114. එකාසනියත්ථෙරාපදානං
114. එකාසනියත්ථෙරාපදානං.
114. ඒකාසනිය ස්ථවිරාවදානය
1707. වරුණො නාම නාමෙන දෙවරාජා අහං තදා, උපට්ඨහෙසිං සම්බුද්ධං සයොග්ගබලවාහනො.
1707. එකල්හි නමින් වරුණ නම් වූ දිව්යරාජයෙක් ව මම බල වාහන සහිත ව බුදුරජුන් හට උවැටැන් කෙළෙමි.
1708. නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සිනරුත්තමෙ, තුරියං සබ්බමාදාය අගමං බොධිමුත්තමං.
1708. අත්ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්ය්යයන් ගෙණ උතුම් බෝරුක වෙත එළඹියෙමි.
1709. වාදිතෙන ච නච්චෙන සම්මතාලසමාහිතො, සම්මුඛා විය සම්බුද්ධං උපට්ඨිං බොධිමුත්තමං.
1709. වාදිතයෙන් ද, නෘත්යයෙන් ද, කුළුතාලම් ආදියෙන් ද යුක්ත වූයේ බුදුරජානන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය වෙත එළඹි යෙමි.
1710. උපට්ඨහිත්වා තං බොධිං ධරණීරුහපාදපං, පල්ලඞ්කං ආභුජිත්වාන තත්ථ කාලකතො අහං.
1710. මම ඒ බෝධියට උවැටැන් කොට පලඟ බැඳ ගෙණ එහි කලුරිය කෙළෙමි.
1711. සකකම්මාභිරද්ධො’හං පසන්නො බොධිමුත්තමෙ, තෙන චිත්තප්පසාදෙන නිම්මානං උපපජ්ජහං.
1711. ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහි ද පැහැදුනේ එම පහන් සිතින් නිර්මාණරතී දෙව්ලොව උපන්නෙමි.
1712. සට්ඨි තුරියසහස්සානි පරිවාරෙන්ති මං සදා, මනුස්සෙසු ච දෙවෙසු වත්තමානං භවාභවෙ.
1712. මිනිසුන් අතුරෙහි ද දෙවියන් අතුරෙහි ද කුදුමහත් භවයෙහි (ඉපිද) පවත්නා වූ මා සැටදහසක් තූර්ය්යයෝ හැම දා පිරිවරත්.
1713. සුබාහු නාම නාමෙන චතුත්තිංසාසු ඛත්තියා සත්තරතනසම්පන්නා පඤ්ච කප්පසතෙ ඉතො.
1713. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සුබාහු නම් සූතිස් රජකෙනෙක් වූහ.
1714. තිවිධග්ගී නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
1714. මා විසින් ත්රිවිධාග්නීහු නිවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1715. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1715. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා එකාසනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
එකාසනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
එකාසනියස්ථවිරාවදානය සිවුවැනි යි.