මහාසතිපට‍්ඨානසුත‍්තං
9.
9.
මහාසතිපට‍්ඨානසුත‍්තං
මහා සතිපට්ඨාන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම‍්මාසදම‍්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද එහි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ම එ මහණහු ඔබට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) දහම වදාළ සේක:
2. එකායනො අයං භික‍්ඛවෙ මග‍්ගො සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය, යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං,
2. “මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි. ඒ කවර සීවටන් කෙනෙක් ද? යත්: මහණෙනි, මෙ සස්නැ මහණ තෙමෙ කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (සිරුර) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද, (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං,
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති වැ, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (වේදනාවන්) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සී වැ (වේදනාවන් අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං,
කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති ව, ලොව (චිත්තය කෙරෙහි) අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස ද (ව්‍යාපාදය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා සිතෙහි චිත්තානු පස්සී වැ (සිත් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං.
කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොවැ (නීවරණාදි ධර්‍මයන් කෙරෙහි) අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද) දොම්නස ද (ව්‍යාපාද නීවරණය ද) (සෙසු නීවරණ ද තදඞ්ග ප්‍රහාණ විෂ්කම්භණ ප්‍රහාණ වශයෙන්) සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (නීවරණාදීන් අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.
උද‍්දෙසො නිට‍්ඨිතො.
උද්දේශවාරය නිමියේ ය.
3. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො සතො’ව අස‍්සසති, සතො’ව පස‍්සසති. දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති, දීඝං වා පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාති. රස‍්සං වා අස‍්සසන‍්තො රස‍්සං අස‍්සසාමීති පජානාති, රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාති. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමී’ති සික‍්ඛති.
3. මහණෙනි, කෙසේ නම් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි විසින් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි ද? යත්: මහණෙනි, මහණ තෙම අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ විවිත් සෙනස්නකට (ජනයාගෙන් වන සම්බාධ නැති හිස් ගෙයකට) ගියේ හෝ හසරමිණිය අවුළුවා (පලක් බැඳ), උඩු කය ඍජු කොට තබා ගෙන, සිහිය කමටහන් අරමුණට ම යොමු කොට පිහිටුවා ඉඳී. හේ සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ආශ්වාස කෙරෙයි, සිහි ඇත්තේ ම (සිහිය කමටහන් අරමුණට යොමු කොට ම) ප්‍රාශ්වාස කෙරෙයි. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ආශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ යි දනී. දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) ප්‍රශ්වාස කරනුයේ, ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට (ලුහුඬු කොට - ඉක්මනින්) ප්‍රශ්වාස කරනුයේ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී. ‘සියලු ආශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙහි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). සියලු ප්‍රශ්වාස කයේ (මුල මැද අග යන තුන් තන්හි ම) පැවැත් ම ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි පුහුණු කෙරෙයි (ආසේවන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ආශ්වාස වායුව) සංහිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). ඖදාරික වූ කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සංහිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
4. සෙය්‍යථාපි භික‍්ඛවෙ, දක‍්ඛො භමකාරො වා භමකාරන‍්තෙවාසී වා දීඝං වා අඤ‍්ඡන‍්තො දීඝං අඤ‍්ඡාමීති පජානාති, රස‍්සං වා අඤ‍්ඡන‍්තො රස‍්සං අඤ‍්ඡාමීති පජානාති, එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති, දීඝං වා පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාති. රස‍්සං වා අස‍්සසන‍්තො රස‍්සං අස‍්සසාමීති පජානාති, රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාති. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.
4. මහණෙනි, දක්‍ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවක්හුගේ අතවැස්සෙක් හෝ දික් වූ හෝ මහත් වූ බඩුවක් ලියන කල්හි දීර්‍ඝ කොට (කල්ගනිමින් සෙමෙන්) අත් පා ආදිය අදනේ ‘දීර්‍ඝ කොට (කල් ගනිමින් - සෙමෙන්) අදිමි’යි දනී ද, (ඉදි කටු කුලා ආදි කුඩා බඩුවක් ලියන කල්හි) අත් පා ලුහුඬු කොට (ඉක්මනින්) අදනේ, ලුහුඬු කොට (ඉක්මනින්) අදිමි’යි දනී ද, මහණෙනි, එ සේ ම මහණ තෙම දීර්‍ඝ කොට ආශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’යි දනී, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, හ්‍රස්ව කොට ආශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’යි දනී. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ‘හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනී, සියලු ආශ්වාස කය (ආශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත් ම) ප්‍රකට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), සියලු ප්‍රශ්වාස කය (ප්‍රශ්වාසයේ මුල මැද අග යන හැම තැන ම පැවැත්ම) ප්‍රකට කොට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි). කාය සංස්කාරය (ආශ්වාස වායුව) සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි), කාය සංස්කාරය (ප්‍රශ්වාස වායුව) සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ යි හික්මෙයි (පුරුදු පුහුණු කෙරෙයි).
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති.
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් බලන සුලු වැ) වෙසෙයි. මෙරමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කයෙහි හෝ කායානුපස්සී වැ (අනිත්‍යාදීන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ) වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ආශ්වාස ප්‍රශ්වාස කයෙහි (අනිත්‍යාදීන්) නොයෙක් අයුරින් බලන සුලු වැ හෝ වෙසෙයි.
සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
(කරජකය නාසාපුට සිත යන) ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්මට කාරණ වන දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කරජකය ආදීන්ගේ ආභාවයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වැනැස්ම නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්ම ද වරෙක ඔවුන්ගේ වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ කායානුපස්සී වැ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
(මෙසේ කමටහන් වඩන) ඒ යෝගාවචරයාහට ආශ්වාස ප්‍රශ්වාස කය වූකලී ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) ම හෝ සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද මතුමත්තෙහි ඥානයේ වැඩීම පිණිස ම වේ. මතුමත්තෙහි සිහියේ වැඩීම පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙදෙනාගේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය වශයෙන් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේත් රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
ආනාපානපබ‍්බං නිට‍්ඨිතං.
ආනාපානපර්‍වය නිමියේ ය.
5. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ගච‍්ඡන‍්තො වා ගච‍්ඡාමීති පජානාති, ඨිතො වා ඨිතොම‍්හීති පජානාති, නිසින‍්නො වා නිසින‍්නොම‍්හීති පජානාති, සයානො වා සයානොම‍්හීති පජානාති, යථා යථා වා පනස‍්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.
5. තව ද අනෙකක් කියම්. යෝගාවචර මහණ තෙම යන්නේ හෝ යෙමි යි (පරමාර්‍ත්‍ථ වශයෙන් යන්නෙක් නැතැ යි ද ‘යෙමි’ යි පහළ වූ සිතින් ඉපි ද කය පුරා පැතිරැ ගිය වායු ධාතු වේගයෙන් වූ රූකයේ චලනය ම ඇතැ යි) දනී. සිටියේ හෝ සිටියෙම් වෙමි යි (‘සිටිමි’ යන සිතින් ඉපැද කය පුරා පැතිර ගිය වායු වේගයෙන් රූ කයේ චලන විශේෂයක් වූ සිටීම් නැමැති ඉරියව්ව ම ඇතැ යි) දනී. හිඳින්නේ හෝ හිඳිමියි දනී. වැදැ හෝනේ හෝ වැදැහෙන්නෙම් වෙමි යි (චිත්ත ක්‍රියා වායු ධාතුව පැතිරැ යෑමෙන් වූ වැද හෝනා ඉරියව්ව පැවැත්ම ම ඇතැ යි) දනී. යම් යම් අයුරින් හෝ ඔහුගේ රූ කයැ පවත්නේ වේ ද ඒ ඒ අයුරින් එය දනී.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ ඉරියවු කයෙහි හෝ (ගමන් ඈ ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. මෙරමාගේ ඉරියවු කයෙහි හෝ (ඉරියවු පිරිසිඳිනුයේ) කායානුපස්සනාව වඩන සුලු වැ වෙසේ. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද ඉරියවු කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසේ. (ගමන් ඈ) ඒ ඒ ඉරියව්වේ ඉපැත්ම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ ඒ ඉරියව්වේ නැසීම බලනුයේ හෝ ඉරියවු කයෙහි කායානුපස්සී වැ වෙසේ. වරෙක ඉරියවු කයෙහි ඉපැත්ම ද වරෙක එහි වැනැස්ම ද නොයෙක් අයුරින් පුන පුනා දක්නේ හෝ වෙසේ.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
ඒ ඒ ඉරියවුහි සිහිය යොමු කොට වසන ඒ යෝගාවචර මහණහට ‘ඉරියවු පැවැත්ම ම ඇතැ යි (පරමාර්‍ත්‍ථයෙන් ඉරියවු පවත්වන සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. මෙසේ එළැඹ සිටි සිහිය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය විසින් නො ගනී. මහණෙනි, මහණ තෙමෙ මෙසේද රූ කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
ඉරියාපථපබ‍්බං නිට‍්ඨිතං.
ඊර්‍ය්‍යාපථ පර්‍වය නිමියේ ය.
6. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති. සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති. සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති. උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති.
6. තව ද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද (සත්‍ව පුද්ගල නො වන හුදු ධාතු සමූහයෙක් ම ඉදිරියට ම යෑම පෙරැළා ඊම ද කෙරේ යැ යි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහි ද අනුදික් බැලීමෙහි ද (උඩ සඳහන් පරිදි) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. අත් පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. සඟළ සිවුරු හා පා සිවුරු හා දැරීමෙහි ද (ධාතු සමූහයක් ධාතු සමූහයක් වැළැඳ ගනී යන ආදීන්) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද ඛාද්‍යාදිය විකා කෑමෙහි ද (මී සකුරු ආදිය) රස විඳීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද පිබිදීමෙහි ද කථා කිරීමෙහි ද නිහඬ වීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (ඒ ඒ ක්‍රියා) කරන්නේ වෙයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි. (ඉදිරියට යෑම් ආදි) ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක ඒ ක්‍රියාවන්ගේ ඉපැත්මට කරුණු ද වරෙක ඒ ක්‍රියාවන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ හෝ කයෙහි කායානුපස්සනායෙහි යෙදී වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
(මෙසේ චතුසම්පජඤ්ඤය වැඩීමෙහි යෙදුණු) ඒ යෝගාවචර මහණහට වනාහි (ඉදිරියට යෑම් ආදි ක්‍රියා පැවැත්ම වූ) කය ම ඇතැ යි (ඒ ක්‍රියා කරන සතෙක් පුඟුලෙක් නැතැ’යි) සිහිය එළැඹැ සිටියේ වෙයි. ඒ සිහිය ද වූ කලී මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. මෙසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ වසන්නේ ද වේ. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ලොවැ යෑම් ආදි කිසිදු ක්‍රියාවක් (සත්‍ව පුද්ගල ආත්ම ආත්මීයාදි විසින් නො ද) ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මහණ තෙම මෙසේ ද කයෙහි කායානුපස්සනාව කරන සුලු වැ වෙසෙයි.
