යෙදුමෙන් කියවන්න

1. පාථිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පාථිකසුත‍්තවණ‍්ණනා

1. පාථික සූත්‍ර වර්ණනාව

සුනක‍්ඛත‍්තවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුතං…පෙ… මල‍්ලෙසු විහරතීති පාථිකසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා. මල‍්ලෙසු විහරතීති මල‍්ලා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ‍්හීසද‍්දෙන “මල‍්ලා”ති වුච‍්චති, තස‍්මිං මල‍්ලෙසු ජනපදෙ. “අනුපියං නාම මල‍්ලානං නිගමො”ති අනුපියන‍්ති එවංනාමකො මල‍්ලානං ජනපදස‍්ස එකො නිගමො, තං ගොචරගාමං කත්‍වා එකස‍්මිං ඡායූදකසම‍්පන‍්නෙ වනසණ‍්ඩෙ විහරතීති අත්‍ථො. අනොපියන‍්තිපි පාඨො. පාවිසීති පවිට‍්ඨො. භගවා පන න තාව පවිට‍්ඨො, පවිසිස‍්සාමීති නික‍්ඛන‍්තත‍්තා පන පාවිසීති වුත‍්තො. යථා කිං, යථා “ගාමං ගමිස‍්සාමී”ති නික‍්ඛන‍්තො පුරිසො තං ගාමං අපත‍්තොපි “කුහිං ඉත්‍ථන‍්නාමො”ති වුත‍්තෙ “ගාමං ගතො”ති වුච‍්චති, එවං. එතදහොසීති ගාමසමීපෙ ඨත්‍වා සූරියං ඔලොකෙන‍්තස‍්ස එතදහොසි. අතිප‍්පගො ඛොති අතිවිය පගො ඛො, න තාව කුලෙසු යාගුභත‍්තං නිට‍්ඨිතන‍්ති. කිං පන භගවා කාලං අජානිත්‍වා නික‍්ඛන‍්තොති? න අජානිත්‍වා. පච‍්චූසකාලෙයෙව හි භගවා ඤාණජාලං පත්‍ථරිත්‍වා ලොකං වොලොකෙන‍්තො ඤාණජාලස‍්ස අන‍්තො පවිට‍්ඨං භග‍්ගවගොත‍්තං ඡන‍්නපරිබ‍්බාජකං දිස‍්වා “අජ‍්ජාහං ඉමස‍්ස පරිබ‍්බාජකස‍්ස මයා පුබ‍්බෙ කතකාරණං සමාහරිත්‍වා ධම‍්මං කථෙස‍්සාමි, සා ධම‍්මකථා අස‍්ස මයි පසාදප‍්පටිලාභවසෙන සඵලා භවිස‍්සතී”ති ඤත්‍වාව පරිබ‍්බාජකාරාමං පවිසිතුකාමො අතිප‍්පගොව නික‍්ඛමි. තස‍්මා තත්‍ථ පවිසිතුකාමතාය එවං චිත‍්තං උප‍්පාදෙසි.

එවම්මෙ සුතං.....මල්ලෙසු විහරති - පාථික සූත්‍රයයි. එහි පෙර නොවූ පද වර්ණනාවයි. මල්ලෙසු විහරති - මල්ල නම් ජනපදවාසී රජකුමාරවරු ඔවුන්ගේ නිවාසය එකම ජනපදයක පිහිටුවා ගත්හ. ඒ ජනපදයට රූඪි වශයෙන් මල්ල යයි කියනු ලැබේ. ඒ මල්ල ජනපදයෙහි. අනුපියං නාම මල්ලානං නිගමො - අනුපිය යයි මෙබඳු නමක් ඇති මල්ලයින්ගේ ජනපදයේ එක් නිගමයකි. එය ගොදුරු ගම කොට සෙවන සහ ජලය ඇති එක් වන ලැහැබක වාසය කරයි යන අර්ථයයි. “අනොපියං” යනු ද පාඨයකි. පාවිසි - පිවිසියේය. භාග්‍යවතුන් වහන්සේ තවම පිවිසියේ නැත. පිවිසෙමියි හික්මුණු බැවින් පාවිසි යයි කියන ලදී. කුමක් වාගේද? යම්සේ ගමට යමි. නික්මෙන පුරුෂයා ඒ ගමට නොපැමිණියේ ද මෙසේ කොහිදැයි කී කල්හි ගමට ගියේ යයි කියනු ලැබේ. මෙසේ එතදහොසි - ගම සමීපයෙහි සිට හිරු බලන්නහුට මෙය විය. අතිප්පගොබො - බොහෝ වේලාසනය, තවම ගෙවල් වල කැඳබත් ඉදී නැත. කිම? භාග්‍යවතුන් වහන්සේ කාලය නොදැන නික්මුණු සේක්ද? නොදැන නොවේ. පාන්දරම භාග්‍යවතුන් වහන්සේ නුවණ දැල එලා ලොව බලන්නේ බුද්ධ ඤාණය භාර්ගව ගෝත්‍ර ඡත්ත පිරිවැජියා තුළට පිවිසි බව දැක අද මම මේ පිරිවැජියාට මවිසින් පෙර කළ කාරණා ගෙනහැර දක්වා ධර්මය කියමි. ඒ ධර්ම කථාව මා කෙරෙහි ප්‍රසාද ප්‍රතිලාභ වශයෙන් සපල වන්නේයයි දැන පිරිවැජි අරමට පිවිසෙනු කැමතිව මෙසේ සිත ඉපදවීය.

එතදවොචාති භගවන‍්තං දිස‍්වා මානථද‍්ධතං අකත්‍වා සත්‍ථාරං පච‍්චුග‍්ගන‍්ත්‍වා එතං එතු ඛො, භන‍්තෙතිආදිකං වචනං අවොච. ඉමං පරියායන‍්ති ඉමං වාරං, අජ‍්ජ ඉමං ආගමනවාරන‍්ති අත්‍ථො. කිං පන භගවා පුබ‍්බෙපි තත්‍ථ ගතපුබ‍්බොති? න ගතපුබ‍්බො, ලොකසමුදාචාරවසෙන පන එවමාහ. ලොකියා හි චිරස‍්සං ආගතම‍්පි අනාගතපුබ‍්බම‍්පි මනාපජාතිකං ආගතං දිස‍්වා “කුතො භවං ආගතො, චිරස‍්සං භවං ආගතො, කථං තෙ ඉධාගමනමග‍්ගො ඤාතො, කිං මග‍්ගමූළ‍්හොසී”තිආදීනි වදන‍්ති. තස‍්මා අයම‍්පි ලොකසමුදාචාරවසෙන එවමාහාති වෙදිතබ‍්බො.

එතදවොච - භාග්‍යවතුන් වහන්සේ දැක මානයෙන් තද නොවී පෙරගමන් කොට ස්වාමින් වහන්ස එනු මැනවි ආදි වචන කීවේය. ඉමං පරියායං - මේ වාරය. අද මේ පැමිණි වාරය යන අර්ථය කිම භාග්‍යවතුන් වහන්සේ මීට පෙර ද එහි ගියවිරීද? නැත. ලෝක හැසිරීම් වශයෙන් මෙසේ කීය. ලෝකයා වනාහි බොහෝ කාලයකින් පැමිණියේ ද නොපැමිණිවිරී වූවද මනාප ස්වභාවයෙන් පැමිණෙනු දැක පින්වත බොහෝ කාලයකින් පැමිණියේ යයි කෙසේද ඔබ මෙහාට එන්න පාර දැනගත්තේ කිම පාර වැරදුන්නේ නැද්ද ආදිය කියති. එහෙයින් මෙයද ලෝක හැසිරීම් වශයෙන් මෙසේ කියයි දත යුතුය.

ඉදමාසනන‍්ති අත‍්තනො නිසින‍්නාසනං පප‍්ඵොටෙත්‍වා සම‍්පාදෙත්‍වා දදමානො එවමාහ. සුනක‍්ඛත‍්තො ලිච‍්ඡවිපුත‍්තොති සුනක‍්ඛත‍්තො නාම ලිච‍්ඡවිරාජපුත‍්තො. සො කිර තස‍්ස ගිහිසහායො හොති, කාලෙන කාලං තස‍්ස සන‍්තිකං ගච‍්ඡති. පච‍්චක‍්ඛාතොති “පච‍්චක‍්ඛාමි දානාහං, භන‍්තෙ, භගවන‍්තං න දානාහං, භන‍්තෙ, භගවන‍්තං උද‍්දිස‍්ස විහරිස‍්සාමී”ති එවං පටිඅක‍්ඛාතො නිස‍්සට‍්ඨො පරිච‍්චත‍්තො.

ඉදමාසනං - තම හිඳි අසුන පිසදමා දෙමින් මෙසේ කීය. සුනක්ඛත්තො ලිච්ඡවි පුත්තො - සුනක්ඛත්ත නම් ලිච්ඡවි රජ පුත්‍රයාගේ වනාහි ඔහුගේ ගිහි කාලයේ යාළුවෙකි. කලින් කල ඔහු සමීපයට යයි. පච්චක්ඛාතො - ස්වාමීනි මම දැන් බගවතුන් අත්හරිමි. මම දැන් ස්වාමීනි බගවතුන් උදෙසා නොහැසිරෙමි. මෙසේ අත්හලේ,

භගවන‍්තං උද‍්දිස‍්සාති භගවා මෙ සත්‍ථා “භගවතො අහං ඔවාදං පටිකරොමී”ති එවං අපදිසිත්‍වා. කො සන‍්තො කං පච‍්චාචික‍්ඛසීති යාචකො වා යාචිතකං පච‍්චාචික‍්ඛෙය්‍ය, යාචිතකො වා යාචකං. ත්‍වං පන නෙව යාචකො න යාචිතකො, එවං සන‍්තෙ, මොඝපුරිස, කො සන‍්තො කො සමානො කං පච‍්චාචික‍්ඛසීති දස‍්සෙති. පස‍්ස මොඝපුරිසාති පස‍්ස තුච‍්ඡපුරිස. යාවඤ‍්ච තෙ ඉදං අපරද‍්ධන‍්ති යත‍්තකං ඉදං තව අපරද‍්ධං, යත‍්තකො තෙ අපරාධො තත‍්තකො දොසොති එවාහං භග‍්ගව තස‍්ස දොසං ආරොපෙසින‍්ති දස‍්සෙති.

භගවන්තං උද්දිස්ස - භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම අවවාද අනුගමනය කරමි. මෙසේ පෙන්වා පච්ඡාචික්ඛති - යාචකයෙක් හෝ ඉල්ලා ගත්දෙය ප්‍රතික්‍ෂේප කරන්නේය. ඉල්ලාගත් දෙය යාචකයා හෝ ප්‍රතික්‍ෂේප කරන්නෝය. ඔබ යාචකයෙක් ද නොවේ. යාචිතකද නොවේ. මෙසේ ඇති කල්හි හිස් මිනිහා, කවරෙක් සමානව, කවරෙක් ඇතිව ප්‍රතික්ෂේප කරයි ද දක්වයි. පස්ස මොඝපුරීස - හිස් මිනිහා බලපන්. යාචඤ්ච තෙ ඉදං අපරද්ධං - යම් පමණ ඔබගේ මේ කළ අපරාධය වෙයිද ඔබගේ අපරාධය යම් පමණ ද එපමණ දෝසය වේ. භාර්ගවය, මම මෙසේ ඔහුට දෝසය ආරෝපනය කෙළෙමියි නම් දැක්වීය.

උත‍්තරිමනුස‍්සධම‍්මාති පඤ‍්චසීලදසසීලසඞ‍්ඛාතා මනුස‍්සධම‍්මාඋත‍්තරි. ඉද‍්ධිපාටිහාරියන‍්ති ඉද‍්ධිභූතං පාටිහාරියං. කතෙ වාති කතම‍්හි වා. යස‍්සත්‍ථායාති යස‍්ස දුක‍්ඛක‍්ඛයස‍්ස අත්‍ථාය. සො නිය්‍යාති තක‍්කරස‍්සාති සො ධම‍්මො තක‍්කරස‍්ස යථා මයා ධම‍්මො දෙසිතො, තථා කාරකස‍්ස සම‍්මා පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස සබ‍්බවට‍්ටදුක‍්ඛක‍්ඛයාය අමතනිබ‍්බානසච‍්ඡිකිරියාය ගච‍්ඡති, න ගච‍්ඡති, සංවත‍්තති, න සංවත‍්තතීති පුච‍්ඡති.

උත්තරිමනුස්ස ධම්මා - පන්සිල් දසසිල් සංඛ්‍යාත මනුෂ්‍ය ධර්මවලින් ඉහල. ඉද්ධිපාටිහාරියං - සෘද්ධියෙන් යුත් ප්‍රාතිහාර්ය. කතෙ වා - කළකල්හි හෝ, යස්සත්ථාය - යම් දුකක් කෙළවර කිරීම සඳහා. නීත්‍යාති තක්කරස්ස - ඒ ධර්මය, එය කරන්නාට, මවිසින් යම්සේ ධර්මය දේශනා කරන ලදද එසේ කරන්නාට, මනාව පිළිපන් පුද්ගලයාට සියළු සසර දුක් කෙළවර කිරීම පිණිස අමෘතමහා නිර්වාණය සාක්ෂාත් කිරීමට යන්නේ ද නොයන්නේ ද පවතීද නොපවතී ද විචාරයි.

තත්‍ර සුනක‍්ඛත‍්තාති තස‍්මිං සුනක‍්ඛත‍්ත මයා දෙසිතෙ ධම‍්මෙ තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය සංවත‍්තමානෙ කිං උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං කතං කරිස‍්සති, කො තෙන කතෙන අත්‍ථො. තස‍්මිඤ‍්හි කතෙපි අකතෙපි මම සාසනස‍්ස පරිහානි නත්‍ථි, දෙවමනුස‍්සානඤ‍්හි අමතනිබ‍්බානසම‍්පාපනත්‍ථාය අහං පාරමියො පූරෙසිං, න පාටිහාරියකරණත්‍ථායාති පාටිහාරියස‍්ස නිරත්‍ථකතං දස‍්සෙත්‍වා “පස‍්ස, මොඝපුරිසා”ති දුතියං දොසං ආරොපෙසි.

