10. පායාසිරාජඤ්ඤසුත්තවණ්ණනා අට්ඨකථා
10. පායාසිරාජඤ්ඤසුත්තවණ්ණනා
10. පායාසී සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති පායාසිරාජඤ්ඤසුත්තං. තත්රායමපුබ්බපදවණ්ණනා – ආයස්මාති පියවචනමෙතං. කුමාරකස්සපොති තස්ස නාමං. කුමාරකාලෙ පබ්බජිතත්තා පන භගවතා “කස්සපං පක්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස්සපස්ස දෙථා”ති වුත්තෙ “කතරකස්සපස්සා”ති. “කුමාරකස්සපස්සා”ති එවං ගහිතනාමත්තා තතො පට්ඨාය වුඩ්ඪකාලෙපි “කුමාරකස්සපො” ත්වෙව වුච්චති. අපිච රඤ්ඤො පොසාවනිකපුත්තත්තාපි තං කුමාරකස්සපොති සඤ්ජානිංසු.
පායාසි මවිසින් මෙසේ අසන ලදී. මේ එහි අපූර්වපද වර්ණනාවයි. ආයස්මා - මෙය ආමන්ත්‍රණයේ ප්‍රිය වචනයකි. කුමාර කස්සපො - උන්වහන්සේගේ නාමය. කුමාර කාලයෙහි පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් “කාශ්‍යප කැඳවන්න” මේ පලතුරු හෝ කෑ යුතු දේ කාශ්‍යපට දෙන්නැයි කී කල්හි, මොන කාශ්යපටද? කුමාර කාශ්‍යපට යයි මෙසේ ගන්නා ලද නාම මාත්‍රයෙන් එතැන් සිට වයසට පැමිණි කල්හි ද කුමාර කස්සප යයි කියනු ලැබේ. තව ද රජ විසින් පෝෂණය කළ පුත් බැවින් උන්වහන්සේ කුමාර කස්සප යයි හැඳින් වුහ.
අයං පනස්ස පුබ්බයොගතො පට්ඨාය ආවිභාවකථා – ථෙරො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ සෙට්ඨිපුත්තො අහොසි. අථෙකදිවසං භගවන්තං චිත්රකථිං එකං අත්තනො සාවකං එතදග්ගෙ ඨපෙන්තං දිස්වා භගවතො සත්තාහං දානං දත්වා “අහම්පි භගවා අනාගතෙ එකස්ස බුද්ධස්ස අයං ථෙරො විය චිත්රකථී සාවකො භවාමී”ති පත්ථනං කත්වා පුඤ්ඤානි කරොන්තො කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි. තදා කිර පරිනිබ්බුතස්ස භගවතො සාසනෙ ඔසක්කන්තෙ පඤ්ච භික්ඛූ නිස්සෙණිං බන්ධිත්වා පබ්බතං ආරුය්හ සමණධම්මං අකංසු. සඞ්ඝත්ථෙරො තතියදිවසෙ අරහත්තං පත්තො, අනුථෙරො චතුත්ථදිවසෙ අනාගාමී අහොසි, ඉතරෙ තයො විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තා දෙවලොකෙ නිබ්බත්තා.
උන්වහන්සේ වනාහි පූර්ව යෝගයේ පටන් ප්‍රකට කථා ඇත්තේය. තෙරුන් වහන්සේ වනාහි පියමතුරා බුදුන් කාලයෙහි සිටු පුතෙක් විය. ඉක්බිති එක් දිනක භාග්‍යවතුන් වහන්සේ තමාගේ ශ්‍රාවකයකු චිත්රකථිකථික භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තබනවා දැක භාග්‍යවතුන් වහන්සේට සතියක් දන් දී භාග්‍යවතුන් වහන්ස, මම ද මේ චිත්‍රකථික ස්වාමින් වහන්සේ මෙන් අනාගතේ බුදු කෙනෙකුන්ට ශ්‍රාවකයෙක් වන්නෙමියි ප්‍රාර්ථනා කොට පින් කරන්නේ කාශ්‍යප බුදුන්ගේ ශාසනයෙහි පැවිදිව විශේෂයක් උපදවා ගැනිමට නොහැකි විය. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සාසනය පිරිහෙන කල්හි භික්ෂූන් වහන්සේ පස්නමක් ඉණිමගක් බැඳ පර්වතයට නැගී මහණදම් පිරූහ. නායක තෙර තුන්වන දිනයෙහි රහත් වී අනුතෙර සතරවන දිනයෙහි අනාගාමි විය. ඉතිරි තිදෙනා විශේෂයක් ඉපදවීමට නොහැකිව දෙව්ලොව උපන්හ.
තෙසං එකං බුද්ධන්තරං දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභවන්තානං එකො තක්කසිලායං රාජකුලෙ නිබ්බත්තිත්වා පක්කුසාති නාම රාජා හුත්වා භගවන්තං උද්දිස්ස පබ්බජිත්වා රාජගහං උද්දිස්ස ආගච්ඡන්තො කුම්භකාරසාලායං භගවතො ධම්මදෙසනං සුත්වා අනාගාමිඵලං පත්තො. එකො එකස්මිං සමුද්දපට්ටනෙ කුලඝරෙ නිබ්බත්තිත්වා නාවං ආරුය්හ භින්නනාවො දාරුචීරානි නිවාසෙත්වා ලාභසම්පත්තිං පත්තො “අහං අරහා”ති චිත්තං උප්පාදෙත්වා “න ත්වං අරහා, ගච්ඡ, සත්ථාරං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡා”ති අත්ථකාමාය දෙවතාය චොදිතො තථා කත්වා අරහත්තඵලං පත්තො.
එක්කෙනෙක් එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ද මිනිස් ලොව ද සම්පත් අනුභව කරන්නේ එක්කෙනෙක්, තක්ෂිලාවේ රාජ කුලයෙහි ඉපදී පුක්කුස නම් රජ වී භාග්‍යවතුන් උදෙසා පැවිදි වී රජගහ නුවරට එන්නේ කුඹල්හලක භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා අනාගාමි ඵලයට පැමිණියේය. එකෙනෙක් එක් මුහුදු පටුනක කුලගෙයක ඉපදී නැවට නැගී දරහැව හැඳ ලාභ සම්පත්තියට පැමිණ මම රහත්මි සිත් උපදවා, ඔබ රහත් වී නැත. ශාස්තෲන් සමීපයට ගොස් ප්‍රශ්න අසන්නැයි. අර්ථ කැමති දෙවියෙකු විසින් මෙහෙයවන ලද්දේ එසේ කොට රහත් ඵලයට පැමිණියේය.