සම‍්පජඤ‍්ඤපබ‍්බං නිට‍්ඨිතං.
සම්ප්‍රජන්‍ය පර්‍වය නිමියේ ය.
7. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තං පූරං නානප‍්පකාරස‍්ස අසුචිනො පච‍්චවෙක‍්ඛති.
7. තව ද අනෙක් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙම පතුලෙන් උඩ, කෙසඟින් යට, (සරසින්) සම කෙළවර කොටැ ඇති නන් අයුරු අසුචියෙන් පිරී සිටි මේ කරජ කය ම මතු දැක්වෙන පරිදි නුවණින් සලකා බලයි:
“අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තන‍්ති”.
මෙ සිරුරෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් පිඬු යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකු ගඩු යැ, හද මස යැ, අක්මා යැ, දළ බුව යැ, බඩ දිව යැ, පපු මස යැ, අතුනු වැටිය යැ, අතුනු බහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුළු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැ යන මේ දෙතිසක් කුණපයෝ ඇත” යනු යි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, උභතො මුඛා පුටොළී පූරා නානාවිහිතස‍්ස ධඤ‍්ඤස‍්ස, සෙය්‍යථිදං සාලීනං විහීනං මුග‍්ගානං මාසානං තිලානං තණ‍්ඩුලානං. තමෙනං චක‍්ඛුමා පුරිසො මුඤ‍්චිත්‍වා පච‍්චවෙක‍්ඛෙය්‍ය: “ඉමෙ සාලී, ඉමෙ වීහී, ඉමෙ මුග‍්ගා, ඉමෙ මාසා, ඉමෙ තිලා, ඉමෙ තණ‍්ඩුලා’ති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තං පූරං නානප‍්පකාරස‍්ස අසුචිනො පච‍්චවෙක‍්ඛති: අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො, අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තන‍්ති.
මහණෙනි, දෙ පසින් මුව දෙකක් ඇති මල්ලෙක් හැල්වී මාවී මුං මෑ තල සහල් යන නන් වැදෑරුම් ධාන්‍යයෙන් යම්සේ පිරුණේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මල්ල මුදා (ලිහා) ඒ හැම ධාන්‍ය බලා, මේ හැල් වී ය, මේ මා වී ය, මේ මුං ය, මේ මෑ ය, මේ තල ය, මේ සහල් යැ යි ඒ ඒ ධාන්‍ය වර්‍ග වෙන් වෙන් කොට සලකා බලන්නේ ද, එ පරිද්දෙන් ම, මහණෙනි, මහණ තෙමෙ මෙ කයෙහි පතුලෙන් උඩ කෙසඟින් යට (සරසින්) සම කෙළවර කොට ඇති නන් අයුරු අසූචියෙන් පිරී සිටි මෙ සිරුර ම නුවණින් සලකා බලයි. (කෙසේ ද?) මෙ කයෙහි කෙස් යැ, ලොම් යැ, නිය යැ, දත් යැ, සම යැ, මස් යැ, නහර යැ, ඇට යැ, ඇට මිඳුලු යැ, වකුගඩු යැ, හදමස යැ, අක්මාව යැ, දලබුව යැ, බඩදිව යැ, පපුමස යැ, අතුනුවැටිය යැ, අතුනුබහන යැ, නොදිරු අහර යැ, මල යැ, පිත යැ, සෙම යැ, සැරොව යැ, ලෙහෙ යැ, ඩහදිය යැ, මේද තෙල යැ, කඳුලු යැ, වුරුණු තෙල යැ, කෙළ යැ, සොටු යැ, සඳමිඳුලු යැ, මුත්‍ර යැයි මේ දෙතිසක් කුණප ඇතැ”යි යනු යි. මෙසේ තම කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි, මෙරමා කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක තමා කයෙහි ද විටෙක මෙරමා කයෙහි ද කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ කේශාදීන් හටගන්නා සැටි (හටගැන්මට ප්‍රත්‍යය වන දෑ) පුන පුනා නොයෙක් අයුරින් බලන සුලු වැ වෙසෙයි, (ප්‍රත්‍යයයන්ගේ අභාවයෙන්) ඔවුන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක ඒ කේශාදීන් හටගන්නා සැටි ද වරෙක ඔවුන් නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුනපුනා බලන සුලු වැ වෙසෙයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති. අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මෙසේ කමටහන් වඩන ඔහුට “කුණප කොටස් රැසෙක් ම ඇත්තේ යැ. (සතෙක් පුඟුලෙක් නොමැත්තේ යැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එ ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ හෙ තෙමේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නොහසු ව ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
පටික‍්කූලමනසිකාරපබ‍්බං නිට‍්ඨිතං.
ප්‍රතිකූලමනස්කාර පර්‍වය නිමියේ ය.
8. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච‍්චවෙක‍්ඛති: අත්‍ථි ඉමස‍්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ ති.
8. තවද අන් කමටහනක් කියම්. මහණෙනි, මහණ තෙමෙ මේ කය සිටි පරිදි, පිහිටුවූ පරිදි, ‘මෙ කයැ පෘථිවි ධාතුව ඇත, අබ් ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’ යි ධාතු වශයෙන් පස්විකයි (නුවණින් සලකා බලයි).
සෙය්‍යථාපි භික‍්ඛවෙ, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා චාතුම‍්මහාපථෙ බිලසො විභජිත්‍වා නිසින‍්නො අස‍්ස, එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච‍්චවෙක‍්ඛති: අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
මහණෙනි, යම් සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයක්හුගේ ඇතැවැස්සෙක් හෝ දෙනක මරා සතරමං හන්දියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙ සිරුර ම සිටි පරිදි, පිහිටු වූ පරිදි, ‘මෙ කයෙහි පෘථිවි ධාතුව ඇත, අබ්ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායු ධාතුව ඇතැ’යි ධාතු වශයෙන් පස් විකයි (නුවණින් බෙද බෙදා බලයි).
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩනුයේ වෙසෙයි. ඒ සතර ධාතූන් උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. ඒ සතර ධාතූන් නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක සතර ධාතූන් උපදනා සැටිත් වරෙක ඔවුන් නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඒ යෝගාවචර මහණහට වනාහි මේ ධාතුමාත්‍ර වූ ශරීරය ඇතැ යි (පරමාර්‍ත්‍ථ වශයෙන් සත්‍වයෙක් පුද්ගලයෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. ඒ එළැඹ සිටි සිහිය ද මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හෝ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ (ධාතුමාත්‍ර කයෙහි) කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ආත්ම ආත්මීය විසින් නො ද ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
ධාතුමනසිකාරපබ‍්බං නිට‍්ඨිතං.
ධාතුමනස්කාර පර්‍වය නිමියේ ය.
9. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං එකාහමතං වා ද‍්වීහමතං වා තීහමතං වා උද‍්ධුමාතකං විනීලකං විපුබ‍්බකජාතං, සො ඉමමෙව කායං උපසංහරති: අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවංභාවී එතං අනතීතො’ති.
9. තව ද අනෙකක් කියම්. මහණෙනි, මෙහි මහණ තෙම අමු සොහොනැ දමන ලද, මැරී දවසක් ගත වූ හෝ මැරී දෙ දවසක් ගත වූ හෝ මැරී තුන් දවසක් ගත වූ, ඉදිමුණු, නිල් වූ, පූයා වැගිරෙන, සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ’යි ‘මෙසේ වන සුලු යැ’යි ‘මේ ඉදිමුම් ආදි ගති නො ඉක්මැ සිටියේ යැ’යි මේ සිරුර ම එ කයෙහි එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කය උපදනා සැටි නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වැ වෙසෙයි. සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වැ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
මෙසේ බවුන් වඩන ඔහුට ඉදිමෙන සුලු බව ආදි නොයෙක් ආදිනවයෙන් යුත් නිසරු සිරුර ම ඇතැ යි හෝ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් විරහිත මැ වෙසෙයි. ලොවැ (සිරුරෙහි) කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(පඨමං සීවථිකං)
(පළමු සීවථිකයයි)
10. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං කාකෙහි වා ඛජ‍්ජමානං කුලලෙහි වා ඛජ‍්ජමානං ගිජ‍්ඣෙහි වා ඛජ‍්ජමානං සුනඛෙහි වා ඛජ‍්ජමානං සිගාලෙහි වා ඛජ‍්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ‍්ජමානං, සො ඉමමෙව කායං උපසංහරති: අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවංභාවී එතං අනතීතො ති.
10. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ අමුසොහොනෙහි දමා පියන ලද කවුඩන් විසින් කනු ලබන හෝ උකුස්සන් විසින් කනු ලබන හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන හෝ බල්ලන් විසින් කනු ලබන හෝ සිවලුන් විසින් කනු ලබන හෝ විවිධ ප්‍රාණීන් විසින් කනු ලබන මළ සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම ‘මාගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ මැ’යි මෙ සිරුර ම එකී සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ හෙතෙම තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහිත් වරෙක මෙරමාගේ සිරුරෙහිත් කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි, මෙ සිරුර නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙක සිරුර උපදනා සැටිත් වරෙක සිරුර නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඔහුට ‘ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇත (සතෙක් පුඟුලෙක්) නැතැ යි)’ සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(දුතියං සීවථිකං)
(දෙවෙනි සීවථිකය යි)
11. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකඞ‍්ඛලිකං සමංසලොහිතං නහාරුසම‍්බද‍්ධං සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
11. තව ද අනෙකක් කියම්. මහණ තෙම ලේ මස් සහිත, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමා පියන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම මේ මගේ සිරුරත් මෙසේ වූ ස්වභාවය ඇත්තේ යැ, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මි යැ’ යි මේ සිරුර ම ඒ සොහොනෙහි දමන ලද සිරුර හා එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. කලෙක තමාගේ කලෙක මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙ කය උපදනා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. මෙ සිරුරැ නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. වරෙකැ කය උපදනා සැටිත් වරෙක එය නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඔහුට ඉදිමීම් ආදීන් නිසරු වූ කය ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඔහුගේ නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොව කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ම ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(තතියං සීවථිකං)
(තෙවෙනි සීවථිකය යි)
12. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිසඞ‍්ඛලිකං නිම‍්මසං ලොහිතමක‍්ඛිතං න‍්හාරුසම‍්බද‍්ධං සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
12. තව ද අනෙකක් කියම්. මහණෙනි, යම්සේ මහණ තෙම මස් නැති, ලෙයින් වැකුණු නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වූ සොහොනෙහි දමා පියන ලද මළ සිරුරක් දක්නේ ද, ඒ මහණ තෙම ‘මේ මගේ සිරුරත් මෙබඳු ස්වභාවය ඇත්තේ යැ යි, මෙසේ වන සුලු යැ යි, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ තමාගේ සිරුර ම ඒ ඇටසැකිල්ලෙහි එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ කයෙහි ද වරෙක මෙරමාගේ කයෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කය නැසෙන සැටි නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය හටගන්නා සැටි ද වරෙක කය නැසෙන සැටි ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඒ යෝගාවචර මහණහට ඉදිමීම් ආදි දෝෂයෙන් නිසරු වූ කය ඇත්තේ යැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි සිහිය එළැඹ සිටියේ වෙයි. එසේ වූ ඒ සිහිය වනාහි මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වූයේ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මහණ තෙම මෙසේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(චතුත්‍ථං සීවථිකං)
(සතරවන සීවථිකය යි)
13. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිසඞ‍්ඛලිකං අපගතමංසලොහිතං න‍්හාරුසම‍්බද‍්ධං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
13. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම පහ වූ ලේ මස් ඇති, නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හෙ තෙමෙ ‘මේ මගේ සිරුර ද මෙබඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු යැ, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එය හා මෙ සිරුර එළවා බලන්නේ ය.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලන සුලු වැ හෝ වෙසෙයි. වරෙක කයෙහි උපදනා සැටියත් වරෙක නැසෙන සැටියත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඉදිමිම් ආදීන් නිසරු වූ කය ඇතැ (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි ඥානයාගේ වැඩීම පිණිස ම සිහියේ වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන් විසින් නො හසු කැරැ ගන්නා ලදු ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයන්ගෙන් නො ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(පඤ‍්චමං සීවථිකං)
(පස් වන සීවථිකය යි)
14. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකානි අපගතසම‍්බන්‍ධානි දිසාවිදිසාසු වික‍්ඛිත‍්තානි අඤ‍්ඤෙන හත්‍ථට‍්ඨිකං අඤ‍්ඤෙන පාදට‍්ඨිකං අඤ‍්ඤෙන ගොප‍්ඵට‍්ඨිකං අඤ‍්ඤෙන ජඞ‍්ඝට‍්ඨිකං අඤ‍්ඤෙන ඌරුට‍්ඨිකං අඤ‍්ඤෙන පිට‍්ඨිට‍්ඨිකං අඤ‍්ඤෙන කටට‍්ඨිකං අඤ‍්ඤෙන ඛන්‍ධට‍්ඨිකං අඤ‍්ඤෙන ගීවට‍්ඨිකං අඤ‍්ඤෙන දන‍්තට‍්ඨිකං අඤ‍්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
14. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ පහ වූ නහර බැඳුම් ඇති, අන් දිසාවෙක අත් ඇට ද, අන් දිසාවෙක පා ඇට ද, අන් දෙසෙකැ ගොප් ඇට ද, අන් දිසාවෙක කෙංඩා ඇට ද, අන් දිසාවෙක කලවා ඇට ද, අන් දිසාවෙක ඉඟ ඇට ද, අන් දිසාවෙක පිටකටු ඇට ද, අන් දෙසෙකැ කඳැට ද, අන් දිසාවෙක ගෙලැට ද, අන් දිසාවෙක හනු ඇට ද, අන් දෙසෙකැ දත් ඇට ද, අන් දිසාවෙක හිස් කබල දැ යි මෙසේ දසනු දෙස්හි විසිරී ගිය ඇට කැබැලි ම වූ සිරුරක් යම්සේ දක්නේ ද, හේ මගේ මේ සිරුර ද මෙබඳු ස්වාභවය ඇත්තේ යැ යි මෙසේ වන සුලුයැ’යි ‘මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මෙ සිරුර ම එ කී ඇට කැබැලි රැස හා එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයැ හටගන්නා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයැ නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
ඔහුට ‘කැබැලි කැබැලි වැ විසිරී යන ඇට ගොඩක් ම වූ මේ සිරුර ඇත, (සතෙක් පුඟුලෙක් මෙහි නැත)’ කියා සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ද සිහිය වැඩෙනු පිණිස ද වෙයි. මෙසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙමෙ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(ඡට‍්ඨං සීවථිකං)
(සවන සීවථිකය යි)
15. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකානි සෙතානි සඞ‍්ඛවණ‍්ණුපනිභානි, සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
15. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම හක් බඳු සුදුපැහැති ඇට ගොඩක් ම වූ, සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේ දක්නේ ද, හේ ‘මේ මගේ සිරුර ද එසේ ඇට රැසක් බවට පැමිණෙන සුලු ය, මෙබඳු වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි එකී ඇට රැසක් ම වූ සිරුරෙහි එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ හේ තමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිරුරෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ සිරුරෙහි ද වරෙක මෙරමාගේ සිරුරෙහි ද කායානුපස්සී වැ වෙසෙයි. කයේ හටගන්නා සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි, කයේ නැසෙන සැටිය නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කයැ හටගන්නා සැටිත් වරෙක කයැ නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
ඇට කැබැලි රැසක් ම වූ සිරුර ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස, සිහිය වැඩීම පිණිස වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණාදෘෂ්ටීන් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(සත‍්තමං සීවථිකං)
(සත්වන සීවථිකය යි)
16. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකානි පුඤ‍්ජිකතානි තෙරොවස‍්සිකානි. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
16. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ අවුරුද්දක් ඉක්ම ගියැ තැන තැන ගොඩ ගැසුණු, ඇට රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එ සේ හෙ තෙමේ ‘මේ මගේ කය ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ කය ම යට කී ඇට ගොඩක් ම වූ සිරුරෙහි එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කයෙහි උපදනා සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. කයෙහි නැසෙන සැටිය නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි. වරෙක කය උපදනා සැටිත් වරෙක කය නැසෙන සැටිත් නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
ඇට ගොඩක් ම වූ කය ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ) යි හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය නුවණ වැඩෙනු පිණිසම, සිහිය වැඩෙනු පිණිස ම වේ. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(අට‍්ඨමං සීවථිකං)
(අටවන සීවථිකය යි)
17. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු සෙය්‍යථාපි පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකානි පූතීනි චුණ‍්ණකජාතානි, සො ඉමමෙව කායං උපසංහරති ‘අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවම‍්භාවී එතං අනතීතො’ති.
17. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සොහොනැ දමන ලදු වැ, කුණු වූ සුණු වූ ඇට සුණු රැසක් ම වූ සිරුරක් යම් සේ දක්නේ ද, එසේ හේ ‘මේ සිරුර ද මෙ බඳු ස්වභාවය ඇත්තේ ය, මෙසේ වන සුලු ය, මේ ස්වභාවය නො ඉක්මියේ යැ’යි මේ සිරුර ම එකී ඇට සුණු රැස හා එළවා බලයි.
ඉති අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරති, බහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරති.
මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සී වැ වෙසෙයි, වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය හටගන්නා සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. කය නැසෙන සැටි නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි. වරෙක කය උපදනා සැටි ද වරෙකැ නැසෙන සැටි ද නන් අයුරින් පුන පුනා බලනුයේ හෝ කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
‘අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.
කය ම ඇතැ යි (මෙහි සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හෙ තෙමෙ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ද ගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කායානුපස්සී වැ වෙසෙයි.
(නවමං සීවථිකං)
(නවවන සීවථිකය යි) නවසීවථික පර්‍වය නිමියේ ය.
චුද‍්දස කායානුපස‍්සනා නිට‍්ඨිතා.
තුදුස් කායානුපස්සනාවෝ නිමවන ලදහ.
වෙදනානුපස‍්සනා
වේදනානුපස්සනාව
18. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු වෙදනාසු වෙදනානුපස‍්සී විහරති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී ති පජානාති, දුක‍්ඛං වා වෙදනං වෙදියමානො දුක‍්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. අදුක‍්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති.
18. මහණෙනි, මහණ තෙම කෙසේ නම් වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි මෙහි මහණ තෙම කායික හෝ චෛතසික සුඛ වේදනාවක් විඳුනේ, ‘සුඛ වේදනාවක් විඳිමි’යි දනී, කායික හෝ චෛතසික දුක් වේදනාවක් විඳුනේ, ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී, දුක් ද නොවූ සුව ද නොවූ (මැදහත් අයුරු වූ) උපේක්‍ෂා වේදනාවක් විඳුනේ, ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමී ති පජානාති. සාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක‍්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානො නිරාමිසං දුක‍්ඛං වෙදනං වෙදියාමී ති පජානාති. සාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති. නිරාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී ති පජානාති.
