14. සොභිතවග්ගො අට්ඨකථා
14. සෝභිත වර්ගය
131. සොභිතත්ථෙරඅපදානවණ්ණනා
131. සෝභිත ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො සොභිතත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා එකදිවසං සත්ථාරා ධම්මෙ දෙසියමානෙ සොමනස්සෙන පසන්නමානසො නානප්පකාරෙහි ථොමෙසි. සො තෙනෙව සොමනස්සෙන කාලං කත්වා දෙවෙසු නිබ්බත්තො තත්ථ දිබ්බසුඛං අනුභවිත්වා මනුස්සෙසු ච මනුස්සසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තො සත්තවස්සිකොව පබ්බජිත්වා නචිරස්සෙව ඡළභිඤ්ඤො අරහා අහොසි.
පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය පිහිටුවා එක් දවසක් ශාස්තෲන් වහන්සේ විසින් දහම් දෙසනු ලබන කල්හි උන්වහන්සේ කෙරෙහි පැහැදුනු සිතැත්තේ නොයෙක් ආකාරයෙන් ස්තුති කළේය. හේ එම සොම්නසින් ම කලුරිය කොට දෙවියන් අතර උපන්නේ එහි දිව්‍යසැප අනුභවකොට මිනිසුන් අතර මිනිස් සැපද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක උපන්නේ සත්හැවිරිදි වියෙහිදී ම පැවිදිව නොබෝ කලකින් ෂට් අභිඥා සහිතව රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙවාති.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියූ පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
සොභිතත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සොභිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
132. සුදස්සනත්ථෙරඅපදානවණ්ණනා
132. සුදස්සන ථේර අපදාන වර්ණනාව
විත්ථතාය නදීතීරෙතිආදිකං ආයස්මතො සුදස්සනත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ කතපුඤ්ඤූපචයො සිඛිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා වසන්තො විත්ථතාය නාම ගඞ්ගාය සමීපෙ පිලක්ඛුඵලිතං පරියෙසන්තො තස්සා තීරෙ නිසින්නං ජලමානඅග්ගිසිඛං ඉව සිඛිං සම්මාසම්බුද්ධං දිස්වා පසන්නමානසො කෙතකීපුප්ඵං වණ්ටෙනෙව ඡින්දිත්වා පූජෙන්තො එවමාහ – “භන්තෙ, යෙන ඤාණෙන ත්වං එවං මහානුභාවො සබ්බඤ්ඤුබුද්ධො ජාතො, තං ඤාණං අහං පූජෙමී”ති. අථ භගවා අනුමොදනමකාසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු ජාතො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො සත්ථරි පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
විත්ථතාය නදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා වසන්නේ විත්ථතා නම් ගංගාව සමීපයෙහි (පිලක්ඛුඵලිතං) පලදරන පුලිල ගසක් සොයන්නේ ඒ ඒ ගංගා කීරයෙහි දැල්වෙන ගින්නක් මෙන් වැඩහුන් සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැටකේ මලක් නටුව සමගම කඩා පුදමින් මෙසේ කීය. ස්වාමීනි, යම් ඥානයකින් ඔබවහන්සේ මෙසේ මහානුභාව සම්පන්නව, සර්වඥ බුදුවරයෙක් වූ සේක්ද ඒ ඥානය මම පුදමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර ඉපිද උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
සො අත්තනො කතකුසලං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො විත්ථතාය නදීතීරෙතිආදිමාහ. තත්ථ විත්ථතායාති විත්ථරති පත්ථරති විත්ථිණ්ණා හොතීති විත්ථතා, නදන්ති සද්දං කරොන්ති ඉතා ගතා පවත්තාති නදී, නදිං තරන්තා එතං පත්වා තිණ්ණා නාම හොන්තීති තීරං, තස්සා විත්ථතාය නදියා තීරෙ තීරසමීපෙති අත්ථො. කෙතකිං පුප්ඵිතං දිස්වාති කුච්ඡිතාකාරෙන ගණ්හන්තානං හත්ථං කණ්ඩකො ඡින්දති විජ්ඣතීති කෙතං, කෙතස්ස එසා කෙතකීපුප්ඵං, තං දිස්වා වණ්ටං ඡින්දිත්වාති සම්බන්ධො.
