132. සුදස‍්සනත්‍ථෙරාපදානං
132. සුදස‍්සනත්‍ථෙරාපදානං.
132. සුදස්සන ස්ථවිරාවදානය
1879. විතත්‍ථානදියා තීරෙ පිලක‍්ඛො ඵලිතො අහු, තාහං රුක‍්ඛං ගවෙසන‍්තො අද‍්දසං ලොකනායකං.
1879. විතස්තා නදී තීරයෙහි පුළිලගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නෙම් ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1880. කෙතකං පුප‍්ඵිතං දිස‍්වා වණ‍්ටෙ ඡෙත්‍වාන’හං තදා, බුද‍්ධස‍්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්‍ධුනො.
1880. එකල්හි මම පිපුනු වැටකේගසක් දැක (එයින් මලක්) නටුවෙන් කඩා ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි. (කෙසේ ද යත්:)
1881. යෙන ඤාණෙන පත‍්තො’සි අච‍්චුතං අමතං පදං, තං ඤාණං අභිපූජෙමි බුද‍්ධසෙට‍්ඨ මහාමුනි.
1881. “මහාමුනීන් වහන්ස, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදසංඛ්‍යාත නිවණට යම් නුවණක් කරණ කොට ගෙණ පැමිණිසේක් ද, එම නුවණට පුදමි” (කියායි).
1882. ඤාණම‍්භි පූජං කත්‍වාන පිලක‍්ඛං අද‍්දසං අහං, පටිලද‍්ධොම‍්භි තං පඤ‍්ඤං ඤාණපූජායිදං ඵලං.
1882. ඒ බුදුරජානන් වහන්සේගේ සර්‍වඥතාඥාන විෂයෙහි පුද කොට පුලිල ගස දිටිමි. (ඒ පූජාහේතුවෙන්) ඒ ප්‍රඥාව ලැබුයෙම් වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකය යි.
1883. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි ඤාණපූජායිදං ඵලං.
1883. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
1884. ඉතො තෙරසකප‍්පම‍්භි ද‍්වාදසාසුං ඵලුග‍්ගතා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලො.
1884. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඵලුග්ගත නම් දොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
1885. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1885. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුදස‍්සනො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුදස‍්සනත්‍ථෙරස‍්ස අපදානං දුතියං.
සුදස්සනස්ථවිරාවදානය දෙවැනියි.