128. ඤාණසඤ්ඤකත්ථෙරාපදානං
128. ඤාණසඤ්ඤකත්ථෙරාපදානං.
128. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1849. පබ්බතෙ හිමවන්තම්හි වසාමි පබ්බතන්තරෙ, පුලිනං සොභනං දිස්වා බුද්ධසෙට්ඨං අනුස්සරිං.
1849. හිමවත් පව්වෙහි කඳුඅතුරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
1850. “ඤාණෙ උපනිධා නත්ථි සඞ්ගාමං නත්ථි සත්ථුනො, සබ්බං ධම්මං අභිඤ්ඤාය ඤාණෙන අධිමුච්චති.
1850. “නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෘන් වහන්සේට සංග්රාමයකුදු නැත. සියලු ධර්මයන් මොනවට දැන නුවණින් නිශ්චයට පැමිණේ.
1851. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, ඤාණෙන තෙ සමො නත්ථි යාවතා ඤාණමුත්තමං”.
1851. පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම් තාක් ද, (ඒ තාක් නුවණැති) ඔබවහන්සේට නුවණින් සම කෙනෙක් නැත”.
1852. ඤාණෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං, අවසෙසෙසු කප්පෙසු කුසලං කරිතං මයා.
1852. බුද්ධඥානයෙහි සිත පහදවා කැපක් මුළුල්ලෙහි මම ස්වර්ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1853. එකනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
1853. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුද්ධ) ඥානසංඥාවක් ලැබුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. බුද්ධඥානසංඥාවෙහි මේ ප්රතිඵලය යි.
1854. ඉතො තෙසත්තතිකප්පෙ එකො පුලිනපුප්ඵියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1854. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුලිනපුප්ථිය නම් එක් සක්විතිරජෙක් විය.
1855. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1855. ප්රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඤාණසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනියි.