යෙදුමෙන් කියවන්න

15. ඡත‍්තවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

15. ඡත්ත වර්‍ගය

141. අතිඡත‍්තියත්‍ථෙරාපදානං

141. අතිඡත්තිය ස්ථවිරාවදානය

1941. පරිනිබ‍්බුතෙ භගවති අත්‍ථදස‍්සිනරුත‍්තමෙ, ඡත‍්තාතිඡත‍්තං කාරෙත්‍වා ථූපම‍්භි අභිරොපයිං.

1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.

1942. කාලෙන කාලං ආගන‍්ත්‍වා නමස‍්සිං සත්‍ථු චෙතියං, පුප‍්ඵච‍්ඡදනං කත්‍වාන ඡත‍්තම‍්හි අභිරොපයිං.

1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.

1943. සත‍්තරසෙ කප‍්පසතෙ දෙවරජ‍්ජං අකාරයිං, මනුස‍්සත‍්තං න ගච‍්ඡාමි ථූපපූජායි දං ඵලං.

1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.

1944. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අතිඡත‍්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අතිඡත‍්තියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

අතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.

142. ථම‍්භාරොපකත්‍ථෙරාපදානං.

142. ථම්භාරෝපක ස්ථවිරාවදානය

1945. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි ධම‍්මදස‍්සිනරාසභෙ, ආරොපෙසිං ධජත්‍ථම‍්හං බුද‍්ධසෙට‍්ඨස‍්ස චෙතියෙ.

1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.

1946. නිස‍්සෙණිං මාපයිත්‍වාන ථූපසෙට‍්ඨං සමාරුහිං, ජාතිපුප‍්ඵං ගහෙත්‍වාන ථූපමහි අභිරොපයිං.

1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.

1947. අහො බුද‍්ධො ධම‍්මො අහො නො සත්‍ථූසම‍්පදා, දුග‍්ගතිං නාභිජානාමි ථූපපූජායි දං ඵලං.

1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.

1948. චතුනවුතෙ ඉතො කප‍්පෙ ථූපසිඛරනාමකා, සොළසාසිංසු රාජානො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

1949. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ථම‍්භාරොපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ථම‍්භාරොපකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

ථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.

143. වෙදිකාරකත්‍ථෙරාපදානං

143. වේදිකාරක ස්ථවිරාවදානය

1950. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි පියදස‍්සී නරුත‍්තමෙ, පසන‍්නචිත‍්තො සුමනො මුත‍්තාවෙදිමකාසහං.

1950. ලෝකනායක වූ පියදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මුතුමුවාවේදිකාවක් කෙළෙමි.

1951. මණීහි පරිවාරෙත්‍වා අකාසිං වෙදිමුත‍්තමං, වෙදිකාය මහං කත්‍වා තත්‍ථ කාලකතො අහං.

1951. මිණියෙන් පිරිවර කොට උතුම් වේදිකාවක් (පිළක්) කෙළෙමි. මම ඒ වේදිකාපූජාව කොට එහි කලුරිය කෙළෙමි.

1952. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, මණී ධාරෙන‍්ති ආකාසෙ පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

1952. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හේතුවෙන්) අහසෙහි මිණිරුවන්හු දරත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.

1953. සොළසෙ ‘තො කප‍්පසතෙ මණිප‍්පභාසනාමකා, බත‍්තිංසාසිංසු රාජානො චක‍්කවත‍්තී මහබ‍්බලා.

1953. මෙයින් සොළොස්කප්සියෙහි මහත් බල ඇති මණිප්පභාස නම් දෙතිස් සක්විති රජකෙනෙක් වූහ.

1954. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1954. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වෙදිකාරකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

වේදිකාරක ස්ථවිරාවදානය තෙවැනි යි.

144. සපරිවාරියත්‍ථෙරාපදානං.

144. සපරිවාරිය ස්ථවිරාවදානය

1955. පදුමුත‍්තරො නාම ජිනො ලොකජෙට‍්ඨො නරාසභො, ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධො’ව සම‍්බුද‍්ධො පරිනිබ‍්බුතො.

1955. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුහු ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.

