යෙදුමෙන් කියවන්න

129. ගන්‍ධපුප‍්ඵියත්‍ථෙරාපදානං

129. ගන්‍ධපුප‍්ඵියත්‍ථෙරාපදානං.

129. ගන්‍ධපුප්ඵිය ස්ථවිරාවදානය

1856. සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධො විපස‍්සී දක‍්ඛිණාරහො, පුරක‍්ඛතො සාවකෙහි ආරාමා අභිනික‍්ඛමි.

1856. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවැරුණාහු ආරාමයෙන් නික්මුනු සේක.

1857. දිස‍්වාන’හං බුද‍්ධසෙට‍්ඨං සබ‍්බඤ‍්ඤුං තමනාසකං, පසන‍්නචිත‍්තො සුමනො ගන්‍ධපුප‍්ඵං අපූජයිං.

1857. මම මොහඳුරු දුරු කරන්නා වූ සර්‍වඥ වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සුවඳමල් පිදීමි.

1858. තෙන චිත‍්තප‍්පසාදෙන දිපදින්‍දස‍්ස තාදිනො, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පුන වන්‍දිං තථාගතං.

1858. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජුන් කෙරෙහි (ඇතිකරගත්) ඒ චිත්තප්‍රාසාදය හේතු කොට ගෙන සතුටු වූයෙම් සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.

1859. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1859. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1860. එකතාළීසි’තො කප‍්පෙ චරණො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1860. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චරණ නම් සක්විතිරජෙක් වීමි.

1861. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1861. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගන්‍ධපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

ගන්‍ධපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

ගන්‍ධපුප්ඵියස්ථවිරාවදානය නවවැනියි.