යෙදුමෙන් කියවන්න

13. සෙරෙය්‍යවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

13. සෙරෙය්‍ය වර්‍ගය

121. සෙරෙය්‍යකත්‍ථෙරඅපදානවණ‍්ණනා

121. සෙරෙය්‍යක ථේර අපදාන වර්ණනාව

අජ‍්ඣායකො මන‍්තධරොතිආදිකං ආයස‍්මතො සෙරෙය්‍යකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තතො පරෙසු අත‍්තභාවසහස‍්සෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා තිණ‍්ණං වෙදානං පාරං ගන‍්ත්‍වා ඉතිහාසාදිසකලබ්‍රාහ‍්මණධම‍්මෙසු කොටිප‍්පත‍්තො එකස‍්මිං දිවසෙ අබ‍්භොකාසෙ සපරිවාරො ඨිතො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සෙරෙය්‍යපුප‍්ඵං ගහෙත්‍වා ආකාසෙ ඛිපන‍්තො පූජෙසි. තානි පුප‍්ඵානි ආකාසෙ විතානං හුත්‍වා සත‍්තාහං ඨත්‍වා පච‍්ඡා අන‍්තරධායිංසු. සො තං අච‍්ඡරියං දිස‍්වා අතීව පසන‍්නමානසො තෙනෙව පීතිසොමනස‍්සෙන කාලං කත්‍වා තුසිතාදීසු නිබ‍්බත‍්තො තත්‍ථ දිබ‍්බසුඛමනුභවිත්‍වා තතො මනුස‍්සසුඛමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පාපුණිත්‍වා පුබ‍්බවාසනාබලෙන සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් සෙරෙය්‍යක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ආත්මභාව සියදහස් ගණන් පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව තුන්වේදයෙහි පරතෙරට ගොස් ඉතිහාස ආදී සියලු බ්‍රාහ්මණ ධර්මවල කෙළවරට පැමිණියේ, එක් දවසක අභ්‍යවකාශයෙහි වැඩසිටි සපිරිවර භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මහරි මලක් ගෙන පූජා කරමින් අහසට දැමීය. ඒ මල් අහසෙහි වියනක් ව සත්දිනක් තිබී පසුව අතුරුදහන් විය. හේ එම අසිරිය දැක අතිප්‍රසන්න සිත් ඇත්තේ එම ප්‍රීති සොම්නසින්ම කලුරිය කොට තුසිත ආදී දෙව්ලෝවල ඉපිද එහි දිවසැපත් අනුභවකොට ඉන්පසුව මිනිස් සුව අනුභව කළේය. ඉන්පසු මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.

සො අපරභාගෙ පුරාකතකුසලං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අජ‍්ඣායකො මන‍්තධරොතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

උන්වහන්සේ පසුකලක පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘අජ්ඣයකො මන්තධරො’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේමය.

සෙරෙය්‍යකං ගහෙත්‍වානාති සිරිසෙ භවං ජාතිපුප‍්ඵං සෙරෙය්‍යං, සෙරෙය්‍යමෙව සෙරෙය්‍යකං, තං සෙරෙය්‍යකං ගහෙත්‍වානාති සම‍්බන්‍ධො. භගවති පසන‍්නො ජාතිසුමනමකුළචම‍්පකාදීනි පුප‍්ඵානි පතිට‍්ඨපෙත්‍වා පූජෙතුං කාලං නත්‍ථිතාය තත්‍ථ සම‍්පත‍්තං තං සෙරෙය්‍යකං පුප‍්ඵං ගහෙත්‍වා පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

සෙරෙය්‍යකං ගහෙත්‍වාන යනු මහරිගසෙහි හටගත් ජාති පුෂ්පය සෙරෙය්‍ය නමි. සෙරෙය්‍ය සෙරෙය්‍යක නමි. ඒ සෙරෙය්‍යකය ගෙන යන සම්බන්ධයි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ දෑසමන් මූනමල් සපු ආදී මල් පිහිටුවා පූජා කිරීමට කලක් නැති බැවින් එහි තිබුණු මහරිමල ගෙන පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.

සෙරෙය්‍යකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සෙරෙය්‍යක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

122. පුප‍්ඵථූපියත්‍ථෙරඅපදානවණ‍්ණනා

122. පුප්ඵථූපිය ථේර අපදාන වර්ණනාව

හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං ආයස‍්මතො පුප‍්ඵථූපියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිබුද‍්ධස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සකසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො තත්‍ථ සාරං අපස‍්සන‍්තො ගෙහං පහාය හිමවන‍්තං පවිසිත්‍වා අත‍්තනා සහගතෙහි පඤ‍්චසිස‍්සසහස‍්සෙහි සද‍්ධිං පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා කුක‍්කුරනාමපබ‍්බතසමීපෙ පණ‍්ණසාලං කාරෙත්‍වා පටිවසති. තදා බුද‍්ධුප‍්පාදභාවං සුත්‍වා සිස‍්සෙහි සහ බුද‍්ධස‍්ස සන‍්තිකං ගන‍්තුකාමො කෙනචි බ්‍යාධිනා පීළිතො පණ‍්ණසාලං පවිසිත්‍වා සිස‍්සසන‍්තිකා බුද‍්ධස‍්සානුභාවං ලක‍්ඛණඤ‍්ච සුත්‍වා පසන‍්නමානසො හිමවන‍්තතො චම‍්පකාසොකතිලකකෙටකාද්‍යනෙකෙ පුප‍්ඵෙ ආහරාපෙත්‍වා ථූපං කත්‍වා බුද‍්ධං විය පූජෙත්‍වා කාලං කත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි. අථ තෙ සිස‍්සා තස‍්ස ආළහනං කත්‍වා බුද‍්ධසන‍්තිකං ගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙසුං. අථ භගවා බුද‍්ධචක‍්ඛුනා ඔලොකෙත්‍වා අනාගතංසඤාණෙන පාකටීකරණමකාසි. සො අපරභාගෙ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො පුබ‍්බවාසනාබලෙන සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

