12. මහාපරිවාරවග්ගො අට්ඨකථා
12. මහාපරිවාර වර්ගය
111. මහාපරිවාරකත්ථෙරඅපදානවණ්ණනා
111. මහාපරිවාර ථේර අපදාන වර්ණනාව
විපස්සී නාම භගවාතිආදිකං ආයස්මතො මහාපරිවාරකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො උප්පන්නසමයෙ යක්ඛයොනියං නිබ්බත්තො අනෙකයක්ඛසතසහස්සපරිවාරො එකස්මිං ඛුද්දකදීපෙ දිබ්බසුඛමනුභවන්තො විහරති. තස්මිඤ්ච දීපෙ චෙතියාභිසොභිතො විහාරො අත්ථි, තත්ථ භගවා අගමාසි. අථ සො යක්ඛසෙනාධිපති තං භගවන්තං තත්ථ ගතභාවං දිස්වා දිබ්බවත්ථානි ගහෙත්වා ගන්ත්වා භගවන්තං වන්දිත්වා දිබ්බවත්ථෙහි පූජෙසි, සපරිවාරො සරණමගමාසි. සො තෙන පුඤ්ඤකම්මෙන තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා තත්ථ ඡ කාමාවචරසුඛමනුභවිත්වා තතො චුතො මනුස්සෙසු අග්ගචක්කවත්තිආදිසුඛමනුභවිත්වා අපරභාගෙ ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
විපස්සි නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මහා පරිවාර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි තෙමේම යක්ෂ යෝනියෙහි ඉපිද නොයෙක් සියදහස් ගණන් යක්ෂ පිරිවර ඇත්තේ එක් කුඩා දිවයිනක දිව්‍ය සම්පත් අනුභවකොට වෙසේ. ඒ දිවයිනෙහි චෛත්‍ය ආදියෙන් අලංකාර වූ විහාරයක් ඇත. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ සේක. ඉක්බිති ඒ යක්ෂ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ බව දැක දිවසළු රැගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ දිවසළුවලින් පූජා කළේය. පිරිවර සහිතව සරණ ගියේය. හේ එම පුණ්යකර්මයෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද එහි ස කාමාවචර සැප අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සැප අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො විපස්සී නාම භගවාතිආදිමාහ. තත්ථ විසෙසං පරමත්ථං නිබ්බානං පස්සතීති විපස්සී, විවිධෙ සතිපට්ඨානාදයො සත්තතිංසබොධිපක්ඛියධම්මෙ පස්සතීති වා විපස්සී, විවිධෙ අනෙකප්පකාරෙ බොධනෙය්යසත්තෙ විසුං විසුං පස්සතීති වා විපස්සී, සො විපස්සී භගවා දීපචෙතියං දීපෙ පූජනීයට්ඨානං විහාරමගමාසීති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘විපස්සි නාම භගවා’ යනාදිය කීහ. එහි විශේෂ වූ පරමාර්ථ නිර්වාණය දකීනුයි විපස්සි නමි. විවිධ වූ සතිපට්ඨානාදී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දකීනුයි හෝ විපස්සි නමි. විවිධ වූ අනේකප්‍රකාර වූ අවබෝධ කරවිය හැකි සත්ත්වයන් වෙන වෙනම දකීනුයි හෝ විපස්සී නමි. ඒ විපස්සි භාග්‍යවතුන් වහන්සේ ඒ දිවයිනෙහි චෙතියං පූජනීය ස්ථානයට වැඩිසේක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
මහාපරිවාරකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මහා පරිවාර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
112. සුමඞ්ගලත්ථෙරඅපදානවණ්ණනා
112. සුමඞ්ගල ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සී ජිනවරොතිආදිකං ආයස්මතො සුමඞ්ගලත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ එකස්මිං තළාකසමීපෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තස්මිං සමයෙ භගවා විහාරතො නික්ඛමිත්වා නහායිතුකාමො තස්ස තළාකස්ස තීරං ගන්ත්වා තත්ථ න්හත්වා එකචීවරො ජලමානො බ්රහ්මා විය සූරියො විය සුවණ්ණබිම්බං විය අට්ඨාසි. අථ සො දෙවපුත්තො සොමනස්සජාතො පඤ්ජලිකො ථොමනමකාසි, අත්තනො දිබ්බගීතතූරියෙහි උපහාරඤ්ච අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සම්පත්තියො අනුභවිත්වා අපරභාගෙ ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථරි පසීදිත්වා පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
අත්ථදස්සි ජිනවරො යනාදි වශයෙන් ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් තඩාගයක් සමීපයෙහි රුක්දෙවියෙක් ව උපන්නේ ය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම නහනු කැමතිසේක් ඒ තඩාංගයෙහි ඉවුරට වැඩමකොට එහි ස්නානය කොට එක් සිවුරකින් බබලන බ්‍රහ්මයා මෙන් සූර්යයා මෙන් රන් පිළිමයක් සේ වැඩසිටි සේක. ඉක්බිති ඒ දිව්‍යපුත්‍රයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලිබැඳ ස්තුති කළේය. තමාගේ දිව්යගීත තූර්ය වාදනයෙන් උපහාරද කළේය. හේ එම කර්මයෙන් දෙවිමිනිසුන් අතර සම්පත් අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