එකො රාජගහෙ එකිස්සා කුලදාරිකාය කුච්ඡිම්හි උප්පන්නො. සා ච පඨමං මාතාපිතරො යාචිත්වා පබ්බජ්ජං අලභමානා කුලඝරං ගන්ත්වා ගබ්භං ගණ්හි. ගබ්භසණ්ඨිතම්පි අජානන්ති සාමිකං ආරාධෙත්වා තෙන අනුඤ්ඤාතා භික්ඛුනීසු පබ්බජිතා, තස්සා ගබ්භනිමිත්තං දිස්වා භික්ඛුනියො දෙවදත්තං පුච්ඡිංසු. සො “අස්සමණී”ති ආහ. දසබලං පුච්ඡිංසු. සත්ථා උපාලිත්ථෙරං සම්පටිච්ඡාපෙසි. ථෙරො සාවත්ථිනගරවාසීනි කුලානි විසාඛඤ්ච උපාසිකං පක්කොසාපෙත්වා සොධෙන්තො “පුරෙ ලද්ධො ගබ්භො, පබ්බජ්ජා අරොගා”ති ආහ. සත්ථා “සුවිනිච්ඡිතං අධිකරණ”න්ති ථෙරස්ස සාධුකාරමදාසි. සා භික්ඛුනී සුවණ්ණබිම්බසදිසං පුත්තං විජායි. තං ගහෙත්වා රාජා පසෙනදි කොසලො පොසාපෙසි. “කස්සපො”ති චස්ස නාමං කත්වා අපරභාගෙ අලඞ්කරිත්වා සත්ථු සන්තිකං නෙත්වා පබ්බාජෙසි. ඉති නං රඤ්ඤො පොසාවනිකපුත්තත්තාපි “කුමාරකස්සපො”ති සඤ්ජානිංසූති. තං එකදිවසං අන්ධවනෙ සමණධම්මං කරොන්තං අත්ථකාමා දෙවතා පඤ්හෙ උග්ගහාපෙත්වා “ඉමෙ පඤ්හෙ භගවන්තං පුච්ඡා”ති ආහ. ථෙරො පඤ්හෙ පුච්ඡිත්වා පඤ්හවිස්සජ්ජනාවසානෙ අරහත්තං පාපුණි. භගවාපි තං චිත්රකථිකානං භික්ඛූනං අග්ගට්ඨානෙ ඨපෙසි.
එක්කෙනෙක් රජගහනුවර කුලදැරියකගේ කුස උපන්නේය. ඕ තොමෝ ද පළමුව මාපියන් යැද පැවිද්ද නොලබන්නේ ස්වාමි කුලයකට ගොස් ගැබ පිහිටි බව නොදන්නී ස්වාමියා සතුටු කොට ඔහුගේ අනුදැනුමෙන් භික්ෂූණීන් කෙරෙහි පැවිදි විය. ඇගේ ගැබිනි බව දැක භික්ෂුණීහු දෙව්දත් තෙරුන් විචාළහ. හේ අස්සමණී යයි කීය. දසබල ශාස්තෲන් විචාළහ. ශාස්තෲන් වහන්සේ උපාලි තෙරුන්ට භාරදුන්හ. තෙර සැවැත්නුවර වැසි කුලවත් විසාඛා උපාසිකාව කැඳවා පිරිසිදු කරන්නේ ගැබ පෙර ලබන ලදැයි පැවිද්දට හානි නැතැයි කීය. ශාස්තෲන් වහන්සේ නඩුව හොඳින් විනිසන ලදැයි තෙරුන්ට සාධුකාර දුන්හ. ඒ භික්ෂූණිය රන් පිළිමයක් සේ පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජ ඔහු ගෙන වැඩුවේය. ඔහුට කස්සප යයි නම් කොට පසු කාලයේ අලංකාර කොට ශාස්තෲන් සමීපයට පමුණුවා පැවිදි කරවීය. මෙසේ ඔහු රජු විසින් පෝෂණය කරන ලද බැවින් කුමාර කස්සප යයි හැඳින්වූහ. එක් දිනක් ඔහු අන්ධ වනයෙහි මහණදම් පුරන්නේ අරුත් කැමති දෙවියෙක් ප්‍රශ්න උගන්වා මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නැයි කීය. තෙරුන් වහන්සේ ප්‍රශ්න අසා පැණ විසඳුම් අවසානයෙහි රහත් බවට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ ද උන්වහන්සේ චිත්‍රකථික භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානයේ තැබූහ.
සෙතබ්යාති තස්ස නගරස්ස නාමං. උත්තරෙන සෙතබ්යන්ති සෙතබ්යතො උත්තරදිසාය. රාජඤ්ඤොති අනභිසිත්තකරාජා. දිට්ඨිගතන්ති දිට්ඨියෙව. යථා ගූථගතං මුත්තගතන්ති වුත්තෙ න ගූථාදිතො අඤ්ඤං අත්ථි, එවං දිට්ඨියෙව දිට්ඨිගතං. ඉතිපි නත්ථීති තං තං කාරණං අපදිසිත්වා එවම්පි නත්ථීති වදති. පුරා…පෙ… සඤ්ඤාපෙතීති යාව න සඤ්ඤාපෙති.
“සෙතව්‍යා” ඒ නගරයේ නමය. උත්තරෙන සෙතව්‍ය - සෙතව්‍ය නගරයෙන් උතුරෙහි රාජඤ්ඤො - අභිෂේක නොලත් රජ. දිට්ඨිගතං - දෘෂ්ටියම. දිට්ඨියෙව දිට්ඨි ගතං. ඉතිපි නත්ථි - ඒ ඒ කරුණු පෙන්වා මෙසේ ද නැතැයි කියයි. පුරා.....සඤ්ඤාපෙති සංඥාවක් නොකරන තුරු.
