යෙදුමෙන් කියවන්න

9. මහාසතිපට‍්ඨානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. මහාසතිපට‍්ඨානසුත‍්තවණ‍්ණනා

9. මහාසතිපට්ඨාන සූත්‍ර වර්ණනාව

උද‍්දෙසවාරකථාවණ‍්ණනා

එවං මෙ සුතන‍්ති මහාසතිපට‍්ඨානසුත‍්තං. තත්‍රායමපුබ‍්බපදවණ‍්ණනා – එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගොති කස‍්මා භගවා ඉදං සුත‍්තමභාසි? කුරුරට‍්ඨවාසීනං ගම‍්භීරදෙසනාපටිග‍්ගහණසමත්‍ථතාය. කුරුරට‍්ඨවාසිනො කිර භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායො උතුපච‍්චයාදිසම‍්පන‍්නත‍්තා තස‍්ස රට‍්ඨස‍්ස සප‍්පායඋතුපච‍්චයසෙවනෙන නිච‍්චං කල‍්ලසරීරා කල‍්ලචිත‍්තා ච හොන‍්ති. තෙ චිත‍්තසරීරකල‍්ලතාය අනුග‍්ගහිතපඤ‍්ඤාබලා ගම‍්භීරකථං පටිග‍්ගහෙතුං සමත්‍ථා හොන‍්ති. තෙන නෙසං භගවා ඉමං ගම‍්භීරදෙසනාපටිග‍්ගහණසමත්‍ථතං සම‍්පස‍්සන‍්තො එකවීසතියා ඨානෙසු කම‍්මට‍්ඨානං අරහත‍්තෙ පක‍්ඛිපිත්‍වා ඉදං ගම‍්භීරත්‍ථං මහාසතිපට‍්ඨානසුත‍්තං අභාසි.

මහා සතිපට්ඨාන සුත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි අපූර්ව පද වර්ණනාව මෙසේය. එකායනො අයං භික්ඛවෙ මග්ගො - භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා මේ සූත්‍රය වදාළසේක්ද? කුරුරට වාසීන්ගේ ගැඹුරු දහම් පිළිගැනීමේ සමත්කම නිසාය. කුරුරට වාසීහු වනාහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඍතු ප්‍රත්‍ය සම්පන්න බැවින් ඒ රටෙහි සත්ප්‍රාය වූ සෘතු ප්‍රත්‍ය වශයෙන් නිතර මහා ශරීර ද මනා සිත් ද වේ. ඔහු සිත හා ශරිර යහපත් බැවින් අනුග්‍රහිත ප්‍රඥා බලයෙන් ගැඹුරු කථා පිළිගැනීමට සමත් වෙති. ඔවුන්ගේ මේ ගැඹුරු දේශනා පිළිගැනීමේ සමත්කම බලන්නාවූ භාග්‍යවතුන් වහන්සේ එක්විසි තැනක කමටහන් රහත් බවෙහි බහා මේ ගැඹුරු අරුත් ඇති මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව වදාළහ.

යථා හි පුරිසො සුවණ‍්ණචඞ‍්කොටකං ලභිත්‍වා තත්‍ථ නානාපුප‍්ඵානි පක‍්ඛිපෙය්‍ය, සුවණ‍්ණමඤ‍්ජූසං වා පන ලභිත්‍වා සත‍්තරතනානි පක‍්ඛිපෙය්‍ය, එවං භගවා කුරුරට‍්ඨවාසිපරිසං ලභිත්‍වා ගම‍්භීරදෙසනං දෙසෙසි. තෙනෙවෙත්‍ථ අඤ‍්ඤානිපි ගම‍්භීරත්‍ථානි ඉමස‍්මිං දීඝනිකායෙ මහානිදානං මජ‍්ඣිමනිකායෙ සතිපට‍්ඨානං, සාරොපමං, රුක‍්ඛොපමං, රට‍්ඨපාලං, මාගණ‍්ඩියං, ආනෙඤ‍්ජසප‍්පායන‍්ති අඤ‍්ඤානිපි සුත‍්තානි දෙසෙසි.

පුරුෂයෙක් යම්සේ රන් කරඬුවක් ලැබ එහි නොයෙක් මල් බහා තබන්නේය, රන් පෙට්ටියක් හෝ ලැබ සත්රුවන් බහා තබන්නේය. එසේම භාග්‍යවතුන් වහන්සේ කුරුරටවාසී පිරිස ලැබ ගැඹුරු දහම් දේශනා කරති. එහෙයින් ම මෙහි අනිකුදු ගැඹුරු අරුත් ඇත. මෙම දීඝනිකායෙහි මහානිදාන සූත්‍රය, මජ්ඣිම නිකායෙහි - සතිපට්ඨාන, සාරොපම, රුක්ඛූපම, රට්ඨපාල, මාගන්ධිය, ආනෙඤ්ජ සප්පාය යන අනිත් සූත්‍ර දේශනා කළහ.

අපිච තස‍්මිං ජනපදෙ චතස‍්සො පරිසා පකතියාව සතිපට‍්ඨානභාවනානුයොගමනුයුත‍්තා විහරන‍්ති, අන‍්තමසො දාසකම‍්මකරපරිජානාපි සතිපට‍්ඨානපටිසංයුත‍්තමෙව කථං කථෙන‍්ති. උදකතිත්‍ථසුත‍්තකන‍්තනට‍්ඨානාදීසුපි නිරත්‍ථකකථා නාම නප‍්පවත‍්තති. සචෙ කාචි ඉත්‍ථී “අම‍්ම, ත්‍වං කතරං සතිපට‍්ඨානභාවනං මනසිකරොසී”ති පුච‍්ඡිතා “න කිඤ‍්චී”ති වදති, තං ගරහන‍්ති “ධිරත්‍ථු තව ජීවිතං, ජීවමානාපි ත්‍වං මතසදිසා”ති. අථ නං “මා දානි පුන එවමකාසී”ති ඔවදිත්‍වා අඤ‍්ඤතරං සතිපට‍්ඨානං උග‍්ගණ‍්හාපෙන‍්ති. යා පන “අහං අසුකසතිපට‍්ඨානං නාම මනසිකරොමී”ති වදති, තස‍්සා “සාධු සාධූ”ති සාධුකාරං කත්‍වා “තව ජීවිතං සුජීවිතං, ත්‍වං නාම මනුස‍්සත‍්තං පත‍්තා, තවත්‍ථාය සම‍්මාසම‍්බුද‍්ධො උප‍්පන‍්නො”තිආදීහි පසංසන‍්ති. න කෙවලඤ‍්චෙත්‍ථ මනුස‍්සජාතිකාව සතිපට‍්ඨානමනසිකාරයුත‍්තා, තෙ නිස‍්සාය විහරන‍්තා තිරච‍්ඡානගතාපි.

තවද ඒ ජනපදයෙහි සිව් පිරිස් ස්වභාවයෙන්ම සතිපට්ඨාන සූත්‍ර භාවනාවේ යෙදී වාසය කරති. යටත් පිරිසෙයින් දැස් කම්කරු සේවකයෝ ද සතිපට්ඨාන සංයුක්ත කථාම කරති. දිය තොටෙහි නූල් කටින ස්ථානවල ද නිරර්ථක කථා නොපවත්වති. ඉඳින් කිසිවෙක් ස්ත්‍රියකට අම්මේ, ඔබ අද කවර සතිපට්ඨාන භාවනාවක් සිහි කෙරෙහි දැයි ඇසූවිට කිසිවක් නැතැයි කියයි. ඇයට ගරහන්නී සිට නින්දා වේවා. තී ජීවත්වුනත් මළ එකියක වගේය. ඉක්බිති ඇයට නැවත මෙසේ නොකරන්නැයි අවවාද දී එක්තරා සතිපට්ඨානයක් උගන්වයි. ඕ වනාහි මම අසවල් සතිපට්ඨානය සිහිකරමි යි කියයි ද ඇයට සාධු යයි සාධුකාර දී ඔබේ ජීවිතය යහපත්ය. ඔබ නම් මිනිසත් බවට පැමිණියහ. ඔබ සඳහා සම්බුදුහු උපන්හ. ආදියෙන් ප්‍රශංසා කරති. හුදෙක් මිනිසුන් පමණක් සතිපට්ඨාන මෙනෙහි කිරීමෙන් යුක්ත වූවෝ නොවෙති. ඔවුන් ඇසුරුකර වසන තිරිසන්නු ද එසේ කරති.

තත්‍රිදං වත්‍ථු – එකො කිර නටකො සුවපොතකං ගහෙත්‍වා සික‍්ඛාපෙන‍්තො විචරති. සො භික‍්ඛුනුපස‍්සයං උපනිස‍්සාය වසිත්‍වා ගමනකාලෙ සුවපොතකං පමුස‍්සිත්‍වා ගතො. තං සාමණෙරියො ගහෙත්‍වා පටිජග‍්ගිංසු. බුද‍්ධරක‍්ඛිතො තිස‍්ස නාමං අකංසු. තං එකදිවසං පුරතො නිසින‍්නං දිස‍්වා මහාථෙරී ආහ – “බුද‍්ධරක‍්ඛිතා”ති. කිං, අය්‍යෙති? අත්‍ථි තෙ කොචි භාවනාමනසිකාරොති? නත්‍ථි, අය්‍යෙති. ආවුසො, පබ‍්බජිතානං සන‍්තිකෙ වසන‍්තෙන නාම විස‍්සට‍්ඨඅත‍්තභාවෙන භවිතුං න වට‍්ටති, කොචිදෙව මනසිකාරො ඉච‍්ඡිතබ‍්බො, ත්‍වං පන අඤ‍්ඤං න සක‍්ඛිස‍්සසි, “අට‍්ඨි අට‍්ඨී”ති සජ‍්ඣායං කරොහීති. සො ථෙරියා ඔවාදෙ ඨත්‍වා “අට‍්ඨි අට‍්ඨී”ති සජ‍්ඣායන‍්තො චරති.

එහි මේ වස්තූව වේ. එක්තරා නාට්‍ය කණ්ඩායමක් ගිරා පැටියෙකු ගෙන හික්මවන්නේ හැසිරෙති. ඔව්හු භික්ෂුණි උපස්සයක් ඇසුරු කොට වාසය කර යනවිට ගිරා පැටියා අමතක කර ගියහ. ඌ සාමනේරියෝ ගෙන පෝෂණය කළහ. බුද්ධරක්ඛිත යයි ඌට නමක් තැබීය. එක් දිනක් ඌ ඉදිරියෙහි සිටිනවා දැක මහ තෙරණියෝ මෙසේ කීය. බුද්ධරක්ඛිත ආර්යයෙනි කුමක්ද, ඔබ කිසියම් භාවනාවක් මෙනෙහි කරනවාද? ආර්යෙනි, නැත. ඇවැත්නි, පැවිද්දන් ලඟ වෙසෙන්නන් විසිරුණු ආත්මභාවයෙන් වීම නොවටිනේය. කිසි මෙනෙහි කිරීමක් කැමති විය යුතුය. ඔබට වෙන මොකවත් නො හැකිනම් අට්ඨි අට්ඨි යයි සජ්ඣායනා කරන්න. හේ තෙරණියගේ අවවාදයෙහි සිට අට්ඨි අට්ඨි යයි සජ්ඣායනා කරන්නේ හැසිරෙයි.

තං එකදිවසං පාතොව තොරණග‍්ගෙ නිසීදිත්‍වා බාලාතපං තපමානං එකො සකුණො නඛපඤ‍්ජරෙන අග‍්ගහෙසි. සො “කිරි කිරී”ති සද‍්දමකාසි. සාමණෙරියො සුත්‍වා “අය්‍යෙ බුද‍්ධරක‍්ඛිතො සකුණෙන ගහිතො, මොචෙම න”න‍්ති ලෙඩ‍්ඩුආදීනි ගහෙත්‍වා අනුබන්‍ධිත්‍වා මොචෙසුං. තං ආනෙත්‍වා පුරතො ඨපිතං ථෙරී ආහ – “බුද‍්ධරක‍්ඛිත, සකුණෙන ගහිතකාලෙ කිං චින‍්තෙසී”ති? න, අය්‍යෙ, අඤ‍්ඤං කිඤ‍්චි චින‍්තෙසිං, අට‍්ඨිපුඤ‍්ජොව අට‍්ඨිපුඤ‍්ජං ගහෙත්‍වා ගච‍්ඡති, කතරස‍්මිං ඨානෙ විප‍්පකිරිස‍්සතීති, එවං අය්‍යෙ අට‍්ඨිපුඤ‍්ජමෙව චින‍්තෙසින‍්ති. සාධු, සාධු, බුද‍්ධරක‍්ඛිත, අනාගතෙ භවක‍්ඛයස‍්ස තෙ පච‍්චයො භවිස‍්සතීති. එවං තත්‍ථ තිරච‍්ඡානගතාපි සතිපට‍්ඨානමනසිකාරයුත‍්තා. තස‍්මා නෙසං භගවා සතිපට‍්ඨානබුද‍්ධිමෙව ජනෙන‍්තො ඉදං සුත‍්තමභාසි.

හේ එක් දිනක් උදේම තොරණ අග හිඳ තරුණ හිරු රැස් විඳින්නේ එක් පක්ෂියෙක් නිය පඳුරෙන් ගත්තේය. හේ කී හැටි ශබ්ද කෙළේය. සාමණේරියො අසා, ආර්යයෙනි බුද්ධරක්ඛිත පක්ෂියකු විසින් ගන්නා ලද්දේය. ඔහු මුදවමු. ගල්කැට දඬු ආදිය ගෙන ලුහු බඳින්නේ මිදවූහ. ඌ ගෙනවුත් ඉදිරියේ තබන ලද්දේ තෙරණිය කීවාය. බුද්ධරක්ඛිත පක්ෂියා විසින් අල්ලාගත් කාලයෙහි කුමක් සිතුවෙහි ද? ආර්යෙනි, වෙන දෙයක් සිතුවේ නැහැ. ඇට සමුහයක් ඇට සමූහයක් විසින් ගෙන යනු ලබනවා යයි සිතුවෙමි. සාධූ සාධූ බුද්ධරක්ඛිත. අනාගත භව ක්ෂය සඳහා ප්‍රත්‍ය වන්නේය. මෙසේ එහි තිරිසන්ගතව ද සතිපට්ඨාන මෙනෙහි කිරීමෙන් යුක්තය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානයෙහි බුද්ධියම පහළ කරන්නේ මේ සූත්‍රය වදාළහ.

තත්‍ථ එකායනොති එකමග‍්ගො. මග‍්ගස‍්ස හි –

එහි එක් මාර්ගය. එකායනො - මාර්ගයෙනි.

“මග‍්ගො පන්‍ථො පථො පජ‍්ජො, අඤ‍්ජසං වටුමායනං; නාවා උත‍්තරසෙතූ ච, කුල‍්ලො ච භිසිසඞ‍්කමො”ති.

මග පන්ථ පථ පදී - අංජස වටුම අයනය නැව උතුරු හේ සහ - පහුරු පඩව් යන්නෙ එහි

බහූනි නාමානි. ස‍්වායමිධ අයනනාමෙන වුත‍්තො, තස‍්මා එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගොති එත්‍ථ එකමග‍්ගො අයං, භික‍්ඛවෙ, මග‍්ගො න ද‍්විධා පථභූතොති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. අථ වා එකෙන අයිතබ‍්බොති එකායනො. එකෙනාති ගණසඞ‍්ගණිකං පහාය වූපකට‍්ඨෙන පවිවිත‍්තචිත‍්තෙන. අයිතබ‍්බො පටිපජ‍්ජිතබ‍්බො, අයන‍්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ‍්බානං ගච‍්ඡන‍්තීති අත්‍ථො. එකස‍්ස අයනො එකායනො. එකස‍්සාති සෙට‍්ඨස‍්ස. සබ‍්බසත‍්තසෙට‍්ඨො ච භගවා, තස‍්මා භගවතොති වුත‍්තං හොති. කිඤ‍්චාපි හි තෙන අඤ‍්ඤෙපි අයන‍්ති, එවං සන‍්තෙපි භගවතොව සො අයනො තෙන උප‍්පාදිතත‍්තා. යථාහ “සො හි, බ්‍රාහ‍්මණ, භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා”තිආදි (ම· නි· 3.79). අයතීති වා අයනො, ගච‍්ඡති පවත‍්තතීති අත්‍ථො. එකස‍්මිං අයනොති එකායනො, ඉමස‍්මිඤ‍්ඤෙව ධම‍්මවිනයෙ පවත‍්තති, න අඤ‍්ඤත්‍ථාති වුත‍්තං හොති. යථාහ – “ඉමස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භතී”ති (දී· නි· 2.214). දෙසනාභෙදොයෙව හෙසො, අත්‍ථතො පන එකොව. අපිච එකං අයතීති එකායනො. පුබ‍්බභාගෙ නානාමුඛභාවනානයප‍්පවත‍්තොපි අපරභාගෙ එකං නිබ‍්බානමෙව ගච‍්ඡතීති වුත‍්තං හොති. යථාහ බ්‍රහ‍්මා සහම‍්පති –

මෙහි බොහෝ නම් ඇත. මෙහි අයන නමින් කියන ලදී. එහෙයින් “එකායනො භික්ඛවෙ මගගෝ” මෙහි මහණෙනි මේ එකම මග මාර්ගයයි. මාර්ග දෙකක් නොවේ යයි මෙසේ අර්ථය දත යුතුය. නැතහොත් පිළිපැදිය යුතු එකායනො - එකකින්. සමූහයාගෙන් වෙන්ව හුදකලාව විවේකයෙන් පිළිපැදිය යුතු, අයංවා එතෙනානි - අයනො - මාර්ගය, සසරින් නිවනට යයි යන අර්ථයයි. එකස්ස අයනො - එකායනො, එකස්ස යනු ශ්‍රේෂ්ඨයාගේ - සියළු සත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ එහෙයින් භගවතො යයි කියන ලද්දේ වේ. කිම අනිත් ඒවාත් අයන වේද? මෙසේ ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේම ඒ අයනය උපදවන ලබ බැවින් කීය: “සො හි බ්‍රහ්මණ භගවා අනුප්පත්තස්ස මග්ගස්ස උප්පාදෙතා” බමුණ භාග්‍යවතුන් වහන්සේ නූපන් මග ඉපද වූ සේක ආදිය වේ. අයතීති - අයනො, යයි පවත්වයි යන අර්ථ වේ. එකස්මිං අයනො එකායනො, එකෙක්හි ම අයනය. ධර්ම විනයෙහි මෙයම පවත්වයි. වෙනත් තැනක නොකියන ලද්දේ වේ. යම් සේ කීය: සුභද්‍ර, මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලැබේ. දේශනා භේදයෙන් මිස අර්ථයෙන් වනාහි එකමය. තව ද එකං අයතීති - එකායනො. පූර්ව භාගයෙහි විවිධ භාවනාවන් පැවැත් වූයේ ද අපරභාගයෙහි එකම නිවනට යයි. කියන ලද්දේ වේ. යම්සේ කීය. සහම්පති බ්‍රහ්මයා විසින්:

එකායනං ජාතිඛයන‍්තදස‍්සී, මග‍්ගං පජානාති හිතානුකම‍්පී. එතෙන මග‍්ගෙන තරිංසු පුබ‍්බෙ, තරිස‍්සන‍්ති යෙ ච තරන‍්ති ඔඝන‍්ති. (සං· නි· 5.409).

දැක අයන දෑ වැය - දනී මග හිත කුළුණෙන් තැරූ පෙර මෙ මගින් - තරති ඕග මතු කරති

කෙචි පන “න පාරං දිගුණං යන‍්තී”ති ගාථානයෙන යස‍්මා එකවාරං නිබ‍්බානං ගච‍්ඡති, තස‍්මා “එකායනො”ති වදන‍්ති, තං න යුජ‍්ජති. ඉමස‍්ස හි අත්‍ථස‍්ස සකිං අයනොති ඉමිනා බ්‍යඤ‍්ජනෙන භවිතබ‍්බං. යදි පන එකං අයනමස‍්ස එකා ගති පවත‍්තීති එවං අත්‍ථං යොජෙත්‍වා වුච‍්චෙය්‍ය, බ්‍යඤ‍්ජනං යුජ‍්ජෙය්‍ය, අත්‍ථො පන උභයථාපි න යුජ‍්ජති. කස‍්මා? ඉධ පුබ‍්බභාගමග‍්ගස‍්ස අධිප‍්පෙතත‍්තා. කායාදිචතුආරම‍්මණප‍්පවත‍්තො හි පුබ‍්බභාගසතිපට‍්ඨානමග‍්ගො ඉධාධිප‍්පෙතො, න ලොකුත‍්තරො, සො ච අනෙකවාරම‍්පි අයති, අනෙකඤ‍්චස‍්ස අයනං හොති.

කිසිවෙක් පරතෙරට නොයති. ගාථා නයින් යම්සේ එක් වරක් නිවන් යයි. එහෙයින් ඒකායන යයි කියති. එය නොයෙදේ. මේ අර්ථයේ වරක් අයන යයි ව්‍යඤ්ජනය විය යුතුය. ඉඳින් එක් අයනයක් නම් එක ගති පවතී. මෙසේ අරුත් යොදා කියන්නේ නම් ව්‍යඤ්ජනය යෙදෙන්නේය. අර්ථය දෙවිධියෙන් ම නොයෙදේ. කුමක් හෙයින්ද මාර්ගයේ පූර්වභාගය අභිප්‍රේත බැවින්, කායාදි සතර අරමුණු පවතින සතිපට්ඨාන මාර්ගයේ පූර්වභාගය මෙහි අපේක්ෂා කෙරේ. ලෝකෝත්තරය නොවේ. අනේක වාරයක් මාර්ගය වේ. මෙහි අනේක මාර්ග වේ.

පුබ‍්බෙපි ච ඉමස‍්මිං පදෙ මහාථෙරානං සාකච‍්ඡා අහොසියෙව. තිපිටකචූළනාගත්‍ථෙරො පුබ‍්බභාගසතිපට‍්ඨානමග‍්ගොති ආහ. ආචරියො පනස‍්ස තිපිටකචූළසුමත්‍ථෙරො මිස‍්සකමග‍්ගොති ආහ. පුබ‍්බභාගො භන‍්තෙති? මිස‍්සකො, ආවුසොති. ආචරියෙ පන පුනප‍්පුනං භණන‍්තෙ අප‍්පටිබාහිත්‍වා තුණ‍්හී අහොසි. පඤ‍්හං අවිනිච‍්ඡිනිත්‍වාව උට‍්ඨහිංසු. අථාචරියත්‍ථෙරො නහානකොට‍්ඨකං ගච‍්ඡන‍්තො “මයා මිස‍්සකමග‍්ගො කථිතො, චූළනාගො පුබ‍්බභාගමග‍්ගොති ආදාය වොහරති, කො නු ඛො එත්‍ථ නිච‍්ඡයො”ති සුත‍්තන‍්තං ආදිතො පට‍්ඨාය පරිවත‍්තෙන‍්තො “යො හි කොචි, භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙය්‍ය සත‍්ත වස‍්සානී”ති ඉමස‍්මිං ඨානෙ සල‍්ලක‍්ඛෙසි. ලොකුත‍්තරමග‍්ගො උප‍්පජ‍්ජිත්‍වා සත‍්ත වස‍්සානි තිට‍්ඨමානො නාම නත්‍ථි, මයා වුත‍්තො මිස‍්සකමග‍්ගො න ලබ‍්භති. චූළනාගෙන දිට‍්ඨො පුබ‍්බභාගමග‍්ගොව ලබ‍්භතීති ඤත්‍වා අට‍්ඨමියං ධම‍්මසවනෙ සඞ‍්ඝුට‍්ඨෙ අගමාසි.

පෙර ද මේ පදයෙහි මහතෙරවරුන්ගේ සාකච්ඡාවක් ඇති වූයේමය. ත්‍රිපිටක චූලනාග ස්ථවිරයන් වහන්සේ පූර්වභාග සතිපට්ඨාන මාර්ග යයි කීහ. ආචරිය ත්‍රිපිටක චුල්ල සුම්ම ස්ථවිරයන් වහන්සේ මිශ්‍රක මාර්ගයයි කීහ. ස්වාමින් වහන්ස පූර්වභාගයද? ඇවැත්නි මිශ්‍රකය. ආචාර්යන් වහන්සේ නැවත නැවත කියන කල්හි වලක්වා නිශ්ශබ්ද විය. ප්‍රශ්නය විනිශ්චය නොකොට ම නැගී සිටියහ. ඉක්බිති ආචරිය තෙරුන් නාන කොටුවට යන්නේ මා විසින් මිශ්‍රක මාර්ගය කියන ලදී. චුල්ලනාග පූර්වභාග පූර්වභාග මුලපිටපත් පෙරළෙන්නේ “යො කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරෝ සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත වස්සානි” යන මේ ස්ථානයෙහි සැලකීය. ලෝකෝත්තර මාර්ගය ඉපිද සත් වසක් සිටින්නේ නම් නැත. ම විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නො ලැබේ. චුල්ලනාග විසින් දකින ලද පූර්වභාග මාර්ගයම ලබා යයි දැන අටවක්දින ධර්මශ්‍රවණය සඳහා ඝෝෂණය කළ විට එළඹියේය.

පොරාණකත්‍ථෙරා කිර පියධම‍්මසවනා හොන‍්ති, සද‍්දං සුත්‍වාව “අහං පඨමං, අහං පඨම”න‍්ති එකප‍්පහාරෙනෙව ඔසරන‍්ති. තස‍්මිඤ‍්ච දිවසෙ චූළනාගත්‍ථෙරස‍්ස වාරො, තෙන ධම‍්මාසනෙ නිසීදිත්‍වා බීජනිං ගහෙත්‍වා පුබ‍්බගාථාසු වුත‍්තාසු ථෙරස‍්ස ආසනපිට‍්ඨියං ඨිතස‍්ස එතදහොසි – “රහො නිසීදිත්‍වා න වක‍්ඛාමී”ති. පොරාණකත්‍ථෙරා හි අනුසූයකා හොන‍්ති. න අත‍්තනො රුචිමෙව උච‍්ඡුභාරං විය එවං උක‍්ඛිපිත්‍වා විචරන‍්ති, කාරණමෙව ගණ‍්හන‍්ති, අකාරණං විස‍්සජ‍්ජෙන‍්ති. තස‍්මා ථෙරො “ආවුසො, චූළනාගා”ති ආහ. සො ආචරියස‍්ස විය සද‍්දොති ධම‍්මං ඨපෙත්‍වා “කිං භන‍්තෙ”ති ආහ. ආවුසො, චූළනාග, මයා වුත‍්තො මිස‍්සකමග‍්ගො න ලබ‍්භති, තයා වුත‍්තො පුබ‍්බභාගසතිපට‍්ඨානමග‍්ගොව ලබ‍්භතීති. ථෙරො චින‍්තෙසි – “අම‍්හාකං ආචරියො සබ‍්බපරියත‍්තිකො තෙපිටකො සුතබුද‍්ධො, එවරූපස‍්සාපි නාම භික‍්ඛුනො අයං පඤ‍්හො ආලුළෙති, අනාගතෙ මම භාතිකා ඉමං පඤ‍්හං ආලුළෙස‍්සන‍්තීති සුත‍්තං ගහෙත්‍වා ඉමං පඤ‍්හං නිච‍්චලං කරිස‍්සාමී”ති පටිසම‍්භිදාමග‍්ගතො “එකායනමග‍්ගො වුච‍්චති පුබ‍්බභාගසතිපට‍්ඨානමග‍්ගො”.

පුරාණ තෙරවරු ධර්මශ්‍රවණය ප්‍රිය වෙති. ශබ්දය අසාම මම පළමුව මම පළමුව යයි එකවිටම රැස්වෙති. ඒ දිනයෙහි චුල්ලනාග තෙරුන්ගේ වාරයයි. ධර්මාසනයෙහි විජිනිපත ගෙන පුර්ව ගාථා කී කල්හි තෙරුන් වහන්සේගේ ආසනය පිටිපස සිටියහුට මෙසේ සිත් විය. රහසිගතව සිට කියන්නෙමි. පොරාණ තෙරවරු අසන්නෝ වෙති. තමාට රුචි උක්භරක් මෙන් ඔසවා නොහැසිරෙති. කරුණුම ගනිති. නො කරුණු අත් හරිති. එහෙයින් තෙරුන් වහන්සේ, ඇවැත්නි චුල්ලනාග යයි කීය. හේ ආචාර්යන් වහන්සේගේ ශබ්දය වගේ යයි ධර්මය නවත්වා ස්වාමීනි කිමදැයි ඇසීය. ඇවැත්නි චුල්ලනාග, මා විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නොලැබේ. ඔබ විසින් කියන ලද පූර්වභාග සතිපට්ඨාන මාර්ගය ම ලැබේ යයි. සුළුනා තෙර සිතී. අපගේ ආචාර්යන් වහන්සේ සියළු පරියත්තිකය. ත්‍රිපිටකධරය, සුත බුද්ධය. එබඳු වූ භික්ෂූන් වහන්සේ මේ ප්‍රශ්නය කළඹයි. අනාගතයෙහි මාගේ සහෝදරයන් මේ ප්‍රශ්නය කළඹන්නාහ. සූත්‍රය ගෙන මේ ප්‍රශ්නය නිශ්චල කරන්නෙමි යයි පටිසම්භිදා මාර්ගයෙන් එකායන මාර්ගය කියනු ලැබේ. පූර්වභාග සතිපට්ඨාන මාර්ගය

මග‍්ගානට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො, සච‍්චානං චතුරො පදා. විරාගො සෙට‍්ඨො ධම‍්මානං, ද‍්විපදානඤ‍්ච චක‍්ඛුමා. එසෙව මග‍්ගො නත්‍ථඤ‍්ඤො, දස‍්සනස‍්ස විසුද‍්ධියා. එතඤ‍්හි තුම‍්හෙ පටිපජ‍්ජථ, මාරසෙනප‍්පමද‍්දනං. එතඤ‍්හි තුම‍්හෙ පටිපන‍්නා, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථාති. –

සස් කෙරෙන් සිව්සස් - අටඟමග වෙයි මගිනුත් දහමින් විරාගය - දෙපදයින් සෙට බුදුහිමි මෙයම මග වෙන නැත - දසුනට ද පිරිසිදුවට මරසෙන් පැරදුමට - පිළිපදිනු මෙම මග හැම පිළිපන් ඔබ මෙයට - දුක් කෙළවර කරන්නෙය.

සුත‍්තං ආහරිත්‍වා ඨපෙසි.

සූත්‍රය ගෙනහැර තැබීය.

මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො? නිබ‍්බානගමනට‍්ඨෙන නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගනීයට‍්ඨෙන ච. සත‍්තානං විසුද‍්ධියාති රාගාදීහි මලෙහි අභිජ‍්ඣාවිසමලොභාදීහි ච උපක‍්කිලෙසෙහි කිලිට‍්ඨචිත‍්තානං සත‍්තානං විසුද‍්ධත්‍ථාය. තථා හි ඉමිනාව මග‍්ගෙන ඉතො සතසහස‍්සකප‍්පාධිකානං චතුන‍්නං අසඞ‍්ඛ්‍යෙය්‍යානං උපරි එකස‍්මිංයෙව කප‍්පෙ නිබ‍්බත‍්තෙ තණ‍්හඞ‍්කරමෙධඞ‍්කරසරණඞ‍්කරදීපඞ‍්කරනාමකෙ බුද‍්ධෙ ආදිං කත්‍වා සක්‍යමුනිපරියොසානා අනෙකෙ සම‍්මාසම‍්බුද‍්ධා අනෙකසතා පච‍්චෙකබුද‍්ධා ගණනපථං වීතිවත‍්තා අරියසාවකා චාති ඉමෙ සත‍්තා සබ‍්බෙ චිත‍්තමලං පවාහෙත්‍වා පරමවිසුද‍්ධිං පත‍්තා. රූපමලවසෙන පන සංකිලෙසවොදානපඤ‍්ඤත‍්තියෙව නත්‍ථි. තථා හි –

මග්ගො - කුමන අර්ථයකින් මාර්ගය වේද? නිවන් ගමන අරුතෙන්. නිවන් කැමැත්තවුන් විසින් මාර්ගයට පමුණුවන බැවින් ද සත්තානං විසුද්ධියා - රාගාදි කිලුටෙහි ද අභිධ්‍යා විෂම ලෝභයෙහි ද උපක්ලේශවලින් කිලිටි සිත් ඇති සත්වයින්ගේ පිරිසිදු බව සඳහා, එසේම මේ මාර්ගයෙන් ම මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පයක උපන් තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නම් බුදුවරුන් ආදිකොට සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ අවසන්කොට ඇති අනේක සම්මා සම්බුදුවරු නොයෙක් සිය ගණන් පසේ බුදුවරු සත්වන පථය ඉක්මවන ආර්ය ශ්‍රාවකයෝ ද මේ සියළු සත්වයෝ සිත්වල සියළු කිලිටි සෝදාහැර පරම පවිත්‍රත්වයට පත්වූහ. රූප කිලිටි වශයෙන් වනාහි කිලිටි පිරිසිදු පැනවීම් නැත.

“රූපෙන සංකිලිට‍්ඨෙන, සංකිලිස‍්සන‍්ති මාණවා. රූපෙ සුද‍්ධෙ විසුජ‍්ඣන‍්ති, අනක‍්ඛාතං මහෙසිනා. චිත‍්තෙන සංකිලිට‍්ඨෙන, සංකිලිස‍්සන‍්ති මාණවා. චිත‍්තෙ සුද‍්ධෙ විසුජ‍්ඣන‍්ති, ඉති වුත‍්තං මහෙසිනා”.

රුව කිලිටි වීමෙන් - මිනිසුන් කිලිටි වේ යයි රුව විසුදුයෙන් විසුදු - වන බව් නොකී මුනිතුම සිත කිලිටිවීමෙන් - කිලිටිවෙත් මානවයෝ සිත විසුදයෙන් - විසුදුවන බව් කී මුනි.

යථාහ – “චිත‍්තසංකිලෙසා, භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති, චිත‍්තවොදානා විසුජ‍්ඣන‍්තී”ති. තඤ‍්ච චිත‍්තවොදානං ඉමිනා සතිපට‍්ඨානමග‍්ගෙන හොති. තෙනාහ “සත‍්තානං විසුද‍්ධියා”ති.

යම්සේ කීහ: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්වයෝ කිලිටි වෙති. සිත පිරිසිදු වීමෙන් විසුද්ධ වෙති” ඒ සිතේ පිරිසිදුවීම මේ සතිපට්ඨාන මාර්ගයෙන් වේ. එයින් කීය: සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්වීම සඳහා

සොකපරිදෙවානං සමතික‍්කමායාති සොකස‍්ස ච පරිදෙවස‍්ස ච සමතික‍්කමාය පහානායාති අත්‍ථො, අයඤ‍්හි මග‍්ගො භාවිතො සන‍්තතිමහාමත‍්තාදීනං විය සොකසමතික‍්කමාය, පටාචාරාදීනං විය පරිදෙවසමතික‍්කමාය සංවත‍්තති. තෙනාහ “සොකපරිදෙවානං සමතික‍්කමායා”ති. කිඤ‍්චාපි හි සන‍්තතිමහාමත‍්තො –

සොකපරිද්දවානං සමතික්කමාය - සෝකයන්ගේ ද පරිදේවයන්ගේ ද සමතික්‍රමණය ප්‍රහානය යන අර්ථය සඳහා, මේ මාර්ගය භාවිත කිරීමෙන් සන්තති මහාමාත්‍යාදීන් මෙන් සෝක නැති කිරීම සඳහා ද, පරිදේව නැති කිරීම සඳහා ද පටාචාරාදීන් මෙන් පවතී. එයින් කීහ “සොකපරිද්දවානං සමතික්කමාය” සෝක පරිදේව ඉක්මවීම සඳහා සන්තති මහ ඇමති -

“යං පුබ‍්බෙ තං විසොධෙහි, පච‍්ඡා තෙ මාතු කිඤ‍්චනං; මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසි, උපසන‍්තො චරිස‍්සසී”ති. (සු· නි· 945).

පෙර යම් කෙලෙස් වෙද - පිරිසිදු කරනු මැනවින් මැද නොගන්නෙහි නම් - හැසිරෙහි නිවුනකු ලෙසින්

ඉමං ගාථං සුත්‍වාව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත‍්තො. පටාචාරා –

[missing]

“න සන‍්ති පුත‍්තා තාණාය, න පිතා නාපි බන්‍ධවා; අන‍්තකෙනාධිපන‍්නස‍්ස, නත්‍ථි ඤාතීසු තාණතා”ති. (ධ· ප· 288).

[missing]

ඉමං ගාථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතා. යස‍්මා පන කායවෙදනාචිත‍්තධම‍්මෙසු කඤ‍්චි ධම‍්මං අනාමසිත්‍වා භාවනා නාම නත්‍ථි, තස‍්මා තෙපි ඉමිනාව මග‍්ගෙන සොකපරිදෙවෙ සමතික‍්කන‍්තාති වෙදිතබ‍්බා.

මේ ගීය අසා සෝවාන් පලයෙහි පිහිටියේය. කාය වේදනා චිත්ත ධර්මවල කිසියම් ස්වභාවයක් පරාමර්ශනය නොකොට භාවනා නම් නැත. එහෙයින් ඔබලා ද මේ මාර්ගයෙන් සෝක වැලපීම් ඉක්මවන්නේ යයි ඔබලාද දත යුතුය.

දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමායාති කායිකදුක‍්ඛස‍්ස චෙතසිකදොමනස‍්සස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං අත්‍ථඞ‍්ගමාය, නිරොධායාති අත්‍ථො. අයඤ‍්හි මග‍්ගො භාවිතො තිස‍්සත්‍ථෙරාදීනං විය දුක‍්ඛස‍්ස, සක‍්කාදීනං විය ච දොමනස‍්සස‍්ස අත්‍ථඞ‍්ගමාය සංවත‍්තති.

දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය - කායික දුක් ද මානසික දොම්නස් ද යන මේ දෙකේම නැති කිරීම සඳහා, නිරෝධය සඳහාය යන අර්ථය වේ. මේ මාර්ගය භාවිත කළ තිස්ස තෙරුන් මෙන් දුක්ඛය ද දොම්නසද නැතිකිරීම පිණිස පවතී. එහි අර්ථය දැක්වීම මෙසේය. :

තත්‍රායං අත්‍ථදීපනා – සාවත්‍ථියං කිර තිස‍්සො නාම කුටුම‍්බිකපුත‍්තො චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො පහාය පබ‍්බජිත්‍වා අගාමකෙ අරඤ‍්ඤෙ විහරති. තස‍්ස කනිට‍්ඨභාතු භරියා “ගච‍්ඡථ, නං ජීවිතා වොරොපෙථා”ති පඤ‍්චසතෙ චොරෙ පෙසෙසි. තෙ ගන‍්ත්‍වා ථෙරං පරිවාරෙත්‍වා නිසීදිංසු. ථෙරො ආහ – “කස‍්මා ආගතත්‍ථ උපාසකා”ති? තං ජීවිතා වොරොපෙස‍්සාමාති. පාටිභොගං මෙ උපාසකා, ගහෙත්‍වා අජ‍්ජෙකරත‍්තිං ජීවිතං දෙථාති. කො තෙ, සමණ, ඉමස‍්මිං ඨානෙ පාටිභොගො භවිස‍්සතීති? ථෙරො මහන‍්තං පාසාණං ගහෙත්‍වා ද‍්වෙ ඌරුට‍්ඨීනි භින්‍දිත්‍වා “වට‍්ටති උපාසකා පාටිභොගො”ති ආහ. තෙ අපක‍්කමිත්‍වා චඞ‍්කමනසීසෙ අග‍්ගිං කත්‍වා නිපජ‍්ජිංසු. ථෙරස‍්ස වෙදනං වික‍්ඛම‍්භෙත්‍වා සීලං පච‍්චවෙක‍්ඛතො පරිසුද‍්ධං සීලං නිස‍්සාය පීතිපාමොජ‍්ජං උප‍්පජ‍්ජි. තතො අනුක‍්කමෙන විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො තියාමරත‍්තිං සමණධම‍්මං කත්‍වා අරුණුග‍්ගමනෙ අරහත‍්තං පත‍්තො ඉමං උදානං උදානෙසි –

සැවැත් නුවර තිස්ස නම් කෙළෙඹි පුත්‍රයෙක් හතලිස් කෝටියක් අමුරන් හැර පැවිදිව අගාමක වූ අරණක වාසය කරයි. උන්වහන්සේගේ කනිටු සහෝදරයාගේ බිරිය උන්වහන්සේ මරවනු පිණිස සොරුන් පන්සියයක් යැව්වාය. ඔව්හු ගොස් තෙරුන් වහන්සේ වට කොට සිටියහ. තෙරුන් වහන්සේ කීහ. උපාසකයිනි, කුමක් නිසා පැමිණියහුද? ඔබේ ජීවිතය තොර කිරිමටය. උපාසකයෙනි මාගේ ඇපය ගෙන අද රෑට ජීවිතය දෙන්න. මහණ ඔබට මේ ස්ථානයේ තිබෙන ඇපය කුමක්ද? තෙරුන් වහන්සේ විශාල ගලක් ගෙන කලවා ඇට දෙක බිඳදමා උපාසකවරුනි, ඇපය වටිනවා දැයි ඇසූහ. ඔව්හු ඉවත්ව සක්මනෙහි ගිනි දල්වා නිදාගත්හ. තෙරුන් වහන්සේ තම වේදානව යටපත් කොට සීලය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ පිරිසිදු සීලය නිසා ප්‍රීති ප්‍රමෝදය ඇතිවිය. එයින් පිළිවෙළින් විදර්ශනාව වඩන්නේ තුන් රෑ මුළුල්ලේ මහණදම් පුරා අරුණු නැගෙන විට රහත් බවට පැමිණ මේ උදන් ඇනූහ.

“උභො පාදානි භින්‍දිත්‍වා, සඤ‍්ඤපෙස‍්සාමි වො අහං. අට‍්ටියාමි හරායාමි, සරාගමරණං අහං. එවාහං චින‍්තයිත්‍වාන, යථාභූතං විපස‍්සිසං. සම‍්පත‍්තෙ අරුණුග‍්ගම‍්හි, අරහත‍්තමපාපුණි”න‍්ති.

බිඳදමා පා දෙක - සංයම වීමි සතුටින් රාගයුත් මරණය - පිළිකුල්ය ලජ්ජා වෙමි මේ ලෙසින් සිතමින් - දැක්කෙමි සැබෑ තත්වය අරුණු නැගෙනා කල - පසක් විය අරහත් බව

අපරෙපි තිංස භික‍්ඛූ භගවතො සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤවිහාරෙ වස‍්සං උපගන‍්ත්‍වා “ආවුසො, තියාමරත‍්තිං සමණධම‍්මොව කාතබ‍්බො, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සන‍්තිකං ආගන‍්තබ‍්බ”න‍්ති වත්‍වා විහරිංසු. තෙසං සමණධම‍්මං කත්‍වා පච‍්චූසසමයෙ පචලායන‍්තානං එකො බ්‍යග‍්ඝො ආගන‍්ත්‍වා එකෙකං භික‍්ඛුං ගහෙත්‍වා ගච‍්ඡති. න කොචි “මං බ්‍යග‍්ඝො ගණ‍්හී”ති වාචම‍්පි නිච‍්ඡාරෙසි. එවං පඤ‍්චසු දසසු භික‍්ඛූසු ඛාදිතෙසු උපොසථදිවසෙ “ඉතරෙ, ආවුසො, කුහි”න‍්ති පුච‍්ඡිත්‍වා ඤත්‍වා ච “ඉදානි ගහිතෙන ගහිතොම‍්හීති වත‍්තබ‍්බ”න‍්ති වත්‍වා විහරිංසු. අථ අඤ‍්ඤතරං දහරභික‍්ඛුං පුරිමනයෙනෙව බ්‍යග‍්ඝො ගණ‍්හි. සො “බ්‍යග‍්ඝො භන‍්තෙ”ති ආහ. භික‍්ඛූ කත‍්තරදණ‍්ඩෙ ච උක‍්කායො ච ගහෙත්‍වා මොචෙස‍්සාමාති අනුබන්‍ධිංසු. බ්‍යග‍්ඝො භික‍්ඛූනං අගතිං ඡින‍්නතටට‍්ඨානමාරුය‍්හ තං භික‍්ඛුං පාදඞ‍්ගුට‍්ඨකතො පට‍්ඨාය ඛාදිතුං ආරභි. ඉතරෙපි “ඉදානි සප‍්පුරිස, අම‍්හෙහි කත‍්තබ‍්බං නත්‍ථි, භික‍්ඛූනං විසෙසො නාම එවරූපෙ ඨානෙ පඤ‍්ඤායතී”ති ආහංසු. සො බ්‍යග‍්ඝමුඛෙ නිපන‍්නොව තං වෙදනං වික‍්ඛම‍්භෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො යාව ගොප‍්ඵකා ඛාදිතසමයෙ සොතාපන‍්නො හුත්‍වා, යාව ජණ‍්ණුකා ඛාදිතසමයෙ සකදාගාමී, යාව නාභියා ඛාදිතසමයෙ අනාගාමී හුත්‍වා, හදයරූපෙ අඛාදිතෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා ඉමං උදානං උදානෙසි –

තව ද භික්ෂූන් තිස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන අරණ වෙහෙරක වස් එළඹ “ඇවැත්නි, තුන්යම් රාත්‍රියේ මහණදම් කළයුතුය. ඔවුනොවුන්ගේ සමීපයට නොපැමිණිය යුතු යයි කියා වාසය කළහ. උන්වහන්සේලා මහණදම් කොට අළුයම් වේලෙහි නිදා වැටෙන්නාවූ එක් එක් භික්ෂූන් ව්‍යාඝ්‍රයෙක් ඇවිත් ගෙන යයි. කිසිවෙක් ව්‍යාඝ්‍රයෙක් මා ගත්තේ යයි වචනයකුදු පිට නොකෙළේය. මෙසේ භික්ෂූන් පසළොස් දෙනෙකු කෑ කල්හි පොහෝ දිනයෙහි, ඇවැත්නි, අනික් අය කොහේදැයි විචාරා දැන, දැන් ගත්තහු ගනිමු යයි කියා විසූහ. ඉක්බිති එක්තරා දහර භික්ෂුවක් පෙර විදියටම ව්‍යාඝ්‍රයා ගත්තේය. හේ ස්වාමීනි ව්‍යාඝ්‍රයායි කීය. භික්ෂූහු සැරයටි සහ හුළුඑළි රැගෙන මුදාගන්නෙමු යයි ලුහු බැන්දහ. ව්‍යාඝ්‍රයා භික්ෂූන් එන බව දැක බිඳුණු පර්වත පාදයකට නැග ඒ භික්ෂුවගේ පා ඇඟිලිවල සිට කෑමට පටන් ගත්තේය. සත් පුරුෂය දැන් අපට කරන්නට දෙයක් නැත මෙබඳු ස්ථානයේ භික්ෂූන්ගේ විශේෂය පෙනේ යයි කීහ. උන්වහන්සේ ව්‍යාඝ්‍ර මුඛයේ සිටම ඒ වේදනාව යටපත් කොට විදර්ශනා වඩා ගොප් ඇටය කන වෙලාවේ සෝවාන් වී දනහිස් කන වේලෙහි සකදාගාමිව නාභිය කන වෙලාවේ අනාගාමිව හෘදය වස්තුව කෑමට පෙර සිව්සිළිසිඹියා සහිත රහත්ව මේ උදන් ඇනූහ.

“සීලවා වතසම‍්පන‍්නො, පඤ‍්ඤවා සුසමාහිතො. මුහුත‍්තං පමාදමන්‍වාය, බ්‍යග‍්ඝෙනොරුද‍්ධමානසො. පඤ‍්ජරස‍්මිං ගහෙත්‍වාන, සිලාය උපරී කතො. කාමං ඛාදතු මං බ්‍යග‍්ඝො, අට‍්ඨියා ච න‍්හාරුස‍්ස ච. කිලෙසෙ ඛෙපයිස‍්සාමි, ඵුසිස‍්සාමි විමුත‍්තිය”න‍්ති.

සිල්වත්ව එකතින් - සුසමාහිතව නුවණින් මොහොතක් පමා වී - සිරකළ සිතින් වගයා සීලයෙන් මෙහෙයූ - පජරෙයි ඇටකටු බලා ඇට නහර රිසිසේ - කනහැටි දකිමින් වගා කෙලෙසුන් දුරු කෙළෙමි - විමුත් සුව පහසන්නෙමි

අපරොපි පීතමල‍්ලත්‍ථෙරො නාම ගිහිකාලෙ තීසු රජ‍්ජෙසු පටාකං ගහෙත්‍වා තම‍්බපණ‍්ණිදීපං ආගම‍්ම රාජානං පස‍්සිත්‍වා රඤ‍්ඤා කතානුග‍්ගහො එකදිවසං කිලඤ‍්ජකාපණසාලද‍්වාරෙන ගච‍්ඡන‍්තො “රූපං, භික‍්ඛවෙ, න තුම‍්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සතී”ති න තුම‍්හාකවාක්‍යං සුත්‍වා චින‍්තෙසි “නෙව කිර රූපං අත‍්තනො, න වෙදනා”ති. සො තංයෙව අඞ‍්කුසං කත්‍වා නික‍්ඛමිත්‍වා මහාවිහාරං ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජිතො උපසම‍්පන‍්නො ද‍්වෙමාතිකා පගුණා කත්‍වා තිංස භික‍්ඛූ ගහෙත්‍වා ගබලවාලියඅඞ‍්ගණං ගන‍්ත්‍වා සමණධම‍්මං අකාසි. පාදෙසු අවහන‍්තෙසු ජණ‍්ණුකෙහි චඞ‍්කමති. තමෙනං රත‍්තිං එකො මිගලුද‍්දකො මිගොති මඤ‍්ඤමානො පහරි. සත‍්ති විනිවිජ‍්ඣිත්‍වා ගතා, සො තං සත‍්තිං හරාපෙත්‍වා පහරණමුඛානි තිණවට‍්ටියා පූරාපෙත්‍වා පාසාණපිට‍්ඨියං අත‍්තානං නිසීදාපෙත්‍වා ඔකාසං කාරෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා උක‍්කාසිතසද‍්දෙන ආගතානං භික‍්ඛූනං බ්‍යාකරිත්‍වා ඉමං උදානං උදානෙසි –

තව ද ප්‍රීතිමල්ලක ස්ථවිරයන් නමැති ගිහි කාලයෙහි රටවල් තුනක කොඩි ගෙන තම්බපණ්ණි දිවයිනට පැමිණි රජු දැක රජු විසින් කරන ලද අනුග්‍රහය ඇතිව එක් දිනක් කලාල් අමුණු දොරින් යන්නේ “මහණෙනි, රූපය ඔබේ නොවේ, එය අත්හරින්න. එය අත් හැරීම බොහෝ කාලයක් හිත සුව පිණිස පවතී”. ඔබගේ වාක්‍ය අසා සිතීය. රූපය තමාගේ නොවේ. වේදනාව තමාගේ නොවේ. එයම අංකුසයක් කොට නික්මී මහවෙහෙරට ගොස් පැවිද්ද යැද පැවිදිව උපසපන්ව මාතිකා දෙකක් ප්‍රගුණ කොට භික්ෂූන් තිස්නමක් ගෙන ගුගුරුවැලි මලුවට ගොස් මහණදම් කළේය. පා අවසඟ වූ විට දනිස්වලින් සක්මන් කරයි. එම රැයෙහි එක් මුව වැද්දෙක් මුවකැයි උන්වහන්සේට පහර දුන්නේය. සැත විනිවිද ගියේය. උන්වහන්සේ අවිය හැරදමා පැහැරි තුවාලයට තෘණවලින් පුරවා ගලමත සිරුර සතපවා ඉඩ සලසා විදර්ශනා වඩා සිව්පිළිසිඹියා සහිතව රහත් වි උගුර පෑදු හඬින් භික්ෂූන්ට පැහැදිලි කොට මේ උදානය ඇනීය.

“භාසිතං බුද‍්ධසෙට‍්ඨස‍්ස, සබ‍්බලොකග‍්ගවාදිනො. න තුම‍්හාකමිදං රූපං, තං ජහෙය්‍යාථ භික‍්ඛවො. අනිච‍්චා වත සඞ‍්ඛාරා, උප‍්පාදවයධම‍්මිනො. උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති, තෙසං වූපසමො සුඛො”ති.

ලොවටම දෙන ඔවා - සෙට බුදුරදුන් බස නම් “මහණෙනි මේ කය තොප - අයත් නැත හැර දමව් එය” සකර නිත් නැතිමය - ඉපදෙන නැසෙන දහමකි ඉපදී නැසෙන සුළු - සැපයකි එයින් වෙන්වුම

ඉක්බිති භික්ෂුහු උන්වහන්සේට කීහ ස්වාමින් වහන්ස, ඉදින් සම්බුදු හිමි නීරෝග වූයේය. ඒකාන්තයෙන් ඔබ මුහුදමතින් අත දිගුකර හිස පිරිමදින්නේය.