සො පච්ඡා පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො අත්ථදස්සී ජිනවරොතිආදිමාහ. තත්ථ පරමත්ථං නිබ්බානං දක්ඛති පස්සතීති අත්ථදස්සී, අථ වා සබ්බසත්තානං චතුරාරියසච්චසඞ්ඛාතං අත්ථපයොජනං දස්සනසීලොති අත්ථදස්සී, කිලෙසෙ අජිනි ජිනාති ජිනිස්සතීති ජිනො. වරිතබ්බො පත්ථෙතබ්බො සබ්බසත්තෙහීති වරො, අත්ථදස්සී ජිනො ච සො වරො චාති අත්ථදස්සී ජිනවරො. ලොකජෙට්ඨොති ලුජ්ජති පලුජ්ජතීති ලොකො, ලොකීයති පස්සීයති බුද්ධාදීහි පාරප්පත්තොති වා ලොකො, ලොකො ච ලොකො ච ලොකො චාති ලොකො. එකසෙසසමාසවසෙන “ලොකා”ති වත්තබ්බෙ “ලොකො”ති වුත්තො. ලොකස්ස ජෙට්ඨො ලොකජෙට්ඨො, සො ලොකජෙට්ඨො නරාසභොති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නාහු අත්ථදස්සි ජිනවරො යනාදිය කීහ. එහි පරමාර්ථ නිර්වාණය දක්ඛති දකින්නේනුයි අත්ථදස්සි නමි. නැතහොත් සියලු සත්ත්වයන්ට චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත අත්ථං ප්‍රයෝජනය දක්නාසුලු වූයේ යනුයි අත්ථදස්සි නමි. කෙලෙස් දිනුවේය. දිනයි දිනන්නේනුයි ජිනනමි. සියලු සත්ත්වයන් විසින් හැසිරිය යුත්තේ ප්‍රාර්ථනා කළයුත්තේනුයි වර නම් අත්ථදස්සි ජිනවූයේ ද හෙම වරවූයේ ද අත්ථදස්සි ජිනවර නමි. ලොකජෙට්ඨො යනු දිරානුයි විශේෂයෙන් දිරානුයි ලෝක නමි. බුද්ධාදීන් විසින් බලනු ලැබේනුයි. පිහිටනු ලැබේනුයි පරතෙර පත්වූයේනුයි හෝ ලෝක නමි. ලෝකයට ජ්‍යෙෂ්ඨ වූයේ නරයන්ට උත්තම වූයේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
සුමඞ්ගලත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සුමඞ්ගල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
113. සරණගමනියත්ථෙරඅපදානවණ්ණනා
113. දුතියසරණගමනීය ථේර අපදාන වර්ණනාව
උභින්නං දෙවරාජූනන්ත්යාදිකං ආයස්මතො සරණගමනියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො උප්පන්නුප්පන්නභවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරෙ භගවති උප්පන්නෙ අයං හිමවන්තෙ දෙවරාජා හුත්වා නිබ්බත්ති, තස්මිං අපරෙන යක්ඛදෙවරඤ්ඤා සද්ධිං සඞ්ගාමත්ථාය උපට්ඨිතෙ ද්වෙ අනෙකයක්ඛසහස්සපරිවාරා ඵලකාවුධාදිහත්ථා සඞ්ගාමත්ථාය සමුපබ්යූළ්හා අහෙසුං. තදා පදුමුත්තරො භගවා තෙසු සත්තෙසු කාරුඤ්ඤං උප්පාදෙත්වා ආකාසෙන තත්ථ ගන්ත්වා සපරිවාරානං ද්වින්නං දෙවරාජූනං ධම්මං දෙසෙසි. තදා තෙ සබ්බෙ ඵලකාවුධානි ඡඩ්ඩෙත්වා භගවන්තං ගාරවබහුමානෙන වන්දිත්වා සරණමගමංසු. තෙසං අයං පඨමං සරණමගමාසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
උභින්නං දෙවරාජුනං යනාදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි මොහු හිමවතෙහි දෙව්රජෙක් ව උපන්නේය. ඒ අසලම විසූ යක්දෙව් රජු සමග සංග්‍රාමය පිණිස එළැඹියේ දෙදෙන නොයෙක් යක්ෂයන් දහස් ගණන් පිරිවර ඇත්තාහු පලිස් ආයුධ ගත් අත් ඇත්තාහු වූහ. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ඒ සත්ත්වයන් කෙරෙහි කරුණාව උපදවා අහසින් එහි වැඩමවා පිරිවර සහිත දෙව්රජුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. එකල්හි ඒ සියලු පලිස් ආයුධ හැරදමා භාග්‍යවතුන් වහන්සේට ගරු බුහුමන් සහිතව වැඳ සරණ ගියහ. මේ තෙමේ ඔවුන්ගෙන් පළමුව සරණ ගියේය. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ පුබ්බකුසලං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො උභින්නං දෙවරාජූනන්තිආදිමාහ. තත්ථ සුචිලොමඛරලොමආළවකකුම්භීරකුවෙරාදයො විය නාමගොත්තෙන අපාකටා ද්වෙ යක්ඛරාජානො අඤ්ඤාපදෙසෙන දස්සෙන්තො “උභින්නං දෙවරාජූන”න්තිආදිමාහ. සඞ්ගාමො සමුපට්ඨිතොති සං සුට්ඨු ගාමො කලහත්ථාය උපගමනන්ති සඞ්ගාමො, සො සඞ්ගාමො සං සුට්ඨු උපට්ඨිතො, එකට්ඨානෙ උපගන්ත්වා ඨිතොති අත්ථො. අහොසි සමුපබ්යූළ්හොති සං සුට්ඨු උපසමීපෙ රාසිභූතොති අත්ථො.