උන්වහන්සේ තමා කරන කුසල සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘විත්ථතාය නදීතීරෙ’ යනාදිය කීහ. එහි විත්ථතාය යනු විත්ථරති පැතිරේ, විස්තීර්ණ වේනුයි විත්ථතා නමි. නදන්ති ශබ්ද කෙරෙත්නුයි ඉතා ගියාහු පැවතියාහුය නදී නමි. එයට පැමිණ තරණය කළාහු තීරං නමි. ඒ නදියෙහි තීරය සමීපයෙහි යන අර්ථයි. කෙතකං පුප්ඵිතං දිස්වා පහත් අයුරින් ගන්නවුන්ගේ අත කටු ඇනේනුයි කෙත නමි. කේතගේ මෙයනුයි කෙතකංපුප්ඵං. එය දැක නටුව කඩා යනු සම්බන්ධයි.
සිඛිනො ලොකබන්ධුනොති සිඛී වුච්චති අග්ගි, සිඛීසදිසා නීලපීතාදිභෙදා ජලමානා ඡබ්බණ්ණඝනරංසියො යස්ස සො සිඛී, ලොකස්ස සකලලොකත්තයස්ස බන්ධු ඤාතකොති ලොකබන්ධු, තස්ස සිඛිනො ලොකබන්ධුනො කෙතකීපුප්ඵං වණ්ටෙ ඡින්දිත්වා පූජෙසින්ති සම්බන්ධො. සෙසං උත්තානත්ථමෙවාති.
සිඛිනො ලොකබන්ධුනො යනු සිඛී යනු ගින්නයි. ගිනි හා සමාන නීලපීත ආදී භේදයෙන් යුතු දිලෙන සවණක් රැස් යමකුට වේද හේ සිඛී නමි. ඒ ලොකස්ස සියලු තුන්ලෝකයෙහි බන්ධු ඥාතියා යනු ලොකබන්ධු නමි. ඒ ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට වැටකේ මලක් නටුවෙන් කඩා පිදුවෙමි යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සුදස්සනත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සුදස්සන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
133. චන්දනපූජනකත්ථෙරඅපදානවණ්ණනා
133. චන්දනපූජක ථේර අපදාන වර්ණනාව
චන්දභාගානදීතීරෙතිආදිකං ආයස්මතො චන්දනපූජනකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ හිමවන්තෙ චන්දභාගානදියා සමීපෙ කින්නරයොනියං නිබ්බත්තො පුප්ඵභක්ඛො පුප්ඵනිවසනො චන්දනඅගරුආදීසු ගන්ධවිභූසිතො හිමවන්තෙ භුම්මදෙවතා විය උය්යානකීළජලකීළාදිඅනෙකසුඛං අනුභවන්තො වාසං කප්පෙසි. තදා අත්ථදස්සී භගවා තස්සානුකම්පාය හිමවන්තං ගන්ත්වා ආකාසතො ඔරුය්හ සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා නිසීදි. සො කින්නරො තං භගවන්තං විජ්ජොතමානං තත්ථ නිසින්නං දිස්වා පසන්නමානසො සුගන්ධචන්දනෙන පූජෙසි. තස්ස භගවා අනුමොදනං අකාසි.
