වශයෙන් දතයුතුය. කච්ඡප ලක්ඛණං යනු ගෝධා ලක්ෂණ සමානය. මිගලක්ඛණං සර්ව සංග්‍රාහක සියලු සිවුපාවුන්ගේ ලක්ෂණ වශයෙන් කියන ලදී.
රඤ්ඤං නිය්යානං භවිස්සතීති අසුකදිවසෙ අසුකනක්ඛත්තෙන අසුකස්ස නාම රඤ්ඤො නිග්ගමනං භවිස්සතීති එවං රාජූනං පවාසගමනං බ්යාකරොති. එස නයො සබ්බත්ථ. කෙවලං පනෙත්ථ අනිය්යානන්ති විප්පවුත්ථානං පුන ආගමනං. අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානන්ති අන්තොනගරෙ අම්හාකං රාජා පටිවිරුද්ධං බහිරාජානං උපසඞ්කමිස්සති, තතො තස්ස පටික්කමනං භවිස්සතීති එවං රඤ්ඤං උපයානාපයානං බ්යාකරොති. දුතියපදෙපි එසෙව නයො. ජයපරාජයා පාකටායෙව.
රඤ්ඤං නියවාහං භවිස්සති යනු අසුවල් දවසෙහි අසුවල් නැකතින් රජුගේ විදේශ ගමන් ප්‍රකාශ කරයි. සියලු තැන මේ ක්‍රමයයි. හුදෙක් මෙහි අනිය්යානං යනු විදේශයන්හි විසුව වුන්ගේ නැවත පැමිණීමයි. අබ්භනතරානං රඤ්ඤාහං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤානං අපයානං යනු ඇතුළු නුවර අපගේ රජුට විරුද්ධය. බැහැරි රජුන්ගේ පැමිණීම වන්නේය. එයින් ඔහුගේ බැහැර යාම වන්නේ යයි මෙසේ රජු එළඹීමත් පිටවීමත් ප්‍රකාශ කරයි. දෙවැනි පදයෙහිද මේ ක්‍රමයයි. ජය පරාජය ප්‍රකටමය.
චන්දග්ගාහාදයො අසුකදිවසෙ රාහු චන්දං ගහෙස්සතීති බ්යාකරණවසෙනෙව වෙදිතබ්බා. අපි ච නක්ඛත්තස්ස අඞ්ගාරකාදිගාහසමායොගොපි නක්ඛත්තගාහොයෙව. උක්කාපාතොති ආකාසතො උක්කානං පතනං. දිසාඩාහොති දිසාකාලුසියං අග්ගිසිඛධූමසිඛාදීහි ආකුලභාවො විය. දෙවදුද්රභීති සුක්ඛවලාහකගජ්ජනං. උග්ගමනන්ති උදයනං. ඔක්කමනන්ති අත්ථඞ්ගමනං. සංකිලෙසන්ති අවිසුද්ධතා. වොදානන්ති විසුද්ධතා. එවං විපාකොති ලොකස්ස එවං විවිධසුඛදුක්ඛාවහො.
චන්දග්ගහ ආදීහු අසුවල් දවසෙහි රාහු චන්ද්‍රයා අල්ලාගනී යනුවෙන් ප්‍රකාශ කිරීම් වශයෙන් දතයුතුයි. තවද, නැකැත්කරු අඟහරු ආදී ග්රහයගේ එක්වීමද නක්ඛත්තගහ වෙයි. ආකාශයෙන් උල්කා වැටීම. දිසාඩාහො යනු දිශාවන් අන්ධකාර වීම. අග්නිශිඛා ධූමශිඛාවන්ගෙන් ආකූලවීම මෙන්. දෙව දුන්දුභි යනු සුදු වලාකුළු ගර්ජනා කිරීමයි. උග්ගමනං යනු උදාවීමයි. ඔගමනං අස්තයට යාමයි. සංකිලෙසො යනු අපිරිසිදු බවයි. වොදානං පිරිසිදු බව. එවංවිපාකො යනු ලෝකයාට මෙබඳු සුවදුක් ගෙන දෙන්නේය.
සුවුට්ඨිකාති දෙවස්ස සම්මාධාරානුප්පවෙච්ඡනං. දුබ්බුට්ඨිකාති අවග්ගාහො, වස්සවිබන්ධොති වුත්තං හොති. මුද්දාති හත්ථමුද්දා. ගණනා වුච්චති අච්ඡිද්දකගණනා. සඞ්ඛානන්ති සඞ්කලනසටුප්පාදනාදිවසෙන පිණ්ඩගණනා. යස්ස සා පගුණා හොති, සො රුක්ඛම්පි දිස්වා එත්තකානි එත්ථ පණ්ණානීති ජානාති. කාවෙය්යන්ති “චත්තාරොමෙ, භික්ඛවෙ, කවී. කතමෙ චත්තාරො? චින්තාකවි, සුතකවි, අත්ථකවි, පටිභානකවී”ති (අ· නි· 4.231). ඉමෙසං චතුන්නං කවීනං අත්තනො චින්තාවසෙන වා; “වෙස්සන්තරො නාම රාජා අහොසී”තිආදීනි සුත්වා සුතවසෙන වා; ඉමස්ස අයං අත්ථො, එවං තං යොජෙස්සාමීති එවං අත්ථවසෙන වා; කිඤ්චිදෙව දිස්වා තප්පටිභාගං කත්තබ්බං කරිස්සාමීති එවං ඨානුප්පත්තිකපටිභානවසෙන වා; ජීවිකත්ථාය කබ්යකරණං. ලොකායතං වුත්තමෙව.
සුබ්බුට්ඨකා යනු වර්ෂාව මනාසේ ධාරා වැසි වැසීමයි. දුබ්බුටඨිකා යනු අවග්රහයයි. වැස්ස කැඩීම යයි කියන ලද්දේ වෙයි. මුද්දා යනු හස්තමුද්‍රා ගණන් කිරීම යයි කියනු ලැබේ. ගණනා යනු නොකඩවා ගණන් කිරීම. සංඛානං සංකලනය රෙදි ඉපදවීම ආදි වශයෙන් පිඬු ගණනය. යමකුට එය ප්‍රගුණ වේද, ඔහු ගසක් දැක මෙහි පත්‍ර මෙපමණ ඇතැයි දනී. කාවෙය්යන්ති, චත්තාරො මෙ භික්ඛවෙ කවි, චින්තා කවි, සුතකවි, අත්ථකවි, පරිභාණ කවි මේ සිව් කවීන්ට තමන්ගේ සිතිවිලි වශයෙන් හෝ, වෙස්සන්තර නම් රජෙක් විය ආදිය අසා සුත වශයෙන් හෝ, මෙහි මේ ප්‍රයෝජනය වෙයි. මෙසේ එය යොදන්නෙමියි මෙසේ අර්ථ වශයෙන් හෝ කිසියම් දෙයක් ඇත. එවැන්නක් කරන්නෙමියි මෙසේ තන් වැසි වශයෙන් හෝ ජීවිකාව පිණිස කටයුතු කිරීමයි. ලොකායතං කියන ලද්දේමය.
ආවාහනං නාම ඉමස්ස දාරකස්ස අසුකකුලතො අසුකනක්ඛත්තෙන දාරිකං ආනෙථාති ආවාහකරණං. විවාහනන්ති ඉමං දාරිකං අසුකස්ස නාම දාරකස්ස අසුකනක්ඛත්තෙන දෙථ, එවමස්සා වුඩ්ඪි භවිස්සතීති විවාහකරණං. සංවරණන්ති සංවරණං නාම ‘අජ්ජ නක්ඛත්තං සුන්දරං, අජ්ජෙව සමග්ගා හොථ, ඉති වො වියොගො න භවිස්සතී’ති එවං සමග්ගකරණං. විවරණං නාම ‘සචෙ වියුජ්ජිතුකාමත්ථ, අජ්ජෙව වියුජ්ජථ, ඉති වො පුන සංයොගො න භවිස්සතී’ති එවං විසංයොගකරණං. සඞ්කිරණන්ති ‘උට්ඨානං වා ඉණං වා දින්නං ධනං අජ්ජ සඞ්කඩ්ඪථ, අජ්ජ සඞ්කඩ්ඪිතඤ්හි තං ථාවරං හොතී’ති එවං ධනපිණ්ඩාපනං. විකිරණන්ති ‘සචෙ පයොගඋද්ධාරාදිවසෙන ධනං පයොජිතුකාමත්ථ, අජ්ජ පයොජිතං දිගුණචතුග්ගුණං හොතී’ති එවං ධනපයොජාපනං. සුභගකරණන්ති පියමනාපකරණං වා සස්සිරීකකරණං වා. දුබ්භගකරණන්ති තබ්බිපරීතං. විරුද්ධගබ්භකරණන්ති විරුද්ධස්ස විලීනස්ස අට්ඨිතස්ස මතස්ස ගබ්භස්ස කරණං. පුන අවිනාසාය භෙසජ්ජදානන්ති අත්ථො. ගබ්භො හි වාතෙන, පාණකෙහි, කම්මුනා චාති තීහි කාරණෙහි විනස්සති. තත්ථ වාතෙන විනස්සන්තෙ නිබ්බාපනීයං සීතලං භෙසජ්ජං දෙති, පාණකෙහි විනස්සන්තෙ පාණකානං පටිකම්මං කරොති, කම්මුනා විනස්සන්තෙ පන බුද්ධාපි පටිබාහිතුං න සක්කොන්ති.
ආවාහණය නම් මේ දරුවාට අසුවල් කුලයෙන් අසුවල් නැකතින් දැරියක ගෙන එවුයයි ආවාහ කිරීමයි. විවාහණං යනු මේ දැරිය අසුවල් දරුවාට අසුවල් නැකතින් දෙවු. මෙසේ ඔහුට දියුණුවක් වන්නේ යයි විවාහ කිරීමයි. සංවදනං සංවදන නම් අද නැකත හොඳය. අදම සමගි වවු. මෙසේ තොපට වෙන්වීමක් නොවන්නේ යයි මෙසේ සමගි කිරීමයි. විවදනං නම් ඉතින් වෙන්වනු කැමැතිනම් අදම වෙන් වවු. මෙසේ තොපට එකතුවක් නොවන්නේය. මෙසේ වෙන් කිරීමයි. සංකිරණං තොප විසින් බද්දක් හෝ ණයක් වශයෙන් දුන් ධනය අද එකතුකර ගනිවු. අද එකතු කරගත් දෙය ස්ථාවර වෙයි. මෙසේ ධනය රැස්කරවා ගැනීමයි. විකිරණං යනු යම්හෙයකින් ආයෝජනය එකතු කරගැනීම් ආදි වශයෙන් ධනය යොදවනු කැමැත්හු නම් අද යෙදවූ ධනය දෙගුණයක් සිව්ගුණයක් වෙයි. මෙසේ ධනය යෙදවීමයි. සුභගකරණං ප්‍රියමනාප කිරීම සශ්‍රීක කිරීම හෝ වෙයි. දුබ්භගකරණං ඊට වෙනසක් කිරීම. විරුද්ධ ගබ්භ කරණං නොගැළපෙන විනාශවන ගර්භයක් කිරීම. නැවත විනාශ නොවීම පිණිස ඖෂධ දීම යන අර්ථයි. ගර්භය වනාහි වාතයෙන්, පණුවගෙන්, කර්මයෙන් යන තෙකරුණින් විනාශ වන්නේය. එහි වාතයෙන් විනාශ වනවිට ගැඹුරට නොයන සීතල බෙහෙතක් දෙයි. පණුවන් විසින් නැසෙන කල්හි පණුවන්ට පිළියම් කරයි. කර්මයෙන් නැසෙන ගර්භය නවත්වන්ට බුදුවරුන්ටද නොහැකිය.
ජිව්හානිබන්ධනන්ති මන්තෙන ජිව්හාය බන්ධකරණං. හනුසංහනනන්ති මුඛබන්ධමන්තෙන යථා හනුකං චාලෙතුං න සක්කොන්ති, එවං බන්ධකරණං. හත්ථාභිජප්පනන්ති හත්‍ථානං පරිවත්තනත්ථං මන්තජප්පනං. තස්මිං කිර මන්තෙ සත්තපදන්තරෙ ඨත්වා ජප්පිතෙ ඉතරො හත්ථෙ පරිවත්තෙත්වා ඛිපති. කණ්ණජප්පනන්ති කණ්ණෙහි සද්දං අස්සවනත්ථාය විජ්ජාය ජප්පනං. තං කිර ජප්පිත්වා විනිච්ඡයට්ඨානෙ යං ඉච්ඡති, තං භණති, පච්චත්ථිකො තං න සුණාති, තතො පටිවචනං සම්පාදෙතුං න සක්කොති. ආදාසපඤ්හන්ති ආදාසෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං. කුමාරිකපඤ්හන්ති කුමාරිකාය සරීරෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං. දෙවපඤ්හන්ති දාසියා සරීරෙ දෙවතං ඔතාරෙත්වා පඤ්හපුච්ඡනං. ආදිච්චුපට්ඨානන්ති ජීවිකත්ථාය ආදිච්චපාරිචරියා. මහතුපට්ඨානන්ති තථෙව මහාබ්රහ්මපාරිචරියා. අබ්භුජ්ජලනන්ති මන්තෙන මුඛතො අග්ගිජාලානීහරණං. සිරිව්හායනන්ති “එහි සිරි, මය්හං සිරෙ පතිට්ඨාහී”ති එවං සිරෙන සිරියා අව්හායනං.
ජිව්හා නිත්ථන්ධනං යනු, මන්ත්‍රයෙන් දිව තද කිරීමයි. හණු සංහණන යනු කටබඳින මන්ත්‍රයෙන් හණු සෙලවීමට නොහැකි වන සේ තදකිරීමයි. හත්ථාභිජප්පන යනු, අත් පෙරලීම පිණිස මන්ත්‍ර ජපකිරීමයි. ඒ මන්ත්‍රයෙහි පද සතක් අතර සිට ජපකළ කල්හි ශබ්ද නොඇසෙන පිණිස මන්ත්‍ර කීමයි. ඒ මන්ත්‍රය ජපකොට අවසන්වන කල්හි යමක් කැමතිනම් එය කියයි. සතුරාට එය නොඇසේ. ඉන්පසු පිළිතුරු සපයා ගැනීමට නොහැකිය. ආදාස පඤ්හං මුහුණ බලන කණ්ණාඩියට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. කුමාරිකපඤ්හං දැරියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. දෙවපඤ්හං දේව දාසියකගේ සිරුරට දෙවියකු ආරූඪකර ප්‍රශ්න ඇසීමයි. ආදිච්චුපට්ඨානං ජීවිකාව පිණිස සූර්ය පූජා කිරීම. මහතුපට්ඨා යනු එසේම මහා බ්‍රහ්මයා පිදීම. අබ්භුජ්ජලනං මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම. සිරව හායනං එන්න ශ්‍රී කාන්තාව, මාගේ සිරසෙහි පිහිටන්න යයි මෙසේ හිසින් ශ්‍රී කාන්තාව කැඳවීම.
සන්තිකම්මන්ති දෙවට්ඨානං ගන්ත්වා සචෙ මෙ ඉදං නාම සමිජ්ඣිස්සති, තුම්හාකං ඉමිනා ච ඉමිනා ච උපහාරං කරිස්සාමීති සමිද්ධිකාලෙ කත්තබ්බං සන්තිපටිස්සවකම්මං. තස්මිං පන සමිද්ධෙ තස්ස කරණං පණිධිකම්මං නාම. භූරිකම්මන්ති භූරිඝරෙ වසිත්වා ගහිතමන්තස්ස පයොගකරණං. වස්සකම්මං වොස්සකම්මන්ති එත්ථ වස්සොති පුරිසො, වොස්සොති පණ්ඩකො. ඉති වොස්සස්ස වස්සකරණං වස්සකම්මං, වස්සස්ස වොස්සකරණං වොස්සකම්මං. තං පන කරොන්තො අච්ඡන්දිකභාවමත්තං පාපෙති, න ලිඞ්ගං අන්තරධාපෙතුං සක්කොති. වත්ථුකම්මන්ති අකතවත්ථුස්මිං ගෙහපතිට්ඨාපනං. වත්ථුපරිකම්මන්ති “ඉදඤ්චිදඤ්චාහරථා”ති වත්වා වත්ථුබලිකම්මකරණං. ආචමනන්ති උදකෙන මුඛසුද්ධිකරණං. න්හාපනන්ති අඤ්ඤෙසං න්හාපනං. ජුහනන්ති තෙසං අත්ථාය අග්ගිජුහනං. වමනන්ති යොගං දත්වා වමනකරණං. විරෙචනෙපි එසෙව නයො. උද්ධංවිරෙචනන්ති උද්ධං දොසානං නීහරණං. අධොවිරෙචනන්ති අධො දොසානං නීහරණං. සීසවිරෙචනන්ති සිරොවිරෙචනං. කණ්ණතෙලන්ති කණ්ණානං බන්ධනත්ථං වා වණහරණත්ථං වා භෙසජ්ජතෙලපචනං. නෙත්තතප්පනන්ති අක්ඛිතප්පනතෙලං. නත්ථුකම්මන්ති තෙලෙන යොජෙත්වා නත්ථුකරණං. අඤ්ජනන්ති ද්වෙ වා තීණි වා පටලානි නීහරණසමත්ථං ඛාරඤ්ජනං. පච්චඤ්ජනන්ති නිබ්බාපනීයං සීතලභෙසජ්ජඤ්ජනං. සාලාකියන්ති සලාකවෙජ්ජකම්මං. සල්ලකත්තියන්ති සල්ලකත්තවෙජ්ජකම්මං. දාරකතිකිච්ඡා වුච්චති කොමාරභච්චවෙජ්ජකම්මං. මූලභෙසජ්ජානං අනුප්පාදනන්ති ඉමිනා කායතිකිච්ඡනං දස්සෙති. ඔසධීනං පටිමොක්ඛොති ඛාරාදීනි දත්වා තදනුරූපෙ වණෙ ගතෙ තෙසං අපනයනං.
සන්තිකම්මං දේවස්ථානයට ගොස් මට මේ දේ සමෘද්ධ වේනම් ඔබට මේ මේ උපහාර කරන්නෙමියි සමෘද්ධ වූ කල්හි කළයුතු සතුටු කිරිම සඳහා බාර ඉටුකිරීමේ කාර්යය. එය සමෘද්ධ වූ කල්හි එය ඉටුකිරීම පණිධිකම්ම නමි. භූරිකම්මං මැටි ගෙයක වැස උගත් මන්ත්‍රය කීම. වස්ස කම්මං වොස්ස කම්මං යන මෙහි වස්ස යනු පුරුෂයාය. වොස්ස යනු පණ්ඩකයාය. මෙසේ පණ්ඩකයා පුරුෂයකු කිරීම වස්ස කම්ම නමි. පුරුෂයා පණ්ඩකයකු කිරිම වොස්සකම්ම නමි. එය කරන්නේ වෘෂණය ඉවත්කිරීම් තත්ත්වයට පමුණුවයි. ලිංගය අතුරුදහන් කිරීමට නොහැකිය. වත්ථුකම්ම ස්වභාවික පොළොවෙහි ගෙය පිහිටුවීමයි. වත්ථු පරිකිරණං යනු මේ මේ දේ ගෙන එවු යයි කියා ඒ ඒ තැන බලිකර්ම කිරීමයි. ආචමනං ජලයෙන් මුව පිරිසිදු කිරීම. නහාපනං යනු අනුන් නැහැවීම. ජුහණං ඔවුන් සඳහා ගිනි පිදීම, වමනං බෙහෙත් දී වමනය කරවීමයි. විරේචන යෙහිද මෙම ක්‍රමයයි. උද්ධවිරේචණං පැන නැගි දොස් ඉවත් කිරීමයි. සීස විරේචණං හිස විරේක කිරීමයි. කණ්ණතෙලං කන්වල වැඩීම පිණිස හෝ වණ නැතිකිරීම පිණිස බෙහෙත් තෙල් සිඳීම. නෙත්ත තප්පන ඇස් තවන තෙල්. නත්ථුකම්මං තෙල් යෙදු නශ්‍ය කිරීම. අඤණං පටල දෙකක් හෝ තුනක් ඉවත් කිරීමෙහි සමත් ක්ෂාර ආලේප කිරීම. පච්චඤ්ජනං වැඩිය යුතු සීතල බෙහෙත් ආලේප කිරීමයි. සාලාකියං කටු වෙදකම. සල්ලකත්තිය යනු ශල්‍ය වෛද්‍ය කර්මය. මූල භෙසජ්ජං අනුප්පදානං මෙයින් කාය චිකිත්සාව දක්වයි. ඔසධීනං පටිමොක්ඛො ක්ෂාර ආදිය දී සුදුසු ක්ෂණය ඉක්මගිය කල්හි ඒවා ඉවත් කිරීමයි.
එත්තාවතා මහාසීලං නිට්ඨිතං හොති.
මෙපමණකින් මහා ශීලය නිර්දේශ කරන ලදී.
පුබ්බන්තකප්පිකසස්සතවාදවණ්ණනා
එවං බ්රහ්මදත්තෙන වුත්තවණ්ණස්ස අනුසන්ධිවසෙන තිවිධං සීලං විත්ථාරෙත්වා ඉදානි භික්ඛුසඞ්ඝෙන වුත්තවණ්ණස්ස අනුසන්ධිවසෙන – “අත්ථි, භික්ඛවෙ, අඤ්ඤෙව ධම්මා ගම්භීරා දුද්දසා”තිආදිනා නයෙන සුඤ්ඤතාපකාසනං ආරභි. තත්ථ ධම්මාති ගුණෙ, දෙසනායං, පරියත්තියං, නිස්සත්තෙති එවමාදීසු ධම්මසද්දො වත්තති.
මෙසේ බ්‍රහ්මදත්ත විසින් කියන ලද ගුණයට අනුසන්ධි වශයෙන් තෙවැදෑරුම් ශීලය විස්තරකොට දැන් භික්ෂු සංඝයා විසින් කියන ලද ගුණයට අනුසන්ධි වශයෙන් අත්ථි භික්ඛවෙ අඤ්ඤෙච ධම්මා ගම්හීරා දුද්දසා යන ආදි ක්‍රමයෙන් හිස් බව ප්රකාශනය ඇරඹූහ. එහි ධම්මා යනු ගුණයෙහි, දේශනාවෙහි පර්යාප්තියෙහි, ප්‍රමාණවත් නොවන බවෙහිත් යන මේ ආදියෙහි ධම්ම ශබ්දය පවතී.
“න හි ධම්මො අධම්මො ච, උභො සමවිපාකිනො; අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගති”න්ති. (ථෙරගා· 304);
දහමද අදහමද - සමවිපාක ගෙන නොදේ අදහම නිරයට ගෙන යයි - දහම සුගතියට පමුණුවයි.
ආදීසු හි ගුණෙ ධම්මසද්දො. “ධම්මං, වො භික්ඛවෙ, දෙසෙස්සාමි ආදිකල්‍යාණ”න්තිආදීසු (ම· නි· 3.420) දෙසනායං. “ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං, ගෙය්ය”න්තිආදීසු (අ· නි· 5.73) පරියත්තියං. “තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති, ඛන්ධා හොන්තී”තිආදීසු (ධ· ස· 121) නිස්සත්තෙ. ඉධ පන ගුණෙ වත්තති. තස්මා අත්ථි, භික්ඛවෙ, අඤ්ඤෙව තථාගතස්ස ගුණාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
ආදී තන්හි ධම්ම ශබ්දය ගුණයෙහිය. ‘මහණෙනි, තොපට ආදිකල්‍යාණ ධර්මය දේශනා කරන්නෙමි. ආදි තන්හි දේශනාවෙහිය. ‘මහණෙනි, මෙහි භික්ෂුව සුත්ත ගෙය්ය යනුවෙන් ධර්මය ප්‍රගුණ කරයි. ආදි තන්හි පර්යාප්තියෙහිය. ‘එසමයෙහි ධර්මයෝ වෙති. ස්කන්ධයෝ වෙති. ආදී තන්හි ප්‍රමාණවත් නොවන අර්ථයෙහි. මෙහි වනාහි ගුණයෙහි පවතී. ඒ නිසා ‘මහණෙනි, තථාගතයන්ගේ අන්‍ය වූ ගුණ ද ඇතැ’යි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
ගම්භීරාති මහාසමුද්දො විය මකසතුණ්ඩසූචියා අඤ්ඤත්ර තථාගතා අඤ්ඤෙසං ඤාණෙන අලබ්භනෙය්යපතිට්ඨා, ගම්භීරත්තායෙව දුද්දසා. දුද්දසත්තායෙව දුරනුබොධා. නිබ්බුතසබ්බපරිළාහත්තා සන්තා, සන්තාරම්මණෙසු පවත්තනතොපි සන්තා. අතිත්තිකරණට්ඨෙන පණීතා, සාදුරසභොජනං විය. උත්තමඤාණවිසයත්තා න තක්කෙන අවචරිතබ්බාති අතක්කාවචරා. නිපුණාති සණ්හසුඛුමසභාවත්තා. බාලානං අවිසයත්තා, පණ්ඩිතෙහියෙව වෙදිතබ්බාති පණ්ඩිතවෙදනීයා.
ගම්භීරා යනු, මහ සමුදුර මෙන් මදුරු තුඩක් වැනි ඉඳිකටුවෙකි. තථාගතයන් හැර අනුන්ගේ ඥානයෙන් ලැබිය නොහැකි ප්‍රතිෂ්ඨාවයි. ගැඹුරු බැවින්ම (බැලිය නොහැකි) දුද්දසා, බැලිය නොහැකි බැවින්ම දුරනුබෝධා (අවබෝධ කළ නොහැකිය) සියලු පරිළාහයන් නිවාදමන ලද හෙයින් ශාන්ත වේ. අතෘප්තිකර අර්ථයෙන් පණීතා. මිහිරි රස බොජුනක් මෙන් උත්තම වූ ඥානයට විෂය වූ බැවින් තර්කයෙන් නො විසඳිය යුතු බැවින් අතක්කාවචරා. නිපුණා මෘදු සූක්ෂම ස්වභාව හෙයින් බාලයන්ට අවිෂය බැවින් නුවණැත්තන් විසින්ම දතයුතු බැවින් පණ්ඩිත වෙදනීයය.
යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙතීති යෙ ධම්මෙ තථාගතො අනඤ්ඤනෙය්යො හුත්වා සයමෙව අභිවිසිට්ඨෙන ඤාණෙන පච්චක්ඛං කත්වා පවෙදෙති, දීපෙති, කථෙති, පකාසෙතීති අත්ථො. යෙහීති යෙහි ගුණධම්මෙහි. යථාභුච්චන්ති යථාභූතං. වණ්ණං සම්මා වදමානා වදෙය්යුන්ති තථාගතස්ස වණ්ණං වත්තුකාමා සම්මා වදෙය්යුං, අහාපෙත්වා වත්තුං සක්කුණෙය්යුන්ති අත්ථො. කතමෙ ච පන තෙ ධම්මා භගවතා එවං ථොමිතාති? සබ්බඤ්ඤුතඤ්ඤාණං. යදි එවං, කස්මා බහුවචනනිද්දෙසො කතොති? පුථුචිත්තසමායොගතො චෙව, පුථුආරම්මණතො ච. තඤ්හි චතූසු ඤාණසම්පයුත්තමහාකිරියචිත්තෙසු ලබ්භති, න චස්ස කොචි ධම්මො ආරම්මණං නාම න හොති. යථාහ – “අතීතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණ”න්තිආදි (පටි· ම· 1.120). ඉති පුථුචිත්තසමායොගතො පුනප්පුනං උප්පත්තිවසෙන පුථුආරම්මණතො ච බහුවචනනිද්දෙසො කතොති.