උන්වහන්සේ පසුකලක පෙර කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘උභින්නං දෙවරාජූනං’ යනාදිය කීහ. එහි සුචිලෝම ඛරලෝම, ආලවක කුම්භීර කුවේර ආදීන් මෙන් නාම ගෝත්‍රයෙන් අප්‍රකට වූ යක් රජුන් දෙදෙන වෙනත් අයුරකින් දක්වන්නේ උභිතනං දෙව රාජුනං යනාදිය කීහ. සඞ්ගාමො සමුපට්ඨිතො යනු සං මනාසේ ගාමො කලහ පිණිස පැමිණීම යනු සංගාම නමි. ඒ සංග්‍රාමය සං මැනවින් උපට්ඨිතො පැමිණ සිටියේ වෙයි යන අර්ථයි. අහොසි සමුපබ්බුළ්හො යනු සං මැනවින් උප සමීපයෙහි එක්රැස් වූයේ යන අර්ථයි.
සංවෙජෙසි මහාජනන්ති තෙසං රාසිභූතානං යක්ඛානං ආකාසෙ නිසින්නො භගවා චතුසච්චධම්මදෙසනාය සං සුට්ඨු වෙජෙසි, ආදීනවදස්සනෙන ගණ්හාපෙසි විඤ්ඤාපෙසි බොධෙසීති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සංවෙජෙසි මහා ජනං යනු එක්රැස් වූ යකුන්ට අහසෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ චතුස්ස්ය ධර්ම දේශනාවෙන් සං මනාසේ වෙජෙසි ආදීනව දැක්වීමෙන් ගැන්වූ සේක දැන්වූ සේක අවබෝධ කරවූ සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සරණගමනියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
114. එකාසනියත්ථෙරඅපදානවණ්ණනා
114. ඒකාසනිය ථේර අපදාන වර්ණනාව
වරුණො නාම නාමෙනාතිආදිකං ආයස්මතො එකාසනියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ වරුණො නාම දෙවරාජා හුත්වා නිබ්බත්ති. සො භගවන්තං දිස්වා පසන්නමානසො ගන්ධමාලාදීහි ගීතවාදිතෙහි ච උපට්ඨයමානො සපරිවාරො පූජෙසි. තතො අපරභාගෙ භගවති පරිනිබ්බුතෙ තස්ස මහාබොධිරුක්ඛං බුද්ධදස්සනං විය සබ්බතූරියතාළාවචරෙහි සපරිවාරො උපහාරමකාසි. සො තෙන පුඤ්ඤෙන තතො කාලඞ්කත්වා නිම්මානරතිදෙවලොකෙ උප්පජ්ජි. එවං දෙවසම්පත්තිමනුභවිත්වා මනුස්සෙසු ච මනුස්සභූතො චක්කවත්තිසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථු සාසනෙ පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
වරුණොනාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් ඒකාසනිය තෙරුන් වහ්නසේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වරුණ නම් දෙව්රජෙක් ව උපන්නේ ය. හේ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුවඳමල් ආදියෙන් ද ගීතවාදිතයන්ගෙන් ද උවටැන් කරන්නේ පිරිවර සහිතව පූජා කළේය. ඉන් පසුකලක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ මහාබෝධි වෘක්ෂය බුදුන් දැක්මක් මෙන් සියලු තූර්ය තාල යෙදීම්වලින් පිරිවර සහිතව උපහාර කළේය. හේ ඒ පිනින් කලුරිය කොට නිර්මාණරතී දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය. මෙසේ දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිසෙක් ව මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො පච්ඡා සකකම්මං සරිත්වා තං තථතො ඤත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො වරුණො නාම නාමෙනාතිආදිමාහ. තත්ථ යදා අහං සම්බොධනත්ථාය බුද්ධං බොධිඤ්ච පූජෙසිං, තදා වරුණො නාම දෙවරාජා අහොසින්ති සම්බන්ධො.