චන්දභාගා නදී තීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් චන්දනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත චන්දභාගා නදිය සමීපයෙහි කින්නර යෝනියෙහි ඉපිද මල් අනුභව කරන්නේ මල් හඳින්නේ සඳුන් අගිල් ආදියෙහි සුවඳින් විභූෂිත වූයේ හිමවතෙහි බූමාටු දෙවියකු මෙන් උයන් දියකෙළි ආදී නොයෙක් සැප අනුභව කරමින් වාසය කළේය. එකල්හි අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩ අහසින් බැස සඟල සිවුර පනවා වැඩහුන් සේක. ඒ කිඳුරා ඒ භාග්‍යවතුන් වහන්සේ බබලමින් එහි වැඩහිඳිනු දැක පහන් සිතැත්තේ සුවඳ සඳුනින් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
සො තෙන පුඤ්ඤෙන තෙන සොමනස්සෙන යාවතායුකං ඨත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං ඡ කාමාවචරසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු චක්කවත්තිරජ්ජපදෙසරජ්ජසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො චන්දභාගානදීතීරෙතිආදිමාහ. තත්ථ චන්දං මනං රුචිං අජ්ඣාසයං ඤත්වා විය ජාතොති චන්දො. චන්දමණ්ඩලෙන පසන්නනිම්මලොදකෙන උභොසු පස්සෙසු මුත්තාදලසදිසසන්ථරධවලපුලිනතලෙන ච සමන්නාගතත්තා චන්දෙන භාගා සදිසාති චන්දභාගා, තස්සා චන්දභාගාය නදියා තීරෙ සමීපෙති අත්ථො. සෙසං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙවාති.
හේ ඒ පිනින් ඒ සොම්නසින් දිවි ඇති තෙක් සිට එයින් චුත වූයේ දෙව්ලොව ඉපිද වරින්වර ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ප්‍රදේශ රාජ්‍ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘චන්දභාගා නදීතීරෙ’ යනාදිය කීය. එහි චන්දං සිත රුචිං අධ්‍යාශය දැන මෙන් උපන්නේනුයි චන්දො නමි. චන්ද්‍ර මණ්ඩලයෙන් ප්‍රසන්න නිර්මල ජලයෙන් දෙපැත්තේම මුතුදැල් හා සමාන සුදුවැලි තලයෙන්ද යුක්ත වූ බැවින් චන්ද්‍රයා හා සමාන පැති අයට ඇත්තේනුයි චන්දභාගා නමි. ඒ නදී තෙර සමීපයෙහි යන අර්ථයි. සෙසු සියල්ල යට කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
චන්දනපූජනකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
චන්දනපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අට්ඨමභාණවාරවණ්ණනා සමත්තා.
අටවැනි බණවර වර්ණනාව සමාප්තයි.
134. පුප්ඵච්ඡදනියත්ථෙරඅපදානවණ්ණනා
134. පුප්ඵඡදන ථේර අපදාන වර්ණනාව
සුනන්දො නාම නාමෙනාතිආදිකං ආයස්මතො පුප්ඵච්ඡදනියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සකසිප්පෙසු නිප්ඵත්තිං පත්තො මහාභොගො මහායසො දානාභිරතො අහොසි. එකදිවසං සො “සකලජම්බුදීපෙ ඉමෙ යාචකා නාම ‘අහං දානං න ලද්ධොස්මී’ති වත්තුං මා ලභන්තූ”ති මහාදානං සජ්ජෙසි. තදා පදුමුත්තරො භගවා සපරිවාරො ආකාසෙන ගච්ඡති. බ්රාහ්මණො තං දිස්වා පසන්නචිත්තො සකසිස්සෙ පක්කොසාපෙත්වා පුප්ඵානි ආහරාපෙත්වා ආකාසෙ උක්ඛිපිත්වා පූජෙසි. තානි සකලනගරං ඡාදෙත්වා සත්ත දිවසානි අට්ඨංසු.
සුනන්දොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ මහාභෝග ඇත්තේ මහා යසස් ඇත්තේ දන්දීමෙහි ඇලුණේ විය. එක් දවසක් සියලු දඹදිව මේ යාචකයෝ නම් මම දානය නොලබන ලද්දේ වෙමි කියන්නට නොලබත්වා යි! මහා දානයක් පිළියෙල කළේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිතව අහසින් වඩනා සේක. බමුණා උන්වහන්සේ දැක පහන් සිතැත්තේ සිය සිසුන් කැඳවා මල් ගෙන්වාගෙන අහසෙහි උඩට දමා පූජා කළේය. ඒවා මුළුනුවර වසා සත් දවසක් සිටියේය.
සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො සද්ධාජාතො පබ්බජිත්වා ඛුරග්ගෙයෙව අරහත්තං පත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුනන්දො නාම නාමෙනාතිආදිමාහ. තං හෙට්ඨා වුත්තනයත්තා සුවිඤ්ඤෙය්යමෙවාති.
