යෙදුමෙන් කියවන්න

2. උදුම‍්බරිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

2. උදුම‍්බරිකසුත‍්තවණ‍්ණනා

2. උදුම්බරික සූත්‍ර වර්ණනාව

නිග්‍රොධපරිබ‍්බාජකවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුතන‍්ති උදුම‍්බරිකසුත‍්තං. තත්‍රායමපුබ‍්බපදවණ‍්ණනා – පරිබ‍්බාජකොති ඡන‍්නපරිබ‍්බාජකො. උදුම‍්බරිකාය පරිබ‍්බාජකාරාමෙති උදුම‍්බරිකාය දෙවියා සන‍්තකෙ පරිබ‍්බාජකාරාමෙ. සන්‍ධානොති තස‍්ස නාමං. අයං පන මහානුභාවො පරිවාරෙත්‍වා විචරන‍්තානං පඤ‍්චන‍්නං උපාසකසතානං අග‍්ගපුරිසො අනාගාමී භගවතා මහාපරිසමජ‍්ඣෙ එවං සංවණ‍්ණිතො –

මා මෙසේ අසන ලදී යනු උදුම්බරික සුත්‍රයයි. මේ එහි පෙර නොවූ පද වර්ණනාවයි. පරිබ්බාජකො - ඡන්න පිරිවැජියාය. උදුම්බරිකාය පරිබ්බාජකාරාමෙ - උදුම්බරික දේවියට අයත් පිරිවැජි අරමෙහි. සන්ධානො - ඔහුගේ නම වේ. මේ තෙමේ මනා අනුභාව ඇත්තේය. පිරිවර සමග හැසිරෙන්නේය. උපාසකවරුන් පන්සියයකට නායක පුරුෂයාය. අනාගාමි වූවෙකි. භාග්‍යවතුන් වහන්සේ මහ පිරිස් මැද මෙසේ වර්ණනා කරන ලදී.

“ඡහි, භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො සන්‍ධානො ගහපති තථාගතෙ නිට‍්ඨඞ‍්ගතො සද‍්ධම‍්මෙ ඉරියති. කතමෙහි ඡහි? බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන අරියෙන සීලෙන අරියෙන ඤාණෙන අරියාය විමුත‍්තියා. ඉමෙහි ඛො, භික‍්ඛවෙ, ඡහි අඞ‍්ගෙහි සමන‍්නාගතො සන්‍ධානො ගහපති තථාගතෙ නිට‍්ඨඞ‍්ගතො සද‍්ධම‍්මෙ ඉරියතී”ති (අ· නි· 6.120-139).

“මහණෙනි, අංග හයකින් යුක්ත සන්ධාන ගෘහපතියා තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ සද්ධර්මයෙහි පැහැදුනේය. කවර නම් සයකින් ද? බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ආර්ය සීලයෙන්, ආර්ය ඤාණයෙන්, ආර්ය විමුත්තියෙනි, මහණෙනි, මේ කරුණු හයෙන් යුත් සන්ධාන ගෘහපතියා තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ ධර්මය කෙරෙහි පැහැදුනේය.

සො පාතොයෙව උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය පුබ‍්බණ‍්හසමයෙ බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස දානං දත්‍වා භික‍්ඛූසු විහාරං ගතෙසු ඝරෙ ඛුද‍්දකමහල‍්ලකානං දාරකානං සද‍්දෙන උබ‍්බාළ‍්හො සත්‍ථු සන‍්තිකෙ “ධම‍්මං සොස‍්සාමී”ති නික‍්ඛන‍්තො. තෙන වුත‍්තං දිවා දිවස‍්ස රාජගහා නික‍්ඛමීති. තත්‍ථ දිවා දිවස‍්සාති දිවසස‍්ස දිවා නාම මජ‍්ඣන‍්හාතික‍්කමො, තස‍්මිං දිවසස‍්සාපි දිවාභූතෙ අතික‍්කන‍්තමත‍්තෙ මජ‍්ඣන‍්හිකෙ නික‍්ඛමීති අත්‍ථො. පටිසල‍්ලීනොති තතො තතො රූපාදිගොචරතො චිත‍්තං පටිසංහරිත්‍වා නිලීනො ඣානරතිසෙවනාවසෙන එකීභාවං ගතො. මනොභාවනීයානන‍්ති මනවඩ‍්ඪකානං. යෙ ච ආවජ‍්ජතො මනසිකරොතො චිත‍්තං විනීවරණං හොති උන‍්නමති වඩ‍්ඪති.

හේ අළුයම උපෝෂථාංග අධිෂ්ඨාන කොට පෙරවරුයෙහි බුදුන් ප්‍රමුඛ සංගයාට දන් දී භික්ෂූන් විහාරයට ගිය කල්හි කුඩා දරුවන්ගේ ගෘහස්ථ අයගේ ශබ්දයෙන් කරදරයට පත්ව ශාස්තෲන් සමීපයෙහි ධර්මය අසමියි නික්මෙන්නේ එයින් කියන ලදී. මහ දවල් රජගහ නගරයෙන් නික්මෙන්නේ එහි දිවා දිවස්ස - මධ්‍යහ්නයෙහි නික්මේ. එහි දවල් කාලයද ඉක්ම වූ මධ්‍යම වෙලාවෙහි නික්මුනේය යන අර්ථයයි. පතිසල්ලීනො - ඒ ඒ රූපාදි ගෝචරවලින් සිත වලක්වා සැඟවුනේ ධ්‍යානයෙහි ඇලී සේවනය වශයෙන් ඒකීයභාවයට ගියේය. මනොභාවනීයානං - මනස වඩන්නන්ගේ යම් ආවර්ජනයකින් මෙනෙහි කිරීමෙන් සිත නීවරණ රහිත වූවේ. උසස් වේ. වැඩේ.

උන‍්නාදිනියාතිආදීනි පොට‍්ඨපාදසුත‍්තෙ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බානි.

උන්නාදිනියා - ආදිය පොට්ඨපාද සූත්‍රයෙහි විස්තර කළ පිළිවෙළින් දත යුතුය.

යාවතාති යත‍්තකා. අයං තෙසං අඤ‍්ඤතරොති අයං තෙසං අබ‍්භන‍්තරො එකො සාවකො, භගවතො කිර සාවකා ගිහිඅනාගාමිනොයෙව පඤ‍්චසතා රාජගහෙ පටිවසන‍්ති. යෙසං එකෙකස‍්ස පඤ‍්ච පඤ‍්ච උපාසකසතානි පරිවාරා, තෙ සන්‍ධාය “අයං තෙසං අඤ‍්ඤතරො”ති ආහ. අප‍්පෙව නාමාති තස‍්ස උපසඞ‍්කමනං පත්‍ථයමානො ආහ. පත්‍ථනාකාරණං පන පොට‍්ඨපාදසුත‍්තෙ වුත‍්තමෙව.

යාවතා - යම් පමණ. අයං තෙසං අඤ්ඤතරො මෙතෙමේ ඔවුන්ගේ අභ්‍යන්තර එක් ශ්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේ ගිහි අනාගාමි ශ්‍රාවකයෝ පන්සියයක් රජගහ නුවර වෙසෙති. ඔවුන්ගේ එකිනෙකාට පිරිවර පන්සියය බැගින් වේ. ඔවුන් සඳහා මේ තෙම ඔවුන්ගෙන් එක්කෙනෙකුයි කීය. අප්පෙවනාම - ඔහුගේ පැමිණීම ප්‍රාර්ථනා කරමින් කීය. ප්‍රාර්ථනා කරුණු පොට්ඨපාද සූත්‍රයෙහි කියන ලදමය.

එතදවොචාති ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙයෙව තෙසං කථාය සුතත‍්තා එතං අඤ‍්ඤථා ඛො ඉමෙතිආදිවචනං අවොච. තත්‍ථ අඤ‍්ඤතිත්‍ථියාති දස‍්සනෙනපි ආකප‍්පෙනපි කුත‍්තෙනපි ආචාරෙනපි විහාරෙනපි ඉරියාපථෙනපි අඤ‍්ඤෙ තිත්‍ථියාති අඤ‍්ඤතිත්‍ථියා. සඞ‍්ගම‍්ම සමාගම‍්මාති සඞ‍්ගන‍්ත්‍වා සමාගන‍්ත්‍වා රාසි හුත්‍වා නිසින‍්නට‍්ඨානෙ. අරඤ‍්ඤවනපත්‍ථානීති අරඤ‍්ඤවනපත්‍ථානි ගාමූපචාරතො මුත‍්තානි දූරසෙනාසනානි. පන‍්තානීති දූරතරානි මනුස‍්සූපචාරවිරහිතානි. අප‍්පසද‍්දානීති විහාරූපචාරෙන ගච‍්ඡතො අද‍්ධිකජනස‍්සපි සද‍්දෙන මන්‍දසද‍්දානි. අප‍්පනිග‍්ඝොසානීති අවිභාවිතත්‍ථෙන නිග‍්ඝොසෙන මන්‍දනිග‍්ඝොසානි. විජනවාතානීති අන‍්තොසඤ‍්චාරිනො ජනස‍්ස වාතෙන විගතවාතානි. මනුස‍්සරාහස‍්සෙය්‍යකානීති මනුස‍්සානං රහස‍්සකරණස‍්ස යුත‍්තානි අනුච‍්ඡවිකානි. පටිසල‍්ලානසාරුප‍්පානීති එකීභාවස‍්ස අනුරූපානි. ඉති සන්‍ධානො ගහපති “අහො මම සත්‍ථා යො එවරූපානි සෙනාසනානි පටිසෙවතී”ති අඤ‍්ජලිං පග‍්ගය‍්හ උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං පතිට‍්ඨපෙත්‍වා ඉමං උදානං උදානෙන‍්තො නිසීදි.

එතදවොච - එන්නේ අතරමග ඔවුන්ගේ කතාව අසන ලද බැවින් මෙය “අඤ්ඤථා ඛො ඉමෙ” යනාදි වචන කීවේය. එහි අඤ්ඤතිත්ථියා දර්ශනයෙන් ද ආකල්පවලින් පැවැත්මෙන්ද ආචාරයෙන් ද විහරණයෙන් ද ඉරියව්වලින් ද අන්‍ය වූ හෙයින් අන්‍ය තීර්ථක වේ. සංගම්ම සමාගම්මා - හිඳින තැන්වල සමූහ වී. අරඤ්ඤෙ වන පත්ථානි - ගම් උවසරින් මිදී දුර සේනාසන. අප්පසද්දානි - වසන උපචාරයෙන් යන්නා වූ මගින්ගේ ද මද ශබ්ද ඇති පන්තානි - ඉතා දුර වූ. අප්පනිග්ඝොසාති - භාවිතා නොකිරීමෙන් මද ගෝසා ඇති. විජිනවාතා - ඇතුළත හැසිරෙන ජනයාට සුළඟ නැති. මනුස්සරාහ සෙය්‍යකානි - මිනිසුන්ගේ රහස් කරුණුවලට යුතු සුදුසු. පටිසල්ලාන සාරුප්පානි - එකඟබව අනුරූප වූ. මෙසේ සන්ධාන ගෘහපතියා අහෝ මාගේ ශාස්තෲවරයා මෙබඳු වු සේනාසනයක් සේවනය කෙරේ යයි ඇඳිලි බැඳ සිරසෙහි තබා මේ උදානය පවත්වමින් සිටියේය.