එවං තාව අයං මග‍්ගො තිස‍්සත්‍ථෙරාදීනං විය දුක‍්ඛස‍්ස අත්‍ථඞ‍්ගමාය සංවත‍්තති.

මෙසේ මේ මාර්ගය තිස්ස තෙරුන් ආදීන්ට මෙන් දුක් නැති කිරීම සඳහා පවතී.

සක‍්කො පන දෙවානමින්‍දො අත‍්තනො පඤ‍්චවිධපුබ‍්බනිමිත‍්තං දිස‍්වා මරණභයසන‍්තජ‍්ජිතො දොමනස‍්සජාතො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡි. සො උපෙක‍්ඛාපඤ‍්හවිස‍්සජ‍්ජනාවසානෙ අසීතිසහස‍්සාහි දෙවතාහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සා චස‍්ස උපපත‍්ති පුන පාකතිකාව අහොසි.

සක්දෙව් රජ තමාගේ පස් ආකාර පෙර නිමිති දැක මරණ භයින් තර්ජිතව දොම්නස් වී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාළේය. හේ උපේක්ෂා ප්‍රශ්න විසඳීම් අවසානයෙහි අසු දහසක් දෙවියන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේ. ඒ උපත ද නැවත ප්‍රකෘතිමත් විය

සුබ්‍රහ‍්මාපි දෙවපුත‍්තො අච‍්ඡරාසහස‍්සපරිවුතො සග‍්ගසම‍්පත‍්තිං අනුභොති. තත්‍ථ පඤ‍්චසතා අච‍්ඡරායො රුක‍්ඛතො පුප‍්ඵානි ඔචිනන‍්තියො චවිත්‍වා නිරයෙ උප‍්පන‍්නා. සො “කිං ඉමා චිරායන‍්තී”ති උපධාරෙන‍්තො තාසං නිරයෙ නිබ‍්බත‍්තනභාවං ඤත්‍වා “කිත‍්තකං නු ඛො මම ආයූ”ති උපපරික‍්ඛන‍්තො අත‍්තනො ආයුපරික‍්ඛයං විදිත්‍වා චවිත්‍වා තත්‍ථෙව නිරයෙ නිබ‍්බත‍්තනභාවං දිස‍්වා භීතො අතිවිය දොමනස‍්සජාතො හුත්‍වා “ඉමං මෙ දොමනස‍්සං සත්‍ථා විනයිස‍්සති, න අඤ‍්ඤො”ති අවසෙසා පඤ‍්චසතා අච‍්ඡරායො ගහෙත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡි –

සුබහ්ම දිව්‍ය පුත්‍රයා ද දෙවඟනන් දහසක් පිරිවරණ ලද්දේ ස්වර්ග සම්පත් අනුභව කරයි. එහි අප්සරාවෝ පන්සීයක් ගස්වලින් මල් නෙලන්නේ සැම නිරයෙහි උපන්නාහ. හේ කිම කල් ගන්නේ යයි පරීක්ෂා කරන්නේ ඈලා නිරයෙහි උපන් බව දැන මගේ ආයුෂ කොපමණදැයි පරීක්ෂා කරන්නේ තමාගේ ද ආයු ක්ෂයවන බව දැන සැව ඒ නිරයෙහි ම උපදිනා බව දැක බියට පත් වූයේ අතිශයින් දොම්නසට පැමිණ මගේ මේ දොම්නස ශාස්තෲන් වහන්සේ ඉවත් කෙරේ යයි අවශේෂ අප්සරාවන් පන්සීය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ප්‍රශ්නයක් විචාළේය.

“නිච‍්චං උත්‍රස‍්තමිදං චිත‍්තං, නිච‍්චං උබ‍්බිග‍්ගිදං මනො. අනුප‍්පන‍්නෙසු කිච‍්ඡෙසු, අථො උප‍්පතිතෙසු ච. සචෙ අත්‍ථි අනුත්‍රස‍්තං, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති. (සං· නි· 1.98).

සිත මනස නිතරම - තැතිගත් නොපත් කිසවල උපත්හිද කියමැන - ඇත්නම් නොතැතිගැන්මක්

තතො නං භගවා ආහ –

ඉක්බිති තථාගතයන් වහන්සේ ඔහුට කීහ.

“නාඤ‍්ඤත්‍ර බොජ‍්ඣා තපසා, නාඤ‍්ඤත්‍රින්‍ද්‍රියසංවරා; නාඤ‍්ඤත්‍ර සබ‍්බනිස‍්සග‍්ගා, සොත්‍ථිං පස‍්සාමි පාණින”න‍්ති. (සං· නි· 1.98).

බොජඟ තපස ඉඳුරු - සංවර සමග සියළුම හැර දැමුම හැර වෙන - නොදනිමි සුවය සතහට

සො දෙසනාපරියොසානෙ පඤ‍්චහි අච‍්ඡරාසතෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය තං සම‍්පත‍්තිං ථාවරං කත්‍වා දෙවලොකමෙව අගමාසීති. එවං අයං මග‍්ගො භාවිතො සක‍්කාදීනං විය දොමනස‍්සස‍්ස අත්‍ථඞ‍්ගමාය සංවත‍්තතීති වෙදිතබ‍්බො.

හේ දේශනාවසානයෙහි අප්සරාවන් පන්සියය සමග සෝවාන් පලයෙහි පිහිටා ඒ සම්පත් තහවුරු කර දෙව්ලොවටම පැමිණියේය. මෙසේ මේ මාර්ගය භාවිත කළ සක්‍රාදීන් මෙන් දොම්නස ඉවත්වීම සඳහා පවතී යයි දත යුතුය.

ඤායස‍්ස අධිගමායාති ඤායො වුච‍්චති අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, තස‍්ස අධිගමාය, පත‍්තියාති වුත‍්තං හොති. අයඤ‍්හි පුබ‍්බභාගෙ ලොකියො සතිපට‍්ඨානමග‍්ගො භාවිතො ලොකුත‍්තරමග‍්ගස‍්ස අධිගමාය සංවත‍්තති. තෙනාහ “ඤායස‍්ස අධිගමායා”ති. නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති තණ‍්හාවානවිරහිතත‍්තා නිබ‍්බානන‍්ති ලද‍්ධනාමස‍්ස අමතස‍්ස සච‍්ඡිකිරියාය, අත‍්තපච‍්චක‍්ඛතායාති වුත‍්තං හොති. අයඤ‍්හි මග‍්ගො භාවිතො අනුපුබ‍්බෙන නිබ‍්බානසච‍්ඡිකිරියං සාධෙති. තෙනාහ “නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායා”ති.

ඤායස්ස අධිගමාය - ඤාය යයි කියනු ලබන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි අධිගමය - පැමිණීම සඳහා යයි කියන ලද්දේ වේ. මෙය පූර්වගයෙහි ලෞකික සතිපට්ඨාන මාර්ග භාවිතය ලෝකෝත්තර මාර්ග අවබෝධය පිණිස පවතී. එයින් කීහ “ඤායස්ස අධිගමය”. නිබ්බාණස්ස සච්ඡිකිරියාය - තෘෂ්ණා නම් වාන විරහිත බැවින් නිබ්බාන යයි ලද නම් ඇති අමෘතය සාක්ෂාත් කිරීම සඳහා ආත්ම ප්‍රත්‍යක්ෂතා යයි කියන ලද්දේ වේ. මේ මාර්ගය භාවිතා කරන්නේ පිළිවෙළින් නිවන අවබෝධ කිරීම සිදු කරයි. එයින් කීහ “නිබ්බානස්ස සච්ඡිකිරියාය”

තත්‍ථ කිඤ‍්චාපි “සත‍්තානං විසුද‍්ධියා”ති වුත‍්තෙ සොකසමතික‍්කමාදීනි අත්‍ථතො සිද‍්ධානෙව හොන‍්ති, ඨපෙත්‍වා පන සාසනයුත‍්තිකොවිදෙ අඤ‍්ඤෙසං න පාකටානි, න ච භගවා පඨමං සාසනයුත‍්තිකොවිදං ජනං කත්‍වා පච‍්ඡා ධම‍්මං දෙසෙති. තෙන තෙනෙව පන සුත‍්තෙන තං තං අත්‍ථං ඤාපෙති. තස‍්මා ඉධ යං යං අත්‍ථං එකායනමග‍්ගො සාධෙති, තං තං පාකටං කත්‍වා දස‍්සෙන‍්තො “සොකපරිදෙවානං සමතික‍්කමායා”තිආදිමාහ. යස‍්මා වා යා සත‍්තානං විසුද‍්ධි එකායනමග‍්ගෙන සංවත‍්තති, සා සොකපරිදෙවානං සමතික‍්කමෙන හොති. සොකපරිදෙවානං සමතික‍්කමො දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමෙන, දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමො ඤායස‍්සාධිගමෙන, ඤායස‍්සාධිගමො නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය. තස‍්මා ඉමම‍්පි කමං දස‍්සෙන‍්තො “සත‍්තානං විසුද‍්ධියා”ති වත්‍වා “සොකපරිදෙවානං සමතික‍්කමායා”තිආදිමාහ.

එහි කිසියම් සත්වයින්ගේ විසුද්ධිය පිණිස යයි කී කල්හි සෝක ඉවත්වීම් ආදිය අර්ථ වශයෙන් සිදු වේ. සාසන යුක්ති දක්ෂයන් හැර අන් ඒවා ප්‍රකට නොවේ. භාග්‍යවතුන් වහන්සේ ජනයා සාසන යුක්ති දක්ෂයන් කොට පසුව දහම් නොදෙසති. ඒ ඒ සූත්‍රයෙන් ම ඒ ඒ අර්ථ දක්වති. එහෙයින් මෙහි යම් යම් අර්ථ ඒකායන මාර්ගය සාදයි. ඒවා ප්‍රකට කොට දක්වන්නේ “සොකපරිද්දවානං සමතික්කමාය” යනාදිය කීහ. යම් හෙයකින් හෝ සත්ත්වයින්ගේ යම් විසුද්ධියක් ඒකායන මාර්ගයෙන් පවතී ද එය සෝක විලාපයන්ගේ ඉක්මවීමෙන් වේ. සෝක පරිදේව ඉක්මවීම දුක් දොම්නස්වල විනාශයෙන් ද දුක් දොම්නස්වල විනාශය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අධිගමයෙන් ද එහි අධිගමය නිර්වානය සාක්ෂාත් කිරීමෙන් ද වේ. ඒ නිසා මේ පිළිවෙළ දක්වන්නේ සත්ත්වයින්ගේ විසුද්ධිය පිණිස යයි කියා සෝක පරිදේවයන්ගේ ඉක්මවීම සඳහා යනාදිය කීහ.

අපිච වණ‍්ණභණනමෙතං එකායනමග‍්ගස‍්ස. යථෙව හි භගවා – “ධම‍්මං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙස‍්සාමි යදිදං ඡඡක‍්කානී”ති (ම· නි· 3.420) ඡඡක‍්කදෙසනාය අට‍්ඨහි පදෙහි වණ‍්ණං අභාසි. යථා ච අරියවංසදෙසනාය “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, අරියවංසා අග‍්ගඤ‍්ඤා රත‍්තඤ‍්ඤා වංසඤ‍්ඤා පොරාණා අසංකිණ‍්ණා අසංකිණ‍්ණපුබ‍්බා න සඞ‍්කීයන‍්ති න සඞ‍්කීයිස‍්සන‍්ති, අප‍්පටිකුට‍්ඨා සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහී”ති (අ· නි· 4.28) නවහි පදෙහි වණ‍්ණං අභාසි; එවං ඉමස‍්සාපි එකායනමග‍්ගස‍්ස සත‍්තානං විසුද‍්ධියාතිආදීහි සත‍්තහි පදෙහි වණ‍්ණං අභාසි. කස‍්මාති චෙ, තෙසං භික‍්ඛූනං උස‍්සාහජනනත්‍ථං. වණ‍්ණභාසනඤ‍්හි සුත්‍වා තෙ භික‍්ඛූ “අයං කිර මග‍්ගො හදයසන‍්තාපභූතං සොකං, වාචාවිප‍්පලාපභූතං පරිදෙවං, කායිකඅසාතභූතං දුක‍්ඛං, චෙතසිකඅසාතභූතං දොමනස‍්සන‍්ති චත‍්තාරො උපද‍්දවෙ හනති, විසුද‍්ධිං ඤායං නිබ‍්බානන‍්ති තයො විසෙසෙ ආවහතී”ති උස‍්සාහජාතා ඉමං ධම‍්මදෙසනං උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං ධාරෙතබ‍්බං, වාචෙතබ‍්බං, ඉමඤ‍්ච මග‍්ගං භාවෙතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. ඉති තෙසං භික‍්ඛූනං උස‍්සාහජනනත්‍ථං වණ‍්ණං අභාසි. කම‍්බලවාණිජාදයො කම‍්බලාදීනං වණ‍්ණං විය.

තව ද ඒකායන මාර්ගයේ වර්ණනා කිරිම යම්සේ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි ධර්මය දේශනා කරන්නෙමි. මුලින් යහපත්ව මැදින් යහපත්ව අවසානයෙහි යහපත්ව අර්ථ සහිතව ව්‍යඤ්ජන සහිතව තනිකර සම්පුර්ණව පිරිසිදුව බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්නෙමි. යම් මේ “ඡ ඡක්කානි” යනුවෙනි. ඡ ඡක්ක දේශනාවේ පද අටකින් වර්ණනාව වදාළහ. “අරියවංස දේශනාව වගේම. “මහණෙනි ආර්ය වංශයෝ සතර දෙනෙකි. ශ්‍රේෂ්ඨ වූ වංශවත් වූ පෞරාණික වූ අසංකීර්ණ වූ අසංකීර්ණ පූර්ව වූ නිසැක වූ සැක නොකරන්නා වූ ශ්‍රමණයන්ගෙන් බ්‍රාහ්මණයන්ගෙන් නුවණැත්තන්ගෙන් නින්දා නොලැබුවා වූ යයි පද නවයකින් වර්ණනා ලැබූ අරියවංස සතරකි. මෙසේ මේ ඒකායන මාර්ගය ද සත්තානං විසුද්ධියා ආදි පද සතකින් වර්ණනාව වදාළහ. ඉදින් එය කුමක් සඳහා ද? ඒ භික්ෂූන්ගේ උත්සාහය දැනවීම සඳහාය. වර්ණනා කිරිම අසා ඒ භික්ෂූහු මේ මාර්ගය වනාහි සිතට තැවුල් ගෙන දෙන සෝකය, වචනයේ විප්‍රලාපය වූ වැලපීම, කායික අමිහිර වූ දුක, චෛතසික අමිහිර වූ දොම්නසයි උවදුරු සතර ඉවත් කෙරේ. විසුද්ධිය ඤාණය නිබ්බානය යන විශේෂ තුන ගෙන දේ යයි උත්සාහවත්ව මේ ධර්ම දේශනාව උගත යුතු යයි පුහුණු කළයුතු යයි දරාගත යුතු යයි පිරිවැහිය යුතු යයි මේ මාර්ගය වැඩිය යුතු යයි සිතති. මෙසේ ඒ භික්ෂූන්ගේ උත්සාහය ජනිත කරවීම සඳහා ගුණය වදාළහ. රෙදි වෙළෙන්දෝ රෙදිවල හොඳ කියන්නාක් මෙන්

යථා හි සතසහස‍්සග‍්ඝනිකපණ‍්ඩුකම‍්බලවාණිජෙන ‘කම‍්බලං ගණ‍්හථා’ති උග‍්ඝොසිතෙපි අසුකකම‍්බලොති න තාව මනුස‍්සා ජානන‍්ති. කෙසකම‍්බලවාළකම‍්බලාදයොපි හි දුග‍්ගන්‍ධා ඛරසම‍්ඵස‍්සා කම‍්බලාත්‍වෙව වුච‍්චන‍්ති. යදා පන තෙන ගන්‍ධාරකො රත‍්තකම‍්බලො සුඛුමො උජ‍්ජලො සුඛසම‍්ඵස‍්සොති උග‍්ඝොසිතං හොති, තදා යෙ පහොන‍්ති, තෙ ගණ‍්හන‍්ති. යෙ නප‍්පහොන‍්ති, තෙපි දස‍්සනකාමා හොන‍්ති; එවමෙව ‘එකායනො, භික‍්ඛවෙ, අයං මග‍්ගො’ති වුත‍්තෙපි අසුකමග‍්ගොති න තාව පාකටො හොති. නානප‍්පකාරකා හි අනිය්‍යානිකමග‍්ගාපි මග‍්ගාත්‍වෙව වුච‍්චන‍්ති. “සත‍්තානං විසුද‍්ධියා”තිආදිම‍්හි පන වුත‍්තෙ “අයං කිර මග‍්ගො චත‍්තාරො උපද‍්දවෙ හනති, තයො විසෙසෙ ආවහතී”ති උස‍්සාහජාතා ඉමං ධම‍්මදෙසනං උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං ධාරෙතබ‍්බං වාචෙතබ‍්බං, ඉමඤ‍්ච මග‍්ගං භාවෙතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තීති වණ‍්ණං භාසන‍්තො “සත‍්තානං විසුද‍්ධියා”තිආදිමාහ. යථා ච සතසහස‍්සග‍්ඝනිකපණ‍්ඩුකම‍්බලවාණිජූපමා; එවං රත‍්තජම‍්බුනදසුවණ‍්ණඋදකප‍්පසාදකමණිරතනසුවිසුද‍්ධමුත‍්තරතනපවාළාදිවාණිජූපමාදයොපෙත්‍ථ ආහරිතබ‍්බා.

යම්සේ ලක්ෂයක් අගනා රතු කම්බිලියක් වෙළෙන්දා විසින් ගන්න කම්බිලිය ගන්නැයි කෑ ගසනු ලැබූවත් අසවල් කම්බිලි යයි මිනිස්සු තවම නොදනිති. කෙස් කම්බිලි ව්‍යාල කම්බිලි ආදියෙහි දුර්ගන්ධය, රළුබව, කම්බිලියයි කියති. යම් කලක ගන්ධාර රතු කම්බිලිය සුඛුමය දිලිසේ සියුම් පහසයයි කෑ ගැසුවොත් පොහොසත් අය එය ගනිති. පොහොසත් නැතත් එය බලති. එසේම මහණෙනි, මේ ඒකායන මාර්ගය යයි කී කල්හි අසවල් මාර්ගය යයි එය ප්‍රකට නොවේ. නානාප්‍රකාර නෛර්යානිත නොවන මාර්ගවලට ද මාර්ගය කියති. “සත්වයින්ගේ විසුද්ධිය පිණිස තුන් විශේෂය ගෙන දෙයි යයි උත්සාහවන්ව මේ මාර්ගය වැඩිය යුතුයයි සිතන්නාහ. වර්ණනාව කියන්නේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස යනාදිය කීහ. යම්සේ ලක්ෂයක් අගනා රතු කසාවත් කම්බිලි, වාණිජ උපමාවන්ය. රුවන් ජාම්බෝනද, ස්වර්ණ දිය පහදන මැණික් රත්නය පිරිසිදු මුතු රුවන් ප්‍රවාල ආදි වාණිජ උපමා මෙහි ගෙනහැර දැක්විය යුතුය.

යදිදන‍්ති නිපාතො, යෙ ඉමෙති අයමස‍්ස අත්‍ථො. චත‍්තාරොති ගණනපරිච‍්ඡෙදො. තෙන න තතො හෙට‍්ඨා, න උද‍්ධන‍්ති සතිපට‍්ඨානපරිච‍්ඡෙදං දීපෙති. සතිපට‍්ඨානාති තයො සතිපට‍්ඨානා සතිගොචරොපි තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතාපි, සතිපි. “චතුන‍්නං, භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච දෙසෙස‍්සාමි, තං සුණාථ…පෙ… කො ච, භික‍්ඛවෙ, කායස‍්ස සමුදයො. ආහාරසමුදයා කායස‍්ස සමුදයො”තිආදීසු (සං· නි· 5.408) හි සතිගොචරො සතිපට‍්ඨානන‍්ති වුච‍්චති. තථා “කායො උපට‍්ඨානං නො සති, සති පන උපට‍්ඨානඤ‍්චෙව සති චා”තිආදීසුපි (පටි· ම· 3.35). තස‍්සත්‍ථො – පතිට‍්ඨාති අස‍්මින‍්ති පට‍්ඨානං. කා පතිට‍්ඨාති? සති. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං, පධානං ඨානන‍්ති වා පට‍්ඨානං. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං හත්‍ථිට‍්ඨානඅස‍්සට‍්ඨානාදීනි විය.

යදිදං යනු නිපාතයකි. යම් මේවා යන එහි අර්ථයයි. චත්තාරො - ගණන සීමා කිරිමය. එයින් වැඩි හෝ අඩු නොවේ. සතිපට්ඨාන ගණන දක්වයි. සතිපට්ඨාන - සතිපට්ඨාන තුන සිහියට ගෝචර වූ ද තුන් ආකාරයකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ඇති කල්හි ශාස්තෲන් වහන්සේගේ පටිඝය අනුනය ව්‍යතික්‍රම වූ මේ ප්‍රීතිය ඇති වේ. මහණෙනි, සතර සතිපට්ඨානය ඇතිවීම ද අස්තංගමය (නැතිවීම) ද දේශනා කරන්නෙමි. එය අසන්න.... මහණෙනි කයෙහි පහළවීම කුමක්ද? ආහාරයේ පහළවීම කයේ පහළවීමය, යනාදිය සිහියට ගෝචර වූ සතිපට්ඨාන යයි කියනු ලැබේ. එසේ කාය වැටහීම, සිහිය නොවේ. සිහිය වැටහීමම සති ගාථා ආදියෙහි ඒ අර්ථයෙහි පිහිටියේ මෙය යයි පිහිටීම, කවරක් පිහිටාද, සතියයි. සතියේ පිහිටීම, සතිපට්ඨානං, හත්ථිට්ට්ඨාන අස්සට්ඨානාදියේ මෙන්

“තයො සතිපට‍්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසිතුං අරහතී”ති (ම· නි· 3.311) එත්‍ථ තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතා “සතිපට‍්ඨාන”න‍්ති වුත‍්තා. තස‍්සත්‍ථො – පට‍්ඨපෙතබ‍්බතො පට‍්ඨානං, පවත‍්තයිතබ‍්බතොති අත්‍ථො. කෙන පට‍්ඨපෙතබ‍්බතොති? සතියා. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං. “චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා සත‍්ත සම‍්බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්තී”තිආදීසු (ම· නි· 3.147) පන සතියෙව “සතිපට‍්ඨානං”ති වුච‍්චති. තස‍්සත්‍ථො – පට‍්ඨාතීති පට‍්ඨානං, උපට‍්ඨාති ඔක‍්කන්‍දිත්‍වා පක‍්ඛන්‍දිත්‍වා පත්‍ථරිත්‍වා පවත‍්තතීති අත්‍ථො. සතියෙව සතිපට‍්ඨානං. අථ වා සරණට‍්ඨෙන සති, උපට‍්ඨානට‍්ඨෙන පට‍්ඨානං. ඉති සති ච සා පට‍්ඨානං චාතිපි සතිපට‍්ඨානං. ඉදමිධාධිප‍්පෙතං.

සතිපට්ඨාන තුන ආර්යයා සේවනය කරයි. ආර්යයා සෙව්නා ශාස්තෲන් වහන්සේ ගණය අනුසාසනා කිරීමට සුදුසු යයි මෙහි තුන් අයුරින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ශාස්තෲවරයාගේ පටිඝ අනූනය ඉක්මවා ඇති බව සතිපට්ඨානයයි කියනු ලැබේ. ඒ අර්ථය පිහිටවිය යුතුය යනු පට්ඨාන වේ. පිහිටවිය යුතුය යන අර්ථයයි. කුමකින් පිහිටුවිය යුතුද.. සිහියෙන්, සිහියෙන් පිහිටුවීම - සතියා පට්ඨානං - සතිපට්ඨාන වේ. සතර සතිපට්ඨාන භාවිත කරන්නේ බහුලව කරන්නේ සත් බොධ්‍යංග සම්පූර්ණ කෙරේ යනාදියෙහි සතියම - සිහියට - සතියයි කියනු ලැබේ. එහි අර්ථය පිහිටා යයි පට්ඨාන වේ. උපට්ඨාති - ශබ්දකර පැන පවත්වයි යන අර්ථයයි. සතියම සතිපට්ඨානයයි. එසේ නැතහොත් පට්ඨානය ද - සතිපට්ඨානං වේ. මෙහි මෙය අපේක්ෂිතය,

යදි එවං කස‍්මා “සතිපට‍්ඨානා”ති බහුවචනං? සතිබහුත‍්තා. ආරම‍්මණභෙදෙන හි බහුකා එතා සතියො. අථ මග‍්ගොති කස‍්මා එකවචනං? මග‍්ගට‍්ඨෙන එකත‍්තා. චතස‍්සොපි හි එතා සතියො මග‍්ගට‍්ඨෙන එකත‍්තං ගච‍්ඡන‍්ති. වුත‍්තඤ‍්හෙතං – “මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො? නිබ‍්බානගමනට‍්ඨෙන. නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගනීයට‍්ඨෙන චා”ති. චතස‍්සොපි චෙතා අපරභාගෙ කායාදීසු ආරම‍්මණෙසු කිච‍්චං සාධයමානා නිබ‍්බානං ගච‍්ඡන‍්ති, ආදිතො පට‍්ඨාය ච නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගියන‍්ති, තස‍්මා චතස‍්සොපි එකො මග‍්ගොති වුච‍්චන‍්ති. එවඤ‍්ච සති වචනානුසන්‍ධිනා සානුසන්‍ධිකාව දෙසනා හොති, “මාරසෙනප‍්පමද‍්දනං, වො භික‍්ඛවෙ, මග‍්ගං දෙසෙස‍්සාමි, තං සුණාථ…පෙ… කතමො ච, භික‍්ඛවෙ, මාරසෙනප‍්පමද‍්දනො මග‍්ගො? යදිදං සත‍්ත බොජ‍්ඣඞ‍්ගා”තිආදීසු (සං· නි· 5.224) විය. යථා මාරසෙනප‍්පමද‍්දනොති ච, සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති ච අත්‍ථතො එකං, බ්‍යඤ‍්ජනමෙවෙත්‍ථ නානං. එවං “එකායනමග‍්ගො”ති ච “චත‍්තාරො සතිපට‍්ඨානා”ති ච අත්‍ථතො එකං, බ්‍යඤ‍්ජනමෙවෙත්‍ථ නානං, තස‍්මා මග‍්ගට‍්ඨෙන එකත‍්තා එකවචනං. ආරම‍්මණභෙදෙන සතිබහුත‍්තා බහුවචනං වෙදිතබ‍්බං.

ඉඳින් මෙසේ කුමක් හෙයින් සතිපට්ඨානා යයි බහු වචනය වේද? ආරම්මන භේදයෙන් බොහෝ තිබෙන නිසා, මග්ගො යයි කුමක් හෙයින් ඒක වචන වීද? මාර්ග අර්ථයෙන් එකක් නිසා, මේ සිහිය සතරාකාර වූවද මාර්ග අර්ථයෙන් එකක් ම වේ. මෙය කියන ලදි. කුමන අර්ථයකින් මාර්ගවේද? නිවන් ගමන අර්ථයෙන් නිවන් කැමැත්තවුන් විසින් මාර්ග නියම අර්ථයෙන් හෝ චේතනා සතර පසුව කායාදි කෘත්‍ය සිදුකරමින් නිවනට යයි. මුල සිටම නිවන කැමත්තවුන් විසින් මාර්ගයේ යනු ලැබෙයි. එහෙයින් හතරම එකම මාර්ග යයි කියනු ලැබේ. මෙසේ ඇති කල්හි ද වචනයෙන් සම්බන්ධ කිරීමෙන් සම්බන්ධය සහිත වූ දේශනා වේ. “මහණෙනි, ඔබලාට මාරසේනාව මර්දනය කළ මාර්ගය දේශනා කරන්නෙමි. එය අසන්න... මහණෙනි, මාරසේනාව මර්දනය කළ මාර්ගය කුමක්ද? එය මේ සප්ත බොජ්ඣංගය” යි ආදියෙහි මෙන් මාරසේනා මර්දනය ද සත්ත බොජ්ඣංගය ද අර්ථ වශයෙන් එකය. මෙහි වචන පමණක් වෙනස් වේ. මෙසේ ඒකායන මාර්ගය ද සතර සතිපට්ඨානය ද අර්ථ වශයෙන් එකය. වචන පමණක් වෙනස් වේ. එහෙයින් මාර්ග අර්ථයෙන් එකක් නිසා ඒක වචනය, අරමුණු භේදය ඇති කල්හි බොහෝ වන බැවින් බහු වචන වේ යයි ද දත යුතුයි.

කස‍්මා පන භගවතා චත‍්තාරොව සතිපට‍්ඨානා වුත‍්තා අනූනා අනධිකාති? වෙනෙය්‍යහිතත‍්තා. තණ‍්හාචරිතදිට‍්ඨිචරිතසමථයානිකවිපස‍්සනායානිකෙසු හි මන්‍දතික‍්ඛවසෙන ද‍්වෙධා ද‍්වෙධා පවත‍්තෙසු වෙනෙය්‍යෙසු මන්‍දස‍්ස තණ‍්හාචරිතස‍්ස ඔළාරිකං කායානුපස‍්සනාසතිපට‍්ඨානං විසුද‍්ධිමග‍්ගො, තික‍්ඛස‍්ස සුඛුමං වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං. දිට‍්ඨිචරිතස‍්සපි මන්‍දස‍්ස නාතිප‍්පභෙදගතං චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං විසුද‍්ධිමග‍්ගො, තික‍්ඛස‍්ස අතිප‍්පභෙදගතං ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං විසුද‍්ධිමග‍්ගො. සමථයානිකස‍්ස ච මන්‍දස‍්ස අකිච‍්ඡෙන අධිගන‍්තබ‍්බනිමිත‍්තං පඨමං සතිපට‍්ඨානං විසුද‍්ධිමග‍්ගො, තික‍්ඛස‍්ස ඔළාරිකාරම‍්මණෙ අසණ‍්ඨහනතො දුතියං. විපස‍්සනායානිකස‍්සපි මන්‍දස‍්ස නාතිප‍්පභෙදගතාරම‍්මණං තතියං, තික‍්ඛස‍්ස අතිප‍්පභෙදගතාරම‍්මණං චතුත්‍ථං. ඉති චත‍්තාරොව වුත‍්තා අනූනා අනධිකාති.

භාග්‍යවතුන් වහන්සේ විසින් අඩු වැඩි නැතිව සතිපට්ඨාන හතරක් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? විනේය (හික්මවිය යුතු) ජනයන් අනුව දෙසන ලද බැවිනි. තණ්හා චරිත, දිට්ඨි චරිත, සමථයානික, විපස්සනායානිකයන් කෙරෙහි මඳ හා තියුණු වශයෙන් දෙවිධියක් සිටින විනේය ජනයන්, මඳ නුවණැති තෘෂ්ණා චරිතය ඇත්තාට ඕලාරික වූ කායානුපස්සනා සතිපට්ඨාන පිරිසිදුවීමට මාර්ගය වේ. තියුණු නුවණ ඇත්තාට සියුම් වූ වෙදනානු පස්සනා සතිපට්ඨානය ද මන්ද දිට්ඨි චරිතයට ප්‍රභේද නැති චිත්තානු පස්සනා සතිපට්ඨානය ද තියුණු නුවණ ඇත්තාට අති ප්‍රභේද වූ ධම්මානු පස්සනා සතිපට්ඨානය ද පිරිසිදුවීමට මාර්ගය වේ. මන්ද සමථයානිකයාට අපහසුවකින් අවබෝධ වීමට හේතුවන පළමු සතිපට්ඨානය වන කායානුපස්සනාවද තියුණු සමථයානිකයාට ඕලාරික අරමුණෙහි නොපිහිටන නිසා දෙවන සතිපට්ඨානය වන වේදනානු පස්සනාව ද පිරිසිදු වීමට මාර්ගය වේ. මන්ද විපස්සනායානිකයාට ප්‍රභේද රහිත තුන්වන සතිපට්ඨානය වූ චිත්තානුපස්සනාවද තියුණු විපස්සනායානිකයාට අති ප්‍රභේදගත සතරවන සතිපට්ඨානය වූ ධම්මානුපස්සනාව ද පිරිසිදුවීමට මාර්ගය වේ. මෙසේ සතරක්ව කියන ලදී. අඩු වැඩි නැතිව එය කියන ලදී.

සුභසුඛනිච‍්චඅත‍්තභාවවිපල‍්ලාසප‍්පහානත්‍ථං වා. කායො හි අසුභො, තත්‍ථ ච සුභවිපල‍්ලාසවිපල‍්ලත්‍ථා සත‍්තා. තෙසං තත්‍ථ අසුභභාවදස‍්සනෙන තස‍්ස විපල‍්ලාසස‍්ස පහානත්‍ථං පඨමං සතිපට‍්ඨානං වුත‍්තං. සුඛං නිච‍්චං අත‍්තාති ගහිතෙසුපි ච වෙදනාදීසු වෙදනා දුක‍්ඛා, චිත‍්තං අනිච‍්චං, ධම‍්මා අනත‍්තා, තෙසු ච සුඛනිච‍්චඅත‍්තවිපල‍්ලාසවිපල‍්ලත්‍ථා සත‍්තා. තෙසං තත්‍ථ දුක‍්ඛාදිභාවදස‍්සනෙන තෙසං විපල‍්ලාසානං පහානත්‍ථං සෙසානි තීණි වුත‍්තානීති එවං සුභසුඛනිච‍්චඅත‍්තභාවවිපල‍්ලාසප‍්පහානත්‍ථං වා චත‍්තාරොව වුත‍්තා අනූනා අනධිකාති වෙදිතබ‍්බා. න කෙවලඤ‍්ච විපල‍්ලාසප‍්පහානත්‍ථමෙව, අථ ඛො චතුරොඝයොගාසවගන්‍ථඋපාදානඅගතිපහානත්‍ථම‍්පි චතුබ‍්බිධාහාරපරිඤ‍්ඤත්‍ථඤ‍්ච චත‍්තාරොව වුත‍්තාති වෙදිතබ‍්බා. අයං තාව පකරණනයො.

තවද සුභ සුඛ නිච්ච අත්තභාව යන විපර්යාසව ගැනීම දුරු කිරිම සඳහා ද සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදී. කය යනු අසුභයකි. එහි ද සත්වයෝ සුභ ය යන විපර්යාස අර්ථය ගත්තාහු වෙති. ඔවුන්ට එහි අසුභභාවය දැකීමෙන් ඔවුන්ගේ විපර්යාස දැකීම දුරු කිරීම සඳහා පළමු සතිපට්ඨානය කියන ලදී. සැප, නිත්‍ය, ආත්ම වශයෙන් විපර්යාශව ගත් සත්වයින්ගේ ඒ විපර්යාශ දෘෂ්ඨිය ප්‍රහාණය කිරීම සඳහා වේදනාව දුකයි, සිත අනිත්‍යයයි, ධර්මය අනාත්මයයි අවබෝධ කරවීමට ඉතිරි සතිපට්ඨාන තුන දේශනා කරන ලදී. මෙසේ සුභ සුඛ නිච්ච අත්තභව යන විපර්යාශ ප්‍රහානය සඳහා ද අඩුවැඩි නැතිව සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදී. විපර්යාශ දෘෂ්ඨි ප්‍රහානය කිරීම සඳහාම පමණක් සතිපට්ඨාන සතරක් දේශනා කරන ලද්දේ නොවේ. තවද සතර ඕග, සතර යෝග, ආසව, ග්‍රන්ථ, උපාදාන, අගති ප්‍රහාණය සඳහා ද සතරාකාර අවබෝධය සඳහා ද සතරක් කියන ලදැයි දත යුතුය. ප්‍රකරණවල එන නය ක්‍රමය මෙසේය.

අට‍්ඨකථායං පන සරණවසෙන චෙව එකත‍්තසමොසරණවසෙන ච එකමෙව සතිපට‍්ඨානං ආරම‍්මණවසෙන චත‍්තාරොති එතදෙව වුත‍්තං. යථා හි චතුද‍්වාරෙ නගරෙ පාචීනතො ආගච‍්ඡන‍්තා පාචීනදිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා පාචීනද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති, දක‍්ඛිණතො. පච‍්ඡිමතො. උත‍්තරතො ආගච‍්ඡන‍්තා උත‍්තරදිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා උත‍්තරද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති; එවං – සම‍්පදමිදං වෙදිතබ‍්බං. නගරං විය හි නිබ‍්බානමහානගරං, ද‍්වාරං විය අට‍්ඨඞ‍්ගිකො ලොකුත‍්තරමග‍්ගො, පාචීනදිසාදයො විය කායාදයො.

අටුවාවල වනාහි සරණ වශයෙන් ද එකක්ව එකතු කිරීම් වශයෙන් ද සතිපට්ඨාන එකක් ම වේ. අරමුණ වශයෙන් සතරක් යයි මෙය කියන ලදී. යම්සේ දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිරින් එන්නේ නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති, දකුණු දිසාවෙන් බටහිර දිසාවෙන් උතුරු දිසාවෙන් එන්නෝ ඒ ඒ දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. කායාදි සතිපට්ඨායාන සතර, සතර දිසාවේ දොරටු මෙනි. අරි අටැඟි මග, ලෝකෝත්තර මාර්ගය දොරවල් මෙනි.

යථා පාචීනතො ආගච‍්ඡන‍්තා පාචීනදිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා පාචීනද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති, එවං කායානුපස‍්සනාමුඛෙන ආගච‍්ඡන‍්තා චුද‍්දසවිධෙන කායානුපස‍්සනං භාවෙත්‍වා කායානුපස‍්සනාභාවනානුභාවනිබ‍්බත‍්තෙන අරියමග‍්ගෙන එකං නිබ‍්බානමෙව ඔසරන‍්ති. යථා දක‍්ඛිණතො ආගච‍්ඡන‍්තා දක‍්ඛිණාය දිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති, එවං වෙදනානුපස‍්සනාමුඛෙන ආගච‍්ඡන‍්තා නවවිධෙන වෙදනානුපස‍්සනං භාවෙත්‍වා වෙදනානුපස‍්සනාභාවනානුභාවනිබ‍්බත‍්තෙන අරියමග‍්ගෙන එකං නිබ‍්බානමෙව ඔසරන‍්ති. යථා පච‍්ඡිමතො ආගච‍්ඡන‍්තා පච‍්ඡිමදිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා පච‍්ඡිමද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති, එවං චිත‍්තානුපස‍්සනාමුඛෙන ආගච‍්ඡන‍්තා සොළසවිධෙන චිත‍්තානුපස‍්සනං භාවෙත්‍වා චිත‍්තානුපස‍්සනාභාවනානුභාවනිබ‍්බත‍්තෙන අරියමග‍්ගෙන එකං නිබ‍්බානමෙව ඔසරන‍්ති. යථා උත‍්තරතො ආගච‍්ඡන‍්තා උත‍්තරදිසාය උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා උත‍්තරද‍්වාරෙන නගරමෙව පවිසන‍්ති, එවං ධම‍්මානුපස‍්සනාමුඛෙන ආගච‍්ඡන‍්තා පඤ‍්චවිධෙන ධම‍්මානුපස‍්සනං භාවෙත්‍වා ධම‍්මානුපස‍්සනාභාවනානුභාවනිබ‍්බත‍්තෙන අරියමග‍්ගෙන එකං නිබ‍්බානමෙව ඔසරන‍්ති. එවං සරණවසෙන චෙව එකත‍්තසමොසරණවසෙන ච එකමෙව සතිපට‍්ඨානං ආරම‍්මණවසෙන චත‍්තාරොව වුත‍්තාති වෙදිතබ‍්බා.

පෙරදිගින් එන්නෝ පෙරදිග උපයන භාණ්ඩ රැගෙන පෙරදිග දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් කායානුපස්සනාවෙන් එන්නා තුදුස් ආකාර කායානුපස්සනාව වඩා කායානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිපදවන, ආර්ය මාර්ගයෙන් එකම නිවණට බැසගනී. යම්සේ දකුණු දිසාවෙන් එන්නා දකුණු දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙයි. මෙසේ වේදනානු පස්සනාව අනුව පැමිණෙන්නා නවවිධ වේදනානුපස්සනාව වඩා වේදනානුපස්සනා ආනුභාවයෙන් නිපදවන ලද ආර්ය මර්ගයෙන් එකම නිවනට පිවිසේ. බටහිර දිසාවෙන් පැමිණෙන්නා බටහිර දිසාවේ උපදවන භාණ්ඩ රැගෙන බටහිර දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ චිත්තානුපස්සනාව අනුව එන්නා සොළොස් ආකාර චිත්තානුපස්සනාව වඩා චිත්තානුපස්සනා භාවනාවේ ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. උතුරු දිසාවෙන් එන්නා උතුරු දිසාවේ නිපදවන භාණ්ඩ රැගෙන උතුරු දොරටුවෙන් නගරයට පිවිසේ. එසේ ධම්මානුපස්සනාව අනුව පැමිණෙනා පස් ආකාර ධම්මානුපස්සනාව වඩා ධම්මානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පිවිසේ. මෙසේ සරණ වසයෙන් මෙන්ම එකට එකතු කිරීම් වශයෙන් ද එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් ද කියන ලදැයි දත යුතුය.

කතමෙ චත‍්තාරොති කථෙතුකම්‍යතා පුච‍්ඡා. ඉධාති ඉමස‍්මිං සාසනෙ. භික‍්ඛවෙති ධම‍්මපටිග‍්ගාහකපුග‍්ගලාලපනමෙතං. භික‍්ඛූති පටිපත‍්තිසම‍්පාදකපුග‍්ගලනිදස‍්සනමෙතං. අඤ‍්ඤෙපි ච දෙවමනුස‍්සා පටිපත‍්තිං සම‍්පාදෙන‍්තියෙව, සෙට‍්ඨත‍්තා පන පටිපත‍්තියා භික‍්ඛුභාවදස‍්සනතො ච “භික‍්ඛූ”ති ආහ. භගවතො හි අනුසාසනිං සම‍්පටිච‍්ඡන‍්තෙසු භික‍්ඛු සෙට‍්ඨො, සබ‍්බප‍්පකාරාය අනුසාසනියා භාජනභාවතො. තස‍්මා සෙට‍්ඨත‍්තා “භික‍්ඛූ”ති ආහ. තස‍්මිං ගහිතෙ පන සෙසා ගහිතාව හොන‍්ති, රාජගමනාදීසු රාජග‍්ගහණෙන සෙසපරිසා විය. යො ච ඉමං පටිපත‍්තිං පටිපජ‍්ජති, සො භික‍්ඛු නාම හොතීති පටිපත‍්තියා භික‍්ඛුභාවදස‍්සනතොපි “භික‍්ඛූ”ති ආහ. පටිපන‍්නකො හි දෙවො වා හොතු මනුස‍්සො වා, භික‍්ඛූති සඞ‍්ඛ්‍යං ගච‍්ඡතියෙව යථාහ –

කතමෙ චත්තාරො - කියනු කැමතිව විචාරයි. ඉධ - මේ සාසනයෙහි. භික්ඛවෙ - මෙය ධර්ම ප්‍රතිග්‍රාහක පුද්ගලයින් ඇමතීමකි. භික්ඛු - මෙය පිළිවෙත් සපුරන පුද්ගල දැක්වීමකි. සෙසු දෙවියෝ ද මිනිස්සු ද පිළිවෙත් පුරති. පිළිවෙතින් ශ්‍රේෂ්ඨ නිසා භික්ෂු බව දැක්වීම් වශයෙන් භික්ඛු යයි කීහ. භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනා පිළිගන්නන් අතරෙහි සියළුම අනුසාසනාවල භාජනය වන්නා වූ භික්ෂූහු ශ්‍රේෂ්ඨයහ. උන්වහන්සේලා ගැනීමෙන් සෙස්සෝ ගත්තාහු වෙති. රජගමන්වල දී රජු ගැනීමෙන් සෙසු පිරිස වෙති. යමෙක් මේ ප්‍රතිපත්තිය පිළිපදී ද ඒ භික්ෂුව නම් වේ යයි ප්‍රතිපත්තියෙන් භික්ෂුභාවය දැක්වීමෙන් ද භික්ඛු - යයි කීහ. පිළිපන්නේ දෙවි හෝ මනුස්ස හෝ වේවා යන සංඛ්‍යාවට යති. යම්සේ කීහ.

“අලඞ‍්කතො චෙපි සමං චරෙය්‍ය, සන‍්තො දන‍්තො නියතො බ්‍රහ‍්මචාරී. සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං, සො බ්‍රාහ‍්මණො සො සමණො ස භික‍්ඛූ”ති. (ධ· ප· 142).

ලකර සම හැසිරුම - දැමුණු නියත බඹසර ද හැර දඬු හැම සතම - හෙ බමුණු සමණ බිකු වේ

කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ‍්ගපච‍්චඞ‍්ගානං කෙසාදීනඤ‍්ච ධම‍්මානං සමූහට‍්ඨෙන හත්‍ථිකායරථකායාදයො විය කායොති අධිප‍්පෙතො. යථා ච සමූහට‍්ඨෙන, එවං කුච‍්ඡිතානං ආයට‍්ඨෙන. කුච‍්ඡිතානඤ‍්හි පරමජෙගුච‍්ඡානං සො ආයොතිපි කායො. ආයොති උප‍්පත‍්තිදෙසො. තත්‍ථායං වචනත්‍ථො. ආයන‍්ති තතොති ආයො. කෙ ආයන‍්ති? කුච‍්ඡිතා කෙසාදයො. ඉති කුච‍්ඡිතානං ආයොති කායො.

කායෙ - රූප කයෙහි. මෙහි රූපකාය නම් අඟපසඟ කේසාදිය ද ස්වභාවයන්ගේ සමූහ අර්ථයෙන් ඇත්කය රථකය මෙන් කය යයි අදහස් කෙරේ. යම්සේ සමූහ අර්ථයෙන්, මෙසේ පිළිකුල් වූ දේ එකතු වීම් අර්ථයෙන් පිළිකුල් දෙයෙහි ඉතාමත් පිළිකුල් වූ ඒ එකතුව ද කය යයි උපන් දෙසකි. මේ එහි වචනාර්ථයයි. ආය නම් එයින් ද ආය වේ.

කායානුපස‍්සීති කායෙ අනුපස‍්සනසීලො කායං වා අනුපස‍්සමානො. කායෙති ච වත්‍වාපි පුන කායානුපස‍්සීති දුතියකායග‍්ගහණං අසම‍්මිස‍්සතො වවත්‍ථානඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථං කතන‍්ති වෙදිතබ‍්බං. තෙන න කායෙ වෙදනානුපස‍්සී වා, චිත‍්තධම‍්මානුපස‍්සී වා, අථ ඛො කායානුපස‍්සීයෙවාති කායසඞ‍්ඛාතෙ වත්‍ථුස‍්මිං කායානුපස‍්සනාකාරස‍්සෙව දස‍්සනෙන අසම‍්මිස‍්සතො වවත්‍ථානං දස‍්සිතං හොති. තථා න කායෙ අඞ‍්ගපච‍්චඞ‍්ගවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, නාපි කෙසලොමාදිවිනිමුත‍්තඉත්‍ථිපුරිසානුපස‍්සී, යොපි චෙත්‍ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ‍්ඛාතො කායො, තත්‍ථපි න භූතුපාදායවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, අථ ඛො රථසම‍්භාරානුපස‍්සකො විය අඞ‍්ගපච‍්චඞ‍්ගසමූහානුපස‍්සී, නගරාවයවානුපස‍්සකො විය කෙසලොමාදිසමූහානුපස‍්සී, කදලික‍්ඛන්‍ධපත‍්තවට‍්ටිවිනිබ‍්භුජකො විය රිත‍්තමුට‍්ඨිවිනිවෙඨකො විය ච භූතුපාදායසමූහානුපස‍්සීයෙවාති නානප‍්පකාරතො සමූහවසෙනෙව කායසඞ‍්ඛාතස‍්ස වත්‍ථුනො දස‍්සනෙන ඝනවිනිබ‍්භොගො දස‍්සිතො හොති. න හෙත්‍ථ යථාවුත‍්තසමූහවිනිමුත‍්තො කායො වා ඉත්‍ථී වා පුරිසො වා අඤ‍්ඤො වා කොචි ධම‍්මො දිස‍්සති, යථාවුත‍්තධම‍්මසමූහමත‍්තෙයෙව පන තථා තථා සත‍්තා මිච‍්ඡාභිනිවෙසං කරොන‍්ති. තෙනාහු පොරාණා –

කායානුපස්සි - කය අනුව බලන සීලයයි. කය අනුව බලන්නේ හෝ කය යයි කියා ද නැවත කායානුපස්සි යයි දෙවන වර කර ගැනීම අසම්මිශ්‍ර වශයෙන් විස්තරය ඝන වූ විනිබ්භොගාදිය දැක්වීම සඳහා කරන ලදැයි දත යුතුය. එහෙයින් කයෙහි වෙදනානුපස්සී හෝ චිත්ත ධම්මානු පස්සී හෝ නොවේ. කායානුපස්සීම යයි කාය සංඛ්‍යාත වස්තුවෙහි කායානුපස්සනාකාරය දැක්වීමෙන් අසම්මත වශයෙන් වෙන්කොට දක්වන ලද්දේ වේ. එසේ කයෙහි අඟපසඟවලින් වෙන්ව කයක් නැත. කෙස් ලොම් වලින් වෙන්ව ස්ත්‍රී පුරුෂ භාවයක් නොපෙනේ. කොළ මල් ආදියෙන් වෙන් වූ කෙසෙල් කඳක් මෙනි. ඉක්බිති රථ සම්භාරය දකින්නා මෙන් අඟපසඟ සමූහය දකි. නගරයේ අවයව දකින්නා මෙනි. හිස්මිට වෙළන්නාක් මෙන් ද භූත උපාදාය රූප සමූහය බලන්නා මෙන් ද නොයෙක් ආකාරයෙන් සමූහ වශයෙන් කාය සංඛාර වස්තුව දැකීමෙන් ඝන වූ වෙළුහැරීම දකින්නේ වේ. සමූහ විනිර්මුත්තව කයක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අන්කිසිවෙක් හෝ දක්නා නොලැබේ. කියන ලද ධර්ම සමූහ මතම ඒ ඒ සත්වයෝ වැරදි ඇතුළත්වීම කරති. එයින් කීහ පුරාණයෝ:

“යං පස‍්සති න තං දිට‍්ඨං, යං දිට‍්ඨං තං න පස‍්සති. අපස‍්සං බජ‍්ඣතෙ මූළ‍්හො, බජ‍්ඣමානො න මුච‍්චතී”ති.

බැලූ දෙය වෙනම දකී - දුටු දෙය නොපෙනේමය මුළාවෙන් බැඳේ දද - බැඳෙන්නේ නොමිදේමය.

ඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථන‍්ති වුත‍්තං, ආදිසද‍්දෙන චෙත්‍ථ අයම‍්පි අත්‍ථො වෙදිතබ‍්බො. අයඤ‍්හි එතස‍්මිං කායෙ කායානුපස‍්සීයෙව, න අඤ‍්ඤ ධම‍්මානුපස‍්සීති වුත‍්තං හොති. යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස‍්සිනො හොන‍්ති, න එවං අනිච‍්චදුක‍්ඛානත‍්තඅසුභභූතෙයෙව ඉමස‍්මිං කායෙ නිච‍්චසුඛඅත‍්තසුභභාවානුපස‍්සී, අථ ඛො කායානුපස‍්සී අනිච‍්චදුක‍්ඛානත‍්තඅසුභාකාරසමූහානුපස‍්සීයෙවාති වුත‍්තං හොති. අථ වා ය‍්වායං පරතො “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා…පෙ… සො සතොව අස‍්සසතී”තිආදිනා නයෙන අස‍්සාසපස‍්සාසාදිචුණ‍්ණිකජාතඅට‍්ඨිකපරියොසානො කායො වුත‍්තො, යො ච “ඉධෙකච‍්චො පථවීකායං අනිච‍්චතො අනුපස‍්සති, ආපොකායං තෙජොකායං වායොකායං කෙසකායං ලොමකායං ඡවිකායං චම‍්මකායං මංසකායං රුධිරකායං න‍්හාරුකායං අට‍්ඨිකායං අට‍්ඨිමිඤ‍්ජකාය”න‍්ති (පටි· ම· 3.35) පටිසම‍්භිදායං කායො වුත‍්තො, තස‍්ස සබ‍්බස‍්ස ඉමස‍්මිඤ‍්ඤෙව කායෙ අනුපස‍්සනතො කායෙ කායානුපස‍්සීති එවම‍්පි අත්‍ථො වෙදිතබ‍්බො.