හේ ඒ පින්කමින් දෙවි මිනිසුන් අතර සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදිව හිසකෙස් මුඩුකරනවිට රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුනන්දොනාම නාමෙන යනාදිය කීය. එය යට කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේමය.
පුප්ඵච්ඡදනියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පුප්ඵඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
135. රහොසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා
135. රහෝසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො රහොසඤ්ඤකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො එකස්මිං බුද්ධසුඤ්ඤකාලෙ මජ්ඣිමදෙසෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සකසිප්පෙසු නිප්ඵත්තිං පත්වා තත්ථ සාරං අපස්සන්තො කෙවලං උදරං පූරෙත්වා කොධමදමානාදයො අකුසලෙයෙව දිස්වා ඝරාවාසං පහාය හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අනෙකතාපසසතපරිවාරො වසභපබ්බතසමීපෙ අස්සමං මාපෙත්වා තීණි වස්සසහස්සානි හිමවන්තෙයෙව වසමානො “අහං එත්තකානං සිස්සානං ආචරියොති සම්මතො ගරුට්ඨානියො ගරුකාතබ්බො වන්දනීයො, ආචරියො මෙ නත්ථී”ති දොමනස්සප්පත්තො තෙ සබ්බෙ සිස්සෙ සන්නිපාතෙත්වා බුද්ධානං අභාවෙ නිබ්බානාධිගමාභාවං පකාසෙත්වා සයං එකකො රහො විවෙකට්ඨානෙව නිසින්නො බුද්ධස්ස සම්මුඛා නිසින්නො විය බුද්ධසඤ්ඤං මනසි කරිත්වා බුද්ධාරම්මණං පීතිං උප්පාදෙත්වා සාලායං පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො කාලං කත්වා බ්රහ්මලොකෙ නිබ්බත්ති.
හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් රහො සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ එක් බුදු කෙනකුන් නැති කලක මධ්‍යම දේශයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ හුදෙක් බඩම පුරවාගෙන ක්‍රෝධය මානය ආදිය අකුසලයෙහි ම ඵල සේ දැක ගෘහවාසය අත්හැර හිමවතට පිවිස සෘෂි පැවිද්දෙන් පැවිදි ව නොයෙක් සියගණන් තවුසන් පිරිවරකොට ඇත්තේ වසභ පර්වත සමීපයෙහි ආශ්රමයක් මවා වර්ෂ තුන්දහසක් හිමවතෙහිම වසමින් මම මෙපමණක් සිසුන්ට ගුරුවරයා යයි සම්මත වූ ගුරුතන්හි තැබිය යුතු ගරු කටයුතු වන්දනීය වූ ගුරුවරයෙක් මට නැතැයි දොම්නසට පත්වූයේ ඒ සියලු ශිෂ්‍යයන් රැස්කරවා බුදුවරුන් නැතිකල්හි නිර්වාණ අධිගමයක් නැති බව ප්‍රකාශකොට, තමා හුදෙකලාව රහසින් විවේකස්ථානයෙහි ම හුන්නේ බුදුන් හමුවෙහි හුන්නාක් මෙන් බුද්ධ සංඥාව සිතෙහි තබා බුදුන් අරමුණු කොට ගත් ප්‍රීතිය උපදවාගෙන ශාලාවෙහි පර්යංකයක් බැඳගෙන හුන්නේ කලුරිය කොට බඹලොව උපන්නේ ය.
