137. අත්ථසන්දස්සකෙත්ථරාපදානං
137. අත්ථසන්දස්සකෙත්ථරාපදානං.
137. අත්ථසන්දස්සක ස්ථවිරාවදානය
1915. විසාලමාලෙ ආසීනො අද්දසං ලොකනායකං, ඛීණාසවං බලප්පත්තං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්ෂීණාස්රව වූ බලප්රාප්ත වූ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
1916. සතසහස්සා තෙවිජ්ජා ඡළභිඤ්ඤා මහිද්ධිකා, පරිවාරෙන්ති සම්බුද්ධං කො දිස්වා නප්පසීදති.
1916. ත්රිවිද්යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
1917. ඤාණෙ උපනිධා යස්ස න විජ්ජති සදෙවකෙ, අනන්තඤාණං සම්බුද්ධං කො දිස්වා නප්පසීදති.
1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
1918. ධම්මකායඤ්ච දීපෙන්තං කෙවලං රතනාකරං, විකොපෙතුං න සක්කොන්ති කො දිස්වා නප්පසීදති.
1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
1919. ඉමාහි තීහි ගාථාහි නාරදො සරගච්ඡියො, පදුමුත්තරං ථවිත්වාන සම්බුද්ධං අපරාජිතං.
1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
1920. තෙන චිත්තප්පසාදෙන බුද්ධසන්ථවනෙන ච, කප්පානං සතසහස්සං දුග්ගතිං නුපපජ්ජහං.
1920. මම ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
1921. ඉතො තිංසෙ කප්පසතෙ සුමිත්තො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
1922. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා අත්ථසන්දස්සකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් අත්ථසන්දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අත්ථසන්දස්සකත්ථෙරස්ස අපදානං සත්තමං.
අත්ථසන්දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.