යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කථා

කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං.

ළතෙත් වූ කුලුණින් - නැසූ මොහඳුර නැණ පහනින් සනරාමර ලොවට ගුරු වූ - සසර ගමනින් මිදුණු සුගතිඳු වඳිමි.

බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං.

බුදුහුද බුදුබැව් වඩා - සියැසින් ද දැක නිමල යමකට එළඹියාහුද - වඳිමි ඒ අනුතුරු දහම්

සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං.

සුගතිඳු උරෙහිදා - මරසෙන් මඩනා පුතුන්ගේ අට ගණයක් වූ - අරීසඟුන් සිරසින් නමදිමි

ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන.

මෙසේ පහන් සිත් ඇති මාගේ - තෙරුවන් වැඳුමෙන් ලත් පින අනුහසින් නැසූ - අනතුරු ඇත්තේ වැ

දීඝස‍්ස දීඝසුත‍්තඞ‍්කිතස‍්ස, නිපුණස‍්ස ආගමවරස‍්ස; බුද‍්ධානුබුද‍්ධසංවණ‍්ණිතස‍්ස, සද‍්ධාවහගුණස‍්ස.

සුපිරි උතුම් දික් සඟියෙහි - දිග සුතුරින් හෙබි බුදු අනුබුදු වැණූ - සැදැහැ වඩන ගුණ ඇති

අත්‍ථප‍්පකාසනත්‍ථං, අට‍්ඨකථා ආදිතො වසිසතෙහි; පඤ‍්චහි යා සඞ‍්ගීතා, අනුසඞ‍්ගීතා ච පච‍්ඡාපි.

අරුත් පවසනු පිණිස - පෙර පන්සියක් රහතුන් සඟහා කොට පසුව යලි - සඟහා කළ අටුවා

සීහළදීපං පන ආභතාථ, වසිනා මහාමහින්‍දෙන; ඨපිතා සීහළභාසාය, දීපවාසීනමත්‍ථාය.

මහ මිහිඳු රහතුන් - පසුව හෙළදිව ගෙන ආ දිව් වැසියනට හිත පිණිස - තබන ලද හෙළබසින්

අපනෙත්‍වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං; තන‍්තිනයානුච‍්ඡවිකං, ආරොපෙන‍්තො විගතදොසං.

මනරම් බසක් වූ - හෙළබස ඉවත්කොට පෙළ නයට සුදුසු සේ - නිදොස් කොට එයට නගමින්

සමයං අවිලොමෙන‍්තො, ථෙරානං ථෙරවංසපදීපානං; සුනිපුණවිනිච‍්ඡයානං, මහාවිහාරෙ නිවාසීනං.

තෙරවසට පහන් බඳු - සියුම් විනිසක් ඇති මහ වෙහෙර වැසි - තෙරුන් මත නොඉකුම්වා

හිත්‍වා පුනප‍්පුනාගතමත්‍ථං, අත්‍ථං පකාසයිස‍්සාමි; සුජනස‍්ස ච තුට‍්ඨත්‍ථං, චිරට‍්ඨිතත්‍ථඤ‍්ච ධම‍්මස‍්ස.

පුනරුත් අත්හැර - අරුතම පවසන්නෙමි සුදනන්ට තොස පිණිස - දහම සැරදෙනු පිණිස

සීලකථා ධුතධම‍්මා, කම‍්මට‍්ඨානානි චෙව සබ‍්බානි; චරියාවිධානසහිතො, ඣානසමාපත‍්තිවිත්‍ථාරො.

සීලකථා ධුතදහම් - කමටහන් සියල්ලද සිරිත් විදහන සහිත - දැහැන් සමවත් විසිතුර

සබ‍්බා ච අභිඤ‍්ඤායො, පඤ‍්ඤාසඞ‍්කලනනිච‍්ඡයො චෙව; ඛන්‍ධධාතායතනින්‍ද්‍රියානි, අරියානි චෙව චත‍්තාරි.

සියලු අභිඤ්ඤා - පැන මුසු නිගමන ද ඛන්‍ධ ධාතු ආයත ඉන්‍ද්‍රිය - සතර ආර්ය සත්‍ය

සච‍්චානි පච‍්චයාකාරදෙසනා, සුපරිසුද‍්ධනිපුණනයා; අවිමුත‍්තතන‍්තිමග‍්ගා, විපස‍්සනා භාවනා චෙව.

පච්චයාකාර දේසනා - සුපිරිසිදු සියුම්නයින් පෙළමගින් නොමිදුණු - විදසුන් බවුන් ද

ඉති පන සබ‍්බං යස‍්මා, විසුද‍්ධිමග‍්ගෙ මයා සුපරිසුද‍්ධං; වුත‍්තං තස‍්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස‍්සාමි.

මෙසේ මේ සියල්ල - මවිසින් විසුදුමගෙහි සුපිරිසිදුව කියන ලද බැවින් - මෙහි එය නොවිමසමි

“මජ‍්ඣෙ විසුද‍්ධිමග‍්ගො, එස චතුන‍්නම‍්පි ආගමානඤ‍්හි; ඨත්‍වා පකාසයිස‍්සති, තත්‍ථ යථා භාසිතං අත්‍ථං”.

සඟි සතර මැද මේ - විසුදුමග වේ එහි සිට පැවසේ - අරුත් කී පරිදිම

ඉච‍්චෙව කතො තස‍්මා, තම‍්පි ගහෙත්‍වාන සද‍්ධිමෙතාය; අට‍්ඨකථාය විජානථ, දීඝාගමනිස‍්සිතං අත්‍ථන‍්ති.

මෙසේ කරන ලද බැවින් - එයද මේ අටුවාවෙහිම ගෙන දික්සඟිය ඇසුරු කළ - අරුත දැනගනු මැනව.

නිදානකථා

නිදානකථා

තත්‍ථ දීඝාගමො නාම සීලක‍්ඛන්‍ධවග‍්ගො, මහාවග‍්ගො, පාථිකවග‍්ගොති වග‍්ගතො තිවග‍්ගො හොති; සුත‍්තතො චතුත‍්තිංසසුත‍්තසඞ‍්ගහො. තස‍්ස වග‍්ගෙසු සීලක‍්ඛන්‍ධවග‍්ගො ආදි, සුත‍්තෙසු බ්‍රහ‍්මජාලං. බ්‍රහ‍්මජාලස‍්සාපි “එවං මෙ සුත”න‍්තිආදිකං ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ වුත‍්තං නිදානමාදි.

එහි දීඝාගමො නම් සීලක්ඛන්‍ධ වග්ගය, මහා වග්ගය, පාටික වග්ගය යැයි වර්ග වශයෙන් වර්ග තුනක් වෙයි. සූත්‍රාන්ත වශයෙන් සංග්‍රහ තිස්හතරකි. එහි වර්ගයන් අතර සීලක්ඛන්‍ධ වග්ගය පළමුවැන්නය. සූත්‍රයන් අතර බ්‍රහ්මජාලය පළමුවැන්නය. බ්‍රහ්මජාලයෙහි ද එවම්මෙසුතං ආදිකොට ඇත්තේ ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් ප්‍රථම සංගීතියෙහි දී කියන ලද නිදානය යි.

පඨමමහාසඞ‍්ගීතිකථා

පඨමමහාසඞ‍්ගීති නාම චෙසා කිඤ‍්චාපි විනයපිටකෙ තන‍්තිමාරූළ‍්හා, නිදානකොසල‍්ලත්‍ථං පන ඉධාපි එවං වෙදිතබ‍්බා. ධම‍්මචක‍්කප‍්පවත‍්තනඤ‍්හි ආදිං කත්‍වා යාව සුභද‍්දපරිබ‍්බාජකවිනයනා කතබුද‍්ධකිච‍්චෙ, කුසිනාරායං උපවත‍්තනෙ මල‍්ලානං සාලවනෙ යමකසාලානමන‍්තරෙ විසාඛපුණ‍්ණමදිවසෙ පච‍්චූසසමයෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතෙ භගවති ලොකනාථෙ, භගවතො ධාතුභාජනදිවසෙ සන‍්නිපතිතානං සත‍්තන‍්නං භික‍්ඛුසතසහස‍්සානං සඞ‍්ඝත්‍ථෙරො ආයස‍්මා මහාකස‍්සපො සත‍්තාහපරිනිබ‍්බුතෙ භගවති සුභද‍්දෙන වුඩ‍්ඪපබ‍්බජිතෙන – “අලං, ආවුසො, මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ, සුමුත‍්තා මයං තෙන මහාසමණෙන, උපද‍්දුතා ච හොම – ‘ඉදං වො කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති, ඉදානි පන මයං යං ඉච‍්ඡිස‍්සාම, තං කරිස‍්සාම, යං න ඉච‍්ඡිස‍්සාම න තං කරිස‍්සාමා”ති (චූළව· 437) වුත‍්තවචනමනුස‍්සරන‍්තො, ඊදිසස‍්ස ච සඞ‍්ඝසන‍්නිපාතස‍්ස පුන දුල‍්ලභභාවං මඤ‍්ඤමානො, “ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං පාපභික‍්ඛූ ‘අතීතසත්‍ථුකං පාවචන’න‍්ති මඤ‍්ඤමානා පක‍්ඛං ලභිත්‍වා නචිරස‍්සෙව සද‍්ධම‍්මං අන‍්තරධාපෙය්‍යුං, යාව ච ධම‍්මවිනයො තිට‍්ඨති, තාව අනතීතසත්‍ථුකමෙව පාවචනං හොති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

මෙම ප්‍රථම සංගීතිය ද විනය පිටකයෙහි පෙළට ඇතුළත් කරන ලදි. නිදාන කෞශල්‍යයෙහි අර්ථය මෙහිද මෙසේ දතයුතුය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදිකොට සුභද්ද පිරිවැජියා හික්මවීම තෙක් කරන ලද බුදුකුස කුසිනාරා නුවර මල්ලයන්ගේ උපවර්තන සල් වනයෙහි සල්රුක් දෙක අතර වෙසක් පුණු පොහෝදා අලුයම් වේලෙහි අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු බෙදන දවසෙහි රැස්වූ සත්සිය දහසක් භික්‍ෂූන් අතර සංඝ ස්ථවිරයන් වූ ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ බුදුන් පිරිනිවි සත්දිනකින් සුභද්ද නම් බුඩ්ඪ පබ්බජිතයා විසින් ඇවැත්නි ශෝක නොකරවු. නොවැළපෙවු. අපි මහා ශ්‍රමණයාගෙන් සම්පූර්ණයෙන් මිදුනෝ වෙමු. ‘මෙය කැපය, මෙය අකැප යයි අපි පීඩාවට පත්කරනු ලැබුවෝ වෙමු. දැන් අපි යමක් කැමැත්තෙමු නම් එය කරන්නෙමු. යමක් අකමැත්තෙමු නම් එය නොකරන්නෙමු’යි කියන ලද වචන සිහිකරන්නාහු එබඳු සඟ හමුවක් නැවත දුර්ලභ යයි සිතන්නාහු, ධර්මය ශාස්තෲන් වහන්සේ සමගම නැතිව ගියේයැයි සිතන පාපී භික්‍ෂූන් කොටස්වලට බෙදී නොබෝ කලෙකින් ම සද්ධර්මය අතුරුදහන් කරනු ඇතැයිද, ධර්මවිනය පවත්නා තාක් ධර්මය ශාස්තෲන් වහන්සේ සමගම වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලද්දේය.

‘යො වො, ආනන්‍ද, මයා ධම‍්මො ච විනයො ච දෙසිතො පඤ‍්ඤත‍්තො, සො වො මමච‍්චයෙන සත්‍ථා’ති (දී· නි· 2.216).

‘ආනන්ද, මා විසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරන ලද්දේ ද පනවන ලද්දේද, මාගේ ඇවෑමෙන් එය තොපට ශාස්තෲ වන්නේ යැයි

‘යංනූනාහං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යං, යථයිදං සාසනං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං’.

ශාසනය යාමට සුදුසු මාර්ගයක් ද බොහෝකල් පවත්නා තැනක්ද වන සේ ධර්මයද විනයද සංගායනා කරන්නේ නම් මැනවි.

යඤ‍්චාහං භගවතා –

භාග්‍යවතුන් වහන්සේ විසින්

‘ධාරෙස‍්සසි පන මෙ ත්‍වං, කස‍්සප, සාණානි පංසුකූලානි නිබ‍්බසනානී’ති (සං· නි· 2.154) වත්‍වා චීවරෙ සාධාරණපරිභොගෙන.

‘කස්සප, ඉවතලන ලද වැහැරියෙන් තැනූ පංසුකූල හඳන්නැ’යි කියා සිවුරු සාධාරණ ලෙස පරිභෝගයෙන් ද

‘අහං, භික‍්ඛවෙ, යාවදෙව ආකඞ‍්ඛාමි විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි; කස‍්සපොපි, භික‍්ඛවෙ, යාවදෙව, ආකඞ‍්ඛති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී’ති (සං· නි· 2.152).

‘මහණෙනි, මම යම්තාක් කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්‍රථමධ්‍යානයට පැමිණ විසීමට කැමති වන්නෙම්ද, මහණෙනි, කස්සපද කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයි

එවමාදිනා නයෙන නවානුපුබ‍්බවිහාරඡළභිඤ‍්ඤාප‍්පභෙදෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ අත‍්තනා සමසමට‍්ඨපනෙන ච අනුග‍්ගහිතො, තථා ආකාසෙ පාණිං චාලෙත්‍වා අලග‍්ගචිත‍්තතාය චෙව චන්‍දොපමපටිපදාය ච පසංසිතො, තස‍්ස කිමඤ‍්ඤං ආණණ්‍යං භවිස‍්සති. නනු මං භගවා රාජා විය සකකවචඉස‍්සරියානුප‍්පදානෙන අත‍්තනො කුලවංසප‍්පතිට‍්ඨාපකං පුත‍්තං ‘සද‍්ධම‍්මවංසප‍්පතිට‍්ඨාපකො මෙ අයං භවිස‍්සතී’ති, මන‍්ත්‍වා ඉමිනා අසාධාරණෙන අනුග‍්ගහෙන අනුග‍්ගහෙසි, ඉමාය ච උළාරාය පසංසාය පසංසීති චින‍්තයන‍්තො ධම‍්මවිනයසඞ‍්ගායනත්‍ථං භික‍්ඛූනං උස‍්සාහං ජනෙසි. යථාහ –

යනාදී වශයෙන් නව අනුපූර්ව විහාර සමාපත්ති ෂට් අභිඥා ප්‍රභේද ඇති උත්තරි මනුෂ්‍ය ධර්මයෙහි තමන්වහන්සේ සමග සම සමවැ තැබීමෙන් අනුග්‍රහ කරන ලදි. එසේ අහසෙහි අත සොලවා නොලැගි සිත ඇති බැවින් චන්ද්‍රෝපම පටිපදාවෙන් ද ප්‍රශංසා කරන ලදි. එහි වෙනත් අණ කිරීමක් ඇතිවන්නේද? භාග්‍යවතුන් වහන්සේ රජු මෙන් තමාගේ සන්නාහය. ඓශ්වර්ය දීමෙන් තමාගේ කුලවංශය තබන පුත්‍රයා, මොහු මාගේ සද්ධර්මය නමැති වංශය ප්‍රතිස්ථාපනය කරන්නා වන්නේ යයි සිතා මේ අනන්‍ය සාධාරණ අනුග්‍රහයෙන් අනුග්‍රහ කළ සේක. මෙම උදාර වූ ප්‍රශංසාවෙන් ද ප්‍රශංසා කළසේකැයි සිතන්නාහු ධර්මවිනය සංගායනා කරනු පිණිස භික්‍ෂූන්ගේ උත්සාහය ඇති කළහ. යම්සේ කීද,

“අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො භික‍්ඛූ ආමන‍්තෙසි – ‘එකමිදාහං, ආවුසො, සමයං පාවාය කුසිනාරං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුසතෙහී”ති (චූළව· 437) සබ‍්බං සුභද‍්දකණ‍්ඩං විත්‍ථාරතො වෙදිතබ‍්බං. අත්‍ථං පනස‍්ස මහාපරිනිබ‍්බානාවසානෙ ආගතට‍්ඨානෙයෙව කථයිස‍්සාම.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ. ඇවැත්නි, මම එක් කලෙක පාවා නුවර කුසිනාරාවෙහි පන්සියයක් පමණ භික්‍ෂු සංඝයා සමග මහමගට පිළිපන්නේ වෙමි යි සියලු සුභද්ද කාණ්ඩය විස්තර වශයෙන් දතයුතුය. මෙහි අර්ථය පරිනිර්වාණය අවසන්හි පැමිණි තැනදීම කියන්නෙමි.

තතො පරං ආහ –

ඉන්පසුව මෙසේ කීහ.

“හන්‍ද මයං, ආවුසො, ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායාම, පුරෙ අධම‍්මො දිප‍්පති, ධම‍්මො පටිබාහිය්‍යති; පුරෙ අවිනයො දිප‍්පති, විනයො පටිබාහිය්‍යති; පුරෙ අධම‍්මවාදිනො බලවන‍්තො හොන‍්ති, ධම‍්මවාදිනො දුබ‍්බලා හොන‍්ති, පුරෙ අවිනයවාදිනො බලවන‍්තො හොන‍්ති, විනයවාදිනො දුබ‍්බලා හොන‍්තී”ති (චූළව· 437).

ඇවැත්නි, මේ නිසා අපි ධර්මයද විනයද සංගායනා කරමු. ඉදිරියෙහි අධර්මය බැබළේ. ධර්මය පිරිහේ. අවිනය බැබලේ. විනය පිරිහේ. ඉදිරියෙහිදී අධර්මවාදීහු බලව්ත වෙති. විනයවාදීහු දුර්වල වෙති’යි,

භික‍්ඛූ ආහංසු – “තෙන හි, භන‍්තෙ, ථෙරො භික‍්ඛූ උච‍්චිනතූ”ති. ථෙරො පන සකලනවඞ‍්ගසත්‍ථුසාසනපරියත‍්තිධරෙ පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමිඅනාගාමි සුක‍්ඛවිපස‍්සක ඛීණාසවභික‍්ඛූ අනෙකසතෙ, අනෙකසහස‍්සෙ ච වජ‍්ජෙත්‍වා තිපිටකසබ‍්බපරියත‍්තිප‍්පභෙදධරෙ පටිසම‍්භිදාප‍්පත‍්තෙ මහානුභාවෙ යෙභුය්‍යෙන භගවතො එතදග‍්ගං ආරොපිතෙ තෙවිජ‍්ජාදිභෙදෙ ඛීණාසවභික‍්ඛූයෙව එකූනපඤ‍්චසතෙ පරිග‍්ගහෙසි. යෙ සන්‍ධාය ඉදං වුත‍්තං – “අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො එකෙනූනානි පඤ‍්ච අරහන‍්තසතානි උච‍්චිනී”ති (චූළව· 437).

භික්‍ෂූහු මෙසේ ඇසූහ. ස්වාමීනි, එසේනම් ස්ථවිර භික්‍ෂුව තෝරා ගනු මැනවි. තෙරණුවෝ සකල නවාංශ ශාස්තෲ ශාසන පර්යාප්ති ධරවු. පෘථග්ජන සෝතාපන්න, සකදාගාමි අනාගාමි සුක්ක විපස්සක රහත් භික්‍ෂූන් සියදහසක් ඉවත්කොට, ත්‍රිපිටකය. සියලු පර්යාප්ති ප්‍රභේදධර වූ ප්‍රතිසම්භිදාවන්ට පැමිණි මහානුභාව ඇති, බෙහෙවින් භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයෙහි තබන ලද ත්‍රිවිද්‍යා ආදී ප්‍රභේද ඇති එකක් අඩු පන්සියයක් රහතන් වහන්සේ පිළිගත්හ.

කිස‍්ස පන ථෙරො එකෙනූනමකාසීති? ආයස‍්මතො ආනන්‍දත්‍ථෙරස‍්ස ඔකාසකරණත්‍ථං. තෙනහායස‍්මතා සහාපි, විනාපි, න සක‍්කා ධම‍්මසඞ‍්ගීතිං කාතුං. සො හායස‍්මා සෙක‍්ඛො සකරණීයො, තස‍්මා සහාපි න සක‍්කා. යස‍්මා පනස‍්ස කිඤ‍්චි දසබලදෙසිතං සුත‍්තගෙය්‍යාදිකං අප‍්පච‍්චක‍්ඛං නාම නත්‍ථි. යථාහ –

යමෙකුන් සඳහා මෙය කියන ලද්දේ ද? ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ එකක් අඩු පන්සියයක් රහතන් වහන්සේ තෝරා ගත්තාහුද? තෙරණුවන් එකක් අඩු කළේ කුමක් නිසාද? ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඉඩ සලසනු පිණිසය. ඒ ආයුෂ්මතුන් ඇතිවත් නැතිවත් ධර්මය සංගායනා කළ නොහැකිය. ඒ ආයුෂ්මත්හු සේඛයහ. කළයුතු දේ ඇත්තෙකි. ඒ නිසා සමග නොහැකිය. බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සුත්ත ගෙය්‍ය ආදීකොට ඇති ධර්මයෙහි ප්‍රත්‍යක්‍ෂ නොවූවක් නම් නැත. ඒ නිසාය. කියන ලදි.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති. (ථෙරගා· 1027);

බුදුන්ගෙන් දෙඅසූවක් ද - දෙදහසක් බික් සගුන්ගෙන්ද සුවාසු දහසක් - පවත්නා දහමින් ගතිමි.

තස‍්මා විනාපි න සක‍්කා.

ඒ නිසා නැතිවත් නොහැකිය.

