3. චක්කවත්තිසුත්තවණ්ණනා අට්ඨකථා
3. චක්කවත්තිසුත්තවණ්ණනා
3. චක්කවත්ති සූත්‍ර වර්ණනාව
අත්තදීපසරණතාවණ්ණනා
එවං මෙ සුතන්ති චක්කවත්තිසුත්තං. තත්රායමනුත්තානපදවණ්ණනා – මාතුලායන්ති එවංනාමකෙ නගරෙ. තං නගරං ගොචරගාමං කත්වා අවිදූරෙ වනසණ්ඩෙ විහරති. “තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසී”ති එත්ථ අයමනුපුබ්බිකථා –
එවං මෙ සුතං - චක්‍ර වර්ති සූත්‍රය. මෙය එහි ගැඹුරු පද වර්ණනාවයි. මාතුලායං - එසේ නම් ඇති නගරයෙහි. ඒ නගරය ගොදුරු ගම කොට නුදුරු වන ලැහැබෙහි වාසය කරයි. “එහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ”.
භගවා කිර ඉමස්ස සුත්තස්ස සමුට්ඨානසමයෙ පච්චූසකාලෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො ඉමාය අනාගතවංසදීපිකාය සුත්තන්තකථාය මාතුලනගරවාසීනං චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයං දිස්වා පාතොව වීසතිභික්ඛුසහස්සපරිවාරො මාතුලනගරං සම්පත්තො. මාතුලනගරවාසිනො ඛත්තියා “භගවා ආගතො”ති සුත්වා පච්චුග්ගම්ම දසබලං නිමන්තෙත්වා මහාසක්කාරෙන නගරං පවෙසෙත්වා නිසජ්ජට්ඨානං සංවිධාය භගවන්තං මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදංසු. භගවා භත්තකිච්චං නිට්ඨාපෙත්වා චින්තෙසි – “සචාහං ඉමස්මිං ඨානෙ ඉමෙසං මනුස්සානං ධම්මං දෙසෙස්සාමි, අයං පදෙසො සම්බාධො, මනුස්සානං ඨාතුං වා නිසීදිතුං වා ඔකාසො න භවිස්සති, මහතා ඛො පන සමාගමෙන භවිතබ්බ”න්ති.
මෙහි මේ පිළිවෙළ කථාවය. මේ සූත්‍රය දේශනා කරන දිනයෙහි පාන්දර මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන්නේ මේ අනාගත වංශය ආලෝක කරන සූත්‍රාන්ත කථාවෙන් මාතුල නගරවාසී අසුහාර දහසක් දෙනාට ධර්මාවබෝධය වන බව දැන උදේම විසි දහසක් භික්ෂූන් පිරිවරා මාතුල නගරයට පැමිණියහ. මාතුල නගරවාසී ක්ෂත්රියෝ භාග්‍යවතුන් වහන්සේ වැඩියේ යයි අසා පෙර ගමන් කොට බුදුරදුන්ට ආරාධනා කොට මහත් සත්කාරයෙන් නගරයට වැඩමවා වැඩසිටින ස්ථානයක් පිළියෙළ කොට මහාර්ඝ ආසනයක වඩා හිඳුවා බුදුන් ප්රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසානයෙහි සිතූහ. ඉදින් මේ ස්ථානයෙහි මේ මිනිසුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් මේ ප්‍රදේශය සම්බාධ සහිතය. මිනිසුන්ට සිටගෙන සිටීමට හෝ හිඳ ගැනීමට අවකාශයක් නැත.
අථ රාජකුලානං භත්තානුමොදනං අකත්වාව පත්තං ගහෙත්වා නගරතො නික්ඛමි. මනුස්සා චින්තයිංසු – “සත්ථා අම්හාකං අනුමොදනම්පි අකත්වා ගච්ඡති, අද්ධා භත්තග්ගං අමනාපං අහොසි, බුද්ධානං නාම න සක්කා චිත්තං ගහෙතුං, බුද්ධෙහි සද්ධිං විස්සාසකරණං නාම සමුස්සිතඵණං ආසීවිසං ගීවාය ගහණසදිසං හොති; එථ භො, තථාගතං ඛමාපෙස්සාමා”ති. සකලනගරවාසිනො භගවතා සහෙව නික්ඛන්තා. භගවා ගච්ඡන්තොව මගධක්ඛෙත්තෙ ඨිතං සාඛාවිටපසම්පන්නං සන්දච්ඡායං කරීසමත්තභූමිපත්ථටං එකං මාතුලරුක්ඛං දිස්වා ඉමස්මිං රුක්ඛමූලෙ නිසීදිත්වා ධම්මෙ දෙසියමානෙ “මහාජනස්ස ඨානනිසජ්ජනොකාසො භවිස්සතී”ති. නිවත්තිත්වා මග්ගා ඔක්කම්ම රුක්ඛමූලං උපසඞ්කමිත්වා ධම්මභණ්ඩාගාරිකං ආනන්දත්ථෙරං ඔලොකෙසි. ථෙරො ඔලොකිතසඤ්ඤාය එව “සත්ථා නිසීදිතුකාමො”ති ඤත්වා සුගතමහාචීවරං පඤ්ඤපෙත්වා අදාසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. අථස්ස පුරතො මනුස්සා නිසීදිංසු. උභොසු පස්සෙසු පච්ඡතො ච භික්ඛුසඞ්ඝො, ආකාසෙ දෙවතා අට්ඨංසු, එවං මහාපරිසමජ්ඣගතො තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි.
රාජකුලයන්ට භූතානු මෝදනා නොකොට පාත්‍රය ගෙන නගරයෙන් නික්මුණාහ. මිනිස්සු සිතූහ. ශාස්තෲන් වහන්සේ අපට අනුමෝදනාවක්වත් නොකොට වඩිති. ඒකාන්තයෙන් දානය අවසානයේ අමනාපයක් ඇතිවීම පෙණය සහිත නයෙකුගේ බෙල්ලෙන් ඇල්ලීම හා සමාන වේ. එන්න පින්වත්නි, තථාගතයන් වහන්සේ සමාකර ගනිමුයයි සියළු නගරවාසීහු භාග්‍යවතුන් වහන්සේ සමග නික්මුණේ වඩින බුදුන් වහන්සේ මගධ කෙතෙහි නැවතුනහ. අතු වෙලෙපින් යුත් පැතිරුණු සෙවන කිරියක් (අමුණු සතරක පමණ) පමණ විහිදී ඇති එක් අත්තන ගසක් දැක මේ ගසමුල හිඳ දහම් දේශනා කරන්නේ නම් මහජනයාට සිටීමට හිඳගැනීමට අවකාශ ඇතිවන්නේ යයි නැවතී මාර්ගයෙන් ඉවත්ව ගස මුලට පැමිණ ධර්ම භාණ්ඩාගාරික අනඳ හිමි දෙස බැලූහ. තෙරුන් වහන්සේ බැලූ සංඥාව හිඳගනු කැමත්තේ යයි දැන සුගත් මහ සිවුර පණවා දුන්නේය. පණවන ලද ආසනයෙහි වැඩහිඳි කල්හි ඉදිරියෙන් මිනිස්සු හිඳගත්හ. දෙපස හා පිටුපස භික්ෂු සංඝයා ද අහසෙහි දෙවියෝ ද සිටියහ. මෙසේ මහ පිරිස් මැද වූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.
තෙ භික්ඛූති තත්ර උපවිට්ඨා ධම්මප්පටිග්ගාහකා භික්ඛූ. අත්තදීපාති අත්තානං දීපං තාණං ලෙණං ගතිං පරායණං පතිට්ඨං කත්වා විහරථාති අත්ථො. අත්තසරණාති ඉදං තස්සෙව වෙවචනං. අනඤ්ඤසරණාති ඉදං අඤ්ඤසරණපටික්ඛෙපවචනං. න හි අඤ්ඤො අඤ්ඤස්ස සරණං හොති, අඤ්ඤස්ස වායාමෙන අඤ්ඤස්ස අසුජ්ඣනතො. වුත්තම්පි චෙතං “අත්තා හි අත්තනො නාථො, කො හි නාථො පරො සියා”ති (ධ· ප· 160). තෙනාහ “අනඤ්ඤසරණා”ති. කො පනෙත්ථ අත්තා නාම, ලොකියලොකුත්තරො ධම්මො. තෙනාහ – “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා”ති. “කායෙ කායානුපස්සී”තිආදීනි මහාසතිපට්ඨානෙ විත්ථාරිතානි.
තෙ භික්ඛු - එහි පිවිසි ධර්ම ප්‍රතිග්‍රාහක භික්ෂූහු. අත්තදීපා - තමා පහනක්, රැකීමක්, පරායණයක් ප්‍රතිෂ්ඨාවක් කොට වාසය කරත් යන අර්ථය වේ. අත්තසරණා - මෙය එහිම පර්යාය වචනයකි. අනිකෙකුට අනිකෙකුගේ පිහිටක් නැත. යනු අනඤ්ඤ සරණ වේ. මෙය අන්‍ය සරණ ප්‍රතික්ෂේප කරන වචන වේ. අනිකෙක් අනිකෙකුට සරණ නොවේ. අනෙකෙකුගේ උත්සාහයෙන් අනෙකකුට සිදු නොවේ. කියන ලදී. තමාගේ නාථයා තමාමය. අන්‍ය වූ නාථයෙක් කොහි වේද? එහෙයින් “අනඤ්ඤ සරණා” යයි කීහ. මෙහි අත්තා කවුරුද? ලෞකික ලෝකෝත්තර ධර්ම වේ. එයින් කීහ: ධම්මදීපා, ධම්මසරණා අනඤ්ඤ සරණා. “කායේ කායානුපස්සී” යයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර කරන ලද්දේය.
ගොචරෙති චරිතුං යුත්තට්ඨානෙ. සකෙති අත්තනො සන්තකෙ. පෙත්තිකෙ විසයෙති පිතිතො ආගතවිසයෙ. චරතන්ති චරන්තානං. “චරන්ත”න්තිපි පාඨො, අයමෙවත්ථො. න ලච්ඡතීති න ලභිස්සති න පස්සිස්සති. මාරොති දෙවපුත්තමාරොපි, මච්චුමාරොපි, කිලෙසමාරොපි. ඔතාරන්ති රන්ධං ඡිද්දං විවරං. අයං පනත්ථො ලෙඩ්ඩුට්ඨානතො නික්ඛම්ම තොරණෙ නිසීදිත්වා බාලාතපං තපන්තං ලාපං සකුණං ගහෙත්වා. පක්ඛන්දසෙනසකුණවත්ථුනා දීපෙතබ්බො. වුත්තඤ්හෙතං –
ගොචරෙ - හැසිරීමට සුදුසු ස්ථානයෙහි සකෙ - තමා සන්තකයෙහි. පෙත්තිකෙ විසයෙ - පියාගෙන් පැමිණි විෂයෙහි චරතං - හැසිරෙන්නන්ගේ. “චරන්තං” යන පාඨයි. ඒ අර්ථයම වේ. න ලච්ඡති - නො ලබන්නේය. නො බලන්නේය. මාරො - දේවපුත්ත මාර. මෘත්‍යු මාර, කිලෙස මාර තිදෙනා. ඕතාරං - රන්ධ්‍ර. සිදුරු, විවර. මෙය වනාහි මෙහි ගලවැටෙන ස්ථානයෙන් නික්ම තොරණෙහි හිඳ තරුණ හිරුරස් තපින්නේ කැටකුරුල්ලා ගෙනහුන් උකුසු කුරුළු වස්තුව දැක්විය යුතුය.