කාමනිඃශ්‍රිත සුඛවේදනාවක් හෝ විඳුනේ ‘කාමනිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳිමි’ යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛ වේදනාවක් විඳුනේ, ‘නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත සුඛවේදනාවක් (පින් රිසියන් විසින් ලැබියැ යුතු කුශල සහගත සොම්නසක්) විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත දුක්වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත (කුශලපක්‍ෂගත) දුක් වේදනාවක් හෝ විඳුනේ ‘දුක් වේදනාවක් විඳිමි’යි දනී. කාමනිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී. නෛෂ්කාම්‍ය නිඃශ්‍රිත උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ ‘උපේක්‍ෂා වේදනාවක් විඳිමි’යි දනී.
ඉති අජ‍්ඣත‍්තං වා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති, බහිද‍්ධා වා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, වයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති.
මෙසේ තමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ වේදනාවන්හි හෝ වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ හටගැන්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ නොයෙක් අයුරින් පුනපුනා බලනුයේ, වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි. වරෙක වේදනාවන්ගේ හටගැන්මට කරුණු වූ දෑ ද වරෙක වේදනාවන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද බලනුයේ වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
‘අත්‍ථි වෙදනා’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු වෙදනාසු වෙදනානුපස‍්සී විහරති.
වේදනාව ඇතැයි (විඳුනා සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රයයනට නො හසු වැ ද වෙසෙයි. ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නො ගනී. මහණෙනි, මෙසේ ම මහණ තෙම වේදනාවන්හි වේදනානුපස්සී වැ වෙසෙයි.
වෙදනානුපස‍්සනා නිට‍්ඨිතා.
වේදනානුපස්සනාව නිමියේ ය.
චිත‍්තානුපස‍්සනා
චිත්තානුපස්සනාව
19. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති:
19. මහණෙනි, මහණ තෙමෙ සිතෙහි කෙසේ නම් චිත්තානුපස්සී වැ වෙසේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති, වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාති, සදොසං වා චිත‍්තං සදොසං චිත‍්තන‍්ති පජානාති, වීතදොසං වා චිත‍්තං වීතදොසං චිත‍්තන‍්ති පජානාති, සමොහං වා චිත‍්තං සමොහං චිත‍්තන‍්ති පජානාති, වීතමොහං වා චිත‍්තං වීතමොහං චිත‍්තන‍්ති පජානාති, සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති, වික‍්ඛිත‍්තං වා චිත‍්තං වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති, මහග‍්ගතං වා චිත‍්තං මහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති, අමහග‍්ගතං වා චිත‍්තං අමහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති, සඋත‍්තරං වා චිත‍්තං සඋත‍්තරං චිත‍්තන‍්ති පජානාති, අනුත‍්තරං වා චිත‍්තං අනුත‍්තරං චිත‍්තන‍්ති පජානාති, සමාහිතං වා චිත‍්තං සමාහිතං චිත‍්තන‍්ති පජානාති, අසමාහිතං වා චිත‍්තං අසමාහිතං චිත‍්තන‍්ති පජානාති, විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානාති, අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති.
මහණෙනි, මෙහි මහණ තෙම රාග සහිත සිත (අට වැදෑරුම් ලෝභ සහගත සිත) රාග සහිත සිත යැ යි දන්නේ හෝ වේ. පහ වූ රාගය ඇති සිත (ලෞකික කුසල් සිත් හා අව්‍යාකෘතසිත්) පහ වූ රාගය ඇති සිතැ යි දන්නේ හෝ වේ. ද්වේෂ සහිත සිත (දොම්නස් සහගත දෙ සිත) ද්වේෂ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ ද්වේෂය ඇති සිත (ලෞකික කුශලාව්‍යාකෘත සිත්) පහ වූ ද්වේෂය ඇති සිතැ යි දන්නේ හෝ වේ. මෝහ සහිත සිත (මෝමූහ දෙ සිත) මෝහ සහිත සිතැ යි දන්නේ හෝ වේ. පහ වූ මෝහය ඇති සිත පහ වූ මෝහය ඇති සිතැ යි දන්නේ හෝ වේ. සංක්‍ෂිප්ත (හැකුලුණු) සිත (ථිනමිද්ධ සහගත සිත) සංක්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. වික්‍ෂිප්ත වූ සිත (උද්ධච්ච සහගත සිත) වික්‍ෂිප්ත සිත යැ යි දන්නේ හෝ වේ. මහද්ගත සිත (රූපාවචර අරූපාවචර සිත්) මහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ, අමහද්ගත සිත (කාමාවචර සිත) අමහද්ගත සිත යැ යි දන්නේ හෝ වේ. සෝත්තර සිත (තමාහට උත්තරයක්හු ඇති සිත හෙවත් කාමාවචර සිත) සෝත්තර සිත යැ යි දන්නේ හෝ වේ. අනුත්තර සිත (ලොවී සිත් අතුරෙහි තමාහට උත්තරයක්හු නැති සිත) අනුත්තර සිත යැ යි දන්නේ හෝ වේ. සමාහිත සිත (අර්‍පණා වශයෙන් හෝ උපචාර වශයෙන් හෝ එකඟ වූ සිත) සමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. අසමාහිත සිත (අර්‍පණා උපචාර යන දෙ සැටියෙන් ම සමාධිගත නො වූ සිත) අසමාහිත සිත යැ යි දන්නේ හෝ වේ. (තදඞ්ග විමුක්ති විෂ්කම්භණ විමුක්ති දෙකින්) මිදුණු සිත මිදුණු සිතැ යි දන්නේ හෝ වේ, නො මිදුණු සිත නො මිදුණු සිතැ යි දන්නේ හෝ වේ.
ඉති අජ‍්ඣත‍්තං වා චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති, බහිද‍්ධා වා චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා චිත‍්තස‍්මිං විහරති, වයධම‍්මානුපස‍්සී වා චිත‍්තස‍්මිං විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා චිත‍්තස‍්මිං විහරති.
මෙසේ තමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. වරෙක තමාගේ ද වරෙක මෙරමාගේ ද සිතෙහි හෝ චිත්තානුපස්සී වැ වෙසෙයි. සිත උපදනට ප්‍රත්‍යය වූ ධර්‍ම නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. සිත නැස්මට ප්‍රත්‍යය වූ ධර්‍මය නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි. වරෙක සිත් හටගන්නටත් වරෙක සිත් නැසෙන්නටත් ප්‍රත්‍යය වූ කරුණු නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ සිතෙහි (චිත්තානුපස්සී වැ) වෙසෙයි.
අත්‍ථි චිත‍්තන‍්ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති.
මෙහි සිත වනාහි ඇතැයි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වේ. මෙසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය දෙකින් නො හසු කැරැගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් නො ගන්නේ ද වෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි.
චිත‍්තානුපස‍්සනා නිට‍්ඨිතා.
චිත්තානුපස්සනාව නිමියේ ය.
ධම‍්මානුපස‍්සනා
ධම්මානුපස්සනාව
20. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති:
20. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් නීවරණාදි ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ (ධර්‍මානුදර්ශී වැ) වෙසේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු නීවරණෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු නීවරණෙසු:
මහණෙනි, මෙහි මහණ තෙමෙ පංචනීවරණ ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ (ඒ ඒ නීවරණයක් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි. මහණෙනි, මහණ තෙම පංචනීවරණ ධර්‍මයන්හි කෙසේ ධම්මානුපස්සී වැ වෙසේ ද? යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සන‍්තං වා අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දො’ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
මහණෙනි, මෙහි මහණ තෙම ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය ඇතැ’ යි හෝ තමාගේ සිත් සතන් හි ඇති කාමච්ඡන්‍දය දනී. ‘මගේ සිත් සතන්හි කාමච්ඡන්‍දය නැතැ’යි හෝ තමාගේ සිත් සතන්හි නැති කාමච්ඡන්‍දය දනී. යම් සේ (යම් කරුණෙකින්) නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම්සේ උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි (රහත් වන්නට පෙරැ) නො ඉපැද්මෙක් වේ ද, එය ද දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං බ්‍යාපාදං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං බ්‍යාපාදො’ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං බ්‍යාපාදං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං බ්‍යාපාදො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස බ්‍යාපාදස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නස‍්ස බ්‍යාපාදස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනස‍්ස බ්‍යාපාදස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ඇත්තා වූ හෝ ස්වසන්තාන ගත ව්‍යාපාදය ‘මගේ සතන්හි ව්‍යාපාදයෙක් දැන් ඇතැ’යි හෝ දනී. ස්වසන්තාන ගත වැ නැත්තා වූ හෝ ව්‍යාපාදය ‘මගේ සිත් සතන්හි ව්‍යාපාදයෙක් දැන් නැතැ’යි හෝ දනී. යම් සේ ම නූපන් ව්‍යාපාදයාගේ ඉපැද්ම වේ ද, එයත් දනී. යම්සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය වේ ද, එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ ව්‍යාපාදයාගේ මත්තෙහි නොඉපැද්ම වේ ද, එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධ’න‍්ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධ’න‍්ති පජානාති, යථා ච අනුප‍්පන‍්නස‍්ස ථිනමිද‍්ධස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නස‍්ස ථිනමිද‍්ධස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනස‍්ස ථිනමිද‍්ධස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ඇත්තා වූ හෝ ස්වසන්තානගත ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. තම සතන්හි නැත්තා වූ හෝ ථීනමිද්ධය ‘මගේ සන්තානයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් සේ ම නූපන් ථීනමිද්ධයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ ථීනමිද්ධයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්ච’න‍්ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්ච’න‍්ති පජානාති, යථා ච අනුප‍්පන‍්නස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ඇත්තා වූ හෝ ස්වසන්තානගත උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ උද්ධච්ච කුක්කුච්චය ‘මගේ සන්තානයෙහි උද්ධච්ච කුක්කුච්චය නැතැ’යි දනී. යම්සේ ම නූපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ උද්ධච්ච කුක්කුච්චයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡා’ති පජානාති, අසන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡා’ති පජානාති, යථා ච අනුප‍්පන‍්නාය විචිකිච‍්ඡාය උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථා ච උප‍්පන‍්නාය විචිකිච‍්ඡාය පහානං හොති තඤ‍්ච පජානාති, යථා ච පහීනාය විචිකිච‍්ඡාය ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ඇත්තාවූ හෝ ස්වසන්තානගත විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. සිය සතන්හි නැත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මගේ සන්තානයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම්සේ ම නූපන් විචිකිච්ඡාවගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ ම උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ම ප්‍රහීණ වූ විචිකිච්ඡාවගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
ඉති අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, බහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, සමුදයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, වයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති ‘අත්‍ථි ධම‍්මා’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති,
මෙසේ හෙ තෙම තම සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමාගේ සතන්හි හෝ නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තම සතන්හි වූත් විටෙක මෙරමා සතන්හි වූත් නීවරණ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. නීවරණයන්ගේ විනාශයට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු නීවරණෙසු.