යදි එවං සෙක‍්ඛොපි සමානො ධම‍්මසඞ‍්ගීතියා බහුකාරත‍්තා ථෙරෙන උච‍්චිනිතබ‍්බො අස‍්ස, අථ කස‍්මා න උච‍්චිනිතොති? පරූපවාදවිවජ‍්ජනතො. ථෙරො හි ආයස‍්මන‍්තෙ ආනන්‍දෙ අතිවිය විස‍්සත්‍ථො අහොසි, තථා හි නං සිරස‍්මිං පලිතෙසු ජාතෙසුපි ‘න වායං කුමාරකො මත‍්තමඤ‍්ඤාසී’ති, (සං· නි· 2.154) කුමාරකවාදෙන ඔවදති. සක්‍යකුලප‍්පසුතො චායස‍්මා තථාගතස‍්ස භාතා චූළපිතුපුත‍්තො. තත්‍ථ කෙචි භික‍්ඛූ ඡන්‍දාගමනං විය මඤ‍්ඤමානා – “බහූ අසෙක‍්ඛපටිසම‍්භිදාප‍්පත‍්තෙ භික‍්ඛූ ඨපෙත්‍වා ආනන්‍දං සෙක‍්ඛපටිසම‍්භිදාප‍්පත‍්තං ථෙරො උච‍්චිනී”ති උපවදෙය්‍යුං. තං පරූපවාදං පරිවජ‍්ජෙන‍්තො, ‘ආනන්‍දං විනා ධම‍්මසඞ‍්ගීතිං න සක‍්කා කාතුං, භික‍්ඛූනංයෙව නං අනුමතියා ගහෙස‍්සාමී’ති න උච‍්චිනි.

යම්හෙයකින් මෙසේ සේඛයෙක්වද ධර්ම සංගායනාව බොහෝ උපකාරී බැවින් තෙරුන් විසින් තෝරාගත යුතුව තිබිණ. කුමක් නිසා තෝරා ගනු නොලැබීද, පරෝපවාද ඉවත්කරනු පිණිසය. තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද හිමියන් කෙරෙහි අතිශයින් විශ්වාසය තැබුවෝය. ඒ එසේමය. හිසෙහි නරකෙස් හටගත් කල්හිද, ‘මේ කුමාරයා තම පමණ නොදත්තේය’යි දරුවකුට මෙන් අවවාද දෙති. මේ ආයුෂ්මතුන් වහන්සේ ශාක්‍ය කුලයෙහි ඇලුණෝය. භාග්‍යවතුන් වහන්සේගේ සොහොයුරාය. සුළු පියාගේ පුත්‍රයාය. එහි ඇතැම් භික්‍ෂූහු ඡන්‍දයට පැමිණීමක් සේ හඟින්නාහු බොහෝ අසේඛ ප්‍රතිපදාවට පැමිණි භික්‍ෂූන් අත්හැර දමා තෙරණුවෝ සේඛ ප්‍රතිපදාවට පැමිණි ආනන්ද තෙරුන් තෝරාගත්හයි උපවාද කරන්නාහුය. ඒ පරෝපවාද ඉවත් කරමින් ‘ආනන්ද නැතිව සංගායනාව කරන්නට නොහැකිය. භික්‍ෂූන්ගේම අනුමැතියෙන් උන්වහන්සේ ගන්නෙමි’යි තෝරා නොගත්හ.

අථ සයමෙව භික‍්ඛූ ආනන්‍දස‍්සත්‍ථාය ථෙරං යාචිංසු. යථාහ –

ඉක්බිතිව භික්‍ෂූහු තුමූම ආනන්ද තෙරුන් පිණිස ඉල්ලා සිටියාහුය.

“භික‍්ඛූ ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොචුං – ‘අයං, භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො කිඤ‍්චාපි සෙක‍්ඛො අභබ‍්බො ඡන්‍දා දොසා මොහා භයා අගතිං ගන‍්තුං, බහු චානෙන භගවතො සන‍්තිකෙ ධම‍්මො ච විනයො ච පරියත‍්තො, තෙන හි, භන‍්තෙ, ථෙරො ආයස‍්මන‍්තම‍්පි ආනන්‍දං උච‍්චිනතූ’ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තම‍්පි ආනන්‍දං උච‍්චිනී”ති (චූළව· 437).

භික්‍ෂූහු ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේට මෙසේ කීහු. ‘ස්වාමීනි, මේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සේඛ වුවද, ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙන් අගතියට යාමට නොහැකිය. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි. බොහෝ ධර්මයද විනයද ප්‍රගුණ කළහ. එසේනම් ස්වාමීනි, ඔබවහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ද තෝරාගනු මැනවි. ඉන්පසු ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ද තෝරාගත්හ.

එවං භික‍්ඛූනං අනුමතියා උච‍්චිනිතෙන තෙනායස‍්මතා සද‍්ධිං පඤ‍්චථෙරසතානි අහෙසුං.

මෙසේ භික්‍ෂූන්ගේ අනුමැතියෙන් ඒ නිසා ඒ ආයුෂ්මතුන් සමග පන්සියයක් තෙරවරු වූහ.

අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි – “කත්‍ථ නු ඛො මයං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යාමා”ති? අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි – “රාජගහං ඛො මහාගොචරං පහූතසෙනාසනං, යංනූන මයං රාජගහෙ වස‍්සං වසන‍්තා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යාම, න අඤ‍්ඤෙ භික‍්ඛූ රාජගහෙ වස‍්සං උපගච‍්ඡෙය්‍යු”න‍්ති (චූළව· 437).

ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ අදහසක් ඇතිවිය. ‘අපි කොතැනක ධර්මයද විනයද සංගායනා කරමුද? ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ අදහසක් ඇතිවිය. රජගහ නුවර මහා ගොදුරු ගමකි. බොහෝ සෙනසුන්ද ඇත. අපි රජගහනුවර වස් වසා ධර්මය ද විනයද සංගායනා කරන්නෙමු. වෙනත් භික්‍ෂූහු රජගහනුවර වස් නොවැසිය යුත්තෝය.

කස‍්මා පන නෙසං එතදහොසි? “ඉදං පන අම‍්හාකං ථාවරකම‍්මං, කොචි විසභාගපුග‍්ගලො සඞ‍්ඝමජ‍්ඣං පවිසිත්‍වා උක‍්කොටෙය්‍යා”ති. අථායස‍්මා මහාකස‍්සපො ඤත‍්තිදුතියෙන කම‍්මෙන සාවෙසි –

උන්වහන්සේලාට මෙබඳු අදහසක් ඇතිවූයේ කුමක් නිසාද? මෙය අපගේ ස්ථාවර කර්මයයි. කිසියම් විරුද්ධ පුද්ගලයෙක් සඟ මැද පිවිස බාධා කළ හැක්කේය. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේ යෝජනාවට ඡන්දය විමසමින් මෙසේ ඇස්වූහ.

“සුණාතු මෙ, ආවුසො සඞ‍්ඝො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉමානි පඤ‍්ච භික‍්ඛුසතානි සම‍්මන‍්නෙය්‍ය රාජගහෙ වස‍්සං වසන‍්තානි ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං, න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බ”න‍්ති. එසා ඤත‍්ති.

ඇවැත් සංඝයා වහන්සේ මා කියන්නක් අසනු මැනව. ඉදින් සංඝයා යෝග්‍යයයි හඟින්නේ නම් සංඝයා මෙම පන්සියයක් භික්‍ෂූන් රජගහනුවර වස් වසා ධර්මය ද විනය ද සංගායනා කරන්ට එකඟවනු මැනව. වෙනත් භික්‍ෂූන් රජගහ නුවර වස් නොවැසිය යුතුය. තීරණය මෙයයි.

“සුණාතු මෙ, ආවුසො සඞ‍්ඝො, සඞ‍්ඝො ඉමානි පඤ‍්චභික‍්ඛුසතානි සම‍්මන‍්න”ති ‘රාජගහෙ වස‍්සං වසන‍්තානි ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං, න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති. යස‍්සායස‍්මතො ඛමති ඉමෙසං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං සම‍්මුති’ රාජගහෙ වස‍්සං වසන‍්තානං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං, න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති, සො තුණ‍්හස‍්ස; යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

ඇවැත් සංඝයා වහන්සේ මා කියන්නක් අසනු මැනව. සංඝයා මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස්වසා ධර්මයද විනයද සංගායනා කරන්ට තෝරා ගනී. වෙනත් භික්‍ෂූන් රජගහනුවර වස් නොවැසිය යුතුය. යම් ආයුෂ්මත් කෙනෙකු මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වැස ධර්මයද විනයද සංගායනා කරන්ටද, වෙනත් භික්‍ෂූන් රජගහනුවර වස් නොවැසිය යුතුය යන්නට එකඟ නම් ඔහු නිහඬව සිටිය යුතුය. යමකු එකඟ නොවේ නම් ඔහු කියන්නේය.

“සම‍්මතානි සඞ‍්ඝෙන ඉමානි පඤ‍්චභික‍්ඛුසතානි රාජගහෙ වස‍්සං වසන‍්තානි ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතුං, න අඤ‍්ඤෙහි භික‍්ඛූහි රාජගහෙ වස‍්සං වසිතබ‍්බන‍්ති, ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති (චූළව· 438).

මේ පන්සියයක් භික්‍ෂූන් රජගහ නුවර වස් වසා ධර්මයද විනයද සංගායනා කරන්ටද, වෙනත් භික්‍ෂූන් රජගහනුවර වස් නොවැසිය යුතුය යන්න සංඝයා විසින් සම්මත කරන ලදි. සංඝයා එකඟයි. නිහඬ බව ඒ නිසාය. මෙය මෙසේ දරමි.

අයං පන කම‍්මවාචා තථාගතස‍්ස පරිනිබ‍්බානතො එකවීසතිමෙ දිවසෙ කතා. භගවා හි විසාඛපුණ‍්ණමායං පච‍්චූසසමයෙ පරිනිබ‍්බුතො, අථස‍්ස සත‍්තාහං සුවණ‍්ණවණ‍්ණං සරීරං ගන්‍ධමාලාදීහි පූජයිංසු. එවං සත‍්තාහං සාධුකීළනදිවසා නාම අහෙසුං. තතො සත‍්තාහං චිතකාය අග‍්ගිනා ඣායි, සත‍්තාහං සත‍්තිපඤ‍්ජරං කත්‍වා සන්‍ධාගාරසාලායං ධාතුපූජං කරිංසූති, එකවීසති දිවසා ගතා. ජෙට‍්ඨමූලසුක‍්කපක‍්ඛපඤ‍්චමියංයෙව ධාතුයො භාජයිංසු. එතස‍්මිං ධාතුභාජනදිවසෙ සන‍්නිපතිතස‍්ස මහාභික‍්ඛුසඞ‍්ඝස‍්ස සුභද‍්දෙන වුඩ‍්ඪපබ‍්බජිතෙන කතං අනාචාරං ආරොචෙත්‍වා වුත‍්තනයෙනෙව ච භික‍්ඛූ උච‍්චිනිත්‍වා අයං කම‍්මවාචා කතා.

මේ කර්මවාක්‍යය තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් විසිඑක්වැනි දින කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුණු පොහෝදා අළුයම් කල්හි පිරිනිවි සේක. ඉක්බිති රන්වන් සිරුර ගඳමලින් සත්දිනක් පිදූහ. මෙසේ ඒ දින සත සාධු ක්‍රීඩා දින නම් විය. ඉන්පසු සත්දිනක් චිතකයෙහි ගින්නෙන් දැවීය. සත්දිනක් කුන්තායුධයෙන් කූඩුවක් කොට සන්ථාගාර ශාලාවෙහි ධාතු පූජා කළහ. දින විසිඑකක් ගෙවී ගියේය. පොසොන් මස මුල පුරපස පස්වැනි දින ධාතු බෙදූහ. මේ ධාතු බෙදන දිනයෙහි රැස්වූ මහා භික්‍ෂු සංඝයාට සුභද්ද නම් බුඩ්ඪ පබ්බජිතයා විසින් කරන ලද අවිනීත ක්‍රියාව දන්වා කියන ලද පරිද්දෙන්ම භික්‍ෂූන් තෝරාගෙන මේ කර්මවාක්‍යය කියන ලදි.

ඉමඤ‍්ච පන කම‍්මවාචං කත්‍වා ථෙරො භික‍්ඛූ ආමන‍්තෙසි – “ආවුසො, ඉදානි තුම‍්හාකං චත‍්තාලීස දිවසා ඔකාසො කතො, තතො පරං ‘අයං නාම නො පලිබොධො අත්‍ථී’ති, වත‍්තුං න ලබ‍්භා, තස‍්මා එත්‍ථන‍්තරෙ යස‍්ස රොගපලිබොධො වා ආචරියුපජ‍්ඣායපලිබොධො වා මාතාපිතුපලිබොධො වා අත්‍ථි, පත‍්තං වා පන පචිතබ‍්බං, චීවරං වා කාතබ‍්බං, සො තං පලිබොධං ඡින්‍දිත්‍වා තං කරණීයං කරොතූ”ති.

මේ කර්මවාක්‍යය කියා තෙරුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි, දැන් ඔබවහන්සේලාට සතළිස් දවසක් අවසර ලැබිණ. ඉන්පසුව අපට මෙනම් පලිබෝධයක් ඇතැයි කියන්නට ලැබෙන්නේ නැත. ඒ නිසා මේ කාලය ඇතුළත යම් කිසිවකුට රෝග පලිබෝධයක් හෝ පාත්‍රය තැම්බිය යුතුය. සිවුරක් කළයුතුයයි ආචාර්ය පළිබෝධයක් හෝ මව්පිය පලිබෝධයක් හෝ වේනම් එය සිඳ දමා ඒ කළයුත්ත කරනු මැනවැයි

එවඤ‍්ච පන වත්‍වා ථෙරො අත‍්තනො පඤ‍්චසතාය පරිසාය පරිවුතො රාජගහං ගතො. අඤ‍්ඤෙපි මහාථෙරා අත‍්තනො අත‍්තනො පරිවාරෙ ගහෙත්‍වා සොකසල‍්ලසමප‍්පිතං මහාජනං අස‍්සාසෙතුකාමා තං තං දිසං පක‍්කන‍්තා. පුණ‍්ණත්‍ථෙරො පන සත‍්තසතභික‍්ඛුපරිවාරො ‘තථාගතස‍්ස පරිනිබ‍්බානට‍්ඨානං ආගතාගතං මහාජනං අස‍්සාසෙස‍්සාමී’ති කුසිනාරායංයෙව අට‍්ඨාසි.

මෙසේ කියා තෙරුන් වහන්සේ තම පන්සියයක් පිරිස පිරිවරා රජගහ නුවරට ගියහ. අනිකුත් මහතෙරවරුද තම තමන්ගේ පිරිවර ගෙන සෝහුලින් මැඩුණු මහජනයා අස්වසාලනු කැමැතිව ඒ ඒ දිසාවට පිටත්ව ගියහ. පුණ්ණ තෙරණුවෝ සත්සියයක් භික්‍ෂූන් පිරිවරකොට ඇත්තාහු ‘තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑ තැනට ආ ආ මහජනයා අස්වසාලන්නෙමි’යි කුසිනාරා නුවරම සිටියහ.

ආයස‍්මා ආනන්‍දො යථා පුබ‍්බෙ අපරිනිබ‍්බුතස‍්ස, එවං පරිනිබ‍්බුතස‍්සාපි භගවතො සයමෙව පත‍්තචීවරමාදාය පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. ගච‍්ඡතො ගච‍්ඡතො පනස‍්ස පරිවාරා භික‍්ඛූ ගණනපථං වීතිවත‍්තා. තෙනායස‍්මතා ගතගතට‍්ඨානෙ මහාපරිදෙවො අහොසි. අනුපුබ‍්බෙන පන සාවත්‍ථිමනුප‍්පත‍්තෙ ථෙරෙ සාවත්‍ථිවාසිනො මනුස‍්සා “ථෙරො කිර ආගතො”ති සුත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා පච‍්චුග‍්ගන‍්ත්‍වා – “භන‍්තෙ, ආනන්‍ද, පුබ‍්බෙ භගවතා සද‍්ධිං ආගච‍්ඡථ, අජ‍්ජ කුහිං භගවන‍්තං ඨපෙත්‍වා ආගතත්‍ථා”තිආදීනි වදමානා පරොදිංසු. බුද‍්ධස‍්ස භගවතො පරිනිබ‍්බානදිවසෙ විය මහාපරිදෙවො අහොසි.

ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පිරිනිවන් නොපෑ භාග්‍යවතුන් වහන්සේට මෙන්ම පිරිනිවන් පෑ භාග්‍යවතුන් වහන්සේද තමාම පා සිවුරුගෙන භික්‍ෂූන් පන්සියයක් සමග සැවැත්නුවර යම්තැනකද එතැනට චාරිකාවේ පිටත්ව ගියහ. මෙසේ යත් යත්ම උන්වහන්සේගේ පිරිවර භික්‍ෂූහු ගමන් කළ නොහැකි තරම් වූහ. ඒ ආයුෂ්මතුන් වහන්සේ ගිය ගිය තැන මහා විලාපයක් විය. තෙරුන්වහන්සේ පිළිවෙලින් සැවැත්නුවරට පැමිණි කල්හි සැවැත්නුවර වැස්සෝ ‘තෙරුන්වහන්සේ පැමිණියහ’යි අසා ගඳමල් ආදිය ගත් අත් ඇතිව පෙරගමන් කොට ‘ආනන්‍ද හිමියනි, පෙර භාග්‍යවතුන් වහන්සේ සමග එන්නාහුය. අද භාග්‍යවතුන් වහන්සේ කොතැනක නවත්වා පැමිණි සේක්ද? ආදිය කියමින් මහ හඬින් හැඬූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවි දිනයෙහි මෙන් මහා විලාපයක් විය.

තත්‍ර සුදං ආයස‍්මා ආනන්‍දො අනිච‍්චතාදිපටිසංයුත‍්තාය ධම‍්මියාකථාය තං මහාජනං සඤ‍්ඤාපෙත්‍වා ජෙතවනං පවිසිත්‍වා දසබලෙන වසිතගන්‍ධකුටිං වන්‍දිත්‍වා ද‍්වාරං විවරිත්‍වා මඤ‍්චපීඨං නීහරිත්‍වා පප‍්ඵොටෙත්‍වා ගන්‍ධකුටිං සම‍්මජ‍්ජිත්‍වා මිලාතමාලාකචවරං ඡඩ‍්ඩෙත්‍වා මඤ‍්චපීඨං අතිහරිත්‍වා පුන යථාඨානෙ ඨපෙත්‍වා භගවතො ඨිතකාලෙ කරණීයං වත‍්තං සබ‍්බමකාසි. කුරුමානො ච න‍්හානකොට‍්ඨකසම‍්මජ‍්ජනඋදකුපට‍්ඨාපනාදිකාලෙසු ගන්‍ධකුටිං වන්‍දිත්‍වා – “නනු භගවා, අයං තුම‍්හාකං න‍්හානකාලො, අයං ධම‍්මදෙසනාකාලො, අයං භික‍්ඛූනං ඔවාදදානකාලො, අයං සීහසෙය්‍යකප‍්පනකාලො, අයං මුඛධොවනකාලො”තිආදිනා නයෙන පරිදෙවමානොව අකාසි, යථා තං භගවතො ගුණගණාමතරසඤ‍්ඤුතාය පතිට‍්ඨිතපෙමො චෙව අඛීණාසවො ච අනෙකෙසු ච ජාතිසතසහස‍්සෙසු අඤ‍්ඤමඤ‍්ඤස‍්සූපකාරසඤ‍්ජනිතචිත‍්තමද‍්දවො. තමෙනං අඤ‍්ඤතරා දෙවතා – “භන‍්තෙ, ආනන්‍ද, තුම‍්හෙ එවං පරිදෙවමානා කථං අඤ‍්ඤෙ අස‍්සාසෙස‍්සථා”ති සංවෙජෙසි. සො තස‍්සා වචනෙන සංවිග‍්ගහදයො සන්‍ථම‍්භිත්‍වා තථාගතස‍්ස පරිනිබ‍්බානතො පභුති ඨානනිසජ‍්ජබහුලත‍්තා උස‍්සන‍්නධාතුකං කායං සමස‍්සාසෙතුං දුතියදිවසෙ ඛීරවිරෙචනං පිවිත්‍වා විහාරෙයෙව නිසීදි. යං සන්‍ධාය සුභෙන මාණවෙන පහිතං මාණවකං එතදවොච –

එහිදී ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආනිත්‍ය ප්‍රතිසංයුක්ත දැහැමි කථාවෙන් ඒ මහජනයා දැනුවත්කොට, දෙව්රමට පිවිස බුදුරදුන් විසූ ගඳකිළිය වැඳ දොර විවර කොට ඇඳ පුටුව ඉවතට ගෙන ගසා දමා ගඳකිළිය හැමද මැලැවුණු මල්දම් කසල ඉවත්කොට ඇඳ පුටුව ගෙනවුත් තිබුණු තැනම තබා, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි කළයුතු සියලු වත් ඉටුකළහ. එසේ කරමින් නහන කොටුව හැමදීම් දියබඳුන තැබීම ආදී කල්හි ගඳකිළිය වැඳ ‘භාග්‍යවතුන් වහන්ස, මේ ඔබවහන්සේ ස්නානය කරන කාලය නොවේද? මේ දම්දෙසන වේලාවය. මේ භික්‍ෂූන්ට ඔවදන් දෙන වේලාවය. මේ සිංහ සෙය්‍යාවෙන් සැතපෙන වේලාවය. මේ මුව දෝනා වේලාවය ආදී ක්‍රමයෙන් හඬමින් වැළපෙමින් සිදුකළහ. එය භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සමුදාය නමැති අමා රසය දන්නා හෙයින්, පිහිටි ප්‍රේමයද, ක්‍ෂීණාශ්‍රවයකු නොවූ බවද, නොයෙක් සියදහස් ගණන් ජාතීන්හි ඔවුනොවුන් කළ උපකාර නිසා හටගත් සිතෙහි මෘදු බවද නිසා විය. එක්තරා දේවතාවෙක් ‘ස්වාමීනි, ඔබවහන්සේ මෙසේ වැළපෙමින් අන්‍යයන් අස්වසන්නේ කෙසේදැයි ඇසීය. උන්වහන්සේ දේවතාවාගේ වචනයෙන් සංවේගයට පත් හදවත් ඇත්තාහු නිරුත්තර බවට පත්ව තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට සිටීම් හිඳීම් බහුල වූ බැවින් උත්සන්න වූ ධාතූන් සහිත සිරුර අස්වසාලන්නට දෙවැනි දවසෙහි කිරි විරේකයක් පානය කොට වෙහෙරෙහිම හුන්හ. ඒ යමක් සඳහා සුභ මානවකයා විසින් මවන ලද තරුණයාට මෙසේ කීහ.

“අකාලො, ඛො මාණවක, අත්‍ථි මෙ අජ‍්ජ භෙසජ‍්ජමත‍්තා පීතා, අප‍්පෙව නාම ස‍්වෙපි උපසඞ‍්කමෙය්‍යාමා”ති (දී· නි· 1.447).

‘මානවකය, මේ කල් නොවේ. අද මා විසින් බෙහෙතක් පානය කරන ලදි. හෙට එන්නේ නම් මැනවැ.

දුතියදිවසෙ චෙතකත්‍ථෙරෙන පච‍්ඡාසමණෙන ගන‍්ත්‍වා සුභෙන මාණවෙන පුට‍්ඨො ඉමස‍්මිං දීඝනිකායෙ සුභසුත‍්තං නාම දසමං සුත‍්තං අභාසි.

දෙවැනි දවසෙහි චෙතක තෙරුන් කැටුව යන්නා කොටගෙන ගොස් සුභ මානවකයා විසින් විචාරන ලද්දාහු මේ දීඝනිකායෙහි සුභ සූත්‍රය නමැති දසවැනි සූත්‍රය කීහ.

අථ ආනන්‍දත්‍ථෙරො ජෙතවනමහාවිහාරෙ ඛණ‍්ඩඵුල‍්ලප‍්පටිසඞ‍්ඛරණං කාරාපෙත්‍වා උපකට‍්ඨාය වස‍්සූපනායිකාය භික‍්ඛුසඞ‍්ඝං ඔහාය රාජගහං ගතො තථා අඤ‍්ඤෙපි ධම‍්මසඞ‍්ගාහකා භික‍්ඛූති. එවඤ‍්හි ගතෙ, තෙ සන්‍ධාය ච ඉදං වුත‍්තං – “අථ ඛො ථෙරා භික‍්ඛූ රාජගහං අගමංසු, ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිතු”න‍්ති (චූළව· 438). තෙ ආසළ‍්හීපුණ‍්ණමායං උපොසථං කත්‍වා පාටිපදදිවසෙ සන‍්නිපතිත්‍වා වස‍්සං උපගච‍්ඡිංසු.

ඉක්බිති තෙරුන් වහන්සේ ජේතවන විහාරයෙහි කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය කරවා වස් එළඹෙන කල් පැමිණිවිට ධර්ම සංග්‍රාහක අන් භික්‍ෂූන් මෙන්ම භික්‍ෂු සංඝයා හැර රජගහනුවරට වැඩියහ. එසේ වැඩි ඔවුන් සඳහා මෙය කියන ලද්දේ වෙයි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ධර්මයද විනයද සංගායනා කරන්ට රජගහ නුවරට වැඩියෝ’ යැයි උන්වහන්සේලා ඇසල පුණු පොහෝදා පොහොය කොට අවපස පළමුවැනි දින රැස්ව වස් එළඹියාහුය.

තෙන ඛො පන සමයෙන රාජගහං පරිවාරෙත්‍වා අට‍්ඨාරස මහාවිහාරා හොන‍්ති, තෙ සබ‍්බෙපි ඡඩ‍්ඩිතපතිතඋක‍්ලාපා අහෙසුං. භගවතො හි පරිනිබ‍්බානෙ සබ‍්බෙපි භික‍්ඛූ අත‍්තනො අත‍්තනො පත‍්තචීවරමාදාය විහාරෙ ච පරිවෙණෙ ච ඡඩ‍්ඩෙත්‍වා අගමංසු. තත්‍ථ කතිකවත‍්තං කුරුමානා ථෙරා භගවතො වචනපූජනත්‍ථං තිත්‍ථියවාදපරිමොචනත්‍ථඤ‍්ච – ‘පඨමං මාසං ඛණ‍්ඩඵුල‍්ලප‍්පටිසඞ‍්ඛරණං කරොමා’ති චින‍්තෙසුං. තිත්‍ථියා හි එවං වදෙය්‍යුං – “සමණස‍්ස ගොතමස‍්ස සාවකා සත්‍ථරි ඨිතෙයෙව විහාරෙ පටිජග‍්ගිංසු, පරිනිබ‍්බුතෙ ඡඩ‍්ඩෙසුං, කුලානං මහාධනපරිච‍්චාගො විනස‍්සතී”ති. තෙසඤ‍්ච වාදපරිමොචනත්‍ථං චින‍්තෙසුන‍්ති වුත‍්තං හොති. එවං චින‍්තයිත්‍වා ච පන කතිකවත‍්තං කරිංසු. යං සන්‍ධාය වුත‍්තං –

එසමයෙහි රජගහනුවර පිරිවරා මහා විහාර දහඅටක් වෙයි. ඒ සියලු විහාර ඉවත දැමුවාද වැටුණා වූද කසලින් යුතු විය. භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයෙහිදී සියලු භික්‍ෂූහු තමතමන්ගේ පාසිවුරු ගෙන විහාර ද පිරිවෙන් ද අත්හැර දමා ගියාහුය. එකඟ වූ වත කරන තෙරවරු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පුදනු පිණිස ද තීර්ථකයන්ගේ වාදයෙන් මිදෙනු පිණිස ද පළමු මස කැඩුණු බිඳුනු තැන් ප්‍රතිසංස්කරණය කරමුයි සිතූහ. තීර්ථකයෝ මෙසේ කියන්නෝය. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ශාස්තෲන් ජීවත්ව සිටියදී වෙහෙර පිළිදැගුම් කළහ. පිරිනිවි කලැ අත්හැර දැමූහ. පවුල්වල මහා ධන පරිත්‍යාගය විනාශයට යන්නේය’යි ඔවුන්ගේ වාදයෙන් මිදෙනු පිණිස සිතූහයි කියන ලද්දේ වෙයි.

“අථ ඛො ථෙරානං භික‍්ඛූනං එතදහොසි – භගවතා, ඛො ආවුසො, ඛණ‍්ඩඵුල‍්ලප‍්පටිසඞ‍්ඛරණං වණ‍්ණිතං, හන්‍ද මයං, ආවුසො, පඨමං මාසං ඛණ‍්ඩඵුල‍්ලප‍්පටිසඞ‍්ඛරණං කරොම, මජ‍්ඣිමං මාසං සන‍්නිපතිත්‍වා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිස‍්සාමා”ති (චූළව· 438).

මෙසේ සිතා එකඟ වූ වත කළහ. ඒ සඳහා කියන ලදි. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ අදහසක් විය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කැඩුණු බිඳුණු තැන් ප්‍රතිසංස්කරණය වර්ණනා කරන ලදි. දැන් අපි පළමුවැනි මාසයෙහි කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරමු. මැද මාසයෙහි රැස්ව ධර්මයද විනයද සංගායනා කරමු.’

තෙ දුතියදිවසෙ ගන‍්ත්‍වා රාජද‍්වාරෙ අට‍්ඨංසු. රාජා ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා – “කිං භන‍්තෙ, ආගතත්‍ථා”ති අත‍්තනා කත‍්තබ‍්බකිච‍්චං පුච‍්ඡි. ථෙරා අට‍්ඨාරස මහාවිහාරපටිසඞ‍්ඛරණත්‍ථාය හත්‍ථකම‍්මං පටිවෙදෙසුං. රාජා හත්‍ථකම‍්මකාරකෙ මනුස‍්සෙ අදාසි. ථෙරා පඨමං මාසං සබ‍්බවිහාරෙ පටිසඞ‍්ඛරාපෙත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං – “නිට‍්ඨිතං, මහාරාජ, විහාරපටිසඞ‍්ඛරණං, ඉදානි ධම‍්මවිනයසඞ‍්ගහං කරොමා”ති. “සාධු භන‍්තෙ විසට‍්ඨා කරොථ, මය‍්හං ආණාචක‍්කං, තුම‍්හාකඤ‍්ච ධම‍්මචක‍්කං හොතු, ආණාපෙථ, භන‍්තෙ, කිං කරොමී”ති. “සඞ‍්ගහං කරොන‍්තානං භික‍්ඛූනං සන‍්නිසජ‍්ජට‍්ඨානං මහාරාජා”ති. “කත්‍ථ කරොමි, භන‍්තෙ”ති? “වෙභාරපබ‍්බතපස‍්සෙ සත‍්තපණ‍්ණි ගුහාද‍්වාරෙ කාතුං යුත‍්තං මහාරාජා”ති. “සාධු, භන‍්තෙ”ති ඛො රාජා අජාතසත‍්තු විස‍්සකම‍්මුනා නිම‍්මිතසදිසං සුවිභත‍්තභිත‍්තිථම‍්භසොපානං, නානාවිධමාලාකම‍්මලතාකම‍්මවිචිත‍්තං, අභිභවන‍්තමිව රාජභවනවිභූතිං, අවහසන‍්තමිව දෙවවිමානසිරිං, සිරියා නිකෙතනමිව එකනිපාතතිත්‍ථමිව ච දෙවමනුස‍්සනයනවිහංගානං, ලොකරාමණෙය්‍යකමිව සම‍්පිණ‍්ඩිතං දට‍්ඨබ‍්බසාරමණ‍්ඩං මණ‍්ඩපං කාරාපෙත්‍වා විවිධකුසුමදාමොලම‍්බකවිනිග‍්ගලන‍්තචාරුවිතානං නානාරතනවිචිත‍්තමණිකොට‍්ටිමතලමිව ච, නං නානාපුප‍්ඵූපහාරවිචිත‍්තසුපරිනිට‍්ඨිතභූමිකම‍්මං බ්‍රහ‍්මවිමානසදිසං අලඞ‍්කරිත්‍වා, තස‍්මිං මහාමණ‍්ඩපෙ පඤ‍්චසතානං භික‍්ඛූනං අනග‍්ඝානි පඤ‍්ච කප‍්පියපච‍්චත්‍ථරණසතානි පඤ‍්ඤපෙත්‍වා, දක‍්ඛිණභාගං නිස‍්සාය උත‍්තරාභිමුඛං ථෙරාසනං, මණ‍්ඩපමජ‍්ඣෙ පුරත්‍ථාභිමුඛං බුද‍්ධස‍්ස භගවතො ආසනාරහං ධම‍්මාසනං පඤ‍්ඤපෙත්‍වා, දන‍්තඛචිතං බීජනිඤ‍්චෙත්‍ථ ඨපෙත්‍වා, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආරොචාපෙසි – “නිට‍්ඨිතං, භන‍්තෙ, මම කිච‍්ච”න‍්ති.

උන්වහන්සේලා දෙවැනි දිනයෙහි ගොස් රජමැදුර දොරකඩ සිටියහ. රජ පැමිණ වැඳ ‘ස්වාමීනි, කුමක් සඳහා වැඩිසේක්දැයි තමා විසින් කළයුතු කාර්යය විමසීය. තෙරවරු මහවෙහෙර දහඅටෙහි අත්කම් ගැන දැන්වූහ. රජ අත්කම් වැඩ කරන මිනිසුන් දුන්නේය. තෙරවරු පළමු මස තුළ සියලු වෙහෙර පිළිසකර කරවා රජුට දැන්වූහ. ‘මහරජතුමනි, වෙහෙර පිළිසකර දැන් අවසන්ය. දැන් ධර්මවිනය සංගායනා කරමු’යි යහපති ස්වාමීනි, විශ්වාසය ඇතිව කරනු මැනවි. අණසක මගේය, ඔබවහන්සේලාගේ දහම් සක වේවා’ ස්වාමීනි මම කුමක් කරම්දැයි අණ කරනු මැනවි. මහරජතුමනි, සංගායනා කරන භික්‍ෂූන්ට රැස්වීමට තැනක්. ස්වාමීනි කොතැනක කරම්ද? මහරජතුමනි, වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි කරන්ට වටී. ‘මැනවි, ස්වාමීනි, රජතෙමේ අජාතසත්තු විශ්වකර්මයා විසින් නිර්මාණය කරන ලද්දක් වැනි, මැනවින් බෙදන ලද බිත්ති කණු හිණිපෙත් ඇති, නානාවිධ මල්කම් ලියකමින් විචිත්‍ර වූ, රජමැදුරෙහි ශ්‍රී විභූතිය අභිබවා යන්නා වූ, දෙව් විමනක සිරියාවට අපහාස කරන්නාක් බඳු, ශ්‍රී කාන්තාවගේ නිවස වැනි දෙවිමිනිසුන්ගේ ඇස් නමැති විහඟුන් එක්වර පතනය වන තීර්ථයක් බඳු, විශ්වයෙහි පවත්නා රමණීයත්වය එක්තැන් කළාක් බඳු, දැකිය යුතු සුන්දරත්වයෙන් යුතු මණ්ඩපයක් කරවා, විවිධ මල්දම් එල්ලෙන අලංකාර වියනක් ඇති, රන්කමින් විචිත්‍ර වූ මැණික් ලද බිම, බ්‍රහ්ම විමානයක් මෙන් අලංකාර කොට ඒ මහා මණ්ඩපයෙහි පන්සියයක් භික්‍ෂූන්ට අනර්ඝ වූ කැප ඇතිරිලි පන්සියයක් අතුරා දක්ෂිණ භාගය නිසා උත්තරාභිමුඛව ථෙරාසනය මණ්ඩපය මැද පූර්වදිශාභිමුඛව භාග්‍යවත් සම්බුදුරදුන්ගේ අසුනට සුදුසු ධර්මාසනය පනවා ඇත්දළින් කැටයම් කළ වටාපතක් එහි තබා භික්‍ෂු සංඝයාට ‘ස්වාමීනි, මාගේ කාර්යය නිමවී’ යයි දැන්වීය.

තස‍්මිඤ‍්ච පන දිවසෙ එකච‍්චෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං ආනන්‍දං සන්‍ධාය එවමාහංසු – “ඉමස‍්මිං භික‍්ඛුසඞ‍්ඝෙ එකො භික‍්ඛු විස‍්සගන්‍ධං වායන‍්තො විචරතී”ති. ථෙරො තං සුත්‍වා ඉමස‍්මිං භික‍්ඛුසඞ‍්ඝෙ අඤ‍්ඤො විස‍්සගන්‍ධං වායන‍්තො විචරණකභික‍්ඛු නාම නත්‍ථි. අද‍්ධා එතෙ මං සන්‍ධාය වදන‍්තීති සංවෙගං ආපජ‍්ජි. එකච‍්චෙ නං ආහංසුයෙව – “ස‍්වෙ ආවුසො, ආනන්‍ද, සන‍්නිපාතො, ත්‍වඤ‍්ච සෙක‍්ඛො සකරණීයො, තෙන තෙ න යුත‍්තං සන‍්නිපාතං ගන‍්තුං, අප‍්පමත‍්තො හොහී”ති.

එදින ඇතැම් භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්ද හිමියන් ගැන මෙසේ කීහ. ‘මේ භික්‍ෂු සංඝයා මැද එක් භික්‍ෂුවක් අමු මස් ගඳ ගස්වමින් හැසිරේ’ යයි තෙරුන්වහන්සේ ඒ අසා මේ සඟගණ මැද අමුමස් ගඳ ගස්වමින් හැසිරෙන වෙනත් භික්‍ෂුවක් නම් නැත. ඒකාන්තයෙන් මොවුහු මා ගැන කියති’යි සංවේගය පැමිණියහ. සමහරු උන්වහන්සේට මෙසේ කීහ. ‘ඇවැත්නි, හෙට රැස්වීම’යි ඔබද සේඛයෙකි. කළයුතු දේ ඇත්තෙකි. ඒ නිසා රැස්වීමට යාම ඔබට සුදුසු නැත. අප්‍රමාදී වන්න.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො – ‘ස‍්වෙ සන‍්නිපාතො, න ඛො මෙතං පතිරූපං ය‍්වාහං සෙක‍්ඛො සමානො සන‍්නිපාතං ගච‍්ඡෙය්‍ය’න‍්ති, බහුදෙව රත‍්තිං කායගතාය සතියා වීතිනාමෙත්‍වා රත‍්තියා පච‍්චූසසමයෙ චඞ‍්කමා ඔරොහිත්‍වා විහාරං පවිසිත්‍වා “නිපජ‍්ජිස‍්සාමී”ති කායං ආවජ‍්ජෙසි, ද‍්වෙ පාදා භූමිතො මුත‍්තා, අපත‍්තඤ‍්ච සීසං බිම‍්බොහනං, එතස‍්මිං අන‍්තරෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. අයඤ‍්හි ආයස‍්මා චඞ‍්කමෙන බහි වීතිනාමෙත්‍වා විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො චින‍්තෙසි – “නනු මං භගවා එතදවොච – ‘කතපුඤ‍්ඤොසි ත්‍වං, ආනන්‍ද, පධානමනුයුඤ‍්ජ, ඛිප‍්පං හොහිසි අනාසවො’ති (දී· නි· 2.207). බුද‍්ධානඤ‍්ච කථාදොසො නාම නත්‍ථි, මම පන අච‍්චාරද‍්ධං වීරියං, තෙන මෙ චිත‍්තං උද‍්ධච‍්චාය සංවත‍්තති. හන්‍දාහං වීරියසමතං යොජෙමී”ති, චඞ‍්කමා ඔරොහිත්‍වා පාදධොවනට‍්ඨානෙ ඨත්‍වා පාදෙ ධොවිත්‍වා විහාරං පවිසිත්‍වා මඤ‍්චකෙ නිසීදිත්‍වා, “ථොකං විස‍්සමිස‍්සාමී”ති කායං මඤ‍්චකෙ අපනාමෙසි. ද‍්වෙ පාදා භූමිතො මුත‍්තා, සීසං බිම‍්බොහනමප‍්පත‍්තං, එතස‍්මිං අන‍්තරෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තං, චතුඉරියාපථවිරහිතං ථෙරස‍්ස අරහත‍්තං. තෙන “ඉමස‍්මිං සාසනෙ අනිපන‍්නො අනිසින‍්නො අට‍්ඨිතො අචඞ‍්කමන‍්තො කො භික‍්ඛු අරහත‍්තං පත‍්තො”ති වුත‍්තෙ “ආනන්‍දත්‍ථෙරො”ති වත‍්තුං වට‍්ටති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ‘හෙට රැස්වීමයි. මා සේඛයෙක්වැ හෙට රැස්වීමට යාම සුදුසු නොවේ’ යයි රාත්‍රී බොහෝ වේලාවක් කායගතාසතියෙන් ගෙවා රෑ පහන්වන වේලාවෙහි සක්මනට බැස විහාරයට පිවිස වැදහෙන්නෙමියි සිරුර ආවර්ජනය කළහ. දෙපා බිමින් මිදිණ. හිස කොට්ටයට පැමිණියේ නැත. මේ අතරතුර ඇලීමක් නැතිව කෙලෙසුන්ගෙන් සිත මිදුණේය. මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සක්මනින් පිටත කල්ගෙවා විශේෂයක් නිපදවාගන් නොහැක්කාහු මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළසේක් නොවේද? ආනන්ද, ඔබ කළ පින් ඇත්තෙහිය. ප්‍රධාන වීර්යයෙහි යෙදෙන්න. වහා ආශ්‍රව නැත්තෙක් වන්න. බුදුවරුන්ගේ කථාවෙහි දෝෂයක් නැත. මගේද අතිශයින් ඇරඹූ වීර්යය ඇත්තේය. එයින් මාගේ සිත උසස් තත්ත්වයක පවතී. දැන් මම වීර්ය සමථය යොදන්නෙමියි සක්මනට බැස පාදෝනා තැන සි පා දොවා විහාරයට පිවිස කුඩා ඇඳෙහි හිඳ ‘මදක් ඉසුඹුලන්නෙමි’යි සිරුර කුඩා ඇඳෙහි දිගහැරියෙමි. දෙපා බිමින් මිදිණ. හිස කොට්ටයට නොපැමිණියේය. මේ අතරතුර ඇලීමක් නැතිව ආශ්‍රවයන්ගෙන් සිත මිදුණේය. තෙරුන්ගේ අර්හත්වය සිව් ඉරියව්වෙන් විරහිත විය. ඒ නිසා ‘මේ සසුනෙහි කවර භික්‍ෂුවක් නොවැදහෙව නොහිඳ නොසිට සක්මන්හි නොයෙදී අර්හත්වයට පත්වීදැයි කී කල්හි ‘ආනන්‍ද තෙරුන් වහන්සේයැ’යි කියන්ට වටනේය.

අථ ථෙරා භික‍්ඛූ දුතියදිවසෙ පඤ‍්චමියං කාළපක‍්ඛස‍්ස කතභත‍්තකිච‍්චා පත‍්තචීවරං පටිසාමෙත්‍වා ධම‍්මසභායං සන‍්නිපතිංසු. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අරහා සමානො සන‍්නිපාතං අගමාසි. කථං අගමාසි? “ඉදානිම‍්හි සන‍්නිපාතමජ‍්ඣං පවිසනාරහො”ති හට‍්ඨතුට‍්ඨචිත‍්තො එකංසං චීවරං කත්‍වා බන්‍ධනා මුත‍්තතාලපක‍්කං විය, පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තජාතිමණි විය, විගතවලාහකෙ නභෙ සමුග‍්ගතපුණ‍්ණචන්‍දො විය, බාලාතපසම‍්ඵස‍්සවිකසිතරෙණුපිඤ‍්ජරගබ‍්භං පදුමං විය ච, පරිසුද‍්ධෙන පරියොදාතෙන සප‍්පභෙන සස‍්සිරීකෙන ච මුඛවරෙන අත‍්තනො අරහත‍්තප‍්පත‍්තිං ආරොචයමානො විය අගමාසි. අථ නං දිස‍්වා ආයස‍්මතො මහාකස‍්සපස‍්ස එතදහොසි – “සොභති වත භො අරහත‍්තප‍්පත‍්තො ආනන්‍දො, සචෙ සත්‍ථා ධරෙය්‍ය, අද‍්ධා අජ‍්ජානන්‍දස‍්ස සාධුකාරං දදෙය්‍ය, හන්‍ද, දානිස‍්සාහං සත්‍ථාරා දාතබ‍්බං සාධුකාරං දදාමී”ති, තික‍්ඛත‍්තුං සාධුකාරමදාසි.

ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු දෙවැනි දවස්හි අවපස පස්වැනි දින කරන ලද බත්කිස ඇත්තාහු පාසිවුරු නමා තබා දම්සභාවෙහි රැස්වූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ රහත්ව රැස්වීමට වැඩම කළහ. කෙසේ වැඩම කළාහුද යත්, ‘දැන් රැස්වීම මැදට යන්නට සුදුසුවෙමියි’ තුටුපහටු වූ සිත් ඇත්තාහු සිවුර ඒකාංශකොට බැඳුමෙන් මිදුණු තල්පලයක් මෙන්, පඬුඇඹුල් සලසුනෙහි තැබූ දෑරඟමිණක් සේද වලාකුළු පහවූ අහසෙහි උදාවූ චන්ද්‍රයා මෙන්ද ළාහිරු රැස් ගෑවී විකසිත රන්වන් රේණු ගැබ් කරගත් පියුමක් මෙන්ද, පිරිසිදු සුදෝසුදු ප්‍රභාසම්පන්න සිරිමත් උතුම් මුහුණින් යුතුව තමා අර්හත්වයට පත්වූ බව දන්වන්නාක් මෙන් විය. ඉක්බිති උන්වහන්සේ දැක ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේ මෙසේ සිතක් ඇතිවිය. භවත්නි, රහත් බවට පත් ආනන්ද හොබනේය. යම්හෙයකින් ශාස්තෲන් වහන්සේ වැඩසිටි සේක් නම් එකාන්තයෙන් අද ආනන්දට සාධුකාර දෙන සේක. දැන් මම ශාස්තෲන් වහන්සේ විසින් දෙනු ලබන සාධුකාරය දෙමි’යි තෙවරක් සාධුකාර දුන්හ.

මජ‍්ඣිමභාණකා පන වදන‍්ති – “ආනන්‍දත්‍ථෙරො අත‍්තනො අරහත‍්තප‍්පත‍්තිං ඤාපෙතුකාමො භික‍්ඛූහි සද‍්ධිං නාගතො, භික‍්ඛූ යථාවුඩ‍්ඪං අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදන‍්තා ආනන්‍දත්‍ථෙරස‍්ස ආසනං ඨපෙත්‍වා නිසින‍්නා. තත්‍ථ කෙචි එවමාහංසු – ‘එතං ආසනං කස‍්සා’ති? ‘ආනන්‍දස‍්සා’ති. ‘ආනන්‍දො පන කුහිං ගතො’ති? තස‍්මිං සමයෙ ථෙරො චින‍්තෙසි – ‘ඉදානි මය‍්හං ගමනකාලො’ති. තතො අත‍්තනො ආනුභාවං දස‍්සෙන‍්තො පථවියං නිමුජ‍්ජිත්‍වා අත‍්තනො ආසනෙයෙව අත‍්තානං දස‍්සෙසී”ති, ආකාසෙන ගන‍්ත්‍වා නිසීදීතිපි එකෙ. යථා වා තථා වා හොතු. සබ‍්බථාපි තං දිස‍්වා ආයස‍්මතො මහාකස‍්සපස‍්ස සාධුකාරදානං යුත‍්තමෙව.

මජ්ඣිම භාණකයෝ මෙසේ කියති. ‘ආනන්ද තෙරණුවෝ තමා රහත්බවට පත්වූ බව දන්වනු කැමැතිව භික්‍ෂූන් සමග නොගියහ. භික්‍ෂූහු සගමහලු පිළිවෙලින් තම තමාගේ ආසනයෙහි හිඳින්නාහු ආනන්ද තෙරුන්ට අසුනක් තබා හුන්නාහුය. එහි යම්කිසිවකු විසින් ‘එක් අසුනක් කා වෙනුවෙන්දැයි කියන ලද කල්හි ‘ආනන්දටය’ ‘ආනන්ද කොහි ගියේ ද?’ එකල්හි තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. ‘දැන් මා මායුතු කාලයයි’, එයින් තම ආනුභාවය දක්වන්නාහු පොළොවෙහි ගිලී තම අසුනෙහිම තමා දැක්වූහ. ‘අහසින් අවුත් හුන්හ’යි ඇතැම්හු කියති. කෙසේ හෝ වේවා සැම අයුරින්ම ඒ දැක ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ගේ සාධුකාර දීම යුතුමය.

එවං ආගතෙ පන තස‍්මිං ආයස‍්මන‍්තෙ මහාකස‍්සපත්‍ථෙරො භික‍්ඛූ ආමන‍්තෙසි – “ආවුසො, කිං පඨමං සඞ‍්ගායාම, ධම‍්මං වා විනයං වා”ති? භික‍්ඛූ ආහංසු – “භන‍්තෙ, මහාකස‍්සප, විනයො නාම බුද‍්ධසාසනස‍්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං නාම හොති. තස‍්මා පඨමං විනයං සඞ‍්ගායාමා”ති. “කං ධුරං කත්‍වා”ති? “ආයස‍්මන‍්තං උපාලි”න‍්ති. “කිං ආනන්‍දො නප‍්පහොතී”ති? “නො නප‍්පහොති”. අපි ච ඛො පන සම‍්මාසම‍්බුද‍්ධො ධරමානොයෙව විනයපරියත‍්තිං නිස‍්සාය ආයස‍්මන‍්තං උපාලිං එතදග‍්ගෙ ඨපෙසි – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං විනයධරානං යදිදං උපාලී”ති (අ· නි· 1.228). ‘තස‍්මා උපාලිත්‍ථෙරං පුච‍්ඡිත්‍වා විනයං සඞ‍්ගායාමා’ති.

ඒ ආයුෂ්මතුන් වහන්සේ මෙසේ පැමිණි කල්හි මහා කස්සප තෙරුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි, පළමුව කුමක් සංගායනා කරමුද? ධර්මයද විනයද? භික්‍ෂූහු මෙසේ කීහ. ‘ස්වාමීනි, මහා කස්සපයන් වහන්ස, විනය නම් ශාසනයාගේ ආයුෂයයි. විනය පැවති කල්හි සසුන පිහිටියේ වෙයි. ඒ නිසා පළමුව විනය සංගායනා කරමු.’ ‘කවුරුන් මූලික කරගෙනද? ආයුෂ්මත් උපාලි තෙරණුවන් මූලික කරගෙන.’ ආනන්ද නොසෑහේද? නොපොහොනේ නොවේ. එසේ වුවත් සම්බුදුන් ජීවත්ව සිටියදීම විනය පැනවීම නිසා ආයුෂ්මත් උපාලි තෙරුන් අගතන්හි තැබූ සේක. ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් විනයධරයෙක් අතර අග්‍ර වේද? ඒ උපාලිය. ඒ නිසා ‘උපාලි තෙරුන් විමසා විනය සංගායනා කරමු.

තතො ථෙරො විනයං පුච‍්ඡනත්‍ථාය අත‍්තනාව අත‍්තානං සම‍්මන‍්නි. උපාලිත්‍ථෙරොපි විස‍්සජ‍්ජනත්‍ථාය සම‍්මන‍්නි. තත්‍රායං පාළි – අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො සඞ‍්ඝං ඤාපෙසි –

ඉන්පසු තෙරුන් වහන්සේ විනය විමසනු පිණිස තමාම සම්මත කරගත්හ. උපාලි තෙරුන් වහන්සේ විනය විසඳනු පිණිස පත්කළහ. මේ එහි පාලියයි. ඉක්බිති මහා කස්සප තෙරණුවෝ සංඝයාට දැන්වූහ.

“සුණාතු මෙ, ආවුසො, සඞ‍්ඝො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං උපාලිං විනයං පුච‍්ඡෙය්‍ය”න‍්ති.

ආයුෂ්මත් සංඝයා මා කියන දෙය අසනු මැනව. ඉදින් සංඝයා සුදුසුයයි හඟින්නේ නම් මම උපාලිගෙන් විනය විමසන්නෙමි.’

ආයස‍්මාපි උපාලි සඞ‍්ඝං ඤාපෙසි –

ආයුෂ්මත් උපාලි තෙරණුවෝද සංඝයාට දැන්වූහ

“සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ආයස‍්මතා මහාකස‍්සපෙන විනයං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍ය”න‍්ති. (චූළව· 439);

‘ආයුෂ්මත් සංඝයා මා කියන දෙය අසනු මැනව. ඉදින් සංඝයා සුදුසු යයි හඟින්නේ නම් මම ආයුෂ්මත් මහා කස්සප තෙරුන් විසින් විනය විමසන ලදුව විසඳන්නෙමි’

එවං අත‍්තානං සම‍්මන‍්නිත්‍වා ආයස‍්මා උපාලි උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා ථෙරෙ භික‍්ඛූ වන්‍දිත්‍වා ධම‍්මාසනෙ නිසීදි දන‍්තඛචිතං බීජනිං ගහෙත්‍වා, තතො මහාකස‍්සපත්‍ථෙරො ථෙරාසනෙ නිසීදිත්‍වා ආයස‍්මන‍්තං උපාලිං විනයං පුච‍්ඡි. “පඨමං ආවුසො, උපාලි, පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්ත”න‍්ති? “වෙසාලියං, භන‍්තෙ”ති. “කං ආරබ‍්භා”ති? “සුදින‍්නං කලන්‍දපුත‍්තං ආරබ‍්භා”ති. “කිස‍්මිං වත්‍ථුස‍්මි”න‍්ති? “මෙථුනධම‍්මෙ”ති.

මෙසේ තමාම තෝරාගෙන හුනස්නෙන් නැගී සිවුර ඒකාංශකොට ස්ථවිර භික්‍ෂූන් වැඳ ඇත්දළින් කැටයම් කළ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩහුන්හ. ඉන්පසු මහා කස්සප තෙරුන් වහන්සේ ස්ථවිර ආසනයෙහි වැඩහිඳ ආයුෂ්මත් උපාලි තෙරුන්ගෙන් විනය විමසූහ. ආයුෂ්මත් උපාලි පළමුව පාරාජිකාව කොතැනකදී පනවන ලද්දේ ද? ස්වාමීනි, විසාලා නුවරදී. කවුරුන් අරබයාද? කලන්‍දපුත්‍ර සුදින්න අරබයා. කිනම් හේතුවක් මතද? මෛථුනය පිළිබඳ කරුණකදී.

“අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං උපාලිං පඨමස‍්ස පාරාජිකස‍්ස වත්‍ථුම‍්පි පුච‍්ඡි, නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, පඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, අනුපඤ‍්ඤත‍්තිම‍්පි පුච‍්ඡි, ආපත‍්තිම‍්පි පුච‍්ඡි, අනාපත‍්තිම‍්පි පුච‍්ඡි” (චූළව· 439). පුට‍්ඨො පුට‍්ඨො ආයස‍්මා උපාලි විස‍්සජ‍්ජෙසි.

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ ප්‍රථම පාරාජිකාවෙහි වස්තුව උපාලි තෙරුන්ගෙන් විමසූහ. පුද්ගලයාද විමසූහ. ප්‍රඥප්තිය ද විමසූහ. අනුප්‍රඥප්තියද විමසූහ. අසන ලද අසන ලද කරුණ ආයුෂ්මත් උපාලි තෙරණුවෝ විසඳූහ.

කිං පනෙත්‍ථ පඨමපාරාජිකෙ කිඤ‍්චි අපනෙතබ‍්බං වා පක‍්ඛිපිතබ‍්බං වා අත්‍ථි නත්‍ථීති? අපනෙතබ‍්බං නත්‍ථි. බුද‍්ධස‍්ස හි භගවතො භාසිතෙ අපනෙතබ‍්බං නාම නත්‍ථි. න හි තථාගතා එකබ්‍යඤ‍්ජනම‍්පි නිරත්‍ථකං වදන‍්ති. සාවකානං පන දෙවතානං වා භාසිතෙ අපනෙතබ‍්බම‍්පි හොති, තං ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරා අපනයිංසු. පක‍්ඛිපිතබ‍්බං පන සබ‍්බත්‍ථාපි අත්‍ථි, තස‍්මා යං යත්‍ථ පක‍්ඛිපිතුං යුත‍්තං, තං පක‍්ඛිපිංසුයෙව. කිං පන තන‍්ති? ‘තෙන සමයෙනා’ති වා, ‘තෙන ඛො පන සමයෙනා’ති වා, ‘අථ ඛොති වා’, ‘එවං වුත‍්තෙති’ වා, ‘එතදවොචා’ති වා, එවමාදිකං සම‍්බන්‍ධවචනමත‍්තං. එවං පක‍්ඛිපිතබ‍්බයුත‍්තං පක‍්ඛිපිත්‍වා පන – “ඉදං පඨමපාරාජික”න‍්ති ඨපෙසුං. පඨමපාරාජිකෙ සඞ‍්ගහමාරූළ‍්හෙ පඤ‍්ච අරහන‍්තසතානි සඞ‍්ගහං ආරොපිතනයෙනෙව ගණසජ‍්ඣායමකංසු – “තෙන සමයෙන බුද‍්ධො භගවා වෙරඤ‍්ජායං විහරතී”ති. තෙසං සජ‍්ඣායාරද‍්ධකාලෙයෙව සාධුකාරං දදමානා විය මහාපථවී උදකපරියන‍්තං කත්‍වා අකම‍්පිත්‍ථ.

ප්‍රථම පාරාජිකාවෙහි ඉවත් කළයුතු කිසිවක් හෝ එකතු කළයුතු කිසිවක් තිබුණේ ද? තිබුණේ නැත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයෙහි ඉවත් කළ යුත්තක් නම් නැත. තථාගතවරු අර්ථ රහිත එක් අකුරක්වත් නොකියන සේක. ශ්‍රාවකයන්ගේ හෝ දේවතාවන්ගේ හෝ භාෂිතයෙහි ඉවත් කළයුතු දේ ඇත. ධර්ම සංග්‍රාහක තෙරවරු ඒවා ඉවත් කළහ. එකතු කළයුතු දේනම් සැමතැන්හි ඇත. ඒ නිසා යමක් යම්තැනක එකතු කරන්ට යුතුනම්, එයද එකතු කළාහුමය. ඒ කුමක්ද? ‘තෙන සමයෙන’, ‘තෙන ඛො පන සමයෙන’, ‘අථඛො’ ‘එවං වුත්තෙ’, ‘එතදවොච’ යන මේ ආදී සම්බන්ධක වචන මාත්‍රයක් පමණි. මෙසේ එකතු කළයුත්තක් වීනම් එය එකතුකොට ‘මේ ප්‍රථම පාරාජිකාවයැ’යි තැබූහ. ප්‍රථම පාරාජිකාව සංග්‍රහ කළ කල්හි, පන්සියයක් රහතන් වහන්සේ සංග්‍රහ කළ ක්‍රමයෙන්ම ගණ සජ්ඣායනා කළහ. ‘එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි වාසය කරන සේක’ යනුවෙන් උන්වහන්සේ සජ්ඣායනය ආරම්භ කළ කල්හිම සාධුකාර දෙන්නාක් මෙන් මහපොළොව දිය කෙළවරකොට කම්පා විය.

එතෙනෙව නයෙන සෙසානි තීණි පාරාජිකානි සඞ‍්ගහං ආරොපෙත්‍වා “ඉදං පාරාජිකකණ‍්ඩ”න‍්ති ඨපෙසුං. තෙරස සඞ‍්ඝාදිසෙසානි “තෙරසක”න‍්ති ඨපෙසුං. ද‍්වෙ සික‍්ඛාපදානි “අනියතානී”ති ඨපෙසුං. තිංස සික‍්ඛාපදානි “නිස‍්සග‍්ගියානි පාචිත‍්තියානී”ති ඨපෙසුං. ද‍්වෙනවුති සික‍්ඛාපදානි “පාචිත‍්තියානී”ති ඨපෙසුං. චත‍්තාරි සික‍්ඛාපදානි “පාටිදෙසනීයානී”ති ඨපෙසුං. පඤ‍්චසත‍්තති සික‍්ඛාපදානි “සෙඛියානී”ති ඨපෙසුං. සත‍්ත ධම‍්මෙ “අධිකරණසමථා”ති ඨපෙසුං. එවං සත‍්තවීසාධිකානි ද‍්වෙ සික‍්ඛාපදසතානි “මහාවිභඞ‍්ගො”ති කිත‍්තෙත්‍වා ඨපෙසුං. මහාවිභඞ‍්ගාවසානෙපි පුරිමනයෙනෙව මහාපථවී අකම‍්පිත්‍ථ.

උන්වහන්සේලා මේ ක්‍රමයෙන්ම සෙසු පාරාජිකාද සංග්‍රහකොට ‘මේ පාරාජිකා කාණ්ඩයැ’යි තැබූහ. ‘තෙළෙස් සඟ වෙසෙස්’, තෙළෙස් සඟ වෙසෙස්යැ’යි තැබූහ. ශික්‍ෂාපද දෙකක් ‘අනියත’යැ’යි තැබූහ. ශික්‍ෂාපද තිහක් ‘නිස්සග්ගිය පාචිත්තියැ’යි තැබූහ. ශික්‍ෂාපද සතරක් ‘පාටිදෙසනීය’ යැයි තැබූහ. ශික්‍ෂාපද හැත්තෑහතක් ‘සෙබ්යා’ යැයි තැබූහ. ධර්ම හතක් ‘අධිකරණ සමථ’යැයි තැබූහ. මෙසේ ශික්‍ෂාපද දෙසිය විස්සක් ‘මහා විභංග’ යැයි නම්කොට තැබූහ. මහා විභංගය අවසානයේදී ද පෙර පරිද්දෙන්ම මහ පොළොව කම්පා විය.

තතො භික‍්ඛුනීවිභඞ‍්ගෙ අට‍්ඨ සික‍්ඛාපදානි “පාරාජිකකණ‍්ඩං නාම ඉද”න‍්ති ඨපෙසුං. සත‍්තරස සික‍්ඛාපදානි “සත‍්තරසක”න‍්ති ඨපෙසුං. තිංස සික‍්ඛාපදානි “නිස‍්සග‍්ගියානි පාචිත‍්තියානී”ති ඨපෙසුං. ඡසට‍්ඨිසතසික‍්ඛාපදානි “පාචිත‍්තියානී”ති ඨපෙසුං. අට‍්ඨ සික‍්ඛාපදානි “පාටිදෙසනීයානී”ති ඨපෙසුං. පඤ‍්චසත‍්තති සික‍්ඛාපදානි “සෙඛියානී”ති ඨපෙසුං. සත‍්ත ධම‍්මෙ “අධිකරණසමථා”ති ඨපෙසුං. එවං තීණි සික‍්ඛාපදසතානි චත‍්තාරි ච සික‍්ඛාපදානි “භික‍්ඛුනීවිභඞ‍්ගො”ති කිත‍්තෙත්‍වා – “අයං උභතො විභඞ‍්ගො නාම චතුසට‍්ඨිභාණවාරො”ති ඨපෙසුං. උභතොවිභඞ‍්ගාවසානෙපි වුත‍්තනයෙනෙව මහාපථවිකම‍්පො අහොසි.

[missing trans]

එතෙනෙවුපායෙන අසීතිභාණවාරපරිමාණං ඛන්‍ධකං, පඤ‍්චවීසතිභාණවාරපරිමාණං පරිවාරඤ‍්ච සඞ‍්ගහං ආරොපෙත්‍වා “ඉදං විනයපිටකං නාමා”ති ඨපෙසුං. විනයපිටකාවසානෙපි වුත‍්තනයෙනෙව මහාපථවිකම‍්පො අහොසි. තං ආයස‍්මන‍්තං උපාලිං පටිච‍්ඡාපෙසුං – “ආවුසො, ඉමං තුය‍්හං නිස‍්සිතකෙ වාචෙහී”ති. විනයපිටකසඞ‍්ගහාවසානෙ උපාලිත්‍ථෙරො දන‍්තඛචිතං බීජනිං නික‍්ඛිපිත්‍වා ධම‍්මාසනා ඔරොහිත්‍වා ථෙරෙ භික‍්ඛූ වන්‍දිත්‍වා අත‍්තනො පත‍්තාසනෙ නිසීදි.

මේ උපායෙන්ම බණවර අසූවකින් පරිමිත වූ ඛන්‍ධකයද, බණවර විසිපහකින් පරිමිත වූ පරිවාරයද, සංග්‍රහකොට ‘මේ විනය පිටකයැ’යි තැබූහ. විනය පිටකය අවසානයේදී ද කියන ලද පරිදිම පොළෝ කම්පා විය. එය ආයුෂ්මත් උපාලි තෙරුන්ගෙන් නැවත ඇස්වූහ. ‘ඇවැත්නි, මෙය ඔබ නිශ්‍රිත වූවක් කොට කියවනු මැනවි’යි විනය පිටකය සංග්‍රහකොට අවසානයේදී උපාලි තෙරණුවෝ ඇත්දළින් කැටයම් කළ විජිනිපත තබා ධර්මාසනයෙන් බැස ස්ථවිර භික්‍ෂූන් වැඳ තමාට පැමිණි අසුනෙහි වැඩහුන්හ.

විනයං සඞ‍්ගායිත්‍වා ධම‍්මං සඞ‍්ගායිතුකාමො ආයස‍්මා මහාකස‍්සපො භික‍්ඛූ පුච‍්ඡි – “ධම‍්මං සඞ‍්ගායන‍්තෙ හි කං පුග‍්ගලං ධුරං කත්‍වා ධම‍්මො සඞ‍්ගායිතබ‍්බො”ති? භික‍්ඛූ – “ආනන්‍දත්‍ථෙරං ධුරං කත්‍වා”ති ආහංසු.

විනය සංග්‍රහකොට ධර්මය සංග්‍රහ කිරීමට කැමැති වූ ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ භික්‍ෂූන් විමසූහ. ‘ධර්මය සංග්‍රහ කරන්නවුන් විසින් කවරකු මූලික කොට ධර්මය සංග්‍රහ කළයුතුද?’ භික්‍ෂූහු ආනන්ද තෙරුන් මූලික කොටයැයි කීහ.

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො සඞ‍්ඝං ඤාපෙසි – “සුණාතු මෙ, ආවුසො, සඞ‍්ඝො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ආනන්‍දං ධම‍්මං පුච‍්ඡෙය්‍ය”න‍්ති;

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ සංඝයාට දැන්වූහ. ‘ඇවැත්නි, සංඝයා මා කියන දෙය අසනු මැනවි. සංඝයා සුදුසුයයි හඟින්නේ නම් මම ආනන්දගෙන් ධර්මය විමසන්නෙමි.’

