15. ඡත්තවග්ගො අට්ඨකථා
15. ඡත්ත වර්ගය
141. අතිඡත්තියත්ථෙරඅපදානවණ්ණනා
141. අතිඡත්තිය ථේර අපදාන වර්ණනාව
පරිනිබ්බුතෙ භගවතීතිආදිකං ආයස්මතො අතිඡත්තියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො ධරමානස්ස භගවතො අදිට්ඨත්තා පරිනිබ්බුතකාලෙ “අහො මම පරිහානී”ති චින්තෙත්වා “මම ජාතිං සඵලං කරිස්සාමී”ති කතසන්නිට්ඨානො ඡත්තාධිඡත්තං කාරෙත්වා තස්ස භගවතො සරීරධාතුං නිහිතධාතුගබ්භං පූජෙසි. අපරභාගෙ පුප්ඵච්ඡත්තං කාරෙත්වා තමෙව ධාතුගබ්භං පූජෙසි. සො තෙනෙව පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ ගහපතිකුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථරි පසන්නො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා වායමන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි.
පරිනිබ්බුතෙ භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් ජත්තාධිඡත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ජීවත්ව සිටි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අහෝ මාගේ පරිහානිය යයි සිතා මාගේ උත්පත්තිය සඵල කරන්නෙමි යි කරන ලද සනිටුහන් ඇත්තේ ඡත්රයක් කරවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති ධාතු ගර්භය පිදීය. පසුකලක මල්කූඩයක් කරවා එම ධාතු ගර්භයට පිදුවේය. හේ එම ඡත්රාධිඡත්රදාන පිනින් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව කමටහන් ගෙන උත්සාහ කරන්නේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියහ.
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පරිනිබ්බුතෙ භගවතීතිආදිමාහ. තත්ථ ඡත්තාතිඡත්තන්ති ඡාදියති සංවරියති ආතපාදින්ති ඡත්තං, ඡත්තස්ස අතිඡත්තං ඡත්තස්ස උපරි කතඡත්තං ඡත්තාතිඡත්තං, ඡත්තස්ස උපරූපරි ඡත්තන්ති අත්ථො. ථූපම්හි අභිරොපයින්ති ථූපියති රාසිකරීයතීති ථූපො, අථ වා ථූපති ථිරභාවෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජමානො පතිට්ඨාතීති ථූපො, තස්මිං ථූපම්හි මයා කාරිතං ඡත්තං උපරූපරි ඨපනවසෙන අභි විසෙසෙන ආරොපයිං පූජෙසින්ති අත්ථො.
පසුකලෙක උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පරිනිබ්බුතෙ භගවති’ යනාදිය කීහ. එහි ඡත්තාධිඡත්තං යනු ඡාදීයති අව්ව ආදිය වසනු ලැබේනුයි ඡත්ත නමි. ඡත්තස්ස අධිඡත්තං ඡත්‍රයට උඩින් කරන ලද ඡත්රය ඡත්තාධිඡත්තං යන අර්ථයි. ථුපම්හි අභිරොපයිං යනු ථුපීයති රැස් කෙරේනුයි ථූප නමි. නැතහොත් ථූපෙති ස්ථිර භාවයෙන් වෘද්ධියට වර්ධනයට විශාලත්වයට පැමිණෙමින් පිහිටානුයි ථූපනමි. ඒ ස්තූපයෙහි මා විසින් කරවන ලද ඡත්රය මතුමත්තෙහි තැබීම් වශයෙන් විශ්වාසයෙන් යුතුව ආරොපයිං පූජා කෙළෙමි යන අර්ථයි.
පුප්ඵච්ඡදනං කත්වානාති විකසිතෙහි සුගන්ධෙහි අනෙකෙහි ඵුප්ඵෙහි ඡදනං ඡත්තුපරි විතානං කත්වා පූජෙසින්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
පුප්ඵඡදනං කත්වාන යනු පිපුණු සුවඳ හමන නොයෙක් මලින් ජදනං ඡත්රය ඉහළින් වියනක් කොට පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
අතිඡත්තියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ඡත්තාධිඡත්තිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
142. ථම්භාරොපකත්ථෙරඅපදානවණ්ණනා
142. ථම්භාරෝපක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිකං ආයස්මතො ථම්භාරොපකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො ධම්මදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො සද්ධො පසන්නො පරිනිබ්බුතෙ භගවති තස්ස භගවතො ධාතුගබ්භමාළකෙ ථම්භං නිඛනිත්වා ධජං ආරොපෙසි. බහූනි ජාතිසුමනපුප්ඵානි ගන්ථිත්වා නිස්සෙණියා ආරොහිත්වා පූජෙසි.