නීවරණ ධර්‍මයෝ ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළැඹ සිටියේ වෙයි. ඒ මත්තෙහි නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෝ තෘෂ්ණානිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගනී. මහණෙනි, මෙසේත් මහණ තෙම පංච නීවරණ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
(නීවරණපබ‍්බං නිට‍්ඨිතං.)
නීවරණ පර්‍වය නිමියේ ය.
21. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ‘ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො, ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‍ථඞ‍්ගමො, ඉති සඤ‍්ඤා, ඉති සඤ‍්ඤාය සමුදයො, ඉති සඤ‍්ඤාය අත්‍ථඞ‍්ගමො, ඉති සඞ‍්ඛාරා, ඉති සඞ‍්ඛාරානං සමුදයො, ඉති සඞ‍්ඛාරානං අත්‍ථඞ‍්ගමො, ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො’ති.
21. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙමෙ උපාදාන ස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් උපාදානස්කන්‍ධ ධර්‍ම පසෙහි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙම “රූපය මෙසේ යැ (මෙ තෙක් ය), රූපයේ ඉපැද්ම මෙසේ යැ, රූපයේ වැනැස්ම මෙසේ යැ, වේදනාව මෙතෙක් ය, වේදනාවගේ ඉපැද්ම මෙසේ යැ, වේදනාවගේ වැනැස්ම මෙසේ යැ, සංඥාව මෙතෙක් යැ, සංඥාවගේ ඉපැද්ම මෙසේ යැ, සංඥාවගේ වැනැස්ම මෙසේ යැ, සංස්කාරයෝ මෙතෙක්හ, සංස්කාරයන්ගේ ඉපැද්ම මෙසේ යැ, සංස්කාරයන්ගේ වැනැස්ම මෙසේ යැ, විඥානය මෙතෙක් යැ, විඥානයාගේ ඉපැද්ම මෙසේ යැ, විඥානයාගේ වැනැස්ම මෙසේ යැ” යි.
ඉති අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, බහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, වයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති.
මෙසේ අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක අධ්‍යාත්ම සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද විටෙක මෙරමාගේ සන්තානයෙහි වූ ස්කන්‍ධ ධර්‍මයන් කෙරෙහි ද ධම්මානුපස්සී වැ වෙසෙයි.
‘අත්‍ථි ධම‍්මා’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
උපාදාන ස්කන්‍ධ ධර්‍මයෝ ම ඇතැ යි කියා හෝ ඔහුට සිහිය එළැඹ සිටියේ වෙයි, එය මතුමත්තෙහි නුවණ වැඩීම පිණිස ම, සිහිය වැඩීම පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටි නිඃශ්‍රය විසින් නොහසු කැරැ ගන්නා ලද්දේ ද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නොගන්නේ ද වෙයි.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු.
මහණෙනි, මෙසේත් මහණ තෙම පංච උපාදාන ස්කන්‍ධ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
ඛන්‍ධපබ‍්බං නිට‍්ඨිතං.
ස්කන්‍ධ පර්‍වය නිමියේ ය.
22. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු:
22. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමෙ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුඤ‍්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
මහණෙනි, මෙහි මහණ තෙම චක්‍ෂුඃප්‍රසාදය ද දනී, රූපයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
සොතඤ‍්ච පජානාති, සද‍්දෙ ච පජානාති, යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ශ්‍රෝත්‍රප්‍රසාදය ද දනී, ශබ්දයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ ම නො උපන් සංයෝජනයක්හුගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ම ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්ම වේ ද එයත් දනී.
ඝානඤ‍්ච පජානාති, ගන්‍ධෙ ච පජානාති, යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ඝ්‍රාණප්‍රසාදය ද දනී, ගන්‍ධයන් ද දනී, ඒ දෙ දෙනා නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම්සේත් නූපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ සංයෝජනයාගේ මතු නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
ජිව‍්හඤ‍්ච පජානාති, රසෙ ච පජානාති. යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති, යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
ජිහ්වා ප්‍රසාදය ද දනී, රසයන් ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නොඋපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම් සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
කායඤ‍්ච පජානාති, ඵොට‍්ඨබ‍්බො ච පජානාති, යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
කාය ප්‍රසාදය ද දනී, ස්ප්‍රෂ්ටව්‍යයන් (කයැ හැපෙන දෑ) ද දනී, ඒ දෙක නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපැද්මෙක් වේ ද එයත් දනී.
මනඤ‍්ච පජානාති, ධම‍්මෙ ච පජානාති, යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤොජනං තඤ‍්ච පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති, යථාච උප‍්පන‍්නස‍්ස සඤ‍්ඤොජනස‍්ස පහානං හොති තඤ‍්ච පජානාති. යථා ච පහීනස‍්ස සඤ‍්ඤොජනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති තඤ‍්ච පජානාති.
මනෝද්වාරය ද දනී, ධර්‍මාලම්බනයන් ද දනී, ඒ දෙ කොටස නිසා යම් සංයෝජනයෙක් උපදී ද එයත් දනී. යම් සේ නො උපන් සංයෝජනයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණය වේ ද එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මත්තෙහි නොඉපැද්මෙක් වේ ද එයත් දනී.
ඉති අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, බහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, වයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති.
මෙසේ තමා කෙරෙහි වූ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක තමා පිළිබඳ වූ ආයතන ධර්‍මයන්හි ද විටෙක මෙරමා පිළිබඳ ආයතන ධර්‍මයන්හි ද ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට ප්‍රත්‍යය වූ දෑ නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. ආයතන ධර්‍මයන්ගේ විනාශයට කරුණු නොයෙක් අයුරින් නැවැත නැවැත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි. විටෙක ආයතන ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ආයතන ධර්‍මයන්ගේ වැනැස්මට කරුණුද නොයෙක් අයුරින් නැවත නැවත බලන සුලු වූයේ හෝ ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
අත්‍ථි ධම‍්මාති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
ඔහුට ‘ආයතන ධර්‍මයෝ ඇතැ’යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) කියා හෝ සිහිය එළැඹ සිටියේ හෝ වෙයි. එය නුවණ වැඩීම පිණිස ම සිහිය වැඩීම පිණිස ම වේ. එසේ වූ හෙ තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකට නො හසු වූයේද වෙසෙයි, ලොවැ කිසිත් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නොගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු.
මහණෙනි, මෙසේත් මහණ තෙම ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
ආයතනපබ‍්බං නිට‍්ඨිතං.
ආයතන පර්‍වය නිමියේ ය.
23. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති සත‍්තසු බොජ‍්ඣඞ‍්ගෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති සත‍්තසු බොජ‍්ඣඞ‍්ගෙසු:
23. තව ද අනෙකක් කියම්. මහණ තෙමේ සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන් හි ධම්මානුදර්ශී වැ වෙසේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සන‍්තං වා අජ‍්ඣත‍්තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
මහණෙනි, මෙහි මහණ තෙමේ (සතතයෙන් සන්තානයෙහි පහළ වීම් වශයෙන්) තමා කෙරෙහි ඇත්තා වූ ම ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. (අප්‍රතිලාභ වශයෙන්) තමා කෙරෙහි නැත්තා වූ හෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ස්මෘති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නොඋපන් ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම යම්සේ වේ ද එයත් දනී. උපන්නා වූ ස්මෘති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් සේ වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ ම ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි දැන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී. යම් සේ උපන් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විරියසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විරියසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ ම වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම්සේ නො උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම වේ ද එයත් දනී. යම් සේ උපන් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ ම ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මගේ සන්තානයෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය දැන් ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ‘මා කෙරෙහි ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. යම් සේ නො උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැත්ම වේ ද, එයත් දනී, යම් සේ උපන් ප්‍රීති සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්න ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී, උපන් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හෝ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ සමාධි සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි සමාධි සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් සේ වේ ද එයත් දනී. උපන් සමාධි සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
සන‍්තං වා අජ‍්ඣත‍්තං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගොති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං ‘නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො’ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදො හොති තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරී හොති තඤ‍්ච පජානාති.
තමා කෙරෙහි ඇත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’යි හේ දනී. තමා කෙරෙහි නැත්තා වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘දැන් මගේ සන්තානයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය නැතැ’යි දනී. නො උපන්නා වූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ යම් සේ ඉපැද්ම වේ ද, එය ද දනී. උපන්නාවූ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණත්‍වය යම් සේ වේ ද එයත් දනී.
ඉති අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, බහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති.
මෙසේ තමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, මෙරමා කෙරෙහි වූ හෝ බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි, විටෙක තමා කෙරෙහි වූ ද විටෙක මෙරමා කෙරෙහි වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි.
සමුදයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, වයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති.
බෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ වූ දෑ නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. බෝධ්‍යඞ්ග ධර්‍මයන්ගේ විනාශයට කාරණ වූ අවිද්‍යාදි අකුශල ධර්‍මයන් නොයෙක් අයුරින් පුන පුනා බලන සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි. විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ ඉපැද්මට කරුණු වූ දෑ ද විටෙක බෝධ්‍යඞ්ගයන්ගේ වැනැස්මට කරුණු වූ දෑ ද නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩනුයේ වෙසෙයි.