තථාගත තෙමේ තමාම දැන සාක්ෂාත්කොට යමක් කියයි යනු තථාගත තෙමේ අනන්‍ය ඥෙය්යව තමාම අති විශිෂ්ට වූ ඥානයෙන් ප්රත්යක්ෂ කොට යම් ධර්මයක් දන්වයිද පැහැදිලි කරයිද, කියයිද, ප්‍රකාශ කරයිද. යෙහං යනු යම් ගුණධර්මයන්ගෙන්. යථා භුච්චං යනු වූ පරිදි. වණ්ණං සම්මා වදමානා වදෙය්යුං යනු තථාගතයන්ගේ ගුණ කියනු කැමැත්තෝ කියන්නෝය. නොඅඩුකොට කියන්ට හැකිවන්නාහුය යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ස්තුති කරන ලද ධර්ම කවරහුද? සර්වඥතා ඥානයයි. එසේනම් කුමක් හෙයින් මහා වචන නිර්දේශයක් කරන ලද්දේ ද? මහා චිත්ත සම්ප්රයෝජනයක් ඇති හෙයින්ද මහා ආරම්මණ ඇති හෙයින්ද එය ඥානසම්ප්‍රයුක්ත මහා කිරිය චිත්තයන් සතරෙහි ලැබේ. එයට අරමුණු නොවන කිසිදු කරුණක් නම් නැත. යම්සේ කීය. අතීත වූ සියලු දෙය දනීනුයි සබ්බඤ්ඤුත ඤාණං. එහි ආවරණයක් නැතැයි අනාවරණ ඤාණං ආදිය. මෙසේ මහා චිත්ත සම්ප්රයෝගයක් ඇති බැවින් නැවත නැවත උපදීම් වශයෙන් මහා අරමුණු ඇති බැවින්ද මහා වචන නිර්දේශයක් කරන ලද්දේය.
“අඤ්ඤෙවා”ති ඉදං පනෙත්ථ වවත්ථාපනවචනං, “අඤ්ඤෙව, න පාණාතිපාතා වෙරමණිආදයො. ගම්භීරාව න උත්තානා”ති එවං සබ්බපදෙහි යොජෙතබ්බං. සාවකපාරමීඤාණඤ්හි ගම්භීරං, පච්චෙකබොධිඤාණං පන තතො ගම්භීරතරන්ති තත්ථ වවත්‍ථානං නත්ථි, සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්ච තතොපි ගම්භීරතරන්ති තත්ථාපි වවත්‍ථානං නත්ථි, ඉතො පනඤ්ඤං ගම්භීරතරං නත්ථි; තස්මා ගම්භීරා වාති වවත්‍ථානං ලබ්භති. තථා දුද්දසාව දුරනුබොධා වාති සබ්බං වෙදිතබ්බං.
අඤ්ඤෙවා යනු මෙය මෙහි ව්‍යවස්ථාපන වචනයි. අනිකුත් ප්‍රාණඝාතයෙන් වෙන්වීම් ආදිය ගැඹුරුද නොගැඹුරුද නොවේ. මෙසේ සියලු පදයන් සමග යෙදිය යුතුයි. ශ්රාවකපාරමී ඥානය ගැඹුරුය. එහි ව්යාස්ථාපනයක් නැත. ප්‍රත්‍යෙකබුද්ධ ඥානය ඊට වඩා ගැඹුරුය. එහි ද ව්‍යවස්ථාපනයක් නැත. සර්වඥතාඥානය වනාහි ඊට වඩා ගැඹුරුය. ඊට වැඩි ගැඹුරක් ඇති අන් කිසිවක් නැත. ඒ නිසා ගම්භීරයයි පිළිගැනීමක් ලබයි. එපරිද්දෙන් දුද්දසා, දුරනුබොධා යනුවෙන් සියල්ල දතයුතුයි.
කතමෙ ච තෙ භික්ඛවෙති අයං පන තෙසං ධම්මානං කථෙතුකම්‍යතා පුච්ඡා. සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණාතිආදි පුච්ඡාවිස්සජ්ජනං. කස්මා පනෙතං එවං ආරද්ධන්ති චෙ? බුද්ධානඤ්හි චත්තාරි ඨානානි පත්වා ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති, බුද්ධඤාණස්ස මහන්තභාවො පඤ්ඤායති, දෙසනා ගම්භීරා හොති, තිලක්ඛණාහතා, සුඤ්ඤතාපටිසංයුත්තා. කතමානි චත්තාරි? විනයපඤ්ඤත්තිං, භූමන්තරං, පච්චයාකාරං, සමයන්තරන්ති. තස්මා – “ඉදං ලහුකං, ඉදං ගරුකං, ඉදං සතෙකිච්ඡං, ඉදං අතෙකිච්ඡං, අයං ආපත්ති, අයං අනාපත්ති, අයං ඡෙජ්ජගාමිනී, අයං වුට්ඨානගාමිනී, අයං දෙසනාගාමිනී, අයං ලොකවජ්ජා, අයං පණ්ණත්තිවජ්ජා, ඉමස්මිං වත්ථුස්මිං ඉදං පඤ්ඤපෙතබ්බ”න්ති යං එවං ඔතිණ්ණෙ වත්ථුස්මිං සික්ඛාපදපඤ්ඤාපනං නාම, තත්ථ අඤ්ඤෙසං ථාමො වා බලං වා නත්ථි; අවිසයො එස අඤ්ඤෙසං, තථාගතස්සෙව විසයො. ඉති විනයපඤ්ඤත්තිං පත්වා බුද්ධානං ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති…පෙ… සුඤ්ඤතාපටිසංයුත්තාති.
කතමෙ ච තෙ භික්ඛවෙ යනු මෙය ඒ ධර්මයන් කියනු කැමතිව කරන විචාරීමයි. සන්ති භික්ඛවෙ එතෙ සමණ බ්රාහ්මණා ආදී තන්හි ඇසූ දෙය විසඳීමයි. එසේනම් මෙසේ ආරම්භ කරන ලද්දේ කුමක් නිසාද? බුදුවරුන් ගේ සිව්තැනකට පැමිණ ගර්ජිතය මහත් වෙයි. ඥානයට අනුව පිවිසෙයි. බුද්ධ ඥානයෙහි මහත් බව පෙනේ. ත්රිලක්ෂණගත ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනාව ගැඹුරු වෙයි. ඒ සිව්තැන් කවරේද? විනය ප්රඥප්ති, පෘථුවි ප්‍රදේශය, ප්‍රත්‍යයාකාරය, සමයාන්තරය කුමක් හෙයින්ද? මෙය ලඝුය. මෙය ගරුකය. මෙය ප්‍රතිකාර කළ හැකිය. මෙය ප්‍රතිකාර කළ නොහැකිය. මෙය ඇවතයි. මෙය ඇවැත් නොවේ. මෙය ඇවැත් නැති කිරීමයි. මෙය වුට්ඨානගාමිනීය. මෙය දේශනා ගාමිනීය. මෙය ලෝක වද්‍යය, මෙය ප්රඥප්ති වද්‍යය, මේ කරුණෙහිදී මෙය පැනවිය යුතුය. මෙසේ බැසගත් කරුණෙහි ශික්ෂාපද පැනවීම නමි. එහි අන් අයට මෙසේ ශත්තියක් හෝ බලයක් නැත. මෙය අනුනට අවිෂයය. තථාගතයන්ටම විෂයයයි. මෙසේ විනය ප්රඥප්තියට පැමිණ බුදුවරුන්ගේ ගර්ජිතය මහත් වෙයි. ඤාණයට පිවිසෙයි. -පෙ- ශුන්‍යතා ප්‍රතිසංයුක්ත යනුවෙන්.
තථා ඉමෙ චත්තාරො සතිපට්ඨානා නාම…පෙ… අරියො අට්ඨඞ්ගිකො මග්ගො නාම, පඤ්ච ඛන්ධා නාම, ද්වාදස ආයතනානි නාම, අට්ඨාරස ධාතුයො නාම, චත්තාරි අරියසච්චානි නාම, බාවීසතින්ද්රියානි නාම, නව හෙතූ නාම, චත්තාරො ආහාරා නාම, සත්ත ඵස්සා නාම, සත්ත වෙදනා නාම, සත්ත සඤ්ඤා නාම, සත්ත චෙතනා නාම, සත්ත චිත්තානි නාම. එතෙසු එත්තකා කාමාවචරා ධම්මා නාම, එත්තකා රූපාවචරඅරූපාවචරපරියාපන්නා ධම්මා නාම, එත්තකා ලොකියා ධම්මා නාම, එත්තකා ලොකුත්තරා ධම්මා නාමාති චතුවීසතිසමන්තපට්ඨානං අනන්තනයං අභිධම්මපිටකං විභජිත්වා කථෙතුං අඤ්ඤෙසං ථාමො වා බලං වා නත්ථි, අවිසයො එස අඤ්ඤෙසං, තථාගතස්සෙව විසයො. ඉති භූමන්තරපරිච්ඡෙදං පත්වා බුද්ධානං ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති…පෙ… සුඤ්ඤතාපටිසංයුත්තාති.
එසේම මේ සතර සතිපට්ඨානයෝ නම් වෙති. -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි. පංචස්කන්ධය වෙයි. ද්වාදස ආයතන වෙයි. අටළොස් ධාතුය. චතුරාර්ය සත්‍යය, දෙවිසි ඉන්ද්රියය, හේතු නවයය, සතර ආහාරය, ස්පර්ශ සතය, වේදනා සතය, සඤ්ඤා සතය, චේතනා සතය, සිත් සතය, මෙයින් මෙපමණක් කාමාවචර ධර්මය, මෙපමණක් රූපාවචර අරූපාවචර තත්වයට එන ධර්මය, මෙපමණක් ලෞකිකය. මෙපමණක් ලෝකෝත්තරය යනුවෙන් සමන්ත පට්ඨානයද, අනන්ත නය ඇති අභිධර්ම පිටකයද බෙදා බෙදා කියන්ට අන්‍යයන්ට ශක්තියක් හෝ බලයක් හෝ නැත. මෙය අන්‍යයන්ට අවිෂයය. තථාගතයන්ටම විෂයය. මෙසේ භූම්යන්තර පරිච්ඡේදයට පැමිණ බුදුවරුන්ගේ ගර්ජිතය මහත්ය. ඤාණයට පිවිසෙයි. -පෙ- ශුන්‍යතා ප්රතිසංයුක්තය යනුවෙන්
තථා අයං අවිජ්ජා සඞ්ඛාරානං නවහාකාරෙහි පච්චයො හොති, උප්පාදො හුත්වා පච්චයො හොති, පවත්තං හුත්වා, නිමිත්තං, ආයූහනං, සංයොගො, පලිබොධො, සමුදයො, හෙතු, පච්චයො හුත්වා පච්චයො හොති, තථා සඞ්ඛාරාදයො විඤ්ඤාණාදීනං. යථාහ – “කථං පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං? අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සංයොගට්ඨිති ච, පලිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං, අනාගතම්පි අද්ධානං අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච…පෙ… ජාති ජරාමරණස්ස උප්පාදට්ඨිති ච…පෙ… පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”න්ති (පටි· ම· 1.45). එවමිමං තස්ස තස්ස ධම්මස්ස තථා තථා පච්චයභාවෙන පවත්තං තිවට්ටං තියද්ධං තිසන්ධිං චතුසඞ්ඛෙපං වීසතාකාරං පටිච්චසමුප්පාදං විභජිත්වා කථෙතුං අඤ්ඤෙසං ථාමො වා බලං වා නත්ථි, අවිසයො එස අඤ්ඤෙසං, තථාගතස්සෙව විසයො, ඉති පච්චයාකාරං පත්වා බුද්ධානං ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති…පෙ… සුඤ්ඤතාපටිසංයුත්තාති.
එසේම යමක් අවිද්‍යා සංස්කාර ආදීන්ට නව අයුරකින් ප්‍රත්‍ය වේද, උත්පාද වී ප්‍රත්‍ය වේද, පැවතී -පෙ- නිමිත්ත, ආයූහණ, සංයෝග පළිබෝධ, සමුදය, හේතු, ප්‍රත්‍ය, වී ප්‍රත්‍යවේද, එසේ සංස්කාර ආදීහු විඤ්ඤාණ ආදීන්ට ප්‍රත්‍ය වෙත්ද, කියන ලද්දේය. ප්‍රත්‍ය පරිග්‍රහයෙහි ඥානය ඤාණ වන්නේ කෙසේ ද? අවිජ්ජා සංඛාරයන්ගේ උප්පාද ඨිතියද, නිමිත්ත ඨිතියද, හෙතුඨිතියද පච්චය ඨිති ද, පළිබෝධ ඨිති ද යන මේ ආකාර නවයෙන් අවිජ්ජාව පච්චයයි. සංඛාරයෝ පච්චය නිසා හටගත්තෝය. මේ ධර්ම දෙකම සමුප්පන්නය. ප්‍රත්‍ය පරිඥානයෙහි ඥානය ධම්මට්ඨිති ඤාණයයි. අතීතයද කාලයකි. අනාගතයද කාලයකි. අවිජ්ජා - සංඛාරයන්ගේ -පෙ- ජාති ජරා මරණයට -පෙ- පච්චයට්ඨිතිය. මේ නව ආකාරයෙන් ජාති පච්චය වේ. ජරාමරණ පච්චය සමුප්පන්නය. මේ ධර්ම දෙකම පච්චය සමුප්පන්නය. පච්චය පරිඥානයෙහි ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි. මෙසේ මෙය ඒ ඒ ධර්මයාගේ ඒ ඒ පච්චය බැවින් පැවති, මාර්ග තුනක්ද, සන්ධි තුනක්ද, සංඛේප හතරක්ද, විසි ආකාරද වූ පටිච්ච සමුප්පාදය බෙදා බෙදා කියන්ට අන්‍යයන්ට ශක්තියක් හෝ බලයක් හෝ නැත. අන්‍යයන්ට මෙය අවිෂයය. තථාගතයන්ටම විෂයය. මෙසේ පච්චයාකාරයට පැමිණ බුදුවරුන්ගේ ගර්ජිතය මහත් වෙයි. ඥානයට පිවිසෙයි. පෙ- ශුන්‍යතා ප්රතිසංයුක්තය.
තථා චත්තාරො ජනා සස්සතවාදා නාම, චත්තාරො එකච්චසස්සතවාදා, චත්තාරො අන්තානන්තිකා, චත්තාරො අමරාවික්ඛෙපිකා, ද්වෙ අධිච්චසමුප්පන්නිකා, සොළස සඤ්ඤීවාදා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, සත්ත උච්ඡෙදවාදා, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා නාම. තෙ ඉදං නිස්සාය ඉදං ගණ්හන්තීති ද්වාසට්ඨි දිට්ඨිගතානි භින්දිත්වා නිජ්ජටං නිග්ගුම්බං කත්වා කථෙතුං අඤ්ඤෙසං ථාමො වා බලං වා නත්ථි, අවිසයො එස අඤ්ඤෙසං, තථාගතස්සෙව විසයො. ඉති සමයන්තරං පත්වා බුද්ධානං ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති, බුද්ධඤාණස්ස මහන්තතා පඤ්ඤායති, දෙසනා ගම්භීරා හොති, තිලක්ඛණාහතා, සුඤ්ඤතාපටිසංයුත්තාති.
එසේ ජනයෝ සතර දෙනෙක් ශාස්වත වාද ඇත්තෝය. සතර දෙනෙක් එකච්ච ශාස්වත වාද ඇත්තෝය. සතර දෙනෙක් අන්තානත්තික වාද ඇත්තෝය. සතර දෙනෙක් අමරා වික්ෂේපික වාද ඇත්තෝය. දෙදෙනෙක් අධීත්ය සමුත්පන්නිකයෝය. සොළොසක් සංඥී වාද ඇත්තෝය. අටදෙනෙක් අසංඥීවාද ඇත්තෝය. අටදෙනෙක් නෙවසංඥීනාසංඥීවාද ඇත්තෝය. සත්දෙනෙක් උච්ඡේදවාද ඇත්තෝය. පස්දෙනෙක් දිට්ඨධම්ම නිබ්බාණ වාද ඇත්තෝය. ඔවුහු මේ නිසා මෙය ගන්නෝ යයි දෙසැටක් මිසදිටු ගත්තවුන් බිඳ පිරිසිදු කොට කියන්ට අන්‍යයන්ට ශක්තියක් හෝ බලයක් නැත. එය අන්‍යයන්ට අවිෂයය. තථාගතයන්ට ම විෂයය. මෙසේ සමයාන්තරයට පත්ව බුදුවරුන්ගේ ගර්ජිතය මහත්ය. ඥානයට පිවිසෙයි. බුදුන්වහන්සේගේ මහත් බව පෙනේ. දේශනාව ගැඹුරුය. ත්රිලක්ෂණයෙන් ලකුණු කරන ලද්දේය. ශූන්‍යතා ප්රතිසංයුක්තය.
ඉමස්මිං පන ඨානෙ සමයන්තරං ලබ්භති, තස්මා සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස මහන්තභාවදස්සනත්ථං දෙසනාය ච සුඤ්ඤතාපකාසනවිභාවනත්ථං සමයන්තරං අනුපවිසන්තො ධම්මරාජා – “සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා”ති එවං පුච්ඡාවිස්සජ්ජනං ආරභි.
මෙතැන සමයාන්තරය ලබයි. ඒ නිසා සර්වඥතා ඥානයෙහි මහත් බව දක්වනු පිණිසද දේශනාවෙහිද ශුන්‍යතා ප්රකාශනය පිණිසද සමයාන්තරයට පිවිසෙන්නාහු ධර්මරාජයන් වහන්සේ ‘සන්ති භික්ඛවෙ එකෙ සමණ බ්රාහ්මණා’යයි මෙසේ ප්‍රශ්න විසඳීම ඇරඹු සේක.
තත්ථ සන්තීති අත්ථි සංවිජ්ජන්ති උපලබ්භන්ති. භික්ඛවෙති ආලපනවචනං. එකෙති එකච්චෙ. සමණබ්රාහ්මණාති පබ්බජ්ජූපගතභාවෙන සමණා, ජාතියා බ්රාහ්මණා. ලොකෙන වා සමණාති ච බ්රාහ්මණාති ච එවං සම්මතා. පුබ්බන්තං කප්පෙත්වා විකප්පෙත්වා ගණ්හන්තීති පුබ්බන්තකප්පිකා. පුබ්බන්තකප්පො වා එතෙසං අත්ථීති පුබ්බන්තකප්පිකා. තත්ථ අන්තොති අයං සද්දො අන්තඅබ්භන්තරමරියාදලාමකපරභාගකොට්ඨාසෙසු දිස්සති. “අන්තපූරො උදරපූරො”තිආදීසු හි අන්තෙ අන්තසද්දො. “චරන්ති ලොකෙ පරිවාරඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා”තිආදීසු (සං· නි· 1.122) අබ්භන්තරෙ. “කායබන්ධනස්ස අන්තො ජීරති (චූළව· 278). “සා හරිතන්තං වා පන්ථන්තං වා සෙලන්තං වා උදකන්තං වා”තිආදීසු (ම· නි· 1.304) මරියාදායං. “අන්තමිදං, භික්ඛවෙ, ජීවිකානං යදිදං පිණ්ඩොල්ය”න්තිආදීසු (සං· නි· 3.80) ලාමකෙ. “එසෙවන්තො දුක්ඛස්සා”තිආදීසු (සං· නි· 2.51) පරභාගෙ. සබ්බපච්චයසඞ්ඛයො හි දුක්ඛස්ස පරභාගො කොටීති වුච්චති. “සක්කායො ඛො, ආවුසො, එකො අන්තො”තිආදීසු (අ· නි· 6.61) කොට්ඨාසෙ. ස්වායං ඉධාපි කොට්ඨාසෙ වත්තති.
එහි සන්නි යනු ඇත. දක්නට ලැබෙත්. භික්ඛවෙ යනු ආලපන වචනයි. එකෙ ඇතැම්හු. සමණ බ්රාහ්මණා පරිබ්රාජකත්වයට ගිය බැවින් ශ්‍රමණයෝය. ජාතියෙන් බ්‍රාහ්මණයෝය. ලෝකයා විසින්ද ශ්‍රමණයෝය. බ්‍රාහ්මණයෝ යැයි මෙසේ සම්මත වූවෝය. පූර්වාන්තයට ගළපා සලකා ගනිතියි = පුබ්බන්ත කප්පිකා. එහි අන්තො යනු මේ ශබ්දය අන්තය. අභ්‍යන්තරය, මර්යාදාව, ලාමක, පසුභාගය, කොටස යන තන්හි දක්නට ලැබේ. අන්තපුරො උදරපූරො යනාදි තන්හි අත්ත ශබ්දය අන්තයෙහි යෙදේ. ‘චරන්ති එකෙ පරිවාර ඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා (සමහරු පිරිවරින් වැසී ඇතුළත අපිරිසිදුව පිටත බබලමින් හැසිරෙත්) ආදී තන්හි අභ්‍යන්තරයෙහි. කාය බන්ධනස්ස අන්තො ජීරති දසා හරිතත්තංවා පාථත්තංවා සෙලාතංවා’ආදී තන්හි මර්යාදාවයි. අන්තමිදං භික්ඛවෙ ජීවිකානං’ ආදී තන්හි මර්යාදාවයි. අන්තමිදං භික්ඛවෙ ජීවිකානං’ආදී තන්හි ලාමක අර්ථයෙහි. එසෙවන්තො දුක්ඛස්ස ආදී තන්හි පසු භාගයෙහි. සියලු ප්‍රත්‍යයන්ගේ විනාශය වනාහි දුක්ඛයාගේ පසුභාගයයි. කෙළවරයි යයි කියනු ලැබේ. සක්කායො ඛො ආවුසො එකො අන්තො’ආදී තන්හි කොටසෙහි පවතී. ඒ අන්ත ශබ්දය මෙහිදීද කොටසෙහි පවතී.
කප්පසද්දොපි – “තිට්ඨතු, භන්තෙ භගවා කප්පං” (දී· නි· 2.167), “අත්ථි කප්පො නිපජ්ජිතුං” (අ· නි· 8.80), “කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොතී”ති, (පාචි· 371) එවං ආයුකප්පලෙසකප්පවිනයකප්පාදීසු සම්බහුලෙසු අත්ථෙසු වත්තති. ඉධ තණ්හාදිට්ඨීසු වත්තතීති වෙදිතබ්බො. වුත්තම්පි චෙතං – “කප්පාති ද්වෙ කප්පා, තණ්හාකප්පො ච දිට්ඨිකප්පො චා”ති (මහානි· 28). තස්මා තණ්හාදිට්ඨිවසෙන අතීතං ඛන්ධකොට්ඨාසං කප්පෙත්වා පකප්පෙත්වා ඨිතාති පුබ්බන්තකප්පිකාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. තෙසං එවං පුබ්බන්තං කප්පෙත්වා ඨිතානං පුනප්පුනං උප්පජ්ජනවසෙන පුබ්බන්තමෙව අනුගතා දිට්ඨීති පුබ්බන්තානුදිට්ඨිනො. තෙ එවංදිට්ඨිනො තං පුබ්බන්තං ආරබ්භ ආගම්ම පටිච්ච අඤ්ඤම්පි ජනං දිට්ඨිගතිකං කරොන්තා අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි.
කප්ප ශබ්දයද ‘තිට්ඨතු භන්තෙ භගවා කප්පං’භාග්‍යවතුන් වහන්සේ කල්පයක් සිටිනු මැනවි. අත්ථිකප්පො නිපජ්ජිතං - කප්පකතෙත අකප්පකතං සංසිබ්බිතං හොති යනුවෙන් මෙසේ ආයුකල්ප, ලේසකල්ප, විනයකල්ප ආදී බොහෝ අර්ථයන්හි පවතී. මෙහි තෘෂ්ණා දෘෂ්ටීන්හි පවතීයයි දතයුතුයි. කියන ලද්දේ වෙයි. කප්පා යනු සූත්‍රයන්ගෙන්, තණ්හා කප්ප, දිට්ඨි කප්ප යනුවෙන් කප්ප දෙකකි. ඒ නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අතීත කල්ප කොට්ඨාසය සිතා සලකා සිටියේනුයි පුබ්බන්ත කප්පිකා. මෙහි අර්ථය මෙසේ දතයුතුය. මෙසේ පූර්වාන්තය සිතා සිටි ඔවුන්ගේ නැවත නැවත ඉපදීම් වශයෙන් පූර්වාන්තය අනුව ගිය දෘෂ්ටියයි. පුබ්බන්තානු දිට්ඨි නමි. මෙසේ දෘෂ්ටි ඇත්තහුගේ ඒ පූර්වාන්තය අරබයා පැමිණ අන් ජනයා දෘෂ්ටි ගතිකයන් කරන්නාහු නොයෙක් ආකාරයෙන් කරුණු දහඅටකින් අදහස් ප්‍රකාශ කරති.
තත්ථ අනෙකවිහිතානීති අනෙකවිධානි. අධිමුත්තිපදානීති අධිවචනපදානි. අථ වා භූතං අත්ථං අභිභවිත්වා යථාසභාවතො අග්ගහෙත්වා පවත්තනතො අධිමුත්තියොති දිට්ඨියො වුච්චන්ති. අධිමුත්තීනං පදානි අධිමුත්තිපදානි, දිට්ඨිදීපකානි වචනානීති අත්ථො. අට්ඨාරසහි වත්ථූහීති අට්ඨාරසහි කාරණෙහි.
එහි අනෙක විහිතානි යනු අනේකවිධ. අධිවුත්තිපදානි අදහස් ඇති පද. නැතහොත් ඇති අර්ථය අභිබවා යථා ස්වභාවයෙන් නොගෙන පවත්නා තත්වයට වැඩිකර. අධිවුත්තියො යනු දෘෂ්ටීහු කියනු ලැබෙත්. අධිවුත්තීන්ගේ පද = අධිවුත්ති පද. කරුණු දහඅටක් සමග.
ඉදානි යෙහි අට්ඨාරසහි වත්ථූහි අභිවදන්ති, තෙසං කථෙතුකම්යතාය පුච්ඡාය “තෙ ච ඛො භොන්තො”තිආදිනා නයෙන පුච්ඡිත්වා තානි වත්ථූනි විභජිත්වා දස්සෙතුං “සන්ති, භික්ඛවෙ”තිආදිමාහ. තත්ථ වදන්ති එතෙනාති වාදො, දිට්ඨිගතස්සෙතං අධිවචනං. සස්සතො වාදො එතෙසන්ති සස්සතවාදා, සස්සතදිට්ඨිනොති අත්ථො. එතෙනෙව නයෙන ඉතො පරෙසම්පි එවරූපානං පදානං අත්ථො වෙදිතබ්බො. සස්සතං අත්තානඤ්ච ලොකඤ්චාති රූපාදීසු අඤ්ඤතරං අත්තාති ච ලොකොති ච ගහෙත්වා තං සස්සතං අමරං නිච්චං ධුවං පඤ්ඤපෙන්ති. යථාහ – “රූපං අත්තා චෙව ලොකො ච සස්සතො චාති අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති තථා වෙදනං, සඤ්ඤං, සඞ්ඛාරෙ, විඤ්ඤාණං අත්තා චෙව ලොකො ච සස්සතො චාති අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්තී”ති.
දැන් යම් කරුණු දහඅටක් සමග ප්‍රකාශ කරත්ද, ඒවා කියනු කැමති විමසීමෙන් තෙච භොන්තො ආදී ක්‍රමයෙන් අසා ඒ කරුණු බෙදා දක්වන්ට සන්ති භික්ඛවෙ ආදී කීහ. එහි එයින් කියානුයි = වාදො. දෘෂ්ටිගතයට මෙය සමාන වචනයකි. ඔවුන්ට ශාස්වත වාද ඇත්තේනුයි = සස්සතවාදා. ශාස්වත දෘෂ්ටි ඇත්තෝ යන අර්ථයි. මේ ක්‍රමයෙන්ම ඉන් අන්‍ය වූ මෙබඳු පදවල අර්ථය දතයුතුය. සස්සතං අත්තානංච ලොකංච යනු රූප ආදීන් අතර එක්තරා එකක් ආත්මයයිද ලෝකයයිද ගෙන එය ශාස්වත ය. අමරය. නිත්‍යයයි ද ස්ථිරයයි ද පනවත්. යම්සේ කියන ලදද, රූපය ආත්මය වන්නා සේ ලෝකයද ශාස්වතයයි ආත්මයද ලෝකයද පනවත්. වේදනාව -පෙ ප්‍රඥාව - සංස්කාර - විඤ්ඤාණය ආත්මය වන්නා සේම ලෝකයද ශාස්වත යයි ද ආත්මයද ලෝකයද පනවත්.