තත්‍ර සුනක්ඛත්ත - සුනක්ඛත්ත, මා විසින් දේශනා කරන ධර්මයෙහි එය කරන්නාට මනාව දුක් අවසන් කිරීමට පවතින කල්හි කිම උතුරු මිනිස්දම්වලට සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් කුමක් කෙරේද එය කිරීමෙන් කුමන ඵලක්ද? යන අර්ථයයි. එය කළත් නොකළත් මාගේ සාසනයේ පිරිහීමක් නැත. දෙව්මිනිසුන් අමෘතමහා නිර්වාණයට පැමිණවීමට මම පාරමිතා පිරුවෙමි. ප්‍රාතිහාර්ය කිරීම සඳහා නොවේ. ප්‍රාතිහාර්යයේ නිරර්ථකභාවය දක්වා “බලව හිස් මිනිස” යයි දෙවන දෝෂය ආරෝපනය කළහ.

අග‍්ගඤ‍්ඤන‍්ති ලොකපඤ‍්ඤත‍්තිං. “ඉදං නාම ලොකස‍්ස අග‍්ග”න‍්ති එවං ජානිතබ‍්බම‍්පි අග‍්ගං මරියාදං න තං පඤ‍්ඤපෙතීති වදති. සෙසමෙත්‍ථ අනන‍්තරවාදානුසාරෙනෙව වෙදිතබ‍්බං.

අග්ගඤ්ඤං - ලෝකයාගේ පැණවීම. මෙය වනාහි ලෝකයේ අග්‍රයයි මෙසේ දත යුතුය. ආර්ය වාදයෙහි මෙය අග්‍ර යයි නොපවතියි කියයි. මෙහි සෙස්ස අනන්තර වාර අනුසාරයෙන් දත යුතුය.

අනෙකපරියායෙන ඛොති ඉදං කස‍්මා ආරද‍්ධං. සුනක‍්ඛත‍්තො කිර “භගවතො ගුණං මක‍්ඛෙස‍්සාමි, “දොසං පඤ‍්ඤපෙස‍්සාමී”ති එත‍්තකං විප‍්පලපිත්‍වා භගවතො කථං සුණන‍්තො අප‍්පතිට‍්ඨො නිරවො අට‍්ඨාසි.

අනෙක පරියායෙන බො - මෙය කුමක් නිසා පටන් ගත්තේද? සුනක්ඛත්ත වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ගුණය මකන්නෙමි. දොස් දක්වන්නෙමියි මෙපණකින් විරුද්ධව කථාකොට භාග්‍යවතුන් වහන්සේගේ කථාව අසමින් නොපිහිටියේ විය.

අථ භගවා – “සුනක‍්ඛත‍්ත, එවං ත්‍වං මක‍්ඛිභාවෙ ඨිතො සයමෙව ගරහං පාපුණිස‍්සසී”ති මක‍්ඛිභාවෙ ආදීනවදස‍්සනත්‍ථං අනෙකපරියායෙනාතිආදිමාහ. තත්‍ථ අනෙකපරියායෙනාති අනෙකකාරණෙන. වජ‍්ජිගාමෙති වජ‍්ජිරාජානං ගාමෙ, වෙසාලීනගරෙ නො විසහීති නාසක‍්ඛි. සො අවිසහන‍්තොති සො සුනක‍්ඛත‍්තො යස‍්ස පුබ‍්බෙ තිණ‍්ණං රතනානං වණ‍්ණං කථෙන‍්තස‍්ස මුඛං නප‍්පහොති, සො දානි තෙනෙව මුඛෙන අවණ‍්ණං කථෙති, අද‍්ධා අවිසහන‍්තො අසක‍්කොන‍්තො බ්‍රහ‍්මචරියං චරිතුං අත‍්තනො බාලතාය අවණ‍්ණං කථෙත්‍වා හීනායාවත‍්තො. බුද‍්ධො පන සුබුද‍්ධොව, ධම‍්මො ස‍්වාක‍්ඛාතොව, සඞ‍්ඝො සුප‍්පටිපන‍්නොව. එවං තීණි රතනානි ථොමෙන‍්තා මනුස‍්සා තුය‍්හෙව දොසං දස‍්සෙස‍්සන‍්තීති. ඉති ඛො තෙති එවං ඛො තෙ, සුනක‍්ඛත‍්ත, වත‍්තාරො භවිස‍්සන‍්ති. තතො එවං දොසෙ උප‍්පන‍්නෙ සත්‍ථා අතීතානාගතෙ අප‍්පටිහතඤාණො, මය‍්හං එවං දොසො උප‍්පජ‍්ජිස‍්සතීති ජානන‍්තොපි පුරෙතරං න කථෙසීති වත‍්තුං න ලච‍්ඡසීති දස‍්සෙති. අපක‍්කමෙවාති අපක‍්කමියෙව, අපක‍්කන‍්තො වා චුතොති අත්‍ථො. යථා තං ආපායිකොති යථා අපායෙ නිබ‍්බත‍්තනාරහො සත‍්තො අපක‍්කමෙය්‍ය, එවමෙව අපක‍්කමීති අත්‍ථො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුනක්ඛත්ත, මෙසේ ඔබ ගුණමකු බවේ සිටියේ තමාම ගැරහීමට පැමිණෙන්නේයයි ගුණමකු බවෙහි ආදීනව දක්වනු පිණිස “අනෙක පරියායෙන” යනාදිය කීහ. එහි අනෙක පරියායෙන - නොයෙක් කරුණුවලින් වජ්ජගාමෙ - වජ්ජි රජවරුන්ගේ ගමේ, විසාලා නගරයෙහි නො විසහි - නොහැකි විය. සො අවිසන්තො - ඒ සුනක්ඛත්ත පෙර තුණුරුවන් වර්ණනා කරන විට මුව නො සෑහුනේ විය. දැන් ඒ මුවින් ම අගුණ කියයි. ඒකාන්තයෙන් නොහැකි වන්නේ. බ්‍රහ්මචර්යාවේ හැසිරීමට නොහැකි වන්නේ තමාගේ බාල බැවින් අගුණ කියා ගිහි බවට පැමිණියේය. බුදුන් වහන්සේ වනාහි මනාව බුදු වූයේමය. ධර්මය මනාව දේශනා කරන ලද්දේමය. සංඝයා සුපටිපන්නය. මෙසේ තුනුරුවන්ට ස්තුති කරන්නා වූ මිනිස්සු ඔබගේ ම දොස් දක්වති. ඉති ඛො තෙ - සුනක්ඛත්ත, මෙසේ ඔබගේ දොස් සතරක් වන්නේය. එයින් මෙසේ දොස් ඇති වූ කල්හි ශාස්තෲන් වහන්සේ අතීත අනාගත පසු නොබසින ඤාණයෙන් මාගේ මෙසේ දොස් ඇතිවන්නේ යයි දැනගෙනද කලින් නො කීවේය. කීමට නො ලබන්නේ යයි දක්වයි. අපක්කමෙව - ඉවත් වන්නේමය. ඉවත්වන්නේ හෝ චුත වේ යන අර්ථයයි. යථා තං අපායිකො - අපායේ ඉපදීමට සුදුසු සත්වයා ඉවත් වන්නේ ය. එසේම ඉවත්වේ යන අර්ථයයි.

කොරක‍්ඛත‍්තියවත්‍ථුවණ‍්ණනා

එකමිදාහන‍්ති ඉමිනා කිං දස‍්සෙති? ඉදං සුත‍්තං ද‍්වීහි පදෙහි ආබද‍්ධං ඉද‍්ධිපාටිහාරියං න කරොතීති ච අග‍්ගඤ‍්ඤං න පඤ‍්ඤපෙතීති ච. තත්‍ථ “අග‍්ගඤ‍්ඤං න පඤ‍්ඤපෙතී”ති ඉදං පදං සුත‍්තපරියොසානෙ දස‍්සෙස‍්සති. “පාටිහාරියං න කරොතී”ති ඉමස‍්ස පන පදස‍්ස අනුසන්‍ධිදස‍්සනවසෙන අයං දෙසනා ආරද‍්ධා.

එකමිදාහං - මෙයින් කුමක් දැක්වේද? මේ සූත්‍රය පද දෙකකින් ආරම්භ කරන ලදි. සෘද්ධි ප්‍රාතිහාර්ය නොකෙරේ යයි ද අග්‍ර දෙය නොපණවයි ද යනුවෙනි. එහි “අග්‍ර දේ නොපනවයි” යන පදය සුත්‍රය අවසානයේ දක්වයි. “ප්‍රාතිහාර්ය නොකරයි” මේ පදයේ අනුසන්ධි දැක්වීම් වශයෙන් මේ දේශනාව ආරම්භ කරන ලදී.

තත්‍ථ එකමිදාහන‍්ති එකස‍්මිං අහං. සමයන‍්ති සමයෙ, එකස‍්මිං කාලෙ අහන‍්ති අත්‍ථො. ථූලූසූති ථූලූ නාම ජනපදො, තත්‍ථ විහරාමි. උත‍්තරකා නාමාති ඉත්‍ථිලිඞ‍්ගවසෙන උත‍්තරකාති එවංනාමකො ථූලූනං ජනපදස‍්ස නිගමො, තං නිගමං ගොචරගාමං කත්‍වාති අත්‍ථො. අචෙලොති නග‍්ගො. කොරක‍්ඛත‍්තියොති අන‍්තොවඞ‍්කපාදො ඛත‍්තියො. කුක‍්කුරවතිකොති සමාදින‍්නකුක‍්කුරවතො සුනඛො විය ඝායිත්‍වා ඛාදති, උද‍්ධනන‍්තරෙ නිපජ‍්ජති, අඤ‍්ඤම‍්පි සුනඛකිරියමෙව කරොති. චතුක‍්කුණ‍්ඩිකොති චතුසඞ‍්ඝට‍්ටිතො ද‍්වෙ ජාණූනි ද‍්වෙ ච කප‍්පරෙ භූමියං ඨපෙත්‍වා විචරති. ඡමානිකිණ‍්ණන‍්ති භූමියං නිකිණ‍්ණං පක‍්ඛිත‍්තං ඨපිතං. භක‍්ඛසන‍්ති භක‍්ඛං යංකිඤ‍්චි ඛාදනීයං භොජනීයං. මුඛෙනෙවාති හත්‍ථෙන අපරාමසිත්‍වා ඛාදනීයං මුඛෙනෙව ඛාදති, භොජනීයම‍්පි මුඛෙනෙව භුඤ‍්ජති. සාධුරූපොති සුන්‍දරරූපො. අයං සමණොති අයං අරහතං සමණො එකොති. තත්‍ථ වතාති පත්‍ථනත්‍ථෙ නිපාතො. එවං කිරස‍්ස පත්‍ථනා අහොසි “ඉමිනා සමණෙන සදිසො අඤ‍්ඤො සමණො නාම නත්‍ථි, අයඤ‍්හි අප‍්පිච‍්ඡතාය වත්‍ථං න නිවාසෙති, ‘එස පපඤ‍්චො’ති මඤ‍්ඤමානො භික‍්ඛාභාජනම‍්පි න පරිහරති, ඡමානිකිණ‍්ණමෙව ඛාදති, අයං සමණො නාම. මයං පන කිං සමණා”ති? එවං සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස පච‍්ඡතො චරන‍්තොව ඉමං පාපකං විතක‍්කං විතක‍්කෙසි.

එහි එකමිදාහං - එක් දවසක මම සමයං - කාලයෙහි. එක් කාලයක මම යන අර්ථයයි - බුලු යන ජනපදයෙහි කත්ථ විහරාමි, කත්ථ විහරාමි, උත්තරකා නාම - ස්ත්‍රී ලිංග වශයෙන් උත්තරකා යයි මෙසේ නමක් වූ බුලු ජනපදයේ නිගමො ඒ නියම්ගම ගොදුරුගම කොට, අචෙලකො - නග්න කොරක්ඛත්තියො - ඇතුළත වක්වූ පා ඇති ක්ෂත්‍රියා. කුක්කුරවතිකො - සමාදන් වූ සුනඛ වත් ඇත්තේ, සුනඛයකු මෙන් ඉවත්කොට කයි. ලිප් බොක්කේ නිදයි. අනිත් සුනඛ ක්‍රියා කරයි. චතුකුණඨිකො චතු සංඝාටික. දෙදණ දෙවැලමිට පොළොවෙහි තබා ඇවිදියි. ඡමා නික්කිණ්ණෙ - පොළොවෙහි විසුරුවන ලද තබන ලද භක්ඛාසං - කෑ යුතු හෝ බුදියයුතු ආහාරයක්. මුඛෙනෙව - අතින් ස්පර්ශ නොකර කෑ යුතු දේ කටින්ම කයි. සාදුරූපො - රන්රුව. අරහං සමණො - මේ රහත් ශ්‍රමණයෙකි. එහි වත - ප්‍රාර්ථනා අර්ථයෙහි නිපාතයකි. ඔහුගේ ප්‍රාර්ථනාව මෙසේ විය. මේ ශ්‍රමණයා හා සමාන වෙන ශ්‍රමණයෙක් නැත. මෙතෙමේ අපිස් බව නිසා වස්ත්‍ර නො අඳියි. පමාවකියි සිතමින් භික්ෂා භාජනයක් පරිහරණය නොකරයි. බිමදාපු දෙයම කයි. මොහු ශ්‍රමණයෙකි. අප මොන ශ්‍රමණයෝ ද? මෙසේ සර්වඥ බුදුන් පසු පස යන්නේ මේ පව්කාර දේ හිතයි.