පසුව ස්වකීය කර්මය සිහිකොට එය තථ්‍ය පරිදි දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ වරුණොනාම නාමෙන යනාදිය කීය. එහි මම යම්කලක සතුටුවීම පිණිස බුද්ධ බෝධියද පිදුවෙම් ද, එකල්හි වරුණනම් දෙව්රජ වීමි, යන සම්බන්ධයි.
ධරණීරුහපාදපන්ති එත්ථ රුක්ඛලතාපබ්බතසත්ථරතනාදයො ධාරෙතීති ධරණී, තස්මිං රුහති පතිට්ඨහතීති ධරණීරුහො. පාදෙන පිවතීති පාදපො, සිඤ්චිතසිඤ්චිතොදකං පාදෙන මූලෙන පිවති රුක්ඛක්ඛන්ධසාඛාවිටපෙහි ආපොරසං පත්ථරියතීති අත්ථො, තං ධරණීරුහපාදපං බොධිරුක්ඛන්ති සම්බන්ධො.
ධරණීරුහ පාදපං යනු වෘක්ෂලතා පර්වත සත්රුවන් ආදිය දරානුයි ධරණී නමි. එහි වැඩේනුයි පිහිටානුයි ධරණීරුහ නමි. පයින් පානය කෙරේනුයි පාදප නමි. ඉසින ලද ජලය පාදයෙන් බොයි, රුක් කඳ අතු රිකිලිවලින් ආපෝරසය පතුරුවා හරී යන අර්ථයි. ඒ ධරණීරුහ පාදපය වූ බෝධිවෘක්ෂය යන සම්බන්ධයි.
සකකම්මාභිරද්ධොති අත්තනො කුසලකම්මෙන අභිරද්ධො පසන්නො උත්තමෙ බොධිම්හි පසන්නොති සම්බන්ධො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සකකම්මාහිරද්ධො යනු තමාගේ කුසල කර්මයෙන් අභිරද්ධො පසන්නො උතුම් බෝධිය කෙරෙහි පැහැදුණේ යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
එකාසනියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
එකාසනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
115. සුවණ්ණපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
115. සුවණ්ණපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
විපස්සී නාම භගවාතිආදිකං ආයස්මතො සුවණ්ණපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ එකස්මිං ඨානෙ භූමට්ඨකදෙවපුත්තො හුත්වා නිබ්බත්තො තස්ස භගවතො ධම්මං සුත්වා පසන්නමානසො චතූහි සුවණ්ණපුප්ඵෙහි පූජෙසි. තානි පුප්ඵානි ආකාසෙ සුවණ්ණවිතානං හුත්වා ඡාදෙසුං, සුවණ්ණපභා ච බුද්ධස්ස සරීරපභා ච එකතො හුත්වා මහාඔභාසො අහොසි. සො අතිරෙකතරං පසන්නො සකභවනං ගතොපි සරතියෙව. සො තෙන පුඤ්ඤකම්මෙන තුසිතභවනාදිසුගතීසුයෙව සංසරන්තො දිබ්බසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා සාසනෙ උරං දත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
විපස්සි නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තැනක බූමාටු දිව්‍ය පුත්‍රයෙක් ව ඉපදී ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ රන්මල් සතරක් පූජා කළේය. ඒ මල් අහසෙහි රන් වියනක් වී වසාගති. රන් පැහැය ද බුදුරජාණන් වහන්සේගේ සිරසෙහි පැහැයද එකක් ව මහා ආලෝකයක් විය. හේ වැඩි වැඩියෙන් පැහැදුණේ ස්වකීය භවනයට ගිය ද සිහි කෙරේමය. හේ ඒ පුණ්‍ය කර්මයෙන් තුසිත භවනය ආදී සුගතීන්හිම සැරිසරන්නේ දිව්‍ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා සසුනට උර දී පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො අත්තනො පුබ්බචරිතාපදානං පකාසෙන්තො විපස්සී නාම භගවාතිආදිමාහ. තං හෙට්ඨා වුත්තත්ථමෙව.
පසුකලක පෙර කළ කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ විපස්සිනාම භගවා යනාදිය කීය. එය යට කියන ලද්දේ ම ය.
පාමොජ්ජං ජනයිත්වානාති බලවපීතිං උප්පාදෙත්වා “පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්සා”තිආදීසු (ධ· ස· 9, 86; මහානි· 1) විය අත්තමනතා සකභාවං උප්පාදෙත්වාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පාමොජ්ජං ජනයිත්වාන යනු බලවත් ප්‍රීතියක් උපදවා සිතෙහි මෝදනය ප්‍රමෝදනය භාසය ප්රභාසය ප්‍රීතිය ප්‍රමෝදය ප්‍රමුදිත භාවය සතුටු බව ආදිය මෙන් සතුටු සිත් ඇති බව උපදවා යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු ම ය.