“භූතපුබ්බං, භික්ඛවෙ, සකුණග්ඝි ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා අග්ගහෙසි. අථ ඛො, භික්ඛවෙ, ලාපො සකුණො සකුණග්ඝියා හරියමානො එවං පරිදෙවසි ‘මයමෙවම්හ අලක්ඛිකා, මයං අප්පපුඤ්ඤා, යෙ මයං අගොචරෙ චරිම්හ පරවිසයෙ, සචෙජ්ජ මයං ගොචරෙ චරෙය්යාම සකෙ පෙත්තිකෙ විසයෙ, න ම්යායං සකුණග්ඝි අලං අභවිස්ස යදිදං යුද්ධායා’ති. කො පන තෙ ලාප ගොචරො සකො පෙත්තිකො විසයොති? යදිදං නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨානන්ති. අථ ඛො, භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අසංවදමානා ලාපං සකුණං පමුඤ්චි ගච්ඡ ඛො ත්වං ලාප, තත්රපි ගන්ත්වා න මොක්ඛසීති.
මහණෙනි, පෙර උකුස්සෙක් වහා බැස කැටකුරුල්ලකු ඩැහැගත්තේය. මහණෙනි, ඉක්බිති කැටකුරුල්ලා උකුස්සා ගෙනයනු ලබන්නේ මෙසේ වැලපුනේය. මගේම අවාසනාව, මගේ පින් අඩුකම මම අගෝචර පර විෂයෙහි හැසුරුනෙමි. ඉදින් අද මම මගේ පියවරුන්ගේ විෂයෙහි හැසිරුනේ නම් උකුස්සාගේ දඬුවමට අසු නොවන්නේය, ලාපය, ඔබේ ගොචර පියාගේ විෂය කොහේද එය මේ නගුලෙන් හාන ලද ගලක් විසිකරන දුර. ඉක්බිති මහණෙනි, උකුස්සා, ස්වකීය බලයෙහි උඩගු නොවී ස්වකීය බලයෙහි හේතු රහිතව කුරුල්ලා මුදා හැරියේය. ලාපය, යව, එහි ගොස් නොමිදෙව,
අථ ඛො, භික්ඛවෙ, ලාපො සකුණො නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨානං ගන්ත්වා මහන්තං ලෙඩ්ඩුං අභිරුහිත්වා සකුණග්ඝිං වදමානො අට්ඨාසි “එහි ඛො දානි මෙ සකුණග්ඝි, එහි ඛො දානි මෙ සකුණග්ඝී”ති. අථ ඛො සා, භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අසංවදමානා උභො පක්ඛෙ සන්නය්හ ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා. යදා ඛො, භික්ඛවෙ, අඤ්ඤාසි ලාපො සකුණො බහුආගතා ඛො ම්යායං සකුණග්ඝීති, අථ ඛො තස්සෙව ලෙඩ්ඩුස්ස අන්තරං පච්චුපාදි. අථ ඛො, භික්ඛවෙ, සකුණග්ඝි තත්ථෙව උරං පච්චතාළෙසි. එවඤ්හි තං, භික්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.
මහණෙනි ඉක්බිති කැට කුරුල්ලා හාන මැටි තිබෙන ස්ථානයට ගොස් ලොකු මැටි කැටයකට නැගි උකුස්සාගෙන් බේරීමක් නැතිව සිටියේය. උකුස්සා, දැන් එයි දැන් එයි. උකුස්සා සිය බලයෙහි උඩඟු නොවී උභය පක්ෂවලින් සන්නදධව කැටකුරුල්ලා ලඟට වහා පැමිණියේය. මහණෙනි, කැට කුරුල්ලා උකුස්සා පැමිණියේ යයි දැන මැටි කැටයේ ඇතුළට පැමිණියේය. ඉක්බිති උකුස්සා ඒ මැටි කැටයේ ම පපුව ගෑවිය. මහණෙනි, මෙය මෙසේ විය.
තස්මාතිහ, භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ, අගොචරෙ, භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො, යදිදං පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඝානවිඤ්ඤෙය්යා ගන්ධා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො.
මහණෙනි අගෝචර පරවිෂයෙහි නොහැසිරෙන්න. මහණෙනි, අගෝචර පර විෂයෙහි හැසිරෙන විට මාරයා ඉඩ ලබන්නේය. සිදුරු ලබන්නේය. අරමුණු ලබන්නේය. මහණෙනි. භික්ෂූන්ට අගොචර පරවිෂය කුමක්ද? යම් මේ පංචකාම ගුණ කුමන පසක්ද? ඇසෙන් දකින රූප. ඉෂ්ඨ කාන්ත, මනාප ප්‍රිය රූප, කාමයට හේතුවන ඇලෙන... කයෙන් දැනෙන ස්පර්ශ... ඇලෙන, මහණෙනි. මෙය භික්ෂූන්ට අගොචර පර විෂය වේ.
ගොචරෙ, භික්ඛවෙ, චරථ…පෙ… න ලච්ඡති මාරො ආරම්මණං. කො ච, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං – අයං, භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයොති (සං· නි· 5.371).
ගොචරයෙහි මහණෙනි. හැසිරෙන්න. එහි මාරයාව අරමුණු නො ලැබේ. තමාගේ පියාගේ විෂය වූ ගෝචරය කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි. ඒ සතර මොනවාද මහණෙනි, මෙහි භික්ෂුව කයේ කය අනුව බලමින් වාසය කරයි.... ස්වකීය පියාගේ විෂයයි.
කුසලානන්ති අනවජ්ජලක්ඛණානං. සමාදානහෙතූති සමාදාය වත්තනහෙතු. එවමිදං පුඤ්ඤං පවඩ්ඪතීති එවං ඉදං ලොකියලොකුත්තරං පුඤ්ඤඵලං වඩ්ඪති, පුඤ්ඤඵලන්ති ච උපරූපරි පුඤ්ඤම්පි පුඤ්ඤවිපාකොපි වෙදිතබ්බො.
කුසලානං - අනවද්‍ය ලක්ෂණයන්ගේ, සමාදාන හෙතු - සමාදන්ව පවත්වන හේතු. එවමිදං පුඤ්ඤං පවඩ්ඪති - මෙසේ ලෞකික ලෝකෝත්තර පින්ඵල වැඩේ. පුඤ්ඤපල යයි මතු මත්තෙහි පින් ද පින් විපාක ද දත යුතුය.
දළ්හනෙමිචක්කවත්තිරාජකථාවණ්ණනා
තත්ථ දුවිධං කුසලං වට්ටගාමී ච විවට්ටගාමී ච. තත්ථ වට්ටගාමිකුසලං නාම මාතාපිතූනං පුත්තධීතාසු පුත්තධීතානඤ්ච මාතාපිතූසු සිනෙහවසෙන මුදුමද්දවචිත්තං. විවට්ටගාමිකුසලං නාම “චත්තාරො සතිපට්ඨානා”තිආදිභෙදා සත්තතිංස බොධිපක්ඛියධම්මා. තෙසු වට්ටගාමිපුඤ්ඤස්ස පරියොසානං මනුස්සලොකෙ චක්කවත්තිසිරීවිභවො. විවට්ටගාමිකුසලස්ස මග්ගඵලනිබ්බානසම්පත්ති. තත්ථ විවට්ටගාමිකුසලස්ස විපාකං සුත්තපරියොසානෙ දස්සෙස්සති.
එහි කුසල් දෙයාකාරය. සසර ගමනට හේතුවන සහ නිවනට හේතුවන වශයෙනි. එහි වට්ටගාමි කුසලය නම් මාපියන් දූ පුතුන් කෙරෙහි ද දූ පුත්තු මාපියන් කෙරෙහි ද ස්නේහ වශයෙන් මෘදු මද්දව සිතයි. විවට්ටගාමී කුසල නම් සතර සතිපට්ඨානයාදි වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වේ. ඒවායින් වට්ටගාමි කුසලයේ අවසාන පලය මනුෂ්‍ය ලෝකයෙහි සක්විති සැපතයි. විවට්ටගාමි කුසලයේ අවසාන පලය මාර්ගඵල නිර්වාණ සම්පත්. එහි විවට්ටගාමි කුසලයේ විපාක සූත්‍රය අවසානයේ දක්වන්නේය.
ඉධ පන වට්ටගාමිකුසලස්ස විපාකදස්සනත්ථං, භික්ඛවෙ, යදා පුත්තධීතරො මාතාපිතූනං ඔවාදෙ න අට්ඨංසු, තදා ආයුනාපි වණ්ණෙනාපි ඉස්සරියෙනාපි පරිහායිංසු. යදා පන අට්ඨංසු, තදා වඩ්ඪිංසූති වත්වා වට්ටගාමිකුසලානුසන්ධිවසෙන “භූතපුබ්බං, භික්ඛවෙ”ති දෙසනං ආරභි. තත්ථ චක්කවත්තීතිආදීනි මහාපදානෙ (දී· නි· අට්ඨ· 2.33) විත්ථාරිතානෙව.
මෙහි වනාහි වට්ටගාමි කුසලයේ විපාක දැක්වීම සඳහා මහණෙනි, දු පුත්තු මව්පියන්ගේ අවවාදයෙහි නොසිටියාහු ද එකල ආයුෂයෙන් ද වර්ණයෙන් ද සම්පත්තියෙන් ද පිරිහුනහ. සිටියාහු නම් එකල වැඩේ යයි කියා වට්ටගාමි කුසලයේ අනුසන්ධි වශයෙන් “භූත පුබ්බං භික්ඛවෙ” යන දේශනාව ඇරඹූහ. එහි චක්කවත්ති ආදිය මහා පදාන සුත්‍රයෙහි විස්තර කරන ලද්දේමය.
ඔසක්කිතන්ති ඊසකම්පි අවසක්කිතං. ඨානා චුතන්ති සබ්බසො ඨානා අපගතං. තං කිර චක්කරතනං අන්තෙපුරද්වාරෙ අක්ඛාහතං විය වෙහාසං අට්ඨාසි. අථස්ස උභොසු පස්සෙසු ද්වෙ ඛදිරත්ථම්භෙ නිඛණිත්වා චක්කරතනමත්ථකෙ නෙමිඅභිමුඛං එකං සුත්තකං බන්ධිංසු. අධොභාගෙපි නෙමිඅභිමුඛං එකං බන්ධිංසු. තෙසු උපරිමසුත්තතො අප්පමත්තකම්පි ඔගතං චක්කරතනං ඔසක්කිතං නාම හොති, හෙට්ඨා සුත්තස්ස ඨානං උපරිමකොටියා අතික්කන්තගතං ඨානා චුතං නාම හොති, තදෙතං අතිබලවදොසෙ සති එවං හොති. සුත්තමත්තම්පි එකඞ්ගුලද්වඞ්ගුලමත්තං වා භට්ඨං ඨානා චුතමෙව හොති. තං සන්ධායෙතං වුත්තං “ඔසක්කිතං ඨානා චුත”න්ති.
