127. ඵලදායකත්ථෙරාපදානං
127. ඵලදායකත්ථෙරාපදානං.
127. ඵලදායක ස්ථවිරාවදානය
1840. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, හිමවන්තස්සාවිදූරෙ වසාමි අස්සමෙ අහං.
1840. වේද හදාරන්නා වූ මන්ත්රධර වූ වේදත්රයෙහි පරතෙරට ගිය මම හිමවතට නුදුරෙහි අසපුවක වසමි.
1841. අග්ගිහුත්තඤ්ච මෙ අත්ථි පුණ්ඩරීකඵලානි ච, පුටකෙ නික්ඛිපිත්වාන දුමග්ගෙ ලග්ගිතං මයා.
1841. මාගේ අගනිහොත්රයක් ද ඇත. මා විසින් ඇටඹපැල මුළක බහා ගසක් මුදුනෙහි එල්ලන ලදී.
1842. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො භික්ඛන්තො මං උපාගමි.
1842. ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ මා (සසරින්) ගොඩ නගනු කැමැත්තේ පිඬු පිණිස හැසිරෙමින් මා වෙත එළඹියේ ය.
1843. පසන්නචිත්තො සුමනො ඵලං බුද්ධස්ස’දාසහං, විත්තිසඤ්ජනනො මය්හං දිට්ඨධම්මසුඛාවහො.
1843-1844. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් බුදුරජුන්හට එ ම ඵල පිදීමි. මාගේ ප්රීතිය ඇති කරන්නා වූ මේ ලොව මැ සුව එළවන්නා වූ රන්වන් වූ ලෝවැස්සාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘ තෙමේ අහසෙහි වැඩ සිටියේ මේ ගාථාව වදාළේ ය:
1844. සුවණ්ණවණ්ණො සම්බුද්ධො ආහුතීනං පටිග්ගහො, අන්තලික්ඛෙ ඨිතො සත්ථා ඉමං ගාථං අභාසථ:
1845. “ඉමිනා ඵලදානෙන චෙතනා පණිධීහි ච, කප්පානං සතසහස්සං දුග්ගති නූපගච්ඡති”.
1845. මෙ ම ඵලදානය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො එළෙඹේ ය (කියායි.)
1846. තෙනෙව සුක්කමූලෙන අනුභොත්වාන සම්පදා, පත්තො’ම්භි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
1846. එම කුශලමූලය හේතු කොට ගෙණ ගෙණ සම්පත් අනුභව කොට ජය – පරාජය හැර අචලස්ථානය (නිවණ) ට පැමිණියෙම් වෙමි.
1847. ඉතො සත්තසතෙ කප්පෙ රාජා ආසිං සුමඞ්ගලො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1847. මෙයින් සත්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමඞ්ගල නම් සක්විති රජෙක් වීමි.
1848. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1848. ප්රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළ සේක් යි.
ඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
ඵලදායකස්ථවිරාවදානය සත්වැනි යි.