134. පුප්ඵඡදනියත්ථෙරාපදානං
134. පුප්ඵඡදනියත්ථෙරාපදානං.
134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
1895. සුනන්දො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, අජ්ඣායකො යාජයොගො වාජපෙය්යං අයාජයී.
1895. මන්ත්‍රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
1896. පදුමුත්තරො ලොකවිදූ අග්ගො කාරුණිකො ඉසි, ජනතං අනුකම්පන්තො අම්බරෙ චඞ්කමි තදා.
1896. අග්‍රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
1897. චඞ්කමිත්වාන සම්බුද්ධො සබ්බඤ්ඤූ ලොකනායකො, මෙත්තාය අඵරී සත්තෙ අප්පමාණං නිරූපධි.
1897. උපධි විරහිත ලෝකනායක වූ සර්වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්‍රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීය.
1898. වණ්ටෙ ඡෙත්වාන පුප්ඵානි බ්රාහ්මණො මන්තපාරගූ, සබ්බෙ සිස්සෙ සමානෙත්වා ආකාසෙ උක්ඛිපාපයි.
1898. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්‍යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
1899. යාවතා නගරං ආසි පුප්ඵානං ඡදනං තදා, බුද්ධස්ස ආනුභාවෙන සත්තාහං න විගච්ඡථ.
1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
1900. තෙනෙව සුක්කමූලෙන අනුභොත්වාන සම්පදා, සබ්බාසවෙ පරිඤ්ඤාය තිණ්ණො ලොකෙ විසත්තිකං.
1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එකාදසෙ කප්පසතෙ පඤ්චතිංසා’සු ඛත්තියා, අම්බරංස සනාමා තෙ චක්කවත්තී මහබ්බලො.
1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
ඉත්ථං සුදං ආයස්මා පුප්ඵජදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵඡදනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
පුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.