ඔසක්කිතං - ටිකක් පසුබැස. ඨානාචුතං - ස්ථානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ. ඒ සත්රුවන වනාහි ඇතුළු පුර දොරටුවෙහි අකුරු ගැසුවාක් මෙන් අහසෙහි සිටියේය. ඉක්බිති එහි දෙපස කිහිරි කණු සිටුවා සක්රුවන් මත නේමිය ඉදිරියේ එක් නූලක් බැන්දහ. යට භාගයෙහි ද එකක් බැන්දහ. ඒවායින් උඩ නූලෙන් ස්වල්පයක් පහළට වූ සක්රුවන ඔසක්කිතං - නම් වේ. එය අතිශය බලවත් දෝෂයක් ඇති කල්හි ද මෙසේ වේ. නූල ද අඟලක් දෙකක් පමණ බඳින ලද තැනින් වෙනස් වේ. ඒ සඳහා කියන ලදී. “ඕසකකිතං ඨානං චුතං”
අථ මෙ ආරොචෙය්යාසීති තාත, ත්වං අජ්ජ ආදිං කත්වා දිවසස්ස තික්ඛත්තුං චක්කරතනස්ස උපට්ඨානං ගච්ඡ, එවං ගච්ඡන්තො යදා චක්කරතනං ඊසකම්පි ඔසක්කිතං ඨානා චුතං පස්සසි, අථ මය්හං ආචික්ඛෙය්යාසි. ජීවිතඤ්හි මෙ තව හත්ථෙ නික්ඛිත්තන්ති. අද්දසාති අප්පමත්තො දිවසස්ස තික්ඛත්තුං ගන්ත්වා ඔලොකෙන්තො එකදිවසං අද්දස.
අථ මෙ ආරොචෙය්යාසි - දරුව, ඔබ අද ඉඳලා දවසට තුන්වරක් සක්රුවනේ උපස්ථානයට යන්න. මෙසේ යනවිට යම් දවසක සක්රුවන ස්වල්පයක් හෝ වෙනස් වී තිබුණොත් මට දන්වන්න. මගේ ජීවිතය ඔබේ අතේ තබා ඇත. අද්දසා - අප්‍රමාදව දවසට තුන්වරක් ගොස් බලන්නේ එක් දවසක් දැක්කේය.
අථ ඛො, භික්ඛවෙති භික්ඛවෙ, අථ රාජා දළ්හනෙමි “චක්කරතනං ඔසක්කිත”න්ති සුත්වා උප්පන්නබලවදොමනස්සො “න දානි මයා චිරං ජීවිතබ්බං භවිස්සති, අප්පාවසෙසං මෙ ආයු, න මෙ දානි කාමෙ පරිභුඤ්ජනකාලො, පබ්බජ්ජාකාලො මෙ ඉදානී”ති රොදිත්වා පරිදෙවිත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච. සමුද්දපරියන්තන්ති පරික්ඛිත්තඑකසමුද්දපරියන්තමෙව. ඉදං හිස්ස කුලසන්තකං. චක්කවාළපරියන්තං පන පුඤ්ඤිද්ධිවසෙන නිබ්බත්තං, න තං සක්කා දාතුං. කුලසන්තකං පන නිය්යාතෙන්තො “සමුද්දපරියන්ත”න්ති ආහ. කෙසමස්සුන්ති තාපසපබ්බජ්ජං පබ්බජන්තාපි හි පඨමං කෙසමස්සුං ඔහාරෙන්ති. තතො පට්ඨාය පරූළ්හකෙසෙ බන්ධිත්වා විචරන්ති. තෙන වුත්තං – “කෙසමස්සුං ඔහාරෙත්වා”ති.
අථ ඛො භික්ඛවෙ - මහණෙනි, ඉන්පසු දළ්හනෙමි රජු සක්රුවන මදක් වෙනස් වී ඇතැයි අසා උපන් බලවත් දොම්නස් ඇත්තේ, දැන් මම කලක් ජීවත් නොවන්නේය, මගේ ආයුෂය ස්වලප වේ. දැන් මම කාම සැප නොවිඳිය යුතුය. දැන් පැවිදිවන කාලය යයි හඬා වැලප දෙටු පුත් කුමරා අමතා මෙසේ කීය. සමුද්ද පරියන්තං - වටකරන ලද මුහුදය. මෙය කුල සන්තක සක්වල කෙළවර කොට ඇති පින් ඍද්ධියෙන් පහළ වූ, මෙය දිය නොහැකිය. කුලසන්තකය වනාහි මුහුද අවසන් කොට ඇත්ත පමණය. කෙසම්සසුං - තාපස පැවිදෙන් පැවිදි වන්නාට ද පළමුව කෙස් රැවුල් හැරදමයි. ඉන්පසු වැඩුණු කෙස් බැඳ හැසිරෙයි.
කාසායානීති කසායරසපීතානි. ආදිතො එවං කත්වා පච්ඡා වක්කලානිපි ධාරෙන්ති. පබ්බජීති පබ්බජිතො. පබ්බජිත්වා ච අත්තනො මඞ්ගලවනුය්යානෙයෙව වසි. රාජිසිම්හීති රාජඊසිම්හි. බ්රාහ්මණපබ්බජිතා හි “බ්රාහ්මණිසයො”ති වුච්චන්ති. සෙතච්ඡත්තං පන පහාය රාජපබ්බජිතා රාජිසයොති. අන්තරධායීති අන්තරහිතං නිබ්බුතදීපසිඛා විය අභාවං උපගතං. පටිසංවෙදෙසීති කන්දන්තො පරිදෙවන්තො ජානාපෙසි. පෙත්තිකන්ති පිතිතො ආගතං දායජ්ජං න හොති, න සක්කා කුසීතෙන හීනවීරියෙන දස අකුසලකම්මපථෙ සමාදාය වත්තන්තෙන පාපුණිතුං. අත්තනො පන සුකතං කම්මං නිස්සාය දසවිධං ද්වාදසවිධං වා චක්කවත්තිවත්තං පූරෙන්තෙනෙවෙතං පත්තබ්බන්ති දීපෙති. අථ නං වත්තපටිපත්තියං චොදෙන්තො “ඉඞ්ඝ ත්ව”න්තිආදිමාහ. තත්ථ අරියෙති නිද්දොසෙ. චක්කවත්තිවත්තෙති චක්කවත්තීනං වත්තෙ.
කාසායානි - කසට රස පෙවූ. මුලින් මෙසේ කොට පසුව වැහැරි (පට්ටාවලින් වියු සිවුරු) ද දරයි, පබ්බජි - පැවිදි වී, පැවිදි වී ද තමාගේ මඟුල් උයනේ ම වාසය කරයි. රාජිසිමහි -රාජ ඉසිමහි, පැවිදි වූ බ්‍රාහ්මණයෝ බ්රාහ්මණිසයො යයි කියනු ලැබේ. සේසත හැර පැවිදි වූ රජ රාජිසි වේ. අන්තරධායි - අතුරුදහන්. නිවුණු පහන් දැල්ලක් මෙන් අභාවයට පැමිණ. පටිසංවෙදෙසි - හඬන්නේ වැලපෙන්නේ දැන්වීය. පෙත්තිකං - පියාගෙන් පැමිණ දායාදයක් නොවේ. කුසීතකමින් හීන වීර්යයෙන් දස අකුසල ධර්ම සමාදානයෙන් හා පැවතීමෙන් පැමිණිය හැක්කක් නොවේ. තමාගේ යහපත් ක්‍රියා නිසා දස විධ වූ හෝ දොළොස් විධ වූ සක්විති වත් පිරීමෙන්ම ඊට පැමිණිය යුතු යයි දක්වයි. ඉක්බිති ඔහු තම වත් පිළිවෙත් ගැන චෝදනා කරන්නේ “ඉංඝ ත්වං” ආදිය කීය. අරියෙ - එහි නිර්දෝෂ වූ චක්කවත්ති වත්තෙ - සක්විතීන්ගේ වතෙහි.
චක්කවත්තිඅරියවත්තවණ්ණනා
ධම්මන්ති දසකුසලකම්මපථධම්මං. නිස්සායාති තදධිට්ඨානෙන චෙතසා තමෙව නිස්සයං කත්වා. ධම්මං සක්කරොන්තොති යථා කතො සො ධම්මො සුට්ඨු කතො හොති, එවමෙතං කරොන්තො. ධම්මං ගරුං කරොන්තොති තස්මිං ගාරවුප්පත්තියා තං ගරුං කරොන්තො. ධම්මං මානෙන්තොති තමෙව ධම්මං පියඤ්ච භාවනීයඤ්ච කත්වා විහරන්තො. ධම්මං පූජෙන්තොති තං අපදිසිත්වා ගන්ධමාලාදිපූජනෙනස්ස පූජං කරොන්තො. ධම්මං අපචයමානොති තස්සෙව ධම්මස්ස අඤ්ජලිකරණාදීහි නීචවුත්තිතං කරොන්තො. ධම්මද්ධජො ධම්මකෙතූති තං ධම්මං ධජමිව පුරක්ඛත්වා කෙතුමිව ච උක්ඛිපිත්වා පවත්තියා ධම්මද්ධජො ධම්මකෙතු ච හුත්වාති අත්ථො. ධම්මාධිපතෙය්යොති ධම්මාධිපතිභූතො ආගතභාවෙන ධම්මවසෙනෙව සබ්බකිරියානං කරණෙන ධම්මාධිපතෙය්යො හුත්වා. ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සූති ධම්මො අස්සා අත්ථීති ධම්මිකා, රක්ඛා ච ආවරණඤ්ච ගුත්ති ච රක්ඛාවරණගුත්ති. තත්ථ “පරං රක්ඛන්තො අත්තානං රක්ඛතී”ති (සං· නි· 5.385) වචනතො ඛන්තිආදයො රක්ඛා. වුත්තඤ්හෙතං “කථඤ්ච, භික්ඛවෙ, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති. ඛන්තියා අවිහිංසාය මෙත්තචිත්තතා අනුද්දයතා”ති (සං· නි· 5.385). නිවාසනපාරුපනගෙහාදීනං නිවාරණා ආවරණං, චොරාදිඋපද්දවනිවාරණත්ථං ගොපායනා ගුත්ති, තං සබ්බම්පි සුට්ඨු සංවිදහස්සු පවත්තය ඨපෙහීති අත්ථො. ඉදානි යත්ථ සා සංවිදහිතබ්බා, තං දස්සෙන්තො අන්තොජනස්මින්තිආදිමාහ.