එවං වුත‍්තෙති එවං සන්‍ධානෙන ගහපතිනා උදානං උදානෙන‍්තෙන වුත‍්තෙ. නිග්‍රොධො පරිබ‍්බාජකො අයං ගහපති මම සන‍්තිකෙ නිසින‍්නොපි අත‍්තනො සත්‍ථාරංයෙව ථොමෙති උක‍්කංසති, අම‍්හෙ පන අත්‍ථීතිපි න මඤ‍්ඤති, එතස‍්මිං උප‍්පන‍්නකොපං සමණස‍්ස ගොතමස‍්ස උපරි පාතෙස‍්සාමීති සන්‍ධානං ගහපතිං එතදවොච.

එවං වුත්තෙ - මෙසේ සන්ධාන ගෘහපතියා විසින් උදානය පවත්වමින් කී කල්හි නිග්‍රෝධ පිරිවැජියා මේ ගෘහපති මා ලඟ ඉඳගෙන ද තමාගේ ශාස්තෲවරයාටම ප්‍රශංසා කරයි. උසස් ලෙස ගුණ වණයි. මම සිටිනවාද කියාවත් නොහඟියි. මොහු කෙරෙහි උපන් කෝපය ශ්‍රමණ ගෞතමයන් මත හෙළන්නෙමියි සන්ධාන ගෘහපතියාට මෙසේ කීය.

යග‍්ඝෙති චොදනත්‍ථෙ නිපාතො. ජානෙය්‍යාසීති බුජ‍්ඣෙය්‍යාසි පස‍්සෙය්‍යාසි. කෙන සමණො ගොතමො සද‍්ධිං සල‍්ලපතීති කෙන කාරණෙන කෙන පුග‍්ගලෙන සද‍්ධිං සමණො ගොතමො සල‍්ලපති වදති භාසති. කිං වුත‍්තං හොති – “යදි කිඤ‍්චි සල‍්ලාපකාරණං භවෙය්‍ය, යදි වා කොචි සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං සල‍්ලාපත්‍ථිකො ගච‍්ඡෙය්‍ය, සල‍්ලපෙය්‍ය, න පන කාරණං අත්‍ථි, න තස‍්ස සන‍්තිකං කොචි ගච‍්ඡති, ස‍්වායං කෙන සමණො ගොතමො සද‍්ධිං සල‍්ලපති, අසල‍්ලපන‍්තො කථං උන‍්නාදී භවිස‍්සතී”ති.

යග්ඝෙ - චොදනාර්ථයෙහි නිපාතයකි. ජානෙය්‍යාසි - අවබෝධ කරගන්නේද? බලන්නේද? කෙන සමණෙ ගොතමො සද්ධිං සල්ලපති - කුමන කරුණකින් කුමන පුද්ගලයකු සමග ශ්‍රමණ ගෞතමයෝ කථා කෙරෙත්ද? කියයිද බෙණෙයිද? කුමක් කියන ලද්දේ වේද? ඉදින් කිසියම් කතා කිරීමක් වන්නේ ද එසේ නැතහොත් ශ්‍රමණ ගෞතමයන් ලගට කතා කිරීමට කැමති කිසිවෙක් යන්නේද කතා කරන්නේය. එබඳු කරුණක් නැත. උන්වහන්සේ ලඟට කිසිවෙක් නොයයි. ශ්‍රමණ ගෞතම සමග කතා කරන්නේ කවුද? කතා නොකරන්නේ කෙසේ නාදයක් ඇතිවන්නේද.

සාකච‍්ඡන‍්ති සංසන්‍දනං. පඤ‍්ඤාවෙය්‍යත‍්තියන‍්ති උත‍්තරපච‍්චුත‍්තරනයෙන ඤාණබ්‍යත‍්තභාවං. සුඤ‍්ඤාගාරහතාති සුඤ‍්ඤාගාරෙසු නට‍්ඨා, සමණෙන හි ගොතමෙන බොධිමූලෙ අප‍්පමත‍්තිකා පඤ‍්ඤා අධිගතා, සාපිස‍්ස සුඤ‍්ඤාගාරෙසු එකකස‍්ස නිසීදතො නට‍්ඨා. යදි පන මයං විය ගණසඞ‍්ගණිකං කත්‍වා නිසීදෙය්‍ය, නාස‍්ස පඤ‍්ඤා නස‍්සෙය්‍යාති දස‍්සෙති. අපරිසාවචරොති අවිසාරදත‍්තා පරිසං ඔතරිතුං න සක‍්කොති.

සාකච්ඡා - සැසඳීම පඤ්ඤාවෙය්‍යත්තියං - උත්තර ප්‍රතිඋත්තර නයින් නුවණැති බව. සුඤ්ඤාගාරගතා - ශුන්‍යාගාරවල නටුවෝ. ශ්‍රමණ ගෞතමයා විසින් බෝමැඩදී අප්‍රමාණ වූ ප්‍රඥාවක් අවබෝධ කෙළේය. එයද ශුන්‍යගාරවල එක එකා සමග හිඳීමෙන් නැතිවිය. ඉදින් මා මෙන් ගණයා සමග එක්වී හුන්නේ නම් ප්‍රඥාව විනාශ නොවන්නේ යයි දක්වයි. අපරිසාවචරො - අවිසාරද බැවින් පිරිස හැසිරවීම නො හැකිය.

නාලං සල‍්ලාපායාති න සමත්‍ථො සල‍්ලාපං කාතුං. අන‍්තමන‍්තානෙවාති කොචි මං පඤ‍්හං පුච‍්ඡෙය්‍යාති පඤ‍්හාභීතො අන‍්තමන‍්තානෙව පන‍්තසෙනාසනානි සෙවති. ගොකාණාති එකක‍්ඛිහතා කාණගාවී. සා කිර පරියන‍්තචාරිනී හොති, අන‍්තමන‍්තානෙව සෙවති. සා කිර කාණක‍්ඛිභාවෙන වනන‍්තාභිමුඛීපි න සක‍්කොති භවිතුං. කස‍්මා? යස‍්මා පත‍්තෙන වා සාඛාය වා කණ‍්ටකෙන වා පහාරස‍්ස භායති. ගුන‍්නං අභිමුඛීපි න සක‍්කොති භවිතුං. කස‍්මා? යස‍්මා සිඞ‍්ගෙන වා කණ‍්ණෙන වා වාලෙන වා පහාරස‍්ස භායති. ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. සංසාදෙය්‍යාමාති එකපඤ‍්හපුච‍්ඡනෙනෙව සංසාදනං විසාදමාපන‍්නං කරෙය්‍යාම. තුච‍්ඡකුම‍්භීව නන‍්ති රිත‍්තඝටං විය නං. ඔරොධෙය්‍යාමාති විනන්‍ධෙය්‍යාම. පූරිතඝටො හි ඉතො චිතො ච පරිවත‍්තෙත්‍වා න සුවිනන්‍ධනීයො හොති. රිත‍්තකො යථාරුචි පරිවත‍්තෙත්‍වා සක‍්කා හොති විනන්‍ධිතුං, එවමෙව හතපඤ‍්ඤතාය රිත‍්තකුම‍්භිසදිසං සමණං ගොතමං වාදවිනන්‍ධනෙන සමන‍්තා විනන්‍ධිස‍්සාමාති වදති.

නාලං සල්ලාපාය - අල්ලාප සල්ලාපයේ යෙදීමට අසමර්ථය. අන්තමන්තානෙව - කිසිවෙක් මගෙන් ප්‍රශ්න විචාරයි. ප්‍රශ්නයට බිය වී ඈතින් ඈතින් තිබෙන ප්‍රාන්ත සේනාසන සේවනය කරයි. ගොකාණා - එක් ඇසක් නට කණ එළදෙන. ඇය වනාහි කෙළවර හැසිරෙන්නී වේ. ඈත ඈතම සේවය කරයි. ඇය කණ ඇස් ඇති බැවින් වනාන්තරය අභිමුඛ වූවද යැමට නොහැකි වේ. කුමක් හෙයින්ද? යම් හෙයකින් පත්‍රයකින් හෝ ශාඛාවකින් හෝ කටුවකින් හෝ පහරට බිය වේ. ගොනුන් අබිමුවට යෑමට ද නොහැකි වේ. කුමක් හෙයින්ද? යම් හෙයකින් අඟින් හෝ කනෙන් හෝ වලිගයෙන් හෝ පහරට බියෙනි. ඉංඝ - චෝදනාර්ථයෙහි නිපාතයකි. සංසා දෙය්‍යාම - එක් ප්‍රශ්නයක් අසන විටම ගිලීගිය විසාදයට පැමිණේ. තුච්ඡකුමභී ව නං - ඔහු හිස් කළයක් මෙනි. ඔරොධෙය්‍යාම - වෙලන්නෙමු. පිරුණු කළය එහෙ මෙහෙ පෙරළා ඔතා බැඳීමක් නොවන්නේය. හිස් කළය රුචි සේ පෙරළා වෙලීමට හැකිවේ. එසේම නසන ලද ප්‍රඥාව ඇති හිස් කළය සමාන ශ්‍රමණ ගෞතමයා වාද වෙළීමෙන් හාත්පසින් වෙලන්නෙමු යයි කියයි.

ඉති පරිබ‍්බාජකො සත්‍ථු සුවණ‍්ණවණ‍්ණං නලාටමණ‍්ඩලං අපස‍්සන‍්තො දසබලස‍්ස පරම‍්මුඛා අත‍්තනො බලං දීපෙන‍්තො අසම‍්භින‍්නං ඛත‍්තියකුමාරං ජාතියා ඝට‍්ටයන‍්තො චණ‍්ඩාලපුත‍්තො විය අසම‍්භින‍්නකෙසරසීහං මිගරාජානං ථාමෙන ඝට‍්ටෙන‍්තො ජරසිඞ‍්ගාලො විය ච නානප‍්පකාරං තුච‍්ඡගජ‍්ජිතං ගජ‍්ජි. උපාසකොපි චින‍්තෙසි “අයං පරිබ‍්බාජකො අති විය ගජ‍්ජති, අවීචිඵුසනත්‍ථාය පාදං, භවග‍්ගග‍්ගහණත්‍ථාය හත්‍ථං පසාරයන‍්තො විය නිරත්‍ථකං වායමති. සචෙ මෙ සත්‍ථා ඉමං ඨානමාගච‍්ඡෙය්‍ය, ඉමස‍්ස පරිබ‍්බාජකස‍්ස යාව භවග‍්ගා උස‍්සිතං මානද‍්ධජං ඨානසොව ඔපාතෙය්‍යා”ති.

මෙසේ පිරිවැජිය, ශාස්තෲන්ගේ රන්වන් නලාට මණ්ඩලයට නින්දා කරන්නේ දසබල බුදුන්ගේ පරාමුඛයෙහි තමාගේ බලය දක්වන්නේ අසම්භින්න වූ ක්‍ෂත්‍රිය කුමාරයාට ජාතියෙන් ගටන්නේ සැඩොල් පුතකු මෙන් බිය නැති කේසර සිංහ මෘග රජුගේ වීර්යයෙන් ගටන ජර සිවලකු මෙන් ද නානාප්‍රකාර හිස් ගැජුම් ගැජි, (ශබ්ද පැවැත්වී) උපාසක ද සිතීය. මේ පිරිවැජියා අතිශයින් ගර්ජනා කරයි. අවීචිය ස්පර්ශ කිරීමට පය ද භවාග්‍රය ගැනීමට අත ද ප්‍රසාරණය කරන්නා මෙන් නිරර්ථකව උත්සාහ කරයි. ඉදින් මාගේ ශාස්තෲන් වහන්සේ මෙතනට පැමිණෙන්නේ නම් මේ පිරිවැජියාගේ භවාග්‍රය දක්වා ඔසවා ඇති මාන කොඩිය ස්ථාන වශයෙන් පත් වන්නේය.