එතදවොචාති භගවා කිර චින‍්තෙසි “අයං සුනක‍්ඛත‍්තො පාපජ‍්ඣාසයො, කිං නු ඉමං දිස‍්වා චින‍්තෙසී”ති? අථෙවං චින‍්තෙන‍්තො තස‍්ස අජ‍්ඣාසයං විදිත්‍වා “අයං මොඝපුරිසො මාදිසස‍්ස සබ‍්බඤ‍්ඤුනො පච‍්ඡතො ආගච‍්ඡන‍්තො අචෙලං අරහාති මඤ‍්ඤති, ඉධෙව දානායං බාලො නිග‍්ගහං අරහතී”ති අනිවත‍්තිත්‍වාව එතං ත්‍වම‍්පි නාමාතිආදිවචනමවොච. තත්‍ථ ත්‍වම‍්පි නාමාති ගරහත්‍ථෙ පිකාරො. ගරහන‍්තො හි නං භගවා “ත්‍වම‍්පි නාමා”ති ආහ. “ත්‍වම‍්පි නාම එවං හීනජ‍්ඣාසයො, අහං සමණො සක්‍යපුත‍්තියොති එවං පටිජානිස‍්සසී”ති අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො. කිං පන මං, භන‍්තෙති මය‍්හං, භන‍්තෙ, කිං ගාරය‍්හං දිස‍්වා භගවා “එවමාහා”ති පුච‍්ඡති. අථස‍්ස භගවා ආචික‍්ඛන‍්තො “නනු තෙ”තිආදිමාහ. මච‍්ඡරායතීති “මා අඤ‍්ඤස‍්ස අරහත‍්තං හොතූ”ති කිං භගවා එවං අරහත‍්තස‍්ස මච‍්ඡරායතීති පුච‍්ඡති. න ඛො අහන‍්ති අහං, මොඝපුරිස, සදෙවකස‍්ස ලොකස‍්ස අරහත‍්තප‍්පටිලාභමෙව පච‍්චාසීසාමි, එතදත්‍ථමෙව මෙ බහූනි දුක‍්කරානි කරොන‍්තෙන පාරමියො පූරිතා, න ඛො අහං, මොඝපුරිස, අරහත‍්තස‍්ස මච‍්ඡරායාමි. පාපකං දිට‍්ඨිගතන‍්ති න අරහන‍්තං අරහාති, අරහන‍්තෙ ච අනරහන‍්තොති එවං තස‍්ස දිට‍්ඨි උප‍්පන‍්නා. තං සන්‍ධාය “පාපකං දිට‍්ඨිගත”න‍්ති ආහ. යං ඛො පනාති යං එතං අචෙලං එවං මඤ‍්ඤසි. සත‍්තමං දිවසන‍්ති සත‍්තමෙ දිවසෙ. අලසකෙනාති අලසකබ්‍යාධිනා. කාලඞ‍්කරිස‍්සතීති උද‍්ධුමාතඋදරො මරිස‍්සති.

එතදවොච - භාග්‍යවතුන් වහන්සේ සිතූහ. මේ සුනක්ඛත්ත පාප අදහස් ඇත්තෙකි. මෙසේ දැක සිතුවේ ඇයි? ඉක්බිති මෙසේ සිතන්නේ ඔහුගේ අදහස් දැන මේ හිස් මිනිසා මා වැනි සර්වඥ කෙනෙකුගේ පස්සෙන් එන්නේ නග්නයා රහතෙකැයි සිතයි. මෙහිම මේ මෝඩයන් නිග්‍රහ කිරීම සුදුසුය. නො නැවතීම මෙය “ත්වම්පි නාමා” යනාදි වචන කීහ. එහි ත්වම්පි නාමා - ‘පි’ කාරය ගරහ අර්ථයෙහිය. ඔහුට ගරහන්නේ භාග්‍යවතුන් වහන්සේ ත්වම්පි නාමා යයි කීහ. ඔබ නම් මෙසේ හීන අදහස් ඇත්තේය. මම ශ්‍රමණ සාක්‍ය පුත්‍ර යයි මෙසේ දැනගනී යයි යන මෙය මෙහි අදහසයි. කිං පන මෙ භන්තෙ - ස්වාමීනි මට, ගැරහීම නිසා මෙසේ අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පැහැදිලි කරන්නේ, නනු තෙ - යනාදිය කීහ. මච්ඡරායති - අනිත් රහතකු ගැන නොවේවා. කිම භගවත්හු මෙබඳු රහතකුට මසුරු කරන්නාහුදැයි අසයි. න ඛො අහං - හිස් මිනිහො, මම දෙවියන් සහිත ලෝකයාට රහත් බව ලබාදීමටම බලාපොරොත්තු වෙමි. ඒ අර්ථය සඳහාම බොහෝ දුෂ්කර දේ කරමින් මා විසින් පාරමිතා සම්පූර්ණ කරන ලදී. න ඛො අහං මොඝ පුරිස අරහන්තස්ස මච්ඡරායාමි “පාපකං දිට්ඨිගතං” රහත් නොවූවෙක් රහත් කෙනෙකැයි ද රහත් වූවෙක් රහත් නොවූයේ යයි ද මෙසේ ඔහුට දෘෂ්ටියක් ඇතිවිය. ඒ සඳහා පාපකං දිට්ඨි ගතං යයි කීහ. යං ඛො පන - මේ තෙමේ මේ නග්නයා ගැන මෙසේ සිතයි. සත්තමං දිවසං - සත්වෙනි දවසෙහි. අලසකෙන - අලසක නම් රෝගයෙන්. කාලංකරිස්සති - බඩ ඉදිමී මැරෙන්නේය.

කාලකඤ‍්චිකාති තෙසං අසුරානං නාමං. තෙසං කිර තිගාවුතො අත‍්තභාවො අප‍්පමංසලොහිතො පුරාණපණ‍්ණසදිසො කක‍්කටකානං විය අක‍්ඛීනි නික‍්ඛමිත්‍වා මත්‍ථකෙ තිට‍්ඨන‍්ති, මුඛං සූචිපාසකසදිසං මත්‍ථකස‍්මිංයෙව හොති, තෙන ඔණමිත්‍වා ගොචරං ගණ‍්හන‍්ති. බීරණත්‍ථම‍්බකෙති බීරණතිණත්‍ථම‍්බො තස‍්මිං සුසානෙ අත්‍ථි, තස‍්මා තං බීරණත්‍ථම‍්බකන‍්ති වුච‍්චති.

කාලකඤ්ජක - ඒ අසුරයින්ගේ නම, ඔවුන්ගේ වනාහි ගවු තුනක් පමණ ශරීරය වේ. මස් ලේ රහිතය, වියලි කොල සමානය. කකුළුවන්ගේ මෙන් ඇස් එලියට පැන හිසෙහි පිහිටයි. කට ඉදිකටු මලක් මෙනි. එයින් නැමී ගොදුරු ගනී. බීරණත්ථම්භකෙ - ඒ සොහොනෙහි බීරණ තෘණ ගසක් ඇත. ඒ නිසා ඒ නම ඇතිවිය.

තෙනුපසඞ‍්කමීති භගවති එත‍්තකං වත්‍වා තස‍්මිං ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා විහාරං ගතෙ විහාරා නික‍්ඛමිත්‍වා උපසඞ‍්කමි. යෙන ත්‍වන‍්ති යෙන කාරණෙන ත්‍වං. යස‍්මාපි භගවතා බ්‍යාකතො, තස‍්මාති අත්‍ථො. මත‍්තං මත‍්තන‍්ති පමාණයුත‍්තං පමාණයුත‍්තං. “මන‍්තා මන‍්තා”තිපි පාඨො, පඤ‍්ඤාය උපපරික‍්ඛිත්‍වා උපපරික‍්ඛිත්‍වාති අත්‍ථො. යථා සමණස‍්ස ගොතමස‍්සාති යථා සමණස‍්ස ගොතමස‍්ස මිච‍්ඡා වචනං අස‍්ස, තථා කරෙය්‍යාසීති ආහ. එවං වුත‍්තෙ අචෙලො සුනඛො විය උද‍්ධනට‍්ඨානෙ නිපන‍්නො සීසං උක‍්ඛිපිත්‍වා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකෙන‍්තො කිං කථෙසි “සමණො නාම ගොතමො අම‍්හාකං වෙරී විසභාගො, සමණස‍්ස ගොතමස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය මයං සූරියෙ උග‍්ගතෙ ඛජ‍්ජොපනකා විය ජාතා. සමණො ගොතමො අම‍්හෙ, එවං වාචං වදෙය්‍ය අඤ‍්ඤථා වා. වෙරිනො පන කථා නාම තච‍්ඡා න හොති, ගච‍්ඡ ත්‍වං අහමෙත්‍ථ කත‍්තබ‍්බං ජානිස‍්සාමී”ති වත්‍වා පුනදෙව නිපජ‍්ජි.

තෙනුපසංකමි - භාග්‍යවතුන් වහන්සේ මෙපමණක් කියා ඒ ගමෙහි පිඬු පිණිස හැසිර විහාරයට වැඩිය කල්හි විහාරයෙන් පිටත්ව පැමිණියහ. යෙන ත්වං - යම් කරුණකින් ඔබ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමින්ම යන අර්ථයයි. මත්තමත්තං - ප්‍රමාණ යුක්ත, ප්‍රමාණ යුක්ත. මනත්වා මනත්වා යනු ද පාඨයි. ප්‍රඥාවෙන් පරික්ෂාකොට යන අර්ථය වේ. යථා සමණස්ස ගොතමස්ස - ගෞතම ශ්‍රමණයාගේ වචනය බොරුවන ලෙස කරන්නැයි කීය. මෙසේ කී කල්හි අචෙලකයා (නග්නයා) ලිප ලඟ හොත්තේ හිස ඔසවා ඇස් දල්වා බලන්නේ, මොනවා කියනවද? ශ්‍රමණ ගෞතමයා අපගේ වෛරක්කාරයාය. විසභාගයාය. ශ්‍රමණ ගෞතමයා අපට මෙසේ කියන්නේය. අනිත් විදියකින් හෝ කියන්නේය. සතුරා කෙසේ නම් බොරු කාරයෙක් නොවේද? ඔබ යන්න. මම මීට කළයුතු දේ දනිමි. මෙසේ කියා නැවත හොත්තේය.

එකද‍්වීහිකායාති එකං ද‍්වෙති වත්‍වා ගණෙසි. යථා තන‍්ති යථා අසද‍්දහමානො කොචි ගණෙය්‍ය, එවං ගණෙසි. එකදිවසඤ‍්ච තික‍්ඛත‍්තුං උපසඞ‍්කමිත්‍වා එකො දිවසො අතීතො, ද‍්වෙ දිවසා අතීතාති ආරොචෙසි. සත‍්තමං දිවසන‍්ති සො කිර සුනක‍්ඛත‍්තස‍්ස වචනං සුත්‍වා සත‍්තාහං නිරාහාරොව අහොසි. අථස‍්ස සත‍්තමෙ දිවසෙ එකො උපට‍්ඨාකො “අම‍්හාකං කුලූපකසමණස‍්ස අජ‍්ජ සත‍්තමො දිවසො ගෙහං අනාගච‍්ඡන‍්තස‍්ස අඵාසු නු ඛො ජාත”න‍්ති සූකරමංසං පචාපෙත්‍වා භත‍්තමාදාය ගන‍්ත්‍වා පුරතො භූමියං නික‍්ඛිපි. අචෙලො දිස‍්වා චින‍්තෙසි “සමණස‍්ස ගොතමස‍්ස කථා තච‍්ඡා වා අතච‍්ඡා වා හොතු, ආහාරං පන ඛාදිත්‍වා සුහිතස‍්ස මෙ මරණම‍්පි සුමරණ”න‍්ති ද‍්වෙ හත්‍ථෙ ජණ‍්ණුකානි ච භූමියං ඨපෙත්‍වා කුච‍්ඡිපූරං භුඤ‍්ජි. සො රත‍්තිභාගෙ ජීරාපෙතුං අසක‍්කොන‍්තො අලසකෙන කාලමකාසි. සචෙපි හි සො “න භුඤ‍්ජෙය්‍ය”න‍්ති චින‍්තෙය්‍ය, තථාපි තං දිවසං භුඤ‍්ජිත්‍වා අලසකෙන කාලං කරෙය්‍ය. අද‍්වෙජ‍්ඣවචනා හි තථාගතාති.

එක ද්වීහි කායා - එකක් දෙකක් කොට ගණය. යථා තං - යම්සේ විශ්වාස නොකරන්නේ කිසිවෙක් ගණින්නේ. එසේ ගැන්නේය. දවසට තුන්වරක් පැමිණ එක දවසක් ගියේය. දින දෙකක් ගියේ යයි දැන්වීය. සත්තමං දිවසං - හේ වනාහි සුනක්ඛත්තගේ වචනය අසා දින හතක් නිරාහාරව සිටියේය. ඉක්බිති ඔහුට සත්වන දවසෙහි එක් උපස්ථායකයෙක් අපගේ කුලුපග ශ්‍රමණයන්ට ගෙයකට නොයන අද හත්වෙනි දවස අපහසු ඇතිවී යයි හුරු මසක් උයවා බත් රැගෙන ගොස් ඔහු ඉදිරියේ බිම දැමීය. එය දැක අචේලයා සිතුවේය. ශ්‍රමණ ගෞතමයාගේ කථා ඇත්ත හෝ බොරු හෝ වේවා. ආහාර අනුභවකර සැපවත් වූ මාගේ මරණය ද හොඳ මරණයක් වේ යයි දෙ අත් දෙදණ බිම තබා කුසපුරා කෑවේය. හේ රාත්‍රිභාගයෙහි දිරවීමට නොහැකි වන්නේ අලසක රෝගයෙන් කලුරිය කෙළේය. ඉදින් ඔහු නොකන්නේ යයි සිතන්නේය. එසේ වතුදු ඒ දිනයේ කා අලසක රෝගයෙන් කලුරිය කරන්නේය. දෙයාකාරයක් නැති කථාගත වචන.