අථ ඛො ආයස‍්මා ආනන්‍දො සඞ‍්ඝං ඤාපෙසි – “සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ආයස‍්මතා මහාකස‍්සපෙන ධම‍්මං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍ය”න‍්ති;

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සංඝයාට දැන්වූහ. හඟින්නේ නම් මම ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේ විසින් විමසන ලදුව ධර්මය විසඳන්නෙමි.’

අථ ඛො ආයස‍්මා ආනන්‍දො උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා ථෙරෙ භික‍්ඛූ වන්‍දිත්‍වා ධම‍්මාසනෙ නිසීදි දන‍්තඛචිතං බීජනිං ගහෙත්‍වා. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො භික‍්ඛූ පුච‍්ඡි – “කතරං, ආවුසො, පිටකං පඨමං සඞ‍්ගායාමා”ති? “සුත‍්තන‍්තපිටකං, භන‍්තෙ”ති. “සුත‍්තන‍්තපිටකෙ චතස‍්සො සඞ‍්ගීතියො, තාසු පඨමං කතරං සඞ‍්ගීති”න‍්ති? “දීඝසඞ‍්ගීතිං, භන‍්තෙ”ති. “දීඝසඞ‍්ගීතියං චතුතිංස සුත‍්තානි, තයො වග‍්ගා, තෙසු පඨමං කතරං වග‍්ග”න‍්ති? “සීලක‍්ඛන්‍ධවග‍්ගං, භන‍්තෙ”ති. “සීලක‍්ඛන්‍ධවග‍්ගෙ තෙරස සුත‍්තන‍්තා, තෙසු පඨමං කතරං සුත‍්ත”න‍්ති? “බ්‍රහ‍්මජාලසුත‍්තං නාම භන‍්තෙ, තිවිධසීලාලඞ‍්කතං, නානාවිධමිච‍්ඡාජීවකුහ ලපනාදිවිද‍්ධංසනං, ද‍්වාසට‍්ඨිදිට‍්ඨිජාලවිනිවෙඨනං, දසසහස‍්සිලොකධාතුකම‍්පනං, තං පඨමං සඞ‍්ගායාමා”ති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර ඒකාංශ කොට ස්ථවිර භික්‍ෂූන් වැඳ ඇත්දළින් කැටයම් කළ විජිනිපත ගෙන ධර්මාසනයෙහි වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ භික්‍ෂූන් විමසූහ. ‘ඇවැත්නි, කිනම් පිටකයක් පළමුකොට සංග්‍රහ කරමුද?’ ‘ස්වාමීනි, සූත්‍රාන්ත පිටකයයි. සූත්‍රාන්ත පිටකයෙහි සංගීති සතරක් ඇත. ඉන් කිනම් සංගීතියක්ද? ස්වාමීනි, දීඝ සංගීතියයි. දීඝ සංගීතියෙහි සූත්‍රාන්ත තිස්හතරකි. වර්ග තුනකි. ඉන් පළමුව කිනම් වර්ගයක්ද? ස්වාමීනි, සීලක්ඛන්ධ වර්ගයයි. සීලක්ඛන්‍ධ වර්ගයෙහි සූත්‍රාන්ත දහතුනකි. ඉන් පළමුකොට කිනම් සූත්‍රාන්තයක්ද? ස්වාමීනි, බ්‍රහ්මජාල සූත්‍රාන්තයයි. ත්‍රිවිධ ශීලයෙන් අලංකෘත වූ නානාවිධ මිථ්‍යා ආජීව කුහන ලපන ආදිය විධ්වංසනය කරන දෙසැටක් මිසදිටු දැල් ලිහන දසදහසක් ලෝකධාතු කම්පා කරන එම පළමුවැන්න සංග්‍රහ කරමු.

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච, “බ්‍රහ‍්මජාලං, ආවුසො ආනන්‍ද, කත්‍ථ භාසිත”න‍්ති? “අන‍්තරා ච, භන‍්තෙ, රාජගහං අන‍්තරා ච නාළන්‍දං රාජාගාරකෙ අම‍්බලට‍්ඨිකාය”න‍්ති. “කං ආරබ‍්භා”ති ? “සුප‍්පියඤ‍්ච පරිබ‍්බාජකං, බ්‍රහ‍්මදත‍්තඤ‍්ච මාණව”න‍්ති. “කිස‍්මිං වත්‍ථුස‍්මි”න‍්ති? “වණ‍්ණාවණ‍්ණෙ”ති. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො ආයස‍්මන‍්තං ආනන්‍දං බ්‍රහ‍්මජාලස‍්ස නිදානම‍්පි පුච‍්ඡි, පුග‍්ගලම‍්පි පුච‍්ඡි, වත්‍ථුම‍්පි පුච‍්ඡි (චූළව· 440). ආයස‍්මා ආනන්‍දො විස‍්සජ‍්ජෙසි. විස‍්සජ‍්ජනාවසානෙ පඤ‍්ච අරහන‍්තසතානි ගණසජ‍්ඣායමකංසු. වුත‍්තනයෙනෙව ච පථවිකම‍්පො අහොසි.

ඉක්බිති මහා කස්සප තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙසේ කීහ. ‘ඇවැත් ආනන්ද බ්‍රහ්මජාලය, කොතැනකදී දේශනා කරන ලද්දේ ද? රජගහ නුවරටත් නාලන්දාවටත් අතර පිහිටි අම්බලට්ඨිකාවෙහිදී රජගෙදරදීය. කවරකු අරබයාද? සුප්‍රිය පිරිවැජියාත් බ්‍රහ්මදත්ත මානවකයාත් අරබයා. කිනම් කරුණකදීද? වර්ණ අවර්ණ කරුණෙහිදී. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගෙන් බ්‍රහ්මජාලයෙහි නිදානයද විමසූහ. පුද්ගලයාද විමසූහ. හේතුවද විමසූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ විසඳූහ. විසඳුම අවසන පන්සියයක් රහත්හු සජ්ඣායනා කළහ. කියන ලද පරිදිම පොළොව කම්පා විය.

එවං බ්‍රහ‍්මජාලං සඞ‍්ගායිත්‍වා තතො පරං “සාමඤ‍්ඤඵලං, පනාවුසො ආනන්‍ද, කත්‍ථ භාසිත”න‍්තිආදිනා නයෙන පුච‍්ඡාවිස‍්සජ‍්ජනානුක‍්කමෙන සද‍්ධිං බ්‍රහ‍්මජාලෙන සබ‍්බෙපි තෙරස සුත‍්තන‍්තෙ සඞ‍්ගායිත්‍වා – “අයං සීලක‍්ඛන්‍ධවග‍්ගො නාමා”ති කිත‍්තෙත්‍වා ඨපෙසුං.

මෙසේ බ්‍රහ්මජාලය සංග්‍රහකොට ඉන්පසුව ‘ඇවැත් ආනන්දයිනි, සාමඤ්ඤඵලය කොහිදී කියන ලද්දේ ද? ආදී වශයෙන් විමසුම් විසඳුම් අනුක්‍රමයෙන් බ්‍රහ්මජාලය සමග සියලු සූත්‍රාන්ත දහතුන සංග්‍රහකොට ‘මේ සීලක්ඛන්‍ධ වග්ග’ යයි ප්‍රකාශකොට තැබූහ.

තදනන‍්තරං මහාවග‍්ගං, තදනන‍්තරං පාථිකවග‍්ගන‍්ති, එවං තිවග‍්ගසඞ‍්ගහං චතුතිංසසුත‍්තපටිමණ‍්ඩිතං චතුසට‍්ඨිභාණවාරපරිමාණං තන‍්තිං සඞ‍්ගායිත්‍වා “අයං දීඝනිකායො නාමා”ති වත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං පටිච‍්ඡාපෙසුං – “ආවුසො, ඉමං තුය‍්හං නිස‍්සිතකෙ වාචෙහී”ති.

ඉන් අනතුරුව මහා වග්ගයයි. ඉන් අනතුරුව පාටික වග්ගයයි. මෙසේ වර්ග තුනකින් යුතු සූත්‍රාන්ත තිස් හතරකින් ප්‍රතිමණ්ඩිත වූ බණවර හැටහතරකින් පරිමිත වූ පෙළ සංග්‍රහකොට ‘මේ දීඝනිකාය නමැ’යි කියා ආයුෂ්මත් ආනන්ද තෙර නැවත අස්වාපූහ. ‘ඇවැත්නි, මෙය ඔබගේ ඇසුරෙහි කියවන්න.

තතො අනන‍්තරං අසීතිභාණවාරපරිමාණං මජ‍්ඣිමනිකායං සඞ‍්ගායිත්‍වා ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරස‍්ස නිස‍්සිතකෙ පටිච‍්ඡාපෙසුං – “ඉමං තුම‍්හෙ පරිහරථා”ති.

ඉන්පසු අනතුරුව බණවර අසූවකින් පරිමිත වූ මජ්ඣිම නිකාය සංග්‍රහකොට ධර්ම සේනාපති සාරිපුත්ත තෙරුන් ඇසුරෙහි සිටි භික්‍ෂූන්ගෙන් නැවත අස්වාපූහ. ‘මෙය ඔබ පරිහරණය කරනු මැනවි.

තතො අනන‍්තරං සතභාණවාරපරිමාණං සංයුත‍්තනිකායං සඞ‍්ගායිත්‍වා මහාකස‍්සපත්‍ථෙරං පටිච‍්ඡාපෙසුං – “භන‍්තෙ, ඉමං තුම‍්හාකං නිස‍්සිතකෙ වාචෙථා”ති.

ඉන් අනතුරුව බණවර සියයකින් පරිමිත වූ සංයුත්ත නිකාය සංග්‍රහකොට මහා කස්සප තෙරුන් නැවත අස්වාපූහ. ‘ස්වාමීනි, මෙය ඔබවහන්සේගේ පිරිවර ඇසුරෙහි කියවනු මැනවි.

තතො අනන‍්තරං වීසතිභාණවාරසතපරිමාණං අඞ‍්ගුත‍්තරනිකායං සඞ‍්ගායිත්‍වා අනුරුද‍්ධත්‍ථෙරං පටිච‍්ඡාපෙසුං – “ඉමං තුම‍්හාකං නිස‍්සිතකෙ වාචෙථා”ති.

ඉන් අනතුරුව බණවර දෙදහසකින් පරිමිත වූ අංගුත්තර නිකාය සංග්‍රහකොට අනුරුද්ධ තෙරුන් නැවත අස්වාපූහ. ‘මෙය ඔබවහන්සේගේ පිරිවර ඇසුරුකොට කියවනු මැනව.’

තතො අනන‍්තරං ධම‍්මසඞ‍්ගහවිභඞ‍්ගධාතුකථාපුග‍්ගලපඤ‍්ඤත‍්තිකථාවත්‍ථුයමකපට‍්ඨානං අභිධම‍්මොති වුච‍්චති.

ඉන් අනතුරුව :- දම්සඟුණු, විභංගද, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති ද, කථාවත්ථු, යමක පට්ඨාන - අබිදහම යයි කියනු ලැබේ.

එවං සංවණ‍්ණිතං සුඛුමඤාණගොචරං තන‍්තිං සඞ‍්ගායිත්‍වා – “ඉදං අභිධම‍්මපිටකං නාමා”ති වත්‍වා පඤ‍්ච අරහන‍්තසතානි සජ‍්ඣායමකංසු. වුත‍්තනයෙනෙව පථවිකම‍්පො අහොසීති.

මෙසේ වර්ණනා කරන ලද සූක්‍ෂ්ම ඥානයට ගෝචර වූ පෙළ සංග්‍රහ කොට මේ අභිධම්ම පිටක නමැයි කියා පන්සියයක් රහත්හු සජ්ඣායනා කළහ. කියන ලද පරිදිම පොළොව කම්පා විය.

තතො පරං ජාතකං, නිද‍්දෙසො, පටිසම‍්භිදාමග‍්ගො, අපදානං, සුත‍්තනිපාතො, ඛුද‍්දකපාඨො, ධම‍්මපදං, උදානං, ඉතිවුත‍්තකං, විමානවත්‍ථු, පෙතවත්‍ථු, ථෙරගාථා, ථෙරීගාථාති ඉමං තන‍්තිං සඞ‍්ගායිත්‍වා “ඛුද‍්දකගන්‍ථො නාමාය”න‍්ති ච වත්‍වා “අභිධම‍්මපිටකස‍්මිංයෙව සඞ‍්ගහං ආරොපයිංසූ”ති දීඝභාණකා වදන‍්ති. මජ‍්ඣිමභාණකා පන “චරියාපිටකබුද‍්ධවංසෙහි සද‍්ධිං සබ‍්බම‍්පෙතං ඛුද‍්දකගන්‍ථං නාම සුත‍්තන‍්තපිටකෙ පරියාපන‍්න”න‍්ති වදන‍්ති.

ඉන්පසුව ජාතක, නිද්දේස, පටිසම්භිදා මග්ග, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්‍ථු පේතවත්‍ථු ථෙරථෙරී ගාථා යයි මේ පෙළ සංග්‍රහකොට ‘මෙය ඛුද්දකගන්‍ථ නමැයි කියා අභිධර්ම පිටකයෙහිම සංග්‍රහ කළාහු යයි දීඝභාණකයො කියති. මජ්ඣිම භාණකයෝ ‘චරියාපිටක අපදාන බුද්ධවංස සමග ඒ සියලු ඛුද්දක ග්‍රන්ථ සූත්‍රාන්ත පිටකයෙහි ඇතුළත් කරන ලදැයි කියති.

එවමෙතං සබ‍්බම‍්පි බුද‍්ධවචනං රසවසෙන එකවිධං, ධම‍්මවිනයවසෙන දුවිධං, පඨමමජ‍්ඣිමපච‍්ඡිමවසෙන තිවිධං. තථා පිටකවසෙන. නිකායවසෙන පඤ‍්චවිධං, අඞ‍්ගවසෙන නවවිධං, ධම‍්මක‍්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස‍්සවිධන‍්ති වෙදිතබ‍්බං.

මෙසේ මේ සියලු බුද්ධ වචනය රස වශයෙන් ඒකවිධය. ධර්ම-විනය වශයෙන් ද්විවිධය. ප්‍රථම, මධ්‍යම පශ්චිම වශයෙන් ත්‍රිවිධය. පිටක වශයෙන්ද එසේය. නිකාය වශයෙන් පංචවිධය. අංග වශයෙන් නවවිධය. ධර්මස්කන්ධ වශයෙන් අසූහතර දහස් වැදෑරුම්යයි දතයුතුය.

කථං රසවසෙන එකවිධං? යඤ‍්හි භගවතා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා යාව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායති, එත්‍ථන‍්තරෙ පඤ‍්චචත‍්තාලීසවස‍්සානි දෙවමනුස‍්සනාගයක‍්ඛාදයො අනුසාසන‍්තෙන වා පච‍්චවෙක‍්ඛන‍්තෙන වා වුත‍්තං, සබ‍්බං තං එකරසං විමුත‍්තිරසමෙව හොති. එවං රසවසෙන එකවිධං.

රස වශයෙන් ඒකවිධ වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ විසින් සම්මා සම්බෝධිය අවබෝධ කොටගෙන අනුපාධිසේස නිර්වාණ ධාතුයෙන් පිරිනිවන්පානා සේක්ද ඒතාක්, ඒ අතරතුර හතළිස් පස්වසක් දිව්‍ය මනුෂ්‍ය නාග යක්ෂ ආදීන්ට අනුශාසනා කරමින්ද, ප්‍රත්‍යවේක්‍ෂා කරමින් ද, වදාරන ලද සියල්ල එකම විමුක්ති රස ම වෙයි. මෙසේ රස වශයෙන් ඒකවිධය.

කථං ධම‍්මවිනයවසෙන දුවිධං? සබ‍්බමෙව චෙතං ධම‍්මො චෙව විනයො චාති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තත්‍ථ විනයපිටකං විනයො, අවසෙසං බුද‍්ධවචනං ධම‍්මො. තෙනෙවාහ “යන‍්නූන මයං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායෙය්‍යාමා”ති (චූළව· 437). “අහං උපාලිං විනයං පුච‍්ඡෙය්‍යං, ආනන්‍දං ධම‍්මං පුච‍්ඡෙය්‍ය”න‍්ති ච. එවං ධම‍්මවිනයවසෙන දුවිධං.

ධර්ම විනය වශයෙන් ද්විවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ධර්මයද විනයද යනුවෙන් ගැනේ. එහි විනය පිටකය විනයයි. ඉතිරි බුද්ධ වචනය ධර්මයයි. එහෙයින්ම කියන ලදි. ‘අපි ධර්මයද විනයද සංගායනා කරන්නෙමු නම් මැනවි’යි මම උපාලි තෙරුන්ගෙන් විනය විමසමි. අනඳ තෙරුන්ගෙන් ධර්මය විමසමි’ මෙසේ ධර්ම විනය වශයෙන් ද්විවිධය.

කථං පඨමමජ‍්ඣිමපච‍්ඡිමවසෙන තිවිධං? සබ‍්බමෙව හිදං පඨමබුද‍්ධවචනං, මජ‍්ඣිමබුද‍්ධවචනං, පච‍්ඡිමබුද‍්ධවචනන‍්ති තිප‍්පභෙදං හොති. තත්‍ථ –

ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන් ත්‍රිවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනයයි ප්‍රභේද තුනක් වෙයි. එහි :

“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ‍්බිසං; ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

නොයෙක් ජාතිහි සසර - ගෙවඩුවා සොයමින් නොදැක දිව ගියෙමි - නැවත නැවත දුක හටගති

ගහකාරක දිට‍්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං; විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති. (ධ· ප· 153-54);

ගෙවඩුවා දකිනු ලැබුවෙහි - යලි ගේ නොසදව. කයේ සියලු අර බිඳුණේය - කැණිමඬල විසිරිණි සිත සකරින් මිදුණේය - තණ්හාව නැසුවෙමි.

ඉදං පඨමබුද‍්ධවචනං. කෙචි “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා”ති (මහාව· 1) ඛන්‍ධකෙ උදානගාථං වදන‍්ති. එසා පන පාටිපදදිවසෙ සබ‍්බඤ‍්ඤුභාවප‍්පත‍්තස‍්ස සොමනස‍්සමයඤාණෙන පච‍්චයාකාරං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පන‍්නා උදානගාථාති වෙදිතබ‍්බා.

මේ ප්‍රථම බුද්ධ වචනයයි. ඇතැමෙක් ‘යදා භවෙ පාතු භවන්ති ධම්මා’ යන ඛන්ධකයෙහි උදාන ගාථාව යයි කියති. මෙය වනාහි සම්‍යක් මාර්ගය අනුගමනය කිරීම් වශයෙන් සර්වඥභාවයට පැමිණි සෝමනස්සය ඤාණයෙන් ප්‍රත්‍යයාකාරය ප්‍රත්‍යවේක්‍ෂා කරන උන්වහන්සේට උපන් උදාන ගාථායයි දතයුතුය.

යං පන පරිනිබ‍්බානකාලෙ අභාසි – “හන්‍ද දානි, භික‍්ඛවෙ, ආමන‍්තයාමි වො, වයධම‍්මා සඞ‍්ඛාරා, අප‍්පමාදෙන සම‍්පාදෙථා”ති (දී· නි· 2.218) ඉදං පච‍්ඡිමබුද‍්ධවචනං. උභින‍්නමන‍්තරෙ යං වුත‍්තං, එතං මජ‍්ඣිමබුද‍්ධවචනං නාම. එවං පඨමමජ‍්ඣිමපච‍්ඡිමබුද‍්ධවචනවසෙන තිවිධං.

පිරිනිවන්පානා කල්හි ‘හන්‍දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, අප්පමාදෙන සම්පාදෙථ’ යනුවෙන් යමක් පවසන ලද්දේ ද එය පශ්චිම බුද්ධ වචනයයි. මේ අතරෙහි යමක් කියන ලද්දේ ද එය මධ්‍යම බුද්ධ වචනය නමි. මෙසේ ප්‍රථම මධ්‍යම පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වෙයි.

කථං පිටකවසෙන තිවිධං? සබ‍්බම‍්පි චෙතං විනයපිටකං සුත‍්තන‍්තපිටකං අභිධම‍්මපිටකන‍්ති තිප‍්පභෙදමෙව හොති. තත්‍ථ පඨමසඞ‍්ගීතියං සඞ‍්ගීතඤ‍්ච අසඞ‍්ගීතඤ‍්ච සබ‍්බම‍්පි සමොධානෙත්‍වා උභයානි පාතිමොක‍්ඛානි, ද‍්වෙ විභඞ‍්ගා, ද‍්වාවීසති ඛන්‍ධකා, සොළසපරිවාරාති – ඉදං විනයපිටකං නාම. බ්‍රහ‍්මජාලාදිචතුත‍්තිංසසුත‍්තසඞ‍්ගහො දීඝනිකායො, මූලපරියායසුත‍්තාදිදියඩ‍්ඪසතද‍්වෙසුත‍්තසඞ‍්ගහො මජ‍්ඣිමනිකායො, ඔඝතරණසුත‍්තාදිසත‍්තසුත‍්තසහස‍්සසත‍්තසතද‍්වාසට‍්ඨිසුත‍්තසඞ‍්ගහො සංයුත‍්තනිකායො, චිත‍්තපරියාදානසුත‍්තාදිනවසුත‍්තසහස‍්සපඤ‍්චසතසත‍්තපඤ‍්ඤාසසුත‍්තසඞ‍්ගහො අඞ‍්ගුත‍්තරනිකායො, ඛුද‍්දකපාඨ-ධම‍්මපද-උදාන-ඉතිවුත‍්තක-සුත‍්තනිපාත-විමානවත්‍ථු-පෙතවත්‍ථු-ථෙරගාථා-ථෙරීගාථා-ජාතක-නිද‍්දෙස-පටිසම‍්භිදාමග‍්ග-අපදාන-බුද‍්ධවංස-චරියාපිටකවසෙන පන‍්නරසප‍්පභෙදො ඛුද‍්දකනිකායොති ඉදං සුත‍්තන‍්තපිටකං නාම. ධම‍්මසඞ‍්ගහො, විභඞ‍්ගො, ධාතුකථා, පුග‍්ගලපඤ‍්ඤත‍්ති, කථාවත්‍ථු, යමකං, පට‍්ඨානන‍්ති – ඉදං අභිධම‍්මපිටකං නාම. තත්‍ථ –

පිටක වශයෙන් ත්‍රිවිධ වන්නේ කෙසේද? මේ සියල්ලම විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකයයි ප්‍රභේද තුනක්ම වෙයි. එහි ප්‍රථම සංගීතියෙහිදී සංගෘහිත වූද සංගෘහිත නොවූද සියල්ල එක්වගෙන ‘උභය ප්‍රාතිමෝක්‍ෂය, විභංග දෙක, ඛන්‍ධක විසිදෙක, පරිවාර සොළොස’ යන මේ විනය පිටකය නමි. බ්‍රහ්මජාල ආදී තිස්හතරක් වූ සූත්‍රාන්ත සංග්‍රහය දීඝනිකාය නමි. මූලපරියාය සූත්‍රය ආදී වූ පනස්දෙකක් වූ සූත්‍ර සංගහය මජ්ඣිම නිකාය නමි. ඔඝතරණ සූත්‍රය ආදී වූ සත්දහස් සත්සිය හැටක් වූ සූත්‍ර සංග්‍රහය සංයුත්ත නිකාය නමි. චිත්ත පරියාදාන සූත්‍රය ආදී වූ නවදහස් පන්සිය පනස්හතක් වූ සූත්‍ර සංග්‍රහය අංගුත්තර නිකාය නමි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්‍ථු, පේතවත්‍ථු, ථෙර ථෙරී ගාථා, ජාතක නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක වශයෙන් පසළොසක් ප්‍රභේද ඇත්තේ ඛුද්දක නිකාය යන මෙය සුත්තන්ත පිටක නමි. ධම්මසංගහ, විභංග, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්‍ථු, යමක, පට්ඨාන යන මෙය අභිධම්ම පිටක නමි. එහි :

“විවිධවිසෙසනයත‍්තා, විනයනතො චෙව කායවාචානං; විනයත්‍ථවිදූහි අයං, විනයො විනයොති අක‍්ඛාතො”.

