16. බන්ධුජීවකවග්ගො අට්ඨකථා
16. බන්‍ධුජීවක වර්ගය
151. බන්ධුජීවකත්ථෙරඅපදානවණ්ණනා
151. බන්‍ධුජීවක ථේර අපදාන වර්ණනාව
චන්දංව විමලං සුද්ධන්තිආදිකං ආයස්මතො බන්ධුජීවකත්ථෙරස්ස අපදානං. අයම්පායස්මා පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිඛිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා වසන්තො සිඛිස්ස භගවතො රූපකායසම්පත්තිං දිස්වා පසන්නමානසො බන්ධුජීවකපුප්ඵානි ගහෙත්වා භගවතො පාදමූලෙ පූජෙසි. භගවා තස්ස චිත්තප්පසාදවඩ්ඪනත්ථාය අනුමොදනමකාසි. සො යාවතායුතං ඨත්වා තෙනෙව පුඤ්ඤෙන දෙවලොකෙ නිබ්බත්තො ඡ කාමාවචරසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු ච චක්කවත්තිආදිසම්පත්තියො අනුභවිත්වා ඉමස්ස අම්හාකං සම්මාසම්බුද්ධස්ස උප්පන්නකාලෙ ගහපතිකුලෙ නිබ්බත්තො රූපග්ගයසග්ගප්පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා සද්ධාජාතො ගෙහං පහාය පබ්බජිතො අරහත්තං පාපුණි.
චන්දංව විමලං සුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් බන්‍ධුජීවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගෘහවාසය තබා වාසය කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය සම්පත්තිය දැක පැහැදුණු සිත් ඇතිව බඳු වදමල් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාමුල පූජා කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ චිත්තප්‍රසාදය වර්ධනය කරනු පිණිස අනුමෝදනාව කළ සේක. හේ දිවි ඇති තාක් සිට ඒ පිනින් ම දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් ද මිනිසුන් අතර චක්‍රවර්ති ආදි සම්පත් ද අනුභවකොට මේ අපගේ සම්මා සම්බුදුරජාණන් උපන් කල්හි ගෘහපති කුලයෙහි ඉපිද රූපයෙන් ද යසසින් ද අග්‍රප්‍රාප්ත වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා සැදැහැ ගිහිගෙය අත්හැර පැවිදිවූයේ රහත්බවට පැමිණියේය.
සො පුබ්බෙනිවාසඤාණෙන පුබ්බෙ කතකුසලකම්මං අනුස්සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො චන්දංව විමලං සුද්ධන්තිආදිමාහ. තත්ථ චන්දංව විමලං සුද්ධන්ති අබ්භා, මහිකා, ධුමො, රජො, රාහූති ඉමෙහි උපක්කිලෙසමලෙහි විමුත්තං චන්දං ඉව දියඩ්ඪසහස්සුපක්කිලෙසමලානං පහීනත්තා විමලං නික්කිලෙසත්තා සුද්ධං පසන්නං සිඛිං සම්බුද්ධන්ති සම්බන්ධො. කිලෙසකද්දමානං අභාවෙන අනාවිලං. නන්දීභවසඞ්ඛාතාය බලවස්නෙහාය පරිසමන්තතො ඛීණත්තා නන්දීභවපරික්ඛීණං. තිණ්ණං ලොකෙති ලොකත්තයතො තිණ්ණං උත්තිණ්ණං අතික්කන්තං. විසත්තිකන්ති විසත්තිකං වුච්චති තණ්හා, නිත්තණ්හන්ති අත්ථො.
උන්වහන්සේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණින් කරන ලද කුසලකර්මය අත්දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘චන්දංව විමලං සුද්ධං’ යනාදිය කීහ. එහි චන්දංව විමලං සුද්ධං යනු වලාකුළු මීදුම් දුම් දූලි රාහු යන උපක්ලේශ මලයෙන් විනිර්මුක්ත වූ චන්ද්‍රයා මෙන් එක්දහස් පන්සියයක් උපක්ලේශ මල ප්‍රහීණ කළ බැවින් විමල නමි. නික්ලේශී බැවින් සුද්ධං ප්‍රසන්න වූ සිඛී සම්බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. කෙලෙස් මඩ නැති බැවින් අනාවිලං නොකැළඹුණේ විය. නන්දිභව සංඛ්‍යාත වූ ඵල විශේෂයෙන් හාත්පසින් ක්ෂීණ වූ බැවින් නන්දිභවපරික්ඛීණං. තිණ්ණං ලොකෙ යනු ලෝකත්රයෙන් තිණ්ණං උත්තීර්ණ වූයේ අතික්‍රාන්ත වූයේ. විසත්තිකං යනු විසත්තිකා යනු තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැත්තේ යන අර්ථයි.