බීරණත්‍ථම‍්බකෙති තිත්‍ථියා කිර “කාලඞ‍්කතො කොරක‍්ඛත‍්තියො”ති සුත්‍වා දිවසානි ගණෙත්‍වා ඉදං තාව සච‍්චං ජාතං, ඉදානි නං අඤ‍්ඤත්‍ථ ඡඩ‍්ඩෙත්‍වා “මුසාවාදෙන සමණං ගොතමං නිග‍්ගණ‍්හිස‍්සාමා”ති ගන‍්ත්‍වා තස‍්ස සරීරං වල‍්ලියා බන්‍ධිත්‍වා ආකඩ‍්ඪන‍්තා “එත්‍ථ ඡඩ‍්ඩෙස‍්සාම, එත්‍ථ ඡඩ‍්ඩෙස‍්සාමා”ති ගච‍්ඡන‍්ති. ගතගතට‍්ඨානං අඞ‍්ගණමෙව හොති. තෙ කඩ‍්ඪමානා බීරණත්‍ථම‍්බකසුසානංයෙව ගන‍්ත්‍වා සුසානභාවං ඤත්‍වා “අඤ‍්ඤත්‍ථ ඡඩ‍්ඩෙස‍්සාමා”ති ආකඩ‍්ඪිංසු. අථ නෙසං වල‍්ලි ඡිජ‍්ජිත්‍ථ, පච‍්ඡා චාලෙතුං නාසක‍්ඛිංසු. තෙ තතොව පක‍්කන‍්තා. තෙන වුත‍්තං – “බීරණත්‍ථම‍්බකෙ සුසානෙ ඡඩ‍්ඩෙසු”න‍්ති.

බීරණත්ථම්භකෙ - තීර්ථකයෝ වනාහි කෝරකඛත්තියා කලුරිය කෙළේ යයි අසා දවස් ගැණ මෙය පළමු සත්‍ය විය. දැන් ඔහු වෙන තැනක හැරදමා ශ්‍රමණ ගෞතමයන්ට බොරුවෙන් නිග්‍රහ කරන්නෙමු යයි ගොස් ඔහුගේ ශරීරය වැල්වලින් බැඳ අදින්නේ මෙතන දමන්නෙමු මෙතන දමන්නෙමු යයි යන්නේ ගිය ගිය තැන බාධාවක්ම වෙයි. ඔව්හු අදින්නේ බීරණත්ථම්භක සොහොනට ම ගොස් සොහොන බව දැන වෙන තැනකට දමමු යයි ඇද්දහ. ඉක්බිති ඒ වැල් කැඩුණේය. පසුව සෙලවීමට නොහැකි විය. ඔහු එහිම හැර දැමූහ. එයින් කියන ලදී. බීරණත්ථමහකෙ සුසානෙ ජඩ්ඩෙසුං

තෙනුපසඞ‍්කමීති කස‍්මා උපසඞ‍්කමි? සො කිර චින‍්තෙසි “අවසෙසං තාව සමණස‍්ස ගොතමස‍්ස වචනං සමෙති, මතස‍්ස පන උට‍්ඨාය අඤ‍්ඤෙන සද‍්ධිං කථනං නාම නත්‍ථි, හන්‍දාහං ගන‍්ත්‍වා පුච‍්ඡාමි. සචෙ කථෙති, සුන්‍දරං. නො චෙ කථෙති, සමණං ගොතමං මුසාවාදෙන නිග‍්ගණ‍්හිස‍්සාමී”ති ඉමිනා කාරණෙන උපසඞ‍්කමි. ආකොටෙසීති පහරි. ජානාමි ආවුසොති මතසරීරං උට‍්ඨහිත්‍වා කථෙතුං සමත්‍ථං නාම නත්‍ථි, ඉදං කථං කථෙසීති? බුද‍්ධානුභාවෙන. භගවා කිර කොරක‍්ඛත‍්තියං අසුරයොනිතො ආනෙත්‍වා සරීරෙ අධිමොචෙත්‍වා කථාපෙසි. තමෙව වා සරීරං කථාපෙසි, අචින‍්තෙය්‍යො හි බුද‍්ධවිසයො.

තෙනුපසංකමි - කුමක් හෙයින් පැමිණියේද? හේ වනාහි සිතීය. තවම සෙසු ඒවා ශ්‍රමණ ගෞතම වචනයට සමානය. මියගිය අය නැගිට අන්‍යයන් හා කථා නැත. මම ගොස් අසමි. ඉදින් කථා කෙළේ නම් සුන්දරය. නොඑසේ නම් ශ්‍රමණ ගෞතමයන්ට බොරුවෙන් නිග්‍රහ කරන්නෙමි යි මේ කරුණින් පැමිණියේය. ආකොටෙසි - පහර දුන්නේය. ජානාමි ආවුසො - මතක කලේබරයක් නැගිට කථා කිරීමට සමර්ථ නම් නැත. මෙය කෙසේ කථා කෙළේද? බුද්ධානුභාවයෙන්. භාග්‍යවතුන් වහන්සේ වනාහි කොරක්ඛත්තියා අසුර යෝනියෙන් ගෙන්වා ශරීරය ආවේශ කරවා කථා කරවීය. ඒ ශරීරයම හෝ කථා කරවීය. බුද්ධවිසය නොසිතිය හෙන්නේය.

තථෙව තං විපාකන‍්ති තස‍්ස වචනස‍්ස විපාකං තථෙව, උදාහු නොති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො, තථෙව සො විපාකොති අත්‍ථො. කෙචි පන “විපක‍්ක”න‍්තිපි පඨන‍්ති, නිබ‍්බත‍්තන‍්ති අත්‍ථො.

කථෙව තං විපාකං - උන්වහන්සේගේ ඒ වචනයේ විපාක එසේම වීද නැතහොත් නොවීද? ලිංග විපර්යාශය කරන ලදී. ඒ විපාකය එසේය යන අර්ථය වේ. කිසිවෙක් විපක්කං - යයි කියයි. ඉපදෙති යන අර්ථය වේ.

එත්‍ථ ඨත්‍වා පාටිහාරියානි සමානෙතබ‍්බානි. සබ‍්බානෙව හෙතානි පඤ‍්ච පාටිහාරියානි හොන‍්ති. “සත‍්තමෙ දිවසෙ මරිස‍්සතී”ති වුත‍්තං, සො තථෙව මතො, ඉදං පඨමං පාටිහාරියං. “අලසකෙනා”ති වුත‍්තං, අලසකෙනෙව මතො, ඉදං දුතියං. “කාලකඤ‍්චිකෙසු නිබ‍්බත‍්තිස‍්සතී”ති වුත‍්තං, තත්‍ථෙව නිබ‍්බත‍්තො, ඉදං තතියං. “බීරණත්‍ථම‍්බකෙ සුසානෙ ඡඩ‍්ඩෙස‍්සන‍්තී”ති වුත‍්තං, තත්‍ථෙව ඡඩ‍්ඩිතො, ඉදං චතුත්‍ථං. “නිබ‍්බත‍්තට‍්ඨානතො ආගන‍්ත්‍වා සුනක‍්ඛත‍්තෙන සද‍්ධිං කථෙස‍්සතී”ති වුත‍්තො, සො කථෙසියෙව, ඉදං පඤ‍්චමං පාටිහාරියං.

මෙහි සිට ප්‍රාතිහාර්ය එක් කළ යුතුය. ප්‍රාතිහාර්ය සියල්ලම පහක් වේ. සත්වන දවසෙහි මැරෙන්නේ යයි කියන ලදී. හේ එසේම මළේය. මේ පළමුවන ප්‍රාතිහාර්යකි. අලසක රෝගයෙන් කියන ලදී. අලසක රෝගයෙන්ම මළේය. මේ දෙවැන්නයි. කාලකඤ්ජිකයන් කෙරෙහි උපදී යයි කියන ලදී. එසේම ඉපදුනේය. මේ තෙවැන්නයි. බීරණත්ථම්භක සොහොනෙහි දමන්නේ යයි කියන ලදී. එසේම දමන ලදී. මේ සිව් වැන්නය. උපන් තැනින් අවුත් සුනක්ඛත්ත සමග කථා කරන්නේ යයි කියන ලදී. හේ කථා කළේය. මේ පස්වන ප්‍රාතිහාර්ය යයි.

අචෙලකළාරමට‍්ටකවත්‍ථුවණ‍්ණනා

කළාරමට‍්ටකොති නික‍්ඛන‍්තදන‍්තමත‍්තකො. නාමමෙව වා තස‍්සෙතං. ලාභග‍්ගප‍්පත‍්තොති ලාභග‍්ගං පත‍්තො, අග‍්ගලාභං පත‍්තොති වුත‍්තං හොති. යසග‍්ගප‍්පත‍්තොති යසග‍්ගං අග‍්ගපරිවාරං පත‍්තො. වතපදානීති වතානියෙව, වතකොට‍්ඨාසා වා. සමත‍්තානීති ගහිතානි. සමාදින‍්නානීති තස‍්සෙව වෙවචනං. පුරත්‍ථිමෙන වෙසාලින‍්ති වෙසාලිතො අවිදූරෙ පුරත්‍ථිමාය දිසාය. චෙතියන‍්ති යක‍්ඛචෙතියට‍්ඨානං. එස නයො සබ‍්බත්‍ථ.

කළාරමට්ඨුකො - නෙරා ඇති දත් නිසා හෝ මේ නාමය ඔහුට වේ. ලාභග්ගප්පත්තා - අග්‍ර වූ ලාභය පැමිණි. යසග්ගප්පත්තතො - අග්‍ර පිරිවර ඇතියි කියන ලදී. වතපදානි, වෘත්තම. කොටස හෝ. සමත්තාති - ගන්නා ලදී. සමාදින්නා - එහිම වචනයකි. පුරත්ථිමෙන වෙසාලියා වේසාලිය ආසන්නයේ පෙර දිශාව. චෙතියං - යක්ෂ චෛත්‍ය ස්ථානය. සියළු තැන මෙම නයයි.

යෙන අචෙලකොති භගවතො වත‍්තං කත්‍වා යෙන අචෙලො කළාරමට‍්ටකො තෙනුපසඞ‍්කමි. පඤ‍්හං අපුච‍්ඡීති ගම‍්භීරං තිලක‍්ඛණාහතං පඤ‍්හං පුච‍්ඡි. න සම‍්පායාසීති න සම‍්මා ඤාණගතියා පායාසි, අන්‍ධො විය විසමට‍්ඨානෙ තත්‍ථ තත්‍ථෙව පක‍්ඛලි. නෙව ආදිං, න පරියොසානමද‍්දස. අථ වා “න සම‍්පායාසී”ති න සම‍්පාදෙසි, සම‍්පාදෙත්‍වා කථෙතුං නාසක‍්ඛි. අසම‍්පායන‍්තොති කබරක‍්ඛීනි පරිවත‍්තෙත්‍වා ඔලොකෙන‍්තො “අසික‍්ඛිතකස‍්ස සන‍්තිකෙ වුට‍්ඨොසි, අනොකාසෙපි පබ‍්බජිතො පඤ‍්හං පුච‍්ඡන‍්තො විචරසි, අපෙහි මා එතස‍්මිං ඨානෙ අට‍්ඨාසී”ති වදන‍්තො. කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාත්‍වාකාසීති කුප‍්පනාකාරං කොපං, දුස‍්සනාකාරං දොසං, අතුට‍්ඨාකාරභූතං දොමනස‍්සසඞ‍්ඛාතං අප‍්පච‍්චයඤ‍්ච පාකටමකාසි. ආසාදිම‍්හසෙති ආසාදියිම‍්හ ඝට‍්ටයිම‍්හ. මා වත නො අහොසීති අහො වත මෙ න භවෙය්‍ය. මං වත නො අහොසීතිපි පාඨො. තත්‍ථ මන‍්ති සාමිවචනත්‍ථෙ උපයොගවචනං, අහොසි වත නු මමාති අත්‍ථො. එවඤ‍්ච පන චින‍්තෙත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා “ඛමථ මෙ, භන‍්තෙ”ති තං ඛමාපෙසි. සොපි ඉතො පට‍්ඨාය අඤ‍්ඤං කිඤ‍්චි පඤ‍්හං නාම න පුච‍්ඡිස‍්සසීති. ආම න පුච‍්ඡිස‍්සාමීති. යදි එවං ගච‍්ඡ, ඛමාමි තෙති තං උය්‍යොජෙසි.

යෙන අචෙලකො - භාග්‍යවතුන් වහන්සේ වත්කොට කලාරමට්ඨු වෙත ගියහ. පඤ්හං පුච්ඡි - ගැඹුරු වූ ත්‍රිලක්‍ෂණය ගෙනෙන ප්‍රශ්නයක් විචාළේය. න සම්පායාසි - මනාව ඤාණ ගතියට නොගියේය. (දැන නොගත්තේය) අන්ධයකු මෙන් ඒ ඒ තැනට පැකිලී මුලක් අගක් නො දැක්කේය. නැතහොත් න සම්පායාස සම්පාදනය නො කෙළේය. සම්පාදනය කොට කීමට නොහැකි විය. අසම්පායන්තො - මිශ්‍ර වර්ණයෙන් ඇස කරකවා බලන්නේ සික්ෂිත නොවූවෙක් ලඟ සිටියෙහි. අනවකාශයෙහි ද පැවිද්දන් ප්‍රශ්න විචාරමින් හැසිරෙහි. පහවෙව. මෙතන නො සිටවයි. කියන්නේ. කොපඤ්ව දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි - කිපෙන ආකාරය කෝපයයි. නොඉවසනාකාරය දෝසයයි. අසතුටු ආකාර වූ දොම්නස් සංඛ්‍යාත අප්‍රත්‍යකාරය ද ප්‍රකට කළේය. ආසාදිමහසෙ - නො ඉවසන්නේ ගැටුණේය. මා වත නො අහොසි - අහෝ, ඒකාන්තයෙන් මා නොවන්නේ නම් “මා නොවූයේ නම්” යනු ද පාඨයි. එහි ‘මං’ යනු සාමි අර්ථයේ කර්ම වචනයි. අහොසි ඒකාන්තයෙන් මා නුවූයේ නම් අර්ථයයි. මෙසේ ද සිතා උක්කුටිකයෙන් හිඳ ස්වාමීනි මට සමාවන්නැයි ඔහු කමා කෙළේය. හේ ද මෙතැන් පටන් අනිත් කිසිම ප්‍රශ්නයක් නම් නො අසන්නේද? එය නො අසන්නෙමි. ඉදින් මෙසේ යන්න. ඔබට සමාවුනෙමි ඔහු පිටත් කළේය.

