යෙදුමෙන් කියවන්න

158. නාගපුප‍්ඵියත්‍ථෙරාපදානං

158. නාගපුප‍්ඵියත්‍ථෙරාපදානං.

158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය

2031. සවච‍්ඡො නාම නාමෙන බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ, පුරක‍්ඛතො සසිස‍්සෙහි වසතී පබ‍්බතන‍්තරෙ.

2031. මන්ත්‍රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්‍වතාන්තරයෙහි වෙසෙයි.

2032. පදුමුත‍්තරො නාම ජිනො ආහුතීනං පටිග‍්ගහො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකං.

2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.

2033. වෙහාසම‍්භි චඞ‍්කමති ධූපෙති ජලතෙ තථා, හාසං මම විදිත්‍වාන පක‍්කාමි පාචිනාමුඛො.

2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්‍රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.

2034. තඤ‍්ච අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං, නාගපුප‍්ඵං ගහෙත්‍වාන ගතමග‍්ගම‍්හි ඔකිරිං.

2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.

2035. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵං ඔකිරිං අහං, තෙන චිත‍්තප‍්පසාදෙන දුග‍්ගතිං නූපපජ‍්ජහං.

2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්‍රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.

2036. එකතිංසෙ කප‍්පසතෙ රාජා ආසිං මහාරථො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.

2037. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා නාගපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

නාගපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

නාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.