නොයෙක් වෙසෙසි නය ඇති බැවින් - කය වදන් හික්මන හෙයින්ද විනය අරුත් දතුවන් විසින් මේ - විනය විනයැයි කියන ලදි.

විවිධා හි එත්‍ථ පඤ‍්චවිධපාතිමොක‍්ඛුද‍්දෙසපාරාජිකාදි සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධමාතිකා විභඞ‍්ගාදිප‍්පභෙදා නයා. විසෙසභූතා ච දළ‍්හීකම‍්මසිථිලකරණප‍්පයොජනා අනුපඤ‍්ඤත‍්තිනයා. කායිකවාචසිකඅජ‍්ඣාචාරනිසෙධනතො චෙස කායං වාචඤ‍්ච විනෙති, තස‍්මා විවිධනයත‍්තා විසෙසනයත‍්තා කායවාචානං විනයනතො චෙව විනයොති අක‍්ඛාතො. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

විවිධා වනාහි මෙහි පස්වැදෑරුම් පාතිමොක්ඛ, උද්දේස, පාරාජිකා ආදී ආපත්තික්ඛන්‍ධසත, මාතිකා, විභංග ආදී ප්‍රභේද ක්‍රමයයි. විශේෂ වූද, දළ්හිකම්ම ලිහිල් කිරීමේ යෙදීම අනුප්‍රඥප්ති ක්‍රමයයි. කායික වාචසික අජ්ඣාචාර නිෂේධනයෙන් ද මෙය කය ද වචනයද හික්මවයි. ඒ නිසා විවිධ නය ඇති බැවින් විශේෂනය ඇති බැවින් කය වචනය හික්මවන බැවින් විනය යැයි කියන ලදි. ඒ නිසා ඒ මේ වචන කුසලතාව පිණිස කියන ලදි.

“විවිධවිසෙසනයත‍්තා, විනයනතො චෙව කායවාචානං; විනයත්‍ථවිදූහි අයං, විනයො විනයොති අක‍්ඛාතො”ති.

නොයෙක් වෙසෙසි නය ඇති බැවින් - කයවදන් හික්මවන බැවින්ද විනය අරුත් දතුවන් විසින් මේ - විනය විනයැයි කියන ලද.

ඉතරං පන –

අන්‍යයෝ වනාහි :

“අත්‍ථානං සූචනතො සුවුත‍්තතො, සවනතොථ සූදනතො; සුත‍්තාණා සුත‍්තසභාගතො ච, සුත‍්තන‍්ති අක‍්ඛාතං.

අරුත් දක්වන බැවින් මැනවින් කියන ලද බැවින් අසන බැවින් පැසවන බැවින්, සූත්‍රයන්ට නූලක් වැනි බැවින් සූත්‍ර සූත්‍ර යැයි කියන ලද.

තඤ‍්හි අත‍්තත්‍ථපරත්‍ථාදිභෙදෙ අත්‍ථෙ සූචෙති. සුවුත‍්තා චෙත්‍ථ අත්‍ථා, වෙනෙය්‍යජ‍්ඣාසයානුලොමෙන වුත‍්තත‍්තා. සවති චෙතං අත්‍ථෙ සස‍්සමිව ඵලං, පසවතීති වුත‍්තං හොති. සූදති චෙතං ධෙනු විය ඛීරං, පග‍්ඝරාපෙතීති වුත‍්තං හොති. සුට‍්ඨු ච නෙ තායති, රක‍්ඛතීති වුත‍්තං හොති. සුත‍්තසභාගඤ‍්චෙතං, යථා හි තච‍්ඡකානං සුත‍්තං පමාණං හොති, එවමෙතම‍්පි විඤ‍්ඤූනං. යථා ච සුත‍්තෙන සඞ‍්ගහිතානි පුප‍්ඵානි න විකිරීයන‍්ති, න විද‍්ධංසීයන‍්ති, එවමෙව තෙන සඞ‍්ගහිතා අත්‍ථා. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

එය වනාහි ආත්මාර්ථ පරාර්ථ ආදි ප්‍රභේද ඇති අර්ථයන් කියවනු ලැබේ. මනා සේ කියන ලදි යන අර්ථයෝ හික්මවීමේ අදහසට අනුලෝමව කියන ලද බැවින් මෙය අර්ථයන්, ශස්‍ය ඵල දෙන්නාක් මෙන් ගලාබසීනුයි, එකතු කෙරේනුයි පිසතියිද කියන ලද්දේ වෙයි. දෙනක මෙන් කිරි වගුරුවතියි කියන ලද්දේ වෙයි. මනාසේ ආරක්ෂා කරයි. රැකගනියි. කියන ලද්දේ වෙයි. සූත්‍රයක් මෙන් යම්සේ වඩුවන්ට නූල ප්‍රමාණ වේද, බුද්ධිමතුන්ට මෙය වේද, යම්සේ සූත්‍රායන් ගොතන ලද මල් නොවිසිරේද විනාශ නොවන්නේය. එසේ අර්ථයෝ සංගෘහිතය. ඒ නිසාම මෙහි වචනාර්ථ කුසලතාව පිණිස කියන ලදි.

“අත්‍ථානං සූචනතො, සුවුත‍්තතො සවනතොථ සූදනතො; සුත‍්තාණා සුත‍්තසභාගතො ච, සුත‍්තන‍්ති අක‍්ඛාත”න‍්ති.

අරුත් දක්වන බැවින් - මැනවින් කියන ලද බැවින් අසන බැවින් පැසවන බැවින් සූත්‍රයන්ට නූලක් වැනි බැවින් සූත්‍ර සූත්‍ර යයි කියන ලදි.

ඉතරො පන –

අන්‍යයෝ වනාහි :

“යං එත්‍ථ වුඩ‍්ඪිමන‍්තො, සලක‍්ඛණා පූජිතා පරිච‍්ඡින‍්නා; වුත‍්තාධිකා ච ධම‍්මා, අභිධම‍්මො තෙන අක‍්ඛාතො”.

මෙහි යමක් වැඩේද, සලකුණු ඇත්ද පුදන ලද ද පිරිසිඳින ලද ද ඒ අධිකව කියූ දහම් - අබිදම් යයි කියන ලදි.

අයඤ‍්හි අභිසද‍්දො වුඩ‍්ඪිලක‍්ඛණපූජිතපරිච‍්ඡින‍්නාධිකෙසු දිස‍්සති. තථා හෙස “බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්තී”තිආදීසු (ම· නි· 3.389) වුඩ‍්ඪියං ආගතො. “යා තා රත‍්තියො අභිඤ‍්ඤාතා අභිලක‍්ඛිතා”තිආදීසු (ම· නි· 1.49) සලක‍්ඛණෙ. “රාජාභිරාජා මනුජින්‍දො”තිආදීසු (ම· නි· 2.399) පූජිතෙ. “පටිබලො විනෙතුං අභිධම‍්මෙ අභිවිනයෙ”තිආදීසු (මහාව· 85) පරිච‍්ඡින‍්නෙ. අඤ‍්ඤමඤ‍්ඤසඞ‍්කරවිරහිතෙ ධම‍්මෙ ච විනයෙ චාති වුත‍්තං හොති. “අභික‍්කන‍්තෙන වණ‍්ණෙනා”තිආදීසු (වි· ව· 819) අධිකෙ.

මෙහි ‘අභි’ ශබ්දය වෘද්ධි ස්වලක්‍ෂණ පූජිත පරිච්ඡින්න අර්ථ දක්නට ලැබේද මෙයද එසේය. ‘බාළ්හා මෙ ආවුසො දුක්ඛා වෙදනා අභික්කමන්ති’ ආදි තන්හි වෘද්ධියෙහි ආයේය. ‘යාතා රත්තියො අභිඤ්ඤතා අභිලක්ඛිතා’ ආදි තන්හි ස්වලක්‍ෂණයෙහි ආයේය. ‘රාජාභිරාජා මනුජින්‍දො’ ආදී තන්හි පූජිතාර්ථයෙහි ආයේය. ‘පටිබලො විනෙතුං අභිධම්මෙ අභිවිනයෙ’ ආදී තන්හි පූජිතාර්ථයෙහි ආයේය. අන්‍යොන්‍යව විකාර රහිත ධර්මයෙහිද විනයෙහිදැයි කියන ලද්දේ වෙයි. ‘අභික්කන්තෙන වණ්ණෙන’ ආදී තන්හි අධිකාර්ථයෙහි ආයේය.

එත්‍ථ ච “රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති” (ධ· ස· 251), “මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරතී”තිආදිනා (විභ· 642) නයෙන වුඩ‍්ඪිමන‍්තොපි ධම‍්මා වුත‍්තා. “රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා”තිආදිනා (ධ· ස· 1) නයෙන ආරම‍්මණාදීහි ලක‍්ඛණීයත‍්තා සලක‍්ඛණාපි. “සෙක‍්ඛා ධම‍්මා, අසෙක‍්ඛා ධම‍්මා, ලොකුත‍්තරා ධම‍්මා”තිආදිනා (ධ· ස· තිකමාතිකා 11, දුකමාතිකා 12) නයෙන පූජිතාපි, පූජාරහාති අධිප‍්පායො. “ඵස‍්සො හොති, වෙදනා හොතී”තිආදිනා (ධ· ස· 1) නයෙන සභාවපරිච‍්ඡින‍්නත‍්තා පරිච‍්ඡින‍්නාපි. “මහග‍්ගතා ධම‍්මා, අප‍්පමාණා ධම‍්මා (ධ· ස· තිකමාතිකා 11), අනුත‍්තරා ධම‍්මා”තිආදිනා (ධ· ස· දුකමාතිකා 11) නයෙන අධිකාපි ධම‍්මා වුත‍්තා. තෙනෙතමෙතස‍්ස වචනත්‍ථකොසල‍්ලත්‍ථං වුත‍්තං –

මෙහිද ‘රූපූපපත්තියා මග්ගං භාවෙති, මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති’ ආදී ක්‍රමයෙන් වැඩීමක් ඇති ධර්මයෝ කියන ලදහ. ‘රූපාරම්මණං වා සද්දාරම්මණං වා’ ආදී ක්‍රමයෙන් ආරම්මණ ආදීන්ගෙන් ලකුණු කළයුතු වන බැවින් ස්වලක්‍ෂණද ‘සෙඛා ධම්මා අසෙඛා ධම්මා ලොකුත්තරා ධම්මා’ ආදී ක්‍රමයෙන් පුදන ලද්දාහුද පූජාවට සුදුසු වූවෝය යන අදහසයි. ‘ඵස්සො හොති වෙදනා හොති’ ආදී ක්‍රමයෙන් ස්වභාව පරිච්ඡින්න බැවින් පරිච්ඡින්නයෝද, ‘මහග්ගතා ධම්මා අප්පමාණා ධම්මා අනුත්තරා ධම්මා’ ආදී ක්‍රමයෙන් අධික වූද ධර්මයෝ කියන ලදහ. ඒ නිසා මෙය මෙහි වචන කුසලතාව සඳහා කියන ලදි.

“යං එත්‍ථ වුඩ‍්ඪිමන‍්තො, සලක‍්ඛණා පූජිතා පරිච‍්ඡින‍්නා; වුත‍්තාධිකා ච ධම‍්මා, අභිධම‍්මො තෙන අක‍්ඛාතො”ති.

මෙහි යමක් වැඩේද, සලකුණු ඇද්ද පුදන ලද ද, පිරිසිඳින ලද ද ඒ අධිකව කියූ දහම් අබිදම් යයි කියන ලද

යං පනෙත්‍ථ අවිසිට‍්ඨං, තං –

යමක් මෙහි ඉතිරිවීද එය :

“පිටකං පිටකත්‍ථවිදූ, පරියත‍්තිබ‍්භාජනත්‍ථතො ආහු; තෙන සමොධානෙත්‍වා, තයොපි විනයාදයො ඤෙය්‍යා”.

පිටක අරුත් දත්තෝ - පරියත්ති බෙදන අරුතින් පිටකයයි කීහුද, විනය ආදී තුන්පිටකය එක්කොට දතයුතුය.

පරියත‍්තිපි හි “මා පිටකසම‍්පදානෙනා”තිආදීසු (අ· නි· 3.66) පිටකන‍්ති වුච‍්චති. “අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුදාලපිටකමාදායා”තිආදීසු (අ· නි· 3.70) යං කිඤ‍්චි භාජනම‍්පි. තස‍්මා ‘පිටකං පිටකත්‍ථවිදූ පරියත‍්තිභාජනත්‍ථතො ආහු.

පර්යාප්තිය වනාහි ‘මාපිටක සම්පදානෙන’ ආදී තන්හි පිටකයයි කියනු ලැබේ. අථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාලපිටකං ආදාය’ ආදී තන්හි යම්කිසි භාජනයක්ද, ඒ නිසා ‘පිටකං පිටකත්‍ථවිදූ පරියත්ති භාජනත්‍ථතො ආහු’

ඉදානි ‘තෙන සමොධානෙත්‍වා තයොපි විනයාදයො ඤෙය්‍යා’ති, තෙන එවං දුවිධත්‍ථෙන පිටකසද‍්දෙන සහ සමාසං කත්‍වා විනයො ච සො පිටකඤ‍්ච පරියත‍්තිභාවතො, තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස භාජනතො චාති විනයපිටකං, යථාවුත‍්තෙනෙව නයෙන සුත‍්තන‍්තඤ‍්ච තං පිටකඤ‍්චාති සුත‍්තන‍්තපිටකං, අභිධම‍්මො ච සො පිටකඤ‍්චාති අභිධම‍්මපිටකන‍්ති. එවමෙතෙ තයොපි විනයාදයො ඤෙය්‍යා.

දැන් ‘තෙන සමොධානෙත්‍වා තයොපි විනයාදයො ඤෙය්‍යා’ මේ නිසා මෙසේ අර්ථ දෙකක් ඇති පිටක ශබ්දය සමග සමාසකොට විනය වූයේද එය පිටක වූයේ ද පර්යාප්ති භාවය නිසා ඒ ඒ අර්ථයට බෙදෙන බැවින් ද = විනය පිටක වේ. යම්සේ කියන ලද ක්‍රමයෙන්ම සූත්‍රය වූයේද එම පිටක වූයේද = සුත්තපිටක වේ. අභිධම්ම වූයේද එය පිටක වූයේද = අභිධම්ම පිටක වේ. මෙසේ මේ විනය ආදී තුනම දතයුතුය.

එවං ඤත්‍වා ච පුනපි තෙසුයෙව පිටකෙසු නානප‍්පකාරකොසල‍්ලත්‍ථං –

මෙසේ දැන ද නැවතත් එම පිටක වල ම නානාප්‍රකාර කුසලතාව සඳහා

“දෙසනාසාසනකථාභෙදං තෙසු යථාරහං; සික‍්ඛාප‍්පහානගම‍්භීරභාවඤ‍්ච පරිදීපයෙ.

ඔවුන් අතර දේසනා සාසන කථා බෙදුමද, සික්ඛා පහාණයන්ගේ ගැඹුරුබවද සුදුසු සේ දැක්වේ.

පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙ”.

පරියත්ති බිඳුමද සැපතට හා විපතට එහිදී යම් භික්‍ෂුවක් පැමිණේද ඒ සියල්ලද විස්තර කෙරේ.

තත්‍රායං පරිදීපනා විභාවනා ච. එතානි හි තීණි පිටකානි යථාක‍්කමං ආණාවොහාරපරමත්‍ථදෙසනා, යථාපරාධයථානුලොමයථාධම‍්මසාසනානි, සංවරාසංවරදිට‍්ඨිවිනිවෙඨනනාමරූපපරිච‍්ඡෙදකථාති ච වුච‍්චන‍්ති. එත්‍ථ හි විනයපිටකං ආණාරහෙන භගවතා ආණාබාහුල‍්ලතො දෙසිතත‍්තා ආණාදෙසනා, සුත‍්තන‍්තපිටකං වොහාරකුසලෙන භගවතා වොහාරබාහුල‍්ලතො දෙසිතත‍්තා වොහාරදෙසනා, අභිධම‍්මපිටකං පරමත්‍ථකුසලෙන භගවතා පරමත්‍ථබාහුල‍්ලතො දෙසිතත‍්තා පරමත්‍ථදෙසනාති වුච‍්චති.

මෙහි මෙය පරිදීපනා විභාවනා ද වෙයි. මේ පිටක තුන පිළිවෙලින් ආණා වෝහාර, පරමත්‍ථ දේශනාය. යථාපරාධ, යථානුලොම, යථා ධම්ම සාසන ය. සංවර අසංවර දිට්ඨි විනිවෙඨන, නාමරූප පරිච්ඡේද කථා යයි ද කියනු ලැබේ. මෙහි විනය පිටකය අණට සුදුසු භාග්‍යවතුන් වහන්සේ විසින් අණ බහුලකොට දේශනා කරන ලද බැවින් ආණාදේශනා වෙයි. සූත්‍ර පිටකය ව්‍යවහාරයෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යවහාර බහුලකොට දේශනා කරන ලද බැවින් වෝහාර දේශනා වේ. අභිධර්ම පිටකය පරමාර්ථ දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්ථ බහුලකොට දේශනා කරන ලද බැවින් පරමත්‍ථදෙසනා යැයි කියනු ලැබේ.

තථා පඨමං – ‘යෙ තෙ පචුරාපරාධා සත‍්තා, තෙ යථාපරාධං එත්‍ථ සාසිතා’ති යථාපරාධසාසනං, දුතියං – ‘අනෙකජ‍්ඣාසයානුසයචරියාධිමුත‍්තිකා සත‍්තා යථානුලොමං එත්‍ථ සාසිතා’ති යථානුලොමසාසනං, තතියං – ‘ධම‍්මපුඤ‍්ජමත‍්තෙ “අහං මමා”ති සඤ‍්ඤිනො සත‍්තා යථාධම‍්මං එත්‍ථ සාසිතා’ති යථාධම‍්මසාසනන‍්ති වුච‍්චති.

එසේ යම් පළමුව, - බොහෝ අපරාධ ඇති සත්ත්වයෝ වූවාහුද ඔවුන් අපරාධ අනුව මෙය කියන ලද්දේනුයි යථාපරාධසාසනං. දෙවැනිව, නොයෙක් අධ්‍යාශය, අනුසය චරිතාධිමුක්ති ඇති සත්ත්වයෝ සුදුසු පරිදි මෙහි කියන ලද්දාහුනුයි යථානුලොම සාසන වේ. තෙවැනිව, දහම්පිඬු මාත්‍රයෙහි ‘මම මගේ’ යැයි සංඥා ඇත්තා වූ සත්ත්වයෝ ස්වභාවය අනුව මෙහි කියන ලද්දාහුනුයි යථාධම්මසාසන වේ.

තථා පඨමං – අජ‍්ඣාචාරපටිපක‍්ඛභූතො සංවරාසංවරො එත්‍ථ කථිතොති සංවරාසංවරකථා. සංවරාසංවරොති ඛුද‍්දකො චෙව මහන‍්තො ච සංවරො, කම‍්මාකම‍්මං විය, ඵලාඵලං විය ච, දුතියං – “ද‍්වාසට‍්ඨිදිට‍්ඨිපටිපක‍්ඛභූතා දිට‍්ඨිවිනිවෙඨනා එත්‍ථ කථිතා”ති දිට‍්ඨිවිනිවෙඨනකථා, තතියං – “රාගාදිපටිපක‍්ඛභූතො නාමරූපපරිච‍්ඡෙදො එත්‍ථ කථිතො”ති නාමරූපපරිච‍්ඡෙදකථාති වුච‍්චති.

එසේ පහත් හැසිරීම්වලට විරුද්ධ වූ සංවරයද අසංවරයද මෙහි කියන ලද්දේනුයි සංවරාසංවර කථා වේ. සංවරාසංවර යනු කුඩා වූද මහත් වූද සංවරයයි. කම්මාකම්ම මෙන් ඵලාඵලං මෙන්. දෙවැනිව දෙසැට මිසදිටුවලට ප්‍රතිපක්ෂ වූ නාමරූප පරිච්ඡේදය මෙහි කියන ලද්දේනුයි නාමරූප පරිච්ඡේද කථායයි කියනු ලැබේ.