‘අත්‍ථි ධම‍්මා’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
‘බෝධ්‍යඞ්ග ධර්‍මයෝ ම ඇතැ’යි (ඔවුන් වඩන සතෙක් පුඟුලෙක් නැතැ යි) ඔහුගේ සිහිය එළැඹ සිටියේ වෙයි. එය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වෙයි. එසේ වූ හේ තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය විරහිත ව ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති සත‍්තසු සම‍්බොජ‍්ඣඞ‍්ගෙසු.
මහණෙනි, මහණ තෙම මෙසේත් සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
බොජ‍්ඣඞ‍්ගපබ‍්බං නිට‍්ඨිතං.
(බෝධ්‍යඞ්ග පර්‍වය නිමියේ ය)
පඨමභාණවාරං නිට‍්ඨිතං
පළමු බණවර නිමි.
24. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති චතූසු අරියසච‍්චෙසු. කථඤ‍්ච පන භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති චතුසු අරියසච‍්චෙසු:
24. තව ද අනෙකක් කියම්. මහණෙනි, මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි. මහණෙනි, මහණ තෙම කෙසේ නම් සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසේ ද යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයො ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධො ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා ති යථාභූතං පජානාති.
මහණෙනි, මෙහි මහණතෙම ‘මේ දුකැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛසමුදය යැ’යි තතු වූ පරිදි දනී. ‘මේ දුඃඛනිරෝධයැ’යි තතු වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි තතු වූ පරිදි දනී.
25. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: ජාති පි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, මරණම‍්පි දුක‍්ඛං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාපි දුක‍්ඛා, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා පි දුක‍්ඛා.
25. මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. අප්‍රියයන් හා එක්වීම ද දුක් යැ. ප්‍රියයන්ගෙන් වෙන්වීම ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්‍ධ පස ම දුක් යැ.
කතමා ච භික‍්ඛවෙ, ජාති: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාති ඔක‍්කන‍්ති අභිනිබ‍්බත‍්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච‍්චති භික‍්ඛවෙ ජාති.
මහණෙනි, ඉපැදීම නම් කවරේ ද: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි (නො පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (පිරිපුන් ආයතන ඇතියන්ගේ වශයෙන්) යම් ඉපැද්මෙක් වේ ද, (අණ්ඩජ ජලාබුජයන්ගේ වශයෙන්) උත්පත්ති ස්ථානයට බැස ගැන්මෙක් වේ ද, (සංසේදජ ඕපපාතික වශයෙන්) ප්‍රකට වැ ඉපැත්මෙක් වේ ද, (පරමාර්‍ත්‍ථ වශයෙන්) ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, ෂඩායතනයන්ගේ ලැබීමෙක් වේ ද, මහණෙනි, මෙය ජාති (ඉපැද්ම) යැ යි කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ, ජරා: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච‍්චති භික‍්ඛවෙ ජරා.
මහණෙනි, ජරා නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකායයෙහි යම් දිරීමෙක්, දිරන බවෙක්, දත් ආදීන්ගේ කැඩීම් වශයෙන් විකාරයට පැමිණි බවෙක්, ආයු ගෙවීමෙක්, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ මුහුකුරා යෑමෙක් වේ ද, මේ ජරා නැමැ යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, මරණං: යං තෙසං තෙසං සත‍්තානං තම‍්හා තම‍්හා සත‍්තනිකායා චුති චවනතා භෙදො අන‍්තරධානං මච‍්චුමරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කළෙබරස‍්ස නික‍්ඛෙපො ජීවිතින්‍ද්‍රියස‍්සුපච‍්ඡෙදො, ඉදං වුච‍්චති භික‍්ඛවෙ මරණං.
මහණෙනි, මරණය නම් කවරේ ද යත්: ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්‍ව නිකාය කෙරෙන් ච්‍යුතියෙක්, සැවෙන බවෙක්, බිඳීමෙක්, අතුරුදහන් වීමෙක්, මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක්, කලුරිය කිරීමෙක්, ස්කන්‍ධයන්ගේ බිඳීමෙක්, සිරුර බහා තැබීමෙක්, ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මෙය මරණ යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සොකො: යො ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන බ්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස සොකො සොචනා සොචිතත‍්තං අන‍්තොසොකො අන‍්තොපරිසොකො, අයං වුච‍්චති භික‍්ඛවෙ සොකො.
මහණෙනි, ශෝකය නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදීන්ගෙන් එක්තරා ව්‍යසනයෙකින් යුක්තයාගේ හෝ (සිර ගෙහි බැඳීම් ආදි) එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ හෝ යම් ශෝකයෙක්, ශෝක කරන බවෙක් (සිරුර තුළැ වියැළීම ඇති කරන සේ වූ) ඇතුළත ශෝකයෙක්, ඇතුළත හාත්පස්හි ම ශෝකයෙක් වේ ද, මහණෙනි, මෙ ශෝක යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, පරිදෙවො: යො ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන බ්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං, අයං වුච‍්චති භික‍්ඛවෙ පරිදෙවො.
මහණෙනි, පරිදේවය යනු කවරේ ද යත්: මහණෙනි, (ඥාති ව්‍යසනාදි) යම් එක්තරා දුඃඛ කාරණයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ ද, (මගේ පුත්‍රයා ය යන ආදි විසින්) වස්තුවෙහි නම කියා හැඬීමෙක්, වස්තුවෙහි ගුණ වණමින් හැඬීමෙක්, නම කියා හඬන අයුරෙක්, ගුණ වණමින් හඬන අයුරෙක්, නම කියා හඬන බවෙක්, ගුණ වණමින් හඬන බවෙක් වේ ද, මෙය පරිදේව යැ යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං: යං ඛො භික‍්ඛවෙ, කායිකං දුක‍්ඛං කායිකං අසාතං කායසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛං.
මහණෙනි, දුඃඛ නම කවරේ ද යත්: මහණෙනි, යම් කායික දුකෙක් (කාය ප්‍රසාදයෙහි රළු ලෙස යමක් ගැටීමෙන් වූ දුකෙක්), කායික නො මිහිරි බවෙක්, කාය ස්පර්‍ශයෙන් උපදනා නො ඉවැසියැ හැකි වේදනාවෙක්, අතිකර්‍කශ විඳීමෙක් වේ ද, මෙය දුඃඛ යැ යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, දොමනස‍්සං: යං ඛො භික‍්ඛවෙ, චෙතසිකං දුක‍්ඛං චෙතසිකං අසාතං මනොසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ දොමනස‍්සං.
මහණෙනි, දෞර්‍මනස්‍යය (දොම්නස) නම් කවරේ ද යත්: සිතැ උපන් යම් දුකෙක්, සිතැ උපන් නොමිහිරි බවෙක්, සිතැ නොමනා අරමුණු ගැටීමෙන් උපදනා දුකෙක්, නො සැප වූ විඳුමෙක් වේ ද, මෙය දෞර්‍මනස්‍ය යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, උපායාසො: යො ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන බ්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආයාසො උපායාසො ආයාසිතත‍්තං උපායාසිතත‍්තං, අයං වුච‍්චති භික‍්ඛවෙ උපායාසො.
මහණෙනි, උපායාස නම් කවරේ ද යත්: මහණෙනි, ඥාති ව්‍යසනාදි ව්‍යසන අතුරෙන් යම් එක්තරා ව්‍යසනයෙකින් සමන්‍විතයක්හුගේ හෝ (සිර ගෙහි බැඳුම් ආදි) යම් එක්තරා දුඃඛ ස්වභාවයෙකින් ස්පර්‍ශ කරනු ලැබුවහුගේ (දුකෙහි ගිලුණු අයුරින් පැවැති චිත්තක්ලමථාකාර) ආයාසයෙක්, දැඩි ආයාසයෙක් සිතැ ක්ලාන්ත ස්වභාවයෙක් සිතැ දැඩි ක්ලාන්ත බවෙක් වේ ද, මෙය උපායාස යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො: ඉධ යස‍්ස තෙ හොන‍්ති අනිට‍්ඨා අකන‍්තා අමනාපා රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා ධම‍්මා, යෙ වා පනස‍්ස තෙ හොන‍්ති අනත්‍ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක‍්ඛෙමකාමා, යා තෙහි සද‍්ධිං සඞ‍්ගති සමාගමො සමොධානං මිස‍්සීභාවො, අයං වුච‍්චති භික‍්ඛවෙ, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො.
මහණෙනි, ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යනු කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට අනිටු වූ, නො සිත්කලු වූ, මන නොවඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට අවැඩ කැමැති, අහිත කැමැති, නොපහසුව කැමැති, උවදුරු නැති බව, නොකැමැති යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් හා යම් සංගමයෙක්, යම් එක්වීමෙක්, යම් එකතුබවෙක්, යම් මුසු බවෙක් වේ ද, මහණෙනි, මෙය ‘අප්‍රියයන් හා එක් වීම දුක් යැ’ යන්න යැ.
කතමො ච භික‍්ඛවෙ, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො: ඉධ යස‍්ස තෙ හොන‍්ති ඉට‍්ඨා කන‍්තා මනාපා රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා ධම‍්මා, යෙ වා පනස‍්ස තෙ හොන‍්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක‍්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා ජෙට‍්ඨා වා කනිට‍්ඨා වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි සද‍්ධිං අසඞ‍්ගති අසමාගමො අසමොධානං අමිස‍්සීභාවො, අයං වුච‍්චති භික‍්ඛවෙ, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො.
මහණෙනි, ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න කවරේ ද යත්: මහණෙනි, මෙහි යමකුහට ඉටු වූ සිත්කලු වූ මන වඩන්නා වූ යම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍ම යන ආලම්බන කෙනෙක් වෙත් ද, ඔහුට වැඩ කැමැති, හිත කැමැති, පහසුව කැමැති, උවදුරු නැති බව කැමැති මව හෝ පියා හෝ බෑයා හෝ බිහිනිය හෝ දෙටු හෝ කනිටු නෑ කෙනෙක් හෝ මිතුරෝ හෝ ඇමැත්තෝ හෝ සහලේ නෑ කෙනෙක් හෝ යම් යම් කෙනෙක් දැද්ද, ඔවුන් හා යම් අසඞ්ගමයෙක් යම නොඑක් වීමෙක්, නො එකතු බවෙක් ඇද්ද, මහණෙනි, මෙය ‘ප්‍රියයන්ගෙන් වියෝ වීම දුක් යැ’ යන්න යැ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං: ජාතිධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න ජාතිධම‍්මා අස‍්සාම, න ච වත නො ජාති ආගච‍්ඡෙය්‍යා ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්‍වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.