පරිහිතොති පරිදහිතො නිවත්‍ථවත්‍ථො. සානුචාරිකොති අනුචාරිකා වුච‍්චති භරියා, සහ අනුචාරිකාය සානුචාරිකො, තං තං බ්‍රහ‍්මචරියං පහාය සභරියොති අත්‍ථො. ඔදනකුම‍්මාසන‍්ති සුරාමංසතො අතිරෙකං ඔදනම‍්පි කුම‍්මාසම‍්පි භුඤ‍්ජමානො. යසා නිහීනොති යං ලාභග‍්ගයසග‍්ගං පත‍්තො, තතො පරිහීනො හුත්‍වා. “කතං හොති උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරිය”න‍්ති ඉධ සත‍්තවතපදාතික‍්කමවසෙන සත‍්ත පාටිහාරියානි වෙදිතබ‍්බානි.

පරිහිතො - පරිදහිත ඇඳගත් වස්ත්‍ර ඇත්තේ. සානුචාරිකා - අනුව හැසිරෙන්නීයයි සිය බිරිය කියනු ලැබේ. සමග හැසිරීමෙන් සානුචාරික. ඔහු බඹසර හැර භාර්යාව සහ යයි අර්ථයයි. ඔදන කුම්මාසං - සුරා මස්වලට අතිරේකව බත් ද පිට්ටු ද අනුභව කරන්නේ. යසා නික්කිණ්ණො - ලාභග්ග යසග්ගයට පැමිණ එයින් පිරිහී. කතං හොති උත්තරිමනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියං - මෙහි සප්ත ව්‍රතපද ඉක්මවීම් වශයෙන් සප්ත ප්‍රාතිහාර්ය දතයුතුය.

අචෙලපාථිකපුත‍්තවත්‍ථුවණ‍්ණනා

පාථිකපුත‍්තොති පාථිකස‍්ස පුත‍්තො. ඤාණවාදෙනාති ඤාණවාදෙන සද‍්ධිං. උපඩ‍්ඪපථන‍්ති යොජනං චෙ, නො අන‍්තරෙ භවෙය්‍ය, ගොතමො අඩ‍්ඪයොජනං, අහං අඩ‍්ඪයොජනං. එස නයො අඩ‍්ඪයොජනාදීසු. එකපදවාරම‍්පි අතික‍්කම‍්ම ගච‍්ඡතො ජයො භවිස‍්සති, අනාගච‍්ඡතො පරාජයොති. තෙ තත්‍ථාති තෙ මයං තත්‍ථ සමාගතට‍්ඨානෙ. තද‍්දිගුණං තද‍්දිගුණාහන‍්ති තතො තතො දිගුණං දිගුණං අහං කරිස‍්සාමි, භගවතා සද‍්ධිං පාටිහාරියං කාතුං අසමත්‍ථභාවං ජානන‍්තොපි “උත‍්තමපුරිසෙන සද‍්ධිං පට‍්ඨපෙත්‍වා අසක‍්කුණන‍්තස‍්සාපි පාසංසො හොතී”ති ඤත්‍වා එවමාහ. නගරවාසිනොපි තං සුත්‍වා “අසමත්‍ථො නාම එවං න ගජ‍්ජති, අද‍්ධා අයම‍්පි අරහා භවිස‍්සතී”ති තස‍්ස මහන‍්තං සක‍්කාරමකංසු.

පාථික පුත්තො - පාථික හේ පුතා. ඤාණවාදෙන - ඤාණවාදය සමග. උපඩ්ඪ පථං - අප අතරෙහි යොදුනක් වන්නේය. ගෞතම අඩ යොදුනකි. මම අඩ යොදුනකි. මේ පිළිවෙළයි අඩ යොදුන් ආදියෙනි. එක් පියවරක්වත් ඉක්මවා ගියේ නම් ජය වන්නේය. නොයන්නා පරාද වන්නෙහිය. තෙ තත්ථ - ඒ අපි එහි ආරම්භ කරන ස්ථානයේ. තද්දිගුණං - එයින් එයින් දෙගුණ අගුණ කොට මම කරන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ සමග සෘද්ධි ප්‍රාතිහාර්ය කිරීමට අසමත් බව දැනගෙන ද උතුම් පුරුෂයකු සමග පිහිටුවා නොහැකි වූවද ප්‍රශංසා වේ යයි දැන මෙසේ කීය. නගරවාසීහු ද එය අසා අසමර්ථයෙක් නම් මෙසේ ගර්ජනා නොකෙරේ. මේ තෙමේ ද ඒකාන්තයෙන් රහතෙක් වන්නේ යයි ඔහුට මහත් සත්කාර කළහ.

යෙනාහං තෙනුපසඞ‍්කමීති “සුනක‍්ඛත‍්තො කිර පාථිකපුත‍්තො එවං වදතී”ති අස‍්සොසි. අථස‍්ස හීනජ‍්ඣාසයත‍්තා හීනදස‍්සනාය චිත‍්තං උදපාදි.

යෙනාහං තෙනුපසංකමි - සුනක්ඛත්ත වනාහි පාථික පුත්‍රයා මෙසේ කියතියි ඇසීය. ඉක්බිති ඔහුගේ පහත් අදහසින් පහත් දර්ශනයෙන් සිතක් උපන්නේය.

සො භගවතො වත‍්තං කත්‍වා භගවති ගන්‍ධකුටිං පවිට‍්ඨෙ පාථිකපුත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡි “තුම‍්හෙ කිර එවරූපිං කථං කථෙථා”ති? “ආම, කථෙමා”ති. යදි එවං “මා භායිත්‍ථ විස‍්සත්‍ථා පුනප‍්පුනං එවං වදථ, අහං සමණස‍්ස ගොතමස‍්ස උපට‍්ඨාකො, තස‍්ස විසයං විජානාමි, තුම‍්හෙහි සද‍්ධිං පාටිහාරියං කාතුං න සක‍්ඛිස‍්සති, අහං සමණස‍්ස ගොතමස‍්ස කථෙත්‍වා භයං උප‍්පාදෙත්‍වා තං අඤ‍්ඤතො ගහෙත්‍වා ගමිස‍්සාමි, තුම‍්හෙ මා භායිත්‍ථා”ති තං අස‍්සාසෙත්‍වා භගවතො සන‍්තිකං ගතො. තෙන වුත‍්තං “යෙනාහං තෙනුපසඞ‍්කමී”ති. තං වාචන‍්තිආදීසු “අහං අබුද‍්ධොව සමානො බුද‍්ධොම‍්හීති විචරිං, අභූතං මෙ කථිතං නාහං බුද‍්ධො”ති වදන‍්තො තං වාචං පජහති නාම. රහො නිසීදිත්‍වා චින‍්තයමානො “අහං ‘එත‍්තකං කාලං අබුද‍්ධොව සමානො බුද‍්ධොම‍්හී’ති විචරිං, ඉතො දානි පට‍්ඨාය නාහං බුද‍්ධො”ති චින‍්තයන‍්තො තං චිත‍්තං පජහති නාම. “අහං ‘එත‍්තකං කාලං අබුද‍්ධොව සමානො බුද‍්ධොම‍්හී’ති පාපකං දිට‍්ඨිං ගහෙත්‍වා විචරිං, ඉතො දානි පට‍්ඨාය ඉමං දිට‍්ඨිං පජහාමී”ති පජහන‍්තො තං දිට‍්ඨිං පටිනිස‍්සජ‍්ජති නාම. එවං අකරොන‍්තො පන තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වාති වුච‍්චති. විපතෙය්‍යාති බන්‍ධනා මුත‍්තතාලපක‍්කං විය ගීවතො පතෙය්‍ය, සත‍්තධා වා පන ඵලෙය්‍ය.

ඒ භාග්‍යවතුන් වහන්සේට වත් කොට භාග්‍යවතුන් වහන්සේ ගඳකිලියට පිවිසි කල්හි පාථිකා පුත්‍රයා සමීපයට ගොස් විචාළේය. ඔබ මෙබඳු කථාවක් කෙළේද? ඔව්. එය එසේ නම් බිය නොවන්න. විශ්වාසයෙන් නැවත නැවත එසේ කියව. මම ශ්‍රමණ ගෞතමයාගේ උපස්ථායකයෙකි. උන්වහන්සේගේ විෂය දනිමි. ඔබ සමග පෙළහර පෑමට නොහැකි වන්නේය. මම ශ්‍රවණ ගෞතමයන්ට කියා බිය උපදවා ඔහු වෙනින් තැනකට ගෙන යමි. ඔබ බිය නොවන්න. ඔහු සනසා භාග්‍යවතුන් වහන්සේ ලඟට ගියේය. එහෙයින් කියන ලදී. “යෙනායං තෙනුපසංකමි”. තං වාචං - ආදියෙහි මම අබුද්ධොව බුදුවීමියි හැසුරුනෙමි. නොවූ දෙයක් මම කීමි. මම බුදුනොවෙමි යි කියන්නේ ඒ වචනය දුරු කරයි. රහසිගතව හිඳ සිතන්නේ මම මෙපමණ කලක් අබුද්ධොව බුදුවීමයි හැසුරුණෙමි. මෙතැන් පටන් මම බුදු නොවේ යයි සිතන්නේ ඒ සිත දුරු කරයි. මම මෙපමණ කලක් බුදු නොවී බුදුවීමියි පවිටු දිටගෙන හැසිරුණෙමි. මෙතැන් පටන් එම දෘෂ්ඨිය අත්හරිමියි ඒ දෘෂ්ඨිය අත්හරියි නම්. මෙසේ නොකරන්නේ “ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ඨිය අත්නොහැර” යයි කියනු ලැබේ. විපතෙය්‍ය - නැට්ටෙන් මිදුණු තල්ගෙඩියක් මෙන් බෙල්ලෙන් වැටෙන්නේය. සත් කඩකට හෝ පැලෙන්නේය.

රක‍්ඛතෙතන‍්ති රක‍්ඛතු එතං. එකංසෙනාති නිප‍්පරියායෙන. ඔධාරිතාති භාසිතා. අචෙලො ච, භන‍්තෙ, පාථිකපුත‍්තොති එවං එකංසෙන භගවතො වාචාය ඔධාරිතාය සචෙ අචෙලො පාථිකපුත‍්තො. විරූපරූපෙනාති විගතරූපෙන විගච‍්ඡිතසභාවෙන රූපෙන අත‍්තනො රූපං පහාය අදිස‍්සමානෙන කායෙන. සීහබ්‍යග‍්ඝාදිවසෙන වා විවිධරූපෙන සම‍්මුඛීභාවං ආගච‍්ඡෙය්‍ය. තදස‍්ස භගවතො මුසාති එවං සන‍්තෙ භගවතො තං වචනං මුසා භවෙය්‍යාති මුසාවාදෙන නිග‍්ගණ‍්හාති. ඨපෙත්‍වා කිර එතං න අඤ‍්ඤෙන භගවා මුසාවාදෙන නිග‍්ගහිතපුබ‍්බොති.

රක්ඛතෙතං - මෙය රකීවා. එකංසෙන - ඒකාන්තයෙන් ඔවදිතා - කියන ලදී. අචෙලො ච භන්තෙ පාථික පුත්තො - මෙසේ ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් අවවාද දීමෙන්. ඉදින් අචෙල පාථික පුත්‍රයා. විරූප රූපෙන - වෙනස් වූ රූපයෙන්. පිළිකුල් වූ ස්වභාවයෙන් තමාගේ රූපය හැර අදෘෂ්‍යමාන ශරිරයෙන්, සිංහ ව්‍යාඝ්‍ර ස්වභාවයෙන් හෝ විවිධ වූ රූපයෙන් හමුවීමට එන්නේය. තදස්ස භගවතො මුසා - මෙසේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය බොරු වන්නේය. මුසාවාදයෙන් නිග්‍රහ කරයි. මෙය හැර අනිකකින් භාග්‍යවතුන් වහන්සේ මුසාවාදයෙන් නිග්‍රහ නොකළවිරීය.

ද‍්වයගාමිනීති සරූපෙන අත්‍ථිභාවං, අත්‍ථෙන නත්‍ථිභාවන‍්ති එවං ද‍්වයගාමිනී. අලිකතුච‍්ඡනිප‍්ඵලවාචාය එතං අධිවචනං.

ද්වයං ගාමිනී - ස්වරූපයෙන් අර්ථයෙන් ඇතිබව හා නැතිබව මෙසේ දෙයාකාර ගමන. බොරු හිස් නිෂ්ඵල වචනයෙන් යන්නට මෙය අධිවචනයකි.

අජිතොපි නාම ලිච‍්ඡවීනං සෙනාපතීති සො කිර භගවතො උපට‍්ඨාකො අහොසි, සො කාලමකාසි. අථස‍්ස සරීරකිච‍්චං කත්‍වා මනුස‍්සා පාථිකපුත‍්තං පුච‍්ඡිංසු “කුහිං නිබ‍්බත‍්තො සෙනාපතී”ති? සො ආහ – “මහානිරයෙ නිබ‍්බත‍්තො”ති. ඉදඤ‍්ච පන වත්‍වා පුන ආහ “තුම‍්හාකං සෙනාපති මම සන‍්තිකං ආගම‍්ම අහං තුම‍්හාකං වචනමකත්‍වා සමණස‍්ස ගොතමස‍්ස වාදං පතිට‍්ඨපෙත්‍වා නිරයෙ නිබ‍්බත‍්තොම‍්හී”ති පරොදිත්‍ථාති. තෙනුපසඞ‍්කමි දිවාවිහාරායාති එත්‍ථ “පාටිහාරියකරණත්‍ථායා”ති කස‍්මා න වදති? අභාවා. සම‍්මුඛීභාවොපි හිස‍්ස තෙන සද‍්ධිං නත්‍ථි, කුතො පාටිහාරියකරණං, තස‍්මා තථා අවත්‍වා “දිවාවිහාරායා”ති ආහ.