1956. නිබ‍්බුතෙ ච මහාවීරෙ ථූපො විත්‍ථාරිකො අහු, අහොරත‍්තං උපට‍්ඨෙන‍්ති ධාතුගෙහෙ වරුත‍්තමෙ.

1956. මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දා නිදන් කළ) මහත් සෑයෙක් විය. අති උතුම් දාගෙයට (සැදැහැතියෝ) දිවාරෑදෙක්හි උවැටැන් කෙරෙත්.

1957. පසන‍්නචිත‍්තො සුමනො අකං චන්‍දනවෙදිකං, දීයති ධූමක‍්ඛන්‍ධො ච ථූපානුච‍්ඡවිකො තදා.

1957. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එහි) සඳුන් වේදිකාවක් කෙළෙමි. එකල්හි සෑයට සුදුසු වූ සඳුන් දුම් ද දින.

1958. භවෙ නිබ‍්බත‍්තමානම‍්හි දෙවත‍්තෙ අථ මානුසෙ, ඔමත‍්තං මෙ න පස‍්සාමි පුබ‍්බකම‍්මස‍්සිදං ඵලං

1958. භවයෙහි දිවඅත්බව්හි හෝ මිනිසත්බව්හි හෝ උපදනා කල්හි මාගේ ලාමක බවක් නො දකිමි. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.

1959. පඤ‍්චදසෙ කප‍්පසතෙ ඉතො අට‍්ඨජනා අහු, සබ‍්බෙ සමත‍්තනාමා තෙ චක‍්කවත‍්තී මහබ‍්බලා.

1959. මෙයින් එක්දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති සමත්ත නම් වූ ඒ සියලු සක්විති රජවරු අටදෙනෙක් වූහ.

1960. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1960. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සපරිවාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් සපරිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සපරිවාරියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

සපරිවාරියස්ථවිරාවදානය සිවුවැනි යි.

145. උම‍්මාපුප‍්ඵියථෙරාපදානං.

145. උම්මාපුප්ඵිය ස්ථවිරාවදානය

1961. නිබ‍්බුතෙ ලොකනාථම‍්භි අහුතීනං පටිග‍්ගහෙ, සිද‍්ධත්‍ථම‍්හි භගවති මහාථූපමහො අහු.

1961. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්‍ර වූ ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහාචෛත්‍ය පූජාවක් විය.

1962. මහෙ පවත‍්තමානම‍්භි සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො, උම‍්මාපුප‍්ඵං ගහෙත්‍වාන ථූපම‍්හි අභිරොපයිං.

1962. සිදුහත් බුදුරජුන්ට පූජාව පවත්නා කල්හි (මම) දියබෙරලිය මල් ගෙණ සෑයට පිදීමි.

1963. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.

1963. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.

1964. ඉතො ච නවමෙ කප‍්පෙ සොමදෙවසනාමකා, පඤ‍්චාසීති ‘සු රාජානො චක‍්කවත‍්තී මහබ‍්බලා.

1964. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම් වූ පස්අසූ සක්විති රජකෙනෙක් වූහ.

1965. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1965. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උම‍්මාපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් උම්මාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උම‍්මාපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

උම්මාපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.

146. අනුලෙපදායකත්‍ථෙරාපදානං.

146. අනුලේපදායක ස්ථවිරාවදානය

1966. අනොමදස‍්සීමුනිනො බොධිවෙදිමකාස’හං, සුධාය පිණ‍්ඩං දත්‍වාන පාතිකම‍්මමකාය හං.

1966. මම අනෝමදස්සී බුදුරජානන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩල වූ) වේදිකාවක් කරවීමි. (එසේ ම) මම සුණුයෙන් අලෙව් පිඬු දී (මතියෙන්) මටහම් කෙළෙමි.

1967. දිස‍්වා තං සුකතං කම‍්මං අනොමදස‍්සී නරුත‍්තමො, භික‍්ඛුසංඝෙ ඨිතො සත්‍ථා ඉමා ගාථා අභාසථ:

1967. ශාස්තෘ වූ අනෝමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනැවින් කරණ ලද ඒ කර්‍මය දැක භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාව වදාළේ ය.

