යෙදුමෙන් කියවන්න

4. අග‍්ගඤ‍්ඤසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. අග‍්ගඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

4. අග්ගඤ්ඤ සූත්‍ර වර්ණනාව

වාසෙට‍්ඨභාරද‍්වාජවණ‍්ණනා

එවං මෙ සුතන‍්ති අග‍්ගඤ‍්ඤසුත‍්තං. තත්‍රායමනුත‍්තානපදවණ‍්ණනා – පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙති එත්‍ථ අයං අනුපුබ‍්බිකථා. අතීතෙ සතසහස‍්සකප‍්පමත්‍ථකෙ එකා උපාසිකා පදුමුත‍්තරං භගවන‍්තං නිමන‍්තෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසතසහස‍්සස‍්ස දානං දත්‍වා භගවතො පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “අනාගතෙ තුම‍්හාදිසස‍්ස බුද‍්ධස‍්ස අග‍්ගුපට‍්ඨායිකා හොමී”ති පත්‍ථනං අකාසි. සා කප‍්පසතසහස‍්සං දෙවෙසු චෙව මනුස‍්සෙසු ච සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ භද‍්දියනගරෙ මෙණ‍්ඩකසෙට‍්ඨිපුත‍්තස‍්ස ධනඤ‍්චයසෙට‍්ඨිනො ගෙහෙ සුමනදෙවියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. ජාතකාලෙ තස‍්සා විසාඛාති නාමං අකංසු. සා යදා භගවා භද‍්දියනගරං ආගමාසි, තදා පඤ‍්චදාසිසතෙහි සද‍්ධිං භගවතො පච‍්චුග‍්ගමනං කත්‍වා පඨමදස‍්සනම‍්හියෙව සොතාපන‍්නා අහොසි.

එවං මෙ සුතං - අග්ගඤඤ සූත්‍රය. මේ එහි ගැඹුරුපද වර්ණනාවය. පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ - මේ පිළිවෙළ කථාව මෙසේය. කල්ප ලක්ෂයකට පෙර එක් උපාසිකාවක් පියුමතුරා බුදුන්ට ආරාධනා කොට බුදුන් ප්‍රමුඛ භික්ෂූන් ලක්‍ෂයකට දානයක් දී භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැතිරි අනාගතයෙහි ඔබ වහන්සේ වැනි බුදුන් වහන්සේ කෙනෙකුට අග්‍ර උපස්ථායිකාව වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළාය. ඕ තොමෝ කල්ප ලක්ෂයක් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුතුමාගේ පුත්‍ර ධනඤ්ජය සිටුවරයාගේ ගෙයි සුමනා සිටුදේවිය කුස පිළිසිඳ ගත්තාය. උපන් කාලයෙහි ඇයට විසාඛා යයි නම තැබූහ. බුදුන් වහන්සේ භද්දිය නගරයට වැඩිය විට ඕතොමෝ දැරියන් පන්සියයක් සමග පෙරගමන් කොට පළමු දැකීමෙන් ම සෝවාන් වූවාය.

අපරභාගෙ සාවත්‍ථියං මිගාරසෙට‍්ඨිපුත‍්තස‍්ස පුණ‍්ණවඩ‍්ඪනකුමාරස‍්ස ගෙහං ගතා. තත්‍ථ නං මිගාරසෙට‍්ඨි මාතුට‍්ඨානෙ ඨපෙසි. තස‍්මා මිගාරමාතාති වුච‍්චති. පතිකුලං ගච‍්ඡන‍්තියා චස‍්සා පිතා මහාලතාපිළන්‍ධනං නාම කාරාපෙසි. තස‍්මිං පිළන්‍ධනෙ චතස‍්සො වජිරනාළියො උපයොගං අගමංසු, මුත‍්තානං එකාදස නාළියො, පවාළස‍්ස ද‍්වාවීසති නාළියො, මණීනං තෙත‍්තිංස නාළියො. ඉති එතෙහි ච අඤ‍්ඤෙහි ච සත‍්තහි රතනෙහි නිට‍්ඨානං අගමාසි. තං සීසෙ පටිමුක‍්කං යාව පාදපිට‍්ඨියා භස‍්සති. පඤ‍්චන‍්නං හත්‍ථීනං බලං ධාරයමානාව නං ඉත්‍ථී ධාරෙතුං සක‍්කොති. සා අපරභාගෙ දසබලස‍්ස අග‍්ගුපට‍්ඨායිකා හුත්‍වා තං පසාධනං විස‍්සජ‍්ජෙත්‍වා නවහි කොටීහි භගවතො විහාරං කාරයමානා කරීසමත‍්තෙ භූමිභාගෙ පාසාදං කාරෙසි. තස‍්ස උපරිභූමියං පඤ‍්ච ගබ‍්භසතානි හොන‍්ති, හෙට‍්ඨිමභූමියං පඤ‍්චාති ගබ‍්භසහස‍්සප‍්පටිමණ‍්ඩිතො අහොසි. සා “සුද‍්ධපාසාදොව න සොභතී”ති තං පරිවාරෙත්‍වා පඤ‍්ච දුවඩ‍්ඪගෙහසතානි, පඤ‍්ච චූළපාසාදසතානි, පඤ‍්ච දීඝසාලසතානි ච කාරාපෙසි. විහාරමහො චතූහි මාසෙහි නිට‍්ඨානං අගමාසි.

පසු කාලයෙහි සැවැත් නුවර මිගාර සිටු පුත් පුණ්‍යවර්ධන සිටුකුමරා සමග විවාහ වූවාය. එහි දී ඕ මිගාර සිටුවරයා විසින් මව් තනතුරෙහි තබන ලදී. එහෙයින් මිගාරමාතා යයි කියනු ලැබේ. පතිකුලයට යනවිට ඇයට ඇගේ පියා මහාලතා පසාධනය (මහාලතා ඇඳුම) කරවීය. ඒ ඇඳුමෙහි දියමන්ති නැලි හතරක් උපයෝගී විය. මුතු එකොළොස් නැලියක් ද පබළු දොලොස් නැලියක් ද මැණික් තිස්තුන් නැලියක් ද මෙසේ මේවායින් ද අන්‍ය වූ සප්ත රත්නවලින් නිමවීය. එය හිසෙහි පැළඳගත් කල දෙපතුල දක්වා වැටේ. ඇතුන් පස් දෙනෙකුගේ බල ඇති ස්ත්‍රියකට ම එය දැරිය හැකි විය. ඕ තොමෝ පසු කාලයෙහි දසබල බුදුන්ගේ අග්‍ර උපස්ථායිකාව වී ඒ පසාධනය විකුණා නව කෝටියකින් භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවන්නී අමුණු සතරක භූමි භාගයක ප්‍රාසාදයක් කරවීය. එහි උඩුමහලෙහි කුටි පන්සියයක් විය. පහත මාලයෙහි පන්සියක් විය. ඒ අනුව එය කුටි දහසකින් යුක්ත විය. ඕ තොමෝ තනි ප්‍රාසාදය පමණක් ලස්සන නැතැයි එය පිරිවරා ගෙවල් දෙසිය පනහක් ද කුඩා ගෙවල් දහසක් ද දික් සාලා පන්සියයක් ද කරවීය. විහාර පූජෝත්වය හාරමාසයකින් නිමවිය.

මාතුගාමත‍්තභාවෙ ඨිතාය විසාඛාය විය අඤ‍්ඤිස‍්සා බුද‍්ධසාසනෙ ධනපරිච‍්චාගො නාම නත්‍ථි, පුරිසත‍්තභාවෙ ඨිතස‍්ස අනාථපිණ‍්ඩිකස‍්ස විය අඤ‍්ඤස‍්සාති. සො හි චතුපණ‍්ණාසකොටියො විස‍්සජ‍්ජෙත්‍වා සාවත්‍ථියා දක‍්ඛිණභාගෙ අනුරාධපුරස‍්ස මහාවිහාරසදිසෙ ඨානෙ ජෙතවනමහාවිහාරං නාම කාරෙසි. විසාඛා සාවත්‍ථියා පාචීනභාගෙ උත‍්තරදෙවියා විහාරසදිසෙ ඨානෙ පුබ‍්බාරාමං නාම කාරෙසි. භගවා ඉමෙසං ද‍්වින‍්නං කුලානං අනුකම‍්පාය සාවත්‍ථිං නිස‍්සාය විහරන‍්තො ඉමෙසු ද‍්වීසු විහාරෙසු නිබද‍්ධවාසං වසි. එකං අන‍්තොවස‍්සං ජෙතවනෙ වසති, එකං පුබ‍්බාරාමෙ. තස‍්මිං සමයෙ පන භගවා පුබ‍්බාරාමෙ විහරති. තෙන වුත‍්තං “පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ”ති.

ස්ත්‍රියක්ව සිටි විසාඛා මෙන් බුද්ධ සාසනයෙහි ධන පරිත්‍යාග කළ වෙනත් ස්ත්‍රියක් නැත. පිරිමියෙක්ව සිට අනේපිඩු සිටුතුමා මෙන් වෙන කවුරුවත් නැත. ඒ සිටුතුමා සිව්පනස් කෙළක් ධනය වියදම් කොට සැවැත්නුවර දකුණු භාගයෙහි අනුරාධපුර මහා විහාරය මෙන් ස්ථානයක ජේතවනාරාම මහා විහාරය කරවීය. විසාඛා සැවැත්නුවර පෙරදිග උත්තම දේවි විහාරය පිහිටි තැන මෙන් ස්ථානයක පූර්වාරාම නම් විහාරය කරවූවාය. බුදුන් වහන්සේ මේ කුළ දෙකට අනුකම්පාවෙන් සැවැත්නුවර නිසා වැඩ වන්නේ මේ විහාර දෙකෙහි නිබද්ධ වාසයෙන් වැඩසිටියහ. එක් ඇතුළු වසක් ජේවනයෙහි වසති. එක් ඇතුළු වසක් පුබ්බාරාමයෙහි වසති. එක් සමයක වනාහි භාග්‍යවතුන් වහන්සේ පුබ්බාරාමයෙහි වාසය කරති. එහෙයින් කියන ලදී. “පුබ්බාරාමෙ මිගාර මාතු පාසාදේ”

වාසෙට‍්ඨභාරද‍්වාජාති වාසෙට‍්ඨො ච සාමණෙරො භාරද‍්වාජො ච. භික‍්ඛූසු පරිවසන‍්තීති තෙ නෙව තිත්‍ථියපරිවාසං වසන‍්ති, න ආපත‍්තිපරිවාසං. අපරිපුණ‍්ණවස‍්සත‍්තා පන භික‍්ඛුභාවං පත්‍ථයමානා වසන‍්ති. තෙනෙවාහ “භික‍්ඛුභාවං ආකඞ‍්ඛමානා”ති. උභොපි හෙතෙ උදිච‍්චබ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තා, චත‍්තාලීස චත‍්තාලීස කොටිවිභවා තිණ‍්ණං වෙදානං පාරගූ මජ‍්ඣිමනිකායෙ වාසෙට‍්ඨසුත‍්තං සුත්‍වා සරණං ගතා, තෙවිජ‍්ජසුත‍්තං සුත්‍වා පබ‍්බජිත්‍වා ඉමස‍්මිං කාලෙ භික‍්ඛුභාවං ආකඞ‍්ඛමානා පරිවසන‍්ති. අබ‍්භොකාසෙ චඞ‍්කමතීති උත‍්තරදක‍්ඛිණෙන ආයතස‍්ස පාසාදස‍්ස පුරත්‍ථිමදිසාභාගෙ පාසාදච‍්ඡායායං යන‍්තරජ‍්ජූහි ආකඩ‍්ඪියමානං රතනසතුබ‍්බෙධං සුවණ‍්ණඅග‍්ඝිකං විය අනිලපථෙ විධාවන‍්තීහි ඡබ‍්බණ‍්ණාහි බුද‍්ධරස‍්මීහි සොභමානො අපරාපරං චඞ‍්කමති.

වාසෙට්ඨ භරද්වාජො - වාසෙට්ඨ ද සාමණේර භාරද්වාජ භික්ඛුසු පරිවසන්ති - තීර්ථක පරිවාස නොවේ. ඇවැත් පිරිවෙස් ද නොවේ. භික්ෂුභාව ප්‍රාර්ථනා කරමින් වසති. ඒ දෙදෙනාම සතලිස් කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි උපන්හ. තුන් වේදයෙහි පරස්පෙරට ගියහ. මජ්ඣිම නිකායෙහි වාසෙට්ඨ සූත්‍රය අසා සරණ ගියහ. තෙවිජ්ජ සූත්‍රය අසා පැවිදි වූහ. මේ කාලයෙහි භික්ෂුභාවය බලාපොරොත්තුවෙන් පිරිවෙස් පුරති. අබ්භොකායෙ වංකමති - උතුරු දකුණින් පළල් වූ ප්‍රාසාදයේ ඉදිරිපස ප්‍රාසාදය ඡායාවෙහි යන්තර ලනුවලින් අදිනු ලබන සත්රියන් උස රන් ඇගෑවක් මෙන් අහසෙහි දිවෙන සවණක් බුද්ධ රශ්මිවලින් අලංකාර කරන්නේ එහා මෙහා සක්මන් කරයි.

