යෙදුමෙන් කියවන්න

121. සෙරෙය්‍යකත්‍ථෙරාපදානං

121. සෙරෙය්‍යකත්‍ථෙරාපදානං.

121. සෙරෙය්‍යක ස්ථවිරාවදානය

1767. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදාන පාරගූ, අබ‍්භොකාසෙ ඨිතො සන‍්තො අද‍්දසං ලොකනායකං.

1767. වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය–

1768. සීහං යථා වනචරං ව්‍යග‍්ඝරාජංව නිත‍්තසං, තිධා පභින‍්නමාතඞ‍්ගං කුඤ‍්ජරංව මහෙසිනං.

1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්‍යාඝ්‍රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.

1769. සෙරෙය්‍යකං ගහෙත්‍වාන ආකාසෙ උක‍්ඛිපිං අහං, බුද‍්ධස‍්ස ආනුභාවෙන පරිවාරෙන‍්ති සබ‍්බතො.

1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.

1770. අධිට‍්ඨාසි මහාවීරො සබ‍්බඤ‍්ඤූ ලොකනායකො, සමන‍්තා පුප‍්ඵච‍්ඡදනා ඔකිරිංසු නරාසභං.

1770. මහාවීර වූ ලෝකනායක සර්‍වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.

1771. තතො සා පුප‍්ඵකඤ‍්චුකා අන‍්තොවණ‍්ටා බහීමුඛා, සත‍්තාහං ඡදනං හුත්‍වා තතො අන‍්තරධායථ.

1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.

1772. තං ච අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං, බුද‍්ධෙ චිත‍්තං පසාදෙසිං සුගතෙ ලොකනායකෙ.

1772. විස්මයජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍ය ය දැක සුගත වු ලෝකනායක වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.

1773. තෙන චිත‍්තප‍්පසාදෙන සුක‍්කමූලෙන චොදිතො, කප‍්පානං සතසහස‍්සං දුග‍්ගතිං නුපපජ‍්ජහං.

1773. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.

1774. පණ‍්ණරසසහස‍්සම‍්භි කප‍්පානං පඤ‍්චවීස තෙ, චිත‍්තමාලාසනාමා ච චක‍්කවත‍්තී මහබ‍්බලා.

1774. එක්දහස්පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්තමාල නම් පස්විසි සක්විතිරජකෙනෙක් වූහ.

1775. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛා’පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1775. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සෙරෙය්‍යකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළෙසේක් යී.

සෙරය්‍යෙකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

සෙරෙය්‍යකස්ථවිරාවදානය පළමුවැනි යි.