නිබ්බාපයන්තං ජනතන්ති ධම්මවස්සං වස්සන්තො ජනතං ජනසමූහං කිලෙසපරිළාහාභාවෙන නිබ්බාපයන්තං වූපසමෙන්තං. සයං සංසාරතො තිණ්ණං, සබ්බසත්තෙ සංසාරතො තාරයන්තං අතික්කමෙන්තං චතුන්නං සච්චානං මුනනතො ජානනතො මුනිං සිඛිං සම්බුද්ධන්ති සම්බන්ධො. වනස්මිං ඣායමානන්ති ආරම්මණූපනිජ්ඣානලක්ඛණූපනිජ්ඣානෙහි ඣායන්තං චින්තෙන්තං චිත්තෙන භාවෙන්තං වනමජ්ඣෙති අත්ථො. එකග්ගං එකග්ගචිත්තං සුසමාහිතං සුට්ඨු ආරම්මණෙ ආහිතං ඨපිතචිත්තං සිඛිං මුනිං දිස්වාති සම්බන්ධො.
නිබ්බාපයන්තං ජනතං යනු ධර්මය නැමති වර්ෂාව වස්වන්නේ ජනතං ජන සමූහය කෙලෙස් පරිදාහ නැති බැවින් නිබ්බාපයන්තං ව්‍යුපසමනය කරන්නේ, තමා සංසාරයෙන් එතෙරවූයේ සියලු සත්ත්වයන් සංසාරයෙන් තාරයන්තං. එතෙර කරන්නේ චතුරාර්ය සත්‍යයන් දන්නා බැවින් මුනි නමි. සිඛී සම්බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. වනස්මිං ඣායමානං යනු ආරම්මණ උපනිජ්ඣාන ලක්ඛණ උපනිජ්ඣානයන්ගෙන් ඣායන්තං වනමැද සිතන්නේ යන අර්ථයි. එකග්ගං ඒකාග්ර වූ සිත. සුසමාහිතං මනා අරමුණෙහි ආහිතං තැබූ සිත සිඛී මුනිවරයන් වහන්සේ දැක යන සම්බන්ධයි.
බන්ධුජීවකපුප්ඵානීති බන්ධූනං ඤාතීනං ජීවකං ජීවිතනිස්සයං හදයමංසලොහිතං බන්ධුජීවකං හදයමංසලොහිතසමානවණ්ණං පුප්ඵං බන්ධුජීවකපුප්ඵං ගහෙත්වා සිඛිනො ලොකබන්ධුනො පූජෙසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
බන්‍ධුජීවක පුප්ඵානි යනු බන්ධුනං ඥාතීන්ගේ ජීවිතං ජීවිතනිශ්රය වූ හදමස් ලේ බන්ධුජීවිතං හෘදයය. එවැනි වර්ණවත් මලක් ගෙන ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
බන්ධුජීවකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
බන්‍ධුජීවක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
152. තම්බපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
152. තම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
පරකම්මායනෙ යුත්තොතිආදිකං ආයස්මතො තම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි ආයස්මා පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පියදස්සිස්ස භගවතො කාලෙ කෙනචි පුරෙ කතෙන අකුසලකම්මෙන දුග්ගතකුලෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො පරෙසං කම්මං කත්වා භතියා ජීවිකං කප්පෙසි. සො එවං දුක්ඛෙන වසන්තො පරෙසං අපරාධං කත්වා මරණභයෙන පලායිත්වා වනං පාවිසි. තත්ථ ගතට්ඨානෙ පාටලිබොධිං දිස්වා වන්දිත්වා සම්මජ්ජිත්වා එකස්මිං රුක්ඛෙ තම්බවණ්ණං පුප්ඵං දිස්වා තං සබ්බං කණ්ණිකෙ ඔචිනිත්‍වා බොධිපූජං අකාසි. තත්ථ චිත්තං පසාදෙත්වා වන්දිත්වා පල්ලඞ්කමාභුජිත්වා නිසීදි. තස්මිං ඛණෙ තෙ මනුස්සා පදානුපදිකං අනුබන්‍ධිත්‍වා තත්ථ අගමංසු. සො තෙ දිස්වා බොධිං ආවජ්ජෙන්තොව පලායිත්වා භයානකෙ ගීරිදුග්ගපපාතෙ පතිත්වා මරි.