අනුචඞ‍්කමිංසූති අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඔනතසරීරා හුත්‍වා අනුවත‍්තමානා චඞ‍්කමිංසු. වාසෙට‍්ඨං ආමන‍්තෙසීති සො තෙසං පණ‍්ඩිතතරො ගහෙතබ‍්බං විස‍්සජ‍්ජෙතබ‍්බඤ‍්ච ජානාති, තස‍්මා තං ආමන‍්තෙසි. තුම‍්හෙ ඛ‍්වත්‍ථාති තුම‍්හෙ ඛො අත්‍ථ. බ්‍රාහ‍්මණජච‍්චාති, බ්‍රාහ‍්මණජාතිකා. බ්‍රාහ‍්මණකුලීනාති බ්‍රාහ‍්මණෙසු කුලීනා කුලසම‍්පන‍්නා. බ්‍රාහ‍්මණකුලාති බ්‍රාහ‍්මණකුලතො, භොගාදිසම‍්පන‍්නං බ්‍රාහ‍්මණකුලං පහායාති අත්‍ථො. න අක‍්කොසන‍්තීති දසවිධෙන අක‍්කොසවත්‍ථුනා න අක‍්කොසන‍්ති. න පරිභාසන‍්තීති නානාවිධාය පරිභවකථාය න පරිභාසන‍්තීති අත්‍ථො. ඉති භගවා “බ්‍රාහ‍්මණා ඉමෙ සාමණෙරෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්තී”ති ජානමානොව පුච‍්ඡති. කස‍්මා? ඉමෙ මයා අපුච‍්ඡිතා පඨමතරං න කථෙස‍්සන‍්ති, අකථිතෙ කථා න සමුට‍්ඨාතීති කථාසමුට‍්ඨාපනත්‍ථාය. තග‍්ඝාති එකංසවචනෙ නිපාතො, එකංසෙනෙව නො, භන‍්තෙ, බ්‍රාහ‍්මණා අක‍්කොසන‍්ති පරිභාසන‍්තීති වුත‍්තං හොති. අත‍්තරූපායාති අත‍්තනො අනුරූපාය. පරිපුණ‍්ණායාති යථාරුචි පදබ්‍යඤ‍්ජනානි ආරොපෙත්‍වා ආරොපෙත්‍වා පරිපූරිතාය. නො අපරිපුණ‍්ණායාති අන‍්තරා අට‍්ඨපිතාය නිරන‍්තරං පවත‍්තාය.

අනුචංකමිංසු - ඇඳිලි බැඳ නැමුණු ශරීර ඇත්තේ අනුවර්තනය වෙමින් සක්මන් කළහ. වාසෙට්ඨං ආමත්තෙසි - හේ ඔවුන්ගේ පණ්ඩිතතර යයි ගත යුතුය. විසඳිය යුත්ත ද දනී. එහෙයින් ඔහු ඇමතූහ. තුම්හෙ බවත්ථ - ඔබ කවරෙක් වේද? බ්‍රාහ්මණ ජච්චා - බ්‍රාහ්මණ ජාතිකයෙකි. බ්‍රාහ්මණ කුලිනා - බ්‍රාහ්මණයන් අතර කුලීනයෙකි, කුලසම්පන්නයෙකි. බ්‍රාහ්මණ කුල - භවභෝග සම්පත් ඇති බ්‍රාහ්මණ කුලයට හැර යන අර්ථයයි. න අක්කොසන්ති - දසවිධ වූ ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ නොකරති. අපහාස නොකරති. දැනගන්නට අසයි. කවර හෙයින්ද? පළමුවෙන් මා නොඇසුයේ නම් කථා නොකරති. කථා නොකළ කල්හි කතා පටන් නොගනී. කතා පටන් ගැනීම සඳහා තග්ඝා - ඒකාන්ත වචනයෙහි නිපාතයකි. ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපට ආක්‍රෝශ කරති නින්දා කරතියි කියන ලද්දේ වේ. අත්තරූපාය - තමාට අනුරූපව, පරිපුණ්ණාය - කැමති පද අකුරු නගා සම්පූර්ණ කිරීමෙන්. නො අපරිපුණ්ණාය - අතර නොතබා පවත්වමින්.

කස‍්මා පන බ්‍රාහ‍්මණා ඉමෙ සාමණෙරෙ අක‍්කොසන‍්තීති? අප‍්පතිට‍්ඨතාය. ඉමෙ හි සාමණෙරා අග‍්ගබ්‍රාහ‍්මණානං පුත‍්තා තිණ‍්ණං වෙදානං පාරගූ ජම‍්බුදීපෙ බ්‍රාහ‍්මණානං අන‍්තරෙ පාකටා සම‍්භාවිතා තෙසං පබ‍්බජිතත‍්තා අඤ‍්ඤෙ බ්‍රාහ‍්මණපුත‍්තා පබ‍්බජිංසු. අථ ඛො බ්‍රාහ‍්මණා “අපතිට‍්ඨා මයං ජාතා”ති ඉමාය අප‍්පතිට‍්ඨතාය ගාමද‍්වාරෙපි අන‍්තොගාමෙපි තෙ දිස‍්වා “තුම‍්හෙහි බ්‍රාහ‍්මණසමයො භින‍්නො, මුණ‍්ඩසමණකස‍්ස පච‍්ඡතො පච‍්ඡතො රසගිද‍්ධා හුත්‍වා විචරථා”තිආදීනි චෙව පාළියං ආගතානි “බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො”තිආදීනි ච වත්‍වා අක‍්කොසන‍්ති. සාමණෙරා තෙසු අක‍්කොසන‍්තෙසුපි කොපං වා ආඝාතං වා අකත්‍වා කෙවලං භගවතා පුට‍්ඨා “තග‍්ඝ නො, භන‍්තෙ, බ්‍රාහ‍්මණා අක‍්කොසන‍්ති පරිභාසන‍්තී”ති ආරොචෙසුං. අථ නෙ භගවා අක‍්කොසනාකාරං පුච‍්ඡන‍්තො යථා කථං පන වොති පුච‍්ඡති. තෙ ආචික‍්ඛන‍්තා බ්‍රාහ‍්මණා භන‍්තෙතිආදිමාහංසු.

මේ සාමණේරයන්ට පිහිටක් නැති බවෙන් ආකෝශ කරන්නේ කුමකින්ද? මේ සාමණෙරවරු ප්‍රධාන බ්‍රහ්මණයින්ගේ පුත්තු වෙති. තුන්වේදයෙහි පරතෙරට ගියහ. දඹදිව බමුණන් අතර ප්‍රකටයහ. බුහුමනට පත් වූහ. ඔවුන් පැවිදි වූ බැවින් අන්‍ය බමුණු පුත්තු පැවිදි වූහ. ඉක්බිති බමුණෝ අපට පිහිටක් නැතිව ගියේ යයි පිහිට නැති බැවින් ගම්දොර ද ඔවුන් දැක ඔබලා විසින් බ්‍රාහ්මණ සමය බිඳින ලදි. මුඩු මහණාගේ පසු පස්සේ රසයට ලොල්වී හැසිරෙවු ආදියෙන් ද පෙලෙහි ආ බමුණෝම ශ්‍රේෂ්ඨයහ ආදියෙන් ද ආක්‍රොශ කරති. සාමණේරයෝ ඔවුන් ආක්‍රොශ කරන කල්හි ද කෝපයක් හෝ වෛරයක් හෝ නොකොට හුදෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරන ලද්දේ අපට ස්වාමීනි බ්‍රහ්මණයෝ ආක්‍රෝශ කරති නින්දා කරතියයි දැන්වුහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආක්‍රොශ කරන ආකාරය ඔහුගෙන් විචාරන්නේ ඒ කෙසේදැයි විචාලහ. ඔව්හු කියන්නෝ. ස්වාමීනි බමුණෝ යනාදිය කීහ.

තත්‍ථ සෙට‍්ඨො වණ‍්ණොති ජාතිගොත‍්තාදීනං පඤ‍්ඤාපනට‍්ඨානෙ බ්‍රාහ‍්මණොව සෙට‍්ඨොති දස‍්සෙන‍්ති. හීනා අඤ‍්ඤෙ වණ‍්ණාති ඉතරෙ තයො වණ‍්ණා හීනා ලාමකාති වදන‍්ති. සුක‍්කොති පණ‍්ඩරො. කණ‍්හොති කාළකො. සුජ‍්ඣන‍්තීති ජාතිගොත‍්තාදීනං පඤ‍්ඤාපනට‍්ඨානෙ සුජ‍්ඣන‍්ති. බ්‍රහ‍්මුනො පුත‍්තාති මහාබ්‍රහ‍්මුනො පුත‍්තා. ඔරසා මුඛතො ජාතාති උරෙ වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තා, උරෙ කත්‍වා සංවඩ‍්ඪිතාති වා ඔරසා. බ්‍රහ‍්මජාති බ්‍රහ‍්මතො නිබ‍්බත‍්තා. බ්‍රහ‍්මනිම‍්මිතාති බ්‍රහ‍්මුනා නිම‍්මිතා. බ්‍රහ‍්මදායාදාති බ්‍රහ‍්මුනො දායාදා. හීනමත්‍ථ වණ‍්ණං අජ‍්ඣුපගතාති හීනං වණ‍්ණං අජ‍්ඣුපගතා අත්‍ථ. මුණ‍්ඩකෙ සමණකෙති නින්‍දන‍්තා ජිගුච‍්ඡන‍්තා වදන‍්ති, න මුණ‍්ඩකමත‍්තඤ‍්චෙව සමණමත‍්තඤ‍්ච සන්‍ධාය. ඉබ‍්භෙති ගහපතිකෙ. කණ‍්හෙති කාළකෙ. බන්‍ධූති මාරස‍්ස බන්‍ධුභූතෙ මාරපක‍්ඛිකෙ. පාදාපච‍්චෙති මහාබ්‍රහ‍්මුනො පාදානං අපච‍්චභූතෙ පාදතො ජාතෙති අධිප‍්පායො.

එහි සෙට්ඨො වණ්ණො - ජාති ගෝත්‍ර ආදිය පනවන අවස්ථාවෙහි බමුණෝම ශ්‍රේෂ්ඨ යයි දක්වයි. හීනා අඤ්ඤෙ වණ්ණා - ඉතිරි වර්ණ තුන හීනය, ලාමකයයි කියති. සුක්කො - සුදු, කණ්හො - කළු. සුජඣං - ජාති - ගෝත්‍රාදිය පනවන ස්ථානයන්හි සුද්ධවෙති. බ්‍රහ්මුණො පුත්තා - මහා බ්‍රහ්මයාගේ පුත්තු. ඔරසා මුඛතො ජාතා - උරෙහි වැස මුවින් පිටවු බැවින් ලයෙහි තබා වැඩූ බැවින් හෝ ඕරසා වේ. බ්‍රහ්මජා - බ්‍රහ්මගෙන් උපන්නෝ. බ්‍රහ්ම නිම්මිතා - බඹු විසින් නිර්මාණය කරන ලද්දෝ, බ්‍රහ්ම දායාදා - බඹුගේ දායාද. හීනමත්ථවණ්ණං අජඣපගතා - හීන වර්ණයට පැමිණියේ යන අර්ථයයි. මුණ්ඩක යයි සමණක යයි නින්දා කරන්නේ පිළිකුල් කරන්නේ කියති. ඉබ්හෙ - ගෘහපතීන්. කණේහෙ- කළුවූවන්. බන්ධු - මාරයාගේ බන්ධු වූ, මාරපාක්ෂිකයන්. පාදාපචෙච - මහ බඹුගේ පාවලින් දරු වූ. පාවලින් ඉපදුණාවුන් යන අදහසයි.