ආතප්පමන්වායාතිආදීසු වීරියං කිලෙසානං ආතාපනභාවෙන ආතප්පන්ති වුත්තං. තදෙව පදහනවසෙන පධානං. පුනප්පුනං යුත්තවසෙන අනුයොගොති. එවං තිප්පභෙදං වීරියං අන්වාය ආගම්ම පටිච්චාති අත්ථො. අප්පමාදො වුච්චති සතියා අවිප්පවාසො. සම්මා මනසිකාරොති උපායමනසිකාරො, පථමනසිකාරො, අත්ථතො ඤාණන්ති වුත්තං හොති. යස්මිඤ්හි මනසිකාරෙ ඨිතස්ස පුබ්බෙනිවාසානුස්සති ඤාණං ඉජ්ඣති, අයං ඉමස්මිං ඨානෙ මනසිකාරොති අධිප්පෙතො. තස්මා වීරියඤ්ච සතිඤ්ච ඤාණඤ්ච ආගම්මාති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. තථාරූපන්ති තථාජාතිකං. චෙතොසමාධින්ති චිත්තසමාධිං. ඵුසතීති වින්දති පටිලභති. යථා සමාහිතෙ චිත්තෙති යෙන සමාධිනා සම්මා ආහිතෙ සුට්ඨු ඨපිතෙ චිත්තම්හි අනෙකවිහිතං පුබ්බෙනිවාසන්තිආදීනං අත්ථො විසුද්ධිමග්ගෙ වුත්තො.
ආතප්පමන්වාය යන ආදී තන්හි වීර්යය කෙලෙස් තවන වශයෙන් ආතප්පං යයි කියන ලදී. එයම පදහන (උත්සාහ කිරීම්) වශයෙන් පධාන වෙයි. නැවත නැවත යෙදීම් වශයෙන් අනුප්පයොගො. මෙසේ මේ ප්‍රභේද තුනක් ඇති වීර්යයට අන්වාය පැමිණ, නිසා යන අර්ථයි. අප්පමාදො යනු සිහියෙන් වෙන් නොවීමයි. සම්මා මනසිකාරො උපාය සිහියේ තබාගැනීම, මාර්ගය සිහියේ තබා ගැනීම අර්ථ වශයෙන් ඥානයයි කියනු ලැබේ. යම් මනසිකාරයක සිටියහුට පූර්වේනිවාස ඥානය ඉටුවේද, මෙය මෙම ස්ථානයෙහි මනසිකාරයයි අදහස් කරන ලදී. ඒ නිසා වීර්යයටද සතියටද ඥානයටද පැමිණ යනු මෙහි සංක්ෂේපයයි. තථාරූපං යනු එසේ වූ. චෙතො සමාධි යනු චිත්ත සමාධියයි. ඵුසති යනු විඳගනී. ලබයි. යථා මොහිතෙ චිත්තෙ යම් සමාධියකින් මැනවින් තැබූ සුප්රතිෂ්ඨිත සිතෙහි අනෙක විහිතං පුබ්බනිවාසං ආදීන්ගේ අර්ථය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
සො එවමාහාති සො එවං ඣානානුභාවසම්පන්නො හුත්වා දිට්ඨිගතිකො එවං වදති. වඤ්ඣොති වඤ්ඣපසුවඤ්ඣතාලාදයො විය අඵලො කස්සචි අජනකොති. එතෙන “අත්තා”ති ච “ලොකො”ති ච ගහිතානං ඣානාදීනං රූපාදිජනකභාවං පටික්ඛිපති. පබ්බතකූටං විය ඨිතොති කූටට්ඨො. එසිකට්ඨායිට්ඨිතොති එසිකට්ඨායී විය හුත්වා ඨිතොති එසිකට්ඨායිට්ඨිතො. යථා සුනිඛාතො එසිකත්ථම්භො නිච්චලො තිට්ඨති, එවං ඨිතොති අත්ථො. උභයෙනපි ලොකස්ස විනාසාභාවං දීපෙති. කෙචි පන ඊසිකට්ඨායිට්ඨිතොති පාළිං වත්වා මුඤ්ජෙ ඊසිකා විය ඨිතොති වදන්ති. තත්රායමධිප්පායො – යදිදං ජායතීති වුච්චති, තං මුඤ්ජතො ඊසිකා විය විජ්ජමානමෙව නික්ඛමති. යස්මා ච ඊසිකට්ඨායිට්ඨිතො, තස්මා තෙව සත්තා සන්ධාවන්ති, ඉතො අඤ්ඤත්ථ ගච්ඡන්තීති අත්ථො.
සො එවමාහ යනු : මෙසේ ධ්‍යාන ආනුභාව යුතුව දෘෂ්ටිගතිකයා මෙසේ කියයි. වඤෙක්ධා වඳ එළදෙන, වඳ තල්ගස ආදීන් මෙන් පලරහිත. කිසිවක් නූපදවන අර්ථයි. මෙයින් ආත්මයයිද ලෝකයයිද ගන්නා ලද ධ්‍යාන ආදීන්ගේ රූප ආදිය උපදවන බව ප්‍රතික්ෂේප කරයි. පර්වත කූටයක් මෙන් සිටියේ නුයි = කූටට්ඨො. එසිකට්ඨායී ඨිතො යනු ඉන්ද්‍රඛීලයක් මෙන් වී සිටියේනුයි = එසිකට්ඨායී ඨිතො. යම්සේ මනාසේ කණින ලද ඉන්ද්රඛීල ස්තම්භය නිශ්චලව සිටීද, මෙසේ සිටියේ යන අර්ථයි. දෙකින්ම ලෝකය විනාශ වන බව දැක්වෙයි. ඇතැම්හු ඉසිකට්ඨායී ඨිතො යනුවෙන් පෙළ කියා තණ පඳුරෙහි මසකු මෙන් සිටියේ යයි කියත්. එහි අදහස වන්නේ ‘යමක් උපදී’ යයි කියනු ලැබේද, එය තණ පඳුරින් නික්මෙන මසකු මෙන් පෙනෙමින් නික්මෙයි. යම්හෙයකින් ඉසිකට්ඨායි ඨිතො වේද ඒ නිසා තෙව සතා සන්ධාවන්ති මෙයින් අන් තැනකට යති යන අර්ථයි.
සංසරන්තීති අපරාපරං සඤ්චරන්ති. චවන්තීති එවං සඞ්ඛ්‍යං ගච්ඡන්ති. තථා උපපජ්ජන්තීති. අට්ඨකථායං පන පුබ්බෙ “සස්සතො අත්තා ච ලොකො චා”ති වත්වා ඉදානි තෙ ච සත්තා සන්ධාවන්තීතිආදිනා වචනෙන අයං දිට්ඨිගතිකො අත්තනායෙව අත්තනො වාදං භින්දති, දිට්ඨිගතිකස්ස දස්සනං නාම න නිබද්ධං, ථුසරාසිම්හි නිඛාතඛාණු විය චඤ්චලං, උම්මත්තකපච්ඡියං පූවඛණ්ඩගූථගොමයාදීනි විය චෙත්ථ සුන්දරම්පි අසුන්දරම්පි හොති යෙවාති වුත්තං. අත්ථිත්වෙව සස්සතිසමන්ති එත්ථ සස්සතීති නිච්චං විජ්ජමානතාය මහාපථවිංව මඤ්ඤති, තථා සිනෙරුපබ්බතචන්දිමසූරියෙ. තතො තෙහි සමං අත්තානං මඤ්ඤමානා අත්ථි ත්වෙව සස්සතිසමන්ති වදන්ති.
සංසරන්ති යනු ඔබමොබ හැසිරෙත්. චවන්ති මෙසේ ප්‍රසිද්ධියට පත්. එසේ උප්පජ්ජන්ති අටුවාවෙහි පෙර සස්සතො අත්තා ච ලොකොච යනුවෙන් කියා දැන් ‘තෙවසත්තා සන්ධාවත්ති’ යනාදී වචනයෙන් මේ දෘෂ්ටිගතිකයා තමා ම තමාගේ පාදය බිඳියි. දෘෂ්ටිගතිකයාගේ දර්ශනය නම් නිබඳ නොවේ. දහයියා ගොඬෙහි සිට වූ කණුවක් මෙන් සසලය. උන්මත්තකයාගේ පසුම්බියෙහි කැවුම් කැබලි අසූචි ගොම ආදිය මෙන් මෙහිද සුන්දර වූද අසුන්දර වූද දේ ඇත්තේමය යි කියන ලදී. අත්ථිත්ථෙව සස්සති සමං යනු මෙහි සස්සති යනු නිතර පෙනෙන බැවින් මහපොළොව යයි හඟියි. මහමෙර චන්ද්‍ර සූර්යයෝද එසේය. ඉන්පසු ආත්මය ඒ හා සමානයයි හඟිමින් ‘සස්සති සමවූ දෙයක් ඇත්තේමයැයි කියයි.
ඉදානි සස්සතො අත්තා ච ලොකො චාතිආදිකාය පටිඤ්ඤාය සාධනත්ථං හෙතුං දස්සෙන්තො “තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වායා”තිආදිමාහ. තත්ථ ඉමිනාමහං එතං ජානාමීති ඉමිනා විසෙසාධිගමෙන අහං එතං පච්චක්ඛතො ජානාමි, න කෙවලං සද්ධාමත්තකෙනෙව වදාමීති දස්සෙති, මකාරො පනෙත්ථ පදසන්ධිකරණත්ථං වුත්තො. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානන්ති චතූහි වත්ථූහීති වත්ථුසද්දෙන වුත්තෙසු චතූසු ඨානෙසු ඉදං පඨමං ඨානං, ඉදං ජාතිසතසහස්සමත්තානුස්සරණං පඨමං කාරණන්ති අත්ථො.
දැන් ‘ආත්මයද ලෝකයද ශාස්වත යයි ආදි ප්‍රතිඥාව සාධනය කරනු පිණිස හේතු දක්වන්නේ ‘තං කිස්සහෙතු? අහංහි ආතප්පමන්වාය යන ආදිය කීය. එහි ඉමිනා මහං එවං ජානාමි යන්නෙන් විශේෂ අධිගමයෙහි මම මේ ප්රත්යක්ෂයෙන් දනිමි’ හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් පමණක් නො කියමි’යි පෙන්වයි. මෙහි මකාරය පද සන්ධි කිරීම සඳහා කියන ලදී. ඉදං භික්ඛවෙ පඨමං ඨානං යනු චතුහි වත්ථුහි යනුවෙන් වත්ථු ශබ්දයෙන් කියන ලද සිව්තන්හි මෙය ප්‍රථම ස්ථානයයි නොයෙක් සියදහස් ගණන් ජාතීන් සිහිකිරීම පළමු කරුණයයි යන අර්ථයි.
උපරි වාරද්වයෙපි එසෙව නයො. කෙවලඤ්හි අයං වාරො අනෙකජාතිසතසහස්සානුස්සරණවසෙන වුත්තො. ඉතරෙ දසචත්තාලීසසංවට්ටවිවට්ටකප්පානුස්සරණවසෙන. මන්දපඤ්ඤො හි තිත්ථියො අනෙකජාතිසතසහස්සමත්තං අනුස්සරති, මජ්ඣිමපඤ්ඤො දසසංවට්ටවිවට්ටකප්පානි, තික්ඛපඤ්ඤො චත්තාලීසං, න තතො උද්ධං.
මත්තෙහි වාර දෙකෙහිද මේ ක්‍රමයමැයි. හුදෙක් මේ වාරය නොයෙක් සියදහස් ගණන් ජාතීන් සිහිකිරීම් වශයෙන් කියන ලදී. ඉතිරිය හාරසියයක් සංවට්ට විවට්ට කල්ප සිහිකිරීම් වශයෙන් ප්‍රඥාව අඩු වූ තීර්ථකයෝ නොයෙක් සිය දහස් ගණන් සිහි කරති. මධ්‍යම ප්‍රඥාව ඇති තීර්ථකයෝ සංවට්ට විවට්ට කල්ප දහයක් සිහි කරති. තීව්ර ප්‍රඥා ඇති තීර්ථකයෝ හතළිහක් සිහි කරති. එයට වැඩියෙන් නොවේ.
චතුත්ථවාරෙ තක්කයතීති තක්කී, තක්කො වා අස්ස අත්ථීති තක්කී. තක්කෙත්වා විතක්කෙත්වා දිට්ඨිගාහිනො එතං අධිවචනං. වීමංසාය සමන්නාගතොති වීමංසී. වීමංසා නාම තුලනා රුච්චනා ඛමනා. යථා හි පුරිසො යට්ඨියා උදකං වීමංසිත්වා ඔතරති, එවමෙව යො තුලයිත්වා රුච්චිත්වා ඛමාපෙත්වා දිට්ඨිං ගණ්හාති, සො “වීමංසී”ති වෙදිතබ්බො. තක්කපරියාහතන්ති තක්කෙන පරියාහතං, තෙන තෙන පරියායෙන තක්කෙත්වාති අත්ථො. වීමංසානුචරිතන්ති තාය වුත්තප්පකාරාය වීමංසාය අනුචරිතං. සයංපටිභානන්ති අත්තනො පටිභානමත්තසඤ්ජාතං. එවමාහාති සස්සතදිට්ඨිං ගහෙත්වා එවං වදති.
සිව්වැනි වර තර්ක කරානුයි = තක්කී. තර්කයක් හෝ මොහුට ඇත්තේනුයි = තක්කී. තර්කකොට, විතර්ක කොට දෘෂ්ටි යන්නට මෙය සමාන වචනයෙකි. විමසීමෙන් යුක්ත වූයේනුයි = වීමංසී. වීමංසා යනු සැසඳීම, රිසිවීම, කමා කිරීමයි. යම්සේ පුරුෂයෙක් ලී දඬුවකින් ජලය විමසා බලා එතර වේද, මෙසේම යමෙක් සසඳා. රිසිව, කමාකොට දෘෂ්ටිය ගනීද. ඔහු වීමංසී යයි දතයුතුය. තක්ක පරියාහතං තර්කයෙන් ගෙන්වන ලද, ඒ ඒ අයුරින් තර්කකොට යන අර්ථයි. වීමංසානුචරිතං ඒ කියන ලද ආකාරයෙන් හැසිරුණු. සයං පටිභාණී යනු තමාට වැටහෙන පමණින් හටගත්. එවමාහ ශාස්වත දෘෂ්ටිය ගෙන මෙසේ කියයි.
තත්ථ චතුබ්බිධො තක්කී – අනුස්සුතිකො, ජාතිස්සරො, ලාභී, සුද්ධතක්කිකොති. තත්ථ යො “වෙස්සන්තරො නාම රාජා අහොසී”තිආදීනි සුත්වා “තෙන හි යදි වෙස්සන්තරොව භගවා, සස්සතො අත්තා”ති තක්කයන්තො දිට්ඨිං ගණ්හාති, අයං අනුස්සුතිකො නාම. ද්වෙ තිස්සො ජාතියො සරිත්වා – “අහමෙව පුබ්බෙ අසුකස්මිං නාම අහොසිං, තස්මා සස්සතො අත්තා”ති තක්කයන්තො ජාතිස්සරතක්කිකො නාම. යො පන ලාභිතාය “යථා මෙ ඉදානි අත්තා සුඛී හොති, අතීතෙපි එවං අහොසි, අනාගතෙපි භවිස්සතී”ති තක්කයිත්වා දිට්ඨිං ගණ්හාති, අයං ලාභීතක්කිකො නාම. “එවං සති ඉදං හොතී”ති තක්කමත්තෙනෙව ගණ්හන්තො පන සුද්ධතක්කිකො නාම.
එහි තර්කවාදී පුද්ගලයෝ සිව්වැදෑරුම් වෙති. අනුස්සුතික, ජාතිසර, ලාභී, සුද්ධතක්කික යනුවෙන් එහිදී යමෙක් වෙස්සන්තර නම් රජෙක් වී යයි අසා, එසේනම් වෙස්සන්තරම භාග්‍යවත්ය. ආත්මය ශාස්වතයයි තර්ක කරමින් දෘෂ්ටිය ගනී. මොහු අනුස්සුතික නම් වේ. උත්පත්ති දෙකක් තුනක් සිහිකොට මම පෙර අසුවල් නම් වීමි. ඒ නිසා ආත්මය ශාස්වතයයි. තර්ක කරන්නේ ජාතිස්සර තර්ක කරන්නා නම් වේ. යමෙක් ලාභී බැවින්, මගේ ආත්මය දැන් සැපවත් වන්නාක් මෙන්, අතීතයෙහිද මෙසේ වීමි. අනාගතයෙහිද මෙසේ වන්නේ යයි තර්කකොට දෘෂ්ටිය ගනී. මොහු ලාභී තාර්කික නමි. ‘මෙසේ ඇතිකල මෙසේ වෙයි. මෙසේ ඇතිකල මෙය නොවෙයි. තර්ක මාත්‍රයෙන්ම ගන්නේ සුද්ධ තක්කික නමි.
එතෙසං වා අඤ්ඤතරෙනාති එතෙසංයෙව චතුන්නං වත්ථූනං අඤ්ඤතරෙන එකෙන වා ද්වීහි වා තීහි වා. නත්ථි ඉතො බහිද්ධාති ඉමෙහි පන වත්ථූහි බහි අඤ්ඤං එකං කාරණම්පි සස්සතපඤ්ඤත්තියා නත්ථීති අප්පටිවත්තියං සීහනාදං නදති.
එතෙසංවා අඤ්ඤතරෙන මේ සිව් කරුණින් එක්තරා එකකින් දෙකකින් හෝ තුනකින්. නත්ථි ඉතො බහිද්ධා යනු ‘මේ කරුණුවලින් බැහැර අන් එක් කරුණක්වත් ශාස්වත ප්‍රඥප්තියෙහි නැත යනුවෙන් පැවැත්විය නොහැකි සිංහනාද කරයි.
තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාතීති භික්ඛවෙ, තං ඉදං චතුබ්බිධම්පි දිට්ඨිගතං තථාගතො නානප්පකාරතො ජානාති. තතො තං පජානනාකාරං දස්සෙන්තො ඉමෙ දිට්ඨිට්ඨානාතිආදිමාහ. තත්ථ දිට්ඨියොව දිට්ඨිට්ඨානා නාම. අපි ච දිට්ඨීනං කාරණම්පි දිට්ඨිට්ඨානමෙව. යථාහ “කතමානි අට්ඨ දිට්ඨිට්ඨානානි? ඛන්ධාපි දිට්ඨිට්ඨානං, අවිජ්ජාපි, ඵස්සොපි, සඤ්ඤාපි, විතක්කොපි, අයොනිසොමනසිකාරොපි, පාපමිත්තොපි, පරතොඝොසොපි දිට්ඨිට්ඨාන”න්ති. “ඛන්ධා හෙතු, ඛන්ධා පච්චයො දිට්ඨිට්ඨානං උපාදාය සමුට්ඨානට්ඨෙන, එවං ඛන්ධාපි දිට්ඨිට්ඨානං. අවිජ්ජා හෙතු…පෙ… පාපමිත්තො හෙතු. පරතොඝොසො හෙතු, පරතොඝොසො පච්චයො දිට්ඨිට්ඨානං උපාදාය සමුට්ඨානට්ඨෙන, එවං පරතොඝොසොපි දිට්ඨිට්ඨාන”න්ති (පටි· ම· 1.124). එවංගහිතාති දිට්ඨිසඞ්ඛාතා තාව දිට්ඨිට්ඨානා – “සස්සතො අත්තා ච ලොකො චා”ති එවංගහිතා ආදින්නා, පවත්තිතාති අත්ථො. එවංපරාමට්ඨාති නිරාසඞ්කචිත්තතාය පුනප්පුනං ආමට්ඨා පරාමට්ඨා, ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති පරිනිට්ඨාපිතා. කාරණසඞ්ඛාතා පන දිට්ඨිට්ඨානා යථා ගය්හමානා දිට්ඨියො සමුට්ඨාපෙන්ති, එවං ආරම්මණවසෙන ච පවත්තනවසෙන ච ආසෙවනවසෙන ච ගහිතා. අනාදීනවදස්සිතාය පුනප්පුනං ගහණවසෙන පරාමට්ඨා. එවංගතිකාති එවං නිරයතිරච්ඡානපෙත්තිවිසයගතිකානං අඤ්ඤතරගතිකා. එවං අභිසම්පරායාති ඉදං පුරිමපදස්සෙව වෙවචනං, එවංවිධපරලොකාති වුත්තං හොති.
තයිදං භික්ඛවෙ තථාගතො පජානාති යනු මහණෙනි, ඒ මේ සිව් වැදෑරුම් දෘෂ්ටිගතයම තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දනිති. ඉන්පසු එය දන්නා ආකාරය දක්වන සේක් ඉමෙ දිට්ඨිට්ඨානා ආදිය කී සේක. එහි දෘෂ්ටීහුම දිට්ඨිට්ඨානා නම් වෙති. තවද දෘෂ්ටීන්ගේ කාරණයද දිට්ඨිට්ඨාන වෙයි. යම්සේ කී සේක්ද? දිට්ඨිට්ඨාන අට කවරේද? ස්කන්ධයෝද දිට්ඨිට්ඨානයකි. අවිද්‍යාවද -පෙ- ස්පර්ශය, සංඥාව, විතර්කය, අයෝනිසෝ මනසිකාරය, පාපමිත්රයා, පරතො ඝෝෂාවද දිට්ඨිට්ඨානයකි. ස්කන්ධ හේතු ස්කන්ධ ප්‍රත්‍යය දෘෂ්ටීන් නිසා හටගන්නා අර්ථයෙන්, ස්කන්ධද දිට්ඨිට්ඨානයකි. අවිද්‍යා හේතු -පෙ- පාපමිත්රයා -පෙ- පරතෝ ඝෝෂ හේතු, පරතො ඝෝෂ ප්‍රත්‍යය දෘෂ්ටීන් නිසා හටගන්නා අර්ථයෙන්, මෙසේ පරතො ඝෝෂයද දිට්ඨිට්ඨානයකි. එවංගහිතා යනු දෘෂ්ටි සංඛ්‍යාතයෝ නම් දිට්ඨිට්ඨානයකි. ආත්මය ශාස්වතය. ලෝකයද ශාස්වතයයි මෙසේ ගන්නා ලද්දේ නොදෙන ලද්දේ පැවැතියේ යන අර්ථයි. එවං පරාමට්ඨා නිරාසංක (සැක නැති) සිත් ඇති බැවින් නැවත නැවත ස්පර්ශ කරන ලද්දේ = පරාමට්ඨා. ‘මෙයම සත්‍යය, අන් සියල්ල හිස්ය.’ අවසන් කරන ලද කාරණ සංඛ්‍යාත වූ දිට්ඨිට්ඨාන ගනු ලබන දෘෂ්ටීහු හට ගන්වත්ද, මෙසේ අරමුණු වශයෙන්ද පැවතීම් වශයෙන් ද සේවනය කිරීම් වශයෙන් ද ගන්නා ලදී. ආදීනව නොදක්නා බැවින් නැවත නැවත ගැනීම් වශයෙන් පරාමර්ශනය කරන ලද්දේය. එවං ගතිකා යනු මෙසේ නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ගතීන් අතුරින් එකකට යන්නෝ : එවං අභිසම්පරායො යනු මෙය පෙර පදයටම වෙනත් වචනයකි. පරලෝක මෙබඳු යයි කියන ලද්දේ වෙයි.
තඤ්ච තථාගතො පජානාතීති න කෙවලඤ්ච තථාගතො සකාරණං සගතිකං දිට්ඨිගතමෙව පජානාති, අථ ඛො තඤ්ච සබ්බං පජානාති, තතො ච උත්තරිතරං සීලඤ්චෙව සමාධිඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්ච පජානාති. තඤ්ච පජානනං න පරාමසතීති තඤ්ච එවංවිධං අනුත්තරං විසෙසං පජානන්තොපි අහං පජානාමීති තණ්හාදිට්ඨිමානපරාමාසවසෙන තඤ්ච න පරාමසති. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතාති එවං අපරාමසතො චස්ස අපරාමාසපච්චයා සයමෙව අත්තනායෙව තෙසං පරාමාසකිලෙසානං නිබ්බුති විදිතා. පාකටං, භික්ඛවෙ, තථාගතස්ස නිබ්බානන්ති දස්සෙති.
තඤ්ච තථාගතො පජානාති හුදෙක් තථාගත තෙමේ කරුණු සහිත, ගති සහිත දෘෂ්ටිගතයට පමණත් නැත්තේ නොවේ. ඒ සියල්ලම දනී. තතොච උත්තරීතරං ශීලයද, සමාධියද සර්වඥතා ඥානයද දනී. තඤ්ච පොත්නං නපරාවසති යනු මෙබඳුව, අනුත්තර වූ විශේෂයක් දන්නේද මම දනිමියි තෘෂ්ණා දෘෂ්ටිමාන පරාමාස වශයෙන් ස්පර්ශ නොකරයි. අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා යනු මෙසේ පරාමර්ශනය නොකරන්නහුට අපර ප්‍රත්‍යයෝ තමාම තමා විසින්ම ඒ පරාමාස ක්ලේශයන්ගේ නිවීම අවබෝධ කරන ලද්දාහුය. ‘මහණෙනි, තථාගතයන්ගේ නිර්වාණය ප්රකටය’යි දක්වයි.
ඉදානි යථාපටිපන්නෙන තථාගතෙන සා නිබ්බුති අධිගතා, තං පටිපත්තිං දස්සෙතුං යාසු වෙදනාසු රත්තා තිත්ථියා “ඉධ සුඛිනො භවිස්සාම, එත්ථ සුඛිනො භවිස්සාමා”ති දිට්ඨිගහනං පවිසන්ති, තාසංයෙව වෙදනානං වසෙන කම්මට්ඨානං ආචික්ඛන්තො වෙදනානං සමුදයඤ්චාතිආදිමාහ. තත්ථ යථාභූතං විදිත්වාති “අවිජ්ජාසමුදයා වෙදනාසමුදයොති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, තණ්හාසමුදයා වෙදනාසමුදයොති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, කම්මසමුදයා වෙදනාසමුදයොති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, ඵස්සසමුදයා වෙදනාසමුදයොති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති (පටි· ම· 1.50). නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සතී”ති ඉමෙසං පඤ්චන්නං ලක්ඛණානං වසෙන වෙදනානං සමුදයං යථාභූතං විදිත්වා; “අවිජ්ජානිරොධා වෙදනානිරොධොති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, තණ්හානිරොධා වෙදනානිරොධොති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, කම්මනිරොධා වෙදනානිරොධොති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, ඵස්සනිරොධා වෙදනානිරොධොති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති. විපරිණාමලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස වයං පස්සතී”ති (පටි· ම· 1.50) ඉමෙසං පඤ්චන්නං ලක්ඛණානං වසෙන වෙදනානං අත්ථඞ්ගමං යථාභූතං විදිත්වා, “යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො”ති (සං· නි· 3.26) එවං අස්සාදඤ්ච යථාභූතං විදිත්වා, “යං වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො”ති එවං ආදීනවඤ්ච යථාභූතං විදිත්වා, “යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණ”න්ති එවං නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා විගතඡන්දරාගතාය අනුපාදානො අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො; යස්මිං උපාදානෙ සති කිඤ්චි උපාදියෙය්ය, උපාදින්නත්තා ච ඛන්ධො භවෙය්ය, තස්ස අභාවා කිඤ්චි ධම්මං අනුපාදියිත්වාව විමුත්තො භික්ඛවෙ තථාගතොති.