භගවාපි තෙසං තං කථාසල‍්ලාපං අස‍්සොසියෙව. තෙන වුත‍්තං “අස‍්සොසි ඛො ඉමං කථාසල‍්ලාප”න‍්ති.

භාග්‍යවතුන් වහන්සේ ද මේ කථා සල්ලාපය ඇසුවේමය. එහෙයින් කියන ලදී: “අස්සොසි ඛො ඉමං කථා සල්ලාපං”

සුමාගධායාති සුමාගධා නාම පොක‍්ඛරණී, යස‍්සා තීරෙ නිසින‍්නො අඤ‍්ඤතරො පුරිසො පදුමනාළන‍්තරෙහි අසුරභවනං පවිසන‍්තං අසුරසෙනං අද‍්දස. මොරනිවාපොති නිවාපො වුච‍්චති භත‍්තං, යත්‍ථ මොරානං අභයෙන සද‍්ධිං නිවාපො දින‍්නො, තං ඨානන‍්ති අත්‍ථො. අබ‍්භොකාසෙති අඞ‍්ගණට‍්ඨානෙ. අස‍්සාසපත‍්තාති තුට‍්ඨිපත‍්තා සොමනස‍්සපත‍්තා. අජ‍්ඣාසයන‍්ති උත‍්තමනිස‍්සයභූතං. ආදිබ්‍රහ‍්මචරියන‍්ති පුරාණබ්‍රහ‍්මචරියසඞ‍්ඛාතං අරියමග‍්ගං. ඉදං වුත‍්තං හොති – “කො නාම සො, භන‍්තෙ, ධම‍්මො යෙන භගවතා සාවකා විනීතා අජ‍්ඣාසයාදිබ්‍රහ‍්මචරියභූතං අරියමග‍්ගං පූරෙත්‍වා අරහත‍්තාධිගමවසෙන අස‍්සාසපත‍්තා පටිජානන‍්තී”ති.

සුමාගධාය - සුමාගධා නම් පොකුණ. එහි ඉවුරෙහි සිටින්නේ. එක්තරා පුරුෂයෙක් පියුම්නාල අතරෙන් අසුරභවනයට පිවිසෙන අසුර සේනාව දැක්කේය. මොරනිවාපො - නිවාප යනු බත්ය. මොනරුන්ට අභය සමග නිවාප දුන් ස්ථානය යන අර්ථයයි. අබ්භොකාසෙ - මිදුලෙහි අස්සාසප්පත්තා - සතුටට පැමිණ, සොම්නසට පැමිණ අජඣාසයං - උතුම් නිශ්‍රය වූ ආදි බ්‍රහ්මචරියං - පුරාණ ආදි ම චරිය වූ ආර්ය මාර්ගය, පුරා රහත් අධිගම වශයෙන් සතුටට පැමිණ දැනගනී.

තපොජිගුච‍්ඡාවාදවණ‍්ණනා

විප‍්පකතාති මමාගමනපච‍්චයා අනිට‍්ඨිතා, ව හුත්‍වා ඨිතා, කථෙහි, අහමෙතං නිට‍්ඨපෙත්‍වා මත්‍ථකං පාපෙත්‍වා දස‍්සෙමීති සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙසි.

විප්පකතා - මාගේ පැමිණීමේ හේතුවෙන් අවසන් නොවී සිටී. කියව මම එය අවසන් කොට මුදුන් පමුණුවා දක්වමියි සර්වඥ පවාරණයෙන් පැවරූහ.

දුජ‍්ජානං ඛොති භගවා පරිබ‍්බාජකස‍්ස වචනං සුත්‍වා “අයං පරිබ‍්බාජකො මයා සාවකානං දෙසෙතබ‍්බං ධම‍්මං තෙහි පූරෙතබ‍්බං පටිපත‍්තිං පුච‍්ඡති, සචස‍්සාහං ආදිතොව තං කථෙස‍්සාමි, කථිතම‍්පි නං න ජානිස‍්සති, අයං පන වීරියෙන පාපජිගුච‍්ඡනවාදො, හන්‍දාහං එතස‍්සෙව විසයෙ පඤ‍්හං පුච‍්ඡාපෙත්‍වා පුථුසමණබ්‍රාහ‍්මණානං ලද‍්ධියා නිරත්‍ථකභාවං දස‍්සෙමි. අථ පච‍්ඡා ඉමං පඤ‍්හං බ්‍යාකරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා දුජ‍්ජානං ඛො එතන‍්තිආදිමාහ. තත්‍ථ සකෙ ආචරියකෙති අත‍්තනො ආචරියවාදෙ. අධිජෙගුච‍්ඡෙති වීරියෙන පාපජිගුච‍්ඡනභාවෙ. කථං සන‍්තාති කථං භූතා. තපොජිගුච‍්ඡාති වීරියෙන පාපජිගුච‍්ඡා පාපවිවජ‍්ජනා. පරිපුණ‍්ණාති පරිසුද‍්ධා. කථං අපරිපුණ‍්ණාති කථං අපරිසුද‍්ධා හොතීති එවං පුච‍්ඡාති. යත්‍ර හි නාමාති යො නාම.

භාග්‍යවතුන් වහන්සේ පිරිවැජියාගේ වචනය අසා මේ පිරිවැජියා මා විසින් ශ්‍රාවකයන්ට දෙසිය යුතු දහම් ඔවුන් විසින් පුරනු ලබන ප්‍රතිපත්ති විචාරයි. ඉදින් මම ඔහුට මුල් පටන් කියන්නේ එසේ කීවද නොදැන ගන්නේය. මෙතෙම වනාහි වීර්යයෙන් පාපයට පිළිකුල් කරන වාද ඇත්තෙකි. මම ඔහුගේ විෂයෙන්ම ප්‍රශ්නයක් විචාරා වෙන් වූ ශ්‍රමණයන්ගේ ලබ්ධියේ නිරර්ථකභාවය දක්වන්නෙමි. ඉන්පසු මේ ප්‍රශ්නය පැහැදිලි කරන්නෙමියි සිතා “දුජ්ජානං” යනාදිය කීහ. එහි සකෙ ආචරියකෙ - තමාගේ ආචරිය වාදයෙහි. අධිජෙගුච්ඡෙ - වීර්යයෙන් පාප ජිගුච්ඡනය. පව් දුරු කිරීම. පරිපුණ්ණා - පිරිසිදු. කථං අපරිපුණ්ණා - කෙසේ අපිරිසිදුවේදැයි මෙසේ විචාරයි. යත්‍රහි නාම - යමෙක් නම්,

අප‍්පසද‍්දෙ කත්‍වාති නිරවෙ අප‍්පසද‍්දෙ කත්‍වා. සො කිර චින‍්තෙසි – “සමණො ගොතමො එකං පඤ‍්හම‍්පි න කථෙති, සල‍්ලාපකථාපිස‍්ස අතිබහුකා නත්‍ථි, ඉමෙ පන ආදිතො පට‍්ඨාය සමණං ගොතමං අනුවත‍්තන‍්ති චෙව පසංසන‍්ති ච, හන්‍දාහං ඉමෙ නිස‍්සද‍්දෙ කත්‍වා සයං කථෙමී”ති. සො තථා අකාසි. තෙන වුත‍්තං “අප‍්පසද‍්දෙ කත්‍වා”ති. “තපොජිගුච‍්ඡවාදා”තිආදීසු තපොජිගුච‍්ඡං වදාම, මනසාපි තමෙව සාරතො ගහෙත්‍වා විචරාම, කායෙනපිම‍්හා තමෙව අල‍්ලීනා, නානප‍්පකාරකං අත‍්තකිලමථානුයොගමනුයුත‍්තා විහරාමාති අත්‍ථො.

අප්පසද්දෙකත්වා - රාවය නැති අල්ප ශබ්ද කොට, හේ සිතීය. ශ්‍රමණ ගෞතමයා එක ප්‍රශ්නයක්වත් නොකියයි. ඔහුගේ සල්ලාප කථා ද බොහෝ නැත. මොව්හු වනාහි මුල පටන් ම ශ්‍රමණ ගෞතමය අනුව පවතිත් ප්‍රශංසා ද කරත්. මම මොවුන් නිශ්ශබ්ද කොට තමාම කියමි. හේ එසේ කෙළේය. එහෙයින් “අප්ප සද්දෙ කත්වා” යි කියන ලදී. තපොජිගුච්ඡවාදා - ආදියෙහි තපො ජිගුච්ඡ කියමි. මනසද එයම සාරකොට ගෙන හැසිරෙමු. කයින් ද එහිම ඇලී නානාප්‍රකාර අත්තකිලමථානු යුක්තව වාසය කරමු යන අර්ථයයි.

උපක‍්කිලෙසවණ‍්ණනා

තපස‍්සීති තපනිස‍්සිතකො. “අචෙලකො”තිආදීනි සීහනාදෙ (දී· නි· අට‍්ඨ· 1.393) විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බානි. තපං සමාදියතීති අචෙලකභාවාදිකං තපං සම‍්මා ආදියති, දළ‍්හං ගණ‍්හාති. අත‍්තමනො හොතීති කො අඤ‍්ඤො මයා සදිසො ඉමස‍්මිං තපෙ අත්‍ථීති තුට‍්ඨමනො හොති. පරිපුණ‍්ණසඞ‍්කප‍්පොති අලමෙත‍්තාවතාති එවං පරියොසිතසඞ‍්කප‍්පො, ඉදඤ‍්ච තිත්‍ථියානං වසෙන ආගතං. සාසනාවචරෙනාපි පන දීපෙතබ‍්බං. එකච‍්චො හි ධුතඞ‍්ගං සමාදියති, සො තෙනෙව ධුතඞ‍්ගෙන කො අඤ‍්ඤො මයා සදිසො ධුතඞ‍්ගධරොති අත‍්තමනො හොති පරිපුණ‍්ණසඞ‍්කප‍්පො. තපස‍්සිනො උපක‍්කිලෙසො හොතීති දුවිධස‍්සාපෙතස‍්ස තපස‍්සිනො අයං උපක‍්කිලෙසො හොති. එත‍්තාවතායං තපො උපක‍්කිලෙසො හොතීති වදාමි.

තපස්සි - තප නිශ්‍රිත වූ, අචෙලකො - ආදිය සීහනාද සූත්‍රයෙහි විස්තර කළ නයින්ම දත යුතුය. තපං සමාදියති - අචල භාවාදිය සිදුකරන තපස මනාව ගනියි. දැඩිසේ ගණියි. අත්තමනො හොති - මට වගේ මේ තපස ඇති වෙන කෙනෙක් සිටීදැයි තුටු සිතැත්තේ වේ. පරිපුණ්ණ සංකප්පො - මෙපමණකින් ඇතැයි මෙසේ අවසන් වූ අදහස් ඇති. මෙයද තීර්ථකයන්ගේ වශයෙන් ආවකි. සාසනාවචරයෙන්ද දැක්විය යුතුය. ඇතමෙක් ධුතාංග සමාදන් වෙති හෝ එම ධුතාංගයෙන් මා වැනි ධුතාංගධරයෙක් වෙන කවුදැයි පිරුණු අදහස් ඇති නිසා සතුටු වේ. තපස්සිනො උපක්කිලෙසො හොති - තපස්හුගේ මේ උපක්ලේශය දෙවිධියකින් යුක්තය. මෙපමණකින් මේ තපස උපක්ලේශයකැයි කියමි.