පරකම්මායනෙයුත්තො යනාදී වශයෙන් ආයුෂ්මත් තම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මත් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කිසියම් පෙර කරන ලද අකුසල කර්මයකින් දුගී කුලයක ඉපිද වැඩිවිය පත්වූවාහු අනුන්ගේ කුලීවැඩ කොට ඒ කුලියෙන් ජීවිකාව කළහ. හේ මෙසේ දුකින් වසන්නේ අනුන්ට අපරාධකොට මරභයින් පළාගොස් වනයට පිවිසියේය. ඒ ගියතැන පළොල් බෝධිය දැක වැඳ හැමද එක් රුකක තඹවන් මල් දැක ඒ සියල්ල නටුවෙන් කඩා බෝධිපූජාවක් කළේය. එහි සිත පහදවා වැඳ පලක් බැඳ හුන්නේය. එකෙණෙහි ඒ මිනිස්සු පා අනුව ලුහුබැඳ එහි ගියාහුය. හේ ඔවුන් දැක බෝධිය ආවර්ජනය කරමින්ම පලා ගොස් භයානක වූ ගිරිදුර්ගයක ප්‍රපාතයට වැටී මිය ගියේය.
සො බොධිපූජාය අනුස්සරිතත්තා තෙනෙව පීතිසොමනස්සෙන තාවතිංසාදීසු උපපන්නො ඡ කාමාවචරසම්පත්තිං අනුභවිත්වා මනුස්සෙසු ච චක්කවත්තිආදිසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පසන්නමානසො පබ්බජිත්වා නචිරස්සෙව අරහා හුත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පරකම්මායනෙ යුත්තොතිආදිමාහ. තත්ථ පරෙසං කම්මානි පරකම්මානි, පරකම්මානං ආයනෙ කරණෙ වාහනෙ ධාරණෙ යුත්තො යොජිතො අහොසින්ති අත්ථො. සෙසං පාකටමෙවාති.
හේ බෝධිපූජාව සිහිකළ බැවින් ඒ ප්‍රීති සොම්නසින් ම තව්තිසා ආදියෙහි ඉපදී ස කාමාවචර සම්පත්තීන් ද මිනිසුන් අතර මිනිස් සැපද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති කුලගෙයක ඉපිද වැඩිවිය පත්වුයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත්වී පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පරකම්මායනෙ යුත්තො’ යනාදිය කීය. එහි අනුන්ගේ වැඩ පරකම්ම නමි. පරකර්මයන් අයනෙ කිරීමෙහි හෝ යුත්තො යොදනු ලැබුවේ වීමි යන අර්ථයි. සෙස්ස ප්‍රකට ම ය.
තම්බපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
තම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
153. වීථිසම්මජ්ජකත්ථෙරඅපදානවණ්ණනා
153. වීථිසම්මජ්ජක ථේර අපදාන වර්ණනාව
උදෙන්තං සතරංසිං වාතිආදිකං ආයස්මතො වීථිසම්මජ්ජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු ජාතිසතෙසු කතපුඤ්ඤසඤ්චයො සිඛිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො ඝරාවාසං වසන්තො නගරවාසීහි සද්ධිං වීථිං සජ්ජෙත්වා නීයමානං භගවන්තං දිස්වා පසන්නමානසො වීථිං සමං කත්වා ධජං තත්ථ උස්සාපෙසි.
උදෙන්තං සතරංසිව යනාදි වශයෙන් ආයුෂ්මත් වීථිසම්මජ්ජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි කරන ලද පින් රැස් කිරීම් ඇත්තේ ගෘහවාසයෙහි වසන්නේ නුවරවැසියන් සමග වීථිය සරසා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වීථිය සමකොට එහි කොඩියක් එසවීය.