සො තත්ථ ඣානසුඛෙන චිරං වසිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො කාමෙසු අනල්ලීනො සත්තවස්සිකො පබ්බජිත්වා ඛුරග්ගෙයෙව අරහත්තං පත්වා ඡළභිඤ්ඤො හුත්වා පුබ්බෙනිවාසඤාණෙන අත්තනො පුබ්බකම්මං සරිත්වා සඤ්ජාතසොමනස්සො පුබ්බචරිතාපදානං පකාසෙන්තො හිමවන්තස්සාවිදූරෙතිආදිමාහ. වසභො නාම පබ්බතොති හිමවන්තපබ්බතං විනා සෙසපබ්බතානං උච්චතරභාවෙන සෙට්ඨතරභාවෙන වසභොති සඞ්ඛං ගතො පබ්බතොති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එහි ධ්‍යාන සුඛයෙන් බොහෝකල් වැස මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද කාමයන්හි නොඇලුණේ සත්වස් ඇත්තේ පැවිදිව හිසකෙස් මුඩුකරද්දී ම රහත්බවට පැමිණ ෂට් අභිඥා ඇත්තෙක් ව පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණින් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදුරෙ’ ආදිය කීය. වසභො නාම පබ්බතො යනු හිමවත් පව්ව හැර සෙසු පර්වතවල වඩා උස්බව නිසා ශ්‍රේෂ්ඨතර බව නිසා වසභයයි. ප්‍රසිද්ධියට ගිය පර්වතය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.
රහොසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
රහොසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
136. චම්පකපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
136. චම්පකපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
කණිකාරංව ජොතන්තන්තිආදිකං ආයස්මතො චම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො වෙස්සභුස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො සකසිප්පෙසු නිප්ඵත්තිං පත්වා තත්ථ සාරං අපස්සන්තො ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා වනන්තරෙ වසන්තො වෙස්සභුං භගවන්තං උද්දිස්ස සිස්සෙහි ආනීතෙහි චම්පකපුප්ඵෙහි පූජෙසි. භගවා අනුමොදනං අකාසි. සො තෙනෙව කුසලෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පාපුණිත්වා පුබ්බවාසනාබලෙන ඝරාවාසෙ අනල්ලීනො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
කණිකාරංව ජොතන්තං යනාදි වශයෙන් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පත්ව එහි හරයක් නොදැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව වනාන්තරයෙහි වසන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිසුන් විසින් ගෙනඑනු ලැබූ සපුමල් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ කුසලයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ පූර්ව වාසනා බලයෙන් ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව නොබෝ කලකින් රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බපුඤ්ඤකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො කණිකාරංව ජොතන්තන්තිආදිමාහ. තත්ථ කණිකාරන්ති සකලපත්තපලාසානි පරිභජ්ජ පාතෙත්වා පුප්ඵගහණසමයෙ කණ්ණිකාබද්ධො හුත්වා පුප්ඵමකුළානං ගහණතො කණ්ණිකාකාරෙන පකතොති කණිකාරො, “කණ්ණිකාරො”ති වත්තබ්බෙ නිරුත්තිනයෙන එකස්ස පුබ්බ ණ-කාරස්ස ලොපං කත්වා “කණිකාර”න්ති වුත්තන්ති දට්ඨබ්බං. තං පුප්ඵිතං කණිකාරරුක්ඛං ඉව ජොතන්තං බුද්ධං අද්දසන්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
හේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘කණිකාරංව ජොතන්තං’ යනාදිය කීය. එහි කණිකාරං යනු සියලු කොළ පරඬැල් අත්හැර මල් හටගන්නා කල්හි කැකුලක්ව මල්කෙමි හටගන්නා බැවින් කර්ණිකා කාරයෙන් උපන්නේ යයි කණිකාර නමි. කර්ණිකා කෙරේනුයි කියයුතු තන්හි නිරුක්ති නියමයෙන් අකුරු ලොප්කොට කණිකාරයයි කියන ලදැයි දතයුත්තේය. ඒ පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
චම්පකපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
137. අත්ථසන්දස්සකත්ථෙරඅපදානවණ්ණනා
137. අත්‍ථසන්‍දස්සක ථේර අපදාන වර්ණනාව
විසාලමාළෙ ආසීනොතිආදිකං ආයස්මතො අත්ථසන්දස්සකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකෙසු අත්තභාවෙසු කතපුඤ්ඤූපචයො පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සකසිප්පෙසු නිප්ඵත්තිං පත්තො තත්ථ සාරං අපස්සන්තො ගෙහං පහාය හිමවන්තං ගන්ත්වා රමණීයෙ ඨානෙ පණ්ණසාලං කත්වා පටිවසති, තදා සත්තානුකම්පාය හිමවන්තමාගතං පදුමුත්තරභගවන්තං දිස්වා පසන්නමානසො පඤ්චඞ්ගසමන්නාගතො වන්දිත්වා ථුතිවචනෙහි ථොමෙසි. සො තෙන පුඤ්ඤෙන යාවතායුකං කත්වා කාලඞ්කත්වා බ්රහ්මලොකූපගො අහොසි. සො අපරභාගෙ ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා අරහත්තං පාපුණි.