අත‍්තානුක‍්කංසෙතීති “කො මයා සදිසො අත්‍ථී”ති අත‍්තානං උක‍්කංසති උක‍්ඛිපති. පරං වම‍්භෙතීති “අයං න මාදිසො”ති පරං සංහාරෙති අවක‍්ඛිපති.

අත්තානුක්කංසෙති - කවරෙක් මා හා සමාන වේදැයි තමා උසස් කරයි. උසස්ව තබයි. පරං වම්හෙති - මෙතෙම මා හා සමාන නොවේ යයි අනුන් බහා තබයි. පහත්කොට තබයි.

මජ‍්ජතීති මානමදකරණෙන මජ‍්ජති. මුච‍්ඡතීති මුච‍්ඡිතො හොති ගධිතො අජ‍්ඣාපන‍්නො. පමාදමාපජ‍්ජතීති එතදෙව සාරන‍්ති පමාදමාපජ‍්ජති. සාසනෙ පබ‍්බජිතොපි ධුතඞ‍්ගසුද‍්ධිකො හොති, න කම‍්මට‍්ඨානසුද‍්ධිකො. ධුතඞ‍්ගමෙව අරහත‍්තං විය සාරතො පච‍්චෙති.

මජ්ජති මාන මද කරණයෙන් මත් වේ. මුච්ඡති - මුසපත් වේ. පමාදමාපජ්ජති - මෙයම සාරය යයි පමාවට පැමිණ, සාසනයේ පැවිදි වූයේ ද ධුතංග ශුද්ධික වේ. කමටහන් ශුද්ධික නොවේ. ධුතංගයම රහත් බව මෙන් සාර වශයෙන් පැමිණේ.

ලාභසක‍්කාරසිලොකන‍්ති එත්‍ථ චත‍්තාරො පච‍්චයා ලබ‍්භන‍්තීති ලාභා, තෙයෙව සුට‍්ඨු කත්‍වා පටිසඞ‍්ඛරිත්‍වා ලද‍්ධා සක‍්කාරො, වණ‍්ණභණනං සිලොකො. අභිනිබ‍්බත‍්තෙතීති අචෙලකාදිභාවං තෙරසධුතඞ‍්ගසමාදානං වා නිස‍්සාය මහාලාභො උප‍්පජ‍්ජති, තස‍්මා “අභිනිබ‍්බත‍්තෙතී”ති වුත‍්තො. සෙසමෙත්‍ථ පුරිමවාරනයෙනෙව දුවිධස‍්සාපි තපස‍්සිනො වසෙන වෙදිතබ‍්බං.

ලාභසක්කාර සිලොකං - මෙහි සිව්පසය ලැබේ යයි ලාභ වේ. ඒවාම මනාකොට පිළියෙළ කොට ලැබුයේ සත්කාරය වේ. වර්ණනා කරන්නේ සිලෝක වේ. අභිනිබ්බත්තෙති - අචේලකාදි භවය හෝ තෙළෙස් ධුතංග සමාදානය හෝ නිසා මහා ලෝභයක් උපදී. එහෙයින් අභිනිබ්බත්තෙති යයි කියන ලදී. මෙහි සෙස්ස පෙරවාරයෙහි නයින්ම දෙයාකාර තපස්සීහු වශයෙන් දත යුතුය.

වොදාසං ආපජ‍්ජතීති ද‍්වෙභාගං ආපජ‍්ජති, ද‍්වෙ භාගෙ කරොති. ඛමතීති රුච‍්චති. නක‍්ඛමතීති න රුච‍්චති. සාපෙක‍්ඛො පජහතීති සතණ‍්හො පජහති. කථං? පාතොව ඛීරභත‍්තං භුත‍්තො හොති. අථස‍්ස මංසභොජනං උපනෙති. තස‍්ස එවං හොති “ඉදානි එවරූපං කදා ලභිස‍්සාම, සචෙ ජානෙය්‍යාම, පාතොව ඛීරභත‍්තං න භුඤ‍්ජෙය්‍යාම, කිං මයා සක‍්කා කාතුං, ගච‍්ඡ භො, ත්‍වමෙව භුඤ‍්ජා”ති ජීවිතං පරිච‍්චජන‍්තො විය සාපෙක‍්ඛො පජහති. ගධිතොති ගෙධජාතො. මුච‍්ඡිතොති බලවතණ‍්හාය මුච‍්ඡිතො සංමුට‍්ඨස‍්සතී හුත්‍වා. අජ‍්ඣාපන‍්නොති ආමිසෙ අතිලග‍්ගො, “භුඤ‍්ජිස‍්සථ, ආවුසො”ති ධම‍්මනිමන‍්තනමත‍්තම‍්පි අකත්‍වා මහන‍්තෙ මහන‍්තෙ කබළෙ කරොති. අනාදීනවදස‍්සාවීතිආදීනවමත‍්තම‍්පි න පස‍්සති. අනිස‍්සරණපඤ‍්ඤොති ඉධ මත‍්තඤ‍්ඤුතානිස‍්සරණපච‍්චවෙක‍්ඛණපරිභොගමත‍්තම‍්පි න කරොති. ලාභසක‍්කාරසිලොකනිකන‍්තිහෙතූති ලාභාදීසු තණ‍්හාහෙතු.

වොදාසං ආපජ්ජති - දෙයාකාරව පැමිණේ. දෙකොටසක් කරයි. ඛමති - කැමති වේ. නඛමති - නො කැමති වේ. සාපෙක්ඛො පජහති - තෘෂ්ණාව සමග දුරු කරයි. කෙසේද? උදේම කිරිබත් අනුභව කරන ලද්දේ වේ. ඉක්බිති ඔහුට මස් භෝජන පිළිගන්වයි. ඔහුට මෙසේ අදහස් වේ. දැන් මෙබඳු දෙයක් කවදා ලැබේද? ඉදින් මා දන්නේ නම් උදේම කිරිබත් නොවළඳන්නෙමි. කුමක් කරන්නටද? පින්වත යන්න ඔබ වළඳන්න. ජීවිතය අත්හරින්නාක් මෙන් අපේක්ෂා සහිතව දුරුකරයි. ගථිතො - දෘඩ ලෝභය හටගත්තේ, මුච්ඡිතො බලවත් තෘෂ්ණාවෙන් මුර්ජිත වූයේ, සිහි නැති වී අජඣාපන්නො - ආමිෂයෙහි අතිශයින් ඇලුනේ. ඇවැත්නි වළඳවයි ධර්ම නිමන්තතයකුදු නොකොට මහත් මහත් පිඩු කරයි. අනාදීනව දස්සාවී - ආදීනව මාත්‍රයකුදු නො දකියි. අනිස්සරණ පඤ්ඤො - මෙහි පමණ දන්නා බව අපේක්ෂා රහිත ප්‍රත්‍යවේක්ෂා පරිභෝග මාත්‍රයකුදු නොකරයි. ලාභ සක්කාර සිලොක නිකන්ති හෙතු - ලාභාදියෙහි තෘෂ්ණා හේතු

සංභක‍්ඛෙතීති සංඛාදති. අසනිවිචක‍්කන‍්ති විචක‍්කසණ‍්ඨානා අසනියෙව. ඉදං වුත‍්තං හොති “අසනිවිචක‍්කං ඉමස‍්ස දන‍්තකූටං මූලබීජාදීසු න කිඤ‍්චි න සංභුඤ‍්ජති. අථ ච පන නං සමණප‍්පවාදෙන සමණොති සඤ‍්ජානන‍්තී”ති. එවං අපසාදෙති අවක‍්ඛිපති. ඉදං තිත්‍ථියවසෙන ආගතං. භික‍්ඛුවසෙන පනෙත්‍ථ අයං යොජනා, අත‍්තනා ධුතඞ‍්ගධරො හොති, සො අඤ‍්ඤං එවං අපසාදෙති “කිං සමණා නාම ඉමෙ සමණම‍්හාති වදන‍්ති, ධුතඞ‍්ගමත‍්තම‍්පි නත්‍ථි, උද‍්දෙසභත‍්තාදීනි පරියෙසන‍්තා පච‍්චයබාහුල‍්ලිකා විචරන‍්තී”ති. ලූඛාජීවින‍්ති අචෙලකාදිවසෙන වා ධුතඞ‍්ගවසෙන වා ලූඛාජීවිං. ඉස‍්සාමච‍්ඡරියන‍්ති පරස‍්ස සක‍්කාරාදිසම‍්පත‍්තිඛීයනලක‍්ඛණං ඉස‍්සං, සක‍්කාරාදිකරණඅක‍්ඛමනලක‍්ඛණං මච‍්ඡරියඤ‍්ච.

සංභක්ඛෙ - මනාසේ විකා කයි. අසනිවිචක්කං - ගුලි සටහනක් ඇති හෙනය. මෙය කියන ලද්දේ වේ. හෙනගුලිය - මෙහි දත්කුළු මුල බීජාදියෙහි කිසිවක් නොබිඳියි. ඉක්බිතිව වනාහි ශ්‍රමණ ප්‍රවාදයෙන් ශ්‍රමණ යයි දැනගනීයයි මෙසේ නින්දා කරති. පහත්කොට තවයි. මෙය තීර්ථක වශයෙන් ආවේය. භික්ෂු වශයෙන් වනාහි මෙහි මේ යෝජනාවේ. තමා විසින් ධුතංගධර වේ. හේ අන්‍යයන්ට මෙසේ නින්දා කරයි. කිම ශ්‍රමණයෝ නම්, මොව්හු ශ්‍රමණයෝ යයි කියති. ධුතංග මාත්‍රයකුදු නැත. උද්දේශ බත් ආදිය සොයන්නේ ප්‍රත්‍ය බහුලව හැසිරෙති. ලුබා ජීවිං අචේලකාදි වශයෙන් හෝ ධුතාංග වශයෙන් හේ රළු දිවි පැවැත්ම. ඉස්සාමච්ඡරිය - අනුන්ගේ සත්කාරාදි සම්පත්වලට දොස් නැගීම් ඊර්ෂ්‍යාවය. සත්කාරාදි කිරීම් ආක්‍රමණ ලක්‍ෂණය මසුරු බවය.

ආපාථකනිසාදී හොතීති මනුස‍්සානං ආපාථෙ දස‍්සනට‍්ඨානෙ නිසීදති. යත්‍ථ තෙ පස‍්සන‍්ති, තත්‍ථ ඨිතො වග‍්ගුලිවතං චරති, පඤ‍්චාතපං තප‍්පති, එකපාදෙන තිට‍්ඨති, සූරියං නමස‍්සති. සාසනෙ පබ‍්බජිතොපි සමාදින‍්නධුතඞ‍්ගො සබ‍්බරත‍්තිං සයිත්‍වා මනුස‍්සානං චක‍්ඛුපථෙ තපං කරොති, මහාසායන‍්හෙයෙව චීවරකුටිං කරොති, සූරියෙ උග‍්ගතෙ පටිසංහරති, මනුස‍්සානං ආගතභාවං ඤත්‍වා ඝණ‍්ඩිං පහරිත්‍වා චීවරං මත්‍ථකෙ ඨපෙත්‍වා චඞ‍්කමං ඔතරති, සම‍්මුඤ‍්ජනිං ගහෙත්‍වා විහාරඞ‍්ගණං සම‍්මජ‍්ජති.