ධම්ම - දසවිධ කුසල කර්මපථ ධර්ම. නිස්සාය - එය අධිෂ්ඨානයෙන් සිතින් එය ම හේතු කොට, ධම්මංසක්කරොන්තෙ - ධර්මය හොඳින් පිළිපැදීමෙන්. ධම්මං ගරුකරොන්තො - ඊට ගෞරවයෙන් ගරු කරමින් ධම්මං මානෙන්තො - ඒ ධර්මයට ප්‍රිය භාවයෙන් වාසය කරන්නේ ධම්මං අපචයමානො - ඒ ධර්මයට ඇඳිලි බැඳීම් ආදියෙන් යටත් පහත් පැවතුම් ඇත්තේ ධම්මකෙතු - ඒ ධර්මය කොඩියක් මෙන් පෙරටු කොට ආවුධයක් මෙන් ඔසවා පැවතීම. ධම්මාධිපතෙයියො - ධර්මාධිපති වූ. පැමිණීම වශයෙන් ධර්මයෙන් සියළු ක්‍රියා කිරීමෙන් ධර්මාධිපතිව ධාර්මික වූ රක්ෂාවරණගුත්තිය සංවිධාන කරයි. ධර්මය මොහුට ඇතැයි රක්ඛාවරණගුත්ති වේ. එහි අනුන් රකින්නේ තමා රකී යයි වචනයෙන් ඉවසීම ආදිය රැකීමය. මෙය කියන ලදී. “මහණෙනි, අනුන් රකින්නේ තමා රකිතියි කියන්නේ කෙසේද? ඉවසීමෙන්, අවිහිංසාවෙන් මෙත්‍රී සිත් ඇති බැවින් දයාවෙන්” යයි හඳින පෙරවන ගෙහාදිය ගුත්ති - වේ. ඒ සියල්ල ද සංවිධාන කොට පැවතීම යන අර්ථය වේ. එය සංවිධාන කළයුතු ස්ථාන දක්වන්නේ. අන්තො ජනස්මිං - ආදිය කීහ.
තත්රායං සඞ්ඛෙපත්ථො – අන්තොජනසඞ්ඛාතං තව පුත්තදාරං සීලසංවරෙ පතිට්ඨපෙහි, වත්ථගන්ධමාලාදීනි චස්ස දෙහි, සබ්බොපද්දවෙ චස්ස නිවාරෙහි. බලකායාදීසුපි එසෙව නයො. අයං පන විසෙසො – බලකායො කාලං අනතික්කමිත්වා භත්තවෙතනසම්පදානෙනපි අනුග්ගහෙතබ්බො. අභිසිත්තඛත්තියා භද්රස්සාජානෙය්යාදිරතනසම්පදානෙනපි උපසඞ්ගණ්හිතබ්බා. අනුයන්තඛත්තියා තෙසං අනුරූපයානවාහනසම්පදානෙනපි පරිතොසෙතබ්බා. බ්රාහ්මණා අන්නපානවත්ථාදිනා දෙය්යධම්මෙන. ගහපතිකා භත්තබීජනඞ්ගලඵාලබලිබද්දාදිසම්පදානෙන. තථා නිගමවාසිනො නෙගමා, ජනපදවාසිනො ච ජානපදා. සමිතපාපබාහිතපාපා සමණබ්රාහ්මණා සමණපරික්ඛාරසම්පදානෙන සක්කාතබ්බා. මිගපක්ඛිනො අභයදානෙන සමස්සාසෙතබ්බා.
එහි සංක්ෂෙපාර්ථය මෙසේය. ඇතුළ ජනයාට අයත් ඔබේ අඹුදරුවන් සීල සංවරයෙහි පිහිටුවන්න. ඇඳුම් සුවඳමල් ආදිය දෙන්න. ඔවුන්ගේ සියළු උපද්‍රව වලක්වන්න. බලකාය ආදියෙහි ද මෙම පිළිවෙළමය. මෙය විශේෂයකි. බලකාය කාලය නොඉක්මවා බත් වැටුප් සම්පදනයෙන් ද අනුග්‍රහ කළයුතුය. අභිෂේක කළ ක්ෂත්රියයෝ භද්‍ර ආජානීය අශ්ව ආදීන්ට රන් රුවන් දීමෙන් උපහාර කළයුතුය. අනුයුක්ත ක්ෂත්රියන්ට ඔවුන්ට අනුරූප යාන වාහන සපයා දීමෛන් ද සතුටු කළ යුතුය. බ්‍රාහ්මණයෝ ආහාරපාන වස්ත්‍රාදි දෙය ධර්මයෙන් ගෘහපතියෝ බත් බිජු නගුල් හරක් යනාදිය සැපයීමෙන් එසේ නගරවාසීහු ජනපදවාසීහු සැලකිය යුත්තාහ. සමණය කළ පාප ඇති ශ්රමණයන් දුරුකළ පව් ඇති බ්‍රාහ්මණයින් ද ශ්‍රමණ පරික්ෂාකාරාදියෙන් සත්කාර කළ යුතුය. මෘග පක්ෂීන්ට අභයදානය දීමෙන් සැනසිය යුතුය.
විජිතෙති අත්තනො ආණාපවත්තිට්ඨානෙ. අධම්මකාරොති අධම්මකිරියා. මා පවත්තිත්ථාති යථා නප්පවත්තති, තථා නං පටිපාදෙහීති අත්ථො. සමණබ්රාහ්මණාති සමිතපාපබාහිතපාපා. මදප්පමාදා පටිවිරතාති නවවිධා මානමදා, පඤ්චසු කාමගුණෙසු චිත්තවොස්සජ්ජනසඞ්ඛාතා පමාදා ච පටිවිරතා. ඛන්තිසොරච්චෙ නිවිට්ඨාති අධිවාසනඛන්තියඤ්ච සුරතභාවෙ ච පතිට්ඨිතා. එකමත්තානන්ති අත්තනො රාගාදීනං දමනාදීහි එකමත්තානං දමෙන්ති සමෙන්ති පරිනිබ්බාපෙන්තීති වුච්චන්ති. කාලෙන කාලන්ති කාලෙ කාලෙ. අභිනිවජ්ජෙය්යාසීති ගූථං විය විසං විය අග්ගිං විය ච සුට්ඨු වජ්ජෙය්යාසි. සමාදායාති සුරභිකුසුමදාමං විය අමතං විය ච සම්මා ආදාය පවත්තෙය්යාසි.
විජිතෙ - තමාගේ ආඥාව පවතින ස්ථානයේ. අධම්මකාරො - අධර්ම ක්‍රියා. මා පවත්තිත්ථ - නො පවතින ලෙස සංවිධාන කරව. සමණබ්රාහ්මණා - මහණ බමුණන්. මදප්පමාදා පටිවිරතා - නවවිධ මාන මදය, පස්කම් ගුණ කෙරෙහි සිත මුදාහැරීම් සංඛ්‍යාත ප්‍රමාදය වලක්වන බව. ඛන්ති සොර නිවිටඨි - ඉවසන ක්ෂාන්තිය ද සුරත බවෙහි පිහිටි බව. එකමත්තානං - තමන්ගේ රාගාදීන්ගේ දමනය කිරීම් ආදියෙන් තමාගේ ජීවිතය දමනය කරයි. සමනය කරයි. පිරිනිවීමට පත් කරයි යයි කියනු ලැබේ. කාලෙන කාලං - කලින් කල. අභිනිවජ්ජෙය්යාසි - අසූචි මෙන් විස මෙන් ගිනි මෙන් ද මනාව අත්හරින්නේය. සමාදාය - දිවමල් දමක් මෙන් අමෘතය මෙන් ද මනාව ගෙන පවත්වන්නෙහිය.
ඉධ ඨත්වා වත්තං සමානෙතබ්බං. අන්තොජනස්මිං බලකායෙපි එකං, ඛත්තියෙසු එකං, අනුයන්තෙසු එකං, බ්රාහ්මණගහපතිකෙසු එකං, නෙගමජානපදෙසු එකං, සමණබ්රාහ්මණෙසු එකං, මිගපක්ඛීසු එකං, අධම්මකාරප්පටික්ඛෙපො එකං, අධනානං ධනානුප්පදානං එකං සමණබ්රාහ්මණෙ උපසඞ්කමිත්වා පඤ්හපුච්ඡනං එකන්ති එවමෙතං දසවිධං හොති. ගහපතිකෙ පන පක්ඛිජාතෙ ච විසුං කත්වා ගණෙන්තස්ස ද්වාදසවිධං හොති. පුබ්බෙ අවුත්තං වා ගණෙන්තෙන අධම්මරාගස්ස ච විසමලොභස්ස ච පහානවසෙන ද්වාදසවිධං වෙදිතබ්බං. ඉදං ඛො තාත තන්ති ඉදං දසවිධං ද්වාදසවිධඤ්ච අරියචක්කවත්තිවත්තං නාම. වත්තමානස්සාති පූරෙත්වා වත්තමානස්ස. තදහුපොසථෙතිආදි මහාසුදස්සනෙ වුත්තං.
මෙහි සිත වත් සමනය කළ යුතුය. ඇතුළත් ජනයා කෙරෙහි බලකාය කෙරෙහි ක්ෂත්රියයන් කෙරෙහි අනුයුක්තයන් කෙරෙහි බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහි නිගම ජානපදිකයන් කෙරෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මෘග පක්ෂීන් කෙරෙහි අධාර්මික ආකාරය ප්‍රතික්ෂේප කරන්නේ නිර්ධනිකයන්ට ධනය දීමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත එළඹ ප්‍රශ්න ඇසීම්, මෙය දස ආකාර වේ. ගෘහපතියන් හා පක්ෂි ජාතීන් වෙන්කොට ගන්නහුට දොලොස් ආකාර වේ. පෙර නොකියා හෝ ගන්නහු විසින් අධර්මයෙහි ඇලීම ද විෂම ලෝභය ද ප්‍රහාන වශයෙන් දොළොස් ආකාරය. ඉද ඛො තං - මේ දස විධ වූ හෝ දොළොස් විධ වූ හෝ සක්විති වත් නම් වේ. වත්තමානස්සා - පුරා සිටියහුට. තදහුපොසථෙ - ආදිය මහා සුදස්සන සූත්‍රයෙහි කියන ලදී.
සමතෙනාති අත්තනො මතියා. සුදන්ති නිපාතමත්තං. පසාසතීති අනුසාසති. ඉදං වුත්තං හොති – පොරාණකං රාජවංසං රාජපවෙණිං රාජධම්මං පහාය අත්තනො මතිමත්තෙ ඨත්වා ජනපදං අනුසාසතීති. එවමයං මඝදෙවවංසස්ස කළාරජනකො විය දළ්හනෙමිවංසස්ස උපච්ඡෙදකො අන්තිමපුරිසො හුත්වා උප්පන්නො. පුබ්බෙනාපරන්ති පුබ්බකාලෙන සදිසා හුත්වා අපරකාලං. ජනපදා න පබ්බන්තීති න වඩ්ඪන්ති. යථා තං පුබ්බකානන්ති යථා පුබ්බකානං රාජූනං පුබ්බෙ ච පච්ඡා ච සදිසායෙව හුත්වා පබ්බිංසු, තථා න පබ්බන්ති. කත්ථචි සුඤ්ඤා හොන්ති හතවිලුත්තා, තෙලමධුඵාණිතාදීසු චෙව යාගුභත්තාදීසු ච ඔජාපි පරිහායිත්ථාති අත්ථො.