සො තෙනෙව පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො බහුමානහදයො පබ්බජිත්වා ලද්ධූපසම්පදො නචිරස්සෙව අරහා හුත්වා අත්තනො පුබ්බකම්මං අනුස්සරන්තො පච්චක්ඛතො ජානිත්වා පුබ්බචරිතාපදානං පකාසෙන්තො උදෙන්තං සතරංසිං වාතිආදිමාහ. තත්ථ උදෙන්තං උග්ගච්ඡන්තං සතරංසිං සතපභං. සතරංසීති දෙසනාසීසමත්තං, අනෙකසතසහස්සපභං සූරියං ඉවාති අත්ථො. පීතරංසිංව භාණුමන්ති පීතරංසිං සංකුචිතපභං භාණුමං පභාවන්තං චන්දමණ්ඩලං ඉව සම්බුද්ධං දිස්වාති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා ලද සැදැහැ ඇත්තේ බුහුමන් සහිත හදවත ඇත්තේ පැවිදිව ලබන ලද උපසම්පදා ඇත්තේ නොබෝ කලකින් ම රහත් වී තමාගේ පූර්ව කර්මය සිහිකරන්නේ ප්රත්යක්ෂයෙන් දැන පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘උදෙන්තං සතරංසීව’ යනාදිය කීය. එහි උදෙන්තං උඩට යන සතරංසිං සියයක් රශ්මි ඇති. සතරංසි යනු දේශනා ශීර්ෂ මාත්‍ර නොයෙක් සියදහසක් රශ්මි ඇති සූර්යයා මෙන් යන අර්ථයි. සතරංසිව භානුමං යනු සතරංසිං සංකුචිත රශ්මි ඇති භානුමං ප්රභාවත් චන්ද්‍ර මණ්ඩලය මෙන් සම්බුදුරජාණන් වහන්සේ දැක යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
වීථිසම්මජ්ජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
වීථිසම්මජ්ජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
154. කක්කාරුපුප්ඵපූජකත්ථෙරඅපදානවණ්ණනා
154. කක්කාරුපූජක ථේර අපදාන වර්ණනාව
දෙවපුත්තො අහං සන්තොතිආදිකං ආයස්මතො කක්කාරුපුප්ඵපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ කතපුඤ්ඤසඤ්චයො සිඛිස්ස භගවතො කාලෙ භුම්මට්ඨකදෙවපුත්තො හුත්වා නිබ්බත්තො සිඛිං සම්මාසම්බුද්ධං දිස්වා දිබ්බකක්කාරුපුප්ඵං ගහෙත්වා පූජෙසි.
දෙවපුත්තොඅහං සන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් කක්කාරු පුප්ඵ පූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බූමාටු දිව්‍ය පුත්රයෙක්ව ඉපිද සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක දිව්‍ය කක්කාරු මලක් ගෙන පූජා කළේය.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො එකතිංසකප්පබ්භන්තරෙ උභයසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහා හුත්වා අත්තනො පුබ්බකම්මං පච්චක්ඛතො ඤත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො දෙවපුත්තො අහං සන්තොතිආදිමාහ. තත්ථ දිබ්බන්ති කීළන්ති පඤ්චහි දිබ්බෙහි කාමගුණෙහීති දෙවා, දෙවානං පුත්තො, දෙවො එව වා පුත්තො දෙවපුත්තො, අහං දෙවපුත්තො සන්තො විජ්ජමානො දිබ්බං කක්කාරුපුප්ඵං පග්ගය්හ පකාරෙන, ගහෙත්වා සිඛිස්ස භගවතො අභිරොපයිං පූජෙසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ තිස්එකක් කල්ප අභ්‍යන්තරයෙහි උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත්වී තමාගේ පූර්වකර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘දෙවපුත්තො අහං සන්තො’ යනාදිය කීය. එහි දිබ්බන්ති පංචකාම ගුණයන් සමග ක්‍රීඩා කරත්නුයි දේව නමි. දෙවියන්ගේ පුත්‍රයා වූ දෙවියන් මවු හෝ පුත්‍රයා, මම දේව පුත්‍රයෙක් වූයේ දිව්‍යමය වූ කක්කාරු මලක් ගෙන සිඛී භාග්‍යවතුන් වහන්සේට අභිරෝපයිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
කක්කාරුපුප්ඵපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
කක්කාරු පුප්ඵ පූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
155. මන්දාරවපුප්ඵපූජකත්ථෙරඅපදානවණ්ණනා
155. මන්‍දාරවපූජක ථේර අපදාන වර්ණනාව
දෙවපුත්තො අහං සන්තොතිආදිකං ආයස්මතො මන්දාරවපුප්ඵපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි ථෙරො පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිඛිස්ස භගවතො කාලෙ භුම්මට්ඨකදෙවපුත්තො හුත්වා නිබ්බත්තො සිඛිං භගවන්තං දිස්වා පසන්නමානසො දිබ්බමන්දාරවපුප්ඵෙහි පූජෙසි.
දෙවපුත්තො අහං සන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් මන්දාරව පුප්ඵපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බූමාටුදේව පුත්රයෙක්ව ඉපිද සිඛී භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැතිව දිව්‍ය මන්දාරව මලින් පූජා කළහ.
සො තෙන පුඤ්ඤෙනාතිආදිකං සබ්බං අනන්තරත්ථෙරස්ස අපදානවණ්ණනාය වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
හේ තෙන පුඤ්ඤෙන යනාදී සියල්ල අනන්තර තෙරුන් වහන්සේගේ අපදාන වර්ණනාවෙහි කියන ලද පරිදි දතයුත්තේය.