ආපාථක නිසාදි හොති - මිනිසුන්ගේ ආපාථයෙහි දර්ශනාදිය හිඳියි. යම්තැනක ඔව්හු බලත් ද එහි සිට වවුලා මෙන් ඔහු හැසිරෙයි. පංචතාපයෙන් තැවෙයි. එක් පයින් සිටියි. හිරු නමදියි. සාසනේ පැවිදි වූයේ ද සමාදන් වූ ධුතාංගය මුළු රෑ නිදා මිනිසුන්ට පේන්ට තපස් රකියි. සවස් කාලයෙහි සිවුරු කුටි කරයි. හිරු උදා වූ කල්හි හකුලයි. මිනිසුන් ආ බව දැන ලීයෙන් පැහර සිවුර මත තබා සක්මනට බසී. මුසුන ගෙන විහාර මළුව අමදියි.

අත‍්තානන‍්ති අත‍්තනො ගුණං අදස‍්සයමානොති එත්‍ථ අ-කාරො නිපාතමත‍්තං, දස‍්සයමානොති අත්‍ථො. ඉදම‍්පි මෙ තපස‍්මින‍්ති ඉදම‍්පි කම‍්මං මමෙව තපස‍්මිං, පච‍්චත‍්තෙ වා භුම‍්මං, ඉදම‍්පි මම තපොති අත්‍ථො. සො හි අසුකස‍්මිං ඨානෙ අචෙලකො අත්‍ථි මුත‍්තාචාරොතිආදීනි සුත්‍වා අම‍්හාකං එස තපො, අම‍්හාකං සො අන‍්තෙවාසිකොතිආදීනි භණති. අසුකස‍්මිං වා පන ඨානෙ පංසුකූලිකො භික‍්ඛු අත්‍ථීතිආදීනි සුත්‍වා අම‍්හාකං එස තපො, අම‍්හාකං සො අන‍්තෙවාසිකොතිආදීනි භණති.

අත්තානං - තමාගේ ගුණ. අදස්සයමානො - මෙහි අ කාරය නිපාත මාත්‍රයකි. දක්වන්නේ යනු අර්ථය වේ. ඉදම්පි මෙ තපස්වි - මගේ මේ ක්‍රියාවද මගේම තපසකි. හේද අසවල් තැන අචේලකයෙක් ඇත. මුත්තාචාර ආදිය අසා ඒ න්‍යාය අපගේය. හේ අතවැසියෙකි ආදිය කියයි. අසවල්පැන වනාහි පංසුකූලික භික්ෂුවක් ඇත. ආදිය අසා එය අපගේ තපසකි. හේ අතවැසියෙකියි ආදිය කියයි.

කිඤ‍්චිදෙවාති කිඤ‍්චි වජ‍්ජං දිට‍්ඨිගතං වා. පටිච‍්ඡන‍්නං සෙවතීති යථා අඤ‍්ඤෙ න ජානන‍්ති, එවං සෙවති. අක‍්ඛමමානං ආහ ඛමතීති අරුච‍්චමානංයෙව රුච‍්චති මෙති වදති. අත‍්තනා කතං අතිමහන‍්තම‍්පි වජ‍්ජං අප‍්පමත‍්තකං කත්‍වා පඤ‍්ඤපෙති, පරෙන කතං දුක‍්කටමත‍්තං වීතික‍්කමම‍්පි පාරාජිකසදිසං කත්‍වා දස‍්සෙති. අනුඤ‍්ඤෙය්‍යන‍්ති අනුජානිතබ‍්බං අනුමොදිතබ‍්බං.

කිංචිදෙව - කිසි වරදක්. දෘෂ්ටිගත හෝ, පටිච්ඡන්නං සෙවති - අනිත් අයට නොදැනෙන සේවනය කරයි. අඛම්මානං ආහ ඛමති - අකමැත්තේ ද කැමති යයි කියයි. තමා විසින් කරන ලද මහත් වරදක් සුළුකොට පෙන්වයි. අනුන් කළ දුෂ්කර මාත්‍රාවක් ඉක්වීමද පාරාජික සමාන කොට දක්වයි. අනුඤ්ඤෙය්‍යං - අනු දත යුතු අනුමෝදනා විය යුතු.

කොධනො හොති උපනාහීති කුජ‍්ඣනලක‍්ඛණෙන කොධෙන, වෙරඅප‍්පටිනිස‍්සග‍්ගලක‍්ඛණෙන උපනාහෙන ච සමන‍්නාගතො. මක‍්ඛී හොති පළාසීති පරගුණමක‍්ඛනලක‍්ඛණෙන මක‍්ඛෙන, යුගග‍්ගාහලක‍්ඛණෙන පළාසෙන ච සමන‍්නාගතො.

කොධනො හොති උපනාහි - කිපෙන ලක්‍ෂණ ක්‍රෝධයෙන් වෛරය ඉවත් නොකිරීම් ලක්‍ෂණයෙන් වූ උපනාභයෙන් ද යුක්ත වූ, මක්ඛි හොති පලාසි - අනුන් ගුණ මකන ලක්‍ෂණයෙන් මකුබවින් එකට එක කිරිම් ලක්ෂණයෙන් වූ පලාසයෙන් ද යුක්ත වූ,

ඉස‍්සුකී හොති මච‍්ඡරීති පරසක‍්කාරාදීසු උසූයනලක‍්ඛණාය ඉස‍්සාය, ආවාසකුලලාභවණ‍්ණධම‍්මෙසු මච‍්ඡරායනලක‍්ඛණෙන පඤ‍්චවිධමච‍්ඡෙරෙන ච සමන‍්නාගතො හොති. සඨො හොති මායාවීති කෙරාටිකලක‍්ඛණෙන සාඨෙය්‍යෙන, කතප‍්පටිච‍්ඡාදනලක‍්ඛණාය මායාය ච සමන‍්නාගතො හොති. ථද‍්ධො හොති අතිමානීති නිස‍්සිනෙහනික‍්කරුණථද‍්ධලක‍්ඛණෙන ථම‍්භෙන, අතික‍්කමිත්‍වා මඤ‍්ඤනලක‍්ඛණෙන අතිමානෙන ච සමන‍්නාගතො හොති. පාපිච‍්ඡො හොතීති අසන‍්තසම‍්භාවනපත්‍ථනලක‍්ඛණාය පාපිච‍්ඡතාය සමන‍්නාගතො හොති. පාපිකානන‍්ති තාසංයෙව ලාමකානං ඉච‍්ඡානං වසං ගතො. මිච‍්ඡාදිට‍්ඨිකොති නත්‍ථි දින‍්නන‍්තිආදිනයප‍්පවත‍්තාය අයාථාවදිට‍්ඨියා උපෙතො. අන‍්තග‍්ගාහිකායාති සායෙව දිට‍්ඨි උච‍්ඡෙදන‍්තස‍්ස ගහිතත‍්තා “අන‍්තග‍්ගාහිකා”ති වුච‍්චති, තාය සමන‍්නාගතොති අත්‍ථො. සන්‍දිට‍්ඨිපරාමාසීතිආදීසු සයං දිට‍්ඨි සන්‍දිට‍්ඨි, සන්‍දිට‍්ඨිමෙව පරාමසති ගහෙත්‍වා වදතීති සන්‍දිට‍්ඨිපරාමාසී. ආධානං වුච‍්චති දළ‍්හං සුට‍්ඨු ඨපිතං, තථා කත්‍වා ගණ‍්හාතීති ආධානග‍්ගාහී. අරිට‍්ඨො විය න සක‍්කා හොති පටිනිස‍්සජ‍්ජාපෙතුන‍්ති දුප‍්පටිනිස‍්සග‍්ගී. යදිමෙති යදි ඉමෙ.

ඉස්සුකී හොති මච්ඡරී - පර සත්කාර ආදියෙහි දොස් දැක්වීම ලක්ෂණය වූ ඊර්ෂ්‍යාවෙන් ආවාස කුල ලාභ වර්ණනා ධර්මවල මසුරුවන ලක්‍ෂණයෙන් පංචවිධ මසුරුබවින් ද යුක්ත වූයේ වෙයි. තද්ධො හොති අතිමානී - ස්නේහ නැති කරුණා නැති ලක්‍ෂණය වූ ථම්භයෙන් ඉක්මවා හඟින ලක්ෂණ වූ අති මානයෙන් යුක්තව සඨො හොති මායාවි - කෛරාටික ලක්‍ෂණය වූ සඨබවින් කරන ලද වැසීම් ලක්‍ෂණය වූ මායාවෙන් ද යුක්ත වූයේ වෙයි. පාපිච්ඡො හොති - නැති දෙයක් දැක්වීම ප්‍රාර්ථනා ලක්‍ෂණයෙන් පවිටුබවින් යුක්ත වූයේ වෙයි. පාපිකානං - එබඳු වූ ලාමක ආශාවන්ගේ වසඟයට ගියේ. මිච්ඡාදිට්ඨිකො - නත්ථිදින්නං දුන් දෙයින් පලක් නැත ආදි නය පැවතීමෙන් වූ අයථා දෘෂ්ඨියෙන් යුක්ත වූ. අන්තග්ගාහිකො යා - ඒ දෘෂ්ඨියම උච්ඡේද අන්තය ගත් බැවින් අන්තග්ගාහික යයි කියනු ලැබේ. එය යුක්ත වූයේය යන අර්ථයයි. “සංදිට්ඨි පරාමාසි” ආදියෙහි තම දෘෂ්ඨිය සංදිට්ඨි වේ. සංදිට්ඨියම පරාමර්ශනය කොට හැසිරේ යයි සංදිට්ඨි පරාමාසි වේ. ආධානං දැඩිසේ තබන ලද යයි කියනු ලැබේ. එසේ කොට ගණී යයි ආධානගාහී වේ. කවුඩා මෙන් අත්හැරවීම නො හැකි වේ යයි දුප්පටිනිස්සග්ගි - වේ. යදිමෙ - යදි ඉමෙ. ඉදින් මොව්හු.

පරිසුද‍්ධපපටිකප‍්පත‍්තකථාවණ‍්ණනා

ඉධ, නිග්‍රොධ, තපස‍්සීති එවං භගවා අඤ‍්ඤතිත්‍ථියෙහි ගහිතලද‍්ධිං තෙසං රක‍්ඛිතං තපං සබ‍්බමෙව සංකිලිට‍්ඨන‍්ති උපක‍්කිලෙසපාළිං දස‍්සෙත්‍වා ඉදානි පරිසුද‍්ධපාළිදස‍්සනත්‍ථං දෙසනමාරභන‍්තො ඉධ, නිග්‍රොධාතිආදිමාහ. තත්‍ථ “න අත‍්තමනො”තිආදීනි වුත‍්තවිපක‍්ඛවසෙනෙව වෙදිතබ‍්බානි. සබ‍්බවාරෙසු ච ලූඛතපස‍්සිනො චෙව ධුතඞ‍්ගධරස‍්ස ච වසෙන යොජනා වෙදිතබ‍්බා. එවං සො තස‍්මිං ඨානෙ පරිසුද‍්ධො හොතීති එවං සො තෙන න අත‍්තමනතා න පරිපුණ‍්ණසඞ‍්කප‍්පභාවසඞ‍්ඛාතෙන කාරණෙන පරිසුද‍්ධො නිරුපක‍්කිලෙසො හොති, උත‍්තරි වායමමානො කම‍්මට‍්ඨානසුද‍්ධිකො හුත්‍වා අරහත‍්තං පාපුණාති. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

ඉද නිග්‍රොධ තපස්සි - මෙසේ භාග්‍යවතුන් වහන්සේ අන්‍ය තීර්ථකයින් විසින් ගන්නා ලද ලබ්ධිය ඔවුන් විසින් රක්නා ලද තපස සියල්ලම කිලිටි යයි උපක්ලේශ පෙල දක්වා දැන් පිරිසිදු පෙල දැක්වීමට දේශනය ආරම්භ කරන්නේ “ඉධ නිග්ගොධ” යනාදිය කිහ. මෙහි “න අත්තමනො” ආදිය කී කල්හි විපක්ෂ වශයෙන් දැනගත යුතුය. එවං සො තස්මිං ඨානෙ පරිසුද්ධො හොති - මෙසේ හේ තම සිත සම්පූර්ණ සංකල්පනාව සංඛ්‍යාත කරුණින් පිරිසිදු කෙලෙස් නැති වේ. ඉදිරියට උත්සාහ කරන්නේ කමටහන් ශුද්ධිකයෙක්ව රහත් බවට පැමිණේ. මෙම නයින් සියළු වාරවල අර්ථ දත යුතුය.