එකක් වසයෙන් සලකන සන්තති ආදිය කොටස්වලට බෙදීම දැකීම පිණිස කියන ලදී. මෙහි ආදි ශබ්දයෙන් මේ අර්ථය ද දත යුතුය. මෙය වනාහි මේ කයෙහි කය අනුව බැලීම මිස අනිත් ධර්මය අනුව බැලීමක් නැත. කුමක් කියන ලද්දේ වේද? යම්සේ ජලය නැතත් මිරිඟුවෙන් ජලය දකින්නෝ වෙති. මෙසේ මේ කයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මිස නිත්‍ය සුඛ ආත්ම සුභ බවක් නොපෙනෙන්නේ යයි කියන ලද්දේ වේ. එසේ නැතහොත් යමෙක් මෙය පසුව “මහණෙනි, මෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ... හෙතෙම සිහියෙන් ආශ්වාස කරයි” ආදි නයින් ආශ්වාස ප්‍රශ්වාස ආදි කය සුණු වූ ඇටවලින් අවසන් වේ යයි කියන ලදී. “මෙහි යමෙක් පෘථි වී කය, ආපෝ, තේජෝ, වායෝ, කේස, ලෝම, ඡවි, චම්ම, මංස, රුහිර, නහාරු, අට්ඨි, අට්ඨිමිඤජ කාය අනිත්‍ය වශයෙන් දකින්නේ” යයි පටිසම්භිදාවෙහි කාය කියන ලදී. ඒ සියල්ලම මේ කයෙහි බැලීම් වශයෙන් “කායෙ කායානුපස්සී” යයි අර්ථය දත යුතුය. එසේ නැතහොත් යම්කිසිවෙක් නො දැකීමෙන් මේ කයෙහි මමය හෝ මාගේ යයි හෝ ගන්නේ වී නමුත් මේ කය දැකීමෙන් කෙස් ලොම් ආදි නා නා ස්වභාව සමූහයක් යයි පෙනේ. මෙසේ කයෙහි කෙසාදි ස්වභාව සමූහය යයි මෙසේ ද අර්ථය දත යුතුය.

අථ වා කායෙ අහන‍්ති වා මමන‍්ති වා එවං ගහෙතබ‍්බස‍්ස යස‍්ස කස‍්සචි අනනුපස‍්සනතො, තස‍්ස තස‍්සෙව පන කෙසලොමාදිකස‍්ස නානාධම‍්මසමූහස‍්ස අනුපස‍්සනතො කායෙ කෙසාදිධම‍්මසමූහසඞ‍්ඛාතකායානුපස‍්සීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

තවද මේ කය පිළිබඳව අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ යනාදි අනුක්‍රමයෙන් පටිසම්භිදාවෙහි ආ සියළු අනිත්‍ය ලක්ෂණාදිය ආකාර සමූහ සංඛ්‍යාත වූ කයේ බැලීමෙන් කායෙ කායානුපස්සි - යයි මෙසේ ද අර්ථය දත යුතුය.

අපිච “ඉමස‍්මිං කායෙ අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො”තිආදිනා අනුක‍්කමෙන පටිසම‍්භිදායං ආගතනයස‍්ස සබ‍්බස‍්සෙව අනිච‍්චලක‍්ඛණාදිනො ආකාරසමූහසඞ‍්ඛාතස‍්ස කායස‍්ස අනුපස‍්සනතොපි කායෙ කායානුපස‍්සීති එවම‍්පි අත්‍ථො දට‍්ඨබ‍්බො. තථා හි අයං කායෙ කායානුපස‍්සනාපටිපදං පටිපන‍්නො භික‍්ඛු ඉමං කායං අනිච‍්චානුපස‍්සනාදීනං සත‍්තන‍්නං අනුපස‍්සනානං වසෙන අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො. දුක‍්ඛතො අනුපස‍්සති, නො සුඛතො. අනත‍්තතො අනුපස‍්සති, නො අත‍්තතො. නිබ‍්බින්‍දති, නො නන්‍දති, විරජ‍්ජති, නො රජ‍්ජති, නිරොධෙති. නො සමුදෙති, පටිනිස‍්සජ‍්ජති, නො ආදියති. සො තං අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං පජහති, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං පජහති, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං පජහති, විරජ‍්ජන‍්තො රාගං පජහති, නිරොධෙන‍්තො සමුදයං පජහති, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහතීති වෙදිතබ‍්බො.

එසේම මේ ශරීරයෙහි කායානුපස්සනා ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුව මේ සිරුර අනිත්‍යානුපස්සනාදි සත් අනුපස්සනා වශයෙන් අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ. සැප වශයෙන් නොව දුක් වශයෙන් බලයි. ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි. සතුටුවීම් වශයෙන් නොව කලකිරිම් වශයෙන් බලයි. ඇලීම් වශයෙන් නොව නො ඇලීම් වශයෙන් බලයි. සමුදය වශයෙන් නොව නිරෝධ වශයෙන් බලයි. ගැනීම් වශයෙන් නොව අත්හහැරීම් වශයෙන් බලයි. හෙතෙම සිරුර අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කරයි. දුක් වශයෙන් බලන්නේ සැප සංඥාව දුරුකරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කරයි. කලකිරෙන්නේ ආශාව අත්හැරියි. නොඇලෙන්නේ රාගය දුරු කරයි. නිරුද්ධවන්නේ සමුදය දුරු කරයි. අත්හරින්නේ ගැනීම දුරුකරයි යයි දත යුතුය.

විහරතීති ඉරියති. ආතාපීති තීසු භවෙසු කිලෙසෙ ආතාපෙතීති ආතාපො, වීරියස‍්සෙතං නාමං. ආතාපො අස‍්ස අත්‍ථීති ආතාපී. සම‍්පජානොති සම‍්පජඤ‍්ඤසඞ‍්ඛාතෙන ඤාණෙන සමන‍්නාගතො. සතිමාති කායපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතො. අයං පන යස‍්මා සතියා ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා පඤ‍්ඤාය අනුපස‍්සති, න හි සතිවිරහිතස‍්ස අනුපස‍්සනා නාම අත්‍ථි, තෙනෙවාහ – “සතිඤ‍්ච ඛ‍්වාහං, භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමී”ති (සං· නි· 5.234). තස‍්මා එත්‍ථ “කායෙ කායානුපස‍්සී විහරතී”ති එත‍්තාවතා කායානුපස‍්සනාසතිපට‍්ඨානං වුත‍්තං හොති. අථ වා යස‍්මා අනාතාපිනො අන‍්තොසඞ‍්ඛෙපො අන‍්තරායකරො හොති, අසම‍්පජානො උපායපරිග‍්ගහෙ අනුපායපරිවජ‍්ජනෙ ච සම‍්මුය‍්හති, මුට‍්ඨස‍්සති උපායාපරිච‍්චාගෙ අනුපායාපරිග‍්ගහෙ ච අසමත්‍ථො හොති, තෙනස‍්ස තං කම‍්මට‍්ඨානං න සම‍්පජ‍්ජති. තස‍්මා යෙසං ධම‍්මානං ආනුභාවෙන තං සම‍්පජ‍්ජති, තෙසං දස‍්සනත්‍ථං “ආතාපී සම‍්පජානො සතිමා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

විහරති - ඉරියව් පවත්වයි. ආතාපි - තුන් භවයෙහි කෙලෙසුන් තවයි යනු - ආතප, වීර්යට මෙය නමකි. ආතපයෝ මොහුට ඇත්තෙනුයි ආතාපී වේ. සම්පජානො - සමපඡඤ්ඤ සංඛ්‍යාත වූ නුවණින් යුක්ත වූයේ. සතිමා - කය විමසන සිහියෙන් යුක්ත වූයේ. මේ වනාහි මේ සිහියකින් අරමුණු ගෙන නුවණින් බලයි. සිහිය නැතිව අනුපස්සනාවක් නම් නැත. එහෙයින්ම කීහ. මහණෙනි, සිහිය සැම දෙයටම ප්‍රයෝජන යයි කියමි” එහෙයින් මෙහි කයෙහි කය අනුව බලමින් වාසය කරයි යයි ද මෙපමණකින් කායානුපස්සනා සතිපට්ඨාන කර්ම ස්ථානය කියන ලද්දේ වේ. එසේ නැතහොත් යම් හෙයකින් වීර්ය නැතිව ඇතුළත හැකිලී ගියේ අනතුරු කරන්නේ වේ. නුවණ නැතිවූයේ උපාය පරිග්‍රහනය ද අනුපාය පරිවර්ජන යේ ද මුළාවේ. මුළා වූ සිහිය උපායෙන් යුක්තවීම ද අනුපාය අපරිග්‍රහයේ ද අසමත් වේ. එහෙයින් ඔහුට ඒ කර්මස්ථානය සිදු නොවේ. එහෙයින් යම් ධර්මයක බලයෙන් එය සිදුවේද එය දැක්වීමට ආතාපි සම්පජානො සතිමා - මෙය කියන ලදැයි දත යුතුය.

ඉති කායානුපස‍්සනාසතිපට‍්ඨානං සම‍්පයොගඞ‍්ගඤ‍්චස‍්ස දස‍්සෙත්‍වා ඉදානි පහානඞ‍්ගං දස‍්සෙතුං විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති වුත‍්තං. තත්‍ථ විනෙය්‍යාති තදඞ‍්ගවිනයෙන වා වික‍්ඛම‍්භනවිනයෙන වා විනයිත්‍වා. ලොකෙති තස‍්මිඤ‍්ඤෙව කායෙ. කායො හි ඉධ ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති අධිප‍්පෙතො. යස‍්මා පනස‍්ස න කායමත‍්තෙයෙව අභිජ‍්ඣාදොමනස‍්සං පහීයති, වෙදනාදීසුපි පහීයතියෙව. තස‍්මා පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධා ලොකොති විභඞ‍්ගෙ වුත‍්තං. ලොකසඞ‍්ඛාතත‍්තා වා තෙසං ධම‍්මානං අත්‍ථුද‍්ධාරනයෙනෙතං වුත‍්තං. යං පනාහ – “තත්‍ථ කතමො ලොකො? ස‍්වෙව කායො ලොකො”ති, අයමෙවෙත්‍ථ අත්‍ථො. තස‍්මිං ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං විනෙය්‍යාති එවං සම‍්බන්‍ධො දට‍්ඨබ‍්බො. යස‍්මා පනෙත්‍ථ අභිජ‍්ඣාග‍්ගහණෙන කාමච‍්ඡන්‍දො, දොමනස‍්සග‍්ගහණෙන බ්‍යාපාදො සඞ‍්ගහං ගච‍්ඡති, තස‍්මා නීවරණපරියාපන‍්නබලවධම‍්මද‍්වයදස‍්සනෙන නීවරණප‍්පහානං වුත‍්තං හොතීති වෙදිතබ‍්බං.

මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය යෙදිය යුතු දේ දක්වා දන්නා ප්‍රහානය කළ යුතු අංග දැක්වීමට විනෙය්‍ය ලොකෙ අභිජඣා දොමනස්සං යයි කියන ලදී. එහි විනෙය්‍යාති - තදංග වශයෙන් හෝ විෂ්කම්බන වශයෙන් හෝ දුරුකොට. ලොකෙ ඒ කයෙහිම. කය වනාහි මෙහි කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝකයයි අදහස් කරයි. අභිධ්‍යා, දොම්නස් කයෙහි පමණක් නොව වේදනාදියෙහි ද දුරුවෙයි. ප්‍රහීණ කරයි. එහෙයින් උපාදාන ස්කන්ධ පහම ලෝකයයි විභංගයෙහි කියන ලදී. ලෝක සංඛ්‍යාත බැවින් ද ඒ ස්වභාවයන්ගේ අරුත් ඉදිරීම් නයින් මෙය කියන ලදී. එය කීහ. “එහි ලෝකය කුමක්ද? ඒ කයම ලෝකයයි. මෙහි මේ අර්ථයයි. ඒ ලෝකයෙහි අභිධ්‍යා දොම්නස් දුරුකොටයයි මෙසේ සම්බන්ධය දත යුතුය. මෙහි යම් හෙයකින් අභිධ්‍යාව ගැනීමෙන් කාමච්ඡන්දය ද, දොම්නස ගැනීමෙන් ව්‍යාපාදය සංග්‍රහ වේ. එහෙයින් නීවරණවලට ඇතුළත් බලවත් වූ ධර්ම දෙක දැක්වීමෙන් නීවරණ ප්‍රහානය ද කියන ලදැයි දත යුතුය.

විසෙසෙන චෙත්‍ථ අභිජ‍්ඣාවිනයෙන කායසම‍්පත‍්තිමූලකස‍්ස අනුරොධස‍්ස, දොමනස‍්සවිනයෙන කායවිපත‍්තිමූලකස‍්ස විරොධස‍්ස, අභිජ‍්ඣාවිනයෙන ච කායෙ අභිරතියා, දොමනස‍්සවිනයෙන කායභාවනාය අනභිරතියා, අභිජ‍්ඣාවිනයෙන කායෙ අභූතානං සුභසුඛභාවාදීනං පක‍්ඛෙපස‍්ස, දොමනස‍්සවිනයෙන කායෙ භූතානං අසුභාසුඛභාවාදීනං අපනයනස‍්ස ච පහානං වුත‍්තං. තෙන යොගාවචරස‍්ස යොගානුභාවො යොගසමත්‍ථතා ච දීපිතා හොති. යොගානුභාවො හි එස, යදිදං අනුරොධවිරොධවිප‍්පමුත‍්තො අරතිරතිසහො අභූතපක‍්ඛෙපභූතාපනයනවිරහිතො ච හොති. අනුරොධවිරොධවිප‍්පමුත‍්තො චෙස අරතිරතිසහො අභූතං අපක‍්ඛිපන‍්තො භූතඤ‍්ච අනපනයන‍්තො යොගසමත්‍ථො හොතීති.

විශේෂයෙන් මෙහි අභිධ්‍යාව දුරු කිරීමෙන් කාය සවිමත් මුල් වූ අනුරෝධය ද දොම්නස දුරු කිරිමෙන් කාය විපත් මුල් වූ විරෝධය ද අභිධ්‍යාව දුරු කිරිමෙන් කය කෙරෙහි ඇලීමද දොම්නස දුරු කිරිමෙන් කාය භාවනාවෙහි නොඇලීමද අභිධ්‍යා විනයෙන් කයෙහි ඇති සුභ සුඛ ආදිය ප්‍රතික්ෂේපයද දොමනස්ස විනයෙන් කයෙහි ඇති අසුභ දුක් ආදිය ලබා ගැනීමේ ප්‍රහානය ද කියන ලදී. එහෙයින් යෝගාවචරයාගේ යෝගානුභාවය ද යෝගයෙහි (භාවනාවෙහි) සමත් බවද දක්වන ලදී. යෝගානුභාවය වන මෙය අනුරාධො හා විරොධයෙන් මිදුණු අරති රති සයකයෙක්ද අභූත ප්‍රතික්ෂේප ලබාගැනීම් නැති ලක්‍ෂණ ඇතිවේ. මෙසේ භාවනාවෙහි සමත් වේ.

අපරො නයො “කායෙ කායානුපස‍්සී”ති එත්‍ථ අනුපස‍්සනාය කම‍්මට‍්ඨානං වුත‍්තං. “විහරතී”ති එත්‍ථ වුත‍්තවිහාරෙන කම‍්මට‍්ඨානිකස‍්ස කායපරිහරණං, “ආතාපී”තිආදීසු පන ආතාපෙන සම‍්මප‍්පධානං, සතිසම‍්පජඤ‍්ඤෙන සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං, කම‍්මට‍්ඨානපරිහරණූපායො වා. සතියා වා කායානුපස‍්සනාවසෙන පටිලද‍්ධසමථො, සම‍්පජඤ‍්ඤෙන විපස‍්සනා අභිජ‍්ඣාදොමනස‍්සවිනයෙන භාවනාබලං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

තවද න්‍යායක කායේ කායානුපස්සි - මෙහි අනුව බැලීම සඳහා කමටහන කියන ලදී. විහරති - මෙහි කියන ලද විහරණයෙන් කර්මස්ථානිකයාගේ කාය පරිහරණය වේ. ආතාපී - ආදියෙහි වනාහි වීර්යවත් වූ සම්‍යග් ප්‍රධාන සිහිනුවණින් සියල්ල සිදුකරන කර්මස්ථානය, කර්මස්ථාන පරිහරණ උපාය හෝ සිහියෙන් හෝ කය අනුව බැලීම් වශයෙන් ලබන ලද සමථය විදර්ශනා ඥානයෙන් අභිධ්‍යා දොස් දුරුකිරීමෙන් භාවනා ඵලය කියනු ලැබේ යයි දත යුතුය.

විභඞ‍්ගෙ පන අනුපස‍්සීති තත්‍ථ “කතමා අනුපස‍්සනා? යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභබ්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරීමෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අනුපස‍්සනා. ඉමාය අනුපස‍්සනාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සමන‍්නාගතො, තෙන වුච‍්චති අනුපස‍්සීති. විහරතීති ඉරියති පවත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච‍්චති විහරතීති. ආතාපීති තත්‍ථ කතමං ආතාපං? යො චෙතසිකො වීරියාරම‍්භො නිකම‍්මො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හී ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තද‍්දන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහී වීරියං වීරියින්‍ද්‍රියං වීරියබලං සම‍්මාවායාමො, ඉදං වුච‍්චති ආතාපං. ඉමිනා ආතාපෙන උපෙතො හොති…පෙ… සමන‍්නාගතො, තෙන වුච‍්චති ආතාපීති. සම‍්පජානොති තත්‍ථ කතමං සම‍්පජඤ‍්ඤං? යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභබ්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරීමෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති සම‍්පජඤ‍්ඤං. ඉමිනා සම‍්පජඤ‍්ඤෙන උපෙතො හොති …පෙ… සමන‍්නාගතො, තෙන වුච‍්චති සම‍්පජානොති. සතිමාති තත්‍ථ කතමා සති? යා සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම‍්මුසනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති, අයං වුච‍්චති සති. ඉමාය සතියා උපෙතො හොති…පෙ… සමන‍්නාගතො, තෙන වුච‍්චති සතිමාති.

විභඞගයෙහි වනාහි “අනුපස්සි” යයි එහි අනුපස්සනාව කිම? යම් නුවණක් දැනීම..... සම්‍යග් දෘෂ්ඨිය මෙය අනුපස්සනා යයි කියනු ලැබේ. මේ අනුපස්සනාවෙන් යුක්ත වූයේ මොනවට යුක්ත වූයේ එළඹියේ හොඳින් එළඹියේ ඉපදවූයේ යුක්ත වූයේ එයින් අනුපස්සනා යයි කියනු ලැබේ. විහරති - ඉරියව් පවත්වයි, පාලනය කරයි, යැපෙයි, හැසිරෙයි, වාසය කරයි, එයින් විහරති යයි කියනු ලැබේ. ආතාපී එහි ආතප්ප යනු කුමක්ද? “යමෙක් චෛතසික වීර්ය ආරම්භ කරන ලද්දේ ද ඒ සම්‍යක් ව්‍යායාමය, මෙය ආතප්ප යයි කියනු ලැබේ. මේ වීර්යයෙන් යුක්ත වූයේ වේ. සමන්නාගත වූයේ ආතාපී යයි කියනු ලැබේ. සම්පජානො - එහි සම්පජඤ්ඤ යනු කුමක්ද? යම් නුවණකින් දැනගනීද....සම්‍යක් දෘෂ්ඨිය මෙය සම්පජඤ්ඤ යයි කියනු ලැබේ. මේ නුවණින් යුක්ත වූයේ......සමන්නාගත වූයේ එයින් සම්පජාන යයි කියනු ලැබේ. සතිමා - එහි සිහිය නම් කුමක්ද? යම් සිහියක් අනුව බැලීමක්. මනා සිහිය, මෙය සිහිය යයි කියනු ලැබේ. [missing trans?]

විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති තත්‍ථ කතමො ලොකො? ස‍්වෙව කායො ලොකො. පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධා ලොකො, අයං වුච‍්චති ලොකො. තත්‍ථ කතමා අභිජ‍්ඣා? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දී නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අභිජ‍්ඣා. තත්‍ථ කතමං දොමනස‍්සං? යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සං. ඉති අයඤ‍්ච අභිජ‍්ඣා, ඉදඤ‍්ච දොමනස‍්සං ඉමම‍්හි ලොකෙ විනීතා හොන‍්ති පටිවිනීතා සන‍්තා සමිතා වූපසමිතා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා බ්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා, තෙන වුච‍්චති විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්ස”න‍්ති (විභ· 357-362).

විනෙය්‍ය ලොකෙ අභිජඣා දොමනස්සං - එහි ලෝකය කුමක්ද? ඒ කයම ලෝකයයි. උපාදාන ස්කන්ධ පහ ලෝකයයි. මෙය ලෝකය යයි කියනු ලැබේ. එහි අභිධ්‍යාව කුමක්ද? යම් රාගයක්, රාග සහිත වීමක්, ඇලීමක්, අනුරෝධයක් (අනුකූලත්වය) බැඳීමක්, බැඳීම් රාගයක් වේද මෙය අභිධ්‍යාව යයි කියනු ලැබේ. එහි දොමනස්සං - කුමක්ද? යම් චෛතසිකයක් අමිහිරි ද දුක්ද සිත හා ගැටීමෙන් උපන් අමිහිරි දුක් වේදනාව, මෙය දොම්නස යයි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද දොම්නස ද මේ ලෝකයෙහි විනීත වේ. ප්‍රතිවිනීත වේ. සාන්ත වේ. සමනය වේ. ඉවත් වේ, අස්තයට ගියේ, විනාශ වූයේ ඇතුළට වැදුනේ වියළුණේ අවසන් කරන ලද්දේ එයින් විනාශය වේ යයි කියනු ලැබේ.

එවමෙතෙසං පදානං අත්‍ථො වුත‍්තො. තෙන සහ අයං අට‍්ඨකථානයො යථා සංසන්‍දති, එවං වෙදිතබ‍්බො. අයං තාව කායානුපස‍්සනාසතිපට‍්ඨානුද‍්දෙසස‍්ස අත්‍ථවණ‍්ණනා.

මෙසේ මේ පදවල අර්ථය කියන ලදී. එය සමග මේ අටුවා නයයි. මේ තවම කායානුපස්සනා සතිපට්ඨානයෙහි උද්දේසයේ අර්ථ වර්ණනාවයි.

ඉදානි වෙදනාසු. චිත‍්තෙ. ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති…පෙ… විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති එත්‍ථ වෙදනාසු වෙදනානුපස‍්සීති එවමාදීසු වෙදනාදීනං පුන වචනෙ පයොජනං කායානුපස‍්සනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. වෙදනාසු වෙදනානුපස‍්සී. චිත‍්තෙ චිත‍්තානුපස‍්සී. ධම‍්මෙසු ධම‍්මානුපස‍්සීති එත්‍ථ පන වෙදනාති තිස‍්සො වෙදනා, තා ච ලොකියා එව. චිත‍්තම‍්පි ලොකියං, තථා ධම‍්මා. තෙසං විභාගො නිද‍්දෙසවාරෙ පාකටො භවිස‍්සති. කෙවලං පනිධ යථා වෙදනා අනුපස‍්සිතබ‍්බා, තථා තා අනුපස‍්සන‍්තො “වෙදනාසු වෙදනානුපස‍්සී”ති වෙදිතබ‍්බො. එස නයො චිත‍්තධම‍්මෙසුපි. කථඤ‍්ච වෙදනා අනුපස‍්සිතබ‍්බාති? සුඛා තාව වෙදනා දුක‍්ඛතො, දුක‍්ඛා සල‍්ලතො, අදුක‍්ඛමසුඛා අනිච‍්චතො. යථාහ –

දැන් “වේදනාවල චිත්ත - ධර්මවල ධර්මය අනුව බලමින් වාසය කරයි...අභිධ්‍යා දොමනස්ස දුරු කරන්නේය යන” මෙහි වේදනාවල වේදනාව වේදනාව අනුව බලන්නේ යයි මේ ආදියෙහි වේදනාදීන්ගේ නැවත වචනයෙහි ප්‍රයෝජනය කායානුපස්සනාවෙහි කියන ලද ආකාරයෙන්ම දත යුතුය. වේදනාවල වේදනාව අනුව බලන්නේ සිතෙහි සිත අනුව බලන්නේ ධර්මවල ධර්මය අනුව බලන්නේ යයි මෙහි වනාහි වෙදනා - තුන් වේදනාය. ලෞකික සිත ද ලෞකිකය. ඒවායෙහි විභාගය නිද්දේස වාරයෙහි ප්‍රකට වන්නේය. හුදෙක් මෙහි යම්සේ වේදනාව අනුව බැලිය යුතු ද එසේ එය බලන්නේ වේදනාව අනුව බලන්නේ යයි දත යුතුය. චිත්ත, ධර්මවල ද මෙම නයම වේ. වේදනාව අනුව බලන්නේ කෙසේද? පළමුව සැප වේදනාව දුක් වශයෙන්, දුක් වේදනාව උලක් මෙන්, අදුක්ඛමසුඛ වේදනාව අනිත්‍ය වශයෙන් යම් සේ කීහ:

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො. අදුක‍්ඛමසුඛං සන‍්තං, අද‍්දක‍්ඛි නං අනිච‍්චතො. ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු, උපසන‍්තො චරිස‍්සතී”ති. (සං· නි· 4.253).

යමෙක් සුව දුක සේ - දකී දුක උල සේ ඔහු අදුක් අසුව - අනිත් - ලෙස ඔහු එය දකින්නේ යහ සේ දකින බිකු - හැසිරෙයි උපසාන්තව

සබ‍්බා එව චෙතා “දුක‍්ඛා”තිපි අනුපස‍්සිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං – “යං කිඤ‍්චි වෙදයිතං, තං දුක‍්ඛස‍්මින‍්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක‍්ඛතොපි ච අනුපස‍්සිතබ‍්බා. යථාහ “සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක‍්ඛා”ති (ම· නි· 1.465) සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. අපිච අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනාවසෙනපි අනුපස‍්සිතබ‍්බා. සෙසං නිද‍්දෙසවාරෙයෙව පාකටං භවිස‍්සති.

සියළුම සිතිවිලි දුක් යයි ද අනුව බැලිය යුතුය. මෙය කියන ලදී” යම් කිසිවක් විඳියි ද ඒ සියල්ල දුක්යයි කියමි” සැපය දුක් වශයෙන් ද බැලිය යුතුය. යම්සේ කීහ: “සැප වේදනාව ස්ථිතිය සැපය. වෙනස්වීම දුකය” යයි සියල්ල විස්තර කළයුතුය. තව ද අනිත්‍යාදි සත අනුපස්සනා වශයෙන් ද අනුව බැලිය යුතුය. සෙස්ස නිද්දේස වාරයෙහි ප්‍රකට වන්නේය.

චිත‍්තධම‍්මෙසුපි චිත‍්තං තාව ආරම‍්මණාධිපතිසහජාතභූමිකම‍්මවිපාකකිරියාදිනානත‍්තභෙදානං අනිච‍්චාදිඅනුපස‍්සනානං නිද‍්දෙසවාරෙ ආගතසරාගාදිභෙදානඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බං. ධම‍්මා සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණානං සුඤ‍්ඤතධම‍්මස‍්ස අනිච‍්චාදිසත‍්තානුපස‍්සනානං නිද‍්දෙසවාරෙ ආගතසන‍්තාදිභෙදානඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බා. සෙසං වුත‍්තනයමෙව. කාමඤ‍්චෙත්‍ථ යස‍්ස කායසඞ‍්ඛාතෙ ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං පහීනං, තස‍්ස වෙදනාදීසුපි තං පහීනමෙව. නානාපුග‍්ගලවසෙන පන නානාචිත‍්තක‍්ඛණිකසතිපට‍්ඨානභාවනාවසෙන ච සබ‍්බත්‍ථ වුත‍්තං. යතො වා එකත්‍ථ පහීනං සෙසෙසුපි පහීනං හොති, තෙනෙවස‍්ස තත්‍ථ පහානදස‍්සනත්‍ථම‍්පි එතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බන‍්ති.

චිත්ත ධර්මවල ද පළමුව සිත ආරම්මණ අධිපති, සහජාත භූමි කර්මවිපාක කිරියාදි නානාවිධ භේදයන්ගේ අනිත්‍යාදි අනුපස්සනාවන්, නිද්දේස වාරයෙහි එන සරාගාදි භේදයන්ගේ ද වශයෙන් අනුව බැලිය යුතුය. ධර්ම ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණයන්ගේ ශුන්‍යතා ධර්මයේ අනිත්‍යාදි සත් අනුපස්සනාවන්ගේ නිද්දේස වාරයෙහි සන්ත අසන්තාදි භේන්දයන්ගේ ද වශයෙන් බැලිය යුතුය. සෙස්ස කියන ලද්ද අනුවමය. කාය සංඛ්‍යාත ලෝකයෙහි යමෙකුගේ අභිධ්‍යා දෝමනස්ස ප්‍රහීනවේද වේදනාදි ලෝකයෙහි ද ඔහුගේ අභිධ්‍යා දොමනස්ස ප්‍රහීන වේ. නානා පුද්ගල වශයෙන් වනාහි නානා චිත්තක්ෂණික සතිපට්ඨාන භාවනා වශයෙන් ද සැමතැනම කියන ලදී. යම් හෙයකින් එක් තැනක ප්‍රහීන නම් සෙස්සෙහි ද ප්‍රහීන වේ. එහෙයින් ඔහුගේ එහි ප්‍රභානය දැකීම ද කියන ලද යයි දත යුතුය.

උද‍්දෙසවාරකථා නිට‍්ඨිතා.

උද්දේසවාර කථා නිමි

කායානුපස‍්සනා ආනාපානපබ‍්බවණ‍්ණනා

ඉදානි සෙය්‍යථාපි නාම ඡෙකො විලීවකාරකො ථූලකිලඤ‍්ජසණ‍්හකිලඤ‍්ජචඞ‍්කොටකපෙළාපුටාදීනි උපකරණානි කත‍්තුකාමො එකං මහාවෙණුං ලභිත්‍වා චතුධා භින්‍දිත්‍වා තතො එකෙකං වෙණුඛණ‍්ඩං ගහෙත්‍වා ඵාලෙත්‍වා තං තං උපකරණං කරෙය්‍ය, එවමෙව භගවා සතිපට‍්ඨානදෙසනාය සත‍්තානං අනෙකප‍්පකාරං විසෙසාධිගමං කත‍්තුකාමො එකමෙව සම‍්මාසතිං “චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරතී”තිආදිනා නයෙන ආරම‍්මණවසෙන චතුධා භින්‍දිත්‍වා තතො එකෙකං සතිපට‍්ඨානං ගහෙත්‍වා කායං විභජන‍්තො “කථඤ‍්ච භික‍්ඛවෙ”තිආදිනා නයෙන නිද‍්දෙසවාරං වත‍්තුමාරද‍්ධො.

දැන් යම්සේ දක්ෂ කුළුපොත්තෙක් (උණ බට පතුරුවලින් භාණ්ඩ සාදන්නා වූ) විශාල කලාල, මෘදු කලාල කුඩපෙට්ටි, පෙට්ටි, ගොටු ආදි උපකරණ කරනු කැමැත්තේ ලොකු උණ ගසක් ලැබ කැබලි හතරට කපා එක එක කැබැල්ලක් ගෙන පලා ඒ ඒ උපකරණ කරන්නේය. එසේම භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් සත්වයින්ගේ නොයෙක් ආකාර විශේෂාධිගමය කරනු කැමැත්තේ එකම සම්මා සතිය සතර සතිපට්ඨානය, කවර නම් සතරක්ද? මෙහි මහණෙනි, කයෙහි කය අනුව බලන් වාසය කරයි ආදී නයින් අරමුණු වශයෙන් සතරකට බෙදා එයින් එක එක සතිපට්ඨානය ගෙන බෙදන්නේ, මහණෙනි.

තත්‍ථ කථඤ‍්චාතිආදි විත්‍ථාරෙතුකම්‍යතාපුච‍්ඡා. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – භික‍්ඛවෙ, කෙන ච පකාරෙන භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරතීති? එස නයො සබ‍්බපුච‍්ඡාවාරෙසු. ඉධ භික‍්ඛවෙ භික‍්ඛූති භික‍්ඛවෙ ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. අයඤ‍්හෙත්‍ථ ඉධසද‍්දො සබ‍්බප‍්පකාරකායානුපස‍්සනානිබ‍්බත‍්තකස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිස‍්සයභූතසාසනපරිදීපනො අඤ‍්ඤසාසනස‍්ස තථාභාවපටිසෙධනො ච. වුත‍්තඤ‍්හෙතං “ඉධෙව භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (ම· නි· 1.139). තෙන වුත‍්තං “ඉමස‍්මිං සාසනෙ භික‍්ඛූ”ති.

කෙසේද? ආදි විස්තර කරනු කැමතිව විචාරීමයි. මෙය වනාහි මෙහි සංක්ෂෙප අර්ථයයි. මහණෙනි. කුමන අයුරකින් භික්ෂුව කයෙහි කය අනුව බලන්නේ හැසිරේදැයි. සියළු ප්‍රශ්නවාරවල මෙම නයයි. ඉධ භික්ඛවේ භික්ඛු - මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව, මෙහි මේ ඉධ ශබ්දය සියළු ආකාර කායානුපස්සනා උපදවන පුද්ගලයාට ආධාරවන සාසනය දැක්වීමයි. අන්‍ය සාසනවල එසේ වීම ප්‍රතිසේධනය ද එය කියන ලදී. මහණෙනි, මෙහිම ශ්‍රමණයා. අන්‍ය සාසන ශ්‍රමණයන්ගේ හිස් වේ. මේ සාසනයෙහි භික්ෂුව යයි එසේ හෙයින් කියන ලදී.

අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වාති ඉදමස‍්ස සතිපට‍්ඨානභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපනං. ඉමස‍්ස හි භික‍්ඛුනො දීඝරත‍්තං රූපාදීසු ආරම‍්මණෙසු අනුවිසටං චිත‍්තං කම‍්මට‍්ඨානවීථිං ඔතරිතුං න ඉච‍්ඡති, කූටගොණයුත‍්තරථො විය උප‍්පථමෙව ධාවති. තස‍්මා සෙය්‍යථාපි නාම ගොපො කූටධෙනුයා සබ‍්බං ඛීරං පිවිත්‍වා වඩ‍්ඪිතං කූටවච‍්ඡං දමෙතුකාමො ධෙනුතො අපනෙත්‍වා එකමන‍්තෙ මහන‍්තං ථම‍්භං නිඛණිත්‍වා තත්‍ථ යොත‍්තෙන බන්‍ධෙය්‍ය. අථස‍්ස සො වච‍්ඡො ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තො තමෙව ථම‍්භං උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වා, එවමෙව ඉමිනාපි භික‍්ඛුනා දීඝරත‍්තං රූපාරම‍්මණාදිරසපානවඩ‍්ඪිතං දුට‍්ඨචිත‍්තං දමෙතුකාමෙන රූපාදිආරම‍්මණතො අපනෙත්‍වා අරඤ‍්ඤං වා රුක‍්ඛමූලං වා සුඤ‍්ඤාගාරං වා පවිසිත්‍වා තත්‍ථ සතිපට‍්ඨානාරම‍්මණත්‍ථම‍්භෙ සතියොත‍්තෙන බන්‍ධිතබ‍්බං. එවමස‍්ස තං චිත‍්තං ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වාපි පුබ‍්බෙ ආචිණ‍්ණාරම‍්මණං අලභමානං සතියොත‍්තං ඡින්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තං තමෙවාරම‍්මණං උපචාරප‍්පනාවසෙන උපනිසීදති චෙව උපනිපජ‍්ජති ච. තෙනාහු පොරාණා –

අරඤ්ඤගතො වා රුක්ඛ මූලගතොවා සුඤ්ඤාගාර ගතොවා - යයි මෙය ඔහුගේ සතිපට්ඨාන භාවනානුරූප සෙනසුන පිළිගැනීම දැක්වීමයි. මේ භික්ෂුවගේ බොහෝ කාලයක් රූපාදි අරමුණුවල ඇලී පැවති සිත කමටහන් අරමුණට බැසීමට අකමැති වේ. කුළුගොනෙකු යෙදූ රථය මෙන් කැලයට දුවයි. යම් හෙයකින් වනාහි ගවපාලකයෙක් කුළුදෙනකුගේ සියළු කිරි බී වැඩුණු කුළු වස්සකු මෙල්ල කරනු කැමැත්තේ මහත් වූ කණුවක් සිටුවා එලදෙනගෙන් වෙන්කොට ලණුවකින් බඳින්නේය. ඉක්බිති ඒ වස්සා ඔබනොබ පැන පලායෑමට නොහැක්කේ ඒ කණුව ලඟම හිඳින්නේය හෝ වැතිරෙන්නේය හෝ වේ. එසේම මේ භික්ෂුව විසින් බොහෝ කාලයක් රූපාදි අරමුණු නමැති රසපානවලින් වැඩුණු දුෂ්ට සිත හික්මවනු කැමැත්තේ රූපාදි අරමුණුවලින් බැහැර කොට වනයෙහි හෝ රුක්මුලක් හෝ පාලු නිවසක හෝ ඇතුළුව එහි දී සතිපට්ඨාන අරමුණ නමැති කණුවෙහි (ටැඹෙහි) සිහි නමැති ලණුවෙන් බැඳිය යුතුය. මෙසේ ඔහුගේ සිත එහෙ මෙහෙ පනිමින් සිට පෙර පුරුදු අරමුණු නොලබන්නේ සිහි නැමැති පොත සිඳ පලායෑමට නොහැක්කේ එම අරමුණම උපචාර අර්පණා වශයෙන් ලඟ හෝ ලඟ වැතිර සිටී. එයින් පුරාණ තෙරහු කීහ.

“යථා ථම‍්භෙ නිබන්‍ධෙය්‍ය, වච‍්ඡං දමං නරො ඉධ. බන්‍ධෙය්‍යෙවං සකං චිත‍්තං, සතියාරම‍්මණෙ දළ‍්හ”න‍්ති.

ටැඹෙහි කුළු වස්සෙකු - බැඳ හික්මවයි මිනිසා එසේ සිය සිත සති - රැහැනින් බඳියි දැඩිසේ

එවමස‍්සෙතං සෙනාසනං භාවනානුරූපං හොති. තෙන වුත‍්තං “ඉදමස‍්ස සතිපට‍්ඨානභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපන”න‍්ති.

මෙසේ ඔහුට මේ සෙනසුන භාවනාවට අනුරූප වේ. එහෙයින් කියන ලදී. “මෙය ඔහුට සතිපට්ඨාන භාවනාවට අනුරූප වූ සෙනසුන් ලබා ගැනීම විස්තර” යයි.

අපිච යස‍්මා ඉදං කායානුපස‍්සනාය මුද‍්ධභූතං සබ‍්බබුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං විසෙසාධිගමදිට‍්ඨධම‍්මසුඛවිහාරපදට‍්ඨානං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ඉත්‍ථිපුරිසහත්‍ථිඅස‍්සාදිසද‍්දසමාකුලං ගාමන‍්තං අපරිච‍්චජිත්‍වා න සුකරං සම‍්පාදෙතුං, සද‍්දකණ‍්ඩකත‍්තා ඣානස‍්ස. අගාමකෙ පන අරඤ‍්ඤෙ සුකරං යොගාවචරෙන ඉදං කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව ඣානං පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපුණිතුං, තස‍්මාස‍්ස අනුරූපසෙනාසනං දස‍්සෙන‍්තො භගවා, “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

තව ද යම්හෙයකින් මේ කායානුපස්සනාවෙහි මුදුන් පැමිණි සියළු බුදු පසේබුදු සව්වන්ගේ විශේෂ අධිගම මෙලොව සැප විහරණ පදනම් වූ ආනාපාන සති කර්මස්ථානය, ස්ත්‍රී පුරුෂ ඇත් අස් ආදි ශබ්දවලින් සමාකූල වූ ග්‍රාමාන්තය අත්නොහැර ශබ්ද සහිත බැවින් ධ්‍යානය සම්පාදනය කිරීම පහසු නොවේ. ගම නොවන ආරණ්‍යයෙහි පහසු වේ. යෝගාවචරයා විසින් මේ කර්මස්ථානය ලබාගෙන අනාපාන චතුර්ථ ධ්‍යානය නිපදවා ඒ ධ්‍යානය පාදක කරගෙන සංස්කාරයන් සම්මර්ශනය කර අග්‍රඵලය වූ රහත් බවට පැමිණීමට අනුරූප සේනාසනය දක්වන භාග්‍යවතුන් වහන්සේ “අරඤ්ඤ ගතො වා” යයි කීහ.

වත්‍ථුවිජ‍්ජාචරියො විය හි භගවා. සො යථා වත්‍ථුවිජ‍්ජාචරියො නගරභූමිං පස‍්සිත්‍වා සුට‍්ඨු උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ නගරං මාපෙථා”ති උපදිසති, සොත්‍ථිනා ච නගරෙ නිට‍්ඨිතෙ රාජකුලතො මහාසක‍්කාරං ලභති, එවමෙව යොගාවචරස‍්ස අනුරූපසෙනාසනං උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජිතබ‍්බ”න‍්ති උපදිසති, තතො තත්‍ථ කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජන‍්තෙන යොගිනා අනුක‍්කමෙන අරහත‍්තෙ පත‍්තෙ “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා”ති මහන‍්තං සක‍්කාරං ලභති.

වාස්තු විද්‍යා ආචාර්යවරයෙකු මෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ වාස්තු විද්‍යා ආචාර්යවරයා යම් සේ නගර භූමියට පැමිණ යහපත් සේ පරීක්ෂා කොට මෙහි නගරයක් නිර්මාණය කරවන්නැයි උපදෙස් දෙයි. (පෙන්වති) යහපත් සේ නගරය නිමිකල්හි රාජකුලයෙන් මහත් සත්කාර ලබයි. එසේම යෝගාවචරයාගේ අනුරූප වූ සෙනසුන පරීක්ෂා කර මෙහි කමටහන වැඩිය යුතු යයි නියම කරයි. ඉක්බිතිව ඒ කර්මස්ථානයෙහි යෙදෙන යෝගියා අනුක්‍රමයෙන් රහත් වූ කල්හි සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවත් තථාගතයන් වහන්සේ මහත් සත්කාර ලබති.

අයං පන භික‍්ඛු දීපිසදිසොති වුච‍්චති. යථා හි මහාදීපිරාජා අරඤ‍්ඤෙ තිණගහනං වා වනගහනං වා පබ‍්බතගහනං වා නිස‍්සාය නිලීයිත්‍වා වනමහිංසගොකණ‍්ණසූකරාදයො මිගෙ ගණ‍්හාති, එවමෙව අයං අරඤ‍්ඤාදීසු කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තො භික‍්ඛු යථාක‍්කමෙන චත‍්තාරො මග‍්ගෙ චෙව චත‍්තාරි අරියඵලානි ච ගණ‍්හාති. තෙනාහු පොරාණා –

මේ භික්ෂූන් වනාහි දිවියා හා සමාන යයි කියනු ලැබේ. යම්සේ මහා දිවි රජ වනයෙහි තෘණ ගොල්ලක හෝ ගස් ගොන්නක හෝ පර්වතයක හෝ ඇසුරු කොට සැඟවී වන මීවුන් ගෝන ඌරු ආදි මෘගයන් ගනී. එසේම මේ තෙමේ අරන්‍යාදියෙහි කර්මස්ථානයේ යෙදෙන්නේ පිළිවෙළින් සතර මග ද ආර්ය ඵල ද ගනී. එයින් කීහ පුරාණයෝ :

“යථාපි දීපිකො නාම, නිලීයිත්‍වා ගණ‍්හතී මිගෙ. තථෙවායං බුද‍්ධපුත‍්තො, යුත‍්තයොගො විපස‍්සකො. අරඤ‍්ඤං පවිසිත්‍වාන, ගණ‍්හාති ඵලමුත‍්තම”න‍්ති.

සැඟව දිවි ගොදුරූ - විලස බුදුපුතු විදසුන් පිවිස වන බවුනින් - උතුම් රහත් පල ගනී

තෙනස‍්ස පරක‍්කමජවයොග‍්ගභූමිං අරඤ‍්ඤසෙනාසනං දස‍්සෙන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ. ඉතො පරං ඉමස‍්මිං ආනාපානපබ‍්බෙ යං වත‍්තව‍්බං සියා, තං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තමෙව. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දක‍්ඛො භමකාරො වාති ඉදඤ‍්හි උපමාමත‍්තමෙව ඉති අජ‍්ඣත‍්තං වා කායෙති ඉදං අප‍්පනාමත‍්තමෙව ච තත්‍ථ අනාගතං, සෙසං ආගතමෙව.

එහෙයින් උන්වහන්සේ පරාක්‍රම ජව යෝග්‍ය භූමිය ලෙස ආරණ්‍ය සේනාංසනය දක්වන භාග්‍යවතුන් වහන්සේ, “අරඤ්ඤගතො වා” යයි කීහ. මින් පසු මෙහි ආනාපාන කොටසෙහි යම් කිවයුතු දෙයක් වේ නම් එය විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. සෙය්‍යථාපි භික්ඛවෙ දක්ඛො භමකාරොවා - මෙය උපමාවක් පමණකි. ඉති අජඣත්තං වා කායෙ - මෙය අර්පණාව පමණකි. එහි නොපැමිණි වචන දක්වමි. සෙස්ස ආවේය.

යං පන අනාගතං, තත්‍ථ දක‍්ඛොති ඡෙකො. දීඝං වා අඤ‍්ඡන‍්තොති මහන‍්තානං භෙරීපොක‍්ඛරාදීනං ලිඛනකාලෙ හත්‍ථෙ ච පාදෙ ච පසාරෙත්‍වා දීඝං කඩ‍්ඪන‍්තො. රස‍්සං වා අඤ‍්ඡන‍්තොති ඛුද‍්දකානං දන‍්තසූචිවෙධකාදීනං ලිඛනකාලෙ මන්‍දමන්‍දං රස‍්සං කඩ‍්ඪන‍්තො. එවමෙව ඛොති එවං අයම‍්පි භික‍්ඛු අද‍්ධානවසෙන ඉත‍්තරවසෙන ච පවත‍්තානං අස‍්සාසපස‍්සාසානං වසෙන දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති. තස‍්සෙවං සික‍්ඛතො අස‍්සාසපස‍්සාසනිමිත‍්තෙ චත‍්තාරි ඣානානි උප‍්පජ‍්ජන‍්ති, සො ඣානා වුට‍්ඨහිත්‍වා අස‍්සාසපස‍්සාසෙ වා පරිග‍්ගණ‍්හාති ඣානඞ‍්ගානි වා.

එහි නොපැමිණි දක්ඛො - දක්ෂ වූ දීඝං වා අඤ්ඡනෙතා - විශාල වූ බෙර වීණා ආදිය ලියවන කාලයෙහි අත්පා දිගු කොට අදින්නේ. රස්සං වා අඤ්ජනෙතා - දත් ඉදිකටු එතීම් ආදිය ලියවන කාලයෙහි මඳ මඳව කෙටියව අදින්නේ එවමෙව ඛො - මේ මේ භික්ෂුව ද දීර්ඝ වශයෙන් හෝ ස්වල්ප වශයෙන් හෝ පවත්වන්නා වූ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දීර්ඝ වශයෙන් ආශ්වාස කරන්නේ දීර්ඝව ආශ්වාස කරමි දනියි..... ප්‍රශ්වාස කරමියි හික්මෙයි. මෙසේ හික්මෙන්නා වූ ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර දැහැන් උපදී. හෝ ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයෙහි හෝ ධ්‍යානාංගයන් හෝ පරික්ෂා කරයි.

තත්‍ථ අස‍්සාසපස‍්සාසකම‍්මිකො “ඉමෙ අස‍්සාසපස‍්සාසා කිං නිස‍්සිතා? වත්‍ථුනිස‍්සිතා. වත්‍ථු නාම කරජකායො, කරජකායො නාම චත‍්තාරි මහාභූතානි උපාදාරූපඤ‍්චෙ”ති එවං රූපං පරිග‍්ගණ‍්හාති. තතො තදාරම‍්මණෙ ඵස‍්සපඤ‍්චමකෙ නාමන‍්ති. එවං නාමරූපං පරිග‍්ගහෙත්‍වා තස‍්ස පච‍්චයං පරියෙසන‍්තො අවිජ‍්ජාදිපටිච‍්චසමුප‍්පාදං දිස‍්වා “පච‍්චයපච‍්චයුප‍්පන‍්නධම‍්මමත‍්තමෙවෙතං, අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා නත්‍ථී”ති විතිණ‍්ණකඞ‍්ඛො සප‍්පච‍්චයනාමරූපෙ තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො අනුක‍්කමෙන අරහත‍්තං පාපුණාති. ඉදං එකස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා නිය්‍යානමුඛං.

එහි ආශ්වාස ප්‍රශ්වාස කම්මිකයා ආශ්වාස ප්‍රශ්වාස කුමක් ඇසුරු කෙරේද? වස්තු ඇසුරු කෙරේ. වස්තු නම් කරජ කයයි. කරජ කය නම් සතර මහා භූත සහ උපාදාය රූපයයි. මේ රූප පරික්ෂා කරයි. ඉක්බිති ඒ අරමුණෙහි ඵස්ස පස්වැනි කොට ඇති නාමයයි. නාම රූප පරීක්ෂා කොට එහි ප්‍රත්‍ය සොයන්නේ අවිජ්ජා ආදි පටිච්ච සමුප්පාදය දැක ප්‍රත්‍යය ප්‍රත්‍යය සමුත්පන්න ධර්ම මාත්‍රය පමණක් මිස අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි නිසැක වූයේ ප්‍රත්‍ය සහිත නාමරූපයන් ත්‍රි ලක්ෂණයට නගා විදර්ශනා වඩන්නේ පිළිවෙළින් රහත් බවට පැමිණේ. මෙය එක් භික්ෂුවකගේ රහත්භාවය දක්වා පමුණුවන මුබයයි.

ඣානකම‍්මිකොපි “ඉමානි ඣානඞ‍්ගානි කිං නිස‍්සිතානි, වත්‍ථුනිස‍්සිතානි, වත්‍ථු නාම කරජකායො ඣානඞ‍්ගානි නාමං, කරජකායො රූප”න‍්ති නාමරූපං වවත්‍ථපෙත්‍වා තස‍්ස පච‍්චයං පරියෙසන‍්තො අවිජ‍්ජාදිපච‍්චයාකාරං දිස‍්වා “පච‍්චයපච‍්චයුප‍්පන‍්නධම‍්මමත‍්තමෙවෙතං, අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා නත්‍ථී”ති විතිණ‍්ණකඞ‍්ඛො සප‍්පච‍්චයනාමරූපෙ තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො අනුක‍්කමෙන අරහත‍්තං පාපුණාති. ඉදමෙකස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා නිය්‍යානමුඛං.

ධ්‍යාන කම්මිකයා ද මේ ධ්‍යානාංග කුමක් ඇසුරු කෙරේද? වස්තු නිශ්‍රිත යයි වස්තු කරජ කයයිද. ධ්‍යානාංග නම් කරජකායයි. රූප යනු නාම රූපය. පරික්ෂා කොට සොයන්නේ අවිද්‍යා දි ප්‍රත්‍යාකාරය දැක එය ප්‍රත්‍යය ප්‍රත්‍යය සමුත්පන්න ධර්ම මාත්‍රය සේ අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි සැක නැත්තේ ප්‍රත්‍ය සහිත නාමරූපයන් ත්‍රිලක්ෂණයට නගා විදර්ශනා වඩන්නේ පිළිවෙළින් රහත් බවට පැමිණේ. මෙය එක් භික්ෂුවකගේ රහත් බව දක්වා පමුණුවන මාර්ගයයි.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං අත‍්තනො වා අස‍්සාසපස‍්සාසකායෙ කායානුපස‍්සී විහරති. බහිද‍්ධා වාති පරස‍්ස වා අස‍්සාසපස‍්සාසකායෙ. අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති කාලෙන අත‍්තනො, කාලෙන පරස‍්ස අස‍්සාසපස‍්සාසකායෙ. එතෙනස‍්ස පගුණකම‍්මට‍්ඨානං අට‍්ඨපෙත්‍වා අපරාපරං සඤ‍්චරණකාලො කථිතො. එකස‍්මිං කාලෙ පනිදං උභයං න ලබ‍්භති.

ඉති අජඣත්තං වා - මෙසේ තමාගේ හෝ ආශ්වාස ප්‍රශ්වාස කයෙහි කය අනුව බලමින් වාසය කරයි. බහිද්ධා වා - අනුන්ගේ හෝ ආශ්වාස ප්‍රශ්වාස කයෙහි. අජඣත්ත බහිද්ධා වා - කලකින් තමාගේ කලකින් අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කයෙහි. මෙයින් ඔහුගේ ප්‍රගුණ කර්මස්ථානය තබා එහා මෙහා හැසිරෙන කාලය කියන ලදී. එක් කාලයක මේ දෙකම නොලැබේ.