අජිතොපි නාම ලිච්ඡවීනං - සෙනාපතී - හේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වීය. හේ කලුරිය කෙළේය. ඉක්බිති ඔහුගේ සිරුර කිස කොට මිනිස්සු පාථික පුත්‍රගෙන් ඇසූහ. ඉපදුනේ කොහිද? සෙනාපති. හේ කීය. මහ නිරයෙහි ඉපදුණේය. මෙය කියා නැවත කීය. තොපහේ සෙනවිපතියා මා සමීපයට පැමිණ. මම ඔබගේ වචනය නොගෙන ශ්‍රමණ ගෞතමයන්ගේ වාදයෙහි පිහිටා නිරයේ ඉපදුනෙමියි ඇඬුවේය. තෙනුපසංකමි දිවාවිහාරාය - මෙහි ප්‍රාතිහාර්ය කිරීම සඳහා යයි කුමක් නිසා නොකීවේද? නැතිහෙයිනි. හමුවීමක් ද ඔහු සමග නැත. කුමන ප්‍රාතිහාර්ය කිරිමක්ද? එහෙයින් එසේ නොකියා ‘දිවා විහරණය’ යයි කීහ.

ඉද‍්ධිපාටිහාරියකථාවණ‍්ණනා

ගහපතිනෙචයිකාති ගහපති මහාසාලා. තෙසඤ‍්හි මහාධනධඤ‍්ඤනිචයො, තස‍්මා “නෙචයිකා”ති වුච‍්චන‍්ති. අනෙකසහස‍්සාති සහස‍්සෙහිපි අපරිමාණගණනා. එවං මහතිං කිර පරිසං ඨපෙත්‍වා සුනක‍්ඛත‍්තං අඤ‍්ඤො සන‍්නිපාතෙතුං සමත්‍ථො නත්‍ථි. තෙනෙව භගවා එත‍්තකං කාලං සුනක‍්ඛත‍්තං ගහෙත්‍වා විචරි.

ගහපති නෙචයිකා - ගෘහපති මහාසාලයෝ. ඔවුන්ගේ මහත් වූ ධන ධාන්‍ය රැස්කිරිම වේ. එහෙයින් “නෙචයිකා” යයි කියනු ලැබේ. අනෙක සහස්සා - දහසකින් ද ප්‍රමාණ කළ නොහැකි ගණන මෙසේ මහත් වූ පිරිස සුනක්ඛත්ත හැර අනිකෙක්ව රැස්කරවීමට සමර්ථ නොවේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ පෙමණ කලක් සුනක්ඛත්ත ගෙන හැසුරුණාහ.

භයන‍්ති චිත‍්තුත්‍රාසභයං. ඡම‍්භිතත‍්තන‍්ති සකලසරීරචලනං. ලොමහංසොති ලොමානං උද‍්ධග‍්ගභාවො. සො කිර චින‍්තෙසි – “අහං අතිමහන‍්තං කථං කථෙත්‍වා සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලෙන සද‍්ධිං පටිවිරුද‍්ධො, මය‍්හං ඛො පනබ‍්භන‍්තරෙ අරහත‍්තං වා පාටිහාරියකරණහෙතු වා නත්‍ථි, සමණො පන ගොතමො පාටිහාරියං කරිස‍්සති, අථස‍්ස පාටිහාරියං දිස‍්වා මහාජනො ‘ත්‍වං දානි පාටිහාරියං කාතුං අසක‍්කොන‍්තො කස‍්මා අත‍්තනො පමාණමජානිත්‍වා ලොකෙ අග‍්ගපුග‍්ගලෙන සද‍්ධිං පටිමල‍්ලො හුත්‍වා ගජ‍්ජසී’ති කට‍්ඨලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි විහෙඨෙස‍්සතී”ති. තෙනස‍්ස මහාජනසන‍්නිපාතඤ‍්චෙව තෙන භගවතො ච ආගමනං සුත්‍වා භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා උදපාදි. සො තතො දුක‍්ඛා මුච‍්චිතුකාමො තින්‍දුකඛාණුකපරිබ‍්බාජකාරාමං අගමාසි. තමත්‍ථං දස‍්සෙතුං අථ ඛො භගවාතිආදිමාහ. තත්‍ථ උපසඞ‍්කමීති න කෙවලං උපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පන දූරං අඩ‍්ඪයොජනන‍්තරං පරිබ‍්බාජකාරාමං පවිට‍්ඨො. තත්‍ථපි චිත‍්තස‍්සාදං අලභමානො අන‍්තන‍්තෙන ආවිජ‍්ඣිත්‍වා ආරාමපච‍්චන‍්තෙ එකං ගහනට‍්ඨානං උපධාරෙත්‍වා පාසාණඵලකෙ නිසීදි. අථ භගවා චින‍්තෙසි – “සචෙ අයං බාලො කස‍්සචිදෙව කථං ගහෙත්‍වා ඉධාගච‍්ඡෙය්‍ය, මා නස‍්සතු බාලො”ති “නිසින‍්නපාසාණඵලකං තස‍්ස සරීරෙ අල‍්ලීනං හොතූ”ති අධිට‍්ඨාසි. සහ අධිට‍්ඨානචිත‍්තෙන තං තස‍්ස සරීරෙ අල‍්ලීයි. සො මහාඅද‍්දුබන්‍ධනබද‍්ධො විය ඡින‍්නපාදො විය ච අහොසි.

භයං - සිතේ උත්‍රාසය. ඡමභිත්තං - සියළු සිරුර වෙව්ලීම. ලොමහංසො - ලොම් කෙලින් සිටීම. හේ වනාහි සිතීය. මම ඉතා විශාල කථාවක් කොට දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයකු සමග ප්‍රාතිහාර්ය දැක මහජනයා ඔබ ප්‍රාතිහාර්ය කිරීමට නොහැකි වන්නේ කුමක් හෙයින් තමාගේ ප්‍රමාණය නොදැන ලෝකයෙහි අග්‍ර පුද්ගලයකු සමග ප්‍රතිමල්ලව වී ගර්ජනා කෙළෙහිද? කැට කැබලිති දඬුවලින් මට තලන්නේ යයි එයින් ඔහුට මහාජන සන්නිපාතය හා භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අසා භය වෙලීම ලොමු දැහැගැන්ම ඇතිවිය. හේ ඒ දුකින් මිදෙනු කැමත්තේ තින්දුකඛානුක පිරිවැජි අරමට ගියේය. එම අදහස් දැක්වීම සඳහා “අථඛො භගවා” යනාදිය කීය. එහි උපසංකමි - හුදෙක් නොකර එළඹියා නොවේ. එළඹ වනාහි පිරිවැජි අරමට අඩ යොදුනක් අතරෙහි පිවිසියේ, එහි සිතට ආශ්වාදයක් නොලබන්නේ අතිශයින්ම කැළඹී ආරාමය පිටුපස එක් ගොටුවක් සලකා ගැල්ලෑල්ලක හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිතූහ. ඉදින් මේ මෝඩයා කිසිවෙකුගේ කථාව අසා මෙහි එන්නේ නම් මෝඩයා නොනැසේවායි හුන් ගල්ලෑල්ල ඔහුගේ ශරීරයෙහි ඇලේවායි අධිෂ්ඨාන කළහ. අධිෂ්ඨාන සිත සමග එහි ඔහුගේ ශරීරයෙහි ඇලුනේය. හේ මහා දම්වැලකින් බැදුනාක් මෙන් සිදුණු පා ඇත්තකු මෙන් ද විය.

අස‍්සොසීති ඉතො චිතො ච පාථිකපුත‍්තං පරියෙසමානා පරිසා තස‍්ස අනුපදං ගන‍්ත්‍වා නිසින‍්නට‍්ඨානං ඤත්‍වා ආගතෙන අඤ‍්ඤතරෙන පුරිසෙන “තුම‍්හෙ කං පරියෙසථා”ති වුත‍්තෙ පාථිකපුත‍්තන‍්ති. සො “තින්‍දුකඛාණුකපරිබ‍්බාජකාරාමෙ නිසින‍්නො”ති වුත‍්තවචනෙන අස‍්සොසි.

අස්සොසි - පාථික පුත්‍රයා එහෙ මෙහෙ සොයන පිරිස ඔහුගේ පා අනුව ගොස් හිඳින තැන දැන පැමිණ එක්තරා පුරුෂයෙකු විසින් ඔබ කවුරු සොයන්නේද? පාථික පුත්‍රයා තින්දුකබානුක පිරිවැජි අරමෙහි හුන්නේයයි කී වචනයෙන් ඇසීය.

සංසප‍්පතීති ඔසීදති. තත්‍ථෙව සඤ‍්චරති. පාවළා වුච‍්චති ආනිසදට‍්ඨිකා.

සංසප්පති - ගිලෙයි. එහිම හැසිරෙයි. පාවුලා - තට්ටම් දෙක යයි කියනු ලැබේ.

පරාභූතරූපොති පරාජිතරූපො, විනට‍්ඨරූපො වා.

පරාභූත රූපො - පැදුණු රූපය, විනාශ වූ රූපය හෝ

ගොයුගෙහීති ගොයුත‍්තෙහි සතමත‍්තෙහි වා සහස‍්සමත‍්තෙහි වා යුගෙහි. ආවිඤ‍්ඡෙය්‍යාමාති ආකඩ‍්ඪෙය්‍යාම. ඡිජ‍්ජෙය්‍යුන‍්ති ඡින්‍දෙය්‍යුං. පාථිකපුත‍්තො වා බන්‍ධට‍්ඨානෙ ඡිජ‍්ජෙය්‍ය.

ගො යුගෙහි - ගොනුන් යුත්. සියයකින් හෝ දහසකින් හෝ යුගයෙහි ආචිජෙඣය්‍ය මා - අදිනු ලබන්නෙමු. ඡිජ්ජෙරං - කැඩෙන්නේය. පාථික පුත්‍රයා බැන්ද තැන හෝ කැඩෙන්නේය.

දාරුපත‍්තිකන‍්තෙවාසීති දාරුපත‍්තිකස‍්ස අන‍්තෙවාසී. තස‍්ස කිර එතදහොසි “තිට‍්ඨතු තාව පාටිහාරියං, සමණො ගොතමො ‘අචෙලො පාථිකපුත‍්තො ආසනාපි න වුට‍්ඨහිස‍්සතී’ති ආහ. හන්‍දාහං ගන‍්ත්‍වා යෙන කෙනචි උපායෙන තං ආසනා වුට‍්ඨාපෙමි. එත‍්තාවතා ච සමණස‍්ස ගොතමස‍්ස පරාජයො භවිස‍්සතී”ති. තස‍්මා එවමාහ.

දාරු පත්තිකන්තෙවාසි - දර ගෙන යන්නෙකුගේ අතවැසියෙක්. ඔහුට වනාහි මෙබඳු අදහසෙක් විය. ප්‍රාතිහාර්ය තිබියේය. ශ්‍රමණ භවත් ගෞතමයා අචල පාථික පුත්‍රයා ආසන්නයෙන්වත් නො නැගිටින්නේ යයි කීහ. මම ගොස් යම්කිසි උපායකින් ඔහු ආසනයෙන් නැගිටුවමි. එපමණකින් ශ්‍රමණ ගෞතමයාව පරාජය වන්නේය. එහෙයින් මෙසේ කීය.

සීහස‍්සාති චත‍්තාරො සීහා තිණසීහො ච කාළසීහො ච පණ‍්ඩුසීහො ච කෙසරසීහො ච. තෙසං චතුන‍්නං සීහානං කෙසරසීහො අග‍්ගතං ගතො, සො ඉධාධිප‍්පෙතො. මිගරඤ‍්ඤොති සබ‍්බචතුප‍්පදානං රඤ‍්ඤො. ආසයන‍්ති නිවාසං. සීහනාදන‍්ති අභීතනාදං. ගොචරාය පක‍්කමෙය්‍යන‍්ති ආහාරත්‍ථාය පක‍්කමෙය්‍යං. වරං වරන‍්ති උත‍්තමුත‍්තමං, ථූලං ථූලන‍්ති අත්‍ථො. මුදුමංසානීති මුදූනි මංසානි. “මධුමංසානී”තිපි පාඨො, මධුරමංසානීති අත්‍ථො. අජ‍්ඣුපෙය්‍යන‍්ති උපගච‍්ඡෙය්‍යං. සීහනාදං නදිත්‍වාති යෙ දුබ‍්බලා පාණා, තෙ පලායන‍්තූති අත‍්තනො සූරභාවසන‍්නිස‍්සිතෙන කාරුඤ‍්ඤෙන නදිත්‍වා.

සීහස්ස - සිංහයෝ සතර දෙනෙකි. තිණ සීහ, කාලසීහ, පණ්ඩු සීහ කේසර සීහ යනුවෙනි. ඒ සිංහයෝ හතර දෙනාගෙන් කේසර සිංහයා උතුම් බවට ගියේය. ඔහු මෙහි අදහස් කරයි. මිගරඤ්ඤො - සියළු සිවුපාවුන්ගේ රජුය. ආසයං - නිවස, සීහනාදං - අභීත නාදය. ගොචරාය පක්කමෙය්‍ය - ආහාරය සඳහා පිටත් වන්නේය. වරං වරං - උත්තම උත්තමා මහත් මහත් වූ. මුදු මසෙහි - මෘදු වූ මස්. මධුමාංස ය ද පාඨයකි. මිහිරි මස් යනු අර්ථය වේ. අජඣුපෙය්‍ය - යන්නෙ නම් සීහනාදං නදිත්වා දුර්වල සතුන් පලායෙත්වා, තමාගේ සුරභාවය නිසා කරුණාවෙන් නාද කොට.