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදී වශයෙන් ආයුෂ්මත් ථම්හාරොපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ ධම්මදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුගර්භ මාලකයෙහි කොඩිගසක් නංවා එහි කොඩියක් එසවීය. බොහෝ දෑසමන් මල් ගොතා ඉණිමගින් ගොස් ස්තූපයෙහි පූජා කළේය.
සො යාවතායුකං ඨත්වා කාලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා සබ්බත්ථ පූජිතො ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො දහරකාලතො පභුති පූජනීයො සාසනෙ බද්ධසද්ධො පබ්බජිත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පත්තො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිමාහ. තත්ථ නිබ්බුතෙ ලොකනාථම්හීති සකලලොකස්ස නාථෙ පධානභූතෙ පටිසරණෙ ච සත්ථරි ඛන්ධපරිනිබ්බානෙන නිබ්බුතෙ නිබ්බුතදීපසිඛා විය අදස්සනං ගතෙති අත්ථො. ධම්මදස්සීනරාසභෙති චතුසච්චධම්මං පස්සතීති ධම්මදස්සී, අථ වා සතිපට්ඨානාදිකෙ සත්තතිංසබොධිපක්ඛියධම්මෙ දස්සනසීලො පස්සනසීලොති ධම්මදස්සී, නරානං ආසභො පවරො උත්තමොති නරාසභො, ධම්මදස්සී ච සො නරාසභො චෙති ධම්මදස්සීනරාසභො, තස්මිං ධම්මදස්සීනරාසභෙ. ආරොපෙසිං ධජං ථම්භන්ති චෙතියමාළකෙ ථම්භං නිඛනිත්වා තත්ථ ධජං ආරොපෙසිං බන්ධිත්වා ඨපෙසින්ති අත්ථො.
හේ දිවි ඇතිතාක් සිට කලුරියකොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද බාල කාලයෙහි සිට පූජනීය වූයේ සසුනෙහි බැඳුණු සැදැහැ ඇත්තේ පැවිදිව පිළිසිඹියා සහිත කොට රහත් බවට පත්විය. පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. නිබ්බුතෙ ලොකනාථම්හි යනු සියලු ලොවට නාථෙ පිළිසරණ වූ ශාස්තෲන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවි කල්හි නිවුණු පහන් සිළුවක් මෙන් නොපෙනී ගියකල්හි යන අර්ථයි. ධම්මදස්සි නරාසහෙ යනු සිව්සස් දහම් දකීනුයි ධම්මදස්සී නමි. නැතහොත් සතිපට්ඨාන ආදී වූ බෝධිපාක්ෂික ධර්මයන් දස්සන සීලො දකිනසුලු වූයේනුයි ධම්මදස්සී නමි. නරයන්ට ප්රධානවූයේ පවරො උත්තම වූයේනුයි නරාසහො නමි. ඒ ධම්මදස්සි නරාසහයන් වහන්සේ කෙරෙහි ආරොපෙසිං ධජත්ථමහං යනු චෛත්‍ය මළුවෙහි කණුවක් සිටුවා එහි කොඩියක් ආරොපෙසිං බැඳ තැබුවෙමි යි අර්ථයි.