“තග‍්ඝ වො, වාසෙට‍්ඨ, බ්‍රාහ‍්මණා පොරාණං අස‍්සරන‍්තා එවමාහංසූ”ති එත්‍ථ වොති නිපාතමත‍්තං, සාමිවචනං වා, තුම‍්හාකං බ්‍රාහ‍්මණාති අත්‍ථො. පොරාණන‍්ති පොරාණකං අග‍්ගඤ‍්ඤං ලොකුප‍්පත‍්තිචරියවංසං. අස‍්සරන‍්තාති අස‍්සරමානා. ඉදං වුත‍්තං හොති, එකංසෙන වො, වාසෙට‍්ඨ, බ්‍රාහ‍්මණා පොරාණං ලොකුප‍්පත‍්තිං අනනුස‍්සරන‍්තා අජානන‍්තා එවං වදන‍්තීති. “දිස‍්සන‍්ති ඛො පනා”ති එවමාදි තෙසං ලද‍්ධිභින්‍දනත්‍ථාය වුත‍්තං. තත්‍ථ බ්‍රාහ‍්මණියොති බ්‍රාහ‍්මණානං පුත‍්තප‍්පටිලාභත්‍ථාය ආවාහවිවාහවසෙන කුලං ආනීතා බ්‍රාහ‍්මණියො දිස‍්සන‍්ති. තා ඛො පනෙතා අපරෙන සමයෙන උතුනියොපි හොන‍්ති, සඤ‍්ජාතපුප‍්ඵාති අත්‍ථො. ගබ‍්භිනියොති සඤ‍්ජාතගබ‍්භා. විජායමානාති පුත‍්තධීතරො ජනයමානා. පායමානාති දාරකෙ ථඤ‍්ඤං පායන‍්තියො. යොනිජාව සමානාති බ්‍රාහ‍්මණීනං පස‍්සාවමග‍්ගෙන ජාතා සමානා. එවමාහංසූති එවං වදන‍්ති. කථං? “බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො…පෙ… බ්‍රහ‍්මදායාදා”ති. යදි පන නෙසං තං සච‍්චවචනං සියා, බ්‍රාහ‍්මණීනං කුච‍්ඡි මහාබ්‍රහ‍්මස‍්ස උරො භවෙය්‍ය, බ්‍රාහ‍්මණීනං පස‍්සාවමග‍්ගො මහාබ්‍රහ‍්මුනො මුඛං භවෙය්‍ය, න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං. තෙනාහ “තෙ ච බ්‍රහ‍්මූනඤ‍්චෙව අබ‍්භාචික‍්ඛන‍්තී”තිආදි.

වාසෙට්ඨයිනි! ඔබගේ බමුණෝ පුරාණය ඉතිහාසයට සිහි නොකරමින් මෙසේ කීහ. මෙහි වෙන නිපාත මාත්‍ර ඡට්ඨි වචනයි. ඔබලාගේ බ්‍රාහ්මණයෝ යන අර්ථයයි. පොරාණං - පුරාණ වූ අග්ගඤ්ඤ ලෝකෝත්පත්ති වංශය. අස්සරත්තා - සිහි නොකරමින් මෙය කියන ලද්දේ වේ. වාසෙට්ඨයෙනි, ඔබලාගේ බ්‍රාහ්මණයෝ පුරාණ වූ ලෝකෝත්පත්තිය සිහි නොකරන්නේ, නොදන්නෝ මෙසේ කියති. දිස්සන්ති ඛො පනානි- මේ ආදීවු ඔවුන්ගේ ඇදහීම බිඳීමට කියන ලදී. එහි බ්‍රහ්මණියො - බ්‍රහ්මණයින්ගේ පුත්‍ර ප්‍රතිලාභය සඳහා ආවාහ විවාහ වශයෙන් කුලයට කැඳවාගෙන එන ලද බැමිණියන් පෙනෙත්. ඔව්හු වනාහි පසු කාලයෙහි ඍතු වූවෝ වෙති. හටගත් මල් යන අර්ථයි. ගබ්භිනියො - හටගත් ගැබ් ඇත්තේ. විජායමානා - දූ පුතුන් උපදවන්නෝ. පායමානා - දරුවන්ට කිරි පොවන්නියෝ. යොනිජාව සමානා - බැමිණියන්ගේ මුත්‍ර මාර්ගයෙන් උපන්නා හා සමාන. එවමාහංසු - මෙසේ කියති. බමුණෝම ශ්‍රේෂ්ඨ වර්ණ වන්නේ කෙසේද? බ්‍රහ්මයාගෙන් උපන්නේය යන වචන සැබෑවන්නේ නම් බැමිණියන්ගේ කුස මහබඹුගේ උරය වන්නේය. බැමිණියන්ගේ මුත්‍ර මාර්ගය මහබඹුගේ මුඛය වන්නේය. මෙය මෙසේ නොදත යුතුය. එහෙයින් කියන ලදී “ඔව්හු මහා බ්‍රහ්මයාට නින්දා කරති” යනාදිය.

චතුවණ‍්ණසුද‍්ධිවණ‍්ණනා

එත‍්තාවතා “මයං මහාබ්‍රහ‍්මුනො උරෙ වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තාති වත‍්තුං මා ලභන‍්තූ”ති ඉමං මුඛච‍්ඡෙදකවාදං වත්‍වා පුන චත‍්තාරොපි වණ‍්ණා කුසලෙ ධම‍්මෙ සමාදාය වත‍්තන‍්තාව සුජ‍්ඣන‍්තීති දස‍්සනත්‍ථං චත‍්තාරොමෙ, වාසෙට‍්ඨ, වණ‍්ණාතිආදිමාහ. අකුසලසඞ‍්ඛාතාති අකුසලාති සඞ‍්ඛාතා අකුසලකොට‍්ඨාසභූතා වා. එස නයො සබ‍්බත්‍ථ. න අලමරියාති අරියභාවෙ අසමත්‍ථා. කණ‍්හාති පකතිකාළකා. කණ‍්හවිපාකාති විපාකොපි නෙසං කණ‍්හො දුක‍්ඛොති අත්‍ථො. ඛත‍්තියෙපි තෙති ඛත‍්තියම‍්හිපි තෙ. එකච‍්චෙති එකස‍්මිං. එස නයො සබ‍්බත්‍ථ.

මෙපමණකින් අපි බ්‍රහ්මයාගේ උරයෙහි වාසය කොට මුඛයෙන් නික්මුනෙමුයි කියන්නට නොලබත්වායි මෙය කට කඩන වාරය කියා නැවත සිව් වණම කුසල් දහම් සමාදන්ව පවතින්නේ ම සුද්ධ වෙති දැක්වීම සඳහා “වාසෙට්ඨායෙනි මේ වර්ණ සතර” යයි යනාදිය කීහ. අකුසල සංඛ්‍යාත - අකුසල සංඛ්‍යාත, අකුසල කොටස් වූ සියළු තැන මෙම නයයි. න අලමරියා - ආර්යභාවයෙහි අසමර්ථ වූ තණ්හා - ප්‍රකෘති කාලවර්ණය. කණ්හ විපාකා - ඔවුන්ගේ විපාකය ද කළුය. දුක් යන අර්ථයයි. බත්තියෙපි තෙ - ක්ෂත්‍රිය වූ ද ඔව්හු. එකච්චෙ - ඇතමුන් කෙරෙහි.

සුක‍්කාති නික‍්කිලෙසභාවෙන පණ‍්ඩරා. සුක‍්කවිපාකාති විපාකොපි නෙසං සුක‍්කො සුඛොති අත්‍ථො.

සුක්කා - නික්ලේශ බැවින් සුදු වූ සුක්කවිපාකා - ඔවුන්ගේ විපාකය ද සුදුය. සැපය යන අර්ථයයි.

උභයවොකිණ‍්ණෙසු වත‍්තමානෙසූති උභයෙසු වොකිණ‍්ණෙසු මිස‍්සීභූතෙසු හුත්‍වා වත‍්තමානෙසු. කතමෙසු උභයෙසූති? කණ‍්හසුක‍්කෙසු ධම‍්මෙසු විඤ‍්ඤුගරහිතෙසු චෙව විඤ‍්ඤුප‍්පසත්‍ථෙසු ච. යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසූති එත්‍ථ එතෙසු කණ‍්හසුක‍්කධම‍්මෙසු වත‍්තමානාපි බ්‍රාහ‍්මණා යදෙතං එවං වදන‍්ති “බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො”තිආදි. තං නෙසං විඤ‍්ඤූ නානුජානන‍්තීති යෙ ලොකෙ පණ‍්ඩිතා, තෙ නානුමොදන‍්ති, න පසංසන‍්තීති අත්‍ථො. තං කිස‍්ස හෙතු? ඉමෙසඤ‍්හි වාසෙට‍්ඨාතිආදිම‍්හි අයං සඞ‍්ඛෙපත්‍ථො. යං වුත‍්තං නානුජානන‍්තීති, තං කස‍්මාති චෙ? යස‍්මා ඉමෙසං චතුන‍්නං වණ‍්ණානං යො භික‍්ඛු අරහං…පෙ… සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, සො තෙසං අග‍්ගමක‍්ඛායති, තෙ ච න එවරූපා. තස‍්මා නෙසං විඤ‍්ඤූ නානුජානන‍්ති.

උභය ව්‍යොකිණ්ණෙසු වත්තමානෙසු - දෙකෙහි මිශ්‍ර පවතින කල්හි. කිනම් දෙකකද? කළු සුදුවල. නුවණැත්තන් විසින් ගරහන ලද ද පසස්නා ලද ද. යදෙත්ථ බ්‍රාහ්මණා එවමාහංසු - මෙහි මේ කළු සුදු ධර්මවල පවත්නා කල්හි ද බ්‍රාහ්මණයෝ එයම මෙසේ කියති. බමුණෝම සෙට යයි ආදිය. ඒවා නුවණැත්තෝ අනුනොදනිති. ලෝකයේ වෙසෙන පඬිවරු අනුමත නොකරති. ප්‍රශංසා නොකරති යන අර්ථයයි. ඊට හේතු කවරේද යත් මේවායෙහි වාසෙට්ඨ ආදියෙහි මේ සංක්ෂේප අර්ථයයි. අනුඛ්‍යඤ්ජන නොවේ යයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා ද? යම්සේ මේ සිව් වර්ණයන්ගෙන් යම් භික්ෂූන් රහත් වේද..... මිදුණු බව මනාව දන්නා ලද්දේ ද හෙතෙම ඔවුන්ගෙන් අග්‍ර යයි කියයි. ඔව්හු මෙබඳු නොවේ. එහෙයින් නුවණැත්තෝ ඔවුන් අග්‍ර යයි අනු නොදනිති.

අරහන‍්තිආදිපදෙසු චෙත්‍ථ කිලෙසානං ආරකත‍්තාදීහි කාරණෙහි අරහං. ආසවානං ඛීණත‍්තා ඛීණාසවො. සත‍්ත සෙක‍්ඛා පුථුජ‍්ජනකල්‍යාණකා ච බ්‍රහ‍්මචරියවාසං වසන‍්ති නාම. අයං පන වුත්‍ථවාසොති වුසිතවා. චතූහි මග‍්ගෙහි චතූසු සච‍්චෙසු පරිජානනාදිකරණීයං කතං අස‍්සාති කතකරණීයො. කිලෙසභාරො ච ඛන්‍ධභාරො ච ඔහිතො අස‍්සාති ඔහිතභාරො. ඔහිතොති ඔහාරිතො. සුන්‍දරො අත්‍ථො, සකො වා අත්‍ථො සදත්‍ථො, අනුප‍්පත‍්තො සදත්‍ථො එතෙනාති අනුප‍්පත‍්තසදත්‍ථො. භවසංයොජනං වුච‍්චති තණ‍්හා, සා පරික‍්ඛීණා අස‍්සාති පරික‍්ඛීණභවසංයොජනො. සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති සම‍්මා හෙතුනා කාරණෙන ජානිත්‍වා විමුත‍්තො. ජනෙතස‍්මින‍්ති ජනෙ එතස‍්මිං, ඉමස‍්මිං ලොකෙති අත්‍ථො. දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායඤ‍්චාති ඉධත‍්තභාවෙ ච පරත‍්තභාවෙ.

අරහං - ආදි පදවල මෙහි කෙලෙසුන්ගේ දුරුවීම් කරණාදියෙන් අරහ වේ. ආස්‍රවයන් ක්ෂය කරන ලද බැවින් ඛීණාසව වේ. සේකයින් සත් දෙනා ද කල්‍යාණ පෘථජනයාද බඹසරෙහි වසන්නෝ වෙති. මෙය වනාහි වසන ලද වස් ඇත්තේ වුසිතවා - නම් වේ. සිව් මගෙහි සිවු සස්හි දැනීම් ආදි කළයුතු දේ කරන ලද්දේ මොහුය යන තේරුමෙන් කතකරණීයො - වේ. ඔහිතො - බහා තැබූ සුන්දර අරුත හෝ සිය අරුත සදත්ථ - නම් වේ. පැමිණන ලද සදත්ථ ඇත්තේ අනුප්පත්ත සදත්ථො - වේ. තව භව සඤ්ඤොජනං - තෘෂ්ණාව කියයි. එය ක්ෂීණ වූයේ මොහුටනුයි පරික්ඛීණ භව සංයෝජනො - වේ. සම්මදඤ්ඤ විමුත්තො - මනාව හේතු නයින් කරුණු දැන මිදෙන ලද්දේ. ජනෙසමිං - මේ ජනයා කෙරෙහි. මේ අත්බැව්හි ද යන අර්ථයයි. දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායං ච - මේ අත්බැව්හි ද පර අත්බැව්හිද

අනන‍්තරාති අන‍්තරවිරහිතා, අත‍්තනො කුලෙන සදිසාති අත්‍ථො. අනුයුත‍්තාති වසවත‍්තිනො. නිපච‍්චකාරන‍්ති මහල‍්ලකතරා නිපච‍්චකාරං දස‍්සෙන‍්ති. දහරතරා අභිවාදනාදීනි කරොන‍්ති. තත්‍ථ සාමීචිකම‍්මන‍්ති තංතංවත‍්තකරණාදි අනුච‍්ඡවිකකම‍්මං.