විඝාසසංවඩ‍්ඪොති විඝාසෙන සංවඩ‍්ඪො, විඝාසං භක‍්ඛිතා තිරිත‍්තමංසං ඛාදිත්‍වා වඩ‍්ඪිතො. දිත‍්තොති දප‍්පිතො ථූලසරීරො. බලවාති බලසම‍්පන‍්නො. එතදහොසීති කස‍්මා අහොසි? අස‍්මිමානදොසෙන.

විඝාස සංවඩ්ඪො - කා ඉතිරි දෙයින් වැඩුනේ. දිත්තො - ආඩම්බරව, ස්ථුල ශරීරයද. බලවා - බලසම්පන්න. ඒතදහෝසි - කුමක් හෙයින් ඇතිවීද? තමා යන මාන දෝසයෙන්.

තත්‍රායං අනුපුබ‍්බිකථා – එකදිවසං කිර සො සීහො ගොචරතො නිවත‍්තමානො තං සිඞ‍්ගාලං භයෙන පලායමානං දිස‍්වා කාරුඤ‍්ඤජාතො හුත්‍වා “වයස, මා භායි, තිට‍්ඨ කො නාම ත්‍ව”න‍්ති ආහ. ජම‍්බුකො නාමාහං සාමීති. වයස, ජම‍්බුක, ඉතො පට‍්ඨාය මං උපට‍්ඨාතුං සක‍්ඛිස‍්සසීති. උපට‍්ඨහිස‍්සාමීති. සො තතො පට‍්ඨාය උපට‍්ඨාති. සීහො ගොචරතො ආගච‍්ඡන‍්තො මහන‍්තං මහන‍්තං මංසඛණ‍්ඩං ආහරති. සො තං ඛාදිත්‍වා අවිදූරෙ පාසාණපිට‍්ඨෙ වසති. සො කතිපාහච‍්චයෙනෙව ථූලසරීරො මහාඛන්‍ධො ජාතො. අථ නං සීහො අවොච – “වයස, ජම‍්බුක, මම විජම‍්භනකාලෙ අවිදූරෙ ඨත්‍වා ‘විරොච සාමී’ති වත‍්තුං සක‍්ඛිස‍්සසී”ති. සක‍්කොමි සාමීති. සො තස‍්ස විජම‍්භනකාලෙ තථා කරොති. තෙන සීහස‍්ස අතිරෙකො අස‍්මිමානො හොති.

එහි පිළිවෙල කතාව මෙසේය. එක් දවසක් ඒ සිංහයා ගොදුරෙන් නැවතුනේ බියෙන් පලායන ඒ සිවලා දැක කරුණාව ඇති වී, යහළුව බිය නොවන්න. සිටින්න. ඔබ කවුදැයි ඇසීය. ස්වාමීනි මම ජම්බුකයෙක්මි. යහළුව ජම්බුකය, මෙතැන් පටන් මට උපස්ථාන කරන්ට හැකිවෙයිද? ස්වාමීනි උපස්ථාන කරමි. හේ එතැන් පටන් උපස්ථාන කරයි. සිංහයා ගොදුරු ගෙන එන්නේ මහත් මහත් මස් කැබලි ගෙනෙයි. හේ ඒවා ගිලදමා නුදුරු ගලාවෙහි වසයි. කීප දිනකින් ථූල ශරීරව මහත් ස්කන්ධයක් ඇතිවිය. ඉක්බිති සිංහයා ඔහුට කීහ. යහළු ජම්බුකය, මම ඇඟ ප්‍රාණවත් කරන වෙලාවේ ලඟ සිට ස්වාමි බැබළේවා ස්වාමි බැබළේවා කියන්ට හැකිවෙයිද? ස්වාමීනි හැකිවන්නෙමි. හේ සිංහයා ඇඟ කිලිපොලන කාලයෙහි එසේ කරයි. එයින් සිංහයාගේ අතිරේකව තමා ගැන මානයක් ඇතිවිය.

අථෙකදිවසං ජරසිඞ‍්ගාලො උදකසොණ‍්ඩියං පානීයං පිවන‍්තො අත‍්තනො ඡායං ඔලොකෙන‍්තො අද‍්දස අත‍්තනො ථූලසරීරතඤ‍්චෙව මහාඛන්‍ධතඤ‍්ච. දිස‍්වා ‘ජරසිඞ‍්ගාලොස‍්මී’ති මනං අකත්‍වා “අහම‍්පි සීහො ජාතො”ති මඤ‍්ඤි. තතො අත‍්තනාව අත‍්තානං එතදවොච – “වයස, ජම‍්බුක, යුත‍්තං නාම තව ඉමිනා අත‍්තභාවෙන පරස‍්ස උච‍්ඡිට‍්ඨමංසං ඛාදිතුං, කිං ත්‍වං පුරිසො න හොසි, සීහස‍්සාපි චත‍්තාරො පාදා ද‍්වෙ දාඨා ද‍්වෙ කණ‍්ණා එකං නඞ‍්ගුට‍්ඨං, තවපි සබ‍්බං තථෙව, කෙවලං තව කෙසරභාරමත‍්තමෙව නත්‍ථී”ති. තස‍්සෙවං චින‍්තයතො අස‍්මිමානො වඩ‍්ඪි. අථස‍්ස තෙන අස‍්මිමානදොසෙන එතං “කො චාහ”න‍්තිආදි මඤ‍්ඤිතමහොසි. තත්‍ථ කො චාහන‍්ති අහං කො, සීහො මිගරාජා කො, න මෙ ඤාති, න සාමිකො, කිමහං තස‍්ස නිපච‍්චකාරං කරොමීති අධිප‍්පායො. සිඞ‍්ගාලකංයෙවාති සිඞ‍්ගාලරවමෙව. භෙරණ‍්ඩකංයෙවාති අප‍්පියඅමනාපසද‍්දමෙව. කෙ ච ඡවෙ සිඞ‍්ගාලෙති කො ච ලාමකො සිඞ‍්ගාලො. කෙ පන සීහනාදෙති කො පන සීහනාදො සිඞ‍්ගාලස‍්ස ච සීහනාදස‍්ස ච කො සම‍්බන්‍ධොති අධිප‍්පායො. සුගතාපදානෙසූති සුගතලක‍්ඛණෙසු. සුගතස‍්ස සාසනසම‍්භූතාසු තීසු සික‍්ඛාසු. කථං පනෙස තත්‍ථ ජීවති? එතස‍්ස හි චත‍්තාරො පච‍්චයෙ දදමානා සීලාදිගුණසම‍්පන‍්නානං සම‍්බුද‍්ධානං දෙමාති දෙන‍්ති, තෙන එස අබුද‍්ධො සමානො බුද‍්ධානං නියාමිතපච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තො සුගතාපදානෙසු ජීවති නාම. සුගතාතිරිත‍්තානීති තෙසං කිර භොජනානි දදමානා බුද‍්ධානඤ‍්ච බුද‍්ධසාවකානඤ‍්ච දත්‍වා පච‍්ඡා අවසෙසං සායන‍්හසමයෙ දෙන‍්ති. එවමෙස සුගතාතිරිත‍්තානි භුඤ‍්ජති නාම. තථාගතෙති තථාගතං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං ආසාදෙතබ‍්බං ඝට‍්ටයිතබ‍්බං. අථ වා “තථාගතෙ”තිආදීනි උපයොගබහුවචනානෙව. ආසාදෙතබ‍්බන‍්ති ඉදම‍්පි බහුවචනමෙව එකවචනං විය වුත‍්තං. ආසාදනාති අහං බුද‍්ධෙන සද‍්ධිං පාටිහාරියං කරිස‍්සාමීති ඝට‍්ටනා.

ඉක්බිති දිනක ජර සිවලා ජල කෙමියක පැන් බොන්නේ තමාගේ ඡායාව බලන්නේ තමාගේ ස්ථුල ශරීරය ද මහත් කඳ ද දැක්කේය. දැක ජර සිගාල යයි නොසිතා මම ද සිංහයෙක් වීමියි සිතීය. ඉක්බිති තමා තමාටම මෙසේ කීය. යහළු ජම්බුකය, ඔබ මේ ආත්මභාවයේ අනුන්ගේ ඉඳුල්කෑම යුතුද? කිම ඔබ පුරුෂයෙක් නොවේද? සිංහයාටද පා සතරකි. දළ දෙකකි. කන් දෙකකි. එක නගුටකි. ඔබට ද ඒ සියල්ල ඇත. හුදෙක් ඔබට කේසර පමණක් නැත. එසේ සිතනවිට මානය වැඩිණි. ඉක්බිති ඔහුට ඒ මාන දෝෂයෙන් මේ “කොචාහං” ආදි හැඟීම් ඇතිවිය. කොචාහං - මම කවුද? සිංහ මහරජු කවුද? මගේ නෑයෙක් නොවේ. මගේ ස්වාමියා නොවේ. ඇයි මම ඔහුට යටත් පහත් වන්නේ යන අදහසයි. සිගාලකං යෙව - සිගාල ශබ්දයම. භෙරණ්ඩකං යෙව - අප්‍රිය අමනාප ශබ්දයම, කො ච ඡවෙ සිගාලො - ලාමක සිවලා කවුද? කොපන සීහනාදො? සිංහ නාදය කොහෙද? සිවලාගේ ද සිංහ නාදයේ ද සම්බන්ධය කුමක්ද යන අදහසයි. සුගතාපදානෙසු - සුගත ලක්‍ෂණවල. සුගතයන්ගේ අනුශාසනාව වූ ත්‍රිවිධ ශික්ෂාවෙහි. මෙහි එහි කෙසේ නම් ජීවත් වේද? ඔහුට වනාහි සිව්පසය දෙමින් සීලාදි ගුණ සම්පන්න බුද්ධාදීන්ට දෙමුයි දෙති. ඔවුන් මොහු අබුද්ධව බුද්ධාදීන්ට නියමිත ප්‍රත්‍ය වළඳන්නේ සුගත චරිතයන්හි ජීවත් වෙති. සුගතානි රිත්තානි - ඔවුන් වනාහි භෝජනාදිය දෙන්නේ බුදුන්ට ද බුද්ධ ශ්‍රාවකයින් ට ද දී පසුව ඉතිරි ඒවා හවස් යාමයෙහි දෙති. මෙසේ සුගතාතිරිත්ත වළඳයි නම් වේ. තථාගතො - තථාගත, අරහත් සම්බුදුන් අපහාස කළ යුතුය. ගැටිය යුතුය. නොහොත් තථාගත යනාදිය කර්ම වචනමය. ආසාදෙ තබ්බං මෙයද බහුවචනම වේ. ඒක වචන මෙන් කියන ලදී. ආසාදනා - මම බුදුන් සමග ප්‍රාතිහාර්ය කරන්නෙමි. ගැනෙන්නෙමි.

සමෙක‍්ඛියානාති සමෙක‍්ඛිත්‍වා, මඤ‍්ඤිත්‍වාති අත්‍ථො. අමඤ‍්ඤීති පුන අමඤ‍්ඤිත්‍ථ කොත්‍ථූති සිඞ‍්ගාලො.

සමෙක්ඛියානං - සමාන කොට බලා සිතා යන අර්ථයයි. අමඤ්ඤි - නැවත සිතීය. කොත්ථු - සිවලා.

අත‍්තානං විඝාසෙ සමෙක‍්ඛියාති සොණ‍්ඩියං උච‍්ඡිට‍්ඨොදකෙ ථූලං අත‍්තභාවං දිස‍්වා. යාව අත‍්තානං න පස‍්සතීති යාව අහං සීහවිඝාසසංවඩ‍්ඪිතකො ජරසිඞ‍්ගාලොති එවං යථාභූතං අත‍්තානං න පස‍්සති. බ්‍යග‍්ඝොති මඤ‍්ඤතීති සීහොහමස‍්මීති මඤ‍්ඤති, සීහෙන වා සමානබලො බ්‍යග‍්ඝොයෙව අහන‍්ති මඤ‍්ඤති.

අත්තානං විඝාසෙ සමෙක්ඛිය ගල්කෙමෙහි ඉඳුල් වතුරෙහි ස්ථුල ශරීර බලා. යාවත්තනාං න පස්සති - මම සිංහයාගේ ඉඳුල් වලින් වැඩුණු ජර සිවලා යයි යථාර්ථ වූ තමා නොදකී. ව්‍යග්ඝොති මඤ්ඤෙ - සිංහයෙක් විය සිතයි. සිංහයා හා සමාන බල ඇති මම ව්‍යාඝ්‍රයෙක් වෙමියි සිතයි.

භුත්‍වාන භෙකෙති ආවාටමණ‍්ඩූකෙ ඛාදිත්‍වා. ඛලමූසිකායොති ඛලෙසු මූසිකායො ච ඛාදිත්‍වා. කටසීසු ඛිත‍්තානි ච කොණපානීති සුසානෙසු ඡඩ‍්ඩිතකුණපානි ච ඛාදිත්‍වා. මහාවනෙති මහන‍්තෙ වනස‍්මිං. සුඤ‍්ඤවනෙති තුච‍්ඡවනෙ. විවඩ‍්ඪොති වඩ‍්ඪිතො. තථෙව සො සිඞ‍්ගාලකං අනදීති එවං සංවඩ‍්ඪොපි මිගරාජාහමස‍්මීති මඤ‍්ඤිත්‍වාපි යථා පුබ‍්බෙ දුබ‍්බලසිඞ‍්ගාලකාලෙ, තථෙව සො සිඞ‍්ගාලරවංයෙව අරවීති. ඉමායපි ගාථාය භෙකාදීනි භුත්‍වා වඩ‍්ඪිතසිඞ‍්ගාලො විය ලාභසක‍්කාරගිද‍්ධො ත්‍වන‍්ති පාථිකපුත‍්තමෙව ඝට‍්ටෙසි.