මන්දාරවපුප්ඵපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මන්දාරව පුප්ඵපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
156. කදම්බපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
156. කදම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො කදම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සම්මාසම්බුද්ධසුඤ්ඤෙ ලොකෙ එකස්මිං කුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය ඝරාවාසං වසන්තො තත්ථ ආදීනවං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තසමීපෙ කුක්කුටෙ නාම පබ්බතෙ අස්සමං කත්වා විහාසි. සො තත්ථ සත්ත පච්චෙකබුද්ධෙ දිස්වා පසන්නමානසො පුප්ඵිතං කදම්බපුප්ඵං ඔචිනිත්‍වා තෙ පච්චෙකබුද්ධෙ පූජෙසි. තෙපි “ඉච්ඡිතං පත්ථිත”න්තිආදිනා අනුමොදනං අකංසු.
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කදම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සම්මා සම්බුදුවරුන්ගෙන් හිස්වූ ලෝකයෙහි එක්තරා කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වෙසෙන්නේ එහි ආදීනව දැක ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත සමීපයෙහි කුක්කුට නම් පර්වතයෙහි ආශ්රමයක් කොට වාසය කළේය. හේ එහි පසේබුදුවරුන් සත්නමක් දැක පහන් සිතැත්තේ පිපුණු කොලොම් මලක් කඩා පසේ බුදුවරුන් පිදුවේය. උන්වහන්සේලා ද ‘ඉච්ඡිතංපෙත්ථිතං’ ආදී අනුමෝදනාව කළ සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා නචිරස්සෙව අරහා හුත්වා පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො හිමවන්තස්සාවිදූරෙතිආදිමාහ. තං වුත්තත්ථමෙව. කුක්කුටො නාම පබ්බතොති තස්ස උභොසු පස්සෙසු කුක්කුටචූළාකාරෙන පබ්බතකූටානං විජ්ජමානත්තා කුක්කුටොති සඞ්ඛං ගතො. පකාරෙන තිරො හුත්වා පතිට්ඨහතීති පබ්බතො. තම්හි පබ්බතපාදම්හීති තස්මිං පබ්බතසමීපෙ. සත්ත බුද්ධා වසන්තීති සත්ත පච්චෙකබුද්ධා තස්මිං කුක්කුටපබ්බතපාදෙ පණ්ණසාලායං වසන්තීති අත්ථො.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වී නොබෝ කලකින්ම රහත්වී පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදූරෙ’ යනාදිය කීය. එය කියන ලද අරුත් ඇත්තේ ම ය. කුක්කුටො නාම පබ්බතො යනු එහි දෙපැත්තෙහිම කුකුල් කරමලයක ආකාරයෙන් පව්කුළු පෙනෙන බැවින් කුක්කුට යයි ප්‍රසිද්ධියට ගියේ ක්‍රමයෙන් හරස්ව පිහිටානුයි පබ්බතො. තම්හි පබ්බත පාදම්හි යනු ඒ පර්වතය සමීපයෙහි. සත්තබුද්ධාවසන්ති යනු පසේ බුදුවරුන් සත්නමක් ඒ කුක්කුට පර්වත පාදයෙහි පන්සලෙහි වසත් යන අර්ථයි.
දීපරාජංව උග්ගතන්ති දීපානං රාජා දීපරාජා, සබ්බෙසං දීපානං ජලමානානං තාරකානං රාජා චන්දොති අත්ථො. අථ වා සබ්බෙසු ජම්බුදීපපුබ්බවිදෙහඅපරගොයානඋත්තරකුරුසඞ්ඛාතෙසු චතූසු දීපෙසු ද්විසහස්සපරිත්තදීපෙසු ච රාජා ආලොකඵරණතො චන්දො දීපරාජාති වුච්චති, තං නභෙ උග්ගතං චන්දං ඉව පුප්ඵිතං ඵුල්ලිතං කදම්බරුක්ඛං දිස්වා තතො පුප්ඵං ඔචිනිත්‍වා උභොහි හත්ථෙහි පග්ගය්හ පකාරෙන ගහෙත්වා සත්ත පච්චෙකබුද්ධෙ සමොකිරිං සුට්ඨු ඔකිරිං, ආදරෙන පූජෙසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
දීපරාජංව උග්ගතං යනු දීපයන්ට රජනුයි දීපරාජා. සියලු පහන්වලට දැල්වෙන තාරකාවලට රජවූ චන්ද්‍රයා යන අර්ථයි. සියලු ජම්බුද්වීපය, පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු සංඛ්‍යාත වූ සතර දිවයින්වලද ආලෝකය පතුරුවන හෙයින් චන්ද්‍රයා දීපරාජ යයි කියනු ලැබේ. ඒ අහසෙහි නැගුණු චන්ද්‍රයා මෙන් සුපුප්ඵිතං පිපුණු කොලොම් ගසක් දැක එයින් මල් නෙලා දෝතින් පග්ගය්හ ගෙන සත් පසේ බුදුවරුන් වෙත සමොකිරිං මනාසේ විසුරුවෙමි. ආදරයෙන් පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
කදම්බපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
කදම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
157. තිණසූලකත්ථෙරඅපදානවණ්ණනා
157. තිණසූලක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො තිණසූලකත්ථෙරස්ස අපදානං. අයම්පි ථෙරො පුරිමජිනවරෙසු කතපුඤ්ඤසම්භාරො උප්පන්නුප්පන්නභවෙ කුසලානි උපචිනන්තො සිඛිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා තත්ථ දොසං දිස්වා තං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා වසන්තො හිමවන්තසමීපෙ භූතගණෙ නාම පබ්බතෙ වසන්තං එකතං විවෙකමනුබ්රූහන්තං සිඛිං සම්බුද්ධං දිස්වා පසන්නමානසො තිණසූලපුප්ඵං ගහෙත්වා පාදමූලෙ පූජෙසි. බුද්ධොපි තස්ස අනුමොදනං අකාසි.
