130. පදුමපූජකත්ථෙරාපදානං
130. පදුමපූජකත්ථෙරාපදානං.
130. පදුමපූජක ස්ථවිරාවදානය
1862. හිමවන්තස්ස අවිදූරෙ ගොතමො නාම පබ්බතො, නානාරුක්ඛෙහි සඤ්ඡන්නො මහාභූතගණාලයො.
1862. හිමවතට නුදුරෙහි වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් මහාභූත සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්වතයක් විය.
1863. වෙමජ්ඣම්භි ච තස්සාසි අස්සමො අභිනිම්මිතො, පුරක්ඛතො සසිස්සෙහි වසාමි අස්සමෙ අහං.
1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් අසපුවෙහි වෙසෙමි.
1864. “ආයන්තු මෙ සිස්සගණා පදුමං ආහරන්තු මෙ, බුද්ධපූජං කරිස්සාම දිපදින්දස්ස තාදිනො”
1864. “මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා! මට පියුම් ගෙණ එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේට පූජා කරන්නෙමු.”
1865. එවන්ති තෙ පටිස්සුත්වා පදුමං ආහරිංසු මෙ, තත්ථ නිමිත්තං කත්වා’හං බුද්ධස්ස අභිරොපයිං.
1865. ඔහු එසේය යි මට පිළිවදන් දී පියුම් ගෙණාහ. එසේ ම මම (බුදුරජානන් වහන්සේ උදෙසා) නිමිත්තක් කොට ඒ සර්වඥයන් වහන්සේට පිදීමි.
1866. සිස්සෙ තදා සමානෙත්වා සාධුකං අනුසාසහං, මා ඛො තුම්හෙ පමජ්ජිත්ථ අප්පමාදො සුඛාවහො.
1866. එකල්හි ශිෂ්‍යයන් රැස් කරවා මම මනා කොට අනුශාසනා කෙළෙමි: “තෙපි පමා නො වවු. අප්‍රමාදය සුව එළවන්නේ වෙයි” (කියායි.)
1867. එවං සමනුසාසිත්වා තෙ සිස්සෙ වචනක්ඛමෙ, අප්පමාදගුණෙ යුත්තො තදා කාලකතො අහං.
1867. වචනක්ෂම (=කීකරු) වූ ස්වකීය ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්රමාදී ගුණයෙහි යෙදුනෙම් කලුරිය කෙළෙමි.
1868. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1868. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1869. එකපඤ්ඤාසකප්පම්භි රාජා ආසිං ජලුත්තමො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1869. එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජලුත්තම නම් සක්විතිරජෙක් වීමි.
ඉත්ථං සුදං ආයස්මා පදුමපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදුමපූජකත්ථෙරස්ස අපදානං දසමං.
පදුමපූජකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
සෙරෙය්යකො පුප්ඵථූපී පායසො’දකි ථොමකො, ආසනී ඵලසඤ්ඤී ච ගන්ධපදුමපුප්ඵියො, පඤ්චුත්තරසතා ගාථා භණිතා අත්ථදස්සිහි.
සෙරෙය්‍යක පුප්ඵථූපී පායාසී උදකි ථොමක ආසනී ඵලසඤ්ඤී ගන්ධ පදුමපුප්ඵිය වත්ප සක් වැඩි සියක් ගයින් මෙහි කියවිනි.
සෙරෙය්යකවග්ගො තෙරසමො.
සෙරෙය්යකවර්ගය තෙළෙස්වැනියි.