සුවණ්ණපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සුවණ්ණපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
116. චිතකපූජකත්ථෙරඅපදානවණ්ණනා
116. චිතකපූජක ථේර අපදාන වර්ණනාව
වසාමි රාජායතනෙතිආදිකං ආයස්මතො චිතකපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තතො පරං උප්පන්නුප්පන්නභවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිඛිස්ස භගවතො කාලෙ රාජායතනරුක්ඛදෙවතා හුත්වා නිබ්බත්තො අන්තරන්තරා දෙවතාහි සද්ධිං ධම්මං සුත්වා පසන්නො භගවති පරිනිබ්බුතෙ සපරිවාරො ගන්ධදීපධූපපුප්ඵභෙරිආදීනි ගාහාපෙත්වා භගවතො ආළහනට්ඨානං ගන්ත්වා දීපාදීනි පූජෙත්වා අනෙකෙහි තූරියෙහි අනෙකෙහි වාදිතෙහි තං පූජෙසි. තතො පට්ඨාය සකභවනං උපවිට්ඨොපි භගවන්තමෙව සරිත්වා සම්මුඛා විය වන්දති. සො තෙනෙව පුඤ්ඤෙන තෙන චිත්තප්පසාදෙන රාජායතනතො කාලං කතො තුසිතාදීසු නිබ්බත්තො දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො මනුස්සෙසු මනුස්සසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො භගවති උප්පන්නචිත්තප්පසාදො භගවතො සාසනෙ පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
වසාමි රාජායතනෙ ආදි වශයෙන් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඉන්පසුව උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රාජායතන රුක් දෙවියෙක් ව ඉපිද අතරින්පතර දෙවියන් සමග ධර්මය අසා පැහැදුණේ සපිරිවරින් සුවඳ පහන් දුම් මල් බෙර ආදිය ගෙන්වාගෙන භාග්‍යවතුන් වහන්සේ ආදාහන කළ තැනට ගොස් පහන් ආදිය පුදා නොයෙක් තූර්යයෙන් නොයෙක් වාදිතයෙන් එය පිදුවේය. එතැන් පටන් ස්වකීය භවනයට පිවිසියේ ද භාග්‍යවතුන් වහන්සේ ම සිහිකොට සම්මුඛයෙහි මෙන් වඳියි. හේ එම පිනින් ම ඒ චිත්තප්රසාදයෙන් ම රාජායතනයෙහි කලුරිය කළේ තුසී දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභවකොට ඉන්පසු මිනිසුන් අතර මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් චිත්තප්‍රසාද ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො වසාමි රාජායතනෙතිආදිමාහ. රාජායතනෙති දෙවරාජූනං ආයතනං රාජායතනං, තස්ස රුක්ඛස්ස නාමධෙය්යො වා. පරිනිබ්බුතෙ භගවතීති පරිසමන්තතො කිඤ්චි අනවසෙසෙත්වා ඛන්ධපරිනිබ්බානකාලෙ පරිනිබ්බානසමයෙ පරිනිබ්බානප්පත්තස්ස සිඛිනො ලොකබන්ධුනොති සම්බන්ධො.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘වසාමි රාජායතනෙ’ යනාදිය කීහ. ‘රාජායතන’ යනු දෙව්රදුන්ගේ ආයතනය රාජායතන නමි. ඒ රුකට නමක් හෝ වෙයි. පරිනිබ්බුතෙ භගවති යනු හාත්පසින් කිසිවක් ඉතිරි නොකොට ස්කන්ධ පරිනිර්වාණ කාලයෙහි පිරිනිවනට පත් සිඛී ලෝකබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේගේ යනු සම්බන්ධයි.
චිතකං අගමාසහන්ති චන්දනාගරුදෙවදාරුකප්පූරතක්කොලාදිසුගන්ධදාරූහි චිතං රාසිගතන්ති චිතං, චිතමෙව චිතකං, බුද්ධගාරවෙන චිතකං පූජනත්ථාය චිතකස්ස සමීපං අහං අගමාසින්ති අත්ථො. තත්ථ ගන්ත්වා කතකිච්චං දස්සෙන්තො තූරියං තත්ථ වාදෙත්වාතිආදිමාහ. තං සබ්බං සුවිඤ්ඤෙය්යමෙවාති.
චිතකං අගමාසහං යනු සඳුන් අගිල් දෙව්දුරු කපුරු තකුල් ආදී වූ සුවඳ චිතං රැස්කරන ලද්දේනුයි චිත නමි. චිතම චිතකයයි. බුදුන් ගෞරව පිණිස චිතකය පුදනු සදහා චිතකය සමීපයට මම ගියෙමි යන අර්ථයි. එහි ගොස් කරන ලද කාර්යය දක්වන්නේ ‘තරියංතත්ථ වාදෙත්වා’ යනාදිය කීහ. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය.
චිතකපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
චිතකපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
117. බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා
117. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
යදා විපස්සී ලොකග්ගොතිආදිකං ආයස්මතො බුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ එකස්මිං භූමට්ඨකවිමානෙ දෙවපුත්තො හුත්වා නිබ්බත්ති. තදා විපස්සී භගවා ආයුසඞ්ඛාරං වොස්සජ්ජි. අථ සකලදසසහස්සිලොකධාතු සසාගරපබ්බතා පකම්පිත්ථ. තදා තස්ස දෙවපුත්තස්ස භවනම්පි කම්පිත්ථ. තස්මිං ඛණෙ සො දෙවපුත්තො සංසයජාතො – “කිං නු ඛො පථවීකම්පාය නිබ්බත්තී”ති චින්තෙත්වා බුද්ධස්ස ආයුසඞ්ඛාරවොස්සජ්ජභාවං ඤත්වා මහාසොකං දොමනස්සං උප්පාදෙසි. තදා වෙස්සවණො මහාරාජා ආගන්ත්වා “මා චින්තයිත්ථා”ති අස්සාසෙසි. සො දෙවපුත්තො තතො චුතො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං පහාය පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
යදා විපස්සි ලොකග්ගො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් බූමාටු විමනක දෙවි පුතෙක් ව උපන්නේය. එකල විපස්සි භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ සේක. සියලු දසදහසක් ලෝකධාතුද චතුස්සාගරද බුද්ධ සඤ්ඤක පර්වතද ප්‍රකම්පනය විය. එදා දෙව්පුතුගේ විමන ද කම්පනය විය. එකෙණෙහි ඒ දේවපුත්‍රයා සැක හටගත්තේ පෘථුවි කම්පනයෙහි උපත කිමෙක්දැයි සිතා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර හළ බව දැන මහා ශෝක සංවේගයක් ඉපදවීය. එකල්හි වෛශ්‍රවණ මහරජ තෙමේ පැමිණ ඒ ගැන නොසිතවයි අස්වැසීය. ඒ දේවපුත්‍රයා එයින් චුතව ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො යදා විපස්සී ලොකග්ගොතිආදිමාහ. ආයුසඞ්ඛාරමොස්සජ්ජීති ආ සමන්තතො යුනොති පාලෙති සත්තෙති ආයු, ආයුස්ස සඞ්ඛාරො රාසිභාවො ආයුසඞ්ඛාරො, තං ආයුසඞ්ඛාරං ඔස්සජ්ජි පරිච්චජි ජහාසීති අත්ථො. තස්මිං ආයුසඞ්ඛාරවොස්සජ්ජනෙ. ජලමෙඛලාසාගරොදකමෙඛලාසහිතා සකලදසසහස්සචක්කවාළපථවී කම්පිත්ථාති සම්බන්ධො.
පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘යදා විපස්සි ලොකග්ගො’ යනාදිය කීය. ආයුසඞ්ඛාර මොස්සජි යනු හාත්පසින් යුනොති සත්ත්වයන් පාලනය කෙරේනුයි ආයු නමි. ආයුෂයෙහි සංඛාරො ඒකරාශී වීම ආයුසංඛාර නමි. ඒ ආයු සංස්කාරය ඔස්සජි ප්‍රතික්ෂේප කළ සේක. අත්හළ සේක යන අර්ථයි. එම ආයුසංස්කාර හැරීමෙහිදී ජලමෙඛලා සාගරජල මේඛලාව සහිත සියලු දසදහසක් චක්‍රවාට පෘථුවිය ප්‍රකම්පනය විය යනු සම්බන්ධයි.
ඔතතං විත්ථතං මය්හන්ති මය්හං භවනං ඔතතං විත්ථතං චිත්තං විචිත්තං සුචි සුපරිසුද්ධං චිත්තං අනෙකෙහි සත්තහි රතනෙහි විචිත්තං සොභමානං පකම්පිත්ථ පකාරෙන කම්පිත්ථාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ඔතනං විත්ථතං ඔතතනං විතතං විසිතුරු වූ සුපිරිසිදු වූ චිත්තං නොයෙක් සත්රුවනින් චිත්රවිචිත්ර වූ සෝබමාන වූ මාගේ භවන පකම්පිත්ථ ක්‍රමයෙන් ප්‍රකම්පනය විය යන අර්ථයි. සෙස්ස සියලුතන්හි නොගැඹුරුමය.