1968. “ඉමිනා සුධාකම‍්මෙන චෙතනාපණිධීහි ච, සම‍්පත‍්තිං අනුභොත්‍වාන දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සති.”

1968. (මෙතෙම) මේ සුණුවම් හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේය (කියායි).

1969. පසන‍්න මුඛවණ‍්ණොම‍්හි එකග‍්ගො සුසමාහිතො, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

1969. (මම) පහන් වූ මුව පැහැ ඇත්තෙම් වෙමි. එකඟ වූයෙම් සන්හුන් වූයෙම් සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.

1970. ඉතො කප‍්පසතෙ ආසිං පරිපුණ‍්ණෙ අනූනකෙ, රාජා සබ‍්බඝනො නාම චක‍්කවත‍්තී මහබ‍්බලො.

1970. මෙයින් නො අඩුව කප් සියයක් සම්පූර්‍ණ වූ කල්හි සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.

1971. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1971. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අනුලෙපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අනුලෙපදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

අනුලේපදායකස්ථවිරාවදානය සවැනි යි.

147. මග‍්ගදායකත්‍ථෙරාපදානං

147. මග්ගදායක ස්ථවිරාවදානය

1972. උත‍්තරිත්‍වාන නදිකං වනං ගච‍්ඡති චක‍්ඛුමා, තමද‍්දසාසිං සම‍්බුද‍්ධං සිද‍්ධත්‍ථං වරලක‍්ඛණං.

1972. පසැස් ඇති බුදුරජ තෙම කුඩා ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති ඒ සිද්ධාර්‍ත්‍ථ සම්බුදුරජුන් දිටිමි.

1973. කුද‍්දාලපිටකමාදාය සමං කත්‍වාන තං පථං, සත්‍ථාරං අභිවාදෙත්‍වා සකං චිත‍්තං පසාදයිං.

1973. උදැල්ල හා කූඩය ද ගෙණ ඒ මග සම කොට ශාස්තෲන් වහන්සේ වැඳ සියසිත පැහැද වීමි.

1974. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි මග‍්ගදානස‍්සිදං ඵලං.

1974. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාර්‍ගදානයාගේ මේ විපාකය යි.

1975. සත‍්තපඤ‍්ඤාසකප‍්පම‍්හි එකො ආසිං ජනාධිපො, නාමෙන සුප‍්පබුද‍්ධොති නායකො සො නරිස‍්සරො.

1975. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුප්පබුද්ධ නම් වූ නරශ්‍රේෂ්ඨ වූ එක් සක්විති රජෙක් වීමි.

1976. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1976. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මග‍්ගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් මග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මග‍්ගදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

මග්ගදායකස්ථවිරාවදානය සත්වැනි යි.

148. ඵලකදායකත්‍ථෙරාපදානං.

148. ඵලකදායක ස්ථවිරාවදානය

1977. යානකාරො පුරෙ ආසිං දාරුකම‍්මෙ සුසික‍්ඛිතො, චන්‍දනං ඵලකං කත්‍වා අදාසිං ලොකබන්‍ධුනො.

1977. පෙර දැවකම්හි මැනැවින් හික්මුනු වඩුවෙක් වීමි. (මම) සඳුන් පුවරුවක් කොට ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දුනිමි.

1978. පභාසති ඉදං ව්‍යම‍්හං සුවණ‍්ණස‍්ස සුනිම‍්මිතං, හත්‍ථියානං අස‍්සයානං දිබ‍්බයානං උපට‍්ඨිතං.

1978. (ඒ හේතුවෙන්) රනින් නිම වූ මේ විමන බබලයි. හස්තියාන ද අශ්වයාන ද දිව්‍යමය යාන ද එළඹ සිටියේ වෙයි.

1979. පාසාදා සිවිකා චෙව නිබ‍්බත‍්තන‍්ති යදිච‍්ඡකං, අක‍්ඛොභං රතනං මය‍්හං ඵලකස‍්ස ඉදං ඵලං.