දැන් යම් ප්රතිපත්තියකින් පිළිපන් තථාගතයන් විසින් යම් නිවීමක් අවබෝධ කරන ලද්දේ ද ඒ ඒ ප්‍රතිපත්තිය දක්වන්ට යම් වේදනාවන්හි ඇලුණු තීර්ථකයෝ ‘මෙහි සැප ඇත්තෝ වන්නෙමු. මෙහි සැප ඇත්තෝ වන්නෙමුයි දෘෂ්ටි ග්‍රහණයට පිවිසෙත්. ඒ වේදනාවන්ගේ වශයෙන්ම කමටහන් අසන්නේ වෙදනානං සමුදයංච ආදිය කීහ. එහි යථාභූතං විදිත්වා යනු අවිද්‍යා සමුදයෙන් වේදනා සමුදය වෙයි. තෘෂ්ණා සමුදයෙන් -පෙ- කර්ම සමුදය වෙයි. ස්පර්ශ සමුදයෙන් වේදනා සමුදය වෙයි යනුවෙන් ප්‍රත්‍ය සමුදය අර්ථයෙන් වේදනා ස්කන්ධයෙහි හටගැනීම දකී. උත්පත්ති ලක්ෂණය දකින්නේද වේදනා ස්කන්ධයෙහි හටගැනීම දන්නේ යයි මේ පංච ලක්ෂණයන්ගේ වශයෙන් වේදනාවන්ගේ සමුදය වූ පරිදි දැන, අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් -පෙ- කර්ම නිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන්, වේදනා නිරෝධය වෙයි යනුවෙන් ප්‍රත්‍ය නිරෝධ අර්ථයෙන් වේදනා ස්කන්ධයෙහි ව්‍යය දකී. ලක්ෂණය දකින්නේ වේදනා ස්කන්ධයෙහි ව්‍යය දකී. මේ පංච ලක්ෂණයන්ගේ වශයෙන් වේදනාවන්ගේ අස්තංගමය වූ පරිදි දැන ‘යම් වේදනාවක් නිසා සුඛ සෝමනස්ස උපදීද, මේ වේදනාවේ ආස්වාදයයි. මෙසේ අස්සාදය වූ පරිදි දැන, යම් වේදනාවක් අනිත්‍යය ඉක්මවීද, විපරිණාම ස්වභාවය ඇත්තෙන්ද මේ වේදනාවෙහි ආදීනවයයි. මෙසේ ආදීනවං වූ පරිදි දැන යම් වේදනාවෙහි ඡන්දරාග විනයක් වේද, ඡන්දරාග ප්රහාණයක් වේද, මෙය වේදනාවෙහි ඉවත් වීමයයි මෙසේ නිස්සරණංච වූ පරිදි දැන, පහ වූ ඡන්දරාග ඇති බැවින් නො ඇලෙන්නේ අනුපාදාභික්ඛවෙ තථාගතො යම් උපාදානයක් ඇතිකල්හි කිසිවක් අල්ලාගන්නේ ද, උපදින බැවින්ම බැඳුණේ වන්නේය. එය අභාවයෙන් කිසියම් ධර්මයක් අල්ලා නොගෙනම මහණෙනි, තථාගතයන් වහන්සේ මිදුණු සේක.
ඉමෙ ඛො තෙ, භික්ඛවෙති යෙ තෙ අහං – “කතමෙ, ච තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා”ති අපුච්ඡිං, “ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, තඤ්ච තථාගතො පජානාති තතො ච උත්තරිතරං පජානාතී”ති එවං නිද්දිට්ඨා සබ්බඤ්ඤුතඤ්ඤාණධම්මා ගම්භීරා දුද්දසා…පෙ… පණ්ඩිතවෙදනීයාති වෙදිතබ්බා. යෙහි තථාගතස්ස නෙව පුථුජ්ජනො, න සොතාපන්නාදීසු අඤ්ඤතරො වණ්ණං යථාභූතං වත්තුං සක්කොති, අථ ඛො තථාගතොව යථාභූතං වණ්ණං සම්මා වදමානො වදෙය්යාති එවං පුච්ඡමානෙනාපි සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පුට්ඨං, නිය්යාතෙන්තෙනාපි තදෙව නිය්යාතිතං, අන්තරා පන දිට්ඨියො විභත්තාති.
ඉමෙ ඛො තෙ භික්ඛවෙ යනු මම ඔබලාගෙන් මහණෙනි, ගම්භීර ධර්ම කවරේදැ’යි ඇසීමි. මම ඔබට, එයද තථාගතයන් වහන්සේ දනිති. ඊටත් ඉහළින් දනිතියි මෙසේ නිර්දේශිත සර්වඥතා ඥාන ධර්ම ගැඹුරුය. අවබෝධ කිරීම අපහසුය. -පෙ- නුවණැත්තන් විසින් දතයුතුය යයි දතයුතුයි. තථාගතයන්ගේ ගුණ යථා රූපයෙන් කියන්ට පෘථග්ජනයෙක් හෝ සෝවාන් ආදීන් අතරින් කිසිවෙක් හෝ නොහැක්කෝය. ඉක්බිතිව තථාගතයන් වහන්සේම ගුණය යථා රූපයෙන් මනාව කියන සේකැයි මෙසේ විමසන්නා විසින්ද සර්වඥතා ඥානයම විමසන ලදුව පවරන්නාහු විසින්ද එයම පවරන ලද්දේය. අතරතුර දෘෂ්ටීහු බෙදන ලදහ.
පඨමභාණවාරවණ්ණනා නිට්ඨිතා.
පළමු බණවර වැණුම නිමියේ ය.
එකච්චසස්සතවාදවණ්ණනා
එකච්චසස්සතිකාති එකච්චසස්සතවාදා. තෙ දුවිධා හොන්ති – සත්තෙකච්චසස්සතිකා, සඞ්ඛාරෙකච්චසස්සතිකාති. දුවිධාපි ඉධ ගහිතායෙව.
එකච්චසස්සතිකා යනු එකච්ච සස්සත වාදගත්තෝ. ඔවුහු දෙවැදෑරුම් වෙති. සන්තෙකච්චසස්සතික, සංඛාරෙකච්චසස්සතික යනුවෙන් දෙවැදෑරුම් වූවෝම මෙහි ගන්නා ලදහ.
යන්ති නිපාතමත්තං. කදාචීති කිස්මිඤ්චි කාලෙ. කරහචීති තස්සෙව වෙවචනං. දීඝස්ස අද්ධුනොති දීඝස්ස කාලස්ස. අච්චයෙනාති අතික්කමෙන. සංවට්ටතීති විනස්සති. යෙභුය්යෙනාති යෙ උපරිබ්රහ්මලොකෙසු වා අරූපෙසු වා නිබ්බත්තන්ති, තදවසෙසෙ සන්ධාය වුත්තං. ඣානමනෙන නිබ්බත්තත්තා මනොමයා. පීති තෙසං භක්ඛො ආහාරොති පීතිභක්ඛා. අත්තනොව තෙසං පභාති සයංපභා. අන්තලික්ඛෙ චරන්තීති අන්තලික්ඛචරා. සුභෙසු උය්යානවිමානකප්පරුක්ඛාදීසු තිට්ඨන්තීති, සුභට්ඨායිනො සුභා වා මනොරම්මවත්ථාභරණා හුත්වා තිට්ඨන්තීති සුභට්ඨායිනො. චිරං දීඝමද්ධානන්ති උක්කංසෙන අට්ඨ කප්පෙ.
යං යනු නිපාත මාත්‍රයකි. කදාචිපි යනු කිසියම් කාලයක. කරහචි යනු එයටම වෙනත් වචනකි. දීඝස්ස අද්ධුනො යනු දිගුකලක්. අච්චයෙන ඉක්මීමෙන්. සංවට්ටති විනාශ වන්නේය. යෙභුය්යෙන යනු යමෙක් උඩ බ්‍රහ්ම ලෝකවල හෝ අරූප ලෝකවල හෝ උපදින්නේ ද, ඉන් අවශේෂ වූවන් සඳහා කියන ලදී. ධ්‍යාන මනසින් උපන් බැවින් මනොමයා ප්‍රීතිය ඔවුන්ගේ අනුභව කරන ආහාර යනුයි - පීතිභක්ඛා ඔවුන්ගේ ප්‍රභාව තම තමාගේ නුයි = සයම්පභා. අන්තරීක්ෂයෙහි හැසිරෙත්නුයි = අන්තලික්ඛචරා. සුභ වූ උයන් විමන් කප්රුක් ආදීන්හි සිටිත්නුයි සුභ වූ මනරම් වත් අබරණින් යුතුව සිටිත්නුයි = සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං යනු උඩත් පිරිසෙයින් කල්ප අටක්.
විවට්ටතීති සණ්ඨාති. සුඤ්ඤං බ්රහ්මවිමානන්ති පකතියා නිබ්බත්තසත්තානං නත්ථිතාය සුඤ්ඤං, බ්රහ්මකායිකභූමි නිබ්බත්තතීති අත්ථො. තස්ස කත්තා වා කාරෙතා වා නත්ථි, විසුද්ධිමග්ගෙ වුත්තනයෙන පන කම්මපච්චයඋතුසමුට්ඨානා රතනභූමි නිබ්බත්තති. පකතිනිබ්බත්තිට්ඨානෙසුයෙව චෙත්ථ උය්යානකප්පරුක්ඛාදයො නිබ්බත්තන්ති. අථ සත්තානං පකතියා වසිතට්ඨානෙ නිකන්ති උප්පජ්ජති, තෙ පඨමජ්ඣානං භාවෙත්වා තතො ඔතරන්ති, තස්මා අථ ඛො අඤ්ඤතරො සත්තොතිආදිමාහ. ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වාති යෙ උළාරං පුඤ්ඤකම්මං කත්වා යත්ථ කත්ථචි අප්පායුකෙ දෙවලොකෙ නිබ්බත්තන්ති, තෙ අත්තනො පුඤ්ඤබලෙන ඨාතුං න සක්කොන්ති, තස්ස පන දෙවලොකස්ස ආයුප්පමාණෙනෙව චවන්තීති ආයුක්ඛයා චවන්තීති වුච්චන්ති. යෙ පන පරිත්තං පුඤ්ඤකම්මං කත්වා දීඝායුකදෙවලොකෙ නිබ්බත්තන්ති, තෙ යාවතායුකං ඨාතුං න සක්කොන්ති, අන්තරාව චවන්තීති පුඤ්ඤක්ඛයා චවන්තීති වුච්චන්ති. දීඝමද්ධානං තිට්ඨතීති කප්පං වා උපඩ්ඪකප්පං වා.
විවට්ටතී සිටී. සුඤ්ඤං බ්‍රහ්මවිමානං යනු ප්‍රකෘතියෙන් උපන් සතුන් නොමැති බැවින් ශුන්‍ය වූ බ්‍රහ්මකායික භූමි උපදතියි යන අර්ථයි. එය තනන්නෙක් නැත. තනවන්නෙක්ද නැත. විශුද්ධි මාර්ගයෙහි කියූ ක්‍රමයෙන් කර්මය නිසා සෘතු හේතුවෙන් හටගත් රුවන්බිම් උපදී. ප්‍රකෘතියෙන් උපන් තැන්වලද මෙහිද උයන් කප්රුක් උපදී. ඉක්බිතිව සතුන් ප්‍රකෘතියෙන් වුසූ තැන ආශාව උපදී. ඔවුහු ප්‍රථමධ්‍යානය වඩා එතැනින් බැසගනිත්. ඒ නිසා අථඤ්ඤතරො සත්තො ආදිය කීහ. ආයුක්ඛයාවා පුඤ්ඤක්ඛයාවා යනු යමෙක් උදාර වූ පින්කම් කොට කිසියම් අල්පායුෂ්ක දෙව්ලොවක උපදිත්ද ඔවුහු තම පින්බෙලෙන් සිටින්ට නොහැක්කෝ වෙති. ඒ දෙව්ලොව ආයුෂ ප්‍රමාණයෙන්ම චුත වෙත්නුයි ආයුක්ඛයා වචන්ති යනුවෙන් කියනු ලැබේ. යමෙක් සුළු පින්කමක් කොට දීර්ඝායුෂ්ක දෙව්ලොව උපදිත්. ඔවුහු ආයුෂ ඇතිතෙක් සිටීමට නොහැක්කේය. අතරතුර චුත වෙත්නුයි පුඤ්ඤක්ඛයා චවන්ති යයි කියනු ලැබෙත්. දීඝමද්ධානං තිට්ඨති කල්පයක් හෝ එකඩ කපක් හෝ.
අනභිරතීති අපරස්සාපි සත්තස්ස ආගමනපත්ථනා. යා පන පටිඝසම්පයුත්තා උක්කණ්ඨිතා, සා බ්රහ්මලොකෙ නත්ථි. පරිතස්සනාති උබ්බිජ්ජනා ඵන්දනා, සා පනෙසා තාසතස්සනා, තණ්හාතස්සනා, දිට්ඨිතස්සනා, ඤාණතස්සනාති චතුබ්බිධා හොති. තත්ථ “ජාතිං පටිච්ච භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො. ජරං… බ්යාධිං… මරණං පටිච්ච…පෙ… උත්රාසො”ති (විභ· 921) අයං තාසතස්සනා නාම. “අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු”න්ති (දී· නි· 3.38) අයං තණ්හාතස්සනා නාම. “පරිතස්සිතවිප්ඵන්දිතමෙවා”ති අයං දිට්ඨිතස්සනා නාම. “තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්තී”ති (අ· නි· 4.33) අයං ඤාණතස්සනා නාම. ඉධ පන තණ්හාතස්සනාපි දිට්ඨිතස්සනාපි වට්ටති. බ්රහ්මවිමානන්ති ඉධ පන පඨමාභිනිබ්බත්තස්ස අත්ථිතාය සුඤ්ඤන්ති න වුත්තං. උපපජ්ජන්තීති උපපත්තිවසෙන උපගච්ඡන්ති. සහබ්යතන්ති සහභාවං.
අනභිරති තවත් සතකුගේ පැමිණීමේ ප්‍රාර්ථනාව, යම් කෙනෙක් පටිඝ සම්ප්රයුක්තව කලකිරුණාහුද ඇය බ්‍රහ්මලෝකයෙහි නැත. පරිතස්සනා බියවීම, පැනීම. එය ත්‍රාසයෙන් බියවීම, තෘෂ්ණාවෙන් බියවීම, දෘෂ්ටියෙන් බියවීම, ඥානයෙන් බියවීම යනුවෙන් සිව් වැදෑරුම් වේ. එහි ජාතිය නිසා භයානක වූ බය තැතිගැන්ම ලෝමහංසය. සිතින් උද්වේගය උත්‍රාසය ඇතිවීම. ජරාව -පෙ- ව්‍යාධිය, මරණය නිසා -පෙ- උත්රාසයැයි මෙය ත්‍රාසයෙන් බියවීමයි. ‘අන් සත්ත්වයෝද අපෙන් මේ තත්වයට එත්වා’ යනු තෘෂ්ණාවෙන් බියවීමයි. ‘බිය වූ වේදනාවෙන් මිරිකුණු’යනු දෘෂ්ටියෙන් බියවීමයි. ‘ඔවුහුද තථාගතයන් වහන්සේ ගේ ධර්මය අසා බෙහෙවින් බියට සංවේගයට සන්ත්‍රාසයට පැමිණෙත් යනු මෙය ඥානයෙන් බියවීමයි. මෙහි තණ්හා තස්සනද දිට්ඨිතස්සනද වටී. බ්‍රහ්මවිමානං මෙහි පළමුව උපන්නකු ඇති බැවින් ශුන්‍යයය නොකියන ලදී. උප්පජ්ජන්ති උත්පත්ති වශයෙන් ළංවෙත්. සහව්යතං එක්වීම.
අභිභූති අභිභවිත්වා ඨිතො ජෙට්ඨකොහමස්මීති. අනභිභූතොති අඤ්ඤෙහි අනභිභූතො. අඤ්ඤදත්ථූති එකංසවචනෙ නිපාතො. දස්සනවසෙන දසො, සබ්බං පස්සාමීති අත්ථො. වසවත්තීති සබ්බං ජනං වසෙ වත්තෙමි. ඉස්සරො කත්තා නිම්මාතාති අහං ලොකෙ ඉස්සරො, අහං ලොකස්ස කත්තා ච නිම්මාතා ච, පථවී – හිමවන්ත-සිනෙරු-චක්කවාළ-මහාසමුද්ද-චන්දිම-සූරියා මයා නිම්මිතාති. සෙට්ඨො සජිතාති අහං ලොකස්ස උත්තමො ච සජිතා ච, “ත්වං ඛත්තියො නාම හොහි, ත්වං බ්රාහ්මණො, වෙස්සො, සුද්දො, ගහට්ඨො, පබ්බජිතො නාම. අන්තමසො ත්වං ඔට්ඨො හොහි, ගොණො හොහී”ති “එවං සත්තානං සංවිසජෙතා අහ”න්ති මඤ්ඤති. වසී පිතා භූතභබ්යානන්ති (දී· නි· 1.17) අහමස්මි චිණ්ණවසිතාය වසී, අහං පිතා භූතානඤ්ච භබ්යානඤ්චාති මඤ්ඤති. තත්ථ අණ්ඩජජලාබුජා සත්තා අන්තොඅණ්ඩකොසෙ චෙව අන්තොවත්ථිම්හි ච භබ්යා නාම, බහි නික්ඛන්තකාලතො පට්ඨාය භූතා නාම. සංසෙදජා පඨමචිත්තක්ඛණෙ භබ්යා, දුතියතො පට්ඨාය භූතා. ඔපපාතිකා පඨමඉරියාපථෙ භබ්යා, දුතියතො පට්ඨාය භූතාති වෙදිතබ්බා. තෙ සබ්බෙපි මය්හං පුත්තාති සඤ්ඤාය “අහං පිතා භූතභබ්යාන”න්ති මඤ්ඤති.
අභිභූ අබිබවා සිටි දෙටුවෙක් වෙමි. අනභිභූතො අන්‍යයන් විසින් අභිභවනය නොකරන ලද. අඤ්ඤදත්ථු ඒකාන්තභාවය හඟවන නිපාතයෙකි. දැකීම් වශයෙන් දසො සියල්ල බලමි යන අර්ථයි. වසවත්ති සියලු ජනයා වසඟයෙහි තබමි. ඉස්සරො කන්තා තිම්මාතා යනු මම ලෝකයෙහි ප්රධානියාය. මම ලෝකයෙහි තනන්නාය. නිර්මාණය කරන්නාය. පොළොව හිමාලය, මහමෙර, සක්වල, මහ සමුදුර, සඳ හිරු මා විසින් නිර්මාණය කරන ලද්දේය. සෙට්ඨො සඤ්ජිතා මම ලෝකයට උතුම් වෙමි. ලෝකය මැව්වේ මමය. තෝ ක්ෂත්රියයෙක් වෙහි. තෝ බමුණෙක් වෙහි. පැවිද්දෙක් වෙහි. යටත්පිරිසෙයින් තෝ ඔටුවෙක් වෙහි. ගොණෙක් වෙහි’මෙසේ සතුන් බෙදන්නේ මමයයි හඟී. වසීපිතා භූත භව්‍යානං යනු විශේෂඥ බැවින් මම වසීනම් වෙමි. හටගත්තවුන්ට හා හටගැනීමට සිටිනවුන්ට පියා වෙමියි හඟියි. එහි අණ්ඩජ ජලාබුජ සත්ත්වයෝ අණ්ඩකෝෂය තුළද, වස්ති කෝෂය තුළද හටගන්නෝ වෙති. පිටතට නික්මුණු කල්හි සිට හටගත්තෝ වෙති. සංසේදජයෝ ප්‍රථම චිත්තක්ෂණයෙහි හටගන්නෝ. දෙවැනි චිත්ත ක්ෂණයෙහි පටන් හටගත්තෝ නම් වෙති. ඕපපාතිකයෝ පළමු ඉරියව්වෙහි හටගත්තෝය. දෙවැනි ඉරියව්වෙහි පටන් හටගත්තෝ යයි දතයුතුය. ඒ සියල්ලෝම මාගේ පුත්‍රයෝ යැයි හැඟීමෙන් ‘මම හටගත්තවුන්ගේ සහ හටගන්නවුන්ගේ පියා වෙමි’යි හඟියි.
ඉදානි කාරණතො සාධෙතුකාමො – “මයා ඉමෙ සත්තා නිම්මිතා”ති පටිඤ්ඤං කත්වා “තං කිස්ස හෙතූ”තිආදිමාහ. ඉත්ථත්තන්ති ඉත්ථභාවං, බ්රහ්මභාවන්ති අත්ථො. ඉමිනා මයන්ති අත්තනො කම්මවසෙන චුතාපි උපපන්නාපි ච කෙවලං මඤ්ඤනාමත්තෙනෙව “ඉමිනා මයං නිම්මිතා”ති මඤ්ඤමානා වඞ්කච්ඡිද්දෙ වඞ්කආණී විය ඔනමිත්වා තස්සෙව පාදමූලං ගච්ඡන්තීති.
දැන් කරුණු දක්වා සාධනය කරනු කැමැත්තේ ‘මයා ඉමෙ සත්තා නිම්මිතා’යයි ප්‍රතිඥා කොට තංකිස්සහෙතු ආදිය කීහ. ඉත්ථත්තං යනු ස්ත්‍රී භාවයයි. බ්රහ්මභාවය යන අර්ථයි. ඉමිනාමයං යනු තමාගේ කර්ම වශයෙන් චුත වූවාහුද උපන්නාහුද හුදෙක් හැඟීම් මාත්‍රයෙන්ම ‘මොහු විසින් අපි මවන ලද්දේ වෙමුයි හඟිමින් ඇද සිදුරෙහි ඇද ඇණය මෙන් නැමී ඔහුගේම පාමුලට යති.
වණ්ණවන්තතරො චාති වණ්ණවන්තතරො, අභිරූපො පාසාදිකොති අත්ථො. මහෙසක්ඛතරොති ඉස්සරියපරිවාරවසෙන මහායසතරො.
වණ්ණවන්තතරො ච වඩා වර්ණවත්ව, අහීරූප ප්රසාදජනක යන අර්ථයි. මහෙසක්කතරො ඓශ්වර්ය පරිවාර වශයෙන් වඩා කීර්තිමත්.
ඨානං ඛො පනෙතන්ති කාරණං ඛො පනෙතං. සො තතො චවිත්වා අඤ්ඤත්ර න ගච්ඡති, ඉධෙව ආගච්ඡති, තං සන්ධායෙතං වුත්තං. අගාරස්මාති ගෙහා. අනගාරියන්ති පබ්බජ්ජං. පබ්බජ්ජා හි යස්මා අගාරස්ස හි තං කසිගොරක්ඛාදිකම්මං තත්ථ නත්ථි, තස්මා අනගාරියන්ති වුච්චති. පබ්බජතීති උපගච්ඡති. තතො පරං නානුස්සරතීති තතො පුබ්බෙනිවාසා පරං න සරති, සරිතුං අසක්කොන්තො තත්ථ ඨත්වා දිට්ඨිං ගණ්හාති.
ඨානං ඛොපනෙතං මෙය කරුණකි. යමෙක් එයින් චුතව අන්තැනකට නොයයිද. මෙහිම එයිද, ඔහු සඳහා මෙය කියන ලදී. අගාරස්මා ගෙයින්. අනගාරියං පැවිද්ද. පැවිද්ද වනාහි යම්හෙකින් ගෙයට හිත පිණිස වූ කෘෂි ගව රක්ෂා ආදී ක්‍රියාවක් එහි නැද්ද, ඒ නිසා අනගාරිය යයි කියනු ලැබේ. පබ්බජති ළඟට එළඹෙයි. තතොපරං නානුස්සරති ඒ පෙර විසූ නිවසින් බැහැර නොසිතයි. සිහිකරන්ට නොහැක්කේ එහි සිට දෘෂ්ටිය ගනී.
නිච්චොතිආදීසු තස්ස උපපත්තිං අපස්සන්තො නිච්චොති වදති, මරණං අපස්සන්තො ධුවොති, සදාභාවතො සස්සතොති, ජරාවසෙනාපි විපරිණාමස්ස අභාවතො අවිපරිණාමධම්මොති. සෙසමෙත්ථ පඨමවාරෙ උත්තානමෙවාති.
නිච්චො ආදී තන්හි එහි උපත නොදන්නේ නිත්‍යයයි කියයි. මරණය නොදක්නේ තිර යයි සිතයි. සදාකල් බැවින් ශාස්වත නමි. ජරා වශයෙන්ද විපරිණාමයක් නැති බැවින් අපරිණාම ධර්මයයි කියයි. මෙහි සෙස්ස ප්‍රථම වාරයෙහි කියු ක්‍රමයමැයි.
දුතියවාරෙ ඛිඩ්ඩාය පදුස්සන්ති විනස්සන්තීති ඛිඩ්ඩාපදොසිකා, පදූසිකාතිපි පාළිං ලිඛන්ති, සා අට්ඨකථායං නත්ථි. අතිවෙලන්ති අතිකාලං, අතිචිරන්ති අත්ථො. හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නාති හස්සරති ධම්මඤ්චෙව ඛිඩ්ඩාරතිධම්මඤ්ච සමාපන්නා අනුයුත්තා, කෙළිහස්සසුඛඤ්චෙව කායිකවාචසිකකීළාසුඛඤ්ච අනුයුත්තා, වුත්තප්පකාරරතිධම්මසමඞ්ගිනො හුත්වා විහරන්තීති අත්ථො.
දෙවැනිවර විනෝදයෙන් දූෂණය වෙතියි, විනාශවෙතියි = ඛිඩ්ඩා පදොසිකා, ඛිඩ්ඩා පදුසිකා යනුවෙන් ද පෙළ ලියති. එය අටුවාවෙහි නැත. අතිවෙලං අතිකාලයක්, බොහෝ කලක් යන අර්ථයි. හස්ස ඛිඩ්ඩා රතිධම්ම සමාපන්නා හාස්‍ය රති ස්වභාවයෙහිද විනෝදරති ස්වභාවයෙහිද යුක්තව අනුයුක්තව සිටිති. ක්‍රීඩා හාස්‍ය සුඛයෙහිද කායික වාචසික ක්‍රීඩා සුඛයෙහිද අනුයුක්ත, කියන ලද පරිදි රති ස්වභාවයෙන් යුක්තවූවාහු වී වාසය කරත් යන අර්ථයි.
සති සම්මුස්සතීති ඛාදනීයභොජනීයෙසු සති සම්මුස්සති. තෙ කිර පුඤ්ඤවිසෙසාධිගතෙන මහන්තෙන අත්තනො සිරිවිභවෙන නක්ඛත්තං කීළන්තා තාය සම්පත්තිමහන්තතාය – “ආහාරං පරිභුඤ්ජිම්හ, න පරිභුඤ්ජිම්හා”තිපි න ජානන්ති. අථ එකාහාරාතික්කමනතො පට්ඨාය නිරන්තරං ඛාදන්තාපි පිවන්තාපි චවන්තියෙව, න තිට්ඨන්ති. කස්මා? කම්මජතෙජස්ස බලවතාය, කරජකායස්ස මන්දතාය, මනුස්සානඤ්හි කම්මජතෙජො මන්දො, කරජකායො බලවා. තෙසං තෙජස්ස මන්දතාය කරජකායස්ස බලවතාය සත්තාහම්පි අතික්කමිත්වා උණ්හොදකඅච්ඡයාගුආදීහි සක්කා වත්ථුං උපත්ථම්භෙතුං. දෙවානං පන තෙජො බලවා හොති, කරජං මන්දං. තෙ එකං ආහාරවෙලං අතික්කමිත්වාව සණ්ඨාතුං න සක්කොන්ති. යථා නාම ගිම්හානං මජ්ඣන්හිකෙ තත්තපාසාණෙ ඨපිතං පදුමං වා උප්පලං වා සායන්හසමයෙ ඝටසතෙනාපි සිඤ්චියමානං පාකතිකං න හොති, විනස්සතියෙව. එවමෙව පච්ඡා නිරන්තරං ඛාදන්තාපි පිවන්තාපි චවන්තියෙව, න තිට්ඨන්ති. තෙනාහ “සතියා සම්මොසා තෙ දෙවා තම්හා කායා චවන්තී”ති. කතමෙ පන තෙ දෙවාති? ඉමෙ දෙවාති අට්ඨකථායං විචාරණා නත්ථි, “දෙවානං කම්මජතෙජො බලවා හොති, කරජං මන්ද”න්ති අවිසෙසෙන වුත්තත්තා පන යෙ කෙචි කබළීකාරාහාරූපජීවිනො දෙවා එවං කරොන්ති, තෙයෙව චවන්තීති වෙදිතබ්බා. කෙචි පනාහු – “නිම්මානරතිපරනිම්මිතවසවත්තිනො තෙ දෙවා”ති. ඛිඩ්ඩාපදුස්සනමත්තෙනෙව හෙතෙ ඛිඩ්ඩාපදොසිකාති වුත්තා. සෙසමෙත්ථ පුරිමනයෙනෙව වෙදිතබ්බං.