අනනතරා - අන්තරයක් නැති. තමාගේ කුලයෙන් සමානය යන අර්ථයයි. අනුයුත්තා - අනුව වසන්නේ. නිපච්චකාරං - මහළු පිළිවෙළින් යටහත් බව දක්වති. වඩා දහර වූවෝ අභිවාදනාදිය කරති. එහි සාමීචි කම්මං - ඒ ඒ වත් ආදි සුදු ක්‍රියා.

නිවිට‍්ඨාති අභිනිවිට‍්ඨා අචලට‍්ඨිතා. කස‍්ස පන එවරූපා සද‍්ධා හොතීති? සොතාපන‍්නස‍්ස. සො හි නිවිට‍්ඨසද‍්ධො අසිනා සීසෙ ඡෙජ‍්ජමානෙපි බුද‍්ධො අබුද‍්ධොති වා, ධම‍්මො අධම‍්මොති වා, සඞ‍්ඝො අසඞ‍්ඝොති වා න වදති. පතිට‍්ඨිතසද‍්ධො හොති සූරම‍්බට‍්ඨො විය.

නිවිට්ඨ - ප්‍රවේශ වූ. අචලව සිටි කාට වනාහි මෙබඳු ශ්‍රද්ධාවක් වේද? සෝවාන් පුද්ගලයාටය. හේ ශ්‍රද්ධාවට පිවිසියේ කඩුවෙන් බෙල්ල කපන විට ද බුදුරදුන්ට අබුද්ධ යයි හෝ ධර්මය අධර්මය යයි හෝ සංඝයා අසංඝ යයි හෝ නො කියයි. පිහිටන ලද ශ්‍රද්ධා ඇත්තේ වේ. සුරම්බට්ඨ මෙනි.

සො කිර සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සොතාපන‍්නො හුත්‍වා ගෙහං අගමාසි. අථ මාරො ද‍්වත‍්තිංසවරලක‍්ඛණප‍්පටිමණ‍්ඩිතං බුද‍්ධරූපං මාපෙත්‍වා තස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා “සත්‍ථා ආගතො”ති සාසනං පහිණි. සූරම‍්බට‍්ඨො චින‍්තෙසි “අහං ඉදානෙව සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා ආගතො, කිං නු ඛො භවිස‍්සතී”ති උපසඞ‍්කමිත්‍වා සත්‍ථුසඤ‍්ඤාය වන්‍දිත්‍වා අට‍්ඨාසි. මාරො ආහ – “අම‍්බට‍්ඨ, යං තෙ මයා ‘රූපං අනිච‍්චං…පෙ… විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති කථිතං, තං දුක‍්කථිතං. අනුපධාරෙත්‍වාව හි මයා එවං වුත‍්තං. තස‍්මා ත්‍වං ‘රූපං නිච‍්චං…පෙ… විඤ‍්ඤාණං නිච‍්ච’න‍්ති ගණ‍්හාහී”ති. සො චින‍්තෙසි – “අට‍්ඨානමෙතං යං බුද‍්ධා අනුපධාරෙත්‍වා අපච‍්චක‍්ඛං කත්‍වා කිඤ‍්චි කථෙය්‍යුං, අද‍්ධා අයං මය‍්හං විච‍්ඡින්‍දජනනත්‍ථං මාරො ආගතො”ති. තතො නං “ත්‍වං මාරොසී”ති ආහ. සො මුසාවාදං කාතුං නාසක‍්ඛි. “ආම මාරොස‍්මී”ති පටිජානාති. “කස‍්මා ආගතොසී”ති? තව සද‍්ධාචාලනත්‍ථන‍්ති ආහ. “කණ‍්හ පාපිම, ත්‍වං තාව එකො තිට‍්ඨ, තාදිසානං මාරානං සතම‍්පි සහස‍්සම‍්පි සතසහස‍්සම‍්පි මම සද‍්ධං චාලෙතුං අසමත්‍ථං, මග‍්ගෙන ආගතසද‍්ධා නාම ථිරා සිලාපථවියං පතිට‍්ඨිතසිනෙරු විය අචලා හොති, කිං ත්‍වං එත්‍ථා”ති අච‍්ඡරං පහරි. සො ඨාතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව අන‍්තරධායි. එවරූපං සද‍්ධං සන්‍ධායෙතං වුත‍්තං “නිවිට‍්ඨා”ති.

හේ වනාහි ශාසතෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා සෝවාන්ව ගෙට පැමිණියේය. ඉක්බිති මාරයා දෙතිස් ලකුණු ප්‍රතිමණ්ඩිත වූ බුද්ධ රූපයක් මවා ගෙයි දොරකඩ සිට ශාස්තෲන් වහන්සේ වැඩියේ යයි පණිවිඩ යැවීය. සුරම්බට්ඨ සිතීය. මම දැන් ශාස්තෲන් සමීපයෙන් බණ අසා ආවේ වෙමි. කුමක් වන්නේද? පැමිණ ශාස්තෲන් සංඥාවෙන් වැඳ සිටියේය. මාර කීය. අම්බට්ඨය, මා විසින් රූපය අනිත්‍යය... විඤ්ඤාණය අනිත්‍ය යයි කියන ලද එය වැරදි කථනයකි. කරුණු නොසලකා මා විසින් එය කියන ලදී. එහෙයින් ඔබ රූපය නිත්‍යය... විඥානය නිත්‍ය යයි ගනුව. සූරයා සිතීය. බුදුවරු නොසලකා ප්‍රත්‍යක්‍ෂ නොකොට යමක් යම් කිසිවක් කියන්නේ නම් එය නොවිය හැකිය. ඒකාන්තයෙන් මේ මා බුදුරදුන්ගෙන් වෙන්කිරීම සඳහා මාරයා පැමිණියේය. ඉක්බිති ඔහුට තෝ මාරයා මෙහි යයි කීය. හේ බොරුකීමට නොහැකි විය. එසේය, මාරයා වෙමියි පිළිතුරු දුන්නේය. කුමක් හෙයින් ආවෙහිද? ඔබේ ශ්‍රද්ධාව සෙලවීමට යයි කීය. කළු පවිට, තෝ එකෙක් සිට තා වැනි මාරයන් සියයක් ද දහසක් ද දස දහසක් ද මාගේ ශ්‍රද්ධාව සෙලවීමට සමත් නොවෙති. මාර්ගයෙන් පැමිණි ශ්‍රද්ධාව ස්ථිරය. සීල පොළොවෙහි පිහිටියේ මහමෙර මෙන් අචලය. කිම තෝ මෙතන යයි අසුරු සන් කෙළේය. මාරයා සිටීමට නොහැක්කේ එහිම අතුරුදහන් විය. එබඳු වූ ශ්‍රද්ධාවක් සඳහා මෙය කියන ලදී.

මූලජාතා පතිට‍්ඨිතාති මග‍්ගමූලස‍්ස සඤ‍්ජාතත‍්තා තෙන මග‍්ගමූලෙන පතිට‍්ඨිතා. දළ‍්හාති ථිරා. අසංහාරියාති සුනිඛාතඉන්‍දඛීලො විය කෙනචි චාලෙතුං අසක‍්කුණෙය්‍යා. තස‍්සෙතං කල‍්ලං වචනායාති තස‍්ස අරියසාවකස‍්ස යුත‍්තමෙතං වත‍්තුං. කින‍්ති? “භගවතොම‍්හි පුත‍්තො ඔරසො”ති එවමාදි. සො හි භගවන‍්තං නිස‍්සාය අරියභූමියං ජාතොති භගවතො පුත‍්තො. උරෙ වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තධම‍්මඝොසවසෙන මග‍්ගඵලෙසු පතිට‍්ඨිතත‍්තා ඔරසො මුඛතො ජාතො. අරියධම‍්මතො ජාතත‍්තා අරියධම‍්මෙන ච නිම‍්මිතත‍්තා ධම‍්මජො ධම‍්මනිම‍්මිතො. නවලොකුත‍්තරධම‍්මදායජ‍්ජං අරහතීති ධම‍්මදායාදො. තං කිස‍්ස හෙතූති යදෙතං “භගවතොම‍්හි පුත‍්තො”ති වත්‍වා “ධම‍්මජො ධම‍්මනිම‍්මිතො”ති වුත‍්තං, තං කස‍්මාති චෙ? ඉදානිස‍්ස අත්‍ථං දස‍්සෙන‍්තො තථාගතස‍්ස හෙතන‍්තිආදිමාහ. තත්‍ථ “ධම‍්මකායො ඉතිපී”ති කස‍්මා තථාගතො “ධම‍්මකායො”ති වුත‍්තො? තථාගතො හි තෙපිටකං බුද‍්ධවචනං හදයෙන චින‍්තෙත්‍වා වාචාය අභිනීහරි. තෙනස‍්ස කායො ධම‍්මමයත‍්තා ධම‍්මොව. ඉති ධම‍්මො කායො අස‍්සාති ධම‍්මකායො. ධම‍්මකායත‍්තා එව බ්‍රහ‍්මකායො. ධම‍්මො හි සෙට‍්ඨත්‍ථෙන බ්‍රහ‍්මාති වුච‍්චති. ධම‍්මභූතොති ධම‍්මසභාවො. ධම‍්මභූතත‍්තා එව බ්‍රහ‍්මභූතො.

මූලජාතා පතිට්ඨිතා - මාර්ග මූලය හටගත් බැවින් ඒ මුලින් පිහිටන ලදී. දළ්හ - ස්ථිර. අසංහාරියා - මනාව සිට වූ ඉන්ද්‍රඛීලය මෙන් කිසිවෙකුටත් සෙලවිය නොහැකි වන්නේය. තස්සෙතං කල්ලං වචනාය - ඒ ආර්ය ශ්‍රාවකයට මෙය කීමට යුතුය. කිම භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ මේ ආදි. හේ වනාහි භාග්‍යවතුන් වහන්සේ නිසා ආර්ය භූමියෙහි ඉපදුනේ යයි භගවතො පුත්තො - වේ. පපුවෙහි වාසය කොට කටින් පිටවන ධර්ම ඝෝෂාව වශයෙන් මාර්ගඵලවල පිහිටි බැවින් ඔරසො පුත්තො මුඛතො ජාතො - වේ. ආර්ය ධර්මයෙන් උපන් බැවින් ආර්ය ධර්මයෙන් නිර්මිත බැවින් - ධම්මජො ධම්ම නිම්මිතො - වේ. නව ලෝකෝත්තර ධර්ම දායාදයට සුදුසු වේ යයි ධම්ම දායාදො - වේ. තං කිස්ස හෙතු - මෙතෙම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පුත්‍ර යයි කියා ධම්මජො ධම්ම නිම්මිතො යයි කියන ලදී. ඒ කුමක් නිසාද? දැන් එහි අර්ථ දක්වන්නේ තථාගතයන් වහන්සේගේ මෙය යයි ආදිය කීහ. එහි ධම්මකාය මෙසේ යයි කුමක් හෙයින් තථාගතයන් වහන්සේ ධම්මකාය යයි කියන ලදද? තථාගතයන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනය හෘදයෙන් සිතා වචනයෙන් දැක්වූහ. එහෙයින් මේ කය ධර්මයම බැවින් ධර්මය මෙන්. මෙසේ ධම්මකාය මෙයටයි - ධම්ම කායො කියනු ලැබේ. ධම්මභූතො - ධර්මයෙහි ස්භාවය ධර්මකාය බවම බ්‍රහ්මකායො - වේ. එසේම ධර්මය ශ්‍රේෂ්ඨ අර්ථයෙන් බ්‍රහ්ම යයි කියනු ලැබේ.