නිස්සෙණිං මාපයිත්වානාති නිස්සාය තං ඉණන්ති ගච්ඡන්ති ආරොහන්ති උපරීති නිස්සෙණි, තං නිස්සෙණිං මාපයිත්වා කාරෙත්වා බන්ධිත්වා ථූපසෙට්ඨං සමාරුහින්ති සම්බන්ධො. ජාතිපුප්ඵං ගහෙත්වානාති ජායමානමෙව ජනානං සුන්දරං මනං කරොතීති ජාතිසුමනං, ජාතිසුමනමෙව පුප්ඵං “ජාතිසුමනපුප්ඵ”න්ති වත්තබ්බෙ ගාථාබන්ධසුඛත්ථං සුමනසද්දස්ස ලොපං කත්වා “ජාතිපුප්ඵ”න්ති වුත්තං, තං ජාතිසුමනපුප්ඵං ගහෙත්වා ගන්ථිත්වා ථූපම්හි ආරොපයිං, ආරොපෙත්වා පූජෙසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
නිස්සෙණිං මාපයිත්වාන යන මේ නිසා තංඉනන්ති එයට යත්නුයි නගිත්නුයි නිස්සෙණි නමි. ඒ ඉණිමග මාපෙත්වා කරවා ශ්‍රේෂ්ඨ ස්තූපයට නගිත් යනු සම්බන්ධයි. ජාතිපුප්ඵං ගහෙත්වාන යනු උපදින්නාක් මෙන් ජනයන්ගේ සොඳුරු මනසක් කරානුයි ජාතිසුමනං. ජාතිසුමන වූයේ ද එම මලවූයේ ද ජාතිසුමන පුප්ඵං යනුවෙන් කියයුතු තන්හි ගාථාබන්ධන පහසුව පිණිස සුමන ශබ්දයට ලෝපයක් කොට ජාතිපුප්ඵං යනුවෙන් කියන ලදි. ඒ ජාතිසුමන මල් ගෙන ගොතා ස්තූපයෙහි නැංවූයෙමි. නංවා පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
ථම්භාරොපකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ථම්හාරොපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
143. වෙදිකාරකත්ථෙරඅපදානවණ්ණනා
143. වේදිකාරක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිකං ආයස්මතො වෙදිකාරකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පියදස්සිස්ස භගවතො කාලෙ විභවසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා ඝරාවාසං සණ්ඨපෙත්වා නිබ්බුතෙ සත්ථරි පසන්නො තස්ස චෙතියෙ වලයං කාරෙසි, සත්තහි රතනෙහි පරිපූරෙත්වා මහාපූජං කාරෙසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො අනෙකෙසු ජාතිසතසහස්සෙසු පූජනීයො මහද්ධනො මහාභොගො උභයසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විභවසම්පන්නො පබ්බජිත්වා වායමන්තො නචිරස්සෙව අරහා අහොසි.
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධවේදික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි පැහැදුණේ උන්වහන්සේගේ චෛත්‍යයෙහි වළල්ලක් කරවීය. සත්රුවනින් පුරවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් සියදහස් ගණන් ජාතිවල පිදිය යුතු බවට පත්වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ උභය සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද විභව සම්පත් ඇත්තේ පැවිදි ව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
සො එකදිවසං අත්තනො පුබ්බෙ කතකුසලං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිමාහ. තං හෙට්ඨා වුත්තත්ථමෙව. පියදස්සීනරුත්තමෙති පියං සොමනස්සාකාරං දස්සනං යස්ස සො පියදස්සී, ආරොහපරිණාහද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතානුබ්යඤ්ජනබ්යාමප්පභාමණ්ඩලෙහි සාධු මහාජනප්පසාදං ජනයනාකාරදස්සනොති අත්ථො. නරානං උත්තමොති නරුත්තමො, පියදස්සී ච සො නරුත්තමො චෙති පියදස්සීනරුත්තමො, තස්මිං පියදස්සීනරුත්තමෙ නිබ්බුතෙ ධාතුගබ්භම්හි මුත්තවෙදිං අහං අකාසින්ති සම්බන්ධො. පුප්ඵාධාරත්ථාය පරියොසානෙ වෙදිකාවලයං අකාසින්ති අත්ථො.
හේ එක් දවසක් කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හ’ යනාදිය කීය. එයට යට කියන ලද අර්ථ ඇත්තේමය. පියදස්සි නරුත්තමෙ යනු ප්‍රිය වූ සොම්නස් දනවන දර්ශනය යමකුගේද හේ පියදස්සි නමි. ආරෝම පරිණාහ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ අසූඅනූ ව්‍යංජන ව්‍යාමප්‍රභා මණ්ඩලයන්ගෙන් සාධු මහාජනයන්ගේ ප්‍රසාදය උපදවන ආකාර දර්ශනය යන අර්ථයි. නරයන්ට උත්තම වූයේ නරුත්තම නමි. පියදස්සි වූයේද හෙම නරුත්තම වූයේද පියදස්සි නරුත්තම නමි. ඒ පියදස්සි නරුත්තමයන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගර්භයෙහි මුතු වේදිකාවක් මම කෙළෙමි යන සම්බන්ධයි. මල් පූජාකිරීම පිණිස කෙළවර වේදිකා වළල්ලක් කෙළෙමි යන අර්ථයි.
