යෙදුමෙන් කියවන්න

123. පායාසදායකත්‍ථෙරාපදානං

123. පායාසදායකත්‍ථෙරාපදානං.

123. පායාසදායක ස්ථවිරාවදානය

1791. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං බත‍්තිංසවරලක‍්ඛණං, පවනා අභිනික‍්ඛන‍්තං භික‍්ඛුසංඝපුරක‍්ඛතං.

1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.

1792. මහච‍්චා කංසපාතියා වඩ‍්ඪෙත්‍වා පායාසං අහං, ආහුතිං යිට‍්ඨුකාමො සො උපනෙසිං බලිං අහං.

1793. භගවා තම‍්හි සමයෙ ලොකජෙට‍්ඨො නරාසභො, චඞ‍්කමං සුසමාරූළ‍්හො අම‍්බරෙ අනිලායනෙ.

1793. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.

1794. තං ච අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං, ඨපයිත්‍වා කංසපාතිං විපස‍්සිං අභිවාදයිං.

1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්‍ය්‍යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:

1795. තුවං දෙවො’සි සබ‍්බඤ‍්ඤූ සදෙවෙ සහමානුසෙ, අනුකම‍්පං උපාදාය පටිගණ‍්හ මහාමුනි.

1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).

1796. පටිග‍්ගහෙසි භගවා සබ‍්බඤ‍්ඤූ ලොකනායකො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ මහාමුනි.

1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්‍යවත් සර්‍වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.

1797. එකනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පායාසස‍්ස ඉදං ඵලං.

1797. මෙයින් ඒකානූවන කපෙහි වූ එකල්හි මම යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කිරිබත්දනෙහි මේ විපාකය යි.

1798. එකතාළීසිතො කප‍්පෙ බුද‍්ධො නාමාසි ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1798. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බුද්ධ නම් සක්විතිරජෙක් විය.

1799. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1799. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පායාසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පායාසදායකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

පායාසදායකස්ථවිරාවදානය තෙවැනි යි.