116. චිතකපූජකත්ථෙරාපදානං
116. චිතකපූජකත්ථෙරාපදානං.
116. චිතකපූජක ස්ථවිරාවදානය
1725. වසාමි රාජායතනෙ සාමච්චො සපරිජ්ජනො, පරිනිබ්බුතෙ භගවති සිඛිනෙ ලොකබන්ධුනෙ.
1725-1726. මම ඇමැතියන් සහිත වූයෙම් පිරිවරජනයා සමග වූයෙම් රාජායතනයෙහි වසමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් චිතකය වෙත ගියෙමි. එහි තූර්ය්යවාදනය කර සුවඳ මල් ඉස්සෙමි.
1726. පසන්නචිත්තො සුමනො චිතකං අගමාසහං, තුරියං තත්ථ වාදෙත්වා ගන්ධමාලං සමොකිරිං.
1727. චිතම්භි පූජං කත්වාන වන්දිත්වා චිතකං අහං, පසන්නචිත්තො සුමනො සකං භවනුපාගමිං.
1727. මම සෑයෙහි පූජාව කොට චිතකය ද වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ස්වකීය භවනයට ගියෙමි.
1728. භවනෙ උපවිට්ඨො’හං චිතපූජං අනුස්සරිං, තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ.
1728. භවනයෙහි හුන්නා වූ මම චිතකපූජාව සිහි කෙළෙමි. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කුශලකර්මය හේතු කොට ගෙණ-
1729. අනුභොත්වාන සම්පත්තිං දෙවෙසු මනුජෙසු ච, පත්තොම්හි අචලං ඨානං හිත්වාන ජයපරාජයං.
1729. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභව කොට ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1730. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
1730. මෙයින් එක් තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාකය යි.
1731. එකූනතිංසෙ කප්පම්හි ඉතො සොළස රාජානො, උග්ගතා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
1731. මෙයින් එක් තිස්වන කපෙහි නමින් උග්ගත නම් වූ මහත් බල ඇති සොළොස්සක්විති රජකෙනෙක් වූහ.
1732. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1732. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
චිතකපූජකස්ථවිරාවදනය සවැනියි.