ජරා ධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න ජරාධම‍්මා අස‍්සාම, න ච වත නො ජරා ආගච‍්ඡෙය්‍යා ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දිරන සුලු සත්‍වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.
බ්‍යාධිධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න බ්‍යාධිධම‍්මා අස‍්සාම, න ච වත නො බ්‍යාධි ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.
මරණධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න මරණධම‍්මා අස‍්සාම, න ච වත නො මරණං ආගච‍්ඡෙය්‍යා’ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, මැරෙන සුලු සත්‍වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
සොකධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න සොකධම‍්මා අස‍්සාම, න ච වත නො සොකො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්‍වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පරිදෙවධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න පරිදෙවධම‍්මා අස‍්සාම, න ච වත නො පරිදෙවො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
දුක‍්ඛධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න දුක‍්ඛධම‍්මා අස‍්සාම, න ච වත නො දුක‍්ඛං ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්‍වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
දොමනස‍්සධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න දොමනස‍්සධම‍්මා අස‍්සාම, න ච වත නො දොමනස‍්සං ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්‍වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
උපායාසධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න උපායාසධම‍්මා අස‍්සාම, න ච වත නො උපායාසො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දැඩි ආයාස ඇති සත්‍වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා: සෙය්‍යථිදං රූපූපාදානක‍්ඛන්‍ධො වෙදනූපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං.
මහණෙනි, සැකෙවින් දුක් වූ පංච උපාදාන ස්කන්‍ධයෝ නම් කවුරු ද යත්: ඒ රූප උපාදාන ස්කන්‍ධය, වේදනෝපාදාන ස්කන්‍ධය, සංඥෝපාදාන ස්කන්‍ධය, සංස්කාරෝපාදාන ස්කන්‍ධය, විඥානෝපාදාන ස්කන්‍ධය යන මොහු ය. මහණෙනි, මොහු පංච උපාදාන ස්කන්‍ධයෝ දුක්හ යි කියනු ලැබෙත්. මහණෙනි, මෙය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.
26. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං: යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා.
26. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්: පුනර්‍භවය ඇති කරන සුලු වූ, නන්‍දිරාගය හා එක් වැ ගිය, ඒ ඒ උපනුපන් අත්බව්හි සතුටු වන, කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණා යන යම් තෘෂ්ණාවෙක් වේ ද එය යැ.
සා ඛො පනෙසා භික‍්ඛවෙ, තණ‍්හා කත්‍ථ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති: කත්‍ථ නිවිසමානා නිවිසති: යං ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. කිඤ‍්ච ලොකෙ පියරූපං සාතරූප: චක‍්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව‍්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
මහණෙනි, ඒ තෘෂ්ණාව උපදනේ කොහි උපදී ද? නැවැත නැවැත පවත්නේ (පිහිටනුයේ) කොහි පවතී ද? (පිහිටා ද?) යත්: යමෙක් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව පහළ වනුයේ මෙහි පහළ වෙයි, පිහිටනුයේ මෙහි පිහිටයි. කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද යත්: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි. ශ්‍රෝත්‍රය (කන) … ඝ්‍රාණය (නාසය) … ජිහ්වාව (දිව) … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපා ලොකෙ -පෙ- සද‍්දා ලොකෙ -පෙ- ගන්‍ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බා ලොකෙ -පෙ- ධම‍්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ …ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව ය යැ, මධුර ස්වභාවය යැ. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක‍්ඛුවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං. එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
චක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍රවිඥානය … ඝ්‍රාණවිඥානය … ජිහ්වාවිඥානය … කායවිඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක‍්ඛුසම‍්ඵස‍්සො -පෙ- සොතසම‍්ඵස‍්සො -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- මනොසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
චක්‍ෂුඃසංස්පර්‍ශය … ශ්‍රෝතසංස්පර්‍ශය … ඝ්‍රාණසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශය … කායසංස්පර්‍ශය … මනඃසංස්පර්‍ශය ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- සොතසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … කායසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව … මනඃසංස්පර්‍ශයෙන් උපදනා වේදනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපසඤ‍්ඤා -පෙ- සද‍්දසඤ‍්ඤා -පෙ- ගන්‍ධසඤ‍්ඤා -පෙ- රසසඤ‍්ඤා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූපසංඥාව … ශබ්දසංඥාව … ගන්‍ධසංඥාව … රසසංඥාව …ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ධර්‍මසංඥාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපසඤ‍්චෙතනා -පෙ- සද‍්දසඤ‍්චෙතනා -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා -පෙ- රසසඤ‍්චෙතනා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා -පෙ- ධම‍්මසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූප සංඤ්චේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපතණ‍්හා -පෙ- සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපවිතක‍්කො -පෙ- සද‍්දවිතක‍්කො -පෙ- ගන්‍ධවිතක‍්කො -පෙ- රසවිතක‍්කො -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කො -පෙ- ධම‍්මවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූපවිතර්‍කය … ශබ්දවිතර්‍කය … ගන්‍ධවිතර්‍කය … රසවිතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ධර්‍මවිතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
රූපවිචාරො -පෙ- සද‍්දවිචාරො -පෙ- ගන්‍ධවිචාරො -පෙ- රසවිචාරො -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරො -පෙ- ධම‍්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රසවිචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි.
ඉදං වුච‍්චති භික‍්ඛවෙ දුක‍්ඛසමුදයො අරියසච‍්චං.
මහණෙනි, මෙය දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
27. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො අරියසච‍්චං? යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො, සා ඛො පනෙසා භික‍්ඛවෙ, තණ‍්හා කත්‍ථ පහීයමානා පහීයති, කත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති: යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
27. මහණෙනි, දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ තෘෂ්ණාවගේ ම නිරවශේෂයෙන් ක්‍ෂයයට පැමිණීමෙක්, නො පැවැත්මට යෑමෙක්, නිරුද්ධ වීමෙක්, ත්‍යජනයෙක් නැවැත නො පවත්නා සේ දුරු වීමෙක්, බැඳුම් මිදීමෙක්, නො ඇලීමෙක් වේ ද එය යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේ කොහි ප්‍රහීණ වේ ද? නිරුද්ධ වනුයේ කොහි නිරුද්ධ වේ ද යත්: ලොවැ යම් ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
කිඤ‍්ච ලොකෙ පියරූපං සාතරූපං? චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාව මධුර ස්වභාව වේ ද යත්: චක්‍ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධවෙයි. ශ්‍රෝත්‍රය … ඝ්‍රාණය … ජිහ්වාව … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූපා -පෙ- සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපයෝ … ශබ්දයෝ … ගන්‍ධයෝ … රසයෝ … ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්‍මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
චක්‍ෂුර්විඥානය … ශ්‍රෝත්‍ර විඥානය … ඝ්‍රාණ විඥානය … ජිහ්වා විඥානය … කාය විඥානය … මනෝ විඥානය ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
චක‍්ඛුසම‍්ඵස‍්සො -පෙ- සොතසම‍්ඵස‍්සො -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- මනොසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
චක්‍ෂුඃ සංස්පර්‍ශය … ශ්‍රෝත්‍ර සංස්පර්‍ශය … ඝ්‍රාණ සංස්පර්‍ශය … ජිහ්වා සංස්පර්‍ශය … කාය සංස්පර්‍ශය … මනඃ සංස්පර්‍ශය ලොවැ ප්‍රිය ස්වභාවය යැ, මධුර ස්වභාවය යැ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- සොතසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
ලොවැ චක්‍ෂුඃසංස්පර්‍ශජ වේදනාව … ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනාව … ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනාව … ජිහ්වාසංස්පර්‍ශජ වේදනාව … කායසංස්පර්‍ශජ වේදනාව … මනඃසංස්පර්‍ශජ වේදනාව ලොවැ ප්‍රිය ස්වරෑප යැ, මධුර ස්වරෑප යැ. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.
රූපසඤ‍්ඤා -පෙ- සද‍්දසඤ‍්ඤා -පෙ- ගන්‍ධසඤ‍්ඤා -පෙ- රසසඤ‍්ඤා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූප සංඥාව … ශබ්ද සංඥාව … ගන්‍ධ සංඥාව … රස සංඥාව …ස්ප්‍රෂ්ටව්‍ය සංඥාව … ලොවැ ධර්‍ම සංඥාව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූපසඤ‍්චෙතනා -පෙ- සද‍්දසඤ‍්චෙතනා -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා -පෙ- රසසඤ‍්චෙතනා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා -පෙ- ධම‍්මසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූප සංචේතනාව … ශබ්ද සංචේතනාව … ගන්‍ධ සංචේතනාව … රස සංචේතනාව …ස්ප්‍රෂ්ටව්‍ය සංචේතනාව … ධර්‍ම සංචේතනාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූපතණ‍්හා -පෙ- සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූප තෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්‍ධ තෘෂ්ණාව … රස තෘෂ්ණාව … ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්‍මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
රූපවිතක‍්කො -පෙ- සද‍්දවිතක‍්කො -පෙ- ගන්‍ධවිතක‍්කො -පෙ- රසවිතක‍්කො -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කො -පෙ- ධම‍්මවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූප විතර්‍කය … ශබ්ද විතර්‍කය … ගන්‍ධ විතර්‍කය … රස විතර්‍කය …ස්ප්‍රෂ්ටව්‍ය විතර්‍කය … ධර්‍ම විතර්‍කය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි..
රූපවිචාරො -පෙ- සද‍්දවිචාරො -පෙ- ගන්‍ධවිචාරො -පෙ- රසවිචාරො -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරො -පෙ- ධම‍්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූප විචාරය … ශබ්ද විචාරය … ගන්‍ධ විචාරය … රස විචාරය …ස්ප්‍රෂ්ටව්‍ය විචාරය … ධර්‍ම විචාරය ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.
ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො අරියසච‍්චං.
මහණෙනි, මෙය දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයැ යි කියනු ලැබේ.
28. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
28. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්: ඒ සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යැ.
කතමා ච භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි? යං ඛො භික‍්ඛවෙ, දුක‍්ඛෙ ඤාණං දුක‍්ඛසමුදයෙ ඤාණං දුක‍්ඛනිරොධෙ ඤාණං දුක‍්ඛනිරොධගාමිනියාපටිපදාය ඤාණං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාදිට‍්ඨි.
මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය කවර යැ? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ සමුදය සත්‍යයයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරෝධ සත්‍යයෙහි යම් දැනීමෙක්, දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයෙහි යම් දැනීමෙක් වේ ද, මහණෙනි, මෙය සම්‍යග්දෘෂ්ටි යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සම‍්මාසඞ‍්කප‍්පො? නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො අබ්‍යාපාදසඞ‍්කප‍්පො අවිහිංසාසඞ‍්කප‍්පො. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසඞ‍්කප‍්පො.
මහණෙනි, සම්‍යක් සංකල්පය කවර යැ? නෛෂ්කාම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ සම්‍යක් සංකල්පයැ යි කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ, සම‍්මාවාචා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම‍්ඵප‍්පලාපා වෙරමණී. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාවාචා.
මහණෙනි, සම්‍යග්වචනය කවර යැ? මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් බසින් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, හිස් තෙප්ලෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යග්වචනයැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සම‍්මාකම‍්මන‍්තො? පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, කාමෙසුමිච‍්ඡාචාරා වෙරමණී. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාකම‍්මන‍්තො.
මහණෙනි, සම්‍යක් කර්‍මාන්තය කවර යැ? පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම යන මොහු යැ. මහණෙනි, මේ සම්‍යක් කර්‍මාන්ත යැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සම‍්මාආජීවො? ඉධ භික‍්ඛවෙ, අරියසාවකො මිච‍්ඡාආජීවං පහාය සම‍්මාආජීවෙන ජීවිතං කප‍්පෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාආජීවො.
මහණෙනි, සම්‍යක්ආජීවය කවර ය? මහණෙනි, මෙහි අරී සවු තෙම මිථ්‍යා ආජීවය හැරැ, සම්‍යක් ආජීවයෙන් දිවි පවත්වයි. මහණෙනි, මෙය සම්‍යගාජීව නමැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සම‍්මාවායාමො? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති, චිත‍්තං පග‍්ගණ‍්හාති, පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති, වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාවායාමො.
මහණෙනි, සම්‍යග්ව්‍යායාමය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම නො උපන් ලාමක අකුසල් දහමුන්ගේ නොඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහමුන් දුරැලීම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් (වීර්‍ය්‍ය) කෙරෙයි. නො උපන් කුසල් දහමුන්ගේ ඉපැද්ම පිණිස රිසිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නො නැස්ම පිණිස, බොහෝ වනු පිණිස, මහත් බව පිණිස, භාවනායෙන් පිරිපුන් වනු පිණිස රිසිය දනවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසොවයි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මෙය සම්‍යග් ව්‍යායාමයැ යි කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ, සම‍්මාසති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසති.
මහණෙනි, සම්‍යක් ස්මෘතිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ, කාය සංඛ්‍යාත ලොව කෙරෙහි අභිධ්‍යාව ද (කාමච්ඡන්‍දය ද), දොම්නස ද (ව්‍යාපාදය ද සෙසු නීවරණ ද) සන්හිඳුවා කරජ කයෙහි කායානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද, දොම්නස ද සන්හිඳුවා, වේදනාවන්හි වේදනානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා දැනුම් ඇත්තේ, සිහි ඇත්තේ චිත්ත සංඛ්‍යාත ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද සන්හිඳුවා සිතෙහි චිත්තානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති වැ, මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ (නීවරණාදි) ධර්‍ම නමැති ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නසද සන්හිඳුවා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සනාව වඩන සුලු වැ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් ස්මෘතියැ යි කියනු ලැබේ.
කතමො ච භික‍්ඛවෙ, සම‍්මාසමාධි? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාසමාධි.
මහණෙනි, සම්‍යක් සමාධිය කවර යැ? මහණෙනි, මෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුසල් දහමුන්ගෙන් වෙන වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුවය ඇති පළමු දහන ලැබ වෙසෙයි, විතර්‍ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් සිය සතන්හි මනා පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ, විචාර රහිත වූ, චිත්ත සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුවය හා ඇති දෙවෙනි දහන ලැබ වෙසෙයි, ප්‍රීතිය ද පහවීමෙන් උපේක්‍ෂාව ඇත්තේ ද වෙසෙයි, සිහි ද ඇත්තේ මනා නුවණ ඇත්තේ සුවය ද නාම කයින් විඳී. ‘උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුව වුසුම් ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ යමක් අරැබැ කියත් ද ඒ තෙවෙනි දහන ලැබ වෙසෙයි. සුඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සන්හිඳීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු ව ඇති සතර වැනි ධ්‍යානය ලැබ වෙසෙයි. මහණෙනි, මෙය සම්‍යක් සමාධියැ යි කියනු ලැබේ.
ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං.
මහණෙනි, මේ අරී අටැඟි මඟ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයැ යි කියනු ලැබේ.
29. ඉති අජ‍්ඣත‍්තං වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, බහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, අජ‍්ඣත‍්තබහිද‍්ධා වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, වයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති, සමුදයවයධම‍්මානුපස‍්සී වා ධම‍්මෙසු විහරති.
29. මෙසේ සිය සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි, මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි හෝ ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. විටෙක සිය සතන්හි වූ ධර්‍මයන්හි ද විටෙක මෙරමා සතන්හි වූ ධර්‍මයන්හි ද ධම්මානුපස්සනා වඩන සුලු වූයේ වෙසෙයි. ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කාරණ දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන් හි ධම්මානුපස්සී වැ වෙසෙයි, ඒ ධර්‍මයන්හි වැනැස්මට කරුණු දක්නා සුලු වූයේ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි, විටෙක ඒ ධර්‍මයන්ගේ ඉපැද්මට කරුණු ද විටෙක ඔවුන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුලු වූයේ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
අත්‍ථි ධම‍්මා’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති.
දුඃඛාදි ධර්‍මයෝ ම ඇතැ යි (සතෙක් පුඟුලෙක් නැතැ යි) හෝ ඔහුට සිහි එළඹැ සිටියේ වෙයි. ඒ මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම සිහිය වැඩෙනු පිණිස ම වෙයි. මෙසේ වූ හේ තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකින් තොර වැ ද වෙසෙයි, ලොවැ කිසිවකුත් තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ගනී.
එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති චතුසු අරියසච‍්චෙසු.
මහණෙනි, මෙසේ ම මහණ තෙම සතර ආර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වෙසෙයි.
30. යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය සත‍්තවස‍්සානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
30. මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨාන යන් සත් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ කෙලෙසුන් හෝ, ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු (අපේක්‍ෂා කළ යුතු).
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ සත‍්තවස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස‍්සානි තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, හවුරුදු සතෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මෙ පරිද්දෙන් මේ සතර සතිපට්ඨානයන් සාවුරුද්දක් වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ ඡ වස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය පඤ‍්ච වස‍්සානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, හවුරුදු සයෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් හවුරුද්දක් මෙසේ වඩන්නේ නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති විය යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ පඤ‍්ච වස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය චත‍්තාරි වස‍්සානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, පස් වසෙක් සිටීවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සිවු වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ චත‍්තාරි වස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය තීණි වස‍්සානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, සිවු වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් තුන් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ තීණි වස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය ද‍්වෙ වස‍්සානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, තුන් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් දෙ වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ ද‍්වෙ වස‍්සානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය එකං වස‍්සං, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, දෙ වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් එක් වසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
31. තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ එකං වස‍්සං, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය සත‍්ත මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
31. මහණෙනි, එක් වසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් සත් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ සත‍්ත මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, සත් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් ස මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ ඡ මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය පඤ‍්ච මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, ස මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙ පරිද්දෙන් පස් මසක් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ පඤ‍්ච මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය චත‍්තාරි මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, පස් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සිවු මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත්බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ චත‍්තාරි මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය තීණි මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, සිවු මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ තීණි මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය ද‍්වෙ මාසානි, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, තුන් මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් දෙ මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ ද‍්වෙ මාසානි, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය එකං මාසං, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, දෙ මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨතු භික‍්ඛවෙ මාසො, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය අඩ‍්ඪමාසං, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
මහණෙනි, මසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අඩමසක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
තිට‍්ඨන‍්තු භික‍්ඛවෙ අඩ‍්ඪමාසො, යො හි කොචි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය සත‍්තාහං, තස‍්ස ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං, දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති
මහණෙනි, අඩමසෙක් සිටී වා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතියක් මෙ පරිද්දෙන් වඩන්නේ වී නම්, ඔහු විසින් මෙ අත් බව්හි ම රහත් බව හෝ, කෙලෙසුන් ඉතිරි වැ ඇති කල්හි අනැගැමි බව හෝ, මෙසේ මේ ඵල දෙක අතුරෙන් එකෙක් කැමති වියැ යුතු.
32. එකායනො අයං භික‍්ඛවෙ, මග‍්ගො සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා’ති. ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.
32. මහණෙනි, සතර සතිපට්ඨාන නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝ වලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරු වනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද, එක් මැ මඟ වේ යැ යි මෙසේ යම් වචනයෙක් කියන ලද ද, මෙය මේ යට කී දහම සඳහා කියන ලද්දේ ය.”
ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.
භගවත් බුදුරජුහු මෙය වදාළාහ. සතුටු සිතැති ඒ භික්‍ෂූහු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්හ.
මහාසතිපට‍්ඨානසුත‍්තං නිට‍්ඨිතං නවමං.
නව වන මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේ යැ.