චන්දිමසූරියඋපමාවණ්ණනා
ඉමෙ භො, කස්සප, චන්දිමසූරියාති සො කිර ථෙරෙන පුච්ඡිතො චින්තෙසි “අයං සමණො පඨමං චන්දිමසූරියෙ උපමං ආහරි, චන්දිමසූරියසදිසො භවිස්සති පඤ්ඤාය, අනභිභවනීයො අඤ්ඤෙන, සචෙ පනාහං ‘චන්දිමසූරියා ඉමස්මිං ලොකෙ’ති භණිස්සාමි, ‘කිං නිස්සිතා එතෙ, කිත්තකපමාණා, කිත්තකං උච්චා’තිආදීහි පලිවෙඨෙස්සති. අහං ඛො පනෙතං නිබ්බෙඨෙතුං න සක්ඛිස්සාමි, ‘පරස්මිං ලොකෙ’ ඉච්චෙවස්ස කථෙස්සාමී”ති. තස්මා එවමාහ.
ඉමෙ භො කස්සප චන්දිම සුරියා - හේ වනාහි තෙරුන් විසින් විචාරන ලද්දේ සිතීය. මේ ශ්‍රමණයා පළමුව සඳහිරු දැක්වීය. සඳහිරු සමාන වන්නේය. ප්‍රඥාවෙන් අන්‍යයන් අභිබවනීය වේ. ඉදින් මම වනාහි සඳහිරු මේ ලෝකයේ යයි කියන්නෙමි. ඔවුන් කුමක් නිශ්‍රිතද ප්‍රමාණය කොපමණ කෙතරම් උඩද ආදියෙන් වෙළන්නේය. මම වනාහි වෙළුම් හැරීමට නොහැකි වෙමි. පරලොව්හි මෙසේ කතා කරන්නෙමි. එහෙයින් මෙසේ කීය.
භගවා පන තතො පුබ්බෙ න චිරස්සෙව සුධාභොජනීයජාතකං කථෙසි. තත්ථ “චන්දෙ චන්දො දෙවපුත්තො, සූරියෙ සූරියො දෙවපුත්තො”ති ආගතං. භගවතා ච කථිතං ජාතකං වා සුත්තන්තං වා සකලජම්බුදීපෙ පත්ථටං හොති, තෙන සො “එත්ථ නිවාසිනො දෙවපුත්තා නත්ථී”ති න සක්කා වත්තුන්ති චින්තෙත්වා දෙවා තෙ න මනුස්සාති ආහ.
භාග්‍යවතුන් වහන්සේ ඊට පෙර සුධාභොජන ජාතකය වදාළහ. එහි සඳෙහි සඳ දෙව්පුත්ය. හිරුගේ හිරු දෙව්පුත් යයි ආවේය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ජාතකයක් හෝ සූත්‍රාන්තයක් හෝ සියළු දඹදිව ප්රකටය. එහෙයින් හේ මෙහි වාසය කරන දෙවියෝ නැතැයි කිව නොහැකි යයි සිතා ඔව්හු දෙවියෝ, මිනිසුන් නොවෙතියි කීය.
අත්ථි පන, රාජඤ්ඤ, පරියායොති අත්ථි පන කාරණන්ති පුච්ඡති. ආබාධිකාති විසභාගවෙදනාසඞ්ඛාතෙන ආබාධෙන සමන්නාගතා. දුක්ඛිතාති දුක්ඛප්පත්තා. බාළ්හගිලානාති අධිමත්තගිලානා. සද්ධායිකාති අහං තුම්හෙ සද්දහාමි, තුම්හෙ මය්හං සද්ධායිකා සද්ධායිතබ්බවචනාති අත්ථො. පච්චයිකාති අහං තුම්හෙ පත්තියාමි, තුම්හෙ මය්හං පච්චයිකා පත්තියායිතබ්බාති අත්ථො.
අත්ථි පන රාජඤ්ඤ පරියායො - කරුණක් ඇද්දැයි විචාරති. ආබාධිත - විෂභාග වේදනා සංඛ්‍යාත ආබාධයෙන් යුක්ත වූ. දුක්ඛිතා - දුකට පත්. බාළහගිලානා - අධික සේ ගිලන් වූ. සද්ධායිකා - මම ඔබ අදහමි. ඔබ මා විශ්වාස කරන්න. පච්චයිකා - මම ඔබ විශ්වාස කරමි. ඔබ මා විශ්වාස කරන්න.
චොරාදිඋපමාවණ්ණනා
උද්දිසිත්වාති තෙසං අත්තානඤ්ච පටිසාමිතභණ්ඩකඤ්ච දස්සෙත්වා, සම්පටිච්ඡාපෙත්වාති අත්ථො. විප්පලපන්තස්සාති “පුත්තො මෙ, ධීතා මෙ, ධනං මෙ”ති විවිධං පලපන්තස්ස. නිරයපාලෙසූති නිරයෙ කම්මකාරණිකසත්තෙසු. යෙ පන “කම්මමෙව කම්මකාරණං කරොති, නත්ථි නිරයපාලා”ති වදන්ති. තෙ “තමෙනං, භික්ඛවෙ, නිරයපාලා”ති දෙවදූතසුත්තං පටිබාහන්ති. මනුස්සලොකෙ රාජකුලෙසු කාරණිකමනුස්සා විය හි නිරයෙ නිරයපාලා හොන්ති.
උද්දසෙසත්වා - ඔවුන්ගේ අස්කොට තැබූ භාණ්ඩයක් දක්වා. පිළිගන්වාගෙන යන අර්ථය වේ. විප්පලපන්තස්ස - මගේ පුතා මගේ දුව මගේ ධනය යයි විවිධ විලාප නගන්නට. නිරය පාලෙසු - නිරයෙහි වැඩකරන සතුන් කෙරෙහි. කර්මයම කම්ම කරණ වේ. කිරීම නැත. නිරය පාලයෝ යයි කියති. ඔව්හු “මහණෙනි, මේ නිරය පාලයෝ” යයි දේවදූත සූත්‍රය පිළිවහති. මිනිස් ලොවේ රජකුලවල කරවන මිනිසුන් මෙන් නිරයෙහි නිරයපාලයෝ වෙති.
වෙළුපෙසිකාහීති වෙළුවිලීවෙහි. සුනිම්මජ්ජථාති යථා සුට්ඨු නිම්මජ්ජිතං හොති, එවං නිම්මජ්ජථ, අපනෙථාති අත්ථො.
වෙලුපෙසිකාහි - උණ පතුරුවලින්. සුතිම්මජ්ජථ - හොඳින් පිසදාන්න. ඉවත්කරව යන අර්ථයයි.