විසාල මාලෙ ආසීනො යනාදි වශයෙන් ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ආත්ම භාවයන්හි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පත්වූයේ එහි හරයක් නැති බව දැන ගිහිගෙය අත්හැර හිමවතට ගොස් රමණීය ස්ථානයක පන්සලක් කොට වාසය කරයි. එකල්හි සත්වානුකම්පාවෙන් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පහන් සිතැත්තේ පසඟ පිහිටුවා වැඳ ස්තුති වචනයන්ගෙන් ප්‍රශංසා කළේය. හේ ඒ පිනින් දිවි ඇතිතෙක් සිට කලුරියකොට බ්‍රහ්ම ලෝකයට පැමිණියේ විය. හේ පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව රහත්බවට පත්විය.
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො විසාලමාළෙ ආසීනොතිආදිමාහ. තත්ථ විසාලමාළෙති විසාලං පත්ථටං විත්ථිණ්ණං මහන්තං මාළං විසාලමාළං, තස්මිං විසාලමාළෙ ආසීනො නිසින්නො අහං ලොකනායකං අද්දසන්ති සම්බන්ධො. තෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
ඉන්පසු උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘විසාල මාලෙ ආසීනො’ යනාදිය කීහ. එහි විසාල මාලෙ යනු විසාල පැතිරුණු විස්තීර්ණ වූ මහා මල් ඇත්තේ යම් තැනකද එය විසාලමාලා නමි. ඒ විසාල මාලයෙහි. ආසීනො හුන් මම ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
අත්ථසන්දස්සකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
අත්‍ථසන්‍දස්සක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
138. එකපසාදනියත්ථෙරඅපදානවණ්ණනා
138. ඒකපසාදනිය ථේර අපදාන වර්ණනාව
නාරදො ඉති මෙ නාමන්තිආදිකං ආයස්මතො එකපසාදනියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු කතකුසලො අත්ථදස්සිස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො කෙසවොති පාකටො හුත්වා විඤ්ඤුතං පත්වා ඝරාවාසං පහාය පබ්බජිත්වා වසන්තො එකදිවසං සත්ථු ධම්මදෙසනං සුත්වා පසන්නමානසො අඤ්ජලිං පග්ගය්හ අතිවිය පීතිසොමනස්සජාතො පක්කාමි. සො යාවතායුකං ඨත්වා තෙනෙව සොමනස්සෙන කාලං කත්වා දෙවෙසු නිබ්බත්තො තත්ථ දිබ්බසම්පත්තිං අනුභවිත්වා මනුස්සෙසු උප්පන්නො තත්ථ සම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ අඤ්ඤතරස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
නාරදො ඉති මෙ නාමං යනාදි වශයෙන් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි කරන ලද කුසල් ඇත්තේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද කේසව යයි ප්‍රකට වූයේ වී දැනමිති බවට පැමිණ ගෘහවාසය අත්හැර පැවිදිව පැවිදි සුවෙන් වසයි. හේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ඇඳිලිබැඳ අතිශයින් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ පෙරදිග දෙසට ගියේය. හේ දිවි ඇති තෙක් සිට ඒ සොම්නසින්ම කලුරියකොට දෙවියන් අතර ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභව කොට මිනිසුන් අතර ඉපිද එහි මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවියපත් වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො කතකුසලකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො නාරදො ඉති මෙ නාමන්තිආදිමාහ. තත්ථ නාරදොති ජාතිවසෙන සුද්ධසරීරත්තා නත්ථි රජො ධූලි මලං එතස්සාති නාරදො, ජ-කාරස්ස ද-කාරං කත්වා නාරදොති කුලදත්තිකං නාමං. කෙසවොති කිසවච්ඡගොත්තෙ ජාතත්තා කෙසවො නාරදකෙසවො ඉති මං ජනා විදූ ජානන්තීති අත්ථො. සෙසං පාකටමෙවාති.