සති පම්මුස්සති කෑයුතු දැයෙහි බියයුතු දැයෙහි සිහිය මුළාවන්නේය. ඔවුහු පුණ්‍ය විශේෂයෙන් ලද තමාගේ මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් නැකැත් කෙළි කෙළින්නාහු ඒ සම්පත් මහත් වූ බැවින් ආහාර අනුභව කළෙමුද, නොකෙළෙමුදැයි කියාවත් නොදනිති. ඉක්බිති එක් ආහාරයක් ඉක්මවා ගිය තැන් පටන් නිතර නිතර කමින් ම බොමින්ම චුතවන්නාහුමය. නොසිටින්නාහුය. කුමක් නිසාද යත් කර්මජ තේජෝ ධාතුවෙහි බලවත් බව නිසාය. කර්මයෙන් හටගත් කයෙහි මඳ බැවින් මනුෂ්‍යයින්ගේ කර්මජ තේජෝධාතුව මඳය. කරජකාය බලවත්ය. ඔවුන්ගේ තේජෝධාතුව මඳ බැවින්ද කරජ කායයෙහි බලවත් බැවින්ද, සත්දවසක් ඉක්මවා උණුදිය කැඳවතුර ආදියෙන් සිරුර උපස්තම්භ කිරීමට හැකිය. දෙවියන්ගේ තේජෝ ධාතුව බලවත්ය. කරජකාය මඳය. ඔවුහු එක් ආහාර වේලක් ඉක්මවාද සිටීමට නොහැක්කේය. යස්සේ ගිම්හානයේ මද්දහනේ රවූ ගල මත තැබූ පියුමක් හෝ උපුලක් හෝ සවස් යාමයෙහි දියකළ සියයක් ඉස්සත් ප්‍රකෘතිමත් නොවේද විනාශ වන්නේම වේද, එසේම පසුව නිරතුරුව කෑවද බීවද චුත වන්නේමය, නොසිටියි. එහෙයින් කීහ සති සම්මොසා දෙවා තම්හා කායා වචන්ති යනුවෙන්. මේ දෙවියෝ කවරහුද? ‘මොවුහුමයැයි අටුවාවෙහි විවරණයක් නැත. ‘දෙවියන්ගේ කර්මජ තේජෝධාතුව බලවත්ය. කරජ කායය මඳයයි විශේෂයක් නොමැතිව කියූ බැවින් යම් කබලීකාර ආහාරයෙන් ජීවත් වන්නා වූ දෙවියෝ මෙසේ කරත්. ඔවුහු මෙසේ චුතවෙති’ යි දතයුතුය. සමහරු මෙසේ කීහු. නිර්මාණරතී පරනිර්මිත වසවර්තී ඒ දෙවියෝය. විනෝදයෙන් දූෂණය වන මතින්ම ඔවුහු ඛිඩ්ඩා පදොසික යයි කියන ලදහ. මෙහි සෙස්ස පෙර ක්‍රමයෙන්ම දතයුතුය.
තතියවාරෙ මනෙන පදුස්සන්ති විනස්සන්තීති මනොපදොසිකා, එතෙ චාතුමහාරාජිකා. තෙසු කිර එකො දෙවපුත්තො – නක්ඛත්තං කීළිස්සාමීති සපරිවාරො රථෙන වීථිං පටිපජ්ජති, අථඤ්ඤො නික්ඛමන්තො තං පුරතො ගච්ඡන්තං දිස්වා – ‘භො අයං කපණො’, අදිට්ඨපුබ්බං විය එතං දිස්වා – “පීතියා උද්ධුමාතො විය භිජ්ජමානො විය ච ගච්ඡතී”ති කුජ්ඣති. පුරතො ගච්ඡන්තොපි නිවත්තිත්වා තං කුද්ධං දිස්වා – කුද්ධා නාම සුවිදිතා හොන්තීති කුද්ධභාවමස්ස ඤත්වා – “ත්වං කුද්ධො, මය්හං කිං කරිස්සසි, අයං සම්පත්ති මයා දානසීලාදීනං වසෙන ලද්ධා, න තුය්හං වසෙනා”ති පටිකුජ්ඣති. එකස්මිඤ්හි කුද්ධෙ ඉතරො අකුද්ධො රක්ඛති, උභොසු පන කුද්ධෙසු එකස්ස කොධො ඉතරස්ස පච්චයො හොති. තස්සපි කොධො ඉතරස්ස පච්චයො හොතීති උභො කන්දන්තානංයෙව ඔරොධානං චවන්ති. අයමෙත්ථ ධම්මතා. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තෙවැනිවර සිතින් දූෂණය වන්නාහුය. විනාශ වන්නාහුයයි = මනොපදෙසිකා. ඔවුහු කවරහුද? චාතුර්මහා රාජිකයෝය. ඔවුන්ගෙන් එක් දේවපුත්‍රයෙක් ‘නැකැත් කෙළින්නෙමියි පිරිවර සහිතව රියෙන් වීදියට පිවිසෙයි. ඉක්බිති අනෙකෙක් ද නික්මෙන්නේ ඔහු ඉදිරියෙන් යනු දැක, කිමෙක්ද පින්වත්නි, මේ දුප්පතා නොදුටුවිරූවකු මෙන් ඔහු දැක ප්‍රීතියෙන් පිම්බුණාක් මෙන් ගර්ජනය කරන්නා සේ යතියි කෝපයට පත්වෙයි. පෙරටුව යන්නාද නැවතී ඔහු කිපී ඇති බව දැක ‘කිපුණවුන් හොඳින් හඳුනාගත හැකියි. ඔහුගේ කිපුණු බව දැක ‘ඔබ කිපුණාට මම කුමක් කරන්නද? මේ සම්පත්තිය මා විසින් දන් සිල් නිසා ලබන ලදී. ඔබ නිසා නොවේ යයි කෝපයට පත්වෙයි. එකකු කිපුණු විට අනිකා නොකිපුණහොත් ආරක්ෂා වෙයි. දෙදෙනාම කිපුණුවිට එකකුගේ කෝපය අනිකාට හේතුවෙයි. ඔහුගේද කෝපය අනිකාට ප්රත්යවෙතියි දෙදෙනාම අන්තඃපුර වාසීන් හඬද්දී චුත වෙති. මේ මෙහි ස්වභාවයයි. සෙස්ස කියූ පරිදිම දතයුතුය.
තක්කීවාදෙ අයං චක්ඛාදීනං භෙදං පස්සති, චිත්තං පන යස්මා පුරිමං පුරිමං පච්ඡිමස්ස පච්ඡිමස්ස පච්චයං දත්වාව නිරුජ්ඣති, තස්මා චක්ඛාදීනං භෙදතො බලවතරම්පි චිත්තස්ස භෙදං න පස්සති. සො තං අපස්සන්තො යථා නාම සකුණො එකං රුක්ඛං ජහිත්වා අඤ්ඤස්මිං නිලීයති, එවමෙව ඉමස්මිං අත්තභාවෙ භින්නෙ චිත්තං අඤ්ඤත්ර ගච්ඡතීති ගහෙත්වා එවමාහ. සෙසමෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තර්කවාදයෙහි මොහු චක්ෂු ආදියෙහි භේද රකී. සිත යම්හෙයකින් පෙර පෙර වූ දෙය පසු පසු වූ දෙයට ප්‍රත්‍යයක් දීමැ නිරුද්ධ වෙයිද ඒ නිසා චක්ෂු ආදීන්ගේ භේදයෙන් සිතෙහි බලවන්තර වූ භේදයක් නොදකී. හේ එය නොදක්නේ ‘යම් සේ පක්ෂීහු එක් ගසක් අත්හැර අන් ගසක සැඟවෙත්ද, එසේම මේ ආත්ම භාවය බිඳුණු කල්හි සිත අන්තැනකට යතියි ගෙන මෙසේ කීහ. මෙහි සෙස්ස කියූ පරිදි දතයුතුය.
අන්තානන්තවාදවණ්ණනා
අන්තානන්තිකාති අන්තානන්තවාදා, අන්තං වා අනන්තං වා අන්තානන්තං වා නෙවන්තානානන්තං වා ආරබ්භ පවත්තවාදාති අත්ථො.
අන්තානත්තිකා යනු අන්තානත්තික වාද අන්තය හෝ අනන්තය හෝ අන්තානන්තය හෝ ආත්මයක් නැත නානා ආත්ම ඇත යන්න හෝ අරබයා පැවති වාදයෝය යන අර්ථයි.
අන්තසඤ්ඤී ලොකස්මිං විහරතීති පටිභාගනිමිත්තං චක්කවාළපරියන්තං අවඩ්ඪෙත්වා තං – “ලොකො”ති ගහෙත්වා අන්තසඤ්ඤී ලොකස්මිං විහරති, චක්කවාළපරියන්තං කත්වා වඩ්ඪිතකසිණො පන අනන්තසඤ්ඤී හොති, උද්ධමධො අවඩ්ඪෙත්වා පන තිරියං වඩ්ඪෙත්වා උද්ධමධො අන්තසඤ්ඤී, තිරියං අනන්තසඤ්ඤී. තක්කීවාදො වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමෙ චත්තාරොපි අත්තනා දිට්ඨපුබ්බානුසාරෙනෙව දිට්ඨියා ගහිතත්තා පුබ්බන්තකප්පිකෙසු පවිට්ඨා.
අන්තසඤ්ඤදී ලොකස්මිං විහරති ප්‍රතිභාග නිමිත්ත සක්වළ කෙළවර තෙක් නොවඩා එය ලෝකයැයි ගෙන ලෝකයෙහි අන්තසංඥීව වාසය කරයි. සක්වළ කෙළවර කොට වැඩූ කසිණය අනන්තසංඥී වෙයි. උඩටත් යටටත් නොවඩා සරසට වඩා උඩයට අන්තසංඥී වෙයි. සරස අනන්තසංඥී වෙයි. තක්කීවාදය කියන ලද පරිදි දතයුතුය. මේ සතරද තමා විසින් දුටු විරූ අනුසරින්ම දෘෂ්ටිය ගත් බැවින් පුබ්බන්තකප්පිකයන් අතරට පිවිසියාහුය.
අමරාවික්ඛෙපවාදවණ්ණනා
න මරතීති අමරා. කා සා? එවන්තිපි මෙ නොතිආදිනා නයෙන පරියන්තරහිතා දිට්ඨිගතිකස්ස දිට්ඨි චෙව වාචා ච. විවිධො ඛෙපොති වික්ඛෙපො, අමරාය දිට්ඨියා වාචාය ච වික්ඛෙපොති අමරාවික්ඛෙපො, සො එතෙසං අත්ථීති අමරාවික්ඛෙපිකා, අපරො නයො – අමරා නාම එකා මච්ඡජාති, සා උම්මුජ්ජනනිමුජ්ජනාදිවසෙන උදකෙ සන්ධාවමානා ගහෙතුං න සක්කාති, එවමෙව අයම්පි වාදො ඉතොචිතො ච සන්ධාවති, ගාහං න උපගච්ඡතීති අමරාවික්ඛෙපොති වුච්චති. සො එතෙසං අත්ථීති අමරාවික්ඛෙපිකා.
නොමැරේනුයි අමරා. ඒ කවරීද? මට මෙසේනම් අපටද මෙසේය ආදී ක්‍රමයෙන් දෘෂ්ටි ගතිකයාගේ දෘෂ්ටියද වචනද කෙළවර රහිතය. ඛෙපය (ව්‍යාකූල බව) විවිධනුයි = වික්ඛෙපො. අමර වූ දෘෂ්ටියෙන් හා වචනයෙන්ද හෝ වික්ෂේප වූයේනුයි = අමරා වික්ඛෙපො. එය මොවුන්ට ඇත්තේනුයි = අමරා වික්ඛෙපො. තවත් ක්‍රමයක් ඇත. අමරා නම් මත්ස්‍ය ජාතියක් ඇත. එම මත්ස්‍යයා ගිලීම මතුවීම් වශයෙන් ජලයෙහි දුවනවිට අල්ලාගන්ට නොහැකිය. එසේම මේ වාදයද ඔබමොබ දුවයි. ග්‍රහණයට නොපැමිණේ. අමරා වික්ඛෙපයයි කියනු ලැබේ. එය මොවුන්ට ඇත්තේනුයි අමරා වික්ඛෙපිකා.
“ඉදං කුසල”න්ති යථාභූතං නප්පජානාතීති දස කුසලකම්මපථෙ යථාභූතං නප්පජානාතීති අත්ථො. අකුසලෙපි දස අකුසලකම්මපථාව අධිප්පෙතා. සො මමස්ස විඝාතොති “මුසා මයා භණිත”න්ති විප්පටිසාරුප්පත්තියා මම විඝාතො අස්ස, දුක්ඛං භවෙය්‍යාති අත්ථො. සො මමස්ස අන්තරායොති සො මම සග්ගස්ස චෙව මග්ගස්ස ච අන්තරායො අස්ස. මුසාවාදභයා මුසාවාදපරිජෙගුච්ඡාති මුසාවාදෙ ඔත්තප්පෙන චෙව හිරියා ච. වාචාවික්ඛෙපං ආපජ්ජතීති වාචාය වික්ඛෙපං ආපජ්ජති. කීදිසං? අමරාවික්ඛෙපං, අපරියන්තවික්ඛෙපන්ති අත්ථො.
ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාති දශකුශල කර්මපථයන් යථා පරිදි නොදනී යන අර්ථයි. අකුසලෙ දශඅකුශල කර්මපථද අදහස් කරන ලදී. සො මමස්ස විඝාතො මා විසින් මුසාවක් කියන ලද්දේ යයි විපිළිසර ඉපදවීම නිසා මට විනාශය වන්නේය. දුකක් වන්නේය යන අර්ථයි. යො මමස්ස අන්තරායෝ යනු එය මාගේ ස්වර්ගයටද මාර්ගයටද අනතුරක් වන්නේය. මුසාවාද භයා මුසාවාද පරිජෙගුච්ඡා යනු මුසාවාදයෙහි භයෙන්ද ලජ්ජාවෙන්ද. වාචවික්ඛෙපමා පජ්ජති යනු වචනයෙන් වික්ෂේපයට පැමිණේ. කෙසේද? අමරා වික්ඛෙපං. කෙළවරක් නැති ව්‍යාකූලත්වය යන අර්ථයි.
එවන්තිපි මෙ නොතිආදීසු එවන්තිපි මෙ නොති අනියමිතවික්ඛෙපො. තථාතිපි මෙ නොති “සස්සතො අත්තා ච ලොකො චා”ති වුත්තං සස්සතවාදං පටික්ඛිපති. අඤ්ඤථාතිපි මෙ නොති සස්සතතො අඤ්ඤථා වුත්තං එකච්චසස්සතං පටික්ඛිපති. නොතිපි මෙ නොති – “න හොති තථාගතො පරං මරණා”ති වුත්තං උච්ඡෙදං පටික්ඛිපති. නො නොතිපි මෙ නොති “නෙව හොති න න හොතී”ති වුත්තං තක්කීවාදං පටික්ඛිපති. සයං පන “ඉදං කුසල”න්ති වා “අකුසල”න්ති වා පුට්ඨො න කිඤ්චි බ්යාකරොති. “ඉදං කුසල”න්ති පුට්ඨො “එවන්තිපි මෙ නො”ති වදති. තතො “කිං අකුසල”න්ති වුත්තෙ “තථාතිපි මෙ නො”ති වදති. “කිං උභයතො අඤ්ඤථා”ති වුත්තෙ “අඤ්ඤථාතිපි මෙ නො”ති වදති. තතො “තිවිධෙනාපි න හොති, කිං තෙ ලද්ධී”ති වුත්තෙ “නොතිපි මෙ නො”ති වදති. තතො “කිං නො නොති තෙ ලද්ධී”ති වුත්තෙ “නො නොතිපි මෙ නො”ති එවං වික්ඛෙපමෙව ආපජ්ජති, එකස්මිම්පි පක්ඛෙ න තිට්ඨති.
මට මෙසේ නොවේ. ආදී තන්හි එවම්පි මෙනො යනු නොමෙහෙයවන ලද වික්ෂේපයයි. තථාතිපිමෙනො ‘ආත්මයද ලෝකයද ශාස්වතයයි කියූ ශාස්වතවාදය ප්‍රතික්ෂේප කරයි. අඤ්ඤථාතිපි මෙනො ශාස්වතයට වෙනස්ව කියූ එකච්ච ශාස්වතය ප්‍රතික්ෂේප කරයි. නොතිපි මෙනො ‘තථාගත තෙමේ මරණින් මතු නොවේ යයි කියූ උච්ඡේදය ප්‍රතික්ෂේප කරයි. නො නො තිපි මෙනො නොවේ. නොවන්නේ නොවේ යයි කියා තර්කවාදය ප්‍රතික්ෂේප කරයි. තමා මෙය කුසලයක්ද අකුසලයක්දැයි විමසන ලදුයේ කිසිවක් නොකියයි. මෙය කුසලයක්දැයි විමසූවිට මෙයද මට නැතැයි කියයි. ඉන්පසු කුසලය කිමැයි කීකල්හි එහෙමත් මට නැතැයි කියයි. මේ දෙකින් වෙනත් අයුරකින්නැයි කීකල්හි අන් අයුරකින්වත් මට නොවේයයි කියයි. ඉන්පසු කිමෙක්ද ඔබගේ ලබ්ධිය නො නො දැයි කීකල්හි ‘නො නො ද මට නැතැයි මෙසේ ව්යාකූලත්වයටම පැමිණේ. මෙසේ එක් පක්ෂයකවත් නොසිටී.
ඡන්දො වා රාගො වාති අජානන්තොපි සහසා කුසලමෙව “කුසල”න්ති වත්වා අකුසලමෙව “අකුසල”න්ති වත්වා මයා අසුකස්ස නාම එවං බ්යාකතං, කිං තං සුබ්යාකතන්ති අඤ්ඤෙ පණ්ඩිතෙ පුච්ඡිත්වා තෙහි – “සුබ්යාකතං, භද්රමුඛ, කුසලමෙව තයා කුසලං, අකුසලමෙව අකුසලන්ති බ්‍යාකත”න්ති වුත්තෙ නත්ථි මයා සදිසො පණ්ඩිතොති එවං මෙ තත්ථ ඡන්දො වා රාගො වා අස්සාති අත්ථො. එත්ථ ච ඡන්දො දුබ්බලරාගො, රාගො බලවරාගො. දොසො වා පටිඝො වාති කුසලං පන “අකුසල”න්ති, අකුසලං වා “කුසල”න්ති වත්වා අඤ්ඤෙ පණ්ඩිතෙ පුච්ඡිත්වා තෙහි – “දුබ්යාකතං තයා”ති වුත්තෙ එත්තකම්පි නාම න ජානාමීති තත්ථ මෙ අස්ස දොසො වා පටිඝො වාති අත්ථො. ඉධාපි දොසො දුබ්බලකොධො, පටිඝො බලවකොධො.
ඡන්දොවා රාගොවා නොදන්නේ වහා කුසලය කුසලයයිද අකුසලය අකුසලයයි ද කියා ‘මා විසින් අසුවලාට මෙසේ කියන ලදී. එය හොඳ කීමක්දැයි අන් පඬුවන්ගෙන් අසා ඔවුන් විසින්, සොඳුරු මුව ඇත්තව, හොඳ කීමක්, ඔබ විසින් කුසලය කුසලයයිද, අකුසලය අකුසලයයිද කියන ලදී යයි කීකල්හි ‘මා වැනි පණ්ඩිතයෙක් නැතැයි මෙසේ මට එහිදී ඡන්දයක් හෝ රාගයක් හෝ වන්නේය යන අර්ථයි. මෙහි ඡන්දය දුර්වල රාගය වේ. රාගය ප්‍රබල රාගයයි. දොසොවා පටිඝොවා යනු කුසලය අකුසලයයිද, අකුසලය කුසලයයිද කියා අන් පඬුවන්ගෙන් අසා ඔවුන් විසින් ‘ඔබ විසින් නරක දෙයක් කියන ලදී යයි කියූ කල්හි ‘මෙපමණක්වත් නොදනිමි. මෙහි මට දෝෂයක් හෝ පටිඝයක් හෝ යන අර්ථයි. මෙහිද දෝෂය දුර්වල ක්‍රෝධයයි. පටිඝය ප්‍රබල ක්‍රෝධයයි.
තං මමස්ස උපාදානං, සො මමස්ස විඝාතොති තං ඡන්දරාගද්වයං මම උපාදානං අස්ස, දොසපටිඝද්වයං විඝාතො. උභයම්පි වා දළ්හග්ගහණවසෙන උපාදානං, විහනනවසෙන විඝාතො. රාගො හි අමුඤ්චිතුකාමතාය ආරම්මණං ගණ්හාති ජලූකා විය. දොසො විනාසෙතුකාමතාය ආසීවිසො විය. උභොපි චෙතෙ සන්තාපකට්ඨෙන විහනන්ති යෙවාති “උපාදාන”න්ති ච “විඝාතො”ති ච වුත්තා. සෙසං පඨමවාරසදිසමෙව.
තං මමස්ස උපාදානං, සො මමස්ස විඝාතො යනු ඒ ඡන්දරාග දෙක මට උපාදානයක් වන්නේය. දෝස පටිඝ දෙක විනාශයක් වන්නේය. ඒ දෙකම ග්‍රහණ වශයෙන් උපාදානයි. නසන අර්ථයෙන් විඝාතයි. රාගය වනාහි නොමිදෙනු කැමති බැවින් අරමුණු ගනී. කූඩැල්ලන් මෙන් දෝසය විනාශ කරනු කැමැත්ත නිසා සර්පයකු වැන්න. මේ දෙකම කවන අර්ථයෙන් නසත්මය. උපාදානයයිද විඝාතයයිද කියන ලදී. සෙස්ස පළමුවර හා සමානය.
පණ්ඩිතාති පණ්ඩිච්චෙන සමන්නාගතා. නිපුණාති සණ්හසුඛුමබුද්ධිනො සුඛුමඅත්ථන්තරං පටිවිජ්ඣනසමත්ථා. කතපරප්පවාදාති විඤ්ඤාතපරප්පවාදා චෙව පරෙහි සද්ධිං කතවාදපරිචයා ච. වාලවෙධිරූපාති වාලවෙධිධනුග්ගහසදිසා. තෙ භින්දන්තා මඤ්ඤෙති වාලවෙධි විය වාලං සුඛුමානිපි පරෙසං දිට්ඨිගතානි අත්තනො පඤ්ඤාගතෙන භින්දන්තා විය චරන්තීති අත්ථො. තෙ මං තත්ථාති තෙ සමණබ්රාහ්මණා මං තෙසු කුසලාකුසලෙසු. සමනුයුඤ්ජෙය්යුන්ති “කිං කුසලං, කිං අකුසලන්ති අත්තනො ලද්ධිං වදා”ති ලද්ධිං පුච්ඡෙය්යුං. සමනුගාහෙය්යුන්ති “ඉදං නාමා”ති වුත්තෙ “කෙන කාරණෙන එතමත්ථං ගාහෙය්යු”න්ති කාරණං පුච්ඡෙය්යුං. සමනුභාසෙය්යුන්ති “ඉමිනා නාම කාරණෙනා”ති වුත්තෙ කාරණෙ දොසං දස්සෙත්වා “න ත්වං ඉදං ජානාසි, ඉදං පන ගණ්හ, ඉදං විස්සජ්ජෙහී”ති එවං සමනුයුඤ්ජෙය්‍යුං. න සම්පායෙය්යන්ති න සම්පාදෙය්යං, සම්පාදෙත්වා කථෙතුං න සක්කුණෙය්යන්ති අත්ථො. සො මමස්ස විඝාතොති යං තං පුනප්පුනං වත්වාපි අසම්පායනං නාම, සො මම විඝාතො අස්ස, ඔට්ඨතාලුජිව්හාගලසොසනදුක්ඛමෙව අස්සාති අත්ථො. සෙසමෙත්ථාපි පඨමවාරසදිසමෙව.
[missing trans]
මන්දොති මන්දපඤ්ඤො අපඤ්ඤස්සෙවෙතං නාමං. මොමූහොති අතිසම්මූළ්හො. හොති තථාගතොතිආදීසු සත්තො “තථාගතො”ති අධිප්පෙතො. සෙසමෙත්ථ උත්තානමෙව. ඉමෙපි චත්තාරො පුබ්බෙ පවත්තධම්මානුසාරෙනෙව දිට්ඨියා ගහිතත්තා පුබ්බන්තකප්පිකෙසු පවිට්ඨා.
මන්දො යනු මඳ වූ ප්‍රඥා ඇත්තේ. මෝඩයාට නමකි. මොමුහො යනු අතිශයින් මුළාවූයේ. හොති තථාගතො යන ආදි තන්හි සත්ත්වයා තථාගතයයි අදහස් කරන ලදී. මෙහි ඉතිරිය නොගැඹුරුය. මේ සතරදෙනාද පෙර පැවති ස්වභාවානුරූපව දෘෂ්ටියෙන් ගන්නා ලද බැවින් පූර්වාන්ත කල්පිතයන් අතරට පිවිසියාහුය.
අධිච්චසමුප්පන්නවාදවණ්ණනා
“අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො චා”ති දස්සනං අධිච්චසමුප්පන්නං. තං එතෙසං අත්ථීති අධිච්චසමුප්පන්නිකා. අධිච්චසමුප්පන්නන්ති අකාරණසමුප්පන්නං.
අධිච්ච සමුප්පන්නො - ආත්මයද ලෝකයද අධීත්ය සමුත්පන්නයයි දර්ශනය නිසා හටගත්තකි. එය මොවුන්ට ඇත්තේනුයි - අධිච්ච සමුප්පන්තිකා. අධිච්ච සමුප්පන්නං යනු කරුණක් නැතිව හටගත්.
අසඤ්ඤසත්තාති දෙසනාසීසමෙතං, අචිත්තුප්පාදා රූපමත්තකඅත්තභාවාති අත්ථො. තෙසං එවං උප්පත්ති වෙදිතබ්බා – එකච්චො හි තිත්ථායතනෙ පබ්බජිත්වා වායොකසිණෙ පරිකම්මං කත්වා චතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා ඣානා වුට්ඨාය – “චිත්තෙ දොසං පස්සති, චිත්තෙ සති හත්ථච්ඡෙදාදිදුක්ඛඤ්චෙව සබ්බභයානි ච හොන්ති, අලං ඉමිනා චිත්තෙන, අචිත්තකභාවොව සන්තො”ති, එවං චිත්තෙ දොසං පස්සිත්වා අපරිහීනජ්ඣානො කාලං කත්වා අසඤ්ඤසත්තෙසු නිබ්බත්තති, චිත්තමස්ස චුතිචිත්තනිරොධෙන ඉධෙව නිවත්තති, රූපක්ඛන්ධමත්තමෙව තත්ථ පාතුභවති. තෙ තත්ථ යථා නාම ජියාවෙගක්ඛිත්තො සරො යත්තකො ජියාවෙගො, තත්තකමෙව ආකාසෙ ගච්ඡති. එවමෙව ඣානවෙගක්ඛිත්තා උපපජ්ජිත්වා යත්තකො ඣානවෙගො, තත්තකමෙව කාලං තිට්ඨන්ති, ඣානවෙගෙ පන පරිහීනෙ තත්ථ රූපක්ඛන්ධො අන්තරධායති, ඉධ පන පටිසන්ධිසඤ්ඤා උප්පජ්ජති. යස්මා පන තාය ඉධ උප්පන්නසඤ්ඤාය තෙසං තත්ථ චුති පඤ්ඤායති, තස්මා “සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්තී”ති වුත්තං. සන්තතායාති සන්තභාවාය. සෙසමෙත්ථ උත්තානමෙව. තක්කීවාදොපි වුත්තනයෙනෙව වෙදිතබ්බොති.