සමුදයධම‍්මානුපස‍්සී වාති යථා නාම කම‍්මාරස‍්ස භස‍්තඤ‍්ච ගග‍්ගරනාළිඤ‍්ච තජ‍්ජඤ‍්ච වායාමං පටිච‍්ච වාතො අපරාපරං සඤ‍්චරති, එවං භික‍්ඛුනො කරජකායඤ‍්ච නාසපුටඤ‍්ච චිත‍්තඤ‍්ච පටිච‍්ච අස‍්සාසපස‍්සාසකායො අපරාපරං සඤ‍්චරති. කායාදයො ධම‍්මා සමුදයධම‍්මා, තෙ පස‍්සන‍්තො “සමුදයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරතී”ති වුච‍්චති. වයධම‍්මානුපස‍්සී වාති යථා භස‍්තාය අපනීතාය ගග‍්ගරනාළියා භින‍්නාය තජ‍්ජෙ ච වායාමෙ අසති සො වාතො නප‍්පවත‍්තති, එවමෙව කායෙ භින‍්නෙ නාසපුටෙ විද‍්ධස‍්තෙ චිත‍්තෙ ච නිරුද‍්ධෙ අස‍්සාසපස‍්සාසකායො නාම නප‍්පවත‍්තතීති කායාදිනිරොධා අස‍්සාසපස‍්සාසනිරොධොති එවං පස‍්සන‍්තො “වයධම‍්මානුපස‍්සී වා කායස‍්මිං විහරතී”ති වුච‍්චති. සමුදයවයධම‍්මානුපස‍්සී වාති කාලෙන සමුදයං කාලෙන වයං අනුපස‍්සන‍්තො. අත්‍ථි කායොති වා පනස‍්සාති කායොව අත්‍ථි, න සත‍්තො, න පුග‍්ගලො, න ඉත්‍ථී, න පුරිසො, න අත‍්තා, න අත‍්තනියං, නාහං, න මම, න කොචි, න කස‍්සචීති එවමස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති.

සමුදය ධම්මානුපස්සී වා - යම් සේ ලෝකුරුවාගේ මයින හමද එහි නාලය ද උත්සාහය ද නිසා වායුව ඔබිනොබ හැසිරෙයි. එසේ භික්ෂුවගේ කරජකය ද නාස් පුඩු ද සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාස කය ඔබනොබ හැසිරෙයි. කායාදි ධර්ම සමුදය ධර්ම වේ. ඒවා බලන්නේ කයෙහි සමුදය ධර්ම බලන්නේ වාසය කරන්නේ යයි කියනු ලැබේ. වය ධම්මානුපස්සී වා - යම්සේ මයින හමෙන් ඉවත් කරන එහි නාලය බිදුණු බැවින් ද උත්සාහය නැති කල ඒ වාතය නොපවත්වයි. එසේම කය බිඳුණු කල නාස්පුඩු විනාශ වූ කල්හි සිත ද නිරුද්ධ වූ විට ආශ්වාස ප්‍රශ්වාස කය නොපවත්වයි. කායාදිය නිරෝධය ආරෝග්‍ය ප්‍රශ්වාස නිරෝධය වේ. මෙසේ බලන්නේ කයෙහි වය ධම්මානු පස්සීව වාසය කෙරේ යයි කියනු ලැබේ. සමුදය වය ධම්මානුපස්සී - කාලයකින් සමුදය කාලයකින් වය අනුව බලන්නේ. අත්ථි කායොති වා පනස්ස - කය ඇත. ආත්මයක් නැත. තමාට අයත් දෙයක් නැත. මම නැත. මගේ නැත. කිසිවෙක් නැත. කිසිවෙකුගේ දැක්වීම හා විස්තර කිරීම වේ. මෙය කියන ලදී. යම් ඒ සිහිය එළඹියේ වේ.

යාවදෙවාති පයොජනපරිච‍්ඡෙදවවත්‍ථාපනමෙතං. ඉදං වුත‍්තං හොති – යා සා සති පච‍්චුපට‍්ඨිතා හොති, සා න අඤ‍්ඤදත්‍ථාය. අථ ඛො යාවදෙව ඤාණමත‍්තාය අපරාපරං උත‍්තරුත‍්තරි ඤාණපමාණත්‍ථාය චෙව සතිපමාණත්‍ථාය ච, සතිසම‍්පජඤ‍්ඤානං වුඩ‍්ඪත්‍ථායාති අත්‍ථො. අනිස‍්සිතො ච විහරතීති තණ‍්හානිස‍්සයදිට‍්ඨිනිස‍්සයානං වසෙන අනිස‍්සිතොව විහරති. න ච කිඤ‍්චි ලොකෙ උපාදියතීති ලොකස‍්මිං කිඤ‍්චි රූපං වා…පෙ… විඤ‍්ඤාණං වා “අයං මෙ අත‍්තා වා අත‍්තනියං වා”ති න ගණ‍්හාති. එවම‍්පීති උපරි අත්‍ථං උපාදාය සම‍්පිණ‍්ඩනත්‍ථො පි-කාරො. ඉමිනා පන පදෙන භගවා ආනාපානපබ‍්බදෙසනං නිය්‍යාතෙත්‍වා දස‍්සෙති.

එය අන් අර්ථයක් සඳහා නොවේ. එය ඤාණය සඳහාය. සරසට ඉහළින් ඉහළට ඤාණය මැනීම සඳහාය. සිහිය ප්‍රමාණ කිරිම සඳහාය. සිහි නුවණ වැඩීම සඳහා යන අර්ථයයි. එය අන් අර්ථයක් සඳහා නොවේ. එය ඤාණය සඳහාය. සරසට ඉහළින් ඉහළට ඤාණය මැනීම සඳහාය. සිහිය ප්‍රමාණ කිරිම සඳහාය. සිහි නුවණ වැඩීම සඳහා යන අර්ථයයි. අනිස්සිතො ච විහාරති - තෘෂ්ණා නිශ්‍රය දෘෂ්ඨි නිශ්‍රය වශයෙන් අනිශ්‍රිතව වාසය කරයි. න ච කිංචි ලොකෙ උපාදියත - ලෝකයෙහි කිසි රූපයක්..... විඤ්ඤාණයක් හෝ මෙය මගේ ආත්මය හෝ ආත්මයට අයත් යයි නොගනී. එවම්පීති - මතු අර්ථය ගෙන, ‘පි’ යන්න සම්පිණ්ඩන අර්ථය වේ. මේ පදයෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘ආනාපාන’දේශනා කොටස පමුණුවා පෙන්වා දෙති.

තත්‍ථ අස‍්සාසපස‍්සාසපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, දුක‍්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම‍්මණො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙන උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදමෙකස‍්ස අස‍්සාසපස‍්සාසවසෙන අභිනිවිට‍්ඨස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

එහි ආශ්වාස ප්‍රශ්වාස පරික්ෂාවක් ඇති කල්හි දුක්ඛ සත්‍ය, එය හටගත් පූර්ව තෘෂ්ණාව වූ සමුදය සත්‍යය, ඒ දෙකේම නොපැත්ම වූ නිරෝධ සත්‍යය දුක දැන ගැනීමෙන් සමුදය ප්‍රහානයෙන් නිවන අරමුණු වූ ආර්ය මාර්ගය වූ මාර්ග සත්‍යය මෙසේ චතුස්සත්‍ය වශයෙන් උත්සාහවත් කොට නිවනට පමුණුවති. මෙය එහි ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් පිවිසි භික්ෂුගේ රහත් බව දක්වා නිවන් මගයි.

ආනාපානපබ‍්බං නිට‍්ඨිතං.

ආනාපාන කොටස නිමි.

ඉරියාපථපබ‍්බවණ‍්ණනා

එවං අස‍්සාසපස‍්සාසවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි ඉරියාපථවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ කාමං සොණසිඞ‍්ගාලාදයොපි ගච‍්ඡන‍්තා “ගච‍්ඡාමා”ති ජානන‍්ති, න පනෙතං එවරූපං ජානනං සන්‍ධාය වුත‍්තං. එවරූපඤ‍්හි ජානනං සත‍්තූපලද‍්ධිං න පජහති, අත‍්තසඤ‍්ඤං න උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානං වා සතිපට‍්ඨානභාවනා වා න හොති. ඉමස‍්ස පන භික‍්ඛුනො ජානනං සත‍්තූපලද‍්ධිං පජහති, අත‍්තසඤ‍්ඤං උග‍්ඝාටෙති කම‍්මට‍්ඨානඤ‍්චෙව සතිපට‍්ඨානභාවනා ච හොති. ඉදඤ‍්හි “කො ගච‍්ඡති, කස‍්ස ගමනං, කිං කාරණා ගච‍්ඡතී”ති එවං සම‍්පජානනං සන්‍ධාය වුත‍්තං. ඨානාදීසුපි එසෙව නයො.

මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් ඉරියවු වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි බලු සිවල් ආදි සත්තු ද යන්නේ යන්නෙමුයි දනිති. මෙය වනාහි එබඳු වූ දැනීමක් සඳහා නො කියන ලදී. එබඳු වූ දැනීම වනාහි සතා යන දැනුම අත් නොහරියි. ආත්ම සංඥාව ගලවා නොදමයි. කමටහන් හෝ සතිපට්ඨාන භාවනා හෝ නොවේ. මෙහි වනාහි භික්ෂුවගේ දැනීම සත්ව හැඟීම දුරු කරයි. ආත්ම සංඥාව ගලවා දමයි. කමටහන ද සතිපට්ඨාන භාවනාව ද වේ. මෙය වනාහි කවරෙක් යේ ද? කාගේ ගමනක්ද? කුමන කරුණක් නිසා දැයි මේවා දැනීම සඳහා කියන ලදී. ස්ථානාදියෙහි ද මෙම නයමැයි.

තත්‍ථ කො ගච‍්ඡතීති? න කොචි සත‍්තො වා පුග‍්ගලො වා ගච‍්ඡති. කස‍්ස ගමනන‍්ති? න කස‍්සචි සත‍්තස‍්ස වා පුග‍්ගලස‍්ස වා ගමනං. කිං කාරණා ගච‍්ඡතීති ? චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන ගච‍්ඡති. තස‍්මා එස එවං පජානාති – “ගච‍්ඡාමී”ති චිත‍්තං උප‍්පජ‍්ජති, තං වායං ජනෙති, වායො විඤ‍්ඤත‍්තිං ජනෙති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන සකලකායස‍්ස පුරතො අභිනීහාරො ගමනන‍්ති වුච‍්චති. ඨානාදීසුපි එසෙව නයො.

එහි කවරක් ගමන් කෙරේද? සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ කිසිවෙක් නො යයි. කාගේ ගමනක් ද සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ කිසිවෙකුගේ ගමනක් නොවේ. කුමන කරුණක් නිසා යන්නේ ද චිත්ත කිරිය වායෝ ධාතු පැතිරීමෙන් යයි. එහෙයින් මෙතෙම මෙසේ දනී. යමි යයි සිතක් උපදී. එය මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු කයේ ඉදිරියෙන් ඉදිරියට ගෙන ඒම ගමන යයි කියනු ලැබේ. ස්ථානාදියෙහි ද මෙම න්‍යායමයි.

තත්‍රාපි හි “තිට‍්ඨාමී”ති චිත‍්තං උප‍්පජ‍්ජති, තං වායං ජනෙති, වායො විඤ‍්ඤත‍්තිං ජනෙති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන සකලකායස‍්ස කොටිතො පට‍්ඨාය උස‍්සිතභාවො ඨානන‍්ති වුච‍්චති. “නිසීදාමී”ති චිත‍්තං උප‍්පජ‍්ජති, තං වායං ජනෙති, වායො විඤ‍්ඤත‍්තිං ජනෙති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන හෙට‍්ඨිමකායස‍්ස සමිඤ‍්ජනං උපරිමකායස‍්ස උස‍්සිතභාවො නිසජ‍්ජාති වුච‍්චති. “සයාමී”ති චිත‍්තං උප‍්පජ‍්ජති, තං වායං ජනෙති, වායො විඤ‍්ඤත‍්තිං ජනෙති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන සකලසරීරස‍්ස තිරියතො පසාරණං සයනන‍්ති වුච‍්චතීති.

එහිද සිටිමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරීරයේ කෙළවරෙහි සිට ඔසවන ලද බව ස්ථානයයි කියන ලදී. හිඳිමියි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤත්තිය උපදවයි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන් යටිකයේ හැකිලීම උඩු කයේ නැගී සිටි බව හිඳීම යයි කියනු ලැබේ. නිදමි යයි සිතක් උපදී. එය ද මෙතෙම දනී. වායුව විඤ්ඤාත්තිය උපදවයි. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් සියළු ශරිරයේ හරහට ප්‍රසාරණය නිදීම යයි කියනු ලැබේ.

තස‍්ස එවං පජානතො එවං හොති “සත‍්තො ගච‍්ඡති, සත‍්තො තිට‍්ඨතී”ති වුච‍්චති, අත්‍ථතො පන කොචි සත‍්තො ගච‍්ඡන‍්තො වා ඨිතො වා නත්‍ථි. යථා පන “සකටං ගච‍්ඡති, සකටං තිට‍්ඨතී”ති වුච‍්චති, න ච කිඤ‍්චි සකටං නාම ගච‍්ඡන‍්තං වා ඨිතං වා අත්‍ථි, චත‍්තාරො පන ගොණෙ යොජෙත්‍වා ඡෙකම‍්හි සාරථිම‍්හි පාජෙන‍්තෙ “සකටං ගච‍්ඡති, සකටං තිට‍්ඨතී”ති වොහාරමත‍්තමෙව හොති, එවමෙව අජානනට‍්ඨෙන සකටං විය කායො, ගොණා විය චිත‍්තජවාතා, සාරථි විය චිත‍්තං. “ගච‍්ඡාමි තිට‍්ඨාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නෙ වායොධාතු විඤ‍්ඤත‍්තිං ජනයමානා උප‍්පජ‍්ජති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන ගමනාදීනි පවත‍්තන‍්ති, තතො “සත‍්තො ගච‍්ඡති, සත‍්තො තිට‍්ඨති, අහං ගච‍්ඡාමි, අහං තිට‍්ඨාමී”ති වොහාරමත‍්තං හොති. තෙනාහ –

ඔහුට මෙසේ දැනීමෙන් මෙසේ වේ. සතා යයි සත්වයා සිටියි. යයි කියයි. කිසි සත්වයෙක් යන්නේ හෝ සිටින්නේ හෝ නැත. යම් සේ වනාහි කරත්තය යයි, කරත්තය සිටියයි කියයි. යන හෝ සිටින කරත්තයක් නැත. ගොනුන් සතර දෙනෙකු යොදා දක්ෂ රියදුරකු පදවන කරත්තය සිටී යයි වවහාර මාත්‍රයක් වේ. එසේම නොදැනීම් අර්ථයෙන් කරත්තය මෙන් ශරිරය. සිතින් උපන් වාතය ගොනුන් මෙනි. සිත රියැදුරා මෙනි. යමි යි සිටිමියි සිත උපන් කල්හි වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ උපදී. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් ගමනාදිය පවත්වයි. එයින් සත්වයා යයි. සත්වයා සිටියි. මම යමි මම සිටිමි යයි ව්‍යවහාර මාත්‍රයක් වේ.

“නාවා මාලුතවෙගෙන, ජියාවෙගෙන තෙජනං. යථා යාති තථා කායො, යාති වාතාහතො අයං. යන‍්තං සුත‍්තවසෙනෙව, චිත‍්තසුත‍්තවසෙනිදං. පයුත‍්තං කායයන‍්තම‍්පි, යාති ඨාති නිසීදති. කො නාම එත්‍ථ සො සත‍්තො, යො විනා හෙතුපච‍්චයෙ. අත‍්තනො ආනුභාවෙන, තිට‍්ඨෙ වා යදි වා වජෙ”ති.

නැව සුළග වේගෙන් - දුනුදිය වෙයින් ඊය ද යන ලෙස කය ද මේ - සුළගින් ගෙන යයි එසේ නූලකින් යතුර සේ - මෙම සිත ද නුලක් සේ යුතු සිරුර යතුර ද - යයි සිටියි හිඳ ගැනුම වේ මෙහි කොද ඒ සතා - යම් හේතු ද පල විනා තම තෙදින් වන එය - සිටී හෝ හැසිරේ වේ

තස‍්මා එවං හෙතුපච‍්චයවසෙනෙව පවත‍්තානි ගමනාදීනි සල‍්ලක‍්ඛෙන‍්තො එස “ගච‍්ඡන‍්තො වා ගච‍්ඡාමීති පජානාති, ඨිතො වා, නිසින‍්නො වා, සයානො වා සයානොම‍්හීති පජානාතී”ති වෙදිතබ‍්බො.

එහෙයින් මෙසේ හේතු ප්‍රත්‍ය වශයෙන්ම පවත්වන ගමනාදිය සලකන්නේ මෙතෙමේ යන්නේ හෝ යන්නෙමියි දනී. සිටින්නේ හෝ හිඳින්නේ හෝ - නිදන්නේ හෝ නිදන්නෙමියි දනී යයි දත යුතුය.

යථා යථා වා පනස‍්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාතීති සබ‍්බසඞ‍්ගාහිකවචනමෙතං. ඉදං වුත‍්තං හොති – යෙන යෙන වා ආකාරෙනස‍්ස කායො ඨිතො හොති, තෙන තෙන නං පජානාති. ගමනාකාරෙන ඨිතං ගච‍්ඡතීති පජානාති. ඨානනිසජ‍්ජසයනාකාරෙන ඨිතං සයානොති පජානාතීති.

යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති - මෙය සර්ව සංග්‍රාහික වචන වේ. මෙය කියන ලද්දේ වේ. යම් යම් ආකාරයෙන් ඔහුගේ කය සිටියේ වේද? ඒ ඒ ආකාරයෙන් එය දැනගනී. ගමනාකාරයෙන් සිටියේ යයි යයි දැනගනී. සිටින හිඳින-නිදන ආකාරයෙන් සිටියේ නිදන්නේ යයි දැනගනී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං අත‍්තනො වා චතුඉරියාපථපරිග‍්ගණ‍්හනෙන කායෙ කායානුපස‍්සී විහරති. බහිද‍්ධා වාති පරස‍්ස වා චතුඉරියාපථපරිග‍්ගණ‍්හනෙන. අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති කාලෙන අත‍්තනො, කාලෙන පරස‍්ස චතුඉරියාපථපරිග‍්ගණ‍්හනෙන කායෙ කායානුපස‍්සී විහරති. සමුදයධම‍්මානුපස‍්සී වාතිආදීසු පන අවිජ‍්ජාසමුදයා රූපසමුදයොතිආදිනා නයෙන පඤ‍්චහාකාරෙහි රූපක‍්ඛන්‍ධස‍්ස සමුදයො ච වයො ච නීහරිතබ‍්බො. තඤ‍්හි සන්‍ධාය ඉධ “සමුදයධම‍්මානුපස‍්සී වා”තිආදි වුත‍්තං. අත්‍ථි කායොති වා පනස‍්සාතිආදි වුත‍්තසදිසමෙව.

ඉති අජ්ඣත්තං වා - මෙසේ තමාගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. බහිද්ධා වා - අනුන්ගේ හෝ සිව් ඉරියව් පිරික්සීමෙන් අජඣත්ත බහිද්ධා වා - කලකින් තමාගේ කලකින් අනුන්ගේ සිව් ඉරියව් පරික්ෂා කිරීමෙන් කයෙහි කය අනුව බලමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සී - ආදියෙහි වනාහි අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වේ ආදි නයින් පස් ආකාරයකින් රූපස්කන්ධයේ හට ගැනීම ද විනාශය ද බැහැර කළයුතුය. ඒ සඳහා මෙහි “සමුදය ධම්මානුපස්සී” යනාදිය කියන ලදී. අත්ථිකායොති වා පනස්ස - ආදිය කියන ලද පරිදිම වේ.

ඉධාපි චතුඉරියාපථපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, දුක‍්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම‍්මණො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙන උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදමෙකස‍්ස චතුඉරියාපථපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

මෙහි ද සිව් ඉරියව් පරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යය. එය හටගත් පෙර තෘෂ්ණාව වූ සමුදය සත්‍යය, දෙකම නොපැවතීම වූ නිරෝධ සත්‍යය, දුක දැන ගැනීම සමුදය ප්‍රහානය නිවන අරමුණුවීම වූ ආර්ය මාර්ග මාර්ග සත්‍යය වේ. මෙසේ චතුස්සත්‍යය වශයෙන් උත්සාහ කොට නිවනට පැමිණේ යයි මෙය සිව් ඉරියව් පරික්ෂාකරන එක් භික්ෂුවකගේ රහත් බව දක්වා නිවන් මග වේ.

ඉරියාපථපබ‍්බං නිට‍්ඨිතං.

ඉරියව් කොටස නිමි.

චතුසම‍්පජඤ‍්ඤපබ‍්බවණ‍්ණනා

එවං ඉරියාපථවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි චතුසම‍්පජඤ‍්ඤවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ අභික‍්කන‍්තෙතිආදීනි සාමඤ‍්ඤඵලෙ වණ‍්ණිතානි. ඉති අජ‍්ඣත‍්තං වාති එවං චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති. ඉධාපි සමුදයවයධම‍්මානුපස‍්සීතිආදීසු රූපක‍්ඛන්‍ධස‍්සෙව සමුදයො ච වයො ච නීහරිතබ‍්බො. සෙසං වුත‍්තසදිසමෙව.

මෙසේ ඉරියව් වශයෙන් කායානුපස්සනාව වේද, දැන් සිව් විමසන නුවණ වශයෙන් බෙදීමට “පුන චපර” යනාදිය කීහ. එහි “අභික්කන්ත” ආදිය සාමඤ්ඤ පලයෙහි වර්ණනා කරන ලදී. ඉති අජඣත්තං වා - මෙසේ සිව් විමසන නුවණ පිරික්සීමෙන් තමාගේ හෝ කයෙහි අනුන්ගේ හෝ කයෙහි කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මෙහි ද “සමුදය ධම්මානු පස්සී” යනාදියෙහි රූපස්කන්ධයේම සමුදය ද නිරෝධයද බැහැර කළ යුතුය. සෙස්ස කියන ලද පරිදිමය.

ඉධ චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, වුත‍්තප‍්පකාරො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙන උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදමෙකස‍්ස චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො වසෙන යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

මෙහි සිව් විමසන නුවණ පිරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යය. එය හටගන්නා පෙර තෘෂ්ණාව වූ සමුදය සත්‍යය. දෙකම නොපවතින නිරෝධ සත්‍යය කියන ලද ආකාර ආර්ය මාර්ග වූ මාර්ග සත්‍යය වේ. මෙසේ සිව්සස් වශයෙන් උත්සාහ කොට නිවනට පැමිණේ. මෙය සිව් විමසන නුවණ පිරික්සන එක් භික්ෂුවකගේ රහත් බව දක්වා නිවන් මගයි.

චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං නිට‍්ඨිතං.

සිව් විමසන නුවණ කොටස නිමි.

පටිකූලමනසිකාරපබ‍්බවණ‍්ණනා

එවං චතුසම‍්පජඤ‍්ඤවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි පටිකූලමනසිකාරවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ ඉමමෙව කායන‍්තිආදීසු යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං සබ‍්බාකාරෙන විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ කායගතාසතිකම‍්මට‍්ඨානෙ වුත‍්තං. උභතොමුඛාති හෙට‍්ඨා ච උපරි චාති ද‍්වීහි මුඛෙහි යුත‍්තා. නානාවිහිතස‍්සාති නානාවිධස‍්ස.

මෙසේ සිව් විමසන නුවණ වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් පිළිකුල් මෙනෙහි කිරීම් වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි ඉමමෙව කායං - යනාදියෙහි යමක් කිව යුතු වන්නේ නම් ඒ සියල්ල සියළු ආකාරයෙන් විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කායගතා සති කමටහන්හි කියන ලදී. උභතො මුඛා - යටද උඩදැයි මුඛ දෙකකින් යුක්ත වූ, නානා විහිතස්ස - නා නා විධ වූ.

ඉදං පනෙත්‍ථ ඔපම‍්මසංසන්‍දනං – උභතොමුඛා පුතොළි විය හි චාතුමහාභූතිකො කායො, තත්‍ථ මිස‍්සෙත්‍වා පක‍්ඛිත‍්තනානාවිධධඤ‍්ඤං විය කෙසාදයො ද‍්වත‍්තිංසාකාරා, චක‍්ඛුමා පුරිසො විය යොගාවචරො, තස‍්ස තං පුතොළිං මුඤ‍්චිත්‍වා පච‍්චවෙක‍්ඛතො නානාවිධධඤ‍්ඤස‍්ස පාකටකාලො විය යොගිනො ද‍්වත‍්තිංසාකාරස‍්ස විභූතකාලො වෙදිතබ‍්බො. ඉති අජ‍්ඣත‍්තං වාති එවං කෙසාදිපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ ද‍්වත‍්තිංසාකාරපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං පුරිමසදිසමෙවාති.

මෙහි මෙය වනාහි උපමා සංසන්දනයයි. උභතො මුඛ මල්ලක් මෙන් සිව් මහා භූත කයයි. එහි මිශ්‍ර කොට බහාලන ලද නා නා විධ ධාන්‍ය මෙන් කේසාදි දෙතිස් කොටස් ඇති මිනිසා මෙන් යෝගාවචරයා. ඔහුගේ ඒ මල්ල ලිහා බලන්නාට නා නා විධ ධාන්‍ය ප්‍රකට කාලය මෙන් යෝගියාට දෙතිස් කොටස් ප්‍රකට කාලය දත යුතුය. ඉති අජඣත්තං වා - මෙසේ කෙස් ආදිය පිරික්සීමෙන් තමාගේ කයෙහි හෝ අනුන්ගේ කයෙහි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මින්පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි දෙතිස් කොටස් පිරික්සීමක් ඇති කල්හි දුක්ඛ සත්‍යයයි මෙසේ යෝජනා කොට නිවන් මග දත යුතුය. සෙස්ස පෙර ඒවාට සමාන වේමය.

පටිකූලමනසිකාරපබ‍්බං නිට‍්ඨිතං.

පිළිකුල් මෙනෙහි කිරීම කොටස නිමි.

ධාතුමනසිකාරපබ‍්බවණ‍්ණනා

එවං පටිකූලමනසිකාරවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි ධාතුමනසිකාරවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථායං ඔපම‍්මසංසන්‍දනෙන සද‍්ධිං අත්‍ථවණ‍්ණනා – යථා කොචි ගොඝාතකො වා තස‍්සෙව වා භත‍්තවෙතනභතො අන‍්තෙවාසිකො ගාවිං වධිත්‍වා විනිවිජ‍්ඣිත්‍වා චතස‍්සො දිසා ගතානං මහාපථානං වෙමජ‍්ඣට‍්ඨානසඞ‍්ඛාතෙ චතුමහාපථෙ කොට‍්ඨාසං කොට‍්ඨාසං කත්‍වා නිසින‍්නො අස‍්ස, එවමෙව භික‍්ඛු චතුන‍්නං ඉරියාපථානං යෙන කෙනචි ආකාරෙන ඨිතත‍්තා යථාඨිතං, යථාඨිතත‍්තා ච යථාපණිහිතං කායං “අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු…පෙ… වායොධාතූ”ති එවං පච‍්චවෙක‍්ඛති.

මෙසේ පිළිකුල් මෙනෙහි කිරීම් වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් ධාතු මෙනෙහි කිරීම් වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි මේ උපමා සංසන්දනය සමග අර්ථ වර්ණනාවයි. යම් සේ කිසියම් ගෝ ඝාතකයෙක් හෝ ඔහුගෙන් බත් වැටුප් ලබන ඝාතක අතවැසියෙක් හෝ එළ දෙනක මරා සිදුරු කොට සිව් අතට මහා පාරවල් ගිය වීථි මාර්ග සංඛ්‍යාත සතර මහා සන්ධියක කොටස් කොටස් කොට සිටින්නේය. එසේම භික්ෂුව සිව් ඉරියව්වලින් යම් ආකාරයකින් සිටියේ යම්සේ සිටි යම්සේ සිටි බවින්ම යම්සේ පිහිටුවන ලද කය, මේ කයෙහි පඨවී ධාතු අපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඇතැයි මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි.

කිං වුත‍්තං හොති – යථා ගොඝාතකස‍්ස ගාවිං පොසෙන‍්තස‍්සාපි ආඝාතනං ආහරන‍්තස‍්සාපි ආහරිත්‍වා තත්‍ථ බන්‍ධිත්‍වා ඨපෙන‍්තස‍්සපි වධෙන‍්තස‍්සාපි වධිතං මතං පස‍්සන‍්තස‍්සාපි තාවදෙව ගාවීති සඤ‍්ඤා න අන‍්තරධායති, යාව නං පදාලෙත්‍වා බිලසො න විභජති. විභජිත්‍වා නිසින‍්නස‍්ස පනස‍්ස ගාවීති සඤ‍්ඤා අන‍්තරධායති, මංසසඤ‍්ඤා පවත‍්තති. නාස‍්ස එවං හොති – “අහං ගාවිං වික‍්කිණාමි, ඉමෙ ගාවිං හරන‍්තී”ති. අථ ඛ‍්වස‍්ස “අහං මංසං වික‍්කිණාමි, ඉමෙ මංසං හරන‍්ති” ච‍්චෙව හොති; එවමෙව ඉමස‍්සාපි භික‍්ඛුනො පුබ‍්බෙ බාලපුථුජ‍්ජනකාලෙ ගිහිභූතස‍්සාපි පබ‍්බජිතස‍්සාපි තාවදෙව සත‍්තොති වා පුග‍්ගලොති වා සඤ‍්ඤා න අන‍්තරධායති, යාව ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ඝනවිනිබ‍්භොගං කත්‍වා ධාතුසො න පච‍්චවෙක‍්ඛති. ධාතුසො පච‍්චවෙක‍්ඛතො පනස‍්ස සත‍්තසඤ‍්ඤා අන‍්තරධායති, ධාතුවසෙනෙව චිත‍්තං සන‍්තිට‍්ඨති. තෙනාහ භගවා – “‘ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච‍්චවෙක‍්ඛති ‘අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දක‍්ඛො ගොඝාතකො වා…පෙ… වායොධාතූ”ති. ගොඝාතකො විය හි යොගී, ගාවීති සඤ‍්ඤා විය සත‍්තසඤ‍්ඤා, චතුමහාපථො විය චතුඉරියාපථො, බිලසො විභජිත්‍වා නිසින‍්නභාවො විය ධාතුසො පච‍්චවෙක‍්ඛණන‍්ති අයමෙත්‍ථ පාළිවණ‍්ණනා. කම‍්මට‍්ඨානකථා පන විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතා.

කුමක් කියන ලදද? යම්සේ ගෝ ඝාතකයා දෙන පෝෂණය කරන්නේ ද ඝාතනයට ගෙන යන්නේ ද ගෙන ගොස් එහි බැඳ තබන්නේ ද වධයට පමුණුවන්නේ ද වධයෙන් මළ දෙන බලන්නේ ද තවමත් එළදෙන යන සංඥාව අතුරුදහන් නොවේ. මළ සිරුර කපා සිදුරු කරන තුරු ද ඒ සංඥාව පවතී. බෙදා කොටස් කළවිට දෙන යන සංඥාව අතුරුදහන් වේ. එවිට මස් යන සංඥාව පවතී. එවිට ඔහුට “මම එළදෙන විකුණමි. මේ එළදෙන ගෙනයමි” යන සංඥා ඇති නොවේ. මම මස් විකුණමි. මේ මස් ගෙනියන්නේ ද වේ” යන සංඥා ඇති වේ. එසේම මේ භික්ෂුවගේ ද පෙර බාල පෘථග්ජන කාලයේ ගිහි වූයේ ද පැවිදි වූයේ ද සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ යන සංඥාව අතුරුදහන් නොවේ. යම්තාක් මේ කය යම්සේ සිටියේ යම්සේ පිහිටුවන ලද ඝන වූ කය වෙන්කොට ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකෙරෙයිද එතෙක් සත්වයෙක් පුද්ගලයෙක් යන සංඥාව පවතී. ධාතු වශයෙන්ම සිත සිටී. එයින් කීහ භගවත්හු මේ කයම යම්සේ සිටියේ යම්සේ පිහිටුවන ලද්දේ ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරයිද? මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තෙජෝ ධාතු වායෝ ධාතු ඇත. මහණෙනි, යම්සේ වනාහි දක්ෂ ගෝඝාතකයෙක් හෝ... වායෝ ධාතු” යයි. යෝගියා ගෝඝාතකයා මෙනි. සත්ව සංඥාව එළදෙන යන සංඥාව මෙනි. සිව් ඉරියව් සිව්මහා පථ මෙනි. ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරිම සිදුරු වශයෙන් බෙදා සිටින්නා වැනිවේ. මේ මෙහි පෙළ වර්ණනාවයි. කමටහන් කථාව වනාහි විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං චතුධාතුපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ චතුධාතුපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නිය්‍යානමුඛං වෙදිතබ‍්බං, සෙසං පුරිමසදිසමෙවාති.

ඉති අජඣත්තං වා - මෙසේ සිව් ධාතු පරික්ෂා කරන්නේ තමාගේ කයෙහි හෝ අනුන්ගේ කයෙහි හෝ කලක තම කයෙහිද කලක අනුන්ගේ කයෙහි ද කය අනුව බලමින් වාසය කරයි. මෙයින් පසු කියන ලද පිළිවෙළම වේ. හුදෙක් සතර ධාතු පරීක්ෂා කරන කල්හි දුක්ඛ සත්‍යයයි මෙසේ යොදාගෙන නිවන් මග දත යුතුයි. සෙස්ස පෙර කියන ලද්දට සමාන වේ.

ධාතුමනසිකාරපබ‍්බං නිට‍්ඨිතං.

ධාතු මෙනෙහි කිරීම නිමි

නවසිවථිකපබ‍්බවණ‍්ණනා

එවං ධාතුමනසිකාරවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි නවහි සිවථිකපබ‍්බෙහි විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ සෙය්‍යථාපි පස‍්සෙය්‍යාති යථා පස‍්සෙය්‍ය. සරීරන‍්ති මතසරීරං. සිවථිකාය ඡඩ‍්ඩිතන‍්ති සුසානෙ අපවිද‍්ධං. එකාහං මතස‍්ස අස‍්සාති එකාහමතං. ද‍්වීහං මතස‍්ස අස‍්සාති ද‍්වීහමතං. තීහං මතස‍්ස අස‍්සාති තීහමතං. කම‍්මාරභස‍්තා විය වායුනා උද‍්ධං ජීවිතපරියාදානා යථානුක‍්කමං සමුග‍්ගතෙන සූනභාවෙන උද‍්ධුමාතත‍්තා උද‍්ධුමාතං, උද‍්ධුමාතමෙව උද‍්ධුමාතකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං උද‍්ධුමාතන‍්ති උද‍්ධුමාතකං. විනීලං වුච‍්චති විපරිභින‍්නවණ‍්ණං, විනීලමෙව විනීලකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විනීලන‍්ති විනීලකං. මංසුස‍්සදට‍්ඨානෙසු රත‍්තවණ‍්ණස‍්ස පුබ‍්බසන‍්නිචයට‍්ඨානෙසු සෙතවණ‍්ණස‍්ස යෙභුය්‍යෙන ච නීලවණ‍්ණස‍්ස නීලට‍්ඨානෙසු නීලසාටකපාරුතස‍්සෙව ඡවසරීරස‍්සෙතං අධිවචනං. පරිභින‍්නට‍්ඨානෙහි නවහි වා වණමුඛෙහි විස‍්සන්‍දමානපුබ‍්බං විපුබ‍්බං, විපුබ‍්බමෙව විපුබ‍්බකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විපුබ‍්බන‍්ති විපුබ‍්බකං. විපුබ‍්බකං ජාතං තථාභාවං ගතන‍්ති විපුබ‍්බකජාතං.

මෙසේ ධාතු මනසිකාර වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් නව ආකාර වූ අමුසොහොනෙහි මෘත ශරීර කොටස් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. සෙය්‍යථාපි පසෙසය්‍ය - එහි යම්සේ බලන්නේය. සරීරං - මළ සිරුර. සොහොනෙහි හැරදැමූ. මැරි එක් දිනක් ඇත්තේ එකාහමතං - වේ. දෙදවසක් ගියේ ද්වීහමතං - වේ. තුන් දවසක් ඇත්තේ තීහමතං - වේ. මයින හමක් මෙන් වායුවෙන් ඔසවන ලද ජීවිතය අවසන් වූ පිළිවෙළින් ඉදිමී ගිය බැවින් උස්වගිය ඉදිමුණු බැවින් උද්ධුමාත, උද්ධුමාතක ඉදිමී ගිය බැවින් උස්වගිය ඉදිමුණු බැවින් උද්ධුමාත, පිළිකුල් බැවින් හෝ පිළිකුල් උද්ධුමාතයයි උද්ධුමාතකං - වේ. විනීල යනු වෙනස්ව බිඳුණු වර්ණයයි. විනීලම විනීලක වේ. පිළිකුල් බැවින් හෝ පිළිකුල් වූ විනීලය විනීලකං - වේ. මස් වැඩි තැන්වල රතු වූ සැරව වැඩි තැන්වල සුදු වර්ණ වූ බොහෝ සෙයින් නිල් වර්ණයේ නිල් ස්ථානයෙහි නිල් වස්ත්‍රයක් පෙන්වූ මෙන් මෘත ශරිරයටම අධි වචනයකි. බිඳුණු තැන්වලින් වන මුඛ නවයකින් හෝ වැගිරෙන්නා වූ සැරව විපුබ්බ වේ. විපුබ්බයම විප්‍රබ්බකං - වේ. පිළිකුල් බැවින් හෝ පිළිකුල් වූ විපුබ්බක ජාතං වේ.

සො ඉමමෙව කායන‍්ති සො භික‍්ඛු ඉමං අත‍්තනො කායං තෙන කායෙන සද‍්ධිං ඤාණෙන උපසංහරති උපනෙති. කථං? අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවංභාවී එවංඅනතීතොති. ඉදං වුත‍්තං හොති – ආයු, උස‍්මා, විඤ‍්ඤාණන‍්ති ඉමෙසං තිණ‍්ණං ධම‍්මානං අත්‍ථිතාය අයං කායො ඨානගමනාදිඛමො හොති, ඉමෙසං පන විගමා අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවං පූතිකසභාවොයෙව, එවංභාවී එවං උද‍්ධුමාතාදිභෙදො භවිස‍්සති, එවංඅනතීතො එවං උද‍්ධුමාතාදිභාවං අනතික‍්කන‍්තොති. ඉති අජ‍්ඣත‍්තං වාති එවං උද‍්ධුමාතාදිපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති.

සො ඉමමෙව කායං - ඒ භික්ෂුව තමාගේ ශරීරය එය සමග නුවණින් ම එක් කරයි. පමුණුවයි. කෙසේද? අයංපි ඛො කායො එවං භාවි එවං ධම්මො එතං අනතීතො - මේ කයද මෙසේ වන්නේය. මේ ස්වභාවය වේ. මේ තත්ත්වය නො ඉක්මවයි. මෙය කියන ලද්දේ වේ. ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය යන මේ ධර්ම තුනේ ඇතිතාක් මේ කය සිටීම් ගමනාදියට හැකි වේ. මේවා වෙන්වීමෙන් මේ කයද මේ ස්වභාවය වේ. මේ කුණු ස්වභාවය වේ. එවං භාවී - මෙසේ උද්ධුමාතකාදි භේදය වන්නේය. එතං අනතීතො - මේ උද්ධුමාතකාදි ස්වභාවය නො ඉක්මවන්නේය. ඉති අජඣත්තං වා - මෙසේ උද්ධුමාතකාදි පිරික්සීමෙන් තමාගේ කයෙහි හෝ අනුන්ගේ කයෙහි හෝ කලක තමන්ගේ හෝ කලක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි.

ඛජ‍්ජමානන‍්ති උදරාදීසු නිසීදිත්‍වා උදරමංසඔට‍්ඨමංසඅක‍්ඛිකූටාදීනි ලුඤ‍්චිත්‍වා ලුඤ‍්චිත්‍වා ඛාදියමානං. සමංසලොහිතන‍්ති සාවසෙසමංසලොහිතයුත‍්තං. නිමංසලොහිතමක‍්ඛිතන‍්ති මංසෙ ඛීණෙපි ලොහිතං න සුස‍්සති, තං සන්‍ධාය වුත‍්තං “නිමංසලොහිතමක‍්ඛිත”න‍්ති. අඤ‍්ඤෙනාති අඤ‍්ඤෙන දිසාභාගෙන. හත්‍ථට‍්ඨිකන‍්ති චතුසට‍්ඨිභෙදම‍්පි හත්‍ථට‍්ඨිකං පාටියෙක‍්කං පාටියෙක‍්කං විප‍්පකිණ‍්ණං. පාදට‍්ඨිකාදීසුපි එසෙව නයො.

ඛජ්ජමානං - උදර ආදියෙහි හිඳ බඩ මස තොල්මස ඇස්කූප ආදිය උදුර උදුරා කනු ලබන්නේ, සමංස ලොහිතං - සේස වූ අවසේස මස් ලේ වලින් යුත්. නිම්මංස ලොහිතමක්ඛිත්තං - මස් ක්ෂීණ වූයේ ද ලේ නොවියලේ. ඒ සඳහා කියන ලදී. අඤ්ඤෙන - අන්‍ය පැත්තකින්, හත්ථට්ඨිකං - හැටහතරක් භේද වූ ද අත් ඇට වෙන වෙනම විසුරුණා වූ. පා ඇටවල ද මෙම නයම වේ.

තෙරොවස‍්සිකානීති අතික‍්කන‍්තසංවච‍්ඡරානි. පූතීනීති අබ‍්භොකාසෙ ඨිතානි වාතාතපවුට‍්ඨිසම‍්ඵස‍්සෙන තෙරොවස‍්සිකානෙව පූතීනි හොන‍්ති, අන‍්තොභූමිගතානි පන චිරතරං තිට‍්ඨන‍්ති. චුණ‍්ණකජාතානීති චුණ‍්ණං චුණ‍්ණං හුත්‍වා විප‍්පකිණ‍්ණානි. සබ‍්බත්‍ථ සො ඉමමෙවාති වුත‍්තනයෙන ඛජ‍්ජමානාදීනං වසෙන යොජනා කාතබ‍්බා. ඉති අජ‍්ඣත‍්තං වාති එවං ඛජ‍්ජමානාදිපරිග‍්ගණ‍්හනෙන යාව චුණ‍්ණකභාවා අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති.

තෙරො වස්සිකානි - ඉකුත් වූ අවුරුදු ඇති, පූතීනි - අභ්‍යවකාසයෙහි පැවති වායුව අව්ව වැස්ස ස්පර්ශයෙන් අවුරුදු ගණන් ගත වී කුනු වේ. පොළොව ඇතුලේ මේ කියන ලද නයින්ම කණු ලබන ආදීන්ගේ වශයෙන් යොදා ගත යුතුය. ඉති අජ්ඣත්තං වා - මෙසේ කනු ලබනු ආදිය පිරික්සීමෙන් කුඩුවීම දක්වා තමාගේ හෝ කයෙහි අනුන්ගේ හෝ කයෙහි කලක තමාගේ කයෙහි කලක අනුන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරමි.

ඉධ පන ඨත්‍වා නවසිවථිකා සමොධානෙතබ‍්බා. එකාහමතං වාති හි ආදිනා නයෙන වුත‍්තා සබ‍්බාපි එකා, කාකෙහි වා ඛජ‍්ජමානන‍්තිආදිකා එකා, අට‍්ඨිකසඞ‍්ඛලිකං සමංසලොහිතං න‍්හාරුසම‍්බන්‍ධන‍්ති එකා, නිමංසලොහිතමක‍්ඛිතං න‍්හාරුසම‍්බන්‍ධන‍්ති එකා, අපගතමංසලොහිතං න‍්හාරුසම‍්බන්‍ධන‍්ති එකා, අට‍්ඨිකානි අපගතසම‍්බන්‍ධානීතිආදිකා එකා අට‍්ඨිකානි සෙතානි සඞ‍්ඛවණ‍්ණපටිභාගානීති එකා, පුඤ‍්ජකිතානි තෙරොවස‍්සිකානීති එකා, පූතීනි චුණ‍්ණකජාතානීති එකාති.

මෙහි සිට නවසීවථික එකතු කළ යුතුයි. 1. එකාහමතං වා යනාදි නයින් කියන ලද සියල්ල එකය 2. කාකෙහි වා ඛජ්ජමානා ආදිය එකකි 3. අට්ඨිකසංඛලිකං සමංස ලොහිතං නහාරු සම්බන්ධං එකකි 4. නිම්මංස ලොහිතමක්ඛිත්තංනහාරු සම්බන්ධං එකකි 5. අපගත මංසලොහිතං තහාරු සම්බන්ධං එකකි 6. අට්ඨිකානි අපගත සම්බන්ධානි එකකි 7. අට්ඨිකානි සෙතානි සංඛවණ්ණුපතිභානි එකකි 8. අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරො වස්සිකානු එකකි 9. අට්ඨිකානි පූතීනි චුණ්ණක ජාතානි එකකැ යි

එවං ඛො, භික‍්ඛවෙති ඉදං නවසිවථිකා දස‍්සෙත්‍වා කායානුපස‍්සනං නිට‍්ඨපෙන‍්තො ආහ. තත්‍ථ නවසිවථිකපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, දුක‍්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම‍්මණො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙන උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදං නවසිවථිකපරිග‍්ගාහකානං භික‍්ඛූනං යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

මහණෙනි, මෙසේ මේ නවසීවථික දක්වා කායානුපස්සනාව අවසන් කරන්නේ කීහ. එහි නවසීවථික පරික්ෂා කරන කල්හි දුක්ඛ සත්‍යය එය උපදවන පෙර තෘෂ්ණා සමුදය සත්‍යය, දෙකේම නොපැවැත්ම නිරෝධ සත්‍යය දුක දැනගැනීම සමුදය දුරුකිරීම නිරෝධය අරමුණු කිරීම ආර්ය මාර්ගය වූ මාර්ග සත්‍ය යන මෙසේ සිව්සස් වශයෙන් උත්සාහවත් කොට නිවණට පැමිණේ යයි නවසීවථික පිරික්සන භික්ෂුන්ගේ රහත් බව දක්වා නිවන් මග වේ.

නවසිවථිකපබ‍්බං නිට‍්ඨිතං.

සීවථික කොටස නිමි.

එත‍්තාවතා ච ආනාපානපබ‍්බං, ඉරියාපථපබ‍්බං, චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං, පටිකූලමනසිකාරපබ‍්බං, ධාතුමනසිකාරපබ‍්බං, නවසිවථිකපබ‍්බානීති චුද‍්දසපබ‍්බා කායානුපස‍්සනා නිට‍්ඨිතා හොති. තත්‍ථ ආනාපානපබ‍්බං, පටිකූලමනසිකාරපබ‍්බන‍්ති ඉමානෙව ද‍්වෙ අප‍්පනාකම‍්මට‍්ඨානානි, සිවථිකානං පන ආදීනවානුපස‍්සනාවසෙන වුත‍්තත‍්තා සෙසානි ද‍්වාදසාපි උපචාරකම‍්මට‍්ඨානානෙවාති.

මෙපමණකින් ආනාපාන කොටස, ඉරියව් කොටස, සිව් විමසන නුවණ කොටස, පිළිකුල් මෙනෙහි කරන කොටස, ධාතු මෙනෙහි කරන කොටස, නව සීවථික කොටස යයි කොටස් තුදුසකින් කායානුපස්සනාව නිමියේ වේ. එහි අනාපාන කොටස පිළිකුල් මෙනෙහි කරන කොටස යන මේ කොටස් දෙක අපර්ණා කමටහන් වේ. සීවථික වනාහි ආදීනව අනුපස්සනා වශයෙන් කියන ලද බැවින් සෙසු දොලොස උපචාර කමටහන්ම වේ.

කායානුපස‍්සනා නිට‍්ඨිතා.

කායානුපස්සනාව නිමි.

වෙදනානුපස‍්සනාවණ‍්ණනා

එවං භගවා චුද‍්දසවිධෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි නවවිධෙන වෙදනානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ තුදුස් ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය කියා දැන් නවාකාර වූ වේදනානු පස්සනාව කීමට “කථඤ්ච භික්ඛවෙ” යනාදිය කීහ.

තත්‍ථ සුඛං වෙදනන‍්ති කායිකං වා චෙතසිකං වා සුඛං වෙදනං වෙදයමානො “අහං සුඛං වෙදනං වෙදයාමී”ති පජානාතීති අත්‍ථො. තත්‍ථ කාමං උත‍්තානසෙය්‍යකාපි දාරකා ථඤ‍්ඤපිවනාදිකාලෙ සුඛං වෙදයමානා “සුඛං වෙදනං වෙදයාමා”ති පජානන‍්ති, න පනෙතං එවරූපං ජානනං සන්‍ධාය වුත‍්තං. එවරූපඤ‍්හි ජානනං සත‍්තූපලද‍්ධිං න ජහති, අත‍්තසඤ‍්ඤං න උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානං වා සතිපට‍්ඨානභාවනා වා න හොති. ඉමස‍්ස පන භික‍්ඛුනො ජානනං සත‍්තූපලද‍්ධිං ජහති, අත‍්තසඤ‍්ඤං උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානඤ‍්චෙව සතිපට‍්ඨානභාවනා ච හොති. ඉදඤ‍්හි “කො වෙදයති, කස‍්ස වෙදනා, කිං කාරණා වෙදනා”ති එවං සම‍්පජානවෙදියනං සන්‍ධාය වුත‍්තං.

එහි සුඛං වෙදනං - කායික හෝ චෛතසික සැප වේදනාවක් විඳිනු ලබන්නේ මම සැප වේදනාවක් විඳිමියි දැන ගනී යන අර්ථය වේ. එහි උඩුකුරුව හෝනා දරුවෝ කිරිබොන කාලයෙහි සැප වේදනා විඳිමියි දනිති. මෙය එබඳු වූ දැනීමක් සඳහා නොකියන ලදී. එබඳු රූප වූ දැනුම සත්වයා යන විශ්වාසය දුරු නොකරයි. ආත්ම සංඥාව නො උදුරයි. කමටහනක් හෝ සතිපට්ඨාන භාවනාවක් හෝ නොවේ. මේ භික්ෂුවගේ දැනුම වනාහි සත්වයා යන ඇදහීම දුරුකරයි. ආත්ම සංඥාව උදුරා දමයි. කමටහනක් මෙන්ම සතිපට්ඨාන භාවනාවක් ද වේ. මෙය කවරෙක් විඳීද? වේදනාව කාගේද ? කුමක් නිසා වේදනාව වීද? මෙසේ විමසන නුවණින් දැනීම සඳහා කියන ලදී.

තත්‍ථ කො වෙදයතීති න කොචි සත‍්තො වා පුග‍්ගලො වා වෙදයති. කස‍්ස වෙදනාති න කස‍්සචි සත‍්තස‍්ස වා පුග‍්ගලස‍්ස වා වෙදනා. කිං කාරණා වෙදනාති වත්‍ථුආරම‍්මණාව පනස‍්ස වෙදනා, තස‍්මා එස එවං පජානාති “තං තං සුඛාදීනං වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයති තං පන වෙදනාය පවත‍්තිං උපාදාය’අහං වෙදයාමී’ති වොහාරමත‍්තං හොතී”ති. එවං වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතීති සල‍්ලක‍්ඛෙන‍්තො එස “සුඛං වෙදනං වෙදයාමීති පජානාතී”ති වෙදිතබ‍්බො චිත‍්තලපබ‍්බතෙ අඤ‍්ඤතරත්‍ථෙරො විය.

එහි කවරෙක් විඳීද? කිසි සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නොවිඳී. කාගේ වේදනාවකද? කිසි සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ වේදනාව නොවේ. වේදනාවට හේතුව කිමද? වස්තු අරමුණු හෝ මේ වේදනාවට හේතු වේ. මෙතෙම මෙය කෙසේ දැනගනීද? ඒ ඒ සැප ආදිය වස්තු අරමුණු කොට වේදනාව විඳීයයි සලකන්නේ හේ සැප වේදනා විඳිමියි දැනගනි යයි දත යුතුය. සිතුල්පව්වෙහි එක්තරා තෙර නමක් මෙන්,

ථෙරො කිර අඵාසුකකාලෙ බලවවෙදනාය නිත්‍ථුනන‍්තො අපරාපරං පරිවත‍්තති, තමෙකො දහරො ආහ – “කතරං වො, භන‍්තෙ, ඨානං රුජ‍්ජතී”ති. ආවුසො, පාටියෙක‍්කං රුජ‍්ජනට‍්ඨානං නාම නත්‍ථි, වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතීති. එවං ජානනකාලතො පට‍්ඨාය අධිවාසෙතුං වට‍්ටති නො, භන‍්තෙ,ති. අධිවාසෙමි, ආවුසොති. අධිවාසනා, භන‍්තෙ, සෙය්‍යොති. ථෙරො අධිවාසෙසි. වාතො යාව හදයා ඵාලෙසි, මඤ‍්චකෙ අන‍්තානි රාසිකතානි අහෙසුං. ථෙරො දහරස‍්ස දස‍්සෙසි “වට‍්ටතාවුසො, එත‍්තකා අධිවාසනා”ති. දහරො තුණ‍්හී අහොසි. ථෙරො වීරියසමතං යොජෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිත්‍වා සමසීසී හුත්‍වා පරිනිබ‍්බායි.