එත‍්තාවතා භගවා සෙට‍්ඨච‍්ඡෙදකවාදං දස‍්සෙත්‍වා ඉදානි අපරෙනපි නයෙන සෙට‍්ඨච‍්ඡෙදකවාදමෙව දස‍්සෙතුං හොති ඛො සො, වාසෙට‍්ඨ, සමයොතිආදිමාහ. තත්‍ථ සංවට‍්ටවිවට‍්ටකථා බ්‍රහ‍්මජාලෙ විත්‍ථාරිතාව. ඉත්‍ථත‍්තං ආගච‍්ඡන‍්තීති ඉත්‍ථභාවං මනුස‍්සත‍්තං ආගච‍්ඡන‍්ති. තෙධ හොන‍්ති මනොමයාති තෙ ඉධ මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තමානාපි ඔපපාතිකා හුත්‍වා මනෙනෙව නිබ‍්බත‍්තාති මනොමයා. බ්‍රහ‍්මලොකෙ විය ඉධාපි නෙසං පීතියෙව ආහාරකිච‍්චං සාධෙතීති පීතිභක‍්ඛා. එතෙනෙව නයෙන සයංපභාදීනිපි වෙදිතබ‍්බානීති.

මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ ඡේදක වාදය දක්වා වෙනත් න්‍යායකින් එයම දැක්වීමට වාසෙට්ඨය, කාලය වේ යයි යනාදිය කීහ. එහි සංවට්ට විවට්ට කථා බ්‍රහ්මජාල සූත්‍රයෙහි විස්තර කර ඇත. ඉත්ථත්තං ආගච්ඡන්ති - මිනිස් බවට පැමිණෙති. තෙධ හොන්ති මනොමයා - ඔහු මේ මිනිස් ලොවෙහි උපදින්නෝද ඕපාතිකව සිතින්ම උපදින්නෝ මනෝමය වෙති. බඹ ලොවෙහි මෙන් මෙහි ද ඔවුන්ගේ ප්‍රීතියෙන් ම අහර කිස සදතියි පීතිභක්ඛා - වෙති. මේ නයින් ම සයංපභා යනාදි ද දත යුතුය.

රසපථවිපාතුභාවවණ‍්ණනා

එකොදකීභූතන‍්ති සබ‍්බං චක‍්කවාළං එකොදකමෙව භූතං. අන්‍ධකාරොති තමො. අන්‍ධකාරතිමිසාති චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණෙන අන්‍ධභාවකරණං බහලතමං. සමතනීති පතිට‍්ඨහි සමන‍්තතො පත්‍ථරි. පයසො තත‍්තස‍්සාති තත‍්තස‍්ස ඛීරස‍්ස. වණ‍්ණසම‍්පන‍්නාති වණ‍්ණෙන සම‍්පන‍්නා. කණිකාරපුප‍්ඵසදිසො හිස‍්සා වණ‍්ණො අහොසි. ගන්‍ධසම‍්පන‍්නාති ගන්‍ධෙන සම‍්පන‍්නා දිබ‍්බගන්‍ධං වායති. රසසම‍්පන‍්නාති රසෙන සම‍්පන‍්නා පක‍්ඛිත‍්තදිබ‍්බොජා විය හොති. ඛුද‍්දමධුන‍්ති ඛුද‍්දකමක‍්ඛිකාහි කතමධුං. අනෙළකන‍්ති නිද‍්දොසං මක‍්ඛිකණ‍්ඩකවිරහිතං. ලොලජාතිකොති ලොලසභාවො. අතීතානන‍්තරෙපි කප‍්පෙ ලොලොයෙව. අම‍්භොති අච‍්ඡරියජාතො ආහ. කිමෙවිදං භවිස‍්සතීති වණ‍්ණොපිස‍්සා මනාපො ගන්‍ධොපි, රසො පනස‍්සා කීදිසො භවිස‍්සතීති අත්‍ථො. යො තත්‍ථ උප‍්පන‍්නලොභො, සො රසපථවිං අඞ‍්ගුලියා සායි, අඞ‍්ගුලියා ගහෙත්‍වා ජිව‍්හග‍්ගෙ ඨපෙසි.

එකොදි භූතං - සියළු සක්වලම එකම ජලයක් බවට පත්වේ. අන්ධකාරො - අඳුරය. අන්ධකරතිමිසා චක්ඛුවිඤ්ඤාණ උපත වැලකීමෙන් අඳබව ඇතිකරන ගන අඳුර. සමතා - පිහිටියේය. හාත්පස පැතිරී ගියේය. පයසො තත්තස්ස - උණු කිරි. වණ්ණ සම්පන්නා - වර්ණයෙන් යුත් කිණිහිරි මල් සමාන එහි වර්ණය විය. ගන්ධ සම්පන්නා - සුවඳින් යුත්. දිව සුවඳ හමයි. රස සම්පන්නා - රසයෙන් යුත්, බහන ලද දිව ඕජස් මෙන් විය. ඛුද්ද මධුං - කනවේ පැණි. අනෙලකං - නිදොස් මැස්සන් රහිත. ලොලජාතිකො - ලොල්බව. අතීත අතුරු කපෙහි ද ලොල් වූයේම වේ. අම්හො - අසිරියක් ඇති වී යයි කීය. කිමෙවිදං භවිස්සති - මෙහි වර්ණය ද සුවඳ ද මනාපය. රසය කෙබඳු වන්නේ ද යන අර්ථය වේ. හේ එහි උපන් ලෝභය රස පොළොව ඇඟිල්ලෙන් සෑරීය. ඇඟිලෙන් ගෙන දිවඟ තැබීය.

අච‍්ඡාදෙසීති ජිව‍්හග‍්ගෙ ඨපිතමත‍්තා සත‍්ත රසහරණීසහස‍්සානි ඵරිත්‍වා මනාපා හුත්‍වා තිට‍්ඨති. තණ‍්හා චස‍්ස ඔක‍්කමීති තත්‍ථ චස‍්ස තණ‍්හා උප‍්පජ‍්ජි.

අච්ඡාදෙසි - දිව තැබූ පමණින් රසනහර දහසක පැතිරී මනාපම සිටී. තණ්හාචස්ස ඔක්කමි - එහි ඔහුට තෘෂ්ණාව ඇතිවිය.

චන්‍දිමසූරියාදිපාතුභාවවණ‍්ණනා

ආලුප‍්පකාරකං උපක‍්කමිංසු පරිභුඤ‍්ජිතුන‍්ති ආලොපං කත්‍වා පිණ‍්ඩෙ පිණ‍්ඩෙ ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජිතුං ආරභිංසු. චන්‍දිමසූරියාති චන්‍දිමා ච සූරියො ච. පාතුරහෙසුන‍්ති පාතුභවිංසු.

ආලුම්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං - පිඩුකොට පිඩු සිඳ කෑමට ඇරඹූහ. චන්දිම සූරියා - සඳ ද හිරු ද පාතුරහොසුං - පහළ විය.

කො පන තෙසං පඨමං පාතුභවි, කො කස‍්මිං වසති, කස‍්ස කිං පමාණං, කො උපරි, කො සීඝං ගච‍්ඡති, කති නෙසං වීථියො, කථං චරන‍්ති, කිත‍්තකෙ ඨානෙ ආලොකං කරොන‍්තීති? උභො එකතො පාතුභවන‍්ති. සූරියො පඨමතරං පඤ‍්ඤායති. තෙසඤ‍්හි සත‍්තානං සයංපභාය අන‍්තරහිතාය අන්‍ධකාරො අහොසි. තෙ භීතතසිතා “භද‍්දකං වතස‍්ස සචෙ ආලොකො පාතුභවෙය්‍යා”ති චින‍්තයිංසු. තතො මහාජනස‍්ස සූරභාවං ජනයමානං සූරියමණ‍්ඩලං උට‍්ඨහි. තෙනෙවස‍්ස සූරියොති නාමං අහොසි. තස‍්මිං දිවසං ආලොකං කත්‍වා අත්‍ථඞ‍්ගතෙ පුන අන්‍ධකාරො අහොසි. තෙ “භද‍්දකං වතස‍්ස සචෙ අඤ‍්ඤො ආලොකො උප‍්පජ‍්ජෙය්‍යා”ති චින‍්තයිංසු. අථ නෙසං ඡන්‍දං ඤත්‍වාව චන්‍දමණ‍්ඩලං උට‍්ඨහි. තෙනෙවස‍්ස චන්‍දොති නාමං අහොසි.

මුලින් පහළ වූයේ කුමක්ද? කවරෙක් කොහි වෙසේද? කාට කුමන ප්‍රමාණයක් ද ඉහළ කවුද? වේගයෙන් යන්නේ කවුද? වීථි කීයද? කෙසේ හැසිරෙත්ද? කොපමණ තැන් එලිය කරයිද? දෙදෙනාම එකට පහළවෙයි. හිරු මුලින්ම පෙනේ. ඒ සතුන්ගේ සිස එලිය නැතිවී අඳුර විය. ඔහු බියෙන් තැතිගත්තෝ එලිය පහළ වන්නේ නම් යහපත් යයි සිතූහ. ඉක්බිති ජනයාගේ සූරභාවය උපදවමින් හිරුමඬල නැග්ගෙයි. ඊට හිරු යයි නම් විය. එදින එලිය කොට නැවත අඳුර විය වෙනත් එලියක් ඇතිවූවොත් යහපත් යයි සිතූහ. ඉක්බිති සඳමඩල ඇතිවිය. ඊට සඳ යයි නම් විය.

තෙසු චන්‍දො අන‍්තොමණිවිමානෙ වසති. තං බහි රජතෙන පරික‍්ඛිත‍්තං. උභයම‍්පි සීතලමෙව අහොසි. සූරියො අන‍්තොකනකවිමානෙ වසති. තං බාහිරං ඵලිකපරික‍්ඛිත‍්තං හොති. උභයම‍්පි උණ‍්හමෙව.

ඒනයින් සඳ ඇතුළු මැණික් විමනෙහි වසයි. ඔහු පිටත රිදියෙන් වටකරන ලද්දේ දෙකම සීතල වේ. හිරු ඇතුළත රන් විමනක වසයි. ඔහු බාහිරව පලිඟුවෙන් වසා ඇත. දෙකම උනුසුම්ය.

පමාණතො චන්‍දො උජුකං එකූනපඤ‍්ඤාසයොජනො. පරිමණ‍්ඩලතො තීහි යොජනෙහි ඌනදියඩ‍්ඪසතයොජනො. සූරියො උජුකං පඤ‍්ඤාසයොජනො, පරිමණ‍්ඩලතො දියඩ‍්ඪසතයොජනො.

ප්‍රමාණ වශයෙන් සඳ සෘජුව (විශ්ව කර්මය) එකුන් පනස් යොදුනකි. පරිමණ්ඩලය (පරිධිය) යොදුන් දෙසිය පනසෙකි. හිරු විෂ්කම්භය පනස් යොදුනකි පරිධිය යොදුන් හයසිය පනහකි.

චන්‍දො හෙට‍්ඨා, සූරියො උපරි, අන‍්තරා නෙසං යොජනං හොති. චන්‍දස‍්ස හෙට‍්ඨිමන‍්තතො සූරියස‍්ස උපරිමන‍්තතො යොජනසතං හොති.

සඳ යට, හිරු ඉහළ අතර යොදුනක් වේ. සඳේ පහළ සිට හිරුගේ ඉහළට යොදුන් සියයක් වේ.

චන්‍දො උජුකං සණිකං ගච‍්ඡති, තිරියං සීඝං. ද‍්වීසු පස‍්සෙසු නක‍්ඛත‍්තතාරකා ගච‍්ඡන‍්ති. චන්‍දො ධෙනු විය වච‍්ඡං තං තං නක‍්ඛත‍්තං උපසඞ‍්කමති. නක‍්ඛත‍්තානි පන අත‍්තනො ඨානං න විජහන‍්ති. සූරියස‍්ස උජුකං ගමනං සීඝං, තිරියං ගමනං දන්‍ධං. සො කාළපක‍්ඛඋපොසථතො පාටිපදදිවසෙ යොජනානං සතසහස‍්සං චන්‍දමණ‍්ඩලං ඔහාය ගච‍්ඡති. අථ චන්‍දො ලෙඛා විය පඤ‍්ඤායති. පක‍්ඛස‍්ස දුතියාය සතසහස‍්සන‍්ති එවං යාව උපොසථදිවසා සතසහස‍්සං සතසහස‍්සං ඔහාය ගච‍්ඡති. අථ චන්‍දො අනුක‍්කමෙන වඩ‍්ඪිත්‍වා උපොසථදිවසෙ පරිපුණ‍්ණො හොති. පුන පාටිපදදිවසෙ යොජනානං සතසහස‍්සං ධාවිත්‍වා ගණ‍්හාති. දුතියාය සතසහස‍්සන‍්ති එවං යාව උපොසථදිවසා සතසහස‍්සං සතසහස‍්සං ධාවිත්‍වා ගණ‍්හාති. අථ චන්‍දො අනුක‍්කමෙන හායිත්‍වා උපොසථදිවසෙ සබ‍්බසො න පඤ‍්ඤායති. චන්‍දං හෙට‍්ඨා කත්‍වා සූරියො උපරි හොති. මහතියා පාතියා ඛුද‍්දකභාජනං විය චන්‍දමණ‍්ඩලං පිධීයති. මජ‍්ඣන‍්හිකෙ ගෙහච‍්ඡායා විය චන්‍දස‍්ස ඡායා න පඤ‍්ඤායති. සො ඡායාය අපඤ‍්ඤායමානාය දූරෙ ඨිතානං දිවා පදීපො විය සයම‍්පි න පඤ‍්ඤායති.