සමනෙනා - තමාගේ අදහසින්. සුදං - නිධානය. පසාසති - අනුසාසනා කරයි. මෙය කියන ලදී: පුරාණ රාජවංශය, රාජ ප්‍රවේණිය, රාජ ධර්මය හැර තමාගේ මති මාත්‍රයෙහි සිට ජනපදයට අනුසාසනා කරයි. මෙසේ අපි මඛාදේව වංශයට කිලුටක් මෙන් දළහනෙමි වංශ කඩවීමක් මෙන් අන්තිම පුරුෂයා වී උපන්නේ. පෙර පුබ්බෙනාපරං - කාලයෙහි මෙන් සමානව පසු කාලයෙහි ද. ජනපදය නොවැඩේ. යථා තං පුබ්බකානං - පෙර රජුන් මෙන් පෙර රජුන් සමයෙහි පෙර ද පසු ද සමානව වැඩුනහ. කිසිවක් අඩුවූයේ නැත. කිසිවක් ශුන්‍ය වූයේ නැත. තෙල්, මී පැණි ආදියෙහි මෙන් කැඳබත් ආදියෙහි ද අඩුවක් නොවීය. දැන් එසේ නැත. සමහර ඒවා ශුන්‍ය වේ.
අමච්චා පාරිසජ්ජාති අමච්චා චෙව පරිසාවචරා ච. ගණකමහාමත්තාති අච්ඡිද්දකාදිපාඨගණකා චෙව මහාඅමච්චා ච. අනීකට්ඨාති හත්ථිආචරියාදයො. දොවාරිකාති ද්වාරරක්ඛිනො. මන්තස්සාජීවිනොති මන්තා වුච්චති පඤ්ඤා, තං නිස්සයං කත්වා යෙ ජීවන්ති පණ්ඩිතා මහාමත්තා, තෙසං එතං නාමං.
අමච්චා පාරිසජ්ජා - ඇමතියෝ ද ඇමති පිරිවර ද ගණකමහාමත්තා - පාඨ ගණකයන් සහ මහා මාත්යයෝ ද අණිකට්ඨාලි - හත්ථි ආචරිය ආදීන් ද දොවාරිකා - දොරටු රකින්නා මන්තස්සා ජීවිනො - මන්තා යනු ප්‍රඥාවය. එය නිසා ජීවත්වන පණ්ඩිතයෝ, මහා මාත්යයෝ. ඔවුන්ට මෙය නමකි.
ආයුවණ්ණාදිපරිහානිකථාවණ්ණනා
නො ච ඛො අධනානන්ති බලවලොභත්තා පන අධනානං දලිද්දමනුස්සානං ධනං නානුප්පදාසි. නානුප්පදියමානෙති අනනුප්පදියමානෙ, අයමෙව වා පාඨො. දාලිද්දියන්ති දලිද්දභාවො. අත්තනා ච ජීවාහීති සයඤ්ච ජීවං යාපෙහීති අත්ථො. උද්ධග්ගිකන්තිආදීසු උපරූපරිභූමීසු ඵලදානවසෙන උද්ධමග්ගමස්සාති උද්ධග්ගිකා. සග්ගස්ස හිතා තත්රුපපත්තිජනනතොති සොවග්ගිකා. නිබ්බත්තට්ඨානෙ සුඛො විපාකො අස්සාති සුඛවිපාකා. සුට්ඨු අග්ගානං දිබ්බවණ්ණාදීනං දසන්නං විසෙසානං නිබ්බත්තනතො සග්ගසංවත්තනිකා. එවරූපං දක්ඛිණං දානං පතිට්ඨපෙතීති අත්ථො.
නො ච ඛො අධනානං - බලවත් ලෝභය නිසා දිළිඳු මිනිසුන්ට ධනය නොදෙයි. නානුප්පදෙය්යමානෙ - නොදෙන කල්හි. මෙය පාඨවේ. දාළිද්දියං - දිළිඳු බව. අත්තනාඤ්ච ජීවානි - තමා ද ජීවත් වේ. ‘උද්ධගහිතං’ යනාදියෙහි මතු මත්තෙහි ඇති භූමිවල පල දීම් වශයෙන් උද්ධගන ඔහුට ඇත්තේ හූය උද්ධග්ගිකා - වේ. ස්වර්ගයට තවත් එහි උපත ඇති කෙරෙනුයි සොවග්ගික - නම් වේ. උපනූපන් තැන සැප විපාක ඔහුට වේ යනු සුඛ විපාකා - වේ. යහපත් වූ අග්‍ර වූ දිව්‍ය වර්ණාදි දස විශේෂ වූ ඉපදීමෙන් සග්ගසංවත්තනික - වේ. මෙසේ රූපය දක්ෂිණාව - දානය පිහිටුවයි යන අර්ථය වේ.
පවඩ්ඪිස්සතීති වඩ්ඪිස්සති බහුං භවිස්සති. සුනිසෙධං නිසෙධෙය්යන්ති සුට්ඨු නිසිද්ධං නිසෙධෙය්යං. මූලඝච්චන්ති මූලහතං. ඛරස්සරෙනාති ඵරුසසද්දෙන. පණවෙනාති වජ්ඣභෙරියා.
පවඩ්ඪිස්සති - වැඩේ. බොහෝ වේ. සුතිසෙධං නිසෙධෙය්යං - මනාව නිසේධනය කර නිසේධනය කරන්නේය. මූලඝච්චං - මුලින්ම නැසූ. ඛරස්සරෙන - ඵරුෂ ශබ්දයෙන් පණවෙන - වැරදි බෙරයෙන්
සීසානි නෙසං ඡින්දිස්සාමාති යෙසං අන්තමසො මූලකමුට්ඨිම්පි හරිස්සාම, තෙසං තථෙව සීසානි ඡින්දිස්සාම, යථා කොචි හටභාවම්පි න ජානිස්සති, අම්හාකං දානි කිමෙත්ථ රාජාපි එවං උට්ඨාය පරං මාරෙතීති අයං නෙසං අධිප්පායො. උපක්කමිංසූති ආරභිංසු. පන්ථදුහනන්ති පන්ථඝාතං, පන්ථෙ ඨත්වා චොරකම්මං.
සීසානි තෙසං ඡිජ්ජිස්සමි යටත් පිරිසෙයින් ඔවුන්ගේ මූලික හරින්නෙමි. එහිම ඔවුන්ගේ හිස් සිඳින්නෙමි. යම්සේ කිසිවෙක් ගෙනා බව ද නොදන්නේය. දැන් අපි මෙහි කිම. රජ ද නැගිට අනුන් මරයි. මේ ඔවුන්ගේ අදහසයි. උපක්කමිංසු - ආරම්භ කළහ. පන්ථදුහනං - මාර්ගයේ පැවතුනාය. පාරේ සිට සොරකම.
න හි, දෙවාති සො කිර චින්තෙසි – “අයං රාජා සච්චං දෙවාති මුඛපටිඤ්ඤාය දින්නාය මාරාපෙති, හන්දාහං මුසාවාදං කරොමී”ති, මරණභයා “න හි දෙවා”ති අවොච.
නහි දෙවා - හේ වනාහි සිතුවේය. මේ තෙමේ දේවයන් වහන්ස ඇත්ත. කට වචනයෙන් මරවයි. අදෝමැයි, බොරු කියයි. මරණ භයින් දේවයන් වහන්ස නොවේ යයි කීය.
එකිදන්ති එත්ථ ඉදන්ති නිපාතමත්තං, එකෙ සත්තාති අත්ථො. චාරිත්තන්ති මිච්ඡාචාරං. අභිජ්ඣාබ්යාපාදාති අභිජ්ඣා ච බ්යාපාදො ච. මිච්ඡාදිට්ඨීති නත්ථි දින්නන්තිආදිකා අන්තග්ගාහිකා පච්චනීකදිට්ඨි.
එකදං - මෙහිද ඉදං යනු නිපාතයකි. සමහර සත්තු යන අර්ථයයි. චාරිත්තං - වැරදි හැසිරිම. අභිජ්ඣා ව්යාපාදො - අභිධ්‍යාව ද ව්‍යාපාදය ද. මිච්ඡා දිට්ඨි - නත්ථි දින්නං ආදී අන්තගාමි වැරදි දෘෂ්ඨිය.
අධම්මරාගොති මාතා මාතුච්ඡා පිතුච්ඡා මාතුලානීතිආදිකෙ අයුත්තට්ඨානෙ රාගො. විසමලොභොති පරිභොගයුත්තෙසුපි ඨානෙසු අතිබලවලොභො. මිච්ඡාධම්මොති පුරිසානං පුරිසෙසු ඉත්ථීනඤ්ච ඉත්ථීසු ඡන්දරාගො.
අධම්මරාගො - මව නැන්දා මවගේ සහෝදරිය. පියාගේ සහෝදරිය ආදීන් කෙරෙහි අයුතු ස්ථානයෙහි රාගය. විසම ලොභො - පරිභොග කටයුතු ස්ථානයෙහි ද අධික ලෝභය. මිච්ඡා ධම්මො - පුරුෂයන්ගේ පුරුෂයන් කෙරෙහි ස්ත්රීන්ගේ ස්ත්‍රීන් කෙරෙහි (සමලිඟු රාගය) ඡන්දරාගය.
අමත්තෙය්යතාතිආදීසු මාතු හිතො මත්තෙය්යො, තස්ස භාවො මත්තෙය්‍යතා, මාතරි සම්මා පටිපත්තියා එතං නාමං. තස්සා අභාවො චෙව තප්පටිපක්ඛතා ච අමත්තෙය්යතා. අපෙත්තෙය්යතාදීසුපි එසෙව නයො. න කුලෙ ජෙට්ඨාපචායිතාති කුලෙ ජෙට්ඨානං අපචිතියා නීචවුත්තියා අකරණභාවො.
අමත්තෙය්යතා - ආදියෙහි මවට හිත වූයේ මත්තෙය්‍ය වේ. එහි භාවය මත්තෙය්‍යතා වේ. මව කෙරෙහි යහපත් ප්‍රතිපත්තියට මෙය නමකි. එහි අභාවය (නොමැතිවීම ඊට පටහැනි දේද අමත්තෙය්යතා - වේ. අපෙත්තෙය්යාතාදිසු - අපෙත්තෙය්යතාදියෙහි ද මෙම නයමැයි. න කුලජෙට්ඨපචායිතා - කුලයෙහි ජේෂ්ඨයන්ට ගරු නොකිරිම යටත් පහත් පැවැත්මක් නැතිවීම.