අසුචීති අමනාපො. අසුචිසඞ්ඛාතොති අසුචිකොට්ඨාසභූතො අසුචීති ඤාතො වා. දුග්ගන්ධොති කුණපගන්ධො. ජෙගුච්ඡොති ජිගුච්ඡිතබ්බයුත්තො. පටිකූලොති දස්සනෙනෙව පටිඝාවහො. උබ්බාධතීති දිවසස්ස ද්වික්ඛත්තුං න්හත්වා තික්ඛත්තුං වත්ථානි පරිවත්තෙත්වා අලඞ්කතපටිමණ්ඩිතානං චක්කවත්තිආදීනම්පි මනුස්සානං ගන්ධො යොජනසතෙ ඨිතානං දෙවතානං කණ්ඨෙ ආසත්තකුණපං විය බාධති.
අසුචි - මනාප නැති. අසුචි සංඛාතො - අසුචි කොටස්. අසුචි යයි දැන හෝ. දුග්ගන්ධො - කුණු ගඳ. ජෙගුච්ඡො - පිළිකුල් කළයුතු. පටික්කුළො - දැකීමෙන් ම තරහ ඇතිවේ. උබ්බාහති - දවසට දෙවරක් ස්නානය කොට තුන්වරක් ඇඳුම් මාරුකොට අලංකාර කළ සරසන ලද සක්විති ආදී වූ ද මිනිසුන්ගේ ගඳ යොදුන් සියයක් ඇතින් සිටි දෙවියන්ගේ බෙල්ලේ බැඳි කුණපයක් මෙන් බාදා කරයි.
පුන පාණාතිපාතාදිපඤ්චසීලානි සමාදායවත්තෙන්තානං වසෙන වදති. තාවතිංසානන්ති ඉදඤ්ච දූරෙ නිබ්බත්තා තාව මා ආගච්ඡන්තු, ඉමෙ කස්මා න එන්තීති වදති.
නැවත පාණාතිපාතාදි පංචසීලය සමාදන්ව සිටින්නන් වශයෙන් කියයි. තාවතිංසානං - මෙය ද දුර උපන්. තවම නොඒවා. මෙය කුමක්හෙයින්. නොඑතිදැයි කියයි.
ජච්චන්ධූපමො මඤ්ඤෙ පටිභාසීති ජච්චන්ධො විය උපට්ඨාසි. අරඤ්ඤවනපත්ථානීති අරඤ්ඤකඞ්ගයුත්තතාය අරඤ්ඤානි, මහාවනසණ්ඩතාය වනපත්ථානි. පන්තානීති දූරානි.
ඡච්චන්ධුපමො මඤ්ඤෙ පටිභාසි - ජාත්යන්ධයකු මෙන් වැටහුනේය. අරඤ්ඤෙ වනපත්ථානි - අරණක අංගයුත් අරණෙහි. මහවනයෙන් ගැවසුණ නිසා වනපත්ථානි වේ. පන්තානි - ඈත එපිට.
කල්යාණධම්මෙති තෙනෙව සීලෙන සුන්දරධම්මෙ. දුක්ඛපටිකූලෙති දුක්ඛං අපත්ථෙන්තෙ. සෙය්යො භවිස්සතීති පරලොකෙ සුගතිසුඛං භවිස්සතීති අධිප්පායො.
කල්‍යාණ ධම්මෙ - ඒ සීලයෙන්ම කලණ දහමෙහි. දුක්ඛපටික්කුළෙ - දුක් නොපතන සෙය්යො භවිස්සති - පරලෙව් සුගති සැප වන්නේ යයි අභිප්‍රායයි.
උපවිජඤ්ඤාති උපගතවිජායනකාලා, පරිපක්කගබ්භා න චිරස්සෙව විජායිස්සතීති අත්ථො. ඔපභොග්ගා භවිස්සතීති පාදපරිචාරිකා භවිස්සති. අනයබ්යසනන්ති මහාදුක්ඛං. අයොති සුඛං, න අයො අනයො, දුක්ඛං. තදෙතං සබ්බසො සුඛං බ්යසති වික්ඛිපතීති බ්යසනං. ඉති අනයොව බ්යසනං අනයබ්යසනං, මහාදුක්ඛන්ති අත්ථො. අයොනිසොති අනුපායෙන. අපක්කං න පරිපාචෙන්තීති අපරිණතං අඛීණං ආයුං අන්තරාව න උපච්ඡින්දන්ති. පරිපාකං ආගමෙන්තීති ආයුපරිපාකකාලං ආගමෙන්ති. ධම්මසෙනාපතිනාපෙතං වුත්තං –
උපවිජඤ්ඤා - වදන කාලය එළඹ මේරූ ගැබ. ඉක්මනින් වදන්නේය යන අර්ථයයි. ඔපභොග්ගො භවිස්සති - බිරිය වන්නේය. අනයව්යසන - මහදුක්. අයො - සැප. න අයො - අනයො. එය සියළු ආකාර සැප වනසයි. අවුල් කරයි. ව්‍යසන මෙසේ අනයො එව ව්යසනං අනයව්යසනං - මහාදුක්ඛ යන අර්ථයයි. අයොනිසො උපාය රහිතව. අපක්කං න පරිපාචෙන්ති - පරිත්ත නොවූ ආයුෂ ක්ෂීණ නොවී අතරමග කඩති. පරිපාකං ආගමෙන්ති - ආයුෂ මේරූ කාලය පැමිණෙයි.
“නාභිනන්දාමි මරණං, නාභිනන්දාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, නිබ්බිසං භතකො යථාති. (ථෙරගා· 1001)
මෙය දම්සෙනෙවි කියන ලදී. තුටු නොවෙමි මරණය - දිවිය ද තුටු නොවෙමි මම කල් බලමි කුලියට - කුලීකරුවකු විලසින්
උබ්භින්දිත්වාති මත්තිකාලෙපං භින්දිත්වා.
උබභින්දිත්වා - මැටි ආලේපය බිඳ,
රාමණෙය්යකන්ති රමණීයභාවං. වෙලාසිකාති ඛිඩ්ඩාපරාධිකා. කොමාරිකාති තරුණදාරිකා. තුය්හං ජීවන්ති සුපිනදස්සනකාලෙ නික්ඛමන්තං වා පවිසන්තං වා ජීවං අපි නු පස්සන්ති. ඉධ චිත්තාචාරං “ජීව”න්ති ගහෙත්වා ආහ. සො හි තත්ථ ජීවසඤ්ඤීති.
රාමණෙය්යකං - රමණීය බව. කෙළායිකා - බාල දැරිය. කොමාරිකා - තරුණ දැරිය. තුය්හං ජීවං - හීන දකින වෙලාවෙ නික්මෙන හෝ පිවිසෙන ජීවය දකිනවාද? මෙහි සිතේ හැසිරීම ජීවය යයි ගෙන කීය. හේ ද එහි ජීව සංඥීය.
ජියායාති ධනුජියාය, ගීවං වෙඨෙත්වාති අත්ථො. පත්ථින්නතරොති ථද්ධතරො. ඉමිනා කිං දස්සෙති? තුම්හෙ ජීවකාලෙ සත්තස්ස පඤ්චක්ඛන්ධාති වදන්ති, චවනකාලෙ පන රූපක්ඛන්ධමත්තමෙව අවසිස්සති, තයො ඛන්ධා අප්පවත්තා හොන්ති, විඤ්ඤාණක්ඛන්ධො ගච්ඡති. අවසිට්ඨෙන රූපක්ඛන්ධෙන ලහුතරෙන භවිතබ්බං, ගරුකතරො ච හොති. තස්මා නත්ථි කොචි කුහිං ගන්තාති ඉමමත්ථං දස්සෙති. නිබ්බුතන්ති වූපසන්තතෙජං.
ඡියා - දුනුදිය. බෙල්ල වෙළා යන අර්ථයයි. පත්ථිනන්තරො- දැඩිසේ තද. මෙයින් කුමක් දැක්වීද? ඔබ ජීවත්වන කාලයෙහි සත්වයාගේ පංචස්කන්ධය යි කියයි. චුතවන කාලයෙහි රූප ස්කන්ධය පමණක් ඉතිරි වේ. ස්කන්ධ තුනක් නොපවතින්නේ වේ. විඤ්ඤාණ ස්කන්ධය යි. ඉතිරි රූපස්කන්ධයෙන් ඉක්මනින් විය යුතුය. ගරුතර ද වේ. එහෙයින් කිසිවෙක් කොහෙවත් නොගියේ යයි මෙම අර්ථය දක්වයි. නිබ්බුතං - උෂ්ණය නැතිවීම.
අනුපහච්චාති අවිනාසෙත්වා. ආමතො හොතීති අද්ධමතො මරිතුං ආරද්ධො හොති. ඔධුනාථාති ඔරතො කරොථ. සන්ධුනාථාති පරතො කරොථ. නිද්ධුනාථාති අපරාපරං කරොථ. තඤ්චායතනං න පටිසංවෙදෙතීති තෙන චක්ඛුනා තං රූපායතනං න විභාවෙති. එස නයො සබ්බත්ථ.
අනුපහච්ච - විනාශ නොකොට. අමතො හොති - අඩක් මළ. මරණයට පටන් ගත්තේ වේ. ඔඛුනාථ - මෙතෙරෙන් කරන්න. සන්ධුනාථ - එතෙරින් කරන්න. නිද්ධුනාථ - එතෙරින් මෙතෙරින් කරන්න. තඤචායතනං න පටිසංවෙදෙති - ඒ ඇසින් ඒ රූපායතනය ප්‍රකාශ නොවේ. සියළු තැන මෙම නයයි.
සඞ්ඛධමොති සඞ්ඛධමකො. උපලාපෙත්වාති ධමිත්වා. අග්ගිකොති අග්ගිපරිචාරකො. ආපාදෙය්යන්ති නිප්ඵාදෙය්යං, ආයුං වා පාපුණාපෙය්යං. පොසෙය්යන්ති භොජනාදීහි භරෙය්යං. වඩ්ඪෙය්යන්ති වඩ්ඪිං ගමෙය්යං. අරණීසහිතන්ති අරණීයුගළං.
සංඛම්මො - සක් පිඹින්නා. උපලායිත්වා - පිඹ. අග්ගිකො - ගිනි පුදන්නා. ආපාදෙය්යං - නිෂ්පාදනය කරන්නේය. උපදවන්නේය හෝ ආයුෂ හෝ පමුණුවන්නේය. පොසෙය්යං - භෝජනාදියෙන් පෝෂණය කරන්නේය. වඩන්නේය. වඩ්ඪෙය්යං - වෘද්ධිභවයට පමුණුවන්නේය. අරණි සහිතං - අරණි යුගල (ගිනිගානා දඬු දෙක)
තිරොරාජානොපීති තිරොරට්ඨෙ අඤ්ඤස්මිම්පි ජනපදෙ රාජානො ජානන්ති. අබ්යත්තොති අවිසදො අඡෙකො. කොපෙනපීති යෙ මං එවං වක්ඛන්ති, තෙසු උප්පජ්ජනකෙන කොපෙනපි එතං දිට්ඨිගතං හරිස්සාමි පරිහරිස්සාමීති ගහෙත්වා විචරිස්සාමි. මක්ඛෙනාති තයා වුත්තයුත්තකාරණමක්ඛලක්ඛණෙන මක්ඛෙනාපි. පලාසෙනාති තයා සද්ධිං යුගග්ගාහලක්ඛණෙන පලාසෙනාපි.
තිරොරාජානොපි - වෙන ජනපදයක රජවරු දනිති. අව්යතෙතා - විසද නොවූ. දක්ෂ නොවූ. කොපෙනපි - ඔව්හු මට මෙසේ කියති. ඔවුන් කෙරෙහි උපන් කෝපයෙන් ද මේ දෘෂ්ටිගතිය හරින්නෙමි. පරිහරිස්සාමි - ගෙන විචාරන්නෙමි. මක්ඛෙන - ඔබ කියන ලද හොඳ කරුණ. ආලේප ලක්ෂණයෙන් ආලේපයෙන්. පලාසෙන - ඔබ සමග එකට එක කිරීමේ ලක්ෂණය වූ විලාසයෙන්.
හරිතකපණ්ණන්ති යං කිඤ්චි හරිතකං, අන්තමසො අල්ලතිණපණ්ණම්පි න හොතීති අත්ථො. සන්නද්ධකලාපන්ති සන්නද්ධධනුකලාපං. ආසිත්තොදකානි වටුමානීති පරිපුණ්ණසලිලා මග්ගා ච කන්දරා ච. යොග්ගානීති බලිබද්දෙ.
