යෙදුමෙන් කියවන්න

140. පියාලඵලදායකත්‍ථෙරාපදානං

140. පියාලඵලදායකත්‍ථෙරාපදානං.

140. පියාලඵලදායක ස්ථවිරාවදානය

1934. පාරාධකො තදා ආසිං පරපාණුපරොධකො, පබ‍්භාරෙ සෙය්‍යං කප‍්පෙමි අවිදූරෙ සිඛිසත්‍ථුනො.

1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.

1935. සායං පාතඤ‍්ච පස‍්සාමි බුද‍්ධං ලොකග‍්ගනායකං, දෙය්‍යධම‍්මො ච මෙ නත්‍ථි දිපදින්‍දස‍්ස තාදිනො.

1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්‍මයකුදු මට නැත.

1936. පියාලඵලමාදාය අගමං බුද‍්ධසන‍්තිකං, පටිග‍්ගහෙසි භගවා ලොකජෙට‍්ඨො නරාසභො.

1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.

1937. තතො පරං උපාදාය පරිවාරං විනායකං, තෙන චිත‍්තප‍්පසාදෙන තත්‍ථ කාලකතො අහං.

1937. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.

1938. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං අහං, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.

1939. ඉතො පණ‍්ණරසෙ කප‍්පෙ තයො ආසුං පියාලිනො, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.

1940. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1940. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පියාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පියාලඵලදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.

සොභිතවග‍්ගො චුද‍්දසමො.

තුදුස්වැනි සෝභිත වර්‍ගය යි.

උද‍්දානං:

උද්දානය:

සොභිතො සුදස‍්සනො ච චන්‍දනො පුප‍්ඵඡදනො රහො චම‍්පකපුප‍්ඵී ච අත්‍ථසන්‍දස‍්සකෙන ච එකපසාදී සාලදදො දසමො ඵලදායකො ගාථායො සත‍්තති ද‍්වෙ ච ගණිතායො විභාවිහි.

සෝභිත සුදස්සන - චන්‍දන පුප්ඵඡදන රහෝ චම්පකපුප්ඵී - අත්‍ථසන්‍දස්සක සහ ඒකපසාදි සාලද - ඵලදායකැයි වත්දස එය දෙසැත්තෑගකින් - පිඬු කොට මෙහි කියනලදී.

සොභිතවග‍්ගො චුද‍්දසමො.

සෝභිත වර්‍ගය තුදුස් වැනි යි.