තෙරුන් වහන්සේ වනාහි බලවත් වේදනාවෙන් අපහසු කාලයෙහි කෙඳිරිගාමින් එහාට මෙහාට පෙරළෙයි. එක් දහරෙක් උන්වහන්සේට කීය. ස්වාමීනි රිදෙන්නේ කොතනද? ඇවැත්නි වෙනම රිදෙන තැනක් නම් නැත. වස්තු අරමුණු කොට වේදනාව විඳි. මෙසේ දන්නා කාලයේ පටන් ඉවසීමට යෙහෙකි. තෙරුන් වහන්සේ ඉවසූහ. වාතය හෘදය වස්තුව පැලීය. ඇඳෙහි බඩවැල් එකතු විය. තෙරහු දහරාට පෙන්වූහ. ඇවැත්නි පෙමණ ඉවසීම වටීද? දහරා නිශ්ශබ්ද විය. තෙරුන් වහන්සේ වීර්ය සමථය යොදා සිවු විළිසිසියා සහිත රහත් බවට පැමිණ පිරිනිවන් පෑහ.

යථා ච සුඛං, එවං දුක‍්ඛං…පෙ… නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයමානො “නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයාමී”ති පජානාති. ඉති භගවා රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො යස‍්මා ඵස‍්සවසෙන චිත‍්තවසෙන වා කථියමානං පාකටං න හොති, අන්‍ධකාරං විය ඛායති, වෙදනානං පන උප‍්පත‍්තිපාකටතාය වෙදනාවසෙන පාකටං හොති, තස‍්මා සක‍්කපඤ‍්හෙ විය ඉධාපි වෙදනාවසෙන අරූපකම‍්මට‍්ඨානං කථෙසි. තත්‍ථ “දුවිධඤ‍්හි කම‍්මට‍්ඨානං රූපකම‍්මට‍්ඨානං අරූපකම‍්මට‍්ඨානඤ‍්චා”තිආදි කථාමග‍්ගො සක‍්කපඤ‍්හෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

යම්සේ සැප ද එසේම දුක.... නිරාමිස අදුක්ඛමසුඛ වේදනා විඳින්නේ නිරාමිස අදුක්ඛමසුඛ වේදනා විඳිමියි දැනගනී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කමටහන් කියන්නේ යම් හෙයකින් ස්පර්ශ වශයෙන් හෝ සිත් වශයෙන් හෝ කියනු ලබන්නේ ප්‍රකට නොවේ. අඳුරක් මෙන් හැඟෙයි. වේදනා වනාහි උපත ප්‍රකටය, ඒ වේදනාව වශයෙන් ප්‍රකට වේ. එහෙයින් සක්‍ර ප්‍රශ්නයෙහි මෙන් මෙහි ද වේදනා වශයෙන් වේදනා අරූප කමටහන කීහ. එහි රූප අරූප වශයෙන් කමටහන් දෙයාකාරය යනාදි කථා මාර්ගය සක්‍ර ප්‍රශ්නයෙහි කියන ලද අයුරින්ම දත යුතුය.

තත්‍ථ සුඛං වෙදනන‍්තිආදීසු අයං අපරොපි පජානනපරියායො, සුඛං වෙදනං වෙදයාමීති පජානාතීති සුඛවෙදනාක‍්ඛණෙ දුක‍්ඛවෙදනාය අභාවතො සුඛං වෙදනං වෙදයමානො “සුඛං වෙදනංයෙව වෙදයාමී”ති පජානාති. තෙන යා පුබ‍්බෙ භූතපුබ‍්බා දුක‍්ඛවෙදනා, තස‍්ස ඉදානි අභාවතො ඉමිස‍්සා ච සුඛාය වෙදනාය ඉතො පඨමං අභාවතො වෙදනා නාම අනිච‍්චා අධුවා විපරිණාමධම‍්මා, ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. වුත‍්තම‍්පි චෙතං භගවතා –

එහි සැප විඳිති ආදියෙහි මෙය අන්‍ය වූ විශේෂ ධර්ම පරියායකි. සුඛං වෙදනං වෙදියාමිති පජානාති - සැප වේදනා ඤාණයෙහි දුක්වේදනාවේ අභාවයෙන් සැප වේදනාව විඳින්නේ සැප වේදනාවම විඳිමි යයි දැනගනී. එයින් පෙර වූ දුක් වේදනාව දැන් නොමැති හෙයින් ද මේ සැප වේදනාව මෙයින් පෙර නොවූ හෙයින් වේදනාව නම් අනිත්‍යය, ස්ථිර නැත. වෙනස්වන ස්වභාවය ඇත්තේ වේ. මෙසේ මෙහි දැනීම ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලදී.

“යස‍්මිං, අග‍්ගිවෙස‍්සන, සමයෙ සුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ දුක‍්ඛං වෙදනං වෙදෙති, න අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, සුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. යස‍්මිං, අග‍්ගිවෙස‍්සන, සමයෙ දුක‍්ඛං…පෙ… අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක‍්ඛං වෙදනං වෙදෙති, අදුක‍්ඛමසුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. සුඛාපි, ඛො, අග‍්ගිවෙස‍්සන, වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. දුක‍්ඛාපි, ඛො…පෙ… අදුක‍්ඛමසුඛාපි ඛො, අග‍්ගිවෙස‍්සන, වෙදනා අනිච‍්චා…පෙ… නිරොධධම‍්මා. එවං පස‍්සං, අග‍්ගිවෙස‍්සන, සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, දුක‍්ඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, අදුක‍්ඛමසුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං ‘විමුත‍්තමී’ති ඤාණං හොති, ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතී”ති (ම· නි· 2.205).

“ගිනිවෙස්න, යම්කලක සැප වේදනාව විඳියි ද ඒ කාලයෙහි දුක්වේදනාව නොවිඳී. අදුක්ඛමසුඛ වේදනා” නොවිඳි සැප වේදනාවම ඒ කාලයෙහි විඳී. ගිනි වෙස්න, යම්කලක දුක්... අදුක්ඛමසුඛ වේදනාව විඳීද එසමයෙහි සැප වේදනාව නොවිඳී, දුක් වේදනාව නොවිඳී. එසමයෙහි අදුක්ඛමසුඛ වේදනාවම විඳී. ගිනිවෙස්න සැප වේදනාව ද අනිත්‍ය වේ. සංඛතය පටිච්ච සමුප්පන්නය, ක්ෂය ධර්මය, ව්‍යය ධර්මය, විරාග නිරෝධ ස්වභාවය වේ. දුකද.... ගිනිවෙස්න, අදුක්ඛමසුඛ වේදනාව ද අනිත්‍යය... නිරෝධ ස්වභාවය වේ. ගිනිවෙස්න, මෙසේ බලන්නේ, අසන්නේ ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවෙහි ද කලකිරේ. දුක් වේදනාවෙහි ද කලකිරේ. අදුක්ඛමසුඛ වේදනාවෙහි ද කලකිරේ. කලකිරීම විරාගය පිණිස පවතී. විරාගය මිදීම සඳහා පවතී. මිදීම මිදුනෙමි යන ඤාණය වේ. ජාති ක්ෂීණ විය. බඹසර වැස නිමියේය. කළයුතු දේ කොට අවසන් විය. මෙලොව මින්මතු කළයුත්තක් නැතැයි දැනගනී.

සාමිසං වා සුඛන‍්තිආදීසු සාමිසා සුඛා නාම පඤ‍්චකාමගුණාමිසසන‍්නිස‍්සිතා ඡ ගෙහසිතසොමනස‍්සවෙදනා. නිරාමිසා සුඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතසොමනස‍්සවෙදනා. සාමිසා දුක‍්ඛා නාම ඡ ගෙහසිතදොමනස‍්සවෙදනා. නිරාමිසා දුක‍්ඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතදොමනස‍්සවෙදනා. සාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ ගෙහසිතඋපෙක‍්ඛාවෙදනා. නිරාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතඋපෙක‍්ඛාවෙදනා. තාසං විභාගො සක‍්කපඤ‍්හෙ වුත‍්තොයෙව.

සාමිස සැප හෝ යනාදියෙහි සාමිස සැප නම් පඤ්චකාම ගුණ මිශ්‍ර වූ ගේහසිත සොම්නස් හයේ වේදනාවය, නිරාමිස සැප නම් නෙක්ඛම්ම සොම්නස් වේදනා හයය, සාමිස දුක් නම් ගෙහසිත දොම්නස් වේදනා හයය. නිරාමිස දුක් වේදනා නම් නෙක්ඛම්ම දොස් වේදනා හයයි, සාමිස අදුක්ඛමසුඛ නම් ගෙහසිත උපේක්ෂා වේදනා හයයි, නිරාමිස අදුක්ඛමසුඛ වේදනා නම් නෙකඛම්ම උපේක්ෂා වේදනා හයයි. ඒවායේ විභාගය සක්ක පඤ්හයේ කියන ලදමය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං සුඛවෙදනාදිපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා වෙදනාසු, පරස‍්ස වා වෙදනාසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස වෙදනාසු වෙදනානුපස‍්සී විහරති. සමුදයවයධම‍්මානුපස‍්සී වාති එත්‍ථ පන අවිජ‍්ජාසමුදයා වෙදනාසමුදයොතිආදීහි පඤ‍්චහි පඤ‍්චහි ආකාරෙහි වෙදනානං සමුදයඤ‍්ච වයඤ‍්ච පස‍්සන‍්තො “සමුදයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, වයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, කාලෙන සමුදයධම‍්මානුපස‍්සී වා වෙදනාසු, කාලෙන වයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරතී”ති වෙදිතබ‍්බො. ඉතො පරං කායානුපස‍්සනායං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ වෙදනාපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා වෙදනාපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං, සෙසං තාදිසමෙවාති.

මෙසේ සැප වේදනාදිය පිරික්සීමෙන් තමාගේ වේදනාවල අනුන්ගේ වේදනාවල කලක තමාගේ, වේදනාවල කලක අනුන්ගේ වේදනාවල වේදනාව අනුව බලමින් වාසය කරයි. සමුදය වයධම්මානු පස්සීවා - මෙහි වනාහි අවිද්‍යාව ඇතිවීමෙන් නැතිවීමද දකින්නේ වේදනාවල සමුදය ධම්මානුපස්සීව හෝ වාසය කරයි. වේදනාවල වය ධම්මානු පස්සීව හෝ වාසය කරයි. වේදනාවල කලක සමුදය ධම්මානු පස්සීව හෝ කලක වයධම්මානු පස්සීව හෝ වාසය කෙරේ යයි දත යුතුය. මින්පසු කායානුපස්සනාවේ කී පරිදිමය. හුදෙක් මෙහි වේදනා පරික්ෂා කරන කල්හි දුක්ඛ සත්‍යයයි මෙසේ යොදාගෙන වේදනා පිරික්සන භික්ෂුවගේ නිවන් මග දත යුතුය. සෙස්ස එලෙසින්ම වේ.

වෙදනානුපස‍්සනා නිට‍්ඨිතා.

වේදනානුපස්සනාව නිමි.

චිත‍්තානුපස‍්සනාවණ‍්ණනා

එවං නවවිධෙන වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි සොළසවිධෙන චිත‍්තානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සරාගන‍්ති අට‍්ඨවිධලොභසහගතං. වීතරාගන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. ඉදං පන යස‍්මා සම‍්මසනං න ධම‍්මසමොධානං තස‍්මා ඉධ එකපදෙපි ලොකුත‍්තරං න ලබ‍්භති. සෙසානි චත‍්තාරි අකුසලචිත‍්තානි නෙව පුරිමපදං න පච‍්ඡිමපදං භජන‍්ති. සදොසන‍්ති දුවිධදොමනස‍්සසහගතං. වීතදොසන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. සෙසානි දස අකුසලචිත‍්තානි නෙව පුරිමපදං, න පච‍්ඡිමපදං භජන‍්ති. සමොහන‍්ති විචිකිච‍්ඡාසහගතඤ‍්චෙව, උද‍්ධච‍්චසහගතඤ‍්චාති දුවිධං. යස‍්මා පන මොහො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, තස‍්මා සෙසානිපි ඉධ වට‍්ටන‍්තියෙව. ඉමස‍්මිඤ‍්ඤෙව හි දුකෙ ද‍්වාදසාකුසලචිත‍්තානි පරියාදින‍්නානීති. වීතමොහන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. සඞ‍්ඛිත‍්තන‍්ති ථිනමිද‍්ධානුපතිතං. එතඤ‍්හි සඞ‍්කුටිතචිත‍්තං නාම. වික‍්ඛිත‍්තන‍්ති උද‍්ධච‍්චසහගතං, එතඤ‍්හි පසටචිත‍්තං නාම.

මෙසේ නව ආකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය කියා දැන් සොළොස් ආකාර චිත්තානුපස්සනාව කීමට “කථඤ්ච භික්ඛවෙ” යනාදිය කීහ. එහි සරාගං - අට ආකාරය, ලොභ සහගතය. වීතරාගං - ලෞකික කුසල අව්‍යකෘත මෙය වනාහි ධම්ම සම්මර්ශන, න ධම්ම සමොධාන වශයෙන් වේ. එහෙයින් මෙහි එක පදයකවත් ලෝකොත්තරය නො ලබයි. සෙසු අකුසල් සිත් සතර පෙර පද හෝ පසු පද හෝ ඇසුරු නොකරයි. සදොසං - දෙයාකාරය. දොම්නස් සහගතය. වීත දොසං - ලෞකික කුසල අව්‍යාකතය. සෙසු දස අකුසල සිත් පෙර පද හේ පසුපද හෝ භාජනය නොකරයි. විචිකිච්ඡා සහගත ද උද්ධච්ච සහගත දැයි දෙයාකාරය. යම් හෙයකින් වනාහි මෝහය සියළු අකුසල සිත්වල උපදී. එහෙයින් සෙසු ඒවාද මෙහි වටීමය. මේ දෙකෙහි දොලොස් අකුසල් සිත් ඇතුළත් වේ. වීතමොහං - ලෞකික කුසල අව්‍යාකත. සංඛිත්තං - ථීන මිද්ධ පතිත වූ මෙය හැකුළුණු සිත නම් වේ. උද්ධච්ච සහගත වූ මෙය විසුරුවන ලද සිතය.

මහග‍්ගතන‍්ති රූපාරූපාවචරං. අමහග‍්ගතන‍්ති කාමාවචරං. සඋත‍්තරන‍්ති කාමාවචරං. අනුත‍්තරන‍්ති රූපාවචරං අරූපාවචරඤ‍්ච. තත්‍රාපි සඋත‍්තරං රූපාවචරං, අනුත‍්තරං අරූපාවචරමෙව. සමාහිතන‍්ති යස‍්ස අප‍්පනාසමාධි උපචාරසමාධි වා අත්‍ථි. අසමාහිතන‍්ති උභයසමාධිවිරහිතං. විමුත‍්තන‍්ති තදඞ‍්ගවික‍්ඛම‍්භනවිමුත‍්තීහි විමුත‍්තං. අවිමුත‍්තන‍්ති උභයවිමුත‍්තිවිරහිතං. සමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණවිමුත‍්තීනං පන ඉධ ඔකාසොව නත්‍ථි.

මහග්ගතං - රූපාවචර සහ අරූපාවචර, අමහග්ගතං - කාමාවචර. සඋත්තරා - කාමාවචර, අනුත්තරං - රූපාවචර අරූපාවචර. එහි ද ස උත්තර රූපාවචර ද අනුත්තර අරූපාවචර ද වේ. සමාහිතං - යමෙකුට අර්පනා සමාධි හෝ උපචාර සමාධි ඇත. අසමාහිතං - උභය සමාධි විරහිත. විමුත්තං - තදංග වික්ඛමභත විමුක්තියෙන් මිදුනා වූ. අවිමුත්තං - උභය විමුත්ති විරහිත වූ, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ විමුක්තීන්ගේ වනාහි මෙහි අවකාසයක් නැත.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං සරාගාදිපරිග‍්ගණ‍්හනෙන යස‍්මිං යස‍්මිං ඛණෙ යං යං චිත‍්තං පවත‍්තති, තං තං සල‍්ලක‍්ඛෙන‍්තො අත‍්තනො වා චිත‍්තෙ, පරස‍්ස වා චිත‍්තෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති. සමුදයවයධම‍්මානුපස‍්සීති එත්‍ථ පන අවිජ‍්ජාසමුදයා විඤ‍්ඤාණසමුදයොති එවං පඤ‍්චහි පඤ‍්චහි ආකාරෙහි විඤ‍්ඤාණස‍්ස සමුදයො ච වයො ච නීහරිතබ‍්බො. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ චිත‍්තපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං පදයොජනං කත්‍වා චිත‍්තපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

ඉති අජඣත්තං වා - මෙසේ සරාගා දි පරික්ෂාවෙන් යම් යම් ක්ෂණවල යම් යම් සිතක් පවතී. එය සලකන්නේ තමාගේ සිතේ හෝ අනුන්ගේ සිතේ හෝ කලක තමාගේ කලක අනුන්ගේ හෝ සිතේ සිත අනුව බලමින් වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සී - මෙහි වනාහි අවිද්‍යා සමුදයෙන් විඤ්ඤාණ සමුදය යයි මෙසේ පස් පස් ආකාරයෙන් විඤ්ඤාණයේ සමුදය ද විනාශය ද බැහැර කළ යුතුය. මෙයින් පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි සිත පිරික්සන කල්හි දුක්ඛ සත්‍ය යයි මෙසේ යොදාගෙන සිත පරික්ෂා කරන භික්ෂුවගේ නිවන් මග දත යුතුය. සෙස්ස එපරිදිමය.

චිත‍්තානුපස‍්සනා නිට‍්ඨිතා.

චිත්තානුපස්සනාව නිමි

ධම‍්මානුපස‍්සනා නීවරණපබ‍්බවණ‍්ණනා

එවං සොළසවිධෙන චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි පඤ‍්චවිධෙන ධම‍්මානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. අපිච භගවතා කායානුපස‍්සනාය සුද‍්ධරූපපරිග‍්ගහො කථිතො, වෙදනාචිත‍්තානුපස‍්සනාහි සුද‍්ධඅරූපපරිග‍්ගහො. ඉදානි රූපාරූපමිස‍්සකපරිග‍්ගහං කථෙතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ”තිආදිමාහ. කායානුපස‍්සනාය වා රූපක‍්ඛන්‍ධපරිග‍්ගහොව කථිතො, වෙදනානුපස‍්සනාය වෙදනාක‍්ඛන්‍ධපරිග‍්ගහොව, චිත‍්තානුපස‍්සනාය විඤ‍්ඤාණක‍්ඛන්‍ධපරිග‍්ගහොව ඉදානි සඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධපරිග‍්ගහම‍්පි කථෙතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ”තිආදිමාහ.

මෙසේ සොළොස්විධ වූ චිත්තානු පස්සනා සතිපට්ඨානය කියා දැන් පංචවිධ වූ ධම්මානු පස්සනාව කීවේ “කථං ච භික්ඛවෙ” යනාදිය කීහ. තවද භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනාව සුද්ධ පිරික්සීමෙන් දේශනා කළහ. වේදනා චිත්ත පස්සනා සුද්ධ අරූප පිරික්සීමෙන් දේශනා කළහ. දැන් රූපාරූප මිශ්‍රව පිරික්සීමෙන් දේශනා කිරීමට “කථං ච භික්ඛවෙ” යනාදිය කීහ. කායානුපස්සනාවෙන් හෝ රූපස්කන්ධ පරීක්ෂාව කියන ලදී. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධ පරික්ෂාව ද චිත්තානු පස්සනාවෙන් විඤ්ඤාණස්කන්ධ පරික්ෂාව ද දැන් සඤ්ඤා සංකාරස්කන්ධ පරික්ෂාව ද කීමට “කථං ච භික්ඛවෙ” යනාදිය කීහ.

තත්‍ථ සන‍්තන‍්ති අභිණ‍්හසමුදාචාරවසෙන සංවිජ‍්ජමානං. අසන‍්තන‍්ති අසමුදාචාරවසෙන වා පහීනත‍්තා වා අසංවිජ‍්ජමානං. යථා චාති යෙන කාරණෙන කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති. තඤ‍්ච පජානාතීති තඤ‍්ච කාරණං පජානාති. ඉති ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

එහි සන්තං - නිතර හැසිරීම් වශයෙන් විද්‍යාමාන වූ, අසන්තං - හැසිරීම් වශයෙන් නොවන හෝ ප්‍රහීනභාවයෙන් හෝ අවිද්‍යාමාන, යථාවා යම් කාරණයකින්. කාමඡන්දෙස්ස උප්පාදො හොති, තංච පජානාති - ඊට කරුණු දනී. මෙසේ මේ නයින් සියළු පදවල අර්ථ දත යුතුය.

තත්‍ථ සුභනිමිත‍්තෙ අයොනිසොමනසිකාරෙන කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති. සුභනිමිත‍්තං නාම සුභම‍්පි සුභනිමිත‍්තං, සුභාරම‍්මණම‍්පි සුභනිමිත‍්තං. අයොනිසොමනසිකාරො නාම අනුපායමනසිකාරො උප‍්පථමනසිකාරො අනිච‍්චෙ නිච‍්චන‍්ති වා, දුක‍්ඛෙ සුඛන‍්ති වා, අනත‍්තනි අත‍්තාති වා, අසුභෙ සුභන‍්ති වා මනසිකාරො. තං තත්‍ථ බහුලං පවත‍්තයතො කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, සුභනිමිත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

එහි සුභ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් කාමච්ඡන්දය උපදී. සුභ නිමිත්ත නම් සුභ දේද සුභ නිමිත්තකි. සුභ අරමුණ ද සුභ නිමිත්තකි. අයොනිසොමනසිකාරය නම් උපාය රහිත මෙනෙහි කිරීමයි. අමාර්ග මෙනෙහි කිරීමයි. අනිත්‍යයෙහි නිත්‍යයයි හෝ දුකෙහි සැපයයි හෝ අනාත්මයෙහි ආත්මයයි හෝ අසුභයෙහි සුභ යයි හෝ මෙනෙහි කිරීමයි. එය එහි බහුලව පැවැත්වීමෙන් කාමච්ඡන්දය උපදී. එයින් කීහ භගවත්හු: මහණෙනි සුභ නිමිත්තක් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම් බහුල බව පිණිස මහත්බව පිණිස මෙය ආහාරය වේ.

අසුභනිමිත‍්තෙ පන යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. අසුභනිමිත‍්තං නාම අසුභම‍්පි අසුභාරම‍්මණම‍්පි. යොනිසොමනසිකාරො නාම උපායමනසිකාරො පථමනසිකාරො අනිච‍්චෙ අනිච‍්චන‍්ති වා, දුක‍්ඛෙ දුක‍්ඛන‍්ති වා, අනත‍්තනි අනත‍්තාති වා, අසුභෙ අසුභන‍්ති වා මනසිකාරො. තං තත්‍ථ බහුලං පවත‍්තයතො කාමච‍්ඡන්‍දො පහීයති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, අසුභනිමිත‍්තං, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

[missing here?] අසුභ නිමිත්ත නම් අසුභය ද අසුබ අරමුණද වේ. නුවණින් මෙනෙහි කිරීම නම් උපාය මෙනෙහි කිරීමය. අනිත්‍යයෙහි අනිත්‍යයයි හෝ දුකෙහි දුක යයි හෝ ආත්මයෙහි අනාත්මයයි හෝ අසුභයෙහි අසුභයයි හෝ මෙනෙහි කිරීමය. එය බහුල වශයෙන් පවත්වන්නේ කාමච්ඡන්දය ප්‍රහීන වේ. එයින් කීහ භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දයේ නූපදීම සඳහා උපන් කාමච්ඡන්දයේ ප්‍රහානය පිණිස මෙයට හේතුවේ.

අපිච ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්ති අසුභනිමිත‍්තස‍්ස උග‍්ගහො, අසුභභාවනානුයොගො, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. දසවිධඤ‍්හි අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, භාවෙන‍්තස‍්සාපි ඉන්‍ද්‍රියෙසු පිහිතද‍්වාරස‍්සාපි චතුන‍්නං පඤ‍්චන‍්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්‍වා යාපනසීලතාය භොජනමත‍්තඤ‍්ඤුනොපි. තෙනෙව වුත‍්තං –

තවද ධර්ම සයක් කාමච්ඡන්දයේ ප්‍රහානය පිණිස පවතී. අසුභ නිමිත්ත දැනගැනීම, අසුභ භාවනානුයෝගය, ඉන්ද්‍රියවල වැසු දොරවල් ඇතිබව (ඉන්ද්‍රිය සංවරය) භෝජනයෙහි පමණ දැනීම, කලණ මිතුරන් සේවනය, සත්ප්‍රාය වූ කථා යනුවෙනි. දසවිධ වූ අසුභ නිමිති ඉගෙන ගන්නාට ද කාමච්ඡන්දය ප්‍රහීන වේ. භාවනා කරන්නාට ද ඉන්ද්‍රිය සංවරය ඇත්තාට ද සතර පස් පිඩකට ඉඩ තබා ජලය පානය කොට යැපෙන පමණකට භාජනයෙහි පමණ දැනීම ද එයින් කීහ.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983).

හතර පස් පිඩකට ඉඩතබා දිය බීමෙන් පහසුය විහරණය බිකු දිවි කෙලෙස් හරනට

අසුභකම‍්මිකතිස‍්සත්‍ථෙරසදිසෙ අසුභභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සපි කාමච‍්ඡන්‍දො පහීයති, ඨානනිසජ‍්ජාදීසු දසඅසුභනිස‍්සිතසප‍්පායකථාය පහීයති, තෙන වුත‍්තං – “ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනකාමච‍්ඡන්‍දස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

අසුභකම්මික තිස්ස තෙරුන් මෙන් අසුභ භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයකු ඇසුරු කරන්නාට ද කාමච්ඡන්දය ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල දස අසුභ නිශ්‍රිත කථාවෙන් ද ප්‍රහීන වේ. එයින් කියන ලදී. “ධර්ම සයක් කාමච්ඡන්දය ප්‍රහීන වීම පිණිස පවතී”. මේ ධර්ම හයෙන් ප්‍රහීන වූ කාමච්ඡන්දය රහත් මාර්ගයෙන් මතුවට නොඉපදවීම වේ යයි දැනගනී.

පටිඝනිමිත‍්තෙ අයොනිසොමනසිකාරෙන පන බ්‍යාපාදස‍්ස උප‍්පාදො හොති. තත්‍ථ පටිඝම‍්පි පටිඝනිමිත‍්තං, පටිඝාරම‍්මණම‍්පි පටිඝනිමිත‍්තං. අයොනිසොමනසිකාරො සබ‍්බත්‍ථ එකලක‍්ඛණොව. තං තස‍්මිං නිමිත‍්තෙ බහුලං පවත‍්තයතො බ්‍යාපාදො උප‍්පජ‍්ජති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, පටිඝනිමිත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය (තරහ) ඉපදීම වේ. එහි ගැටීම ද ගැටීම් නිමිත්ත ද ගැටීම් අරමුණ ද ගැටීම් නිමිති වේ. නුනුවණින් මෙනෙහි කිරීම සියළු තැන එකම ලක්ෂණය වේ. එය ඒ නිමිත්තෙහි බහුලව පැවතීමෙන් ව්‍යාපාදය උපදී. භාග්‍යවතුන් වහන්සේ එයින් කීහ. මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් වූ හෝ ව්‍යාපාදයේ ඉපදීම පිණිස උපන්නා වූ හෝ ව්‍යාපාදයේ බොහෝ බව පිණිස මහත් බව පිණිස මෙය හේතුවන්නේය.

මෙත‍්තාය පන චෙතොවිමුත‍්තියා යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. තත්‍ථ මෙත‍්තාති වුත‍්තෙ අප‍්පනාපි උපචාරොපි වට‍්ටති. චෙතොවිමුත‍්තීති අප‍්පනාව. යොනිසොමනසිකාරො වුත‍්තලක‍්ඛණොව. තං තත්‍ථ බහුලං පවත‍්තයතො බ්‍යාපාදො පහීයති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, මෙත‍්තා චෙතොවිමුත‍්ති, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

මෙත්‍රී සහගත චේතනා විමුත්තයෙන් යයි කී කල්හි අප්පමාණ ද උපචාරය වටී. චෙතොවිමුත්ති - අර්පණාව, නුවණින් මෙනෙහි කිරීම කියන ලද ලක්ෂණම වේ. එය එහි බහුලව පවත්වන්නේ ව්‍යාපාදය ප්‍රහීන වේ. එයින් කීහ. “මහණෙනි, චේතෝවිමුත්ති මෛත්‍රිය ඇත. එහි නුවණින් මෙනෙහි කිරිම බහුල වූයේ නූපන් ව්‍යාපාදයේ නූපදීම පිණිස උපන් ව්‍යාපාදයේ ප්‍රහානය පිණිස එයම හේතුවේ.

අපිච ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්ති මෙත‍්තානිමිත‍්තස‍්ස උග‍්ගහො මෙත‍්තාභාවනානුයොගො කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණා පටිසඞ‍්ඛානබහුලතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. ඔදිස‍්සකඅනොදිස‍්සකදිසාඵරණානඤ‍්හි අඤ‍්ඤතරවසෙන මෙත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, ඔධිසොඅනොධිසොඵරණවසෙන මෙත‍්තං භාවෙන‍්තස‍්සාපි. “ත්‍වං එතස‍්ස කුද‍්ධො කිං කරිස‍්සසි, කිමස‍්ස සීලාදීනි විනාසෙතුං සක‍්ඛිස‍්සසි, නනු ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සසි, පරස‍්ස කුජ‍්ඣනං නාම වීතච‍්චිතඞ‍්ගාර තත‍්තඅය සලාකගූථාදීනි ගහෙත්‍වා පරං පහරිතුකාමතාසදිසං හොති. එසොපි තව කුද‍්ධො කිං කරිස‍්සති, කිං තෙ සීලාදීනි විනාසෙතුං සක‍්ඛිස‍්සති, එස අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සති, අප‍්පටිච‍්ඡිතපහෙණකං විය පටිවාතං ඛිත‍්තරජොමුට‍්ඨි විය ච එතස‍්සෙවෙස කොධො මත්‍ථකෙ පතිස‍්සතී”ති එවං අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛතොපි, උභයකම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛිත්‍වා පටිසඞ‍්ඛානෙ ඨිතස‍්සාපි, අස‍්සගුත‍්තත්‍ථෙරසදිසෙ මෙත‍්තාභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති. ඨානනිසජ‍්ජාදීසු මෙත‍්තානිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස බ්‍යාපාදස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

තවද ව්‍යාපාද ප්‍රහානය පිණිස කරුණු හයක් පවතී. මෛත්‍රී නිමිත්ත ඉගණීම, මෛත්‍රී භාවනානු යෝගය, කළ ක්‍රියා ප්‍රත්‍යවෙක්ෂා කිරීම, සිහි කිරීම් බහුල වීම, කල්‍යාණ මිත්‍රත්වය. සප්පයා කථා යනුවෙනි. වෙන්කළ වෙන්නොකළ, දිසා පැතිරවීම් ආදි එක්තරා ආකාරයකින් මෛත්‍රිය ඉගෙන ගන්නාට ද ව්‍යාපාදය ප්‍රහීන වේ. නිම කළ නොකළ පැතරවීම් වශයෙන් මෛත්‍රිය වඩන්නාටද, ඔබ මොහු කිපී කුමක් කරන්නද? කිම ඔහුගේ සීලාදිය නැසීමට හැකිවේද? ඔබ ඔබේ කර්මයෙන් ඇවිත් තමාගේම කර්මයෙන් යන්නේ නොවේද? පිළි නොගත් ත්‍යාගයක් මෙන් උඩු සුළඟට දැමු දූවිලි මිටක් මෙන් මේ ක්‍රෝධය ඔහු මතට වැටෙන්නේය, මෙසේ තමාගේ ද අනුන්ගේ ද කළ ක්‍රියා ප්‍රත්‍යවේක්ෂා කරන්නාටද, දෙගොල්ලන්ගේ කළකියා ප්‍රත්‍යවේක්ෂා කොට සිහිකිරිමේ සිටියාටද? අස්සගුත්ත තෙරුන් මෙන් මෛත්‍රී භාවනාවේ ඇළුණු කල්‍යාණ මිත්‍රයකු සෙව්නාහට ද ව්‍යාපාදය ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල මෛත්‍රී නිශ්‍රිත සප්පාය කථාවෙන් ද ප්‍රහීන වේ. එයින් කියන ලදී. ඡ ධම්මා ව්‍යාපාදස්ස ප්‍රහීනවීම පිණිස පවතී. මේ ධර්ම හයෙන් ප්‍රහීන වූ ව්‍යාපාදය අනාගාමි මාර්ගයෙන් මතුවට නො ඉපදීම වේ යයි දැනගනී.

අරතිආදීසු අයොනිසොමනසිකාරෙන ථිනමිද‍්ධස‍්ස උප‍්පාදො හොති. තන්‍දී නාම කායාලසියතා. විජම‍්භිතා නාම කායවිනමනා. භත‍්තසම‍්මදො නාම භත‍්තමුච‍්ඡා භත‍්තපරිළාහො. චෙතසො ලීනත‍්තං නාම චිත‍්තස‍්ස ලීනාකාරො. ඉමෙසු අරතිආදීසු අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, අරති තන්‍දී විජම‍්භිතා භත‍්තසම‍්මදො චෙතසො ලීනත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

නොඇලීම් ආදියෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් ථින මිද්ධයාගේ ඉපදීම වේ. අරතිය නම් කලකිරීම් බවය. තන්දි නම් කයේ අලස බවය. විජමිහිකා නම් කයෙහි මැලි බවය. භත්ත සම්මදො නම් බත් මතය, බත් දැවිල්ලය. සිතේ ලීන බව නම් සිතේ සැඟවුණු ආකාරයයි. මේ අරති ආදියෙහි නුනුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ ථිනමිද්ධ උපදී. එයින් කීහ. මහණෙනි, අරතිය නන්දිය විජම්භිකා භත්ත සම්මදො චෙතසො ලීනත්තං ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම් බහුල වූයේ නූපන් ථිනමිද්ධයේ ඉපදීම පිණිස උපන් ථිනමිද්ධයේ බොහෝ බව මහත් බව පිණිස මේවා හේතු වේ.

ආරම‍්භධාතුආදීසු පන යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. ආරම‍්භධාතු නාම පඨමාරම‍්භවීරියං. නික‍්කමධාතු නාම කොසජ‍්ජතො නික‍්ඛන‍්තතාය තතො බලවතරං. පරක‍්කමධාතු නාම පරං පරං ඨානං අක‍්කමනතො තතොපි බලවතරං. ඉමස‍්මිං තිප‍්පභෙදෙ වීරියෙ යොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො ථිනමිද‍්ධං පහීයති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්කමධාතු පරක‍්කමධාතු, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස අනුප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

ආරම්භ ධාතු ආදියෙහි නුවණින් මෙනෙහි කිරීමෙන් එහි ප්‍රහානය වේ. ආරම්භ ධාතු නම් පළමු ආරම්භ වීරියයි. නික්කම ධාතු නම් කුසීත බවින් නික්මෙන හෙයින් ඊට වඩා බලවත් වේ. පරක්කම ධාතු නම් තව තවත් ස්ථාන ආක්‍රමණය කරන බැවින් ඊටත් වඩා බලවත් වේ. මේ තුන් ආකාර වීර්යයෙහි නුවණින් මෙනෙහි කිරීම බහුලව පැවැත්වීමෙන් ථින මිද්ධ ප්‍රහීන වේ. එයින් කීහ. මහණෙනි, ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් හෝ ථිනමිද්ධ නොඉපදීම පිණිස උපන් ථිනමිද්ධ ප්‍රහානය පිණිස හේතුවේ.

අපිච ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්ති – අතිභොජනෙ නිමිත‍්තග‍්ගාහො, ඉරියාපථසම‍්පරිවත‍්තනතා, ආලොකසඤ‍්ඤාමනසිකාරො, අබ‍්භොකාසවාසො, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. ආහරහත්‍ථක තත්‍රවට‍්ටක අලංසාටක කාකමාසක භුත‍්තවමිතකභොජනං භුඤ‍්ජිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස හි සමණධම‍්මං කරොතො ථිනමිද‍්ධං මහාහත්‍ථී විය ඔත්‍ථරන‍්තං ආගච‍්ඡති, චතුපඤ‍්චආලොපඔකාසං පන ඨපෙත්‍වා පානීයං පිවිත්‍වා යාපනසීලස‍්ස භික‍්ඛුනො තං න හොතීති එවං අතිභොජනෙ නිමිත‍්තං ගණ‍්හන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති. යස‍්මිං ඉරියාපථෙ ථිනමිද‍්ධං ඔක‍්කමති, තතො අඤ‍්ඤං පරිවත‍්තෙන‍්තස‍්සාපි, රත‍්තිං චන්‍දාලොකදීපාලොකඋක‍්කාලොකෙ දිවා සූරියාලොකං මනසිකරොන‍්තස‍්සාපි, අබ‍්භොකාසෙ වසන‍්තස‍්සාපි, මහාකස‍්සපත්‍ථෙරසදිසෙ පහීනථිනමිද‍්ධෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති. ඨානනිසජ‍්ජාදීසු ධුතඞ‍්ගනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස ථිනමිද‍්ධස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

තවද කරුණු සයක් ථිනමිද්ධ ප්‍රහානය පිණිස පවතී. අතිභෝජනයෙහි නිමිති ගැනීම, ඉරියව් මාරු කිරීම, ආලෝක සංඥාව මෙනෙහි කිරීම, අභ්‍යවකාසයෙහි විසීම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සංවාස කථා යනුවෙනි. ආහාර අතින් ගැනීම (උගුරේ ආහාර අතින් ගැනීම) කාපු තැනම වැතිරීම, කෑ පසු වස්ත්‍ර කයේ රඳවා ගැනීමට නොහැකිවීම, කවුඩන් උගුරේ ආහාර ගැනීම, කෑ දේ වමනය කිරීම. ආහාර වළඳා රාත්‍රි ස්ථාන දිවා ස්ථානවල සිට මහණදම් කරන්නාට ථිනමිද්ධ මහ ඇතකු මෙන් බසිමින් එයි. හතර පස් පිඩකට අවකාස තබා පැන් බී යැපෙන සුළු භික්ෂුවට එය නොවේ. මෙහි අති භෝජනයෙහි නිමිති ගන්නාට ථිනමිද්ධ ප්‍රහීන වේ. යම් ඉරියව්වක ථිනමිද්ධ බැසගනීද එයින් ඉරියව් මාරු කිරීමෙන් ද රාත්‍රියේ සඳ එලිය පහන් එලිය හුළු එලිය දාවල් හිරු එලිය මෙනෙහි කරන්නාට ද අභ්‍යවකාශයෙහි වාසය කරන්නාට ද මහා කාශ්‍යප තෙරුන් සමාන ප්‍රහීන ථිනමිද්ධ ඇති කල්‍යාණ මිත්‍රයකු සේවනය කරන්නාට ද ථිනමිද්ධ ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල ධුතංග නිශ්‍රිත සප්පයා කථාව ද ථිනමිද්ධ දුරු කරයි. මේ කරුණු සයෙන් ප්‍රහීන වූ ථීන මිද්ධ රහත් මගින් මතු නොවන සේ නැති වේ යයි දැනගනී.

චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරෙන උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදො හොති. අවූපසමො නාම අවූපසන‍්තාකාරො, උද‍්ධච‍්චකුක‍්කුච‍්චමෙවෙතං අත්‍ථතො. තත්‍ථ අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො උද‍්ධච‍්චකුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, චෙතසො අවූපසමො, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති.

සිතින් ව්‍යපසමනය නොවූ කල්හි නුනුවණින් මෙනෙහි කිරීමෙන් උද්ධචච ඉපදීම වේ. අවුපසම නම් අවුපසන්තකාරයයි. එය අර්ථ වශයෙන් උද්ධච්ච කුක්කුචයම වේ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව පැවැත්වීමෙන් උද්ධච්ච කුක්කුචය උපදී. එයින් කීහ. මහණෙනි, සිතින් සංසිඳීමක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් උද්ධච්ච කුක්කුච්චයේ නූපදීම සඳහා උපන් උද්ධච්ච කුක්කුච්චයේ ප්‍රහාණය සඳහා මෙයම හේතුවේ.

සමාධිසඞ‍්ඛාතෙ පන චෙතසො වූපසමෙ යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, චෙතසො වූපසමො, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස අනුප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානායා”ති.

[missing trans]

අපිච ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්ති බහුස‍්සුතතා පරිපුච‍්ඡකතා විනයෙ පකතඤ‍්ඤුතා වුද‍්ධසෙවිතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. බාහුස‍්සච‍්චෙනපි හි එකං වා ද‍්වෙ වා තයො වා චත‍්තාරො වා පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති. කප‍්පියාකප‍්පියපරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයපඤ‍්ඤත‍්තියං චිණ‍්ණවසිභාවතාය පකතඤ‍්ඤුනොපි, වුඩ‍්ඪෙ මහල‍්ලකත්‍ථෙරෙ උපසඞ‍්කමන‍්තස‍්සාපි, උපාලිත්‍ථෙරසදිසෙ විනයධරෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති, ඨානනිසජ‍්ජාදීසු කප‍්පියාකප‍්පියනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චෙ උද‍්ධච‍්චස‍්ස අරහත‍්තමග‍්ගෙන, කුක‍්කුච‍්චස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

තව උද්ධච්ච කුක්කුචයේ ප්‍රහානය පිණිස කරුණු හයක් පවතී. බහුශ්‍රැතභාවය, විමසීම් ඇති බව විනයෙහි ප්‍රකෘති දන්නා බව, වෘද්ධයන් සෙව්නා බව, කල්‍යාණ මිත්‍රයන් ඇසුර සප්පාය කථා. බහුශ්‍රැතයා විසින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහක් හෝ නිකායන් පෙළ වශයෙන් ද අර්ථ වශයෙන් ද ඉගෙන ගන්නාට ද උද්ධච්ච කුක්කුච්ච ප්‍රහීන වේ. කැප අකැප විචාර බහුලයාට ද විනය ප්‍රඥප්තිවල පුරුදු කරන ලද වසීබව ඇත්තාට ද කරුණු දන්නා මහළු තෙරවරුන් කරා එළඹ අසන්නාට ද උපාලි තෙරුන් සමාන විනයධර කල්‍යාණ මිත්‍රයකු ඇසුරු කරන්නාට ද උද්ධච්ච කුක්කුච්ච ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල කැප අකැප නිශ්‍රිත සප්පාය කථාවලින් ද ප්‍රහීන වේ. එහෙයින් කියන ලදී: “ඡ ධම්මා උද්ධච්ච කුක්කුච්චස්ස පහානාය සංවතන්ති” උද්ධච්ච කුක්කුච්ච ප්‍රහානය පිණිස ධර්ම සයක් ඇත. මේ ධර්ම හයෙන් ප්‍රහීන වූ උද්ධච්ච කුක්කුච්චයෙහි උද්ධච්චය රහත් මගින් ද කුක්කුචය අනාගාමි මගින් ද නිරවශේෂයෙක් ප්‍රහීන වේ යයි දැනගනී.

විචිකිච‍්ඡාඨානීයෙසු ධම‍්මෙසු අයොනිසොමනසිකාරෙන විචිකිච‍්ඡාය උප‍්පාදො හොති. විචිකිච‍්ඡාඨානීයා ධම‍්මා නාම පුනප‍්පුනං විචිකිච‍්ඡාය කාරණත‍්තා විචිකිච‍්ඡාව. තත්‍ථ අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, විචිකිච‍්ඡාඨානීයා ධම‍්මා, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය, උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

විචිකිච්ඡාව ඇතිවන ස්ථානවල නුනුවණින් මෙනෙහි කිරීමෙන් විචිකිච්ඡාව උපදී. විචිකිච්ඡාව ඇතිවන ස්ථාන නම් නැවත නැවත විචිකිච්ඡාවට හේතු වූ සැකයම වේ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව පවත්වන්නේ විචිකිච්ඡාව උපදී. එයින් කීහ. “මහණෙනි විචිකිච්ඡාව ඇතිවන දහම් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලවන්නේ නූපන් විචිකිච්ඡාව ඉපදීම පිණිස උපන් විචිකිච්ඡාව බොහෝ බවට මහත් බවට මෙයම හේතුවේ.

කුසලාදිධම‍්මෙසු යොනිසොමනසිකාරෙන පනස‍්සා පහානං හොති, තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා සෙවිතබ‍්බාසෙවිතබ‍්බා ධම‍්මා හීනපණීතා ධම‍්මා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො, අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය අනුප‍්පාදාය; උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය පහානායා”ති.

කුසලාදි ධර්මවල නුවණින් මෙනෙහි කිරීමෙන් මෙය ප්‍රහානය වේ. එයින් කීහ. මහණෙනි. කුසලා අකුසල ධම්ම සාවජ්ජ අනවජ්ජ ධම්ම සෙවිතබ්බ අසෙවිතබ්බ ධම්ම හීනපණීත ධම්ම කණ්හ සුක්ක සප්පටිභාග ධම්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නුපන් විචිකිච්ඡාව නූපදීම පිණිස උපන් විචිකිච්ඡාව ප්‍රහානය පිණිස ඒවාම හේතු වේ.

අපිච ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්ති බහුස‍්සුතතා, පරිපුච‍්ඡකතා, විනයෙ පකතඤ‍්ඤුතා, අධිමොක‍්ඛබහුලතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති. බාහුස‍්සච‍්චෙනපි හි එකං වා…පෙ… පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, තීණි රතනානි ආරබ‍්භ පරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයෙ චිණ‍්ණවසීභාවස‍්සාපි, තීසු රතනෙසු ඔකප‍්පනියසද‍්ධාසඞ‍්ඛාතඅධිමොක‍්ඛබහුලස‍්සාපි, සද‍්ධාධිමුත‍්තෙ වක‍්කලිත්‍ථෙරසදිසෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, ඨානනිසජ‍්ජාදීසු තිණ‍්ණං රතනානං ගුණනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනාය විචිකිච‍්ඡාය සොතාපත‍්තිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

තවද විචිකිච්ඡාව ප්‍රහානය පිණිස කරුණු හයක් පවතී. බහුශ්‍රැතබව, විමසනබව, විනයෙහි දැනුම, ස්ථිර බව, කලණ මිතුරන් ඇති බව, සප්පාය කථා යන මේවාය. බහුශ්‍රැතයා විසින් එකක් හෝ.... පහක් හෝ නිකායන් පෙල වශයෙන් ද අර්ථ වශයෙන් ද ඉගෙන ගන්නාට විචිකිච්ඡාව ප්‍රහීන වේ. තුණුරුවන් අරබයා ප්‍රශ්න ඇසීම්, විනයෙහි පුරුදු පුහුණුව, තුනුරුවන් කෙරෙහි ඔකප්පනිය ශ්‍රද්ධා සංඛ්‍යාත අචලබව, ශ්‍රද්ධාවෙන් යුත් වක්කලි තෙරුන් සමාන කලණ මිතුරන් සේවනය කරන්නාට ද විචිකිච්ඡාව ප්‍රහීන වේ. සිටින හිඳින තැන්වල තෙරුවන් ගුණ නිස්සිත සප්පාය කථාවෙන් ද ප්‍රහීන වේ. එහෙයින් කියන ලදී. ඡ ධම්මා විචිකිච්ඡා පහානාය සංවත්තන්ත, මේ ධර්ම සයෙන් ප්‍රහීන වූ විචිකිච්ඡාව සෝවාන් මාර්ගයෙන් ඉදිරියේ නො ඉපදීම වේ යයි දැනගනී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං පඤ‍්චනීවරණපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා ධම‍්මෙසු, පරස‍්ස වා ධම‍්මෙසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ සුභනිමිත‍්තඅසුභනිමිත‍්තාදීසු අයොනිසොමනසිකාරයොනිසොමනසිකාරවසෙන පඤ‍්චසු නීවරණෙසු වුත‍්තායෙව නීහරිතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ නීවරණපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නීවරණපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

ඉති අජ්ඣඡත්තං වා - මෙසේ පංච නීවරණ පරීක්ෂා කරන්නා විසින් තමාගේ ධර්මවල අනුන්ගේ ධර්මවල කලෙක තමාගේ කලෙක අනුන්ගේ ධර්මවල ධර්ම අනුව බලමින් වාසය කරයි. මෙහි සමුදය වය සුභ නිමිත්ත අසුභ නිමිත්ත ආදියෙහි අයෝනිසෝ මනසිකාර යෝනිසො මනසිකාර වශයෙන් කියන ලද නයින් පංච නීවරණ බැහැර කළ යුතුය. හුදෙක් මෙහි නීවරණ පරික්ෂා කරන සිහිය දුක්ඛ සත්‍යය මෙසේ යොදාගෙන නීවරණ පරික්ෂා කරන භික්ෂුවගේ නිවන් මග දත යුතුය.

නීවරණපබ‍්බං නිට‍්ඨිතං.

නීවරණ කොටස නිමි

ඛන්‍ධපබ‍්බවණ‍්ණනා

එවං පඤ‍්චනීවරණවසෙන ධම‍්මානුපස‍්සනං විභජිත්‍වා ඉදානි පඤ‍්චක‍්ඛන්‍ධවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසූති උපාදානස‍්ස ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා, උපාදානස‍්ස පච‍්චයභූතා ධම‍්මපුඤ‍්ජා ධම‍්මරාසයොති අත්‍ථො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පන ඛන්‍ධකථා විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තා.

මෙසේ පංච නීවරණ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා දැන් පංචස්කන්ධ වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. පංචසුපාදානක්ඛන්ධසු - උපාදානයාගේ ඛන්ධ - උපාදානක්ඛන්ධො. උපාදානයට හේතු වූ. ධම්ම පුංජය - ධම්මරාශිය යන අර්ථයයි. මෙහි මෙය සංක්ෂේපයයි. විස්තර වශයෙන් වනාහි ස්කන්ධ කථා විසුද්ධිමග්ගයෙහි කියන ලදී.

ඉති රූපන‍්ති ඉදං රූපං, එත‍්තකං රූපං, න ඉතො පරං රූපං අත්‍ථීති සභාවතො රූපං පජානාති. වෙදනාදීසුපි එසෙව නයො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරෙන පන රූපාදීනි විසුද‍්ධිමග‍්ගෙ ඛන්‍ධකථායමෙව වුත‍්තානි. ඉති රූපස‍්ස සමුදයොති එවං අවිජ‍්ජාසමුදයාදිවසෙන පඤ‍්චහාකාරෙහි රූපස‍්ස සමුදයො. ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමොති එවං අවිජ‍්ජානිරොධාදිවසෙන පඤ‍්චහාකාරෙහි රූපස‍්ස අත්‍ථඞ‍්ගමො. වෙදනාදීසුපි එසෙව නයො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගෙ උදයබ‍්බයඤාණකථාය වුත‍්තො.

ඉති රූපං - මේ රූපය, මෙපමණ රූප. මෙයින් පසු රූප නැතැයි ස්වභාව වශයෙන් රූප දැනගනී. වේදනාදියෙහි ද මෙම නයමයි. මෙහි මෙය සංක්ෂේපයයි. රූපාදිය විස්තර වශයෙන් වනාහි විසුද්ධි මග්ගයෙහි ඛන්ධ කථාවෙහි කියන ලදී. ඉතිරූපස්ස සමුදයො - මෙසේ අවිද්‍යා සමුදයාදි වශයෙන් පස් ආකාරයකින් රූපයේ හට ගැනීම වේ. ඉති රූපස්ස අත්ථංගමො - මෙසේ අවිද්‍යා නිරොධාදි වශයෙන් පස් ආකාරයකින් රූපයේ අසතගමය (නැතිවීම) වේ. වේදනාදියෙහි ද මෙම නයමය. මෙහි මෙය සංක්ෂෙපයයි. විස්තර විසුද්ධිමග්ගයෙහි උදයබ්බය ඤාණ කථාවේ කියන ලදී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං පඤ‍්චක‍්ඛන්‍ධපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා ධම‍්මෙසු, පරස‍්ස වා ධම‍්මෙසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ “අවිජ‍්ජාසමුදයා රූපසමුදයො”තිආදීනං පඤ‍්චසු ඛන්‍ධෙසු වුත‍්තානං පඤ‍්ඤාසාය ලක‍්ඛණානං වසෙන නීහරිතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ ඛන්‍ධපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා ඛන්‍ධපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

ඉති අජඣත්තං වා - මෙසේ පංචස්කන්ධය පරීක්ෂා කිරීමෙන් තමාගේ ධර්මවල අනුන්ගේ ධර්මවල කලෙක තමාගේ කලෙක අනුන්ගේ ධර්මවල ධම්මානුපස්සීව වාසය කරයි. මෙහි සමුදය වය අවිජ්ජා සමුදයො රූප සමුදයො යනාදීන්ගේ පංච ස්කන්ධවල කියන ලද ලක්ෂණ පනහක් වශයෙන් බැහැර කළ යුතුය. මෙයින් පසු කියන ලද පිලිවෙළමය. හුදෙක් මෙහි ස්කන්ධ පිරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යයයි. මෙසේ යොදා ගෙන ස්කන්ධ පිරික්සන භික්ෂුවගේ නිවන් මග දත යුතුය. සෙස්ස එසේමය.