දසවස්සායුකසමයවණ්ණනා
යං ඉමෙසන්ති යස්මිං සමයෙ ඉමෙසං. අලංපතෙය්යාති පතිනො දාතුං යුත්තා. ඉමානි රසානීති ඉමානි ලොකෙ අග්ගරසානි. අතිබ්යාදිප්පිස්සන්තීති අතිවිය දිප්පිස්සන්ති, අයමෙව වා පාඨො. කුසලන්තිපි න භවිස්සතීති කුසලන්ති නාමම්පි න භවිස්සති, පඤ්ඤත්තිමත්තම්පි න පඤ්ඤායිස්සතීති අත්ථො. පුජ්ජා ච භවිස්සන්ති පාසංසා චාති පූජාරහා ච භවිස්සන්ති පසංසාරහා ච. තදා කිර මනුස්සා “අසුකෙන නාම මාතා පහතා, පිතා පහතො, සමණබ්රාහ්මණා ජීවිතා වොරොපිතා, කුලෙ ජෙට්ඨානං අත්ථිභාවම්පි න ජානාති, අහො පුරිසො”ති තමෙව පූජෙස්සන්ති චෙව පසංසිස්සන්ති ච.
යං ඉමෙසං - යම් කලෙක මේවා අලංපතෙය්ය - ස්වාමියාට දීමට සුදුසු. ඉමානි රසානි - ලොව මේවා අග්‍ර රසය. අතිව්යා දිප්පිස්සන්ති - අතිශයින් බැබළෙන්නේය. අයමෙව වා යනු ද පාඨයකි. කුසලන්තිපි න භවිස්සති - කුසල යන නමද නොවන්නේය. පැණවීම් මාත්‍රයකුදු නොපෙනෙන්නේය යන අර්ථය වේ. පුජ්ජා ච භවිස්සති - පුජාරහ ද ප්රශංසාරහද වන්නේය. එකල වනාහි මනුෂ්‍යයෝ අසවල දෙයින් මවට පහර දෙන ලදී. පියාට පහර දෙන ලදී. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ ජීවිත තොරකරන ලදී. කුලදෙටුවන් සිටින බවකුදු නොදනී. අන්‍ය පුරුෂයා යයි ඔහුම පුදන්නේය ප්‍රශංසා කරන්නේය. (මෙය ආත්මාර්ථයට බර වූ සමාජයේ ලක්ෂණය)
න භවිස්සති මාතාති වාති අයං මය්හං මාතාති ගරුචිත්තං න භවිස්සති. ගෙහෙ මාතුගාමං විය නානාවිධං අසබ්භිකථං කථයමානා අගාරවුපචාරෙන උපසඞ්කමිස්සන්ති. මාතුච්ඡාදීසුපි එසෙව නයො. එත්ථ ච මාතුච්ඡාති මාතුභගිනී. මාතුලානීති මාතුලභරියා. ආචරියභරියාති සිප්පායතනානි සික්ඛාපකස්ස ආචරියස්ස භරියා. ගරූනං දාරාති චූළපිතුමහාපිතුආදීනං භරියා. සම්භෙදන්ති මිස්සීභාවං, මරියාදභෙදං වා.
න භවිස්සති මාතාති වා - මේ මගේ මව යයි ගෞරව සිතක් ඇති නොවන්නේය. ගෙදර ගැහැණියක් මෙන් නොයෙක් අසභ්‍ය කථා කියමින් නොසුදුසු ගෙවලට එළඹෙන්නේය. මවගේ සහෝදරි ආදියෙහි මෙම නයම වේ. මෙහි ද මාතුච්ඡා - මවගේ සහෝදරි, මාතුලානි - මාමාගේ බිරිය. ආචරිය භරිය - ශිල්පායතනවල උගන්වන ගුරුවරයාගේ බිරිඳ. ගරූනං දාරා - සුළුපිය මහපිය ආදීන්ගේ බිරිඳ. මිශ්‍ර බව. මරියාදා භෙදං වා - ඉක්මවා හැසිරීමේ භේදය හෝ
තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සතීති බලවකොපො පුනප්පුනං උප්පත්තිවසෙන පච්චුපට්ඨිතො භවිස්සති. අපරානි ද්වෙ එතස්සෙව වෙවචනානි. කොපො හි චිත්තං ආඝාතෙතීති ආඝාතො. අත්තනො ච පරස්ස ච හිතසුඛං බ්යාපාදෙතීති බ්යාපාදො. මනොපදූසනතො මනොපදොසොති වුච්චති. තිබ්බං වධකචිත්තන්ති පියමානස්සාපි පරං මාරණත්ථාය වධකචිත්තං. තස්ස වත්ථුං දස්සෙතුං මාතුපි පුත්තම්හීතිආදි වුත්තං. මාගවිකස්සාති මිගලුද්දකස්ස.
තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතොභ විස්සති - බලවත් කෝපය නැවත නැවත හටගත්ය. අපරාති යනු ද මෙයටම සමාන වචනයකි. කොපො වනාහි සිතය. විනාශ කරයි යනු ව්යාපාදො - වේ. සිත කිලිටි කිරීම මනොපදොසො - වේ. තිබ්බං වධක චිත්තං - මැරෙන්නාට ද අනුන් මරනු සඳහා වධක සිත් වේ. ඒ වස්තුව දැක්වීමට “මාතාපි පුත්තම්හි” ආදිය දැක්වුහ. මාගවිකස්ස - මුව වැද්දාට
සත්ථන්තරකප්පොති සත්ථෙන අන්තරකප්පො. සංවට්ටකප්පං අප්පත්වා අන්තරාව ලොකවිනාසො. අන්තරකප්පො ච නාමෙස දුබ්භික්ඛන්තරකප්පො රොගන්තරකප්පො සත්ථන්තරකප්පොති තිවිධො. තත්ථ ලොභුස්සදාය පජාය දුබ්භික්ඛන්තරකප්පො හොති. මොහුස්සදාය රොගන්තරකප්පො. දොසුස්සදාය සත්ථන්තරකප්පො. තත්ථ දුබ්භික්ඛන්තරකප්පෙන නට්ඨා යෙභුය්යෙන පෙත්තිවිසයෙ උපපජ්ජන්ති. කස්මා? ආහාරනිකන්තියා බලවත්තා. රොගන්තරකප්පෙන නට්ඨා යෙභුය්යෙන සග්ගෙ නිබ්බත්තන්ති කස්මා? තෙසඤ්හි “අහො වතඤ්ඤෙසං සත්තානං එවරූපො රොගො න භවෙය්යා”ති මෙත්තචිත්තං උප්පජ්ජතීති. සත්ථන්තරකප්පෙන නට්ඨා යෙභුය්යෙන නිරයෙ උපපජ්ජන්ති. කස්මා? අඤ්ඤමඤ්ඤං බලවාඝාතතාය.
සත්ථන්තර කප්පො - ආයුධයෙන් අතුරු කපයයි. සංවට්ට කල්පයට නො පැමිණ, අතරතුර ලෝක විනාශය. මේ අතුරු කප: දුභික්ෂ අන්තර කල්පය, රෝග අන්තර කල්පය, ආවුධ අනන්තර කල්පය යයි තුන් ආකාරය. එහි ලෝභය උස්සද වූ ප්‍රජාව දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උස්සන් වූ ප්‍රජාව රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආවුධ අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයෙහි උපදිත්. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර කල්පයෙහි විනාශ වූවා බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින්ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නොවේවායි මෙත් සිත උපදී. ආවුධ අන්තර කල්පයෙහි නටුවෝ බොහෝ සෙයින් නිරයේ උපදිත්. කුමක් නිසාද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
මිගසඤ්ඤන්ති “අයං මිගො, අයං මිගො”ති සඤ්ඤං. තිණ්හානි සත්ථානි හත්ථෙසු පාතුභවිස්සන්තීති තෙසං කිර හත්ථෙන ඵුට්ඨමත්තං යංකිඤ්චි අන්තමසො තිණපණ්ණං උපාදාය ආවුධමෙව භවිස්සති. මා ච මයං කඤ්චීති මයං කඤ්චි එකපුරිසම්පි ජීවිතා මා වොරොපයිම්හ. මා ච අම්හෙ කොචීති අම්හෙපි කොචි එකපුරිසො ජීවිතා මා වොරොපයිත්ථ. යංනූන මයන්ති අයං ලොකවිනාසො පච්චුපට්ඨිතො, න සක්කා ද්වීහි එකට්ඨානෙ ඨිතෙහි ජීවිතං ලද්ධුන්ති මඤ්ඤමානා එවං චින්තයිංසු. වනගහනන්ති වනසඞ්ඛාතෙහි තිණගුම්බලතාදීහි ගහනං දුප්පවෙසට්ඨානං. රුක්ඛගහනන්ති රුක්ඛෙහි ගහනං දුප්පවෙසට්ඨානං. නදීවිදුග්ගන්ති නදීනං අන්තරදීපාදීසු දුග්ගමනට්ඨානං. පබ්බතවිසමන්ති පබ්බතෙහි විසමං, පබ්බතෙසුපි වා විසමට්ඨානං. සභාගායිස්සන්තීති යථා අහං ජීවාමි දිට්ඨා භො සත්තා, ත්වම්පි තථා ජීවසීති එවං සම්මොදනකථාය අත්තනා සභාගෙ කරිස්සන්ති.
මිග සඤ්ඤං - මේ මුවෙකි. මේ මුවෙකි සංඥාව. තිණානි සත්ථානි හත්ථෙ පාතුභවන්ති - ඔවුන්ගේ මනා අත ස්පර්ශ වූ පමණින් යම් කිසිවක් යටත් පිරිසෙයින් තණපතක් උවද ආවුධයක් වන්නේය. මාචමෙහ කොචි - අපගෙන් කිසි එක් පුරුෂයෙකු ද ජීවිතයෙන් තොර නොකරව. මා ච මයං කඤ්චි - අපි කිසි පුරුෂයෙකු ද ජීවිතයෙන් තොර නොකරමු. යන්නුන මයං - මේ ලෝක විනාශය ආරම්භ විය. දෙදෙනෙකුට එකතැන සිට ජීවිතය ගලවාගත නොහැකි යයි මෙසේ සිතූහ. වනගහනං - වන සංඛ්‍යාත පඳුරු වැල් ආදියෙන් ගහන පිවිසීමට අපහසු තැනක්. නදී විදුග්ගං - ගංගා අතර යෑමට අපහසු තැන්. පබ්බත විසමං - පර්වතවලින් විසම වූ තැන්. පර්වතවල හෝ විෂම වූ තැන. සභාගයිස්සන්ති - යම්සේ මම ජීවත් වෙම්ද ඔබද එසේ ජීවත් වන්න යයි මෙසේ සතුටු කථාවෙන් තමාගේ සභාගය කරන්නේය.
ආයුවණ්ණාදිවඩ්ඪනකථාවණ්ණනා
ආයතන්ති මහන්තං. පාණාතිපාතා විරමෙය්යාමාති පාණාතිපාතතො ඔසක්කෙය්යාම. පාණාතිපාතං විරමෙය්යාමාතිපි සජ්ඣායන්ති, තත්ථ පාණාතිපාතං පජහෙය්යාමාති අත්ථො. වීසතිවස්සායුකාති මාතාපිතරො පාණාතිපාතා පටිවිරතා, පුත්තා කස්මා වීසතිවස්සායුකා අහෙසුන්ති ඛෙත්තවිසුද්ධියා. තෙසඤ්හි මාතාපිතරො සීලවන්තො ජාතා. ඉති සීලගබ්භෙ වඩ්ඪිතත්තා ඉමාය ඛෙත්තවිසුද්ධියා දීඝායුකා අහෙසුං. යෙ පනෙත්ථ කාලං කත්වා තත්ථෙව නිබ්බත්තා, තෙ අත්තනොව සීලසම්පත්තියා දීඝායුකා අහෙසුං.
