යෙදුමෙන් කියවන්න

113. සරණගමනීයත්‍ථෙරාපදානං

113. සරණගමනීයත්‍ථෙරාපදානං

113. දුතියසරණගමනීය ස්ථවිරාවදානය

1696. උභින‍්නං දෙවරාජූනං සඞ‍්ගාමො පච‍්චුපට‍්ඨිතො අහොසි සමුපබ‍්බූළ‍්හො මහාඝොසො පවත‍්තථ.

1696. දෙව්රජුන් දෙදෙනකුගේ සංග්‍රාමයක් එළඹ සිටියේ ය. (පෙරමුණෙහි) රැස් වූයේ විය. මහත් ඝෝෂාව ද පැවැත්තේ ය.

1697. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, අන‍්තළික‍්ඛෙ ඨිතො සත්‍ථා සංවෙජෙසි මහාජනං.

1697. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ තුන්ලෝ දත් ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ මහා ජනයා සංවේගයට පත් කළේ ය.

1698. සබ‍්බෙ දෙවා අත‍්තමනා නික‍්ඛිත‍්තකවචාවුධා, සම‍්බුද‍්ධම‍්භිවාදෙත්‍වා එකග‍්ගා’සිංසු තාවදෙ.

1698. එකෙණෙහි සියලු දෙවිවරු සතුටු වූවාහු බැහැර කරණ ලද යුදඇඳුම් හා ආයුධ ඇත්තාහු බුදුරජානන් වහන්සේට වැඳ එකඟව සිටියාහු ය.

1699. අම‍්හං සඞ‍්කප‍්පමඤ‍්ඤාය වාචාසභිමුදීරයී, අනුකම‍්පකො ලොකවිදූ නිබ‍්බාපෙසි මහාජනං.

1699. බුදුරජානන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. හට ගත් අනුකම්පා ඇත්තේ මහාජනයා (දුක්ගිනි හැර) නිවූ සේක. (කෙසේ ද? යත්:)

1700. “පදුට‍්ඨචිත‍්තො මනුජො එකපාණං විහෙඨයං, තෙන චිත‍්තප‍්පදොසෙන අපායං උපපජ‍්ජති.

1700. එක ප්‍රාණියකු දු නසන්නා වූ ප්‍රදූෂ්‍ය සිත් ඇති මනුෂ්‍යතෙමේ එම ප්‍රදූෂ්‍යචිත්තය හේතු කොට ගෙණ අපායෙහි උපදී.

1701. සඞ‍්ගාමසීසෙ නාගො’ව බහූ පාණෙ විහෙඨයං, නිබ‍්බාපෙථ සකං චිත‍්තං මා හඤ‍්ඤිත්‍ථො පුනප‍්පුනං”

1701. යුදපෙරමුණෙහි බොහෝ ප්‍රාණීන් නසන්නා වූ ඇතකු මෙන් සිය සිත නිවවු. නැවත නැවත නො නසවු” (යි කියා යි).

1702. ද‍්වින‍්නම‍්පි යක‍්ඛරාජූනං සෙනායො විම‍්හිතා අහූ, සරණඤ‍්ච උපාගච‍්ඡුං ලොකජෙට‍්ඨං සුතාදිනං.

1702. දෙ-යක් රජුන්ගේ ම සේනාවෝ විස්මයට පත්වූහ. තාදීගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණ කොට ගියහ.

1703. සඤ‍්ඤාපෙත්‍වාන ජනතං උද‍්ධරී පන චක‍්ඛුමා, පෙක‍්ඛමානොව දෙවෙහි පක‍්කාමි උත‍්තරාමුඛො.

1703. පසැස් ඇති බුදුරජ තෙම ජනසමූහයාට කරුණු අවබෝධ කරවා (පවින්) ගොඩ ගත්තේ ය. දෙවියන් විසින් බලනු ලබන්නේ ම උතුරුදිගට මුහුණ ලා වැඩියේ ය.

1704. පඨමං සරණං ගඤ‍්ඡිං දිපදින්‍දස‍්ස තාදිනො, කප‍්පානං සතසහස‍්සං දුග‍්ගතිං නූපපජ‍්ජ ‘හං.

1704. පළමු කොට ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ සරණ ගියෙමි. (ඒ හේතුවෙන්) මම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියෙහි නූපන්මි.

1705. මහාදුන්‍දුභිනාමා ච සොළසා’සුං රථෙසභා, තිංසකප‍්පසහස‍්සම‍්හි රාජානො චක‍්කවත‍්තිනො.

1705. තිස්දහස්වන කපෙහි රාජ්‍යධුරවහනයෙහි ශ්‍රේෂ්ඨ වූ මහා දුන්‍දුභි නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

1706. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1706. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සරණගමනීයො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක යි.

සරණගමනීයත්‍ථෙරස‍්ස අපදානං තතියං.

සරණගමනීයස්ථවිරාවදානය තෙවැනි යි.