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිණසුළක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පින් රැස්කිරීම් ඇත්තාහු උපනුපන් භවයෙහි කුසල් රැස්කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ගෘහවාසය තබා එහි දොස් දැක එය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව වසන්නාහු හිමවත සමීපයෙහි භූතගණ නම් පර්වතයෙහි වසන්නා වූ හුදෙකලාව විවේකය විඳින්නා වූ සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතැත්තාහු තිණසුළ මල් ගෙන පාමුල පිදූහ. බුදුරජාණන් වහන්සේද ඔහුට අනුමෝදනාව කළ සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං විභවසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සාසනෙ පසන්නො පබ්බජිත්වා උපනිස්සයසම්පන්නත්තා නචිරස්සෙව අරහත්තං පාපුණිත්වා පුබ්බකම්මං සරිත්වා සොමනස්සප්පත්තො පුබ්බචරිතාපදානං පකාසෙන්තො හිමවන්තස්සාවිදූරෙතිආදිමාහ. භූතගණො නාම පබ්බතොති භූතගණානං දෙවයක්ඛසමූහානං ආවාසභූතත්තා භවනසදිසත්තා අවිරූළ්හභාවෙන පවත්තත්තා ච භූතගණො නාම පබ්බතො, තස්මිං එකො අදුතියො ජිනො ජිතමාරො බුද්ධො වසතෙ දිබ්බබ්රහ්මඅරියඉරියාපථවිහාරෙහි විහරතීති අත්ථො.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව සසුනෙහි පැහැදුණේ පැවිදිව උපනිශ්‍රය සම්පත් ඇති බැවින් නොබෝ කලකින්ම රහත්බවට පැමිණ පූර්වකර්මය සිහිකොට සොම්නසට පැමිණියේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදුරෙ’ යනාදිය කීය. භුතගණොනාම පබ්බතො යනු භූතගණානං දෙවියන්ට හා යකුන්ට නිවාස වූ බැවින් භවනයක් සමාන වූ බැවින්ද නැගී සිටිනා බැවින් පවත්නා බැවින්ද භූත ගණ නම් පර්වතය. එහි එකො දෙවැනියකු නැතිව. ජිනො යනු මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ. වසතෙ දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඊර්යාපථ විහාරයෙන් වාසය කරති යන අර්ථයි.
එකූනසතසහස්සං , කප්පං න විනිපාතිකොති තෙන තිණසූලපුප්ඵපූජාකරණඵලෙන නිරන්තරං එකූනසතසහස්සකප්පානං අවිනිපාතකො චතුරාපායවිනිමුත්තො සග්ගසම්පත්තිභවමෙව උපපන්නොති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
එකූන සත සහස්ස කප්පං න විනිපාතිකො යනු ඒ තිණසුළ මල් පූජා කිරීමේ විපාකයක් වශයෙන් නිරතුරුව එකක් අඩු සියදහසක් කල්පයන් විනාශ නොකරන්නේ සිව් උපායෙන් විනිර්මුක්ත වූයේ සම්පත්ති භවයට පැමිණියේ විය යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
තිණසූලකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
තිණසුළක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
158. නාගපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
158. නාගපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවච්ඡො නාම නාමෙනාතිආදිකං ආයස්මතො නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි ථෙරො පුරිමජිනනිසභෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරභගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො වෙදත්තයාදීසු සකසිප්පෙසු නිප්ඵත්තිං පත්වා තත්ථ සාරං අදිස්වා හිමවන්තං පවිසිත්වා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා ඣානසමාපත්තිසුඛෙන වීතිනාමෙසි. තස්මිං සමයෙ පදුමුත්තරො භගවා තස්සානුකම්පාය තත්ථ අගමාසි. සො තාපසො තං භගවන්තං දිස්වා ලක්ඛණසත්ථෙසු ඡෙකත්තා භගවතො ලක්ඛණරූපසම්පත්තියා පසන්නො වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. ආකාසතො අනොතිණ්ණත්තා පූජාසක්කාරෙ අකතෙයෙව ආකාසෙනෙව පක්කාමි. අථ සො තාපසො සසිස්සො නාගපුප්ඵං ඔචිනිත්‍වා තෙන පුප්ඵෙන භගවතො ගතදිසාභාගමග්ගං පූජෙසි.