අද‍්ධා ඛො, භන‍්තෙති භන‍්තෙ එවං සන‍්තෙ එකංසෙනෙව වීරියෙන පාපජිගුච‍්ඡනවාදො පරිසුද‍්ධො හොතීති අනුජානාති. ඉතො පරඤ‍්ච අග‍්ගභාවං වා සාරභාවං වා අජානන‍්තො අග‍්ගප‍්පත‍්තා සාරප‍්පත‍්තා චාති ආහ. අථස‍්ස භගවා සාරප‍්පත‍්තභාවං පටිසෙධෙන‍්තො න ඛො නිග්‍රොධාතිආදිමාහ. පපටිකප‍්පත‍්තා හොතීති සාරවතො රුක‍්ඛස‍්ස සාරං ඵෙග‍්ගුං තචඤ‍්ච අතික‍්කම‍්ම බහිපපටිකසදිසා හොතීති දස‍්සෙති.

අද්ධා ඛො භන්නෙ - ස්වාමීනි මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන්ම වීර්යයෙන් පාපජිගුච්ඡින වාදය පිරිසිදුවේ යයි අනුදන්නේ ද? මෙයින් ඉහළට අග්‍රබව හෝ සාරබව හෝ නොදන්නේ අග්ගප්පත්තා සාරප්පත්තා යයි කීය. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ සාරප්පත්තභාවය ප්‍රතිසෝධනය (ඉවත දමන්නේ) කරන්නේ “න බො නිග්ගොධා” යනාදිය කීහ. පපටික පත්තා හොති - හරවත් ගසක හරය පොතු ද ඵලය ද ඉක්මවා දැකිය යුතුය. පාප ජිගුචඡ පිරිසිදු බව බාහිර පපටිකා (පොතු) දක්වයි.

පරිසුද‍්ධතචප‍්පත‍්තාදිකථාවණ‍්ණනා

අග‍්ගං පාපෙතූති දෙසනාවසෙන අග‍්ගං පාපෙත්‍වා දෙසෙතු, සාරං පාපෙත්‍වා දෙසෙතූති දසබලං යාචති. චාතුයාමසංවරසංවුතොති චතුබ‍්බිධෙන සංවරෙන පිහිතො. න පාණං අතිපාතෙතීති පාණං න හනති. න භාවිතමාසීසතීති භාවිතං නාම තෙසං සඤ‍්ඤාය පඤ‍්ච කාමගුණා, තෙ න ආසීසති න සෙවතීති අත්‍ථො.

අග්ගං පාපෙතු - දේශනා වශයෙන් අගට පමුණුව දේශනා කරනු මැනවි. සාර බවට පමුණුවා දේශනා කරනු මැනවි යයි දසබල බුදුන් අයදියි. චාතුයාම සංවර සංවුතො - සතරාකාර සංවරයෙන් වසන ලද. න පාණමතිපාතෙ ති - ප්‍රාණ නො නසති. න භාවිතමාසිංසති - භාවිතය නම් ඔවුන්ගේ සංඥාවෙන් පංචකාම ගුණය ඔවුහු න ආසිංසති - සේවනය නොකෙරේ යන අර්ථයයි.

අදුං චස‍්ස හොතීති එතඤ‍්චස‍්ස ඉදානි වුච‍්චමානං “සො අභිහරතී”තිආදිලක‍්ඛණං. තපස‍්සිතායාති තපස‍්සිභාවෙන හොති. තත්‍ථ සො අභිහරතීති සො තං සීලං අභිහරති, උපරූපරි වඩ‍්ඪෙති. සීලං මෙ පරිපුණ‍්ණං, තපො ආරද‍්ධො, අලමෙත‍්තාවතාති න වීරියං විස‍්සජ‍්ජෙති. නො හීනායාවත‍්තතීති හීනාය ගිහිභාවත්‍ථාය න ආවත‍්තති. සීලතො උත‍්තරි විසෙසාධිගමත්‍ථාය වීරියං කරොතියෙව, එවං කරොන‍්තො සො විවිත‍්තං සෙනාසනං භජති. “අරඤ‍්ඤ”න‍්තිආදීනි සාමඤ‍්ඤඵලෙ (දී· නි· අට‍්ඨ· 1.216) විත්‍ථාරිතානෙව. “මෙත‍්තාසහගතෙනා”තිආදීනි විසුද‍්ධිමග‍්ගෙ වණ‍්ණිතානි. තචප‍්පත‍්තාති පපටිකතො අබ‍්භන‍්තරං තචං පත‍්තා. ඵෙග‍්ගුප‍්පත‍්තාති තචතො අබ‍්භන‍්තරං ඵෙග‍්ගුං පත‍්තා, ඵෙග‍්ගුසදිසා හොතීති අත්‍ථො.

අදුං චස්ස හොති - මෙය ද දැන් කියනු ලබන හේ අත්නොහරියි ආදි ලක්‍ෂණ. තපස්සිතාය - තපස්බවෙහි වේ. එහි සො අභිහරති - හේ ඒ සීලය රකියි. ඉහළට ඉහළට වඩයි. සීලය සම්පූර්ණ වී තපස අරඹන ලද්දේ මෙතෙකින් ඇතැයි වීරිය අත් නොහරියි. සො හීනයාවත්තති - හීන වූ ගිහි භාවයට නොපැමිණේ. සීලයෙන් ඉහළට විශේෂ අධිගමය සඳහා වීර්ය කරන්නේමය. මෙසේ කරන්නාවූ හේ විවේක සේනාසනය භජනය කරයි. අරඤ්ඤං - ආදිය සාමඤ්ඤඵල සූත්‍රයෙහි විස්තර කරන ලද්දේමය. “මෙත්තා සහගතෙන” ආදිය විසුද්ධි මග්ගයෙහි වර්ණනා කරන ලදී. තචප්පත්තා - පොතුවලින් ඇතුළට සුඹුල පැමිණේ. ඓග්ගුප්පත්තා සුඹුලුවලින් ඇතුළට එළය පැමිණේ. එලය හා සමානය යන අර්ථය වේ.

“එත‍්තාවතා, ඛො නිග්‍රොධ, තපොජිගුච‍්ඡා අග‍්ගප‍්පත‍්තා ච හොති සාරප‍්පත‍්තා චා”ති ඉදං භගවා තිත්‍ථියානං වසෙනාහ. තිත්‍ථියානඤ‍්හි ලාභසක‍්කාරො රුක‍්ඛස‍්ස සාඛාපලාසසදිසො. පඤ‍්චසීලමත‍්තකං පපටිකසදිසං. අට‍්ඨසමාපත‍්තිමත‍්තං තචසදිසං. පුබ‍්බෙනිවාසඤාණාවසානා අභිඤ‍්ඤා ඵෙග‍්ගුසදිසා. දිබ‍්බචක‍්ඛුං පනෙතෙ අරහත‍්තන‍්ති ගහෙත්‍වා විචරන‍්ති. තෙන නෙසං තං රුක‍්ඛස‍්ස සාරසදිසං. සාසනෙ පන ලාභසක‍්කාරො සාඛාපලාසසදිසො. සීලසම‍්පදා පපටිකසදිසා. ඣානසමාපත‍්තියො තචසදිසා. ලොකියාභිඤ‍්ඤා ඵෙග‍්ගුසදිසා. මග‍්ගඵලං සාරො. ඉති භගවතා අත‍්තනො සාසනං ඔනතවිනතඵලභාරභරිතරුක‍්ඛූපමාය උපමිතං. සො දෙසනාකුසලතාය තතො තචසාරසම‍්පත‍්තිතො මම සාසනං උත‍්තරිතරඤ‍්චෙව පණීතතරඤ‍්ච, තං තුවං කදා ජානිස‍්සසීති අත‍්තනොදෙසනාය විසෙසභාවං දස‍්සෙතුං “ඉති ඛො නිග්‍රොධා”ති දෙසනං ආරභි. තෙ පරිබ‍්බාජකාති තෙ තස‍්ස පරිවාරා තිංසසතසඞ‍්ඛ්‍යා පරිබ‍්බාජකා. එත්‍ථ මයං අනස‍්සාමාති එත්‍ථ අචෙලකපාළිආදීසු, ඉදං වුත‍්තං හොති “අම‍්හාකං අචෙලකපාළිමත‍්තම‍්පි නත්‍ථි, කුතො පරිසුද‍්ධපාළි. අම‍්හාකං පරිසුද‍්ධපාළිමත‍්තම‍්පි නත්‍ථි, කුතො චාතුයාමසංවරාදීනි. චාතුයාමසංවරොපි නත්‍ථි, කුතො අරඤ‍්ඤවාසාදීනි. අරඤ‍්ඤවාසොපි නත්‍ථි, කුතො නීවරණප‍්පහානාදීනි. නීවරණප‍්පහානම‍්පි නත්‍ථි, කුතො බ්‍රහ‍්මවිහාරාදීනි. බ්‍රහ‍්මවිහාරමත‍්තම‍්පි නත්‍ථි, කුතො පුබ‍්බෙනිවාසාදීනි. පුබ‍්බෙනිවාසඤාණමත‍්තම‍්පි නත්‍ථි, කුතො අම‍්හාකං දිබ‍්බචක‍්ඛු. එත්‍ථ මයං සආචරියකා නට‍්ඨා”ති. ඉතො භිය්‍යො උත‍්තරිතරන‍්ති ඉතො දිබ‍්බචක‍්ඛුඤාණාධිගමතො භිය්‍යො අඤ‍්ඤං උත‍්තරිතරං විසෙසාධිගමං මයං සුතිවසෙනාපි න ජානාමාති වදන‍්ති.