හිමවන්තස්සා විදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵථූපිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පැමිණ ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණියේ එහි හරයක් නොදක්නේ ගිහිගෙය අත්හැර හිමවතට පිවිස තමා සමග වූ පන්දහසක් ශිෂ්‍යයන් සමග පංචඅභිඥා අෂ්ට සමාපත්ති උපදවා කුක්කුර නම් පර්වතය සමීපයෙහි පන්සලක් කරවා වාසය කරයි. එකල බුදුන් උපන් බව අසා ශිෂ්‍යයන් සමග බුදුරජාණන් වහන්සේ සමීපයට යනු කැමැත්තේ කිසියම් ව්‍යාධියකින් පෙළුණේ පන්සලට පිවිස ශිෂ්‍යයන් හමුවෙන් බුද්ධානුභාව ලක්‍ෂණ අසා පහන් සිතැත්තේ හිමවතින් සපු අසෝක දුම්මැල්ල තණ වැටකේ ආදි නොයෙක් මල් ගෙන්වාගෙන ස්තූපයක් කොට බුදුන්ට මෙන් පූජාකොට කලුරියකොට බ්‍රහ්මලෝකයට පැමිණියේ විය. ඉක්බිති ඔහුගේ ශිෂ්‍යයෝ ඔහුගේ ආදාහනය සිදුකොට බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ඒ පුවත ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් බලා අනාගත සංජානනයෙන් ප්‍රකට කිරීමක් කළසේක. හේ පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.

අථ සො අත‍්තනො පුබ‍්බකුසලං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. කුක‍්කුරො නාම පබ‍්බතොති පබ‍්බතස‍්ස සිඛරං කුක‍්කුරාකාරෙන සුනඛාකාරෙන සණ‍්ඨිතත‍්තා “කුක‍්කුරපබ‍්බතො”ති සඞ‍්ඛ්‍යං ගතො, තස‍්ස සමීපෙ පණ‍්ණසාලං කත්‍වා පඤ‍්චතාපසසහස‍්සෙහි සහ වසමානොති අත්‍ථො. නයානුසාරෙන සෙසං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

ඉක්බිති තමාගේ පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්සාවිදූරෙ’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය. කුක්කුරොනාම පබ්බතො යනු පර්වතයෙහි ශිඛරය කුක්කුරාකාරෙන බල්ලකුගේ ආකාරයෙන් පිහිටි බැවින් කුක්කුර පර්වතයයි ප්‍රසිද්ධියට ගියේ, ඒ සමීපයෙහි පන්සලක් කොට තවුසන් පන්දහසක් සමග වාසය කරන්නේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරුය.

පුප‍්ඵථූපියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පුප්ඵථූපිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

123. පායසදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

123. පායාසදායක ථේර අපදාන වර්ණනාව

සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධොතිආදිකං ආයස‍්මතො පායසදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං විභවසම‍්පන‍්නෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා ඝරාවාසං වසන‍්තො හත්‍ථිඅස‍්සධනධඤ‍්ඤසත‍්තරතනාදිවිභවසම‍්පන‍්නො සද‍්ධාසම‍්පන‍්නො කම‍්මඵලං සද‍්දහිත්‍වා සහස‍්සමත‍්තා සුවණ‍්ණපාතියො කාරෙත්‍වා තස‍්මිං ඛීරපායසසහස‍්සස‍්ස පූරෙත්‍වා තා සබ‍්බා ගාහාපෙත්‍වා සිම‍්බලිවනං අගමාසි. තස‍්මිං සමයෙ විපස‍්සී භගවා ඡබ‍්බණ‍්ණරංසියො විස‍්සජ‍්ජෙත්‍වා ආකාසෙ චඞ‍්කමං මාපෙත්‍වා චඞ‍්කමති. සො පන සෙට‍්ඨි තං අච‍්ඡරියං දිස‍්වා අතීව පසන‍්නො පාතියො ඨපෙත්‍වා වන්‍දිත්‍වා ආරොචෙසි පටිග‍්ගහණාය. අථ භගවා අනුකම‍්පං උපාදාය පටිග‍්ගහෙසි, පටිග‍්ගහෙත්‍වා ච පන තස‍්ස සොමනුස‍්සුප‍්පාදනත්‍ථං සහස‍්සමත‍්තෙහි භික‍්ඛුසඞ‍්ඝෙහි සද‍්ධිං පරිභුඤ‍්ජි, තදවසෙසං අනෙකසහස‍්සභික‍්ඛූ පරිභුඤ‍්ජිංසු. සො තෙන පුඤ‍්ඤෙන සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

