135. රහොසඤ්ඤකත්ථෙරාපදානං
135. රහොසඤ්ඤකත්ථෙරාපදානං
135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
1902. හිමවන්තස්සාවිදූරෙ වසභො නාම පබ්බතො, තස්මිං පබ්බතපාදම්හි අස්සමො ආසි මාපිතො.
1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්වතයක් විය. එම පර්වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
1903. තීණි සිස්සසහස්සානි වාචෙසිං බ්රාහ්මණො තදා, සංහරිත්වාන තෙ සිස්සෙ එකමන්තං උපාවිසිං.
1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
1904. එකමන්තං නිසීදිත්වා බ්රාහ්මණො මන්තපාරගූ, බුද්ධවෙදං ගවෙසන්තො ඤාණෙ චිත්තං පසාදයිං.
1904. මන්ත්රයන්හි පරතෙරට ගිය බ්රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
1905. තත්ථ චිත්තං පසාදෙත්වා නිසීදිං පණ්ණසන්ථරෙ, පල්ලඞ්කමාභුජිත්වාන තත්ථ කාලකතො අහං.
1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
1906. එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
1907. සත්තවීසතිකප්පම්හි රාජා සිරිධරො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
1908. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1908. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා රහොසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
රහොසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
රහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
136. චම්පකපුප්ඵියත්ථෙරාපදානං.
136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
1909. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, ඔභාසෙන්තං දිසා සබ්බා ඔසධිං විය තාරකං.
1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
1910. තයො මාණවකා ආසුං සකෙ සිප්පෙ සුසික්ඛිතා, ඛාරිභාරං ගහෙත්වාන අන්වෙන්ති මම පච්ඡතො.
1910. ස්වකීය බ්රාහ්මණධර්ම සඞ්ඛ්යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
1911. පුටකෙ සත්ත පුප්ඵානි නික්ඛිත්තානි තපස්සිනා, ගහෙත්වා තානි ඤාණම්භි වෙස්සභුස්සාභිරොපයිං.
1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්වඥතාඥානයට පිදීමි.
1912. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ඤාණපූජායිදං ඵලං.
1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1913. එකූනතිංසෙ කප්පම්හි විපුලාභ සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
1914. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1914. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා චම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
චම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.