උන්වහන්සේ පසුකලෙක තමාගේ කළ කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘නාරදො ඉති මෙ නාමං’ යනාදිය කීහ. එහි නාරදො යනු ජාති වශයෙන් පිරිසිදු ශරීර ඇත්තේ, මොහුගේ සිතෙහි රජස් දූලි නැත්තේනුයි නාරද නමි. ජ කාරයට ද කාර ආදේශය. නාරද යනු කුලයෙන් දෙන ලද නමයි. කෙසවො යනු කිසවච්ඡ ගෝත්‍රයෙහි උපන් බැවින් කෙසවනමි. නාරද කේසව යනුවෙන් ජනයා මා විදූ දනිතියි අර්ථයි. සෙස්ස ප්‍රකටමය.
එකපසාදනියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
එකපසාදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
139. සාලපුප්ඵදායකත්ථෙරඅපදානවණ්ණනා
139. සාලපුප්ඵදායක ථේර අපදාන වර්ණනාව
මිගරාජා තදා ආසින්තිආදිකං ආයස්මතො සාලපුප්ඵදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ කතකුසලසඤ්චයො කෙනචි කම්මච්ඡිද්දෙන හිමවන්තෙ සීහයොනියං නිබ්බත්තො අනෙකසීහපරිවාරො විහාසි. තදා සිඛී භගවා තස්සානුකම්පාය හිමවන්තං අගමාසි. සීහො තං උපගතං දිස්වා පසන්නමානසො සාඛාභඞ්ගෙන සකණ්ණිකසාලපුප්ඵං ගහෙත්වා පූජෙසි. භගවා තස්ස අනුමොදනං අකාසි.
මිගරාජා තදා ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන කරන ලද කුසල් රැස්කිරීම් ඇත්තේ කිසියම් කර්ම දෝෂයකින් හිමවතෙහි සිංහ යෝනියෙහි ඉපිද නොයෙක් සිංහයන් පිරිවර කොට වාසය කළේය. එකල්හි සිඛී භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. සිංහයා උන්වහන්සේ පැමිණි බව දැක පහන් සිතැත්තේ සල් අත්තක් බිඳ නටුව සහිත සල්මලක් ගෙන පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථරි පසන්නො පබ්බජිත්වා අරහත්තං පත්තො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො මිගරාජා තදා ආසින්තිආදිමාහ. තත්ථ මරණං ගච්ඡන්තීති මිගා, අථ වා ඝාසං මග්ගන්ති ගවෙසන්තීති මිගා, මිගානං රාජා මිගරාජා. සකලචතුප්පදානං රාජභාවෙ සතිපි ගාථාබන්ධසුඛත්ථං මිගෙ ආදිං කත්වා මිගරාජාති වුත්තං. යදා භගවන්තං දිස්වා සපුප්ඵං සාලසාඛං භඤ්ජිත්වා පූජෙසිං, තදා අහං මිගරාජා අහොසින්ති අත්ථො.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව රහත් බවට පත්වූයේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘මිගරාජා තදා ආසිං’ යනාදිය කීය. එහි මරණයට යත්නුයි මිගා, ගොදුරු මග්ගන්ත සොයත්නුයි මිගා, මුවන්ගේ රජ මිගරාජා. සියලු සිව්පාවුන්ට රජබව ඇතිකල්හිද ගාථා බන්ධන පහසුව පිණිස මිගෙ ආදිකොට මිගරාජා යයි කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ දැක මල් සහිත සල් අත්තක් බිඳ පූජා කෙළෙමි. එකල්හි මම මුවරජ වීමි යන අර්ථයි.
සකොසං පුප්ඵමාහරින්ති සකණ්ණිකං සාලපුප්ඵං ආහරිං පූජෙසින්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
සකෙටං පුප්ඵමාහරිං යනු නටුව සහිත (සකන්තිකං) සල්මල ආහරිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේමය.