එත්තාවතා ඛො නිග්‍රෝධ තපො ජිගුච්ඡා අග්ගප්පත්ත හොති සාරප්පත්තාච. මෙය භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ වශයෙන් කීහ. තීර්ථකයන්ගේ ලාභ සත්කාර ගසක අතු කොල සමානය. පංචශීලය පමණක් පොතු හා සමානය. අෂ්ඨ සමාපත්ති මාත්‍රය තච (සිවිය) හා සමානය. පුබ්බෙනිවාස ඤාණය අවසන් කොට ඇති අභිඥා එලය හා සමානය. දිවැස වනාහි ඔවුහු රහත් යයි ගෙන හැසිරෙති. එයින් ඔවුන්ගේ එය ගසේ හරය හා සමානය. සාසනයෙහි වනාහි ලාභ සත්කාර අතු කොල සමානය. සිල සම්පදාව පොතු හා සමානය. ධ්‍යාන සම්පත් සිවිය හා සමානය. ලෞකික අභිඥා එලය හා සමානය. මාර්ගඵල සාර යයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේ සාසනයේ ඵලභරිතව නැමුණු ගසකට උපමා කරන ලදී. දේශනා කුසලතාවෙන් මෙයින් තච සාරයට වඩා මාගේ සාසනය උත්තරිතර ද ප්‍රණීතතර ද වේ. එය ඔබ කවදා දැනගන්නේදැයි තමා ගේ දේශනාවේ විශේෂභාවය දැක්වීමට “ඉතිඛො නිග්‍රොධ” යයි දේශනාව ආරම්භ කරයි. තෙ පරිබ්බාජකා ඔහුට තිහක් පමණ වූ පරිබ්බාජක පිරිසක් පිරිවර වශයෙන් සිටියහ. එත්ථ මයං අනස්සාමා - මෙහි අචේලක පෙල ආදියෙහි. මෙය කියන ලදී. අපගේ අචෙලක පෙල පමණක් ද නැත. අරඤ්ඤවාසාදිය කොයින්ද? අරඤ්ඤ වාසයද නැත. නීවරණ ප්‍රහාණාදිය කොයින්ද? නීවරණ ප්‍රහාණාදිය නැත. බ්‍රහ්මවිහරාදිය කොයින්ද? බ්‍රහ්මවිහරාදිය නැත. පුබ්බෙනිවාසාදිය කොයින්ද? පුබ්බෙනිවාසඤාණ මාත්‍රයකුදු නැත. අපට දිවැස් කොයින්ද? මෙහි අපි ආචාර්යවරුන් සමග සආචරියකා නටුවෝ වෙමු. ඉතො භීයො උත්තරි තරං මෙයින් බොහෝ සෙයින් උත්තරීතර මෙයින් දිවැස් ඤාණ අධිගමයට වඩා අන්‍ය උත්තරිතර විශේෂ අධිගමයක් ඇසීම් වශයෙන් වත් නොදනිමු යයි කියති.

නිග්‍රොධස‍්සපජ‍්ඣායනවණ‍්ණනා

අථ නිග්‍රොධං පරිබ‍්බාජකන‍්ති එවං කිරස‍්ස අහොසි “ඉමෙ පරිබ‍්බාජකා ඉදානි භගවතො භාසිතං සුස‍්සූසන‍්ති, ඉමිනා ච නිග්‍රොධෙන භගවතො පරම‍්මුඛා කක‍්ඛළං දුරාසදවචනං වුත‍්තං, ඉදානි අයම‍්පි සොතුකාමො ජාතො, කාලො දානි මෙ ඉමස‍්ස මානද‍්ධජං නිපාතෙත්‍වා භගවතො සාසනං උක‍්ඛිපිතු”න‍්ති. අථ නිග්‍රොධං පරිබ‍්බාජකං එතදවොච. අපරම‍්පිස‍්ස අහොසි “අයං මයි අකථෙන‍්තෙ සත්‍ථාරං න ඛමාපෙස‍්සති, තදස‍්ස අනාගතෙ අහිතාය දුක‍්ඛාය සංවත‍්තිස‍්සති, මයා පන කථිතෙ ඛමාපෙස‍්සති, තදස‍්ස භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායා”ති. අථ නිග්‍රොධං පරිබ‍්බාජකං එතදවොච. අපරිසාවචරං පන නං කරොථාති එත්‍ථ පනාති නිපාතො, අථ නං අපරිසාවචරං කරොථාති අත්‍ථො. “අපරිසාවචරෙත”න‍්තිපි පාඨො, අපරිසාවචරං වා එතං කරොථ, ගොකාණාදීනං වා අඤ‍්ඤතරන‍්ති අත්‍ථො.

අථ නිග්‍රොධං පරිබ්බාජකං - මෙසේ වනාහි ඔහුට ඇති විය. මේ පිරිවැජියෝ දැන් භාග්‍යවතුන්ගේ භාෂණය අසති. මේ නිග්‍රෝධ විසින් භාග්‍යවතුන් වහන්සේ නැති තැන කර්කශ වූ ලංවීමට පහසු නොවූ වචන කියන ලදී. දැන් මේ තෙමේද ඇසීමට කැමති විය. මොහුගේ මාන කොඩිය පහත හෙළා භාග්‍යවතුන්ගේ සාසනය ඔසවා තැබීමට දැන් මට කාලයයි. ඉක්බිති නිග්‍රෝධ පිරිවැජියාට මෙසේ කීය. තවද ඔහුට මෙසේ ඇතිවිය. මෙතෙම මා කථා නොකරන කල්හි ශාස්තෲන් වහන්සේ ක්‍ෂමා නොකරන්නේය. එය ඔහුට අනාගතයෙහි අහිත පිණිස දුක් පිණිස පවතී. මා විසින් කියනු ලබන කල්හි ක්ෂමා කරන්නේය. එය ඔහුට බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. ඉක්බිති නිග්‍රෝධ පිරිවැජියාව මෙසේ කීය. අපරිසාවචරං පන නං කරොථ - මෙහි පන නිපාතයකි. ඉක්බිති ඔහු අපරිසාවචරං වා මෙය කරව. ගො කාණාදි හෝ අනිකක් යයි අර්ථයයි.

ගොකාණන‍්ති එත්‍ථාපි ගොකාණං පරියන‍්තචාරිනිං විය කරොථාති අත්‍ථො. තුණ‍්හීභූතොති තුණ‍්හීභාවං උපගතො. මඞ‍්කුභූතොති නිත‍්තෙජතං ආපන‍්නො. පත‍්තක‍්ඛන්‍ධොති ඔනතගීවො. අධොමුඛොති හෙට‍්ඨාමුඛො.

ගොකාණං - මෙහි ද ගෝකණ කෙළවර හැසිරෙන්නී මෙන් කරව යයි අර්ථය වේ. තුණ්හී භූතො - නිශ්ශබ්ද බවට පැමිණියේ. මංකුභූතං - නිෂ්තේජස් බවට පැමිණියේ පත්තක්ඛන්ධො - බෙල්ල නමා අධො මුඛො - මුහුණ යටට හරවා

බුද‍්ධො සො භගවා බොධායාති සයං බුද‍්ධො සත‍්තානම‍්පි චතුසච‍්චබොධත්‍ථාය ධම‍්මං දෙසෙති. දන‍්තොති චක‍්ඛුතොපි දන‍්තො…පෙ… මනතොපි දන‍්තො. දමථායාති අඤ‍්ඤෙසම‍්පි දමනත්‍ථාය එව, න වාදත්‍ථාය. සන‍්තොති රාගසන‍්තතාය සන‍්තො, දොසමොහසන‍්තතාය සබ‍්බ අකුසලසබ‍්බාභිසඞ‍්ඛාරසන‍්තතාය සන‍්තො. සමථායාති මහාජනස‍්ස රාගාදිසමනත්‍ථාය ධම‍්මං දෙසෙති. තිණ‍්ණොති චත‍්තාරො ඔඝෙ තිණ‍්ණො. තරණායාති මහාජනස‍්ස ඔඝනිත්‍ථරණත්‍ථාය. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො. පරිනිබ‍්බානායාති මහාජනස‍්සාපි සබ‍්බකිලෙසපරිනිබ‍්බානත්‍ථාය ධම‍්මං දෙසෙති.

බුද්ධො සො භගවා බොධාය - තමා අවබෝධ කොට සත්වයන්ට ද චතුසත්‍ය අවබෝධය සඳහා ධර්මය දේශනා කරයි. දමෙතා - චක්ඛු ආදී ඉන්ද්‍රියන්ගේ දමනය දමථාය - අන්‍යයන්ගේ දමනය සඳහා. සන්තො - රාගයෙන් සාන්ත වූ බැවින් සාන්තය. සමථාය - මහාජනයාගේ රාගාදිය සමනය සඳහා දහම් දෙසයි. තිණෙණා - සිව් ඕඝවලින් එතර විය. තරණාය - මහාජනයාට ඕඝ තරණය සඳහා. පරිනබ්බුතො - කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවන් පෑ පරිනිබ්බාණාය - මහාජනයාගේ ද සියළු කෙලෙස් පිරිනිවීම සඳහා දහම් දේසනා කරයි.

බ්‍රහ‍්මචරියපරියොසානාදිවණ‍්ණනා

අච‍්චයොතිආදීනි සාමඤ‍්ඤඵලෙ (දී· නි· අට‍්ඨ· 1.250) වුත‍්තානි. උජුජාතිකොති කායවඞ‍්කාදිවිරහිතො උජුසභාවො. අහමනුසාසාමීති අහං තාදිසං පුග‍්ගලං අනුසාසාමි, ධම‍්මං අස‍්ස දෙසෙමි. සත‍්තාහන‍්ති සත‍්තදිවසානි, ඉදං සබ‍්බම‍්පි භගවා දන්‍ධපඤ‍්ඤං පුග‍්ගලං සන්‍ධායාහ අසඨො පන අමායාවී උජුජාතිකො තංමුහුත‍්තෙනෙව අරහත‍්තං පත‍්තුං සක‍්ඛිස‍්සති. ඉති භගවා “අසඨ”න‍්තිආදිවචනෙන සඨො හි වඞ‍්කවඞ‍්කො, මයාපි න සක‍්කා අනුසාසිතුන‍්ති දීපෙන‍්තො පරිබ‍්බාජකං පාදෙසු ගහෙත්‍වා මහාමෙරුපාදතලෙ විය ඛිපිත්‍ථ. කස‍්මා? අයඤ‍්හි අතිසඨො, කුටිලචිත‍්තො සත්‍ථරි එවං කථෙන‍්තෙපි බුද‍්ධධම‍්මසඞ‍්ඝෙසු නාධිමුච‍්චති, අධිමුච‍්චනත්‍ථාය සොතං න ඔදහති, කොහඤ‍්ඤෙ ඨිතො සත්‍ථාරං ඛමාපෙති. තස‍්මා භගවා තස‍්සජ‍්ඣාසයං විදිත්‍වා “එතු විඤ‍්ඤූ පුරිසො අසඨො”තිආදිමාහ. සඨං පනාහං අනුසාසිතුං න සක‍්කොමීති.

අච්චයො - ආදිය සාමඤ්ඤඵලයෙහි කියන ලදී. උජුජාතිකො - කාය වඞකතාදියෙන් විරහිත වූ හෙයින් සෘජු ස්වභාවය. අහමනුසාසාමි - මම එබඳු පුද්ගලයන්ට අනුසාසනා කරමි. ඔහුට ධර්මය දේශනා කරමි. සත්තාහං - සත් දවසක්. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ලම දනිති. පුද්ගලයින් සඳහා කීහ. අසඨො - යනු නොරැවටීමයි. සෘජු ගති ඇති අය මොහොතකින් රහත් වීමට හැකිවන්නේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ “අසඨ” ආදි වචනයෙන් සඨයාට වංක වංකයාට මවිසින් ද අනුශාසනා කිරීමට නොහැකි යයි දක්වන්නේ පිරිවැජියා පාවලින් ගෙන මහාමේරු පර්වතය පාමුල දැමුවාක් මෙන් විය. කුමහෙයින් ද මෙතෙම අති සඨයෙකි. වංක සිතැත්තෙකි. ශාස්තෲන් වහන්සේ මෙසේ ධර්මය දේශනා කරද්දී බුදුන් දහම් සඟුන් සිත නොයෙදේ. අධිමුච්චනය සඳහා කන් යොමු නොකරයි. කොහොන් බවෙහි සිටියේ ශාස්තෲ ක්ෂමා කරවමියි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන “එතු විඤ්ඤූ පුරිසො අසඨො” යයි ආදිය කී හ. සඨයාට අනුසාසනා නොකළ හැකි වේ.