ආයතං - මහත් වූ පාණාතිපාතා විරමෙය්යාම - ප්‍රාණඝාතයෙන් ඉවත්වෙමු. පාණාතිපාත විරමෙය්ය කියාද සජ්ඣායනය කරති. එහි ප්‍රාණඝාතය දුරුකරමු යන අර්ථයයි. වීසති වස්සායුතා - මව්පියෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝය. පුතුන් විසිඅවුරුදු ආයුෂ වූයේ ඇයි? ක්ෂේත්‍ර විසුද්ධිය නිසාය. ඔවුන්ගේ මාපියෝ සීලවත්ව උපන්නාහුය. මෙසේ සීලය ඇතිව ගැබ වැඩුණු බැවින් මේ ක්ෂේත්‍ර විසුද්ධියෙන් දීර්ඝ ආයුෂ වූහ. ඔව්හු කලුරිය කර එහිම උපන්නාවූ ඔව්හු තමන්ගේ සීල සම්පත්තියෙන් දීර්ඝායුෂ්ක වූහ.
අස්සාමාති භවෙය්යාම. චත්තාරීසවස්සායුකාතිආදයො කොට්ඨාසා අදින්නාදානාදීහි පටිවිරතානං වසෙන වෙදිතබ්බා.
අස්සාම - වන්නෙමු. චත්තාරි සංවස්සායුකා - ආදියෙන් කොටස අදින්නාදානයෙන් වෙන් වූ වශයෙන් දත යුතුය.
සඞ්ඛරාජඋප්පත්තිවණ්ණනා
ඉච්ඡාති මය්හං භත්තං දෙථාති එවං උප්පජ්ජනකතණ්හා. අනසනන්ති න අසනං අවිප්ඵාරිකභාවො කායාලසියං, භත්තං භුත්තානං භත්තසම්මදපච්චයා නිපජ්ජිතුකාමතාජනකො කායදුබ්බලභාවොති අත්ථො. ජරාති පාකටජරා. කුක්කුටසම්පාතිකාති එකගාමස්ස ඡදනපිට්ඨතො උප්පතිත්වා ඉතරගාමස්ස ඡදනපිට්ඨෙ පතනසඞ්ඛාතො කුක්කුටසම්පාතො. එතාසු අත්ථීති කුක්කුටසම්පාතිකා. “කුක්කුටසම්පාදිකා”තිපි පාඨො, ගාමන්තරතො ගාමන්තරං කුක්කුටානං පදසා ගමනසඞ්ඛාතො කුක්කුටසම්පාදො එතාසු අත්ථීති අත්ථො. උභයම්පෙතං ඝනනිවාසතංයෙව දීපෙති. අවීචි මඤ්ඤෙ ඵුටො භවිස්සතීති අවීචිමහානිරයො විය නිරන්තරපූරිතො භවිස්සති.
ඉච්ඡා - මට බත් දෙවයි. මෙසේ උපදින තෘෂ්ණාව. අනසනං - ආහාර දිරවනතුරු කයේ ඇතිවන අලස බව. ආහාර ගත්විට බත් මතය හේතුවෙන් නිදාගැනීමට සිතෙන කාය දුබලබව යන අර්ථයයි. ජරා - ප්‍රකට ජරාව. කුක්කුට සම්පාතිකා - එක ගමක වහලය මතට නැගී අනිත් ගමක වහලයෙන් බැසීම් සංඛ්‍යාත කුකුල් සම්පාතය මොහුට ඇත්තේ දැයි - කුක්කුට සම්පාතිකා වේ. කුක්කුට සම්පාදිකා යනු ද පාඨයි. ගමකින් ගමකට කුකුළගේ පාවලින් යෑම් සංඛ්‍යාත කුක්කුටසම්පාද ඔහුට ඇතැයි යන අර්ථයයි. මේ දෙකම නිවාස බහුල බව පෙන්වයි. අවීචිමඤ්ඤො පුට්ඨො භවිස්සති - අවීචි මහ නරකයෙහි මෙන් නිතරම පිරි පවතින්නේය.
“අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු මෙත්තෙය්යො නාම භගවා ලොකෙ උප්පජ්ජිස්සතී”ති න වඩ්ඪමානකවසෙන වුත්තං. න හි බුද්ධා වඩ්ඪමානෙ ආයුම්හි නිබ්බත්තන්ති, හායමානෙ පන නිබ්බත්තන්ති. තස්මා යදා තං ආයු වඩ්ඪිත්වා අසඞ්ඛෙය්යතං පත්වා පුන හායමානං අසීතිවස්සසහස්සකාලෙ ඨස්සති, තදා උප්පජ්ජිස්සතීති අත්ථො. පරිහරිස්සතීති ඉදං පන පරිවාරෙත්වා විචරන්තානං වසෙන වුත්තං. යූපොති පාසාදො. රඤ්ඤා මහාපනාදෙන කාරාපිතොති රඤ්ඤා හෙතුභූතෙන තස්සත්ථාය සක්කෙන දෙවරාජෙන විස්සකම්මදෙවපුත්තං පෙසෙත්වා කාරාපිතො.
අසීති වස්ස සහස්සා යුකෙසු භික්ඛවෙ මනුස්සෙසු මෙත්තෙය්යො නාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති - වැඩෙන වර්ෂයේ යයි නොකියන ලදී. වැඩෙන ආයුකාලයෙහි බුදුවරු පහළ නොවෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. යම් කලෙක ඒ ආයු වැඩී අසංඛෙය්‍යව පැමිණ නැවත බසින කාලයේ අසූදහස් වසරයට පැමිණ සිටී. ඒ කාලයෙහි උපදින්නේය යන අර්ථයයි. පරිහරිස්සති - මෙය පිරිවරා හැසිරෙන්නන්ගේ වශයෙන් කියන ලදී. යුපො - ප්‍රාසාදය. රඤ්ඤා මහාපනාදෙන කාරාපිතො - රජු හේතුකොටගෙන ඔහු සඳහා සක්දෙව් රජු විසින් විස්කම් දෙව්පුතු යවා කරවන ලදී.
පුබ්බෙ කිර ද්වෙ පිතාපුත්තා නළකාරා පච්චෙකබුද්ධස්ස නළෙහි ච උදුම්බරෙහි ච පණ්ණසාලං කාරාපෙත්වා තං තත්ථ වාසාපෙත්වා චතූහි පච්චයෙහි උපට්ඨහිංසු. තෙ කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තා. තෙසු පිතා දෙවලොකෙයෙව අට්ඨාසි. පුත්තො දෙවලොකා චවිත්වා සුරුචිස්ස රඤ්ඤො දෙවියා සුමෙධාය කුච්ඡිස්මිං නිබ්බත්තො. මහාපනාදො නාම කුමාරො අහොසි. සො අපරභාගෙ ඡත්තං උස්සාපෙත්වා මහාපනාදො නාම රාජා ජාතො. අථස්ස පුඤ්ඤානුභාවෙන සක්කො දෙවරාජා විස්සකම්මදෙවපුත්තං රඤ්ඤො පාසාදං කරොහීති පහිණි සො තස්ස පාසාදං නිම්මිනි පඤ්චවීසතියොජනුබ්බෙධං සත්තරතනමයං සතභූමකං. යං සන්ධාය ජාතකෙ වුත්තං –
පෙර නලකාර පිය පුත් දෙදෙනෙක් පසේ බුදු කෙනෙකුට නළවලින් ද දිවුල්වලින් ද පන්සලක් කරවා උන්වහන්සේ එහි වාසය කරවා සිව් පසයෙන් උපස්ථාන කළහ. ඔව්හු කලුරිය කොට දෙව්ලොව උපන්හ. පියා දෙව්ලොව සිටියේ. පුතා දෙව්ලොවින් චුතව සුරූචී රජුගේ සුමෙධා දේවිය කුසින් ඉපදී මහාපනාද නම් කුමාරයා විය. හෙතෙම පසුකාලයෙහි සේසත් නගා මහාපනාද රජ වීය. ඉක්බිති ඔහුගේ පින් බලයෙන් සක්දෙව් විස්කම් දෙව්පුතු රජුට පහයක් කරවයි යැවීය. හේ ඔහුට පස් යොදුනක් උස සත්රුවන් මුවා සත්බුමු පහයක් නිර්මාණය කළේය. ඒ සඳහා ජාතකයෙහි කියන ලදී.
“පනාදො නාම සො රාජා, යස්ස යූපො සුවණ්ණයො; තිරියං සොළසුබ්බෙධො, උද්ධමාහු සහස්සධා.
උස දහස් යොදුනකි. පළලින් සොළොස් යොදුනකි පනාදනම් රජුගේ - පහයද රන්මුවා විය
සහස්සකණ්ඩො සතගෙණ්ඩු, ධජාලු හරිතාමයො; අනච්චුං තත්ථ ගන්ධබ්බා, ඡ සහස්සානි සත්තධා.
දහස් කොන් වටකුරු - වහල ද සිය දද බිහිලි එහි නළු ගදඹ මුළු - ස දහස් අයුරු වන්නේ
එවමෙතං තදා ආසි, යථා භාසසි භද්දජි; සක්කො අහං තදා ආසිං, වෙය්යාවච්චකරො තවා”ති. (ජා· 5.3.42).
එකල විය එ මෙසේ - කියු ලෙසින් භද්‍රජී සක් එදා මමමය - කළ වතාවත් බලයෙන්
සො රාජා තත්ථ යාවතායුකං වසිත්වා කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්ති. තස්මිං දෙවලොකෙ නිබ්බත්තෙ සො පාසාදො මහාගඞ්ගාය අනුසොතං පති. තස්ස ධුරසොපානසම්මුඛට්ඨානෙ පයාගපතිට්ඨානං නාම නගරං මාපිතං. ථුපිකාසම්මුඛට්ඨානෙ කොටිගාමො නාම. අපරභාගෙ අම්හාකං භගවතො කාලෙ සො නළකාරදෙවපුත්තො දෙවලොකතො චවිත්වා මනුස්සපථෙ භද්දජිසෙට්ඨි නාම හුත්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා අරහත්තං පාපුණි. සො නාවාය ගඞ්ගාතරණදිවසෙ භික්ඛුසඞ්ඝස්ස තං පාසාදං දස්සෙතීති වත්ථු විත්ථාරෙතබ්බං. කස්මා පනෙස පාසාදො න අන්තරහිතොති? ඉතරස්ස ආනුභාවා. තෙන සද්ධිං පුඤ්ඤං කත්වා දෙවලොකෙ නිබ්බත්තකුලපුත්තො අනාගතෙ සඞ්ඛො නාම රාජා භවිස්සති. තස්ස පරිභොගත්ථාය සො පාසාදො උට්ඨහිස්සති, තස්මා න අන්තරහිතොති.