සාලපුප්ඵදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සාලපුප්ඵදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
140. පියාලඵලදායකත්ථෙරඅපදානවණ්ණනා
140. පියාලඵලදායක ථේර අපදාන වර්ණනාව
පරොධකො තදා ආසින්තිආදිකං ආයස්මතො පියාලඵලදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිඛිස්ස භගවතො කාලෙ නෙසාදකුලෙ නිබ්බත්තො හිමවන්තෙ එකස්මිං පබ්භාරෙ මිගෙ වධිත්වා ජීවිකං කප්පෙත්වා වසති. තස්මිං කාලෙ තත්ථ ගතං සිඛිං භගවන්තං දිස්වා පසන්නමානසො සායං පාතං නමස්සමානො කඤ්චි දෙය්යධම්මං අපස්සන්තො මධුරානි පියාලඵලානි උච්චිනිත්වා අදාසි. භගවා තානි පරිභුඤ්ජි. සො නෙසාදො බුද්ධාරම්මණාය පීතියා නිරන්තරං ඵුට්ඨසරීරො පාපකම්මෙ විරත්තචිත්තො මූලඵලාහාරො නචිරස්සෙව කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්ති.
පරොධකො තදා ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් පියාලඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වැදි කුලයෙහි ඉපිද හිමවතෙහි එක් බෑවුමක මුවන් මරා ජීවිකාව කරමින් වාසය කරයි. එකල්හි එහි පැමිණි සිඛී භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ උදය සවස නමස්කාර කරමින් කිසියම් දියයුතු දෙයක් නොදක්නේ මිහිරි මොරගෙඩි නෙලා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඒවා වැළඳූ සේක. ඒ වැද්දා බුද්ධාලම්බන ප්‍රීතියෙන් නිරන්තරයෙන් පිරුණු සිරුරු ඇත්තේ පාප කර්මයෙහි නොඇලුණු සිත් ඇත්තේ මුල්පල ආහාර කොටගෙන බොහෝ කලකින් කලුරියකොට දෙව්ලොව උපන්නේ ය.
සො තත්ථ දිබ්බසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු ච අනෙකවිධසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ ගහපතිකුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං සණ්ඨපෙත්වා තත්ථ අනභිරතො ගෙහං පහාය සත්ථු සන්තිකෙ පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පත්තො අත්තනො කතඵලදානකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පරොධකො තදා ආසින්තිආදිමාහ. තත්ථ යදා අහං පියාලඵලං දත්වා චිත්තං පසාදෙසිං, තදා අහං පරොධකො ආසින්ති සම්බන්ධො. පරොධකොති පරසත්තරොධකො විහෙසකො. “පරරොධකො”ති වත්තබ්බෙ පුබ්බස්ස ර-කාරස්ස ලොපං කත්වා “පරොධකො”ති වුත්තං.
හේ එහි දිව්‍ය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසය පිහිටුවා එහි නොඇලුණේ ගිහිගෙය අත්හැර ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින් රහත් බවට පැමිණියේ තමා විසින් කරන ලද ඵලදාන කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පරොධකො තදා ආසිං’ යනාදිය කීය. එහිදී මම පියල් පලයක් දී සිත් පැහැදවීමි. එකල්හි මම වැද්දෙක් වීමි යනු සම්බන්ධයි. පරොධකො යනු පරසත්ත රොධකො පර සත්ත්වයන්ට වෙහෙස ගෙන දෙන්නෙක්. පරරොධකො යනුවෙන් කියයුතු තන්හි පූර්ව රකාරය ලොප් කොට පරොධකො යනුවෙන් කියන ලදි.
පරිචාරිං විනායකන්ති තං නිබ්බානපාපකං සත්ථාරං, “භන්තෙ , ඉමං ඵලං පරිභුඤ්ජථා”ති පවාරිං නිමන්තෙසිං ආරාධෙසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
පරිචාරිං විනායකං යනු නිර්වාණයට පමුණුවන ශාස්තෲන් වහන්සේට, ස්වාමීනි, මේ ඵලය වළඳනු මැනවැයි පැවරීමි. නිමන්තෙසිං ආරාධනය කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
පියාලඵලදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පියාලඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
චුද්දසමවග්ගවණ්ණනා සමත්තා.
දස සතරවැනි වර්ග වර්ණනාව නිමියේය.