126. කුසුමාසනියත්ථෙරාපදානං
126. කුසුමාසනියත්ථෙරාපදානං.
126. කුසුමාසනිය ස්ථවිරාවදානය
1830. නගරෙ ධඤ්ඤවතියා අහොසිං බ්රාහ්මණො තදා, ලක්ඛණෙ ඉතිහාසෙ ච සනිඝණ්ඩු සකෙටුභෙ.
1830. මම එකල්හි නිඝණ්ඩුශාස්ත්‍රය හා (කවීනට හිත වූ) කෛටභ ශාස්ත්‍රය සහිත ලක්ෂණශාස්ත්රයෙහි ද, ඉතිහාසයෙහි ද දක්ෂ වූයෙම් ධන්‍යවතී නගරයෙහි බමුණෙක් වීමි.
1831. පදකො වෙය්යාකරණො නිමිත්තෙ කොවිදො අහං, මන්නෙත ච සිස්සෙ වාචෙසිං තිණ්ණං වෙදාන පාරගූ.
1831. පදපාඨ දන්නෙම් ව්‍යාකරණශාස්ත්‍රය දන්නෙම් නිමිතිශාස්ත්රයෙහි ද දක්ෂ වූයෙම් වේදත්‍රයෙහි පරතෙරට ගියෙම් ශිෂ්‍යයනට මන්ත්‍ර කියවීමි.
1832. පඤ්ච උප්පලහත්ථානි පීඨියං ඨපිතානි මෙ, ආහුතිං යිට්ඨුකාමො’හං පිතුමාතුසමාගමෙ.
1832. මම දෙමාපියන් හමුවෙහි (ඔවුනට) පුදනු කැමැත්තෙම් වීමි. ඒ සඳහා මා විසින් උපුල් මිටි සතක් අස්නක තබන ලදී.
1833. තදා විපස්සීභගවා භික්ඛුසඞ්ඝපුරක්ඛතො, ඔභාසෙන්තා දිසා සබ්බා ආගච්ඡති නරාසභො.
1833. එකල්හි නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙමේ භික්ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වැඩම කරයි.
1834. ආසනං පඤ්ඤපෙත්වාන නිමන්තෙත්වා මහාමුනිං, සන්ථරිත්වාන තං පුප්ඵං අභිනෙසිං සකං ඝරං.
1834. බුදුරජානන් වහන්සේ පවරා ඒ මල් අතුරා අසුනක් පණවා සිය ගෙදොරට වැඩම කරවීමි.
1835. යං මෙ අත්ථි සකෙ ගෙහෙ ආමිසං පච්චුපට්ඨිතං, තාහං බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එය මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.
1836. භුත්තාවිං කාලමඤ්ඤාය පුප්ඵහත්ථං අදාසහං, අනුමොදිත්වාන සබ්බඤ්ඤූ පක්කාමි උත්තරාමුඛො.
1836. මම වළඳා අවසන් වූ උන්වහන්සේට සුදුසු කලැයි දැන මල් මිටක් ද පිරිනැමීමි. සර්වඥයන් වහන්සේ අනුමෝදනා කොට උත්තරදිශාභිමුඛ ව වැඩි සේක.
1837. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සි’දං ඵලං.
1837. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
1838. අනන්තරා ඉතො කප්පෙ රාජා’හුං වරදස්සනො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1838. මෙයින් ඉක්බිති අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විතිරජෙක් විය.
1839. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1839. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කුසුමාසනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
කුසුමාසනියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
කුසුමාසනියස්ථවිරාවදානය සවැනියි.