124. ගන්ධොදකියත්ථෙරාපදානං
124. ගන්ධොදකියත්ථෙරාපදානං.
124. ගන්ධොදකිය ස්ථවිරාවදානය
1800. නිසජ්ජ පාසාදවරෙ විපස්සිං අද්දසං ජිනං, කකුධං විලසන්තංව සබ්බඤ්ඤුං තමනාසකං.
1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1801. පාසාදස්සාවිදූරෙ ච ගච්ඡති ලොකනායකො, පභා නිද්ධාවතෙ තස්ස යථා ච සතරංසිනො.
1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්ය්යයාගේ (ප්රභාව) මෙන් උන්වහන්සේගේ ප්රභා විහිදෙයි.
1802. ගන්ධොදකඤ්ච පග්ගය්හ බුද්ධසෙට්ඨං සමොකිරිං, තෙන චිත්තප්පසාදෙන තත්ථ කාලකතො අහං.
1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
1803. එකනවුතෙ ඉතො කප්පෙ යං ගන්ධොදකමාකිරිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1804. එකතිංසෙ ඉතො කප්පෙ සුගන්ධො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්ධ නම් සක්විති රජෙක් විය.
1805. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1805. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ගන්ධොදකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
ගන්ධොදකියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
ගන්ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.