138. එකපසාදනියත්ථෙරාපදානං
138. එකපසාදනියත්ථෙරාපදානං.
138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
1923. නාරදො ඉති මෙ නාමං කෙසවො ඉති මං විදූ, කුසලාකුසලං එසං අගමං බුද්ධසන්තිකං.
1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්‍රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
1924. මෙත්තචිත්තො කාරුණිකො අත්ථදස්සී මහාමුනි, අස්සාසයන්තො සත්තෙ සො ධම්මං දෙසෙති චක්ඛුමා.
1924. මෛත්‍රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්ථදස්සී සර්වඥ තෙම සත්ත්වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සකං චිත්තං පසාදෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සත්ථාරං අභිවාදෙත්වා පක්කාමිං පාචිනාමුඛො.
1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සත්තරසෙ කප්පසතෙ රාජා ආසිං මහීපති, අමිත්තතාපනො නාම චක්කවත්තී මහබ්බලො.
1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
1927. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1927. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා එකපසාදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකපසාදනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
139. සාලපුප්ඵදායකත්ථෙරාපදානං
139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
1928. මිගරාජා තදා ආසිං අභිජාතො සුකෙසරී, ගිරිදුග්ගං ගවෙසන්තො අද්දසං ලොකනායකං.
1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
1929. අයං නුඛො මහාවීරො නිබ්බාපෙති මහාජනං, යන්නූනාහං උපාසෙය්යං දෙවදෙවං නරාසභං.
1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
1930. සාඛං සාලස්ස භඤ්ජිත්වා සකොසං පුප්ඵමාහරිං, උපාගන්ත්වාන සම්බුද්ධං අදාසිං පුප්ඵමුත්තමං.
1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1932. ඉතො ච නවමෙ කප්පෙ විරොචන සනාමකා, තයො ආසිංසු රාජානො චක්කවත්තී මහබ්බලො.
1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
1933. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1933. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සාලපුප්ඵදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලපුප්ඵදායකත්ථෙරස්ස අපදානං නවමං.
සාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.