තීසුපි චෙතෙසු තිස‍්සො සික‍්ඛා, තීණි පහානානි, චතුබ‍්බිධො ච ගම‍්භීරභාවො වෙදිතබ‍්බො. තථා හි විනයපිටකෙ විසෙසෙන අධිසීලසික‍්ඛා වුත‍්තා, සුත‍්තන‍්තපිටකෙ අධිචිත‍්තසික‍්ඛා, අභිධම‍්මපිටකෙ අධිපඤ‍්ඤාසික‍්ඛා.

මේ තුනෙහිම ශික්‍ෂා තුනකි. ප්‍රහාණ තුනකි. ගම්භීරභාවය සිව්වැදෑරුම් වේයයි දතයුතුය. එසේය, විනය පිටකයෙහි විශේෂයෙන් අධිශීල ශික්‍ෂාව කියන ලදි. සූත්‍ර පිටකයෙහි අධිචිත්ත ශික්‍ෂාවයි, අභිධර්ම පිටකයෙහි අධිප්‍රඥා ශික්‍ෂාවයි.

විනයපිටකෙ ච වීතික‍්කමප‍්පහානං, කිලෙසානං වීතික‍්කමපටිපක‍්ඛත‍්තා සීලස‍්ස. සුත‍්තන‍්තපිටකෙ පරියුට‍්ඨානප‍්පහානං, පරියුට‍්ඨානපටිපක‍්ඛත‍්තා සමාධිස‍්ස. අභිධම‍්මපිටකෙ අනුසයප‍්පහානං, අනුසයපටිපක‍්ඛත‍්තා පඤ‍්ඤාය. පඨමෙ ච තදඞ‍්ගප‍්පහානං, ඉතරෙසු වික‍්ඛම‍්භනසමුච‍්ඡෙදප‍්පහානානි. පඨමෙ ච දුච‍්චරිතසංකිලෙසප‍්පහානං, ඉතරෙසු තණ‍්හාදිට‍්ඨිසංකිලෙසප‍්පහානං.

විනය පිටකයෙහි වීතික්කම පහාණයද සීලයට ක්ලේශයන්ගේ වීතික්කම ප්‍රතිපක්‍ෂ බැවින්ද සූත්‍ර පිටකයෙහි පරියුට්ඨාන පහාණයද සමාධියට පරියුට්ඨාන ප්‍රතිපක්‍ෂ බැවින් ද, අභිධර්ම පිටකයෙහි අනුසය ප්‍රහාණයද, ප්‍රඥාවට අනුසය ප්‍රතිපක්‍ෂ බැවින්ද, පළමුවැන්නෙහි ක්ලේශයන්ගේ තදංග ප්‍රහාණයද, ඉතිරියෙහි වික්ඛම්භන සමුච්ඡේද ප්‍රහාණයද වෙයි. පළමුවැන්නෙහි දුශ්චරිත සංක්ලේශ ප්‍රහාණයද, ඉතිරියෙහි තෘෂ්ණා දෘෂ්ටි සංක්ලේශයන්ගේ ප්‍රහාණයද වෙයි.

එකමෙකස‍්මිඤ‍්චෙත්‍ථ චතුබ‍්බිධොපි ධම‍්මත්‍ථදෙසනා පටිවෙධගම‍්භීරභාවො වෙදිතබ‍්බො. තත්‍ථ ධම‍්මොති තන‍්ති. අත්‍ථොති තස‍්සායෙව අත්‍ථො. දෙසනාති තස‍්සා මනසා වවත්‍ථාපිතාය තන‍්තියා දෙසනා. පටිවෙධොති තන‍්තියා තන‍්තිඅත්‍ථස‍්ස ච යථාභූතාවබොධො. තීසුපි චෙතෙසු එතෙ ධම‍්මත්‍ථදෙසනාපටිවෙධා. යස‍්මා සසාදීහි විය මහාසමුද‍්දො මන්‍දබුද‍්ධීහි දුක‍්ඛොගාළ‍්හා අලබ‍්භනෙය්‍යපතිට‍්ඨා ච, තස‍්මා ගම‍්භීරා. එවං එකමෙකස‍්මිං එත්‍ථ චතුබ‍්බිධොපි ගම‍්භීරභාවො වෙදිතබ‍්බො.

මෙහි එක එකෙහි සිව්වැදෑරුම් වූ ධර්මාර්ථ දේශනා ප්‍රතිවේධ ගම්භීර බව දතයුතුය. එහි ධම්ම යනු පෙළය. අත්‍ථ යනු එහිම අර්ථයයි. දේසනා යනු එය මනසින් ව්‍යවස්ථාපිත බැවින් පෙළෙහි දේශනාවයි. පටිවෙධ යනු පෙළෙහි පෙළ අරුතෙහි නියම අවබෝධයයි. මේ තුනෙහිම ධර්මාර්ථ දේශනා ප්‍රතිවේධයෙන් හාවුන් ආදීන් විසින් මහා සමුද්‍රය මෙන්, මන්දබුද්ධි ඇත්තවුන් විසින් දුකට බැසගැනීමෙන් නොලද හැකි ප්‍රතිෂ්ඨා මෙන්. ඒ නිසා ගම්භීරය. මෙසේ එකඑකෙහි සිව්වැදෑරුම් වූ ගම්භීර බව දතුයුතුය.

අපරො නයො, ධම‍්මොති හෙතු. වුත‍්තඤ‍්හෙතං – “හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා”ති. අත්‍ථොති හෙතුඵලං, වුත‍්තඤ‍්හෙතං – “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා”ති (විභ· 720). දෙසනාති පඤ‍්ඤත‍්ති, යථා ධම‍්මං ධම‍්මාභිලාපොති අධිප‍්පායො. අනුලොමපටිලොමසඞ‍්ඛෙපවිත්‍ථාරාදිවසෙන වා කථනං. පටිවෙධොති අභිසමයො, සො ච ලොකියලොකුත‍්තරො විසයතො අසම‍්මොහතො ච, අත්‍ථානුරූපං ධම‍්මෙසු, ධම‍්මානුරූපං අත්‍ථෙසු, පඤ‍්ඤත‍්තිපථානුරූපං පඤ‍්ඤත‍්තීසු අවබොධො. තෙසං තෙසං වා තත්‍ථ තත්‍ථ වුත‍්තධම‍්මානං පටිවිජ‍්ඣිතබ‍්බො සලක‍්ඛණසඞ‍්ඛාතො අවිපරීතසභාවො.

තවත් ක්‍රමයක් : ධම්ම යනු හේතුවයි. එය මෙසේ කියන ලදි. ‘හෙතුම්හි ඤාණං ධම්ම පටිසම්භිදා’ අත්‍ථ යනු හේතුඵලයයි. එය මෙසේ කියන ලදි. ‘හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා’ දෙසනා යනු ප්‍රඥප්තියයි. ධර්මානුකූලව ධර්මය කීමය යන අදහසයි. අනුලෝම ප්‍රතිලෝම සංක්‍ෂේප විස්තාර ආදී වශයෙන් හෝ කීම ප්‍රතිවේධ කිරීම යන අර්ථයි. එයද ලෞකික ලෝකෝත්තර විෂය වශයෙන් ද මුළා නොවීමෙන් ද අර්ථානුරූප ධර්මයන්හි ධර්මානුරූප වූ අර්ථයන්හි ප්‍රඥප්ති මාර්ග අනුරූප වූ ප්‍රඥප්තීන්හි අවබෝධයයි. ඔවුන්ම ඒ ඒ තැන කියන ලද ධර්මය ස්වලක්‍ෂණ සංඛ්‍යාත වූ අවිපරීත ස්වභාවය අවබෝධ කරගත යුතුය.

ඉදානි යස‍්මා එතෙසු පිටකෙසු යං යං ධම‍්මජාතං වා අත්‍ථජාතං වා, යා චායං යථා යථා ඤාපෙතබ‍්බො අත්‍ථො සොතූනං ඤාණස‍්ස අභිමුඛො හොති, තථා තථා තදත්‍ථජොතිකා දෙසනා, යො චෙත්‍ථ අවිපරීතාවබොධසඞ‍්ඛාතො පටිවෙධො, තෙසං තෙසං වා ධම‍්මානං පටිවිජ‍්ඣිතබ‍්බො සලක‍්ඛණසඞ‍්ඛාතො අවිපරීතසභාවො. සබ‍්බම‍්පෙතං අනුපචිතකුසලසම‍්භාරෙහි දුප‍්පඤ‍්ඤෙහි සසාදීහි විය මහාසමුද‍්දො දුක‍්ඛොගාළ‍්හං අලබ‍්භනෙය්‍යපතිට‍්ඨඤ‍්ච, තස‍්මා ගම‍්භීරං. එවම‍්පි එකමෙකස‍්මිං එත්‍ථ චතුබ‍්බිධොපි ගම‍්භීරභාවො වෙදිතබ‍්බො.

දැන් යම්හෙයකින් මේ තුන්පිටකයන්හිද යම් යම් ධර්ම සංඛ්‍යාවක් අර්ථ සංඛ්‍යාවක් හෝ යම් යම් සේ දැන්විය යුතු අර්ථය අසන්නවුන්ගේ ඥානයට අභිමුඛ වෙයිද ඒ ඒ අයුරින් දේශනාව ඒම අර්ථය පැහැදිලි කරන්නේය. යමෙක් මෙහි අවිපරීත අවබෝධ සංඛ්‍යාත ප්‍රතිවේධයක් වේද, ඒ ඒ ධර්මයන් ස්වලක්‍ෂණ සංඛ්‍යාත අවිපරීතභාවය ප්‍රතිවේධ කළ යුතුය. මේ සියල්ල රැස්කර නොගත් කුසල සම්භාර ඇති දුෂ්ප්‍රාඥයන් විසින්, සාවුන් ආදීන් මහා සමුද්‍රය මෙන්, දුකෙහි ගැලීමක්ද, නොලැබිය හැකි ප්‍රතිෂ්ඨාවක් ද වන බැවින් එක එකෙක්හි සිව්වැදෑරුම් වූ ගම්භීර බව දතයුතුය.

එත‍්තාවතා ච –

මෙපමණකින් ද

“දෙසනාසාසනකථා, භෙදං තෙසු යථාරහං; සික‍්ඛාප‍්පහානගම‍්භීර, භාවඤ‍්ච පරිදීපයෙ”ති –

ඔවුන් අතර දේසනා සාසන කථා බෙදුමද සික්ඛා පහාණයාගේ ගැඹුරු බවද දැක්වේ.

අයං ගාථා වුත‍්තත්‍ථාව හොති.

මෙසේ මේ ගාථාව කියන ලද අර්ථ ඇත්තේ වේ.

“පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙ”ති –

පරියත්ති බිඳුමට ද සැපතට හා විපතට එහිදී යම් භික්‍ෂුවක් පැමිණේද, ඒ සියල්ල විස්තර කෙරේ.

එත්‍ථ පන තීසු පිටකෙසු තිවිධො පරියත‍්තිභෙදො දට‍්ඨබ‍්බො. තිස‍්සො හි පරියත‍්තියො – අලගද‍්දූපමා, නිස‍්සරණත්‍ථා, භණ‍්ඩාගාරිකපරියත‍්තීති.

මෙසේ මෙහි තුන් පිටකයෙහි ත්‍රිවිධ වූ පර්යාප්ති භේදය දතයුතුය. පර්යාප්ති තුනකි. අලගද්දූපම, නිස්සරණත්‍ථ, භණ්ඩාගාරික යනුවෙනි.

තත්‍ථ යා දුග‍්ගහිතා, උපාරම‍්භාදිහෙතු පරියාපුටා, අයං අලගද‍්දූපමා. යං සන්‍ධාය වුත‍්තං “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පුරිසො අලගද‍්දත්‍ථිකො අලගද‍්දගවෙසී අලගද‍්දපරියෙසනං චරමානො, සො පස‍්සෙය්‍ය මහන‍්තං අලගද‍්දං, තමෙනං භොගෙ වා නඞ‍්ගුට‍්ඨෙ වා ගණ‍්හෙය්‍ය, තස‍්ස සො අලගද‍්දො පටිපරිවත‍්තිත්‍වා හත්‍ථෙ වා බාහායං වා අඤ‍්ඤතරස‍්මිං වා අඞ‍්ගපච‍්චඞ‍්ගෙ ඩංසෙය්‍ය, සො තතො නිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය, මරණමත‍්තං වා දුක‍්ඛං. තං කිස‍්ස හෙතු? දුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, අලගද‍්දස‍්ස. එවමෙව ඛො, භික‍්ඛවෙ, ඉධෙකච‍්චෙ මොඝපුරිසා ධම‍්මං පරියාපුණන‍්ති, සුත‍්තං…පෙ… වෙදල‍්ලං, තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං න උපපරික‍්ඛන‍්ති, තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං අනුපපරික‍්ඛතං න නිජ‍්ඣානං ඛමන‍්ති, තෙ උපාරම‍්භානිසංසා චෙව ධම‍්මං පරියාපුණන‍්ති, ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච, යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති, තඤ‍්චස‍්ස අත්‍ථං නානුභොන‍්ති, තෙසං තෙ ධම‍්මා දුග‍්ගහිතා දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු? දුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, ධම‍්මාන”න‍්ති (ම· නි· 1.238).

එහි මැනවින් නොගන්නා ලද උපාරම්භ ආදී හේතු දැනගන්නා ලද්දේ අලගද්දූපම නමි. ඒ සඳහා කියන ලදි. ‘මහණෙනි, යම්සේ සර්පයකුගෙන් ප්‍රයෝජන ඇති පුරුෂයෙක් -පෙ- ඔහු මහත් වූ සර්පයෙකු දකී. ඌ කඳින් හෝ නගුටින් ගන්නේය. ඒ සර්පයා හැරී අතෙහි හෝ බාහුවෙහි හෝ එක්තරා අඟපසඟෙක දෂ්ට කරන්නේය. හේ එම හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට පැමිණෙන්නේය. එයට හේතු කවරේද යත්, මහණෙනි, සර්පයා මැනවින් නොගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන්ම මෙහි සමහර හිස් පුරුෂයෝ ධර්මය උගනිති. සූත්‍රය -පෙ- වෙදල්ලය උගනිති. ඔවුහු ඒ ධර්මය උත්ගන නුවණින් ඒ ධර්මයන්ගේ අර්ථය පරීක්‍ෂා නොකරන්නාහු අවබෝධයක් නොලබති. ඔවුහු පරිභවය සඳහා ධර්මය උගනිති. ඔහුට ඒ අර්ථය අවබෝධ නොවේ. මැනවින් නොගත් ඒ ධර්මයෝ දිගුකලක් අයහපත පිණිස දුක පිණිස පවතිත්. එයට හේතු කවරේද? මහණෙනි, ධර්මය නොගත් නිසාය.

යා පන සුග‍්ගහිතා සීලක‍්ඛන්‍ධාදිපාරිපූරිංයෙව ආකඞ‍්ඛමානෙන පරියාපුටා, න උපාරම‍්භාදිහෙතු, අයං නිස‍්සරණත්‍ථා. යං සන්‍ධාය වුත‍්තං – “තෙසං තෙ ධම‍්මා සුග‍්ගහිතා දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු? සුග‍්ගහිතත‍්තා, භික‍්ඛවෙ, ධම‍්මාන”න‍්ති (ම· නි· 1.239).

යම් ධර්මයක් මැනවින් ගත් සීලක්ඛන්‍ධ ආදිය සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරන්නහු විසින්ම උගන්නා ලදි. පරිභව කිරීම් ආදී හේතු සඳහා නොවේ. මෙය නිස්සරණ අර්ථය නම් වේ. යමක් සඳහා කියන ලදද? ඒ ධර්මයෝ මැනවින් ගනු ලැබුවාහු දිගුකලක් හිතසුව පිණිස පවතීත්. එයට හේතු කවරේද? ‘මහණෙනි, ධර්මයන් මැනවින් ගත් නිසාය.

යං පන පරිඤ‍්ඤාතක‍්ඛන්‍ධො පහීනකිලෙසො භාවිතමග‍්ගො පටිවිද‍්ධාකුප‍්පො සච‍්ඡිකතනිරොධො ඛීණාසවො කෙවලං පවෙණීපාලනත්‍ථාය වංසානුරක‍්ඛණත්‍ථාය පරියාපුණාති, අයං භණ‍්ඩාගාරිකපරියත‍්තීති.

මැනවින් දත් ස්කන්ධ ඇති, ප්‍රහීණ කළ ක්ලේශයන් ඇති, භාවිත කරන ලද මාර්ග ඇති, නොසැලෙන සේ ප්‍රතිවේධ කරන ලද, සාක්‍ෂාත් කරන ලද නිරෝධ ඇති, ක්‍ෂීණාශ්‍රව තෙමේ හුදෙක් ප්‍රවේණිය පාලනය කරනු පිණිස වංශය ආරක්ෂා කරනු පිණිසද උගෙන ගනී. මේ භාණ්ඩාගාරික ප්‍රඥප්තියයි.

විනයෙ පන සුප‍්පටිපන‍්නො භික‍්ඛු සීලසම‍්පදං නිස‍්සාය තිස‍්සො විජ‍්ජා පාපුණාති, තාසංයෙව ච තත්‍ථ පභෙදවචනතො. සුත‍්තෙ සුප‍්පටිපන‍්නො සමාධිසම‍්පදං නිස‍්සාය ඡ අභිඤ‍්ඤා පාපුණාති, තාසංයෙව ච තත්‍ථ පභෙදවචනතො. අභිධම‍්මෙ සුප‍්පටිපන‍්නො පඤ‍්ඤාසම‍්පදං නිස‍්සාය චතස‍්සො පටිසම‍්භිදා පාපුණාති, තාසඤ‍්ච තත්‍ථෙව පභෙදවචනතො, එවමෙතෙසු සුප‍්පටිපන‍්නො යථාක‍්කමෙන ඉමං විජ‍්ජාත‍්තයඡළභිඤ‍්ඤාචතුප‍්පටිසම‍්භිදාභෙදං සම‍්පත‍්තිං පාපුණාති.

විනයෙහි වනාහි මනාව පිළිපන් භික්‍ෂුව සීල සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාවට පැමිණෙයි. තාසං යනු මෙහි ප්‍රභේද වචන වශයෙනි. සූත්‍රයෙහි මැනවින් පිළිපන්නේ සමාධි සම්පත්තිය නිසා ෂට් අභිඤ්ඤාවන්ට පැමිණෙයි. මෙහි ප්‍රභේද වචන වශයෙනි. අභිධර්මයෙහි මැනවින් පිළිපන්නේ ප්‍රඥා සම්පත්තිය නිසා ප්‍රතිසම්භිදා සතරට පැමිණේ. තාසං යනු මෙහි ප්‍රභේද වචන වශයෙනි. මෙසේ මේවාට මැනවින් පිළිපන්නේ පිළිවෙලින් ත්‍රිවිද්‍යා, චතුර්අභිඥා, චතුපටිසම්භිදා භේද ඇති සම්පත්තියට පැමිණේ.

විනයෙ පන දුප‍්පටිපන‍්නො අනුඤ‍්ඤාතසුඛසම‍්ඵස‍්සඅත්‍ථරණපාවුරණාදිඵස‍්සසාමඤ‍්ඤතො පටික‍්ඛිත‍්තෙසු උපාදින‍්නකඵස‍්සාදීසු අනවජ‍්ජසඤ‍්ඤී හොති. වුත‍්තම‍්පි හෙතං – “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති (ම· නි· 1.234). තතො දුස‍්සීලභාවං පාපුණාති. සුත‍්තෙ දුප‍්පටිපන‍්නො – “චත‍්තාරො මෙ, භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා”තිආදීසු (අ· නි· 4.5) අධිප‍්පායං අජානන‍්තො දුග‍්ගහිතං ගණ‍්හාති, යං සන්‍ධාය වුත‍්තං – “අත‍්තනා දුග‍්ගහිතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති, අත‍්තානඤ‍්ච ඛණති, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතී”ති (ම· නි· 1.236). තතො මිච‍්ඡාදිට‍්ඨිතං පාපුණාති. අභිධම‍්මෙ දුප‍්පටිපන‍්නො ධම‍්මචින‍්තං අතිධාවන‍්තො අචින‍්තෙය්‍යානිපි චින‍්තෙති. තතො චිත‍්තක‍්ඛෙපං පාපුණාති, වුත‍්තඤ‍්හෙතං – “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, අචින‍්තෙය්‍යානි, න චින‍්තෙතබ‍්බානි, යානි චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා”ති (අ· නි· 4.77). එවමෙතෙසු දුප‍්පටිපන‍්නො යථාක‍්කමෙන ඉමං දුස‍්සීලභාව මිච‍්ඡාදිට‍්ඨිතා චිත‍්තක‍්ඛෙපභෙදං විපත‍්තිං පාපුණාතී”ති.

විනයෙහි වනාහි මනාව නොපිළිපන් භික්‍ෂුව නොඅනුදත් සුවපහසු ඇතිරිලි පොරෝනා ආදී ශ්‍රමණභාවයෙන් පිළිකෙව් කරන ලද උපාදින්න ස්පර්ශ ආදියෙහි නිවරදයයි සංඥා ඇත්තේ වෙයි. එය මෙසේ කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දෙසන ලද අයුරින් මම දනිමි. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායික ධර්මයෝ දේශනා කරන ලද ද ඒවා සේවනය කරන්නහුට අන්තරායට සුදුසු නොවේ’ එයින් දුසිල්බවට පැමිණේ. සූත්‍රයෙහි මනාව නොපිළිපන්නේ ‘මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් දක්නට ලැබෙති’යි ආදී තන්හි අදහස නොදන්නේ නොගතයුත්තක් ගනී. ඒ සඳහා කියන ලදි. ‘තමා විසින් වරදවා ගත් දෙයින් අපි ද අපහාස කරනු ලබමු. තමාම නැතිවෙයි. බොහෝ පව්ද රැස්කර ගනී. එයින් මිසදිටුවට පැමිණේ. අභිධර්මයෙහි මනාව නොපිළිපන්නේ ධර්ම චින්තාව අභිබවා නොසිතිය යුතු දේද සිතයි. එයින් චිත්ත වික්ෂේපයට පැමිණේ. මෙය කියන ලදි. මහණෙනි, නොසිතිය යුතු නොසිතිය හැකි සතරක් ඇත. ඒවා සිතන්නේ උන්මාදයටද විඝාතයටද කොටස්කරුවෙක් වෙයි. මෙසේ මේවායෙහි මනාව නොපිළිපන්නේ පිළිවෙලින් දුසිල් බව, මිසදිටු බව, සිත් විකල් බව යන ප්‍රභේද ඇති විපතට පත්වෙයි.