අසඤ්ඤසත්තා යනු දේශනා ශීර්ෂයයි. අචිත්ත රූප උත්පාද මාත්‍ර ආත්මභාව ඇත්තේ යන අර්ථයි. මෙසේ ඔවුන්ගේ උත්පත්තිය දතයුතුය. සමහරු තීර්ථායතනයෙහි පැවිදිව වායෝ කසිණයෙහි පිරියම්කොට චතුර්ථධ්යානය උපදවා ධ්‍යානයෙන් නැගී සිතෙහි දොස් දකී. සිත ඇතිකල්හි අත්සිඳීම් ආදී දුකද සියලු බියද වෙයි. මේ සිතින් කම් නැත. අචිත්තක (සිත් නැති) අත් බවම ශාන්ත යැයි මෙසේ සිතෙහි දොස් දැක නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ කලුරියකොට අසංඥතලයන්හි උපදී. ඔහුගේ සිත චුතිචිත්ත නිරෝධයෙන් මෙහිම නවතී. රූපස්කන්ධය පමණක් එහි පහළවෙයි. ඔවුහු එහි දුනුදියෙහි වේගයෙන් යවන ලද ඊතලය දුනුදියෙහි වේගය ඇතිතාක් අහසෙහි යන්නේද, එසේම ධ්යානවේගයෙන් යවන ලද්දාහු යයිද ධ්යානවේගය පවතිනතාක් කල් සිටිත්. ධ්යානවේගය පිරිහුණු කල එහිදී රූපස්කන්ධය අතුරුදහන් වෙයි. මෙහි ප්රතිසන්ධි සංඥාව උපදී. යම්හෙයකින් ඒ මෙහි උපන් සංඥාවෙන් ඔවුන්ගේ එහි චුතිය පැනේද ඒ නිසා සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා වචන්ති යනුවෙන් කියන ලදී. මෙහි ඉතිරිය නොගැඹුරු අරුත් ඇත්තේය. තර්කීවාදයද කියූ පරිදිම දතයුතුය.
අපරන්තකප්පිකවණ්ණනා
එවං අට්ඨාරස පුබ්බන්තකප්පිකෙ දස්සෙත්වා ඉදානි චතුචත්තාරීසං අපරන්තකප්පිකෙ දස්සෙතුං – “සන්ති, භික්ඛවෙ”තිආදිමාහ. තත්ථ අනාගතකොට්ඨාසසඞ්ඛාතං අපරන්තං කප්පෙත්වා ගණ්හන්තීති අපරන්තකප්පිකා, අපරන්තකප්පො වා එතෙසං අත්ථීති අපරන්තකප්පිකා. එවං සෙසම්පි පුබ්බෙ වුත්තප්පකාරනයෙනෙව වෙදිතබ්බං.
මෙසේ දහඅටක් පූර්වාන්ත කල්පිකයන් දක්වා දැන් සතළිස් සතරක් අපරාන්ත කල්පිකයන් දක්වන්ට සන්ති භික්ඛවෙ ආදිය කීහ. එහි අනාගත කොටස සංඛ්‍යාත වූ අපරාන්තය සිතා ගනිත්නුයි අපරන්ත කප්පිකා. අපරන්ත කල්පයක් මොවුනට ඇත්තේනුයි හෝ අපරන්ත කප්පිකා. මෙසේ ඉතිරියද පෙර කියූ පරිදිම දතයුතුය.
සඤ්ඤීවාදවණ්ණනා
උද්ධමාඝාතනිකාති ආඝාතනං වුච්චති මරණං, උද්ධමාඝාතනා අත්තානං වදන්තීති උද්ධමාඝාතනිකා. සඤ්ඤීති පවත්තො වාදො, සඤ්ඤීවාදො, සො එතෙසං අත්ථීති සඤ්ඤීවාදා.
උද්ධමාඝතනිකා යනු ආඝාතය යනු මරණයයි. තමන් උද්ධමාඝාතනා යයි කියතියි උද්ධමාඝාතනිකා. සංඤ්ඤී පැවති වාදය සඤ්ඤීවාදයයි. එය ඔවුනට ඇත්තේනුයි සඤ්ඤීවාදා
රූපී අත්තාතිආදීසු කසිණරූපං “අත්තා”ති තත්ථ පවත්තසඤ්ඤඤ්චස්ස “සඤ්ඤා”ති ගහෙත්වා වා ආජීවකාදයො විය තක්කමත්තෙනෙව වා “රූපී අත්තා හොති, අරොගො පරං මරණා සඤ්ඤී”ති නං පඤ්ඤපෙන්ති. තත්ථ අරොගොති නිච්චො. අරූපසමාපත්තිනිමිත්තං පන “අත්තා”ති සමාපත්තිසඤ්ඤඤ්චස්ස “සඤ්ඤා”ති ගහෙත්වා වා නිගණ්ඨාදයො විය තක්කමත්තෙනෙව වා “අරූපී අත්තා හොති, අරොගො පරං මරණා සඤ්ඤී”ති නං පඤ්ඤපෙන්ති.
රූපී අත්තා යන ආදී තන්හි කසිණ රූපය ආත්මයැයි එහි පැවති සඤ්ඤාවද සඤ්ඤායයි ගෙන හෝ ආජීවික ආදීන් මෙන් තර්ක මාත්‍රයෙන් හෝ. රූපී අත්තාහොති අරොගො පරම්මරණා සඤ්ඤීති තං පඤ්ඤාපෙන්ති එහි අරොගො යනු නිත්‍ය වූ. අරූප සමාපත්ති නිමිත්ත ආත්මයැයි, සමාපත්ති සඤ්ඤාව සඤ්ඤායයි ගෙන හෝ නිගණ්ඨාදීන් මෙන් තර්කමාත්රයෙන් හෝ අරූපී අත්තා සඤ්ඤීති තං පඤ්ඤාපෙන්ති. අරූපී ආත්මය සඤ්ඤී යැයි පනවත්.
තතියා පන මිස්සකගාහවසෙන පවත්තා දිට්ඨි. චතුත්ථා තක්කගාහෙනෙව. දුතියචතුක්කං අන්තානන්තිකවාදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තෙවැන්න මිශ්රකග්රාහ වශයෙන් පැවති දෘෂ්ටියයි. සිව්වැන්න තර්කග්රාහයෙන්මැයි. දෙවැනි චතුෂ්කය අන්තානන්තික වාදයෙහි කියූ පරිදි දතයුතුය.
තතියචතුක්කෙ සමාපන්නකවසෙන එකත්තසඤ්ඤී, අසමාපන්නකවසෙන නානත්තසඤ්ඤී, පරිත්තකසිණවසෙන පරිත්තසඤ්ඤී, විපුලකසිණවසෙන අප්පමාණසඤ්ඤීති වෙදිතබ්බා. චතුත්ථචතුක්කෙ පන දිබ්බෙන චක්ඛුනා තිකචතුක්කජ්ඣානභූමියං නිබ්බත්තමානං දිස්වා “එකන්තසුඛී”ති ගණ්හාති. නිරයෙ නිබ්බත්තමානං දිස්වා “එකන්තදුක්ඛී”ති. මනුස්සෙසු නිබ්බත්තමානං දිස්වා “සුඛදුක්ඛී”ති. වෙහප්ඵලදෙවෙසු නිබ්බත්තමානං දිස්වා “අදුක්ඛමසුඛී”ති ගණ්හාති. විසෙසතො හි පුබ්බෙනිවාසානුස්සතිඤාණලාභිනො පුබ්බන්තකප්පිකා හොන්ති, දිබ්බචක්ඛුකා අපරන්තකප්පිකාති.
තුන්වැනි චතුෂ්කයෙහි සමවැදුණු වශයෙන් එකන්ත සඤ්ඤී. සමනොවැදුණු අර්ථයෙන් නානත්ත සඤ්ඤී. කුඩා කසිණ වශයෙන් පරිත්ත සඤ්ඤ මහා කසිණ වශයෙන් අප්පමාණ සඤ්ඤී යයි දතයුතුය. සිව්වැනි චතුෂ්කයෙහි දිවැසින් තික චෂ්තුක ධ්‍යාන භූමියෙහි උපදිනු දැක එකන්ත සුඛී යයි ගනී. නිරයෙහි උපදිනු දැක එකන්ත දුක්ඛී යයි ද, මිනිසුන් අතර උපදිනු දැක සුඛ දුක්ඛී යයිද, වෙහප්ඵලයන්හි උපදිනු දැක අදුක්ඛමසුඛී යයි ගනී. විශේෂ වශයෙන් පූබ්බේනිවාසානුස්සති ලාභීහු පුබ්බන්ත කප්පිකයෝ වෙති. දිවැස් ඇත්තෝ අපරන්තකප්පිකයෝ ය.
අසඤ්ඤීවාදවණ්ණනා
අසඤ්ඤීවාදො සඤ්ඤීවාදෙ ආදිම්හි වුත්තානං ද්වින්නං චතුක්කානං වසෙන වෙදිතබ්බො. තථා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො. කෙවලඤ්හි තත්ථ “සඤ්ඤී අත්තා”ති ගණ්හන්තානං තා දිට්ඨියො, ඉධ “අසඤ්ඤී”ති ච “නෙවසඤ්ඤීනාසඤ්ඤී”ති ච. තත්ථ න එකන්තෙන කාරණං පරියෙසිතබ්බං. දිට්ඨිගතිකස්ස හි ගාහො උම්මත්තකපච්ඡිසදිසොති වුත්තමෙතං.
අසඤ්ඤීවාදො සඤ්ඤීවාදයෙහි කියූ චතුෂ්ක දෙකෙහි අයුරින් දතයුතුය. නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො ද එසේය. හුදෙක් එහි ‘සංඥී ආත්මයයි ගන්නවුන්ට ඒ දෘෂ්ටීහු මෙහි අසඤ්ඤී කියාද, නෙවසඤ්ඤී නාසඤ්ඤී කියාද, එහි ඒකාන්ත වශයෙන් කරුණක් නොසෙවිය යුතුය. දෘෂ්ටිගතිකයාගේ ග්‍රාහය උන්මත්තකයාගේ පසුම්බිය මෙනැයි මෙය කියන ලදී.
උච්ඡෙදවාදවණ්ණනා
උච්ඡෙදවාදෙ සතොති විජ්ජමානස්ස. උච්ඡෙදන්ති උපච්ඡෙදං. විනාසන්ති අදස්සනං. විභවන්ති භාවවිගමං. සබ්බානෙතානි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව. තත්ථ ද්වෙ ජනා උච්ඡෙදදිට්ඨිං ගණ්හන්ති, ලාභී ච අලාභී ච. ලාභී අරහතො දිබ්බෙන චක්ඛුනා චුතිං දිස්වා උපපත්තිං අපස්සන්තො, යො වා චුතිමත්තමෙව දට්ඨුං සක්කොති, න උපපාතං; සො උච්ඡෙදදිට්ඨිං ගණ්හාති. අලාභී ච “කො පරලොකං න ජානාතී”ති කාමසුඛගිද්ධතාය වා. “යථා රුක්ඛතො පණ්ණානි පතිතානි න පුන විරුහන්ති, එවමෙව සත්තා”තිආදිනා තක්කෙන වා උච්ඡෙදං ගණ්හාති. ඉධ පන තණ්හාදිට්ඨීනං වසෙන තථා ච අඤ්ඤථා ච විකප්පෙත්වාව ඉමා සත්ත දිට්ඨියො උප්පන්නාති වෙදිතබ්බා.
උච්ඡේදවාදයෙහි සතො යනු විද්‍යමාන වන දෙයෙහි. උච්ඡෙද යනු උපච්ඡෙදයයි. විනාසං යනු නොදැක්මයි. විභවං යනු භවයෙන් ඉවත්වීමයි. මේ සියල්ල අන්‍යොන්‍යව සමාන වචනයෝය. එහි ලාභී සහ අලාභී යන දෙදෙන උච්ඡේද දෘෂ්ටිය ගනිති. ලාභියා රහත්බවෙහි දිවැසින් චුතිය දැක උත්පත්තිය නොදක්නේ, යමෙක් චුතිමාත්රයම දකින්ට හැකිද උත්පත්තිය නොවේද, ඔහු උච්ඡේද දෘෂ්ටිය ගනී. අලාභියාද ‘පරලොව කවරෙක් දනීදැයි කම්සුවෙහි ගිජු බැවින්’ යම්සේ වැටුණු රුක් කොළ නැවත නොවැඩේද, සත්ත්වයෝද එසේයයි ආදී වශයෙන් තර්කයෙන් හෝ උච්ඡේදය ගනී. මෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් එහෙමද මෙහෙමදැයි කල්පනාකොට මේ සප්ත දෘෂ්ටීහු උපන්නෝ යයි දතයුතුය
තත්ථ රූපීති රූපවා. චාතුමහාභූතිකොති චතුමහාභූතමයො. මාතාපිතූනං එතන්ති මාතාපෙත්තිකං. කිං තං? සුක්කසොණිතං. මාතාපෙත්තිකෙ සම්භූතො ජාතොති මාතාපෙත්තිකසම්භවො. ඉති රූපකායසීසෙන මනුස්සත්තභාවං “අත්තා”ති වදති. ඉත්ථෙකෙති ඉත්ථං එකෙ එවමෙකෙති අත්ථො.
එහි රූපී යනු රූප ඇත්තේ. චතුම්මහාභූතිකො යනු සතර මහාභූතයන්ගෙන් සැදුණු. මවුපියන්ගේ මෙය යැයි මාතාපෙත්තිකං. ඒ කුමක්ද? ශුක්‍ර ශ්‍රෝණිත. මව්පියන්ට උපන්නේ - මාතාපෙත්තික සම්භවො මෙසේ රූපකාය ශීර්ෂයෙන් මනුෂ්යත්මභාවය අත්තා (ආත්ම) යැයි කියයි. ඉත්ථකෙ යනු ඇතැමෙක් මෙසේය යන අර්ථයි.
දුතියො තං පටික්ඛිපිත්වා දිබ්බත්තභාවං වදති. දිබ්බොති දෙවලොකෙ සම්භූතො. කාමාවචරොති ඡ කාමාවචරදෙවපරියාපන්නො. කබළීකාරං ආහාරං භක්ඛතීති කබළීකාරාහාරභක්ඛො.
දෙවැන්නා එය ප්‍රතික්ෂේප කොට දිව්‍යාත්මභාවය කියයි. දිබ්බො යනු දෙව්ලොව හටගත්. කාමාවචරො කාමාවචර ලෝක සයට පැමිණියේ. කබලිංකාර (පිඬු) භක්ෂණය කරතියි - කබලිංකාර භක්ඛො.
මනොමයොති ඣානමනෙන නිබ්බත්තො. සබ්බඞ්ගපච්චඞ්ගීති සබ්බඞ්ගපච්චඞ්ගයුත්තො. අහීනින්ද්රියොති පරිපුණ්ණින්ද්රියො. යානි බ්රහ්මලොකෙ අත්ථි, තෙසං වසෙන ඉතරෙසඤ්ච සණ්ඨානවසෙනෙතං වුත්තං.
මනොමයො යනු ධ්‍යාන මනසින් උපන්. සබ්බංගපච්චංගී යනු සියලු අඟපසඟින් යුත්. අභින්නින්ද්රියො යනු පිරිපුන් ඉඳුරෝ. යමක් බ්‍රහ්ම ලෝකයෙහි ඇත්ද, ඔවුන්ගේ වශයෙන් අන්‍යයන්ගේද සලකුණු වශයෙන් මෙය කියන ලදී.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමාතිආදීනං අත්ථො විසුද්ධිමග්ගෙ වුත්තො. ආකාසානඤ්චායතනූපගොතිආදීසු පන ආකාසානඤ්චායතනභවං උපගතොති, එවමත්ථො වෙදිතබ්බො. සෙසමෙත්ථ උත්තානමෙවාති.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා - මේ ආදියෙහි අර්ථය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. ආකාසානඤ්චායතනූපගෝ යන ආදී තන්හි ආකාසානඤ්චායතන බවට පැමිණි යයි මෙම අර්ථය දතයුතුය. මෙහි සෙස්ස නොගැඹුරුය.
දිට්ඨධම්මනිබ්බානවාදවණ්ණනා
දිට්ඨධම්මනිබ්බානවාදෙ දිට්ඨධම්මොති පච්චක්ඛධම්මො වුච්චති, තත්ථ තත්ථ පටිලද්ධත්තභාවස්සෙතං අධිවචනං. දිට්ඨධම්මෙ නිබ්බානං දිට්ඨධම්මනිබ්බානං, ඉමස්මිංයෙව අත්තභාවෙ දුක්ඛවූපසමනන්ති අත්ථො. තං වදන්තීති දිට්ඨධම්මනිබ්බානවාදා. පරමදිට්ඨධම්මනිබ්බානන්ති පරමං දිට්ඨධම්මනිබ්බානං උත්තමන්ති අත්ථො.
දිට්ඨධම්ම නිබ්බාණ වාදයෙහි දිට්ඨධම්ම යනු ප්රත්යක්ෂධර්ම යයි කියනු ලැබේ. ඒ ඒ තැන ලැබුණු ආත්ම භාවයට සමාන වචනයකි. දිට්ඨ ධර්මයෙහි නිබ්බාණය - දිට්ඨ ධම්ම නිබ්බාණයයි. මේ ආත්මභාවයෙහිම දුක් ව්‍යපසමනය යන අර්ථයි. එය කියත්නුයි = දිට්ඨ ධම්ම නිබ්බාණ වාදා. පරම දිට්ඨධම්ම නිබ්බාණං යනු උතුම් වූ දිට්ඨධම්ම නිබ්බාණයයි. උත්තම යන අර්ථයි.
පඤ්චහි කාමගුණෙහීති මනාපියරූපාදීහි පඤ්චහි කාමකොට්ඨාසෙහි බන්ධනෙහි වා. සමප්පිතොති සුට්ඨු අප්පිතො අල්ලීනො හුත්වා. සමඞ්ගීභූතොති සමන්නාගතො. පරිචාරෙතීති තෙසු කාමගුණෙසු යථාසුඛං ඉන්ද්රියානි චාරෙති සඤ්චාරෙති ඉතොචිතො ච උපනෙති. අථ වා ලළති රමති කීළති. එත්ථ ච දුවිධා කාමගුණා – මානුසකා චෙව දිබ්බා ච. මානුසකා මන්ධාතුකාමගුණසදිසා දට්ඨබ්බා, දිබ්බා පරනිම්මිතවසවත්තිදෙවරාජස්ස කාමගුණසදිසාති. එවරූපෙ කාමෙ උපගතානඤ්හි තෙ දිට්ඨධම්මනිබ්බානසම්පත්තිං පඤ්ඤපෙන්ති.
පඤ්චහි කාම ගුණෙහි යනු මනාප වූ රූප ආදී පංචකාම කොටස්වලින් හෝ බන්ධනවලින් හෝ. සමාපිතො මනාසේ අර්පණය කරන ලද්දේ ඇලුණේ වී සමංගිභූතො යුක්ත වූයේ. පරිවාරෙති යනු ඒ කාම ගුණයන්හි සැපසේ හසුරුවයි. ඇවිදුවයි. ඔබමොබ පමුණුවයි. නැතහොත් නැලවෙයි. ඇලෙයි. සෙල්ලම් කරයි. එහි දෙවැදෑරුම් කාමගුණයෝ මානුෂිකද දිව්යද වෙත්. මානුසක කාමගුණ මන්ධාතු රජුගේ කාමගුණ සමානයයි දතයුතුයි. දිව්‍ය කාමගුණ පරනිම්මිත වසවත්ති දෙව්රජුගේ කාමගුණ සමානය. මෙබඳු කාමයන්ට පැමිණියවුන්ට ඔවුහු දිට්ඨධම්ම නිර්වාණයට පැමිණීම පනවත්.
දුතියවාරෙ හුත්වා අභාවට්ඨෙන අනිච්චා පටිපීළනට්ඨෙන දුක්ඛා, පකතිජහනට්ඨෙන විපරිණාමධම්මාති වෙදිතබ්බා. තෙසං විපරිණාමඤ්ඤථාභාවාති තෙසං කාමානං විපරිණාමසඞ්ඛාතා අඤ්ඤථාභාවා, යම්පි මෙ අහොසි, තම්පි මෙ නත්ථීති වුත්තනයෙන උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. තත්ථ අන්තොනිජ්ඣායනලක්ඛණො සොකො, තන්නිස්සිතලාලප්පනලක්ඛණො පරිදෙවො, කායප්පටිපීළනලක්ඛණං දුක්ඛං, මනොවිඝාතලක්ඛණං දොමනස්සං, විසාදලක්ඛණො උපායාසො, විවිච්චෙව කාමෙහීතිආදීනමත්ථො විසුද්ධිමග්ගෙ වුත්තො.
දෙවැනි වාදයෙහි සිදුවී නැතිවන අර්ථයෙන් අනිච්චා නැවත පෙළන බැවින් දුක්ඛා. ප්‍රකෘතිය අත්හරින බැවින් විපරිණාම ධම්මා යයි දතයුතුය. තෙසං විපරිණාමඤ්ඤථභාවා යනු ඒ කාමයන්ගේ විපරිණාම සංඛ්‍යාත වෙනස් බවට පැමිණීම. යමක් මට තිබුණේද එයද මට නැතැ’යි කියූ පරිදි. උප්පජ්ජන්ති සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා යනු එහි ඇතුළත දැවෙන ලක්ෂණය ශෝකයයි. ඒ ආශ්‍රිතව දොඩවන ලක්ෂණය පරිදේව නමි. සිරුර නැවත පෙළන ලක්ෂණය දුකයි. මනස ව්‍යාකුල කරන ලක්ෂණය දෝමනස්සයි. විෂාද ලක්ෂණය උපායාසයි. විවිච්චෙව කාමෙහි ආදීන්ගේ අර්ථය විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
විතක්කිතන්ති අභිනිරොපනවසෙන පවත්තො විතක්කො. විචාරිතන්ති අනුමජ්ජනවසෙන පවත්තො විචාරො. එතෙනෙතන්ති එතෙන විතක්කිතෙන ච විචාරිතෙන ච එතං පඨමජ්ඣානං ඔළාරිකං සකණ්ඩකං විය ඛායති.
විතක්කිතං ආරෝපණ වශයෙන් පැවති විතර්කය. විචාරිතං මර්දනය කිරීම් වශයෙන් පැවති විචාරය. එතෙනෙතං යනු මේ විතර්කයෙන්, මර්දනයෙන් ද මේ ප්‍රථමධ්‍යානය ඔළාරිකං කටුවක් ඇති කල්හි මෙන් තැවෙයි.
පීතිගතන්ති පීතියෙව. චෙතසො උප්පිලාවිතත්තන්ති චිත්තස්ස උප්පිලභාවකරණං. චෙතසො ආභොගොති ඣානා වුට්ඨාය තස්මිං සුඛෙ පුනප්පුනං චිත්තස්ස ආභොගො මනසිකාරො සමන්නාහාරොති. සෙසමෙත්ථ දිට්ඨධම්මනිබ්බානවාදෙ උත්තානමෙව.
පීතිගතං යනු ප්‍රීතියයි. චෙතසො උබ්බිල්ලාවිතත්තං යනු සිතෙහි ප්‍රමෝදය ඇතිකරන. චෙතසො ආභාගො යනු ධ්‍යානයෙන් නැගිට එම සැපයෙහි නැවත නැවත සිත වෙළාගැනීම, මනසිකාරය. එක්තැන් කිරීම මෙහි ඉතිරිය දිට්ඨධම්ම නිබ්බාණවාදයෙහි මෙන් නොගැඹුරු අර්ථ ඇත්තේය.
එත්තාවතා සබ්බාපි ද්වාසට්ඨිදිට්ඨියො කථිතා හොන්ති. යාසං සත්තෙව උච්ඡෙදදිට්ඨියො, සෙසා සස්සතදිට්ඨියො.
මෙපමණකින් සියලු දෙසැට මිසදිටු කියන ලද්දේ වෙයි. ඔවුන්ගෙන් සතක් උච්ඡේද දෘෂ්ටීහුය. සෙස්ස ශාස්වත දෘෂ්ටීහුය.
ඉදානි – “ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ”ති ඉමිනා වාරෙන සබ්බෙපි තෙ අපරන්තකප්පිකෙ එකජ්ඣං නිය්යාතෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං විස්සජ්ජෙති. පුන – “ඉමෙහි, ඛො තෙ භික්ඛවෙ”තිආදිනා වාරෙන සබ්බෙපි තෙ පුබ්බන්තාපරන්තකප්පිකෙ එකජ්ඣං නිය්යාතෙත්වා තදෙව ඤාණං විස්සජ්ජෙති. ඉති “කතමෙ ච තෙ, භික්ඛවෙ, ධම්මා”තිආදිම්හි පුච්ඡමානොපි සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පුච්ඡිත්වා විස්සජ්ජමානොපි සත්තානං අජ්ඣාසයං තුලාය තුලයන්තො විය සිනෙරුපාදතො වාලුකං උද්ධරන්තො විය ද්වාසට්ඨි දිට්ඨිගතානි උද්ධරිත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව විස්සජ්ජෙති. එවමයං යථානුසන්ධිවසෙන දෙසනා ආගතා.
දැන් ඉමෙ ඛො තෙ භික්ඛවෙ යනු මේ වාරයෙන් ඒ සියලු අපරන්ත කප්පිකයන් එක්තැනකට පමුණුවා සර්වඥතාඥානය විසඳන සේක. නැවත ඉමෙ ඛො තෙ භික්ඛවෙ ආදී වශයෙන් වාරයෙන් ඒ සියලු පුබ්බන්ත අපරන්ත කප්පිකයන් පමුණුවා එම ඥානයම විසඳන සේක. මෙසේ කතමෙචතෙ භික්ඛවෙ ධම්මා යන ආදියෙහි විමසනු ලබන්නේ සර්වඥතා ඥානයම අසා විසඳනු ලබන්නේද සතුන්ගේ අදහස් තුලාවෙන් කිරන්නාක් මෙන් මහමෙර පතුලෙන් වැලි මතු කරන්නාක් මෙන් දෙසැටක් මිසදිටු උඩට ගෙන සර්වඥතා ඥානයම විසඳු සේක. මෙසේ මෙය යථානුසන්ධි පළමු දේශනාවේ හා පසුව කළ දේශනාවේ යන දෙකෙහි කාරණා ගැලපීම අනුව දේශනාවෙහි ආයේය.
තයො හි සුත්තස්ස අනුසන්ධී – පුච්ඡානුසන්ධි, අජ්ඣාසයානුසන්ධි, යථානුසන්ධීති. තත්ථ “එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච – කිං නු ඛො, භන්තෙ, ඔරිමං තීරං, කිං පාරිමං තීරං, කො මජ්ඣෙ සංසීදො, කො ථලෙ උස්සාදො, කො මනුස්සග්ගාහො, කො අමනුස්සග්ගාහො, කො ආවට්ටග්ගාහො, කො අන්තොපූතිභාවො”ති (සං· නි· 4.241) එවං පුච්ඡන්තානං භගවතා විස්සජ්ජිතසුත්තවසෙන පුච්ඡානුසන්ධි වෙදිතබ්බො.
අනුසන්ධි තුනෙකි. පුච්ඡානුසන්ධි, අජ්ඣානු සන්ධි, යථානුසන්ධි යනුවෙන්. එහි මෙසේ කීකල්හි නන්ද ගෝපාලයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, මෙතෙර යනු කුමක්ද? එතෙර කුමක්ද? මැද කවරෙක් ගිලී සිටීද? ගොඩබිම කුමක් පාවේද? මනුෂ්යභාගය කුමක්ද? අමනුෂ්යභාගය කුමක්ද? ආවර්තභාගය කුමක්ද? ඇතුළත කුණු බව කුමක්දැ’යි මෙසේ විමසන්නවුන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳන ලද සූත්‍ර වශයෙන් පුච්ඡානුසන්ධිය දතයුතුය.
අථ ඛො අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි – “ඉති කිර භො රූපං අනත්තා…, වෙදනා…, සඤ්ඤා…, සඞ්ඛාරා …, විඤ්ඤාණං අනත්තා, අනත්තකතානි කිර කම්මානි කමත්තානං ඵුසිස්සන්තී”ති. අථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි – “ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්යෙන චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය – “ඉති කිර භො රූපං අනත්තා…පෙ… ඵුසිස්සන්තී”ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති (ම· නි· 3.10). එවං පරෙසං අජ්ඣාසයං විදිත්වා භගවතා වුත්තසුත්තවසෙන අජ්ඣාසයානුසන්ධි වෙදිතබ්බො.