සඳ සෘජුව සෙමෙන් යයි. සරස්ව ඉක්මනින් යයි. දෙපැත්තෙහි නකත් තරු වේ. සඳ දෙන මෙන් වසු වූ ඒ ඒ නකත් තරු වෙත එළඹෙයි. නකත් තම තැන අත් නොහරියි. හිරුගේ සෘජු ගමන ඉක්මන්ය. හරස් ගමන මන්දය. එය කළු පක්ෂ පොහොයේ පාටිපද දවසේ යොදුන් ලක්ෂයක් සඳමඩල ඉක්මවා යයි. එවිට සඳ රේඛාවක් මෙන් පෙනේ. (චන්ද්‍රග්‍රහණය) පක්ෂයක දෙවන දිනයෙහි ලක්ෂය ලක්ෂය යොදුන් ඉක්මවා යයි. ඉක්බිති සඳ අනුක්‍රමයෙන් වැඩී උපෝෂථ දිනයෙහි සම්පූර්ණ වේ. නැවත පාටිපද දිනයෙහි (උපෝෂථ දින දෙකට පසු දිනය) යොදුන් ලක්ෂයක් දුව ගනියි. දෙවන දිනයෙහි ලක්ෂයක් මෙසේ උපෝෂථ දිනය දක්වා ලක්ෂය බැගින් දුව ගනියි. ඉක්බිති සඳ යට හිරු ඉහළ වෙයි. මහත් තලියක් කුඩා භාජනයක් මෙන් සඳ මඩල වසයි. මධ්‍යාහ්නයේ මෙය ඡායාව මෙන් සඳේ ඡායාව නොපෙනේ. එහි ඡායාව නොපෙනීමෙන් දුර සිටියහුට දිව පහනක් මෙන් තමා ද නොපෙනේ.

කති නෙසං වීථියොති එත්‍ථ පන අජවීථි, නාගවීථි, ගොවීථීති තිස‍්සො වීථියො හොන‍්ති. තත්‍ථ අජානං උදකං පටිකූලං හොති, හත්‍ථිනාගානං මනාපං. ගුන‍්නං සීතුණ‍්හසමතාය ඵාසු හොති. තස‍්මා යං කාලං චන්‍දිමසූරියා අජවීථිං ආරුහන‍්ති, තදා දෙවො එකබින්‍දුම‍්පි න වස‍්සති. යදා නාගවීථිං ආරොහන‍්ති, තදා භින‍්නං විය නභං පග‍්ඝරති. යදා ගොවීථිං ආරොහන‍්ති, තදා උතුසමතා සම‍්පජ‍්ජති. චන්‍දිමසූරියා ඡමාසෙ සිනෙරුතො බහි නික‍්ඛමන‍්ති, ඡමාසෙ අන‍්තො විචරන‍්ති. තෙ හි ආසාළ‍්හමාසෙ සිනෙරුසමීපෙන විචරන‍්ති. තතො පරෙ ද‍්වෙ මාසෙ නික‍්ඛමිත්‍වා බහි විචරන‍්තා පඨමකත‍්තිකමාසෙ මජ‍්ඣෙන ගච‍්ඡන‍්ති. තතො චක‍්කවාළාභිමුඛා ගන‍්ත්‍වා තයො මාසෙ චක‍්කවාළසමීපෙන චරිත්‍වා පුන නික‍්ඛමිත්‍වා චිත්‍රමාසෙ මජ‍්ඣෙන ගන‍්ත්‍වා තතො ද‍්වෙ මාසෙ සිනෙරුභිමුඛා පක‍්ඛන්‍දිත්‍වා පුන ආසාළ‍්හෙ සිනෙරුසමීපෙන චරන‍්ති.

ඒවායේ වීථි කීයද? එහි වනාහි අජ වීථි, නාගවීථි, ගොවීථි යයි තුනකි. එහි එළුවන්ගේ ජලය පිළිකුල් වේ. ඇතුන් නාගයින්ට මනාපය. ගොනුන්ට සීත උෂ්ණ සමාන නිසා පහසු වේ. එහෙයින් යම් සඳහිරු අජ වීථියට නැංගේද ? එකල එක් බින්දුවකදු වැසි නොවසී. නාග වීථියට නැගෙන කල අහස බිදුනා මෙන් වැගිරෙයි. ගො වීථියට පැමිණි කල සෘතු සමාන බවට පැමිණේ. සඳහිරු මාස 6 ක් මහාමේරුවෙන් පිටත නික්මෙයි. සමසක් ඇතුළෙහි හැසිරෙයි. ඇසල මස මහා මේරුව සමීපයෙහි හැසිරෙයි. එයින් දෙවසක් ඉකුත් වී පිටත හැසිරෙන්නේ පළමු කාර්තික මාසයෙහි මැදින් යයි. එයින් සක්වල බලා ගොස් තෙමසක් සක්වල සමීපයෙන් හැසිර නැවත නික්ම චිත්‍ර (බක් මාසයෙහි මැදින් ගොස් නැවත තව මාස දෙකක් මහමෙර දෙසට පැන නැවත ඇසල මස මහාමේරුව සමීපයෙන් හැසිරෙයි.

කිත‍්තකෙ ඨානෙ ආලොකං කරොන‍්තීති? එකප‍්පහාරෙන තීසු දීපෙසු ආලොකං කරොන‍්ති. කථං? ඉමස‍්මිඤ‍්හි දීපෙ සූරියුග‍්ගමනකාලො පුබ‍්බවිදෙහෙ මජ‍්ඣන‍්හිකො හොති, උත‍්තරකුරූසු අත්‍ථඞ‍්ගමනකාලො, අපරගොයානෙ මජ‍්ඣිමයාමො. පුබ‍්බවිදෙහම‍්හි උග‍්ගමනකාලො උත‍්තරකුරූසු මජ‍්ඣන‍්හිකො, අපරගොයානෙ අත්‍ථඞ‍්ගමනකාලො, ඉධ මජ‍්ඣිමයාමො. උත‍්තරකුරූසු උග‍්ගමනකාලො අපරගොයානෙ මජ‍්ඣන‍්හිකො, ඉධ අත්‍ථඞ‍්ගමනකාලො, පුබ‍්බවිදෙහෙ මජ‍්ඣිමයාමො. අපරගොයානදීපෙ උග‍්ගමනකාලො ඉධ මජ‍්ඣන‍්හිකො, පුබ‍්බවිදෙහෙ අත්‍ථඞ‍්ගමනකාලො, උත‍්තරකුරූසු මජ‍්ඣිමයාමොති.

කොපමණ තැන් ආලෝකය විහිදුවයිද? එක පහරින් දිවයින් තුනෙහි ආලෝකය විහිදුවයි. මේ දිවයිනෙහි හිරු උදාවන කාලයෙහි පූර්ව විදේශයෙහි මධ්‍යාහ්න කාලයයි. උතුරුකුරු දිවයිනෙහි හිරු බැස යන වෙලාවයි. අපර ගෝයානයෙහි මධ්‍යම යාමයයි. පූර්ව විදේහයෙහි උදාවන කාලයයි. උතුරුකුරුවෙහි මධ්‍යාහ්න කාලයයි. අපරගෝයානයෙහි හිරු බැසයන කාලයයි. මෙහි මධ්‍යම යාමයයි. උතුරුකුරු දිවයින්හි උදාවන කාලයයි. අපරගෝයානයෙහි මධ්‍යාහ්න කාලයයි. මෙහි බැසයන කාලය, පූර්ව විදේශයෙහි මධ්‍යම යාමයයි, අපරගෝයාන දිවයිනේ උදාවන කාලයයි. මෙහි මධ්‍යහ්න කාලය, විදේහ දිවයිනෙහි බැසයන කාලයයි. උතුරුකුරු දිවයින්වල මධ්‍යම යාමයයි.

නක‍්ඛත‍්තානි තාරකරූපානීති කත‍්තිකාදිනක‍්ඛත‍්තානි චෙව සෙසතාරකරූපානි ච චන්‍දිමසූරියෙහි සද‍්ධිංයෙව පාතුරහෙසුං. රත‍්තින්‍දිවාති තතො සූරියත්‍ථඞ‍්ගමනතො යාව අරුණුග‍්ගමනා රත‍්ති, අරුණුග‍්ගමනතො යාව සූරියත්‍ථඞ‍්ගමනා දිවාති එවං රත‍්තින්‍දිවා පඤ‍්ඤායිංසු. අථ පඤ‍්චදස රත‍්තියො අඩ‍්ඪමාසො, ද‍්වෙ අඩ‍්ඪමාසා මාසොති එවං මාසඩ‍්ඪමාසා පඤ‍්ඤායිංසු. අථ චත‍්තාරො මාසා උතු, තයො උතූ සංවච‍්ඡරොති එවං උතුසංවච‍්ඡරා පඤ‍්ඤායිංසු.

නක්ඛත්තානි තාරකරූපානි - කාර්තික ආදි නක්ෂත්‍ර මෙන්ම සෙසු තාරකා රූප සඳහිරු සමගම පහළ විය. රත්තිංදිවා - එයින් හිරු බැස යෑමේ සිට අරුණු නැගීම දක්වා රාත්‍රියයි. අරුණ නැගීමේ සිට හිරු බැස යෑම දක්වා දවාලය. මෙසේ රෑ දාවල් පෙනී ගියේය. ඉක්බිති රාත්‍රි පහලොවක් අඩමසක් යයි අඩමස දෙකක් මාසයයි ද මෙසේ මාස අඩමස් පෙනී ගියේය. ඉක්බිති මාස හතරක් උතු විය. උතු (සෘතු) තුනක් සංවත්සර යයි මෙසේ සෘතු සංවත්සර පෙනී ගියේය.

වණ‍්ණවෙවණ‍්ණතා චාති වණ‍්ණස‍්ස විවණ‍්ණභාවො. තෙසං වණ‍්ණාතිමානපච‍්චයාති තෙසං වණ‍්ණං ආරබ‍්භ උප‍්පන‍්නඅතිමානපච‍්චයා. මානාතිමානජාතිකානන‍්ති පුනප‍්පුනං උප‍්පජ‍්ජමානාතිමානසභාවානං. රසාය පථවියාති සම‍්පන‍්නරසත‍්තා රසාති ලද‍්ධනාමාය පථවියා. අනුත්‍ථුනිංසූති අනුභාසිංසු. අහො රසන‍්ති අහො අම‍්හාකං මධුරරසං අන‍්තරහිතං. අග‍්ගඤ‍්ඤං අක‍්ඛරන‍්ති ලොකුප‍්පත‍්තිවංසකථං. අනුසරන‍්තීති අනුගච‍්ඡන‍්ති.

වණ්ණෙවෙවණ්ණතා - වර්ණයේ විවර්ණ බව. තෙසං වණ්ණාතිමාන පච්චයා - ඒවාවේ වර්ණය අරබයා උපන් අතිමාන හේතුවෙන් මානාතිමාන ජාතිකානං - යළි යළි උපන් මාන අතිමාන සම්භාවනාවන්. රසාය පඨවියා - රස යයි නම් ලැබූ පොළොවෙහි. අනුත්ථුනිංසු - අනුව කථා කළහ. අහොරසං - අහෝ අපගේ මිහිරි රස අතුරුදහන් විය. අග්ගඤ්ඤං අක්ඛරං - ලෝකෝත්තපත්ති වංසකථාව. අනුපදන්ති - අනුව යති.

භූමිපප‍්පටකපාතුභාවාදිවණ‍්ණනා

එවමෙව පාතුරහොසීති එදිසො හුත්‍වා උට‍්ඨහි, අන‍්තොවාපියං උදකෙ ඡින‍්නෙ සුක‍්ඛකලලපටලං විය ච උට‍්ඨහි.

එවමෙවං පාතුරහොසි - මෙසේ වී පැන නැංගේය. අන්තොවාපියං - දිය සිදුණු කල්හි සුදු කලල පටලයක් මෙන් පැන නැංගේය.

පදාලතාති එකා මධුරරසා භද‍්දාලතා. කලම‍්බුකාති නාළිකා. අහු වත නොති මධුරරසා වත නො පදාලතා අහොසි. අහායි වත නොති සා නො එතරහි අන‍්තරහිතාති.