හරිතපණ්ණං - යම්කිසි හරිතයක්. අඩුතරමින් තෙත තෘණ පමණක් ද නොවේය යන අර්ථයයි. පනද්ධ කලාපං - සන්නද්ධ දුනු සමූහ. ආසිත්තොදකති වටුමානි - පිරුණු ජලමාර්ගය ද කඳුරද. [missing]
බහුනික්ඛන්තරොති බහුනික්ඛන්තො චිරනික්ඛන්තොති අත්ථො. යථාභතෙන භණ්ඩෙනාති යං වො තිණකට්ඨොදකභණ්ඩකං ආරොපිතං, තෙන යථාභතෙන යථාරොපිතෙන, යථාගහිතෙනාති අත්ථො. අප්පසාරානීති අප්පග්ඝානි. පණියානීති භණ්ඩානි.
බහුනික්ඛත්තරො - බොහෝ නික්මෙන්නේ. යථා කතෙන භණ්ඩෙන - තෘණ කාෂ්ට භාණ්ඩ ආරෝපනය කොට එයින් ගෙනෙනු ලැබීමෙන් රෝපනය කිරීමෙන් යම්සේ ගැනීමෙන් යන අර්ථයයි. අප්පසාරානි - අගය අඩු පණියානි - භාණ්ඩ.
ගූථභාරිකාදිඋපමාවණ්ණනා
මම ච සූකරභත්තන්ති මම ච සූකරානං ඉදං භත්තං. උග්ඝරන්තන්ති උපරි ඝරන්තං. පග්ඝරන්තන්ති හෙට්ඨා පරිස්සවන්තං. තුම්හෙ ඛ්වෙත්ථ භණෙති තුම්හෙ ඛො එත්ථ භණෙ. අයමෙව වා පාඨො. තථා හි පන මෙ සූකරභත්තන්ති තථා හි පන මෙ අයං ගූථො සූකරානං භත්තං.
[missing] උග්ඝරත්තං - ඉහළට උතුරන. පග්ඝරත්තං - පහළට පෙරෙන. තුම්හෙක්ඛවත්ථ භණෙ - මෙහි ඔබලා යහළුවනේ. තථාහි පන මේ සුකර භත්තං - එසේ වීම මතින් මේ ගුථො සූකරයාගේ බත්ය.
ආගතාගතං කලිං ගිලතීති ආගතාගතං පරාජයගුළං ගිලති. පජ්ජොහිස්සාමීති පජ්ජොහනං කරිස්සාමි, බලිකම්මං කරිස්සාමීති අත්ථො. අක්ඛෙහි දිබ්බිස්සාමාති ගුළෙහි කීළිස්සාම. ලිත්තං පරමෙන තෙජසාති පරමතෙජෙන විසෙන ලිත්තං.
ආගතාගතං කලිං ගිලති - ආ ආ අය පරාජය නමැති සකුරු ගිලිති. පජොහිස්සාමි - බිලිකර්මයක් කරන්නෙමි යන අර්ථයයි. අක්ඛෙහි දිබ්බිස්සාම - බෝලයෙන් සෙල්ලම් කරන්නෙමු. ලිත්තං පරමෙන තෙජසා - පරම විසෙන් ආලේපකොට.
ගාමපට්ටන්ති වුට්ඨිතගාමපදෙසො වුච්චති. “ගාමපද”න්තිපි පාඨො, අයමෙවත්ථො. සාණභාරන්ති සාණවාකභාරං. සුසන්නද්ධොති සුබද්ධො. ත්වං පජානාහීති ත්වං ජාන. සචෙ ගණ්හිතුකාමොසි, ගණ්හාහීති වුත්තං හොති.
ගාමපට්ටනං - වැසිවට ගම්පෙදෙසක් කියනු ලැබේ. ගාම පදං - යනු ද පාඨයකි. මේ අර්ථයම වේ. සානභාරං - වණ වැහැර. සුසන්නද්ධො - හොඳින් බඳනා ලද්දේ. ත්වං පජානාති - ඔබ දැන ගන්න. යනු කැමති නම් ගන්න.
ඛොමන්ති ඛොමවාකං. අයන්ති කාළලොහං. ලොහන්ති තම්බලොහං. සජ්ඣන්ති රජතං. සුවණ්ණන්ති සුවණ්ණමාසකං. අභිනන්දිංසූති තුස්සිංසු.
ඛොමං - ඛෝම වැහිරි. අයං - කලු ලෝහ. ලොහං - තඹ ලෝහ. සජඣු - රිදී. සුවණ්ණාං - රන් මාසකය. අභිනන්දිංසු - සතුටු වූහ.
අත්තමනොති සකමනො තුට්ඨචිත්තො. අභිරද්ධොති අභිප්පසන්නො. පඤ්හාපටිභානානීති පඤ්හුපට්ඨානානි. පච්චනීකං කත්තබ්බන්ති පච්චනීකං පටිවිරුද්ධං විය කත්තබ්බං අමඤ්ඤිස්සං, පටිලොමගාහං ගහෙත්වා අට්ඨාසින්ති අත්ථො.
අත්තමනො - තුටු සිතැත්තෝ අභිරද්ධො - පැහැදුනේ. පඤ්හ පටිභානාති - ප්‍රශ්න වැටහේ. පච්චනීයං කත්තබ්බං - ප්‍රතිවිරුද්ධ මෙන් කළ යුතුය. ප්‍රතිලෝම අමඤ්ඤිස්සං - වශයෙන් ගෙන සිටියෙමි යන අර්ථයයි.
සඞ්ඝාතං ආපජ්ජන්තීති සඞ්ඝාතං විනාසං මරණං ආපජ්ජන්ති. න මහප්ඵලොති විපාකඵලෙන න මහප්ඵලො හොති. න මහානිසංසොති ගුණානිසංසෙන මහානිසංසො න හොති. න මහාජුතිකොති ආනුභාවජුතියා මහාජුතිකො න හොති. න මහාවිප්ඵාරොති විපාකවිප්ඵාරතාය මහාවිප්ඵාරො න හොති. බීජනඞ්ගලන්ති බීජඤ්ච නඞ්ගලඤ්ච. දුක්ඛෙත්තෙති දුට්ඨුඛෙත්තෙ නිස්සාරඛෙත්තෙ. දුබ්භූමෙති විසමභූමිභාගෙ. පතිට්ඨාපෙය්යාති ඨපෙය්ය. ඛණ්ඩානීති ඡින්නභින්නානි. පූතීනීති නිස්සාරානි. වාතාතපහතානීති වාතෙන ච ආතපෙන ච හතානි පරියාදින්නතෙජානි. අසාරාදානීති තණ්ඩුලසාරාදානරහිතානි පලාලානි. අසුඛසයිතානීති යානි සුක්ඛාපෙත්වා කොට්ඨෙ ආකිරිත්වා ඨපිතානි, තානි සුඛසයිතානි නාම. එතානි පන න තාදිසානි. අනුප්පවෙච්ඡෙය්යාති අනුපවෙසෙය්ය, න සම්මා වස්සෙය්ය, අන්වද්ධමාසං අනුදසාහං අනුපඤ්චාහං න වස්සෙය්යාති අත්ථො. අපි නු තානීති අපි නු එවං ඛෙත්තබීජවුට්ඨිදොසෙ සති තානි බීජානි අඞ්කුරමූලපත්තාදීහි උද්ධං වුද්ධිං හෙට්ඨා විරූළ්හිං සමන්තතො ච වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති. එවරූපො ඛො රාජඤ්ඤ යඤ්ඤොති එවරූපං රාජඤ්ඤ දානං පරූපඝාතෙන උප්පාදිතපච්චයතොපි දායකතොපි පරිග්ගාහකතොපි අවිසුද්ධත්තා න මහප්ඵලං හොති.