ඉක්බිති එක්තරා භික්ෂුවකගේ සිතෙහි මෙබඳු විතර්කයක් පහළවිය. පින්වත, මෙසේ රූපය අනාත්මය. වේදනා-සංඥා-සංඛාර-විඤ්ඤාණ අනාත්මය. කර්මයෝ අනාත්මයෙන් කරන ලද්දෝය. මොවුන්ගෙන් කවරක් ආත්මය ස්පර්ශ කරන්නේද? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගේ සිතෙහි විතර්කය දැන භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. මහණෙනි, ඔබ කුමක් සිතන්නහුද? මෙහි එක් හිස් පුරුෂයෙක් නොදැන අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාධිපති සිතින් ශාස්තෲ ශාසනය ඉක්මවා යා යුතුයයි සිතන්නේය. මෙසේ පින්වත්නි, රූපය අනාත්මය. -පෙ- ස්පර්ශ කරන්නෙක්ද? මහණෙනි, ඔබ කුමක් සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද? මෙසේ අන්‍යයන්ගේ අදහස දැන භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද සූත්‍ර වශයෙන් අජ්ඣාසායානුසන්ධිය දතයුතුය.
යෙන පන ධම්මෙන ආදිම්හි දෙසනා උට්ඨිතා, තස්ස ධම්මස්ස අනුරූපධම්මවසෙන වා පටිපක්ඛවසෙන වා යෙසු සුත්තෙසු උපරි දෙසනා ආගච්ඡති, තෙසං වසෙන යථානුසන්ධි වෙදිතබ්බො. සෙය්යථිදං, ආකඞ්ඛෙය්යසුත්තෙ හෙට්ඨා සීලෙන දෙසනා උට්ඨිතා, උපරි ඡ අභිඤ්ඤා ආගතා. වත්ථසුත්තෙ හෙට්ඨා කිලෙසෙන දෙසනා උට්ඨිතා, උපරි බ්රහ්මවිහාරා ආගතා. කොසම්බකසුත්තෙ හෙට්ඨා භණ්ඩනෙන උට්ඨිතා, උපරි සාරණීයධම්මා ආගතා. කකචූපමෙ හෙට්ඨා අක්ඛන්තියා උට්ඨිතා, උපරි කකචූපමා ආගතා. ඉමස්මිම්පි බ්රහ්මජාලෙ හෙට්ඨා දිට්ඨිවසෙන දෙසනා උට්ඨිතා, උපරි සුඤ්ඤතාපකාසනං ආගතං. තෙන වුත්තං – “එවමයං යථානුසන්ධිවසෙන දෙසනා ආගතා”ති.
යම් ධර්මයකින් ආදියෙහි දේශනාව පැන නැගුණේද, ඒ ධර්මයට අනුරූප ධර්ම වශයෙන් හෝ ප්රතිපක්ෂ ධර්ම වශයෙන් හෝ යම් සූත්‍රයන්හි මත්තෙහි දේශනාවක් පැමිණේද, ඔවුන්ගේ වශයෙන් අනුසන්ධිය අනුව දතයුතුය. ඒ කෙසේද යත්, ආකංඛෙය්‍ය සූත්‍රයෙහි යට සීලයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි අභිඥාසය පැමිණියේය. වත්ථ සූත්‍රයෙහි යට ක්ලේශයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි බ්‍රහ්මවිහාර ආයේය. කොසම්බක සූත්‍රයෙහි යට කලහයෙන් පැන නැගිණ. මත්තෙහි සාරාණීය ධර්ම ආයේය. කකචූපම සූත්‍රයෙහි යට නොඉවසීමෙන් පැන නැගිණ. මත්තෙහි කකචූපමය (කතුරෙහි උපමාව) ආයේය. මේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි යට දෘෂ්ටි වශයෙන් දේශනාව පැන නැගිණ. මත්තෙහි ශුන්‍යතා ප්රකාශනය පැමිණියේය. එහෙයින් කියන ලදී. මෙසේ මෙය අනුසන්ධි පිළිවෙළ වශයෙන් දේශනාව පැමිණියේය.
පරිතස්සිතවිප්ඵන්දිතවාරවණ්ණනා
ඉදානි මරියාදවිභාගදස්සනත්ථං – “තත්ර භික්ඛවෙ”තිආදිකා දෙසනා ආරද්ධා. තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතස්සිතවිප්ඵන්දිතමෙවාති යෙන දිට්ඨිඅස්සාදෙන දිට්ඨිසුඛෙන දිට්ඨිවෙදයිතෙන තෙ සොමනස්සජාතා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි තෙසං භවන්තානං සමණබ්රාහ්මණානං යථාභූතං ධම්මානං සභාවං අජානන්තානං අපස්සන්තානං වෙදයිතං තණ්හාගතානං කෙවලං තණ්හාගතානංයෙව තං වෙදයිතං, තඤ්ච ඛො පනෙතං පරිතස්සිතවිප්ඵන්දිතමෙව. දිට්ඨිසඞ්ඛාතෙන චෙව තණ්හාසඞ්ඛාතෙන ච පරිතස්සිතෙන විප්ඵන්දිතමෙව චලිතමෙව කම්පිතමෙව ථුසරාසිම්හි නිඛාතඛාණුසදිසං, න සොතාපන්නස්ස දස්සනමිව නිච්චලන්ති දස්සෙති. එස නයො එකච්චසස්සතවාදාදීසුපි.
දැන් සීමා විභාග දක්වනු පිණිස තත්ර භික්ඛවෙ ආදිකොට දේශනාව අරඹන ලදී. තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං අජානතං අපස්සතං වෙදයිතං තණ්හාගතානං පරිතසිත විප්ඵන්දිත මෙව යනු යම් දෘෂ්ටි ආස්වාදයකින් දෘෂ්ටි සැපයකින් දෘෂ්ටි වෙදයිතයකින් යමෙක් සොම්නස් ඇත්තාහු ආත්මයද ලෝකයද ශාස්වතයයි කරුණු හතරකින් පනවත්ද, එයද ඒ පින්වත් වූ යථා පරිදි ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා වූ නොබලන්නා වූ වේදයිතයට තෘෂ්ණාවෙන් පැමිණියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හුදෙක් එහ වේදයිතයක් වන්නේ තෘෂ්ණාවෙන් පැමිණියවුන්ට පමණි. එයද බියට පත්ව අසහනයට පත්වීමක්මය. දෘෂ්ටි සංඛ්‍යාතයෙන්, තෘෂ්ණා සංඛ්‍යාතයෙන් බියට පත්ව අසහනයට පත්වීමකි. සැලීමක්මය. කම්පනයක්මය. දහයියා ගොඩක සිටවූ කණුවක් මෙන්. සෝවාන් පුද්ගලයාගේ දර්ශනය මෙන් නිශ්චලයයි දක්වයි. එකච්ච සස්සත ආදියෙහිද මේ ක්‍රමයයි.
ඵස්සපච්චයවාරවණ්ණනා
පුන – “තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා”තිආදි පරම්පරපච්චයදස්සනත්ථං ආරද්ධං. තත්ථ තදපි ඵස්සපච්චයාති යෙන දිට්ඨිඅස්සාදෙන දිට්ඨිසුඛෙන දිට්ඨිවෙදයිතෙන තෙ සොමනස්සජාතා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, තදපි තණ්හාදිට්ඨිපරිඵන්දිතං වෙදයිතං ඵස්සපච්චයාති දස්සෙති. එස නයො සබ්බත්ථ.
නැවත තත්ර භික්ඛවෙ යෙතෙ සමණ බ්රාහ්මණා සස්සතවාදා යනු ආදියෙහි පරප්‍රත්‍යය දැකීම පිණිස අරඹන ලදී. එහි තදපි ඵස්ස පච්චයා යනු යම් දෘෂ්ටි ආස්වාදයකින් දෘෂ්ටි සැපයකින් දෘෂ්ටි වේදයිතයකින් සොම්නසට පත් ඔවුහු ආත්මයද ලෝකයද කරුණු සතරකින් ශාස්වත යයි පනවත්. එයද තෘෂ්ණා දෘෂ්ටියෙන් පැන නැගුණු වේදයිතය ස්පර්ශ ප්‍රත්‍යයෙන් යයි දක්වයි. සියලු තැන මේ ක්‍රමයයි.
ඉදානි තස්ස පච්චයස්ස දිට්ඨිවෙදයිතෙ බලවභාවදස්සනත්ථං පුන – “තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා”තිආදිමාහ. තත්ථ තෙ වත අඤ්ඤත්ර ඵස්සාති තෙ වත සමණබ්රාහ්මණා තං වෙදයිතං විනා ඵස්සෙන පටිසංවෙදිස්සන්තීති කාරණමෙතං නත්ථීති. යථා හි පතතො ගෙහස්ස උපත්ථම්භනත්ථාය ථූණා නාම බලවපච්චයො හොති, න තං ථූණාය අනුපත්ථම්භිතං ඨාතුං සක්කොති, එවමෙව ඵස්සොපි වෙදනාය බලවපච්චයො, තං විනා ඉදං දිට්ඨිවෙදයිතං නත්ථීති දස්සෙති. එස නයො සබ්බත්ථ.
දැන් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙහි දෘෂ්ටි වේදයිතයෙහි බලවත් බව දක්වනු පිණිස නැවත තත්ර භික්ඛවෙ යෙතෙ සමණබ්රාහ්මණා යනු ඒ මහණ බමුණෝ ඒ වේදයිතයෙන් වෙන්ව ස්පර්ශයෙන් පටිසංවෙදිස්සන්ති දැනගන්නාහුය යන කරුණක් නැත. යම් සේ කඩාවැටෙන ගෙයට උපස්තම්භ පිණිස කණුව නම් බලවත් ප්‍රත්‍යයක් වේද, එය කණුවෙන් උපස්තම්භිත නොවී සිටින්නට නොහැකි වේද. මෙසේම ස්පර්ශයද වේදනාවට බලවත් ප්‍රත්‍යයක් වේ. එය හැර මේ දෘෂ්ටි වේදයිතය නැතැයි දක්වයි. සියලු තැන මේ ක්‍රමයයි.
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථාවණ්ණනා
ඉදානි තත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි, යෙපි තෙ සමණබ්රාහ්මණා එකච්චසස්සතිකාතිආදිනා නයෙන සබ්බදිට්ඨිවෙදයිතානි සම්පිණ්ඩෙති. කස්මා? උපරි ඵස්සෙ පක්ඛිපනත්ථාය. කථං? සබ්බෙ තෙ ඡහි ඵස්සායතනෙහි ඵුස්ස ඵුස්ස පටිසංවෙදෙන්තීති. තත්ථ ඡ ඵස්සායතනානි නාම – චක්ඛුඵස්සායතනං, සොතඵස්සායතනං, ඝානඵස්සායතනං, ජිව්හාඵස්සායතනං, කායඵස්සායතනං, මනොඵස්සායතනන්ති ඉමානි ඡ. සඤ්ජාති-සමොසරණ-කාරණ-පණ්ණත්තිමත්තත්ථෙසු හි අයං ආයතනසද්දො පවත්තති. තත්ථ – “කම්බොජො අස්සානං ආයතනං, ගුන්නං දක්ඛිණාපථො”ති සඤ්ජාතියං පවත්තති, සඤ්ජාතිට්ඨානෙති අත්ථො. “මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විහඞ්ගමා”ති (අ· නි· 5.38) සමොසරණෙ. “සති සතිආයතනෙ”ති (අ· නි· 3.102) කාරණෙ. “අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු සම්මන්තී”ති (සං· නි· 1.255) පණ්ණත්තිමත්තෙ. ස්වායමිධ සඤ්ජාතිආදිඅත්ථත්තයෙපි යුජ්ජති. චක්ඛාදීසු හි ඵස්සපඤ්චමකා ධම්මා සඤ්ජායන්ති සමොසරන්ති, තානි ච තෙසං කාරණන්ති ආයතනානි. ඉධ පන “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො”ති (සං· නි· 2.43) ඉමිනා නයෙන ඵස්සසීසෙනෙව දෙසනං ආරොපෙත්වා ඵස්සං ආදිං කත්වා පච්චයපරම්පරං දස්සෙතුං ඵස්සායතනාදීනි වුත්තානි.
දැන් තත්ර භික්ඛවෙ සමණ බ්රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානංව ලොකංච පඤ්ඤාපෙත්ති, චතුහි වත්ථූහි, යෙපි තෙ සමණ බ්රාහ්මණා එකච්චසස්සතිකා යයි ආදි ක්‍රමයෙන් සියලු දෘෂ්ටි වේදයිතයන් සම්පිණ්ඩනය කරයි. කුමක් නිසාද? මත්තෙහි ස්පර්ශයන් ප්රක්ෂේපෙනය කිරීම පිණිසය. කෙසේද? සබ්බෙ තෙ ඡහි ඵස්සායතනෙහි ඵුස්ස ඵුස්ස පටිසංවෙදෙන්ති. එහි ඵස්සායතන හය නම් ඇස ඵස්සායතනයකි. කන -පෙ- නාසය, දිව, ශරීරය, සිත, ඵස්සායතනයි. මේ හය සඤ්ජාති, සමොසරණ, කාරණ, පණ්ණන්ති මාත්රයන්හි මේ ආයතන ශබ්දය පවතී. එහි කාම්බෝජය අශ්වයන්ට ආයතනයකි. ගොනුන්ට දක්ෂිණාපථය ආයතනයකි යන්න සංජාතියෙහි පවතී. උපන් ස්ථානය යන අර්ථයි. ‘මනොරමෙ ආයතනෙ සෙවත්තීනං විභංගමා’යනු හැසිරෙන ස්ථානයෙහි. ‘ආයතනය ඇති කල්හි’යනු කාරණයෙහි. ‘අරණ්යාතනයෙහි පත්කුටිවල නිසලව වෙසෙත් යනු ප්රඥප්ති මාත්‍රයෙහි මෙය මෙහි සංජාති ආදී අර්ථ තුනෙහිම යෙදේ. චක්ෂු ආදීන්හි ඵස්සය පස්වනිකොට ඇති ධර්ම හටගනී. හැසිරේ. ඒවාද ඒවාට කාරණයැයි ආයතන නම් වේ. මෙහි වනාහි ඇසද රූපද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. තුනෙහි එකතුව ඵස්සයයි යන මේ ක්‍රමයෙන් ස්පර්ශ ශීර්ෂයෙන්ම දේශනාව ආරෝපණය කොට ඵස්සය ආදිකොට පච්චය පරම්පරාව දක්වන්ට ‘ඡඵස්සායතනානි’යයි කියන ලදී.
ඵුස්ස ඵුස්ස පටිසංවෙදෙන්තීති ඵුසිත්වා ඵුසිත්වා පටිසංවෙදෙන්ති. එත්ථ ච කිඤ්චාපි ආයතනානං ඵුසනකිච්චං විය වුත්තං, තථාපි න තෙසං ඵුසනකිච්චතා වෙදිතබ්බා. න හි ආයතනානි ඵුසන්ති, ඵස්සොව තං තං ආරම්මණං ඵුසති, ආයතනානි පන ඵස්සෙ උපනික්ඛිපිත්වා දස්සිතානි; තස්මා සබ්බෙ තෙ ඡ ඵස්සායතනසම්භවෙන ඵස්සෙන රූපාදීනි ආරම්මණානි ඵුසිත්වා තං දිට්ඨිවෙදනං පටිසංවෙදයන්තීති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
ඵුස්ස ඵුස්ස පටිසංවෙදෙන්ති යනු ස්පර්ශකොට දැනගනිත්. මෙහිද යම්කිසි ආයතනයන්ගේ ස්පර්ශ කෘත්‍යය මෙන් කියන ලදී. එසේ වුවත් ඔවුන්ගේ ස්පර්ශ කෘත්‍යය නොදත යුතුය. ආයතන ස්පරශ නොකරත්. ස්පර්ශයම ඒ ඒ අරමුණ ස්පර්ශ කරයි. ආයතන ස්පර්ශයෙහි ළඟ තබා දක්වන ලදී. ඒ නිසා ඒ සියල්ල ෂට් ස්පර්ශ ආයතන නිසා හටගන්නා ස්පර්ශයෙන් රූපාදී අරමුණු ස්පර්ශ කොට ඒ දෘෂ්ටි වේදනාව දැනගනිත් යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
තෙසං වෙදනාපච්චයා තණ්හාතිආදීසු වෙදනාති ඡ ඵස්සායතනසම්භවා වෙදනා. සා රූපතණ්හාදිභෙදාය තණ්හාය උපනිස්සයකොටියා පච්චයො හොති. තෙන වුත්තං – “තෙසං වෙදනාපච්චයා තණ්හා”ති. සා පන චතුබ්බිධස්ස උපාදානස්ස උපනිස්සයකොටියා චෙව සහජාතකොටියා ච පච්චයො හොති. තථා උපාදානං භවස්ස. භවො ජාතියා උපනිස්සයකොටියා පච්චයො හොති.
තෙසං වෙදනා පච්චයා තණ්හා යන ආදීන්හි වෙදනා යනු ස්පර්ශ හයෙන් හටගත් වේදනාවයි. එය රූප තණ්හා ආදී භේද ඇති තණ්හාවෙහි උපනිශ්‍රය කෙළවරින් ප්‍රත්‍ය වේ. එහෙයින් කියන ලදී. ඔවුන්ගේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා යි එය සිව්වැදෑරුම් වූ උපාදානයාගේ උපනිශ්‍රය කෙළවරින් ද සහජාත කෙළවරින්ද ප්‍රත්‍ය වෙයි. උපාදානය භවයට ප්‍රත්‍යය වන්නේද එසේය. භවය ජාතියෙහි උපනිශ්‍රය කෙළවරින් ප්‍රත්‍ය වෙයි.
ජාතීති පනෙත්ථ සවිකාරා පඤ්චක්ඛන්ධා දට්ඨබ්බා, ජාති ජරාමරණස්ස චෙව සොකාදීනඤ්ච උපනිස්සයකොටියා පච්චයො හොති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන පටිච්චසමුප්පාදකථා විසුද්ධිමග්ගෙ වුත්තා. ඉධ පනස්ස පයොජනමත්තමෙව වෙදිතබ්බං. භගවා හි වට්ටකථං කථෙන්තො – “පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය, ‘ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සමභවී’ති එවඤ්චෙතං, භික්ඛවෙ, වුච්චති, අථ ච පන පඤ්ඤායති “ඉදප්පච්චයා අවිජ්ජා”ති (අ· නි· 10.61) එවං අවිජ්ජාසීසෙන වා, පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති භවතණ්හාය…පෙ… “ඉදප්පච්චයා භවතණ්හා”ති (අ· නි· 10.62) එවං තණ්හාසීසෙන වා, පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති භවදිට්ඨියා…පෙ… “ඉදප්පච්චයා භවදිට්ඨී”ති එවං දිට්ඨිසීසෙන වා කථෙසි”. ඉධ පන දිට්ඨිසීසෙන කථෙන්තො වෙදනාරාගෙන උප්පජ්ජමානා දිට්ඨියො කථෙත්වා වෙදනාමූලකං පටිච්චසමුප්පාදං කථෙසි. තෙන ඉදං දස්සෙති – “එවමෙතෙ දිට්ඨිගතිකා, ඉදං දස්සනං ගහෙත්වා තීසු භවෙසු චතූසු යොනීසු පඤ්චසු ගතීසු සත්තසු විඤ්ඤාණට්ඨිතීසු නවසු සත්තාවාසෙසු ඉතො එත්ථ එත්තො ඉධාති සන්ධාවන්තා සංසරන්තා යන්තෙ යුත්තගොණො විය, ථම්භෙ උපනිබද්ධකුක්කුරො විය, වාතෙන විප්පන්නට්ඨනාවා විය ච වට්ටදුක්ඛමෙව අනුපරිවත්තන්ති, වට්ටදුක්ඛතො සීසං උක්ඛිපිතුං න සක්කොන්තී”ති.
ජාති යනු මෙහි විකාර සහිත පංචස්කන්ධයෝ දතයුත්තාහ. ජාතිය ජරාමරණයටද සෝකාදීන්ටද උපනිශ්‍රය කෙළවරින් ප්‍රත්‍ය වෙයි. මේ මෙහි සංක්ෂේපෙයයි. විස්තර වශයෙන් පටිච්ච සමුප්පාද කථාව විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. මෙහිදි එහි ඍද්ධි මාත්‍රයම දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ සංසාර කථා කියන සේක් ‘මහණෙනි, අවිද්‍යාවෙහි පෙර කෙළවර නොපෙනේ. මින් පෙර අවිද්‍යාව නොවීය. ඉක්බිති පසුව හටගති. මහණෙනි, මෙය මෙසේද කියනු ලැබේ. එහෙත් ඒ හේතුවෙන්ම හටගත් අවිද්‍යාව වෙයි. මෙසේ අවිද්‍යා ශීර්ෂයෙන් හෝ ‘මහණෙනි, භව තෘෂ්ණාවෙහි පෙර කෙළවර නොපෙනේ. භව තෘෂ්ණාවෙහි -පෙ- ඉන් හටගත් භව තෘෂ්ණාව වෙයි. මෙසේ තෘෂ්ණා ශීර්ෂයෙන් හෝ ‘මහණෙනි, භව දෘෂ්ටියෙහි පෙර කෙළවර නොපෙනේ. -පෙ- ඉන් හටගත් භව දෘෂ්ටිය වේ. මෙසේ දෘෂ්ටි ශීර්ෂයෙන් හෝ කියන සේක. මෙහි වනාහි දෘෂ්ටි ශීර්ෂයෙන් කියන සේක් වේදනා රාගයෙන් උපදින්නා වූ දෘෂ්ටීන් කියා වේදනා මූලක පටිච්ච සමුප්පාදය කී සේක. එයින් මෙය දක්වයි. මෙසේ මේ දෘෂ්ටිගතිකයෝ මේ දර්ශනය ගෙන භවත්‍රයෙහි, සිව්යෝනියෙහි, පංච ගතීන්හි, සත් විඤ්ඤාණ ඨිතින්හි නව සත්තාවාසවල එතැනින් මෙතැනටත් මෙතැනින් එතැනටත් දුවන්නාහු සරන්නාහු යන්ත්‍රයෙහි යෙදූ ගොනු මෙන් ටැඹෙහි බැඳි බල්ලන් මෙන්, වාතයෙන් නැසුණු නැව මෙන්ද සංසාර දුඃඛයෙහිම පෙරළෙත්. සංසාර දුඃඛයෙන් හිස ඔසවන්ට නොහැකි වෙත්.
විවට්ටකථාදිවණ්ණනා
එවං දිට්ඨිගතිකාධිට්ඨානං වට්ටං කථෙත්වා ඉදානි යුත්තයොගභික්ඛුඅධිට්ඨානං කත්වා විවට්ටං දස්සෙන්තො – “යතො ඛො, භික්ඛවෙ, භික්ඛූ”තිආදිමාහ. තත්ථ යතොති යදා. ඡන්නං ඵස්සායතනානන්ති යෙහි ඡහි ඵස්සායතනෙහි ඵුසිත්වා පටිසංවෙදයමානානං දිට්ඨිගතිකානං වට්ටං වත්තති, තෙසංයෙව ඡන්නං ඵස්සායතනානං. සමුදයන්තිආදීසු අවිජ්ජාසමුදයා චක්ඛුසමුදයොතිආදිනා වෙදනාකම්මට්ඨානෙ වුත්තනයෙන ඵස්සායතනානං සමුදයාදයො වෙදිතබ්බා. යථා පන තත්ථ “ඵස්සසමුදයා ඵස්සනිරොධා”ති වුත්තං, එවමිධ, තං චක්ඛාදීසු – “ආහාරසමුදයා ආහාරනිරොධා”ති වෙදිතබ්බං. මනායතනෙ “නාමරූපසමුදයා නාමරූපනිරොධා”ති.
මෙසේ දෘෂ්ටිගතික ස්ථාන වූ සංසාරය කියා දැන් උත්සාහයෙහි යෙදුණු භික්ෂුව අදිටන්කොට නිර්වාණය දක්වන සේක් යතො ඛො භික්ඛවෙ භික්ඛු යනාදිය කී සේක. එහි යතො යනු යම්කලෙක ඡන්නං ඵස්සායතනානං යනු යම් ඵස්සායතනයන්ගෙන් ස්පර්ශ කොට දැනගන්නා දෘෂ්ටිගතිකයන්ට සංසාරය පවතී. ඒ ඵස්සායතන සයෙහි. සමුදයං යනාදී තන්හි අවිද්‍යා සමුදයෙන් චක්ඛු සමුදයයි ආදි ක්‍රමයෙන් වේදනා කර්මස්ථානයෙහි කියන ලද පරිදි ඵස්සායතනයන්ගේ සමුදය දතයුතුය. යම්සේ ඒ ඒ තැන ‘ඵස්ස සමුදයා ඵස්ස නිරෝධා’යයි කියන ලද ද එසේ මෙහි ඒ චක්ෂු ආදීන්හි ‘ආහාර සමුදයා ආහාර නිරෝධා’යයි දතයුතුය. මනායතනයෙහි ‘නාමරූප සමුදයා නාමරූප නිරෝධා’යයි දතයුතුය.
උත්තරිතරං පජානාතීති දිට්ඨිගතිකො දිට්ඨිමෙව ජානාති. අයං පන දිට්ඨිඤ්ච දිට්ඨිතො ච උත්තරිතරං සීලසමාධිපඤ්ඤාවිමුත්තින්ති යාව අරහත්තා ජානාති. කො එවං ජානාතීති? ඛීණාසවො ජානාති, අනාගාමී, සකදාගාමී, සොතාපන්නො, බහුස්සුතො, ගන්ථධරො භික්ඛු ජානාති, ආරද්ධවිපස්සකො ජානාති. දෙසනා පන අරහත්තනිකූටෙනෙව නිට්ඨාපිතාති.
උත්තරීතරං පජානාති යනු දෘෂ්ටිගතිකයා දෘෂ්ටියම දනී. මෙය වනාහි දෘෂ්ටියත් දෘෂ්ටියට වැඩිතරම් වූ ශීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය යනුවෙන් අර්හත්වය තෙක් දනී. මෙසේ කවරෙක් දනීද? ක්ෂීණාශ්රව තෙමේ දනී. අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න, බහුශ්‍රැත, ග්‍රන්ථධර භික්ෂුව දනී. ඇරඹූ විදර්ශනා ඇති තැනැත්තේ දනී. දේශනාව අර්හත්වය කුළුගැන්වීමෙන් නිමවන ලදී.
එවං විවට්ටං කථෙත්වා ඉදානි “දෙසනාජාලවිමුත්තො දිට්ඨිගතිකො නාම නත්ථී”ති දස්සනත්ථං පුන – “යෙ හි කෙචි, භික්ඛවෙ”ති ආරභි. තත්ථ අන්තොජාලීකතාති ඉමස්ස මය්හං දෙසනාජාලස්ස අන්තොයෙව කතා. එත්ථ සිතා වාති එතස්මිං මම දෙසනාජාලෙ සිතා නිස්සිතා අවසිතාව. උම්මුජ්ජමානා උම්මුජ්ජන්තීති කිං වුත්තං හොති? තෙ අධො ඔසීදන්තාපි උද්ධං උග්ගච්ඡන්තාපි මම දෙසනාජාලෙ සිතාව හුත්වා ඔසීදන්ති ච උග්ගච්ඡන්ති ච. එත්ථ පරියාපන්නාති එත්ථ මය්හං දෙසනාජාලෙ පරියාපන්නා, එතෙන ආබද්ධා අන්තොජාලීකතා ච හුත්වා උම්මුජ්ජමානා උම්මුජ්ජන්ති, න හෙත්ථ අසඞ්ගහිතො දිට්ඨිගතිකො නාම අත්ථීති.
මෙසේ නිර්වාණය කියා දැන් ‘දේශනා ජාලයෙන් විමුක්ත වූ දෘෂ්ටිගතිකයෙක් නම් නැතැ’යි දැක්වීම පිණිස නැවත යෙහි කෙචි භික්ඛවෙ යනුවෙන් ඇරඹූ සේක. එහි අන්තො ජාළිකතා යනු මාගේ මේ දේශනා ජාලයෙහි ඇතුළත් කරන ලදී. එත්ථසිතාව මාගේ ඒ දේශනා ජාලයෙහි ඇලිණ. ගැලිණ. රැඳිණ. උම්මුජ්ජමානා උම්මජ්ජන්ති යනුවෙන් කුමක් කියන ලද්දේ වේද, යටට කිමිදෙන්නෝද උඩට පැමිණෙන්නෝද මාගේ දේශනා ජාලයෙහි ඇලුණෝමැ කිමිදෙත්. උඩට පැමිණෙත්. එත්ථපරියාපන්තා යනු මෙහි මාගේ දේශනා ජාලයෙහි බැසගත්තාහුය. එයින් බැඳුණාහුය. ජාලය ඇතුළට පැමිණියාහුව උඩට එන්නාහු උඩට එන්නාහුමය. මෙහි නොපිළිගත් දෘෂ්ටිගතිකයෙක් නම් නැත.