බදාලතා - මිහිරි වූ එක් සොඳුරු වැලක්. කලම්බුකා - නැළියකි. අහු වත නො - අපගේ බදාලතා මිහිරි රස වීය. අහාසි වත නො - එය දැන් අතුරුදහන් විය.

අකට‍්ඨපාකොති අකට‍්ඨෙයෙව භූමිභාගෙ උප‍්පන‍්නො. අකණොති නික‍්කුණ‍්ඩකො. අථුසොති නිත්‍ථුසො. සුගන්‍ධොති දිබ‍්බගන්‍ධං වායති. තණ‍්ඩුලප‍්ඵලොති සුපරිසුද‍්ධං පණ‍්ඩරං තණ‍්ඩුලමෙව ඵලති. පක‍්කං පටිවිරූළ‍්හන‍්ති සායං ගහිතට‍්ඨානං පාතො පක‍්කං හොති, පුන විරූළ‍්හං පටිපාකතිකමෙව ගහිතට‍්ඨානං න පඤ‍්ඤායති. නාපදානං පඤ‍්ඤායතීති අලායිතං හුත්‍වා අනූනමෙව පඤ‍්ඤායති.

අකට්ඨපාකො - අකට්ඨ නම් භූමිභාගයෙහි පහළ වූ. අකණො - කුඩු නැති. අථුසො - පොතු නැති සුගන්ධො - දිව සුවඳ වැහෙයි. තණ්ඩුලප්පලං - පිරිසිදු සුදු සහල්ම පලගනියි. පක්කං පටිවරූළහං - සවස ගත් තැන උදේ පැසුනේ වේ. නැවත පැසී යයි. ගත් තැන නොපෙනේ. නාපදානං විඤ්ඤායති - නො කැපුවා මෙන් නො අඩුව පෙනේ.

ඉත්‍ථිපුරිසලිඞ‍්ගාදිපාතුභාවවණ‍්ණනා

ඉත්‍ථියා චාති යා පුබ‍්බෙ මනුස‍්සකාලෙ ඉත්‍ථී, තස‍්ස ඉත්‍ථිලිඞ‍්ගං පාතුභවති, පුබ‍්බෙ පුරිසස‍්ස පුරිසලිඞ‍්ගං. මාතුගාමො නාම හි පුරිසත‍්තභාවං ලභන‍්තො අනුපුබ‍්බෙන පුරිසත‍්තපච‍්චයෙ ධම‍්මෙ පූරෙත්‍වා ලභති. පුරිසො ඉත්‍ථත‍්තභාවං ලභන‍්තො කාමෙසුමිච‍්ඡාචාරං නිස‍්සාය ලභති. තදා පන පකතියා මාතුගාමස‍්ස ඉත්‍ථිලිඞ‍්ගං, පුරිසස‍්ස පුරිසලිඞ‍්ගං පාතුරහොසි. උපනිජ‍්ඣායතන‍්ති උපනිජ‍්ඣායන‍්තානං ඔලොකෙන‍්තානං. පරිළාහොති රාගපරිළාහො. සෙට‍්ඨින‍්ති ඡාරිකං. නිබ‍්බුය‍්හමානායාති නිය්‍යමානාය.

ඉත්ථියාවා - පෙර මනුෂ්‍ය කාලයෙහි ස්ත්‍රියක් නම් ඇයට ස්ත්‍රී ලිංගය පහළ වේ. පෙර මිනිසකු නම් ඔහුට පුරුෂ ලිංගය පහළ වේ. ස්ත්‍රියක් පුරුෂාත්මභාවය ලබන්නේ පිළිවෙළින් පිරිමිබවේ ධර්මයෙහි යෙදී එය පුරා ලබයි. පුරුෂයෙක් ස්ත්‍රී බව කාමමිථ්‍යාචාරය නිසා ලබයි. එකල වනාහි ප්‍රකෘතියෙන් ස්ත්‍රියට ස්ත්‍රී ලිංගය ද පුරුෂයාට පුරුෂ ලිංගයද පහළ විය. උපනිජ්ඣායතං - නැවත සිහිකරන්නේ බලන්නේ, පරිළාහො රාග දැවීම සෙට්ඨිං - අළු. නිබ්බුය්හමානාය - පමුණුවමින්.

අධම‍්මසම‍්මතන‍්ති තං පංසුඛිපනාදි අධම‍්මොති සම‍්මතං. තදෙතරහි ධම‍්මසම‍්මතන‍්ති තං ඉදානි ධම‍්මොති සම‍්මතං, ධම‍්මොති තං ගහෙත්‍වා විචරන‍්ති. තථා හි එකච‍්චෙසු ජානපදෙසු කලහං කුරුමානා ඉත්‍ථියො “ත්‍වං කස‍්මා කථෙසි? යා ගොමයපිණ‍්ඩමත‍්තම‍්පි නාලත්‍ථා”ති වදන‍්ති. පාතබ්‍යතන‍්ති සෙවිතබ‍්බතං. සන‍්නිධිකාරකන‍්ති සන‍්නිධිං කත්‍වා. අපදානං පඤ‍්ඤායිත්‍ථාති ඡින‍්නට‍්ඨානං ඌනමෙව හුත්‍වා පඤ‍්ඤායිත්‍ථ. සණ‍්ඩසණ‍්ඩාති එකෙකස‍්මිං ඨානෙ කලාපබන්‍ධා විය ගුම‍්බගුම‍්බා හුත්‍වා.

අධම්ම සම්මතං - එය වනාහි පස් තැබීම් ආදිය අධර්මයයි සම්මතය. තදෙතරහි ධම්ම සම්මතං - එය දැන් ධර්ම යයි සම්මත ධර්මය ගෙන හැසිරෙති. එසේම එක් ජනපදයක කලහ කරමින් ස්ත්‍රීහු ඔබ කුමක් නිසා කථා කෙළෙහිද? ගොම පිඩක් පමණකුදු නොලැබුනයි කියති. පාතව්‍යතං - සේවනය කළයුතු. සන්නිධිකාරකං - තබාගෙන. අපදානං පඤ්ඤායිත්ථ - සිඳුණු තැන් අඩුවම පෙනේ. සණ්ඩ සණ්ඩා - එක් එක් තැන්වල කොටස් කලාක් මෙන් පඳුරු. පඳුරු විය.

මරියාදං ඨපෙය්‍යාමාති සීමං ඨපෙය්‍යාම. යත්‍ර හි නාමාති යො හි නාම. පාණිනා පහරිංසූති තයො වාරෙ වචනං අගණ‍්හන‍්තං පාණිනා පහරිංසු. තදග‍්ගෙ ඛොති තං අග‍්ගං කත්‍වා.

මරියාදං ඨපෙය්‍යාම - සීමා තබන්නෙමු. යත්‍රහි නාම - යමෙක් නම් පාණිනා පහරිංසු - තුන් වරක් වචනය නො ගැනීමෙන් අතින් ගැසුහ. තදග්ගෙ බො පන - එය අග කොට.

මහාසම‍්මතරාජවණ‍්ණනා

ඛීයිතබ‍්බං ඛීයෙය්‍යාති පකාසෙතබ‍්බං පකාසෙය්‍ය ඛිපිතබ‍්බං ඛිපෙය්‍ය, හාරෙතබ‍්බං හාරෙය්‍යාති වුත‍්තං හොති. යො නෙසං සත‍්තොති යො තෙසං සත‍්තො. කො පන සොති? අම‍්හාකං බොධිසත‍්තො. සාලීනං භාගං අනුපදස‍්සාමාති මයං එකෙකස‍්ස ඛෙත‍්තතො අම‍්බණම‍්බණං ආහරිත්‍වා තුය‍්හං සාලිභාගං දස‍්සාම, තයා කිඤ‍්චි කම‍්මං න කාතබ‍්බං, ත්‍වං අම‍්හාකං ජෙට‍්ඨකට‍්ඨානෙ තිට‍්ඨාති.

ඛීයිතබ්බ භීයෙය්‍ය - ප්‍රකාශ කළ යුතුය. ප්‍රකාශ කරන්නේය. තැබිය යුතුය. තබන්නේය. ගෙනයා යුතුය. ගෙන යන්නේය. යො නෙසං සත්තො - යමෙක් මොවුන්ගේ සත්වයෙක් හෝ කවරෙක්දැයි, අපගේ බෝධිසත්වයා. සාලීනං භාගං අනුපදස්සාම හැල්වලින් කොටසක් - අපි එක එක කුඹුරුවලින් අමුණා අමුණා ගෙන ඔබට හාල් කොටසක් දෙන්නෙමු. ඔබ කිසි වැඩක් නොකළ යුතුය. ඔබ අපේ ප්‍රධානයා වශයෙන් සිටින්න.

අක‍්ඛරං උපනිබ‍්බත‍්තන‍්ති සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො උප‍්පන‍්නො. ඛත‍්තියො ඛත‍්තියොත්‍වෙව දුතියං අක‍්ඛරන‍්ති න කෙවලං අක‍්ඛරමෙව, තෙ පනස‍්ස ඛෙත‍්තසාමිනො තීහි සඞ‍්ඛෙහි අභිසෙකම‍්පි අකංසු. රඤ‍්ජෙතීති සුඛෙති පිනෙති. අග‍්ගඤ‍්ඤෙනාති අග‍්ගන‍්ති ඤාතෙන, අග‍්ගෙ වා ඤාතෙන ලොකුප‍්පත‍්තිසමයෙ උප‍්පන‍්නෙන අභිනිබ‍්බත‍්ති අහොසීති.

අක්ඛරං උපනිබ්බතං - සංඛ්‍යා නම් පැනවීම ව්‍යවහාර ඇතිවිය. බත්තියො බත්තියොතෙව දුතියං අක්ඛරං - හුදෙක් අකුරු පමණක් නොව ඒ කුඹුරු හිමියෝ සක් තුනකින් අභිෂේකය ද කළහ. රඤෙජති - සැප ගෙන දෙයි පිනවයි. අග්ගඤ්ඤෙන - අග්‍ර යයි දැනීමෙන්. අග්‍ර යයි හෝ දැනීමෙන් ලෝකෝත්පත්ති සමයෙහි ඉපදීමෛන් ඉපදුනේ විය.

බ්‍රාහ‍්මණමණ‍්ඩලාදිවණ‍්ණනා

වීතඞ‍්ගාරා වීතධූමාති පචිත්‍වා ඛාදිතබ‍්බාභාවතො විගතධූමඞ‍්ගාරා. පන‍්නමුසලාති කොට‍්ටෙත්‍වා පචිතබ‍්බාභාවතො පතිතමුසලා. ඝාසමෙසමානාති භික‍්ඛාචරියවසෙන යාගුභත‍්තං පරියෙසන‍්තා. තමෙනං මනුස‍්සා දිස‍්වාති තෙ එතෙ මනුස‍්සා පස‍්සිත්‍වා. අනභිසම‍්භුණමානාති අසහමානා අසක‍්කොන‍්තා. ගන්‍ථෙ කරොන‍්තාති තයො වෙදෙ අභිසඞ‍්ඛරොන‍්තා චෙව වාචෙන‍්තා ච. අච‍්ඡන‍්තීති වසන‍්ති, “අච‍්ඡෙන‍්තී”තිපි පාඨො. එසෙවත්‍ථො. හීනසම‍්මතන‍්ති “මන‍්තෙ ධාරෙන‍්ති මන‍්තෙ වාචෙන‍්තී”ති ඛො, වාසෙට‍්ඨ, ඉදං තෙන සමයෙන හීනසම‍්මතං. තදෙතරහි සෙට‍්ඨසම‍්මතන‍්ති තං ඉදානි “එත‍්තකෙ මන‍්තෙ ධාරෙන‍්ති එත‍්තකෙ මන‍්තෙ වාචෙන‍්තී”ති සෙට‍්ඨසම‍්මතං ජාතං. බ්‍රාහ‍්මණමණ‍්ඩලස‍්සාති බ්‍රාහ‍්මණගණස‍්ස.

විතංගාරා වීතාධූමා - පිස කෑ බැවින් නැති වූ දුම් අඟුරු පණ්ණමුසලා - කොටා පිසූ බැවින් වැටුණු මොහොල්. ඝාසමෙසනා - භික්‍ෂාවට හැසිරීම් වශයෙන් කැඳබත් සොයන්නේ. තමෙනං මනුස්සා දිස්වා - ඔව්හු මේ මිනිසුන් දැක. අනභිස්මභූණ මානා - නො ඉවසන්නේ. නොහැක්කේ. ගන්ථෙ කරොන්තා - ත්‍රිවේදය අභිසංස්කරනය කරන්නේ ද කියන්නේ ද. අච්ඡන්ති - වසති. අච්ඡෙන්ති - යයි ද පාඨයි. එම තේරුම වේ. හීන සම්මතං - මන්ත්‍ර දරති. මන්ත්‍ර කියති යයි වාසෙට්ඨය මෙය ඒ කාලයෙහි හීන සම්මතය. තදෙතරහි සෙට්ඨ සම්මතං - එය දැන් මෙපමණ මන්ත්‍ර වාචනා කෙරේ යයි ශ්‍රේෂ්ඨ සම්මත වේ. බ්‍රාහ්මණ මණ්ඩලස්ස - බ්‍රාහ්මණ සමූහයාගේ.

