122. පුප්ඵථූපියත්ථෙරාපදානං
122. පුප්ඵථූපියත්ථෙරාපදානං.
122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
1776. හිමවන්තස්සාවිදූරෙ කුක්කුටො නාම පබ්බතො, වෙමජ්ඣෙ තස්ස වසති බ්රාහ්මණො මන්තපාරගූ.
1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්වතයක් විය. ඒ පර්වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණයෙක් විය.
1777. පඤ්ච සිස්සසහස්සානි පරිවාරෙන්ති මං සදා, පුබ්බුට්ඨායී ච තෙ ආසුං මන්තෙසු ච විසාරදා.
1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්‍රයන්හි විශාරදයෝ ද වූහ.
1778. බුද්ධො ලොකෙ සමුප්පන්නො තං විජානාථ නො භවං, අසීති ව්යඤ්ජනානස්ස බත්තිංස වරලක්ඛණා, බ්යාමප්පභො ජිනවරො ආදිච්චොව විරොචති.
1778. (ඒ ශිෂ්‍යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්‍යඤ්ජන ඇත. මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසක් වෙති. ඛ්‍යාමප්‍රභා ඇති ඒ ජිනේන්ද්රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
1779. සිස්සානං වචනං සුත්වා බ්රාහ්මණො මන්තපාරගූ, අස්සමා අභිනික්ඛම්ම දිසං පුච්ඡති සිස්සකෙ. යම්හි දෙසෙ මහාවීරො වසතී ලොකනායකො.
1779. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්‍යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්‍යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
1780. තාහං දිසං නමස්සිස්සං ජිනං අප්පටිපුග්ගලං, උදග්ගචිත්තො සුමනො පූජෙසිං තං තථාගතං.
1780. මම ඒ දිශාවට ද අප්‍රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීමි).
1781. එථ සිස්සා ගමිස්සාම දක්ඛිස්සාම තථාගතං, වන්දිත්වා සත්ථුනො පාදෙ සොස්සාම ජිනසාසනං.
1781. “ශිෂ්‍යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්මය අසන්නෙමු” (කියායි).
1782. එකාහං අභිනික්ඛම්ම ව්යාධිං පටිලභිං අහං, ව්යාධිනා පීළිතො සන්තො සාලං වෙසයිතුං ගමිං.
1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
1783. සබ්බෙ සිස්සෙ සමානෙත්වා අපුච්ඡිං තෙ තථාගතං, කීදිසං ලොකනාථස්ස ගුණං පරමබුද්ධිනො.
1783. සියලු ශිෂ්‍යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.
1784. තෙ මෙ පුට්ඨා ව්යාකරිංසු යථා දස්සාවිනො තථා, සක්කච්චං බුද්ධසෙට්ඨං තං දස්සෙසුං මම සම්මුඛා.
1784. මා විසින් විචාරණ ලද ඔහු යම් සේ බුදුරජුන් දක්නා සුලු වූවාහු නම් එසේ ම විස්තර කළාහු ය. මාගේ හමුයෙහි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනැවින් (වචනයෙන්) දැක්වූහ.
1785. තෙසාහං වචනං සුත්වා සකං චිත්තං පසාදයිං, පුප්ඵෙහි ථූපං කත්වාන තත්ථ කාලකතො අහං.
1785. මම ඔවුන්ගේ වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කලුරිය කෙළෙමි.
1786. තෙ මෙ සරීරං ඣාපෙත්වා අගමුං බුද්ධසන්තිකෙ, අඤ්ජලිං පග්ගහෙත්වාන සත්ථාරං අභිවාදයුං.
1786. ඔහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහු ය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහු ය.
1787. පුප්ඵෙහි ථූපං කත්වාන සුගතස්ස මහෙසිනො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
1787. මම සුගත වූ මහර්ෂි බුදුරජානන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
1788. චත්තාරීසසහස්සම්භි කප්පෙ සොළස ඛත්තියා, නාමෙන’ග්ගිසමා නාම චක්කවත්තී මහබ්බලා.
1788. සතළිස් දහස්වන කපෙහි නමින් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
1789. වීසෙ කප්පසහස්සම්හි රාජානො චක්කවත්තිනො, ඝතාසනසනාමා ච අට්ඨතිංස මහීපති.
1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම් වූ පෘථිවීශ්වර වූ අටතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1790. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1790. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා පුප්ඵථූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පුප්ඵථූපියත්ථෙරස්ස අපදානං දුතියං.
පුප්ඵථූපියස්ථවිරාවදානය දෙවැනි යි.