ඒ රජතුමා ආයු ඇති තෙක් එහි වාසය කොට එයින් සැව දෙව්ලොව උපන්නේය. ඔහු දෙව්ලොව උපන් කල්හි ඒ පහය ගංගා නම් ගඟේ අනුසෝතයට වැටුනේය. එහි ධුර සෝපානය හමු වූ තැන පයාග පතිට්ඨාන නම් නගරයක් නිර්මාණය කරන ලදී. කොත හමු වූ තැන කෝටි ගම නම් විය. පසුව අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඒ නලකාර දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි භද්‍රජී නම් සිටුවරයාව ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව රහත් බවට පැමිණියේය. උන්වහන්සේ නැවෙන් ගඟ තරණය කරන දිනයෙහි භික්ෂු සංඝයාට ඒ ප්‍රාසාදය දැක්වූහ යි වස්තුව විස්තර කළ යුතුය. මේ පහය අතුරුදහන් නොවූයේ ඇයි? අනිකාගේ අනුභාවය නිසා, ඔහු සමග පින්කම් කොට දෙව්ලොව උපන් කුලපුත්‍රයා අනාගතයෙහි සංඛ නම් රජ වන්නේය. ඔහුගේ පරිභෝගය සඳහා ඒ ප්‍රාසාදය නැගී සිටින්නේය. එනිසා අතුරුදහන් නොවීය.
උස්සාපෙත්වාති තං පාසාදං උට්ඨාපෙත්වා. අජ්ඣාවසිත්වාති තත්ථ වසිත්වා. තං දත්වා විස්සජ්ජිත්වාති තං පාසාදං දානවසෙන දත්වා නිරපෙක්ඛො පරිච්චාගවසෙන ච විස්සජ්ජිත්වා. කස්ස ච එවං දත්වාති? සමණාදීනං. තෙනාහ – “සමණබ්රාහ්මණකපණද්ධිකවනිබ්බකයාචකානං දානං දත්වා”ති. කථං පන සො එකං පාසාදං බහූනං දස්සතීති? එවං කිරස්ස චිත්තං උප්පජ්ජිස්සති “අයං පාසාදො විප්පකිරියතූ”ති. සො ඛණ්ඩඛණ්ඩසො විප්පකිරිස්සති. සො තං අලග්ගමානොව හුත්වා “යො යත්තකං ඉච්ඡති, සො තත්තකං ගණ්හතූ”ති දානවසෙන විස්සජ්ජිස්සති. තෙන වුත්තං – “දානං දත්වා මෙත්තෙය්යස්ස භගවතො…පෙ… විහරිස්සතී”ති. එත්තකෙන භගවා වට්ටගාමිකුසලස්ස අනුසන්ධිං දස්සෙති.
උස්සාපෙතා - ඒ ප්‍රාසාදය ඔසවා. අජ්ඣාවසිත්වා - එහි වැස. දදිත්වා විස්සජ්ජෙජත්වා - ඒ පහය දන් වශයෙන් දී නිරපෙක්ෂාව පරිත්‍යාග වශයෙන් අත්හැර මෙසේ දුන්නේ කාටද? ශ්රමණාදීන්ටයි. එයින් අසන ලදී. සමණබ්‍රාහ්මණ කපණ දධික වණිබ්බක යාචකානං දානං දත්වා - එකම පහය බොහෝ දෙනාට දුන්නේ කෙසේද? මෙසේ සිතක් ඔහුට උපන්නේය. මේ පහය වෙන් කළහොත් කැබලි කැබලි වශයෙන් වෙන් කරන්නේය. ඔහු ඊට නොකැමතිව යම් ප්‍රමාණ කැමති වේ නම් ඒ ප්‍රමාණය ගනීවයි දාන වශයෙන් අත්හරින්නේය. එයින් කියන ලදී: මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේට.... වාසය කරන්නේය”යි
ඉදානි විවට්ටගාමිකුසලස්ස අනුසන්ධිං දස්සෙන්තො පුන අත්තදීපා, භික්ඛවෙ, විහරථාතිආදිමාහ.
මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ සසරගාමී කුසලයට අනුසන්ධි දක්වන්නේ නැවත අත්තදීපා භික්ඛවෙ විහරථ - යනාදිය කීහ.
භික්ඛුනො ආයුවණ්ණාදිවඩ්ඪනකථාවණ්ණනා
ඉදං ඛො, භික්ඛවෙ, භික්ඛුනො ආයුස්මින්ති භික්ඛවෙ යං වො අහං ආයුනාපි වඩ්ඪිස්සථාති අවොචං, තත්ථ ඉදං භික්ඛුනො ආයුස්මිං ඉදං ආයුකාරණන්ති අත්ථො. තස්මා තුම්හෙහි ආයුනා වඩ්ඪිතුකාමෙහි ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බාති දස්සෙති.
ඉදං ඛො භික්ඛවෙ භික්ඛුනො ආයුස්මිං - මහණෙනි, මම ආයුෂයෙන් ද වඩන්නහු යයි යමක් ඔබට කීවෙම්ද, එහි මේ භික්ෂුවගේ ආයුෂයෙහි මේ ආයු කරණ යයි යන අර්ථය වේ. එහෙයින් ආයුෂයෙන් වැඩීමට කැමති ඔබ විසින් මේ සතර ඉද්ධිපාද වැඩිය යුතුයයි දක්වන්නාහ.
වණ්ණස්මින්ති යං වො අහං වණ්ණෙනපි වඩ්ඪිස්සථාති අවොචං, ඉදං තත්ථ වණ්ණකාරණං. සීලවතො හි අවිප්පටිසාරාදීනං වසෙන සරීරවණ්ණොපි කිත්තිවසෙන ගුණවණ්ණොපි වඩ්ඪති. තස්මා තුම්හෙහි වණ්ණෙන වඩ්ඪිතුකාමෙහි සීලසම්පන්නෙහි භවිතබ්බන්ති දස්සෙති.
වණ්ණස්සමිං - වර්ණයෙන් ද වඩන්න යයි මම යමක් ඔබට කීවෙම්ද, එහි වර්ණ කරණය. සිල්වතාගේ විපිළිසර නොවීම් වශයෙන් ශරීර වර්ණය ද කීර්ති වශයෙන් ගුණ වර්ණය ද වැඩේ. වර්ණයෙන් වැඩීමට කැමති ඔබ විසින් සීල සම්පන්න විය යුතුයයි දක්වන්නාහ.
සුඛස්මින්ති යං වො අහං සුඛෙනපි වඩ්ඪිස්සථාති අවොචං, ඉදං තත්ථ විවෙකජං පීතිසුඛාදිනානප්පකාරකං ඣානසුඛං. තස්මා තුම්හෙහි සුඛෙන වඩ්ඪිතුකාමෙහි ඉමානි චත්තාරි ඣානානි භාවෙතබ්බානි.
සුඛස්මිං - සැපයෙන් වඩන්න යයි යමක් මම කීවෙමි නම් එය මෙහි විවේකයෙන් හටගත් පීති සැප ආදි නානා ආකාර ධ්‍යාන සැප. ඔබ සැපෙන් වැඩීමට කැමති නම් මේ සතර ධ්‍යන වැඩිය යුතුය.
භොගස්මින්ති යං වො අහං භොගෙනපි වඩ්ඪිස්සථාති අවොචං, අයං සො අප්පමාණානං සත්තානං අප්පටිකූලතාවහො සුඛසයනාදි එකාදසානිසංසො සබ්බදිසාවිප්ඵාරිතබ්රහ්මවිහාරභොගො. තස්මා තුම්හෙහි භොගෙන වඩ්ඪිතුකාමෙහි ඉමෙ බ්රහ්මවිහාරා භාවෙතබ්බා.
භොගස්මිං - භෝගයෙන් වැඩෙන්න යයි යමක් මම කීවෙමි නම්. එය නම් අප්‍රමාණ සත්වයින්ගේ ප්‍රියභාවයට, සැප සයනාදී ආනිසංස එකොලොසක් ඇති බ්‍රහ්ම විහාර භෝගයයි. භෝගයේ වැඩීමට බ්‍රහ්ම විහාර වැඩිය යුතුයි.
බලස්මින්ති යං වො අහං බලෙනපි වඩ්ඪිස්සථාති අවොචං, ඉදං ආසවක්ඛයපරියොසානෙ උප්පන්නං අරහත්තඵලසඞ්ඛාතං බලං. තස්මා තුම්හෙහි බලෙන වඩ්ඪිතුකාමෙහි අරහත්තප්පත්තියා යොගො කරණීයො.
බලස්මිං - බලයෙන් වැඩෙන්න යයි යමක් කීවෙමි නම් එය ආසවක්ඛය අවසානයෙහි උපදින අරහත් ඵල සංඛ්‍යාත බලයයි. ඒ බලයෙන් වැඩීමට කැමති ඔබ රහත් බවට පැමිණීමට හේතුවන යෝග කළ යුතුය.
යථයිදං, භික්ඛවෙ, මාරබලන්ති යථා ඉදං දෙවපුත්තමාරමච්චුමාරකිලෙසමාරානං බලං දුප්පසහං දුරභිසම්භවං, එවං අඤ්ඤං ලොකෙ එකබලම්පි න සමනුපස්සාමි. තම්පි බලං ඉදමෙව අරහත්තඵලං පසහති අභිභවති අජ්ඣොත්ථරති. තස්මා එත්ථෙව යොගො කරණීයොති දස්සෙති.
යථඉදං භික්ඛවෙ මාරබලං - යම් මේ දෙව්පත් මාර, මරණ මාර, කෙලෙස් මාර ආදීන්ගේ බලය ඉවසිය නොහෙන දුරුකළ නොහැකි එවැනි බලයක් ලොව නොදනිමි. ඒ බලය ද මේ රහත් බලයෙන් මැඩපවත්වයි. ඉක්මවයි, වසාගෙන පැතිරෙයි. එහෙයින් මෙහි යෝග (භාවනා) කළ යුතු යයි දක්වයි.
එවමිදං පුඤ්ඤන්ති එවං ඉදං ලොකුත්තරපුඤ්ඤම්පි යාව ආසවක්ඛයා පවඩ්ඪතීති විවට්ටගාමිකුසලානුසන්ධිං නිට්ඨපෙන්තො අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨපෙසි. සුත්තපරියොසානෙ වීසති භික්ඛුසහස්සානි අරහත්තං පාපුණිංසු. චතුරාසීති පාණසහස්සානි අමතපානං පිවිංසූති.
එවමිදං පුඤ්ඤං - මෙසේ මේ ලෝකෝත්තර පින් ද ආසවක්ඛය දක්වා වැඩේ යයි සසරගාමී කුසල සන්ධිය නිමා කරන්නේ රහත් බව කුළු ගැන්වීමෙන් දේශනාව නිමා කළහ. සූත්‍ර අවසානයෙහි විසිදහසක් භික්ෂූහු රහත් ඵලයට පැමිණියහ. අසූහාර දහසක් ප්‍රාණීහු අමෘතපානය කළහ.
සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථාය චක්කවත්තිසුත්තවණ්ණනා නිට්ඨිතා.
චක්කවත්ති සූත්‍ර වර්ණනාව නිමි.