1979. ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද රිසි පමණ උපදිත්. මාහට තහවුරු රුවන් වෙයි. සඳුන් පුවරු දීමෙහි මේ විපාකය යි.

1980. එකනවුතෙ ඉතො කප‍්පෙ ඵලකං යමහං දදිං, දුග‍්ගතිං නාභිජානාමි ඵලකස‍්ස ඉදං ඵලං.

1980. මම මෙයින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුවරු දනෙහි මේ විපාකයි.

1981. සත‍්තපඤ‍්ඤාසකප‍්පම‍්හි චතුරො නිම‍්මිතව‍්හයා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1981. සත්පණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.

1982. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඵලකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් ඵලකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ඵලකදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

ඵලකදායකස්ථවිරාවදානය අටවැනි යි.

149. වටංසකියත්‍ථෙරාපදානං

149. වටංසකිය ස්ථවිරාවදානය

1983. සුමෙධො නාම නාමෙන සයම‍්භූ අපරාජිතො, විවෙකමනුබ්‍රූහන‍්තො අජ‍්ඣොගාහි මහාවනං.

1983. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත වූ නමින් සුමේධ නම් වූ (සර්‍වඥ තෙම) විවෙක සුව වඩනුයේ මහවනයට පිවිසියේ ය.

1984. සලලං පුප‍්ඵිතං දිස‍්වා ගන්‍ථිත්‍වාන වටංසකං, බුද‍්ධස‍්ස අභිරොපෙසිං සම‍්මුඛා ලොකනායකං.

1984. ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුනු සලල ගසක් දැක කඩා මල්කඩක් ගොතා බුදුරජානන් වහන්සේට පිදීමි.

1985. තිංසකප‍්පසහස‍්සම‍්හි යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1985. තිස් දහස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.

1986. ඌනවීසෙ කප‍්පසතෙ සොළසාසිංසු නිම‍්මිතා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1986. එකුන්විසිවන කප්සියෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

1987. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1987. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා වටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් වටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වටංසකියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

වටංසකියස්ථවිරාවදානය නවවැනි යි.

150. පල‍්ලඞ‍්කදායකත්‍ථෙරාපදානං

150. පල්ලඞ්කදායක ස්ථවිරාවදානය

1988. සුමෙධස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, පල‍්ලඞ‍්කො හි මයා දින‍්නො සඋත‍්තර සපච‍්ඡදො.

1988. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් සහ ඇතිරි සහිත පලගක් මා විසින් දෙන ලදී.

1989. සත‍්තරතනසම‍්පන‍්නො පල‍්ලඞ‍්කො ආසි සො තදා, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය නිබ‍්බත‍්තති සදා මම.

1989. එකල්හි එය සත්රුවනින් යුත් පලගෙක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යඞ්ක) උපදී.

1990. තිංසකප‍්පසහස‍්සම‍්හි පල‍්ලඞ‍්කමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පල‍්ලඞ‍්කස‍්ස ඉදං ඵලං.

1990. තිස්දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පලගක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.

1991. වීසකප‍්පසහස‍්සම‍්හි සුවණ‍්ණාභා තයො ජනා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1991. විසිදහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.

1992. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1992. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පල‍්ලඞ‍්කදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් පල්ලඞ්කදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පල‍්ලඞ‍්කදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පල්ලඞ්කදායකස්ථවිරාවදානය දසවැනියි.

උද‍්දානං:

උද්දානය:

ඡත‍්තං ථම‍්භො ච වෙදි ච පරිවාරුම‍්මපුප‍්ඵියො අනුලෙපො මග‍්ගදායී ඵලකදායී වටංසකො පල‍්ලඞ‍්කදායී ගාථායො ඡපඤ‍්ඤාස පකිත‍්තිතා.

ඡත්ත ථම්භ වේදී පරිවාර උම්මපුප්ඵි අනුලේප මග්ගදායී ඵලකදායී වටංසක පල්ලඞ්කදායී වත් දස සපණස්ගයින් බැඳියේ.

ඡත‍්තවග‍්ගො පණ‍්ණරසමො.

ජත්තවර්‍ගය පසළොස්වැනි යි.