සුවණ්ණවණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් පායාසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් විභව සම්පත් ඇති කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගිහිගෙයි වසන්නේ ඇත් අස් ධන ධාන්‍ය සත්රුවන් ආදී විභව සම්පත් ඇත්තේ සැදැහැ ඇත්තේ කම්පල අදහා දහසක් පමණ රන් පාත්‍ර කරවා එහි කිරිබත් දහසක් පුරවා ඒ සියල්ල ගෙන්වාගෙන හිඹුල් වනයට ගියේය. එසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසෙහි සක්මනක් මවා සවණක් රැස් විහිදුවා එහි සක්මන් කරන සේක. ඒ සිටුවරයා ඒ අසිරිය දැක අතිශයින් පැහැදුණේ පාත්‍ර තබා වැඳ පිළිගන්නා ලෙස ආරාධනා කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා පිළිගත් සේක. පිළිගෙන ද වනාහි ඔහුට සොම්නස් උපදවනු පිණිස දහසක් පමණ භික්‍ෂූන් සමග වැළඳූ සේක. ඊට අමතරව නොයෙක් දහස් ගණන් භික්‍ෂූන් වහන්සේ වැළඳූ සේක. හේ ඒ පිනින් සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින් ම රහත්විය.

සො අපරභාගෙ අත‍්තනො කුසලං පච‍්චවෙක‍්ඛමානො තං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධොතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තමෙව.

උන්වහන්සේ පසුකලක තමාගේ කුසලය නැවත බලන සේක් එය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ එය යට කියන ලද්දේ ම ය.

චඞ‍්කමං සුසමාරූළ‍්හොති චදිනන‍්තො පදවික‍්ඛෙපං කරොන‍්තො කමති ගච‍්ඡතීති චඞ‍්කමං, චඞ‍්කමස‍්ස පදවික‍්ඛෙපස‍්ස ආධාරභූතපථවිපදෙසො චඞ‍්කමං නාමාති අත්‍ථො, එතං චඞ‍්කමංසු විසෙසෙන ආරූළ‍්හොති සම‍්බන්‍ධො. අම‍්බරෙ අනිලායනෙති වරීයති ඡාදියති අනෙනාති වරං, න බරන‍්ති අම‍්බරං, සෙතවත්‍ථසදිසං ආකාසන‍්ති අත්‍ථො. නත්‍ථි නිලීයනං ගොපනං එත්‍ථාති අනිලං, ආ සමන‍්තතො යන‍්ති ගච‍්ඡන‍්ති අනෙන ඉද‍්ධිමන‍්තොති ආයනං, අනිලඤ‍්ච තං ආයනඤ‍්චෙති අනිලායනං, තස‍්මිං අම‍්බරෙ අනිලායනෙ චඞ‍්කමං මාපයින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

චඞ්කමං සුසමාරුළ්හො යනු චදිනන්තො පියවර තබමින් කම යේනුයි චඞ්කම නමි. චඞ්කමස්ස පියවර තැබීමට ආධාරභූත වූ පොළෝ පෙදෙස සක්මන යන අර්ථයි. ඒ සක්මනට සුවිශේෂයෙන් නැගුණේ යනු සම්බන්ධයි. අම්බරෙ අනිලායනෙ යනු වරීයති අන්තය වසනු ලැබේනුයි අම්බර නමි. සුදු රෙද්දක් වැනි අහස යන අර්ථයි. සැඟවීමක් රැකීමක් මෙහි නැත්තේනුයි අනිල නමි. හාත්පසින් යන්ති මෙයින් යානුයි ආයන නමි. අනිලද එම ආයනද අනිලායන නමි. සෘද්ධි ඇත්තේ ඒ අහසෙහි අනිලායනයෙහි සක්මනක් මැවුයෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නො ගැඹුරු ම ය.

පායසදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පායාසදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

124. ගන්‍ධොදකියත්‍ථෙරඅපදානවණ‍්ණනා

124. ගන්‍ධොදකිය ථේර අපදාන වර්ණනාව

නිසජ‍්ජ පාසාදවරෙතිආදිකං ආයස‍්මතො ගන්‍ධොදකියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ නිබ‍්බානූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සීභගවතො කාලෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා මහද‍්ධනො මහාභොගො දිබ‍්බසුඛමනුභවන‍්තො විය මනුස‍්සසුඛමනුභවන‍්තො එකස‍්මිං දිවසෙ පාසාදවරෙ නිසින‍්නො හොති. තදා භගවා සුවණ‍්ණමහාමෙරු විය වීථියා විචරති, තං විචරමානං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො ගන‍්ත්‍වා වන්‍දිත්‍වා සුගන්‍ධොදකෙන භගවන‍්තං ඔසිඤ‍්චමානො පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසෙන අනල‍්ලීනො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