සුවච්ඡො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව වේදත්රයාදී ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදැක හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන සමාපත්ති සුඛයෙන් දවස් ගෙවූහ. එසමයෙහි පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩි සේක. ඒ තවුසා ඒ භාග්‍යවතුන් වහන්සේ දැක ලක්ෂණ ශාස්ත්‍රයෙහි දක්ෂ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණ රූප සම්පත් දැක පැහැදුණේ වැඳ ඇඳිලි බැඳ සිටියේය. අහසින් නොබට බැවින් පූජාසත්කාර නොකරන ලද කල්හිම අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ශිෂ්‍යයන් සහිතව නාමල් කඩා ඒ මලින් භාග්‍යවතුන් වහන්සේ වැඩි දිශාභාගයෙහි මාර්ගයට පූජා කළේය.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවන්තො සබ්බත්ථ පූජිතො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සද්ධාසම්පන්නො පබ්බජිත්වා වත්තපටිපත්තියා සාසනං සොභයමානො නචිරස්සෙව අරහා හුත්වා “කෙන නු ඛො කුසලකම්මෙන මයා අයං ලොකුත්තරසම්පත්ති ලද්ධා”ති අතීතකම්මං සරන්තො පුබ්බකම්මං පච්චක්ඛතො ඤත්වා සඤ්ජාතසොමනස්සො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවච්ඡො නාම නාමෙනාතිආදිමාහ. තත්ථ වච්ඡගොත්තෙ ජාතත්තා වච්ඡො, සුන්දරො ච සො වච්ඡො චෙති සුවච්ඡො. නාමෙන සුවච්ඡො නාම බ්රාහ්මණො මන්තපාරගූ වෙදත්තයාදිසකලමන්තසත්ථෙ කොටිප්පත්තොති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙවාති.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කරන්නේ සියලු තන්හි පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැවත් වූයේ පැවිදිව වත්පිළිවෙතින් සසුන බබලවන්නේ නොබෝ කලකින්ම රහත්වී කුමක කුසල කර්මයකින් මා විසින් මේ ලෝකෝත්තර සම්පත්තිය ලබන ලද්දේදැයි අතීත කර්මය සිහිකරන්නේ පූර්ව කර්මය ප්රත්යක්ෂ වශයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුවච්ඡො නාම නාමෙන’ යනාදිය කීය. එහි වච්ඡ ගෝත්‍රයෙහි උපන් බැවින් වච්ඡගොත්ත නමි. සුන්දර වූයේද වච්ඡවූයේද සුවච්ඡ නම් බ්‍රාහ්මණයා මන්තපාරගු වේදත්‍රය ආදී සකල මන්ත්‍ර ශාස්ත්‍රයෙහි කෙළවරට පත්වූයේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
නාගපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
නාගපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
159. පුන්නාගපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
159. පුන්නාගපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
කානනං වනමොගය්හාතිආදිකං ආයස්මතො පුන්නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො ඵුස්සස්ස භගවතො කාලෙ නෙසාදකුලෙ නිබ්බත්තො මහාවනං පවිට්ඨො තත්ථ සුපුප්ඵිතපුන්නාගපුප්ඵං දිස්වා හෙතුසම්පන්නත්තා බුද්ධාරම්මණපීතිවසෙන භගවන්තං සරිත්වා තං පුප්ඵං සහ කණ්ණිකාහි ඔචිනිත්‍වා වාලුකාහි චෙතියං කත්වා පූජෙසි.
කානනං වන මොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වැදිකුලයෙහි ඉපිද මහ වනයට පිවිසියේ එහි මැනවින් පිපුණු දොඹමලක් දැක හේතුසම්පත් ඇති බැවින් බුද්ධාලම්බන ප්‍රීතිය නිසා භාග්‍යවතුන් වහන්සේ සිහිකොට ඒ මල්කිනිති නෙළා වැලිවලින් චෛත්‍යයක් කොට පූජා කළේය.