මණීහි පරිවාරෙත්වාති මණති ජොතති පභාසතීති මණි, අථ වා ජනානං මනං පූරෙන්තො සොමනස්සං කරොන්තො ඉතො ගතො පවත්තොති මණි, ජාතිරඞ්ගමණිවෙළුරියමණිආදීහි අනෙකෙහි මණීහි කතවෙදිකාවලයං පරිවාරෙත්වා උත්තමං මහාපූජං අකාසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
මණීහි පරිවාරෙත්වා යනු මිනාති ප්රභාවන්ගෙන් බබලානුයි මණි නමි. නැතහොත් ජනයන්ගේ සිත පුරවන්නේ සොම්නස් කරන්නේ මෙයින් ගියේ පැවතියේනුයි මණි නමි. දෑරඟමැණික් වෙරළුමිණි ආදී නොයෙක් මැණික්වලින් කරන ලද වේදිකා වළල්ල වටා උතුම් වූ මහා පූජාවක් කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
වෙදිකාරකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
බුද්ධවේදික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
144. සපරිවාරියත්ථෙරඅපදානවණ්ණනා
144. සපරිවාරිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො සපරිවාරියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො මහද්ධනො මහාභොගො අහොසි. අථ පදුමුත්තරෙ භගවති පරිනිබ්බුතෙ මහාජනො තස්ස ධාතුං නිදහිත්වා මහන්තං චෙතියං කාරෙත්වා පූජෙසි. තස්මිං කාලෙ අයං උපාසකො තස්සුපරි චන්දනසාරෙන චෙතියඝරං කරිත්වා මහාපූජං අකාසි. සො තෙනෙව පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය කුසලං කත්වා සද්ධාය සාසනෙ පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සපරිවාරිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ විය. ඉක්බිති පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහජනයා උන්වහන්සේගේ ධාතු නිධන්කොට මහත් වූ චෛත්‍යයක් කරවා පූජා කළේය. එකල්හි මේ උපාසකයා ඒ මතුපිට සඳුන් හරයෙන් චේතියඝරයක් කරවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව කුසල්කොට සැදැහැයෙන් සසුනෙහි පැවිදි ව නොබෝ කලෙකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. තත්ථ ඔමත්තන්ති ලාමකභාවං නීචභාවං දුක්ඛිතභාවං වා න පස්සාමි න ජානාමි, න දිට්ඨපුබ්බො මයා නීචභාවොති අත්ථො. සෙසං පාකටමෙවාති.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාමජිනො’ යනාදිය කීහ. එහි ඔමත්තං යනු ලාමක බවයි. නීච බවක් හෝ නොදකිමි නොදනිමි මා විසින් නීචත්වයක් නුදුටු විරූය යන අර්ථයි. සෙස්ස ප්‍රකටමය.
සපරිවාරියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සපරිචාරිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
145. උමාපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
145. උම්මාපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකමහිතෙතිආදිකං ආයස්මතො උමාපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා වසන්තො නිබ්බුතස්ස භගවතො චෙතියමහෙ වත්තමානෙ ඉන්දනීලමණිවණ්ණං උමාපුප්ඵං ගහෙත්වා පූජෙසි. සො තෙන පුඤ්ඤෙන සුගතීසුයෙව සංසරන්තො දිබ්බමානුසසම්පත්තියො අනුභවිත්වා උප්පන්නුප්පන්නභවෙ බහුලං නීලවණ්ණො ජාතිසම්පන්නො විභවසම්පන්නො අහොසි. සො ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සද්ධාජාතො පබ්බජිතො නචිරස්සෙව අරහත්තං පාපුණි.
නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් උම්මාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය තබා වසන්නේ පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය උත්සවය පවත්නා කල්හි ඉන්ද්රනීල මාණික්‍යයක වර්ණය ඇති දියබෙරලිය මලක් ගෙන පූජා කළේය. හේ ඒ පිනින් සුගතීන්හි පමණක් සැරිසරන්නේ දිව්‍ය මනුෂ්‍ය සම්පත් අනුභවකොට උපනුපන් භවයෙහි බෙහෙවින් නීලවර්ණ වූයේ ජාතිසම්පන්න වූයේ විභව සම්පන්න වූයේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
සො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො නිබ්බුතෙ ලොකමහිතෙතිආදි වුත්තං. තත්ථ ලොකමහිතෙති ලොකෙහි මහිතො පූජිතොති ලොකමහිතො, තස්මිං ලොකමහිතෙ සිද්ධත්ථම්හි භගවති පරිනිබ්බුතෙති සම්බන්ධො. ආහුතීනංපටිග්ගහෙති ආහුතිනො වුච්චන්ති පූජාසක්කාරා, තෙසං ආහුතීනං පටිග්ගහෙතුං අරහතීති ආහුතීනංපටිග්ගහො, අලුත්තකිතන්තසමාසො, තස්මිං ආහුතීනංපටිග්ගහෙ භගවති පරිනිබ්බුතෙති අත්ථො.