අන‍්තෙවාසිකම්‍යතාති අන‍්තෙවාසිකම්‍යතාය, අම‍්හෙ අන‍්තෙවාසිකෙ ඉච‍්ඡන‍්තො. එවමාහාති “එතු විඤ‍්ඤුපුරිසො”තිආදිමාහ. යො එව වො ආචරියොති යො එව තුම‍්හාකං පකතියා ආචරියො. උද‍්දෙසා නො චාවෙතුකාමොති අත‍්තනො අනුසාසනිං ගාහාපෙත්‍වා අම‍්හෙ අම‍්හාකං උද‍්දෙසතො චාවෙතුකාමො. සො එව වො උද‍්දෙසො හොතූති යො තුම‍්හාකං පකතියා උද‍්දෙසො, සො තුම‍්හාකංයෙව හොතු, න මයං තුම‍්හාකං උද‍්දෙසෙන අත්‍ථිකා. ආජීවාති ආජීවතො. අකුසලසඞ‍්ඛාතාති අකුසලාති කොට‍්ඨාසං පත‍්තා. අකුසලා ධම‍්මාති ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදධම‍්මා තණ‍්හායෙව වා විසෙසෙන. සා හි පුනබ‍්භවකරණතො “පොනොබ‍්භවිකා”ති වුත‍්තා. සදරථාති කිලෙසදරථසම‍්පයුත‍්තා. ජාතිජරාමරණියාති ජාතිජරාමරණානං පච‍්චයභූතා. සංකිලෙසිකා ධම‍්මාති ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා. වොදානියාති, සමථවිපස‍්සනා ධම‍්මා. තෙ හි සත‍්තෙ වොදාපෙන‍්ති, තස‍්මා “වොදානියා”ති වුච‍්චන‍්ති. පඤ‍්ඤාපාරිපූරින‍්ති මග‍්ගපඤ‍්ඤාපාරිපූරිං. වෙපුල‍්ලත‍්තඤ‍්චාති ඵලපඤ‍්ඤාවෙපුල‍්ලතං, උභොපි වා එතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව. ඉදං වුත‍්තං හොති “තතො තුම‍්හෙ මග‍්ගපඤ‍්ඤඤ‍්චෙව ඵලපඤ‍්ඤඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සථා”ති. එවං භගවා පරිබ‍්බාජකෙ ආරබ‍්භ අත‍්තනො ඔවාදානුසාසනියා ඵලං දස‍්සෙන‍්තො අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨපෙසි.

අන්නෙවාසිකම්‍යතා - අන්තෙවාසික කැමැත්ත යනාදිය කීහ. අප අන්තෙවාසිකයන් කැමති වන්නේ. එවමාහ - එතු විඤඤූ පුරිස ආදිය කීහ. සො එව වො ආචරියො - ඔබගේ ප්‍රකෘති ආචාර්යා ඔහුමය. උද්දෙසා නො වා වෙතුකාමො - තමාගේ අනුශාසනාව ගන්වාගෙන අපට අපගේ කියාදීම කියනු කැමත්තේ. සො එව වො උද්දෙසො හොතු - ඔබගේ ප්‍රකෘති උද්දෙසය ඔහුටා වේවා. ඔබගේ විස්තරයෙන් මට අර්ථයක් නොවේ. ආජීවා - ආජීවයෙන්, අකුසල සංඛාත - අකුසල යන කොටසට පැමිණි. අකුසල ධම්මා - දොලොස් සිත් උපදින චෛතසික. තෘෂ්ණා යන විශේෂණයෙන් එය වනාහි පුනර්භවය ඇතිකරන බැවින් පොනොභවිකා - යයි කියන ලදී. සදරා - කෙලෙස් කරදරවලින් යුක්ත. ජාතිජරා මරණය - ජාති ජරා මරණවලට හේතු වූ සඞකිලෙසිකා ධම්මා - දොලොස් සිත් ඉපදීම වොදානියා - සමථ විපස්සනා ධර්ම. ඒවා සත්වයන් පිරිසිදු කරයි. එහෙයින් වොදනියා යයි කියනු ලැබේ. පඤ්ඤා පාරිපුරං - මාර්ග ප්‍රඥාව සම්පූර්ණ වීම. වෙපුල්ලතං - ඵල ප්‍රඥා විපුල බව, දෙකම හෝ ඔවුනොවුන් වේවචන වේ. මෙය කියන ලදී. “එයින් ඔබ මාර්ග ප්‍රඥාව ද ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ දැනගෙන සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්න. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිරිවැජියන් අරබයා තමන් වහන්සේගේ අවවාද අනුසාසනාව බලය පෙන්වන්නේ රහත් බවින් කුළුගන්නවා දේශනාව අවසන් කළහ.

යථා තං මාරෙනාති යථා මාරෙන පරියුට‍්ඨිතචිත‍්තා නිසීදන‍්ති එවමෙව තුණ‍්හීභූතා…පෙ… අප‍්පටිභානා නිසින‍්නා.

යථා තං මාරෙන - මාරයා විසින් නැගී සිටි සිතින් හිඳියි. එසේම නිශ්ශබ්ද වූයේ....නොවැටහී සිටියෝය.

මාරො කිර සත්‍ථා අතිවිය ගජ‍්ජන‍්තො බුද‍්ධබලං දීපෙත්‍වා ඉමෙසං පරිබ‍්බාජකානං ධම‍්මං දෙසෙති, කදාචි ධම‍්මාභිසමයො භවෙය්‍ය, හන්‍දාහං පරියුට‍්ඨාමීති සො තෙසං චිත‍්තානි පරියුට‍්ඨාසි. අප‍්පහීනවිපල‍්ලාසානඤ‍්හි චිත‍්තං මාරස‍්ස යථාකාමකරණීයං හොති. තෙපි මාරෙන පරියුට‍්ඨිතචිත‍්තා ථද‍්ධඞ‍්ගපච‍්චඞ‍්ගා විය තුණ‍්හී අප‍්පටිභානා නිසීදිංසු. අථ සත්‍ථා ඉමෙ පරිබ‍්බාජකා අතිවිය නිරවා හුත්‍වා නිසින‍්නා, කිං නු ඛොති ආවජ‍්ජන‍්තො මාරෙන පරියුට‍්ඨිතභාවං අඤ‍්ඤාසි. සචෙ පන තෙසං මග‍්ගඵලුප‍්පත‍්තිහෙතු භවෙය්‍ය, මාරං පටිබාහිත්‍වාපි භගවා ධම‍්මං දෙසෙය්‍ය, සො පන තෙසං නත්‍ථි. “සබ‍්බෙපි මෙ තුච‍්ඡපුරිසා”ති අඤ‍්ඤාසි. තෙන වුත‍්තං “අථ ඛො භගවතො එතදහොසි සබ‍්බෙපි මෙ මොඝපුරිසා”තිආදි.

මාරයා වනාහි, ශාස්තෲ අතිශයින් ගර්ජනා කරන්නේ බුද්ධ බලය පෙන්වා මේ පිරිවැජියන්ට ධර්ම දේශනා කරති. කිසිවෙක් ධර්මාභි සමය වන්නේය හන්ද “මම නැගී සිටිමි’ය ඒ සිත් නැගී සිටියේය. අප්‍රහීන විපල්ලාස සිල් මාරයාට කැමති දෙයක් කළ හැකි වේ. මාරයා විසින් නගා සිටුවන ලද ඒ සිත් ද එහි අංග ප්‍රත්‍යාංග මෙන් නිශ්ශබ්දව...නොවැටහී හුන්හ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මේ පිරිවැජියෝ අතිශයින් ශබ්ද රහිතව හුන්නෝය. කුමක් නිසාදැයි ආවර්ජනා කරන්නේ මාරයා විසින් නගා සිටුවන ලද බව දැන ගත්හ.

තත්‍ථ ඵුට‍්ඨා පාපිමතාති පාපිමතා මාරෙන ඵුට‍්ඨා. යත්‍ර හි නාමාති යෙසු නාම. අඤ‍්ඤාණත්‍ථම‍්පීති ජානනත්‍ථම‍්පි. කිං කරිස‍්සති සත‍්තාහොති සමණෙන ගොතමෙන පරිච‍්ඡින‍්නසත‍්තාහො අම‍්හාකං කිං කරිස‍්සති. ඉදං වුත‍්තං හොති “සමණෙන ගොතමෙන ‘සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සති සත‍්තාහ’න‍්ති වුත‍්තං, සො සත‍්තාහො අම‍්හාකං කිං අප‍්ඵාසුකං කරිස‍්සති. හන්‍ද මයං සත‍්තාහබ‍්භන‍්තරෙ එතං ධම‍්මං සච‍්ඡිකාතුං සක‍්කා, න සක‍්කාති අඤ‍්ඤාණත්‍ථම‍්පි බ්‍රහ‍්මචරියං චරිස‍්සාමා”ති. අථ වා ජානාම තාවස‍්ස ධම‍්මන‍්ති එකදිවසෙ එකවාරං අඤ‍්ඤාණත්‍ථම‍්පි එතෙසං චිත‍්තං නුප‍්පන‍්නං, සත‍්තාහො පන එතෙසං කුසීතානං කිං කරිස‍්සති, කිං සක‍්ඛිස‍්සන‍්ති තෙ සත‍්තාහං පූරෙතුන‍්ති අයමෙත්‍ථ අධිප‍්පායො. සීහනාදන‍්ති පරවාදභින්‍දනං සකවාදසමුස‍්සාපනඤ‍්ච අභීතනාදං නදිත්‍වා. පච‍්චුපට‍්ඨාසීති පතිට‍්ඨිතො. තාවදෙවාති තස‍්මිඤ‍්ඤෙව ඛණෙ. රාජගහං පාවිසීති රාජගහමෙව පවිට‍්ඨො. තෙසං පන පරිබ‍්බාජකානං කිඤ‍්චාපි ඉදං සුත‍්තන‍්තං සුත්‍වා විසෙසො න නිබ‍්බත‍්තො, ආයතිං පන නෙසං වාසනාය පච‍්චයො භවිස‍්සතීති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි ඵුට්ඨා පාපිමතා පවිටු මාරයා විසින් ස්පර්ශ කරන ලදී. යත්‍ර හි නාමා - යමෙකගේ නම්. අඤ්ඤාණත්ථමපි - දැනගත්තේද. කිං කරිස්සත සත්තාහො - ශ්‍රමණ ගෞතමයා විසින් පිරිසිදු දක්වන ලද සත් දවස අපට කිසි අපහසුවක් කරන්නේද? එසේ නම් අපි සත් දවසක් ඇතුළත මේ ධර්මය සාක්ෂාත් කිරීමට හැකිවේවි නොවේවා දන්නා වූ බ්‍රහ්මචරියාවේ හැසිරෙමු. එසේ නැතහොත් ඔහුගේ ධර්මය දනිමු. එක් දවසක් එක් වාරයක් දන්නේ ද ඔවුන්ගේ සිත නූපන්නේය. දවස් හත වනාහි මේ කුසීතයන්ට කුමක් කෙරේද? කිම ඔව්හු සත් දිනක් සම්පූර්ණ කිරීමට හැකිවන්නෝද? යනු මෙහි අර්ථයයි. සීහනාදං - පරවාද සිඳන සියවාද එසවීම ද වූ බිය නැති නාදය නාදකොට. පිහිටියේ. තාවදෙව - එකෙනෙහි රාජගහං පාවිසි - රජගහනුවරටම ඇතුළු වූයේය. ඒ පිරිවැජියන්ගෙන් කිසිවෙක් මේ සූත්‍රය අසා විශේෂයක් නොඉපවූයේය. ඔවුන්ගේ ආයති වාසනාවට ප්‍රත්‍ය වන්නේය. සෙසු සියල්ල පැහැදිලිය.

සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය උදුම‍්බරිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උදුම්බරික සූත්‍ර වර්ණනාව නිමි.