නිසජ්ජ පාසාදවරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුකුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ දිවසැප බඳු මිනිස් සුව අනුභව කරන්නේ එක් දවසක් උතුම් ප්‍රාසාදයෙහි සිටියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණ මේරුව මෙන් වීදියෙහි වඩනා සේක. ඒ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ගොස් වැඳ සුවඳ ජලයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉසිමින් පූජා කළේය. හේ එම පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නො ඇලුණේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි ව කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකුසලං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිසජ‍්ජ පාසාදවරෙතිආදිමාහ. තත්‍ථ පාසාදොති පසාදං සොමනස‍්සං ජනෙති උප‍්පාදෙතීති පාසාදො , මාලාකම‍්මචිත‍්තකම‍්මසුවණ‍්ණකම‍්මාද්‍යනෙකවිචිත‍්තං දිස‍්වා තත්‍ථ පවිට‍්ඨානං ජනානං පසාදං ජනයතීති අත්‍ථො. පාසාදො ච සො පත්‍ථෙතබ‍්බට‍්ඨෙන වරො චාති පාසාදවරො, තස‍්මිං පාසාදවරෙ නිසජ‍්ජ නිසීදිත්‍වා විපස‍්සිං ජිනවරං අද‍්දසන‍්ති සම‍්බන්‍ධො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිසජ්ජ පාසාදවරෙ’ යනාදිය කීය. එහි පාසාදො යනු පසාදං සොම්නස ජනෙති උපදවානුයි පාසාද නමි. මල්කම් සිත්කම් රන්කම් ආදියෙන් එහි පිවිසි ජනයාට සොම්නස දනවයි යන අර්ථයි. ගන්‍ධොදකිය එම ප්‍රාර්ථනා කළයුතු අර්ථයෙන් වර වූයේද පාසාදවර නමි. ඒ ප්‍රාසාද වරයෙහි නිසජ්ජ හිඳ විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.

ගන්‍ධොදකියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

125. සම‍්මුඛාථවිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

125. සම්මුඛාත්‍ථවික ථේර අපදාන වර්ණනාව

ජායමානෙ විපස‍්සිම‍්හීතිආදිකං ආයස‍්මතො සම‍්මුඛාථවිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සත‍්තවස‍්සිකකාලෙයෙව සකසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා වසන‍්තො විපස‍්සිම‍්හි බොධිසත‍්තෙ උප‍්පන‍්නෙ සබ‍්බබුද‍්ධානං ලක‍්ඛණානි වෙදත‍්තයෙ දිස‍්සමානානි තානි රාජප‍්පමුඛස‍්ස ජනකායස‍්ස විපස‍්සීබොධිසත‍්තස‍්ස ලක‍්ඛණඤ‍්ච බුද‍්ධභාවඤ‍්ච බ්‍යාකරිත්‍වා ජනානං මානසං නිබ‍්බාපෙසි, අනෙකානි ච ථුතිවචනානි නිවෙදෙසි. සො තෙන කුසලකම‍්මෙන ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවත‍්තිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. කතකුසලනාමෙන සම‍්මුඛාථවිකත්‍ථෙරොති පාකටො.

ජායමානෙ විපස්සිම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සම්මුඛාථවික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ සත්හැවිරිදි වයස් කල්හිම ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පත්වූයේ ගෘහවාසය පිහිටුවා වසන්නේ, විපස්සි බෝධිසත්ත්වයන් උපන්කල්හි පහළවූ ලකුණු දැක වේදත්‍රයෙහි දිස්වන අයුරින් ඒ ලකුණු සියලු ජනකායට විස්තර කරන්නේ නිසැකයෙන්ම මොහු ලෝකයේ බුදුවන්නේ යයි ප්‍රකාශකොට ජනයන්ගේ සිතෙහි බෝසතුන් කෙරෙහි ප්‍රසාදය දැනවීය. හේ එම කුසල කර්මයෙන් ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර ද චක්‍රවර්ති සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය. කරන ලද කුසලයේ නමින් සම්මුඛාථවික තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූහ.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ජායමානෙ විපස‍්සිම‍්හීතිආදිමාහ. විපස‍්සිම‍්හි සම‍්මාසම‍්බුද‍්ධෙ ජායමානෙ උප‍්පජ‍්ජමානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තෙ අහං පාතුභූතං නිමිත‍්තං කාරණං බුද‍්ධභාවස‍්ස හෙතුං බ්‍යාකරිං කථෙසිං, අනෙකානි අච‍්ඡරියානි පාකටානි අකාසින‍්ති අත්‍ථො. සෙසං වුත‍්තනයානුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ජායමානෙ විපස්සිම්හි යනාදිය කීහ. විපස්සි සම්බුදු රජාණන් වහන්සේ ජායමානෙ මව්කුසින් නික්මෙන කල්හි පහළවූ නිමිත්තං කාරණය බුදුබවට හේතුවෙතියි බ්‍යාකරිං කීවෙමි. නොයෙක් ආශ්චර්ය ප්‍රකට කෙළෙමි යන අර්ථයි. සෙස්ස කියන ලද පරිද්දෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.

සම‍්මුඛාථවිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සම්මුඛාථවික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

