133. චන්දනපූජකත්ථෙරාපදානං
133. චන්දනපූජකත්ථෙරාපදානං.
133. චන්දනපූජක ස්ථවිරාවදානය
1886. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, පුප්ඵභක්ඛො ච’හං ආසිං පුප්ඵනිවසනො තථා.
1886. එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නෙම් එසේ ම මල්මුවා හඳනා ඇත්තෙම් ද වීමි.
1887. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨා නරාසභො, විපිනග්ගෙන නිය්යාසි හංසරාජාව අම්බරෙ.
1887. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේ ද අහසෙහි හංසරාජයකු මෙන් වනහිසින් නික්මුනු සේක. (ඒ දුටු මම මෙසේ කීමි:)
1888. “නමො තෙ පුරිසාජඤ්ඤ චිත්තං තෙ සුවිසොධිතං, පසන්නමුඛනෙත්තො’සි විප්පසන්නමුඛින්ද්රියො.
1888. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ මුඛය හා නේත්‍ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්ද්රියයන් ඇතිසේක.”
1889. ඔරොහිත්වාන ආකාසා භූරිපඤ්ඤො සුමෙධසො, සඞ්ඝාටිං පත්ථරිත්වාන පල්ලඞ්කෙන උපාවිසි.
1889. (ඉක්බිති) මහාප්‍රාඥ වූ මනා නුවණැති සර්වඥ තෙමේ අහසින් බැස සඟළ සිවුර අතුරා පර්‍ය්‍යඞ්කයෙන් (අසරමිණිය ගොතා) වැඩහුන්නේ ය.
1890. විලීනං චන්දනාදාය අගමාසිං ජිනන්තිකං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
1890. වුරුණු සඳුන් ගෙණ බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස්සහිත වූයෙම් සර්වඥයන් වහන්සේට පිදීමි.
1891. අභිවාදෙත්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං නරාසභං, පාමොජ්ජං ජනයිත්වාන සක්කාමිං උත්තරාමුඛො.
1891. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට අභිවාදනය කොට සතුට උපදවා උත්තරදිශාභිමුඛ ව ගියෙමි.
1892. අට්ඨාරසෙ කප්පසතෙ චන්දනං යං අපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1892. එක්දහස්අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1893. චතුද්දසෙ කප්පසතෙ ඉතො ආසිංසු තෙ තයො, රොහිතා නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
1893 මෙයින් එක්දහස්හාරසියවන කපෙහි නමින් රෝහිත නම් වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1894. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1894. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
ඉත්ථං සුදං ආයස්මා චන්දනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්දනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චන්දනපූජකත්ථෙරස්ස අපදානං තතියං.
චන්දනපූජකස්ථවිරාවදානය තෙවැනි යී.
අට්ඨමභාණවාරං.
අටවැනි බණවරයි.