ඛන්‍ධපබ‍්බං නිට‍්ඨිතං.

ඛන්ධ නිමි.

ආයතනපබ‍්බවණ‍්ණනා

එවං පඤ‍්චක‍්ඛන්‍ධවසෙන ධම‍්මානුපස‍්සනං විභජිත්‍වා ඉදානි ආයතනවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසූති චක‍්ඛු සොතං ඝානං ජිව‍්හා කායො මනොති ඉමෙසු ඡසු අජ‍්ඣත‍්තිකෙසු, රූපං සද‍්දො ගන්‍ධො රසො ඵොට‍්ඨබ‍්බො ධම‍්මොති ඉමෙසු ඡසු බාහිරෙසු. චක‍්ඛුඤ‍්ච පජානාතීති චක‍්ඛුපසාදං යාථාවසරසලක‍්ඛණවසෙන පජානාති. රූපෙ ච පජානාතීති බහිද‍්ධා චතුසමුට‍්ඨානිකරූපඤ‍්ච යාථාවසරසලක‍්ඛණවසෙන පජානාති. යඤ‍්ච තදුභයං පටිච‍්ච උප‍්පජ‍්ජති සංයොජනන‍්ති යඤ‍්ච තං චක‍්ඛුං චෙව රූපෙ චාති උභයං පටිච‍්ච. කාමරාගසංයොජනං පටිඝ, මාන, දිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාස, භවරාග, ඉස‍්සා, මච‍්ඡරිය, අවිජ‍්ජාසංයොජනන‍්ති දසවිධං සංයොජනං උප‍්පජ‍්ජති, තඤ‍්ච යාථාවසරසලක‍්ඛණවසෙන පජානාති.

මෙසේ පංචස්කන්ධ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා දැන් ආයතත වශයෙන් බෙදීමට “පුනච පරං” යනාදිය කීහ. එහි ඡසු අජඣත්තික බාහිරෙසු ආයතනෙසු චක්ඛු සොත ඝාන ජීවහා කාය මන මේ අඡක්ඛන්තික හයෙහි ද රූප සද්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම මේ බාහිර හයෙහිද ඇස ද දනී යන චක්ඛුප්පසාදය ඉඩ ලැබෙන පරිදි ස්ව ලක්‍ෂණ වශයෙන් දැනගනී. රූපෙ ච පජානාති - බාහිර චතු සමුට්ඨානික (පඨවි ආදි සතරින් හටගත්) රූපයෙහි ද යථාවසර ස්ව ලක්‍ෂණ වශයෙන් දැනගනී. යංච තදුභයං පටිච්ච උපපජ්ජති සංයොජනං - ඇස ද රූපය ද යන දෙක නිසා කාමරාග සංයෝජන පටිඝ-මාන-දිට්ඨි-විචිකිච්ඡා - සීලබ්බත පරාමාස-භවරාග-ඉස්සා-මච්ඡරිය-අවිජ්ජා සංයෝජන යයි දස ආකාර සංයෝජන උපදී. එය ද යථාවසර ස්ව ලක්‍ෂණ වශයෙන් දැනගනී.

කථං පනෙතං උප‍්පජ‍්ජතීති? චක‍්ඛුද‍්වාරෙ තාව ආපාථගතං ඉට‍්ඨාරම‍්මණං කාමස‍්සාදවසෙන අස‍්සාදයතො අභිනන්‍දතො කාමරාගසංයොජනං උප‍්පජ‍්ජති. අනිට‍්ඨාරම‍්මණෙ කුජ‍්ඣතො පටිඝසංයොජනං උප‍්පජ‍්ජති. “ඨපෙත්‍වා මං කො අඤ‍්ඤො එතං ආරම‍්මණං විභාවෙතුං සමත්‍ථො අත්‍ථී”ති මඤ‍්ඤතො මානසංයොජනං උප‍්පජ‍්ජති. එතං රූපාරම‍්මණං නිච‍්චං ධුවන‍්ති ගණ‍්හතො දිට‍්ඨිසංයොජනං උප‍්පජ‍්ජති. “එතං රූපාරම‍්මණං සත‍්තො නු ඛො, සත‍්තස‍්ස නු ඛො”ති විචිකිච‍්ඡතො විචිකිච‍්ඡාසංයොජනං උප‍්පජ‍්ජති. “සම‍්පත‍්තිභවෙ වත නො ඉදං සුලභං ජාත”න‍්ති භවං පත්‍ථෙන‍්තස‍්ස භවරාගසංයොජනං උප‍්පජ‍්ජති. “ආයතිම‍්පි එවරූපං සීලබ‍්බතං සමාදියිත්‍වා සක‍්කා ලද‍්ධු”න‍්ති සීලබ‍්බතං සමාදියන‍්තස‍්ස සීලබ‍්බතපරාමාසසංයොජනං උප‍්පජ‍්ජති. “අහො වත තං රූපාරම‍්මණං අඤ‍්ඤෙ න ලභෙය්‍යු”න‍්ති උසූයතො ඉස‍්සාසංයොජනං උප‍්පජ‍්ජති. අත‍්තනා ලද‍්ධං රූපාරම‍්මණං අඤ‍්ඤස‍්ස මච‍්ඡරායතො මච‍්ඡරියසංයොජනං උප‍්පජ‍්ජති. සබ‍්බෙහෙව සහජාතඅඤ‍්ඤාණවසෙන අවිජ‍්ජාසංයොජනං උප‍්පජ‍්ජති.

මේවා උපදින්නේ කෙසේද? පළමුව චක්ඛුද්වාරයෙහි ආපාථගත ඉෂ්ඨ අරමුණ කාමාශ්වාද වශයෙන් ආස්වාදනය කිරිමෙන් සතුටුවීමෙන් කාමරාග සංයෝජනය උපදී. අනිට්ඨාරම්මණයෙහි කිපීමෙන් පටිඝ සංයෝජනය උපදී. මා හැර මේ අරමුණ විභාවනය කිරීමට සමර්ථයෙක් ඇද්දැයි හඟින්නාට මාන සංයෝජනය උපදී. මේ රූපාරම්මණය සත්වයෙක් ද සත්වයෙකුගේදැයි සැක කරන්නාට විචිකිච්ඡා සංයෝජනය උපදී. දැන් භවයෙහි මෙය ඉපදීමට සුලභ නොවේ යයි භවය ප්‍රාර්ථනා කරන්නාට භවරාගය උපදී. අනාගතයේ ද මේ රූපය සීලබ්බතය සමාදන් වී ලැබීමට හැකියයි සීලබ්බතය සමාදන් වන්නාට සීලබ්බත පරාමාස සංයෝජනය උපදී. අහෝ ඒ රූපය උපදී. තමා ලද රූපාරම්මණය අනිකකුට සඟවන්නේ මච්ඡරිය සංයෝජනය උපදී. සියලුම උපදින්නන් සමග නොදැනීම් වශයෙන් අවිජජ්ජා සංයෝජනය උපදී.

යථා ච අනුප‍්පන‍්නස‍්සාති යෙන කාරණෙන අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නස‍්ස තස‍්ස දසවිධස‍්සාපි සංයොජනස‍්ස උප‍්පාදො හොති, තඤ‍්ච කාරණං පජානාති. යථා ච උප‍්පන‍්නස‍්සාති අප‍්පහීනට‍්ඨෙන පන සමුදාචාරවසෙන වා උප‍්පන‍්නස‍්ස තස‍්ස දසවිධස‍්සාපි සංයොජනස‍්ස යෙන කාරණෙන පහානං හොති, තඤ‍්ච කාරණං පජානාති. යථා ච පහීනස‍්සාති තදඞ‍්ගවික‍්ඛම‍්භනප‍්පහානවසෙන පහීනස‍්සාපි තස‍්ස දසවිධස‍්ස සංයොජනස‍්ස යෙන කාරණෙන ආයතිං අනුප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. කෙන කාරණෙන පනස‍්ස ආයතිං අනුප‍්පාදො හොති? දිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසඉස‍්සාමච‍්ඡරියභෙදස‍්ස තාව පඤ‍්චවිධස‍්ස සංයොජනස‍්ස සොතාපත‍්තිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති. කාමරාගපටිඝසංයොජනද‍්වයස‍්ස ඔළාරිකස‍්ස සකදාගාමිමග‍්ගෙන, අණුසහගතස‍්ස අනාගාමිමග‍්ගෙන, මානභවරාගාවිජ‍්ජාසංයොජනත‍්තයස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති. සොතඤ‍්ච පජානාති සද‍්දෙ චාතිආදීසුපි එසෙව නයො. අපිචෙත්‍ථ ආයතනකථා විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ ආයතනනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

යථා ච අනුප්පන්නස්සා - යම් කරුණකින් නො හැසිරීම් වශයෙන් නූපන්නා වූ දසාකර වූ සංයෝජන උපදී යන ඒ කරුණ ද දැනගනී. යථා ච උප්පන්නස්ස - අප්‍රහීන අර්ථයෙන් හැසිරීම් වශයෙන් හෝ උපන්නා වූ ඒ දසවිධ වූ සංයෝජන උපදින්නේ වේ යයි ඒ කරුණ ද දැනගනී. තදංග වික්ඛමහන ප්‍රහාන වශයෙන් ප්‍රහීන වූ ඒ දසවිධ සංයෝජන යම් කරුණකින් ඉදිරියේ නූපදීමක් වේද ඒ කරුණ ද දැනගනී. කුමන කරුණකින් මෙය අනාගතයේ නූපදීද? දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉස්සා මච්ඡරිය භේදයේ පළමුව පංච විධ වූ සංයෝජන සෝවාන් මාර්ගයෙන් ආයතිකයෙහි අනුප්පාද වේ. කාමරාග පටිඝ සංයෝජන දෙකේ ඕලාරික බව සකදාගාමි මාර්ගයෙන්. අනුස්ස සහගත වූ අනාගාමී මාර්ගයෙන්. මාන භවරාග අවිජ්ජා සංයෝජන තුන අරහත් මාර්ගයෙන් ආයති අනුප්පාද වේ. සොතං ච පජානාති සද්දෙච - ආදියෙහි ද මේ නයමය. තවද එහි ආයතන කථා විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි ආයතන නිද්දෙසයේ කියන ලද නයින්ම දතයුතුය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං අජ‍්ඣත‍්තිකායතනපරිග‍්ගණ‍්හනෙන අත‍්තනො වා ධම‍්මෙසු බාහිරායතනපරිග‍්ගණ‍්හනෙන පරස‍්ස වා ධම‍්මෙසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ “අවිජ‍්ජාසමුදයා චක‍්ඛුසමුදයො”ති රූපායතනස‍්ස රූපක‍්ඛන්‍ධෙ, අරූපායතනෙසු මනායතනස‍්ස විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ, ධම‍්මායතනස‍්ස සෙසක‍්ඛන්‍ධෙසු වුත‍්තනයෙන නීහරිතබ‍්බා. ලොකුත‍්තරධම‍්මා න ගහෙතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ ආයතනපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා ආයතනපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

ඉති අජඣත්තං වා - මෙසේ අජඣතත ආයතන පරීක්ෂා කිරීමෙන් තමාගේ ධර්මවල බාහිර ආයතන පිරික්සීමෙන් අනුන්ගේ ධර්මවල කලක තමාගේ හා කලෙක අනුන්ගේ ධර්මවල ධම්මානුපස්සීව වාසය කරයි. මෙහි සමුදය වය වනාහි “අවිජ්ජා සමුදයෙන් චක්බු සමුදය” යයි රූපායතනයේ රූපස්කන්ධයෙහි ද අරූපායතනවල මනායතනයෙහි විඤ්ඤාණ ස්කන්ධයේ ධර්මායතනයේ සෙසු ස්කන්ධවල කියන ලද නයින් පවත්වා ගත යුතුය. මෙයින් පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි ආයතන පිරික්සන්නා වූ භික්ෂුවගේ නිවන් මග දත යුතුය.

ආයතනපබ‍්බං නිට‍්ඨිතං.

ආයතන නිමි.

බොජ‍්ඣඞ‍්ගපබ‍්බවණ‍්ණනා

එවං ඡ අජ‍්ඣත‍්තිකබාහිරායතනවසෙන ධම‍්මානුපස‍්සනං විභජිත්‍වා ඉදානි බොජ‍්ඣඞ‍්ගවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ බොජ‍්ඣඞ‍්ගෙසූති බුජ‍්ඣනකසත‍්තස‍්ස අඞ‍්ගෙසු. සන‍්තන‍්ති පටිලාභවසෙන සංවිජ‍්ජමානං. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගන‍්ති සතිසඞ‍්ඛාතං සම‍්බොජ‍්ඣඞ‍්ගං. එත්‍ථ හි සම‍්බුජ‍්ඣති ආරද‍්ධවිපස‍්සකතො පට‍්ඨාය යොගාවචරොති සම‍්බොධි. යාය වා සො සතිආදිකාය සත‍්තධම‍්මසාමග‍්ගියා සම‍්බුජ‍්ඣති කිලෙසනිද‍්දාතො උට‍්ඨාති, සච‍්චානි වා පටිවිජ‍්ඣති, සා ධම‍්මසාමග‍්ගී සම‍්බොධි. තස‍්ස සම‍්බොධිස‍්ස, තස‍්සා වා සම‍්බොධියා අඞ‍්ගන‍්ති සම‍්බොජ‍්ඣඞ‍්ගං. තෙන වුත‍්තං – “සතිසඞ‍්ඛාතං සම‍්බොජ‍්ඣඞ‍්ග”න‍්ති. සෙසසම‍්බොජ‍්ඣඞ‍්ගෙසුපි ඉමිනාව නයෙන වචනත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ අධ්‍යාත්මික බාහිර ආයතන වශයෙන් ධම්මානු පස්සනාව සයකට බෙදා දැන් බොජ්ඣඞග වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි බොජ්ඣංගෙසු - අවබෝධ කරන සත්වයාගේ අංගවල. සත්තං - අවබෝධ ලැබීම් වශයෙන් පවතින. සතිසම්බොජ්ඣංගං - සිහිය නැමති සම්බෝධි අංගය. මෙහි ආරම්භ කරන ලද විදර්ශකයාගේ සිට යෝගාවචරයා දක්වා අවබෝධය. හේ යම් සති ආදියෙන් සත් දහම් සමගියෙන් අවබෝධ කරයි. කෙලෙස් නින්දෙන් නැගිටියි. සත්‍ය විනිවිද දකියි. ඒ ධර්ම සාමග්ගිය අවබෝධය වේ. ඒ සම්බෝධයට හෝ ඒ සම්බෝධියේ හෝ අංග යයි සම්බොජ්ඣංග වේ. එයින් කියන ලදී. “සති සංඛ්‍යාතං සම්බොජ්ඣංගං” සති සංඛ්‍යාත වූ සම්බොජ්ඣංගය සෙසු සම්බොජ්ඣංගවල ද මේ නයින් වචනාර්ථය දත යුතුය.

අසන‍්තන‍්ති අප‍්පටිලාභවසෙන අවිජ‍්ජමානං. යථා ච අනුපන‍්නස‍්සාතිආදීසු පන සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස තාව “අත්‍ථි, භික‍්ඛවෙ, සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති (සං· නි· 5.232) එවං උප‍්පාදො හොති. තත්‍ථ සතියෙව සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා. යොනිසොමනසිකාරො වුත‍්තලක‍්ඛණොයෙව. තං තත්‍ථ බහුලං පවත‍්තයතො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති.

අසත්තං - නොලැබීම් වශයෙන් අවිද්‍යාමාන. යථා ච අනුප්පන්නස්ස - යනාදියෙහි වනාහි සති සම්බොජ්ඣංගයේ පළමුව, මහණෙනි සති සම්බොජ්ඣංගයට අයත් දහම් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බොහෝ ආකාර වූයේ, නූපන් සති සම්බොජ්ඣංගයේ ඉපදීම සඳහා උපන් සම්බොජ්ඣංගයේ බොහෝ බව පිණිස මහත් වූ භාවනාවේ සම්පූර්ණවීම පිණිස පවතී. මෙසේ ඉපදීම වේ. එහි සිහියම සති සම්බොජ්ඣංග ඨානීය දහම් වේ. නුවණින් මෙනෙහි කිරීම කියන ලද ලක්ෂණම වේ. එය එහි බහුලව පැවැත්වීමෙන් සති සම්බොජ්ඣංගය උපදී.

අපිච චත‍්තාරො ධම‍්මා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති සතිසම‍්පජඤ‍්ඤං මුට‍්ඨස‍්සතිපුග‍්ගලපරිවජ‍්ජනතා උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. අභික‍්කන‍්තාදීසු හි සත‍්තසු ඨානෙසු සතිසම‍්පජඤ‍්ඤෙන, භත‍්තනික‍්ඛිත‍්තකාකසදිසෙ මුට‍්ඨස‍්සතිපුග‍්ගලෙ පරිවජ‍්ජනෙන, තිස‍්සදත‍්තත්‍ථෙරඅභයත්‍ථෙරසදිසෙ උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලෙ සෙවනෙන, ඨානනිසජ‍්ජාදීසු සතිසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතාය ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති. එවං චතූහි කාරණෙහි උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

තවද දහම් සතරෙක් සති සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. විමසන සිහි නුවණ, මුළා සිහි ඇති පුඟුලන් දුරු කිරීම, එළඹ සිටි සිහි ඇති පුඟුලන් සේවනය, එහි අධික ලෙස යෙදුණ බව ප්‍රිය මනාප සතුන් අතරෙහි සිහි නුවණින් ආහාර අත්හරින කවුඩන් සේ සිහිමුළා පුඟුලන් දුරු කිරීමෙන් තිස්ස තෙරුන් අභය තෙරුන් වැනි එළඹ සිටි සිහි ඇති පුඟුලන් සේවනය, කිරීමෙන් සිටින හිඳින තැන්වල සිහිය පිහිටුවීම සඳහා ගැඹුරින් නැමුණු සිත් ඇති බැවින් සති සම්බොජ්ඣංගය උපදී. මෙසේ සතර කරුණින් උපන් එය රහත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේ යයි දැනගනී.

ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස පන “අත්‍ථි, භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා…පෙ… කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති.

ධම්මවිචය සම්බොජ්ඣංගය වනාහි “මහණෙනි, කුසලාකුසල දහම් ඇත. කළු සුදු සප්පටිභාග දහම්. එහි නුවණින් මෙනෙහි කිරිම බහුලාකාර වූයේ, නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස උපන් ධම්මවිචය සම්බොජ්ඣංගයේ බොහෝ බව මහත් බව පිණිස භාවනාව සම්පූර්ණ වීම පිණිස පවතී. මෙසේ ඉපදීම වේ.

අපිච සත‍්ත ධම‍්මා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති පරිපුච‍්ඡකතා වත්‍ථුවිසදකිරියා ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා තදධිමුත‍්තතාති. තත්‍ථ පරිපුච‍්ඡකතාති ඛන්‍ධධාතුආයතනඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගඣානඞ‍්ගසමථවිපස‍්සනානං අත්‍ථසන‍්නිස‍්සිතපරිපුච‍්ඡාබහුලතා. වත්‍ථුවිසදකිරියාති අජ‍්ඣත‍්තිකබාහිරානං වත්‍ථූනං විසදභාවකරණං. යදා හිස‍්ස කෙසනඛලොමානි දීඝානි හොන‍්ති, සරීරං වා උස‍්සන‍්නදොසඤ‍්චෙව සෙදමලමක‍්ඛිතඤ‍්ච, තදා අජ‍්ඣත‍්තිකං වත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. යදා පන චීවරං ජිණ‍්ණං කිලිට‍්ඨං දුග‍්ගන්‍ධං හොති, සෙනාසනං වා උක‍්ලාපං, තදා බාහිරවත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. තස‍්මා කෙසාදිඡෙදාපනෙන උද‍්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි සරීරසල‍්ලහුකභාවකරණෙන උච‍්ඡාදනනහාපනෙන ච අජ‍්ඣත‍්තිකවත්‍ථු විසදං කාතබ‍්බං. සූචිකම‍්මධොවනරජනපරිභණ‍්ඩකරණාදීහි බාහිරවත්‍ථු විසදං කාතබ‍්බං. එතස‍්මිඤ‍්හි අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි අවිසදෙ උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි අවිසදං හොති අපරිසුද‍්ධං අපරිසුද‍්ධානි දීපකපල‍්ලවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. විසදෙ පන අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි විසදං හොති පරිසුද‍්ධානි දීපකපල‍්ලවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. තෙන වුත‍්තං “වත්‍ථුවිසදකිරියා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තතී”ති.

තවද කරුණු සතක් ධම්මවිචය සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. විමසනබව, වස්තු විසද ක්‍රියා, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය, අනුවණ පුඟුලන් දුරු කිරිම, නුවණැති පුඟුලන් සේවනය කිරීම, ගැඹුරු නුවණැති හැසිරීම් ප්‍රත්‍යවේක්ෂා කිරීම, එහි දැඩි ලෙස යෙදීම ඒ කරුණු සතයි. එහි පරිපුච්ඡන්තා යනු ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ඣංග මාර්ගයාංග ධ්‍යාන සමථ විපස්සනාවල අර්ථ ඇසුරු කළ විමසීම් බහුල බව. වස්තු විසද ක්‍රියා නම් අජඣත්ත බාහිර වස්තුවල පැහැදිලි කිරීම. ඔහුගේ කෙස් ලොම් නිය අතිදීර්ඝ වේ නම් ශරීරයේ හෝ උත්සන්න දෝෂ වේ නම් දහඩිය කුණු වැකී ඇත්නම් එවිට අජඣත්තික වස්තු අවිසද වේ. අපිරිසිදු වේ. සිවුර කිලිටි දුගඳ වේ නම් සෙනසුන හෝ කුණු කසලින් යුත් නම් එවිට බාහිර වස්තු අපිරිසිදු වේ. එහෙයින් කේසාදිය කැපීමෙන් උද්ධ විරේචන අධෝ විරේචන ආදියෙන් සරීරය සැහැල්ලු කිරීමෙන් ඇඟ ඉලීම් ස්නානය කිරීමෙන් ද අජඣත්තික වස්තු පැහැදිලි කරගත යුතුය. මැසීම් සේදීම් වර්ණ ගැන්වීම් පිරිබඩ ගැනීම් ආදියෙන් බාහිර වස්තු පිරිසිදු කරගතයුතුය. මේ අජඣත්තික බාහිර වස්තුවල අපිරිසිදුව අපැහැදිලිව පවතින විට චිත්ත චෛතසිකවල ඤාණය ද අපිරිසිදු වේ. අපිරිසිදු පහනවැටිය තෙල්නිසා පහන් දැල්ලේ එලිය මෙන් වේ. අජඣත්තික බාහිර වස්තු විසද වූ විට චිත්ත චෛතසික ඤාණය ද විසද වේ. පිරිසිදු පහන වැටිය තෙල් නිසා උපදින පහන් දැල්ලේ එලිය මෙන් වේ. එහෙයින් කියන ලදී. “වස්තු විසද ක්‍රියා ධම්මවිචය සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී.”

ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා නාම සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං සමභාවකරණං. සචෙ හිස‍්ස සද‍්ධින්‍ද්‍රියං බලවං හොති, ඉතරානි මන්‍දානි, තතො වීරියින්‍ද්‍රියං පග‍්ගහකිච‍්චං, සතින්‍ද්‍රියං උපට‍්ඨානකිච‍්චං, සමාධින්‍ද්‍රියං අවික‍්ඛෙපකිච‍්චං, පඤ‍්ඤින්‍ද්‍රියං දස‍්සනකිච‍්චං කාතුං න සක‍්කොති. තස‍්මා තං ධම‍්මසභාවපච‍්චවෙක‍්ඛණෙන වා, යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකාරෙන හාපෙතබ‍්බං. වක‍්කලිත්‍ථෙරවත්‍ථු චෙත්‍ථ නිදස‍්සනං. සචෙ පන වීරියින්‍ද්‍රියං බලවං හොති, අථ සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛකිච‍්චං කාතුං න සක‍්කොති, න ඉතරානි ඉතරකිච‍්චභෙදං. තස‍්මා තං පස‍්සද‍්ධාදිභාවනාය හාපෙතබ‍්බං. තත්‍රාපි සොණත්‍ථෙරස‍්ස වත්‍ථු දස‍්සෙතබ‍්බං. එවං සෙසෙසුපි එකස‍්ස බලවභාවෙ සති ඉතරෙසං අත‍්තනො කිච‍්චෙසු අසමත්‍ථතා වෙදිතබ‍්බා.

ඉන්ද්‍රිය සමත්ත පටිපාදන්තා නම් ශ්‍රද්ධාදි ඉන්ද්‍රිවල සමභාවයට පැමිණවීමයි. ඉදින් සද්ධා ඉන්ද්‍රිය බලවත් වේ නම් ඉතිරි ඒවා මඳ වේ නම් විරිය ඉන්ද්‍රියෙන් උනන්දු කරවීම සති ඉන්ද්‍රියෙන් එළඹි සිහිය ඇති කිරීම සමාධි ඉන්ද්‍රියෙන් එකඟතා ඇති කිරිම ප්‍රඥා ඉන්ද්‍රියෙන් දැකීම් කෘත්‍ය කිරිම යන මේවා නොහැකි වේ. එහෙයින් ඒ දහම් ස්වභාවය ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන් හෝ යථාපරිදි මෙනෙහි කිරීමෙන් හෝ බලවත් වේ නම් මෙනෙහි නොකිරිමෙන් අඩු කළ යුතුය. වක්කලී තෙර වත මෙහි නිදර්ශනයයි. ඉදින් විරිය ඉන්ද්‍රියබලවත් වේ නම් එවිට සද්ධා ඉන්ද්‍රියට එකඟ කර ගැනීම් කළ නොහැක. ඉතිරි ඉන්ද්‍රියන්ට ද තමා අයත් කාර්යය කළ හැකි නොවේ. එහෙයින් පස්සද්ධි ආදි භාවනාවෙන් අඩු කළ යුතුය. එහිද සෝණ තෙරුන්ගේ වත දැක්විය යුතුය. මෙසේ සෙස්සෙහි ද එකක් බලවත් වූ කල ඉතිරි ඒවාට තමාගේ කෘත්‍යවල අසමත්බව දත යුතුය.

විසෙසතො පනෙත්‍ථ සද‍්ධාපඤ‍්ඤානං සමාධිවීරියානඤ‍්ච සමතං පසංසන‍්ති. බලවසද‍්ධො හි මන්‍දපඤ‍්ඤො මුධප‍්පසන‍්නො හොති, අවත්‍ථුස‍්මිං පසීදති. බලවපඤ‍්ඤො මන්‍දසද‍්ධො කෙරාටිකපක‍්ඛං භජති, භෙසජ‍්ජසමුට‍්ඨිතො විය රොගො අතෙකිච‍්ඡො හොති. චිත‍්තුප‍්පාදමත‍්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්‍වා දානාදීනි අකරොන‍්තො නිරයෙ උප‍්පජ‍්ජති. උභින‍්නං සමතාය වත්‍ථුස‍්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්‍දවීරියං සමාධිස‍්ස කොසජ‍්ජපක‍්ඛත‍්තා කොසජ‍්ජං අභිභවති. බලවවීරියං මන්‍දසමාධිං වීරියස‍්ස උද‍්ධච‍්චපක‍්ඛත‍්තා උද‍්ධච‍්චං අභිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ‍්ජෙ පතිතුං න ලභති, වීරියං සමාධිනා සංයොජිතං උද‍්ධච‍්චෙ පතිතුං න ලභති. තස‍්මා තදුභයං සමං කාතබ‍්බං. උභයසමතාය හි අප‍්පනා හොති.

මෙහි විශේෂයෙන් ශ්‍රද්ධා ප්‍රඥාවලද ශ්‍රද්ධා විරියවල ද සමතාව ප්‍රශංසා කරති. බලවත් සද්ධා සහ මන්ද පඤ්ඤාව වේ නම් මුදුනින් පැහැදුනේ වේ. අවස්තුවල ද පහදී. ප්‍රඥාව බලවත්ව සද්ධා මඳවූයේ නම් කෛරාටික වේ. බෙහෙතින් නැගිය යුතු රෝගය මෙන් බෙහෙත් කළ හැකි නොවේ. චිත්තුප්පාද මාත්‍රයෙන් කුසල් වේ යයි අතිධාවනය කර දානාදිය නොකරන්නේ නිරයේ උපදී. දෙකේම සමතාව නියම වස්තුවල පහදී. සමාධිය බලවත්ව විරිය මඳවූවහොත් සමාධියේ කුසීත පක්ෂයට බරවේ. වීර්ය බලවත්ව සමාධිය මඳවූවහොත් වීර්ය උද්ධච්ච පක්‍ෂයට නැඹුරු වේ. සමාධිය වීර්යයෙන් සංයෝජනය වූ විට කුසීතබව පතිතවීමට ඉඩ නැත. වීර්ය සමාධියෙන් යෙදුණු විට උද්ධච්චය නොවැටේ. එනිසා ඒ දෙක සමාන කළ යුතුය. උභය සමතාවෙන් අර්පණ වේ.

අපිච සමාධිකම‍්මිකස‍්ස බලවතීපි සද‍්ධා වට‍්ටති. එවං සද‍්දහන‍්තො ඔකප‍්පෙන‍්තො අප‍්පනං පාපුණිස‍්සති. සමාධිපඤ‍්ඤාසු පන සමාධිකම‍්මිකස‍්ස එකග‍්ගතා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො අප‍්පනං පාපුණාති. විපස‍්සනාකම‍්මිකස‍්ස පඤ‍්ඤා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො ලක‍්ඛණපටිවෙධං පාපුණාති. උභින‍්නං පන සමතායපි අප‍්පනා හොතියෙව. සති පන සබ‍්බත්‍ථ බලවතී වට‍්ටති. සති හි චිත‍්තං උද‍්ධච‍්චපක‍්ඛිකානං සද‍්ධාවීරියපඤ‍්ඤානං වසෙන උද‍්ධච‍්චපාතතො, කොසජ‍්ජපක‍්ඛිකෙන ච සමාධිනා කොසජ‍්ජපාතතො රක‍්ඛති. තස‍්මා සා ලොණධූපනං විය සබ‍්බබ්‍යඤ‍්ජනෙසු, සබ‍්බකම‍්මිකඅමච‍්චො විය ච, සබ‍්බරාජකිච‍්චෙසු සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බා. තෙනාහ – “සති ච පන සබ‍්බත්‍ථිකා වුත‍්තා භගවතා, කිං කාරණා? චිත‍්තඤ‍්හි සතිපටිසරණං, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා ච සති, න විනා සතියා චිත‍්තස‍්ස පග‍්ගහනිග‍්ගහො හොතී” ති. දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා නාම ඛන්‍ධාදිභෙදෙ අනොගාළ‍්හපඤ‍්ඤානං දුම‍්මෙධපුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා නාම සමපඤ‍්ඤාසලක‍්ඛණපරිග‍්ගාහිකාය උදයබ‍්බයපඤ‍්ඤාය සමන‍්නාගතපුග‍්ගලසෙවනා. ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා නාම ගම‍්භීරෙසු ඛන්‍ධාදීසු පවත‍්තාය ගම‍්භීරපඤ‍්ඤාය පභෙදපච‍්චවෙක‍්ඛණා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. එවං උප‍්පන‍්නස‍්ස පන‍්නස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

[missing here] තවද සමාධි කම්මිකයාගේ ඒකග්ගතාව බලවත් වීම වටී. මෙසේ හේ අප්පනාවට පැමිණේ. විප්පස්සනා කම්මිකයාගේ පඤ්ඤාව බලවත් වීම වටී. මෙසේ ඔහු ලක්ෂණ ප්‍රතිවේධයට පැමිණේ. දෙකේ සමතාවෙන් අප්පනා වේ. මෙසේ සිහිය සැමතැනම බලවත්වීම වටී. සතිය සිහිය සිතේ උද්ධචච පක්ෂය සද්ධා විරිය පඤ්ඤා වශයෙන් උද්ධච්චය වැටීමෙන් ද කුසීත පක්‍ෂයෙන් සමාධිය කුසීත බව වැටීමෙන් රකී. එනිසා එය (සිහිය) සියළු ව්‍යාඤ්නවල ලුනු මෙන්ද සියළු රාජ්‍ය කෘත්‍යවල සබ්බකම්මික ඇමතියා මෙන් ද සියළු තැනම කැමති විය යුතුය. එයින් කීහ: සිහිය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සැමතැනම කියන ලදී. කරුණු කීමෙන් සිත සිහිය පිළිසරණ කොට ඇත. ආරක්ෂාව පිහිටියේ වේ. සිහිය නොමැතිව සිත් පහාන නිග්ගහ කෘත්‍ය නොවේ. අනුවණ පුඟුලන් දුරුකිරීම යනු ස්කන්ධාදි භේදවල බැස නොගත් නුවණ නැති පුද්ගලයන් දුරින්ම දුරුකළ යුතුය. නුවණැතියන් සේවනය නම් සම පනස් ලක්ෂණ පිරික්සන උද්ධච්චය නුවණින් යුක්ත පුද්ගලයින් ඇසුරු කිරීම. ගම්භීර ඤාණ චරිය පච්චචෙක්ඛණා නම් ගැඹුරු ස්කන්ධාදියෙහි පවත්වන ගැඹුරු ප්‍රඥාවේ ප්‍රභේද ප්‍රත්‍යවෙක්ෂා කිරීම. තදධිමුත්තතා නම් සිටින හිඳින තැන්වල ධම්මවිචය සම්බෝජඣංගය නගාසිටුවීම සඳහා නැඹුරු වූ සිත් ඇති බව, මෙසේ උපන් මෙය රහත් මග නුවණින් භාවනාව සම්පූර්ණ වේ යයි දැනගනී.

වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස “අත්‍ථි, භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්කමධාතු පරක‍්කමධාතු, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති.

විරිය බොජ්ඣංගයේ, මහණෙනි, ආරම්භය ද, නික්කම ධාතු, පරක්කම ධාතු ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලාකාර වූයේ නූපන් විරිය සම්බෝජඣංගයේ ඉපදීම පිණිස, උපන් වීර්ය සම්බෝජඣංගයේ බොහෝ බව මහත් බව පිණිස භාවනාව සම්පූර්ණවීම සඳහා පවතී. මෙසේ ඉපදීම වේ.

අපිච එකාදස ධම‍්මා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති අපායභයපච‍්චවෙක‍්ඛණතා ආනිසංසදස‍්සාවිතා ගමනවීථිපච‍්චවෙක‍්ඛණතා පිණ‍්ඩපාතාපචායනතා දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණතා සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණතා ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා සබ්‍රහ‍්මචාරිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා කුසීතපුග‍්ගලපරිවජ‍්ජනතා ආරද‍්ධවීරියපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති.

තවද දහම් (කරුණු) එකොලොසක් විරිය සම්බොජ්ඣගයේ ඉපදීම පිණිස පවතී. අපායභය පච්චවෙක්ඛන්තා ආනිසංස දස්සාවිනා, ගමනවීථි පච්චවෙක්ඛන්තා. පිණ්ඩපාත පචායන්තා, දායජ්ජ මහන්ත පච්චවෙක්ඛන්තා. ජාතිමහන්ත පච්චවෙක්ඛන්තා. සත්ථු මහත්ත පච්චවෙක්ඛන්තා, සබ්‍රහ්මචාරිමහන්ත පච්චවෙක්ඛන්තා අරූප විරිය පුග්ගල සේවනතා තද්ධිමුත්තතානි යන එකොළොසයි.

තත්‍ථ නිරයෙසු පඤ‍්චවිධබන්‍ධනකම‍්මකාරණතො පට‍්ඨාය මහාදුක‍්ඛානුභවනකාලෙපි, තිරච‍්ඡානයොනියං ජාලඛිපනකුමීනාදීහි ගහිතකාලෙපි, පාජනකණ‍්ටකාදිප‍්පහාරතුන‍්නස‍්ස සකටවහනාදිකාලෙපි, පෙත‍්තිවිසයෙ අනෙකානිපි වස‍්සසහස‍්සානි එකං බුද‍්ධන‍්තරම‍්පි ඛුප‍්පිපාසාහි ආතුරීභූතකාලෙපි, කාලකඤ‍්චිකඅසුරෙසු සට‍්ඨිහත්‍ථඅසීතිහත්‍ථප‍්පමාණෙන අට‍්ඨිචම‍්මමත‍්තෙනෙව අත‍්තභාවෙන වාතාතපාදිදුක‍්ඛානුභවනකාලෙපි න සක‍්කා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං උප‍්පාදෙතුං, අයමෙව තෙ භික‍්ඛු කාලො වීරියකරණායාති එවං අපායභයං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති.

එහි නිරයෙහි පස් ආකාර වධ බන්ධන කරන කාලයේ පටන් මහ දුක් අනුභව කරන කාලයෙහි ද තිරිසන් යෝනියෙහි දැල්වල කෙමන්වල ගන්නාලද කාලයෙහි ද කෙවිටි කටු සැමිටි ආදියෙන් පහරින් නැමුණු ශරීර ඇතිව කරත්ත ආදිය උසුලන කල්හි ද ප්‍රේත විෂයෙහි නොයෙක් වර්ෂ දහස් ගණන් ඒක බුද්ධාන්තරයක් ද සා පිපාසාවෙන් පෙළෙන කාලයෙහි ද කාලකඤ්ජන අසුර විෂයෙහි හැට රියන් අසූරියන් ප්‍රමාණ ඇටසම් පමණක් ඇති ආත්මභාවයෙන් ප්‍රපාතවලට වැටෙමින් දුක් අනුභව කරන කාලයෙහි ද වීර්ය සම්බෝජඣංගය ඉපදවීමට නොහැකිය. ඒ භික්ෂුහු වීර්ය කරන කාලය මෙයම වේ. මෙසේ අපාය භය අනුව වීර්ය කරනු ලැබේ. ප්‍රත්‍යවේක්ෂා කරන්නාට ද වීර්ය සම්බෝජඣංගය උපදී.

න සක‍්කා කුසීතෙන නවලොකුත‍්තරධම‍්මං ලද‍්ධුං, ආරද‍්ධවීරියෙනෙව සක‍්කා අයමානිසංසො වීරියස‍්සාති එවං ආනිසංසදස‍්සාවිනොපි උප‍්පජ‍්ජති. සබ‍්බබුද‍්ධපච‍්චෙකබුද‍්ධමහාසාවකෙහි තෙ ගතමග‍්ගො ගන‍්තබ‍්බො, සො ච න සක‍්කා කුසීතෙන ගන‍්තුන‍්ති එවං ගමනවීථිං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. යෙ තං පිණ‍්ඩපාතාදීහි උපට‍්ඨහන‍්ති, ඉමෙ තෙ මනුස‍්සා නෙව ඤාතකා, න දාසකම‍්මකරා, නාපි තං නිස‍්සාය ජීවිස‍්සාමාති තෙ පණීතානි චීවරාදීනි දෙන‍්ති. අථ ඛො අත‍්තනො කාරානං මහප‍්ඵලතං පච‍්චාසීසමානා දෙන‍්ති. සත්‍ථාරාපි “අයං ඉමෙ පච‍්චයෙ පරිභුඤ‍්ජිත්‍වා කායදළ‍්හීබහුලො සුඛං විහරිස‍්සතී”ති න එවං සම‍්පස‍්සතා තුය‍්හං පච‍්චයා අනුඤ‍්ඤාතා. අථ ඛො “අයං ඉමෙ පරිභුඤ‍්ජමානො සමණධම‍්මං කත්‍වා වට‍්ටදුක‍්ඛතො මුච‍්චිස‍්සතී”ති තෙ පච‍්චයා අනුඤ‍්ඤාතා, සො දානි ත්‍වං කුසීතො විහරන‍්තො න තං පිණ‍්ඩං අපචායිස‍්සති. ආරද‍්ධවීරියස‍්සෙව හි පිණ‍්ඩපාතාපචායනං නාම හොතීති එවං පිණ‍්ඩපාතාපචායනං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති අය්‍යමිත‍්තත්‍ථෙරස‍්ස විය.

කුසීතකමින් නවලොවුතුරා සදහම් ලැබීමට නොහැකිවේ. පටන්ගන්නා ලද වීර්යයෙන්ම හැකි වේ. වීර්යයේ මේ ආනිශංස යයි මෙසේ ආනිශංස දකින්නාට ද විරිය සම්බෝජඣංගය උපදී. සර්වඥ බුද්ධ පච්චෙක බුද්ධ මහා සාවකයන් විසින් ම ගන්නා ලද මාර්ගයේ යා යුතු හේ ද කම්මැලිකමින් යෑමට නොහැකි වේ. මෙසේ ගමන් මාර්ගය ප්‍රත්‍යවෙක්ෂා කරන්නාටද උපදී. යමෙක් ඒ පිණ්ඩපාතාදියෙහි උපස්ථාන කරන්නේ ද ඒ මේ මනුෂයෝ නෑයෝ නොවෙති. දාස කම්කරුවෝ නොවෙති. ඔහු නිසා ජීවත්වන්නෝ ද නොවෙති. ඔව්හු ප්‍රණීත වූ සිව්රු ආදිය දෙති. ඉක්බිති තමාගේ ක්‍රියාවල මහත්පල බලාපොරොත්තු වන්නේ දෙති. ශාස්තෲන් වහන්සේලා ද මේ ප්‍රත්‍යය වළඳා කාය දැවිලි බහුලව සැපසේ වාසය කරන්නේ යයි මෙසේ බලමින් ඔබට ප්‍රත්‍ය අනුමත කෙළේ නැත. ඉක්බිති හේ මෙය වළඳන්නේ මහණදම් කොට සසරින් මිදෙන්නේ යයි උන්වහන්සේලා ඔබට ප්‍රත්‍යය අනුදැන වදාළහ. එහෙයින් ඔබ දැන් කුසීතව වාසය කරන්නේ පිණ්ඩපාතය ගුරුවන්නේය. මෙසේ පිණ්ඩපාත ගරු කිරීම ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට ද උපදී. ආර්යමිත්‍ර තෙරුන් මෙනි.

ථෙරො කිර කස‍්සකලෙණෙ නාම පටිවසති. තස‍්ස ච ගොචරගාමෙ එකා මහාඋපාසිකා ථෙරං පුත‍්තං කත්‍වා පටිජග‍්ගති. සා එකදිවසං අරඤ‍්ඤං ගච‍්ඡන‍්තී ධීතරං ආහ – “අම‍්ම, අසුකස‍්මිං ඨානෙ පුරාණතණ‍්ඩුලා, අසුකස‍්මිං සප‍්පි, අසුකස‍්මිං ඛීරං, අසුකස‍්මිං ඵාණිතං, තව භාතිකස‍්ස අය්‍යමිත‍්තස‍්ස ආගතකාලෙ භත‍්තං පචිත්‍වා ඛීරසප‍්පිඵාණිතෙහි සද‍්ධිං දෙහි, ත්‍වඤ‍්ච භුඤ‍්ජෙය්‍යාසි. අහං පන හිය්‍යො පක‍්කපාරිවාසිකභත‍්තං කඤ‍්ජියෙන භුත‍්තාම‍්හී”ති. දිවා කිං භුඤ‍්ජිස‍්සසි අම‍්මා,ති? සාකපණ‍්ණං පක‍්ඛිපිත්‍වා කණතණ‍්ඩුලෙහි අම‍්බිලයාගුං පචිත්‍වා ඨපෙහි අම‍්මා,ති.

තෙරුන් වහන්සේ වනාහි කස්සක නම් ලෙනේ වාසය කරයි. උන්වහන්සේගේ නොදුරු ගමෙහි එක්තරා මහා උපාසිකාවක් තෙරුන් වහන්සේ පුතකු කොට පෝෂණය කරයි. ඕ තොමෝ එක් දිනක් වනයට යන්නී, දුවට කීවාය. දුවේ, අසවල් තැන පැරණි සහල්, අහවල් දෙයෙහි කිරි, අසවල් භාජනයෙහි ගිතෙල් අසවල් භාජනයෙහි පැණි. ඔබේ සහෝදර ආර්යමිත්‍ර තෙරුන් පැමිණි කල බත් උයා කිරි ගිතෙල් පැණි සමග දෙන්න. ඔබ ද අනුභව කරන්න. මම ඊයේ පිරිවෙස් බතක් කැඳ සමග අනුභව කෙළෙමි. අම්ම දවල්ට මොනවද අනුභව කරන්නේ? පලා කොල දමා හුණු සාලින් ඇඹුල් කැඳක් පිස තබන්න දුවේ.

ථෙරො චීවරං පාරුපිත්‍වා පත‍්තං නීහරන‍්තොව තං සද‍්දං සුත්‍වා අත‍්තානං ඔවදි “මහාඋපාසිකා කිර කඤ‍්ජියෙන පාරිවාසිකභත‍්තං භුඤ‍්ජි, දිවාපි කණපණ‍්ණම‍්බිලයාගුං භුඤ‍්ජිස‍්සති, තුය‍්හං අත්‍ථාය පන පුරාණතණ‍්ඩුලාදීනි ආචික‍්ඛති, තං නිස‍්සාය ඛො පනෙසා නෙව ඛෙත‍්තං න වත්‍ථුං න භත‍්තං න වත්‍ථං පච‍්චාසීසති, තිස‍්සො පන සම‍්පත‍්තියො පත්‍ථයමානා දෙති, ත්‍වං එතිස‍්සා තා සම‍්පත‍්තියො දාතුං සක‍්ඛිස‍්සසි, න සක‍්ඛිස‍්සසීති, අයං ඛො පන පිණ‍්ඩපාතො තයා සරාගෙන සදොසෙන සමොහෙන න සක‍්කා ගණ‍්හිතු”න‍්ති පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා ගණ‍්ඨිකං මුඤ‍්චිත්‍වා නිවත‍්තිත්‍වා කස‍්සකලෙණමෙව ගන‍්ත්‍වා පත‍්තං හෙට‍්ඨාමඤ‍්චෙ චීවරං චීවරවංසෙ ඨපෙත්‍වා “අරහත‍්තං අපාපුණිත්‍වා න නික‍්ඛමිස‍්සාමී”ති වීරියං අධිට‍්ඨහිත්‍වා නිසීදි. දීඝරත‍්තං අප‍්පමත‍්තො හුත්‍වා නිවුත්‍ථභික‍්ඛු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පුරෙභත‍්තමෙව අරහත‍්තං පත්‍වා විකසමානමිව පදුමං මහාඛීණාසවො සිතං කරොන‍්තොව නිසීදි. ලෙණද‍්වාරෙ රුක‍්ඛම‍්හි අධිවත්‍ථා දෙවතා –

තෙරුන් වහන්සේ සිවුරු පොරවා පාත්‍රය බැහැර කරන්නේ ම ඒ ශබ්දය අසා තමාට අවවාද දුන්නේය. මහා උපාසිකාව වනාහි කැඳ සමඟ පිරිවෙස් බත අනුභව කළාය. දවාලට ද කොළ ඇඹුල් කැඳක් අනුභව කරන්නීය. ඔබ සඳහා වනාහි පරණ සහල්වලින් ආදිය කියයි. එය සඳහා ඕ තොමෝ කුඹුරක් වස්තුවත් බත් වස්ත්‍ර බලාපොරොත්තු නොවේ. විවිධ සම්පත් ප්‍රාර්ථනා කරමින් දෙයි. ඔබ ඇගේ ඒ සම්පත් දීමට හැකිවන්නෙහි ද නොහැකි වන්නෙහි ද? මේ පිණ්ඩපාතය ඔබ විසින් රාග සහිතව දෝස සහිතව මෝහ සහිතව ගැනීමට නොහැකිය. පාත්‍රය පසුම්බියෙහි බහා ගැටමුදා නැවතී කස්සක ලෙනටම ගොස් පාත්‍රය ඇඳයට තබා සිවුර වැලෙහි තබා රහත් බවට නොපැමිණ නොනික්මෙන්නෙමි’යි වීර්ය අධිෂ්ඨාන කොට හිඳගන්නේය. බොහෝ කලක් අප්‍රමාදව වාසය කළ භික්ෂුව විදර්ශනා වඩා පෙරබත් වේලාවේම රහත් බවට පැමිණ නෙළුම් මලක් පිපෙන්නාක් මෙන් මහා ක්ෂීණාශ්‍රව මඳ සිනා ඇත්තේ හුන්නේය. ලෙන දොර රුකෙහි වසන දේවතාවා:

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; යස‍්ස තෙ ආසවා ඛීණා, දක‍්ඛිණෙය්‍යොසි මාරිසා”ති. –

සෙට පුරිස ඔබහට - මගෙ මෙම වැඳුම වේවා කෙලෙස් ඔබෙ හීනය - පිංවත දැකිණිරහ වේ

උදානං උදානෙත්‍වා “භන‍්තෙ, පිණ‍්ඩාය පවිට‍්ඨානං තුම‍්හාදිසානං අරහන‍්තානං භික‍්ඛං දත්‍වා මහල‍්ලකිත්‍ථියො දුක‍්ඛා මුච‍්චිස‍්සන‍්තී”ති ආහ. ථෙරො උට‍්ඨහිත්‍වා ද‍්වාරං විවරිත්‍වා කාලං ඔලොකෙන‍්තො “පාතොයෙවා”ති ඤත්‍වා පත‍්තචීවරමාදාය ගාමං පාවිසි.

උදානය උදන් අනා ස්වාමීනි, පිඩු හැසිරෙන ඔබවහන්සේ වැනි රහතන් වහන්සේට භික්ෂාව පූජාකර මහළු කාන්තාව, දුකින් මිදෙන්නේ යයි කීය. තෙරුන් වහන්සේ නැගී සිට දොර ඇර වෙලාව බලන් කල් ඇතැයි දැන පා සිවුරු ගෙන ගමට වැඩියේය.

දාරිකාපි භත‍්තං සම‍්පාදෙත්‍වා “ඉදානි මෙ භාතා ආගමිස‍්සති, ඉදානි ආගමිස‍්සතී”ති ද‍්වාරං ඔලොකයමානා නිසීදි. සා ථෙරෙ ඝරද‍්වාරං සම‍්පත‍්තෙ පත‍්තං ගහෙත්‍වා සප‍්පිඵාණිතයොජිතස‍්ස ඛීරපිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා හත්‍ථෙ ඨපෙසි. ථෙරො “සුඛං හොතූ”ති අනුමොදනං කත්‍වා පක‍්කාමි. සාපි තං ඔලොකයමානා අට‍්ඨාසි. ථෙරස‍්ස හි තදා අතිවිය පරිසුද‍්ධො ඡවිවණ‍්ණො අහොසි, විප‍්පසන‍්නානි ඉන්‍ද්‍රියානි, මුඛං බන්‍ධනා පවුත‍්තතාලපක‍්කං විය අතිවිය විරොචිත්‍ථ.

දැරිය ද බත් පිළියෙල කර දැන් මගේ සහෝදරයා එන්නේය. දැන් මගේ සහෝදරයා එන්නේ යයි දොර දෙස බලමින් උන්නාය. තෙරුන් දොරකඩට පැමිණි විට ඕ තොමෝ පාත්‍රය ගෙන ගිතෙල් පැණි යෙදූ කිරි පිණ්ඩපාතයෙන් පාත්‍රය පුරවා අතේ තැබීය. තෙරුන් වහන්සේ සුවපත් වේවායි අනුමෝදනා කොට වැඩියේය. ඕ තොමෝ ද උන්වහන්සේ බලමින් සිටියාය. එවිට තෙරුන් වහන්සේගේ අතිශයින් පිරිසිදු සිව් වර්ණය ඇතිවිය. ඉන්ද්‍රිය ඉතා ප්‍රසන්නය. මුහුණු මිදුණු ගෙඩියක් මෙන් අතිශයින් බැබළුණේය.

