115. සුවණ්ණපුප්ඵියත්ථෙරාපදානං
115. සුවණ්ණපුප්ඵියත්ථෙරාපදානං.
115. සුවණ්ණපුප්ඵිය ස්ථවිරාවදානය
1716. විපස්සී නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, නිසින්නො ජනකායස්ස දෙසෙති අමතං පදං.
1716. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී භාග්‍යවත් තෙමේ වැඩහුන්නේ ජනසමූහයාට අමෘතපදය (නිර්වාණධර්මය) දේශනා කරයි.
1717. තස්සාහං ධම්මං සුත්වාන දිපදින්දස්ස තාදිනො, සොණ්ණපුප්ඵානි චත්තාරි බුද්ධස්ස අභිරොපයිං.
1717. මම තාදිගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්මය අසා රන්මල් සතක් බුදුරජානන් වහන්සේට පිදීමි.
1718. සුවණ්ණච්ඡදනං ආසි යාවතා පරිසා තදා, බුද්ධාභා ච සුවණ්ණාහා ආලොකො විපුලො අහු.
1718. එකල්හි යම් තාක් පිරිස වී ද, ඒ තාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්ධරශ්මිය ද ස්වර්ණරශ්මිය ද මිශ්‍ර ව ආලෝකය මහත් විය.
1719. උදග්ගචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, විත්තිසඤ්ජනනො තෙසං දිට්ඨධම්මසුඛාවහො.
1719. ඔදවැඩි සිත් ඇති සොම්නස් සහිත වූ හටගත් සතුට ඇති ප්‍රීතිය උපදවන්නා වූ ඔවුනට මෙලොව සුව ගෙණ දෙන්නා වූ මම-
1720. ආයාචිත්වාන සම්බුද්ධං වන්දිත්වාන ච සුබ්බතං, පාමොජ්ජං ජනයිත්වාන සකං භවනුපාගමිං.
1720. බුදුරජානන් වහන්සේ අයැද මනා ව්‍රත ඇති උන්වහන්සේ වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. භවනෙ උපවිට්ඨො’හං බුද්ධසෙට්ඨං අනුස්සරිං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං.
1721. භවනයෙහි හුන් මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ තුෂිත භවනයෙහි උපන්මි.
1722. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1722. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1723. සොළසා’සිංසු රාජානො නෙමිසම්මත නාමකා, තෙතාළීසෙ ඉතො කප්පෙ චක්කවත්තී මහබ්බලා.
1723. මෙයින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1724. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සුවණ්ණපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුවණ්ණපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
සුවණ්ණපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.