125. සම්මුඛාත්ථවිකත්ථෙරාපදානං
125. සම්මුඛාත්ථවිකත්ථෙරාපදානං.
125. සම්මුඛාත්‍ථවික ස්ථවිරාවදානය
1806. ජායමානෙ විපස්සිම්හි නිමිත්තං ව්යාකරිං අහං, නිබ්බාපයඤ්ච ජනතං බුද්ධො ලොකෙ භවිස්සති.
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
1807. යස්මිඤ්ච ජායමානස්මිං දසසහස්සී පකම්පති, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1808. යස්මිඤ්ච ජායමානස්මිං ආලොකො විපුලො අහූ, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1809. යස්මිං ච ජායමානස්මිං සරිතායො න සන්දිසුං, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1809. යම් උතුමකු උපදින කල්හි ගඞ්ගාවෝ නො ගැලුවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1810. යස්මිං ච ජායමානස්මිං අවීචග්ගි න පජ්ජලි, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1810. යම් උතුමකු උපදින කල්හි අවීචියෙහි ගිනි නො දැල්විනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1811. යස්මිං ච ජායමානස්මිං පක්ඛිසංඝො න සඤ්චරි, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1811. යම් උතුමකු උපදින කල්හි පක්ෂිසමූහයා (ඒ මේ අත) නො හැසිරිනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1812. යස්මිං ච ජායමානස්මිං වාතක්ඛන්ධො න වායති, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1812. යම් උතුමකු උපදින කල්හි වාතස්ඛන්ධය නො හමා ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1813. යස්මිං ච ජායමානස්මිං සබ්බරතනානි ජොතිසුං, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1813. යම් උතුමකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1814. යස්මිං ච ජායමානස්මිං සත්තා’සුං පදවික්කමා, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
1814. යම් උතුමකු උපදින කල්හි සප්තපදවික්රමයෝ වූවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1815. ජාතමත්තො ච සම්බුද්ධො දිසා සබ්බා විලොකයි, වාචාසභිමුදීරෙසි එසා බුද්ධාන ධම්මතා.
1815. උපන්නා හා ම සර්වඥ තෙමේ සියලු දිගුන් බැලී ය. අභීත වචන පැවසී ය. මෝ බුදුවරයින්ගේ ධර්මතා යි.
1816. සංවෙජයිත්වා ජනතං ථවිත්වා ලොකනායකං, සම්බුද්ධං අභිවාදෙත්වා පක්කාමිං පාචිනාමුඛො.
1816. (මෙසේ) ජනතාව සංවේගයට පමුණුවා ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්වඥයන් වහන්සේ වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
1817. එකනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධමභිථොමයිං, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
1817. මෙයින් එක් අනූවන කපෙහි යම් බුද්ධ ස්තුතියක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ස්තුතියෙහි මේ විපාකය යි.
1818. ඉතො නවුතිකප්පම්භි සම්මුඛාථවිකව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1818. මෙයින් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්මුඛාථවික නම් සක්විතිරජෙක් විය.
1819. පඨවිදුන්දුභී නාම එකූනනවුතිම්භි’තො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1819. මෙයින් එකුන් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පඨවිදුන්දුභි නම් සක්විතිරජෙක් විය.
1820. අට්ඨාසීතිම්හි’තො කප්පෙ ඔභාසො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1820. මෙයින් අටාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඕභාස නම් සක්විතිරජෙක් විය.
1821. සත්තාසීතිම්හි’තො කප්පෙ සරිතච්ඡෙදනව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1821. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සරිතච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
1822. අග්ගිනිබ්බාපනො නාම කප්පානං ඡළසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1822. මෙයින් සයඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිනිබ්බාපන නම් සක්විතිරජෙක් විය.
1823. ගතිපච්ඡෙදනො නාම කප්පානං පඤ්චසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1823. මෙයින් පස්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ගතිපච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
1824. රාජා වාතසමො නාම කප්පානං චුල්ලසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1824. මෙයින් සූඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වාතසම නම් සක්විතිරජෙක් විය.
1825. රතනපජ්ජලො නාම කප්පානං තෙඅසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1825. මෙයින් තෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රතනපජ්ජල නම් සක්විතිරජෙක් විය.
1826. පදවික්කමනො නාම කප්පානං ද්වෙඅසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1826. මෙයින් දෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පදවික්කමන නම් සක්විතිරජෙක් විය.
1827. රාජා විලොකනො නාම කප්පානං එකසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1827. මෙයින් එක් අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විලෝකන නම් සක්විතිරජෙක් විය.
1828. ගිරිසාරො’ති නාමෙන කප්පෙ’සිතිම්භි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1828. අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නමින් ගිරිසාර නම් සක්විතිරජෙක් විය.
1829. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1829. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සම්මුඛාථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්මුඛාථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සම්මුඛාථවිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
සම්මුඛාථවිකස්ථවිරාවදානය පස්වැනියි.