සුඛුමච්ඡිකෙනාති සණ්හඅච්ඡිකෙන සුඛුමච්ඡිද්දෙනාති අත්ථො. කෙවට්ටො විය හි භගවා, ජාලං විය දෙසනා, පරිත්තඋදකං විය දසසහස්සිලොකධාතු, ඔළාරිකා පාණා විය ද්වාසට්ඨිදිට්ඨිගතිකා. තස්ස තීරෙ ඨත්වා ඔලොකෙන්තස්ස ඔළාරිකානං පාණානං අන්තොජාලීකතභාවදස්සනං විය භගවතො සබ්බදිට්ඨිගතානං දෙසනාජාලස්ස අන්තොකතභාවදස්සනන්ති එවමෙත්ථ ඔපම්මසංසන්දනං වෙදිතබ්බං.
සුඛුමච්ඡිකෙන යනු කුඩා ඇස් ඇති, සියුම් සිදුරු ඇති යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ කෙවට්ටො මස් මරන්නකු මෙනි. දේශනාව ජාලං විය. දැලවන්න. පරිත්ත උදකං මඳ ජලය දසදහසක් ලෝකධාතු වැනිය. ඔළාරිකපාණා දෙසැටක් මිසදිටු ගත්තෝ ඕළාරික ප්‍රාණීන් වැන්න. එහි ඉවුරෙහි සිට බලන්නහුට ඕළාරික ප්‍රාණීන් දැල තුළට ගිය බව දැකීම සියලු දෘෂ්ටිගතිකයන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාජාලය තුලට ඇතුල් වූ බව දැකීම මෙනි. මෙසේ මෙහි උපමා සංසන්දනය දතයුතුය.
එවං ඉමාහි ද්වාසට්ඨියා දිට්ඨීහි සබ්බදිට්ඨීනං සඞ්ගහිතත්තා සබ්බෙසං දිට්ඨිගතිකානං එතස්මිං දෙසනාජාලෙ පරියාපන්නභාවං දස්සෙත්වා ඉදානි අත්තනො කත්ථචි අපරියාපන්නභාවං දස්සෙන්තො – “උච්ඡින්නභවනෙත්තිකො, භික්ඛවෙ, තථාගතස්ස කායො”තිආදිමාහ. තත්ථ නයන්ති එතායාති නෙත්ති. නයන්තීති ගීවාය බන්ධිත්වා ආකඩ්ඪන්ති, රජ්ජුයා එතං නාමං. ඉධ පන නෙත්තිසදිසතාය භවතණ්හා නෙත්තීති අධිප්පෙතා. සා හි මහාජනං ගීවාය බන්ධිත්වා තං තං භවං නෙති උපනෙතීති භවනෙත්ති. අරහත්තමග්ගසත්ථෙන උච්ඡින්නා භවනෙත්ති අස්සාති උච්ඡින්නභවනෙත්තිකො.
මේ මේ දෙසැට මිසදිටුවල සියලු මිසදිටු සංග්‍රහ වූ බැවින් සියලු දෘෂ්ටිගතිකයන් මෙම දේශනා ජාලයෙහි ඇතුළට පැමිණි බව දක්වා දැන් තමා කිසියම්තැනෙක ඇතුළත් නොවූ බව දක්වන සේක් උච්ඡින්න භවනෙත්තිකො භික්ඛවෙ තථාගතස්ස කායො යනාදිය කී සේක. එහි, මෙයින් ගෙනයානුයි නෙත්ති, නයන්ති යනු බෙල්ලෙන් බැඳ අදින රැහැන මෙනම් වේ. මෙහි අදින රැහැනක් වැනි බැවින් භව තෘෂ්ණාව නෙත්ති යැයි අදහස් කරන ලදී. එය මහජනයා බෙල්ලෙන් බැඳගෙන මෙන් ඒ ඒ භවයට පමුණුවතියි එළඹවතියි භවනෙත්ති වේ. එය අර්හත් මාර්ගය නමැති ආයුධයෙන් සිඳින ලද්දේනුයි උච්ඡින්න භවනෙත්තිකො
කායස්ස භෙදා උද්ධන්ති කායස්ස භෙදතො උද්ධං. ජීවිතපරියාදානාති ජීවිතස්ස සබ්බසො පරියාදින්නත්තා පරික්ඛීණත්තා, පුන අප්පටිසන්ධිකභාවාති අත්ථො. න තං දක්ඛන්තීති තං තථාගතං. දෙවා වා මනුස්සා වා න දක්ඛිස්සන්ති, අපණ්ණත්තිකභාවං ගමිස්සතීති අත්ථො.
කායස්ස භේධා උද්ධං යනු කය බිඳීමට පසු. ජීවිත පරියාදානා යනු ජීවිතය සර්වාකාරයෙන් සිහිකර ඇති බැවින් ක්ෂීණ වූ බැවින් නැවත පිළිසිඳ ගැනීමක් නැති බව යන අර්ථයි. නතං දක්ඛින්ති යනු දෙවියෝ හෝ මනුෂ්‍යයෝ හෝ තථාගතයන් නොදකිති. නමක් නැති බවට යන්නේය යන අර්ථයි.
සෙය්යථාපි, භික්ඛවෙති, උපමායං පන ඉදං සංසන්දනං. අම්බරුක්ඛො විය හි තථාගතස්ස කායො, රුක්ඛෙ ජාතමහාවණ්ටො විය තං නිස්සාය පුබ්බෙ පවත්තතණ්හා. තස්මිං වණ්ටෙ උපනිබද්ධා පඤ්චපක්කද්වාදසපක්කඅට්ඨාරසපක්කපරිමාණා අම්බපිණ්ඩී විය තණ්හාය සති තණ්හූපනිබන්ධනා හුත්වා ආයතිං නිබ්බත්තනකා පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො. යථා පන තස්මිං වණ්ටෙ ඡින්නෙ සබ්බානි තානි අම්බානි තදන්වයානි හොන්ති, තංයෙව වණ්ටං අනුගතානි, වණ්ටච්ඡෙදා ඡින්නානි යෙවාති අත්ථො; එවමෙව යෙ භවනෙත්තිවණ්ටස්ස අනුපච්ඡින්නත්තා ආයතිං උප්පජ්ජෙය්යුං පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරසධාතුයො, සබ්බෙ තෙ ධම්මා තදන්වයා හොන්ති භවනෙත්තිං අනුගතා, තාය ඡින්නාය ඡින්නා යෙවාති අත්ථො.
සෙය්යථාපි භික්ඛවෙ යනු උපමාවෙහි මෙය සැසඳීමයි. තථාගතයන් වහන්සේ ගේ සිරුර අඹරුකක් මෙනි. රුකෙහි හටගත් මහා නටුව මෙනි. ඒ ඇසුරුකොට පෙර පැවති තෘෂ්ණාව, ඒ නටුවෙහි බැඳුණු ගෙඩි පහක්, දොළොසක්, දහඅටක් ගෙඩි ඇති අඹවලු මෙනි. තෘෂ්ණාව ඇති කල්හි තෘෂ්ණාවෙහි බැඳී නැවත උපදනා පංචස්කන්ධ ද්වාදස ආයතන අටළොස් ධාතු යම් සේ ඒ නටුව සිඳ දැමූවිට ඒ සියලු අඹ ඒ අනුව යන්නේ වේද, ඒ නටුවම අනුව ගියේය. නටුව සිඳ දැමීමෙන් සිඳදමන ලද්දේම වෙයි යන අර්ථයි. එවමෙව භවනෙත්ති නටුව නොසිඳින ලද බැවින් පංචස්කන්ධ, ද්වාදසායතන, අටළොස් ධාතූහු නැවත උපදින්නාහුය. ඒ සියලු ධර්මයෝ ඒ අනුව යන්නෝම වෙති. භව නෙත්තියව අනුගත වෙත්. එය සිඳින ලද බැවින් සිඳුණාහුම වෙති යන අර්ථයි.
යථා පන තස්මිම්පි රුක්ඛෙ මණ්ඩූකකණ්ටකවිසසම්ඵස්සං ආගම්ම අනුපුබ්බෙන සුස්සිත්වා මතෙ – “ඉමස්මිං ඨානෙ එවරූපො නාම රුක්ඛො අහොසී”ති වොහාරමත්තමෙව හොති, න තං රුක්ඛං කොචි පස්සති, එවං අරියමග්ගසම්ඵස්සං ආගම්ම තණ්හාසිනෙහස්ස පරියාදින්නත්තා අනුපුබ්බෙන සුස්සිත්වා විය භින්නෙ ඉමස්මිං කායෙ, කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා න තං දක්ඛන්ති, තථාගතම්පි දෙවමනුස්සා න දක්ඛිස්සන්ති, එවරූපස්ස නාම කිර සත්ථුනො ඉදං සාසනන්ති වොහාරමත්තමෙව භවිස්සතීති අනුපාදිසෙසනිබ්බානධාතුං පාපෙත්වා දෙසනං නිට්ඨපෙසි.
යම්සේ එම රුක සර්පයන්ගේ විෂ ගෑවී පිළිවෙළින් වියලී මළ කල්හි ‘මෙතැන මෙබඳු රුකක් වීයැයි යන ව්‍යවහාර මාත්‍රයම වේද, ඒ රුක කිසිවෙක් නොදකීද, එසේ ආර්යමාර්ග විෂ ගෑවී තෘෂ්ණා ස්නේහය නැතිවූ බැවින් පිළිවෙළින් වියලීගොස් මෙන් බිඳුණු කල්හි මේ කයෙහි කය බිඳීමෙන් මත්තෙහි ජීවිත පැවැත්මක් නො දකිත්ද, දෙවියෝද මනුෂ්‍යයෝද තථාගතයන් නොදකිති. ‘මේ ‘සසුන එබඳු වූ ශාස්තෲවරයකුගේ යැයි ව්‍යවහාර මාත්‍රයක්ම වන්නේය. අනුපාදිසේස නිර්වාණ ධාතුවට පමුණුවා දේශනාව නිමවා වදාළ සේක.
එවං වුත්තෙ ආයස්මා ආනන්දොති එවං භගවතා ඉමස්මිං සුත්තෙ වුත්තෙ ථෙරො ආදිතො පට්ඨාය සබ්බං සුත්තං සමන්නාහරිත්වා එවං බුද්ධබලං දීපෙත්වා කථිතසුත්තස්ස න භගවතා නාමං ගහිතං, හන්දස්ස නාමං ගණ්හාපෙස්සාමීති චින්තෙත්වා භගවන්තං එතදවොච.
එවං වුත්තෙ ආයසමා ආනන්දො යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනා කරන ලද කල්හි තෙරුන්වහන්සේ මුලපටන් සියලු සූත්‍රය ගෙනහැර දක්වා මෙසේ බුද්ධබලය විස්තර කොට කියන ලද සූත්‍රයට භාග්‍යවතුන් වහන්සේ විසින් නමක් නොදෙන ලදී. ඒ නිසා එයට නමක් ගන්වන්නෙමියි සිතා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
තස්මාතිහ ත්වන්තිආදීසු අයමත්ථයොජනා – ආනන්ද, යස්මා ඉමස්මිං ධම්මපරියායෙ ඉධත්ථොපි පරත්ථොපි විභත්තො, තස්මාතිහ ත්වං ඉමං ධම්මපරියායං “අත්ථජාල”න්තිපි නං ධාරෙහි; යස්මා පනෙත්ථ බහූ තන්තිධම්මා කථිතා, තස්මා “ධම්මජාල”න්තිපි නං ධාරෙහි; යස්මා ච එත්ථ සෙට්ඨට්ඨෙන බ්රහ්මං සබ්බඤ්ඤුතඤ්ඤාණං විභත්තං, තස්මා “බ්‍රහ්මජාල”න්තිපි නං ධාරෙහි; යස්මා එත්ථ ද්වාසට්ඨිදිට්ඨියො විභත්තා, තස්මා “දිට්ඨිජාල”න්තිපි නං ධාරෙහි; යස්මා පන ඉමං ධම්මපරියායං සුත්වා දෙවපුත්තමාරම්පි ඛන්ධමාරම්පි මච්චුමාරම්පි කිලෙසමාරම්පි සක්කා මද්දිතුං, තස්මා “අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහී”ති.
තස්මාතිහ ත්වං ආදී තන්හි මේ අර්ථ යෙදුමයි. ‘ආනන්ද, මෙහි යම් හේතුවක් නිසාද මේ ධර්ම පර්යායෙහි මෙලොව අර්ථයත් පරලොව අර්ථයත් බෙදා දක්වන ලදී. තස්මාතිහ ත්වං මෙ ධම්ම පරියාය අත්ථජාලනත්තිපි නං ධාරෙහි යම්හෙයකින් මෙහි බොහෝ පාලි ධර්මය කියන ලද්දේ ද, ඒ නිසා ධම්මජාලනත්තිපි තං ධාරෙහි = ධර්ම ජාලයයි කියාද දරහි. මෙහි ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්ම වූ සර්වඥතාඥානය විභාග කරන ලද්දේ ද ඒ නිසා බ්‍රහ්මජාලන්තිපි තං ධාරෙහි බ්‍රහ්මජාල කියාද දරහි. යම්හෙයකින් මෙහි දෙසැට මිසදිටු විභාග කරන ලද්දේ ද ඒ නිසා දිට්ඨි ජාලන්ති පි තං ධාරෙහි දෘෂ්ටි ජාලය කියාද දරහි. යම්හෙයකින් මේ ධර්ම පර්යාය අසා දේවපුත්‍ර මාරයාද, මෘත්යුමාරයාද ක්ලේශ මාරයාද මර්දනය කිරීමට හැක්කේද ඒ නිසා අනුත්තරො සංගාම විජයොතිපි තං ධාරෙහි අනුත්තර වූ සංග්රාම විජය යයි කියාද එය දරහි.
ඉදමවොච භගවාති ඉදං නිදානාවසානතො පභුති යාව “අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහී”ති සකලං සුත්තන්තං භගවා පරෙසං පඤ්ඤාය අලබ්භනෙය්යපතිට්ඨං පරමගම්භීරං සබ්බඤ්ඤුතඤ්ඤාණං පකාසෙන්තො සූරියො විය අන්ධකාරං දිට්ඨිගතමහන්ධකාරං විධමන්තො අවොච.
ඉදමවොච භගවා යනු නිදාන අවසානයෙහි සිට අනුත්තරො සංගාම විජයොතිපි තං ධාරෙහි යනුවෙන් සකල සූත්‍රාන්තය භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොලැබිය හැකි පරමගම්භීර වූ සර්වඥතා ඥානය ප්‍රකාශ කරන සේක්, දෘෂ්ටිගත ගනඳුර දුරලන සූර්යයා මෙන් වදාළ සේක.
අත්තමනා තෙ භික්ඛූති තෙ භික්ඛූ අත්තමනා සකමනා, බුද්ධගතාය පීතියා උදග්ගචිත්තා හුත්වාති වුත්තං හොති. භගවතො භාසිතන්ති එවං විචිත්රනයදෙසනාවිලාසයුත්තං ඉදං සුත්තං කරවීකරුතමඤ්ජුනා කණ්ණසුඛෙන පණ්ඩිතජනහදයානං අමතාභිසෙකසදිසෙන බ්රහ්මස්සරෙන භාසමානස්ස භගවතො වචනං. අභිනන්දුන්ති අනුමොදිංසු චෙව සම්පටිච්ඡිංසු ච. අයඤ්හි අභිනන්දසද්දො – “අභිනන්දති අභිවදතී”තිආදීසු (සං· නි· 3.5) තණ්හායම්පි ආගතො. “අන්නමෙවාභිනන්දන්ති, උභයෙ දෙවමානුසා”තිආදීසු (සං· නි· 1.43) උපගමනෙපි.
අත්තමනා තෙ භික්ඛු යනු සතුටට පත්වූවාහු, තම මනසින් බුදුන් වෙත ගිය ප්‍රීතියෙන් උද්දාම වූ සිත් ඇත්තෝ යයි කියන ලද්දේ වෙයි. භගවතො භාසිතං යනු මෙසේ විචිත්රනය දේශනා විලාසයෙන් යුත් මේ සූත්‍රය කෝකිල නාදයක් වැනි මිහිරි වූ කන් පිනවන නුවණැත්තන්ගේ හදවත් තුළට අමෘතය ඉසින්නාක් වැනි බ්‍රහ්ම ස්වරයෙන් බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දුං යනු ප්රමෝදයට පත්වූවෝද මැනවින් පිළිගත්තෝද වූහ. මේ අභිනන්දන ශබ්දය අභිනන්දති අභිවදති ආදී තන්හි තෘෂ්ණාවටද කියන ලද්දේය. ‘අන්නමෙවාහි නන්දන්ති උභයෙ දෙවමානුසා’ආදී තන්හි පැමිණීම යන අර්ථයෙහි ද යෙදේ.
“චිරප්පවාසිං පුරිසං, දූරතො සොත්ථිමාගතං; ඤාතිමිත්තා සුහජ්ජා ච, අභිනන්දන්ති ආගත”න්ති. (ධ· ප· 219);
බොහෝ කල් බැහැර වැස - දුරුරට සිට සපැමිණියකු නෑමිතුරෝ සහෘදයෝ - සතුටු සිතින් පිළිගනිති.
ආදීසු සම්පටිච්ඡනෙපි. “අභිනන්දිත්වා අනුමොදිත්වා”තිආදීසු (ම· නි· 1.205) අනුමොදනෙපි. ස්වායමිධ අනුමොදනසම්පටිච්ඡනෙසු යුජ්ජති. තෙන වුත්තං – “අභිනන්දුන්ති අනුමොදිංසු චෙව සම්පටිච්ඡිංසු චා”ති.
ආදී තන්හි පිළිගැනීමෙහිද වේ. අභිනන්දිත්වා අනුමොදිත්වා ආදී තන්හි අනුමෝදනාවෙහි. එය මෙහි අනුමෝදනාවෙහිද පිළිගැනීමෙහිද යෙදේ. ඒ නිසා අභිනන්දුං යනුවෙන් කියන ලදී. අනුමෝදන් වූවාහුද, පිළිගත්තාහුද වෙති.
සුභාසිතං සුලපිතං, “සාධු සාධූ”ති තාදිනො; අනුමොදමානා සිරසා, සම්පටිච්ඡිංසු භික්ඛවොති.
තාදී බුදුරදුන්ගේ - සුභාෂිතය සුලපිතය සාධු සාධුයි අනුමෝදන්ව - මුදුනින් පිළිගත්හ භික්ෂූහු.
ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මින්ති ඉමස්මිං නිග්ගාථකසුත්තෙ. නිග්ගාථකත්තා හි ඉදං වෙය්යාකරණන්ති වුත්තං.
ඉමස්මිංචපන වෙය්යාකරණස්මිං යනු මේ ගාථා රහිත සූත්‍රයෙහි. ගාථා රහිත බැවින් මෙය වෙය්යාකරණයයි කියන ලදී.
දසසහස්සී ලොකධාතූති දසසහස්සචක්කවාළපරිමාණා ලොකධාතු. අකම්පිත්ථාති න සුත්තපරියොසානෙයෙව අකම්පිත්ථාති වෙදිතබ්බා. භඤ්ඤමානෙති හි වුත්තං. තස්මා ද්වාසට්ඨියා දිට්ඨිගතෙසු විනිවෙඨෙත්වා දෙසියමානෙසු තස්ස තස්ස දිට්ඨිගතස්ස පරියොසානෙ පරියොසානෙති ද්වාසට්ඨියා ඨානෙසු අකම්පිත්ථාති වෙදිතබ්බා.
සහස්සී ලොකධාතු දහසක් සක්වළින් පරිමිත වූ ලෝකධාතුව අකම්පිත්ථ සූත්‍රය අවසානයේදීම කම්පා විය යි දතයුතුය. භඤ්ඤමානෙ යනු කියන ලදී. ඒ නිසා දෙසැටක් මිසදිටු ලිහා ලිහා දේශනා කරනු ලබන කල්හි ඒ ඒ දෘෂ්ටිගතය අවසානයේදී දෙසැටක් තැන්හි කම්පා වීයයි දතයුතුය.
තත්ථ අට්ඨහි කාරණෙහි පථවීකම්පො වෙදිතබ්බො – ධාතුක්ඛොභෙන, ඉද්ධිමතො ආනුභාවෙන, බොධිසත්තස්ස ගබ්භොක්කන්තියා, මාතුකුච්ඡිතො නික්ඛමනෙන, සම්බොධිප්පත්තියා, ධම්මචක්කප්පවත්තනෙන, ආයුසඞ්ඛාරොස්සජ්ජනෙන, පරිනිබ්බානෙනාති. තෙසං විනිච්ඡයං – “අට්ඨ ඛො ඉමෙ, ආනන්ද, හෙතූ අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවායා”ති එවං මහාපරිනිබ්බානෙ ආගතාය තන්තියා වණ්ණනාකාලෙ වක්ඛාම.
එහි අටතැනක පෘථුවි කම්පාව දතයුතුය. ධාතු ක්ෂෝභයෙන්, ඍද්ධිමතුන්ගේ ආනුභාවයෙන්, බෝසතුන් මව්කුසට එළඹීමෙන්, මව්කුසින් නික්මීමෙන්, බුද්ධත්වයට පත්වීමෙන්, දම්සක් පැවැත්වීමෙන්, ආයු සංස්කාරය හැරීමෙන්, පරිනිර්වාණයෙන්, ඔවුන්ගේ විනිශ්චය ආනන්ද, මහා භූචලනයක් පහළවීමට හේතුප්‍රත්‍ය අටක් ඇතැයි මහා පරිනිර්වාණ සූත්‍රයෙහි ආ පෙළෙහි වර්ණනාව කෙරෙන කල්හිම කියමි.
අයං පන මහාපථවී අපරෙසුපි අට්ඨසු ඨානෙසු අකම්පිත්ථ – මහාභිනික්ඛමනෙ, බොධිමණ්ඩූපසඞ්කමනෙ, පංසුකූලග්ගහණෙ, පංසුකූලධොවනෙ, කාළකාරාමසුත්තෙ, ගොතමකසුත්තෙ, වෙස්සන්තරජාතකෙ, ඉමස්මිං බ්රහ්මජාලෙති. තත්ථ මහාභිනික්ඛමනබොධිමණ්ඩූපසඞ්කමනෙසු වීරියබලෙන අකම්පිත්ථ. පංසුකූලග්ගහණෙ ද්විසහස්සදීපපරිවාරෙ චත්තාරො මහාදීපෙ පහාය පබ්බජිත්වා සුසානං ගන්ත්වා පංසුකූලං ගණ්හන්තෙන දුක්කරං භගවතා කතන්ති අච්ඡරියවෙගාභිහතා අකම්පිත්ථ. පංසුකූලධොවනවෙස්සන්තරජාතකෙසු අකාලකම්පනෙන අකම්පිත්ථ. කාළකාරාමගොතමකසුත්තෙසු – “අහං සක්ඛී භගවා”ති සක්ඛිභාවෙන අකම්පිත්ථ. ඉමස්මිං පන බ්රහ්මජාලෙ ද්වාසට්ඨියා දිට්ඨිගතෙසු විජටෙත්වා නිග්ගුම්බං කත්වා දෙසියමානෙසු සාධුකාරදානවසෙන අකම්පිත්ථාති වෙදිතබ්බා.
මේ මහා පෘථුවිය තවත් අටතැනකදී කම්පා විය. මහබිනික්මනෙහි, බෝමැඩට එළැඹීමෙහි, පංශුකූලය ගැනීමෙහි, පාංශුකූලය දෙවීමෙහි, කාළකාරාම සූත්‍රය දේශනා කිරීමෙහි, ගොතමක සූත්‍රය දේශනා කිරීමෙහි, වෙස්සන්තර ජාතකය දේශනා කිරීමෙහි, මේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කිරිමෙහි පොළොව කම්පා විය. එහි මහබිනික්මනෙහි, බෝමැඩට එළඹීමෙහි වීර්ය බලයෙන් කම්පා විය. පාංශුකුලය ගැනීමේදී දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සිව්මහ දිවයින් හැර පැවිදිව සොහොනට ගොස් පාංශුකූලය ගන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේයැයි ආශ්චර්ය වේගයෙන් පහරනු ලැබ කම්පා විය. පාංශුකූල ධෝවනයෙහි වෙස්සන්තර ජාතක දේශනාවෙහි අකාල කම්පනයෙන් කම්පා විය. කාළකාරාම, ගොතමක සූත්‍ර දේශනාවලදී භාග්‍යවතුන් වහන්ස, මම සාක්ෂි දරමියි ඇසින් දුටු බැවින් කම්පා විය. මේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි දෙසැට මිසදිටු බිඳ දමා කටුකොහොල හැර දේශනා කරනු ලබන කල්හි සාධුකාර දීම් වශයෙන් කම්පා වී යයි දතයුතුය.
න කෙවලඤ්ච එතෙසු ඨානෙසුයෙව පථවී අකම්පිත්ථ, අථ ඛො තීසු සඞ්ගහෙසුපි මහාමහින්දත්ථෙරස්ස ඉමං දීපං ආගන්ත්වා ජොතිවනෙ නිසීදිත්වා ධම්මං දෙසිතදිවසෙපි අකම්පිත්ථ. කල්යාණියවිහාරෙ ච පිණ්ඩපාතියත්ථෙරස්ස චෙතියඞ්ගණං සම්මජ්ජිත්වා තත්ථෙව නිසීදිත්වා බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා ඉමං සුත්තන්තං ආරද්ධස්ස සුත්තපරියොසානෙ උදකපරියන්තං කත්වා අකම්පිත්ථ. ලොහපාසාදස්ස පාචීනඅම්බලට්ඨිකට්ඨානං නාම අහොසි. තත්ථ නිසීදිත්වා දීඝභාණකත්ථෙරා බ්‍රහ්මජාලසුත්තං ආරභිංසු, තෙසං සජ්ඣායපරියොසානෙපි උදකපරියන්තමෙව කත්වා පථවී අකම්පිත්ථාති.
හුදෙක් මේ තැන්වල පමණක් පොළොව කම්පා නොවීය. ඉක්බිතිව සංගායනා තුනෙහිද මහා මහින්ද තෙරුන් මේ දිවයිනට පැමිණ ජෝති වනයෙහි හිඳ ධර්මය දේශනා කළ දිනයෙහි ද කම්පා විය. කැලණි විහාරයෙහිද පිණ්ඩපාතිය තෙරුන් සෑමළුව හැමද එහිම හිඳ බුද්ධාරම්මණය ප්‍රීතිය කොටගෙන මේ සූත්‍රාන්තය අරඹා සූත්‍රය අවසානයෙහි ජලය කෙළවරකොට කම්පා විය. ලෝහ ප්‍රාසාදයෙහි පෙරදිගින් අම්බලට්ඨික නම් තැනක් විය. එහි හිඳ දීඝභාණක තෙරුන්වහන්සේලා බ්‍රහ්මජාල සූත්‍රය කීම ආරම්භ කළහ. උන්වහන්සේලාගේ සජ්ඣායනය අවසානයෙහි ද ජලය කෙළවර කොට පෘථුවිය කම්පා විය.
එවං යස්සානුභාවෙන, අකම්පිත්ථ අනෙකසො; මෙදනී සුත්තසෙට්ඨස්ස, දෙසිතස්ස සයම්භුනා.
බුදුරදුන් දෙසූ සේ මේ බඹරුල් සුතුරෙහි අනුහසින් සැලිණ මහපොළොව නොයෙක් ලෙස නැණැතියෝ එහි දහමද අරුතද උගෙන මැනවින් නුවණින් පිළිපදින්වා.
බ්රහ්මජාලස්ස තස්සීධ, ධම්මං අත්ථඤ්ච පණ්ඩිතා; සක්කච්චං උග්ගහෙත්වාන, පටිපජ්ජන්තු යොනිසොති.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං බ්රහ්මජාලසුත්තවණ්ණනා නිට්ඨිතා.
බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාව නිමියේ ය.