බුද්ධසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
බුද්ධසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
118. මග්ගසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා
118. මග්ගසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරබුද්ධස්සාතිආදිකං ආයස්මතො මග්ගසඤ්ඤකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තතො ඔරං තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හිමවන්තෙ දෙවපුත්තො හුත්වා නිබ්බත්තො අරඤ්ඤං ගන්ත්වා මග්ගමූළ්හානං මග්ගං ගවෙසන්තානං තස්ස සාවකානං භොජෙත්වා මග්ගං ආචික්ඛි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සසම්පත්තිමනුභවිත්වා උප්පන්නුප්පන්නභවෙ සබ්බත්ථ අමූළ්හො සඤ්ඤවා අහොසි. අථ ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසෙ අනල්ලීනො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
පදුමුත්තර බුද්ධස්ස සාවකා ආදි වශයෙන් ආයුෂ්මත් මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ එයින් පසුව භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි දිව්‍යපුත්‍රයෙක් ව ඉපිද කැළයට ගොස් මංමුළා වූ මාර්ගය සොයන්නා වූ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වළඳවා මාර්ගය කීය. හේ ඒ පිනින් දෙව් මිනිස් සැප අනුභවකොට උපනුපන් භවයෙහි සියලු තන්හි මුළා නොවූයේ සංඥා ඇත්තේ විය. ඉක්බිති මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරබුද්ධස්සාතිආදිමාහ. සාවකා වනචාරිනොති භගවතො වුත්තවචනං සම්මා ආදරෙන සුණන්තීති සාවකා, අථ වා භගවතො දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සද්ධම්මං සුණන්තීති සාවකා. වනචාරිනො වනෙ විචරණකා සාවකා විප්පනට්ඨා මග්ගමූළ්හා මහාඅරඤ්ඤෙ අන්ධාව චක්ඛුවිරහිතාව අනුසුය්යරෙ විචරන්තීති සම්බන්ධො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරවන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. සාවකා වනචාරිනො යනු භාග්‍යවතුන් වහන්සේ කියූ වචනය මැනවින් ආදරයෙන් අසත්නුයි සාවක නමි. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් ඥානය මෙහෙයවා සද්ධර්මය අසත්නුයි සාවක නමි. වනචාරිනො වනයෙහි හැසිරෙන ශ්‍රාවකයෝ ය. විප්පනට්ඨං මංමුළා වී මහා වනයෙහි අන්ධාව ඇස් නැත්තවුන් මෙන් අනුසරෙ හැසිරෙති යනු සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
මග්ගසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
119. පච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා
119. පච්චුපට්ඨාන ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සිම්හි සුගතෙතිආදිකං ආයස්මතො පච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ යක්ඛයොනියං නිබ්බත්තො භගවති ධරමානෙ දස්සනස්ස අලද්ධත්තා පච්ඡා පරිනිබ්බුතෙ මහාසොකප්පත්තො විහාසි. තදා හිස්ස භගවතො සාගතො නාම අග්ගසාවකො අනුසාසන්තො භගවතො සාරීරිකධාතුපූජා භගවති ධරමානෙ කතපූජා විය චිත්තප්පසාදවසා මහප්ඵලං භවතී”ති වත්වා “ථූපං කරොහී”ති නියොජිතො ථූපං කාරෙසි, තං පූජෙත්වා තතො චුතො දෙවමනුස්සෙසු සක්කචක්කවත්තිසම්පත්තිමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථරි පසීදිත්වා පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
අත්ථදස්සි සුගතෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පච්චුපට්ඨාන සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයෙහි දැක්මක් නොලැබුණු බැවින් පසුව පිරිනිවි කල්හි මහත් ශෝකයට පැමිණ වාසය කළේය. එකල්හි උන්වහන්සේගේ සාගත නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අනුශාසනා කරන සේක් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු පූජාව නම් ජීවත්ව සිටියදී කරන ලද පූජාවක් මෙන් මහත්ඵල වෙති’යි කියා ස්තූපයක් කරවයි යොදවනු ලැබුයේ ස්තූපයක් කරවීය. එයට පූජාකොට එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුඤ්ඤකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො අත්ථදස්සිම්හි සුගතෙතිආදිමාහ. තං හෙට්ඨා වුත්තමෙව. යක්ඛයොනිං උපපජ්ජින්ති එත්ථ පන අත්තනො සකාසං සම්පත්තසම්පත්තෙ ඛාදන්තා යන්ති ගච්ඡන්තීති යක්ඛා, යක්ඛානං යොනි ජාතීති යක්ඛයොනි, යක්ඛයොනියං නිබ්බත්තොති අත්ථො.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘අත්ථදස්සිම්හි සුගතෙ’ යනාදිය කීහ. එය යට කියන ලද්දේ ම ය. යක්ඛයොනිං උපපජ්ජිං යනු මෙහි තමාගේ ඉදිරියට පැමිණි පැමිණියවුන් කමින් යාති යතියි යක්ඛ නමි. යකුන්ගේ යොනි ජාතියනුයි යක්ඛයොනි නමි. යක්ෂ යෝනියෙහි උපන්නේ යන අර්ථයි.