මහාඋපාසිකා අරඤ‍්ඤා ආගන‍්ත්‍වා “කිං, අම‍්ම, භාතිකො තෙ ආගතො”ති පුච‍්ඡි. සා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. උපාසිකා “අජ‍්ජ මම පුත‍්තස‍්ස පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්ත”න‍්ති ඤත්‍වා “අභිරමති තෙ, අම‍්ම, භාතා බුද‍්ධසාසනෙ, න උක‍්කණ‍්ඨතී”ති ආහ.

මහා උපාසිකාව ආරණ්‍යයෙන් පැමිණ, දුවේ ඔබේ සහෝදරයා ආවේදැයි ඇසුවාය. ඕ තොමෝ ඒ සියළු පවත් දැන්වූවාය. උපාසිකාව මගේ පුතාට පැවිදි කිස මස්තකප්‍රාප්ත යයි දැන සතුටු වන්නී, දුවේ ඔබේ සොයුරා බුදුසසුනේ නොකලකිරේ යයි කීවාය.

මහන‍්තං ඛො පනෙතං සත්‍ථුදායජ‍්ජං යදිදං සත‍්ත අරියධනානි නාම, තං න සක‍්කා කුසීතෙන ගහෙතුං. යථා හි විප‍්පටිපන‍්නං පුත‍්තං මාතාපිතරො “අයං අම‍්හාකං අපුත‍්තො”ති පරිබාහිරං කරොන‍්ති, සො තෙසං අච‍්චයෙන දායජ‍්ජං න ලභති, එවං කුසීතොපි ඉදං අරියධනදායජ‍්ජං න ලභති, ආරද‍්ධවීරියොව ලභතීති දායජ‍්ජමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

මේ ශාස්තෲ දායාදය ඉතා මහත් වේ. යම් මේ සප්ත ආර්ය ධනය කුසීතකමින් ගත නොහැකිය. යම් සේ නොමගට ගිය පුතා මව්පියෝ අපේ පුතකු නොවේ යයි බැහැර කරති. හේ ඔවුන්ගේ ඇවෑමෙන් දායාදය නො ලබයි. එසේම කුසීතයා ද මේ ආධන දායාදය නොලබයි. පටන්ගත් වීර්ය ඇත්තාම ලබන්නේ යයි දායාජ්ජ මහත් බව ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට උපදී.

මහා ඛො පන තෙ සත්‍ථා, සත්‍ථුනො හි තෙ මාතුකුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිගණ‍්හනකාලෙපි අභිනික‍්ඛමනෙපි අභිසම‍්බොධියම‍්පි ධම‍්මචක‍්කප‍්පවත‍්තනයමකපාටිහාරියදෙවොරොහනආයුසඞ‍්ඛාරවොස‍්සජ‍්ජනෙසුපි පරිනිබ‍්බානකාලෙපි දසසහස‍්සිලොකධාතු අකම‍්පිත්‍ථ, යුත‍්තං නු තෙ එවරූපස‍්ස සත්‍ථු සාසනෙ පබ‍්බජිත්‍වා කුසීතෙන භවිතුන‍්ති එවං සත්‍ථුමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

මහත් වූ ඒ ශාස්තෲන් වහන්සේ මව්කුස පිළිසිඳගන්නා කාලයෙහි ද අභිනිෂ්ක්‍රමණයෙහි ද අභිසම්බෝධියෙහ ද දම්සක් පවත්වන යමාමහ පෙළහර, දේවාරෝහනය, ආයු සංස්කාරය හැරීමෙහි ද පිරිනිවන කාලයෙහි කුසීත වීමට යුතු වේදැයි මෙසේ ශාස්තෲ මහත්වය මෙනෙහි කරන්නාට ද උපදී.

ජාතියාපි ත්‍වං ඉදානි න ලාමකජාතිකො, අසම‍්භින‍්නාය මහාසම‍්මතපවෙණියා ආගතඋක‍්කාකරාජවංසෙ ජාතොසි, සුද‍්ධොදනමහාරාජස‍්ස ච මහාමායාදෙවියා ච නත‍්තා, රාහුලභද‍්දස‍්ස කනිට‍්ඨො, තයා නාම එවරූපෙන ජිනපුත‍්තෙන හුත්‍වා න යුත‍්තං කුසීතෙන විහරිතුන‍්ති එවං ජාතිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ඔබ දැන් ජාතියෙන් ද ලාමක නොවේ. අසම්භින්නාතාවෙන් මහා සම්මත ප්‍රවේණියෙන් පැමිණි ඔක්කාක රාජවංශයෙහි ඉපදුණු සුදොවුන් මහරජුගේ සහ මහාමායා දේවියගේ ද මුණුබුරෙකි. රාහුල භද්‍රයන්ගේ බාල සහෝදරයාය වූ මෙබඳු ජින පුත්‍රයකු වූ ඔබ විසින් කුසීතව විසීම යුතු නොවේ යයි මෙසේ ජාති මහත්වය මෙනෙහි කරන්නට ද උපදී.

සාරිපුත‍්තමහාමොග‍්ගල‍්ලානා චෙව අසීති ච මහාසාවකා වීරියෙනෙව ලොකුත‍්තරධම‍්මං පටිවිජ‍්ඣිංසු, ත්‍වං එතෙසං සබ්‍රහ‍්මචාරීනං මග‍්ගං පටිපජ‍්ජසි, න පටිපජ‍්ජසීති එවං සබ්‍රහ‍්මචාරිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

සාරිපුත්තමොග්ගල්ලන රහතන් වහන්සේලා ද අසූමහ ශ්‍රාවකයෝ ද වීර්යයෙන්ම ලෝකෝත්තර ධර්මය අවබෝධ කළහ. ඔබ මේ සබ්‍රහ්මචාරීන්ගේ මග පිළිපදින්නෙහිද නොපිළිපදින්නෙහිද. මෙසේ සබ්‍රහ්මචාරි මහත්වය මෙනෙහි කරන්නාට ද උපදී.

කුච‍්ඡිං පූරෙත්‍වා ඨිතඅජගරසදිසෙ විස‍්සට‍්ඨකායිකචෙතසිකවීරියෙ කුසීතපුග‍්ගලෙ පරිවජ‍්ජන‍්තස‍්සාපි ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ පුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි ඨානනිසජ‍්ජාදීසු වීරියුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

කුස පුරා ආහාර ගෙන පිඹුරකු සේ සිටි අත්හරින ලද කායික චෛතසික වීර්ය ඇති කුසීත පුද්ගලයන් දුරු කරන්නාට ද අරඹන ලද වීර්ය ඇති පුද්ගලයන් ඇසුරු කරන්නාට ද සිටින හිඳින තැන්වල වීර්ය ඉපදවීම නැඹුරු වූ සිත් ඇත්තාට ද වීර්ය සම්බොජඣංගය උපදී. මෙසේ උපන් විරිය බොජ්ඣංගය අර්හත් මාර්ග භාවනාවෙන් සම්පූර්ණ වේ යයි දැන ගනී.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස “අත්‍ථි, භික‍්ඛවෙ, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති. තත්‍ථ පීතියෙව පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා නාම. තස‍්සා උප‍්පාදකමනසිකාරො යොනිසොමනසිකාරො නාම.

පීති සම්බොජඣංගයේ “මහණෙනි, පීති සම්බොජඣංගයට ආධාරවන දහම් ඇත. එහි යොනිසෝ මනසිකාරය බහුලාකාර වූයේ, නූපන් පීති සම්බොජඣංගයේ ඉපදීම පිණිස උපන් පීති සම්බොජඣංගයේ බොහෝ බව විපුලබව භාවනාව සම්පූර්ණවීම සඳහා ඒවාට හේතුවේ. (අයමාහාරො) මෙසේ ඉපදීම වේ. එහි ප්‍රීතියම ජීති වේ. සම්බොජඣංගට්ඨානියා ධම්ම නම් එහි ඉපදවීම් මෙනෙහි කිරිම නුවණින් මෙනෙහි කිරීම නම් වේ.

අපිච එකාදස ධම‍්මා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති බුද‍්ධානුස‍්සති, ධම‍්ම, සඞ‍්ඝ, සීල, චාග, දෙවතානුස‍්සති උපසමානුස‍්සති ලූඛපුග‍්ගලපරිවජ‍්ජනතා සිනිද‍්ධපුග‍්ගලසෙවනතා පසාදනීයසුත‍්තන‍්තපච‍්චවෙක‍්ඛණතා තදධිමුත‍්තතාති. බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි හි යාව උපචාරා සකලසරීරං ඵරමානො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, ධම‍්මසඞ‍්ඝගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි, දීඝරත‍්තං අඛණ‍්ඩං කත්‍වා රක‍්ඛිතං චතුපාරිසුද‍්ධිසීලං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනොපි දසසීලං පඤ‍්චසීලං පඤ‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, දුබ‍්භික‍්ඛභයාදීසු පණීතභොජනං සබ්‍රහ‍්මචාරීනං දත්‍වා “එවං නාම අදම‍්හා”ති චාගං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනොපි එවරූපෙ කාලෙ සීලවන‍්තානං දින‍්නදානං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, යෙහි ගුණෙහි සමන‍්නාගතා දෙවතා දෙවත‍්තං පත‍්තා, තථාරූපානං ගුණානං අත‍්තනි අත්‍ථිතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, සමාපත‍්තියා වික‍්ඛම‍්භිතා කිලෙසා සට‍්ඨිපි සත‍්තතිපි වස‍්සානි න සමුදාචරන‍්තීති පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, චෙතියදස‍්සනබොධිදස‍්සනථෙරදස‍්සනෙසු අසක‍්කච‍්චකිරියාය සංසූචිතලූඛභාවෙ බුද‍්ධාදීසු පසාදසිනෙහාභාවෙන ගද්‍රභපිට‍්ඨෙ රජසදිසෙ ලූඛපුග‍්ගලෙ පරිවජ‍්ජන‍්තස‍්සාපි, බුද‍්ධාදීසු පසාදබහුලෙ මුදුචිත‍්තෙ සිනිද‍්ධපුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි, රතනත‍්තයගුණපරිදීපකෙ පසාදනීයසුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පීතිඋප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

තව ද කරුණු එකොළොසක් (එකාදස ධම්මා) පීති සම්බොජඣංගයේ ඉපදීම පිණිස පවතී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති. දෙවානුස්සති, උපසමානුස්සති, ලුඛපුග්ගල පරිවජ්ජන්තා සිනිද්ධ පුග්ගලසෙවනතා, පසාදනිය සුත්තන්ත පච්චවෙක්ඛන්තා, තද්ධිමුත්තතා යනුවෙනි. බුදුගුණ සිහිකරන්නාට ද උපචාර දක්වා මුළු සිරුරෙහි පැතිරෙමින් පීති සම්බොජ්ඣංගය උපදී. ධම්ම සංඝ ගුණ සිහිකරන්නාට ද දීර්ඝ කාලයක් අඛණ්ඩ කොට රක්නා ලද සිව්පිරිසිදු සිල් මෙනෙහි කරන්නාට ද ගිහියෙකුට දස සීලය පන්සිල් ප්‍රතිවෙක්ෂා කරන්නාටද දුබික් බිය ආදියෙහි ප්‍රණීත භෝජන සබ්‍රහ්මචාරීන්ට දී මෙවැන්නක් දුන්නෙමියි ත්‍යාගය ප්‍රත්‍යවේක්ෂා කරන්නාට ද යම් ගුණයකින් යුක්තව දේවත්වයට පත් වූවෝ එබඳු වූ ගුණ තමා කෙරෙහි ඇතැයි ප්‍රත්‍යවේක්ෂා කරන්නාට ද සමාපත්තියෙන් විෂ්කම්භණය කළ කෙලෙස් හැට හැත්තෑවසක් නොහැසිරේ යයි ප්‍රත්‍යවේක්ෂා කරන්නාට ද සෑ බෝධි තෙරුන් දැකීමෙහි සකසා නොකළ කිරියාවෙන් රැස්කරන ලද රළුබවෙහි බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාද සෙනග නොමැති බැවින් කොටළු පිටෙහි රජු සේ රළු පුඟලන් දුරු කරන්නාට ද බුද්ධාදීන් කෙරෙහි පැහැදීම් බහුල වූ මෘදු සිත් ඇති සිනිඳු පුඟුලන් සෙව්නා හට ද සිටින හිඳින තැන්වල පීතිය ඉපදවීම සඳහා නැඹුරු සිත් ඇත්තාට ද තෙරුවන් ගුණ විස්තර කරන පහදවන සූත්‍රාන්ත සිහි කරන්නාට ද පීති සම්බොජඣංගය උපදී. මෙසේ උපන් එය රහත් මාර්ගයෙන් භාවනා සම්පූර්ණ වේ යයි දැනගනී.

පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස “අත්‍ථි, භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති.

පස්සද්ධි සම්බොජඣංගයේ “මහණෙනි, කය සංසිඳීම සිත සංසිඳීම ඇත.” එහි නුවණින් මෙනෙහි කිරීම බහුලාකාර වූයේ, නූපන් පස්සදධි සම්බොජඣංගයේ ඉපදීම පිණිස උපන් පීති සම්බොජඣංගයේ බොහෝ බව මහත් බව භාවනාව සම්පූර්ණ වීම පිණිස මෙය පවතී. මෙසේ ඉපදීම වේ.

අපිච සත‍්ත ධම‍්මා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති පණීතභොජනසෙවනතා උතුසුඛසෙවනතා ඉරියාපථසුඛසෙවනතා මජ‍්ඣත‍්තපයොගතා සාරද‍්ධකායපුග‍්ගලපරිවජ‍්ජනතා පස‍්සද‍්ධකායපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. පණීතඤ‍්හි සිනිද‍්ධං සප‍්පායභොජනං භුඤ‍්ජන‍්තස‍්සාපි, සීතුණ‍්හෙසු ච උතූසු ඨානාදීසු ච ඉරියාපථෙසු සප‍්පායඋතුඤ‍්ච ඉරියාපථඤ‍්ච සෙවන‍්තස‍්සාපි පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති. යො පන මහාපුරිසජාතිකො සබ‍්බඋතුඉරියාපථක‍්ඛමො හොති, න තං සන්‍ධායෙතං වුත‍්තං. යස‍්ස සභාගවිසභාගතා අත්‍ථි, තස‍්සෙව විසභාගෙ උතුඉරියාපථෙ වජ‍්ජෙත්‍වා සභාගෙ සෙවන‍්තස‍්ස උප‍්පජ‍්ජති. මජ‍්ඣත‍්තපයොගො වුච‍්චති අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණා. ඉමිනා මජ‍්ඣත‍්තපයොගෙන උප‍්පජ‍්ජති. යො ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පරං විහෙඨයමානො විචරති, එවරූපං සාරද‍්ධකායං පුග‍්ගලං පරිවජ‍්ජන‍්තස‍්සාපි, සංයතපාදපාණිං පස‍්සද‍්ධකායං පුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පස‍්සද‍්ධිඋප‍්පාදනත්‍ථාය නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

තවද කරුණු සතක් (සත්ත ධම්මා) පස්සද්ධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. පණීත භොජන සේවනතා, උතුසුඛ සෙවනතා, ඉරියාපථ සුඛ සෙවනතා. මජඣත්ත පයොගතා, සාරද්ධකාය පුද්ගල පරිවජ්ජන්තා, පස්සද්ධ පුග්ගල සෙවනතා, තද්ධිමුත්තතා යනුවෙනි. ප්‍රණීතභාවයෙන් යුත් සිනිඳු සප්පයා භෝජන වළඳන්නාට ද සීත උෂ්ණ ස්ථානාදියෙහි ද ඉරියව්වලට සප්පාය ඍතු ද ඉරියව් ද සේවනය කරන්නාට ද පස්සද්ධි උපදී. යමෙක් මහා පුරුෂයෙක් නම් සියළු සෘතුවලට ඉරියව් ගැලපේ. මජ්ජඣත්ත පයොග යයි කියන්නේ තමාගේ ද අනුන්ගේ ද කරන ලද ප්‍රත්‍යවේක්ෂා කිරීම. මේ මධ්‍යස්ථ ප්‍රයෝගයෙන් උපදී. ගල්කැට දඬුවලින් අනුන් වෙහෙස කරවමින් හැසිරෙන සාරද්ධකාය පුද්ගලයින් වර්ජනය කරන්නාට ද සංයමය වූ අත් පා ඇති පස්සද්ධිකාය පුද්ගලයින් ආශ්‍රය කරන්නාට ද සිටින හිඳින තැන්වල සංසිඳීම් ඉපදවීම පිණිස නැඹුරු වූ සිත් ඇත්තාට ද පස්සද්ධි සම්බොජ්ඣංගය උපදී. මෙසේ උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනා සම්පූර්ණ වේ යයි දැනගනී.

සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස “අත්‍ථි, භික‍්ඛවෙ, සමථනිමිත‍්තං අබ්‍යග‍්ගනිමිත‍්තං, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො, අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති. තත්‍ථ සමථොව සමථනිමිත‍්තං අවික‍්ඛෙපට‍්ඨෙන ච අබ්‍යග‍්ගනිමිත‍්තන‍්ති.

සමාධි සම්බොජ්ඣංගයේ “මහණෙනි, සමථ නිමිත්ත, සැක රහිත නිමිත්ත ඇත. එහි නුවණින් මෙනෙහි කිරිම බහුලාකාර වූයේ නූපන්නා වූ හෝ සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස උපන්නා වූ හෝ සමාධි සම්බොජ්ඣංගයේ බොහෝ බව මහත් බව භාවනා සම්පූර්ණ වීම පිණිස එයම හේතු වී පවතී. මෙසේ ඉපදීම වේ. සමථයම සමථ නිමිත්ත වේ. වික්ෂෙප නොවන අර්ථයෙන් ද සැක රහිත නිමිත්ත වේ.

අපිච එකාදස ධම‍්මා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති වත්‍ථුවිසදකිරියතා ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා නිමිත‍්තකුසලතා සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතා සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනතා සමයෙ සම‍්පහංසනතා සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා සමාහිතපුග‍්ගලසෙවනතා ඣානවිමොක‍්ඛපච‍්චවෙක‍්ඛණතා තදධිමුත‍්තතාති. තත්‍ථ වත්‍ථුවිසදකිරියතා ච ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

තවද කරුණු එකොළොසක් සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීම පිණිස පවතී. වත්ථු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදත්තා, නිමිත්ත කුසලතා, සමයෙ විත්තස්ස පග්ගණහතනතා සමයෙ චිත්තස්ස නිග්ගණනත්තා, සමයෙ සපහංසත්තා, සමයෙ අජඣූපෙක්ඛන්තා, අසමාහිත පුග්ගල පරිචජ්ජනතා, සමාහිත පුග්ගල සේවනතා, ඣාන විමොක්ඛ පච්චවෙක්ඛණතා, තද්ධිමුත්තතා යනුවෙනි. අරමුණෙහි ප්‍රකට බව, ඉන්ද්‍රිය සංවරව පවත්වා ගැනීම,

නිමිත‍්තකුසලතා නාම කසිණනිමිත‍්තස‍්ස උග‍්ගහණකුසලතා. සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ ධම‍්මවිචයවීරියපීතිසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස පග‍්ගණ‍්හනං. සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ ආරද‍්ධවීරියතාදීහි උද‍්ධතං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස නිග‍්ගණ‍්හනං. සමයෙ සම‍්පහංසනතාති යස‍්මිං සමයෙ චිත‍්තං පඤ‍්ඤාපයොගමන්‍දතාය වා උපසමසුඛානධිගමෙන වා නිරස‍්සාදං හොති, තස‍්මිං සමයෙ අට‍්ඨසංවෙගවත්‍ථුපච‍්චවෙක‍්ඛණෙන සංවෙජෙති. අට‍්ඨ සංවෙගවත්‍ථූනි නාම ජාති ජරා බ්‍යාධි මරණානි චත‍්තාරි, අපායදුක‍්ඛං පඤ‍්චමං, අතීතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, අනාගතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, පච‍්චුප‍්පන‍්නෙ ආහාරපරියෙට‍්ඨිමූලකං දුක‍්ඛන‍්ති. රතනත‍්තයගුණානුස‍්සරණෙන ච පසාදං ජනෙති, අයං වුච‍්චති “සමයෙ සම‍්පහංසනතා”ති.

සටහන පිළිබඳ දක්ෂතාවය, සුදුසු අවස්ථාවේ සිත දැඩිකර ගැනීම, සුදුසු අවස්ථාවේ සිත යටපත් කරගැනීම, සිත දිරිමත් කිරිම, සිත මනාව මැදහත්ව තබා ගැනීම, සමාධිගත නොවන පුද්ගලයන් දුරු කිරීම, සමාධිගත වන පුද්ගලයන් ඇසුරු කිරීම, ධ්‍යාන විමෝක්ෂය මෙනෙහි කිරීම එහි සිත දැඩි කර ගැනීම කියනලද නයින් ම දත යුතුය. නිමිත්ත කුසලතා නම් කසිණ නිමිත්ත ඉගනීමෙහි දක්ෂතා, සමයෙ චිත්තස්ස පග්ගණ්හතා නම් යම් වේලාවක ඉතා ලිහිල් විරියබව නිසා සිත ලීන (සැඟවේ) වේ. ඒ වෙලාවේ ධම්මවිචය විරිය පීති සම්බොජ්ඣංග නගා සිටුවීමෙන් ඒ සිත උනන්දු කළ යුතුය. යම් කලෙක තද වීර්ය නිසා විසිරුණු සිත් ඇති වේ. ඒ කාලයේ පස්සද්ධි සමාධි උපෙක්ඛා සම්බෝජඣංග පිහිටුවා සිතට නිග්‍රහ කළ යුතුය. යම් කලක සිත ප්‍රඥා ප්‍රයෝග මඳ බැවින් නො උපසම සැප නො ලැබීමෙන් හෝ ආශ්වාද රහිත වේද? ඒ කාලයෙහි සංවේග වස්තු අට සිහි කිරීමෙන් සංවේග කෙරේ. සංවේග වස්තු අට ජාති ජරා ව්‍යාධි මරණ අපාය දුක් අතීත සසරදුක් අනාගත සසර දුක් වත්මන් ආහාර ගවෙට්ඨි දුක යන මේවාය. තෙරුවන් ගුණ සිහිකිරීමෙන් ද පැහැදීම ඇති කරයි. සුදුසු කාලයෙහි උනන්දු කරවීම මෙය යයි කියනු ලැබේ.

සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා නාම යස‍්මිං සමයෙ සම‍්මාපටිපත‍්තිං ආගම‍්ම අලීනං අනුද‍්ධතං අනිරස‍්සාදං ආරම‍්මණෙ සමප‍්පවත‍්තං සමථවීථිපටිපන‍්නං චිත‍්තං හොති, තදාස‍්ස පග‍්ගහනිග‍්ගහසම‍්පහංසනෙසු න බ්‍යාපාරං ආපජ‍්ජති, සාරථි විය සමප‍්පවත‍්තෙසු අස‍්සෙසු. අයං වුච‍්චති – “සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා”ති. අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා නාම උපචාරං වා අප‍්පනං වා අප‍්පත‍්තානං වික‍්ඛිත‍්තචිත‍්තානං පුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. සමාහිතපුග‍්ගලසෙවනා නාම උපචාරෙන වා අප‍්පනාය වා සමාහිතචිත‍්තානං සෙවනා භජනා පයිරුපාසනා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු සමාධිඋප‍්පාදනත්‍ථංයෙව නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. එවඤ‍්හි පටිපජ‍්ජතො එස උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

සමයෙ අජඣූපෙක්ඛණ්තා නම් යම් කාලයක යහපත් ප්‍රතිපදාවට පැමිණ නො සැඟවී නොවිසිරී ආශ්වාද රහිතව අරමුණෙහි මනාව පවත්නා සමථ වීථියට බට සිත වේ. එකල ඊට පග්ගහ නිග්ගහ සමපහංසන ව්‍යාපාර නොපැමිණේ. මනාව පවතින අසුන් යෙදූ රථයක රියැදුරා මෙන් පවතින මේ සමය අජඣූපෙක්ඛන යයි කියනු ලැබේ. අසමාහිත පුග්ගල පරිචජ්ජනතා නම් උපචාර හෝ අර්පනා හෝ නොපැමිණි වික්ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරුකිරීම. සමාහිත පුග්ගල සේවනතා නම් උපචාරයෙන් හෝ අර්පනාවෙන් සමාහිත සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම භජනය, පයිරුපාසනයයි. තද්ධි මුත්තතා නම් සිටින හිඳින තැන්වල සමාධි ඉපදවීම සඳහාම ඉතා තදින් නැඹුරු වූ (නින්න පොණපබ්භාර) සිත් ඇති බව. මෙසේ පිළිපදින්නාට සමාධි සම්බොජ්ඣංගය උපදී. මෙසේ උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනා සම්පූර්ණ වන බව දැනගනී.

උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස “අත්‍ථි, භික‍්ඛවෙ, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තතී”ති එවං උප‍්පාදො හොති. තත්‍ථ උපෙක‍්ඛාව උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා නාම.

උපෙක්ඛා සම්බොජ්ඣංගයේ “මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට ආධාර වූ ධර්ම ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුලාකාර වූයේ නූපන් උපේක්ෂා සම්බෝධ්‍යංගයේ ඉපදීම සඳහා උපන් සම්බෝධි අංගයේ බොහෝ බව මහත් බව භාවනාව සම්පූර්ණවීම පිණිස ඒවාම හේතුවේ. මෙසේ ඉපදීම වේ. එහි මැදහත් බව උපෙක්ඛා සම්බොජ්ඣංග ඨානීය ධම්ම නම් වේ.

අපිච පඤ‍්ච ධම‍්මා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති සත‍්තමජ‍්ඣත‍්තතා සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතා සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතා සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. තත්‍ථ ද‍්වීහාකාරෙහි සත‍්තමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති “ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සසි, එසොපි අත‍්තනොව කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සති, ත්‍වං කං කෙලායසී”ති එවං කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණෙන, “පරමත්‍ථතො සත‍්තොයෙව නත්‍ථි, සො ත්‍වං කං කෙලායසී”ති එවං නිස‍්සත‍්තපච‍්චවෙක‍්ඛණෙන චාති. ද‍්වීහෙවාකාරෙහි සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති – “ඉදං චීවරං අනුපුබ‍්බෙන වණ‍්ණවිකාරතඤ‍්චෙව ජිණ‍්ණභාවඤ‍්ච උපගන‍්ත්‍වා පාදපුඤ‍්ඡනචොළකං හුත්‍වා යට‍්ඨිකොටියා ඡඩ‍්ඩනීයං භවිස‍්සති, සචෙ පනස‍්ස සාමිකො භවෙය්‍ය, නාස‍්ස එවං විනස‍්සිතුං දදෙය්‍යා”ති එවං අස‍්සාමිකභාවපච‍්චවෙක‍්ඛණෙන ච, “අනද‍්ධනියං ඉදං තාවකාලික”න‍්ති එවං තාවකාලිකභාවපච‍්චවෙක‍්ඛණෙන චාති. යථා ච චීවරෙ, එවං පත‍්තාදීසුපි යොජනා කාතබ‍්බා.

තවද කරුණු පහක් උපෙක්ඛා සම්බොජඣංගය ඉපදීම පිණිස පවතී. සත්තමජඣමත්තා, සංඛාර මජඣමත්තා, සත්ත සංඛාර කෙලායන පුග්ගල පරිවජ්ජන්තා, සත්ත සංඛාර මජඣත්ත පුග්ගල සෙවනතා, තදධිමුත්තති. එහි දෙයාකාරයකින් සත්ව මැදහත් බව පිහිටුවයි. ඔබ තමාගේ කර්මයෙන් පැමිණ තමාගේ කර්මයෙන් ම යන්නෙහි ය. ඔබ කාට මමත්වය දක්වන්නේ ද? මෙසේ කම්මකතා ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ද පරමාර්ථ වශයෙන් සත්වයෙක් නම් නැත. එනිසා කාට මමත්වය දක්වන්නෙහි ද මෙසේ සත්වයෙක් නැතිබව මෙනෙහි කිරිමෙන් දෙයාකාරයකින් වේ. මේ සිවුර ක්‍රමයෙන් වර්ණ විකාරයටද දිරුණු බවට ද පැමිණ පා පිසින රෙදි කඩක්ව කෙවිටි අගින් හැරදමන්නාක් බවට පත් වේ. ඉදින් ඊට ස්වාමියෙක් වූයේ නම් එසේ නැසෙන්නට ඉඩ නොවේ යයි මෙසේ අස්වාමික භාවය මෙනෙහි කිරීමෙන් ද තිර නොවන තාවකාලික යයි මෙසේ තාවකාලික බව මෙනෙහි කිරීමෙන් දැයි සිවුරෙහි මෙන් පාත්‍රාදියෙහි ද යොදා ගතයුතුයි.

සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතාති එත්‍ථ යො පුග‍්ගලො ගිහි වා අත‍්තනො පුත‍්තධීතාදිකෙ, පබ‍්බජිතො වා අත‍්තනො අන‍්තෙවාසිකසමානුපජ‍්ඣායකාදිකෙ මමායති, සහත්‍ථෙනෙව නෙසං කෙසච‍්ඡෙදනසූචිකම‍්මචීවරධොවනරජනපත‍්තපචනාදීනි කරොති, මුහුත‍්තම‍්පි අපස‍්සන‍්තො “අසුකො සාමණෙරො කුහිං අසුකො දහරො කුහි”න‍්ති භන‍්තමිගො විය ඉතො චිතො ච ඔලොකෙති, අඤ‍්ඤෙන කෙසච‍්ඡෙදනාදීනං අත්‍ථාය “මුහුත‍්තං අසුකං පෙසෙථා”ති යාචියමානොපි “අම‍්හෙපි තං අත‍්තනො කම‍්මං න කාරෙම, තුම‍්හෙ නං ගහෙත්‍වා කිලමෙස‍්සථා”ති න දෙති, අයං සත‍්තකෙලායනො නාම.

සත්ත සංඛාර කෙලායන පුග්ගල පරිවජ්ජන්තා යනු මෙහි යම් පුද්ගලයෙක් ගිහි වූයේ හෝ තමාගේ දු පුතුන් ආදීන් ද පැවිද්දෙක් වූයේ නම් තමාගේ අතවැසි සමානාචරියකයන් ද කෙරෙහි මමායනය කෙරේ. සියතින් ම කෙස් කැපීම්, මැසීම්, සිවුරු සේදීම්, රඳන් කිරීම්, පාත්‍ර පිසීම්/ඔපගැන්වීම් ආදිය කරයි. මොහොතක් හෝ නොදන්නේ නම් අසවල් සාමණේරයා කෙසේද? අසවල් දරුවා කොහේදැයි බිය වූ මුවකු මෙන් ඔබිමොබ බලයි. අනෙකෙකු විසින් කෙස් කැපීම් ආදියට මොහොතකට අසවලා එවන්නැයි ඉල්ලා සිටියේ ද අපි අපේ වැඩත් නොකර ඔබට ඔහු දී ක්ලාන්ත වෙමුදැයි නොදෙයි. මෙය සත්ත කෙලායන නම් වේ.

යො පන චීවරපත‍්තථාලකකත‍්තරයට‍්ඨිආදීනි මමායති, අඤ‍්ඤස‍්ස හත්‍ථෙන පරාමසිතුම‍්පි න දෙති, තාවකාලිකං යාචිතො “මයම‍්පි ඉදං මමායන‍්තා න පරිභුඤ‍්ජාම, තුම‍්හාකං කිං දස‍්සාමා”ති වදති, අයං සඞ‍්ඛාරකෙලායනො නාම. යො පන තෙසු ද‍්වීසුපි වත්‍ථූසු මජ‍්ඣත‍්තො උදාසිනො, අයං සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තො නාම. ඉති අයං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො එවරූපං සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලං ආරකා පරිවජ‍්ජන‍්තස‍්සාපි, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු තදුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරි හොතීති පජානාති.

යමෙක් වනාහි සිවුරු පාත්‍ර තැටි සැරයටි ආදිය කෙරෙහි මමායනය කරයි. අනිකකුට ඇල්ලීමටවත් නොදෙයි. තාවකාලිකව හෝ ඉල්ලුවිට ආදරේ නිසා මමවත් මෙය පරිභෝග නොකෙළෙමි. ඔබට කොහොම දෙන්නදැයි කියයි. මෙය සංස්කාර කේලායනයයි. යමෙක් වනාහි ඒ දෙයාකාර වස්තු කෙරෙහි මධ්‍යස්ථ වේ උදාසීනවේ සත්ව සංඛාර මධ්‍යස්ථභාවයයි. මෙසේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙබඳු වූ සත්ව සංඛාර මමත්වය දක්වන පුද්ගලයන් දුරින් ම දුරු කරන්නාට ද සත්ව සංඛාර මැදහත් පුඟුලන් සෙව්නාහට ද සිටින හිඳින තැන්වල එය ඉපදවීම සඳහා ඉතා තදින් නැමුණු සිත් ඇත්තාට ද උපදී. මෙසේ උපන් එය අර්හත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේ යයි දැනගනී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං අත‍්තනො වා සත‍්ත සම‍්බොජ‍්ඣඞ‍්ගෙ පරිග‍්ගණ‍්හිත්‍වා, පරස‍්ස වා, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස සම‍්බොජ‍්ඣඞ‍්ගෙ පරිග‍්ගණ‍්හිත්‍වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ සම‍්බොජ‍්ඣඞ‍්ගානං නිබ‍්බත‍්තිනිරොධවසෙන වෙදිතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ බොජ‍්ඣඞ‍්ගපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා බොජ‍්ඣඞ‍්ගපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

ඉති අජඣත්තං වා - මෙසේ තමාගේ හෝ අනුන්ගේ සත්ත බොජ්ඣංග පරික්ෂා කොට කලක තමාගේ කලක අනුන්ගේ බොජ්ඣංග පරික්ෂා කොට ධර්මයන් කෙරෙහි ධර්මානුපස්සීව වාසය කරයි. මෙහි සමුදය වය බොජ්ඣංග නිපදවීම නිරෝධ වශයෙන් ම දතයුතුය. මින් පසු කී අයුරින්ම හුදෙක් බොජ්ඣංග පිරික්සීම ඇති කල්හි දුක්ඛ සත්‍යයයි මෙසේ යොදා බොජඣංග පිරික්සන භික්ෂුවගේ නිවන් මග දත යුතුය.

බොජ‍්ඣඞ‍්ගපබ‍්බං නිට‍්ඨිතං.

බොජඣංග නිමි.

චතුසච‍්චපබ‍්බවණ‍්ණනා

එවං සත‍්තබොජ‍්ඣඞ‍්ගවසෙන ධම‍්මානුපස‍්සනං විභජිත්‍වා ඉදානි චතුසච‍්චවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාතීති ඨපෙත්‍වා තණ‍්හං තෙභූමකධම‍්මෙ “ඉදං දුක‍්ඛ”න‍්ති යථාසභාවතො පජානාති, තස‍්සෙව ඛො පන දුක‍්ඛස‍්ස ජනිකං සමුට‍්ඨාපිකං පුරිමතණ‍්හං “අයං දුක‍්ඛසමුදයො”ති, උභින‍්නං අප‍්පවත‍්තිනිබ‍්බානං “අයං දුක‍්ඛනිරොධො”ති, දුක‍්ඛපරිජානනං සමුදයපජහනං නිරොධසච‍්ඡිකරණං අරියමග‍්ගං “අයං දුක‍්ඛනිරොධගාමිනිපටිපදා”ති යථාසභාවතො පජානාතීති අත්‍ථො. අවසෙසා අරියසච‍්චකථා ඨපෙත්‍වා ජාතිආදීනං පදභාජනකථං විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතායෙව.

මෙසේ සත්ත බොජඣංග වශයෙන් ධම්මානුපස්සනාව බෙදා දැන් චතුසච්ච වශයෙන් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ. එහි ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති - තණ්හාව හැර ත්‍රෛභූමක ධර්මයෙහි මෙය දුක යයි යථා ස්වභාවයෙන් දැනගනී. ඒ දුකෙහිම ජනිතවීම හටගැනීම් කළ පෙර තණ්හාව වූ මෙය දුක්ඛ සමුදය වේ. දෙකම නොපවතින නිවන වන මෙය දුක්ඛ නිරෝධයයි. දුක දැන ගන්නා සමුදය දුරුකරන නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ආර්ය මාර්ගය වූ මෙය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි යථා ස්වභාවයෙන් දැනගනී යන අර්ථයයි. අවසේස ආර්ය සත්‍ය කථා හැර ජාති ආදි පදභාජන කථා විසුදධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය.

දුක‍්ඛසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

පදභාජනෙ පන කතමා ච, භික‍්ඛවෙ, ජාතීති භික‍්ඛවෙ, යා ජාතිපි දුක‍්ඛාති එවං වුත‍්තා ජාති, සා කතමාති එවං සබ‍්බපුච‍්ඡාසු අත්‍ථො වෙදිතබ‍්බො. යා තෙසං තෙසං සත‍්තානන‍්ති ඉදං “ඉමෙසං නාමා”ති නියමාභාවතො සබ‍්බසත‍්තානං පරියාදානවචනං. තම‍්හි තම‍්හි සත‍්තනිකායෙති ඉදම‍්පි සබ‍්බසත‍්තනිකායපරියාදානවචනං ජනනං ජාති සවිකාරානං පඨමාභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධානමෙතං අධිවචනං. සඤ‍්ජාතීති ඉදං තස‍්සා එව උපසග‍්ගමණ‍්ඩිතවෙවචනං. සා එව අනුපවිට‍්ඨාකාරෙන ඔක‍්කමනට‍්ඨෙන ඔක‍්කන‍්ති. නිබ‍්බත‍්තිසඞ‍්ඛාතෙන අභිනිබ‍්බත‍්තනට‍්ඨෙන අභිනිබ‍්බත‍්ති. ඉති අයං චතුබ‍්බිධාපි සම‍්මුතිකථා නාම. ඛන්‍ධානං පාතුභාවොති අයං පන පරමත්‍ථකථා. එකවොකාරභවාදීසු එකචතුපඤ‍්චභෙදානං ඛන්‍ධානංයෙව පාතුභාවො, න පුග‍්ගලස‍්ස, තස‍්මිං පන සති පුග‍්ගලො පාතුභූතොති වොහාරමත‍්තං හොති. ආයතනානං පටිලාභොති ආයතනානි පාතුභවන‍්තානෙව පටිලද‍්ධානි නාම හොන‍්ති, සො තෙසං පාතුභාවසඞ‍්ඛාතො පටිලාභොති අත්‍ථො.

පදභාජනයෙහි වනාහි “කතමා ච භික්ඛවෙ ජාති” යයි මහණෙනි ජාතිය කිමෙක්ද? මහණෙනි, යම් ජාතියක් දුක යයි මෙසේ කියන ලද ඒ ජාතිය කුමක්දැයි මෙසේ සියළු පුච්ඡාවල අර්ථය දත යුතුය. යා තෙසං තෙසං සත්තානං - මේවායේ මේ නාම නියම අභාවයෙන් සියළු සත්වයන් ගැනීමෙන් වචනය, තම්හි තම්හි සත්ත නිකායා - මෙය ද සියළු සත්ව නිකාය හාත්පසින් ගන්නා වචන වේ, ඉපදවීම, ජාතියයි. රූපය සහිතව පළමුවෙන් ඉපද වූ ස්කන්ධවලට මෙය නමකි. සංජාති - මෙය මෙහිම උපසර්ගයෙන් යුත් අධිවචනයකි. එයට ප්‍රවේශවන ආකාරයෙන් බැසගන්නා අර්ථයෙන් ඔක්කන්ත - වේ. ඉපදීම් සංඛ්‍යාත අභිනිබිබත්තන අර්ථයෙන් අභිනිබ්බත්ති - වේ. මෙසේ මේ සතර ද සම්මුති කථා නම් වේ. බන්ධානං පාතුභාවො - මෙය වනාහි පරමාර්ථ කථා නම් වේ. ඒක වෝකාරභවවල ඒක චතු පංච (වොකාර) ස්කන්ධවලම පහළවීම වේ. පුද්ගලයෙකුගේ පහළවීම නොවේ. පුද්ගලයෙක් පහළවූයේය යනු ව්‍යවහාර මාත්‍රයකි. ආයතනානං පටිලාභො - ආයතන පහළවේ යනු ලැබූ නම වේ. එය ඒවායේ පහළවීම සංඛ්‍යාත ප්‍රතිලාභය යන අර්ථයයි.

ජරාති සභාවනිද‍්දෙසො. ජීරණතාති ආකාරභාවනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්තිආදි විකාරනිද‍්දෙසො. දහරකාලස‍්මිඤ‍්හි දන‍්තා සමසෙතා හොන‍්ති. තෙයෙව පරිපච‍්චන‍්තෙ අනුක‍්කමෙන වණ‍්ණවිකාරං ආපජ‍්ජිත්‍වා තත්‍ථ තත්‍ථ පත‍්තන‍්ති. අථ පතිතඤ‍්ච ඨිතඤ‍්ච උපාදාය ඛණ‍්ඩිතදන‍්තා ඛණ‍්ඩිතා නාම. ඛණ‍්ඩිතානං භාවො ඛණ‍්ඩිච‍්චන‍්ති වුච‍්චති. අනුක‍්කමෙන පණ‍්ඩරභූතානි කෙසලොමානි පලිතානි නාම. පලිතානි සඤ‍්ජාතානි අස‍්සාති පලිතො, පලිතස‍්ස භාවො පාලිච‍්චං. ජරාවාතප‍්පහාරෙන සොසිතමංසලොහිතතාය වලියො තචස‍්මිං අස‍්සාති වලිත‍්තචො, තස‍්ස භාවො වලිත‍්තචතා. එත‍්තාවතා දන‍්තකෙසලොමතචෙසු විකාරදස‍්සනවසෙන පාකටීභූතා පාකටජරා දස‍්සිතා.

ජරා - ස්වභාවය පෙන්වීමයි. ජීරණතා - ආකාරභවය දැක්වීමය. ඛණ්ඩිච්චං - වෙනස්වන අයුරු පෙන්වීමය. ළදරු කාලයේ දත් සුදුය. වයස යනවිට පිළිවෙළින් වනය දුර්වර්ණ වී ඒ ඒ තැනින් වැටේ. ඉක්බිති වැටුණු තිබෙන ඒවා ඇසුරු කොට ඛණ්ඩිත දත් වේ. කැඩුණු ඒවායේ ස්වභාවය ඛණ්ඩිච්චං - වේ. අනුක්‍රමයෙන් සුදු වූ කෙස්ලොම් පලිත නම් වේ. පලිත ඒවායේ ස්වභාවය පාලිච්වං වේ. ජරා වාත ප්‍රහාරයෙන් වියලුණු මස් ලේ වලින් රැලි වලින් හමෙහි ඔහුගේ - වලිත්තචො - එහි භාවය - වලිත්තචතා - වේ. මෙපමණකින් දත් කෙස් ලොම් දත්වල වෙනස්කම් පෙන්වීම් වශයෙන් ප්‍රකට වූ ප්‍රකට ජරා දක්වන ලදී.

යථෙව හි උදකස‍්ස වා වාතස‍්ස වා අග‍්ගිනො වා තිණරුක‍්ඛාදීනං සංභග‍්ගපලිභග‍්ගතාය වා ඣාමතාය වා ගතමග‍්ගො පාකටො හොති, න ච සො ගතමග‍්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන‍්තාදීනං ඛණ‍්ඩිච‍්චාදිවසෙන ගතමග‍්ගො පාකටො, චක‍්ඛුං උම‍්මිලෙත්‍වාපි ගය‍්හති, න ච ඛණ‍්ඩිච‍්චාදීනෙව ජරා. න හි ජරා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා හොති. යස‍්මා පන ජරං පත‍්තස‍්ස ආයු හායති, තස‍්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත‍්තා. යස‍්මා දහරකාලෙ සුප‍්පසන‍්නානි සුඛුමම‍්පි අත‍්තනො විසයං සුඛෙනෙව ච ගණ‍්හනසමත්‍ථානි චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි ජරං පත‍්තස‍්ස පරිපක‍්කානි ආලුලිතානි අවිසදානි ඔළාරිකම‍්පි අත‍්තනො විසයං ගහෙතුං අසමත්‍ථානි හොන‍්ති, තස‍්මා “ඉන්‍ද්‍රියානං පරිපාකො”තිපි ඵලූපචාරෙනෙව වුත‍්තා.

යම්සේ ජලයේ හෝ වාතයේ හෝ ගින්නේ හෝ තෘණ වෘක්ෂ ආදියේ බිඳීගිය පැලී ගිය හෝ දැවී ගිය හෝ ගියමග ප්‍රකට වේ. ගිය මගෙහි ඒ ජලය ආදිය නැත. එසේම ජරාවෙන් දත් ආදියෙහි කැඩීයෑම් වශයෙන් ගියමග ප්‍රකටය. ඇසහැර ගනී. කැඩුණු ආදියෙහි ජරා නැත. ජරාවට චක්ඛු විඤ්ඤාණය නැත. ජරා පැමිණි විට ආයු පිරිහේ. එහෙයින් ජරා ආයුනො සංහානි - යයි පලුපචාර වශයෙන් කියන ලදී. ළමා කාලයෙහි ප්‍රසන්න වූ සියුම් වූ තමාගේ විෂය පහසුවෙන් ගැනීමෙහි සමත් ඇස් ආදි ඉඳුරන් පැසී ජරාවට පැමිණ කැලඹී අවසංඥාය (අපැහැදිලිය) ඕලාරික ද වේ. තමාගේ විසය ගැනීමට අසමත් වේ. (ඇසට පෙනීම ගන්න අපහසු මෙනි). එනිසා ඉන්ද්‍රියන් ඉන්ද්‍රියානං පරිපාකො - පැසුණේ යයි පලූපචාර වශයෙන් කියන ලදී.

මරණනිද‍්දෙසෙ යන‍්ති මරණං සන්‍ධාය නපුංසකනිද‍්දෙසො, යං මරණං චුතීති වුච‍්චති, චවනතාති වුච‍්චතීති අයමෙත්‍ථ යොජනා. තත්‍ථ චුතීති සභාවනිද‍්දෙසො. චවනතාති ආකාරභාවනිද‍්දෙසො. මරණං පත‍්තස‍්ස ඛන්‍ධා භිජ‍්ජන‍්ති චෙව අන‍්තරධායන‍්ති ච අදස‍්සනං ගච‍්ඡන‍්ති, තස‍්මා තං භෙදො අන‍්තරධානන‍්ති වුච‍්චති. මච‍්චුමරණන‍්ති මච‍්චුමරණං, න ඛණිකමරණං. කාලකිරියාති මරණකාලකිරියා. අයං සබ‍්බාපි සම‍්මුතිකථාව. ඛන්‍ධානං භෙදොති අයං පන පරමත්‍ථකථා. එකවොකාරභවාදීසු එකචතුපඤ‍්චභෙදානං ඛන්‍ධානංයෙව භෙදො, න පුග‍්ගලස‍්ස, තස‍්මිං පන සති පුග‍්ගලො මතොති වොහාරමත‍්තං හොති.

මරණය සඳහා නපුංසක නිර්දේශයෙන් යම් මරණයක් චුති යයි කියනු ලැබේ. වචනතා - යයි ද කියනු ලැබේ. චුති - ස්වභාවය දැක්වීමයි. වචනතා - ආකාරභාවය දැක්වීමය. මරණයට පැමිණියහුගේ ස්කන්ධ බිඳී අතුරුදහන් වේ. නොදැක්මට යයි. එහෙයින් එය භෙදො අන්තරධානං - යයි කියනු ලැබේ. මච්චුමරණං - ක්‍ෂණික මරණ නොවේ. කාලකිරියා - මරණ, කාලකිරියාව මේ සියල්ල සම්මුති කථාය. ඛන්ධානං භෙදො - මෙය පරමාර්ථ කථාවකි. ඒකවෝකාර භව ආදියෙහි එක චතු පංච භේද වූ ස්කන්ධයන්ගේ බිඳීම මිස පුද්ගලයෙකුගේ නොවේ. එසේ ඇති කල්හි පුද්ගලයෙක් මළේ යයි ව්‍යවහරය පමණක් වේ.

කළෙවරස‍්ස නික‍්ඛෙපොති අත‍්තභාවස‍්ස නික‍්ඛෙපො. මරණං පත‍්තස‍්ස හි නිරත්‍ථංව කලිඞ‍්ගරං අත‍්තභාවො පතති, තස‍්මා තං කළෙවරස‍්ස නික‍්ඛෙපොති වුත‍්තං. ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදො පන සබ‍්බාකාරතො පරමත්‍ථතො මරණං. එතදෙව සම‍්මුතිමරණන‍්ති පි වුච‍්චති. ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදමෙව හි ගහෙත්‍වා ලොකියා “තිස‍්සො මතො, ඵුස‍්සො මතො”ති වදන‍්ති.

කලෙබරස්ස - නික්ඛෙපො - ආත්මභාවයේ හැරදැමීම. මරණයට පැමිණිය තැනැත්තාට පලක් නැති දරකඩකට ආත්මභාවය වැටේ. එහෙයින් එය කලෙබරස්ස නික්ඛෙපො - යයි කියනු ලදී. ජීවිතේන්ද්‍රියේ කැඩීම වනාහි සියළු ආකාරයෙන් පරමාර්ථ මරණයකි. එයම සම්මුති මරණය යයි ද කියනු ලැබේ. ජිවිතේන්ද්‍රිය උපච්ඡෙදයම ගෙන ලෝකයා තිස්ස මලේය ඵුස්ස මළේයයි කියයි.

බ්‍යසනෙනාති ඤාතිබ්‍යසනාදීසු යෙන කෙනචි බ්‍යසනෙන. දුක‍්ඛධම‍්මෙනාති වධබන්‍ධාදිනා දුක‍්ඛකාරණෙන. ඵුට‍්ඨස‍්සාති අජ‍්ඣොත්‍ථටස‍්ස අභිභූතස‍්ස. සොකොති යො ඤාතිබ්‍යසනාදීසු වා වධබන්‍ධනාදීසු වා අඤ‍්ඤතරස‍්මිං සති තෙන අභිභූතස‍්ස උප‍්පජ‍්ජති සොචනලක‍්ඛණො සොකො. සොචිතත‍්තන‍්ති සොචිතභාවො. යස‍්මා පනෙස අබ‍්භන‍්තරෙ සොසෙන‍්තො පරිසොසෙන‍්තො උප‍්පජ‍්ජති, තස‍්මා අන‍්තොසොකො අන‍්තොපරිසොකොති වුච‍්චති.

ව්‍යසනෙන - ඤාති ව්‍යසනාදියෙහි යම්කිසි ව්‍යසනයකින් දුක්ඛධම්මෙන - යදමින් බැඳීම් (මාංචු දැමීම) ආදි දුක් කරුණින්, පුට්ඨස්ස - වසා පැතුරුණු, මඩින ලද. සොකො - යමෙක් ඤාති ව්‍යසන ආදියෙහි හෝ වෙනත් දෙයක් ඇති කල්හි එයින් මැඩුණේ සෝක කිරිම් ලක්ෂණ ඇති සෝකය උපදී. සොචිතං - සෝක කළ බව. යම් හෙයකින් මෙය අභ්‍යන්තරය වියලන්නේ හැම පැත්තෙන්ම වියලන්නේ උපදී. එහෙයින් අන්තො සොකො අන්තො පරිසොකො - යයි කියනු ලැබේ.

“මය‍්හං ධීතා, මය‍්හං පුත‍්තො”ති එවං ආදිස‍්ස ආදිස‍්ස දෙවන‍්ති පරිදෙවන‍්ති එතෙනාති ආදෙවො. තං තං වණ‍්ණං පරිකිත‍්තෙත්‍වා දෙවන‍්ති එතෙනාති පරිදෙවො. තතො පරා ද‍්වෙ තස‍්සෙව භාවනිද‍්දෙසා.

මගේ දුව මගේ පුතා යයි මොවුන් උදෙසා වැලපේ. අඬයි. මේවායින් වේ යයි “ආදෙවො - ඒ ඒ ගුණ කියා වැලපීම පරිදෙව - වේ. කාය

කායිකන‍්ති කායපසාදවත්‍ථුකං. දුක‍්ඛමනට‍්ඨෙන දුක‍්ඛං. අසාතන‍්ති අමධුරං. කායසම‍්ඵස‍්සජං දුක‍්ඛන‍්ති කායසම‍්ඵස‍්සතො ජාතං දුක‍්ඛං. අසාතං වෙදයිතන‍්ති අමධුරං වෙදයිතං.

කායිකං - ප්‍රසාද වස්තු දුක් යන අර්ථයෙන් දුක්ඛං. අසාතං - මිහිරි නොවූ, කාය සමඵස්සජං දුක්ඛං - කාය ස්පර්ශයෙන් හටගත් දුක. අසාතං වෙදයිතං - අමිහිරි විඳීම.

චෙතසිකන‍්ති චිත‍්තසම‍්පයුත‍්තං. සෙසං දුක‍්ඛෙ වුත‍්තනයමෙව.

