120. ජාතිපූජකත්ථෙරාපදානං
120. ජාතිපූජකත්ථෙරාපදානං.
120. ජාතිපූජක ස්ථවිරාවදානය
1758. ජායන්තස්ස විපස්සිස්ස අලොකො විපුලො අහු, පඨවී ච පකම්පිත්ථ සසාගරා සපබ්බතා.
1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්වත සහිත පෘථිවිය කම්පිත වී ය.
1759. නෙමිත්තා ච වියාකංසු බුද්ධො ලොකෙ භවිස්සති, අග්ගො ච සබ්බසත්තානං ජනතං උද්ධරිස්සති.
1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සර්වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
1760. නෙමිත්තානං සුණිත්වාන ජාතිපූජමකාසහං, එදිසා පූජනා නත්ථි යාදිසා ජාතිපූජනා.
1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
1761. සංවරිත්වාන කුසලං සකං චිත්තං පසාදයිං, ජාතිපූජං කරිත්වාන තත්ථ කාලකතො අහං.
1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.
1762. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙ සත්තෙ අතිභොමි ජාතිපූජායිදං ඵලං.
1762. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, සම්පත්තියෙන් සියලු සත්ත්වයන් ඉක්මවමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1763. ධාතියො මං උපට්ඨන්ති මම චිත්තවසානුගා, න තා සක්කොන්ති කොපෙතුං ජාතිපූජායිදං ඵලං.
1763. මාගේ චිත්තාචාරයට අනුව පවතින්නා වූ කිරිමවුවරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නො හැක්කාහු වෙත්. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1764. එකනවුතෙ ඉතො කප්පෙ යං පූජමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ජාතිපූජායිදං ඵලං.
1764. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
1765. සුපාරිචාරියා නාම චතුත්තිංස ජනාධිපා, ඉතො තතියකප්පම්භි චක්කවත්තී මහබ්බලා.
1765. මෙයින් තෙවන කල්පයෙහි මහත් බල ඇති ජනාධිපති වූ සුපාරිචාරිය නම් සූතිස් සක්විතිරජකෙනෙක් වූහ.
1766. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1766. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා ජාතිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාතිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ජාතිපූජකත්ථෙරස්ස අපදානං දසමං.
ජාතිපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
පරිවාර සුමඞ්ගලා සරණාසන පුප්ඵකා, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ගුපට්ඨාන ජාතිනා, ගාථායො නවුතී වුත්තා ගණිතායො විභාවිහි.
පරිවාර සුමඞ්ගල සරණ ආසන පුප්ඵික, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී, දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
මහාපරිවාරවග්ගො ද්වාදසමො.
මහාපරිවාරවර්ගය දොළොස් වැනි යි.