දුල්ලද්ධං වත මෙ ආසීති මෙ මයා ලද්ධයසං දුල්ලද්ධං, බුද්ධභූතස්ස සත්ථුනො සක්කාරං අකතත්තා විරාධෙත්වා ලද්ධන්ති අත්ථො. දුප්පභාතන්ති දුට්ඨු පභාතං රත්තියා පභාතකරණං, මය්හං න සුට්ඨුං පභාතන්ති අත්ථො. දුරුට්ඨිතන්ති දුඋට්ඨිතං, සූරියස්ස උග්ගමනං මය්හං දුඋග්ගමනන්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දුල්ලද්ධං වත මෙ ආසිං යනු මෙ මා විසින් ලැබුණු යසස අපහසුවෙන් ලබන ලද්දේය. බුදුවූ ශාස්තෲන් වහන්සේට සත්කාරයක් නොකරන ලද බැවින් වරදවා ලබන ලද්දේය යන අර්ථයි. දුප්පභාතං යනු දුෂ්ප්රභාතයක්, රාත්‍රිය එලඹීමක්, මාගේ අතිශයින් දුෂ්ප්රභාතයක් යන අර්ථයි. දුරුට්ඨිතං යනු දුට්ඨුතං සූර්යාගේ උදාවීම මාහට නරක උදාවීමක්ය යන අර්ථයි. සෙස්ස සියලුතන්හි නොගැඹුරු ම ය.
පච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පච්චුපට්ඨාන සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
120. ජාතිපූජකත්ථෙරඅපදානවණ්ණනා
120. ජාතිපූජක ථේර අපදාන වර්ණනාව
ජායං තස්ස විපස්සිස්සාතිආදිකං ආයස්මතො ජාතිපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො නක්ඛත්තපාඨකෙහි විපස්සිබොධිසත්තස්ස වුත්තලක්ඛණනිමිත්තං සුත්වා “අයං කිර කුමාරො බුද්ධො හුත්වා සකලලොකස්ස අග්ගො සෙට්ඨො සුත්වා සබ්බසත්තෙ සංසාරතො උද්ධරිස්සතී”ති සුත්වා තං භගවන්තං කුමාරකාලෙයෙව බුද්ධස්ස විය මහාපූජමකාසි. පච්ඡා කමෙන කුමාරකාලං රාජකුමාරකාලං රජ්ජකාලන්ති කාලත්තයමතික්කම්ම බුද්ධෙ ජාතෙපි මහාපූජං කත්වා තතො චුතො තුසිතාදීසු නිබ්බත්තො දිබ්බසුඛමනුභවිත්වා පච්ඡා මනුස්සෙසු චක්කවත්තාදිමනුස්සසුඛමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො සත්තට්ඨවස්සකාලෙයෙව භගවති පසන්නො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහා අහොසි.
ජායන්තස්ස විපස්සිස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ නැකැත් කියන්නන් විසින් විපස්සි බෝධි සත්ත්වයන්ට කියන ලද ලක්ෂණ නිමිත්ත අසා, ‘මේ කුමාරයා වනාහි බුදුවී සකල ලෝකයාට අග්‍රව ශ්‍රේෂ්ඨව සියලු සත්ත්වයන් සසරින් ගොඩදමන්නේ යයි අසා, ඒ භාග්‍යවතුන් වහන්සේ කුමාර කල්හිම බුදුන්ට මෙන් පසුව ක්‍රමයෙන් කුමාරකාලය, යුවරජ කාලය රජ කාලයයි කාලත්රය ඉක්මවා බුදුරජාණන් වහන්සේ උපන් කල්හිද මහා පූජාවක් කොට එයින් චුතවූයේ තුසිත ආදී දිව්‍ය ලෝකවල ඉපිද දිව්‍යසැප අනුභව කොට පසුව මිනිසුන් අතර චක්‍රවර්ති ආදී මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ හත්අට වයස් කල්හිම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො ජායං තස්ස විපස්සිස්සාතිආදිමාහ. තං හෙට්ඨා වුත්තත්ථමෙව.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ජායන්තස්ස විපස්සිස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද අර්ථ ඇත්තේ ම ය.
නෙමිත්තානං සුණිත්වානාති එත්ථ නිමිත්තං කාරණං සුඛදුක්ඛප්පත්තිහෙතුං ජානන්තීති නෙමිත්තා, තෙසං නෙමිත්තානං නක්ඛත්තපාඨකානං වචනං සුණිත්වාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නෙමිත්තානං සුණිත්වාන යනු මෙහි නිමිත්තං කරුණ සැපදුක් ඇතිවීමට හේතුව දනිත්නුයි නෙමිත්තා නමි. ඒ නෙමිත්තානං නක්ෂත්ර පාඨකයන්ගේ වචනය අසා යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
ජාතිපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ජාතිපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
ද්වාදසමවග්ගවණ්ණනා සමත්තා.
දොළොස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.