සො තෙන පුඤ්ඤෙන ද්වෙනවුතිකප්පෙ නිරන්තරං දෙවමනුස්සසම්පත්තියොයෙව අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය පුබ්බවාසනාබලෙන සාසනෙ පසන්නො පබ්බජිත්වා වායමන්තො නචිරස්සෙව අරහා හුත්වා පුබ්බෙ කතකුසලං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො කානනං වනමොගය්හාතිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තත්තා උත්තානත්ථමෙවාති.
හේ ඒ පිනින් කල්ප අනූදෙකක් නිරන්තරයෙන් දෙව්මිනිස් සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව පෙර වාසනා බලයෙන් සසුනෙහි පැහැදුණේ පැවිදි ව වෑයම් කරන්නේ නොබෝ කලකින් ම රහත් වී පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘කානනං වන මොග්ගය්හ’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
පුන්නාගපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
160. කුමුදදායකත්ථෙරඅපදානවණ්ණනා
160. කුමුදදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො කුමුදදායකත්ථෙරස්ස අපදානං. අයම්පි ථෙරො පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හිමවන්තස්ස ආසන්නෙ මහන්තෙ ජාතස්සරෙ කුකුත්ථො නාම පක්ඛී හුත්වා නිබ්බත්තො කෙනචි අකුසලෙන පක්ඛී සමානොපි පුබ්බෙ කතසම්භාරෙන බුද්ධිසම්පන්නො පුඤ්ඤාපුඤ්ඤෙසු ඡෙකො සීලවා පාණගොචරතො පටිවිරතො අහොසි. තස්මිං සමයෙ පදුමුත්තරො භගවා ආකාසෙනාගන්ත්වා තස්ස සමීපෙ චඞ්කමති. අථ සො සකුණො භගවන්තං දිස්වා පසන්නචිත්තො කුමුදපුප්ඵං ඩංසිත්වා භගවතො පාදමූලෙ පූජෙසි. භගවා තස්ස සොමනස්සුප්පාදනත්ථං පටිග්ගහෙත්වා අනුමොදනමකාසි.
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහ්නසේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත අසල මහා ජාතස්සරයක කකුධ නම් පක්ෂියෙක් ව ඉපිද කිසියම් අකුසලයකින් පක්ෂියකු සමාන වුවත් පෙර කරන ලද පිනින් බුද්ධිමත් වූවාහු පිනෙහි දක්ෂ වූවාහු සිල්වත් වූවාහු පණැති ගොදුරින් වෙන්වූහ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අහසින් වැඩ ඔහුගේ සමීපයේ සක්මන් කරන සේක. ඉක්බිති ඒ පක්ෂියා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කුමුදමලක් ඩැහැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාමුල පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සොම්නස උපදවනු පිණිස පිළිගෙන අනුමෝදනාව කළ සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු උභයසම්පත්තිසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්මිං කුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය මහද්ධනො මහාභොගො රතනත්තයෙ පසන්නො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා නචිරස්සෙව අරහා හුත්වා අත්තනො පුබ්බකම්මං පච්චක්ඛතො ඤත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො හිමවන්තස්සාවිදූරෙතිආදිමාහ. පදුමුප්පලසඤ්ඡන්නොති එත්ථ සතපත්තෙහි සම්පුණ්ණො සෙතපදුමො ච තීණි නීලරත්තසෙතුප්පලානි ච පදුමුප්පලානි තෙහි සඤ්ඡන්නො ගහනීභූතො සම්පුණ්ණො මහාජාතස්සරො අහූති සම්බන්ධො. පුණ්ඩරීකසමොත්ථටොති පුණ්ඩරීකෙහි රත්තපදුමෙහි ඔත්ථටො සම්පුණ්ණොති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා කුලයක ඉපිද වැඩිවිය පත් ව මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් වී තමාගේ පූර්වකර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදුරෙ’ යනාදිය කීය. පදුමුප්පල සඤ්ජන්නො යනු සියපතින් සම්පූර්ණ වූ සුදු නෙළුම් ද නිල් රතු සුදු උපුල් ද පදුමුප්පලානි නමි. එයින් සඤ්ජන්නො ගහණ වූයේ සම්පූර්ණ වූ මහා ජාතස්සරයක් විය යන අර්ථයි. පුණ්ඩරීක සමොත්ථටො යනු පුණ්ඩරිකෙහි රන් පිසුමෙන් ඔකිණ්ණො සම්පූර්ණ වූයේ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේමය.
කුමුදදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
කුමුදදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සොළසමවග්ගවණ්ණනා සමත්තා.
දහසයවැනි වර්ග වර්ණනාව සමාප්තයි.