සංඝාතං ආපජ්ජන්ති - විනාශයට මරණයට පැමිණෙති. න මහප්ඵලං - විපාක වශයෙන් මහත්පල නොවේ. න මහානිසංසො - ගුණ ආනිසංස වශයෙන් මහානිසංස නොවේ. න මහා ජුතිකො - ආනුභාව බැබළීමෙන් මහා බැබලීම ඇත්තෙක් නොවේ. න මහා විප්ඵාරො - පැතිරීම් වශයෙන් මහා පැතිරීමක් නොවේ. බීජ නඞගලං - බීජ ද නගුල් ද දුක්ඛෙත්තෙ - දුෂ්කර කෙතෙහි. නිසරු කෙතෙහි. දුබ්භූමෙ - විසම භූමියෙහි. පතිට්ඨාපෙය්ය - වපුරන්නේය. බණ්ඩානි - සිඳුණු බිඳුණු. පූතීනි - නිසරු වාතාතප හතානි - වාතයෙන් ද අව්වෙන් ද නසන ලද හාත්පසින් මඩින ලද තේජස් ඇති. අසාරාදානි - සහල් සරුදාන විරහිත විපාක. අසුඛ සයිතානි - සැප නින්දක් නැති. අනුපටිවෙච්ඡෙය්ය - අනුපවිසෙසෙ - මනාව නො වැසීම. අඩමසක් දස දිනක පස් දිනක් අනුව නො වසන්නේය යන අර්ථය වේ. අපිනු තානි - මෙසේ කෙතෙහි බීජ වැපුරූ දොසක් ඇති කල්හි ඒ බීජ අංකුර මුල් පත්‍ර උඩ වැටේ. යට වැඩුණු හාත්පස මහත්බවට පැමිණෙන්නේද? එවරූපො බො රාජඤ්ඤ යඤ්ඤෙ - රාජඤ්ඤය, දානය මෙබඳුය. අන්‍යයන් ඝාතනයෙන් උපදවන ප්‍රත්‍යයෙන් ද දෙන්නාගෙන් ද පිළිගන්නාගෙන් ද අපිරිසිදු බැවින් මහත්ඵල නොවේ.
එවරූපො ඛො රාජඤ්ඤ යඤ්ඤොති එවරූපං රාජඤ්ඤදානං අපරූපඝාතෙන උප්පන්නපච්චයතොපි අපරූපඝාතිතාය සීලවන්තදායකතොපි සම්මාදිට්ඨිආදිගුණසම්පන්නපටිග්ගාහකතොපි මහප්ඵලං හොති. සචෙ පන ගුණාතිරෙකං නිරොධා වුට්ඨිතං පටිග්ගාහකං ලභති, චෙතනා ච විපුලා හොති, දිට්ඨෙව ධම්මෙ විපාකං දෙතීති.
රාජඤ්ඤය, දානය මෙබඳු ස්වරූප ඇත්තේය. පර ඝාතනයෙන් තොරව උපන් ප්‍රත්‍යයෙන් ද පරඝාතනයෙන් තොර සිත් දායකයාගෙන් ද සම්‍යක් දෘෂ්ටි ආදි ගුණ සම්පන්න ප්රතිග්රාහකයාගෙන් ද මහත්පල වේ. ඉදින් අතිරේක ගුණයෙන් යුත් නිරෝධයෙන් නැගිටි ප්‍රතිග්‍රාහකයකු ලබයි ද චේතනාව මහත් වේ ද දිට්ඨි ධම්ම වශයෙන් මේ ජීවිතයේ ම විපාක දෙයි.
ඉමං පන ථෙරස්ස ධම්මකථං සුත්වා පායාසිරාජඤ්ඤො ථෙරං නිමන්තෙත්වා සත්තාහං ථෙරස්ස මහාදානං දත්වා තතො පට්ඨාය මහාජනස්ස දානං පට්ඨපෙසි. තං සන්ධාය අථ ඛො පායාසි රාජඤ්ඤොතිආදි වුත්තං. තත්ථ කණාජකන්ති සකුණ්ඩකං උත්තණ්ඩුලභත්තං. බිලඞ්ගදුතියන්ති කඤ්ජිකදුතියං. ධොරකානි ච වත්ථානීති ථූලානි ච වත්ථානි. ගුළවාලකානීති ගුළදසානි, පුඤ්ජපුඤ්ජවසෙන ඨිතමහන්තදසානීති අත්ථො. එවං අනුද්දිසතීති එවං උපදිසති. පාදාපීති පාදෙනපි.