උන්වහන්සේ පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘නිබ්බුතෙ ලොක මහිතෙ’ යනාදිය කීහ. එහි ලොක මහිතෙ යනු ලෝකයා විසින් මහිතො යනු ලෝකයා විසින් ගරුකරනු ලැබීය. පූජා කරනු ලැබීයයි ලොකමහිතො නමි. ඒ ලෝකමහිත වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යනු සම්බන්ධයි. ආහුතීනං පටිග්ගහෙ යනු ආහුතිනො යනු ප්‍රජාසත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. අලුප්න කෘදන්ත සමාසයයි. ඒ පූජාසත්කාර පිළිගන්නා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි.
උමාපුප්ඵන්ති උද්ධමුද්ධං නීලපභං මුඤ්චමානං පුප්ඵති විකසතීති උමාපුප්ඵං, තං උමාපුප්ඵං ගහෙත්වා චෙතියෙ පූජං අකාසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
උම්මාපුප්ඵං යනු උද්ධං මුදුන නිල්පැහැ මුදමින් පුප්ඵති පිපේනුයි උම්මාපුප්ඵං. එය ගෙන චෛත්‍යයෙහි පූජා කළේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේමය.
උමාපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උම්මාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
146. අනුලෙපදායකත්ථෙරඅපදානවණ්ණනා
146. අනුලේපදායක ථේර අපදාන වර්ණනාව
අනොමදස්සීමුනිනොතිආදිකං ආයස්මතො අනුලෙපදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අනොමදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො මහද්ධනො මහාභොගො තස්ස භගවතො බොධිරුක්ඛස්ස වෙදිකාවලයං කාරෙත්වා සුධාකම්මඤ්ච කාරෙත්වා වාලුකසන්ථරණං දද්දළ්හමානං රජතවිමානමිව කාරෙසි. සො තෙන පුඤ්ඤෙන සුඛප්පත්තො උප්පන්නුප්පන්නභවෙ රජතවිමානරජතගෙහරජතපාසාදෙසු සුඛමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථරි පසන්නො පබ්බජිත්වා විපස්සනමනුයුත්තො නචිරස්සෙව අරහා අහොසි.
අනොමදස්සි මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් අනුලෙපදායක තෙරුන්වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝරුකට වේදිකා වළල්ලක් කරවා සුණුපිරියම් ද කරවා වැලි අතුරා දිදුලන රජත විමානයක් මෙන් කරවීය. උන්වහන්සේ ඒ පිනින් සැමතන්හි සැපයට පැමිණියාහු උපනුපන් භවයෙහි රජත විමානවල රජත ප්‍රාසාද ආදියෙහි සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නාහු දැනමිති බවට පත්වූවාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව විදසුන්හි යෙදී නොබෝ කලකින්ම රහත් වූහ.
සො අපරභාගෙ “කිං නු ඛො කුසලං කත්වා මයා අයං විසෙසො අධිගතො”ති පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන පටිපාටියා අනුස්සරිත්වා පුබ්බෙ කතකුසලං ජානිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො අනොමදස්සීමුනිනොතිආදිමාහ. තත්ථ අනොමං අලාමකං දස්සනං දස්සනීයං සරීරං යස්ස සො අනොමදස්සී, ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතානුබ්යඤ්ජනබ්යාමප්පභාසමුජ්ජලවිරාජිතසරීරත්තා සුන්දරදස්සනොති අත්ථො. සුධාය පිණ්ඩං දත්වානාති බොධිඝරෙ වෙදිකාවලයං කාරෙත්වා සකලෙ බොධිඝරෙ සුධාලෙපනං කත්වාති අත්ථො. පාණිකම්මං අකාසහන්ති සාරකට්ඨෙන ඵලකපාණියො කත්වා තාහි පාණීහි මට්ඨකම්මං අකාසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
උන්වහන්සේ පසුකලෙක කුමක්නම් කුසලයක් කොට මා විසින් මේ විශේෂය අධිගමනය කරන ලද්දේදැයි පූර්වේනිවාසානුස්මෘති ඥානයෙන් පිළිවෙලින් සිහිකොට පෙර කරන ලද කුසලය දැන හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු අනොමදස්සි මුනිනො යනාදිය කීහ. අනොමකං අලාමක වූ දස්සනං දර්ශනීය වූ ශරීරය යමකුට වේද හේ අනොමදස්සි නමි. දෙතිස් වර මහා පුරුෂ ලක්ෂණ අසු අනුව්‍යංජන ව්‍යාම ප්‍රභාවෙන් දිලිසෙන ශරීර ඇති බැවින් සොඳුරු දසුන් ඇත්තේ යන අර්ථයි. සුධාය පිණ්ඩං දත්වාන යනු බෝධිඝරයෙහි වේදිකා වළල්ලක් කරවා මුළු බෝධිඝරයෙහි සුණුපිරියම් කොට යන අර්ථයි. ඵාතිකම්ම මකාසහං යනු ලී අරටුවෙන් පාත්‍ර තනා ඒවා අතින් මට්ටම් කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
අනුලෙපදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
අනුලෙපදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
147. මග්ගදායකත්ථෙරඅපදානවණ්ණනා
147. මග්ගදායක ථේර අපදාන වර්ණනාව
උත්තරිත්වාන නදිකන්තිආදිකං ආයස්මතො මග්ගදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු නිබ්බානාධිගමත්ථාය පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ ලොකසම්මතෙ කුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය ඝරාවාසං වසන්තො එකදිවසං භගවන්තං එකං නදිං උත්තරිත්වා වනන්තරං ගච්ඡන්තං දිස්වා පසන්නමානසො “ඉදානි මයා භගවතො මග්ගං සමං කාතුං වට්ටතී”ති චින්තෙත්වා කුදාලඤ්ච පිටකඤ්ච ආදාය භගවතො ගමනමග්ගං සමං කත්වා වාලුකං ඔකිරිත්වා භගවතො පාදෙ වන්දිත්වා, “භන්තෙ, ඉමිනා මග්ගාලඞ්කාරකරණෙන නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ පූජනීයො භවෙය්යං, නිබ්බානඤ්ච පාපුණෙය්ය”න්ති පත්ථනං අකාසි. භගවා “යථාධිප්පායං සමිජ්ඣතූ”ති අනුමොදනං වත්වා පක්කාමි.
උත්තරිත්වාන නදිකං යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ලෝකසම්මත කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ එක් නදියකින් එගොඩ වී වනාන්තරයට වඩිනු දැක පහන් සිතැත්තේ දැන් මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය සම කිරීමට වටනේ යයි සිතා උදැල්ලක්ද කූඩයක්ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වඩිනාමග සමකොට වැලි විසුරුවා භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ ස්වාමීනි, මේ මාර්ග අලංකරණයෙන් උපනුපන් තැන පිදිය යුත්තෙක් වන්නෙමි නිවනටද පැමිණෙන්නෙමි යි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අදහස් කළ කරුණ ඉටුවේවායි අනුමෝදනා කියා වදාරා වැඩි සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො සබ්බත්ථ පූජිතො අහොසි. ඉමස්මිං පන බුද්ධුප්පාදෙ පාකටෙ එකස්මිං කුලෙ නිබ්බත්තො සත්ථරි පසන්නො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පත්වා අත්තනො පුබ්බකම්මං පච්චක්ඛතො ඤත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො උත්තරිත්වාන නදිකන්තිආදිමාහ. තත්ථ නදති සද්දං කරොති ගච්ඡතීති නදී, නදීයෙව නදිකා, තං නදිකං උත්තරිත්වා අතික්කමිත්වාති අත්ථො. කුදාලපිටකමාදායාති කු වුච්චති පථවී, තං විදාලනෙ පදාලනෙ ඡින්දනෙ අලන්ති කුදාලං, පිටකං වුච්චති පංසුවාලිකාදිවාහකං, තාලපණ්ණවෙත්තලතාදීහි කතභාජනං, කුදාලඤ්ච පිටකඤ්ච කුදාලපිටකං, තං ආදාය ගහෙත්වාති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සැමතැන පිදියයුත්තෙක් විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ප්‍රසිද්ධ කුලයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය ප්රත්යක්ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පුර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘උත්තරිත්වාන නදිකං’ යනාදිය කීය. එහි නදති ශබ්ද නගානුයි නදී, නදියම නදික වෙයි. ඒ නදිකය උත්තරිත්වා අතික්‍රමණය කොට යන අර්ථයි. කුද්දාල පිටක මාදාය යනු කු යනු පෘථුවියයි. එය විදාලනෙ කෙටීමෙහිදී උඩපැනීමෙහි සුදුසු වේනුයි කුද්දාල නමි. පිටක යනු පස්වැලි ආදියෙ ගෙනයන තල්පත් වේවැල් ආදියෙන් කරන ලද බඳුන. උදැල්ලද ඒ කුඩයද ආදිය ගෙන යන අර්ථයි.