භුත්වාන භෙකෙ - වලවල්වල ගෙම්බන් කා. ඛල මුසිකායො - කලවිටෙහි මීයන් කා. සුසානෙ ඛිත්තානි ච කොණුපානී - සොහොනෙහි දමන ලද කුණප කා. මහාවනෙ - මහ වනයෙහි. සුඤ්ඤවනෙ - හිස් වනයෙහි. විවඩ්ඪො - වැඩුනේ. තථෙව සො සිගාලකං අනදි - මෙසේ වැඩුනේ ද මිගරජ මම යයි සිතා ද පෙර දුර්වල කාලයෙහි මෙන් එසේම සිවල් හඬම නැගීය. මේ ගාථාවෙන් ද ගෙඹි ආදීන් කා වැඩුණු සිවලා මෙන් ලාභ සත්කාරයට ගිජු වූ ඔබ පාථික පුත්‍රයාම ගැටිය.

නාගෙහීති හත්‍ථීහි. මහාබන්‍ධනාති මහතා කිලෙසබන්‍ධනා මොචෙත්‍වා. මහාවිදුග‍්ගාති මහාවිදුග‍්ගං නාම චත‍්තාරො ඔඝා. තතො උද‍්ධරිත්‍වා නිබ‍්බානථලෙ පතිට‍්ඨපෙත්‍වා.

ඇතුන් විසින්. මහා බන්ධනා - මහත් කෙලෙස් බැම්මෙන් මිදී මහාවිදුග්ගා - මහා විදුර්ග නම් සතර ඕඝ, ඒවායින් එතර වී නිවන් තලයෙහි පිහිටුවා.

අග‍්ගඤ‍්ඤපඤ‍්ඤත‍්තිකථාවණ‍්ණනා

ඉති “භගවා එත‍්තකෙන කථාමග‍්ගෙන පාටිහාරියං න කරොතී”ති පදස‍්ස අනුසන්‍ධිං දස‍්සෙත්‍වා ඉදානි “න අග‍්ගඤ‍්ඤං පඤ‍්ඤාපෙතී”ති ඉමස‍්ස අනුසන්‍ධිං දස‍්සෙන‍්තො අග‍්ගඤ‍්ඤඤ‍්චාහන‍්ති දෙසනං ආරභි. තත්‍ථ අග‍්ගඤ‍්ඤඤ‍්චාහන‍්ති අහං, භග‍්ගව, අග‍්ගඤ‍්ඤඤ‍්ච පජානාමි ලොකුප‍්පත‍්තිචරියවංසඤ‍්ච. තඤ‍්ච පජානාමීති න කෙවලං අග‍්ගඤ‍්ඤමෙව, තඤ‍්ච අග‍්ගඤ‍්ඤං පජානාමි. තතො ච උත‍්තරිතරං සීලසමාධිතො පට‍්ඨාය යාව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණා පජානාමි. තඤ‍්ච පජානං න පරාමසාමීති තඤ‍්ච පජානන‍්තොපි අහං ඉදං නාම පජානාමීති තණ‍්හාදිට‍්ඨිමානවසෙන න පරාමසාමි. නත්‍ථි තථාගතස‍්ස පරාමාසොති දීපෙති. පච‍්චත‍්තඤ‍්ඤෙව නිබ‍්බුති විදිතාති අත‍්තනායෙව අත‍්තනි කිලෙසනිබ‍්බානං විදිතං. යදභිජානං තථාගතොති යං කිලෙසනිබ‍්බානං ජානන‍්තො තථාගතො. නො අනයං ආපජ‍්ජතීති අවිදිතනිබ‍්බානා තිත්‍ථියා විය අනයං දුක‍්ඛං බ්‍යසනං නාපජ‍්ජති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ කථාමාර්ගයෙන් ප්‍රාතිහාර්ය නොකෙර් යයි පදයේ අනුසන්ධිය දක්වා දැන් “අග්‍රබව නොපනවමි”යි මේ අනුසන්ධිය දක්වන්නේ “අග්ගඤ්ඤං වාහං” යන දේශනාව ඇරඹූහ. එහි අග්ගඤ්ඤං වාහං - භාර්ගව, මම අග්‍රබව දනිමි. ලොකෝත්පත්ති හැසිරීම් පරම්පරාව ද දනිමි. තං ච පජානාමි - අග්ගඤ්ඤය පමණක් නොව ඒ අග්ගඤ්ඤය ද ඊට උත්තරීතර වූ සීල සමාධිවල සිට සර්වඥ ඥානය දක්වා දනිමි. තං ච පජානං න පරාමසාමි - එය ද දැනගන්නේ මම මෙය දනිමියි තෘෂ්ණ දෘෂ්ටි මාන වශයෙන් පරාමර්ෂණය නොකරමි. තථාගතයන්ට පරමාසයක් නැතැයි දක්වති. පච්චත්තංයෙව නිබ්බුති විදිතා - තමාම තමා කෙරෙහි වූ කෙලෙස් නිවීම දැන ගන්නා ලදී. යදහි ජානං තථාගතො - යම් කෙලෙස් නිවුමක් දැන ගන්නේ තථාගතයන් වහන්සේ. නො අනයං ආපජ්ජති - නිවන නොදත් තීර්ථකයන් මෙන් විපත් දුක් ව්‍යසනවලට නො පැමිණෙති.

ඉදානි යං තං තිත්‍ථියා අග‍්ගඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති, තං දස‍්සෙන‍්තො සන‍්ති භග‍්ගවාතිආදිමාහ. තත්‍ථ ඉස‍්සරකුත‍්තං බ්‍රහ‍්මකුත‍්තන‍්ති ඉස‍්සරකතං බ්‍රහ‍්මකතං, ඉස‍්සරනිම‍්මිතං බ්‍රහ‍්මනිම‍්මිතන‍්ති අත්‍ථො. බ්‍රහ‍්මා එව හි එත්‍ථ ආධිපච‍්චභාවෙන ඉස‍්සරොති වෙදිතබ‍්බො. ආචරියකන‍්ති ආචරියභාවං ආචරියවාදං. තත්‍ථ ආචරියවාදො අග‍්ගඤ‍්ඤං. අග‍්ගඤ‍්ඤං පන එත්‍ථ දෙසිතන‍්ති කත්‍වා සො අග‍්ගඤ‍්ඤං ත්‍වෙව වුත‍්තො. කථං විහිතකන‍්ති කෙන විහිතං කින‍්ති විහිතං. සෙසං බ්‍රහ‍්මජාලෙ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බං.

දැන් තීර්ථකයෝ යම් අග්ගඤ්ඤ බවක් පනවත් ද එය දක්වන්නේ “සන්ති භග්ගවා” යනාදිය කීහ. එහි ඉස්සර කුත්තං බ්‍රහ්ම කුත්තං - ඊශ්වරයා කළ. බ්‍රහ්මයා කළ, ඊශ්වරයා නිර්මාණය කළ බ්‍රහ්මයා නිර්මාණය කළ යන අර්ථයයි. බ්‍රහ්මයාම මෙනි ආධිපත්‍ය භවයෙන් ඊශ්වර යයි දත යුතුය. ආචරියකං - ආචාර්ය භාවය. ආචරිය වාදය. එහි ආචරිය වාද අග්ගඤ්ඤයන් නැත. අග්ගඤ්ඤය වනාහි මෙහි දේශනා කරන ලදැයි එය ද අග්ගඤ්ඤයෙහි ම කියන ලදී. කුමකින් යෙදුනේද? කිම පිළියෙළ වීද. සෙස්ස බ්‍රහ්මජාලයෙහි විස්තර කළ නයින් ම දත යුතුය.

ඛිඩ‍්ඩාපදොසිකන‍්ති ඛිඩ‍්ඩාපදොසිකමූලං.

ඛිඩ්ඩා පදුසිකං - ඛිඩ්ඩා පදුසික මුල් ඇති.

අසතාති අවිජ‍්ජමානෙන, අසංවිජ‍්ජමානට‍්ඨෙනාති අත්‍ථො. තුච‍්ඡාති තුච‍්ඡෙන අන‍්තොසාරවිරහිතෙන. මුසාති මුසාවාදෙන. අභූතෙනාති භූතත්‍ථවිරහිතෙන. අබ‍්භාචික‍්ඛන‍්තීති අභිආචික‍්ඛන‍්ති. විපරීතොති විපරීතසඤ‍්ඤො විපරීතචිත‍්තො. භික‍්ඛවො චාති න කෙවලං සමණො ගොතමොයෙව, යෙ ච අස‍්ස අනුසිට‍්ඨිං කරොන‍්ති, තෙ භික‍්ඛූ ච විපරීතා. අථ යං සන්‍ධාය විපරීතොති වදන‍්ති, තං දස‍්සෙතුං සමණො ගොතමොතිආදි වුත‍්තං. සුභං විමොක‍්ඛන‍්ති වණ‍්ණකසිණං. අසුභන‍්ත්‍වෙවාති සුභඤ‍්ච අසුභඤ‍්ච සබ‍්බං අසුභන‍්ති එවං පජානාති. සුභන‍්ත්‍වෙව තස‍්මිං සමයෙති සුභන‍්ති එව ච තස‍්මිං සමයෙ පජානාති, න අසුභං. භික‍්ඛවො චාති යෙ තෙ එවං වදන‍්ති, තෙසං භික‍්ඛවො ච අන‍්තෙවාසිකසමණා විපරීතා. පහොතීති සමත්‍ථො පටිබලො.

අසතා - අවිද්‍යමානයෙන්, සංවිද්‍යමාන නොවූ යන අර්ථයයි. තුච්ඡා හිස් වූ කෙළවර, සාර විරහිතයෙන් මුසා - මුසාවාදෙයන්. අභූතෙන - ඇති බවත් නොමැතිවීමෙන්. අබ්භාචික්ඛන්ති - අභි ආචික්ඛන්ති අසත්‍ය දෙයින් දොස් නගති. විපරීතො - විපරීත සංඥාව, විපරීත සිත. භික්ඛවො ච ශ්‍රමණ පමණක් නොව ගෞතමයාමද යමෙක් ගැලපීම් කෙරෙත් ද, ඒ භික්ෂූහු ද විපරීතය. ඉක්බිති, යමකු සඳහා විපරීත යයි කියත්ද ඔහු දැක්වීමට “සමණො ගොතමො” යනාදිය කියන ලදී. සුභං විමොක්ඛමං - වර්ණ කසිණ. සුභාත්තෙව - සුබ ද අසුබ ද සියල්ල සුබයයි හැඳින ගනී. සුභාත්තෙව තස්මිං සමයෙ සංජානාති - සුබම යයි ද එසමයෙහි දැනගනී. අසුබ නොවේ යයි දැනගනී. භික්ඛවො ච - යමෙක් මෙසේ කියති. ඔවුන්ට භික්ෂූහු අන්තෙවාසික ශ්‍රමණයෝ විපරිතය. වෙනස් වේ. පහොසි - සමර්ථ, ප්‍රතිබල.

දුක‍්කරං ඛොති අයං පරිබ‍්බාජකො යදිදං “එවංපසන‍්නො අහං, භන‍්තෙ”තිආදිමාහ, තං සාඨෙය්‍යෙන කොහඤ‍්ඤෙන ආහ. එවං කිරස‍්ස අහොසි – “සමණො ගොතමො මය‍්හං එත‍්තකං ධම‍්මකථං කථෙසි, තමහං සුත්‍වාපි පබ‍්බජිතුං න සක‍්කොමි, මයා එතස‍්ස සාසනං පටිපන‍්නසදිසෙන භවිතුං වට‍්ටතී”ති. තතො සො සාඨෙය්‍යෙන කොහඤ‍්ඤෙන එවමාහ. තෙනස‍්ස භගවා මම‍්මං ඝට‍්ටෙන‍්තො විය “දුක‍්කරං ඛො එතං, භග‍්ගව තයා අඤ‍්ඤදිට‍්ඨිකෙනා”තිආදිමාහ. තං පොට‍්ඨපාදසුත‍්තෙ වුත‍්තත්‍ථමෙව. සාධුකමනුරක‍්ඛාති සුට‍්ඨු අනුරක‍්ඛ.

දුක්ඛරං ඛො - මේ පිරිවැජියා මෙසේ පැහැදුනේ ස්වාමීනි මම යනාදිය කීය. එය සඨබවින් කුහකබවින් කීය. මෙසේ ඔහුට අදහසෙක් විය. ශ්‍රමණ ගෞතමයා මට මෙපමණ ධර්ම කථා කීවේය. මම එය අසා ද පැවිදි වීමට නොහැකි වෙමි. මවිසින් මේ සාසනයට පිළිපන්නකු සේ වීමට වටී යයි එයින් ඔහු කට්ට බැවින් කුහක බැවින් මෙසේ කීය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහුට මම ගැටෙන්නේ මෙන් භාර්ගවය මෙය දුෂ්කරය. අන්‍ය දෘෂ්ඨිකයකු වූ ඔබ විසින් යනාදිය කීහ. එය පොට්ඨපාද සූත්‍රයෙහි කියන ලද අර්ථයම වේ. සාධුකමනුරක්ඛ - රැකීම යහපත්.

ඉති භගවා පසාදමත‍්තානුරක‍්ඛණෙ පරිබ‍්බාජකං නියොජෙසි. සොපි එවං මහන‍්තං සුත‍්තන‍්තං සුත්‍වාපි නාසක‍්ඛි කිලෙසක‍්ඛයං කාතුං. දෙසනා පනස‍්ස ආයතිං වාසනාය පච‍්චයො අහොසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රසාද මාත්‍රය රැකීමෙහි පිරිවැජියා යෙදවූහ. හේ ද මෙසේ මහත් වූ සූත්‍රාන්තයක් අසාද කෙලෙසුන් නැසීමට නොහැකි විය. දේශනාව වනාහි මතු වාසනාව සඳහා ප්‍රත්‍ය විය. සෙසු සියල්ල නොගැඹුරු වේ.

සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය පාථිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පාටික සූත්‍ර වර්ණනාව නිමි.