ස්ථවිරයන්ගේ මේ ධර්ම කථාව අසා පායාසි රාජඤ්ඤ තෙරුන්ට ආරාධනා කොට සත් දිනක් මහදන් දී එතැන් පටන් සියළු දෙනාට දන්වැට පිහිටු වීය. ඒ සඳහා “අථඛො පායාසි රාජඤ්ඤෙ” ආදිය කියන ලදී. එහි කණාජකං - කඩ සහල් වූ නො තැම්බුණු බත් බිලංග දුතියං - කැඳ දෙවැනි කොට ථෙරකානි ච වත්ථානි - මහත් වූ වස්ත්‍ර පිඬු දාවලු. ගුලවාලකානි - පිඬු පිඬු වශයෙන් සිටි මහත් දාවලු යන අර්ථ වේ. එවමනුද්දිසති - මෙසේ පෙන්වා දෙයි. පාදපි - පාදයෙන් ද
අසක්කච්චන්ති සද්ධාවිරහිතං අස්සද්ධදානං. අසහත්ථාති න සහත්ථෙන. අචිත්තීකතන්ති චිත්තීකාරවිරහිතං, න චිත්තීකාරම්පි පච්චුපට්ඨාපෙත්වා න පණීතචිත්තං කත්වා අදාසි. අපවිද්ධන්ති ඡඩ්ඩිතං විප්පතිතං. සුඤ්ඤං සෙරීසකන්ති සෙරීසකං නාම එකං තුච්ඡං රජතවිමානං උපගතො. තස්ස කිර ද්වාරෙ මහාසිරීසරුක්ඛො, තෙන තං “සෙරීසක”න්ති වුච්චති.
අසක්කච්චං - ශ්‍රද්ධා නැති අශ්‍රද්ධා දානය. අසහත්ථෙන - සියතින් නොවේ. අචිත්තී කතං - ගෞරව නැතිව. ගෞරවය ද නොඑලවා පහන් සිතක් ද නැතිව දුන්නේය. අපවිද්ධං - හැරදමන ලද. විසිකරණ ලද, වැටුණු. විනාශයට වැටුණු සුඤ්ඤං සෙරිස්සකං - සේරිස්සක නම් හිස් වූ එක් රිදී විමානයකට එළඹියේය. එහි දොරකඩ මහා මහරිගසෙක් විය. එහෙයින් සේරිස්සක යයි කියනු ලැබේ.
ආයස්මා ගවංපතීති ථෙරො කිර පුබ්බෙ මනුස්සකාලෙ ගොපාලදාරකානං ජෙට්ඨකො හුත්වා මහතො සිරීසස්ස මූලං සොධෙත්වා වාලිකං ඔකිරිත්වා එකං පිණ්ඩපාතිකත්ථෙරං රුක්ඛමූලෙ නිසීදාපෙත්වා අත්තනා ලද්ධං ආහාරං දත්වා තතො චුතො තස්සානුභාවෙන තස්මිං රජතවිමානෙ නිබ්බත්ති. සිරීසරුක්ඛො විමානද්වාරෙ අට්ඨාසි. සො පඤ්ඤාසාය වස්සෙහි ඵලති, තතො පඤ්ඤාස වස්සානි ගතානීති දෙවපුත්තො සංවෙගං ආපජ්ජති. සො අපරෙන සමයෙන අම්හාකං භගවතො කාලෙ මනුස්සෙසු නිබ්බත්තිත්වා සත්ථු ධම්මකථං සුත්වා අරහත්තං පත්තො. පුබ්බාචිණ්ණවසෙන පන දිවාවිහාරත්ථාය තදෙව විමානං අභිණ්හං ගච්ඡති, තං කිරස්ස උතුසුඛං හොති. තං සන්ධාය “තෙන ඛො පන සමයෙන ආයස්මා ගවංපතී”තිආදි වුත්තං.
ආයස්මා ගවම්පති - ස්ථවිරයන් වහන්සේ වනාහි පෙර මනුෂ්‍ය කාලයෙහි ගොපලු දරුවන්ගේ නායකයෙක්ව මහත් වූ මහරි ගසක් මුල පිරිසිදු කොට වැලි ඉස එක් පිණ්ඩපාතික තෙර නමක් ගසමුල හිඳුවා තමා ලත් අහර පූජා කොට එයින් චුතව මහරි ගස විමන්දොර සිටියේය. එය පනස් වසකින් පලගනී. එයින් පනස්වසක් ගතවී යයි දෙවියා සංවේගයට පැමිණේ. හේ පසුකාලයේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ කාලයෙහි මිනිසෙක්ව ඉපදී ශාස්තෲන් වහන්සේගේ බණ අසා රහත් විය. පෙර පුරුදු වශයෙන් වනාහි දිවා විහරණය සඳහා ඒ විමානයට නිතර යයි. එහි වනාහි සෘතු සැපය වේ. ඒ සඳහා “තෙන ඛොපන සමයෙනායස්මා ගවම්පති” ආදිය කියන ලදී.
සො සක්කච්චං දානං දත්වාති සො පරස්ස සන්තකම්පි දානං සක්කච්චං දත්වා. එවමාරොචෙසීති “සක්කච්චං දානං දෙථා”තිආදිනා නයෙන ආරොචෙසි. තඤ්ච පන ථෙරස්ස ආරොචනං සුත්වා මහාජනො සක්කච්චං දානං දත්වා දෙවලොකෙ නිබ්බත්තො. පායාසිස්ස පන රාජඤ්ඤස්ස පරිචාරකා සක්කච්චං දානං දත්වාපි නිකන්තිවසෙන ගන්ත්වා තස්සෙව සන්තිකෙ නිබ්බත්තා. තං කිර දිසාචාරිකවිමානං වට්ටනිඅටවියං අහොසි. පායාසිදෙවපුත්තො ච එකදිවසං වාණිජකානං දස්සෙත්වා අත්තනො කතකම්මං කථෙසීති.
සො සක්කච්චං දානං දත්වා - හේ අනුන් සන්තක වූ ද දානය ගෞරවයෙන් පූජා කොට එවමාරොචෙසි - ගෞරවයෙන් දන් දෙවයි ආදි නයින් දැන්වීය. තෙරුන්ගේ ඒ දැන්වීම අසා මහජනයා ගෞරවයෙන් දන් දී දෙව්ලොව උපන්හ. පායාසි රාජඤ්ඤගේ සේවිකාවෝ ද ගෞරවයෙන් දන් දී ඇල්ම වශයෙන් ගොස් ඔහුගේ සමීපයේ ම උපන්නාහ. දිසා චාරිකා වූ ඒ විමානය වට්ටනි වනයෙහි විය. ඒ පායාසි දෙව්පුත් තෙමේ ද එක් දිනක් වෙළෙන්දන්ට පෙනී තමා කළ පින කීවේය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං පායාසිරාජඤ්ඤසුත්තවණ්ණනා නිට්ඨිතා.
පායාසි සූත්‍ර වර්ණනාව නිමි
නිට්ඨිතා ච මහාවග්ගස්සත්ථවණ්ණනා. මහාවග්ගට්ඨකථා නිට්ඨිතා.
මහාවර්‍ග වර්ණනාව සමාප්තයි