126. කුසුමාසනියත්‍ථෙරඅපදානවණ‍්ණනා

126. කුසුමාසනිය ථේර අපදාන වර්ණනාව

නගරෙ ධඤ‍්ඤවතියාතිආදිකං ආයස‍්මතො කුසුමාසනියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො මහද‍්ධනො මහාභොගො තිණ‍්ණං වෙදානං පාරං ගතො බ්‍රාහ‍්මණසිප‍්පෙසු කොටිප‍්පත‍්තො සකපරසමයකුසලො මාතාපිතරො පූජෙතුකාමො පඤ‍්ච උප‍්පලකලාපෙ අත‍්තනො සමීපෙ ඨපෙත්‍වා නිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝපරිවුතං විපස‍්සිං භගවන‍්තං ආගච‍්ඡන‍්තං දිස‍්වා නීලපීතාදිඝනබුද‍්ධරස‍්මියො ච දිස‍්වා පසන‍්නමානසො ආසනං පඤ‍්ඤාපෙත්‍වා තත්‍ථ තානි පුප‍්ඵානි සන්‍ථරිත්‍වා භගවන‍්තං තත්‍ථ නිසීදාපෙත්‍වා සකඝරෙ මාතු අත්‍ථාය පටියත‍්තානි සබ‍්බානි ඛාදනීයභොජනීයානි ගහෙත්‍වා සපරිවාරං භගවන‍්තං සහත්‍ථෙන සන‍්තප‍්පෙන‍්තො භොජෙසි. භොජනාවසානෙ එකං උප‍්පලහත්‍ථං අදාසි. තෙන සොමනස‍්සජාතො පත්‍ථනං අකාසි. භගවාපි අනුමොදනං කත්‍වා පකාමි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො භොගයසෙහි වඩ‍්ඪිතො කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසං පහාය පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

නගරෙ ධඤ්ඤවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් කුසුමාසනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ මහත්ධන ඇත්තේ මහාභෝග ඇත්තේ තුන්වේදයෙහි පරතෙරට පැමිණියේ බ්‍රාහ්මණ ශිල්පයන්හි කෙළ පැමිණියේ ස්වකීය හා පර සමයෙහි දක්‍ෂ වූයේ මවුපියන් පුදනු කැමැත්තේ උපුල්මල් කලප් පහක් තමාගේ සමීපයෙහි තබා හුන්නේය. එකල්හි භික්‍ෂු සංඝයා පිරිවරාගත් විපස්සි භාග්‍යවතුන් වහන්සේ වඩිනු දැක නීල පීත ආදී ඝන බුදුරැස් දැක පහන් සිතැත්තේ අසුන් පනවා එහි ඒ මල් අතුරා භාග්‍යවතුන් වහන්සේ එහි හිඳුවා ස්වකීය ගෘහයෙහි මව පිණිස පිළියෙල කරන ලද සියලු කෑයුතු දෑද බිය යුතු දෑද ගෙන සපිරිවර භාග්‍යවතුන් වහන්සේ තම අතින් සන්තර්පණය කරන්නේ වැළඳවීය. වළඳා අවසන්හි එක් උපුල්මල් අතක් දුන්නේය. එයින් හටගත් සොම්නස් ඇත්තේ ප්‍රාර්ථනයක් කළේය. භාග්‍යවතුන් වහන්සේද අනුමෝදනාව කොට වැඩි සේක. හේ ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇත් එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ භෝගයෙන්ද යසසින්ද වැඩුණේ කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ පුබ‍්බෙ කතකුසලං පුබ‍්බෙනිවාසඤාණෙන සරිත්‍වා සොමනස‍්සප‍්පත‍්තො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නගරෙ ධඤ‍්ඤවතියාතිආදිමාහ. ධඤ‍්ඤානං පුඤ‍්ඤවන‍්තානං ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිමහාසාලානං අනෙකෙසං කුලානං ආකරත‍්තා ධඤ‍්ඤවතී, අථ වා මුත‍්තාමණිආදිසත‍්තරතනානං සත‍්තවිධධඤ‍්ඤානං උපභොගපරිභොගානං ආකරත‍්තා ධඤ‍්ඤවතී, අථ වා ධඤ‍්ඤානං බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවානං වසනට‍්ඨානං ආරාමවිහාරාදීනං ආකරත‍්තා ධඤ‍්ඤවතී, තස‍්සා ධඤ‍්ඤවතියා. නගරන‍්ති පත්‍ථෙන‍්ති එත්‍ථ උපභොගපරිභොගත්‍ථිකා ජනාති නගරං, න ගච‍්ඡතීති වා නගං, රාජයුවරාජමහාමත‍්තාදීනං වසනට‍්ඨානං. නගං රාති ආදදාති ගණ‍්හාතීති නගරං, රාජාදීනං වසනට‍්ඨානසමූහභූතං පාකාරපරිඛාදීහි පරික‍්ඛිත‍්තං පරිච‍්ඡින‍්නට‍්ඨානං නගරං නාමාති අත්‍ථො. නගරෙ යදා අහං විපස‍්සිස‍්ස භගවතො සන‍්තිකෙ බ්‍යාකරණං අලභිං, තදා තස‍්මිං ධඤ‍්ඤවතියා නගරෙ බ්‍රාහ‍්මණො අහොසින‍්ති සම‍්බන්‍ධො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