මග්ගදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මග්ගදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
148. ඵලකදායකත්ථෙරඅපදානවණ්ණනා
148. ඵලකදායක ථේර අපදාන වර්ණනාව
යානකාරො පුරෙ ආසින්තිආදිකං ආයස්මතො ඵලකදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු අත්තභාවෙසු කතපුඤ්ඤසම්භාරො සිද්ධත්ථස්ස භගවතො කාලෙ වඩ්ඪකිකුලෙ නිබ්බත්තො රතනත්තයෙ පසන්නො චන්දනෙන ආලම්බනඵලකං කත්වා භගවතො අදාසි. භගවා තස්සානුමොදනං අකාසි.
යානකාරො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ආත්මභාවයන්හි කරන ලද පුණ්යසම්භාර ඇත්තේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපිද තෙරුවන්හි පැහැදුණේ සඳුනින් එල්ලෙන ලෑල්ලක් කොට භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො සබ්බත්ථ කාලෙ චිත්තසුඛපීණිතො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා සඤ්ජාතප්පසාදො පබ්බජිත්වා වායමන්තො නචිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො යානකාරො පුරෙ ආසින්තිආදිමාහ. තත්ථ යානකාරොති යන්ති එතෙන ඉච්ඡිතිච්ඡිතට්ඨානන්ති යානං, තං කරොතීති යානකාරො, පුරෙ බුද්ධදස්සනසමයෙ අහං යානකාරො ආසිං අහොසින්ති අත්ථො. චන්දනං ඵලකං කත්වාති චන්දති පරිළාහං වූපසමෙතීති චන්දනං. අථ වා චන්දන්ති සුගන්ධවාසනත්ථං සරීරං විලිම්පන්ති එතෙනාති චන්දනං, තං ආලම්බනඵලකං කත්වා. ලොකබන්ධුනොති සකලලොකස්ස බන්ධු ඤාතිභූතොති ලොකබන්ධු, තස්ස ලොකබන්ධුනො සත්ථුස්ස අදාසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි සිත්සුවයෙන් පිරුණේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා හටගත් ප්‍රසාද ඇත්තේ පැවිදිව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘යානකාරො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි යානකාරො යනු මෙයින් කැමති කැමති තැනට යත්නුයි යාන නමි. එය කරානුයි යානකර නමි. පුරෙ බුදුන් දක්නා කාලයෙහි මම යානකරුවෙක් වීමි යන අර්ථයි. චන්දනං ඵලකං කත්වා යනු චන්දති පරිදාහය මෙයින් නිවේනුයි චන්දන නමි. නැතහොත් සඳුන් සුවඳ හැමීම පිණිස මෙයින් සිරුර ගල්වත්නුයි චන්දන නමි. එයින් එල්ලෙන ඵලකයක් කොට යන අර්ථයි. ලොකබන්ධුනො යනු සියලු ලොවට බන්ධු නෑවූයේනුයි ලෝකබන්‍ධු. ඒ ලෝකබන්‍ධු වූ ශාස්තෲන් වහන්සේට දුනිමි යන අර්ථයි. සේස පහසුවෙන් දතහැක්කේ ම ය.
ඵලකදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
149. වටංසකියත්ථෙරඅපදානවණ්ණනා
149. වටංසකිය ථේර අපදාන වර්ණනාව
සුමෙධො නාම නාමෙනාතිආදිකං ආයස්මතො වටංසකියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමමුනින්දෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සුමෙධස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා තත්ථ ආදීනවං දිස්වා ගෙහං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා මහාවනෙ විහාසි. තස්මිං සමයෙ සුමෙධො භගවා විවෙකකාමතාය තං වනං සම්පාපුණි. අථ සො තාපසො භගවන්තං දිස්වා පසන්නමානසො විකසිතං සළලපුප්ඵං ගහෙත්වා වටංසකාකාරෙන ගන්ථෙත්වා භගවතො පාදමූලෙ ඨපෙත්වා පූජෙසි. භගවා තස්ස චිත්තප්පසාදත්ථාය අනුමොදනමකාසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ කුලෙ ජාතො වුද්ධිමන්වාය සද්ධො පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
සුමෙධො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් වටංසකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සුමෙධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව මහවෙනෙහි වාසය කළේය. එසමයෙහි සුමේධ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති බැවින් ඒ වනයට වැඩි සේක. ඉක්බිති තවුසා භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ පිපුණු හොරමලක් ගෙන නළල් පළඳනාවක ආකාරයෙන් ගොතා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල පිදුවේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත් පැහැදීම පිණිස අනුමෝදනා කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ පහන් වූයේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්විය.