මෙථුනං ධම‍්මං සමාදායාති මෙථුනධම‍්මං සමාදියිත්‍වා. විසුකම‍්මන‍්තෙ පයොජෙසුන‍්ති ගොරක‍්ඛ වාණිජකම‍්මාදිකෙ විස‍්සුතෙ උග‍්ගතෙ කම‍්මන‍්තෙ පයොජෙසුං.

මිථුනං සමාදාය - මෛථුන ධර්මය සමාදන්ව විස්සුත කම්මනෙත පයොජෙසු - ගවපාලන වෙළඳාම වැනි ප්‍රසිද්ධ කර්මාන්තවල යෙදුනහ.

සුද‍්දා සුද‍්දාති තෙන ලුද‍්දාචාරකම‍්මඛුද‍්දාචාරකම‍්මුනා සුද‍්දං සුද‍්දං ලහුං ලහුං කුච‍්ඡිතං ගච‍්ඡන‍්ති, විනස‍්සන‍්තීති අත්‍ථො.

සුද්දා සුද්දා - එයින් නපුරු හැසිරීම් සුළු හැසිරීම්වලින්. සුද්දං සුද්දං - වහ වහා වැරදියට යති විනාශ වෙති යන අර්ථයයි.

අහු ඛොති හොති ඛො. සකං ධම‍්මං ගරහමානොති න සෙතච‍්ඡත‍්තං උස‍්සාපනමත‍්තෙන සුජ‍්ඣිතුං සක‍්කාති එවං අත‍්තනො ඛත‍්තියධම‍්මං නින්‍දමානො. එස නයො සබ‍්බත්‍ථ. “ඉමෙහි ඛො, වාසෙට‍්ඨ, චතූහි මණ‍්ඩලෙහී”ති ඉමිනා ඉමං දස‍්සෙති “සමණමණ‍්ඩලං නාම විසුං නත්‍ථි, යස‍්මා පන න සක‍්කා ජාතියා සුජ‍්ඣිතුං, අත‍්තනො අත‍්තනො සම‍්මාපටිපත‍්තියා විසුද‍්ධි හොති. තස‍්මා ඉමෙහි චතූහි මණ‍්ඩලෙහි සමණමණ‍්ඩලස‍්ස අභිනිබ‍්බත‍්ති හොති. ඉමානි මණ‍්ඩලානි සමණමණ‍්ඩලං අනුවත‍්තන‍්ති, අනුවත‍්තන‍්තානි ච ධම‍්මෙනෙව අනුවත‍්තන‍්ති, නො අධම‍්මෙන. සමණමණ‍්ඩලඤ‍්හි ආගම‍්ම සම‍්මාපටිපත‍්තිං පූරෙත්‍වා සුද‍්ධිං පාපුණන‍්තී”ති.

අහු බො සකං ධම්මං ගරහමානො - සේසත් නැගීමෙන් පමණක් පිරිසිදුවීමට නොහැකි වේ. මෙසේ තමාගේ ක්ෂත්‍රිය ධර්මවලට නින්දා කරමින්. සියළු තැන මෙම නයයි. ඉමෙහි ඛො වාසෙට්ඨ චතුහි මණ්ඩලෙහි - මෙයින් මෙය දක්වයි. ශ්‍රමණ මණ්ඩලයයි වෙනම නැත. ජාතියෙන් මනාව පිරිසිදු විය නොහැක. තම තමාගේ හොඳ ප්‍රතිපත්තියෙන් පිරිසිදු වේ. එහෙයින් මේ මණ්ඩල හතරෙන් ශ්‍රමණ මණ්ඩලයේ ඉපදීම වේ. මේ මණ්ඩල ශ්‍රමණ මණ්ඩල අනුව පවතී. පවත්නේ ද ධර්මයෙන් මිස අධර්මයෙන් නොවේ. සමණ මණ්ඩලයට පැමිණ මනාව ප්‍රතිපත්ති පුරා සුද්ධියට පැමිණෙති.

දුච‍්චරිතාදිකථාවණ‍්ණනා

ඉදානි යථාජාතියා න සක‍්කා සුජ‍්ඣිතුං, සම‍්මාපටිපත‍්තියාව සුජ‍්ඣන‍්ති, තමත්‍ථං පාකටං කරොන‍්තො ඛත‍්තියොපි ඛො, වාසෙට‍්ඨාති දෙසනං ආරභි. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානහෙතූති මිච‍්ඡාදිට‍්ඨිවසෙන සමාදින‍්නකම‍්මහෙතු, මිච‍්ඡාදිට‍්ඨිකම‍්මස‍්ස වා සමාදානහෙතු.

දැන් යම්සේ ජාතියෙන් පිරිසිදු විය නොහැකිය. මනා ප්‍රතිපත්තියෙන්ම පිරිසිදු වේ. ඒ අර්ථය ප්‍රකට කරන්නේ “ක්ෂත්‍රියෝ ද වාසෙට්ඨ” යනාදි දේශනා ඇරඹූහ. එහි මිච්ඡාදිට්ඨි කම්මසමාදාන හේතු - මිථ්‍යා දෘෂ්ටි වශයෙන් සමාදන් වූ කර්ම හේතු මිථ්‍යා දෘෂ්ටි කර්මයේ හෝ සමාදාන හේතු.

ද‍්වයකාරීති කාලෙන කුසලං කරොති, කාලෙන අකුසලන‍්ති එවං උභයකාරී. සුඛදුක‍්ඛප‍්පටිසංවෙදී හොතීති එකක‍්ඛණෙ උභයවිපාකදානට‍්ඨානං නාම නත්‍ථි. යෙන පන අකුසලං බහුං කතං හොති, කුසලං මන්‍දං, සො තං කුසලං නිස‍්සාය ඛත‍්තියකුලෙ වා බ්‍රාහ‍්මණකුලෙ වා නිබ‍්බත‍්තති. අථ නං අකුසලකම‍්මං කාණම‍්පි කරොති ඛුජ‍්ජම‍්පි පීඨසප‍්පිම‍්පි. සො රජ‍්ජස‍්ස වා අනරහො හොති, අභිසිත‍්තකාලෙ වා එවංභූතො භොගෙ පරිභුඤ‍්ජිතුං න සක‍්කොති. අපරස‍්ස මරණකාලෙ ද‍්වෙ බලවමල‍්ලා විය තෙ ද‍්වෙපි කුසලාකුසලකම‍්මානි උපට‍්ඨහන‍්ති. තෙසු අකුසලං බලවතරං හොති, තං කුසලං පටිබාහිත්‍වා තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තාපෙති. කුසලකම‍්මම‍්පි පවත‍්තිවෙදනීයං හොති. තමෙනං මඞ‍්ගලහත්‍ථිං වා කරොන‍්ති මඞ‍්ගලඅස‍්සං වා මඞ‍්ගලඋසභං වා. සො සම‍්පත‍්තිං අනුභවති. ඉදං සන්‍ධාය වුත‍්තං “සුඛදුක‍්ඛප‍්පටිසංවෙදී හොතී”ති.

ද්වයකාරී - කුසල් අකුසල් දෙකම කරන. සුඛදුක්ඛ පටිසංවෙදි හොති - එක ක්ෂණයෙහි උභය විපාක ඥාන තැනක් නැත. යමෙකු විසින් අකුසල් බොහෝ කරන ලද්දේ ද කුසල් අල්ප ද හේ ඒ කුසලය නිසා ක්ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි උපදී. ඉක්බිති ඔහු අකුසල කර්මයෙන් කණ කරයි. කුදු කරයි. අත්පා කොර කරයි (පිළු කරයි) හේ රජයට සුදුසු නොවේ. අභිෂේක නොකළ කාලයෙහි ද මෙසේ වීමෙන් භෝග පරිභෝජනයට නොහැකි වේ. පසුව මැරෙන වෙලාවෙහි දෙකම මල්ලවයන් මෙන් කුසල අකුසල කර්ම වැටහේ. ඒවායින් අකුසල බලවත් වූවොත් එය කුසල් අයින් කර තිරිසන් යෝනියෙහි උපදවයි. කුසල කර්මයෙහි ප්‍රවෘත්ති වේදනයෙන් ඔහු මඟුල් ඇතා මඟුල් අශ්වයා හෝ මඟුල් වෘෂභයා කරයි. හේ සම්පත් අනුභව කරයි. මේ සඳහා කියන ලදී. “සැප දුක් විඳින්නේ වේ.”

බොධිපක‍්ඛියභාවනාවණ‍්ණනා

සත‍්තන‍්නං බොධිපක‍්ඛියානන‍්ති “චත‍්තාරො සතිපට‍්ඨානා”ති ආදිකොට‍්ඨාසවසෙන සත‍්තන‍්නං, පටිපාටියා පන සත‍්තතිංසාය බොධිපක‍්ඛියානං ධම‍්මානං. භාවනමන්‍වායාති භාවනං අනුගන‍්ත්‍වා, පටිපජ‍්ජිත්‍වාති අත්‍ථො. පරිනිබ‍්බායතීති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායති. ඉති භගවා චත‍්තාරො වණ‍්ණෙ දස‍්සෙත්‍වා විනිවත‍්තෙත්‍වා පටිවිද‍්ධචතුසච‍්චං ඛීණාසවමෙව දෙවමනුස‍්සෙසු සෙට‍්ඨං කත්‍වා දස‍්සෙසි.

සත්තත්තං බොධිපක්ඛියානං - සතිපට්ඨාන ආදි කොට්ඨාශ වශයෙන් සත් පිළිවෙළින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ. භාවනමන්වාය - භාවනා අනුගමනය කොට. පිළිපැද යන අර්ථය වේ. පරිනිබ්බාති - කෙලෙස් පිරිනිවුනේ පිරිනිවේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිව් වන දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද කළ රහතන් වහන්සේ දෙව්මිනිසුන් අතර ශ්‍රේෂ්ඨකොට දැක්වුහ.

ඉදානි තමෙවත්‍ථං ලොකසම‍්මතස‍්ස බ්‍රහ‍්මුනොපි වචනදස‍්සනානුසාරෙන දළ‍්හං කත්‍වා දස‍්සෙන‍්තො ඉමෙසඤ‍්හි වාසෙට‍්ඨ චතුන‍්නං වණ‍්ණානන‍්තිආදිමාහ. “බ්‍රහ‍්මුනාපෙසා”තිආදි අම‍්බට‍්ඨසුත‍්තෙ විත්‍ථාරිතං. ඉති භගවා එත‍්තකෙන ඉමිනා කථාමග‍්ගෙන සෙට‍්ඨච‍්ඡෙදකවාදමෙව දස‍්සෙත්‍වා සුත‍්තන‍්තං විනිවත‍්තෙත්‍වා අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. අත‍්තමනා වාසෙට‍්ඨභාරද‍්වාජාති වාසෙට‍්ඨභාරද‍්වාජ සාමණෙරාපි හි සකමනා තුට‍්ඨමනා “සාධු, සාධූ”ති භගවතො භාසිතං අභිනන්‍දිංසු. ඉදමෙව සුත‍්තන‍්තං ආවජ‍්ජන‍්තා අනුමජ‍්ජන‍්තා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසූති.

දැන් එම අර්ථයම ලෝක සම්මත වූ බ්‍රාහ්මණයෝ ද වචනානුසාරයෙන් දැඩිකොට දක්වන්නේ “වාසෙට්ඨ, මොවුන්ගේ සිව් වර්ණය” යනාදිය කීහ. බ්‍රහ්මුනා යනාදිය අම්බට්ඨ සූත්‍රයෙහි විස්තර කරන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙපමණකින් මේ කථා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨ ඡෙදක වාරය දක්වා සූත්‍රාන්තර පෙරළා රහත් බව කුළු ගැන්වීමෙන් දේශනාව නිම වූහ අත්තමනා වාසෙට්ඨ භාරදවාජා - වාසෙට්ඨ භාරදවාජ සාමණේරයෝ ද සතුටු සිතැතිව සාධු සාධු යයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ. මේ සූත්‍රාන්තයම ආවර්ජනා කරන්නේ සිහි කරන්නේ සිව් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියහ.

සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය අග‍්ගඤ‍්ඤසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අග්ගඤ්ඤ සූත්‍ර වර්ණනාව නිමි.