උන්වහන්සේ පසුකලෙක පෙර කරන ලද කුසල පූර්වේනිවාස ඥානයෙන් සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘නගරෙ ධඤ්ඤවතියා’ යනාදිය කීහ. ධන්‍ය පුණ්‍යවන්ත වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාරයන්ට නොයෙක් කුලයන්ට ආකර වූ බැවින් ධඤ්ඤවතී නමි. නැතහොත් මුතුමැණික් ආදී සත්රුවන්වලට සප්තවිධ ධාන්‍යයන්ට උපභෝග, පරිභෝග සම්පත්තීන්ට ආකර බැවින් ධඤ්ඤවතී නමි. නැතහොත් ධඤ්ඤානං බුදු පසේබුදු රහතුන්ගේ වසනට්ඨානං ආරාම විහාර ආදී නව ආකාර වූ බැවින් ධඤ්ඤවතී නමි. ඒ ධන්‍යවතී නුවරෙහි නගරං යනු රජ යුවරජ මහාමාත්‍යාදීන්ගේ වසන ස්ථානය නගර නමි. ආඤ්ඤාති ගනීනුයි නගර නමි. රාජ ආදීන්ගේ වසනස්ථානභූත වූ ප්‍රාකාර පරීක්ෂේප ආදියෙන් පරික්ඛිත්තං සැඟවුණු තැන නගර නමැයි අර්ථයි. ඒ නගරයෙහි යම්කලෙක මම විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි විවරණ ලැබුවෙමි. එකල්හි ඒ ධඤ්ඤවතී නගරයෙහි බ්‍රාහ්මණයෙක් වීමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරුමය.

කුසුමාසනියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කුසුමාසනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

127. ඵලදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

127. ඵලදායක ථේර අපදාන වර්ණනාව

අජ‍්ඣායකො මන‍්තධරොතිආදිකං ආයස‍්මතො ඵලදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා වෙදත‍්තයාදිසකසිප‍්පෙසු පාරප‍්පත‍්තො අනෙකෙසං බ්‍රාහ‍්මණසහස‍්සානිං පාමොක‍්ඛො ආචරියො සකසිප‍්පානං පරියොසානං අදිස‍්වා තත්‍ථ ච සාරං අපස‍්සන‍්තො ඝරාවාසං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තස‍්ස අවිදූරෙ අස‍්සමං කාරෙත්‍වා සහ සිස‍්සෙහි වාසං කප‍්පෙසි, තස‍්මිං සමයෙ පදුමුත‍්තරො භගවා භික‍්ඛාය චරමානො තස‍්සානුකම‍්පාය තං පදෙසං සම‍්පාපුණි. තාපසො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො අත‍්තනො අත්‍ථාය පුටකෙ නික‍්ඛිපිත්‍වා රුක‍්ඛග‍්ගෙ ලග‍්ගිතානි මධුරානි පදුමඵලානි මධුනා සහ අදාසි. භගවා තස‍්ස සොමනස‍්සුප‍්පාදනත්‍ථං පස‍්සන‍්තස‍්සෙව පරිභුඤ‍්ජිත්‍වා ආකාසෙ ඨිතො ඵලදානානිසංසං කථෙත්‍වා පක‍්කාමි.

අජ්ඣායකො මන්තධරො යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කර ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ත්‍රිවේදය ආදී ස්වකීය ශිල්පයන්හි පරතෙරට පැමිණියේ නොයෙක් බමුණන් දහස් ගණනකට ප්‍රධාන ආචාර්යවරයා වීය. තමාගේ ශිල්පයන්හි කෙළවරක් නොදැක එහිද හරයක් නොදක්නේ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදි ව හිමවත නුදුරෙහි අසපුවක් කරවා ශිෂ්‍යයන් සමග වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙමින් ඔහුට අනුකම්පා පිණිස ඒ පෙදෙසට සම්ප්‍රාප්ත වූ සේක. තාපසයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තමාගේ ප්‍රයෝජනය පිණිස බෙණයක තබා ගස් මුදුනෙහි තැබූ මිහිරි වූ පදුමපල මීපැණි සමග දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සොම්නස දනවනු පිණිස ඔහු බලා සිටියදී ම වළඳා අහසෙහි වැඩසිටි සේක් ඵලදානයෙහි අනුසස් වදාරා වැඩි සේක.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සත‍්තවස‍්සිකොයෙව අරහත‍්තං පත්‍වා පුබ‍්බෙ කතකුසලකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අජ‍්ඣායකො මන‍්තධරොතිආදිමාහ. තත්‍ථ අජ‍්ඣෙති චින‍්තෙතීති අජ‍්ඣායි, අජ‍්ඣායියෙව අජ‍්ඣායකො. එත්‍ථ හි අකාරො “පටිසෙධෙ වුද‍්ධිතබ‍්භාවෙ…පෙ… අකාරො විරහප‍්පකෙ”ති එවං වුත‍්තෙසු දසසු අත්‍ථෙසු තබ‍්භාවෙ වත‍්තති. සිස‍්සානං සවනධාරණාදිවසෙන හිතං අජ‍්ඣෙති චින‍්තෙති සජ‍්ඣායං කරොතීති අජ‍්ඣායකො, චින‍්තකොති අත්‍ථො. ආචරියස‍්ස සන‍්තිකෙ උග‍්ගහිතං සබ‍්බං මන‍්තං මනෙන ධාරෙති පවත‍්තෙතීති මන‍්තධරො. තිණ‍්ණං වෙදාන පාරගූති වෙදං වුච‍්චති ඤාණං, වෙදෙන වෙදිතබ‍්බා බුජ‍්ඣිතබ‍්බාති වෙදා, ඉරුවෙදයජුවෙදසාමවෙදසඞ‍්ඛාතා තයො ගන්‍ථා, තෙසං වෙදානං පාරං පරියොසානං කොටිං ගතො පත‍්තොති පාරගූ. සෙසං පාකටමෙවාති

හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරමින් උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද සත්හැවිරිදි ව සිටිය දී ම රහත්බවට පත්ව පෙර කරන ලද කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ අජ්ඣායකො මන්තධරො යනාදිය කීය. එහි අජ්ඣෙති සිතානුයි අජ්ඣායී නමි. හේ ම අජ්ඣායක නමි. මෙහිදී අකාරය ‘ප්‍රතිෂේධ වෘද්ධි තද්භාවයෙහි -පෙ- අකාරො වෙන්කෙරේනුයි මෙසේ කියන ලද අර්ථ කියූ කල්හි තද්භාවයෙහි පවතී. ශිෂ්‍යයන්ගේ ශ්‍රවණ ධාරණ ආදි වශයෙන් යහපත අජ්ඣෙති සිතයි අධ්‍යයනය කරයිනුයි අජ්ඣායක නමි. සිතන්නා යන අර්ථයි. ගුරුවරයා හමුවෙහි උගත් සියලු මන්ත්‍ර මනසින් ධාරෙති පවත්වා ගනීනුයි මන්තධර නමි. තිණ්ණං වෙදානංපාරගු යනු වේදය යනු ඥානයයි කියනු ලැබේ. වේදයෙන් වෙදිතබ්බා දතයුතු වූයේ වෙද නමි. සෘග්වේද යජුර්වේද සාමවේද සංඛ්‍යාත වූ ග්‍රන්ථ තුන. එම වේදයන්ගේ පාරං අවසානයට කෙළවරට පැමිණියේනුයි පාරගූ නමි. සෙස්ස ප්‍රකට ම ය.

ඵලදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

128. ඤාණසඤ‍්ඤිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

128. ඤාණසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො ඤාණසඤ‍්ඤිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තස‍්මිං තස‍්මිං උප‍්පන‍්නුප‍්පන‍්නෙ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තස‍්ස අවිදූරෙ පබ‍්බතන‍්තරෙ පණ‍්ණසාලං කාරෙත්‍වා පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා වසන‍්තො එකදිවසං පරිසුද‍්ධං පණ‍්ඩරං පුලිනතලං දිස‍්වා “ඊදිසා පරිසුද‍්ධා බුද‍්ධා, ඊදිසංව පරිසුද‍්ධං බුද‍්ධඤාණ”න‍්ති බුද‍්ධඤ‍්ච තස‍්ස ඤාණඤ‍්ච අනුස‍්සරි ථොමෙසි ච.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වහයෙන් ආයුෂ්මත් ඤාණසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත නුදුරෙහි පන්සලක් කරවා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා වසන්නේ එක් දවසක් පිරිසිදු පඬෙරවන් වැලිතලාවක් දැක බුද්ධඥානය මේ ලෙසට පරිශුද්ධ යයි බුදුන්ගේ ඥානය සිහිකළේය. ස්තුති කළේය.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සාසනෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො පුබ‍්බෙ කතපුඤ‍්ඤං අනුස‍්සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො “පබ‍්බතෙ හිමවන‍්තම‍්හී”තිආදිමාහ. පුලිනං සොභනං දිස‍්වාති පරිපුණ‍්ණකතං විය පුලාකාරෙන පරිසොධිතාකාරෙන පවත‍්තං ඨිතන‍්ති පුලිනං, සොභනං වාලුකං දිස‍්වා සෙට‍්ඨං බුද‍්ධං අනුස‍්සරින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේ පෙර කරන ලද පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීය. පුලිනං සොභනං දිස්වා යනු පරිපූර්ණ කරන ලද්දක් මෙන් විපුලාකාරෙන පිරිසිදු කරන ලද අයුරින් පවත්තං සිටියේනුයි පුලින නමි. සෝභන වූ වැලි දැක ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සිහිකෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.

ඤාණසඤ‍්ඤිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඤාණසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

129. ගණ‍්ඨිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

129. ගන්‍ධපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධොතිආදිකං ආයස‍්මතො ගණ‍්ඨිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු කතපුඤ‍්ඤසඤ‍්චයො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො උපභොගපරිභොගෙහි අනූනො එකදිවසං විපස‍්සිං භගවන‍්තං සගණං දිස‍්වා පසන‍්නමානසො ලාජාපඤ‍්චමෙහි පුප‍්ඵෙහි පූජෙසි. සො තෙනෙව චිත‍්තප‍්පසාදෙන යාවතායුකං ඨත්‍වා තතො දෙවලොකෙ නිබ‍්බත‍්තො දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

සුවණ්ණ වණ්ණො සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවල කරන ලද පින්රැස් ඇත්තේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද උපභෝග පරිභෝගයන් ගෙන් අනූන වූයේ එක් දවසක් විපස්සි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් සමග වැඩහිඳිනු දැක පැහැදුණු සිතැත්තේ ලදපස්මලින් පූජා කළේය. හේ එම සිත් පැහැදීමෙන් දිවි ඇති තෙක් සිට එයින් දෙව්ලොව උපන්නේ දිව්‍ය සම්පත් අනුභවකොට පසුකලෙක මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය.