සො අපරභාගෙ පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුමෙධො නාම නාමෙනාතිආදි වුත්තං. විවෙකමනුබ්රූහන්තොති ජනාකිණ්ණතං පහාය ජනවිවෙකං චිත්තවිවෙකඤ්ච අනුබ්රූහන්තො වඩ්ඪෙන්තො බහුලීකරොන්තො මහාවනං අජ්ඣොගාහි පාවිසීති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
ඉන්පසු කල පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුමෙධො නාම නාමෙන’ යනාදිය කීය. විවෙකමනූ බ්රෑහන්තො යනු ජනාකීර්ණ විහාරය අත්හැර විවේක සිත අනුබ්රෑහන්තො වඩන්නේ බහුල වශයෙන් කරන්නේ මහා වනයට අජ්ඣොගහි පිවිසි සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු ම ය.
වටංසකියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
වටංසකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
150. පල්ලඞ්කදායකත්ථෙරඅපදානවණ්ණනා
150. පල්ලඞ්කදායක ථේර අපදාන වර්ණනාව
සුමෙධස්ස භගවතොතිආදිකං ආයස්මතො පල්ලඞ්කදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු නිබ්බානාධිගමත්ථාය කතපුඤ්ඤූපචයො සුමෙධස්ස භගවතො කාලෙ ගහපතිකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය මහාභොගසම්පන්නො සත්ථරි පසීදිත්වා ධම්මං සුත්වා තස්ස සත්ථුනො සත්තරතනමයං පල්ලඞ්කං කාරෙත්වා මහන්තං පූජං අකාසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො සබ්බත්ථ පූජිතො අහොසි. සො අනුක්කමෙන ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා සත්ථු ධම්මදෙසනං සුත්වා පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පත්වා පුබ්බෙ කතපුඤ්ඤනාමෙන පල්ලඞ්කදායකත්ථෙරොති පාකටො අහොසි. හෙට්ඨා විය උපරිපි පුබ්බෙ කතපුඤ්ඤනාමෙන ථෙරානං නාමානි එවමෙව වෙදිතබ්බානි.
සුමෙධස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි නිවන් අවබෝධය පිණිස කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයක ඉපිද වැඩිවිය පත්ව මහාභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ඒ ශාස්තෲන් වහන්සේට සත්රුවන්මුවා ආසනයක් තනවා මහා පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ විය. හේ අනුක්රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා පැහැදුණේ පැවිදිව නොබෝ කලකින් රහත් බවට පැමිණ පෙර කරන ලද පිනෙහි නමින් පල්ලඞ්කදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය. පෙර මෙන් පසුවද පෙර කරන ලද පිනෙහි නමින් තෙරුන් වහන්සේලාගේ නම් මේ අයුරින් දතයුතුය.
සො එකදිවසං අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුමෙධස්ස භගවතොතිආදිමාහ. පල්ලඞ්කො හි මයා දින්නොති පල්ලඞ්කං ඌරුබද්ධාසනං කත්වා යත්ථ උපවීසන්ති නිසීදන්ති, සො පල්ලඞ්කොති වුච්චති, සො පල්ලඞ්කො සත්තරතනමයො මයා දින්නො පූජිතොති අත්ථො. සඋත්තරසපච්ඡදොති සහ උත්තරච්ඡදෙන සහ පච්ඡදෙන සඋත්තරසපච්ඡදො, උපරිවිතානං බන්ධිත්වා ආසනං උත්තමවත්ථෙහි අච්ඡාදෙත්වාති අත්ථො. සෙසං පාකටමෙවාති.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුමෙධස්ස භගවතො’ යනාදිය කීහ. ‘පල්ලඞ්කොහි මයාදින්නො’ යනු පල්ලඞ්කං අරමිණියා ගොතාගෙන යම්තැනක උපදිසන්ති හිඳගනිත්ද එය පර්යංකයයි කියනු ලැබේ. ඒ සත්රුවන්මුවා පර්යංකය මා විසින් දින්නො පූජාකරන ලද්දේය යන අර්ථයි. සඋත්තරි ස පච්ඡදො යනු වියනින් හා පසුතිරයෙන් යුත් වූයේ සඋත්තරි සපච්ඡදො. උඩවියනක් බැඳ අසුන උතුම් වස්ත්‍රයෙන් වටකොට යන අර්ථයි. සෙස්ස ප්‍රකටමය.
පල්ලඞ්කදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පල්ලඞ්කදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
පන්නරසමවග්ගවණ්ණනා සමත්තා.
පසළොස්වැනි වර්ග වර්ණනාව නිමියේය.