131. සොභිතත්ථෙරාපදානං
131. සොභිතත්ථෙරාපදානං.
131. සෝභිත ස්ථවිරාවදානය
1870. පදුමුත්තරො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො, මහතො ජනකායස්ස දෙසෙති අමතං පදං.
1870. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මහත් වූ ජනසමූහයාට අමෘතපදය (නිවණ) දේශනා කරණ සේක.
1871. තස්සාහං වචනං සුත්වා වාචාසභිමුදීරයිං, අඤ්ජලිං පග්ගහෙවොන එකග්ගො ආසහං තදා.
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙණ එකඟ සිත් ඇත්තෙම් වීමි. බුදුනුවණ ද මෙසේ පැසසීමි:
1872. යථා සමුද්දො උදධීනමග්ගො, නෙරූ නගානං පවරො සිලුච්චයො, තථෙව යෙ චිත්තවසෙන වත්තරෙ, න බුද්ධඤාණස්ස කලං උපෙන්ති තෙ.
1872. “යම් සේ මහසයුර ජලාශයනට අග්‍ර වේ ද, සිනේරු පර්වතය පර්වතයනට අග්‍ර වේ ද, එසේ ම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම්, ඔහු බුදුනුවණින් කලාවකට ද නො පැමිණෙත්. (හැම නුවණට වඩා අග්‍රය” කියායි).
1873. ධම්මෙ විධිං ඨපෙත්වාන බුද්ධො කාරුණිකො ඉසි, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
1873. එකල්හි කාරුණික ඍෂි වූ බුදුරජානන් වහන්සේ ධර්මන්යාය පිහිටුවා භික්ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළ සේක:
1874. “යො සො ඤාණං පකිත්තෙසි බුද්ධම්හි ලොකනායකො, කප්පානං සතසහස්සං දුග්ගතිං න ගමිස්සති.
1874. “ලෝක නායක බුදුරජුන් විෂයෙහි වූ නුවණ යමෙක් ප්‍රශංසා මුඛයෙන් පැවසී ද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.
1875. කිලෙසෙ ඣාපයිත්වාන එකග්ගො සුසමාහිතො, සොභිතො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො”
1875. එකඟ ව සන්සුන් ව කෙලෙස් දවා නමින් සෝභිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
1876. පඤ්ඤාසෙ කප්පසහස්සෙ සත්තෙවාසුං යසුග්ගතා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1876. මෙයින් පණස්දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යසුග්ගත නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
1877. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
1877. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ වනසන ලදහ. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මේ අයුරින් බුදුසසුන කරණලදී.
1878. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1878. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සොභිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සොභිතත්ථෙරස්ස අපදානං පඨමං.
සෝභිතස්ථවිරාවදානය පළමුවැනියි.