සො එකදිවසං පුබ‍්බෙ කතපුඤ‍්ඤං සරිත්‍වා සොමනස‍්සජාතො “ඉමිනා කුසලෙනාහං නිබ‍්බානං පත‍්තො”ති පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධොතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

හේ එක් දවසක් පෙර කරන ලද පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ මේ කුසලයෙන් මම නිවනට පැමිණියේ වෙමි යි පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුවණ්ණ වණ්ණො සම්බුද්ධො’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

ගණ‍්ඨිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගන්‍ධපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

130. පදුමපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා

130. පදුමපූජක ථේර අපදාන වර්ණනාව

හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං ආයස‍්මතො පදුමපූජකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සකසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත්‍වා තත්‍ථ සාරං අපස‍්සන‍්තො බුද‍්ධුප‍්පත‍්තිතො පුරෙතරං උප‍්පන‍්නත‍්තා ඔවාදානුසාසනං අලභිත්‍වා ඝරාවාසං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තස‍්ස අවිදූරෙ ගොතමකං නාම පබ‍්බතං නිස‍්සාය අස‍්සමං කාරෙත්‍වා පඤ‍්චාභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා ඣානසුඛෙනෙව විහාසි. තදා පදුමුත‍්තරො භගවා බුද‍්ධො හුත්‍වා සත‍්තෙ සංසාරතො උද‍්ධරන‍්තො තස‍්සානුකම‍්පාය හිමවන‍්තං අගමාසි. තාපසො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සකසිස‍්සෙ සමානෙත්‍වා තෙහි පදුමපුප‍්ඵානි ආහරාපෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ නිබ‍්බත‍්තො සද‍්ධො පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කොට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදක්නේ බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් අවවාද අනුශාසනා නොලැබ ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත නොදුරෙහි ගෝතමක නම් පර්වතය ඇසුරුකොට ධ්‍යාන සුවයෙන් ම වාසය කළේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වනහන්සේ බුදුව සත්ත්වයන් සසරින් ගොඩලමින් වාසය කරන සේක. ඉක්බිති ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. තාපසයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ස්වකීය ශිෂ්‍යයන් කැඳවා ඔවුන් ලවා නෙළුම් මල් ගෙන්වාගෙන පූජා කළේය. ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො අත‍්තනො පුඤ‍්ඤකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. ගොතමො නාම පබ‍්බතොති අනෙකෙසං යක‍්ඛදෙවතානං ආවාසභාවෙන අධිට‍්ඨානවසෙන ගොතමස‍්ස භවනත‍්තා ගොතමොති පාකටො අහොසි. පවත‍්තති තිට‍්ඨතීති පබ‍්බතො. නාගරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නොති රුහති තිට‍්ඨතීති රුක‍්ඛො. අථ වා පථවිං ඛනන‍්තො උද‍්ධං රුහතීති රුක‍්ඛො, නානා අනෙකප‍්පකාරා චම‍්පකකප‍්පූරනාගඅගරුචන්‍දනාදයො රුක‍්ඛාති නානාරුක‍්ඛා, තෙහි නානාරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නො පරිකිණ‍්ණො ගොතමො පබ‍්බතොති සම‍්බන්‍ධො. මහාභූතගණාලයොති භවන‍්ති ජායන‍්ති උප‍්පජ‍්ජන‍්ති වඩ‍්ඪන‍්ති චාති භූතා, මහන‍්තා ච තෙ භූතා චාති මහාභූතා, මහාභූතානං ගණො සමූහොති මහාභූතගණො, මහාභූතගණස‍්ස ආලයො පතිට‍්ඨාති මහාභූතගණාලයො.

උන්වහන්සේ තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘හිමවන්තස්ස අවිදුරෙ’ යනාදිය කීහ. ගොතමො නාම පබ්බතො යනු නොයෙක් යකුන් හා දෙවියන්ට නිවාසයක් වූ බැවින් අධිෂ්ඨාන වශයෙන් ගෝතමගේ භවන වූ බැවින් ගෝතමයයි ප්‍රකට වූයේ විය. නානාරුක්ඛෙහි සඤ්ජන්නො යනු වැඩේනුයි පිහිටානුයි රුක්ඛ නමි. නැතහොත් පොළොව හාරමින් උඩට නැගේනුයි රුක්ඛ නමි. නානා අනේකප්‍රකාර සපු කපුරු නා අගිල් සඳුන් ආදී රුක්නුයි නානාරුක්ඛා. එයින් සඤ්ජන්නො ප්‍රකීර්ණ වූ ගෝතම පර්වතය යනු සම්බන්ධයි. මහාභූතගණාලයො යනු වෙත්නුයි ජායන්ති උපදිත්නුයි වැඩෙත්නුයි භූත නමි. මහත් වූ ඒ භූතයෝ ද මහාභූත නමි. මහාභූතයන්ගේ ගණො සමූහය මහාභූතගණො නමි. මහාභූත ගණයාගේ ආලයය මහාභූත ගණාලය නමි.

වෙමජ‍්ඣම‍්හි ච තස‍්සාසීති තස‍්ස ගොතමස‍්ස පබ‍්බතස‍්ස වෙමජ‍්ඣෙ අබ‍්භන‍්තරෙ අස‍්සමො අභිනිම‍්මිතො නිප‍්ඵාදිතො කතොති අත්‍ථො. සෙසං උත‍්තානමෙවාති.

වෙමජ්ඣම්හිච තස්සාසී යනු ඒ ගෝතම පර්වතයෙහි වෙමජ්ඣෙ අභ්‍යන්තරයෙහි ආශ්‍රමයක් අභිනිම්මිතො නිෂ්පාදනය කරන ලද්දේ ය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

පදුමපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පදුමපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

තෙරසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

දහතුන්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.