චෙතසිකං - චිත්ත සම්ප්‍රයුක්ත වූ. සෙසු දුක් කියන ලද නය වේ.

ආයාසොති සංසීදනවිසීදනාකාරප‍්පත‍්තො චිත‍්තකිලමථො. බලවතරං ආයාසො උපායාසො. තතො පරා ද‍්වෙ අත‍්තත‍්තනියාභාවදීපකා භාවනිද‍්දෙසා.

ආයාසො - පසුබට වූ සිතේ ක්ලාන්ත ගතිය. බලවත් ආයාසය උපායාසො - වේ.

ජාතිධම‍්මානන‍්ති ජාතිසභාවානං. ඉච‍්ඡා උප‍්පජ‍්ජතීති තණ‍්හා උප‍්පජ‍්ජති. අහො වතාති පත්‍ථනා. න ඛො පනෙතං ඉච‍්ඡායාති එවං ජාතියා අනාගමනං විනා මග‍්ගභාවනං න ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පීති එතම‍්පි උපරි සෙසානි උපාදාය පිකාරො. යම‍්පිච‍්ඡන‍්ති යෙනපි ධම‍්මෙන අලබ‍්භනෙය්‍යවත්‍ථුං ඉච‍්ඡන‍්තො න ලභති, තං අලබ‍්භනෙය්‍ය වත්‍ථුම‍්හි ඉච‍්ඡනං දුක‍්ඛං. එස නයො සබ‍්බත්‍ථ.

ජාති ධම්මානං - ජාති ස්වභාවයන්ගේ. ඉච්ඡා උප්පජ්ජති - තෘෂ්ණාව උපදී. අහොවත - ප්‍රාර්ථනා. න ඛො පනෙතං ඉච්ඡාය - මෙසේ ජාතියේ නොපැමිණීම හැර මාර්ග භාවනාව තෘෂ්ණාවෙන් නො පැතිය යුතුය. ඉදම්පි - මෙයද, මතු සියල්ල ගෙන ‘පි’ කාරය. යමපිච්ඡං - යම් ස්වභාවයකින් නොලැබිය හැකි වස්තු කැමැති වන්නේ නො ලබයි. නොලැබිය හැකි වස්තුවල කැමැත්ත දුකකි. සියළු තැන මෙම නයයි.

ඛන්‍ධනිද‍්දෙසෙ රූපඤ‍්ච තං උපාදානක‍්ඛන්‍ධො චාති රූපුපාදානක‍්ඛන්‍ධො එවං සබ‍්බත්‍ථ.

ඛන්ධ නිද්දේසයෙහි - රූපය ද උපාදාන ස්කන්ධය ද යයි රූපුපාදානක්බන්ධා. සියළු තැන මෙසේය.

සමුදයසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

යායං තණ‍්හාති යා අයං තණ‍්හා. පොනොබ‍්භවිකාති පුනබ‍්භවකරණං පුනොබ‍්භවො, පුනොබ‍්භවො සීලං අස‍්සාති පොනොබ‍්භවිකා. නන්‍දීරාගෙන සහ ගතාති නන්‍දීරාගසහගතා. නන්‍දීරාගෙන සද‍්ධිං අත්‍ථතො එකත‍්තමෙව ගතාති වුත‍්තං හොති. තත්‍රතත්‍රාභිනන්‍දිනීති යත්‍ර යත්‍ර අත‍්තභාවො, තත්‍ර තත්‍ර අභිනන්‍දිනී. රූපාදීසු වා ආරම‍්මණෙසු තත්‍ර තත්‍ර අභිනන්‍දිනී, රූපාභිනන්‍දිනී සද‍්ද, ගන්‍ධ, රස, ඵොට‍්ඨබ‍්බ, ධම‍්මාභිනන්‍දිනීති අත්‍ථො. සෙය්‍යථිදන‍්ති නිපාතො. තස‍්ස සා කතමා චෙති අත්‍ථො. කාමෙ තණ‍්හා කාමතණ‍්හා, පඤ‍්චකාමගුණිකරාගස‍්සෙතං නාමං. භවෙ තණ‍්හා භවතණ‍්හා, භවපත්‍ථනාවසෙන උප‍්පන‍්නස‍්ස සස‍්සතදිට‍්ඨිසහගතස‍්ස රූපාරූපභවරාගස‍්ස ච ඣානනිකන‍්තියා චෙතං අධිවචනං. විභවෙ තණ‍්හා විභවතණ‍්හා, උච‍්ඡෙදදිට‍්ඨිසහගතරාගස‍්සෙතං අධිවචනං.

යායං තණ්හා - යම් මේ තෘෂ්ණාවක්. පොනොභවිකා - පුනබ්හවය කිරීම. පුනබ්භවයයි. පුනබ්භව ස්වභාවය මොහුට වේ යයි පොනොභවිකා වේ. නන්දිරාග සහගතා - නන්දි රාගයෙන් යුක්ත වූ. නන්දි රාගය සමග අර්ථ වශයෙන් එකත්ත බවට ගියේ යයි කියන ලද්දේ වේ. ආත්මභාවය යම් යම් තැන්වල වීද ඒ ඒ තැන්වල රූපාදියෙහි හෝ අරමුණුවල ඇලීම, ඒ ඒ තැන්වල ඇලීම. රූපවල ඇලීම, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම (සිතුවිලි) වල ඇලීම යන අර්ථයයි. කාමයෙහි තෘෂ්ණාව කාම තණ්හා - වේ. භව ප්‍රාර්ථනා වශයෙන් ඉපදුණු සාස්වත දෘෂ්ටි සහගත රූප අරූප භව රාගයේ ද ධ්‍යාන තෘෂ්ණාවට මෙය අධි වචනයකි. (සමාන) විභවයෙහි තෘෂ්ණාව විභව තණ්හා - වේ. උච්ඡෙද දෘෂ්ටි සහගත රාගයට මෙය අධි වචනයකි.

ඉදානි තස‍්සා තණ‍්හාය වත්‍ථුං විත්‍ථාරතො දස‍්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්‍ථ උප‍්පජ‍්ජතීති ජායති. නිවිසතීති පුනප‍්පුනං පවත‍්තිවසෙන පතිට‍්ඨහති. යං ලොකෙ පියරූපං සාතරූපන‍්ති යං ලොකස‍්මිං පියසභාවඤ‍්චෙව මධුරසභාවඤ‍්ච. චක‍්ඛු ලොකෙතිආදීසු ලොකස‍්මිඤ‍්හි චක‍්ඛාදීසු මමත‍්තෙන අභිනිවිට‍්ඨා සත‍්තා සම‍්පත‍්තියං පතිට‍්ඨිතා අත‍්තනො චක‍්ඛුං ආදාසතලාදීසු නිමිත‍්තග‍්ගහණානුසාරෙන විප‍්පසන‍්නං පඤ‍්චපසාදං සුවණ‍්ණවිමානෙ උග‍්ඝාටිතමණිසීහපඤ‍්ජරං විය මඤ‍්ඤන‍්ති, සොතං රජතපනාළිකං විය, පාමඞ‍්ගසුත‍්තං විය ච මඤ‍්ඤන‍්ති, “තුඞ‍්ගනාසා”ති ලද‍්ධවොහාරං ඝානං වට‍්ටිත්‍වා ඨපිතහරිතාලවට‍්ටං විය මඤ‍්ඤන‍්ති, ජිව‍්හං රත‍්තකම‍්බලපටලං විය මුදුසිනිද‍්ධමධුරසදං මඤ‍්ඤන‍්ති, කායං සාලලට‍්ඨිං විය, සුවණ‍්ණතොරණං විය ච මඤ‍්ඤන‍්ති, මනං අඤ‍්ඤෙසං මනෙන අසදිසං උළාරං මඤ‍්ඤන‍්ති. රූපං සුවණ‍්ණකණිකාරපුප‍්ඵාදිවණ‍්ණං විය, සද‍්දං මත‍්තකරවීක කොකිලමන්‍දධමිතමණිවංසනිග‍්ඝොසං විය, අත‍්තනා පටිලද‍්ධානි චතුසමුට‍්ඨානිකගන්‍ධාරම‍්මණාදීනි “කස‍්සඤ‍්ඤස‍්ස එවරූපානි අත්‍ථී”ති මඤ‍්ඤන‍්ති. තෙසං එවං මඤ‍්ඤමානානං තානි චක‍්ඛාදීනි පියරූපානි චෙව සාතරූපානි ච හොන‍්ති. අථ නෙසං තත්‍ථ අනුප‍්පන‍්නා චෙව තණ‍්හා උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච තණ‍්හා පුනප‍්පුනං පවත‍්තිවසෙන නිවිසති. තස‍්මා භගවා “චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජතී”තිආදිමාහ. තත්‍ථ උප‍්පජ‍්ජමානාති යදා උප‍්පජ‍්ජමානා හොති, තදා එත්‍ථ උප‍්පජ‍්ජතීති අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ.

දැන් ඒ තෘෂ්ණාවේ වස්තු විස්තර වශයෙන් දැක්වීමට “සා බො පනෙසා” යනාදිය කීහ. එහි උප්පජ්ජති - උපදී. නිවිසති - නැවත නැවත පැවැත්ම වශයෙන් පිහිටයි. යං ලොකෙ පිය රූපං සාත රූපං - ලෝකයෙහි ප්‍රිය වූ ද මිහිරි වූ ද යම්. “චක්ඛු ලොකෙ” යනාදියෙහි ලෝකයෙහි ඇස් ආදිය කෙරෙහි මමත්වයෙන් පිවිසුණු සත්වයෝ සම්පත්තියෙහි පිහිටි තමාගේ ඇස කණ්ණාඩි ආදියෙන් බැලීමෙන් විප්‍රසන්න වූ පංචප්‍රසාද රන්විමක අරින ලද මිණි කවුළුවක් මෙන් හඟිති. කන රන් පණාලිකයක් මෙන් පාමංග සූත්‍රයක් (නූලක්) මෙන් සිතත්. තුඟු නාසයයි ව්‍යවහාර වන ඝාණය වටකොට තබන ලද රන්සිරියල් වැටියක් මෙන් හඟිති. දිව රන් කම්බිලි පටලයක් මෙන් මෘදු සිනිඳු මිහිරි රස දේ යයි හඟිති. කය තරුණ සල් ගසක් මෙන් රන් තොරණක් මෙන් හඟිති. මනස අන්‍යයන්ගේ මනසින් අසමාන යයි උසස්ව හඟිති. රූපය රන්වන් කිණිහිරි ආදි වර්ණ මෙන් ශබ්දය මත් කොවුල් කුරවීක මඳ සේ නාදය මිණි වස් නාදයක් මෙන් කවරෙකුට මෙසේ ඇත්දැයි සිතති. ඔවුන්ගේ මෙසේ හඟිනු ලබන ඒ ඇස් ආදි ප්‍රිය රූපද මිහිරි රූප ද වේ. ඉක්බිති එහි ඔවුන්ගේ නසනන්නා වූ ද තෘෂ්ණාව උපදී. උපන්නා වූ තෘෂ්ණාව නැවත නැවත පැවැත්වීම් වශයෙන් නිවිසති වේ. එහෙයින් භගවත්හු “චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං එත්ථසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති” ආදිය කීහ. එහි උප්පජ්ජමානා - උපදින විට මෙහි උපදීය යන අර්ථයයි. සියළු තැනම මෙම නයයි.

නිරොධසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

අසෙසවිරාගනිරොධොතිආදීනි සබ‍්බානි නිබ‍්බානවෙවචනානෙව. නිබ‍්බානඤ‍්හි ආගම‍්ම තණ‍්හා අසෙසා විරජ‍්ජති නිරුජ‍්ඣති, තස‍්මා තං “තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො”ති වුච‍්චති. නිබ‍්බානඤ‍්ච ආගම‍්ම තණ‍්හා චජියති පටිනිස‍්සජ‍්ජියති විමුච‍්චති න අල‍්ලීයති, තස‍්මා නිබ‍්බානං “චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො”ති වුච‍්චති. එකමෙව හි නිබ‍්බානං, නාමානි පනස‍්ස සබ‍්බසඞ‍්ඛතානං නාමපටිපක‍්ඛවසෙන අනෙකානි හොන‍්ති. සෙය්‍යථිදං, අසෙසවිරාගො අසෙසනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො තණ‍්හක‍්ඛයො අනුප‍්පාදො අප‍්පවත‍්තං අනිමිත‍්තං අප‍්පණිහිතං අනායූහනං අප‍්පටිසන්‍ධි අනුපපත‍්ති අගති අජාතං අජරං අබ්‍යාධි අමතං අසොකං අපරිදෙවං අනුපායාසං අසංකිලිට‍්ඨන‍්ති.

“අසෙස විරාග නිරොධ” ආදි සියල්ල නිවනෙහි පර්යාය වචන වේ. නිවනට පැමිණ තෘෂ්ණාව නිරවශේෂයෙන් නො ඇලේ. නිරුද්ධ වේ. එහෙයින් එය “තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො” යයි කියනු ලැබේ. නිවනට පැමිණ තෘෂ්ණාව අත්හරියි. මිදේ, නො ඇලේ. එහෙයින් නිවන චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො යයි කියනු ලැබේ. එකම නිවනේ නම් වනාහි සියළු සංඛත නාම ප්‍රතිපක්ෂ වශයෙන් අනෙක් වේ. කෙසේ ද යත්? අසෙස විරාගො, අසෙස නිරොධො, චාගො, පටිනිස්සග්ගො, මුත්ති, අනාලයො, රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, තණ්හක්ඛයො, අනුපප්පාදො, අප්පවත්ත, අනිමිත්තං, අප්පණිහිතං, අනායුහනං, අප්පටිසායි. අනුප්පත්ති, අගන අගාතං, අජරං, අව්‍යාධිං, අමතං, අසොකං, අපරිදෙවං, අනුපායාසං, අසංකිලිට්ඨං ආදියයි.

ඉදානි මග‍්ගෙන ඡින‍්නාය නිබ‍්බානං ආගම‍්ම අප‍්පවත‍්තිපත‍්තායපි ච තණ‍්හාය යෙසු වත්‍ථූසු තස‍්සා උප‍්පත‍්ති දස‍්සිතා, තත්‍ථෙව අභාවං දස‍්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්‍ථ යථා පුරිසො ඛෙත‍්තෙ ජාතං තිත‍්තඅලාබුවල‍්ලිං දිස‍්වා අග‍්ගතො පට‍්ඨාය මූලං පරියෙසිත්‍වා ඡින්‍දෙය්‍ය, සා අනුපුබ‍්බෙන මිලායිත්‍වා අපඤ‍්ඤත‍්තිං ගච‍්ඡෙය්‍ය. තතො තස‍්මිං ඛෙත‍්තෙ තිත‍්තඅලාබු නිරුද‍්ධා පහීනාති වුච‍්චෙය්‍ය, එවමෙව ඛෙත‍්තෙ තිත‍්තඅලාබු විය චක‍්ඛාදීසු තණ‍්හා. සා අරියමග‍්ගෙන මූලච‍්ඡින‍්නා නිබ‍්බානං ආගම‍්ම අප‍්පවත‍්තිං ගච‍්ඡති. එවං ගතා පන තෙසු වත්‍ථූසු ඛෙත‍්තෙ තිත‍්තඅලාබු විය න පඤ‍්ඤායති.

දැන් මාර්ගයෙන් සිඳින ලද නිවනට පැමිණ අප්පවතිම පැමිණියේ ද යම් වස්තුවල උත්පත්තිය තණ්හාවෙන් දැක්වූයේ ද එහිම අභාවය දැක්වීමට “සා ඛො පනෙසා” යනාදිය කීහ. එහි යම්සේ පුරුෂයෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැලක් දැක අගසිට මුල පරික්ෂා කොට සිඳින්නේය. එය ක්‍රමයෙන් මැලවී නොපෙනීමට යන්නේය. ඉන්පසු ඒ කෙතෙහි තිත්ත ලබු නිරුද්ධ වූයේය. ප්‍රහීන වූයේ යයි කියන්නේය. ඒවාගේම කෙතෙහි තිත්ත ලබුවැල මෙන් ඇස් ආදියෙහි තණ්හාව ආර්ය මාර්ගයෙන් මුලින් සිඳින ලද්දේ නිවනට පැමිණි නොපැවැත්මට යයි. මෙසේ වූ විට කෙතෙහි තිත්ත ලබුවැල මෙන් ඒ වස්තුවල නො පෙනේ.

යථා ච අටවිතො චොරෙ ආනෙත්‍වා නගරස‍්ස දක‍්ඛිණද‍්වාරෙ ඝාතෙය්‍යුං, තතො අටවියං චොරා මතාති වා මාරිතාති වා වුච‍්චෙය්‍යුං, එවං අටවියං චොරා විය චක‍්ඛාදීසු තණ‍්හා. සා දක‍්ඛිණද‍්වාරෙ චොරා විය නිබ‍්බානං ආගම‍්ම නිරුද‍්ධත‍්තා නිබ‍්බානෙ නිරුද‍්ධා. එවං නිරුද‍්ධා පනෙතෙසු වත්‍ථූසු අටවියං චොරා විය න පඤ‍්ඤායති, තෙනස‍්සා තත්‍ථෙව නිරොධං දස‍්සෙන‍්තො “චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣතී”තිආදිමාහ.

යම්සේ කැලෑවෙන් සොරුන් ගෙනවුත් නගරයේ දකුණු දොර නසන්නේ නම් ඉන්පසු වනයෙහි සොරුන් මළහයි හෝ මරණ ලදැයි හෝ කියන්නාහුය. එසේම චක්ෂු ආදියෙහි තෘෂ්ණාව වනයෙහි සොරුන් මෙනි. එය දකුණ දොර සොරුන් මෙන් නිවනට පැමිණ නිරුද්ධ වූ බව නිවනෙහි නිරුද්ධය. එසේම ඒ වස්තුවල තෘෂ්ණාව නිරුද්ධ වූ බව නිවනෙහි නිරුද්ධය. එසේම ඒ වස්තුවල තෘෂ්ණාව නිරුද්ධවීම වනයෙහි සොරුන් මෙන් නොපෙනේ. එහෙයින් එහි එහිම නිරෝධය දක්වන්නේ “චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමාන පහීයති එත්ථ නිරුජඣමානා නිරුජඣතීති” යනාදිය කීහ.

මග‍්ගසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

අයමෙවාති අඤ‍්ඤමග‍්ගපටික‍්ඛෙපනත්‍ථං නියමනං. අරියොති තං තං මග‍්ගවජ‍්ඣෙහි කිලෙසෙහි ආරකත‍්තා අරියභාවකරත‍්තා ච අරියො. දුක‍්ඛෙ ඤාණන‍්තිආදිනා චතුසච‍්චකම‍්මට‍්ඨානං දස‍්සිතං. තත්‍ථ පුරිමානි ද‍්වෙ සච‍්චානි වට‍්ටං, පච‍්ඡිමානි විවට‍්ටං. තෙසු භික‍්ඛුනො වට‍්ටෙ කම‍්මට‍්ඨානාභිනිවෙසො හොති, විවට‍්ටෙ නත්‍ථි අභිනිවෙසො. පුරිමානි හි ද‍්වෙ සච‍්චානි “පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛං, තණ‍්හා සමුදයො”ති එවං සඞ‍්ඛෙපෙන ච “කතමෙ පඤ‍්චක‍්ඛන්‍ධා, රූපක‍්ඛන්‍ධො”තිආදිනා නයෙන විත්‍ථාරෙන ච ආචරියස‍්ස සන‍්තිකෙ උග‍්ගණ‍්හිත්‍වා වාචාය පුනප‍්පුනං පරිවත‍්තෙන‍්තො යොගාවචරො කම‍්මං කරොති. ඉතරෙසු පන ද‍්වීසු සච‍්චෙසු නිරොධසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාපං, මග‍්ගසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාපන‍්ති එවං සවනෙන කම‍්මං කරොති. සො එවං කරොන‍්තො චත‍්තාරි සච‍්චානි එකපටිවෙධෙනෙව පටිවිජ‍්ඣති එකාභිසමයෙන අභිසමෙති. දුක‍්ඛං පරිඤ‍්ඤාපටිවෙධෙන පටිවිජ‍්ඣති, සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච‍්ඡිකිරියාපටිවෙධෙන, මග‍්ගං භාවනාපටිවෙධෙන පටිවිජ‍්ඣති. දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන…පෙ… මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙති. එවමස‍්ස පුබ‍්බභාගෙ ද‍්වීසු සච‍්චෙසු උග‍්ගහපරිපුච‍්ඡාසවනධාරණසම‍්මසනපටිවෙධො හොති, ද‍්වීසු පන සවනපටිවෙධොයෙව. අපරභාගෙ තීසු කිච‍්චතො පටිවෙධො හොති, නිරොධෙ ආරම‍්මණපටිවෙධො. පච‍්චවෙක‍්ඛණා පන පත‍්තසච‍්චස‍්ස හොති. අයඤ‍්ච ආදිකම‍්මිකො, තස‍්මා සා ඉධ න වුත‍්තා.

අයමෙව - අන්‍ය මාර්ග ප්‍රතික්ෂේප කිරීම සඳහා නියමය. අරියො - මාර්ග බාධක වූ ඒ ඒ ක්ලේශයන්ගෙන් ආරක්ෂා කරන බැවින් ද ආර්ය වේ. “දුක්ඛෙ ඤාණං” යනාදියෙන් චතු සත්‍ය කර්මස්ථානය දක්වන ලදී. එහි පළමු සත්‍ය දෙක සසරය. දෙවන දෙක නිවනය. භික්ෂූහු ඒවායින් සසර ඒවායේ කමටහනට ඇතුළත් වෙති. නිවනෙහි කමටහන් වශයෙන් ඇතුළත් වීමක් නැත. පෙර සත්‍ය දෙක පංචස්ඛන්ධ, දුක්ඛං තණ්හා සමුදයො යයි මෙසේ සංක්ෂේපයෙන් ද පංචස්කන්ධයෝ කවරේද? රූපස්කන්ධය යනාදි නයින් විස්තර වශයෙන් ආචාර්යවරයා සමීපයෙහි ඉගෙන වචනයෙන් නැවත නැවත කියා යෝගාවචරයා ක්‍රියා කරයි. ඉතිරි සත්‍ය දෙකෙහි නිරෝධ සත්‍ය ඉෂ්ඨය, කාන්තය, මනාපය. මාර්ග සත්‍යය ඉෂ්ඨය, කාන්තය මනාපය, මෙසේ කනින් ද ක්‍රියා කරයි. හේ මෙසේ කරන්නේ චතුරාර්ය සත්‍යය එක් ප්‍රතිවේධයෙන් අවබෝධ කරයි. සමුදය ප්‍රහාන ප්‍රතිවේධයෙන් ද නිරෝධය සාක්ෂාත් ක්‍රියා ප්‍රතිවේධයෙන් ද මාර්ගය භාවනා ප්‍රතිවේධයෙන් අවබෝධ කරයි. දුක පරිඤ්ඤා අභිසමයෙන් ද මාර්ගය භාවනාහිසමයෙන් ද අවබෝධ කරයි. මෙසේ ඔහුගේ පූර්වභාගයෙහි සත්‍ය දෙකෙහි ඉගැනීම, ප්‍රශ්න ඇසීම, සවන් දීම, දැරිම, විමසන ප්‍රතිවේධය වේ. සවණ පටිවෙධ දෙකම අපරභාගයෙහි කෘත්‍ය තුනක ප්‍රතිවේධය වේ. නිරෝධ අරමුණෙහි ප්‍රතිවේධය, ප්‍රත්‍යවේක්ෂාව වනාහි පැමිණි සත්‍යයේ වේ. මෙය ද ආදි කර්මිකයාටය. එහෙයින් එය මෙහි නොකියන ලදී.

ඉමස‍්ස ච භික‍්ඛුනො පුබ‍්බෙ පරිග‍්ගහතො “දුක‍්ඛං පරිජානාමි, සමුදයං පජහාමි, නිරොධං සච‍්ඡිකරොමි, මග‍්ගං භාවෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරපච‍්චවෙක‍්ඛණා නත්‍ථි, පරිග‍්ගහතො පට‍්ඨාය හොති. අපරභාගෙ පන දුක‍්ඛං පරිඤ‍්ඤාතමෙව…පෙ… මග‍්ගො භාවිතොව හොති. තත්‍ථ ද‍්වෙ සච‍්චානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි, ද‍්වෙ ගම‍්භීරත‍්තා දුද‍්දසානි. දුක‍්ඛසච‍්චඤ‍්හි උප‍්පත‍්තිතො පාකටං, ඛාණුකණ‍්ටකපහාරාදීසු “අහො දුක‍්ඛ”න‍්ති වත‍්තබ‍්බතම‍්පි ආපජ‍්ජති. සමුදයම‍්පි ඛාදිතුකාමතාභුඤ‍්ජිතුකාමතාදිවසෙන උප‍්පත‍්තිතො පාකටං. ලක‍්ඛණපටිවෙධතො පන උභයම‍්පි ගම‍්භීරං. ඉති තානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි. ඉතරෙසං පන ද‍්වින‍්නං දස‍්සනත්‍ථාය පයොගො භවග‍්ගගහණත්‍ථං හත්‍ථප‍්පසාරණං විය අවීචිඵුසනත්‍ථං පාදප‍්පසාරණං විය සතධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිපාදනං විය ච හොති. ඉති තානි ගම‍්භීරත‍්තා දුද‍්දසානි. එවං දුද‍්දසත‍්තා ගම‍්භීරෙසු ගම‍්භීරත‍්තා ච දුද‍්දසෙසු චතූසු සච‍්චෙසු උග‍්ගහාදිවසෙන පුබ‍්බභාගඤාණුප‍්පත‍්තිං සන්‍ධාය ඉදං දුක‍්ඛෙ ඤාණන‍්තිආදි වුත‍්තං. පටිවෙධක‍්ඛණෙ පන එකමෙව තං ඤාණං හොති.

මේ භික්ෂුව වනාහි පෙර ගන්නා ලද දුක දැනගනිමි. සමුදය දුරු කරමි. නිරොධය සාක්ෂාත් කරමි, මාර්ගය වඩමි යයි සිතා බැලීම, එක්තැන් කිරීම, මෙනෙහි කිරීම, ප්‍රත්‍යවෙක්ෂා කිරීම් නැත. පිළිගැනීමේ පටන් වේ. අපරභාගයෙහි වනාහි දුක දැනගත්තේමය. මාර්ගය වැඩුවේය. එහි ඔහුට සත්‍ය දෙක දැකීමට අපහසුය. ගැඹුරුය. දෙකක් ගැඹුරු නිසා දැකීමට අපහසුය. දුක්ඛ සත්‍යය උපතේ සිට ප්‍රකටය. කණු කටු පහරවල දී අහෝ දුකයි යයි කීමට ද පැමිණේ. සමුදය ද කනු කැමති වළඳනු කැමති ආදි වශයෙන් උපතේ සිට ප්‍රකටය. ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි දෙකම ගැඹුරුය. මෙසේ ඒවා දුර්දශය, ගැඹුරුය. ඉතිරි දෙක වනාහි දැක්වීම සඳහා ප්‍රයෝගය භවග්‍රහණය සඳහා අත දිග හැරීමක් මෙන් අවීචිය ස්පර්ශයට පා දිග හැරීමක් මෙන් සිය ආකාරයකින් බිඳුණු හිස කේ අග පිළියෙළ කිරීමක් මෙන් ද දැකීමට අපහසු නිසා ගැඹුරු ද ගැඹුරු නිසා දැකීමට අපහසු ද වේ. සිව්සස්වල ඉගෙනීම වශයෙන් පූර්වභාග ඤාණය ඉපදීම සඳහා “ඉදං දුක්ඛෙ ඤාණං” යනාදිය කියන ලදී. ප්‍රතිවේධ ක්ෂණයෙහි එකවිටම ඒ ඤාණය වේ.

නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදයො කාමබ්‍යාපාදවිහිංසාවිරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප‍්පන‍්නස‍්ස අකුසලසඞ‍්කප‍්පස‍්ස පදපච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානො එකොව කුසලසඞ‍්කප‍්පො උප‍්පජ‍්ජති. අයං සම‍්මාසඞ‍්කප‍්පො නාම.

නෙක්ඛම්ම සංකප්ප ආදිය කාම ව්‍යාපද විහිංසා විරති සංඥාවන්ගේ පූර්වභාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි මේ ස්ථාන තුනෙහි උපන් අකුසල සංකල්පයේ පද ඡේදවලින් අනුප්පත්ති සාධන වශයෙන් මාර්ගාංගය පුරන්නේ කුසල සංකල්පය එකට උපදී. මෙය සම්මා සංකප්පය නම් වේ.

මුසාවාදාවෙරමණිආදයොපි මුසාවාදාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු චතූසු ඨානෙසු උප‍්පන‍්නාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය පදපච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති. අයං සම‍්මාවාචා නාම .

මුසාවාදා වේරමණී ආදිය ද මුසාවාදාදීන්ගේ විරමන සංඥාව නානාබව. පූර්ව භාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි මේ ස්ථාන හතරෙහි උපන් අකුසල දුස්සීල චේතනාව නොකිරීමෙන් පද වෙන්කිරීමෙන් නූපන් සාධන වශයෙන් මාර්ගය පුරනු ලබන්නේ කුසල වේරමනිය එකට උපදී. මෙය සම්මා වාචා නම් වේ.

පාණාතිපාතාවෙරමණිආදයොපි පාණාතිපාතාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප‍්පන‍්නාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය අකිරියතො පදපච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති, අයං සම‍්මාකම‍්මන‍්තො නාම.

පාණාති පාතා වෙරමනි ආදිය ද පාණාතිපාතාදියෙන් වෙන්වන සංඥාව ද විවිධය. පූර්වභාගයෙහි විවිධ වේ. මාර්ග ක්ෂණයෙහි වනාහි මේ ස්ථාන තුන් උපන් අකුසල දුස්සීල චේතනාවෙන් නොකිරීමෙන් පද ඡේද වශයෙන් අනුප්‍රාප්ත සාසන වශයෙන් මාර්ගාංගය පුරන්නේ එකලාව කුසල වේරමණිය උපදී. මෙය සම්මා “කම්මන්ත” නම් වේ.

මිච‍්ඡාආජීවන‍්ති ඛාදනීයභොජනීයාදීනං අත්‍ථාය පවත‍්තිතං කායවචීදුච‍්චරිතං. පහායාති වජ‍්ජෙත්‍වා. සම‍්මාආජීවෙනාති බුද‍්ධපසත්‍ථෙන ආජීවෙන. ජීවිතං කප‍්පෙතීති ජීවිතප‍්පවත‍්තිං පවත‍්තෙති. සම‍්මාආජීවොපි කුහනාදීහි විරමණසඤ‍්ඤානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසුයෙව සත‍්තසු ඨානෙසු උප‍්පන‍්නාය මිච‍්ඡාජීවදුස‍්සීල්‍යචෙතනාය පදපච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව කුසලවෙරමණී උප‍්පජ‍්ජති, අයං සම‍්මාආජීවො නාම.

මිච්ඡා ආජීවං - කෑ යුතු පියයුතු ආදි දේවල් කෙරෙහි පවත්වන කාය වචී දුච්චරිත. පහාය - වර්ජනය කොට. සම්මා ආජිවෙන - නුවණැත්තන් ප්‍රසංසා කරන ජීවත්වීමෙන්. ජීවිකං කප්පෙති - ජීවිත පැවැත්ම පවත්වයි. සම්මා ආජීවය ද කුහනාදි වෙන්වන සංඥා විවිධය. පූර්වභාගයේ නා නා වේ. මාර්ගක්ෂණයෙහි වනාහි මේ ස්ථාන සතරෙහි උපන් මිථ්‍යා ආජීව දුස්සීල චේතනාවෙන් පද ඡේද වශයෙන් නූපන් සාධන වශයෙන් මාර්ගාංගය පුරන්නේ එකලාව කුසල වේරමණිය උපදී. මෙය සම්මා ආජීව නම් වේ.

අනුප‍්පන‍්නානන‍්ති එකස‍්මිං වා භවෙ තථාරූපෙ වා ආරම‍්මණෙ අත‍්තනො න උප‍්පන‍්නානං. පරස‍්ස පන උප‍්පජ‍්ජමානෙ දිස‍්වා “අහො වත මෙ එවරූපා පාපකා අකුසලධම‍්මා න උප‍්පජ‍්ජෙය්‍යු”න‍්ති එවං අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය. ඡන්‍දං ජනෙතීති තෙසං අනුප‍්පාදකපටිපත‍්තිසාධකං වීරියඡන්‍දං ජනෙති. වායමතීති වායාමං කරොති. වීරියං ආරභතීති වීරියං පවත‍්තෙති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති වීරියෙන චිත‍්තං පග‍්ගහිතං කරොති. පදහතීති කාමං තචො ච න‍්හාරු ච අට‍්ඨි ච අවසිස‍්සතූති පදහනං පවත‍්තෙති.

අනුප්පන්නානං - ඒක භවයක එබඳු වූ හෝ අරමුණෙහි තමන් නූපන්න නමුත් අන්‍යයා හෝ උපදිනවා දැක අහෝ මේ එබඳු වූ පාප අකුසල ධර්මවලින් නො ඉපදෙත්වායි මෙසේ නූපන් පාප අකුසල ධර්මවල නොඉපදීම සඳහා ඡන්දං ජනෙති - ඒ ඒ නූපන් ප්‍රතිපත්ති සාධක වීර්ය කැමැත්ත උපදවයි. වායමති - උත්සාහ උත්සාහ කරයි. විරියං ආරභති - වීර්ය පටන් ගත් නිසා. පදහති - සම් නහර ඇට ඉතිරි වේවා මස්ලේ වියලේවා. ප්‍රධාන වීර්ය පවත්වයි.

උප‍්පන‍්නානන‍්ති සමුදාචාරවසෙන අත‍්තනො උප‍්පන‍්නපුබ‍්බානං. ඉදානි තාදිසෙ න උප‍්පාදෙස‍්සාමීති තෙසං පහානාය ඡන්‍දං ජනෙති. අනුප‍්පන‍්නානං කුසලානන‍්ති අප‍්පටිලද‍්ධානං පඨමජ‍්ඣානාදීනං. උප‍්පන‍්නානන‍්ති තෙසංයෙව පටිලද‍්ධානං. ඨිතියාති පුනප‍්පුනං උප‍්පත‍්තිපබන්‍ධවසෙන ඨිතත්‍ථං. අසම‍්මොසායාති අවිනාසනත්‍ථං. භිය්‍යොභාවායාති උපරිභාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. භාවනාය පාරිපූරියාති භාවනාය පරිපූරණත්‍ථං. අයම‍්පි සම‍්මාවායාමො අනුප‍්පන‍්නානං අකුසලානං අනුප‍්පාදනාදිචිත‍්තානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසුයෙව චතූසු ඨානෙසු කිච‍්චසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානං එකමෙව කුසලවීරියං උප‍්පජ‍්ජති. අයං සම‍්මාවායාමො නාම.

උප්පන්නානං - හැසිරීම් වශයෙන් තමාගේ ඉපදීමට පෙර, දැන් එබඳු ඉපදීම් නැතැයි ඒවායේ ප්‍රහානය පිණිස කැමැත්ත දනවයි. කුසලානං - නොලද ප්‍රථම ධ්‍යානාදිය, උප්පන්නානං - ඒවායේ ම ලැබීම. ඨිතියා - නැවත නැවත උත්පත්ති ප්‍රබන්ධ වශයෙන් සිටීම පිණිස. අසම්මොසාය - අවිනාසනය සඳහා. භීය්‍යො භාවාය - ඉහළ බව සඳහා. වෙපුල්ලාය - මහත් බවට. භාවනා පාරිපුරියා - භාවනාවේ පරිපූර්ණය සඳහා. මේ සම්මා වායාමය ද නූපන් අකුසලයන් ගේ නොඉපදීම් ආදි සිත්වල නානාත්වය පූර්වභාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි මේ ස්ථාන සතරෙහි කෘත්‍ය සාධන වශයෙන් මාර්ගය සම්පූර්ණ කරමින් එකම කුසල වීර්ය උපදී. මෙය සම්මා වායාම නම් වේ.

සම‍්මාසතිපි කායාදිපරිග‍්ගාහකචිත‍්තානං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන චතූසු ඨානෙසු කිච‍්චසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව සති උප‍්පජ‍්ජති. අයං සම‍්මාසති නාම.

සම්මා සතිය ද කායාදි විමසන සිත්වල නානාත්වය පූර්වභාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි වනාහි ස්ථාන සතරෙහි කෘත්‍ය සාධන වශයෙන් මාර්ගාංගය පූරණය කරමින් එකම සිහිය උපදී. මෙය සම්මා සති නම් වේ.

ඣානානි පුබ‍්බභාගෙපි මග‍්ගක‍්ඛණෙපි නානා, පුබ‍්බභාගෙ සමාපත‍්තිවසෙන නානා, මග‍්ගක‍්ඛණෙ නානාමග‍්ගවසෙන. එකස‍්ස හි පඨමමග‍්ගො පඨමජ‍්ඣානිකො හොති, දුතියමග‍්ගාදයොපි පඨමජ‍්ඣානිකා වා දුතියජ‍්ඣානාදීසු අඤ‍්ඤතරඣානිකා වා. එකස‍්සපි පඨමමග‍්ගො දුතියාදීනං අඤ‍්ඤතරඣානිකො හොති, දුතියාදයොපි දුතියාදීනං අඤ‍්ඤතරජ‍්ඣානිකා වා පඨමජ‍්ඣානිකා වා. එවං චත‍්තාරොපි මග‍්ගා ඣානවසෙන සදිසා වා අසදිසා වා එකච‍්චසදිසා වා හොන‍්ති. අයං පනස‍්ස විසෙසො පාදකජ‍්ඣානනියමෙන හොති.

ධ්‍යාන පූර්වභාගයෙහි ද මාර්ග ක්ෂණයෙහි ද විවිධය. පූර්වභාගයෙහි සමාපත්ති වශයෙන් විවිධය. මාර්ග ක්ෂණයෙහි මාර්ග වශයෙන් විවිධය. එක්කෙනෙකුගේ ප්‍රථම මාර්ගය ප්‍රථම ධ්‍යානික වේ. දෙවන මාර්ග ආදිය ප්‍රථම ධ්‍යානික හෝ ද්විතීය ධ්‍යානාදියෙහි අන්‍යතර ධ්‍යානික හෝ, කෙනෙකුගේ ප්‍රථම මාර්ගය ද්විතියා දී අන්‍යතර ධ්‍යානික වේ. දුතියාදිය ද දුතියාදීන්ගේ අර්ථය සඳහා අන්‍යතර ධ්‍යානික හෝ ප්‍රථම ධ්‍යානික හෝ වේ. මෙසේ මාර්ග සතරම ධ්‍යාන වශයෙන් සමාන හෝ අසමාන හෝ එක් අතකින් සමාන වේ. මෙය එහි විශේෂයකි.

පාදකජ‍්ඣානනියමෙන තාව පඨමජ‍්ඣානලාභිනො පඨමජ‍්ඣානා වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො මග‍්ගො පඨමජ‍්ඣානිකො හොති. මග‍්ගඞ‍්ගබොජ‍්ඣඞ‍්ගානි පනෙත්‍ථ පරිපුණ‍්ණානෙව හොන‍්ති. දුතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො දුතියජ‍්ඣානිකො හොති. මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත හොන‍්ති. තතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො තතියජ‍්ඣානිකො. මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත, බොජ‍්ඣඞ‍්ගානි ඡ හොන‍්ති. එස නයො චතුත්‍ථජ‍්ඣානතො වුට‍්ඨාය යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං.

පාදක ධ්‍යාන නියමයෙක් වේ. පළමුව පාදක ධ්‍යාන නියමයෙන් ප්‍රථම ධ්‍යානලාභියා ප්‍රථම ධ්‍යානයෙන් නැගිට විදර්ශනාවෙන් උපන් මාර්ගය ප්‍රථම ධ්‍යානික වේ. මෙහි මාර්ගාංග බොජඣංග වනාහි සම්පූර්ණ වූයේ වේ. ද්විතීය ධ්‍යානයෙන් නැගිට විදර්ශකයාට උපන් ද්විතීය ධ්‍යානික වේ. මෙහි මාර්ගාංග සතක් වේ. තෘතීය ධ්‍යානයෙන් නැගිට විදර්ශනා වඩන්නට උපන් තෘතීය ධ්‍යානක වේ. මාර්ගාංග වනාහි සත්ත බොජඣංවලින් හයක් වේ. චතුර්ථ ධ්‍යානයේ පටන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය දක්වා මෙම න්‍යායම වේ.

ආරුප‍්පෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානං උප‍්පජ‍්ජති, තඤ‍්ච ලොකුත‍්තරං, නො ලොකියන‍්ති වුත‍්තං, එත්‍ථ කථන‍්ති? එත්‍ථාපි පඨමජ‍්ඣානාදීසු යතො වුට‍්ඨාය සොතාපත‍්තිමග‍්ගං පටිලභිත්‍වා අරූපසමාපත‍්තිං භාවෙත්‍වා සො ආරුප‍්පෙ උප‍්පන‍්නො, තං ඣානිකාවස‍්ස තත්‍ථ තයො මග‍්ගා උප‍්පජ‍්ජන‍්ති. එවං පාදකජ‍්ඣානමෙව නියමෙති.

අරූප්පයෙහි චතුර්ථ ධ්‍යානය ද උපදී. එය ද ලෝකෝත්තරය. ලෞකික නොවේ. මෙහි කෙසේද? මෙහි ද ප්‍රථම ධ්‍යානාදියෙහි යම්සේ නැගිටියේ ද සෝවාන් මාර්ගය ලැබ අරූප සමවත් වඩා යමෙක් අරුප්පයෙහි උපන්නේ තෘතිය ධ්‍යානික වූයේ එහි මාර්ග තුන උපදියි. මෙසේ පාදක ධ්‍යානයම නියමය වේ.

කෙචි පන ථෙරා “විපස‍්සනාය ආරම‍්මණභූතා ඛන්‍ධා නියමෙන‍්තී”ති වදන‍්ති. කෙචි “පුග‍්ගලජ‍්ඣාසයො නියමෙතී”ති වදන‍්ති. කෙචි “වුට‍්ඨානගාමිනිවිපස‍්සනා නියමෙතී”ති වදන‍්ති. තෙසං වාදවිනිච‍්ඡයො විසුද‍්ධිමග‍්ගෙ වුට‍්ඨානගාමිනිවිපස‍්සනාධිකාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

සමහර තෙරුන් වහන්සේලා විපස්සනාවෙන් අරමුණු වු ස්කන්ධ නියම යයි කියති. ඇතමෙක් පුද්ගල අධ්‍යාශය නියම යයි කියති. ඇතමෙක් වුට්ඨාන ගාමිනී විපස්සනය නියමයයි කියති. ඔවුන්ගේ වාද විනිශ්චය විසුද්ධිමග්ගයෙහි වුට්ඨානගාමිනී විපස්සනා අධිකාරයෙහි කියන ලද නයින්ම දත යුතුය.

අයං වුච‍්චති, භික‍්ඛවෙ, සම‍්මාසමාධීති අයං පුබ‍්බභාගෙ ලොකියො අපරභාගෙ ලොකුත‍්තරො සම‍්මාසමාධීති වුච‍්චති.

අයං වුච්චති භික්ඛවෙ සම්මා සමාධි - මෙය පූර්වභාගයෙහි ලෞකිකය. අපරභාගයෙහි ලෝකෝත්තර සම්මා සමාධිය යයි කියනු ලැබේ.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං අත‍්තනො වා චත‍්තාරි සච‍්චානි පරිග‍්ගණ‍්හිත්‍වා, පරස‍්ස වා, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස චත‍්තාරි සච‍්චානි පරිග‍්ගණ‍්හිත්‍වා ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ චතුන‍්නං සච‍්චානං යථාසම‍්භාවතො උප‍්පත‍්තිනිවත‍්තිවසෙන වෙදිතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ චතුසච‍්චපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා සච‍්චපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං, සෙසං තාදිසමෙවාති.

ඉති අජඣත්තං වා - තමාගේ හෝ සත්‍ය සතර පරික්ෂා කොට ධර්මයෙහි ධම්මානුපස්සීව වාසය කරයි. මෙහි සමුදයවය වනාහි චතුස්සත්‍යයන්ගේ සම්භව වූ පරිදන් උපත නැවැත්ම වශයෙන් දත යුතුය. මින්පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි චතු සංඝ විමසීම ඇති කල්හි දුක්ඛ සත්‍ය යයි මෙසේ යොදාගෙන සත්‍ය විමසන භික්ෂුවගේ නිවන් මග දතයුතුය. සෙස්ස එලෙසමය.

චතුසච‍්චපබ‍්බං නිට‍්ඨිතං.

චතුසච්ච නිමි.

එත‍්තාවතා ආනාපානපබ‍්බං චතුඉරියාපථපබ‍්බං චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං ද‍්වත‍්තිංසාකාරං චතුධාතුවවත්‍ථානං නවසිවථිකා වෙදනානුපස‍්සනා චිත‍්තානුපස‍්සනා නීවරණපරිග‍්ගහො ඛන්‍ධපරිග‍්ගහො ආයතනපරිග‍්ගහො බොජ‍්ඣඞ‍්ගපරිග‍්ගහො සච‍්චපරිග‍්ගහොති එකවීසති කම‍්මට‍්ඨානානි. තෙසු ආනාපානං ද‍්වත‍්තිංසාකාරං නවසිවථිකාති එකාදස අප‍්පනාකම‍්මට‍්ඨානානි හොන‍්ති. දීඝභාණකමහාසීවත්‍ථෙරො පන “නවසිවථිකා ආදීනවානුපස‍්සනාවසෙන වුත‍්තා”ති ආහ. තස‍්මා තස‍්ස මතෙන ද‍්වෙයෙව අප‍්පනාකම‍්මට‍්ඨානානි, සෙසානි උපචාරකම‍්මට‍්ඨානානි. කිං පනෙතෙසු සබ‍්බෙසු අභිනිවෙසො ජායතීති? න ජායති. ඉරියාපථසම‍්පජඤ‍්ඤනීවරණබොජ‍්ඣඞ‍්ගෙසු හි අභිනිවෙසො න ජායති, සෙසෙසු ජායතීති. මහාසීවත්‍ථෙරො පනාහ “එතෙසුපි අභිනිවෙසො ජායති. අයඤ‍්හි ‘අත්‍ථි නු ඛො මෙ චත‍්තාරො ඉරියාපථා උදාහු නත්‍ථි, අත්‍ථි නු ඛො මෙ චතුසම‍්පජඤ‍්ඤං උදාහු නත්‍ථි, අත්‍ථි නු ඛො මෙ පඤ‍්චනීවරණා උදාහු නත්‍ථි, අත්‍ථි නු ඛො මෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගා උදාහු නත්‍ථී’ති එවං පරිග‍්ගණ‍්හාති. තස‍්මා සබ‍්බත්‍ථ අභිනිවෙසො ජායතී”ති.

මෙපමණකින් ආනාපාන, චතු ඉරියාපථ, චතු සම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතු වවත්ථාන, නවසීවථිකා, වෙදනානු පස්සනා, චිත්තානුපස්සනා, නීවරණ පරිග්ගහ, ඛන්ධපරිග්ගහ, ආයතන පරිග්ගහ, බොජඣඞග පරිග්ගහ, සච්චපරිග්ගහ යයි එක්විසි කමටහන් වේ. ඒවා අතර ආනාපාන ද්වත්තිංසාකාර, නවසීවථික එකොළොස අර්පණා කර්මස්ථාන වේ. දීඝභාණක මහාසීව තෙරුන් වහන්සේ වනාහි නවසීවථිකා ආදීනවානු පස්සනා වශයෙන් කියන ලදැයි කීය. එහෙයින් උන්වහන්සේගේ මතයෙන් අර්පණා කර්මස්ථාන දෙකක් වේ. සෙස්ස උපචාර කමටහන්ය. කිම? මේ සියල්ලෙහි ම අභිනිවේශය ඇතිවේද? නොවේද? ඇතිවේ. ඉරියාපථ සම්පජඤ්ඤ නීවරණ බොජඣංගවල අභිනිවේශය ඇති නොවේ. සෙස්සෙහි ඇතිවේ යයි මහාසීව තෙරහු කීහ. මේවායෙහි ද අභිනිවේශය ඇතිවේ. මෙය වනාහි මගේ සිව් ඉරියව් ඇත්ද? නැතහොත් නැත්ද? මගේ සිව් විමසන නුවණ ඇත්ද නැතහොත් නැත්ද, මගේ පංච නීවරණ ඇත්ද නැතහොත් නැත්ද, මගේ සත් බොජඣංග ඇත්ද නැතහොත් නැත්ද? මෙසේ පිරික්සයි. එහෙයින් සැමතැනම අභිනිවේශය ඇතිවේ.

යො හි කොචි, භික‍්ඛවෙති යො හි කොචි, භික‍්ඛවෙ, භික‍්ඛු වා භික‍්ඛුනී වා උපාසකො වා උපාසිකා වා. එවං භාවෙය්‍යාතිආදිතො පට‍්ඨාය වුත‍්තෙන භාවනානුක‍්කමෙන භාවෙය්‍ය. පාටිකඞ‍්ඛන‍්ති පටිකඞ‍්ඛිතබ‍්බං ඉච‍්ඡිතබ‍්බං අවස‍්සංභාවීති අත්‍ථො. අඤ‍්ඤාති අරහත‍්තං. සති වා උපාදිසෙසෙති උපාදානසෙසෙ වා සති අපරික‍්ඛීණෙ. අනාගාමිතාති අනාගාමිභාවො.

යොහි කොචි භික්ඛවෙ - මහණෙනි, යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ එවං භාවෙය්‍ය - මුලපටන් කියනලද භාවනාව අනුක්‍රමයෙන් වඩන්නේය. පාටිකංඛං - බලාපොරොත්තු විය යුතුය. කැමති විය යුතුය. අවශ්‍යවීය යන අර්ථයයි. අඤ්ඤා - රහත් බව. සති වා උපාදි සෙසෙ - ගැනීම් ඇති කල්හි හෝ ක්ෂීණ නොවු කල්හි. අනාගාමිතා - අනාගාමි භාවය.

එවං සත‍්තන‍්නං වස‍්සානං වසෙන සාසනස‍්ස නිය්‍යානිකභාවං දස‍්සෙත්‍වා පුන තතො අප‍්පතරෙපි කාලෙ දස‍්සෙන‍්තො තිට‍්ඨන‍්තු, භික‍්ඛවෙතිආදිමාහ. සබ‍්බම‍්පි චෙතං මජ‍්ඣිමස‍්ස වෙනෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන වුත‍්තං, තික‍්ඛපඤ‍්ඤං පන සන්‍ධාය “පාතොව අනුසිට‍්ඨො සායං විසෙසං අධිගමිස‍්සති, සායං අනුසිට‍්ඨො පාතො විසෙසං අධිගමිස‍්සතී”ති වුත‍්තං. ඉති භගවා “එවං නිය්‍යානිකං, භික‍්ඛවෙ, මම සාසන”න‍්ති දස‍්සෙත්‍වා එකවීසතියාපි ඨානෙසු අරහත‍්තනිකූටෙන දෙසිතං දෙසනං නිය්‍යාතෙන‍්තො “එකායනො අයං, භික‍්ඛවෙ, මග‍්ගො…පෙ… ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්ත”න‍්ති ආහ. සෙසං උත‍්තානත්‍ථමෙවාති. දෙසනාපරියොසානෙ පන තිංස භික‍්ඛුසහස‍්සානි අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.

මෙසේ සත් වසක් වශයෙන් ශාසනයේ නෛර්යානිකභාවය. දක්වා නැවත එයින් අල්පතර කාලයක් දක්වන්නේ “තිට්ඨනතු භික්ඛවෙ” (මහණෙනි තිබේවා) යනාදිය කීහ. මේ සියල්ල ද මධ්‍යම විනේය පුද්ගලයෙකුගේ වශයෙන් කියන ලදී. තියුණු ප්‍රඥාවන්තයන් සඳහා වනාහි අළුයම අනුසාසනා කරන ලද්දේ සවස කිසියම් අධිගමයක් වන්නේය. සවස අනුශාසනා කරන ලද්දේ අළුයම යම්කිසි අධිගමයක් වන්නේ යයි කියන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මගේ ශාසනය මෙබඳු නෛර්යානික යයි දක්වා එක්විසි ස්ථානයෙහි රහත්බව කුළු ගැන්වීමෙන් දේශනා කරන ලදී. දේශනාව බාරදෙන්නේ “භික්ඛවෙ මග්ගො... ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං” යනාදිය කීහ. සෙස්ස නොගැඹුරු අරුත් වේ. දේශනාව අවසානයෙහි වනාහි තිස් දහසක් භික්ෂූන් වහන්සේ රහත් පලයෙහි පිහිටියහ.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං මහාසතිපට‍්ඨානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා සතිපට්ඨාන සූත්‍රය නිමි.