එත‍්තාවතා ච –

මෙපමණකින්

“පරියත‍්තිභෙදං සම‍්පත‍්තිං, විපත‍්තිඤ‍්චාපි යං යහිං; පාපුණාති යථා භික‍්ඛු, තම‍්පි සබ‍්බං විභාවයෙ”ති –

පරියත්ති බිඳුමටද, සැපතට හා විපතට යම් භික්‍ෂුවක් පැමිණේද, ඒ සියල්ලද විස්තර කෙරේ.

අයම‍්පි ගාථා වුත‍්තත්‍ථාව හොති. එවං නානප‍්පකාරතො පිටකානි ඤත්‍වා තෙසං වසෙනෙතං බුද‍්ධවචනං තිවිධන‍්ති ඤාතබ‍්බං.

මෙසේ මේ ගාථාවට කියන ලද අර්ථ ඇත්තේ වෙයි. මෙසේ නානා ප්‍රකාරයෙන් පිටක දැන ඔවුන්ගේ වශයෙන් බුද්ධ වචනය ත්‍රිවිධයයි දතයුතුය.

කථං නිකායවසෙන පඤ‍්චවිධං? සබ‍්බමෙව චෙතං දීඝනිකායො, මජ‍්ඣිමනිකායො, සංයුත‍්තනිකායො, අඞ‍්ගුත‍්තරනිකායො, ඛුද‍්දකනිකායොති පඤ‍්චප‍්පභෙදං හොති. තත්‍ථ කතමො දීඝනිකායො? තිවග‍්ගසඞ‍්ගහානි බ්‍රහ‍්මජාලාදීනි චතුත‍්තිංස සුත‍්තානි.

නිකාය වශයෙන් පස්වැදෑරුම් වන්නේ කෙසේද? මේ සියල්ලම දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යයි භේද පහක් වෙයි. එහි දීඝනිකාය කිමෙක්ද? වර්ග තුනකට සංග්‍රහ වූ බ්‍රහ්මජාල ආදී සූත්‍ර තිස්හතරකි.

“චතුත‍්තිංසෙව සුත‍්තන‍්තා, තිවග‍්ගො යස‍්ස සඞ‍්ගහො; එස දීඝනිකායොති, පඨමො අනුලොමිකො”ති.

යමෙක්හි සංග්‍රහය සූත්‍රාන්ත තිස්හතරක් ද වර්ග තුනක් වේද එය දීඝනිකාය යැයි පළමුව පිළිවෙලට තබන ලදි.

කස‍්මා පනෙස දීඝනිකායොති වුච‍්චති? දීඝප‍්පමාණානං සුත‍්තානං සමූහතො නිවාසතො ච. සමූහනිවාසා හි නිකායොති වුච‍්චන‍්ති. “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකනිකායම‍්පි සමනුපස‍්සාමි එවං චිත‍්තං, යථයිදං, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා” (සං· නි· 2.100). පොණිකනිකායො චික‍්ඛල‍්ලිකනිකායොති එවමාදීනි චෙත්‍ථ සාධකානි සාසනතො ලොකතො ච. එවං සෙසානම‍්පි නිකායභාවෙ වචනත්‍ථො වෙදිතබ‍්බො.

කුමක්හෙයින් මෙය දීඝනිකාය යයි කියනු ලැබේද? ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍රයන්ගේ සමූහයක් බැවින් ද නිවාසයක් බැවින්ද නිකායයන් සමූහව නිවසෙන බැවින් යයි කියනු ලැබේ. ‘මහණෙනි, මම සිතවැනි අන් කිසිදු නිකායක් නො දකිමි. මහණෙනි, යම්සේ තිරිසන්ගත ප්‍රාණීහු මුණින් වැටී සිටින සත්ත්ව නිකායය, මඩෙහි වෙසෙන සත්ත්ව නිකාය යයි. මෙහි මේ ආදී සාධක සාසන වශයෙන් ද ලෝක වශයෙන් ද වේ. මෙසේ සෙස්සන්ගේ ද නිකාය භාවයෙහි වචනාර්ථය දතයුතුය.

කතමො මජ‍්ඣිමනිකායො? මජ‍්ඣිමප‍්පමාණානි පඤ‍්චදසවග‍්ගසඞ‍්ගහානි මූලපරියායසුත‍්තාදීනි දියඩ‍්ඪසතං ද‍්වෙ ච සුත‍්තානි.

මජ්ඣිම නිකාය කවරක්ද? මධ්‍යම ප්‍රමාණයේ වර්ග පසළොසක සංග්‍රහ වූ මූලපරියාය සූත්‍රය ආදී සූත්‍ර එකසිය පනසකි.

“දියඩ‍්ඪසතසුත‍්තන‍්තා, ද‍්වෙ ච සුත‍්තානි යත්‍ථ සො; නිකායො මජ‍්ඣිමො පඤ‍්ච, දසවග‍්ගපරිග‍්ගහො”ති.

සූත්‍ර එකසිය පනස් දෙකක් යම්තැනෙක වේද ඒ මජ්ඣිම නිකාය වර්ග පසළොසකින් යුතුය.

කතමො සංයුත‍්තනිකායො? දෙවතාසංයුත‍්තාදිවසෙන කථිතානි ඔඝතරණාදීනි සත‍්ත සුත‍්තසහස‍්සානි සත‍්ත ච සුත‍්තසතානි ද‍්වාසට‍්ඨි ච සුත‍්තානි.

සංයුත්ත නිකාය කවරක්ද? දේවතා සංයුත්ත ආදී වශයෙන් යම් ඔඝතරණ ආදී සූත්‍ර සත්දහස් සත්සියය හැටදෙකක් සූත්‍රයෝ

“සත‍්තසුත‍්තසහස‍්සානි, සත‍්තසුත‍්තසතානි ච; ද‍්වාසට‍්ඨි චෙව සුත‍්තන‍්තා, එසො සංයුත‍්තසඞ‍්ගහො”ති.

සූත්‍ර හත්දහස් පන්සිය හැටදෙකකින් යුතු මෙය සංයුත්ත සංග්‍රහ නම් වේ.

කතමො අඞ‍්ගුත‍්තරනිකායො? එකෙකඅඞ‍්ගාතිරෙකවසෙන කථිතානි චිත‍්තපරියාදානාදීනි නව සුත‍්තසහස‍්සානි පඤ‍්ච සුත‍්තසතානි සත‍්තපඤ‍්ඤාසඤ‍්ච සුත‍්තානි.

අංගුත්තර නිකාය කවරක්ද? එක් එක් අංගයක් එකිනෙකට අතිරේක වශයෙන් සිටි චිත්ත පරියාදාන ආදී නවදහස් පන්සිය පනස්හතක් සූත්‍රයෝ.

“නව සුත‍්තසහස‍්සානි, පඤ‍්ච සුත‍්තසතානි ච; සත‍්තපඤ‍්ඤාස සුත‍්තානි, සඞ‍්ඛ්‍යා අඞ‍්ගුත‍්තරෙ අය”න‍්ති.

සූත්‍ර නවදහස් පන්සිය පනස්හතක් අංගුත්තර යයි කියනු ලැබේ.

කතමො ඛුද‍්දකනිකායො? සකලං විනයපිටකං, අභිධම‍්මපිටකං, ඛුද‍්දකපාඨාදයො ච පුබ‍්බෙ දස‍්සිතා පඤ‍්චදසප‍්පභෙදා, ඨපෙත්‍වා චත‍්තාරො නිකායෙ අවසෙසං බුද‍්ධවචනං.

ඛුද්දක නිකාය කවරක්ද? සියලු විනය පිටකය, අභිධර්ම පිකටය, ඛුද්දක පාඨ ආදීහුද පෙර පෙන්වා දෙනලද ප්‍රභේද පසළොස හැර නිකාය සතරෙහි ඉතිරි බුද්ධ වචනය.

“ඨපෙත්‍වා චතුරොපෙතෙ, නිකායෙ දීඝආදිකෙ; තදඤ‍්ඤං බුද‍්ධවචනං, නිකායො ඛුද‍්දකො මතො”ති.

දීඝනිකාය ආදිකොට ඇති නිකාය සතර හැර අන් බුද්ධ වචනයක් වේද, එය ඛුද්දක නිකාය යැයි දන්නා ලදි.

එවං නිකායවසෙන පඤ‍්චවිධං.

මෙසේ නිකාය වශයෙන් පස්වැදෑරුම්ය.

කථං අඞ‍්ගවසෙන නවවිධං? සබ‍්බමෙව හිදං සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලන‍්ති නවප‍්පභෙදං හොති. තත්‍ථ උභතොවිභඞ‍්ගනිද‍්දෙසඛන්‍ධකපරිවාරා, සුත‍්තනිපාතෙ මඞ‍්ගලසුත‍්තරතනසුත‍්තනාලකසුත‍්තතුවට‍්ටකසුත‍්තානි ච අඤ‍්ඤම‍්පි ච සුත‍්තනාමකං තථාගතවචනං සුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සබ‍්බම‍්පි සගාථකං සුත‍්තං ගෙය්‍යන‍්ති වෙදිතබ‍්බං. විසෙසෙන සංයුත‍්තකෙ සකලොපි සගාථවග‍්ගො, සකලම‍්පි අභිධම‍්මපිටකං, නිග‍්ගාථකං සුත‍්තං, යඤ‍්ච අඤ‍්ඤම‍්පි අට‍්ඨහි අඞ‍්ගෙහි අසඞ‍්ගහිතං බුද‍්ධවචනං, තං වෙය්‍යාකරණන‍්ති වෙදිතබ‍්බං. ධම‍්මපදං, ථෙරගාථා, ථෙරීගාථා, සුත‍්තනිපාතෙ නොසුත‍්තනාමිකා සුද‍්ධිකගාථා ච ගාථාති වෙදිතබ‍්බා. සොමනස‍්සඤ‍්ඤාණමයිකගාථා පටිසංයුත‍්තා ද‍්වෙඅසීති සුත‍්තන‍්තා උදානන‍්ති වෙදිතබ‍්බං. “වුත‍්තඤ‍්හෙතං භගවතා”තිආදිනයප‍්පවත‍්තා දසුත‍්තරසතසුත‍්තන‍්තා ඉතිවුත‍්තකන‍්ති වෙදිතබ‍්බං. අපණ‍්ණකජාතකාදීනි පඤ‍්ඤාසාධිකානි පඤ‍්චජාතකසතානි ‘ජාතක’න‍්ති වෙදිතබ‍්බං. “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ආනන්‍දෙ”තිආදිනයප‍්පවත‍්තා (දී· නි· 2.209) සබ‍්බෙපි අච‍්ඡරියබ‍්භුතධම‍්මපටිසංයුත‍්තසුත‍්තන‍්තා අබ‍්භුතධම‍්මන‍්ති වෙදිතබ‍්බං. චූළවෙදල‍්ල-මහාවෙදල‍්ල-සම‍්මාදිට‍්ඨි-සක‍්කපඤ‍්හ-සඞ‍්ඛාරභාජනිය-මහාපුණ‍්ණමසුත‍්තාදයො සබ‍්බෙපි වෙදඤ‍්ච තුට‍්ඨිඤ‍්ච ලද‍්ධා ලද‍්ධා පුච‍්ඡිතසුත‍්තන‍්තා වෙදල‍්ලන‍්ති වෙදිතබ‍්බං. එවං අඞ‍්ගවසෙන නවවිධං.

අංග වශයෙන් නව වැදෑරුම් වන්නේ කෙසේද? මේ සියල්ල සුත්ත ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල යනුවෙන් ප්‍රභේද නවයක් වෙයි. එහි උභතො විභංග නිද්දෙස, ඛන්‍ධක පරිවාර සූත්‍ර නිපාතයෙහි මංගල සුත්ත, රතන සුත්ත, නාලක සුත්ත, තුවටක සූත්‍රයෝ වෙති. ‘සුත්ත’ නාමය ඇති අනිකුත් තථාගත වචනය ‘සුත්ත’ යයි දතයුතුය. සියලුම ගාථා සහිත සූත්‍ර ‘ගෙය්‍ය’ යයි දතයුතුය. විශේෂයෙන් සංයුක්තයෙහි සියලු සගාථක වර්ගය සියලු අභිධර්ම පිටකයද නිග්ගාථක සුත්තයද අනිකුත් අංග අටට සංග්‍රහ නොවූ බුද්ධවචනය, ඒ ‘වෙය්‍යාකරණ’ යයි දතයුතුය. ධම්මපදය, ථෙරගාථා, ථෙරිගාථා, සුත්ත නිපාතයෙහි සුත්ත නමින් නොගත් සුද්ධික ගාථාද ‘ගාථා’ යයි දතයුතුය. සොමනස්සඤාණමයික ගාථාවන්ගෙන් යුතු සූත්‍ර අසූදෙක ‘උදාන’ යයි දතයුතුය. ‘වුත්තංහෙතං භගවතා’ ආදී ක්‍රමයෙන් පවත්නා සූත්‍රාන්ත එකසිය දහය ‘ඉතිවුත්තක’ යයි දතයුතුය. අපණ්ණක ආදී පන්සිය පනසක් වූ ජාතක ‘ජාතක’ යයි දතයුතුය. ‘චත්තාරො මෙ භික්ඛවෙ අච්ඡරියා අම්භූතා ධම්මා ආනන්‍දෙ (මහණෙනි, ආනන්ද කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත ධර්ම සතරක් වෙයි) ආදී ක්‍රමයෙන් පවත්නා සියලුම ආශ්චර්ය අද්භූත ධර්ම ඇතුළත් සූත්‍රාන්ත ‘අබ්භුත ධම්ම’ යයි දතයුතුය. චුල්ල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨි, සක්කපඤ්හ, සංඛාර භාජනිය. මහා පුණ්ණම සූත්‍ර ආදී දැනුමද, සතුටද ලැබුණු අයුරින් දේශනා කරන ලද සූත්‍ර ‘වෙදල්ල’ යයි දතයුතුය. මෙසේ අංග වශයෙන් නවවැදෑරුම්ය.

කථං ධම‍්මක‍්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස‍්සවිධං? සබ‍්බමෙව චෙතං බුද‍්ධවචනං –

ධර්මස්කන්ධ වශයෙන් අසූහතර දහසක් වන්නේ කෙසේද? මේ සියල්ලද බුද්ධවචනයයි.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙ සහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති.

අසූහාර දහසක් දහම් පවතිත්. බුදුන්ගෙන් දෙඅසූවක් - බික් සඟනගෙන් දෙදහසක් ගතිමි.

එවං පරිදීපිතධම‍්මක‍්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස‍්සප‍්පභෙදං හොති. තත්‍ථ එකානුසන්‍ධිකං සුත‍්තං එකො ධම‍්මක‍්ඛන්‍ධො. යං අනෙකානුසන්‍ධිකං, තත්‍ථ අනුසන්‍ධිවසෙන ධම‍්මක‍්ඛන්‍ධගණනා. ගාථාබන්‍ධෙසු පඤ‍්හාපුච‍්ඡනං එකො ධම‍්මක‍්ඛන්‍ධො, විස‍්සජ‍්ජනං එකො. අභිධම‍්මෙ එකමෙකං තිකදුකභාජනං, එකමෙකඤ‍්ච චිත‍්තවාරභාජනං, එකමෙකො ධම‍්මක‍්ඛන්‍ධො. විනයෙ අත්‍ථි වත්‍ථු, අත්‍ථි මාතිකා, අත්‍ථි පදභාජනීයං, අත්‍ථි අන‍්තරාපත‍්ති, අත්‍ථි ආපත‍්ති, අත්‍ථි අනාපත‍්ති, අත්‍ථි තිකච‍්ඡෙදො. තත්‍ථ එකමෙකො කොට‍්ඨාසො එකමෙකො ධම‍්මක‍්ඛන්‍ධොති වෙදිතබ‍්බො. එවං ධම‍්මක‍්ඛන්‍ධවසෙන චතුරාසීතිසහස‍්සවිධං.

මෙසේ විස්තර කළ ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසක් ප්‍රභේද වෙයි. එහි එකට බැඳුණු සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. යමක් එකට බැඳුණු නොයෙක් සූත්‍රවේද එහි අනුසන්ධි වශයෙන් ධර්මස්කන්ධ ගණන වේ. ගාථා බන්ධනයන්හි ප්‍රශ්න විචාරීමක් එක් ධර්මස්කන්ධයෙකි. විසර්ජනය එකකි. අභිධර්මයෙහි එක් එක් තිකදුක වශයෙන් බෙදීමද එක් එක් චිත්තවාර බෙදීමද එක් එක් ධර්මස්කන්ධයෙකි. විනයෙහි අත්‍ථිවත්‍ථු, අත්‍ථිමාතිකා, අත්‍ථිපදභාජනියං, අත්‍ථි ආපත්ති, අත්‍ථි අනාපත්ති, අත්‍ථි තික පරිච්ඡෙදො. එහි එක් එක් කොටස එක් එක් ධර්මස්කන්ධයකියි දතයුතුය. මෙසේ ධර්මස්කන්ධ අසූහාරදහස් වැදෑරුම් වෙයි.

එවමෙතං අභෙදතො රසවසෙන එකවිධං, භෙදතො ධම‍්මවිනයාදිවසෙන දුවිධාදිභෙදං බුද‍්ධවචනං සඞ‍්ගායන‍්තෙන මහාකස‍්සපප‍්පමුඛෙන වසීගණෙන “අයං ධම‍්මො, අයං විනයො, ඉදං පඨමබුද‍්ධවචනං, ඉදං මජ‍්ඣිමබුද‍්ධවචනං, ඉදං පච‍්ඡිමබුද‍්ධවචනං, ඉදං විනයපිටකං, ඉදං සුත‍්තන‍්තපිටකං, ඉදං අභිධම‍්මපිටකං, අයං දීඝනිකායො…පෙ… අයං ඛුද‍්දකනිකායො, ඉමානි සුත‍්තාදීනි නවඞ‍්ගානි, ඉමානි චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානී”ති, ඉමං පභෙදං වවත්‍ථපෙත්‍වාව සඞ‍්ගීතං. න කෙවලඤ‍්ච ඉමමෙව, අඤ‍්ඤම‍්පි උද‍්දානසඞ‍්ගහ-වග‍්ගසඞ‍්ගහ-පෙය්‍යාලසඞ‍්ගහ-එකකනිපාත-දුකනිපාතාදිනිපාතසඞ‍්ගහ-සංයුත‍්තසඞ‍්ගහ-පණ‍්ණාසසඞ‍්ගහාදි-අනෙකවිධං තීසු පිටකෙසු සන්‍දිස‍්සමානං සඞ‍්ගහප‍්පභෙදං වවත්‍ථපෙත්‍වා එව සත‍්තහි මාසෙහි සඞ‍්ගීතං.

මෙසේ මෙය නොබෙදීමෙන් රස වශයෙන් එක්වැදෑරුම් වේ. බෙදීමෙන් ධම්ම විනය ආදි වශයෙන් බෙදීම් දෙකක් ඇති බුද්ධවචනය සංග්‍රහ කරන මහා කස්සප තෙරුන් ප්‍රමුඛ භික්‍ෂු ගණයා විසින් ‘මේ ධර්මය, මේ විනයය, මේ ප්‍රථම බුද්ධවචනය, මේ මධ්‍යම බුද්ධ වචනය, මේ පශ්චිම බුද්ධ වචනය, මේ විනය පිටකයය, මේ සූත්‍ර පිටකයය, මේ අභිධර්ම පිටකයය, මේ දීඝනිකායය -පෙ- මේ ඛුද්දක නිකායය, මේ සූත්‍ර ආදිය අංග නවයකින් යුතුය. මේ අසූහාර දහසක් ධර්මස්කන්ධ යැයි මේ ප්‍රභේදය ව්‍යවස්ථාපනය කොටම සංග්‍රහ කරන ලදි. හුදෙක් මෙය පමණක්ම නොවේ. අනිකුත් උද්දාන සංගහ, වග්ග සංගහ, පෙය්‍යාල සංගහ, එකනිපාත දුක නිපාත ආදී සංගහ, සංයුත්ත සංගහ, පණ්ණාසක සංගහ ආදී අනේකවිධ වූ පිටක තුනෙහි දැක්වෙන සංග්‍රහ ප්‍රභේද ව්‍යවස්ථාපනය කොට සත්මසකින් සංග්‍රහ කරන ලදි.

සඞ‍්ගීතිපරියොසානෙ චස‍්ස – “ඉදං මහාකස‍්සපත්‍ථෙරෙන දසබලස‍්ස සාසනං පඤ‍්චවස‍්සසහස‍්සපරිමාණකාලං පවත‍්තනසමත්‍ථං කත”න‍්ති සඤ‍්ජාතප‍්පමොදා සාධුකාරං විය දදමානා අයං මහාපථවී උදකපරියන‍්තං කත්‍වා අනෙකප‍්පකාරං කම‍්පි සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, අනෙකානි ච අච‍්ඡරියානි පාතුරහෙසුන‍්ති, අයං පඨමමහාසඞ‍්ගීති නාම. යා ලොකෙ –

සංගීතිය අවසානයේදී ‘මෙය මහා කස්සප තෙරුන් විසින් බුදුරදුන්ගෙන් ශාසනය වර්ෂ පන්දහසක් පමණ කල් පැවතීමට හැකි වූවක් කරන ලදී’ යයි හටගත් ප්‍රමෝදයෙන් සාධුකාර දෙන්නාක් මෙන් මහා පෘථිවිය ජල කෙළවර දක්වා නොයෙක් අයුරින් කම්පා විය. ප්‍රකම්පා විය. වෙවුලා ගියේය. නොයෙක් ආශ්චර්යයෝ ද පහළ වූහ. මේ ප්‍රථම මහා සංගීතිය නම් වේ. යමක් ලෝකයෙහි -

“සතෙහි පඤ‍්චහි කතා, තෙන පඤ‍්චසතාති ච; ථෙරෙහෙව කතත‍්තා ච, ථෙරිකාති පවුච‍්චතී”ති.

පන්සියයකින් කළ බැවින් - පඤ්චසතික යයිද, තෙරුන් විසින්ම කළ බැවින් - ථෙරිකා යයිද කියනු ලැබේ.